පියදාස සිරිසේන නවකථා එකතුව- 05-මහේශ්වරී ii

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

07. පරිච්ජේදය

    “මහෙස්වරී ගැන අබමල් රේණුවක තරම්වත් ආරංචි මාත්රේයක් සොයාගන්ට නොලැබුනු මට මේකත් එක්තරා ආරංචියකැ”යි සතුටුවි පෙරේරා උන්නැහේටත් පොලිස් භ්ටමයාටත් ස්තුති කොට 	මගේ ඇඳුම් හා උපකරන පෙට්ටිය ඒ පොලිස් භටයා‍ගේ වාඩියේම තබා යුරෝපීය වේසෙන් සැරැසි යකාවිල නමැත් ගමට පෙරේරාත් සමඟ ගියෙමි. පාඨශාලාවකුත් තිබෙන “යකාවිල ගම‍” තරමක් අළුත් පැවතුම් ඇති මිනිසුන් ඉන්නා ගමකි. පාඨශාලාවේ ඉන්නා ගුරු මහාත ශිෂ්ටාචාර ගුණ ධර්මය රක්ෂාකරණ ධර්ම ශාස්ත්රු උගත් ජාති හිතෛෂි සත්පුරුෂයෙකි. පෙරේරා උන්නැහේට හදිසි  කටයුතු තිබෙන බැවින් ඒ ගුරු මහතා සමඟ නැවති මේ පළාතේ තොරතුරු දැනගන්ට යයි මට කියා ඔහු මැදවච්චියට ගියේය. ගුරු මහතා මා සතුටින් පිළිගෙණ “නුවර කළාවි” රටේ නොයෙක් තොරතුරු මහතාට පෙන්වා දෙන්නෙමි. සුමාන තුන හතරකි මෙහි නැවතුන මැනමැ”යි මට ආරාධනය කළේය. එයින් ප්ර මුදිත මු මම එදා දවසම ගුරු මහතාත් සමඟ නොයෙක් දේ ගැන කතා කරමින් කාලය ගත කළෙමි.
  පසු දින ඒ පළාතේ  “රට සභාවකින්” අසන නඩුවක් ගැන කතා කරගන්ට බද්දේරාල කෙනෙක් පාඨශාලාවට පැමිණියේය. යමක කමක් තේරෙන එ “බද්දේරාළය” ගුරු මහතා විසින් මා අඳුන්වා දෙන ලදින් බද්දේරාල නුවර  කලාවිය පළතේ විස්තරත්   -  තවමත් පවත්නා චාරිත්ර් විධි සියල්ලත්ම මට විස්තර වශයෙන් කියා දුන්නේය. දවල් දෙකකුත් රාත්රිදයකුත් බද්දේරාලගෙනන් අසා දැනගත් කරුණු පිළවන් තරම්ම ලුහුඬින් මෙහි සඳහන් කරමි. 
  වර්තමාන දේශපාලන බෙදීමේ අන්දමට උතුර මධ්යනම පළාත



300 මහේස්වරී සම්පුරුණයෙන්මත් නැගෙණහිර පළා‍තේ කොටසකුත් වයඹ පළාතේ කොටසකුත් නුවර කලාවිය ප්ර දේශයට අයත් ය. ඉංග්රීයසි ආණ්ඩුවට ලක්දිව අයිතිකරණ විට ඒ නුවර කාලවිය පළාතට අයත් ප්රතධාන ස්ථාන 28 ටේ ඉදිමින් ඒ ඒ ‍ෙලාකු කුඩා නිල දරූ අධිපතීන්ගේ නාම මෙසේය.

නුවර වැව  -   සුරුයකුමාර වන්නිසිංහ බුලත්කුලමේ මහදිසාව,
	
	කලාවිය    -  කුමාරසුරුය වන්නා සිංහ මුදියන්සේ,

කන්ඩක්කුලම - කුලතුංග ඉලංගසිංහ රාජකීරති මුදියන්සේ,

තල්ගහපතනේ - ඉලංගසිංහ කළු කුමාර මුදියන්සේ,

කිරලව - වනසිංහ රාජපක්ෂ මුදියන්සේ,

කුන්ඩිකුලම - රාජකරුණා මුදියන්සේ,

තාමරවැව - ඉලංගසිංහ කළුකුමාර මුදියන්සේ,

පත්තෑව - ඉලංගසිංහ රාංජකරුණා කළුකුමාර මුදියන්සේ,

හුරුල්ල - ඉලංලසිංහ කළුකුමාර මුදියන්සේ,

මාමුනියාව - වැලිකේ බණ්ඩාර,

ගණන්වෙල - කුමාර බණ්ඩාර,

තමන්කඩ - රිදිවෙල රාජගුරු බණ්ඩාර,

මාටඹුවාව - අන්තනේරුවේ බණ්ඩාර,

දුනුමඬලෑව - කළුකුමාර මුදියන්සේ සහ වාසලගෙයි බණ්ඩාර,

බෙල්ලන්කඩවල - ඉලංගසිංහ කළුකුමාර මුදියන්සේ,

‍උඳුරව - ඒකනායක කීර්තිසිංහ සෙනෙවිරත්න මුදියන්සේ,

උඩඩියන්කුලම - කනකරත්න මුදියන්සේ

ශාස්ත්රකවෙල්ලිය - දිසානයක මුදියන්සේ,

කිරිඳිවත්ත - වන්නිසේකර මුදියන්සේ,

	අරසන්වෙල    -    වන්නි උන්නැහේ,

කහල්ලේ - රාජකරුණා මුදියන්සේ,

යටත්තාවල - රාජගුරු වන්නි උන්නැහේ,

කවටෑව - වනසිංහ මුදියන්සේ,

සේරුවානාවිල - තම්බිපුල්ලේ මුදියන්සේ, පියදාස සිරිසේන නවකථා එකතුව 301

මරදන්කඩවල - වන්නි උන්නැහේ,

කුට්ටිකුලම - වාඩිගමි වැවේ මුදියන්සේ,

ආමනේ - රාජකරුණා මුදියන්සේ,

   ක්රි-ස්තු වර්ස 1657 තේ හෝ ඊට ටිකක් අඩු වැඩි කාලයේ පටන් ඉංග්රි සි ආණ්ඩුවට යටත් වනතුරුත්‍ මෙකි නිලදරියන් විසින් නුවර කලාවිය හෙවත් මහ වන්නි ආණ්ඩු කළ බව පෙනේ. මේ නිලධාරි මණ්ඩනයේ අධිපතියා හෙවත් ප්රනදේශ මහා රජා නුවර වැවේ බුලන්කුලමේ සුර්ය කුමාරයා බවද පෙනේ.
   මට සම්භවු බද්දේරාල  “රට  සභාවක්” පැවැත්විමට කරුණු  සපයන බැවින් ඒ රට සභාවය කියන්නේ කුමක්ද-එහි අදහස කුමක්දැයි මට දැනගන්ට වුවමනා විය.  මගේ ඉල්ලිමට බද්දේරාල විසින් “රට සභාව” පිළබඳව කල සම්පුර්ණ විස්තරය මෙහි සඳහන් කරමි.

‍ රට සභාවය කියන්නේ කුමක්ද ?

 ගමේ ගමරාළ, උන්ඩියරාළ, බද්දේරාළ, ගමේ මො‍හොට්ටාල, ලියනරාල, කාරියවසම්රාළ, රටේ මොහොට්ටාළ හෙවත් රටේ ‍ලේකම් තැන සහ වන්නි උන්නැහේ (පළාතේ රටේ මහතා) ත් යන ප්රේධානීන් යථා විධියෙන් එක තැනකට පැමිණ කරණ විභාගයට “රට සභාවය” යයි කියනු ලැබේ.

රට සභාව මගින් විභාග කළයුතු වැරදි

 කඩප්පු- තිරප්පු- තුවක්කු- ඇත් දත්- අලි දත්- මඩි හුංගං පලිමරාල- බිම්පුළුටු- ජාම මුර යන කරුණු පිළිබඳවද රටේ ච‍ාරිත්රු කඩකිරිම හා ගම් කඩයිම්- ගම් කුඹුරු- හරක් හොරකම් සහ තවත් අලාබ හානි පිළිබඳවත්ය.

රට සභාවේ දඬුවම්


1. ඉස පිළි අරවා රිදි 5 ක් දඩගැසිම,

2. රිදි 7 ½ පටන් 12 දක්වා දඩගැසිම,

3. රිදි 12 පටන් 30 දඩගැසීම,

4. රිදි 50 ක් දඩගැසිම,

302 මහේස්වරී

රට සභාව පවත්වන අන්දම

   රටේ මොහොට්ටාළ හෙවත් ලෙකම් තැන විසින් වන්නි උන්නැහේට දැනුම් දුන්විට- වන්නි උන්නැහේ කාරිය කරණ රාළටද- ඔහු උන්ඩියරාළටද, ඔහු ගමරාළටද කරුණු දන්නවා දිනයත්- ස්ථානයත් නියමකර ගනිති. ඉඩ පාඩු ඇති මේ ස්ථානයේ හොඳින් කෑම බිමද ලැහැස්ති කොට දවස් කීපයක් වුවත් විභාගය පවත්වනු ලැබේ.

පැමිණිල්ල සහ පැමිණිලිකාරයා

    ගම් වැසියෙකුට යම්කිසි පැමිණිල්ලක් කරන්ට සිද්දවුනි නම් පළමුකොට ගමේ ගමරාළට දැනුම්දිය යුතුය.  ඉක්බිති ගමරාළ විසින් විභාගකොට බද්දේරාළටද, බද්දේරාළ විභාගකොට කාරිය කරණ රාළටද කාරිය කරණරාළ විභාග කොට- වැරැද්ද ඔප්පු වුනොත් - පැමිණිල්ල තව දුරටක් හොඳින විභාගකොට සුදුසු දඬුවම් දිම පිණිස රට සභාව ඉදිරිපිටට නඩුව පමුණු වන්නේය. යම් හෙයකින් පැමිණිල්ල නිෂ්ප්රණභාකර දමන්නේය. පැමිණිල්ල සත්යට එකක් බව කාරයි කරණ රාළට වැටහුනොත් රට සභාවේ තීන්දුව ලැබෙනතුරු ඒ පැමිණිල්ලේ විත්තිකාරයා ගම්වාසීන් විසින් වර්ජනය කට යුතුය. එනම් ඒ විත්තිකාරයා සමඟ කිසිම ගණුදෙනුවක් හෝ පියරුපාසනයක් නොකළ යුතුය.


රට සභාව පවත්වන ස්ථාන

  ගමේ ගමරාළගේ මහ මඩුව, ගමේ විහාරස්ථාන, දෙවස්ථාන නොහොත් පිට්ටනියක මේ සඳහා වුවමාන මඩු කුඩමි ආදිය ගමේ ගමරාළද, උන්ඩියරාළද. ගමේ කරමාරු මුලාදැනින්ම විසින් වනම් පහේ උදවියත් ආධාර කරගෙන පිළියෙල කළ යුතුය.


ආහාරපාන

  රට සභාව පවත්වනතුරු ඒ සඳහා රැස්වන පිරිසට උදේ හීල් අඩුක්කුව ගමරාළ විසින්ද, දවල් සහ රැට අඩුක්කු ගමේ සිටින වැදගත් සියලුදෙනා විසින්ද- ඒ මුළු ගමටම කුලයක් (නින්දාවක්) වැටි තිබෙතොත්- අවට ගම්වාසීන්‍  විසින්ද රට සභාව පවත්වන මුලාදෑනීන්ට අඩුක්කු හෙවත් ආහාරපාන දිය යුතුය.



පියදාස සිරිසේන නවකථා එකතුව 303

රටේ විස්ස හෙවත් රටේ පිරිස

 රට සභාවක් පැවැත්විමේදි අවශ්ය යෙන්ම පැමිණිය යුත්තෝ නම් ගමරාළ, උන්ඩියරාළ, ලියනරාළ, බද්දේරාළ, මොහ‍ාට්ටාළ, ලේකම්, ගමේ ඉන්නා දැනුමැති අයද වෙති.

අවතේවකාරයෝ

      විදාන පේඩියා, දේවයා, පණික්කියා, බත් ජනයා, ගමිදුරයා, ගම්පයින්ඩකාරයා, හනිගිලියා සහ ගම් ආරච්චියාත්ය.

ගම්සභාව

  රට සභාවකින් කලයුතු නොවන තරම් සුළු කරුණු ගැන කටයුතු කිරිමට පිහිටුවා තිබෙන සභාවට “ගම් සභාව” යයි කියති. එක ගමකට අයත් ගමරාල, බද්දේරාළ සහ උන්ඩියරාළ ප්රුධානව ගම්වාසීන් සමඟ ගම් සභාව පවත්වනු ලැබේ. ගම් සභාවේ ප්රමධානියා ‍‍ ගමේ ගමරාළය.

ගම් සභාවක් මගින් කරන්නේ කුමක්ද ?

    සුළු පාරවල්, ඒදඬු අදී ගමට අවශ්යඟ ‍ෙපාදු කටයුතු කිරිම සහ වැට නියරවල් පිළිබඳවත්, හරකුන් ආලාපාළු කිරිම ආදිය පිළිබඳව්ත නඩුහබ විමසීම ආදියද ගම් සභාව මගින් කෙරේ. ගම් සභාව මගින් පැමිණ වියයුතු දඬුවම් රිදි දහයෙන් පහත ගණනක් දඩ ගැසිමය.

අප දුටු පළමුවන සභාව

   රට සභාවක් පැවැත්විමට ඒ පළා‍තේ වන්නි උන්නැහෙ ගෙන් පළමුකොටම අවසර ගත යුතුය. ඒ පළා‍ෙත් මොහොට්ටාලත් සමඟ සභාව පවත්වන්ට උවමනා කරණ අය කද මල්ල ආදය රැගෙණ ගොස් කියන්ට තිබෙන පැමිණිල්ල විස්තර ඇතුව වන්නි උන්නැහේට දැනුම් දිය යුතුය. වන්නා  උන්නැහේ මොහොට්ටාළගේ සහතික පිට රට සභාවක් රැස්කරිමට අවසර දෙන්නේය. ඒ අවසර දුන් පසු ඒ සම්බන්ධ සියලුම විදිවිධාන කිරිමට මොහොට්ටාළට බලට ලැබේ. වික්ර්මපාලට පළමුවෙන්ම යන්ට ලැබුනේ වෙන පළාතක තරුණයෙක් නුවර කලාවිය පළාතේ විවාහයක් කරගැණිමට කැමතිවු නිසා රට සභාවකින් තීන්දු කරගන්ට උවමනා වුනු බැවින් ඒ සම්බන්ධව පවත්වන ලද සභාවකටය.
  සත් කෝරළේට අයත් උහුමියේ මල්හාමි නමැති තරුණයෙක් යකා වැවේ අප්පුරාළගේ ගැහැණු ලමයෙකු කසාද බැඳිමට අවසර ගැණිම සඳහා පවත්වන ලද රට සභාව ඉතාමත් සැලකිය යුතු සභවක්  විය.

304 මහේස්වරී


ආඥවක්

      මොහොට්ටාළට වන්නි උන්නැහේගෙන් අවසර ලැබුනු පසු වලව්වේ ලේකම් තැනට මෙසේ දැනුම් දෙන්නේය. “අපේ වරිගක් කාරයා වන ‍ලේකම් මහාත වෙතයයි. ගිය මාසේ 30 වෙනිදා වලව්වට පැමිණ රට සභාවක් පවත්වන්ට මහ නිලමේ හාමුදුරුවන්ගෙන් අවසර ලැබුනා- ඉන් නිසා උඹ ඊට උවමනා මඩු කුඩම් හා කැම බිමාදි සියල්ලක් පිළියෙල කර විය යුතුය. ඒ පළාතේ මොහොට්ටාළලා, බද්දේරාළලා, උන්ඩයරාළලි, ගමරාළලා සහ තවත් ඉන්නා අපේ වරිගේ මිනිසුන්ට දැනුම්දි සියල්ලක් සුදානම් කළ යුතුය. බඩහැල ගමේ විදානේට අළුත් වලන් ගෙණ ඊමටත් තවත් ඒ එ නිලකාරයන්ට ඔවුනොවුන්ට අයිති රාජකාරිය ඉෂ්ට කිරිමටත් නියමකලයුතු”යි ලියා යැව්වාම ලේකම් තැන එසේ  ඉෂ්ට කරන්නේය.
  ගමරාළට ලැබුනු ආඥවේ පරිදි ගමේ හැමදෙනාටම කාරණය දන්වා මඩු කුඩම් තනා වියන් බඳවා තොරන් බඳවා පන්ගු පේරුවල නියම අන්දමට අඩුක්කුද ලැහැස්තිකර  වන්නේය. හැම කුල ‍ගොත්රුවල ජනයාම ඔවුනොවුන්ට හිමි කටයුතු එකකුත් අතපසු නොකර ඉෂ්ට කරවන්නේය.
  ආසන පැනවිම, පහන් දැල්විම. පැන් කොතලා තැබිම, බුලත් නම්බු සලසා තැබිම යනාදාය එක එක ‍පේරුකාරයාට  හිමිය. පළමුවෙන්ම සභාව ආරම්භ කරන්නේ සවසය. ලේකම් මොහොට්ටාළ ආදී ප්ර්භූ ජනායත් ගම්වැසි ප්රරභූ ජනයාත් ශාලාව ඉදිරිපිට බැඳ තිබෙන තොරන ලඟදි ගමරාල විසින් පිළිගන්නා ලදහ. මොහොට්ටාළලා, බද්දේරාළලා. ආදි පර ග ධානින් පාවාඩ පිටින් සුදානම් කර තිබුනු මඩුවට කැඳවාගේන ගියහ. ඒ ඒ නිලධාරින්ට පිළියෙලකර තිබු සුදුරෙදි අතුරණ  ලද ආසනවල ඔවුන් වාඩිගත් පසු සුදුරෙදි කැබැල්ලකින් ආවණය කරණ ලද වතුර  සෙම්බුවක් සභාපති වන මොහොට්ටාළට පළමුවෙන්ම පිළිගන්වන ලද්දේය. ඉක්බිති සභාවේ සාමාජිකයන් වශයෙන් නියමවුන් තවත් මොහොට්ටාළලා, බද්දෙරාළලා, උන්ඩියරාළලා, ගමරාළලා, ලේකම්ලා, අප්පුහාමිලා ආදි පිරිසටද වතුර සෙම්බුව බැගින් පිළිගන්වන ලද්දේය.
  ඉක්බිති සුදු වස්ත්රරයකින් වසනලද බුලත් හෙප්පුව බැගින් ප්රමධානියාගේ පටන් සාමාජික හැමදෙනාටම පිළිගන්වා රැස්වසිටි අවශේස ස්ත්රීු පුරුෂයන්ටද බුලතින් සංග්‍රහ කරණ ලදි. ඉක්බිති  ගමරාළ 




පියදාස සිරිසේන නවකථා එකතුව 305

මෙසේ කියේය. “අද මේ සභාව පැවැත්විම ගැන සතුටක් කරුණාවක් නැතිකෙනෙක් සිටිතොත් වහාම මේ මඩු වෙන් පිටවෙන්නට ඕනැය”යනුය. අප දුටු සභාවේ විරුද්දකාරයෙක් නැති නිසාදෝ කිසිවෙක් පිටවි ගියේ නැත වියන් බඳින ලද විදාන පේඩියාගේ වරදක දැක ප්රනධාන මොහොට්ටාළ ඔහුට තර්ජනය කළේය. ලනු බැඳ වියන් බැඳිම් කරන්නේ ආගමේ කටයුත්තකදි පමණක් බව මොහොට්ටාළ විසින් කී බැවින් විදානේ ‍පේඩියා ඒ වරද පිළිගත්තේය. ඉක්බිති නඩු විභාගයට පටන් ගැණිම සඳහා නඩුකිරකරමට කෙනෙකු පත්කර ගත්තේය. මොහොට්ටාළලා, බද්දේරාළලා, ලේකම්වරු ගමරාළලා සහ අනිකුත් සියලුදෙනා වාඩිගත් පසු පිට ගමක මොහොට්ටාළ කෙනෙකුගේ නාමය යෝජනා කරණ ලදි. වෙනින් මොහොට්ටාළ කෙනෙක් විසින් ඒ යෝජනාව ස්ථිර කල පසු සභාවේ සියලුදෙනාගේම ඡන්ද්ය විමසන ලදින් අන්ය ගමක වු ඒ මොහොට්ටාළ සුදුස්සා හැටියට පත්කර ගන්නා ලද්දේය.

   ඉක්බිති ඔහු විනිශ්චය ධුරය භාරගනිමින් මෙසේ ප්ර්කශ කළේය. “අද මා මේ මුලාසනයට පත්කරගත් මුලාදැනීන්ට සහ අනකුත් සියලුදෙනාටද ස්තුති කරමි. අගතියක් නැතුව මා දන්නා තරමින් මේ පැමිණිල්ල විභාග කරන්නෙමි. යම් යම් ප්රිමාද ඇතිවුනොත් මට සභාව ආධාර කරන්ඩ” යයි කියා මුලාසනය භාරගත්තේය.
  ආසනයේ වාඩිවුනාට පසු සභාපති හෙව්ත නඩුකාර තැන විසින් මෙසේ ප්රලකාශ කළේය.
    “මේ අපේ හිතුවක්කාර  වැඩකි නොවේ. මහසම්මත් පරම් පරානුගතව පැවතෙන් චාරිත්රඅයක්ය. පළමුවෙනි බුවනෙකබාහු රජ දවසේ සිට අද දක්වාත් අපේ මේ ලංකාවේ සියලුම සංහල රාජ රාජ මහමාත්යාමදින් අතර පැවතිගෙණ එන චාරිත්රලයක්ය. නීතියක්ය. ඒ නීතිය අද දව‍ෙස් අපි මේ සභාවේදි පවත්වන්නෙමු. ඒ හෙයින් මේ සභාවට පැමිණ සිටින නිලලත් නොලත් ලොකු කුඩා සියලුදෙනාටම මා කියන අවවාදය මතක නැති කළොත් ඔහුට දඬුවම් ලැබෙනවා ඇත.
  පළමුකොට ජයශ්රීි හාමුදුරුවන්ගේ අණ වලංගුවෙනවා නම් දෙවනුවට නුවරවැවේ සුරියකුමාර මහනිලමේ තුමාගේ අණ වලංගු වෙනවා නම්, මේ සභාවට පැමිණ සිටිනි කිසිවෙක් අත දික්කර සභාවට කථාකිරිමටත්, අනුන්ට අපහාස නින්දා කිරිමටත්, හිටිය




306 මහේස්වරී

ආසනෙන් අවසර නැතුව නැගිටිමටත්, තුන් හතරදෙනෙක් එක වරට කථා කිරිමටත්, අත පය දික්කර සිටිමටත්, නිදා වැටිමවත් ඉහත්කි අණ වලංගු වෙනවා නම් එකවනු දෙවනු තුන්වෙනුවත් තහනම්ය”යි ඉතාමත් පැහැදිලි අන්දමින් ප්ර කාශ කළේය.

පැමිණිල්ල

   ගමරාළ සභාවේ ප්රුකාශ කරමින් මෙසේ කිය. “අ‍පේ නැයෙක්වන මේ ඉදිරිපිට ඉන්නා අප්පුරාළගේ ගෙදර සත් කොරළෙන් මල්හාම‍ි නමැති ළමයෙක් පැමිණ ඉන්නවාය. අවුරුදු දෙකකට වැඩි කාලයක් ඔහු අපේ ගමේ ඉන්නෙහිය. කිසිම අව කල්ක්රිුයාවක්වත් හොරතක්කඩි කමක්වත් නැති ඒ මල්හාමි ගැන අපි සෝදසි කර බැළුවෙමු. අප හා සමාන ගෝත්ර්යේ කෙනෙක් බව පෙනේ. ඔහුගේ කිසිම වරදක් දකින්ට නැති නිසා අපේ වලව්වේ මුලාදෑනින්ටත් අපේ වරිගක්කාරයින්ටත් යාඥකර සිටින්නේ නම් ඔහු අපේ වරිගෙට බන්දවා ගන්නා ලෙසය” එවිට


සභ‍ාපතිතැන

මෙසේ ඇසුයේය. “හොදයි ගමරාළ. උඹ හොදයි කියන මේ මල්හාමි අපි අඳුනන්නේ නැත. උඹලාගේ කිමට මොහු අපේ වරිගෙට බඳවාගන්ට සතුටුය. යම්විටකදි මල්හාමි වෙන ගෝත්රාගයක කෙනෙක් බව දැනගන්ට ලැබුනොත් ඊට වග කියන්නේ කවුද?

ගමරාළ - එහෙම දෙයක් වුනොත් අපි කියන දඬුවමකට යටත් වෙනවා.

න්ඩුළකාරයා - යම් කාලයක මල්හාමි අන්ය් ගොත්රියක් නුසුදුසු මිනිහෙක් බැව් දැනගන්ට ලැබුනොත් වරිගෙට රිදි 550 කුත් බණ්ඩාරෙට රිදි 550 කුත් ගෙවන්ට නියම කොට නැවත මුළු වරිගෙම ගමෙන් අහක්කරනවනාය. ඊට සතුටුද ?

ගමරාළ - එහෙමයි, අපි හැමදෙනාම ඒ දඩුවමට යටත් වෙනවාය.

  ඉක්බිති නඩුකාර තැන කිල්ලෝටයක් ගෙන්වා එය සභාවේ ඉන්නා ඒ වරිගේ මිනිසුන් අතට එකිනෙකා වශයෙන් යවා එය අල්ල්පුභ හාමදෙනාම යම්දව්සවකදී නියම කරණ දඬුවමට යටත් වන බව ස්ථිර සාක්ෂියක් ලෙස සම්මත කරගත්තේය.



පියදාස සිරිසේන නවකථා එකතුව 307

නඩු විභාගය

    පැමිණිලිකාරයන් දෙදෙනා වන මල්හාමිත්, අප්පුරාළත් සභාව ඉදිරිපිට කැඳවා සභාපති මහාත මල්හාමිගෙන් ප්රමශ්න කරයි. මල්හාමි පිළිතුරු දෙයි.

නඩු - උඹ මේ පළාතට ආවේ මක්නිසාද  ?

මල් - රක්ෂාවක් සොයන ගමන මෙහාට පැමිණිය.

නඩු - උඹ හොදින් දන්නා අය මෙහි සිටිත්ද ?

මල් - මේ ගමේ ගමරාළත් අප්පුරාලත් මාගැන හොඳින් දන්නවා.

නඩු - ඒ අය උඹ ගැන දැනගත්තේ කොහොමද  ? ¬¬¬¬ මල් - අපේ ගම රටට ගොස් අපේ තොරුතරු සියල්ලක් විමසා බලා හොඳින් දැනගෙන ආවා.

සාක්ෂිවිභාගය

(ගමරාළ සහ අප්පුරාලගෙන් විභාග කිරිම)

නඩු - උඹලා මේ මල්හාමි ගැන තොරතුරු විමසන්ට හේතුව කුමක්ද ?

ගමරාළ - පොල් පුවක් යානදිය ගෙණෙන පිණිස අපි මොවුනගේ පළාතට අපි කීප වරක් ගොස් තිබේ. ඒ ගිය ආ ප්රිස්තා වලදි මොහ‍ු ගැන හොඳින් පරීක්ෂාකර බැළුවා. මොහු අපේ ගෝත්රගයට එකතු කර ගත යුතු මුදලි පෙලවප‍තේ කෙනෙක් බව සැක නැතුව දැනගතිමු.

විරුද්ෂකාරයෙක් - ප්රදධාන ආසනයෙන් හා සභාවෙන් අවසර රැගෙන මෙසේ කියති “ගමරාළත් අප්පුරාළත් කියන කියමන අපට විශ්වාස කරන්ට බැරිකමක් නැත බොරුවක් කියා අපේ වරිගෙට අනය ගෝත්රවයට කෙනෙකු ඇඳා ගත්තොත් මොවුන්ට වන විපත මොවුන් දන්නා නිසා එසේ කරන්නේ නැත. ඉතින් විදානේ පේඩියා මේ නඩුව අසාගෙන ඉන්නවා. මල්හාමිටත් අපට මෙන්ම උඹ තොවිල් කරන්ට කැමතිද  ?” (විදානේ පේඩියා) එහෙයි. එසේ කරන්ට කැමති වෙමි”යි කීය. සභාවද සතුටු විය.

  ඉක්බිති ආහාර ගන්නා වේලාව පැමිණි බැවින් ඒ ඒ තරාතිරමේ අන්දමට පිළියෙලකර තිබුනු ආහාර ගැනිමට වාඩිගෙන බත්කිස


308 මහේස්වරි

නිමවා නැවතත් සභාව පටන්ගත්තේය. එතැනදි ගමරාළලා ආදි මුලාදෑනි පිරිස අමුතු කාරණයක් යෝජනා ගළෝය. මල්හාමිට මේ වරිගෙට එකතුවෙන්ට ඕනැ නම් අප්පුරාලට මල්හාමිව වරිගෙට ඇතුලත් කරගන්ට ඕනෑ නමි එය කියන අන්දමට නිකම්ම ඉඩ දෙන්ට බැරිය. නමුත් වරිගෙට රිදි 550 කුත් බණ්ඩාරෙට රදි 550 කුත් ගෙවන්ට කැමති නම් අපි එකඟවන්නෙමුයයි කීවිට‍ කීප දෙනෙක් ඒ දඩේ ගැණිම වැරදි බව කිහ. එසේද වුවත් සභාමේ වැඩි පිරිසක් එක්දහස් එකසියේ වන්දිය ගෙවන්ට උවමනා යයි කරුනු කියා සිටි බැවිනන් නඩුකාරයාද ‍ඊට එකඟ විය. ඉක්බිති මුළු සභාවේම සිටි උස් පහත් සැමදෙනාම මල්හාමි වරිගෙට ඇතුලක් කරගන්ට කැමතිවු බැවින් අළුත් භාජනවල පිසන ලද ප්රානීත ආහාර පාන පිළිගන්වා මල්හාමිත් සමඟ වරිගේ හැමදෙනාම එකට කා බි වට්ටියක් ගෙන එහි රිදී පහක් දමා මොහොට්ටාළ කෙනෙකු අතට දී තහනම් අරින ලදී.


තහනම් අරින වාක්ය ය

    “දඹදිව පැළලුප් නුවර රජ පැමිණි ධර්මාුශෝක මහ රජතුමා විසින් ජයශ්රිආ මාහබොධි ශාඛාවේ. ආරක්ෂාව පිණිස එවනලද අටළොස් කුලයන්ට අධිපති ක්ෂත්රීාය මහාසාර බොධි ගුප්ත කුමරුවන් ඒ සමඟ එවමිනි නුවර වැවේ පදිංචිය එතැන් පටන් බෝධින් වහන්සේට ආරක්ෂබව සලසමින් ප්රමධාන වන්නි නායක පදවිය දරමින් නුවර කලාවිය දිසාවේ සියලුම් කුල පලි සම්බන්ධව සිංහල චාරිතු නුවර වැවේ වන්නි නායක සුරිය කුමාරයන්ට භාරව තිබුනු සෙයින් ඒ පරම්පරානුගතව අව්ච්ඡ්න්නව පැවත එන සූරිය කුමාරයන්ගේ අණ වලංගු වෙනවාට නම් අද පටන් මෙම මල්හාමි සම්බන්ධව කිසිම මිනිහෙක් හෝ ස්ත්රීටයක් හෝ කොල්ලෙක් හෝ කෙල්ලක් මේ මල්හාමි තමන්ගේ  ස්වකීය ජාතයට නැතෙයි කියා හෝ පිට ජාතියක කෙනෙක් කියා හෝ මොහුට අවනම්බු වන පිණිස යම්කිසි අපහසයක් කීවොත් ඔහු වරිගෙන් තොරකරනවා පමණකුත් නොව මෙහි ගෙවු දෙපන්සිය පණහට තවත් දෙපන්සිය පණයක් ඔහුගෙන් අය කරන බවත් ඔහු‍ෙග් හතර වරිගේම නෑයන් වරිගෙන් තොරකරණ බවත් නුවර වැවේ සුරිය කුමායින්ගේ අණ වලංගුවෙනවා නම් නැවත අඬ ගහ කියන්ට තහනම්” එක්වෙනු, දෙවනුව, තුන්වෙනුවත් තහනම්”


දඩ මුදල් බෙදිම,

  තහනම් වට්ටියට දමන ලද රිදිපහ තහනම් කියවු මුලාදෑනියාට



පියදාස සිරිසේන නවකථා එකතුව 309

හිමිවිය. එසේ හිමිකර දුන් පසු වළව්වේ හංගිලියා කැඳවා මල්හාමිට නින්දා අපහාස කිරීම තහනම් කළ බවට ගහකත් ගලකත් තුන් තුන් වි‍ෙඩ් අළුත් පොරවකින් සලකුණු කරවන ලදී. ඉක්බිති දඩ මුදලෙන් හරියට බාගයක් බණ්ඩාරයට වෙන්කොට ඊළඟට මොහොට්ටාළලාට රිදි පහ බැගින්ද, ලේකම්ලාට රිදි 4 බැගින්ද බද්දේරාළලාට රිදි 4 බැගින්ද. ගමරාළලාට රිදි 4 බැගින්ද, මඩුවේ වියන් බැදි පේඩියාව රිදි 5 ක්ද, වලන්කාරයාට රිදි 4 බැගින්ද, මඩුවේ වියන බැදි පේඩියාට රිදි 5 ක්ද. වලන්කාරයාට රිදි 4 ක්ද, වහුම්පුරයාට රිදි 4 ක්ඩද, හන්ගිලියාට රිදි 4 ක්ිද දෙන ලදි. ඉතිරි මුලද ඒ වරිගේම සියලුම නෑයන් අතර සම සමව බෙදා දෙන ලදි.

ඉක්බිති වරිගෙට ඇතුළත් වුනු මල්හාමිත් ඔහුගේ මාම වන අප්පුරාළත් සත් දිනක් ඇතුලත කත් හතකුත් බඳවා ගෙණ මොහෙට්ටාළ කෙනෙකුත් ගමේ ගමරාළත් තවත් සතුටු අයත් සමඟ දඩ මුදලුත් රැගෙණ නුවර වැවේ මහවලව්වට යාමට නියම කර ගන්නා ලදි.

    ඒ පිරිස කත් හතත් රිදි 550 ත් මහා නිලමේට ඔප්පු දුන්විට ඒ වලව්වේ ලියන මහාත විසින් සිට්ටුවක් දෙන ලද්දේය. ඒ සීට්ටුවේ මහනිලමේ අත්සන් කරණලද‍ි. එහි කියා තිබෙන්නේ “මල්හාමි අප්පුරාළලාගේ වරිගෙට ඇතුළත් කරගැණිම ස්ථිරකළ බවත්  ඊට විරුද්ධව කතා කරණ කෙනෙක් නුවර කලාපියේ ඇති වුනොත් ඔහුට දඬුවම් කරන්ට යෙදෙන බවත්ය.”
 මේ රට සභාවේ තොරතුර‍රැ හොඳින් බලාගත් වික්රලමපාල වන මට මහති ප්රීහතියක් ඇති විය. මක්නිසාද  -  ප්රවණිත ආණ්ඩුක්රවමයත් මහජන නිදහසත් අපේ ජාතියට ඉතා දීර්ඝ කාලයක පටන් ප්ර ගුණව තිබුනු බව ප්රතත්ය‍ක්ෂවු හෙයිනි. වර්තමාන කපටි ජනයා නිදහස  -  නිදහස කියමින් කෑගසතත් තමන්ගේ ධනය වියදම් කිරිමේදිත්  -  තමන්ට නින්දා අපහාස කරදර ආදියත් ඇති විමේදිත්  -  නිතියටවත්  යටහත් නොවි කෛරාටික කමින් ක්රි යාගරතත් පැරණි චාරිත්ර  ධර්මවල හැටියට ජිවිත පරිත්යාිගය කිරිමටවත් ප්රයස්තාවයක් පැමිණියොත් ඒ ගැන පසුබට නොවි කිසි පැකිලිමක් නැතිව ඉදිරිපත්විමට පැරණි සිංහලයන්ගේ උතුම් ගුණයක්ව පැවති තිබුන බව පෙනේ. වර්තමාන කෛරාටිකකම් නුගත් නගර ආදියේ වැඩිපුර නොහැසුරුණු වර්තමාන වන්නිකරේ මිනිසුන් තුලත් තමාගේ යුක්තිය ඉෂ්ටකිරිමේ කැමැත්ත තවමත් පවත්නා බව මගේ ඇවිදිම්වලදි මට දැන ගන්ට පිළිවන් විය.





310 මහේසිවරී


08. පරිච්ජේදය

      යකාවැව පැත්තේ සතියක් පමණ ගත කළ මට මහෙශ්වරි සම්බන්ධයෙන් සැලකියයුතු ආරංචියක් දැනගත නොහැකි විය. මහෙස්වරිය සෙවිම ඉතාමත්  දුෂ්කර කාරණයක් බව මට වැටහිනි. මේ දුෂ්කර කාරණය කළනොහැකැයි කලකිරෙණවා වෙනුවට එය නැවතත් මුලපටන්ම පරීක්ෂා කරණ අදහසක් මට ඇති වුයේය. යම්කිසි කටයුත්තක දුෂ්කරතාවය ඉතාමත් තදින් වැටහෙන්ට පටන් ගත්විට ඒ කරණ පුද්ගලයන් විසින් කටයුත්තේ ප්රා්රබ්ධකාරණය අත්හැර දැමිම නොව තමාගේ හිත විවේක බවටත්  - ධෛර්යවත් බවටත් පමුණුවාගෙණ කරගෙණ ගිය පිළිවෙල මඳක් වෙනස් කොට අන්ය  ක්රාමයකින් ඒ  කටයුත්ත කිරිම යුතු බව මට වැටහී ගියේය. ඒ මගේ වෙනස් කිරිමෙන් ඇතිවුනු ප්රකතිඵල ප්ර ත්යරක්ෂකර ගැණිමට මේ කියවන්නාට පිළිවන්වනු ඒකාන්තය.
   “මහෙස්වරිය” වෙනුවෙන් කරණ පරීක්ෂණය වෙනුවට පැරණි සිංහල විවාහ චාරිත්රව ක්රුමය දැනගැනිමට සතුටුවු මම ඒ පළාතේ ‍ලේකම් මහතා සම්මුණවිමට මා මිත්ර් පාඨශාලා ආචාර්ය මහතාත් සමඟ ගියෙමි. අවුරුදු 60 ක් පමණ වයසේ ලක්ෂණ රැවුලකින් හා ශක්තිමත් තාම්රතවර්න  ශරීරයකින් යුත් ඒ ලේකම් මහතා ‍තේවතුර බුලත් ආදියෙන් අපට සංග්ර්හ කොට ආ ගිය තොරතුරු අසා අප කෙරෙහි බලවත් ප්ර ශන්න භාවයකට පැමිණියේය.
      “නුවර කලාවිය පළාත්වල තොරතුරු ටිකක් අනිත් පළත්වල සිංහලයන්ට දැනගැණිමට සලස්වන අදහසින් මම වන්නි පළාතට පැමිණ සිටිමි. විවාහ ලේකම් කෙනෙක්වු තමුන්නාන්සේ මංගල චාරිත්රර සම්බන්ධවු කරුණු අසා ගැනිමට සුදුස්සා බැවින්  මෙහි පැමිණියෙමි”යි කීවිට ඒ කරුණාවන්ත සිංහල මහතා ඒ සියල්ලක්ම නොමසුරුව කියා දුන්නේය.


විවාහ මංගල චාරිත්ර්

  “අපේ රටේ විවාහ මංගල්යන දෙවර්ගයකි. “බින්නය   -  දීගය” යන දෙවැදැරුම් විවාහයෙන්  -  මනාලියගේ ගෙදරම පදිංචි වන පොරොන්දුවෙන් කෙරෙන විවාහයට “බින්න”ය කියති. මනාලයා විසින් තමාගේ ගෙදරට කැදවාගෙණ යාමට “දීගය” කියති. විවාහ සම්බන්ධව මුලික කරුණු පහකි. එනම් :-


පියදාස සිරිසේන නවකථා එකතුව 311

1 අහබැලීමේ මංගල්යා

2 බුලත් දීමේ මංගල්යඑය

3 කේන්ද්රී බැලිමේ මංගල්ය ය

4 ඉණ ජෝඩු තිබිමේ මංගල්යිය

5 කැඳවා ඒමේ මංගල්යංට

    පුරුෂයාගේ මවුපියන් විසින් හෝ අවශ්ය  ඥතිවරයන් විසින් ඔවුන්ට සමාන කුලයකින් විවාහයක් අරමුණු කරණු ලැබේ. මේ රටේ පාතරට මේන් මඟුල් කපුවන් ලව්වා විවාහ ජෝඩුකරවිමක් නැත. මානලයාගේ මවුපියන් හෝ ප්රකධාන නෑයෙක් මනාලිගේ මව්පියන් වෙත පැමිණ පළමුවෙන්ම විවාහය යෝජනා කළ යුතු. මනාලියගේ මවුපියාදිහු සතුටු ව‍ුනොත්   -  මනාලයාගේ ප්ර ධාන ඥතිවරයෙක් මනමාලිය‍ගේ ගෙදරට ගොස්   (1 වෙනි) මංගල්යාය එනම් “අය බැලීමේ මංගල්යාය” සඳහා දිනක් නියම කරගන්නේය.
   ඉතින් මනාලයා‍ගේ පැත්තෙන් බුලත හා කදමල්ල ලැහැස්ති කරගෙන මනමාලයා ඇතිළු කීපදෙනෙක් මනාලියගේ ගෙදරට පැමිණෙති. එහිදි කා බී සතුටු සාමිචි කථාබස් කොට මනාලියගේ කේන්ද්රටයත් රැගෙණ අවුත් දක්ෂ නක්ෂත්රාකාරයෙකුට පෙන්වා ඒ කේන්ද්රප දෙකේ පොරොන්දම් හොදහැටි ගැලපේ නම් දවස් හතරකට පසු මනමාලයා ඇතුළු කීප දෙනෙක් මනාලියගේ ගෙදරට එන බව දන්වා යවන්නේය. ඉතින් ඒ නියම කරගත් දිනට “ඉණ ජොඩු තිබිම” යයි කිනය හතර වෙනි මංගල්යරය සිද්ධ කරණු ලැබේ. මනලයාගේ පියා හෝ වෙනින් අවශ්ය් ඥතිවරයන්ගෙන් වැඩිසිටි කෙනෙක් “අපේ ලමයාට මේ ගැහැණු ලමයා කරකාර බඳින්ට වරදක් නැත” කියා කරට තැල්ලක් බැදඅතට වලලු දෙකක් දමා සුභමඟල් නැකැත් පත්ර  ගෙණ එන දවස නියමකර ගන්නේය.

සව් සිරි පිරි න දුන් කුලයෙන් දදුන් පසි ඳුන් දෙන ලෙස දු ල ඳුන් නියම කර වි යවා සබ ඳුන්

 මේ සිරිත් දැන් පවත්නා එකම රට සිංහලේය.
 සුමඟුල් නැකැත් පත්ර  ගෙනත් දුන් පසු මංගල්යලයට උවමනා සියලුම දේ දෙපක්ෂය විසින් පිළියෙල කරගනු ලැබේ.

312 මහේස්වරී


  ඉතින් මඟුල් දිනේදි අවශ්යු ඥතිවරයන් සමඟ මනමාලයා මනමාලායගේ ගෙදරට පැමිණෙති. ඒ පැමිණෙන පිරිස‍ගේ සංඛයාව කලින් දැනුම් දිය යුතුයි. එ මනාල ප‍ිරිසත් සමගම අවශ්යවයෙන්ම යා යුතු සේවක පිරිසක්ද ඇත්තේය. ඒ සේවක පිරිසට කන්දයා, විදාන, පේඩියා, පටබැන්දා යන තුන්දෙනා අවශයයෙන්ම සිටිය යුතුය. කදමල්ල ආදිය ගෙණ යන අය ඇර මේ කිව් සේවක පිරිසද යා යුතුය. ඒ මුර වෙඩිල්ලට පිළිතුරු වශයෙන් මනාලියගේ ගෙදරද වෙඩිල්ලක් පත්තු කරයි. මනමාල පක්ෂයෙන් වෙඩිල්ල පත්තු කරන්නේ “සියල්ලම ලැහැස්තිද අපි එන්ටද” යන්න ඇඟවිම පිණිසය. මනාලියගේ පක්ෂයේන පිළිතුරු වෙඩිල්ල  පත්තු කරන්නේ “ඔව් සියල්ලම ලැහැස්තියි එන්ට හොඳයි” යන්න ඇඟවිමට වේ. යම් හෙයකින් පුරුෂ පක්ෂයේ වෙඩිල්ලට පිළිතුරු වශයේන මනාලි‍ගේ පක්ෂයෙන් වෙඩිල්ලක් පත්තු නොකළොත් මනාල පිරිස එතැන්ම නැවතී පණිවිඩයක් යැවිය යුතුය. එසේ පණිවිඩය යවා එතන කටයුතු සුදානම් වු වහාම ස්ත්රීවගේ පක්ෂයෙන්ද වෙඩිල්ලක් පත්තු කරණු ලාබේ. ඒ වෙඩි හඬ ඇසුනාට පසු මනාලයා ඇතුළු පිරිස මනාලි‍ගේ ගෙදරට පැමිණෙයි. පුරුෂ පක්ෂයෙන් තැබු වෙඩිල්ලට පිළිතුරු වශයෙන් ස්ත්රීා පක්ෂයෙන් වෙඩිල්ලක් නොතැබුවොත් මනාලිගේ ගෙදරට යන්ට බැරිය.
    මනාලයා‍ගේ පිරිස පිළිගැනීමට මනාලිගේ ඇවැස්ස නැන්දා හා මාමා පෙර ගමන් කරති. වත්තේ කඩොල්ල ලඟ සිට අමුත්තන්ට පිළියෙල කර තිබෙන සාලය දක්වා පාවාඩ එලනු ලැබේ. ඒ පාවාඩ පිටින් ගිය පිරිසගේ කකුල් සෝදා පිස දැමිම විදානේට හෝ කන්දේ මිනිහාට භාරය. ඒ කකුල් සෝදන වතුර තිබු කොරහට රන් මුද්දක් හෝ රුපියල් පහක් දැමිම මනාලයාගේ සිරිතකි. සුබ වේලාව පැමිණෙන්ට ප්ර්ථම මනාලියගේ මෑණියන්ට “කිරිකඩ හේලය” නම් ඉතා වටිනා රෙද්දක් ඒ සමඟ ගිරේකිල්ලෝටේ සහිත බුලත් හෙප්පුවක් ද පිළිගැන්විය යුතුය. වැදු මවුට කිරිකඩ හේලය සහ බුලත් හෙප්පුව පිළිගැන්වු පසු විදාන ස්ත්රීරයට (රෙදි නැන්දාට)  ද වස්ත්රලයක් පරිත්යාහග කළ යුතුය.
  ඉක්බිති සුබ මොහොත පැමිණිවිට මනාලයා විසින් මනමාලිට හේලයක්දි ඇ‍ගේ කරේ මාලයක් පළඳවනු ලැබේ. තවත් ස්ත්රීය පළඳනාද ඈට දෙනු ලැබේ. ඒ පුරුෂයා විසින් දෙන ලද ආභරණ පැළඳගත් මනමාලිය පුරුෂයාත් සමඟ පොරු මස්තකයට නංවනු ලැබෙත්.





පියදාස සිරිසේන නවකථා එකතුව 313


ඉක්බිති මනාලිය‍ගේ මාමා හෝ හිතවත් ප්ර ධාන ඥතියෙකු විසින් මනාල යුවලගේ දකුණු අත්වල මාපට ඇඟිලි දෙක නුලකින් බැඳ කොතලයෙන් පැන් වත්කොට බුදුගුණ ගාථා කියා ආශිරවාද කරනු ලැබේ. ඊට පසු මානාල යුවල තුන්වරක් දකුණට කරකැවි නුල් පට මුදා පෝරුමස්තකයේ පිළියෙලකර තිබෙන ආසනයේ වාඩිවෙති. ඊට පසු මනාලියගේ පියා හෝ ප්රකධාන ඥතිවරයෙකු විසින් කැවුම් කිරිබත් ආදිය පිරූ මඟුල් පතක් මනාල යුවලට පිළිගන්වයි. ඒ දෙදෙනා ඒ කිරිබත් ආදිය පිළිගෙණ මනාලිය විසින් මනාලයාටත්, මනාලයා විසින් මනාලියටත් තම තමන්ගේ අත්වලින් රැගෙණ හුවමාරු කරගෙණ අනුභව කරති.

    ඉන් ඉක්බිති මනාලියගේ මවු පියත් ඇතුළු මුළු සභාවේ හැම දෙනාටම ඔවු නොවුනගේ සම්බන්ධතාවයේ පිළිවෙලට බුලත් දෙනු ලැබේ. එසේ බුලත් දුන් පසු මානල යුවල පෝරුවෙන් බස්වා දෙපක්ෂයේ ඥතීන්ට එවේලාවට සුදුසු සංග්රෙහකර ඊට නියමිත සුභ මුහුර්තයට මඟුල් පිරිස මනාලයාගේ නිවසට යන පිණිස පිටත්වේ. ඒ ගිය පිරිස ස්වකීය වත්ත මායිමේ සිට පාවාඩ පිටින් කැඳවාගෙණ ගොස් මනාලියගේ ගදෙරදී මෙන්ම සංග්රතහ කරනු ලැබේ.
  සරණ බන්දනයේදි මනාලියගෙන් කිසිම දෑවැද්දක් බලා පොරොත්තු නොවේ. බින්න විවාහයකදි නම් මනාලයාට ගෞරව සහිතව මනාලියගේ ගෙදරට කැඳවා ගෙණ යුනු ලැබේ.
    මේ අන්දමේ සිරිත් විධි මේ රටේ උසස් පංක්තියේත් මධ්යබම පංක්තියේත් අය අතර පමණක් පවති. පහත් පංක්තිවල ජනයා අතර මෙබඳු සිරිත් නැතත් නිත්යාගනුකූලව විවාහය කටයුතු බව සැලකිය යුතුයි.
   විවාහයක් සිදු කිරිමට ප්ර්ධාන කරුණු තැනක් සලකනු ලැබේ.

1. ස්ත්රීකය සය පුරුෂයා සමාන කුල වංශයක විම.

2. ස්ත්රීක පුරුෂ දෙපක්ෂයේම ජන සමාජයේ ගරු බුහුමනින් එක හා සමානවිම

3. ස්ත්රීක පුරුෂ දෙපක්ෂයේම මවු පියන් ආදි අවශ්යු බන්ධු වරයන්ගේ කැමැත්ත ඇතිවිම.

     සරණ මංගල්යරය  සම්බන්ද චාරිත්රණ විධි සැකවින් අසාගත් (වික්ර්මපාල)  මම ලේකම් මහතාට ස්තුතිකොට ළමයෙකු උපන්නාම


314 මහේස්වරී

පවත්වන සිරිතුත් ඇසුවෙමි.

උප්පැන්න චාරිත්ර්

    ළමයෙක් ලැබෙන වේලාවට ගර්භනී ඉන්නා ගෙයි පොල් තෙල් පහනක් පත්තු කළ යුතුය. ළමයින් ප්රෙසුතයේදි වින්නඹු ස්ත්රීලන් පැමිණිම සිරිතකි. නමුත් පුරාණ පරම්පරාගත වින්නඹුවන් අඩුවීමෙන් මේ පළාතට අභිනව වින්නඹු වරුන්වත් බහුල කිරිම සුදුසුය. ළමයා ලැබුනු පසු රන් කිරි කටගෑම කරත්. රන් කිරි සෑදීමේදි පිරිමි ළමයෙකුට නම් හකුරු, පොල්කිරි, බත්ඇටයක්, බැලතණ මුල් යන මේවා ගලගා රන් මුද්දක් හෝ වරාගමක් උරච්චිකර පොවනු ලැබේ. 
    ගැහැණු ළමයෙකුට නම් බැලතණ නොගෙණ අනිත් ද්ර්ව්ය.වලින් රන්කිරි සාදා රන් හැන්දකින් හෝ රන් කැබැල්ලකින් කටේ ගාති. ගැහැණු ළමයෙක්ට රන් කිර කටේ ගාන විට මෙසේ කියති. 
    “හොරා මරාකන්ට එපා, දඩාව‍තේ ය්නට එපා. අර ගේ ‍ කේලම් මේ ගෙට කියන්ට එපා”
  
  මේ රන් කිරි කට ගාන වේලාමට ගෙදර ඉන්නා  කිසිවෙකුට කථා බහක් කරන්ට බැරිය.  ඒවේලාවට ළමයාගේ කං බිහිරි ඇරීම සඳහා තැටියක් ශබ්ද කරණු ලැබේ.

දොරට වැඩිම.

   ළමයා ඉපද නැහැවිම, රන් කිරි කටගැවිම ආදී කටයුතු ඉව‍රවු පසු වින් නඹු ස්ත්‍ටාිය ළමයා හොඳින් ආවරණය කර අඳවා ගත්පසු වෙනින් ස්ත්රීුයක් හොඳින් පත්තුවෙන් පාන් තිර දෙකක්  දෑතට ගෙණ ඉදිරියෙන් ගමන් කරණ විට වින්නඹු ලිය ළමයාත් අරගෙණ එලියට එන්නේය. එවිට දොරකඩ දෙපැත්තේ ළමයාගේ පියාත් මාමාත් එසේ නැතහොත් හිතවත් ඥතිවරයන් දෙදෙනෙක් පිරිසිදු සුදු රෙදි ඇඳ සුදු රෙදි තලප්පාවක් බැඳ ගෙණ ගේ දෙස බලාගෙණ සිටිය යුතුය. ළමයා ගෙණ ආ වින්නඹු ස්ත්‍ාවීය ළමයා දික් කරමින් “අපටද-ඔහාටද  ?  අපටද-ඔහාටද  ?  අපටද-ඔහාටද  ?” කියා තුන් වරක් කියන්නේය. ඉතින් ඒ ‍ දොරකඩ රැග සිටි දෙදෙනා පිරිමි ළමයෙකුට නම් “අපට, අපට, අපට” කියා තුන් වතාවක් කියති. ගැහැණු ළමයෙකුට නම් “අපට එපා. අපට එපා, අපට එපා‍” කියති. 
     වැදු ගේවල මඟුල් පිළිබඳව පරම්පරාගත සිරිත් වශයෙන් නොයෙක් මෙහෙ කරණ පංක්තිවල මිනිසුන්ට නියම පිළිවෙලක් තිබේ. ඒ ඒ 


පියදාස සිර‍ිසේන නවකථා එකතුව 315


පංක්තිවල මිනිසුන් තම තමන්ට හිමි මෙහෙවර කළ යුතුවා මෙන්ම ඔවුන්ට නියම දිවෙලද නොඅනුමානව දිය යුතුය. පිරිමි ළමයෙක් ලැබුනු ගෙදරින් පේඩියාට හාල් 5 යි, පොල් 5, ලුනු කහමිරිස් කරවල ආදියද මුදලෙන් රුපියල් 5 ක්ද දිය යුතුය. ගැහැණු ළමයෙක් නම් මේ දිමනාවල් එක එක බැගින් අඩුය. වින්නඹු අම්මාට “වැදුගේ පනම” කියා මුදලක් දෙති. ඒ ගණන රුපියල් දෙක තුන වශයෙන් වත්කමේ ප්රැමාණයට දෙන එකකි. නමුත් නියම වශයෙන් වින්නඹු මවුට හිමි දේ නම් රන් කිරි කට ගෑමට පාවිච්චි කළ වරාගම හෝ රන් පවුම, රෙදි දසරියන යන මේ දෙකය.


අවමඟුල් සිරිත්

  යම් කෙනෙක් මිය ගිය විට ඔහුගේ හෝ ඇගේ ඇවැස්ස මස්සිනා හෝ බෑනා කෙනෙකු විසින් අත පය සුදුසු අන්දමට හරිගස්නා රන් හෝ රිදී නුලකින් කකුල් දෙකේ මාපට ඇඟිල‍ි දෙක බැන් යුතුය. ඉක්බිති මිය ගිය අයගේ පවුලට මෙහෙකරණ වණම් පහේ උදවියට මිනිය භුමදාන කරණ දිනය වේලාව දැනුමි දිය යුතුය. ඒ වණම් පහට අයත් පස් දෙනෙකු විසින්න ඒ තම තමාට අයිති දේවලුත් රැ ගෙණ සුදුසු වේලාවට පැමිණෙති. කැත්ත, පොරව, උදැල්ල එක්කෙනෙකු විසින්ද, දැලි පිහිය සහ පනාව කෙනෙකු විසින්ද, මළ බෙරය එක්කෙනෙකු විසින්ද, රෙදි පිරූවට එක්කෙනෙකු විසින් ද මෙසේ මේ පස් වනමේ මිනිසුන් ගෙණෙනු ලබති. ස්වකීය ගමේ ඉන්නා ඥතා මිත්රියන් පමණක් නොව මරණය ආරංචි වුන අවට ගම්වල ඥති මිත්රයයෝද අවමඟුලට පැමිණෙන්නාහ. 
  මෘත ශරීරය නෑවිමට වෙනම මඩුවක් සාදනු ලැබේ. උඩුවියන් බඳනා ලද ඒ මඩුවට මෘත ශරීරය ගන්ට ප්ර ථම කොරහ, කලගෙඩිය පහන, පනාව, ඉලත් තට්ටුව, කැඩපත යන බඩු ඒ මඩුවේ තැබිය යුතුය. ඇවැස්ස මස්සිනා කෙනෙකු විසින් හෝ බෑනා කෙනෙකු විසින් මෘත ශරීරය නෑවිය යුතුය. ඇඹුල්වලින් ඉද නාවාන බුලත් කොලයක ඔතා හාල් ඇට කීපයකුත් රන් හෝ රිදි කාසියක් මෘත ශරීරයේ කටේ එක්පසකින් තබනු ලැබේ. ඒ “කට හාල” වතු ර නෑවු තැනැත්තාට හිමිය. වතුර නාවන මඩුවට ගත් කොරහ ආදී සියලුම බඩු පේඩියාට අයිතිය. තෙල් ගා ඉස රවුල් පීරා සුදු රෙද්දක් හෝ තුප් පොට්ටියක් මිනියට අන්දවනු ලැබේ. ඉසට උරමාලයක් හෝ තොප්පියක් දමනු ලැබේ. කලින් මිනියට අඳවා තුබුනු රෙදි හැට්ට




316 මහේස්වරී


සහ “ඇද මලකඩය” (මිනිය මසා තිබුනු සුදු රෙද්ද) පේඩියාට හිමිය. මියගිය අය නිදාගත් ඇඳ, ඇතිරිලි, පැදුරු, කොට්ට ආදියද පේඩියාට අයිතිය.

  මිනිය නාවා ඇන්දවුවායින් පසු පේඩියා විසින් මිනිය බඳිනු සඳහා වේලා පටි තුනක් දිය යුතුය. ඉක්බිති පල්ලෑක්කියක හෝ දෝලාවක තබා සොහොන්පලට ගෙණයනු ලැබේ. සමහර උදවිය අළුත් පැදුරු තුනක් එලා එහි මෘතශරීරය තබා හොඳට අකුලා තුන් පලකින් බැඳ ඉක්බිත් ලීයක් තබා තුන්පලකින  බැඳ දෙදෙනෙකු විසින් කරතබා ගෙණ සොහොන්පලට ගෙණ යනු ලැබේ. මිනිය වළලන වල සලකුනු කළ යුත්තේ ඇවැස්ස මස්සිනා කෙනෙක් හෝ බැනා කෙනෙකු විසින්ය. වළ කපා නිමවු පසු වළ අද්දරින් මිනිය තබා භික්ෂුොන්ට පාංශූකුලය දීම ආදී ආගමික චාරිත්රේ පවත්වා මිනිය. වළතුල තබනු ලැබේ. මෘතශරීරයට ‍ඉර හඳ පෙන්විමේ සිරිතක්ද පවතී. වළතුල මිනිය තැබු පසු මිනියේ මුහුණු කොටස නොවසා අනිත් හරිය වසනු ලැබේ. මුහුණට ඉරුරැස් වැටුනුපසු සම්පුරුණයෙන්ම මිනිවළ වසා සියලු දෙනාම නික්ම යන්නාහ. මිනිය සඳහා ගිය හැමදෙනාම ජලය තිබෙන ස්ථානයකට පැමිණ ඇඹුල් ගා ඉස් සෝදා නාගෙණ පිරුවට ඇඳ ස්වකිය නිවෙස්වලට යි යුතුය.
    වළලැමත් ආදාහන කිරිමත් යන දෙවිධියක අවමඟුල් පවති. ඒ ඒ අයගේ වත්කමේ හැටියට මේ සිරිත් කෙරෙණ බව සැලකිය යුතුය. ආදාහන කරණලද මිනීවල අළු ගෙණවුත් තැන්පත් කිරිමේ සිරිතක්ද පවතී. ආදාහන කොට දෙවෙනි දව‍සේ පෙළහරකින් අළු ගෙණවුත් ඒ අළු භාජනය සුදුසු ස්ථානයක තබනු ‍ ලැබේ. සත්වෙනිදා භික්ෂුන් වහන්සේලාට සාංඝික දානයක් දී අළු එකතු කළ අයගේ ආරක්ෂාව සඳහා  පිරිති කියවා පිරිත් නුල් කර ලවති. දෙනේ  ගිනි නිවාපු අයට මෙහි  පහත සඳහන් දෙ දිය යුතුය.   (1)	ඇඳුම් ජෝඩුවක් , (2)  කැත්තක්, (3)  පොරවක්,‍  (4)  ‍උදැල්ලක්,   (5)  වෑයක්,  (6)  නියනක්,  (7)  පොල්ගසක්, (8)  වී ලාස් 5 ක් හෝ දහයක් සහ (9)   ගොණෙක් යන මේ දේ දිය යුතුය.







පියදාස සිරිසේන නවකථා එකතුව 317


09. පරිච්ජේදය

    ලේකම් මහතාත් සමඟ මුළු දවසම ගත කල මටත් මගේ මිත්ර  ගුරු මහතාටත් ටිකක් මහන්සි විය. හොඳමට සවස් වෙලා  අපි යකාවැවේ පාසැලට ගියෙමු. මා දැකීමට ගමේ කීපදෙනෙක් ආ බව අසා ඔවුන් දැකිමට නොලැබිම ගැන කනගාටුවන විටම දඩයම් කිරිමේ පුරුදු තරුණයෙක් පැමිණියේය. කීකරු සුවිනීත ගතියක් ඇති මොහු සතුන් මරන්නේ කොහොමදැයි මා සිත තුල විතරුකයක් ඇති විය. “දඩයම් කිරිම නපුරු පාප ක්රිවයාවක් බව මිත්රතයා දන්නේ නැද්දැ” යි මා ඔහුගෙන් ප්ර ශ්න කළවිට “අපට එහෙම දැනීමක් නැත. සුමානයකට වරක් දෙක් දඩයමේ යැම අපේ සිරිතකි. ඒ දඩ‍යමේ යන විට අ‍පේ ආතා අපට ආරක්සාව පිණිස පිරිත් ගාථාවක් දෙකකුත් කියනවා”ය යි ඔහු කීවේය.
    “වන්නියේ පැවතෙන ඉතා ප්රතශස්ත චාරිත්ර  ගැන සතුටුවන අතරම එහි ජනයාට ධර්ම ශස්ත්රි ‍නොදැනීමෙන් ඇතිවි තිබෙන විපත ඉතාමත් මහත්ය. ඉතින් ගුරුන්නාන්සේ මහත්මයා මිට කුමක් කළයුතුදැ”යි මා දකින්ට ආ කිරිහාමිත් ඉදිරිපිටදී ඇසුවෙමි. කරුණා ගුණයෙන් යුත් ගුරුන්නාන්සේ “වන්නිය පළාතේ ධර්ම ශාස්ත්රස පිරිහීම රටවාසීන් දැන් ඉන්නා පහත් තත්වනයට ප්රනධාන හේතුවක් වි තිබේ. ගිහියන් තබා ධර්ම ශාස්ත්රා තරමක් දුර උගත් භික්ෂුවක් දකින්ට ලැබෙන්නේත් කලාතුරකින්ය.  නගර ග්රාාමවල ඉඩක් නැතිව ඉන්නා උගත් භික්ෂුන් බෝහෝය. ඉතින් කොළඹ ආදී නගරවල ඉන්නා වීර්යවන්ත භික්ෂුන් තුන් හතර නමක්වත් මේ පළා‍තේ වැදගත් බලසම්පන්න තෙරුන් වහන්සේලාත් සමඟ කථාබස් කොට භික්ෂුන්ට පාලි සිංහල ආදී  භාෂාත් බුද්ධ ධර්මයත් උගන්වථතොත් අවරුදු 5 ක් තුල මේ රට ඉතා උසස් දියුණුවකට පත්කළ හැක. මහතා කොළඹ ගියවිට ඒ අතේ උද්ඝෝෂණයක් ඇති කළොත් බොහොම හොඳය‍”යි ගුරුන්නාන්සේ මහතා මට කීයේය. කිරිහාමිත් සමඟ මහ වනයේ ටිකක් ඇවිදින්ට ඇත්නම් හොඳයයි මට සිතී  “කිරිහාම් උඹලා දඩයමට යන පළාතක දඩයම් පිණිස නොව වනාන්තරය බැලිම පිණිස මමද යන්ට කැමැත්තේමි. උඹලා නැවත දඩයමේ යන්නේ කවදාදැ”යි ඇසුවෙමි.  “අපි හෙට උදේ වවුනිය පැත්තේ යන්ට සිතා ඉඳිමු. මමත් අපේ ගමේ තවත් දෙන්නෙකුත්ය. මහත්මයා කැමති නම් යන්ට පුළුවනැ”යි




318 මහේස්වරී


කීය ඇත්තෙන්ම මහ වනයේ ශ්‍ුළියාව දැකිමට සතුටු මම ඔවුන් සමඟ යන්ට සැරසුනෙමි. ඒ දඩයමේ යන දෙන්නා ඩබල් බැරල් තුවක්කු දෙකකුත් තවත් අවි ආවුධත් රැගෙන ආහ. පසුදින මමද මගේ ඩබල් බැරල් තුවක්කුවත් ලොකු බුල්ඩෝග් පිස්තෝලයත් රැගෙණ කොට කලිසමත් ඝන මේස් බැනියමත් ඇල්වුඩ් තොප්පියත් ලාගෙණ සැරසුනාම ගුරුන්නාන්සේ්ත් කිරිහාමි සහ බන්ඩාත් සිනාසෙමින් “මහත්මයා සතුන් මැරීම වැරදිය කියමින් ඉතාමත් දුර වදින තුවක්කුවත් - ඇතෙක්වත් මැරිය හැකි තරම් බලසම්පන්න පිස්තෝලකයකුත් ගත්තා දැක පුදුම වෙමුයෟයි කීහ. “ඇත්තෙන්ම ගුරුන්නාන්සේ මහත්මායා මගේ චරිතයත් මගේ දැනිමත් පෙන්වා දීමට මේ හොඳ ප්රතස්ථාවකි. සතුන් මැරීම අත්තෙන්ම පාපයකි. නමුත් “චෙතනාහං භික්ඛවේ කම්මං වදමි”- මහනෙනි කර්මය සිත පිළිබඳවම පවත්නා එකක්යයි බුදුහමුදුරුවන් වාදාළ ධර්මය දැන් මිනිස්සු නොදනිති. බෞද්ධාගම්කාරයා යයි දැන් අපි කියන්නේ චාරිත්ර් විධි පවත්වන තැනැත්තාටයි. ඒ අපේ මුලාවකි. පන්සිල් ගන්නා - බුදුන් වඳිනා - මල්පහන් පුජාකරණ අයටත් දන්දෙන පෙරහැරවල් කරණ පෝයදාට අටසිල් ගන්නා අයටත් වෙහෙර විහාර, පන්සල්, විශ්රා ම ශාලා ආදිය කරවන අයටත් දැන් කාලේ බුද්ධාගම් කාරයාය කියති. ස්වකීය සහෝදරයාට හෝ අසල්වැසියාව ගසා මරා ඔහුගේ දේ කොල්ලකා ගන්නා මිනිහා - ලොකු සාංඝික දානයක් දුන්නොත් - ඒ අයත් හොඳ උපාසකයකු හැටියට දැන් කාලේ ගණන ගණිති. නමුත් ඒ බලවත් මුලාවකි. බෞද්ධාගම් කාරයෙක් වන්නේ, හැබෑ බෞද්ධාගම් කාරයෙක් වන්නේ - “අලොභ, අදෝස, අමෝහ” යන කුසල් සිත් තුන හිතේ පදිංචිවු අයටය. හෙවත් ඒ කුසල් සිත් තුනෙහි හිත නුපුරුදුවු කෙනෙක් බෞද්ධ නොවේ. ඊයම් කැබෙල්ක රත්රන් ගැවාට කිසි කලෙකත් රත්රන් නොවේ. අනිත් අතට රත්රන් කැබෙල්ලක ඊයම් ගෑවත් පෙනීමෙන් මිස ඇත්ත වශයෙන් නොවේ. අලොභ, අදොස, අමොහ යන කුසල් සිත් නැති තැනැත්තාට බුද්ධාගමෙන් පිහිටක් නැත්තේය. ත්යා්ගවත් චේතනාවත් කිසිම කෙනෙකුට ඊර්ෂ්යාම ක්රො ධ නොකරණ මෛත්රිතයත්-කිසිම වැරදි ක්රිනයාවක් කිරිමට මුලා නොවිමත් යන සිතිවිල් තුන මාතෘ ගර්භයේද පටන් පුරුදු කරණු ලැබු තැනැත්තා ඉතා හොඳ බුද්ධාගම්කාරයා වේ. ඇත්තෙන්ම හොඳ බෞද්ධ මවුපියන්ගේ දරුවෙකුට ඒ “අලොභ අදොස, අමොහ‍” යන සිතිවිලි නිරායාසයෙන්ම ඇතිවේ. පිරිසිදු බෞද්ධ මෑනි කෙනෙකුගේ චිත්ත





පියදාස සිරිසේන නවකථා එකතුව 319

සන්තානයෙහි පවත්නා අදහස් නව මස් පසළොස් දිනක් ගර්භයේ ඉන්නා දරුවාට ඒකාන්තයෙන්ම ඇති වන්නේය. මෑනියන් ආස්වාස කරණ වාතමය ගර්භස්ත දරුවාත් ආස්වාස කරයි. හිස මුදුනේ ඇතිවු නලයක් දිගේ මෑණියන් ආස්වාස කරණ වාතය ලමයාගේ මොළයේ ගැටෙමින් යන නිසා - ඒ මෑනියන් ආස්වාස කරණ වාතය ඇගේ හෘදයේ වැදි - ඇගේ හිතේ පවත්නා යහපත්වු හෝ අයහපත්වු හෝ අයහපත්වු හෝ සිතිවිලිත් ගෂ්ටනය කරගෙනම යන බැවින් මෑනියන්ටම සමාන අභ්යුන්තර ගති ගුණයෙන් යුතු දරුවෙකු හටගැනිම ඒකාන්තය. යම් පියෙකුගේ හිත අලොභ-අදොස-අමොහ යන සිතිවිලිවලින් යුත් නම් - ඒ උතුම් ගුණ ඔහුගේ ඇට මස් - ඇට මිදුලුවලත් සෞම්යි ධාතුවත් රඳා පවත්නේය. අලොභ-අදොස-අමොහ සිතිවිලි වලින් යුත් මවුපියන් නිසා ඇතිවන දරුවා උත්පත්තියෙන්ම අලොභ-ආදොස-අමෝහ සිත්වලින් යුත් කෙනෙක් බැවින් උසස් ධර්ම ශාස්ත්රග පුරුදු කළ පසු ඔහු දෙවියෙකුට වඩා පිරිසිදු වේ. ධෛර්යමත් වේ, නිරහංකාර වේ, උට්ඨාන විර්යයෙන් යුක්ත වේ. ආත්ම ගෞරවයෙන් හා ආත්ම ශක්තියෙන් යුක්ත වේ. අලොභ-අදොස-අමොහ-චිත්තයෙන් යුත් මවුපියන් නිසා අටගන්නා දරුවා උසස් ධර්ම ශාස්ත්රාදදිය නුගත් කෙනෙක් වුවත්- සත්ගුණවත් මනුෂ්යවයෙක් වනු ඒකාන්තය. නපුරු පාප මිත්රන සේවනයකට නොවැටුනොත් ඔහුට උත්පත්තියෙන් ලැබුනු අලොභ-අදෝස-අමෝහ-හිත වෙනස් ‍ෙනාවේ.

   දැන් අප රටේ බෞද්ධ නාමධාරීන් පමණක් ඉන්නා බැවින් ඔවුන් නිසා අටගන්නා දරුවන්ට දිවි පවත්වා ග‍ැනිමටත් පිළිවන් වන්නේ ඉතා බලසම්පන්න ඉගැන්විමක් දුන්නොත් පමණකි. උත්පත්තියෙන්ම  ලබාගෙණ ඉපදිය හැකි ඥන, වීර්ය දෙකවත් ඉපදුනාට පසු ඉගෙණිමෙන් හා කල්යාෙණ මිත්රි සේවනයෙන් ලැබිය හැකි ඥන වීය්ය් දෙ දෙකවත් දැන් සිංහල දිවයිනේ ඇත්තේ නැත. බෞද්ධයා කරුණා මෛත්රීර සහගතවුද  -  කිසිවෙකුට ඊර්ෂ්යාැ ක්රොේධ අලාභහානි නොකරන්නාවුද- බොරුවලට එනම් දෙවියෙක් ලොව ලොව මැව්වාය, දෙවියෙකුගේ ආරක්ෂාවක් උපකාරයක් ති‍ෙබනවාය, දෙවියෙක් අනික් මිනිහෙකු ගලවනවාය, සදාකාලික ආත්මයක ඇති සත්වයෙක් ඉන්නවාය. පඬුරු බැඳිමනේ කන්නලව් කිරිමෙන් ප්ර්යෝජන තිබෙනවාය, බලියාග හෝමා තොවිල් ආදය කිරිමෙන් ප්රියෝජනයක් තිබෙනවාය යනාදි මෝඩ චාරිත්ර් හා පුරුදු කිසිවක් පිළිනොගන්නාවු  කෙනෙකි. බෞද්දයෙක් නම්-හැබෑ බෞද්ධයෙක් නම්- ඔහුගේ හෘදය 





320 මහේස්වරි


තුල ක්රිමයා කරණ ශක්තිය අ‍ෙලාභ-අදොස-අමොහ යන පරිශුද්ධ චේතනාවයි. ඒ චේතනා තුන හොඳින් ක්රිකයාකරණ හිතක් ඇති මිනිහෙකුට තමන්ගේ ප්රෞයෝජනය සඳහා සතුන් මරන්ට, සොරකම් කරන්ට, පරදාර සේවනය කරන්ට, බොරු කියන්ට, සුරාපානය කරන්ට, ඊර්ෂ්යාකය කරන්ට, අන්ය,යන් හෙලාදකින්ට සුදුසු තැනදි ඉදිරියට නොයන්ට, අලසවන්ට, ආත්ම ගෞරවය නැතිකර ගන්ට කොයි අන්දමකින්වත් බැරිය.

   බෞද්ධයා  -  හැබෑ බෞද්ධයා හරියටම සඳුන් ලීයක් වාගේය. සඳුන් ලීයේ පිටතත් ඇතුලතත් සුවඳ තිබේ. කැපුවත් කෙටුවත් සුවඳය. නමුත් බෞද්ධ නාමධාරියා සඳුන් වතුර ගාන ලද කැන්ද ලීයක් වා‍ ෙග්ය.  සුවඳ වතුර වියලෙන තෙක් නුවණ මඳ මිනිහෙකු රවටන්න පිළිවන. අභ්යෙන්තරයෙහි ස්ථිර සාර බවට නොගිය අලොභ-අදොස-අමොහ යන චේතනා නැති හෙවත් අධිකතර භාවයට ගිය  ලොභ ද්වේෂ මොහ යන පව්වලින් සම්පුර්ණ පුද්ගලයා මල් පුජාකිරිම, බුදුන් වැඳිම, දන්දීම, සිල් රැකීම හරියටම කැන්ද ලීයකට සඳුන් දිය ටිකක් ඉසිම වැනි බොරු වැඩක් හා සමානය. ඉන් නිසා ගුරුන්නාන්සේ මහත්නනි. උත්පත්තියෙන්ම මා බෞද්ධයෙක්මි. ඉගෙණිමෙන් හා පුරුදු කිරිමෙන්ද බෞද්ධයෙක්ය යි කීවිට, දඩයමේ යාමට සුදානම්ව සිටි කිරිහාමිත් බණ්ඩාත් මේ කථාව අසා පුදුම වුනා මිසක් එහි හරි වැරැද්දක් හෝ තමාට නොතේරෙණ නොවැටහුනු යමක් ඇසීමට සමර්ථ නොවිය. නමුත ඥනවෘධ, වයෝවෘධ ගුරුන්නාන්සේ  මහත්මයාට මගේ කථාවට සවිස්තර අටුවාවක් කර නොගෙණ ඉන්ට නොහැකිවු බැවින්-  “කිරිහාමිත් බණ්ඩාත් දෙන්නා දඩයමේ යන්ට ආ නමුත්- වික්රටමපාල මහත්මයාත් ඔවුන් සමඟ කැලේ ඇවිදින්ට යාමට සුදානම්වු නමුත් ඒ ගමන හෙටට කල් දමන මෙන් මම ඉලලමි. මක්නිසාද  ?  හැබෑ බෞද්ධයා සම්බන්ධයෙන් මහත්මයා කියන ලද කරුණු කාටත් තේරෙණ අන්දමට විස්තර කරවා ගණු සඳහා මහත්මයා සමඟ අද වාද කරන්ට වුවමනාය. බාගවෙලාවට දැන් අටේ සිට අද රාත්රිම දහය දොළහ වනතුරාත් ඒ ගැන තිරණයකට පත් වෙන්ට බැරිය. ඉතින්  මහතාගේ කල්පනාව කෙසේදැ”යි ගුරුන්නාන්සේ මහත්මයා ඇසුයේය. “ඔව් ගුරුන්නාන්සේ මහතා, ලොකාර්ථය පිණිසම මගේ ජිවිත කාලයය ගතකිරිම මගේ ඒකාන්ත අධිෂ්ඨානය වේ. මේ කුණු ශරීරයෙන් ගතයුතු ප්රලයෝජනයත් එපමණයි. බුද්.දාගමේ සාරාංශය සඟවා ගෙණ තමාට ලාභ ප්රුයොජන ගතහැකි බාහිර කරුණු පමණක්





පියදාස සිරිසේන නවකථා එකතුව 321

දැන් අපේ බො‍හෝ මහණුන්නාන්සේලා ප්ර කාශ කරති. රුපියලක් වියදම් කොට දන් ටිකක් ලැහැස්ති කර දුන් මෝඩ පුරුෂයාට හේ ස්රීත යට ඒ දානය දීපු හැටියේ කියා දෙන්නේ මෙසේය. “මේ දුන් දානානිශංසයෙන් මරණින් මතු චාතුර්මහාරාජිකාදි සදිව්යනලොකයේ අනන්ත අප්රිමාන දිව්යත සම්පත් වළදා මිනිස්ලොව උපන් කල්හි ක්ෂත්රි‍ය, බ්රාරහ්මණ, වෛශ්යි නම් උතුම් වංශයක ඉපදි ජොතිය, මෙන්ඩක, ධනංජය, අනාථ පිණ්ඩික සිටුවරුන්ට මෙන්ද, චන්ද්රාම, පතමා. සුමනා, සුජාතා, යසොධරා දේවින්ට මෙන්ද, අකලට නොනස්නා භවභොග සම්පත් ලබා ඒ සම්පත් රාජ චොර අග්නි ආදියකින් විනාශ නොවි සිත්වු පරිද්දෙන් වළඳනා කල මතු අනාගතයෙහි ලොව පහළවි වදාරණ මෛත්රිිය දීප‍දොත්තමයානන් සියැසින් දැක උන් වහන්සේගෙන් බණ අසා සෝවාන් සකෘදාගාමි අනාගාමි අර්හත් යන සතර මඟ සතර ඵලයට පැමිණ ශාන්ත ප්රනණිත අමාමග නිවන් සැප ලැබිමට ඒකාන්තයෙන්ම හේතුවේවා” කියා පින් දෙන්නේය.

   රුපියලක් වියදම් කොට දානය දෙන්නේ කා විසින්ද දානය ලබන්නේ කවුද ?  එතකොට රුපියලට ලැබෙන පොලිය දිව්යතලෝක භයයි, මනුෂ්යද ලෝකයේ විසි තිස් වාරයක් සිටු සැපතයි. ‍ඊට  පසු මෛත්රිදය බුදුහාමුදුරුවන් දැක බණ අසා සතර මඟ සතර ඵලයයි යන සියල්ලක් ලැබෙනවායයි කියා නුගත් මෝඩ පව් කාරයෙකුට කිවු හිටියේ ඔහු එය විශ්වාස නොකරයිද ?  සත්තකෙන්ම රුපියලක් වියදම් කොට දන් දුන්නාම තවත් හැදෙන්ට ආත්ම සංයමයක් ඇතිකර ගන්ට කුසල් අකුසල් මොනවාද කියා දැනගන්ට ඒ මෝඩයා තුල ඕනෑ කමක් භයක් ආවශ්ය්ක හැඟිමක ඇතිවේද  ?  බෞද්ධයකු විසින් කටයුතු එකම කුසලය පරාර්ථය හෙවත් ස්වකීය ආත්මය පිරිසිදු කිරිම එනම් - අලොභ, අදොස, අමොහ සිතිවිලිවලින් ස්වසන්තානය පිරිවිම හෙයින්, කාට නමුත් යහපතක් හිතිමත් කීමත් කෙරිමත් මගේ එකම අදහස බැවින් ගුරුන්නාන්සේ මහතාට කැමති එකක් අසන්ටයයි මම කී‍වෙමි. 

ගුරුන්නාන්සේ - මනුෂ්යමයා ‍ උත්පත්තියෙන්ම හොඳ කෙනෙක්වි උපදිනවාද  ? නැතහොත් උපන්නාට පසු හොඳ කෙනෙක් වෙනවිද ?

මම - ලෝකයේ ඉන්නා මනුෂ්යනයන් හොඳ වශයෙනුත් නරක වශයෙනුත් තුන් තුන් ‍ෙකාටස්වලට බෙදිය යුතුය. ඉතින් හොඳ කොටස ගත් විට - ඉපදිමෙන් හොඳ - උපන්නාට පසු උසස් ඉගෙණිමක් ලබා කල්යාිණ මිත්රු සේවනයට ගිය තැනැත්තා




322 මහේස්වරී


ඉතාමත්ම හොඳ මනුෂ්යතයා වේ.

     උත්පත්තියෙන් හොඳ - නිසි ඉගෙනීමක් නොලැබු-  පාප මිත්රත සේවනයට නොගිය මධ්යඳම ගුණවතාය- ඉපදීමෙ ද් පහත් කෙනෙක් වුවත්- හොඳ ඉගෙනීමකුත් කල්යාගණ මිත්රු සේවනයත් ලැබු තැනැත්තා තුන්වෙනි හොඳ මනුෂ්යාඉ වේ.
 අයහපත් අධම තුන් දෙනාගෙන් පහත් නරක මවුපියන්ගේ දරුවෙකුව ඉපදි නරක ඉගෙණිමත් පාප මිත්ර් සේවනයත් ලැබු ත‍ැනැත්තා පළමුවෙනි අධමාය වේ. පහත් මව්පියන්ගේ දරුවෙක් ව ඉපද උසස් ඉගෙණිමක් ලබා පාප මිත්රය සේවනයේ යෙදුනු තැනැත්තා ලෝකයේ දෙවෙනි පංක්තියේ අධමයා වේ. උසස් ඉපදිමක් ලබා නරක ඉගෙණිමත් පාප මිත්රි සේවනයේ යෙදුනු තැනැත්තා තුන්වෙනි පංක්තියේ අධමයා වේ.
   ඉතින් මෙය තේරුම් ගැනිමට මම ගුරුන්නාන්සේ මහාතට නිදර්ශන කිපයක් පෙන්වන්නේමි. සමහර නරක දෙමව්පියන්ට මධ්යහම තරමේ හොඳ දරුවොත් ඉතාම පහත් කාලකන්නි දරුවොත් සිටිති. උත්පත්තියෙන් පහත් නමුත් හොඳ ඉගෙණිමක් ලැබු දරුවා අර ඉපදිමෙන් ලැබු පහත් ගතිය යටපත් කොට එක්තරා ප්රණමාණයකට දියුණුවන නමුත් නුගත් කල්යා ණ මිත්රර සේවනයට නොගිය තැනැත්තා ඒ උපන් ගතියට වඩා තව තවත් පහත් ක්රි්යා ක‍ිරිමෙන් මනුෂය පිසාච, මනුෂ්යව තිරිසන් ගතියට පත්වන බව පෙනේ. පවුලක්, රටක් , දියුණු කිරිමට නම් ඒ රටේ මිනස්සු ප්රයතිපත්තිකාමි ගුණවත් මිනිස්සු විය යුතු. මක්නිසාද  ?  ඒ ගුණවත් සුචරිත සම්පන්න මිනිසුන්ගෙන් බෝවෙන්නේ ඔවුන්ට වඩා හොඳ පිරිසක් බැවිනි. සුචරිත සම්පන්නව කල්ගත කරණ මුවපියන්ට නිසා අටගන්නා දරුවන්ට හොඳ හැටි ධර්ම ශාස්ත්රුත් ඉගැන්නුවොත් ඔවුන් දෙවියන් හා සමාන උසස් බවට පත්වෙති.

ගුරු - ‍ෙහාඳයි වික්රඉමපාල මහතානෙනි. මට නම් තරමක් දුර කාරණය වැටහුනා. දැන් මෙහි ඉන්නා දඩයමි කරණ දෙන්නා මට කීවේ මහත්මයාත් හොඳ තුවක්කුවක්ත් පිස්තෝලයකුත් තබාගෙණ ඉන්නේ මොකද කියායි. ඇත්තෙන්ම ඒක හැබැයි.

“අවි අන් වැනසම ට නැත හොත් තමා රැකුම ට”



පියදාස සිරිසේන නවකථා එකතුව 323

ඉතින් මහත්මයා ආවුද තබාගෙණ ඉන්නේ තමන්ගේ ආරක්ෂාවටද අනුන් මැරිමටද ? ජඩ

මම - ඇත්තෙන් හොඳ ප්ර ශ්නයකි - මගේ ආරක්ෂාවටත් - අනුන් මැරිමටත් යන දෙකටමයි.

ගුරු - එතකොට මැරීම පවු නොවේද ?

මම - ඇත්තෙන්ම පවුයි. නමුත් යුක්ති ධර්මය පාපයක් වුවත් ඒ යුක්ති ධර්මය සලකන තැනැත්තා පම ගැන නොසලකයි. “මැරීම” යන වචනයම පාප සහගත. ඒ පිළිබඳ විස්තරයක් දැන ගැනීම කාටත් හොඳය.

ගුරු‍ - හොඳයි. මේ මිනිස්සු කැලේ ඉන්නා වල් සතුන් මරා ගෙණ කෑම අපරාධයක් ද ?

මම - ඇත්තෙන්ම අපරාධයකි - අකටයුත්තකි - ඒ හෙයින්ම බරපතල පාපයකි.

ගුරු - ඒ ඇයි  ?

මම - කැලේ උපදින සතා එසේ සිටිය යුතුය. දඩයම් කාරයාට මස් පිණිස ඌ උපන්නා නොවේ. තමන්ගේම ප්රසයෝජනයට යම් සතෙකු මැරීම තිරිසන් ගතියකි. නමුත් සතෙකු හෝ මිනිහෙකු වුවත් මරන්ට පිළිවන.

ගුරු - ඒ කොහොමද - හොඳ අදහසින් අතෙකු මරන්නේ කොහොමද  ? එසේ මැරිමෙන් පවු සිද්ධ වෙන්නේ නැද්ද  ?

මම - මැරීමේ වචනයම පවු බව සැලකිය යුතුයි. නමුත් සුළු පවක් කොට මහත් පිණක් සලකා ගැණිම වරදක් නොවේ. ඔන්න බලමු - නපුරු පිස්සු බල්ලෙක් දුටු දුටු මිනිස්සු හා සතුන් හපාකමින් හැසිරෙණ විටක සක්ති සම්පන්න මිනිස්සු ගස්වලට හෝ නැග ආරක්ෂා වෙති. නමුත් දිව ගොස් ආරක්ෂා ස්ථානයකට පැමිණිය නොහැකි ළමයි. මහලු අය, සහ ස්ත්රි්න් කීප දෙනෙක් ඒ පිස්සු බල්ලාට ගොදුරු වෙති. ඉතින් නිර්භිත පිස්සු බල්ලා මරාදැමිය යුතුද  ? ඇත්තෙන්ම එකපාරටම පිස්සු බල්ලා මරාදැමිය යුතුය.

ගුරු - ඉතින්පෙතව් නැද්ද  ?

මම - මැරිම පවු සහගත බව මම වේලාපහින් කීවෙමි. නමුත ඒ පිස්සු


324 මහේස්වරී බල්ලා මරණ ලද්දේ ඒ මරණ ලද අයගේ ප්රතයෝජනයකටද ? නැතහොත් ඌ සමඟ ක්රෝලධයකින්ද  ? ජිවත් නොවිය යුතු පිස්සු බල්ලා මිනිසුන් කා විනාශ කරණු බල බලා ඉඳම ඒ සතා මැරිමටත් වඩා ‍ලොතු පාපයක් නොවේද  ? සමුහයකට අනර්ථ දායක අධමයකු මැරිම ඉතා උසස් මෙහෙයකි. තමාට ගැලවි ඉන්ට පිළිවන් කම සලකා මුළු ගැනි ඉන්නා මිනිහා ආත්මාර්ථකාමි නීච පාපියෙකි. මහා සමුහයකට අන්තරාය දායක තිරිසනෙකු හෝ මිනිහෙකු හෝ විනාශකර දැමිම පාපයක් නොව ඉතා උසස් පුණ්යහ කර්මයක් බව ගුරුන්නාන්සේ මහතාට කල්පනා වෙන්නේ නැද්ද?

ගුරු - එතකොට නපුරු සතුන් හා මිනිසුන් සියල්ලම මරා දමතොත් එච්චර හොඳ බව ද කියන්නේ  ?

මම - හිටින්ට - යමක් නුවණින් ‍තේරුම් ‍නොගෙන කථා කරන්ට එපා. මිනිසුන්ට අනතුරක් නැති හිමවනයක ඉන්නා විෂ ඝෝර සර්පයන් හෝ අන්ය දේශයක ඉන්නා අධම මිනිසුන් හෝ මරන්ටවත් නුවණ ඇති කිසිවෙක් කල්පනා නොකරති.

නමුත් මනුෂ්යි වාසයකට පැමිණ මිනිසුන් කා විනාශකරණ කොටි සර්ප ආදී රෞද්රෂ සතුන් මරා මිනිස් ආදි විශාල පිරිසකට අභයදීම මනුෂ්ය ශක්තිය ඇති හැම මිනිහාගේම බලවත් යුතුකමකි.

ගුරු - එහෙම අවස්ථාවකදි තමා බේරි අර දුෂ්ට සතා නොමැරුවොත් වැරදිද ?

මම - එය බයගුලු පහත් ගතියකි. පරාර්ථ චේතනාවක් නොමැති ආත්මාර්ථකාමි නිච ගතියකි.

ගුරු - එතකොට බඩගිනි වෙලාවට සතෙකු මරා කැවොත් නරකද ?

මම - ඒ තිරිසන් ගතියකි. බඩගින්නට සුදුදු ආහාරපාන සපයා ගෙණ නොකාථ, සතෙකු මරා මස් කන්නා මිනිස් රූපයෙන් ඉන්නා තිරිසනෙක් බව සැලකිය යුතුය.

ගුරු - ඉතින් පවු නොකොට මේ ලෝකයේ උසස් මිනිහෙක් වෙන්ට බැරි බව මහත්මයාගේ කථාවෙන් පෙනේ. එහෙම‍ නොවේද  ?

මම - මගේ කථාවේ එබඳු අදහසක් නැත. මනුෂ්ය්යෙක්ව උපන් තැනැත්තා ස්වකීය ජිවිතයම රැකගෙන කිසිම රෞද්ර ක්රිනයාවකුත් නොකරන්නට නම් ඔහු තපස්වරයෙක් විය යුතුය. ජන සමාජයේ

පියදාස සිරිසේන නවකථා එකතුව 325


හැසිරෙන හැබැ මනුෂ්යා යාට එසේ ඉඳිනු නොහැක්කේය. රටවැස්සන්ගේ හෝ අසල්වැස්සන්ගේ යහපත සඳහා කටයුතු සියල්ලක්ම ඔහු විසින් කටයුතුය. ගමක මුලාදෑනියෙක් ගම් වැස්සන් පෙළන්නෙක් නම් ඔහු නෙරපා දැමිමට ඉදිරිපත් විය යුතුය. පළාතක රටේ මහතෙක් හෝ මුදලි කෙනෙක් අත්ලස් ගැණිම්, පරස්ත්රී දුෂනාදී අධර්ම කරතොත් ඔහු නෙරපා දැමිමට ඉදිරිපත්විය යුතුය. ගමේ හෝ පළාතේ අධර්මවාදි බලවතෙක් හෝ චන්ඩියෙක් සිටියි නම් ඔහු මර්දනය කිරිමට ඉදිරිපත්විය යුතුය. පළාතක හෝ ගමක දුර්භික්ෂ වසංගත ආදිය පැතිරෙණ විට තමන්ගේ පණ ගලවාගෙණ පළාත අත්හැර යනවා වෙනුවට ඒ දුර්භාක්සයෙන් රට වැස්සන් මුදා ගැනිම සඳහා ධෛර්යයෙන් ක්රිුයා කිරිම රෝගාදිය පැතිරෙණ කළ ඒ ව්යාමපසමනය කිරිම සඳහා උපක්ර ම යෙදිමත් සත් පුරුෂ මනුෂ්යණයෙකුගේ පරම යුතුකමකි. ගමේ හෝ පලාතේ නුගත් මිනිසුන්ට විද්යාණලෝකය දිමට පණිඩිතයන් කැඳවා සුදුසු අවවාදානුශාසනා කරවිමත් සත් පුරුෂ මනුෂ්යකයා‍ගේ යුතුකමය. ගමේ පළා‍ තේ ගැහැණු පිරිමි දරුවන්ට ශිල්ප ශාස්ත්රය ඉගැන්විමට උපස්ථම්භකවිමත් නිකරුණේ කාලය ගත කරන මිනිසුන්ට අවවාද කොට යම්කිසි කටයුත්තක් කිරිමට පෙළඹවිමත් මිනිත් නම දරණ හැමදෙනාගේම යුතුකමකි. රන්ඩු දබරවෙන මිනිසුන්ට අවවාද කොට ඔවුන් සමගි කරවිමත් ඉඩ ඇති හැම තැනකම මොකක් නමුත් ගසක් වැලක් වවා එයින් ප්රඩයෝජන ගතයුතු අන්දම කිය‍ාදිමත් මිනිස් නම දරන්නෙකුගේ පරම යුතුකමකි. ‍

   ආගම ප්රයතිපත්ති ආදිය නොපුරන්නන් එහි යෙදවිමත ආගමට මුවාවි කපටිකමින් සම්මාදම් ආදිය කරණ අධම ගිහි පැවිද්දන් දුර්වල කොට ඒ පළාතෙන් නෙරපා දැමිමට විරිය කිරිමත් මනුෂ්යද නම දරන්නන්ගේ යුතුකමකි. “ඒවායින් අපට කමක් නැත. අපේ පාඩුවේ අපි ඉන්නෙමු”ය යි කීම මනුෂ්යරයන්ට අයිති ධර්මතාවයක්‍ නොවේ. සමහර තිරිසන්නුද ඔවුන්ගේ වර්ගයේ සතුන්ගේ ප්රීිතියේදී ප්රීැතිවෙමින් දුකේදි දුක්වෙමින් ක්රිගයා කරණ බව පෙනේ. ඒ එසේ නම් “මේ ශරීරය දැරිය යුත්තේ අනුන්ගේ යහපත සඳහාය”යි නියමව ඉන්නා මනුෂ්ය යා - තමන්ගේම පාඩුවේ ජිවත්වෙතොත් ඒ මනුෂ්ය් නාමයට නින්දාවකි. තමාට වඩා දුප්පත්, අසරණ, නුගත් බෙලහිනයන්ට පිහිටාධාරව ක්රිකයා කිරිම මනුෂ්යඩ ධර්මයේ පළමුවෙනි ක්රිමයාව වේ. තමන්ට සමාන ධනවත් 





326 මහේස්වරී


උගත් බලවත් ශික්ෂිත් මිනිසුන් සමඟ එක සමානව ගෞරවාන්විතව ක්රිමයා කිරිම මනුෂ්යාවත්මයේ දෙවෙනි යුතුකම වේ. තමාට වඩා උසස් - උගත් - ධනවත් - ප්රෂභූන් සමඟ අවනත භාවයෙන් හා සහයොගිතාවයෙන් ක්රිනයා කිරිම මනුෂ්යාත්වයේ තුන්වෙනි යුතුකම වේ. මෙසේ නොකොට රෑ දවල් දෙක්හිම යමක් උපයමින් පස් කම් සැප විඳින තැනැත්තා වන මෘගයෙකු තරම් නොවන්නේය.

    සංසාරයේ සැරිසරන සත්වයා මේ ආත්ම භාවයේදි පුරුදු කරණ යම් දුශ්චරිතයක් හෝ සුචරිතයක් ඇත්නම් ඒ අනුවම මරණින් පසු ලබන උත්පත්තියේදීත් ඵල විපාක විදින බව ඒකාන්ත සත්යනයකි. අධර්මයක් නැති කරන්ට හෝ ධර්මයක් දියුණු කරන්ට උත්සාහ කොට ඒ නිසා විනාශවන පුද්ගලයන්ට කවදාවත් හානියක්  නොවේ. මක්නිසාද මරණින් මතු විර වික්රනම ක්රිගයාවලට නිසැකවම ඉෂ්ට විපාක ලැබෙන හෙයින්ය. සතුරුවු මහා සමුහයකට අන්තරාය දායකවු කෙනෙකුට ‍හෝ සමුහයකට විරුද්ධව ක්රිණයා කිරිම අපරාධයක්වත පවක්වත් නොවේ. තමන්ගේම බඩ සඳහා කුරුල්ලෙකු මරා ගැනිම ඒකාන්තයෙන්ම දුක් සලසන පවකි. නමුත් අන්යරයෙකුට සුව සලසන ඒකාන්ත අදහසින් තවත් කෙනෙකු නැසීම ඒ තමන්ගේ ප්රේයෝජනයට ඒකාන්ත අදහසින් තවත් කෙනෙකු නැසීම ඒ තමන්ගේ ප්ර්යෝජනයට කුඩා පක්ෂියෙකු මැරිම තරම් අපරාධයක්-අයුත්තක් නොවේ ය.

මා අ‍ෙත් සැම වේලේම ආයුදයක් දෙකක් තිබේ. එසේ තබාගෙණ ඉන්නේ කිසිම සතෙකු මරාගෙණ මස් කන්ටවත් - කිසිම මිනිහෙකුට හෝ සතෙකුට අනතුරු කරන්ටවත් නොවේ. මා අතේ ආවුධ තිබෙන්නේ ම‍ගේ දිවි ගලවාගන්ට බැරි ප්ර්ස්තාවකදි යථා විධියෙන් පාවිච්චි කරණ පිණිසත් යම්කිසි දුර්වලයෙකුට බලවතෙකු විසින් හිංසා පීඩා කිරිම වලකන පිණිසත් බව සැලකිය යුතුය.

ගුරු - එතකොට කොයි අදහසකින් තමුන් මැරිම පවක්වුනත් ඒ හොඳ අදහසකින් නම් ඒ පව නිසා දුක් ලැබෙන්නේ නැද්ද ?

මම - සංසාරයේ ඉන්නා තරුම් පාප සහගතව ක්රිමයා කෙරෙනු ඒකාන්තය. පවු සහගත ක්රිනයා කරන අතරම විර පුරුෂයෝ උදාර සත්ක්රිමයා කරමින් ආත්මයෙන් ආත්මයට උසස් වෙති. මහෙසාක්යර භාවයෙන් හා කාය බලයෙන්ද ඥන බලයෙන්ද අධිෂ්ඨාන බලයෙන්ද උසස්වු කෙනෙකුට මිස සංසාරයේ ස්වභාවය විස්තර කරණ ශ්රීෙ පරාක්රනමබාහු විල්ගම්මුල සංඝරාජයන් වහන්සේ ‍ලෝකනාථයන් වහන්සේගේ ධර්මය සිංහල භාෂාවෙන් මෙසේ දක්වයි.



පියදාස සිරිසේන නවකථා එකතුව 327


        “සත්පුරුෂය, තෝ සංසාර නමැති රසා තලයට බට අවිද්යා  නමැති මහ මුල් ඇති, මහත් ඝන සාරවු සංස්කාර නමැති කඳ ඇති, භාවග්ර ය දක්වා නැගි ජරා මරණ නමැති දුක් ඇති. සියලු ලොකයෙහි විසිර පවත්නා තෘෂ්ණා නමැති අතුර පතර ඇති, රූපාදි පංචකාම විෂ නමැති විෂමල් පිපෙන්නාවු, දුක් නමැති විෂ ඵලයෙන් යුක්තවු කර්ම වෘත්ත, ක්ලේස වාත්ත, විපාක වෘත්ත, සංඛ්යාෙත ත්රෛර භුමික වෘත්ත, නමැති විෂ වෘක්ෂ කර්මස්ථාන මනසිකාර නමැති පොරොවෙන් කපා, සංකේෂපයෙන් සතර මහා භුතයන්ගේ මනසිකාරයෙන් කඩ කඩ කොට දෙසාලිස් කොට්ඨාසයෙහි විස්තර මනසිකාරයෙන් පළා නාම රූප පරිගර, මහයෙන් කැබලි කැබලි කොට ලැහැලි උපුරා එම නාම ධර්ම රූපයන්ට ප්රනත්යූය පරියේෂණය කිරිමෙන් මුල් උදුරා අනුපුර්ව විදර්ශනා නමැති අවු සුළඟින් වියලා අර්හත්ඵල ප්රාමප්ති නමැති ගින්නෙන් දවාපිය. එහෙයින තෝ දැන් මද ජලයෙන් යුක්තවු කපොලස්ථල ඇති ඒ කාරණයෙන්ම වැහෙන්නාවු මඳජල ඇති භෘංග නාදයෙන් දොඩමළුවු මුහුණ ඇති හ්ස්තියක්හු වජ්රංමගුකුසයෙන් කොට මදබා හික්මවන්නාක් මෙන් පංචකාම විෂයෙහි ලොල්වු හිතට නුවණ නමැති විදුරු එබු අකුස්සෙන් පැහැර නිග්රකහ කරව.” 
   මේ ධර්මයෙන් තේරුම් ගත යුත්තේ බිය සුලු අඥන පහත් අසරණ මිනිසුන්ට අනත්ත අප්ර මාණ කාලයකදීත් සසරෙන් ගැලවිමට තරම් වීර්යයක ප්රතඥවක් ඇති කරගත නොහැකි බවයි. ඒ නිසා පණ කබල රැක ගැනීම සඳහා සතෙකු මරා ගෙණ කැම අන්යබයෙකුට වැද අත පා හිඟමන් ලබාගෙන කැමත් නුසුදුසු-අවැඩදායක අන්දමකින් ශරිරය සන්තර්පණය කර ගැණිම පිණිස කිසිම දෙයක් කිරිමත් උවමනා ස්ථානයේදි ඉදිරියට නොපැමිණ බිය ගුලුව මුලු ගැන්නී ඉඳිමත් ආදි පහත් ක්රිායාවල නියුක්ත අය මිලඟට උපදින ආත්මයේදි මිටත් වඩා  නීච අසරණ දුක්ඛිත පවු කාරයෙක් වනු ඒකාන්තය. ඉන් නිසා දවසක්වත් සීල, ත්යා්ග, ප්රණඥ, නිර්භිතාදි ගුණ සම්පන්නව ජිවත්විම දුස්සීල පවුකාර කාලකන්නියෙක්ව අවුරුදු සීයක් ජිවත් විමට වඩා උතුම් වන්නේය”යි මා කි කථාවෙ අසා ගෙණ වුන් ගුරුන්නාන්සේ මහතා සහ දඩයම්කාර කිරිහාමි සහ බන්ඩාත් මට මුව නොසැහෙන‍ ලෙස ස්තුති කොට මේ ජිවිතය තුලදි ඇසු ඉතාමත් ප්රියෝජනවත් කථාව මේ යයි කීවොය.






328 මහේස්වරී


10. පරිච්ජේදය

    වෙලාව හුඟක්ම රෑ බෝ වෙන්ට ගිය බැවින් අපේ දඩයම් ගමන හෙටට කල් දමන ලදී. මේ අතර කාලය සවස හතරේ පටන් රාත්රි් දහය වන තෙන් අපේ කාලය සප්රලයෝජනවත් ලෙස ගත කිරිමට මෙන් ඒ පළාතේ මහලු මිත්රහයෙක් වන කෝරලේ මහතා මා දැක ඉතාමත් සතුටු ව “මහත්මහ‍ගේ පුදුව වික්රෝම ක්රිවයා ගැන අසා බොහොම සතුටු වුනා. මහතා ව‍ාගේ සමර්ථ සිංහල ජනයා පාතරට ‍ෙබාහොම ඉන්නවාද  ?” කියමින් මට ප්රේශංසා කළේය.  ගුරුන්නාන්සේ මහතා පිළියෙල කොට දුන් තේ වතුර බි සතුටුවුනු අපට‍ කොරලේ මහතාගේ විශාල ඔලොගුව අප ඉදිරියේ තබා “ඔන්න බුලත් නම්බුව සප්පායන් වෙන්නටය”යි කිවේය.  “බුලත් නම්බුව”වන මේ වචනය මා ඇසුවේ අදයි. කෝර‍ෙල් මහතාණනි, එහි තේරුම කුමක්දා”යි ඇසුවෙමි.
   “අ‍ෙප් රටේ වැදගත් කෙනෙකුට යම්කිසි සංග්රුහයහක් කරණ විට එය නම්බුව (ගෞරව)  කිරිමක් වශයෙන් සලකනු ලාබේ. වතුර නම්බුව, බුලත් නම්බුව ආදි වශයෙන් කරණ සංග්ර හ වලට ව්ව්ක  හාර නාමයක්”යයි කිවේය.
  මේ රටේ මනුෂ්යපයන් පිළිබඳ පවතනා චාර්ත්රහ වලටත් “නම්බුව” කියන බව මම ඇසුවෙමි. ඒ කුමක්ද?
    පැවතෙන සිංහල ජාතියේ නව නම්බුව විස්තර කර දෙනු මැනමායි කි විට කෝරළේ මහාත ශ්ලොකයකුත් කියා එකින් එක විස්තර කළේය.


නව නම්බුව

“ප්රුසස්තා ගම රාෂ්ට්රඑඥ ශාස්ත්රු ගොත්රාමම මිත්රඥපි ද්විමාතෘ පිතෘ මා චාය්යාා හිරන්ති නව ගෞරවම්”

යනුවෙන් මෙහි ක්ර්මයෙන් ප්රමකාශ වන්නේ,

1. ආගම ගෞරවය නම්-ලෞකකි ‍ෙලාකොත්තර විමුක්ති සැපය සලසා දෙන උතුම්වු බුද්ධාගම පරික්ෂණ බුද්ධියේන විමසා දැන ගෙණ එහි ප්ර තිපත්ති අනුව ජිවත්විමට හෙවත් ඒ උතුම් බෞද්ධාගම ශ්රරද්ධා භක්තියෙන් ඇදහිම සිංහලයන්ගේ පළමුවෙනි නම්බුව වේ.

පියදාස සිරිසේන නවකථා එකතු 329


      2.   රාජාඥ ගෞරවය නම්-සතර සංග්‍රහ වස්තුවෙන් හා දස රාජ ධර්මයෙන් රාජ්ය ය‍ කරන රජතුමාගේ අණ පණත් හා ව්ය වස්ථා ආදිය ඉතාමත් ගෞරවයෙන් හා කීකරු කමිනු ආරක්ෂා කිරිම සිංහලයන්ගේ දෙවෙනි නම්බුව වේ.
     3.  තමා ඉගෙණගත් ශිල්ප හා හාස්තරෙනිවලට අගෞරව එලවන කිසිවක් නොකොට ඒ ශිල්ප ශාස්ත්රන ගෞරවය යථා විධියෙන් රැක ගැණිම සිංහලයන්ගේ තුන්වන නම්බුව වේ‍.
    4.      තමා උපන් ගොත්රායට අයත්ව පැවත එන ධර්ම කොට්ඨාශ අඛන්ඩව රඛෂා කරිම එනම් ඒ තමාගේ ‍ගොත්රරයට අයත් රැකී රක්ෂා චාරිත්රඨ අඛන්ඩව රක්ෂා කිරිමත්   -  රටවාසි අන්යි ජනයා සමඟ සහයොගිතාවයෙන් කටයුතු කිරිමත්   -  තමාගේ ගොත්රඒයට අයත් චාරිත්රන වාරිත්රා ස්වකීය පුත දුහිතෘන්ට පුරුදු පුහුණු කරවිමෙන් ඒ ස්වකීය ගොත්ර ය නොනැසී පැවැත්විමට ක්රිායා කිරිමත් සිංහලයාගේ හතරවෙනි නම්බුව වේ.
   5.    ආත්ම ගෞරවය නම් වු තමන්ගේ තත්තවය කොයිම කාරණයකදීවත් නැතිකර නොගෙන දෙලොවට අභිවෘධි දායක  කටයුත්තෙහි යෙදිම සිංහලයාගේ පස්වන නම්බුව වේ. 
  6.    කාල්යාිණ මිත්ර  සේවනය හෙවත් තමා ආශ්රවය කරණ හැම දෙනාටම තමා කල්යා ණ මිත්රායෙක් විමත්   -  අයුතු කම් කරණ මිනිසුන් නිසි මාරුගයේ යෙදවිමත්   -  දුකට අමාරුවට පත් ජනයාට සැප හා සැනසීම ඇතිකරදීමත්   -  ආශ්රිය නොකට යුතු පාප මිත්රපයන් ආශ්ර ය නොකිරිමත් සිංහලයාගේ හයවෙනි නම්බුව වේ.
  7.     දස මසක් කුක්ෂියේ තබාගෙණ ආරක්ෂා කොට ප්රංසුත කළ පසු ස්වකීය රුධිරය කිරි වශයෙන් පොවා නහවා නලවා  -  අඳවා කවා ලෙහි හොවා ගෙණ දැඩි කළ මැණියන්ට ස්වකීය ජිවිතයට මෙන් ගෞරවාදර සංග්රබහ කොට ආරක්ෂා කර ගැණිමත්  -  මව් කුස පිළිසිඳුන දිනේ පටන් ආරක්ෂා පොෂ්යර කරමින්  -  වඩා ඇති කොට ශිල්ප ශාස්ත්රි උගන්වා වැදගතුන්ට අඳුන්වා දී  -  ආරක්ෂා කර දුන් පියාට ගෞරව කිරිම හා කීකරුවිමත් සිංහලයාගේ හ්තවෙනා නම්බුව වේ.
  8.    තමාට දැව උපන් පුත්ර් දුහිතාන්ට ශක්ති පමණින් ශිල්ප ශාස්ත්ර  උගන්වා ගුණ ධර්මයෙහි පිහිටුවා රාජමාත්යාටදීන් වෙත් පැමිණවිමෙන්ද වෙනත් ධාර්මික රක්ෂාවල නියුක්ත කරවිමෙන් ද සුදුසු‍ අවස්තාවෙහි කුලවංශ රක්ෂාව සඳහා අවාහ විවාහ සිදුකර දිමෙන්ද දරුවනට 
     
     

330 මහේසිවරිය


සංග්ර හ කිරිම සිංහලයාගේ අටවෙන‍ි නම්බුව වේ.

9. ආචාර්යවරයා - තමා දන්නා ශිල්ප ශාස්ත්රහ හොඳින් උගන්වා ගුණ ධර්මයෙහි හික්මවා මෙලො පරලෝ වශයෙන් දියුණු වියයුත මාර්ග පෙන්වා දෙන පින්වතෙකි. එබඳු ගුරුතුමාට ගෞරව කිරිම සංග්රගහ කිරිම නිතර සිහිපත් කිරිම සිංහලයාගේ නවවන නම්බුව වේ.

    සිංහලයාගේ නව නම්බුව විස්තර කොට කියා දුන් කෝරළේ මහතාට ස්තුති කොට රාත්රිං කැම කා අපි නිදා ගතිමු. ඉස්සරින්දා නියම කරගත් ලෙස දඩයම්කාර බන්ඩා හා කිරිහාමිත් ඔවුන්ගේ අවි ආවුදත් රැගෙණ උදේම ආ බැවින් - මමද දඩයමේ ඇවිදින යුරෝපීය ඇඳුමෙන් සැරසි මගේ ආරක්ෂාවට උවමනා අවි ආවුධත් රැගෙණ පිටත්වි කලාතුරකින් මිනිසුන් යන එන කැලෑ පාරකින් ගමන් ගත් අපි දවල් දහයට පමණ මහා හිමයේ මධ්යනයට පැමිණියෙමු. ඇතැම් පෙදෙස්වල ගස් කොලත් නැති හිස් භුමිප්රනදේශ දක්නා ලදී. ඒ සෑම තැනක වැවක් බැගින් ති‍බේ. වැව් ගොඩවි -ඉතා ටිකක් ඉතුරුව තිබේ. අධික වර්ෂා කාලයට පිරෙණ ජලය නිසා ඒ ගොඩ වු වැව් තුල කුඩා පැලැටි පඳුරු ආදිය නැතත් ලොකු ගස් දක්නට තිබේ. සමහර තැන්වල වැව් ඉවුරු තවමත් ලක්ෂණට තිබේ නිලවර්ණ තණ වැටුනු ඒ ඒ රම්ය  ස්ථානවල ජලය නැවතී සිටි බවට ලකුණුද පේනේ. විශාල ගස් හා ඒවා යට සුදු වැලිතලාද පෙනුනේය. වඳුරන් හා රිලවුන් මේ කැලේ අධික ලෙස සිටිති. මොණරුන් හා ඉතා ලක්ෂණ විශාල පක්ෂින් බොහෝ ය. එක් වැවක ජලයේ පිහිනන කොකුන් වැනි සතුන් රැලක් දක්නා ලදී. “හංසයන්” යයි මට සැක සිතී මගේ මිතුයන්ගෙන් ප්රරශ්න කළ විට “විල් හංසයෝ” යයි කීහ.

    ඌරන්, මුවන්, ගොනු, වලි කුකුලන් ආදි දඩයම්කාරයන්ට උවමනා සතුන් ඉතා අධික වශයෙන් ගැවසෙන්නේ පදවිය වැව අස බඩ කැලේ යයි ම‍ගේ මිත්රධයෝ කිහ. මේ පදවිය වැව වනාහි පරාක්ර මබාහු මහ රජතිමා විසින් තැනවු අක්කර දසදහක් ප්රකමාණ වු “පරාක්රනම  සාගරය” දෝ මට කල්පනා  විය. හැතැප්ම දහයක ප්රදමාණ හරියේ මගේ මිත්ර“යනුත් සමඟ නොයෙක්  දේ බලමින් ඇවිද රම්ය  වු වැව් කන්දක් උඩ වාඩි වි දහවල් ආහාර වශයෙන් අප ගෙණ ගොස් තිබුනු පාන බටර් ආදිය කා සතුටු විමු. අප ඒ ආහාර කනවිට වඳුරු රැළක්ම අප අවට ගස් වලත් කීප දෙනෙක් වැව් කන්ද උඩත් සිටිමින් අපෙන් යමක් ලබන අදහසින් දෝ එහෙ මෙහෙ හැසිරෙන බව පෙනුණේය.




පියදාස සිරිසේන නවකථා එකතුව 331


කා ඉතිරිව තිබුනු පාන් ගෙඩි දෙක කුඩා කැබලි වලට කපා කැබලි 25 ක් පමණ - පැත්තකින් තබා-එතනින් ඉවත් වි බලාගෙන සිටියෙමු. වවුනිය කැලේ ඉන්නා වඳුරන් දැන් කාලේ සමහර පළාත්වල ඉන්නා සිංහල මිනිසුන්ට වඩා ශික්ෂිත බව මට අවබෝධ විය. ඒ පාන් කැබලි ඔවුන් - කලබල නැතිව බෙදාගත් අන්දම බලා මට මහත් ප්රීකතියක් ඇති විය. වඳුරන් හත් අට දෙනෙක් පමණක් - ඒ පාන් තිබෙන තැනට ආ නමුත් ඒවාට අත තබන්නේ නැතිව ඉන්නා විට - අනිත් උන්ට වඩා විශාල වයස්ගත එකෙක් ගසක අත්තකින් බිමට බැස-ඒ පාන් කැබෙල්ලක් කෑවේය. ටිකක් කමින් එකිනෙක වඳුරන් ට කැබෙල්ල හමාර බෙදා දුන්නේය. අවට ගස්වල සිටි වඳුරන් ද කිසි කලබලයක් නැතිව ගස් වලින් බැස මහලු වඳුරා ලඟට විත් පාන් කැබැල්ල බැගින් ලබා ගෙණ බැව් දැකිමෙන් මහත් පුදුම සිතක් පහළ විය.

    “වානර”  යන මොවුන් මනුෂ්යනයන්ට පමණක් දෙවෙනි වු තිරිසන් ජාතියක් බවත් යුතුකම් තේරෙණ ශිෂ්ටඨාචාර සම්පන්න ගතියක් ඇති මනුෂ්ය යන් මෙන්ම මොවුහු ක්රි්යා කරන බවත් මට වැටහුනේය. වඳුරන් පිළිබඳව පොත්වල සඳහන් කරුණු මට එදා ප්රරත්ය ක්ෂවිය. සමහර වඳ‍ුරන් දුෂ්ට මනුෂ්යරයන්ට වඩා උසස් කරුණා මෛත්රී  සහගත සිතකින් නිර්භිත පරාර්ථකාමි චෙතනාවකින් යුත් බව පෙනේ. ඒ එසේමය. මවු පිය පරම්පරාවෙන් ලැබෙන ස්වභාව ධර්ම ශක්තියමම පමණක් ඇති වානරයා ස්වභාව ධර්ම වශයෙන් පහත් උත්පත්තියක් ලබා ගෙණ ඉපදී-ඒ උපන්නට පසු-නොයෙකුත් අපරාධත් දුශ්චරිතත් පුරුදු කරගත් මිනිහාට වඩා හොඳමය.
     උත්පත්තියෙන්ම තබා-උසස් ඉගෙණිමක් ලබාගෙණ ජන සමාජයේ නුවණින් හැසිරෙන මනුෂ්ය්න්ටත්-ඉතා විරල වශයෙන් ඇතිවන ගුණ සතරක්ය. ඒ සතර නම්  (1)  වාක් සත්යොය  -  හෙවත් ඇත්ත කථා කිරිම- (2)  පරික්ෂා ඥනය- (3)  අනෂ්ට ධෛර්ය එනම් මඳකුත් චංචලකර නොගත් ස්ථීර  ධෛර්යය-  (4)  ත්යාටගවත් භාවය හෙවත් පරාර්ථ කරණයෙහි ආසාව යන මේ උතුම් ගුණ සතර සංසාරයේ දීර්ඝ කාලයක්ම දානාදි පාරමි ධර්ම නොපුරණ මනුෂ්ය යන්ටවත් ඇති නොවේ.නමුත් සංසාරයේදි ඉඩ ලැබුනු තැනකදීවත් ඒ උතුම් ගුණ පුරුදු කළ තැනැත්තිට උත්පත්තියෙන්ම - ස්වභාවික වශයේන ඒ ගුණ පිහි‍ටන්නේය. අපේ බෝධිසත්වයන් වහන්සේ යම් කිසි පාප කර්මයකින් වඳුරු ර‍ජෙක්ව ඉපද තිබේ. උන්වහන්සේ ශාස්ත්රි ශාලාවකින් යමක් ඉගෙණ  ගත්තේ වත් උසස්ය කියන ජනසමාජයේ හැසුරුනේ වත්




332 මහේස්වරි


නැත. නමුත් බලවත් කිඹුලෙකුගෙන් ගැනවුනු අන්දම සලකා බලනවිට- සංසාරයේදි පුරුදු කිරිමෙන්ම මිස අන් විධියකින් උසස් ගුණ ඇති නොවන බව සලකා මනුෂය ආත්මයත් සම්ය්ක්දෘෂ්ටියත් ලැබුවන් විසින්-විර්යයෙන් ගුණධර්ම දියුණු කර නොගත්තොත් ආත්මයෙන් ආත්මයට නීච බවට පැමිණෙන්නේය. මනුෂ්ය යන් මවිත කරවන්නාවු ඒ බෝධිසත්ව වඳුර් රාජයා‍ගේ කථාව රසවත් කාව්යයයට නගා-මෙහිදි දක්වමි.


11. පරිච්ජේදය

ය ට ගිය දවස බරණස් නුවර පුවත ර සෙ ට ගුණ රජතුමෙක් බඹදත් නම් පව ර ර ට රකිමින් දස දහමෙන් නොවි තො ර තු ට වන සව් සිරින් රාජකරන සිත යු ර

පෙ රු ම න් පුරණ අප මහ බෝසත් එස ඳ ප ව කි න් වඳුරු ජන්මෙහි ඉපිද වන මැ ද සි රු රෙ න් විරි‍යෙන් යුත් අස් රදෙකු බ ඳ ස තු ටෙ න් දවසරි එකසර කෙසර ලෙ ඳ

එ ව ඳු රු‍ රජ වසන වනයේ ගඟ එගො ඩ නි ර තු රු පැතිර ගිය සියොතුන් මියුරු හ ඩ වි සි තු රු තුරු විලින් යුතු රස වැහෙන දි ඩ ප ළ තු රු සුවඳ කුසුමෙන් නොමැති විය ඉ ඩ

‍පෝ ස ත් ගුණ නැණින් කය බෙලෙහි අපම ණ බෝ ස ත් වඳුරු රජ එහි තනිව හැසිරෙ ණ යා ප ත් ගඟ එගොඩ උයනට යන ලෙසි න නෙ යු ත් උපා විමසන ස‍ඳෙහි වෙන වෙ න

ග ඟ මැ ද‍ සෙලක් තිබෙනා තැන දුටුව ක ලී ග ස ඉ ඳ ඊට පැණුමට දුරු සොයා බැ ලි හ රි මැ ද ග‍ඟෙහි සිට එගෙඩට පණිත ය ලි ඇ ති වෙ ද වෙර යෙහෙන් සළකා නොව වික ලි



පියදාස සිරිසේන නවකථා එකතුව 333

ප සු දි න මෙගොඩ සිට ගඟ මැද ගලට පැ න සැ බ වි න පහසු පිම්මක් බවට වැටහු න එ ත නි න එගොඩ ගසකට පැන සිතු ලෙසි න ස සොබ න වඳුරු රජ පළතුරු වෙනෙහි ව න

මි යු රු නොයෙක් අඹ වග ඉඳුනු සුවඳැ ති සො දු රු පනස පල පැනි වැහෙන රස ඇ ති අ තු රු සිදුරු නැති තුරු දඹ සිරි පළැ ති ම හ රු රජ උයන මෙන් මෙවන සිරි ග ති

ගු ණ ව ත් වඳුරු රජ ගඟි නොගොඩට උ ද ය ර ස ව ත් පළ රිසිසෙ වළදා නිසි ලෙ ද ය සු ව ‍ඳෙ ත් මඳ සුලඟ විද සැතපි ඉ ඳ ය රි වි ප ත් වන ස‍ඳෙහි අවරට සැක සි ද ය

ග ඟ මැ ද ගලා බලා ජලයේ මත පෙණෙ න පැ නසෙ ද එයින් යලි මෙගොඩට විත් යෙහෙ න ප ව කු දු කිසි නොකොට තවසරයෙකු වෙසි න ‍ෙම ම ලෙ ද දවසරින එකසර කෙසර මේ න

එ ක දි න ක් නොහැර යන එන සුප ස න් න සි හ ර දෙ ක් පැරුයහ වඳුරා දකි මි න් න ය කි නි ය ක් සදිසි කිඹුලිට ගඟ ඉ න් න දොළ දු ක ක් වුනිය හදවත මස් ක න් න

එ දා රෑ කිඹුල් රජයට ඒ කිඹු ලි යොදා බොරු ලෙඩක්-සිත වඩවන තැවි ලි හ දා මගෙ දාය හිමියනි ගිනි අවි ලි මෙදා නම් බොහොම තද දුකෙකි වන බ ලි

ක න් ඩ ත් බැරිය ලැබුනත් මුව බැටළු ද රු බොන් ඩ ත් බැරිය දිය සිටිතත් ජලය තු රු ඉ න් ඩ ත බැරිය දොළ දුක් ගායෙන් නපු රු වෙ න් ඩ ත් බැරිද පිහිටක් හිමි සඳුනි ග රු

ද යා වෙ න් සපිරි බස් දෙන සුම් රි යේ න යා යෙ න් පියඹ හාම දා දවසැ රි යේ සොයා දෙ න් ට බැරි යයි සිතුනු නොස රි යේ කි යා ප න් නුඹේ දොලදුක පෙම්බ රි යේ 334 මහේස්වරි

සි රි ම ත හිමි සඳුනි රජුවන මෙමග ග ‍ඟේ නොනැ ව ත අප දුටත් නිතරම අතර ම ‍ඟේ රි සි යු ත යනෙන දෙවරක් ස‍ිහ රජෙකු ව ගේ හ ද ව ත කන්ට සිතුනා වානර රජු ගේ

දු ල් තුනු රුසිරු මිනිසෙකුහට වැඩි ලෙසි නි සෙ ල් ම ත පැණ යලිත් එගොඩට යන නිති නි සි ල් වත් වඳුරු රජු හදවත රිසි බැවි නි අ ල් ලා ගණිමි කිව් කිඹුලා උඩගු වෙ නි

ප සු දි න උදේ මෙගොඩින් පැන ගොස් උය නේ බු දි මි න රසැති පල සැතපී ත‍ුරු සෙව නේ ස සො බ න වඳුරු සිය නිවසට යන ලෙසි නේ පැ මු ණු න ගඟ බඩට වෙනදා මෙන් එදි නේ

	ඇ	ස්	දෙ යොමා ගඟ මැද ගල බලන වි	ට

උ ස් ලෙස පෙණුනි වැඩියෙන් වෙන දිනවල ට ල ස් ව්ම වඳරු රජ නොම පැණ ගල උඩ ට වි ස් තර ටිකක් විමසිය ඇවිද වට පි ට

     “අ	ද	ගඟ ජලය වෙනදා තරමට ති	බේ

කොද උස් වන්ට කරුණක් මිතුරු ගල ඉ බේ ත ද රුදු කිඹුලු ගල පිට මමස කර ‍ෙලා බේ නි ද නා බවට සැක නැතිය”යි හැඟි සු බේ

     “පි	න්	වත් පහණ-පින්වත් පහණ” කියමි	නි

තු න් වර කෑ ගැසිය කිඹුලට ඇසෙන මේ නි

     “පි	න්	ව්ත පහණ කිම අද ‍ෙනාදොඩනු ඉති	නි

පි න් සර වඳුරු කිවු සිවු වරටත් තදි නි

බ ල ව ත් කිඹුලු එබසට සිතිය විගස ට ක ව ද ත් මෙගල පිළිතුරු දෙතිය වඳුරු ට නු දු නොත් පිළිතරුක් අද නොඑති මෙතන ට මෙ ම යු ත් සිතා දෙඩුවේ බසිනි සහතු ට

කි ඹු ලා මා කන්ට එන බව මතක් වු නා දු ර ලා ඔහුගේ බල මගෙ නුවණ බලයෙ නා පෙ ර ලා යමි මගේ නිවසට සලකමි නා කි ඹු ලා තනි ඇයිද කල උඩ ඇසු තැ නා පියදාස සිරිසේන නවකථා එකතුව 335

හ ද ව ත තොපේ කන්නට දොල දුකකි ත ද නොනැව ත වහා පැණපන් ගලට කී ස ද සැ ක නැ ත කට අරුව මා පණින තුරු සෙ ද මෙ ම යු ත කී ස‍ෙඳහි වානර රජු සුභ ද

කි ඹු ලා කට ඇරිය සඳ උගෙ දෙඇසැ වැ සේ වි ක ලා සිතැති ඔහු ඒ වග නොදැන ල සේ ඇ ර ලා කට අදව සිටි ස‍ඳෙහි සහතො සේ පැ ණ ලා ගියෙ වඳුරු රජ රජ හසෙකු ලෙ සේ

වි ග ස ට කිඹුලු මුව වසමින් බැළුව ස ද එ ගොඩ ට වෙලා සිනැහෙන බව වඳුරු ර ද දු ටු වි ට කොප ගින්නෙන් ඇවිලමින් හ ද ව ඳ ර ට තුති කළේ- දනු මැති කෙනෙකු ලෙ ද

සැ බ ව ක් පිරික්සා දිරි තෑගි ගරුත ර ස ත ර ක් කරුණු දැනගත් සත මෙදිය තු ර ක ව රෙ ක් වුවත් පරදා ජය ලබයි ති ර නු ඹ එ ක් කෙනෙකි- සපිරුණු ඒ ගුණ සත ර

දි රි ය ත, නැ ණ ත්, ස බ ව ස්, තිලිනි ගුණ ස රු‍ සි රි ම ත් එබෝසත් සඳ වුනමුත් වඳු රු බ ල ව ත් කිඹුලු රවටා සිය නැණින් ග රු තු ති ල ත් සේක සතුරාගෙන්ද බියක රු

  “කිරිහිමිත් බණ්ඩාත් මාත් යන තුන්දෙනා දඩයම් කිරිමට කාලය ගත කරණ ලද්දේ නම්  වලි කුකුළන් තිත් මුවන් ආදි සතුන් තිස් හතලිස් දෙනෙකු වුවත් මරන්ට ප්රදස්ථාව ලැබුනේය. නමුත් කැලැවත් වල් බිහිව තිබෙන වැව් හා ඇලවලුත් බැලි‍මේ නියුක්ත මා සමගම ඔවුන් දෙන්නා හැසුරුණු බැවින්ද  -  සතුන්  මැරිම ගැන මගේ විරුද්ධතාවය නිසාද ඔවුන් දෙන්නාද කිසිම සතෙකුට වෙඩි තැබුවේ නැත. අපි හැතැප්ම දහයකටත් වැඩි දුරුප්රඩමාණයක් ඇවිද  -  වවුනියේ දුම්රිය පළට හැතැප්ම හයක් පමණ දුරස පමණ වැව් කන්ඩියක් අද්දර වාඩිවි අප අතේ තිබුනු විස්කෝතු කා තේවතුරු බෝගලයද බිව්වෙමු. කිරිහාමි උගතෙක් නොවුවත් යම් යම් දේවල් අසා පුරුදු කෙනෙක්  බැවින් ටිකක් මහන්සිය ඇරෙණ පිණිස ඔහුත් සමඟ කතාවට බැස්සෙමි. ඈ කිරිහාමි  “නුවර කලාවිය” යන වචනයේ ‍තේරුම කුමක්ද ? උඹට


336 මහේස්වරී

කව්රුවත් කියා දීලාවත් තිබෙනවාදැ”යි ඇසුවාම “අනේ මහත්මයෝ, අපට ධර්ම ශාස්ත්ර් ඉගෙණ ගන්ට ඉඩක් නොලැබුණ නමුත් අපේ රට ගැන නම් ටිකක් අසා තිබෙනවා. “නුවර කලාවිය කියන්නේ නුවර වැවත්-කලා වැවත්-පදවවිය වැවත් යන මහා වැවි තැනෙන් වතුර ලබන්නාවු විශාල ප්රකදෙශයටයි. රජ රට කියන්නේ මහා වන්නියත්, නුවර කලාවියත්, පොළොන්නරු පළාතත්, ජාප‍නේ ඇතුලත්වු මුළු පළාතටයි. නුවර කලාවිය අන්තිම කාලේදි එක රාජ කුමාරයෙකු යටතේ පැවතුන ප්රයදේශයයි. නුවර-කලා-විය යනු මහා සැගර වැනි විශාල වැව් තුනේ නාම සන්දි කොට හදා තිබෙන නාමය”යි කියා කිරිහාමි කියන හැටි ඕනෑ කමින් අසා සිටි ම‍ගේ හිතට මහත් ප්රිිතියක් ඇතිවිය. නුවර වැවත්, කලා වැවත්, පදවිය වැවත් යන මේ වැව් තුන ලක්දිව තිබෙන ඉතාමත් විශාල වැව් තුන වේ. “වැව්” යන අග පද අග පද අහක්කොට “නුවර-කලා-විය” කියා නම තනන විට “පදවිය” යන්නේ “පදවිය” යන පදය නොගෙණ අග අකුරු දෙක ගත්තේ මක්නිසාදැ යි කිරිහාමි අසා තිබේදැ යි ඇසුවෙමි. “ඔව් මම අසා ති‍බේ. “නුවර කාල පද-විය” කියා මුලින් ව්යබවහාර කරගෙණ ආ නමුත් “පදවිය” යම් යම් තනතුරු වලට ව්යාවාහර කරණ නිසා අධිකාරම් කෙනෙක් මුලාවු බැවින් එක් කාලයක විසු රජ තුමෙකු විසින් ඒ “නුවර කලා පදවිය” යන්නේ “පද” කියන වචනය අහක්කළාය” යි මා අසා තිබේයයි කිරිහාමි කිවේය.

ඉතින් අප මෙසේ කතාකරමින් හෙමින් හෙමින් වවුනියේ දුම්රිය පල පැත්තට එමින් සිටියෙමු. මිනිසුන් කලාතුරකින්ල ආ අඩි පාරක එන අපට යම්කිසි ඇබැද්දියක් වේයයි නොසිතුනේය. දුම්රිය පාරට හැතැප්ම තුනක් පමණ ඈතදී ඉතාමත් විශාල කොටියෙක් බඹ තිහකි හතලිහක් ඉදිරි පිටින් අප ගමන් කරණ අඩි පාර හරහින් කැලේ උතුරු දෙසට මාරුවුනේය. මේ “හොර කොටියා” යයි බණ්ඩා කීයේය. ඇත්තෙන්ම ඉතා රෞද්රරවු මේ සතා දැකපු හැටියේ අපට කුමක් සිතේන්ට ඇද්ද? කොටියා කැලේට රිංගු නමුත් අපට බඹ තිහ හතලිහකට වඩා නුදුරුව සිටින බව කිරිහාමි කියමින් ඉදිරියට දුවන්ට පටන් ගත්තේය. බණ්ඩා මගේ පිටිපස්සට විය. කිරිහාමි අපට නොපෙණි ගියේය. කොටියාගෙන් අපට වන අන්තරාවටත් වඩා කිරිහාමිට වන අන්තරයා ගැන කනගාටුවු මම ඉතින් බණ්ඩෝ කුමක් කරමුද? කොටියා අප පස්සේ එලවයිද  ? නැතහොත් අප දැක බියපත්ව මහ කැලේට යන්ට ඇද්දැ”යි ඇසුවෙමි.





පියදාස සිරිසේන නවකථා එකතුව 337


  “මහත්මයා මේ මොනවා කියනවාද  ?  ඔය “හොර කොටියා” මිට ඉස්සර වෙඩිත් කාලා පුරුදු ඕකා නම් අද අපට අන්තරාය නොකර ඉන්නේ නැත ඌ දැන් මොහොතෙන් අප මරණු සැක නැත. දැන් දුවපු කිරිහාමි පස්සේ එලෙව්වේ නැත්නම් නොමනුමානව දැන් අප පිටට පණිනවා ඇතැ”යි ගැහි ගැහි කියන්නට පටන් ගතතේය. තොලකට වේලා ගිය බණ්ඩා දියෙන් ගොඩලු මසෙකු මෙන් ගැහෙන නියාව දුටු මගේ හිතේ අටගත් ලැජ්ජාව කෙතරම් වේගවත් දැයි කියහොත් බඹ හත අටකට ඈත්නොවි ඉන්නා අඩි 10 යකටත් වඩා දිග ඇති ප්රහචන්ඩ මෘගයා ගැන මතකත් නැති විය. මගේ ඩබල් බැරල් තුවක්කුව අතට ගෙණ ඉතාමත් ධෛර්යවත්ව තුවක්කුව අමෝරමින්ම බණ්ඩාට කථාකොට බන්ඩෝ උඹේ තුවක්කුවත් අතට ගෙණ කොට්යාට වෙඩි තියන්නට සැරසියන්, මාව කොටියා විසින් මරණ ලද්දේ වි නමුත් උඹට පණ ‍බේරාගෙණ යන්නට ඉඩ අරන් දෙමි”යි කිවෙමි. හැබෑවට බණ්ඩා නිර්භිත වුනාක් මෙන් තුවක්කුව අමෝරා ගෙණ ටිකක් පිටි පසට හුරුව මගේ පැත්තකින් වුන්නේය.
   කොටියා අප ගමන් කළ අඩිපාර දිගේ හෙමින් හෙමින් අප දෙස්ටන එන බවට පෙණුනේය. වෙඩි තැබ්මේ විශේසඥයෙක්වු මට බඹ පහක් පමණ එහායින් පරණු යෝගයට නිසොල්මනේ ගමන් කරන කොටි රජා මරන්ට බැරිද ? සිතමින් ඉතාමත් පරික්ෂාකාරිව කොටියාගේ නලලටම ඉලක්කය බලා වෙඩිල්ලක් තැබුවෙමි. මගේ තුවක්කුව අලින්ට වෙඩි තබන තරම් ශක්තිමත ලොකු එකකි. කොටියා මගේ වෙඩිපාරත් කා අප දෙස පැන්නේය. මගේ අනිත් වෙඩි පහරත් උගේ හිසට තැබුවෙමි. බණ්ඩ දක්ෂය දඩයම් කාරයෙකුගේ ලීලාවෙන් කොටියාගේ ඉස්සරහ කකුල් දෙකට උඩින් පපුවට වෙඩිල්ලක් තබා තවත් උන්ඩයකත් තුවක්කුවේ දාගත්තේය. නමුත් මට කාට්රිජස් ගන්ට කල් නැති විය. පිස්තෝලය එක පාරටම අතට ගෙණ එහි තිබුනු කාට්රිජස් හතෙන් පහක්ම කොටියාගේ සිරුරට ඇතුල්වන අන්දමට වෙඩි තැබුවෙමි.
  වෙඩි පහරවල් කීපයක් කා මාර වේසයෙන් මෙන් ක්රොොද වේගයෙන් තදබල ලෙස පිඩිතවු රෞද්රල ‍කොටියා එක පාරටම අප දෙසට පැන්නේය. අපට බඹ දෙක තුනකට කිට්ටුවෙන් වැටුනු ඒ රෞද්රා කොටියා එතනම මිය ගිය බව දැක අපි උගේ මෘත ශරීරය ලඟට ගොස් ‍ඌ මිට පෙර කා තිබෙන වෙ‍ඩි පාරවල ලකුණුත් බලා මළ කුණ පාරෙන් පැත්තකට ඇද දමා වවුනියේ දුම්රිය පළ පැත්තට ඉක්මණින ගමන් ගතිමු. කිරිහාමි කොයිබ ගියත් අනතුරකට 




338 මහේස්වරී

පත්නොවන බව නිසැකවු අපට ඔහු ගැන කල්පාන කරන්ට වුවමනා නොවිය.

   කොටියාට වෙඩි තැබු තැන පටන් හැතැප්මක් පමණ දුර ගිය විට පාරේ පැත්තකින් තුබුනු ගසක් උඩ යම් කිසි ශබ්දයක් ඇසු‍ෙන්ය. වේලාව පහමාර පමණවු නමුත් ඝන කැලෑවේ නිසා අඳුරු විය. මගේ විදුලි පන්දම අල්ලා ඒ ශබ්දය කුමක් ද‍ැයි විපරම් කරණ විට කිරිහාමි ගසින් බසින බව පෙණුනෙය. “අනේ මහත්මයෝ කොටියගෙන් ගැලවුනේ කොහොමද  ?  මම පණ කඩගෙණ දිව අවුත් මේ ගසට න‍ැගි බලා ගෙණ වුන්නා. මහත්මයා කොහොම නමුත් කොටියාගෙන් ගැලවෙන බව දන්නවා” කියමින් ගසින් බැස අපට එක් වුනේය. කිරිහාමි‍ගේ බයගුළුකම් ගැන මහත් කළකිරිමනේ සිටි මට හිනා ආ නමුත් අමාරුවෙන් සිනහව නවත්වාගන සිටි නමුත් අ‍පේ අනිත් මිත්ර යා වන බණ්ඩා කොක් හඬ ලමින් සිනාසුනේය. සිනාසෙමින්  “මෙච්චර කාලයක්  උඹේ තරම මටත් දැනගන්ට බැරි වුනා. එකට ආ තුන් දෙනෙක් විපතකි පැමිණිවිට තමන්ගේ දිවි ගලවා ගෙණ පැනලා දිමිම මනුස්ස කමක්ද?”  කියනකොට  කිරිහාමිත් නිකම් නොයිද  “දෙයියනේ, බණ්ඩෝ උඹේ විත්තිය මම දන්නේ නැද්ද ? පසුගිය මාසේ දඩයමට ආ‍ වේලාවේ වල් මිමා එනවා දැකලා උඹ කිසිවක් නොබලා ගහකට නැගගත්තා මතක නැද්ද ?  කවුරුත් තමන්ගේ පණ ගලවා ගන්ට විරිය කරණවා. ඒක තමයි ‍ලෝකයේ හැටිය”යි කිරිහාමි කීයේය. මේ දෙදෙනාට වාද විවාද කරන්ට ඉඩ ඇර මම මුවෙන් නොබැන දුම්රිය පළට එනතුරා ආවෙමි. එහි පැමිණ ඒ අසල තිබෙන කුඩා තේ වතුර කඩේට ගොස් උනු උනුවේ කෝපි කෝප්ප තුනක් ලැහැස්ති කරවා තුන් දෙනාම බිවෙමු. ඉක්බිති මදවච්චියට එන දුම්රියක් තිබුනු බැවිනි ඔවුන් දෙන්නාත් සමඟ මදමච්චියේ දුම්රිය පළට පැමිණියෙමු. මෙහි මා අඳුනන ‍ෙපාලිස් මෑන් සිටින බැවින් එදා රෑ එහි නවතින කල්පනාවෙන් ඒ මාගේ මිත්රි ධර්මදාස උන්නැහේ ගැන විපරම් කළෙමි. ඔහු‍ෙග් වැඩ කාලය අවසන් වි තමාගේ වාඩියට ගොස්  සිටින බව අසා බණ්ඩා හා කිරිහාමිත් සමඟ එහි ගියෙමි. කරුණාවන්ත මිත්රායා මා දුටු හැටියේ බලවත් ප්රීැතියට පැමිණ රාත්රිේ භෝජන ලැහැස්ති කොට අප තුන්දෙනාටම සංග්ර්හ කෙළේය. බත් කා බුලත් කමින් ධර්මදාස මගේ කටයුතු ගැන විමසුවේය.  “ඔව් ධර්මදාස. මහෙස්වරිය ගැන තවමත් කිසිම ආරංචියක් නැත. නමුත් නුවර කලාවියේ තොරතුරු රාශියක් දැනගැණිමට මේ ගමන හේතුවිය.






පියදාස සිරිසේන නවකථා එකතුව 339

පුරාණ රටේ පැවති ශ්රී සාරය හා මෙහි මනුෂ්ය යන් තුළ පැවති තේජස-ගෞරවය-නිර්බයතාවය-ත්යා‍ගාදි ගැණ ධර්ම එහෙම පිටින්ම පිරිහි ‍ෙගාස් ති‍බේ. ඇත්තෙන්ම ධර්මදාස දැන් සිංහල වන අපි සංවේගවිය යුත්තමිහ. සෞර විර්යාදි ගුණ යම් මිනිහෙක් තුළ නැතිවේද -ඔහුගේ පවමුල දුක්ඛිත පහත් භවයට පැමිණේ. යම් ජාතියක මිනිසුන් තුල ඒ සෞර විර්ය ගුණ නැතිවේද- ඒ ජාතියත් ඒ ජාතියට හිමි රටත් පිරිහෙන්න‍ිනේය. දැන් “සිංහල නාමය” ඇර වෙන මොකවත්ම ඇති බවත් නොපෙනේය”යි කියන කොට ධර්මදාස ඉතා බලවත් හුස්මක් ඇරි‍යේය. කිරිහාමි ලැජ්ජා නැති බිය සුල්ලෙක් බැවිනි කතා කරන්ට ඇරඹුයේය. “මහත්මයා කොටියාට මක් කළාද  ? කොටියා දිව්වාද - නැත්නම් ඌට වෙඩි තබා මැරුවාදැ”යි කිරිහාමි ඇසුයේය. කිරිහාමි අපට සම්බවි පැය හතරකි පමණ ගතවිය. ඔහුට හොඳට ආහාර පානය ලැබි නිර්භයවු ආරක්ෂා සහිත ස්ථානයකට පැමිණෙන තුරුත් කොටියා ගැන අසන්ට සිතත් ඇති නොවු බව වැටහුනු මට මහත් බරපතල සිතිවිල්ල් ඇතිවිය.

  “දුක්ඛිත මිනිස‍ුන සුඛිත භාවයට පත් කරණ තරු ඔවුන්ගේ ප්රෂකෘති සිහිය සහ ශක්තිය එහෙම් පිටින්ම යටපත්වි දුර්වල පහත් භාවයකට පත්වන්නේය. එබැවින් එටත් ජනසමාජයත් දියුණු කරණු කැමැත්තවුන් විසින් පළමුකොට ම මනුෂ්ය්යන්ට ආහාර පාන සුලභ කරදි සතුරු භයින් මුදවා ගත යුතුය.
    අද අපට සිද්ධවුනු භයංකර විපතත් - එයින් ප්රාත්ය‍ක්ෂවු කරුණුත් ඇත්තෙන්ම ධර්මදාස තව වරත් දුටුගැමුණු කෙනෙක් පරාක්ර-මබාහු කෙනෙක් උපදවා ගැණිමට අවශ්යා බව සැලකිය යුතුය. ඒ පිළිබඳව මැදවච්චියේදිම කතා කරන්නට ලැබිම වඩාත් හොඳය. “ටිකක් අවසර, මේ මදවච්චිය කියන්නේ - මේ පළාතේ නැතහොත් ලක්දිව මධ්ය“ය නිසාද-නැත්නම් වෙනින් කරුණක් සලකා ගෙනදැයි ධර්මදාන ඇසුයේය. “ඔව් ධර්මදාස, නිසැක ලෙස දැනගත යුත්තකි. මදවච්චිය වන නාමය පමණක් නොව හැම ස්ථානයක් - ගඟක් වැවක් ආදි හැම වස්තුවක් ප්රනදේශයේක පිළිබඳව කියන නාමයේ අර්ථයත් ඒ හැදුනු  හ‍ැටිත් දැනගත හැකි නම් එයින් ඇතිවන ඥනයත් ඒ නිසා ඇතිවන ප්ර බෝධයත් අතිශයින්ම වැඩදායකය.  “මදවච්චිය”යන නාමය මුලදි ව්යිවහාර කරණ ලද්දේ “මධුඅච්චි” කියායි. ලක්දිව සිංලහ ද්විපය කරගන්ට පෙරත් ශිෂ්ටාචාර භ‍ාවයෙන් හා දියුණුවෙන් අග්ර ප්රාංප්ත රටකි. රාක්ෂස වර්ගයේ ජනයා මෙහි වාසය කොට තිබේ. “පුලස්ති” නම් මහා





340 මහේස්වරී

පණිඩිත කෙනෙකුගේ පරම්පරාවේ උපන් ඉතාමත් ශිෂ්ටාචාර බලසම්බන්න ජනයා විසින් මුළු රටම සශ්රිඋක කොට ඉතා හොඳින් පාලනය කල බව පෙනේ. මේ රාක්ෂස වංශය වනාහි අන්ය්යන් හෙවත් ගුණ ධර්ම රක්ෂාය කරණ නිසා ඇතිවු අන්වර්ථ නාමයකින් යුත් මනුෂ්යය වර්ගයකි. අප සිංහල ජාතියට වඩා දයා කරුණාදි ගුණයෙන් යුත් විශිෂ්ට ජාතියක් බව කිය යුතුය. තථාගත සම්මාසම්බුදු රජානන් වහන්සේගේ නෛර්යානික ධර්මය උගන්වා ඒ උතුම් බෞද්ධ ප්ර තිපත්තියේ නොයොදවන ලද නම් සිංහල ජනයා දැනටත් වඩා දරුණු අනුකම්පා විරහිත ජාතියක් වනු නිසැකය. ඉතාන් මිට අවුරුදු 7000 කට පමණ පෙර පටන් ගත් ඒ රාක්ෂස ජාතියේ ඉතාමත් බලසම්පන්නවුද-ශිල්ප හාස්ත්රඩ දැනිමනේ විරප්රසසිද්ධවුද රජෙක් වාසය කොට තිබේ. ඔහු මායා ශාස්ත්රනයේ පවා ‍කොළ පැමිණියෙකි. වර්තමාන කාලයටත් වඩා පහසුවෙන් හා අඩු වියදමෙන් ගමනා ගමනය කළ හැකි “ආකාශයාත්රාන” ඒ කාලයේ ලක්දිව පාවිච්චි කොට තිබේ. නිතරම දමදිව යාමට රාක්ෂස ජාතියේ මිනිසුන් අහස්යාත්රාේ පාවිච්චි කර තිබනෙ බව පෙනේ. ඒ මා අදහස් කරණලද්දේ “රාවණා’ නම්වු බලසම්පන්න රජතුමාය. එතුමාට විශාල ජනගහනයකින් යුත් ලක්දිව හිමිව මැවති කාලයේ දඹදිව අයොධ්ය. පුරයෙහි රාජ කුමාරයා වන “රාමා” හෙවත් “විෂ්ණු” ට යම් කිසි කාරණයක් නිසා වනගතවන්ට සිද්ධවී තිබේ. මධයම දේශයේ වන ලැහැබක වසද්දි ලක්දිව රාක්ෂය දුවක් ඒ රාමාගේ ලක්ෂණ භාර්යාව වන සීතා කුමරිය දැක ලක්දිවට පැමිණ විටකදි රාවනා රජු සමඟ ඒ ප්රමවෘත්තිය කියා තිබේ. එවකට අවුරුදු 60 ක් පමණ වයස්ගතවු රාවනා රජු සීතා කුමරිගේ ලක්ෂණ ගැන අසා පණිවුඩය දුන් තමාටත් ඥති වන ඒ ස්ත්රිගයත් සමඟ අහස් නැවකින් දඹදිවට ගොස් රාමා සහ ඔහුගේ මලනුවන් වන ලක්ෂමණ නම් කුමාරයාත් මුලා කොට ඒ සීතා ප්රාමේස්වරිය ලක්දිවට ගෙණවුත් තිබේ.

   අවුරුදු හැටකට වැඩි වයස්ගත රාවනා රජු රාගයෙන් මුලාව කරන ලද වැරැද්ද නිසා - අවුරුදු දහස් ගණනක් පැවතී රාජ්යගයන් රටත් විනාශ විය. අහෝ මනුෂ්යද චිත්තයක කැත ! පංචකාම සැප කෙතරම් වින්දත් තෘප්තියකට නොපැමිණිමක හැටි ! රූපශ්රී යෙන් අගපත් බිසෝවරුන් සිය මාලිගාවේ සිටියදි විදේශිය කුමාරියකගේ රුව අසා රාගයේන මුලාවි  -  ඒ කුමාරිය ගෙනවුත් කරගන්නාලද විපත  ! රාවනා රජු මේ අඥන ක්රිබයාව නොකළේ නම් තවමත් ලක්දිව






පියදාස සිරිසේන නවකථා එකතුව 341

රාක්ෂස ජාතියට හිමි ඔවුන්ගෙන් යුත රටකි. රමා කුමාරයා විශාල ද්ර විඩ සේනාවකුත් රැගෙන ධනුස්කෝඩියට අවුත් එතැන් පටන් මුහුද මැදින් පාරක් තනා ලක්දිවට ‍‍ගොට බැස යුද්ද කළේය. රාවනා රජු මුලදි සිතා ප්රරමේස්වරියගේ රූපය කෙරෙහි කෙතරම් මුලාවු නමුත් ඇගේ සෙනෙහස නොලැබු බැවින් අසද් ධර්මයට සතුටු නොවු බව පෙනේ. මෙකල අප රට බුද්ධාගමත් පවතින ශිෂ්ටාචාර ආණ්ඩුවකින් පාළනය කරණු ලබන කාලයකි. ඒ එසේද උවත් සමහර පුරුෂයෝ යම් යම් ස්ත්රීාන්ට පෙම් බැඳ - ඒ ස්ත්රීසන්ගේ කැමැත්ත නැතිව ඔවුන් පාවා ගැණිමට තැත් කරති. ස්ත්රී න් අකමැතිවු කීප පලකම ඒ රාගයෙන් මත්වු පුරුෂයන් විසින් ස්ත්රීාන් මරාදැමු තැන් කිපයකි. දකුණු ලක්දිව බෙලිඅත්ත පළාතේ තරුණයෙක් රුපත් තරුණියක් විවා කරගන්ට උත්සාහ කොට අන්තිමේදි කඩුවකින් ඈ දෙපලු කොට මෘගයෙකු මෙන් හැසිරි තිබේ. මෙබඳුස සිදුවිම බොහෝය. නමුත් මුළු ලකිදිවට අදිපති රාවනා රජු සීතා කුමරියගේ සම්පුර්ණ කැමැත්ත ලබාගන්නා තුරු දොළොස් අවුරුද්දක්ම කිසිම බලහත්කාරකමක් නොකළ බව පෙනේ. වර්තමාන සිංහළයන්ට තබා දැන් ඉන්නා කිසිම මනුෂ්යබ වර්ගයකට දෙවෙනි නොවන තරම් ගුණ ධර්මයෙන් ඒ රාක්ෂස ජාතිය බැබලුනු බව පෙනේ. රාවනා රජු සීතා ප්රදමේස්වරිය බලහත් කාරයෙන් ගෙණ ඊමේ වැරැද්ද නිසා රාක්ෂස ජාතිය භේදවි තිබේ. ස්වකීය සහෝදරය‍ාගේ අයුතු ක්රිජයාව නිසා කෙතරම් විරුද්ධ විද කිවහොත් ස්වකීය යුද්ධ සේනාත් සමඟ රාම කුමාරයාගේ පක්ෂයට බැඳි රාවනා රජුට විරුද්ධව සටන් කොට තිබේ. රාවනා රජු‍ගගේ ඉතාමත් බලසම්පන්න සහෝදරයා වන “කුම්භකර්නයා” යුද්ධය අවසාන වනතෙත් වැදහොත් තැනින් නොනැගිට රාවනා ගේ ක්රි්යාවට පිළිකුල දක්වා තිබේ. ඉතින් අධර්මවාදි ක්රිියාවකින් රටක් නැතිවිම ඒකාන්ත නම් අධර්මවාදි ක්රිලයාවකින් එක පුද්ගලයෙක් හෝ පවුලක් නැතිවිම පුදුමද  ? රාමනා නාකිවුනාට පසු රූපත් තරුණියක් කෙරේ පෙම් බැදිම ඉතාමත් ගර්හිත මෝඩකමකි. ඊට විපාකයක් වශයෙන් තමන්ගේම සහෝදරයෝත් රට වැස්සෝත් භේදවි විදේශිකයෙක් වු රාම කුමාරයාට රට හිමිකරදි තිබේ. රාම කුමාරයා සමඟ පැමිණි දෙමළුන් මෙහි රදවා ඔහු සිය බිරිදත් පිරිවරත් සමඟ දඹදිවට ගිය පසු විභිෂණ ලක්දිව එක පෙදෙසක රජ විය. විභිෂණගේ මාමා වන “මධු” කුමාරයා “මදවච්චිය” නමින් නුවරක් තනවාගණ දැන් නුවර කලාවිය නමින් හා ජාපනය නමින් පවත්නා පෙදෙසෙහි රජ කොට






342 මහේස්වරි

තිබේ. ඒ මිට අවුරුදු හත්දාහකට පමණ ඉස්සර හෙවත් ගලිල ආගම නමැති බෛබලයෙ කියන ලෝක නිර්මාණයට අවුරදු දාහකට පමණ ප්‍රථමය. ඒ කාලේ මෙහි විසු නාග රාක්ෂ යන දෙවර්ගයට රාම කුමාරයාත් සමඟ ආ දෙමළුන් පමණක් නොව-අළුත මුද මැදින් හැදු පාර ත‍ිබුනු නිසා සොලි කරේ හිටපු තරම් සෙනග ලක්දිව පිරෙන්ට පටන්ගත් බැවින්-රාම රාවන සංග්රාිමයේන වැඩි කලක් යන්ට ප්රදථම ඒ පාර කඩා දමන ලදී. කොයි හැටි නමුත් යක්ෂ හෙවත් රාක්ෂස ජාතියත් නාග ජාතියත් දෙමළුන්ට මිශ්රපවිම නිසා - ඒ දෙජාත්යේ උසස් චා‍රිච්රස හා ගුනධර්ම පිරිහි ගොස්. රාම රාවන සංග්රා මයෙන් අවුරුදු දාහක් පමණ ඉකුත්වු විට ඔවුන් දුර්වලවු බව සිතිය හැක. ක්‍රමයෙන් පිරිහෙමින් දුරුවලව පැවති ඒ යක්ෂ නාග දෙපක්ෂය සිටියදිම - වංග දේශයෙන් විජය කුමාරයා සහිත හත්සියක් සිංහලුන් පැමිණ ලක්දින හිමි කර ගෙණ දැනට අවුරුදු 2478 ක් වි තිබේත. රාවනාගේ මෝඩ දුෂ්ට ක්රිහයාවෙන් ඒ ජාතිය පිරිහී ගියේය. එසේම පිලිමතලව්වේගේ කුහක දුෂ්ට ක්රිියා නිසා දෙමළුන්ට රජය කරන්ට ලැබි ඉන් අවසාන දෙමල රජා ඇහැලපොල ගේ පවුල සම්බන්ධයෙන් කරණ ලද බරපතල අපරාදය නිසා අපේ ජාතියත් පිරිහෙන්නට පටන් ගත්තේය. කලින් මෙහි විසු පරංගි නමැති දුෂ්ටයන් මේතාක්ම රජ කරණ ලද්දේ නම් - “සිංහල කියා වෙනම ජාතියක්” මෙහි ඉතුරු නොවේ. නමුත් නිදහසත් ශිෂ්ටාචාරභාවයත් කොයි ප්රිමාණයකින් නමුත් ආරක්ෂා කරණ ඉංගරීදේ සි ජාතියට අප යටත්වු බැවිනුත්- අපේ මුතුන් මිත්තන්ගේ දිර්සදර්ශි නුවණ නිසාත් අපි තවමත් ජාතියක් ලෙස පෙණි ඉඳිමු. සිංහල ජාතිය සම්පුර්ණ දියුණුවට පත්විමට මා විසින් සොයන ද්රමවිඩයන්ගේ පීඩාවටත් දුෂ්ය භාවයටත් පැමිණ ඉන්නා “මහෙස්වරී” ය ‍ලැබෙන්ට ඕනැය.


12. පරිච්ජේදය


   “මදවච්චිය” නාමය සම්බන්ධයෙන් මා විසින් කරන්ට යෙදුන් කතාව මගේ මිත්රැ ධර්මදාසත් කිරිහාමිත් බන්ඩාත් ඉතාමත් ආසාවෙන් අසාගෙණ වුන්හ. ඉක්බිති අප අතරේ සිද්ධවුනු කථාබස් ප්රනශ්නොත්තර වශයෙන් කෙරුණු බැවින් මෙහිද එසේ යොදනු ලැබේ.

ධර්මදාස - පුරාණ ලංකාවේ විසු රාක්ෂස ජාතිය ගැන නිසැක දැනීමක්





පියදාස සිරිසේන නවකථා එකතුව 343


ඇතිවුයේ අදයි. ඉතාමත් සීලාචාර ‍ යුතුකම් දත් ඒ ජාතිය එහෙම පිටින්ම වදවි ගියාද ?

මම - අවුරුදු තුන්දාහක් තරම ජාතයක් වශයෙන් කීර්තිමත්ව විසු ඔවුනුත් නාග ජාතියත් දුරුවලව ‍ෙගාස් තිබේ. ජාතියක් වශයෙන් ඔවුන් වඳවි ගිය නමුත් ඒ ඒ වර්ගවලින් පැවත එන්නෝ දැනුත් ලක්දිව සිටිති. ඔවුන්ට පසු ජාතියක් “වශ‍ෙයන් පටන්ගත් සිංහලයන්ට” මිශ්රදවි ඔවුහුත් සිංහල නමින් දැන් පෙණි සිටිති.

ධර්මදාස - ඒ මිනිසුන් නියම සිංහලයන්ට වඩා ගති ගුණ ආදියේන වෙනස් බවක් වික්රාමපාල මහතාට දැනගන්ට ලැබුනාද ?

මම - ඔව්. මට බොහෝ තැන්වලදි දැනගන්ට ලැබුනා. මේ වන්නිකරේ බො‍හෝ දෙනා ‘සිංහලයා” ය කියනවාට වඩා “වන්නියේ උදවිය” ය කියනවාට කැමති බවත් - හුදකලාව තනි තනිව විසිමට කැමති බවත් පෙනේ. එපමණක් ද නොව යම් යම් කටයුතුවලදි ඉදිරියට පැමිණ නිර්භාත ක්රිතයා කිරිමට බොහෝ දොන තුල කැමැත්ත නැත. එයින් වැටහෙන්නේ යක්ෂ නාග දෙවර්ගයේ අභිමානය නැතිවිමේන් පසු සිංහලයන්ට මිශ්රෙවු දුර්වල අය “‍සිංහල” වශ‍ෙයන් හෝ “යක්ස නාග ව‍ශයෙන්” හෝ ක්රි යා කිරිමට ඇතිවිය යුතු ශක්ති හීනවි යාම බව පෙනේ. හරියටම වැඩිපුර වතුර මිශ්රල කරණ ලද කිරි වැනිය. කිරි පතකට වතුර දෙපතක් මිශ්රවවුන විට එය වතුරත් කිරිත් නොවේය. ඒ මිශරරි ණය බිමෙන් කිරිවල සම්පුර්ණ ගුණයත් වතුරේ සම්පුර්ණ ගුණයත් නොලැබේ. ඒ මිශ්රදණයට කිරි කියා හෝ වතුර කියා හෝ කියන්ටත් බැරිය.

ධර්මදාස - එතකොට මිශ්රිවිම නරකයයි මහත්මයා කියත් නෙහිද ?

මම - මිශ්ර විමත් අනිත් සියලුම ක‍ාරණා මෙන්ම හොඳටත් නරකටත්දෙකටම සිද්ධ වේ. දැන් බලමු, කිරියි පැනියි මිශ්ර විම හොඳයි -නමුත් කිරියි ගොමයි මිශ්ර විම නරකියි. ආර්ය ගොත්රනයේ උසස් පවුලක ස්ත්රිනයක් සමඟ ආර්ය ගෝත්‍යියේ පහත් පවුලක යම් මිනිහෙකගු විවාහ විමෙන් ඇතිවන මිශ්ර විමෙන් උසස් බවක් ඇති වුනා- දෙළුන් හා මිශ්රි විමෙන් පහත් ආත්මාර්ථකාමි ගතියක් ඇතිවුනා. රත්රන්වලට රසදි්යක මිශ්රිවිම හොඳ නමුත් ඊයන් මිශ්රතවිම රත්රනේ අගය නැතිවිමකි. ලෝකයේ ප්ර්ත්යරක්ෂ



344 මහේස්වරී


කරුණු අපි බලමු. ස්පාඤ්ඤ පෘතුගිසි ආදි ඉතා බලවත් ජාතින් මිශ්ර‍විම නිසා දුර්වලවුහ. ජර්මන් ජාතිය උසස් කරුණු සඳහා ඔවුන්ගේ මිශ්ර ණය වලක්වන්ට හිට්ලර් ජන නායකයා පිළියෙල කළේය. ඉංග්රීවසි ජාතියේ මිශ්රනවිම ගැන කොමැන්ඩර් කැන්චර්ති මහතා බලවත් කරුණු දක්වා ත‍ිබේ. ඒ ඒ ජාතින් අතර කුල ගොත්රැ වශයෙන් මිශර බලවිම වරදක් නොවෙතත් පහත් මිලේච්ජ ජාතින් සමඟ මිශ්රැවිම ජාති විනාශ ධර්මයිකි”යි- කියා මගේ ඔර්ලෝසුව දෙස බැලු විට වෙලාව නවයාමාරය. විශාල කොටියෙකු මරා මුළු දවසක් වනාන්තරයේ ඇවිද වෙහෙසුන බැවින් චිත්ත ප්රීාතිය ඇති කරගෙණ සුවසේ නිදාගන්ට කල්පනා කළෙමි. එසේ කල්පනා කොට කිරිහාමිටත් බන්ඩාටත් ඔවුන් දන්නා වන්නිය පැත්තේ මිනිසුන් කියන සිව්පද ටිකක් කියන්ට කිවෙමි. කිරිහාමි දවසක් මුළු‍ල්ලෙවත් කියන්ට සිව්පද පාඩම් ඇති කෙනෙක්යයි බන්ඩා කී බැවින් කිරිහාමිට රැ දොළහ වනතුරු සිවුපද කියන්ට පංගාර්තු කර ධර්මදාසත් බන්ඩාත් මමත් ඉතාමත්ම ප්රීදතියෙන් අසාගෙණ සිටියෙමු. මේ කිරිහාමි කියන ලද “සිවුපද‍” වලින් බොහොමයක් ලක්දිව අනිත් පළාත්වල අය නොදන්නා බැවින් මෙහි සඳහන් කරමු.


“ඉහල වෙලෙන් එනකොට පොල් පෙනි ච් චි පහල වෙලෙන් එන‍ෙකාට පය ලෙහෙ ච් චි අම්මා දකින කොට ඇඟ ලේ හිඳි ච් චි නොතලන් අම්මේ අතලේ මගේ බිඳි ච් චි

අයියෝ දෙවියනේ මට වුනු වි යෝ යා පැලේ පැදුරු සොරු අරගෙණ ගි ‍යෝ යා ගෙදර ගිය කලට අඬ දබර යෝ යා පැදුර දුන් කෙනෙක් මගේ නැ සි යෝ යා

වානේ දෙවානේ සක මිල්ල වා නේ ඉනුත් එපිට කඩහත මුකලා නේ බලා සිටි කලට තල මලට ජා නේ පිපුනා කිලු තල මල මිල්ල වා නේ



පියදාස සිරිසේන නවකථා එකතුව 345

පාරේ පනාවේ කොසඹේ රුකක් ඇ තී උන්ගේ බඩේ දරු තුන්සිය සැටක් ඇ ති උන්ගේ එකෙක් ඉරු දෙවියන්ට ජාත කී ‍අද බැරි නම් හෙට තෝරා එවන් ස කී

ඇවැස්ස මස්සිනා පිළ පිට ඉන්න කො ට බුලත් විටක් ඉල්ලාගෙණ කැවා ට ඒක ගොසින් ගතු කරලා කීවා ට ව‍රෙන් හුරේ තෙල් ඇතිදිය ගාවා ට

ඉ ර ත් නොපායයි ඉර ගැන දි වු ර න් ඬ ස ඳ ත් නොපායයි සඳ ගැන දි වු ර න් ඬ බ ඩ ත් වඳ වුනේ දරු ගැන දි වු ර න් ඬ ව රෙ න් මස්සිනේ නුඹ ගැන දි වු ර න් ඬ

අල ගල්ලේ බල ගල්ලේ කාපු ඇ තා රන් දෙනියේ වෙල මැද නව තාපු ඇ තා අළු ගෝමර පෙති ගෝමර මඟුල් ඇ තා කන්දෙ කැලේ නෙළු ගාලේ කාපු ඇ තා

ඉහල වෙලෙන් එන මොනරා සුබා වා මොනර පිල් වල්ල බිම ගාව ගා වා මොනරගෙ පිටේ ගිනිමල් තාරු කා වා මොනරා නොවෙයි දෙවියනි දේවතා වා

මලයයි මමයි මිදුලේ වැලි කෙළින වි ට බඩ ගින්නක් වැදුනයි මගෙ කුසේ ය ට බඩගිනි කියා කොයි අම්ම‍ගෙ ගෙට යන් ට වරෙන් මලේ අම්මා වැළළූ තැන ට

මුකලාන මැද ගේකුත් තනා ලා ඊට උඩින් රතු කොඩි බන්දවා ලා රත් රන් මුහුන සලුපොටකින් වසා ලා ගොල්ල එතිළු ඉස පය ගිනි තියා ලා

අ හ ස ට ‍කොඩි බ‍ැන්ද මිණි ගිගිරි ස ද් දේ ර හ ස ට ගෙන යන්ඩ මරු කරණ යු ද් දේ බ ලි ය ට තෙල් ග‍ැසු සේ ලැමද මැ ද් දේ ත නි ය ට අද කවුද මේ හිමය මැ ද් දේ 346 මහේස්වරි

වානේ වතුර යනවාදෝ ඇසෙ න් නේ පානේ එලිය දෝ නෑ ‍නෝ පෙණෙ න් නේ ‍ගෝමර ලියෝ සිටගෙණ දත් මදි න් නේ රුවට මල් විලයි නැනා පෙණෙ න් නේ

අපේ ගමේ වෑකන්දේ පල ය ල් ලා දෝත පුරා පැන් අරගෙණ බි ප ල් ලා සෙවන සොඳයි කුඹුකේ යට සිට ප ල් ලා නුදුටු කෙනෙක් රතු ඔළු මල් කාප ල් ලා

ඉහල ගෙදර තල පැදුරේ කොබෙ යි යා පහල ගෙදර වී පැදුරේ පරෙ යි යා මන් එනකොට කටු අත්තට එබෙ යි යා ටිකිරි නගේ පියයුරු කයි කොබෙ යි යා

දඩි බිඩි ගගා වී කෙටුමක් මෙදා නැ ති සට පට බටු තැළුමට පටන් ග ති බඩ ගිනි කියා කොල්ලෝ ලිප වට අඬ ති කොල්ලෙන් තොපට බටු මිස වෙන දෙයක් නැ ති

අතක් දම දමා අඹරන්ට වර ලි යේ පතක් දම දමා අඹරාන පල ලී යේ සිතේ සෝක දුක් උසුලන්ඩ ලි යේ හෙටත් අඹරන්ඩ ගල මුලට වර ලි යේ

මනුද ගලේ ඇයි අර දඟ කර න් නේ ඇට පොතු නැතුව පිටි ඇඹරී වැටෙ න් නේ ගමේ ගෑණු ඔක්කොම නිදි බොල න් ය නේ කවදා දෝ මගෙ නෙත් නිදි ලබ න් නේ

එගොඩ ගොඩෙ සපු කනුවේ බැන්ද ගො නා මෙගොඩ ගොඩේ නා කනුවේ බන්ද ගො නා දොගොඩ තලා යන වතුරට පැන්න ගො නා අයියෝ දෙයියනේ මගේ වල්ලියා ගො නා

    කිරිහාමි මේ රසවත් කවි කියන කොට ඔහු මෙන්ම කවි පාඩම් ඇති බන්ඩාටද නිශ්ශබ්ිදව ඉන්ට බැරිව මහත්මයෝ- කිරිහාමි දිගටම කවි කියාගෙණ යනවා මිසක් අවල් කාරණය ගැණ යයි කියන්නේ 

පියදාස සිරිසේන නවකථා එකතුව 347

නැත. මහත්මයාට ඔය කවි වලින් අසවල් අසවල් කාරණය ගැණ කියන ලද්දේ යයි වැටහුනා දැයි ඇසීය. “ඔවු බණ්ඩෝ, මේ අසවල් කරුණු ගැණ කියන ලද්දකැ” යි කිරිහාමි නොකිවු නමුත් මට හොඳින්ම වැටහුනා. ඇත්තෙන්ම මිට පෙර කවදාවත් නාසාපු සිවුපද බැව් පෙනේ. බුලත් විටක් කනතුරා බන්ඩාත් සිවුපද කීපයක් කියන්ට පටන් ගත්තේය.

  පුරුෂයා විසින් අත්හැර දමන ලද ස්ත්රී්යක් නැවත සම්මුඛව ඒ පුරුෂයා විසින් කිව් කවියක්.

ම ද ක් උදාරම් ගණරන් ලියගේ සැ ටි ක ද ක් බන්දාන වෙල මැදෙහි යන හැ ටි

	ම  ද   ක්  ඇගේ වරලස දැන් දික්ව සි	ටි

එ ද ත් ඔහොම නම් අත්නාරින්ට ව ටි

ඊට ස්ත්රී ය දුන් පිළිතුර

එදා ඉසුළු තලපත තද වැ ස් සේ යා එදා කළ කතා අවුරුදු ල ස් සේ යා නෙතින් ගිය කඳුළු තන පොට ඔ ස් සේ යා ඉතින් හිමි නොයමි නුඹ යන ප ස් සේ යා

කිරිමදි දරුවෙකු ගැන මවක් කී කවියක්.

ඉරට මුවාවේ ඉඳගෙන ඉස පිරණ වා සඳට මුවාවේ ඉඳගෙණ සළු පළඳින වා පරුවත මුදුනේ ඉඳගෙණ දරු කිරි දෙන වා “කිරි වාරුම්-කිරි වාරුම්” බිළිඳු අඬන වා

අලසයෙකුට කළ ගැරහීමක්.

ලහි ලහි කි ය යි රෑ වෙනකොට පැල් ය න් ඩ බඩ ගිනි කි ය යි උගෙ මහ බඩ දෙදර න් ඩ නිදි මත කි ය යි උගෙ ඇස් දෙක කන වෙ න් ‍ඩ කට මැත ක‍ි ය යි ඌ කාපුව දිරව න් ඩ

රන් ආ‍ෙඳකු ගැන.

අන්දර අඩවියේ වැසි ගුගුරු ව න් නා පංච සමුදුරේ මුදට වසි න් නා සැම කල් නියඟ රන් කඳ උගුළු ව න් නා කිංකිනි ඔයේ රන් ආ‍ඳෙක් නට න් නා

348 මහේස්වරි

අවවාදයක්.

මුරුංගා ගහේ අතු අග ය න් ට එ පා කරුංකා අලුත් බුලතට ක න් ට එ පා අනුන් කී බසක් සිතකට ග න් ට එ පා අන ඇත්නම් “කුඩි” පස්සේ ය න් ට එ පා

ආඩාපලියක්.

උයන් වල නොවෙද රස මී බදි න් නේ පොතන් වල නොවෙද රණ මොනරු ඉ න් නේ නිකම් මට මොටද මැසි විලි කිය න් නේ අඩම් පනේ වද දුම්කොළ තියෙ න් නේ

කුරක්කන් කවියක්,

කුරක්කන් තුනයි නෑනෝ වැපුරු වේ කපන්ටත් බැරුව අත පය රුදා වේ අරින්ටත් බැරිය ලොව දන සිනා වේ ඉතින් නෑනො ඉප නැල්ලේ සුබා වේ

අඟහරුවාදා ගැන කවියක්,

අඟහරුවාදා කෙරුවා බොල න් නේ හැක නරුවක් නැතුවම ගමන ය න් නේ කොල දරුවා නියගින් පාලු වෙ න් නේ අඟහරුවාදායි මෙරටට වසි න් නේ

රොඩියස්සියක් සමඟ ගිය රාජ දෙවියකගේ කීමක්,

	රංකොතලේ දිය බිලා පුරුදු ම	ට

එක රෑකට සලු දොලසක් ඇන්ද ම ට ගඟ ඉහලින් ඔය අසබඩ නැපු ම ට කොතෙක් කල් නිදම්දෝ විර ගස ය ට

කර්මය,

පුස්ප සබන් ගෑවත් ඇඟ කුනු වෙ න වා චන්ද්රස පට සරොන් ඇන්දත් පන ය න වා කොච්චර රස බොජුන් කෑවත් බඩ ද න වා මට කළදේ තට දවසක පලදෙ න වා

පියදාස සිරිසේන නවකථා එකතුව 349

කදිම බෑනා කෙනෙක්,

මාමයි මමයි සඳ පානේ හාන කො ට කුළු මීමෙක් කර නගලා බලන කො ට වට පිට බැලිමි ගහකුත් නැත ‍ගොඩ වෙන් ට පිට පොට ගසා පැන්නෙමි මාමගේ කර ට

කුරක්කන ඇඹරිම,

පුංචි පුංචි ගල් ටික කිරි ‍කොටා ලා දෙන්නට අඹරන්ට ගල පුරුදු කර ලා තනියම අඹර්නට මට පේරු කර ලා ගලේ පිහිට වෙන වද දුක පෙනී ලා

ආදර ඇති ස්ත්රීවයක් තම ස්රවාමියාට,

මගෙ හිමියා යන්නේ අද තුන් ග ව් වා තුන් ගව්වට පායන්නේ තද අ ව් වා අලු ගෝමර පෙති ගෝමර දයි අ ව් වා ඉරිදෙයියනේ තද නොකරන් අද අ ව් වා

නුඹේ ලැපැත්තේ ‍ගෝමර හිමි සඳි නේ මගේ ලපැත්තට දෙනවද සන්තොසි නේ එ ගෝමර වට ඇරියොත් දැනෙයි අ නේ නුදුවන් පැදුර දමලා හිමි ගිය ගම නේ

උල් කටුවෙන් විද්දා වැනි ඉහටි ටි ක කිරි මැ‍ටියෙන් ඇඹුවා වැනි මුහුනු ටි ක ගොල්ල තලව්වේ යන කොට සි‍ේත දු ක කෝනාමලේ දෙවි හිමි සඳට පිහිට ක


13. පරිච්ජේදය

    මේකවි සිව්පද කීම රාත්රිු 11 ට පමණ නවත්වා නිදා ගතිමු. උදේ පහට පමණ ප්‍ලමබෝධවු මම පුරුදු ගාථා කීපයක් සජ්ඣායනා කරන ‍කොට ම‍ගේ මිත්ර්යෝද නැගිටිටාහ.  “මොකද- වික්ර මපාල මහතා ටිකක් හයියෙන් ශබ්ද නගා කී ගාථා හැමදාම කින ඒවාද එහි තේරුම මොකද - එයින් ඇති ඵලය කුමක්දැයි තවමත් නිදි

350 මහේස්වරී

පැදුරේම දිග ඇදි වුන් කිරිහාමි ඇසුයේය. ඔව් කිරිහාමි, උඹ ඇසු ප්රනශ්න බො‍ෙහාම හොඳයි. මේ ගාථා හයියෙන් ශබ්ද නගා කීමෙන් ප්රදයෝජන සතරක් ඇති වෙනාව- ඒ සතර නම් :-

     (1)   රාත්රි ය මුළුල්ලේ නිශ්කලංකව පැවති හි‍ෙත් උදාර පරාර්ථ චර්යා අදහසකුත්, නිර්භිත අවෛරී කරුණාවත් භාවත් නමැත් ජලයත් අටගන්නවා, ඒ ජලය හෘදය වස්තුවේ පිරිමෙන් මුළු ශරීරගතව ඒ කරුණා ජලය ‍ පැතිර යාම නිසා සප්ත ධාතුව ප්රවබෝධ වෙනවා. එයින් නිරෝගි භාවයත් චිත්ත සන්තුෂ්ටියක් ඇති වෙනවා. මේ පළමුවන ප්ර යෝජනයයි.
     (2)    දෙවෙනි ප්රරයෝජනය නම් රාත්රිියේ නිශ්චලව පැවති දිවේ සහ මුඛයේ ගැටෙන මේ උතුම් වචන නිසා දිව, කට, තොල් සහ දත්වල විශේෂ ගුණයක් ඇතිවේ. යහපත් කාරුණික වචන කටේ දිවේ ගැවිමෙන් දුෂ්ට අකාරුණික විලිබිය රහිත ස්වභාවයක් දිවේ ඇති නොවේ.
       (3)     මේ ගාථා තුනේ අදහස වන ලෝකනාථය්න වහන්සේගේ දෘඨ විර්යයත්, අපරිමෙය්ය  මෛත්රිතයත් සිත තුල ක්රි්යා කිරිමෙන් තමාට පමණක් ‍නොව අන්යයයන්ටත් වැඩ කළයුතු යයි ධෛර්යයක් ඇති වේ. මේ කරුණු තුනම මෙ‍ලොව වශයෙන් ගාථාවන් සජ්ඣායනා කොට අත්ථව මෙනෙහි කරණ වේලේම ඇතිවන ප්ර යෝජන වේ.
       (4)     මෙයින් ඇතිවන ප්රවයෝජන පින් මුහුකුරා ගිය පසු යම්කිසි ආත්ම භාවයකදී බුද්ධාදී මහෝත්තමයන් වහන්සේ නමක් හමුවුනොත් සමාධි භාවනාව සම්පුරුණකර ගැනිමට ඉතිමත් පහසුවි සතර මඟ සතර ඵලයට පැමිණ නිර්වාණ අමෘතය ලබා ගැණිමට පහසු වේය”යි කීවාම බලවත් ප්රීිතියට පත් ධර්මදාස ඒ ගාථා තුන ලියා ගත්තේය.
 	අනන්ත සත්තෙසුව ‍ලොක ධාතුසු

එකොපි සබ්බෙපි සමාගතෙන දිසාසු පුබ්බා දිසු චක්කචාලා සහස්ස සංඛායපි අප්ප මෙය්යාල යෙතෙසු දෙවා මුනුජාච බ්රයහ්මා එකත්ථු සංගම්හි මන්ත යන්තා

සො ගොතමො සක්ය සු‍තො මුනින්දාව ස්බබස්ස ලොකස්ස පදීප භුතො අනන්ත සත්තෙ බව බන්ධහනම්හා මොවෙසි කරුඤ්ඤ බලාන පෙක්ඛි


පියදාස සිරිසේන නවකථා එකතුව 351


යො සංසාරෙසු දුක්ඛං අමත මිච භජං සබ්බ සත්තෙදයාය තෙසං දොසග්හි ජාලං කම සලිල තො සාධු නිබ්බා සයන්තො බුද්ධො බොංධිං ච පත්තො සකල මතිව සිප්පත්ත සබ්බඤ්ඤ භාවං තඤ්චාහං තස්ස බොධිං පමුදිත මනසා සබ්බකාලං නමාමි

   සංක්ෂේප අදහස  -  අනන්ත ‍ෙලාක ධාතුවෙහි අනන්තවු අප්ර මාණ සත්වයන් අතරෙහිද, අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සමානවු සත්වයෙක් නැත්තේය. අනන්ත ‍ලොකයෙහි වු අනන්ත සත්වයන් සියලු දෙනාම එකම සත්වයකු ලෙස සැලකු කල්හිත්, ඒ තථාගතයන් වහන්සේ සමාන නොවේ. පුරුව, උත්තරථ, අචර, දක්ෂිණ යනව සිව්දිසිවය, සතර අනු දිසාවය, උඩය යටය යන දස දිසාවෙහි පිහිටියාවු අප්ර මාණ ‍ලෝක ධාතුවල වාසහ කරණ බ්රවහ්මයෝද, දෙවියෝද, මනුෂ්යඅයෝද යන සියල්ලෝම එක්ව සාකච්ඡා කොට සොයා ගැණිමට ප්රවයන්ත කලත් ඔවුන්ට නොහැකි දුක්ඛය, සමුදය, නි‍රොධය. නිරොධ මාර්ගය යන චතුරාර්ය සත්යලය තමන්වහන්සේ විසින් අවබෝධ කළ බැවින් අප‍ෙග් සම්මා සම්බුදු රජාණන් මහන්සේ අසම වේ.
     ගුරු ගොත්රසයෙන් ගෞතම නම්වු ශාක්යනවංශොද්භුත සුදේධොධණ මහරජාණන්ගේ පුත්රර හෙයින් සාක්යව පුත්රබවු මුනා ශ්රෙහෂ්ඨ වු සමස්ත සත්වයාට ප්රජදීපයක් වු එ මහා පුරුෂයාණන් වහන්සේ සවාසනා සකල ක්ලේශයෙන් නැසු හෙයින් චතුර්විධ ප්ර ත්යවයන්  ලැබි‍ෙමහි හා සත්කාර ගරුකාරාදීන් ලැබිමහි අපෙක්ෂා නැත්තේ මහා කරුණා බලයෙන් නොයෙක් සත්වයන් සංසාර බන්ෂනයේන මිදවු සේක.
   සකල ස්තවයන් කෙරෙහි පතළාවු මහා කරුණාවෙන් සංසාරයට පිවිස සාරාසංඛ්යක කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි ලැබු දැඩි දුක් අමෘතයක් මෙන් සලකා ලෝක සත්වයන්ගේ රාග ද්වෙෂාද් ක්ලේශාග්නිජාලාව කරුණා නමැති සිතල ජලයෙන් මනාකොට නිර්වාපණය කරමින් සම්බුද්ධ රාජ්යුය ලබනු පිණිස බෝධි වෘක්ෂය කරා පැමිණ චතුස්ස්යා්බු වබෝධය කළ සේක්ද, ඒ මහොත්තම දීපදුත්තොත්තමයන් වහන්සේද - උන්වහන්සේ පිටදුන් ශ්‍ධයී මහා බොධියද ප්රදමොද්යහ වු සිතින් සෑම කල්හිම සලකා වඳිමි” යනුයි.
      අපි කවුරුත් උදේ මුහුනු සෝදාගෙණ තේ වතුර බිවෙමු. අදත් මදවච්චියේ නැවති හෙට උදේ මඩකලපු පැත්තට පිටත්ව යාමට කල්පනා කළ මම මගේ ඇඳුම් ආදී උපකරණ යකා වැවේ පාඨශාලා ආචාර්ය මහතා ලඟ බැවින් කිරිහාමි සහ බණ්ඩාත් සමඟ යකා වැවට


352 මහේස්වරී

පිටත්ව ගියෙමු. පැය එකහමාරකින් අපි එහි ගොස් මට සියලු ආකාරයෙන්ම උපකාර කළ ඒ ආචාර්ය මහතා සමඟ අපේ දඩයම් ගමනේ විස්තර කීවෙමි.

   ලංකා ද්විපය කියන්නේ කොළඹ, ගාල්ල ආදි නගරයයි බොහෝ දෙනා සිතති. ඇත්තෙන්ම “රට” නම් රජරටමය. මා තවමත් ඇවිද තිබෙන්නේ රජ රටෙන් දාහෙන් එක කොටසකටත් අඩු ප්රරදේශයකය. “නුවර කලාවිය” සකස් කොට යථාස්ථානයකට පමුණුවා ගන්නාතුරු ලක්දිව රටක් හැටියට සලකන්නට බැරිය. දැන් ලක්දිව තොටකි. එනම් යුරෝපීය කර්මාන්ත කාරයාට උවමනා අමු ද්ර ම්ය. එනම්- රබර්, පොල්, තේ, කුරුඳු, පැඟිරි තෙල් හා කර්දමුංගු ආදිය එකතු කරගෙණ යන්නාවුද ඒ යුරෝපිය කර්මාන්තකාරයා විසින් තනන රෙදි පෙරෙදි, කෑම ජාති, බිම ජාති, බෙහෙ‍ත් ද්රෙව්ය,, පිඟන් කෝප්ප, කැති, උදළු, යතුරු, සරනේරු ආදී මනුෂ්යයයන්ට උවමනා කරණ සියලු දේම එවා විකුණා ගැණිමටත් පිළියෙල කරගෙණ තිබෙන නැව්තොට බව පෙනේ. අපේ රටේ ඇති තරම් ධනය යුරෝපයට ගෙණ යන්ටත් අපට උවමනා කෑම බිම ඇඳමු පැළඳුම් ආදිය ඔවුන් සපයා දීමටත් පිළියෙලකර තිබෙනු මිස-මුළු පෙරදිගටම ධාන්ය්යත්, කුළු බඩුත්, පළතුරුත් සැපයිමට තරම් විශාලවු සාරවත් වු අපේ ඉඩම් අක්කර දසලක්සයක් පමණ වල් බිහිවෙන්ට ඉඩ ඇර තැබිම කෙතරම් සංවේග දායක ක්රිකයාවක්ද ?
  ඉංග්රීනසින්ට මේ ලක්දිවට වඩා තද ඌෂ්ණාධික අසාර රටවල් සාරවත් ‍කොට දියුණු කරන්ට පිළිවන් විය. නමුත් ලක්දිව එසේ නොකිරිමෙන් ඔවුන්ට අවාසියක් නැති නිසා අක්කර විසිලක්ෂයකට වැඩි සාරවත් ප්ර දේශ වන මෘගයන්ටත් උන වංසගතය බෝකරණ මදුරුවන්ටත් ඉඩ ඇර තිබේ. යම් රටක් ඒ රටේම විනිසුන්ට පාලනය කරගන්ට ඉඩ නැත්නම් ඒ රට කවදාවත්ම සැපවත් රටක් ‍නොවේ. යම් ගෘහයක ස්වාමියෙක් බලවත් නොවේනම් ඒ ගෙදර ඉතාමත් දුක්ඛිත පිළිවෙලේ ගෙයක් වන්නාක් මෙනි. ඉතින් ගුරුන්නාන්සේ මහත්මයා තව සතියක් පමණ රජ රටේ ඇවිද එහිදි මහෙස්වරී පිළිබඳ යමක් දැනගන්ට නොලැබුනොත් මම නුවරඑලිය, මහනුවර ආදි පළාත්වල විපරම් කරන්නෙමි. මට කළ ආගන්තුක සංග්රවහ ආදිය පුද්ගලික සංග්ර හ යයි නොසිතුව මැනවි. මුළු සිංහල ජාතියට කරණ ලද සංග්රහහ බව සැලකුව  මැනවැයි-ඔහු ස්තුති කොට කිරිහාමි ලවා මගේ ‍පෙට්ටියත් ගෙන්වා ගෙණ මදවච්චියේ දුම්රිය පළට අවුත් එදා රාත්රික දුම්රියෙන් අනුරාධපුරුයට පැමිණියෙමි.





පියදාස සිරිසේන නවකථා එකතුව 353

  ඒ දවස්වල අනුරාධපුරයේ පළාත් ආණ්ඩු සභාවට සාමාජිකයන් තෝරණ කාලයක් බැවින් නගරයේ එක්තරා උනන්දුවක් පැවැත්තේය.  අනුරාධපුරයේ තිබෙන දෙවෙනි පංක්තියේ හෝටලයකට ගොස් නවාතැන් ගතිමි. එවේලාව මෂ්යනම රාත්රි ය පමණවු නමුත් එහි ‍ෙබාහෝ දෙනෙක් අවදිව වුන්හ. මා හොඳින් දන්නා අඳුනන රුහුණු පළාතේ මහ්තමයෙක්ද වුන්නේය. මට ඒ වේලාවට කරන්ට සුදුසු සංග්ර හ කොට නිදාගන්ට කාමරයක්ද සුදානම් කර දුන්නේය. ඒ ගුණවර්ධන මහතාත් හෝටලය අයිතිකාර මහතාත් මා ඉන්නා කාමරටය අවුත් අනුරාධපුර නගර සභාවට-සිංහල නොවන වැඩි පිරිසක් පත්වුනොත් නගරයට කුමක් වේදැයි මගෙන් ඇසුවොය. හිතේ මහත් සංවේගයක් අටගත් මට “අනේ මහත්වරුනි- රටක ඉතිහාසයක් ලියන්නේ ඒ ඒ කාලවල පැවතී-පහන් සංවේග දායක කරුණු පශ්විම ජනයාට හෙවත් මතු ඇතිවන පරම්පරාවලට දැනගන්නා පිණිසයි. යම් යම් අය විසින් ඒ ඒ කාලවලදී කරණ ලද අනුවණකම් හා එයින් ලැබුනු දුරුවිපාක ආදියත් ගැණ ඉතිහාසගත කරන්නේ මතු පරම්පර‍ාවල ජනයාගේ මෙ‍ුලෝ පරලෝ අභිවෘධිය සලකාගෙනමය.
     මහා සීවරජ තුම‍ාගේ කාලයේදි මලබාර් රටින් ගෙන්වන ලදුව අස්වාරෝහක ශිල්පාචාර්ය පදවියට පත් කරණ ලද සේන නම් දෙමළාත්- නාවික ශිල්පාචාර්ය පදවියට පත් කරණ ලද ගුත්තික නම් දෙමළාත් අනුරාධපුරයේ ඉතාමත් උසස් අධිපතීන් ලෙස සිටියෝය. ශිල්ප දෙකක් රට වැස්සන්ට පුරුදු කරවනවුන් නිසා රජතුමාත් අනිත් ප්රතභූ ජනයාත් ඔවුන් දෙදෙනාට උසස්  සැලකීමක් දැක්වු‍ෙවාය. රටේ මිනිසුන් හොඳින් දැන කියාගෙණ රට වැස්සන්ගේ හිත් දිනාගත් පසු මේ ද්ර්විඩ සෙන්පතියන් දෙදෙනා ලක්දිව මිනිසුන් මෙන්- මහත් යසසින් කල්ගත කලහ. මහා සීවරජු දහ අවුරුද්දක් රාජ්යගය කොට අපවත් වුයෙන් උන්වහන්සේගේ මලනුවන් වන ස්වර්ණපින්ඩතිස්ස නමැති කුමාරයා “සුරතිස්ස” නමින් ස‍ිංහල ද්වීපයේ රජවිය. ශද්ධා භක්තියෙන් යුත් මේ රජතුමා රජ වු නොබෝ කලකින් දෙමළ මිනිසුන් සහිත අඥන සිංහල පක්ෂයක් ඇතිකර ගත් සේන සහ ගුත්තික ය දෙමළු  දෙදෙනා විසින් සුරතිස්ස රජු රහසින් මරණ ලද්දේය. ඉක්බිති ඒ දෙමළු දෙදෙනා රජ බවට පැමිණ සිංහලයන් භේද කරමින්-සෝල මණ්ඩලය පුරා සිටි දෙමළුන් ලක්දිව පුරවා ගණමින්-විසි දෑවුරුද්දක් රජකම් කර තිබේ.






354 මහේස්වරී


තමන්හට වැටුප් ආදී සියුල යස ඉසුරු දුන් තමන්ගේ අසහාය ස්වාමියානන් යන සුරතිස්ස රජ තුමන් මරා ලක්දිව රජකම අත්පත් කර ගැණිමට තරම් ද්රෝනහි කපටි හිකත් ඇකි දමිළයන් විසින් ලක්දිවට නොකරණ ලද්දේ කවර අපරාදයක්ද  ? ස්වකීය පියානන් මරා බලහත්කාර කමෙන් රට ආණ්ඩු කළ දෙමළුන්ගෙන් පැමිණෙන අනතුරු නිසා සුරුතිස්ස රජ පවුල අන්යණ පළාතක සැඟවුනේය. කුමාරයන්ම නව දෙනෙක් විසු ඒ පවු‍ලේ බාලම දරුවා වන අසේල කුමාරයා සිංහල යුද්ධ හමුදාව පිළියෙල කරගෙණ අවුත්-සේනය ගුත්තිකය යන දෙමළුන් මරා අනුරාධපුරයේ රජ පදවියට යලිත් පත්වු නමුත් - දෙමළ බලයෙහිද දියුණුව අඩු නොවිය. අසේල රජතුමා දස අවුර්ද්දක් රජකම් කොට මිය ගිය පසු - අනුරාධපුර‍ වාසය කළ දෙමළුන් සමඟ නථාපස් ඇතිව චෝල රටේ උජු වංශ නම් ඉතා උසස් රජ පෙළපතේ උගත් ශික්ෂිත කුමාරයෙක් වන එළාර කුමාරයා පැමිණි අනුරාධපුරයේ රජ වුයේය. මුව රජ රටම දෙමළුන්ගෙන් සමාකීර්ණ විය. සිංහල ජනයා රුහුණු මයා දෙරටට පැණ ගත්හ. භික්ෂු සංඝයා අනුරාධාපුරය අත්හාර ගියහ. සිංහයන් ටික දෙනෙක් අනුරාධපුර පළාතේ විසු නමුත් මුළු රටම දෙමළ රටක් වුයේය. චන්ඩවු අශික්ෂිතවු සමහර දෙමළ ජනයා කෙතරම් නිහීන ක්රිාය කළ නමුත් එළාර රජු රාජ ධර්මය නොඩක්මවු කෙනෙක්වු බැවින් එවකට අනුරාධපුරායේ තිබුනු වෙහෙර විහාරාදිය සහමුලින් නැති නොකළ බව පෙනේ. නමුත් සමහර දෙමළුන් විසින් ශ්රී මහාබෝධි මණ්ඩලය අපවිත්රේ කරුණු දුටු දස හැවිරිදි නන්දමිත්රෙ නම් සිංහල දරුවා ජිවිතාලය හැර ශ්රී මහා බෝධිමණ්ඩලය ආරක්ෂා කරගත් අන්දම පරිසුද්ධ සිංහල ලේ පරික්ෂා කර ගැණිමට උපක්රහමයක් විය.

   අනුරාධපුර මල්වතු ඔය අද්දර පදිංචි න්නදිමිත්රප ස්වකීය මවු ආදීන් සමඟ ශ්රීආ මහා බෝධි රාජයානන් වහන්සේත් ඒ ශ්රීර මහා බෝධියට පිටදී- නිර්වාන සුවයෙන් හෙවත් විමුක්ති සුවයෙන් ප්රධථම සතිය වැඩහුන් අන්දමට තනන ලද ශ්රේෙෂ්ඨ ප්ර්තිමා මහන්සේත් වැඳ සුදන ලෙස නිතර එන්නාහ. අද ලෝකයේම තිබෙන රූප වලින්- අති ශ්රේවෂ්ඨ රූපයක් ලෙස මෙය සැලකිය හැකි වේ. මහා මහෙන්ද්ර් මහරහත් ස්වාමින  වහන්සේගේ නියමට පිට දේවානම් පියතිස්ස මහරජතුමා විසින් සිංහල අග්රම ශිල්පීන් ලවා කරවන ලද ප්රවථම සතියේ වැඩහුන් ආකාර දක්වන ප්ර්තිමා වහන්සේ අදත් වැඩ සිටි.





පියදාස සිරිසේන නවකථා එකතුව 355

අනුරාධපුරය ජන සුන්යව මහ හිමයක්ව පැවති කාලයේ ශ්රී -මහා බෝධි විහාරය කඩා වැටි ඒ උතුම් ප්ර්තිමා වහන්සේද කැඩි බිඳි පසට යටවි තිබුනේය. 1905 හේදී පමණ ගාල්ලේ ඇඩ්මන්ඩ් රෝලන්ඩ් ගුණරත්න වාසල මුදලි මහතා ඉතාමත් සවි ශක්ති ඇති අලංකාර විහාර මන්දිරයක් තනවා ඒ පස් යටවි තිබුනු ප්ර තිමා වහන්සේ ප්රතතිසංසකරණය කරවන ලදී. ගාල්ලේ තල්පේ පත්තුවේ චිත්රාතචාර්ය වරයෙකු විසින් කරණලද ප්රනතිසංස්කරණය මහ රහතුන්ගේ හා දෙවන පෑතිස් මහරජානන්ගේ මෙහෙයිමෙන් කරණ ලද ප්රයතිමා මහන්සේගේ ස්වභාවය මඳකුත් වෙනසක් කර නැත. නිශ්චල කරගන්නා ලද නියම හිතක් ඇති කෙනෙක් මේ ප්ර්තිමා මහන්සේ දෙස මිනිත්තු පහළොවක් පමණ බලා සිටියොත් - ඒ උතුම් ප්ර්තිමා මහ්නසේ විවධ වර්නවලින් පෙළෙනු පමණක් නොව ඒ ප්රේතිමා වහන්සේ - නරඹන තැනැත්තා කෙරෙහි අද්භුත කරුණාවකින් බලා සිටින්නාක් මෙන් වැටහේ.

    මේ උතුම් ප්රභතිමා වහ්නසේ දැන් පවත්න් තත්වය වර්ණනාකරණ “ස්වර්ණමාලි මහා කව්ය ය” කර්තෘ මෙසේ කියා තිබේ.

සි රි මා බෝ රදුට පෙරදිග විදුර සු න සි රි බුදු රුවින් අඩුවක් නැතිව බැබලෙ න සි රි ගණ තිලෝ හිමි පුන් සඳ දිනු උව න ස රි වන වතක් නැත ඒ මිස තැනක වෙ න

නු ව න් යුවල ඉඳුනිල් මිණි ලෙස බැබ ලී ප ස න් මුව මඬල රන් පියුම් සරිසි ලි නැ ණි න් යුතු කෙනෙක් බැළුවොත් නොවි මැ ලී බු දු න් ගේ රුවම බව වැටහේ එක ලී

ප සැ ස් බුදු රජුන්ගේ දැන ගත් සව් නේ කෙළෙස් මල සිඳුනු පිරිසිදු හද බඳු නේ නි ‍දොස් කුළුණු අම පැන් පිරුණු බව අ නේ දෙ යැ ස් ඇති දනට මේ පිළිමයෙන් පෙ නේ

කෙ ලේ සු න් නැසු මහතුම බව පෙණෙන සො ඳ දු ටි න් න් මේ පිළිම හිමි වසවතා අ ද තැ ති ගැ න් නී දුවයි මෙලකට නොඑන ලෙ ද දි ව ම න් බැදුන් දැක දිව් හැටි පුදුමය ද



356 මහේස්වරි

බ ල න වි ට ඇසෙහි රසඳුන් අඳින ලෙ සේ සි ත න වි ට සිතෙහි කෙලෙසුන් කසල නැ සේ ව ඳි න වි ට හොඳින් වැටහේ නිවන් ර සේ කි ය න වි ට පිළිම හිමි ගැන වෙයිද කෙ සේ

උ ව න් මඬල දක්වයි බව අසම ස ම නු ව න් යුවල වගුරයි මහ කුළුණු අ ම ප ව න් සිසිල වදිනෙය වෙත පත් වහ ම නි ව න් දකින වැනි මෙපිළිම හිමි දැකු ම

    දෙමළ ජනයා පුරාණ අපේ අවාසියට වැඩකළ කාලයේ යුරෝපය ආදී අන්ය  රටවලින් ආත්මාර්ථකාරමි  දේශපාලන ක්රලම මෙහාට නොලැබි තිබුනු කාලයකි. එසේද උවත් දමිළයන්ගේ වාසියටත් රට හිමි සිංහලයන්ගේ අවාසියටත් සියල්ලම සිද්ධවි තිබුනු බව පෙනේ. එකම සොලි මහනෙකුට රාජ සංග්රයහ ලැබිම නිසා මහා විහාරේ භින්ෂුන්ට රට ඇර යන්ට සිද්ධවුනේය. ලෝවා මහාපාය කඩා හෙලා ඒ භුමියේ උඳු වපුරන්ට සිද්ධ කළේය. තවත් කළාවු අයුතු අනන්තය. ඒ එසේ නම් බලවත් කපටිකම් වලින් පිරි ඉතිරි පවත්නා මේ යුගයේදි අනුරාධපුරු නගරයේ ආරක්ෂාව සිංහල නොවන අය අතට සහමුලින්ම ගියොත් අනුරාධපුරයේ සුද්ධවන්ත  භාවය කාටවත්ම නොදැනුවත්ම අන්තර්ධානවනු ඒකාන්තය.   “ඕට පල්ලම” වෙනින් නාමයකට පරිවර්තනය වුයේ යමිසේද-අනුරාධපුරයේ අනිත් සියල්ලමත් වෙනස්වනු ඒකාන්තය. පුද්ගලික ලාභයක් හෝ එදිරිවාදුකමක් නිසා හෝ අඥන අමනකම නිසා හෝ අනුරාධපුර සුද්ධ භූමියට ද්රෝිහිවිම වලක්වා මෙහි ඉන්නා සිංහලයන් විසින් අනුරාධපුරය පාලනය කිරිමේ බලය යටත් පිරිසෙයින් ආණ්ඩු බලයෙන් වැඩි කොටස ඔවුන් අතට ගත යුතුයයි” කායා රෑබෝවු බැවින් මම නිදා ගතිමි.


14. පරිච්ජේදය

      පසුදින උදේ පහට පමණ නැගුටුනු මම මුහුණ අතපය සෝදා ගෙන උදේ ආහාර ගන්ටත් ප්රිථම ශ්රීන මහා බෝධි විහාරයට ගොස් මිට ඉහතින් මෙහි දැක්වු ප්රරථම සතියේ බෝධ  පල්ලංකායේ වැඩවුන් අන්දමට තනා තිබුනු ප්රරතිමා වහන්සේටත් ශ්රී  මහා බෝධින් වහන්සේටත් නමස්කාර කොට නැවතත් හෝටලය අවුත් උදේ 



පියදාස සිරිසේන නවකථා එකතුව 357

ආහාර පාන රැගෙණ අනුරාධපුරයේ කතෝලික කන්යා මඩමට යන්ට කල්පනි කළෙමි. ලක්ෂණවු යුරෝපීය ඇදුමකින් සැරසී ගත් සිංහලයෙකු මෙන් එහි පැමිණියෙමි. මඩමට අයත් කන්තෝරුවට ගොස් එහි ලිපිකරුවෙකු සම්මුඛවිමි. ඉතා කරුණ වන්ත දෙගොඩයරි වයසේ මහතෙක් වන ඒ ලිපිකරුවා මා පිළිගෙණ ආ ගිය කරුණ ඇසුවේය. “මහේස්වරී” නමැති දෙමළ ගැහැණු ලමයෙක් මේ ස්ථානයේ කලක් විසුවේය. ඈ සම්බන්ධ යමක් මහත්මයාට කියන්ට පිළිවන්දැ”යි ඇසුවිට ඒ මහත්මයා “ඔව් මමත් යම් යම් කරුණු දනිමි. නමුත් ඇ‍ගේ ආචාර්යවරිය වන-එමෙන්ම ඉතාමත් හිතෛෂි මිතුරුයක් වන - නෝනා මහ්තමයා දැන් මෙහි සිටි. එබැවින් මහෙස්වරි පිළිබඳ මහතාට උවමනා කරුණු ඒ නෝනා මහත්මයාගෙන් දැනගන්ට පිළිවන. අද ඒ නෝනා මහතා නිවාඩු පිටය. ඉගුන්විමට පංක්තියට එන්නේත් නැත- ඒ නිසා මම ඒ නෝනා මහතා සමඟ එන්නෙමි”යි කියා- මා කන්තෝරු කාමරයට අල්ලාපු අමුත්තන් පිළිගන්නා කාමරයේ නවත්වා ගියේය.

  ඒ නෝනා මහත්මයා අවිවාහකවු අවුරුදු 30 ක් පමණ වයස් ගතවු රූප සම්පන්න කෙනෙකි. මා දුටු හැටියේ තිගැස්සී “මහත්මයා කොයි පළාතක කෙනෙක්ද ? මහෙස්වරී ගැන විමසන්නේ මන්ද ?  මහේස්වරී නැතිවුනු බවත් දැන් ඉතා ඕනෑ කමින් ඈ ඉන්නා තැනක් පරීක්ෂ‍ා කරණ බවත් ඇගේ පියා වන සෝමසුන්දරමි මහතා මෙහාටත් අවුත් කීයේය. ඉතින  මේ මහත්මයාට ඒ ගැන විමසන්ට උවමනා මකිනිසාදැයි” මගෙන් ඇසුයේය. කාරණය සඟවා තබා ගැනීමට වඩා  මේ නෝනාට ඇත්ත ප්රනකාශ කිරිම වඩා ප්රීයෝජනයයි සිතුව මම මෙසේ කීවෙමි. 
   “මම කෝන්ගොඩ වික්රරමපාල වෙමි. සේමසුන්දරම් මහතාගේ ඉල්ලීම පිට මහෙස්වරිය සොයමින් උතුරු ලක්දිව ඇවිදිමින් සිටිති. මහේස්වරිය පිළිබඳ තොරතුරු මේ නෝනාගෙන් දැනගන්ට පිළිවනැයි සිතුන බැවින් මෙහි පැමිණියෙමි. කරුණාකර ඇගේ චරිතය නොසඟවා මට කියා දුන මැනමැයි කිවාම ඒ නෝනා මහත් සේ සතුටට පැමිණ මා සමඟ කථාකරන්ට පටන් ගත්තාය.

පේරේරා නෝනා - වික්රවමපාල මහතා ගැන මම අසා තිබුනා. ඇත්තෙන්ම අද ඇසින් දකින්ට ලැබිම ගැන දෙවියන් වහන්සේට ස්තුති කරමි.

මම - (ටිකක් සිනහයන්ට ආ නමුත් අමාරුවෙන් වලකාගෙණ) හොඳයි





358 මහේස්වරි


පේරේරා නෝනා මා දකින්ට ලැබුනාට කාට ස්තුති කළත් මට කමක් නැත නෝනා මේ කන්යාා මඩමට අවුත් බෝහෝ කල්ද ? මහේස්වරිය මෙහි විසුවේ පෙරේර‍ා නෝනාගේ ශිෂ්යැ මානවිකාවක් හැටියටද, නැතහොත් මිතුරියක් හැටියටද ?

පෙ. නෝ. - මම මේ ස්ථානයට අවුත් අවුරුදු දහයකටත් වැඩියි. මහෙස්වරි කලක් කලක් මගේ පංක්තියේ වුන්න. ඒ කාලෙත් ඊට පසුත් ඈ මගේ ඉතාමත් හිතවත් මිතුරික්ව වුන්නා.

මම - පෙරේරා නෝනා මා ගැන අසා ඇති. මම දුශ්චරිතාදියත් පුද්ගලික අයුතු ලාබත් පිළිකුල් කරන්නෙක්මි. මගේ ජිවිතයේ පරමාර්ථය පිළිවන් තරමක් ලෝකාර්ථදායි වැඩ කිරිමයි. යමක් තිබෙන කෙනෙකුට ඉතා දුෂ්කර කටයුත්තකි කරදි යමිකිසි ගාස්තුවක් ගැනිම නම් ඇත්තකි. එසේ නො‍කොට මට ජිවත් වෙන්නට බැරි හෙයිනි. මහේස්වරියගේ ඡායාව මෙන් මට යම්කිසි තොරතුරු පෙනේ. නමුත් ඇය සොයා ගැනිමට තිබෙන එක්තරා අපහසුවක් නම් ඇගේ උත්පත්තියේ පටන් තොරතුරුත්- ඇගේ නිසැක චරිතයත් දැනගන්ට බැරිවිම බව පෙ‍නේ. ඇ‍ගේ පියා මෙන් ඉන්නා සෝමසුන්දම්ද ඇ‍ගේ නිසැක චරිතය පිළිබඳව අප්රනකට කරුණු මොකවත් දන්නේ නැත. ඒ නිසා පෙරේරා නෝනා යහපතකට අනුබලදීම් වශයෙන් ම‍හෙස්වරිය පිළිබඳ දන්නා කරුණු කියන්ට.

   පෙරේරා නෝනා ඔර්ලෝසුව දෙස බැළුවාය. බලා මෙසේ කීය. ද‍ැන් වේලාව දහයයි - එකොළහට ලමයින් ආහාර දෙනු සඳහා මම යා යුතුය. මහත්මයාට මහෙස්වරිය පිළිබඳ දීර්ඝ විස්තරයක් මෙහිදි කියන්ටත් බැරිය. මහත්මයා නැවති ඉන්නේ අපේ හිතවතුන්ගේ හෝටලයේ බැවින් දවල් එකට මම එන්නෙමි. සමහර විට මගේ කථාන්තරය සම්පුර්ණයෙන් කියන්ට රාත්රිල කාලයත් ගතවිය හැක. එම නිසා ඊටත් සුදුසු නිවාඩු ලබා ගෙණ මම එන්නෙමියි පෙරේරා නෝනා කීවාය.
    මා කෙරෙහි දැක්වු බලවත් ප්රිශන්න භාවයත් ගෞරවයත් නිසා-  ඇගේ අදහස තේරුම් ගත නුහුනු මම-  හොඳයි මම දැන් මල්වතු ඔයට ගොස් නාලා දවල් බත් අනුභව කොට හෝටලේ සොල්කරෙ 6 වෙන් කාමරයේ ඉන්නෙමි. කරුණාකර එනු මැනව කියා මම ආවෙමි. හෝටලේ කළමනාකාරයා හා මිත්රකයන් කීපදෙනෙකුත් සමඟ මල්වතු



පියදාස සිරිසේන නවකථා එකතුව 359


ඔයට නාන්නට ගියෙමි. එහි ගල් මතින් ගලා යන නිල්පාටැති පිරිසිදු ජලයෙන් වරක් වත් නාන්නට ලැබෙන සිංහලයාට මහත් ප්රීගතියකි. ස්ත්රීට, පුරුෂ, කෙලි කොලු හැට හැත්තෑ දෙනෙක් පමණ එතැන නාමින් උන් හ. නාන කොට පිරි ඉන්නා කුඩා මසුන්ගේ කරදරය නුපුරුදු මිනිසුන්ට අපහසු නමුත් පුරුදු කාරයන්ට ප්රී‍තියකි. ස්ත්රීේන් හා පුරුෂයන් වෙන් වෙන්ව නාන්නට මේ ස්ථානය පිළියෙලකර දීමට කරම් අපේ අනුරාධපර නාගරික සභාව තවමත් පිළියෙල කර නැති බව පෙනේ.

     කොළොම්, බක් මි ආදි ඉවුරුතෙර වැවි තිබෙන විශාල වෘක්ෂවල ක්රී.ඩා කරන්නාවු විශාල වඳුරු සමුහයාගේ කෙළිකවට දකිමින ජලස් නානය කරණ ස්ත්රීත පුරුෂයන්ටත් ක්රී ඩා නිරායාසයෙන් සිත්  පහල වන හැටි මට එතැනදි අවබෝධ විය. සරාගිය ක්රි ඩා දැකිමත් සරාගික ශබ්ද ඇසිමත් නිසා කෙලෙස් සහිත සත්වයනගේ සිත්හි ප්රිකෘතියෙන් පිහිටි සරාගික භාවය දෙතුන් ගුණයක් අධික කෙරේ. මල්වතු ඔයේ පිරිසිදු ජලස්නානය ‍ කොට මගේ මිත්රරයනුත් සමඟ හෝටලයට අවුත් දහවල් බත අනුභව කොට පෙරේරා නෝනා එනතුරු බලාපොරොත්තු වෙන් සිටියෙමි. දුරුවල දේහයක් ඇති රූප ලක්ෂණයෙන් සාමාන්යත තල එලලු පාටින් යුත් පෙරේරා නෝනා සුදුපාට ඔසරියකින් සැරසී පොරොන්දුවු වේලාවටත් මිනිත්තු දහයක් ප්ර්ථම හෝටලයට පැමිණියාය.
     උනස්නෙන් නැගිට ආචාර කොට මගේ කාමරයේ ඉතාම හොඳ ආසනය  වාඩි වෙන්ට දී සිහිල් කරණලද අමද්යල පැන් විදුරුවකින් සංග්රිහ කළෙමි. පෙරේරා නෝනා තුළ මා කෙරෙහි ඇතිවි තිබෙන දයාවත් - ඈ කෙරෙහි මා තුල ඇති දයාවත් අන්යො න්යෙ ප්රිතිවිරුද්ධ දයාවන් බැවින් මට එක්තරා ප්‍නකයෝජනයක් විය. පෙ‍රේරා නෝනා කියන කරුණු  නිරාවරණය වු රූපයක් මෙනුත් මා කියන කරුණු ශිල්පියෙකු විසින් අවශ්යියෙන් දැක් විය යුතු තැන් පෙන්වන රූපයක් මෙනුත් වු බැවින් මට වාසි බවත් ඈට අවාසි බවත්  කියවන්නටම නැවත දැනගන්ට ලැබෙනු ඇත.
        මහත්මයා‍ගේ දැන් වයස කීයදැයි පෙරේරා නෝනා ඇසීය. මට අවුරුදු 35 ක් පමණ වෙනවා යයි කිවෙමි. කටට ආ වචනත් ගිලගත් පෙරේරා නෝනා මා සම්බන්ධ තවත් කිසි ප්ර්ශ්නයක් නාස “මහෙස්වරි සොයන්නේ ගාස්තු පිණිසද නැතහොත් වෙන යම් කිසි අදහසකට දැයි” මගෙන් ඇසුවාය. ඇත්තෙන්ම මේ වනාහි





360 මහේස්වරී


‍හොඳ ප්ර්ශ්නයකි. යම් කෙනෙකු විසින් යම් කිසි කටයුත්තක් කරතොත් එහි පරමාර්ථයක් ඇති විය යුතුය. මම මේ මහෙස්වරීය සොයන්නේ මට රුපියල් 5000 ක් දෙන බවට නීති ප්රනකාර පොරොන්දුවක් ඇති හෙයිනි. දැනටම ඒ පොරොන්දුවෙන් කොටසක් මට ලැබි තිබේ. රහස් පරීක්ෂා ‍ කොට සොයාදි යම් යම් අයගෙන් යමක් උපයා ගන්නා මම අනයම් වශයෙන් එකකුත් දහසකටත් වඩා ලෝකාර්ථදායි සත් ක්රි යාද කිරිම මගේ ඒකාන්ත ස්වභාවක්ය. මේ ම‍හේස්වරී දෙමළ මහෙස්වරියක්ද නැතහොත් දෙමළ බවට පමුණුවා ගත් සිංහල මහෙස්වරියක් යනු දැනගන්නට උවමනා නිසා සෝමසුන්දරම් ගෙන් ලැබෙන ගාස්තුවටත් වැඩියෙන් මට දැන් අවශ්යම කාරණයක්ව වි තිබේ. යයි කිවාම පෙරේරා නෝනා සිනාසී “මහේස්වරී ගැන වික්රාමපාල මහතා ටිකක් දුරවත් දැනගෙණ නැති බව පෙනේ” යයි කීවාම හොඳයි ඈ පිළිබඳව නෝනා දන්නා සියල්ලක්ම නොසඟවා කියන්ට යයි කීවෙමි.

     “ඔව්, ඔන්න අහන්ට,සොමසුන්දරම් මහතා විසින් ගෙණවුත් අපට භාරදුන් සුන්නා නමැති වැදගත ගෑණු ලමයා පිළිබඳ කථා ප්ර්වෘත්තිය ඇසුවොත් ඈ සොයා ගන්නට බැරිවුනත් මහත්මයාට ඉතාමත් වටිනා ධර්ම ශාංස්ත්රි්ය කරුණු රාශියක් අවබෝධ කර ගන්ට ලැබේ. අප ලඟට පැමි‍ෙණන කාලේ මහෙස්වරියගේ වයස අවුරුදු 13 කි. අප ලඟින් යනකොට අවුරුදු 18 කි. මහෙස්වරිය දුටුවා නම් ඈ සමඟ වරක් වෙරක් කථා කළා නම් මහත්මයාගේ හිතට දැනටත් වඩා සංවේග ඇති වෙනවාට කිසි අනුමානයක් නැත.” කියන්ට- අනේ කියන්ට යයි මම ඉතා ඕනැ කමින් කිවෙමි. මුල පටන්ම මා සතුටු කිරිමට බලවත් ඕනෑ කමක් ඇති පෙරේරා නෝනා තව දුරටත් මෙසේ කිවාය.
    ‍  සෝමසුන්දරම් මහතා සුනන්දා සමඟ අපේ කන්යාල මඩමට ආවා. අවුත් ප්රොධාන මව් තුමිට භාරකොට මුදල් ආදිය ගෙවා සෝමසුන්දරම් මහතා ගිය පසු “මහේස්වරි” මට භාර කරණ ලද්දීය. අපේ පාඨශාලාවේ කවුරුත් පාහේ ඈ දෙමළ මානවිකාවක්ය සිතාගත් නමුත් මගේ ඇස් දෙකෙන් දුටු හැටියේ ඈ සිංහල ලමයෙක් බව තේරුම් ගතිමි. ඈට දෙමළ භාෂාව වත් මුලදි කථා කරන්ට බැරිය.  නමුත් අවුරුදු දෙකක් පමණ ගතකරනවිට දෙමළ ලමයෙකු මනේ කථා කරන්නට සමත් වුනාය.”







පියදාස සිරිසේන නවකථා එකතුව 361


     “ඉතින් පෙරේරා නෝනා මට උවමනා කරන්නේ මහෙස්වරී ගැන යම්කිසි තොරතුරක් දන්නවා දැ”යි දැන ගන්නටයි. පෙරේරා නෝනා සමඟ මහෙස්වරී ගජ මිතුරියක්ව සිටියා නම් දැන් ඈට සිද්ධවි තිබෙන විපත ගැන යමක් නොකියා යයි හිතෙනවාද  ?  මෙසේ කියන කොට පෙරේරා නෝනා ටිකක් වෙනස් වුවාක  මෙන් “මහත්මයාට අවමනා කරන්නේ මහෙස්වරී දැන් ඉන්නා ස්ථානය දැන ගැණිමදැ”ිය ඇසුවාය. ඇත්තෙන්ම පළමුවෙන්ම දැනගන්ට ඕනෑ පලමුවෙන් කටයුතු දේය. කළ යුත්ත හෙවත් පළමුවෙන්ම කටයුතු ප්රාතිකාරය කොට ඉනපසු විශේෂ විස්තර දැනගන්ට පුළුවනි.  මහෙස්වරි දැන් දුකට අමාරුවකට පත්ව සිටි. ඉතින් එයින්  ඈ මුදා ගත්තොත් ඇගේ පරම්පරාට ආදි තොරතුරුත් මේතාක් ඈට විඳින්ට සිද්ධවුනු දුක සැප ආදියත් ඇගෙන් ම දැනගන්ට පිළිවනැයි කිවාම පෙරේරා නේනාට කාරණය වැටහී “අනේ  වික්රරමපාල මහතානනි, ජාපනේට ගියාට පසු ඒ ලඟදිම ලියුම් දෙකක් මහේස්වරිගෙන් ලැබුනා ඊට පසු කිසිම ආරංචියක් ලැබුනේ නැත බාග වෙලාවට ඈට ඉඩ ප්රතස්තාවක් නොලැබිම නිසා මට ලියමනක් නේව්වා වෙන්ට පිළිවන. මම ඇ‍ෙග් පරණ තොරතුරු මිසක් දැන් ඈට සිද්ධ වි තිබෙන් දේ ගැන කිසිත් ‍ නොදනිමි”යි පෙරේරා නෝනා කිවේය.
      “හොඳයි, පෙරේරා  නෝනා යම්කිසි දුශ්චරිතයකට නො බැඳි ආත්ම ගෞරවය රැක ගැණිමට තරම්  ශක්තියක් මහෙස්වරීට තිබේය” යි  නෝනා විශ්වාස කරන්නෙහිද ?
     ටිකක් වේලා කල්පනා කරමින් සිටි පෙරේරා නෝනා  “ඔය කියන්නේ ජිවිතය තරමටම නැතහොත ජිවිතය නැති වුනත් තමන්ට සමාන නොවන කෙනෙකු සමඟ විවාහ විමට එසේත් නැතහොත් යම් කෙනෙකු සමඟ එක්නොවි සිටිමට මහේස්වරී සමර්ථද” යන වගද  ?
    “ඔව්, එපමණකුත් නොවේ. අයුත්තේ කෙනෙකුට යටත්වන පහත් වහල් සිතක් මහේස්වරිට තිබුනාද- නැද්ද යන්න පෙරේර‍ා නෝනාට වැටහුනා දැයි ඇසුවාම ටිකක් ගැඹුරුවු මේ කාරණය තව දුරටත් විස්තර කරණ මෙන් ඉල්ලා සිටියාය. පෙරේර‍ා නෝනා-ආත්ම ගෞරවය කියන්නේ-අන්ය යෙකුට යාඥ කොට  නුසුදුසු වහල් භාවයෙන්-  අන්ය යෙකුගෙන් කැමක් බිමක් ලබා ගෙණ ජිවත්විමට- අන්යරයෙකු විසින් ඔහුගේ ප්රේයෝජනය සඳහා කරන්ට කියන පහත් ක්රිුයාවකට මැදහත් විමට ආත්ම ගෞරවය ඇති කිසිම කෙනෙක් සම්බන්ධ



362 මහේස්වර‍ී


නොවේ. ජිවිතය ගියත් කෙතරම් ලොකු වද බන්දනයකට ගොදුරු වුවත් ආත්ම ගෞරවය ඇත තැනැත්තා අයුත්තක් හෙවත් අධර්මයක් නොකරන්නේය. ආත්ම ගෞරවය-ආත්ම ශක්තිය-ආත්ම විශ්වාසය යන මේ ත්රි.විධ බලයව ඇති අය මෙලොවදී ලෞකික විමුක්තිය ලබාගනු ඒකාන්තය. ඒ ලෞකික විමුක්තිය ලබා ගැනිමට අවශ්යෝවු ආත්ම ගෞරවය. ආත්ම ශක්තිය හා ආත්ම විශ්වාසය ඇති තැනැත්තාට පමණක් “සප්ත බොජ්ඣඩග-- ධර්ම” අවබෝධ කරගත හැක. සප්ත බොජ්ඣඔග ධර්ම අවබෝධ කරගත් කෙනෙක්ම පමණක් පරලොව විමුක්තිය හෙවත් මරණින් පසු උතුම් නිදහස ලබන්නේ යයි මම කීවෙමි.