Jump to content

පූජාවලිය-අභිනීහාර මඟුල් පූජා කථා

Wikibooks වෙතින්

පූජාවලිය


දෙවන පරිච්ජේදය


මෙහි අප බුදුන් දීපඬ්කර ප්රමණිධියෙහි දි ලද පළමුවන අභිනීභාර මඟුල් පූජා නම් කරව යත්?

මාගධිභාෂාවෙන් සංක්ෂෙපයෙන් සැඟවී තිබූ සද්ධර්මය ස්වභාෂාවෙන් අර්ථකථා ව්යාෂඛ්යාතන ඉපිදවීමෙහි ලෝ වැඩ අටෙක් වන්නේ ය. ඒ කෙසේ ද යත්? ධර්මයෙන් අ‍ටදෙනෙකුගෙන් අලඬ්කාර වූ ලෝකය ‍සේ අෂ්ටාඬ්ගශීලයෙන් අලංකෘත වූ පෞෂථ ය ‍සේ අෂ්ටාඬ්ගමාර්ගයෙන් අලංකෘත වූ නිර්වාණය සේ අෂ්ටගරු ධර්මයෙන් අලංකෘත වූ ශ්රා විකාවන් සේ අෂ්ටමහා දිශාන්තරයෙකින් අලංකෘත වූ චක්රාරවාට ය සේ අෂ්ටාඬ්ග ලක්ෂණයෙන් අලංකෘත වූ දූතයන් සේ අෂ්ට ප්රවකාර වූ රසයකින් අලඬ්කෘත වූ පානීය වර්ගයන් සේ අෂ්ටප්ර කාරරවරයෙකින් අලංකෘත වූ බුද්ධොපස්ථානයන් සේ ස්වභාෂා ලිඛිත වූ ධර්මය ව්යානඛ්යාූන කථාවෝ ද අටමහලෝවැඩ කරන්නාහු ය යි දතයුතු.


කෙසේ වූ ලෝ වැඩ අ‍ටෙක් ද යත්? නො එක් රාජ්යැ ක්රි්යවෙහි යෙදී ශ්රීථ සම්පත්තීන් මත් ව අවකාශයක් නො ලබන්නාවූ රජදරුවන්ට බුදුන්ගේ මහමුහුද සේ අතිගම්භිර වූ, ආකාශයසේ අප්රුමාණවූ ධර්මය දැක බුදුන්ගේ මහිම දැන් හිඳ මෙසේ මෙසේවූ ස්වභාෂා ලිඛිත බුදුගුණ කථා ගෙන්වා තමන් තමන් අතුරේ බලා බුදුන්ගේ ආගමයෙහි ඒ ඒ තන්හි එන විසිතුරු ධර්මකථා හා සූක්ෂම නය හා සිතට නගා නුවණ වඩා ලොකශාසන රක්ෂාවෙහි අප්රිමාද ව ආත්මාර්ථපරාර්ථ සෑදීමෙන් රජුන්ට වන්නා වූ වැඩ පළමුවන ලෝවැඩ යයි කියමි.

තව ද රාජමහෙෂිකාදී ශ්රීවවන්තවූවන් ගෙන් දොර නො හඳුනන තරම් උත්තම ස්ත්රීයන් ඒ ඒ තන්හි සිත් සේ ඇවිද බණ අස අසා දා මහබෝ වැඳ පින් රැස්කොට නුවණ වඩා මෙලෙ‍ාව, පරලොව දැන ගැන් ම ඉතා උගහට වනහෙයිනු ත් නුවනැතියන් හා සිතූ සුතූ විට ධර්මාන්විත කථාකොට දැනුම් එවා‍ ගැන්ම බැරිවන හෙයිනු ත් එසේ වූ කුල ස්ත්රීනන් අක්ෂර මාත්රා්වක් දැන මෙබඳු බුදුගුණ කථා ලිඛිත පුස්තකයන් ගෙන්වා තමන් තමන් අතුරෙහිම සිත් ‍සේ බලා බුදුගුණ දැන නුවණ වඩ‍ාගෙන දානාදිවූ මෙසේ මෙසේ වූ නිරා කුලාභිවෘද්ධි ය ම දෙවන ලෝවැඩ ය යි කියමි.


තව ද යුවරජ මහඇමතියන්ගේ ආදී ශ්රීජමත් වූ ප්රාධානියන් හැම වේලෙහි ම රජදරුවන්ගේ නොඑක් කාය්ය්දර්යෙනහි ව්යා වෘතවන බැවින් බුදුන් සද්ධර්ම ය සකසා දැන්ම ඔවුන්ට ද බරෙක් ම ය. එසේ හෙයින් කල්යා ණ පෘථග්ජන වූ ඒ ශ්රීහමත්හුදු ලද ලද අවකාශයෙක්හි මෙසේ මෙසේ වූ නොයෙක් බුදුගුණ කථා සිත් සේ බල රාජනිති- ‍ලොකව්යනවහාර- ධර්මව්යදහාර- දෙශව්ය්හාර මෙලෝ - පරලෝ විශෙෂයෙන් දැන රජුන්ට ද ලොවට ද වැඩ ම දී අමාර්ගයෙහි නොගොස් ආත්මාර්ථ - පරාර්ථ සාදා තමන් ලද සැපත පරලෝ නිධාන කෙරෙමින් වැඩ සාදා ගැන්ම තුන්වන ලෝවැඩ යයි කියමි.


තව ද ශාසනාරන්ෂාවෙහි අප්රිමාද වූ මහාස්ථවිරවරයන් ගරු වූ ස්ථානාන්තර ලදින් වසනුහෙයිනු ත්, ශාසනයට ගරු වූ ස්ථානාන්‘තර ලද හෙයිනු ත්, ඔවුන් කෙරෙහි මහත් වූ ආදර බහුමාන කළමනා හෙයිනු ත්, නොයෙක් නය දැන දහම් සිත තබා හිඳිනා ධර්මකථිකයෝ ඔවුන්ට බණ කීමෙහි උපෙක්ෂා වන්නාහ. එහෙයින් එම මහ පොළොව සේ නුව‘නැති මහාස්ථවිරයන්ටද බණ ඇසීම් සුලභ නො‍ෙවයි. ඔවුනු ද ලද ලද අවකාශ‍යෙහි මෙබඳු වූ ධර්ම ව්යානඛාන කථා ගෙන්වා සිත් ‍සේ බලා තම තමන් දත් ආගමයෙහි ඒ ඒ තන්හි එන විසිතුරු වූ ධර්මකතා හා අසාධාරණ වූ ඔපම්මකථා හා පූර්වකථානයන්ගේ ව්ය වහාර වාක්ප්ර බන්ධ අස‍ා ඒ මහාස්ථවිරයන් ගේ ද ප්ර්ඥචන්ද්රූයන් නිර්මලවනු ‍යේ සතරවන වූ ලෝවැඩ ය යි කියමි.


තව ද අති ශ්ර‍ද්ධාවෙන් සසුන් මහණ ව අක්ෂරාභ්යා්සය කොට ගත නොහී විදර්ශනාවෙහි යෙදී ශීල විසුද්ධියෙන් යෙදී වසන්නා වූ බොහෝ ශ්රවද්ධා චරිත ධර්මලොභි සබ්රයහ්මචාරීන් මෙසේ වූ අර්ථ කථාවන් සිත් සේ බල ධර්මවිභාගය-ශීලවිභාග ය- දැන ප්රරඥ වඩා ප්ර තිපත්ති ප්රධතිවේධයට ආදර උපදවා ශ්රේද්ධා නමැති ප්රාදීපයන් බබුලුවා ගැන් ම පස්වන ලෝවැඩ ය යි කියමි.


තව ද ‍නො එක් සූත්රාින්තයෙන් බණ කීමෙහි දක්ෂ වූ මහ පඬිවරයන් පූර්වකථිකයන්ගේ වාක්ප්රනබන්ධ බලා නොයෙක් අර්ථ ව්යාවඛ්යා්න ඉපදවීමට මුඛ දැක, පූර්වකථිකයන් කෙරෙහි අතිප්රඛසන්න ව රන් මල්හි සුවඳ කවන්නා සේ ප්රකඥභිවෘද්ධි කොට‍ තම තමන්ගේ වාක්පථ නමැති ගඬ්ගාවන් නිර්මල කරනු යේ සවන ලෝවැඩ ය යි කියමි.


තව ද කල්යා ණ පෘථගජන වූ අක්ෂරාභ්යාභස ය ඇති සත් පුරුෂයන් සාවද්ය වූ කර්මාන්තයන් හැර නිරවද්යත වූ ධර්මයෙන් ආත්මාර්ථ-පරාර්ථ සාදා ගණුම්හ යි සිතා නිරවද්යු ජීවිකායෙන් ඒ ඒ තන්හි ධර්ම දාන ය දී‍ ලෝවැඩ කරණු සේ සත්වන ලෝවැඩ ය යි කියමි.

තව ද නො එක් ප්රෝත්යමන්තවල සත්පුරුෂ දර්ශනයක් නො ලබන්නා වූ ශ්රවද්ධාවන්ත වූ ස්ත්රීස පුරුෂයන්ට බණ අසා මෙලෝ පර‍ලෝ දැන් ම ඉතා‍ දුර්ලභ වන බැවින් ඔවුනු දු මෙ බඳු වූ බුදු ගුණ කථා ලිඛිත පුස්තකයන් සොයාගෙණ අක්ෂරාභ්යාවසය ඇතිය වුන් ලවා කිය‍වා අසා ස්වභාෂාවෙන් නිර්ව්යායකුල වූ බුදුගුණ දැන මෙලෝ පරලෝ දෙකින් ගැළැවෙනු යේ ‍අටවන ලෝවැඩ ය යි කියමි.

මේ ආදී කාරණයෙන් ස්වභාෂා ලිඛිත වූ අර්ථකථාවන් ඉපදවී මෙහි මෙසේ අටවැදෑරුම් වූ ලෝවැඩෙක් ඇතියේ ම ය. එසේ හෙයින් මෙහි මා විසින් කියන ලද පළමුවන අභිනිහාර මඟුල් පූජා කථා ව ද සත් පුරුෂයන් විසින් සාවධානව ඇසිය යුතු.

අපගේ ‍මේ මහාභද්රවකල්පයට සාරාසඬ්ඛ්ය කල්ප ලක්ෂයෙකින් යට සාරමණ්ඩනම් කල්පයෙක් වි ය. එ කප තණ්හඩ්කර ය, මේධඩ්කර ය, සරණඬ්කර ය, දීපඬ්කර ය යි බුද්ධදිවාකරයෝ සතරදෙනෙක් පහළ වූහ. එයින් පසු ව බුදු වූ තුන්ලොවට ඛෙමඬ්කර වූ, මොහඳුරට දිවාකර වූ, මුළු සත්නට ශාන්තිකර වූ, පින්වත්නට ශිවඬ්කර වූ, මර සෙනඟට භයඬ්කර වූ, “දිපඬ්කර” නම් සර්වඥරජායානෝ :- හස්ති ශබ්ද ය,අශ්ව ශබ්දය, රථ ශබ්ද ය, විණා ශබ්ද ය, මෘදඬ්ග ශබ්ද ය, සඬ්ඛ ශබ්දය, සම්ම ශබ්ද ය, තාල ශබ්ද ය, ඛාද්යත ශබ්දය, භොජ්යඬ ශබ්ද ය, යන දශ විධ වූ ශබ්ද ඝෝෂාවෙන් පිරුණා වූ “රම්මවතී” නම් පුරයෙහි ස්වාමි ය; ඇමති ය, ක්ෂේම ස්ථාන ය,කොස ය, බලසෙනග ය, සුහෘද ය, යන සප්තඬ්ගයෙන් සම්පූර්ණ ව රාජ්ය,ශ්රීග විඳින්නා වූ “සුදෙව්” නම් රජහුගේ :- කුල ය, ගුණ ය, රූපය යන ‍මේ ගුණත්ර්යෙන් උතුම් වූ “සුමෙධා” නම් අගබිසවුන් කුස හැම බුදුන්ගේ ප්රමතිසන්ධික්රරමයෙන් පළක් බැඳ නාභිමණ්ඩලය බලා දෑවාන කරඬුවෙක වඩාලූ රන්පිළිමයක් සේ සියලු සතුන්ට පෙණි පෙණි දවස දවස මෑනියන්ගේ පෙම් වඩ වඩ‍ා දසමසක් වාසය කොට දස දහසක් බ්රේහ්මව සේනාව මද්ධ්යායෙහි හෙඝමුඛයෙකින් නිකුත් පුන්සඳ සේ සුද්ධාවායයෙහි වසන අරහන්ත බ්රනහ්මරාජයා පෑ රන් දෑලට බිහි ව එ තැන් පටන් පෙර’ඩමස සඳ සේ වැඩී, දෙවඟනක් බඳු වරහනන් තුන්ලක්ෂයක් පිරිවරා දසදහසක් හවුරුදු රාජ්යෙශ්රීර පුරා රන් පියුමක් වන් මුවපියුමක් ඇති “පියුම්” නම් බිසවුන් තමන් හා එක්වැනි වූ “උසභක්ඛන්ධ” නම් පුතුරුවන වැදූ දා සුව‍ැනාසූදහසක් ඇතුන් හා සමග මගුල් ඇත් ‍යහන් නැගි උයන් කෙළිය‍ට වැඩ මඟුල්සල්වට වැඩ හිඳ මඟුල්කඩුවෙන් මුහුලස කපා, ආකාශයට‍ දමා, බ්ර්හ්මයා පිළිගැන්වූ කල්පොත්පත්ති- යෙහි දි තමන් නමට මැවී තුබූ, අ‍ටපිරිකර පිළිගෙණ, සියක් ලක්ෂයක් ඇමතියන් හා සමග එම දා ම පැවිජි ව දසමසක් දුෂ්කරක්රිලයා පුරා හැම බුදුන් බුදුවන්නාවූ වෙසඟමැදි පොහෝදා නුවරෙක ජනයන් දෙවපූජාවකට පිස, තමන් දැක ලිළිගැන්වූ මී කිරිපිඬු සහ පිරිවරින් වළඳා එම දා සවස තෙණපස් රියන් තණ පළඟක් නැඟී, සියක් රියන් කඳ ඇති සියක් රියන් ශාඛා ඇති, දෙසියයක් රියන් උස ඇති, තුන්සියයක් රියන් ශඛාමණ්ඩල ඇති මුල පටන් අග දක්වා මලින් ගැවසී සිටියා වූ, පුළලසිරි බොධියට පිට දි වැඩ හිඳ, බුදු වි ය නො දෙමි” යි දිවූ වසවත් මරසෙනග ශිල තේජසින් භයගන්වා බිඳ පලවා සව්නේ ගෙවා බුදු ව සසුන් නැමති මහා නිධානයෙහි දිලියෙන අග මිණිරුවන් සඟලක් බඳු වූ “සුමඬ්ගලය” “තිස්ස ය” යන අග සව් දෙ‍දෙනා‍ සමග මහ සවවුවන් පිරිවරා ගණා ගත වූ “සාගත” නම් මහ තෙර කෙනෙකුන් අතින් අත් පා මෙහෙ විඳ මෑනියන්ගේ නියෝගයෙන් තමන් කරා දායාද සොයා ආ දා මහණ කරවා‍ ගත්තාවූ තමන්වහන්සේගේ සාරලක්ෂයක් ක්ෂීණාශ්රමව ශ්රාාවක දරුගණනයා පිරිවරා හැම බුදුන්ගේ චාරිත්රා වූ සමත්රිංකශත් පාරමිතා බුද්ධකාරකධර්මයෙන් යෙදී, නාරදකුල වසන නාරද නම් යක්ෂරාජයා ආදී වූ බොහෝසතුන් දම අමා මහනිවන් ලා රන්මෙරක් වැනි වූ අසූරියන් බුද්ධකායකින් ලක්ෂයක්. හවුරුද්දට ආයුඃශ්රීූ ඇතිව මුළුලොවට නැඟූ පහණක් සේ, මුළුලොවට ලු තිලකයක් සේ, මුළුලොවට අඹා ලූ අමාපිඩක් සේ, දහම් සේක. එකල මාගේ ශ්රීමමහාබොධිමසත්වයෝ පෙර බුදුන් කෙරෙන් ලබනලද මනෝප්රපණිධි ඇති ව භස්ම ප්ර ච්ඡන්න ජාතවේයක් සේ සංසාරගත ව වසන දෑ අමරවතී නම් නුවර බමුණු මහසල් කුලයෙහි ඉපිද “සුමෙධ” නම් පණ්ඩිත ව ප්ර ඥබලයෙන් නිවන් ඇතැයි දැන නිර්වාණය සොයා සැපත් හැර වල්ගොස් දහම් පව්වෙහි සක්දෙව්රජහු මවා දුන් පන්සල් හා තවුස් පිරිකර දැක මහණවනු කැමති ව හින තුබූ සළුව බලා එහි නව ආදීවයක් දැක්ක-කෙසේ වූ නව ආදිනවයෙක් ද යත්:


මේ සළුව ඉතා මා හැඟි බව තපසට එක් පළිරොධයෙක, අනුන් නිසා ම උපදවාගැන් ම එක් පළිරොධයෙක, වහා කිළිටි වී ම එක් පළිරොධයෙක, ම‍ාළු වී ම එක් පළිරොධයෙක, සිතුවිට නො ලැබීම එක් පළිරොධයෙක, තපසට අනඩ්ලග වී ම එක් පළිරොධයෙක, සතුරන්ට සාධාරණ වී ම එක් පළිරොධයෙක,ඇඳීමෙන් මද වඩනා බව එක් පළිරොධයෙක, ලෝබ වඩනා‍ බව එක් පළිරොධයෙකැ යි,

මෙසේ නව ආදීනවයක් දැක, ඒ සාටක ය හැර වාකද්චීවර ය බලා, එහි දෙ‍ා‍ෙළාස් මහවිපාක දැක්ක, කෙසේ වූ විපාකයක් ද යත්- මේ මාහැඟි නො වීම එක් ගුණයෙක, අනුන්ගෙන් උපදවා ගන්නා නො වීම එක් ගුණයෙක, ස්වහස්තයෙන් ම උපදවා ගත හැක්කේ එක් ගුණයෙක, වහා නොකෙලෙසෙන්නේ එක් ගුණයෙක, ගිය ගිය තෙන සුලභව ලැබෙන්නේ එක් ගුණයෙක, තපසට ඉතා සරු බව එක් ගුණයෙක. අනුභව කරන්නාහට ක්ලේශයන් උත්සන්න නො වීම එක් ගුණයෙක, ඉතා අල්පේච්ඡ බව එක් ගුණයෙක, අනුභවයට ලඝුවීම එක් ගුණයෙක, අනුන් ගෙන් නොයිල්ලවා ලැබීම එක් ගුණයෙක, නට කල ලොභසිත් නො ඉපදීම එක් ගුණයෙක,මෙසේ වූ දෙ‍ාළොස් මහාවිපාකයෙකින් යුක්ත වූ වාකද්චීවරය මට මැනැවැ යි ඒ සිවුර ධරා ගෙණ එ පන්සල්ගෙය බලා ඒ පන්සල්ගෙය බලා ඒ ගෙයි වාසයෙත් අටමහා පළිරොධයක් දැක්ක- කෙසේ වූ පළිරොධ ද යත්?

‍මේ ගෙය බෙ‍ාහෝ දාරුසම්භාරයක් උපදව‍ාගැන්ම පළමුවන පළිරොධ ය, දවස්පතා සුන්බුන් තැන් තරකිරීම දෙවන පළිරොධ ය, ගෙයි වසන්නවුන් මහල්ලන් දුටුකල නො වේලෙහි ත් වාසස්ථාන දීම තුන්වන පළිරොධ ය, නැවත දෙදෙනෙකු එක් ගෙයි වාසය කිරීම සතර වන පළිරොධය, ශීත උෂ්ණ පීඩා නැති ව ගෙයි වාසය වාසය කිරීමෙන් ශරීර ය සුඛුමාලවීම පස්වන පළිරොධය, කාමවිතර්කාදියට නිලියන ස්ථානය වීම සවන පළිරොධය, මේ ‍ම‍ාගේ වාස යයි ලොභ සිත් ඉපදවීම සත්වන පළිරොධය, මකුණන්-උකුණන්-සූනන්-සිකනළුන් ආදී සතුන් හා එක ස්ථානයෙහි විසීම අටවන පළිරොධ ය යි මෙසේ පන්සල් වාසයෙහි අටමහා පළිරොධයක් දැක ඒ පර්ණශාලාවත් හැර පියා ඡා‍යාසම්මපන්න රුකක් මුලකට ගොස්, මේ රුක්මුල නිත්යයවාසය කෙරෙම් නම් දසමහා ඵාසුවෙක් ඇතැයි දැක්ක.


කෙසේවූ ඵාසු ද යත් ?

අල්පව්යදසනයෙන් සොයාගැන්ම පළමුවන වි‍ෙ‍ශෂ ගුණ ය, ගිය ගිය තෙන රුක්මුල් සිත් සේ ලැබීම දෙවන වූ විශෙෂ ගුණ ය, පුරාණ පත්රා්දීන්ගේ විකාර දැක අනිත් ලකුණු ඉපදවීම තුන්වන වූ විශෙෂ ගුණ ය, ලොභ සිත් නේ හටගැන්ම සතරවන වූ විශෙෂ ගුණ ය, කාම විතර්කාදීන්ට අස්ථාන වීම පස්වන වූ විශෙෂ ගුණ ය, අනුන් විසින් නො දෙවා ලැබීම සවන වූ විශෙෂ ගුණ ය, දෙවියන් හා එක්තෙන විසීම සත්වන වූ විශෙෂ ගුණ ය, සිසාරා පරික්ෂෙප ඇත මැනවැ යි උත්සාහ නො කිරීම අටවන වූ විශෙෂ ගුණ ය, වාසයට සුව වීම නව වන වූ විශෙෂ ගුණ ය, ගිය ගිය තෙන සුලභ හෙයින් නැවත අව මැනවැ යි රුක්මුල අපෙක්ෂා නැතිවීම දසවන වූ විශෙෂ ගුණ ය, මෙසේ වූ දසමහා විශෙෂ ගුණයක් දැක නොයෙක් රුක්මුල්හි හිඳ එක් වේලෙක භාවනාකොට එක් වේලෙක දිග සැටරියනක් හා පූළුල යෙලරියනක් වූ, දෙකෙලවර වූ ආසන දෙකක් හා ආලම්භන ඵලකයෙන් යුක්ත වූ, බිම ඉන්ද්ර නිලමාණික්ය මය වූ, පස්නීවරණ දොෂයෙන් දුරු වූ,ශක්රරයා‍ මැවූ ඒ සක්ම‍ණෙහි සක්මන් කොට, සත්දවසක් ඇතුළත පඤ්චාභිඥ අෂ්ටසමාපත්ති උපදවාගෙණ එතැන්පටන් ගුණධර්ම පුරන්නා වූ බෝධිසත්වයෝ අභිඥණ ගුණ අටක් විඳින්නාහු.


කෙසේ වූ සුව අටක් ද යත්?

වස්තුකාම ‍ක්ලේශකාම නමැති ගිහිබන්ධනයෙන් ගැලැවීම පළමුවන සුවවිඳීම ය, නිරවද්යර වූ පිඬුසිඟා වැළදීම දෙවන සුවවිඳීම ය, උපන් පසය ම වැළදීම තුන්වන වූ සුවවිඳීම ය, දඩමුඩ ඉස්රන් මස්රන් එළවා ඇවිදිනා රාජපුරුෂයන්ගෙන් පීඩා නොවිඳීම සතර වන සුවවිඳීම ය, කෙත්වත් ගවමහීෂාදි ගෘහොපකරණයෙහි කල්පනා නො කිරීම පස්වන සුවවිඳීම ය, සොරුන් කෙරෙහි සැක නොකිරීම සවන සුවවිඳීම ය, රජ යුවරජ මහ ඇමතියන් දුටු කල භය නැති ව හුනස්නෙන් නො නැඟී හිඳීම සත්වන සුවවිඳීම ය, ගිය යම් ‍ෙදසභෙය නැති ව සිත් සේ ඇවිදීම අටවන සුවවිඳීම ය යි , මෙසේ පැවිදිවූවන් ලබන්නාවූ අටමහසුවයක් විඳ නෙසජ්ජික ය පුරා පවත්තඵලක නම් වූ සත්වන වූ උග්ර තපස්කොට වාසයකරණ කල එක් දවසක් ආකාශයෙන් වඩනා වූ ඒ මාගේ සුමේධතාපස නම් බෝධිසත්වයෝ එදා සුදොවුන් වෙහෙර සිට රම්යධවතී නම් නුවරට ඒ දීපඬ්කර නම් වූ බුදුරජානන් වඩනා මාර්ග ය සරහන්නා වූ මිනිසුන් දැක විචාර බුදුන් වඩනා මග ය යි අසා, ආකාශයෙන් බැස මට ද එක් අවකාශයක් දෙව යි ඉල්වා තමන්ගේ ඍද්ධි දැන, දුදුළු කඳුරක් ජනයන් දි ලූ කල, ඒ කඳුර බලා සිතන්නාවූ බෝධිසත්වයෝ ශක්රයයාගේ සියයක් යොදුන් පරසතු ගස සලා, මල් ගෙණවුත් මේ වළ පුරා‍ලන් නම් ඒ මාගේ ඇඟින් ලොමයකට ත් ආශායක් නැත. තව ද දසදහසක් යොදුන් අසුර භවනයට‍ දිව අසුරයන්ගේ පලුලු ගසින් මල් ගෙණවුත් මෙතන තනාලම් නම් ඒ මට දැන් පැයකින් පිළිවන. තව ද සාගරයෙහි දිය දෙබේකොට රුවන්වැලි උකාගෙණවුත් සුදොවුන් වෙහෙරෙ සිට රඹගම් නුවර දක්වා රුවන් වැල්ලෙන් තනාලම් නම් මාගේ අසුරුසනක් කලින් නිමවා ඍද්ධි ම ය, මාගේ මේ අඳුන් දිවිසම මහත්කොට මවාලා ඇද සෑදූ බෙරයක් සේ ම තනාලම් නම් ඇසිල්ලෙකින් පිළිවන. ආනුභාවයෙන් කරන්නා වූ සත්කාර හැර මාගේ ශරීරයෙන් ඩා සොල්වා බුදුන්ට අද කායවෙය්යා වතක් කෙරෙමි යි සිතා ලා උදැල්ලක් හා කූඩයක් ගෙණ උස්තැන් කපා වළතැන් පුරා, සතුටු සතුටුව මග තනන දෑ යථ ඒ පිරිවරා සවණක් රැසින් දිලිහි දිලිහී රුවන්මෙරක් සේ අවුදින් වැඩසිටි බුදුන් දැක, පස්වණක් ප්රීීතීන් පිනා අද ආශ්චය්ය් ර්මකත් වූ බුදුන්ට ආශචය්ය් ර්මනත් වූ මාගේ ප්රි්ය ජීවිතය පූජාකෙරෙමි යි සිතා මතු ලෝවැඩ පත පත‍ා එ කලල් වසා, අඳුන් දිවිසම අතුට බුදුන් දිසාවට සිරස ලා මතු මා බුදුවන දවස් වසවත් මරහු මැදයේ සොඳුර! තෝමට දෙස් කියා! යි මීකත වැළඳ සිඹ සනහන්නකු සේ, මීතෙලෙහි බඩින් බැස හෙව බුදුහු අද මා හෙයක් කොට වඩිත්වා, මම් ද මතු ලොව්තුරා බුදුව මේ අප බුදුන් සේ ම සියලු සතුන් සංසාරසාගරයෙන් ගලවමි යි ප්රානර්ථනා කළ දෑය. එ කල බුදුහු දිවි දි වැදහොත් බෝසතුන් දැක මේ මනුෂ්යායෙක, ඉනු ත් පුරුෂයෙක, හෙත්සම්පත් ඇතියේය, බුදුන් දිට තපස්වීය. ධ්යා,නලාභි ය, අධිකාරත්වයෙන් යෙදින. බුදුබැව් පතා හොත්තේ ය. එසේ හෙයින් පළමුවන අභිනිහාරයට සුදුසු වූ මේ ධර්මයෝ අටදෙනා ම දැන් මොහු කෙරේ ම විද්ය මාන ය හ, මේ වීර පුරුෂයා කවර කලක බුදුවේ දෝ (හෝ) යි කප එකප බලා, දෙවන කප බලා, සියක් කප් බලා, දහසක කප් බලා, ලක්ෂයක් කප් බලා, කෝටියක් කප් බලා, අසඬ්ඛ්යුයක් කප් බලා, මෙසේ ක්රසම ක්රටමයෙන් බලන්නා වූ බුදුහු සාරාසඬ්ඛ්යේ කල්පලක්ෂයකින් මතු ගෞතම නම් බුදුවේ යයි දැක, පස්සෙහි වඩනා සාරලක්ෂයක් රහතුන් බලා තමන් වහන්සේගේ මුඛ නමැති පද්මයෙන් සුවඳ විහිදුවා:


“ පස්සථ ඉමං තාපසං

ජටිලං උග්ගතාපනං

අපරිමෙය්යග ඉතො කප්පෙ

අයං බුද්ධොා හවිස්සතී” යි


යනාදීන් වදාරා මහණෙනි! මේ මට දිවිපුදා‍හොත් පුරුෂයා සාරාසඬ්ඛ්යස කල්පලක්ෂයකින් මතු ගෞතම නම් බුදු වෙයි. කිඹුල්වත් නම් පුරයෙක උපදී, ශූද්ධොන නම් රාජොත්තමයෙක් පිය වෙයි, මහාමායා නම් දේවියක් මව් වෙයි, සතළිස් දහසක් පුරාස්ත්රීාන් පිරිවරා එකුන්තිස් හවුරුද්දක් රජසිරි විඳ, යසෝදරා නම් අග මෙහෙසි බිසවක, රාහුල නම් හා එක්වැනි පුතකු වැදූදා අශ්වයානයෙකින් මහබිනික්මන් කෙරෙයි, අනෝමා නම් ගං තෙර දි මුහුලස කපා අහසට දමා මහඹුන් දුන් සිවුරු ධරා සාවුරුද්දක් දුෂ්කර ක්රිනයා කෙරෙයි, සුජාතා නම් සිටුදුවක් දුන් කිරිපිඬු වලඳා එම දා සවස තුදුස්රියන් විදුර ‘සුන් නැගි ඇසතු ගසක් පිටලා හිඳ මරසෙන් බිඳ බුදු ව එකෙණෙහි මාසේ ම අනනතාපරිමාන සක්වළ සවණක් රස් විහිදුව යි. එ කල මොවුන්ට කෝලිත-උපතිස්ස නම් අගසව්වෝ දෙදෙනෙක් වෙති. ආනන්ද නම් මහතෙර කෙනෙක් අත් පා මෙහෙකෙරෙයි, ඛෙමා ය - උප්පල වන්නා‍ය යි අග්ර ශ්රාිවිකාවෝ දෙදෙනෙක් වෙති, අටලොස් රියන් උස ඇති බුද්ධකියෙකින් පන්සාළිස් හවුරුද්දක් බුදුව හිඳ මා සේ ම දහම්රස පොවා, සියළු සතුන් අමාමහනිවන් පමුණුව යි, මහණෙනි! මේ පුරුෂයා ස්වල්ප වූ සතෙක් නො‍ වෙයි, මතු බුදුවන්නා වූ බුදු බිජුවටෙකැයි ස්තුතිකොට වදාරා විවරණ පතුල් දුන්සේක.

එතෙපුල් ඇසූ දෙවිමිනිසුන් දුන් සාධුකාර ශබ්දය බඹලෝ ගසා පැවැත්ත; ඉක්බිත්තෙන් බුදුහු බෝසතුන්ගේ මතු මරුන්ට නො දක්වන්නාවූ පිට නො මඩිමියි ආදරයෙන් පය නොගා තුන් යලක් පැදකුණුකොට, සමන්මල් අටමිටකින් අටජූජාවක්කොට, වැඩිසේක. පස්සෙහි වඩනා සාරලක්ෂයක් රහතුන්වහන්සේද, සාරලක්ෂයක් මල්මිටින් පුදා වැඩිසේක. එදා බුදුන්ට පූජාවට රැස්වූ දසදහසක් සක්වළ සතළිස් වරම් රජදරුවෝ සතළිස් දහසක් දිවමල් මිටින් පූජාකොට ගියහ. තව ද දසදහසක් ශක්රදයෝ ද දසදහසක් සුයාමයෝ ද, දසදහසක් සන්තුෂිතයෝ ද, දසදහසක් සුනිමිර්තයෝ ද, දසදහසක් පරනිර්මිතයෝ ද, දසදහසක් සක්වළ අරූතල- අසංඥතල සත්වයන් හැර එක්ලක්ෂ පණස්දහසක් බ්රහහ්ම ලෝකවල බ්රිහ්මරාජයෝ ද, යන මේ සියළු දි‍ෙව්ය න්ද්රමයෝ වම එකි එකී දිවමල් මිටින් ගෙන බෝසතුන් පුදා ගියහ.


මෙසේ බුදුන් රහතන්-මිනිසුන්-දෙවියන්-බඹුන්-තමන් පුදා ගියකල මහබෝසත‍ානෝ එ මල් පීරා නැගි දිවමල් රැස් පිට වැඩ හිඳ බුද්ධකාරක ධර්මයන් පරීක්ෂාකොට ක්ර මක්රහමයෙන් සමත්රිං්ශත් පාරමිතාවන් දුටුසේක. එකෙණෙහි “හිමි! නුඹ බුදුවන දා මම දෙස් කියමි” යි මීකත අත්පොලසන් දුන්නා සේ, දසදහසක් සක්වළ මහපොළොව එකපැහැර ගගරා පී ය, එ කෙනෙහි එ මහී නාදය අසා දසදහසක් සක්වළ වවසන්නාවූ නාගයෝ ය, ගරුඬයෝ ය, සිද්ධයෝ ය, ගාන්ධර්වයෝ ය, යක්ෂයෝ ය, රාක්සයෝ ය, සිද්ධවයෝ ය, විද්යා්ධරයෝ ය, දිව්යහයෝ ය, බ්ර්හ්මයෝ ය යනාදී මහත් වූ සේනාව එතැනට දිව අවුදින් බෝසතුන් පිරිවරා, තව ද අප්රවමාණ වූජ පූජා කරන්නාහු, ඔල්වරසන් දහස, අත්පොළසන් දහස, අසරුසන් දහස, පිළිසන් දහස, වැඳුම් දහස, සාධුකාර දහස යන‍ාදීන් බඹලොව දක්වා එකනින් නාද පැවැත්වූ හ.


ඒ කෙසේද යත් ?

“ඉදින් මේ බුදුන් කල සසරින් ගැලවීගත නොහෙමෝ නම්: හිමි නුඹ‍ගේ බුද්ධරාජ්යතයෙහිදී අප සසරින් ගැගවුවමැනවැ” යි කිය කියා වැඳ වැඳ සමහර ලො‍ෙවක ‍ දෙවායෝ දිවමල්කඳු පුදා යෙති-තව ද සමහර ලොවෙක දෙවියෝ, හිමි! සුමෙධ පණ්ඩිතයෙනි! පෙඑ නුඹසේ ම බෝධිසත්ව වරයන් පළමුවන විවරණ ලදින් පාරමිතාවන් ආවර්ජනා කළ කලැ, ලොව යම් ආශ්චය්ය්නර්යෙරක් පෙනිණිද! ඒ ආශ්චය්ය්නර්යෝම දැන් නුඹට ත් පහළ වූ හ. එසේ හෙයින් ඒකාන්තයෙන් නුඹ මතු බුදුවන දෑ ම ය, අප දමත් සසරින් ගැලවුවමැනව”යි දිව සුවඳින් පුදා යෙති.

තව ද - සමහර ලොවක දෙවියෝ “ස්ව‍ාමීනි! සුමෙධ පණ්ඩිතයෙනි! දැන් මේ ඇසිල්ලෙහි ශිත පීඩාවෙන් දුක්-ගන්නා වූ එක ද සත්වයෙක් නැත, උෂ්ණ පීඩාවෙන් දුක්-ගන්නා වූ එක ද සත්වයෙක් නැත, දසදහසක් සක්වළ ම ඉතා නිශ්ශබ්ද වි ය. සියලු සතුන්ට ම වියවුල් නැති වී ය, ප්ර්චණ්ඩ වූ පවන් නැති වි ය, ගං හෝ කඳුරැලි දිය සිටි දිය සේ රඳා ගියේ ය. මේ මේ කාරණයෙන් නුඹ මතු බුදුවන දෑ ම ය; අප ද එදා සසරින් ගැලවුව මැනව”යි භෙරිනාදයෙන් පූජාකොට යෙති.

තව ද- සමහර ලො‍ෙව දෙවියෝ අවුත් “ස්වාමීනි! බුද්ධාංකුරයානෙනි! අද තොපගේ මේ ආවර්ජනාවෙහි දසදහසක් සක්වළ මුළුල්ලෙහි දියෙහි ගොඩෙහි කුසුමයෙන් පිරීගියේ ය,

නොයෙක් තුරුලිය ඵලහාරයෙන් පිරීගියේය. බෙර සක්-මිහිඟු ආදී තූය්ය්්ර්යෝය තුමූ ම නාද පවත්වති, ආකාශයෙන් මල්වැසි වැස පී ය, සමුද්ර වල මහරළ සන්සිඳී ගියේ ය. මහපොළොව ගුගුරා පී ය,මේ මේ කාරණයෙන් මතු නුඹ බුදුවන බව ඒකාන්ත ම ය, අප ද සසරින් ගැලවුව මැනවැ” යි කිය කියා දිව්යල වීණාගායනාවෙන් පූජා කොට යෙති.

තව ද- සමහර ලොවක දෙවි‍යෝ අවුත් “ස්වාමීනි! වීරපුරුෂයානෙනි! දැන් හැම නරකවල ගින නිවී ගිය, හිරුමඬල ප්රුභාවත්ව ගිය, දහවල් තරු පෙණී ගිය, පොළොව පළා දියකඳු පැණ නැංගේ ය, චන්ද්රනදිව්යවපුත්රයයා වෛශාඛ යෝගයෙහි යෙදී ගිය, මේ මේ කාරණයෙන් නුඹ මතු බුදුවන දෑ ම ය, අපට ඉස මතු නිවන් එස දුනමැනවැ”යි දාව්යෙ නෘත්යපයෙන් පූජාකොට යෙති.

තව ද-සමහර ලොවෙක දෙවියෝ “ස්වාමීනි සුමෙධ නම් උත්ත්මයානෙනි! අද තොපගේ මේ ආවර්ජනාවෙහි දසදහසක් සක්වළ සියලු ප්රාේණීහු ම තම තමන්‍ වසන බිලාදියෙන් පිටත් ව ගියහ, සියලු තිරිසනුන්ගේ භය සංසිදී ගිය, සියලු සත්වයෝම ඔවුනොවුන් කෙරෙහි සන්තොෂ ය, සියලු සතුන්ගේ ම රෝග පීඩාවෝ සංසිඳී ගියහ, සියලු සතුන්ගේ සා පිපාසා නිවී ගියහ, මේ මේ කාරණයෙන් නුඹ මතු බුදු ව දම්සක් දෙසන දෑ ම ය, අපට මතු ධර්මයදෙශනා කළමැනවැ” යි කිය කියා දිව්යෑ ගිතිකාදියෙන් පුදා යෙති.

තව ද- සමහර ලොවෙක දෙවි‍යෝ “ස්වාමීනි! මතු බුදුවන හිමියානෙනි! දැන් මේ ඇසිල්ලෙහි රාගාදි කෙලෙස් සන්සිඳී ගියව හ,අකාශයෙහි රජස් නැති ව ගියහ, ලොව හැම දුර්ගන්ධයෝ ම නැති ව ගිය හ, සුගන්ධ ගන්ධයෙන් හැම ලොව පිරී ගියේ ය, හැම දෙවියෝ මිනිසුන්ට පෙණිති, මනුෂ්යීයෝ දෙවියන්ට පෙණෙති,හැම නරක ම පෙණී ගියහ, මුළුලොව ම ආවරණ නැති ව ගියහ, මේ මේ කාරණයෙන් නුඹ මතු බුදුව නිවන්පුරයෙහි දොරහරණ දෑ ම ය, අප ද එපුරෙහි ලුව මැනවැ” යි කිය කියා දිව්යි ධ්වජමාලා වෙන් පුදා යෙති.

ත ව-ද සමහර ලොවක දෙවියෝ දෙවියෝ දිව අවුදින් “ස්වාමීනි! සුමෙධ නම් මහතානෙනි! දැන් මේ මුළුලොව උපදනා සත්වයෙකුත් නැත, මියෙන්නා වූ සත්වයෙකුත් නැත, මුළුලොව නිවී ගිය, හැම සිත් පිරී ගිය, මේ මේ කාරණයෙන් ඒකාන්තයෙන් නුඹ මතු බුදු ව සද්ධර්ම දෙශනාවෙන් සතුන් සන්තුෂ්ටකරණ දෑ ම ය, අපට ද එ දා දහම් දෙසුව මැනවැ” යි කිය කියා දිව මල් දම දමා දිව සුවඳ ඉස ඉස ගායනා පතුරුව පතුරුවා, පූජා‍කොට හැම දෙවි‍යෝ ගියහ.

මෙසේ මා‍ගේ ශ්රී‍මහාබොධිසත්වයෝ තමන් පළමුවන විවරණ පතුල් ලත් දා ම බුදුන්ගෙන් පූජා අටෙක, රහතුන්ගෙන් සාර ලක්ෂයක් පූජා ය, වරම් රජුන්ගෙන් සතළිස් දහසක් පූජා ය, සක්දේව් රජුගෙන් දසදහසක් පූජා ය, සන්තුෂත රජුගෙන් දසදහසක් පූජා ය, සුනිර්මිත රජුගෙන් දසදහසක් පූජා ය, පරිනිර්මිත රජුගෙන් දසදහසක් පූජා ය, තව ද-දසදහසක් සක්වළ අරූතල-අසංඤා තලයන් හැර සියළු බ්රතහ්මරාජයන්ගෙන් එක්ලක්ෂ පණස්දහසක් පූජා ය, පසුව පාරමිතාවන් ආ‍වර්ජනය කළ වේලෙහි මහීගර්ජනාවෙහි හඬ අසා දිවූ දසදහසක් සක්වළ මුළුල්ලෙහි දිව්ය් බ්රලහ්වමයන් විසින් කරණලද දෙලක්ෂ සතළිස් දහසක් මහාපූජාය, දෙතිස් මහාපූර්ව නිමිත්ත පූජා ය; මහීගර්ජනා නම් පූජා ය යි මෙසේ පළමුවන අභිනිහාර මඟුල් පූජාවෙහි ම අටලක්ෂ අසූදහස් එක්සාළිස් මහා පූජාවක් ලත් හෙයිනුත්, සඬ්ඛ්‍යා පථයට අවිෂය වූ පූජාවන් අප්රලමාණකොට ලත් හෙයිනුද ත් එසේ වූ පූජාවිඳීමට සුදුසු හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වනසේ ක.


එසේ හෙයින් කියන ලදී.

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො

අත්ථානුරූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං’ යි.


මෙතෙකින් මේ පූජාවලියෙහි අප බුදුන් අෂ්ටාඬ්ධර්මයෙන් ලද අභිනීහාරමඟුල් පූජා කතානම් වූ ‍ දෙවන පරිච්ඡෙදය නිමි.