පියදාස සිරිසේන නවකථා එකතුව- 05-මහේශ්වරී i

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

මහේස්වරී

හෙවත්

වික්‍රමපාලගේ පස්වෙනි වික්‍රමය

MAHESWARI OR THE FIFTH ADVENTURE OF WICKREMAPALA

(ක්‍රි.ව. 1937)



සංඥාපනය[සංස්කරණය]

   මේ “මෙහෙස්වරී” හෙවත් වික්රමමපාලගේ 5 වෙනි වික්රුමය පියදාස සිරිසේන මහතා විසින් ලියා ප්රමසිද්Lධියට පමුණුවන ලද්දේ වර්ස 1937 දීය.
  මේ ග්රයත්ථ‍යෙහි ලංකාවේ බොහෝ පළාත් පිළිබඳ විස්තරයක් කරමින්  කතෘවරයා වනගතවු හා පුද්ගලයන් සතු විශාල බිම් ප්ර්මාන ඝන කැලේ වැවෙන්ට ඇර තැබිම ගැන ප්ර කාශයක් කරයි. සබරගමු ආදී පළාත්වල තවමත් තිබෙන පුද්ගලයන් සතු විශාල පෙදෙස් ඉඩම් සොයමින් නිකරුණේ සිටින පුද්ගලයන්ට බෙදා දෙන්ට වර්තිමාන ආණ්සඩුවවත් කල්පනා කරතොත් ලොකු යුතුකමක් යයි සිතේ. තවද කතෘවරයා ප්ර්ථම සංස්කරණයෙහි ස්වකීය සංඥාපනයෙහි මෙසේ සඳහන්ද කරයි.
  “සිංහලයන් අතර සිද්ධාන්තව පවත්නා අර්ථදායක සත්චාරිත්රාන අභාවයට යමින් පවත්නා හැටි මෙහි ඇතුලත් කොට පෙන්වාදී තිබේ. රටට වැඩදායක වන “වල්බුරු නිදහසේ” නිසරු භාවයද ඒ ඒ තන්හි 

අඩංගු වේ. ඓතිහාසික ඇතැමි කරුණු සියැසින්ම කල්පනා කරන්නන්ට ඇතිවන පහත් සංවේගය අප්ර මාණය. පරාත්ථසය කෙරෙහි හිත ඇතියන්ට අපායත් සතුටු දායක තැනකැයි කී උතුම් පණ්ඩිත වචනය මේ

පොත ලියද්දි අපට ප්රඅත්‍යක්ෂැවිය”යනුයි.
 මේ තුන් වෙනි සංස්කරණය නිකුත් කරන්නට වු ප්රකමාදය ගැන අප කණගාටුවෙමු. තමද මේ පොතෙහි අඩංගු කිසිවක් උපුටා ගැනිම. අන්යි භාෂාවකට පෙරළිම හෝ මොනම දේකටවත් යෙදීම නිති විරෝධි බැව් සැලකිය යුතුය.
  								මිට,

ආරිය පාල සිරිසේන

“සේනානි” නාවින්න, මහරගම 01.09.59



ම හේ ස් ව රී[සංස්කරණය]

     ඇසළ මස පුර පසළොස්වක දිනය ‍ලෝකවාසී වැඩිදෙනෙකු විසින් ඉතාමත් ගෞරවයෙන් සලකනු ලැබන්නේ මක්නිසාද?  ලෝක ස්වාමිවු තථාගත සම්මා සම්බුදුරාජාණන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැණිම නිසාත් මහා හිනිස්ක්රබමණය කිරිම නිසාත් නොයෙක් දෙවි දේවතාවුන් පිළිබඳව පුජොත්සව පවත්වන දිනයක් නිසාත් බො‍හෝ දෙනා සලකති. නමුත් ශ්රීජ සද්ධර්ම චක්ර ය ලෝක සත්වයාට ප්රිකාශ කර දුන් දිනය වශයෙන් සලකන්නට තරම් නුවණ ඇත්තෝ ඉතාමත් ටික දෙනෙකි. සාරාසංඛ්ය  කල්ප ලක්ෂයක් මුළුල්ලේ සමත්රිංතසත් පාරමි ධර්මයක් පුරා අද්භුකවු විර්ය බලයෙන් සකලඥය්යම මණ්ඩලය කරතලා මලකයක් මෙන් දැන වදාරා සම්මා සම්බුද්ධත්වයට පැමිණ වදාළ මහොත්තමයාණන් වහන්සේ බරණැස් නුවර ඉසිපතනාරාමයේදි පස්වග මහණුන් ඇතුළු දිවය බ්රරහ්මාදීන්ට “ධම්මචක්ක පවත්තන” නමැති සුත්ර ය දේශනා කරමින් ලෝකයෙහි සැඟවි තිබුණු ධර්මාමාමෘතය  නැවතත් හෙළිකොට වදාළ දිනය මේ ඇසළ පුර පසළොස්වක් දා බැවින් අනික් සියළුම කරුණුවලට වඩා මේ ඇසළ පුණු පොහෝ දින උතුම් බවට පැමිණියේය.
  මේ උතුම් දවසේ අෂ්ටාංග ශිලයෙහි පිහිට සංසාර දුක්ඛය මෙනෙහි කිරිම සුගත සමයවාදි කාගේත් යුතුකම වුවත් එසේ කිරිමට තරම් නුවණ ඇති ජනයා මේ කාලයෙහි අතිශයෙන්ම විරලය හ. ඒ එසේද වුවත් තවත් මිත්රේයන් කීප දෙනෙකුත් සමඟ මම අෂ්ටාංග ශිලය සමාදන්ව දහවල් ආහාර කෘත්යුය කොට මගේ නිවසේම විවේකව සිටියෙමි.  සවස් භාගයේ දෙකට පමණ වයොවෘද්ද ද්ර විඩ මනුෂ්ය යෙක් මා සොයාගෙන ආයේය.  “කොන්ගොඩ වික්රයමපාල මහත්මයා කියන්නේ තමුන්නාන්සේටද?මගේ ඉතාමත් අවශ්ය“ කටයුත්තක් ගැනන තමුන්නාන්සේ සමඟ කථාකරගන්ට ආවෙමි. ඊට ඉඩ තිබේදැ”යි මේ මහළු දෙමළ  මනුෂ්යායා ඇසුයේය. මොහු සිංහලයෙකු මෙන්ම උගත් සිංහලයෙකු මෙන්ම සිංහල භාෂාව හොඳින් කථා කිරිම නිසා පැහැදුනු මම ඔහු සමඟ ටික වේලාවක් කථාකරණ අදහසින් “මම අද පෙහෙවස්  සමාදන් වි සිටිමි. හෙට උදේ අටට තරම මෙහාට ආවොත් මාත් සමඟ කථාබස් කරගන්ට පිළිවනැ”යි කීවෙමි. කාරණය හොඳින් වැටහුනු




252 මහේස්වරී


ඒ මනුෂ්යමයා නැවත එක වචනයකුත් කථා නොකොට සිරිත් ප්රිකාර ආචාර දක්වා යන්ට ගියේය.

 පසු දින සඳුදා සිල් පවාරණ වී අවුත  උදයට සුදුසු ආහාර පාන ගෙන හාන්සි පුටුවක් පිට හිඳගත් මට මෙබඳු  කල්පනාවක් ඇතිවිය. “දැන් අපි නොයෙකුත් රැකීරක්ෂාදී කටයුතු කරමින් අස් වැසිලි මාත්රවයකුත් නැතුව කරදරවලින් පීඩිතවම හිසිරෙමු. ඉතාමත් කුඩා සත්වයාගේ පටන් දෙවියන් බ්ර හ්මයන් ආද‍ී අපට නොමෙණෙන හැම දෙනාමත් යම් යම් ක්රිසයාවල යෙදෙමින් සමහර විටක සැපයයි සිතමින්ද, තවත් සමහර විටක දුකයයි සිතමින්ද, ඉතාමත් කලාතුරකින් උපෙක්ෂා සහගත සිතින්ද කාලය ගතකරමින් සිට අන්තිමේදී හැම දෙනාම මැරී යන්නාහ. නමුත් මේ නිස්ප්රයයෝජන  “සැප-දුක” ම ගැන සලකනු මිස සතයය හෙවත් දුකින් මදී නිදහස ලැබිමට වීරිය කරණ කෙනෙක් දකින්ට පවා දුරුලභය. අනෙකක් තබා වර්තමාන කාලයේ විහාර දෙස බලමු. භික්ෂුන්ට මුදල් පරිහරණය කිරිම සම්පුර්ණයෙන්ම අකැප බව දේශනා කොට වදාළ ලොක ස්වාමි බුදුහාමුදුරුවන්ගේ ප්ර තිමාව දැන් කුමකට භාජන කර තිබේද? මුදල් සම්මාදම් කිරිමට ‍අසහාය ආධාරයක් කරගෙන තිබේ. බුද්ධ ප්රුතිමාව ඉදිරිපිට  “පිං පෙට්ට්යික” නැති විහාරයක් දැකිම වල්ගා තරුවක් දැකීමටත් වඩා දුෂ්කරය. සතර සංවරාදි සීල සංරක්ෂණයට පොරොන්දුවන භික්ෂු පිරිසෙන් ඉතාමත් වැඩි කොටස මහනකම සැප පහසු විඳීමට උපක්රදමයක් කර ගෙණ තිබේ. සමහර උගත් භික්ෂුන් අතර ධනවතුන් අධිකය. නුගත් හ්රගමණයන් අතර පොට්ටනිකාර හොර සම්මාදම් කාරයෝ බහුලය. පරම්පරා ගත ඉඩ කඩම් හිමි ශ්රයමණයන් අතර නඩු කියමින් ඇවිදින්නෝ වෙති. ප්ර සිද්ධ දෙශනාකාර ශ්ර්මණයන් අතර එක බණකට රුපියල් තිහ හතලිහ අයකරමින් ධර්මදේශනා කරන්නෝ සිටිති. අනේ ලෝකයට මක්වුනාද?  නිශ්ශරණාධ්යා්ශයෙන් ලෝකයට වැඩ කරන්නන්, ඇත්ත වශයෙන් අභ්යනන්තරයෙහි ධර්ම ඇතියන්, නියම ප්රටතිපත්තිකාමින්, සත්යාපවාදීන්‍, ලෝකයෙන් අන්තර්ධාන වෙන්ටද? විශ්රාෝම ශාලා, ධර්ම ශාලා ‍, ශාස්ත්ර  භාලා ආදිය හදන්ට යයි ආරම්භ කරණ බොහෝ දෙනාගේ අදහස් තුනකි. එකක් නම් විශාල ධනයක් සම්මාදම් කර ගැණිමයි. විශ්රාමම ශාලාවකටය කියමින් අවුරුදු 18 කට වැඩි කාලයක් මුළුල්ලේ එක්තරා මිනිහෙක් නොයෙක් ක්ර ම වලින් සම්මාදම්  කරන්නේය. තවත් එබඳු ඒවා දහසකුත් එකකටත් වඩා තිබේ. මේවා කරණ අයගේ දෙවෙනි කල්පනාව රටේ ප්රඳසිද්ධ බවට පැමිනිමය.





පියදාස සිරිසේන නවකථා එකතුව 253


“මේ අසවල් ධර්මශාලාව හෝ විශ්රා ම ශාලව තනවන මහත්මයා ය”යි සාමාන්යු ජනයා අතර ප්ර සිද්ධියකට පත්විමට ඔහුට ඉඩ ලැබේ. තුන්වෙනි කාරණය නම් ආණ්ඩුවේ නිලධාරීන් මුළා කොට නම්බු නාමයක් එනම් ආරච්චි නාමයක්, මුහන්දිරම් මුදලි හෝ ජේ. පී. නමක් ලබාගෙණ ඉක්බිති රාජ්යි මන්ත්රයණ සභාවට හෝ පළාත් ආණ්ඩු සභා ආදියකට හෝ ඇතුල්විමය. අනේ දැන් අපේ රටට ගිය කල දසාව ! මහණ වන අයත් ගිහිව ඉන්නා අයත් පුද්ගලික සැප පහසු ලාභ ප්රනයෝජන කීර්ති ප්රකශංසා ආදිය නිසාම මිස ගුණයක් ධර්මයක් ප්රතතිපත්තියක් ස්ල කා ‍ ගෙණ ක්රිනයා කරණ බවත් පෙ‍ෙණන්ට නැත. අනේ අපේ සිංහල ද්වීපයට කුමකින් කුමක් වුනාද” යි කල්පනා කරමින් සිටි මා ලඟට ඊයේ ඇවිත් ගි මහලු ද්රිවිඩ මනුෂ්යියා පැමිණියේය.

  ඔහු ආ හාටියේම හුනස්නෙන් නැගිට ඔහුට වාඩිවෙන්ට ආසනයක් පවරා ඉක්බ්ති අමද්යයපානයකින් සංග්රේහ කොට බුලත් හෙප්පුවද පිළිගැන්විමි. මගේ සංග්රතහය නිසා ප්ර්මුදිතමු ඔහු උගත් සිංහලයෙකු මෙන් සිංහල භාෂාවෙන් කථාකරන්ට පටන් ගත්තේය. ඒ අන්දමට සිංහල භාෂාව ප්ර්ගුණවුයේ කෙසේදැයි මා ප්රහශ්න කළ විට ඔහු කුඩා කාලයේ පටන් සිංහල පළාතේ විසු බවත්, සිංහල පළාතේදීම ධනවතෙක්වු බවත්, විස්තර කොට කියාදි දැන්  ඔහුට පැමිණි තිබෙන විපතක් නිසා මා සොයා ගෙණ ආ බවද කීයේය. සෝමසුන්දරම් නමැති මේ මහලු ද්රතවිඩ මනුෂ්ය්යා මොහොතෙන් මොහොත අධිකතර ශෝකයට පත් වෙමින් මෙසේත් කියන්ට පටන් ගත්තේය.
  “මගේ දියණිය වන මහෙස්වරී නැතිවි දැනනට මාස හතරක් පමණ වෙනවාය. මම අසරණ කෝපි වට්ටිකාරයෙක්ව සිටි කෙනකි. නමුත් ඒ මාගේ දියනිය වන “මහෙස්වරී” ලැබුනට පසු සිය‍ලුම යස ඉසුරු මට ලැබුනා. රූපයෙන් ශ්රිමයාකාන්තාව හා සමානවු මේ මහෙස්වරී ද්රිවිඩ ජාතියේ උපන් කෙනෙක් යයි අන්යමන් තබා මමවත් නොසිතමි. .ද්රසවිඩ ඡාතියේ උපන් ස්ත්රිරන් තුල තබා පුරුෂයන් තුලවත් ඇති  නොවන  පරාර්ථකාමි ගුණයත් ත්යා ගවත් භාවයත් මගේ දියණිය තුල තදින් පිහිටියේය මහෙස්වරී සිංහල ද්රයවිඩ ඉංග්රීගසි යන භාෂා තුන හොඳින් උගත්තියකි. ඇමුරුදු 18 ක් වයස් ගත ශිෂ්ටවු   කුල චාරිත්රා භරණයේන විභූසිතවු කාන්තාවකි. අපේ පළාතේ මනියගාර් (මුදලි) කෙනෙකුගේ පුත්ර්යකු වන ශාස්ත්රාිචාර්ය මහතෙකුට විවාහ කර දීමට සුදානම් වන අතර පසුගිය අප්රියයෙල් මාසේ තුන්වෙනිදා මගේ ප්රේවමනිය මහෙස්වරී





254 මහේස්වරි


අන්තර්ධාන වුවාක් මෙන් නැති වුනාය. අපේ ගෙදරින්ර කිසිම දෙයක් රැගෙණ ගොස් නැත කා සමඟ ගියාද-කොයි පළාතක ඉන්නවාද-මළාද-මරණු ලැබුවාද-යනාදී වශයෙන් ඈ පිළිබඳ කිසිම ප්රලවෘත්තියක් දැනගන්ට නැත. අ‍පේ රහස් පොලිසියත් අපරාධ පොලිසියත් මේ පිළිබඳව සෝදිසි කරත් යයි කියතත් දුසමාන ආරංච්යක්වත තවමත් දැනගන්ට බැරිවුනා. අපේ පොලිසියටවත් බැරි අද්භුත රහස් පරීක්ෂා කොට සොයාගත් තමුන්නාන්සේට මේ කාරණය දැනුම් දිය යුතුව තිබුනේ මිට මාස කීපයකට ප්රනථමයි. නමුත් මගේ නොදැනුම් කම නිසා එසේ කළ නොහැකි වුනා. තමුන්නාන්සේ‍ෙග් මහන්සියට රුපියල් පන්දාහක් දෙන්නෙමි. මගේ දියණිය වන “මහෙස්වරිය” සොයා දුන මැනව. මුල් වියදම් සඳහා මේ රුපියල් දාහ භාරගත මැනවි”කියා සෝමසුන්දරම් මහතා මා අතට රුපියල් දාහක් දුන්නේය.

  “ද්රණවිඩ‍යන්ගේ මහෙස්වරිය-මොකද-සිංහලයෙකු විසින් වත් පැහැරගණු ලැබුවිද ?  මහෙස්වරී සොයා ගත්තොත් දක්ෂකමකි. බැරිවුනත් ඒ පරික්ෂණයෙන් සිංහලයන්ටත් මහෙස්වරියක් ඇති වන්නීය. ඒ නිසා මෙය භාරගනිමි”යි සිතු මම සෝමසුන්දරම් මහතාගේ රුපියල් දාහ භාරගතිමි.
        “සෝමසුන්දරම් මහාතානනි,‍ අපේ පොලිසියට සොයාගත නුහුනු රහස් ගත අපරාධ බොහෝය. මගේ කල්පනාව එසේ වන්ට හේතු කිපයකි. අපේ පොලිසියේ ඉන්නා කවුර්ත් පාහේ ඔවුන්ට ලැබෙන වැටුප්වල ප්රාමාණයට වැඩ කරති. වික්ර මාන්විත වැඩක් කළාට බොහෝ දෙනාට අමුතු ලාභයක් නො ලැබෙන බැවිනි “අහෝසි කර්මයට” අදාළ කිසිවත් කිරිමට ඔවුහු සතුටු ‍  නොවෙති. සමහරවිට පහල පංක්තියේ පොලිස් භටයෙකු විසින් වික්රවමාන්විත ක්රි යවක් කළාම එහි ඵලය ඉහල පංක්තියේ මුලාදෑනියෙකු විසින් භුක්ති විඳිනු ලැබේ. ගමේ කුඹලුන් විසින් තනන ලද ලක්ෂණ මැටි භාජන වලට ප්රලදර්ශනයෙදී ලැබුනු පදක්කම් ඒ කෝරලේ මුදලි තැනට හෝ රටේ මහතාට හෝ හිමිවුනාක් මෙන් අපේ පොලිස් භටයන් මහන්සිවි සොයන සියුම් රහස් හා අපරාධ ක්රිරයා වලට ලැබෙන රාජ පඬුරු ආදිය ඉන්සිපැක්ටර් වරුන්ට හෝ සුපරීන්ටැන්ඩන්ට්වරුන්ට හෝ හිමිවන නිසා වැඩි මහන්සියක් නැතිව සොයාගත හැකි අපරාධ පවා යටපත්වි යන බව මම සිතමි. සෝමසුන්කරම් මහත්මයා සිංහල දෙමළ දෙපළාත්වලම තොරතුරු හොඳින් දන්නා බැවින් කාරණයක් දෙකක් මම සඳහන් කරන්නෙමි. දරුණු අපරාධක් සිද්ධවි දැනට අවුරුදු දහයකටත් වඩා





පියදාස සිරිසේන නවකථා එකතුව 255


කල්ගතවි තිබේ. කැන්දන් ගමුවේ රාමචන්ද්ර ආචාර්ය මහතාගේ පුත්රම තරුණ රාමචන්ද්රම මහතා ගැන අසා තිබේද ? රූපත් තරුණියක් හා සිරිත් ප්ර කාර විවාහ බන්ධනයට ඇතුළත්ව සතියක් ගතවන්ට ප්ර්ථව තරුණ රාමචන්ද්ර මහතා අන්තර්ධාන වුයේය.මී‍ගොඩ ජයසුරිය රාළහාමිගේ වතුවල සුපරින්ටැන්ඩන්ට් පදවියක් ද‍ැරු මේ මහතා වත්තක් බැලිමට ඇවිත් තිබේ. උන්නැහේ බයිසිකලයකින් එතැනට පැමිණි නමුත් ඊට කුමක් විද ? කොප්පරා වේලන ස්ථානයක්ද ඒ වත්තේ තිබේ. ඉතින් රාමචන්ද්රු මහතාට කුමක් විද? කොප්පරා මැස්සට හෝ අවට තිබෙන රබර් ගස්වලට හෝ කථාකරන්ට පිළිවන් නම් රාමචන්ද්රි මහතාට සිද්ධවුනු විපත එවලේම කියනු නො අනුමානය. ඒ ගුණවත් ප්රචයෝජනවත් තරුණ මහතාගේ අභාවයෙන් රාමචන්ද්රි පවුලේ උදවියට හා දවස් තුන හතරකට ප්රතථම විවාහ වුන තරුණ කාන්තාවටද පමණක් නොව මුලු සිංහල ජාතියටම පාඩුවක්ත වුන බව කිය යුතුය. දුශ්චරිතයක් කිරිමේ නියුක්ත බලසම්පන්න කෙනෙකුට විරුද්ධවිම නිසා තරුණ රාමචන්ද්රි මහතා මෙලොවින් අන්තර්ධාන වී යයි කියා නොහැකිද? බලසම්පන්න අයගේ සම්බන්ධයෙන් කෙරෙණ අපරාධ හෙලිකිරිමට මිනිහෙක් තබා දෙවියෙක්වත් ඉදිරිපත් ‍ නොවන බව පෙනේ. ඒ එසේ උවත් ඒ දුෂ්ට කර්මයේ විපාක නො අනුමානයම ඊට සම්බන්ධ වන සියලු දෙනාටම ලැබේ. රාමචාන්ද්රත අන්තර්ධානයට සම්බන්ධ අයට නො අනුමානව සිද්ධවන දුරුවිපාක බොහෝ දෙනාට තේරුම් ගත හැකිවනු නිසැකය. රාමචන්ද්රි මහතාගේ බයිසිකලයෙන්ම යමෙක් කොළඹට ගොස් නැවත එය පාදුක්කේ දුම්රිය පොලට එවා තිබී සම්භවුනේය.ඒ මහතාගේ මවු පියාදීන් එවේලාවට රැවටිමට තිබුනු මේ උපකර ොහමය යෙදු කපටියා නිසා රාමචන්ද්රව මහාත යම්කිසි අමනාපයකින් රට ඇ‍ර ගියේයයි සිතන්නට ඉඩ සැලසුනේය. තමා විවාහ කර ගත් තරුණ කාන්කාවටද අභූත චෝදනාවක් උපදවා මේ පරිර යෝගය කළ මිනිසා කොතරම් දක්ෂයෙක්ද ? දීර්ඝ කාලයක් පසුවි යනතුරු රාමචන්ද්රී මහතා පිළිබඳ කිසිවක් විමසිමට ඉඩ නොලැබෙන අන්දමට කරණ ලද මේ ප්රුයෝගය අපේ පොලිසිය විසින් පරීක්ෂා කරණ ලද්දේද? සත්තකෙන්ම නැත. නමුත් කර්මය නමැති බලසම්පන්න දේවතාවා විසින් ඒ අපරාණයට සම්බන්ධවු හැම දෙනාටම යථා කාලයෙහි සුදුසු දඬුවම් කරණ බැවින් කර්ම වාදි සත්පුරුෂ ජනයා දක්ෂ පොලිසියක් ඇතත් නැතත් නීති මගින් දඬුවම් ලැබුනත් නොලැබුනත් කිසිම අපරාධ ක්රිඇයවක් කිරිමට මැදහත් නොවිය යුතුය’යි ‍ සෝමසුන්දරම් මහතාට කීවේමි.






256 මහෙස්වරී


02. පරිච්ජේදය[සංස්කරණය]

    ශෝකයෙන්, දොම්නසින් හා දුක්ඛ වේදනාවෙන් පෙළෙන කෙනෙකුට කොතරම් රසවත් ප්රකයෝජනවත් දෙයක් කී නමුත් ඔහුට එහි අගය නොවැටහේ. කාමයෙන් පිඩිතවු අධමයෙකුට බ්ර්හ්මචර්යා‍වේ අගය ප්රහකාශ කරන්නාක්මෙනි. තදබල කුස රුජාවකින් පෙළෙන කෙනෙකුට ඉතාමත් රසවත් භෝජනයක් දුන්නත් ඒ අනුභව කිරිමට රුචි නොවන්නාක් මෙනි. විපිළිසරව වුන් සෝමසුන්දරම් මහාත “අනේ වික්රරමපාල මහතානනි. මට ප්රසමාදවෙන්ට හැටියක් නැත. මගේ හතුරන් විසින් මා නැති අවස්ථාව බලා ඉඳ මට තවත් අලාභහානි කරණු එකාන්තය. ඒ හෙයින් දැන් සවස දුම්රියෙන් මම ජාපනයට යන්නෙමි. තමුන්නනානසේට මේ මගේ දියනියගේ පින්තුරයද දෙන්නෙමි. ඈ සොයා ගන්නා පිණිස අද දිනම පිටත්වුන මැනවැ” යි කීයේය. “හොඳයි සෝමසුන්දරම් මහතා යන්ය, හෙට හවස දුම්රියෙන් මමත් යාපනේට එන්නෙමි. අනිද්දා උදේ යාපනේ දුම්රිය පලේදි මා සම්මුඛ විය ය‍ුතුය. හැබැයි එතනදි මහත්මයාට මා ඇඳින ගන්ට බැරිවේවි. නමුත් මම මහත්මයාට කථාකරන්නෙමි‍”යි කිවාම දුකින් දිනව වුන් මහලු සෝමසුන්දරම් මහාත මඳක් අස්වැසිලි ලැබ මට ආචාර කොට යන්ට ගියේය.
    “මහෙස්වරී යාපනයට ගියේ කෙසේද ?  නැවත එහෙන් අන්තර්ධානවුයේ කෙසෙද  ?  මේ සිංහල මහෙස්වරිය ද?  නැතහොත් දෙමළ මහෙස්වරියද  ?  මේ මහෙස්වරිය ද්ර විඩයන්ටම හිමිවේද  ?   සිංහලයන්ට අයිතිකර ගතහැකිවේද ?  මෑ සොයාගැණිම සෝම සුන්දරම් මහතාටත් වඩා ආත්ම ගෞරවය ඇති සිංහලයෙක් වන මට ප්ර යෝජන නොවන්නේද?  “යන සිතිවිලි වලා ගැබකින් විදුලිය නික්මෙන්නාක් මෙන් ම‍ාගේ චිත්තාභ්ය න්තරයෙන් නික්මෙන්ට පටන් ගත්තේය.
    රහස් පරීක්ෂයෙකුට උවමනා කරණ සියලුම  උපකරණ මගේ ‍පෙට්ටියේ අසුරා මහෙස්වරියගේ පින්තූරයත් එහි දමා සවස් වනතුරු බලාපොරොත්තුවෙන් සිටින විට භික්ෂුන් වහ්නසේලා දෙනමක් මා සම්බවෙන්ට ආවෝය. භික්ෂුන් දුටු හැටියේ වහාම නැගිට උන්වහන්සේලාට වැඩ ඉන්ට සලස්වා මිටි ආසනයක වාඩිවි උන්වහන්සේලාගේ උවමනාව ඇසුවෙමි.   “මහත්මයො සිවුරක් පොරවාගෙණ සිටින අර උන්නාන්සේ පවුලක් රක්ෂාකරණ හැටි



පියදාස සිරිසේන නවකථා එකතුව 257


දැනුම් දීමට පැමිණියෙමු. මහත්මයා රටේ වැදගත් මිනිසුන් සමඟ මිත්ර බැවින් රටේ ප්රදසිද්ධ පන්සලක් හිමිකරගෙණ ප්රතසිද්ද වශයෙන් අඹුදරුවන් පොෂ්යි කරණ මේ ශ්රරමණ වෙශධාරියා ඒ පලාතෙන් නෙරපි දමන්ට පිළිවන් වේයයි අපට සිතේ. ඒ නිසා මේ කාරණය දැනුම් දෙන්ට අ‍වෙමු ය”යි ඒ දෙනම කිහ. මට සිනා පහළවිය. එහෙත් සිනා ශබ්දය මුවෙන් පිට නොකොට හාමුදුරු දෙනමට මෙසේ කිවේමි. “අනේ ස්වාමිවරුනි, දැන් බුද්ධ ශාසනය පවතින්නේ ආධාරකාරයෙක් නැතිව ස්වයං ශක්තියෙනි. අනන්ත අප්ර්මාණ කෙළෙස් කසලින් දුෂිතවු ජනයා අතර නිරාධාරයෙන් පරිශුද්ධ ධර්මයෙහි හැසිරිමට පිළිවන් දක්ෂ අය ලක්ෂයකට දෙන්නෙක් ඇතිවුනත් අපට කණගාටු වෙන්ට කරුණක් නැත බුදුරජානන් වහන්සේ වැඩ සිටි කාලයේ බුදුනු රහතුන් සහ ශ්රුද්ධා බුද්ධි සම්පන්න රජ දරුවන්ගේ ආධාරයත් ඇතිව ශාසනය රැකුනේය. ඒ කාලයේ උපන් මනුෂ්යුයන් අතර වර්තමාන කාලයට වඩා පින් මුහුකුරා ගිය බෝධිසත්වයන් වහන්සේ සමගම සසර සැරිසරා අවුත් උපන් විශාල පිරිසක් සිටි බැවින් වැඩි මහන්සියක් නැතිව සතර මඟ සතර ඵලයට පැමිණෙන්ට පිළිවන් බොහෝ දෙනා වුන්හ. ඒ එසේද වුවත් බුද්ධ පිරිසේද තක්කඩියන් වැදි වුන් බව පෙනේ. බුදු රජාණන් වහන්සේගේ කාලයෙන් පසු අව‍ුරුදු දාහක් පමණ ගතවන තුරු මහරහතන් වහන්සේලාත් බලසම්පන්න බෞද්ධ මහ රජවරුත් විසු නිසා එ ක‍ාලයේද ශාසනය ඉතාමත් පිරිසිදු අන්දමට පැවතුනේය. රහතුන්ගේ අභාවයෙන් පසු පෘථග්ජන මහා ශීලවන්ත භික්ෂුන් හා බෞද්ධ නරපතින් කලින් කල ඇතිවු විටද ශාසනය පිරිසිදුව පැවැත්තේය. දස රාජ ධර්මය යටපත්වු පසු ලෝකයේ ඇතිවන දුශ්චරිතත් අධික බව කිවමනා නොවේ. කෙතරම් දරුණු දුශ්චරිතයක් හෝ අපරාධයක් කළත් මුදල් බලයෙන් යටපත් කරන්ට බැරි කමක් නැත. මේ නිසා තමුන්නාන්සේලා මේ කාලයේ අයුතු ක්රිකයා කරණ ශ්රරමණ වේශධාරීන් ගැන කරුණු විමසනවාට වඩා තමුන්නාන්සේගේම ශිලසංවරාදිය ගැන කල්පනා කරමින් හොඳින් කල් ගත කරතොත් ම‍ැනවැයි” කීවාම ඒ දෙනම කිසිත් කථා නොකොට මා කෙරෙහි අප්රකසන්න වුවාක්මෙන් වහමා යන්ට ගියහ. අනුන්ගේ ඇද පලුදු විපරම්කරණ බොහෝදෙනා තම තමන්ගේම අඩු පාඩු විපරම් නොකිරිම දැන් සිරිතක්ව තිබේ.

    මම එදින සවස හයහමාරට ‍‍කොළඹින් පිටත්වන දුම්රියෙන් යාපනය බලා පිටත්විමි. එම දුම්රියේ වැඩි වශයෙන් ගමන් කරන්නෝ





258 මහේස්වරී

ද්රතවිඩයෝය. තුන්වෙන් පංක්තියේ යාමට අවසර පත්රායක් ගත් මා නැගුණු කාමරයේ ද්රේවිඩන් හතරදෙනෙක් වුන්හ. මා දෙමළ භාෂාව නොතේරෙණ කෝරළ බද සිංහලයෙකු මෙන් හැසුරුණු බැවින් දෙමළ මිනිසුන්ට කැමති අන්දමට කතාබස් කරණ බව පෙණුනේය. දුම්රිය රාගම පසු කළාට පසු ඒ ද්ර විඩ සතරදෙන ඔවුන්ගේ කතා බහ පටන් ගෙණ මෙසේත් කිහ “දැන් මේ කාමරයේ ඉන්නා සිංහලයාත් ජාපනේට යන්නේ නො අනුමානවම යම්කිසි රක්ෂාවක් නිසා විය්ා‍ යුතුය. දැනටම ජාපනය පළාතේ සිංහල මිනිස්සු හත්අට සියයක් පමණ සිටිති . මොටෝකාර් එලවිමෙත්, වඩුවැඩ කිරිමෙත්, පාන් වෙළදාමෙත් යෙදි ඉන්නන්ගෙන් වැඩි දෙනෙක් සිංහලයෝය. ඒ මදිවාට ආණ්ඩුවේ නිලධාරීන්ගෙනුත් පොලිස් භටයන්ගෙනුත් වැඩි කොටස සිංහලයෝය. දක්ෂ දන්ත වෛද්යෙවරයෙක් ඇතුළු වෛද්යවවරු කීපදෙනෙක්ද දැන් ජාපනේ නගරයේ සිටිති‍. තව ටික කලක් යන විට සිංහල මිනිස්සුන්ගෙන් යුතු ගම් නියම් ගම් ජාපනේ පළා‍ෙත් ඇතිවෙන්ටද පිළිවන. එසේ වුනොත් දෙමළුන්ට සිද්ධවෙන්නේ මහත් විපතකැයි එක් ද්රිවිඩයෙක් කිවාම අනික් ද්රනවිඩයෙක් මෙසේ කීයේය. “කන්දයියා එහෙම කියන්ට එපා. අ‍පේ ජාපනේ මිනිස්සු කොළඹ අගනුවර පමණක් නොව ගාල්ල, මාතර, තංගල්ල, හම්බන්තොට, බදුල්ල , නුවරඑලිය, මහනුවර, ගම්පල, නාවලපිටිය, කුරුණෑගල, රත්නපුරය, බලන්ගොඩ, කළුතර, පානදුර ආදී නගරවලත් සිංහල ගම් නයම් ගම්වලත් දස දහස් ගණන් ඉන්නා බව පෙනේ. සිංහල ගම්වල ලොකු කුඩා සියලුම වෙළෙඳාම්ද ද්ර්විඩයන් අතට ගන්නා බ පෙනේ. සුරුට්ටු වෙළඳාම එහෙම පිටින්ම ජාපනයන් අතේය. සුරුට්ටු තැනීමත් අප අ‍තේය. අනෙකක් තබා සිංහල අද්වකාත්වරු පෙරකදෝරුවරු දහස් ගණන් මැද්දේ ඉන්නා දෙමළ අද්වකාත් පෙරකදෝරු වරුන්ටද සිංහලයන්ගෙන් බලවත් වාසි ලැබෙති. ඉතින් ඉඳහිටලා සිංහල මිනිහෙක් දෙන්නෙක් විශේෂ වශයෙන් සෙනසුරාගේ අපලය පැමිණ දුකට පත් සිංහල කම්කරුවෙක් අපේ පළාකතට පැමිණියාට අපි උරණ විය යුතු නොවම්හ. යම් දවසක සිංහලයන්ගෙත් ඇස් ඇර ඔවුන්ගේ ජාතිය කෙරෙහි ගෞරවයත් සැලැකිල්ලත් ඇති වුණොත් ද්රඇවිඩ මිනිස්සු කුමක් කරන්ටද ? සිංහල ජනයා තවමත් මරනින්දේ සිටිති. දැන් ඔවුන් සමඟ අපට හිතුමානාපයක් කරගත හැක. සිංහලයන් අතර හැබෑ ප්ර්බෝධයක් ඇතිවි ජාති මමත්වයත් ජාතික ප්රෞගඨත්වයත් ඇති වුනදාට ජාපයනයන් වන අපටත් මේ සිංහලද්විපය මෙබඳු නිදහස් ක්රී ඩා භුමියක් කරගන්ට ලැබෙන්නේ නැතැ”යි සිනාසෙමින් කීයේය.





පියදාස සිරිසේන නවකථා එකතුව 259


  එහි සිටි නීති ශිෂ්ය යෙක් වන සුන්දරම් ටිකක් කෝපයෙන් මෙන් “මොකද රාසයියා සිංහල මිනිසුන්ට ඔය තරම් අනුකම්පා සහගතව කතාකළේ සිංහල ස්ත්රී යක් කසාද බැඳගන්නා අදහසින්වද්ද?  නැතහොත් සිංහල ලේ ටිකක් මිශ්ර  වෙලාවත් තිබෙනවාද  ?   සිංහලයා සිංහලයාමයි -  දෙමලා දෙමලාමයි. අපේ ගරු කටයුතු සර් රාමනාදන් තුමා කළ හැටි මතක නැද්ද  ?   ලාංකික යන්ගේ  මන්ත්රී  ධුරය දරද්දී රාමනාදන් මහතා කාටත් වැඩ සැලසෙන අන්දමට ක්රිියා කළ නමුත් දෙමළුන් වෙනුවෙන් මන්ත්රතණ සභාවට ගිය හැටියේම හැම දෙනාගේම වගතුග මතක නැතිකර දමා ද්රාවිඩයන්ගේම වාසියට හැම තැනදිමත් හැම ප්ර‍ස්තාව‍යේදිමත් ක්රිනයා කල හැටි මතක නැද්ද  ?  ඩොනොමෝර් ප්රහතිසංස්කරණ විවාදයේදි  “එක දෙමළෙක් සිංහලයන් තුන්දෙනෙකු වටිනා බව සර්  රාමනාදන් මහතා කී බව මතක නැද්ද  ?   සිංහලයන් ආදී කාගෙත් වුවත් යම් කිසි පලක් ලබන්ට ප්ර ස්තාවක් පැමිණි විට පොදු හැඟිමක් ඇති බව දක්වමින් ක්රිටයා කළාට වරදක් නැත. නමුත් ඇත්ත වශයෙන්ම චිත්ත්ය්ි  න්තරයේ අපේම වාසියටත් අන්යනයන්ගේ අවාසියටත් වැඩ කිරිම අපේ ජාතික ගතිය වියි යුතුය. ආරම්භයේ පටන්ම ද්ර විඩ සන්තානයේ ඇතිවු මේ ආත්මාර්ථකාමි ගතිය රාසයියාගේ හිතෙන් මොහොතකට වත් ඉවත් කළ යුතුද? මවු පිය දෙපසින්ම ද්රයවිඩවු රාසයියා සිංහලයන් උසස් ලෙස සලකතත් පිය පසින් පමණක් දෙමළවු දැනට සිංහල නමින් පෙණි සිටින්නාවු එක්තරා මුදලි කෙනෙක් - දෙමළුන් ‍උසස් සලකන බව රාසයියා දන්නේ නැද්ද ?  දෙමළ ලේ මිශ්රවවු අය පවා අධිකවු ආත්මාර්ථකාමි ගතියෙන් යුක්ත බව සිද්ධාන්ත කාරණයක්ව තිබියදිත් රාසයියා සිංහලයන්ට පක්ෂව කථාකිරිම පුදුමයක් නොවේදැයි සුන්දරම් කියන කොට කවටයෙකු වැනි රාසයියා ඔව් සුන්දරම්, මම නිකම් විහිලුවට කීවා “විංගලයා” ගෙන් ගන්ට පිළිවන් තරම් උපකාර ලබාගෙන ඉක්බිති ඔහුට අනර්ථ කිරිම මගෙත් සිරිත තමයි. ලෝකයේ විශ්වාස කරන්ට පුළුවන් දෙමළු තුන්දෙනාළු -  ඒ තුන්දෙනා නම්  -  නුපන් දෙමළා, මිය ගියි දෙමළා සහ බිත්තියේ ඇඳ තිබෙන  (සිතියමේ)  දෙමළාත් පමණකි.


“නුපන් දෙමළු සහ මිය ගිය දෙමළ ද න සිතියමෙ පෙණෙන දෙමළත් යන මෙතුන් දෙ න මිස වෙන ලොව සිටින දෙමළෙකු කිසිම දි න නොකරවි විශ්වාස පෙර පඬි බසක් ව න




260 මහේස්වරි


  පුරාණ සිංහල ජනයා මේ කීම පිළිගෙණ තිබෙතත් වර්තමාන සිංහලයන්ට ඒ මතක නැතිවිම අපේ පිනක්ය. ඉන් නිසා දැන් කථාව නවත්වා අපේ පාන් ටික කමුය”යි කුරුණැගල දුම්රිය පල පසුවෙන් කොටම ඔවුන්ගේ රාත්රීට කෑම කන්ට ගත්හ.
   මහෙස්වරිය සොයා යන්ට අදහස් කිරිම නිසා ද්රෙවිඩයන්ගේ තත්ත්වයන් ඔවුන් වාසය කරණ ප්ර්දේශයේ තොරතුරුත් හොඳින් දැනගන්ට ලැබෙන බැව් හැඟුනු මට මෙසේ කල්පනාවක් ඇතිවිය.
     දේශපාලනය හෙවත් සමගියක් ඇති කළ හැක්කේ ආත්මාර්ථයක් පරාර්ථයත් දෙකම සලකන මිනිසුන් අතර පමණකි. ආර්ය ම්ලෙච්ඡ, ද්රාවිඩ, මොන්ගොලියන් යනුවෙන් මුළු ලෝක වාසී මනුෂ්යළයන් සිවු කොටසකට බෙදා තිබේ. ආර්ය මනුෂ්යකයෝ උත්තර ජම්බුද්විපයේ එනම් පර්සියාව, නේපාලය, පංචාලය, බොම්බාය, බෙංගලය, මධ්යපම ප්රුදේශ ආදියෙහි අධික වශයෙන් වාසය කරති. බෙංගාලයට අයත් කාලිංග දේශයෙනුත් නේපාලයට අයත් ශාක්යා ජනපදයෙනුත් කලින් කළ පැමිණ ලක්දිව පදිංචිවු සිංහලන ජාතිය ද ඒ පරිශුද්ධ ආර්ය ගෝත්ර්යට ඇතුලත්ය. කලින් කල ලක්දිවට සොලි දෙමළ ආදී දකුණු ඉන්දියාවේ මිනිසුන් පැමිණි නමුත් ඔවුන් හා මිශ්රක නොවි කල් යැවු කාලයේ දෙශපාලන බලට යථා ක්රපමයෙන් රැක ගැනිමට සිංහලයන්ට පිළිවන්කම තිබුණේය. විජය කුමාරයා පාණ්ඩව පර්වතාසන්නයේ වු මථුරා පුරාධිස්වර ස්වකිය මාමා කෙ‍නෙකුගේ දියණියක් ගෙන්වා ගෙන අග්ර  මහෙසිකා තනතුරට පත්කර ගැණිමත් සත් සියයක් පමණවු තමන්ගේ  පිරිසට ඒ උතුරු දඹදිවින ස්ත්රීගන් ගෙන්වා දීමත් නිසා සිංහල ජාතය ‍ෙසාලී දෙමළාදින්ට මිශ්රන නොවි ඉතාමත් පරිශුද්ධ අන්දමින් මුල් කාලයේ ආර්ය ගති ගුණ ආරක්ෂා කරගෙණ තිබේ. සේනය ගුත්තික යන දෙමළ සෙනවියන් දෙදෙනා කරද්දීත් සිංහල ජාතිය විශාල වශයෙන් සංකීර්ණවි නැත. බලවත් එළාර රජුන් කාලයේදීද මිශ්රිවිමක් නොවිය. දුටුගැමුණු මහරජතුමා සමුලඝාතනයෙන් දෙමළුන් විනාශකර දමන ලද්දේ ආත්මාර්ථකාමි ගතිය දැඩිවු මිලේච්ඡ දෙමළුන් මිශ්රළ විමෙන් ඇති වන ජාතික විපර්යාසය නිසා පරිශුද්ධ ආර්ය ධර්මය එනම් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගන්ට නොහැකි වන බැවින්ය.  ඒ ශ්රෙනෂ්ඨ වු දුටුගැමුණු රජතුමා දෙමළ ඝාතනය කළේ බුද්ධ ශාසනය පිරිසිදු අන්දමින් පවත්වා ගැනිමම පරමාර්ථය කරගෙණය.
   දකුණු ඉන්දියාව අසාර දුක්ඛිත රට බැවින් ඉතා ආසන්නවු නිසා ලක්දිවට ඔව්හු නිතරම පැමිණෙන්ට පටන්ගත්හ. ගජබා රජතුමා එක් 



පියදාස සිරිසේන නවකථා එකතුව 261


වරක් සොළිකරයට ගොස් කලින් හිරභාරයට අල්වාගෙණ ගොස් සිටි සිංහලයන් දොළොංස් දහසක් පමණ නිදහස් කර ගෙණ ඒමෙන් පසු රටේ පහත් පංක්තිවල ජනයා අතර දෙමළ සිංහල මිශ්රකණයක් ඉතා සුළු වශයෙන් ඇතිවු ජාතියක් වශයෙන් දෙමළුන් බලවත්වි තිබෙන්නේ සිංහල වර්ෂ 976 යේදි ර‍ටේ ඇතිවු රාඡ විපර්යාශයෙන් පසුව බව පෙනේ. මහානාම රජුගෙන් ඉකිබිති ඇතිවු ආණ්ඩු විපර්යාශය නිසා සෙන්ගොත් නම් දුර්වල සිංහල කුමාරයෙකු රජ කොට අග්‍්යෙස්නාධිපතිව සිටි කුමැරයා නැවත රජ වීමද ඔහු නිසා රටේ ප්රණසිද්ධ චන්ඩියෙක් වන මිත්සෙන් කුමාරයා රජ විමද ඒ නිසා භෙද වු සිංහල රට පණ්ඩු නම් දෙමළ කුමාරයෙකුට යටත්විමද සිද්දවු බව පෙනේ. එතැන් පටන් පාරින්ද, බුද්ද, තීරීතර, දාඨිය, පිඨිය යන දමිළයන්ගේ ආණ්ඩු කාලය පිළිවෙලටම පැවතිම නිසා මේ අවුරුදු තිහ ඇතුලත නැවතත් දෙමළුන් ජාතියක් වශයෙන් ලක්දිව බලවත් වු බව පෙනේ. ඒ සේද වුවත් සිංහල දෙමළ සම්මිශ්රදණය ඉතාමත් පිළිකුල් කොට සිංහල ජනයා ආර්ය ගුණය රක්ෂා කොට තිබේ.

    ඉතින් ‍උතුරු දඹදිව ජනයා හා යුරෝපයේ ජර්මන් ප්ර න්ස් ඉංග්රිිරිසි ආදී ජාතිවල ජනයාත් ආර්ය මනුෂ්යු වර්ගයට ඇතුලත් බැවින් පරාත්ථකාමි ගතියක් ඇති වෙ‍ෙතාත් ‍ඔවුන් අතරෙහි උපන්නන් තුලම ඇතිවිය යුතුය. මිලෙච්ඡ මනුෂ්ය  ජාතීන් නම් අප්‍රිකාව, අරාබිය, පලස්තීනුව, ජුදා ආදී රටවල මුල් මිනිස්සුය. ද්රචවිඩ ජාතිය වනාහි දඹදිව ඉන්නා අනාර්යයෝය. චින, ජපන්, බුරුම, සියම්, ටිබැට් ආදි රටවල මොන්ගෝලියන් නමැති මනුෂ්යය වර්ගයි වාසය කරයි. ආර්ය, මිලේච්ඡ, ද්රලවිඩ, මොන්ගොලියන් යන  සතර වර්ගයෙන් මි‍ෙල්ච්ඡයන්ටත්, දරයම විඩයන්ටත් ආර්ය ධර්ම ප්රවගුණකරවිම කිසිලෙසකින් නොහැක්කේය. මේ නිසාම අවිහිංසා වාදිවු තථාගත ධර්මය යොනක රටවලත් ද්රලවිඩ රටවලත් ස්ථිර සාරව නොපවති. එපමණක්ද නොව ආර්ය වර්ගයේ මනුෂ්ය යන්ට දෙමළ යෝනකාදි මිනිසුන් සමඟ කවදාවත්ම එක්සත් සමුහ ආණ්ඩුවක් ඇති කර ගන්ටද නුපුළුවන. එක්කෝ ආර්යයෝ අධිපති විය යුත්තෝය. නැතහොත් දෙමළ හෝ මිලේච්ඡ හෝ ජාතයක් අධිපති විය යුතුය. එසේ නැතිව ආර්ය වර්ගයාගේ ගති ගුණවලට මිලෙච්ඡ හෝ ද්රවවිඩ ජනයාගේ ගතිගුණ සංසන්දනය නොවන්නේය. ඉන් නිසාම ඔවුනොවුන් කෙරෙහි අවංක විස්වාසයක් ඇති නොවේ. අපේ රට ඉංග්රීිසි ජාතිය විසින්ම පාලනය කළ යුතුය. යම් විටක ඔවුන්ට නො හැකි නම් සිංහලයන් විසින්ම පාලනය කර ගත යුතුය.





262 මහේස්වරි

එසේ නොකොට මෙහි වාසය කරණ සිංහල, ඉංග්රී්සි, දෙමළ, යෝනක ආදි සියල්ලන්ගේ සම්බන්ධතාවයෙන් සමුහාණ්ඩුවක් මෙහි පිහිටුව්නට කල්පනා කිරිම කිඹුලත්, නයත්, උකුස්සත්, කැනහිලත්‍, ගම්ඌරත් එක් ස්ථානයටක නැවැත්විමට කරණ නිශ්ඵල උත්සාහයක් වැනිය යි යනාදි. කරුණු කල්පනා කරමින් ගමන් කළ මා නොදැනුවත්වම ජාපනේට ලඟාවුණු බව දැනගතිමි.


03. පරිච්ජේදය[සංස්කරණය]

      උදේ හතහමාරට දුම්රියෙන් බැස්සෙමි. පුදුමයෙකි -  මුළු දුම්රිය පලේම වුන් සෙනඟ දෙමළුය. මගේ මිත්ර් සෝමසුන්දරම් දුම්රිය වේදිකාවේ සිටිනු දැක මම ඔහු සමඟ කථා කොට දුම්රිය පල ඉදිරිපිට තිබෙන තේවතුර කඩයට ගොස් ඔහුත් සමඟ තේවතුර බිවෙමි. ඒ කඩේ සිංහලයන් කීප දෙනෙක් ඉඳිනු බලා පුදුමව “මොකද ජාපනේන් සිංහලයෝ ඉදිත්”යි සෝමසුන්දරම් ගෙන් ඇසුවෙමි. “ඔව් මහත්මයා, ජාපනේත් සිංහල වෙළෙන්දන් හා කම්කරුවොත් ආණ්ඩුවේ සේවකයෝත්  ටික දෙනෙකි ඉඳිති. නමුත් දුම්රිය පලේ නම් එකම පෝටර කෙනෙක් මිස අනිත් හැම දෙනාම දෙමළ මිනිස්සුය. ජාපනේ දේශගුණය නරක නිසාදෝ සිංහල මිනිස්සු වැඩිවශයෙන් වාසය නොකරති”යි කීවාම  -  කටයුතු පරීක්ෂා කිරිමට තිබෙන බැවින් සෝමසුන්දරම් සමඟ කථාව නවත්වා ඔහුත් සමඟ ඔහු පදිංචි ස්ථානයට ගියෙමි. ඔහුගේ ගෙය පරණ තාලේ විශාල මන්දිදරයකිය. වටේට තල් අතු වලින් අසුරණ ලද වත්තක් මැද ගේ තනා තිබේ. ධනවත් දෙමළ මිනිසුන්ගේ වත්තට ඇතුල්වන දොරකඩ හෙවත් ගේට්ටුවේ ද්වාරකෝෂ්ටයක් (මුර ගෙයක්)  බැගින් තිබේ.
    සෝමසුන්දරම් මහතාගේ ගෙය වාතය හොඳින් වැදෙන කාමර ශාලා ආදියෙන් ප්රකතිමණිඩිත ලක්ෂණ දැව භාණ්ඩ ඇති කදිම  ගෙයකි. සෝමදුන්දරම්ගේ භාර්යාව අවලක්ෂණවු වයස් ගත දුෂ්ට ස්ත්රීියක් බව මට පෙණුනේය. මහෙස්වරී නමැති රූප සම්පන්න දියනිය ඒ ස්ත්රීයයගේ දරු කෙනෙක් නොවන බව වැටහුනු මම සෝමසුන්දරම් ඉස්තෝප්පුවට කැඳවා “මහෙස්වරිය” පිළිබඳ ප්රටවෘත්තිය අල්පමාත්ර්යකුදු නොසඟවා මට කියා නුදුන්නොත් ඈ සෙවිමට කොහෙත්ම නොවෙහෙසි මම කොළඹ යන්නෙමි”යි තදින් කීවෙමි. සෝමසුන්දරම් හොඳ හැටි සිංහල භාෂාව දන්නා බැවින් ඔහුත් මාත් කළ දීර්ඝ කථාව




පියදාස සිරිසේන නවකථා එකතුව 263

ඒ ගෙදර වුන් වෙන කිසිවෙකුටත් තේරුම් ගතනොහැකි විය. මහෙස්වරිය සෙවිමට මඳකුත් මහන්සි නොවන බව කි බැවින් භයට පත් සෝමසුන්දරම් තමාගේ මහෙස්වරිය පිළිබඳව ඔහු දන්නා කථා ප්රටවෘත්තිය නො සඟවාම කියයිට පටන් ගත්තේය.

   “මහත්මයානනි, මම මේ තෙල්ලිප්පලෙයි ගමේ චෙල්ලාල කුලයට අයත් දුප්පත් පවුලක ‍උපන් කෙනෙක්මි. ඉතාමත් දුක සේ ඇති දැඩි වු මම කුඹුරකත්  -  දුම් වත්තකත් වැඩ කරමින් ජිවත්වන අතර අවුරුදු විස්සෙදි පමණ විවාහ ජිවිතයට ඇතුළත්වි මේ ස්ත්රීවයගේ කරදරත් අසරණ කමත් නිසා ගම අත්හැර අනුරාධපුරයට ගොස් එහිදි බුලත් විට විකුණමින් සිට ඉන් ඉක්බිති බුලත් හා සුරුට්ටු සිගරටි ආදිය විකුණන තැනක් ඉස්තෝප්පුවක තබාගණෙ එයින් රුපියල් 200 ක්  උපයාගතිමි. එ මුදලත් රැගෙණ ගමට එනවා වෙනුවට දුම්රියේ නැගි කොළඹ ගොස්-ටික දිනකට පසු අපේ ජාතියේ මිනිහෙකුගේ උපදෙස් පිට අවිස්ස‍ාවේල්ලේ දුම්කොල බුලත් කඩයක් දමාගෙණ වෙළඳාම කරන්ට පටන් ගතිමි. මාස හත අටකි යන විට මගේ වෙළඳාම මුල් බැසගත් බවත්  -  දියුණුවන බවත් වැටහි තවත් දෙමළ ලමයින් දෙදෙනෙක් අත් උදව්වට ලෑස්තිකර ගෙණ කටයුතු කෙළෙමි. පුවක්පිටියේ බදාදා පොළට දුම්කොට සුරුට්ටු ආදිය ගෙණවුත් විකිනිමද මගේ රක්ෂාවේ කොටසකි. බදාදා  උදේ දුම්රියෙන් එන නමුත් සමහර දවස්වල සවස රේල්පාර දිගේ පයින්ම ඒමට මට පුරුදුව තිබුනේය. එක් දිනක් ඉතාමත් තදින් වර්ෂාව පැවති නිසා රාත්රී  දහයත් පසුවි මා යන විට දැඩි සැඩ පුරුෂයෙක් අවුරුදු දොළහක් තරම් කුඩා ගැහැණු ළමයෙකුත් සමඟ මහ කැලේ සිට  පාරට බසිනු දුටු මම භයින් ත්රතස්ති විමි. නමුත් ඒ පුරුෂයා මා දන්නා කෙනෙක් නිසා මා දුටු හැටියේ  “සෝමසුන්දරම්  -  මෙන්න මේ කෙල්ල උඹට උවමනා නම් ජාපනේට ගෙණ ගොස් ගෙදර වැඩකාරියක් මෙන් තබා ගණින්නැ”යි කීයේය.
   මේ මධ්යටම රාත්රීඩයේ කාත් කවුරුවත් නැති ස්ථානයේදි මුන ගැසීමෙන් මර බියට පැමිණි සිටි මම ඒ රෞද්රේ අබරන් නයිදේ සතුටු කිරිම මගේ අසහාය යුතුකමව තුබුණු බැවින් “හොඳයි බාස් උන්නැහේ කියනවා නම් ඒ ලමයා මම එක් කර ගෙණ යන්නෙමි”යි කීවෙමි.  “ඔව් හෙට උදෙම රේල්ලෙන් යන්ට ඕනෑ. මටත් රුපියල් පහක් දියන්නැ”යි කියා කෙල්ල භාර දුන්නේය. ඉතින් ඔහුට රුපියල් පහකුත් දී කෙල්ලත් භාරගෙණ ඒ දුෂ්ට හොරාගෙන් ගැලවි අවිස්සාවේල්ලේ කඩේට අවුත් කෙල්ල ගෙන් ‍ෙතාරතුරු ඇසුවෙමි. නිර්භාතවු 




264 මහේස්වරී

ස්තනොච්ත ඥානයෙන් යුත් පුදුම ගැහැණු ලමයා - ඈ පිළිබඳ කිසිත් නොකියා මාත් සමඟ ජාපනේට යන්ට කැමති බවත් ඕනෑම දුකක් විඳගෙන වැඩකාරියක් මෙන් ඉන්ය සතුටු බවත් කීවාය. පසු දින උදේ දුම්රියෙන් ඒ ලමයාත් සමඟ අනුරාධපුරයට යන්ට ගියෙමි. ලමයාගේ කේස කලාපය එද‍ා රැ කපන ලද බව පෙණුනේය. ඉතාමත් ප්රි යකරු රූපයක් ඇති මේ ලමයා සැපසේ විසු වැදගත් පවුලක කෙනෙක් බවත් සිංහල භාෂාව ඉතාමත් හොඳින ඉගෙණ ගත් බලවත් ධෛර්යයෙන් යුතක් කෙනෙක් බවත දුම්රියේදි මට වැටහුනේය. කිලිටි ප‍ාහේ කම්බා කැබැල්ලක් හා කබාකුරුත්තුවක් ඇඳගෙණ වුන් මේ ලමයා ගැන මට අමුතු කල්පනාවක් ඇති වී අනුරාධපුරයෙන් බැස හෝටලයකට ගොස් එහිදි ලමයාට ගෙවොන් ආදි උවමනා කරණ ඇඳුම් මස්වා අන්දවා ලමයාට අවශ්යැ ආභරණත් රැගෙණදි මගේ දියණියක් ලෙස ඇති දැඩි කරගන්නා කල්පනාවෙන් අනුරාධපුරයේ කන්යාේ මඩමට ඇය ගෙණගොස් භාරදි අවුරුදු දෙකක්ම උගන්වන්ට පිළියෙල කර ගතිමි. මම ලමයාගේ පියාත් භාරකාරයාත් විමි. ලමයාගේ නම “මහෙස්වරී” යයි කියා ලියා පදිංචි කරවිමි. මා කියන කරණ කොයිදේත් එලෙසම පිළිගණිමින් ඉවසනසුලු මේ ලමයා පුදුම කෙනෙක් බව පෙණුනු මා තුල ඈ කෙරේ පුදුම පිතෘ සෙනෙහසක්ද ඇතිවිය. මා අනුරාදපුරයෙන් ජාපනේට අවුත් දහ දිනක් නතරව සිටි අවිස්සාවේල්ලට යන ගමන්ද අනුරාධපුරයේ කන්යාි මඩමට ගොස් ලමයාගේ තොරතුරු විමසු වෙමි. තමා නැවතී සිටියේ දස දිනක් වුවත් අවුරුදු හත අටක් එතැන ගැවසුනු කෙනෙකුට වඩා මහෙස්වරි ඒ ස්ථානයේ හැම දෙනාගේම සිත් දිනාගෙණ නියම “දෙමළ” ලමයෙකු මෙන් ක්රි්යා කරමින් ඉංග්රීනසිත් දෙමලත් ඉගෙණ ගන්නා බව දුටු මම පුදුමට ඈට තව උවමනා ඇඳුම් ආදය මසාගන්ට මුදලුත් දී මඩමේ ප්රගධාන මාතාමට ඉදිරියට මාස තුනක ගාස්තුවත් ගෙවා අවිස්සිවේල්ලට ගියෙමි.

   කීප දිනකට පසු එක්තරා මිනිහෙක් තිරිවානා ගලක් වැනි ලොකු ගල් ගෙනවුත් “මේ හොඳ රතු කැටයකි. මේක අර ගෙණ රුපියල් පහක් දෙන්ට”යි ඉල්ලුවේය. මැණික් ගැන කිසිම දැනුමක් නැති මම එය අල්ලාමු කඩේ සිංහල මිනිහාට පෙන්නුවිට  -  වාසානව තිබෙන්තොත් “රුපියල් දහදහකට වඩා වටිනා මාණිකක්ය නැතහොත් අතුලත දා පිළිස්සී කුඩුවි ගිය ගලකි. උඹේ කැමැත්තක් කරගණින්නැ”යි ඔහු කීවාම මැණික ගෙණා අයට රුපියල් දෙකක් දුනිමි. ඔහු එයත් රැ






පියදාස සිරිසේන නවකථා එකතුව 265

ගෙණයන්ට ගියේය. මම එදා කොළඹ එන නිසා මැණික් ගලත් රැගෙන අවුත් කොළඹ මැණික් වෙළෙන්දෙකුට පෙන්විමි. මැණික් ගල හොඳින් දන්නා ඒ වෙළෙන්දා “මේ ගල කපා විකුණනාව ද? නැතහොත් මේ තිබෙන අන්දමට දෙනවිදැ”යි ඇසුවේය. තිබෙන අන්දමටම කියකට ගන්නවාදැ යි මා ඇසුවාම “රුපියල් පන්දාහක් දෙන්නෙමි”යි කීවාම මට ඒ ගණන ප්රයමාණයටත් වඩා ඉහල බැවින් එක පාරටම විකුණා රුපියල් පන්දාහ ගත්තෙමි. ඒ මාණික රුපියල් විසිදාහකට විකුණු‍ුන බව මම නැවත දැනගතිතෙමි.

    මේ පිළිබඳව එක් කරුණක් වික්රවමපාල මහතාට විස්තරකර දීමට මම කැමැත්තෙමි. මේ කියන මැණික අ‍ැහැලියගොඩ අසල පතලයක එකකි. ඒ පතලේ කැප්පෙවු අයට මේ මැණික  සම්භවු නමුත් තිරිවානා ගලකැයි පෙණි පස්ගොඩේම දමා තිබුනේය. ඒ අසලින් යන එන බන්දුවාට මෙය එක් ක්ර මයක මැණිකක් බව පෙණි අවිස්සාවේල්ලට යද්දි ඔ‍ෙඩාක්කුවේ දමාගෙන ගොස් මට පෙන්වන ලදි. මැණික් නාඳුනන මම වෙන කෙනෙකුගේ සැක සහිත කිමට ගරු කොට රුපියල් දෙකක් දී බන්දුවා ගෙන් මැණික ගත්තෙමි. මම එය කොළඹට ගෙන අවුත් මරක්කල වෙළෙන්දෙකුට පෙන්වු විට ඔහු මට රුපියල් පන්දාහක් දුන්නේය. ඉන් ඉක්බිති ඔහු ඒ මැණික කප්පවා රුපියල් විසිදාහකට විකුණා ගත්තේය. ඉතින් බලමු  -  මැණික හෑරූ පතල්කාරයාට එය මැණිකක් නොවි ඉවත දමන ලදුව පාරේ වන දුප්පත් නුගත බනුදුවාට ඒ මැණික රුපියල් දෙකක වස්තුවක් විය.  මට රුපියල් පන්දාහක් ලබාදුන් වටිනා වස්තුවක් විය. මරක්කල වෙළෙන්දාට රුපියල් විසිදාහක විශාල ධනයට ආධාර විය.
    එකම දේ ඒ ඒ මිනිහාගේ භාග්ය යේ හැටියට ඒ ඒ තැනදි ක්රි යා කරණු මිස යමක ප්රාකෘති ස්වභාවය කාටත්ම නිසැක ලෙස‍ දැනගන්නට නොහැකි බව මෙයින් ප්රමත්යකක්ෂ නොවේද  ?  මැණික විකිණිමෙන් ලැබුණු රුපියල් පනදාහ නිසා ශක්තිමත් වු මම   -  මගේ දුම්කොල බුලත්කඩය ලඟින්ම හාල් සිල්ලර වෙළෙදාමද ආරම්භ කළෙමි. මැණික් හැරිමටද කැමැත්තක් ඇතිවි පතල් කීපයක්ම කැප්පවිමි. ඒ අවුරුද්ද තුල මැණික් හැරිමෙන් රුපියල් ලක්ෂයකට වඩා මට ලැබුනේය. ඉතින් රෙදි පිළි වෙළඳාමත් පටන් ගතිමි. තේවත්තක් හා රබර් වත්තක්ද මිලේට ගතිමි. අවුරුදු එක හමාරක් තුල රුපියල් තුන් ලක්ෂයක පමණ ධනවතෙක් විමි. මේ සියලුම ධන සම්පත් ලැබිමට හේතුව මහෙස්වරි යයි වැටහුණු මම ඈට උවමනා තරම් රන් රිදි මුතු




266 මහේස්වරි

ආභරණත් වටිනා රෙදි පෙරදිත් සපයාදි ඈට උසස් ඉගැන්විමක් ලබා දුනිමි. පාටෙන් ඇර අනිත් කරුණුවලින් දෙමළ තරුණියක් මෙන් හැසිරෙන් මහෙස්වරිය දකින කාගෙත් ඇසේ රසාඤජනයක් අඳින්නා වැනි විය. ඉතින් මා ධනවත් වුනාට පසු ජාපනේන් ඉඩකඩම් අරගෙණ ගෙවල් දොරවල් තනා ප්රයසිද්ධ මිනිහෙක් විමි. මහෙස්වරියට අවුරුදු දහසක් වු හැටියේම ඈ ගෙදරට ගෙන්වා වැඩකාරියන්ද සලස්වා මගේ මේ කාලකන්නි භාර්යාවට ඈ ආරක්ෂාකර ගන්ට නියම කොට-මගේ යස ඉසුරු ලැබිමට හේතුව ඇ බව විස්තර කොට කියාදි එතැන් පටන් මම වැඩි වශයෙන් ජාපනේම කල් ගත කරන්ට පටන් ගතිමි.

  මහෙස්වරිය ගැන අසන දකින කවුරුත් ඇ කෙරෙහි ප්රගසන්න වුහ. ජාපන‍නේ උසස්  මහත්තැන් කීපදෙනෙකුටම ඇය විවාහ කරදීමට යෝජන ඇති විය. සිවිල් නිලධාරියෙකුට ද ඈ විවාහකර දෙන්ට කථා බස් ඇති විය. මෙසේ ඉන්නා අතර පසුගිය මාර්තු මාසේ 28 වෙනාදා රාත්රිි මහෙස්වරි නැති විය. එතැන් පටන් මාස හතරක් වනතුරු ‍ඈ ගැන පරික්ෂාකළ නමුත් කුමකින් කුමක් වුනාදැයි සොයාගන්ට බැරි විය. අවුරුදු හතරක් තිස්සේ කරණ කරණ කටයුතුවලින් බලාපොරොත්තු වුවාට වඩා ලාභ ප්රවයෝජන ලැබුනු මගේ හොඳ කාලය මහෙස්වරිය නැති වෙනවාත් සමඟ නැතිවුනු බව මට පෙනේ. හැබැයි විශාල ගින්නක් පැවති තැන දර-ලී ආදිය දැවි භෂ්මවි ගියත් පොළොවේත් අවවලත් ගිනි රශ්මිය කලක්වත් පවතින්නාක් මෙන් මගේ කටයුතුවලිල් උපදින ආදායම් එහෙම පිටින්ම නැතිවුනේ නැත. හිතට මහත් කරදර ‍දොම්නස් නිසා තිබෙන දෙයක්වත් තැන්පත්කර ගැණිමට මට බැරි වුනා. ඒ නිසා වික්ර‍මපාල මහතා මට මහෙස්වරිය සොයා දුන්නොත් මා සන්තකම තිබෙන් සියල්ලෙන්ම හරියට භාගය් දෙන්නෙමි”යි බැගෑපත්ව සිටි සෝමසුන්දරම් මහතා කියේය.
     සෝමසුන්දරම්ගේ කථාවට අටුවාවක් ලියනාවට වඩා මහෙස්වරිය සෙවිම සුදුසු යිය මට වැටහුනේය. ඇගේ පින්තූරයත් අත් අකුරු දැනගැනීමට ඈ ලියු ලියමකුත් ඉල්ලාගෙණ සෝමසුන්දරම්ගේ  නිවසින් පිටත්ව ජාපනේ රැස්ට්හවුසියට එදා රාත්රි් නැවතිමට පැමිණියෙමි. ජාපනේට ගොස් පළපුරුදු නැති සිංහල මිනිසුන් පළමුවෙන්ම එහි ගිය විට දැනෙන්නේ අමුතු දේහයකට ලක්දිවෙන් පිට රටකට ගියා වගේය. දෙමළ මිනිසුන් විසින් පවත්වන ඒ රෙස්ට්හවුසියේ යුරෝපීය ක්රගමයටත් කටයුතු පිළියෙල කර තිබේ. රාත්‍ රි කා බී න‍ිදා ගතිමි. තදින් 





පියදාස සිරිසේන නවකථා එකතුව 267

සුලඟ හමන ජුලි මාසේ පැමිණි නිසා ජාපනේ රාත්රි කාලය අධික ඌෂ්ණයෙන් යුත් රටක් බව මට නොවැටහුනේය. මම උදේම නැගිට රෙස්ට්හවුස් ඉදිරිපිටම තිබෙන පිටිටනිය දිගේ ගොස් පැරණි ඕලන්ද කොටුව බලන්ට ගියෙමි. ඕලන්දයන්ගේ ගොඩනැගිලිත් කර්මාන්තත් තවම දක්නට තිබේ. මුහුදෙන් තුන්පැත්තක් වටවු ඒ කොටුව තුළ විශාල පල්ලියකුත් රජ මැදුරත් තවත් නොයෙක් මුර ගෙවලුත් තිබේ. තැනින් තැන ප්රා කාරද-කාලතුවක්කු තබාගෙන මුරකාවල් කළ ස්ථානද තවමත් හොඳින් තිබේ. වරද කාරයන් එල්ලා මැරු පරන පෝරකයද තවමත් ඇත්තේය.

   දැනට පොලිස් භටයන් වාසය කරණ ඒ කොටුව තුළ ආණ්ඩුවේ නිලධාරින් කීප දෙනෙක්ද පදිංචිව සිටිති. ජාපනේ ඉතාමත් දර්ශනීය ස්ථානය මේ කොටුවත් ඒ ප්රදදේහයත් යයි කියහැක. කොටුව බලා ඉක්බිති කලපුව පැත්තට ගියෙමි. කලපුවෙන් විශාල කොටසක් දැන් ගොඩකර තිබේ. හිරකාරයන්ට වැඩ දෙන පිණිස මේ කලපුව ගොඩකලා මිස නෙ ප්රේයෝජනයක් ඇති බවක් නොපෙනේ. අපේ ආණ්ඩුවේ නිලධාරින් නුවණැත්තන් නම් හිරකාරයන් ලවා මේ නිෂ්ඵල වැඩේ නොකරවා ජාපනේ පළාතේම තිබුණු පැරණි වැවක් දෙකක් ප්රාකෘතිමත් කොට රටට ප්ර යෝජනවත් දෙයක් කරන්නට ඉඩ තිබුණේය. නමුත් තමන්ගේම රටට පරට  යෝජනයත්-  රටවාසීන්ගේ අප්රියෝජනයත් තකන රටේ නිලදාරියන් අධිකව ඉන්නාතුරු අනවශ්යෝ කටයුතු මිස අවශ්යග කටයුත්තක් නොකෙරෙනු ඒකාන්තය. කලපුව ගොඩකල භුමියේ තනා තිබෙන විශාල මඩුවක් බලන්ට ගියෙමි. අහෝ ! මනුෂ්ය  ‍ලෝකයේ හැම තැනම නරකාදි තිබෙන නිසාදෝ - ජපානයේ මුහුහද “කැස්බැවුත් උපදින තිරිසන් අපායය”යි කිය යුතුය. කැස්බැවුන් නමැත් නිරිසතුන්ට වදකිරිමට ඉපිද ඉන්නා දෙමළ කෙවුලන් නමැති මෙම යමපල්ලන් විසින් දිනකට විස්සක් තිහක් පමණ  මේ කැස්බැවුන් අල්ව‍ාගන අවුත් මේ මඩුවේ රැස්කරති, උඩුබැලි අතට තබා සිටින මේ සත්තු ඇසු ඔරවා බලමින් විඳින දුක හොඳින වටහාගත හැක. සෙනසුරාදා පටන් සිකුරාදා සවස් නවතුරු අල්වන කැස්බෑවුන් මේ අන්දමට එක්කොට සෙනසුරාදා රාත්රිර මරණු ලැබෙති. පිට කටුව ගලවා දැමු පසුත් ඉරිදා එලිවනතුරු තබා-කඩින් කඩ මස් කපණ තුරුත් නොමැරෙණ මේ සතුන් විදින දුක්ඛ ‍ෙව්දනාව සලකා බලන විට  අහෝ  !  මේ සංසාරය-එකම දුක් මිඬකැයි වදාළ ලොකනාථයන් වහන්සේගේ ශ්රී පාද පද්මයට නුවණැති මිනිසුන්ගේ අත  තමා නොදැනුවත්ම ඔසවා





268 මහේස්වරි

නමස්කාර කරන්නාහ.

  සෙනසුරාදා මධ්යයම රැයටත් පෙර පටන් මරණ කැස්බෑ මස් මිලයට ගන්නා පිණිස ස්ත්රීුන් සිය ගණන් පැමිණෙති. මේ මස්  වෙළෙන්දියෝ ය. පණ ගැහෙමින් තිබෙන මේ කැස්බෑ මස් මනී කුණු මෙන් පෙට්ටිවල පුරවා හිස පිට තබාගෙණ යන මේ ස්ත්රි්න් හරියටම ‍ෙප්රුතියන් යයි සමහරි කියතත් - ඒ ඇත්තකි නොවේ. මක්නිසාද ස්වභාවික ප්රේනතියන්ට නොමැති තරම්‍ කර කස ගති මේ ගෑණුන් තුල විද්යාාමාන බැවිනි. පණ ගැහි ගැහි තිබෙන මස් පේට්ටි හිස තබාගෙණ එයින් වැගිරෙන මිනි ලේ වැනි මේ දියෙන් තෙමි තෙමි මේ නීච ස්ත්රී හු මස් රැගෙන ‍ෙගාස් සින්න කඩේ පෙරිය කඩේ ආදී තැන්වල තබාගෙණ විකුණති. සමහර දෙමළුන්ට කැස්බැ මස් අමෘතයක් හා සමානය. සතියකට වරක්වත් මේ මස්ම අනුභව නොකළොත්  “ඇඟ ගැහෙන” බව ඔවුහු කියති. ඉතාම අශෝභන දුරුගන්දය වහනය වන  -  අපිරිසිදු මනුෂ්ය  ප්රාමණින් වාසය කරණ ප්රයදේශවලින් ජ‍ාපනයදි එකක් බව ලක්දිව හැම තැන් වලම සංචාරණය කළ මට වැටහ්ණේය.
  බොහෝ දෙනාගේ අසරණකමට වඩා ඔවුන්ට පරම්පරාගතව ලැබි තිබෙන සතුන් මැරිමාදි හිංසා ධර්මය උගන්වන ආගම් හා මිලෙච්ඡ චාරිත්රුත් නිසා කරවුර් ආදි ගම්වල දෙමළුන් අතිහයින්ම කෲරතර බව මට වැටහුනේය. අන්යන ජාතිවල ජනයාට හෝ ආගන්තුකයන්ට සංග්රමහ කිරිමේ පුරුද්දක් නැති මේ දෙමල මිනිසුන් අතර ප්රී තිදායක මුහුණු ඇතිව‍ුන්ද අතරෙන් පතර දුටුවෙමි. ඒ අයගෙන් බොහෝ දෙනා ලක්දිව කොළඹ ආදි අන්යම පලාත්වල බොහෝකල් වාසය කළ ජනයාය. ජාති ධර්ම ශාස්ත්රආයේ  හැටියටත් ස්න්තුෂ්ටිය. පරෝපකාර චේතනා ආදි ආර්ය ගතිගුණද ඇති මිනිසුන් ජාපානේ ඉන්නා බව දෙතුන් පලකදි් ‍ මට වැටහුනේය. ජාපනයේ පුරාණ කාලයේ දෙමළ රටක් නොවේ. එය “නාග ද්වීපය” යි “නාග” කියන මනුෂ්යණ ජාතිය සිංහලයන් ලක්දිවට පැමිණෙන්ටත් පෙර ලක්දිව විසු උසස් මන‍ුෂය වර්ගයකි. ශරීර ප්ර මාණයෙන් විශාලවු ශක්තිමත්වු දැකුම් කටයුතුවු මේ මනුෂ්යන ජාතිය සිංහලයන් මේ රටේ අධිපත්යන්වු පසු ඔවුන්ට මිශ්රාවිමෙන් “නාග ජාතිය” සුන්යිව ගියේය. එළාර රජුගේ පරාජයෙන් පසු එවකට සිංහලයන්ට උවමනා නොවි තිබුනු දැඩි උෂ්ණ ගතිය ඇති ජාපනය පැත්ත දෙමලුන්ගේම ප්රනදේශයක් කර ගත්තේය.
   දකුණු ඉන්දියාවේ සිට පහසුවෙන් ආ හැකි නොගැඹුරු සාගරයේ කු‍ඩා ඔරුත් යාත්රාන කළ හැකි බැවින් මසුන් මැරිමාදි සුළු කටයුතු




පියදාස සිරිසේන නවකථා එකතුව 269 ‍ සඳහා පැමිණි දෙමල ජනයා මුහුදුබඩට අයත් හැම තැන් වලම පදිංච් වුහ. වැඩි වලම පදිංචි වුහ. වැඩි වශයෙන් උතුරු පළාතේ කුඩා දුපත්වලත් - මුහුදු තිරයෙත් ඔවුන් අධික වු පසු- භාවනායෝගිවි කොලෙස් ප්රඩහින කිරිමට විසුම ගත් භික්ෂුන් වහන්සේලාද ක්ර මයෙන් අඩුවිය. ඉතින් තැනින් තැන විසු නාග ජාතියේ ජනයාද දෙමළුන්ට මිශුවි තිබෙන බව අදත් ඒ නාග ගොත්රන මිශ්රනණයෙන් පැවතෙන දෙමළුන් දෙස බැලි‍ෙමන් අවබෝධ කරගත හැක. සම්පුර්ණවු දෙහයකින්ද - ප්රිුයකරු මුහුණු, ඇස්, කන්, නාසාදි අංග ප්රපත්යංිගවලින්ද යුත් වර්තමාන ද්රයවි‍ඩ ජනයා නාග හෝ සිංහල හෝ වෙන කිසියම් උසස් ජාතියකට මිශ්රක විමෙන් පැවතෙන්නත් බව සලකා ගත හැක. ඔවුන්ගේ ගති ගුණද නියම අමිශ්ර දෙමළුන්ට වඩා ‍උසස් බව පෙනේ.


04. පරිච්ජේදය[සංස්කරණය]

   මහෙස්වරි සොයන අදහස ඇති මට සිංහල තරුණන් කිප දෙනෙකු සමඟ මිත්රන වෙන්ට කල්පනි විය. ජාපනේ ඉන්නා මොටෝර්කාර් ඩ්රැයිවර්වරුන්ගෙන් වැඩි දෙනා සිංහලයන් බව දුටු මට මහත් ප්රීංතියක් ඇතිවිය.ඉතාමත් ශික්ෂිත් ගුණවත් කරුණන්ද එහි සිටිති. මා ජාපනේට පැමිණි තුන්වෙන් දවසේ සිහින් උස් දේහයක් ඇති ම‍හේසාක්යම ගතියෙන් යුතු ඩ්රුයිවර් කෙනෙක් මා නැවති සිටි තානායම්පලට පැමිණ මා අඳුනන බව ක‍ීයේය. එසේ කියා තමන්ගේ වත ගොතත්   -  තමා කලින් කළ රැකී රක්ෂා ආදියත් කියා තමාට පිළිවන් සියුලුම ආධාර උපකාර කරන්ට සතුටු බවද කියා සිටියේය. වැදගත් පවුලකට අයත් ධර්ම ශාස්ත්රක අතින්ද උගත් මේ තරුණයාගේ අදහස් උදහස් ගැන අතිශයින් ප්රලසන්නවු මම ඔහු සමඟ මිතුරු විමි.  මා පරික්ෂාකරන රහසද ඉතාමත් ස්වල්ප වශයෙන් ඔහුට කිවෙමි. ඉතින් ඔහු දිනපතාම වාගේ මා සිටි තැනට ඒමත්  -  ඔහු සමඟ නොයෙක් තැන්වල ඇවිදිමත් මට එක්තරා සැනසිල්ලකි විය.
    යාපනේ මිනිසුන්ගේ උත්සාහාවත් භාවයත්  -   ශරීරය වෙහෙසා වැඩවල කරන අන්දමත් සැබවින්ම ප්රනසංසනීයවේ. පාඨශාලාවලට යන කුඩා ලමයි පවා බොහොම වෙහෙස වෙති. යමක් උපයා ගැනීමට උත්සාහ කරන බව පෙනේ. මගේ මිත්රෙ ඩ්ර යවරුත් සමඟ එක් දිනක පිටිසර ගමකට ගියෙමි. ඒ මගේ මිත්ර යාගේ මිත්රියෙකුගේ ගෙදර තරමක් පොහොසත් ගෙදරකි. එහි ඉන්නා ගැහැණු පිරිමි ලමුන් උදේ




270 මහේස්වරී

පහට පමණ නැගිට ඉතාමත් ගැඹුරුවු ලිංවලින් වතුර ඇද ගේ වටේ ‍‍රෝපණයකර තිබෙන නොයෙක් ගස් හා පළතුරු ජාතිවලට වතුර දමන්ට පටන් ගත්හ. කෙසෙල් ගස්, මුරුංගා ගස් හා ‍පොල්ගස්වලට පවා දිනපති වතුර වත්කරණ වතු තිබේ. කුඩා භෝගි ජාති ධාන්ය‍ වර්ග ආදියටය හැම දෙනාම ජලය වත්කරති. ඉතින් මේ ගෙදර ලමයි - මෙහෙකරුවන් ගැන නොතකා උදේ 7 වන තුරු වත්තේ හැම ගහකටම වතුර වත්කොට ඉක්බිති මුහුණු අත පය සොදාගෙණ උදේට ආහාර ගත් හැටියේ හුඟක් දුර තිබෙන පාසැලට යන්ට පිටත්වුහ. වේට්ටටිය නම් සුළු රෙද්දකුත් බැනියමකුත් බැගින් ඇඳගත් ඒ ලමයින්ට පා වැස්මක් නැත. එසේම ඉහල පංක්තිවල ඉංග්රීගසි ඉගෙණ ගන්නා ලමෝ වෙති.

   එක ලමයෙක් මැට්රිඑක් පංක්තියේ කෙනෙකි. උදේ පැය දෙකක්  පමණ වත්තේ වැඩකොට යන්තම් දෙයක් කා බී වේට්ටියක් හා බැනියමක් පමණක් ඇඳ පාඨහාලාවට යන ඒ තරුණයාගේ වාන් සැහැල්ලු පැවැත්ම දුටු මට අපේ සිංහල පළ‍ාත්වල තිබෙන ඉවසිය නොහැකි “උජාරුවත් “ එයින් ඇතිවි තිබෙන අනර්ථයත් එවලේම මට අවබෝධ වුයේය. ඉහල පංක්තිවල පමණක් නොව පාඨශාලාවට යන අපේ කොයි ලමයින්ටත්  -  මේස් සපත්තු, කලිසම් කමිස කෝට් කලර් ටයි ආදි ඇඳුම් කට්ටලයක් උවමානා කෙරේ. හැතැප්ම භාගයක් වත් පයින් ගමන් කිරිමට අපේ ලමෝ සතුටු ‍‍ෙනාවෙති. හොඳ වටිනා ඇඳුම් ඇඳගෙන නාවොත් ලමයින් භාර නොගැනිමද අපේ සමහර  පාසැල් ආචාර්යවරයන්ගේ සිරිතකි.
     ය‍ාපනේ පාසැල්වල ඉන්නා බී. ඇම්. ඒ. ආදි උපාධි දරණ ආච‍ාර්යවරුත් ඉතාමත් චාන් සැහැල්ලු ඇඳුම් වලින් සැරසී සිටිති. සිංහල පළාත්වල මිනිසුන් සලකන්නේ ඇඳුම දෙස බලාගෙණ බව පෙනේ. නමුත් ජාපනේ ඒ වසන්ගතය ඇති බවක් නොපෙනේ. ජාපනේ කී දවසක් ඇවිදින්ට සිද්ධවේදැයි සිතු මට හැමතැනම යාමෙන් රට ගැනත් පදිංචි කාරයන් ගැනත් යමක් දැනගන්නවා මිස මහෙස්වරි ගැන මොකවත් දැනගන්ට නොලැබෙන බව හිඟුනේය. ඒ එසේද වුවත් පොයින්ට‍ෙප්දුරු තුඩුවේ ඉන්නා මගේ මිත්ර යෙකුගෙන් යමක් දැනගන්ට පිළිවන්දැයි සිතාගෙන මගේ පෙට්ටියත් අනිත් කලමනාත් තානායම් පලේම තබා පයින්ම පොයින්ට්පේදුරුවට යන අදහසක් මට ඇති විය. නිතරම තද අවුවත් හිළඟත් හමන මේ පළාතේ පාරවල් සිහින් වැල්ලේන් හා දුවිල්ලෙන් යුක්තය. තල්ගස් හා තවත්





පියදාස සිරිසේන නවකථා එකතුව 271

නොයෙක් වැවිලිවලින් යුතු පාර දෙවට ඉඩම්වල තැනින් තැන මිනිසුන් පදිංච් ගෙවලුත් රම්යිවු වතු - එලවලු කොරටු කුඹුරු ආදියද පෙනේ. ඉතාමත් රම්ය ලෙස වචන ලද දුම් වතු තන්හි තන්හි පෙනේ. නගරයටම සම්බන්ධ ප්රයසිද්ධ ගමක්වු ‘සුන්නකම්’ කියන ගමට හුදකාලව ගිය මට මොකවත්ම තේරුම් නැති විය. මේ ලක්දිව විර ප්රනසිද්ධ සර් පොන්නම්බලම් රාමනාදන් තුමා‍ගේ ගමය. එහි එතුමාගේ නම් පවතින්ට විශාල විදයාලයක් තනා බොහෝ දෙනාට ඉංග්රීරසි ආදි භාෂා ශාස්ත්රප උගන්වති. ඒ මහා විද්යාංලයට යන පාරේම පුදුම කෝවිලක් තනා වැඩ නිමවෙන්නට ගොස් තිබුනි.

  රාමනාදන් තුමැගේ ආර්යාව වන ඇමෙරිකන් නෝනා ඒ කෝවිල තැනවිමෙහි නියුක්තව ඉන්නා බව මට වැ‍ටහුනේය. වහලත්, බිතතිත්, බිමත්, කණුක්, උළුවහු ජනේලය ආදි සියල්ලක්ම සියුම් ලෙස කපණ ලද කළුගල් වලින්ම යුක්තය. ඉන්දියාවේ ගල් කර්මාන්ත කාරයන් කිපදෙනෙකි ම‍ා යනවිටත් වැඩකරමින් වුන්නාහ. ඉතාමත් ලක්ෂණ වෘෂභ රූපයක අවසාන වැඩ කරමින් වුන් ඒ කම්කරු දෙටුවාත්  -  රාමනාදන් ආර්යාවත්  -  ඒ කොවිල පිළිබඳ සියලු ස්ථාන මට පෙන්වා විස්තර කොට කියා දුන්නේය.  සර්. පී. රාමානදන්න තුමාගේ මෘතදෙහය එහි තැන්පත් කර තිබේද බවද කීයේය. සුන්නකම් ග්රාිමයේ ලක්ෂණ සාරවත් වතු  කුඹුරු ආදිය බලා මම පුදුමයට පැමිණියෙමි. අපේ වන්නිය පැත්තේ හෝ මායා රට පැත්තේ භූමිය මෙන් මේ ජාපනේ පැත්තේ කිසිම නිසා නොයෙක් දේ වඩා වගා කරගෙණ සැපසේ ජිවත්වන බව දුටුවෙමි. වීර්යයෙන්  සියලුම අපහස්කම් මගඇර ගතහැක.
  “මහෙස්වරී” යන නම කියන තරුණියක්  -  පාසැලෙන් ගෙදර යන ගැහැණු ලමුන් රංචුවක් මැද්දෙ යනු දුටු මම -  මා අතේ තිබුනු පින්තූරය දෙස බලනවිට  -  මා සමඟ එවේලාවට එහි වුන් සිංහල තරුණයෙක් මා “කොන්ගොඩ වික්රබමපාල” බව තේරුම් ගෙන හයියෙන් සිනාසි මා වැළඳ ගත්තේය. මගේ තොර තුරු පොත පතෙන් දැනලත් මා වැළඳ ගත්තේ ය. මගේ තොර තුරු පොත පතෙන් දැනගත් නමුත් මා දැක්කේ අදයි කියා සතුටුව ඔහු විවේක ඇති යමක් කමක් ඇති කෙනෙක් බැවින්  -  ජාපනේ පැත්තේ ඇවිදිමට මාත් කැටුව එන්ට සතුටුවිය. පාන් බේකරියක් අයිතිකාරයෙකුගේ පුතුයෙක් වන ඒ සිංහල තරුණාත් සමඟ එදා සවස කන්කසන්තුරේට





272 මහේස්වරී

යන්ට පිටත්විමි. මුහුදට නුදුරුව තිබෙන පාර දිගේ අපි ගමන් ගතිමු. ඌර්ධවකාය නොවැසු මහලු ස්ත්රීේන් හා වැඩ කටයුතුවල නියුක්ත පිරිමින්ද තැනින් තැන දක්නා ලද නමුත් ඒ මුහුදුබඩ පාරේ පයින් ගමන් කිරිම අතිශයින්ම අප්රිමයතර ගමනක් විය. අනාවරණවු මහපාරේ දැඩි සූර්යතාපයෙන් අස්වැසිල්ලක් නැතුව හමන්නාවු දූවිලි සුලඟ නිසා කන්කසන්තුරේට යන ප‍ාර මහත් පිඩා දායකය. තැනින් තැන තල්ගස් කීපයකුත් ගෙවල් ආසන්නයේ පොල්ගස් කීපයකුත් දක්නා ලැබෙන මේ පාරෙන් ඉඳහිටලා බස් රථ ගමන් කරණ නමුත් අපි පයින් ගියෙමු.

   කන්කසන්තුරේ දුම්රිය පොලට හැතැප්ම එකහමාරකට පමණ ඈතින් කීරමලේ නම් සුප්රුසිද්ධ ස්ථානයක් තිබේ. ගොඩින් එන මිහිර දිය උල්පතක් මෙහි තිබේ. ඒ දිය උල්පතේ පිරිසිදු ජලය රැස්වන පිණිස පොකුණක් බැද සතුටු කෙනෙකුට නැමට සලස්වා තිබේ. ස්ත්රීබ පුරුෂ දෙපක්ෂයටම නෑමට වෙන්කර තිබෙන ස්ථාන දෙකකි. උදේ පටන්න සවස් වනතුරුම නොයෙක් ජනයා මෙහි නාති. මේ ස්ථානය දෙවියෙකුගේ බැල්ම ඇති සුද්ධ ස්ථානයක් ලෙස සලකන අයද සිටිති. විජය කුමාරයා පළමුවෙන්ම පැමිණි ස්ථානය “කීරමලය”යි කියන ද්ර විඩ මිනිස්සු ද සිටිති. මේ දිය උල්පත තිබෙන හරියේ පමණක් නොව ඒ වෙරල දිගේම තඹ පාට සිහින් වැලි දක්නා ලැබේ. විජය සහ පිරිස වැල්ලේ වැතිර සිටියදි අතුල් පතුල් තාම්බ්රැ වර්ණය වුයේ මේ වෙරලේධි යයි සමහරු කියති. කීරමලේ දිය උල්පත තිබෙන තැන දැනුත් ත‍ිබෙන දේවාලයේ එවකට සිටි තාපසයා  -  ඒ විජය කුමරුට පිරිත්හුය බඳින ලදැයිද ඇතැම් හින්දු භක්තිකයෝ අප සමඟ කීහ. නමුත  විජය කුමරු “නාග ද්විපය” නම්වු ජාවනයට නොව “යක්ෂ නුවර” නම්වු පුත්තලමට ගොඩ බව බව වෙනස් කළ නොහැකි. ඉතිහාස ප්රසවෘත්තියකි, ඉතින් කීරමලේ උල්පතේ ජලයෙන් අපිද අතපය සෝදා ගතිමු. ඒ අසල අපිරිසිදු සුළු කඩ පිල් තිබෙතත් අපට වතුර ටිකක් බීමටවත් තැනක් නැතිවිය. එතනින් ටිකක් දුර එන විට තරමක වෙළෙඳාම් පොළක් තිබේ. එතන සිංහලයන්ගේ පාන් පෝරණයක් හා තේවතුර කඩයක්ද තිබේ. මාත් සමඟ ගිය පුංචි මහත්මයා නමැති තරුණා අඳුනන තැනක්වු බැවින් අපට තේවතුර හා රස කැවිලිත් දී සංග්රතහා කළහ. එතනින් ගිය අපි කන්කසන්තුරේ තානායම්පල ඉතාමත් ප්රි යකරුය.  කන්කසන්තුරේ නැවි තොටත් මෙතැනමය. පුරාණ කාලයේ ඕලන්දයන්







පියදාස සිරිසේන නවකථා එකතුව 273

විසින් මේ නැව් තොට ආරක්ෂා කරගණු සඳහා කොටුවක් බැඳ තිබේ. ඒ ප්රානකාරයේ කැඩි ගිය බැම්ම ඉතා ‍හොඳින් තවමත් තිබේ. මේ ප්රේදේශයේම මුහුද ගැඹුරු නොවේ. කුඩා නැව් හා යාත්රා් ඔරු ආදිය පමණක් නැවැත්විය හැකි මේ වරාය සංඝමිත්රාැ මහා රහතනීන් වහන්සේ ශ්රීය මහා බෝධිනයක් රැගෙණ වැඩම කළ තැන යයි පරණ දෙමළ ජනයා කියන කථාවකි. ඒ කතාව විජය කුමාරයා කීරමලයට ගොඩබැස්සාය කියන කිථාව වැනි එකකි.

  එදා රාත්රිණ කන්කසන්තුරේ තානායමේ ආගන්තුකයන් නවත්වා ගැණිමට අකමැත්තක් තානායමිපලව භාරකාරයා තුල පවත්නා බව මට දැනුනේය. නමුත් යුරෝපීය ඇඳුමෙන් සැරසී සිටි නිසා දෝ මට  නවතින්ට දෙන්ට බැරියයි ‍ නොකීවේය. මගේ මිත්රැ පුංචි මහ්තමයා තමාගේ මිත්රටයන්ගේ පාන් කඩේ එදා රැට නවතින බව කියා මට පමණක් තානායමේ ඉන්ට සැලැස්සුවේය. තානායම්පල භාරකාරයා එදා විශේෂ ආහාර පානත් - විශේෂ වශයෙන් කාමරයකුත් සරසනු දුටු මම මගේ රහස පිළිබඳව යම් කිසිවක් දැනගන්නේ කොහොමදැයි කල්පනා කරමින් මුහුද පැත්තේ තාප්පයට හේත්තු වි සිටියෙමි. සවස හයාමාරට පමණ තරුණන් දෙන්නෙක් සිංහලයෙකුත්  - දෙමලෙකුත් ඉතාමත් ලක්ෂණ සුරුබුහුටි සිංහල තරුණියකුත් සමඟ මොටෝ රථයකින් පැමිණියහ. 
   රස්තියදුවන ලංසි කබලෙකුගේ වේශයෙන් සිටි මා ගැණ ඔවුන්ගේ කිසි සැලකිල්ලක් නැතිව  -  තරුණියත් ඉස්සර කර ගෙණ තරුණන් දෙදෙනා  ඉස්තෝප්පුවට ගොඩනැගි ඔවුන්ට පිළියෙල කර තිබුණු විශේෂ කාමරයට ගියහ. මගේ සාකුකුවේ තිබුනු මහෙශ්වරීගේ පින්තූරය එකෙනෙහිම බැළුවෙමි. නමුත් ඒ තරුණිය මහෙශ්වරිය නොවන බැවින් දුර්මුඛවු මම “මේ අමුතු මරාලයකි. මේක පරීක්ෂාකර ගණිමි” යි සිතාගෙණ මට පිළියෙල කර දුන් රාත්රිා භොජනය අනුභව කරන්ට‍ මම වාඩිගතිමි. තරුණන් දෙදෙනා හා තරුණියත් මුහුණ සෝදා ඇඳුම් මාරුකර අවුත් ඇතුලේ සාලේ විශේෂ මේසයේ පිළියෙල කර තිබුනු කෑම කමින් බොමින් - නොයෙක් කථා බස් සිනහ පවත්වමින් ප්රීකතිවන බව වරින් වර මමත් බලා ගතිමි. මහෙශ්වරී සෙවිම සම්බන්ධයෙන්  මේ කටයුත්ත කිසි පලක් ඇති එකක් නොවතත්- අපේ රටේ ධනවත් පවුල්වල සමහර තරුණන්ගේ චරිතය දැනගැණිමට වටිනා කාරණයක් බව මට වැටහී - කුඩා කාමරයක මට පිළියෙල කර තිබනු ඇ‍ඳේ නිදා ගතිමි. ඇ‍ඳේ ඇලවි කල්පනා කරමින් සිටින විට





274 මහේස්වරී

තානායම් පල භාරකාරයාගේ දෙවෙනියා වන දෙමල ගැටයා මා ඉන්නා කාමරටය අවුත් “මහත්මයාට අඩු පාඩු මොනවා දැයි” ඇසිය. “ඔව් රෙස්ට්හවුස් කීපර් මට බුලත් විටක් ගෙනත් දෙන්ණට ඕනෑ” කියා ඇ‍ෙඳන් නැගිට ඔහු අතට රුපියලක් දුනිමි. ඔහු ඒ රුපියල අතට ගණිමින් මාරුකරපු සල්ලි නැද්දැයි ඇසුවාම- ඔහුට රුපියලම ගන්ට කියා මට ශතයකට බුලත් විටක් ගෙණවුත් දෙන්ට කීවෙමි. ඉතින් මිනිහා අමුතු කෙනෙක් විය. ශතේ බුලත් විටට රුපියලක් දෙන තරම් ධනය ඇති නිර්ලෝහි මිනිහෙක් බව අවබෝධ කරගත් ඒ දෙමල ගැටයා වහාම බුලත් විටක් ගෙණ අවුත් දුන්නේය. ඒකත් හපමින් රෙස්ට්හවුසි කාරයාත් සමඟ මුහුදු වෙරලට ගොස් කථා කරන්ට පටන් ගතිමි. ඒ වේලාවට තරුණියත් තරුණන් දෙන්නත් කා බී නින්දට ගියහ. ඉතින් දෙමල ගැටයාගෙන් ඒ අවුත් ඉන්නා තරුණන් දෙන්නාත් තරුණියත් ගැන ඇසුවෙමි. “මොනවද මහත්මයා ඔය ඉලන්දාරි දෙන්නා මාසයකට වරක් තරම ලමිස්සියෙක් අරගෙණ මෙහාට අවුත් දවසක් ඉඳලා - එතනින් පොයින්ට්පෙදුරුවට ගොස් දවසන් දෙකක් ඉඳලා එතනින් - කයිට්ස් නුවරට ගොස් එතනින් - ත්රි කුණාමලේ මඩකලපුව ආදී පළාත්වල ඇවිද ගමට යති. එක්කෙනෙක් මීගමු පැත්තේ - අනිකා ජාපනේම එක්කෙනෙක්. කොහොමත් මාසයකට රුපියලු අටසියයක් පමණ නාස්ති කරණවාය”යි එහු කිවාම “හොඳයි ඔය තරුනන්ට මේ ගෙණත් ඉන්නා සිංහල තරුණිය කොයින්ද? කොළඹ පළාතෙන්වත් ගෙණ ඇවිද්දැ”යි මම ඇසුවෙමි. ‘නෑ මහත්මයා‍, ජාපනේ උවමනා තරව් ලක්ෂණ සිංහල තරුණියෝ සිටිති. කොම්පැනිය කියා තැනක් තිබේ. එතැනට ලංකාවේ හැම පළාත් වලින්ම දුප්පත් පවුල්වල ලක්ෂණ තරුණියන් “ආයා කමට”ය කියා ගෙණ එති. ඒ සමාගමට අයත් ගේක ඔවුන් වනත්වා ගෙණ සිටිති. නොයෙක් තරුණයෝත් බොහෝවිට මහල්ලොත් මේ තරුණියන් “අයා කමට” ‍ ගෙණ යති. ඒ ගෙණ යන කොට සමාගමට එකියක් වෙනුවෙන් රුපියල් විස්සක් අය කරති. තරුණියට වෙනම පඩියක් ඒ ගෙණ යන අය විසින් ගෙවිය යුතුය. ආයා වැඩටය - කුස්සි අම්මා වැඩටය කියා ලක්දිව නොයෙක් පළාත් පලින් ජාපනයට ගෙණ වුත් දුෂ්යහ කරණ අනාථ භාවයට පමුණුවන සිංහල ස්ත්රීජන්ගේ ගණන ඉතාමත් අධිකය”යා ඒ දෙමට තරුණයා මා සමඟ කියේය. ඉතින් මේ කථාවෙන් මට කාරණය එහෙම පිටින්ම අවබොධවු බැවින් - “හොඳයි රෙස්ට්හවුස් කීපර් කමක් නැහැ - අපි නිදාගනිමුය”යි කියා අවුත්






පියදාස සිරිසේන නවකථා එකතුව 275

මගේ කාමරයට වැදි නිදා ගතිමි. එසේ නිදාගත් මට මෙසේ කල්පනාවක් වුයේය.

  “අපේ සිංහල ජාතියට ‍මේ මක්වුනාද ? හතරැස් හැතැප්ම විසිපන්දාහකට අධික විශාල සිංහල ද්විපය සාරවත් භාවයෙන් කිසිම රටකට දෙවෙනි නොවේ.  මෙය අයිතිකාරයන් වන සිංහල ජනයා කන්ට අඳින්ට නැති  -  අනුන්ගේ දරදිය ඇඳිමෙන් ජිවත් වන සෙනඟක් වි සිටි. ගෙවල්වල ඇති දැඩි වන රූපත් ගැහැණු ලමයින් රුපියල් පහක් දහයක් නිසා අනුන්ගේ වැඩකාර කමට යවති. එසේ වැඩකාර කමට යන ගැහැණු ලමුන්ගෙන් සියේට අනුඅට දෙනෙක් පමණ බලවත් දුශ්චරිතයට භාජනවි විනාශ වෙති. මේ රටට පිටතින් පැමිණ ඉන්නා දෙමල, මරක්කල, හම්බ, කොච්චි, බොම්බායකාර ආදීන්ගේ ගෙවල්වල දරදිය අදින සිංහල ගැහැණුන් හා ජාපනේ ආදී දුර බැහැර පළාත්වලට අනාචාර ක්රිමයා සඳහා පැමිණෙන රූපත් සිංහල තරුණින් ගැනත් කිසි අනුකම්පාවක් නොකරණ - ඔවුනගේ දිවි පවත්වා  ගැණිමට නිවැරදි යහපත් මාර්ගයක් සලස්වා දිමටත් නොහැකි ආණ්ඩුවක් පවතින තුරු අපේ රටත් රටක්ද ?  අ‍පේ අධිපති ජනයා රට හදන්ට ඉදිරිපත් වන්නෝය  -  ජාති හිතෛෂියෝය -  මන්ත්රීදකම් සොයන්නෝය‍ - යානාදී මිනිස්නු ලැජ්ජා ඇති අය යයි කිය හැකිද  ?  චිනය ආදී අධි‍ක ජනගහනය ඇති ඉතා අසරණ මිනිසුන්ගේන් යුත් රටකවත් නොකෙ‍රණ තරම් භයංකර වාල් වෙළඳාමක් දැන් අප රටේ පවත්නේය. අනේ සිංහල ද්විපය නමැති ධනවත් මෑනියන්ගේ රටේ සාරය පිට රටුන් ගතහ. සාරවත් භූවිය පිට රටුන්ගේ වතුපිටි ව‍ුහ.
     එක්කෝටි හැත්තෑලක්ෂයක් වාසය කළ කාලේ හිඟන්නෙක් සොයා ගන්ට බැරිවු සිංහල ජාතියේ දැන් සංඛ්යාකව හතලිස් ලක්ෂයට අඩුය. නමුත් හිඟාකන්ටවත් ඉඩක් නැති බැවින්, රූපත් තරුණියන් දාස මෙහෙවරටත්  - දුශ්චරිතවලටත් විකුණන මවු පියවරු සිංහල ජාතියේ දැන් සිටිති. අහෝ ලංකා මාතාවෙනි -  මේ මක්වුනාද  ?” මෙසේ සිතමින් වුන් මට තදින් නින්ද ගියේය. උදේ පමමාර වන තුරුත් සුවසේ නිදාගත් මම   -  සිරිත් පර‍ිද්දෙන් සජ්ඣායනා කරණ මගේ පද විසිදෙක කියන කොට කාමරයේ නිදාවුන් තරුණන් දෙන්නත් තරුණිය් ඉතා ඕනෑ කමින් ඒ අසාගෙණ සිටි බව පසුව දානගතිමි. ඒ තරුණිය අනාචාරයේ හැසිරෙන්නියක් වුවත් රත්නත්රබය කෙරෙහි මහත් භක්තියක් ඇති කෙනෙක් බව වැටහුනේය. උදේ ආහාර පාන ගෙන යන්ට පිටත්වු විට ඒ තරුණිය මා ලඟට අවුත් ඉතාමත් ගෞරවයෙන් මා 





276 මහේස්වරී

සමඟ කථාකොට - ඒ මගේ ප්රීයති ගීතිකාව ලියා දෙන ලෙස ඉල්ලා සිටියේය. එය ලියා දෙන්ට සතුටු බව කියා ඇ‍ගේ තොරතුරු ටිකක් ඇසීමි. “තුන් අවුරුද්දකට පෙර අ‍පේ ගමට ගිය සිංහල මිනිහෙක් අප්පොච්චාට රුපියල් දහක්දී මා ජාපනේට එක්කරගෙණ ආවාය. ආයා කමට කියා කුඩා කෙල්ලක් වු මා එක්ක අවුත් - ‍ෙනාමගට හරවා දැන් අනාචාරී ස්ත්රී යක්ව කල්යවමි. අසරන කම නිසා ගමට ගොහින් ජිවත් වෙන්ටත් හැටියක් නැත. එබැවින් ඒ කොම්පැනියේ ගෙයිම ඉදගෙණ මේ අන්දමට තැන් තැන්වල හැසිරෙමි. අපට පිහිටවෙන්ට - ගුණ ධර්මයේ හැසිරෙන්ට - උදව් දෙන කෙනෙක් තැති නිසා මෙසේ කරණවා. තමුන්නාන්සේට සම්මුඛවන සිංහල ජන ප්රවධානීන් සමඟ දැන් අසරණ සිංහල තරුණියන්ට යන කල දසාව කීවොත් හොඳයි”යි ඒ තරුණිය කියා මට තමුන්නාන්සේගේ මිහිරි ගීතිකාව ලියා දුන මැනවැයි කිවාම - මම ඉතාමත් සතුටින් ඒ ලියා දුනිමි. එය නම්

01. කුළුණු බර හිමි සඳ - අපමණ කප් දහස් ක ල් ලෝදා ඇති නැතිව යනතුරු වෙර ‍නො සි ඳ පෑ ද පෙමැති දේ දන් දී බැතින් ත ද අප ‍ගේ දුක සොයන - සදින් සිවුසස් න ම් වු

දු ක ත් සමුදයත් සෙත දුක් නසන ම ඟ නො මැ ත් සම උවම් දැනගත් තිලෝ අ ඟ

පි රි සිදඅ කර කලෙස් ගිනි නිවන නිවන ට අ රි ය අට ම‍ ඟෙහි හිනි පෙති සදිසි ‍ෙකා ට දි රි යද කුළුණු මතෙ දැක් වු හිමි සඳු ට සි රි පා පියුම් නමදිමි ඇදිලි බැඳ සි ට

2. දහම් සක්විති වන - හිමි සඳුගේ සිරි පා ස ර පෙමා දර බැතින් සහ අවනත සදි නි න මා හිස වඳිමි පීතිය පුද දෙමි නි සදහම් අමා රස - අපටත් පොවනු රිසි යෙන්

කෙදින කෙලෙස ඇතිවි දැයි නොම ද න් න සරණ සසර සක අප සිතු සනස න් න

වැ ති ර බිම පළමු බුදු රජු දුටු දව සා එ ත ර ලද නිවන අත් හළ අප උදෙ සා



පියදාස සිරිසේන එකතුව 277


දිය නෙත හිමි සඳිනි මඟ සෙව් නිවන් පු ර සැක නැති පිහිට බව හිමි සඳ සමර ක ර අවනත බැතින් තෙවරක් මම බිම වැත් ර මුදුනත තබා නමදිමි සිරිපා තඹ ර

  මම මේ පද්යසය ලියා දුන් විට ඒ තරුණිය මුව නොසෑහෙන ලෙස ස්තුති කොට යන්ට ගියාය.
 මම තානායම් පොලෙන් එලියට එන කොටම රාත්රීණ පාන් කඩේක තවාතුන් ගැණිමට ගිය මගේ අළුත් මිත්රඑයා වන පුන්චි මහත්මයාත් සම්බ විය. තනායමේ සිට “කන්කසන්තුරේ සැනටෝරියම්” නම් ආරොග්ය් ශාලවට හැතැප්ම එකහමාරක් පමණ ඇත. අඛණ්ඩව හමන වාතයෙන් යුතු මුහුද අයිනේම පිහිටි මාවත දිගේ ගමන් කිරිම පීඩා දාහක නොවේ. අතරතුරකදිම ගෙවලුත්-තල් පොල් දෙවගේ ගසුත් ඇති ගම් කිපයක් ම ආරොග්යා ශාලාවටත් කන්කසන්තුරේ  දුම්රිය පලටත් අතර තිබේ. මෙහි ඉන්නා ද්රශවිඩ ජනයා රෝමානු කතෝලික භක්තියන් බව වැටහුනේ ය. ඔවුහු පුජකයන්ගේ වහලුන් මෙන් සිටින නුගත් පිරිසක් නිසාදෝ ආගන්තුකයෙකුට සංග්ර හයක් තබා යම්කිසි ආරංචියක් කියා දෙන්ට වත් කැමති නැති පුදුම පිරිසක් බව වැටහුණේය. හැතැප්මේ කණුව ලඟදී අපට සිංහල මිනිසුන් දෙදෙනෙක් මන ගැසුනේය. ඔවුහු ආණ්ඩුවේ සැන‍ටෝරියම් නම් වු ගිලාන ශාලාවේ ලෙඩෙකු බලන්ට ගොස් එන දෙදෙනෙක් බව අපට කීහ. ඔවුන් දෙදෙනාම හිත නරක් වි බලාපො‍රොත්තු රහිතව යන දෙදෙනෙක් බව ද වැටහුනේය. පාර අයිනේ කුරුම්බා වෙළඳාම් කරන ද්රතවිඩ අම්මන්ඩි කෙනෙක් සිට බැවින් කුරුම්බා ගෙඩි හතරක් මිළේට ගෙන ඔවුන්ට ද දෙකක් දී අප දෙදෙනා දෙකක් බීවෙමු. ඉක්බිති පාර අයිනේ තිබෙන තල් ගහක් යට වාඩි වි ඔවුන්ගේ තොරතුරු ඇසුවෙමි. ක්ෂය රෝගය වැළදි මාස දොළහමක් තරම සිංහල ඉංගරී්  ස‍ි ආදී ‍බෙහෙත් කොට සුවයක් නැති නිසා දොස්තරවරුන් ගේ කීම පිට කන්කසන්තුරේ සැන‍‍ටෝරියමට ගෙණා නමුත් එහිත් නවත්වා ගන්ට බැරිවුන බැවින් ඒ ලමයා ආපසු ගමට අරන් ගොස් තිබේ. අපි ඔවුන් බලන්ට මීගමුවේ සිට ආ නමුත් ඊයේ ලෙඩා අරගෙණ ගිය බව කීවාහ. ඔවුන් සමඟ කතා කරමින් සිටින විට යුරෝපීය ඇඳුමෙන් සැරසුන සිංහල මහතෙක් අප කථා කරමින් සිටි තල් ගස යටට පැමිණ අප මෙන්ම බිම වැටි තිබුනු තල් කඳ පිට වාඩි ව් තමා මැන්දිස් බව ද කීවේය.


278 මහේස්වරී


05. පරිච්ජේදය[සංස්කරණය]

මැන්දිස් - මහත්මයාලා මේ කොයි යන්නේ ද?

මම - අපි දෙන්නත් යම්කිසි කටයුත්තක් සඳහා පොයින්ට් පේදුරුවට යමින් සිටිමු. මේ දෙන්නා ක්ෂය රෝගි‍යෙක් බලන්ට සැනටෝරියමට ගොස් ආපසු යන්නෝ ය. මහත්මයා මෙහි ම පදිංච‍ි කාරයෙක් ද?

මැන්දිස් - නැහැ - මම ඇත පළාතක කෙනෙක් දැන් මෙහි පදිංචිව ඉඳිමි. ක්ෂය ‍රෝගයෙකු බලන්ට යන්ට ඇත කියා සිතා ගෙණම මම මෙතනට පැමිණියෙමි.

මම - ඒ මොකද මහත්මයාට ඒ සම්බන්ධයෙන් යම් කිසිවක් කියන්ට ති‍ැබේද?

මැන්දිස් - ඇත්තෙන් ම මමත් ක්ෂය රෝගියෙක්මි. මට ක්ෂය ‍රෝගය සෑදි අවුරුදු හතකටත් වැඩිය. ගමදී අවුරුද්දක් පමණ නොයෙකුත් වෙදකම් ගෙණ දොස්තර කෙනෙකුගේ නියමය ලෙස බණ්ඩාරවෙලට ගොස් අවුරුද්දක් හිටියා - ඒ තැනදී වැඩි සනිපයක් නැති බැවින් ගමට ගියා. ගමට ගියාම නැවතත් ලෙඩේ වැඩිවුනා. ඊට පසු මේ කීරමලේ කිට්ටුව ගෙයක් අරගෙණ ටිකක් නෑ හුරුකම් ඇති මිනිහෙකුත් සමඟ උයා පිහිගෙණ කමින් ඉන්නවා. දැන් මෙහාට ඇවිත් අවුරුදු තුනක් වෙනවා. යන්තම් ජිවත් වෙනවා මිස කිසි බලාපො‍ෙරාත්තුවක් - සතුටක් ඇත්තේ නැත.

මම - හොඳයි මැන්දිස් මහත්මයාට හත් අවුරුද්දක් මුළුල්ලේ‍ මේ අසනීපය සම්බන්ධවත් පළාත් වෙනස් කිරිමෙන් ඇති ප්රියෝජනය සම්බන්ධවත් යමක් කියන්ට පිළිවන් ද?

මැන් දිස් - ඔව් මහතමයා - මට මහත් කරුණු රාශියක් කියන්ට තිබේ. එකිනෙකා කියන දේවලුත් ‍ෙපාත පතේ තිබෙන දේවලුත් නිකම් හිතන දේවලුත් අනන්ත යි. නමුත් අත් දැකපු - ප්රතත්යනක්ෂ කරගත් කරුණු අවංකව සතර අගතියෙන් තොරව කල්පනා කරණ උදවියටත් ප්රලයෝජන ගන්නා පිණිස මා ප්රනත්යලක්ෂ කරගත් කරුණු රාශියක් මහත්මයාට කියන්නෙමි.

මම - ඇත්තෙන්ම මහ්තමයා “මනුෂ්ය්” නමට සුදුස්සෙකි. යමෙකුට


පියදාස සිරිසේන නවකථා එකතුව 279

විපතක් පැමිණියත් අන්යඑයන්ට ඒ විපතෙන් වැලකීමට ගුරුකම් දෙතොත් ඒ මිනිහා මනුෂ්ය් ආත්මට ලැබු හැබෑ සනුෂ්යීයෙක් වේ. එ බැවින් මහත්මයා බලාපොරොත්තු රහිත වුනත් අන්යු ලෝකයාගේ යහපත සඳහා දැනගත් යමක් ඇතහොත් ඒ කියා දෙන්ට.

මාන්දිස් - එක අතකින් මට මේ ලෙඩේ හැදුනු එක හොඳ බව මම කප්පනා කරමි. ලොක ස්වභාවය ගැන නුවණ මෙහෙයා සලකා බලන්ට හේතුවුයේ මේ භයංකර ලෙඩේ මට වැළදුනු නිසාමයි. මම උත්පත්තියෙන්මට ‍රෝමානු කතෝලික ආගම් කාරයෙක්මි. රෝමානු කතෝලික ආගම් කාරයන් නිදහස් ලෙස යමක් කල්පනා නො කරණ පිරිසක් ය. භක්තියෙන් අන්ධ වු පුජක පාසයේ වැටි ඉන්නා ඉතාමත් දැඩිතර මෝඩයන් අධික ආගම රෝමානු ආගමයි. මට මේ ලෙඩේ හැදී තුන් හතර අවුරුද්දක් යනකොට ලෝකය මවා ආරක්ෂා කරණවයි කියන දෙවියන් ගැනත් - මිනිසුන්ම මවා ආරක්ෂා කරණවයි කියන දෙවියන් ගැනත් - මිනිසුන්ට පිහිටාධාර වෙනවයි කියන සුද්ධ වන්තයන් ගැනත් - වෙනත් අනයයන් ගේ පිහිටාධාර ගැනත් මා තුළ පැවති විශ්වාසය සහමුලින් ම නැති වි ගියේ‍ ය. “කම්මං ස‍තේත විභජති යදිදං හිනප් පනීතතානි” යන ධර්මය මට ප්රිත්ය‍ක්ෂ වුයේය. පුරුව ජාතියේ කරණ ලද බර පතල අකුශලයක ශෙෂ වු විපාක දැන් මට පලදි තිබේ. ඒ ගැන දැන් මම කනගාටු නොවෙමි. මක්නිසාද මා විසින් කළ අයුත්තට-අධර්මයට දඬුවම් විදීම නියම හෙයින . දැන් අප ඉදිරිපිටම දිනපතාම ජිවිත පරිත්යාඬග කරන-අනුන්ට ‍ෙගාදුරුවන හරක්, එළු, බැටළු, සකරාදී ගොට සතුන් දෙසත් මස් කැසුබු ආදි ජලචර සතුන් දෙසත් බැළුවාම - මනුෂ්ය්යන් අතර ඉන්නා ලෙඩුන් රෝගීන් හිඟන්නන් ආදී දුඃඛිතයන් ගැන පුදුම වෙන්ට කාරණයක් නැත. “කළ කළ දේ පළ පළ දේය”යි කී සත්ය් ධර්මය මට දැන් හොඳින්ම අවබෝධ වි තිබේ.

මම - බොහොම ස්තුතියි. මහතමයාගේ ඥානවත් කතාව කොපමණ දීර්ඝ වුවත් අපි අසන්ට කැමති යි. දේව දෘෂ්ටකයෙකු වු මහතාට ක්ෂය රෝගය සැදුනු වේලේ වැටහුනේ එය බෝවුනු එකක් කියාද නැතහොත් මවු පියාදි පරම්පරාවලින් පැවති එකක් කියාද නැතහොත් මහත්මයාගේ විශම ක්රිපයාවලින්





280 මහේස්වරී

ඇතිවුනු එකක් කිය ද?

මැන්දිස් - අපේ පියාට හෝ මවුට හෝ ඒ අප පරම්පරාවේ කාටවත්ම ක්ෂයාරෝගය හැදුනු බවක් දැනගන්ට නැත. අපේ සහෝදර සහෝදරියන් (මාත් සමඟ) හදෙනෙකි. මට බාල දෙදෙනෙකි. ඒ කාටවත්ම මෙබඳු රෝගයක් වැළඳුනේ නැත. මම විෂම ක්රිරයාවල යෙදුනු කෙනෙක් නොවෙමි. සුරාපානය ආදී කිසිවක් කෙළේ නැත. පාඨශාලාවට අවුරුදු දහයක් වනතුරු ගොස් ඉන් ඉක්බිත් අපේ පියාගේ දැව භාණ්ඩ වෙළඳ ශාලාවේ කළමනාකාර වැඩේ කරවින් උන්නාම. මම ක්ෂය රෝගියෙකු සමඟ ආශරනාකයක් කෙළෙත් නැත. නමුත් කොයි විධියකින් වේවා මට මේ රෝගය වැළඳුනා.

මම - මහත්මයා ‍ෙනාදැනුවත්තම ක්ෂය රෝග බීජ ශරීරයට ඇතුල්වන්ට බැරිද?

මැන්දිස් - බැරියයි සහතික කොට කියන්ට මට බැරිය. නමුත් යමෙකුගෙන් මට මේ රෝගය බොඋනාය යන්න මම පිළි‍ෙනාගනිමි. ඉතින් මහත්මයානනි, මගේ ජිවිතය බලාපොරොත්තු සහිත නිශ්ශාර එකක් වුනා ඇත්තකි. කවදාවත්ම මම ස්වභාවික ශරීර ශක්තියෙන් යුතු ප්රීවති සහගතව කල් ගතකළ හැක්කේක් නොවන බව මට නිසැකයි. මා පමණක් නොව ක්ෂය රෝගය හැදුනු කොයි කෙනෙක් වු වත් නොමැරි කලක් ජිවත් වුනත් ඔහුට ‍‍ලෝකයේ අන්යෙ මනුෂ්යජයන් සේ ජිවිතයක් ගත කරන්ට ලැබේ යයි මට නොවැටහේ. ඒ නිසා ක්ෂ ය රෝගය බෝවෙන ලෙඩකි යයි විස්වාස නොකරමි. ක්සය ‍‍රෝගය බෝවෙන් එක්ක නම් මේ මගේ සහකාරයා මාත් සමඟ හතර අවුරුද්දක් එකට ඉඳීයි. එක ‍පතේ කමින් බොමින් - එකම රෙදි පෙරදි අඳිමින් - එක ස්ථානයේ ඉන්නා මොහුටත් බොවිය යුතු නොවේද  ? දැන් බලන්ට ක්ෂගය රෝගීන්ගේ මලමුත්රා දිය අදින කැහි හොටු‍, කෙල, පිරිසිදු කරන කුලීකාරයන්ගෙන් කී දෙනෙකුට ක්ෂය ‍රෝගය බෝවුන බව ඔප්පු කළ හැකිද ? ක්ෂය ‍රෝගය රෝග්යය ශාලාවේ වැඩ කරණ වෛද්යබ වරුන්ගෙන් සාත්තුකාරයන්ගෙන් වෙන වෙන කටයුතු කරන්නත් ගෙන් කී දෙනෙකුට ඒ රෝගය වැළඳුනු බව ඔප්පු කළ හැකිද ?

මම - එසේ නම් මහත්මයාගේ කල්පනවේ හැටියට මේ රෝගය





පියදාස සිරිසේ නවකථා එකතුව 281

වැළ‍ාඳෙන්නට හේතුව කුමක් ද?

මැන්දිස් - නොයෙක් රෝග වැළදෙන්නට නොයෙක් නොයෙක් කරුණු හේතු භූතවේ. මා පිත් සෙම් තුන කිපීමෙන්, විෂම ආහාර පාන ගැනුමෙන්, විෂම ක්රිේයා කිරිමෙන්, සෘතු විපර්යාස විමෙන්, නරක පළාත්වල විසීමෙන්, මැසි මදුරු ආදි විෂ සතුන් දෂ්ට කිරිමෙන්, යනාදි කරුණුවලින් මනුෂ්යායාට නොයෙකුත් ලෙඩ වැළදෙන්ට ඉඩ තිබේ. නමුත් ක්ෂය ‍රෝගය ඒ මොහොකින්වත් වැළදෙන එකක් නොව - කර්ම විපාකයෙන්ම අතිවෙන් රෝගයකි. ඊට ප්රනතිකාරයක්ද ඇත්තේ නැත.

මම - එතකොට මහත්මයාගේ කල්පනාව ක්ෂය රෝගයට බෙහෙත් නැත කියාද?

මැන්දිස් - ම‍ෙග් කල්පනාව නම් ඔයිටත් ටිකක් වැඩියි.

මම - ඒ මොකද ? ඒ කීම මට වැටහුනේ නැහැ.

මැන්දිස් - මගේ වැටහිම දැන් රටට වි තිබෙන එක අන්තරායක් බෙහෙත් වර්ගත්- දොස්තරවරුත් - වේදවරුත් වැඩිකවිමයා. දැන් අපේ රටේ කෑම බිමටත් වඩා පිටරට මෙරට බෙහෙත් වර්ග තිබෙනවා. නොවේද  ?

මම - ඉතින් එයින් රටට හානියක් ද?

මැන්දිස් - සත්තකෙන්ම ඔය ගැන කතා කොළොත් ක්ෂය රෝගකාරයෙක් වන මැන්දිස්ට පිස්සු යයි දොස්තරවරුත් වෙදවරුත් කියනවාට අනුමාන නැත. නමුත් ලෝකයේ ඉන්නා අනන්ත අප්රොමාණ ජනයාගෙන් ටික දෙනෙකුටවත් යම්කිසි ප්රතයෝජනයක් ලැබුණොත් ඒකත් හොඳ නිසා මට පත් විපත්ත - එයින් මට ප්රුත්යොක්ෂවු කරුණුත් කියන්ට කැමතියි.

මම - ක්ෂය රෝගය බෝවෙන්නේ නැද්ද - ඊට ප්‍රතිකාරයක් නැද්ද - එය සුවකරන්ට බැරිද  ?

මැන්දිස් - ක්ෂය රෝගය බෝවෙනවායි කීම අමුලික බොරුවක්. එය කර්ම රෝගගයකි. පුරුව ජාතිකය කරණලද සත්ව හිංසාවක ශෙෂවු විපාකයක් මිස කෙනෙකුගෙන් කෙනෙකුට බෝවෙන් රෝගයක් නොවේ. මේ රෝගයට බෙහෙත්වලින් කිසි පලක් නොවේ. බෙහෙත් ගත් තරමට රෝගයත් උත්සන්න වෙලා ලෙඩා ඉක්මනින් මැරේ. මේ රෝගය වැළදි තැනැත්තා දුක්


282 මහේස්වරී

විඳිමට නියම පවුකාරයෙකි. හොඳ ආහාර පාන ගණිමින් ජනගහණය අඩු හුළඟ තදෙන් හමන ප්රයදේශයක විවේකව ඉන්ට ලැබුනොත් එහෙම කෙනෙක්ට කලක් ජිවත්වන්ට පිළිවනි. සුවකරන්ට නම් කවදාවත් බැරිය. අනිත් අතට ක්ෂය ‍‍රෝගියෙක් සුවපත් වුනත් ඔහු ලෝකයේ ඉන්නා අනිත් උදවිය මෙන් ගිහි ගෙයි කටයුතුවලට රැකිරක්ෂා කිරිමට කය වෙහෙසා බරපතල කර්මානත කිරිමට සුදුස්සෙක් නොවේ.

මම - මහත්මයාට මේ ලෙඩේ වැළදිම නිසා බොහෝ කරුණු රටවාසීන් මුලාවේ වැටි සිටිය කරුණු මහත් රාශියක් නිරාවරණය කරගන්ට ලැබි තිබෙන බව පෙනේ. ඒ නිසා සියල්ලම සිද්ධවන්නේ හොඳටය කි කථාව ඇත්තක් නොවේද  ?

ම‍ැන්දිස් - සියල්ලම සිද්ධවන්නේ හොඳ්ටඇය කි කිම ඉතාමත් සත්යනවු වැදගත් වු ඉතාමත් ප්ර්යෝජනවත්වු කීමකි. අනිකක් තබා ක්ෂය රෝගය වැළදීමත් මට හොදකට ආධාරයක් විය. මේ රෝගය නොවැළදුනා නම් මනුෂ්යය ජිවිතයත් ලෝක ස්වභාවයත් ගැන ඉගෙණ ගන්ට මට ප්ර්ස්තාවක් නොලැබේ. මා උපන් පවුල රෝමානු සභාව නමැති ක්රිතස්තියානියට අයිතිය. මීට අවුරුදු හය දාහකට මෙහා දෙවියෙකු විසින් ‍ෙලාකය මැවු බවත් - ලොභ ද්වේෂ මෝහ සහගත මිනිහෙකුත් ගෑණියෙකුත් මවා ඔවු‍න්ගෙන් බොවුනුන මනුෂ්යියන් ඔවුන්ගේ බෙලි කාගෙණ මැරෙණ බව දැක ඔවුන් වනසා දමන්ට ජල ගැල්මක් එවා එයිනුත් හරි නොගිය බැවින් තමාම මනුෂ්යම වේසයක් රැගෙණ ජිසස් නමින් ඉපදි කුරුසියක ඇත ගැසුමිකා මැරි ගිය බවත් - ඒ මැරි ගිය දෙවියන් හෙවත් ජීසස් ඒ ශරීරය පිටින්ම දිව්යහ ලෝකයට පැමිණ එහි රජකම් කරණ බවත් - ඔහු ඇදහිමෙන් අපටත් ස්වර්ගයට යාමට හැකි බවත් ක්රිණස්තියානි ආගමේ ප්ර ධාන ඉගැන්විම්ය. පුජකයන්ට සිත් වු පරිද්දෙන් පස්කම් සැප විඳිමට උපක්රහමයක්ව පවත්නා මේ බොරුව ජිවත් පිදීමෙන් පවා ආරක්ෂා කර ගැනීමට කැමති පිරිසක් ලෝකයේ ඉඳිති. අවිද්යා්ව හෙවත් සත්යකය නොදැනීම නිසා ඇතිවි තිබෙන මේ මිථ්යාත ආගම්වල බලය කොයි කාලයකවත් ලෝකයෙන් තුරන් නොවන බවත් ඒකාන්තය. ලිහිනි දැලට බැඳුනු කුරුල්ලන්ගෙන්න ගැලවි යන්ට ලැබෙන්නේ ඉතාමත් ස්වල්ප දෙනෙකුටය. එමෙන්ම මේ ලෝකවල ඉන්නා අනන්ත අප්ර්මාන සත්වයන්ගෙන් ටික





පියදාස සිරිසේන නවකථා එකතුව 283


දෙනෙක් පමණක් මේ දුකින් මිදියති. අනිත් අප්ර මාණ සත්ව සමුහයා එක එක වේස වලින් ඉපදෙමින් මැරෙමින් සසර ඇවිදිමින් දුක් විඳිති.

මම - මහත්මයා මේ අසනිපය හැදුනාට පසු කවුරුවත් ආශ්ර ය කරන්ට ලැබිමෙන් මේ විශාල දැනිම ඇතිකර ගත්තෙහිද - නැතහොත් පොත පත කියවිමෙන් ඇතිකර ගත්තෙහිද  ?

මැන්දිස් - මා බණ්ඩාරවේල නැවතී ඉන්නා කාලයේ මගේ මිත්රමයෙක් විසින් විශාල පොතක් මට කියවන්ට දුන්නේය. වැල්ස් නම් ප්රනසිද්ද ග්ර්න්ථ කර්තෘ විසින් ලියන ලද සංක්සිප්ත කරණලද ලොක ඉති‍ාහසය. (Out Line of the World History) නමැති මේ විශාල පොත මාසයකින් පමණ කියවා ඉවරකළ මට වැදගත් පොත් කියවන්නට බලවත් ආශාවත් ඇතිවිය. වැල්ස් මහතා ලෝකයත්, වෘක්ෂලතාත්, සත්වයාත්, මනුෂ්යාවයාත් පටන් ගත් අන්දම කියා තිබෙන්නේ යුරෝපිය ඇමෙරිකාදි රටවල පෘථිවිගර්භ හාස්ත්රදඥයන් ආදි අනුමානයෙන් කරණු කි අය‍ෙග් මතවල එල්ලිගෙණ බව පෙනේ. ලෝකය සූර්යාදි ග්රකහයන්ගෙන් පරිපුරුණ ආකාශ වස්තු රාශියක් බවත් - මේ අප ඉන්නා පොළොව සූර්යය‍ාගෙන් කඩා වැටුනු කැබෙල්ලකින් තැනුනු එකක් බවත් අවුරුදු ලක්ෂ ‍කෝටි ගණන් ගතවිමෙන් පසු තෘණාදියත් සත්වයන් හා මනුෂ්ය න් බෝවුනු බවත් කියති. ඒ නිකම් බෝරු මතයක් බවත් ඒ පොත් කියවාපු මට බුද්ධ ධර්මය ඉගෙණ ගත්තායින් පසු වැටහුණේය. අගක් මුලක් හෝ පටන් ගැන්මක් හා කෙළවරක් හෝ නැති ධර්මතාවයක් තිබෙන බව තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් හොඳට ප්රයත්යබක්ෂ වේ. එක ස්වභාවයක නොපිහිටා වෙනස් වෙමින් පවත්නා මේ ධර්මය සාමාන්ය් මිනිහෙකුට තේරුම් ගෑණිම අපහසුය. මේ නිසාම දෙවියෙක් ලෝකය මැව්වාය. ස්වර්ගයට ගියාය - සදා කාලාක සැප ලැබෙනවාය - යන අග මුල පෙණෙන ධර්මය ලෝකයේ ඉතාමත් වැඩි දෙනෙකුට පහසු වෙන් අවබෝධයක් කරවන්ට පිළිවන. ලෝක ස්වභාවයෙන් සම්පුර්ණයෙන්ම මිදෙනතුරු කිසිම කෙනෙ‍කුට ලෝකය ගැන හරි අවබෝධයක් කරගන්ට බැරිය. සීනි කනතුරු කාටවත්ම එහි රසය නිසැකවම නො තේරෙන්්නාක් මෙනි. සිනි හෝ ලුනුවල රසය යමෙකුගෙන් ඇසිමෙනුත් සීනි පැනි රසය - ලුනු කර රසය කියා කියන්ට





284 මහේස්වරී

පිළිවන් වුවත් - තමාට කාලා රස බලන තුරු නිරවශේෂ වශයෙන් ඒවායේ ගති ගුණ කියන්ට බැරි යම් සේද - එමෙන්ම සතර මඟ සතර ඵලයට පැමිණෙන තුරු ‍ලෝකයේ ස්වභාවයත්, සත්වයන්ගේ ස්වභාවයත්, කාලයේ ස්වභාවයත්, නිසැක ලෙසම කාටවත් කිය නොහැක. ඇසු පමණකින් - පොතකින් පතකින් පමණක් දැන ගැනීමට අනුමාන ඥානයයි කියනු මිස ප්රතත්යපක්ෂ යයි කියා නොහැක්කෙය. ඒ හෙයින් මනුෂ්ය යා විසින් තමාගේම ශරීරයත් හිතත් පිළිබඳ කාරණා සම්පුරුණයෙන් දැන ඉගෙණ අවබෝධ කර ගන්නා තුරු අනයයන්ගේ හෝ ලෝකාදිය පිළිබඳ කරුණු ඉගෙණ ගන්ට විරිය කිරිම අඥාන කමකි. හෝඩිය හොඳින් ඉගෙණ ගන්ට ප්රෙථමයෙන් ව්යාමකරණ ඉගෙණිමක් වැනි මෝඩකමකි. තමාගේ හිතත් ශරීරයත් ගති ක්රි‍යාදියත් තත්වු පරිදි මනා ලෙස ඉගෙණගත් අවබෝධ කරගත් පුද්ගලයා සෝවන් මාර්ගයේ ගමන් කරන්නායි. ආර්ය අෂ්ටාංගික මාර්ගය හොඳින් ඉගෙණ ඒ අනුව පිළිපදින පුද්ගලයාට සෝවාන් ඵලය නොලැබුනත් - සෝවාන් ඵලය වැනි උතුම් ධර්මයක් තිබෙන බැව් නිසැකව වැටහේ. ඒ කොයි ආකාරද කීවොත් ‍කොළඹට කවදාවත් නොගිය නමුත් ගල්කිස්සට පැමිණි කෙනෙකුට කොළඹ කොටුවේ ලයිට් හවුසිය දැකීමෙන් එතන කොළඹ යිය කියා නිසැකවම ගන්ට පිළිවන් වාගේය.

මම - ඉතින් මැන්දිස් මහත්මයාට ශරීරය පිළිබඳව වැටහුනේත් ඒ අනුසාරයෙන් සත්යක ධර්මය තේරුම් ගන්ට හැකිවුයේත් කෙසේද?

මැන්දිස් - මට ක්ෂය රෝගය වැලඳුනේ බෝවිමකින් නොවන බවට ප්ර්ත්ය-ක්ෂය. ඒ නිසාම පුර්ව ජාතියක කළ සත්ව හිංසාවක අනිෂ්ට විපාකයේ ශේෂවු කොටසික් බව මම කලින් කීවෙමි. ඉතින් මේ ශරීරය දුක් පිඩකැයි නිරවශේෂ වශයෙන් දක්වා වදාළ උත්තමයාට වඩා වැන්ද යුතු වෙන කිසිවෙක් ලෝකයේ නැත.

“ඓනපිණ්ඩුපමං රූපං වෙදනා බුබ්බුලුපමා මරිචි කුපමා සඤ්ඤ සංඛ්යාකරා කදලුපමා මායුපමාච විඤ්ඤණං දෙසිතාදිවච බන්ධු නා”




පියදාස සිරිසේන නවකථා එකතුව 285

යන්න දෙහනා කළ උතුමාට තබා උන්වහන්සෙට වඳින චන්ඩාලයාට වැඳිමටත් මම කැමතිවෙමි. ලෝකයක් හෝ සත්වයෙකු දෙවියෙකු විසින් මවන ලදැයි සිතන තරම් අඥානයෙක්වු සිටි මම මගේ අසනිපය නිසා ශරීරයේ ඇති නිසරු භාවයත් හිතේ පවත්නා දුරුවල ගතිත් පරම්පරාගත පුරුද්දත් නිසා මනුෂයයා පහත බැස තිබෙන තරමත් තේරුම් ගතිමි. පුර්ව ජාතිවල කර තිබෙන විවිධ ක්ර මයේ පවුවලට මිනිසුන්ට නොයෙක් අන්දමේ දුක් කරදර අධිකවන විට ඊට ප්ර තිකාර කිරිම අඥානකමේ ඉතාම ලොකු කොටස බව මට හොඳින් වැටහුනේය. ක්ෂය රෝගය වැනි භයංකර ලෙඩක් වැළදීමට නිකම්ම පිළිවන්ද? කෙනෙකු‍ගෙන් බෝවිමෙන් හෝ විෂම සෘතු ගුණ ආහාර පානාදිය නිසා හෝ මනුෂ්ය‍ ජිවිතයක් එහෙම පිටින්ම විනාශ කරණ රෝගයක් හැදෙතොත් - ඒ මනුෂ්ය‍යා ක්රිකයා ශක්තියත් කර්ම ශක්තියත් - පුණ්ය ශක්තියත් නැති අචෙතන වු ගහක් හෝ ඵලයක් වැනි දෙයක් විය යුතුය. ඇත්තෙන්ම බෝවිමෙන් ‍‍හෝ වෙනින් ක්රයමයකින් මනුෂ්යුයාට රෝගාදිය වැළදෙන්ට ඉඩ ඇතත් එය මර්දනය කිරිමේ ශක්තියකුත් මනුෂ්යමයාට තිබිය යුතුමය. ඇතැම්විට සමහර ගස්වැල් ආදියේ යුෂ ආදියෙන් සමහර රෝග ඉක්මනින් සුවකර ගැණිමට පිළිවන් විය හැක. ආගන්තුක වශයෙන් පැමිණෙන ලෙඩ රෝග ආදිය දමනය කොට ‍නිරෝගිව ස‍ුවසේ ඉන්ට පිළිවන් ප්රඩකෘති ශක්තියක් මිනිසුන්ට තිබිය යුතුමය. පුර්මයෙහි කරණ ලද බරපතල අයුතුකම් වලින් ශේෂවු කර්ම විපාක විඳින්ට සිද්ධවුනොත් මිස අනිත් බාහිර කිසිවක් නිසා මනුෂ්යම ජිවත නිස්සාර විය නොහැකි බව මට වැටහුනේ දැනට අවුරුදු තැන හතරකටත් ප්රවථමය. නමුත් මෙහිදී මුලාවෙන්ට එපා. මෙලොවදිම තමා විසින් කරගන්නා දරුණු කර්මයක් නිසාද ජිවිත විනාශයත් දරුණු රෝගාදියත් සිද්ධවන්ට බැරිකමක් නැත. යම් මනුෂ්යජයෙක් පූර්වරයෙහි කරණ ලද නපුරු පාපකර්මවල විපාකයකින් හෝ මේ ආත්මයේදි පාප මිත්රප සේවනාදිය නිසා අඥානව නොමඟ ගොස් කරණ ලද පාප කර්මකින් හෝ මිනිසෙකුට දරුනු ලෙඩ රෝග හා තරුණ කාලේ මරණය ආදී විපත් සිදුවෙනවා මිස අන්යු බාහිර උපක්රාමයක් නැති බව මම අවබෝධ කරගතිමි. මම මේ ආත්මයේදී මිනීමැරුම් හෝ සත්ව ඝාතනයක් හෝ සුරා බිමක් හෝ දරුණු ලෙඩ රෝගාදි ඇති නීච ස්ත්රීතන් සංසර්ගයක් හෝ වෙනින් නපරු ක්රිවයවක් නොකළ බව හොඳින් ම දනිමි. ඉතින් මට මේ භයංකර අසනීපය ඇති වුනේ පූරුව කර්මවිපාකයකින් නොවේනම් කොහොමද ?






286 මහෙස්වරී

මම - හොඳයි මහත්මයාගේ අවබෝධය ඉතාමත් හොඳය. පැසසිය යුත්තකිය. ඉතින් මේ ලෙඩේට බෙහෙත් කිරිම මොඩ කමක්ය කියන්නේ මෙන්ද?

මැන්දිස් - මේ ලෙඩේට පමණක් නොව වෙන ලෙඩකට පවා බෙහෙත් ගත යුතුයයි මම නොකියමි.

මම - අසනීපයක් ඇතිවුනාම බෙහෙත් නොගෙණ කුමක් කරන්ටද ?

මැන්දිස් - (හයියෙන් සිනාසී) රටේ සම්මතවි සිද්ධාන්තවි තිබෙනන නිසා බෙහෙත් ගන්නවා මිස නැත්නම් කිසි ඕනෑ කමක් නැත. යන්තම් උනක් ගත්විටම බෙහෙත් කෙරෙහි බලවත් භක්ත්යාකදරයක් ඇති මිනිහාට බෙහෙත් නොගත්තොත් අර තමාගේ හිතේ පවත්නා සැකය නිසා - සමහර විට සුළු වශයෙන් අටගත් උනය වැඩි වෙන්ටත් බැරි නැත. නමුත් බෙහෙත් කෙරෙහි භක්තියක් නැත්නම් උනය අටගත්තා මෙන්ම බැසලා යනු ඒකාන්තය.

මම - මොකද මහත්මයාගේ අදහස තව දුරටත් එය විස්ර කරදෙන්ට  !

මැන්දිස් - එහෙනම් මහත්මයාට සිද්ධවෙච්ච කරුණක්ම කියමි. දැන් අප ඉන්නා කීරමලේ ගෙදර කුඩා ඉඩමක් තිබේ. තල් අතු වලින් ආවරණය කරණ ලද ඒ ඉඩමේ පවුල් කීපයක් පදිංචිව සිටිති. එයින් එක ගේකට එක් සවස් භාගයක පොළ‍ඟෙක් ඇත්ල් වුනේය. එහි සිටි උදවිය භයවුනා නමුත් පොළඟා ට ගහන්ට එලවන්ට විරිය නොකර පැත්තකට වුහ. එහා මෙහා පොළඟා ඒ ගෙයි ඇවිද ඉක්බිති එලියට අවුත් කැලැවට යන්ට ගියේය. ඒ බව දුටු ඉලන්දාරියෙක් හො කොල්ලන් දෙතුන් දෙනෙක් පොළඟ මරා දමන අදහසින් ඌට ගහන්ට පටන්ගත්තෝය. එයින් කිපුණු පොළඟා ලොකුම එකාගේ ඇඟට පැන දෂ්ට කළේය. තවත් කොල්ලෙකුගේද අඟ පැන දෂ්ට කොට මැරුම් නොකා කැලේට වැදි ගත්තේය. ඒ දෂ්ට කරණු ලැබු දෙන්නාට නොයෙක් මන්ත්රක ගුරුකම් හා බෙහෙතුත් කළ නමුත් හතර දිනක් ඉකුත්වන්ට පෙර මැරුණාහ.

මම - ඉතින් මහත්මයා මෙයින් කියන්ට හදන්නේ කුමක්ද?

මැන්දිස් - මා කියන්ට හදන එක සමාවෙලා ටිකක් ඉවසිල්ලේන්




පියදාස සිරිසේන නවකථා එකතුව 287


අසාගෙන ඉන්ට, පොළඟා පැමිණියේ ගෙදරකටයි. හතර පස්දෙනෙක් ලමා ලපටින් සිටිය නමුත් ඒ ගෙදර කිසිවෙකුටත් දෂ්ට නොකොට පොළඟ යන්ට ගියේය. නමුත් අහක සිටි පිර‍ිසක් ඉදිරියට අවුත් කැලේට රිංගන්ට දුවන පොළඟාට අඩන්තේට්ටම් කළාහ. මර භයින් හා තද කෝපයෙන් යුත් පොළඟා තමාට අඩන්තේට්ටම් කළ දෙන්නාම සපා කා යන්ට ගියේය. ඇත්තෙන්ම පොළඟට හිංසා පිඩා නොකළා නම් ඌ කිසිවෙකුටත් දෂ්ට නොකොට කැලේට වදින්නේය. මේ කාරණය මහතමයා ඇත්තක් ලෙස පිළිගන්නෙහිද ?

මම - සම්පූරුන ඇත්තක් ලෙස මම පිළිගණිමි. මා පමණක් නොව සත්ය පිළිගැණිමට කැමති හැම දෙනා විසින්ම පිළිගත ය‍ුත්තකි.

මැන්දිස් - ලෙඩ රෝගත් සර්පයින්ට සමානයි. ක්ෂය රෝගය පොළඟසකුට සමාන යි. අතිසාර, උන සන්නිපාත ආදිය නයි මාපිල් ආදී සර්පයන්ට සමානයි. ඉතින් මේ ලෙඩක් නමැති සරුපයෙක් මනුෂ්යඋයාගේ ශරීරය නමැති ගෙට ඇතුල් වුන විට ඒ ශරීරය නමැති ගේ අයිතිකාරයා - ඒ සර්පයාට ගසා එලවන්ට තැත් කරයි. ඒ ගැසීම නම් බෙහෙත් කිරිමයි. ලෙඩේ නමැති සර්පයා මැරෙන්ට තරම් වේගවත් ඖෂධ නමැති පහරක් දුන්නොත් ඒ ලෙඩේ නමැති සර්පයා මරෙනු නියතයි. නමුත් එබඳු නිසැක පහරක් දෙන්ට ලැබෙන්නේ අහම්බෙන් කලාතුරකිනි. ලෙඩේ නමැති සර්පයාට සමහර බෙහෙත් නමැති සුළු පාරවල් දෙන්ට දෙන්ට ඒ ලෙඩේ නමැති සර්පයා කිපෙන්නේය. එසේ තදබල ලෙස කිපුණු ලෙඩ සර්පයා ශරීරය නමැති ගේ අයිතිකාරයා වන පුද්ගලයාට හෙවත් ප්රාපණයට දෂ්ට කොට වහා මරාලන්නේය. ලෙඩ නමැති සර්පයා ශරීරය නමැති ගෙට ඇතුල්වුනාම කිසි හැල හොලමනක් නැතිව නිකම් සිටියොත් ඒ ලෙඩ නමැති සර්පයාගෙන් අනතුරක් විපතකි වන්නේ කලාතුරකිනි. නමුත් නොයෙකුත් බෙ‍හෙත් වර්ග නමැති පොලු පහරවල් දෙන්ට පටන් ගත්තොත් ඒ රෝග නමැති සර්පයා විසින් දෂ්ට කරණු නොලැබ ගැල වෙන්නේ එහෙමත් කෙනෙකි.

     ලෙඩ වැළඳුනු විට බෙහෙත කිරිමෙනන් යමෙක් සුව වුනත් ඔහුට වැඩිකල් යන්ට මත්තෙන් වෙනින් ලෙඩක් වැළඳිම ඒකාන්තය. ඉතින් ඔහුගේ මුළු ජිවිතයම බෙහෙත් බිමෙන් ගත කරන්ට සිද්ධවන එකකි.




288 මහේස්වරී


බලන්ට සමහර අයට මද්යනපානය එක්තරා බෙහෙතකි. යම්කිසි කෙඩෙත්තු ගතියක් නැතනම් බඩේ ගායක් ඇතිවු විට සමහර මත්පැන් ටිකක් බොති. ඉතින් එවේලාවට ඇගේ උණුසුමත් ඇතිවි ශක්තියත් නැගි - ඒ බිපු මිනිහාගේ අමාරුව නැතිවුනාක් මෙන් දැනේ. නමුත් සිද්ධවුනේ අනිකකි. ඇගේ පැවති දුර්වලකම එක ස්ථානයක තිබි මුළු ශරීරයේම පැතිර යාමට මේ මත්පැන් නමැති බෙහෙත ආධාර වුයේය. එක තැනක දැඩිව පැවති ආබාධය සර්වාංගයේම පැතිර ගියාම ඔහුට එක්තරා අමුතු හැඟිමක් ඇතිවුනා මිස වෙන කිසිවක් සිද්ධවුනේ නැත. නමුත් ටික වේලාවක් හෝ නැතහොත් දවස් දෙකක් තුනක් යන විට ඒ ආබාධය පළමු දිනේට වඩා තදෙන් දැනෙන්නේය. ඉතින් පළමු බිව් තරමට සුරා බිමෙන් ඒ ආබාධය හෙවත් දුර්වලකම මග අරෙන්නේ නැත. ඉතින් කුමක් කරන්නේද ? පළමු දිනේ බිගත් සුරාවට වැඩියෙන් හෝ ඒ සුරාවට වඩා සැර ඇති සුරාවක් බිය යුත්තේය. ඉතින් මේ අන්දමට අවුරුද්දක් හමාරක් පසුවෙන කොට ඒ පුද්ගලයා සුරා නමැති කිඹුලා විසින් එහෙම පිටින්ම ගිලිනු ලබන්නේය. බෙහෙ‍තුත් මෙයාකාරමයි. නොයෙකුත් විෂ කැලෑ කොළ අරගෙණ තනන බෙහෙත් වලින් යම්කිසි ලෙඩක් සුවවුනත් - ශරීරයට වැටුනු විෂ වලින් ශරීරය එහෙම පිටින්ම දුෂ්යසකිරිම එකාන්තය. එපමණක් නොවේ. තමාටම හෝ තමා‍ගේ හිතවත් කෙනෙකුට රෝගයක් වැළදුන විට නුවණින් ඉවසිල්ලේන් ක්රිවයාකිරිමට බොහෝ දෙනෙකුට බැරිය. ඉතින් එබඳු අයට අතමිටත් තිබෙතොත් දිනකට දෙතුන් දෙනා බැගින් වෙදවරු ගෙන්වා බෙහෙත් කරති. වෙදවරුන් අතර ඉතාමත් හොඳ කරුණා මෛත්රීු ආදී ගුණයෙන් යුත් සත්පුරුෂයෝ සිටිති. නමුත් මුදල්ම උපයා ගැණිමේ අදහස ඇති වෙදවරු සිටිති. ශරීරය පිළිබඳ නිසැක දැනීමක් නැති වෙදවරුද බොහොය. ඉතින් වෙදකමට පැමිණිමේදී ‍නොයෙක් විදියේ වෙදවරුන් විසින් දෙන ලද පහරවල් කමින් ශරීරය නමැති තුඹසේ වාසය කරණ රෝග නමැති සර්පයා කොයි වේලේ ලොඩා මරා ගණිදැයි කාට කිය හැකිද? ලෙඩා මළාම වෙදාට ඇති කණගාටුවක් නැත. තමාගේ බෙහෙත්වල මිළත් ගමන් ගාස්තුවත් ලැබුනොත් වෙදාට හොඳටම සෑහේ. ඉතින් නොයෙකුත් වෙදකම් කොට යම් කෙනෙකු සුවපත් කළත් - එතැන් පටන් මාසෙන් මාසෙට හෝ දෙතුන් මාසෙන් මාසේට - ඒ ආතුරායට ලෙඩ වැළදෙනු එකාන්තය. හරියටම සුරු බිමෙන් හෝ අබිං කෑමෙන් යම් කිසි ආබාධයක් සුව කරගත් මිනිහාට ඒ සුරා නොබිවොත් නැතහොත්





පියදාස සිරිසේන නවකථා එකතුව 289


අබින් නොකැවොත් ඔහුගේ ආබ‍ාධය ඉදිරිපත් වන්නාක් මෙනි. ලෙඩ රෝවලට බෙහෙත් උවමනා කරන්නේ හිත දුර්වල චපල මිනිසුන්ට පමණකි. බෙහෙත් බොන තුරු නැතහොත් අසවල් වෙද මහතාගෙන් බෙ‍ණකහෙත් ගන්නා තුරුම මගේ අසනීපය සුව නොවේය යන කල්පනාව සාමාන්යත මිනිසුන් තුල පවත්නා එකකි. ඒ මනෝරථය සම්පුර්ණ වනතුරා ලෙඩය සුව නොවේ. සුව වුනත් ඒකාන්ත සුවයක් නොවේ. මක්නිසාද ?ලෙඩ වැළදි මිනිහාගේ සිතේ පවත්නා වහල් දුරුවල සිත තෘප්තියට පත් නොවු බැවින්ය. සමහර පළාත්වල මිනිසුන්ට විශේෂ වශයෙන් ස්ත්රිපන්ට නුලක් බඳිනතුරු, හුනියමක් කපනතුරු, බලියක් අරිනතුරු, යන්තුයක් බඳිනතුරු - කොපමණ වෙදකම් කලත් ලෙඩ හොඳ වෙන්නේ නැත. දැන් යුරෝපාකාරයෙකුට එක නුලක් නොව නුල් කරත්තයක් බැන්දත් ඔහුගේ අසනීපයට පිරිමැස්මක් වේද ? සත්තකෙන්ම නැත. මක්නිසාද ? නුල් බැදිම කෙරෙහි කිසිම විස්වාසයක් ඔහු තුල නැති බැවිනය. යන්ත්ර මන්ත්ර බලි බිලි තොවිල් ආදිය කෙරෙහි විස්වාසයක් නැති බැවින් යුරෝපාදි රටවල මිනිසුන්ට එයින් පලක් නැත්තේය. නමුත් ඒවා කෙරෙහි විස්වාසය ඇති ලක්දිව ඉන්දියාව ආදී රටවල මිනිසුන්ට එයින් ප්ර්යෝජන තිබෙන බව කියති. බලවත් විස්වාසයක් - භක්තියක් - ආදරයක් පවතින මිනිහාට කිසිම අත්තක් සාරයක් නැති පල්ම බොරුවන යාග ‍හෝමා යන්ත්රප මන්ත්රිවලිනුත් ප්රියෝජන ලැබෙන බව පෙනේ. ඉතින් එයින් වැටහෙන්නේ ඇත්තකට හෝ බොරුවකට හිතේ ආශාවක් - බලවත් ආශාවක් තිබෙතොත් - ඒ ආශාව සංසිඳුනු හැටියේම මිනිහෙකුට සතුටක් ප්‍රීතියක් ඇතිවන බව නොවේද  ? ඉතින් බෙහෙත් ගැනත් ඒච්චරමයි. මට අසවල් වෙද මහතාගෙන් බෙහෙත් ලැබුනොත් මගේ අසනීපය සුවවේය යන හැඟිමක් ඇති වු කෙනෙකුට ඒ වෙද මහතාගෙන් මොනම දෙයක් කෑවත් බීවත් ලෙඩේ හොඳ වේ. අසවල් වෙද මහතායයි කෙනෙකුට නොහැඟුනත් ලෝකයේ ප්රේසිද්ධ වෙදෙකු හෝ දොස්තර කෙනෙකු දැකීමෙනුත් ඔහුගෙ බෙහෙත් ගැණිමෙනුත් බොහෝ දෙනාට සනීප ලැබේ. අනිත් අතට කෙතරම් ප්රෙසිද්ධ දක්ෂයන්ගෙන් බෙහෙත් නොගෙණ ලෙඩ රෝග ගැන නොසලකන මිනිස්සුද සිටිති. ඔවුන් අතර බෙහෙත් ගන්නන් අතර තරමට මරණ බහුලව නැත. ඉතින් බෙහෙ‍ත් ගැණිම හිතේ තිබෙන ආසාව සංසිඳවිමක් මිස අනිකක් නොවේ.

මම - හිටින්ඩ මැන්දිස් මහත්මයා - අප ඇස් ඉදිරිපිටම බෙහෙත්





290 මහේස්වර‍ි

වලින් සුව ලැබි තිබේනවි  !

මැන්දිස් - අපේ ඇස් ඉදිරිපිටම බලි බිලි යාග හෝමාදියෙන් ගුණ ලැබෙන්නේ නැද්ද ?

මම - වෛද ශාස්ත්ර ය මහා ගැඹුරු ඉතාමත් උසස් පණ්ඩිත වරුන් විසින් උපදවන ලද්දක් බව කියති.

මැන්දිස් - ඔව් ඉතින් මොකද  ? පන්ඩිතයන්ට මිස මොකුත් නොදන්නා කෙනෙකු වෛද්යු ශාස්ත්ර ය, නක්ෂත්රරය. මන්ත්ර් ශාස්ත්රවය, කාම ශාස්ත්රනය ආදි කිසිම ශාස්ත්ර්යක් උපදවන්ට හෝ ඒ පිළිබඳ පොතක් පතක් ලියන්ට හෝ බැරිය. ඉතින් රටේ පැවති යන්තමින් වත් ශාස්ත්රතවලට - නවත නැවත උපදින පණිඩිතවරු අටුවා ටිකා අනුටිකා ආදි විස්තර එකතු කරමිනුත් අමුතු අමුතු විධියේ‍ බෙහෙ‍ත් - ගුරුකම් ආදිය හදමිනුත් ගුරුන් නාන්සේට වඩා අධික ධන සම්පතුත් කීර්තියත් ගෝලයා විසින් ලබාගනු සිරිතකි. රටේ මෝඩයන් දුක්ඛිතයන් අධිකවන තරමට වෙදවරුන්ගේත් වෙන වෙන ගුරුකම් කාරයන්ගේත් “කරල” පැහේ. වෙදකම් නක්ෂත්රග ගුරුකම් සියල්ලක්ම පරම්පරා ගතව ඇති වෙන මිථ්යා” චාරිත්රෙ නිසා ඔප වැටෙනු මිස - එහිම සත්ය යක් නිසා ඇති නොවේ. දැන් බෙහෙත් වර්ග තනන වට්ටෝරු වෙදුන් දෙස බලමු. බෙහෙත් ගුණ කෙසේ වෙතත් ඔවුන් ප්රටසිද්ධ කරණ පොතේ බෙහෙත් ගැන කියා තිබෙන වර්ණනාව කියවු මෝඩ ලෙඩාට ඒ බෙහෙතෙන් බෙහොම ගුණ ලැබේ. මක්නිසාද  ? සිත වසඟවන අන්දෙමට ලියා තිබෙන දැන්විමෙන් ඔහුගේ හිතට බලවත් ප්රීතතියක් ඇතිවිම නිසාය. ක්ෂය රෝගය ආදී නිධන්ගත රෝග ඇති උදවිය ඒ සඳහා වෙදුන්ටත් බෙහෙත් වලටත් දෙන මුදලෙන් - ශරීරයට පොෂ්යා දයි රසවත් ආහාරපාන පිළියෙල කරගෙන කතොත් බොතොත් සමහර විට ඔවුන්ට සනීප ලැබෙන්ටත් පිලිවන. නමුත් බෙහෙත්ුන් ගත්තොත් අවුරුද්දක් ජිවත් වන්ට ඉඩ තිබුනු මිනිහා දෙතුන් මාසෙන් මිය යාම නිසැකය.

මම - ඇත්තෙන්ම මැන්දිස් මහාත ප්රයත්ය‍ක්ෂ වශයෙන් දැන ගත් කරුණු පොත් පත් කියවිමෙන් දැනගන්නා දේට වඩා වටිනා බැවින් අද අපට මහත් ලාභයකි.

මැන්දිස් - ක්ෂය රෝගය වැළදිම තරම් දුකක් තවත් ලෝකයේ නැත.




පියදාස සිරිසේන නවකථා එකතුව 291


නමුත් එය වැළදිමෙන් මට වුයේ මහත් ලාභයකි.

මම - ඒ මොකද  ? කරුණාකර එය විස්තර කර දෙන්ට.

මැන්දිස් - සංසාරයේ ඉඳිමස රජෙක් දෙවියෙක් බ්ර හ්මයෙක් වි ඉඳිම වුවත් දුක බවත් - කරණ ලද පාපයට නොඅනුමානව විපාක ලැබෙනු ඒකාන්ත නිසා පවෙන් වැලකිමේ අවශ්යකතාවය අවබෝධ විමත් මට ලැබුනු ‍ලොකු ලාභයකි. අපේ රටේ සිද්ධාන්තව පවත්නා බොරු අතරෙන් ලෙඩට බෙහෙ‍ත් ගැණිම, යාග, හෝමා, බලි බිලි ආදිය කිරිම, දෙවියන් යයි කියා නම් රාශියකට භාර හාරවිම, ඒ දෙවියන් යයි කියා ඉන්නා නාම නිසා රැකෙන කපුරාලලා පුඡකාදී කපටින්ට ගරු කිරිමේ අඥානකම ආදි කාරණා රාශියක්ද මගේ අසනීපය නිසා දැන ගැණිමට මට පිළිවන් විය. ඒ ම‍ෙග් ප්රකත්යයක්ෂ දැනිමෙන් මට පමණක් නොව නිර්භිතවු සත්යාකවාදී වු මිනිසුන්ටද ලාභයක් වනු නිසැකය.

මම ‍- ඔව් මැනිදිස් මහත්මයා - අද අපට ස්ම්මුඛවිම ගැන ප්රී ති වුනා. අපේ මේ දිරඝ කථාවනේ සිංහල ජාතියට ප්රියෝජනයක් විය හැකිය. මැනිදිස් මහාතට ස්තූතිකර මමත් මා සමඟ සිටි පුන්චි මහත්මයාත් අපේ ගමනට පිටත් විමු. මෙ‍ෙලාව ගැනි කිසිම බලාපොරොත්තුවක් නොමැති නමුත් ප්රිමතිසහගත සිතින් ධර්මශාස්ත්රැ මෙනෙහි කිරිම නිසා දැඩි තණ්හාවත් මෝහයත් මඳක් තුනී කරගෙණ ඉන්නා මැන්දිස් මහතාන් කිරමලේ පැත්තට යන්ට ගියේය.


06. පරිච්ජේදය[සංස්කරණය]

    අපි හෙමින් හෙමින් කන්කසන්තුරේ සැන‍ටෝරියම් නම් ආරෝග්යතශාලාව දෙසට ගමන් කළෙමු. තැන් තැන්වල කුඩා ගෙවල් තිබේ. විශාල කොන්ත හා කුරුස ඒල්ලාගත් දෙමළ ස්ත්රීනන් තැන් තැන්වල දකින්නට වුන්හ. සැනටෝරියම් ශාලාමට ආසන්නයේ අපි සිංහල මහතෙකුගේ පොල් වත්තක් තිබෙන බැව් අසා ප්රීමතිවිමු. ජාපනේ දිස්ත්රි්ක් විනිශ්චයකාර පදවියෙහි නියුක්ත කාලයේ පෝල් ඇඩ්වඩි පිරිස් සමරසිංහ සිරිවර්ධන දෙරණියගල මහතා අයිතිකරගත්ත යි කියන මේ කුඩා බිම් කැබැල්ල ඇර වෙනින් අඟලක ප්රලමාණ බිම්


292 මහේස්වර‍ී

කැබැල්ලක්වත් සිංහලයන්ට ජාපනයෙන් අයිති බවක් අසන්නට නොලැබුනේය. මමත් මගේ මිත්රි පුන්චි මහත්මයාත් කන්කසන්තුරේ සැනටෝරියම් නම් ආරෝග්යගශාලාවට ගියෙමු. මුද අද්දරින්ම තනා තිබෙන මේ ආරෝග්යයශාලාව ක්ෂය ‍‍රෝගීන්ය නොව - ක්ෂය ‍‍නරෝගය වැළදි මඳක් සුවපත් වුවන්ටත් - ක්ෂය රෝගය හැදිගෙන එන්නන්ටත් නැවතීමට සැදන ලද්දකි. අප යන අවස්ථාවෙහි එහි භාරකාර වෛද්යටචාර්යවරයා නම් රණවක දොස්තර මහතා අපට මුළු ආරොග්යභශාලාවම හොදින් පෙන්වා දෙන ලදී. ස්ත්රීට පුරුෂ දෙපක්ෂයට වෙන් වෙන් වශයෙන් සැදන ලද්දාවු ආරෝග්යන ශාලාවේ වෛදයචර්යවරියක් නැතත් ඉතා හොඳ පලපුරුද්දක් ඇති මේට්රයන් (ප්ර්ධාන සාත්තුකාරිය) කෙනෙක්ද වුවාය. ප්රුසිද්ධ දොස්තර මහතෙකුගේ සොහොයුරියක් වන ඒ තරුණ නෝනා රෝගීන් කෙරෙහි දයාවක් ඇති වෙහෙස මහන්සිවි ලෙඩුන්ගේ සැප පහසු සලසන කෙනෙක් බව අපට පෙනුණේය. අප යන විට ‍රෝගිවු පුරුෂයන් 21 දෙනෙකුත් ස්ත්රීඅන් හතර දෙනෙකුත් වුන්හ. ඒ මේ එක එක ආතුරයාගෙන් කෑම් බිම් ඉඳුම් හිටුම් ප්රීතිකාරාදි සියල්ලක් සඳහා මසකට රුපියල් හැටක් අයකිරිමට නියමව තිබු‍ෙණ්ය. එතන දෙන්නාවු කැම් බිම් ඉඳුම් හිටුම් සප පහසු ආදිය ගැන සලකා බලනවිට ඒ රුපියල් හැටත මදි තරමිය. නමුත් ආණුඩුව විසින් මහජන මෙහෙය සඳහා පවත්වන ස්ථානයක් බැවින් සමකට රුපියල් තියක් ගැණිමට නියම කර ගත්තොත් රට වැසි ‍රෝගීන්ටත් සහනයක්වා මෙන්ම දැනට වඩා රෝගීන් පැමිණිමෙන් ආණිඩුවටද ඒ ස්ථානය රෝගීන්ගෙන් සම්පුර්ණ කර ගැණිමට පිළිවනවනු නිසැකය. මේ ස්ථාන‍යේ බඩු බාහිරාදිය භාරකාර කාර්තිගෙසු නම් දෙමළ තරුණ මහත්මයාද ‍අපට මුන ගැසුනේය.

      මේතාක් අපට මුන ගැසුනු දෙමළ මිනිසුනගෙන් ආගන්තුක සත්කාරයට කැමති පළමු‍වෙනියා මොහු යයි කිය යුතුය. මේ තරුණ මහතා කොළඹ නිවැසි ද්රිිවඩ වෙළෙදෙකුත් පුත්රයයෙක් බවත් ආනන්ද ශාස්ත්රම ශාලාවේ ශාස්ත්රෝ ද්ග්ර හණය කල කෙනෙක් බවත් පසුව දැනගතිමි. මේ මහත්මයා සිය කැමැත්තෙන් තමා නවති ඉන්නා බංගලාවට අප කැදවා රාත්රීි භෝජනාදියත් හොඳින් සලස්වාදි සැප පහසු ලෙස නවතින්ට සලස්වා දුන්නේය. කාර්ති ගේසු මහතාගේ සත්කාරයෙන් පුමුදිතවු අපි පසුදින උදේ බස් රථයකින් පොයින්ට් පේදුරුවට ගියෙමු. එහි දර්ශණිය වරායත් දුපතුන් මුහුදත් බලා නොයෙක් තැන්වල ඇවිද 






පියදාස සිර‍ිසේන නවකථා එකතුව 293

මහෙස්වරී ඒ පළාතට කවදාවත් නා බව නිසැකව තේරුම්ගත් අපි කුමකින් කුමක් කරම්දොහෝයි සිතමින් දවස් දෙකක්ම තානායම්පලේ නැවති සිටියෙමු.

 ‍පොයින්ට් පේදුරුම වැඩි විශාල නගරයක් නොවේ. නමුත් එහි ඉන්නා කඩිසර ද්ර්විඩ ජනයා හොඳින් කල් ගතකරති. කුල භේදාදිය පවත්වන මේ ද්ර විඩයන් තුලපවත්නා උස් පහත් පිළිවෙල ඔවුන්ට කරදරයක් බව නොපෙනේ. උසස්ය කියන කුලේ මිනිහාට ගරු කිරිම පහත්ය කියන කුලේ මිනිහාට ප්රී.තියක් මෙන් වැටහේ. සිංහල මිනිසුන් කෙරෙහි සාමාන්යට වශයෙන් කුළු පග කමක් නැතත් මෙහිදි සිංහල  තරුණන් කීපදෙනෙක් මොටෝ කාර් ඩ්රායිවර්වරුන් මෙන් සිටිති. මා දුටු තරුණ සිංහල ඩ්රීයිවර් කෙනෙක් ඔහුගේ කාරය නවත්වා මා කාරයට නංවාගෙණ මහත්මයා යන්ට උවමනා කොයිබට දැයි ඇසුයේය. මාත් සමඟ ගිය පුන්ච් මහත්මයාත් තානායමේ බැවින් එහි යා යුතු යයි කිවිට මාත් සමඟ තානායමට ‍ෙගාස් මගේ තොරුතරු ගෞරවයේන ඇසුයේය. මහෙස්වරිය පිළිබඳව යම් කිසි තොරතුරක් මොහු‍‍  ගෙන් දැනගත හැකැයි කල්පනා කළ මම පොයින්ට පේදුරුවට පැමින අදහස් විස්තර කොට කිවෙමි. “කොන්ගොඩ වික්ර්මපාල”යයි කී හැටියේ ප්‍රමුදිතවු මේ තරුණයා තමාට මිත්රකයෙක් කී ආරිංචියක් මෙසේ කීයේය. “ජාපනේ ප්රිසිද්ධ මනියාගාර් කෙනෙකුගේ ගෙදර සකල ස්ත්රිම අංගයන්ගෙන් යුත් ස‍ිංහල තරුණියක් සිටියාය. අවුරුදු 15 කට 16කට වඩා වයස්ගත නොවු ඒ තරුනිය ඇත්තෙන්ම අපේ රටේ කලාතුරකින්වත් නොදැක්ක හැකි තරම් තරුණියකි. මේ තරුණිය මනියිගාර්ට කොහොම සම්භවුනාද කොයිබින් ආවාද කියා දැන ගන්නට බැරිය. මනියාගාර්ගේ ඩ්රවයිවර් දැන් එතැන නැත. ඒ තරුණියත් දැන් ඒ ගෙදර නැත. ඉතින් මේ තරුණිය අමරසිංහ විසින් ඇරගෙන යන ලදැයි අප කිප දෙනෙක්ම සිතාගෙන සිටිමු. ඉතින් ඒ රූපත් තරුණිය මහෙස්වරිද කියන්නට අපි නොදනිමු. මහත්මයා ඒ කාරණය ටිකක් පරික්ෂා කළොත් ඇත්ත දැනගත හැකි වේය”යි කි විට මගේ හිත තවත් පැටලිල්ලකට පත්වුයේය.
     මගේ අවත් මිත්රැයා වන ඒ ඩ්ර”යිවර  සමඟ කථාකරමින් ඉන්නාවිට රෙස්ට්හවුස් කීපර් මා වෙත පැමිණ මහත්මයාගේ නම “කොන්ගොඩ වික්රයමපාලද”කියා ඇසුවේය. මක්නිසාද රෙස්ට් හවුස් පො‍තේ මගේ නම් ලියා තිබේන්නේ “ඩබ්ලිවු. කොන්ගොඩ” කියා බැවින් ඔහුට තේරුම් ගැනිම දුෂ්කරවු බැවිනි. ‍ “ඔව්, ඒ මම තමාය” කිවාම ඔහු





294 මහේස්වරී

අතේ තිබුනු විදුලි පුවත මට ලැබුනේය. එම විදුලි පුවත පෙරේරා නමැති කෙනෙකු විසින් එවන ලද්දකි. “වහාම මැදවච්චියට ආ යුතු”යි පමණක් විදුලි පුවතේ සඳහන් කර තිබුනේය. මුලකුර නොමැති බැවින් පෙරේර‍ා කවුදැයි මට නිශ්චය කර ගත නොහැකිවු නමුත් - මැදවච්චිය කීවාම මුළු වන්නි පළාතම සම්බන්ධ විශාල රටක් නිසා - මහෙස්වරිය විපරම් කරිමට ඒ පැත්තට යා යුතුය සිටි මම ඒ විදුලි පුවත නිසා අදම පිටත්වෙමි යි සිතා - රෙස්ට්හවුසියේ ගණුදෙනු බේරා මගේ මිත්රලයන්ටත් කියා මම නැවතත් කනකසන්තුරේට පැමිනියෙමි. මගේ මිත්රමයා වන පුන්චි මහතාට ඔහු පදිංචි ඉන්න ගමට යාමට කියා සවස 6 ට පිටත්වන දුම්රියෙන් මැදවච්චියට යන පිණිස ගමන් ගතිමි. එදා දුම්රියේ සෙනග බොහෝය. මඩුපල්ලියට යන දෙමළ විනිසුන් හා ස්ත්රී න් ගෙන් අතුරු සිදුරු නැත. මා නැග වුන්නේ දෙවෙනි පංක්තියේ කාමරයක වුවත් - ඒ කාමරයද පිරිලාය. ඉංග්රී සියෙන් කථාකරණ අහංකාර පරවර දෙමළ තරුණන් දෙතුන් දෙනෙක්ද මා වුන් කාමරයේ වුන්හ. සිංහල ජනයාට පරිභව මුඛයෙන් කථාක්රණ එක් දෙමළ තරුණෙක් “මිනිස්සු ලක්ෂයකට වඩා අනුරාධපුරයට ආ බව කියති. අපේ කතෝලික ජනයාත් කවදා නමුත් මඩුපල්ලියටත් ඒ ප්ර මාණයට පැමිණෙන්ට ඕනැය” කියන කොටම ම‍ගේ ඇ‍ඟේ ලේ ධාතුව ටිකක් උණුසුම් වෙන්ට පටන් ගත්තේය. ඒ පමණක්ද නොවේ. ම‍ගේ මුඛයද ‍ කොපවුනාක් මෙන් තනනන්ට පටන් ගත්තාය. මගේ දිව මට කරදර කරන්ට විය. ඉතින් මම ඒ තරුණයා දෙස බලා “රෝමානු කතෝලිකයන් ලක්ෂියක් හෝ ඊට වැඩි ගණනක් ගියත් මඩුපල්ලිය කුමක්ද කියා දන්නේ ද? මනීකන (කැනිබල්) රාක්ෂ යෙකු නොමරා ඔහුට වාසය කරන්ට තනා දුන් දේවාලය දැන් රෝමානු භක්තිකයන්ගේ සුද්ධ භූමිය වි තිබෙන බව මිත්ර්යා දන්නේදැ” යි ඇසුවාම, තරණයා ටිකක් තිගැස්සී මා දෙස බලා මහත්මයා කවුදැයි මගෙන් ඇසුයෙය්. “මගේ වත ගොත කිමෙන් පලක් නැත. නමුත් මම ඔය ස්ථානය ගැන හොඳින් දන්නා මනුෂ්යෙයෙක්මි” කිවාම තරුණයා එහි විස්තර ඇස‍ුයේය. “ශ්රී් සංඝබෝධි නමින් ලක්දිව ධාර්මික රජතුමෙක් වාසය කළේය. උන්වහන්සේගේ කාලයේ මිනීකන වනචාරි මිනිහෙක් මේ රටට අවුත් තිබේ. ඔහු අන්ය ආහාරපාන වලට වඩා මිනී මස් කැමට රුච්වි තිබේ.

  ඉතින් මේ දුෂ්ට මිනිස් රකුසා ගැන රජතුමාට දැනුම් දුන් විට උන්වහන්සේ ඒ එකුසාව අධිකරන ශාලාවට ගෙන්වා ති‍කබේ. සිංහල





පියදාස සිරිසේන නවකථා එකතුව 295

භාෂාව නොදත් ඒ වනචාරයා අතින් පයින් සංඥා කරමින් මිනි මස් කෑමට තිබෙන් ගිජුකම කීයේය. ඉතින් මේ පුදුම රජතුමා මේ දුෂ්ට එකුසාගේ මනදොළ සංසිඳවිමට රජතුමාම බිලිවන්ට කැමතිවි තිබේ. නමුත් ඇමතිවරු ඊට විරුද්ධව රකුසා මරා දමන්නට සුදානම් වුහ. ඒ බව දුටු රජතුමා ඇමති වරුන් අස්වසා - මේ දුෂ්ට රාක්සයාවන අනුරාධපුර රාජ නගරයේ බටහිර සීමාවේ ගෙයක් තනවා දි - මිනි කෑම වලක්වා අන්යා ආහාරපාන දෙමින් ඉන්නට සලසා තිබේ. ඉතින් අවුරුදු දහස් ගණනකගේ ඇවෑමෙන් - වල්බිහිවි තිබුනු ඒ ස්ථානය නුගත් දෙමළ මිනිසුන් විසින් වැඳ පුදන ස්ථානයක් කරගත් පසු තවත් කලක් ඉක්ම ගොස් - මේ කැලෑ බද පළාතේ මිනිසුන්ගේ හැසිරිම ඇති වුයේය. ලක්දිව නොයෙක් පළාත්වල සිංහල ජනයා ‍පොළොන්නරුව, අනුරාධපුරුය ආදී දුර බැහැර පළාත්වලට වන්දනානවේ ය‍ාමට පටන් ගත් බැවින් - රෝමානු භක්තිකයන්ටද වනගත පළාතකට වන්දනාවේ යාමට පිළියෙල් කරගෙන තිබේ. මේ නිසා කොයි ක්රතමයකින් නමුත් මිනිකන රකුසා විසු ස්ථානය ලබාගෙණ දැන් එහි පල්ලි ආදිය තනා ගෙණ දැන් අවුරුදු පතා වඳිති. ඉතින් ලෝකේ හැටි ඔහොම තමාය”යි කීවාම කථාකාර දෙමළ තරුණයාව්ත වෙන අන්ය.යෙක්වත් මුවෙන් ‍ෙනාබැන ‍‍ෙගාළුවන් මෙන් තුෂ්නිම්භුත වුහ.

    මම මධ්ය්ම රාත්රි  තරම මැදවච්චියේ දුම්රියපලෙන් බැස්සෙමි. කොහාට යම්ද  - කාගෙත් උදව්වක් ගණිම්දැයි සිතමින් දුම්රිය පලේ බංකුවක් පිට ඉන්නා විට එතන වැඩ කරණ සිංහල මෙහෙ‍කරුවෙක් මා දැක මා කොහාට යන්නේදැයි ඇසුයේය. එවිට ප්ර‍බෝදවුනා වු මම ‍ඔහු‍ගේ කරුණාහරිත මුහුණ බලා ලැබුනු විදුලි පුවත නිසා ආ බවත් මේ අසල ඉන්නා පෙරේරා කවුද කියා දැන ගැණිමට සතුටු බවත්  කීවාම  -  පුදුමයට පත් පොලිස් මෑන් ධර්මදාස  -  “දැන් කිසිවෙකු සොයාගන්ට බැරිය. දැන් මගේ කුඩා කාමරේ නිදා ඉඳලා උදේ ඒ ගැන විපරම් කරමුය”යි කීයේය. ඇත්තෙන්ම “ලෙයට ලෙය ඇදිම ස්වභාව ධර්මය”යි  වැටහුණු මම කලින් දන්නා අඳුනන හිතෛෂියෙකු මෙන් මා කැඳවු ධර්මදාසත් සමඟ ඔහුගේ කාමරයට ගියෙමි. මධ්යමම රාත්රිමයේ වුව්ත මට තේ වතුර ‍කෝප්පයක්ද පිළියෙල කරදී සැපසේ නිදාගන්ට සැලැස්සුවේය. උදේ ‍තේවතුර බී පැයක් යන්ට ප්රිථම මගේ අළුත් මිත්රේයා වන ධර්මදාස පොලිස් මෑන් -  මට විදුලා පුවත් යැවි පෙරේරා ඉන්නා තැන මාත් සමඟ ගියේය. පෙරේරා මගේ පරණ මිත්රවයෙකි. ‍ෙකාළඹ පදිංචි කාරයෙකි වන ඔහු මැදවච්චියේ ඉන්නා මන්දැයි





296 මහේස්වරී

තොරුතරු ඇසුවෙමි. “වික්රකමපාල මහාතණානි, දැන් අවුරුදු තනක් පමණ සිට නුවර කලාවිය පැත්තේ ඇවිදිමින් ඉඳිමි. මගේ භාර්යාව කෙරෙහි ඇතිවුනු බලවත් කලකිරිම නිසා මේ පළාතට පැමිණි මම යම් යම් සුළු කටයුතු කරමින් මසකට කීයක්වත් උපයාගෙණ එයින් යැපෙමින් නුවර කලාවියේ හැමතැනම පාහේ සංචාරය කරමින් සිටිමි. මහත්මයා රහසක් පරීක්ෂා කිරිමට ජාපනේට පැමිණි බව ඩ්ර යිවර් කෙනෙක් මට කිවාම මහත්මයා විපරම් කරණ මහෙස්වරී ගැන තොරතුරක් කියන පිණිස කැඳුවවෙමි. මිට දාහත් දිනකට ප්රවථම එනම් පසු ගිය පසළොස්වක පොහෝ දින ඔය කියන රූපත් තරුණිය මො‍ටෝකාරයකින් අරගෙණ ආ බව දැනගතිමි. ධනවත් ද්ර‍විඩ තරුණයෙක් ඔහුගේම ඩ්රිනයවරුත් සමඟ ඒ තරුණිය රැගෙණ එද්දි (පරන්තපේ) ඇලිපන්ට්පාස් නම් ස්ථානයේදි කාරය නතර කොට කාරයටම ලැමනේඩ් ආදිය ගෙන්වාගෙණ බිලා නැවතත් ගමන්කොට තිබේ.

  මේ මධ්යලම රාත්රිායේය. කාරයේ ඩ්රසය‍වර් ඉතාමත් ශක්ති සම්පන්න නිර්භිත තරුණයක් බවත් -  තරුණිය භාර්යාව කර ගන්නා අදහසින්න සිටි ද්‍රවිඩ තරුණයාත් ලක්ෂණ දේහයකින් යුත් ධනවතෙක් බවත් මට දැනගන්ට ලැබුනා ය”යි පෙරේරා කියේය. “ඉතින් පෙරේරා මහත්මයා දෙමළ තරුණයත් සිංහල තරුණ ඩ්රයයිවරුත් ඒ මහෙස්වරිය යයි සිතන තරුණියත් පිළිබඳ තොරතුරු කිසිවක් තමුසේ ‍  නොදැක්ක බව පෙනේ. එය සියැසින්ම දැක ඔවුන්ගේ කතාබස් ඇසු කෙනෙකුන් මට පෙන්වා දුන මැනවැයි”කිවෙමි. “ඔව් එන්ට, ඒ සම්බන්ධ සියල්ලක් දන්නා මගේ මිත්රැ පොලිස් භටයා වෙතට යමුය”යි මාත් සමඟ හැතැප්ම දෙකක් පමණ දුරට ගොස් ඒ පොලිස් භටයා මුන ගස්වා දුන්නේය. මා ගැන කලින් අසා තිබුනු පොලිස් භටයා මට සහ පෙරේරා උන්නැහෙටත් අමද්ය පානයෙන් සංග්රමහකොට තමා දුටු තොරතුරු මෙසේ කියන්නට පටන්ගත්තේය.  “ජාපනේ සෝම සුන්දරම්ගේ දුව නැතිවි බොහෝ කල්ය. පසුගිය පසළොස්වක පොහෝ දින ලක්ෂණ යුරොපීය ඇඳුමෙන් සැරසුණු දෙමළ තරුණයෙකුත් සමඟ ඉතාමත් දක්ෂ පාහේ තරුණ සිංහල ඩ්රුයිවර් කෙනෙකුත් අළුත් ස්ටැන්ඩඩ් සැලුන් කාරයකින් ඇලිපන්ට්පාස් හන්දියට මධ්යනම රෑ පැමිණියාහ. මා ඇතුළු පොලිස් භටයන් තිදෙනෙක් හොර අබින් සහ කංසා ගෙණ යන මිනිසුන් පරික්ෂා කිරිම සඳහා මුර කළෙමු. මේ කියන කාරය පාලම් එහා කඩ පිළක් ඉදිරියේ නවත්වා ලැමනෙඩ් බෝතල දෙකක්






පියදාස සිරිසේන නවකථා එකතුව 297

ගත්හ. මම මොකුත් නොදන්නා වාගේ කාරය පිටිපස්සේ හැසිරෙමින් සිටියෙමි. කාරය තුල පට ඔසරියකින් ඔළුවේ සිට වසාගෙණ වුන් ඉතාමත් ලක්ෂණ තරුණියෙක් වුන්නේය. ඇතුල් ආසනයේ ඈ පමණකි. ඩ්රෙයිවර් සහ අනිත් දෙමළ තරුණයාත් ඉස්සරහා ආසනයේ වුන්හ. ඩ්රමයිවර් ලැමනෙඩ් ගෙණ වුත් ඒ තරුණියට බොන්ට දුන් විට “මගේ ඉරණම - මේකද ? විරිසිංහ උඹලා මට කරණ අන්තිම දඬුවම නොදි නැත් තැන්වල අරන් ඇවිදින්නේ කුමටද ?” කියා තරුණිය කී වචනය මට හොඳින්ම ඇසුණේය. ඉතින් තරුණයන් දෙන්නා කාරයට නැගි මැදවච්චිය පැත්තට පිටත්ව ගියහ. මගේ මෝඩකම ! මට මේ වචනවල බර පතල කමත් මට ලැබුනු කඩදාසි කැබෙල්ල එව‍ලේම නොබැලිමත් ගැන ද‍ැන් ලතවෙමි. අකමැත්නේව යන ගමනක් බව වැටහුනේ කාරය පිටත්ව ගියාට පසුය. සෝමසුන්කරම්ගේ දියනිය වන මහේස්වරීගේ අන්තර්ධානය මට මතක්වුනේ පසුවදා උදේය. ඉතින් වික්රයමපාල මහතා ජාපනේ පැත්තේ ඉන්නා බව මේ පෙරේරා මහතා මා සමඟ කියා තිබුනු බැවින් උන්නැහේ ලවා මහත්මයාට විදුලි පුවතක් යැවිවෙමි”යි ඒ ගුණවත් පොලිස් භටයා මට කීවේය.

  “හොඳයි මිත්රයය -  මහෙස්වරිය කියා සිතන තරුණිය දුටුවෙහිද  ?”

පොලිස් භටයා - මම දුටුවෙමි. නමුත් ඈ පිළිබඳ රූප ලක්ෂණාදි විස්තරතක කියන්‍ ට බැරිය. මක්නිසාද ? මධ්ය.ම රාත්රිියේ මොටෝකාරය ඇතුලේ හිසේ පටන් වසාගෙණ වාඩිවි වුන් කෙනෙකු හොඳ් ‍ හැටි පරීක්ෂා කරගත නොහැකි බැවිනි.

මම - එසේ නම් ජාපනේ පළාතේ නිතරම තරුණියන් සමඟ හාසිරෙණ අය සිටිති. මට කන්කසන්තුරේදිත් එහෙම යන තරුණියක් හා තරුණන් දෙන්නෙක් මුනගැසුනා. මේත එබඳු පිරිසක් වෙන්ට බැරිද?

පො - නැහැ වික්රිමපාල මහත්මයා, මොටෝකාරය පිටත්වන විටම ඒ රථයෙන් ‍කොල කැබැල්ලක් වැටුනා - වැටුනුවිටම මට එය කාරණයක් නොවු නමුත් මොටෝරථය හුඟක් ඈත ගිය පසු මම ඒ කඩදාසි කෑල්ල ඇහිඳලා සාක්කුවේ ලා ගත්තා.

මම - ඉතින් එය එවලේම බැළුවේ නැද්ද  ?

පො - එය කියවන්නට තරම් එලියකුත් තිබුනේ නැත-ඊටත් වඩා තවත් පොලිස් භටයන් දෙදෙනෙක් සිටි බැවින සාක්කුවේ දමාගත් කඩදාස් කැබැල්ල රාත්රිදයයේදි ද බැළුවේ නැත. 298 මහේස්වරී

මම - මිත්රුයා ඒ කඩදාසි කැපැල්ල ලියුමක්්ද නැතහොත් යම්කිසිවක් ඔතා තිබි විසි කළ නිසරු එකකද කියාවත් බැළුවේ නැද්ද?

පො - ඊයේ උදේ වනතුරු බලන්ට ලැබුනේ නැත - රාත්රි දෙක වනතුර අපේ මුර කාලයයි-එට අවසානවි ආ හැටියේම නිදාගත්ති.

මම - ඔය කියන කඩදාසිය පසුදින උදේ බැළූ මිත්රමයාට ඒ මොටෝරථයේ ගියේ මහේශ්වරියයි වැටහුනාද  ?

පො - මට නම් එසේම වැටහුනා. ඒ නිසා තමයි එය බැළූ හැටියේම මේ පෙරේර‍ෙ මහතා සම්බවි තමුන්නාන්සේට විදුලා පණිවුඩයක් යවන්ට කී‍ෙව්.

මම - කරුණාකර ඒ තරම් වැදගත් කඩදාසි කැබැල්ල මටත් පෙන්වන්ට.

‍ෙපා - ඔව්, එය මහත්මයාට දෙන්නෙමි. ඇත්තෙන්ම මගේ මිතරමුර පෙරේරා උන්නැහේටවත් නොපෙන්නුවෙමි. පෙරේරා උන්නැහේ ඉල්ලුවේත් නැත. කිසියම් කෙනෙකුට ඒ කඩදාසි කැබැල්ලේ විත්තියක් නොකීවෙමි.

මම - හොඳයි ‍, එහෙනම් මටවත් පෙන්වන්ටයිය ඉල්ලුවිට ජාතමමත්වයෙන් වෙවුලමින් සිටි ඒ කරුණාවන්ත පොලිස් භටයා ඒ කඩදාසි කැබැල්ල මා අතට දුන්නේය.

     එහි පේලි සතරකි  -  හෙවත් පද සතරකි. අත් අකුරු පිළිබඳ ශාස්ත්ර‍ය හුඟක් දුර උගත් මට එය දැකීමෙන්ම ස්ත්රීසයකගේ අකුරු බවත් හදිසියෙන් අතර මගදී ලිවු එකක් බවත් උදාර ගුණයෙන් යුත් නිර්භිත ස්ත්රීුයකගේ ලිපියක් බවත් වැටහුනේය. එසේ වටහා ගත් මම එය කියෙව්වෙමි.
       	අ	ප  ලේ  කෙළේ මුසු ලේ වෙමිනි නැත සැ	ක

බැ බ ලේ ගලේ ඝණ ගැව මළ බැඳි මැණි ක සි හ ලේ කැලේ දුබලව වුන මුත් මෙව ක සි හ ලේ බලේ ඇතිවෙයි තව වරක් ල ක”

  එක වරක් කියවා මඳ වුයෙන් තව වරක්ද  -  තමත් වරක්ද කියවු මගේ ලොමු දහැ ගැණුනේය. පොලිස් භටයා සහ  පෙරේරාගේත් ඇස්වලින් සතුටු කඳුලු වැගිරෙණ බව පෙණුනේය. “මිත්රහය මෙම කවිය -  මේ සතර පදය දිව්ය් මන්ත්රුයකි  -‍ නැවතත් සිංහල ජ‍ාතියේ පුණර් ජිවනය ඇතිවන බවට-නිසැක සාක්ෂියකි. නමුත් මෙය තැනු තැනැත්තී “මහෙස්වරයි”යි කිය හැකිද ? ඔව්, සත්තකෙන්ම 


පියදාස සිරිසේන නවකථා එකතුව 209

“මහෙස්වරියකට” මිස නිකම් ගැහැණු ප්රා ණයකට මෙබඳු දසවිධ ප්රා ණයෙන් සම්පුර්ණ කවියක් තැනිය හැකිද  ? යන වචන මා නොදැනුවත්වම ‍මගේ මුඛයෙන් ගිලිහිනි. “මගේ මිත්රන මේ කඩදාසි කැබැල්ල ලැබුනු හැටියේම කියවා බැළුවෙහි නම් මොටෝරථය වත්වා යම්කිසිවක් කරන්ට තිබුනා”යයි කීවාම පොලිස් භටයාද කනගාටුවෙන් “ඇත්තමට මගේ හිතට ඇති අමාරුවත් ඒකමයි. මහතමයාට විදුලි පුවතක් යවන්ට හේතුවත් ඒකමයි”යි කීවේය.