Jump to content

පූජාවලිය-ජාතිභෙද පූජා කථා

Wikibooks වෙතින්

පූජාවලිය


පස්වන පරිච්ඡෙදය


තවද අප බුදුන් සංසාරගත ව ලද පළමුවන ජාතිභෙද පූජාකථා නම් කවර හ යත්?


ස්වාමිදරුවන්ගේ සද්ධර්ම සාගරයට වැද නොයෙක් අද්භූත ධර්මයන් බලා ඇවිදිනා වූ මයුරපාද පරිවෙණාධිපති සුගතොරසයන් විසින් ඔබ සංසාරයෙහි දි සූවිසි මහා සන්තොෂයෙකින් යෙදී, සූ විසි මහා දානයක් දී, සූවිසි මහා ප්රාොර්ථනාවක් කොට සූවිසි බුදු මුඛයකින් සූවිවසි මහා විවරණ ලදින්, සූවිසි දිව්යු පූජාවක් ලදින, සූවිසි මණ්ඩලයක දෙවියන් ලවා සාධුකාර දෙවා, තමන්ගේ බුදුසිරි දකුම්හ යි තුඩ තුඩ ප්රාසර්ථනා කරවාපු මහාවීරපුරුෂ මහිමයක් හා තව ද තමන් ලොවුතුරා බුදුවූ දවස් පැළ සක්වළ පටන් බෝමැඩ දක්වා පුළුල සූවිසි යොදනක්හි හිවී ගැවසී දිවූ මරසෙනගක් බිඳ පළවාපු නිර්භීතභාවයක් හා- තව ද යමාමහ පෙළහර කරණ දවස් සූවිසි යොදුන් අයම් විතර තන්හි හිවී ගැවසී සිටි මහ පිරිසක් ලවා තුඩ තුඩ බුදුවෙම්වයි ප්රාිර්ථනා කරවපු මහිමයක් හා තව ද සූවිසි දවසෙක සූවිසි තැනක වැඩහිඳ, සූවිසි දෙශනාවක් කොට, සූවිසි අසඬ්ඛ්යජයක් ප්රාිණීන් සෝවාන් කෙරෙමින්, සූවිසි අසඬ්ඛ්ය්යක් ප්රාපණීන් සැදැගැමි ‍කෙරෙමින්, සූවිසි අසඬ්ඛ්යකයක් ප්රාාණීන් අනැගමි කෙරෙමින් සූවිසි අසඬ්ඛ්යනයක් ප්රාූණීන් අමාමහ නිවන් දක්වමින් සත්වසාන්ති කෙරෙමින් ලෝවැඩකළා වූ මහා බුද්ධ මහිමයක් හා-තව ද සොණනන්ද ජාතකයෙහි සොණ නම් මහ තවුස් ව වදාළ බණින් සූවිසි අක්ෂෞහිණි ඒ සා‍ මහසෙනගක් මොහොතක් කලකින් පන්සිල් ගන්වපු චිත්ර කථික වාක්ලීලාවක් හා-තව ද දිව්ය්ඥනයට ද අවිෂයවූ අභිධර්මයට බැස සූවිසි උපා දානාරූපයන් හා සූවිසි ප්රධත්යවයන් ද යනාදී වූ ධර්මයන් වෙන වෙන දැක්වූ බුද්ධඥණයක් හා-තව ද බුදු වූ දවස් පටන් දවස දවස සූවිසි කෙළ ලක්යක් බැගින් ඵලසමවතින් හා සූවිසි කෙළ ලක්ෂයක් මහා කරුණා සමාපත්ති සුව වින්දා වූ අප්රසමාද භාවයක් හා තව ද සූවිසි බුදුන්ගේ මහිම වෙන වෙන දක්වාපු තුන් කල්දන්නා ත්රිුවිද්යාෙ මහිමයක් හා, මෙසේ අද්භූත වූ සූවිසි මහා ධර්ම කෙණෙකුන් දැක ඔබ කෙරෙහි උපන් මහාසන්තෝෂයෙන් උදාරවූ ශ්රකද්ධාවෙන් අධිකවූ, බුද්ධ ප්රේනමයෙන් දහම් මී බී කුල්මත් වූවාහු සූවිසි දවසක් ග්ර්න්ථ සඬ්ඛ්යාමවෙකින් පූජාවලි නම් වූ ධර්මව්යාදඛයාන කථාවෙකින් බුදුන්ට ස්තුති පූජාවක් කරන්නාහු, මේ ජාතිභෙද පූජා පරිච්ඡෙදයට ප්රාජරම්භ කරම්භ. සත්පුරුෂයන් විසින් සාවධාන ව ඇසිය යුතු. ‍ ‍

ම‍ාගේ බුදුහු තමන් ලෙහෙන ම උපන් ජාති ය, වටු ව උපන් ජාති ය, කුරුලුව උපන් ජාති ය, ගිරා ව උපන් ජාති ය, කෙවිලිව උපන් ජාති ය, කෑරළ ව උපන් ජාති ය, පරෙවි ව උපන් ජාති ‍ය, කපුටු ම උපන් ජාති ය, දියකා ව උපන් ජාති ය, උකුසු ව උපන් ජාති ය, ලිහිණි ව උපන් ජාති ය, කොක් ව උපන් ජාති ය, කකුළුව උපන් ජාති ය, කිඳුරු ව උපන් ජාති ය, ගුරුළුව උපන් ජාති ය, හංස ව උපන් ජාති ය, උපන් ජාති ය, මොනර ව උපන් ජාති ය, මණ්ඩුක ව උපන් ජාති ය, සුනක ව උපන් ජාති ය, ජම්බුක ව උපන් ජාති ය, මූෂික ව උපන් ජාති ය, ගෝධ ව උපන් ජාති ය, සා ව උපන් ජාති ය, මත්ස්යන ව උපන් ජාති ය, නාග ව උපන් ජාති ය, වඳුරුව උපන් ජාති ය, හූරු ව උපන් ජාති ය, මුව ව උපන් ජාති ය, මී ගොන් ව උපන් ජාති ය, හෙලගොන් ව උපන් ජාති ය, අස්ව උපන් ජාති ය, ඇත් ව උපන් ජාති ය, සිංහ ව උපන් ජාති ය, චණ්ඩාල ව උපන් ජාති ය, නාටක ව උපන් ජාති ය, සොරදෙටු ව උපන් ජාති ය, ස්වර්ණාකාරව උපන් ජාති ය, කුම්භාකාර ව උපන් ජාති ය, වෛද්යාකචාය්ය්ජර්‍ ව උපන් ජාති ය, සිටු ව උපන් ජාති ය, වෙළෙඳ ව උපන් ජාති ය, බමුණු ව උපන් ජාති ය, පුරොහිත ව උපන් ජාති ය, රජ ව උපන් ජාති ය, තාපස ධර්ම පිරූ ජාති ය, වෘක්ෂ දේවතා ව උපන් ජාති ය, ශක්ර දෙවේන්ද්රන ව උපන් ජාති ය, බ්රතහ්ම රාජ ව උපන් ජාති යයි යන මේ පන්සිය පනස් ජාතකයෙහි පෙනෙන සමපනස් ජාති භෙදිදීන් අතුරෙන් එකි එකී ජාතිභෙදයෙක්හි ම නො එක් වාරයෙහි ඉපැද පාරමිතා පුර සසර ඇවිදුනා වූ මාගේ ස්වාමි දරු වූ බොධිසත්වයෝ.


ස්වර්ණමයුර ජාතකයෙහි පෙර බොහෝ කකල් රක්ෂා කළා වූ ශිල පාරමිතාවගේ ආනුභාවයෙන් කසුන් පිඩක් බඳු වූ ශරීර ලදින් හිමාලය වෙනෙහි සතර වනු වූ වූ දණ්ඩකී: අරුණොද් පර්වතයෙහි බ්ර හ්මචාය්ය්දර්යේන් වාසය කරනසේක්: අරුණොද් ගමන වේලායෙහි උදය පර්වතයෙන් නැ‍ඟෙන සූය්ය්ුර්‍ දෙවාතාවා බලා “උදෙතයං” යන ගාථාව බැඳගෙන හිරුට පළමු ව නමස් කාර කොට ලා “යො බ්රාෙහ්මණ” යන ගයින් අතීතයෙහි උපන් නො එක් බුදුන්ට නමස්කාර කොට පැන නැඟී ගොස් ‍ෙගාචර ග්රයහණයෙන් දහවල් සුව සේ දවස් යවා සවස අස්තපර්වතයට යන හිරු බල බලා හිඳ “අපෙත‍යං” යනාදීන් හම පිරිත බැණ රාත්රි්යෙහි දවස් යවා, මෙසේ වසන කල මේ පිරිතෙහි ආනුභාවයෙන් දීර්ඝ කාලයක් මුළුල්ලහි බෝසතුන්ට භයෙක් වේව යි. සාරද්යවයෙක් වේව යි, ලොමොද්ගාමයෙක් වේව ‍යි, එක දවසකුත් නො වූයේ ම ය. මෙසේ වසන කල බරණැස වැදි පුත්රතයේක වෙනෙහි ඇවිදිනේ දව‍ෙසක ඒ පර්වතය මුදුනෙහි උදයගිරියෙහි දිලියෙන හිරුරුස් කලබක් සේ රන් රසින් දිලියෙන පිල්කළඹ විහිදා විහිදා නටන බෝසතුන්ගේ රූප ශ්රීු දැක ගමට අවුත් තලෙකින් මියෙනුයේ “අසු වල් පර්වතයෙහි රන්වන් මයූර රාජයෙක් වෙසෙ යි. ඒ බව දැන හිඳුව” යි තමපුතුට කී ය.

එ සමයෙහි බරණැස් රජුගේ ඛෙමා නම් බිසොවක් රන්වන් මොනරකු අතින් සිහිනෙන් බණ අසා “රන්වන් මොනරකු අතින් බණ අසන දොළෙක් මට උපන,ඒ දොළ පසිඳ දෙය”යි රජ්ජුරුයවන්ට නො එක් වාරයෙහි යාච්ඤ කර යි. රජ්ජුරුවෝ රන්වන් මයුරයෝ ලෝකයෙහි ඇතියි වේදයේන අසා‍ බරණැස වැදිසෙනග රැස් කරවා “රන්වන් මොනරකු දුටුවෝ කවුරුදැ” යි විචාරා සියලු වැදි සෙනඟ “අපි නුදුට්ම්හ, අපි නුදුටුම්හ” යි කී කල යට කී වැදි පුත්ර යා අතින් “අසුවල් පර්වතයෙහි රන්වන් මයුරයෙක් ඇතැ” යි අසා සතුටු ව ප්ර්සාද දී මයුරා නො මරා බදා ගෙන තෝ ම ගනෙව”යි එම වැදි පුත්රුයා යවූහ.

එ කල ඒ වැදිපිත් “ඔහු ගෙනෙමි, දේවයෙනි” යි වහසි කියා හිමාලය වනයට ගෙ‍ාස් බොධිසත්වයන් දැක පර්යවතය සිසාරා ඒ ඒ තන්හි මළ ලයි; පිරිතෙහි ආනුභාවයෙන් මළ පිට ඇක්මුනත් බෝසතාණන් පය නො බැ‍ඳේ ම ය. අද බදා ගනිමියි,සෙට බදා ගනිම යි උත්සාහ කරනුයේ සත්හවුරුද්දක් මුළුල්ලෙහි දුක් ගෙන බදාගත නෙහී රජු දක්නට භය ඇතිව ඒ වෙනෙහිම මළේය. බිසොවුද දොළ නොලදින් ඒ ශොකයෙන්ම මළහ. රජ්ජුරුවෝ ද “ ඒ රන්වන් මොනරු නිසා ම බිසොවුන් නො ලදිමි”යි බෝසතුන්කෙ‍ෙරහි වෛර බැඳ තමන් දිවිහිමියෙන් උත්සාහ කොට බදාතෙන්වා ගතනොහී “ අසුවල් පර්වතයෙහි රන්වනුමයුරයෙක් වෙසෙ යි; ඔහු මරා මස් කෑවෝ අජරාමර වෙති”යි රන්පත දැහි ගුලෙන් ලියා භාණ්ඩාරයෙහි ලවා තුමූ ද පරලොව ගියහ. පසු පස ව ඇති වූ සත් පරම්පරාවෙක රජ දරුවෝ ද රන්පත අකුරු බලා “ඒ මොනරු මරවා මස් කා අජරාමර වම්හ” යි වැද්දන් යවා නො ලදින් තුමූ තුමූ ද පරලෝ ගිය හ. ගිය ගිය වැද්දෝ ද වෙනෙහි ම මළහ.

පසු ව සත්වනුව උපන් රජ්ජුරුවෝ මෙ පවත් අසා මායමෙහි දක්ෂ වූ වැද්දකු ගෙන්වා ඕහට බෝසතුන් දැක සැපත් දී පෙර සේ ම යවූ හ. ඒ වැදි වනයට ගොස් බෝසතුන් දැක නො බැඳෙන කාරණ පරී ක්ෂා කරනුයේ, උදය සවස හිර බල බලා හිඳ මන්ත්රෝ ය පිරුවානා දැක, “මේ මන්ත්රාකනුභාවයෙන් වන නො බැඳීමකැ” යි දැන “මේ මයුරයා එකලාව ම වෙසෙ යි; එසේ හෙයින් පරිශුඬ වූ බ්රුහ්මචාය්ය්වර්‍ ඇති එකෙක; මොහු කාමයෙන් මත් කරවා පියා මන්ත්රය ය පිරුවා ගත නො දී බ්ර හ්මචය්ය්බර්‍ාව කෝප්යය කරවා ගෙන්වා බදා ගනිමි” යි සිතා දවසෙක අරුණූ නො නැ‍ඟෙන තෙක් එක් තෙනෙක මළ අටටවාලා එ තැන සෙබඩ බැඳ සිටුවා තෙමේ නො පෙනී සිට “රාවයක් කරැ’ යි සංඥා කොට ලී ය. සෙබඩ එ වේලෙහි බෝසතුන් පර්වත මුදුනෙහි දිලියෙන්නවුන් දැක කාමරාවනයෙන් හැඬූව. එ කෙණෙහි ඇගේ රාවක ය කන හිම හා සමඟ මාගේ එවැනි වූ බුද්ධාංකුරය‍ාණෝ පවා සත්සියයක් හවුරුදු මුළුල්ලෙහි රක්ෂා කළා වූ බ්ර හ්මචය්ය්රර්වෙ කොප්යා කොට කාමොන්දව සිහි එළවා ගත නො හී එ දවස් මන්ත්ර ය නො පිරුවා ම දිව සෙබඩ සමීපයෙහි වැටී ඉල මළට පා දී , කාම මලට සිත් දී, එක විට ම මල දෙකින් හසු ව සිටි සේක.


එ කෙණෙහි වැදිපිත් බෝසතුන් අල්වා නො මරා ම, ගෙන ගොස් රජ්ජුරුවන් අතට දින. රජ්ජුරුවෝ ද බෝසතුන්ගේ රන් රසින් දිලියෙන රූපශ්රීද බලා පැහැද මහත් වූ ප්රේම බැඳ රන්මල් සේසතින් දිලියෙන සිංහාසන ය පිට වඩා හිඳුවාලූහ.එ වේලෙහි බොධිසත්ත්වයෝ සිංහ‍ාසනයෙහි වැඩහිඳ රජ්ජුරුවන් මුහුණ බලා “දේවයෙනි! කුමක් නිසා මේ සා උත්ස‍ාහයක් කොට මා ගෙන් වූ දැ” යි වාචාළ දෑ ය. රජ්ජුරුවෝ “තොප ඇඟ මස් කෑවන් අජරාමර වෙති” යි අසා මමද අජරාමර වෙමියි මස් කනු සඳහා ගෙන්වීමි” යි කීහ. බොධි සත්වයෝද, “දේවයිනි! පෙර රන්වන් මොනරුන්ගේ මස් කෑ කෙතෙක් රජහු අජරාමර වූහ යි ඇසූදැ” යි විචාළ දෑය. රජුජුරුවෝ “ තොප විනා අනික් රන්වන් මයුරයක ලෝකයෙහි නැති වූව. එ‍සේ හෙයින් පෙර අජාරමර වූ රජෙක් නැතැ” යි කීහ. බෝසතාණෝ: “එසේ නැති කල, දේවයිනි තොපගේ බස් පූර්වාපර විරොධ ය; මා විනා අනික් රන්වන් මයුරයකුත් නැති කල එබඳු වූ මසක් කෑවනුත් නැති කල, පෙර අජරාමර වූ වනු ත් නැති කල, දැන් මාගේ මස් කෑවන් අජරාමර වෙති යි කෙසේ දතුදැ” යි විචාළ දෑ ය. රජ්ජුරුවෝ; “තොප රන්වන් හෙයින් තොප ඇඟ මස් කෑවන් අජරාමර වෙති යි ඇසීමි” යි කීහ. බෝධිසත්ත්වයෝ “මා මරා ඇඟ මස් කවු ද, නො මරා ඇඟමස් කවුදැ” යි විචාළ දෑ ය. රජ්ජුරුවෝ: “ඇඟ මස් කන්නේනම් මරා වේ දැ”යි කීහ.

තොපගේ බස් තවත් පූර්වාපර විරොධ ම ය. දේවයෙනි! තෙපි දැන් මා මරා පියා නම් මා මියෙන කල මා ඇඟ මස් කෑවන් නො මියන්නේ කෙසේ දැ යි විචාරා‍: ‘”මේ ‍ලෝකයෙහි ‍එකාන්ත වස්තුයෙකුත් ඇද් ද, අජාරාමරයෙක් ඇද්ද මහත් වූ ආනුභාව ඇති දිව්යෙ බ්රවහ්මරාජයෝ පවා පෙණපිඬක් සේ චන්ද්රු-සූය්ය් ර්‍ දිව්යහපුත්රපයෝ පවා දවසෙක කදෝකියමින් නො වටනාවන් ව අන්තර්ධාන වෙත් ම ය” යි යනාදීන් අනික් ලකුණෙන් රජහු ගිවිස්වා බුදුකෙනකුන්සේ බණ වදාළදෑය. එවේලෙහි රජ්ජුරුවෝ කාරණා ගිවිස “ තොප රන්වන් වූ කාරණා කිම් දැ” යි විවාළහ. බොධිසත්ත්වයෝ ඒ ජාතියෙහි ජාතිස්මරණඥන ඇතිහෙයින් : ‘දේවයිනි පෙර මම මෙම නුවර සත්රුවන් සක්විතිරජ ව වැස මුළු සක්වළ ආකාශයෙන් ඇවිද සක්විති රාජ්යත ‍ කොට බොහෝ දෙනා පඤ්චශීලය රක්ෂා කරවා මහ ද බොහෝ කලක් පඤ්චශීල ය රක්ෂා කොට ඉන් මිය තවුතිසා භවනයෙහි ඉපැද එහි බොහෝ කලක් දිව්යම සම්පත් විඳ ඉන් මිය අපරාපය්ය්බර්වේද්යස වූ කිසියම් අකුශලයෙකින් අහෙතුක තිරශ්චීන ව උපන්මි, පෙර රක්ෂා කළ පඤ්ච ශීලයෙහි ආභාවයෙන් රන්වන් වලා රුපශ්රීව ලදාමි” යි වදාරා රජහු නොගිස්නා හෙයින් මඟුල් පොකුණෙහි නිධාන කෙ‍ාට තුබූ සත්රුවන් රජ හට දක්වා ගිවිස්වූ සේක.

එ වේලෙහි ඒ දෙශවනාවෙහි පහන් වූ බ්රවහ්මදත්ත රජ්ජුරුවෝ සාධුකාර දී බරණැස් රාජ්යූයෙන් පූජා කළහ. බෝසතාණන් වහන්සේ ද රජහුගේ රාජ්යණපූජාව ඉවසා කිප දවසක් වැස රජ්ජුරුවන් හා පැනනැඟී නකත් තරුවක් සේ දිලිහි දිලිහී එම දණ්ඩකීහිරඤ්ඤ නම් පර්වතයට ‍ෙගාස් බොහෝ කලක් සුවයෙන් වාසය කළසේක. මෙසේ අහෙතුක ව ඉපැද පවා රජුන්ගේ රාජ්යළ පුදවා ගන්නා තරම් මහත් වූ පින්බල ඇති හෙයිනුත් මාගේ බුදුහු සේක. ‍


තව ද කණ්ඩින ජාතකයෙහි තමන් වහන්සේ වෘත්ෂදෙවතාව ඉපැද:

ධීරත්ථු කණ්ඩිනං සල්ලං - පුරිසං ගාළ්හවෙධිනං,

ධීරත්ථු තං ජනපදං - යත්ථි ‘ ත්ථි පරිණායිකා;

තෙ චාපි ධික්කා සත්තා - යෙ ඉත්ථිනං වසං ගතා-යි


යන මේ ගාථවෙන් ත්රිතවිධ වූ ගර්භිත වස්තු නම් යයි බණ වදාළ බොහෝ වන දෙවියන් විසින් කරන ලද දිබ්බගන්ධ කුසුමාදීන් පූජා ලත්සේක. තව ද : කුක්කුර ජාතකයෙහි සුනක රාජන් ඉපැද ඥත්ය ථිචය්ය්කර්‍ාව පූරණය කළ සමයෙහි බොහෝ නෑයන්ට රජකුලෙන් උපන් භය දැක ඒ රජ්ජුරුවන් කරා ගොස් රජපිරිස විස්මයට පත් කරවා, රජහු පහදවා, රජහුගේ සිංහාසන නැඟී වැඩහිඳ සුනකො වැද නම් දෙශනාවක් කොට සියලු සතුන් පන්සිල් ගන්වා රජහු‍ෙග් දලපුඩු සේසතින් පූජා ලදින් එ දවස් දෙසූ ධණින් දැමුණාවූ සත්තවයන් දසදහසක් හවුරුදු මුළුල්ලෙහි කරනලද අප්රදමාණ වූ ප්රනතිපත්ති පූජා ලත්සේක.

තව ද නන්දිවිශාල ජාතකයෙහි අජානීය රාජන් ව ඉපැද ගැල්සියයක් එකවිට ඇද මසු දාසකින් පූජා ලත්සේක. තව ද කණ්හ ජාතකයෙහි එ‍සේ ම වෘෂභ රාජන් ව ඉපැද දුර්ග මාර්ගයෙන් සහස්රවයෙනින් පූජා ලත්සේක. තව ද වටු ව ඉපැද පවා මහ දවල් දවාගෙන තමන් වහන්සේ කරා දිවන ලැවුගිනි දැක: සන්ති පක්ඛා අපතන‍ා අපතනා - සන්ති පාද අවඤ්ජනා, මාතා පිතා ච නික්ඛන්තා - ජාතවෙද පටික්කම යි.

යන මේ ගයින් සත්යඛක්රිනයා කොට සිසිරා සොළොස් කිරියක් මානවෙහි ගිනි වැද්දා නො දී එඉ වේලෙහි රක්ෂා වූ විමන් ඇති ඒ වෙනෙහි දෙවියන් විසින් සන්තුෂ්ටව කරනලද සාධුනාද සහස්රනයෙන් පූජා ලත් සේක. එ දවස් නැවැති ගිනි කල්පාන්නය දක්වා එ තැනට වැද්ද නො දී පාරමිතාබල පෑ බොහෝ දෙනා‍ විසින් කරන ලද ස්තුති පූජා ලත්සේක.

තව ද: බක ජාතකයෙහි වෘක්ෂදෙවතාව ඉපැද කර්කටයක්හු විසින් ග්රීකවාච්ඡෙදයට පැමිණ බලාකයක්හු බලා: නාච්චන්ත නිකතිප්පඤ්ඤෙ- නිකතයා සුඛමෙධති, ආරාධෙති නිකතිප්පඤ්ඤෙ- බකො කක්කටකාමිව- යි. යන මේ ගාථාවෙන් බණ කියා කෛරාටික ඥනයෙහි ආදීනව දැක්වූ දා ද වන දෙවියන් විසින් කරනලද සාධුනාද සහස්රැයෙන් හා දිව්ය්ගන්ධ පුෂ්පාදීන් අප්රනමාණකොට පූජා ලත්සේක.

තව ද: වෙදබ්භ ජාතකයෙහි වෙදබ්භ නම් මන්න්රා නුභාවයෙන් සත් රුවන් වැසි වස්සවා ඒ සම්පත්තිය නිසා මරණ ප්රාාප්ත වූ දස දහසක් *පුරුෂයන් දැක අප්ර මාණකොට පූජා ලත්සේක. අනුපායෙන යො අත්ථං-ඉච්ඡති සො විභඤ්ඤති, වෙති හනිංසු වෙදබ්භං - සබ්බේ තෙ ව්ය*සන මජ්ක්ධගුං-යි යන මේ ගාථාවෙන් නුවණ නැති ව ධන ලොභ ය කිරීමෙහි ආදීනව දක්වා බණ කී වේලෙහි ද මනුෂ්යුව ඉපැද පවා වනදෙවියන් ලවා සාධුකාර දෙවා මහත් වූ ස්තුති පූජා ලත්සේක.

දහසක් - ඇතැම් 


තව ද: මහාශීලව ජාතකයෙහි ශීලව නම් රජ ව දශ රාජ ධර්මයෙන් රාජ්යී කොට ක්ෂාන්ති පාරමිතාවෙහි අග පැමිණ සමයෙහි නිරපරාධ වූ තමන් වහදන්සේ රාජ්යකට උදුරා ගෙවන අමුසොහොනෙහි කට පමණ නළ බිඳුවා එහි පස් තළවා වධ කරවූ රජහට සම වූ මෛත්රීඑ පතුරුවා ඒ ගුණයෙහි පහන් දෙවියන් විසින් දෙන ලද ස්වකීය රාජ්යහසම්පත්තියෙන් පූජා ලත්සේක.

තව ද: කඤ්චනක්ඛන්ධ ජාතකයෙහි දරිද්රර වූ කුලයෙක ඉපැද පවා පාරමිතාබෙලෙන් දෙවියන් විසින් දෙනලද චතුහස්තායාමවූ ඌරුප්රනමාණ ඝන රන් කඳෙකින් පූජා ලත්සේක.

තව ද: තයොධම්ම ජාතකයෙහි වානරෙන්ද්ර් ව ඉපැද ඇත් සමාන බලපරාක්රයම ඇති ව වෙනෙහි ඇවිදුන‍නා කල රකුසු විල දැක කාරණා කාරණා දන්නා වූ නුවණින් රකුසු විල බව දැන දියෙහි නො ගෑවී එ තෙර මෙ තෙර පැන පැන කැමති පමණ මල් කඩා විල්තෙර ගොඩකළ වේලෙහි ඒ විකුමයෙහි පැහැද දිය පළා පැන නැඟී බද්ධාඤ්ජලී වැ සිටි උදක රාක්ෂයා විසින්: යස්ස එතෙ තයො ධම්මා-වානරිද යථා තව, දක්ඛියං සූරියං පඤ්ඤ- දිට්ඨං සො අතිවත්තති-යි යන ‍මේ ගයින් කරන ලද ස්තුති පූජා හා වනදෙවියන් විසින් කරනලද සාධුනාද පූජා හා අසූ දහසක් වඳුරන් විසින් කරනලද රාජ්යධ පූජා ලත්සේක.

තව ද: සීලවනාග ජාතකයෙහි ඇත්රජව ඉපැද අසූදහසක් ඇතුන් හා හස්තිරාජ්යය ය හැර එකලා ව වනමැද වැස තපස් කොට තමන් කරා අවුදින් දළ ඉල්වූ දිළිඳක්හට “මුරයෙන් මුරයෙහි දුඃඛිතයෙමි” යි ආ ආ සේ ම මහත් වූ කරුණා ඇති ව තුන් වාරයෙක්හි ම දළ කප කපා දී දානපාරමිතාවෙහි මුදුන් පැමිණ වන දෙවියන් ලවා සාධුකාර දෙවා මහත් වූ පූජා ලත්සේක.

තව ද : සච්චං කිර ජාතකයෙහි ගඬ්ගාවක් සමීපයෙහි පන්සලෙක ශීලරක්ෂණයෙන් වාස‍ය කරන්නාහු දියෙන් යන දුෂ්ට වූ රාජ කුමාරයකු හා නයෙක, ගිරවෙක, මූෂිකයෙකැයි යන මොවුන් සතරදෙනා ගොඩනඟා මෛත්රීර කොට පසු ව රාජ කුමාරයා රාජ්යායට පැමිණ තමන් වහන්සේට වධ යොදා උල අන්නා සේ නියොග කල්හි: සච්චං කිාරෙවමාහංසු-නරා එකච්චියා ඉධ , කට්ඨං විපලාවිතංසෙ‍ෙය්යාර- නත්වෙවෙ කච්චියොනාරොයි. යන මේ ගාථාව කියා අර්ථ දත් යුවරජ මහ ඇමති යන් විසින් දුෂ්ට රජහු මරා තමන් ඔටුනු පළඳවා කරනලද අභිෂෙක මඬ්ගපලයෙන් පූජා ලත්සේක. ජීවිතදාන ‍ය ලත් නාගරාජයා සතළිස් කෙළක් ධනයෙන් පූජා කළේය. මූෂිකයා තිස් කෙළක් ධනයෙන් පූජා කෙළේ ය. ගිරවා තමා ශක්ති පමණ සුගන්ධසාලි භොජනයෙන් පූජා කළේ ය.

තව ද: අම්බ ජාතක‍යෙහි පන්සියයක් අතවැසියන් හා සමග වෙනෙහි තපස් ‍කොට මෛත්රීන බලයෙන් තිරිසනුන් පවා පහදවා සියලු හිමාල ය වෙනෙහි සිවුපාවුන් හා පක්ෂීන් හා තමන් තමන්ගේ බලානුරූප වූ පරිද්දෙන් දවස් පතා ගෙනෙනලද දෙසිය පනස් ගැල් පමණ ඇති ඵලා ඵල දානයෙන් බෙ‍ාහෝ කලක් උපස්ථාන ලත්සේක.

තව ද: කාක ජාතකයෙහි අසූ දහසක් කපුටුවන්ට රජ ව “බොහෝ කපුටුවන් මරා තෙල් ගන්නේ ය” යි බරණැස් රජහුගෙන් නියෝග වූ සමයෙහි නෑයන්ට උපන් භය දැක ආකාශයෙන් ගොස් රජපිරිස් බල බලා සිටිය දී, කිසි භයක් නැති ව සිංහාසන මස්තකයෙහි වැඩ හිඳ “දේවයෙනි! මක්නිසා කපුටුවන් මරවූ දැ” යි විදාරා තෙල් නිසා යයි කී කල “ දේවයෙනි ! කපුටුවන් ඇඟතෙල් නැතැ” යි කී කල්හි තෙල් නැතිවන්නට කාරණා කිම් දැයි විචාළ කල: නිච්චං උබ්බිසග්ගහදයා- සබ්බලොක විහෙසකා, තස්මා තෙසං වසා නත්ථි - කාකානස්මාක ඤාතිනං-යි. යන මේ ග‍ාථාවෙන් බණ කියා මේ මේ කාරණයෙන් කපුටුවන් ඇඟ තෙල් නැති නිසා ය යි ගිවිස්වා රජපිරිස් සන්තොෂ කරවූ සේක. ප්රවසන්නවූ රජ්ජුරුවෝ බෝසතුන්ට සියලු රාජ්යූ ය පුදා අපාද විපාදාද‍ි සියලු සතුන්ට ද අභයදාන පූජා කොට එතැන් පටන් අමුණක් සහලින් දවස් පතා කාකපිණ්ඩ නම් දානපරිත්යානගයක් කොට දිවි හිමියෙන් පඤ්ඤශීල ය ය රක්ෂා කොට මහත් වූ බහු මාන පූජා කළහ.

තව ද: ගග්ග ජාතකයෙහි මණිවෙළඳ කුලයෙහි ඉපැද සොළොස් හැවිරිදි ව අන්තර මාර්ගයෙහි ශාලාවකට පැමිණ දා ඒ ශාලාවෙහි වැස යමකු කිවිසපු කල ජීව පටිජීවකයන් තබා අජීව අපටිජීවකයන් ස්ලව කා බොහෝ පවු රැස් කරන්නා වූ කර්ශක වූ යක්ෂයාට නො එක් ප්රොකායෙන් බණ කියා ඔහු දමා ඔහු විසින් දිවිහිමියෙන් කරනලද අත් පා මෙහෙ‍ පූජා හා එ බැවු දත් බඹදත් රජහු එ ම දවස් දෙකලද සෙනාධිපති ධුරයෙන් පූජා ලත් සේක.

තව ද අලීනචිත්ත ජාතකයෙහි බරණැස බ්රෙහ්මදත්ත රජහට පුත්රි ව අලීනචින්ත නම් කුමාර ව සෙනගත් සාධා උපන් දවස් ම ජයමඟුල් පූජා ය අභිෂෙක මඟුල් පූජා යයි මහා පූජා දෙකක් ලත්සේක.

තව ද: තිරීට වච්ඡ ජාතකයෙහි තිරීට වච්ඡ නම් තාපස ව බරණැස් රජහු දිවි පමණින් කරනලද චතුර්විධ ප්ර ත්යකය දානයෙන් පූජා ලත්සේක.

තව ද: ඒකරාජ ජාතකයෙහි බරණැස් රජ ව දශරාජ දශ ධර්මයෙන් රාජ්යක කොට මෛත්රී් පාරමිතා නමැති මහ ලිය මල් ගන්වාපු සමයෙහි තමන් වහන්සේගේ මෛත්රීවබල දත් දිබ්බසෙන රජහු අවුදින් රාජ්යගය උදුරා ගෙන, නිරපරාධ වූ තමන් දෙ කකුල බැඳ අධඃශීර්ෂ කොට උත්තරුම්මාරයෙහි බැඳ එල්ලාපු ද‍ා ඒ වධ කැරවූ රජු හා සියලු සතුන්ට ම සම මෙත් භාවනා කොට ධ්‍ධඃාන උපදවා බැඳම් සිඳුව‍ා ආකාශයෙහි පලක් බැඳ වැඩහිඳ ඒ පෙරහර දුටු සතුරු වූ රජු හා මිතුරු වූ ඇමතියන් හා වතුරු සේ කරනලද අතුරු නැති සාධුනාද පූජා ය, ඔල්වරසන් පූජා ය, අසුරු සන් පූජා ය, පිළිසන් පූජා ය, ලොමොද්ගමන පූජා ය, දෙ‍ාහොත් මුදුන් දී කරන ලද නමස්කාර පූජා ය, ස්වකීය රාජ්යඅ ප්රුතිලාභයෙන් කරනලද පූජා ය, අභිෂෙක මඟුල් පූජා යයි යනාදි වූ අපුමාණ පූජා ලත්සේක.

තව ද: දද්දර ජාතකයෙහි හිමා‍ලය වෙනෙහි දද්දර නම් පර්වත ප්රාණන්තයෙහි දද්දර නම් නාගභවනයෙහි දද්දර නම් නාගරාජයාට පුත්රදව මහා දද්දර නම් ‍නාගකුමාරව තමන් මලණුවන් චුල්ල දද්දරයන් හා සමග පිය රජහු අතින් උදහස් අසා දඬුවම් නිසා ගොස් බරණැස් නවර මිනිකුණු හා මලමුත්ර් වහනය කරන්නා වූ උක්කාර භූමියෙහි තුන් හවුරුද්දක් වැස ඒ නිහතමානභාවයෙහි ප්රූසන්න වූ පිය රජහු විසින් කරනලද දිව්යානාගරාජ්යයයෙන් පූජා ලත්සේක. ‍

තව ද: සීලවිමංස ජාතකයෙහි සත් හැවිරිදි බ්රායහ්මණ කුමාරව පන්සියයක් අත වැස්සන් හා සමඟ දිසාපාමොක් ආචාරීන් කෙරෙහි ශිල්ප උගන්නා කල දවසෙක ආචාරී “මෙයින් ගුණවත් එකක්හට ම දුව සරණ දෙමි” යි සිතා අතවැස්සන් තනි තනි ව කැඳවා “ තෙපි මාගේ දියණියන් කැමැත්තා නම් තොප තොපගේ නෑයන් කරා ගොස් කාටත් නො පෙනී පළඳනාවක් ගෙනෙව” යි කී කල පන්සියයක් පළඳනා සොරා ගෙනවුත් ආචාරීන්ට පාවා දුන්හ. පසුව බොධිසත්ත්වයන් කැඳවා “මාගේ දියණියන් ප්රාහර්ථනා කොට සෙසු අවැස්සෝ සොරකම් කොට ගෙනෙති, පුත තෙපි ත් යමක් සොරා නො ගෙනෙවු දැ”යි විචාළහ. එ වේලෙහි බොධිසත්ත්වයෝ “ආචාරීන් වහන්ස! අනුන් නො දක්වා සෙ‍ාරකම් කළ නො හැක්ක. මිනිසුන් නුදුටුව ත් දෙවියෝ දකිති. දිවැස් ඇතියෝ දකිති. එ‍ෙස් හෙයින් ‍ෙම් ලොකයෙහි රහසෙක් නම් නැතැ” යි කියන්නාහු: නත්ථි ලොකෙ රහො නාම-පාපකම්මං පකුබ්බතො: පස්සන්ති වත භූතානි- තං බාලො මඤ්ඤති රහො- යි. යනාදීන් බණ කී දෑ ය. එ වෙලෙහි ඒ ගුණයෙහි ප්රදස්නන වූ දිසාපාමොක් ආචාරීන් කුලධනය සහිත වූ දියණයන්ප සරණ පාවා දී විවාහ මඬ්ගලයෙන් පූජා කළහ.

තව ද : මාංස ජාතකයෙහි සිටුපුත්රහ ව ඉපැද සියලු සතුන්ට ප්රිණය තෙපුල් කිම ම උතුම් නියාවට දෘෂ්ටාන්ත දක්වා වදාළ සමයෙහි කාරණා කාරණා‍ නො දන්නා රෞද්රය වූ වැදි පුත්ර යා ලවා: යස්ස ගාමෙ සඛා නත්ථි -යථාරඤ්ඤ ත‍ථෙව තං, සබ්බස්ස සදිසී වාචා- සබ්බං සම්ම දදාමි ‍ෙත- යි. යන ගයින් ස්තුති කරවා යහළුව යි කී බසට ප්රියය වූ ඒ වැද්දහු විසින් දෙනලද ඒ සා මහත් මාංස ශකටයකින් පූජා ලත්සේක.

තව ද : විසය්හ නම් ධන සිටු ව දාන පාරමිතාවගේ බලයෙන් සක්දෙවුරජහු පහදවා ඔහු විසින් “ දවස දවස දොළොස් ලක්ෂයක් ධන පරිත්යාහගයෙන් දිවිහිමියෙන් දානප්ර වාහ කරව” යි මවා දෙන ලද දිව්ය්ධන සමූහයකින් පූජා ලත්සේක.

තව ද: උරඟ ජාතකයෙහි කෘෂි බ්රාදහ්මණව උපන්නාවූ මා‍ෙග් බො‍ධිසත්ත්වයෝ අනිත් ලකුණු දෙශනාවෙන් ශක්රහ දෙවෙන්ද්රකයා පහදවා එ දවස් ද ඔහු විසින් ම, ගේ පුරා මව‍ා දෙන ලද දිව්යඑ ධන සමූහයකින් පූජා ලත්සේක.

තව ද: ඝථ ජාතකයෙහි ඝත නම් රජ ව බරණැස දශ රාජ ධර්මයෙන් පැරුම් පුරන්නා වූ බොධිසත්ත්වයෝ තමන් ප්රාකණයක් නො නසති යි අසා සැවැත් නුවර වංක නම් රජහු අවුදින් අවඬ්ක වූ තමන්ගේ රාජ්යැය උදුරා ගෙන තමන් කර පය මසා, සිරගෙයි ලවා, සිසාරා යොධයන් රකවල සිටුවා‍, මහා ව්ය සන ප්රාසප්ත කළ දා රාජ්ය උදුරාගත් රජහු කෙරෙහි ද, සම ව කළාවූ මෛත්රීය භාවනා බලයෙන් ධ්යා න උපදවා එ කෙ‍ණහි යදම් පුපුරවා පල ය පළා ආකාශයට පැන නැඟී පලක් බැඳ වැඩ උන්සේක. එ කෙණෙහි සතුරු රජ බෝසතුන්ගේ මෛත්රීේන් පිරුණාවූ ශ්රී මුඛය හා පෙරහැර දැක භයගෙන වෙවුලා ස්වකීය රාජ්යහයෙන්ම පූජා කොට ගියේය.

තව ද :නන්දිමිග ජාතකයෙහි න්නදිය නම් මුවරජ ව ඩ මාතූ පිතූපට්ඨාන ධර්ම ය පුරාණ ය කරන්න‍ා වූ ‍මේ මාගේ බොධිසත්ත්වයෝ බරණැස් රජහු තමන්ඇතුළු වූ දහස් ගණන් මුවන් උයනට‍ ගෙන්වා ගෙන බලා “රජමුවා මි අතින් ම විදිමි” යි කියා උරපුරා තමන් කරා ශරී ය ඇදගත් වේලෙහි, මරණ භය නැති ව පාරමිතාවන් අවර්ජනා කොට “අද මාගේ ඇඟමස් දානමුඛයට‍ ම වෙව යි; රජහට පවු නො වේව යි; මම ද දැන් මස්රස දුන්නා සේ ම මතු සියලු සතුන්ට දහම් රස දෙම්ව” යි සිත සිතා වැඩ සිටි සේක. බෝසතුන්ගේද මෛත්රීද ආනුභාවයෙන් රජහු භයාගත් ශරී ය අතිනුත් වනා හැරේ ම ය. බොධිසත්ත්වයෝ “ සිට වෙහෙසී පී ය; මහරජ! ශරය අතහැරපියව” යි කී දෑ ය.

රජ්ජුරුවෝ: ‘ මහතාණෙනි! තොප වැනි පින්වත් මුවරජක්හු මරාපියන්නට මා අත නොනැ‍ඟෙ” යි කියා ධනුව හා ශර ය බිම හෙළා නමස්කාර‍ෙකාට සිටූ ස්වාමිනි! තොපට අභය දානය පූජා කෙරෙමි; වල්යව” යි කීහ. එ වේලෙහි බොධිසත්ත්වයෝ: “දේවයෙනි! මාගේ ජීවිත ය පමණක් ගළවාගෙන වලට යාම මා වැනියන්ට සුදුසු නො වෙයි; මා කෙරෙහි ප්රෙවම ඇතියා නම් මා‍ෙග් සෙසු නෑයන්ට ත් අභය දෙව” යි කීසේක. එ වේලෙහි රජ්ජුරුවෝ බෝසතුනක් කෙරෙහි උපන් සන්තොෂයෙන් “ නුඹ වහන්සේ ගේ නෑයන් තබා අද පටන් මා‍ෙග් ජ‍ීවිතාන්ත ය දක්වා මාගේ අණසක පවත්නා වූ මානයෙහි යම් ම තෙනෙක සියලු තිරිසනුන්ට ද අභයදාන ය දින්මි” යි ප්රනතිඥ කළ හ. එ වේලෙහි බොධිසත්ත්වයෝ රජහු පන්සිල් ගන්වා:—

දානං සීලං පරිච්චාතගං - අජ්ජ‍වං මද්දවං තපං,

අක්කොධො අවිහිංසා ච- ඛන්ති අවිරොධතා

ඉච්චෙතෙ කුසල ධම්මෙ - ඨීතෙ පස්සාමි අත්තනි ,

තතො වෙ ජායතෙ පීති- සොමනස්සඤ්ච නප්පකං -යි

යනාදීන් රජහු දශ රාජධර්මය උතන්වා සියලු සතුන් විසින් කරනලද නමස්කාර සාධුනාද පූජා සහස්ර යන් ලදින් වන ප්ර විෂ්ට වූසේක. මෙසේ තිරිසන්ව ඉපැද පවා රජුන්ට බණ වදාරා සියලු සතුන්ගේ අභයදාන පූජා ලබන පින්බල ඇති හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක. තව ද: මහාකපි ජාතකයෙහි කපිරාජන් ව උපන්නා වූ මා‍ෙග් බොධිසත්ත්ව‍යෝ අසු දහසක් වඳුරන් පිරිවරා ගඬ්ගාවක් සඹීපයෙහි වූ මහ මී අඹගසෙක වාසය කරනසේක. එ කල බරණැස් රජ්ජුරුවෝ ගඬ්ගා ජලයෙන් ගිය අඹ ඵලයක් දැක අඹර‍සෙහි තෘෂ්ණා බැඳ නැවු නැඟී ගඬ්ගාව ඔස්සේ ගොසින් සවස මී අඹ ගස දැක සිසාරා දහස් ගණන් දුනුවායන් සිටුවා තුමූ ගසමුල යහන් අතුරුවා ලැගුම් ගෙන” උදාසනක් සේ වඳුරන් හැම මරව” යි නියොග කළහ. එ දවස් බොධිසත්තවයෝ මේ භය දැක: “ මා වැනි වීරපුරුෂයක්හු‍ෙග් නෑයන් නස්නා සේ නො යෙදෙයි; අද ඥත්යුර්ථචය්ය්ගර්යොහි මුදුන් පැමි‍ෙණමි” යි සිතා අසූදහසක් වඳුරන් “භය නො කරව” යි අස්වසාලා අඹ අත්තෙන් ධනුඃශත ප්ර්මාණ වූ පළල් ගඟ එතෙර භිත්තිය‍ට පැන පියා පිනූ සලකුණෙන් ගඟ පළල දැනගෙන වැලක් කඩා ඉඟ බැඳගත. වැල්පිළ සනිසා මඳක් ලුහුඬු වන නියාව අහේතුත ඥන හෙයින් සිතා‍ ගත නො හී නැවත වාතචුඡින්න වලාපිඬක් සේ අඹගසට පැන වැල්පිළ මඳක් ලුහුඬු ව ගිය හෙයින් දෑතින් අඹ අත්ත අල්වා ගෙන පසුබඳ වැල්පිළ‍ට දීලා තමන් වහ්න්සේ මතු සංසාර නමැති සාගරය‍ට සේතුවන නියාවට සරමයක් කරන්නා සේ පසු බඳ සේතුවක් කොට පෑලා අසූ දහසක් වඳුරන් කැඳවා “ නෑයෙනි! වැල මඳක් ලුහුඬු ව ගියේ ය; දෙවනු ව එ තෙර පැන වැලක් දික්කොට ගනිම් නම් එ තෙකට පහන් වෙයි; පහන් වී නම් තොප හැමදෙනාගේ ජීවිත නැත. තොප හැම දෙනාට මාගේ ජීවිතය දන් දිනිමි. මා ගැණ නො සිතා මා හෙයක් කොට ගොස් තොප තොපගේ ජීවිත රක්ෂා කොට ගනුව’ යි නියොග කළ දෑ ය.


එ වේලෙහි අසූදහසක් වදුරෝ බෝසතුන්ට පිට සෙමින් සෙමින් එලි එලී අත්වැලට නැඟී හැම ගැළවී ගියහ. දෙවිදත් ඒ ජාතියෙහි වඳුරු ව ඉපැද පෙර නසමි යි කළ පැතුම් බලයෙන්මොහු කවර දවසෙක නසා පියම් දෝ හො යි අවසරයක් බල බලා හුන්නේ එ වක සේවක ව වසනුයේ හැම වඳුරන් පලා යන තුරු මුදුන් අත්තෙහි ඇලී හිඳ අන්තයෙහි ‍බෝසතුන් පිටට පැන දෙපයින් මැඩ වසට බිඳගෙන දිව ‍පී ය. බොධිසත්ත්වයෝ ඒ සා මහත් දුඃඛය්ක් ඉවසා ගෙන ක්රො ධයක්‍ නො කොට දෙවනු පැනපිය නො හැකි හෙයින් අඹ අත්ත අතින් අල්වා ගෙන පහන් කළ දෑ ය.

අලුයම් රාත්රිඹයෙහි ගස උඩ බලා එක වඳුරෙකුත් ගස උඩ නැති නියාව ත්, එ තෙරින් මෙ තෙර අත්වැල තුබූ නියාව ත්, හිඟ බැඳි වැල හා සමග අඹ අත්ත දෑතින් ගෙන බොසතුන් වැදහොත් නියාව ත් රජුජුරුවෝ දැක ඉතා මහත් විස්මය ව යොධයන් ගස උඩට නසව‍ා බෝසතුන් සෙමෙන් සෙමෙන් බාවා හිඟ දියකඩ ලා ශතපාක සහස්රුපාක තෙල් ගල්වා තෙලි සමකින් යහනෙහි සතපා දොහොත් මුදුන් දී සිට “ ස්වාමීනී! තෙපි කෙසේ වූ වීරපුරුෂය‍ලාණ කෙනෙක් ද, ‍මේ කෙ බඳු වූ පෙරහරෙක් ද තිරිසනුන්න් තබා මනුෂ්යතය්න කෙරෙහි ත් තම්න දිවි දී අනුන් දිවි රක්නා කෙ‍නෙක් නැත. නුඹ වහන්සේ මේ කෙළේ කිමෙක් දැ” ‍යි විචාලහ. එ වේලෙහි බෝසතාණෝ මරණ වේදනාව ඉවස ඉවසා මහරජ්ජුරුවන් වා සමඟ කථා කරණ සේක්.

රාජා ‘ හං ඉස්සරො තෙසං - යූථස්ස පරිහාරකො, තෙසං සොකපරොතානං හීතානං තෙ අරින්දම- යි


යනාදීන් බණ කියා තමන් වහන්සේ රජ නියාව ත්, තමා දිවිදී ත් ආශ්රිවතයන් රක්ෂා කිරීම රාජධර්ම නියාවත් යනාදීන් රජ්ජ්රුවන්ට බණ කිය කියා ම නිරුද්ධ වූසේක. එ වේලෙහි බෝසතුන්ගේ ගුණයෙහි පහන් වූ රජ්ජුරුවෝ මහත් වූ ශොකයෙන් වැලප බෝසතුන් රන් දෙණකට වඩා දාරුශත ප්ර මාණ දරසෑයක් බඳවා, නොඑක් රජ පෙරහරින් ආදාහනය සරහා‍ නොඑක් ඇමතියන් හා සමග තුමූ කසා පිළී හැඳ පෙරව සිසාරා දඬුවැට පහන් ගන්වා තුන්යම් රාත්රිැය මුළුල්ලෙහි සිට බෝසතුන් මහත් වූ පූජාවෙන් දවා, තුන්වන දා ආදාහන පූජා කොට එ තෙන චෛත්ය්යක් බඳවා ගඳ මල් දුමින් පුදා සතරවන දා බෝසතුන්ගේ සීස කපාල ය රන් කරඬුවකින් ගෙන බරණැස් නුවර ගෙන ගොස් සත් දවසක් මුළුල්ලෙහි දන්තධාතුව නුවර මැද සීසකපාල නම් මහසෑයක් බඳවා එහි වඩා, දිවි පමණින් මහත් වූ පූජා කළහ.

තව ද උපන් නොඑක් රජදරුවෝ ද මෙපවත් ශ්රැපත පරම්පරා දීර්ඝකාලයක් ඔබ උදෙසා ම පූජා කළහ.මෙසේ මාගේ ස්වාමිදරුවාණන් තරිසන් ව ඉපැද පවා ශරීර ධාතුවට පූජා ලත් කල දැන් ලොවුතුරා බුදු ව මුළුලෝ නාවන් රසයෙන් තෙත් කොට ඉතා මහත් වූ බුද්ධ ශ්රීන දක්වා තමන් වහන්සේ ගේ පිසපූ බිස්ස පවා මහ බඹුන්ට මුදුන්මල්කඩ ‍ෙකාටපූ සමයෙහි පිරිනිවන් පෑ තැන ධාතු ගෙන දැන් දෙවියන් බඹුන් මිනිසුන් තම තමන්ගේ ධන පමණින් පුදන නියාව කවර අශ්චය්ය්ුර්යෙ කැයි කියම් ද, මේ සේ කාරණා යෙනු චු මාගේ ස්වාමිදරුවාණෝ අර්හත් නම් වන සේක.

තව ද: මහා ජාතකයෙහි ගිරා රජ ව ඉපැද, දිඹුල් ගසෙක වාසය කොට පවත්ත ඵලක නම් වූ තපස් කො‍ට, ඒ දිඹුල් ගස ම ගොදුරුගම් කෙ‍ාට සිතා යථ‍ාලාභ සනතෝෂයෙන් වාසය කොට පසුව දිඹුල්ගස මිය දිරා සුණු වැගිරෙන අවස්ථාවෙහි ද, අනික් තැනකට නො ගොසින් මළ ගස සුණු අනුභව කොට මතු කරන දුෂ්කර ක්රිසයාවට අභ්යාෙස කරන්නා සේ කෘතෝපකාරයෙහි යෙදී බොහෝ දවසක් වාස ය කරන සේක. ඒ ගුණයෙහි පහන් ශක්රස දෙවෙන්ද්ර යා ඒ ගස ජිවමාන කොට මවා ධ්රැ්ව ඵලයෙන් පූජා කොට ගියේ ය.


තව ද: චුල්ල සුව ජාතකයෙහි ද එසේ ම වාසය කොට ශක්ර:යා විසින් මවා දෙනලද ඵල සහිත වූ උදුම්බරා වෘක්ෂයෙකින් ම පූජා ලත් සේක.

තව ද: කුද්දාල සමාතමයෙහි ද, හත්ථිපාල සමාගමයෙහි ද, අයොඝර සමාගමයෙහි ද, ජොතිපාල යන සමාගමයෙහි ද, මූගපක්ඛ සමාගමයෙහි ද යන මේ පඤ්ච සමාගමයෙහි තමන් වහන්සේගේ දෙශනා බලයෙන් සියලු සතුන් දමා රාජ්ය ය සිස් කරවා මහ පිරි්ස ගෙන තපසට වල ගොස් සක්දෙවු රජහු විසින් මවා දෙනලද දොළොස් යොදුන් තිස් යොදුන් පමණ තෙන දිව්යළමය වූ පන්සැල් හා දිව්ය්මය නූ රාත්රිනස්ථාන දිවස්ථාන චංක්රොමණ හා දිව්යැයම වූ මණ්ඩප පැන් පොකුණු හා දිව්යථමය වූ තවුස් පිරිකර සහිත වූ ඒ සා සමහත් වූ සෙනාසන දා‍නයෙකින් පූජා ලත් සේක. ‍ තව ද සුප්පාරක ජාතකයෙහි සුප්පාරක නම් පණ්ඩිත ව නැවු නැගී ‍ෙගාස් වළබාමුඛ සමුද්ර යට පැමිණ නැව නස්නට පටන් ගත් වේලෙහි කළා වූ සත්යවක්රිදයා බලයෙන් ආපස්සට දිවූ නැව ඇසිල්ලෙකින් පටුන් වැද ගොසින් අට ඉසුබක් තැන් දිවි ලදින් සන්තොෂ වූ සත්සියක් වෙළෙඳුන් එකවිට දොහොත් මුදුනෙහි තබා ගෙන කළා වූ සත් සියයක් සාධුනාද පූජා ලත්සේක.

තව ද: මහා කණ්හ ජාතකයෙහි ශක්රතදෙ‍වෙන්ද්ර ව ඉපැද ලොකාර්ථ චය්ය්ාර්වය කළා වූ මාගේ බොධිසත්ත්වයෝ කාශ්යලප සර්වඥයන් වහන්සේ ශාසන ය විසි දහසක් හවුරුදු පැවත නස්නට‍ අවධියෙහි බොහෝ සතුන් අපා ගත වනසේ දැක උපන් මහා කරුණාවෙන් මිනිස්ලෝ වැඩ ශුනක ඝොෂයෙන් තුන්ලෝ වෙවුල්වා සියලු සතුන් භය ගන්වා “ මෙ තැන්පටන් බුදුන් කී පිළිවෙත් වරදවා පාපයක් කළකෙනෙක් ඇත්නම් මේ ශුනකයා ලවා කවා මරවමි” යි බොහෝ දෙනා භයගන්නවා අවවාද දී සියලු සතුන් දහම් ගන්වා වැඩාසේක. එ තැන් පටන් මනුෂ්යහයෝ බෝසතුන් කෙරෙහි භය ඇති ව ගුණ රක්ෂා කරන්නාහු නටුවා වූ ශාසනයෙහි දහසක් හවුරුදු මුළුල්ලෙහි සසුන් පවත්වා ප්රෙතිපත්ති පූජා කළ හ.

තව ද: කාලිංග බොධි ජාතකයෙහි තමන් වහන්සේ බුදු වන්නා වූ බොධිමණ්ඩල ය පමණක් දැක ප්රුසන්නවූ කාලිංග චක්ර්වර්තී රජහු විසින් එ තෙනට බොහෝ උපචාර කරවා දවස් පතා කරනලද සැටදහස් සුවඳමල් සංඛ්යාඑවෙන් අපමණ වූ පූජා ලත් සේක.

තව ද: රූරුමිග ජාතකයෙහි රූරු නම් මුවරජ වූ මේ මාගේ බොධිසත්ත්වයෝ බරණැස් රජහු‍ෙග් සිංහාසනය නැඟී වැඩහිඳ, එ දවස් දෙසූ ධර්මදෙශනා බලයෙන් රජහු ලවා සියලු රාජ්යය ය පුදවා ගෙන, සියලු සතුන්ට ද අභය දානය ඉල්ව‍ා ගෙන, මහත් වූ වික්ර මයෙන් නො එක් පූජා ලත් සේක.

තව ද: සරභ මිග ජාතක‍ෙයහි සරභ නම් මුවරජ ව තමන් වහන්සේ මරමි යි ලුහුබඳවා පසු පසුසේ දිවන බරණැස් රජහු සැට රියන් ගැඹුරු නරාවළෙක්හි දිය බී මියන්නා දැක ඔහු කෙරෙහි උපන් මහා කරුණා ඇතිව “ දැන් මේ වළ හුණු රජහු නො නඟා ගියෙම් නම් මතු සංසාර වළ හුණුවන් කෙසේ ගොඩ නඟම් දැ” යි සිතා ආ පස්සෙහි එ තෙනට අවුත් ඒ වළ හුණූ රජහු ගොඩ නඟා දිවි ගැළවූ සේක. ඒ කාරණයෙහි පහන් බරණැස් රජ්ජුරුවෝ ද බෝසතුන්ට තමන්ලේ රාජ්යහ ය පුදා සියලු සතුන්ගේ ජීවිතදානය පුදා, දිවිපමණින් පඤ්චශීල ය රක්ෂ‍ා කොට බෝසතුන් නමට ම ප්ර්තිපත්ති පූජා කළහ.

තව ද: සිවි ජාතකයෙහි සිවි නම් මහ රජ ව ඇස් ඉල්වා ආ අන්ධ බ්රාිහිමණයාට ඇස් දන් දී අංග පරිත්යා ගයෙහි මුදුන් පැමිණ නැවත එ ම ජාතියෙහි ම පාරමිතා නමැති ඍෂීහු විසින් මවා දෙනලද සියක් යොදුන් දක්නා දිවැස් සඟළෙකින් පූජා ලත් සේක.

තව ද: රොහමිණ ජාතකයෙහි රොහණ මුව රජ ව මාගේ බොධිසත්ත්වයන් කසුන් බඳු වූ රූපලීලා ඇති සමයෙහි තමන් වහන්සේ ඇඟින් රන්වන් වූ ලොම් මිටක් ලැබ ගත්තා වූ බ්රසහ්මදත්ත රජ්ජුරුවෝ කෙශධාතු ලද ස්කදෙවු රජහු සේ ඉතා සන්තුෂ්ට වූවා හු රන්සුමුතනට වඩා දීර්ඝකාලයක් භෝග පමණින් පූජා කළහ.

තව ද: ඡද්දන්ත ජාතකයෙහි ඡද්දන්ත නම් මහා හස්තී රාජන් ව රිදී පර්වතයක් සේ දිලියෙන එක්විසි රියන් ශරීර යෙකින් හා සවනක් රස් විහිදුවන තිස් රියන් දළ සඟලෙකිවන් හා ශ්රීවමත් වූ සමයෙහි දළ සොයා ගිය වැද්දහුට දළ දෙක කපා දන් දී දාන පරමාර්ථ පාරමිතාවෙහි මුදුන් පැමිණ එම වේලෙහි ම කාලක්රි යා කොට එදවස් අ‍ටදහසක් ඇතුන් විසින් හා පන්සියයක් පසේ බුදුන් හ‍ා තුන්යම් රාත්රිතය ය මුළුල්ලෙහි සිසාරා සිට කරනලද මහත් වූ ආදාහණ පූජා ලත්සේක.

තවද: කුස ජාතකයෙහි කුස නම් රජ ව ප්රසභාවතීන් නිසා ගොස් නුවර පිරිවරා ගත් ඒ සා මහත් සත් සෙනලක් දැක “ අහං කසො” යි කී බසින් මහීනාද ය අසා පැරද පලා ගිය මර සෙනග සේ ඒ මහීපාල නාද ය සත් සෙනග ම පැරද පල‍ා ගිය වේලෙහි, ඒ වික්රරමයෙහි ප්රැසන්න වූ ශක්රමදෙවෙන්ද්රහයා විසින් ග්රිරවා හරණ කොට පළඳවනලද අෂ්ටවංක වූ දිව්යෙම ය මාණික්යන රත්නයෙකින් පූජා ලත්සේක. ‍

තව ද: මහා ජාතකයෙහි මහා ජනක නම් රාජකුමාර ව වීය්ය්:ර්පාතරමිතා‍වෙහි මුදුන් පැමිණියා වූ මේ මා‍ෙග් බොධිසත්ත්වයෝ රජ ය සතුරන් ගත් හෙයින් “ පළමු ව ධන උපදවා, දෙවනු ව පිරිස් සිටුව‍ා, තුන් වනු ව යුද්ධ කොට සතර වනු ව රාජ්ය ය ගනිමි” යි සිතා නැවු නැඟී ගොස් මුහුද මැද නැව නටකල, තව ද වීය්ය් ර්යෙ හි පසු නො බැස ඉන්ද්රැනීල භූමියෙක කසුන් කඳක් පෙරළෙන්නා සේ සත් දවසක් මුහුද පීනා තමන්ගේ වීය්ය් ර්බසල දත් මණිමෙඛලා නම් දෙවුදුව එ කෙණෙහි ම දිව අවුදින් තමන් වඩා උරමඬලෙහි සතපා දිවපහස් පතුරුවා විඩා සන්සිඳුවා ප්රිරය පුත්රියකු සේ නිදිගන්වා එ ම දවස් ගෙන ගෙ‍ාස් ස්වකීය රාජ්යරයෙහි පිහිටුවා මෙසේ ඈ විසින් කරනලද ජීවිත දාන පූජා ය, රාජ්යය ප්රාතිලාභ පූජා ය යි මහත් වූ සත්කාර පූජා ලත්සේක.

තව ද: මහා සුතසොම ජාතකයෙහි මේ මාගේ බෝසතාණන් වහන්සේ කුරුරට ඉඳිපත් නුවර ධනඤ්ජය කොරව්යන රජහට පුත්රඳ ව සුතසොම නම් රාජකුමාර ව, එක්සියයක් රාජකුමාරයන් හි සමග තක්සලා නුවර දිසාපාමොක් ආචාය්ය්යර්යතන් කෙරෙහි ශිල්ප හදාරා නුවණින් අග පැමිණ එක්සියයක් රජ කුමරුවන්ට අනුශාසනා කොට ඔවුන් තමන්ගේ රාධානිවලට යවා ස්වකීය රාජ්යඔ ය ශ්රීු විඳ, එක්සායයක් රජුන් පඤ්චශීල රක්ෂණයෙන් හික්මවා ලොව බුද්ධොත්පාද කාලයක් සේ කරනාසේක. එ කල ඔවුන් අතුරෙන් බ්රාහ්මදත්ත කුමරා බරණැස් රජ ය කරනුයේ සොර සොරා මිණී මරවා මිනීමස් කයි. මෙසේ කල්ක් ගිය කල කාල නම් සෙනාදිපති මෙ පවත් දැන රජ්ජුරුවන් කරා අවදින් “ දෙවයිනි! ස්වකීය මාංසානු භව ය නම් තමාට ම විනාශයට කාරණා වන්නේර; පෙර ආනන්දය, තිමින්දය, අජ්ක්ධාරොහණ යයි යන පන්සියයක් යොදුන් දිග මස් රජුන් තුන්දෙන‍ ා හා තිමිංගලය, තිමිර පිංගල ය යි යන දහසක් යොදුන් දිග මස් රජුන් දෙදෙනා හා මේ පස්දෙන‍ා අතුරෙන් ආනන්ද නම් මත්ස්යනරාජයා විනාශයට පැමිණියේ ස්වකීය මාංසානුභවය නිසා ම. පෙර මෙම නුවර ස්මස්ති නම් බ්රාීහ්මණ කුලයෙහි උපන් සොච්ච මානවකයා කුලයෙන් නටුයේද ජාතියට නො තරම් වූ සුරාපානයෙහි තෘෂ්ණාව බැඳ ම ය. තව ද ධ්රැෙතරාෂ්ට්රක කුලයෙහි හංසයන් විනාශයට පැමිණියේ ස්වකීය මාංසානුභව‍ය නිසාමය’ යි යනාදීන් රජහට අවවාද කියා ගිවිස්වා ගත නොහී අරක්කැමියා හා මඟුල් කඩුව හා මස් පිසින සැළියක් පාවාදී ඔහු රාජ්යායෙන් නෙරියහ.


එ කල රජ ය හැර වල්වැද දුටුවන් මරා මිනිමස් කා ඇවිද දවසෙක මිනීමස් නො ලදින් අරක්කැමියා මරා මස් කා එතැන් පටන් එකලා ව නුග ගසක් මුල වාසය කොට “පොරිසාද නම් මිනිස් යකෙක් මිනී මරා මස් කන්නේ ය “ යි මුළු දඹදිව ප්ර සිද්ධ ව දවසෙක පය උලක් ඇනගෙන බෙ‍ාහෝ වෙදනා ඉවසාගත නො‍ හී නුගරුක දෙවියා කරා ගොස් “ ස්විමීනි ! රුක්දෙවියාණෙනි! දවස් ගණනක් ඇතුළත පයට වහලක් ලදිම් නම් දඹදිව එක්සියයක් රජුන් නො මරා මෙ තැන‍ට ගෙනවුත් උන්ගේ ගල ලෙහෙයෙන් තොපගේ කඳ ශොධාලමි; අතුණුබහනින් තොපගේ විමන සිසාරා පන් ඇද ලමි; ඔවුන්ගේ පඤ්චමධූර මාංසයෙන් තොපට බිලි දෙමි” යිද ඒ ගසමුල වැදමහෙව නිරාහාර හෙයින් සියලඟ වියලෙත්, වණය තෙමේ ම සුව වූ කල්හි දේවතානු භාවයෙනැයි රුක්සදෙවියා කෙරෙහි පැහැද, “මට මේ සා වැඩක් කළ රුක්දෙවියාණන්ට යදි බිලියම් පූජා කෙරෙමි” යි සිතා “කෙසේ දඹදිව රජුන් ගෙනෙම් දෝ දඹදිව රජුන් ගෙනෙම් දෝ හෝ දඹදිව මහතැ” යි සිත සිතා සිටියේ ය.

එ කෙණෙහි ලැවුගින්නට සෙන ගින්නක් හැමුවා සේ, නිෂ්කාරණ වූ යක්ෂයෙක් ඕහට පෙනි එක දවසින් සියක් යොදුනු ත් දිව විඩා නො වන මතැ ‘ තුනුත් සොඬ ගෙන බිම අපුළා පියන ශබ්ද ඇසුවවුන් දෑස් පිහිවි මුහුණින් වැටීහෙන ජවබල තේජස් ඇති දිව්යව මන්ත්රියක් උගන්වාලා යහළු! තා සිතූ සිත නො පමා ව” යි කියා අන්තර්ධාන විය.

එ කෙණෙහි ඔහු සතුටු ව කඩුපත හයා ඉස සිසාරා පවන් වගයෙන් ‍වෙන වෙන රාජධානි දිව “ මම ය පොරිසාදයාය” යි බැණනැගි බසින් සිවුරඟ සෙන් වෙවුල්වා මහ පිරිස් මැදින් දිව සෙණක්ගැසුවාසේ මහපිරිස කුමක් බවත් නො දැන බල බලා සිටියදීම සිංහාසනවල උන් රජුන් දෙකකුල ගෙන බිම හෙළා‍ යකුන් ගත් කුකුළන් සේ, සල්ව සල්ව එල්වා පිටි දෑම ද වතුරුවා, ඉස් විළුබින් පැහැර පැහැර දිව අවුදින්, රජු‍ෙග් අතුල් විද අවුණා ගස අතු අත්තේ එල්වා මෙසේ සත් දවසක් ඇතුළත සුතසොම රජ්ජුරුවන් හැර මුළු දඹදිව රජුන් ගස එල්වා යාගයට ප‍ටන්ගත් කල්හී නුග ගස දෙවතාව රජදරුවන්ට උපන්නා වූ ඉතා මහත් පීඩා දැක මහත් වූ කරුණා ඇති ව ද තෙමේ ඔවුන් දිව් ගළවා ගත නොහී මෙ පවත් ක්රිමයෙන් සක්දෙවු රජහට කියා ඔහුගෙන් උපදෙස් ලදින් නැවත නුගගස කරා අවුදින් පොරිසාදයාට පෙනී “ තෝ එ දවස් එක්සියයක් රජුන්ගෙන් බිලියම් නො ගනිමි” යි කියා අන්තර්ධාන වී එ බසට පොරිසාදයා රුක් දෙවියා දුටු සතුටින් මත් ව, “ එසේ වී නම් ඇසිල්ලෙකින් දිව ඔහු ගෙනවුත් හිමි නුඹට බිලියම් දෙමි; මට‍ නො කිපෙව “ යි යැදලා ඇසිල්ලෙකින් ඉඳිපත් නුවරට දිව “සුතසොම ර‍ජහට රකවල් දැඩි ය; ඇතුළු නුවරදී අල්වා ගත නො හැක්ක; උයන දී අල්වා ගණිමි” යි සිත මඟුල් උයනෙහි මඟුල් පොකුණට වැද නෙළුම් පතින් මුවා ව සිටියේය .

අලුයම් රාත්රිළයෙහි බෝසතානන් වහන්සේ සූසැට ආභරණ යෙන් සැරහී මඟුලැතු සරහා සියුරඟසෙන් සමඟින් මඟුල් උයනට වන්සේක. එ කෙණෙහි “පොරිසාදයා ඉදින් අප රජහුද ගෙන ගිය නම් දඹදිව සිස්වන්නේ ය” යි අමාත්යුයෝ උයන සිසාරා එකි එකී අතින් දොළොස් දොළොස් ගවුමානයෙහි ඇත් පවුරු ය, අස් පවුරු ය, රථ පවුරු ය, බළ පවුරු යයි සිවුරඟ සෙන් සිටුවා තලමිටක් අහස‍ට දැමූ කල ඇටකුත් බිම නො හැක්කා සේ එක සන්තාභයෙන් වැසවා සේ සිසාරා සිටගත්හ.

ඉක්බිත්තෙන් බෝසතාණෝ මඟුල් පොකුණට බැස දිය කෙළ නගා ගොඩනැඟී ඇඟ දිය වියලමින් සිටි දෑ ය. එ කෙණෙහි පොරිසාදයා “රජ ආභරණ පලන් නම් පසු ව බර මහත; දැන් ම අල්වාගණිමි” යි සිතා “ මම පොරිසාදයා ය” යි හඬක් ගසා දියරකුසසකු සේ පැන නැඟි වේලෙහි දොළොස් ගවු මානයෙහි ගැවසී සිට මහ සෙනඟට ඇසි සෙණහඬකසේ වෙවුලා, ඇතරුවෝ ඇතුන් පිටින් හුණහ; අසරුවෝ අසුන් පිටින් හුණහ; රථරුවෝ රථ පිටින් හුණහ; බළ යොධයන් අත තුබූ ආයුධ වැගිර ගි ය; මතැත්හු දිය සලා බෙටිසලා‍ වෙවුල වෙවුලා මහ හඬින් ගුගුරා නැංගහ; අශ්වයෝ මරණ භයින් හෙෂාරව දුන්හ; යොධයෝ මුණින් හුණහ. මේ සා මහත් තෙජස් පෙර ජාතියෙහි දන් දුන් එකම ගිනි කබලක් නිසා ලදුයේ ය.

එසේ හෙයින් නුවණැත්තාවූ සත්පුරුෂයන් විසින් කුසල් නම් ස්වල්ප දෙයෙකැ යි නො සිතිය යුතු ය. විපාක දෙ අවස්ථා වෙහි ස්වල්ප නො වන්නේ මැයි. කීයේ මැනෝ:

කුසලං නාවමන්තබ්බං-ඛුද්දකන්ති කදාවිපි,

අනන්තඵලදං හොති - නිබ්බා‍නම්පි දදාතිහි-යි.

ඉක්බිත්තෙන් පොරිසාදයා බෝසතුන් කරා දිව “මතු තමා අඟුල් මල් මහ තෙර ව ඔබ අතින් බණ අසා අමාමහ නිවන් දුටු දා තම සිත් සේ වැ ඳ පෙරළී යන තමහට මුදුන්මල්කඩ කරන ශ්රීතපාදයට දැන් අනාදර නො කෙරෙමි”යි පය නො ගන්නා සේ, සෙසු රජුන් සේ බෝසතුන් දෙ කකුල නො ගෙන තෙල් කළයක් ඔසවන්නා සේ බෝසතුන් වඩ‍ා කරපිට හිඳුවා ගෙන අටළොස් රියන් මහපවුර සිංහ පොවුවකු සේ පැන ඇත්කුඹින් ඇත්කුඹට, අස්පිටින් අස්පිටට, රථහිසින් රථහිසට පැන පැන දොළොස් ගවුවක් තැන් පය බිම නො ගා දිව, සිංහයක්හට හසුවූ ඇත්පොව්වකු සේ බෝසතාණන් හැරගෙන පලා ගියේය. එ වේලෙහි බොධිසත්ත්වයෝ මරණ භයක් නැති ව ඔහු කරපිට හිඳ ම මගදි නොඑක් කථා නොට ඔහු සපථයෙන් ගිවිස්වා ගැළවී නැවත නුවරට අවුදින් සතාරහ ගාථාවෙහි බණ අසා සහස්සාර වූ පූජා කොට රාජ්යතයට අනුශාසනා කොට දෙවන දා උදෑසන එකලාව ම පොරිසාදයාගේ නුග ගස කරා ගිය දෑ ය.

එ වේලෙහි පොරිසාදයා තැන තැන ගිනි අඟුරු මැල බැඳ යිය ගණන් උල් සැස “ එක්සියයක් රජුන් මරා දැන් දැන් බිලියයම් දෙමි” යි සිත සිතා බෝසතුන් එනතුරු මඟ බල බලා සිටියේ ය. එ වේලෙහි බොධිසත්ත්වයෝ පොරිසාදයාගේ බිලියම් මඬුල්ල හා මලාලගිය සපු මල් සේ කෙඳිරි ගගා ගස අතු අත්තෙහි එලෙන රජුන් දැකී උපන් මහා කරුණා ඇති ව පොරිසාදයා හා සමඟ නො එක් විසිතුරු කථා ‍කොට:

පඤ්ච පඤ්ච නඛා භක්ඛා -ඛත්තියෙන පාජානතා, අහක්ඛං රාජ භක්ඛෙසි- තස්මා අධම්මිකො තුවං-යි


යනාදීන් නොඑක් ප්රිකාරයෙන් බණ වදාරා ඔහු නරක භයින් තැති ගන්වා‍ දමා, දිවිහිමියෙන් ප්රා ණයක් නො නසන සේ හික්මවා වදාළසේක.

ඉක්බිත්තෙන් ඒ දෙශනායෙහි ප්රරසන්න වූ මනුෂ්යා භක්ෂක යක්කාර වූ ඒ පොරිසාදයා පවා බෝසතුන් ජීවිතය පූජා කෙළේ ය. එක්සියක් රජුන්ගේ ජීවිත ද පූජා කෙළේ ය. දිවි හිමියෙන් පඤ්චශීල ය රක්ෂා නොට සම්යජක් ප්ර තිපත්තීන් පූජා කෙළේ ය. ඒ සා මරණ භයින් ගැළවුණා වූ එක්සියක් රජ දරුවෝ ද තමන් තමන්ගේ රාජශ්රී යට පැමිණ දිවි පමණින් ධන පමණින් පූජා කළහ.

මෙ‍සේ මාගේ ස්වාමිදරුවන් බුදු නො ව පාරමිතා භූමියෙහි සංසාරතග ව ඇවිදුනා කල පව‍ා පොරිසාදයා වැනි මනුෂ්යහ යක්ෂයන් දමා මෙසේ මෙසේ වූ පූජා ලත් කල දැන් ලොවුතුරා බුදුව ආළවක නම් යක්ෂයාගේ විමනට වැඩ නොඑක් පෙළහරින් ඔහු දමා එ දා ඔහුට බිලියම ගෙනා අළවු රජකුමරුවා හා බත් තටුවෙන් පූජා ලත් නිය‍ාව මට කවර ආශ්චුය්ය්ාර්යනක් ව වැටහෙන හෙයින් මාගේ බුදුහු අර්හත් නම වන සේක. එ‍ෙස් ද වුවත් මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක. එ‍ෙස් හෙයින් කියන ලදි:

පූජාවිසෙසං සහ පච්චයෙහි යස්මා අයං අරහති ලොකනාථො, අත්ථානුරූපං “අරහං” ති ලොකෙ තස්මා ජිනො අරහති නාමමෙතං - යි.


මේ පූජාවලියෙහි අප බුදුන් සංසාර ගත ව ලද ‍පළමු වන ජාතිභෙද පූජා කථා නම් වූ පස් වන පරිච්ඡෙදය නිමි.