පියදාස සිරිසේන නවකථා එකතුව- 05-යන්තම් ගැලවුණා ii

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

08. පරිච්ජේදය[සංස්කරණය]

       “හැ බෑ වැඩේ- කුරුඳුවත්තේ ගෙයත්, අළුත් මොටෝකාරයකුත්, සේවිංස් බැංකුමේ තිබෙන රුපියල් තුන්දාහකුත්, රුපියල් පන්දාහක චැක් එකකුත්- රුපියල් පන්දාහක් වටිනා බ්රෙ ලියන්තු බඩු සැට් ‍එකකුත්” කීවාම පොඩි වැඩක් ද? රුපියල් හතලිස් හත්දාහක් තරම දැවැද්දකුත්, සමඟ ඉතාමත් ලක්ෂණ වයලට්ට- නිකම් හිටි ළපටි බණ්ඩාරට ලැබෙන්ට යනවා- මේනට හොඳ උගුලක් ඇදලා මම වයලට්ව යාළු කරගෙන- ඇව කසාද බැඳ ගනිමි. මේ දැවැද්ද ගැන කීවාම අපේ මම්මා හා පප්පා සතුටුවෙනු ඒකාන්තයයි ජෝසප් කල්පනාමට ගත්තේ ය. පෙරේරා ‍නෝනා ගේ යෝජනාවට කුමාරදාස කෙතරම් ප්රී්ති සහගත වි දැයි කිවහොත් හෙට වුවත් වයලට් විවාහ කරගන්නට සතුටු බව කීයේ ය. වයලට් නමැති සීනි බෝලයත් සමඟ රුපියල් හතලිස් හත්දාහක දේපල දෙනවයි කියන කොට කවුරු අසතුටු වේද? ඉතින් පෙරේරා නෝනා කුමාරදාස ගේ හිත සම්පුර්ණ බැම්මට බැඳුණ බව වැටහී “අ‍ෙප් මහත්මයා ලොකු ගනු දෙනුවකට හපුතලේට ගොහින් දැන් මට උවමනාවකට රුපියන් පන්සියයක් දෙන්ට පිළිවන්දැ”යි කුමාරදාසගෙන් ඇසුවාය. කුමාරදාස ළඟ තිබෙන්නේ රුපියල් සියයකි. එයින් රුපියල් හැටක් බෝඩිංකාරයාට එවලේ ම දෙන්නට පොරොන්දු වි සිටින බැවින් “ද‍ැන් මා අතේ මුදල් නැත. මම අද ලියුමක් යවා මඟුල් කටයුතුවලටත් සමඟ රුපියල් දාහක් අ‍පේ පප්පාගෙන් ගෙන්වා ගනිමි. අනිද්දා නම් රුපියල් පන්සියයක් දෙන්නෙමි”යි  කීයේ ය. පෙරේරා නෝනා ඊට බොහොම සතුටුව යන්ට ගියේ ය. කුමාරදාස ගේ යා‍ළුවා වන තරුණ ජෝසප් පසුව කාමරයට ඇතුල්ව තමා කලින් ආ බවක්


පියදාස සිරිසේන නවකථා එකතුව 71


නො හඟවා “කො‍හොම ද- වයලට් බලන්ට ගියේ නැද්ද? එහෙත් පණිවුඩයක් හේම ආවේ නැද්“දැ”යි ඇසුයේ ය. ඔව්ජෝසප්, පෙරේරා ලොකු නෝනා ආවා- ඇවිත් ටික වේලාවක් කතා කරමින් ඉඳලා ගියායයි කීවා ම ජෝසප්ට මිතුරාගෙන් උවමනා මුදල් පමණක් හෙයින් “අයිසේ තමුසේට මුදල් ලැබුන ද- අපි හෙට ගාල්ලට යන්ට හිතා ඉන්නාවා- යමු ද වයලටුත් සමඟ සෙල්ලමේ” කියා ඇසුවේ ය. “වයලට් සමඟ යන්ට ඇත්නම් කොච්චර සනීප ද- එහෙනම් ඒවි ද”- කියා ඇසුවා ම මොනවා වයලට් පිටිසරියක් ද? තරුණන් සමඟ ඕනැ තැනක ‍ෙනා යන ලම්ස්සියන් කොයිබ ඉන්නවා ද? හැබැයි අඩුම ගණනේ රුපියල් සියක් තිබෙතොත් මම වයලට්ව ලෑස්ති කර ගන්නා හෙට උදේ මම කාර් එකෙන් මෙහාට එන්නෙමි. මිස්ටර් බණ්ඩාර මුදල් ලෑස්තිකර තබා ගන්න- මට වියදමකට රුපියල් පයක් දෙන්ට කියා එකත් ඉල්ල‍ා ගෙන ජෝසප් යන්ට ගියේ ය. අනිද්දා පෙරේරා නෝනාට රුපියල් පන්සියයක් දෙන්නේ කොහොමදැයි කල්පනා කරමින් සිටි කුමාරදාස- ප්රෙයෝගයකින් මවුපියන්ට රවටන්ට සි‍තා “අපේ කන්තෝරුවේ ප්රමධාන මහතෙකුට රුපියල් පන්සියයක් දෙන්ට සිද්ධවී ත‍ිබේ. මගේ රක්ෂාව සර්ථටරකර ගන්ට නම්- ඒ ඕනැකම පිරිමසන්නට ඕනැ- පිළිවන් අන්දමකින් හෙට ලැබෙන්ට මා නමට රුපියල් පන්සියයක් එවනු මැනැවැ”යි පියාණන්ට ලියුමක් යැව්වේ ය.

       කුමාරදාස‍ගෙන් රුපියල් පහකුත් ඉල්ව‍ාගෙන ගිය ජෝසප් වෙනදා මෙන් ගොල්පේස් නො ගොස් කෙල්න් ම සවකීය නිවසට ගියේ ය. සවස හතරාමාරට පමණ ඇති ඒ වෙලාවේ මහළු ජෝසප් නෝ නා හුදකලාව ස්තෝප්පුවේ වාඩි මි උන්නාය.  ජෝසප් මම්මා සමඟ ඉතා ඔනෑකමින් මෙසේ කියන්ට පටන් ගත්තේ ය. “මමිමේ- බ්රෝඉකර් පෙරේරා ගේ දුව වයලට් උඩරට ඉලන්දාරියෙකුට විවාහ කරදෙන්නට සුදානම් වෙනවා. ඔහුට දෑවැද්ද වශයෙන්- දැනට පෙරේරා ඉන්නා කුරුඳුවත්තේ ගෙයත්, අළුත් ‍මොටෝකාරයකුත්, ‍ෙස්විංස් බැංකුවේ වයලට් නමින් දමා තිබෙන රුපියල් තුන්දාහකුත්, බ්රෙ ලියත්තු බඩු සැට් එකකුත්- රුපියල් පන්දාහකුත් දෙනවාළු- ඉතින් මම්මේ වයලට් මා සමඟ මිත්රවයි- ඒ කුමාරදාසට අකම‍ැත‍ිය කියා මා සමඟ  කසාද බඳින්නට ඈ සතුටුකර ගත හැක. ලොකු පෙරේරා නෝනාගෙන් මම්ම‍ා අහපු හැටියේ ම සතුටු වෙනවා නියත”යි කීවාම මහලු ජෝසප් නෝනා සිනාසි “සනී- මම නම් බොහෙ‍ාම කැමතියි- ඔය පෙරේරා ගෙවල් කිපයක් නිකම නමට තිබෙන‍වා- ඕවා ඔක්කොම දෙතුන්වර උගස්කරලා ඔහුට සත පහ්ක්න මුදල් නැත. පෙරේරා ණය 




72 යන්තම් ගැලවුනා

නැත‍ි හෙට්ටියෙක්වත් බායියෙක්වත් කොළඹ නැත. නමුත් සේවිංස් බැංකුවේ තිබෙනවා යයි කියන මුදල හැබැවෙන්ට පුළුවනි. ඒ බැංකු පොත උඹ මට පෙන්නුවොත්- අනිත් ගෙවල් මොටෝකාර් නොලැබුණත් වයලට් කසාඳ බන්දවා දෙමි. එතකොටවත් උඹේ දඩාවතේ ඇවිදිල්ල නැති වෙනවා ඇතැ”යි ජෝසප් නෝනා කිවාය.

   මෙයින් බලවත් ප්රීඋතියට පත් තරුණ ජෝසප් මිත්ර්යෙකුගෙන් මොටෝකාර් එකක් ඉල්ව‍ා‍තගෙන වයලට්ලා ගේ ගෙදරට ගියේ ය. ඒ යනකොට වයලට් හොඳට ඇඳ පැළඳ ගෙන ගෝල්පේස් යාමට මිත්ර්යෙක් පොරොන්දු වි සිටි බැවින් ඔහු එනතුරු බලා සිටි වේල‍ාව ය. වලහට ඉස්සරින් කොටියා පැන්නාක්මෙන් වයලට් සමඟ කලින් පොරොන්දුව් සිටි මිත්රවයා වන හෙන්රිට ඉස්සරින් ජෝසප් ආ බැවින් ප්රීනතියට පත් වයලට්- “අන්න හොඳයි මමත් ලෑස්තිවුනේ ජෝසප් ඒවිය කියලාමයි. යමු ගෝල්පෙස් කියා කාරයේ නැගුනා ය. පෝසප් බලාපොරොත්තු  වුවාටත් වඩා වයලට් ඔහුට ආදරය තිබෙන බව සලකා ඈත් සමඟ ‍ගෝල්පේස් පිට්ටනියට ගොස් වාඩිවි කතාව පටන් ගත්තේ ය.


ජෝසප් - මම වයලට්ට කුඩා කාලේ හිටන් ‍ආදරෙන් ඉන්නවා‍. මා සමඟ කසාද

	බඳින්ට කැමති ද?

වයලට් - ජෝ ගැන මම නම් බො‍හොම කැමතියි. මම්මත් කැමතියි පප්පා අර උඩරට මහත්මයා හොඳය කියනවා, නමුත් මම නම් එයාට කැමැති නැහැ.පිටිසර තාලේ මිනිහා මොටෝකාරයකුත් නැහැ.ඊටත් වඩා අඩිගහන්නෙත් නැහැ සිගරට් බොන්නේත් නැහැ. වැඩිපුර සෙල්ලමකුත් නැහැ.

‍ ජෝ - අන්න රත්තරන් සීදෙවී - අපට ඔය “ගුණධර්ම” ඕනැ නැහැ. එලිමහනේ ඉන්නා අපි කන්ට අඳින්ට සෙල්ලම් කරන්ට ඕනෑ- ඉතින් අපට මොකවත් දැවැද්දක් ලැබේවි ද? වයලට් ‍ෙග් නමින් ‍සේවිංස් බැංකුවේ පොතක් තිබෙනවා. එහි රුපියල් තුන්දාහක් තිබෙනවා ඇත්ත ද?


වයලට් - ඇයි මට කුර‍ැඳුවත්තේ ගේ දෙනවා- පප්පා ළඟදි ගත් මොටොකාරයත් දෙනවා. බැංකුවේ තිබෙන රුපියල් තුන්දාහත් දේවි.

ජෝ - එහෙනම් වයලට් අපි කසාද බඳිමු. කුමාරදාස බණ්ඩාරටත් කාටත්

	හොරෙන් එකපාරට බඳිමු.

පියදාස සිරිසේන නවකථා එකතුව 73

වයලට් - ඔව් ජෝ, හෙට හවසටත් අනිද්දාවත් එන්ට - මේ ගොල්ලන් ‍ගේ මම්ම

             සමඟ අවුත් තීන්දුකර ගන්ට.


 ජෝසප් ගේ හිත අතිශයින් සතුටුවිය. දෙන්නම ප්රීතතියෙන් මොටෝකාර් එකේ නැගි සවස හයාමාරට පමණ ගෙදරට ආහ. පෙරේරාත් ඔහු ගේ බිරිඳත් ඒ වේලාවට බැණ ගනිමින් වුන් නමුත් වටලට්ට හා ජෝසොසට එය කාරණයක්- ලජ්ජාවක් නොවිය. වයලට් තමා ගේ කාමරයට ගොස් ජෝසප්ටත් අඬ ගසා සේවිංස් බැංකු පොත පෙන්නුවෙය. එහි පලම‍ුවෙන් රුපියන් දහයක් තැන්පත්කර තිබෙන්නේ වටලට් ‍ෙග්

වයස අවුරුදු නවය කිලේ ය. ඊටපසු වරිනවර දාපු මුදල් රුපියල් දෙ‍දාස් වනසිය අනුවකි. මේ මුදල්වනට කවදාවත් පොලි එකතුකර නැත. පොත දුටු ජෝසප් මහත් සතුටට පැමිණ- මම්මට පෙන්වන්ට පොත ඉල්ලුවේය. “අනේ ජෝ අපේ මම්මට හොරෙන් පොත දෙන්නා- නමුත් හෙට උදේම ගෙනත් දෙන්ට ‍ඕනැ” යි කියා බැංකු පොත දුන්නේ ය.

     බ්රෝුකර් පෙරේරාත් ගෙදර ඇත්තොත් කුලමල කියම්න් බැණ ගනිද්දිම ජෝසප් බැංකු පොතත් රැගෙන ගෙදර ගොස් සමකීය මෑණියන් අතට දුන්නේය. මහලු ජෝසප් නෝනා පොත බලා එහි සඳයන් ගණන් එකතුකර බැළූවිට රුපියල් තුන්දාහක් බව පෙණි සතුටු වුවාය. සේවිංස් බැංකු පොතක බොරුවක් සඳහන් නොකරන බව සැළකු ජෝසප් නෝන‍ා වහලට්ට අනිත් දැවැද්දක් නො ලැබෙතත් ර‍ැපියල් තුන්දාහක් නො අනුමානව ලැබෙන හෙයින් “ඔව් සනී උඹව ලබන සතියේම වයලට්ව කසාඳ බඳවා දෙමි”යි පොරොන්දු වුවාය. 



09. පරිච්ජේදය[සංස්කරණය]

කුමාරදාස රුපියල් පන්සියයක් ඉල්ලා මවුපියන්ට යවනලද ලියමනට පිළිතුරු විදුලි පුවතකින් ලැබෙයයි සිතා සිටි නමුත් ඒ නො ලැබුන හෙයින්- වයලට් බලන්නටවත් නො ගොස් ගෙදරම වුන්නේය. රාත්රිු නවයට පමණ ඡොසප් රික්ෂො රථයකින් කුමාරදාස ඉන්නා තැනට අවුත්- “මිස්ටර් බණ්ඩාර හෙට ගමණක් යන්ට මම සුදානම් කරගෙන ඉන්නවා- තමුසෙත් වයලටුත් මමත් තුන්දෙනා ගාල්ල බලන්ට යාමටයි. ලක්ෂණ කොටුව, වරාය‍, රූමස්සල කන්ද ආදීය බලාලා සතුටුවෙන්ට වයලටුත් කැමතිවි මිස්ටර් බණ්ඩාර එනව‍ා නම් ඈත් යන බව කීවා-


74 යන්තම් ගැලවුනා


කොහොමද යමුද” කියා ඇසුවේය. වයලට් යනවාය කී හැටියේ මහත් ප්රීඩතියට පත් කුමාරදාස- හොඳයි කාර්එක මිස්ටර් ජෝසප්ට තිබේ- අනිත් වියදම් කොච්චර වෙදැයි” යි ඇසුවාම රුපියල් පණයක්ට ‍වැඩි නැතැයි කි බැවින් සතුටු වු කුමාරදාස එහෙනම් උදේම පිටත්වෙමු කීවේය. ජෝසප් තව වරක් වයගට්ලාගේ ගෙදරට ගොස් ගාලු ගමන ගැන වයලට් සතුටුදැයි ඇසීය. “ඉතින් ජෝ- අ‍ෙප් කිසිම බලාපොරොත්තුවක් නැති කුමාරදාස සමඟ ගමන් බිමන් ඇවිදින්නේ කුමකටදැ”ය‍ි වයලට් ඇස‍ුයේය. “නැහැ වයලට්- කුමාරදාස මෝඩ කෙ‍ාල්ලෙක්-ඔහු සමඟ ටිකක් නඩත් ගැහුවාම අප මොකවත් කඩා ගත හැකැයි කී බැවින් වයලට් සතුටු විය. පසු දින උදේ ජෝසප් හොඳ කාරයක් ඉල්ලා ගෙන අවුත් කුමාරදාස නංවා ගෙන වයලට් ගේ ගෙදරට අවුත් රහසිගතව බැංකු පොත ඈ අතට දී හොඳට ඇඳ පැළඳගත් වයලට්ටද ගමන ගැන කීයේය. වයලට් මවුගේත් අවසර ගෙන කාරයට නැග ගත්තාය. “කෝ බණ්ඩාර මහත්මයෝ මම ඉල්ලචු මුදල” කියා පෙරේරා නෝනා බණ්ඩාරගෙන් ඇසුවාම මම ගමට ලියා ය‍වා තිබෙනවා- අද නැත්නම් හෙට නොවරදි ලැබේයයි කීවාම සතුටට පත් පෙරේරා නෝනා තරුණන් දෙන්නෙකුත් සමඟ තම තරුණ දියණිය ඇවිදින්ට යාම ගැන කිසි විරුද්යක් නො දැක්වුවාය.

      සියලු වියදම් බණ්ඩාර අතිනි. ගාල්ලට ගොස් ප්ර සිද්ධ හොටලයක දවල් කෑම කා ඉන්නාවිට වයලට් ගේ වෙනින් යාලුවෙක් සම්මුඛව ඔහු‍ෙග් කාරයෙන් මාතරට යන්ට අඬගැසුවේය. මනමාලයන් දෙන්නෙකු සමඟ සෙල්ලමේ ඇවිත් ඉන්නා මේ තරුණිය වික්රයමසිංහ නමැති පරණ යාළුවා සමඟ මාතරට යන්ට කල්පනා කොට “මට එන්නෙමි’යි කියා ජෝසප් හා කුමාරදාසත් ‍‍හෝටලේ ඉන්දැද්දි ඈප පිට්ටනියට අවුත් වික්රමමසිංහ ගේ කාරයේ නැගී ඔහුත් සමඟ මාතරට ගියේය. වික්රටමසිංහත් වයලටුත් නොයෙක් විකාර කරම්න් ඇවිද රාත්රීග 8ට පමණ ගාල්ලට එනකොට ජෝසප් හා කුමාරදාසටත් මක්කා සිතෙන්ට ඇද්ද ? නමුත් ඔවුන් දෙදෙනාම ඇ කෙරෙයි කළකිරෙනව‍ා වෙනුවට වඩ වඩා ඇල්ම කල බව පුදුමයක් වුවත් ඇත්තකි.
     ඉක්බිති තුන්දෙනා කාරයෙන් රාත්රිෙ දොළහට පමණ කොළඹට ආහ. වයලට් ‍ගේ මෑණියන් හා පියාණන් දුව මධ්යනම රාත්රිි වනතුරු ඇවිදිම ගැන කිසි අවවාදයක් නො කොට තරුණන්ටත් ඈටත් එකාකාරවට සතුට දැකුවු හෙයින් තරුණන් ඔවුන් ‍ෙග් නිවෙස්වලට ගිය හ.




පියදාස සිරිසේන නවකථා එකතුව 75


   කුමාරදාස ගේ පියාට පුතාගේ ලියමන ලැබී ‍ලොකුමැණිකේට එය පෙන්වා- “මොකද මැණිකේ” මේ ළමයාට ගිය සුමා‍ෙන් රුපියල් සීයක් යැවිවා- අදත් රුපියන් 500 කි ඉල්ලා තිබේ. මොකද ? මෑණිකේ ගේ කල්පනාව මේ මුදල යවන්‍න්ාද කියා ඇසුවේය. දුරදිග කල්පනා කර මැණිකේ- “ඕවි කුමාරදැස දැන් ටිකක් මුදල් වියදම් කරනවා වැඩියි. කොපමණ හොඳ මිනිහෙක් වුවත් නරක මිනිසුන් ආශ්රියට ගියොත් නරක් වෙන්ට බැරි නැහැ. හොඳ උත්පත්තියක් හෙවත් හොඳ මවු කෙනෙකුගේ කුසේ උපන් කෙනෙක් නම් නරක්වේගන යතත්- හොඳ කරන්නට බැරිකමක් නැහැ බරණැස් රජුගේ ‍ඉතාමත් ශික්ෂිත් කීකරු මඟුල් ඇතා ඇත්හල ළඟ ඉඳගෙන හෙරෙන් කළ කී කතාබස් අසා දුෂ්ට නපුරු එකෙක් විය. ඇත්හල ළඟ කවුරුත් ‍නැති විවේක සථානයක් බැවින් පුරුදු පරණ හොරු හොරකම් උගන්වන්ට කොල්ලන් සමඟ බැවින් ගෙවල් බිදිය යුතු මෙසේය. මංපැහැරිය යුතු මෙසේය. ඒ කාරණා දෙක කරන්ට ඉගෙන ඉන්පසු සොරකමට යායුතු අන්කමත් වස්තු හිමියන් මරා සොරකම් කළ යුතුය. එසේ ක‍ළොත් සොරුන්ට විරුද්ධ  නඩු හබයක් ඇති නොවේ ය. සොරා ශිලාචාර විය යුතු නො‍වේය. කර්කශව පරුෂව, සාහසිකව, කරුනාවක් නැතිව පැවතිය යුතුය” යනාදි වශයෙන් හොර කොල්ලන්ට නිතරම කියා දෙන පාඩම් වුහ.
     “මහිලාමුඛ” නමැති මංගල හස්රති රාජයාත් ‍බොහෝ දවසක්ම මේ කතාබස් අසා තමන්ට උගන්වනවායයි සිතුවේය. මෙසේ සිතා එක් දිනක උදේ පැමිණි ඇත්ගොව්වා සො‍ඬෙන් ගෙන බිම ගසා මරා දැමුවේය. එයින් කලබලවී තවත් දක්ෂ ඇත්ගොව්වෙක් ළඟට ආ විට ඔහුත් මරා දමනු ලැබුවේය. ඉක්බිකි මංගල හස්තියා මද කිපි මහත් විනාහයක් කරන්නේ යයි රට පුරාම ප්ර සිද්ධ විය. මහ රජ්ජුරුවෝ- පණ්ඩිත වු පුරෝහිත ඇමතියන් කැඳවා- “පණ්ඩිතයෙනි තොපි ගොස් අපේ ඉතාමත් ශික්ෂිත විශ්වාස කටයුතු ඇත්රාජාට කුමක්විදැයි  පරික්ෂා කරවයි.නියම ක‍ෙළ්ය. සකල ශාස්ත්රද පාරගත ඒ ඇමතිතුමා වාහම ගොස් හසති රාජයා පරික්ෂාකොට ඔහුට කිසි අසනිපයක් නැති බැවින් ඇතගොවුවන් හා මුරකරුවන් කැඳවා- මේ ඇත්රජාට  නුපුරු ක්රි්යාවක් දකින්ටවත් අසන්ටවත් ලැබුණාදැයි ඇසුයේය. “එසේය පන්ඩිතයෙනි. රාත්රිුයට මේ අසල චණ්ඩ මිනිසුන් වගයක් නපුරු කථාබස් පවතවන වග කීම දිනක්ම දැනගන්ට යන්තම් ලැබුණාය”යි මුරකරුවො කීය. මුරකරු යන්තම් කී කාරනා හොඳින් තේරුම් ගත් පණ්ඩිතයා රජ්ජුරුවන් වෙත ගොස් 





76 යන්තම් ගැලවුනා


මහ රජ මම ඇත‍ා පරීක්ෂා කෙළෙම්. ඇතැට කිසි අසනිපයක් නැත. දරුණු සොරමුලක් කියන කර්කෂ වචන අසාගෙන සිටි ඇතා ඔහුට කරුණු ඉගැන්වීමකැයි සිතා ඒ ඉගැන්වීමේ අන්දමට ක්රිහයා කොට තිබේ. එය සුව කිරිමට නම් මහණ බමුණන් ලවා ඇතුට ඇසෙන්ට හොඳ වචන කතා කරවිය යුතුය. දුෂ්ට හොරුන්ට ඇත්හල අසලට නො එන්ට සැලැස්විය යුතුය. “කිසිවෙකුට හිංසා පීඩාවක් නො කළ යුතුය. සීලාචාර විය යුතුය. ක්ෂාන්තිය මෛත්රිපය පුරුදු කළ යුතුය යනාදි වශයෙන් ශබ්ද ඇසෙන්ට සැලැස්විය යුතුය”යි කියා පඬිතුමා එසෙ කර වුයේය.

    එසේ හත්අට දවසක් සුභාෂත පස් ඇසු මහිලා මුඛ හස්ති රාජයා ගුණයෙන් යුත් තාපසයෙකු මෙන් නිශ්චල වුයේය. “ලොකු මැණිකේ මේ ධර්ම කථාව කියා කුමාරදාස අපේ පුතාය- අප දෙන්නා ගේ චරිතයත් අපි දනිමු. මහිලා මුඛ හස්තියා නපුරු බස් අසා කර්කෂ වු නමුත් යහපත් වචන අසා සිල්වත් බවට පැමිණ තිබේ. මක්නිසාද තිරිසනා වුවත් උතුම් ඡද්දන්ත කුලයේ ඇතෙන් බැවින්ය. කොටියෙකුට හෝ නරියෙකුට කොපමණ හොඳ ඉගැන්විමක් කළත් උගේ ප්රිකෘති ගතිය වෙනස් කරන්ට බැරිය. අපේ පුතා කුමාරදාස උසස් ප්රකතිපත්ති රක්ෂාකරන අපේ දරුවා බැවින් පාපමුත්ර  ‍සේවනයකින්  නො මග ගොස් සිටිතත් අපට භික්වමා ගන්ට බැරි කමක් නැත. හෙට උදේ අපි දෙන්නාම කොළඹ යමු. හේරත් මල්ලී (ලොකු මැණිකේ ගේ මස්සිනා කෙනෙක්)ගේ සරෝඡිනිත් සමග යන්ට ඕනෑ. මම දැන් හේරත් මල්ලිලා ගේ ගෙදරට ගොස් ඒ ළමයා සමඟ එන්නෙමියි කියා ගොස්- තමන් ගේ මස්සිනාට කථාකොට “මමත් ලොකු බණ්ඩාර මහතාගේ හෙට උදේ කොළඹ යනවා. අපි යන්නේ මොටෝකාරයකිනි- මාත් සමඟ යාමට සරෝජිනිව එවන්ට ඕනෑය”යි ක‍ීවාම ඔවුහු එකපාරටම සතුටු වුහ. සරොජිනි වනාහි හේරත් මහතාගේ එකම දියණිය වේ. අවුරුදු 16 ක් වයස් වු සරොජිනි සකල ස්ත්රීි ලක්ෂණයෙන් කෙළ පැමිණි චාරිත්රා.භරණයෙන් විභූෂිත වු තරුණියකි. රන් මිණි මුතු ආභරණ වලින් සැරසුණ ස‍රරෝජිනි ද නැන්දම්මාත් සමඟ කොළඹ යන්ට කැමැත්තෙන් අවුත් එදා රාත්රි  මැණිකේලා ගේ ගෙදරට නැවතුනාය. 
    පසුදින උදේ ලොකු බණ්ඩාරත්, ලොකු මැණිකෙත් සරොජානි පුන්චි මැණිකේත් සමඟ මොටෝකාරයකින් කොළඹට පැමිණියාහ. ආ හැටියේම කුමාරදාස නැවතී ඉන්නා ස්ථානයට නො ගොස් කොළඹ ආවිට නවතින මරදා‍නේ පැවිලියන් හෝටලයට පැමිණ එහිදි දවල් ආහාර ගෙන සවස තුනට පමණ කුමාරදාස නැවතී ඉන්නා ස්ථානයට





පියදාස සිරිසේන නවකථා එකතුව 77


මොටෝකාරයෙන්ම ගියාහ. කුමාරදාස මවුපියන් යනවිට බ්රෝ කර් පෙරේරා ගේ නෝනා කුමාරදාසගෙන් රුපියල් පන්සියය ගෙන යන්ට ආවා විතරක්ය. කුමාරදාස ගේ කාමරේට ඒ වයසක බවලතා ඇතුල් වන බව දුටු ලොකු මැණිකේ බෝඩිංනිවස අයිති අප්පුහාමි ගේ කාමරයට ගියාය. ඒ අප්පුහාමු සහ හාමිනේත් ඔවුන් සතුටෙන් පිළි ගත්හ. ලොකු මැණිකේට ඉමසුම් නැතිව- “අප්පුහාමි අපේ කුමාරදාස නැවති ඉන්නා කාමරයට වයස් ගත බවලතෙක් ඇතුල්වුණා. ඒ කවුද- පුතත් සමඟ කුමක් කථා කරනවාදැයි අසා ගෙන ඉඳලා මම එන්නෙමි”යි කායා ලොකු මැණිකේ බණ්ඩාර මහතා හා කුඩා මැණිකේත් එහි නවත්වා පුතා ඉන්නා කාමරයේ දොර ළඟට ගියාය. “මොකද මිස්ටර් බණ්ඩාර ඇයි මාව රවටන්නේ? ඊයේ අර මන් කී මුදල නො අනුමානව ලැබෙන බව කීවා නේද? වයලට් සම්බන්ධ කටයුත්ත ගැන අතිරේක වියදමක් වශයෙන් මම රුපියල් 500 ය ඉල්ලුවේ- ඉතින් මිස්ටර් බණ්ඩාර ඒ මුදල දෙන්ට පුළුවන් කමක් නැද්දැ”යි පෙරේරා නෝනා ඇසීය. “මම ගමට ලියා යවා හතර දිනකට වැඩි නැහැ. බාගවෙලාවට අපේ පියාණෝ ඒ මුදලත් අරගෙන ‍අදම එන්ටට පුළුවනි. එසේ වුණොත් අද හවස මම අරගෙන එන්නෙමි. එපමණකුත් නොව “වයලට්ට තැගි කරන්ට මුද්දකුත් හදන්ට දී තිබෙනවා. ඒකේ වැඩ ඉවරවෙන්නේ අද හවසටයි. මුදල් සමඟම ඒකත් ගෙනෙන්නෙමි. අපේ පියාගෙන් රුපියල් 500 ය නො ලැබුණොත් නෝට්ටුවක් පිට රුපියල් දාහක් හෙට්ටියෙකුගෙන් ණයට අරන් දීමට මගේ මිත්රුයෙක් කත‍ාතර තීන්දු කර ඉවරයි. ඒක නිසා මුදල් ගැන සැක කරන්ට එපාය”යි කුමාරදාස කී බැවින් “එහෙනම් අද රැට මිස්ටර් බණ්ඩාර එනතුරු මම බලාපොරොත්තු වෙනවා. රැට කෑම කා නිදාගන්ටත් ලැස්තිවෙලා එන්ට ඕනෑ “පුතා” කියා පෙරේරා නෝනා හුනස්නෙන් නැගිටින කොට ඇත්තෙන්ම කුමාරදාස ගේ කනට අමාවක් වැටුණාක්මෙන් සතුට ඇතිවිය. පෙරේරා නෝනා යන්ට නැගුටුණු බව දැන ගත් ලොකු මැණිකේ ගෙයි එහායින් තිබෙන “අප්පුහාමිලා ගේ කාමරයට ගොස් මොකවත් නො දන්නා කෙනෙක් මෙන් අප්පුහාමිව පැත්තකට අඬ ගසා-අප්පුහාමි දැන් අපේ කුමාරදාස ගේ තත්වය- හැසිරිම කො‍හොමද කොලීජියට යන කාලේ වාගේ දැ”යි ලොකු මැණිකේ ඇසුවාය.

    “මම එහාට ලියා යවන්ටත් සිතා වුන්නා. දැන් බණ්ඩාර මහතා ඉස්සරට වඩා බොහොම වෙනස්වෙලා- කොළඹ ඉන්නා අන්තිම නරක ඉලන්දාරියෙක් වන ජෝ සමඟ මිත්රිවෙලා ඇවිදින්ට යනව‍ා.




78 යන්තම් ගැලවුනා


ඔහුත් මෙහාට නිතර ම ව‍ගේ එනවා. ඊටත් වඩා නරක එකක් මට පෙනුණා. බ්රෝ්කර් පෙරේරා ගේ ගෙදර ඇත්තෙ‍ාත් මෙහාට එනවා මම දුටුවා. ඒ මායියා ගේ කබල් දුවක් ඉන්නවා- ඒකිට හොඳට අන්දවා අළඳවා කෛරාටික කම් නො දන්නා තරුණන්ට පෙන්වා වාහම මඟුලුත් ජෝඩු කර ඒ ළඟට ඒ තරුණන්ගෙන් රුපියල් සියය හමාර බාග වෙලාවට හාර පන්සීයත් කඩාගැණිම ඒ ස්ත්රිපය ගේ රක්ෂාවයි. බ්රෝගකර් පෙරේරා කෛරාටිකයන් ගේ අග්රපසථානයේ ඉන්නා මිනිහා යි. මගේ කල්පනාව පුන්චි බණ්ඩාර මහතාට කලකට වත් කොළඹින් අහක් නො කළොත් සමහරවිට බ්රෝේකර් පෙරේරා ගේ උගුලක අසුවෙන්ටත් බැරි කමක් නැතැ”යි අප්පුහාමි කීයේය.


10. පරිච්ජේදය[සංස්කරණය]

    ටිකක් කී විට රාශියක් තේරුම් ගත හැකි ලොකු මැණිකේ ඒ තරමින් නවත්මා පිළියෙළකර මේසේ උඩ තිබුණු තේ වතුරද බී ලොකු බණ්ඩාර මහතා සහ දිව්යිප්සරාවක් මෙන් බබලන සරෝජිනි මැණිකේත් සමඟ කුමාරදාස ඉන්නා කාමරයට ගියා ය. අඩවල්කර තිබුණු දොර විවෘත කළ හැටියේම ටිකක් කලකිරුණු ස්වභාවයකින් පතුයක් බලමින් වුන් කුමාරදාස එකපාරට තිගැස්සි හුනස්සෙන් නැගිට්ටේය. මවත්- පියත් සරොජිනිත් දුටු හැටියේ සම්පුර්ණයෙන් වෙනස් වු කුමාරදාස මවුපිය දෙදෙනාට සිරිත් ප්රාකාර වැඳ වාඩිවෙන්ට සලස්වා තමාගේම නෑනා කෙනෙක් වන සරොජිනා මෑණිකේ දෙසට දිවගිය කුමාරදාස ගේ ඇස් දෙක වෙතතක යොදවන්ට නො හැකිව “මම සරොජිනීව අවුරුදු දෙකකට පස්සේ දුටුවේ අදයි. මොකද අම්මත් අප්පොච්චිත් මෙයත් සමඟ හදිසියේ ආවේ” කියා කුමාරදාස ඇසුයේය. අද උදේ කෑගල්ලේ ආතාල ගේ ගෙදර ලොකු දානයක් අපි කාන්ඩයක්ම එහාට ආ ගමන් මමත් අප්පොච්චිත් පුතා සම්බවෙන්ට එන පිණිස ලෑස්තිවුණාම ආරෝජිනිටත් අප සමඟ කොළඹ එන්ට සිතුනා. ඉතින් ආවා වෙනින් අමුත්තක් නැතැ”යි කියා පුතා සතුටු කළාය. 
   ඇත්තෙන්ම කාම තෘෂ්ණාව කෙතරම් දක්ෂයෙකු නමුත් මුලාවේ හෙලන හැටි! එදා වයලට් දුටු කුමාරදාසට සිද්ධවුණු ආබාධය නිසා විසි දිනක් පමණ පිස්සු වැටි වු‍න්නේය. නමුත් සරෝජිනි දුටු හැටියේම වයලට් හේනක දා ගිය වැදිරියක් මෙන් වැටහි කුමාරදාස ‍ගේ හිත 


පියදාස සිරිසේන නවකථා එකතුව 79


අතිශයින්ම සරොජිනි කෙරේ ඇදි ගියේය. යම් ස්ත්රී යක් කෙරෙහි මුලාවුණු තරුණයෙකු ඒ මුලාවෙන් බේරා ගැනීමට තිබෙන එකම උපාය නම්- වඩා ලක්ෂණ සම්පන්න ස්ත්රීබයක් ඔහුට පෙන්විමය. සත්වයා ගේ කාම තෘෂ්ණාව ලෙඩකි. රෝගය සුවව්මට නොව රෝගය අධිකවිමට උවමනා “ලේගියම” නම් ස්ත්රීසන්ට පුරුෂයන් ‍ගේ රූපයත් පුරුෂයන්ට ස්ත්රීගන් ගේ රූපයත් දැකීමයි. රූපයෙන් යුත් ස්ත්රීුය හෝ පුරුෂයා නමැති වඩා සැර ලේගියම වලින් වඩා සැරේට ඒ කාම තෘෂ්ණා ලෙඩේ උත්සන්න වන බැව් දත් ලොකු මෑණිකේ ඉතාමත් ලක්ෂණ කුමාරිහාමි කෙනෙක් පුතා ළඟට ගෙන ආ බැවින් ඔහු කලින් සිත අලවාගෙනවුන් වයලට් එහෙම පිටින් මතක නැතිකර දැම්මේය.

  “ප්රේවමය ය-ආදරය” කියන්නේ! සර්ථැර සාරගුණයක් නොව කාම තෘෂ්ණාව නමැති ගින්නෙන් නගින දැල්ල බව සැලකිය යුතුය. නමුත් ඒ කාම තෘෂ්ණාවෙන් ඇතිවන ගිනිදැල්ල නිසා ඇතිවු ප්රේලම බන්ධනයට වැටුණු ගුණවත් ජනයා තම තමාට අයිති යුතුකම කිරිමට පටන් ගැනිම කරණකොටගෙන ලෝකයේ සමඟියත් සදාචාරයත් පවති. යම් හෙයකින් ජන සමාජ‍යේ චාරිත්ර  වාරිත්රසත් ආණ්ඩුවේ බලයක් නැත්නම් මේ අන්යොටන්යෙයන් කෙරෙහි පැවැත්විය යුතු “යුතුකම්ද” අන්තර්ධාන වන බව සැලකිය යුතුය. කාමාන්ධකාරයෙන් අන්ධවී ඉන්නා වේලාවේ ස්ත්රිමයක හෝ පුරුෂයකු කෙරෙහි ඇතිවන ප්රේිමය හෙවත් ආදරය වනාහි සර්ථතර ගුණ ධර්මයක් නො වන බව නිරව‍ශෙෂ කොට සැලකිය යුතුය. 
  “ඉතින් අම්මලා අද මෙහි නැවති උදේ යනවාද එසේනම් ඉන්ට පිළිවෙලක් කරන්ට ඕනැය”යි කුමාරදාස කීවාම “ඕව් පුතා” අප්පුහාමිට අපි කීවා අපට නවතින්ට කාමරයකුත් රාත්රීුයට ආහාරපානත් උවමනා බව” මෙසේ කියා කුමාරදාසත්අඳව‍ගෙන හතර දෙනාම කොළඹ නගරයේ තිබෙන විහාරාරාම ආදිය බලා වැඳ පුදා ගන්ට ගියාහ.
   පසුදින උදේ පුතත් සමඟ ඔහු වැඩ ඉගෙන ගන්නා කන්තෝරුවට ගොස් පුතාට ගම කටයුතු තිබෙන බව කියා කන්තෝරුවෙන් අස්වීමට අවසර ඉල්ලා සිටි ලොකු මැණිකේට එහි අධිපති උගත් අවංක ඉංග්රීසසි මහතා ස්තුතිකොට “සිංහල ජනයා ලක්ෂයක් වටිනා නිවහල් ජිවිතය අත්හැර කියක්වත් නො වටිනා වහල් ජිවිතයට කැමතිවීම පුදුමයකි. බණ්ඩාර මහත්මයා සෛවරී ජිවිතයකට යොදවන්ට කැමතිවු ලොකු බණ්ඩාර මහතාට හා මැණිකේටත් ස්තුති කරමි”යි ඒ මහතා- කුමාරදාසට 




80 යන්තම් ගැලවුනා


ආශිර්වාද කොට ගමට යාමට සමු දුන්නේය.

   කුමාරදාසත් එක්කර ගෙන මවුපිය දෙදෙනා ගමට අවුත් සා‍රෝජනී විවාහකර දීමට යොජනා කරගෙන ඒ සඳහා සියලු විධි විධාන සලසා ඔවුන්ටම ඉන්ට අලුත් ගෙයක් සෑදිමට ආරම්භ කළාහ. කුමාරදාස වයලට් නමැති උරචක්ර්මාලයෙන් පහසුවෙන්ම බේරාගත් උගත් ගුණවත් මෑණියන් ගේ අගය කුමාරදාස ගේ නුවණ මෝරන්ට මෝරන්ට වැඩියෙන් අවබෝධ විය. දරුවෙකු දියුණුවිමට, උසස් විමට, සුවච කීකරු වීමට, ශික්ෂිත විමට, නුවණැතියෙක් වීමට, ශාස්ත ඉගැන්විමකින් කවදාවත් නො පිළිවන. කල්යාිණ මිත්රට සේවනයෙන්ද පිළිවන් වන්නේ ඒ සේවනය කරනතුරු පමණකි. නමුත් සර්ථදර සාරගුණය ඇති වන්නේ මවුපියන් නිසාමය. එයිනුත් විශේෂ වශයෙන් මෑණියන් නිසාමය. එහෙයින් අපේ මේ කථාන්තරයේ සඳහන් ලොකු මැණිකේ ගේ ශිෂ්ට භාවයත් ස්ථානොච්ත ප්රකඥවත් සිංහල ස්ත්රී න් පිරිමහින ආදර්ශයක් බව සැලකිය යුතුය. 
  කොළඹ කටයුතු සියල්ලක්ම අවසන් කොට කුමාරදාස බණ්ඩාර ගමට ගියේය. එදින සවස බ්රෝුකර් පෙරේරා ගේ ගෙදර ඇත්තෝ කුමාරදාසගේන් රුපියල් පන්සිය ය ගෙනයන්ට කල්පනා කරගෙන දුවට කථාකොට “වටලට්‍, ඊයේ කුමාරදාස උඹට මුදුවකුත් අරගෙන රුපියල් පන්සිය ගෙනත් දෙන බවට පොරොන්දු වුණා- ඊයෙත් පසු වී අදත් හතර වෙච්චි. ඔය බන්ඩේ මුදල් නුදුන්නොත් හොඳවායින් දෙකක් කතාකර මම එන්නෙමි. ජෝසප් නෝනාත් මහත්මයත් ආවොත් තේවතුර ආදියෙන් අංග්ර හකොට මං එනතුරු නවත්වා ගනින්- දැන් පප්පත් එනවා ඇති” කියා පෙරේරා මහ ගේ යමදුත‍ියෙක් වාගේ රික්ෂො රථයක නැගි කුමාරදාස ඉන්නා බොඩිමට ආවාය. එදත් වෙනදා  මෙන් කෙළින්ම කුමාරාදස ගේ කාමරයට ගිය පෙරේරා නෝනා එහි දොර වසා තිබෙනු දැක බෝඩිම අයිතිකාර අප්පු‍හාමි ඉන්නා පැත්තට ගොස් “අප්පුහාමි අර කාමරයේ බණ්ඩාර මහත්මයා තව ආවේ නැද්දැ”යි ඇසුවාය. ජේමිස් අප්පුහාමිටත් හාමිනේටත් දෙන්නාටම හිනා ගොස් “පෙරේරා නෝනා පරක්කු වුණා වැඩියි. මිට මාසයකට දෙකකට කලින් දැනගන්ට ලැබුණා නම් කුමාරදාස බණ්ඩාර මහතාගෙන් රුපියල් දාහක් හමාරක් නෙලා ගන්ට තිබුණා. දැන් ඉතින් මවුපිය දෙදෙනා ගමට ගොහිල්ලත් ඉවරය”යි කීවාහ. පෙරේරා





පියදාස සිරිසේන නවකථා එකතුව 81


නෝනාට ඉවසන්ට බැරිතරම් කේන්ති ගිය නමුත් කුමක් කරන්ටද? නරි දෙන ප්රාථම කුකුල් පැටියා ඉවත්ව යාමක් වැනි බැවින් “පේනවාද බණ්ඩාරයා කරපු වැඩේ- ඔය මිනාහාගෙන් ගන්ට ලැබුනේම රුපියල් පහ නොවැ. අපේ ගෙදරට ආ අනික් හැම තරුණන්ගේම රුපියල් සියය හමාර ගත්තා- බණ්ඩාර මගේ උගුලේ නොවැටි බේරුනා නොවේදැ”යි සිතමින් රික්ෂො රථයේ නැගි ආපසු ගෙදර ගියාය. අ‍දතේ තිබුණු සත පණහ රික්ෂො රථයට ගෙවා දුකට පත් පෙරේරා නෝනා ගෙට ඇතුල් වන විට එහි බලවත් ප්රීුතියෙන් තේ වතුර බොන මඟුල් පිරිසක් බව දුටුවාය.

  ජෝසප් මහතා, නෝනා පුතා “ජෝ”.බ්රෝිකර් පෙරේරා. දුව වයලට්, අතින් දුව ගර්ලි මේ පිරිස ප්රිිතියෙන් ‍තේ වතුර බී ලබන සඳුදා දවල් එකට රෙජිස්ට්රාේර් ජනරාල් කනතොරුවෙන් එකවරම කසාදය බඳින ලෙසට නියම කර ගත්හ. 
   ජෝසප් මහතා මීට සතුටු වු‍ෙණ් ඔහුට විරුද්ධව හෙට්ටියෙක් රුපියල් පහළොස්දාහක ණයක් අයකර ගැනීමට නඩු දමා තිබෙන් බැවින් වයලට් ගේ නමින් බැංකුවේ තිබෙන රුපියල් තුන් දාහ අරගෙන දී නඩුව ඉවත් කරවා, ඒ ඉඩම වහාම විකිණිමට බලාපොරොත්තුවෙනි. තරුණ ජෝසප්ට බ්රෝ කර් පෙරේරා දෙනවයි කී දෑවැද්ද - ගේ සහ මොටෝ රථයත්- වයලට් නමැති ගිනිබෝලෙත් ලැබෙන නිසා ඔහු සතුටුවිය. පෙරේරාටත් ඔහු‍ගේ ගෙදර ඇත්තන්ටත් වුවමනාකළේ ඉඩම් හිමියෙක්යයි සිතා ඉන්නා ජෝසප් මහතාගේ ආධාරයෙන් තමන් ගේ ඉඩමත් බේර‍ාගෙන එය බෑණාටවත් හිමි කරදීමයි. වයලට්ට උවමනා කළේ ක්රී්ඩා සුවයෙන් දඩාවතේ ඇවිදින මොටෝකාරයත් එලවන්නට දන්නා කලිසන් අඳිනා තරුණයෙක් සමඟ විවාහ වෙන්ටයි. 



11. පරිචිජේදය[සංස්කරණය]

    බ්රෝාකර් පෙරේරා ගේ නෝනා කලින් ගනුදෙනු කොට පුරුදු ඇප්ගන් කාරයෙකු ගෙන්වා රුපියල් 500යක නොට්ටුවක් දි රුපියල් 250 ක් රැගෙන මඟුල් ගෙදරට උවමනා ඇඳුම් ආදිය පිළියෙල කරගත්තාය. සඳුදා පැමිණියේය. දෙපක්ෂයේ ඤතීන්ගෙන් මොටෝකාර් සතරක් රෙජිස්ටාර් ජනරාල් කන්තෝරුව පැමිණ එකවර‍  විව‍ාහට සිද්ධ කරනලදි. තරුණ ජෝසප් හා ඔහුගේ මනමාලියත්


82 යන්තම් ගැලවුනා


හොනිමුන් යන්ට සුදානම් විය. මනාලයා මීගමුවට යන්ටත් මනාලි මාතරට යන්ටත් කථාබස් ඇති වු නමුත් අන්තිමේදි බ්රෝාකර් පෙරේරා ‍‍ගේ කැමැත්ත ලෙස ලුනාවට ගොස් තුන් දවසක් ගතකොට ගෙදරට පැමිණියාහ. ජෝසප්ට දායාද වශයෙන් දුන් මොටෝරථයත් කොළඹ කුරුඳුවත්තේ ගෙයි ඔප්පුවත් සේවිංස් බැංකු පොතත් නිමා ‍ලොකු බලාපොරොත්තුවක් ඇති ජෝසප් මනමාලියත් සමඟ සවකීය නිවසේම පදිංචිය ගත්හ. තුන්හතර දිනක් පසුකොට “වයලට් අර බැංකු පොත කො උඹේ ඇඳුම් කැඩුම් රත්තරන් බඩුත් ඒ බැංකු පොතත් සමඟ ගෙනෙන්ට ගෙදර යමුය”යි කුරුඳුඩුත වත්තේ පෙරේරා ගේ නිවසට ගියාහ. එහිදි ප්රීනත්මත්ව දාවලට කෑමත් කා සවකීය නිවසට එන්ට පිටත් පරණ ඔසරි කබල් දෙකයි යට ගවොන් කබල් තුනයි තවත් රෙදි කඩමාලු දෙකකුත් ට්රින්ක් පෙට්ටියක අසුරාගත් වයලට් බැංකු පොතේ විත්තිය මම්මට කීවාය. “අනේ වයලට් උඹ පප්පව හිරේ යවන්ට හදනවාද? ඔය බැංකු පො‍ෙත් තිබෙන්නේ මුලින් දාපු රුපියල් දහය පමණයි. අනිත් 2990 පප්පා වරින් වර ලියා බොරු අත්සන් යොදා තිබේ.බැංකු පොත සොයා ගන්ට බැරිය-ඒක නැති වෙලායයි ජෝට කියපන්. මම ඒක උඹලා හොනිමුන් ගියදාම පුළුස්සා දැම්මාය”යි කීවාම කිසි ලැජ්ජාවක් භයක් නැතිව වටලට් ඉස්තෝප්පුවේ වේවැල් පුටුව උඩ ස්වාමියත් සමඟ ප්රීටතියෙන් කතා කරමින් ඉන්නා විට පියුන්කාරයෙක් විත් පෙරේරා නෝනාටත් පෙරේරා මහත්මයාටත් තිබෙන දෑවැද්දට දුන් ඒ ගේ සඳහා පවරනලද නඩු දෙකක සිතාසිය. ඒ ගේ දෙවරක් උගස්තියා රුපියල් තිස්දාහක් ගෙන තිබේ. පොලිත් සමඟ රුපියල් හතලිස් දාහක් අයකර ගැනීමට දමනලද නඩු දෙකේ සිතාසි ගෙනත් බාර දුන්නාහ.

     ජෝසප් හා වයලට් එය බලා “ඇති අපට දුන් ගෙට ගිහින් තිබෙන් කල! හුනස්නෙන් නැගිට “මම්මේ මේ ගේ අපට දුන්හැටිදැ”යි ජෝසප් ඇසුවේය. “මක්කරන්නද ළමයෝ, පප්පා ණයවෙලා ඉන්නවා. උඹලා ණය ගෙවා ‍ගේ අයිතිකර ගනිල්ලාය”යි  කියා ස්තෝප්පු පුටුවක් පිට වාඩි ගත්තාය. “ඕවි බොහොම හරි, මේ ගෙය වටින්නේත් රුපියල් පහලොස් දාහයි. උකස්කර දෙකක් පොලියත් නඩු ගාස්තුත් රුපියල් පණස්දාහකට කිට්ටු වේව” කියමින් ජෝසප් භාර්යාවගේ 






පියදාස සිරිසේන නවකථා එකතුව 83


ඇඳුම් පෙට්ටියත් කාරයේ දම‍ාගෙන, වයලට් නමැති ගිනිබෝලයත් කාරයේ ඉස්සරහ ආසනේ ඉඳුවාගෙන හි‍ෙත් මහත් කනස්සල්ලේන් රථය පදවා ගෙන ගියේය. වරට පාරට බැසපු හැටියේ ඉංග්රි්සි මහතෙකුත්, සිංහල මහනෙකුත් පියුන්කාරයෙකුත් රැකගෙන සිට රථය නවත්තන්ට කිහ. ජෝසප් රථයෙන් බැස කාරණය කිමදැයි ඇසුයේය. “මාස හයක්ම රථයට මුදල් ගෙවා නැත. රුපියල් එක්දාස් දෙසීයයක් ගෙවන්ට තබේ.

   මුදල් ගෙවනතුරා රථය පාවිච්ච‍ි කරන්ට දිය නොහැකි බව කියා වයලට්වත් බස්වා ට්රුන්ක් ‍පෙට්ටියත් බිම දමා ඒ උදවිය මොටොකාරය ගෙන ගියෝය. ජෝසප් ලජ්ජා නැති මිනිහෙකි. වයලට් ඒවාගේ තුන්හතර ගුණයක් ලැජ්ජා භය නැති ගැහැණියකි. ඔවුහු රීක්ෂො දෙකක් ගෙන්වා ගෙන කබල් ට්ර්න්ක් පෙට්ටියත් එහි තබාගෙන ගෙදර ගියහ. තරුණ යුවල මලානික ගතියෙන් ගිය බව දුටු ‍ජෝසප් නෝනා සිද්ධ වු කරුණු මොකුත් නොදැන පුතාට කථාකොට “පලයන් ජෝසප් බැංකුවට- උඹ රුපියල් තුන්දාහ ගෙනෙන තුරු පප්පා මෙච්චර වෙලා වුන්නා- දැන් දෙකයි වෙලාව පලයන් වයලටුත් සමඟ” කීවාම තරුණ ජෝසප් වයලට්ට කථාකොට බැංකු පොත ගෙනාවාදැයි ඇසුවේය. බැංකු පොත පුළුස්සා දැමු බව දත් වයලට් කතා නොකර කාමරයට ගොස් ඇඳගෙන වුත් ඇඳුම් පිටින්ම න‍ිදා ගත්තාය. ජෝසප්ට ඉවසිය නො හැකිව ඈ ගෙනා ට්රාන්ක් ‍පෙට්ටිය ළඟට ගොස් බැළුවේය. යතුරක්වත් නැති ඒ පෙට්ටියේ තිබුනේ ඔසරි කඩමාළු දෙකකුත් තවත් යටි ගවොම් කඩමාළු තුන හතරකුත් බැවින් ඒවා අරගෙන මිදුලට විසිකර බැංකු පොත පෙට්ටියේ නැනි බව මම්මට කීවේය. 
    “හොඳයි ජෝ උඹ සේවිංස් බැංකුවට පලයන්, මා අතේ සත පණහක් තිබෙනවා ඒකත් වියදම් කරගෙන සේවිංස් බැ‍ංකුවට ගොස් රුපියල් තුන්දාහක් ඒ පොතට දමා තිබෙනවාද කියා වරෙන්නැ”යි පුතා පිටත්කර යැවිවාය. ජෝසප් ගොස් තමාගේ මිත්රවයෙක් සෙවිංස් බැංකුවේ ලිපිකරු වැඩක් කරන බැවින් ඔහු අතට නොම්මරය දි මේ පොතේ මුදල් කොපමණ තිබෙනවාදැයි ඇසුවේය. ඒ ලියන මහතා පොත පෙරලා බලා අවුත්-“මිස්ටර් ජෝසප් ඒ පොතේ මුදල් දමා තිබෙන්නේ එකම වාරයයි. මීට අවුරුදු 12 කට ඉස්සර රුපියල් 10 දමා තිබේ. නමුත් පොලිය දමන්ටවත් ඊට පසු මෙහාට පොත ගෙනත් නැතැ”යි කීවාම ඇගේ තිබුණු ලේ ටිකක් හිඳුනු ජෝසප් ගිය රික්ෂෝ එකෙන්ම ගෙදර අවුත් බැංකුවේ ප්රුවෘත්තාය මම්මාට කීවේය. “අ‍නේ



84 යන්තම් ගැලවුනා


ජෝ මෙච්චරකල් කොළඹ ඉඳලත් උමලා අපි රැවටුන නොවැ” කියා කාමරයට අවුත් වයලට්ට කුණු බැල්ලියකට මෙන් බණින්ට පටන් ගත්තාය. “වරෙන් වයලට් උඹලා‍ගේ මම්මත් පප්පත් සම්බවෙන්ට යන්ට කීවාම ලැජ්ජ නැති නමුත් මහලු ජෝසප් නෝනාගෙන් ඉලපත් පාර ලැබේය යන බියෙන් වයලට් මිනාහාත් සමඟ ස්වකිය මව්පියන් ගේ ගෙදරට යන්ට පිටත් වුණාය. රික්ෂො වලට ගෙවන්ට මුදල් නැති බැවින් පයින්ම යන්ට විය.

වයලට් - අනේ අනේ ලොකු ධනවත් මහත්මයෙකු සමඟ කසාද බැන්දා-බැඳලා දහ දවසයි-රික්ෂො එකක්වත් නැතිව පයින් යන හැටි

ජෝසප් - උඹට තව රික්ෂෝ! උඹේ දෑවැද්දට ලැබුණු කාරයට උදේ ගිය කල!!!

	උඹට දීපු ගෙට ගොස් තිබෙන කල!!! උඹේ බැංකු පොතේ හැටි! අනේ

තක්කඩි හෙර තොපි මා රවටිපු හැටි!!

වයලට් - උඹ අන්තිම ජඩයෙක් යකො! කො උඹේ කාර්!!! උඹ බොහොම පොහොසත්ය කීවේ!!! උඹ අපේ මව්පියන් ගේ හැටිත් දැනගේන ඕනෑ නේද කසාද බඳින්ට උඹ පල් හොර හිඟන්නා. අපිත් පල්හොර හිඟන්නෝ! ඉතින් මොකද කියන්නේ තක්කඩින්ට තක්කඩි එකතු වෙනවා දන්නේ නැද්ද ?


ජෝසප් - (මහප‍ාරෙදිම මනමාලිට කම්මුල් පාරක් දී) යමන් උඹේ කට හැකර කටෙන් ගෝසා නොකර!

වයලට් - මම තො‍ෙග් ඔලුව පලනවා මට යමක් තිබෙන කෙනෙක් සමඟ යන්ටත් නොදී තොව බැඳගත්තා. යමන් උඹට හොඳ වැඩක් කරන්නා!!

ජෝසප් - (තවත් එකක් පිටට ගසා) දුවලා වර කියමින් ගමන් ඉකමන් කළේය. ඉක්බිති දෙන්නා ම පෙරේරා ‍ෙ‍ග් නිවසට ආහ. “‍මෙන්න පප්පේ, මේ ලංසි පරයා මට ගැහුවා, දෙපල නැත කියා මාව එලෙව්ව‍ා” කියා වටලට් කෑ ගසමින් ගෙදර ඉස්තෝප්පුවේ ඇද වැටුණාය.

    බ්රෝඉකර් පෙරේරාති, පෙරේරා නෝනාත් මිදුලට බැස ජෝසප් ඉදිරියට අ‍ාවාහ. කෙ‍ොටියෙක් මෙන් කිපි වුන් ජෝසප් පෙරේරාට ගහන්ට පටන් ගත්තේය. පෙරේරා නෝනා ජෝසප්ට පහරක් දෙනකොට ළඟ තබුනු ලීයක් ගෙන ජෝසප් යකෙක් මෙන් බණිමින් පෙරේරායත්,


පියදාස සිරිසේන නවකථා එකතුව ‍85


පෙරේරා නෝනාටත්, වයලට්ටත් හොඳටම තලා ගෙදර දොර තිබුණු බඩුත් පොඩිකර පැනලා ගියේය.

   පොලීසියට දැනුම් දුන් බැවින් පොලීසියෙන් අවුත් විභාග කළ නමුත් කාටවත්ම සැළකිය යුතු තුවාල නැති බැවින් බ්රෝවකර් පෙරේරාටය නඩුගන්ට කීවේය. ඔවුන්ට බරපතල තුවාල වෙන්ට ඇතැයි සිතු ජෝසප් පිටකොටුවට ගොස් නුවර පැත්තට යන ලොරියක නැගි සැඟවී ගියේය. උදේ හතට පමණ ලොරිය නුවරට සේන්දු විය. ලක්දිව හැම නැනම දන්නා ජෝසප් නුවරදි ‍‍ෙත් වතුර කඩයකට ගොස් තේ වතුර බී කුමාරදාස බණ්ඩාර සම්මුවන්ට යාමට සිතමින් ත්රිොකුණාමල වීදිය පැත්තට ගියේය. කුමාරදාස බණ්ඩාර මහතා තවත් මිත්රියෙකුත් සමඟ කුලී මෝටෝ රථයකින් අවුත් ත්රි කුණාමල විදිය හන්දියේ බැස්සේය. වේදිකාව උඩ ඈත මෑත බලමින් හුත් ජෝසප්ව කුමාරදාස මහතා දකින්ට ලැබී “හලෝ කුමාරදාස, මම ආ‍ෙව් තමුසේ සොයා ගෙනමයි. මිස්ටර් බණ්ඩාර ‍ගේ වලව්ව විපරම කරමින් සිටියෙමි. දැන් මගදිම සම්මුඛ වුනුඑක කොපමණ හොඳ ද” කිවා ම පාරේ ඉඳගෙන කථා කිරිම හොඳ නැත කියා අසල තිබුණු සාප්පුවකට ‍ගොස්  “තමුසේ මගේ හතුරෙක්, මට විරුද්ධව කුමන්ත්රමණ යෙදු තමුසේ මාව බලන්ට ඒම ලැජ්ජා නැති කමකි. ඒ නමුත් ළඟට ආ හතුරටත්, පිහිට ඉල්ලන්නාටත් උපකාර කිරිම සිංහලයන්ගේ පිරිසිදු සිංහලයන්ගේ ච‍ාරිත්රව ධර්මයකි”යි කුමාරදාස කීවේය. 
 ජෝසප් කඳුලු හෙළමින්, තමුසේ කරේ දාගන්ට දැඟලු උරචක්ර මාලය මම ලාගත්තා. මම කාලකණ්ණියා නිසාත්, තමුසේ පින්වතා නිසාත් මෙහෙම උනා වෙන්ට ඇත කියා වයලට් පිළිබඳ කථා ප්රනවෘත්තිය මඳකුත් අඩු නො කොට කුමාරදාසට කීවේය. ඒ අසා ගෙන වුන් කුමාරදාස පුදුමව ප්රීකතිමත්ව මෙසේ කීවේය. “ධර්මය රක්ෂා කරන තැනැත්තා ඒ ධර්මය විසින්ම රක්ෂා කරනු ලැබේය”යි අපේ බුදු හාමුදුරුවෝ වදාළ සේක. ඒ කාරණය දැන් ජෝසප් ‍ගේ කථාවෙන් ඔප්පු වුණා. කොළඹ ආදි නගරවල ඉන්නා සිංහල මිනිසුන්ගෙන් බො‍හෝ දෙනා තුට්ටුවක වටිනා කමක් නැති, ප්රමයෝගයෙන් රට රවටා ගෙන ඉන්නා ණය ගැතියෝයි. මොටෝකාරය තිබුණාට මොකද “එය කොම්පැණිය විසින් කොයි වේලේ අල්ලා ගනිදැයි දන්නේ නැහැ” ඔය තැන්-තැන්වල දුව පැන ඇවිදින ලමිස්සියොත් ඒ ව‍ාගේයයි. ජෝසප්ලාත් තක්කඩි ප්රුයෝගකාරයෝ-වයලට්ලාත් ඒ





86 යන්තම් ගැලවුනා


වගේමයි-කසල වලට කසල එකතුවුණාට වරදක් නැත. වී සහල් ආදී වටිනා දේකට කසල එකතුවුණානම් ලොකු අයුත්තකි. එමෙන්ම ජෝසප් ගේ චරිතයේ හැටියට වයලට් ‍ෙහාඳයි. මගේ මිත්රැයෙක් නොව මිත්ර ද්රෝවහියෙක් ලෙස ජෝසප් ක්රියයා කල බව මම දනිමි. මිනි පසු කවදාවත් මා සම්බවෙන්ට එපා-කවදාවත් මින් පසු තමුසේ වැනි පහත් පැවතුම් ඇතියෙකු සමඟ මගේ ආශ්ර යක් නොවේ- හොඳ හිතකින් කරුණාවෙන් නො වු නමුත් පැමිණෙන්ට තිබුණු දරුණු විපතකින් මට ගැලවෙන්ට ඉඩ ලැබුණේ ජෝසප් නිසාය. ඊට තුටු වශයෙන් මේ රුපියල් සීය ගත මැනැවැයි කියා රුපියල් සීයක් ජෝසප්ට දී, කුමාරදාස බණ්ඩාර මහතා ජෝසප්ගෙන් ඉවත්ව තමා ආ කටයුත්ත සඳහා ගියේය. “යන්තම් ගැලව‍ුනා” යන මේ වචනය ගලක කෙටුවා සේ කුමාරදාස ගේ හි‍තතේ ඇදී ග‍ියේය.




සමාප්තයි