පියදාස සිරිසේන නවකථා එකතුව- 05-පසන් නිවස i

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

පසන් නිවස


PASAN NIVASA


(ක්‍රි.ව. 1936)


සංඥාපනය[සංස්කරණය]

              මිට වර්ෂ 24කට පමණ පෙර පිමදාස සිරිසේන මහතා ලියා ප්රදසිද්ධ කරනලද මේ “පසන් නිවස, එදා මෙන්ම අදත් අප සමාජයට ප්රනයෝජන වන ග්රලන්ථයක් බව මේ පරිශිලනය කල විට පිළිගනු ඇත.
   අපට ජන්මයෙන් උරුම වු ගුණධර්ම පුරුදු කිරිමෙන් සැපවත්ව ඉඳීමට හැකිවන බව මේ ග්රයන්ථයෙන් ඕනැ කෙනෙකුට තේරුම් යන පරිදි කර්තෘවරයා හොඳින් පෙන්වා දී තිබේ. එමෙන්ම දැනට බහුලව පැතිර පවත්නා දුසිරිත මැඩලිමට මෙවැනි ග්රින්ථවලින් පුළුවන් වන බවත් සාමානය ජනයාට මෙවැනි පොත් පත් කියවිමට සැලැස්වීම ආණ්ඩුව උදයොගීව  ක්රිියා කළයුතු බවත් රටේ අභිවෘද්ධිය පතන අපගේ විශ්වාසයයි.
  මේ පොත පිළිබඳ සියළු අයිතිවාස්කම් අපේ බව සැලැකිය යුතුය. අපගේන් අවසර නොමැතිව කිසිවක් උපුටා ගැනිම නීති වීරෝධි බව වැඩිදුරටත් සැලකිය යුතුය.


                                                                               මෙයට,

ආරිය පාල සිරිසේන

“සේනානි” මහරගම 2-1-62



01. පරිච්ජේදය[සංස්කරණය]

      අබයරත්න මහතාට මවුපියන් සුරතල් වශයෙන් කියන නාමය ප්රෙ ඩි ය. එක් සවස් භාගයක අබයරත්න හාමිනේ ප්රෙයඩිට කථාකොට “ප්රෙරඩි, දැන් උඹේ අයියලා අක්කාලා පමණක් නොව මල්ලිලා නංගිලා හැම දෙනාමත් කසාද බැඳලා, පවුල් වෙලා ඉවර යි.  උඹ පමණක් කිසිම තැන්පත් ගතියක් නැතිව නිකම් සෙල්ලම් කරමින් සම්බ කරන දේ වියදම් කරමින් කාලය ගතකරනාවා. මම කොයි වේලාවේ මැරෙණවා ද කියන්ට බැරිය-මගේ පණ තිබෙද්දි උඹ කසාඳයක් බඳිතොත් මට ලොකු ප්රීණතියක් ය”යි කීවාය. මවුපියන්ට හා වැඩිහිටි කාටත් ගෞරව කරන ප්රෙකඩි අබයරත්න මඳක් සිනාසී “අම්මා ගේ හිතේ මා ගැන බරක් තිබෙන බව හැ‍ඟෙනවා. අයියලා දෙන්නෙකුත් අක්කලා තුන්දෙනකුත් මල්ලිලා දෙන්නෙකුත් නංගිත් යන අට දෙනෙක් කසැද බැඳ පවුල් වී විඳින කරදර වද හිංසා බල බලා මඳක් සැනසිල්ලේ ඉන්නා මාවත් එබඳු කරදර ගොඩක දමනතුරු අම්මා ගේ හිතට අස්වැසිල්ලක් නැති බව දැන් පෙනේ. සංසාර පුරුද්දේ හැටි! විවාහය කියන්නේ පුංචි අපායක් බව අම්මත් ඉඳ හිටලා කියන්වාර- ඒ  කොච්චර කිවත් විවාහ නොවි ඉන්නා කෙනෙකු දුටුවොත් ඔහුට විවාහ විමට අවවාද කිරිම කාගේත් සිරිතකි. මොකද අම්මේ, මා විවාහ නුනොත් ලෝකේට පාඩුවක් වේවි ද?යි සිනාසෙමින් කවට වහයෙන් ස්්වකීය ම‍ෑණියන්ට කීයේ ය. “ඔව් පුතා, උඹේ කීම ඇත්තමයි-නමුත්-එක්කෝ නිසි වයසේ දී විවාහ වෙන්ට ඕනෑ-නැත්නම් මහණ වෙන්ට ඕනෑ. මට බොහොම කණගටුයි. විවාපත් නොවී මහණත් නොවි ඉන්නා කෙනෙත් වයසට පත්වුණාම ඔහුට සලකන්ට කෙනෙක් නැත. එබඳු මිනිසුන් නොයෙක් විට මට දකින්නට ලැබුණා. අපේ මාමා කෙනෙක් අවිවාහකව සිට හැත්තෑ වයසේ දි්න‍ මළා- ඒ මාමා නොවින්ද දුකක් නැත. තමන් ගේ ම දරුවෙක් මිස-සුවච කීකරු ගෝලයෙක් මිස-මහලු දුරුවල අයට සලකන්නේ නැත. ඒ නිසා මිසක් පවුල්විම නම් නිදහසක් නැති මහත් කරදර ‍ගොඩක වැටිමකි. ඊටත් වඩා නරක ස්ත්රීින් හා පුරුෂයන් එක්වීමෙන් විඳින වදේ මම ‍හොඳටම දනිමි. ඒ නිමා ප්ඩි       විවාහ වෙන්ට අසතුටු නම්-මහණවිම ගැන මම සතුටුයි. තාත්තා ඉන්න කාලෙත් නිතරම කීවේ උඹ මහණ වෙන්වා නම් හොඳ බවයි. දැන් 

138 පසන් නිවස


උඹේ එහෙම කැමැත්තක් නැද්දැයි මහලු අබයරත්න හාමිනේ ඇස‍ුවා ය.

     අබයරත්න මවට ගෞරවාන්විත සුරතලක් දක්වමින් “අම්මේ දැන් මා ඉන්නේ ඉතාමත් භයානක තත්වයකය. එක පැත්තකින් කට ඇරගත් භයංකර යක්ෂයෙක් මා ගිලිගන්ට සැරසී සිටි අනික් පැත්තේන් ඉතාමත් ගැඹුරු මුහුදකි. ඉතින් යක්ෂයාටත් මුහුදටත් මැදිවි ඉන්නා මට යන්ට තිබෙන්නේ ඉතිමත් පටු පරකි. ටිකක්වත් අඩිය වැරදිව තැබුවොත් එක්කෝ මුහුදේ වැටි මිය යන්ට වේ. නැත්නම් යකාගේ ඇ‍ඟේ හැපී ඔහුට බිලිවන්ට සිද්ධවේ. මේ අන්දමින් ඉන්නා මම තව දුරටත් කල්පනා කොට මගේ අදහස අම්මාට කියන්නේමි”යි කීවේය.
   මව සමඟ කතාබස් කොට අබයරත්න ඉස්තෝප්පුවට එනකොටම මඟුල් කපුවෙක් වන අවුනේරිස් අප්පු එහි ඉන්නා බව දැක ඔහුට වාඩිවෙන්ට කියා කථාව පටන් ගත්තේය.

අබය - කොහොමද අවුසේරිස් අප්පු උඹ බොහාම ප්රකමාද වුණා උඹ දෙතුන් පළක් බලනවාය කීවා-තවමත් හොඳ තැනක් සොහාගන්ට බැරිවුනා ද?

අවුනේරිස් - මම හත් අට පළකටම ගොස් පිරිමහින ‍හොඳ තැනක්ම සොයා ගන්නා පිණිසයි ප්ර මාදවුණේ. මෙන්න බලන්නට මේ කඩදාසියේ මනමාලියන් හත් දෙනෙකුගේ නාම සහ ඒ ඇත්තන්ගේ මවුපියවරුන් නාම මේ හ‍ෙත්න් තුනක‍ කේන්දර මා අතේ තිබේ. අනිත් ඇත්තන්ගේ කේන්දර දෙන්ට ප්ර්ථම මෙහෙ කේන්දරය ගෙනෙන්ට කීවි. ඉතින් මහත්මයාගේ කල්පනාව කියන්ට.

අබය - ඉතින් මට මේ හත්දෙනාගේ විස්තර කියාපන්කෝ! ඒ විස්තර ඇසුවායින් පසු ඉතාම ‍හොඳ තැනැත්තිය බලන්ට යම‍ු.

අවුනේරිස් - ඔව් එහෙම තමයි. මෙන්න මේ සීලවත් නමැති ළමයා..............වෙද මහතාගේ දියණියයි. කොළඹ කොලීජියක අවුරුදු 4 ක් බොඩිං කරවා ඉංග්රී සි උගන්වා තිබේ. සියලු කර්මාලන්ත මැහුම් ගෙතුම් ගෙදර දොරේ වැඩපල හොඳට දන්නා ළමයෙකි.

අබය - හොඳයි! ඔය සියලුම විස්තර අවුනේරිස් අප්පු මා සමඟ කීවාට පලක් නැත. ඕවාට හරස් ප්ර ශ්න ඇසීමට මම දන්නේ



පියදාස සිරිසේන නවකථා එකතුව 139


නැත. ඔය තරුණියගේ විස්.තරය කියනකෝට “ආයි-මට සනිම!” නමුත් අවුනේරිස් අප්පු ජෝඩුකර ගෙන අවුත් ඉන්නා හත්දෙනාගේ විස්තර මගේත් ගුරුන්නාන්සේ වන රාමසිංහ මහත්මයා ඉදිරියේ කීවොත් උන්නැහේ කාරණය සිතට ගෙන හත්දෙනාගෙන් තම දුරටත් පරීක්ෂා කළ යුතු තරුණියන් මේ මේ යයි ද කියනමාට කිසි අනුමානයක් නැත්තේය. ඒ නිසා ඒන්ට මාත් සමඟ යන්ට කියා අවුනේරිස් අප්පුත් සමඟ රාමසිංහ මහතා ඉන්නා තැනට ගියේය. එසේ ගොස් ඉඳගත් පසු රාමසිංහ මහතා සතුටු කතා කොට අබයරත්න මහතා තවත් කෙනෙකු සමඟ පැමිණි කාරකය අසා අවුනේරිස් සමග කතාවට බැස්සේය.

රාමසිංහ - අවුනේරිස් මේ නම් ලියා ගෙන අවුත තිබෙන තරුණියන් හත්දෙනාම උඹ දැක්කා ද?

අවුනේරිස් - (ටිකකි හිතට අමාරුව) දෙන්නකුව දැක්කේ නැහැ.අනික් පස්දෙනාවම දුටුවා.

රාමසිංහ - ඒ දැකපු පස්දෙනා සමඟම කතාබස් කළා ද. ඒ දැකපු පස්දෙනාගේ මවුවරුස් හා පිය වරුන් දැක තිබේ ද? ඔවුන්ගේ තොරතුරු දන්නවා ද?

අවනේරිස් - මම දුටුවා මිසක් වැඩිපුර කතා බහක් කළේ නැත. වෙද මහතාගේ හාමිනේ සමඟ නම් කිප දවසක්ම කතා කළා. ඒ හාම්නේ ටිකක් සැරයි. වෙද මහතා සමඟ ටිකක් සැරවැරේට කාත කරනවා-ගෙදරට බෙහෙත් ගන්නටවත් ගෑණු කෙනෙක් අවොක් ටිකක් ඔරවා බලනවා-ඒ හාමිනේ පිළිබඳව මට දැනගන්ට ලැබුණේ ඔපමණයි.

රාමසිංහ - අවුනේරිස් අප්පු දැකපු අනික් ළමයි කවු ද?

අවුනේරිස් - පෙරේරා ස්කො‍ලේ මහත්ගේ ළමයා යි. ඒ ළමයා සමඟ ‍හෝ මව ‍සමඟ වත් කතා කළේ නැහැ. ස්කෝලේ මහතා සමඟ නම් බොහෝ කල් ආශුය කොට පුරුඳුයි. දැන් ස්කෝලේ මහතා රාජකාරියෙන් අස්වි පැන්ෂන් ලබනවා එතන දවැද්ද නම් බෙ‍ාහොම හොඳයි ඒ ගැණු ළමයා නමින් සෙවිංස් බැංකුවේ රුපියල් තුන්දාහක් තැන්පත්කර තිබෙනවා.

රාමසිංහ - එහෙම නොවෙයි අවුනේරිස්-උඹ බලාගෙන අවුත් තිබෙන හත් අට පලටම මාත් සමඟ යන්ට ඕනැ. එතකොට ඒ


140 පසන් නිවස


‍ගේවල තොරතුරු ‍හොඳටම දැනගත හැකියි. අපේ ප්රෙුඩි මහත්මයාට වදක බාරියක් ලැබුණොත් මුදේ පැනලා නහිනවාට කිසි අනුමානයක් නැහැ.

අබය - ගුරුන්නාන්සේ මහත්මයා, දැන් කාලේ පිරිමහින අන්දමේ ගුණවත් කමින් හා සැකසුරුවම් කම් දැනිමෙන් යුතු ස්ත්රීයයක් සොය ගැනිම බොහොම අපහසු කාරණයකි. ඉන් නිසා කසාද බැඳීමේ කල්පනාව අත් හැර දමා නිකම් සිටියොත් ව‍ඩා ‍ෙහාඳ නැද්ද?

රාමසිංහ - සත්තකමට ඒක තමයි වඩා ‍හොඳ ගුරුකම, නමුත් එහෙම කරන්ට පිළිවන් මිනාස්සු දාහකට එක්කෙනෙක්වත් ‍ලෝකයේ නැත. ඊටත් වඩා මේ කා‍ෙල් සුලබව පවත්නා කාම සැපතත් බලා, ඒ සැප විඳින්නන් මධ්යායේම ඉඳගෙන ඒ සැප පිළිකුල් කරන්ට තරම් දක්ෂ මිනාසුන් ලෝකයේ සිටිද්ද?

අබය - පංචකාම සැප‍තෙන් දුදරුවන්ට නම් ආරණ්යානදියේම හැසිරෙන්ට ඕනෑය කියාපු කීම ඇත්ත තමයි. හොඳයි, අවු‍නේරිස් කොයි එකක්ටාවත් ගුරුන්නන්සේ මහත්මයා මේ අවුනේරිස් සමඟ මේ සොයා ගෙන අවුත් තිබෙන හත් අට පළටම ගොස් ඔවුන්ගේ ගතිගුණ දැනගෙන එන්ට. ඒ හත් ප‍ෙළන් අපට පිරිමහින එකක් ලැබුණොත් කසැද බඳිනවා. නැති නම් මම සල්ගල ආරණ්යරයට ගොස් තපස් රකිනවා.

රාමසිංහ - මහත්මයා තරහ වෙන්ට එපා. විවාහයක් කිසිම කෙනෙකුට ජෝඩු කරන්ට බැරිය. කොපමණ මහන්සි කළත් බලලට බැලලීම ලැබුණාක් මෙන් ඒ ඒ මිනාසුන්ගේ කර්මානුරූපවම භාර්යාවකගේන් සැප දුක ලැබෙනු නියතයි. නමුත් පුරුෂයා නුවණ ඇති ඉවසිලිවන්ත යුතුකම් දන්නා ලජ්ජා භය ඇති කෙනෙක් වුනොත් වඩා කලබැග‍ෑනියක් නැතිව ජාවිතය ගෙන යන්ට පිළිවන. ඒ මිස මහත්මයා හිතා ඉන්ිනා අන්දමට උසස් කුලයක උපන්- ධනයක් ඇති-රූප ලක්ෂණයෙනුත් හොඳ භාෂා ශාස්ත්රුයත් ඉගෙන-සකසුරුවම්කමුත් දන්නා-නිහතමානි-යටහත් පහත්-ගුණ සම්පන්න ස්ත්රීයයක් සොයා ගැනීම ලෙහෙසි පහසු නැත. ඒ එසේද උවත් ඉක්මනින්ම ජෝඩුකර ගන්නා විවාහ ඉතාමත් භයානකය.




පියදාස සිරිසේන නවකථා එකතුව 141


අවුනේරිස් - අපේ පණ්ඩිත මහත්මයාගෙන ප්ර ශ්න කරනවා නොවෙයි. අපේ දැනගිනීමටයි අසන්නේ. මංගල්ය යක් ජෝඩුවුනාම එය ඉක්මනින්ම ඉෂ්ට කරගැනීම නොවේද හොඳ? ප්ර මාද විමෙන් එක මේක අසන්ට සිද්ධ වීමෙන් දෙපැත්ම කලකිරි අන්තිමට සිද්ධ නොවෙන්න්ටත් පුළුවනි. එහෙම නොවෙද?

රාමසිංහ - ‍ඔව් එහෙම තමයි. ලෝකයේ ඉක්මනින්ම කර ගත යුතු කරුණුත් පිළිවන් තරම්ම ප්රකමාද කළ යුතු කරුණුත් තිබෙනවා. ශිල්ප ශාස්ත්ර ඉගෙනීම-ලෙඩ රෝග සුවකර ගැනීම-අනුන්ට උපකාර කිරිම- තරුණ දියණිවරුන් විවාහකර දීම- පින් දහම් කරිම- වස්තුව රැස්කර ගැනීම යන ආදි කාරණා පිළිවන් තරම්ම ඉක්මනින් අප්ර මාදව කරගැනීම ඉතාමත් හොඳය. අනුන් ගෙන් පළිගැනිම-මෛථුන ධර්මයෙහි හැසිරිම, එනම් විවාහයක් කර ගැනිම-තමාගේ අඩු පාඩු හෙවත් රහස් ප්රමකාශ කිරිම-ණය ගැනිම-පවු කරිම යන ආදි කටයුතු පිළිවන් තරම් ප්ර්මාද කළ යුතුය. සියල්ලම අප්රපමාදව කරන්ට නරකය. විශෙෂ වශයෙන් විවාහයක් කර ගැනිමේදි අවුරුදු දෙකක් තුනක්වත් ප්රයමාද නො කළොත් ඒ සම්බන්ධ තොරතුරු හරිහැටි දැනගන්න ලැබෙන්නේ නැත.

අවුනේරිස් - අනේ පණ්ඩිත මහත්මයා, මම මඟුල් කපුවෙකි. නමුත කවදාවත් නො ඇසු කාරණා රාශියක් තමුන්නාන්සේගෙන් දැනගන්ට තිබෙන් බව පෙනේ‍. කරුණාතර මගේත් ලෝකයාගේත් දැනගැනීම පිණිස ටිකක් විස්තර කර කියා දෙන්ට.

රාමසිංහ - අවුසේරිස අප්පි නොදන්නා දෙයක් අසන්ට. මා දන්නා හැටියට විස්තර කර කියා දෙන්නෙමි. ‍ අවුනේරිස් - විවාහයක් ජෝඩුවුණු හැටියේ ඉකිමනින් එය කරගන්ට නරක මක්නිසා ද?

රාමසිංහ - මනමාලිගෙත් මනමාලයාගෙත් පරම්පරාවල තොරතුරු හොඳහැටි දැනගන්ට ඕනෑ නම් විවාහය පිළිවන් තරම් ප්රෙමාද කළ යුතුය. දෙපක්ෂයේ කුල ගොත්රම වල අඩු වැඩිකම් පමණක් නොව පරම්පරාගතව පවතින ලෙඩ රෝග, ගුණධර්ම, හොඳ නරක ආදි තොරතුරු කිසිවක් නොදැන කරන විවාහවලින්



142 පසන් නිවස

යහපතක් සිද්ධ වන්නේ අහම්බයකින්ය. මලමාලියගෙත් මනමාලායාගෙත් මවුපියන්ගේ තරුණ කාලේ පැවැත්ම හා ඔවුන් ගේ දෙමව්පියන්ගේ තත්වයත් දැන නොගෙන විවාහ වන මිනිහා ගැඹුරු නොදන්නා ගඟක මුහුදක පනින මොඩයෙකුට සමානය.

අවු‍නේරිස් - මවුපියන්ගේ ගතිගුණ ආදි විස්තර දැන ගැනිමෙන් ඇති ඵලය කුමකු ද?

රාමසිංහ - මවුපියන්ගේ ගතිගුණවලට සමානම කෙනෙක් බව අවබොධ කර ගැනිම එයින් ඇති ඵලයයි. අවු‍නේරිස් - දැන් සමහර මවුපියවරු ඉතාමත් හොඳ උපාසකයන් වාගේ ඉන්නවා. දරුවෝ කොටි‍යන් වාගේ ඉන්නවා-ඉතින් මවුපියන්ගේ හොඳවීමෙන්වත් නරක්විමෙන්වත් දරුවන් ගැන විමසා ගන්නේ කොහොමද?

රාමසිංහ - අවුනේරිස් ඉදිරිපත් කළේ ඉතාමත් ‍‍ෙහාඳ ප්රනශ්නයකි. මවුපියන් උපාසකයන් වාගේ නම් දරුවෝත එයාකාරම විය යුතුය. නමුතු කාටවත් විමසා ගත හැකි ගුප්ත කාරණයක් තිබේ. සමහර මවුපියවරු තරුණ කාලේ ඉතාමත් දරුණු රෞද්රය මිනිසුන්ව සිට වයසට පත්වුණාම ඉතාමත් අහිංසක උපාසකයන් බවට පත් වෙති. තරුණ කාලේදි සුදු සුරා සල්ලාල කම් ආදියෙන් කපටි වංචා දැඩි සාඩි ක්රිනයවලත් යෙදි නපුරු කොටින් මෙන් විසු අය වයස් ගතවුනාම උපාසක ලීලාවනේ කල් යවති. වැඩි වශයෙන් දැන් අප රටේ පවත්නා පිරිතත් ඒකමයි. ඉතින් සුරාපානය පරදාර සේවනය හෝ පරපුරුෂ සේවනය කරන අන්යියන්ට වද හිංසා කරන තරුණ කාලේ උපන් දරුවන් ගේ තත්වය අධික වයස නිසා උපාසක බවට පැමිණ දෙමවුපියන්ගේ ගතිගුණ විමසා ගැනිමට නම් ඒ දෙමවුපියන් තරුණ කාලේ විසු අන්දම තේරුම් ගත යුතුය.

අවුනේරිස් - අනේ පඬිතුමාණෙනි, මට දැන් හුඟක් දුරට කාරණය වැටහුණා. කොළඹ පදිංචිව ඉතාමත් ශ්රරද්ධාවත් ගුණවත් උපාසිකා මැතිණියකගේ දුවණියක් මා විසින් කළුතර පළාතේ තරුණ මහතෙකුට ජෝඩු කොට ප්රණසිද්ධ වශයෙන් මඟුල් කා විවාහකර දෙන ලදි. ඉතින් විවාහවි මාස තුනක් ගතවන්ටත් ප්ර ථම මේ උපාසිකාවගේ දුව නොයෙන් දෙනා සමඟ දඩාවතේ




පිසදාස සිරිසේන වනකථා එකතුව 143

ඇවිද සභාවලටත් දෙශපාලනයටත් දුප්පත් ස්ත්රීේන්ගේ දියුණුවටත්ය කියා එහෙ මෙහෙ ඇවිදිමින් ඒ වැදගත් මහතාගේ ධනයත් නාස්ත‍ි කොට අන්තිමේ දික්කසාදා වුණා. ඉතින් මට මේ ගැන බලවත් චොදනාවක් ඇති විමෙන් මගෙ මඟුල් කපු කමද අනතුරුදායක තත්වයට පැමිණියේය. මම බොරු කාරයෙක්-කපටියෙක් ලෙස සලකනු ලැබුවෙමි.

රාමසිංහ - ඔන්න බොහොම හොඳ නිදර්ශනයක්-අවුනේරිස් අප්පුටම කාරණය ‍තේරෙනු නො අනුමානයි. ඉතින් විවාහය අවලංගු කර ගත්තාට පසුව වත් ඒ

තරුණිය ගේ මවුපියාදීන් පිළිබඳ තෙ‍ාරතුරු විමසුවේ නැද්ද?

අවුනේරිස් - අනේ පඬිතුමාණෙනි, ඔවුන්ගේ තොරතුරු මම හොඳින් ම විමසුවෙමි. ඒ තරුණියගේ මවු-දැන් ප්රපසිද්ධ උපාසිකාවක්ව ඉන්නා තැනැත්තී-ඉතාමත් කුඩා කාලේ පටන් පහත් පැවතුම් ඇතිව සිටි තැනැත්තියකි. ඒ තරුණියගේ පියා ගැට කැපුම් ආදී කළ හම්බයෙකි. සිංහලයෙක් වාගේ හැසුරුණු හම්බයෙකි. ඒ හම්බයාට දාව මේ තරුණිය ඉපිද තිබේ. හම්බවා මළායින් පසු අසරණව වයස්ගතව සිටි සිංහල මහතෙක් සමඟ විවාහ වි ධනවත් බවට පැමිණ තිබේ. ටිකක් ධනවත් බවටත් වයස්ගත බවටත් පත්වු පසු ප්රිසිද්ධ උපාසිකාවක් වුණු ඒ තැනැත්තියගේ දුව ඉතාමත් ශික්ෂිත අහිංසක තරුණ මහතාට විවාහකාර දීමට මුලික වුණේ මමය. දැන් තමුන්නාන්සේ කියාපු කාරණා මට වැටහුණා

රාමසිංහ - උඹට වැටහුණේ කුමක් ද?

අවුනේරිස් - ජෝඩු කරපු හැටියේ හදිසියෙන්ම විවාහයක් ඉෂ්ට කිරිමේ බරපතල වැරැද්ද මට දැන් ‍ෙහාඳටම තේරුණා.

රාමසිංහ - මම බොහොම සතුටුවුණා. අවුනේරිස්ට යමක් කීවාම එය හොඳින් අවබෝධ කරගැනිමට නුවණ තිබෙන බව මට පෙනේ. යම් කිසි තරුණියක් ගැන විමසන විට ඔවුන ඉන්නා තත්වයෙන්ම ඔවුන පිළිබඳ විනිශ්චයක් කරගතයුතු නොවේ. ඔවුන්ගේ මවුපියන්ගේ පමණක් නොව මුතුන් මිත්තන්ගේත් තොරතුරු පවා විමසා ගැනිමට විවාහය ටිකක් කල් තබාගත යුතුය. එසේ කල්ගතකොට අප්රහකට වශයෙන් ඔවුන්ගේ තොරතුරු විමසන විට නොයෙක් දෙනාගෙන් බොරුවුත්,




144 පසන් නිවස


නිබොරුවුත්, වැදගත්වුත් නිශ්ප්රටයෝජනවුත්, කාරණා දැනගන්ට ලැබේ. ඉතින් ඒ සියල්ල විමසා-නුවණින් විමසා බලා තරුණයාගේ හා තරුණියගේ තත්වය ‍හොඳින් දැනගතයුතුය.


අවුනේරිස් - අපේ අඬිතුමා කියන්නේ උතුම් ශාස්ත්රණයකි. විවාහ ජෝඩු කිරිම “හෙන හත ගහන” වැඩ්ක්ඳ යයි කියන කීම බොහොම දුරට ඇත්තකි. නමුත් මගේ පියා ප්ර්සිද්ධ මඟුල් කපුනෙක්වු බැවින් ඉබේම වාගේ මටත් මේ මඟුල් කපුකමයි කරන්ට තියෙන්නේ. වෙන නොයෙක් රක්ෂාවල් කරන්ට ඉඩ ප්රකස්ථාව තිබුණු නමුත් වැඩි ප්රෙයොජනයක් පිළිබඳ තැතත් මම මේ කරුම රක්ෂාව කරනවා! පඬිතුමා වාගේ ශරීරයකි-හිතත්-පුර්ව කර්මයත්-ආදි මනුෂ්ය යන් පිළිබඳ ගැඹුරු ශාස්ත්රර දැනගෙන මඟුල් කපු කම් කරතොත් අපේ රටවාසීන් මොනවා කීවාත් ජන සමාජයට කරන්නේ මහත් යහපතක් බව මට වැටහෙනවි. එය එසේ නොවේ ද? රාමසිංහ - ඇත්තෙන්ම අවුනේරිස්, සාමාන්යක මඟුල් කපුවෙකුට වඩා යමක් දන්නා කෙනෙක් බව පෙනේ. දැන් කාලේ අපේ රටේ ඉන්නා මඟුල් කපුවන් තබා උගත්තුය-පණ්ඩිතයොය කියා ඉන්නා සමහරු නොදන්නා වචන කීපයක් නම්- “ශරීරයත්-හිතත්-පුර්ව කර්මයත්-සහජ ගතිය හෙවත් පරම්පරාගත ස්වභාවයත්-වර්තමාන කර්මයත්” යන මේ වචන පාවිච්ච්කරන අයවත්, මේවායේ අර්ථ හරියට දැනගෙන සුදුසු තැන්වලදී ඒ අනුව පිළිපඳින-කතාබස් කරන අයවත් නැතිවිම අපේ ජාතියේ පිරිහිමට හේතුවුණු බව පෙනේ. ශරීරයත් හිතත් පිළිබඳව ඉගෙනගත් මිනිස්සුම ලෝකයේ උතුම් මනුෂ්ය්යෝව සිටිති. පුරාණ කාලයේ අපේ රටේ පින්වත් වීරි පුරුෂයන් ඇතිවුණේ ශරීරයත් හුතත් පිළිබඳව ගැඹුරු ධර්ම කුඩා කාලේ පටන්ම ඉගැන්වු නිසාය. දැන් අප රටේ ඉගැන්විම මොකවත් නුගන්වා ඉඳිමටත් ව‍ඩා නරකය.







පියදාස සිරිසේන නවකථා එකතුව 145


02. පරිච්ජේදය[සංස්කරණය]

අබයරත්න - ගුරුන්නාන්සේ මහත්මයා මඟුල් ජෝඩු කිරිමේ කථාවට පටන්ගෙන දැන් ගැඹුරු ධර්මාන්විත කථාවකට බැස්ස බව පෙනේ. ඉතින් මඟුල් කථාව ටිකක් පමා වුණාට කමක් නැත. අද මේ පටන්ගත් ශරීරයත් සිතත් පිළිබඳව කථාව සවිස්තරවම කරන්ට ඕනෑ. අපේ රටේ දැන් පවත්නා ඉගැන්විම් ක්රසමය නරකය කීවේ මොකද? ‍ රාමසිංහ - හොඳයි ඒ පිළිබඳව කියන්ට ප්රේථම මම මහත් මයාගෙන් ප්රෙශ්නයක් අසමි මහත්මයා ඉතාමත් පිටිසර පළාත්වල පාඨශාලා ආදියකට නොයන කිසි ඉගෙනිමක්‍ නොලබන දුප්පත් තරුණියන් දැක තිබේ ද?

අබයරත්න - ඔවි, නොයෙක් පිටිසර පළාත්වල වන්නිය ආදි ඉතා දුර බැහැර පළාත්වල තරුණියන් පවා දැක තිබේ.

රාමසිංහ - ඉතින් කොළඹ, නුවර, ගාල්ල ආදී නගරවල පොහොසත් පවුල්වල ලොකු ඉස්කෝලවලට යන උසස් ඉගෙනිම් ලබන-ඒවාගේම හොඳ රසවත් ආහාර පාන කන බොන, හොඳ ඇඳුම් අඳින ක්රීගඩා සුවයෙන් කල් යවන නිතර සැන්ට් පියර ආදි ශරීර ඔපය වඩන දේ පාවිච්චි කරන තරුණියනවත් දැක තිබේ ද?

අබරයරත්න - දස දහස් දැක තිබේ. නිතරම දැනුත් දකින්ට ලැබේ

රාමසිංහ - ඉතින් මහත්මයාණෙනි, තරුණියකගේ ඉතාමත් ප්රි්යකරු ශරීරාංගයක් වන පයෝධර මණ්ඩලය ගැන මහත්මයා කල්පනා කර තිබේ ද?

අබයරත්න - (ටිකක් වේලා නිශ්ශබ්දව සිට) ඔව් ගරුන්නාන්සේ මහ්තමයා, දාන් මට කල්මනාවුණා, නගරබද තරුණියන් අතර විශේෂ වශයෙන් පොහොසත් ස්ටයිල් පවුල්වල තරුණියන් අතරේ පයෝධර මණ්ඩලය උස්ව දැඩීව තිබෙන තරුණියක් දැකීම අතිශයින්ම දුර්ලඝ බවත්-කොස් ‍පොළොස් කමින් දුකසසේ වාසය කරන පිටිසර පළාත්වල තරුණියන්ගේ ‍පයෝධර මණ්ඩලට ඉතා මහත්ව දර්ශනීයව පවත්නා බවත් දැන් මට වැටහුණා.


146 පසන් නිවස


රාමසිංහ - බොහොම හරි මහත්මයාට දැන් මේ කාරණය හොඳින්ම සිහිපත්වු බව පෙනේ. ඒ ඉතාමත් සතුටු කාරණයකි. ස්ත්රීොන්ගේ අංග ප්රුත්යංහග වර්ණනා කරන කිවින් විසින් පයොධර මණඩලට අතිශයින්ම වර්ණනා කර තිබේ. මේ බලන්නා:-

ල ඳු න් කැකුළු තන පට බැම්මකින් යු තේ ඒ ව න් ද‍ඟේ සිට දුටුව්න් ද බැඳ ල තේ මෙ යි න් මිදි මුන් පැලඹුම් ලැබුව හො තේ ත දි න් මෙමුළු ‍ ලොව වුව බැඳ ලතී සි තේ


         ඉතින් වර්ණනීය පියයුරු මඩල නිසා ස්ත්රීේන් පිළිබඳව දැනගත හැකි විශේෂ ගතිගුණ දැන් කාලයේ කල්මනා කරන අය සිටිත්ම ද?

අබයරත්න - ප‍යෝධර මණ්ඩලයේ ලක්ෂණ නම් අප කාටත් පෙ‍නේ. නමුත ගතිගුණ වශයෙන් ඒ නිසා දැකගත හැක්කේ කුමක් ද?

රාමසිංහ - ඒක තමයි ඉතා වැදගත් රහස, වර්තමාන කාලයේ පැතිරෙන්නේ කාමුක අදහස්, කාමුක ක්රීවඩා, කාමවර්ධනය වන කෑම, බීම. බෙහෙත්, නැටුම්, ගැහුම් ආදයත්බව අප කාටත් පෙනේ. ඉතින් අපේ ජන සමාජය ආරක්ෂා කර ගැනිමට උවමනා ප්ර තිපත්ති රකින ගුණ නුවණින් යුතු මවුපියන් හා ගුරුවරාදීන්ද නැති කමින් අපේ කුඩා දරුවන්ට ගර්හිත නීච සිරිත් විරිත් පුරුදු වී තිබේ. ඒ නිසා ‍අපේ පිරිමි දරුවන්ගෙන් සියයට හැට කටත වඩා අලස, අසමර්ථ, කාමුක, දුරුවල, උකටලී බවට පැමිණි, බලාපොරොත්තු රහිත පිරිසකි. ඒ සියේට හැට ගියාම ඉතුරුවන හතළහෙන් විස්ස කටත් වඩා සයරෝගකාර තවත් භයංකර ලොඩවලින් පීඩිත පිරිසකි. අපේ පිරිම් දරුවන්ගෙන් සියේට විස්සකට වැඩියෙන් ලෝකයේ කල් යැවිමට සැහෙන්නන් නැති බව පෙනේ. ඉතින් ගැහැණු දරුවන් දෙස බැලුවාම මිටත් වඩා භයංකරය. වල ගැසී ගිය ඇස් ඇති, පොකිරිස්සන්ගේ පපු වැනි ඇට පෑදුණු පපු ඇති තරුණියන් කී දහසක් අපේ නගරවල සිටිත් ද? මේ පාසැල් වල ඉගෙණ ගන්නා ගැහැණු දරුවො වෙති. මොකුත් නො ඉගෙන කුලී වැඩ ආදය කරන සමහර පවුල්වල මුහුණේ ඇ‍ඟේ මස් ඇති, කේස කලාපයක් පයෝධර මණ්ඩලයත් සම්පුර්ණ තරුණියන් ඉන්නා අතර ඇතැම් පොහොසත් පවුල්වල දක්නට නැත. ඉතින් අපේ පැසැල්වලදීත් බෝඩිං




පියදිස සිරිසේන නවකථා එකතුව 147


ඉස්කෝලවලදීත් පමණක් නොව සමහර බෝඩිංගේවලදීත් පුරුදුවන නපුරු වසංගතයක් තිබෙන බව පෙනේ. ශරීරයේ අංග ප්රරත්යං ග මනා ලෙස වැඩිමට ආධාර වන්නාවුද ශරීරයේ ප්රිභාමත් භවයේ තරුණ වීර්යයත් ඇති කිරිමට හේතුභුත වන සප්ත ධාතුව හීනවීමෙන් මේ දුර්විපාකය ඇතිවි තිබෙන බව නිසැකය. අවුරුදු දොළහ දාහතර වයස් ගත කුඩා ගැහැණු පිරිමි දරුවන් ඉතාමත් ප්රිතයකරු ලීලාවෙන් ඉඳ එතැන පටන් වඩ වඩා ප්රිමයකරු වෙනාවා වෙනුවට සියල්ලෙන්ම පිරිහෙන බව බොහෝ තැන්වල අපට දකින්ට ලැබුණේය.

අබයරත්න - ඉතින් ගුරුන්නාන්සේ මහ්තාහ කියන්නේ බලවත් දුසිරිතක් මේ දරුවන් පරුදු වන බව ද?

රාමසිංහ - සත්තකින්ම ප්රාසිද්ධ වශයෙන් කිය ‍නොහැකි ගරිභිත දුසිරිත දෙකක්ම මේ දරුවන්ට පුරුදු වෙති. පටන් ගැන්මේදී යම්නිසි කාලකන්නියකු විසින් පුරුදු කරනු ලබන ඒ දුශ්චරිතය අන්තිමේදී හුදකලාවම තමාම කරගණි. ඉතින් අහෙතුවට මෙන් මේ දුසිරිතට වැටුණු ළමයෙකු එයින් මුදවා ගැනිම දුෂුකරය. ඥානවත් මවුපියන් ඒ බව දැනගෙන ඉතා ප්ර්වේසමෙන් ආරක්ෂාකර නොගත්තොත් ඒ දුශ්චරිතයෙන් නිසිසේත් ගලවා‍ගත නොහැකිකේය.

අබයරත්න - සාමාන්යනයෙන් මෙය වැළැක්විමට උපක්රේමයකුත් තිබේ ද?

රාමසිංහ - ඇත්තෙන්ම තිබේ. සියලුම ව්පත්වලට ප්ර්තිකාරයකුත් තිබිය යුතුය. මේ කුඩා දරුවන්ට උගන්වන අතර “කාම් ශාස්ත්රයය” පිළිබඳව ඉතා හොඳි ඉගැන්විමක් කළොත් කවදාවත් මේ දුශ්චරිතයට නොබසියි. බෝඩිං ඉස්කෝලවලත්, බෝඩිං ගෙවලත් පාලනයට ඉතා උසස් පැවතුම් ඇති තලතුනා ස්ත්රීො පරුෂයන්ම මිස වෙන කිසිවතු පත් නොකළ යුතුය.

අබයරත්න - අවුරුදු දොළහේ ගෑණු පිරිමි දරුවන්ට “කාම හාස්ත්ර ය” උගන් වන්නේ කො‍ෙහාම ද?

රාමසිංහ - හොඳයි ඒ නම් නොකියා “සැප වධන ශාස්ත්රතය” යන නමින් ඉගැනවිය හැක. ශරීරයේ අංගප්ර ත්යංාගවල විස්තරත් ඒවා ආරක්ෂා කරගත යුතු අන්දමත්-ශරීරයේ ලේ ආදි සප්ත



148 පසන් නිවස


ධාතුව නිසා ශර‍ීරයේ නිරෝගිගම හා වර්ණවත් භාවය ඇතිවන අන්දමත්-ඒ සප්ත ධාතුව අධිකව පිරිසිදුව ඇති ස්ත්රීග පුරුෂයන්ගේ දෙහ ලක්ෂණයත් අංගප්ර තයංගවල ශක්ති සම්පන්න සම්පුර්ණ බවත්-ළමයින්ට ඉගැන්විය යුතුය. අනිත් අතට සප්තධාතුව දුෂ්යපවන හැටිත්-ඒ විනාශ විමට කරගන්නා ‍නොමනා දුශ්චරිතයත් විස්තරකොට කියාද් සප්ත ධාතුවෙන් ඉතා ශ්රෙටෂ්ඨවු සෞම්යො ධාතුව චංචලවන කිසිම ක්‍ කියාවක් නොකළ යුතු බවත් යම් කෙනෙක් එබඳු නීච ක්රිචයවක යෙදුනොත් ඔහුගේ ශරීර ශක්තියත් එහෙමපිටින් විනාශ වි සම්පුර්ණ තරුණ කාලය ලැබෙන්ටත් පෙර කාසස්වාස ආදි මාරක රෝග වැළදෙන අනදමත්-එබඳු රොගයක් වැළදී කෙනෙක් ලෝකයේ ඉන්ට නුදුසුදු කාලකන්කියෙක් වන හැටිත් ඉතා දරුණු රෝගවලට භාජන වන තැනැත්තී හෝ තැනැත්තා අපායේ දුක් වැනි දුක් විඳ ළපටි කාලේම මිය යන බවත් ළමයින්ට ඉගැන්විය යුතුය.

අබයරත්න - මනුෂ්යල ශරීර පිළිබඳ රහස් හා කාම ශාස්ත්ර ය ළමයින්ට අකුරු ‍ඉගැන්විම නරකයයි අප රටේ බොහෝ දෙනා කියති.

රාමසිංහ - එපමණ ද? ළමයින්ට විශේෂ වශයෙන් ගැහැණු ළමයින්ට අකුරු ඉගැනිවිමත් නරකය කියන කී දෙනෙක් මේ රටේ ඇද්ද ?

අබයරත්න - ඔව් ශරීරය නරක්වන්නාවු, ජිවිතය නිශ්ඵල වන අනදම ඉගැන්විම නරක නම් ඇත්තෙන්ම අකුරු ඉගැන්විමෙන් ඵලක් ලැබෙන්ට බැරිය. හොඳයි මේ “සැප වඩාන ශාස්ත්රලය” පාඨශාලාවල නුගත්ව‍තොත් අපේ ළමයින්ට එය උද්ග්රඅහණය කරවන්නේ කෙසේද?

රාමසිංහ - ඉතාමත් වැදගත් ප්රයශ්නයකි. ඒ ඒ ළමයින්ගේ මවුපියන් ඥානවත් නම් මෙය දරුවන්ට ගෙදරදීම ඉගැන්විය හැක. පිරිමි දරුවන්ට ස්වකීය පියා හෝ වැඩිහිටි හිතවතෙකු විසින් ශරීරයත් සප්ත ධාතුවත් පිළිබඳ විස්තරත් කියාදී ඒ ආරක්ෂා කරගන්නා හැටිත් ඒ හොඳින ආරක්ෂා කර ගැනිමෙන් ලැබෙන ඉෂ්ට විපාකත් සප්ත ධාතුව දුෂ්යඳවන ‍හෝ විනාශ වන හැටිත් ඒ විනාශ විම ශරීරයට’ ලැබෙන අනිෂ්ට විපාකත් කියා දීම කිසිසේත් නොහාකි වැඩක් නොවේ. ගැහැණු දරුවන්ට




පියදාස සිරිසේන නවකථා එකුතව 149

ස්වකීය මෑණියන් හෝ වැඩිහිටි ස්ත්රී යක් විසින් මේ ශාස්ත්ර ය උගන්වා ළමයා ආරක්ෂා කර ගතයුතුය.

අබයරත්න - හොඳයි-යම්කිසි පාප මිත්රා සේවනයකුත් නැතුව ආත්ම ඝාතනය වන පුරුද්දක් දරුවන්ට පුරුදු වෙනවාද ?

රාමසිංහ - බො‍හෝවිට ඒසේ පුරුදු වෙනවා. මවු හෝ පියා හෝ යම් රහස් ද දුශ්චරිතයක යෙදුණා නම් දරුව්නටත් ඉබේම වාගේ ඒ දුශ්චරිතය පුරුදු වෙනවා.

අබයරත්න - මවුපියන්ගේ පවු ගෙවන්නට හෙවත් ඒ මවුපියන් පුරුදු කළ දුශ්චරිත දරුවන්ට පුරුදු වන්නට හේතුව කුමක් ද? ඒ අයුත්තක් නොවේ ද?

රාමසිංහ - කිසිම අයුත්තක් නැත. දෙහි ගහේ කටු උල්ව රෞද්ර ව තිබිම අයුත්තක් ද? දුශ්චරිත කරන මවුපියන්ට දාව උපද්න්නෝ එබඳු දුශ්චරිත කොට පුරුදුව සතර අපායේ දුක් වින්ද සත්වයෝයි. මවුපියන්ගෙන් ලැබෙන ලෙඩ රෝග දුසිරිත් ආදිය ලැබිමට තරම් පවුකාරයන්ම උපදිනා නිසා ඒ මවුපියන්ගේ දුසිරිත් දරුවන්ටද අනායාසයෙන් පුරුදු වේ. විවාහයක් කර ගන්නා විට මවුපියන් ගැන විශේෂ වශයෙන් මෑණියන් ගැන ඉතා හොඳින පරීක්ෂාකර ගන්ට ඕනෑය කීවේ ඒ නිසාමයි. දැන් බලන්ට යම් ස්ත්රීකයකට දත් රෝගය තිබෙනතොත් ඇගේ දරුවන්ටද දත් රෝගය තිබේ. දත් රෝගය තිබෙන ස්ත්රීබයකගේ කුසේ පිළිසි‍ඳෙන්නේ එබඳු රෝගයකින් ‍පෙළෙන්ට තරම් පාප කර්මයක් කළ අයය.

අබරයරත්න - “මවු යම් සේද දරුවන්වාත් ඒසේමය” කි පණිඩිත මතය ස්ථීරයි. අවුනේරිස් අප්පු බලාගෙන අවුත් තිබෙන මනමාලියන් හත් දෙනා සොයා දැනගෙන එන්ට ඔවුන් හත් දෙනාගෙන් එක්කෙනෙක්වත් හරි නොගියොත් මගේ විවාහවීමක් නම් නොවේ. මගේ පුද්ගලික ප්රියෝජනයට පමණක් නොව මුළු සිංහල ජාතියේම ප්රගයෝජනයට මාසයක් වත් කාලය ගත කොට රාමසිංහ පඬිතුමා මට ජෝඩුකර තිබෙන තරුණියන් හත්දෙනා ගැණ සම්පුරුණ තොරතුරු විමසනු මැනවි. ඒ සඳහා යන එන ගමන් බිමන් ආදියට මේ මුදල ගන්ට යයි. රාමසිංහ පඬිතුමා අතට රුපියල් සියයක් දුන්නේය.




150 පසන් නිවස

රාම - අවුනේරිස්, මේ අබයරත්න මහතාට උඹ බලාපු හත්දෙනාගෙන් එක් කෙනෙක් වත් හරිගියොත් උන්නැහෙගේ වාසනාවකි. එසේ හරි නොගියොත් අපේ කාලයත් මහන්සියත් ජාතයට කැපකොට මේ හත්දෙන්ගෙන් මනමාලියන් පරීක්ෂා කරිම කෙළවර කරමු. උඹ අතේ තිබෙන මනමාලියන් හත්දෙනා ගේ නම් කියාපන්.

අවුනේරිස් - (1) සීලවති, (2) වයලට් ඇග්නස්, (3) ඇලිස් කමලාවති, (4) මාගරටි පෙරේරා, (5) ගුණසේකර තරුණ නෝනා, (6) දයාවතී සිල්වා, (7) ගර්ලි දෙමටකැලේ යන මේ හත් දෙනයි. පියවරු යථා ක්ර මයෙන් ස්කෝලේ මහතෙක්, වෙද මහතෙක්, උගස් බඩු ගන්නෙක්, කොන්ත්රාිත් කාරයෙක්‍, සූරා වෙළෙන්දෙක්. බාස් කෙනෙක්, ආණ්ඩුවේ ලිපිකරුවෙක් ද වෙති. ඉතින් ඔවුන් ‍ෙග් මෑණිවරුන් ගේ නම් මම නො දනිමි. පඬිතුමා ඒ ඒ ස්ථානවලට පැමිනි විට තව විස්තර දැනගන්ට පිළිවනි.

රාම - ඔවි අවුනේරිස් ඒ සියල්ලක්ම දැනගන්ට පිළියනි. දැන් අපි මේ හත් පලටම ලියුම් හතක් යවන්ට ඕනෑ.

ප්රිමය මහත්මයාණෙනි,

 අබයරත්න මහතා වෙනුවෙන් මා කථා කළ තමුන්නාන්සේලා ගේ දියණිය පිළිබඳ විවාහ මංගල්යා ඉෂ්ට කරගැනිමට ඒ මහතා ගේ තලතුනා ඥතිවරයෙකුත් මමත් එන්ට නියම කරගතිමු. තමුන්නාන්සේලා ඊ සතුටු නම් පහසු දවසකුත් වේලාවකුත් දන්වා එවන මෙන් ඉල්ලමි.

මේවගට-හිතවත්,

                                                                  අවුනේරිස් අප්පු

මඟුල් කපුරාල.

   මේ ලියුම නෝට්පේපර් හතක ලියා හත් පලටම තැපැල් කරපනි. පිළිතුරු ආ හැටියේ මා සම්බවෙන්ට වරෙන්නැයි කියා අවුනේරිස් අප්පුට රුපියල් දහයකුත් දී ඔහු පිටත්කර යව ලදී. අවුනේරිස් ගෙදර ගියේ ලියුම් තැපැල් කරලාය.
   ‍බදාදා වන විට ලියුම් තැපැල් කොට ගතවුයේ හතර දවසකි. නමුත් හතර පළකින්ම අනුනේරිස් අප්පුට පිළිතුරු ලැබුණේය. ස්කෝලේ මහතා එවා තිබුණු පිළිතුරුත් රැගෙන එක පිම්මේම

පිසදාස සිරිසේන නවකථ එකතුව 151


අවුනේරිස් අප්පු රාමසිංහ මහතා සම්බවෙන්ට ගොස් ලියුම් හතර දුන්නේය. එක පළකින් උවමනා දිනක ඕනෑම වේලාකත්-එක පළකින් සෙන්සුේරාදා උදේත-අනිත් දෙපලෙන් ඉරිදා පහසු වේලාවකත් පැමිණෙන්ට කියා තිබුණු බැවින් ප්රී්තිමත්වු රාමසිංහ මහතා “අවුනේරිස් හෙට ස්කෝලේ මහතාලා ගේ ගෙදරටත් ඉරිදා ලියන මහතා ගේ සහ බාස්උන්නැහේලා ගේ ගෙදරටත් යන්ට ඕනෑ. හෙට සවස එකට උඹ මෙහාට වරෙන්. අනිත් ලියුම් තුනටත් පිළිතුරු ලැබුණොත් ඒවා ද අරගෙන වරෙන්නැයි කියා රාමසිංහ මහතා අබයරත්න මහතා සම්බවෙන්ට වැල්ලවත්තට ගියේය.

  නියම කරගත් අන්දමට බ්රහහස්පතින්දා සවස රාමසිංහ මහතාත් අවුනේරිස් අප්පුත් දෙමටගොඩ පදිංචි ඒ ස්කෝලේ මහතා ගේ ගෙදරට ගියේය. යනකොට කවුරුත් පාහේ ‍හොඳට ඇඳ පැලඳගෙන උන්හ. ස්කෝලේ මහතා සහ හාමිනේත් රාමසිංහ පඬිතුමා පිළිගෙන සුදුසු  සංග්රනහ කරන ලදි. අවුනේරිස  අප්පු ස්කෝලේ මහතාට හා හාමිනේටත් රාමසිංහ මහතුන් අඳුන්වාදී-අබයරත්න මහතා ගේ ඥාත් වරයෙක්වා පමණක් නොව ආචාර්ය වරයෙක් ද වන බව කියා මේ පඬිතුමා හොඳයයි කියන මංගල්ය්යක් මිස වෙන කිසිවක් හරි නොයන බව ද කීවේය. ඉක්බිති තථාව පටන්ගත්හ.

රාමසිංහ - ස්කෝලේ මහතා දැන් පැනිෂන් පඩි පිට නේද? මේ ගෑණු ළමයා මිස වෙන දරුකෙනෙක් නැහැ නොවේද? මේ හාමිනේත් ස්කෝලේ ගුරුකමේ යෙදී උන්නා ද?

ස්කෝ - මම තිස්තුන් අවුරුද්දක් ඉගැන්නුවා. හාමිනේත් මාත් එකට ගුරු උප ගුරු වශයෙන් අවුරුදු 25 ක්ම රාජකාරි කළා. අපට උපන්නා දරු සතර දෙනෙක්. එයින් තුන්දෙනෙක් කුඩා කාලේදිම මළා. අපට ඉන්නා එකම වස්තුව මේ ළමයායි.

රාමසිංහ - ස්කෝලේ මහතා ගේ කල්පනාවේ හැටියට අපේ රට නරක් වුනේ කා නිසා කියා හිතනවාද?

ස්කෝ - බොහොම ගැඹුරු ප්රලශ්නයක්, මට උත්තර දෙන්ට බැරීය.

රාමසිංහ - හොඳයි, බොහොම ස්තුතියි. ස්කෝලේ මහතා අවුරුදු 33 ක් ම ඉගැන්විම කළෙ දරුවන් දියුණු කිරිමේ අදහසින් ද? නැත්නම් ඉගෙනගන්නා දරුවනුත් දියුණු කොට පඩියක් ලබාගන්නා අදහසින් ද?

ස්කෝලෙ හාමිනේ - මහත්මයා කථාකරන්ටත් ප්රනථම ඔය ප්රුශ්නයට

152 පසන් නිවස


පිලිතුරු දෙන්ට මට හිතුනා. අපි කාගේවත් දියුණුවක් කරදෙන්ට බැඳිලා නැහැ. අපට නියම කර තිබුණු පිළිවෙළට ඉගැන්නුවා. එසේ කළේ වෙන කිසිම බලාපොරෝත්තුවකින් නොව අපේ පඩිය ගන්නා බලාපොරොත්තුවෙන් මයි. ඔය මම කීවේ සම්පුර්ණ ඇත්තකි.

රාම - ඔව්-ස්කෝලේහාමිනේ ඇත්ත කථාකිරිම ගැන ස්තුති කරම්. දැන් ලක්දිව ඉන්නා ගුරුවර ගුරුවරියන් ගෙන් වැඩි කොටස- ඉතාමත් වැඩි කොටස මේ ස්කෝලේ හාමිනේ කියාපු අන්දමේ අය බව පෙනේ. දරුවන්ට අකුරු ආදිය උගන්වතත් සුචරිත ධර්මය පුරුදු කරවන තමාම අන්යමයන්ට ආදර්ශමත්ව ඉන්නා ගුරුවරයෙකු දක්නට ලැබෙන්නේ කලාතුරකින් බව පෙනේ.

ස්කෝ - එ‍තකොට අපේ රටේ මිනිසුන නරක්වුනේ ගුරුවරුන් නිසායයි මහත්මයා කියන්නෙහිද? රාමසිංහ - මම එසෙ නොකියමි. අපේ රටේ මිනිසුන් ගේ ඉගැන්විම් ක්රයමයේ වරදිනුත් බොහෝ ගුරුවරු නරක මිනිසුන් විමෙනුත් බව මගේ කල්පනාවයි.

ස්කෝ - එතකොට මහත්මයා කියන්නේ ගුරුවරු ගුරුවරියන් ගේ සදාචාරයත් පරහට නිස්සරණාධ්යාුස දයාවකුත් නැති නිසා මේ රට නරකිවුණු බව ද?

රාමසිංහ - ඇත්තෙන්ම ඒක තමයි‍. යම් කෙනෙකු කෙරෙහි ඇල්මක් අනුකම්පාවක් නැතිව කරන ඉගැන්විම හෝ වෙන කොයිම වැඩක් වුණත් ඉෂ්ටාර්ථදායක නොවේ. එය හරියටම “ආවාගේ දරු ස්නේහය” වාගේය.

ස්කෝ - ඒ මොකද? කරුණාකර ආයාගේ දරු ස්නේහය විස්තර කර දෙන්ට.

රාමසිංහ - රුපියල් පහක හෝ දහයක පඩියට ආ ආයා කෙනෙකු නවත්වාගෙණ කුඩා ළමයෙකු පාලනය කරන්ට ඇට බාරදුන්නා. තුන් හතර දිනක් ගියතැන් පටන් ඒ ආයා දරුවාගේ මවුටත් වඩා ළමයාට ආදරේය. ඉතින් ඒ ගෙදරින් හොචට සැලකිලිත්-පඩිත්-තෑගි බෝගත් ලැබෙන්ට ලැබෙන්ට ළමයා කෙරෙහි අයාගේ ප්රේවමය තව තවත් දියුණු වෙන්වා ළමයා නැතිව ආයාට පැයක් වත් ගතකළ නොහැකිය.




පියදාස සිරිසේන නවකතා එකතුව 153

ළමයා නාවන්ට-සෝදවන්ට-කවන්ට-පොවන්ට-නිදි කරවන්ට මොහොතක් වත් අතපසු නොකරන්නීය. කුඩා දරුවා සිඹිමින් ළෙහි හොවා ගනිමින් ආයා දක්වන ‍ආදරය ඇත්තේන්ම ළමයා‍ගේ මවටත් වැඩි බව බලා ඉන්නන්ට වැටහේ. ඉතින් තුන් හාරමාසයකට පසු යම් කිසි කරුණක් නිසා මහත්මයා ආයාට කථාකොට “ආයා උඹ ලබන මාසේ මෙතනින් අස්වෙන්ට ඕනෑ. වෙන තැනක රක්සාව සොයාගණින්නැ”යි කී තැන් පටන් කුමක් සිද්ධවන්නේ ද? ළමයාට මාසයක් මුළුල්ලේ කළ සාත්තු සප්පායම් වලට වඩා කල් දුන්නාට පසු ගතවන එක එක දිනට කරන අනතුරු අනාධර අධිකය. ළමයා බිම වැටුනාට බලන්නේවත් ඇඬුවාට ඇහෙන්නේවත් නැත. කල් දුන්නාට පසු ළමයා ඉඹ්න්නේවත්-හුරතල් කරන්නේවත් නැත. ආයා ළමයාගේ හතුරියක් වගේය. ඉතින් කාලය ඉක්මෙන්ටත් පෙර ළමයා ඉන්න ගෙදරින් අඍ ඉව්ත වන බව පෙනේ. බලන්න පුදුමයක හැටි! මවටත් වඩා ප්රේ්මය දැක්වු ආයා රක්ෂාවෙන් ඉවත්වන බව දැනගත් හැටියේම වෙනස්වුණු අන්දම!

ස්කෝලේ හාමිනේ - පඩියට රක්ෂාව කරන අප රටේ කවුරුත් ඔහෙම තමා.

රාමසිංහ - ඉතින් අපේ රට කොලම් මඩුවක් නේද! පඩියක් ලැබුවත් තමන්ට භාරදෙන කටයුත්ත අවංක හිතින මුළු ධෛය්‍් රට නේ- තමාට නියම කටයුත්ත ඉෂ්ට කරණ රටවල් එමට තිබේ. යුරොපයේ නොයෙක් රටවලුත් විශේෂයෙන් ජපන් රටත් දෙස බලමු. එහි ඒ ඒ මිනිහාට නියම කටයුත්ත යුතු අන්දමින් ඉෂ්ට කිරිම රටේ ධර්මයක්ව පවත්නා හෙයින් ඔවුහු අනභිභවතීයව- සැපවත්ව වාසය කරති. ආචාර්ය තත්වය වානහි අන්යුයන්ට ආදර්ශවත්වු ගුණ ධර්මය ආරක්ෂා කරන ප්රහතිපත්තිකාමිවු එකකි. නමුත අප රටේ මේ කාලේ ඉන්නා ආචාර්යවරුන් අතර ඉතාම නරක මිනිසුන් බහුලය. ඒ නිසා ඔවුන්ගේන් ඉගෙණිම ලබන අය පමණක් නොව ඔවුන්ගේ පරම්පාරාද බොහෝ සේ පහත් පැවතුම් ඇත්තේය.

ස්කෝලේ හාමිනේ - පණ්ඩිත මහත්මයා ගේ කතාව ඉතාමත් හැබැයි. අපේ ගුරුවර ගුරුවරියන් අතර ඉතාමත් නරක මිනිස්සු සිටිත්. බොහෝදෙනා නරක්වී තිබෙන්නේ පාඨශාලා





154 ‍පසන් නිවස


පරීක්ෂකයන් හා කළමනාකාරයන් නිසාය. අල්ලස් ගැණිමත් අයුතු ආශ්ර්යන් නිසා ගුරුවරයා හා ගුරුවරී නරක්වෙති. ඉක්බිත් ඔවුනගෙත් ඉගෙණිම ලබන වැඩිදෙනෙක් ද නරක් වෙතිත.

රාමසිංහ - අප රට වාසින්ගේ කල්පනාව අන්යයයන්ට දැන නො ගන්නට හෙවත් නිතීයෙන් දඬුවම් නොලබන්නට යම් කිසි අයුත්තක් අපරාධයක් කළාට වරදක් නැකි බවය. වි‍ෙශ්ෂ වශයෙන් ආචාර්යවරුන් ඒ කාරණය දැනගත යුතුය. පවක්-දුශ්චරිතයක් කළ විට ඒ දුශ්චරිතයට මුලික වන්නේ තමන්ගේ හිත බව දැනගත යුතුය. හිත දැනුවත්ව යම් කිසි අයුත්තක් අධර්මයක් කළොත් නො අනුමානවම ඔහුට අනිෂ්ට විපාක ලැබේ. නීතිය මගින යම් අපරාධයකට විපාක නොලැබුනත් ඔහුගේ සම්බන්ධතාවය ඇති හැම දෙනාම ඒ දුර් විපාක විඳින්ට ඕනැය. ඔන්න බලන්ට අප දන්නා එක්තරා ගුරුවරයෙක් බලවත් ලෙසින් සල්ලාල ක්රිබයවෙහි යෙදුණේය. රටට උපාසකයෙක් බව පෙන්නු මේ තැනැත්තාගේ භාර්යාවද ඔහු මෙන්ම අනාචාරී ස්ත්‍රීයක් වුවාය. අන්තිමේදි ඔහු ගේ පුත්රායන් පමණක් නොව දු වරුද ප්රසසිද්ධ අනාචාර‍ි ස්ත්රීඅන් වි මවුපියන් ගේ නාමත් පරම්පරාවත් එහෙමපිටින්ම දුෂ්යස කරන ලදී. මවුපියන් රහසින් කරන වැරදි දු පුත්රපයන් විසින් නිරාවරණය කර පෙන්වා දෙනු ලැබේ.


    නොවන  හිමි  හර	ණේ
    දරු  වැදු  ගැහැණු  නුගු	ණේ
    රඟින්  පුතු මුහු	ණේ
    රහස තම කළ වරද පමු	ණේ


  යයි තොටගමුවේ හිමියන් ඉතාමත් සංක්ෂිප්ත කොට දක්වන ලද මේ ගැඹුරු ධර්මට විස්තර කොට අවබෝධ කරගන්ට පිළිවන් ගුරුවරයෙක් වත් මේ රටේ නැති එකවද කරුමේ!





පියදාස සිරිසේන නවකථා එකතුව 155



03. පරිච්ජේදය[සංස්කරණය]

   මෙසේ කතා කර්මි න් ඉන්නාවිට සීලවති  (මනමාලි) ගෙදර ආයේය. ඈ අවුත් ඉස කසමින් සිනාසෙමින් මවු ගේ පසෙකින් උන්නා ය. මෙතුවක් වෙලා ‍මනාලිය ගේ ඇතුළේ යයි සිතා උන් රාමසිංහ මහතාට ස්කෝලේ හාම්නේ කථා කොට  “මෙන්න මහත්මයා අපේ දියණිය. උදෙම පන්සලට ගිය ගමන් ගෙදර ආවේ  දැනුයි. එයි ගේ වැඩේ පින් දහම් කිරිම ය”යි කීවාය.

රාමසිංහ - ඔවු-නමත් සීලවති නොවැ! ඊටත් වඩා මවුපියන් ගේ අන්දමට දරුවන් දරුවන් හැදෙන්ට එපා ද? (මේ කීම ඔච්චමට කියක එකක් බව ස්කෝලේ මහතාට හා අවුනේරිස්ටත් වැටහුණේය.) නමුත් සකෝලේ හාමිනේ ගේ හිතට ලොකු ආඩම්බරයක් ඇති වී නැවතත් රාමසිංහ මහතා සමඟ කතාවට බැස්සේ ය.

ස්කෝලේ හාමිනේ - පණ්ඩිත මහත්මයා අපේ දුව-දුටුවා, ඉතින් රූප ලක්ෂණ ගති ගුණ ආදියෙන් හේතුවන්තියක් බව වැටහෙනවා ද?

රාමසිංහ - ඔවි, වැටෙහෙන යමක් කීවාට මේ ඇත්තෝ තරම නොවෙතොත් ශාස්ත්රා නුකුලව ඇත්ත කියන්නේම්. ඉතින් කියනවාට කැමති ද?

ස්කෝලේ හාමි‍නේ - ඔව් සත්තකටම මම නම් කැමතියි.

රාමසිංහ - යම් තරුණියක් තනියම ගෙයින් පිට යනවා නම් ඈ අභිචාරිකාවකට වඩා නරකය. අභිචාරිකාවය කියන්නේ පුරුෂයා නියම කළ තැනට යන වෛශ්යාක ස්ත්රීභයයි. ඉතින් ඒ වෛශ්යා ස්ත්රීාය යම්කිසි පුරුෂයෙකු විසින් නියම කළ ස්ථානයකට යන බැවින් ඇගේ ගමන හොඳය. මක්නිසාද? ඈ යන්නේ නියම කරගත් මිනිහා සලකාගෙන නියම කරගත් ස්ථානයකටය. නමුත් ගෙදරක ඉන්නා තරුනියක් ගෙයින් පිටවි ගියාම කවර කවර දුශ්චරිත කරනමාද, කවර කවර තැන් වලට යනවාද කියා කාටවත්ම කියන්ට බැරිය. ඉන් නිසා තනිව ගෙයින් පිට ඇවිදින තරුණිය අභිචාරිකාවකට වඩා නරකය.



156 පසන් නිවස


ස්කො‍ෙල් හාමිනේ - අපේ ළමයා ගියේ පන්සලට බුදුන් වඳින්ටයි. එහෙම වල් ගමන් යන නරක ළමයෙක් නොවේ.

රාමසිංහ - ඇත්තෙන්ම තනියම නො යායුතු ස්ථාන නම් පන්සලත් පල්ලියත් කොවිලත් බව සැලකිය යුතුය. අද ලෝකයේ තරුණ තරුණියන් දුසිරිත කිරිමට ආරම්භ කරන පාඨශාලා ඔය පන්සල් පල්ලි කොවිල් ආදී වන්දනීය ස්ථාන බව පෙනේ. ඇ‍ත්තෙන්ම කාමුක අදහස් ඇති හිතුවක්කාර ස්වේච්ජාචාරි තරුණ තරුණියන්ට කාගේවත් සැකයක් නැතුව මිතුරුකම් බැඳ ගැනීම් ආදී හිතු මනාපයක් කරගැනිමට මේ ස්ථානවල ලොකු නිදහසක් හා ආරක්ෂාවක් තිබේ.

ස්කෝලේ හාමිනේ - එතකොට තරුණ තරුණියත් පන්සල් යාම හොඳ නැත කියනවා ද?

රාමසිංහ - හොඳ නැත කියන පිස්සා කවුද? නමුත් හොඳ තැනකට ය‍තොත් හොඳ අන්දමට යන්ට ඕනෑ. මඟුල් ගෙදර යන විට ඒ අන්දමට ‍හොඳින් සැරිසී යන්ට ඕනෑ. කුඹුරේ වැඩට යන විට ඒ අන්දමට සරසි යන්ට ඕනෑ. පන්සලට තරුණ තරුණියන් පමණක් නොව කවුරුත් ප්ර වේසමෙන් හා ගෞරවයෙන් හා යුතුය. පින් සිද්ධවන්නේ එසේ ගියාම පමණකි. ස්ත්රී යක් විවාහ වනතුරු ගෙයින් පිට යා යුත්තේ ස්වකීය මව් හෝ පියා ඉතාම හිතවත් ඥාතිවරයෙක් හෝ පළපුරුදු මෙහෙකාරියක් සමඟ විය යුතුය. විවාහ වුනායින් පසු ස්වකීය ස්වාමිපුරුෂයා සමඟ මිස පන්සලකට හෝ වෙන ස්ථානයකට ගියොත් ඈ කොයි මොහොතේදී විනාශයට පත් වේදයි කිය නොහැකිය. විවාහවී දරු මල්ලන් ලැබ මහලු වුවාට පසු තමන්ගේ දරු මුණුබුරාදීන් සමඟ පන්සල් ආදී වන්දනීය ස්ථානවලට ගියාට වරදක් නැත.

ස්කෝ‍ලේ මහතා - හිටින්ට, අප මේ කාරණා මිට ඉස්සර කල්පාන නොකළ කාරණා වෙති. ගැහැණු ළමයින් විවාහ වනතුරු තනියම පන්සලකටවත් යාම කරන බව දැන මටත් කල්පනා වුණා. නමුත් අපේ හාමිනේටත් දුවටත් ‍තේරුම් යන පරිදි එහි වැරැද්ද පඬිතුමා විසින් විස්තර කර දුන්තනෝත් බොහොම හොඳයි.

රාමසිංහ - මා කලින් කීවා වාගේම දැන් කාලේ ගුරුවර




පියදාස සිරිසේන නවකථා එකතුව 157


ගුරුවරියන්ගෙන් වැඩි දෙනෙක් අකුරු උගන්වන්නට දිනිතත් වෙන මේලෝකේ දෙයක් නොදත්-මේලෝකේ දෙයක් ඉගෙන නොගන්නා කල්පනා නොකරන පිරිසකි. තරුණියක්ගේ හෝ තරුණයෙකුගේ හිතේ සෑම වේලේම ප්රපමුඛව පවත්නේ කාමචේතනාමය. තවත් නොයෙක් සිතිවිලි හටගනිතත් ප්රතධානම සිතිවිල්ල‍ නම් කාමය හෙවත්-රස ස්පර්ෂ යයි. ඉතින් යම් කිසිවකුගේ ආරක්ෂාවක් නැතිවුණොත් ඒ කාමුක සිතිවිල්ලට මුළු ලෝකයට පරාජය කරන්ට පිළිවන.

    	“පිරිමිනුදු පත                                  			  න
	 අවදර කල් රහස් තැ						  න

මිස නොලැබෙන බැවි න ගැහැණු කවුරුද වරද නොබැදෙ න”

 මෙය අනිත් අතට මෙසේය.

“ඉතිරිනුදු පත න අවසර කල් රහස් තැ න මිස නොලබෛන බැවි න පිරිමි කවුරුද වරද නොබැ‍ඳෙ න”

    තම තමාගේ සිතට ප්රි‍ය කරන ස්ත්රී යක ‍හෝ පුරුෂයෙකු යම් කෙ‍ෙනකුගේ ආරක්ෂාවකුත් නැතිව නිදහස් ස්ථානයකුත් ලැබුණොත් අනාචාරයේ නොහැසිරෙන කිසිම ප්රිථග්ජනයෙක් මේ මනුෂ්යය ලෝකයේ කොතැනකවත්ම නැත්තේය. මේවා නොදත් නැතහොත් මේවා සුළුකොට සලකන අඥානයින් නිසා අපේ ජාතිය හා රට එහෙම පිටින්ම පිරිහි ගියේය.

ස්කෝලේ හාමිනේ - එතකොට පණ්ඩිත මහත්මයා කියන්නේ හිතු මතයේ ඇවිදින තරුණියත් දුටු දුටු අය සමඟ කල් ගත කරනවාය කියන එකද?

රාමසිංහ - මෙන්න පුදුමයක්! ස්කෝලේ හාමිනේ තරුණ කාලේ හැසුරුණු හැටි මතක තිබෙන්ට බැරි නැහැ. දුටු දුටු අය සමඟ නොව තම හිතට රුචි අය සමඟ පමණක් මිතුරුකම පවත්වති. මේ නිසා ප්රටතිපත්තිකාමි ස්ථීර සාර ගුණසම්පන්න ස්ත්‍් ීයක් පුරුෂයෙක් අපේ රටේ සොයාගැනීම දුෂ්කරය. ඒ නිසැම පිනවත් සැපවත් මිනිසුන් භක්තිමත් ශ්රෂද්ධාවත් මිනිස්සු



158 පසන් නිවස

කිර්තිකාමි ගුණවත් මිනිස්සු මේ රටේ උපද්න්නේවත් නැතිව ගිය බව පෙනේ. ස්කෝලේ හාමිනේ - දැන් අප රටේ පින්වත් සැපවත් මිසිස්සු ආදි ඔය මහත්මයා කියන උදවිය උපදින්නේ නැද්ද?

රාමසිංහ - නිරවශේෂ වශයෙන්ම නැත කියන්ට හොඳ නැත. නමුත් අතරින් පතර එකා දෙන්නා උපදිති. ඒ හරියටම දෙහි ඇ‍ටවලින් දොඩම් ගස් ඇතිවිම වැනි අවිද්යඋමාන ධර්මතාමයකි. දැන් අප රටේ ඉන්නා මිනිසුන්ගෙන් උත්පත්තියේන්ම ජාති හිතෛෂි ප්රතතිපත්තිකාම් ගුණවතෙක් සිටිතොත් දස දහසකට එකෙකි. මුහු‍කුරා ‍ගොස් ධර්ම ශාස්ත්ර් රටේ තොටේ තොරතුරු දැනගැනිමෙන් පසු ජාති හිතෛෂි බවට පැමිණෙන්නේ පන්සියේට එක් කෙනෙකි. කපටි බොරු ජාති හාතෛෂින් හා ශ්රටද්ධාවතුන් නම් සියේට එකා බැගින් වාගේ සිටිති. අනික් සියල්ලෝම ජාතියක්-ආගමක්-කුල චාරිත්රියක්-ගුණ ධර්මයක්-පරාර්ථකාම් භාවයත් නොදත් අය වෙති. උපන්නා වෙනුවට මොකවත් හම්බ කරගෙන පංචකාම සැප අධික වශයෙන් විඳලා මැරෙන එක කොටසකුත් ‍ඉතා පරිශ්රධමයෙන් අමාරුවෙන් පංචකාම සැප විඳලා මැරෙන කොටසකුත්-ඉතාමත් දුකසේ යාචක ලීලාවෙන් මෙහෙකරු ලීලාවෙන් දවස් යවමින් ඉඳ දුකසේ ඉතාමත් කටුක ලෙස පංචකාම සැප විඳිමින් ඉඳ මැරි යන පිරිසකුත් යන තුන් වර්ගයේ මිනිස්සු මෙහි සිටිති. ඔවුන්ගේ ඉඳීම ඔවුනටවත් කිසිම පලක් නැත.

ස්කෝලේ හාමිනේ - ඇත්තෙන්ම තමුන්නාන්සේගේ පැමිණිම අපට මහත් ප්රෝයොජනයකි. අපට පමණක් නොව මුළු රටටම ප්රණයොජනයකි. මම අවරුදු 35ක් ඉගැන්විම කළ අවුරුදු 62 ක් වයසැති කෙනෙක්මිත නමුත අද තමුන්නාන්සේ ප්රකකාශකළ “මනුෂ්යම” ධර්මය කවදාවත්ම මිට පෙර ඇසුවේ නැත. ඒ න‍ිසා ප්රරමාදවුනත් තව ටිකක් වේලා කථාකරමු. ඉත්න් මිනිහෙක් උසස් වෙන්නට නැතහොත් සුඛ්ත වන්නට හේතුව කුමක් ද?

රාමසිංහ - බොහොම ගැඹුරු පැටලිලි සහිත ප්ර ශුනයකි. ඉතිමත්ම නිසැක වු ප්රසත්ය-ක්ෂ වු සැප හා බලය මිනිසුන්ට ඇතිවන්නේ





පියදාස සිරිසේන නවකථා එකතුව 159


(1) උත්පත්තියත (2) ඇති දැඩි කිරිමත් (3) ප්ර තිපත්ති සහිත පිරිසිචු ඉගැන්විත් (4) නිදහස් උසස් ආණ්ඩු බලයක් ඇති රටක පමණකිත.

ස්කොලේ හාමිනේ - මේ කාරනා හතර අපේ රටේ නැද්ද? මේ කාරණා හතරෙන් පිටස්තරව මනුෂ්ය යන්ට සුඛිතව බලවත්ව ඉන්ට බැරිද?

රාමසිංහ - වර්තමාන කාලයේ අපේ රටේ ඉහත කී කාරණා සතරෙන් එනම් (1) උප්පත්තිය (2) ඇතිදැඩි කිරිම (3) ප්රනතිප්ත්ති සහිත පිරිසිදු ඉගැන්විම (4) නිදහස් උසස් ආණ්ඩු බලය යන කාරණා සතරෙන් එකක් වත් නැත්තේ ය. මේ කාරණා සතර එක දෙක තුන ආදී වශයෙන් පවත්නා රටවල් තිබේ. මේ කියු කාරණා සතරම පවතින රටවල් එකක් දෙකකට වඩා මම නොදනිමි. නමුත් මේ කාරණා සතරෙන් දෙක තුන ආදී වශයෙන් පවත්නා රටවල් නම් බොහෝය. උත්පත්තියෙන්ම ගුණදර්මදියෙන් හා ජාතික හැඟීමෙන් යුතු දරුවන්ට ඒ ජාතික හැඟීමෙන් දරුවන්ට ඒ ජාතික හැඟිම හා ජාතික ප්රරතිපත්තිවලින් සමන්විත ඇති දැඩි කිරිමටත් ඊට ඉක්බිති ජාතික වීර වික්ර ම භාවය ඇතිවන පිරිසිදු ඉගැන්විමත් ඊට පසු සාධාරණවු අභිවෘධි දායකවු නිදහස් ආණ්ඩු බලයත් ලැබුණු තැනැත්තෙක් කවදාවත්ම අසරණයෙක් දුගියෙක් කාලකන්නියෙක් නිරර්ථක මිනිහෙක් වන්නේ කොහොමද?

ස්කෝලේ මහත්මයා  - ඔව් පඬිතුමාණනි. ඒ කාරණා සතරෙන් සම්පුර්ණ රටක 

කවදාවත්ම ද‍ුක්ගැනවිලි කනස්සළු සහ අපරාධ තිබෙන්ට බැරිය. ඉතින් රටේ ඔය කියන උතුම් කරුණු වලින් එකක්වත් නැතිවීම පුදුමයක් නොවේද.

රාමසිංහ - පුදුමයක් වුවත් ඇත්තකි. යම් රටක ජාතික ඉගැන්විමක් නැත්නට් ඒ රටේ ජාතික හැඟිමක් ඇති මිනිස්සුද නැත. ජාතික ඉගෙනිමක් නැති රටේ මොකවත්ම අකුරු ශාස්ත්ර නුගත්වතොත් වඩා හොඳය. මක්නිසාද? ස්වභාවික ගතියෙන් යුක්තව තිරිසනුන් මෙන් ඒ ජාතියට සම්බන්ධ වි ඉඳීමට පිළිවන් හෙයිනි. දැන් බලන්ට වනයේ ඉන්නා සිවුපාවුන්ට නැතහොත් නගර ආදියෙ ඉන්නා කපුටන්ට කිසි ඉගැන්විමක් නැත. නමුත් සිවුපාවුන් වශයෙන් හෝ කපුටන් වශයෙන් ඔවුන්ට ජම්ම ගතියෙන් ඇතිවන ගුණාංග කිසි‍වක් ඔවුහු





160 පසන් නිවස

අතහරින්නාහුද? කවදාවත් අත් නොහරිති. නමුත් යම් ජාතියකට අදාල ගුණ ධර්මප සිරිත් විරිත් ආදිය කැඩි බිඳි සුනු විසුනුවී යන ඉ‍ගෙනිමක් ඇති කරනු ලැබු ඒ ජාත‍ිය ජාතියේම සතුරු නොහාත් ඒ ජාතියටම ප්රයතිවිරුද්ධවු පිරිසක්වනු ඒකාන්තය.

ස්කෝලේ - මහත්මයා-හිටින්ඩ-සිංහල ජනයා ගේ ජාතික ඉගැන්විම නැතිවුණේ කොයි කාලේද?

රාමසිංහ - වරින වර ඒ ඒ පළාත්වල ජාතික ඉගැන්වීම පිරිහි ගිය කාලපරිච්ජෙද ඇතිවු නමුත් මුළු ලක්දිවම ජාතික ඉගැන්විම ක්රාමයෙන් පිරිහි යන්ට පටන් ගත්තේ ක්රි්ස්තු වර්ෂ 550 හේදි පමණය. පෘතුගීසි මුහුදුබඩ පළාත් වල කලබල ඇතිකොට ජාතික ඉගැන්වීම සුනු විසුනු කර දමන්ට පටන්ගත් හැටියේම ලක්දිව කඳුකර පළාත්වල සිටි කුමාරවරුන් සහ අධිපතියන් අතර වාද භෙද ඇති වීමෙනුත්-සිංහල පරම්පරාව කෙළවර විමෙනුත්-උඩ රට පළාත්ද ජාතික පිරිහිමෙන් සම්පුර්ණයෙන් පිරිහී ගියේය. උඩ පාත දෙරට ජාතික ඉගැනිවිම පරිහි ගිය පසු අපේ රටේ සම්පුර්ණ ජාතික හැඟීමක් ඇති සිංහලයන් ගේ ඉපදිම නැතිවි ගියේය.

ස්කෝලේ මහත්මයා - එසේ වන්ට හේතුව කුමක්ද? ජාතික හැඟිමය කියන්නේ කුමක් ද? උත්පත්තියෙන්ම එය ලැබෙන්නේ කොහොමද?

රාමසිංහ - ඉතා වැදගත් ප්ර්ශ්න තුනකි. අපේ රටේ ජාතික ඉගැන්විම සම්පුර්ණයෙන් ම විනාශව ගොස් අවුරුදු තුන් සියයකටත් වැඩිය. විදේශික ජනයා විසින් ඔවුන්ගේ පොත පත ඉගැන්විමෙන් සිංහලයාට වුයේ අනතුරු දෙකකි. මොකවත්ම නුගත් “අමුම අමු” සිංහලයෙක්ම ඉන්ට ලැබුණෙත් නැත. ධර්ම ශාස්ත්ර් උගත් පිරිසුදු අදහස් ඇති නියම සිංහලයෙක් වන්ට ඉඩ ලැබුණෙත් නැත. සිද්ධවුණේ සිංහලත් නොවන, යුරෝපීයත් නොවක, මරක්කලත් නොවන මේ සියලුම ජාතිවල ගතිගුණ වලින් සමන්විත “සතෙක්” විමය. හරියටම “සල්මන් ගුණ්ඩිය” වාගේයත ඉන්දියාවේ බත්කඩ ආදීයේ කුණුපෙට්ටි එහි සක්කිලියන් විසින් තුට්ටුවකට දෙකකට මිළේට ගෙන එහි තිබෙන සියල්ලම අඹරා ගුලිකර තෙලෙන්





පියදාස සිරිසේන නවකථා එකතුව 161


බැද තුට්ටුවකට දෙක තුන බැගින් විකුණ්ති . මේ කුණු පෙට්ටිවල පිළිනු ආහාරත්-එළවලු මාල‍ු කෑලි කසලත්-නොයෙක් රොඩු කඩදාසි-රැවුල කපා දමන සබන් කෙස් කොට ආදි අප්රිමාණ කුණු කසල එක්වෙති. ඒ සියල්ලම අඹරා පිළියෙල කරන මේ ගුල් වලට “සල්මන් ගුන්ඩි”ය කියති. හැම ජාතීන්ටම මිශ්රෙව හැම ජාතින්ගේම සිරිත් විරිත් ගුණ ධර්ම පිළිපදින මනුෂ්යත ජාතියත් ඒ “සල්මන් ගුන්ඩි”ය වලට සමානය. දැන් සිංහල ජාතිය එබඳුය කියන තැනට පැමිණ තිබේ. තවමත් පිරිසිදු සිංහල ජනයා වාසය කරති. සිංහල ජාතියට නියමවු වරප්ර සාදක් ඇත්තේය. එනම් පන්දහසක් අවුරුදු පරිසුද්ධ තථාගත ධර්මය ආරක්ෂා කිරිමිය. ජාතිය බල සම්පන්නව තේජවන්තව සිටි‍තොත් තථාගත ශාසනයද ඒ තරමට උද්දීප කොට පවත්වාගන්නට ලැබේ. ජාතිය දුරුවලව පිරිහි ගියොත් ඒ උතුම් ශාසනය පොත් පත් වලින් චෛත්ය.වල හා විහාර වලත් තැන්පත්වී ආරක්ෂා විය හැක. සිංහලයා පිරිහුණොත් බුද්ධාගමෙන් ලැබියහැකි මෙලෝ පරලෝ අභිවෘද්ධියය කිසිත් නොබලන නිකම්ම නිකම් පිරිසක් බවට සිංහලයෝ පැමිණෙත්.

ස්කෝලේ මහත්මයා - හිටින්ට මහත්මයා, වේලාපහින් කියාපු කාරණ සතර (1) උත්පත්තිය (2) ඇතිදැඩි කිරිම (3) පරපු තිපත්තිය සහිත පිරිසිදු ඉගැන්විම (4) නිදහස් උසස් ආණ්ඩු බලට යන කාරණා සතරෙන් ප්රිධාන කෝකද ? පළමුවෙන් රටේ ඇතිකර ගතයුත්තේ කුමක්ද?

රාමසිංහ - ඇත්ත වශයෙන් සලකා බලන විට මේ කාරණා සතරෙන් එකක් අනිකට බාලයයි කිය නොහැක. නමුත් අනුලෝම වශයෙන් උත්පතතිතිය හොඳ වීම නිසා ප්ර ණිත ඇති දැඩි කිරිමත් ඒ හොඳවිම නිසා උසස් ජාතක ඉගැන්විමත්-එබඳු උසස් මනුෂ්යි ජාතියක් නිසා බලසම්පන්න නිදහස් පාලන ක්රතමයකුත් රටේ ඇති වේ. මේ පාලන ක්ර මය රටකට ජාතියකට පමණක් නොව ගමකට පවුලකට හෝ‍ තනි පුද්ගලයෙකුටද අදාල ඉතාමත්ප්රගත්යෝක්ෂ ධර්මයකි. ඉතින් පුද්ගලයකු ගේ හෝ ජාතියක නිසැක දියුණුවට අවශ්යර වන පිරිසිදු උත්පත්තියත්- විධිවත් ඇතිදැඩි කිරිමත්-ජාතික නිදහස් ඉගැන්විමත්-උසස් නිදහස් ආණ්ටු බලයත් යන කරුණු සතරෙන් එකක් අනිකව





162 පසන් නිවස


දෙවෙනියයි නොසිතිය යුතුය. මේ කාරණා සතර ගෘහයකට උපමා කරතොත් (1) අත්තිවාරමත් (2) බිත්ති බැඳිමත් (3) උළුවහු ජනෙල් දොරවල් ආදයත් (4) වහලත් යන සතරට යථා ක්ර මයෙන් සමාන කලහැක. ඉතින් ගෙයක නොපෙනෙන ගුප්ත ස්ථානය කුමක් ද? අත්තිවාරමයි නමුත් ඉතාමත් ශක්තිමත් පොලවක ප්රථවේසමෙන් අත්තිවාරම නොදැම්මොත් කොපමණ හොඳින් අනිත් කටයුතු කළත් ඒ ගේ කවදාවත්ම වැඩි කලක් පවතින්නේ නැත. නමුත් ඒ අත්තිවාරම් හොඳඳ නරකද යන්න බලගත නො හැක්කකි. ගේ පැවැත්මේ හැටියෙන්ම මිස වෙන කිසිම ක්රගමයකින් දැනගත නොහැක්කේ ය. ඉතින් ගෙයි බිත්ති ගඩොල් ආදියෙන් සුරක්ෂිත ලෙස විධිවු පරිද් තැනිය හැක්කේත් එසේ තැනුවිට දීර්ඝ කාලයක් පවත්නේත් අත්තිවාරම හොඳවු නිසාය. ඒ බිත්ති හොඳින් තැනිම නිසා ඒවා‍යේ තබන උළුවහු ජනේල හුලං කවුළු දොරවල් ආදි ගෘහය අලංකාර ‍වන්නාවුද පිරිසිදු වාතය ඇතුල්ව පිටවන්නාවුද සැප පහසු ගෙන දෙන්නාවුද එකක් බවට පැමිණේ. ගෙයි අත්තිවාරමත. බිත්ති ජනෙල් දොරවල් ආදියත් කෙතරම් සක්ති සමපන්න වුවත්-කෙතරම් ‍හොඳින් පිළියෙල කලත් ගෙයි වහල ඉතිමත් හොඳින් නොසැදුවොත් ගෙයින් වැඩක් ගත නො හැක්කේය. ප්රිමාණවත් සවිසක්ති ඇති යටලී බාල්ක පරාල රීප්ප ආදී යම් කිසිවකින් ආවරනය ‍නොකළොත් ගෙයක් වන්නේවත් නොවේ. ඉතින් සම්පුර්ණවු සැපදායක ගෙයක් විමට ඒ ගෙයි අත්තිවාරමේ පටන් වහල දක්වා සියල්ල යථා විධියෙන් සම්පුර්ණ විය යුතුය. ඒ අන්දමට මනුෂ්ය්යෙක් හෝ පවුලක් හෝ ගමක් හෝ පළාතක් ‍හෝ රටක් හෝ සමෘද්ධි විමට හෙවත් සක්ති සම්පන්න සුඛිත විමට නම් පිරිසිදු උත්පත්තියත් උසස් යහපත් ඇතිදැඩි කිරිමත් ජාතික නිදහස් ඉගැන්වීමත් අවංකවු ප්රඋබල නිදහස් ආණ්ඩු බලයත් ඇතිවිය යුතුය.

ස්කෝලේ මහත්මයා - මේ අන්දමට එනම් පිරිසිදු උත්පත්තියත් උසස් යහපත් ඇතිදැඩි කිරිමත් ජාතික නිදහස් ඉගැන්විමත් අවංකවු ප්රිබලවු නිදහස් ආණ්ඩු බලයත් යන කාරණා සතරෙන්අප ජාතිය පිරිහුණේ පළමුකොටම පිරිහිම ආරම්භ වුයේ කෝකෙන්ද?






පියදාස සිරිසේන නවකථා එකතුව 163 ‍ රාමසිංහ - බොහොම හොඳ ප්ර ශ්නය. අපේ ජාතියේ පිරිහැම ආරම්භ වුයේ

සතරවෙනි කාරණයෙනි. එනම් අවංකවු ප්ර බලවු නිදහ්ස්ා ආණිඩු බලය පර‍දේශින් අතට ගිය හැටියේ ජාතික උසස් ඉගැන්ුවිම විනාශ වුයේය්. ඊලඟට උසස් යහපත් ඇතිදැඩි කිරිම නැතිව ගියේය.ඒ එසේමය.යමක් ඇතිවන විට අනුලෝම වශයෙනුත් යමක් විනාශවන විට ප්රයති‍ලෝම වහයෙනුත් සිද්ධවේ. ගෙයි අත්තිව‍ාරම වනාහි නො‍පෙණෙන ගුප්ත වු පොළව යට තිබෙන එකකි. එසේම වහල වනාහි ඉතාම ප්රහකටම පෙනෙන ඉහලම කොටසය. ගේ විනාශ වන්නේ වහල දිරාපත් වීමෙන් පසුය. වහල දිරා ගොස් තෙමෙන්ට පටන් ගත් හැටියේ උළුවහු ජනේල දොරවල් ආදියද ඉන් පසු බිත්තිද කඩාවැටි අන්නිමේදි අත්තිවාරමද  නැතිව යන්නේය. එමෙන්ම යම් ජාතියක ආණ්ඩුව ඒ ජාතියේ දියුණුවටත් ආරක්ෂාවටත් න‍ිදහසටත් පැටහැනි විනම් ඒ රටේ ජාතික නිදහස් උසස් ඉගැන්ාවිමක් ඇති නොවේ.  ජාතික උසස් ඉගැන්විම් නැතිවන විට ප්රනතිපත්තියද නැතිවේ. ප්රිතිපත්ති කාමි ‍නොවන තැනපත් ගතියක් නැති මිනිසුන් මධ්යතයේ කෘතපුණ්ය. ශක්තියෙන් යුත් දරුවෝ නුපදිත්.


ස්කෝලේ මහත්මයා - ඇත්තෙන්ම පණ්ඩිත මහතාණනි. අද මට කාරණය වැටහුනා-හැබැ ජාතික ඉගැන්විමක් නැති රටක ජාතික හැඟිම ඇති නොවේ. ප්රැතිපත්තිකාමි වන සත් චාරිත්රි ගරි කරණ පවුලක මිස පින්වත් දක්ෂ දරුවෝ නුපදිත්. දැන් අප රටේ දරුවන්ට උගන්වන්නෝ ප්රින්ස ඉතාලි ආදී රටවල පුජකයෝත්-ඉංග්රීනසි විධියට ඇති දැඩි වු හිතින් ම යුරෝපීයන් වු ගුරුවරුත්ය. ස්වභාෂාම ඉගැන්විමේ නියුක්ත ගුරුවර ගුරුවරියන්ගෙනුත් සියේට 90 කටත් වඩා ආචාර්ය තත‍වයෙහි පිහිටි අය නොවෙති. පඩිය සඳහා අකුරු උගන්වන අය වෙති. පණ්ඩිත මහ්ත්වමයා කියු කරුණු මගෙන් ම මට ප්රඅත්ය ක්ෂ වුහ. දැන් මම ටිකක් හොද කෙනෙකි. මගේ වයස අවුරුදු 65 කි.දැන්නම් කිසි අයුක්තක් කරන්ට බැරිය. මා තරුණ කාලේ බලවත් සල්ලාලයෙක්ව සිටයෙමි. මගේ මේ හාමිනේත් ඒවාගේමය. කෑම ඇඳිම ක්රිාඩා කිරිම ආදි පංචකාම සැපත මිස- වෙන කිසිම කල්පනාවක් අපට තිබුනේ නැත. එක ස්ථිර ප්රපතිපත්තියක කවදාවත් ‍නොපිහිටියෙමු. මගේ මම භාර්යාව






164 පසන් නිවස


කෙරෙහි මා තුල කිසි විශ්වාසයක් ‍නොපැවැත්තේය. භාර්යාවක් විසින් ස්වාමිපුරුෂයෙකුට ගෞරව කරණ හැටිවත් නොදත් මගේ භාර්යාව ස්වාමිපුරුෂයාට යටහත් පහත්ව සුවච ක‍ීකරුව ඉඳිම තමාට නින්දාවකැයි සැතුවා මිස එසේ ස්වාමිපුරුෂයාට සුවචව ඉඳිමෙන ච්ත්තාභ්යවත්තාරයේ ඇතිවන උදාර ගුණය ගැණ කල්පනා කරන්ට තරම් දක්ෂකමක් මේ තැනැත්තියට නැතිවිය. මා කියන්නේ මගේ භාර්යාව වැරදි කරියක් බව නොවේ. වැරදිකාරයා නම් මම මය. ස්ත්රී යක් විමසා ගැණිම තබා මේ ලෝකේ දෙයක් නොදත් මම-ඇහැට තරමක පෙණිමක් ඇති ස්ත්රී‍යක් දුටවොත් ඇ කෙරෙහි බලවත්ඇල්මක් ඇතිකොට ඈ සමඟ අසත් ධර්මයෙහි හැසිරිම මගේ ඒකාන්ත අදහසව පැවැත්තේය. මේ ස්ත්රී ය ගේ මවුපියන් ගුණ නුවණ ඇති ශික්ෂිත අයද-මේ තැනැත්තිය ඇති දැඩිවුනේ කෙබඳු ජන සමාජයකද-මේ තැනැත්තියගේ ඉගෙණිම කොහොමද-මේ තැනැත්තිය ප්රයතිපත්තිකාම් හික්මිමා උතුම් ගුණයෙන් යුත් කෙණෙක්ද-මේ නැතැත්තියගේ මව්පිය පරම්පරාවලට කෙබඳු ලෙඩ රෝගාදියක් ‍තිබුනාද-මේ තැනැත්තියට ස්වාමියෙකු පැලනය කර ගැණිමට ශක්තියත් නුවණත් තිබෙනවාද-මේ තැනැත්තියට පින්වත් දරුවන් ලබා ගන්නා උදාරතාර කුසල් සහගත ච්ත්ත සන්තානයක් තිබේද- මේ තැනැත්තියට සැපවත් ලෙස ජිවත්විමට ගෘහ සංවිධායක ශාස්ත්ර-යත් පිරිමසා ගැනීමේ දැනිමත් තිබෙනවාදැ-තමන්ට වඩා ඉහලින් ඉන්නා ඥති මිත්රායදින් හා අසල්වාසින් කෙරෙහි ඊර්ෂ්යා් කරණ දුෂ්ට ගතියකි මේ තැනැත්තියට තිබෙනවාද- ස්වාමියාගේ සිත අන්ය් ස්ත්රීයයක කෙරෙහි නොඇලෙන තරමට ‍‍ඔහු රස සපර්ෂයෙන් සතුටු කිරිමට තරම් මේ ස්ත්රීකයගේ දැනිමක් තිබෙනවාද යන ආදි ස්ත්රීසන් පිළිබඳව විමසා ගතයුතු කිසිම කාරණයක් නොවිමසා ඇගේ රූපයෙන් කුලිමත්ව ඇගේ වචනයෙන් මුලාවි ඈ විවාහ කර ගිතිමි.


  අනක් අතට ඈද මා ගැන කිසිත් කල්පනා නොකළේය. මා සුරාපානය කරන්නෙක්ද-රේසි ආදි සුදු කෙළියෙහි තත්පර වු වෙක්ාද-සල්ලාලයෙක්ද-ලෙඩ රෝග ඇතියෙක්ද-ප්රිතිපත්ති රක්සා කරන්නෙක්ද-කියන්නා වාගේම යමක් කරන්නේක්ද-කරුණාවන්තයෙක්ද-ස්ථිරසාර ගුණයෙහි පිහිටියෙක්ද යනාදි කිසිවක් 





පියදාස සිරිසේන නවකතා එකතුව 165


විපරම් නොකොට මා සමඟ මිත්රවවි තකහනියේම විවාහ වුවාය. අප දෙදෙ‍නොගේ යම්කිසි අඩු පාඩුවක් තිබුණොත් ඒ පිහිටුවන්ට යෙදෙන පරම්පරාව ඉතා පහත් අහික්ෂිත එකක් වේය යන කල්පනාවකි අපට හැඟුනේ නැත. මනුෂ්යහයන් පිළිබඳව මේ උසස් ධර්මය අද අපේ පණ්ඩිත මහතා කියනිතුරු-අවුරුදු 65 ක් මේ උසස් ධර්මය අද අපේ පණ්ඩිත මහතා කියනතුරු-‍අවුරුදු 65 ක් ජාවත් වන තරුත් දැනගන්ට බැරිවුනු මම මොන මිනිහෙක්ද? මොන ගුරුවරයෙක්දැයි තමාටම ‍චෝදනාකාර ගත්තේය.

ස්කෝලේ හාමිනේ - ඔව් දැන් ස්කෝලේ මහතා මටත් චෝදනා කළා. මම ස්ත්රී යක්මි. ස්කොලේ ගුරුකම් ඉගෙණ ගත්තා. මිස දැන් මේ පණ්ඩිත මහතා කිවු ප්රීශස්ත ගුරුකම් ඉගෙණ ගත්තේම නැත. ඉතින් ඒකට වැරදි කාරයෝ කවුද?

රාමසිංහ - ඇත්තේන්ම ස්කෝලේ මහතාත් හාමිනේත් යන දෙන්නාම තමන්ගේ වැරදි අවංකව නිර්භිතව ප්රතකාශ කිරිමෙන් තමන්ටම ප්රේයෝජනයක් නොවෙතත් බාල පරම්පරාවට වත් ප්රතයෝජනයන වනු ඒකාන්කය. ඉටිපන්දම දියවි යමින් අවට ආලෝකය පතුරවන්නාක් මෙන් සත්පුරුධ ජනයාද තාමා දුක් විඳිමින අනුන් සුවපත් කරන්නේය. එයින් කිහ

‍කො‍ තෙ ක් වෙහෙස ලදුවත් සුදනෝ පව ර ‍උ ද ක් ලොව සතුන් සිත දුක් කෙරෙති දු ර ප ස ක් රාහු මුව පත් වෙමින් බිය ක ර අ නි ක් පසින් ‍ෙලාව හෙලි කෙරෙය හිමක ර

  මේ උතුම් සත්පුරුෂ ගතිය විදහා පෙන්වමින් ස්කෝලේ මහතාත් හාමිනේත් තරුණ කාලේ විසු අන්දම ප්රපකාශ කිරිම නිසා-ඒ නපුරු ගතියේ දුරුවිපාකය කුමක් දැයි හොඳින් ප්රඅත්ය‍ක්ෂ කර ගැනිමට ඉඩ ලැබුනාය-එසේ නොවේද?

ස්කොලේ මහත්මයා - ඔව්, තරුණ කාලේ අප අතර පැවැති දුෂ් ප්ර?තිපත්ති නිසා මහලු කාලේ අපට හිත කය සැපප එලවන ජි‍විතයක් ගත කරන්නට නැති බව පේනේ.

රාමසිංහ - ඇත්තේන්ම ඒ බව ‍පේනවා. ස්කෝලේ මහතාට පින්වත් දරුවන් ලැබි නැත. ලාබුනයි කියන දරුවන් ගෙන් සමහරු ළදරු වයසේම මැරි ගිහින්ය. දැනට ජිවත් වන -මෙහි ඉන්නා මේ සිලවතිත් හොඳ කෙනෙක් බව නොපෙනේ.


166 පසන් නිවස


ස්කෝ‍ලේ හාමිනේ - (ටිකක් කේන්ති ගොස්) කියන්ට එපා. ඒ ළමයා නිතරම අසනීපයෙන් ඉන්නවා වෙන් කියන්ට වරදක් නැත.

රාමසිංහ - ඔම් මම එහෙම මොකවත් කියන්ට නොදනිමි. නමුත පෙණෙන් හැටියේන් ලෙඩ සහිත ශරීරයක් ඇති ප්රී ති සහගත නිශ්කලංක හිතක් නැති දාහකට ගෙන දෙසියට විකුණාපු කෙණෙක් වාගේ ඉන්නා බව පෙනේ. ඒ ලමයා මාතෘ ගර්හයට ආවේ මවු පියන්ගේ ගතිගුණ වලට සැහෙන අපායකිනි. ගර්හස්ඨ වු පසු මවගේ අමනොඥ සිතුවිලි වලින් හරිතව වැඩ‍ුනු ඒ ලමයා මවුපියදින්ගේ අප්රවතිපත්තික සිරිත් අනුව ඇති දැඩි වුනාය. අවුරුදු පහේ පටන් රෝමානු කතෝලික ගෑණු පාසැලක ඉගෙණ ගෙණ තිබේ. දෙවියන් ඇදහුවොත් කෙතරම් දුසිරිත් කළත් ගැලවෙන්ට පිළිවනැයි උගන්වන පහත් ආගමක විදේශික ස්ත්රීසන් යටතේ ඉගැන්විම කරණ ඒ ළමා බලවත් වහල් භාවයට ගොදුරු වුවාය. කබලේ බැදෙන කෙනෙකු ලිපට තල්ලු කළාක් මෙන් මවුපියන් ගේ දුස් ප්රිත්පත්තියෙන් ඇති වු දුරුගුණ නැති කිරිමට-කපටි බොරු මායා වලින් පිරි අභුත විලේච්ජ ඉගැන්විමෙන් ලබා දුන් දරුවෙක් මෙපමණවත් හොඳින් ඉඳිම ගැන ඈට ස්තුති කල යුතුය. දැන් ජිවත්ව ඉන්නා දරුවන්ගේ යම් දොෂයක් තිබෙතොත් ඒ සියල්ලම මවුපියාදි වැඩි හිටියන්ගේ වැරදිවල සෙවනැලි බව සැලකිය යුතුය. “මව් යම්සේද දරුවාත් එසේමය”යි කි කථාව වෙන්නේ ඉතාමත් කලාතුරකිනි. හරියට දෙහි ඇට වලින දොඩම් ගස් අටගැනීම වැනි අද්භුත සිද්ධියකි.

ස්කෝලේ මහ්තමයා - අපට නම් වැරදුනා. නමුත් ඒ වැරැද්ද හරිගස්සා ගන්නටවත් කාලයක් නැත. ඒ නිසා අප විසින් බලවත් පරිශ්රමමයෙන්වත් කළයුත්තේ-අපේ බාල පරම්පරාවට ජාතික ඉගැන්විමක් ඇතිකර දිමයි. එවිට අපෙන් තුන්වෙන් පරම්පරාව සිංහලයන් විය හැක. පඬිතුමා හා අවුනේරිස් අප්පුත් කථාකළ-අපේ දියණිය පිළිබඳ මංගල කටයුත්ත තවත් අවුරුද්දකට නතර කරමු. ඒ කාලය තුළදී අපේ ළමයාට සැහෙන තරම් ජාතික ඉගැන්විමක් ඇති කොට යථා තත්වයකට පමුණුවා ගන්ට ලැබුනොත් ඈ විවාහයකට පමුණුවන්නේමි-එසේ නොහැකි වුනොත් සිද්ධවන එකක්





පියදාස සිරිසේන නවකථා එකතුව 167


සිද්ධවේවා කියා ස්කෝලේ මහතා සහ හාමිනේත් රාමසිංහ පඬිතුමාට සහ අවුනේරිස් අප්පුටත් යන්ට සමු දුනුහ.



04. පරිච්ජේදය[සංස්කරණය]

  ස්කෝලේ මහතාගේ දියනිය ගැන කලකිරුනු රාමසිංහ පඬිතුමා හා අවුනේරිස් අප්පුත් ස්වෝස හතරහමාරට පමණ පයින්ම වැල්ලවත්තට යාමට පිටත වුහ. කොල්ලුපිටියේ පටු මාවතකදී-ගෙයක් ඇතුලේ කලබැගෑනියක් ප‍ඬිතුමා ඒ පැත්ත බැලුවේය. තරමක් ලක්ෂණ කුඩා ගෙයකි. එහා ගේට්ටු කුලුනේ ගෙහිමියා නමත් “SWEET  HOME”  “පසන් නිවස” යන අර්ථාන්විත ඉංග්රීහසි නාමයත් යොදා තිබුනේය. ගෙහිමියාගේ තම දුටු විට තමා අඳුනන යහළු කෙනෙක් බව සිහවි රාමසිංහ පඬිතුමා අවුනේරිස්ි අප්පුට කථාකොට  “අවුනේරිස් බලාපන් පුදුමයක් මේ ගෙයි නාමය “ප්රාසන්න නිවස”යි-නමුත් ‍ගේ ඇතුලේ කෙරෙණ කථා බස් නම් ඉතාමත් අප්රනසන්න බව පෙනේ. මේ නම පෙණෙන පෙරේරා මහත්මයා මා අඳුනන කෙනෙකි. ඒ නිසා කාරණය දැනගෙණ යමුදැ”යි ඇසුයේය. “දැන් ඒ ගෙදර කොලාහලය තිබෙද්දිම ගේ ඇතුළට යාම ඔවුන්ට මදිකමක් විය හැක. නමුත් පඬිතුමා යම්කිසි ඕනෑ කමක්  කියාගෙණ පෙරේරා මහතාට කතා කරතොත් බාගදා අමනාම නොවෙන්ටත් පිළිවනැ”යි කියන කොට ගේ ඇතුලේ සිටි  පෙරේරා උනැනැහේ ස්තෝප්පුවට ආ බැවින් තමා බොහෝ ගරු කරණ රාමසිංහ පඬිතුමා පාර අයිනේ ඉඳින බව දුටුයේය. එසේ දැක එන්ට පඬිතුමා කියා කැඳවු විට රාමසිංහ මහතාත් අවුනේරිස් අප්පුත් එහි ගොස් ඉඳගත්හ.
   ශොකයෙන් හා ලජ්ජාවෙන් මිරිකි ගිය මුහුනින් යුතු පෙර්රා මහතා-සංවේහදායක අන්දමින් මෙසේ කියන්ට පටන් ගත්තේය. “පඬිතුමා හා මේ ඉන්නා අනිත් අයත් මෙතෙන සිද්ධවුනු කලබැගැණිය දැනගත්තා වෙන්ට ඇති-අනේ අපේ ගෙදර ඉංග්රීතසියේන “පසන් නිවස” යයි නම් කර තිබේ. නමුත් ඇත්ත වශයෙන් නම් මේ ගෙදර “අප්ර සන්න” නිවස යයි කිවෙමි.

රාමසිංහ - එහෙම කියන්ට එපා-ගේ වනාහි අචෙතනික වස්තුවකි.



168 පසන් නිවස


ඒකට ඕනෑ විධියේ නමක් තබාගන්ට බැරි නැත. නමුත් ඒ නිවස හොඳ වෙන්නේත් නරක් වෙන්නේත් එහි ඉන්නා මිනිසුන්ගේ පැවැත්මේ හැටියටය.

පෙරේරා - ඔවි පඬිතුමාසනි-මම මේ ගෙට “පසන් නිවස, යයි නමි කළේ-ඒ නමට ගේ පවත්වා ගැනීමටයි. නමුත් මට වධක භාර්යාවත් ලැබුනා ඒ නිසා මේ ගේ නරකාවාටයක් වී තිබේ.

රාමසිංහ - ඉතින් එසේ නරක වධක භාර්යාවක් ලැබුනේ කාගේවත් වරදකින්ද? නැතහොත් මහත්මයාගේ කරුමයට මහත්මයාගේ ඕනෑකමට ලබාගත්තාද?

පෙරේරා - (තුෂ්නිම්භුතව බිම බලා ගත්තේය)

පේරේරා නෝනා - (ඉදිරියට අවුත්) මේ මහත්මයා මම නාඳුනමි. නමුත මේ කාලකන්නි මනුෂ්යා-ගේත් මගෙත් මඟුල කීවොත් මට වඩා වධකයා මොහුය.

රාමසිංහ - ඇත්තෙන්ම වැදගත් කාරකයකි. ඇවිලෙන ගින්නක් නිවිමට උත්සාහ කිරිමත් යුතුකමකි. ඊටත් වඩා පෙරේරා මහත්මයාත් නෝනාත් කලහ කරන්නේ මොන කරුණක් නිසාදැයි දැනගැණිමෙන් අනික් රට වැස්සන්ටත් ප්රණයොජනයි.

පෙරේරා ‍නෝනා - මම ඉංග්රි්සි විධියටහැදිච්ච කෙනෙක්මිත. මට හිතුනු නැන්වල යාමටත්-මට උවමනා ඇඳුම් පැළඳුම් ඇඳිමටත් විය හියදම් කරගැනිමටත් ඕනෑය. මා කසාද බඳින්ට අහද්දි මගේ හිතුවක්කාර නිදහස හොඳටම දන්නවා-නමුත් ‍ලොකු දෑවැද්දක් අපේ මවු පියන්ගේන ලැබෙන නිසා මා කසාද බැඳගත්තා. ඉතින් රුපියල් දසදාහක දෑවැද්දක් ලාබගෙන එයින් තමාගේ නයතුරුස් බේරා ගෙණ තමාගේ අසරණ වු මවුපියාදින්ටත් දීලා තවත් රේස්ු සුදුවත් වෙන සෙල්ලනුත් කරලා මගේ දෑවැද්ද මුදලත් නැති කළා. දැන් මට ගෙදර දොරේ වැඩ කරන්ටත් කියනවා. ඊයේ රේස් දවස අපේ මිත්ර නෝනලා ඔක්කොම ගිය-මට අළුත් හොඳ ඔසරියක්වත්-වියදමට රුපියල් හැටයැත්තැවක්වත් නැතිව ගිය‍ා. ඉතින් මේ මුසලයා සමඟ දබර‍ නොකර ඉන්නේ කොහොමද?

රාමසිංහ - හැබැද ‍ෙපරේරා මහත්ණෙනි-මේ නෝනා කියන කීම හැබැ නම් වරදකාරයා මහ්තමයා ‍නොවේද?

පියදාස සිරිසේන නවකථා එකතුව 169


පෙරේරා - ඔවු එක අතකට වැරදිකාරයත් මොඩයාත් මම තමයි. ඉතින් මට මේකි දැන් වද දෙන්නේ මන්ද?

රාමසිංහ - මොනවා! උර චක්රය මාලය ලාගත් මිනිහා ඒකෙන් ලැබෙන් වේදනාව පීඩාව නොවිඳ ඉන්ටද? එසේ අකමැති නම් ඒ උර චක්රා මාලය වහාම ගලවා දමන්ට ඕනෑ-මේ නෝනා හිතුවක්කාර කෙනෙක් බව දැන ගෙනත් ඈ විවාහකර ගත් මොඩයාට කුමක් වුනත් වරදක් නැත.

පෙරේරා ‍නෝනා - මගේ දෙමවුපියන් නයකරලා රුපියල් දසදැහක දෑවැද්දකුත් ලබා ගෙණ අන්තිමේදි මට වුවමනා සැප පහසුත් නොදී-මගේ හරි වරදි සොයන්නට තිබෙන බලේ මොකක්ද? කොටින් කියතොත් මම මේ මිනිහාට කිසිම ආදරයක් නැත.කිසිම අන්දමකින් මා සතුටු කරන්නට ඔහුට බැරිය. අපේ “හොනිමුන්” දිනයේම මට ඔහු එපාවුනා.

පෙරේරා - ඔව් ඉසබෙල්! මම ගොනෙක් නිසා උඹවාගේ වදක බාරියක් ලැබුවා. උඹ කුඩාකාලේ පටන් කළා වු නින්දිත ක්රිලයාවලට පලිගෙවිමක් වශයෙන් දුන් රුපියල් දසදාහට කෑදර වු -අමන තකතිරු ගොනා වන මට කමක් නැත. කරුනාකර උඹට මා නරක බව කියා කසාදය අවලංගු කරන්ට නඩුවක් ගණින්.

රාමසිංහ - මේ විවාහය නම් සංසිවා සමඟි කළහැකි එකක් නොවේ.

“නා ග පෙනේ යට සිටියා වැ න්නේ

දී      ග     තුනක   ගොස්  කල් නාරි	න්නේ
වේ   ග     ව හිමි දෙස බැළුවොති	න්නේ

‍බෝ ග නිසරු කෙත වපුලා වැ න්නේ


   යයි දෙවෙනි දීගේ යද්දි ගමයා ස්වකිය දුවට දුන් අවවාදය මතක් වුනා. ඉතින් පේරේරා උන්නැහැ නෝනාත් සමඟ එක ගෙදර නොසිට නීතිඥයෙකුගේ මාරගයෙන් නීතිප්රෝකාර කසාදයක් අවලංගු කරගන්ට-එසේ නොකළොත් දෙන්නාටය විපතක් මිස සැපතක් නැතැයි කිමා රාමසිංහ පඬිතුමා අවු‍නේරිස් අප්පු සමඟ යන්ට ගියේය.
   සවස හයට පමණ අබයරත්න මහතුන්ගේ නිවසට පැමිණි රාමසිංහ පඬිතුමා සහ අවුනේරිස් අප්පුත්ත දුටු අබයරත්න මහතා සිනාසෙන්නට පටන් ගත්තේය. “මොකද සිනාසෙන්නේ අපි


170 පසන් නිවස


ළමිස්සියෙක් එක්කරගේන නා නිසාද-ඇත්තේන්ම අපේ වර්තමාන ලක්දිව හැටි දැනගත්තෝත් මහත්මයා සිනාසෙනවා වෙනුවට අඬනවා ඇතැ”යි රාමසිංහ පඬිතුමා කිවාම “නැහැ පණ්ඬිත මහතාණනි, මම සිනාසුනේ ප්රී තියෙන් ය. මේ මඟුල් ජෝඩු කිරිම අවුනේරිස්ටම බාරදුන්නා නම් මෙලහකට මගේ මො‍ෙලත් නරක් වෙලා! පඬිතුමාගේ ආධාර ලැබුන බැවින් මට ලොකු සැනසිල්ලක් ලැබුනා! මා සිනාසුනේ අවුනේරිස්ගේ තොලකට වේලි තිබෙන අන්දම දැකලාය”යි. කියා-ඔවුන්ට ‍තේවතුර ගෙන්වාදී ආගිය තෙරතුරු අසන්ට පටන් ග්ත්කතේය.


අබය - කොහොම ද බලන්නට ගිය මනමාලියෝ වධක බාරියෝද, යම දුතියෝද?

රාමසිංහ - අපට බලන්ට ලැබුනේ ස්කෝලේ මහතාගේ දුව පමණකි. එකිනම් වදක බාරයමයි. නමුත් අතර මගදි ‍අන්යමත්රම යම දුතියෙකුත් අපට දක්නට ලැබුනා.

අබයරත්න - ඒ කවුද ගුරුන්නාන්සේ මහත්මයා ?

රාමසිංහ - ඒ වනාහි “පසන් නිවසක” අසන්තෝෂයෙන් ඉන්නා යමදුතියෙකුත් පෙරේරා නැමැති මිත්රසයෙකුත්ය. පෙරේරා කොටුවේ වෙළෙඳ කන්තෝරුවන් උසස් ලියන්නේකි. මසකට රුපියල් 250 ක් තරම් පඩි ලබන කෙනෙකි. ඉතින් නම පඩියේ ප්රුමාණයට ජිවත්විය හැකි මධ්ය ම පංක්තියේ යහපත් අවුලකින් විවායයක් කර නොගෙණ වස්තු තණ්හාවට බැඳි මුළු ලෝකයම පාළුකළ යමදුතියක් රුපියල් දස දාහක දෑවැද්දක් නිසා කසාද බැඳගෙණ දැන් බලවත් විපතට ගොදුරාව ඒ යමදුතියගෙන් ගැලවෙන්ට බැරිව දඟලනවා. අපේ අබයරත්න මහතාත් රුපියල් විසිදාහක් බුදලේට ලොභව අර රේන්දරාලගේ ද‍ුව බැඳගත්තා නම් පෙරේරාට වේච්චි විපතටත් වඩා අනතුරකට භාජන වෙන්ට තිබුනා

අබයරත්න - ගුරුන්නාන්සේ මහතා‍ත් අවුනේරිසුත් දෙහිවල පැත්තේ “පසන්” නිවසක මගේ මිත්රවයෙක් ඉන්නා බැවිනි ඒ “පසන් නිවස” වාගේද කියා බල‍ගෙණ ආවොත් මට ජෝඩුකර තිබෙන අනිත් හම දෙනා බලන්ට නොගියත් කමක් නැත. ඒ මා කියනා පසන් නිවසේ ඉන්නේ සිල්වා කෙනෙකි. ගෙය නම් ඉතා පුශන්නයි. මිදුලත් ඒවාගේමයි. ‍


පිසදාස සිරිසේන නවකථා එකතුව 171

නමුත් ‍ගෙදර කටයුතු ප්ර සන්නදැනයි බලාගෙණ ආවොත් ඒ සිල්වා උන්නැහේ ගේ හාමිනේ ගේ සගා කෙනෙක් ඉන්නා නිසා ඒ ගැන සෝදිසි කරන්ට නිවාඩු වේලාවක ගෙට ගොහින් බලන්ට!

රාමසිංහ - හොඳයි මහත්මයා මම ඒ ගැන විපරම් කොට ඇත්ත කින්නේමි. දැන් අපේ රටේ විරියායත් අධිෂ්ඨානයත් ඇති මිනිස්සු උපදින්නේ නැත. අහෝ ලක්දිවට ගිය කල! කාමුක දෙයක් ලැබුනෝත ආගම ගුණධර්මය ආදිය තණ පතකට වත් ‍නොසලකා එවේලාවට ලැ‍ෙබන ගර්හිත සුළු සැපතට වාල් වෙන්නෝ අප රටේ කොපමණ සිටිදිද?

අබයරත්න - මගේ කල්පනාවේ හැටියට බුද්ධ කාලේ මෙන් ස්ථිර සාර ගුණ ඇති උදවිය දැන් දඹදිව වත් නැති බවය.

රාමසිංහ - මහත්මා ගාන්ධි වැනි විරවරයෝ සිටිති. නමුත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ මෙන් මහා වීරවරයෝ දැන් නැත්තාහ. “ව්යාතලවංච්ත" කථාව බලන්ට!

අවුනේරිස් - අනේ පඬිතුමාණෙනි, “ව්යාතලවංච්ත කථාවය” කිවු පමණින් අපට ‍ තේරුම්ගත නොහාක. කරුණාකර අපටත් දැනගන්නා පිණිස ඒ කතාන්තරය කියන්ට. සවස් භාගයේ ධර්මාන්විත කතාවක් ඇසිම හිත කය සැනසීමට මහත් ආධාරකි. ඊටත් වඩා පඩිතුමා විසින් එය හොඳින් ප්රහකාශ කරන විට හොඳ ආවබොදයක්ද ඇතිවේ. ඒ හෙයින් කියන්ට.



05. පරිච්ජේදය[සංස්කරණය]

රාමසිංහ - “ව්යා.ලචංචිත” කථාව කියන්ට පටන් ගත්තේය.

  ‍‍ලෝකස්වාමිවු තථාගතයන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරණ සමයෙහි එක්තරා දවසක් පිටිසර පළාතේ පන්සලක භික්ෂු වහන්සේලා සැට නමක් සර්වඥයන් වහන්සේ දැක වැඳගන්නා පිණිස පැමිණියාහු. බුදු හාමුදුරුවන් දැකිමෙන් බලවත් ප්රීාතියට පත් ඒ භික්ෂුහු කීප දවසක් ජේතමනාරාමයේම සිට වනාන්තරයට ගොස් භාවනා කිරිමේ අදහසින් බුදුජාණන් වහන්සේගෙත් කර්මස්ථාන අයැද සිටියිහ. තථාගතයන් වහන්සේ ඒ ඒ භික්ෂුවගේ චරිත බලා ඔවුන්ට ‍යෝග්යසවු

172 පසන් නිවස


කම්ස්ථාන දෙවා වදාළ සේක. ඒ සැටදෙනා වහන්සේ ඵල පල්ලව හා මලින් සශ්රීථකවු ගස් වැල් වලින් හා ගිරිකුළු පෙළින් හා රැළි ගසා දිවෙන සිහිල් ජල ධාරා ඇති ගොවර ග්රාගමවලට වඩා ඈත් නොවු වන පෙදෙසක භාවනා කරන්ට පටන් ගත්තාහ. ඒ වනයෙහි වසන්නා වු රෞද්රභ කොටියෙක් මේ භික්ෂුන් වහන්සේලා වසන පන්සල අසලට පැමිණි කල ආඝානයවු මිනිස් ගඳ නිසා ඉසිලි නැතිව රාත්රි භාගයෙහි භික්ෂුන් නින්දට ගිහ පසු පන්‍ිලෙ‍ල් කෙළවර කාමරයෙහි නිදාගත් භික්ෂු වහන්සේ ඩැහැ ගෙණ ගොස් කා දැම්මේය. පසුවදා උදේ භික්ෂු පිරිස පින්ඩපාතේ යාමට සැරසී අනික් භික්ෂුන් වහන්සේට කුමක් විදැයි විපරම් කළ නමුත් සොයාගත නොහැකි විය. දෙවෙනි දින රාත්රිි ව්යාළඝ්ර යා හොරෙන් පැමිණ අවසාන ගෙයි සැතපි වුන් භික්ෂුන් දෙනමක්ම ව්යා ඝ්රනයා විසින් අනුභව කරණලද බැවි දැනගෙණ කවුරුත් භයපත්ව පොලු මුගුරු ආදිය සුදානම් කර නිදිවර්ජිත කිරිමෙන් හා ශබ්ද කිරිමෙන් රාත්රිුය ගත කළහ. එසේච වුවත් මධ්යිම රාත්රි්යෙහි ව්ය ඝ්රමයා හොරෙන්ම අවුත් තුන්වෙනි ගෙයි වෙසෙන භික්ෂුන් වහන්සේ අල්ලා ගත්තේය. උන්වහන්සේ කෑගසනවිට අනිත් භික්ෂුන් දිව අවුත් කෑ කෝ ගසා ගල් මුතුරු ආදියෙන් ගසමින් ව්යාේඝ්රවයා බියගන්වා භික්ෂුව බේරා ගන්ට බලවත් පරිශ්රරම දැරු නමුත් ඒ රෞද්රස කොටියා ඩැහැගත් මනුෂ්යක ප්රා්ණයත් රැගෙණ මහා ගල් පර්වතයක් උඩට නැග ගත්තේය. භික්ෂුන් වහ්නසේලා කොටියා ලුහුබැඳ ගොස් මධයම රාත්රිතයේ ඒ ගල උඩට නැගගත නොහැකිව මෙසේ කෑගසුහ. “ඇවැත්නි-මිනිපසු තොප ගලවා ගැනීමට ඉඩක් නැත. එසේ හෙයින් පින්වත් වීර පුරුෂයාණෙනි, නුඹට සහායෙක් නම් නුඹේ හිත පමණක්ය. මෙව‍ැනි භයංකර අවස්ථාවක් පැමිණිකල කට යුත්තේ අධික විර්යමය. එසේ හෙයින් අධිගමයටය වීර්යකරව. මරණ භයින් විකලනොවවි, මරණය ගැන ‍නොසිතා භවනාවෙන් සිත උදෝය්ගවත් කරගත මැනමැයි කීවෝය”.

   ව්යාවඝ්රයයාට ගොදුරුව උගේ මුඛයෝ ඉන්නා භික්ෂුන් වහන්සේ ද ඒ වචන ඇසී‍මෙන් තමා ව්යායඝ්රගමුඛයට අසුව ඉන්නා බවවත් නොසිතා තමා පුරුදු කරමින් විසු කර්මස්ථාන භාවනාව තදින් මෙනෙහි කරන්ට පටන් ගත්තේය. ව්යිඝ්රුයා ගල් පර්වතයට නැග එතැනට 






පියදාස සිරිසේන නවකථා එකතුව 173


කිසිවෙකුටත් ආ නොහැකි බව දන්නා හෙයින් තමාගේ ගොදුර ගල මුදුනේ තබා මදක් ගිමන් ඇර ඒ තමාගේ ‍ගොදුර අනුභව කරන්ට පටන් ගත්තේය. පා දෙකේ පටන් ඇට සහිත මස් කන්ට පළමු පටන් ගත්හ. ඒ මහතාණන් වහන්සේ තමන්ගේ මස කන ව්යාකඝ්රනයා කෙරෙහි භයකුත් නැතිව ද්වේෂයකුත් නුපදවා කිලිල්කඩසේ ඇට බිඳ බිඳ කන බලවත් වේදනාවද මදකුත් නොසලකා සීල විශ්රවද්ධි ආදිවු සප්ත විසුද්ධි පරම්පරාවෙන් ගොස් දණ මඬල කා කෙළවර වන්ට පෙර සෝවාන් මාර්ග ඵලයට පැමිණි සේක. කළවා කොටස කා නිම වන්ට පෙර සකෘදාගාමි ඵලයට පැමිණ. හෘදය වස්තුව අනුභව කරන්ට පටන්ගත් ක්ෂණයකින් අර්හත් මාර්ග ඵලයට පැමිණ සියලු සංසාර දුකින් මිදි රහත්ව අමාමහ නිවන් දුටු බව කියමින් උදන් අනා බණ වදාළ සේක.

    මෙසේ මහා පුරුෂයෝ මෙවැනි මහා විපත්තිවලට පැමිණත් මඳකුත් කල නොකිරි සංසාරයට පමණක් කලකිරි සියල්ලවුන් කෙරෙහ  මෛත්රී  කෙරෙමින් බුද්ධාදී මහොත්තමයන් පැමිණ වදැළ වු අමාමහ නිවන්පුර පැමිණිම ආශ්චර්ය අද්භුත් වුත් ඒකාන්ත සත්යණයකි.
   මේ ලෝකයෙහි වාසය කරණ සත්වයන් ස්වභාව ධර්මය හෙවත් සංස‍ාර ගතිය හොඳින් නොදන්නා නිසාම “මමය මාගේය” යන ඇල්ම ඇතිකරගන්නේය. ඒ සංසාර ගතිය අවබෝධ කරගත් කිසිවෙක් ව්යමසනයේදී පවා ආත්මයට ප්රේකම කරමින් පරාර්ථයෙහි ප්රගමාද  නොවන්නේය. රැ දෙවෙහි නොපමාවම ධ්යාලන භාවනා ආදී කුසල කර්මයෙහි නියුක්ත වන්නේය”යි රාමසිංහ පඬිතුමා මේ කතාන්තරය කි විට අබයරත්න මහතා විවාදාහිම්ඛ විය.

අබය - හිටින්න ගුරුන්නාන්සේ මහත‍ා! ඒ භික්ෂුන් වහන්සේව කොටියා විසින් ඩැහැගත් හැටියේම ඇති වු මරණ භයත් ඒ කොටියා විසින් ගෙණ යාමේ දී ඇති වු බලවත් වේදනාවත් පවතිද්දී උන්වහ්නසේට භාවනා කිරිමට පුළුවන්ද?

රාමසිංහ - ඔවු බොහොම හොඳ ප්ර ශ්නය. උන්වහන්සේ කොටියාට අසුවන විටත් භාවනානුයෝගීව සිටියා පමණක් නොව ඊට පෙර බොහෝ කලක් සමථ විදර්ශනා භාවනාව පුරුදු කළ ශරීර ගතියත් සංසාර ගතියත් හොඳින් අව‍බෝධ කරගත් මහා වීරයෙකි. කොටියා විසින් කන්දේ ගලක් මුදුනට ගෙණ ගොස් ඒ ගල මතුපිට තබනවිට අනිත් භික්ෂුන් වහන්සේලා ගල



174 පසන් නිවස


පාමුල ඉඳගෙණ “විර්ය කරව වීර්ය කරව”යි කල ඝොෂාව නිසා ඒ කොටියාට ගොදුරුව සිටි ස්වවාමින් වහන්සේගේ චිත්ත‍‍ ධෛර්යය අධිකවිමත් භාවනාවේ කෙළවර දක්නට ලැබුනු බවත් පෙනේ.

අබය - මොකද ගුරුන්නාන්සේ මහත්මයා ඔය කියන්නේ, ශරීරයේ මස් විකා කද්දී ඒ බලවත් දුක්ඛ වේදනාවෙන් හිත චංච්ලස නොවී භාවනාවේ යෙදු‍නේ කොහොමද?

රාමසිංහ - (සිනාසෙමින්) චිත්තය පිළිබඳ විස්තරයක් ‍ෙනාදත් අයට මේ කාරණය නොවැහිටම පුදුමයක් නොවේ.නමුත් භාවනාවෙන් හා ස්වකීය උත්සාහයෙන් සිත එකඟ කරගත් පුද්ගලයාගෙනුත් “ක්ලොරෝපෝමි” නම් සිහිය දුරුවලකරණ ඖෂධයෙන් සිත එකඟ කිරිමෙනුත් උතුම් ප්රමණිත කොයි එකද?

අබය - (ටිකක් තිගැස්සී) බාහිර උපක්රතමයකින් හිත දුර්වල කිරිම හෙවත් කාලික මරණයෙන් හිත මැරිමට වඩා විශේෂ බලයක් ස්වශක්තියෙන් හා භාවනාවෙන් හිත එකඟකළ හෙවත් වසඟකළ තැනැත්තාට තිබේ.

රාමසිංහ - ඔව් බො‍හොම හරි උත්තරේ. ඉතින් මහත්මයා, කුලොරොපෝම් කළ මිනිහෙකුගේ ඕනැ තැනක් ශරීරයේ අංග ප්ර ත්යංොග වලින් උවමනා තැනක් කැපුමාට පිළිස්සුවාට ඒ මනුෂ්යාංට දැනෙන්නේ නැත. බලන්ට “ඇපැන්ඩි සයිටිස්” කියන බඩවැලේ රෝගය හටගත් විට බඩ පලා බඩවැල් එලියට ගෙන ඒ සුදුධකොට බෙහෙත් යොදා නැවත බඩවැල් ඇතුල් කොට බඩ මසා ලෙඩා සුවපත් කෙරෙති. නමුත් ඒ විශාල ශල්යබ කර්මය කරද්දී එසේ කරණ බවක්වත ලෙඩා ද‍න්නේ ද? සත්තෙන්ම නැත. චිත්ත බලය බෙහෙතකින් දුර්වල කළ විටත් ශරීර වේදනාව නො දැනෙතොත් චිත්තෙක ග්රුතාවය ලැබු මහා විර වරයෙකුගේ ශරීරයට වන වේදනාව මඳකුත් නොහැ‍ඟෙන්ට පුළුවන් බව දැන් වැටහුනා ද?

අබය - සත්තකෙන්ම මට දැන් වැටහුනා, පුණ්යමර්ධිය ද්රතව්ය,ර්ධියට වඩා ප්ර ණිත බව සත්තකය. (ඉංග්රී්සියෙන් කියන spiritualism) බලය ඉතාමත් හොඳ බව ඇත්තකි. දැන් මෝටර් යන්තු බලයෙන්




පියදාස සිරිසේන නවකථා එකතුව 175

කරණ දක්ෂකම් අන්තරාදායකාය. පරදින සුලුය. ද්ර ව්ය සං‍යෝග බලයෙන් තනා තිබෙන මෝටර් රථය-අහස් නැව-ගුවන් විදුලි බලය ආදි සියල්ලක්ම අවිස්වාස වු අනතුරු දායක දේ වෙති. ඒ අද්භුත යන්ත්රයවලින් පුදුම ‍දේ කරණ බව ඇත්ත. නමුත් කොයි ‍වේලේ අනතුරකට පත්වේදැයි කිය නොහාක. නමුත් ආත්ම ශක්තිය වන ච්ත්තෙකග්රදතාවයෙන් ඇතිකරගන්න ඉර්ධිබලය නොවරදින සුළු අන්තරාය විරහිත ප්ර්ණිත එකක් බව හොඳින් ම වැටහේ. ඉතින් ස්වයං ශක්තියෙන් ක්රිෙයා කරණ යන් ත්ර් මිස චෛතසික බලයෙන් අද්භුත දේ කරන කෙණෙක් දැන් දකින්නට නෑ නොවේ ද?


රාමසිංහ - (හියියෙන් සිනාසෙමින්) අබයරත්න මහතා මුලා වෙන්ට එපා! “ලෝකය කියන්නේ කුමකට ද ? විපරිනාම ධර්මයටයි.ලොකයත් එහි ඇති සියල්ලත් ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස්වේ. රූප ධර්මයත් අරූප (ච්ත්ත) ධර්මත් එකම ස්වභාවයක මො‍හොතක්වත් පවත්න්නේ නැත. ඉතින් පටන් ගැන්මක්වත් කෙලවරක්වත් නැති මේ ලෝකයේ ඒ ඒ කලවල දි ඒ ඒ රටවල විවිධ කරුණු පහලවෙති. මේ කලියුගයේ මුල් කාලයේ දි මිනිසුන්ගේ තත්වයත් රටේ පැවති යන්ත්රව සුත්රද සහ සැපවිහරණ ආදියත් අදටත් වඩා උසස්ව පැවති බව පෙනේ. ඉතින් ඒ සියල්ලම අවුරුදු සියයෙන් සියේට වෙනස් වෙව් ආවේය. සූර්යාලෝකය පවතින විට අන්ධකාරය පවතින්ට බැරි යම්සේ ද අහසින් යාම ආදි ඉර්ධිබල ඉපදවිය හැකි කාතපුණ්යන මහොත්තමයක් අධික කාලවල දි අහස්යාත්රාි ආදි ද්රයව්ය. සංයෝග බලයෙන් උපදවන අද්භුත දේ උපදවන්ට කිසිවෙක් උත්සාහ නොකරති. ධර්ම ශාස්ත්රව දෙකෙන්ම ලෝකය පිරිහි ගොස් කලක් පැවතුනාට පසු ශාස්ත්රශ ඥනය ක්ර මයෙන් දියුණුවි යාමෙන්-ද්රයව්යය සංයොගය විශිෂ්ටාකාරයෙන් දියුණු වන්ානේය. ඒ දියුණුව යම් තරමක් අධික වන්නේද ඒ තරමටම අභ්යුන්තර පරිශුද්ධ භාවය හෙවත් විදර්ශනා භාවනාදිය අභාවයට යන්නේය. සූර්ය අස්තංගත වු විට අන්ධකාරය අධිපති වන්නාක් මෙන්ය. ක්රසමයෙන් ඒ චිත්ත ධර්ම බලය පිරිහි සිත කිළුටුකරණ සිත පැටලෙනඅධික කාමුක බලය ප්රරමුඛ වේ. එවිට එ කාමුක බලය සංසිඳවන-ඒ කාම සැපතට ඉවහල් වන දේ ලෝකයෙහි උපදවා ගැණිම මනුෂ්යත






176 පසන් නිවස


ගතිය වේ. ඔන්න බලන්ට කිලයුගයේ මුල් කාලය ඉතාමත් දැඩි වු කාමාග්නියෙන් පීඩිත අස්වැසිලි නැති කාලයේ අවුරුදු සියෙන් සියේට මේ ගතිය වෙස්වෙවි අවුත් අවුරුදු සියේ ඒවා 25 ක් පමණ. එනම් කිලියුග වර්ස 2500 ක් පමණ වන විට මනුෂ්ය2යන් අතර ප්ර ශස්ත ශිෂ්ටාචාරයක් ඇතිවිය. හේතු ඵල ධර්මය අවබෝධ කරවිය හැකි තරමට මිනිසුනු ශිෂ්ටාචාර වුන පසු සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේ ඉපිද සර්වඥතාඥානය ලබාගෙණ ලෝක සත්වයාට හේතු ඵල ධර්මය විස්තර කර දුන් ඉකිබිති- කෝටි සංඛ්යාධත සත්වයන්ට ස්වභාව ධර්මයෙන් හෙවත් සංසාරයෙන් මිදෙන්නට පිළිවන් වුයේය. ඉතින් උන්වහන්සේගේ ධර්ම බලයත් සමගම නැවතත් ලෝක ස්වභාවය වෙනස් වෙන්ට පටන් ගත්තේය. අවුරුදු දහසක් පමන හෙවත් අවුරුදු සියේ කාල පරිච්ජේද දසයක් පමණ ටික ටික වශයෙන් වෙනස් වෙවි ආ ලෝකස්වභාවය නිසා ඒ සාන්ත වු ධර්මයෙන් ප්ර්යෝජන ගන්නා පින්වත් ජනයාද විසු නමුත් එතැන් පටන් ගතවි තිබෙන අවුරුදු එක්දහස් පන්සියේදී ක්ර මයෙන් ඒ චෛතසික ධර්ම බලය ‍ඉතාමත් දුරුවල බවට පැමිණ ක්ර මයෙන් ද්ර ව්යඅ සංයෝග බලය දියුණුවි තිබේ. දැන් චෛතසික බලය ඇති කරුණු තබා එහෙම බලයක් තිබෙන බව වත් ‍තේරුම් ගත හැකි කෙනෙකු දැකිම ද අතිශයින්ම දුරුලභවේ. ලෝකයේ ද්රචව්යම සංයෝග බලය යම් තරමක් දියුණුද-ඒ තරමට පංචකාමයේ ආසාවත් අධික වේ. ඒ පංචකාම ආසාව දැඩිවන තරමට අධර්මයද දැඩි සැඩ ක්රිවයාද අධික වේ. ඒ දැඩි සැඩ ක්රිවයාවලට මේ අභිනවයෙන් දියුණු කරගත් යන්ත්රි සුත්ර ද බෙහෙවින් ඉවහල්වන බැවින් තවත් කාලයක් යනවිට මනුෂය වර්ගයා උනුනුන් ඇන කොටා මරාගෙණ “මවු නැත- පියා නැත- සහෝදර ස‍හෝදරියයෝ නැත- ගුණවතුන් නැත- පින්වතුන් නැත- ගරු කළයුත්තෙක් නැත- මතු උප්පත්තියක් නැත- පිළිවන් තරම්ම පස්කම් සැප විදීමම මනුෂ්යන ජිවිතයේ පරමාර්ධථය විය යුතුය” යන තිරිසන් ධර්මයට ලෝකය පරිවර්තනය විය යුතුය. දැනටම ඒ අදහස් ටික ටික වශයෙන් මනුෂ්යෝයන් තුල හට ගැනී තිබේ. “කොමියුනිසම්” නමැති උච්ජෙද වාදය හැම රටවලම ටික






පියදාස සිරිසේන නවකථා එකතුව 177


ටික වශයෙන් පැතිර යන්නේය. ඒ නිසා වර්තමාන ශිෂ්ටාචාරයත් ප්ර තිපත්තිත් නැතිවන බව සලකාගත යුතුය. තවත් අවුරුදු දහස් ගණන්කප මේ අන්දමට මේ ධර්මය පුරුදුවු පසු මිනිසුන් වඳුරන් රිලවුන් හා සමානවු තිරශ්චින වර්ගයක් වනු නිසැකය. එවිට දැන් තිබෙන ගෙවල් දොරවල් තැනීම ආදී උසස් කර්මාන්තත් ශිල්ප ශාස්ත්රාසදියක් යටපහත්ව මනුෂය වර්ගයා වනචාරීන් බවට පැමිණේ. මෙසේ තිරිසන් ගතියේ ඉඳ අවුරුදු දහස් ගණන් ඉක්මගිය පසු ක්රේමයෙන් දියුණුවන මනුෂය ජාතිය නැවතත් ප්ර්තිපත්ති ගරුකව ක්රපමයෙන් ශිෂ්ටාචාර වන්නේය. ඒ ශිෂ්ටාචාරය දියුණුවු පසු ආත්ම ශක්තිය චෛතසික ධර්ම බලය ප්රෙමුඛව අවුරුදු දෙතුන් දාහක් පැවති ඉක්බිති නැවතත් ද්රරව්යර බලයට බැස නැවතත් ද්රදව්යෂ බල ප්රුමුඛ වන්නේය. මේ අන්දමට විපරිනාම ධර්මයෙහි පවත්නා මේ ලෝකයෙන් එතරවි ගන්ට තරම් ශක්තිමත් මනුෂ්යියන් ලක්ෂයකට කෙනෙක් දෙන්නෙක් ඇතිවෙනත් අනිත් සියලු සත්වයෝ වෙනාස්වේවි-සැපයයි. සිතමින් නොයෙක් කටුක විඳිමින් මේ ස්වභාව ධර්මයෙ හෙවත් සංසාර සාගරයේ නිමග්නව වාසය කරන්නාහ. ලෝකයේත් සත්වයාගේත් කාලයේත් සීමාවක නොමැති බැවින් ඒ එ කාලවල උපදින දක්ෂයන්ට කාලානුරූපවත් දේශානුරූපවත් විවිධ දේ ඇතිකරමින් ක්රි යා කරන්ටද ලැබේ. ඉතින් ලෝකයේ ස්වභාවය තෙරුම්ගන්ට පිළිවන් අය මේ කාලයේදීත් සියේට කෙනෙක් දෙන්නෙක් වත් නැතිකල, මිට අවුරුදු දාහක් හමාරක් පසු වෙනකොට කොහෙම නොවේද?

අබය - ඔව් මට කාරණය තේරුනා. දවස් 15 ක් තරම් ජිවත් වන කුහුඹියා ඉතා දීර්ඝ කාලයක් ඉන්නා සක්වයෙගු මෙන් නොමැරෙණ සත්වයකු මෙන් රැ දාවල් නොබලා කැම ආදිය සපයන්නාක්මෙන් අවුරුදු 50 ක් හැටක් ජිවත්වන මිනිහාත් පංචකාම සැපතට අදාල දේ සපයනු මිස වෙන කිසිවක් නොකරන්නේය. ඒ නිසාම අභිනව දේවලට ඇල්මක්ද ඇති වේ. යථාභුත ඥානය යි කියන සත්වයාත් ලෝකයාත් පිළිබඳ ඥනය ලබාගන්ට නම් පංචකාම සැපතින් වෙන්ව නුවණ දියුණු කරන්ට ඕනෑ බව මටත් වැටහෙනවා.

රාමසිංහ - ඔව් මහතාගේ කල්පනාව නම් ඉතාමත් හොඳයි. නමුත්





178 පසන් නිවස


කාලය ගැනත් දැන් රටේ පවත්නා තත්වය ගැනත් සලකා බලා මිස යමක් තීරණය කරගැනිම හොඳ නැත. ඒ ‍‍කොයි හැටි වුනත් දෙහිවල තිබෙන “පසන් නිවස” අන්වර්ථ එකක්ද ආරූඨ නාම මාත්රකයක්දැයි හෙට විපරම් කරගෙණ එන්නේමි”යි කියා රාමසිංහ පඬිතුමා යන්ට ගියේය.


06. පරිච්ජේදය[සංස්කරණය]

       රාමසිංහ මහතා දෙහිවලට ගියේය‍. ලක්ෂන ගෘහභාණ්ඩ වලින් හා මල්වතු වලින් අලංකෘතවු ගෙවල් මැද්දෙහි තිබෙන  “පසන් නිවස”  ලඟටම ගොස් වටපිට බැළුවේය. ලංසි ලමයෙකු වඩාගෙන පාර අයිනේ වුන් තරුණ සිංහල  ආයා කෙනෙකු දැක “ලමයා අර එහායින් තිබෙන  “පසන් නව‍සේ” ඉන්නේ කවුද කියා ඇසුවාම ඒ ළමයා සිනාසී ජෝන් සිල්වා මහ්තමයා කියන කෙනෙකි. දැන එතන තදබල කෝලහලයක් වෙලා පොලිස්කාරයෝ ඇවිත් යන්තම් නිවාඩුවුනා පමණකි. එතන වැඩකාරයන් මිසක් වෙන කෙනෙක් දැනට නැත කියා සිතමි”යි ඒ ළමිස්සි කිවාය. ඇත්තේන්ම අබයරත්න මහත්මයා දැකලා පසන් වුන “පසන් නිවසේ” මිනීමැරුම් තරමට කෝලාහලයක් වී තිබේ. ඉතින් මේ ගැන තොරතුරු ටිකක් නොවිමසා යාම හොඳ නැතැයි සිතු රාමසිංහ පඬිතුමා ඒ‍ ගෙට දෙවෙනි ගෙදර ඉදිරිපිටට ගියේය. එතන ඉන්නේ ලංසි පවුලකි.ජෑන්සි මහත්මයා රාමසිංහ මහතාගේ පරණ යාළුවෙකි. රාමසිංහ මහතා ඈත මෑත බලනවිට ජෑන්ස්ං මහතා ගේට්ටුව ලඟටම අවුත් එන්ට රාමසිංහ, කාවද බලන්නේ? කියා ඇසුවාම රාමසිංහට බලවත් සතුටක් ඇතිවි ජෑන්ස් මහතාගේ නිවසට පැමින වාඩිගත්තේය. ජෑන්ස් මහතා ඉක්මනින්ම කිරිතේ කෝප්පයකින් සංග්ර හ කොට සුවදුක් විචාර මේ උදේම කොයිබ යනවදැයි රාමසිංහගෙන් ඇසුයේය. “මම එහා ගෙදර ද සිල්වා උන්නැහෙ සම්භවෙන්ට ආවෙමි. නමුත් එතන කවුරුවත් නැති බැවින් යන්ට යන කොට තමයි ජෑන්ස් මහතා දුටුවේ‍” කීවාම ජෑන්ස් මහාත සීනාස‍ී  “මොකද ජෝන් සිල්වා මහාත අඳුරනනවාද? ඒ මිනිහා නම් නරක මිනිහෙක් නොවේ. නමුත් ගෙදර කරච්චලේ නම් නරකාදියෙන් නැති තරමයි. ඒ ගේ නම් ජෝන් සිල්වාගේමයි. අපි මේ ගේ කුලියට අරගෙණ මාස හයකටත් අඩුයි. මෙය ඇරයන්ට බැරි තරම් හොඳ එකකි. නමුත්


පියදාස සිරිසේන නවකථා එකතුව 179


එහාගෙදර දිනපතාම සිද්ධවන සන්ඩු දබර නිසා අපට මෙතන ඉන්ට අමාරුය. අද උදේ එලිවෙනකොටම ගෑණිත් මිනාහත් නැන්දම්මත් තුන්දෙනා එක්ක පටන්ගත් “දැල් ඇද්ල්ල” කෙළවර වුනේ ජෝන්ගේ මස්සිනාට පොලුපහරකුත් ගසා තුවාල වුනාට පසුවය. ඔක්කෝම දැන් පොලිසියේ-අනේ මෙහෙම කරදර ඇති කාලකන්නි ගෙදරක් මම දුටුවේ නැතැ”යි ජැන්ස් මහතා කීවාම මහත් පුදුමයට පත් රාමසිංහ “අනේ ජෑන්සි මහත්මයා මේ ගෙයි නම නම් “පසන් නිවස” (WEET HOME) යනුයි. ඉතින් තුන්සියහැටපස් දවසේම අප්ර සන්නව පවත්නා මේ ගෙය “පසන් නිවස‍” යයි නම්කර තිබෙන්නේ මන්දැයි ඇසුවේය. ජෑන්ස් මහතා පමණක් ‍නොව නෝනාද ළමයිද සිනාසෙමින් ඔය ගෙට පසන් නිවස යයි කියන එක පුදුම ද? යකින්නක් වාගේ එය ගෙදර ඉන්නා ස්ත්රීවයගේ ජෝන් සිල්වාගේ භාර්යාවගේ ඇසුවොත් පුදුම වෙනාවාය. ඇගේ නම “ලෝටස්” ය. එනම් පියුම්-පද්මය ය. නමුත් කට ඇරියොත් නික්මෙන දුර්භාෂිත දුරුගන්ධය නිමා මේ පළාතම දුගද වේ. මේ කාලේ නමකින් කෙනෙකු හෝ වස්තුවක් හෝ විමසා ගන්ට බැරිය.

  රාමසිංහ බලවත් කල්පනාවට වැටි ඉන්නාවිට ජෝන් සිල්වාගේ මවද ජෑන්ස් මහතුන්ගේ ගෙදරට පැමිණියා ය. ජෑන්ස් නෝනා ඒ තැනැත්තිව පිළිගෙණ රාමසිංහට අඳුන්වා දුන්නා ය. රාමසිංහත් ඒ මහලු ‍නෝනාත් කථාමට බැස්සාහ.

රාමසිංහ - මොකද පුතත් ලේලිත් කොලහල කරගෙණ පොලිසියට ගියායයි කියන්නේ? මේ ‍නෝනා හොඳට බණ දහම් දන්නා තලතුනා කෙනෙක්ව සිටියදි ඇයි ‍කෝලාහලය සංසිඳවා ප්රඳසන්න නිවස ප්ර්සන්න තත්වයේම තබාගන්ට බැරිද?

මහලු ‍නෝනා - මම මේ මහත්මයාව අඳුනන්නේ නැහැ. යමක් තේ‍රෙන වැදගත් කෙනෙක් බව ජෑන්ස් නෝනා කියනවා. ඒ නිසා ටිකක් කථා කරන්ට කැමතියි. මහ්තමයා නොයෙක් පොතපත කියවා පුරුදු කෙනෙකි. දනනේ නැද්ද එක පණ්ඩිතයෙක් කියා තිබෙන කීමක්

ආහාරො විංගුණ: සත්රීවනාං බුඬිස්ත සාං වතුර්ගුණාං ෂටගුණො ව්යංවසායශිව කාමශ්වෂ්ටගුණං ස්මාතෘ




180 පසන් නිවස


රාමසිංහ - (මහලු නෝනා‍ගේ දැනිම ගැන සැලකිල්ලට පැමිණ) ඔය ස්ලොකය ඉතාමත් ප්රනකට එකක් නොවේ. ඉතින් නෝනා ඔය ස්ලෝකය ඉගෙණගත්තේ කාගේන්ද කොයි කාලෙද?

මහලු නෝනා - මම ඔබඳු ස්ලෝක පොත ඉගෙණ ගන්ට තම්බිඅප්පු ගුරුන්නා -න්සේ මහතා ලඟට ගියා. ඒ ක‍ාලේ ඉගෙණගත් ස්ලෝකයකි.

රාමසිංහ - ඉතින් ඔය ස්ලෝකයෙන් කියන ගතිගුණ හැම ස්ත්රීයන්ටම තිබෙනවා ද?

මහගලු නෝනා - මහත්මයා ඉතාමත්ම ඉහල පණ්ඩිතයෙක් බව දැන මගෙන් ඇසු ප්රලශ්නයෙන්ම තේරෙනවා.

  ඒ ස්ලෝකයෙන් කියන්නේ ස්ත්රීාන්ගේ ප්ර්කෘති ගතියයි. ඒ වනාහි ප්රසකෘති ගතියේම පිහිටි ප්රනතිසංසකෘත නොවු ස්ත්රීේයකගේ කුසේ උපනි, ඒ උපද්න්නාට පසු ධර්ම ශාස්ත්රි ආදිය ඉගෙණි‍මෙනුත් ප්ර්තිසංස්කෘත නොවු ස්ත්රී යකගේ ගතියයි. නමුත් ඒ ගතිය තවදුරටත් නරක් වෙන්ටද පිළිවනි.

රාමසිංහ - ‍හොඳයි ඒ කියන්නේ උපන්වනම වැඩුනාවු ස්ත්රීනයකගේ කුසේ ඉපිද ඉක්බිති උපන්වනම ම වැඩුනාවු ස්ත්රී යකටත් වඩා ස්ත්රීවන් නරක් විය හැකි බවද?

මහලු ‍නෝනා - ඔව් ඒක තමයි. ඔන්න දැන් වල්හබරල අලයක් ගැන බලමු. වල් හබරල අලයක් ප්රනකාතියෙන්ම ස්වභාවයෙන්ම විෂ සහිතයි. ගෑවුනු ගෑවුනු තැන කසන්ට පටන්ගනී. ඉතින් ස්වභාවයෙන්ම ඒ විෂ සහිත ඒ හබරල අලය තවත් අධික විෂ සහිත කරන්ට බැරිද? ඒ හබරල අලයත් නියඟලා අල ටිකකුත් එකට තැම්බුවොත් මිනීමැරෙන විෂ කෑමකි. නමුත් ප්ර කෘතියෙන් අර්ධ විෂ ඇති හබරල අලය සුද්ධකොට බිලිං ගොරකි ආදි ඇඹුලෙන් විෂ මරා ලුනු දමා තැම්බුවොත් ඒ හබරල අලය කුස ගිනි නිවෙන-අර්ශස්වලට හිත-උන නැති කරන කෑමකි. අලය සම්පූරණයෙන් විෂ ද්ර ව්යටයක් කරගැණිමට හෝ සනිපවත් ආහාරයක් කර ගැණිමට ‍හෝ ඉඩ තිබේ. ඒ ආකාරයෙන්ම ස්ත්රීම වර්ගයාගේ ප්රගකෘති ස්වභාව ගති තවත් නරක අතට ‍හෝ ඉතාමත් හොඳ අතට හෝ හරවාගන්ට මවුපියන් ආදි වැඩිහිටියන්ට පිළිවන් කමක් තිබේ.




පියදාස සිරිසේන නවකථා එකතුව 181


ජෑන්ස් - මේ මහතුන්ගේ කාතව කෙතරම් ගැඹුරු වුනත් මටත් තේරෙනවා. මට තබා නෝනාටත් තේරෙනවා. අපි ජාතික වශයෙන් ලංදෙසි වුවත් පරම්පරාදාහයකටත් ‍ වඩා සිංහල ද්වීපයේ ඉන්නා බැවින් ආර්ය ගුණ ධර්ම දන්නාවා-කරුණාකර කලින් කි ස්ලෝකටය් තේරුම් විස්තර කර දෙන්ට

මහලු නෝනා - මම මිට ප්ර්ථම කීවාක්මෙන් මේ ස්ලෝකයෙන් දක්වන්නේ ස්ත්රීෝන්ගේ ස්වභාව ගතියයි. නමුත් හැමදෙනම එසේයයි සිතන්ට එපා. ස්ලෝකයෙන් කියන්නේ “ස්ත්රී යට පුරුෂයාට වඩා ‍ෙදගුණයක් ආහාර වුවමනාය. ස්ත්රීගයකගේ බුද්ධිය හෙවත් නුවණ පුරුෂයාට වඩා සිව් ගුණයකි. ස්ත්රීගයගේ වැඩ කටයුතු පුරුෂයාට වඩා සය ගුණයකි. ස්ත්රීනයගේ කාම තෘෂ්ණාව පුරුෂයාට වඩා අටගුණයකි වැඩිය” යන්න ඒ ස්ලේකයේ අදහස වේ. ‍ රාමසිංහ - ඉතින් නෝනා මහත්මයාත් ස්ත්රී්යක් නිසා ඒ ස්ලෝකයේ කියන කාරණා අපට වඩා ‍හොඳින් ඇත්තද බොරුද කියා වැටහෙනවා ඇති. කරුණාකර ඒ වැටහිම කියන්ට.

මහලු නෝනා - ස්ලෝකයේ කිවු කරුණු එසේ ප්රවකාශකළ උත්තමායගේ කටේ මසුරන් දමන්ට වටි. මක්නිසාද? ඒ කිවු කරුණු සම්පුරුණයෙන්ම සත්යර බැවිනි. ස්ත්රීඳයක් තුල පවත්නා ඒ දුර්ගුණ ධර්ම ශාස්ත්රපවල බලයෙන් හෙවත් ලජ්ජා භය දෙක නිසා යටපත්ව පවතී. ලජ්ජා භය දෙක නැතිව වැඩුනොත් ඒ කියාපු දුරුගුණ මඳකුත් වෙනස් නොවි පවති.

රාමසිංහ - අපේ මහලු නෝනා ඔහෙම කීවාට මොකද දැන් කාලේ තරුණ නෝනා වරු “බමුණු මහල්ලන්ගේ නිශ්ඵල කතා සම්පුරුණයෙන්ම අහක දමා දේශපාලනය ආදි බැරැරුම් කටයුතු වලට ස්ත්රිකන් මැදහත් වියයුතුය”යි කියති.

මහලු නෝනා - ඔව් ඒක මම දන්නවා. රේස් දිවිම, ටැනිස් ගැහිම, ක්රිේකට ගැහිම, බොක්සිං ගැහිම, තර‍ඟෙට පැණිම, බාල් නැටිම, ගි සින්දු කිම, බයිසිකල් පැදීම, ප්රමසිද්ධ සභාවල් පැවැත්විම, මහජන සේවිකාවන් විම, රාත්රීෘ භෝජන සංග්රිහ පැවැත්විම, දිවා රැ දෙක්හි තරුණ ජනයා සමඟ හැසිරිම ආදී ලෝකයේ තිබෙන තරමක් හදිසි අනතුරු දායක ක්රි යාවල යෙදීම වර්තමාන කාලේ ස්ත්රී න්ගේ චාරිත්ර බව මම දනිමි. මගේ පුතා



182 පසන් නිවස


අවුරුදු තිස්පහක් වයස්ගත වනතුරුත් ව්පරම් කොට කසාද බැඳගත්තේ දැන් මා කියාපු කරුණු සියල්ලම නිපුණ කරගත් පුදුම “සීනි බෝලය”කි. ඉතින් කසාද බැඳලා ගතවුනේ දවස් 246 කි. ඔයින් දවස් 46 ක් වත් ප්රී්තියෙන් කල්ගත කරන්ට නොලැබුනේය. මිනිහාගේ දුරුවල කමත් - නාකි බාවයත් - අගහිඟකමත් - මිනිහාගේ ඥති මිත්ර යින්ගේ අඩු පාඩුත් පහත් ගතියත් - තමාගේ හා ඥතීන්ගේ උසස් කමත් පොහොසත් කමත් මිනිහාට මුලාවි තමා අකමැත්තෙන් සිටියදි කරපු මඟුල තුට්ටුවක් ‍ෙනාවටිනා එකක් බවත් නොකියන දිනයක් මම නොදනිමි. එකම දිනක් ගෙදරට ගෙන ආ කෑම බිම් ගැන ඈ සතුටුවුනේ නැත. එළුමස් ගෙණ ආ දිනේ හරක්මස් නොගෙණා බව කියමින් බණියි. හරක්මස් ගෙණා දිනේ එළුමස්ස නොගෙණා බව කියමින් බණියි.


 ඇඳුම් පැළඳුම් වලට රෙදිපිළි ගෙණෙන දිනක් ඇත්නම් එදාට මිනී මරා ගැනීමට තරම් ‍කෝලාහල කිරිම සිරිතකි. මගේ පුතා කසාද බැඳ ඉන්නේ මිනිස් ගෑණියෙක් නොවේ. පිසාච (ප්රේ.තියක්) ස්ත්රීනයක් ඈට වඩා බොහෝ කරුණු වලින් හොඳය. ම‍ගේ පුතා අවුරුදු 35 ක් වනතුරු කසාද නොබැද වුන් නිසා මම සතුටින් වුනිමි. ඔහුට විවාහවිමේ දුක්ඛිත භාවය කියා දුනිමි. නමුත් ඒ මගේ අවවාද වලින් කිසි පලක් නොවීය. තරුණියන් දුටු මිනිහෙකුට බණ කිම මුනින් නැමු භාජනයකට දිය වත් කිරිමට සමාන ය. හැම මිනිහාම මට්ටු වන්නේ මෝඩකමක් කළාට පසුව ය. මගේ පුතා වධක බාරියක් ලබාගෙණ දැන් දුක් විඳිනවා. දැන් තිබෙන එකම නිදහස් මාර්ගය-නීතිය මගින් ඇගෙන් වෙන්විම පමණකි”යි එ මහලු සිල්වා නෝනා කීවේය.

රාමසිංහ - මමත් දැන් හැට වයස් පිරුණු කෙනෙකි. නෝනා වනාහි දරු කීප දෙනෙකුගේ මවක්. අවුරුදු 40 ක් තරම් ස්වාමිපුරුෂයෙකු සමඟ කල්ගත කොට තිබේ.දැන් නොයෙක් තැන්වල තරුණියන්ට විවාහවි අවුරුද්දක් දෙකක්වත් සමඟියෙන් ප්රීයතියෙන් කල් යවන්ට බැරි ය. මේ නෝනා අවුරුදු 40 කට වඩා සමඟියෙන් සැපසේ කල් ගතකෙළේ කොහොමද? ‍ මහලු නෝනා - බො‍හොම හොඳ ප්රෙශ්නය. මහත්මයා වැනි උගතෙකුට මා කල් ගතකළ හැටි කිමෙන් වැදගත් අදහස් ඇති කරන්නට පිළිවනි. දැන් කාලේ ඉන්නා වල් බුරු නිදහස



පියදාස සිරිසේන නවකථා එකතුව 183


හිතටගත් තරුණියන්ට නම් මගේ චරිතය ඉතාමත් නින්දිත එකක් විය හැක. එසේද වුවත් මහත්මයාටත් ජෑන්ස් මහතුන්ටත් දැනගන්නා පිණිස කියන්නෙමි.

     “අපේ කාලේ හැටියට මට හොඳට ඉගැන්නුවා. අපේ බණ දහම් කුල චාරිත්ර  ආදිය ඉතාමත් හොඳින් ඉගෙණගත් මට ගෙදොරදොරේ වැඩ, ඉවුම් පිහුම්-ගෙතුම් විවිම් වැඩ සියල්ලක්ම කුඩා කාලේම පුරුද‍ු කරණ ලදි.
 ආදරයයිද ‍ප්රේලමයයිද කියන විහිලුව ගැන මම කවදාවත්ම කල්පනා නොකෙලෙමි. මට අවුරුදු 20 වන කොට මගේ මවුපියන් විසින් සිරිත් ප්රෙකාර මම විවාහ කරදෙනු ලැබුවේමි. ඉතාන් මම මගේ ස්වාමියා සමඟ ඔහු මැරෙනතුරා ඉතාමත් සමඟියෙන් හා සැපසේ විසුවෙමි.

රාමසිංහ - හිටින්ට හතලිස් අවුරුද්දක් කල් ගතකළ කාලේදි දෙදෙනා සමඟ අමනාප වුනේ අන්ඩු දබර කරගත්තේ නැද්ද?

මහලු නෝනා - එකිනෙකා කෙරෙහි මඳක්වත් අමනාපකම් ඇතිවු ප්ර ස්ථාවල් නැතෙයි කියන්ට අමාරුය. නමුත් මගේ ස්වාමිපුරුෂයාගේ හිත රිදෙන තරම් වචනයක් අපි එක්ව සිටි දවස් 14500 තුල කවදාවත් ‍ෙනාකී බව මට සහතික කර කියන්ට පුළුවන. මම ජිවත් වුනේ ප්රේාමයත් ආදරයත් සැප පහසුවත් උඩ නොව යුතුකම උඩය. මගේ පුරුෂයාට ගෞරව කිරිම මගේ එකම බලාපොරොත්තුව විය. මට රෙදි පෙරදි ගෙනත් දුන් විටක කවදාවත්ම ඒවා හොඳය කීවා මිස නරකෙයි ‍ෙනාකීවෙමි. මොනම දෙයක් මා කන දෙයක් හෝ නොකන දෙයක් හෝ අපේ ගෙදරට ගෙණාවාම එය නරක යයි නොකිවෙමි. අවුරුදු 60 ක් වයස් ගතවනතුරුත් කවදාවත්ම මගේ ස්වාමිපුරුෂයා නැතුව පන්සලකටවත් ඥාති ගෙදරකටවත් නොගියෙමි. මගේ ස්වාමිපුරුෂයාට මුදල් හිඟව රැකි රක්ෂා නැතිව සිටි කාලයේදී කවදාවත් “අරක නැත මේක නැත මෙහෙමත ජිවත් වෙන්ට පුළුවන්ද අසවල් අය හොඳට සැප විඳිනවා. අපට පමණක් හෙන හත වැදිලාය” යනාදින් වශයෙන් කවදාවත්ම අ‍ඳෝනා බසක් ‍ෙ‍නාකීවෙමි. ලද පමණින් සතුටුවිම ලෝකයේ තිබෙන ‍ෙශුෂ්ඨ ගුණයක් බව අපේ මවුපියන් විසින් අපට උගන් වා තිබු‍නේය. ලැබුනු




184 පසන් නිවස


මාළුවත් එලවළුත් අන්යස කෑම ජාතත් පිළිවන්ම තරමට හොඳින් පිළියෙළ කළා මිස මඩා හොඳ දේවල් ගැන කවදාවත්ම බලාපොරොත්තු නුන මට මගේ ස්වාමිපුරුෂයාගේ පුදුම සැලකිල්ලක් පැවතුනේය. “භාර්යාවක්ය” යන වචනයේ අදහස නොදැන විවාහ විමත් විවාහ කරවිමත් එකාහා සමාන අපරාධයක්ය. සමහර තරුණියන්ට බොහොසේම යුරෝපීය ක්රනමයට ඇතිදැඩිවුනු ධනවත් පවුන්වල තරුණියන්ට අනතයට ගිය නිදහසත් සැප පහසුත් මේ කාලේ තිබෙන බව පෙනේ. ඉතින් එබඳු ධනවත් පවුල් මේ රටේ තිබෙන්නේ ඉතාමත් ටිකකි. එසේද වුවත් මේ රටේ දුප්පත් පවුල්වල ඉන්නා තරුණියනුත් විශේෂ වශයෙන් ඒ තරුණියන්ගේ මවුවරුත් අර කී යුරෝපිය වේසධාරී ධනවතුන්ගේ දුවරුත් ආදර්ශයට ගෙණ කල් කරන්ට යාමෙන් දැන් සිංහල ජාතියට ඇතිවි තිබෙන විපත ඉතාමත්ම භයානකය.

     ඔන්න මහත්මයාට මම අපේ පුතාගේ වදකබාරිය පිළිබඳ කරුණු ටිකක් කීවාම කාරණය තේරේවි. අපේ පුතාට ලැබෙන පඩිය රු. 150 කි. ඉතින් එය බෙදා බැළුවාම දිනකට රු. 5/- කි. අපේ ලේලිට එක ද‍ිනකට උවමනා රික්ෂෝ ගාස්තුවත් මෝටර් කුලියත් බස්වල හා දුම්රිය ග‍ාස්තුවත් රුපියල් දෙකකට වැඩිය. ඇත්තෙන්ම මේ දිනපතාම වාගේ කෙරෙණ වියදමකි.  කොළඹ  නගරයේ උත්සවයක් තිබෙතොත් මගේ ‍ලේලිත් එතන ඇත. ඉතින  ගමන් වියදමට රු. 2/- ක් ගියාම ඒ ක්රීඉඩා ස්ථානවලට දියයුතු ගාස්තුත් වෙනත් යාළු මිත්රටයනට කාරණ සංග්රාහයක් එකුත වුනාම මගේ ලේලිට සිල්ලර වියදම රුපියල් පහකුත් මදිය. ඉතින් අප්පේ මිනිහාට ලැබෙන මුළු පඩියමත් ස්ත්රී යගේ අතිරේක වියදමට මදිවුනාම කුමක් කරන්ටද?
නාගරික බදු-වැඩකාරයන්ගේ පඩි, කෑමට උවමනා හාල් පොල් ආදී ද්රකව්යය, මාළු එළවළු ආදිය, ඇපුල්ලුත් කුලි, කිරි, පාන්, ආදි උපකරණ වලට දිනකට රු. 5/- කුත් මදිය. ගෑණිගේ තනි වියදමට රු. 5/- කුත් ගෙදර පොදු වියදමට දිනකට රු.5/- කුත් මදිය. රු. 150/- ක පඩිකාරයෙක් වියදම් කරනකොට ඒ පවුලත් පවතීද? ඉතින් මගේ පුතාට දැවැදිදට ලැබුනු ඔවුන් පදිංචි ගෙට රු. 5000/- ක නය අරගෙණ තිබේ. ඒ නය දැන් එකට එක වෙලා! දැන් එක දිනකට බායියලා හතර පස් දෙනෙක් නේන දවසක් නැත. කිරිකාරයාත් පාන්කාරයාත් හත්අට මාසේ මුදල් 






පියදාස සිරිසේන නවකථා එකතුව 185


ගන්ට බැරිව දිනකට දෙතුන් විඩයක් එනවා-පුතා‍ෙග් පඩිය තීන්දු වෙච්ච නඩුවල නව හිමියන්ට කන්තෝරුවේදි ම ගෙවනවා. ඔහුට දැන් කන්ටවත් තේවතුර කොප්පයක් බොන්ටවත් නැත. මටග් ලේලි වැඩි ලක්ෂණකිරියෙක් නොවේ. ඒ නිසා ඈට වුවමනා මිත්රතයන් සමඟ හැසිරෙන්ට ඈ අතින්ම වියදම්ද කළයුතුය.

  මගේ පුතාගේ ගෙදර දොරකඩත් පාර අයිනෙත් නය කාරයන් හත්අට දෙනෙකි. ගෙදර ඔහුලේ භාර්යාව නමැති රකුස්සිය නිතරම සැරවැරයි. වැඩකාරයන් දෙදෙනෙකුත් එහි ඉන්නා පිරිසත් වෙලාවට කෑමත් තේවතුර ආදියත් නැතුව ලතවෙති. ඇත්තෙන්ම මගේ පුතා දැන් ඇටසැකිල්ලකි. හිතට කයට සැනසිල්ලක් නිවාඩුවක් ප්රීාතියක් නැති ඒ නරපනුවා අලි ගොනෙක් නිසා තවමත් ජිවත්වේ. මට පුද්ගලික වශයෙන් ලැබෙන නින්දා අපහාස අප්ර්මාණය. ඉතින් මෙසේ වීමට හේතුව මගේ පුතා බැඳපු ස්ත්රී ය ප්රනමාණය ඉක්මවු අධම ගර්හිත නීච තක්කඩි‍ මෝඩ අහංකාර මනුෂ්යශ ප්රේිතියක් විමය.
    ඈ ආශ්රකය කළ ස්ත්රීඅන්ට කිසිම භයක් චකිතයක් දකින්ට නැත. සමහර සිංහල පවුල්වලට තරුණ තරුණියන් යු‍සරෝපීයාදි අන්යි ජාතිවල පහත් මිනිසුන් සමඟ පවා ආශ්ර ය කරනවාට දෙමව්පියවරු අසතුටු නැත. සමහර දුරාචාරී අන්ය  ජාතිවල මිනිසුන් ඉතා උසස් අය ලෙස සලකති. ගුණ ධර්ම කුමක් දැයි නොදත් මවුපියන් නිසා උපදින දරුවන් ස්වභාවයෙන්ම ගුණධර්ම විරහිත මනුෂ්යම තිරිසන්නුය. එබඳු අය නීච ආශ්රදයට වැටුනු විට විජාතික මනුෂ්යු තිරිසනුන් වෙති. එබඳු අය නීචයන්ගේ ආශ්රුයටත් වැටි විජාතික ඉගෙණිමත් ලැබු කල කුමකින් කුමක් නොවේදැයි සලකා බැලිය යුතුය. පවුලක්වි විලිබිය ඇති මෙලොම පරලොව දියුණුව තකා වැඩ කිරිමට ගැහැණු ළමයින ප‍ුරුදු කරණ පාඨශාලාවක් දැන් නැත.
 නිදහස-ක්රීැඩාව-උසස් සුව පහසු ලැබිම-පැරණි චාරිත්රො වාරිත්ර් පිළිකුල් කිරිම- ස්ත්රිවය පුරුෂය යන භෙදයක් සිතිම අයුතු බව යනාදිය උගන්වන වර්තමාන ස්කෝලවල ඉගෙණ ගන්නාවු ගැහැණු දරුවන් විවාහවු පසු යක්ෂණියන්ටත් වඩා නරකය. අපේ රටේ දැන් ඉන්නා මුහුකුරාගිය අයගෙන් හතරෙන් කොටසක් වත් යථා ස්ථානයට පැමිණවිය නොහැක්කේය. දැන් කරන්ට තිබෙන උපක්ර්මය නම් කුඩා ගැහැනු පිරිමි දරුවන්ට ධර්ම ශාස්ත්රක දෙකම උගන්වන අතර ස්වකීය රටත් ජාතියත් කෙරෙහි ඇල්මක් ඇතිවන ඉගැන්විමක් සැලැස්විය යුතුය. පරදෙශිකයන් යටතේ හෙවත් පරදේශික අදහස්වලින් දුෂිතවු 




186 පසන් නිවස


ගුරුවරුන් යටතේ ඉගෙණිමක් ලබන දරුවා හිස් පුද්ගලයෙක් වන බව කොටින්ම සලකා ගතයුතුය.

රාමසිංහ - හිටින්ට, නෝනා මහතාගේ පැවැත්ම අසන්ට ගොස් තවත් ‍ෙනායෙක් කරුණු දැනගන්ට ලැබුනාට සතුටු වෙමි. ලක්වැස්සන්ගේ “ජාතික දිනයක්” සම්මත කරගන්ට පවත්වන ලද සභාවකදී එහි සිටිය එක්තරා පාදිලි කොනකු විසින් යොජනා කළෙ- ඉංග්රීදස්නට මුළු ලක්දිව යටත්වු දිනය “ලක්වැස්සන්ගේ ජාතික දිනය” වශයෙන් සැලකිය යුතු බවය. ක්රි ස්තියානිය තදෙන් පුරුදුකළ කෙනෙකු තුල අභ්යින්තරයේ සිංහල ජාතියේ සත් චාරිත්රි හා ගුණ ධර්මත් ඇතිවිය නොහැක. සිංහල සෙනගක් ඇතිවන්ට නම් සිංහල ගෞරවය පවත්නා ස්ත්රීධන්ිගේ කුසෙහි හටගන්නා දරුවන් ඇතිවිය යුතුය. ළමයෙකු පිළිසිඳගන්නා මාතෘ ගර්භය පරිශුද්ධ ජාතික හැඟිම් නැති නිශ්ඵල එකක්නම් කවදාවත් ඒ දරුව‍ා ගුණ නුවණින් යුක්ත කෙනෙක් ‍නොවේ. ජාතික හැඟීම් ඇතිකරන්ට පිළිවන් අවස්ථාව අපේ මහළු නෝනා තේරුම් ගෙණ තිබේද?

මහලු නෝනා - ඔවු සත්තකෙන්ම මට තේරේ. ඔන්න බලන්ට අපේ මෑනියන් හා පියාණන් පරණ තාලේ අයයි. සිංහල ජාතියේ ය යන අභිමානයක් ඔවුන් තුල නොපැවැත්තේය. නමුත් බෞද්ධාගම කෙරෙහි භක්තියාදරයක් උගන්වන ප්රතතිපත්ති ජිවිතයටත් වඩා ‍හොදින් ආරක්ෂා කලහ. ඉතින් එබඳු මවු පියන් නිසා උපන් මා තුලද ආගම භක්තියත් කුල චාරිත්රන කෙරෙහි ගෞරවයක් ඇති විය. ලජ්ජි භය අපේ ශ්රෙචෂ්ඨ ආභරණයක් ලෙස සැලකුවෙම්. “ශ්රීල ස්ත්රීචන්ගේ මහාර්යාභරණයකැ”යි කී පුරාණ මහා පණ්ඩිත මතය කවදාවත් සැහැල්ලු කොට නොසැලකු වෙමි. “ලෝක ප‍ාලන ධර්මයය, දේව ධර්මයය” කිසිදා අපේ ආගමේ උගන්වන ලැජ්ජා බය දෙකම මගේ ජිවිතය මෙන්ම සැලකුවෙමි. පුරාණ සියලුම සිංහල ස්ත්රීජන් කෙරෙහි පැවති ලැජ්ජා භයත්- ශ්රසද්ධාවත් ත්යාලගවත් භාවයත්- පරාර්ථකාමි කරුණාවන්ත භාවයත්- නිරහංකාර ගතියත් නිසා මුළු ලක්දිව උතුම්වු මනුෂ්යන ගුණයෙක් යුත් ජනයා විසුහ. ඉතින් මම මවුපියන්ගේ ගති ගුණ වලට සමාන පිරිසිදු ඉගෙනීමක්ද ලැබු‍වෙමි.


පියදාස සිරිසේන නවකථා එකතුව 187


  මා විවාහවුනාට පසු මගේ ස්වාමිපුරුෂයාගේ පාද පරිචාරිකාවක්- මිතුරියක් හා භාර්යාව යන යුතුකම් හාමදාම ආරක්ෂා කරගත්තෙමි. අප නිසා අටගත් දියනිය හා පුත්රයයාද අපේ ගතිගුණ වලට වඩා කොහෙත්ම අඩුවුනේ නැත. නමුත මගේ පුත්රතයා මිෂනාරි ස්කොලයකට යවා ඉංග්රී සි උගැන් වු බැවින් ඔහු තරුණයාවු පසු මත්පැන් ආදිය බොන පාප මිත්රායන් ආශ්රාය කිරිම නිසා අපේ මුල් තත්වයෙන් හුඟක්ම වෙනස් විය. ධනය මදිකම ඔහුට මහත් කරදරයක් වු බැවින් ස්ත්රීතයකගේ දායාදය ලොකුවට සැලකු ඔහු දැන් කසාද බැඳගෙන ඉන්නා ලෝටස් නමැති උරචක්ර මාලය ක‍ෙර් ලා ගත්තේය. රුපියල් පහ‍ෙලාස්දාහක් වටිනා ගෙයකුත් දෑවැද්දට දෙනවාය කිවු නමුත් සත පහක්වත් මුදල් දුන්නේ නැත. කෙනෙකුට නයට බැඳී තිබෙන පන්දාහක් ගෙවා නිදහස් කරගත යුතු නයකුත් සමඟ ගෙයත්-ඒ ගෙයි ඉඳිමට නියම්ම යක්ෂනියකුත් ලබාගත් ම‍ගේ පුතා තරම් කාලකන්නියක් මේ ලෝකයේ ඉන්නේ යයි මම ‍නොසිතමි.
  දෑවැදිදත්-වෙන වෙන ස්ටයිල‍ුත් ගැන නොසිතුවා නම් මගේ පුතාට ඉතාමත් ශික්ෂිත රූප සම්පන්න තරුණියත් විවාහ කරගෙණ හොඳින් කල දසාව ගෙවන්ට තිබුනා.
 මගේ පුතා පමණක් නොව දෑවැද්ද සලකා ගෙණ කසාද බඳින හැමදෙනාටම ලැබෙන්නේ “මීකුණකුත්” “සීනිබෝයකුත්” පමණක් බව දෙවෙනි දවල් සූර්යාමෙන් ප්රතකටය. නමුත් හැමදෙනාම  කොහොම වෙතත් සියේකට අසුපස් දෙනෙක් පමණ වධක, චොර සාවි යන දුෂ්ට භර්යාවන් ලැබිමට “ඉරණම’ ඇතිව ඉපදෙනා බව පෙනේ. “බඹා නිදි මතේ ඉස කෙටුවා වැරිදිය‍”යි ගම මායියා කෙනෙක් කීවාත් මෙන් මමත් මගේ පුතාට වුන විපත  ගැන නිතරම ‍මෙනෙහි කරමින් කනගාටු වෙන්නේමි”යි මහලු සිල්වා නෝනා කීයේය.


07. පරිච්ජේදය[සංස්කරණය]

   රාමසිංහ පඬිතුමා දෙහිවල “පසන් නිවසේ” තොරතුරු අසා පසන් නොවි අබයරත්න මහතා සම්බවෙන්ට ආයේය. ඇවිත් ඒ මහතා සමඟ සිනහ මුසුව කතාකරමින්  “අනේ මහත්මයා මේ ලෝකය බෝලයක් නුනා නම් එකම සතෙකුටවත් ජිවත්වන්ට


188 පසන් නිවස

වන්නේ නැත. බෝලය නිතරම පෙරෙළෙමින් පවත්නා අන්දමට මනුෂ්යව සචෙතනික සත්වයොත් මොහොතින් මොහොත විපරයාස වෙමි පැවතිය යුත්තාහුය. මේ කාලේ අපේ ලක්දිව ඉන්නා ස්ත්‍රීන් අතරෙන් නියම සිංහල ගති ගුණ සත්චාරිත්රාේදියෙන් යුත් රූපලාවනයාදියෙන්ද පිරිසුදු කුල ගොත්රණවලින්ද යුත් කෙනකු තෝරාගැනිම ඉතාමත්ම දුෂ්කරය.ත පරදාර සේවනාදි පවු නොකළ කෙනෙකුට අහම්බයකින් ගුණවත් පින්වත් ස්ත්රි.යකු ලැබේ. රටේ දුශ්චරිතත්-වල්බුරු නිදහසත් පැතිර යද්දි සාමාන්ය් මිනිසුන් අතර කුලචාරිත්රාෙභරණ විභුෂිත කුලස්ත්රීින් ඇතිවිම මදාරා මල්ගස් වැවිමටත්වඩා දුෂ්කරය. ඒ හෙයින් අබයරත්න මහතා විවාහයක් කරගැණිමේ අදහස තවත් කාලයකට යටපත් කළ මැනමැ”යි රාමසිංහ පඬිතුමා කියා යන්ට ගියේය.

 අබයරත්න මහතා කල්පනා කරන්ට පටන්ගත්තේය‍. “මට දැන් අවුරුදු 40 කට කිට්ටුවි තිබේ. වයස්ග්ත් වුවායින් පසු විවාහ විමත් කරදරයකි. අවුරුදු 60 කට වඩා මේ කාලේ ජිවත්වන්ටත ලැබෙන්නේ නැත. එහෙයින් ඉදිරියට ඉන්ට ලැබේයයි කියා හිතෙන අවුරුදු විස්සත් නිකම්ම හිටියොත් වඩා ‍හොඳ නොවේදැ” යි මෙසේ කල්පනා කරමින් ඉන්නාවිට තමාගේ මඟුල්කපුවා නවන අවුනේරිස් අප්පු ආයේය. හොඳට ඇඳ පැළඳගෙණ බලවත් සතුටු සිතකින් පැමිණි අවුනේරිස් අප්පු දෙස බලා “ඉඳගණින් අවුනේරිස අප්පු-රාමසිංහ පඬිතුමාට පින් සිද්ධවෙන්ට මම යන්තම් බේරුනා- වදක භාර්යාවකි ලබාගෙණ දුක් නොවිද ඉන්ට ලැබුනේ රාමසිංහ නිසාය”යි කීවේය.
  “ඔව් මහත්මයානනි, වැඩිකරට කරුණු විමසන කෙනෙකුට මොකවත්ම කරන්ට බැරිය. එක්තරා වෙදරාළ කෙනෙක් රාත්රිණ කෑම සඳහා එළවලු මාලු ගෙනෙන්ට ගොස් ඒ ඒ ද්ර්ව්යළ දෙස බලා මේක පිතට නරකය, මේක සෙමට නරකය, මේක වැතෙට නරකය, මේක වා පිත් දෙකට නරකය, මේක වා සෙම් දෙකට නරකය යනාදි වශයෙන් සිතා අන්තිමට රාත්රික කෑමට ලුනුවිල දඩු මිටියක් ගෙණ ගියේළු. “ලුනුවිල දඬු උඹේ ඉන්නා කෙනෙකුට ගෙණ ගොස් උයවා කාපන්නැ”යි කියා වෙද රාළගේ ගෙදර ඇත්තෝ දබර කළාය. ඉතින් වැඩිපුරු තොරන්ට ගියාම එකක්වත් ‍හොඳ වෙන්නේ නැත. ඒක නිසා කාරණා තුන හතරකින් හොඳ නම්-කාරනා තුනක් හතරක් නරක් වුනත් කාරියක් නැහැ නොවේදැ”යි අවුනේරිස් අප්පු ඇසුවාම





පියදාස සිරිසේන නවකථා එකතුව 189


අබයරතන මහතාට පිළිතුරු නැතිවිය.

  “ඔව් අවුනේරිස් අප්පු, උඹ කියන කතාව හැබැයි-ලෝක ස්වාමිවු තථාගතයන් වහන්සේ මත්පැන් බිඳක්වත් බිම නරක යිය වදාරණලදි. අබ්රැහ්මචරියවය‍ි කියන කාම සේවනයද හොඳ නැත කියා ඉක්බිති බ්ර හ්මචරියා රකින්නට අසමර්ථ නම් පරදාර සේවනයෙන්වත් වෙන් වන්ට වදාළේය. මත්පැන් මෙන් එහෙම පිටින්ම ස්ත්රීස පරිහරනයෙන් වැලකිය යුතු බවක් නොපෙනේ. පරදාරාවන් කරා යාම පමණක් අපරාධයක් පවක් බව පෙන්වා ත‍ිබේ. ස්ත්රීපන් අතර සම්පුර්ණ ධර්ම චාරිත්රාරදියෙන් යුත් පිරිසක් දැන් ලක්දිව සොයා ගැණිම දුර්ලභ වුවත් අපේ ජාතියේ පැවැත්ම සඳහාත් ඒ ජාත්යේ පින්වත් උත්තමයන් අධික කරණු සඳහාත් ස්ත්රී න් යථා ස්ථානයට පමුණුවා ගතයුතු නිසාත් ලොකු වැරදි වලින විනිර්මුක්තව නම්බුකාර අන්දමට කල්යවන ස්ත්රීපයක් ලැබුනොත් මටත් විවාහ වෙන්ට හිතය”යි අබයරත්න කීයේය.
  අබයරත්න මහතාගේ අවුනේරිසුත් කථාකරමින් ඉන්නා තැනට රාමසිංහ පඬිතුමා ද පැමිණියේ ය. තුනදෙනාම සිනාසෙමින් සතුටුව අබයරත්න මහතාගේ තේ සංග්රදය ද ලැබු පසු රාමසිංහ මෙසේ කියන්ට පටන්ගත්තේය.
 “මහත්මයාණනි, මට ‍ඊයේ සවස් භාගයෙහි ‘පසන් නිවසකි’ දකින්ට ලැබුනා. ඒ ඒ ගෙට නම් නාමයක් දි නැත. කොළඹ ගෙයකි. සවස්වරු‍වේ ඒ නිවස ලඟින් යන මට එහි මිදුලේ මවුත් සමඟ ක්රීාඩා කරන කුඩා දරුවන් දෙදෙනෙකු දැක ඒ මවගේත් දරු දෙදෙනාගේත් ඉතාමත් ප්ර‍සන්න මුහුණු දුටු මට ඒ පවුල ගැන විපරම් නොකර යන්ට හිතුනේ නැත. නමුත් වැඩිහිටි කෙ‍නෙකු දකින්ට නොසිටි බැවින‍ුත් මා කලින් නොදන්නා ගෙයක් බැවිනුත් කතා කරන්ට නොහාකිව ඒ කුඩා බංගලාවේ පසෙකින් පාර අයිනේ සිටියෙමි. එතකොට ඒ ගෙදර මහත්මයා ගෙදරට එන වේලාව වු බැවින් ගේට්ටුවට ටිකක් එහායින් හැසිමෙන මා දැක මා සමඟ ඉතාමත් සැලකිලිලෙන් කථාකොට විපරම් කරන්නේ කවරෙකුදැයි ඇසුයේය. ගුණවත් ‍සත්පුරුෂයෙක් බව හැඟුනු හෙයින් මෙසේ කිමි. “මහත්මයා තරහ නොවෙතොත් ඇත්ත කියන්නේමි. මා මේ පාරේ යන ගමන් මේ තාප්පය ඇතු‍ලේ ක්රීිඩා කරමින් සිටි කුඩා දරුවන් දෙදෙනාත් ඔවුන්ගේ මෑනියනුත් ප්රි.යංකර මල්ගසුත් බලමින් සිටිමි. හිතේවත් ඇසේවත් විස ගතිය් ඇතිව නොව හුදු කරුණාවෙන්ම බලාගෙණ ඉඳිමි”යි  කිවෙමි. එවිට ඒ 





190 පසන් නිවස


මහතා සිනාසි එන්ට ඒ අපේ නිවස-ඒ ඉන්නේ ම‍ෙග් නෝනාත් දරු දෙදෙනාත්ය.එන්ට ටිකක් කතකරමින් සිට යන්ට පිළිවනැයි කීවාම මම ද මහත් සතුටින් ගෙට වැඳුනෙමි. ඒ මහතා මට වැඩිවෙන්නට ආසනයක් දී මගේ පදිංචිය ඇසුයේය. මම වැල්ලවත්තේ ඉන්නා බවත් දැන් පැන්ෂන් පිට ඉන්නා ආණ්ඩුවේ සේවකයෙක් බවත් මගේ නම රාමසිංහ බවත් කීවාම මහත් සතුටට පත් ඒ මහතා නෝනාත් මට පියෙකුට මෙන් ගෞරව සහිතව ‍ෙ‍ත් පැන් හා රස කැවිලිවලින් සංග්ර්හ කලහ. ඉක්බිති “මොකද මහ්තමයා අපේ මේ පුංච් ගෙයත් අපත් ගැන ඔපමණ සතුටුවුනේ මන්දැ”යි කරුණාවන්ත නෝනා සිනාසෙමින් ඇසුවාය.

 “මම ‘පස්න නිවෙස්සොයා අප්ර සන්න භාවයට පැමිණ ඉන්නෙකිමි. මේ නිවස ඉදිරිපිට ‘පසන් නිවස’ යයි සිතියම් ලෑල්ලක් සවිකර නැතත් එය පසන් නිවසක් බව වැටහිමෙන් ටිකක් වෙල බලා සිටියෙමි. කරුනාකර ‍ෙලාකාර්ථය පිණිස මේ මහතාගෙත් නෝනා මහත්මයාගේත් සරණ බන්ධනය සිදුවුනු හැටි කියා ‍දුන්නොත්‍- විවාහයත් කරගැනිමට පරික්ෂා කරණ මගේම බෑනණු කෙකෙක්වන අබයරත්න මහතාට ද මහත් ප්ර යෝජන ලැබේයයි කීවාම ඒ ජයසේකර මහතා සහ නෝනා මහතාත් ඔවුනොවුන්ගේ මුහුණු බලමින් සිනාසෙන්ට පටන් ගත්හ. ඔවුන් දෙදෙනාම ගේ තුලට ගොස් මොනවාදෝ කතාකරගෙන නැවතත් එලියට අවුත් පුටු දෙකක වැඩිගෙණ මාත් සමඟ කථාකරන්ට පටන්ගත්ය.

ජය‍සේකර - මෙකද විවාහයක් කරගැණිම දුෂ්කර ක්රිුයවක් හැටියට අපේ මේ වාද්ධ මහතාට වැටහි තිබෙනවාද?

රාමසිංහ - ඇත්තෙන්ම දැලකින් සුලං බැඳිමටත් වඩා දුෂ්කර කාරණයක් ලෙස මට වැටහි තිබේ. කෙතරම් නපුරු අන්දවමට වැටහි තිබේද කිවහොත මම විවාහ බන්ධනයකට ඇතුළත් නොවි හැට අවුරුද්දක් ගතකළෙමි.

ජයසේකර නෝනා - (සිනාසෙමින්) මොකද හැමතැනදීම දකින්ට ලැබුනේ වධක බාරියන්ද?

රාමසිංහ - අනේ නෝනා මහ්ත්මයා වදකබාරියන් නොවන තැන් හත අටක් දැක්කා. නමුත් ඒ තැන්වල එක්කෝ සමි බාරිය, නැත්නම් චෝරබාරිය!

ජයසේකර - භාර්යවන් කී දෙනෙකිද?



පියදාස සිරිසේන නවකථා එකතුව 191


රාමසිංහ - හත්දෙනයි. මාතුබාරිය. හගිනි බාරිය. සඛි බාරිය, දාසි බාරිය යන හතර දෙනත් වදක බාරිය, චෝර බාරිය, සාමි බාරිය යන තුන්දෙනත්ය.

ජයසේකර - මුළු ‍ලෝකයේම ස්ත්රී න් සියය්ක ගෙන ගණන් බැළුවොත් මේ හත් කොටස බෙදන හැටි කො‍ෙහාමද?

රාමසිංහ - මහත්මයා කියන්නේ මුළු ලෝකයම නම් මට උත්තර දෙන්ට අමාරුයි. මක්නිසාද? මුළු ලෝකයම පිළිබඳව ගණන් හැඳිමට තරම් මට ශක්තියක් නැත. ඊටත් වඩා මුළු ‍ලෝකයේම ස්ත්රීටන් පිළිබඳව මා කල්පනා කළෙත් නැත. එයින් අප රටවාසින්ට වැඩි ප්රකයෝංනයක් ඇති බවද නොපෙනේ.

ජයසේකර - එසේ නම් මහත්මයා විපරම්කොට ගණන් බලා තිබෙන්නේ අපේ ලංකාවිපයේ ස්ත්රීඑන්ද?

රාමසිංහ - ඔව් අවුරුදු 25 කට නොවන කාලයක් නොයෙක් පළාත්වල ඇවිද පරික්ෂා කිරිමෙන් මට අවබෝධවි තිබෙන් අන්දම නම් හොඳින් දැකිවිය හැක. සිංහල ස්ත්රීනන් 100 ක් ගෙන බෙදා බැළුවාම ඇතිවන ප්රතතිඵලය මෙසේය:-

මාතු භාර්යාවෝ 3 සබි (මිතුරු) ,, 8 භගින ,, 7 දාසි ,, 2 සාමි ,, 30 චොර ,, 15 වධක‍ ,, 35 මුළු ගණන 100

ජයාසේකර නෝනා - අනේ අප්පේ අපේ රටට ගිය කල ඉතින් මහත්මයා මේ විනාශය ගැන කැමක් කල්පනා කර, තිබෙනවාද? භාර්යාවන් සිය දෙනෙකු අතර ඉතාමත් දුෂ්ට භාර්යාවන් අසුවක් ඉන්නා ජාතිය කෙතරම් පහත් පිරිහුණු ජාතියක් නොවේද ?

රාමසි‍ංහ - ඇත්තෙන්ම දැන් එහි ප්රපතිඵල අපටම පෙණෙන්ට තිබේ. දැන් අප රටේ ඉන්නා මිනිසුන්ගෙන් හෙවත් සිංහලයන්ගෙන් සියේට අසදෙනෙක් පමණ දුක්ඛිත පහත් කාලකණ්ණින් බව


192 පසන් නිවස


‍නොපෙනේද? තමන්ගේම බඩ වියතට උවමනා ආහාර පාන සපයාගන්ට බැරි ආත්ම ගෞරව නැති සුරාපානයේ ගැලුනු සුදුකෙළියේ යෙදුනු හොර මැර තක්කඩිකම් ආදයේ නියුක්ත සතුන් මැරිමාදි දුශ්චරිතමල ඇලි ඉන්නා ‍උසස් විමේ අදහසක් නැතිව එදා වේල කොහොම නමුත ලබාගෙන ජිවත් වෙන්ට කැමති මිනිසුන් අප රටේ කොපමණ ඉදිත්දැයි ගණන් බැලුවිට සියේට 80 වකටත් වැඩිය. මාතෘ භාර්යාව ආදි කොට ඇති උසස් භාර්යාවන් 20 දෙනා උපදින පිරිස නිසා ‍නොවේ නම් අද ලක්දිව නරකාවාටයකි.

ජයසේකර - ඇත්තෙන්ම මහතාණනි, අපේ ජාතික ප්රනතිසංස්කරණය මේ රටේ තිබෙන අනිත් සියලුම කරුණුවලට වඩා ඉක්මණින් කටයුතු බව පෙනේ. එසේ නොවේද?

රාමසිංහ - ජාතික ප්රකතිසංසකරණය ඇති කිරිමට සාධාරණ ප්ර්බල ආණ්ඩු බලයක් ඇතිවිය යුතුය. නිරිවද්යරවු ජාතික ඉගැන්විමකුත් රටේ සමෘද්ධ භාවයත් ඇතිවනතුරු ජාතික ප්රකතිසංස්කරණයක් ඇති නොවේ. එහෙත් සුළු වශයෙන් අප්රාකට වශයෙන් කළහැකි ප්ර තිකර්මයක් නම් තිබේ.

ජයසේකර - ඒ කුමක්ද?

රාමසිංහ - එකිකෙක පවුල්වල ධර්ම ප්රයතිපත්ති දියුණු කර ගැණිමයි. පින්වත්වු ද සුවච කීකරු‍වු ද දරුවන් ලැබිමට තිබෙන එකම උපක්ර මය මවුපිය දෙදෙනාගේ පිරිසිදු පැවැත්ම හෙවත් ධර්ම ප්රමතිපත්ති්යේ යෙදිම බව අපේ මිනිසුන්ට අවබෝධකර දීමය.

ජයසේකර - දැන් ඉන්නා ප්ර්තිපත්ති නොපුරන කෙනෙක් ධර්ම ප්රබතිපත්තියෙහි හැසුරුනොත් සිංහල ජාතියේ මිනිස්සු යථා ස්ථානයට පැමිණෙද්ද?

රාමසිංහ - තරුන කාලේ පටන් පස්පවු දස අකුසල් කරමින් කල් ගතකොට නාකි වුනාට පසු සිල් ගන්න මිනිසුන් හා ස්ත්රීපන් නිසා ජාතියට වගතුවක් විය නොහැකි. එසේ නාකිවුනාට පසු පවු කරන්ට බැරි කල්හි ප්ර තිපත්ති පිරිම නිසා ඒ ඒ අය යම්කිසි ‍හොඳක් විය හැක. රටටද ආදර්ශයකි. නමුත් ඔවුන් ප්රාතිප්ත්ති විරහිතව විසු කාලය තුල උපන් දරුවන්ගේ උත්කෘෂ්ට භාවයක් ඇතිවිය නොහැක. ප්රතතිපත්තිකාමි මවෙකුත් පියෙකුත් නිසා උපදින දරුවා නැවත ඉතා හොඳ



පියදාස සිරිසේන නවකථා එකතුව 193


ඉගෙණිමටත් ප්රනතිපත්ති ගරුත්ව යටත් පැමිණියොත් අන්න ඒ දරුවා දෙවියන්ට සමාන මහෙශාක්යි භාවයෙනුත් ආත්ම ගෞරව වීර්යාදි උතුම් ආර්ය ගුණයෙනුත් යුක්ත කෙනෙක් වනු නැස‍ැකය. අද මෙහි පැමිණියේ මහත්මයාත් නෝනාත් ඉතා වාසනාවන්තව සුඛ්තව ඉන්නා හැටි දැකලයි. ඉන් නිසා තමුන්නාන්සේලාගේ නම්බන්ධය මට කියා දෙන්ට.

  ජයසේකර මහතාත නෝනාත් සිනාසෙන්නට පටන්ගත්හ. ඔවුන්ගේ සම්බන්ධවිම ජයසේකර මහතා විසින් කියයුත්යයි නෝනාත් ‍නෝනා විසින් කියයුතුයයි ජයසේකර මහතාත් ඔවුනොවුන්ට ඇවිටිලි කළෝය. අන්තිමේදි ජයසේකර නෝනා කාමරයට ගොස් ලියුම් වගයක් ද ගෙණවුත් අතේ තබාගෙණ ඔවුන්ගේ සරණ බන්ධනාරම්භයේ පටන් තොරතුරු මෙසේ කියන්ට පටන් ගත්තා ය.
“මගේ මවුපිය දෙදෙනා ඉතාමත් හොඳ ප්රුතිප්තතිකාමිහුය. මට ඉගෙණගන්ට ලැබුණු ස්කෝලයත් හොඳ එකකි. ඉතාමත් කුඩා කාලයේ පටන් “ධර්ම ප්රුතිපත්තිය ලෝකයේ තිබෙන ඉතාමත් අගනා වස්තුවලටත් වඩා හොඳය”යි මට වැටහීමක් තිබුණේය. පෙරදිග ස්ත්රීමන්ගේ චාර්ත්රඩ එකක්වත් අත්නොහල මමත් මෑනියනත් එක් දිනක ‍ගමේ පන්සලට ‍ගොස් බුදුන්  වැඳ එන‍කොට පාර අයිනේ ගෙවල් නැති හරියේදි වැස්සක් ඇතිවිය. අප සමඟ තවත් හත් අට දෙනෙක් සිටියහ. තරුණියන් ආදි ස්ත්රිඅන් වැස්සට බයේ ඒ කට්ටිය දුවන්ට පටන්ගත්හ. නමුත් අම්මාත් මාත් දෙදෙනා අතේ කුඩයක් නැති බැවින් තෙමි තෙමිම පියවි ගමනින් ගියෙමු. හැතැප්මකින් අටෙන් පංගුවක් පමණ දුර යනවිට ගෙයක් තිබුනේය. තවමත් වසින නිසා අපි ඒ ගෙට ගොඩ වැඳී ඉස්තෝප්පුවේ සිටියෙමු. ඒ වේලා‍වට බොහො දෙනෙක් ඒ ගෙදර සිටියහ. මේ මගේ මහතමයාද එහි සිටියේය. ඒ ගෙදර නෝනාවරු අපට වාඩිවෙන්ට කි නමුත් වතුර බේරෙණ ඇඳුම් සහිත අපට ව‍ාඩිවෙන්ට බැරිව ටික වේලාවක් එහි ඉඳ වැස්ස පැවු බැවින් අපි ගෙදර ගියෙමු.
    මහපා‍ෙර් නොදුවා තෙමිතෙමි සෙමින් ගිය අපි තෙත ඇඳම් ඉවත්කොට සුවසේ සිටියෙමු. වැස්සට බයේ හත‍ිදාගෙන් දිවු අපේ කාණ්ඩයේ එක් තරුණියක් දුවද්දි ගලක හැපි වැටිමෙන් තුවාල වු බවත් පසු දින ආරංචි විය. පසු දින අපේ ගෙදර තලතුනා වැදගත් මහතෙක් අවුත් අම්මාත් තාත්තාත් සමඟ මඟුල් ජෝඩුවක් කරගන්නා




194 පසන් නිවස


බව මට දැනුනේය.

   “පුදුමයක් කුලතුංග මහතාණනි, මගේ හාමිනේත් දියනියත් ඊයේ මහ වැස්සේ තෙමිතෙම ආවාට ඉෂ්ට විපාකයක් ලැබෙන්ට වාගේය. හොඳයි  කුලතුංග මහතා මේ මඟුල් ජෝඩුව කරන්නේ කවුරුන් පිළිබඳවදැ”යි අපේ පියා ඇසුයේය. එවිට ඒ මහළු කුලතුංග මහතා උගුරේ රැල් බුරුල් හැර මේ මහතාගේ මවුපිය පරම්පරා ආදියේ පටන් වත් පොහොසත් කම් උගත්කම් කරණ රක්ෂාව ආදිකොට ඇති සියල්ලම කියේය.

අ‍පේ පියා - ‍ හොඳයි බොහෝම ‍ෙහාඳ කෙනෙක් අපට වඩා සමහර කරුණු වලින් උසස් කෙනෙක්-ඉතින් ඒ මහතා අසරණවු මගේ දියණිය කසැද බඳිවිද? දැවැද්ද කීයක් බලාපොරොත්තු වෙනවාද? කුලතුංග - ඒ මහතා දෑවැද්ද ගැන බලාපොරොත්තුවක් කිවේ නැහැ. මහත්මයාගේ දියණිය ගැණ විශේෂ පැහැදිමක් නිසා මා පිටත්කර එවා තිබේ. මට කීවේ මහත්මයාලා කැමති නම් ඒ මහතා මෙහාට පැමිණිමට මහත්මයාලාගේ කැමැත්ත ලියමනකින් දන්වන ලෙසය. හැබැයි එසේ එවන ලියමන මනමාලියගේ අත් අකුරෙන් ලියා පියා ‍හෝ මව විසින් අත්සන් ලද්දක් විය යුතුය.


     ඉතින් අපේ තාත්තා මවුටත් කථාකොට මේ ජය‍සේකර මහතාගේ පණිවුඩය ගැණ සැලකිලිවන්න විය. අපේ ආරාධනයක් නැතිව ඒ මහතා නේන එකත් හොඳ කාරණයකි. බාගවෙලාවට අපේ දියණිය විසින් ලියනලද ලියුමත් ලබා ගන්ට හදන්නේ  ඒ ලමයාගේ අත් අකුරු බලාගන්ට විය හැක. ඇත්තේන්ම ඒකත් ප්ර්ඥගොචර වැදගත් අදහසකි. “අක්ෂර පරික්ෂණ විද්යාේව” හොඳින උගත් කෙනෙකුට යම් කෙනෙකුගේ ගති ගුණ ආදිය අකුරුවලින්ම විනිශ්චය කර ගත හැක්කේය. මේ ජයසේකර මහතා කෙන්ද්රන බැලීමට වඩා අකුරුවලින්ම අපේ දියණිය‍ගේ චරිතය විමසන්ට කල්පනා කළ කෙනෙක් විය හැක. ඇත්තෙන්ම මංගල්ය‍ය හරිගියත් නොගියත්  මෙබඳු කෙනෙකුන් දකින්ට ලැබිමත් මහත් වාසානාවකැයි කියා  “එන්ට සුනන්දා ‍මෙන්න මේ විධියට කුඩා ලියමනක් ලියාපන්නැයි තාත්තා මට කියේය.



පියදාස සිරිසේන නවකථා එකතුව 195


මහත්මයාණෙනි,

  අප නිවසට මහත්මයාගේ පැමිණිම ගැණ අපේ අමනාපයක් නැත. කැමති දිනයක් එසේ පැමිණියත් සවස දෙකටත් පහටත් අතර විය යුතුය.

මේවගට-අවංකවු,

  මෑණියන් ලවා අත්සන්කරවා මේ ලියමන කුලතුංග මහතාට දෙන ලදී’
    ඉතින් දින තුන හතරකට පසු කියා තිබුනු වේලාවට මේ මහත්මයා ආවේය. අපේ මවුපියන් දෙදෙනාත් ආච්චිත් විසින් පිළිගෙණ තතාබස් කළොය. මමද එලිය පහලයේ සිටියෙමි. මහ්තමයාට මා සමඟ කතාකරන්ට බොහොම කැමති බව පෙණුන නමුත් කතාකළේ නැත. ඉතින අපේ මවුපියන්ට කේන්දර බැලිම අවශ්යණව තිබෙන් හෙයින් මහ්තමයාගේ කේන්දරයේ පිටපතක්ද අපේ තාත්තා ඉල්ලාගත් පසු අප විසින් කරණලද තේවතු සංග්රේයත් විඳ යන්ට ගියේය. ගොස්න් පසු දින ලියමනක් එවා තිබුනේය.
 ඒ ලියමන කියවන්ටදැයි රාමසිංහ මහතාගේ අසන කොට ඇත්තෙන්ම ඒ ලියමන අවශ්යියෙන්ම කියවිය යුතු එකකැයි කි බැවින් ජයසේකර මහාත සිනාසෙද්දීම කියවනට පටන් ගත්තාය.