පියදාස සිරිසේන නවකථා එකතුව- 05-යන්තම් ගැලවුණා i

Wikibooks වෙතින්

යන්තම් ගැලවුනා

(ක්‍රි.ව. 1931)


සංඥාපනය[සංස්කරණය]

  මිට වර්ෂ තිස්පහකට පමණ ප්රMථම පරලෝසැපත් පියදාස සිරිසේන මහතා විසින් ලියන්නට යෙදුන කෙටි නව කථා අතුරෙන් “යන්තම් ගැලවුනා” නමැති ක්ථානව පරුන මුණස්ථානයක් ගනී
        එදා ජන සමාජයේ පැවතුනා වු කූට අදහස්න. කෛරාටික කම්, ප්රණමාණය ඉක්මවිම, දුරාචාරය, දඟ ප්රනයෝග ආදී දුසිරිත් දැක අවබෝධ කර‍ගෙව ජන සමාජය යථා සථානයට පැමිණ විම සඳහා මේ කථාව මුද්ර‍ණය කර ප්රිකාශයට පමුණුවන්නට යෙදුන බව සැළකිය හැක.
            බොහෝ වෙනස් සමාජයක් අද ඇති නුමුදු එදා මෙන්ම සමාජයට මේ ග්ර න්ථ වලින් ප්ර යෝජන ඇති බව අප  පොත් කියවන පාඨකයන්ගේ අදහස් අනුව කිව හැක.
         මේ ග්ර න්ථය හතරවෙනි වරටත් මුද්ර ණය කරන්නට අවකාශ ලැබ්ම ගැන අප සතුටු වෙමු.
         මේ පිළිබඳ සියළු හිමිකම් අප සතුය. අපගෙන් අවසර නොගෙන කිසිවක් උපුටා ගැනීම හෝ අන්යග මොනම දේකටවත් යෙදීම නීති විරෝධී බව සැළකිය යුතුය.


                                                                             මිට,
                                                                            අරියපාල සිරිසෙන
                                                                                   20. 10. 65

“සේනානි”

නාවින්න,
මහරගම


01. පරිචි‍ෙජ්දය[සංස්කරණය]

දි වි නසා ගැණිම ලෝකයේ තිබෙන අපරාධ වලින් ඉතාමත් දරුණු අදරාධය වේ. මේ තාක් කල් කුඩා වරදන්වත් නොකළ මම දිවි නසා ගන්නේ කොහොම ද- දිවි නසා නොගෙන ජිවත්වන්නේ කොහොම ද?” යන මේ වචන ටික සිංහ‍ලෙන්ම කියන බැවි දුම්රිය කාමරයේ වුන් කුමාරදාසට ඇසුනේය. දුකින පීඩිත වු වැදගත් කෙනෙකුගේ කථාවක් බව වැටහුනු කුමාරදාස- මේ කවුද - තනියම කළ කථාවන් ද- තවත් කෙනෙකුට කී කථාවක්දැයි තේරුම් ගත නොහැකිව අල්ලාපු දුමිරිය කාමරයට ඇතුල්වන්නට යුහුසුලු විය. නමුත්මරදානෙන් පිටත් වු එම දුම්රිය රාගමට යනතෙක් නොනවත්වන බැවින් කුමාරදාසට ඉවසිලි නැතිවිය. කැළණිය හරියේ දී ඇසුණු මේ වචන කැළණියේ පටන් රාගම දක්වාත් නොනවත්වාම කායන්නාක්මෙන් කුමාරදාසට වැටහුනේය. රාගමදී දුම්රිය නවතනවාත් සමඟ ඇතුලෙන් ලැලි බිත්තියෙන් වෙන්කොට තිබුනු තමා සිටි කාමරයට අල්ලාපු කාමරයේ දොර ඇරගෙණ එහි ආසනයක් පිට වාඩ‍ි ගත්තේය. එම කාමරයේ ආසනයක දකුණු කෙළව‍රේ අවුරුදු 40 ක පවණ වයස් ගත යුරෝපීය ඇඳුමරයමෙන් සැරසුනු සිංහල මහතෙක් මිස වෙන කිසිවෙක් නොසිටි බැවින් මුලින් කී වචන මේ මහතා විසින් කියනලද දැයි යන සැකය පිට කුමාරදාස මහතා ඇත මෑත බලන්නට පටන් ගත්තේ. කුම‍ාරදාස මහතා නොසන්සුන්ව වටපිට බලනු දුටු වික්රලමනායක නමැති ඒ මහතා කුමාරදාස මහතාත් සමඟ කථාව‍ට වැටුනේය.

වික්ර්මනායක - මොකද මහත්මයා කලබල වුනාක් මෙන් වටපිට බලන්නේ ?

කුමාරදාස - මම අල්ලපු කාමරයේ සිට මෙහාට ආවේ කැළණියටත්

                හුණුපාට්යටත් අතරේදි මේ කාමරයෙන් නික්මුනු හඬක් ඇසිලාය.
                ඒ හඬ කාගෙන් නික්මුනා ද- මහත්මයා ඇර අන් කිසිවෙක් මෙහි නැති 
                බැවිනුත්- වෙන කිසිවෙක් මේ කාමරයෙන් පිටව් නොගිය බැවිනුත් මට
                ඇසුනු වචන කා විසින් කියන ලද්දක්දැයි තේරුම් ගන්නට බැරිව 
                 නොසන්සුන් බවට පැමිණිටයමි.

වික්ර මනායක - මහත්මයා කවුද- කොහේ සිට කොහාට යනවාද ?

36‍ යන්තම් ගැලවුනා


කුමාරදාස - මම ඉගෙන ගන්නා ශිෂ්යදයෙක්මි. මගේ නම කුමාරදාස බණ්ඩාර -

               දැන් අපේ කොලිජීයේ නිවාඩු කාලය බැවින් මම ‍ගෙදර යමි. අපේ ගෙදර 
               මහනුවර කටුගස්තොට පැත්තේ ය.

වික්ර මනායක - මහතාට වයස කීයද- දැන් කොපමණ දුරට ඉගෙණගන තිබෙනවා

                    ද?

කුමාරදාස - මට දැන් අවුරුදු 19 යකි. මම “මැට්රිෙක්” පංක්තියේ ය.

වික්රදවනායක - හොඳයි, මහත්මයා වැනි වැදගත් උගත් තරුණ මහතෙකු සමඟ

                  කාථා කර කර යන්නට ලාබීම මගේ පිණකි. මමත් නුවර යන 
                  කෙනෙක්මි. දුමිරිය කාමරයේ තන්යම ඉන්නට අපහසුව සිටියෙමි.

කුමාරදාස - කැළණියටත් හුණුපිටියටත් අතරදී මේ කාමරයෙන් නික්මුණු ශබ්දය

                     මහත්තයාටත් ඇසුනා ද?

වික්ර මනායක - ඒ ශබ්දය කුමක් ද? එය මහතාට ඇසුනේ වේගවත් ලෙස ද-දුර්වල

                  ‍ලෙස ද?

කුමාරදාස - “දිවි නසා ගැනීම ලෝකයේ තිබෙන අපරාධ වලින් ඉත‍ාමත්ම දරුණු

                 අපරාධය වේ. මේ තාක් කල් කුඩා වරදක්වත් නොකළ මම දිවි නසා 
                 ගන්නේ කොහොම  ද?” යන්න මට ඇසුනු ශබ්දයයි. එය ඉතා 
                 පැහැදිලිව වේගවත් අන්දමට මට ඇසුනා- සත්තකටම මහත්මයාගේ 
                 කට හඬම බව මට හිතෙනවා.

වික්ර මනායන - ඔව්, තරුණ බණ්ඩාර මහතානෙනි, ඒ මා විසින් කීවාවු විලාපයකි.

                  ඒ දුකඛිත විලාපය අල්ලාපු කාමරයට ඇසේ යයි එවෙලාවේ මට 
                  කල්පනා වුනේ නැත. ඒ විලාපය කීවාට පසු මගේ හිත මඳක් වෙනස්
                   වුනා. දැන් මහතා සමිමුබවිමෙන් හුඟක්ම සැනසිල්ලට පත්වුනා.

ක්ර මාරදාස - මහත්මයා වැනි දෙහයක් ඇති යමක් කමක් තේරෙණ කොනක් එබඳු

                නපුරු විලාපයක් කීම පුදුමයක් නොවේ ද? ඒ තමි දරුණු වචන දුම්ර‍ිය 
               වැනි ප්රලසිද්ධ ස්ථානයකදී කිවේ මන්  ද?

වික්ර මනායක‍ - ඔව් මා කී විලාපය ඉතාමත් ගර්හිත - විලිබිය නැති එකකි. නමුත් මට

                පැමිණි තිබෙන විපත ගැන කල්පනා කළාම නම් ඒ විලාපය ඉතාමත්
                සුළු එකකි. මා ඇර අන්යළයෙක් නම් ඒ විලාපයත් නොකියා කැළනියටත් 
                රාගමටත් අතරදී දුම්රිටයන් 

පියදාස සිරිසේන නවකථා එකතුව 37


              පැන දිවි නසා ගණු ඒකාන්තය.

කුමාරදාස - අනේ මහත්මයාට පත්වී තිබෙන දරුණු විපත කුමක් ද? ඉදිරියට

                අවුරුදු තිහ හතලියක් ජිවන්වීමට බලාපොරොත්තුව සිටින තරුණ
                අපටත් යම් යම් ගුරුකම් ලබා ගත හැකි නම් හොඳයි. මහත්මහයා‍ගේ
                සෝකය-දුක-අන්තරාය ඉතා භයංකර බව වැටහේ. එය තමන් විසින්ම 
                ඇතිකර ගත් එකක් ද නැතහොත් අනිකෙකුගේ උපක්රවමයකින් 
                සිද්ධවුවක් ද?

වික්ර මනායක - මට පැමිණි තිබෙන විපතේ මුල මා විසින්ම කරගත් එකකි. ඒ

                 විපත සම්පුර්ණවීමට මගේ මව්පියාදිහුත් ආධාර වුනාය. නමුත් 
                 සමුපුර්ණ වැරදිකාරයා මම බව කියමි.

කුමාරදාස - තවන්ම කරගත් විපතක් ගැන ලතැවිම, සෝක කිරිම කණගාටුවිම

                අමුතුම විපතක් කරගත්තාට සමානය. ඉතින් මහතාගේ ඔය විපත කුමක්  
                ද ?

වික්ර මනායක - මගේ විපත! මගේ විපත!! මගේ විපත!!! යයි ? (තුන් වරක් කියා

               ඇන්ජිමකින් දුම් පිට කළාක් මෙන් වික්රපමනායක මහතා තද හුස්මක් 
               ඇරියේ ය?)
          ‍‍කුමාරද‍ාසගේ හිත අතිශයින්ම සංවේගයට පැමිණ “මහත්මයා වුවමනාවටත් වඩා යම් යම් කරුණු සලකන්නෙක් බව පෙනේ. ලෝකයේ කවදාවත්, කොතන‍වත්, කටවත් සිද්ධ නුවු අමුතුම - අළුත්ම දුකක් හෝ විපතක් මහත්මයාට සිද්ධවුකායයි සිතන බව පෙනේ. මහත්මයා බොරු බරක් හිතට ගත් මෝඩයෙක් බව පෙණෙනවා - එහෙම නොවේද? යි තරුණ කුමාරදාස කීවිට වික්රකමනායකගේ හිතේ ලජ්ජා නමැති කළු තින්ත ඉරක් ඇඳ‍ි ගියේය. සිත ටිකක් මෙල්ලව “ඕව් - තරුණ බණ්ඩාර මහතානනි. මම බොහොම මෝඩ බව දැන් මට වැටහෙනවා-මුලදී බලවත් මුලාවෙන් “ගොන්කම්” කළ මම දැන් ඊටත් වඩා “ගොන්කම්” කරන බව පෙ‍ෙණනවා. අනේ මට සමාවන්ට! මහත්මයා මට මුනගැසුනු එක කොපමණ ව‍ාසනාවක් ද?” කියා තද කල්පනාවට වැටුනේය.
‍ 




38 යන්තම් ගැලවුනා


02. පරිචිජේදය[සංස්කරණය]

වි ක්ර මනායක මහතාගේ විපත කුමක්දැයි තේරුම් ගත නොහැකි කුමාරදාස බණඩාර මහතා නොසන්ස‍ුන්ව මහත්මයාගේ “විපත” කියනවා මිසක් කුමන විපතක් ද යන වග නොකියන්නේ මන්ද? මහත්මයා වංචාවක් පරපත යෝගයක් කරලා, හොර චැක් පතකට අත්සන්කරලා, එසේත් නැත්නම් කුමන විපතකට පත්වෙලා දිවි නසා ගන්ට හදනවාදැයි ඇසුයේය. “නෑ මහත්මයා‍- එහෙනම් මම ඇත්ත කියන්නෙමි” යි වික්රසමනායන මහතා මොසේ කියන්ට පටන් ගත්තේය. “මම හිතුවක්කාර අන්දමට කසාද බැන්දා, මගේ භාර්යාවගෙන් ලොකු සැනසිල්ලක්-ආදර ගෞරවයක්-ප්රීරතියන් - සන්තෝෂයක් ලැබේය සිතාගෙණ මම අවුරුදු 25 වෙන්න‍ට ඉස්සරියෙන් කසාද බැන්දා. කසාඳ බැඳලා අවුරුදු 23 ක් විතර වෙනවා. දුවරු හතර දෙනෙකුත් පුතුන් දෙන්නෙකුත් ඉන්නවා. මේ පසුගිය අවුරුදු විස්ස ම ඉතාමත් සංවේගයෙන්, සෝකයෙන්, කණගාටුවෙන් කාලය ගත කෙළෙමි. පැයක් සතුටෙන් සිටියොත් පැය හැටක් තරම දුකෙන් කණගාටුවෙන් කාලය ගත කෙළෙමි. අතේ මිටේ තිබෙන කාලෙත්, යමක් හොඳින් උපයාපු කාලෙත් ටික ටිකවත් හිතට සැනසිල්ල තිබුනා. දැන් ඒ ඉපයීමත් නැත. මගේ දූ දරු සියල්ලෝමත් හිතුවක්කාර අඥනයෝය. මගේ ස්ත්රිටය හරියටම රාක්ෂශියක්! මට නොගොරවන, මට නොබණින, මට වද නොකරණ වේලාවක් ඇත්තේ නැත. මොනව‍ා ගෙණාවත් ඒකිට ‍හොඳ නැහැ- මොකක් කළත් ඒකිට හොඳ නැහැ. ළමයිත් එයාකාරමයි මම වාලෙක් වුනා- නිදහස නැති-සැනසිල්ලක් නැති- ගොම්බජ්ජෙක් වුනා. දැන් මම යන්නේත් ඒ මගේ දුෂ්ට භාර්යාවගේ කරදරයකට ඇගේ නැන්දැ කෙනෙකු බලන්ටයි. මා කොපමණ ණය වුනත් ඈට කමක් නැහැ-කොපමණ මුදල් හදල් හිඟවුනත්-මඟුල් ගේවලට යාම හොඳ හොඳ ඇඳුම් මැහීම, මොටෝ රථවල ගමන් කිරිම, වන්දනාව සඳහා දුර බැහැර යාම ඇට අවශ්‍රථෙයන්ම උවමනා කරයි. රුපියලක් හම්බකරගන්ට බැරිවිට රුපියල් තිහ හතලියක කටයුත්තක් පටලවාගෙණ මගේ කරඋඩ පටවයි. එසෙ ඈ පිළියෙලකර ගත් යමක් කරන්ට බැරිවුනොත්- මා ඉස්සර කරපු වැරැද්දක් නැත්නම් අපේ අම්මලාගේ තාත්තලාගේ වැරැද්දක් - එසේත් නැත්නම් අපේ නෑයෙකුගේ වැරැද්දක් ඉස්මතුකරමින්-චුරු චුරු ගගා බණින්නට පටන්





පියදාස සිරිසේන වනකථා එකතුව 39


ගන්නවාය. අද මට නුවර කටුකැලේ ඉන්නා ඇගේ නැන්දම්මා බලන්ට යන්නට කියනකොට මා අතේ කීයක්වත් මුදල් තිබුණේ නැත. ඒ බව කීවොත් මගේ ඉහමොල කන නිසා රුපියල් දහයක් ගෙවන්ට පොරොන්දු වී බායි කෙනෙකුගෙන් රුපියල් පහක් ණයට ඇරගෙණ මම මේ ගමන යනවා. මේ විධියට හදිසිවලදී ගත් ණය හැට හැත්තෑ දෙනෙකුට පමණ දෙන්මට තිබෙනවා. මසකට මට ලැබෙන්නේ රුපියල් අනුවක පඬියයි. ඉත්න් දවසට රුපියල් තුනයි. මේ මොකුත් නොදත් ‍මගේ භාර්යා‍යව මසකට රු. 250 කටත් වඩා වියදම් වන කටයුතු පිළියෙලකර ගෙණ තිබේ. ඉතින් අප්පේ මට නම් ඔළුව උඩගන්ට බැරිය. ඈ සතුටු කරන පිණිස දැහට ණය වෙලාවත් කියන කියන එක කරනව‍ා - නමුත් ඈ සතුටු වෙන්නේවත් - මට නිදහසක් ලැබෙන්නේවත් නැත. ඒ නිසා මේ වදක බාරියගෙන් තුරන්වන්ට ලැබෙන්නේ කවදාදැයි මම බලාපොරොත්තු වෙනවා. අනේ බණ්ඩාර මහතානනි, මේ මට සිද්ධව් තිබෙන “විපතය” යි වික්රසමනායක මහතා කීයේ ය.


වික්රිමකායක් ගේ කථාව ඉතා ඕනෑ කමින් අසාවුන් තරුණ බණ්ඩාර මහතාට මිනිස් ලෝකයම අවමඟුල් හලක් මෙන් වැටහුනේය. මේ ලෝකයේ ඉන්නා කවුරුත් මේ වික්රඟවනායක මහතා මෙන් සංවේගයෙන් ඉන්නාහු ද-නැත‍හොත් මෙසේ චිත්ත සන්තාපයකට පත්වී ඉන්නේ මොහු පමණක් ද? මේ විධියට ස්ත්රිොයගෙන් පීඩා විඳින්නෝ සිංහලයෝ පමණක් ද? වෙන ජාතිවල මිනිසුසුත් මෙයාකාරයෙන් ස්ත්රීාන්ගේ පීඩාවලට ගොඳුරුව ඉන්නාහු ද? අපේ මෑණියෝ ඉතාමත් ශික්ෂිත ගුණ නුවණ ඇති කෙනෙකි. ඒක නිසා වික්ර්මනායක මහතා පිළිබඳ කථාන්කරය මෑණියන්ට කියා තේරුම් ගණිමියි සිතාගෙණ වික්රපමනායක මහතාට කථාකොට “මහත්මයානනි. මුළු ලංතාවේම ඉන්නා- විවාහව ඉන්නා හැමදෙන්මත් ඔය මහත්හයා මෙන් කරදර විඳින අය ද? මහත්මයාට සැනසිල්ලක් ලබන්නට මාර්ගයක් සොයා ගන්ටම බැරිවුනා ද? මොකද මහත්හයාට නුගත් අසරණ ගම්වැස්සෙකුට තරමවත් සැනසැල්ලත් ප්රී තියක් නැද්දැ”යි ඇසුවාම - “ඕව් දැන් ටික කලක සිට රාත්රිි කාලයේ මටත් සැනසිල්ලක්-පරී් තියක් තිබෙනවා. මගේ මිත්රටයෙක් වන අල්විස් මහත්මහයාටත්, මට මෙන්ම වදක භාර්යාවක් ලැබී ඇගේ කරදරයෙන් ඔහු පීඩා විදින අතර කවුදෝ මිත්රායෙකුගේ කීමට සැමදාම හවස් වරුවේ “අඬිගහන්ට” පටන් ගන්නේය. රාත්රිේ නවය වනතුරු රාත් ජ්න් බ්රැඅන්ඩි විස්කි සහ රා අරක්කු ආදී ලැබුණු ලැබුණු මත්පැන් වර්ගේ බී රාත්රිර දහයට පමණ ගෙදර යන්නේ ය. ඒ යනකොට ගෙදර




40 යන්තම් ගැලවුනා ‍

කවුරුත් හොඳටම නිදිය. ඔහුගේ භාර්යාව යම් විධියකින් අවදිව් සිරිත් ප්ර කාර බණින්නට පටන් ගත්තත් හොඳටම මත්වී ඉන්නා ඔහුට ඒ කිසිවක් ගණනක් නැතිව එක්කෝ සතෝප්පුවේ තිබෙන හාන්සි පුටුවක් පිට නැතහොත් බිම වැටි හෝ එලිවෙනතුරා හොඳට නිදා ගන්නේය. මේ මිත්රබයා‍ෙග් උපදේශය පිට මමත් දැන් රාත්රි යට හොඳටම වෙරිවී ගෙදර ගොස් නිදා ගණිමි. මත්පැන් බීලා වෙරිවුණාම තිබෙන සැනසිල්ල පුදුමයි. කොපමණ ලොකු ණයක් තුරහක් තිබුනත් කොපමණ නඩුහබ කරදර තිබුනත්-ස්ත්රී සහ දරුවන් කොපමණ නින්දා අපහාස කළත්- ඒ කිසිවක් හිතට වදින්නේ නැත. හිත මත්පැන් නමැති යක්ෂයාට ගොදුරුවුනාට පසු වෙන කාගේවත් කරච්චලයක් ඒ හිතට වැද්ද නොදේ. ඉන්නිසා මමත් අල්විස් මහතාත් පමණක් නොව වදක බාරියන් ලැබු කවුරුත් පාහේ මත්පැන් නැමති යක්ෂයාගේ වරම් ලබා ගෙණ සැනසෙමිහ. හිතට සංවේගයත් කනගාටුත් ඇති වෙන්නේ මත්පැන් නොබොන වැඩ රාජකාරි කරන වේලාවල පමණක්ය” යි වික්රපමනායක මහතා තරුණ බණ්ඩාර මහතාට විලිබිය නැතිව කීයේ ය.


        මේ කථාබස්වලින් ඔවුන් නොදැනුවත්වම දුම්රියත් නුවරට ළඟාවිය. වික්ර මනායක ඔහුගේ නැන්දලාගේ ගෙදරට යන්ට පිටත්වී කුමාරාදාසට ආචාර කළේය. කුමාරදාසත් ආචාර කොට රික්ෂෝ රථයක නැගී ස්වකීය නිවසට ගියේය. එදා කුමාරදාසලාගේ හිතෛෂි ඥති පිරිසක් ද ගෙදර අවුත් වුන්හ. තවමත් උඩරට වැදගත් සිංහල පවුල්වල පවත්නා සිංහල කුලචාරිත්රද අතිශයින් ප්රි්යතරය. මව්පිය-නැන්දා- මාමා- මහප්පා- මහම්මා- කුඩම්මා- ආතා- සීයා ආදී වැඩිහිටි ඥතින්ට බිම වැටි නමස්කාර කිරිම අපේ විශිෂ්ට චාරිත්රත වලින් එකකි. කුමාරදාස තරුණ බණ්ඩාර මහතා කොළඹ ඉංග්රිවසි කොලිජියක බෝඩිංවි සිටිතත් ස්මවකීය ගුණවත් මෑනියන්ගේ ප්රඉතිපත්ති ධර්ම ඉතාමත් ළපටි වියේදීම පුරුදු කරනලද බැවින් ඒ උතුම් පැරණි සිංහල චාර්ත්රාර කිසිවක් අත්ඇරියේ නැත. කුමාරදාස ‍ගෙදරට පැමිණ හැටියේම මැනියන්ට හා පියානන්ට ද බිම වැතිර වැඳ ඉක්බිති අමුත්තන්වශයෙන් පැමිණි සිටි ඥති පිරිසට ද වැඳ සතුටුවුයේ ය. “මොකද අද නැන්දලා මෙහේ එනකොට ගෙනාවේ විස්ිකි බෝතලය හා රට විස්කෝතු පෙට්ට්ය ද නැත්නම් පරණ අපේ කදමල්ල දැ”යි කුමාරදාස සිනහ‍  සෙමින් ඇසුයේය. කටුකැලේ බෝඩිමේ ඉන්නා තරුණියක් ද ඒ පිරිසේ වුන්නාය.





පියදාස සිරිසේන නවකථා එකතුව 41


කුමාරදාසගේ ප්ර ශ්නයට ඇට මදක් ලජ්ජා ඇතිවිය. නමුත් ඇගේ මවු වන කුමාරදාසගේ නැන්දා කුමාරදාසගේ ඔළුව පිරිමැද “නැහැ පුතා. අපි තවමත් සම්පුර්ණ විපරිතයකට නොගියෙමු. උඹලාට ඉංග්රිනසි භාෂාව උගන්වන නමුත් අපේ කුලචාර්ත්රත මොකවත්ම වෙනස් කළේ නැත. අපි අද පුරාණ කාලේ ඥති ගෙදරකට යන විට ගෙණ යන්නාක් මෙන් කැම වර්ගත්, තුනපහත් ගෙණ ආවෙමු. ඇල් හාල් - තවත් හාල් ජාති සුවඳ ඇල් සාලේ කිරිබත්, සකුරු, පැනි කැවුම්, කෙසෙල්ගෙඩි, අතිරස නොයෙන් පලතුරු වර්ග, එලවලු වර්ග ආදි දේවල් මෙහෙකරුවන් දෙදෙනෙකු බරටම ගෙන්වා ගෙණ ආවෙමු. මේ බලන්ට කියා කුමාරදාසට ඒ සියල්ලක් පෙන්නුවේය. කුමාරදාස ඇඳුම් මාරුකර අත පය ‍සෝදා ගෙණ දවල් ආහාර ගත්පසු තමාට දුම්රියේදි අසන්නට ලැබුණු කථාන්තරය ස්වකීය මෑනියන් ඇතුළු එදා වුන් වැදගත් පිරිස මධ්යායේ විස්කර කොට කියාදෙන්ට සිතා- “අම්මාටත්, තාත්තාටත්, නැන්දා ආදි මේ ඉන්නා පිරිසටත් මා අද දුම්රියේදි දැනගත් කාරණයක් කියන්නම් - ඉතින් ඒ කරණය කවුරුන් පිළිබඳවත් එසේම නම් ලොකුවුනාට පසු අප විසින් කුමක් කටයුතු ද යන වගත් මට කියා දෙන්ට ඕනැය”යි කීයේය. කුමාරදාස ගේ මෑණියන් වන ‍ලොකු මැණිකේ ඉතාමත් ශික්ෂිත ගැඹුරු කල්පනාවෙන් යුත් ස්ත්රිරයකි. තමාට ඉන්නා එකම පුත්ර යා යම්කිසි කලකිරිමකට පත්වීදැයි සැක ඇති ඕ තෙ‍ාමෝ පුතාගෙන් ඒ සභාවේදීම මෙසේ ඇසීය. කුම‍ාරදාසට දුම්රියේදි අසන්නට ලැබුණු කාරණය කුමක් දැයි අපට තවම කීවේ නැත. නමුත් ලෝක‍යත් ලෝකයේ පවත්නා ධර්මයත් ඉතා බො‍හෝය. කලකිරිමටත් පැහැදිමටත් අතර මධ්යනසථභාවයකුත් තිබිය යුතුය. කොයිම කාරණයකදී වත් එක පාරටම කලකිරෙණ මිනිහාත් එක පාරටම පහදින මිනිහාත් එක හා සමාන මෝඩ‍යෝ දෙදෙනෙකි. එමනිසා පුතාට දුම්රි‍යේදි අසන්නට ලැබුණු කරුණු සමහරවිට සැලකිය යුතු දේ වෙන්නටත් සමහරවිට නිකම් පලක් නැති නිශ්ප්රනයෝජන දේ වෙන්නටත් පුළුවන. එ නිසා දැන් මේ වැදගත් ඥති පිරිස ඉදිරියේම කිවෝත් හොඳය”යි කීවාම-ස්වකිය මැනියන්ගේ ඥනවත් වචන වලින් මෙල්ලවු කුමාරදාස වික්ර මනායකගේ කථා ප්රැවෘත්තිය හුඟක්ම මෘදුකොට මෙසේ කියන්නට පටන් ගත්තේය. “අද මම දුම්රියේ ඒද්දි මා සිටි කාමරේට අල්ලපු කාමරයෙන් පුදුම හඬක් නිකුත්වුනා. “දිවි නසා ගැණිම ලෝකයේ තිබෙන අපරාධ වලින් ඉතාමත් දරුණු අපරාධය වේ.මෙතාක් කල් කුඩා වරදක්වත් නොකළ මම දිවි නසා ගන්නේ







42 යන්තම් ගැලවුනා


කොහොම ද? යන මේ හඬ මට ඇසුනු හැටියේම මගේ හිත මහත් චංචල භාවයක් පැමිණ-ඒ කාමරයට යාමට දුම්රිය නවත්වන තුරුත් මට ඉවසිල්ලක් නැතිවිය. රාගමදි දුම්රිය නැවැත්වු හැටියේම ඒ කාමරයට ඇතුල්වී ගතිමි. එහි යුරෝපීය ඇඳුම්න් සැරසුනු වික්රිමනායන නැමති පාතරට මහත්මයෙක් සිටියේය. උන්නැහේ සමඟ ටිකක් වේලා කථා කිරිමෙන් මිතුරුව එහි විස්තර අසා ගතිමි. සවකිය භාර්ය්වගේත් දරුවන්ගෙත් කරදර නිසා එහි දිවි නසා ගැණිමට අදහස්කර සිටින ඒ මහත්මයාට වෙලා තිබෙන හරිය ඇසුවාම මට නම් මේ ගිහිගේත් එපාවුනා. මම අද ආවේ අම්මාත් තාත්තාත් අවසර දෙතොත් මේ රටේ නොසිට වෙනින් රටක‍ට යාමට පවා සතුටෙනි. නැත්නම් ගිහිගේ අත්හැර මහණවිමේ කල්පනාවෙනි”යි කීවේය.

    කුමාරදාසගේ කලකිරිම ගැන ‍ඔහුගේ පියාත් අනිත් හිටිය ඤාතිවරයෝත් භයවුහ. නමුත් ඔහු‍ෙග් මැනියන් වන ලොකු මැණිකේට අල්ප මාත්රරයක්වත් භයක් චකිතයක් ඇති නොවිය. මක්නිසා ද ? “මවු යම්සේද-දරුවාත් එසේමය” යන පණ්ඩිත කීම ලොකු මැණිකේගේ චිත්ත සන්තානයේ පවත්නා  ස්ථර්ර-    සාර ගුණය ඕ තොමෝ හොඳින් දන්නා බැවින් තමාගේ කුසේ දස මසක් ඉඳ ඉක්බිති තමාගේම කිරි බී ඉන් ඉක්බිති අවුරුදු හතක් පමණ තමන්ගේ ආරක්ෂාවේ වැඩුනු කුමාරදාස යථා මාර්ගයේ යෙදවිය හැකි බොරු මනස්ගාතවලින් මුලානොවන කෙනෙක් බව දැනගත් ලොකු මැණිකේ සිනාසි, “මොකද කුමාරදාස, උඹ දුම්රියේ එද්දි සම්මුඛ වුණු වික්රාමනායක නමැති මහත්මයා වැනි අඥන බියගුලු මනුෂ්යය තිරිසනෙකු නිසා උඹ ඔය තරම් කලකිරිම මට පුදුමයකි. පුර්ව ජාති‍ෙ‍ය් පරදර අකුසල කර්මයකොට අනන්ත අප්රඹමාණ කාලයක් අපායේ දුක්විඳ ඉතා අමාරුවෙන් මනුෂ්යක ආත්මය ලබාගත් නමුත් අර තමා අන්යකයන් ස්ත්රීරන් පිලිබඳව ඉපදවු “වධක භාර්යාවක්” ලැබී තිබේ. පුර්වයෙහි තමා කළ වරදට දඬුවම් විඳිම ගැන ප්රී්ති වෙනවා වෙනුවට වික්රනමනායක උන්නැහේ දිවි නසා ගන්නට කල්පනා කිරිම කළුහාම්ගේ පියා හොරාට අශ්වයා දීමටත් වඩා මෝඩ කමක් නොවේ ද?


   “ හිටිනට අම්මා - අම්මා වික්රාමනායක පිළිබඳව කරගෙන ආ කථාන්තරය ටිකකට නවත්වා- කළුහාමිගේද කථාන්තරය දැන් කියන්නටය” යි





පියදාස සිරිසෙන නවකථා එකතුව 43

‍ කුමාරදාස ආරාධනා කළ බැවින් ලොකු මැණිකේ කළුහාමිගේ කථාන්කරය ලුහුඬින් කියන්නට පටන් ගත්තාය. “අපේ මේ ලංකාද්විපයේ එක්තරා ගමක ගමරාල කෙනෙකුත් ගමමහගේ කෙනෙකුත් පදිංච්ව සිටියාහ. ඔවුන්ට දරුවන් නැතිව ඉඳලා අන්තිමේදි ගෑණු ළමයෙක් ලැබුනා. ඒ ළමයා මඳක් කළුපාට නිසා ‍ඇට කළු හාමි යන නම තබා ඉතා ආදරයෙන් ඇති දැඩි කරනලදි මේ ගමරාළ වතුපිටි, ඉඩම් කඩම් ඇති තරමක ධනවතෙකි. ඔහුගේ ඈත තිබෙන වතු කුඹුරුවලට යාමට පහසුවන පිණිසත් දඩයමේ යාම පිණිසත් තරමක හොඳ අශ්වයෙක් ද වුන්නේය. ගමරාලගේ හා ගමමහගේ ගෙත් දියණිය-කළුහාමිට අවුරුදු 14 වනවිට ලක්ෂණ තරුණියක් වු නමුත් අන්තිමේදි ඈට ක්ෂය රෝගය වැළඳුණේය. නොයෙක් ප්රණතිකාර කළ නමුත් අවුරුද්දක් පමණ ලෙඩින් ඉඳ කළුහාම් මළාය. කළුහාමි මැරුණු සෝකයෙන් ගමමහගේත් ඔත්පල විය. මෙසේ මොවුන් සෝකාතුරව ඉන්නා අතර මං පහරණ හොරෙක් එක් දිනක් මොවුන්ගේ ගෙදරට ආවේයත සොරද රෝගිව සිට ඉතාමත් දුර්වල කෙට්ටු වී ගිය ශරීරයකින් යුක්තය. වැහැරි ගිය ශරීරයක් ඇති හොරා ගම ගෙදරට පැමිණ කන්ට දෙයක් ඉල්ලුවාම මෘදුවු හිතක් ඇති ගමමහගේ ඔහුට කෑමට ටිකක් දුන්නාය. ඒ වේලාවට ගමරාළ අශ්වයා පිටින් කොයිබද ගොස් සිටියේය. දුර්වල වු හොරා ගමමහගේ දුන් ආහාර ටික අනුභවකොට වතුර බොනවුට “මොකද බන් උඹ බොහොම කෙට්ටු වි සිටින්නේ - මොකද ලෙඩේ කියා ගමමහගේ ඇසුවාය. ගමමහගේ මෝඩ දුර්වල කෙනෙක් බව හොඳින්‍ තේරුම්ගත් හොරා අනේ මම එලොව ගොහින් මෙලෙ‍ාවට ආවා. බොහොම අමාරුවෙන් ගැලවුනෙමි”යි කිවේය. පරලොව ගිය තමාගේ දියණිය ගැන නිතරම මෙනෙහි කරමින් ඉන්නා ගමමහගේ “එලොව ගියා නම් අපේ කළුහාමිවත් දකින්ට ඇති නොවේදැ”යි කියනකොටම හොරාට කාරණය වැටහි “ඔව් මම එලොව ගොස් ඉන්නා ළඟදීම ව‍යාගේ කළුහාමිත් ආවා.ඉතින් අපි දෙන්නා ඔවුනොවුන් දැකිමෙන් අටගත් ප්රේ‍මය නිසා මම කළුහාමිව කසාද බැන්දා- කසාද බැඳනත් හය මාසයක් වාගේ වෙනවාය”යි හොරා කීවේය. ‍ “අනේ මගේ දුව කළුහාමි අම්මා අප්පොච්චි දෙන්නාවත් මතක් කරණවා ද-ඈ සනීපෙන් ඉන්නවාද-ඇයි උඹත් සමඟ අපව බලන්ට නාවේ”කියා ගමමහගේ ඇසුවාය.


     කපටි හොරාට කාරණය තවත් හොඳින් වැටහී “අනේ මම ඊයේ මේ ගමනට පිටත්වෙද්දි කළුහාමිට කථා කළා- නමුත් එයාට සැහෙන




44 යන්තම් ගැලවුනා


ඇඳුමි පැළඳුම් නැති නිසා එන්ට ලැජ්ජායි කියා එයා‍ගේ ආභරණත්, රෙදි පෙරදිත් ඉල්ලාගෙන එනට යයි මා පිටත්කර එවිවා. අද ඒ ඇඳුම් අරගෙන ගියොත් හෙට දවල් බතට කළුහාමිත් එක්කම ‍එන්න පුළුවන- අපි ඉන්නා “පරලොව” වැඩි ඈතක නොවේය”යි කපටි හොරා ගමමහගේට කීවේය. මේ පුදුම කථාන්තරය ඇසු ගමමහගේට දියණිය කෙරෙහි පැවති ප්රේවමය තදින්ම දැන්වී ගියේය. පරලොවත් කළුහාමිත් පෙනෙන්නාක් මෙන් විය. ගමමහගේ දුවගේ රන් රීදී ආභරණත් රෙදි ‍පෙ‍ෙරදිත් සියල්ලම පෙට්ටියක දමා “බෑනා” අතට දි හෙට උදේම ක්ළුදහාමිත් සමඟ වරෙන්- අපේ ඉඩ කඩම් සියල්ලමත් උඹලාට දෑවැද්ද වශයෙන් දෙන්නෙමි”යි කීමේය.


    යන්ට එන්ට මඟක් නැතිව සිටි හොරාට වටිනා බඩු පෙට්ටියක් ලැබුණු බැවින් ප්ර මාදවිම නුවණටහුරු නැති නිසා ඇඳුම් පෙට්ටියත් රැගෙණ ඉක්මණින් යන්ට ගියේය. හොරා ටිකක් දුර යනකොටම ගමරාළ දඩයමකුත් කරගෙන අශ්වයා පිටින් ගෙදර ආවේය. ඔහු අසුපිටින් බසින්ටත් ප්රරථම ප්රීටතියෙන් කුල්මත්ව වුන් ගමමහගේ “ඒක ද ඕයි- අපේ කළුහාමි එලොවදි කසාද බැන්ද අපේ බැණා ආවා නොවැ හෙට උදේ කළුහාමිත් සමඟ එන බව කීවා- කළුහාමිට ඇඳ පැළඳ ගන්නට උවමනා නිසා ඒ ළමයා‍ගේ ඇඳුම් පැළඳුම් පෙට්ටියත් මම දුන්නා- තමුසේ මින‍ිත්තු දහයකට ඉස්සර ආව‍ා නම් අපේ බෑනාව දකින්නට තිබුණාය”යි ගමමහගේ  සියලුම අඥනකම ගැන තද කෝපයට පැමිණ අසුපිටින් නොබැසම “ඒ මිනිහා ගියේ කොයි පැත්තටදැ”යි ඇසුයේය.ගමමහගේ හොරා ගිය පැත්ත පෙන්නුවිට ගමරාළ වේගයෙන් අශ්වයා එලවා හොරා ලුහු බැන්දේය. හොරා ඒ බව දැන පාර අයිනේ තිබුණු විශාල නුගරුකට නැංගේය.ඒ බව දුටු ගමරාළ අශ්වයා නුග ග‍සයට නවත්වා ගසට නගින කොට දක්ෂ වු හොරා නුග ගසේ අනිත් පැත්තෙන් බිමට බැස බඩු පෙට්ටියත් සමඟ අසුපිට නැගි දුවන්ට පටන් ගත්තේය. ගම  උඩ උන් ගමරාළට තකයනියේ බැසගන්ට බැරි‍ව ගස උඩම ඉඳගෙණ “බෑනෝ බෑනෝ ඇඳුම් පෙට්ටිය අම්මා දුන් බවත්, අශ්වයාව අප්පොච්ච‍ි දුන් බවත් කළුහාමිට කියාපන්නැ”යි කෑ ගැසුවේය.


පියදාස සිරිසේන නවකථා එකතුව 45


03. පරිච්ජේදය[සංස්කරණය]

ලොකු මැණිකේ විසින් කියනලද මේ රසවත් ගම කතාව අසාගෙන වුන් කුමාරදාසත් අනිත් පිරිසත් සතුටින් පිනා ගොස් ලොකු මැණිකේට ස්තුති කළාහ. ඉතින් මේ කථාන්තරයෙන් ලොකු මැණිකේ කුමක් අවබෝධ කරවීද ? ලොකු මැණිකේ මෙසේ කියන්ට පටන් ගත්තාය. “පුතා-කුමාරදාස විකුමනායක මොඩයෙක්, බයගුල්ලෙක්, ස්ත්රිු දාසයෙක් හෙවත් ස්ත්රිා සො‍ඬෙන්. ඔහු කාමයෙන් අන්ධවී ඒ ස්ත්රීේය කසාද බැඳ ගෙන ඈ කියන කියන හැටියට වැඩ කිරිම හරියටම ගම මහගේ මිය ගිය කළුහාමිට ඇඳුම් පෙට්ටිය යැවීම වැනි ගොන්කමකි. කාම‍යෙන් අන්ධව සිටි වික්රගමනායකට ඒ කාලේ හැඩ හුරුකමට සිටි තරුණ ස්ත්රිිය පෙනුණ හැටියේම විකුමනායක කුල්මත්වෙලා ඈ කසාද බැඳගන්නේ කොයි මොහොතේදැයි කල්පනාවී පිළිවන් හැම ක්රවම වලින්ව ඇ සතුටුකොට කසාද බැඳගත්තා. ඇය කසාඳ බඳිනා කොට තබා ඈ උපදින කොට මත් දැන් ඈ තුළ පවත්නා නරක ගති ගුණ තිබුණා. ඈ තරුණ කාලේදී ඇගේ මට සිළුටු කාන්තිමත් ශරීරයෙනුත් අලංකාර ඇඳුම් පැළඳුම් වලිනුත්, නුරාසහගත බැන්මෙනුත්, මෘදු මොළොක් කාමුක සිනහවෙනුත්, ඈ තුළ පිහිටා තුබුණු කර්කශ වු නපුරු වු දුර්ගති සියල්ලක්ම වැසි තිබුණා. ඒ තරුණ කාලයේ දී කාමයෙන් පිඩීත වු තරුණයෙකුට ඇගේ අ‍ව ගුණ කිසිවක් කල්පනා කරන්ට බැරිය. තදින් පිපාස වු ඇතෙකුට හෝ මුවෙකුට දිය තිබෙන පොකුණක් පෙනුණොත් ඒ පොකුණට බසින ප‍ාර මඩ වගුරක්ද අන්තරාදායක එකක්ද යන ආදි කිසිවක් නො පෙනේ. සමහරව‍ිට පිපාසයෙන් මුර්ජාවු සත්තු දිය බෙ‍ාන්ට ගොස් මඩෙයි එරෙති. සමහරු වැද්දන් ආදි දඩයම් කාරයන්ට අසුවෙති. එ මෙන්ම කාමාන්ධකාරයෙන් මුලාවු තරුණයෙකුට ටිකක් ඔප ඇති තරුණියක් දකින්ට ලැබුණොත් ඇගේ අභ්යවන්තර ගති ගුණ වත් ඇ‍ගේ මවු පියාදින් ගේ පරම්පරා කුලමල ආදියවත් ඔවුනගේ වත් පොහොසත් කමවත් නො පෙනෙති. අනිකක් තබා ඒ තරුණිය පහත් පැවතුම් ඇතිව නැතහොත් නිධන්ගත නොයෙකුත් අසනීපවලින් පීඩිත කෙනෙක් බව යම් විධියකින් දැනගන්නට ලැබුණත් එය විශ්වාස නොකරති. ඉතින් ස්ත්රි්යක්ගේ චරිතයවත්, ඇගේ පරමිපරාව වත් විශේෂ වශයෙන් ඇගේ මවු ගේ තත්වයවත්, වත් ‍පොහොසත් කම වත්, ඥති මිත්රාඇදින් ගැනවත් වෙන කිසිම දෙයක ගැනවත් නො සොයා නොබලා ඇගේ රූපයට ම, ඇගේ නුරාබැල්මට




46 යන්තම් ගැලවුනා


ම, ඇගේ සරාගික කථාවට ම ඇලි ඒ තරුණිය විවාය කර ගන්නා අය හරියටම පරලොව ගිය කළුහාමිට ඇඳුම් පෙට්ටිය යැව් අඥන ගමමහගේ වැනිය. ඉතින් යම හෙයකින් තමාගේ අඥන කමට දුරදිග නො බලා කසාඳ බැඳ ගත්ත‍ාට පසු ඒ වධක බාරිය‍ගෙන් ලැබෙන සියලුම හිරිහැර විඳ දරා‍ගෙන ගොනා වා‍ගේ දිවි තිබෙනතුරු වාසය නො කොට දිවි නසා ගන්නා අමනයා හරියට ම ගමරාළ කළුහාමිට අශ්වයා දුන්නාට සමානය”යි මේ ගම කථාවේ පුර්වාපර සන්ධි ගලපා ලොකු මැණිකේ ඉතාමත් හොඳිග න් විස්තර කර දුන්නාය.

          ස්වකීය මෑණියන් ගේ පිරිසිදු දැනිම ගැන පැහැදුණු කුමාරදාස තමාගේ කලකරිම ටිකක් තුනි කර ගෙණ මෑණියන්ගෙන් නැවතත් මෙසේ ඇසුවේ ය. “හොඳයි දිවි නසා ගැනීමට තරම් දුෂ්ට හිතක් ඇති කරන ස්ත්රිදන් නැති රටක් නැතහොත් එබඳු ස්ත්‍රින් ඉතාම අඩු රටක් ගැන අම්මාට කියන්ට පුළුවන් ද? පුරුෂයන් ගේ හිත් කලකිරිමට පත් නො කරණ ස්ත්රිඉයක්  සොයගන්ට පුළුවන්ද-එසේත් නැත නම් පුරුෂයාට ස්ත්රීණයක් ලැබෙන්නේ පූර්ව  නියමයක් හෙවත් ඉරණමක් වශයෙනදැ”යි ඇසුයේ ය.
      ඔවු, පුතා ‍ගේ ප්රලශ්න ඉතාමත් ම වැදගති යි- පුතා අසන ලද්දේ ප්ර්ශ්න තුනකි. ඒ ප්ර ශ්න තුන මේ වෙන් වෙන් වශයෙන් විස්තර සහිත‍ව විසඳා දෙමි. ඒ විසඳිම හොඳහැටි තේරුම් ගත්විට කිසිම කලකිරිමකට පත් නොවී මේ ලෝකයේ ඉන්ට පුළුවනි. ඉතින් මේ අසන ලද ප්රතශ්න ඉතින් මේ අසන ලද ප්රෙශ්න වලින් තුන්වැනි එකේ සිට පිළිවෙලට උත්තර දෙන්නෙමි. ඉතාම ගැඹුරු වු තේරුම් ගැනීමට අමාරු ප්රිශ්නයත් ඒ තුන් වැනි ප්රුශ්නයයි. එහෙම නොවෙද කුමාරදාස?” ඔව් අම්මේ.ඉතාමත් අමාරු-ඉතාමත් වැදගත් පරප්රශ්නය ඒ තුන්වැනි එකයි. ඒක නිසා අම්මා මගෙත් ලෝකයාගෙත් ප්රමයෝජනය සඳහා පුරුෂයෙකුට ස්ත්රීැයක් ලැබෙන්නෙ පූර්ව නියමක් හෙවත් ඉරණමක් වශයෙන්ද? යන මේ කාරණය ධර්ම ශාස්ත්රාවනුකූලව විසදා දුන්නොත් හොඳයයි කීවේය. “පුරුෂයෙකට ස්ත්රීනක් ලැබෙන්නේ පූර්ව  නියමයක් හෙවත් ඉරණමන් වශයෙන් ද?” යන මේ ප්රණශ්නයට කොටින උත්තර දෙතොත් “ඔව්” ය කිය යුතුය. නමුත් ඒ  වැරදි කථාවකි. ලෝකයේ තිබෙන ආගම හෙවත් මිනිසුන්ගේ විශ්වාස තුනකි.


(1) සියල්ලක්ම සිද්ධවන්නේ පුර්ව කර්මයේ හැටියට ය. කියා එක

         විශ්වාසයක්  තිබේ. ඒකට “පුබ්බෙකත හේතුවාදය”යි කියති.
              (2)   දෙවියන්ගේ හෙවත් මැවුම් කාරයාගේ නියමයයි කියා තවත්



පියදාස සිරිසේන නවකථා එකතුව 47


ලෝකයේ විශ්වාසයක් පවති. ඒකට “ඊස්සර නිම්මාන වාදය”යි කියති.

     (3)   කර්මයක් නිසාවත් දෙවියෙකු නිසාවත් ‍ෙනාව නිකම්ම ඒ ඒ කරුණු සිද්ධ වෙනවාය. ඒ ඒ මිනිහා කැමති අන්දමට ඒ ඒ මිනිහා ක්රි යා කරන අන්දමට ඔහුට ඒ ඒ කරුණු යොදාගන්ට පිළිවන- පුර්ව කර්මයක්වත් දෙවියෙක් වත් නැතැයි කියන මේ විශ්වාසයට “අහෙතු අප්පච්චය වාදය”යි කියති. ඉතින් ලෝකයේ ඉන්නා හැමදෙනාම මේ විශ්වාස තුනෙන් එකකට ඇතුළත් වෙති.
    මේ ව්ශ්වාඅ තුනෙන් හෙවත් ධර්ම තුනෙන් වෙන් වු ධර්මයක් ද ලෝකයේ පවති.එය නම් අපේ ආගමයි.එනම් බුද්ධාගමයි.සම්යවක් සම්බුද්ධ තථාගතයන් වහන්සේ ගේ ධර්මය මේ ‍ ලෝකයේ පවත්නා  (1)  පුබ්බෙකත හේතු වාදය- නම් වු සියල්ලම සිද්ධ වන්නේ පුර්වයෙහි කරන ලද කර්මය නිසාය කියන ධර්මයට ද,   (2)  ඊස්සර නිමමාන වාදය නම්වු සියල්ලම සිද්ධවන්නේ දෙවියකු ගේ නියමයේ අන්දමටයයි කියන ඊශ්දර නිම්ම‍ාන වාදයට ද,  (3)  කර්මය නිසාවත් දෙවියෙකු නිසාවත් නොව නිකම්ම ලෝකයේ ඉපදි නිකම්ම නැතිව් යනවය‍ි කියන අහේතු අප්පච්චිය වාදයට ද යන නපුරු මිථ්යාමදෘෂ්ටි තුනෙන් එකකටවත් අයිති නැති උතුම් වු විභජ්ජවාදය බැව් සැළකිය යුතුය. හේතුව නිසා ප්ර ත්යයයත් ප්රතත්ය ය නිසා හේතුවත ඇතිවන බැව් උගන්වන- සියුම් ඥනය පමණක් ගොචර වු මේ තථාගත ධර්මය අපේ නුවණ ඇති දක්ෂ මුතුන් ම්ත්තන් විසින් පිළිගන්නා ලද්දක් බැවින් දැන් අපට උරුමව තිබෙනවා මිස මේ කාලයේ ඉන්නා නැණ හීන් දුර්වල සිංහලයන්ට නම් කිසිසේත් තෝරාගන්ට බැරිය.ඉතින් තථාගත ධර්මයේ හැටියට හැම සත්වයාම චුති චිත්තයේ එනම් මරණ මොහොතේදී ඇතිවන හිතට අනුව කොයිබ නමුත් පිළිසිඳ ගන්නේය. පින් කළ නුවණැති උසස් සත්වයෙක් මැරෙණ මොහොතේදී පවා ඔහුගේ උසස් ගතිය හෙවත් උසස් පිරිසිදු හිත වෙනස් නො කෙරේ.එහෙය‍ින් ඒ තැනැත්තා උසස් තැනක උත්පත්තිය ලබා එතැන් සිට මවුපියන්ගේ ගති ගුණත් ආධාර කරගෙන පෙර කළා වු කුසල් බලයත් ආධාර කරගෙන කන්යාෙණ මිත්ර  සේවනාදිය නිසා වර්තමාන යහපත් ක්රි්යාත් ආධාර කරගෙන උසස් ජිවිතයක් ගත කරන්නේය.
    අනිත් අතට පහත් වු පාප ක්රිතයාවෙහි නියුක්තව පහත් ජිවිතයක් ගත කළ තැනැත්තා මරණ මොහොතේ දී පහත් දුර්වල ගතියෙන් යුත් නිසා ඔහු‍ගේ චුති චිත්තයද එබඳු ම පහත් ස්ථානයකට ඇලෙන හෙයින්





48 යන්තම් ගැලවුනා


ඒ පවුකාරයා සතර අපායෙන් එකක හෝ දුක්ඛ්ත කාලකණ්ණි මිනිස් පවුලක උපදින්නේය. ඉතින්ක හ එසේ පහත් තැනක උපන් ඔහුට මවුපියන්ගේ අනුග්රාහයකින් හොඳ ඉගෙනීමක්-කල්යාකණ මිත්ර් සේවනයක් නො ලැබුනොත් ඔහුගේ ජිව්තය නැවතත් දුක්ඛිත පවුකාර බවට පත්වන්නේ ය. ඉතින් මිළඟම ආත්ම භාවයේ කරනලද කුසල් අකුසල් දෙක කරණකොට ගෙන ඇතිවුණු උස් පහත් උත්පත්තිය ඊටත් ඉහත ආත්ම භාවවලදි කරන ලදුව ශේෂව තිබෙන කුසල කර්ම ද එමෙන්ම අකුසල කර්ම ද ආධාර විමෙනුත් මෙලොවදීම කරන්නාමු (වර්තමාන) කුසල් කර්ම හා අකුසල කරුම ද සහාය විමෙනුත් සත්ව්යාට සැප දුක අඩු වැඩි වෙමින් පවත්නේය.

   ස්ත්රිකයක් ලැබෙන්නේ පෙර නියමය හැටියටයයි කිම බොරුත් නොවේ. නමුත් හැම දෙනාටම එසේයයි කියන්ටත් නොහැක. මක්නිසාද? පෙර ජාතියේ කර්මයත් මේ ජාතියේ කර්මයත් යන දෙකම සත්වයාට පලදෙන හෙයිනි. තරුණ කාලයේදි බ්රජහ්මචරියාව රකිමින් මත්පැන් බිමාදි දුසිරිත්වල ‍නො යෙදි ගුණවත් මවුපිය ගුරුවරාදීනට කීකරුව ඔවුන් අත යටතේ ඇති දැඩිවන ගැහැණු දරුවෙකුට හෝ පිරිමි දරුවෙකුට කිසි කලක කාලකණ්ණි දුන්ඛිත විවාහයකට ඇතුළත්වන්ට සිද්ධ නොවේ. ඊට පුර්ව කුසල කර්මයත් ආධාර වන බව සැලකිය යුතුය. ස්ත්රීව සොන්ඩව නැත්නම් පුරුෂ සොන්ඩව කාමුක අදහස්වලින් හර්තව, අස්ය්්වන පොත් පත් කියවන, කාමුක සල්ලාලයන් හා අභිචාරිකාවන් වැනි ස්ත්රීයන් සමඟ කථාබස්කර නැතහොත් නරක වල් මිනිසුන් අධිකව වාසය කරන පෙදෙසක වාසය කිරිම යනාදී කරුණු නිසා ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට ඉතා ඉක්මනින් දුරාචාර‍ීන්ට  බැරි කමක් නැත. එසේ ඉක්වනින්ම දුරාචාරීවුණු ස්ත්රිීය හෝ පුරුෂයා නීතිප්රයකාර විවාහ ඡිවිතයකට ඇතුලත් වුණත් කලින් පැවති දුසිරිත් නිසා ඔහු හෝ ඈ  සතුගුණවත් පුරුෂයෙක් හෝ ස්ත්රීලයක් ලෙස ලැජ්ජා භය ආදි කුල ධර්මවලින් යුක්ත වේයයි සිතන්ට බැරිය. ඉතින් මෙසේ පහසුවෙන්ම කාමුක නරක මිනිහෙක් හෝ ස්ත්රීීයක්වන්ට හේතුව මීට ඉහත ආත්මවල දී පර ස්ත්රීප සේවනය හෝ පර පුරුෂ සේවනය කොට නරකාදියට ගොස් එහි අනන්ත අප්රයමාණ දුක් විඳ ආත්ම දෙතුන් සියයක් හෝ දෙතුන් දාහක් ගිය පසු දුක‍ෙ‍ස් මනුෂ්යහ ආත්මයක ඉපදුනත් ඉතාමත් දීර්ඝ කාලයකට පෙර කරනලද ඒ පරදාර පාප කරමයේ ඉතා ස්වල්ස වශයෙන් ශේෂවුණු විපාකය වශයෙන් එක්ටකෝ බලවත් කාමුක චේතනාවෙන් හර්ත 


පියදාස සිරිසේන නවකථා එකතුව 49


කාලකණ්ණියක් වේ. නැතහොත් වධක භාර්යාවක් හෝ දුෂ්ට පුරුෂයකු ලබාගෙන මෙලොවදිත් අපා දුක් වැනි දුනි වැනි දුක් විඳින්නෙක් වේ- නැතහොත් කාමුක ගර්භිත ප්රකසිද්ධ ජඩයෙකුත් වි වදක භාය්ය්ුෂ වකට බැඳි දුක් විඳින අසරණයෙක් වේ.

අපේ ආගම හෙවත් සත්යැ ධර්මයේ හැටියට මෙලොව දී යම් මනුෂ්ය යෙක් හැසිරෙන අන්දමට විපාක දීමට හේතුවන අපරාපරිය වේදනිය කුසල කර්ම හෝ අකුසල කර්ම හැම දෙනාටම හිමිව තිබේ. අනන්ත අප්රකමාණ කාලයක් සංසාරගතව ඉන්නා සත්වයා ඒ ඒ ආත්මවලදි කරණ කුසල්, අකුසල් දෙකම අප්රරමාණය. එක ආත්මයක දී අධික වශයෙන් කළ කුසල කර්මයට හෝ අකුසල කර්මයට අනුව උත්පත්තිය ලැබුවත් ඒ උපන් ආත්මයේදී පිළිපදින අන්දමය එකඟවන පරිද්දෙන් ඇත පෙර ජාතිවල කරනලදුව ශේෂව පවත්නා කුසල හෝ අකුසල කර්මවල විපාකද ඉදිරිපත් වෙමින් සත්වයාට පලදෙන්නේ ය. මිනිහෙකුට වධක බාරියක් ලැබිමට නැත්තම් ස්ත්රීශයකට දුෂ්ට කාලකණ්ණි පුරුෂයෙකු ලැබීමට ආධාර වන්නේ ඔහු හෙවත් ඈ මේ ජිව්තේ හැසිරෙන අන්දම නිසාම පමණක් නොව පරලොවදී කරනලද පාප කර්මවල විපාකත් එක්වීමෙන් බව සලකා ගත යුතුය. සමහරවිට ප්රි ය භාර්යාවක් ලැබීමට හේතුව ඇති අයත් - ස්ත්රීා රූපයටත් ඇගේ ධන සම්පත් ආදීයටත් ලොභව මෝහයෙන් මුළාවි ඈ හා විව‍ාහවිම නිසා පරලොව තිබුණු ඉෂ්ට විපාකයත් යටපත් වි මෙලොවදී කරන ලද අයුතු ලොභය නිසා මිනිහෙකුට වධක භාර්යාවක් ලැබෙන්ට බැරිකමක් නැත. එමෙන්ම ස්ත්රී යකට දුෂ්ට ප‍ුරුෂයෙකු ලැබෙන්ටද බැරි කමක් නැත. ස්ත්රීනන් හා පුරුෂයන් භෙද නැතිව හොඳින් ඉඳින බව විමසිමට අප රටේ පොරොන්දම බැලිමය කියා එකතුත් කරති.මේ බුද්ධගමෙන් පරිබාහිර වු බාහ්මණයන් ගේ ශාස්ත්රකයකි. මෙය සත්යගවන තැනුත් ඉඳ හිටලා දකිනට ලැබේ. නමුත් ස්ත්රීප පුරුෂ කේන්ද්රක දෙක ඒ ශාස්ත්ර යට අනුකුලව පරක්ෂා කරගන්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්ය. මක්නිසා ද? ඒ කේන්ද්රයය බලන තැනැත්තාගේ දැනීම ප්ර්මාණ නොවනවාටත් වඩා ඒ බලන තැනැත්තා ස්ත්රී පුරුෂ දෙපක්ෂයෙන් එක් පැත්තක චර පුරුෂයෙක්වී කේන්ද්රන දෙක ගැනපෙතත් නොගැනපෙතත් සමහර තැන්වල විවාහ සිද්ධකරන බැවිනි.


      ස්ත්රීියක ‍ෙග් හෝ පුරුෂයෙකු ගේ ගති ගුණ විමසා  ගැනීමට ඔවුන් ගේ මවු පිය මුතුන් මිත්තන්ගේ පරමිපරාවල විමසා ගැනීමත් ඒ විවාහ වන ස්ත්රීණ පුරුෂයන් ආශ්රමය කරන මිත්රියන් විමසා ගැනීමත් ඔවුන්




50 යන්තම් ගැලවුනා


ඉගෙනගත් පාඨශාලා ආදිය පරීක්ෂා කර ගැනිමත් ඉතා වැදගත්ය. “මවු යම්සේද දරුවාත් එසේමය” ඇතැම් විටක දුෂ්ට පියවරුන්ට ඉතාමත් ශික්ෂිත ගුණවත් දරුවාත් ඇතිවෙති.ඊට හේතුවන්නේ මවු ඉතාමත් හොඳ ශික්ෂිත ගුණ නුවණ ඇති කෙනෙක් විම වේ. ඇතැම් පවුලක පියා කෙතරම් හොඳ ගුණවත් උගත් දකෂයෙක් වුවත් දරුවෝ ඉතාමත් අශික්ෂිත පවුකාර කාලකණ්ණි වෙති. ඊට හේතුව මවු අශික්ෂත පහත් පැවතුම් ඇති මෝඩ ස්ත්රීකයක් වීමය. ගුණධර්ම අතින් පහත් මවු පියන්ගේ දරුවන් තුළ උතුම් ගුණධර්මයක් ඇති කිරිම ඉතාමත් දුෂ්කර කාරණයකි. සවභාව ධර්මයත් ඉක්මව‍ා බලවත් පරිශ්රිමයකින් කළ්යාරණ මිත්රන සේවනය කළ කෙනෙකුට ඉතාමත් අතිත කාලික අපරාපර්ය වෙදනිය කර්මයක් ඉස්මතු වීමෙන් ඇතිවන එ ගුණය මිනිසුන් දායකින් කෙනෙකුටවත් ලබාගත නොහැක්කකි. සාමාන්යම වශයෙන් ඔවුන්ගේ ගති ගුණවලට සමානවම ඇතිවන දරුවන් ඉතා හොඳ ඉගෙනීමකුත් ආශ්රකයකුත් ඇතිවු‍ෙනාත් ඒ මවුට වඩා ටිකක් හොඳ වන්නේය. අයහපත් ඉගෙනිමත් පහත් මිනිසුන්ගේ ආශ්ර‍යකුත් ඇතිවුණොත් මවුට හත්අට ගුණයකින් නරක් වන්නේය.ඉතින් වික්රතමනායක උන්නැහේට සම‍ීබවි තිබෙන්නේ දුෂ්ට මවක ගේ දියණියක් විය යුතුය. පිරිමිත් ගෑණුත් එකට ඉගෙන ගන්නා පාසැලක ‍ඉගෙන ගත් ඒ ස්ත්රීුය ස්වාමියෙකු පිළිබඳව පැවැත්වියයුතු ප්රනතිපත්ති ‍හෙවත් යුතුකම් කිසිත් නොදත් තැනැත්තියක් විය යුතුය. ඒ වධක බාරය ලැබු වික්රවමනායක එක්කෝ‍ මෝඩයෙක් නැතහොත් සල්ලායෙක්, එසේත් නැතහොත් පූර්ව ඡාතිවල ස්ත්රීු දුෂණය කිරිමෙන් ඒ පව්කඳ කෙළවර නො කළ දුෂ්ට කාලකණ්කියෙක් ය.


04. පරිචිජේදය[සංස්කරණය]

සි ංහලද්වීපයේ කුලසත්රීලන බහුලව සිටි කාලේ උපන් දරුවන් නිසා ඇති වු හශො කීර්තිය තවමත් පවති. ඇහැ‍ලේපොල කුමරිහාමි වැදු මද්දුමබණ්ඩා ගැන පුත් අසා ති‍ෙබ් ද? සත් ඇවිරිදිව සිටගෙනත් නිහින දෙමළ රජාට බිය නොවි එක විටම ජිවිත පර්ත්යාදග කළ හැටි පුතා අසා තිබෙනව‍ා ‍නොමේද? ලක්දිව ස්ත්රීසන්ගේ තත්වය උසස් බවට පැමිණ වු සංඝමිත්රාන මහ ස්ථවිරින වහන්සේ ස්ත්රීසන්ගේ යුතුනම් හෙවත් ප්රවතිපත්ති රාශියක් ලක්දිව සුලභ කරනලදී. ශුද්ධාව,



පියදාස සිරිසේන නවකථා එකතුව 51

‍ ආගම භක්තිය, වැඩිහිටියන්ට හා ගුණවතුන්ට ගෞරව කිරිම, කරුණා මෛත්රි ය යන ‍මේ ගුණත් සමඟ සතුන් මැරීමෙන්, සොරකම් කිරිමෙන්, පරපුරුෂ සේවනයෙන්, බොරු කිමෙන් හා සුරාපානය කිරිමෙන් සම්පුර්ණයෙන් වැලකුණු සිංහල ස්ත්රී,ය ස්වක‍ීය ස්වාමි පුරුෂයා දෙවියෙකුමෙන් සැලකුවාය, ස්වාමියා උපයන ප්රතමාණය දැනගෙන ඒ තරමට වියදම් කිරිමටත්, ස්වාම් පුරුෂයාගේ මහන්සිය කනස්සල්ල දැන ඒ සංසිඳවීමටත් උපක්රිම යොදා ඔහුගේ සිත හැම වේලේම ප්රීරතියට පමුණුවන්ට උත්සාහ කළාය. ගෙදර දොර යථා විධියෙන් පිරිසිදුව තබා ගැනීමටත් පුත්රත දුහිතෲන් හොඳින් ඇති දැඩි කිරිමටත් ස්වාම් පුරුෂයා ගේ ඥති මිත්රාැදීන් හා සමගියෙන් හා සතුටෙන් කල්ගත කිරිමටත් දැන සිටියාය. අසල්වාසීන් හා සමගියෙන්ද දුක්ඛිත රෝගීන්ට හා අසරණයන්ට උපකාර කිරිමෙන්ද මුළු රටම සුඛිත කිරිමට අපේ කුල ස්ත්රීරහු සමර්ථ වුහ.අනුන් ගේ දියුණවට ඊෂ්යාම කිරීමත්, තමන්ට වඩා හොඳින් අන්යථ ඥාති මිත්රාවදීන් ඉන්නවාට ක්රොෂධ කිරිමත් පුරාණ කුල ස්ත්රිවන් කෙරෙහි නො පැවති දුර්ගුන ‍ෙව්. හැම වේලේ ම ප්රිකතියෙන් බණ දහම් ආදිය සාකචිජා කිරිමෙන් විපතට පත් අයට සංග්රේහ කිරිමෙන් කාලය ගත කළ අපේ කුලස්ත්රී න්ට පිරිමින් සමඟ බාල් නටන්ටත් පිරිමින් සහිත සභාවලට පැමිණ කථා බස් කරන්ටත් පිරිමින් සහඟ දෙශපාලන සමාගම් පවත්වන්ටත් අවකාශයක් තිබුණේ නැත. සිංහල ස්ත්රීාන් ගේ දවස එනම් හැට පැය යථා විධියෙන් බෙදාගෙන තිබුණේය. උදේ කුකුලා හඬලන විට හෙවත් පහට නැගිට බුලත් විටක් සපා දරුවන් හා ස්වාම්යා ද අවධිකර කාක්කා අඬනතුරු මහා මංගල සුත්රකය හා බුදුගුණ ආදිය ප්රාකාශ වන ධම්මපද ගාථා සජඣායනා කිරිම- කාක්කා ඇඬු වෙලේ පටන් හෙවත් හයට උදයට උවමනා කැඳ බත් ආදිය සුදානම් කොට මුහුණ අතපය සෝදාගෙන දරුවන් හා සවාම් පුරුෂයාටද උදේ පවිත්ර විමට සලස්වා උදේ කැඳ බත් ආදිය දෙන්ට ප්රමථම අසල පන්සලට කැඳ කැවිලි ආදිය ටිකක් යවා ඒ ආහාර ගත් පසු ස්වාමියාට ඔහු ගේ කටයුතුවලටත් දරුවන් ඔවුනොවුන් කරන රැකී රක්ෂා ඉගෙනිම් ආදියටත් පිටත්කර යවා ඉක්බිති දවල් එකොලහට ප්රකථම වඩින පිණ්ඩපාතික භික්ෂුන්ටත් පිළිගන් වන පිණිස දවල් ආහාරය පිළියෙළ කරන්නීය. එකොලහට ප්රකථම ආහාර පාන පිළියෙළ කොට ගෙදර පාවිච්චිකරන තුවාය අතපිසන රෙදි කොට්ට උර පොරවන රෙදි ආදියත් සෝදා තමන් ද හොඳහැටි වතුර නා පිරිසිදු වන්නීය. ඉක්බිති විපරම්






52 යන්තම් ගැලවුනා

ඇතුව ඉඳිමින් පිණ්ඩපාතයට වඩින භික්ෂුන්ට ගෞරව සහිතව පිළියෙළාකළ බත් ව්යාංඉජන ආදිය පමණ දැන බෙදා පිළිබනව‍හා වයස් ගත මවු පිය ආතා සීයා ආදීන් සිටියොත් ඔවුන්ට ද කන්ට බොන්ට දී ගෙදරට ආහාර පිණිස පැමිණෙතොත් ස්වාමියාට හා දරුවන්ට ආහාර පිළියෙළ කොට දී ‍ඔවුන් ‍ සමගම තමා ද ආහාර අනුභව කරන්නීය. ඉක්බිති දෙතුන් පැයත් මැහුම් ගෙතුම් ආදි කටයුතුකොට ඥති මිත්රාකදි අමුත්තන් පැමිණියොත් සතුටු සාමීචි කථාබසින් හා සවසට ගන්නා ලඝු ආහාර ප‍ානාදි සංග්ර්හ පැවැත් වු පසු තමා විසින්ම වත්තේ වව‍ා තිබෙන මල් ආදිය නෙලා ගන්නීය.රාත්රිැ භොජන සම්පාදනයෙන් ‍පෙර හෝ පසුව ස්වාම් පුරුෂයා හා දු දරුවනුත් සමඟ අසල විහාරසුථානයකට පැමිණ මල් පහන් පුදා ධර්මදෙශනා කරන තැනක් නම් ටික වේලාවක් බණ අසා ගෙදර අවුත් ආහාර ගන්නාතුරු බණ දහම් ගැනත් පින්වත් උත්තමයන් ගේ චරිත හා වීර වික්ර්මාදිය ගැනත් කතා බස් කරම්න්න ප්රී්තියෙන් දෙපැයක් ගතකෙ‍ාට ඉක්බ්කි තමා ‍ෙග් වත්කමේ ප්රබමාණයට පිළියෙළ කරගත් ආහාර අනුභවකොට වැඩිහිටියන්ට වැඳ ගෙදර දොර ආරක්ෂා සහිතවද කියා බලා පරීක්ෂාකොට ප්රිකතියෙන් නිදා ගන්නිය. (වර්තමාන) පැය අටක් පමණ සුවසේ නිදාගත් පසු නැවතත් මුලින් කී ‍ලෙස බණ භාවනාකොට නැගිට කටයුතු කරන්නීය. මෙ අන්දමට දිනචරියාවක් පැවැත් වු අපේ කුල ස්ත්රි න්ට රේස් බලන්ටවත්, ඔට්ටු අල්ලන්ටවත්, බයිස්කෝප්‍ නාඩගම් ආදිය බලන්ටවත්, ආණ්ඩු විපර්යාස කරන උදවිය සමඟ ගෝල්පේස් ආදී ස්ථානවලට යන්ටවත්, යාළුව්න්ා සමග නුවරඑලි බණ්ඩාරවෙල යන්ටවත්. වල් ගැහැණුන් සමඟ සම්මාදමේ ඇවිදින්ටවත්, ඇත පළාතවල පවත්වන පිනකම් නාඩගම්වලට යන්ටවත් අඳුනන අයවළුන් ගේ ගේ වලට හොඳට ඇඳ පැළඳගෙනයන්ටවත්, වෙනත් බහුබුත කරන්ටවත් නිවාඩු තිබුනේ නැත. මක්නිසා ද? ගෙදර දොරත්, පුත්ර දුහිතෲනුත්, ස්වාමියා ගේ සැපසුත් සලසාදීමට ස්ත්රීාන් බලවත් යුතුකම්න් බැඳිවුත් නෙකෙක් නිසාය. තමාට භාර- තමා විසින් අවශ්යීයෙන්ම කටයුතු වැඩ වෙන කවරෙකු විසින් කළත් හොඳ නැත යන බලවත් හැඟිමක් අවබොධයක් සිංහල කුල ස්ත්රිුන්තුළ පැවතුනේය. කරුණාවත් මෛත්රිහයත් පිරුණු හෘදයක් ඇති ස්ත්රීියක් විසින් කලින් කී දැන චරියාවේ හැසිරෙන්නී නම් කිසිම කාලයක ඈ ඉන්නා ගෙදර දුක්ඛාන්ධකාරය පැතිරෙන්නේවත් ඇගේ ස්වාමියා දුක්ඛිතයෙක්, කාලකණ්ණියෙක්, ජිවිතය තිත්ත වුවෙක්.බේබද්දෙක්, සුදුකාරයෙක් වෙන්නේවත් නැත.






පියදාස සිරිසේන නවකථා එකතුව 53


ඇගේ පුත්රන දුහිතෲන් හ‍ිතුවක්කාර මෝඩ කාමුක අශික්ෂිතයන් බවට කිසි කලෙකත් නොපැමිණෙන්නාය.
      නමුත් කුමාරදාස, වර්තමාන කාලේ අපේ රටේ සුත්රී න් ‍ෙග් දිනචර්යාවේ හැටි උඹ දන්නෙහිද? මේ කියන්නේ ස‍ාමාන්යල යුරෝපීය ආදි සිරිත් ලෙස හැසිරෙන පවුල් ගැන බව හොඳින් හිතේ තබාගනින්.
     දැන් ස්ත්රීඳය නැගිටින්නේ උදේ හතට නැතහොත් අටටය. ඒ නැගිටින කොටම කරන භාවනාව නම්- “ආ බොල කෙල්ල තෝ පිස්පෝච්චිය අරන් දැම්මාද - ගේ ‍අතුගෑවාද - යනිදි වශයෙන් වැඩකාරියන්ට හෝ එසේත් නැති තැනක නම් (දුවට) වයලට- තෝ ලුණු කැඳ ඉව්වාද - ලෙඩින් ඉන්න ළමයාට කොත්තමල්ලි තැම්බුවාද - මළහත් ඉලව්වේ මේ හැත්ත ඉන්නවා මිසක් ගෙදර කිසි වැඩක් කරන්නේ නැත” කියමින් උදේ නැගුටුණු ‍ වේලේ සිට විලාප කියමින්ය. ඉතින් එසේ වැඩ කරන අයටත් දු දරුවන්ටත් සැරවැරවි වත්කමේ  තරමට පණ්ම්ල හත අටක හෝ වැඩි 

ගනනක කඩයප්පන් ගෙන්වා - සමහරවිට තමිබි කඩෙන්ම තේවතුර ටිකකුත් ගෙන්වා - ස්ත්රී්යට පිළිවන් තරම් කා බි ඉතුරු වුණොත් දරුවන්ටත් වැඩකාරාදීන්ටත් මොකවත් දෙන්නීය.උදේ ආහාර පාන ඉවර කොට දරුවන් පාසැලට යවා ස්වාම්යාත් කන්තෝරුවට යව‍ා නිදහස් වෙන කොට දවල් නවයත් පසුවෙලාය. එතන පටන් ලුණු ගේන්ට එකවරයි. මිරිස් ගේන්ට එකවරයි, සුදුරුමාදුරු ගේන්ට එකවරයි,හාල් ගේන්ට එකවරයි,දර පොල් ගේන්ට තව වරයි, එලවලු මස් මාළු ගේන්ට තුන්වරයි යනාදි වශයෙන් දව‍ාලට ආහාර පිසීමට උපකරණ ගෙන ඒමට වැඩකාරීයට හෝ වැඩකාරයාට නැත්නම් පුතාට හෝ දුවට අඩු ගණනේ දහඅට වාරයක් පමණ කඩේට යන්ට සිද්ධ වේ.ඒ දහඅට වාරයේම පමණ වැඩකාර කෙල්ල හෝ කොල්ලට නැත්නම් තමාගේව පුතාට හෝ දුවට නැත්නම් තමාගේම මිනිහාට කියන දෙස් දෙවොල් කුණුයරුප අඩු ගණනේ “බුසලකට” වැඩිය. පණම් අටක පමණ බඩු ගෙන්වන්ට දහ අට වාරයක් පමණ කඩේටත් යවා සම්පුර්ණයෙන් පැය දෙකකට වැඩි කාලයක් ඒ ඒ ද්රයව්ය් ලැහැස්ති කාලය ගත වන්නේය. ඉක්බ්කි දු දරුවන්ට හෝ මෙහෙකාරියන්ට “වලාමහ” කියමින් කැම ටික පිළියෙළ කරනකොට දව්ල්් දොළ්හාුමාර නොහොත් එක වේ. ඒ අතර භික්ෂුන්වහන්සේලාට තුන් හතර නමක් පිණ්ඩපාතේ වඩින විට ගෙවල් විස්සකින් දොළයක තරම් බෙදන්නේ “හැදිච්ච දෙයක් බෝයි” යන වචනය පමණකි. අනික් ගෙවල් අටෙන් පහකින් පමණ කපුටන්ට




54 යන්තම් ගැලවුනා


දෙන කරමට බත් පීරීසියක් විතර බෙදති. අනිත් තුනෙන් බත් ටිකකුත් එක ව්ං කජනයකුත් සමහර දිනවල බෙදති. ඉතින් දවල් දොළහට හෝ දොළහමාරට ගිනි ගිනියේ පිසු ආහාර මිනිහාටත් ටිකක් යවා ළමයිනටත් දි ගෙදර භාර්යාව දැලි කුණු ඩහදිය වැකි ගතින්ම අනුභව කොට ඉක්බ්ති ඉතුරු වුණු දෙයක් මෙහෙකරන අයට දෙති. එකට පමණ කා බී ඒ ස්ත්රීුය නිදාගනී. ගේ දොර ගැන මොනම සැලකිල්ලක්වත් පුත්රක දුහිතෲන් ගැන හෝ කිසිම සැලකිල්ලක් නැත දහවල් නිදාගෙන දෙකහමාරට පමණ නැගිට නාන්නීය. ඒ විඩේ පින්කාරයාගෙන් ප‍ානුත් තම්බිගේ කඩෙන් තේවතුරත් ගෙන්වාගෙන කා බී හොඳට ඇඳ පැළඳගෙන එක්කෝ සභාවට නැත්නම් මිතුරෙකු සම්බවීමට නැත්නම් ගෝල්පේස් හෝ වික්ටෝරියා පාක් එකේ හෝ ඇවිද පහට පමණ ගෙදර එන්නීය. එසේ යන ගමන පිටත් වෙන විට වැඩකාරයාට නැත්නම් පුත්රඑයෙකුට හෝ දියණියකට රාත්රිි කෑමට තුනපහ ගෙනත්‍ කැම ලෑස්කි කරන්ටය කියා රුපියලක් හමාරක් දිලා යාමද සිරිතකි. පහමාට හෙවත් හයට පමණ ඈ අවුත් පිළියෙල කර තිබුණු කෑම බීම බලා දෙස් දෙවොල් කියමින් දෙතුන් දෙනෙකුට ගසා කලබල කරමින් රැ කෑම පිළියෙළ කරන්නීය. ස්වාමි පුරුෂයා තමාගේ රක්ෂා වේ සිට ගෙදර එන කොට එතන ගෙදර “කන්දොස් කිරියා ගුහාවක්” බව පෙනේ. ඔහු ආ හැටියේ වැඩකාරයා ගේ හෝ වැඩකාරිය ගේ දෝසයක් නැත්නම් පුතා ගේ හෝ දුව ගේ වරදක් එසේත් නැතිනම් අසල්වාසීන් ‍ෙග් “දෝහි” කමක් ඒ කිසිවක් නැත්නම් තමන්ගේම පුරුෂයා ගේ දෝසයක් කියා “කුරු කුරු” ගාන්ට පටන් ගන්නීය. දවසක් මුළුල්ලේ වෙහෙසවී නිස්කලංකයක් සැනසිල්ලක් ලබන පිණිස ගෙදරට පැමිණි ඒ මනුෂ්යාතට වුයේ වඳින්ට ගිය දේවාලය ඉසේ කඩා වැටුනාට සමාන ක්රිණයාවකි.



05. පරිචිජේදය[සංස්කරණය]

වර්තමාන සංකර “ශිෂ්ටායචාරය” හොඳින් පුරුදු වු පවුල්වල හැ‍ඳෙන ස්ත්රීයන් සවකීය සවාමි පුරුෂයාව සලකන්නේ වාලෙක් හැටියට ය. ඉතාමත් ධනවත්, ශරීර ශක්තිය ඇති ලක්ෂණ තරුණයෙකු නම තමන් සමාන මිත්රධයෙකු ලෙස සලකයි. නමුත් ඔහු ටිකක් දුර්වලව අවලක්ෂණ වනවිට සලකන්නේ ප්රේතතයෙක් යක්ෂයෙක් හැටියට ය. මේ නිසා දැන් කුල ගෘහවල සාන්ත භාවයක් නැත්තේ ය.

මෝටෝකාරයක ගමන් කිරිම - විකාර සභාවලට හා රේස් පිට්ටනිවලට- තරුණ තරුණියන් නිතර ගැවසෙන තැන්වලට- ප්රිරය සමිභාෂණ්ව ලට- දුර බැහැර වන්දනාවට යනාදී ගමන් බිමන් හිතු හැටියේ යන්ට විය හියදම් දෙනතෙක් ස්වාමිවරුන්ට හොඳහිත පෙන්වන ස්ත්රීටහු සිටිති. ඉතින් කුමාරදාස සිංහලද්වීපයේ තවමත් ශිෂ්ටාචාර පවුල්වල කුලස්ත්රී‍හු සවාමි පුරුෂයා දෙවි කෙනෙකු ලෙස සලකති. ඔහුට පක්ෂපාතව සුවච කීකරු ව වෙසෙති. ඒ නිසා ඉතාමත්ම හොඳ භාර්යාවන් ඉතා දුර්ලභ වශයෙන්වත් අප රටේ තවමත් ඉන්නා බව කිය හැක.

යුරෝපා ඇමෙරිකා ආදී රටවල ශිෂ්ටාචාරය අනිකකි. එහි ස්ත්රීමන්ගෙන් පුරුෂයන්ගෙත් පැවැත්ම අපේ රටට වඩා බොහෝ වෙනස් ය. දෙදෙනාම එක සමාන තත්වයේ ය. පුරුෂයාත් ස්ත්රියන් දෙදෙනාම තම තමාට රුචි අන්දමට කල්යැවුවාට ඔවුන් ගේ අමනාපයක් නැත. කැමති කලක් එකට වාසය කොට ඉක්බිති ඔවුන් දෙදෙනා විවාහය අවලංගුකර ගනිති. නමුත් යුරෝපා අමෙරිකා ආදී රටවලත් පුරුෂයන් ඉතා ඉහලින් සලකා ඔහුට සැපදෙන ඔහු‍ෙග් සුවදුක් මවු කෙනෙකු මෙන් සලකන ස්ත්රීිහුත් සිටිති. ඒ විශේෂ කාරණයකි. යුරෝපයේ ප්ර න්ස රටේ නොබෝදා කෙරුණු විව‍ාදයක් මෙසේය.

   “පණස් ඇවිරිදි පුරුෂයෙක් 25 ඇවිරිදි ස්ත්රීවයක් සරණ කරගත යුතුද ?” යන පර   ශ්නය නිරාකරණය කරගනු සඳහා ප්රකන්සයේ පැරීස් නුවර “ක්ලබ් ඩී පෝබර්ග්” නමැති ප්රුසිද්ධ සමිතියේදි විවාදයක් විය. සභාවේ ස්ත්රී් පුරුෂ දෙපක්ෂයේම සාමාජිකවරු වුන්හ. සභාවේ වුන් පිරිමි හැමදෙනාම ඉහතකී ප්රේශ්නයට “ඔව්- හොඳය -සුදුසුය” කියා පිළිතුරු දී තිබේ‍. නමුත් එහි වුන් සියලුම ස්ත්රි-හු “නෑ-නරකයි- නුසුදුසුයි” කියා උත්තර දුන්හ. අවුරුදු 50 ක් වයසැති පුරුෂයෙකු සමඟ අවුරුදු 25 ක් වයසැති ස්ත්රී යක් විව‍ාහ නො විය යුතුයයි කියන උගත් ස්ත්රීෂන් ඒ සම්බන්ධයෙන් දැක්වු කරුණු මෙසේය.  


  “එබඳු වයස් ගත පුරුෂයෙකු හා ස්ත්රී යක් එක්ව යන එනකොට සවාමි පුරුෂයෙක් හැටියට නොව පියෙකු හැටියට සලකන්නට ඉඩ ඇත්තේය. 
     අවුරුදු 25 හේ තැනැත්තිය තවමත් ස්වාමියෙකු පාලනය කිරිමට ඔහු ගේ සිත දිනා ගැනීමට තරම් වයස්පගත කෙනෙක් නොවේ. ස්වාමි සේවනයට සුදුසු අවුරුදු 30 ක් ගතවුවාට පසුය. 
    විවාහයක් සම්පුර්ණ වන්නේ අභ්ය නතරයෙහි රාගික භාවය එක 


56 යන්තම් ගැලවුනා


හා සමානව ඇති දෙදෙනෙකු අතර වේ.

  අන්යොදන්ය  ප්රීතතියක් හා සමඟි සම්පන්න රුචියක් පණස් ඇවිරිදි පුරුෂයෙකු හා 25 ඇවිරිදි ස්ත්රීවයක් අතර වැඩි කලක් නොපවති. 
    බොහෝ ස්ත්රී හු තමන්ට වඩා අඩු වයසැති පුරුසයන් හා සමඟ විව‍ාහ වෙති. මකිනිසාද? “ගැහැණු හැම වයසේ දීම කැමති තමන්ට වඩා අඩු වයසේ කරුණයෙකුට ම බැවින්ය.”
 පණස් අවුරුදු පුරුෂයෙකු හා විසිපස් ඇවිරිදි ස්ත්රීවයක් සරණ විමට සුදුසු කුමක් නිසාදැයි පුරුෂයන් විසින් දැක්වු කරුණු මෙසේය. “පණස් ඇවිරිදි මුහුකුරාගිය ස්වාම් පුරුෂයෙකු ලබා ගැනීම තරුණ ස්ත්රීමයකගේ ලොකු වාසනාවක් ය. මුහුකරා ගිය ඒ පුරුෂයා ඉවසිලිවන්තකමින් හා කරුණාවත් භාවයෙන්  ද නුවණින් ද ඇගේ සිත දිනා ගැනීමට සමර්ථය. එනිසා එබඳු විවාහ බොහොම හොඳය. භාර්යා‍ව පුරුෂයා ගේ තරුණ භාවය රැකගන්ට වීරිය කරන අතර පුරුෂයා ඈට නුවණැති ඉවසිලිවන්ත ගතිය පුරුදු කිරිමට ආධාර වන්නේය යනු පුරුෂයාගේ අදහස වේ. 
     ඉතින් මේ විවාදයේදී ස්ත්රී  පුරුෂ දෙ පක්ෂයෙන් ම ඒ එකමතිකව පිළිගත් කාරණය කුමක්දයත් “වේලාපහින් ප්රේආම බන්ධනයෙන් බැඳි අල්ලාප සල්ලාප කථා බස් ආදියෙන් හා එක්ව හැසිරිමේ පුරුද්දක් නැති දෙදෙ‍නෙක් විවාහවුණාට ඒ විවාහය සාර්ථක වෙන්නේ නැතැ”යි යන්න ගෑණු පිරිමි දෙපක්ෂය ම එකහෙළා පිළිගන්නා ලද්දේ ය. 
     ඉතින් යුරෝපීය ස්ත්‍ේ”ීන්ගේ තත්වය අපේ ධර්ම චාරිත්රා දියට හරවන්නට ක‍වදවත්ම බැරි අමුතුම එකක්ය. රටවල් අතුරෙන් යුරෝපා ඇමෙරිකා ආදී රටවල ස්ත්රීතන් පුරුෂයන් හා එක සමානව බොහෝවිට සමානත්වයටත් ව‍ඩා පහතින් පුරුෂයන් සලකා කල් යවති. අප්රිෝකා අරාබි ආදී මහමත් භක්තිය පවත්නා බොහෝ රටවල ස්ත්රීසහු “සතුන් ව‍ාගේ පුරුෂයන්ගේ මනදොළ පිරවීමට උපන් පිරිසක් ලෙස ඉඳිති. චීනයේ හා ඒ පැත්තේ අනිත් රටවලත් ස්ත්රීයන් “උපන්” වහල් පිරිසක් ලෙස කල්ගත කරති. බෞද්ධාගම පවත්නා සියම් බුරුම ආදී රටවල නිදහසත් සෛවරී භාවයත් ස්ත්රීුන්ට ඇතත් ප්රවතිපත්තිකාම් බැවින් පුරුෂයන්ට ගෞරවාදර දක්වති. ඉන්දියාවේ නුගත් පහත්  මිනිසුන් අතර උවමනාවටත් වඩා පුරුෂයාට ගරු කිරිමත් යටත් පහත් ගතියත් පවතී. ඉන්දියාවේ මධ්යත දෙශවල දැන් බුද්ධ‍ාගම නැතත් ගෘහිණි හෙවත් කුල ස්ත්රී ය ඉතාමත්ම පිරිසිදු උසස් තත්වයක ඉන්නා බව පෙනේ. පුරුෂයා දෙවියන් මෙන් ගෙ‍ෟරවයෙන් සලකන අතර ස්ත්රීනය පුරුෂයාගේ


පියදාස සිරිසේන නවකථා එකතුව 57


මව, මිතුරු, ආචාය්ය් , ප්රි ය භාර්යා ආදි තනතුරු කිපයක් දරන්න‍ියක්වි සිටිති. දැන් වනගතව ගොස් තිබෙන ශාක්ය ජනපද ආදියේ ඉන්නා නුගත් දුප්පත් ස්ත්රීනන්ගේ පැවැත්ම අපේ රටේ සාමාන්ය ස්ත්රීේන්ට වඩා හොඳයයි අසා තිබේ.

   ඉතින් කුමාරදාස රටවල් වශයෙන් නම් ඉතාම හොඳ ස්ත්රීීන්ගෙන්ම හෝ ඉතාම හොඳ පුරුෂයන්ගෙන්ම යුත් රටක් කිය නොහැක්කේය. සාමාන්ය් වශයෙන් දඹදිව ස්ත්රිනහු රූප සෞන්දයර්යෙන් හා සුචරිතයෙන් යුරෝපා ආදී බටහිර රටවල ස්ත්රීරන්ට වඩා අගේය. “හ්රීත ස්ත්රීබන්ගේ මහාර්යාභරණයක” යන උසස් පණ්ඩිත මතය ආර්ය ගොත්රනයට අයත් ඉන්දියාවේ හා ලංකාවේ ස්ත්රීුන්ගෙන් මතක නැති කිරිමට මේ තාක්ම නොහැකිවු බව පෙනේ. ගුණ ධර්ම අතින් හොඳම ස්ත්රීතන් ඉන්නා රටක්වත් නරකම ස්ත්රියන් ඉන්නා රටක්වත් වෙන්කොට දැක්වීම දුෂ්කරය. ඒ හෙයින් කුමාරදාස ගේ පළමුවන ප්රහශ්නය විසඳිය නොහැකි විසඳීමෙන් පලක් නැති එකක්ය. නමුත් කුමාරදාස ඇසු දෙ වැනි ප්රවශ්නය එනම් “පුරුෂයාගේ හිත කලකිරිමට පත් නොකරන ස්ත්රිසයක් සොයා ගන්නට පිළිවන්ද”යන ප්රටශ්නයට ඉතා ලුහු‍‍ඬෙන් පිළිතුරු දිය හැක්කේය. පුරුෂයන් ගේ හිතත් කලනොකිරවා දු පුත්රාලදීන් හොඳින් තනා සමඟියෙන් හා සතුටින් කල් යවන ස්ත්රීකන් අපේ ලංකාද්වීපයේ ලක්ෂ ගණනතටත් වඩා තවමත් ඉන්නා බව අපට කිය හැක්කේය. පාත රටටත් වඩා උඩරට පළාත්වල එබඳු ස්ත්රීබන් බහුලය. බයස්කෝප් ආදී නරිනාටක නොබලන අශික්ෂිත බෝඩිං ස්කෝල්වල නැවතී නො සිටින පහත් දුෂ්ට ස්ත්රීංන් සමඟ නිතර සේවනයක් නැති යහපත්‍, ශික්ෂිත මවු කෙනෙකු ගේ දියණියක් තමා ගේ යුතුකම ඉකමවා ක්රිතයා කරන්නේ නැත. තමා කුඩා කා‍ලේ මවුපියන් දුක්ඛිතව සිට තරුණ කාලේ ධනවත් බවට පැමිණ සමහර පවුල්වලට හදිසි අහංකාරකම් ඇතිවිම සිරිතකි. නමුත් ප්රහතිපත්ති දැන ඒවු පරිද්දෙන් පිළිපදින අමිශ්රන සිංහල මවුපියන්ගේ දරුවන් කොයි විධියටවත් මුලාවෙන්ට යෙදුණත් කළ්යා්ණ මිත්රහ සේවනයෙන් යථා සථානයට පමුණුව‍ා ගන්ට බැරිකමක් නැත. රන් භාජනය බිඳුනත් කිළුටුව  දුර්වර්ණව තිබුණත් එහි අගය අඩුවන්නේවත් ප්ර්තිසංස්කරණය කර ගන්ට නො හැකි වන්නේවත් නැතුවා මෙනි. ඉතින් මගේ පුතාට කුමාරදාසට ප්රරශ්න තුන නිරවුල් වුණාදැ”යි ලොකු මැණිකේ ඇසුවිට මාතෘ ප්රේගමයෙන් හරිතවු කුමාරදාස මෑණියන් ගේ පා දෙක වැඳ අවුරුදු පහක් අපේ කොලීජියේ ඉගෙනිමෙන් නො ලැබු ඥානයක් අම්මා ගේ කථාව ඇසීමෙන් ලැබුවෙමියි කීයේ”ය





58 යන්තම් ගැලවුනා


   කුමාරදාස ගේ පියා, නැන්දා ආදී පිරිසත් මහත් ප්රීයතියට පත් වු නමුත් මේ වැදගත් සාකච්ජාවෙන් වැඩි ප්රියොජනයක් නො ලැබුනේ කටුකැලේ කොලීජියේ බොඩිංව ඉන්නා කුමාරදැස ගේ ම නෑනා වන පද්මාට පමණකා බව කාටත් වැටහුණේ ය. සිංහල භාෂාව හරිහැටි නො තේරීමත් සිංහල චාරිත්රි වාරිත්ර  කතා බහක් අසන්ට නො ලැබීමත් නිසා මොකවත්ම නො දැන ඉන්නා පද්මාට මුහුකුරා ගිය පසු කාරණා අවබොධ කරදෙන්ට පිළිවනැයි ඇගේ ‍ මෑණියන් වන බිසෝ මැණිකේගේ බොළඳ කල්පනාව නිසැ පද්මාට විපතක් නුනොත් වාසනාවකැයි කුමාරදාස එතැන්දිම කල්පනා කළේය. 
     නිවාඩු කාලය අවසානව කුමාරදාස නැවතත් කොළඹ කොලීජීයට ‍ආවේය.කොලීජියේ ඔහුත් සමඟම ඉගෙන ගන්නා ළමයෙක් වන ඇන්ඩෲ ගේ මස්සිනා කෙනෙකු වන ජෝසප් මුණ ගැසුනෙය. සමාන වයසේ කරුණන් දෙදෙනා අමද්යක පානයකුත් කොට කථාබස් කිරිමෙන් මිතුරු විය. ජෝසප් ගේ පියා ණය තුරුස් වෙවි උසස් අන්දමට ඉන්නා කෙනෙකි. ජෝසප්ට හරි ඉගෙණිමක්ව්ත්ස රක්ෂාමකවත් නැති රූපත් තරුණයෙකි. ඔහුට බොහෝ මිතුරෝ සිටිති. මොටෝකාර් පදවන්ට ගජ සමතෙකි. ඔහුගේ පියාටත් මොටෝකාරයක් තිබේ. අත මාරුවකට ටික වේලාවක් ගමන් කිරිමට මොටෝකාර් හත අටක් වුවත් ඉල්ලා ගැනිමට පිළිවන් ජෝසප් ගේ රාජකාරියත් කාගෙත්වත් කාරයක් ඉල්ලාගෙන එහෙ මෙහෙ  ඇවිදිම පමණකි. ශඨප්ර යෝග යෙදිමට ඉතාමත් දක්ෂයෙක් වන ජෝසප් ලක්ෂපතියෙකු ගෙ පුතෙක් මෙන් ක්රි යා කරයි. මොහු ‍ෙග් තත්වය කාටවත් දැනගන්ට බැරිය.


  කුමාරදාස හා සමඟ කොහොම නමුත් ජෝසප් මිතුරුවිය. කුමාරදාස උගතෙක්ය. හොඳ මවුපියන් ගේ දරුවෙක්ය. නමුත් අවුරුදු විස්සේ වයස ඉතාමත් මොළොක් වු වරදට හෝ  යහපතට  හරවා ගන්ට පහසු වු කාලයකි. ගැහැණු ළමයෙකු ගේ හෝ පිරිමි ළමයෙකු ‍ගේ ඉතාමත් චපල කාලය අවුරුදු 19 පටන් 24 රෙන් අවසාන වන අවුරුදු 6 බව පෙනේ. මේ අවුරුදු හය අයුත්තකට නො බැදි යථා විධියෙන් කල්ගත කරන්ට පිළිවන් කිසිකෙනෙකුට නපුරකට වැවෙන්ට ඉඩක් නැත. අවුරුදු 19 ‍ටත් 24 ටත් අතර සය අවුරුද්ද භයංකරය.ස්ත්රිද පුරුෂයන් හා පෙම් බැඳිමත්-රෙස් ආදී සුදුවලට  පුරුදු විමත්- මත්පැන් ආදිය බොන පාපමිත්රප ආශ්ර යට අසුවිමත්- අයුතු කාම සේවනාදියට පුරුදුවිමත් ඉතාමත් වැඩි වශයෙන් සිද්ධ වන්නේ අවුරුදු 19 ටත් 24 ටත් අතර 




පියදාස සිරිසේන නවකථා එකතුව ‍ 59


එනම් ඒ අවුරුදු 6 ඇතුළතදීය. ගැහැණු ළමයෙකු හෝ පිරිමි ළමයෙකු නුවණැති මවුපියන් විසින් අවශ්යඑයෙන්ම ආරක්ෂා කරගත යුතු මේ කාල සීමාවේදීය. ඒ ඒ ළමයින් විසිනුත් ඉතාමත් ධෛර්යයෙන් නො මග නොගොස් ප්රරවේසම් යුතුය. පුරාණ දඹදිව යස ඉසුරෙන් හරිත කාලේ සොළොස් ඇවිරිදි වයසේ දි ආව‍ාහ විවාහ පිළියෙළ කර තිබුණෙත් මේ නිසාමය. සුවච කීකරු ගැහැණු පිරිමි දරුවන්ට උගත් ගුණවත් මවුපියාදින් විසින් කාරදෙන ආවාහ විව‍ාහ ඔවුන්ගේ දියුණුවටත් සැපතටත් අතිශයින්ම හේතු භූතවි තිබේ. නමුත් මේ කාලය එහෙම පිටින්ට විපර්යාස වු කාලයකි. ඔවුනොවුන්ගේ කොයි කටයුතුත් තම තමාට රුචි අන්දමටම කරගන්නා කාලයක් බැවින් විවාහයක් පිළිබඳ තොරතුරු සියල්ලක්ම ඒ ඒ තරුණියත් තරුණයාත් විසින්ම පරික්ෂාකොට විමසා කරන කාලයකි.

      කුමාරදාස බණ්ඩාර සමඟ මුලදි සාමාන්යට මිත්රලයෙකු මෙන් හදිසියේ එක්වුණු ජෝසප් මාසයක් යන්ටත් ප්ර්ථම ගජ  මිත්රටයෙක් විය. අත මාරුවටය කියමින් රුපියල් හත අට කුමාරදාසගෙන් ඉල්ලා ගන්ට ජෝසප්ට පුරුදු විය. ජෝසප් ගේ පියා ගේ හෝ වෙන කෙනෙකු ගේ මොටෝ රථයක් රැගෙන කුමාරදාස ඉන්නා බෝඩිමට පැමිණ ඔහුත් සමඟ ගෝල්පේස් යාම ඔවුන් ගේ “සායන්හකාල ක්රීමඩාවක්” විය.  කුමාරදාස ගේ මවුපියන් ඉඩකඩම් වතු කුඹුරු හිමි ගම්දෙටුවන් නමුත් ඒවා වැඩි දියුණු කරගෙන ධනව්ත වීමට වඩා ආණ්ඩුවේ මෙහෙයක් කිරිම‍ට කැමතිව ඉන්නා බැවින් කුමාරදාස අවසාන “මැට්රිික්” විභාගයෙන් දක්ෂ වු හැටියේම ආණ්ඩුවේ වැඩකට ඇතුල් කරන්ට නියම කරගෙන තිබුණේය. 
  උඩරට සාරවත් වතු කුඹුරුත් විශාල වෙළදාමත් පරදෙශිකයන්ව හිමිවුණේ පසුගිය කාලේ විසු ආත්මාර්ථකාථකාමි රදලවරුන් ගේ අයුතු ක්රියයා නිසාත් සාමාන්යක උඩරට සිංහලයන් නිවහල් වෙළ හෙළඳාමට වඩා ආණ්ඩුවේ රාජාකාරිවලට තිබුණු කෑදරකම නිසාත්ය. මේ කාරණා කුමාරදාස හොඳින් දන්නා නමුත් තමාගේ මවුපියන්ගේ මනදොළ සතුටු පිණිස කොළඹ ආණ්ඩුවේ කනතෝරුවක “කටයුතු ඉගෙන ගන්නා” අතර එක් සෙනසුරාදා දිනයක සවකීය මිතරරුවයා වන ජෝසප් සමඟ ඔහු‍ගේ මොටෝ රථයෙන් ගෝල්පේස් පිට්ටනියට ගියේ ය.






60 යන්තම් ගැලවුනා


06. පරිච්ජේදය[සංස්කරණය]

බොහෝ තරුණ තරුණියන් ඇඳින ගන්නා මේ ස්ථානයට ඉන්දියා සාගරයේ ප්රචචාල පර්වතවල වැදී එන නිරාවරණ මන්දමාරුතය ස්වාභාවික කාමාලය වඩාත් උද්දිප්ත බවට පමූණු වන්නේ ය. ජෝසප්ගේ මො‍ටෝ රථය පිට්ටනියේ පසෙක නවත්වා ඔහු මිතුරෙක් සම්බවිමට ගාලු මුවදොර මහා විශ්රාාම ශාලාවට ගියේය. කුමාරදාස බණ්ඩාර මහතා පිට්ටනියේ මැද වාඩිගෙන මුහුද දෙස බලා වුන්නේය. ටික වේලාවක් යනවිට මොටෝ රථයක් අවුත් ඔහු ඉදිරිපිටින්ම නමත්වන ලදී. කුමාරදාස ගේ නෙත් මොටෝකාරය දෙස ඇදි ගියේය. එහි තුළ සිට දෙ ගොඩහරි වයසේ බවලතෙක් හා දස ඇවිරිදි තරමේ ගැහැණු ළමයෙක් ද බැස්සේ ය. ඔවුන් කෙරෙ‍හි වැඩි කැමැත්ත්කිේන් බැලිමට කුමාරදාස ගේ ඇස් සතුටු නුවුහ. නමුත් අන්තිමට බැස්ස වයලට් ‍ගේ රූපය දුටු හැටියේ ම කුමාරදාස‍ගේ ඇස් දෙක නැමැති බඹරු දෙදෙනා වයලට් ගේ මුහුණ නමැති පද්මය වෙත දිව ගත්තෝය. වයලට් නැමැති නෙළුම් පොකුණ හාත්පස කුමාරදාස ගේ ඇස් නමැති බමරු දෙදෙනා මහා කලබලයේ ම ඇවිදින්නට පටන් ගත්හ. වයලට් ගේ දෙපසින් මදක් අවුල් කොට මුදුණෙන් දිය පාරක් මෙන් බෙදා මල් ගවසා බැද තුබුණු නීලවර්ණ කේශ කලාපය වයලට් ගේ ශරීරය නමැති පොකුණේ වැඩි ගිය නිල් සෙවෙල් (පෙඳ) කළඹකට සමාන විය. කුමාරදාස‍ගේ ඇස් දෙක නමැති අනලස් බමරුන් දෙදෙනා මේ කේශ කලාපය නමැති පෙඳ ගාලේ සැරිසරද්දි එහි පවත්නා නිල් පැහැයත් ගල්වන ලද මිහිරි සුවඳැති පොමාදත් දෙපැත්තෙන් ගසා තබෙන ආරක්ෂක පනා දෙක නමැති සිප්පි කටුත්. කොණඩය මත ගසා තිබෙන රක්ත වර්ණ රෝස මල නමැති සුපුස්පිත ඕළු මලක් දුටු කුමාරදාස ගේ ඇස් නමැති බමරුන්ට බැලීමට ඉවසුම් නැති විය. වම් පසින් බෙදා පීරන ලද වයලට් ‍ගේ කේශ කලාපය බෙදුණු තැන සිරස හරියට ම පොකුණේ සුදු වැලි කන්දක් මතුවුණා වැන්නේය.ඇගේ දිගු පුළුල් ඇස් දෙක නමැති පෙති දෙන්නා එල්බෙන විශාල කන් දෙක නමැති කෙමන් දෙකට වදින්ට ම‍ාන බලන්නාක් මෙන් කුමාරදාස ගේ ඇස්වලට පෙනුණේ ය.

රන්වන් හංසයෙකු ගේ තුඩක් මෙන් පෙනුණු වයලට් ගේ නාසයත්




පියදාස සිරිසේන නවකථා එකතුව 61


රක්ත වර්ණයෙන් දිලිසෙන වයලට් ගේ කම්මුල් දෙකත් දුටු කුමාරදාස ගේ ඇස් නමැති බමරුන්ට අස්වැසිල්ලක් නැති විය. තර වු ඕෂ්ට යුගලය රක්ත වර්ණ වීමට යම්කිසි ඖෂධයක් යොදා නො තිබුණා නම් වයලට් ‍‍ෙග් ‍ෙතාල් ‍ෙදක රදලිය පලයෙකැයි කාටත් අවබොධ විය යුතුය. වයලට් ගේ ශරීරය නමැති සුපිෂ්පිත පොකුණේ එබී බලන්නා වු හංස පෝතකයන් වැනි පයෝධර යුවලත් ගොතා තබන ලද මල් දම් දෙකක් වැනි හස්ත යුග්මයත් කුමාරදාස‍ගේ ඇස් නමැති බමරුන් විකල කළ බැවින් ඒ ශරීරය නමැති විලේ ඒ ඇස් නමැති බමරුන් කොයිබ වාඩි ගන්නේ දැයි ඔවුන්ට ම නිශ්චය කර ගත නො හැකි වුයේය. වයලට් ගේ පුළුලුකුල නමැති වැලිතලාවෙන් සර්ජිත වු ඒ ශරීර තඬාගයේ ස්වයං බලයෙන් ඇති වු මට සිලිටු කෙසෙල් පැල දෙකක් හා සමාන වටොර යුග්මය නැරඹු කුමාරදාස ගේ ඇස් නමැති බමරුන එහි නවතින්ට උත්සාහ කළ නමුත් ලිස්සා වැටුණු බැවින් කුමාරදාස ගේ ඇස් දෙක නැවතත් ඔහු වෙතටම ආහ.

     අවුරුදු විස්සකට අධික වයසැති කුමාරදාස දස අවුරුද්දකට වැඩි කාලයක් කොළඹ වාසය කළ නමුත් වටලට් පෙරේරා සමාන රූප ශ්රිවයෙන් යුත් තරුණියක් නො දිටු බව හැඟු‍ෙණ් ය. වයලට් ගේ ශරීරයේ රූපශ්රීෙය ඇස් දෙකෙන් උරා බ් සිත පිරුණු කුමාරදාසට ටික වේලාවක් වුන තැනින් නැගිටින්න බැරිව සිටියේය. නොයෙක් ස්ත්‍රී ප‍ුරුෂයන් ඒ මේ තැන හැසිරෙන ප්රසසිද්ධ පිට්ටනිය නිසා මඳ වේලානකින කාමාතුරව වුන් කුමාරදාස වුන් තැනින් නැගිට මදක් ඇත වාඩිගෙන සිටි වයලට් ළඟට ගියෙය. මිට පෙර කවදාවත් නො දුටු කථා නොකළ කුමාරදාස බණ්ඩාර මහතා දුටු වයලට් ඔහුත් සමඟ ඉංග්රි සියෙන් කථා කරන්ට පටන් ගත්තාය. “පෙරේදා සිංහල ක්රීවඩා සමිතියේ ක්රිනකට් තරඟය බලන්ට ගොස් සිටිය දී මහත්මයා දුටුවෙමි”යි වයලට් කීවාය. ඒ කියන ස්ථානයට කුමාරදාස නම් ගියේ නැත. වයලට් කීවේ පල් බොරුවකි. සිහිබුද්ධි ඇති කාමයෙන් රෝගී නො වු කෙනෙකුට නම් වයලට් කිවු ඒ බොරුවම ඇ කෙරෙහි පිළිකුල් කිරිමට තරම් වේ‍. නමුත් කුමාරදාසට ඒ පල් බොරුව අමාවක් මෙන් වී ඔහුත් ගල් පැලෙන් බොරු කියන්ට පටන් ගත්තේය. “ඔවු මමත් මිත්රලයෙකු සමඟ හදිසියේ ක්රිීකට් තරඟය බලන්ට ගියෙමි. නෝනා කාගේ කවුද කියා දැන ගන්ටත් නෝනාලා පදිංචි කොහේද කියා දැන ගන්ටත් ඇත්නම් සතුටුය”යි කීවාම- ඒ හොඳින් ම කියා දිමට සැදි



62 යන්තම් ගැලවුනා


පැහැදි වුන් වයලට් ඉංග්රි්සි නො ‍තේරෙණ මවු ඉදිරියේ කුමාරදාස සමඟ දිගටම කථා කරන්ට පවන් ගත්තාය. “මගේ නව වයලට් පෙරේරා මේ ඉන්නේ මම්මා අපේ පප්පා ප්ර්සිද්ධ බ්රොුකර් කෙනෙක් වන පෙරේරා, අපි ඉන්නේ කුරුඳුවත්තේ අපේම ගෙදරය”යි කියා “මහත්මයා කොහේද- කරන්නේ කුමක් ද- නම කොහොමද” කියා ද වයලට් ඇසුවාය. තමා බලාපොරොත්තු වුයේ හත් අට දිනකින් වත් වයලට් සමඟ වචනයක් කථා කරන්නට නො ලැබේය කියායි. නමුත් එක මොහොතින් අවුරුදු දෙක තුනක් මේරු තරමට යාළුකම ඇතිවු නිසා අධික ප්රීමතියට පත් කුමාරදාස “මම යුනිවර්සිටි කොලීජියේ මැට්රි්ක් විභාගයෙන් සමර්ථව දැන් ආණ්ඩුවේ මහ කන්තෝරුවේ වැඩ ඉගෙන ගන්නෙක්ව සිටිමි. මම උඩරට පවුලක කෙනෙක්මි. ම‍ෙග් නම කුමාරදාස බණ්ඩාරය. මිස් පෙරේරා කැමති නම් මම යෝජනාමක් කරන්නෙමි”යි තරුණ බණ්ඩාර උන්මත්තකයෙකු ලෙස කීයේය.


    කුස ගින්නේ සිටින වෘක ධෙනුවක් මෘදුවු මුව පොතකයෙකු ඩැහැගත් විට සතුටුවන්නේ යම්සේද වයලට් පෙරේරා කුමාරදාස ‍ගේ යෝජනාවට සතුටුවුයේය. සතුටුව- “ඔවු හොඳ යොඡනාවක් නම් මගෙන් ඇති විරුද්ධයක් නැත - එය ස්ථිර  හිතකින් මිස, නැවත වෙනස් කරන කල්පනාවක් නම් කරන්ට එපා”යි කීවාය. “නැහැ මම නම් යෝජනා කරන්නේ සර්ථ්ර චෙතනාවෙන්මයි.  මිස් පෙරේරා වෙනස් නො කළොත්’ කියමින්- “අපි දෙන්න‍ා කසාද බඳින අදහසින් මිතුරු වෙමුදැ” යි කුමාරදාස ඇසුයේය. “මහත්මයා වැදගත් උගත් පොහොසත් කෙනෙක් බව පෙනෙනවා. මමත් එබඳුම වැදගත්, උගත් ‍පොහොසත් පවුලක තරුණියක්මි. මහත්මයා අවංකව මේ යෝජනාව කරන ලද්දේ නම් මම ඉතාමත් ප්රී තියෙන් පිළිගනිමි” කියා අතට අත දි මිනිත්තු දෙකක් පමණ කුමාරදාස ගේ දෙස බලා ඉඳිමින් ඇගේ කාමාභිලාෂි ශරීර කාන්තිය කුමාරදාස ගේ ළපටි ශරීරයෙහි ගැල්වුවාය.


      වයලට් ගේ සහ කුමාරදාස ගේ මේ කථා බස්‍ හා නුරා බැළුම් සහිත පලහලව්  සියල්ලක්ම ළඟව‍ුන් මහළු පෙරේරා නෝනා හොඳින් බලාගෙන සිටියාය. නමුත් දියණියටත් මින් ‍පෙර කවදාවත් නුදුටු තරුණයෙකුටත් සිත් වු පරිදි නුරා සහගතව මිත්රයවෙන්ට ඉඩ ඇරීමෙන් ස්ත්රීටන් ගේ මහාර්යාභරණය  වන “විලි බියට” හෙණ වැදි විනාශ වු බව හොඳින් පෙනී යන්නේය.  දැන් වෙලාව පහමාරත් පසුවිය. මිනිත්තු පසලොසකින් එන්ට පොරොන්දු වි ගිය කුමාරදාසගේ මිත්රතයා ජෝසප්ව පැය




පියදාස සිරිසේන නවකථා එකතුව 63


තුන් කාලකටත් වඩා ගතවිය. ඔහු මිතුරෙකු බලන්ට ගිය නමුත් මිතුරියන් කිප දෙනෙකු මුනගැසී ඔහුගේ කාලය නාස්ති කර ගන්ට සිද්ධවිය නමුත් ප්රමමාදයත් හොඳ විය. සියල්ලම සිද්ධ වන්නේ හොඳටයයි කියු කථාව මෙහිදිත් ස්ථුට විය. මිතුරෙකු සම්බවෙන්ට ගොස් ප්ර මාදවිම නිසා මිතුරියන් කිප දෙනෙකු මුන ගැසීමෙන් ජෝසප්ට අධිකරතර සන්ධ්යා් කාලයක් ගත කරන්ට ඉජ ලැබුනේය. ජෝසප් තමා සමඟ නොසිටි නිසා කුමාරදාසට වයලට් පෙරේරා සමඟ මිතුරුව මධුර වු කතාබස් පවත්වා විවාහ ගිවිසුමක් කරගන්ටත් ඉඩ ලැබුණේය. ජෝසප් එපිටදිම කුමාරදාසත් සමඟ එක්ව වුන් මහළු පෙරේරා නෝනාත් වයල්වත් දුටුවේය. දැකලා මහත් උනනදුවකින් ළඟට එනකොටම වාගේ වයලට් හා ඇගේ මවුත් මොටෝ රථයේ නැග ගත්හ. වයලට්ගේ මවු තරුණ‍ ‍ජෝසප් මහතා අඳුනන්නීය. පෙරේරා නෝන‍ා‍ෙග් කුඩා ගෙවල් දෙකක් ඉදිරිපිට ලොකු ගෙවල් පහක් තිබෙන ඉඩම අයිතිකාර ජෝසප් මහතා ‍ගේ පුතා බව දන්නා හෙයින් තරුණ ජෝසොප්ට කථා කොට කුමාරදාස හා ජෝසප්ටත් ආචාර කොට “ රැ බෝවන නිසා අපි යනව” කියා ඔව්හු යන්ට ගියහ. මොටෝ රථයේ නැගී ගිය වයලට් තරුණ කුමාරදාස‍ගේ ප්රාාණයත් රැගෙන් ගියද? ඔවු කිව්වරයන්ට නම් එසේ කියහැක. ජෝසප් කුමාරදාස ළඟට අවුත් “අයිසේ මම ටිකක් වැඩියෙන් ප්ර මාදවුණා- ඒ ගැන අසතුටුදැ”යි ජෝසප් ඇසු නමුත් කුමාරදාස වුන්වනම්- රූපයක් ‍මෙන් වුන්නා මිස මුවෙන් නොබිණුවේය.

   “ඇ සහ ගිය ම                                                       නා
     වැන්න එනතෙක් බලා සිටි                                   නා”
  යනු කීවත් වැරදි නැති තරමට කුමාරදාස නිශ්චලව සිටියේය. නමුත් මිනිත්තු පහකට ‍ පසු

ජෝසප් - මොකද කුමාරද‍ාස පෙරේරා නෝනල සමඟ කථා බස් කොට මිත්රට

             වෙන්ටවත් ලැබුණාද?

කුමාරදාස - ඔවු අයිසේ- මම මෙතන තනිම ඉන්න කොට- ඒ මහළු නෝනාත්

              තරුණ පෙරේරාත් මෙ ළඟටම අවුත් ව‍ාඩි වුණා වචනයක් දෙකක් කථා 
              කළා- ජෝසොප් ඔවුන් අඳුනනවාද?
  ජෝ    -  මොනවා මම හොඳට අඳුනනවා- ‍බ්රෝාකර් පෙරේරා හැබැ හපනෙක්-
              දිනකට රුපියල් හත්අට සියයක් හම්බ කරනවා. කොළඹම ගෙවල්
              පහලොවක් පමණ තිබෙනවා ඔවුන් දැන්

64 යන්තම් ගැලවුනා


කුරුඳුවත්තේ පදිංචිව ඉන්නා ගේත් ඒ අය ගේමයි. පෙරේරා උන්නැහේ අපේ පප්පාගෙත් හොඳ මිත්රායෙක්- ඔය මිස් පෙරේරා හැබැ ලක්ෂණ හොඳ උගත් තරුණි. පවුලේ දරුවන් තුන්දෙනෙකි. ඔය මිස් පෙරේරා කසාද බඳින්නට අද්වකාත් කෙනෙක් වීරිය කරන බවත් ආරංවියි.

කුමා - එහෙනම් ඒ පවුල ගැන මිස්ටර් ජෝසොප් හොඳ හැටි දන්නවා. අපි හෙට

           සවස් වරුවේ න‍ිකම්පාහේ ඔවුන් ගේ දිහාවට යමු ද?

‍ජෝ - සත්තකෙන්ම බොහොම හොඳයි. මම ‍ සමරසිංහ ගේ කාර් එකත් ඉල්ලා

         ගෙන එන්නා. මිස්ටර් කුමාරදාස කන්තෝරුව ඇරුව හැටියේම ලෑස්තිවි 
         ඉන්ට. මම බෝඩිමට එන්නම්.
    ජෝසප් ගේ කරුණාවන්ත පොරොන්දුවට සතුටු වු කුමාරදාස මිත්රැයාත් සමඟ බෝඩිමට ගියේය. ගොහින් කුමාරදාසව මොටෝ රියෙන් බස්සවා “මිස්ටර් කුමාරදාස හෙට අපි පෙරේරා මහතුන් ගේ ගෙදරටත් යන්ට ඕනැ-  මගේ ලොකු ඕනැ කමකට අතේ තිබෙතොත් රුපියල් විස්සක් දෙන්ටය”යි ජෝසප් ඉල්ලුවේය. මිත්රිවුනාට පසු ජෝසප් කළ පළමුවැනි ඉල්ලිම නිසාත් හෙට මනමාලිය බලන්ට යාමට නියම කරගත් නිසාත් ඒ ඉල්ලීම කොයි විධියකින්වත් ඉෂ්ට නොකර ඉඳීමට නොහැකිවු කුමාරදාස තමා අතේ තිබෙන්නේ රුපියල් දහය බැවින් බෝඩිම අයිතිකාරයාගෙන්ද රුපියල් දහයක් ණයට ඉල්ලා රුපියල් විස්ස ජෝසප්ට දුන්නේය. සුරාපානය කිරි‍මාද් දුසිරිත්වලට මුදල් නැතිව වුන් ජෝසප් කුමාරදාසට අප්රතමාණ ප්රේාමයක් දක්වා හෙට සවස එන්ට පොරොන්දුවී යන්ට ගියේය. 



07. පරිච්ජේදය[සංස්කරණය]

එදා රාත්රිජයේ සිරිත්ප්රිකාර ආහාරරපාන ගෙන නිදන්නට ගිය කුමාරදාස බණ්ඩාරගේ හිත අත්ශයින කලබල විය. වෙනදා ඔහ‍ු නිදා ගන්නවිට ගාථා තුනක් හතරක් කියා ප්රීකතියෙන් නිදා ගැනිම සිරිතකි. නමුත් එදා පදයක් කියන කොට වයලට් ගැන හත් අට විඩයක් මතක් විය. අව‍ුරුදු දහයක්ටත් වැඩි කාලයක් දිනපතා සජඣායනා කළ ගාථා පද එදා නැවැරදි ලෙද කියන්ට බැරිවුණු කුමාරදාස හිතේ ස්වභාම මදක්වත් අවබෝධ නුනකල- මළපත අකුර


පියදාස සිරිසේන නවකථා එතකුව 65


නො දත් පහත් මිනිහෙක් ස්ත්රී යකට ආලය ඇති කළොත් ඔහුට කෙතරම් අයුත්තක්- අපරාධයක් වුවත් කළ නො හැක්කේ ද? අහෝ! කාම තෘෂණාව කරම් මනුෂ්යකයන් නො මඟ යවන දුකට පමුණුවන කාරණයක් මුළු ලෝකයේම තිබේද? කුමාරදාස රාත්රි දොළහ වනතුරුත් කාමාග්නියෙන් දැවෙම්න නොයෙක් දේ සිතම්න් විඩාවට පත්වුණා මිසක් කාමයෙහි දොෂ‍- අවැඩ ගැන මොහොතක්වත් නො සිතු හැටි! කොයි ක්රවමයකින් නමුත් එදා රාත්රිවය ගත කළේය. තමන් රාජකාර්ය සඳහා නියම වේලානට ගිය නමුත් කන්තෝරුවෙන් පිටවන නියම වේලාවටත් ටිකක් වේලාපහින් බෝඩිමට අවුත් වයලට් බලන්ට යන පිණිස හොඳට ඇඳ පැලඳගෙන ඉන්නාවිට තරුණ ජෝසප් කා‍ගේදෝ අලුත් මොටෝ රථයක් රැගෙන ආවේය. “අයිසේ- මේ කාරය ‍ගෙනාවා මිස පැටරෝල් නැත. පැටරෝල් ගැලොමක් දෙකක් දා ගෙන නො ගියොත් වස නින්දාවකි. සමහරවිට වයලට් නෝනාලාත් අප සමඟම ගෝල්පේස් යන්ට පුළුවන. එහෙම උනොත් පැටරෝල් නැතිව ලජ්ජාවෙන්ට බැරිය”යි කීවාම අතේ මිටේ මුදල් මොකවත් නැති කුමාරදාස බෝඩින් කාරයාගෙන් තවත් රුපියල් දහයක් ණයට ඉල්ලාගෙන මනමාලිය බලන්ට ගියේය.

    කුමාරදාසත් ජෝසපුත් යන විට පෙරේරා මහතුන්ගේ ගෙය දිව්‍ය විමානයකි. පුටු, කච්විචි, සැටි ආදියට අළුත් ආස්තරණ දමා තනහි තනහි සුවඳ වහනය වන මල් පෝචිචි තබා ගෙය පිළියෙළකර තිබුණේය. වයලට් “කොන්ඩෙ ක්රෙුල් කරලා- ඩොන්කි පින්චස් කපලා- සැන්ට් පියර් දමලා- නිල් ඔසරිය ඇඳලා- රන්මිණි මුතු බබලා” -සිටිය අන්දම ස්ත්රින මායම් නො දත් ළපටි කුමාරදාස ගේ හිත විකල කිරිමට තරම් විය. නමුත් ලෝකේ කාලා කෙළවර කළ ජෝසප්ට වයලට් ගේ රූපයත් සැරසීමත් එතරම් කාරණාවක් නො විය. වයලට් ‍ගේ පියා වන බ්රෝූකර් පෙරේරා සහ මවුත් නැගනිය සහ  මල්ලිත්- හැම දෙනාම සතුටු සිතින් කුමාරදාසව පිළිගෙන සංග්රා හ කිරිම නිසා කුමාරදාස ගේ හිත තදින්ම පවුල කෙරෙහි බැඳුණේය. ජෝසප් මිත්රියෙක් මෙන් කුමාරදාසට උපකාර කරන බැවිද- ඔහු නිසා මංගල්යෙය ඉෂ්ට වේයයිද කුමාරදාස බොහෝ සතුටුවී සවස හයාමාරට පමණ යන්ට ගියේය. 
   ජෝසප් හා කුමාරදාස සිය නිවසින් පිටවි ගිය පසු පෙරේරා සහ සිය බිරිඳත් මඟුල ගැන කතා කරන්ට පටන් ගත්තේය.


පෙරේරා - තරුණයා නම් බොහොම හොඳයි - උසස් ඉගෙනිමක්




66 යන්තම් ගැලවුනා

ඇති වංශවත් පවුලක බොහොම දේපල ඉඩ කඩම් ඇති කෙ‍නෙක් බව මම කෙනෙක් බව මම කලින්ම දන්නවා. නමුත් අවුරුදු විස්සකට වඩා වයස් ගත නො වු ළපටි ළමයෙකි. දැන් අපේ වයලට්ට අවුරුදු විසි දෙකක් පමණ

	වෙනවා නේද ?

පෙරේරා නෝනා - වයස ‍ ගැන කියන්ට කමක් නැහැ- මම එදා ගෝල් පේස් පිට්ටනියේ දි කීමේ වයලට්ට අවුරුදු දය අටයි කියායි. කේන්ද්රඑ බැලීම ආදි කරදර මොකවත් කරන්ට එපා. ඉතින් ඔය උඩරට තරුණයා වයලට් කැමති වන අන්දමට “ස්ටයිල්” එකට කටයුතු කරයි ද? එයාට තවම ලොකු ලොකු පඬියකුත් ලැබෙන්නේ නැහැ. ඔය ගොල්ලන්ට කුඹුරු ටිකක් කුඩා තේ ඉඩමක් තිබුනත් මාසෙකට පවුන් සියයක් හමාරක් වියදම් කරන්ට පුළුන් ද? මොටෝකාරයක් නැති මිනිහෙක් දැන් කාලේ මොකෙක් ද?

පෙරේරා - අපට දැන් මොටෝ කාරයක් තිබෙනව‍ා. නමුත් මාසෙකට රුපියල් තුන්දාහක් පොලි ගෙවන අපේ ණයවලට අපට තිබෙන ඔක්කොම විකුණාලත් නිදහසක් නැත. ණයතුරුස් නැති සුළු ඉඩම් හිමියෙක් - වැදගත් මිනිහෙක් මොටෝකාර් තබාගෙන බොරු උජාරු කරන එකක් නැත. කුමාරදාස බණ්කාර මහතාට වයලට්ව දී ගත්තෝ මේ අනික් දරුවොත් හරි මාර්ගයේ ගමන් කරනු ඒකාන්තයි.

පෙරේරා නෝනා - හොඳයි කුමාරදාස බණ්ඩාරගෙන් මම අත මාරු පිට මුදලක් ඉල්ලනවා. ලක්ෂණය මඟුල් කන්ට - ඇඳුම් මසාගන්ට අප ළඟ මොක්වත් නැති නිසා ඔහුගෙන් මුදලක් රුපියල් දාහක් ඉල්ලන‍වා - ඒක දෙන්ට බැරි වුනොත් ඒ හිඟන්නාට වයලට්ව දෙන්නේ නැහැ. මගේ හිතට නම් කුමාරදාස සමඟ ආ ජෝටසප් මහත්මයා නම් ඊට වඩා සිය ගුණයකින් හොඳිය. පියා ලංසි උනත් මවු සිංහල නිසා ධනවත් මොටෝරථ කීපයක් තාබෙන ඒ පවුලට බැඳුණොත් කොච්චර ෂෝක් ද?

පෙරේරා - අනේ උඹේ බලු කලපනාවක හැටි! උසස් සිංහල පෙලපතක ඉතා උසස් ඉගෙණිමක් ලබාගෙන කිසි ලෙඩක් දුකක් නැතිව සාන්තුවරයෙක් වාගේ ඉන්නා තරුණ බණ්ඩාර මහාතාට වඩා මුළු ලංකාවේ රස්තියදු වෙන සුදුකාර බේබදු සල්ලාල ජෝසප් හොඳයයි කියන උඹේ කුණු ගඳ ගහන කට!

පෙරේරා නෝනා - පලයන් කාලකණ්ණියා - මගේ කට නො වෙයි



පියදාස සිරිසේන නවකථා එකතුව 67

කුණු ගඳ ගයන්නේ උ‍ෙඹ් කටයි. උඹට තුට්ටුවක් නැති හැම තැනටම ණයවෙලා ඇවිදාන රස්තියාදු කාරයි- ඉඩම් හිමියෙක්යයි ලොකුවට පුප්පනවා. තිබෙන්නේ ඉඩම් පහයි. එහි වටිනාකම රුපියල් විසිදායි. නමුත් ඒවා තුන් හතර දෙනාට උගස්කර රුපියල් හැත්තැ අටදාහක් ණයට අරගෙන පොල‍ි ගෙවා ගන්නට බැරුව රස්තියාදු වෙනවා. අද රෑට උයන්ට මුදල් නැතුව කුස්සි අම්මා අතේ තිබුණු රුපියල් ණයට ඉල්ලාලයි ඉවුවේ. උඹ වා‍ෙග් නුවණ ඇති මිනිහෙක් තවත් කෝ ?


පෙරේරා - ඇල්පිනෝනෝ උඹට මම ඇත්තක් කියන්නෙම්. මට දන්නම් යන්තම්

මො‍ෙළ් තිබෙනවා. ඒ මොළේ ඇතිවුණෙත් පසුගිය අවුරුදු ‍24 ක් මුළුල්ලේ  උඹෙන් විඳපු කරදරත්- උඹේන් අහපු බැණුමුත් නිසාමයි. මම මොළේ නැති ඌරෙක් බව උඹ කිවු කීම සම්පූර්ණ ඇත්තකි.  මක්නිසාද? මොලේ කලං බාගයක්වක් තිබුණා නම් උඹවාගේ කාලකණ්ණි, පහත්, කට හැකර, අඥන, අවලම්, වල් ස්ත්රිතයක් විවාහකාර ගන්ට සතුටු වේද?

පෙරේරා නෝන‍ා - (වාඩිවි වුන් පුටුවෙන් නැගිට අවුත් පෙරේරා ගේ කම්මුලට

එකක් ගසා) තෝ වා‍ගේ අවලමෙක් කොයිද බොල තෝ වාගේ අවලමෙක් කොයිද බොල  තෝ ළඟට මඟුල් අහගෙන මම ගියාද? එසේ නැත්නම් මා ළඟට ‍තෝ ආ‍වාද?
වයලට්  -  ඉතින් පප්පත් මම්මත් අදත් ගුටි කෙළ නො ගෙන හිටින්නේ නැ නොවැ! 

ඉත‍ින් ඇති - සංධුව ඔයින් ඉවර නුනොත් මම ඒ ආ තරුණ මහත්තැන් දෙන්නාටම අපේ වග තුග ඔක්කොම කියා මඟුලත් ඔයින්ම ඉවර කරමි” යි කීවාම ටිකක් දුර කල්පනා කළ පෙරේරා මරියකඩේ පැත්තට කෝට් එක දමාගෙන ගියේ ය.


     දවසකට වරක් හෝ දෙවරක් සංඩුවීම කුලමල කියා ගැනිම පෙරේරාගේත් භාර්යාවගේත් සිරිතක් බැවින් මේ දවසේ වුනාවු සංඩුව විශෙෂ එකක් ‍නො විය. මිනිහාට නිතරම නිගා කරන- අනාචාර පලහිලව් ඇසීමෙන් ඔවුන්ගේ දරුවන් තිදෙනාම විලිබිය රහිත අශික්ෂිත හතියට පත් වුහ. අවුරුදු තුන හතර වයස් ගත වන්ටත් ප්රලථම දුප ප්රවත්රා්දින් ගේ ශික්ෂිත බව පතන මවුපියාදිහු තද ‍කෝපයකට පත් අවසථාවකවත් දරුවන් ඉදිරිපිට නපුරු වචන- කුණු හරුප- ක්රො ධ සහගත වවන කීම ඉතාමත් තදබල වරදක් බව නො සැලකීම පුදුමයකි.


68 යන්තම් ගැලවුනා


  පසුදින උදේම ජෝසප් කුමාරදාස ඉන්නා බොඩිමට ගොස් ඔහු සම්බවී “කොහොමද අයිසේ- මිස් වයලට් හොඳද- කසාද බඳිනවාද- අයිසේ පෙරේරා උන්නැහේට රාසියක් ඉඩකඩම් තිබෙනවා. කොළඹ ගෙවල් දහයකට වඩා තිබේ. ගමට ගොහි රාන් තමුසෙලාගේ  මම්මලා පප්පලාත් සමඟ කියා කටයුත්ත ඉක්මන් කරන්ට නරකදැ”යි ඇසුයේය. “ඔව් මිස්ටර් ජෝසප්‍, මට ඊයේ රෑ එලිවෙන තුරා නින්ද ගියේත් නැහැ. මම වුන්නේ ඔය කල්පනා වෙන්මයි. අපේ මව්පියන්ට කීවොත් ඔය වැඩේ හරියන්නේ නැහැ. ම‍ෙග් කල්පනාව දෙමවිපියන්ටත් නො කියා තනියමම කසාද බඳින්ටයි. එහෙම නරක දැ?”යි කුමාරදාස මිත්රපයාගේන් ඇසියේය. “එසේ කරතොත් රුපියල් දාහක් හමාරක් මුදල් ඕනෑ. එහෙනම් කොහොම හරි සල්ලි ටිකක් සොයාගන්ට- අද මම ආවොත් මිස්ටර් බණ්ඩාරගෙන් රුපියල් සියයක් ණයට ඉල්ලා ගන්ටයි. කොහොමද අතේ මුදල් තිබෙන‍වාද?  “ මිස්ටර් ජෝසප්, දැන් මම ගෙදරට ලියුමක් ලියනවා, වෙනදා මට එවන්නේ මසකට රුපියල් 50 යි. වැ‍ඩිපුර ඉල්ලා යවමි”යි කීවාම ජෝසප් හෙට එන බව කියා යන්ට ගියේය. 


    වෙඩි කෑ සුකරයෙකු මෙන් කාම මෝහ දෙකෙන්ම කුල්මත්වු කුමාරදාස හොඳට ඇඳ පැළඳ ගෙන රික්ෂො රථයකින් වයලට්ලා ගේ ගෙදර ගියේය. ඔවුන් තේවතුර බී ඉවරවුනා විතරය. කුමාරදාසට‍ නිකම් තේවතුර කෝප්පයක් ගෙනත් දෙන්ටවත් සත තුනක් එවෙලාවේ ගෙදර නැත. මොටෝකාරයකුත් තිබෙන ලක්ෂණ දැව භාණ්ඩ මල් පෝච්චි ආදියෙන්  සරසා තිබෙන විශාල  ගෙදරක පදිංච් ගෙවල් ආදී ඉඩම් හිමියෙකැයි කියන ගෙදරක ශත තුන හතරක්වත් නැත කීම කවුරු විස්වාස කරද්ද ? නමුත් සම්පුර්ණ ඇත්තකි. පුදුමයක්! දැන් කාලේ පිළිගන්ට බැරි සම්පුර්ණ සත්යෙ කාරණා තිබේ. ඉතින් කුමාරදාස වයලට් සමඟ කතාවට වැටුණේය. දවල් දහය වනතුරා ඇගේ නුරා සහගත කතාබස් අසමින් ප්රිටතිවුණු කුමාරදාසට මේ පිටතින් ඔප දමාගෙන ඔසරියකාන් අලංකාරව ඉන්නා “සීනිබෝලය” මිස වෙන කිසිම දෙයක් කල්පනා කරන්ට ඉඩක් නැති විය. කුමාරදාසත් වයලටුත් ප්රිමති සහගත නුරා බස් නමැති සාගරයේ ගිලි ඉන්නා ‍ෙව්ලාවට දහවලට උයන්ට අතේ තුට්ටුවක් නැතිව ලතවෙමින් සිටි පෙරේරා නෝනා දුවත් මනමාලයත් කතාකරමින් සිටින නැනට අවුත් “අපට චැක් එකක් මාරුකර ගන්ට වෙලා තිබෙනවා- ඒකත් දිලා බෝයිව බැංකුවට ඇරියා - මහත්මයා අතේ මුදල් තිබෙතොත් රුපියල් දහයක් දෙන්ට” කියා ඉල්ලුවේ. ලජ්ජා කියන දේ ගෑවුනේවත්




පියදාස සිරිසේන නවකථා එකතුව 69


නැති පෙරේරා මහගේ රුපියල් දහයක් ඉල්ලු නමුත් තමා අතේ තිබෙන්නේ රුපියල් පහ බැවින් කතාකර ගන්ට බැරිව කුමාරද‍ාස දෙස වයලට් නුරා බැල්මෙන් බලා අම්මාට වඩා කපටි කමින් කෙලවරට ගිය දුව කුමාරදාසට ඉංග්රිනසියෙන් “අම්මට චැක් එක මාරු කර ගෙණ එනතුරු ඉහිලුමක් නැත. තිබෙන කරමන් දිපන්, යනකොට ගත හැකැ”යි කීවාය. අනේ ! දුප්පත් කුමාරදාස තමා සන්කකවට තිබුණේ එකම රුපියල් පහේ කොලයයි. එය පෙරේරා මහගෙට දෙමින් “මම මුදල් ගෙනාවේ නැහැ-රික්ෂො කුලියට පමණයි ගෙනා වේ” කියා සතුටු ව‍ුණේය. පෙරේරා මහගේ දුව පෙන්නා අමුත්තෙකුගෙන් රුපියල් පමක් ඉල්ලා ගැනිම කෙතරම් නින්දිත ක්රි යාවක්දැයි කාටවත් කියන්ට බැරිය.නමුත් ඉතා උසස් ලෙස ශාසත්රනය උගත් කුමාරදාස බණ්ඩාර මහතා ගේ නුවණ නමැති ඇස රාග නමැති ගින්නෙන් නැගුණු මෝහ නමැති ඝනදුවෙන් වැසී තිබුණු බැවින් පෙරේරා මහගේ ගෙත් වයලට්ගේත් විළිබිය නැති පහත් ගතියක් ඔවුන් ගේ හි‍ඟෝටුකමත් නොපෙණුනේය. මෙසේ නුසුදුසු ස්ත්රීනන් ගේ වසඟයට පැමිණෙන තරුණන් ගේ ගණන කොමපණ ද? කුමාරදාස එකොළහ වනතුරා වයලට් සමඟ නොයෙක් දේ කතාකොට යන්ට සැරසුණේය. කුමාරදාස පිළිනොගනිතත් දවල් ඉන්ට නිකම්වත් කතා නො කළ පෙරේරා නෝනා “හොඳයි බන්ඩාර මහතා යන්ට - මම හෙට හවසට මහත්මයා සම්බවෙන්ට එනව‍ඳා - පෙරේරා මහත්මයා ගමනක් ගොහින්ය”යි කීවාම කුමාරදාස යන්ට ගියේය.

  ඔහු බොඩිං නිවසට ගොස් මවුපියන්ට ලියමනක් ලීවේ ය. තමා වැඩ කරන කන්තොරුවේ මහත්මයෙකුට අත්ලසක් දෙන පිණිස රුපියල් සියයක විදුලි මගින් ‍එවන්ට කියා යැවුයේ ය. අතේ මිටේ මුදල් ඇති මද්දුම බණ්ඩාර මහතා සහ ලොකු මැණිකේත් කිසිම අකමැත්තක් නැතිව ලියමන ලැබුණු හැටියේම රුපියල් සියය විදුලි මගින් එවුහච එය ලැබුණු හැටියේය වාගේ පෙරේරා නෝනා කුඩා පුතත් සමඟ ආහ. කුමාරදාස ඔවුන්ට තේ වතුරෙන් සංග්රමය කොට සතුටින් කතා කරන්නට පටන් ගත්තේය. පෙරේරා නෝන‍ා මෙ‍ෙස් කියන්නට විය. “අපේ වයලට්ව කසාද බැඳිමට කීප දෙනෙක්ම මඟුල් අහලා තිබෙනවා.දැන් බණ්ඩාර මහත්මයාත කැමති වී සිටි. ඉන් නිසා මේ කටයුත්ත ප්රලසිද්ධ වශයෙන් කරන්ට ගියොත් ලොකු කලබලයක් වෙන්ටත් ඉඩ තිවෙනවා. ඉන් නිසා රහසෙන්ම කරගන්ට ඕනෑ. අපි






70 යන්තම් ගැලවුනා


බණ්ඩාර මහතාට කුරුඳුවත්තේ අප ඉන්නා ගෙයත් ලියා දී මොටෝර් කාරයකුත් අරන් දෙනවා. ඒ ඇර වයලට් ගේ නමට සෙවිංස් බැංකුවේ තිබෙන රුපියන් තුන්දාහත් රුපියල් පන්දාහක් වටිනා බ්රෙ ලියන්තු ඇඳුම් සැට් එකත් දෙනවා. එපමණකුත් නොව වයල්ට් ‍‍්ගේ පප්පා රුපියල් පන්දාහකට චැක් එකකුත් දෙනවාය”යි කීවා ය. මේ වේලාවට කුමාරදාසගෙන් ණයට මොකවත් ඉල්ලා ගනු පිණිස පැමිණ සිටි තරුණ ජෝසප් වසන ලද දොර ඇති කාමරයේ බ්ත්තාය අයිනේ ඉඳගෙන මේ කතාව ආසාගෙන ඉඳ මහත් පුදුමයට පත්විය.