පියදාස සිරිසේන නවකථා එකතුව- 05-පියදාස සිරිසේන නැවත කියවීම

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

පියදාස සිරිසේන නැවත කියවීම


සිංහල වනකථා අධ්යීයනය කෙරෙහි උනන්දුවක් දක්වන අද්ය,තන පරපුරට පියදාස සිරිසේනගේ අගය දැන් දැන් වඩාත් දැනෙන්නට පටන් ගෙන ඇති බව පෙනේ. ‍එහෙත් ඔවුන්ට පරිශිලනය කිරිම සඳහා සිරිසේන සූරීන්ගේ නවකථාවලියෙන් කිහිපයක් හෝ සොයා ගැනීම අපහසු බව අපට දැනෙන්නට පටන් ගතතේ විශ්වවිද්යා ලයෙහි සිංහල නවකථාව පිළිබඳ විෂය ඒකකය උගන්වද්දී ය.


සිරිසේනයන්ගේ ජනප්රියය නවකථා කිහිපයක් යළි යළිත් මුදුණයෙන් එළි දැක ඇති නමුදු ඇතැම් නවකථාවක් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාර පුස්තකාලය වැනි ආයතනවලින් පනා සොයා හත නො හැකි විය. පියදාස සිරිසේන නවකථා එකතුව පළ කිරීමෙහි ලා අප පෙලඹ වූ හේතුව එය යි.


පියදාස සිරිසේන අභාවප්රාිප්ත වී වසර 55ක් ගත වී තිබේ. බුදිධිමය ‍දේපළ පනත අනුව එතුමාගේ කෘති දැන් මහජනතාව සතු ය. එසේ තිබිය දිත් එතුමා‍ෙග් ජනප්රිුය නවකථා කිහිපයක්ත විනා බොහෝ කෘති යළි පළ නො වන්නේ මේ වාණිජ්යවමය සමාජයෙහි ඒවාට වෙළඳපොළක් නැති නිසා විය හැකි ය. පියදාස සිරිසේන නවකථා මාලාවේ වටිනාකම වටහා ගෙන මේ කෘති පෙළ මුදුණයට උත්සුක වු සිරිසුමන ගොඩගේ මහතාට පාඨකයාගේ නො මඳ කෘතඥතාව හිමි යුත්තේ එබැවිනි.


කාණ්ඩ පහකින් යුත් පියදාස සිරිසේන නවකථා එකතුව සඳහා සිරිසේනයන් විසින් ප්රණකාශිත ප්රපථම මුදුණ සොයා ගන්නට උත්සාහ කළ නමුත් බොහෝ විට ඒ උත්සාහය ව්ය්ර්ථ විය. එබැවින් මේ කෘතිපන්තියෙහි ඇති සාදොස් වැකි, සදොස් පද බෙදීම්, සදොස් අක්ෂර වින්යාටස සිරිසේනයන්ගේ මුල් කෘත‍ිවල තිබුණු ඒවා ම සැයි සැක හැර දැන ගැනීම උගහට ය.උදාහරණ කිහිපයක් මතු දැක්වේ.

තරැණියකගේ ප්රේුමය (1957 මුදුණය)

“කඳුළු ආහ” - 165 පි, “වෙද මහත‍ා . . . .දුන්නාය” - 180 පි. “ඇය කල්පනා කළේය” - 130 පි. “ආගම් හොඳ වුහ” - 103 පි. “පපුව පැලෙන්නට පටන් ගත්ති-ය” - 109 පි.


මහා වියවුල (1962 මුද්රිණය)

“ඔවුන් පිළිකුල් කරති” - 119 පි. “ඔවුන් පැමිණියාය.” -152 පි. “අපි නොදනිම‍ි” - 59 පි. “ස්ත්රිපයක් එළියට බැස්සේය” - 84 පි. “ඔහු ඈනුම් ඇරියාය.” - 104 පි.


මේ නවකථා එකතුවේ දී අප මෙබඳු නිවැරදි කරන්නට උත්සාහ නො දැරූ බව මෙහි ලා අවධාරණය කළ යුතු ව ඇත.

පියදාස සිරිසේනයන්ගේ නවකථා එකතුවක වැදගත්කම පෙන්වා දෙමින් ඒ සඳහා දිරිදුන් ජ්යේිෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න ඇදුරුතුමා ගෞරවයෙන් සිහිපත් කරමි.

මෙම නවකථා එකතුවෙහි පරිගණක අක්ෂර සංයෝජනය කළ චන්දන ගුණවර්ධන මහතාටත් පිටකවරය නිර්මාණය කළ ප්රේනම් දිසානායක මහතාටත් සෝදුපත් බැලීමට උපකාර කළ කොස්ගොඩ චන්ද‍ජෝති හිමි, තිළණ, දෑරංගල, රසිකා, අදේනි, ලලිතා, සහ හංසි යන සද්ධිවිහාරිකයන්ටත් ස්තුතිවන්ත වෙමි.


ජයලතා මැදවත්ත

2002 සැප්තැම්බර් 01 වැනි දා ශ්රී ජ්ය්වර්ධනපුර විශ්වවිද්යා ලයීය සිංහල හා ජනසන්නිවේදන අධ්යවයනාංශයේ දී ය.



පියදාස සිරිසේන දුටු වනිතාව


වනිතාව පිළිබඳ සමිභාව්යන සිංහල සාහිත්ය කරුවන්ගේ ආකල්ප කෙබඳු වී ද?


“ස් ත්රීභහු නම් බඩ ඇතුළේ ලා ‍ගෙන ඇවිද්දත් රක්නට නො පිළිවන. මෙ‍ි ලෝකයෙහි එක ම පුරුෂයකු පතා පතිව්ර‍තා ධර්මය රක්ෂා කරන්නා වූ ස්ත්රීපයක් නැත . . . මේ ලොකයෙහි ස්ත්රීීහු නම් . . . අධර්මයෙන් සමන්විතයෝ ය. කොපමණ පාපයක් කොටත් තමන්ගේ පුරුෂයන්ට වංචා කරනු කැමති ව “මම මෙඛන්දක් නොකළෙමි” යා කියා දවස මුළුල්ලෙහිත් සපථ කෙරෙත් නම් නොයෙක් වංචා ප්රමයෝගයෙන් ම සපථ කොය ගිවිස්වන්නාහු ය. . .ස්ත්රීනහු නම් රැක ලිය නො හැකි සත්ව කෙනෙක . . .


              සබ්බා නදී වංක ගතා   - සබ්බේ කට්ඨමයා වනා
              සබ්බත්ථයො කරෙපාපං   - ලඟමානා නිවාතකෙ”
යැයි අන්ධභූත ජාතකයෙහි දී ද “මාතුගාහයෝ නම් පවිටු වු සත්ව කෙනෙක . . . ස්ත්රීයන් කෙරෙහි පිළිබඳ සිත් නිසා තේජස්වි වුත් පුරාතනයෙහි නුවනැත්තෝ තේපසින් පිරිහි නොයෙක් ව්යිසනයට පැමිණියාහු  වෙත්” දැයි කුස ජාතකයෙහි ² දී ද “ස්ත්රීළ ජාතිහු නම් 



1. පන්සිය පණස් ජාතක පොත් වහන්සේ (සංසකාරක නො සඳහන් ය)

       1 කාණ්ඩය, බෞද්ධ සංස්කෘතික මධ්යනස්ථානය. දෙහිවල 1995, 215-221 පිටු
    2. එම, 3 කාණ්ඩය, 1976 පි.


සියල්ලවුනට සාධාරණ බැවින් සුරාපාන සාලාවක් වැන්නහ. සියලු පුරුෂයන් වංචා කොට පියන හෙයින් ඉන්දුජාලාවක් වැන්නහ. දුර ස‍ිට බැලුවන්ට අත අල්වා ගත හැකි වස්තුවක් සේ පෙනී සමීපස්ථ වූයේ, කිසිවක් නැත්තා වූ මිරිගු ජලයක් මෙන් කිසි ස්වභාව ගුණයක් නැත්තාහ. තමන් වසඟ වූ කෙනෙකුන්ට හැම වේලෙහි ම සෝක හා කායස්වාසාදී වු රෝගයන් උපදවන හෙයින් අමනුෂ්ය කෙනෙකුන් වැනියහ. මෘත්යුස මාරයා විසින් පුරුෂයන් තමා සමීපයට බදා ගෙන එනු පිණිස ගෙයි ගෙයි තබන ලද පාස බන්ධනයක් වැනියහ. “යි මහා හංස ජාතයෙහි´ දී ද ජාතක කර්තෘහු ස්ත්‍රිය හෙළා දුටහ. ස්ත්රිසයක ව ඉපදීම පුර්වයෙහි කළ පාප කර්මයක ප්රයතිඵලයකැයි ගුරුළුගෝහු කිහ. එනම් “කප් ලක්ෂයක් පිරූ පැරුම් ඇති අප අනඳ මහ තෙරහු එක් ජන්මයෙක්හි සිද්ධ කළ ස්ත්රී සමාගමයෙකින් නරකයෙහි පැසී එයින් මිදි තුදුස් අත් බැ‍වෙක ස්ත්රීම වුහු”² යනුවෙනි. තොටගමුවේ ශ්රීද රාහුල හ‍ිමියෝ,

   “රති කෙළි යෙදී                                  මෙන් 
    අබරණ ලා සැදී                                  මෙන්
    දරුවන් වැදී                                        ‍මෙන්
    වෙසෙත් අඟනෝ නොතින් වී              මෙන්”³ යැයි කියා ද
   “පිරිමිනුදු පත                                           න
     අවසර කල් රහස්  තැ                              න
     මිස නො ලැබෙන සෙයි                          න
     ග‍ැහැනු කවුරුද වරද නො බැ‍ඳෙ              න”4 යැයි කියා ද

ස්ත්රීියට නිගරු කළහ. “පියුම් පුන්සඳ නිලුපුල් හා සම කොට දුඟඳ වු පිළිකුල් මාගමු සිරුර නුවණ මඳ සත්වයෝ පස්කම් රා ලොබින් වන්වුලවහ. එබඳු අඥාන සත්වයෝ ම මාග්මුණන්ගේ රුප වර්ණනා කිරිමෙන් ලෝභ උපදවා ඒ මාගමුන් කුස පණු ව


1. පන්සිය පණස් ජාතක පොත් වහන්සේ (සංස්කාරක නො සඳහන් ය),

    බෞද්ධ සංස්කෘතික මධ්ය ථානය, දෙහිවල 1995, 3 කාණ්ඩය, 1870 පි.

2. ධර්මප්රෘදීපිකාව (සංස්) වේරගොඩ අමරමොලි, කොළඹ‍, 1959, 146 පි. 3. කාව්ය්ශේඛර මහා කාව්යනය (සංස්) රත්මලානේ ශ්රීො ධර්මාරාම, කැලණිය, 1966

     95 පි.

4. එම, 272 පි.


පියදිස සිරිසේන නවකථා එකතුව


උපදනාහ”යි විල්ගම්මුල හිමියෝ අනාගත වංශය නම් වු මෙතේ බුදු සිරිතෙහි දී1 ස්ත්රී ය පිළිබඳ වර්ණනා කිරිම පවා ස්ත්රිව කුසෙක පණු ව ඉපදීමට තරම් මහා පාප කර්මයකැයි ද පෙන්වා දුන්හ.

පියදාස සිරිසේන වනිතාව වෙත හෙළූ ආකල්පය පුර්වෝක්ත ආකල්පයට වඩා සපුරා වෙනස් වු බව ඔහුගේ නවකථා පන්ත‍ිය විසින පෙන්වා දෙනු ලැබේ. සිරිසේනයන්ගේ අෂ්ට ලෝක ධර්ම චක්ර යෙහි එන මුක්තාලතා වීර කාන්තාවකි. පියාගේ ඇවැමෙන් දුඃඛිත ජිවිතයක් උරුම වුව ද මුක්තාලතා සිය උදාර ගති පැවතුම් අත් නො හළා ය. බලන්න

“සමරසේකර හාමිනේට හිත මිත්රාුදීන්ගෙන් ලැබුනු ආධාර ආදියෙන් මෙතාක් ජිවත්වීමට ලැබුන නමුත් බලවත් අපල කාලයක් ඇති පුත්ර්යා වන බුද්ධද‍ාස නිසා දුක් විඳින්නට සිදිධවිය. මුක්තාලතා මැහුම් ගෙතුම් ආදියෙන් උපයන දේත් මේ බුදිධදාසගේ අසනීප ගැන ම වියදම් කරන්නට වීමෙන් මුක්තාලතාගේ ඇඳුම් පැළඳුමි ද ඉතාමත් පහත් බවට පැමිණියේ ය. පංචකල්යාඇණයෙන් යුත් මුක්තාලතා කොතරම් අසරණව සිටියත් ඈ සරණ කර ගැනීමට දුටු කිසි තරුණයෙක් අසතුටු නො වේ. එහෙත් මහත් බලාපොරොත්තුවක් ඇති මුක්තාලතා මධ්යුම පංක්තියේ තරුණයෙක් සරණකර ගන්නී ද‍? සමරසේකර පවුල සුඛිත ව සිටි කාලේ පටන ම ඉතා හිතෛෂී ව සිටි නෝනාහාමි උපාසක අම්මා ඒ පවුල අසරණ වු පසුත් කිසිවිටෙක අත් ඇරියේ නැත. ඒ මහලු අපාසිකාවට පිළීවන් සියලුම ක්රසම වලින් නිතර ම ‍අධාර කළා ය. කොළඹ මහ තැපැල් කන්තෝරුවේ ලිපිකරු තනතුරක් මධ්යමව පංක්තියේ පවුලකට අයත් පෙරේරා නම් තරුණයෙක් මේ නෝනොහාමි උපාසිකාව කලක සිට දැනගෙන සිටියා ය. මේ තරුණ පෙරේරා මහත්මයා ස්වකීය ආගමත් කුල ධර්වත් කෙරේ මහත් භක්තියක් ඇති කාරණා කාරණා දත් කෙනෙකි. මේ තරුණයා එක් දිනක් සභාවකට ගොස් එන අතර මුක්තාලතාගේ ගෙදර අසලදී නෝනොහාමි උපාසිකාවට සම්මුඛ ව මුක්තාලතාවගේ රෑපශ්රිඋයාවත්, ප්රුතිපත්ති රක්ෂාකිරිමේ පිළිවෙළත්, උගත්කමත්, ඥානවන්තකමත් පෙරේරා මහතාට කී විට දැවැද්ද ගැන පිළිකුලක්

1. විල්ගම්මුළ පබඳ, (සංස්) මකුළුදුවේ පියරතන. ඇම්.ඩි.ගුණසේන සහ සමාගම, කොළඹ, 1965, 161 පි.


ඇති ප්රේාරා මහතා මුක්තාලතාව දැකීමට සතුටු විය. නෝනොහාම් උපාසිකාව විසින් කැඳවන ලඳුව මුක්තාලතාව ගෙදරට ගිය ප්රේුරා මහතා දුටු සමරසේකර හාමිනේ අතිශයින් සතුටු ව වාඩි වෙන්නට සලස්වා එ වේලාවට සුදුසු සංග්රශහ ද කළා ය. මුක්තාලතා රේන්ද පටියක් ගොතමින් සිට ප්රේ්රා මහතා ආ විට එය නවත්වා සුදුසු තැනක සිටියාය. තමා සරණ කර ගානීමට ආ කෙනෙක් බව මුක්තාලතාට හොඳින්ම දැනුනේය.

එහෙත්.

           “වෙ‍ෙසසින් නියම කො                                             ට
             දුන්නත් ඉසුරු මුළු ර                                               ‍ ට
             තුටු නොවන කෙනෙකු                                            ට
             ගමක් දෙන මෙන් සතුටු පඬුර                                   ට” යි

කීව‍ාක් මෙන් ජයසිංහ මුදලිතුමාගේ පුත්ර යා ගැන බලා පොරොත්තුවන මුක්තාලතා ප්රේකරා කෙරෙහි සතුටු වන්නීද? ඇසට රසාංජනයක් බඳුවු පංච කල්යාාණයෙන් යුත් මුක්තාලතාවගේ රූපය දකින තරුණයන්ගේ සිත් විකල නො‍ෙව් ද‍? අලංකාර ඇඳුම් පැළඳුම් ආදියෙන් සජ්ජිතවී සිටියා නම් මුක්තාලතා දිව්යාප්සරාවකැයි කීම ඇගේ විශිෂ්ට රූපශ්රිියට කරණ නිගාවක් මැයි. ප්රේයරා මහතා පැය භාගයක් පමණ සමරසේකර හාමිනේ හා නෝනොහාමි උපාසිකාවත් සමග පිළිසඳර කථාබස් කරමින් සිට නැවත එන්නෙමියි කියා යන්නට පිටත්වි එහි සිටි අයට ආචාර සමාචාර කෙළේය. අනික් කවුරුත් අතට අත දුන් නමුත් මුක්තාලතා පමණක් වැඳීමෙන් ආචාර කෙළේය. ඈ විසින් එසේ කරණ ලද්දේ අදහස් දෙකක් ඇතිවය. එකක් නම් අපේ පැරණි උතුම් ආචාර විධිය වන වැඳීම වර්තමාන “අතට අත දීමට” වඩා හොද බැව් දක්වන පිණිසය. අනික නම් තමාට හිමි නොවන පුරුෂයකුගේ අතක් ස්පර්ශ කිරිම පවා පතිව්රිතා ධර්මය රක්ෂා කරණ උතුම් ස්ත්රිරයකට තරම් නොවන නිසාය.”

සිරිසේන සූරීන් මුක්තාලතා ලවා ම ඇයගේ ගති ලක්ෂණ එළිදරවි කරන්නේ ‍මෙසේ ය:

1. සිරිසේන පියදාස අෂ්ට ලෝක ධර්ම චක්රගය ඔරියන්ටල් මුද්රනණාලය. කොළඹ, 5 මුද්රේණය, 1963, 92-93 පිටු.


“එවිට මුක්තාලතා මෑණියන්ගේ කෝපය සංසි‍ඳෙන පිණිස ඇගේ ‍මොලොක් වු සිනාවෙන් සිනාසී,”අම්මාට කේන්තිද? අපේ මේ අසරණකම යන්නට උපාසක ආච්චි ජෝඩු කළ මඟුල ගැන ස්කතුති කරමි. නමුත්


         ‘වි  පු  ල  ගුණැති මහතුන් හට පත් විප                                ත
          නි  ස  ල  ගුණෙන් යුතු උතුමෝ ම දුර ල                            ත
          ක  ල  ල  ගිලුනු මතවරනිඳු ගොඩ ගනු                               ත
          තු  මු  ල  බලැති ගිජි‍ඳෙකු මිස අන් කෙව                            ත


         සු  ර  තු  රු ව න් උතුමෙකු දෙන දනින්  මි                           ස
         ය  දි  ක  ලි ම න්  කෙසෙඳුරු වෙද මුලින් පි                          ස       
         ම  හ මෙ ය කි න් පහ වන ගතෙහි සරතැ                              ස
         පි  ණි බි  ඳකින් දුරු කළ හැකි වෙද කෙලෙ                          ස


මේ නීතිය දක්වා - මුක්ත‍ාලතා මෙසේත් කීවා ය. අම්මේ, අපේ මේ අමාරු වෙලාවට පවුම් 15ක් නොව 5ක් පඩි කන කෙනෙක්වුවත් හොඳවා වගේ පේනවා. නමුත් යන්තම් පිරිමසාගෙව ටික කලක් සිට නැවතත් මීටත් වඩා අමාරු දුකකට පත්වෙන්නට නම් ඔය මඟුල හොඳය දැන් බලන්න. ඒ මඟුල කථා කරන මහත්මයාට පවුම් පහළොවක් ලැබුනත් උන්නැහේගේ මවුපිය දෙන්න්ත් සහෝදරයන් දෙන්නත් එකෙන් ම රැකන්න ඕනෑ. මමත්, අම්මත්, අයියාත් එයින්ම රැකෙන්න ඕනෑ. දැනට අපට තුට්ටුවක් වත් නැත. ඉතිත් මට ඇඳුම් හරිගස්සන්නත් මඟුල් ප්ර ස්තාව ගන්න මුල් කාලේ වියදම් ලෑස්ති කරන්නත් ගියා ම ඉදිරියට මාස 10 ක මුදල් ණයට ගත්තත් පිරිමසාගන්නට බැරි තරමයි. ඉතින් අපේ ඒක්වීවෙන් පසු දැනට කෙරෙන්නා වාගේ දසදොළොස් ගුණයක වියදමකුත් අධික වුණාම ඒ මහත්මයා ලබන පවුම් 15න් මක්කා කරන්න ද? අන්තිමේදී අපට දැන් තිබෙව අමාරුවටත් වඩා අමාරුකමුත් ඇතිව, සුව සේ සිටි පවුලකුත් අප නිසි අමාරුවට පත් කිරීම යුතු නොවේ. මහා වැස්සකින් නිවිය හැකි ග්රීලස්මය පිනි බෑමකින් ‍කොහොම නිවන්නද? ඇතෙකු විසින් ගොඩ ගත යුතු ඇතෙකු කොටළුවෙකුට ගොඩගන්නට පිළිවන් ද? ඒ නිසා අම්මේ, උපාසක ආච්චියේ, ලාභයත් අලාභයත්, අයසත්, යසසත්. නින්දාවත්, ප්රරශංසාවත්, සැපතත් ඊළඟට දුකත් යන මේ කාරණා අට සෑම දෙනාටම නො අනූමාන ව සිදිධ වන්නේය. මා උපදින කාලේ අපේ පවුල ලොකයාගේන් බලවත් ප්රාශංසා ලබමින් සිටි බව පෙනේ. එසේ ප්රනශංසා ලබම්න් සිටින අතර අපේ පියාණන්ගේ මරණය සිද්ධ වීමෙනුත් එතුමාගේ වස්තුව සතුරෙකුට හිමිවීවෙනුත් අපට දුක් ව්ඳින්නට සිදධවී ත‍ිබේ. ඉතින් මේ දුක මුළු ජිවි‍ෙත්දීම ලැබේ යයි සිතන්නට කරුණු නැත. මේ දුක ළඟට නො‍ අනුමානව ලාභය එන්නේය. එ එනතුරා ඉවසිල්ලෙන් ඥානවන්ත‍ව ක්රි යා කට යුතුයි. තුවාලයක්වු විට වේදනාව ඇතිවිම එකාන්තමයි ඉතින් ඊට ප්රරතිකාර නොකර නිකම් ඉඳිම යුතු නැත. එහෙත් එය පැසවා සුවවනතුරා ම ඇති වන වේදනාව ඉවසින්ල්ුලෙන් විඳ දරා නො ගෙන කෑ ‍කොස්සන් ගසමින් දැඟලීම මෝඩ කමකි. අපට දැන් අෂිට ලෝක ධර්මයේ හැටියට දුක් විඳින්නට නියම කාලයකි. ඒකාලයේ ඥානයෙන් යුක්තව නිතර ම වීරිය කරමින් ඒ දුක පුළුවන් තරමි අඩු කරගෙන සිටීම අපේ යුතුකම නමුත්, ලැබෙන්නාවු දුක ගැන දුර්මුඛ වීම හෙවත් මන්දෝත්සාහී විම බලවත් වරදකි. අෂ්ෙටලෝක ධර්මය ඉක්මවා ලෝකයේ කල්ගත කරන්නට පුළුවන් සමතෙක් තව ම ඉමදී නැත. ඒ නිසා අම්මා කරුණාකර අපේ කාලය එනතුරු ඉවසුව මැනව”යි මුක්තාලතා හිතට කා වදින ලෙස කීවා ය.”

තරුණ‍ියකගේ ප්රේ මයෙහි කැරොලයින් ද උතුම් සිංහල කුලාංගනාවකි. බලන්න.

“කොපමණ උතුම් තුලයක උවත් අසරණභාවයට පත් ස්ත්රිුය ගුණ නුවණින් හීන නම් ඉදිරියට පැමිණි පුරුෂයා සමග යෑව සිරිතකි. ඉතා අගනා මල්වැල් පවා අභිමුඛවු කො‍ෙහාඹ ආදී තික්ත වෘත්ෂයන්ගේ ද වෙළෙන්නේමය. කැරොලයින් ස්වකීය නැගණිය වැඩකාරයෙකු සමග ගිය නමුත් ඔව්හු ආරංචි නොවෙන පළාතකට ගිය බැව‍ික් ඉවස‍ා ධරාගෙන උව්නාය.

1.සිරිසේන පියදාස අෂ්ට ලෝක ධර්ම චකුය, ඔරියන්ටල් මුද්රනණාලය, කොළඹ
   5 මුද්‍රණය, 1963, 116 – 118 පිටු.

අනික් නැගණියත් මල්ලිත් සමග ඉතා දුක සේ කිලිටි වසිත්ර අඳිමින් දෙතුන් ‍ෙව්ලකින් ‍ෙව්ලක් ආහාර ගනිමින් ජිවත්වන කැරොලයින්ට ධනවතෙකු සමඟ යන්ට තවමත් පුළුවන්කම් පෙනෙ‍න්නෙය. නමුත් ඒ ගැන කිසිත් නොසලකා තමාගේ ස් ‍ර්ථමර ගුණයම් නොකැඩු මේ උතුම් සිංහල කුලාංගනාව සියලුම ස්ත්රී න් විසින් ආදර්ශයට ගත යුත්තේය. කැරොලයින් යමක් සපයා ගැනීමට අන්යම මාර්ගයක් නැතිව කඩයප්පන් සැදීමට පටන්ගත්තීය. උදේට හාල් සේරු හතරක කඩයප්පන් සාදා අසල ගේ වලට දි මුදල් ගෙන එයින ්දිනකට ශත විස්සක් විසිපහක් ලාභ ලබාගෙන සවසට පමණක් වේලක් ආහාර සපයා ගනිමින් විසුවාය. දෙවෙනි නංගි ඇඩෙල්ට් ට ද නිතර අවවාද කරමින් පැමිණි දුක් පැණිරසයයි සලකාගෙන විසිවාය. මසකට රුපියල් 10ක පඩියට කන්තෝරුවක පියුම් වැඩකට මල්ලී ද යවන ලදී. අසල පසලින් ලැබෙන සුළු මැහුම්වලිනුත් උදේ කඩයප්පම් ඉවීමෙනුත් දුක සේ කල් ගතකරන මේ පවුල මීට ඉස්සර සිටි හැටි කියවන්නෝ දන්නාහුය. අහෝ අෂ්ටලොක ධර්මයක හැටි.


         දුක හෝ නිති සැප                                        ත
         කිසිවෙකුට ලොව හිමි නැ                             ත
         රියසක මෙන් නිය                                        ත
         මෙ දෙක උඩු යටිකුරුව පෙරලෙ                   ත


         ලාබද අලාබ                                                  ද
          අයස ද එමෙන් යසස                                    ද
          නිඳි පැසසුම දෙක                                         ද
          සැපත හා එම ලෙසින් ව‍ිපත                          ද


         මෙ කී මෙ කරුණු අ                                       ට
         අටලො දහමැයි නම් කො                              ට
         මෙ සසර සතුන් හ                                         ට
         පැමණෙතැයි වදහළේ මුනි සෙ                       ට


              කිත් යුග හෙබෙව් ස                                                 රු
              මන්දාතු නම් බුවිසු                                                   රු
              වැද දිවපුර මහ                                                         රු
              සොඳුරු මින්සත් බවෙන පියක                                 රු


              එහි සුරසෙන් කැටු                                                    ‍ව
              විඳ සුර ඉසුරු නොපටු                                              ‍ ව
              වැස බෝ කල් තුටු                                                    ව 
              නැවත දළ ලොබිනි සිත කිළිටු                                   ව


              ඉන් හෙව මෙ ලෙව් තු                                               ල
              ඉවසිය නොහෙන දුක් කැ                                          ල
              ව්ඳිනට උවෙන් ය                                                      ‍ල
              සොව්න් නැත‍ි කර ගතිය පණ න                                ල
              
              දුක ළඟට සැප                                                          තා
              ‍සැප ළඟට යළි විප                                                    තා
              මෙලෙසින් මෙ ද‍ිය                                                    තා
              සතට පල දෙයි මෙ ‍දෙක සත                                     ත‍ා


මේ ආදි ලෝක ධර්මය කල්පනා කරන්ට දත් නිසා කැරොලයින්ටත්, කැ‍ෙරාලයින්ගේ අවවාදය පිළිපදින නංගී වන ඇඩලේඩ්ටත්, මල්ලී වන ඇල්බර්ටත් වැඩි දුකක් නොවීය.” පියදාස සිරිසේන බොහෝ ව්ට පරමාදර්ශි කාන්තාවන් ලෙස දුටුවේ සිංහල බෞද්ධ කාන්තාවන් ය. එහෙත් ඇතැම් විට සිරිසේනයන් විෂයෙහි සිංහල ක්රිිස්තියානි කාන්තාවක් පවා කාන්තා රත්නයක් වන සැටි ජයතිස්ස සහ රොස්ලින් නවකථාවෙන් ‍පෙනේ. ගුණයහපත් තරුණියක වු රොස්සලින් ක්රි ස්තියානි ආගම අදයන්නියක විම නිසාත ජයත්ස්ස බෞද්ධගමිකයකු විම නිසිත් දෙදෙනා අතර

විවාහයට බාධා ඇත‍ි වේ. ජයතිස්ස කෙරෙහි දැඩි ප්රේ මයක් තිබුණ ද ඇය බෞද්ධයක් වැළඳගන්නට කැමති වන්නේ ඒ පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත් පසුව යි. මතු දැක්වෙන ලිපි කිහිපයෙන් රොස්ලින් නුවණැති තරුණියක බව අපට වැටහේ.


“පෙම්බර මහත්මයාණනි,

ඔබගේ ලියමන නව ප්රාණණයක් ලැබුණාක් මෙන් ප්රීනතියෙන් බලා ගතිමි. මා ඔබට බඳින ලද ප්රේ මය කියන්ට මම වචන නොදනිමි. ඔබ බුද්ධාගම්කාරයෙක් බව මා දැනගත්තේ අදයි. ඔබ බෞද්ධයෙක් බව කලින් දන්නේ නමි මම ඔබට මගේ වචනය නොදෙමි. දැනුත් මගේ ජිවිතට විනාශ කර ගන්නවා මිස අපගේ ජේසුස් ස්වාමිදරුව‍යාණන් සිතින් මතක නැති කර මොහොතක් වත් නොසිටිමි. ඔබ මට ආදරේ ඇති කෙනෙක් නමි සත්යා වු ක්රිැස්තියානිය වැළඳ ගන්නවා ඇත. දැනට ලෝකයේ ඉතාමත් දියුණු වු ද (Civilized) බලසම්පන්න වු ද සියල්ලෝ ම ක්රිේස්තියානිකාරයෝ ය. ඔබ වැනි පණ්ඩිතයෙකුට එම ජේසුස් ස්වාමිදරුවන්ගේ ආගම එපා වෙන්ට හේතුව කුමක් ද කියා මට නොතේරෙයි. ඔබ කෙරේ මගේ ප්රේඑමය දින දින වැඩේ මය. මා නැල වෙන අන්දමකට මේ ලියමනට උත්තර බලාපොරොත්තු වෙමි.


             පි රි සඳ හරණ යස දැරු ගුණ නැණැති ති                                ර
             සි රි සඳ නිති වසන පෙම් බැඳ උර මැදු                                    ර
             මැති සඳ ජේ. විකුම්සිහ මගෙ රුසිරු බ                                    ර
             හැම සඳ මම පතමි ලැබුමට ඔබ අද                                         ර


             පි   න වා රස බසින් මගෙ සිතු ගෙන නොම                            දේ
             ද    න ව‍ා එ සිහි වෙන කොට මැති තුමනි හ                            දේ
             මොන වා සිදු වුණත් මට ඔබතුමා හො                                    ‍ඳේ
             දෙ  න ව‍ා ම පණ ඔබ වෙනුවට නිසැක ලෙ                              දේ 
                                                                                   මේ වගට - පෙම්බරී වන,
                                                                      රො. අමරසිංහ”1                                     

1. සිරිසේන, පියදාස, වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින් ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ, 1992 මුද්රොණය, 20-21 පිටු. 16 පියදාස සිරිසේන දුටු වනිතාව


ii


“පෙම්බර මැතිසඳිනි,

ඔබ මගේ ලියමනට හිත නරක් කර ගත්තාක් මෙන් මට ඉතා ලුහු‍ෙඬන් පිළිතුරු එව‍ා තිබේ. මගෙන් වරදක් යෙදුණානම් ඊට සමා වුව මැනව. සිත්රීනන ආදීන් වන දෝෂ නොගෙන අත්හැරීම පණ්ඩිතයන්ගේ ධර්මතාවකි.


            “ද  දු  න් කිවිඳුන් ගෙ                                                      න
             බිලිඳුන්  සහ ළඳුන්ගෙ                                                   න
             වු  වරද  නොමගෙ                                                         න
             හළෝ  පෙර පඬිතුමෝ සත් ගු                                        ණ”

යනාදිය ද සිහිපත් කරවමි. ඔබ මගෙන අසා තිබුණු ප්ර ශ්න කුමක් සඳහා අසන ලද දැ යි නොතේරේ‍. කුමක් සඳහා නමුත් මගේ දැනීමේ හැටියට ඊට උත්තර ලියමි.

(1) යමකට ආශා කිරීම දුක ද සැප ද යන්නට මා විසින දෙන උත්තරය නම් කෙයි ම ලෙ‍ෟකික දෙයකට නමුත් ආශාවීම දුකය. දැන් මම ඔබ කෙරේ ප්රේයමයෙන් ඉඳිමි. එයින ඔබ ලාබෙන තුරු මට මහත් දුකකි. මම මගේ දෙමව්පියන්ට ප්රේනමයෙන් ඉඳමි. යම් කලෙක මගේ දෙමව්පියන්ගේ වියෝගය වුණොත් මට මහත් දුකකි. එමෙන්ම මා කිසි දිනක ආලය නොකරන ලද දෙයක් නොලැබුණත් ප්රේ ම නොකරපු කෙනෙක් නැසුනත් මට කිසි දුකක් නැත්තේය. කෙටින් ම ආශාව දුක බවත් ආශාව හෙවත් ආලය සැපයක් කියා ස්වල්ප වේලාවක් අඥානකමට හාඟුණත් එය ස්ථ්‍‍ර්රහ සැපක් නොවන බවත් කියා සිටිමි.


(2) මතු යම් විපතක පැමිණෙන බව දැන දැන ම ඒ විපත ලැබෙන අන්දමට ක්රිබයා කරන්නා සැබව‍ින් ම මෝඩයෙකි.


(3) මෝඩයෙකුගෙන් ඔහුට වත් ලෝකයාට වත් කිසි ම ප්රදයෝජනයක් නැත. ඔහුගෙන් යම් ප්රලයෝජනයක් සමහර විට ඇත් වුණොත් හරකෙකුගෙන් ලැබෙන ප්ර්යෝජනයක් සම වේ. පියදාස සිරිසේන නවකථා එකතුව 17


මේ මා කියන ලද කරුණු සෑම වේලේ ම මෙලෙස ම පිළි ගන්නෙමි.

                                                                             පෙම්බරී වන,
                                                                              රො. අමරසිංහ”1


ස්ත්රි යක ගුණ යහපත් වීමට නම්, පතිව්ර තාව රැකීමට නම් පූරුෂයා ද එබඳු ම යහපත් අයෙකු විය වුතු බව ශ්රීය ලංකා මාතා නවකථාවෙහි ලා පියදාස සිරිසේන සූරීහු පෙන්වා දෙති.

“සිත්රීවහු පුරුෂයන්ගේ හිතුවනාපයක් කරගත හැකි සත්තු කොටසකි” යන පහත් කල්පනාව ඇති බොහෝ අය නොයක් රටවල සිටිති. ධර්මය වැරදි ලෙස තෝරන ඇතැම් අය බුදිධාගමේ ද එසේ තිබේයයි කියති. මේ කිසා ස්වකිය බිරිඳ ගැන මඳක්වත් විශ්වාස නැති ජෝුන් පෙරේරා එක් දිනක් ස්ත්රීැන් සම්බන්ධව කතාකරන්ට පටන් ගත්තේය. ජෝන් පෙරේරාගේ භාර්යාව වන පොඩිනෝනා තරමකි බණදහම් දන්නා කෙනෙක් නමුත් කිසිම ආගමක්, ධර්මයක්‍, සීලයක්, ගුණයක් නැති අධම ජෝන් පෙරේරාගේ ආශ්ර්ය නිසා ඒ ස්ත්රි‍යට හොඳින් කල්ගත කරන්ට බැරි වූ කෙනෙකි. එසේ ද වුවත් වර්තමාන සාමාන්යන සිංහල ස්ත්රීයන්ට වඩා කාරණා දත් කෙනෙක් බව මේ කියවන්නන්ට මේ කතාවෙන තේරේ. ජෝන් පෙරේරාත් පොඩිනෝනාත් අතර සිද්ධවු කතාව මෙසේය.

ජෝන් පෙරේරා - ආ පොඩි නෝනෙ‍ා්ය, පතිවෘතා ගුණය රකින ස්ත්රිකයොත්

          ලෝකයේ සිටිත්ද?   

පොඩි නෝනා - මොකද අද පණ්ඩිතයෙක් වෙලා හාඩයි. අඩියක් දෙකක් ගැහ‍ු

       වෙලාවට නම් මතක්වෙන්නේ පතිවෘතාවල විත්තියක් නොව කනට යවුල් 
        වැනි කුනුහරුපයි.

ජෝන් - ඒක එහව තමයි. ඇත්තටම පතිවෘතාව රක්ෂාකරන ස්ත්රී න් ඉන්නවායයි

       	        උඹ කියනවාද?

පොඩි - සත්තකටම ලෝකයේ අනන්තවත් ඉන්නවා. නමුත් එහෙම 1. සිරිසේන, පියදාස, වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොස්ලින් ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ, 1992 සුද්රහණය 22-23 පිටු.


උත්තමාවෝ වල් මිනිස්සු වධ්යසයේ ඇති නොවෙති.

ජෝන් - එතකොට තොටගමුවේ හාමුදුරුවෝ කියා තිබෙන්නේ

            පිරිමිනුදු  පත                                                     න 
            අවසර කල් රහස් තැ                                          න
            මිස නොලැබෙන බැවි                                        න
            ගැහැනු කවුරුද වරද නොබැ‍ඳෙ                          න


පොඩි - ඉතින් තොටගමුවේ හාමුදුරුවෝ කී එක හැබැයි. ප්රා ර්ථනා කරන

        පුරුෂයාත් අවසර කාලයත් රහස් ඉඩමත්ලැබෙනවා නම් ස්ත්රීපහු වරදට බැ‍ඳෙන 
        එයින් කියා තිබේ. ඉතින් උතුම් ධර්මශස්ත්රන උගත් මවකගේ ළඟ ඇතිදැඩිවු   
        කුල චාරිත්රත පුරුදු වු ස්ත්රි්යක් ප්රානර්ථනා කරන්නේ එකම පුරුෂයාය. පවට භයත් 
        ලැජ්ජාවත් නිසා නිදහසක් හා රහස් තැනක්ද නැත. ඒ නිසා එබඳු ගුණවත් 
        ස්ත්රීවහු පතිවෘතාව රකිති.

ජෝන් - පොඩි‍නෝනා මේ මක්කියනවාද උවමනා නම් ඕනැ තරම් නිදහස නැද්ද?

‍පොඩි - ගුණ ධර්ම බහුල වශයෙන් පුරුදු කළ ස්ත්රිනයකට පව නිසා නිදහසක්වත්

        ලජ්ජාව නිසා රහස් තැනක්වත් ස්වකීය මුරුෂයා කෙරේ පවත්නා බලවත් ‍
        ප්රේාමය නිසා ඔහු හැර අන් සියලුම මුරුෂයන් පිළිකුල් නිසාත් උතුම් ගුණවත් 
        ස්ත්රි යකට කවදාවත් වැරදි කරන්ට නුපුළුවන.

ජෝන්-ඉතින් උඹත් එහෙමද?පොඩිනෝනෝ?

පොඩි - සත්තකෙන්ම තමුසේ හොඳව‍ුණා නම් මමත් එසේමයි. තමුසේ මා

         කෙරෙහි අවංක ප්රේනමයක් නැත. කටගන්නක් බීගෙන අවුත් මගේ ඉල ඇට 
         කඩයි. මා ගැන සැලකීමක්ය ගරු කිරිමක් නැති තමුසේ වැනි තිරිසනකු සමග 
         එකතුව රකින පතිවෘතාව නිර්වස්ීත්ර්යෙන් ඉන්නා මිනිමුන්ගේ රටකට ගොස් ‍
         රෙදි ඇපිල්ලීම වැනි ක්රි්යාවකි. පතිවෘතාව රකින තරම් පින්වත් ස්ත්රීයන්ට 
         සුරාපානාදී දුසිරිත් කරන මිනිසුන් ස්වාමිකමට නොලැබේ.


ජෝන් - එතකොට ‍පොඩි නෝනා කියන්නේ මිනිහා හොඳ වුනොත් පමණක් ස්ත්රී

         පතිවෘතාව රකින බවද?

පොඩි - මිනිහාත් ස්ත්රී ත දෙදනාම හොඳ මව්පිය ගුරුවරුන්ගේ ආශ්ර යේන් ඇතිදැඩිව

          උතුම් කුලධර්ම පුරුදු කළා නම් අන්න ඒ දෙන්නා අතර පමණක් පතාවෘතාදි 
          ගුණ තිබේ. පිණි බිඳක් පමණවත් සුරා පානය කරන පුරුෂයෙකු තුළ ස්ත්රී  
          කෙරෙහි අවංක ප්රේරමයක්වත් අනාර්ය පැවතුම් ලෙස ඇති දැඩ් වුන උතුම්
          හා ගුණධර්ම හොඳින්ව නුගත් ස්ත්රිතයක් තුළ පතිවෘතා ධර්මයක්වත් නොමැති 
          බව ඒකාන්තම කාරණයකි. 


ජෝන් - හොදයි පොඩිනෝනා කොයි ස්ත්රීනයක් වුවත් ඉඩ ලැබුණොත් නරක්

           කරන්ට බැරිද?


පොඩි - සත්තකටම කිසි කාලයක බැරිය. දිවි ගියත් තමන්ගේ ගුණධර්මය

          ආරක්ෂා කරන ස්ත්රීිහු සිටිති. හ‍ැබැයි ඒ අප වාගේ වල් මිනිසුන්ගේ 
          භාර්යාකමට  පත් තැනැත්තියෝ නොව ධර්ම ශාස්ත්රි උගත් උත්තමයන් 
          භර්යාකමට පත් පින්වතියෝ ය.


‘ඩිංගිරි මැණිකා’ ද පියදාස සිරිසේන විසින් නිර්මාණය කරනු ලබන පරමාදර්ශි කාන්තාවකි. ඩිංගිරි මැණිකා කුල කාන්තාවක ‍ලෙසින් ද මෙහෙකාරියක ලෙසින් ද සිරකාරියක ලෙසින් ද ජිවත් වෙමින් තමා වෙත එල්ල වන සකල විධ බාධා මැඩ පවත්වමින් ස්වකීය ප්රේ්මවන්තයා වු රන් බණ්ඩාර දිනා ගනිනී ය. ඩිංගිරි මැණිකා තත්කාලින බොහෝ නවකථාවල පැනෙන අන්දමේ බොළඳ පෙම්වතියක නො වේ. තීකිෂ්ණ බුද්ධියෙන් යුක්ත ප්රේ මවන්තියකි. සොරමුළකට හසු වන ඇය සිය පතිව්ර තාව රැක ගැනීම සඳහා යොදන උපක්ර්මය බලන්න. “අනේ, සහෝදරවරුනි‍, මම මවිපියන් ළඟ සිටි අසරණ තරුණියක්මි. මේ දුෂ්ට නාකි මිනිහා මා ගෙයින් පිටතට ආ විට උස්ස ගෙන ආයේය. මා මොහුගේ මිනිබිරියකටත් වඩා ලපටිය. ඉතින් මෙහි සිටින තරුණ මහෝදරයන්ගෙන් කා සමඟ උවත් උඹලා නියම කරන කෙනෙකුට මම භාර්යාව වන්නෙමි. නමුත් මගේ

1. සිරිසේන, පියදාස‍, ශ්රීණ ලංකා මාතා (මුද්රිිත ස්ථානය නො සඳහන් ය) 1922 මුද්රමණය, 114-116 පිටු.

20 පියදාස සිරිසේන දුටු වනිතාව


කේන්ද්ර්යේ හැටියට ලබන මාර්තු මාසේ දෙවෙනි දා වන තුරු දීගයක ගියොත් එදාව මා මැරෙන බව කියා තිබේ. ඉතින් මේ පිරිසේ සිටින සිංහල සහෝදරයන්ගෙන් කිසිවෙක් මා වැනි කෙල්ලකගේ දිවි නැති කොට එක මොහොතක් සතුටු වේ යයි නොසිතමි. මගේ තාත්තා මා මෙපමණ කල් දීගයක නුදුන්නෙත් ඒ කේන්ද්රියේ අපලය නිසාමය.උඹලාගේ අත් පා මෙහෙවර කරමින් කීකරුව මෙහිම ඉන්නෙමි. නමුත් ලබන මාර්තු මාසේ වන තුරු මා විවාහයකට බැඳ ගන්ට සිතතොත් දැන්මම මා මරාදමපල්ලා”


වලව්වක පළහිලව්වේ ලීලාවතී මැණිකේ ද මතු සඳහන් කරුණු නිසා ගුණවත් කාන්තාවක බවට පත්වේ. ලීලාවතී මැණිකේ විවාහ කර ගැනීමට බණ්ඩාර නැමැත්තා උත්සාහ කරන අවස්ථාවේ ඇය මෙසේ පවසන්නී ය.


“ප්රේඋමවන්ත සහෝදරයාණනි, මා ගෙන්වා ම‍ට මේ කරන සත්කාර ග‍ැන මම තමුන්නාන්සේට පින් දෙමි. පුරුෂයන් විසින් ස්ත්රීවන්ට යම් කිසි උපකාරයක් කළ යු‍ත්තේ ස්ත්රීකන් භාර්යාකමට පාවා ගැනීම පෙරදැරි කරගෙන නම් පුදුමයකි. මම තමුන්නාන්සේ සමඟ විවාහ වෙන්ට අකමැති‍, වෙන කිසිම වරදක් නිසා නොවේ. මගේ මවුපිය දෙදෙනා විසින් මා කෙනෙකුට පාවා දෙන ලදී. එ්ක මගේ ප්රාොණය හා සමාන සි්ිවාමි පුරුෂයා සතුරන් විසින් අල්වා ගන්නා ලදී. එතුමා ජිවත්ව ඉන්නවාද නැද්ද යනු මම නොදමි.එතුමා ජිවත්ව සිටිතොත් මා අන්ය පුරුෂයෙක් සමඟ විවාහවීම නිතියටත් සත් චාරිත්ර යටත් යන දෙකටම විරුද්ධ ය. එතුමා නැති කාලේ යම් පුරුෂයෙතු හා කල් ගත කොට, එතුමා පැමිණි කාලයක නැවතත් එතුමාගේ භාර්යාව විම මා වැනි කුල ස්ත්රිියකට කළ හැකි වැඩක් නොවේ. මගේ පුරුෂයා කෙරෙහි බැඳි ස්නේහයත් ඔහු කෙ‍රේ දැක්විය යුතු පාදපරිචාරිකා භාවයත් ඔහුගේ හෝ මගේ ජිවිතක්ෂය විමෙන්ම මිස වෙනස් කළ නොහැක. ඒ හෙයින් තමුන්නාන්සේ සතුටු නම්, මගේ ස්ව‍ාම් පුරුෂයාණන් ගැන විමසාලා බලා එතුමන් මළා යයි නිශ්චිත වශයෙන්

1. සිරිසේන, පියදාස, ඩිංගිරි මැණිකා හෙවත් වික්ර මපාලගේ පළමුවෙනි වික්රතමය සිංහල ජාතිය මුද්රළණාලය, කොළඹ, 1945 මුද්රරණය. 109පි.


දැනගත් පසු මගේ කැමැත්ත කියන්නෙමි”


පියදාස සිරිසේනගේ පළමුවන පාසැල නවකථාවේ පළමු වන පාසැල යනු මාතෘ ගර්භය යි. චන්ද්රා නමැත‍ි කාන්තාව ලවා සිය මෑණියන්ගේ ගර්භයේ ස්වභාවත් මවු කුසින බිහි විමෙන් පසු තමා ඇසුරු කළ තවත් උසස් ගණයේ කාන්තාවන්ගේ ස්වභවයත් සිරිසේන සුරීහු මෙසේ විස්කර කරති:

“මගේ ‘පළමුවන පාසැල’ ඉතාමත් ප්ර්ශස්ත එකකි. සුධර්මා විජයාසේකර නමැති මෑනියන් ගේ පිරිසිදු ගර්භය මටග් ‘පළමුවෙනි පාසැලයි’ ලජ්ජා භය නමැති ආභරණ පැළඳි - ඒ ‍‍මගේ මැනියන් වහන්සේ අලොභ අද්වෙෂ අමොහ යන කුසල් සිත් බහුල වශයෙන් ඉපදවු කෙනෙකි. ඒ අනුව දාන සීල භාවනා යන පින්කම්හි ද ශක්ති තරමින් නිරතව් කෙනෙකි. පරාර්ථචර්යාව පුරුදු කළ ඒ මෑනියන් වහන්සේ, රත්නත්රනය කෙරෙහි පැවැත්වු භක්ත්යාුදරය කවදාවත්ම අඩුවුනේ නැත. ඒ නිසාම ප්රනඥාව වැඩි දියුණුකළ ඒ මැන්යන් ‍ෙග් සිතිවිලි ආත්ම ගෞරවය, ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය යන ධෛර්ය සම්පන්න සිතිවිලිය. කාගේ වත් පිහිට, කා‍ෙග්මවත් වහල් භාවය,ආත්මාර්ථකාම් පහත් අදහසක් කවදාවත්ම සිත් තුළ නොපැවති ඒ මෑනියන්න වහන්සේ අපේම ජාතියේ ශ්රේපෂ්ඨ භාවයත්, ඒ ජාතිය කෙරෙහි අචල ප්රේමමයත් ඇති කෙනෙක් ය. දේවානම් පියතිස්ස දුටුගැමුණු පරාක්රයමබාහු ආදී තෙජවන්ත රජුන් හා විහාර මහා දේවි ආදී බිසෝවරුන් ගැනත් නිතරම මෙනෙහි කළ අපේ මෑණියන් වහන්සේ පිරිසිදු උසස් කුසල් සිත් වලින් සත්වයා උසස් වන සැටිත්, ලෝභ, ද්වේෂ මොහ යන පාප සිත් වලින් සත්වයන් පව්කාරයන් වන හැටිත් දැනගන වුන් කෙනෙකි. ගුණතිලක මැතිණිය නමින් රටේ ප්රයසිද්ැධව විසු තම‍ුන්නාන්සේගේ මෑනියන් වහන්සේගේ හිතෛෂි මිතුරියක්ව විසීමෙන්ම තමුන්නාන්සේට අප මෑනියන් ගැන කියන්නට වුවමනා නැත. නමුත් මා ඉගෙනගත් දෙවෙනි පාසැලේ කළමනාකාර මහතා සමඟ අපේ පියා එක් දැනක් කථා කරද්දී මමත් ළඟ සිටියෙමි.


1. සිරිසේන, පියදාස, වලව්වක පළහිනව්ව. (මුද්රිගත ස්ථානය නො සඳහන් ය) 1965 මුද්ර ණය. 95 පි.


ඒ කතාවට හේතුව ඒ කළමනාකාර සිල්වා මහතාට එදින මඟුල් ගේකට යන්ට තිබුණ නමුත්, උන්නැහේගේ නෝනාට ගෙනා ඔසරිය, රුපියල් තිසිපහක ඔසරිය, හොඳ මදිය කියා මඟුල් ගෙදර නොයාමෙන් ගෙදර කලබලයක් ඇතිවු බවත් ඒ නිසා ඉස්කෝලයට ඒම ප්ර මාද වු බවත් කිවුවිට අපේ තාත්තා කීවේ “සිල්වා මහතාණෙනි, මා විවාහයට ඇතුළත්ව දහඅට අවුරුද්දකි. මේ දීර්ඝ කාලය තුළ මේ ඇඳුව් නරකය, මේ ද්ර ව්යත නරක යයි මේ තාක්ම අසන්ට ලැබුනේ නැත. මොනම නරක දෙයක් ගෙණ ගියත්, ඉතාම හොඳ යයි මා සතුටු කොට ඒ ඒ දේ ඒ ඒ විධියට යොදවන්ට පුරුදු කරගත් මගේ භාර්යාව වැනි ඉවසිලිවන්ත සිථානෝචිත ඥානයෙන් යුත් ස්ත්රි න් වරලවිමම අපේ ජාතිය දියුණු නොවන්නට හේතුවි තිබේ” යයි කියනු අසා සිටි මට, මගේ පියාණන් හා මෑනියන් කෙතරම් සමගියෙන් කල් යැවිවෝ ද යන වග හොඳින් වැටහුනා. ඉතින් එබඳු පියෙකුට දාව, සදාචාර ගුණ දම්පන්න මෑණි කෙනෙකු ගේ ගර්භය නමැති පළමුවෙනි පාසැලේ නවමස් පසළොස් දිනකුත්, ඉන් ඉක්බිති ඒ ගුණවත් මවුපියන් ගේ ආශ්රලයේ තවත් අවුරුදු පහකුත් ඉන්පසු ලක්දිව තිබෙන ඉතාම හොඳ පාසැලේ ආචාර්යවරියක්ව වුන් මෑණියන් ගේ ආරක්ෂාවේ දස අවුරුද්දකුත්, ඒ මාතාවන් ගේ මරණයෙන් පසු අවුරුද්දක් ආචාර්යව සිට ඉතා වැදගත් ශිෂ්ටචාර සම්පන්න ඉංග්රීයසි මහතුන් සමඟ අවුරුද්දකුත් කල් ගතකරණ මගේ බාහිර ඔපය හා රූප ලක්ෂණ මදිවා මිසක් ධන සම්පත් නෑ පිරිස් ආදියෙන් හීනවා මිසක්, උසස් ගතිගුණ ආදියෙන් කිසිම ඌනතාවයක් නැති බව මහතාණන් ඉදිරිපිට නිර්භය‍ව කියා සිටිමි.”


ගුණවත් කුල ස් ත්රීැන්ට ගෙ‍ෟරව කිරිමට මෙන් ම අසංවර හා අ‍ශෝභන ලෙස පර සිරිත් වැළඳ ගන්නා ස්ත්රිවන්ට පරිභව කිරිවටත් පියදාස සිරිසේනයෝ මැළි නො වුහ. ඔහු ලියු පරිවර්තනය හෙවත් ස්ත්රී්න පිරිමි වෙස් ගැනීම නමැති නවකථාව වච‍නයේ පරිසමාප්ත අර්ථයෙන් ම පිරිමින් මෙන් හැසිරෙන ස්ත්රී න් හාස්යවයට ලක් කරන

1. සිරිසේන, පියදාස, පළමුවන පාසැල ‍, ඔර්යන්ටල් මුද්රසණාලය, මරදාන 1954 මුද්ර ණය, 79-80 පිටු.


රචනයකි. පරිවර්කනය නවකථාව ආරම්භ වන්නේ මෙසේ ය:


“වයලට් නෝනා ටිකක් අමනාප ගතියකින් සෙනසුරාදා උ‍දේ නැගිට මුහුණ සෝදන්ට පටන් ගත්තාය. “මොකද වයලට්, අද පාන්දරින්ම උඹ කිපියාක් මෙන් සැරවැර වෙන්නෙ? කිසිම වරදක් නොකර වුන් ලුසියා කෙල්ලටත් පහරක් ගසා, කිසිම චාරයක් නැතිව හැඩිදැඩි ඉලන්දාරියෙක් වාගේ මුහුණ සෝදන්නේ මොකද? ගැහාණු ළමයින්ගේ මෘදු මොළොක් ගතියක් ශාන්ත ගතියක් තිබෙන්ට ඕනෑ නේද? මොකද උඹ ඔය තරම් වෙනස් වීමකට, පරිවර්තනයකට පත්වුනේ. ඊයේ ස්ත්රීමන්ගේ ජන්දදායිකා සමිතියට ගොහින් ආවාට පසු‍ නොවේද? එතැන්හිදී නුඹේ හ‍ිතත්, ගුණ ධර්ම ආදියත් පරිවර්තය වුණාදැ” යි ම්මමා ඇසුවාය.

වයලට් අර්ධයක් කිපුණු කොටිදෙනක මෙන් මුහුණ සෝදා ගෙන ළඟ වැලේ තිබුණු තුවායෙන් ඉක්මන් ලෙස මුහුණ පිසදා තුවාය වැලට වීසිකළාය. තුවාය වැලේ නොරැඳී කාණුවේ වැටුණේය. ඒ දුටු මෑණියන් සහ කාගේත් හිත් දුෂ්ය විය. නමුත් වයලට් ආපසු ඒ පැත්තවත් නොබලා තමාගේ කාමරයට ගොස් හිස පීරන්නට පටන් ගත්තාය. මොනර පිල් කලඹක් හා සමාන ඇගේ දීර්ඝවු, සුමුදු කේස කලාපය පීරමින් “මේ කරදරයක් පඹ ගාලක් වගේ මේ ඉසකෙස් වල්ලක් තබා ගැනීමෙන් ඇති කරකරේ ඉක්මනට ගමනක් යන්ටවත් හැටියක් නැත. පැය බාගයක් මේ‍කේ ‍අවුල් අරින්ටත්, පීරන්ටත්, ගොත්න්ටත්, බඳින්ටත්, මේ මොන කරදරයක් ද? අපේ අම්මලාගේ අඥානකමට කුමක් කරන්ටද? මෙය කපා දවන්ට ඇත්නම් කොපමණ හොඳ ද? දැන් “ශිලාචාර” ඉංග්රීාසි නෝනලා හැමාදෙනාම මේ කොන්ඩය කැපීම පිළිගෙන ඉවරයි. අපේ රටේ අඥානයින් අධික නිසා අපට තවමත් කේස කලාපය ආරක්ෂා කරන්ට සිද්ධවෙලා තිබෙනවා” කියමින් ඉක්මනට හිස පීරා ගත්තාය. ‍‍”1

පැරැන්නන් පංච කල්යාාණයන්ගෙන් එකක් ලෙස සැලකු කේශ කල්යාමණය ගැන මෙහි දී වයලටි නෝනා පවසන අදහස් අතිශයින් උත්ප්රාසසාත්මක ය.

1. සිරිසේන, පියදාස, පරවර්තනය. ඔරියන්ටල් මුද්රහණාලය. මරදාන. 1961 මුද්ර ණය,

   1-2 පිටු. 


සිරිසේන සුරීහු නවීනත්වය සොයා යන ස්ත්රිපන් නො රිස්සුහ සාම්ප්රයදායික ස්ත්රීණය ම පැසසුහ. බලන්න


“අපේ වලව්වට අල්ලාපු වත්තේ පුංචි ගෙයක ඉන්නා දුප්පත් පවුලක් ගැන මම දනිම්. පොඩි අප්පුහාමි නැමැති ඒ ගෙදර මනුෂ්යායා පරණ සිංහල තාලෙට වැඩුණු පිටිසර ස්ත්රිපයක් විවාහකරගෙන දරුවන් දෙදෙනෙක් ඇතුව ඉතාමත් සැපසේ වාසය කරයි. දිනකට සුළු මුදලක් සපයන ඒ මනුෂ්ය්යාගේ භාර්යාව කෙතරම් පරිස්සමෙන්් හා ගෞරවයෙන් කල්යවන්නීද කිවහොත් ඒ දරු දෙදෙනාත් ස්වාමියාත් සමඟ කිසි හැලහොල්මනක් නැතිව ප්රීොතියෙන් කල්ගත කරණ සැටි අසා පුදුමවිමි. හැම පෝයකටම ස්ව‍ාමියාත් දරුවනුත් සමඟ පන්සල් ගොස් පන්සිල් සමාදන්ව මල් පහන පුදා බුදුන් වැඳ ඉතාමත් ප්රී තියෙන් පින්දහම්ද කරන්නීය. ස්වකීය ස්වාමියා මොන ද්ර ව්ය‍යක් ගෙනාවත් එය කවදාවත්ම නරකය, මදිය කියන සිරිතක් ඇ තුළ නැත. කෑමට මොන ද්ර‍ව්ය යක් ගෙනාවත් එය ඉතාමත් ප්රි තියෙන් පිළිගෙන ඉතාමත් රසට පිළියෙළ කිරිම ඇගේ පුදුම ගුණයකි. කෙතරම් නරක රෙද්දක්, ඇඳුමක් ගෙනාවත් ඒ ඉතාමත් හොඳ දෙයක් ලෙස පිළිගෙන ස්වාමියා සතුටුකරන්නීය. ස්වාමුයාට මුදල් හදල් අතිත් අමාරු බව දුටුවොත් ඈ සුරක්ෂිත කරගෙන තිබෙන මුදල් දී පුරුෂයාගේ සිත සනසා සතුටු කරන්නීය. පුරුෂයා නිකරුණේ බැන්නත් අපවාද කීවත් කවදාවත් වචනයක් නොකියා ස්වාමියාගේ කෝපය සංසි‍ඳෙනතුරු රූපයක් මෙන් නිසොල්මන් වන්නීය. ස්වාමියා දෙවිකෙනෙකු යටහත් වියයුතු උතුමකු ලෙසට ඒ ස්ත්රියය විසින් සලකනු ලැබේ. මේ ස්ත්රිුය නුගත් අඥාන තැනැත්තියකුත් මෝඩියකුත් නොවේ. සිංහල භාෂාව හා ධර්මයත් හුඟක් දුර ඉගෙණගත් භය ලජ්ජා ඇති නියම ස්ත්රිත තත්වයේ පිහිටි කෙනෙක් නිසා ස්වාමියාට යටහත් පහත් කමින් ඉදිම ධර්මතාවයක යුතුකමක කියා පිළිගත් තැනැත්තියක් නිසා සමාදානයත් සතුටත් ඒ ගෙදර පවත්නේය. මේ කියන ලද්දේ පරිවර්තනයට නොගොස් සිද්ධාන්තව පවත්නා කුල ස්ත්රී ගතියෙන් කල්යවන ස්ත්රිොයක් පිලිබඳ ලුහුඬු කාරණයකි.”1


1. සිරිසේන, පියදාස‍,පරිවර්තනය. ඔරියන්ටල් මුද්රයණාලය. මරදාන, 1961 මුද්ර ණය

    27- 28 පිටු.


සැබැවින් පරිවර්තනය යනු නවකථාවක් නොව නුතන වනිතාව පිළිබඳ වාද ග්රදන්ථයකැයි පැවසුව ද වරදක් නැත. එහි කථාන්තරයක් නැත: සිද්ධි සමුදායක් නැත: චරිත නිරූපණයක් නැත: ඇත්තේ දෙපිලක් අතර හට ගන්නා වාදයකි. පීරිස් නෝනාත්‍, වික්රූමසිංහ වෙද මහතාත්, විජේසිංහ හාමිනේ නම් කුලාංගනාවත්, ලෙ‍නෝහාමි මහෝපාසිකිවත් එක පැත්තක ය. ස්ත්රීඅ සංගමයේ සභාපතිනියත්, ද සිල්වා අද්වකාත්තුමාත් තව පැත්තක ය. වාදය හට ගන්නේ පීරිස් නෝනා‍ෙග් දියණිය වයලට් නවීන පන්නයේ යුවතියක වන්නට උත්සාහ ද‍ැරිම නිසා ය. පිරිස් නෝනා නවින පන්නය පිළිකෙව් කරයි. නිවැරදි ආස්ථානයෙහි සිටිනුයේ මව ද දියණිය ද යන්න තීන්දු කිරිම සඳහා වාදය සංවිධානය කෙරේ. වාදයේ මාතෘකාව ‘වර්තමාන ස්ත්රිමන්ගේ පරිවර්තනය, හොදට සිද්ධ වුවක් ද? නරකට සිද්ධ වුවක් ද?” යන්නයි. වාදාරමිභයෙහි පීරිස් නෝනා දිහණියට මොසේ කියයි.


“හොඳයි වයලට් අද අපි තීන්දු කරගනිමු. යමක් කිරිම කා‍ගේත් යුතුකම ස්ත්රිවන්ගේ තත්වයටත් පැමිණ්විුම හොඳයයි මටත් වැටහුණොත් මමත් උඹ වගේ ස්ත්රිවයක් නිසා මටත් හොඳ වේවි! දැන් සිල්වා මහත්මයා උඹලාගේ සමාගමේ සභාපතිනියත් සමඟ එන බව කීවා. මමත් දැන් ස්ත්රී් පුරුෂ කීප දෙනෙකු ගෙන්වනවා. අද දවාලට ඔවුන් හැමදෙනාටම කෑමබිමාදියෙනුත් සංග්ර හකොට ලොකු විවාදයක් කරණව‍ා. ඒ විවාදෙන් පරණ අදහස් ඇති අප පැරදුනොත් මමත් හෙට කොණ්ඩෙ කපනව‍ා. උඹේ කොණ්ඩෙත් කප්පව‍ා කලිසමකුත් අන්දවනවා.එතකොට උඹේ තාත්තාට කුස්සිය භාරදීලා මම වත්තේ වැඩ කරවන්ට යනවා. මෙතන ඉන්නා වැඩකාරියන් හැමදෙනාටම අමුඩගස්සවා ඒ ඒ වැඩකරන්ට යවකවා. වැඩකාරයන්ට කම්බායකුත් හැට්ටයතුත් බැගින් අන්දවා කුස්සියේ වැඩකරන්ට සලස්වනවා. උඹලාගේ අළුත් අදහස් හරිහැටි තවමත් අපට වැටහුණේ නැත. ඇත්තෙන්ම හොඳ එකක් දුටුවොත් එය පිළිග‍ැණිම බොහොම හොඳයි. දැන් මම වික්රකමසිංහ වෙද මහතාටත්, අමරසේකර දොස්තර මහතාටත්, ජයසිංහ මාස්ටර්ටත්, ලෙනෝ උපාසක අම්මාටත් පණිවුඩ අරිනවා. ඉතින් හැමදෙනාමත්,


මමත්, උඹත්, උඹේ සමාගමේ සභාපතිනියත්, සිල්වා අද්වකාත් මහත්මයාත් යනාදි සියලු දෙනාම වාද විවාදකොට හොඳ විදියක් තින්දු කරගන්ට ඕනෑ. උඹලා කියන අළුත් නිදහස අපි කියන පරණ සිරිත් වලට වඩා හොඳවේදැයි බලමු.

වාදයෙන් ජය ගන්නේ නවීන පන්නයට හැදෙන ගැහැනුන් ප්රහත්ක්ෂේප කරන පීරිස් නෝනාගේ පිල යි. යහපත් ස්ත්රීැහු නම් කුල සිරිත් ගරු කරන‍, ස්වාම්පුරුෂයාට සලකන, රටට වැඩ දායක දූ දරුවන් තනන, ගේ දොර පිළිවෙළකට තබාගන්නා, ශිල්ප ශාස්ත්රා හොඳින් උගත් තැනැත්තියෝ ය. පිරිමින් හා සමතැන් ඉල්ලන, ස්ත්රිල සංගම් ඇතුළු විවිධ සංවිධාන පිහිටුවා ගෙන වැඩ කරන, මෝටර් රථ පදවන, බයිස්කෝප් බලන, නො ගැළපෙන අඳුව් අඳින ස්රත්රීහහු නො වෙත්.

පියදාස සිරිසේනගේ නවකථා පන්තියෙහි විවිධ දුසිරිත්වල නියැළුණු ස්ත්රීවන් පිළිබඳ තොරතුරු ද දක්නා ලැබේ. එබඳු චරිත වනාහි තත්කාලීන සමාජය තුළ බලපැවැත්වු බටහිර සංස්කෘතියෙහි දුර්විපාක ලෙස සිරිසේන සුරීහු පෙන්ව‍ා දෙත්.


තරුණියකගේ ප්රේෙමය නවකථාවෙන් විවාහක කාන්තාවක් පරපුරුෂ සේවනයෙහි යෙදුණු ආකාරය කියැවේ. මෙහි කථා නායිකාව කැරොලයින් ය. ඇගේ පියා ඇල්ෆ්ර ඩි සිල්වා ය. ඇල්ෆ්රාඩි සිය බිරියගේ අකල් මරණයෙන් පසු මර්ගරැට් කුරේ නම් ළාබාල යුවතියක සරණ පාවා පනී. කසාදයෙන් ‍ සපු සිය වත්තතේ වැඩ කටයුතු සඳහා ඇල්ෆ්රිඩ් සිල්වාථ දින දොළහකට කුරණෑගල ගිය පසු ඒ ළාබාල යුවතිය, ඩග්ලස් පෙරේරා සමඟ අනාචාරයෙහි හැසිරේ.2 වැඩිහිටියකු ළාබාල තැනැත්තියක විවාහ කර ගැනීමේ විපාකය නම් එය යි.


‘ ඉෂ්ට දෙවියා හෙවත් වික්ර මපාල‍ගේ හතරවෙනි වික්ර මය

1. සිරිසේන, පියදාස, පරිවර්තනය ඔරියන්ටල් මුද්ර ණාලය මරදාන. 1961 මුද්ර ණය

     5-6  පිටු.

2. සිරිසේන, පියදාස, තරුණියකගේ ප්රේනමය, ඇම්.ඩි. ගුණසෙන සහ සමාගම,

    කොළඹ,  1957  මුද්ර නය, 78-79 පිටු.


නවකථාවෙහි පරපුරුෂ සේවනය මෙන් ම පරදාර ‍සේවනය පිළිබඳ තොරතුරු රාශියක් ද දක්නට ලැබේ. කථාරම්භයෙහි කෝන්ගොඩ වික්රේමපාල විවේක ග‍ැනීම සඳහා දුම්රියෙන් මහනුවරට යමින් සිට්, දුම්රිය මඟීන් අතර එකලා ව ගමන් තරුණියක් ගැන ඔහුට සැක පහළ වේ. මහනුවරට ප්රනවේශපත්රර ගෙන සිටින වික්රතමපාල වේයන්ගොඩින් බැස ගිය තරුණිය පසුපස හඹා යයි. ඇය ගමන් කරන්නී වේයන්ගොඩ තානායම වෙත්ප‍ ය. ඒ වන විට ‘වැදගත් මහතකු’ තාන‍ායම වෙන් කරවා ගෙන ය. තානායම්කරු වික්රඒමපාලට තානායමට ඇතුළු වන්නට ඉඩ ‍නො දේ. ඔවුන් අතර සිදුවන බහින් බස් වීම විසඳීමට සාමදාන ව්නිශ්චයකාරවරයෙන් එයි. ඔහු වික්රදමපාලට මොසේ කියයි.


“මේ උසස් නිලධාරියෙකු‍ෙග් පුතෙකි, ධනවතෙකි. එබඳු ‍කෙනෙකුට තමුසේ පහත් ලෙස කථා කළේ ඇයි දැ’යි කියන කොට මම සිනාසෙමින් ඒ මහත්මයාට එකතු කළ යුතු තවත් ගුණ වචන කිහිපයක් තිබිය දී, “උසස් නිලධාරියෙකුගේ පුතෙකි, ධනවතෙකි” පමනක් කීවේ ඇයි? බේබද්දෙකි, ජඩයෙකි, ගැහැණු හොරෙකි, පවුල් කඩා විනාශ කරන්නෙකි, වැදගත් අයට හෙලා තලා කථා කරන්නෙකි. යුක්තිය ‍නො දත් අධමයෙකි. යනාදියත් එකතු කළා නමි කොපමණ හොඳ දැ”යි කියන කොට ‍ජේ.පී‍. නැගිට කාමරයට ගොන් එහි ඉන්නා තරුණිය දැක. “ආ-ජො- උඹ මේ . . . දොස්තර මහතාගේ නෝනත් සමඟ කුමට ආවා ද? කාරණය වල් වේය”යි කියනවා මට ඇසුනේය. මගේ “ඉෂ්ට දෙවියා” මට කටයුත්තක් ඇති කළේ යයි සිතමින් ප්රීිතිවන අතර ඒ නෝනා අඬන්නටත් තරුණයා ‍ෙජ්.පී ට බැගෑ වචන කියන්නටත් ප‍ටන් ගත් විට කාමරය අමුතු ස්ුවභාවයකට පත් විය. මම ඒ අතර කලපනා කර කර හාන්සිපුටුවේ සිටියෙමි. “‍ආ ‍ජෝ - ‍මෙතන එලියේ ඉන්නා මනුෂ්යවයා එසේ මෙසේ කෙ‍නෙක් යයි සිතන්නට එපා. උඹ ගෑණු හොරෙකැ”යි ක‍ියන කොටම මම ඔහු සමඟ කථාව නවත්වා කාමරයට ආවේ උඹේ “චාරය” නරක බව දන්නා නිසාම යි. ඉතින් බැලුකොට කසාඳ බැඳලා මාස තුනක් යන්නට ප්ර ථ්මන වැදගත් දොස්තර මහතාට හොරෙන් ඔහුගේ නෝනාත් සමඟ මෙහෙම ඇවීදීම වටීද? උඹ


නරන මිනිහෙක් බව දැනගෙන නො සිටියෙමි.”1


කෝන්ගොඩ වික්ර මපාල කුලීකාරයකු ලෙස වෙස්වළා ගෙන නරම්මලට යන අතර මඟ දී තේ බොන්නට කඩයකට ගොඩ වෙයි. තේ කඩය ඉදිරිපිට ඉදිවෙමින් පවතින සුවිසල් නිවසකි. එය ඒ පළාතේ ඉදිවෙති යි බලාපොරොත්තු ‍නො විය හැකි අන්දමේ ‍ නිවසකි.

“‍මේ කාගේ ගෙයන් ද?” වික්ර මපාල තේ කඩකාරියගෙන් අසයි.

“ඔය ඉෂ්ට දෙවියන්ගේ මුදලින් හදන ගේ නෙවැ”

තේ කඩකාරිය කියයි.

ඇය පවසන තොරතුරුවලට අනුව එම සුවිසල් නිවස තනවනුයේ ඒ අසල වෙසෙන යුවළකි. ස්ත්රීිය අවුරුදු තිහක් පමණ වයස රතු පාටැති තරබාරු තැනැත්තියකි. පුරුෂයා ටිකක් වයසින් වැඩි දුර්වල පාහේ මිනිසෙකි. සැමියා එළවලු කොටුවට යන රාත්රීව කාලවල ස්ත්රි්ය පහන් පැලට පහන් පුජා කළ විට ඉෂ්ට දෙවියකු පැමිණ රුපියල් දහයේ නෝට්ටු පහක් තබා යයි. මෙහි සැබෑ තත්ත්වය සොයා බැලීම සඳහා පුරුෂයා නැති රාත්රියයක වික්රහමපාල එම නිවස අසලට වී බලා සිටි.

“එදා රාත්රිහය බලවත් කරුවල වු එකක් බැවින්  - කිසි අමාරුවක් නැතුව ‘ඉෂ්ට දෙවියා’ එන ගෙදර පිළිකන්න පැත්තේ බිත්තිය අද්දරට වී සිටියෙමි. රාත්රිත එකොළයට පමණ කෙනෙක් අවුත් “පොඩි නෝනා” කියා කථා කරනු ඇසී, අන්න ඉෂ්ට දෙවියා ආවේ යයි මට දැනී හෙමින් සැරේ ඉස් තෝප්පුව ළඟට අවුත් එබී බලා සිටියෙමිත. එවිට පොඩි නෝනා දොර ඇරියේ ය. වහාම ඉෂ්ට දෙවියා ගෙට ඇතුල් වි  දොර වසා ගත්තේ ය. ඉතින් මෙතනදී මිට වඩා යමක් උවමනා නොවන බැවින් මම ඒ ගෙදර ඉසුතෝප්පුවට වි නිදා ගතිමි. හරියට හතර හමාරට නැගිට ගේ අයිනේ වාඩි බලා සිටින විට පහට පමණ ගෙයි දොර හැරියේ ය. ඉෂ්ට දෙවියා පොඩි නෝනාත්  සමඟ


1. සිරිසේන, පියදාස, ඉෂ්ට දෙවියා, ඔරියන්ටල් මුද්රටණාලය, මරදාන, 4 මුද්ර ණය

   1966,  6-7 පිටු.

පියදාස සිරිසේන නවකථා එකතුව 29


මොන මොනවාද කථා කළ නමුත් මට තේරුම් ගන්ට බැරි විය. ඉෂ්ට දෙවියා කවුද කියා මම නො දනිමි. නමුත් හැඩ නැල හොඳින් බලා ගතිමි. ඉෂ්ට දෙවියා වත්තේ කඩොල්ලෙන් පැන ගිය හැටියේ පොඩි නෝනා මල් පැල ළඟට ගියේ ය. මිනිත්තු පහකට ඉස්සර ඈ නැවතත් ගේ තුළට ඇදී ‍ දොර වසා ගත්තා ය. මම මල් පැල ළඟට ගොස් ඇතිරිල්ල යට බැලුයෙමි. රුපියල් දහයේ නෝට්ටු කොල පහක් දිග ඇර එහි තබා තිබුනේ ය.”1


රටේ මහත්මයකුගේ නිවසේ සිදුවන තවත් දුර්ලභ ගණයේ පර පුරුෂ සේවනයක් පිළිබඳ තොරතුරු ඉෂ්ට දෙවියාහි එයි. එනම් ගෙදර ‍ මෙහෙකාරයා තමන් සතු කර ගන්නට පොර කන එක ම පවුලේ පිරිසක් ගැන යි. කෝන්ගොඩ වික්ර වපාල කෝකි වෙස් ගෙන රටේ මහත්මයකුගේ නිවස‍ට යයි. රටේ මහතාගේ බිරිඳ හා පුංචි කුමාරිහාමිලා ටිකිරා නමැති මෙහෙකාරයා බෙදාහදා ගන්නට බැරි ව අරගල කරන සැටි වික්රහමපාල දකින්නේ එහි දී ය.


“උඹ හැබැ ගෑනි උඹේ විත්තිය මම දනිමි. ටිකිරා බො‍ෙහාම පිළිකුල් කැත එකෙක් උඹ ඌ ගේන වතුරවත් බොන්නේ නැහැ” කියා එකියක් කීවාය. එවිට අනෙකා “උඹට ටිකිරාගේ විත්තියක් කුමටද? උඹ අක්කලාට ඉස්සරින් උපන් වැඩිමහල් එකී. ති‍ගේ විත්තිය ඇහු‍වොත් බල්ලෝ බත් කන්නේ නැහැ” යයි අනිකා කීය. මෙහි ලියන්නටත් බැරි ත‍ව පිළිකුල් වචන කියම්න් බැණගන්න විට, මව් කුස්සියට පැත්තට ගොස් බාල එකියකට පාරක් ගසා “කට පියාපිය තොපි ලොකුවට කොලීජියේ බෝඩිංවෙලා ඉංග්රීයසිත් ඉ‍ගෙව ගත් හොඳ “සිලාචාර කුමාරිහාමිලා, යයි පුච්චන ඇද බාති. නමුත් අක්කලා නගාලම කුලමක කියා ගන්නේ නැතුව බැණගන්නේ නැතුව ඉන්ට බැහැ නොවේ දැ”යි කීවාය. මවගේ පහරෙන් කිපුණු ඩේසි කුමාර්ය “ඕව්, මම්මාගේ විත්තිය ඇහුවොත් බල්ලෝ බත් කන්නෙත් නැහැ. ඊයෙ රැ කරපු ගම්පෙරලිය මම බලාගෙන නොසිටියෙම්ද?


1. සිරිසේන, පියදාස, ඉෂ්ට දෙවියා, ඔරියන්ටල් මුද්රාණාලය, මරදාන, 4 මුද්ර ණය,

    1966   29පි


‍දුලා හැදෙන්නේ අම්මාගේ හැටි බලා ගෙනවද?අවුරුදු පණහ වෙච්ච මම්මාට දවසකට විස්කි බෝතලයක් ඕනෑ. ගෙදර ඉන්නා වැඩකරුවන්ගෙන්වත් ගරු නම්බුවක් ලබන්නට ඉඩ තියාගෙන නැති මම්මා අපට අවවාද කිරීම හරියටම නිර්වස්ත්ර්ව ඉන්නා කෙනෙක් කිළුටු අඳින කෙනෙකු‍ෙග් දොස් කීමක් වැන‍ිය” කියා ඒ ලමිස්සී “කටකට” ගගා දත් කමන් යන්ට ගියේය”. 1


පියදාස සිරිසේනයන් විසින් නිර්මාණය කරන ලද නවකථා පන්තියෙහි එන යට කී වනිතා චරිත මගින් කතුවරයාගේ ආකල්ප හඳුනා ගත හැකි ය. වනිතාව දුසිරිතෙහි යෙදෙන්නී පුරුෂයන්ගේ ද වරද නිසා ය. නැතහොත් කුඩා කල පටන් මනා හික්මීමක් සහිත ව නො වැඩුණු නිසා ය. එසේත් නැත්නම් සමාකාලීන සමාජ දේහය තුළ පැතිර පැවතුණු බටහිර සිරිත් විරිත් විවාරයකින් තොර ව අනුගමනය කරන්නට යාම නිසා ය. නො එසේ නම් ධනය, බලය, නිලය හෝ කුලය හේතුවෙන් පවත්නා අධිමානය නිසා ය.


පැරැන්නන් ඉන්ද්රාජාලාවක්, මිරිඟුවක්, බන්ධනයක්, මාරපාශයක්, වැලසින්නන් වසන ගුහාවක්, මරහු වසන ලෙන්දොරක්, දෙපයින් ඇවිදුනා අශුචි රාශියක් සේ දුටු වනිතාව පියදාස සිරිසේනයන් විෂයෙහි මිනිස් දුවක වූ සැටි උක්ත කරුණු ස්වල්පයෙන් ව‍ුව පැහැදිලි වනු ඇත. සිරිසෙන සුරීහු වරක් මෙසේ ද කී හ. “ස්ත්රීිය මැණිකකි - පුරුෂයා ඒ මාණික්යුය ආක්ෂා කරන්නෙකි” 2



1. සිරිසේන,‍ පියදාස, ඉෂිට දෙවියා, ඔරියන්ටල් මූද්රආණාලය, මරදාන, 4 මුද්ර ණය

    1966,   73-74 පිටු.

2. සිරිසේන,‍ පියදාස, පරිවරිතනය, ඔරියන්ටල් මුද්රරණාලය, මරදාන, 1961 මුද්ර ණය,