Jump to content

පියදාස සිරිසේන නවකථා එකතුව- 05-පසන් නිවස ii

Wikibooks වෙතින්

08. පරිච්ජේදය

[සංස්කරණය]

නමො බුද්ධාය.

කරුණාවන්ත සුනන්දා නෝනා වෙතටයි,

  විවාහයක් කර ගැනිමට ප්ර ථම කල්පනාකර බැලීම ස්ත්රී  පුරුෂ දෙපක්සයේම යුතුකමකි. ඒ නිසා මගේ තත්වය සංක්ෂප වශයෙන් කියමි. අප දෙදෙනා සතුටු නම් අපේ සම්න් ධය ඇති කරගත හැකි බව පෙනේ. මම සුනන්දා නෝනාගෙන් ප්ර ශ්න කිපයක් අසමි. ඒ ප්ර්ශ්න “ගර්හත” යයි ‍ෙනාසිතනු මැනවි. ගර්හිතය කියතත් නොකියතත් මගේ තත්වයේ හැටියට නො අසා ‍ෙනාහැකිය.

‍ 1 ආදායම දිනකට රුපියල් හතරකට වැඩි ‍ෙනාවේ. එයින් සැපසේ කල්ගත කරන්ට හැකිද? 196 පසන් නිවස

2 ස්ත්රිපන්ටත් පුරුෂයන්ට මෙන් නිදහසත් දේශපාලනය ආදි බැරැරුම් කටයුතු උවමනායයි ‍නෝනා සිතන්නේහිද?

3 ඉවුම් පිහුම් ගෙදර ‍දොර බලා ගැනිම ආදි සියලුම කටයුතු මෙසේ වැඩකරුවන් නැතිව කරගත හැකිද?

4 මා විසින් ගෙණත් දෙන්ට යෙදෙන රෙදි පෙරෙදි නරක යයි කියා කෝලාහල නොකර ඒවා සතුටින පරිහරණය කරන්ට පිළිවන්ද?

5 මා විසින් ගෙනෙන ආහාර ද්‍රව්යිවල හරි වැරදි නොකිය මොනවා ගෙණාවත් හොඳින් පිළියෙල කරගන්ට පිළිවන්ද?

6 වන්දනා ගමන් සභාවලට යාම් ආදි කටයුතුවලට නොයන වායි අවලාද කියන්නෙහිද?

7 දරුවන් ලැබුනොත් ඒ දරුවන්ට තමාගේම කිරි පොවා ආයාවරු, අම්මාවරු නැතිව හදාවඩාගන්ට පුළුව්නද?

8 හැම වේලේම ප්රීවතයෙන් සෙල්ලමෙන් කාලය ගතකරන්ට පිළිවන්ද?

9 ස්වාමියා නැතිව කෙතරම් හිදස්සියකදිවත් ගෙයින් පිටත නො‍ගොස් ඉන්ට පිළිවන්ද?

10 දෙමවුපියන් ආදි ඉතා හිතෛෂින් සමඟවත් අපේ අඩු ලුහුඬු හා හරි වැරදි නොකියා ඉන්ට පිළිවන්ද?

යන මේ කාරණා දහයට පිළිතුරු ලැබුනු හැටි බලාගෙණ විවාහය තීන්දු කරගත යුතුව ති‍බේ.

මේවගට, බලාපොරොත්තු ඇති ධ.ජයසේකර රාමසිංහ - ඇත්තෙන්ම ඉතාමත් හොඳ ලියමන. නමුත් එක කරුණක් මඟ හැරි තිබේ. සමහර විට උගත් ශික්ෂිත මවකගේ දරුවෙක් නිසා අපේ ජයසේකර මහතා ඒ ලියමනේ නොයෙදුවා වෙන්ට ඇති. ජයසේකර - මොකක්ද මහතාණෙනි ඒ කරුණාකර අප දෙ‍න්නාගේම දැන්ගැ නිම සඳහා එය කියා දෙන්ට. රාමසිංහ - ලෝකයේ ඉන්නා තරම් නරක ස්ත්රීඅන්ගේ ඉතාමත් කැත

පියදාස සිරිසේන නවකතා එකතුව ‍197


සිරිත නම් “ස්කවාමිපුරුෂයා කොයිබවත් සිට ගෙදර ආ හැටියේ ඕපාදුප දුක්ගැනවිලි අඩුපඩු කරච්චල් හා පුරුෂයාගේ වැරදි කීමත් කොයිබවත් යන්ට ලැස්තිවන විට එබඳු කිමත් හා සමාන වරදක් වෙනින් ඇත්තේ නැතත.

ජයසේකර නෝනා - මහත්මයා කියන්නේ පුරුෂයා ගෙදරට පැමිණි විටත් ගෙදරින් පිටත්ව යන විටත් හරි වැරදි අඩුපාඩු කියමින් කලහ කිරිමද?

රාමසිංහ - ඔව් නෝනා මහත්මයා. ඒ කාරණය වධක භාර්යවන්ටම නියමවු දුශ්චරිතයකි. ගෙදර ගිය හැටියේ ඕපාදුපත් මැසිවිලිත් කියන ස්ත්රීනයක් ලැබු මගේ මිත්රියෙක් ගෙදර යන්නේ ඔක්කොම නිදාගත්තාට පසු රාත්රිත එකොළහට තරමයි. මක්නිසාද? ඔහුගේ මො‍ෙල් නරක්විමෙන් නිදාගන්ට ‍ෙනාලැබෙන බැවින්ය. ගෙදරින් පිටවෙන්ට ප්ර‍ථම ඕපාදුප කරච්චල් ඉදිරිපත් කිරමින් සන්ඩුකරන භාර්යාවක් ඉන්නා මගේ මිත්රට මහත්මයෙක් මට කිවේ පුදුම කථාන්තරයකි. ඔහුගේ භාර්යාව සන්ඩුකරද්දී වගපල කියද්දි ගෙදරින් පිටවී ගිය දවසක් ඇත්නම් තුවාලයක් අලාභ හානියක් සිද්ධ නූන දවසක් නැත්තේළු. එසේ නුනා නම් ඔහු බලාපොරොත්තුවෙන් ගිය කාරණය කවදාවත්ම ඉෂ්ට ‍වන්නේ නැතිළු.

ජයසේකර ‍නෝනා - ඇත්තේන්ම රාමසිංහ මහතාණෙනි. ස්වාමිපුරුෂයා ගෙදර ආ හාටියේ අප්රවසන්න කතාබස් ඉදිරිපත් කරන ස්ත්රීසයක් කිසි කාලයක විවාහයට පත්විය යුතු නොවේ. මිලඟම අතිත ආත්මයේදි තිරිසන් අපායේ හෝ ප්රේයත ‍ලෝකයේ උපන් ස්ත්රීමයකටම මිස එබඳු ගර්හිත නීච ගතියක් වෙන කාටවත්ම පිහිටන්ට බැරිය. ඈ ඉතාම පහත් වනචර මවුපියන්ගේ දියණියක් විය යුතුය.

රාමසිංහ - ඉතින් අපේ කතාව දික්වුනා නෝනා මහත්මයා ජයසේකර මහතාට එවු ලියමනාට යවනලද පිළිතුරු ලියුම මට පෙන්නුවෝත ලොකු සංග්ර්හයකි.

ජයසේකර නෝනා - ඔව් මට මගේ මහත්මයා විසින් එවන ලද ලියමන අම්මා ‍ෙපන්නුවාම ඊට සුදුසු පිළිතුරු ලියා යවන්ටයයි මට අම්මාගෙන් අවසර ලැබුනා. ඉතින් කිසිවෙකුගෙනුත් ගුරුකමක් නාසා මා කැමති අන්දමට පිළිතුරු ලිවෙමි




198 පසන් නිවස


මෙන්න ඒ ලියමන:-

නමො බුද්ධාය.

කරුණාවන්ත මහතාණෙනි,

තමුන්නාන්සේ විසින් එවනලද ඉතා වැදගත් ලියමන ලැබි ඉතාමත් සැලකිල්ලෙන කියවා බලාගතිමි. මා කසාද බඳින අදහසක් ඇතිකර ගන්ට හෝ නොගන්ට ප්ර ථම මගෙන් පර. ැශ්න දහයක් අසා තිබේ. ඒ ප්රචශ්න දහයට පිළිතුරු දෙන්ට ප්රරථමයෙන් තමුන්නාන්සේගේන් ප්රයශ්න දහයක් ඇසිමට සිද්ධවි තිබේ. මේ මා අසන ප්ර ශ්න දහයට පිළිතුරු ලැබුනායින් පසු මගේ හිතට රුචිවුනොත් තමුන්නාන්සේලේ ප්රශශ්න දහයට පිළිතුරු එවන්නෙමි.

1- තමුන්නාන්සේට අයිති නයතුරුස් නැති නිරවුල් වාසස්ථානයකි ති‍බෙනවාද?

2- සවස 6ට ප්රඅථම ගෙදර පැමිණිම සිරිතක් ද? නැතහොත් යහලු මිත්රායදින් සමඟ කාලය ගතකොට නියම පිළිවෙලක් නැතිව හිතුන වේලාවක ගෙදර ඒම සිරිකත්ද ?

3- මිට ප්ර ථම තවත් තරුණියන් සමඟ විවාහ වීම පිණිස ලියුම් කියුම් ගණුදෙනු කරගෙණ තිබෙනවාද? එසෙ නම් කී දෙනෙක් සමඟද?

4- රේස් බලන්ට යාම සිරිතක් ද?

5- කඩදාසි කුට්ටමේ කොල අඳුනනවාද? එහි බුරුවන් කි දෙනාද?

6- ලැබුනාවු දෙයක් කාලා සතුටු වෙන්ට පිළිවන්ද?

7- මත්පැන් බිමට පුරුදු ද?

8- සිගරැටි ‍ෙහා සුරුට්ටු සඳහා මාසයකට යන වියදම කියද?

9- විවාහ වන්නේ පස්කම් සැපම සලකාගෙනද? නැතහොක් උසස් පරම්පරාවක් ඇති කිරිමේ අදහසින්ද, නැතහොත් ඒ දෙකම සලකාගෙනද?

10- එකම ස්ත්රීේයක ඇර අනිත් ලෝකයේ ඉන්නා මව, නැන්දනිය, සහෝදරිය ආදින් මෙන් සලකන්ට තරම් ශක්තියක් තිබේද?

පියදාස සිරිසේන නවකතා එකතුව 199


  යන මේ කාරණා දහයට ලැබෙන පිළිතුරු බලාගෙන තමුන්නාන්සේගේ ලියමනට පිළිතුරු එවන්නේමි.

මේවගට-යටහත් කීකරු, සුනන්දා.

රාමසිංහ - ඉතින් නෝනා මහත්මයාගේ ලියමනට පිළිතුරු ලැබුනාද?

ජ: නෝනා - ඔව් දෙවෙනි දවසේම පිළිතුරු ලැබුනා. ඒ පිළිතරු මෙසේය.

නමො බුද්ධාය.

කරුණාවන්ත සුනන්ද නෝනා වෙතටයි.

   මා වෙත එවන ලද ලිපිය බලා මහත් ප්රීෙතිටය පැමිණියෙම්. මා විසින් සුනන්දා නෝනා‍ගෙන් අසා එවනලද ප්රාශ්න දහයට වඩා වටින ප්රිශ්න දහයක් මගෙන් අසා එවා තිබේ. මේ ප්ර ශ්න පිළියෙල කරණ ලද්දේ නොනා මහත්මයා විසින් නම් මා අසන ලද ප්ර ශ්න වලට පිළිතුරු දුනුන්නත් කමක් නැත. නමුත් මේ ලෝක‍ය මායාවෙන් පිරි තිබෙන එකක් බව සුනන්දා නෝනාත් දන්නාවා ඇති. කාය වාත් මනඃ වන ද්වාරත්රිය ම ඒ කි භාවයේ යොදා ක්රිාය කරන්නෝ ඉතාමත් දුරුලභ වෙති. ඒ එසේද වුවත් සුනන්දා නෝනාගේ අරුථාන්විත ගැඹුරු ප්රෝශ්න දශයට යථා ක්රදමයෙන් මෙහි පිළිතරු ලියමි.

1- මට අයිති කුඩා ගෙයක් තිබේ. එය දැනට රුපියල් 30 ‍ගණනේ මාස් කුලියට දි තිබේ. ඒ සම්බන්ධයෙන් කිසිම ආරවුලක් හෝ නය තුරහක් නැත.

2- සවස 6ට ප්ර ථම ගෙදර ඒම සිරිතයි. නමුත් වැදගත් කථාවක් හෝ ධර්ම දේශනාවක් අසන්නට ප්රඩස්ථාව ලැබුනොත් එදාට ප්රතමාද වෙන්ටද යෙදුනු වාර මට මතකය.

3- මිට ප්ර ථම තරුණියන කෙරේ මගේ සිතේ ප්රයසන්නයක් ඇති කරන්ට බැරි වුනා. තරුණියකට පළමුවෙන්ම ලියමනක් ලිවේ සුනන්දා නෝනාට පමණකි

4- රේස් බලන්ට යාම සිරිතක්වි තිබෙන්නේ සුදුකාරයන් හා සුදුකාරියන් අතර පමණකි. මමත් රේස් පිට්ටනිය දනිමි. අශ්වයන් දුවන හැටිත් දැක ත‍ිබේ- එහෙත් මුදලක් ගෙවා ඇති එහි ඇතුල්විමට තරම් අපලයක් මෙතාක් ලැබුවේ නැත. 200 ‍පසන් නිවස

5- කඩදාසි කුට්ටමේ කොල ජැක් සමඟ 53 යිය අසන ලදි. නමුත් එහි සිටින බුරුවන් හතරදෙනාත් සමඟ තවත් වල් බ‍ුරුවෝ කිදෙනෙක් එක්වෙද්දැයි නියම වශයෙන් කියන්ට නොදනිමි.

6- මත්පැන් බිමේ පුරුද්දක් නැත. පුරුදු නැති බො‍හෝදෙනා කසාද බඳිමේ ආනිසංසයක් වශයෙන් මත්පැන් බිමට පුරුදුව සිටින බව නම් දැනගතිමි.

7- ලැබුනාවු දෙයක් කාලා සතුටුවෙන්ට තබා නොලැබුනොත් ‍නොකා නොබි සතුටු වෙන්ටත් මට පුරුද්දක් තිබේ.

8- සුරුට්ටු සිගරැට් සඳහා මගෙන් කිසිවක් වියදම් නොවේ. එහෙම අනවශ්ය වියදම් කිරිමට තරම් ධනයක් මට ඇත්තේ නැත.

9- මා විවාහවන්ට කල්පනාකළේ සුවච කීකරු ප්රි්ය භාර්යවක් සමඟ පස්කම් සැප විඳුමත් අපේ “ජයසේකර” පෙලපත වඩා හොඳින් බැබලවිමට තරම් පින්වත් පුත්රප දුහිතෘන් දෙතුන් දෙනෙක් ලබාගෙන පින් දහම් කොට මරණින් මතු සුගතියක ඉපදිමත් සලකාගෙනය.

10- මේ ප්රගශ්නය ඉතාමත් ගැඹුරු එකකි. අපේ පළමුවන ශ්රීප පරාකුමබාහු රජතුමායටත “පරනාරි සහොදර” යන විරුදු නාමයක් තිබුනු බව ඉතිහාසයේ පෙනේර. අප වැනි දිලිඳු දුර්වල මිනිසුන්ට එබඳු නාමයක් අනායාසයෙන්ම රැක ගන්ට බැරි නැත. නමුත් දැන් ලක්දිව පරදාර පරපුරුෂ සේවනාදියෙන් දුෂිතව පවත්නේ තිරිසන් ගතියෙන්වත් යුත් ශිෂ්ටාචාර මිනිසුන් විරලවිම නිසාය.

 මගේ ප්රුශ්න දහයට උත්තර බලාපොරොත්තුවක් නැත. සුනන්දාට මේ පිළිතුරෙන් සතුටුවිය හැකිනම් නීතිප්රතකාර විවාහයට සතුටු වෙමි. මක්නිසාද? මා විසින් අසනලද ප්රවශ්නවලට සතුටුදායක පිළිතුරු දිමට තරම් දක්ෂ බව මගෙන් අසන ලද ප්රලශ්න වලින්ම අවබෝධවන බැවිනි. ලබන ඉරිදා සිරිත් ප්රනකාර අපේ ඥතීන් දෙතුන්දෙනෙකුත් සමඟ ඔහාට එන්ට කැමතිය. ඊට සතුටු නම් දන්වා එවනු මැනවි.

මේවගට-හිතවත්, ධ.ජයසේකර.

ඉතින් මේ ලියමන මම කියවා බලා අම්මා අතට දුනිමි-අම්මා තාත්තාට පෙන්වා ඔවුන් පුදුමව මා කැඳවා “සුනන්දා, මේ ජයසේකර මහතා පුදුම කෙනෙකි. මේ එවා ත‍ිබෙන ලියමන



පියදාස සිරිසේන නවකථා එකතුව 201

ඒකාන්ත ශ්රිද්ධාවෙන් අවංකව ලියා තිබෙන එකකි. අපි වටින් පිටිනුත් ‍සෝදිසි කළා.

  ප්රසතිපත්ති නමැති දම්වැලෙන් බැ‍ඳුනු කෙනෙකි. කොපමණ අවශ්ය  වුවමනාවක් වුනත් සතෙක් මරන්නේවත්, අනසතු දෙයක් ගන්නේවත්. පරස්ත්රී.  සේවනය කරන්නෙවත්, බොරු කියන්නේවත් නැති කෙනෙක් බව හොඳින් දැන ගතිමි. සුනන්දාගේ බලාපොරොත්තුවට සමාන කෙනෙකු නිසා උඹේ කැමැත්ත දන්වා යවන්ටයයි කීවාය. මවුපියන්ගේ කැමැත්තෙන් අවසර ලත් මා විසින් මගේ මහත්මයාට ලියන ලද අන්තිම ලියමනෙන් පසු සති දෙකකින් විවාහ ජිවිතට ඇතුලත්වු අපි දැන් අවුරුදු හතරක් පසුකෙළෙමු. මේ අතරතුර එනම් දවස් 1550 ක් තුල එකම දිනයකවත් අප්රුසන්නව අමනාපව-යමක් වැරදුනායයි පසුතැවිල්ලෙන් කාලය ගත නොකොළෙමු. ඉතින් අපේ ජිවිත කතාව ඔපමණය”යි සුනන්දා ජයසේකර ‍නෝනා කිවු පසු මහත් සතුටට පත් රාමසිංහ ජයසේකර මහතාට සහ නෝනාටත ස්තුති කොට යන්ට ගියේය.


09. පරිච්ජේදය

[සංස්කරණය]
    පසුදින උදේ අභයරත්න මහාත සම්බවෙන්ට ගිය රාමසිංහ මහතා දුටු හැටියේ ‍හොඳ විහිලුකාරයෙක් වන අබයරත්න මහතා සිනාසෙමින් “රාමසිංහ උන්නැහේ මඟුල් ‍ජෝඩු කිරිමත් මගේ කසාද බැඳිමත් දෙකම එක වාගේය. ඒ නිසා විවාහ පරීක්ෂාව නවත්වා අපේ ඉතුරු කාලය පිණක දහමක් ගැන කතා කරමින් කාලය ගත කරමුදැ”යි කීය.

රාමසිංහ - ඇත්තෙන්ම ඒක බොහොම හොදා?

අබයරත්න - ඉතින් මහණ වෙතොත් කොයි පන්සලේද?

රාමසිංහ - අන්න ඒක තමයි විසඳාගත නොහැකි ප්රලශ්නය‍. දැන් කාලේ මිනිසුන්ට වෙලා තිබෙන්නේ ගිහිගෙයි ඉන්ට හැටියකුත් නැහැ-මහණවෙන්ට තැනකුත් නැහැ-“ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී” යන්න තමයි අපට වුනේ.

(මේ වේලාවේ අවුනේරිස් නමැති මඟුල් කපුවාද පැමිණියේය.)

මෙන්න-අවුනේරිස් අප්පු අපේ අබයරත්න මහතාට විශ්වාස කටයුතු උසස් චරිතයක් ඇති ස්ත්රිියක් ලබාගන්ට බැරිය කියා

202 පසන් නිවස

මහණවෙන්ට කාත කරනවා-මොකද උඹේ කල්පනාම?

අවු‍නේරිස් - අනේ පණිඩිත මහතාණනි. ඔච්ච්රය දුරට කල්පනා කරන්ට ගියොත් මේ ලෝකේ ඉඳුමක් වෙන්නේ නැහැ. ස්ත්රීවන් නරක බව, කපටි බව කවුරුත් කියනවා. වනමේ රජුගේ බිසව කළ හරිය කියමින් අපේ නැන්දා කෙනෙකු අපි නිතරම කවටකම් කරණවා. ඉතින් ඕවාත් ගණනකට ගන්ට පුළුවන්ද?

අබයරත්න - ඒ වනමේ රජ්ජුරුවන්ගේ කතාන්තරය උඹ දන්නවා නම් කියපන්කො

අවුනේරිස් - ඔව් ප්රීජතියෙන් කාලය ගතකරන්ට ඕනෑ නිසා කියන්නම්.

     “එකමත් එක කාලයක “වනමේ” රජු නමින් සුළු රජෙක් විය. ඉතාමත් දර්ශනියවු තරුන බිසවක්ද ඔහුට වුවාය. බිසව කෙරෙහි රජතුමා කෙතරම් ආදරේද කිව හොත් ඈ සමඟ  මිස මාලිගයෙන් පිට නොයන්නේය. එක් දිනක් රජු දඩයමට යාමට සැරසී බිසවත් සමඟ දඩයමේ ගියේය. ඔවුන් යායුතු ප්ර දේශයට ගොස් දඩයම් කොට සවස් වරුවේ එන්ට පිටත් විය. අහේතුවට මෙන් සිට රටට ආයුතු මාර්ගයේ නැවිත් මහ  කැලැවට යන මාර්ගයේ ගමන්ගෙණ වනචර වැද්දන් ඉන්නා ප්රනදේශයකට ගියේය. රජුත් බිසවත් රාත්රිර කාලයේ වැදි ගෙදරක ඉඳ උදේ එන්ට පිටත්වන විට වැදි දෙටුවාට රජ බිසවගේ රූප ලක්ෂණය දැනගන්ට ලැබි ඔවුන් සම්බවෙන්ට ආ‍වේය. බිසව කෙරෙහි පිළිබඳ සිත් ඇතිවු වැදි රජා වනමේ මරා බිසව අයිතිකර ගන්ට කල්පනි කොට  “අපෙන් අවසරයක් නැතිව මේ වනයට ඇතුල් වෙන්ට කාටවත් බැරිය.ඉන් නිසා තොප හිරභාරයට ගනු ලැබේ”යයි කිය. මෙයින් කෝපයට පත් වනමේ රජු බිසවට ඇති ලොභකම නිසා වැද්දා සමඟ සටන් ‍කොට මරාදමා සිය රටට එන්ට කල්පනා කළේය. රූපසම්පන්න වැදිදෙටුවා දුටු වනමේ බිසව ඔහු කෙරෙහි බලවත් ප්රේමමයක් ඇතිකොට ස්වකීය ස්වාමියා වැද්දා විසින් මරණු ලැබිම සතුටුවිය. වැදි රජුත් වනමේ රජුත් පොර බදන්ට පටන්ගතහ. අන්තිමේදි දෙදෙනාම බිම වැටුනාහ. වනමේ රජු ස්වකිය බිසවට කථා‍කොට කඩුව ඉල්ලුවේය. එවිට මේ අකෘතඥ දුෂ්ට බිසව කඩුව ගෙණවුත් කඩු කොපුව තම හිමියා අතටත් කඩු තලය වැදිරජ අතටත් දුන්නාය. ඉතින් කඩු තලය ලැබුනු වැද්දා එක කඩු පහරින් වනමේ රජු මර‍ාදමා බිසව අයිතිකර ගත්තේය. එදා එහි නැවති සිටි වැදි රජත් වනමේ බිසවත් පසුදින ‍උදේ වැද්දාගේ ගෙදරට යන්ට




පියදාස සිරිසේන නවකථා එකතුව 203

පිටත්වුහ. ඒ ගෙදරට යාමට. ගඟක් පසුකල යුතුය. වැද්දා එක රැයේදිම බිසව කෙරෙහි කලකිරුණේය. “අවුරුදු බොහෝ ගණනක් ජිවිතය මෙන් රක්ෂාකළ ස්වාමියා කෙරෙහි කිසි දයාවක් නැතිව කැලේ ඉන්නා වනචාරි වැද්දෙක් වු මා දුටු කෙනෙකි මා කෙරේ පිළිබඳ සිත් ඇතිකොට ස්වාමියා මැරිමට කඩුව මා අතට දුන් මේ දුෂ්ට ස්ත්රීපය ප්රකස්තාවක් පැමිණි විට මටත් අනතුරු කරණු ඒකාන්තය. එහෙයින් මැගේ ආභරණත් රෙදි පෙරෙදිත් පොදියකට බඳවා ග‍ඟෙන් එගොඩ විමට ඒ රෙදි ආදිය එගොඩ තබා එන්නෙමියි කියා ගොස් මේ දුෂ්ට හැරිතිය අතරමං කරන්නෙමි”යි වැද්දා සිතාගත්තේය. දෙදෙනාම ගං ඉවුරට ගොස් “සොඳුර, ගඟ දිය නොපොවන තරම්ය. රන් මුතු ආභරණ ආදී ඇඳුම් ඇදගෙන යන්ට බැරිය. දිය රෙද්ද වැනි එකක් ඇඳගෙණ අනිත් සියල්ලම පොට්ටනියකට බැඳ දෙවයි කිය. දුෂ්ට වු බිසවද එසේ කළාය. වැදි දෙටුවා ආභරණ පොදියත් රැගෙණ ගඟෙන් එගොඩ විය. ඔහු වනමේ බිසව එක්කරගෙණ යන්ට එතැයි යන කල්පනා‍වෙන් ගඟ ඉවුරේ ඉන්නා විට මස් වැදැල්ලක් ඩැහැගත් හිවලෙක් ඒ ගඟ ඉවුර දිව ආවේය. එවිට ඒ බිසව ඉන්නා අසල ග‍ඟේ ලොකු මාළුවෙක් මතුවුනේය. මස් වැදැල්ල ඩැහැගත් හිවලා එය ගං ඉවුරේ තබා ග‍ඟේ ඉන්නා මත්ස්යේයා අල්ලාගන්ට ගඟට පැන්නේය. එකෙණෙිහිම අහසින් යන උකුස්සෙක් බිම තිබුනු මස් කැටිය දැක ඒ ඩැහැගෙණ ගියේය. මාළුවා අල්ලාගන්ට හිවලා ගඟට බසින කොට ඌ දිය යටින් පීනා ඉවතට ගියේය. හිවලාද ගොඩ අවුත් තමාගේ මස්කැටිය බලනවිට එය උකුස්සෙක් ඩැහැගෙණ යන බව දැක කනගාටු වුයේය. මේ පුදුම ප්රෙවෘත්තිය ලඟම ඉඳගෙන බලාවුන් වනමේ බිසව හිවලාට කථාකොට “උඹ කොපමණ මෝඩයෙක්ද? කටේ තිබුනු මස් කැටිය බිම තබා ග‍ඟේ යන මත්ස්ය යි අල්වාගන්ට ගොස් මස් කැටියත නැති විය”යි කියන කොට හිවලා සිනාසෙමින් “මා කළ මොඩකම බිසව කළ මෝඩකම තරම් විශාල නැත. තමන්ගේ ප්රේඩමවන්ත ස්වාමියා මරා දුෂ්ට වැද්දෙකුට ලෝඉ කොට ඔහුත් සමඟ ගමට යන්ට ආවාය. පැළඳ වුන් අගනා ආභරණ හා රෙදි පිළිත් ඔහුට බැඳ දුන්නායත අන්න ඔහු ගඟින් එගොඩවෙලා රෙදි පෙරිද ආදියත් රැගෙන යන හැටි බැළුව මැනැයි”යි පේන්නුවේය.

   ඉතින් බලන්ඩ, දුෂ්ට ස්ත්රීුයක් කළ ද්රෝයහි ක්රි.යවත් ඉන්පසු කළ මෝඩකමත් ඉන්පසු ඈට වුනු විපතත්. ඉතින් ගැහැණුන්ගේ හැටි






204 පසන් නිවස


ඔහෙම තමාය”ය සිනාසෙමින් අවුනේරිස් අප්පු කථාන්තරය අවසන් කෙළේය.

රාමසිංහ - හිටින්ඩ අවුනේරිස් ඔය කථාන්තරට ‍කෝලම් තැටිටුවන් විසින් කවි ‍කොට කෝලම් නටති. ඉතින් ඒ රසවත් කෝලම් කවි ටික උඹ දනිතොත් කියාපන්. එයින් අපට මහත් ප්රී ත්යක් ඇතිවෙයයි කිවාම අවුනේරිස් අප්පුට ‍හොඳට පාඩම් තිබුනු ඒ කවි පංතිය කියන්ට පටන්ගත්තේය.

තම බිසවුන් අතකින් රන් කඩුව ගෙ නේ දුනු ඊ රැගෙණ මනමේ රජ වඩින දි නේ මිනිසුන් වසන ගෙවුයන් මග ගෙවා ග නේ දඩයම් පිණිස හිමයට වැදුනයි දෙදෙ නේ

මෙ සේ වඩින රජ සහ බිසව රූබ ර රැ සේ වැදි වෙසෙන මහ වනයේ අස ර තො සේ දැක බිසව වැදි සෙනග ලොබ ක ර ල සේ වරින් වර එබිකන් කර එව ර

‍සොඳින නරිඳු දඩයම් පිණිස මහ ව නේ ඇවිද තැනින් තැන විමසා බලා ග නේ නොදැන මාවතක් යන්නට එදා දි නේ පැමුණුනයි ගොසින් වැදි වනයට දුකි නේ

එ දි න නිරිඳු දැක වැදි රඡ සරොස් වෙ ලා ත දි න ඇවිත් යන මග තහනම් කර ලා සො බ න බිසව ගණිමැයි සිත සතොස් වෙ ලා සෙ දි න නිරිඳු කිවු යුද කරණ ලෙස මු ලා

ගු ණෙ න් උතුම් නරනිඳු සමඟ යුදය ට ග න න් නැතිව වැද්දන් ආවයි එම ට වි කු ම් බලෙන් නරනිඳු ඒ හැම සුන් කො ට ර ජු න් දෙදෙන පමණක බැසපු සටන ට

දෙදෙන යුදෙන් දෙදෙනගෙ ඊ අ‍ැඟ නොවැ ද සරොස සිතින් දුනු ඊ බිම ගසා බි ද වෙර බලයෙන් නසමැයි වැදි රජුන් අ ද පොර බ ද මි න් රජ දෙන්නා රොසින් ත ද


පියදාස සිරිසේන නවකථා එකතුව 205

හෙ ලා වැදි රජුව වනමේ නිරිඳු ස ද බ ලා බිසව දෙස කග පත ඉල්ලු ස ද හෙ ලා තිබුනු ලෙස කඩුවේ කොපුව ඇ ද මෙ ලා ගයෙන් රජුහට කොපුව දි සෙ ද

ඇ ද ලා කඩුව වැදි රජ සුරතට රැගෙ නේ සි ඳ ලා දැමිය නිරිඳුගෙ හිස විගසකි නේ එ ක ලා නැගිට බිසවත් සමඟ අ‍ෙතාසි නේ බැ ස ලා ගංතෙරට වැදි රජ විගසකි නේ

බල විකුමැති ගුණවත් නරනිඳුන් ස ඳ සෙනෙහසයෙන් පුරුදුව දිගු කලක් ඉ ඳ මට ‍ ලොබයෙන් එරජුට මර දුන්නු ලෙ ඳ නුඹ සමගින් සිටියොත් ඒ වෙයි මට ඳ

සිතා මෙලෙස බිසවුන් පැලදි අබර න මෙලාගයෙන් ගලවා පොදි බැඳ තදි න දයා නොවි එබිසවඇරලා එත න ගියා වැදි රජා ගඟිනෙතරව සැනි න

මම්-කළ මේ අනුවණකම් කි ම්දෝ කොයි-ලෙසකින් ඉවසා ගෙන ඉ ම්දෝ කා-දැක මෙවනේ ඉඳ සැනසෙ ම්දෝ පණ-ගලවා ගෙණ කොයි අත ය ම්දෝ

මෙලෙ-සින් අඬමින් ඉකි බිඳ බි ඳා තද-‍සෝකෙන් ඉවසනු බැරි සා ඳා වන-යේ දෙවියන් හට යැද හැ දා සිටි-නා ලෙ බිසවුන් වන මැ දා

ස ක්-දෙවියෝ මෙපවත් දකිමි නේ එ ක්-කරුණක් කර මැයි විගසි නේ දු ක්-වැද සිටි බිසවුන් එම ව නේ එ ක්-සැනෙකින් නසමැයි සිතමි නේ

ස ක්-දෙවි මෙපවත් දකිමි න් ඳා එ ක්-සැනෙකින් මාතලි කැ න් දා එ ක්-දෙවියකු තව ගෙන කැ න් දා නි ක්-මුනි නරලොව එන මෙ න් දා 206 පසන් නිවස

සක්-දෙවි සිවලෙකු මේ න් දා මා-තලි මසෙකු ලෙස න් දා ආ-දෙවි උකුසු ලෙසි න් දා බිස-වට කළ මේ ලෙස නි න් දා

සක්-සිවලුද මස් කැටියක් ඩැහැගෙ නේ එන-කල ගඟ වුන් මසු දකිමි නේ මස්-ටික බිම තබමින් විගසි නේ ගඟ-සිටි මසු ගන්නට ගිය තැ‍ නේ

මසු-ගියෙ උඩුගං බලමි නේ ගොඩ-තිබු මස් උකුසා ගනිමි නේ ගිය-සඳ සිවලුද එහි සිටග නේ දුක-සේ වට පිට හිම බැළු තැ නේ

බිස-වත් මේ වග දකිමි න් දා සිව-ලුට කරමින් තද බල නි න් දා අනු-වණ කම් නොකරණ මෙ න් දා මෙලෙ-සින් කීවේ සතුටි න් දා

බඩසා දුකට ගෙණ යන මස් කැටිය ‍ෙලා ලා ගොඩ තබමින් දියෙ යන මසුට ලොබ වෙ ලා උඩ යන උකුසු අරගණ ගියෙ පසු නොබ ලා දැන දැන මෝඩ කම් කෙරුවද තෝ හිව ලා

වනමේ රජුට අගමෙහෙසුන් බිසෝ වෙ ලා බැද්දේ උපන් වැදි රජෙකුට ලෝබ වෙ ලා පැළදි ආබරණ ගඟකින් එතර ක ලා මටත් වැඩිය අනුවණ කම් බිසොත් ක ලා

සකිය නොකිය නොකියන රහස කා ට ත් සකිය නොකිව්වේ සැලවේද කා ට ත් ‍ෙකාපුව අතට දී හිමි මැරෙවු වා ට ත් මදිව දි වැද කෑ ලෙස වේය කා ට ත්

 අවුනේරිස් අප්පු ඉතාමත් රම්යට ආකාරයට මේ කථාන්තරය කියාපු හැටියේ ස්ත්රීින් කෙරෙහි සැක සහිතව ඉන්නා අබයරත්න මහතා කොක්හඬ දෙමින් සිනාසී-“ඇත්තේන්ම අවුනේරිස් උඹ

පියදාස ස‍ිරිසේන නවකථා එකතුව 207


මඟුල් ජෝඩුකිරිමේ නියුක්ත වුනාට මොකද ස්ත්රී න්ගේ චපල අකෘතඥ ගතිය හොඳින් දන්නා කෙනෙක් බව මට පෙනේ. බලාපන් දිවිමෙන් රක්ෂාකළ ස්වකීව ස්වාමි පුරුෂයාට වනාන්තරයකදි මරවා ‍වැද්දෙකුට ලොභ කළ දුෂ්ට ස්ත්රී්යගේ හැටි! ඈ කළ ගොන්කම පෙන්වා ඈට නින්දා කළ “ශක්ර්යා” ‍ෙකාපමණ හපනෙක්ද? මම කසාඳ නොබැඳ ස්ත්රීනන් ගැන විපරම් කරමින් වයස් ගතවන්නෙක් ඔය නිසා තමායයි කීයේය. ඉතින් මෙතැනදි විවාදයක් ඇතිවිය.

රාමසිංහ - වනමේ දුෂ්ට ස්ත්රී ය කළ අපරාධය ඉතාමත් තදබල ඇත්තකි. නමුත් මුළු ස්ත්රීය වර්ගයාටම නින්දා කිරිමට ඒක කාරණයක් ද?

අබය - නැහැ මහත්මයා-ඔහොම කථාන්තර නිතරම අහන්ට ලැබෙනවා. දැන් මේ කාලෙත් අධර්ම-අශික්ෂිත-කෙළෙහි ගුණ නොදත් ස්ත්රීඅන් ගැන අසන්ට නොලැබෙන දවසක් නැත. ඉතින් ඒ නිසා තමයි මම අවුනේරිස් අප්පුට ස්තුති කෙළේ.

රාමසිංහ - මහත්මයා බොහොම මෝඩ අන්දමට කතාකරන බව පෙනේ. ස්ත්රී න්ට වඩා අධම අශික්ෂිත කාලකන්නි අකෘතඥ පිරිමි ලෝකයේ අනන්තයි. වැදු මවට තිස්හය පලකට පිහියෙන් ඇන මැරු මිනිහෙක් වැඩි ඇත නොවන කාලයක අපේ රටේම ව‍ුන්නා. එබඳු නීච අපරාධයක් ගැන මහ්තමයා අසා තිබෙනවාද?

අබය - (සිනාසෙමින්) ගුරුන්නාන්සේ මහත්මයාට කේන්ති ගියා වාගෙයි! දුෂ්ට මිනිස්සු අනන්තයි-ඒ වගේම ස්ත්රී්හුත් අනන්තයි.

රාමසිංහ - අන්න හරි! භවය හෙවත් සංසාරය ඉතාමත් භයංකර බවත්, ඒ සසරෙන් ගැලවි යාමට අප්රිමාද විරිය කළයුතුත් ඒ නිසාමයි. ස්ත්රිි සැපත ඇත්තෙන්ම ඉතාමත් වටිනා එකකි. නමුත් හැම දෙනාටම එය ‍ෙනා ලැබේ. ඊට හේතුව ප්‍රතිපත්ති කාමි ස්ත්රීම රත්නයක් ලැබිමට පින් නැතිකමයි. මට සිද්ධවි තිබෙන්නේ ඒකයි. බාග වෙලාවට මහත්මයාට සිද්ධ වෙන්නේත් ඒකම විය හැක.

අවුනේරිස් - ඇත්තෙන්ම පඬිතුමාගේ කථාව බොහොම හරි. සමහරුන්ට ඉතාමත් හොඳ සීලාචාර ගුණ නුවණ ඇති ස්ත්රීතන් ලැබෙත්. සමහරුන්ට කොච්චර පරීක්ෂා කරලා විවාහ



208 පසන් නිවස


කරගත්තත් ලැබෙන්නේ වධක බාරියන්ය. ඉතින් ඊට හේතුව පඬිතුමන් කීවාක් මෙන් මෙලොව පරලොව දෙකේදීම ඒ ඒ පුරුෂයන්ගේ ප්රඊතිපත්ති වල දෝෂය විය හැක.

අබයරත්න - ගුණවත් ස්ත්රීුන් ඉන්ට බැරිකමක් නැත. නමුත් ධර්ම පොත් වලත් පණ්ඩිතයන්ගේ පොත්වලත් දුෂ්ට ස්ත්රීුන් ගැන බොහෝ කරුණු සඳහන්ව ති‍බේ.

රාමසිංහ - ඇත්තෙන්ම ඒ වැරදි කීමකි. ධර්ම පොත්වලත් පණ්ඩිතයන්ගේ පොත් වලත් දුෂ්ට ස්ත්රීොන්ට වඩා දුෂ්ට පුරුෂයන් පිළිබඳ කරුණු ප්රරකාශව තිබේ. එමෙන්ම දුෂ්ට ස්ත්රී්න් මෙන් උතුම් ගුණවත් ස්තරීිබඳන් ගැනද කරුණු සඳහන්කර තිබේ. නමුත් මිටි තැනින්ම ජලය බැස යන්නාක් මෙන් දුර්වල මාතෘ පක්ෂය ගැනම දුර දුග නො බලන උදවිය කථා කරති. ජිවිත පවා පුදකරමින් යුතුකම් ඉෂ්ටකළ ස්ත්රී න් කී දහසක් පොතපතින් පෙන්වන්ටද?

අබයරත්න - (සිනාසෙමින්) හොඳයි ගුරුන්නාන්සෙ මහතා ස්ත්රී්යක් කළ වටිනා ක්රිායවක් හෙවත් ස්ත්රී යකගේ උදාර ගුණයක් දැක්වෙන කථාවක් කියන්ට.

රාමසිංහ - ඔවු මනුෂ්යේ ස්ත්රිැයකුත් නොව අධර්ම මනුෂ්ය‍ ස්ත්රීනයක් පිළිබඳ කථාවක් කියන්ට ද?

අබයරත්න - බොහොම ‍ෙහාඳයි. අධර්ම මනුෂ්යන ස්ත්රී‍යක් යම් උදාර සත් ක්රිතයාවක් කරණ ලද නම් සම්පුර්ණ මනුෂ්යම ස්ත්රීයයක් කෙතරම් උසස් ක්රිරයා නොකරයිද?

රාමසිංහ - එහෙනම් සාමාන්යස සිංහලයන්ට තේරෙන අන්දමට නොගැඹුරු කවියෙන්ම ලියා තිබෙන “සඳකිඳුරු ජාතකය” මහත්මයාට කියන්ටද?

අබයරත්න - ඇත්තෙන්ම ලිහිල් කවි ඇසීමට මමත් බොහොම සතුටුයයි කීබැවින් සවස් කාලය ප්රී තියෙන් ගතකිරිමට ඉවහල් වන පිණිස සඳකිදුරු ජාතක කාව්යකය රාමසිංහ පඬිතුමා ඉතාමත් මධුර ලෙස කියන්ට පටන් ගත්තේය.

සි රි දු ල් රාන්ගිරි සුපිහිටි තුරුලිය සැදි හිමවි පිය ස පෙර ක ල් අපෙ බෝසත් කිඳුරුව ඉපදි සඳ පව් අ ස ම න ක ල් කිඳුරඟන සමඟ සරණ වෙලා සිරිත් විල ස සු වි ස ල් වනගැබ හැසිරෙති නටමින් වයමින් රිසි ලෙ ස


පියදාස සිරිසේන නවකථා එකතුව 209

‍ෙන ල මි න් ගෙන තලිස් පතුරු බුදිමින් තුවරල සමගි න සි දි මි න් සුදු සඳුන් අරටු ගලගි අමු කපුරු ලමි න ‍ෙයා ද මි න් සිය ලඟ තවරා කුසුමින් කළ බරණ ලමි න මෙ ලෙ මි නි සුර සුරගන ලෙස වැජඹෙන සඳ කඳුරු දෙදෙ න

දො ඹ ම ල් නෙලමින් ගෙන පිපි විලසින් ගොතමින් මුත ප ට ගි රි නි ල් කුසුමක් කළ බබලන දම් මිණි දම් පසු කො ට ම න ක ල් වස් දඬුවත් ගෙන පිඹිමින් නල හමන ලෙස ට සු වි ස ල් වන ගැබ හැමතැන විහිදෙයි මිහිරව සටන ට

එකල බරණැස් ර ද ගෙන්වා මැතිවරුන් සො ද දඩයමේ යන ලෙ ද රජය පාවා දෙමින් නිසි ලෙ ද

කළු දැලි පිළි හැ ද දුන්නද යකඩ මුගුර ද තියුණු අඩ යටිය ද කඩුව සහ පාරා වලල්ල ද

මෙකි පංචා යු ද

	ගනිමින් හිම වතට වැ	ද

මුව දඩෙහි ‍ෙලාබ බැ ද ඇවිත් මුව රැළද බලමින් සො ද

එවනේ පලැති ර ස නොයෙකි සඳකිඳුරෝ තො ස ඇතුලත සාර ම ස නොගොස් වෙනතක ඉදිත් එහි වැ ස

ගිම් සිවු මස සතො ස කෙළ ඇවිදිමින් වන කු ස බෝසත් සඳ නිදො ස වෙසෙත් පියඹත් සමඟ අස දි ස

බරණැස් නරිඳු ස ද අසමින් කිඳුරගන න ද කුල්මත්ව එම ස ඳ කවර කෙනෙකුන්ගේද මේ ල ඳ 210 පසන් නිවස

අසිරිමත් නැටුමේ ක අසමානවු රුසිරෙ ක මෙවැනි කිඳුරඟනෙ ක ලබමි ඉතිකින් කවර දවසෙ ක

සිත ඔහුගෙ ම ත් වී අනුරාග බල ව ත් වි ගුණ දම් ඉ ව ත් වී එයින් බෝසත් මරණු සි ත් වී

‍ඊයක් ගෙණ අත ට ඇඳ ඇර තබා නිය පි ට නැති වර ලමින් සි ට විදපි බෝසත් සඳුට තර කො ට

ඊට වැද බෝස ත දුක් වේදනා බලව ත ඉවසනු බැරිව යු ත වැළඳගෙණ ඇඬුවේ කිඳුරු ක ත

අනේ හිමි සඳි නේ කිමද ඔබහට යෙදු නේ ඊ පාර වැදු නේ අකල් මරණෙකි වුනේ මෙදි ‍නේ

අඬා ඉකි බිඳ බි ඳ උසුළා ඔහුගෙ මළ ක ද ගෙණ ගොස් ලෙබෙකු ලෙ ද තබා ගෙණ ගිරි මුදුනතේ ඉ ද

සෝකයෙන් තැවෙමි න ලෝපල් සුරන් යදිමි න දෙයත හිස තබමි න අඬයි ඒ කිඳුරඟන මෙලෙසි න

ඇ ද ග ණි මි න් කුණ පරුවත මුදුන මැ දා ඉ ස ත බ මි න් උකුලත සිප බඳ වැළ දා අ ත බ ඳි මි න් ඉස දෙනුවන් කඳුළු ර ඳා ර ජු ව මෙ ව න් බස් පැවසිය කිඳුරු ල ඳා පියදාස සිරිසේන නවකථා එකතුව 211

සු ද් දේ උබය කුලයුතු දන පස ද් දේ බැ ද් දේ දී වුවත් නොකරති අස ද් දේ බැ ද් දේ ඇවිදිනා දඬයමට ලු ද් දේ වි ද් දේ රජෙක් මහිමිට නැති වැරැ ද් දේ

බඹදත් රජ- සුරගන විලස තුනු රුසිරැති මෙනුඹ ල ම‍ා ඇස දැක නොවැවෙයි අයියෝ මෙමගෙ ලැ මා වන මැද මෙදුක විඳ ඉන්නේ මෙනුඹ කි මා ‍ අප වෙත එතොත් අගබිසවට තබමි ම මා

කින්නරාඟනාව- ර ජ ක ම් කරණ අය තොප ඇස දුටු වා ද කි සි ය ම් වරද නැති ‍ෙකනෙකුට දුක් දේ ද සු ප ස න් මහිමි තුම කුමකට මැරු වා ද ම ට ව න් මෙදුක තගෙ අඹුවට නොව දී ද

සි ප බැඳ කොමලතින් මුව මි පොවා පි යා සැ ප විඳ විඳ බොහෝ කල් මන පිනා පි යා ල ප සඳ ලෙසට විසු මගෙ හිමි මරා පි යා අ ප අද කුමට වෙන් කෙරුවාද පා පි යා

‍නො වි දුකක් සමගිව ඉඳ සෙනෙ හසි නේ පෙ වි මුව තඹර අම සිඹ සිඹ උව නේ කැ වි යයි වියෝ ගින්නෙන් ලැම තදි නේ ගෙ වි ගියාදෝ ඉරණම හිමි සඳි නේ

සු ම න කුසුම් සිසිලස ලිය මඬුලු ව ලා ගි ම න නිවා සැතපි වුනිමු ලොබ වෙ ලා ප ම න නොමැති තැවුලෙන් මසිත විය මු ලා කු ම න සැපද නොලදේ හිමිගෙන් ලක ලා

පෙ ර ක ල් සුජාතාවන් කෙකිනිව උප න ම න ක ල් සක් සුරුඳු බැළුවේ දිව නෙති න සු ර ක ල් කළේ සැමකල් රැකි සිල් බෙලෙ න සු ර ත ල් කළේ යලි සක්රජ ඔබ විසි න


212 පසන් නිවස

අ ඹ දඹ දිවුල් පල වැල රස විඳි නිබ ඳ පි ඹ පිඹ බට නලා රස ගී කියා සො ඳ සි ඹ මුව කමල් දෙදෙනාම ගෙල වැළඳ ඉ ඳ ඔ බ ඇර ‍ඉතින් මම සැනසෙම්ද හිමි ස ඳ

එ බැවි න් මහත් කුළුණෙන් පතල සක් ර ද දු ක ව න් හට පිහිට වනු ඔබ හැර කවු ද දෙ ව මි න් මසිතු ඉඟි දෙවිලොවෙහි මහ ර ද සැ නසෙ නට උපායක් කියනු මැන අ ද

ඇ ස ක් සදිසි පෙම්බර මගෙ හිමිය න්ට දො ස ක් නැතිව සිදුවුයේ මිය ය න්ට ප ස ක් තෙදැති මැදහත් සක් දෙවිය න්ට මි ස ක් බැරිය මෙදුකට පිහිටක් වෙ න්ට

වි ඳි න වියෝ දුක බලවත්වු බැවි න ය දි න කිඳුරඟනගේ පතිවත් බෙලෙ න වි ඳි න සැප පහසු සක් ස‍ුර රද නිති න එ දි න තදෙන් උණුවිය පඬුපුල් අසු න

අ තැ ඹු ල් ලෙස සියල් දැනුමෙහි සිතු බැන් ද ද ස ඹු ල් බව ලබන උතුමෙකු මහි මෙන් ද සු හු ඹු ල් මගෙ සැපත අනිකෙකු පැතු වෙන් ද ප ඬු පු ල් අස්ත උණුවන කාරණ කිම් ද

ද හ ස ක් දිව ඇසින් ලොව බලමින් එදි න ඇ ගෙ දු ක් දැක ඇසිල්ලෙක බමුණෙකු ලෙසි න පි හි ට ක් වන ලෙසින් අවුදින් සුර පුර න බැ ස ස ක් සුරුඳු සඳපව් නුවරට සැනි න

දි ය ගෙ න කෙන්ඩියෙන් මහබොසතුන් වෙ ර ඉ සි මි න කැලල නැතිවන ලෙසට සුවක ර වැ ළ පෙ න කිඳුරාඟනගේ සිත සතුටු ක ර සැ ත පු න කෙනෙකු මෙන් බෝසත් නැගි එව ර



පියදාස සිරිසේන නවකථා එකතුව 213


10. පරිච්ජේදය

[සංස්කරණය]

කාව්යද භාෂාවෙන් කියනලද මේ රසවත් කථාන්තරය ඇසු අබයරත්න මහතා උතුම් ස්තරීයව න්ගේ උසස් ගුණයෙහි පැහැදි රාමසිංහ පඬිතුමාට ස්තුති කෙළේය.

රාමසිංහ - ඔව් දැන් අපට කාරණය නිරවුල් වුනා! හොඳ මිනිසුන් මෙන්ම නරක මිනිස්සුත් හොඳ ස්ත්රි න් මෙන්ම නරක ස්ත්රීරනුත් ඉන්නා බව පරණ කථාන්තර වලිනුත් අපට ඇස්ී ඉදිරිපිටම පෙණෙන පවුල්වලිනුත් දැනගන්ට ලැබුනා. අවුනේරිස් අප්පු බලාගෙණ ආ පවුල් හතෙන් අප විසින් පරීක්ෂා කරණ ලද්දේ එක පවුලක් ගැන පමණකි. ඒ ස්කෝලේ මහතාගේ දියණිය වන සිලාවත් නම් කමකට නැති මිනිස් ප්රා ණයකි. අනිත් හත්දෙනා වයලට් ඇගිනස්, කමලාවතී, මාර්ගරට්, පෙරේරා, ගුණසේකර නෝනා, දයාවතී සිල්වා, ගර්ලින් දෙමටකැලේ වන සදෙනා ගැනත් සොය බලා අප්පුගේ කර‍ද‍රයෙන් බේරේනට ඕනෑ.

අවුනේරිස් - ඔව් පඬිතුමාණනි. ඒ ඇත්තන්ගේ ගේවලටත් යන්ටම ඕනෑ. එසේ ‍ නොකළොත් මම බොරු කාරයෙක් වෙනවා.

රාමසිංහ - ඔව් අවුනේරිස් ඔවුන්ට කලින් දැනුම් දෙන්ට කමක් නැහැ. උඹ හෙට උදේම වරෙන් එතකොට රික්ෂො වලින් හයපලටම ගොස් මනමාලියනුත් බලාගෙන ‍ඔවුන්ගේම මවුපියනුත් සමඟ මොක මොකවත් කතාකර ගෙන එන්ට පිළිවැනයි කීවාම අවුනේරිස් ද සතුටුව යන්ට ගියේය.

 පසුදින උදේම රාමසිංහ පඬිතුම‍ාත් අවුනේරිස් අප්පුත් වයලට් ඇග්නස් බැලිමට වෙදමතාගේ ගෙදරට ගියේය. තවමත් වෙද මහතා නින්දෙන් නැගිටලිවත් නැත. දෙහාමිනේ අවුනේරිස් අප්පු ආ කාරණය දන්නා බැවින් ඔවුන්ට ඉඳගන්ට සලස්වා වහාම වෙද මහතා අවදිකරවා කාරණය කීවේය. වෙද මහතා නිදිමතේම වාගේ අවුත් රාමසිංහ පඬිතුමාට අතට අත දී කථාකොට  “ඊයේ රැ හදිසි ලෙඩෙකු බලන්ට ගොස් ගෙදර අවේ රාත්රිත තුණට පමණය” කියා වහාම මුහුණ සෝදාගෙණ හදිසියෙන් පැමිණි අමුත්තන්ද සමඟ තේවතුර බි ඉක්බිති කතාව පටන් ගත්තේය.




214 පසන් නිවස

රාමසිංහ - අද අපි ආ කාරණය වෙදමහතා හොඳින් දන්නේයයි සිතමි. වෙදමහතාගේ දියණිය සම්බන්ධ මඟුල් ජෝඩුවක් අබයර්තන මහතාට කර තිබේ. ඒ ගැන ටිකක් සෝදිසි කරන්ටයි අවේ.

වෙද මහතා - ඔව් මේ අවුනේරිස් අප්පු උන්නැහෙ කිප දවසක්ම ආවා අපේ ළමයා සමඟ‍ පඬිතුමා කතාකර බලන්ට.

වෙද හාමිනේ - (ටිකක් කුපිත වී) අපේ ළමයා ඇතිකර තිබෙන්නේ කුමාරියක් වාගෙයි. එයාට ඉංග්රීලසි ඉගැන්නුවා ජුනියර් ලෝකල් විභාගය පාස්කළ. උයන්ට පිහන්ට මිරිස් අඹරන්ට පොල් ගාන්ට ගේ දොර අතුගාන්ට ඔය ආදි වැඩ කරන්ට ඒ ළමයාට පුරුද්දක් නැත. එබඳු වැඩ කරන්ට සිද්ධවන නැනකට විවාහ කර දෙන්නෙත් නැහැ.

රාමසිංහ - බොහොම ‍ෙහාඳයි-ඇත්ත කතාකිරිම ගැන ස්තුති කරමි. පීනන්ට නොදන්නා කෙනෙක් ගැඹුරු ගඟක බසිනවාට වඩා නොදන්නා බව කියා ගොඩ ඉන්නා එක හොඳයි. ඉතින මේ ඇග්නස් නෝනා ස්වාමියාගේ වතාවත් කිරිමටත් දු දරුවන් ලැබුනොත් ඔවුන්ට කිරි පොවා හදා වඩා ගන්ටවත් ඉගෙණගන තිබෙනවා ද?

ඇග්නස් - ම්ම් මා මෙන්න මෙහේ එන්න‍, ඔය “ගොඩතාලේ කතාවලට පිළිතුරු දෙන්ට කමක් නැහැ ගේදොර බලාගන්ටත් දරුවන් ඇතිදැඩි කරන්ටත් මම කුස්සි අම්මාද-ආයාද? එබඳු පිටිසර විධියේ තැනකට මම යන්නේ නැහැ. මම යන්නේ ඉංග්රීාසි පන්නෙට කරිව යා කරණ තැනකට පමණය”යි කියා ඈ කාමරයකට ගියා ය.

   රාමසිංහගේ කතාව ඒ තරමින් නවත්වා නැවතත් එලියට අවුත් වෙද මහතා ලෙඩෙකු පරීක්ෂාකරන බැවින් ඒ අවසන්වන තුරු ඉඳ “වෙද මහත්මයා අප පිලිගෙන අපට සංග්ර හ කළාට ස්තුති කරමි. මේ මංගල්යලය හරියන්නේ නැත. මේ තරමින් එය හිතෙන් ඉවත්කර ගන්ටය”යි කියා අතට අත දි යන්ට ගියේය. මිදුලේන මහපාරට බැස්ස රාමසිංහත් අවුනේරිස් අප්පුත් ඊට අල්ලාපු ගෙයි අවුනේරිස් අප්පුගේ මිතු ගෙදරකට ගොස් මේ වෙදමහතා ‍ෙග් තොරතුරු ආදිය ගැන අසන්ට කල්පනා කළහ. එසේ ගොස් වාඩිගත් හැටියේම වෙද මහතාත් ගෙදර ඇත්තොත් සමඟ කෝලාහලයක් කරණ බව




පියදාස සිරිසේන නවකථා එකතුව 215

ඇසුනේය. රාමසිංහ පඬිතුමාල වෙද මායියා සමඟ කථා කළේ කුමක් දැයි ඇසිමෙන් අටගත් කථාව මෙසේය.

වෙද මහතා - රාමසිංහ පඬිතුමත් අවුනේරිස් අප්පුත් ඉක්මණටම ගියේ මේ ගොල්ලන්ගේ කතාවලට කලකිරිලා වෙන්ට ඇති.

වෙද මායියා - දෙයියනේ ඒ ගොල්ල ගියාවේ. මනමාලියට උයන්ට පිහින්ට වලන් හෝදන්ට දරුවන් හදන්ට දරුවන්ට කිරි දෙන්ට පුළුවන්දැයි අපෙන් ප්රමශ්න කළා. ඒ ගොල්ල විමසන්නේ නෝනාවරු නොව වැඩකාරයන්වයි ඉතින් අපේ ගෙදර එහෙම වැඩකාරියෝ කවුද සිටිතෙ‍ාාත් පොඩිනා විතරක් යයි සිනාසෙමින් කීවාය.

වෙද මහතා - එහෙම කියන්ට එපා.මනමාලියක් ගැන විපරම් කරනකොට යමක් කමක් ඉගෙණ ගත. ඒ වගේම ගෙදර දොරේ කටයුතු හා ලමයින් හදා බලා ගන්නා හාටිත් දන්නා කෙනෙකු විපරම් කළාට උඹලා තරහවුන එක වරදය.

වෙද මායියා - දෙයියනේ අපට ඔය ගුණධර්මත්, ශිලාචාර කමුත් කුමටද?

වෙද මහතා - ඔව් ඒකත් හැබැ තමයි. බල්ලන්ට ලෙලි පොල් මොකටද? සීලාචාර කම් උවමනා වැදගත් දෙමව්පියන් ගේ දරුවන්ටත් සීලාචාර අයවලුත් ආශ්රඋය කළ යමක් කමක් ඉගෙණගත් අයට පමණකි. ප්ර්න්සිනාහාමි (වෙද රාලගේ මායියාගේ නම) ට එහෙම කිසිවක් නැතිකොට සීලාචාරකම් ගැන කතා කළාම නයාට අඳුකොල වාගේම විස ගහනවා.

වෙද මායියා - (තද කෝපයෙන්) උඹට මගේ අඩුපාඩුත් මගේ දෙමවුපියන්ගේ මහත් කමත් නිතරම මතක් වෙනවා. නමුත් නුඹ පහත් කුලේක මිනිහෙක් බවත් කුඩාකාලේ මඩකාරියන් මිරිකමින් ඉඳලා සද්ධාත්ස්ස හාමුදුරුවන්ගේ ඇබිත්තයා වෙලා ඉඳලා යම්තම් වෙද පොතක් ‍ඉගෙණ දැන් උසස් මහත්මයෙක් වෙලා ඉන්නාවා. උඹ කරන වල්කමුත් අඩිගහන හැටිත් මිනී මරණ වෙදකමත් දන්නවා නම් මගේ අඩුපාඩුත් අසීලාචාරකම ගැනත් කතාකරන්නේ නැත

වෙද මහතා - හිටපන් ප්ර න්සිනා. මගේ වතගොත කිමෙන් උඹට පිරිමැස්මක් නැත. මගේ උත්පත්තිය කෙසේ වුවත් දැන් මම වැදගත් මිනිසුන් සමඟ ආශ්රඋයවත් කරනවා. උඹේ යුතුකම් අපේ පහත් ගති නොපෙන්වා පරණ කේන්දර නොබලා අප


216 පසන් නිවස


ඉන්නා අන්දමට ක්රි යා කිරිම නොවේද?

වෙද මායියා - (දන්ඩෙන් පහර කෑ හැපින්නෙක් මෙන්) උඹට උවමනා අන්දමට මේ ගෙදර කටයුතු කරන්ට බැහැ. උඹ මම කියන හැටියට නොසිටියොත් කටේ දත් ගලවනවා යයි කිනකොට වෙද මහතා මුවෙන් නොබැන ගෙයින් පිටවි යන්ට ගියේය.

  අල්ලපු ගෙයි ඉඳගෙණ මේ කතාන්තරය අසමින් රාම සිංහ පඬිතුමා හුනස්නෙන් නැගිට අවුනේරිස් අප්පුත් සමඟ යන්ට ගියේය. එසේ ගොස් මරදානේ විවේක ඇති හෝටලයකට පැමිණ රස කැවිලි කා තේවතුර බි ප්රාකෘතිමත්ව එතනම ඉඳගෙණ අවුනේරිස් අප්පුත් සමඟ කතා කරන්ට පටන් ග‍ත්තේය.
       “ආ අවුනේරිස්, උඹ මඟුල් කපුකම කරන්නේ ‍මේ ලෝකයේ දෙයක් දැන නොගෙන බව පෙනේ. අබයරත්න මහතා මහ්තමයෙකි. මහත්මයෙකුට මඟුලක් ජෝඩු කරන්ට ඕනෑ මහත්තැන් ගෙදරකින්ය. අර්ධ මහත්තැන් ගෙදරකින් නම් යන්තම් පිරිමය්න්ට තිබුනා. මහත්තැන් වෙන්ට හදාපු-ඒ කියන්නේ යන්තම් මහත්තැන් වෙන්ට පටන්ගත් ගෙදරකින් සම්පුර්ණ මහතෙකුට මඟුලක් ජෝඩු කිරිම හෙන හත ගහන අපරාධයක් නොවේද?
     මේ කතාවට භයපත්වු අවුනේරිස් අප්පු  “පඬිතුමාණනි, මට සමාවෙන්ට, මහත්මයා කියන්නේත් අර්ධ මහත්මයාය කියන්නේත් මහත්තැන් පුබ්බරා හෙවත් මහත්තැන් කම ආරම්භ කරන  තැනැත්තාය කියන්නේ කාටද කියාත්, එහෙම මහත්තැන් පිළිබඳ ප්රකධේදයක් තිබෙනවාද කියාත් යනවග ඇසුවේ අදමයි. ඉතින් ඇත්තෙන්ම මේ ගැඹුරු කාරණා නොදැන මඟුල් ජෝඩු කිරිම නිසාම අපේ ර‍ට පිරිහී දුකට භාජනවි ති‍බෙන බව දැන් මට කල්පනා වෙනවා. අනේ පඬිතුමාණනි.   “මහත්තැන්” පිළිබඳ සම්පුර්න විස්තරයක් හෙවත් විනිශ්චයක් මේ දැන් කරගන්ට ඕනෑ. ඒ නිසා අපි ඒ පිළිබඳ සාකච්ජාවක් කරමු.

අවුනේරිස් - මහත්මයා ය කියන්නේ කාටද?

රාමසිංහ - කුලපුත්රමයාටයි.

අව‍ුනේරිස් - “මහත්මයා ය” යන වචනය තේරුම් නැති මට ‘කුලපුත්ර.යා”යි කීවාම තේරේද  ? කරුණාකර විස්තර කර දෙන්ට.



පියදාස සිරිසේන නවකථා එකතුව 217


රාමසිංහ - “මහත්මයා ය” කියන්නේ යටත් පිරිසෙයින් ඉතා අඩු වශයෙන් පරම්පරා තුනක වැදගත්-පිරිසිදු-උසස් පැවැත්මකින් පැවත ආවාවු පුද්ගලයාටයි. ඊට ඉතාම හොඳ සිංහල නාමය “කුලපුත්රතය”යි ඉතින් ‍තේරුනාද?

අවුනේරිස් - තවමත් මට තේරුනේ නැහැ. මහතාණනි, අපි මහත්මයා කියන්නේ හොඳට ඇඳ පැළඳ ඉන්නා අයටයි. මේ කාලේ විශේෂ වශයෙන්ම මහත්මයා කියන්නේ කල‍ිසමි, මේස්, සපත්තු ආදි යුරෝපීය ඇඳුම් අදින අයටයි. ගවොන්, සාය, සාරි, මේස්, සපත්තු අඳින ස්ත්රීයන්ට නෝනා ය කියනවා. ඒ මිස වෙන යම්කිසි විශේෂයක් අපි නොදනිමු. ‍ රාමසිංහ - මහත්වරු අතරත් පංති තුනක් තිබේ. නමුත් මම මෙහිදි කියාදෙන්ට ය‍න්නේ සාමාන්ය යෙන් මහත්මයා කියහැකි අය ගැනයි. මහ්ත්මයෙක් විමට සාමාන්ය මනුෂ්යයයන් අතර පරම්පරා තුනක් යා යුතුය. කිරිත්, මිදිකිරිත්, වෙඬරුත් ගැන සලකන්ට-මේ තුන් වර්ගයකි. මේ තුනේ ගුණ තුනකි. වටිනාකමත් තුන් වැදෑරුමිය. නමුත් ඇත්ත වශයෙන් සළකතොත් පටන්ගැන්ම කිරිමය. ‍ අවුනේරිස් - යන්තම් මට ආලෝක මාත්ර-යක් ලැබුනා. කිරෙන් මිදිකිරිත් එයින් වෙඬරුත් සාදන බව මට වැටහුනා. නමුත් මහත්මයා පිළිබඳ ප්රුශ්නය හොඳින් අවබෝධ වුනේ නැත.

රාමසිංහ - හොඳයි. මම විස්තර කරන්නෙමි. ඔන්න සාමාන්යි ජන සමාජයේ ජුවන් අප්පු කියා කෙනෙක් වුන්නා-ඔහු ඉතා දුප්පත් අප්රතකට දෙමවුප‍ියනගේ ළමයෙකි. ඉතින් වැඩිවිය පැමිණෙන කාලේ කුලී වැඩ අනු‍න්ගේ මෙහෙවර කරමින් ඉඳලා අන්තිමේදි වෙළාදමට බැසලා මධ්යකම තරමේ පවුලකින් ශික්ෂිත ස්ත්රීියක් සරණ‍කර ගෙණ තරමක ගෙවල් දොරවල් තනාගෙන පින් දහම් කරමින් වැදගත් මිනිසුන්ගේ ආශ්ර යද ඇති කෙනෙක් වුනා. ඉතින් මොහු මහත්මයෙක්ද හෙවත් කුලපුත්ර කමට හෙවත් මහත්මයා යන නාමය ලැබිමට ඉදිරිපත්වු කෙනෙකි. නමුත් ඔහු තවමත් මහත්මයා නොවේ. හරියටම එලදෙනගෙන් දොවගත් කිරිවලට සමානය.

ඉතින් දැන් ජුවන් අප්පුට පුත්රලයෙක් හෝ දුවක් ලැබුනා සැපසේ



218 පසන් නිවස


කන්ට අඳින්ට ඇති නිවහල්වු ජුවන් අප්නපුගේ හා භාර්යාවගේ ලමයා ජිනදාසය. ඔහුට හොඳින් ධර්මශාස්ත්රු උගන්වා කුලචාරිත්රා රකින හොඳ සත්පුරුෂයෙකු කොට ගොවිකම්, වෙළදාම් හො රාජ කාර්යයක යෙදෙව්වොත් ඔහුද දුසිරිත් අපරාධ ක්රි්යා වලින් තොරව පාප මිත්රර සේවනය සුදු සුරා ස්ත්රීත ධුර්තාදියෙහි නොයෙදි සිටියොත් අන්න ඔහු “අර්ධ මහත්මයෙකි” ඉතින් ඒ ජිනදාස තමාට සමානවු හො වඩ‍ා උසස් පවුලකින විවාහයක් කරගෙණ ඉඳ පුතුයෙක් හෝදුවක් ලබාගත්තොත් ඉතින් ඒ ලමයා ජයසේන හෝ කමලා ධර්ම ශාස්ත්රාරදිය ඉගෙෂ ශාෂ්ටාචාරව කල් යවතොත් අන්න ඒ තැනැත්තා මහත්මයා ය-තැනැත්තියක් නම් මහ්තමියය. ඒ කියන්නේ පිරිසිදු කුලපුත්රැයා හෝ කුල දුවය යන්නයි. ජුවන්‍අප්පු මහ්තමයා වෙන්ට මුල් ආධාරය වුනා.ඔහුගේ පුතා ජිනදස, පියාගේ අනුජාත හෝ අතිජාත පුත්ර යා වී පියා ආරම්භ ගළ පරම් පරාවේ තුන්වෙනියා වන ජයසේන නියම මහත්තැන් ගෙදරකින් ඉතාමත් ශික්ෂිත තරුණියක් විවාහ කර ගෙන සුදු සුරා හා ස්ත්රී ධූරුත්වයට නොබැස කල්යාකන මිත්රන සේවනයෙන් බැඳි හොඳින් කල්ගත කළොත් නියම මහත්මයා හෙවත් කුලපුත්ර යාය. එතැන් පටන් ඒ පරම්පරාව නියම මහත්තැන් සංඛ්යායවට වැටේ. මහතතැන් හෙවත් කුල පුත්රතයන් ‍ හැදෙන්නේ තුන්වැනි පරම්පරාවේදි බව අවුනේරිස් අප්පුට වැටහුනාද?

 අවුනේරිස් අපුපු-අනේ සාදු! මට හොඳින් වැටහුනා. මිට ඉස්සර ඔය ගැන අපි කල්පනා කළේවත් නැත. පඬිතුමා කිරි සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නිදර්ශණය මේ කාරණයේදි ඉතාමත් හොඳින් ගැලපේ. නිරෝගි හොඳ එළදෙනකගෙන් දොවන ලද කිරි විධි වු පරිදි මුදවා ඉකිබිත් එහි යොදය පිරිසිදු ලෙස එක්කළ විට ගිතෙල් බවට පැමිණේ. කිරිවලත් මුදවපු කිරිවලත් ගිතෙල් වලත් වටිනා කමත් ගුණයත් තුන් පුකාර බව කියන්ට ඕනැ නැත. මනුෂ්යියන් පිළිබඳවත් එසේමයි. මහත්මයෙක් වෙන්ට ලෑස්තිවන අය නිසා අර්ධ මහත්මයෙකුත් අර්ධ මහත් බවට පැමිණි අය නිසා සම්පුර්ණ මහත්මයෙකුත් ඇතිවන බව දැන් මට සම්පුරුණයෙන් වැටහුනා. ඉතින් නිකම්ම නිකම් මිනිහෙකු එනම් කුස්සි අම්මා කෙනෙකුත් සිංහල වෙච්ච දෙමල වැඩකාරයෙකුත්  එක් විමෙන් උපදින ලමයා යම්කිසි අයෝගයක්න් හෝ බලවත් හොරකමකින් හෝ විශාල සම්මාදමකින් හෝ මුදල් රාශියක් සපයා ගත්තොත් ඔහු මහත්මයෙක් වේ යයි අප රටේ මිනිසුන් අතර පැවති මුග්ධ කල්පනාව දැන් එහෙම පිටින්ම සුනු





පියදාස සිරිසේන නවකථා එකතුව 219


විසුනුවි ගිය බව පෙනේ. ඉතින් පඬිතුමාණනි‍, මහත්තැන් කමත් උත්පත්තියෙන්ම නොපිහිටි කෙනෙකුගෙන් විශාල ජාතික මෙහෙයක් පරාර්ථකාමි වැඩක් බලාපොරොත්තු විය හැකිද?

රාමසිංහ - අවුනේරිස් අප්පු මේ මක් කියනවාද? එලගිතෙල් වලින් ගතහැකි ඖෂධ ගුණය අමු කිරිවලින් තබා මුදවාපු කිරෙන්වත් නොලැබෙන බව වැටහෙන්නේ නැද්ද? අලියකුගෙන් ගතයුතු විශාල මෙහෙයක් ගොනෙකුගෙන් ගන්ට යන මිනිහාත් ගොනෙක් විය යුතුය. දැන් ලෝකයට බලවත් හානියක් වි තිබෙන්නේ ඒ ඒ තරාතිරමේ දෙවල් ඒ ඒ තත්ත‍වයේ තබා නොගෙණ ක්රිේයා කිරිමේ වැරැද්ද බව තේරුම් ගත්තොත් අපේ රට පෙර පැවති සමුර්ධත්වයටත් ශිෂ්ටාචාර භාවයටත් පැමිණෙනු ඒකාන්තය.

අවුනේරිස් - අප දැන් කතා කරගෙන් ගියේ විවාහ සම්බන්ධව හෙයින් එහි කරගතයුතු නොවේද?

රාමසිංහ - ඔව් අවුනේරිස්, අපේ සිංහල ජාතියේ පවුල් සුඛ්ත කොට නීරෝගි කොට ‍හොඳින් ඉන්ට සලස්වා ගත්තොත් වෙන කිසිම ප්රඅතිසංස්කරණයක් මේ රටට උවමනා නොවේ. ඉතින් විවාහ වන දෙන්නා ගැන ඉතා හොඳ පරීක්ෂණයක් කොට නිරවුල ලෙස ඒ විවාහ බන්ධන සලසා ගත්තොත් අපේ වැඩ ඔක්කොම හරි.


අවුනේරිස් - ශිෂ්ටාචාරලෙස හැදුනු ප්ර තිපත්තිකාමි මවුපියන්ට නිසා පිනවත් උතුම් දරුවන් ලැබෙන බව අපි හොඳින්ම දැනගත්තා. පවුල්වල සමඟියක් ප්රී්තියත් සම්බන්ධතාවයත් ස්ථිරවිමට මේ “මහත්තැන්”‍කමේම අවශ්යර වෙනවාද?

රාමසිංහ - ඇත්තෙන්ම යමක් සඳහන් කළ තරමිනුත් අවුනේරිස් අප්පුට කාරණය වැටහෙන බව පෙනේ. දැන් මේ කාලේ ධනය තිබෙන හොඳ ගෙවල් දොරවල් තිබෙන රථවාහන තිබෙන මිනිසුන් “මහත්තැන්” හෙවත් කුල පුත්ර්යන් ලෙස පිළිගැනිම අපේ ජනසමාජය විකෘතිවිමට හේතුවි තිබෙන බව පෙනේ.

අවුනේරිස් - දැන් වෙන් මොකවත්ම සලක්න්නේ නැත. යහමින් මුදල් තිබෙන මිනිසා ඔක්කොටෝම ඉහලයි. ඔහුගේ ගුණයක්වත් ප්ර්තිපත්තියක්වත් පරම්පරාගත මහත්තැන්කමක්වත් පරාර්ථකාමි සත්පුරුෂ ගතියවත් උගත් කමවත් ආශ්රමය කරණ


220 පසන් නිවස


මිත්රාආදින් ගැනවත් කල්පනා කරණ කිසිවෙක් නැත. හොඳ ගේක පදිංචිව සිටිතොත් එහි වටිනා දැව භාණ්ඩ තිබෙතොත් ගෙදර ඉන්නා උදවිය අලංකාර ලෙස අඳිතොත් අළුත් ලක්ෂණ මෝටකර් තිබෙතොත් අන්න ඒ පවුල් සියල්ලෙන්ම ඉහල බව දැන් කාලේ සැලකීම සිරිතකි. අපි මඟුල් ‍ජෝඩු කරන්නෙත් ඒ අනුවය. ඉතින් වෙන කුමක් කරන්ටද?

රාමසිංහ - ඔව් අවුනේරිස් අප්පු උඹලාගේ රක්ෂාව කොහොම හරි කරගන්නවා. නමුත් දැන් ලක්දිව සුඛිතව වාසනාවන්තම ඉන්නා පවුල් සියේට 20 ක් වත් නැත. අවාසනාවන්තව දුකඛ්තම ඉන්නා ගෙවල උපදින දරුවොත් අවාසනාවන්ත දුක්ඛ්ත කාලකන්නිව සිටිති. මහත්තැන් සංඛ්යා වටම පැමිනි ගෙදරකින්ආවාහයක් හෝ විවාහයක් කරගත යුතුය. එසේ කර නොගත්තෙ‍ාත් ඔවුන්ගේ තත්වය ඉතාමත් සංකීර්ණ පහත් තත්වතයකට බෝතල කාලකට පොල්තෙල් ටිකක්වත් මිශ්රඉකළොත් කි උතුම් තෙලේ ගුණය එහෙම පිටින්ම වෙනස් වේ. එසේම මහත්තැන් සංබ්යා වට පැමිණියාහු සුචරිත සම්පන්නව ඉන්න ස්ත්රී් පරුෂ දෙදෙනෙක් එක් නුනොත් ඒ විවාහය වාසනාවන්ත වන්නේවත් ඔවුන් නිසා ඇතිවන පරම්පරාව උසස් වන්නේවත් නැති බව ඒකාන්තය. මේ අත් දැකපු සත්යපයකි.



11. පරිච්ජේදය

[සංස්කරණය]

අවු‍ෙන්රිස - දැන් මට කාරණය වැටහ‍ුනා. අපි මේ මඟුල් ‍ජෝඩු කරන්ට විරිය කරණ අබයරත්න මහතා “මහත්තැන්” සංබ්යා‍වේ පවුලක උපන් උසස් ධර්මානු ධර්ම ප්ර තිපත්ති රක්ෂා කරණ කෙණෙකි. ඉතින් මම ජෝඩු කරපු මඟුල් රාසියෙන් එකක්වත් මහත්තැන් ගෙදරකින් නොවන බවදැබ් න් මට වැටහුනා. දැන් බලන්ට ඒ ජෝඩු කරපු හත් පලෙන් දෙපලකට ගියා පරම්පරා තුනක් පසුව යනතුරා ප්රඩතිපත්ති කාමි මිනිසුන් අතරවත් මහත්තැන් බවට පැමිණිමක් නැති බව මා කලින් දැනගෙණ හිටියා නම් මම කවදාවත් ඒ හත්පල ගැණ විමසන්නේවත් නැත. අප ගිය දෙපලෙන් ස්කෝලේ මහතා




පියදාස සිරිසේන නවකථා එකතුව 221


නරක මිනාහෙක් බව මම කලින්ම දන්නවා. නමුත් දැනට යමක් කමක් සපයාගෙණ එක විධියකට ඉන්නා කෙනෙකි. එම කල්පනාවෙන් ගියා. අද අප ගිය ‍වෙදරාල ඉතාමත් පහත් මිනිහෙකි. ඔහුගේ පියා මිරිදිය මාළු අල්ලමින් සිටි කෙනෙකි. අම්මා වට්ටිකාරියෙකි. පන්සල ඇබිත්තකමේ ඉඳලා මොකවත් ඉගෙණගෙණ දැන් ප්රමසිද්ද වෙදෙක්ව ඉන්නවා. ඔහු‍ෙග් ගෙදර ඇත්තෝ කුලී වැඩ කළ ස්ත්රී යකි. ඇත්තෙන්ම මහත්තැන්ය. කුලපුත්රතයන්ය යන විශේෂ දැනගෙන වුන්නා නම් මේ එකම තැනක්වත් මම යන්නේ නැත. ඉතින් අප එන බව කියාපු තවත් පස් පලක් තිබේ. ඔවුහුත් මහත්තැන් සංඛ්යා වට ඇතුලත් යයි මම නොසිතමි. ඉන් නිසා අපි ඒ ස්ථානවලට කුමට යමුද?

රාමසිංහ - ඔව් අවුනේරිස්, උඹේ කල්පනාව බොහොම හිරි. දැන් අපට යන්ට තිබෙන්නේ උගස් බඩු ගන්නා අය, කොන්ත්රාඋත්කාරයා, සුරා වෙළෙන්දා, බාස්, ලියන්නා යන පස් දෙනා ලඟටයි. ඉතින් ඔවුන් අතර මහත්තැන් වෙච්ච අය සිටියොත් මිස යාමෙන් පලක් නැත.

අවුනේරිස් - එහෙනම් මම කියන්නම්. උගස්බඩුකාරයාත්, සුරා වෙළෙන්දත් බාසුත් මම හොඳටම අඳුනමි. ඔවුන් තවමත් මහත්තැන් වෙන්ට හිතුවේවත් නැත. තරුණ ගුණසේකර නෝනාගේ පියා වන කොන්ත්රාතත්කාරයා නම් මහත්මයෙක් විය හැක. දෙමටකැලේ ලියන මහත්මයාත් වැදගත් පවුනග කෙනෙක් වෙන්ට ඇති. ඒ නිසා යතොත් ඒ දෙපලට විතරක් ගොස් අනිත් නැන් අත්හැර දමමුද? ‍ රාමසිංහ - ඔවු අවුනේරිස් අප්පු, අපි ගුණසේකර මහතාගේ ගෙදරට යමු කියා රික්ෂෝ දෙකක නැගි එහි ගියෝය. ඒ යන වේලාවට ගුණසේකර මහත්මයා ස්වකීය හාමිනේත් සමඟ ගෙදර ස්තෝප්පුවේම කතාතරමින් වුන්හ. ඔවුන්ගේ දියනිය සාලයේ ගෙත්තමක් කරමින් සිටියා ය. අවුනේරිස් අප්පුව අඳුනන බැවින් වාඩිවෙන්ට කියා බුලත් හෙප්පුවකින් ද සංග්රරහ කරණ ලදහ. ඉකිබිති අවුනේරිස් අප්පුත් සමඟ ආ රාමසිංහ මහතාදැන ඇඳින ගෙණ ඒ සම්බන්ධයෙන් කතා බස් කරණ ලදි. යමක් කමක් දැනගත් ගුණසේකර මහතා මෙසේ කීයේය. “අවුනේරිස් අප්පු අපේ ලමයා සම්බන්දව කතාකර තිබෙන




222 පසන් නිවස


මංගල්යමය නම් ඉතා වටිනා උසස් එකකි. අබයරත්න මහත්මයා උසස් පරම්පරාවක් ඇති බෙ‍ෟද්ධ ප්ර්තිපත්තිකාමි සත්පුරුෂයෙක් බව ඇත්තකි. නමුත් අපේ ලමයාගෙත් ඒ අබයර්ත්න මහත‍ාගෙත් එක්විම සතුටුදායක නොවේ. අපේ ලමයාගේ වයස අවුරුදු 18කි. අබයරත්න මහතාට අවුරුදු 40කි. ඉතින් අපේ ළමයාට වඩා අවුරුදු 22 කට වැඩිමහල්ය. අපේ දුවට අවුරුදු 40 වන විට ඒ මහත්මයා අවුරුදු 62 ක මහල්ලෙකි. ඉතින් ‍ඒ දෙදෙනා අතර ප්රේිමයක්-සමගියක්-සන්තෝෂයක් ඇතිවෙන්ට බැරිය. ස්වභාව ධර්මයට අපි යටත් විය යුත්තමිහ. යම් කෙනෙක් ස්වභාව ධර්මයට විරුද්ධව සටන්කොට ඒ ස්වභාව ධර්මය පරාජය කරතොත් ඒ උත්තමයාට නමස්කාර කළ යුතුය. නමුත් ස්වභාව ධර්මයට යටත්ව ඉවහල්ව ඉන්ට කැමති අය ඒ ස්වභාව ධර්ම නීතිය යථා විධියෙන් පිළිපැද්ද යුතුය. ශරීරයට ආහාර පාන උවමනාවිට ඒ දෙන්ට බැරි අයත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ ආදී පංචකාම සැප උවමනා විට ඒ දිමට බැරි අයත් සසරෙහිදිම හෙවත් ස්වභාව ධර්මයට යටත්ව ඉදිම වැරදිය. ස්වභාව ධර්මය මැඩපවත්වා. ඒ ස්වභාව ධර්මයෙන් ඉවත්වි පරම ශාන්තිය ලැබිමට යමෙක් උත්සාහ කරතොත් අන්න ඒ උත්තමයා විසින් ගමන් කළයුතු උතුම් මාර්ගයක් ඇත්තේය. එහා අංග අටෙකි. ඒ මාර්ගය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඉතින් එහි අංග නම්-

(1) සම්යයක් දෘෂ්ටිය. (2) සම්යඒක් සංකල්පනාව. (3) සම්යයක් වචනය. (4) සම්යසක් කර්මාන්තය. (5) සම්යයක් ආජිවය. (6) සම්යසක් වීර්යය (7) සම්යයක් ස්මෘතිය. (8) සම්ය‍ක් සමාධිය.

යන අටයි.

    ඉතින් පණ්ඩිත මහතාට මෙය විස්තර කළ යුතු නොවේ. ඒසේ ද උවත් මෙහි ඉන්නා අනිත් උදවියට දැනගන්නා පිණිස ඒ උතුම් ආර්යමාර්ගයේ අංග අට පිළිබඳ ඉතාමත් ලුහුඬු විස්තරයක් කරන්නෙමි.

1- සම්ය්ක් දෂ්ටිය කියන්නේ සත්යරය සත්යියවු අන්දමින් දැකිමයි. එනම් දුකත්, දුක ඉපදිමට හේතුවත්, දුක නැති කිරිමත්,




පියදාස සිරිසේන නවකථා එකතුව 223


නුවණැසින් දැකිමට සම්යඑක් දෘෂ්ටියයි කියති.

2- සම්යටක් සංකල්පනාමය කියන්නේ (1) ගිහිගෙයින් හෙව්ත පංචකාම සැපෙන් තුරන්වි තපස් රැකිමට ඇති වන කල්පනාවත් (2) ලෝකවාසි සියලු සත්වයෝ සැපවත් වෙත්වායි සිතන අව්යායපාද කල්පනාවත් (3) කිසිම සත්වයෙකුට හිංසා නොකරණ අවිහිංසා කල්පනාවත් යන කල්පනා තුන එක්විඩේටම ඇතිකරණ කල්පනාවට සම්යනක් සංකල්පනාව යයි කියති.

3- සම්ය.ක් වචනයිය කියන්නේ බොරු කීමෙන්, කේළාම් කි‍මෙන්, රළු බස් කීමෙන්, නිෂ්ඵල වචන කිමෙන් වැලකී සත්යනවු, මෘදුවු, පියකරු‍, වචන කථා කිරිමට සම්යික් වචනයයි කියති.

4- සම්යමක් කර්මාන්තය කියන්නේ කිසිම සත්වයෙකුගෙ දිවි නොනැසිමත්, අන්සතු නුදුන් දෙයක් නොගැණිමත්, කාමසේවනයෙහි වරදවා නොහැසිරිමත්, නිවැරදි යහපත් කටයුත්තකින් දිවිපවත්වා ගැනීමත් සම්යසක් කර්මාන්තයයි කියති.

5- සම්යයක් ආජිවයයි කියන්නේ, යහපත් සේ ජිවත්විමයි. සත්ව ඝාතනාදි වැරදි කර්මයක් කිරිමෙන්, අයුතු වෙළෙදාම් පසින් හෝ සුදු ක්රී.ඩා ආදි උත්තමයන් විසින් නින්දා කරණ ලද රැකීරක්ෂාවකින් ජිවත් නොවි ධාර්මිකවු ගොවිකම වෙළෙඳම් අත්කම් ආදියෙන් ජිවත් විමට සම්යවක් ආජිවයයි කියති.

6- සම්යික් විර්යයයි කියන්නේ කරමින් තිබුනු යහපත දියුණු කිරිමත් කරමින් තිබුනු අයහපත් නැතිකර ද‍ැමිමත් දෘඨතර හිතකින් පිනකිරිමත් පව් නොකිරිමත් පිණිස වඩන විර්ය වේ.

7- සම්ය්ක් සතියයි කියන්නේ ස්වභාව ධර්මයට යටත්ව පවත්නා ශරීරය සම්බන්ධයෙන් බැඳි වෙලි පවතින ලොබ ද්වේෂ ‍මොහ යන පාපධර්මයන් සංසිඳවිම පිණිස ඇතිකර ගන්නා ස්ථිර සිහියට සම්ය‍ක් සිහියයි කියති.

8- සම්මා සමාධියයි කියන්නේ-ලොභ ආදි පව්වලින් විනිර්මුක්තවු හිත ප්රිථමධ්යාිනයෙනදි-ධ්යාලන උපදවා සංසාරයෙන් හෙවත් ස්වභාව ධර්මයෙන් ඉවත් කිරිමට සමරථ වු චිත්තෙකග්රධතාවයක් ඇතිකිරිමට සම්යයක් සමාධියයි කියති.

  ඉතින් රාමසිංහ පඬිතුමාණනි, පරිසුඬලෙසම මේ ආර්ය අෂ්ටාංගිකමාර්ගයේ ගමන් කරණ යොගාවචර විර්ය සම්පන්න


224 පසන් නිවස

පුද්ගලයාට නම් ස්වභාව ධර්මය ගැන සලකන්ට උවමනාවක් නැත. නමුත් ගිහිගෙයි වසමින් පංචකාම සම්පත් විඳිමට සිතා ඉන්නා පුද්ගලයාට ‍ෙලාකස්වභාවයට පටහැනි කිසිවක් කළයුතු නැතැයි කියේය.

  රාමසිංහ පඬිතුමා හා අවුනේරිස් අප්පුත් කවදාවත් බලාපොරොත්තු නොවු ප්රිශස්ත අදහස් ඇති මහත්මයෙකු දකින්ට ලැබුනා යයි ඔවුහු සතුටුව ඒ ගුණසේකර මහතා සමඟ තවදුරටත් සාකච්ඡා කරන්ට කැමතිවුහ.

රාමසිංහ - ඇත්තෙන්ම මහත්මයා වාගේ කෙනෙකු දකින්ට ලැබිමත් කතාබස් කරන්ට ලැබිමත් අපට ලැබුනු‍ ලෙ‍ාකු ලාභයකි. අබයරත්න මහතාගේ කුලධර්ම ධනසම්පත් ගුණධර්ම ආදිය කෙතරම් හොඳ වුනත් ගැහැණුලමයාගේ වයසට නොගැලපෙන බැවින් එකපාරටම යෝජනාව ප්රැතික්ෂේප කළ බව පෙනේ. ඇත්තෙන්ම එබඳු සෘජු ගුණසම්පන්න මිනිසුන් අපේ රටෙත් වැඩිපුර සිටිතොත් අක්කර එක්කෝටි හැටපන්ලක්ෂයකට වඩා විශාල සාර වත්වු ලක්දිව ඉන්නා සිංහලයන් හතලිස් ලක්ෂයෙන් දෙකෙන් තුනෙන් පංගුවකටත් වැඩි පිරිසක් කුමට දුක්ඛිත වෙද්ද?

ගුණසේකර - පඬිතුමා අපේ ස්ථානයට පැමිණිම ගැන මුළු හෘදයෙන්ම ස්තුති කරමි‍. මේ මංගල්යඬය කථා කළ හාටියේම මා විපරම් කළේ වයස ගැනයි. ඉතින් ඒක හරි නැති නිසා නිසොල්මන් වුනා.

රාමසිංහ - මහත්මයාගේ කල්පනාවේ අන්දමට විවාහවන දෙදෙනාගේ වයස කොයි තරම් වියයුතුද?

ගුණසේකර - පුරුෂයාට අවුරුදු 25 නම් විවාහ වන ස්ත්රීසයට 18 කටත් 20ටත් අතර වියයුතුය. කොටින්ම කිය‍ෙතාත් පුරුෂයාට වඩා අවුරුදු 9 කට අඩු නොවන ස්ත්රීියක් හා විවාහ වුනොත් ඒ පවුල වාසනාවන්ත නෝවේ. අපේ රටේ පවුල්වල පවත්නා නොසන්සුන් දුක්ඛ්ත ගතියටත්, බෝවෙන ජනයා ප්ර්යෝජනවත් වැදගත් අය නොවිමටත් ප්රසධාන හේතුව මේ සංයොගයේ වරදමයි. විවාහවන දෙදෙ‍නාගේ වයස පිළිබඳව දඹදිව ඉතා දියුණු පළාත්වල පැවතෙන් පිළිවෙල මෙසේය. පුරුෂයාගේ වයස දෙකට බෙදා බාගයකට තවත් හතක්




පියදාස සිරිසේන නවකථා එකතුව 225


එකතුකළාම එන ගණන හෝ ඊට ටිකක් අඩුවෙන් ස්ත්රි යකගේ වයස විය යුතුය. පුරුෂයාගේ වයස අවුරුදු 30 නම් එය දෙකට බෙදු විට 15 කි. ඊට 7 ක් එක්කළ විට 22 කි. ඉතින් අවුරුදු 30 කි වයසැති පුරුෂයෙකුට අවුරුදු 22 ක් හෝ ඊට ටිකක් අඩු වයසැති ස්ත්රීියක් ඉතාමත් හොඳය. නමුත් අවුරුදු 22 ට වැඩි ස්ත්රිටයක් නම් ඒ රවෙල විවාහ කර නොදෙති. ඉතින් එය ගැණ ගන්නා ක්රපමය ඔන්න අවුරුදු 25 ක් වයසැති පුරුෂයෙක් නම්

25 = 12 1 + 7 = 19 1

2              2                 2

රාමසිංහ - ඔය සංයෝගය නරක්විමට වයස ප්රුමාණයම හේතු වේද නැතහොත් තවත් කරුණු තිබේද?

ගුණසේකර - අඹු සැමි දෙදෙනාගේ වයස එක් කරණයකි. නමුත් ඔයිට වඩා ඉතා වැදගත් කරුණු රාශියකි. මහ්තතැන් වුනු පවුල්වල අය තවත් මහ්තතැන්ම ඉන්නා පවුල්වලට සම්බන්ධ විය යුතුය. ධනය හෝ නිලතල හෝ සලකාගෙණ අළුතෙන්ම ජනසමාජයට බැස්ස අය සමඟ උසස් පරම්පරාගත අය එක්විමෙන් බලවත් භෙදයක් හෙවත් අසමගියක් පවුල්වල ඇතිවේ. ඒ අසමගිය නිසා උපදින දරුවන්ගේ දියුණුව ද බො‍හෝ දුර විපරිත වන බව පෙනේ.

රාමසිංහ - ප්රයතිපත්ති කාමි ගුණවත් මුවපියන්ගේ දරුවන්ට හොඳින් උගන්වා කල්යාංණමිත්ර සෙවනාදියත ලැබුනොත් ඉතාමත් හොඳ බව අප කාටත් වැටහෙන කාරණයකි. එසේ හැදුනු පුරුෂයෙකුත් ස්ත්රි යකුත් විවාහ වුනොත් අනිත් කෙතරම් අඩු පාඩු අගහිඟකම් තිබුනත් ඒ පවුල කවදාවත් රට හිනස්සන තරම් නොකටයුත්තකට සම්බන්ධවිමක් නැත. නමුත් ගෙදරක ඉතාමත් ලොකු ප්රීයතියක් සමගියක් ඇතිවිමට ප්රවධාන හේතුව කුමක්දැ කියා ගුණසේකර මහතාට වැටහි තිබෙනවාද?

ගුණසේකර - මට දැන් වයස අවුරුදු 52කි. මේ කාලය ඇතුලත අපේ ඥති මිත්රාරදින්ගේ පවුල් පිළිබඳවත් අසල පසල අයගේත් කරුණු ‍ෙහාඳින් පරීක්ෂා කර බලා තිබේ. මනුෂ්යසයන්ගේ ඒ ඒ තත්වයේ අන්දමට ආහාර පාන ඉඳුම් හිටුම් ආදිය නැත්නම් එබඳු තැන්වල ප්රීනතියක් හෝ වාසනාවන්ත කමක් නැතිවිම ස්වභාවයකි. නමුත් ධනවත් පවුල්වල පවා අවාසනාවන්ත



226 පසන් නිවස

පහත් තත්වයක් දකින්ට තියෙන්නේ ස්ත්රීතය විසින් පුරුෂයාගේ තත්වයත් ගුණ ආදියත් හොඳින් දැන නොගැණිම බව මට අවබෝධවි තිබේ.

රාමසිංහ - ඒ කියන්නේ තමාගේ පුරුෂයාගේ තත්වය අභ්යවන්තරයේ පවත්නා උදාර අදහස් ආදිය තමා විසින් දැනගෙණ ඒ උසස් ගතිය කෙරෙහි දැක්වියුතු භක්ත්යාසදරය දැක්විමද?

ගුණසේකර - අන්න පඬිතුමා ඒ කාරණය මටත් වඩා හොඳින් අවබෝධවි තිබෙනවා. දැන් සමහර ගෙවල ස්තරීරණයහු ස්වාමි පුරුෂයා ඉතාමත් අගරු අන්දමින් සලකති. ඒ තමාගේ ස්වාමිපුරුෂයා උගතෙක්ය. පණ්ඩිතයෙක්ය. රටවිසින් ගෙන් ගරු බුහුමන් ලබන්නෙක්ය. මතු කාලයේ උසස් ගෞරව ලැබිමට සුදුදුකම් ඇත්තෙක යන ආදි වශයෙන් ස්වාමිපුරුෂයා කෙරෙහි වෙනස් නොවන සැලකිල්ලක් හා භක්ත්යාෂදරයක් යම් ස්තරීරව යක් තුල පවත්තොත් අන්න ඒ ගෙදර මහත් සතුටක් හා සමගියක් ඇතිවන බව අත්දැක තිබේ.

රාමසිංහ - අනේ ගුණසේකර මහතාණනි. මඟුල් ජෝඩු කිරිමේ රහසත් ඕකමය. සමහර පුරුෂයෝ ස්ත්රීරයගේ විද්යාසමාන ගුණ ස්ත්රීතවරු ස්වාමිපුරුෂයාගේ විද්යාුමාන ගුණ දැනගෙන ඈට දියයුතු ගරු බුහුමන් නොදෙන්ටත් සමහර ස්ත්රීුවරු ස්වාමිපුරුෂයාගේ විද්යාතමාන ගුණ දැනගෙන ‍ඔහු කෙරෙහි ඇතිකළ යුතු භක්ත්යාසදරය ඇති නොකරන්ටත් ‍ෙහ්තුව කුමක්ද කියා ගුණසේකර මහතා කල්පනා කළේද? අද උදේ වරුවේ මේ අවුනේරිස් අප්පුත් සමඟ ඔය කාරණය ගැන කථාකළා-ලොකයේ ඉන්නේ හතර වර්ගයක ජනයායි. ඒ හතර වර්ගගයෙන් දෙකොටසක් හුවමාරුවි විවාහ වෙතොත් වැඩි වරදක් නොවේ. නමුත් හතර වර්ගයම ඒ වර්ග විශේෂය නොතකා එක්වුනොත් අන්නොන්යගයන්ගේ තත්වය සලකා ගන්ට බැරිවිම නිසා ඒ පවුල යථා විධියෙන් නොපැවතෙන බව සක්සුදක් සේ පෙණෙනත් ඒ ඉතා වැදගත් ධර්මතාවය නොසැලකිම නිසා අපේ රටේ බොහෝ පවුල් බලවත් දුක්ඛ්ත බවට පත්වි සිටිති.

ගුණසේකර - මහ්තමයා කියන හතර වර්ගය කුමක් ද?

රාමසිංහ - (1) සාමාන්යක ජනයා- ඒ කියන්නේ පහත් කර්මාන්තාදිය දාස මෙහෙවර ආදිය කරමින් ඉගෙණිමක් ගුණ ධර්මයක්




පියදාස සිරිසේන නවකථා එකුතව 227


නොදැන ඉන්නා මින‍ිස්සු - (2) මහත්තැන් විමට ආරම්භ කළ ජනයා -ඒ කියන්නේ පහත් කර්මාන්තාදිය කරමින් සිට නිවහල් රැකී රක්ෂාදියට බැස කල්යා්ණ මිත්රාාදින් සේවනයෙන් මහත්තැන් බවට හෙවත් කුල පුත්රට සංඛ්යා්වට වැටෙන්ට ආරම්භ කළ ජනයා, (3) අර්ධ මහත්තැන් බවට-ඒ කියන්නේ දෙවෙනි අංකයෙන් ද‍ැක්වු මහ්තතැන් විමට ආරම්භවුනු පවුල්වලින් පැවතෙන දරුවෝ, ,(4) මහත්තැන් හෙවත් කුලපුත්රත ජනයා-ඒ කියන්නේ තුන්වෙනි අංකයේ දැක්වු අඬ මහත්තැන හෙවත් අර්ධ කුලපුත්රේ පවුල්වල උපන් දරුවෝ යන මේ සිවු කොටසයි. ඉතින් මේ සිවු කොටසේ අය වෙන වෙන් වශයෙන් සරණ බනධනයට පත්වුනොත් ඔවුනොවුන්ගේ ගතිගුන නිරායාසයෙන් ඔවුනොවුන්ට හැ‍ඟෙන බැවින් ස්තරීවුනය කෙරෙහි ද‍ැක්විය යුතු භක්ත්යාිදරය ස්ත්රීීයගෙනුත් අනායාසයෙන්ම ඇතිවේ.

ගුණසේකර - ඉතාමත් සත්ය්වු ප්රතත්යයක්ෂ කාරණයකි. දැන් මෙහි දැක්වු සතර වර්ගයා අයත් ජනයා ඒ සතර වර්ගයටම සම්බන්ධවු විට කවදාවත් සිත් දුෂ්යා විමක් ඇති ‍ෙනාවේ. මක්නිසාද? අශික්ෂිත ලෙස ඇතිදැඩිවුනු ධර්මානු ධර්ම ප්රමත්පත්තියක නොයෙදුනු කර්කස වචන කියන මිනිහෙකුට එබඳු ස්ත්රීමයක් ලැබුනාම එතන අමුතු හිත් නරක් විමක් අප්රිනයවක් නැත. මක්නිසාද අසුවියට-අසුවිය එකතු විමෙන් ඒ ස්ථානයේ අමුතු විශේෂයක් නොවන බැවිනි. නමුත් ඉතාමත් අශික්ෂිත නුගත් පහත් පවුලක ඉපදුනු ප්රනතිසංස්කරණයක් නොවු කෙනෙකුට මෙහි දෙවෙනි අංකයෙන් දැක්වු මහත්තැන් බවට පරිවර්තනය වේගන යන පවුලක ස්ත්රී යක් බැඳුනොත් එතන විෂම වේ. හරියටම කිරිවලට ගොම දිය කළාක් මෙනි. නැතහොත් හොද්දට පැණි වත්කළාක් මෙන්ය. ඉතින් මෙහි දැක්වු තුන්වෙනි අංකයේ අර්ධ මහත්තැන් බවට හෙවත් අඬ කුලපුත්රත බවට පත් පවුලක ස්ත්රීයයක් හෝ පුරුෂයෙක් මෙහි දැක්වු අංක එකේ පවුලක හෝ අංක තුනේ හතරේ පවුලකට සම්න්ධවිම අනර්ථ දායකය. මක්නිසාද පවුලේ ගති ගුණ අංක දෙකේ පවුලට හෝ තුනේ පවුලට වඩා අතිශයින් පහත් නිසා විෂම වන්නාක් මෙන්ම අංක තුනේ හෝ හතරේ පවුලේ ගතිගුණ අංක දෙකේ පවුලට වඩා ඉතාමත් උසස් බැවින් ඒකද






228 පසන් නිවස

ඉතාමත් විෂමය‍. ඒ හෙයින් එම අංක දෙකම නරක බව මෙයින් වැටහේ. නමුත් මෙහි දැක්වු අංක 3 නේ පවුලකින් හෙවත් අරධ මහත්තැන් සංඛ්යාමවට පැමිණි පවුලකින් අංක හතරේ හෙවත් නියම මහත්තැන් බවට පැමිණි පවුලකට සම්න්‍ධවිම අවැඩදායක නොවේ. විශේෂ වශයෙන් ස්ත්රීු පක්ෂය අර්ධ මහත්තැන් පවුලකත් පුරුෂ පක්ෂය සම්පුර්ණ මහ්තතැන් පවුලකත් නම් ඉතාමත් හොඳය. රාමසිංහ පඬිතුමා තරමට ශාස්ත්රා නුකුලව මේ කාරණය විස්තරකර දෙන්ට නොහා‍ැකි නමුත් තරාතිරම නොසලකි අළුතෙන් ලැබුනු ධන සම්පත් නිලතල ආදිය සලකාගෙන විවාහවි විනාශවු තැන් කෙලවරක් නැත්තේය.

අවුනේරිස් - හිටින්ඩ මහ්තවරුනි. පරම්පරා තුනකින් මහත්තැන් බවට පැමුණුනායිය කියමු. ඉතින් ඒ පරම්පරා වලින් පැවත එන හැම දෙනාම මහත්තැන්ද?

රාමසිංහ - අවුනේරිස් ඇසු ඒ ප්රනශ්නය කාලොචිතවු වැදගත් එකකි. මහත්තැන් සංඛ්යාහවට පත්වු පවුල්වල අන්තිම පංතියේ පාදඩයෝත් සිටිති. ඒ පාදඩයන් ඉවත් කලාම මහත්තැන් කමට ඉන්නා අය මහ්තතැන්මය.

අවුනේරිස්-දුප්පත් වුනොත්?

රාමසිංහ - යම්කිසි අහේතුවකින් ධන හීනත්ව.යට පැමිණියත් ඒ මහත්තැන් පරම්පරාවල අය සෛවරී භාවය ආත්ම ශක්තිය. ආත්ම ගෞරවය, ආත්ම විශ්වාසය අත් නොහරිති. ඒ මහත්තැන් සංඛ්යාතවට පැමිණි පවුල්වලින් පැවතෙන සුචරිත සම්පන්න උදවිය මහත්තැන් බවට නොපැමිණි පවුල්වල අධික ධනවතුන්ට හෝ උසස් නිලතල දරන්නන්ට වඩා අගේය. හරියටම බිඳි දැලි කුණු ගැවි තිබෙන රන් තැටියටත් ඉතා ලක්ෂණට රත් රන් ගා තිබෙන පිත්තල තැටියටත් යථා ක්රටමයෙන් සමාන කළ හැක්කේය.

ගුණසේකර - ඇයි අවුනේරිස් අප්පු අසාලා නැද්ද? මහෞෂධ පඩිතුමා විවාහ විවාහ කරගත් අමරා දේවි ගැන සළකා බැළුවාම කාරණය හොඳින් වැටහේ. දුප්ප්ත්ව ගිය උසස් පරම්පරාවකට අයිති ධර්ම ශාස්ත්රැ අමරා දේවි ස්නනාලි වෙසෙන් ගොස් සොයාගත්තේ මන්ද? වෙදේහ රජුගේ අගමැති


පියදාස සිරිසේන නවකථා එකතුව 229

හැටියට විවාහයක් කරගන්ට ගියා නම් ඒ තරම් සුවච කීකරු ප්ර තිප්තති කාමි ස්ත්රීහයක් ලබා ගන්ට බැරි බැවින්ය. විවාහ ජෝඩු කිරිමේදි අවශ්ය්යෙන්ම සැලකිය යුතු පොරොන්දම රාමසිංහ පඬිතුමා නිසා ඉතා හොඳින් වැටහුණේය යි කියා ගුණසේකර මහතා ස්තුති කොට සවස ‍ෙත් පානයෙන්ද සංග්රයහ කෙළේය.


12. පරිච්ජේදය

[සංස්කරණය]
    රාමසිංහ පඬිතුමා හා අවුනේරිස් අප්පුත් දෙමටකැලේ උන්නැහේලාගේ ගෙදරට නොගොස් කෙලින්ම වැල්ල වත්තටම ගියහ. වැල්ලවත්තේ රාමසිංහ මහතාගේම ගෙදරට ගොස් ඇඟපත සෝදාගෙන රාත්රිර ආහාරත් එහිදිම ගෙන අවුනේරිස් අප්පුත් එදා රැ නවත්වා ගත්ය.   “අවුනේරිස් උඹත් අද රැ අපේ ගෙදරට නැවති ඉඳලා උදේම අබයරත්න මහතා සම්බවෙන්ට යමු. අව‍ුරුදු 40 ක් වයස්ගතවු අබයරත්න මහතාට මඟුල් ජෝඩු කිරිම පිරිමහින තැනකින් තරුණියක් විවාහකර දිම කරන්ට බැරි වැඩකි. ඉන්නාසා මේ කාරණය තීන්දුවක් කරගත යුතුය”යි කිමා එදා රැ අවුනේරිස් සමඟම එහි නැවතුනේය.
 පසුදින උදේ අටට පමණ රාමසිංහ මහතා අවුනේරිසුත් සමඟ එන බව දුටු අබයරත්න මහතා එදා රැ එහි නැවති සිටි අබයරත්න මහතාගේ පරණ යාලුවෙක් වන ලුවිස් අප්පුහාමිත් සමඟ සිනාසෙමින් රාමසිංහ මහතුන් පිළිගත්හ‍.

අබයරත්න - රාමසිංහ පඬිතුමාත් අවුනේරිස් අප්පුත් මට මඟුල් ජෝඩු කිරිමේ බැරෑරුම් කටයුත්ත නිසා මහත් කරදර විඳින බව මේ ලුවිස් අප්පුහාමිටත් කීවා. ඉතින් ගිය ආ තැන්වල තොරතුරු කීවාම ලුවිස් අප්පුහාමි කරණලද යෝජනාවකුත් තිබෙන බැවින් මේ මඟුල් ජෝඩුව අද හෙටම නිෂ්ටාකොට මම විවේක ගන්නෙමි. කො‍ෙහාමද රාමසිංහ උන්නැහේලා ගේ පලිහලව්!

රාමසිංහ - ඉටිපන්දම පත්තුවේවි දියවි ඉවර වෙනවා නමුත් බොහෝ දෙනෙකුට ආලෝකය දි මහත් යහපතක් කරණවා. එමෙන්ම සත්පුරුෂයා ජනයා තමා දුක් විඳිමින් මහන්සි වෙමින් කරණ


230 පසන් නිවස


කටුයුතු වලින් ‍ලෝකයාට මහත් ප්රණයෝජන ලැබේ. ප්රැනඩී මහතා මෙතාක්ම විවාහ නොවි අප ලවා මඟුල් ජෝඩු කරවා ගැනිමෙන් අපේ රටේ තත්වට අපට දැනගන්ට ලැබුනා. දැන් කාලේ සමහර ස්ත්රී්න් විවාහ වෙන්නේ ගෙදරදොරේ බලාගන්නා ගෘහ සංවිධානයවත්, ඉවුම් පිහුම් සකසුරුවම් කම් ආදියවත්. දරුවන් තැනිම් ආදි පරම්පරා වර්ධනයවත්, ස්වාමිපුරුෂයාට සුවච කීකරු “භාර්යාවක්” විමවත් සලකාගෙන නොවන බව පෙනේ. නමුත් හැම තරුණියක්ම විවාහ වෙන්ට නම් අරඇඳගෙණ ඉන්නාවා.

අබයරත්න - ගෘහ සංවිධානය, සකසුරුවම් කම, අය වැය දැනීම, ඉවුම් පිහුම්, අත්කම්, ගෙත්කම්, පන්නම් ස්වාමියා හා ඥති සංග්ර,හ ආදි ගෘහනියක් විසින් අවශ්ය,යෙන්ම දැනගකයුතු කරුණු නොදන්නා ස්ත්රීාන් විවාහ වෙන්නේ කුමක් සඳහාද? රාමසිංහ පඬිතුමාණනි!

රාමසිංහ - ඒක තමයි ප්ර ශ්නයත්-විසඳාගන්ට බැරිත් ඒක තමයි.

අවුනේරිස් - දැන් කාලේ තරුණියන්ගේන් වැඩි දෙනා විවාහ වෙන්ට කැමති මොටෝකාරු ඇති-මොටෝකාර් එලවන්ට පිළිවන් තරුණන් සමගමයි. මක්නිසාද? මොටෝකාර‍ යේ ඉස්සරහ ආසනයේ වාඩිවි පුරුෂයා සමඟ අල්ලාප ස්ල්ලාප කතාකරමින් සිනාසෙමින් ගමන් කිරිමටයි.

රාමසිංහ - ඔව් අවුනේරිස් උඹේ කතාව බොරු නොවෙයි. මොටෝකාරයේ ඉස්සරහ ආසනයේ වාඩිවිම ශක්රසයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනයේ වාඩිවිමටත් වඩා සතුටුමවු අහංකාරයේන මත්වෙච්ච ගෑණු සිටිති. ඒ මොටෝකාරයේ යන්ට පමණක් නොව-කිසිවක් නොකොට හොඳට කන්ට අඳන්ටත්-සැප විඳින්ට්ත හිතාගෙන බොහෝ තරුණියෝ විවාහ වෙති. තමන්ගේ ප්රපමාණය තමා විවාහ වන පුරුෂයාගේ ප්රමමාණයවත් ඔවුන්ට සලකා ගන්ට බැරිය. ඇඟිල්ලේ තරමට වඩා ඒ ඉදිමුනොත් එය පැළි විනාශ වන බව නොදන්නා ස්ත්රීර පුරුෂයන් නිසාම අපේ රට ද‍ුක්ඛිතව පවත්නා බව පෙනේ.

ලුවිස් අප්පුහාමි - රාමසිංහ මහතා එනතුරුම බලා සිටියේ අපේ මේ අබයරත්න මහතාට මඟුලක් ජෝඩු කරන්ට අවසර ගන්ටයි. ඊට කැමතිද?




පියදාස සිරිසේන නවකථා එකතුව 231

රාමසිංහ - (හයියෙන් සිනාසී) අපට කරන්ට බැරුව දඟලන මේ කටයුතත් අප්පුහාමි කරදෙතොත් කොච්චර හොඳ ද? වෙන තෑග්ගක් දෙන්ට නැතත් මගේ මේ මාසේ පැන්ෂන් පඩිය අප්පුහාමිට තෑගි කරනවා.

ලුවිස් අප්පුහාමි - හැබැයි මම ජෝඩු කරන්නට යන්නේ ළමිස්සියක් නොවේ. අවුරුදු 32 ක් පමණ ඇති වැන්දඹු නෝනා කෙනෙකි. (අබයරත්න ඇතුළු කවුරුත් හයියෙන් සිනාසෙන්නට පටන් ගත්හ.)

රාමසිංහ - අපි කවුරුත් සිනාසුනට මොකද කාරණය විමසා ගණිමු. සමහරවිට අපේ අබයරත්න මහාතට තරුණියක් විවාහ කරගන්ට වාසනාව නැතිවෙන්ට පිලිවනි. ඉන්නිසා වැනිදඹුවක්වත් ලැබුනොත් නරකය!

අබයරත්න - වැන්දඹුවක් වුනාට කමක් නැහැ. නමුත් හුඟක් දෙපල හා මුදල් හදල් තිබෙන කෙනෙකි නම්!

රාමසිංහ - හොඳයි මුදුල් හදල් දේපලවලට ඉස්සරින් මට දැනගන්ට ඕනෑ ඒ කියන ස්ත්රීහට පළමු කසාදෙ දරුවොත් සිටිද්ද?

ලුවිස් - ඔව් දරුවන් පස් දෙනෙක් ඉන්නවා.

රාමසිංහ - (ඔළුවේ අත තබා ගනිමින්) අනේ අප්පුහාමි, අහිංසක අබයරත්න මහතා අපායේ දමන්ට එපා. දරුවන් ඉන්නා වැන්දඹු ස්ත්රීායක් කසාද බැඳිමට වඩා දුක්ඛදායක සිද්ධියක් මේ ලෝකේ තිබෙනවිද? හොඳයි. ඒ කිනය නෝනාගේ දරුවන් පස් දෙනාට අබයරත්න මහතාට දාව උපදින දරුවනුත් එක්වුනාම “උඹේ ලමයා අපේ ලමයාට ගැහුමාය”යි කියන කාලය ගැනත් අප්පුහාමි කල්පනා කළාද?

ලුවිස් අප්පුහාමි - (ටිකක් තිගැස්සී) එහෙනම් වැන්දඹු ස්ත්රීක පුරුෂයන් විවාහ වි සැපසේ කල්ගත කරන තැනක් නැද්ද?

රාමසිංහ - එහෙම තැනක් නැත කියා මට නිශ්චිත වශයෙන් කියන්ට බැරිය. නමුත් වැන්දඹු ස්ත්රීෙන් හෝ පුරුෂයන් දෙවනිවර විවාහවි සැපසේ කල් ගතකරන තැනක් මම නම් නොදුටුවෙමි.

අවුනේරිස් - ස්ත්රීෝන් වැන්දඹුයි. පුරුෂයාත් වැන්දඹුයි. ඒ දෙන්නාටම දරුවොත් ; සිටිති. ඉතින් ඒ දෙන්නා කසාද බැන්දාට පස්සේ ඔවුන්දටත් දරුවල් ලැබුනා. ඉතින් තුන් වර්ගයක දරුවන් ලැබුනාම,


232 පසන් නිවස


රාමසිංහ - අන්න එහෙම තමයි හොඳ සෙල්ලම! උඹේ දරුවෝත මගේ දරුවොත්-අපේ දරුවොත් දබර කළා. මොකද කරන්නේ කියා ඇසුවාම තමයි අප්පොච්චියේ රත්වෙන්නේ, නේද ලුවිස් අප්පුහිම!

ලුවිස් අප්පුහාමි - එහෙනම් ධනවත් ප්රපසිද්ධ මිනිස්සු දෙවෙනි වරට තබා තුන්වෙනි වරටත් ළමිස්සියන් කසාද බඳින්නේ.

රාමසිංහ - ලෝකේ හැටි ඔහොම තමයි. සමහර නාකි මිනිස්සු ඉලන්දාරිනස්ටත් වඩා අධික කැමැත්තෙන් ළමිස්සියන් කසාද බඳිනවා. “නත්ථිිරාග සමො අග්ගී” රාගය සමාන ගින්නක් ලෝකේ නැත. එයිනුත් පංචකාම සැප විඳලා දුරුවල වුනු නාකියාගේ හිත අතිශයින්ම දරුණුය. ඔන්න මම මේ මහත්තැන්ට සිද්ධවුනු සත්යන ප්රේවෘත්තියක් කියන්මි. ලක්දිව කවුරුත් සලකන ප්රටසිද්ධ රදල කෙනෙක් වුන්නා. උන්නැහේගේ පුත්රඔ මහත්තැන් විරප්රිසිද්ධ ප්රෙභූවරයෝය. ඒ නාකි රදල මහතා පළමුවෙනි භාර්මාය මැරි දෙවෙනි වරටත් කසාද බැඳ ඒ භාර්යවත් මළා. ඒ කාලයේ උන්නැහේගේ පුත්රි දුහිතෘන්ටද දරුවන් හා දරු මුනුබුරන්ද වුනුහ. ඉතින් අවුරුදු 70 කටත් වඩා වයස්ගත මහලු රදල මහතා තුන් වෙනි වරටත් විවාහයක් කරගන්ට අදහස් කොට පුත්ර යන්ගෙන් විමසුවේය. වැඩිමල් පුත්රතයෝ කෝපව අප්පොච්චිට ලැජ්ජා නැදිදැයි අසා විරුද්ධ විහ. නමුත් බාල පුතාගෙන් ඇසු විට කවටයෙක් වන ඒ මහතා “අප්පොච්චියේ කසාද බැඳිමට ඉතාමත් හොඳ වයස”යයි කිවාම ඉතාමත් ළපටි තරුණියක් කසාද බැඳගන්ට බලන්ට”යයි කීවාම “මගේ හින්නා පුත් පමණකි යුතුකම් දන්නේ”කියා ප්රංටශසා කොට දාහත් හැවිරිදි තරුණියක් කසාද බඳගෙන් මාස කීපයක් ජිවත්ව සිට මළේය.

අවුනේරිස් - ඇත්තෙන්ම පඬිතුමාගේ කිම ඉතාමත් හරිය. නාකිවෙන්ට වෙන්ට කසාස බැඳිමට ගිජුවේ. මා දන්නා කම්කරුවෙක් සිටියි. ඔහුට දරුවන් 13 දෙනෙක් ලැබුනාට පසු භාර්යාව මළේය. තරුණ වියට පත්වු දුවරු 3 දෙනෙකුත් ඉන්නා මේ මහලු දුප්පත් මිනිහා තරුණියක් විවාහ කර ගත්තේය. අන්තිමේදි මුළු පවුලම අනාථව දුක්ඛිතව සිසීකඩව ගියේය.





පියදාස සිරිසේන නවකථා එකතුව 233


රාමසිංහ - ධනවත් වයසක මිනිසුන් දෙවෙනි වර කසාද බැඳ මුල් විවාහයේ දරුවනුත් අනාථ කොට මියගිය තැන් අප්ර මාණය. කොටින්ම කිය‍ෙතාත්-දෙවෙනි වර කසාද බැඳපු ස්ත්රීනයකට හෝ පුරුෂයකුට නිදහසක්වත්, ප්රීනතියක්වත් සැපතක්වත් ලැබුනු තැනක් මට අසන්ට ලැබු‍නේ නැත . කනවැන්දුන් ස්ත්රීකන් හෝ පුරුෂයන් විවාහ විම කැඩිච්ච විදුරු වතුර බිමට පාචිච්චි කිරිම වැනි මෝඩ වැඩකි.

අබයරත්න - එතකොට ඉන්දිවේ වැන්දඹු තරුණියන් හා තරුණයින් විවාහ කිරවිමට සමාගම් පවා පිහිටුවා ත‍ිබෙන්නේ?

රාමසිංහ - ඒක බොහොම හරි. ඉන්දියාවේ බොහෝ පළාත් වල ලදරුවන් හා ලදැරියන් විවාහ කරවති. ඉතින් ඒ කුඩා දරුවන් ගේ දැනිමක්වත් නොමැතිව-දෙන්නාගෙන් එක්කෙනෙක් මිය ගියොත් අනිකා දිවි තිබෙන තුරු අවිවාහකව සිටියි. ඒක ලොකු අපරාධයකි. ඒ නිසා සත් පුරුෂ ජනයා ඒ ලදරුවන් හා ලදැරියන් තරුණන බවට පත්විට විවාහ කරදිටම කටයුතු පිළියෙළ කර තිබේ. අපේ රටේ එබන්දක් නැත. වැඩි වයසට පත් බොහොවිට දරුවන්න තුන් හතර හතර දෙනා ලැබුවාට පසු පුරුෂයා හෝ ස්ත්රීටය මළොත් නැවත විවාහ වෙති. ඇත්තෙන්ම ඒ අපරාධයකි අර දරුවන්ට කරන මහත් අයුත්තකි. දුදරුවන්ගේ හෝ ජන සමාජයේ යහපත සලකන කිසිවෙක් දෙවෙනි වරට විවාහවිය යුතු නොවේ. ඇතැම් වයස්ගත මිනිස්සු කියන්නේ කුඩා දරුවන් තනා ගැනිමට හා ගෙදර දොර බලා ගැනිමට කෙනෙක් නැත කියා විවාහ කරගන්ට අවශ්යා බවයි. නමුත් ඇත්ත නම් ‍අනිකකි. දරුවන් ඇති කෙනෙක් දෙවෙනි වරට කෙතරම් හොඳ කෙනෙකු සමඟ විවාහ වුනත් අර දරුවන්ට සිද්ධ වන්නේ බලවත් විපතකි. දැන් අබයරත්න මහතාට වැන්දඹු ස්ත්රීින් සම්බන්ධ කරුණු වැටහුනා ද?

අබයරත්න - රාමසිංහ පඬිතුමා කරුණු විස්තර කළාට පස්සෙයි මට මේක වැටහුණේ. අපේ මිත්රායෙක් දරුවන් හතර දෙනෙක් ලැබුනාට පසු ව‍ැන්දඹු වුනා. ඉතින් ඒ දරුවනුත් රැකගෙණ ඉන්නවා වෙනුවට දරුවන් පසු දෙනකේ ඉන්නා වැන්දඹුවක් විවාහ කරගත්තා. ඔහුට හිතෙසිවන්තයන් එපයි. කියද්දි මේ




234 පසන් නිවස


විවාහය කරගත්තා. ඉතින් හයමාසයක් යන්ට පළමු ඒ ස්හත්රී්ය දැඩි සැඩ හම්බයෙකු සමඟ එක්වි කළ නොපමණත් කම් අප්රසමාණය. එක්තරා ධනවත් නාකි අප්පුහාමි කෙනෙක් අවුරුදු 20 ක තරුණියක් දෙවෙනි වරට කසාද බැන්දා. අන්තිමේදි ඈ ස්වාමියා කරගත්තේ ඒ අප්පුහාමිගේ පුතාවය. ඉතින් ඈට ලැබුනු දරුවන් නාකි අප්පුහාමිට මක් කියන්ටද? මා දැනගත් තවත් කාරණයක් රාමසිංහ පඬිතුමාට කියන්නේමි. මගේ මිත්රද මුදලි කෙනෙක් ඉන්නවා උන්නැහේගේ ලමාතැනි මියගොස් අවුරුදු හත අටකටත් වැඩිය. ඉතා ‍හොඳින් උගත් රූප සම්පන්න තරුන දියනිවරු තුන්දෙනෙකුත් වුන්නා-අවුරුදු 60 ක් පමණ වයස ඇති උන්නැහේ විවාහයක් කරගන්නා අදහසින් වුන්නේ නැත. නමුත් මුදල් පිළිබඳ කරදරයක් ඇතිවි තමා අඳුන පවුලකින් ණයට මුදලක් ගන්ට උත්සාහ කර තිබේ. මේ කාරණය දැනගත් පණස් හැවිරිදි වයසැති වැන්දඹුවක් මුදලිතුමා ගෙන්වා ඈ නමින් බැංකුවේ රුපියල් තුන් දාහක් තිබෙන බවත්, ඈව කසාද බඳිතොත් ඒ රුපියල් තුන්දාහ දෙන බවත් කී බැවින් පරණ කාම ආශාවත් මතුවන මුදලි තැන රුපියල් තුන් දාහටත් ලොභ කොට මේ වධක භාර්යාව විවාහකර ගත්තේය. ඉතින් රාමසිංහ මහතාණෙනි, මුදලි තැන කීප දිනක්ම මා සමඟ කඳුළු වගුරුවමින් කීවේ මෙතරම් දරුණු දුකක් මුළු ජිවිතයේදිම නොලැබුනු බවය. මුදලි තැනගේ දුවරුන් ඒ වැන්දඹු ස්ත්රිිය කලහ කිරිම කෙතරම් තදබලවිද කිවහොත් ඈව ‍ඉවත් නොකළොත් ඔවුන් දිවි නසාගන්නා බව කියා පියාට තර්ජනය කළහ. ඉක්බිති මුළාවෙන් බලවත් විපතට පත් මුදලි තැන තමාට හිමි එකම ඉඩම උගස්කොට සියේට 12 හේ පොලියට මුදල් ගෙන ඇගේ 3000 ත් පොලියත් ගෙවා ඈට වන්දි වශයෙන් රුපියල් 500 කුත් දීලා ඇගේ කරදරය තාවකාලික වශයෙන් යටපත් කරගන්නා ලදී. ඇත්තෙන්ම වැන්දඹු පුරුෂයෙක් හෝ ස්ත්රී යක් හෝ දෙවෙනි වර විවාහවිම තරම් අයුත්තක් ඇත්තේ නැත. සැප ගන්නා පිණිස කරන ඒ කටයුත්ත බලවත් දුකක් හිමිකර ගැනිම බව ඒකාන්තය. ඒ බව බල බලාත් මිනිස්සු දැඩි ලොභය මුළාව නිසා නොමග යති. මම නම් කවදාවත් වරක් විවාහ වී සිටිය ස්ත්රීියක් සමඟ විවාහ






පියදාස සිරිසේන නවකථා එකතුව 235


නොවෙමි. රාමසිංහ පඬිතුමා කීවාක් මෙන් කැඩි බිඳි ගිය විදුරුවක් පාවිච්චි කිරිමටත් වඩා නරකියයි අබයරත්න මහා කීයේය.


13. පරිච්ජේදය

[සංස්කරණය]

රාමසිංහ - ඉතින් ප්රැවඩි මහත්මයා මිළඟට කුමක් කරමු ද?

අබයරත්න - දැන් ම‍ෙග් කල්පනාම මගේ මෑණියන්, සහෝදරයන් හා ඔවුනගේ භාර්යාවන්ද, මගේ සහොදරියන් ලුවිස් අප්පුහාමි, රාමසිංහ පඬිතුමා, අවුනේරිස් අප්පුහාමි යනාදි මගේ හිතෛෂින්ද කැඳවා වටමේස සාකච්ජාවක් (Round Table Conference) පවත්වන්ට මගේ අදහස තිබේ. ඒ වටමේස සකච්ජාවේදි මගේ විවාහ වීම හෝ නොවිම ගැන අන්තිම තිරණයක් ගර ගනිමි. එසේ නොකොට වයස්ගත මගේ මෑණිය්න ව්හණන්සේ සතුටු කරන්ට බැරියයි කීයේය.


රාමසිංහ - බොහොම හොඳ කල්පනාම. ඉතින් මේ සභාව පවත්වන්නේ කවද ද?

අබයරත්න - අනිද්දා, (ලබන ඉරිදා) සභාව මේ මගේ බංගලාවේදීම පවත්වනු ලැබේ. ඔන්න රාමසිංහ පඬිතුම‍ාටත් ලුවිස් අප්පුහාමිටත් අවුනේරිස් අප්පුහාමිටත් ආරාධනය කළා. ලබන ඉරිදා උදේ දහයට ප්රුථම මගේ නිවසට වන්ට- එදාට මවු ආදි ඥාතිවරයෝද පැමිණෙති. එදා දහවලට මා විසින් කරන්ට යෙදෙන භොජන සංග්රදහයෙන් පසු එඒවටමේස සාකච්ඡාව පවත්වා සවස 6 ට ප්රදථම හැම දෙනාටම නිවාඩු ගන්ට පිළිවනැයි කීයේය.


     අබයරත්න මහතා කොළඹින් පිට පදිංචි සහෝදර සහෝදරියන්ට එවලේම ලියුම් යැව්වේය. මෑණියන් ඇතුළු කොළඹ ඉන්නා සහෝදර සහෝදරියන් වෙත ගොස් ඔහුගේ අදහස දැනුම්දි වටමේස සාකච්ඡාවට සැරසුනේය.
   ඉරිදාට එලිවිය. ප්ර්නීත අන්දමට තේ පානයද පිළියෙල කරවන ලදීත උදේ නවය වනවිට රාමසිංහ පඬිතුමාත්, අවුනේරිස් අප්පුත්, ලුවිස් අප්පුහාමිත් උදේ තේවතුර බොන්ටත් ඉස්සර පැමිණියහ. ඉක්බිති මහළු අබයරත්න ලමාතැනි ප්රැුඩි මහතාගේ අයියලා දෙන්නා

236 පසන් නිවස


හා නෝනාවරු දෙපලත්, අක්කලා තුන්දෙනා හා මස්සිනාවරු තුන් පලත්, මල්ලිලා දෙන්නා හා ඔවුන්ගේ නෝනාවරු දෙන්නත්, නංගි සහ ඇ‍ෙග් මහත්මයාත් යන දාහත් දෙනාද සතුටින් පැමිණියහ.

    ඉතින් රාමසිංහ පඬිතුමා ඇතුළු මුළු පිරිස 21 දෙනෙක් වුහ. මේ විසිළුක් දෙනා අතර මහළු අබයරත්න ලමාතැනි සමඟ නෝනා මහත්තැන් 9 දෙනෙකි. ප්රැ.ඩි අබයරත්න මහතා ඇතුළු පිරිමි 12 දෙනෙකි. මේ ඉතා වැදගත් පිරිස තේවතුර අමද්යානපානාදියෙන් සංග්රෝහ ලැබ දහවල් බත් වේලාව වනතුරු නොයෙකුත් සතුටු සාමිචි කතා කරමින් කාලය ගතකළහ.
  එහි වුන් නෝනාවරුන්ගෙන් ඉතාමත් ‍ෙහාඳ ඉගෙණිමක් ඇති නොයෙක් පොත් පත් කියවා පුරුදුවු සුනන්දා හෙවත් අබයරත්න මහතාගේ බාල නැගනිය රාමසිංහ පඬිතුමා සමඟ කථාවට බැස්සේය.
  “ප්රැසඩී අයියාගේ වට මේස සාකච්ඡාමට තව පැය දෙක හමාරක් පමණ තිබේ. එතරම් කාලයක් අපතේ හරින්ට නරකය. රාමසිංහ පඬිතුමා වැනි ‍උගතෙකුට ප්රමයෝජනවත් වචන ටිකක් කියන්ට පුළුවන. ඒ කතාබස් මෙහි ඉන්නා අපේ සහෝදර සහෝදරියන් ආදී කාටත් ප්රයයෝජන වියහැක. ජපන් රටේ මේ පිළිබඳ හොඳ ක්රිෝයා පිළිවෙලක්  ඇතිකර තිබෙව බව පොත පතින් පෙනේ. ඒ නිසා රාමසිංහ පඬිතුමා දනිතොත් ඒ ජපන් රටේ ප්රතතිපත්තිකාමි භාවට හේතුව කුමක්දැයි විස්තර කරන්ටය”යි ඉල්ලා සිටියා ය.
  “නෝනා මහතාණනි, ජපන් රට පිළිබඳ විස්තරයක් කිය තොත් පිටු දෙතුන් දාහක් නොලියා නොහැක. නමුත් 1934රේ පැවති ඉගැන්විම පිළිබඳ වචන කිපයක් කියමි. මේ රටේ පාඨශාලා තුන් කොටසකි. එනම් මුලික-මධ්යකම-උස්ස යන තෙකොටසකට බෙදා තිබේ. මුළු පාසැල් ගණන 46,000 කි. එයින් මුලික ඉගැන්විම කරණ ස්කෝල 25,500 කි. කොටින්ම  හතරැස් හැතැප්ම 10 ක හරියේ පාසැල් තුනකි. මේ රටේ ඉන්නා පාඨශාලාචාර්යවරයන්ගේ ගණන 2,60,000 කි. මේ මුලික පාසැල් 25,500යේ ජපන් භාෂාව ආදී ජපන් රටටම අදාල කරුණු උගන්වති.
  මධ්යගම පංතියේ පාඨශාලා 1200කි. එයින් 500 ක් පිරිමි ළමුන් සඳහාද 700 ක් ගැහැණු ළමුන් සඳහාද පිහිටුවා තිබේ. ඒ මධ්යිම පාසැල්වල ජපන් භාෂාමත් සමඟ චීන, ඉංග්රීාසි, ජර්මන්,ප්ර න්ස ආදි



පියදාස සිරිසේන නවකථා එකතුව 237


භාෂාද උගන්වති. කර්මාන්ත ඉතා උසස් ලෙස උගන්වන කාර්මික විද්යා ල 768 කි. ඒ විද්යාකලවලට අදාල පහත් තත්වයේ ස්කෝල 10383 කි. විශ්වවිද්යාාල 39 කි. ඉතින් ආණ්ඩුව විසිනුත් රටේ ධනවත් ජනයා විසිනුත් මේ අන්දමට ඉගැන්විම කරන රටක දියුණුව ගැන කියන්ට දෙයක් නැත. නමුත් මා විසින් කියන්ට යන්නේ නෝනා මහතා අසන ලද ප්ර ශ්නයට පිළිතුරු පමණකි. එනම් ජපන් ජනයා මේ තරම් දියුණු ජාති හිතෛෂි මනුෂ්ය වර්ගයක් වෙන්ට හේතුව කුමකුද යන කාරණය තේරුම්කර දිම පමණිකි. ජපන් ජනයා පිළිසිඳ ගන්නේ නියම මාතෘ කුක්ෂිවලය. ඒ කියන්නේ ජපන් රටේ මවු පදවිය ලබන්නේ ඒ පදවියට උත්පත්තියෙනුත්, ඉගෙණිමෙනුත්, පුරුදු කිරිමෙනුත් යන තුන් ප්රතකාරයකින්ම සුදුදු ස්ත්රී්හුය, නියම “මාතෘ පදවිය” ලැබු ඒ ස්ත්රීුයගේ බඩෙ උපදින දරුවන්ට අඩුපාඩුකුත් විය හැකිද?

  ජපන් රටේ ධර්ම ප්රමතිපත්ති ශිල්ප හාස්ත්රද සාමාන්ය  වශයෙන් එකෙක් නෑර මුළු රටවාසීන්ටම උගන්වන අතර තරුණියන්ට විශේෂ ඉගැන්විමක් කරණු ලැබේ. මේ ඉගැන්විමේ ක්රනමය පුරුදුකළ රටක උපදින දරුවන්ට අභ්යැන්තර වශයෙන් ඉගෙනගතයුතු ප්ර්තිපත්තියක් පරාර්ථකාමි භාවයක් ජාති මත්මයක් මෘදු මොලොක් ගති ආදියත් පොතපතකින් ඉගෙණගන්ට වුවමනා නැත. මක්නිසාද? දසමසක් මාතෘ ගර්භයේ සිටියදිම ඒ අභ්ය්න්තර ගතිගුණ සියල්ලක්ම ප්රාගුණවි ඒ දරුවන් උපදින බැවිනි. කාරනය වඩාත් පැහැදිලිවන පිණිස ඒ රටේ ස්ත්රීගන් උදෙසා කෙරෙණ විශේෂ ඉගැන්විම විස්තර කරන්නේමි.
  ජපන් රටේ ගමක් පාසා “ විවාහ වන ස්ත්රීපන්ගේ පාසැල” ( Bride`s Schoo) බැගින් පිහිටුවා තිබේ. ඉතින් අවුරුදු 14 රේ පටන් 20 වනතුරු සියලුම ගැහැණු ළමයි ඒ ස්කෝලයක ඉගෙණ සමර්ථවි සහතික පත්රඅයක් ලැබිය යුතුය. ඒ විවාහ වන ස්ත්රීකන්ගේ පාසැලෙන් සමර්තවිමෙන් ලබාගත් සහීතික පත්රවයක් ඉදිරිපත් නොකොට විවාහයක් ලියාපදිංචි කළ නො හැක්කේය.  ඒ ( Bride`s School) කියන තරුණියන්ගේ පාසැලේ උගන්වන කරුණු අට කොටසකි.
    (1)  ගෘහ සංවිධානය   (2)  අය වැය දැනිමේ ශාස්ත්රlය  (3)  සුඛාරක්ෂාව  (4) දරුවන් තැනිමේ හාස්ත්රේය  (5)  ඉව්මේ ශාස්ත්රනය   (6) ස්වාමියාගේ වතාවත් පිලිබඳ ශාස්ත්රහය   (7)  කාම ශාස්ත්රෙය   (8)  චෛතසික ධර්ම ශාස්ත්රාය යනාදියයි. ඉතින් මේ අට වැදැරුම් කරුණු විස්තර වශයෙන් කියතොත් ලොකු පොතක් ලියහැක. නමුත් මේ ප්රරස්ථාවට පිරිමහන




238 පසන් නිවස

අන්දමට ලුහුඩු විස්තරයක් කරන්නේමි. (1) ගෘහ සංවිධානයට-ගිහි ගෙයක් යථා විදියෙන් පවත්වා ගැනීමට ඇති සියළු විධිවිධාන ඇතුලත්යව. ගෙය පිරිසිදුව තබාගැනුම, බඩුමුට්ටු ඒ ඒ නිසි තැන්වල තැනපත් කිරිම, ඒවා පිරිසිදුව අලංකාර ලෙස රැක ගැණිම, මිදුල කුස්සිය ආදිය යථා විධියෙන් තබාගණිම ආදී ගෘහයක් නිසි ලෙස පැවැත්විමට ගෘහ සංවිධානයයයි කියයුතුය. (2) අය වැය දැනිමේ ශාස්ත්රසය ඉතා සියුම්වුද වැදගත්වුද එකකි. තම පවුලට ලැබෙන ආදායමත් එයින් කළයුතු වියදමත් අඩු පාඩු නොවන්ට ඉෂ්ට කිරීමයි. ඇඳුම් පැළඳුම් ගමන් බිමන් කෑම්බිම් සැප පහසු ආදී සියල්ලම ලැබෙන ප්රීමාණය දැනගෙන පිළියෙළ කරගත යුතුය. ස්වකීය ඥාතිවරයන් හෝ අසල්වාසීන් දෙස බලා ඔවුන් කරණ හැටියට වියදම් කිරිම නොව තමන්ට ලැබෙන ප්ර මානය දැනගෙණ වියදම් කිරිම මෙහි පළමුවන අදහසය. (3) සුඛාරක්සාව, ආහාරට, පානය, කෑමය, ඇඳීමය ආදි සියල්ලම කාලයටත්, ස්ථානයටත්, පුද්ගලයාටත් සුදුසු අන්දමට පිළියෙල කිරිම සුඛාරක්ෂාව වේ. (4) දරුවන් තැනීම ඉතාමත් ප්ර ශස්ත වු නුවණින් හා පුරුද්දෙන් හෝ ප්ර ත්ය)ක්ස ඉගෙණිමෙන්ම කළයුත්තකි. උගත් මවක් ළමයෙක් කුසේ පිළිසිඳුනු දින පටන් බිහිවන තෙක් ඒ ඒ අවස්ථාවලදි සුදුසු අන්කමටම පිළිපදී. ගර්භස්ථ දරුවගේ ආරක්ෂාවටත් ගුණ නුවණ වැඩිමටත් හේතුවන අන්දමට පිළිපැදීමත් උපන් පසු ළමයා ආරක්ෂා කරගන්න නහවන්න නිදිකරවන්න යථා විධියෙන් ඉගැන්විමය. (5) ඉවිමේ ශාස්ත්රුය නොදත් ගැහැනිය විවාහවිම කකුල් නැතියෙක් දිවිම වැනි වැඩකි. කොයි දෙයක් ලැබුනත් ඒ ද්රිව්ය යේ ගුණ අගුණ නොකියා එය රසවත් ලෙස පිළියෙළ කිරිමත් පිරිසිදු ලෙස පොෂ්යිදායි ලෙස පිළියෙළ කිරිමත් ඉවිම සම්බන්ධයෙන් දැක්වෙන් ප්රිධාන ගුරුකම වේ. (6) ස්වාමියාගේ වතාවතට පතිවෘතාව යයි අප රටේ කියති. ස්වාමියා හැම අන්දමින්ම සතුටු කිරීම, හෙවත් කොයි විධියකින්වත් අප්ර සන්න නොකිරිම මෙහි ලුහුඬු අදහසය. (7) කාම ශාස්ත්රිය-මේ වනාහි ස්ත්රීහන් විසින් ඉගෙණ ගත යුත්තකි. ස්වභාව වශයෙන් ඇති වන ආසාව මිස ගුරු ආශ්රනයෙන් මෙය ඉගැන්විම වරදක් හැටියට සමහරු කල්පනා කරති. දරුවෙකුට නිසි පරිදි මල මුත්ර් කිරිම ඒ සඳහා වාඩිවෙන අන්දම ආදිය නුගත්වන අශිෂ්ට මිනිසුන් ඉන්නා රටවල ඒ මල මුත්රාහදී ශරීර ක්රිනයාන් නිසි පරිද් දෙන් නොකෙරෙණ බව පෙනේ. කාම ශාස්ත්රාය උතුම් පණ්ඩිත මතානුකූලව උගත් තරුණියක් කවදාවත්ම දික්කාසාද






පියදාස සිරිසේන නවකථා එකතුව 239‍


වනබවක් දැනගන්ට ලැබි නැත. (8) චෛතසික ධර්ම ශාස්ත්ර ය යනු අභිධර්මයට අදාල ගැඹුරු ශාස්ත්රායකි. සිත පරිසුද්ධව තබාගැනිම මේ ස්ත්රීශන්ට උගන්වන කොටස වේ. අනුන්ට ඊර්ෂ්යා ‍ක්රොවධ නොකිරිම. තමන්ට වඩා හොඳින් ‍අන්යඉයන් ඉඳිනු දැකිමට ඇති අප්රනසන්න භාවය, ලොක ධර්මය වශයෙන් සිද්ධ වන විපත් දුක් ආදියේදි චංචල නොවි පැවතිම‍. හිත සැම වේලේම ප්රීිතියෙන් ප්රතසන්න භාවයෙන් පවත්වා ගැනිමට ඇති ශක්තිය ආදි සිත පිළිබඳ සියල්ලක්ය.

 ඉතින් මා මෙහි සඳහන් කළ අටවැදැරුම් කරුණු සවිස්තරව හොඳින් ඉගෙණ ඒබවට සහතික පත්රායක් ලබා විවාහ වන ස්ත්රීසන්ගෙන් පරිපුරුණ රටක පින්වත් සුඛිත දරුවන් ඇතිවන බව කියන්ටත් ඕනෑද?  ධර්ම ශාස්ත්ර ඥානයෙන් හා ප්රටතිපත්ති රැකීමෙන්ද යුත් මවකගේ ගර්භයේ දසමසක් වාසය කළ දරුවා හරියටම සඳුන් කරඬුවක් තුල තබා තිබුනු මැණික මෙන් සුවඳින්ද යුක්ත වේ.
  නමුත් අසුවි කලයක ඔබ්බා කබුක්ගල කුබුල්ලක් කාගෙවත් හිතට ප්රිපයකරු නොවන්නාක් මෙන් දැන් අපේ සාමාන්යබ වශයෙන් මවු තනතුරු දරන්නියකගේ ගරභවල පිලිසිඳ ගන්නා දරුවොද එසේ වෙති. ජපන් රටේ උසස් දියුණුවට හේතුව කීවෙමි. නමුත් ස්ත්රීයන්ගේ මේ ඉගෙණිමත් ප්රණතිපත්තිත් වර්තමාන ජපන් රටට දෙවෙනි නොවන තරමට පුරාණයේ මේ රටේ පැවති බව සලකනු ම‍ැනවි. අපේ රටේ පැවතුන ඉතා සාරවත් අවවාද ගුරුකම් උපදේශ ශාස්ත්ර‍ ක්ර ම ආදී කිසිවක් නුගන්වා පුත්ර  දුහිතෘන් පරදේශික මිථ්යාතදෘෂ්ටික පුජකයන් හා පුජක ස්ත්රී්න් යටතේ තනන බැවින් අපේ ජාතිය දෙනෙන් දිනම පිරි‍හෙන්නේය. ධර්ම ශාස්ත්රා‍දිය නුගත් ස්තරීඅපේයකට දෙන ලද පැරණි ප්රපශස්ත අවවාදයක් මෙසේ ය.


“රන්වන් පැහැ ගතැ ති නලඹල ලිය විලසැ ති ලියක් රූසිරු ඇ ති මැකේ නුගුණෙන්ට මිට සැක නැ ති

වෙමින් කිසි රැහැ ණිය සිය හිමි කෙරෙන් පැර ණිය සිතු වෙනත පැමි ණිය කැළල වෙයි අඟනන්ට බැමි ණිය


- මේ කියන්නේ කාම ශාස්ත්රතය උගත් ස්ත්රීයය ගැන බව සැලකිය යුතුය.


240 පසන් නිවස

පෙමින් පිළි බ ද් දේ රැඳවු එකෙකු මැ ද් දේ උන් ලිය ‍නොසි ද් දේ අසා අනිකෙක් කෙසේ බ ද් දේ

මල් සුවඳ නපු රූ සෙයින් නොලැ‍ඟෙන බම රූ අඟනක් වනු දු රූ තමන් නුගුණෙන් මෙබස තිබො රූ

ඇති ගුණය පෙ න් නා ප‍ිරිමින් නිති ලඟ න් නා බොළඳ කම් ද න් නා කවුරු අඟනන් පියති ප න් නා

සැප ඇති කල සර ණ ඉඳිති අඟනෝ නොපම ණ නහස්නා පහණි ණ පෙණේ හිමි දුක් ඔවුන‍ෙග් ගු ණ

නොවන හිමි හර ණේ දරු වැදු ගැහැණු නුගු ණේ රඟින් පුතු මුහු ණේ රහස තම කළ වරද පමු ණේ

දවසැර එකෙකු වෙ ත් වැදු දරුවන් ගෙණැව් ත් අනිකක්හු ගෙයි ක ත් මිට වැඩි විළි නැති කමෙක් නැ ත්

හිමි හට ඇති පද ම පිටතට කියන නොතර ම පෙන්වන ‍ෙකාහොල් ක ම ඉතිරි ගෙයි වසන සැතිරි න ම


‍- දරුවන් ඇති වැන්දඹු ස්ත්රීතය දෙවෙනිවර විවාහවිමේ නින්දිතකම මෙයින් ප්රරකාශ

   වේ.

පියදාස සිරිසේන නවකථා එකතුව 241

හන් කිළුටු වත් ඈ ති ගෙතුනු හිසකෙස් වැටි ඈ ති නෙතට දුරිනා ප ති ඔබල වෙස් වැනි වෙන පඬුරු නැ ති

මලිය දිවි දෙයි ය න ඇදහිලි නොවන නිතියෙ න හිමි සහ දවස් ය න දුකට සරි කොද දුකක් ලොව වෙ න

ගෙහිමි අන් නිවෙ සා ලැග්ගයි කියන බස සා ඉඳින ලිය ඉව සා කවර නම් දෙය නොයිද ඉව සා

ලද කල පෙර දව ස යහපත සිතා සෙනෙහ ස මැහැලි කල්හිදු තො ස පුරව ගුණ අත් නොහරිනා ලෙ ස

තම වරදින් ස බා වේ මැද සියන් සසො බා යන ලෙස කර නො බා කවර යහපත ගුණෙන් සුල බා

දරුවන්ට සෙනෙහැ ත විමල් යසසට සෙනෙහැ ත තමහටද සෙනෙහැ ත තරේ සෙසෙහැති වන්ත හිමි වෙ ත

රහසින් කළ වර ද අඟවන සිතින් නිවර ද කරන නැත ගෙයි ඉ ඳ දෙවෙනි වරදැයි දැනුව කල් බ ද

බරට පලගත් අ තු නැමෙන විලසින් තම න තු හිමි පෙම් වතද දිමු තු නැමෙව ඔහු වෙත සිතා කටයු තු 242 පසන් නිවස

ඇසිපියෙ ලන ක ලේ වැළදි අත කල ලිහි ලේ තබන පිය තෙප ලේ හිමින් වියොමයි සිතව එක ලේ

පවතු ලෙස වැඩක රු හිමිහට නොව නොකීක රු සම‍ ගැහැණුන් සොදු රු සිනා නොවනසෙ මතු අවස්ස රු

      යන මේ අවවාදය තොටගමුවේ මහ සංඝරාජතුමා ඉතාමත් මධුර කාව්ය  භාෂාවේන කියා තිබිමෙන් හැ‍ඟෙන්නේ මේ රටේ ඉතා උතුම් ස්ත්රී න් විසු බවය දැන් කාලේ මෙහි දැක්වු ගුණ ධර්ම වලින් සම්පුර්ණ ස්ත්රීාන් සිටිත් නම් අන්යු දියිණු රටවල ජනයා සමානවම සිංහල ජාතිය උසස්වනු ඒකාන්කය ඉතින් මගේ කථාව ඕනෑ කමින් අසා සිටියාට හැම දෙනාටම ස්තුති කරමි”යි කියා රාමසිංහ පඬිතුමා‍ගේ කථාව අවසන් කරණ ලදී.
  වේලාව එකොලහමාර විය. ප්රැ.ඩී අබයරත්න මහාතගේ භොජන සංග්රමහයට හැමදෙනාම වාඩිගත්ය. විසි එක් දෙනෙකුගෙන් යුතු මේ පිරිස ඉතා සතුටින් කා බී ප්රීමති වුහ. ඉක්බිති ඒ කෑම මේසයම අස්කොට අමුතු ඇතිරිල්ලක් එලා විසිඑක් දෙනාම වාඩිවි-

වට මේස සාකච්ඡාව

පටන්ගන්නා ලදී. සභාවේ මුලාසනයට මහළු අබයරත්න‍ ලමාතැනී පත්කරගන්නා ලදී. සභව රැස්කරවිමේ අදහස ප්රැඅඩී අබයරත්න මහතා මෙසේ විස්තර කරන්ට පටන් ගත්තේය.

   “මැණියන් මහන්ස, සහෝදරවරුනි, සහෝදරියනි, මහ්තවරුනි, මා විවාහ ජිවිතයට ඇතුළත් වෙන්නේ නැත කියා මගේ මෑණියන් වහන්සේ නොයෙක් විට කීවා. ඉතින් එසේ අවිවාහකව සිටියේ ස්ත්රීනයක් සමඟ කල්ගත කිරිමට අකමැති නිසා නොවේ. අනිත් රට වැසි බොහො දෙනා විඳින කරදර හිංසා පීඩාදිය දැකීමෙන් මටත් එලෙස වේදෝ යන කල්පනාවෙන්ය. නමුත් සමහර පවුල් වාසනාවන්තව ඉතාමත් ප්රීෝතියෙන් කල් ගත කරණ බව දුටුවිට විවාහවිමේ ආසාව උපදි. වරක් සතුටුව වරක් අසතුටුවන මේ විවාහ කල්පනාව හිතේ පවත්මින් මඟුල් ජෝඩුකාරය්න් කීප දෙනකු ලවා


පියදාස සිරිසේන නවකථා එකතුව 243


අවුරුදු පහලොවකට වැඩි කාලයක් මඟුල් ජෝඩු කරවිමෙන් කාලය ගතවිය. දැන් මගේ වයස අවුරුදු 40 කි. මේ තරම් වයස් ගතවු මා විවාහ ජිවිතයට බැඳිය යුතුද නැද්දැයි නිශ්චය කරගැනිමට මගේ මෑණියන් හා සහෝදර සහෝදරියන් ඇතුළු මිත්රැයන්ද තුන්දෙනෙකු කැඳවිමි. ඉතින් ඒ පිළිබඳ එකිනෙකාගේ අදහස් මේ සභාවේදි ප්රැකාශ කරතොත් මැනවිය”යි කියේය.

   සභාවේ මුලාසනයට පැමිණි මහලු අබයරත්න ලමාතැනී මෙසේ කියේය. මගේ දරුවන් හා ලේලිලාත් බෑනලාත් මේ සභාවේ සිටිති. විවාහ ජිවිතය සැපද දුකද  යන්න අත්දැකිමෙන්ම ඔවුහු දනිති. මගේ ඉතාමත් කීකරු පුත්රජයා වන ප්රැ ඩීට නිදහස් සැපවත් ජිවිතයක් ගත කිරිමට කටයුතු යමක් ඇත්නම් මේ සභාවේදිම තීන්දුකර ගත යුතුයයි කීයේය. ඉක්බිති අබයරත්න පවුලේ වැඩිමහල් තැනැත්තා වන ජොහැන්නස් මහතා මෙසේ කීයේය.
     මගේ වයස දැන් 62 කි. මට දරුවන් හත් දෙනෙක් ලැබුනා ඔවුන්ගෙන් පස්දෙනෙක් දැනට විවාහ වි ඉන්නාවා. ඉතින් ඔවුන්ගේ පුත්රන දුහිතෘන් දොලොස්  දෙනෙකි. ඉතින් දරුවන් හත් දෙනෙකුත් මුණුබුරු මිනිබිරියන් දොළොස් දෙනෙකුත් ඉන්නා මට වඩා විවාහයේ ගුණාගුණ කියන්ට සුදුසුසෙක් මෙහි ඇතැයි මම නොසිතමි. ස්වභාව ධර්මය වශයෙන් මනුෂ්ය්යන්ගේ  පමණක් නොව ප්රාිණය ඇති සියලු සත්වයන් තුලම ඇති කාමාසිව නිසා ස්ත්රී්ය ප‍ුරුෂයා කෙරෙහිත්-පුරුෂයා ස්ත්රී ය කෙරෙහිත් ඇල්ම ඇතිකෙරේ. පුරුෂයාගේ ඇසට ස්තරීස   රූපයත් ස්ත්රීායගේ ඇසට පුරුෂ රූපයත් හා සමාන ඇල්මක් ඇති වස්තුවක් මුළු ලෝකේම නැතැයි සරුවඥයන් වහන්සේ දේශනාකොට තිබේ. ඉතින් ස්වභාව වශයෙන් ඇතිවන ඒ ඇල්ම යථා මාර්ගයේ යොදවා ක්රිකයා කරණ පුද්ගලයාති, පවුලත්, ගමත් රටත් දියුණු වෙති. සැපවත් වෙති. ඊට නිදර්ශන වශයෙන්  රාමසිංහ පඬිතුමා කී ඉගැන්විම් ක්රටමාදියෙන් අපට ප්රපත්යෙක්ෂවුනා. ස්ත්රී න්ගේ උසස් චරිතය පිරිසිදු පවත්නා යුරෝපයේ සමහර ජාතිනිද ඉතාමත් බලසම්පන්නව උසස්ව පවතින බව පෙනේ. හරි ඉගෙණිමක් නැති ප්ර්තිපත්තියක් නැති වල්බුරු නිදහස හිතට ගත් හැම මිනිහෙකිම-හැම ස්ත්රීැයක්ම-හැම පවුලක්ම-හැම රටක්ම පිරිහෙති.
  ඉතින් අපේ ප්රැිඩි මහතා සම්බන්ධයෙන් කරුණු විමසා බලමු.





244 පසන් නිවස

ප්රැහඩී මහතා මෙලොව ලැජ්ජාවත් පරලොව භයත් යන ලොක පාල ධර්මය ගරු කරණ කෙණෙක් බැවින් අවුරුදු 40 ක් වයස වනතුරු විවාහයට ඇතුල්වි නැත. ඒ වනාහි ධර්ම ශාස්ත්ර ඉගෙණිමේ ආතිශංසයකි. දැන් අපේ රටේ විවාහ විමෙන් සැපවත් බවටත් මෙලෝ පරලෝ දෙකේ නිදහසක් හිමිවන්නේ සියේට විස්සක්වත් නැත. ඊට ප්ර්ධාන හේතුව මේ රටේ පවත්නා කිසි අර්ථයක් නැති ඉගැන්විමයි. අවුරුදු 40 ක් වයස් ගත ප්රැාඩී මහත්මයා තරුණියක් සමඟ විවාහ වුනොත් ඈට පඹයෙක් වනු නිසැකයි. වැන්දඹු ස්ත්රි්යක් සමඟ විවාහ වුනොත් උරචක්ර මාලයක් කරේ ලාගත්තා වැනියි. ධන සම්පත් තිබුනත් කුලගොත්රන උසස් වුනත් ස්ත්රීරන්ට ඒ කිසිත් නොපෙනේ. දැන් මේ සභාවේ ඉන්නා සහෝදර සහෝදරියන් කවුරුත් පාහේ නොයෙක් අවස්ථාවල චිත්ත සන්තාපයෙන් හා කරදරවලින් පෙළෙනවාට අනුමාන නැත. නමුත් අපේත් අපේ භාර්යාවන්ගේත් අපේ මස්සින්ලාගේත් ඉවසිලිවන්ත කමත් ගරුනම්බුව කෙරෙහි ඇති සැලකිල්ලත් නිසා යන්තම් අපි භේද නොවි ඉඳිමු. විවාහය සම්බන්ධ රාමසිංහ පඬිතුමා කර තිබෙන සියුම් පරීක්ෂණය මම ඇසුවෙමි. ඇත්තෙන්ම පුද්ගලික වශයෙන් හෝ පවුලක් වශයෙන්හෝ රටක් වශයෙන් හෝ ජාතියක් වශයෙන් හෝ සැපවත් වෙන්ට උසස් වෙන්ට කැමැති නම් රාමසිංහ පඬිතුමාගේ අදහස් මුදුනෙන් පිළිගත යුතුය. ප්රැ්ඩී මහතාගේ උත්පත්තියේ හැටියට විවාහය සැපදායක නොවන බවද පියාණන් සිටියදී ජ්යො තිශ් ශාස්ත්රාපනුසාරයෙන් කිවේය. දැන් මගේ කල්පනාමේ හැටියට ප්රැසඩී මහතාගේ ඉතිරි කාලය පින් දහම් කිරිමෙන් ගත කළ යුතුය”යි කීයේය.

  මුළු සභවම එකච්ඡන්දයෙන් ඒ යෝජනාම පිළිගත්තේය. ප්රැාඩී අබයරත්න මහතා “සාදුකාර” දී ඒ තීන්දුව පිළිගනිමින් තමා සල්ගල ආරණ්යැයට ගොස් දස සිල් රක්ෂාකිරිමට නියම කර ගත්තේය.

අ ස න් සොහොයුරාණනි නොවමින් දුහ ද දෙ ස න් තර කරණු විමසා බැළුව ස ද ව ස න් ගුණ බරණ රැඳි සොඳුරු පිය බ ද ප ස න් නිවසකම මිස සැපතක් කොයි ද






පියදාස සිරිසේන නවකථා එකතුව 245 ‍ ස ද හ ම් පහන දිලෙතොත් දුක් අඳුර නැ ත ම න ර ම් පිය බඳක් ලදහොත් වෙයි සැප ත දි ය ර ම් ද‍ුටුගැමුණු පැරකුම් නම් සම ත වැ දු පෙ ම් බර මවුන සිහිපත් කරණු යු ත

ද ය සෙ ත් කළ තිලෝගුරු මුනිඳුගේ සසු න දි ව යු ත් රැකගන්ට ලත් නියත විවර න සි රි ම ත් සිංහල ජාතිය හිමි ලක් දෙර ණ බ ල ව ත් කරුණු සඳහා යසිනි විතුමේ න

ල ද රු කල පටන් සිය දිවි දෙවෙනි කො ට ස තු රු කුදිටු මැඩ වැඩ කළ ජාතිය ට ක තු රු “සිහල දැ පත” සිරිසෙන් සතු ට මි යු මේ පොත කළෙ දම් සතරැසුරු කො ට



සිද්ධිරස්තූ