පූජාවලිය-අසදෘශ මහාදාන පූජා කථා

Wikibooks වෙතින්

පූජාවලිය


විසිවන පරිච්ඡෙදය


තව ද: අප බුදුන් සැවැත් නුවර දී කෙ‍ාසොල් මහ රජුගෙන් ලද අසදෘශ මහා දාන පූජා නම් කවර යත්......[සංස්කරණය]

තව ද: අප බුදුන් සැවැත් නුවර දී කෙ‍ාසොල් මහ රජුගෙන් ලද අසදෘශ මහා දාන පූජා නම් කවර යත්? - මේ එහි පිළිවෛළ කථාව ය:

ඒ දානයට පූර්වභාගයෙහි පිළිවෙළ කථාව මෙසේ දතයුතු. ත්රිිභුවන චූඩා මණි වූ, බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ කරුණා නමැැති ජලතලාවෙහි පිහිටුවන ලද අභිනිහාර නමැති ජලයෙන් හා, බොධිසම්භාර නමැති මහානාළයෙන් හා, ශීල නමැැති විශාල පත්රර සමූහයෙන් හා විදර්ශනා නමැති පෙති සමූහයෙන් හා නුවණ නමැති අනන්ත වූ කෙසරු පෙළින් හා, වජුඥාන නමැති මහ කෙමියෙන් හා, සදහම් නමැති පුෂ්කරමධු බින්දු සමූහයෙන් හා, ගුණ නමැති සුවඳ ගඳින් හා, වෛනයෙ ජන නමැති ලමර කැලන් විසින් හා, ශ්රාුවක ගණ නමැති හංස සමුහයා විසින් හා, බුද්ධඥාන නමැති සූය්ය්ාර්‍ා ලොකයන් හා, තුන්ලෝ නමැති මහා සරසියෙහි පැන නැඟි සර්වඥතාඥාන නමැති මහාපද්මය ප්රිබුද්ධ කරවා, ප්රදථම බොධියෙහි පටන් ලෝවැඩ කරන කල බුදුන් බුදු වූ විසි හවුරුද්දක් මුළුල්ලෙහි ම නිරන්තරයෙන් අත් පා මෙහෙකළා වූ එක් කෙනකුන් වහන්සේ ම ය යි නැත. නාගසමාල ය - නාගිත ය - උපවාණ ය - සුනක්ඛත්ත ය - චුන්ද ය - සාගත ය - මෙඝි ය ය යන මේ සත් දෙනා වහන්සේ බුදුන්ට මුර ලාගෙන වතාවත් කරන සේක.

එ කල මාගේ ස්වාමිදරුවෝ ආයුෂ්මත්වූ අනඳ මහ තෙරුන් වහන්සේගේ නුවණ පිරී හුන් සේ දැක දෙවුරම් වෙහෙර දී අසු මහ සවුවන් වහන්සේ ම රැස්කොට ලා ආමන්ත්රීණ ය කොට “මහණෙනි! දැන් මාගේ වයස් පස් පනස් හවුරුද්දෙක් පලාගිය, එසේ හෙයින් මම යොබ්බන කිල ය ඉක්ම ගියෙමි, ලොවුතුරා බුදුන්ට ජරා විලිපිලියෙක් නො වේ ම ය, එසේ ද වුව ත් දැන් මම මහලු වන වයස් ඇති හෙයින් මහලු නම් වෙමි, සමහර මහණ කෙනෙක් මා හා එක මඟ යමින් සිට මා යන මඟ හැර අනික් මහෙක යම්හ යි යෙති, සමහර මහණ කෙනෙක් මාගේ පාත්ර ය බිම තබා පියා‍ ත් පලා යන්නාහු ම ය, සමහර කෙනෙක් මා පස්සෙහි යමින් සිට අළුගොඩක් පිට වැදහෙව බලු තපස් කරන්නා වූ මිථ්යාුදෘෂ්ටිගතුවන් සැක රහතුනැ යි කියා උන් කරා ත් ගොස් කථා කරන්නාහු ම ය, එසේ හෙයින් නිරන්තරයෙන් මට අත් පා මෙහෙ කරන එක් මහණ කෙනෙකුන් නිල වන්නා කැමැති යෙමි”යි වදාළසේක.

එ බසට සැරියුත් - මුගලන් ආදි වූ අසූ මහ සවුවන් වහන්සේ ම ඉතා මහත් වූ සංවේගයට පැමිණ වෙන වෛන නැඟී සිට “ස්වාමිනි! මම නුඹවහන්සේට මෙහෙ කෙරෙමි. මම නුඹවහන්සේට මෙහෙ කෙරෙමි, මා හැරගෙන මෙහෙ ගෙන වදාළ මැනැව, මට ම කාරුණා කොට වදාළ මැනැව, ඒ සැපත මට ම දී වදාළ මැනැවැ”යි යනාදීන් ආරාධනා කළ සේක.

එ වේලෙහි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ රහතුන් අතින් මෙහෙ නො ගන්නා හෙයිනු ත්, ඒ සෙසු බුදුන්ගේ චාරිත්රෙ ම හෙයිනු ත්, කප්ලක්ෂයක් පැරුම් පුරා ආ කෙනකුන් අතින් ම මෙහෙ ලන්නා හෙයිනු ත් “මෝහට මතු ආනන්ද නම් ස්ථවිර කෙනෙක් උපස්ථායක වෙති”යි සූවිසි වාරයෙක සූවිසි බුදුන් ම වදාරන ලද හෙයිනු ත්, බුදුහු “මහණෙනි! තෙපි තෙපි වෙන වෙන ම ප්රාූර්ථනා කොට මාගේ ශාසනයෙහි වෙන වෙන ම තනතුරු ලදුව, එසේ හෙයින් තෙපි සිටුව - තෙපි සිටුව”යි කියා ඉවසා වදාළ සේක.

එ වේලෙහි ඇමදෙනා වහන්සේ බුදුන්ගේ අදහස් දැන ආයුෂ්මත් වූ අනඳ මහ තෙරුන් වහන්සේ බණවා “ඇවැත්නි! බුදුන් තොප කෙරෙහි අභිප්රාසය ඇති සැටි ය, තෙපි බුදුන්ට අත් පා මෙහෙ කරව”යි වදාළ සේක. එ වේලෙහි අනඳ මහ තෙරුන් වහන්සේ සකල ශරීරයෛහි ලොමු දහ ලන්වමින් පස්වනක් ප්‍රීතින් පිනා “මම් ම බුදුන්ට මෙහෙ කෙරෙමි”යි සිතා වදාරණ සේක් “බුදුහු මා කෙරේ ම අභිප්රාෙය ඇතිසේක්වී නම් මම ද බුදුන්ට මෙහෙ කරනු කැමැත්තෙම් ම ය, කරන්නා වූ අත්පා මෙහෙය සප්පාය කොට කරනු කැමැත්තෙම් ම ය, මා ඉල්වන්නා වූ වර අටෙක් ඇත, ඒ වර අට බුදුහු මට දුන් සේක් වී නම් අද පටන් ම මෙහෙ කෙරෙමි”යි වදාළ සේක.එ බසට භික්ෂූන් වහන්සේ “ඇවැත්නි! ඒ වර අට නම් කිම්දැ”යි විචාළ සේක.

එ වේලෙහි අනඳබ ස්වාමින් වදාරණ සේක් “මම බුදුන්ට මෙහෙ කෙරෙම් නම් : බුදුන්ට උපන් චීවරයකු ත් නො වළඳීම්ම ය, බුදුන්ට උපන් පිණ්ඩපාතයකු ත් නො වළඳිම් ම ය, බුදුන් හා එක ගඳකිළියෙහි ත් නො සැතපෙම් ම ය, බුදුන්ට කළා වූ ආරාධනාවෙක වැළඳීමට ත් නො යෙම් ම ය, මෙසේ වූ ප්ර තික්ෂෙප වර සතරෙක. තව ද: මාගේ පාත්ර්යට උපන් ආහාරය මා කෙරෙහි වෙනසක් නැති ව බුදුන් විසින් වළඳා මා උපාසක තනතුරෙහි තබා‍ වදාළ මනා ම ය, යම් යම් දුරස්ථානයෙක සිට ත් කිසි කෙනෙක් අවුදින් “දැන් ම මා බුදුන් දක්වාලුව මැනැවැ”යි මට අවුදින් කිවූ නම් එ වේලෙහි බුදුහු සිටකු - රජකු - දෙවියකු බඹකු හා සමඟ කථා කරන සේක් වී නම් මම් ඔහු භය නැති ව කැඳවා ගෙන ගොස් බුදුන් දක්වාලා මාගේ වල්ලභ කම ත් පවිම් ම ය, යම් යම් ප්රුස්ථාවෙක බුදුහු ධ්යා නාදියෙන් වැඩ උන් සේක් වී නමුත් එ වේලෙහි මට යම් යම් සැකයෙක් ඉපැද ගියේ වී නම් මම එ සැකය එම විගස ම බුදුන් අතින් විචාරම් ම ය, තව ද: මා නැතිව දෙවුලෝ බඹලෝ ආදියෙහි දී ත් බුදුහු යම් යම් බණක් වදාළසේක් වී නමුත් දෙවනු ව අවුදින් ඒ බණ මා කී අට වරය ලදිම් නම් මෙහෙ කෙරෛමි යි ඒ ඉල්වා දුන මැනැවැ”යි වදාළ සේක.

එ වේලෙහි බුදුහු සාධු සාධු ආනන්දය! අනන්තාපය්ය්දර්න්ාත වූ බුදුන්ගේ උපස්ථායකයන්ගේ ඒ චාරිත්රයයෙක් ම ය, ඒ උතුම් වූ වර අට තට නිශ්ශෙෂයෙන් ම දිනිමි, තෝ ම මට මෙහෙ කරව”යි කියා වදාළ සේක.

මෙසේ ඒ අනඳ මහ තෛරුන් වහන්සේ එ තැන් පටන් බුදුන්ට උපස්ථාන කරන්නවුන් කෙරෙහි ය.....[සංස්කරණය]

මෙසේ ඒ අනඳ මහ තෛරුන් වහන්සේ එ තැන් පටන් බුදුන්ට උපස්ථාන කරන්නවුන් කෙරෙහි ය, කෙළෙහි උපකාර දන්නවුන් කෙරෙහි ය, සිවුපස ලාභින් කෙරෙහි ය, මිහිරි වූ කටහඬ ඇති ව බණ කියන්නවුන් කෙරෙහි ය, බහුශ්රැවතයන් කෙරෙහි ය, යන මේ පඤ්චස්ථානයෙන් අග්ර‍ ව එතදග්රැපාළියෙහි තබන ලදුව. තව ද:ආගම සම්පදා ය, අධිගම සම්පදා ය, පූර්වහෙතු සම්පදා ම, අර්ථානර්ථ ප්රපතිපෘච්ඡාසම්පදා ය, තීර්ථවාස සම්පදා ය, යොනිසො මනසිකාර සම්පදා ය, බුද්ධොපනිඃශ්රිරත සම්පදා ය යි මේ සප්තසම්පත්තීන් සම්පූර්ණ සේකත එ තැන් පටන් පස්විසි හවුරුද්දක් මුළුල්ලෙහි අප්රකමාද ව ම බුදුන්ට උපස්ථාන කරන සේක් “ආනන්ද! යයි බුදුන් ලවා දෙවාරයක් හඬගාවා පීම් නම් මාගේ කවර නම් පක්ෂපාත කමෙක්දැ”යි සිත සිතා දඬුවැට පහන් අතින් ගෙන තුන්යම් රාත්රි” ය මුළුල්ලාහි ගඳකිළිය සිසාරා ඇවිද පාන් කොට පියන සේක් ම ය.

ඒ අනඳ මහ තෙරුන් වහන්සේ කෙසේවූ විශ්වාසයක් නිසා මෙසේවූ ප්රේවමයකින් බුදුන්ට අත් පා මෙහෙ කළ සේක් ද යත්?

පෙර පියමතුරා නම් බුදුන් සමයෙහි නොයෙක් පුණ්යි සම්භාරයන් රැස්කොට බුදුකෙනකුන්ට මෙසේපක්ෂපාතවෙමියි ප්රානර්ථනා කොට ආ සේක් ම ය, සසර ද බුදුන්ගෙනු ත් බොහෝ උපකාර ලැබ ආ සේක් ම ය, බුදුන් ට ත් බොහෝ උපකාර කොට ආ සේක් ම ය සෙසු කල් හැර මෙම කප ජුණ්හජාතකයෙහි ස්වාමිදරුවන් ජුණ්හ නම් රජ කල උරෙන් උර ය ගෑවී ගියා වූ විශ්වාසයෙන් හවුරුදු පතා ලක්ෂ නිමන ගම්වර පසක් හා, කෙල්ලන් සියයක හා, ගවයින් සත්සිියයක් හා, පසළොස් දහසක් ඝනරන් හා, ස්ත්රී න් දෙදෙනකු හා මේ ආදි නෛායෙක් ධන රාශීන් එක දා ලද්දා වූ එ කල එ බමුණ‍ාණෝ නමු දු කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය. තව ද: භද්දසාල ජාතකයෙහි ස්වාමිදරුවන් භද්දසාල නම් වෘක්ෂදෙවතා සමයෙහි බෝසතුන් අතින් අවවාද ලදින් එ තැන් පටන් හවුරුදු පතා ලක්ෂ වටනා බිලි පූජා කැරැවූ වා වූ එ කල ඒ රජ්ජුරුවෝ නමු දු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය. තව ද: කාලිඬ්ගබොධි ජාතකයෙහි බොධි මණ්ඩලය දැක බුදුන් බුදු වන තැන ය යි අසා බුදුන් කෛරෙහි ම ප්රේබමයෙන් එ බිම අටළොස් රියන් උස මහා කනකස්තම්භයක් හිඳුවා, අවට සත්රුවන් වේදිකා කරව‍ා, මැද රන් සුන්නෙන් තවරා, රුවන් පවුරු රුවන් දොරටුයෙන් සේ ම කරවා, සැට දහසක් සුවඳක් මල් වාාහයෙන් පූජා කොට, දවස් පතා මෙ සෙයින් ම පූජා කරව යි නියොග කොට ගියා වූ එ කල ඒ කාලිඬ්ග නම් චක්රමවර්ති නමු දු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: රූරුමිග ජාතකයෙහි ස්වාමිදරුවන් රූරු නම් මුව රජ කල මුවතුඩින් වදාළ බණ අසා පැහැද දියෙහි ගොඩෙහි සියලු සතුන්ට අභයදාන පූජා කළා වූ එකල ඒ බරණැස් රජ්ජුරුවෝ නමු දු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: සාලිකෙදාර ජාතකයෙහි ස්වාමිදරුවන් ගිරා රජ ව උපන් කල ගිරා තුඩින් තී බණ අසා පැහැද පැසුණු පිටින් හැල් අටකිරියක් පූජා කළා වූ එකල ඒ සාලින්දිය නම් බමුණෝ නමු දු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: චිත්ත සම්භූත ජාතකයෙහි ස්වාමිදරුවන් චිත්ත නම් මහා තාපස කල පිට පිට සතර ජාතියෙක විශ්වාස ධර්මයෙන් ම ඉපැද කෙළවර ජාතියෙහි බෝසතුන් අතින් බණ අසා පැහැද ඒ සා බරණැස් රජ ය හැර එම දා මහණ ව ජීවිතාන්තය දක්වා පක්ෂපාත ව අත් පා මෙහෙ කළා වූ එ කල ඒ සම්භූත නම් රජ්ජුරුවෝ නමු දු මෙකල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: සිවි ජාතකයෙහි ස්වාමිදරුවන් සිවි නම් නරපති ව අන්ධ වූ බමුණාට ඇස් දන් දෙන දා බෝසතුන්ගේ නියොගයෙන් ම ඖෂධ බලයෙන් ඇස් දෙක උපුටා දී ලූ, බැරි වූ අඬ්ගපරිත්යාෙගයෙහි පවා අනුබල සහාය වූ, එ කල ඒ සීවක නම් වෙදාණෝ නමු දු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: රොහන්ත මිග ජාතකයෙහි ස්වාමිදරුවන් රොහන්ත නම් මුව රජ ව මල බැඳී ගිය දා අසූදහසක් මුවන් පැන පලායාදී තුමු ත් එම මලෙහි බැඳී ගියා සේ ප්රේසම නමැති මල බැඳි ‘මා මැරූ කල මුත් නූඹ මරා පිය නො දෙමි’යි කියා බෝසතුන් ඇඟ ඔල්බවා ගෙන සිට ඒ පෙළහරෙහි වැද්ද වූ විස්මයපත් කරවා බෝසතුන්ගේ ජීවිතය ගළවා දී ලුවා වූ, එ කල ඒ චිත්ත නම් මල් මුවාණෝ නමු දු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: මහාබොධි ජාතකයෙහි ස්වාමිදරුවන් මහ තවුස් ව රජුගේ ගෙට සිඟාවඩනා දා අතුළෙහි දී ජීවිතන්තරායට කාරණයක් දැක පඬිකඳ පිට හිස තබාගෙන බුරන පසාරයෙන් මහත් කොට කට දල්වා “ස්වාමිනි! මේ ගෙට නො එව, රජ්ජුරුවෝ තොප මරන්ට නියොග කළෝය, අනික් අතෙක සිඟා වැඩපියව”යි ශුනක භාෂාවෙන් හඬගා කියා බෝසතුන් ඉවත යවා ජීවිතය රක්ෂාකොට දීලුවා වූ, එ කල ඒ කොලෙය්ය නම් ශුනකයාණෝ නමු දු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: සොනනන්ද ජාතකයෙහි ස්වාමිදරුවන් සොනනන්ද නම් මහා තාපස කල ඔබ අතින් උරණ අසා භය ගෙන වෙවුලා සූවිසි අක්ෂෞ හිණි මහ සෙනඟ හා එ තෙක් රජ පිරිස් කැඳවා ගෙන ගොස් මෙ තෙක් දෙනා ලවා පැරැත්ත කියවා බෑණන් වහන්සේ වැඳ ක්ෂමා කරවා ගෙන බොහෝ දවසක් ආදරයෙන් විසුවා වූ, එ කල ඒ නන්ද නම් තාපසයෝ නමුදු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: චුල්ලහංස ජාතකයෙහි ස්වාමිදරුවන් ධ්රැුතරාෂ්ට්රං නම් හංසරාජ ව පියුම් විලෙහි දි බැඳී ගිය දා අනූදහසක් හංසයන් ඒ ඒ අත පලාගිය වේලෙහි තුමු නො ගොසින් සිට බෝසතුන්ගේ ජීවිතය රක්ෂා කොට එ තැන් පටන් ඔවුනොවුන් අත් නො හැර ආවා වූ, එ කල ඒ සුමුඛ නම් හංස සේනාපති නමු දු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: ගුණ ජාතකයෙහි ස්වාමිදරුවන් සිංහරාජයන් කල මඩ වළෙහි වැටී මරණ ප්රාෙප්ත වූ දා ජීවිත රක්ෂාකොට එ තැන් පටන් සත් පරම්පරායෙක විශ්වාස ධර්ම ය නො නසා කළා වූ එ කල ඒ කාණවිලාණෝ නමු දු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: තිරීටවච්ඡ ජාතකයෙහි ස්වාමිදරුවන් තිරීටච්ඡ නම් මහා තායස කල යුද්ධයෙහි දී පැරද ලැඳ හී බෝසතුන් නිසා දිවි ලදින් එ තැන් පටන් ජීවිතාන්තය දක්වා අග්රු භොජනාදියෙන් බොහෝ උපස්ථාන කළා වූ එ කල ඒ බරණැස් රජ්ජුරුවෝ නමුදු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: සිිවි ජා.කයෙහි ස්වාමිදරුවන් තාපස ධර්මය ම පූරණය කරන සමයෙහි ඔබගේ මඋපදෙසින් කුක්කුට- මාංසානුභව ය කොට බරණැස් නුවර රාජ්ය ය ලදින් බොහෝ දවසක් ඔබට ම උපස්ථාන කළා වූ එ කල ඒ හස්ත්යාසචාරි නමු දු මෙ කල අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: මහා අශවාරොහ ජාතකයෙහි ස්වාමිදරුවන් බරණැස් රජ කල තුමු ගොවිකුලෙහි ඉපැද එක්ව ම බොහෝකලක් රජසුව විඳිමින් උන්නාවූ එ කල ඒ ප්රෝත්යින්තවාසී වූ පුරුෂයාණෝ නමුදු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: පීඨ ජාතකයෙහි ස්වාමිදරුවන් මහණධර්මද පුරණ කල බොහෝ දවසක් ආදරයෙන් ම උපස්ථාන කළා වූ, එ කල ඒ ධන සිටාණෝ නමු දු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: ස්වර්ණ කර්කටක ජාතකයෙහි ස්වාමිදරුවන් බ්රානහ්මණ මහාසාර කල නයකු විසින් දෂ්ට කරන ලදු ව විෂමූර්ජාවෙන් මරණප්රාාප්ත වූ දා දිවි රැක දීලුවා වූ, එ කල ඒ රන්වන් කකුළුවාණෝ නමු දු මෙ කල මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම ය.

තව ද: නානාච්ඡන්ද ජාතකයෙහි ස්වාමිදරුවන් බරණැස් රජ ව එක් දවසෙක රාත්රිාභාගයෙහි “මෙනුවර මාගේ අධර්මයක් මා ඇසිය දී කියන කෙනෙක් නැත, ඉදින් මාගේ අ මැැදහත්කමක් පිටත කියන කෙනෙක් ඇත් නමුත් වෙස් වළා ඇවිද අසා ඒ නුගුණය ත් හරිමි”යි සිතාලා එකලා ව ම නුවර ඇවිදිමින් සිටි දෑ ය. එ වේලෙහි නුවර සොරු ගණනෙක් රා තිබෙන ගෙට වැද රා කළයක් සොරාහැරගෙන පලා යන්නාහු බෝසතුන් දැක “කොල මෙ සොරෙකැ”යි අල්වාගෙන එම උතුරු සළුවෙන් අත් කර බැඳගෙන රා කළ ය හිසට නඟාලා මර මරා ගෙන යෙති. එ වේලෙහි බෝසතාණෝ තමන් රජ බව නො හඟවා “දුඃඛිතයෙක්මි, මේ හැරගෙන මා හැරපියව”යි උතුරුසළුව දී ගැළවී රජ ගෙට ම යෙමින් සිටියහ. එ වේලෙහි එ නුවර දනුමැති දිළිඳු බමුණාණ කෙනෙක් ගෙන් මිදුලට බැස ආකාශ ය බලා රාජබන්ධන නම් ග්රනහ යොගයක් දැක ගෙට හඬ ගා බැමිණියට කියන්නාහු “පින්වත් වූ බැමිණි ය! අපගේ මෙ නුවර රජ දැන් ම බන්ධබයකට පැමින දැන් ම මිදී ගියේ වේ දැ”යි කීහ.

රජ්ජුරුවෝ එ බස අසා සතුටු ව එ ගෙයි අත්තක් ගන්වා......[සංස්කරණය]

රජ්ජුරුවෝ එ බස අසා සතුටු ව එ ගෙයි අත්තක් ගන්වා රජගෙට ගොස් දෙවන දා උදාසන හැම නුවර බමුණන් රැස්කොට “ගිය දා රෑ තොප තොප දුටු අමුතු ග්ර!හ යෝගයක් මට කියව”යි විචාරා සියලු බමුණන් වෙන වෙන ගැණ බලා “අමුත්තෙක් නැතැ”යි කී කල නැවත එ බමුණාණන් ගෙන්වා”තොප දුටු අමුත්තක් මට කියව”යි විචාරා එ බසට “මා විචාරන්නේ කිමි ද, නුඹ මරුබැම්මක් ලදින් ගැළවුණේ වේ ද, රාජබන්ධන නම් යොගයෙක්වීය”යි බමුණාණන් කීකල බෝධිසත්ත්වයෝ උන් කෙරේ පැහැද “තොප කැමති වරයක් ගනුව”යි කී හ. එ වේලෙහි බමුණාණෝ “මැනැවැ යි ගෙට ගොස් ආ කල වර ගනිමි”යි කියා ගෙට දිව ගොස් අඹුදරුවන් බණවා “පින්වත්නි! අද රජ මා කෙරේ ඉතා පැහැද ගිය, මා කැමති වරයක් දෙයි, කුමක් ඉල්වා ගනිම් දැ”යි විචාළහ. එ බසට බැමිණි සිනා කයක් සී පියා “ස්වාමිනි! ඇඹුල් කා සියයක් මට ඉල්වා දී පියව”යි කිව. පුතණුවෝ කියන්නාහු “පියාණන් වහන්ස! අනික් සැපතකින් මට කම් නැත, සිත් සේ මා කෙළ ඇවිදපියන පරිද්දෙන් අසුන් යෙදු රථයක් ඉල්වා දී පියව”යි කීහ.

යෙහෙලණියෝ “රථ තබා මට සොඳ රුවන්තෝඩු දෙකක් ඉල්වා දී පියව”යි කීහ. කෙලී කියන්නී “ස්වාමිනි! සෙසු ාදයක් නො ඉල්ලුව මැනැවැ, පෑර ගන්නා වේලෙහි ගෙන් ගෙට ඇවිද ඉතා විඩා ව ගියෙමි, වනක් - මෝලක් - කුල්ලක් ඉල්වා දීපුයේ නම් සියලු සම්පත් දුන්නා හා සමය”යි කිව. එ වේලෙහි බමුණාණෝ රජ්ජුරුවන් කරා පලා ගොස් “ස්වාමිනි! වර ගැනීම් බැරි ය, අපි හැම නානාච්ඡන්ද යම්හ, මම ලක්ෂයක් නිම්න ගම්වරක් කැමැතියෙමි, මා බැමිණි කිරි දෙනුන් සියයක් කැමැත්තී ය, ම පිත් අසුන් යෙදු රථයක් කැමැත්තේ ය, ම යේලි මිණි කොඬොල් සඟලක් කැමැත්තී ය, කෙලී වනක් - මෝලක් - කුල්ලක් කැමැත්තී ය, එසේ හෙයින් එක්කෙනෙකුන් කැමැති වරයක් ඉල්වීම් නම් සෙස්සෝ නො කැමැති වෙති. එසේ හෙයින් වර ගැනීම් බැරිම ය”යි කීහ. එ වේලෙහි රජ්ජුරුවෝ සිනාසී “තොප කැමැති කැමැති වරම දෙමි. ගනුව”යි කියාලා මේ සියලු සැපත් දී, අග්රිපුරෝහිත තනතුරු ද දී, බොහෝ දවසක් ඔවුනො’වුන් කෙරෙහි කරුණාවෙන් වාසය කළ දෑ ය. එ කල ඒ පුරෝහිත බමුණාණෝ නමු දු මෙ කල මේ අනඳ මහ තෛරුන් වහන්සේ ම ය.

මෙසේ සසර ද ඔවුනො’වුන්ට උපකාර ව ආ හෙයිනු ත්, ප්රේ’ම ව ආ හෙයිනු ත් කප්ලක්ෂයක් පිරූ පාරමිතා ඇති හෙයිනු ත් බුදුහු මේ අනඳ මහ තෙරුන් වහන්සේ ම අග්රප උපස්ථායක කළ සේක් ම ය. උන්වහන්සේ ද බුදුන්ට සුවව ව, අත්පා මෙහෙ කළ සේක්ම ය. එසේ හෙයින් පූර්වසන්නිවාස ය සියලු සතුන් ලා ම උතුම් ය, ප්රෙනමනීය ම ය, වදාළේ මැනෝ:-


පුබ්බේ’ව සන්නිවාසෙන - පච්චුප්පන්න හිතෙන වා,

එවං තං ජායෙත පෙමං -උප්පලං’ව යථොදකෙ-යි.


මෙසේ අනඳ මහ තෙරුන් වහන්සේ විසින් නොයෙක් ජාති භෙදයෙහි ද, වර්තමාන කාලයෙහි ද, කරන ලද නොයෙක් සත්කාර ලත් හෙයිනු ත් එසේ වූ උපස්ථාන විඳීමට සුදුසු හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක.


මෙසේ මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේ මෙම සැවැත් නුවර වාසයකොට දනවුසැරිසරා වැඩ.....[සංස්කරණය]

මෙසේ මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේ මෙම සැවැත් නුවර වාසයකොට දනවුසැරිසරා වැඩපිසමයෙක සැවැත් නුවර වාසී වූ බොහෝ ස්ත්රීම පුරුෂයෝ සුවඳ මල් ආදිය ගෙන වෙහෙරට අවුත් බුදුන් නො දැක ඉතා මහත් වූ ශොක ඇති ව බුදුන්ට ගෙනා මල් පිදියයුතු වූ අනික් උත්තම වූ ස්ථානයක් නො ලදින් විහාරොපචාරයෙහි රැස්කොට පියා පලා ගියහ. අනේ පිඬු මහසිටාණන් ආදි වූ බොහෝ උපාසක උපාසිකාවරු එදා මේ වල සලාපු මල් දැක කම්පා ඇති ව “බුදුන් නුදුටු කල අප ඇම බුදුන් දුටුවා සේ වැඳ පුදා ගන්නා වූ පූජ්යනස්ථානයක් ලදුමෝ නම් යෙහෙකැ”යි ඔවුනො’වුන් හා සමඟ කථා කොට පසු ව බුදුන් දෙව්රම් වෙහෙරට වැඩිකල හැම දෙන ම ගොසින් බුදුන් දැක ඉතා මහත් වූ සොම්නසට පැමිණ පසුව අනඳ මහ තෙරුන් වහන්සේ කරා ගොස් “ස්වාමිනි! මෙ තෙක් දවස් බුදුන් නො දැක වැඳ පුදා ගැන්මක් නො ලදින් ඉතා මහත් වූ දොම්නසට පැමිණියම්හ, බුදුහු නම් නානා ස්ථා‍නයෙහි ලෝවැඩ නිසා වඩනා සේක් ම ය, බුදුන් වෙහෙර නැති කල අප හැම වැඳ පුදා ගන්නා පූජ්ය වස්තුවක් බුදුන්ට සැලකොට ඉල්වා! දුන මැනැව”යි කීහ.

එ වේලෙහි අනඳ මහ තෙරුන් වහන්සේ බුදුන් කරා ගොස් වැඳ මෙ පවත් සැලකොට “ස්වාමිනි! නුඹවහන්සේ දුටුවා සේ පූජා කටයුතු වස්තු කවරේ දැ”යි විචාළ සේක. බුදුහු “ආනන්දය! පූජ්යග වස්තු නම් ශාරීරික ය - උද්දේශීකය - පාරිභොගික ය යි තුනෙක් වෙති. එයින් ශරීරික ධාතු පූජා බුදුන් අයාමෙහි වන්නේ ය, උද්දේශික ඵූජා නම් ධර්ම ධාතුවට හා බුදුන් වැනි සිවුරු ආදියට හා පිට දුන් ශ්රීම මහා බොධියට කරන්නා වූ සත්කාරය ය; එසේ හෙයින් ජය ශ්රී මහා බොධියෙන් ඵලශාඛාවක් ගෙන’වුත් මේ ජෙතවනාරාමයෙහි රොපන ය කරවා ඒ බොධි ය මා දුටුවා සේ වැ පුදා සත්කාර කළ හොත් මට කළා වූ සත්කාරය හා සම ම ය”යි වදාළ සේක.

එ වේලෙහි අනඳ මහ තෛරුන් වහන්සේ මෙ පවත් කොසොල් රජ්ජුරුවන් ආදිවූහැමදෙනාට කියා එවේලෙහිම ජෙතවනයෙහි දොරටුව ගාවා ආවාටයක් කණවා භූමිමන්ඩල ය විසිතුරු කොට සරහා එ වේලෙහි මුගලන් මහා තෙරුන් වහන්සේ කරා ගොස් “ස්වාමිනි! ජය ශ්රී් මහා බොධියට ගොස් ඵලශාඛාවක් අපට ගෙනවුත් දුන මැනැවැ”යි ආරාධනා කළ සේක.

එ වේලෙහි මුගලන් මහ තෙරුන් වහන්සේ හැම රජ පිරිස් බල බලා සිටියදී “මා යනනියාවත්, පලශාඛා ගෙනෙනනියාවත්. හැමදෙනාට ම පෙනේව”යි අධිෂ්ඨාන කොටලා ආකාශයටපැන නැඟීලා බොධිමණ්ඩලයට වැඩනටුයෙන් ගිලිහී එනඵලශාඛාවක් බිම හිය නො දී ආකාශයෙහිදී ම සඟලසිවුරුපටින් පිළිගෙන නැවත එ කෙණෙහි ම අවුදින් ආකාශයෙන් බැස අනඳ මහ තෙරුන් වහන්සේට දුන්සේක.

අනඳ මහතෙරුන් වහන්සේ දොහොතින් පිළිගෙන කොසොල් මහරජ්ජුරුවන් අතට දී ‘මහරජ! තොපගේ ස්වහස්තයෙන් ම බොධිප්රතතිෂ්ඨාව කරව’යි වදාළසේක. රජ්ජුරුවෝ ඒ ඵලශාඛාව රුවන් කරඬුයෙන් පිළිගෙන ඉසුමුදුනෙහි තබාගෙන ආවාටයවටා තුන් යලක් පැදකුණුකොට සිතන්නාහු “රාජ්යයය නම් හැම දා ම මට ස්ථිරය යි නියමයෙක් නැත, එසේ හෙයින් අනික් රජෙක් මතු ඇතිවීනම් මා අතින් පිහිටවූ බොධියට ආදර නො කෙරෙයි, සිටුවරු නම් මහපොළොව වැනියහ, අනේපිඬු මහ සිටාණන් අතින් පිහිටුවමි”යි සිතාලා “සිටාණෙනි! තොප අතින් පිහිටුවව”යි උන් අතට දුන්හ. එ වේලෙහි ලක්ෂයක් අගනා ඝනරන් තලියෙක ගඳ කලල් පුරා යට සිදුරු කොට වළ මැද පිහිටුවා ඒ ඵලශාඛාව සිටාණෝ තමන් ස්වහස්තයෙන් ගඳකලලට වඩාලූහ.

එ කෙණෙහි සියලු සතුන් බල බලා සිටිය දී පොළොව පළා පැනනැංගාවූ දිව්යබනාගරාජයකු සේ මහනගුලිසක් සා දලුවෙක් ඵලශාඛා පළාගෙන බුදුන් රහතුන්ගේ අධිෂ්ටාන බලයෙන් හා රජ්ජුරුවන් හා සිටාණන්ගේ ශ්ර්ද්ධා කුශල පලයෙන් පැන නැංග. ඒ බොධිය වැඩි වැඩී මහත් වෙමින් සමවට මට සිළුටු වූ මහ රිදි කඳක් සේ පනස් රියන් උස මහ ක‍ඳෙක් නැඟී එ තෙනදි පන්ස් පන්ස රියන් දිග ශාඛා පසෙක් ඒ ඒ දිගට බෙදී වනස්පතී වෘක්ෂ රාජයකුසේ සිටගත. එහි ඉන්ද්රසනිල මාණික්යප වැනි පත්රෂසමූහයෙන් හා, ප්රදවාලාඬ්කුර වැනි අභිනව පල්ලවාඬ්කුරයෙන් හා, සුරක්ත වූ ඵල සමූහයෙන් හා, එම විගස ම හොභ සම්පන්න වි ය.

ඒ මහා බෝධියෙහි මුල පටන් අග දක්වා සියක් රියන,පූර්ව ශාඛාග්රගයෙහි පටන් පශ්චිම ශාඛාග්රරයට සියක් රියන, උත්තර ශාඛාග්ර්යෙහි පටන් දක්ෂිණ ශාඛාග්ර යට සියක් රියන, ශාඛාමණ්ඩලය තුන්සියක් රියන. මාගේ ස්වාමිදරුවන්ගේ ආශ්චය්ය්ඩර්‍ පෙළහර දැක සත්කෙලක් පමණ මනුෂ්යනයන් වසන ඒ සා සැවැත් නුවර සක්රුවන පහළ වූ දා හැළලී ගිය චක්ර වර්ති සේනාව සේ ඉතා විස්මයට පැමිණ මහත් වූ පූජා උත්සව කළහ. සාධුකාර දෙන්නවුන් කොතෙක් ්දහස් ගණනැයි කියම් ද, නොයෙක් පූජාභාණ්ඩ ගෙන අත්පොළසන් දි දී ඔල්වරසන් දෙන්නවුන් කොතෙක් දහස් ගණනැයි කියම් ද, අසුරුසන් දිදී නට නටා ඇවිදිනවුන් කොතෙකැයි කියම් ද, පිළී ඉස සිසාරා උමතු ව නටන්නවුන් කොතෙක් දහස් ගණනැයි කියම් ද, නොයෙක් පූජාභාණ්ඩගෙන වෙහෙරටදිවන්නවුන් කොතෙක් දහස් ගණනැයි කියම් ද, ඒ සා වෙහෙරෙ අවකාශයක් නැති හෙයින් වාසල් දොරටුයෙන් වැද යා නොහී ගැහැටි ගැහැටී සිටිනා සත්ත්වයන් කොතෙක් ලක්ෂගණනැ යි කියමි ද, මාගේ ස්වාමිදරුවෝ එම දා ම බුදු වූ සේක් දෝ හෝ යි සිතමි. එම දා ම පෙළහර පෑ සේක් දෝ හෝ යි සි.මි. එම දාම ලොව විස්මය පත් කළ සේක් දෝ හෝයි සිතමි.

මෙසේ ආශ්චය්ය් ර්‍ වූ වේලෙහි කොසොල් රජ්ජුරුවන් හා, අනේපිඬු මහසිටාණන් හා, විශාඛා මහාඋපාසිකාවන් හා, බන්ධුල මල්ලිකාවන් හා, කෝසල මල්ලිකාවන් හා, වාසභ ඛන්තිකාවන් හා යනාදි බුදුන් කෙරෙහි ප්ර සන්න වූ ස්ත්රී් පුරුෂයෝ බොහෝ දෙන ඒ බොධිය ය සිසාරා සිටගෙන සත්රුවන්මය බොධිකොටුවක් කරවා, ඇතුළෙහි සත්රුවන් සුන්නෙන් තනාලා, වේදිකාව සිසාරා රන්පැන - රිදිපැන - රන්කලස - රිදීකලස - තනාලා මළුව වටා රුවන් මෙහෙයෙන් ම විසිතුරු වූ පවුරු නිමවා, සත්රුවන්මය වූ දොරටු කරවා, ඝනරන් දොර ලවා ම‍ාළකයෙහි ද රුවන් වැලි ඉස්වා, වටා රකවල් ලවා, සියලු සතුන්ගේ චිත්තානන්දනය කොට පැන නැඟි හෙයින් ද, ආනන්දස්ථවිරයන් වහන්සේගේ නියොගයෙන් කළ හෙයින් දැ යි මේ ආනන්ද මහා බොධිය යි නම් තබා දවස් පතා තමන් තමන්ගෙන් පූජා කරන සේ නියොග කොට එ දවස් නොයෙක් පූජා කොට බුදුන් වැඳ සිටියහ.

එ වේලෙහි අනඳ මහ තෙරුන් වහන්සේ ගොසින් බුදුන් වැඳලා “ස්වාමිදරුවාණෙනි! නුඹගේ මහිම අද පටන් නුඹ වදාළ මැනැවැයි නැත, අද පටන් ‍මේ ආනන්ද බොධියම ලෝකානන්ද කොට ලෝවැඩ කෙරෙයි, ඒ බොධියට සත්ත්වයන් කළාවූ සත්කාර ය ඉතා උදාර ය, නුඹවහන්සේ ද ඒ ආනන්ද බොධි ය පිටලා වැඩහිඳ බෝමැඩ වජ්රාොසනයෙහි ශ්රීන මහා බොධිමුලයෙහි දී නුඹවහන්සේ අවන් සමවත් සමවැද වදාළ මැනැවැ”යි ආරාධනා කළසේක. ස්වාමිදරුවෝ එබසට සිනාපහළකොට ආනන්දය කුමක් කියයි ද බෝමැඩ දී මා අවන් සමවත් සමවදිනට සුදුසු වූ අනික් භූමියෙක් අනන්තාපය්ය්මර්න් ත සක්වළ වේව යි, මෙ මඟුල් සක්වළ වේව යි දෙවුලෝ බඹලෝ ආදියෙහි වේව යි කිසිත් තැනෙක ත් නැත්ම ය, ඇතකු ධරාලූ සැත් වටු කුරුල්ලොත් ධරාලිය හෙද් දැ”යි වදාළ සේක. එ වේලෙහි අනඳ මහතෙරුන් වහන්සේ තමන්වහන්සේ බුදුන් කෙරේ ඉතා වල්ලභ හෙයින් “එසේ වීනම් ස්වාමිනි! ඒ භූමිය පොහෝනා පමණක් සමවත් සමවැද එ බෝකඳ පිටලා වැඩහිඳ ඒ භූමිය පාරිභොගික කොටවදාළ මැනැවැ”යි ආරාධනා කොට වදාළ සේක.

එ වේ‍ලෙහි ස්වාමිදරුවෝ ඒ බොධිමුලයට වැඩ එ ‍බොිකඳ පිටලා පූර්වදි‍ග් බලා වැඩහිඳ එදා රෑ තුන්යම් රාාත්රිකය මුළුල්ලෙහි එතෙන සමවත් සුවයෙන් දවස් යවූ සේක. එ තැන් පටන් ජෙතවනාරාම ය බුදුන් නැති විට ත් ඇත්තා සේ ම විය. ඒ ආනන්ද බොධියට දවස් පතා ලක්ෂයක් පරිත්යාේග කොට කරන ලද්දා වූ උදාර වූ පූජා වි ය.


මෙසේ තමන් වහන්සේ එක දවසක් පමණ පිට දුන්නා වූ බෝකඳ උදෙසා පවා......[සංස්කරණය]

මෙසේ තමන් වහන්සේ එක දවසක් පමණ පිට දුන්නා වූ බෝකඳ උදෙසා පවා මේ සා මහත් වු පාරිභොගික පූජා ලත් හෙයිනු ත් එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනු ත් මාගේ ස්වාමි දරු වූ බුදුරජාණෝ මේ මේ කාරණයෙනු දු අර්හත් නම් වන සේක.

තව ද: මෙ ම සැවැත් නුවර තුනුරුවන් කෙරෙහි පැහැදිය වුන් කෙරෙහි අන්තර්ගත වූ යට කී බන්ධුල මල්ලිකාවෝ නම් කවර යත්?

ඔහු තුමු බන්ධුල නම් සේනාපතීන්ගේ භාය්ය්යර්‍ාවෝ ය, ඒ බන්ධුල සේනාපති නම් කුසින‍ාරා නුවර මල්ලරජහුගේ බූනැණියන් පුත් බෑනණුයහ. මේ සා මුළු දඹදිවු තෙලෙහි ඒ බන්ධුල සේනාපතීන්ට වඩා පඤ්චායුධයෙහි දක්ෂ වූ ශූර යෝධයෙක් නැත්තේ ම ය. බාල කල මයිල් රජ්ජුරුවන් තමන්ගේ බල බලමි යි සිතා‍ තමන්ට නො කියා ය නාරාච සැටක් කරවා සැට සැට දඬින් සැටමිටයක් බඳවා රාජාඬ්ගණයෙහි සිටුවා තමන් කැඳවා “බැහැණ! තෙලෙ හුණුමිටිසැට එක එක පහරින් කඩුයෙන් පොලු‍ගෙනපු නම් මාගේ මේ මල්ලිකා නම් දියණියන් තොපගේ බැදෑණියන් තොපට ම පාවා දෙමි, නැත අනික් රජහට පාවා දෙමි”යි කී වේලෙහි යට ය නාරාච බව් නො දැන මයිලණුවන් මුහුණ බලා සිනා සී “මෙයි ත් එක් ආශ්චය්ය්ණර්යොකැ යි සිතූ සේක් ද, ඇත් බඳක් වී නමුත් මාගේ කඩු පත මැද රඳවම් දැ”යි වාසි කියා කඩුව කොපුයෙන් හයා ගෙන කඩුව මඳක් චිත්රෘ කොට අහසට අසූරියනක් දමා රජපිරිස ‘කඩුව අපහිස වැටී යේ දෝ අපහිස වැටී යේ දෝ හෝ”යි වෙවුල වෙවුලා සිටි වේලෙහි කඩුව තමන් අත එලවාගෙන කඩුචිත්රෙ දක්වාලා.

“ස්වාමිනි! මේ සැට මිටි ය සැට පහරින් ගැසීම් නම් ඒ ආශ්චය්ය්නර්‍ නො වෙයි, සැටපුරුක සැට සැට පහරින් පොලු ගන්මි”යි තියාලා පලඟය හා සමඟ ගරුඩ පෝතකයකු සේ ආකාශයට පැනලා අගපුරුකෙහි පටන් සුරතින් පාරක් ගසා සැට පුරුකක් වගුරුවා පියති, මෙසේ සැට විටෙකින් සැට පාරක් ගසා සැට සැට පොල්ලක් බැගින් අලමදන් සේ ගසා ය නාරාව හා සමඟ රාජාඬ්ගණයෙහි විසුරුවා මෙසේ ම සැට මිටි ය ම ගසා අන්ත පහරෙන් දී කඩුව ය නාරාචයෙහි වැදගෙන කඩුව බැණ නැඟි හඬින් හුණ පුරුක්යට බලා ය නාරාච දැක “ඉදින් මා ගසාගත නුහුණු නම් මේ සා පරිභවයක් බොහෝදෙනා මධ්යියෙහි මට කළ සේ නොයෙදෙයි, මාගේ බල දැන දැන පරීක්ෂා කළ සේ නෛා යෙදෙයි” කියා මයිලණුවන්ට කිපී ඉතා මහත් වූ අභිමාන කොට “නුඹ වසන නුුවර මම නො රඳමි යි අද ම අනික් රටකට යෙමි”යි මල්ලිකා නම් ඒ බැදෑකුමරිය මයිලණුවන් බල බලා සිටිය දී අත අල්වා හයා‍ ගෙන එ ම විට ම නුවරින් නික්මුණාහ. මයිල් රජ්ජුරුවෝ වේව යි සෙසු යෝධ කෙනෙක් වේව යි බන්ධුලයන් රඳවාගත හුණු එක ද සත්ත්වයෙක් නැත.

ඒ බන්ධුලයෝ පසේනදී කොසොල් රජ්ජුරුවන් හා බාල කල එක පල්ලියෙහි දී ශිල්ප උගත්තාවූ විශ්වාසයෙන් සැවැත්නුවර ගොස් කෝසලයන් දුටහ. කෝසලයෝ බන්ධුලයන්ට දැක ඉතා සතුටු ව “තොප වැනි යහළුවකු මා ලත් බැවින් මෙයින් මතු මුළු දඹදිව ම‍ාගේ ම ය”යි ගර්ජනා කොට බන්ධුලයන්ට සේනාපති ධූර ය දී තමන්ට දෙවනු වූ සම්පත් දුන්හ. බන්ධුලයන් එ නුවරට ගිය තැන් පටන් මුළු දඹදිව රජ්ජුරුවෝ ම කෝසලයෙන් කෙරෙහි භය ඇති වූහ. එ කල මල්ලිකාවෝ බන්ධුලයන්ගේ භාය්ය් ර්‍ාවන් හෙයින් බන්ධූල මල්ලිකා නම් වෙති.

ඌ තුමු ත් විශාඛාවන් සේ ම ඇතුන් පස් දෙනකුට බල ඇති යහ, විශාඛාවන් සේ ම මේල පලඳනා ඇතියහ, විශාඛාවන් සේම සැදෑ ඇති ව විහාරයට දවස තුන්වාරයෙක එළඹ බණ අසා දන් පින් කොට බුදුන් කෙරෙහි ඉතා වල්ලභයහ. ඒ බන්ධුල මල්ලිකාවෝ තුමු වඳයහ, එසේ හෙයින් බන්ධුලසෙනාපති “මා සේ ම බල ඇති පුතකු වදා දෙන ස්ත්රිියක රක්ෂාකරනු කැමැත්තෙමි, ති වඳ පවු ඇති තැනැත්ති ය මට නො කැමැත්තේ ය, තීගේ මවුපියන් ගේ නුවරට ම පලා ය”යි කියා ගෙන් නෙරියාහු ය.

එ වේලෙහි බන්ධුල මල්ලිකාවෝ තමන් ඉතා‍ මහත් සැදෑ ඇති හෙයිනුත් බුදුන් එම නුවර වසන හෙයිනුත් මවුපියන්ගේ ගමට යාමට වඩා එම නුවර ම හිඳිනා කැමැති ව ගෙන් නික්මිලා “මාගේ බුදුරජාණන්වහන්සේට සැලකොට ඔබ වදාළොත් ‍යෙමි, නො වදාළොත් නො යෙමි”යි සිතා ජෙතවනාරාමයට ගොස් පිරිවර හා සමඟ වැඩහුන් බුදුන් දැක “ස්වාමිනි! මාගේ මවුපියන්ගේ රටයෙමි”යි දැන්වූහ. එ බසට බුදුහු “මල්ලිකාව! කුමක් නිසා යෙයිදැ”යි වදාළ සේක. ස්වාමිනි! සමණන් වහන්සේ මා ගෙන් නෙරනා සේකැ යි කීහ. බුදුහු “මල්ලිකාව! කුමක් නිසා ගෙන් නෙරිද්දැ”යි වදාළ සේක. මල්ලිකාවෝ ද “ස්වාමිනි! මා වඳහෙයින් අනික් ශරණක් ගෙනෙමි යි කියා ගෙන් නෙරිති”යි කීහ.

එ වේලෙහි බුදුහු දිවසින් පරීක්ෂාකොට මල්ලිකාවන් වඳ නොවන සේ දැක “මල්ලිකාව! බන්ධුල සෙනාපති තී වඳ ය යි කියා ගෙන් නෙරි ත් නම් තී නො ගොස් ආ පස්සේ ගෙට ම පලා යා”යි වදාළ සේක. එ වේලෙහි මල්ලිකාවෝ සමාධි ව ගෙට ගියහ. සේනාපති “කුමක් නිසා ආ පස්සේ අවුදැ”යි විචාරා “බුදුහු මා නො යන්ට වදාළ සේක. එසේ හෙයින් අයිමි” යි කී කල “බුදුහු නම් නොකාරණයෙහි බසක් නො වදාරන සේක, එසේ හෙයින් ඒකාන්තයෙන් මල්ලිකාවනට දරුකෙනකුන් ඇත මනා ම ය, මාගේ අභිමතාර්ථ ය සිද්ධ වේ ම ය”යි සතුටු ව එ දා පටන් දෙදෙන ම ඔවුනොවුන් හා සමඟ ප්රිසයවාස ය කෙරෙති.

නොබෝ දවසකින් මල්ලිකාවෝ ....[සංස්කරණය]

නොබෝ දවසකින් මල්ලිකාවෝ දරු ගැබකට කාරණ දැක සමණන් තමන්වඳ යයි නෙරපු හෙයින් “මෝහට බැරිවූ දොළක් කියා මෝහටනින්දාකොට වෙහෙසමි”යි සිතාලා සමණන්කරා ගොස් “හිමි! මට දරුදොළක් උපණ, පෙරනුඹ මා වඳයයි කියා මට එකාවනු බණන්නේවේ ද, පිරිමි වූයේ නම් දැන් මට උපන් දරු දොළ පසිඳ දීලුව මැනැව,විශාලා මහනුවර ලිච්ඡවි රජුන් සත් දහස් සත්සිය සත්දෙනා හ‍ෙ ඔවුන්ගේ බිසෝවරුන් පමණක් බැස දියකෙළිනාවූ සෙසුසත්ත්වකෙනකුන් බැස එ පැනෙයි අත ගාපිය නො හැක්කාවූ ආකාශයෙහි ලෝ දැල් වසා තිබෙන පවුරු වාසලින් සුරක්ෂිත වූ මඟුල් පොකුණෙන් බලයෙන් ම බැස නහා පැන් බොනු කැමැත්තෙමි, එ දොළ පසිඳු ලූයේ නම් නුම හා සම වූ කායබල ඇති නිමුන් පුතුන් දෙදෙනකු එකවිට ම වදන කාරණයක් දිටිමි”යි කීහ.

එ බසට බන්ධුල සේනාපති සිනා සී ඇකයේ සැකයක් නැති ව අත්ගසා “සොඳුර! තිට උපන්නේ ඉතාම මට සුවක මූවූ දොළෙක, හිමාලයෙහි ශක්රටභවනයෙහි දිව්ය වූ පොකුණෙකින් නා පැන් බොනු කැමැත්තෙමි යි නො කියා හිරු දු දෙදෙනා මිණි කො‍ඬොල් කරනු කැමැත්තෙමි යි නො කියා, අහසෙන් වලා කැමැත්තෙමි යි නො කියා, අබ්භන්තරයෙන් අඹ කැමැත්තෙමි යි නො කියා, ඡද්දන්ත ඇතු දළ කැමැත්තෙමියි නො කියා, විධුරයන් සේ ම මහා පණ්ඩිතයක්හු හදවත කැමැත්තෙමි යි නො කියා, මෙ මිනිස් ලොව ම, මෙ දඹදිව ම, මා සේ ම පුරුෂයන් නානා මඟුල් පොකුණෙන් බැස නහන්නා කැමැත්තෙමි යි තොප කී සේ මැනැව, අද ම එ නුවර ගොස් තොපගේ දෛාළ පසිඳ දී ලම් ම ය, මාගේ පිරිමි බල බලව”යි වාසි කියාලා “රජ්ජුරුවන්ට කිම් නම් රජ්ජුරුවෝ තුමු හෝ නමා ගනිති, සත් කෙළක් පමණ තමන්ගේ බල සෙනග හෝ මා හා සමඟ එවති, එසේ ගිය කල මාගේ බල නොදැනෙයි, රජ්ජුරුවන්ට නො කියාම, මම් ම යෙමි”යි සිතාලා එම විට ම මල්ලිකාාවන් කැඳවා ගෙන අසුන් යෙදු රථයක් කැඟිලා දහසක් පුරුෂයන් නඟාලන බාලන තමන්ගේ දුන්නහාහියවුර ඇරගෙන කඩුව වම්දසරුවෙහි ලාගෙන එකලාව ම එම දා උදාසන සැවැත්නුවරින් නික්ම සිවුපනස් යොදුන් මඟ ගෙවා ලිච්ඡවි රජ දරුවන් හා සියලු නුවරවාසින් දවල් බත් කෑමෙන් ප්ර මාද වූ වේලෙහි විශාලා මහනුවර වාසලට පැමිණ “මා ආ බවට සලකුණක් කෙරෙමි”යි සිතාලා රථසක මුළු නුවරට ඇසෙන සේ වාසල් එළියෙහි ගසාගෙන ඇතුළු නුවරට වැද ගියහ. රථ නැඟී වදනවුන් සිය දහස් ගණන් හෙයින් බන්ධුලයන් බවු දත්තාවූ එකද කෙනෙකුත් නැත.

එ නුවර මහාලිනම් ලිච්ඡවිරජ්ජුරුවෝ බන්ධුලසේනාපතින් හා එක පල්ලියෙහි ශිල්ප හදාළහ, එසේ හෙයින් බන්ධුලයන්ගේ බල දනිති. එ කලට ඒ මහාලි ලිච්ඡවි රජ්ජුරුවෝ දෑස් අන්ධව වාසලට නුදුරු වූ මාලිගාවෙක හිඳ සෙසු රජ්ජුරුවන්ට අවවාද දී වාස ය කරන්නාහු එ වේලෙහි ඒ රථසක බැණ නැඟි හඬ අසා “මේ ඝොෂාව අනිකකු නැඟි රථසක් ඝොෂාවෙක් නො වෙයි. එකාන්තයෙන් ම බන්ධුලයා නැඟි රථසක හඬ ම ය. බන්ධුලයා මෙ නුවරට දැන් වන් ම ය, බන්ධුලයා නො කරුණෙක නො ඒ ම ය; ඒකාන්තයෙන් ම අද ලිච්ඡවි රජුන්ට භයෙක් වේ ම ය”යි සිතූහ.

එ වේලෙහි බන්ධුල සේනාපති කිසි භයක් නැති ව ශක්රලපුරයට වන් අසුරහටය කුසේ ඒ සියලු රජුන් බැස නානා මඟුල් පොකුණට ගොස් කඩුපතින් භය ගන්වා රකවලුන් ඒ ඒ දිග ලුහුබඳවා සීරැස් කැළලක් පොලුගන්නා සේ ලෝදැල් කඩුයෙන් කපා වගුරුවා පළමු කොට තුමු බැස නා පියා දෙවනු ව අඹුවන් බස්වා නහවා පැන් පොවා මහනෙල් මල් පලඳවා එම විගස ම රථයට පැනනැඟීලා මහ වේමැදින් නික්ම වාසලින් පිටත් ව නුවර දිශ‍ාවට ම නමා ගත්හ.

එ කෙණෙහි මෙ පවත් රකවලුන් අතින් අසා ලිච්ඡවි රජ දරුවෝ දණ්ඩෙන් ගැසූ නයින් සේ කිපී හැම දෙන ම මහාලී නම් ලිච්ඡවි රජ්ජුරුවන් කරා ගොස් මෙ පවත් කියා “බන්ධුල යා අප මෙ තෙක් දෙනා මුහුණ දැලි ගා මේසා පරිභවයක් කොටගියේය, ඔහු කමෝදැ”යි සහ‍ාසික ව ඔවුන් අතුරෙන් පන්සියයක් ලිච්ඡවි රජදරුවෝ සන්නාහසන්නද්ධ ව පඤ්චායුධ හැරගෙන පන්සියයක් රථ පැනනැඟී නමා ගත්හ.

එ වේලෙහි මහාලී නම් ලිච්ඡවි රජ්ජුරුවෝ “දරුවෙනි! තෙලෙ තොප කරන්නේ කටයුත්තෙක් නො වන්නේය, මේ මුළුදඹදිවු තෙලෙහි බන්ධුල යා ජයගෙන පියන යොධයෙක් නැත්තේම ය; බන්ධුලයාගේ සැර ය නම් පර්වතයෙක ත් ගත් නම් මැද නො රඳා ම ය, එක සැරපහරකින් තොප පන්සියය ම ජයගෙන පිය ත් පොහොසත, දරුවෙනි! නො යව, නො යව”යි කියා රැඳවූහ. ඔහු එ බසට “ඒ පිරිමි ද, අපි ගෑනු ද, ඒ කිරි පි ද, අපි මෝරු පූමෝ ද ඌගේ එක සැර ය දැඩි ද, අපගේ‍ මෙ තෙක් සැර නො දැඩි ද, ඒ දුනුශිල්ප දත්ද, අපි දුනුශිල්ප නො දනුමෝද” යනාදීන් වාසි කියා නො නැවත නමා ගත්හ.

එ වේලෙහි මහාලී නම් ලිච්ඡවි රජ්ජුරුවෝ නො එක් සේ, කියා රඳවාගත නොහී “දරුවෙනි! තොප නොනැවත යන බැවින් බන්ධුලයා යන රථය යම් තැනෙක දී දුටු නම් මඳ තැනක් දිවු කල ශහුගේ අථ ය පොළොව ගිලී ගොස් සියල්ල ම නො පෙනෙයි, ඒ අනිකෙක් නො වෙයි, තොප දැක කිපි ඔහු දුන්න නඟන වේලෙහි රථ ය බිම ගැලී සාඟවී ගිය නියාව ය; මේ කාරණය දුටු කල ආ පස්සෙහි පලා එව, තවද නොනැවත ගියා නම් මඳ ඇසිල්ලෙකින් සෙණහඬක් සේඇසී යෙයි, ඒ ඔහු තමාගේ දුනුදිය අත් පොළාපී හඬ ය, නො නැවත ගියා නම් තොප තොප නැඟි රිය හිස්වල සිදුරු දකුව, එ වේලෙහි තොප හැමදෙනාම විත් කෑ නියා ය, එ සලකුණෙන් මළහම්හ යි සිතාගෙන ආ පස්සෙහි පලා එව”යි කීහ. රජදරුවෝ එසේ කී වත් නො නැවත ම “බන්ධුලයා ගනුමෝ ම ය”යි වාසි කිය කියා පසු පස්සෙහි ලුහුබඳවා ගත්හ.

එ කල බන්ධුල සේනාපති තුමු රථ ය පදිනාහු “පස්සෙහි සතුරු කෙනෙක් එ ත් නමුත් බලාදුටු දෙයක් මට කියාලව”යි මල්ලිකාවන්ට කීහ. මල්ලිකාවෝ පස්සෙහි පන්සියයක් රථ නැඟි දිවන පන්සියයක් රජුන්දැක “ස්වාමිනි! රථසමූහයෙක් පෙනෙයි, නුඹ හා යුද්ධයට සතුරු කෙනකුන් එන ආකාරය”යි කීහ. බන්ධුල සේනාපති එබසට සරුනැතිව ඒ දිශාවනොබලා “එක රථයක් සේ ඇද නැතිව එන වේලෙහි මට කියාලව”යි කීහ. මඳඇසිල්ලෙකින් සමීප වත් වත් පන්සියයක් රථඇදනැතිව ම එකපෙළ සිටගත. එ වේලෙහි මල්ලිකාවෝ “ස්වාමිනි! පළමු ව එන රථය පෙනෙයි, සෙසු රථ හැමම එකර,යෙන් මුවාව ගියේය”යි කීහ. එ වේලෙහි සේනාපති “එසේ වී නම් තෙපි භය නො කොට මේ රෑන අල්වාගෙන රථ ය පදුව”යි කියාලා තුමු දහසක් නඟාලන දුන්න හැරගෙන රථයෙහි පසු කෙළවරර දුනු මුඬාව ඔබාලා දුන්න නඟාපිහ. එ කෙණෙහි අථ ය පොළොව ගැලී ගිය. රජ දරුවෝ මේ කාරණ ය දැක ත් නො නැවත දිවෙත් ම ය. දෙවනු ව දුනුදින් අත් පොළාපීහ. එ කෙණෙහි සෙණහඬක් සේ ඇසි ගිය. තව ද නො නැවත දිවෙත් ම ය. තුන්වනු ව හියවුරෙන් එක් දන්ඩක් හයාගෙන ඇද මැඩ නියපිට ලෙළවාපියා පගිලියෙහි ලාගෙන උර පුරාලා ඇද අත හැරපීහ. එ කෙණෙහි ඒ දිවු සැර ය කිහිරි හරින් කළ පන්සියයක් පමණ රථ හිස් විදගෙන, පන්සියයක් ය සන්නාහ විදගෙන. පන්සියයක් රජුන්ගේ ළෙන් විද පිටින් පළා ගොස් පොළොවට අසූරියනක් පමණ වැද සැඟවී ගි ය.

රජදරුවෝ සන්නාහබලයෙන් තමන් විත් කෑ බවු නො දැන.....[සංස්කරණය]

රජදරුවෝ සන්නාහබලයෙන් තමන් විත් කෑ බවු නො දැන “නොය‍ා බන්ධුල ය! යෝධයෙක් නම් සටන් දැක පිටිපෑ දිවේ ද, අපගේ හා තාගේ බල බලම්හ”යි වාසි කියා හඬතෑහ.බන්ධුලයෝ එ හඬ අසා සිනාසී “කොල! කුමක් කියා ද, ශූරයෝධයෝ නම් ගෑනුන් හා ත් සටන් නො කෙරෙති, නිරායුධ ව සිටියවුන් හා ත් සටන් නො කෙරෙති, විත් කටුම් කෑවන් හා ත් සටන් නො කෙරෙති, මළ මිනී හා කැල ම සටන් නො කෙරෙති, තොප දැන් මළවුන් හා කුමන සටන් කෙරෙම් දැ”යි මඬගා කීහ.

එ බසට රජදරුවෝ සිනා සී “අප දැක මරණ භයින් නන් දොඩයි ද, මළ මිනිස්සුත් අප සේ කථා කෙරෙද් දැ”යි කීහ. බනුධුලයෝ “කම් කොලෙනි!* තොපට සැරයක් හැරපීමි, එ සැරයෙන් තෙපි හැම ම විත් කෑහ, මා කී බස් නො ගිවිසූ නම් තොප ‍තොප ගේ රථ හිස්වල සිදුරු බලව, එසේ ත් නො ගිවිසු නම් නෛත්තියෙහි එන රජ්ජුරුවන් හා පස්සෙහි එන රජ්ජුරුවන් හා දෙදෙනා ගේ සන්නාහ මුදා බලව, ඔහු දෙදෙන මළාහු නම් තෙපි හැමදෙනත් මළාහු ම ය, එ සලකුණෙන් තොප තොපගේ ගෙවලට පලා ගොස් අඹුදරුවන්ට කළමනා අනුශාසනා කොට ලා යෙහෙන් සෙමෙන් මිය යව”යි කීහ. එ වේලෙහි රජදරුවෝ රිය හිස්වල සිදුරු බලා දැක පසු පළමු රජ දෙදෙනා සන්නාහ මුදා මළ සේ දැක භය ගෙන ආ පස්සෙහි නුවරට ගොස් ගෙයි ගෙයි දී ම කීවා සේ ම මළාහු ය. බන්ධුල සේනාපති ද එම දා ම සැවැත් නුවරට වන්හ.

එතැන් පටන් දස මසක් පිරුණු කල බන්ධුල මල්ලිකාවෝ එකවිිට ම ඔවුනො ‘වුන් හැඳිනගත නො හැකි රන් රූ සේ පුතුන් දෙදෙනකු වැදුහ. එ තැන් පටන් හවුරුදු පතා ම යමක යමක කොට නිමුන් පුතුන් වදන්නාහු සොළොස් හවුරුද්දක් ඇතුළත පුතුන් දෙතිසක් වැදූහ, ඒ පුත්තු දෙතිස ම නිරොගී වූහ, බන්ධුල සේනාපතීන් හා සම වූ කායබල රූපශ්රීම ඇතියහ, පුතුන් දෙතිස් දෙනා හා සමඟ සේනාපතීන් සිටි කල පුතුන් කා බවත් සේනාපතීන් කා බවත් නො දන්නෝ දැනගත නො හෙති. සේනාපතීන්ගේ දහසක් පමණ සේවකයෝ ඇත, පුතුන් දෙතිස් දෙනා ගේ ද දහස් බැගින් දෙතිස් දහසක් සේවකයෝ ඇත.පූර්වයෙහි තමන් දෙමහල්ලන් බොරු නො කීවා වූ කුශලයෙන් ද, ඔබළතුන්ට සැරයටි දන් දුන් කුශලයෙන් ද, මහණ බමුණන් දැක සිත පහදවා දුටු සේ මැනැවැයි සිත සිත‍ා ත්රිතවිධ වූ චේතනාව පිරිසිදු කොට දන් දුන්නා වූ කුශලයෙන් ද, පිරිසිදු වූ සම වූ මේ සා දරු සිරි ලද්දාහු ය.

බන්ධුලයෝ නම් කොළනි! - ඇතැම්. 


තව ද: ඒ බන්ධුල මල්ලිකාවෝ පෙර ජාතියෙහි තමන් දන් දුන්නාවූ එක අටපිරිකර දානයක්හුගේ කුශලයෙන් මේ ජාතියෙහි මේල පලඳනා ලදින් අප මහා ගෞතම බුදුන් දැක බණ අසා සෝවාන් ව බුදුන් කෙරෙහි ඉතා වල්ලභ වූහ. බුදුන්ගේ නියොග යෙන් සිය නුවරට නො ගොස් නැවත ගෙට ආපසු වැදු දරුවන් හෙයින් බුදුන් කෙරෙහි අති ප්රුසන්න ව මෙ තෙක් දරුවන් හා සමඟ දෙමහල්ලෝ ම දවස දවස වෙහෙරට එළඹ දවස දවස බුදුන්ට මහත් වූ සත්කාර කොට ඒ ආනන්ද බොධියට ද මහත් වූ පූජා කොට බොහෝ පින් රැස් කළාහු ය.


මෙසේ තමන් වහන්සේ කෙරෙහි පහන්නන් වඩ වඩාලා පහදවා ඔවුන්විසින් කරනලද මහත්වූ සත්කාරලත් හෙයිනු ත් එසේ වූ සත්කාර ලැබීමට සුදුසු හෙයිනු ත්, මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේ මේ මේ කාරණයෙනු දු අර්හත් නම් වන සේක.

තව ද: මෙසේ මෛසේ වූ බුදුන් කෙරෙහි කොසොල් රජ්ජුරුවන් බන්ධු සමාන ව විශ්වාසි වූ පරිදි කෙසේද යත්?

කොසොල් රජ්ජුරුවෝ රජගෙට නුදුරු වූ තැන භොජන ශාලාවක්කරවා....[සංස්කරණය]

කොසොල් රජ්ජුරුවෝ රජගෙට නුදුරු වූ තැන භොජන ශාලාවක්කරවා පන්සියයක් දෙනා වහන්සේට නිතිදන්දෙන්නාහුය රාජනියොගයෙන් මහාදාන දෙන බව මුත් භික්ෂූන් වහන්සේට විශ්වාසයෙන් ප්රේෙම සහිත ව වළඳවාලන්නාවූ සත්ත්වයෝ නැත, එසේ හෙයින් ඒ භිකිෂූන් වහන්සේ රජගෙයි බත් පාත්රාතවලින් පිළිගෙන තමන් තමන් වහන්සේගේ විශ්වාස උපාසක - උපාසිකා වරුන්ගේ ගෙවලට වඩනා සේක. ඔහු හැමදෙන ම තමන් තමන්ගේ කුලුපග වූ ඒ ඒ භික්ෂුන් වහන්සේ දැක පෙරමඟට අවුදින් පාත්රග අතින් ගෙන ගෙය වඩාගෙන ගොස් ආසන පනවා හිඳුවා රජගෙන් ගෙනා බත් කොමු වී නම් , සහල් වී නම්, කිලුටු වී නම්, මඳ මඳ තමන්ට පිසූ බත් හෝ වළඳවාලති, එ බත් යහපත් වී නම්, ව්යූඤ්ජන මඳ වී නම්, තමන් තමන්ගෙන් සූප ව්යවඤ්ජන ලා වළඳවාලති, එසේත් කොට ගත නොහෙන දුක්පත් වූ උපාසක උපාසිකාවරු අසුන් පනවා දෑ වැටිදඬු පැන් ආදිය සපයා මහත්වූ දයා ඇතිව අප දුක්පත් සේ ය යි කිය කියා විශ්වාස පරමයෙන් වළඳවාලති, එසේ හෙයින් රජගෙන් දන් ලත් පන්සියක් දෙනා වහන්සේ ම එ බත් විශ්වාසයන්ගේ ගෙවල ගොස් මෙසේ මෙසේ සුවසේ වළඳන සේක් ම ය.

එක් දවසෙක රජ්ජුරුවෝ අමුතු වූ පඬුරක් ලදින් “මේ සංඝයාා වහන්සේ වළඳවා ලව”යි කියාලා භොජන ශාලාවට යවුවාහු ය. භොජන ශාලාවෙහි එ වේලෙහි එක කෙනකුන් වහන්සේ ත් නො දැක අමාත්යෙයෝ එ පවත් රජ්ජුරුවන්ට කීහ.රජ්ජජුරුවෝ “සංඝයා වහන්සේ මාගේ බත් කොයි හිඳ වළඳන සේක්දැ”යි විචාරා “තමන් තමන් වහන්සේගේ විශ්වාාස ගෙවලදී වළඳන සේකැ”යි අසා‍ “මාගේ දන් සෙසු ගෙවලදී වළඳන්නට කාරණ කවරේදැ”යි භික්ෂූන් වහන්සේට කිපී එම විට ම බුදුන් කරා දිවගෙන ගොස් බුදුන් දැක වැඳ එකත්පස්ව සිට “ස්වාමිනි! නුඹ වහන්සේගේ ශාසනගත වූ භික්ෂූහු ඉතා අමධ්යිස්ථයහ, මා වැනි රජක්හුගෙන් දෙන අග්රූ වූ දානය මාගේ ගෙයි දී නො වළඳා සෙසු ගෙවල දී වළඳන්නාහු ය, ඒ අමධ්යගස්ථකම් වේ ද, දා‍නයෙන් උතුම් කවරේ දැ”යි විචාළහ. බුදුහු “මහරරජ! දාන ය නම් විශ්වාසය උතුම් කොට ඇතියේ ය, තොපගේ දානය මධුර බව මුත් විශ්වාසය නැත, සෙස්සවුන්ගේ දාන ය අමධුර වුව ත් විශ්වාසය මධුර ය, යම් කෙනෙක් හුවකැන් මාත්රාවවකුත් විශ්වාස ය උතුම් කොට ආදරයෙන් දෙන්නාහු වූ නම් ඒ දාන ය උතුම් ම ය”යි වදාළ සේක. ස්වාමිනි! භික්ෂුන් වහන්සේ විශ්වාස කොට ගන්නේ කෙසේදැයි විචාළහ. බුදුහු “මහරජ! මාර්ගඵල ලද්දාවූ සෙඛකුලෙහි ඇත්තන් කෙරෙහි හා නෑයන් කෙරෙහි භීක්ෂූහු අති විශ්වාසයහ”යි වදාළ සේක.

එ වේලෙහි රජ්ජුරුවෝ බුදුන් වැඳ රජගෙට ගොස් “බුදුන් හා නෑ වීම් හැම භික්ෂූහු මා කෙරෙහි විශ්වාසී වෙති, බුදුන් හා නෑ වන උපදෙශයක් කෙරෙමි”යි සිතාලා තමන් එ කලට දඹදිවට අධිපති හෙයිනුත් තමන්ට වඩාබලඇති අනික් රජක්හු නැති යෙහිනු ත් “ශාක්යඅකුලයෙන් ශරණක්, ගුණෙන් ්වෛ් ව යි නුගුණෙන් වේ ව යි ගෙන්වමි”යි සිතාලා එ කලට ශුද්ධොදන රජ්ජුරුවන් නැති ව බුදුන් හා දෙබෑයන් දරු වූ අනුරුද්ධ මහ තෙරුන් වහන්සේගේ බෑණන් මහානාම නම් ශාක්යුරජ්ජුරුවන් ශාක්යේ කුලයට අධිපති ව රාජ්ය ය කරන හෙයින් උන්ට බොහෝ පඬුරු යවා “තමන්ගෙන් දරුකෙනකුන් මට ශරණ එවන්නේ ය, ශාක්යම කුලයට නෑවනු කැමැත්තෙමි”යි කියා යවුවාහු ය. ශාක්යහකුලයෙහි රජදරුවන් නම් උභයකුල පරිශුද්ධ හෙයිනුත් මහාමානී හෙයිනුත් අනික් රාජවංශයක් හා තමන් නෑ නොවන හෙයිනුත් මහානාම නම් ශාක්යා රජ්ජුරුවෝ දුතයන්ගේ බස් අසා සිතන්නාහු “කොසොල් රජහු කලකිරවා අප මෙහි වැසගත නො හැක්ක, එ තෙමේ මහා බල ඇතියේ ය, ශරණක් නුදුනෝතින් එරජ අපටවෛරී වෙයි, දුනෝතිනුත්ජාතිසම්භෙද වෙයි, ශරණ දුන ත් මැනැව, නුදුන ත් මැනැවැ”යි සිතාලා තමන්ගේ මහා මුණ්ඩිනම් දාසිය කුසින් උපන් තමන්ටම දා වූ වාසභ ඛත්තිකා නම් සෙ‍ාළොස් හැවිරිදි දුව දෙවඟනක සේ සරහාලා “මාගේ දියණියන් ගෙන යව”යි දුතයන්ට කීහ.

දුතයෝ සිතන්නාහු “මේ ශාක්ය්යෝ නම් මහා මායම් දනිති. සෙසු රජක්හට ශාක්යහකුලයෙන් ශරණක් පෙර නුදුන් විරූහ, ඔවුනොවුන් හා මන්ත්ර ණ ත් කළහ, බාධාවක් නො කියා ම පාවා දුන්හ, කිමෙක්දෝ හෝ යම් තමන්ගේ කෙල්ලකගේ දරුකොට වැඩදුවක මායම්මකියා පාවාදෙද්දෝ හෝ’යිසිතා “මේ ශාක්යෝයෝ නම් තමන් දිවි යේ නමුත් නො තරම් කෙනකුන් හා කැටි ව නො කත්මය”යි දැන “ස්වාමිනි! අපගේ රජ්ජුරුවන් වහන්සේ කෙරෙහි භය ඇතියම්හ, නුඹවහන්සේගේ දියණියන් හා කැටිව කෑ සේක්වීනම් ගෙන යම්හ, නැත සැක ඇතියම්හ”යි කීහ.

එ බසට රජ්ජුරුවෝ “යහපත! තොප දැක්කදී ම කැටිව ත් කමි”යි කියාලා දුතයක් බල බලා සිටිය දි මා අමාත්යතයන්ට මායමක් උගන්වාලා එ වේලෙහි පාවාඩය පිට හිඳගෙන දරුවන් සරහ‍ා බත් නක්ට ගෙනෙව”යි කීහ. එ වේලෙහි අමාත්ය යෝ වාසභඛත්තිකාව මහපෙරහරින් වඩාගෙන ගොස් රජ්ජුරුවන් හා එක පාවාඩයේ හිඳුවාලුහ. එ වේලෙහි රජ්රුවන් දුව ඉස අතගා පියා “පුත! තොප කොසොල් රජ්ජුරුවන්ට යවමි, එතෙකින් කවර දවසෙක දකිම්දැ”යි බොරු සනාවක් කියා බොරු කඳුළක් ගෙන පියා “පුතණ්ඩ! බත් කව”යි කියාලා වාසභඛත්තිකාව බතට අත පොවාලු වේලෙහි ඈ බත් අත නො ගානා තුරු තුමු තුමු පළමු කෙට බත් පිඩක් අතට හැරගෙන බත්පිඩ වටා කට තුබුහ. එ කෙණෙහි ආදි ම උගන්වාලු අමාත්යපයා බොරුපතක් ගෙන අවුදින් රජ්ජුරුවන් වමතට පත දීලා “ස්වාමිනි! පසල් දනවුවෙහි සිට දුතයෙක් ආනා ආනා ඇඟින් ඩා කඳු වගුර වගුරා ගෙන වහ වහා දිව අවුදින් “මෙ පත වහා ස්වාමින්ට පෑල”යි කීය. ඒ කෙසේ වූ ඉක්මන් මෙහෙවරක් බවත් නොදැනෙයි, මේ නිමවා හිඳ තෙලෙ පත අසුන් බලා වදාළ මැනැවැ”යි කිය.එ වේලෙහි රජ්ජුරුවෝ “පුතණ්ඩ! තෙපි බත් කව”යි කියා දෙවනුව බතෙහි අත නො ගා වමතින් පත අල්වා ගෙන පත් අසුන් බල බලා එහි අමුතු කම්පා උපදව උපදවා වාසභඛත්තිකාව බත් කා නිමන තුරු අමුතු කථාවෙන් දවස්යවා එම සංසලයෙහි දෙවනුවත් බත් කෑවා සේ අතකට ශොධාපීහ. වාසභඛත්තිකාවෝ බත් කෑවාහු ම ය.

දුතයෝ එ වේලෙහි මෙ සොරකම් දැනගත නොහී කැටි ව කෑහ යි යන සිතින් සැක හැරපියා බොහෝ නානුමානයෙන් වාසභඛත්තිකාවන් සැවැත් නුවර ගෙන ගොස් කොසොල් රජ්ජුරුවෝ අතුරු නො දැන මිතුරුබැවුහි සතුටු ව මුළුනුවර දිව්යඅපුරයක් සේ සරහා මහත් වූ මඟුලෙන් වාසභඛත්තිකාවන් අගමෙහෙසින් කළහ.

නොබෝ කලෙකින් ඒ වාසභඛත්තිකාවෝ රජ්ජුරුවන්ට පුතකු වැදුහ. ඒ කුමරහු උපන් වේලෙහි රජ්ජුරුවෝ අමාත්යුයකු කැඳවා “වාසභඛත්තිකාවන් මට පුතණු කෙනකුන් වැදු නියාව මාගේ මෑණියන්වහන්සේට සැලකරව”යි කියා යවුහ. එවේලෙහි ඒ ඇමැති දිව දිව ගොස් එ පවත් කීය. මෑණියෝ එ පවත් අසා “වාසභඛත්තිකා මෙ තැන් පටන් මපුතණු වන් කෙරෙහි වල්ලභ ය”යි කියා ඕහට මඟුල් ප්රයසාදදුන්හ. ඒ ඇමැති තමාගේ කන මඳක් මාහඬු හෙයින් වල්ලභය යි කී බස වරදවා අසා “විඩුඩහ නමැති වදාළ සේකැ”යි රජ්ජුරුවන්ට කීය. රජ්ජුරුවෝ එ බස් අසා “ම‍ාගේ මෑණියන් වහන්සේ කීයේ මාගේ රාජවංශයෙහි ප්රළවේණි ගත ව තිබි ආ නමෙක් වනැ”යි සිතා “අද පටන් ම පිත් විඩුඩහ නමැ”යි නම් දුන්හ. එ තැන් පටන් වාසභඛත්තිකාවෝ ඉතා ශ්රී මත් වුහ. අනුන්ට දාසී ව සිට බුදුන් නිසා මෙ බඳු වූ රජක් හට අගමෙහෙසින් වීම් යි දවස දවස බුදුන් කෙරෙහි මහත් වූ ආදර කොට අතිප්රවසන්නවූහ. කොසොල් රජ්ජුරුවෝද එ තැන් පටන් බුදුන් කෙරෙහි අතිශ්ර ඬා ඇතිව විශ්වාස පරම ව දන් දී ආනන්ද බොධි ආදියෙහි මහත් වූ පූජා කොට පින් රැස් කළහ.


මෙසේ තමන් වහන්සේ කෙරෙහි විශ්වාසි වූ සත්ත්වයන් අති විශ්වාස කරවා......[සංස්කරණය]

මෙසේ තමන් වහන්සේ කෙරෙහි විශ්වාසි වූ සත්ත්වයන් අති විශ්වාස කරවා මහත්වූ සත්කාර ලත් හෙයිනු ත්, එසේ වූ සත්කාර පූජා විඳීමට සුදුසු හෙයිනු ත් මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේ මේ මේ කාරණයෙනුදු අර්හත් කම් වන සේක.

තව ද: එම රජහුගේ අගමෙහෙසින් වූ කෝසල මල්ලිකා දේවීන්ගේ උත්පත්ති කථාව කවර යත්?

එ ම සැවැත් නුවර පන්සියයක් මාලාකාරයන්ට නායක මාලාකාර ජ්යෙනෂ්ඨයකුගේ දුවක් දෙවඟනක බඳු වූ රූ ඇත්ති ය, රජක්හට අග බිසෝ වන රූ ඇත්තීය; උතුම් වූ ස්ත්රීයලක්ෂණ ඇත්තී ය. ඕතොමෝ සොළොස් හැවිරිදි අවස්ථාවෙහි පැසක් අතින් ගෙන මල්වත්තට මල් කඩා යන්නි කොමු පිඬු තුනක් හැරගෙන ඒ මල් කඩන පැසෙහි ලාගෙන මල්වත්තෙහි දී කමි යි සිතාලා ඇතුළු නුවරින් පිටත් වලා කුඩා කෙල්ලන් ගණනක් හා සමඟ යමින් සිටියා ය.

එ කල කරුණානිධානවූ මාගේ බුදුරජාණන් වහන්සේ අරුණෝද්ගමන වේලෙහි “අද කවර ස්ත්රීස - පුරුෂයක්හට ශක්රමසම්පත් - බ්රටහ්මසම්පත් - මාරසම්පත් - සිටුසම්පත් - රජසම්පත් දෙවාලම් දෝහෝ”යි බලා වදාරා මේ කුමාරිකාවට එදා වන අභිවෘද්ධියක් දැක ආයුෂ්මත් වූ අනඳ මහ තෙරුන් වහන්සේ ආදි වූ පන්සියයක් පමණ ශ්රායවක ගණයා පිරිවරා සවනක් රසින් දිලිහි දිලිහී වැඩ ඒ කුමාරිකාව අභිමුඛයෙහි පෙනි ගිය සේක. එ වේලෙහි ඕතොමෝ බුද්ධාලම්බන ප්රීගතීන් මත් ව “බුදුන්ට කුමක් පිළිගන්වාපියම් දෝ හෝ”යි සිතා අනික් කිසි දෙයක් නො දැක තමාගේ පැස තුබු කොමුපිඩු තුන අතට හැරගෙන “බුදුහු මේ පිළිගන්නා සේක් දෝ හෝ, නො පිළිගන්නා සේක් දෝ හෝ”යි සිත සිතා භය ඇති ව නැමි නැමී ළඟට ගියාය.

එ වේලෙහි ස්වාමිදරුවෝ ඈ කෙරෙහි කළාවූ මහා කරුණ‍ාවෙන් වැරම් රජුන් විසින් දෙනලද ශෛලපාත්රමධාතු නමා පෑලු සේක. එ වේලෙහි ඒ කුමාරිකා කොමුපිඩු තුන පිළිගන්වාලා බුදුන් වැඳ පස්වනක් ප්රී තින් පින‍ා බුදුන්ගේ සඳමඬලක් වන් මුව සඬල බල බලා සතුටු සතුටු ව සඳරස් දුටු කෞමදයක් සේ පින පිනා සිටියාය. එ වේලෙහි බුදුහු සිටියා වූ කුමාරිකාව දැක ඈට එ ම දා ම වන වැඩක් දැක “මාගේ ශාසනයෙහි මතු මෝතොමෝ ඉතා වල්ලභ වෙයි”සිතා සිනාවක් පහළ කළ සේක.

බුදුන්ගෙත් සිනා ඇද්දැයි යත හොත්? සෙසු සත්ත්වයන් සේ හඬගා වේවයි කට දල්වා වේවයි බුදුන්ගේ සිනා නැත, බුදුන්ගේ සිනාවක් උදෙසා ලෝවැඩකට කැරණයෙක් ඇත්නම් එවේලෙහි සිනාවක් පහළ කෙරෙමියි සිතා වදාළ කල ‘කිරිමුහුදින් දිවු මහරළ සතරක් සේ, ප්ර්චාල සාගරයෙන් ඉස් නඟා නික්මුණාවූ හැළි වූ දිව්යෙනාගරාජයන් සතරදෙනකු සේ, බුදුන්ගේ සතර දන්ත ධාතුයෙන් ‘තනයෙකින් දිවු කිරිපිහිරි සතරක් සේ සුදු බුදුරස් කඳ සතරෙක් පිටත් ව ශ්රීන මුඛ ය තුන් තුන් වාරයෙහි ආවර්තන ය කොට දොළොස්මඬුල්ලක් දක්වාලා ‘අනවතප්පවිල සතර මුඛයෙන් දිවු සතරමහා ගංගාව තුන් තුන් වාරයෙහිවිල පැදකුණු කොට ඒ ඒ දිගින් දිවුවා සේ මාගේ ඒ සර්වඥ නමැති මහා අනවතප්පරෙයන් දිවු බුදුරස්කඳ සතර සතරදිගින් ගොස් අහස්කුස පැන නැඟී සක්වළ ගබ පුරා අකනිටා බඹලොව ගැසී නැවත බුදුන් කරා ම දිව අවුදින් ‘රජුගේ නියොගයෙන් ඒ ඒ දිග්හි දිව ගිය ගිය දෙස පරසතුරන් ජයගෙන නැවත අවුදින් අජුගේ ගෙට වදිනා සතර මහා යොධයන් සේ, ඒ බුදුරස් කඳ සතර ද ස්වාමිදරුවන් ගේ ශ්රීය මුඛයට ම වැද අන්තර්ධාන වෙයි. මේ කාරණයෙන් භික්ෂුහු “බුදුහු සිනා පහළ කළ සේකැ”යි දනිති. එ වේලෙහි ත් ස්වාමි දරුවෝ ඒ කුමාරිනාව මුහුණ බලා මෙසේ ම සිනා පහළකොට වදාළ සේක.

එ වේලෙහි අනඳ මහතෙරුන් වහන්සේ “ස්වාමිනි! බුදුහු නම් අකාරණයෙක සිනා නොසෙන සේක, කවර කාරණයෙකින් සිනා පහළ කළ සේක් දැ”යි විචාළ සේක. එ වේලෙහි ස්වාමිදරුවෝ “ආනන්දය! මේ කුමාරිකාව මට මේ දුන්නාවූ කොම පිඬු දානයාගේ විපාකයෙන් අද සවස මෙම නුවර කොසොල් රජහට අගමෙහෙසින් බිසෝ වෙයි, මේ කාරණය සිතා සිනා පහළ කෙළෙමි”යි වදාරා ඇතුළු නුවර සිඟා වන් සේක.

එ වේලෙහි කුමාරිකා බුදුන් වදාළ තෙපුල් අසා “බුදුහු නම් ඒකාන්තයෙන් සබාවූ තෙපුල් ඇති සේ, කිමෙක් දෝහෝ රජ්ජුරුවන් අද වකට මෙනුවර ත් නැති වුව, කෙසේ වූ විස්මයක් දෝහෝ”යි සිත සිතා මල්වත්තට පලා ගොස් “රජුට අගමෙහෙසින් වෙති”යි කී බසට මත් ව හඬගා ගී කිය කියා මල් කඩන්නී ය.

පසේනදී කොසොල් රජ්ජුරුවන් පියාණන් මහකොසොල් රජ්ජුරුවන් දියණියෝ රජගහා නු වර බිම්සර රජ්ජුරුවන් කෙරේ වැස අජාසත් කුමරු වැදුහ,අජාසත් කුමර දෙවිදතුන්ගේ අසත්පුරුෂ සමවායයෙන් පියරජහු දරා රජයගත; මහකොසොල් රජ්ජුරුවෝ දියණියන්ට දායාද පිණිස දෙවනුවරට අතුරෙහි සැවැත් නුවරට හිමි දනවුවක් දුන්හ. පසුව පසේනදි කොසොල් රජ්ජුරුවෝ “සුහුරුබඩුණුවන් මැරූහ”යි බෑනණුවන් කෙරෙහි කළ කෝපයෙන් නැඟණියන් සතු දනවුව නවත්වා ගත්හ. අජාසත් කුමර එ පවත් අසා තමා ත් මහබල ඇතිහෙයින් එ සනවුවෙහි අය බලාත්කාරයෙන් ගෙන්ව යි, කොසොල් රජ්ජුරුවෝ ත් පල සෙනග යවා බලාත්කාරයෙන් ගෙන්වති; එ කල දෙරජුන්ගේ මහා යුද්ධයෙක් වි ය. සමහර දවසෙක අජාසත් කුමර පැරද පලායෙයි, සමහර දවසෙක කෝසලයෙන් පැරද පලා යෙති; එ දවස් ද කෝසල රජ්ජුරුවෝ මහසෙන් සමඟ ගොස් බෑනණුවන් හා යුද්ධ කළහ.

ඒ අජාසත් කුමාර උක්කුටිකයෙන් හිඳ අටළොස් රියනක් පැන පියන බල ඇතියේ ය. කඩුුව හා සමඟ මහ අඩණයක්* අතින් හරගෙන කෙළින් සිට අසුරියනක් පැනපියන බල ඇතියේ ය, එසේ හෙයින් මයිල් රජහට තමාගේ බල පවිමි යි සිතාලා කඩුව හා අඩණය ගෙන කොසොල් සෙනග මැදට පැන කෙහෙල්කඳ පොලුගන්නා සේ මයිල් රජහුගේ බලයොධයන් සිය ගණන් පොලු ගෙන පී ය. එ වේලෙහි සත්කෙළක් පමණ ඇති මහ කොසොල් සෙනග රජ්ජුරුවන් නො බලා ම ගිය ගිය අත බිඳී දිවපීහ. කොසොල් රජ්ජුරුවෝ ද අසකු පිටට පැන නැඟීලා සැවැත්නුවර ම දිව එන්නාහු එ මල්වත්තෙහි අඬගා ගි කිය කියා මල් කඩන ඒ කුමාරිකාවගේ ශබ්ද ය අසා ඇගේ පින්බලයෙන් ම ඈ කෙරෙහි ලොභ උපදවා අසුපිටින් ම ඒ මල්වත්තට දිව ඈ සිටි තෙනට ම ගොස් වැද ගියහ.

එ වේලෙහි කුමාරිකාවෝ රජ්ජුරුවනුත් හැඳිනලා බුදුන් වදාළ වචනය ත් සඳහන් කොටලා “ඒකාන්තයෙන් අද මම මෙ රජහුට අග මෙහෙසින් වෙම් ම ය”යි සිත සිතා රජහු කෙරෙහි භය නොකොට පැන පලා නො ගොසින් සිනා සිසී වැඳ සිට අසුගේ කඩියාලම අත පොවාලා භයා අල්වාගත. එ වේලෙහි රජ්ජුරුවෝ “තෝ කවරක්හි දැ”යි විචාරා “මම මාලාකාර දුවකිමි”යි කී කල “අස්වාමිකයෙහි ද, සස්වාමිකයෙහි දැ”යි විචාරා “අස්වාමිකයෙමි”යි කී කල අසුපිටින් බැස “අස්පිටින් ද්ව විඩාව ගියෙමි, මඳක් නිඳාපියනු කැමැත්තෙමි, මඳක් තෝ මෙසේ වැදහිඳැ”යි කියාලා ඇගේ ඇකයේ හිස තබාගෙන සැකයක් නැති ව ම මඳකලක් සැතපි විඩා සන්හිඳුවා ගෙන නැඟීසිට එම අසුපිට ඒ කුමාරිකාවන් හිඳුවාගෙන රජගෙට පලාගොස් නැවත දෙමවුපියන්ගේ ගෙට ම යවා එ වේලෙහි ම මඟුල් රථ ය යවා මවුපියන්ට බොහෝ සත්කාර කොට ඇය රජ පෙරහරින් ගෙන්වාගෙන බොහෝදෙනා මධ්ය යෙහි රුවන් ගොඩක් පිට සිටුවා අභිෂෙක කොට අගමෙහෙසින් කළහ.

මහ අඩයක් - ඇතැම්.


ඒ කුමාරිකාවෝ මල් කඩන තෙන දී දුටු හෙයින් මල්ලිකා නම් ලදහ, කොසොල් රජහට අගමෙහෙසීන් වූහෙයින් කෝසල මල්ලිකා දේවි ය යි මෙ නමින් ප්රඅසිද්ධව පන්සියයක් පුර ස්ත්රීාන්ට නායක ව රජ්ජුරුවන්ට ප්රිධය ව මන වඩා වසන්නාහු බුදුන් නිසා තමන් අගමෙහෙසින්වූ බව තමන් ම දන්නා හෙයින් තුනුරුවන් කෙරෙහි මහත් වූ සැදෑ ඇතියහ, දවස් පතා දහස්ගණන් පරිත්යා ග කොට ආනන්දබොධි ආදියෙහි මහත්වූ පූජා කරවා බොහෝ වූ පින් රැස් කළ‍ාහු ම ය.


මෙසේ තමන්වහන්සේ දැක සිත පහදවා....[සංස්කරණය]

මෙසේ තමන්වහන්සේ දැක සිත පහදවා කොමුඩුපිඩක් පමණ දන් දීලු මලාකාර දුන්ට පවා එම දා මෙසේ අගමෙහෙසින් තනතුරු දෙවා බුදුබව පෑ ඔවුන් විසින් කරනලද මහත් වූ පූජාසත්කාර ලත් හෙයිනු ත්, මාගේ ස්වාමි දරුව බුදුරජාණෝ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වනසේක.

තව ද: එම සැවැත් නුවර උත්පල ගන්ධ නම් සිටාණන් කළ ප්ර තිපත්ති පූජා නම් කවරර යත්?

මෙයට කප් ලක්ෂයෙකින් යට පියමතුරා නම් බුදුන් සමයෙහි එක් දිළිඳු වූ උපාසක කෙනෙක් තුනුරුවන් කෙරෙහි පැහැද ගොස් බණ අසන දවසෙක බණ අස අසා ධර්මාලම්බන ප්රීබතින් මත්ව සාධුකාර දුන්හ. ඒ කුශල මූලයෙන් සතර අපාය ඇසින් නො දැක කප් ලක්ෂයක් මුළුල්ලෙහි දිව්ය ලොක මනුෂ්ය් ලොකයෙහි ඇවිද නොයෙක් සියදහස් ගණන් වාරයෙහි ශක්ර සම්පත්, චක්රිවර්ති සම්පත් ආදි වූ නොයෙක් දිව්යර මනුෂ්යර සම්පත් අනුභව කොට අප බුදුන් සමයෙහි මෙම කො‍ෙසාල් රජහුගේ සැවැත් නුවර සතලිස් කෙළක් පමණ ධන ඇති සිටු කුලයෙක උපන්හ. ඔවුන් බැණනැඟි කල මුඛයෙන් දිවු මහනෙල් මල් සුවඳ ලේ කුස පුරාගෙන ද්වාරාන්තරයෙන් පිටතට නික්මෙයි. එසේ හෙයින් ඔහු උත්පලගන්ධ නම් සිට‍ාණෝ ය යි මෙ නමින් ප්ර සිදුධ වූහ.

කලෙකින් ඒ සිටාණෝ බුදුන් කරා ගොස් බණ අසනුයේ ගිහි ගෙයි ආදීනව හා බුදුසසුන් වැද මහණවීමෙහි අට මහා විපාක අසා ගිහි ගෙයි කලකිරුම් ඇති ව සතලිස්කෙළක් පමණ ධන හා සිටු සැපත හැරපියා සසුන් වැද මහණ ව නොබෝ දවසෙකින් විදර්ශනා වඩා රහත්ව, එතැන් පටන් උත්පලගන්ධ මහ තෙරුන් වහන්සේ යයි මෙ නමින් ප්ර්සිද්ධ ව බුදුසසුන් නමැති මහා සරසියෙහි පැන නැඟී ප්රනබුද්ධ වූ උත්පල රාජයක් සේ ඉතා ශොභාමත් වූ සේක.

එ කල පසේනදී කොසොල් රජ්ජුරුවෝ සිටාණන් මහණ බවු අසා “අස්වාාමික භාණ්ඩ නම් රාජසන්තකය”යි කියා සිටාණන්ගේ සිටු සැපත ත් ගෙන්වාගෙන උන්ගේ අග්රභ වූ සිටුදියණියන් අසාධාරණ වූ රූ ඇති හෙයින් තමන් ගේ අන්තඃපුරයට ගෙන්වා ගත්හ. එ කල පන්සියයක් පමණ මහනෙල් මල් කලබ් ගෙනවුත් මාලාකාරයෝ රජ්ජුරුවන්ට දුන්හ. රජ්ජුරුවෝ පිරිවරිා සිටි ඒ සිටුදියණියන් ආදි වූ පන්සියයක් පුර ස්ත්රීුන්ට දුන්හ. ඒ සිටුදියණියෝ තමන්ට දුන් මහනෙල්මල් කලබ අතින් ගෙන ආඝ්රාීණය කොට මහනෙල් මල් සුවඳින් පූර්වයෙහි තමන්ගේ සිටාණන් සඳහන් කොට “මාගේ ප්රිූය වල්ලභයාගේ මුඛ සුගන්ධ ය වැනැ”යි සන්තුෂ්ටව, ප්රීවතින් මත් ව, සිහි එළවාගත නොහී ඉතා මහත් කොට සිනා සී දෙවනුව “එ වැනි මාගේ ස්වාමිහුගෙන් වියෝගයට පැමිණියෙමි”යි සිත සිත‍ා ශොක කරන්නී මහත් කොට හඬාපුව.

රජ්ජුරුවෝ මේ කාරණ දෙක ම දැක එ බිසොවුන් ලඟට කැඳවා “තී මා බල බලා හින්ද දී භය නැතිව සිනා සුණුයෙන් ඇයි ද, දෙවනු ව ඇඬුයෙ ත් ඇයිද, මට නො සඟවා කිය”යි භය ගන්වා විචාළහ. එ වේලෙහි බිසොවු් “ස්වාමිනි! අනික් වරදක් නිසා සුණුයෙම් - ඇඬුයෙම් නො වෙමි, මාගේ පූර්වයෙහි රක්ෂා කළ ස්වාමිහුගේ මුඛයෙහි සුගන්ධ ය මේ මහනෙල්මල් සුවඳ අසා සිහි කොට ඔබ කෙරේ ගත් ප්රේහමයෙන් සීපීමි, ඔබගේ වියෝගයෙන් අඬාපීමි, අනික් සිතක් සිතුයෙම් නො වෙමි”යි කීහ. එ බසට රජ්ජුරුවෝ “තී කියන්නේ අනිකෙක් ම ය. මිනිසුන් මුඛයෛහි ත් මහනෙල්මල් ගඳ ඇද්දැයි”යි කියා නො ගිවිස නැවත කිපියහ. බිසොවු තව ද භය නැති ව කියන්නාහු “මා කී බස් නො ගිවිස්නා සේක් වී නම් ඔබ දැන් බුදුන් කෙරේ මහණ ව දෙවුරම් වෙහෙර වැඩ වසන සේක, බණ කීමෙහි ඉතා දක්ෂ සේක, ඔබ අතින් බණ අසන කල ඔබ මුඛයෙන් හමන මහනෙල්මල් සුවඳ නො ඇසූ සේක් වී නම් පසුව මට කැමැති වධයක් කළ මැනැවැ”යි කීහ.

රජ්ජුරුවෝ එ වේලෙහි “ඈ කීයේ කාරණ ය”යි ගිවිස දෙ වදාන උදාසන බුදුන් හා, ඒ උත්පලගන්ධ මහතෙරුන් මහන්සේ හා ඇතුළුවූ පන්සියක් දෙනා වහන්සේ පවරාගෙන රජගෙට වඩාගෙන සුවඳ බඩු පිටත් කරවා “සුවඳ මලක් නො ගෙන, නො පැලඳ, සුවඳ ඇඟ නො ගල්වා, ඉස් ශොධා නා හැම දෙන ම පිරුවට හැඳ බණ අසන්නට එව”යි් සියලු නුවර වැසියන්ට නියොග කොට, තුමු ද එසේ ම සුවඳ ඇඟ නො ගල්වා, සුවඳ මල් නො පැලඳ ශූද්ධශාටකයක් හැඳ යටිමාලෙහි ධර්මාසනයක් පනවා සිටියහ.එ වේලෙහි ස්වාමිදරුවෝ රජුගේ අදහස් දැන “රජ්ජුරුවන්ගේ ශඬ්කාව දුරු කෙරෙමි”යි සිතා සිතා උන්වහන්සේ කැඳවාලා “උත්පලගන්ධ ය! තාගේ පුරාණ දුතියිකාවගේ භය හරවා තෝ ම අද බණ කිය, මම තා අතින් බණ අසමි”යි වදාළ සේක.

එ වේලෙහි මහ තෙරුන් වහන්සේ බුදුන් වැඳ අවසර ඉල්වා‍ ගෙන සිංහරාජයක්හුගෙන් ප්රරසාද ලත් ඇත්පොවුවකු සේ නිර්භීත ව ධර්මාසනයට පැනනැඟී තුන්යලක් නමස්කාර ය කියා ධර්මදෙශනාවට පටන් ගත් සේක.එ කෙණෙහි මහ තෙරුන් වහන්සේ බැණනැඟි බස හා සමඟ ම ඉමුඛයෙන් නික්මුණා වූ මහනෙල්මල් සුවඳ හැම රජගෙයි යටිමාල පුරාගෙන මහදොරින් පිටත් ව හමා බස්නට පටන්ගත. එවේලෙහි රජ්ජුරුවෝ ඉතා සන්තුෂ්ට ව බණ අසා විස්මයෙක් ද, මනුෂ්යතයන්ගේ මුඛයෙන් මහනෙල්මල් සුවඳ හමා බස්නට කාරණ කිම් දැ”යි විචාළහ. එ වේලෙහි බුදුරජාණන් වහන්සේ රජහට අනුමොදනී නිසා:-


සද්ධම්මදෙසනා කාලෙ - සාධු ‘ති භාසතො

මුඛතො වායතී ගන්ධො උප්පලං ‘ව යථො ‘දකෙ - යි


යන මේ ගාථාව වදාරා “මහරජ! මේ ස්ථවිරතෙම මෙතෙනට කප් ලක්ෂයකින් යට උපන් පියමතුරා නම් බුදුන් සමයෙහි එක් දිළිඳු කුලයෙක ඉපැද බොහෝ සේ ධර්මමණ්ඩලයට ගොස් සැදෑ ඇති ව බණ අසයි. බණ අස අසා ඉඳ ධර්මාලම්බන ප්රීඇතීන් බොහෝ සේ, හැමදෙනාට පළමු ව සාධුකාර දි දී බණ ඇසී ය, ඒ කුහල මූලයෙන් කප්ලක්ෂයක් මුළුල්ලෙහි නරකාදි දුක් නො විඳ දිව්යනලොක මනුෂ්ය ලොකයෙහි අප්රහමාණ වූ ශ්රීය සම්පත් ලද, මෙතුවක්කල් මුවල්ලෙහි ම මහනෙල්මල් සුවඳ ගඳ මුව ලද, දැන් මාගේ මේ බුද්ධොත්පාදයෙහි මේ සැවැත් නුවර ඉපැද, මාගේ සසුන් වැද මහණව, එම කුශල මූලයෙන් ම අමා මහ නිවන් දැක සංසාර සාගරයෙන් ගොඩ නැංගේ වේදැ”යි වදාරා රජ්ජුරුවන් ආදිවූ බොහෝ රජ පිරිස සාධුකාර දෙවා බුද්ධාසනයෙන් පැනනැඟී ආය්ය්ිර්ගරණයා පිරිවරා ජෙතවනාරාමයට ම වැඩි සේක.

එ වේලෙහි රජ්ජුරුවෝ ඒ සිටුදේවීන් කැඳවා “තොප නිසා මට බොහෝ වූ සද්ධර්මප්රීවති වී ය”යි කියා එදා උන්ට ද බොහෝ සැපත් දී එ තැන් පටන් තමන් කෙරෙහි වල්ලභ ස්ත්රීස කළහ.

මෙසේ තමන්වහන්සේගේ සද්ධර්ම ප්රී තීන් සාධුකාර දුන්නාවූ සත්ත්වයන්ට පවා මේ සා නිවන් සැපතක් දී විශෙෂධ වූ සම්යවක් ප්රසතිපත්ති පූජා ලති හෙයිනු ත් එසේ වූ ප්රෙතිපත්ති පූජා විඳීමට සුදුසු හෙයිනු ත්, මාගේ ස්වාමිදරු වූ බුදුරජාණෝ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වනසේක.


තව ද: මෙම සැවැත් නුවර දී අනඳ මහ තෙරුන් වහන්සේ ලද ශාටක පූජා නම් කවර යත්? .......[සංස්කරණය]

තව ද: මෙම සැවැත් නුවර දී අනඳ මහ තෙරුන් වහන්සේ ලද ශාටක පූජා නම් කවර යත්?

එක් සමයෙක කොසොල් රජ්ජුරුවන්ගේ පන්සියයක් බිසෝවරු දවස දවස වෙහෙරට ගොසින් බණ අසාගත නො හී රජ්ජුරුවන් කරා ගොස් “ස්වාමිනි! නුඹවහන්සේ දවස තුන්වාරයෙක බුදුන් ගොසින් බණ අසන සේක්ම ය.මෙ නුවර විශාකා ආදිවු සෙසු ස්ත්රීමහු ද සිත්සේ විහාරයට ගොස් බුදුන් දැක බණ අසා බොහෝ වූ පින් රැස්කරන්නාහු ම ය, අපි වනාහි නුඹවහන්සේගේ අන්තඃපුරයට සම්හ ව, සිත්සේ ගොස් බණ අසා පින් පුරාගත නො එම්හ, මෙ බඳුවු නව වන බුද්ධොත්පාද කාලයෙහි ඉපැද අසඬ්ඛ්ය,යක් කප් කාලයෙනු ත් “බුදුහු ය”යි යන නාම මාත්රඅය ත් දොර පෙනී ගිය කප්රුකක් සේ මෙම නුවර සද්ධර්මශ්රීයන් ශොභමාන ව ලෝවැඩ කළ දී අපි දැන් මුහුදුමැදට වැද පිපාසායෙන් දුග් ගන්නවුන් සේ, පොළොවට වැද පවා ගැළවී යා නොහෙන ළිහිණියන් සේ, පොළොවට වැද පවා පිහිටි නො ලබන්නවුන් සේ, ඉතා මහත් වූ අකුසල් ඇත්තම්හ, මැඳිරියෙක වසන පක්ෂීන් සේ නිරන්තරයෙන් කිසි තෙනෙක ඇවිදගත නොහී කුසල්මහ නො ලදින් ඉතා මහත් වූ දුග් ගන්නවුන් වැන්නම්හ.

බුදුන් මධුරනාදයෙන් වදාරන දහම් අසාගත නො හෙන හෙයින් කන් නැත්තවුන් වැන්නම්හ, තුනු රුවනින් රුවනක් දවස්පතා දැක්ක නො හෙන හෙයින් ඇස් නැත්තවුන් වැනියම්හ, බුදු ගුණයක් ඉගෙන කියාගත නෛා හෙන හෙයින් දිවු නැත්තවුන් වැනියම්හ, සද්ධර්ම ප්රීහතීන් මාර්ගඵලයක් නො ලබන හෙයින් සිත් නැත්තවුන් වැනියම්හ, බුදුන් කරා අප පයින් ගොස් බණ අසාගත නො හෙන හෛයින් පා නැත්තවුන් වැනියම්හ, දවස්පතා දැක වැඳගත නො හෙන හෙයින් පස්කඳ නැත්තවුන් වැනියම්හ, බණ අසා සිතූ සිතු දෑ පුදාලත නො හෙන හෙයින් ධන ඇත ත් නැත්තවුන් වැනියම්හ, එසේ හෙයිනුත් නුඹවහන්සේ අපට මේ සා මහත් ශ්රී සම්පතක් දී වදාරතෝතිනු ත් කොතෙක් ඓශ්වය්ය්ෙර්‍ ඇත ත් පින් කොටගත නො හෙන හෙයින් අප විඳිනා දුක් නරක දුක් හා සමය යි සිතම්හ, ස්වාමිනි! නුඹ වහන්සේ අප කෙරෙහි විශෙෂ වූ දයාවෙක් ඇත්තේ වී නම් දවස දවස වෙහෙරට යන කල අප හා සමඟ ගොස් බණ අසා හෝ වදාළ මැනැව, එසේ නො ගිවිස්නා සේක් වී නම් දවස් පතා අප බණ අසා ගන්නා ලෙසක් හෝ කොට වදාළ මැනැවැ”යි යාච්ඤා කළහ.

එ ‍බසට රජ්ජුරුවෝ “ස්ත්රීකන් හා සමඟ හැමවිට ම වෙහෙරට යෑම ඉතා පළිරොධ ය, තොප ඇමට බණ අස්වන ලෙසක් කෙරෙමි”යි කියා බිසෝවරුන් සන්හිඳුවාලා එ නුවර මුළුල්ලෙහි දක්ෂ ව බණ කියන්නවුන් පරීක්ෂා කොට “ආගමධර වූ ජත්තපාණී නම් උපාසක කෙනකුන් ඉතා බලවතැයි” එක් දවසෙක උයන දී බුදුන් අතින් ම අසා දැන උන් රජගෙට කැඳවාලා “ඡත්ත පාණීනි! බුදුහු එක් දවසක් තොපගේ බොහෝ ගුණ මට වදාළ සේක. තොප ‘ආගමධරයක්හු’යි කියාත් වදාළසේක, ධර්ම කථිකයහයි කියාත් වදාළසේක, ආය්ය් ර්‍ පුද්ගලයහ යි කියා ත් වදාළසේක, මාගේ අන්තඃපුරයට අද පටන් දවස් පතා කියන්නාහු “ස්වාමිනි! රජදරුවන්ගේ අන්තඃපුරයට බණ කීම නම් අප සේ සුදුපිළී අඳිනා ගිහි පුද්ගලයන්ට සුදුසු නො වෙයි, තපස්වීවරයන්ට ම සුදුසු ය, ස්ත්රීර නම් ගිහින් කෙරෙහි ආසර නො කෙරෙති. සිලුවතුන් කෙරෙහි භය ඇතියහ, එසේ හෙයින් බුදුන්කෙරෙන් එක්තරා එක් මහතෙර කෙනකුන් වහන්සේ ඉල්වා ගෙන දවස් පතා අන්තඃපුරයට බණ අස්වා වදාළ මැනැව, එසේ කල බණ අසන්නවුන්ට ත් කියන්නවුන්ට ත් වැඩ බැඳේ ම ය; තව ද: ශීලයෙහි පිහිටියවුන් අතින් බණ අසන්නාවූ විපාකත් බෙහෙවැ”යි කියා‍ රජ්ජුරුවන් ගිවිස්වා තමන් ඇඟින් ගළවා රජගෙන් ගියහ.

එ වේලෙහි රජ්ජුරුවෝ කාරණ ය යි ගිවිස පන්සියයක් බිසෝවරුන් කැඳවා “තොප හැමදෙනාට බණ වදාරන පරිද්දෙන් එක් මහ තෙරකෙනකුන් වහන්සේ ඉල්වා බුදුන් කරා යෙමි, කවර මහ තෙර කෙනකුන් වහන්සේ අතින් බණ අසනු කැමතියා දැ”යි විචාළහ. අනඳ මහ තෙරුන් වහන්සේ නම් බුදු සස්නෙහි ඉතා මහත් වූ භාග්ය ඇතියාහු ම ය; තව ද; මධුර වූ කටහඬ ඇතිසේක, එසේ හෙයින් සුත්රී ජාති ය නම් ශබ්දයෙහි ලොභ ය ඇතියවුන් හෙයින් අනික් බසක් නො කියා එසේ වී නම් අපගේ ආයුෂ්මත් වූ අනඳ මහ තෙරුන් වහන්සේ අතින් ම බණ අසනු කැමැත්තම්හ”යි කීහ.

එ වේලෙහි රජ්ජුරුවෝ ජෙතවනාරාමයට ගොස් බුදුන් වැඳ “ස්වාමිනි! මාගේ අන්තඃපුරවාසීහු අනඳ මහ තෙරුන් වහන්සේ අතින් ම බණ අසනු කැමැතියහ, උන්වහන්සේ අන්තඃපුරයට බණ කියන පරිද්දෙන් ්අනුදැන වදාළ මැනැවැ”යි සැලකළහ. බුදුහු ඒ රජ්ජුරුවන් මඳ දෙයකට විරක්ත වන සේ දැක “මහරජ! තෝ නම් වට තැටියක් සේ, මඩෙහි ඉඳුවාලූ කීලයක් සේ කැමැති පිටකට නමාගත හැකියෙහි ය, ආනන්දයෝ නම් සෝවානහ, එ බවු දැන උන් කෙරෙහි පරීක්ෂා ඇති වව, ආනන්දයෝ තාගේ පුරයට බණකියන්ට සුදුස්සහ, තෝ ම සිහිපත් ඇති වව”යි රජ්ජුරුවන් අර ඉඳු වාලා අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා “ආනන්දය! මේ කෝසලයාගේ අන්තඃපුරයට දවස් පතා ගොස් බණ කියව” වදාළ සේක. එ තැන් පටන් අනඳ මහ තෙරුන් වහන්සේ පන්සියයක් බිසෝවරුන්ට දවස්පතා බණ වදාරා බොහෝ පින් රැස් කරවන සේක. මෙසේ කාලයක් බණ වදාළ කල ඒ පන්සියයක් බිසෝවරු උන් වහන්සේගේ මධුර වූ ශබ්දයෙහි හස්තිකාන්ත වීණාවෛහි ඇලුනා වූ ඇතින්නන් සේ, චිත්රීලතා වෙනෙහි ලෝභි වූ දෙවඟනන් සේ ම අතුල් පතුල් ඇති එක්වැනි රන්වන් පුතුන් පන්සියයක් වැදූහ.

ශබ්ද ය නිසා දරුගැබ සිටී දැයි යත හොත්? ස්ත්රීහන් දරුවන් වදන කාරණා නවයෙක් ඇත; ඒ කෙසේ ද යත්? ස්ත්රීජ පුරුෂයන් ඔවුනොවුන් හා සමඟ පවත්නා ලෝකාස්වාද රති ය නිසා ත් දරු ගබ සිටී මය, පුරුෂයන්ගේ ශරීරයෙහි පහස ලැබීමෙනු ත් දරු ගබ සිටී ම ය, පුරුෂයන්ගේ ඇඟිල්ලෙන් නාභිය පිරිමැදලූ පමණ අනුරාගයෙනු ත් දරුගැබ සිටී ම ය, පුරුෂයන්ගේ මුහුණු එකාවනු ඉලන්නාවූ දෘෂ්ටානුරාගයෙනු ත් දරුගැබ සිටී ම ය, පුරුධයන් පලන් මල් සුවඳ පමණක් ආඝාණය කළාවූ පමණකිනුත් දරුගැබ සිටී ම ය, පුරුෂයන්ගේ ඉසවත් භොජනාදියෙහි අන්තර්ගතවූ අනුභවානු රාග ය නිසා ත් දරුගැබ සිටී ම ය, පුරුෂයන් පලන් වස්ත්රා භරණ පැලඳීමෙන් උපදනාවූ වස්ත්රා්නුරාගයෙනුත් දරුගබ සිටී ම ය, මෙඝ සෘතුවෛහි බලාකාවන් ගබ් ලන්නා හෙයින් වන සෘතුභෙදානු රාගයෙනු ත් දරුගබ සිටී ම ය, පුරුෂයන්ගේ මධුර නාදයෙහි කළා වූ ශබ්දානුරාගයෙනු ත් දරුගබ සිටී ම ය. කීයේ මැනෝ :-


මෙථුනං තනුසංසග්ගො - නාභ්යා මසන දස්සනං

ඝායනං සවණං පානං - පටිග්ගාහං තථා උතු,

නවහෙ ‘තෙහි ඨානෙහි - ගබ්භං ගණ්හන්ති ඉත්ථියො - යි.


යනු හෙයින් බිසෝවරු ද එ කල අනඳ මහ තෙරුන් වහන්සේගේ ශබ්දයෙහි අනුරාග කොට උන්වහන්සේ සේ ම එක් වැනි පන්සියයක් පුතුන් වැදුවාහු ය. එ කල බොහෝ දෙන රජ්ජුරුවන් කරා ගොස් “නුඹවහන්සේගේ බිසෝවරුන් වැදු දරුවෝ නුඹවහන්සේ හා එක්වැනි නොවෙති, අනඳ මහ තෙරුන් වහන්සේ හා එක්වැනි ය”යි කියා, මිථ්යාරදෘෂ්ටින්ගේ ලබ්ධි ගතුවෝ එකාවනු රජ්ජුරුවන් ලජ්ජා කරවති. රජ්ජුරුවෝ ද එහි සැක කොට බුදුන් කරා ගොස් එ පවත් කීහ. ආදි ම තාගේ තරම තට ම කීයෙම් වේදැ යි වදාරා විනයෙහි තියාලූ ක්රිමයෙන් රජ්ජුරුවන්ගේ ශංකාව දුරුකොට වදාළ සේක. එ වේලෙහි රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ කෙරෙහි පැහැද වැඳ ක්ෂමා කරවා “නුඹ වහන්සේ කෙරෙහි මා ශංකා ඉපද වූ වරදට මෙම දඬුවමැ”යි ඒ පන්සියයක් රජකුමරුවන් උන්වහන්සේට ම පාවා දී පුදා ගියහ. එ රජ කුමරුවෝ පන්සියයක් දෙන ම වැඩි අනඳ මහ තෙරුන් වහන්සේ කෙරේ ම මහණ ව රහත් වූහ.

තව ද; එක් දවසෙක කසි රටින් දහස් දහස් අගනා දහසක් පමණ කසීසළු රජ්ජුරුවන්ට ගෙනාහ. රජ්ජුරුවෝ ඒ දහසක් සළු බලා සතුටු ව ඉන් පන්සියයක් සළු පන්සියයක් බිසෝවරුන්ට දුන්හ. ඔහු තමන් ලද ඒ සළු පන්සිය ය එ දා අනඳ මහ තෙරුන් වහන්සේ අතින් බණ අසා සතුටු ව එකවිට ම පුදා පරණ සළු හැඳ රජ්ජුරුවන් මේ නිමවන තැනට ගොසින් සිටියහ. රජ්ජුරුවෝ “තොපට මා ඊයේ දුන් සළු නො හැඳ පරණ සළු හැඳගෙන හවුනැ”යි විචාළහ. බිසෝවරු “ස්වාමිනි! අපගේ අනඳ මහ තෙරුන් වහන්සේ අතින් බන අසා ඔබට ධර්ම! පූජා කොට පිළිගන්වාපූම් හ”යි කීහ. රජ්ජුරුවෝ විස්මය ව “ඒ පන්සියයක් සළු අනඳ මහ තෙරුන් වහන්සේ ම ඇරගත් සේක්දැ”යි විචාරා “හැරගත් සේකැ”යි කීකල “ඒකානිතයෙන් මෙ තෙක් සළු ලදින් අනඳ මහ තෙරුන් වහන්සේ පිළි වෙළඳාම් කරන සේක් දෝ හෝ යි සිතමි, බොහෝ ලාභ පිළිගැන්ම තපස්වීවරුන්ට සුදුසු නො වෙ”යි කියා තෙරුන් වහන්සේට කිපී මේ නිමවා අන්තයෙහි අත දිය නො සි‍ඳෙන තුරු විහාරයට ද්වගෙන ගොස් බුදුන් කරා නො ගොස් ‍තෙරුන් වහන්සේගේ පිරිවෙණට වැද තෙරුන් වහන්සේ වැඳලා එකත්පස්ව හිඳ “ස්වාමිනි! අපගේ ගෙයි බිසෝවරු නුඹවහන්සේ ගෙන් බණ උගනිද් ද, අසද් දැ”යි විචාළහ. තෙරුන් වහන්සේ “මහරජ උගතයුත්තක් උගණිති, අසියයුත්තක් අසති”යි වදාළ සේක.

තව ද; රජ්ජුරුවෝ මායමින් විචාරන්නාහු “කිමෙක් ද? ස්වාමිනි! ඒ ස්ත්රීචහු නුඹවහන්සේ ට ඵාසු අඵාසු විචාරද් ද, හඳනා පොරෝනා වීවර ශාටක දෙද් දැ”යි විචාළහ. එ වේලෙහි තෙරුන් වහන්සේ “දෙති මහරජ! ඊයේ සවස අප අතින් බණ අසා පන්සියයක් සළු දන් දුන්නාහුය”යි වදාළ සේක. හැම ම නුඹවහන්සේ ම පිළිගත් සේක් දැ යි විචාළහ. ‘මහරජ! පිළිගතිමි’යි වදාළ සේක. බුදුන් විසින් එක් භික්ෂු කෙ‍නකුන්ට තුන් සිවුරෙක් අනුදක්නා ලද්දෙ වේ ද, අතිරේක ලාභ ය ඉවසුයේ ඇයිදැ”යි විචාළහ. “මහරජ! බුදුන් විසින් අනුභොග වසයෙන් තුන් සිවුරක් ම අනුදන්නා ලද ම ය, කෙතෙක් ලාභ ත් පිළිගැකිම් වසයෙන් නො වළකන ලද ය. යම් යම් භික්ෂු කෙනකුන්ගේ උත්තරීතර වූ භාග වසයෙන් දෙන්නවුන්ගේ සිත් පමණ හා ලාභීන්ගේ පින් පමණ ලාභ ලැබේ ම ය; වනවාසී තිස්ස මහ තෙරුන් වහන්සේ සත් ඇවිරිදි බිළිඳි ව එක දා කිරිබත් පාත්රත දහසක් පමණ ලත් සේක් ම ය, උන්වහන්සේ එ බත් පාත්රෙ දහස දහසක් දෙනා වහන්සේට දුන් සේක් ම ය; තව ද; උන්වහන්සේ ම එක දා දහසක් පළස් පිළිගත් සේක් ම ය, එයි දු දහසක් දෙනා වහන්සේට දන් දුන් සේක් ම ය, එසේ හෙයින් මම ද මේ සළු පන්සිය ය පිළිගෙණ මාලුව ගියාවූ සඟල ඇති පන්සියයක් භික්ෂූන්ට මහරජ දන් දින්මි”යි වදාළ සේක. එ වේලෙහි රජ්ජුරුවෝ අලුත් සිවුරු ලදින් මහලුව ගිය සඟල සිවුරු ඒ භික්ෂූහු කුමක් කෙරෙද් දැ යි විචාළහ.

මහරජ! පරණ සඟල නැවත කටු කොහොල් ගෙත්තම් කොට රඳා පොරෝනා සිවුරු කෙරෙති යි වදාළ සේක. “පරණ පොරෝනා සිවුරු කුමක් කෙරෙද් දැ”යි විචාළහ. “මහරජ! ඒ නො තර තැන් කපා තර තැන් ගෙන අඳනා සිවුරු කොට ගනිති”යි වදාළසේක. “පරණ අඳනා සිවුරු කුමක් කෙරෙද් දැ”යි විචාළහ. මහරජ! ඒ පසතුරුණු කොට ඇඳ ඇතිරිලි කොට අතුට ගණිති”යි වදාළ සේක. “ පරණ ඇඳ ඇතිරිලි කුමක් කෙරෙද් දැ”යි විචාළහ. මහරජ! ඒ බුමුතුරුණු කොට සාංඝික ගල්ගෑ හොප් නැඟු ගෙවල බිම අතුට ගණිති යි වදාළ සේක. පරණ බුමුතුරුණු කුමක් කෙරෙද් දැ යි විචාළහ. මහරජ ඒ පා පිස්නා බිසි කෙරෙති යි වදාළ සේක. පරණ පාපිස්නා බිසි කුමක් කෙරෙද් දැ යි විචාළහ. මහරජ ශ්රසද්ධාවන්තයන් දී ලූ දෙය අනාථයේ වල දමා පීම සුදුසු නො වේ ම ය, එසේ හෙයින් ඔවුන්ට ම කුසල් වඩනු සඳහා ඒ දිරා ගිය පාබිසි සිහින් කොට කපා සුණු විසුණු කොට මැටියෙහි ලා අනා සඟසතු ගෙවල භික්ති කර්මාුන්ත කරන්නෝ වේ දැ යි වදාළ සේක. එ වේලෙහි රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ කෙරෙහි පැහැද බුදු සස්නෙහි අති ප්රෝසන්න ව “ස්වාමිනි! නුඹවහන්සේගේ බුදුසස්නට පැමිණියා වූ දාන වස්තුව පාපිස්නා බිස්සෙනු ත් වල නො යන නියාව ත්, දන් දුන්නවුන්ට පින් බොහෝ වන නියාව ත් විශෙෂයෙන් ම දතිම් ම ය”යි තෙරුන් වහන්සේගේ ගුණ කියා “නුඹවහන්සේ වැනි උත්තමයක්හු කෙරෙහි මා ශංක ඉපැදවූ වරදට දඬුවම් කෙරෙමි”යි එම තෙන හිඳ රජගෙට යවා ගෙයි තුබූ පන්සියයක් සළු ත් ගෙන්වා ගෙන මහ තෙරුන් වහන්සේට පුදා ගියහ.

මෙසේ ඒ අනඳ මහ තෙරුන් වහන්සේ....[සංස්කරණය]

මෙසේ ඒ අනඳ මහ තෙරුන් වහන්සේ බුදුසස්නෙහි චීවර ලාභීන් කෙරෙහි අග්රුසේක. මෙසේ එකි එකී දා පන්සියයක් පන්සියක් බැගින් පන්සියක් වාරයෙහි ම පන්සියක් සළු පූජා ලත් සේක. සෙසු ලාභ මෙ තෙකැ යි ගණන් නැත. රජහුගේ සේනාව රජහු නැති ව ගොස් රටක් ජය ගත ත් අසුවල් රජහු ජයගතැයි කියා සේනාව කළාවූ යුද්ධ රජහට කීර්ති කියවුවා සේ, වෙල හස් වන් කල අසුවල් වැව හස්වනැ යි වැව ගුණ කියවුවා සේ, බුදුන්ගේ ශ්රාුවකයන් ලද්දා වූ පූජා ද බුදුන් ම ලද්දා ම වන හෙයින් මෙසේ මෙසේ වූ සත්කාර ලත්් හෙයිනු ත්. මෙසේ මෙසේ වූ සත්කාර ලැබීමට සුදුසු යෙහිනු ත්, ම‍ාගේ ස්වාමිදරු වූ බුදුරජාණෝ මේ මේ කාරණයෙනු දු අර්හත් නම් වන සේක.

තව ද අසදෘශ මහා දානයට පූර්වභාගයෙහි ස්වාමිදරුවෝ බොහෝ දවසක් දෙවුරම් වෙහෙර වැස දනවු සැරිසරා වැඩ ගම් නියම්ගම් රාජධානියෙහි ඇවිද බොහෝ දිව්යරමනුෂ්යමයන්ට නිවන් වැඩ සාධා ‘සතර’ මහ දිවයින ඇවිද ස්වකීය ස්ථානයට පැමිණියාවූ සක්රුවනක් සේ දිලිහි දිලිහී නැවත දෙව්රම් වෙහෙර ම අවුත් වන් සේක. එ වේලෙහි කොසොල් මහ රජ්ජුරුවෝ බුදුන් වැඩියහ යි අසා පෙර ගමන් කොට ගොස් බුදුන් ‍ෙජතවනාරාම යෙහි වඩාලා රජගෙට ගොස් “මාගේ ස්වාමිදරුවාණන් මාගේ නුවරට මෙ තෙක් දවසින් වැඩි දා ප්රේථම දාන ය මා‍ගෙන් ම දෙනු කැමැත්තෙමි, සෙට දවසට කාගෙනු ත් දන් දිය නො හැක්කැ”යි නුවර විධාන කොට රජගෙන් ම දන් සරහා නුවර මැද මඩුවක් ලා බුදුන් වඩා ගෙන’වුත් එහි දී වළඳවන්නාහු “මාගේ දාන ය බලන්නට එන්නේ ය”යි අනේපිඬු මහ සිටාණන් ආදිවූ බොහෝ දෙනා රැස්කොට තමන්ගේ දාන ය ඔවුන් හැදදෙනාට පෑලා බුදුපාමොක් සඟ පිරිස් වැළඳවූහ.

එ දවස් නුවර වැසියෝ හැමදෙන “රජ තමාගේ දන් අප හැමට පෑ ය, අපි ද ඔහු පරදවා සෙට දන් දෙම්හ”යි මන්ත්රටනය කොට දන් සරන්නාහු රජ්ජුරුවන් දුන්නා වූ දානයට දශවිධ වූ ගුණයෙන් වඩ වඩා මහදන් සරහා “අපගේ ද දන් බැලුව මැනැවැ”යි කියා රජ්ජුරුවන්ට පෑ දෙවන දා බුදුපාමොක් සඟ පිරිස් වැළඳවූහ. එ දා රජ්ජුරුවෝ “මම නො රජිම් ද, නුවර වැසියන් පරදවමි”යි සිතා ඒ දානයට විසි තිස් ගුණයෙකින් වඩා මහ දන් සරහා නුවර වැසියන්ට පෑ තුන් වන දා බුදු පාමොක් සඟ පිරිස් වැළඳවූහ.

නුවර වැසියෝ නැවත රජුගේ දානයට සැට සැත්තෑ ගුණයෙන් වඩා මහදන් සරහා රජහට පෑ සතර වන දා බුදුපාමොක් සඟ පිරිස් වැළඳවුහ. රජ්ජුරුවෝ නුවර වැසියන් දුන් දානයට සියක් දහස් ගුණයෙන් වඩා මහදන් සරහා නුවර වැසියන් හැමට පෑ පස් වන දා බුදුපාමොක් සඟ පිරිස් වැළඳවූහ.

එ දා ඒ දාන ය දැක නුවර වාසීහු “රජහු ජයගත නො හැක්කැ”යි අනේපිඩු මහ සිටාණන් - විශාඛාවන් - බන්ධුල -මල්ලිකාවන් ආදි වූ සැදැහැ ඇති සුඛිතයන්ට කීහ. ඔහු හැමදෙන “අප මෙතෙක් දෙනා සමඟ වූ කල එක රජකු පරරදවා පීම කවර ආශ්චය්ය්මර්යෙ ක් ද, සෙට දුන් දනින් රජහු මූර්ජා කරවා දන් දී අප පරද වන්ට රිසි පලවම්හයි” වාසි කියා “ගෙයෙකින් බත් මාලුවක්, ගෙයෙකින් පල වැලයක්, ගෙයෙකින් පූපා ‘පූප වර්ගයක්, ගෙයෙකින් මධු ඵානි වර්ගයක්, නො කඩ කොට තමන් තමන් ගේ ශක්ති පමණ ම ගෙනෙන්නේ ය”යි නියොග කළහ.


එ දා සත්කෙළක් මිනිසුන් වසන ඒ සා සැවැත් නුවර....[සංස්කරණය]

එ දා සත්කෙළක් මිනිසුන් වසන ඒ සා සැවැත් නුවර බුදුන්ට දානයක් නො ගෙනාවා වූ එක ද සත්ත්ව කෙනෙක් නැත. ඔවුනො ‘වුන් බලා සැදෑ නැත ත් “රජු පරදවම්හ යි” යන ලොභයෙන් මිථ්යාවදෘෂ්ටි ගතුවෝ ද දන් ගෙනාවාහු ම ය. කැවුම් වර්ග මෙතෙක් දහස් ලක්ෂ ගනනැයි ගණන් නැත. පුජා ‘පුපවර්ග මෙතෙකැ යි පමණ නැත. ඵාණි වර්ග මෙතෙකැ යි පමණ නැත.සූපව්යපඤ්ජන මෙතෙක් ලක්ෂගණනැයි ගණන් නැත. බත්සැළවල් මෙතෙක් දහස් ලක්ෂ ගණනැ යි ගණන් නැත. දන් ගබාගන්නා අවකාශ නොම ඇත. දන් තෙනාවන් සිටිනා අවකාශ ද නො ම ඇත.පළමු ව ගෙනගිය දන් තබා බුදුන් පෙරටව සිට දොහොත් මුදුනෙහි තබාගෙන “මාගේ ස්වාමිනි! මාගේ දන් වැළඳුව මැනැව, මාගේ දන් වැළඳව මැනැවැ”යි ආරාධනා කරන්නාවූ ස්ත්රී පුරුෂයෝ මෙ තෙක් සෙන ය යි ගණන් නැත. දන් වසුන් ඉස් මුදුනෙහි තබාගෙන “අද අපගේ දන් වැළඳීම් නැත, අප දන් පිසගත් දුක් සිස් ව යන වනැ”යි කිය කියා සුසුම් ලලා වසුන් සමඟ සිටිනා වූ ස්ත්රී - පුරුෂයෝ මෙ තෙකැ යි ගණන් නැත. පිටි නුවරින් ගෙනෙක දන් කත්පිටින් කර තබාගෙන මඟ අවසර නැති හෙයින් සතර වාසල්දොර ඇනිලා සිටිනා දන් පිරිස් මෙතෙක් දහස් ලක්ස ගණනැයි පමණ දන්නෝ නැත. දන්වසුන් ගෙන්වා ගෙන අවුදින් අනේපිඬු මහ සිටානන් ආදි වූ බුදුන් කෙරෙහි වල්ලභ උපාසක වරුන් වැඳ වැඳ “ස්වාමිනි! මාගේ වස්නෙන් බත් කෙණෙස්සක් බුදුන්ගේ පාත්ර“යට පිළිගන්වාපුව මැනැව, රහතන්ගේ පාත්රුයට පිළිගන්වාපුව මැනැවැ”යි යාච්ඤා කරණ පුරුෂයෝ මෙ තෙක් දහස් ගණනැැ යි පමණ නැත.

එ දා රාත්රි ය මුළුල්ලෙහි නින්දක් නො නිඳා අනෙක ප්රාකාර වූ සූප ව්යලඤ්ජනයෙන් සැරහී අවුදින් විශාඛාවන් - බන්ධුල මල්ලිකාවන් ආදි වූ බුදුන් කෙරෙහි වල්ලභ වූ උපාසිකාවරුන් දැක දොහොත් මුදුනෙහි තබාගෙන “ස්වාමිනි! නුඹගේ වල්ලභ කම් දකිනේ මාගේ වස්නෙහි බත් කෙණෙස්සක්, මා පිසූ සුපව්ය්ඤ්ජනයක්, මා පිසුවායින් ඛාද්යෙයක්, භොජ්යුයක්, බුදුන් රහතුන් වළඳවාලු නලැ යි” යාච්ඤා කරන්නා වූ ස්ත්රී හු මෙ තෙක් දහසැ යි ගණන් නැත. අසාධාරණ වූ නොඑක් උපකරන රැස්කොට සැරහී දන් පිසම්හ යි වේලා ආසන්න කොට පියා වේලා වැරද යේ දෝ හෝ යි පින් ලොභයෙන් වහ වහා දන් ගෙන දිවම්හ යි උපන් සන්සලයෙන් මඟ පැකිළ හී දන් වසුන් මඟ හෙළා බිඳ “මට වූ සෙණක්”යි ඉසබඩ අත් ගසා නැවත “ගෙට පිසු බත් ගෙණ එම්හ”යි සැදෑලොභයෙන් ඩා කඳු වගුර වගුරා ආන ආනා කැස පට ගන්ව ගන්වා නැවත ආ පස්සේ ගෙට බලා දිවන ස්ත්රීග - පුරුෂයෝ මෙ තෙක් දහස් ගණනැ යි පමණ නැත.

එ දවස් දාන කොලාහලයට අනික් උපමාවක් නො දකිම්ම ය. මාගේ ස්වාමි දරුවාණන්ගේ අසාධාරණ දාන පාරමිතාවෙන් ජනිත වූ මහ පින්ලිය ය මල් පිපී රොන් සළා දුන් දවසෙකැ යි සිතමි. නොහොත් ඔබගේ මහා පුණ්යන නමැති වාපිකාව ඉතිර වහන පලන දවසෙකැ යි සිතමි. නොහොත් ඔබගේ මහා පුණ්යන නමැති චෛත්යි ය රන්කොත පලඳවාපු දවසෙකැ යි සිතමි. නොහොත් එ දා ඔබ දුන්නා වූ සප්තශතක මහාදාන ය එ වේලෙහි ම විපාක දෙන්ට තබාගත් දෝ හෝ යි සිතමි. මෙසේ වූ මහා දානසම්භාර ය රැස්කොටපු වේලෙහි නුවර වැසියෝ රජ්ජුරුවන් කැඳවා මේ මහා දාන ය පෑ සවන දා බුදුපාමොක් සඟ වැළඳවුහ.

රජ්ජුරුවෝ එ දන් බලන්නාහු නිමාවක් දැක්ක නො හී ඉතා විස්මයපත් ව “එකක්හු විසින් බොහෝ දෙනකු ජයගත නො හැක්කේ ම ය”යි සිතා ‍මෙසේ වූ දානයක් දෙන්නා තබා සිතිය ත් නො හැක්කේ ම ය යි නුවර වැසියන්ට පැරද රජගෙට ගොස් උපන් මහා ලජ්ජාවෙන් දාවල් බතු ත් නො කා යානට පැන නැඟී ගෙට පිටිපෑලා “අනිස, මේ සා රජ සැපතක් ඇතිව මාගේ සේවක වූ නුවර වාසීන්ට පැරද ගිය කල මට ජීවිතය ත් ඇයි ද, දඹදිව රජදරුවෝ ද මෙ පවත් ඇසු නම් මා රජකු කොට සිත ත් ද, මෙසේ වු ලජ්ජාවක් බලා ත් අද ම මා මිය යාම යෙහෙකැ”යි මහත් වු රාජාභිමාන කොට කුමක් කෙරෙම් දෝ හෝ යි සිත සිතා සුසුම් ලලා යාන් මතුයෙහි ඔත්තහ.

එ වේලෙහි මල්ලිකා දේවි රජ්ජුරුවන්ගේ ශ්රීෝ යහන් ගබඩාවට වැද ශොකාතුර ව හොත් රජ්ජුරුවන් දැක “මේ කිමෙක් ද! දේවයෙනි! නුඹවහන්සේගේ ඉන්ද්රිමයයෝත් අද විකාරයට පැමිණියහ, දහවල් මෙහෙ ත් නො නිමන ලද, ශොකාතුර වන සේක්නැ”යි විචාළහ. රජ්ජුරුවෝ “මල්ලිකා දේවිනි! තෙපි මට වූ ලජ්ජා නො දැනු දැ”යි විචාළහ. නො දනිමි ස්වාමිනි, වදාල මැනැවැයි කීහ. සදවසක් මුළුල්ලෙහි ඔවුනොවුන් පරදවා බුදුන්ට දන් දී, අද (දැන්) නුවර වැසියන්ට පැරද ගියෙමි, අද දුන් දනට වඩා දන් දෙන්නා තබා සරිගස්වා දී ලීම ත් මට බැරි ය යි කීහ.

එ වේලෙහි මල්ලිකාදේවී නුවර වැසියන් දන් දුන්නාවු ක්රලම විචාරා සිනා සී “අනිස, නුඹවහන්සේළ රජ‍වෙ සිට සේවකයන්ට පැරද ගියෙමි යි කීම ඉතා නො යෙදෙයි, රජෙක් නම් කවර කලෙක නුවර වැසියන්ට පැරද යේ ද, මාගේ නුවන බල, සෙට දවස් බැලුව මැනැව, නුවර වැසියන් හැමදෙනාම පරදවා මහ දන් දෙවාලා නුඹ ජයගන්වාලා දිලමි”යි කීහ.

එ බසට රජ්ජුරුවෝ සතුටු ව පැන නැඟී යහන් මතුයෙහි හිඳ ගෙන “කෙසේ දැ යි කියා බලගැ”යි කීහ. මල්ලිකා දෙවී කියන්නාහු “නුවර වැසියන්ගේ නැති නැති දෙයින් පූජා කරම්හ, දඹදිව සල්ගස් නම් උයන්වල විනා සෙසු තෙනෙක නැත්තේ ම ය, එසේ හෙයින් උයන් නම් නුඹගේ මුත් නුවර වැසියන් ගේ නැත,උයනින් සල්ගස් කප්පා ගෙන්වා ගෙන විශාල වූ ශාල පාදයන් සිටුවා මහ මඩුවක් කරවාලුව මැනැව, එ මඩුව විසිතුරු - රිදී තරු පෙළ පෙළ දී වටා රන්තිර අදවා බිම රන්කම් කළ බුමුතුරුණෙන් වසා මඩුව වටකොට අතරතුරෙහි අවකාශ හැර පන්සියයක් ආසන පනවාලුව මැනැව, සිසාරා එහි බුදුන් ප්ර ධාන වූ පන්සියයක් රහතන් වඩා හිඳුවාලුව මැනැව, නමකට ඇතකු බැගින් පන්සියයක් ඇතුන් අතට පන්සියයක් සේසත් දී සිටුවාලුව මැනැව, සර්වාභරණයෙන් සැරහුණා වූ බිසෝවරුන් දෙසිය පනසක් තෝරා රන්තල්වැට දි දෙදෙනකු වහන්සේට එක්කෙනකුන් පත් සලන සේ සිටුවාලුව මැනැව, දෙදෙනකු වහන්සේට අතුරතුරෙහි සර්වාභරණයෙන් සැරහුණා වූ පන්සියයක් බිසෝවරුන් පන්සියයක් සල තබාගෙන දෙපා දිගු කොට ඉඳ රුවන් තෝඩු සල සලා ඇඟ සොලව සොලවා කස්තුරු ආදි වූ සුවඳ බඩු අඹරන සේ විධාන කොට ලුව මැනැව, තව ද පන්සියයක් බිසෝවරුන් ලක්ෂ වටනා ගෙලමුතුදම් පැලඳ සිට පන්සියයක් නිලිපුලමල් කලබ් ගෙන මණ්ඩප මධ්යඳයෙහි සිටුවාලුව මැනැව.

තව ද; ඝන රන් ඔරු අටක් හෝ දසයක් හෝ කරවා මණ්ඩප මධ්යමයෙහි පිළිවෙළින් තබ්බාලුව මැනැව, තව ද; පන්සියයක් බිසෝවරුන් රුවන් පලඳනාවෙන් හා රන්සිරිකනින් දිව්යාං ගනාවන් සේ සරහා සිටුවා ඇඹරු ඇඹරු සුවඳ පිඬු ගෙන ගොස් ඒ ඝනරන් ඔරුවල ලන සේ නියොග කළ මැනැව, ඒ ඔරුවල ලු සුවඳ පන්සියයක් බිසෝවරු නිලිපුල්මල් කලඹින් හලළා සියලු මණ්ඩපයෙහි සුවඳ ගඳ විහිදුවන සේ නියෝග කළ මැනැව, මෙසේ අලංකාර කොට බුදුන් වැළඳවූ කල දාන ය අසදෘශ වෙයි. නුවර වාසීන්ගේ සල්ගස් නැති හෙයින් ශාල මණ්ඩපයෙනු ත් ඔහු ම පරදිති, ඔවුන්ගේ ඇතුන් නැති හෙයිනු ත් පරදිති, සේසත් නැති හෙයිනු ත් පරදිති, උන්ගේ බිසෝවරුන් නැති හෙයිනු ත් අලංකාරයට පරදිති, මෙසේ දානය අසදෘශ කොට දී ජයගත මැනැවැ”යි කීහ.

එ වේලෙහි රජ්ජුරුවෝ “තොප කී උපදෙස ඉතා මැනැවැ”යි ගිවිස දෙවන දා බිසොවුන් කීවා සේ ම පූජා සරහා බුදු පාමොක් සඟ පිරිස් පවරාගෙන ‘වුත් ඒ ඒ ආසනවල හිඳුවා ඇමදෙනා වහන්සේට සේසත් ගන්වා ඇතුන් සිටුවන වේලෙහි සාරසිය නවානූවක් පමණ ඇතුන් නිල කොට එක් කෙ‍නකුන් වහන්සේට හිසට සේසත් ගන්නා ඇතකු නැති හෙයින් රජ්ජුරුවෝ නො සතුටු ව මල්ලික‍ා දේවීන් සිටි තෙනට ගොස් “දේවීනි! තොප කීවා වූ ක්රීමයෙන් සියලු සංවිධාන කොටලීමි, සියල්ලෙන් ම අඩුවෙක් නැත, එක්කෙනකුන් වහන්සේට සේසත් ගන්නා ඇතෙක් නැතැ”යි කීහ.

එ බසට බිසොවු සිනාසී “අනිස, නුඹ වැනි රජකුගේ පන්සියයක් පමණ ඇත්තු නැද් දැ”යි විචාළහ. දේවීනි! මාගේ එස්ති සෙනාව දහස් ගණන, ඔහු මහා චණ්ඩයහ, භික්ෂූන් වහන්සේ දැකලා වෙරම්බ වාත සේ නො රඳා ගුගුරාගෙන දිවන්නාහු ය, එසේ හෙයින් පෝසත් ඇතකු සොය‍ාගත නො හැක්කැයි කීහ. එ බසට මල්ලිකාදෙවී නුවණක් සිතාගෙන “එසේ වී නම් මොළ ඇතකු ම ගෙන්වනු මැනැව, ඔහු සිටුවාලන තෙනක් මම දනිමි. අපගේ අංගුලිමාල මහ තෙරුන් වහන්සේ දුටු කල මද නැඟි ඇත්තු බා වෙවුලා යෙති. සිඟා වඩනා කල මහ වේ මැද කෝ වේ වල දි සමහර දවසෙක මද නැඟි ඇත්තු උන්වහන්සේ හා එක තැන හසුව ගිය කල භයින් වෙවුලා දිය ත් සලා පියති, බෙටි ත් සලා පියති, එසේ හෙයින් ඔබ ලඟ මොළ ඇතකු සිටුවාලුව මැනැවැ”යි කීහ.

එ වේලෙහි රජ්ජුරුවෝ ඒ උපදෙශයට ඉතා සතුටු ව ඇතරුවන් ලවා මොළ ඇතකු බැඳුම් පිටින් ගෙන්වා ගෙන ඔහු අගට සේසතක් දීලා අංගුලිමාල මහතෙරුන් වහන්සේ පිටි පසුයෙහි සිටුවාලා මිනිසුන් දුරුව ගිය. තෙරුන් වහන්සේ කර බාගෙන වැඩ හිඳ ඔහු නො බලා බත් වළඳා වදාරණ සේක් ම ය. ඒ මොළ ඇත් තෙරුන් වහන්සේ කරා පැමිණ සර්පරාජයකු දුටු මණ්ඩුකයකු සේ, බිළාලයකු දුටු ඇඹිටිල්ලකු සේ, දිවියකු කරා පැමිණ ගිය මුව පොල්ලකු සේ, සිංහයකු දුටු ඇත්පොවුවකු සේ, ඔබ දැක භයින් වෙවුලා නැඹුරුව ගෙන, වක ගසා වාලධිය අමුඩු හස්සේ සඟවා ගෙන, කන්පත් දෙක කපොලාන්තයෙහි එළා ගෙකථ ඇස දල්වා බලන්ට භය ඇති ව, දෑස පියා ගෙන ශ්ර ද්ධාසම්පන්න හුදියකු සේ හිසට කුඩය අල්වා ගෙන සිටගත. ම‍ාගේ ස්වාමිදරුව‍ාණන්ගේ ගුණ ගත් අතවැසියන් දුටු මතැ ‘තුන් මෙසේ ශික්ෂිත වනකල ඔබ දුටු නාලාගිරිහු ශික්ෂිතව යාම කවර ආශ්චය්ය් ර්යෙ කැයි කියම් ද, ඔබ දුටු පාරිලි නම් වල් නිලයේ ඇතු තුන් මසක් මුළුල්ලෙහි ඔබට අභියුක්ත කම් කෙළේ කවර නම් ආහ්චය්ය් ර්යෙඔකැ යි කියම් ද, ඔබ දුටු ගිරිමෙවුලා නම් මතැතු මහහඬින් ගුගුරා බා පලාගියේ කි නම් පෙළහරෙකැ යි කියම් ද.

මෙසේ ඒ ඇතු උන්වහන්සේට කුඩය අල්වාගෙන සිටිනා භාව භාව ය බලා සාධුකාර දෙන්නෝ දහස් ගණන, ඒ සා මහත් පූජාවෙහි මෙයට වඩනා අනික් ආශ්චය්ය්,ර්යෙහක් නො වීය, මේ ඇතු සිට ගත් භාව බාවයෙන් ම නුවර වැසියෝ රජ්ජුරුවන්ට පැරද ගියහ, සෙසු දවසෙක එසේ වූ පෙරහැරෙක් නො වූයේ ය.

මේ අංගුලිමාල මහතෙරුන් වහන්සේ....[සංස්කරණය]

මේ අංගුලිමාල මහතෙරුන් වහන්සේ පූර්වජාතියෙක ගිලන් භික්ෂු කෙනකුන් වහන්සේ දැක මිරිස් - සිද්ධිගුරු - වගපුල් ආදි වූ කුළුබඩු බෙහෙත් මඩුවක් දන් දුන් සේක. තව ද; එක් ජාතියෙක ගිනිකබලක් හා පොරොවක් දන් දුන් සේක. තව ද; එක් ජාතියෙක හැලින් පීඩා ගන්නා වූ භික්ෂු කෙනකුන් වහන්සේ දැක පොරෝනා පළසක් දන් දුන් සේක. මේ කුශල මූලයෙන් මේ සා වූ තෙජසක් ඇති සේකැ යි දතයුතු.

මෙසේ උදාර වූ පූජාවෙන් ඒ සත්වන දා රජ්ජුරුවෝ නුවර වාසීන් පරදවා බුදුපාමොක් සඟපිරිස් වැළඳ වූහ. වළඳා අන්තයෙහි බුදුන් කරා ගොස් බුදුන් වැඳ සිට “ස්වාමිනි! මාගේ මේ පූජාවෙහි මෙ තෙනට රැස්වූ සියලු කප්පිය භාණ්ඩ වේව යි අකප්පිය භාණ්ඩ‍ වේව යි මෙ සියල්ල නුඹ වහන්සේට ම දින්මි”යි කියා සියල්ල ම පූජා කළහ. එ දවස් ර්ජජුරුවන් කළ පූජාව සංඛ්යා වසයෙන් තුදුස් කෙළක් පමණ ධනය විය, බුදුන්ට පැනවූ බුද්ධාසන ය, බුදුන් පිටට ලාලු රුවන්මය වූ පිටාටුව ය, බුදුන් සිරසට වැඩු සේසත ය. ශ්රී්පාාද දෙක තබා ලූ රුවන්මය වූ පාදපීඨ සඟළ ය යන මේ සතර අනර්ඝ වි ය. මෙසේ වූ දාන පූජාවක් සදෘශකොට දෛවනුව දී ලිය හෙන්නාවූ අන්යල සත්ත්වයෙක් නැත් මය, එසේ හෙයින් මේ දානය අසදෘශ දාන කම් වෙයි.

බුදුකෙනකුන්ට එක වාරයෙක මුත් දෙවාරයෙක නො ලැබේ ම ය. හැම බුදුන් ම ලබන්නා වූ මේ අසදෘශ දානය හැම කාලයෙහි ස්ත්රිකයක ම සංවිධානය කිරීම එයි ත් ඒකාන්ත ධර්මෙයෙක් ම ය.

මෙසේ අනඳ මහ තෙරුන් වහන්සේ විසින් පස් විසි හවුරුද්දක් මුළුල්ලෙහි දවස්පතා කරන ලද අප්ර මාණ වූ අග්රය වූ උපස්ථාන පූජා ය, ආනන්ද මහා බෝධියට නුවර වැසියන් දවස්පතා ම කරන ලද අප්ර මාණ වූ පාරිභොගික පූජා ය, බන්ධුල මල්ලිකාවන් දිවි පමණින් කරන ලද අප්රොමාණ වූ අති ශ්රධද්ධා පුජා ය, කොසොල් රජ්ජුරුවන් විසින් කරන ලද අති විශ්වාස පූජා ය, කෝසල මල්ලිකාවන් විසින් කරන ලද අති ශ්ර්ද්ධා පුජා ය, උත්පල ගන්ධ න්ම මහතෙරුන් වහන්සේ විසින් කරන ලද අසාධාරණ වූ, ප්රපතිපත්ති පුජා ය, තව ද එම කොසොල් රජ්ජුරුවන් විසින් අනඳ මහතෙරුන් වහන්සේට කරන ලද ශාටක දාන පුජා ය, එම කොසොල් රජ්ජුරුවන් විසින් අනගි වස්තු සතරක් හා තුදුස් කෙළක් ධන පරිත්යාඅගයෙන් කරන ලද අසදෘශ මහාදාන පූජා ය යි සංඛ්යාාවක් කොට ගත නො හැකි හෙයින් අසංඛ්ය පථයට පැන නැංගා වූ බොහෝ පුජාවන් ලත් හෙයිනු ත්. එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනු ත්, හුදු කරුණාවෙන් මවාලු රුවක් වැනි වූ, හුදු මුදිතා වෙන් මවාලු රුවක් වැනි වූ, හුදු මෛත්රිූයෙන් මවාලු රුවක් වැනි වූ, හුදු ශීලයෙන් මවාලූ රුවක් වැනි වූ, හුදු ක්ෂාන්තියෙන් මවාලු රුවක් වැනි වූ, හුදු ප්රකඥාවෙන් මවාලු රුවක් වැනි වූ, හුදු සද්ධර්ම,යෙන් මවාලු රුවක් වැනි වූ, හුදු සමාධියෙන් මවාලු රුවක් වැනි වූ, හුදු විස්මයෙන් මවාලු රුවක් වැනි වූ, හුදු නිවනින් මවාලු රුවක් වැනි වූ, මාගේ ම ස්වාමිදරු වූ, මාගේ ම ගුරු වූ, මාගේ ම කල්යාවණ මිත්රා වූ, මට ම ශරණ වූ, මට ම පිහිට වූ, මා ගේ ම බුදුරජානෝ මේ මේ කාරණයෙනු දු අර්හත් නම් වන සේක.


එසේ හෙයින් කියන ලදුයේ මැයි:

පුජාවිසෙසං සහ පච්චයෙහි

යස්මාං අයං අරහති ලොකනාථො,

අත්ථානුරූපං “අරහං” ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං යි.


මේ පූජාවලියෙහි අප බුදුන් සැවැත් නුවර දී ම කොසොල් රජහුගෙන් ලද අසදෘශ මහා දාන පූජා කථා නම් වූ විසි වන පරිච්ඡෙදය නිමි.