පුරාණ සිඬස්ථාන සහ කෞතුක වස්තු-1

Wikibooks වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පුරාණ සිඬස්ථාන සහ කෞතුක වස්තු-1



“නමො දසබල ධාරිනො”

________

පුරාණ අනුරාධපුරය[සංස්කරණය]

අප බුදුන් පිරිනිවන් පෑ දින සත්සියයක් පිරිවර සමඟ ලක්දිවට ගොඩබට “ලාටරට සිංහපුර සිංහබා රජහු වැඩිමහල් පුත් විජයකුමරු” ගේ අනුරාධ නම් අමාත්ය යා විසින් පිහිටුවන ලද අනුරාධ ග්රාවමයෙහි පසුකාලයක පඩුපස්දෙව් රජබිසවුන් සොහොයුරු අනුරාධ කුමරු වාසයකළ හෙයින්ද, එමකාලයෙහිම පණ්ඩුකාභය නිරිඳුන්විසින් නිමිත්ත ශාස්ත්රෙය හා වාස්තුවිද්යාෙව දත්තවුන්ගේ උපදේශපරිදි නුවර ඉදිකරවීමේ වැඩ අනුරේ නකතින් ආරම්භකිරීමේද යන කරුණුසලකා අනුරාධපුර යයි නම්තබා දකුණුදෙසින් නන්දින හෙවත් ජොතිවන නම් උයනක්ද , කරවන ලද්දේය. එයටත් දකුණුදෙසින් එනිරිදුන්පත් මුටසීවරජුකරවූ මහමෙවුනා නමැති තවත් උයනකින්ද සැදී මෙනුවර සිංහළ රාජපරම්පරාවේ 110 ක් රජුන්ගේ රාජධානියවද පැවතියේය.

________


මහමෙවුනා උයන


නැගෙනහිරින් කොළොම් (මල්වතු) ඔයද, දකුණෙන්වෙස්ස ගිරි බිම්ද, බස්නාහිරින් අභය වැව සහ තිසාවැවද, උතුරෙන් ථූපාරාම විහාරයේ බිම්ද, යන මායිම්තුළ පිහිටි මෙහි වැඩ මුටසීවනිරිඳු ආරම්භකරවීමේදී සෘතුවට (බලාපොරොත්තු) නැති අධික වර්ෂාිවක් වූ හෙයින් මහාමෙහවන හෙවත් මහ මෙවුනා කියා නම් තබනලදී. එය සඟසතුකොට පිදීම. මිශ්රසකපර්වෙතයෙහිදී සිංහළ පිරිස තිසරණයෙහි පිහිටුවූ දිනට තුන්වැනිදින “මේ මහමෙවුනා උයනසඟනටදෙමි” කියා මිහිදු හිමි අත්ලට දෙවානම්පියතිස්නිරඳුවත්කලපැන් මිහිපිටවැටුනුකල්හි ලඞ්කාවිපයෙහි බුදුසස්න පිහිටනහෙයින් පො‍ළොවදකම්පිතවය



-( 2 )-


අටමස්ථාන

ජයශ්රීාමහාබොධිශාඛා, පොහෝගෙය, (ලොවාමහාපා) මාලක සීමා, ගිනිහල්පොකුණ, ලහත්ගෙය,රුවන්වැලිසෑ වතුශ්ශාලා තිස්සාරාම, යන ශුඬස්ථාන පසුකාලයෙහි පිහිටන බව මහමෙවුනා උයන සංඝිකකොට පිදූදිනදී රජතුමා පිළිගැන්වූ දෑ සමන් මල් මිහිඳුහිමි මිහිපිට වගුරුවාදැක්වූ අටමස්ථාන නම්වෙත්. (ථූපාරාම, ජෙතවන, අභයගිරි,මිරිසවැටි, ආදී චෛත්ය්ස්ථානද අටමස්ථාන යන්ට අයත්යයි අතැමුන්ගේ විශ්වාසය වැරදිබවද සැලකියයුතුයි.)


සීමාබන්ධේනය

ඉහත සඳහන් පරිදි අටමස්ථාන දැක්වීමෙන් පසු “ලක්දිවබුඬ ශාසනය පිහිටියේද?” කියා රජතුමා මිහිඳුහිමිගෙන් විචාළකල්හි “නරෙන්ර්් ය! තවමනොපිහිටියේය. සංඬ්ඝකම්පිණ්සබුඬාඥාවපරිදි සීමාවක්බැන්දකල්හි ශාසනය පිහිටියේවේ’ යනු ‍වදාළහෙයින් පසු (4 වෙනි) දින පුන්කලස්ගත් සාධුනාදාදියෙන් යුත් පෙරහරින් ගමන්ගත් රජතුමා රන්නඟුලක මහාපදුම, කුජර, යන ඇතුන් යොදා සාමින් දැක්වූ සීමාව ඒ සමඟ වැඩි රහතුන් වහන්සේලා නිමිත්තයන් කිර්තදනයකොට බන්ධවනයකළකල්හි ශාසනය පිහිටි හෙයින් පොළොවද කම්පිතවිය. (සිංහල බෞඬජනයා පළමුවෙන් කළ පෙරහරද මෙයවිය.)


ශුඬභූමිය

සඟසතුකොට පිදීම, අටමස්ථානපිහිටිම, සීමාබාන්ධ නයට ඇතුළත්වීම, යන කරුණු හේතු‍කොට ( පෙරකීපරිදි එක් එක් අවස්ථාවන්හි දසවරක් පොළොවකම්පාවීමාදීයෙන්) ශුඬභූමියයිව්යොවහාරයටපත් මහමෙවුනා නම් මෙ උයනතුළදී අනුලාබිසව ඇතුළු සිංහළස්ත්රී්න් පන්සියයක්වෙළුවනාරාමය බුදුන් වෙත පිදූ ධර්මිකථාව අසා සෝවාන්වීම්ද, මහවිහාරය, සහ ථූපාරාමය, ඉසුරුමුනි, වෙස්සගිරි, මිරිසවැටි, අභයගිරි, යන වෙනත් සිඬස්ථානපිහිටිමද, හේතුකොටගෙන වඩාත් උත්තුඞ්ගබවට පත්විය. එවකසිට මෙහි තුළ අඩුපාඩුව පැවැති අටමස්ථාන ‍ගොඩනැගිලි දුටුගැමුණු නිරිඳු කල සිංහවික්රා න්ති (න්යාඅය) යෙන් කරවන ලදී. සිංහවික්රාලන්ති (නය) ගොඩනැගිලි දකුණත්පසට කරා අඹරා පසු බලාසිටිනා. කණ්ඨීරවයෙකුගේ වාලධිය කෙළවරට බොධිගෘහයද, දක්ෂි ණපාදයට ලොවාමහපායද, වාමොදරපාර්ශ්වයට සීමාමාලකයද, දක්ෂි ණ හස්තයට ලහබත් ගෙයද, වාමහස්තයට රුවන්මැලිසෑයද, කණ්ඨයට එනම් ථුපය *ද, නෙත්රයදෘෂ්ඨියට ප්රලතිමාගෘහය†ද, යන පරිදි (ශෙෂවතුබුගොඩනැගිලි) දුටු ගැමුණු නිරිඳු සිංහවික්රාෙන්ති (න්යා‍ය)යෙන් කරවීය.

  • ථූපාරාමය වියහැක† මානික්ය රත්නවිහාරයයි සිතියහැක.



-(3)-

ශුඬභූමියතුළගමන

පෙර කී පරිදි ශුඬභූමියයයිව්යඨවහාරයටපත් මහමෙවුනාඋයන තුළ ඇති නටබුන් හා සිඬස්ථාන කරා යෑම පිණිස පිටත්වකඩපලට පැමිණ පළමුකොට එ අසල වූ (පසළොස්වක මාසේ, යන ස්ථානයවෙත පැමිණියයුතුයි. (පසළොස්වක් මාසේ, යන පො‍හෝ දිනවල වන්ද නා කරුවන්ගේ පැමිණීම පරිදි සියලු වේලාහිද, අනික්දිනවල පෙරවරු 6-30 සිට 11 දක්වා ද පස්වරු 3 සිට රාත්රීි 10 දක්වාද දොර හැරතිබෙන) මෙම ස්ථානය වටා කළ මතුයෙහි බෝරුක් 13 ක් ඇති ප්රාවකාරයෙහි උතුරු දොරටුව ඉදිරියෙන් (චන්ර්ුක්යාගේ අඩක්ලෙසට කැපූ සෙයින්) සඳකඩ පහණ යයි කියනු ලබන අනගි කැටයමින් යුත් පාපිස්නා ගලක්ද, දොරටුපාලරූ දෙකක් සහිත ගල්පඩි තුනක්ද, ගලින් නෙලු අනගි මකර කොණක්ද වෙත්. ඉන් ඇතුල්ව පුරාණ මුරගෙයි ගල්කණු 16 ද බලා ඉදිරියට ඇති ගල් පඩි 4න් බැස ගමන් කිරීමේදී හමුවන විජිනිගත් දොරටුපාලරූ දෙකක් සහිත ගල්පඩි 4න් නැග ගමන්කිරීමේදී දකුණින් පසින් හමුවන දෙපස භෛරව හා දොරටුපාලරූ සහිත ගල්පඩි 21 න් නැග පැමිණෙන ප්රා කාර බැම්මකින් ආරක්ෂාටකළ මළු 4 කින් යුත් උස්භූමිය අටමස්ථානයන්ගෙන් එකක්හා කකුසඳ, කොනා ගමණ කාශ්යළප, ගෞතම, යන සිවුබුදුවරයන්වහන්සේලාගේ බොධිදක්ෂි ණශාඛා ඒ ඒ කාලවල පිහිටුවීමෙන් මෙකප මුළුල්ලේම ශුඬවූ බිමක්බවදැන ගෞරව සහිතව ඇතුල්වීය යුතුයි.


ජයශ්රීහ මහා බොධීන්වහන්සේ

“අරිඪ” කුමරු ගෙනගිය දෙවනපෑතිස් නිරිඳුගේ ලිපියලත් දඹදිව ධර්මාමශොක මහරජතුමා සුවඳ කලල්පිරූ රන්කටාරමක් ගෙන පෙරහරින් ජයශ්රීල මහාබොධින්වහන්සේ කරා පැමිණි දක්ෂිපණ ශාඛාව රන්සිරි‍යලින් ලකුණුකොට “මෙම ශාඛාතොමෝ ලඞ්කාවීපයටයායුතුවේනම් නොමෝමයිදී කටාරමෙහි පිහිටාවා” යි සත්යතක්රියයා කළේය. බුදුන් අදිටන්පරිදි එසේ වීමෙන් පසු සංඝමිත්තා රහත් තෙ‍රණින් භාරයේ ලක්දිව දෙවන පෑතිස් අතින් තොරකළවිට අසූරියනක් පමණ අහසට නැගී බුදුන් අදිටන්පරිදි සවණක්රැස් විහිදුවා සවස රෙහෙණ නකතින් මෙම උස්භූමියෙහි නොමෝම පිහිටියාය. මෙහි මුදුන් මළුවේ පිත්තල වැටෙන් කොටුකළ කඳන් දෙකකින් යුත්




-( 4 )-

එකීවෘක්ෂය රාජයා සහ පිරිවර පැළ දෙකක්ද, දෙවැනි මළුවේ තනි ක‍ඳෙන් යුත් වෙනත් බෝරුකක් සහ පැළයක්ද, තුන්වෙනි මළුවේ කලින් පිහිටි දිරායාමෙන් අතුරුදන්වූ ඵලරුහ බොධිමූලයෙන් නැගි පැළයක්ද, වෙත්. හතරවැනි මළුවේ මලසුන් හා පහන් ගෙවල් වලින්ද යුක්තව වැඳ පිදීම් උදෙසා වටේයාමට හැකිපරිදි පිළියෙලකොට තිබෙන සෙයින් දකුණත බෝරුක් දෙසට සිටිනසේ ගමන් (පැදකුණු) කොට වැඳ පුදා පහතට බැසීමේදී දක්නා ලැබෙන වමතින් ඇති 5 වෙනි හා ඉදිරියෙහි දෙවන පෑතිස් නිරිඳුන් කරවූ (පසුකල ප්රෙකෘතිමත් කළ) විහාරගෙයද, එහිතුළ ප්රිතිමාව ඇතුළු දෙයද බලා බැතිසිතින් වැඳපුදා 7‍ වෙනි මළුවට බසිනු එහිවු බෝරුක් 17 ක් හා දෙවන පෑතිස් නිරිඳු කරවූ අපබුදුන් සත් සති ගතකළ අන්දම දක්වන පිළිරූද බලා දොරටුවවෙත ගමන්කිරීමේදී මළුවතුළ දීම හමුවන දකුණත් පසට ඇති පාරේ ගමන් කරනු. පුස්තකාලය (පොත්ගුල)

දහම් පොත් ආදී පුරාණවස්තු රාශියක් තැන්පත් කොට ඇති මෙයට ඉදිරිපස දොරෙන් ඇත්ලුව දකුණත් පසැති සෝපානයේ ගමන් කොට සොල්දරයට පිවිසිකල ජයශ්රී මහාබෝධිශාඛාව මෙහි එවනාවිටපළඳවන ලද දඹරත්රන්, රිදී, සහ මාගධෙය වස්ත්රාශදියෙන් මැණික් බැඳ කරවූ බෝධිඇඳුම්ද, බොධි ශාඛාව පිළිගැනීමේදි පළඳවන පෙරකී ලොහ සහ පැරණි ලාඞ්කික වස්ත්රාවදියෙන් මැණික්බැඳකළ බොධිඇඳුම්ද, අටමස්ථානවලින් සම්භවූ රන්, රිදී ඇත්දත්, චන්දින, ආදියෙන් කළප්රථතිමාද, රිදීපත්තිරුවල ලියු සතිපඨාන පොතක් සහ වෙනත් ධර්ම පුස්තකද, ගෝමේද හා සුදු නිල් යන මාණික්ය්යෙන් කළ ප්රදතිමා දෙකක්ද, මාණික්ය බැඳි බොධිමාළ පළඳනා වක්ද, සුදුහඳුන් ලීයෙන් කළ පෙට්ටියක් හා පැරණි මල් බඳුනක්ද, ඉරහද සේසත් හා කුන්තායුධද, සෙමරවලිග හා දක්ෂිිණවෘත වාමාවෘත හක් ආදී දුර්ල භ වස්තුන්ද, හංස ත්රිදසූල කෙශරසිංහ, ආදී ලකුණැති පැරණි උළුද, දෙවරූප හා මල්වැල් නෙලූ පැරණි ලී කැටයමක්ද, යනාදී වූ වස්තුන් බලා දහම්ගුණ සිහිකොට වැඳපුදා ආපසුවිත් මහපාරට පැමිණ දුම්රියපලට යන පාරේ බඹ කීපයක් ගොස් වමට හැරී ගල්කණු 1600ක් ඇති ලොවාමහපාය පිහිටි ස්ථානයට පැමිණෙනු.

___________




( 5 )

ලොහ ප්රා5සාදය

තව්තිසා දෙව්ලොව හරණී නම් දෙව්දුවගේ ප්රාීසාදයේ සැලැස්ම (ප්ලෑන්) අනුව දිග පුළුලින් හා උසින් රියන් 100 බැගින්ද, රිදීයෙන් නිමවූ කුළුගෙවල් 100 ක් බැගින් එක් එක් මහලෙහි ඇති මහල් නමයක් ද, සහිතව තඹ ලොහයෙන් සෙවිලිකළ වහලක් වූ හෙයින් ලොහ ප්රා සාද නම්ලත් මෙහි මධ්යියෙහි වෛශ්රවවණ දිව්යවරාජයාගේ නාරිවාහන නම් යානාවේ පරිදි නිමවූ රත්න මණ්ඩපයක්ද සහිත ව දොරටු සතර කින් යුත් අනගි ප්රාාකාරයකින්ද වටකොට දුටුගැමුණු රජතුමා විසින් කරවා සඟසතුකොට පිදූ ශුඬ භූමියතුළ 32 ක් ඛණ්ඩසීමා අතුරෙන් ප්ර ධානවූ මෙය මිහිඳු හිමි දැක්වූ අටමස්ථානයන්ට අයත් පොහෝගේ නම් ශුඬස්ථානයෙහි පිහිටියේය. මෙහි පළමු වන මහල්හි පෘතග්ජනවූද, දෙවනමහල්හි ත්රිිපිටකධර වූද, තුන්වන මහල්හි සෝවාන්වූද, සතරවනමහල්හි සකෘදාගාමී වූද, පස්වනමහල්හි අනාගාමී වූද, ඉතිරි සතරමහල්හි අහීත් වූද භික්‍ෂූන් වහන්සේලා වැඩසිටියහ. මෙම පහය සඬාතිස්ස රජුකල පහනකින් දැවීගියමුත් එරජු විසින් සත්මහල් කොටද, නැවත ජරාවාස වූයෙන් සිරිනාග රජු පස්මහල්කොටද, චෛතුල්ය වාදීන්ගේ කුමන්ත්රවණයෙන් මහසෙන් රජු බිඳහෙළූ මුත් සිරිමෙවන් රජුපස්මහල්කොටද කරවනලදී. (මෙහි අදටශෙෂව ඇති ගල්කණු ප්රාමසාදයේඝණවූ භික්ති සවිකිරීම පිණිස පිහිටුවන ලද මුත් කණු අතර ගබඩානොවූ බවද සැලකිය යුතුයි) මෙය බලා ආපසුවිත් උතුරු දෙසට වූ ශුඬවූ පාරට පැමිණි ය යුතුයි.

චතුශ්ශාලාව

ශුඬවූ පාරේ වමත්පසතිබෙන ත්රි කොණකාරභූමිය (ලොවාමහපාය ඉදිරිපිට මල්කොටුව) පෙරකී අටමස්ථානයන්ට අයත් භක්ත භොජන ස්ථාන නම් ශුඬස්ථානය තුබූ තැන යයි සලකන නමුත් සිංහවික්රාතන්ති (න්යාාය) යට නොයෙදෙත්. මෙයදබලා උතුරු දෙසටගමන්කරනු.

මාළකසීමාව

චතුශ්ශාලාවට බඹ කීපයක් දුරින් වමත්පසම පෙණෙන යකඩකූරු සහිත තාප්පයකින් වටකළ ගල්කණු පඩිආදිය පිහිටි තැන පෙරකී අටමස්ථානයන්ට අයත් සංඝ කර්මළ පිණිස තැනූ මාළකසීමා නම් ශුඬස්ථානය යයි සලකත් මෙය අදට පාරෙන් වෙන්ව ඇතිමුත් පෙරකල ලොහප්රා සාද මළුවෙහිම වූයේය. ගැමුණු නිරිඳු මරණ මඤ්චකයෙහිදී ප්රෙකාශකළ “මම සූවිසි වසක් මුළුල්ලෙහි මහ සංඝයාට උපකාරවූයෙමි, මාගේ මේකයද සංඝයාට උපකාරවේවා, මෙම මහසැමළුවට පෙනෙන්නාවූ සංඝයාගේ කර්මේමාළකයෙහි (ලොවා මහපාමළුවේ) සංඝදායවූ

( 6 )

මාගේ මේ සිරුර ආදාහණ කරනු මැනව” යන්නෙන් ලොහ ප්රාලසාදමළුව දරසෑයකට තරම් ඉඩකඩ ඇතිවපිහිටිබව ප්රැකාශ වන හෙයින්ද. ලොහ ප්රාදසාද ගල්කණු පිහිටිතැනට ආසන්නව මෙය පිහිටා තිබීමද, යන කරුණු එය තහවුරු කෙරෙත්.

ගිනිගල් පොකුණ

ශුඬවූ පාර දිගේ තවත් උතුරු දෙසට ගමන් කොට දකුණත් පසට ඇති මහින්දො විද්යාපලයට යන පාරේ ටිකදුරක් ගියකල වමත් පසින් පෙනෙන කටුකම්බි වැටකින් ආවරණය කළ ගල්පඩි ආදියෙන් යුත් නටබුන් පොකුණ පෙරකී අටමස්ථානයන්ට අයත් සංඝයාගේ ගිනිගල් පොකුණ නම් ශුඬස්ථානය යයි සලකත්. මෙය බලා උතුරු දෙසට මඳක් ගොස් තැපැල් කාය්යාම් ශලය අසල බිමට පැමිණෙනු.

ලහබත්ගෙය

තැපැල්පලට බස්නාහිර දෙසින් යාබද වූ බිමෙහි පිහිටා ඇති මෙයට අභය වැවෙන් වතුර ගැනීමට පොළොවයට සවිකළ ජල නළද ලැබුණු වතුර රඳවා ගැනීමට ගල්ලෑලිවලින් කළ කුඩා ලිදක්ද ජලය වත්කිරීමට පාවිච්චිකළ අඩි 45 ක් පමණ දිගැති ගල් ඔරුවක්ද, ඇති මෙය පෙරකී අටමස්ථානයන්ට අයත් සංඝයාට උපන්නොයකේ ලාභයන් සමගිව‍බෙදන සුඬස්ථානය යයි සලකත්.

මෙතැනින් නික්ම අසල පාරට පැමිණ බස්නාහිර දෙසට ගොස් නැවත ශුඬවූ පාරට පැමිණ උතුරු දෙසට යනකළ දකුණත් පස ඇති නිධාන්ගල් හා සම්පූර්ණර මනුෂ්‍යයා බහා බෙහෙත් පුරවා තැබීමට පිළියෙල කළ ගල්ඔරු ආදී නටබුන් කර්මාූන්තද බලා පාරෙන් අනික් පසවූ විජිනිගත් දොරටුපාල රූ දෙකක් හා ගල්කණු 16 ක් ඇති රුවන් මැලි සෑ පළමු වන මුරගෙයද පසුකර පසකට 100 ක් බැගින් වූ සතර පස ඇත් මුහුණු 400 කින් යුක්තව සලපතළ මළුවවටා සඬාතිස්ස නිරිඳුන් කරවූ ප්රාසකාරයට යාබදව පිහිටි හෙයින් ගජන් මළුව යයි ව්යළවහාර කරන සම භූමියද ඉක්මවීමේදී හමුවන දොරටුපාල රූ දෙකක් සහිත පඩි 10 න් නැඟ (ගල් අතුරා කළසෙයින්) සලපතළ මළුන යයි ව්යඔවහාර කරන සමබිමට පැමිණෙනු.


__________


( 7 )

සවර්ණ_මාලී සහාචෛත්යමය

පරිනිර්වා ණමඤ්චකයෙහිහොත් බුදුරදුන් විසින් “දෙවෙන්ර්) පය! මාගේ ශරීර ධාතු ද්රොිණ අට අතුරෙන් එක් ද්රොතණයක් රාමගම කොළියරජු විසින් සත්කාර කරනා ලද්දේ. එයින් නා‍ලොවට ගෙනයන ලද්දේ, නයීන් විසින් පුදන ලද්දේ. එයින් ලක්දිව මහාථුපයෙහි නිධානය පිණිස වන්නේය” යනුවෙන් සක්දෙව් රජුට ප්රදකාශකළපරිදි ධාතු ද්රොයණයක් නිධාන්කළ රාමගම ගංතෙරවූ ථූපය ජලවේග යෙන් බිඳීම හෙතුකොටගෙන සමුද්රියට පිවිසි දා කරඬුව නාගයෝදැක මඤ්ජරීක නාභවනට ගෙනගොස් ථූපයක තබා පිදීමෙන් රක්ෂිරතවූයෙන් මහසංඝයාගේ නියම පරිදි පෙරකි නා විමනට ගිය සොනුත්තර ස්ථවිරයන් වහන්සේ අනුරාපුරට ගෙනඊමෙන් මතු මෛත්රෙගයබුදුන්ට දකුණත්සවුවන දුටුගැමුණු මහරජතුමා අතට පත්විය. මෙකප සිවුබුදුවරයන් වහන්සේලා විසින් සෙවුනාලද්දා වසභ අටමස්ථානයන්ට අයත් වූ ශුඬස්ථානයක් ලෙසට මිහිඳු හිමි දක්වා “මතු කළ තොපගේ මුණුපුරෙක් මෙහි සර්වුඥ ධාතු නිධාන් කොට චෛත්යවයක් බඳනේය” යි වදාළ හෙයින් ස්ථාන හැඳින්වීම පිණිස දෙවන පෑතිස් නිරිඳු ගල් ටැඹක් ඔසවා තැබූ ස්ථානයෙහි දුටුගැමුණු මහරජු බඳවූ චෛත්යදයෙහි උතුරු කූරු දිවයිනෙන් ගෙන් වූ මෙඝවර්ණු පාෂාණයෙන් කළ ධාතු ගර්ගෛයෙහි වූ ශයනය මත පෙර කී පරිදි ලත් ධාතු තබනට සූදානම්වත්ම බුදුන් අදිටන් පරිදි සත්තලක් (තල්ගස් හතක් පමණ උස) අහසට නැඟ යමා මහ පෙළහර දක්වා රජු සිරසමත පිහිටියෙන් වෙනත් බොහෝ දෙයද සමඟ පෙරකි ධාතු ගර්භ යෙහි තබා නිධාන් කොට සතරැස් කොටුව දක්වා බැඳවූ කල එ නිරිඳු මරනාසන්න වූ හෙයින් සොහොයුරු සඬාතිස්ස කුමරු සුදුරෙදි වලින් ඉතිරි කොටස නිමවා එතුමාට දැක්වීමෙන් පසු සිවිගෙයකින් චෛත්යෙය වටා ගොස්වැඳපුදා දකුණු දොරටුව අසල මළුවෙහි පලසක හෙව මහසෑය දෙස බලාසිටියදී කළුරියකළේය. එයට පසු රජ පැමිණි මතු මෛත්රෙෙය බුදුන්ට වමත් සවුවන පූර්වොකක්ත සඬාතිස්ස රජු ශෙෂවූ කොටස් බඳවා සුණුකර්මාහන්ත ද කොට කොත්පල දවා ප්රාපකාරාදී සෙසු දෑද නිමවූයේය. ද්රොසණයක්පමණ සර්වදඥධාතු නිධානකොටබැඳී මෙම චෛත්ය්රාජයා පැදකුණුකොට වැඳීමේදී පළමුකොට ඉදිරි යෙන් පිහිටි විහාරයට පිවිස වැඩ සිටිනා සිවු පිළිම වැඳ වමත් පස දොරින් පිටවූකල හමුවන ගල්සන්නස හා ගල් ඔරුවද, බලා





( 8 )

පස් පිළිම (ගෙට පිවිස ඉදිරියෙන් තිබෙන සුදුගලින් කළ කකුසඳ කොනාගමණ, කාශ්යිප, ගෞතම, යන සිවූ බුදුවර ප්රකතිමා හා මෛත්රෙමය බොධිසත්වය පිළිබිඹුවද, බලා ඇතුල්ව පිරිනිර්වාගණ ප්රමතිමාව හා දෙපස ඇති ප්රකතිමාතුනද වැඳ පුදා නික්ම ගමන් කරනාකල දකුණු දොරටුයෙහිදි හමුවන මෙම චෛත්යරයෙහි සතර ගුලක් ඝණවූ සුවඳ කලල් ආලෙපකොට එහි දෑසමන් මල් සිටුවීමෙන් වසා යන්ත්රර මාර්ගුයෙන් ගත් අභය වැවේ ජලය ඊ මත ඉසීමාදියෙන් ගරු පුදපූජා කළ භාතිය රජතුමාගේ රූපයද එය ඉදිරියෙහි වූ ගල් සන්නසද ඒ අසළ ඇති මෙම චෛත්යායේ සැලැස්ම (ප්ලෑන) යයි ව්යරවහාර කුඩා ගල් සෑය ද, උතුරු දොරටුව සමීපයෙහිදී හමුවන සෑය පිහිටුවන ස්ථානය දැක්වීමට සිටුවාතුබූ විශාල ගල් කණුවද, නැගෙනහිර දොරටුයෙහි උතුරු දෙසින් පිහිටි සම්බුඬ ශාසනස්ථීතිය තකා දිවනොතකා පුදකොට මිසදිටුවන් බිඳ ලක්දිව එකසේසත් කළ මෙම චෛත්ය්ය බැදවූ ගැමුණු රාජ ප්රිතිමාවද, එම දොරටුයෙහිම දකුණු දෙසින් පිහිටි සිංහළ විපය ජලරකුසාගෙන් ගැලවීමට සිය කැමැත්තෙන් ම මුහුදට බිලිවූද, පුත්කුමරුන් සහිත යුද පිරිසට ඔවාදෙමින් අනුරාපුර යුඬයට ගමන් කිරීමද, යනාදීයෙන් රට ජාතිය ආගම උදෙසා දිවිනොතකා ක්රිරයාකළ එකම සිංහලස්ත්රියයවූ මතු මෛත්රොෙයබුදුන්ට මෑණියන් වන විහාරමහාදේවි නම් ගැමුණු රාජමාතාරුවද බලනු ලක්රජය කළ ශ්රොඬාවත් උතුමන් විසින් සුදුසු කළ ප්රතකෘති මත් කිරීමාදියෙන් රැකගෙන ආ මෙම චෛත්යුරාජයා පසුකල ජරාවාසව පවත්නාවිට ශ්රොෂ්ඨ පුරුෂබල වික්රනමාන්විත නාරන්විට සුමනසාර ස්වාමින් චෛත්යි මළුවෙහිවූ බරකරත්ත අඹරාවක්යට නවාතැන්ගෙන ආරම්භ කරනලද නවජිවන කටයුතු වල ප්රරතිඵල ලෙස පිහිටුවන ලද “රුවන්මැලි මහා චෛත්ය වර්ඬෙන සමාගම” මගින් සැදැහැතියන්ගෙන් ලත් ආධාරද ඇතිව අදට මේ තත්වෙයට පමුණුවා තිබෙන බවද සලකා පහතට බැස දෙවන මුරගේ පසුකර බඹකිපයක් ගොස් වමත් පසින්වූ සංඝා රාමය ඉදිරියට පැමිණෙනු.

පැරණි පොකුණ සහ ලිඳ ක්රණමයෙන් පහතට බැසීමටද හැකිපරිදි කවාකාරව පුරාණකලබැදි ගල්පඩිවලින් යුත් විශාල වූ මෙය ද බලා මදක් උතුරු දෙසට ගියකල හමුවන අදදක්වාත් ස්ථානයේ සහ පැමිණෙන වන්ද නාකරුවන් ගේත් ප්රකයෝජනයට ඉවහල්වපවත්නා ජලයෙන් යුත් ඉතාගැඹුරු කළුගලින්කළ පැරණිලිඳද බලා අසල අඩිපාරේ උතුරට ගොස් පිට්ටනියමත පාරට පැමිණ ටිකදුරක් උතුරුදෙසටගොස් හමුවන වමත්පස පාරේ යනවිට දකුණත් පස ඇති සතරැස් ගල් බාල්දිය සහ වටකුරුගල්භාජනයද බලා මඳක් ඉදිරියට ගමන්කරනු.




( 9 ) අනුලා චෛත්යගය

දෙවනපෑතිස් නිරිඳුන් සො‍ෙහායුරු මහානාග යුවරාජ බිසවුන්වන ලක්දිවින් ප්රනථම කොට ධ්යාහනලාභීවූද ලක්දිව මෙහෙණි සස්නේ ආරම්භය උදෙසා ප්රඹථම කොට පැවිදි වූද අනුලා නම් රහත් මෙහෙණින් වහන්සේගේ භෂ්මාවශෙෂ නිධාන්කොට බැඳවූ චෛත්යිය අදට ජීවත්වන බෞධ කුලස්ත්රීේන්ට නින්දාවන අයුරු ගරා වැටී ගඩොල් ස්වල්පයක් පමණක් ඉතුරුව දක්නා ලැබේ. මෙයද බලා වැඳපුදා ඉදිරියට යාමේදී පාර අසලම දක්නා ලැබෙන අනුරාපුර පළාතේ නායක ස්වාමීන් වහන්සේලාගේ අළුතැන්පත්කළ සොහොන් කීපයද පසුකර ඉදිරියෙන් පෙනෙන ථූපාරාම ස්ථානය කරා ගමන් කොට දොරටුපාල රූ හතරක් ඇති ගල්පඩි 22 ක් නැඟ කෙළවර ඇති ශ්රීගපතුලද බලා සලපතළ මළුවට එලඹෙනු.

__________

ථූපාරාම චෛත්යීය

සිංහළ බෞධ ජනයා විසින් ථූපයක් සහිතව පළමුවෙන් කරවූ ආරාමය හෙයින් ථූපාරම නම්ලත් මෙහි චෛත්යසය පිහිටි ස්ථානයෙහි කකුසඳ බුදුන්ගේ “ඔබරා” ධාතුවද, කොනාගමණ බුදුන්ගේ “පටී” ධාතුවද, කාශ්යථප බුදුන්ගේ “ජලඝටිකා” ධාතු වද පිහිටුවා ඒ ඒ කාලවල බඳනාලද දාගැබ් දිරාගොස් දෙවන පෑතිස් නිරිඳුකළ හිඟුරු සහ හිය නම් නපුරු කටුවැලින් වැසී ගොස් ආරක්ෂාප සහිතව තිබුනේය. ලඞ්කා සමුබුඬශාසන ප්ර්තිෂ්ඨාපනයට ඉවහල් බොහෝ වැඩ සාදාදුන් සංඝමිත්තා තෙරණිය ගිහිකල ලැබූ (“අග්ගිබ්රඉහ්ම” රාජකුමරුන් පුත්) සුමන සාමනේරයන් වහන්සේ මිහිඳුහිමි අණ පරිදි සක්දෙව්පුරට ගොස් එහි සිළුමිණිසෑයෙහි තුබූ අප බුදුන් දකුණු අකුධාතුව සක්රජුගෙන් ඉල්වා ලැබ අනුරාපු‍රට ගෙන ඊමෙන් දෙවනපෑතිස් මහරජතුමා අතට පත්වූයේය. රජතුමා එය ඇතුපිට තබා පෙරහැරින් ගෙන ගොස් මිහිඳු හිමි දක්වා වදාළ පෙර කී කටුලැහැබින් වැසීගිය ස්ථානය ශුඬකරවා එහි පිහිටුවීමට පිණිස ධාතුව ඇත්කඳින් පහතට වැඩී මට ආරම්භ කළමුත් හස්තියා ඊට ඉඩනුදුන් හෙයින් කිමෙක්දැයි මිහිඳුහිමින් විතාළකළ “කුම්හයට සම උස්තැනක ධාතු තැබීම හස්තියාගේ අදහස බැවින් පහත ට වැඩීමට ඉඩ නොදේ” යයි වදාළෙන් පුහුව එ අසල වූ “අභය” වැවේ වියලුනු මඩකැට ගෙන්වා හස්තියා උසට ‍ගොඩැල්ලක් පිළියෙල කොට සරසවා දාකරඬුව



( 10 )

ඇත්කඳින් එහි වඩා තැබුයේය. හස්තිතෙමේද දිවාරාත්රීා දෙ‍ක්හි ධාතුන් ආරක්ෂාඩ කිරීමෙහි යෙදීසිටියේය. ඉක්බිති ඒ පස්ගොඩ ශක්තිමත්කොට කීපදිනකින් ථූපයක් බඳවා ධාතු නිධාන්කිරීම පිණිස එහි රැස් වූ ගිහිපැවිදි දෙපක්ෂතය මධ්ය යෙහි කරඬුවෙන් සත්තලක් අහසට නැගි ධාතුන් වහන්සේ බුදුන් අදිටන් පරිදි යමාමහ පෙළහරකොට අහසින් බැස රජුගේ මස්තකයෙහි පිහිටි කළ නරෙන්ර්් අයන් ගෞරවයෙන් ධාතුව ගර්භුයෙහි පිහිටුවත්ම අද්භූත භූමිකම්පාවෙක් විය. චෛත්ය් කර්මා්න්තාවශානයෙන් පසු එ නිරිඳුන් විහාරයක් ද කරවූයේය. අග‍බෝ රජුකල චෛත්යනයෙන් භාගයක් බිඳ වැටුනෙන් ධාතුන් වහන්සේ ලොහප්රාභසාදයට වැඩමවා තැන්පත් කළමුත් චෛත්යඳ ප්රුකෘතිමත්කිරිම පමාවූයෙන් ප්රපපඤ්චමෙහිනම් ධාතුව රැගෙන වෙතැනකට යන්නෙමුයි දෙවිවරුන් රජුහට සිහිනෙන් දැන් වූකල යුහුව ප්රහකෘතිමත් කොට ධාතුන් වහන්සේද පිහිටෙවූයේය. මෙසේ වරින්වර ප්ර්කෘතිමත් කිරීම් ලබමින් පැවතිමුත් පසුකල ගරාවැටී තිබී “පයිලගම රේවත” ස්වාමින්ගේ ප්රෘධානත්ථ යෙන් අදට ඇති ප්රසකෘතිමත්භාවය සහිත කොත් පැළඳවීමද කරවනලදී. පැදකුණුකොට වැඳපුදා ලදැතිස් රජ තුමා මෙයට කරවූ අනගි දාගෙයි අදට ඉතුරු කැටයම් සහිත ගල්කණු ආදියද බලනු. (මෙහි සලපතළ මළුවේ ඇති බෝරුක ඵලරුහ බෝධීන් වහන්සේ නොවෙත්. එය වනාහී එක් දසසිල් උවැසියක් ශ්රුඬාභක්තියේ දැඩිතර භාවයෙන් මෙහි සිටුවනලදුව අන්යුයන්ගේ නොදැනීමෙන් වැඩීගියබවද කියනු ලැබේ. දෙවනපෑතිස් නිරිඳුතුමා රොපණය කළ ඵලරුහ බෝධීන් වහන්සේ අභයවැවටත් මෙයටත් අතර වැඩසිටිනා බවද දතයුතුයි.) පහතට බැස පුරාණකල මෙය වටා කරතුබූ තාප්පයේ අත්තිවාරම තුළ වූ වැලිමළුව (සමබිම) ට පැමිණ මඳක් උතුරු දෙසට ගමන් කරනු. ________

සංඝමිත්තා චෛත්යරය

‍ දෙවනපෑතිස් නිරිඳුගේ ඉල්ලීමපරිදි දඹදිව ධර්මාිශොක මහ රජතුමා ජයශ්රීතමහා බොධිශාඛාවද භාරයේ ලක්දිව මෙහෙණි සස්න පිහිටුවීම උදෙසා මෙහි පිටත්කර එවූ ස්වකීය දුහිතෘවන සංඝමිත්තා නම් රහත් තෙරණින් වහන්සේ අනුලා බිසව ඇතුළු සිංහළ ස්ත්රී න් පැවිදිකොට ලඞ්කා මෙහෙණිසස්න පිහිටුවාදීමාදී යෙන් ලක් බුදුසසුනට සහ සිංහළ කුලස්ත්රී්න්ගේ අභිවෘඬියටත් අතිශයින් සහායව වැඩසිටි අවුරුදු 79 ක් ආයුවළඳා ඇතාල නම්



(11 )

මෙහෙණවරදී පිරිනිවන්පෑකල උත්තිය රජු සිරුර ආදාහණ කරවා භෂ්මාවශෙෂ තැන්පත්කොට බඳවූ මෙම චෛත්යලයේ සුළුකොටසක් අදට ඉතුරුව තිබේ. (අද ලක්දිව නොයෙක් පළාත්වල සංඝමිත්තා පෙරහැර පවත්වන්නේ සහ බෞධ කුලකතුන් මෙය ගැන නොතැකීම බලවත් වරදකි) මෙය වැඳපුදා ආපසු හැරී චෛත්යනය ඉදිරියේ පඩිපෙළ අසලම තිබෙන ගල් බාල්දියද, ඒ අසල නැගෙනහිරින් ඇති පැරණි කුඩා ලිඳ ද, එ අසලම ඇති මුරගෙයි ගල්කණු 16 ද , බලා අසල පිහිටි ගල් උළුවහු සහිත ස්ථානයට ගමන් කරනු.

දළඳා මන්දිමරය සිරිමෙවන් රජුකල බ්රාලහ්මණ වෙස්ගත් අඹුසැමි යුවලක් දඹදිවින් මෙහි වැඩමවා ගෙණ වුත් රජුවෙත භාරකරනා ලද “ශ්‍රී දෘෂ්ට්රාඹ ධාතුන් වහන්සේ” වඩාහිඳුවීම පිණිස කරවූ දළදා මන්දි රයට අයත් අනගි සඳකඩපහණක් හා දොරටුපාළ රූ 2 ක්ද, ගල්උළුවහු 2ක් හා පඩි ද, ලක්ෂනණ කැටයමින් නිමි ගල්කණු සහ අසල පිහිටි කුඩාගල්ලිඳ ද, බලනු.

අසිග්ගාහක පිරිවෙන මේ අසල වූ එනම් පිරිවෙනට අයත් ගල්කුණු ආදියද, එ අසල තිබෙන මනුෂ්ය රූපාකරාර ගල්ඔරුව ආදී දෙයද, බලා මඳක් බස්නාහිරට ගොස් ලක්ෂයණ කෙසගිලිගල් ආදියද, බලා බස්නාහිරටම යනකල හමුවන නටබුන් පොකුණද, පසුකර වැවදෙසට ගමන් කිරීමේදී දක්නා ලැබෙන පාරෙන් බස්නාහිර දෙස බෝමළුවකාර ගමන්කරනු. ඵලරුහ බෝධීන් වහන්සේ

ජයශ්රීබ මහාබොධී දක්ෂිනණශාඛාව පිහිටුවා සත්වෙනි දින එහි නැගෙනහිර ශාඛාවෙන් ජනමධ්යමයෙහි වැටුනු ඵලය මිහිඳුහිමි ගෙන රොපණය කරණු පිණිස පෑතිස් නිරිඳුට දුන්සේක. සුවඳ කලල්පිරූ රන්කටාරමෙක්හි නිරිඳු එය සිටවූ කෙණෙහිම පැල අටක් වී සතරරියන් පමණ උසවැඩුනෙන් තුටුපත් නිරිඳු එබෝ පැල සේසතින් පුදා අභිෂෙක දුන්නේය. ඉන් එක් පැලයක් මේ ස්ථානයෙහි රොපණයකරන ලද්දේය. පැදකුණුකොට වැඳ පුදා පාරට පැමිණ අසල වැවකරා ගමන්කරනු.

අභය වැව

අනුරාපුරය ඉදිකරවූ පණ්ඩුකාභය රජතුමා අක්කර 255 ක් පමණ විශාලත්ව යෙන් මෙය කරවා එතුමාගේ නාම කොටසක් වන අභය නාමයද ව්ය2වහාර කළේය. සිංහළ ජාතියේ පළමු වැනි වාරිකර්මාභන්තය වූද ස්වකීය නාමයෙන් රජතුමා ගෞරව ( 12 )

කළාවූද මෙයට ‘බසවක්කුළම’ යන දෙමළභාෂා නාමයක් පැවසීම සිංහළවර්ගරයාට නිගාවක් බවද සලකා වෑකන්දකදිගේ මඳක්දුර දකුණු දෙසට ගොස් පහතට බැස නැවතත් නටබුන් කර්මාසන්ත පිහිටි පිට්ටනියට ගමන්කළවිට හමුවන සුණ්හාත සහ මහාපදුම නම් පිරිවෙන් ශාලාවට අයත් ගල්කණු 30 ක් හා 13 ක්ද, අනගි සඳකඩපහණක් හා පඩි ආදිය ද, ඊටත් බස්නාහිරින් ඇති බේසන් වැනි ගල් භාජන දෙක සහ ගල් උළුවස්සක් සහිත කර්මාාන්ත ද බලා ඉදිරියට යාමේදී හමුවන පැරණිලිඳ ද, තවත් ටික දුරක් යාමේදී වැවට ආසන්න කණ්ඩියක්මත ගල්කණු 4 ක් ඇති රුවන්මැලි චෛත්යහය උදෙසා අභයවැවෙන් ජලයසැපයූ යන්ත්රල පිහිටි යේ යයි කියන ස්ථානය ද, කුඩාගල්සෑය අසල පිහිටි නටබුන් පොකුණ ද, එ අසල තිබෙන අනගි කෙසගිලිගලද, බලා වැව අසල පාරට පැමිණ දකුණු දෙසට යනකල ආණ්ඩුවේ ගොඩ නැගිලි අසල ඇති දොරටුපාල රූ 2 ක් සහ සිංහරූප කොරවක් ගල් ආදිය ඇති ස්ථානය පසුකර යාමේදී හමුවන සන්ධි යෙන් වමත්පසපාරේ ටිකදුරක් ගමන්කරනු.

ලක්ෂපණ ගල් පොකුණ

කච්චේරායේසිට කඩපලට ඇති මෙම පාරේ අසලම වමත් පසින් අනගිගල්කර්මා න්ත ඇති ලක්ෂලණ පොකුණක් ද, අනික් පස නටබුන් පොකුණක්ද වෙත්. කලින් මේ දෙකම එකපොකුණක් ලෙසට පැවතියේ යයි සිතිය හැක.) මෙයද බලා ඉදිරියට ගමන්කොට කඩපලට පැමිණ “කුරුණෑගලපාරේ” ගමන්කොට දකුණත් පසින් ඇති කඩකාමර ඉක්මවූ තැන බිමෙහි ඇති ගල් කණු අසලට පැමිණෙනු.

මයුරපා පිරිවෙන

බුඬදාස නිරිඳුන් විසින් මොණරෙකුගේ ආකාරයෙන් කරවා තුබූ ගොඩනැගිල්ලක් සෙයින් මයුරපා පිරිවෙන නම්ලත් මෙම ස්ථානයෙහි අදට ගල්කණු කිපයක් හා පඩි ආදීය පමණක් ශෙෂව තිබේ. මෙයද බලා බඹ කීපයක් ඉදිරියට ගමන්කරනු.

කෞතුකාගාරය

පාරෙන් වමත්පස ඇති මෙම ස්ථානයෙහි පුරාණ ගල්කර්මාපන්ත රාශියක් එකතුකොට තිබෙත්. ඒවා බැලීමෙන් පුරාණ වස්තු සම්බන්ධශමනා දැනීමක් ඇතිකරගතහැකි බැවින් එහි ගොස් බලා ආපසු පාරට පැමිණ ටිකදුරක් ඉදිරියට යාමේදී දකුණත්පසින් පෙනෙන ඵලාලසො‍හොන පවසන උස්බිම අසලට පැමිණෙනු.


(13)

දක්ෂි3ණ වෙහෙර

නගරයෙන් පිටත ජලාශයක් ඇසුරුකොට උයන් පිහිටුවීම (මහනුවරට පේරාදෙනියේ මල්වත්ත මෙන්) පෙරසිට ඇති සිරිතකි. එලෙසට කරවූ මහමෙවුනා උයනට නැගෙනහිරමායිමවූ මල්වතුඔයෙන් එගොඩ ප්රතදෙශයෙහි පෙර අනුරාපුරය වූ බවද, එහි දකුණුවසාල් දොරටුව අසලදී මරණය සිදුවූ එලාල රජුගේ සිරුර එහිදීම දවා එතැන්හිම සො‍ෙහානක් බැඳවූ බවද ඉතිහාසගත කරුණුවේ. මෙසේ හෙයින් ශුඬභූමිය වූ මහමෙවුනා උයනමැද මෙතන්හි එලාලසොහොනක් නොවිය හැකිබව සලකා මෙය වනාහී පෙරසිට පැවති දක්ෂිහණවෙහෙර නම් ස්ථානයබව දතයුතුයි, (පුරාවිද්යාක පරීක්ෂපකයන් මෙම නම අදට සඳහන්කර තිබීම සතුටකි) මෙය ද බලා වැඳපුදා පාරට පැමිණ දකුණුදෙසට ගමන්කොට පාරෙන් දකුණත්පස පෙණෙන ඉසුරුමුනි විහාරය වෙත පැමිණෙනු. _________ ඉසුරුමුනි විහාරය

මෙහි දෙවනපෑතිස් නිරිඳු විහාරය කරවනකාලයෙහි ඉසුරු මත් පුරුෂයන් 500 ක් පැවිදි වුසු හෙයින් ඉසුරුමුනි විහාරය කියා ව්යෙවහාරයට පැමිණි මෙය සිංහළ වර්ගටයාගේ පළමුවැනි ගල්විහාර කර්මාුන්තයද වූයේය. ඉදිරියෙන් පෙණෙන දෙපස දෙවතා රූ 6 ක් ඇති භෛරව රූද සහිත ගල්පඩි 21 න් නැග රිදී තහඩු දොරවල් සහිත ගල් උළුවස්සෙන් ඇතුල්ව පිහිටි ගලෙන්ම නෙලූ මකරතොරණක් සහිත දෙවැනි ගල්උළුවස්සද, පර්ව තය සාරාකළ විහාරගෙය, බුඬාසනය, හා ප්රවතිමාවද වෙත්. දෙපස වන්ද නහර යෙන් කළ සිටිපිළිම දෙකක්ද තිබෙත් සියල්ල එකමගලින්කර නිමවා තිබෙන දක්ෂද කර්මා්න්තයක්වන මෙය වැඳ පුදා පහතට බසිනු.

පොකුණ

පෙරකී ගල්විහාරයෙන් බසීනාකල වමත්පසින් ඇති සතරැස් ජලාසය සහ එහි කෙළවර පර්විතයේ නෙලා තිබෙන ජල ක්රීිඩා හස්තිරූපද බලා එහිම ඉහලින් විහාර භික්තිය අසල නෙලාතිබෙන අශ්වහිසක් මත අතක් ඇතිව වාඩිවී සිටිනාකාරය දක්වන කපිලඍෂිරුවද බැලිය යුතුයි.

පෙරතුබූ මහත් හුණපදුර

පැමිණෙන පාර වැසීගිය මහත් හුණපඳුරක් විහාරය ඉදිරියෙහි ගැමුණු නිරිඳුකල වූයෙන් එය ඉවත් කිරීම පිණිස ආවුද ( 14 )

රැගත් විශාල පිරිසක් රැස්වී සිටිනු තිසාවැව ස්නානය පිණිස ගිය ගොඨයිම්බර යොධයා දු‍ටුයෙන් තෙමේ එය සම් යොතකින් එකතුකොට බැඳ තනිවම වමතින් ඇද මුලිනුදුරා විසීකළේය.

විශාල දන්දීමක්

මතු මෛත්රෙීය බොධිසත්වමයන්ට පුත්වන ගැමුණු රාජපුත්රඇ ශාලය කුමරු දිනක් මෙහි පැමිණ අටසිල් සමාදන් ව භාවනා යෙහි යෙදී සිටින කල දකුණු දිග්භාග ජනයා අනුරාපුරකරා අය බදු පුරා ගෙන ගිය රථ මෙ අසලදී ගොනුන් නො ඇද එකකු රැහැන්කඩාගන දුවන්ට වූහෙයින් ඒ පසුපසගිය පෙරකී පිරිසේ ජනයා කුමරුන්දැක එකී සියලු වස්තුව භාරකළෝය. එතුමා කාලඝොෂ කිරීමෙන් පමුණුවාගත් විසිදාහක් පමණ මහසංඝයා වෙත ඒ හැම දන්දී පින්ලබාගත්තේය. ස්ථානය පිළිබඳවූ මෙපුවත්ද දැන පොකුණ අසල අඩිපාරේ උතුරුදෙසට ගොස් බෝමැඩට පැමිණෙනු.

ඵලරුහ බොධීන් වහන්සේ

පෙරකී පරිදි සේසතින් පුදා අභිෂෙකදුන් බෝපැල අටෙන් එකක් “පෑතිස්” නිරිඳුකල මෙහි රෝපණය කරනලදී. පැද කුණුකොට වැඳපුදා දකුණුදෙසට ඇති අඩිපාරේ ගොස් ගල්දෙක අතර ඇති පඩිහයෙන් නැඟ වමත්පසට හැරී එහි ඇති පඩි 11 න් නැඟගොස් හමුවන ගල්උළුවස්සෙන් ඇතුල්ව වමත්පස ඇති පඩි 22 න් නැග සමතලාබිමට පැමිණෙනු.

ශ්රීාපාදය සහ දිවාගුහාව

උතුරුදෙසින් සමන්තකූටපවර්තායෙහි අප බුදුන් සිරිපතුළ පිහිටා තිබෙන අන්දම සහ දිවාගුහායෙහි වැඩසිටි ආකාරයද දක්වා කර තිබෙන ප්රිතිමාවද බලා දකුණු දෙස ඇති ගලේම කැපූ පඩි 11 න් නැඟ පහන්කණුවද බලා පහතට ඇති පඩි 8 න් බැස ඝණ්ඨාස්ථාම්භය පිහිටිතැනවූ යකඩසෝපානයේ ගමන් කොට පර්වහතමස්තකයෙහි වූ කොඩිගහ ඇතිතැනට පැමිණ අවට පෙදෙසද නරඹා බැස ගල්පඩි 20 ක් ඉක්මවා වමත්පසට පර්වනතය අසලම ගමන්කොට හමුවන පඩි 4 න් නැග චෛත්යාමළුවට පැමිණෙනු.

චෛත්යෙය

කලකට පෙර නටබුන්වීමෙන් මෙහිතිබී සම්භවූ ධාතු සහිත පලිගුකරඬු ආදියද තබා ශෙෂවතුබූ කොටස වසා බඳවාතිබෙන මෙය පැදකුණුකොට වැඳපුදා ආපසු පැමිණීමේදී වමත්පස ගල් ලෙන් ඇති ප්රයතිමා දෙකද බලා ගමන්කොට පළමු ඇතුල්ව ගිය ගල්උළුවස්සෙන් පිටතට නික්ම වමත්පසට හැරී පඩි 11න්

( 15 )

බැස පර්ව1තය අසලින් දකුණුදෙසට ගොස් හමුවන ගල්ගෙයින් නික්ම ඉදිරි පඩි 10 න් බැස ගොස් අළුත්විහාරයෙහි දකුණුදෙස දොරටුයෙන් ඇතුලට පැමිණෙනු. මිහිඳුගුහාව (අළුත් විහාරය) මිහිදු මහරහතන් වහන්සේ වැඩවිසූ සියලු ගල්ලෙන් මිහිඳු ගුහා නමින් ව්යමවහාර වෙත්. මෙම ස්ථානයෙහි උන්වහන්සේ විශ්රාහම සුවයෙන් හතළිස් දිනක් වැඩවිසූ මෙම විහාරය තුළ ඇති ගල්ලෙනටද ඒ නම ව්යිවහාර කරත්. රන්පත් ධර්මඇ නිධානය (අළුත් විහාරය) වලගම්බා රජතුමා තුන්පිටක ධර්ම ය රන්පත්තිරුවල ලියවා මිහිඳුලෙන පිහිටි පර්ව්තයෙහි දොර ලකුණ නෙලාතුබූ ස්ථානයෙහි නිධාන් කරවනලදී. අළුත් විහාරය පෙරකී මිහිඳුගුහාව ආවරණය වීම හා රන්පත් තුන්පිටක ධර්මනනිධානයේ ප්රකවේශමත් සලකා පර්වාතයෙහි නෙලාතුබූ “දොර” ලකුණද වැසීයන පරිදි ස්ථානාධිපතීන් වහන්සේගේ උත්සාහයෙන් තනවනලද මෙම විහාරයතුළ පරිනිර්වාූණාකාරය දක්වන පිළිමයක්ද, දෙපස දෑගසව්වන් වහන්සේ සහිත ඔත්පිළිමයක් සහ සිටිපිළිමයක්ද, ගල්ලෙනතුල ලක්බුදුසසුන් පිහිටුවීමට දඹදිවින් පැමිණි මිහිඳුහිමි ප්රනධාන පිරිසද, එ අසල මෙම ස්ථාන කර්මාසන්තකරවූ දෙවනපෑතිස් නරෙන්ර්ණි ප්රධතිබිම්බය හා ඇමති රුවක්ද, මෙහිදී අසදාස මහදන් දුන් ශාලිරාජකුමාර උපාසක රුවද, පෙරකී හුණපඳුර ගලවාදැමූ ගොඨයිම්බර රූපයද ආදී ස්ථානය පිළිබඳ පුවත් ප්රුකාශවන පරිදි කරවනලද මෙයද වැඳ පුදා නැගෙනහිර ‍දොරටුයෙන් පිටතට නික්ම විහාරදෙක මධ්යප පැරණි විහාර ප්රා කාරයෙහි නෙලා තිබෙන අනඟි කර්මාින්තයක් වන ශිව, උමා, ප්රලතිමාද බලා ආපසුගොස් පාරටපැමිණ දකුණු දෙසට ගමන්කර වෙස්සගිරි විහාර බිමට පැමිණෙනු. __________ වෙස්සගිරි විහාරය අනුරාධපුර ශුඬ භූමියෙහි හෙවත් මහමෙවුනා උයන්හි දකුණුමායිමෙහි පිහිටි මෙම විහාරයෙහි පෙරකල වෛශ්ය කුල දරුවන් පන්සියයක් පැවිදිව විසූ ගල්ලෙන් රාශියක් ඇති බැවින් වෙස්සගිරි යයි නම්ලත් මෙම ස්ථානයෙහි උතුරු කෙළවර පර්වයතයෙහි නැඟීමට පඩි ස්වල්පයක් හා මස්තකයෙහි නටබුන් ගොඩ නැගිල්ලකට අයත් ගල්කර්මා‍න්තද, මධ්යහයෙහි පිහිටි විශාල පර්වෙත



( 16 )

යෙහි මහාපාරපසින් නැඟීමට පඩි 61 ක්ද, මස්තකයෙහි ගල් ලෙන් 4 ක් සහ චෛත්යමයක් ඇතුළු වෙනත් ගොඩනැගිලි තුබූ බවට ලකුණුද, දකුණුදෙසින් ගල්පඩි 22 ක්ද, ප්රාළන්තයෙහි වටේට ලෙන් 11 ක්ද, මහපාරදෙස පො‍ළවෙහි පෙරපැවති බිංගෙය කැයි සිතියහැකි දෙයක්ද, දකුණු කෙළවර පිහිටි පර්විතයෙහි මස්තක එක් ලෙනක් හා ගොඩනැගිලි ලකුණුද, ප්රාදන්ත යෙහි ගල්උළුවස්සක් සහිත ලෙනක් ඇතුළු 11 ක්ද වෙත්. නැගෙනහිරදෙස බිම්හි අත්තිවාරම් ආදියද, කෙළවරෙහි සුදු ගලින්කළ චෛත්යඇ අත්තිවාරමක් ද, මුළු බිමතුළ ශිලාලිපි 16ක්ද, දක්නා ලැබෙත්. පැරණිකල මෙහි ලෙන් 69ක් තිබූ බවද සලකා පාරටපැමිණ දකුණුදෙසට මඳක් දුරගොස් දකුණත් පසට ඇති පාරේ ගමන්කොට වෑකන්දමතට පැමිණෙනු. ____________ තිසා වැව යොධඇල නම් වාරිමාර්ගමයෙන් කලාවැවේ ජලය ලැබෙන පරිදි දෙවනපෑතිස් නිරිඳු කරවූ අක්කර 369 ක් පමණ විශාල වන්නා වූ මෙයද බලා වෑකන්දදිගේ උතුරට ගමන් කරනාවිට පහතින් ඉසුරුමුනි විහාරයද, ඈතින් ස්වර්ණවමාලී, අභයගිරි, ජෙතවන, ‍ෛචත්යවද දක්නාලැබෙත්. ඒවාද බලමින් ඉදිරි‍යට ගමන් කිරීමේදී වෑකන්දෙන් පහතට දකුණත්පස පෙණෙන පර්ව තකාර ගමන්කරනු. මහවැලි පොකුණු පර්වලතයෙහි කොටා ඇති පඩිවලින් මස්තකයට නැගිකල ගොඩනැගිල්ලක් අත්තිවාරම් සහ ගලෙහි නෙලූ පොකුනක්ද, එ අසල පර්වැත 2 ක් මත ගල්බාල්කදමා ඊ මත කළ ගොඩනැගිල්ලක කොටසක්ද, අනික්පස ප්රාලන්තයෙහි පස්පියුමෙන් සැදී පොකුණක හස්තීන්ගේ ජලක්රී්ඩාකාරය දක්වා පොකුණුතෙර ගලෙහි නෙලා තිබෙන මානෙල් ආදී පියුම් වර්ගක හා හස්ති රූප 6 ක්ද, පුන්කලස් ආදී රූසහිත ගලින්ම කරනලද අනගි පොකුණු 2 ක්ද, වෙත්. අසල ඇති ගොඩනැගිලි හා ගල්පීලි ආදී කර්මාූන්තගැන සලකනකල පෙරදී තිසාවැවෙන් වතුරගැණීමේ යන්ත්රෙ සවිකරතුබූනේ යයි සිතියහැකි මෙයද බලා නැවතත් වෑකන්දට පැමිණ පළමුදෙසටම ගමන්කොට “පුත්තලම්පාරට” පැමිණ නැගෙනහිරදෙසට යාමේදී වමත්පසින් හමුවන පාරේ ගමන්කොට මිරිසවැටි චෛත්ය ස්ථානයට පැමිණෙනු.





( 17 )

මිරිසවැටි චෛත්යථය

අභිෂෙකලත් දුටුගැමුණු රජතුමා ක්ෂසත්රිේයයන්ගේ චාරිත්රා පරිදි ජලක්රීනඩාපිණිස තිසාවැවටගොස් අසල ස්ථානයෙක්හි ආභරණතබා එලාලා යුඬය පිණිස සර්වාඥ ධාතු බැඳ කරවූ කුන්නායුධය ද කෙලින් පිහිටුවා ක්රීලඩා කොට පැමිණ ආභරණපැලඳ පෙරළායෑම පිණිස ‘ජයකුන්තය’ ගන්නාලෙස විධාන කළමුත් එය එතැනින් සොලවන්ටවත් නොහිකිවිය. ඒ ආශ්චය්ය්ුව යදුටු රජතුමා එහි මුරකරුවන්නවත්වා නුවරට ගොස් පසුව එය වටා මෙම චෛත්යජය බදවා විහාරයක්ද කරවා ‘මා දෙමව්පියන්ගේ නියමය කඩකොට සංඝයාටනොදී එක්මිරිස්පැස්සක් අනුභව‍කළෙමි. එයට දඬුමව්වේවයි සිතා මෙම චෛත්යදය හා විහාරය කරවීමි. එය සංඝයා පිළිගන්නාසේක්වා’ කියා දක්ෂිමණොදකයවත්කොට සඟසතුකොට පුදනලදී, ඒ අවස්ථායෙහි අසලබිම්හි දානමණ්ඩපසාදවා ඉඩම්ද වූ සෙයින් අභයවැවේහිද කණුසිටුවා ඊමතුයෙහිත් මණ්ඩපතනා දන්දෙමින් සතිසක් මහපින්කම් පැවැත් වූයේය. සතරැස්කොටු, කොත්කැරළි, කොත්, ආදී සකල චෛත්යාදඞ්ගයෙන් සමන්වීතව කරවා නිමකළ මෙයට රජතුමා සඟමැදදීකළ ප්රළකාශයසලකා මිරිසවැටි කියා නම්තබන ලදී. අදට මෙහි ඇති රූපාකාරය නිසා මිරිසවැටිකියා ව්යයවහාරකරන්නේයයි අතැමුන්ගේ සිතීම වරදකි. එය සියම්කුමරෙකුගේ රුපයල් 12500 ක පරිත්යාඅගයෙන් ලඞ්කාණ්ඩුව ප්රීකෘතිමත්කළ ප්ර මාණය බවත්, පෙරපැවති රූපාකාරය අදට දඹුළු විහාර සිතුයම්හි දක්නාට ඇතිබවත් දතයුතුයි.) පැදකුණුකොට වැඳපුදා මෙහි වූ විහාරය දානශාලා ආදී ගොඩනැගිලිවලින් අදටශෙෂව පවත්නා ගල්ඔරා ආදී අවටඇති නටඹුන් කර්මාවන්තද බලා ආපසු ‘පුත්තලම්පාරට’ පැමිණ නැගෙණහිර දෙසට ගමන් කරනු. _________

පුරාණ පොකුණ ‘පුත්තලම්පාරේ’ දෙපසෙහි ඇති පුරාණයෙහි එකක්ව පැවති තිසා‍වැවෙන් ජලයලබාගන්නා මෙය ආණ්ඩුවෙන් ශුඬකොට කොටස්තුනකටබෙදා බීම, නෑම, රෙදිසේදීම යන ප්රෙයෝජන යන්ට සලසැ තිබෙනාකාරයද බලා ඉදිරියටගමන්කොට කඩ පලේ සන්ධිනයට පැමිණ ‘මිහින්තලාපාරේ’ සැතැප්ම භාගයක්පමණ දුරගොස් හමුවන තුන්මංසලින් වමත්පසපාරේ ගමන්කොට “අභයගිරි” සිඬස්ථානයට පැමිණෙනු. __________



( 18 )

(අභයගිරි) සංඝාවාසය

මෙයට අයත් පාරදෙපසෙහිමවූ කණු, පඩී, ආදී නටබුන් ගල්කර්මාුන්ත බලා බඹකීපයක් දුරින්පිහිටි දකුණත්පස ස්ථානයට පැමිණෙනු. රත්නප්රා සාද පිරිවෙන ධර්මපශාස්ත්රා දිය ප්රටගුණකරන දහස්ගණන් භික්ෂුුසංඝයාවිසූ කණිටුතිස් නිරිඳුන්කරවූ මෙයට අයත් විසිතුරු ගල්ගරාදී ඇතුළු කර්මාපන්තද, බලා පාරටපැමිණ ගමන්කොට වමත්පසින් පෙනෙන චෛත්ය යේ “උතුරුදොරටුව” අසලට පැමිණෙනු. දානශාලාව පාරඅසලම දකුණත්පසින් පිහිටි අභයගිරි විහාරයෙහි භික්ෂූරන් ගේ දානශාලාවවූ මෙම ස්ථානයෙහි ගල්ඔරුදෙකක් සහ නටබුන්ගොඩනැගිලිවල ගල්කර්මාරන්ත රාශියක්ද, පැන්ලබාගත් අසල නටබුන් පොකුණද, බලා පාරටපැමිණ මඳක් ඉදිරියට ගමන්කරනු. විශාලපොකුණ පාර අසල වමත්පසින් පිහිටි අභයගිරිවිහාරවාසී භික්ෂුපන්ගේ පැන්පහසුවපිණිස කරතුබූ මෙකල ජරාවාසව ඇති මෙයද බලා එය අසලින් දකුණු දෙසට ඇති අඩිපාරේ ගමන්කොට චෛත්යරයේ බස්නාහිර දොරටුවෙන් ‘සලපතළ’ මළුවට පැමිණෙනු. __________ අභයගිරි චෛත්යරය ලක්දිව රජපැමිණි වට්ටගාමණී අභය හෙවත් “වලගම්බා” නරදේවතෙමේ ‘දායීය’ නම් දෙමළ රජුසමඟ කළසටනින් පැරද මල්වතු ඔය බඩ ශිවදේවාලය අසලින් පැනයනු එහි වුසු ගිරි නම් නිගණ්ඨයා දැක “මහකළුසිංහලයා පලාගියෙයි” කියා කෑගැසූ යේය. එඇසූරජතුමා “මාගේ අදහසමුදුන් පැමිණිකලමෙහි වෙහෙරක් කරවන්නෙමි” යි ඉටාගොස් සෙන්පිරිවරා පැමිණ නැවතත් යුදකොට ජයලත්පසු පෙරකී නිගණ්ඨාරමය බිඳ හෙලවා රන්පත් වලලියවූ තුන්පිටකධර්මොය ඇතුළු වස්තුන් නිධාන්කොට මෙම දා ගැබබඳවා තමාගේ නාමයෙන් “අභය” යනු හා නිගණ්ඨනාමයවූ ‘ගිරි’ යනුද එක්කොට අභයගිරි යයි නම්තබා වෙනත් ගොඩනැගිලිද කරවා සඟසතුකොට පිදූසේක. පසු කලක ගජබාගැමුණු රජුගේ මෑණියන් විසින් මෙය මහත්කොට බඳවා සතරදොරටුයෙහි තොරන්ද තනවනලදී. (මුදුනට යා හැකිලෙස මෑතකදී කළ අඩිපාරක් තිබේ. ඉහලින් පුපුරා තිබෙනකොටස් ඇති මෙහි නැඟීම අනතුරු වලට සහ ශුඬවස්තු



( 19 )

කෙළසීමටද හේතුබව සැලකියයුතුයි.) පැදකුණු කොට වැඳීමේදී ගලින්කළ පෙණකීපයක් සහිත නාගරු ඇති මලසුන්ගෙවල්ද, අභිනව ප්රඩතිමාගෘහයක්ද, දක්නටලැබෙත්. එය ද බලා පෙර පැමිණි දොරටුයෙන්ම නික්ම වමත්පසට මඳක් දුරගොස් උස් “ගල්උළුවස්සක්” පෙණෙන ස්ථානයට පැමිණෙනු. _____________

මාණික්ය_රත්න විහාරය පුරාණකාලයෙහි ප්රයතිමාගෘහය වන මෙහි අදට ඇති උළුවහු කොටසේ හා අත්තිවාරම් සහිත භික්තිකැබලිවලින්ද පසුගිය කල වන්දනාපිණිස ලක්දිව පැමිණි “පාහියන්” නමැති චීන භික්ෂු න් වහන්සේගේ පො‍තේ සඳහන් ‘රීදීයෙන් හා රණින් අලඞ්කාරකොට සත්වර්ගකයක මැණික්ඔබනාලද උස අඩි 22 ක් පමණැති ගෘහමධ්යායේ පිහිටි බුඬප්ර්තිමාවහන්සේ ගේ දීප්තිමත් භාවය වචනයෙන් විස්තරකළ නොහැකිවාත්හැර දකුණතෙහි පිහිටුවා තිබෙන මුතුකැටසේ වටිනාකම මෙතෙකැයි ද කිව නොහැක.” යන ප්රාකාශයෙන්ද, මෙම විහාරය කරවූ අවස්ථායෙහි කෙබඳු තත්වියක තිබුනේදැයි වටහාගන්ට ඉඩතිබේ. ප්ර්තිමාවතුබූ ගල්ආසනය නිධාන්වස්තු ගැණීමට කඩා විනාශකර තිබෙනා අයුරුද බලා අසලපිහිටි අඩිපාරේ රුවන්මැලි චෛත්යගය දෙසට ගමන්කොට හාල්පාත්රා නම් ඇලෙන් එගොඩවී වමත් පසින්පිහිටි පුරාණගල්ලිඳද බලා ඉදිරියෙන් පෙණෙන ගරා වැටුණු “චෛත්යී” ස්ථානයට පැමිණෙනු. ____________

කුජ්ජතිස්ස වෙහෙර “මඞ්ගණ නම් විහාරයෙහි කුජ්ජතිස්ස මහරහතන්වහන්සේ වන්දිනීයවේ” යයි භික්ෂූ්න්වහන්සේලගෙන් දත් සඬාතිස්ස මහ රජතුමා උන්වහන්සේට වඳිනුපිණිස පස් යොදුනක් මගගෙවා අනුරාපුරසිට මහපිරිවරින් එහි ගියේය. ශබ්දය ඇසීමෙන් එයදත් උන්වහන්සේ “මේ මහළුවයසේ රජගෙයිමට කවර කාය්ය්උ යෙක් වේදැ”යි සලකා දිවාස්ථානයෙහි ඇදකහෙව බිම ඉරිඅඳිමින් විසූ සේක. රජතෙමේ “කුජ්ජතිස්ස හාමුදුරුවෝ කොහිදැ”යි අසා “දිවාස්ථානයේය.” කීකල එහි ගියෙන් බිම ඉරි අඳිනා තෙරුන් වහන්සේ දැක “මේ නම් රහත්කෙනෙක් නොවේ. රහ්තුන් වහන්සේලාට අතින් කරනවිකාර නැතැ”යි සිතා නොවැඳම ආපසුගියේය. පසුකල උන්වහන්සේ පිරිනිවන්පානා අවස්ථායෙහි “මාගේ මෘත දෙහය තබන කු‍ටාගාරයෙහි වැඩිපුර ආසනයක්


( 20)

තැබියයුතුය’යි කියා ‘මේකුළුගෙය අභයේ පිහිටවා. රජුදුටුකල බිමට බසිවා’ වයි ඉටා පිරිනිවන්පෑ සේක මෘතදෙහය සහිත කුළුගෙය අහසින් යන්ට පටන්ගත්කල වෘක්ෂ. ලතාවෝ පවා එදෙසට නැමී මාදියෙන් ගරු‍කළෝය. ‘කුජ්ජතිස්ස’ තෙරුන්වහන්සේ පිරිනිවන් පෑ සේක. උන්වහන්සේගේ ශරීරයත් සමඟ කුළුගෙය අහසින් එයි” කියා රජුදැන්වූමුත් විශ්වාසනොකළේය. සියල්ලන් එදෙස බලා සිටියදී කූටාගාරය අහසින්ගොස් “ථුපාරාමය” පැද කුණුකොට “ශෛලචෛත්යට” ස්ථානයට ගොස්සිටියේය. සාධු නාදාදියෙන් නගරය එකනිග්ඝොෂාවු කල ලොවාමහපා සත්වැනිමහලෙහි සංඝයාගේ විනයකර්මන කරමින්සිටි ව්යාග්ඝ මහතෙරුන්වහන්සේ කවර ශබ්දයෙක්දැයි අසා එ පුවත දැන ‘පින් ඇත්තවුන්නියා අපිත් සත්කාරලබම්හ” යි කියා අතවැසියන් ක්ෂ මාකරවා ගොස් අහසින් පැමිණි සිවිගෙයි වැඩිපුර තැනූ ආසනයෙහිහෙව පිරිනිවන්පෑ සේක. රජතෙමේ සුවදසුනුගෙන කූටාගාරය පිදූකල බිමටබටුයෙන් සත්කාරසහිතව ආදාහනය කොට ධාතුතබා චෛත්යුයක්ද කරවීය. එම චෛත්යෙයයයි සලකන මෙයද පැදකුණු කරමින් රහතුගුණ මෙනෙහිකොට වැඳ පුදා තවත් ඉදිරියට ගමන්කොට රුවන් මැලිසෑයේ නැගෙනහිර දොරටුව අසලින් “ශුඬවූපාරට” පැමිණෙනු. ________________ මහමෙවුනා උයන හෙවත් “ශුඬභූමිය” තුළවූ සිඬස්ථාන සහ (අපදන්නා) දැකුම්කටයුතු දේවල් හැඳින්වීම මෙතෙකින් අවසන් කරනු ලැබේ. —: : — නන්ද:න හෙවත් ජොතිවනොද්යා නය

“අනුරාධ” නුවර ඉදිකිරීමේදී නගරොද්යාවනය වසයෙන් නිල් කුසතණින් හොබවා පණ්ඩුකාභය නිරිඳු කරවූ මෙහිදී මිහිඳු මහ රහතන් වහන්සේ අනුරුාපුරටවැඩි පළමුවනදින දෙසූ බාල පණ්ඩිත සූත්රහදෙශනාව අසා දහසක්ස්ත්රීයන් සෝවාන්ඵලයටද, ඊට පසුදින අටමස්ථාන දක්වා දෙසූ අග්ගික්ඛ‍ෙන්ධාහපම සූත්රනදෙශනාව අසා දහසක් මාර්ගනඵලාව බොධයටද, පැමිණි මෙහිතුළද වන්දනීය ස්ථාන හා නටබුන් ගොඩනැගිලි ආදීයට අයත් විසිතුරු කර්මාාන්තද ඇත්තේය. එහි යෑම පිණිස ශුඬවූපාරේ උතුරු දෙසටගොස් ථූපාරාමය අසල තුන්මංසලින් වමත්පසපාරේ ගමන්කොට දකුණත්පසින් පිහිටි “ලඞ්කාරාම” ස්ථානයට පැමිණෙනු. ___________



( 21 )

ලඞ්කාරාම චෛත්ය්ය

ලක්රදයපත් මහසෙන් රජතුමාගේ ලඞ්කානම් මෙහෙසිය විසින් ආ‍රාමයක් සහිතව කරවූ හෙයින් ලඞ්කාරාමයයි ව්යෙවහාරයටපත් මෙයට පෙරකරතුබූ විසිතුරු කැටයමින් නිමි දාගෙයින් ගල්කණු ස්වල්පයක් අදටඉතුරුව තිබේ. චෛත්යියෙහි නිධාන්කළ වස්තුන් ගැන පොතපතින් යමක් අපට සොයාගත නොහැකිවූමුත් ඇතිබවනම් නිසැකමය. පැදකුණුකොට වැඳ පුදා පළමුගිය පාරටම පැමිණ තවත් ඉදිරියට ගමන්කරනාලකල දකුණත්පසින් ගල්බැම්මකින් ශක්තිමත්කළ පිහිටිගලේම සැදී විශාලපොකුණක්ද, වමත්පසපර්ව්තයෙහි සාරාකළගල්ලෙනක්ද, එයබලා මදක්පළමුදෙසටම ගියකල ගල්උළුවස්සක් සහිත නටබුන් ගොඩනැගිල්ලක්ද, තවත්මඳක් ඉදිරියටගියකල පාරෙහි දෙපස ඇති පෙරකල එකක්ව පැවති තම්මැට්ටම්පොකුණද, බලා ඉදිරියෙන් ඇති සතරමන්සන්ධිටයෙන් දකුණත්පස පාරේ ගමන් කරනු. හත්ථාකළ්හක චෛත්යරය දෙවන පෑතිස් නිරිඳුගේ මඟුලැතා ඇලක් අසල හිඟුරුලැහැ බක්තුළ නිතර ආහාරකමින් ඇළුනුසිතැතිව සිටිබැවින් එහි ඇත් හලක් කරවනලදමුත් හස්තිරාජයා දිනක් ආහාරනොගත් කල මිහිඳුහිමිගෙන් විචාරනලදුව “ගිඟුරුලැහැබෙහිථූපයක් කිරීම ඇත්තෙම අභිමතකෙ‍රෙයි” වදාළේය. රජතුමා එහි සර්ව්ඥධාතු සහිත ථූපයක් හා සුදුසු ගෙයක්ද යුහුවකරවූයේය. බොහෝ මෙහෙණින් වහන්සේලා ගැවසී ආරාමයෙහිවුසූ සඞ්ඝමිත්තා මෙහෙණින් වහන්සේ සුන්යාොගාරවිහාරණාභිලාෂීවිට මෙම චෛත්යිමන්දි්රයට පැමිණ දිවාවිහරණයකිරීමද පුරුදුව සිටියාය. පෙරකීපාරේ යනවිට ඉදිරියේ වමත්පසින් පාරඅසලම ඇති ගඩොලින්බැදි සතරැස් උස් නෂ්ටාවශේෂය මෙයයයි සලකත් වතුර ඇලක් තිබී ගොඩවූලකුණු ද අසල ඇති එහි පඩි 12න් මස්තකයට නැති කල ගර්භ ය සාරා නිධාන ය ගෙණතිබෙනු දක්නට ලැබීම ඛෙදයකි. ඇතාළ මෙහෙණවර දිනක් පෑතිස් රජතුමා සංඝමිත්තා තෙරණින් වහන්සේ වඳිනු පිණිස දාවල්ගිය කල උන්වහන්සේ ථුපම මන්දිසරයට වැඩ විවේක සුවවිඳිනු අසා එහි ගොස්වැඳ අභිප්රාටයදැන රජගෙට ගොස් ඉක් බිති ථූපම මන්දිරරය හාත්පස සිත්කළු මෙහෙණින් අසපුවක් කරවූ යේය. ඇත්හලසමීපයෙහි වූ එය හත්ථාහළ්හක විහාරය හා ඇතාළ මෙහෙණවර යනුවෙන් ද ප්ර සිඬවිය. පෙරකී චෛත්යතය අසල



( 22 )

භෛරවරූ හා අනඟි සඳකඩපහණක්ද, ගල්පඩි 8 ක් හා විශාල ගල්කණුද, සහිත ගොඩනැගිල්ල ඇතුළු අවට ඇති සියලු නෂ්ටාවශෙස එම මෙහෙණිඅසපුවට ඇතුළත් ඒවා වියයුතුයි. මෙයට වමත්පසින් ඇති පර්වෙතමස්තකයන්හි හා ප්රාරන්තයන්හිද, ගොඩ නැගිලි හා සක්මන්මලුද, විශාල ගල්ලෙන්ද, දක්නාලැබෙත්. ඇත්හල් පොකුණ සඳකඩපහණැති ස්ථානය ඉදිරියෙන් උතුරුදෙස තිබෙන නටබුන්ව පවත්නා) හත්ථාහළ්හක ‍ෙපාකුණ යයි සිතියහැකි ජලාශයද, බලා ඉදිරියට ගමන්කිරීමේදී පාර අසලම හමුවන දකුණු බාහුව කඩී ගියා ආවරණයක්නොමැති ශෛල ප්රයතිමාවද, එ අසල පිහිටි ශිලාලිපි දෙකද, බලා මඳක් ඉදිරියට ගමන්කරනු. ධර්මාිසනය ගල්කණුමත පිහිටි කැටයම් සහ ආශ්චය්ය්රණ මත් සන්ධිරකිරීම් සහිත මෙම ගල්පුවරුව “මිහිඳුහිමි ධර්මයදෙශනාකළ ආසනය” යයි කියත්. එය හා පාරෙන් දකුණු පස තිබෙන දර්ශමනාර්භමකර්මාෙන්තද, බලමින් ඉදිරියට ගමන්කරනු. දානශාලාව ජලය වත්කිරීමට පාවිච්චිකළ අඩි 62ක් පමණ දිගැති ගල් ඔරුවක්ද, එ අසලම තවත් කුඩා ගල්ඔරුවක්ද, සහිත දානශාලායෙහි නටබුන්ද, බලා මඳක් ඉදිරියට ගමන්කරනු. ධර්මකශාලාව (රත්නප්රා සාදය) ජේතවනාරාමයට අයත් ධර්මිශාලාව යයි කියන නාගපෙණරාශියක් ඇති දොරටුපාල රූපයක් හා විශාල ගල්කණු පමණක් අදට ඉතුරුවට තිබෙන මෙයද බලා අසල ගොඩනැගිල්ල කරා පැමිණ එහි ඇති පුරාණ හස්ත කර්මාුන්ත යුගය විදහාපාන ලක්ෂගණ සඳකඩපහණ හා කෙසගිලිගල් ද , බල තවත් ඉදිරියට ගමන් කොට හාත්පස ඇති නෂ්ටාවශෙෂ ගල්කර්මා න්ත හා වනගත පෙදෙසෙහි ඇති පෙරඅනුරාපුර නගරයට අයත් රාජ, මහාමාත්යම යුඬ හමුදා, වෙණදසැල්, ආදී ගොඩනැගිලි නෂ්ටාවශෙෂද, හැකි තාක්බලා ආපසුවිත් ජේතවනාරාම චෛත්ය‍ස්ථානයේ ‘සලපතළ’ මළුවට දකුණු දොරටුයෙන් පැමිණෙනු. ____________

ජේතවන චෛත්ය_ය ඉහත සඳහන් පරිදි දෙදහසක් මාර්ගතඵලාවබොධයට පැමිණි නන්දපන හෙවත් ජොතිවනොද්යාරනය තුළ චෛත්ය්යක් කරවනු කැමතිවූ මහසෙන් රජතුමා කෙසේ ධාතු ලබම්දැයි සිතමින්


( 23 )

ශ්රීදයහනෙහි උඩුකුරුව සයනයකරනුදුටු ශක්රකදෙවෙන්ර් රජතෙමේ සිළුමිණි සෑයෙන් අප බුදුන් පටීධාතුව රැගෙන අහසෙහිසිට රජුට පෙනෙන පරිදි පහත්කොට එය ගැණීමට රජු සූදානම්වත්ම ඉහලටද ගත්තේය. මෙසේ කීපවරක්කිරීමේදී ශිල්පදත් රජු සෙමින් කඩුවගෙන නැවත පහත්කිරීමේදී අහසට පැන අඩක් කපාගන්න‍ා ලද්දෙන් එය ඇතුළු වෙනත් ධාතුන්ද නිධානකොට මෙය බඳවා ජොතිවනොද්යාගනය තුළවූ හෙයින් “ජේතවන” යයි නම් තබනලදී. අවට ආරාමද සහිතවූයෙන් ජේතවනාරාමය යයි ව්යතවහාරයට පත් මෙම චෛත්යීයද පැදකුණුකොට වැඳපුදා අභිනව විහාර ගෘහය ඉදිරිපිට (බස්නාහිර) දොරටුවට පැමිණෙනු. යක්ෂිසෙනාපති රුදෙකක් රාජතෙජසින් දමනය වූ යක්සෙන්පති දෙදෙනෙක් පිරිවරා සමඟ මෙම චෛත්ය ය බැඳවීමේවැඩදකොට නිරිඳුන් අණපරිදි ආරක්ෂා උදෙසාද යෙදුනෝය. එය සිහිවීම උදෙසා වෙනත් යකුන්ගෙන්ද බොහෝ වැඩගත් මහසෙන් නිරිඳු පිහිටුවනලද මෙම රූ ඇතුළු වෙනත් ගල්කර්මා්න්තද බලා අසලපාරට පැමිණ වමත්පසට හැරී ගමන් කරනු. විශාල ශෛලප්රගතිමාව පාරේ දකුණත්පසින් ගඩොල් ආසනයමත් තිබෙන වැසිඅව් ආවරණයක් ‍නොමැති ගල්පිළිම වහන්සේද, බලා වැඳ පුදා තවත් ඉදිරියට ගමන් කරනු. ____________ කුට්ටම්පොකුණ ජේතවනාරාමවාසී සාමණෙර, අධිශීලාදී, භික්ෂූුන්ගේ ප්ර යෝජනය උදෙසා මහසෙන් රජතුමා කරවූ වෙන්වශයෙන් පිහිටි යාබද පොකුණුදෙකක් හෙයින් කුට්ටම්පොකුණ යයි ව්යෙවහාර මෙයද බලා බඹකීපයක් ආපසු පැමිණ පිට්ටනියමැදින් දකුණත් පසට ඇති “ගල්පෝර්නයටයන” පාරේ ගමන්කරනු. භෛරවපොකුණ ඉහතකීපාරේ බඹකීපයක් යනවිට නටබුන් ‍ෙගාබනැගිලි අසල වම්පසින් තිබෙන ගල්පීල්ලක් සහිත මෙයද දැකුම්කට යුතුවේ. යාපනේට ගෙනගොස් අදට එහි තිබේ යයි කියන මෙහි පීල්ලඋසුලාසිටි ගලින් කළ විශාල භයිරව රූපයක් තිබූහෙයින් භයිරවපොකුණ යයි . ව්යකවහාර මෙයද බලා ආපසු පාරටපැමිණ සැතැප්මභාගයක් පමණ දුරයාමේදී හමුවන “පිරිමියන්කුලම” නම් ගමේ තුන්මංසලින් වමත්පසට ඇතිපාරේ සැතැප්ම ¾ ක්



( 24 )

පමණ ගොස් පැමිණෙන “පළුගස්වැවේ” තුන්මංසලින් දකුණත් පස පාරේ සැතැප්මභාගයක් පමණ යාමේදී හමුවන “නටබුන් ගොඩනැගිලි ඇති බිමට” පැමිණෙනු. _____________ විජයාරාමය විජයබාහු රජතුමා කරවූ ආරාම සහිත ස්ථානයක් හෙයින් විජයරාමය යයි ව්යයවහාර මෙහි නටබුන් අතර මකර තොරන්, කොරවක්ගල්, භයිරව රූකෙටූ ගල්පඩි, දොරටුපාල රූ, ආදී අනගි කැටයම් සහිත ගල්කර්මා න්ත වෙත්. කිරිබත් වෙහෙර විජයාරාම ස්ථානයතුළ පිහිටි මෙහි සතරදොරටුයෙහි අනඟි ගලින්කෙටූ පුන්කලස් අටක් ඇති මෙනමින් ව්යොවහාර ගරා වැටුනු චෛත්යටයක්ද, විහාරගෘහයට අයත් අනඟි ගල්කැට යම් සහිත අත්තිවාරම ඇතුළු ගල්පීලි ආදියද, බලා වැඳපුදා පළමුගිය පාරටපැමිණ තවත් ඉදිරියට ගමන්කරනු. මැණික් වෙහෙර දකුණත්පසින් පෙනෙන උස්ස්ථානයෙහි පිහිටි ගරාවැටුනු මෙහි නිධානය සෙවීමට මැදින් ලිඳකටබඳු සෑරීමක් කරතිබෙන බව පෙනේ. එය ද බලා පහතට බැස උතුරු දෙසින් වනාන්තරය අසලම පිහිටි ගල්කනු ඇති ස්ථානයෙහි තිබෙන නිධානය ගැණීමපිණිස කඩාතිබේ යයි සිතිය හැකි ග්රීථවයෙන් හා බඳින් වෙන්වූ විශාල ගල්පිළිමය ද, අසලින් තිබෙනා නිධාන වස්තු තැන්පත්කළ ගලද බලා කැලෑවමැදින් ඇති අඩිපාරේ ටිකදුරක් ඉදිරියට ගමන් කරනු. ගල් පාලම No 1 මල්වතු ඔයෙන් එතෙර පෙර අනුරාපුර රාජධානි පෙදෙසට යෑම උදෙසා තිබුනේ යයි සිතියහැකි විශාල ගල්කනු සිටුවා ඊමත ගල්බාල්කදමා එය මතුයෙහි ගල්පුවරු අතුරා කරතුබූ පාලම දැනට මැදින් කැඩීගොස් ඇතිමුත් ඔය දෙගොඩ පවත්නා ශෙෂ කොටස්වලට අයත් සිටවුකණු 24 න් හා බාල්ක සහ පුවරු 84 න් පෙරපැවති තත්වවය සලකාගත හැකිවේ. මෙයද බලා බස්නාහිරදෙසට ඇති දැනට හෙළිකොට තිබෙන පාරේ ටිකදුරක් යනවිට තවත් ගල්පාලමක් හමුවේ. ගල්පාලම No.2 රුවන්මැලි හා අභයගිරි යන චෛත්ය ස්ථාන මධ්යතපෙදෙසින් ගලායන හාල්පානු ඇල නම් පූර්වොඅක්ත වාරිමාර්ගථය මෙම පෙදෙසෙහිද වන්නේය. එය හරහා දමා තිබෙන මෙයද පූර්වොවක්ත ගල්පාලම පරිදි සියල්ල ගලින්ම නිමවාති‍බේ.


( 25 )

හරස් අතට තුනක්බැගිං සිටවූ ගල්කණු 30ක් මත දැමු ගල් බාල්ක 10 ක්ද, ඊමත අතුරනලද ගල්පුවරු 63 න් හා කැඩී බිඳීගිය තවත් පුවරු, බාල්ක, කණු, ආදියද වෙත්, මෙයද බලා තවත් සැතැප්මක්පමන ඉදිරියට ගියවිට පැමිණෙන “ඇලපත් ඇල” නම් ගමේ තුන්මංසලින් වමත්පසට ඇති පාරේ සැතැප්ම භාගයක් පමණ යාමේදී හමුවන එමගම අනික් තුන්මංසලට පැමිණිය යුතුයි. (පෙරකී පළුගස්වැවේ සිට විජයාරාම, මැණික් වෙහෙර, ගල්පාලම්, හා ඇලපත්ඇලගමේ දෙවැනි තුන්මංසල දක්නා ඇති පෙදෙස් සතුන් ආශ්රිණත ජනශුන්යමවනගතය බැවින් සවස 4 ට පළමු ගමන අවශාන කරන්නේ නම් මැනවි, අප දැක්වූ මෙම පාරේ වැසීනැති කාලවල අමාරුවෙන් කාර්එකක් නමුත් ගිය හැකිද වේ.) මෙතැනින් වමත්පසට ඇතිපාරේ සැතැප්ම භාගයක් පමණ ගොස් දකුණත්පසින් හමුවන “ගල්පෝර්නය” අසල කුඹුරුයායෙන් නියරදිගේ ගමන්කොට එතෙරව “අශොකාරාම” ස්ථානයට පැමිණෙනු. ____________ අශොකාරාමය පැළඳීමේ මාල සෑදීම පිණිස අශොකමල් නෙලමින් සිටියදී දක්නාලද හෙයින් අශොකමාලා යයි නම්ලත්, ස්ත්රි්ය ගැමුණු රාජ පුත්රශ ශාලිය කුමරුන්ට හමුවූයේ යයි කියන මල්වතු ඔය බඩවූ මෙම ස්ථානයෙහි කරවනලද ආරාමයට ඇගේනම තබා අශොකාරාමය යයි ව්යවවහාර කරනාබවට කියත්. එසේ හෝ, ඇය කරවූ හෙයින් හෝ, අශෝකවනය තුළපිහිටිහෙයින් හෝ, අශොකරාමය කියා ව්ය වහාරවිය හැක. ශ්රොෂ්ඨාඞ්ගසහිත බුදුරුව මෙහි නටබුන් ගොඩනැගිලි පෙදෙසමැද බිමෙහි අනගි සඳකඩපහණක් හා දොරටුපාල රූ 2 ක් ඉදිරියෙන් ඇති ශෛලාසනයක් මත පිහිටි බලන්නවුන්ට නියම බුඬාලම්බන ප්රීඩතීය එළඹෙන අයුරු ගලින් නෙලා ඇති මෙම ප්රපතිමාවහන්සේ වම් අත ඇඟිලි පෙරට හකුලා දකුණු අල්ල පෙරට විදහා පාන නිශ්චයකට නොහැකි අත්ලකුණින්ද සර්ජිනවුයේ අදට දක්නට තිබෙන ඔත් පිළිම අතුරෙන් ශ්රේෂ්ඨයයිද සලකත්. එය සලකාගැණීමට උදව් වීම උදෙසා වර්ෂර 1936 දී අප සමඟ මෙය බැලීමට ගිය එක් යතිතුමෙකුගෙන් ලිපිකොටසක් මෙහි බහාලන්නෙමු. “හිතවත් වෙදමහතාණනි! අර එදා දු‍ටු ප්රනතිමාව ලක්දිව වර්ත මාන ප්ර තිමාගෘහයන්හිද, පුරාතනප්රුතිමාවන්හිද, විද්යාාමාන




(26)

‍නොවන බුඬාලම්බන ප්රීහතිය උපදවන අසහාය ප්ර්තිමාවකි අසෝකාරාමයේදී එදා අප නෙත්රොයන්විෂයෙහි වූ බුදුන්වහන්සේ ජීවමාන නොවේදෝ! යනු මාවිතකයෙකි. 16-9-36” යනු එහි ලියාතිබේ. (මෙයට වැසි අව් ආවරණයක් කරවීම අදහස් කොට පුරාවිද්යාෝ දෙපාර්තමේන්තුව සමග මෙම පොතේ කර්තෘආ වර්ෂ 1936 දී සහ 1937 දී ලියුම් ගණුදෙනු කළනමුත් “ඔටුන්නසන්තකවපවත්නා බැවින් කෞතුකභාවය නැති වන දෙයකට ඉඩදිය නොහැක” යනු අවශාන පිළිතුරවිය.) මෙය ද බලා වැඳපුදා අවටපෙදෙසෙ හි ඇති නෂ්ටාවශෙෂ ගල්කර්මානන්ත රාශියද, නැගෙනහිර කෙළවරේ ඇති ගලින් කළ අනගි පොකුණද, බලා ආපසු පැමිණ “ඇලපත් ඇල” ගම තුන්මංසලින් “කුට්ටම්පොකුණ” පාරේ ගමන්කොට “පංකුලි” ගම හන්දියට පැමිණ එහි ඇති නටබුන් ගොඩනැගිල්ලක කර්මාමන්තද, බලා ඉදිරියටගොස් ‘පිරිමියන්කුලමේ” සන්ධිනයද පසු කර ඉදිරියට ගමන්කොට කුට්ටම්පොකුණ අසල සන්ධිරයෙන් වමට හැරී “අභයගිරිපාරේ” ටිකදුරක් ගොස් වමත් දෙසට ඇති කුඩා ප‍ාරේ ගමන් කරනු. ___________ නඛාවෙහෙර අදට ගරාවැටීපවත්නා නඛාවෙහෙර නම් මෙම කුඩා චෛත්යඇ යද වැඳපුදා මහපාරට පැමිණ ආපසු කුට්ටම්පොකුණ අසල සන්ධියට ගොස් ශ්රීයමහා බොධිමාර්ගරයේ (බෝට්රිිරෝඩ්හි) ගමන් කොට පාරෙන් වමත්පසැති “මහාපාලි” දානශාලාවකරා පැමිණෙනු. ____________ මහාපාලිදානශාලාව අනුරාපුර කෞතුක ස්ථාන අතුරෙන් පෙරපැවති ‍ගොඩනැගිලි තත්වමය විදහාපාන නෂ්ටාවශෙෂ ඇති මහාපාලිදානශාලා නම් මෙම ස්ථානයෙහි “ශ්රී් මහාබෝධිපාර” අසලින් දෙපස සිටවූ ගල්කණු කැබලි හා නටබුන් ගොඩනැගිල්ලක ගල්කණු 17 ක් සහ අත්තිවාරම්ද, කොරවක්ගලක් හා පඩි ආදියද, බලා අසල “පොකුණ” කරා පැමිණෙනු. ගෙය සහිත අනගි පොකුණ ගඩොලින් බදනාලද භික්ති නමා පෙරකල සාදනලද වහල කින් පුත් වූ සිඳීගියවිට පහතටබැස ජලයගැනීමට හැකිලෙසට බැඳී ගල්පඩි 35 කට වැඩි ගණනකින් යුත් ක්රටමයෙන් පත්ලට කුඩා වන ලෙසට තැනූ අනගි පොකුණද, බලා අසල ඇති ගල්කණු සහිත ස්ථානයට ගමන් කරනු.



(27)

දළදාමන්දිනරය විශාල ගල්කණු 71 හා ශිලාලිපියක් ද ඇති ගොඩනැගිල්ල වටේටම තිබෙන ආශ්චය්ය්්කණමත් කාණු විශෙෂයක් හා විශාල අත්තිවාරමක් ද, සහිත මෙයබලා “තනිගල්කණුව” ඇති තැනට ගමන්කරනු. දානශාලාව ගල්ඔරුවක් හා කණුවක්ද, සහිත අත්තිවාරම් සහ ‍වටේට දැමූ කාණුද, ඇති මෙයද බලා උතුරු දෙස බිම්කෙළවරෙහි භික්තිසහිත නටබුන් ගොඩනැගිලි කරා පැමිණෙනු. පැරණි භික්ති සහිත ගොඩනැගිලි (No 1) ඉදිරියෙන් ගල්පඩි 6 ක්ද ගල් උළුවස්සක් හා තවත් උළුවහු කොටසක්ද සම්පුර්ණ) ගල්ජෙනෙල් 8 ක්ද ගල්ආසනයක් හා ගොඩනැගිලි මස්තකයට යාහැකි ගල් පඩි 6 ක්ද වෙත්. (No 2) සම්පූර්ණක ගල්ජනෙල් 6 ක් හා කැබලි 2 ක්ද, ගල් උළුවහු දෙකක් හා මස්තකයට නගිනා ගල්පඩි 8 ක්ද, වෙත්. (No 3) පැරණි භික්ති කැබලි 2ක් හා ගල් කණු 2 ක්ද, ඇති පෙරකී පරිදි දර්ශහණිය මෙමකර්මානන්තය ද බලා නික්ම පාරට පැමිණ දකුණු දෙසට ගමන් කොට ආරොග්ය2ශාලා ස්ථානයද පසුකොට ගොස් “කඩපලට” පැමිණෙනු. “නන්දපන” හෙවත් “ජොතිවනොද්යාුනය” තුළ වූ සිඬස්ථාන සහ (අප දන්නා) දැකුම් කටයුතු දේවල් හැඳින්වීම මෙතෙකින් අවසන් කරනු ලැබේ. ________ රාජමාලිගා

පැරණි සිංහළ ජනතාවගේ ගෘහනිර්මා්ණ ය පිළිබඳ ශිල්ප ඥානය හා දක්ෂයභාවයන් විදහාපානාවුගල් තලාමත කර එයවටේට තනනලද අගල්හි රැදවූ දියෙන් එමගල් තලා ශීතල වී විදර්ශ නා වැඩීම පිණිස උවමනා සිසිල් භාවය ගෘහාභ්ය න්තරයන්හි ඇති වන පරිදි සාදනලද ‍ගොඩනැගිලි රාශියක නටබුන් තුළ චතුරශ්රව දිය අඟල් හා පත්ලට බැසීමේ පියගැට පෙළැති නාන පොකුණ සහ කොටුද, සිංහ, ඇත්, අස්, ගව, නාග, හංසාදී රූහා පුන්කලස් සහ විජිනිගත් දොරටුපාල රූද , මාලාකර්මාතදියෙන් හෙබි උළුවහු හා අලඞ්කාර පේකඩද, ලක්ෂනණ කෙසගිලිගල් හා විශාල පාලම් ලෑලි ඇතුළු මුරගෙවල් ආදී ගලින් මකල අනගිකර්මාසන්ත “අභය” වැවෙන් එතෙර ප්ර දෙශතුළ ඇත්තේය. දර්ශනණාභිලාෂීහු කඩපලේසිට ඇති අරිප්පුපාරේ සැතැප්මසක් පමණ ගමන්ක‍ිරීමේදී දකුණත් පසින් පාර අසලම ඇති පොකුණු දෙකද බලා තවත් සැතැප්ම භාගයක් පමණ දුරගොස් දැන්වීම් පුවරු (බෝඩ්) ඇති


( 28 )

ස්ථානයෙන් දකුනත්පසට හැරී අඩිපාරේ ටිකදුරක් ගියවිට හමු වන “උත්තිය රාජමාලිගා” යයි පවසනස්ථානයෙහි පොකුණු දෙක සහ චෛත්යදයක නෂ්ටාවශෙෂද බලා අසල අඩිපාරේ තව ටිකදුරක් ගොස් මෙහිම අනික්කොටසද, බලා ආපසු මහපාරට පැමිණ වමත්පස අඩිපාරේ ගොස් “දුටුගැමුණු රාජමාලිගා” යයි පවසන ස්ථානයෙහි කර්මා න්තද, බලා එයට අයත් තවත් කොට සක් බලනු පිණිස ආපසු මහපාරට පැමිණ ඉදිරි‍යට ගමන් කොට හමුවන සතර මන්සලින් දකුණු දෙස පාරේ ටිකදුරක් යාමේදී වමත් පසට ඇති අ‍ඩිපාරේ ගමන්කොට එයද දැක ආපසු මහ පාරට පැමිණ දකුණු දෙසටම සැතැප්ම භාගයක් පමණ ගොස් දකුණත්පස පාර අසලින් ම ඇති “භාතිය රාජමාලිගය” යයි පවසන ගල ඇතුළු විසිතුරුද, බලා පා‍රට පැමිණ තවත් බඹකිහිපයක් ගොස් වමත් පස ඇති මෙහි ම අනික් කොටසද බලා පාරට පැමිණ ආපසු විත් පෙරකී සතරමං සන්ධිසයෙන් උතුරු දෙසට ඇති පාරේ ගමන් කිරීමේදී දෙපසෙහිම දක්නා ලැබෙන ‘සඬාතිස්ස රාජමාලිගා’ යයි පවසන ස්ථානයට අයත් කර්මාෙන්තද බලා ආපසු විත් පළමුගිය “සතරමංසලට” ම පැමිණෙනු, “රාජමාලිගා” යයි ව්ය වහාරමුත් බොහෝ කොට ආරාමසහචෛත්යා“දී කොටස් ලකුණුද සහිත ඉහත දැක්වූ පරිදි සිසිල් සුවැති මෙම නෂ්ටාවශෙෂ විදර්ශ‍නා වැඩීමට උදව් පිණිස ඒඒ රජදරුවන් කරවූ‍ හෙයින් අදටව්ය්වහාර “රාජනාම” ඇති වූ තපොවනය යයි අප අදහස් වෙත්. “යාපනේ පාරබඩ” “ශාලිරාජා” මාලිගය සහ මිහින්තලේ “කළු දිය පොකුණ බඩ” ඇති දිය අගල් හා විහාරකර්මාජන්ත සහිත ගෘහද එය තහවුරු කිරීමේ සාක්ය්පොකපිණිසද ක්වමු) තන්ත්රි්මාලය තිවඞ්ක බමුණුගම විහාරය, යයි පවසන මෙහි යෑම උදෙසා පෙරකී සතරමං සන්ධිකයෙන් බස්නාහිර දෙසට සැතැප්ම 6 ක් පමණ ගියවිට හමුවන “ඇලපත්වැව” නම් ගම පසුකොට තවත් සැතැප්ම 6 ක් පමණ ගොස් හමුවන තුන්මංසලින් දකුණත්පස පාරේ සැතැප්ම 2 ක් පමණ යාමේදී ඇති “හෑලඹවැව” නම් ගමද පසුකොට සැතැප්ම 8 ක් පමණ ගොස් ‘මිල්ලගල; නම් ගල්තලා වද ඉක්මවා සැතැප්ම 3 පමණ යාමේදී (පාර අවසන්ව) “තන්ත්රිට මාල” ස්ථානය බඩ පිහිටි වැව්කන්දේ ඇති අඩිපාරේ බස්නාහිර දෙසට ගොස් හමුවන ගල්තලාවට පැමිණ එ දෙසට ම ගමන් කොට මස්තකයට පැමිණෙනු.





( 29 )

බොධීන් වහන්සේ කැටගලින් සතරැස්ව බැඳි බැම්මක් සහිත ස්ථානයෙහි පිහිටි තද රත් පාට නැටිවලින් යුත් (නැගෙනහිර හා බස්නාහිර පහත් ස්ථානයන්හිද එබඳුම තවත් කුඩා ‍බොධි 2 ක් තිබේ.) මෙය පැදකුණුකොට වැඳ පුදා දකුණු දෙසට ගමන් කරනු. වැඩහිඳිනා ශෛලප්රකතිමාව පිහිටිගලෙහිම කපා ඇති පඩි 17 ක් ඉක්මවූ කල ඉදිරියෙන් ඇති ගලසාරාකළ ගෙනක් තුළ නෙලූ ගල් ආසනය මත වැඩ හිඳිනා බුඬප්රකතිමාවක්ද, ලෙන තුළ භික්තියෙහි ගලින් කළ දේවතාරූපද, ලෙනට පිටතින් දෙපස නොනිමිබුඬරූපද, වෙත් වැඳ පුදා ආපසු පැමිණි බෝධියෙන් උතුරු දෙස ගලේම පිහිටි අනගි ජලාසය ( පොකුණ) ද බලා තවත් මඳක් ඉදිරියට ගොස් බස්නාහිර දෙසින් පහතට බැස දකුණත් පසට හැරී පර්ව,තය අසලින්ම ගමන් කරනු සැතපෙන ගල්පිළිමය පර්වෙත ප්රාොන්තයෙහි ඉන්ම නෙලාතිබෙන නොනිමි කර්මාරන්ත යක් වන විශාලමෙයද වැඳ පුදා තවත් ඉදිරියට ගමන් කොට වැවේ ඉස්මත්තෙන් එගොඩ වී ඉදිරියෙන් ඇති පර්වපතයට නැඟ දකුණු දෙසට ගමන් කරනු. පොත්ගුල පර්වගතයසාරාකළ හිස් ලෙනක් සහිත ගලමත කපාපුගලින් කල තවත් කුඩා ගල් ගෙයක් ඇති පොත්ගුලයයි පවසනමෙහි පසුගිය අවස්ථායෙක සංඝයාවහන්සේනමක් වනයෙහි තිබෙන බවද කියත්, මෙයදබලා ලෙන ඉදිරියෙන් ගලටනැඟ දකුණු දෙසටමගොස් පහතටබැස පළමුගිය වැව් කන්දබටම පැමිණෙනු (සැලකියයුත්තක්; “ජයශ්රීර මහා බොධි ශාඛාව නැව්තොටසිට අනුරාපුරට වැඩමවීමේදී තිවඞ්ක නම් බමුණු ගම්දොරටුයෙහි වඩා හිඳවූ බව සහ එම ස්ථානයෙහි දෙවනපෑතිස් නිරිඳු සේසතින් පුදා අභිෂේකදුන් ඵලරුහ බොධි අඞ්කුරයක් රොපණයකර විහාරයකි කරවූ බවද, ඉතිහාසගතවෙත්, “තන්ත්රිවමාලා” නම් මෙහි ඉහතින් දැක්වූදෙය හැර විහාරාදී ගොඩනැගිලි කර්මාහන්තයන්ට අයත් කිසිත් දක්නට නැතිමුත් වනසතුන් පවා කෙළිදෙලෙන් ප්රීහතිසුව ගතකොට තිබෙනා බවට ලකුණැති දර්ශවනයට පවා දුර්ල්භ තරම් විශාලත්වනයෙන් යුත් චිත්තාභි රමණීය ගල්තලා තුනක්ද, එයට මධ්ය‍යෙහි රමණීය‍ාකාරයෙන් පිහිටි ජරාවාස වැවක්ද වෙත්, වතුර බැසයාමාදීයෙන් සැදී බඹගණන් දුරැති දුෂ්කර ස්ථාන “අරිප්පු” පාරේ 7 ක් සහ “තන්ත්රිමමාලා” පාරේ 3 ක්ද වෙත්. පෙරකි



( 30 )

“ඇලපත් වැව” සහ “හෑලඹවැව” යන දෙගම්හිම පාර අසල ඇති 12 ක් පමණ ගෙවල් හැර සැතැප්ම 25 ක් පමණ දුරැති සියලු පෙදෙසම වනගතය වෙත්. වැසී ඇතිවුවහොත් මුළු මාර්ගවයම තදින් ලිස්සා යන ස්වභාවයට පත්ව දුෂ්කර ගමනකට ගොදුරුවන හෙයින් දෙතුන්වේලාකට සෑහෙන කෑම සහ ප්ර්වේශ මට උපමනා හැකිතාක් දෙයින්ද, සූදානම් ව යන්නෙනම් මැනවි.) _________ නිවත්තක චෙතිය ස්ථානය “ජය ශ්රීි මහාබොධි ස්ථානය” ඉදිරිපිට ඇති “දුම්රියපලට” යන පාරේ ගොස් රේල්ගේට්ටුව පසුකිරීමේදී හමුවන වමත්පස පාරේ ටිකදුරක් යනවිට දකුණත්පස ඇති මෙයට “නිවත්තක චෙතිය ස්ථානය” යයි වැරදි ව්යදවහාරයක්වෙත්. නිවත්තකචෙති (පිහිටියයුතු පෙදෙස) මිහිඳු මහරහතන් වහන්සේ පුරයට ආසන්න බැවින් නන්දැන උයනෙහි විසීම රුචිනොකළ හෙයින් “මහාමෙවුනා උයන ඉතා නුදුරු නො ලං තැනයි කළු ජායොදක සමන්විත වේ. එහි විසීම රුචි වේවා, වහන්ස! නැවතුනමැනව” යි දෙවනපෑතිස් නිරිඳු අයැදිකල “මහරහතන්වහන්සේලා නැවතී ස්ථානයෙහි පසුකල කරනා ලද සෑය නිවත්තකචෙතියනම්වී” යනු ඉතිහාසගත බැවින් එය මහමෙවුනා උයන තුළ වියයුතුයි. මෙම තැන එ උයන මායිමෙන් (මල්වතුඔයෙන්) අනික්පස පිහිටිබව සලකනකල සත්ය් වැටහේ; පෙරකී මගින් පැමිණි මෙම ස්ථානයෙහි දෙකෙළ වර ගරාවැටුනු චෛත්යැදෙකක්ද, එ අතර පෙරපැවති ගොඩනැගිල්ලකට අයත් දෙපසපිහිටි ගල්කණු කැබලිද, ප්රගතිමා ඇතුළු නෂ්ටාවශෙෂද වෙත්. ඒ වා බලා පාරටපැමිණ උතුරු දෙසට ගමන්කොට “මිහින්තලා” යන පාරට පැමිණ වමත්පසට මඳක් දුරගොස් හමුවන “යාපනේ” පාරේ සැතැප්ම දෙකක්පමණ ගමන් කරනු. ශාලිය කුමාර මාලිගය මවුකුසින් බිහිවීම හා සමග සුගන්ධම ශාලා (සුවඳගැල්) වැසීවට හෙයින් සහ එවකට පැවති සියලු ශස්යමජාතීන්ද ශාලිබවටම පරිවර්තපනය වීම යනාදී ආශ්චය්ය් හ මත් සිදුවීම් සලකා “ශාලිය” කුමරු යයි නම් තැබූ ගැමුණු රාජපුත්රය පුවරජතුමා “අශොකමාලා” යන උපපදලත් “දේවී” නමැති සකල නාරිලාලිත්ය යෙන් හෙබි අඞ්ගනාව සමග විසූස්ථානය යයි පවසන යාපනේ පා‍ර අසලම දකුණත්පසින් පිහිටි නටබුන් කර්මාබන්ත වලින් විශාල පෙදෙසක් වසාගත් මෙම ස්ථානයෙහි ඇති අත්තිවාරම්, දොරටු පාලරු,



(31)

විජිනි, පුන්කලස් ආදීය සහ විහාරකර්මාටන්ත කොටස්ද ගැන සකන කල “ලක්බුදු සසුන් පිහිටුවූ දිනට පසුදා මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු රහත්පිරිස අහසින් අනුරාපුරට වුත් බට (පඨමකචෙතිය) ස්ථානය” යයි සැලකීමට ඉඩ ඇත්තේය. මෙයද බලා ආපසුවිත් “මිහින්තලා” පාරට පැමිණ “නුවරවැව” පසට සැතැප්මක් පමණ ගොස් සොරොව්ව අසලින් “වැවකන්දිට” පැමිණෙනු. ___________ නුවරවැව පණ්ඩුකාභය මිහිපතිතුමා කරවූ අක්කර 2960 ක් පමණ විශාල මෙම වැවද බලා පැරණී සිංහළ‍ජනයා රටේ දියුණුව තකා කල වාරිකර්මාාන්ත මෙලෙස නම් අවශෙෂකට යුතු කෙබඳු තත්වතයක පැවතියේ දැ සිත් සලකා වැව් කන්දෙන් පහතට බැස තවත් සැතැප්ම 1/4 ක් පමණ දුර එම පාරේ ම ගමන් කරනු. රාජ අස්හල පාර අසලම වමත්පසැති ගල් කණු පිහිටි මෙම ස්ථානය පුරාණ රජුන්ගේ අස්හල යයි කියත් “කුදිරවටාන” යයි අදට ව්යනවහාර මෙයද බලා තවත් සැතැප්ම 5 ක් පමණ ගොස් “මිහින්තලේ” කඩපල පිහිටි සතරමංසලට පැමිණ දකුණත්පස පාරේ ගොස් හමුවන තුන්මංසලින් වමත්පසපාරේ ගමන්කොට ඉදිරියෙන් පෙනෙන මිශ්ර ක පර්වේතයට යන “ගල් පඩි අසලට” පැමිණෙනු. ___________ මිශ්ර_කපර්විත පූර්ව කථා “කකුසඳ” බුදුන්කල “ඔජදීප” නම් වූ මෙරට ජනයාට රතු සන්නිසාවූ උණරොගයකින් පත් විපත් දුරලනු පිණිස දෙවකූට නම්වූ මෙම පර්වශතයට වැඩි බුදුන් වෙත පැමිණි රජුඇතුළු පිරිස බෞඬාගම පිළිගැනීමෙන්ද, “කොනාගමණ” බුදුන්කල වරදීම නම් මෙරට ජනයාට නියඟයකින් පත් විපත්දුරලනු පිණිස සුමන කූටනම් වූ මෙම පර්වමතයට වැඩි බුදුන් වෙත පැමිණි රජු ඇතුළු පිරිස බෞඬාගම පිළිගැනීමෙන්ද, “කාශ්ය ප” බුදුන්කල මඬවීප නම් වූ මෙරට ජනයාට රජු හා සහෝදරයා අතර පැවති භයානක යුඬය කින් පත්, විපත් දුරලනු පිණිස සුභකූට නම් වූ මෙම පර්වැතයට ප්රනතිෂ්ඨාපනය උදෙසා කල්යල් බලා මිශ්රදකනම් වූ මෙම පර්‍වතයට වෙතට සැණකෙළියද ඩයමේදී යෙදී පැමිණී රජු ඇතුළු පිරිස බෞධාගම පිළිගැනීමෙන්ද යන මෙකප සිවුවරෙක්හිම බෞඬගම ප්ර තිෂ්ඨාපනය උදෙසා මෙම පර්ව්තයම ආධාරවූයේය.



( 32 )

මිශ්රරකපර්ව තය “අඹස්ථල” හෙවත් “මිහින්තලේ” වීම දෙවියන්ට ප්රිකය වූ තිස්ස යන අර්ත්ථස ඇති දේවානම්පියතිස්ස නමැති සිංහල රාජපරම්පරාවේ හවැනි රජතුමා හාරදාහසක් පිරිවරින් පොසොන් සැණකෙළිදඩයම් පිණිස මිශ්රේකපර්වහතප්රිදෙශයට ගිය කල එහි මස්තකයෙහි මිහිඳුමාහිමි වැඩසිටිනුදුටු ස්ථානය අඹ ගස් සහිත වූ බව එතන්හිදී විතාළ ප්රනශ්නයන්ගෙන් නිශ්චිතවේ. (උස්) ගල්භූමිවලට ව්යසවහාර ස්ථල සහ තලේ යන වචන අඹ සහ මිහිඳු යන වචන සමඟ එක්වීමෙන් “අඹපිහිටි (උස්) ගල් භූමිය” යන අර්ත්ථි ඇති අඹ ස්ථලයනුද, “මිහිඳු හිමියන් වුසු (උස්) ගල් භූමිය “ යන අර්ත්ථ ඇති මිහින්තලේ යනුද, ව්යුවහාරවන මෙම ස්ථානය ලක්දිව ප්ර ථමයෙන් සිදුවූ පැවිදි සහ උපසම්පදා කර්ම යන්ද, රහත් ඵලයට පැමිණිම සහ සඞ්ඝයාගේ වස්විසීම, යන කරුණුද හේතු කොටවඩාත් උත්තුඞ්ගබවට පත්වූයෙන් තදාසන්න කාලයන්හි කරවූ අටසැට (68) ක් ලෙනින් හා දැගැබ් 360 කින්ද, ප්ර තිමාගෘහ සියගණනකින් හා සඞ්ඝාවාස 1600 කින් හා වෙනත් බොහෝ ගොඩනැගිලි ආදියෙන්ද, සමන්විත සිඬස්ථාන යක්ව පැවැත්තේය. මෙයකරා යෑම උදෙසා ඇති පළමුවැනි ගල්පඩිපෙළ නැග හමුවන “සමබිමට” පැමිණෙනු. දානශාලාව සහ තිඹිරිපොකුණ මෙම සමබිමෙහි “මිහින්තලා දානශාලාවට” අයත් ගල් කණු හා අඩි 12 ක් පමණ දිගැති පැන්පිරවීමට පාවිච්චිකළ ගල් ඔරුවද, කණුමත ඇති ජලනලකොටසක්වන ගල් පීල්ලද, බලා වම්පස පහත්බිමෙහි තිඹිරිගස්මධ්යතයෙහි ඇති තිඹිරිපොකුණ නම් ජලාශයද බලා ඉහලට ගමන් කරනු. ධාතුගෙය සහ ශිලා ලිපි දෙපසින් වූ ගරාවැටුනු චෛත්ය් 6 ක් සහිත නටබුන් ධාතුගෙයි ගල්කණුද, එය අසල තිබෙන විහාර අණපතුත් දක්වන ශිලාලිපි දෙකද, බලා ඉදිරියෙන් ඇති ගල්පඩි පෙළ දිගේ ඉහලට ගමන් කරනාවිට නාගපොකුණටයන පාර පසුකොට මඳක් දුර ගියකල හමුවන දකුණත් පසින් ගලේ කොටා ඇති ලිපියද, බලා ඉදිරියට ගමන්කොට අඹස්ථාලය යයි ව්යතවහාර සමභූමියට පැමිණ විඩා හැර දකුණත්පස උස්බිමෙහි ඇති චෛත්යාය කරා ගමන් කිරීමට පටන්ගත්තැනම පිහිටිගලේ කොටාතිබෙන අශොකා ක්ෂ්රලිපිය ද, බලා ගල්තලාවටපැමිණ එහි පෙරකල කර තුබූ ගෙයක හෝ ආවරණ වැටක කණුවල වල්ද, බලා ගමන්කොට “පර්වණතමස්තකටය පැමිණෙනු. __________




(33)

“ශෛලචෛත්ය)ය” හෙවත් “මහසෑය” සක්රජුගෙන් කුසරජතුමාලත් අෂ්ටවඞ්කමාණික්යත රත්නය රාජපරම්පරානුයානව මහාදාඨිය මහානාග (මගදැළියමානා) රජ තුමා සතුවූයෙන් එහි තුළ අප බුදුන් ඌර්ණාරොම ධාතුව බහා නිධාන්කොට එම රජුබදවූ මෙම චෛත්යතය ගල්තලාවමත පිහිටි හෙයින් ශෛලචෛත්යමය යයිද, මිහින්තලා විහාරයට අයත් සිය ගණන් සෑයවලට විශාල වූ හෙයින් මහසෑය යයිද, ව්යබවහාරයට පත්විය. මෙය නිමවාකළ පින්කමට පැමිණෙන සැදැහැතියන්ට මල්වතු ඔයෙන් පාසෝදා, පිරිසිදුව ඊම පිණිස (එතැන්සිට මෙම ස්ථානය දක්වා සැතැප්ම 7 ක් පමණ දුරැති මාර්ග යෙහි) විශෙෂ යෙන් පිළියෙල කළ පා‍වාඩ ද අතුරුවා බන්ධෙනාගාරවලසිටි අවාසනාවන්තයෝද මුදවාහරිනලද්දේය, “සුළුන්නරු” ගම ශ්රෙඬාතිස්ස නම් අමාත්යවයා මෙය වැදීමට ගිය අවස්ථාවකදී දොළොස්දාහක් සඞ්ඝයාවෙත රන්සිරියෙල් පැහැති තුන් සිවුරු පුදා කරන ලද ආරාධනා ව පරිදි එම සිවුරුපොරවාගොස් සෑය පැ දකුණු කොට වැඳ රන් වන් හංස සේනාවක්සේ පහත මළුවට වඩිනා සංඝයාදෙස බලාසිට සෝවාන්වූයේය. මෙය පැදැකුණු‍කොට වැඳපුදා පහතට බසිනු. පැරණි ප්ර තිමාලෙන සහ පොකුණ පෙරගියමගින් ශෛල චෛත්යලස්ථානයෙන් පහතට බැසීමේදී දකුණත්පස ලෙනෙහිතිබෙන කුඩාගල් පිළිමයද, එ අසල ගලේම පිහිටා තිබෙන පැරණි පොකුණද, බලා එපසම ඇති පඩිපෙළෙන් පහතට බසිනා කල දකුණත් පස මඳක් දුරින් පිහිටි “බොධිය” කරා ගමන් කරනු. ඵලරුහබොධීන් වහන්සේ පෙර කී පරිදි දෙවනපෑතිස් නිරිඳු සේසතින් පුදා අභිෂෙකදුන් බෝපැල අ ටෙන් එකක්වන මෙයද පැදකුණු කොට වැඳපුදා ආපසු පැමිණ අසල පිහිටි “චෛත්ය ය” කරා ගමන් කරනු. “අඹස්ථල” හෙවත් “මහින්ද ” චෛත්ය ය ඉහත සදහන් පරිදි “ගෞතම” බුඬශාසන ප්රටතිස්ඨාපනයට පැමිණි මිහිඳු මහරහතන් වහන්සේ පළමුවෙන් ස්පර්ශාකළ ලඞ්කාභූමියවූ ද, දෙවනපෑතිස් රජුගෙන් “අඹ” සහ “ඥාති” ප්රූශ්නවිතාළා වූද, එම නිරිඳුප්රඅධාන හාරදහසක් පිරිසට “චුලහත්ථි”පදොපම” සූත්රභයෙන් ධර්ම්දෙශනා කළාවූද, සිංහළ පිරිසට පළමුවෙන් තිසරණ දෙවා වදාළවුද, ශුඬ ස්ථානය වසා ලක්බුදුසසුනෙහි සහ සිංහළ වර්ගායාගේත් දියුණුවට 48 වර්ෂ,යක් සහායවක්රි යාකළ මිහිඳු මහරහතන් වහන්සේගේ භෂ්මාව ශෙෂ නිධාන්කොට උත්තිය රජතුමා



( 34 )

කරවූ මෙම චෛත්යිය පෙරකී මහසෑයටත් වඩා අවුරුදු දෙසිය හැට ගණනකින් පුරාණ වන්නේය. පසුකල කණිටුතිස් රජුතුමා මෙයට කරවූ දාගෙයින් ගල්කණු ස්වල්පයක් අදටත් තිබේ. කලකට පෙර සම්පූර්ණමයෙන් ජරාවාසව පැවැති මෙය වත්තේ වැවේ ස්වාමින්ගේ ප්රිධානත්වටයෙන් ප්රෙකෘතිමත් කොට තිබේ. අරහත්ත ගුණ මෙනෙහි කර පැදකුණුකොට වැඳපුදා “සලපතළමළුයෙහි” යකඩවැටෙන් කොටුකළ ස්ථානයට පැමිණෙනු. චන්ර්ෙනුකාන්ත පාෂාණය ඉර, හඳ, සහ ඉටිපන්දම්, ආදියෙහි ආලොකපෙනෙන හිමාලය වනයෙහි ඇති දුර්ලෙභ ගල් විශෙෂයක්වන මෙයද බලනු. (ආලොන ස්ථානයන්හිත් මහදවල් පහන්දල්වන මුග්ධයන්ගේ ශ්ර ඬාවනිසා මෙහි ඉටිපන්දම් දල්වා තැබීමෙන් පෙර පැවතී දී පති මත්භාවයද අතුරුදන් ව පුපුරා තිබීම කණගාටුවට කරුණකි.) ආරාධනාගල සිංහළ පිරිස තිසරණගත කොට ලක්බුදු සසුන් පිහිටුවු දින රාත්රි්යෙහි “ධර්මමශ්රුවණ කාලය ඝොෂාකරව” යි සුමන සාමණෙර රහතන් වහන්සේට මිහිඳුහිමියන් කළනියමය මහින්දො චෛත්ය යට නැගෙනහිර දෙසින් පිහිටි මෙම උස්පර්වමතමස්තකයෙහිදී ඉටුකළ හෙයින් ආරාධනාගලයයි ව්යටවහාර මෙයට නඟිනා කැමතියන් ශරීරශක්තිය හා සුලඟ ගැණද සලකා ගලේ සවිකොට තිබෙන යකඩ වැටේ ආධාරයද ඇතිව මස්තකයට යායුතුවේ. මෙතැනින් නික්ම මහින්දමචෛත්යිය අසල අඩිපාරේ සඞ්ඝාරාමය දෙසට ගොස් මිදුලෙන් පහත්පෙදෙසට බැස කටාරම් සහිත ගල්ලෙන් කීපයද, බලා තවත් ඉදිරියට ගමන් කරනු.

මිහිඳුගුහාව. පෙර සඳහන් කල පරිදි මිහිඳු මහරහතන් වහන්සේ (වැසිනැති ග්රීලෂ්මදිනයන්හි සිසිල් සුලං ලබමින්) “විවෙක සුවයෙන් මිහින්තලාපෙදෙසෙහි විසූස්ථානය” වන මෙම ගල්ලෙනට ප්රාලන්තයෙහි සවිකොට තිබෙන යකඩ‍ සෝපානයෙන් නැග ස්වර්ණා ලෙපකොට ඇති තැන බලා වැඳ පුදා ආපසු අඹස්ථලමළුවට පැමිණිකල දකුණත්පසැති ධර්මපශාලාව පිටිපස ගලෙහි ඇති ලෙන සහ ඉහලට නැඟීමට කොටා තිබෙන පඩිරාශියද, බලා මළුවෙන් නික්ම පහතට බැසීමේදී හමුවන වමත්පසැති කුඩාපාරේ ගමන්කිරීමේදී පාර අසලම ඇති කුඩා ගල් පොකුණු දෙකද, බලා තවත් ඉදිරියට ගමන් කරනු.




( 34 )

නාග පොකුණ මෙහි අසල විශාල ගල්බඳුනක්ද, ජලය පිටිකිරීමට සවිකළ පැරණිගල්තල (පීලි)ද, ගලින්නෙලූ ජලයෙන් උඩට නැඟීසිටිනා කාරය දක්වන විශාලකඳක් ඇති පෙණ කීපයකින් යුත් නාගරූප යක්ද, වෙත්. (“වාස්සාන ඍතුව පැමිණිවිට මිහිඳු හිමියන් ඇතුළු පිරිස අනුරාපුරින් සෑගිරියට පැමිණියේ පර්ව(තප්රාසන්තයෙහි වූ නාග වතුෂ්ක ස්ථානයේ විලෙන් නාගෙන, යනු පොතපතෙහි දක්වනු ලබන්නේ මෙය උදෙසා යයිද සිතිය හැක.) මෙහි විසිතුරු බලා ඉදිරියට ඇති අඩිපාරේ මඳක් දුර යාමේදී හමුවන දැන්වීම්පුවරුව ඇති තැනින් කැලය දෙසට ඇති අඩිපාරේ මඳක් දුර යන විට තැනින් තැන හමුවන ගල්පඩි 146 ක් නැග හමුවන ගලේ කෙටූ පඩි 39ද, නැග නැවතත් තැනින් තැන ඇති පඩි 161 න් නැග විඩාහැර ඉදිරිගලෙහි කැපූ පඩි 39න් නගිනාකල ඇති හෙල් සහිත ස්ථානයෙහි ආරක්ෂා4ව උදෙසා පෙර කල කරතුබූ දෙයක කණු වලවල් රාශියද, බලා ගොස් ඉදිරිග‍ලේ කොටාතිබෙන පඩි 58 ද, නැඟ තවත් ඉදිරියෙන් ඇති පිහිටුවූ ගල් පඩි 21 නැඟීමෙන් “ඇත්වෙහෙරෙහි” මළුවට පැමිණෙනු.‡

ඇත්වෙහෙර හස්තියෙකුගේ ප්ර‍මාණයට කරවන ලද යෙහින් ඇත්වෙහෙර යයි ව්යෙවහාර පර්විතමස්තකයෙහි වූ මෙම කුඩා චෛත්යහය අසල පහතමිදුලක්වැනි ස්ථානයෙහි ගල්පිළිමයක්, සහ බාල්දියක්ද, පමණක් ඇත්තේය. චෛත්යහයද ගරාවැටීතිබෙන වත් හැර මළුවද සේදී අවසන්වන්ට ඉතාම ආසන්නව පවත්නේය. (මෙහි යෑමට තුබූ පාර කැලෑවෙන් වැසීගොස් තිබී මෙම පොතේ කර්තෘප ඇතුළු පිරිස කරදරයට පත් වී කඩපලටගොස් කැඳවා‍ගත් අන්යක කෙනෙකුන්ගේ ආධාරයෙන් කැලය කීපපලක් කපා පාර‍ෙසායා එහි ගොස් ආපසු පැමිණ අඩි 3 ක් පමණ පළලට ගල්පඩිපෙළදක්වා ශුඬකොට දැන්වීම් පුවරුවද සවිකෙළෙමු.) මෙයද පැදකුණුකොට වැඳපුදා ආපසු පැමිණ වනගතය ඉක්මවා අසල ඇති අඩිපාරේ පහතට ගමන්කොට නටබුන් “ගල්කර්මාආන්ත ඇති පෙදෙසට” පැමිණෙනු. _________ මහාමහින්දාවරාමය මෙහිදී පළමුවෙන් හමුවන කුඩා චෛත්ය. කීපයක් සහිත ගල් කණු සහ අත්තිවාරම් ආදී නටබුන් මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩවිසීම් උදෙසා කරතුබූ මහාමහින්දා රාම නම් ගොඩ නැගිල්ලේ යයි සලකත්. එයද බලා වමත් දෙසට ඇති අඩිපාරේ ගමන්කරනු. ‡ මෙම පෙදෙස ජනශුන්ය වනගතය වෙත්.


(36)

සිංහමුඛ‍ෙපාකුණ මුදුන්කොටසෙහි අලඞ්කාර රූපසටහන් කොටනාලද මෙය කරා නාගපොකුණේසිට ගල්ජලනල මාර්ගටයෙන් විත් රැස් වන වතුර පසකින් නෙලාතිබෙන කෙශරසිංහරූපයේ මුඛයෙන් පිටතට යන පරිදි නෙලා තිබෙන කෙශරසිංහරූපයේ මුඛයෙන් පිටතට යන පරිදි තනා තිබේ. සිංහළ ජනයා නැණ නුවණින් හා කර්මාඇන්ත දක්ෂෙතාවයෙන්ද, දියුණුව විසූ ප්රකමාණය මෙයබැලීමෙන්ද සලකා අසල පිහිටි නටබුන් විහාරයක ගල්කණු; උළුවහු; ආදියද, බලා ඉදිරියෙන් පෙනෙන “චෛත්ය යකරා” ගමන්කරනු. කන්තක චෛත්යකය. කිරිගරුඬවලින් කළ පිළිම, කරඬු, ආදිය තුළ සර්ව්ඥධාතු බහා නිධාන්කර බඳනා ලද්දේ යයි දක්වන පුරාණ වස්තුපරීක්ෂිකයන් විසින් මෑතදී පාදන ලද මෙම චෛත්ය ස්ථානයට යෑම උදෙසා ඉදිරි යෙන් ඇති පඩිපෙලේ නැග කලක් පස්යටට තිබීත් නොදිරාශෙෂව පවත්නා පැරණි කැටයම් සහිත බදාමාදියද, බලා පැදකුණුකොට වැඳ අසලඇති “කුඩා චෛත්ය ” තුනද, බැලිය යුතුයි. අටසැටලෙන් “මිහිඳුමහරහතන් වහන්සේ ඇතුළු රහත් පිරිස වස්සාන ඍතුව පැමිණිකල අනුරාපුරින් සෑගිරියට පැමිණි බැවින් රජතුමා එයට සුදුසුලෙන් යුහුවකරවී” යනුවෙන් පොතපතෙහි දක්වන ලෙන් ඇතුළු මහින්තලාවිහාරයට අයත් අටසැට (68)ක් ලෙන් අතුරෙන් රාශියක් කන්තක චෛත්යාමළුවෙන් දකුණුදෙස සහ ප්රාෙන්තපෙදෙසෙහිද, තිබෙත්. තෛච්යීමළුවෙන් දකුණුදෙසට ගමන් කොට ප්රාතන්තයෙහි වමත්පසට හැරී ‘කන්තක’ චෛත්යියට පළමු ගිය පඩිපෙළ දෙසට පැමිණිමෙන් හෝ එකි පඩිපෙළින් ආපසු බැස ප්රා න්තයෙහි අඩිපාරේ දකුණු දෙසට ගොස් දකුණත් පසට හැරී මස්තකමගින් ‘කන්තක’ චෛත්ය මළුව දක්වා යාමෙන්ද ඒවා බැලීමට හැකිවේ. මේවා බලා ඉහත කී පර්වැත ප්රා්න්තයෙහි අඩිපාරේ දකුණු දෙසට ගොස් මහපාරට පැමිණ වමත්පසට මඳක් දුරගමන්කොට දැන්වීම් පුවරුව ඇති තැනින්ද, වමත්පසට ඇති අඩිපාරේ ‍ගොස් “පොකුණක් සහිත නටබුන් ගල්කර්මා,න්ත ඇති තැනට පැමිණෙනු. කළුදිය පොකුණ මෙහි ජලය කාලවර්ණ හෙයින් මෙම නම් ව්යුවහාරයටපත් වූයේයයි සිතියහැක. වර්ණ ය එසේ මුත් භාජනයකට ගත්කල පිරි සුදුපැහැත්තේය. මේ අසල රාජගිරිලෙන වුසූ කාලබුඬිරක්ඛිත ස්ථවිරයන්වහන්සේ, කළුදියපොකුණබඩ; කළුතිඹිරිගසමුල,



(37)

කළුගල් ආසනයෙහි, වැඩහිඳ කළුවිරපොහෝදින, කාලකාරාම සූත්රගයෙන්, සදැතිස් රජුඇතුළු පිරිසට ධර්ම,දෙශනාකරනලද්දේ යයි කාල ශබ්ද ෂට්කයක් එක්කොට ව්යූවහාර ජනකථාවක් ඇතිමුත් පොකුණක්බඩ කළුගල් ආසනයෙකැයි, පොතෙහි ‍නොදක්වත්. මෙය බලා මුවධොවනාදියනේ විඩාහැර ඉදිරියෙන් පෙනෙන කටාරම් කෙටු ගලදෙසට ගමන් කොට එයද බලා තවත් මඳක් ගමන් කරනු. අනඟිගල්ගෙය පිහිටිගල්ලෙනට සම්බන්ධාවන පරිදි විශාලගල් කණු 8ක් මත අඟල් 10 ක් පමණ පළල සහ 24 ක් පමණ උසැති ලීස්තර සහිත ගල්බාල්ක 10 ක් දමා ගල්පුවරු අතුරා කළ වහලක් හා ගල් ‍ජනෙල් 2 ක්ද සහිතව ගල් උළුවස්සක් තබා නිමකරන ලද ගල්ලෙන් ගෙය පිහිටි ගලමතද ගොඩනැගිලිතුබුබව පෙනෙත් පුරාණකල ගල්ලෙන්තුළ කරතුබූ ගෘහාකාරය බොහෝදුරට අවබොධවන මෙයද බලා අසලපඩිපෙලේ නැග එහි ඇති නෂ්ටාවශෙෂ සහ අසලගල්පොකුණද, බලා පර්වේතය අසලින් ගමන් කොට හමුවන ගල්ලෙන්ද බලමින් මස්තකයට නගිනු. දියඅගල් සහිත ගෙය මෙය කඩා පර්ව ත මස්තකයෙහි ගල්වලින් ම සෑදි ගොඩනැගිල්ල වටේට දිය අගල් තුබූ දක්නා ලැබේ. අනගි කර්මාින්තයක් වන මෙයද බලා අනික්පසීන් බැස නැගෙනහිර දෙසටගොස් වමත්පස ගලේපෙනෙන පඩි 22 න් නැග නටබුන් දාගබක කොටස්ද බලා පහතට බැස තවත් මඳක් ගමන්කරනු. ගල් ආසනය ඉහතින් දැක්වූ පරිදි “කාලබුඬරක්ඛිත, ස්ථවිරයන්වහන්සේ ධර්ම දෙශනාව උදෙසා වැඩසිටි කළුගල් ආසනය යයි පවසන මෙය ද බලා ඉදිරියෙහි බිම්කෙළවර පිහිටි ගල්තලාව දක්වා ගමන් කරනු. ත්රිලකොණාගල්‍ පොකුණ මෙම ගල් තලායෙහි වමත්පස විශාලගල්පොකුණක්ද, මධ්යවයෙහි කුඩා පොකුණක්ද, ඉදිරිකෙළවරෙහි ත්රිදකොනාකාරයට ගලසාරාකළ පොකුණක්ද වෙත්. ඒවාද බලා කළුදිය පොකුණෙහි අනික් තෙරදිගේ බස්නාහිර දෙසට ගමන් කරනු. ජලමධ්ය්ස්ථ චෛත්ය ය පොකුණුතෙර දියෙහි පිහිටිගල්තලාවක්මත කරන ලද ජරා වාස චෛත්යදයක්ද වෙත්. (ලෙනෙහි ගලින් කළ ගෙය සහ පර්වාතයමත දියඅගලින් සැදී ගෘහයද සීගිරියෙහි ලෙනක්තුළ තිබෙන්නකට සමානකම් ඇති ගල්ආසනය ආදී සමහර නටඹුන්



( 38 )

ගැන සලකන කල කළුදියපොකුණබඩ මේ පෙදෙසද විදර්ශ්නා වැඩිමේ සිසිල් සුවැතිස්ථානය (තපොවනය) ක් ලෙසට පෙරකල පැවතියේයයි සිතියහැක.) මෙතැනින් ආපසුවිත් මහපාරට පැමිණ ඉන් අනික්පස (ඉදිරියෙන්) පෙනෙන අඩිපාරේ ගමන් කරනාවිට පාරඅසලම ජරාවාසව කුඩා චෛත්යදයක්ද වමත්පස දුරින් සහ දකුණත් පස ඉදිරියෙන් කටාරම් සහිත ගල්ලෙන්ද ඉදිරියෙන් පොකුණතෙර ගල් උළුවස්සක් සහ නටබුන් චෛත්යාය 2 ක්ද වෙත්. එ සියල්ලබලා බඹකීපයක් ආපසුවිත් වමත්පස පිහිටි විශාල “පර්වයතයට” එහි ඇති ගල්පඩි වල යාමෙන් නගිනු. රාජගිරිලෙන කාලබුඬරක්ඛිත ස්ථවිරයන්වහන්සේ උදෙසා පර්වතතමස්තක ලෙනෙහි සඬාතිස්ස රජු කරවහෙයින් රාජගිරිලෙනයයි ව්යේවහාර මෙහි ගල්ලෙන් ඉදිරිමළුවෙහි ඇති ගල්බාලිදියද ලෙන තුළපිහිටි සිරස හා බද බිඳීගිය ප්රලතිමාවද බලා පැළදොරින් නික්ම පර්වාතයෙහි සවිකර තිබෙන විශාල යදම්වැලේ ආධාර යෙන් මස්තකයට පැමිණ ජරාවාසචෛත්ය ය සහ ඈතින් වෙනත් “පව්වක්” පෙනෙන සියම් ස්වාමීන්විසූ විශාල ගල්ලෙනද බලා ජලය බැසයාම පිණිස පෙර කරතිබෙන අනගි ගල්කාණුද බලමින් පහතට බැස මහපාරට පැමිණ උතුරු දෙසට ගොස් මඟ අසල ඇති “කටුසෑය” ස්ථානයට පැමිණෙනු. “කඤ්චන නොහොත් “කරණ්ඩක, චෛත්යක මැණික්, එබූ ඝණරන්කරඬුරැසක සර්වකඥධාතු බහා නිධාන් කොට කරවයේයයි සලකන වැරදීමකින් “කටුසෑයයයි ව්යරවහාර මෙම ස්ථානභූමියෙහි දෙකෙළවර චෛත්ය 2 ක්ද, පොකුණක් සහ නටබුන් වෙනත් කර්මා්න්තද, බලා වැදපුදා පාරට පැමිණ උතුරු දෙසටම ගොස් මිහින්ත‍ෙල් කඩපල පිහිටි “සතරමං සන්ධි්යට, පැමිණෙනු. අනුලාතිස්ස වෙහෙර එකී සන්ධියෙන් නැවතත් උතුරු දෙසට ‡ සැතැප්ම 2 ක් පමණ දුරයාමේදී දකුණත්පසින් හමුවන ගෙවල් අසල අඩිපාරේ ගොස් කුඹුරුයායද පසුකොට ඉදිරියටගමන් කිරීමේදී හමුවන ගල්තලා පෙදෙසෙයි කුඩා චෛත්යස කීපයක් සහ පොකුණක්ද, ගොඩ නැගිලිවල නෂ්ටාවශෙෂද, වෙත්. මෑතකදී මෙම ඉඩම් හිමියාට, සම්මුඛවූ “අනුලාතිස්ස වෙහෙර, යයි පවසන ¶ මෙහි ‍ෙගාස් බලා ආපසු මහපාරට පැමිණ තවත් ඉදිරියට සැතැප්ම 2 ක් පමණ ගොස් වමත්පසැති “වැව,, අසලට පැමිණෙනු. ‡ ‡ මෙම පාරේ කාර් (වලින් නමුත්) යැ හැක. ¶ අලි ආදී සතුන් ගැවසෙන හෙයින් කාලය ගැන සලකා යා යුතුයි.




( 39 )

දොරමඬලාවැව

පණ්ඩුකාභය කුමරුන් මයිලණුවන්ගෙන් රැක ඇතිදැඩි කර ගැනුම්වස් සියමෑණියන් විසින් මෙගම්වැසි එක් අයෙකුභාරයේ තබා රක්නාකල එබව ඇසූ මයිලණුවන් විසින් ස්නානයට පිවිසි ළදරුවන් රාශියක් මෙම වැව්හිදී මරවනලද නමුත් නැණවත් කුමරු ගස්බිලයක සැගවී මරණින් ගැළවුනු ඓතිහාසික පුවත කටද සබඳකම් ඇති අදට ජරාවාසව පවත්නා මෙම වැව ද බලා වැව කන්දි ඔස්සේ බස්නාහිර දෙසට ගමන් කොට හමුවන සුළු කැලෑපෙදෙසද පසු කිරීමෙන් “විහාරස්ථානයට,, පැමිණෙනු” වාරමණ්ඩලාරාමය අභය නම් කුමාරයෙක් කරවූ බව ශිලාලිපියෙහි ඇති මෙම ස්ථානයෙහි පර්වනත ලෙනක කළ විහාර ගෘහය තුළ සැතපෙන බුඬ ප්රිතිමාවක් සහ පැරණි චිත්රෙකර්මාබන්තද, වෙත්. වැඳපුදා ආපසුගොස් මිහින්තලේ කඩපල පිහිටි සතරමං සලට පැමිණෙනු. මිහින්තලා වැව මිහින්තලා වැව කඩපලට නුදුරුව පිහිටි පළමුවන අග්බෝ රජු කරවූ අදටත් මෙපෙදෙස ජනයාට ඉවහල්ව පවත්නා මිහින්තලා වැවද බලා ආපසු කඩපලටම පැමිණෙනු _________ “අනුරාපුර සිට මිහින්තලා” පෙදෙස තුළ “සිඬාස්ථාන,, සහ (අපදන්නා) “දැකුම්කටයුතු දේවල්” හැඳින්වීම මෙතෙකින් අවසන් කරනු ලැබේ _______





(40) මෙහි සඳහන් සිඬස්ථාන වන්ද“නා ගාථා “අටමස්ථාන,, වැඳීම දේවානම් පියතිස්ස දිනන කුසුමෙ = ඔතාරයන් භූමියා ථෙරොදීප පසාදකො ගුණ ධනො= නාමො මහි‍ෙන්දාම ඉති ඨානෙ අඪ තහිං තහිං පනුදිනෙ = භාසං පවත්තායතිං ව‍ෙන්ද තානි සමාදරං කරනලෙ = සණ්ඨාපයං මත්ථාකෙ “සිංහ වික්රාින්ති,, (නය) ස්ථාන වැඳීම වික්කන්න සිහරාජස්ස = සනඨිතාකාර දස්සං මාපීයතෙ යෙහි යෙහී = ඨානෙහි තෙ නමාමහං ජයශ්රීෙමහා බොධින් වහන්සේ,, වැදීම සුපතිට්ඨිත රට්ඨනු රාධපුරේ - ජය බොධි මහං පනමාමි වරං සුභමෙඝ වනම්බර මෙඝනිහං - ජය ‍බොධි මහං පනමාමි වරං “සත්සති,, ශතකළ ස්ථාන වැඳීම පඨමං බොධිපල්ලඞ්කං - දුතියඤ්ච අනිම්මිසං තතියංචඞ්කමණං සෙට්ඨං - චතුත්ථාච රතනාඝරං පඤ්චමං අජපාලඤ්ච - මුචලි‍ෙන්දථ න ඡඨමං සත්තමං රාජායතනං - ව‍ෙන්දෙතං මුනි සෙවීතං “ස්වර්ණාමාලී,, චෛත්යනය වැඳීම සයිංසු යසම්ං සුගතස්ස ධාතු - නිම්මාය රංසුජ්ජල බුඬ රූපං සුවණ්ණ මාලිතී පතීත නාමං - වන්දාි මහං ථූපවරං මහග්ඝං “අනුලා,, චෛත්ය ය වැඳීම ආදොචයා භවාදිස්සා - පබ්බජන්තීධ නාරිනං තස්සානුලා ථෙරීයාහං - පනමෙ ධාතු චෙතයං “ථූපාරාම,, චෛත්යබය වැඳීම යස්මිං දක්ඛිණ මක්ඛකඤ්ච මුනිනො - පත්තප්පමාණං තනූ ධාතුඤ්චාපි නිධාය ලොකමහිනං - ඡබ්බණ්ණ සොභා කූලං දෙවානම්පිය තිස්ස භූපතිවරො - කාරෙසි සඬාධනො ථූපාරාමවරං නමාමි තමහං - අජඣයිතං සත්ථුානා “සංඝමිත්තා,, චෛත්ය ය වැඳීම ආගම්ම ලඞ්කාය මනොරාමාය - පබ්බාජයිත්වා‍න කුලඞ්ගනායො සිඬාය ලඞ්කාය හිතාය ථෙරී - සංඝාදිමිත්තාය නමාමිථූපං “ඵලරුහබොධි,, වැඳීම දෙවානම්පිය තිස්සෙන - රඤ්ඤා අව්වන්ත පීතියා ගරාපිනා ඵලතොරුලහං - බොධිරාජාං නමාමහං


(41) “සියලු චෛත්යහ” * වැඳීම වන්දාමි චෙතියං සබ්බං - සබ්බඨානෙසු පතිට්ඨිතං සාරිරිකධාතු මහාබොධිං - බුඬරූපං සකලං සදා “ඉසුරුමුනි විහාරය” වැඳීම දෙවානම්පිය ති‍ස්සෙන - මහා රාජෙන සාධුකං ධාතුයො නිදහිත්වා‍න - සීලානි පටිමාසුභා යහිං කාරාපයී සත්ත - නෙත්ත විත්ත හාරා භූසං ඉස්සර සමණා රාමං - භාසුරං තං නමා මහං “වෙස්සගිරි විහාරය” වැඳීම ‍ වෙස්ස පබ්බජිතා යත්ථය - වාසං පඤ්චසනා ගතො වෙස්සගිරීති සඤ්ඤාතං - විහාරං පනමා මහා “මිරිසවැටි චෛත්ය ය” වැඳීම රාජ පුරෙ අකරී ගාමණී සම්ම තො යං සණ්ඨාපයං නිහිත ධාතු යුත්තත කුන්තං සම්මනයං සත්ත මත්ත හිතාය’ හන්තං ථුපං නමෙ මරිච වට්ටි ඉති පප්තීතං අභයගිරි චෛත්ය්ය” වැඳීම කත නව මණි කම්මෙ - ධාතු ගබ්භෙ සුර‍ම්මෙ කතක වසග කුච්ඡිං - ධාතුනා පුරයිත්වාම වර මහය නරි‍්ෙන්දාා - කාරයී සාදරං යං අභයගිරි විහාරෙ - චාරුථූප නමෙතං “කුජ්ජතිස්ස වෙහෙර” වැඳීම සංසුඬ සීලස්ස තපො ධනස්ස කාලඞ්කතස්සාපි ගුණා කරස්ස වෙහාසගං යස්ස’ භවී සරීරං කුජ්ජාදි තිස්සස්ස නමෙ ස්ස ථූපා

  • දක්ෂිසණ වෙහෙර, නඛා වෙහෙර, ඇත්වෙහෙර, කන්තක චෛත්යටය, කඤ්චන ‍ෛචත්යකය, අනුලා තිස්ස වෙහෙර ආදී චෛත්යා වැඳීමටයි.


(42) “ලඞ්කාරාම චෛත්යනය” වැඳීම මහාසෙන නරින්දචස්ස - දෙවියා කාරිතං පුරෙ ලඞ්කාරාම මභිඤ්ඤතං - චෙතියං තං නමා මහං “සියලු පිළිම ‡ වැඳීම සිවන්දයදන්තස්ස මුනිස්ස රස්ස ගුණෙ සරිත්වාද තහිං තහිං ජනා අකාරයුං යා පටිමා සුහාමිතා නමාමි තා’හං සත්තා දරෙන “ජෙතවන චෛත්යාය” වැඳීම පතිට්ඨ පෙත්වා් ජින කාය බන්ධානං සකෙස ධාතුං සහ දෙහ ධාතුයො නමෙ මහාසෙන නරින්ද කාරිතං සුචෙතියං ජෙත වන්නති විස්සුතං “ශෛල චෛත්යිය” වැඳීම මහාදයො දෙව ගණෙ වනාගෙ - නුසාසයී ඨිතො මුනි‍ෙන්දාත සඬම්ම හෙමඞ්ජ ශාසමානාං - ව‍ෙන්දිසීලා චෙතිය මබභූතං තං “අඹස්ථල චෛත්යමය” වැඳීම යහිං පදෙස පියතිස්ස රාජිනො මහින්දදනාමො අරහා’සි සම්මුඛො තහිං ථලසමිං කත මම්බ සම්මතෙ තමා මහං ථූප වරං සදා දරා “මිහිඳු ගුහාව” වැඳීම පුරෙ මහින්දාු අරහා ගුණා’කරො වසී සමාපත්තී සුඛෙන යත්ථඅ තං ගුහං මහින්දං සිරාසා නමො සුභං සරං ගුණං තස්ස යතිස්සරස්සහං “අරහන්ත චෛත්යි” වැඳීම ය‍ස්සෙදං චෙතියං සෙඪ - අරහන්තස්ස ධාතුයො නිදහිත්වා් කතං හත්යා” - ව‍ෙන්දත තං ගුණසාගරං

22 වෙනි 23 වෙනි පිටුවල ප්රාතිමා සහ අශොකාරාම තන්ත්රි මාලා, වාරමණ්ඩලාරාම, යන ප්රහතිමා වැඳීමට.