Jump to content

පූජාවලිය-ඉසිපතනාරාම පූජා කථා‍

Wikibooks වෙතින්

පූජාවලිය


තෙළෙස් වන පරිච්ජෙදය



තව ද අප බුදුන් ධම්සක් පැවතුන් සූත්රම දෙශනාවෙහි දී ලද ඉසිපතනාරාම පූජා නම් කවරහයත්:-


මෙසේ මාගේ ස්වාමිදරුවෝ බුදුව අනුක්රවමයෙන් සත්සති යවා අටවන සතියෙහි අජපාල මූලයෙහි දී බ්රසහ්මයාගේ ආරාධනාව ඉවසා පළමුවන ධර්මදෙශනාව කවුරුන් උදෙසා දෙසම් දෝ හෝ යි සිතා වදාරා‍ ආලාර-උද්දක නම් තාපසවරුන් දෙදෙනා ඉතා නුවණ ඇති සේ දැක, ඔහු දැන් කොයි වෙසෙත් දෝ හෝ යි බලන සේක් ආලාරයන් එවකට සත්වන දා මිය, උද්දකයන් ඊයේ වන දා මිය, දෙදෙනා ම බුදුන් දසදහසක් ඉපද ත් ගලවාගත නො හැකි අරූතල බ්රජහ්මලොකයෙහි උපන් සේ දැක, ඔවුන් කෙරේ උපන් මහා කරුණා ඇති ව, තව ද අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් ආදි වූ පස්වග මහණහු සහවුරුද්දක් මුළුල්ලෙහි මට මෙහෙ කොට බොහෝ දුක් ගත්තාහු. ඔහු දැන් කොයි වෙසෙත් දෝ හෝ යි බලා වදාරා බරණැස් නුවර නිසා ඉසිපතන විහාරයෙහි වෙසෙති යි දැක පළමුවන මාගේ ධර්මදෙශනාව ඔවුන් පස්දෙනා ප්ර ධානකොට දෙශනා කෙරෙමි යි සිතා වදාරා අටවන සති ය ගිය කල ඒ අජපාල මූපයෙන් නැඟී වැඩ බෝමැඬ සමීපයෙහි තුබූ සතර දා විසූ කල බුදු වූ සැට දවසක් පිරි මාගේ ස්වාමිදරුවන්ගේ ප්ර ඥා නමැති චන්ද්රැයා සැටකලාවෙන් සම්පූර්ණ වූ චන්ද්ර යා සේ ම සම්පූර්ණ වි ය. එ කල අනන්තාපය්ය්රර්න්කත වූ බුදුන් දම්සක් පතුරුවා වස් වසන ඇසළ මස මැදි පොහෝදිනය සම්ප්රා‍ප්තව ඒ චන්ද්රවයා ද සම්පූර්ණ වි ය. එ දා බෝමැඩ සිට දෙසැත්තෑ ගවුවක් දුරුමඟ ගෙවා ඉසිපතන විහාරයට ඒකවාරි හස්තිපොවුවකු සේ. ඒකචාරි සිංහ පොවුවකු සේ, ඒ මඟ වඬනා සේක.

එ කල උපක නම් ආජිවකයෙක් සන්හුන් ගමනින් එකලා ව වඩනා මාගේ ස්වාමිදරුවන් දැක, සඳරස් දුටු කුමුදුවිලක් සේ ඉතා ප්රේසන්න වූයේ බුදුන් මුහුණ බලා සියලඟින් දිවන සවනක් රස් හා දෙතිස් අසූ ලකුණු හා ශ්රීි මුඛයෙන් දිවන සඳ කැලුම් වන් බුදුරස් කඳ හා සඳමඩුල්ලක් ලූ-වා සේ සිසාරා සිටිනා බ්යාබම ප්රාභාමඬුලු හා පුන්සඳක් සේ දිලියෙන ශ්රීස මුඛය දැක: “ස්වාමීනි, තෙපි නිශ්චල වූ ගුණ මිහිකතගෙන් ගතු ද, ස්ථීර වූ ගුණ ඝනරන්මෙරින් ගතු ද, ගැඹුරු වූ ගුණ මහමුහුදින් ගතු ද, තෙජෝ ගුණ හිරු මඬලින් ගතු ද, සොමි ගුණ සඳ මඬලින් ගතු ද, අමා පිඬක් වැනි කෙනෙකු ව, මහපින් පිඬක් වැනි කෙනෙකු ව, ඝන රන් කඳක් සේ සොඳ කෙනෙකු ව, ශක්ර යා නම් තෙපි ද, බ්රුහ්මයා නම් තෙපි ද, තොප දුටුවේලෙහි පටන් මාගේ සිත ඉතා අමා පිරූ බඳනක් සේ සන්තොෂයෙන් ඉතිර ඉතා ප්රිසන්න ය, හිමි! තෙපි කවුරුදැ”යිවිචාළේ ය.

එ කල ස්වාමිදරුවෝ තමන් කෙරෙහි එදා ඔහු කළ සන්තොෂයෙන් මතු බොහෝ වැඩ වන සේ දැක තමන් වහන්සේ ද මඳ මඳ සිනා පහළකොට ඔහු මුහුණ බලා: “ආජීවක ය, මම ශක්රමයාත් නො වෙමි, බ්ර්හ්මයාත් නො වෙමි, සම්මා සම්බුද්ධයෙමි, සියලු සංස්කාර ධර්මයන් සකසා නිමවා දතිමි, දුරුකළමනා ධර්මයන් යට අජටාකාශයට උඩ අජටාකාශය සේ දුරින් දුරුකෙළෙමි, භාවිත කළමනාධර්මයන් හැම අළලා අමාපිඬක් සේ හැරගතිමි, සදෙවුලෝ වැසියන් මට කුලගැති කෙළෙමි, මා පා පිසපු බිස්ස පවා බ්රලහ්මයාට මුදුන් මල් කෙළෙමි, දෙවාතිදෙව විමි, ශක්රාහතිශක්රලවිමි, බුහ්මාතිබ්ර්හ්මවිමි, වන්දනීය්යාවති වන්දනිය්ය් විමි, පූජනීය්යා ති පූජනිය්යන විමි, සද්ධර්මවරචක්රිවර්ති විමි, දෙවිබඹුන් අතින් මෙහෙ ගෙනපිමි, පස්මරුන් ජයගෙන පීමි, එසේ ජයගෙන සිටි මෙයින්, ආජීවක ර්ය ! මට අනන්තජිනයෝ යයි යෙති”යි වදාළ සේක.

එ වේලෙහි ආජිවකතෙම බුදුන් කෙරෙහි අතිප්රයසන්න ව: “යහළු අනන්ත ජිනයෙනි, එසේ වී නම් අද පටන් තෙපි මාගේ යහළුහ, මතු තොප කරා මා ආ දවසෙක තොප මෙසේ පොහොසත් බැවින් මා රක්ෂා කරවු දැ”යි විචාළේය. ස්වාමිදරුවෝ තමන්වහන්සේ නිසා මතු ඕහට වන වැඩක් දැක මඳ සිනා පහළකොට “යහපත දරුව! පලා එව, එ දවස් තොප රක්ෂා කරම්හ”යි වදාරා ඉසිපතනාරාමයට වැඩිසේක.

ඔහු පසු ව බුදුන් කරා ආ පරිදි කෙසේ ද යත්: එ දවස් ඒ ආජිවකතෙම ඒ බරණැසින් ගොස් මහා ප්ර ත්යේන්තයෙහි වූ වංගහාර නම් දනවුවකට පැමිණ එහි එක්තරා එක් වැදිගමක් මැද කිසිල්ලට නඟා හිණිමසින් මත්තට පිළි හැඳ ආජිවක වෙසින් කරබාගෙන සිටියේ ය. එ කල ඒ ගම නේසා ද ජනයෝ ඔහු දැක කොල, මොහු කවුරු දැ යි ඒ ඒ දිගින් දිව අවුත් ඔහු සිසාරා විස්මයපත් ව සිට තෙපි කවුරුදැ යි විචාළහ; ආජිවක කියනුයේ, ගිහි මිනිසුන්ගේ ලජ්ජා වසා පිළි නො හදුම්හ, අපි තපස් රක්ෂා කරම්හ, ලජ්ජාවෙන් අර්ධයක් පාලන ය කරන හෙයින් අර්ධපාල නම් රහතුම්හ යි කි ය. එ කල මනුෂ්යනයෝ “මොහු මහා බලවත් කෙනෙක, ලජ්ජා පමණකුත් නැත්තාහ. එසේ හෙයින් සෙසු පාපයෝ වූකලී මොහුගේ සන්තානයෙහි නැත්තාහු ම ය”යි කියා පැහැද වඳිති, පුදති, සත්කාර කෙරෙති; එ කල එ ගම වැදි මුදලි තෙම ඔහු කෙරේ පැහැද උපස්ථාන කෙරෙයි, ඒ දනවුවෙහි තල් ඇට සා මක්ෂිකා ජාතියෙක් බෙහෙව, ඔහු මිනිසුන් වෙනෙහි දී අසුකළ කල සියලඟ සිරුලා අදිනා සේ ලේ උරා බී පුවක්පත්කඩ සේ මරා හෙළා පියති, එසේ හෙයින් ඒ දනවුවෙහි සත්ත්වයෝ ඒ මැස්සන් බොහෝ වූ සමයෙහි මහ සැළවල් ගුහා සේ කරවා එහි වසන්නසාහු ය, එසේ හෙයින් ඕහට ද මේ වෙනෙහි මැස්සන්ගෙන් උපද්ර වයක් නො වන සේ වල ගෙයක් නංවා ඒ ගෙයි මහත් වූ සැළක් කරවා ඒ සැලැ ඔහු ලා පිධානයකින් වසා දවසින් දවස දන් දෙති.


එ නල ඒ වැද්දහුගේ ජාවි නම් දුවක් ඇත, මෙ තෙමේ දවසෙක ඈ දැක ඈ කෙරේ කාමතෘෂ්ණා බැඳ නෙ‍ා කා නො බී කිප දවසක් නිරාහාරයෙන් හුන්නේ ය, එ කල ඒ වැදිතෙම බැහැරෙක ගොස් ලෙට අවුත් මාගේ රහතන් වහන්සේ කුමක් කොට හුන්සේක් දැ යි විචාරා අඹුවන් හා දුව ‘ඔවුන් අපි තුන් සතර දවසක් නු දුටුම්හ, දොරට සිඟා නො ආවෝ ය’යි කි කල්හි ඒ වැදි පුත් කම්පිත් වූ සිත් ඇති ව ඔහු කරා ගොස් වැඳ ‘හිමි නුඹට කෙබඳු වූ ව්යා ධියෙක් ද, මෙතෙක් දවස් සිඟා නො වැඩිය සේක් න, වැහැරගිය සේක් නැ’යි විචාළේය. එ වේලෙහි ආජිවක කියනුයේ “මට අනික් ව්යාකධියෙක් නැත. බොහෝ දවස් තපස් කොට විඩාව ගියෙමි. එන දවස තපස් කොටගත නොහෙමි, තොපගේ ජාවී නම් දුව මට පාවා දෙවු නම්, තොප කෙරේ වෙසෙමි, එසේ නො කළා නම් මා රැකෙති යි නො සාතව”යි කීය. එ වේලෙහි වැදි පිත් කියනුයේ; තපස්කිරීම නම් පළිරොධ නැතියේ ය, ගිහිගෙයි විසිම නම් බොහෝ සම්පත් උපදවා පළිරොධයෙන් විසුව මැනව, එක් ශාස්ත්රපයක් දැනමුත් ගෘහවාසය බැරි ම ය, නුඹ දන්නා ශාස්ත්ර් කිම්දැ”යි විචාළේ ය.

ආජිවක කියනුයේ: “මා දන්නා ශාස්ත්රම නැත, තොප පස්සේ දැල්කත් පන්කත් හැදගෙන යෙමි, සතුන් මරාලු කල මස්කත් ගෙන යෙමි, මෙතෙක් ශාස්ත්ර මඳදැ”යි කි ය. එ වේලෙහිවැදි පත් ‘මේ මහා මග්ධයෙක, ම දුව නො ලත් නම් මූ මියයන බවත් සබා ම ය, මූ මියයාමෙන් ප්රරයෝජන නැත, මට මෙහෙ කෙරේ නම් එක් ප්ර,යෝජනයෙක් ම වේදැ’යි සිතා යහපතැ යි ගිවිස එ වේලෙහි තමාගේ උත්තරසාටක ය ඕහට දී පරිබ්රාිජක වෙස් හැර වැදිවෙස් ගන්වා තමාගේ ගෙට ගෙන ගොස් ජාවි නම් දුව ශරණ දින. එ තැන් පටන් එතෙම එක් වේලක මයිලා සිත් ගන්මි යි දැල්කත් පන්නක් මස්කත් ැද්දි, එක් වේලෙක නැන්දා සිත් ගන්මියි දරමිටි පලාමිටි ආදිය ඇද දෙයි, එක් වේලෙක අඹුව සිත් ගන්මි යි වී සාල් පෑර දී පැන්කත් ඇද දී නොයෙක් කර්මාන්ත කෙරෙයි, නොබෝ කපෙකින් මෙසේ දුක් ගැන්මෙන් තෙමේ ඉතා ම ජරා විය. ජාවි නම් අඹු ඕහට භද්දක නම් පුතකු වදා එතැන් පටන් පුතු වඩාගෙන තොමෝ ඔහු කෙරේ හිඳ මොහු අතින්ම සියලු කර්මාන්ත කරව වි, පුතු නලවන කල මොහු ඇසිය දි ‘මස්කත් අදිනා ඩකත්සුමයගේ පුත නොහඬ’යි කිය කියා මෝහට බැණ බැණ පුතු නලවයි; එකල ඒ තෙමෙ ලජ්ජා ඇති ව: “කෙල තෝ මා නිරාශ්රතය වූ එ කලා එකකු ය යි සිතයි ද, මම නිරාශ්ර ය එකෙකිම් නො වමි, අනන්ත ජිනයෝ ය යි යන මාගේ යහළුණු කෙනෙක් ඉතා බලවත්හ, මෙසේ තෝ මට බෙණෙයි නම් මම ඔවුන් කරා පලායෙමි යි” කී ය.

එ කල ජාවී ඔහුගේ බස් අසා “මෝහට මා කියන බස් ප්රි ය නොවන වන, මොහු ජරාපත් මහල්ලා නිසා යෞවන පුරුෂයෝ මා කරා නො එළැඹෙති. මෝහට නොයෙක් කන්කටුළු බස් කියා බැණ මොහු පලවා පියා සිත් සේ වෙසෙමි”යිසිතා එ තැන් පටන් දවසින් දවස පුතු තොමෝ ම හඬ ව හඬවා ලා පුතු නලවන ව්යා්ජයෙන්: “මස් වැද්දවුගේ පුත නොහඬ, කත් අදනා සුමයගේ පුත නොහඬ, මූඩයගේ පුත නොහඬ, කෙළතොල්ලගේ පුත නොහඬව” යනාදින් කිය කියා මෝහට බැණ එකාවනු ව ලජ්ජාකරව යි, එ කල එ තෙම ඇගේ නින්දා කිරිමෙන් ඉතා මහත් වූ ලජ්ජා ඇති ව අඹුව හා පුතු හැර ගිහිගෙයි කලකිරි නැඳිමයිලන්ට ත් නො කියා ඒ දනවුව හැර පෙර ගිය සලකුණෙන් බරණැස් වැද අනන්ත ජිනයෝ කොයි දැයි දුටු දුටුවන් අතින් විචාරයි, සමහරු එනම් කෙනෙකුත් අපි නුදුටුම්හ යි කියති, සමහරු කෙසේ වූ කෙනෙක් දැයි විචාරති, ඔහු ඉතා සන්තෝෂ කෙනෙක, උන් වැනි කෙනෙක් නැත, අසවල්හු වැනියෝ ය යි කිය නො හෙමි, ඔහු තුමූ ම තමන් වැනි කෙනෙක, අමා කඳක් වැනි කෙනෙක, කප්රුකක් වැනි කෙනෙක, සිතුමිණි රුවනක් වැනි කෙනෙක, ගනරන් පිඬක් වැනි කෙනෙක, සුපිපි පියුමක් වන් මුවපියුමක් ඇති කෙනෙක, විදුලිය වන් කන්වැල් සඟලක් ඇති කෙනෙක, නළලැ මකුල් තිලකයක් වන් ඌර්ණරෝමයක් ඇති කෙනෙක, නන් සුවඳින් පිරුණා වූ ශ්රීඌ මුඛයක් ඇති කෙනෙක, සඳවලා කඩක් වන් සිවුරක් ඇති කෙනෙක, ඇත් ගමනක්වන් සන්හිඳි යන ලීලා සම්පන්න වූ ගමන් ඇති කෙනෙක, මිහිරි වූ කටහ6ඩ ඇති කෙනෙක, දෙතිස් අසූ ලකුණු ඇති කෙනෙක, සියලඟින් නිකුත් සවනක් රස් ඇති කෙනෙක, ඔහු හිරුට වඩිති, සඳුට වඩිති, දෙවියන්ට වඩිති, බඹුන්ට වඩිති, අනන්තජිනයෝ යයි කියත්, මෙම බරනැස දී එක් සමයෙක අතර මඟ දී මඟ යන්නවුන් දිටිමි. ඔහු දැන් කොයි වෙසෙත් දැ”යි විචාළේ ය. එ කල නුවණැති සත්ත්වයෝ මොහු කියන සලකුණෙන් බුදුන් විචාරණ බවු දැන එ වකට ඉබුදුන් දෙවුරම් වෙහෙර වැඩවසන කල් හෙයින් කොසොල් රජුගේ සැවැත් නුව‍ර දෙවුඑම් වෙහෙර ගොස් දැකගන්ව යි කිහ.


එ කල ස්වාමිදරුවෝ මෙහු තමන් වහන්සේ කරා එන කල් දුන මහණෙනි! අනන්තජිනයෝ කොයි දැයි විචාළ කෙනෙක් ඇත්නම් ඔහු මා කරා ගෙනෙවයි වදාළ සේක. එ සමයෙහි මෙ තෙමේ දෙව්රම් වෙහෙර දොරටුවට ගොස් සිට ‘අනන්තජිනයෝ නම් වූ මාගේ රූපත් යහළුණුවෝ කොයිදැ’යි කිය. පෙර බුදුන් අතින් නියෝග ලත් භික්ෂුන් වහන්සේ ඔහු ගෙන ගොස් බුදුන් දැක් වූ සේක. හෙ තෙමේ බුදුන් දැක ඝර්මකාලයෙක අමා විලෙක ගැලෙන්නක්හු සේ බුදුන් දැක සිත් සේ වැඳ පෙරළී ‘අනන්තජිනයෙන්, මා හඳුනාදැ’යි විචාළේ ය. එ වේලෙහි ස්වාමිදරුවෝ ඔහු කෙරහි උපන් මහත් කුළුණු ඇතිව ‘එසේය උපකයෙනි, තොප හඳුනම්හ, එ දවස් බෝමැඩ සිට ඉසිපතනයට යනුවමෝ අතරමඟ දී තොප දුටුවමෝ වේ ද, මෙතෙක් දවස් කොයි විසූදැ යි වදාළ සේක. හෙ තෙමේ තමා වංගහාර නම් දනවුවෙහි විසූ නියාව ත්, ජාවී නම් භාය්ය්හර්‍ාවක රක්ෂාකොට භද්දක නම් පුත්රියා ලත් නියාව ත්, ඇගේ අවඥාවෙන් ගෘහ වාසයෙහි කලකිරි බුදුන් කරා දෙවුරම් වෙහෙරට තමා ආ නියාව ත් බුදුන්ට දැන්වී ය. එයින් කිහ:-


ජාවිඤ්ච භද්දකං හිත්වා-අනන්තජින සන්තිකං,

වංගහාරා ජනපදා-උපකො ජෙතවනං ගතො-යි.


ඉක්බිත්තෙන් උපක නම් ආජීවක “ස්වාමිනි, අනන්ත ජිනයෙනි, මා තොප කෙරේ මහණකරවා ගනුව”යි කි ය. ස්වාමිදරුවෝ වදාරණ සේක් “තෝ ඉතා මහල්ලෙහි ය. මාගේ ශාසනයෙහි මහණ දම් පුරාගත එයිදැ”යි වදාළ සේක. “මනාකොට පුරමි! ස්වාමිනි යි”කි ය; එ වේලෙහි බුදුහු ඔහු මහණ කරවා උපසම්පදා සීල ය දී ඕහට තරම් වූ කමටහන් උගන්වා වදාළ සේක. එ කල විදර්ශනා වඩා නොබෝ දවසකින් අනාගාමි ව උපක නම් මහ තෙර ව බුදුසසුන් හොබවා බුදුන්ට සම්යඋක් ප්රරත්පත්තීන් පූජාකොට ආයු නෙළවර මිය දහසක් කපට ආයු ඇති අවිහ නම් සුද්ධාවාස බඹලොව දොළොස් යෙදුන් බ්ර හ්මාත්ම භාවයකින් ඉපද, උපන් කෙණෙහිම රහත්ව දස ඇඟිල්ලෙන් දිවු දසරස්කඳින් දසදහසක් සක්වළ අලු කරන තරම් මහත් වු ආනුභාව ඇති ව දැන් දක්වා සුව විඳිනාහු ය. ඔහු මතු නො වෙයි, අපගේ මේ බුද්ධොත්පාදයෙහි සද්දෙනෙක් මෙහි දී අනාගාමී ව ගොස් එම බඹලොව ඉපද උපන් කෙණෙහි ම රහත් ව දහසක් කප් බ්රබහ්ම සුව විඳිනාහු ය. වදාළේ මැනෝ:-


අවිහං උපපන්නාසෙ-විමුත්තා සත්ත භික්ඛවො,

රාගදොස පරික්ඛීණා-තිණ්ණා ලොකෙ විසත්තිකං


උපකො පලගණ්ඩො ච-පුක්කුසාති ච තෙ තයො,

භද්දියො ඛණ්ඩ දෙවො ච-බාහුදන්ති ච පිඬ්ගියො;

තෙ හිත්වා මානුසං දෙහං-දිබ්බං යොගං උපච්චගුං-යි.


මෙසේ ඕහට මතු වන වැඩ දැක අටළොස් යොදුන් මඟ ගෙවා ශ්රී පාදයෙන් වැඩ එදවස් ඔහු හා සමඟ මෙතෙක් කථාකොට මාගේ ස්වාමිදරුවෝ බරණැස ඉසිපතනාරාමයට එදා සවස වැඩි සේක.

එ කල පස්වග මහණහු දුරින් වඩනා බුදුන් දැක: “භවත් ගෞතමයෝ දුෂ්කර ක්රිසයා හැරපියා තමන් රජකුලෙන් මහණ වූ හෙයින් සුඛිතයන් විසින් දෙන ලද මධුර වූ ආහාරය අනුභව කොට ජවි පහස් ලදින් දැන් ප්රනභා සම්පන්නව රන්කඳක් සේ ව ගියාහු ය, බඩපුරා කන බත් හෙයින් මුඛ සන්තෝෂ ඇති ව යහපත් වූ ය, නොයෙක් උත්සාහකොට බුදු විය නො හී දැන් අප කරා ම එමින් සිටියහ. ඔහු රජ කුලෙහි උපන් බැවින් හිඳිනා අසුන් පමණක් දෙම්හ, හුනස්නෙන් නො නැ‍ඟෙම්හ, පෙර ගමන් නො කරමහ්හ, පෙර සේ ඔහු අපි නො වඳුම්හ”යි කතිකා කළහ.

එ කල මාගේ ස්වාමිදරුවෝ ඒ භක්ෂුන්ගේ අදහස් දැන එකොළොස් දහස් පන්සියයක් මහා ගංගාවන් පඤ්ච මහා ගංගාවට මෙහෙයා ලූවා සේ, අනන්තාපය්ය් ර්න් ත වූ සත්ත්ව ලෝකයෙහි පැතිර සිටිනා මහා මෛත්රිා නමැති ජලප්රවවාහ ය ඒ පස්දෙනා කරා ම මෙහෙයා ලූ සේක. එ වේලෙහි සැඩ වතුරෙහි මළ පරඬලාපත් තුබූ පළෙහි තිබිය නො හී ඉපිල පැනනැංගා සේ බුදුන් මෛත්රීප කර ත් කර ත්, තමන් කරා වඩු ත් වඩු ත්, බුදුරස් පෙළින් පෙළ හී තමන් කරා වදු ත් වදුත්, පස්දෙන ම හුනස්නෙහි හිඳගත නො හී සෙල්වී පැන නැංගාහ. ස්වාමිදරුවන් ළඟට වඩු ත් වඩු ත් බුද්ධ තේජසින් සිට ගත නො හී, පෙර මඟට ගොස්, තවද සිට ගත නොහී, බුදුන් වැඳ පෙරළි පා සිවුරු අතින් ගෙන හිඳිනා අසුන් පනවා ආදරයෙන් ශ්රී පාද ය වැඳ සෝධා ඇඟට පත්සලා පැන් පවස් විචාරා බුදුන් බුදු වූ බවු නො දැන සාමීචි කථාකරන්නාහු “ආවූසො” වාදයෙන් සම සමයන්සේ කථා කෙරෙති, එ කල ස්වාමිදරුවෝ ‘මේ භික්ෂුහු මා බුදු වූ බවු නොදනිති, මා හා සම කෙනෙකුන් ලෝකයෙහි නැති බවු නොදනිති, මම් ම මා බුදු වූ බවු මොවුන්ට හඟවමි’යි සිතා “මහණෙනි සම සමයන් හා කථා කරන්නා සේ ලොවුතුරා බුදුන් හා කථා නො කරව්. මරසෙන් බිඳහැරපිමි වසවත් මර මන් බිදපිමි, ගිරිමෙවුලා මතැ’තු දණ බිම අන්වාපිමි, එකොළොස් මහා යුද්ධයෙහි ජයගෙනපීමි, මරු දැමූ චක්රාසයුධ ය පාබිසි කෙළෙමි, මහපොළොව ගුගුරුවාපීමි, මහමෙර සක්වළගල් නටවාපිමි, දෙවි බඹ කැලන් කළ පූජා විදපිමි, මරහනන් පලවාපීමි, මහබඹුන් ලවා සාධුකාර දෙවාපීමි, මහණෙනි! සවුනේ ගෙවා බුදු ව තුන්ලෝ මුදුන්පත් වීමි, තොප හැම දෙනාගේ සැක හැර අද රෑ ධම්සක් දෙසුම් අසා බලගැ”යි වදාළ සේක.


එ බස් අසා පස්වග මහණහු බුද්ධතේජසින් වෙවුලා කෙශර සිංහයක්හු දුටු ඇත්පැටවුන් සේ දිව දළ නො සොල්වා හකත්පස් ව උන්හ. එ වේලෙහි ස්වාමි දරුව‍ාණන් වහන්සේ අනන්තාපය්ය්නර්න්වත වූ බුදුන් දම්සක් දෙසන දා වැඩහිඳිනා වූ ධර්මභූමියෙහි පැනනැඟි බුද්ධාසනයෙක් වි ය. මහමුහුද රළ පෙළ මැඩ අඳුරු විදහා උදයපර්වතයට පැනනැංගා වූ සම පනස් යොදුන් ඒ හිරුමඬල සේ බුද්ධාසනයට පැනනැඟී සියලගින් බුදුරැස් කඳ හරනට පටන්ගත් සේක. දිවු බුදුරැස් බඹලොව ගැසි සක්වළින් සක්වළට පැන පැන දිවන්නට පටන්ගත.

එ කෙණෙහි නිශා නමැති කාන්තා තොමෝ තරුපෙළ නමැති ගෙළෙ මුතුදම් පැළඳ, නිල්වලා නමැති කෙස්වැටි තනා දික් නමැති හස්තයෙන් සඳරස් නමැති දිවසළු විදා හැඳ, ඉඹලෝ නමැති මිණිඔටුනු ධරා, තුන්ලෝ නමැති ඇඟ සොල්වා, කෞමද නමැති ඇස් දල්වා, හෘඬ්ගනාද නමැති ගායනා පතුරුවා, මාගේ ස්වාමිදරුවන් වහන්සේගේ පළමුවන මඟුල්බණ පූජාවට මෙසේ ලීලාපෙත ව සැරහී සිටගත.

එ කෙණෙහි ම ඈට ම අලංකාර වූ රුවන්තෝඩු දෙකක් තිබුවා සේ සමපනස් යෙදුන් හිරුමඬල පශ්චිම චක්රතවාට කර්ණය සරහා සිටගත. පූර්වචක්රමවාට කර්ණයෙන් පැනනැඟි එකුත් පනස් යොදුන් සඳමඩල ප්රුභා විහිදුවමින් සිටගත.

එ කෙණෙහි මාගේ ස්වාමිදරුවන්ගේ ධර්මදෙශනා කාලය සම්ප්රාඑප්ත වි ය, මෙරගල නටා පැනනැංග සත්කුළ පවුවෝ බුදුන් දසා වට වැදුම් ගත්හ, සක්වළගල සක් වළල්ලක් සේ බමා ගිය, මහමුහුද ඇද සදාලූ බෙරක් සේ රළ සන්හීදී පස් -පියුමෙන් සැදි ගි ය, මහපොළොව සෙලවී පැනනැංග, මේ ආදි වූ දෙතිස් මහා පූර්ව නිමිත්ත පූජාවෝ ද මඟුල් බණට පහළ වූහ.

එ කෙණෙහි දසදහසක් සක්වළ දිව්ය බ්ර හ්මයෝ ‘අපගේ ස්වාමියා දහම් අමාවතුරෙහි අප හැම ගලා සංසාර දුක් නමැති මහ ගිම් නිවයි, ඔහුගේ දහම් අමාරස බොන්නට යම්හ’යි කියා දසදහසක් ලොව අසුරයන් වන් ශක්ර පුර ය සේ ඇළල, දසදහසක් සක්වළ ද්ව්යර නාගයෝ කඩුපුල්මල් මිටි ගෙන දිවු ය, ගරුඬයෝ මහ පියුම් තුඩින් කඩාගෙන දිවු ය, ගන්ධර්වයෝ තූය්ය්,ර්භා ණ්ඩ ගෙන දිවු ය, අසුරයෝ පළො‍ල්මල් ගෙන දිවු ය, දෙවියෝ පරසතුමල් ආදිවු නන්විසිතුරු දිවමල් ගෙන දිවු ය, බ්රිහ්මයෝ සේසත් ගෙන දිවු ය, දසදහසක් සක්වළ මුළුල්ලෙහි සඳහිරුදෙවියෝ දිවු ය, පළමු ව දිවුපිරිස ගවුවක් සා තැන සැට සැත්තෑව බැගින් සිටියහ, දෙවනුව දෙවියන් එ ත් එ ත් අල්ලක් සා තැන අසූවක් අනූවක් බැගින් සිටියහ, තුන්වනුව දෙවියන් එ ත් එ ත් අඟලක් සා තැන සියයක් දහසක් බැගින් සිටියහ. සතරවනු ව දෙවියන් එ ත් එ ත් ඉදිකටු මලක් සා තැන සියයක් දහසක් බැගින් සිටියහ. පස්වනු ව දෙවියන් එ ත් එ ත් ඉදිකටු අගක් සා තැන දහසක් බැගින් සිටියහ, සවනු ව දෙවියන් එ ත් එ ත් එ ම සා තැන සුවහසක් බැගින් සිටියහ, මෙසේ දසදහසක් සක්වළ මුළුල්ලෙහි සැටදහසක් කාමාවචර දිව්යිලෝකවල දෙවියන් තමන් තමන්ගේ දෙවුලෝ සිස්කොට ගහන ව අවුත් හි වී ගැවසි සිටගත් වේලෙහි; තව ද දස දහසක් සක්වළ අරූතල අසංඥ තලයන් හැර එක්ලක්ෂ ලනස් දහසක් රූපාවචර බ්රතහ්මලෝකවල එක බ්රසහ්මයකු ත් නො රඳා දොළොස් යොදුන් උස ඇති ඒ සා බ්ර හ්ම සේනාව තුන්යෙදුන් ගවු සා සේසත් ගෙන අවුත් සිටගත්හ, යහළක් පමණ ධාන්යායෙන් එක ලාස්සෙක නො ගන්නා සේ මේ සා සක්වළ ගබ සතර රියන් ගබඩා සුඟක් සේ අවකාශ මඳ විය.

එ කල දෙවියෝ සත්වනු ව එන බ්රමහ්මසේනා දැක තව ද සියුම් වෙස් මවාගෙන කේ ලොම් අගක් සා තැනැසැට සැත්තෑ අසූ අනූ බැගින් සිටගත්හ; මෙසේ සිටි දිව්යා-බ්රධහ්ම සේනා සක්වළ ගල පය්ය්නර්න්ගත ව අකනිටා බඹලොව දක්වා නලෙක පුරාලු රන්සුණු සමූහයක් සේ අවකාශයක් නැතාව ම සිට ගත්හ. බඹලෝ සිට වටපැළක් සා ගළක් හෙළාපි කල සාරමස් දෙපෝයකින් අවුත් පොළොවට පැමිණෙයි. එසේ දුරු වූ අවකාශ ය මාගේ බුදුන්ගේ පළමුවන මඟුල් බණෙහි පිරිස් ගහනයෙන් මෙසේ අස්ලොමක් සා තැනුත් අවකාශයක් නැති ව සිටගත්තා වූ බණපිරිස ම ය.

තව ද බුදුන් වැඩහුන් බුද්ධාසනයේ පටන් බ්ර හ්මාණ්ඩ ය දක්වා බුදුන් සිරසින් පැනනැඟි බුදුරස් කඳට ම අවකාශ වි ය, විමනෙන් වේව යි, දෙවි බඹ කෙනෙක් වේව යි බුදුරස් ක‍ඳෙහි නො ගල්වන්නාහු ම ය. ඉක්බිත්තෙන් ස්වාමිදරුවන් සිරසට පිදු සඳමඬුලු සේ දස දහසක් මහාබ්ර්හ්මයෝ දස දහසක් සේසත් මතුමතුයෙහි තබා සිට ගත්හ, දස දහසක් ශක්ර්යෝ බුදුන්ගේ යසරැස් උරා බොන්නවුන් සේ දසදහසක් ජයසක් තුඩ තබා ගෙන පිඹින්නට පටන් ගත්හ. දස දහසක් සුයම්දෙවියෝ දස දහසක් චාමර සලති, දස දහසක් සන්තුසිත දෙවියෝ දස දහසක් මිණි තල් වැට සලති, සෙසු දෙවියෝ රන් තොරණ මිණි තොරණ රන් ඇගෑ මිණි ඇගෑ රන්පියුම් රුවන් පියුම් රන්මල් රුවන් මල් රන් කරඬු රුවන් කරඬු රන් සුණු රුවන් සුණු මුතු සුණු රනු දම් රුවන් දම් මුතු දම් ආදී වූ පූජා භාණ්ඩ ගෙන සිට පූජා කරන්නට පටන් ගත්හ, එ කල දෙවියන්ගේ පූජා කොලාහලයෙන් බ්‍රහ්මාණ්ඩ ය දක්වා ගැවසි ගත් මුහුදු ගිගුමක් සේ එකනින් නාද වි ය. දෙවියන් ගේ අරගල ය සන්හිඳුවා ලන්ට සමර්ථ අන්කිසි සත්ත්වයෙක් නැති ම ය. බුදුන් වටා සිටි දස දහසක් ශක්රියෝ ඒ තමන් කළ මනා ධුරයක් හෙයින් දස දහසක් දකුණු සක් පිඹ සක් පිට වතුරුවාටගන විසි දහසක් අත් ඔසවා එකවිට අත්පොළසන් දී ‘ඔහෝ බණ පිරිස සන්හි‍ඳෙව’යි කියා තුන්ලෝ වෙවුල්වා බැන නැංගාහ. එ වේලෙහි ඒ ශක්රෙඝොෂාව අසා තුන්ලෝ පුරා සිටි දෙවි බඹ පිරිස් රළ නැති මුහුදක් සේ නිශ්ශබ්ද වූහ. එ කෙණෙහි දෙලක්ෂ සතලිස් දහසක් යොදුන් ඝනකඩ බොල් මහ පොළොව සාධුකාර දින.

මාගේ ස්වාමිදරුවෝ ඒ මහීනාදය හා සමඟ තමන්වහන්සේ ගේ පාරමිතා නමැති දියෙන් පිරුණා වූ, බුද්ධඥන නමැති සූය්ය්ාර්කා න්තියෙන් ප්රමබෝධ වූ, සුරක්ත වූ ජිව්හා ධාතු නමැති කෙම් ඇති, දන්තධාතු නමැති කෙසරු ඇති, සූරක්ත වූ ඔෂ්ඨ ධාතු නමැති පත්රත ඇති, සද්ධර්ම නමැති මධු බින්දු ඇති, ශ්රීාමත් වූ මුඛපද්මය විවෘතකෙට බැණනැඟි බසින් දිවු සුවඳ ගඳින් සියලු බණ පිරිස සුවඳ පිඬක් සේ කෙරෙමින්: “චෙ මෙ භික්ඛවෙ අත්තා පබ්බජිතෙන න සෙවිතබ්බා: යො චායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථසංහිතො; යොචායං අත්ථ-කිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථසංහිතො; එතෙ තෙ භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ක්ධිමා පටිපදා තථාගතෙත අභිසම්බුද්ධා චක්ඛුකරණි ඤාණකරණී උපසමාය අභිඤ්ඤය සම්බොධාය නිබ්බාණාය සංවත්තති”යි යනාදීන් ධම්සක් පැවතුන් සූත්රා දෙශනාවට පටන්ගත් සේක.

එ කල පූර්ව චක්රකවාටයෙහි සිටි දෙවියෝ බුදුහු අප මුහුණු බල බලා ම හිඳ බණ දෙසති යි සිතති, දක්ෂිණ චක්රෙවාටයෙහි සිටි දෙවියෝ බුදුහු දකුණුදිග් බලා ම වැඩහුන්සේකැ යි සිතති, පශ්චිම චක්රා වාටයෙහි සිටි දෙවියෝ බුදුහු පශුචිම දිග් බලා ම වැඩහුන් සේකැ යි සිතති, උත්තර චක්රාදවාටයෙහි සිටි දෙවියෝ බුදුහු පශ්චිම දිග් බලා ම වැඩහුන් සේකැ යි සිතති, උත්තර චක්රාහවාටයෙහි සිටි දෙවියෝ බුදුහු උතුරු දිග් බලා ම වැඩහුන් සේකැ යි සිතති, දස දිග සිටි දෙවියෝ තමන් තමන් දිසාවට මුහුණ ලා වැඩහුන් සේකැයි සිත සිතා පින පිනා ම බණ අසති; සදෙවුලොව සිටි දෙවියෝ තමන් තමන්ගේ දිව්යතලොකයෙහි දී ම බණ වදාරනසේකැ යි සිත සිතා ම සතුටු සතුටු ව ම අසන්නාහු ය. බ්රිහ්ම ලෝකවල සිට බණ අසන බ්රතහ්මයෝ තමන් තමන්ගේ බඹ ලොව දී ම වදාරණ බණෙකැ යි සිත සිතා විඳ විඳ අසති.

බුදුහු නම් සඳ සේ උපමා ඇති සේක, යම් සේ ගුවන් මුදුනෙහි දිලියෙන්නා වූ සඳ බැලු බැලූ සත්ත්වයන් අභිමුඛයට ම පෙනේ ද ඉවත් ව නො පෙනේ ද එසෙයින් ම මාගේ ස්වාමිදරුවෝ ත් තමන් වහන්සේ සියලු සතුන් අභිමුඛයට ම පෙනි පෙනි සියලු සතුන්ගේ සිත් තමන් වහන්සේ කරා ම ඇද ඇද සියලු සතුන්ගේ ඇස් තමන් වහන්සේගේ ඇස් හමුවට ඇද සියලු සතුන්ගේ ප්රේම නමැති මහා ගංගාවන් තමන් වහන්සේගේ රූප නමැති මහ මුහුදට ඇද ප්රෙේම වඩ වඩා බණ වදාරණ සේක් ම ය.

තව ද අකනිටා බඹ ලොව සිට බණ අසන්නා වූ දොළොස් යොදුන් උස ඇති මහා බ්රොහ්මයෝ දොළොස් රියන් උසින් මිනිස්ලොව වැඩ හිද බණ වදාරන්නා වූ මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන්වහන්සේ ශ්රීා මුඛ ය පුන්සඳක් බලන්නවුන් සේ කර ඔසවා ඔසවා බල බලා බණ අසන්නාහු ම ය.

අනවලෝ මුදුන් ධාතුව සඳ මතුපිට නො දක්නවුන් සේ එකකෙනෙකු ත් නො ම දක්නාහු ය, එ දා තබා ස්වාමිදරුවන් බුදු ව වැඩහුන් පන්සාලිස් මවුරුද්ද මුළුල්ලෙහි ම කිසි දෙවියෙක් බඹෙක් මරෙක් ඒ අනවලෝ මුදුන් ධාතුව නුදුටු යේ ම ය.

එ වේලෙහි පොළොව පටන් බඹලොව දක්වා ගැවසී සිටින මේ සා බණ පිරිසෙහි මේ සත්ත්වයා රාග චරිත ය, මේ සත්ත්වයා ද්වෙෂ චරිත ය, මේ සත්ත්වයා මොහ චරිතය මේ සත්ත්වයා ශ්රෙද්ධා චරිත ය, මේ සත්ත්වයා බුද්ධි චරිතය, මේ සත්ත්වයා විතර්ක චරිතය, යනාදීන් එකි එකී සත්ත්වයකුගේ සිත් තෙසැටක් නියායෙන් වෙන වෙන චරිත බල‍ා බණ වදාරණ සේක් ම ය.

තව ද මේ බ්රෙහ්මයා සිතුයේ මේ ය, මේ දිව්ය,යා සිතුයේ මේ ය, මේ අසුරයා සිතුයේ මේ ය, මේ සිද්ධ විද්යාචධාරයා සිතුයේ මේ ය, මේ වස්සවලාහකයා සිතුයේ මේ ය, මේ නාග සුපර්ළුයා සිතුයේ මේ ය, මේ ස්ත්රිත මේ පුරුෂයා සිතුයේ මේ ය, මේ අපාද ද්විපාදයා සිතුයේ මේ ය, මේ චතුෂ්පාදයා සිතුයේ මේ ය, මේ බහුප්පාදයා සිතුයේ මේ ය, යටත් වසයෙන් මේ පණුපැණියා සිතුයේ මේ ය, මේ කුරුකුහුඹුවා සිතුයේ මේ ය යි යනාදින් සියලු සතුන්ගේ සිත් දැන බණ වදාරණ සේක් ම ය.

තව ද මාගේ ස්වාමිදරුවන් එක මාගධික ශබ්දයෙන් වදාරන්නා වූ බණ බ්රාහ්මයෝ බ්ර හ්ම භාෂාවෙන් කියති, දිව්ය්යෝ දිව්ය භාෂාවෙන් කියති යි සිතති, ගරුඬයෝ ගරුඬ භාෂාවෙන් කියති යි සිතති, මනුෂ්යතයෝ වෙන වෙන තමන් තමන්ගේ නො එක් මනුෂ්යත භාෂාවෙන් කියති යි සිතති, සිවුපාවෝ තමන් තමන්ගේ භාෂාවෙන් කියති යි සිතති, හංස මයුරාදි පක්ෂිහු තමන් තමන්ගේ භාෂාවෙන් කියති යි සිතති, යටත් වසයෙන් සියලු ක්ෂුද්රග ප්රාිණිහු තමන් තමන්ගේ භාෂාවෙන් කියති යි සිතති, කුරු කුහුඹු හිනිපැණි ආදී වූ සූක්ෂම ප්රායණිහු තමන් තමන්ගේ භාෂාවෙන් කියති යි සිතා විඳ විඳ අසති, මෙසේ සියලු සතුන්ගේ භාෂානුකූල ව බණ වදාරණ සේක් ම ය.

මේ සාරාසංඛ්ය. කප්ලක්ෂයක් මුළුල්ලෙහි ඉස් දී, මස් දී, ඇස් දී, ලේ දී, අඹුදරුවන් දී, රාජ්යඳ ය දී, උතුම් වූ ධණ දී, කළා වූ පාරමිතාවන්ගේ ආනුභාවයෙන් ජනිත වූ පින් සම්භාරයන් හෙයින් මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේගේ මේ අසාධාරණ වූ බුද්ධානුභාව ය, අසදෘශම ය, ඔබ සේ වූ බුදුකෙනකුන්ට මුත් අනික් සත්ත්වයන් හට ඒ අවිෂ ය ම ය, අවින්ත්ය ම ය, නො දැනේ ම ය, නො සිතේ ම ය, අසාධාරණ ම ය, ආශ්චය්ය්මර්‍ ම ය, විස්මය ම ය, මට ද මේ ඇසූ සිතූ සියලු සතුන්ට ද මේ වික්ර්ම ය වාසනා වේව යි.

මෙසේ මාගේ ස්වාමිදරුවෝ සියලු සතුන් කැමති කැමති රස කවා පොවන එක් මෑණිකෙනකුන් සේ හැමදෙනා කැමති කැමති චරිතයෙන් බණ වදාරා ඒ දම්සක් පැවතුන් පළමු වන සූත්රරදෙශනාව මෙසේ සමහර කොට වදාළසේක.

එ කෙණෙහි පස්දෙනාවහන්සේට වැඩිමහලු අඤ්ඤාකොණ්ඩඤ්ඤ නම් මහ තෙරුන් වහන්සේ කෙළදහසක් පමණ කෙලෙසුන් නසා දහසක් නයින් සම්පූර්ණ වූ සෝවාන් මාර්ගයෙන් වැද අමා මහ නිවන් පුර ය දුටු සේක. එ දා අසඬ්ඛ්ය යක් දෙවියෝ සෝවාන් මාර්ගයෙන් වැද අමාමහන් නිවන් පුරය දැක සතුටු වූහ. තව ද අසංඛ්ය්යක් දෙවියෝ දෙවන වූ සෙදැගැමි මාර්ගයෙන් වැද අමාමහ නිවන් පුරය දැක පිනා ගියහ. තව ද අසංඛ්යවයක් දෙවියෝ තුන්වන වූ අනාගාමි මාර්ගයෙන් වැද අමාමහ නිවන් දැක සතුටු වූහ. තව ද අටළොස් කෙළක් මහා බ්රනහ්මයෝ සතරවන වූ රහත් මඟින් වැද අමාමහනිවන් පුර ය දැක සසර දුකින් මිදී ගියහ.

මෙසේ එදා මාගේ ස්වාමිදරුවෝ ඇසළ මැදිපොහෝදා පතළ සඳපානේ කළා වූ පළමුවන ධර්මදෙශනාවෙහි තුන් අසංඛ්ය යක් දෙවියන් හා අටළොස් කෙළක් බුහ්මයන් නිවන් දක්වා නිවන් කෙළවර බණ සමහරකොට තොප තොපගේ විමන් යව යි අවසර දුන් සේක. එකල දිව්යව බ්රනහ්මයෝ ස්වර්ණ රසාරාවෙන් අභිෂික්ත ගාත්රාට ඇතියවුන් සෙයින් පින පිනා සාධුකාර පවත්වා බුදුන් වැඳ ප්ර දක්ෂිණා කොට බුදුන්ට ස්තුති කොට තමන් තමන්ගේ භළුනයට ගියාහු ය.

මෙසේ බුදුහු තමන් වහන්සේ පළමුවන ධර්මදේශනාව කළ දා පූර්වනිමිත්ත නම් වූ මහා පූජා දෙතිස් හා කාමාවචර දිව්යර රාජයන් කළ අනූ දහසක් පූජා හා මහාබ්රාහ්මයන් කළ එක්ලක්ෂ පනස් දහසක් පූජා හා මෙසේ දෙ ලක්ෂ සතලිස් දහස් දෙතිස් මහා පූජාවක් ලත් හෙයිනු ත්, එසේ වූ පූජා විදීමට සුදුසු හෙයිනු ත්, සද්ධර්ම මහා චක්රඑවර්ති වූ ,සද්ධදර්ම මහා මේඝ වූ, සද්ධර්ම මහා ප්ර වාහ වූ, සද්ධර්ම මහා ගංගා වූ, සද්ධර්ම මහා සමූද්රම වූ, සද්ධර්ම මහා චුඩාමණි වූ, සද්ධර්ම මහා කිරීට වූ, සද්ධර්ම මහා තිලක වූ, සද්ධර්ම මහා කේතු වූ, සද්ධර්ම මහා නිධාන වූ, මාගේ ස්වාමිදරු වූ, ශෞද්ධොදනිය වූ, ගෞතම ගොත්රේයෙහි උපන් හෙයින් ගෞතම නම් වූ බුදුරජාණෝ මේ මේ කාරණයෙනු දු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදුයේමැ යි.


පූජාවිසෙසං සභ පච්චයෙහි

යස්මා අයං අරහති ලොක නාථො.

අත්ථානු රූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාම මෙතං-යි.


මේ පූජාවලියෙහි අප බුදුන් පළමු වන ධම්සක් පැවතුන් සූත්ර් දෙශනායෙහි දී ලද ඉසිපතනාරාම පූජාකථා නම් වූ තෙළෙස් වන පරිච්ජෙදයනිමි