Jump to content

පූජාවලිය-ජීවිතාදී පූජා කථා

Wikibooks වෙතින්

පූජාවලිය


තිස් වන පරිච්ජෙදය


තවද: අප බුදුන් අජාසත් රජහුගෙන් ලද ජීවිතාදි පුජා..

[සංස්කරණය]

තවද: අප බුදුන් අජාසත් රජහුගෙන් ලද ජීවිතාදි පුජා නම් කවර යත්? දෙවිදත්හු යට කි ක්ර මයෙන් පොළොව ගැල මහ නිරැ වන් කල්හි රජගහ නුවර මහත්වු සැණකෙළියෙක් විය. නුවර වැසියෝ එනුවර දෙව්පුරයක් සේ සරසා සැණ වෙස් ගෙණ හැඳ පැළඳදෙවියන්සේ කෙළනාහු ය. එකල අජාසත් රජ්ජුරුවෝ මැදි පොහොදාරැ චන්ද්රෙකාන්ති රිදියෙන් දිවන්නා වු ක්ෂීරධාරා වන් සේ. රජත ප්ර්සාදයෙන් නික්මුනු මුතුවැල පඩ්ක්ති සේ, චන්ද්රරකාන්තින් දිලියෙන්නා වු රාත්රිියෙහි අමාත්යල මණඩලයා පිරිවරා දළපුඩුසේසත යට සිංහාසන පැන නැඟි හුන්නේය. කුමක් නිසා හුන්නේද යත්?

නිඳ වළකන සඳහා ය, කුමක් නිසා නිඳ වළකා ද යත් ? මේ රජ පියරජහු මැරුතැන් පටන් ගෙන ඇස පියා ලු විට ම ඉස කුළු හෙළන්නා සේ. සිය දහස් ගණන් සැත් ලලා ඇඟසැත්කම් කරන්නාසේ , වැටහෙන කල මහහඩින් හඩ හඩා වෙවුපා වෙවුලා පුබුදඅන්නේ ය. කිම් දැ යි විචාළ කල ලජ්ජාවෙන් නොකියා අනිකක් කියයි. ඒ කාරණයෙන් මෝහට පියරජහු මැරු තැන් පටන්ගෙන නිඳ ලැබිමෙක් නම් නැත. නිඳ “ මේ රාන්රිැය චන්ද්රලකාන්න් ඉතා හොබනේය. ඉතා රමණියය. සිත් පහදවා කරව මහණ කෙනෙකුත් කරා යමෝ දෝ. කවර මහණ බමුණු කෙනෙක් ගිය කල අප සිත් අලවද්දැ” යි විචාළේය.

එ බසට එක් අමාත්යජයෙක් “ දෙවයන් වහන්සේ ! අපගේ පුරණ කාශ්ය ප නම් බුදුන් කරා ගියෝතින් ඉතා ම මැනැවැ” යි කිය. රජ්ජුරුවෝ එපසට මුයෙන් නොබිණුවාහු ය. අනෙක් අමාත්ය්යෙක් “දේවයන් වහන්සේ ! අපගේ මුක්ඛලි ගොසාල නම් බුදුන් කරා යම්හ” යි කිය. අනෙකෙක් “ අපගේ අජිත කෙසකම්බලයන් කරා යම්හ” යි කිය. අනෙකෙක් “කකුධ කාත්යායයනයන් කරා යම්හ” යි කිය. අනෙකෙක් “ සඤ්ජනය පෙලට්ධි පුත්රායන් කරා යම්හ” යි කියා . අනෙකෙක් කියනුයේ “ඉතා කිසි ම පළිරොධයක් නැති,ව පිළි පමණකුත් කැත ඇතිව ඉණානාගා ,මවුකුසින් උපන් වන ම ඇවිද උග්ර වු තපස් රක්ෂා කරන්නාවු අපගේ නිගණ්ඨනාථ පුත්ර යන් කරායම් “ යි කිය. මෙසේ ඒ අමාත්ය යන් කඳුරෙහි රස. කසඹිලියෙහි සිහිල, වර්ණනා කරනු‍වන් සේ තමනගේ ලබ්ධි ගත්නිවටුන්ගේ නම් වෙන වෙන ම කි කල මී අඹියේ ලොභ කරන පුරුෂයකු කදුරු පසෙක් හි තෘෂ්ණා නැත්තා සේ එලස් නො ගිවිස මුයෙන් නොබැන හිඳ තමන් ළඟ හුන් ජිවකයන් බණවා “යහළු ජීවකය! තා තෙල් වැළඳු ගරුඬ පොව්වකු සේ මුයෙන් නෙබැණ හිඳනැ” යි කිහ.


රජ්ජුරුවෝ මෙතෙක් කථා කරන්නාහු ජිවකයන් සදහා ම කිහ. කාරණ කිම යත්? තමන් කැඳවාගෙන ගොස් බුදුන් දක්වන සඳහා කිහ. තුමු ගොස් බුදුන් දැක්ක නෙ‍ාහෙන්නාහුද යත්? තමන් බුදුන්ගේ උපාසකවු රජහු මැරු අපරාධ ඇති හෙයිනුත් දෙවදත්තයා හා එක්ව බුදුන්ට කළ අපරාධ බෝහෝව ඇති හෙයිනුත් , බුදුන් දක්නට භය ඇති ව “ජිවකයා හා සමඟ ගොස් ඔහු පිටිපස හිඳ බුදුන් දකිමි” යි සිතා මෙ තෙක් පර කථා ඉපැදවුහ.


රජ්ජුරුවන්ගේ අභිප්‍රාය ජිවකයෝ නො දන්නාහු දැයි යත්? දන්ත් ම ය; වැළි කුමක් නිසා නො බැණ හුන්නාහු දැයි යත්? තමන් තමන් හැමදෙන‍ා කැමති කැමත්තක් දොඩ ා වික්සෙබ හරනා තුරු හුන්නාහු ය. කෙසේ ද යත් . ඒ සහාවෙහි ඒ මිථ්යාහ දෘෂ්ටින් සදෙනාගේ ලබ්ධි ගත්තාහු බෝහෝ දෙන ය, “මෙම පලමු කොට බුදුගුණ කියන්ට පටන් ගනිම් නම් නැගි සිට අසු අස්සේ තමන් තමන්ගේ නිවටුන්ගේ ගුණ කියති, එ කල මා කියන බුදුගුණ නිමාවට නෙ‍ා පැමිණෙයි, රජ වනාහි පෙර ම ඒ නිවනටුන් සදෙනා කරා එළඹ ඔවුන්ගේ සාරගුණයක් නැතැ යි දන්නා හෙයින් මා අතින් විචාරයි , එවේ‍ළෙහි මම බුදුන්ගේ ගුණ කි‍යා මෙ රජ බුදුන් කරා ගෙන යෙමි” යි සිතාලා රජජුරුවන් අභිප්රාුය දැනත් මුයෙන් නෙ‍ා බැණ ම හුන්නාහුය


ඉක්බිත්තෙන් අජාසත් රජ්ජුරුවන් ඒ අමාත්යියන් කියන වෙන වෙන කථා අසා “ යම් සත්ත්ව කෙනෙකුන්ගේ කථා නො අසන්නා කැමැත්තෙම් ද . ඔහු පෙරල පෙරලා කථා කෙරෙති, යමතුගේ බස් අසනු කැමමියෙම් නම් ඒ ජිවකයා මා හා සමඟ කථා නො කෙරෙයි , ඉතා මට මහත්වු හ‍ානියෙකැ” යි සිතා “ මේ ජිවකයා උලසාන්ත වු ගුණ උපසාන්තවු ගුණ ඇති බදුන්ගේ උපාසක ය, තෙමේ ද උපසාන්ත ය.එසේ හෙයින් වත් සම්පන්න වු භිත්ෂුකෙනෙකුන් සේ මුයෙන් නො බැණ ම හිඳනේ ය, මා කථා නො කළ ඒ කථා නො කෙරෙයි , ඇත්බඳක් මඩනා කල ඇත්පයින් මැඩිය මැනැව” යි සිතා ජිවකයන් මුහුණ බලා “ජිවකය!” මේ අමාත්යියන් තමන් තමන් ලබිධිගතුවන්ගේ ගුණ කියන්ට මුඛ නො සෑහෙයි. ඔවුන් සේ ම තා ත් ලබිධිගත් මහණ බමුණු කෙනෙක් නැද්ද? මාගේ පියාණන් වහන්සේ තට කිසි සැපතකුතු නුදුන් සේක් ද? දු:ඛිතයෙහි ද, නොහෙත් සැදැ නැති යෙහි දැ” යි විචාළාහු ය.

එක්හි ජිවකයෝ “මේ රජ්ජුරුවෝ මා ලවා බුදුන්ගේ ගුණ කියාවනු කැමැත්තාහු වන, දැන මා නොබැණ හිඳිනා කල් නො වෙයි” සිතාලා “යම්සේ සෙසු අමාත්යඳයෝ රජ්ජුරුවන් වැඳ තමන් තමන් නිවටුන්ගේ ගුණ කිවු ද, බුදුන්ගේ ගුණ මම එසේ නො කියමි” යි සිතාලා හුනස්නෙන් පැන පැඟ බුදුන් දිශාව බලා පසඟ පාහිටුවා වැඳලා දොහොත් මුදුනෙහි තබා ගෙන “ රජ්ජුරුවන් වහන්සේ ! එසේ මෙසේ මහණකු කරා මා එළඹෙති යි නො සිතුව මැනැව, මාගේ බුදුන් මවුකුස පිළිසිඳ ගත් වේලෙහි ද. මවුකුසින් බිහිවු වේලෙහි ද මහභිනික්මන් කළ වේළෙහි ද, බුදු වු ‍ේලෙහි ද යනාදි නො එක් බුදුමගුලෙහි දසසහස් සක්වළ ම ගුගුර නංග. මේසේ යමා මහ පෙළහර පෑ සේක. සේසේ දෙවොරොහණය කළ සේක. වැළි මාගේ බුදුන්ගේ ගුණ කියමි , රජ්ජුරුවන් වහන්සේ ! සි සිත් එකඟ ව ඇසුව මැනවැ “ යි කියාලා:

“අයං දෙව භගවා අරහං සම්මා සම්බුද්ධෝ අම්භකං අම්බවනෙ විහරති මහතා භික්ඛුංඝෙන සද්ධිං අඩ්ඨතෙළසෙහි භික්ඛුසතෙහි, තං ඛො පන භගවන්තං ගොතමං එවජ කල්යාුණො ‘ කිත්තිසද්දො අබිභුග්ගතො : ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නො සුගතො ලොකවිදු අනුතරො පුරිසදම්ම සාරට් සත්ථා දෙවමනුස්සානං බුද්ධෝ භගවා ති. තං දෙවො භග වන්තං පයිරුසතු. අප්පෙව නාම දෙවස්ස භගවන්තං පයිරුස තො චිත්තං පසිදෙය්යාු” ති.


මෙසේ බුදුන්ගේ ගුණ කියන්නාහු “ මහරජ ! අප බුදුහු මාගේ අඹවනයෙහි එක් දවසක් දෙසිය පනස් මහාශ්රාුවකයන් පිරිවරා දැන් වැඩවසන සේක, නුඹ වැන් සියක් දහසක් ලක්ෂයක් දුටත් සිත් ගෙන ම බණ වදාරන සේක. සිත් සේ බුදුන් කරා එළඔ පැන විචාල මැනැව” යි කිහ. රජ්ජුරුවන් බුදුගුණ අසත් අසත් සවාඩ්ගය පස්වනක් ප්රීරතින් පිනාගිය.

එ වේලෙහි බුදුන් කරා යන් කැමැති ව “මා නො වේලෙහි බුදුන් කරා යන කල යානාවන් සරහන්ට ජීවකයන් විනා අනික් කිසිවෙක් ම සුදුසු නො වෙ” යි සිතා “යහළු ජිවකයෙනි! ගොස් ඇත්යාන් සරහාලව’ යි කිහ. එකල ජීවකයෝ “ රජ්ජුරුවෝ මේ වේලෙහිම බුදුන් දක්නට යනු කැමැතියහ. රජ්ජුරුවන්ට සතුරෝ බෙහෙව , අතුරුමඟ කිසි උපද්රහවයෙක් වි නම් ‘ ජිවකයා රජ්ජුරුවන් ගිවිස්වාගෙන ගොස් රජු නසාපිය’ යි රාජද්රෙවහ වු බසුදු මට උපද්දි . බුදුන්ටත් නින්දා කෙරෙති , එ බැවින් මට ද මාගේ බුදුන්ට ද නින්දා නො වන සේ යම් සේ රජහට ඉතා ක්ෂෙම වු ආරක්ෂා වේ ද, සේයින් ම අරක් ‍ගන්වමි” යි සිතාල‍ා “ස්ත්රිනන් නිසා පුරුෂයන්ට භය නම් නැත. ස්න්රිනන් පිරිවරා සුවයෙන් රජු භය නැති ව ගිය මැනැවැ” යි පන්සීයක් ඇතින්නන් සදා, පන්සියක් නාටක ස්ත්රි”න් පිරිමි වෙස් ගන්වා . ඇතින්න පිටට නංවා රජ්ජුරුවන් පිරිවරා යන සේ කොට නැවත සිතන්නාහු “ කෙසේ බුදුන් දුටත්, බණ ඇසුවත් පියරජහු මරා ආනන්තය්යහ කම්යෙහි යෙදුණු හෙයින් මේ රජ මාගඵල නො ලැබේ මය. බුදුහු නම් සත්ත්වයන්ගේ අධිගම බලා බණ වදාරණ සේක. ඒ කාරණයෙන් බොහෝ දෙනා රැස් කොට ගෙන ගියෙම් නම් එයින් කිසි කෙනෙකුන්ගෙු අධිගම බලා බුදුහු බණ වදාරන සේක් ම ය . එසේ කල දෙශනාව බෝහෝ දෙනාට වැඩ වෙ” යි සිතා නුවර බෙර ලබා “ අද රැ රජ්ජුරුවෝ බුදුන් දක්නට යෙති, හැමදෙනා ම තමන් තමන්ගේ සනුමානයෙන් අවුදින් රජ්ජුරුවන්ට රැකවල් ගන්නේය” යි නියොග කැරවුහ.


එ ක ල බෝහෝ ජනයෝ ..

[සංස්කරණය]

එ ක ල බෝහෝ ජනයෝ “ අපගේ රජ අද බුදුන් දක්නට යේ ල , ඕහට බුදුන් වදාරන ධම්දෙශනා කෙ බඳු දෝ හෝ යි සැණකෙළි හැර පියා හැම දෙන ම ගඳ - දල් - පහන් ගෙන රජ්ජුරුවන් පෙර මඟට ගෝස් බල බලා සිටගත්හ. එ වේළෙහි ජිවකයෝ රජ්ජුරුවන් වහන්සේ ! ඇතුන් සදන ලද . නික්මුණු මැනැවැ”යි කිහ. එ රජ පන්සියක් ඇතින්නන් නැඟි කඩු තෝමර ගත් පන්සියක් ස්ත්රි සෙනාව පිරිරා තෙමේ මඟුලැත්කඳක් නැඟි දහස්ගණන් මිණි දඬු වැට පහනින් හිරු නැඟි කලක් සේ, එකාලො කරව‍ා මහත්වු රාජර්ධීන් න්වරින් පිටත්විය.

මෙසේ පන්සියක් ස්ත්රී හු කෙස්වැටී බැඳ දසරුවෙහි කඩු ලා, මිණිදඬු තෝමර ගෙන, රජු පිරිවරා නික්මුණාහ, ඔවුන් ඉක්බිති සොළොස් දහසක් පමණ ක්ෂාතය නාටකයෝ රජු පිරිවරා නික්මුණාහ . ඔවුන් ඉක්බිති කුරු කුදු කිරාතාදි දස මෙහෙ තැන්ද නික්මුණාහ.ඔවුන් ඉක්බිති ව රජගෙය රකිනා රජ්ජුරුවන්ට විශ්වාසි වු ඇමති පොළෙක් නික්මුණාහ, ඔහුන් ඉක්බිති ව සුපිපි කිණිහිරි රුක් සේ කණකරාභරණයෙන් දිලිසෙන්නාවු සැටදහහ සක් පමණ මහ ඇමතියෝ නික්මුණාහ. ඔවුන් ඉක්බිතිව මඤ්ජුසක වෘක්ෂ‍ය සේ නානාවර්ණ වු අලංකාරයෙන් හෙබියා වු විද්යාකධර භටයන් බඳුවු අනුදහසක් පමණ රැමි දරුවෝ නික්මුණාහ. ඔවුන් ඉක්බිති ව සියක් වටනා සළු හැඳ පන්සියක් වටනා උතුරුසළු එකස් කොට කරට දමා නගා ගඳවිගෙවුන් ගෙන නන් විසිනුරු වු ආභරණ හා මප’දම් පැලඳ දසදහසක් පමණ මත්, බමුණෝ දකුණත් ඔසවා භට්ඨාඬ්ගික තුය්යකසෙනාව සමුද්රතඝොෂාවක් සේ පොළොව ගුගුරනා හඩ සේ මහා ඝොෂා කෙරෙමින් නික්මුණාහ.

ඔවුන් ඉක්බිති ව රන්හියවුරු පිය හෙළ රන්චුනු ගත් දුනු සේනාව නික්මුණාහ. ඔවුන් ඉක්බිති ව ඔවුනොවුන් ඇඟ ගැසි ගැසි පවත පොළක් සේ ඇත් සෙනග නික්මුණාහ, ඔවුන් ඉක්බිති ව රළපතර දිවන්නා සේ කාරිනකර පැහැර අශ්වසෙනාව නික්මුණාහ, ඉක්බිත්තෙන් ව සකින් සක ගැසි රථසෙනග නික්මුණාහ, ඔවුන් ඉක්බිති ව උරයෙන් උර ගැසි යන පඤ්චායුධ ගෙන යෙධසෙන‍ාව නික්මුණාහ, ඔවුන් ඉක්බිතිව තමන් තමන්ට නිසි වු ආභරණ හා ආයුධ ගෙන අටළොස් කුලෙහි බලපිරිස් නික්මුණාහ. යම් සේ කෙළවර සිට බලසම්පන්න දුනුවායකු උරපුරා ඇද විදපු සැරයෙක් රජු කරා නො පැමිණේ ද එ සෙයින් ම ජිවකයෝ මේ රජසෙනග තුදුස් වළල්ලක් කෙට සංවිධාන කොට පැ ‘ ඉදින් රජ්ජුරුවන්ට කිසි උපද්රමවයෙක් වේ නම් හැම රජහු ළග මහත්වු කඩුවක් ගෙන යන්නාහු ය. ලියනැට. මිණිදඩු වාට පහන් මෙ තෙක් දහස් ගණනැයි පමණ නැත.

මෙසේ මහත් වු රාජානුභාවයෙන් දෙතිස් මහදොරක් හා සුසැට සුළු දොරක් ඇති ඒ රජගහා නුවර නැ‍ඟෙනහිර මහවාසපින් නිකම නුවර මහපවුර හා ගිජ්ඣකැට පවතය අතුරෙහි ඒ ජිවක යන්ගේ අඹඋයනට සමිප ව ගිය කග ජීවකයන්ගේ විධානයෙන් ද බුදුන් කෙරෙහි ආදරයෙන් මේ සා සෙනග කිසි අරගලයක්කළ නො දි නිශ්ශබ්ද ව රළ නැති මුහුදක් සේ සුළං නැති වහනයක් සේ සන්හිඳී යන වේලෙහි අජාසත් රජ්ජුරුවන්ට භයෙක් උපණ කෙසේ වු භයෙක් උපන් දයත්?

එක්දහස් දෙසිපනස් මහරහතන් සමහින් බුදුන් වැඩහුන් අඹ උයනෙහි කැසපියන - කිබිසපියන මඬකුත් නො ඇසෙයි , ජිවකයා උපායෙන් මා වුවරින් පිටත් කොට පියා ඉදිරියෙන් බලා සෙනක් ගෙනවුත් මා නුවරින් පිටත් කොට පියා ඉදිරියෙන් බල සෙනගක් ගෙනවුත් මා මරා තෙමේ මේ රජය ගනිමි යි සිතී දෝ හෝ මේ ජීවකයා නම් ඇතුන් පස්දෙනෙකුට බල ඇත්තේය, එසේ වු තැනැතැතෝ මහත් කජුවක් ගෙන මට ළං ළං ව ම යෙයි. මා සමිපයෙහි ස්ත්රිකන් මුත් ආයුධ ගත්තා වු එක පුරුෂයෙකුත් නැත, අද මට වුයේ ඉතා මහත් වු හානියෙකැ යි මරණ භයින් වෙවුලා “යහළු ජීවකය! මා නො නස” යි කිහ. එ කෙනෙහි ජිවකයෝ “ මේ රජ මා සෝවාන් නියාවත්. ලේඩිල්ලකත් නො බිඳනා නියාවන් , අනුන් සතු දාදුහු වැපයකුත් නො ගන්නා නියාවත්, මාගේ මාත්රාා නො දන්ති. මේ රජහු අස්වසා නොලීම් නම් මරණ භයින් මියේ දෝ හෝ” යි සිතා “මහරජ! භය නො කළ මැනැව. මාගේ බුදුන් වැඩහුන් ගන්ධමණ්ඩග මාගකයෙහි අඬුවැට පහන් දිලියෙන්නා බැලුව මැනැවැ” යි කියා අත නඟ පැහ.එ කල්හි රජු දොරටුයෙන් පිටත සිට ම ඇතුපිටින් බිමට බැස සිටියේ ය.

එ කලා මාගේ සවාමිදරු වු බුදුරජාණෝ අජාසත් රජහු තමන් වහන්සේ දක්නට එනසේ දැක. ඌ භය පත් වු සේක් දැන. තමන් වහන්සේ ගේ මහාකරැණාව ඔහු කරා මෙහෙයා තමා අභමුඛයට එන ලුත් කුමරක් හට අත දිගු කොට ඔහු පිරිමදනා සේ තමන් වහන්සේ ගේ ශ්රි ශරිරයෙන් බුදුරැස් කඳක් හැර රජුගේ ශරිරයෙහි පහළ සේක. එකෙණෙහි රජුට භය සන්හිඳ ගිය . බුදුන්ගේ තෙජසින් රජුගේ සවාඬගයෙහි ඩා සෙල්වි හන් සළු තෙමී ගියා සේ. විය. නැවත නැවත තමා බුදුන්ට කළ අපරාධ සඳහන් කොට බුදුන් කෙරේ මහත් වු භය ඇතිව . රජ ප්‍රහ්මසථානයෙන් නිර්භිත ව ගොස් බුදුන් දැක්ක නොහි ජීවකයන් අත අල්වා! තොප මේ විහාරය කැරවු නියා යහප. මේ පවුර පහපත මේ පදනම යහපත, මේ මණ්ඩය යහපත. මේ පැන් පොකුණ යහපත” යනාදින් ගුණ කිය කියා අනුක්රාමයෙන් ගොස් ගන්ධ මණ්ඩප මාලකයට වැද තරු මැද සඳ සේ සග පිරිස් මැද දිලියෙන බුදුන් බල බලා ම “ යහළු ජිවකයා ! බුදුහු නම් කවරුන් වහන්සේ දැ “ යි විචාළහ.

සමහරු නො හැඳින ම විචාරන්නාහුය. මේ අජාසත් රජ තමා ඇ බා කල පියරජ්ජුරුවන් හා සමග ගොස් බුදුන් දුටු විරි ය: පසුව පාපමිත්රි වු දෙවිදතුගේ අදහාායෙන් බුදුන්ට අපරාධ කොට බුදුන් දක්නට නො ආ බව මුත් බුදුන් අඳුනේ මය. බුදුහු වනාහි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හ‍ා අසු අනුබ්ය.ඤ්ජන ලක්ෂණයන් ඇති සේක. සවනක් රැසින් දිලියෙමින් වැඩහුන් සේන්මය. මේ රජ තමාගේ ඓශ්චය්යියෙන් මත් ව බුදුන් හැඳින හැඳඅන ම බුදුහු කොයි දැ” යි විචාළේ ය. දැන දැනත් “ මොහු කවුරුදැ” යි විචාරිම රජදරුවන් ගේ සිතෙක් මය.

ජිවකයෝ “බුදුහු කොයි දැ” යි කි බස් අසා “ මේ රජ බිම සිට බිම කොයි දැයි විචාරනිනාසේ , අහස බලා සඳු කොයි දැයි විචාරන්නාසේ, උදය පවතය බලා හිරු කොයි දැ යි විචාරන්නාසේ, බුදුන් බල බලා ම සිට බුදුහු කොයි දැයි විචාරයි.එ බැවින් මෝහට බුදුන් දක්වමි” යි සිතාලා ඇදිලි බැඳ සිට “මහරජ! ධම් මණ්ඩලයෙහි මැද ටැඹට පිට ලා පැදුම් දෙස බලා සඟපිරිස් පිරිවරා බුද්ධාසන මැද දිලියෙන බුදුන් බලව” යි කිහ.

එ වේලෙහි රජ්ජුරුවෝ පුදුන් ලඟට ගොස් බුදුන් රහතන් බලා සතුටින් පින පිනා එකත්පස්ව සිට වාත රහිත සථානයෙක පිපි වැනිගියා වු රත්පියුම් වනයක්සේ , ක්ෂාන්ත්යා්දි ප්රනතිපත්තීන් නිශ්චල ව වැජහුන්නාවු සඟපිරිස් දැක “සවාභරණයෙන් සැදි අවුත් සිටි මේ සා රජ පිරිසක් එක එකභික්ෂුකෙනෙකුන් සරු ඇති ව කර ඔසවා බලන කනෙක් නැත. හැමදෙනා වහන්සේ ම හස්තපාද චලනා දියක් නැතිව ම බුදුන්ගේ ශ්රීු මුඛය බල බලා ම හිඳිනා සේකැ” යි සඩඝයාගේ උපශාන්ත වු සම්පත් දැක පැහැද මඩ නැති විලක්සේ සන්හුන් ගුණ හා ශාන්ත වු ඉදුරන් ඇති මේ සඟපිරිස නැවත නැවත බල බලා “මෙබඳු වු උපශාන්ත වු ශ්රිම සිතුහ. උතුම් වු රසයක් දැක ද උතුම් වු ඓශුචය්යුයෙක් දැක ච උතුම් වු රුපයක් දැක ද මෙබඳු ශ්රී්යෙක් මාගේ දරුවන්ට ද වේවයි සිතිම සියලු ලොකවාසීන්ගේ ම මතයෙක: එසේ හෙයින් රජ්ජුරුවෝත් බුදුන්ගේ ඓශ්චය්‍යය දැන පුතණුවන් සඳහන් කළහ. යි දතයුතු.

එ වේලෙහි සවාමිදරුවෝ රජු සිතු සිත දැන “මෙ රජ මා වදින්ටත් භය ඇතියේ ය. මා හා සමග කථ‍ා කරන්නටත් භය ඇති යේය. මුඛයෙන් නොබීණු කල කිසිවෙක් මා හා සමඟ කථා කොට ගත නො හෙයි , එකවචනයෙකින් මොහුගේ භය හරවමි” යි සතාල තමන් වහන්සේ ගේ අෂ්ටාඬගයෙන් ලීගො පෙත වු බ්රිහ්මනාද යෙන් රජු හා සමග කථා කරන සේක් “මහරජ! පවත මුදුනෙක වටුවා වු වෂාවෙක වතුරැදිය ගොස් වළතැනෙක වැගිරෙන්නා සේ , මාගේ ශාසනයෙහි උපන්නා වු තාගේ ප්රේගම නමැති වතුරු පුතු කරා ම ගොස් වැද ගියේ දැ “ යි වදාළ සේක.

එ කෙණෙහි රජ පස්වනක් ප්රී.තින් පිරුණාවු ශරිර ඇති ව “බුදුන්ගේ ගුණ අපමණ බවු දැන් ම දත්මි, මා සේ වු බුදුන්ට අපරාධ කළාවු බුද්ධා ද්රෙණහියෙක් අන්ක් කිසි තැනෙකත් තැත්තේ ම ය, මා විසින් බුදුන්ගේ අග්රි උපාසක වු රජ්ජුරුවනුත් මරණ ලද, දෙවිදතුගේ බසින් බදුන් මරන්ට දුනුවායනු දු මෙහෙයිමි. තවද ඔහු ගේ ම බසින් මරන්නට නාලාගිරි ඇතු මෙහෙයිමි, මාගේ ම පිටිබලයෙන් දෙවිදත්යා බුදුන් ඉසට ගලුත් පෙරළී ය. මේ සා අපරාධ කළා වු මා වැනි ද්රෙඉභියකු දැක බුදුහු ප්රිීය ‍ෙතපුලමෙ වදාරන සේක. ඉතා ආශ්චය්යීරය. බුදුහු පංච ප්රිකාර වු උතුම් ගුණ යෙහිම පිහිටි සේක. මෙ බඳු වු කරුණා නිධානයක් කරුණා ආකරයක් ., කරුණා ප්රනවාහයක්.කරුණා ගංගාවක් හැර පියා රුවන් හැරඅගුරු ගත්තාසේ නිෂ්කරුණවු ඇදුරන් කරා ඇවිද්දෙමි’ යි කිය කියා , සන්තෝෂයෙන් පින පිනා , රජ භය හැර පුතු නෙරෙහි තමා ප්රේ ම අුැති පරිදි කිය කියා බුදුන් වැඳ පෙරළී ගිම් වේගෙහි සිහිලු වු දිය විලකට වැදගිය පුරුෂයකු ගොඩ නො නැගෙන්නා සේ නො එක් වාරයෙහි බුදුන් වැඳ “සඟපිරිස් වඳිම් නම් බුදුන්ට පිටිපැව මැනැවැ’ යි සිතා සඟපිරිස බැසහෙව නො වැඳ ඇඳලි බැඳ ආදර දක්වා අෂ්ටප්ර්කාර වු නිෂද්යස දොෂයෙන් වර්ජිතව එකත්පස්ව හිඳගත.


අෂ්ටප්ර්කාර වු නිෂද්යස දොෂ..

[සංස්කරණය]

නිෂද්යා් දොෂ අට නම් කවර යත්?

කර අඹරා බලන සේ පිටිපසු ව ලා නොහිඳිම ය දෘෂ්ටි පළා පලන සේ බ්රවහ්මසථානයෙහි නො හිඳිම ය. දොඩන කල ඇඟට කෙළ නෙ‍ා ඉසෙන සේ ඉතා ළංව නො හිඳිම ය, තමා ඇඟ ගත් සුළං බුදුන් අග ට සේ උඩුසුළඟට වලා නො හිඳිම ය. බුදුන් ඇඟ ගත් පවන් තමා ඇඟ ගන්නා සේ යටිසුළඟට ව ලා නො හිඳිම ය: කරා ඔසවා බලන සේ උස් තෙනට ව ලා නො හි ඳමය, කර හෙළා බල බලා කථා කරන සේ ඉතා වළතැනට ව ලා නො හීඳිම ය ...යන මේ අට වැදැරුම් වු නිෂද්ය දොෂ නම. කීයේ මැනෝ:

න පච්ජතො න පුරතො - නපි ආසන්තදුරතො,

න කච්ජෙ නො පමිවාතො -න චාපි ඔනතුන්නතෙ;

එතෙ දොසෙ විචජ්ජෙත්වා - එකමන්තන්ති වුචච්ති-යි.

මේ නිෂිද්යා දොෂ අට නම් බුදුන්ට මතු නො වෙයි.

සියලු උත්තමයන් සමිපයෙහි හිඳ කථා කරන්නක්හු විසින් දුරුකළ යුදත්තේමය. එ දා මේසේ ඒ අජාසත් රජ්ජුරුවෝ ද බුදුන් සමිපයෙහි ය. එකක් පස් ව හිඳ පැන විචාරන්නට අවසර ඉල්වුවිහුය. එ කල “මහරජ තා සිතට වැටහුණු යම් පැනයක් විචාර, මම ඒ තට කියමි “ යි සවඥප්රුවාරණයෙන් පැවරු සේක.

එකල රජ්ජුරු වෝ බුදුන් අතින් අවර ලදින් කියන්නාහු ‘සව‍ාමිනි! මේ ලෝකයෙහි සත්වයෝ හස්තිශිල්ප- අශ්වශිල්ප රථ ශිල්පාදි නො එක් ශිල්ප නිමවා දැනගෙන, ඒ ශිල්ප බලයෙන් රජ යුව රජ මහ ඇමතියන් පහදා ගෙන ධන උපදවා ගෙන , ඒ ධනයෙන් අඹුදරුවන් රකිති , නැයන් මිත්ර,යන් රකිති, තුමුත් සුව විඳ රැකෙති, එම ධනයෙන් පින් කොටගෙන පරලොවත් සුව විඳිනාහු ය: එසේ හෙයින් ශිප්බ දත්තාහට මෙ ලො වත් ම ඇත.: පරලොවත් සව ම ඇත. නුඹ වහන්සේ ගේ ශාසනයෙහි ශිල නමැති ශිල්පය හදාරා , මහණධම් පුරන්නා වු භික්ෂුන්ට පරලොව දිව්යි සම්පත් - බ්රපහ්මසම්පත් - මොක්ෂසම්පත් ලැබේ මය: මේ ලොව එක් වේලේ සිහිල් හොවිති , දෙරෙින් දොර පිඬු සිඟති, රුක්මුල් සුසානා දියෙහි ශීතසුළ’ -මැසි- මදුරු- ආදීන් පීඩා විඳිති. හුණු කැමති කල සිහිල් ලැබෙති, සිහිල් කැමති කල හුණු ලැබෙයි , අඹවන් නැතියහ, දරුවන් නැතියහ. දිවිහිමියෙන් එකලා ව වෙසෙති, මෙසේ මහණධම් පුරන්නා හු මෙලොව මහත් වු දුක්ම ගනිති. පරලොවසුව විඳිති , එසේ හෙයින් නුඔ වහන්සේ ගේ ශාසන ශිල්පය ඉගෙන නසන්නවුන් මෙ ලොව දි ලබන්නාවු සුවයෙක් ඇද්දැ’ යි විචාළෝය. ඉක්බිත්තෙන් බුදුහු මේ රජු හා සමග මෙ තෙනට ආ මිථ්යා් දෘෂ්ටි ගතුවෝ බෙහෙව. පළමුකොට උන්ගේ මානය බිඳ සන්හිඳුවාලා පසුව මෝහට මේ පැනය කියමි” යි සිතාලා “මහරජ! තා විචාළේ පැනයෙක් ම ය, පෙරත් මේ පැනය මහණ - බමුණන් අතින් විචාළවිරි දැ” යි වදාළ සේක. රජ්ජුරුවෝ කියන්නාහු “සවාමිනි! නුඔවහන්සේ අතින් නො විචාළ බව මුත් අපි බුදුම්හ. අපි බුදුම්හයි කියා ඇවිදිනා පුරණකාශ්යවපාදි නිටුන් සදෙනා අතින් මචිචාළෙමි. ඔහු මේ පැනය මා විචාළ කල අස් කාගේ දැ යි විචාල කල, ගොන් වන්නක් කාගේ ය යි කියන්නා සේ. සඳ නං ගේ දැ යි විචාළ කල මා ආයේ පිමි මඟ යයිකියන්නාසේ “අම්බං පුට්ඨො- පබුජං බ්යා කරොති” යනු හෙයින් මා විචාළ දෙය හැර පියා අනික් තමන් සිතු සිතු දෙයක් ම කියන්නාහු ය. එ වේලෙහි මම කිපි මේ කොල්ලන් මරවමි’ සිතා අසුවල් රජ තමන්ගේ නුවරට ගියාවු මහණ බමුණන්ට අනාදර කෙරෙ” යි කියා නුගුණ සැල වේ දෝ හෝ යි යන භයින් නො මරා හැඑපීමි” යි කිවාහුය. එ කෙණෙහි නො එක් ලබ්ධි ගත්තාවු මිථ්යාරදෘෂ්ටි ‘නයින්ට විෂමුල් පෑවා සේ’ භයගෙන නිශ්ශබිදවු හ. ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ “ සවාමිනි! මහණුවම් ඵල මට වදාළ මැනැවැ” යි කිහ. බුදුහු වදාරණසේක මහරජ , තා අතින් ම විචාරමි: තාගේ එක් කිකරු වු ගැත්තක් තට මෙහෙ කෙය විඩා ව පියා , මේ , රජත් මිනිස, මමත් මිනිසිමි. මෙ රජ දිව්යේයකු වැනියේ ය, මහපිරිස් ඇතියේ ය, මහ රට ඇතියේ ය. පඤ්චකාමගුණයෙනුග් මෙම අග්ර ය. මාත් දන් පින් කොට මේ රජු හා සම වුව මැනැව. ඉදින් දිවි හිමියෙන් දන් දෙම් නම් මො හු එක දවසක් දුක්දන් සියක් වන කොටඨාසයකුත් දිලිය නො හෙමී, මොහු දිවිහිමියෙන් දුන් දානඵලයට එක දවසක් රක්ෂා කළාවු ඵල මහත එසේ හෙයින් සිල් රක්ෂා කොට මෝ හට වඩා පින් රුස් කෙරෙමි” යි සිතාලා මාගේ සසුන් වැද මහණ ව. ශිල නමැති ශිල්පය නිමවා දැනගෙන අපිස් සතොස් ව, ගුණධම් පුරනුයේ වි නම් එ කල තෝ වනාහි ‘ මාගේ අසුවල් කොලු අවුදින් මට මෙහෙ කරන්නේ ය යි කිය යි ද. “ සවාමිනි! ඕහට මේ කියන්නා තබා ඔහු උස ඉඳුවාලා , පුදම්හ, සිවුපසයෙන් දන් දෙමිහ” යි කිහ. මහරජ! තෝ තාගේ කොල්ලාට ඒ සා සත් කාරයක් ශීල ශිල්පයාගේ බලයෙන්කෙරෙයි නම් මෙම ජාතියෙහි ඔහු සුව විඳිනේ වේ දැයි වදාළ සේක.

රජ්ජුරුවෝ “සවාමිමි! මෙම ජාතියෙහි ඔහු විඳිනා සුව යැ” යි කියා තුන්යලක් සාධුකාරදි “සවාමිනි! මෙම ජන්මයෙහි අනික් සුව යක් ම හා දැක්විය. භෙදිදැ” යි විචාළහ . බුදුහු “මහරජ ! එු පැනයත් තා ම විචාරමි: තාගේ කිරියක් සානා ගොවියෙක් තට උපයා විඩා ව පියා එසේම තා කෙරෙහි අභිමානකෙ‍ාට මාගේ සසුන් වැද මහණ ව සිල්වත් වගුණ පුරා නම් එකල තෝ’ මාගේ අසුවල් ගොවියා අසු වල් කිරය සානේ , කිරිය සාට වී දෙන්නේ , යයි කියා ඵලවයි ද, නො ඵලවයිදැ” යි විචාළ සේ ක. රජ්ජුරුවෝ කියන්නාහු “ සවාමිනි ඔහු අනින් වී ඵලවන්නා තබා ඕහට අපගේ වීත් දන් දෙම්හ, වඳුම්හ, පුදම්හ. සත්කාර කරම්හ” යි කිහ. මහරජ! මාගේ සසුන් වන්නවුන් මෙම ජාතියෙහි විඳිනා මෙයින් එක් සුවයෙක් වේ දැ යි වදාළ සේක. රජ්ජුරුවෝ “එකාන්තයෙන් මෙයට වඩනා සුව විඳිමෙක් නැනැ” යි සන්තුෂ්ටව තුන් යලක් සාධුකාර දි “තවද: සවාමිනි” පැවිදි වුවන් මෙම ජාතායෙහි විඳිනා සුව ඇද්දැ” යි විචාළහ. ඉක්බිත්තෙන් බුදුරජාණෝ ඉධ තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මා සම්බුධෙ‍ා” යි යනාදින් ක්රනමයෙන් බුද්ධොත් පාදයෙහි පටන්ගෙන අර්හතඵලය කෙළවර කොට ආකාශ ගඬ්ගාව ගෙනහැර දක්වාන්නා සේ ධම් දෙශනා කොට “ මහරජ! මෙම ජාතියෙහි විඳිනා ශ්රා්මණ්යඬ ඵලයට වඩනා අනික් උතුම් ඵලයක් මේ ලොකයෙහි නැනැ “ යි වදාළ සේක. ඒ අජාසත් රජ්ජුරුවන් පරන විචාළ පරිදිත් බුදුන් විසඳු පරිදිත්. දික්සඟියෙහි ශ්රජමාණ්යාඵල සුතුදෙශනාව කළ පරිද්දෙන් බලා දතයුතු.

එ දා රජ්ජුරුවෝ නැත නැත සාධුකාර පුජා කොට කොට ආදි මෙතෙක් දවස් බොහෝ මහණ- බමුණුක් දැක දවසෙයි පැර සාපැටක් නො ලබන්නා සේ ස‍ාරයක් නො ලද්දෙමි, නුඔවහන්සේ ගේ ගුණ සම්පත්තිය ඉතා මහත. පහන් දහසක් ආලෝක දුන්නා සේ මාලේ නුවණ පහන ඉතා ප්ර්සන්න කොට වදාළ සේක. අද වනාහි අමා පිරු කළයක් සේ නුඹවහන්සේගේ ගුණ පිරුණා වු ශරිර ඇතියෙමි, බොහෝ දවසක් සැඟවී තුබු නිධානවස්තුවක් මට පැවා වැනි සේක. මුණින් නමා ගුබු වස්තුවක් මතු බලා තුබුවා වැනි සේක. අද පටන් ජිවිතය හරිම් නමුත් තුනුරුවන් සරණ නෙ‍ා හරිමි. ඉදින් යමෙක් සියුම් වු කඩුවකින් හිස කපා නමුත් බුදුන් නො බුදුනැයි නො කියමි, දහම් නො දහමැයි නො කියමි, දැන් ම මා නුඹවහන්සේ ගේ සරණ ගියව බවත්, අද පටන් උපාසක වු නුඔවහන්සේ ට මා කප්පියක‍ාර වු බවත්, දැන වදාළ. මැනව. අද බටන් මාගේ මේ තුන්සියක් යොදුන් අඟුමගධ දෙරට හා රජගහා නුවර මෙ හැම රජ සැපත තුනුරුවන් විෂයෙහි දානපරිත්යා ගයට පුජා කෙළෙමි” යනාදින් කිය කියා මා කළ වරද ක්ෂමා කළ මැනැවැ යි දොහොත මුදුනෙහි බැඳගෙන බුද්ධදර්ශවයට විෂය තාක් නැන් බුදුන්ට පිටි නොපැ පසු බැස ගෙසේ දර්ශනාවසානයෙහි සිට තුක් ‍ලයක් පසඟ පිහිටුවා වැඳලා ස්තුති කොට රජගෙට ගියෝය.

රජ්ජුරුවන් ගිය කල බුදුහු මහණෙනි! මේ රජ ඉදින් පිතෘ ඝාත කම්ය නොකෙළේ වි නම් අද ම සෝවාන් වෙයි. පවිටු වු මිත්රනයන්ගේ සංසර්ග දොෂයෙන් ඒ සා සැපතක් නො ලදුයේ ය. එතෙකුදු වුවත් අද මා කරා එළඹ මා කෙරෙහි ප්රි ති උපදවා තුනුරුවන් සරණ පිහිටියේ ය. ඒ පිනින් යම් සේ රාජද්රොුහ කළ පුරුෂයෙක් උල අන්නා වරද ඇරතිවත්, රජහුගේ ප්රදසාදයෙන් මස්දක් පමණ දඩ දි ඒ ද්රොිහයෙන් ගැළවේ ද, එ සෙයින් ම මේ බ රජත් අචීචී මහා නරකයෙන් නො වැටී මඳ පවු කළවුන් හෙන ලෝකුඹු නරකයෙහි වැමි තිස් දහසක් හවුරුද්දෙන් සැළ පත්ලට බැස තිස් චහසක් හවුරුස්දෙන් සැළ මුවවිටට නැඟි එයින් ගැළවී දැන් කළ සත්කාර බලයෙන් කප්ලක්ෂයක් දිව්යන -ලොක - මනුෂ්යුලොක සම්පත් විඳ මත විජිතසෙන නම් පසේබුදු ව සසරින් ගැළවෙන්නේ වේදැ” යි වදාළ සේනක.

ලොවුතුරු බුදුන් උපදනා කපෙක..

[සංස්කරණය]

ලොවුතුරු බුදුන් උපදනා කපෙක මුත් පසේබුදුන් චක්ර වර්තිරජුන් නො උලදනා හෙයින් මේ අජිසත් රජ්ජජුරුවන් දෙවදත්තයන් - සුමන නම් මාලාකාරයන් බුදුන් මුහුණ සතුටින් බඅලු බකමුහුණා ආදි වු සතුන් කප්ලක්ෂයකින් මත්තෙහි පසේ බුදු වෙති යි බුදුන් ම වදාල හෙයින් එ කප ලොවුතුරා බුදුකෙනෙකුන් ඉපදිමට කාරණ යයි එකාන්තයෙන් දතයුතු.

ඒ අජාසත් රජ්ජුරුවෝ පියරජහු මැරු තැන් පටන් ගෙන රැ - දවල් නින්දක් නො ලබන්නාහු බුදුන් අතින් බණ අසා උපන් සන්නෝෂයෙහි පටන් ගෙන සුවසේ ම නිඳ ි ලබන්නාහ. දිවි පමණින් තුනුරුවන් අරභයා බෝහෝ ධන පරිත්යා්ග කොට මහත් වුපුජා කළාහුය. පෙර බුදුන් මරවන්ට සයායව ඇවිදි රජ බුදුන් දුටු තැන් පටන් බුදුහු පිරිනිවනි පැසේකැ යි යන බසක් පමණ ඉදින් ඇසි වම් මේ රජ ද. එබස හා සමග බුදුන් කෙරෙහි ප්රේදම ධරාගත නොහි ඒ කාන්තයෙන් මියන්නේ මයයි ලෝවැසියන් ලවා සිතවා පීතවාපීය. මේ බුදුසස්නෙහි පෘථග්ජන සැඳැලඳුවන් කෙරෙන් මේ රජහට වඩා බුදුන් කෙරේ ප්රේිම ඇතියෙක් , මොහුට වඩා බුදුන් නො දැක නො වහනුයෙක්, අනික් කිසි තැනෙකත් තැත්මය. මෙසේ දිවි යේ නමුත් තුනුරුවන් සරණ නො හරිමි යි බුදුන් පෙරට ව සිට එ රජහු කි හෙයින් තමාගේ බුදුන්ට පිදුවා නම.

මෙසේ වැදු පියන් මරා පියන තරමි යක්ෂයන් සේ දැඩි වු, දරුණු වු, අජාසත් රජු වැන්නවුන් එක වචන මාත්රාුවෙන් දමා, බණ වදාරා,එකෙණෙහි ඔහුගෙන් ජිවිත පුජා ලත් හෙයිනුත් ඔහු දිවි පමණින් අප්ර මාණ ධනයෙන් කරන ලද අප්රයමාණ පුජා ලත් හෙයිනුත් . මෙසේ මෙසේ වු. අද්භුත වු. පුජා විදිමට සුදුසු හෙයිනුත් , දිව්යෙ- බ්ර හ්ම- නරෙන්ද්රියන්ගේ මුදුනෙහි කෙළනා ශ්රීැ පාද ඇති මාගේ සවාමිදරු වු තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මේ මේ කාරණයෙනු දු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදුයේ මැයි:-

පුජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො,

අත්ථානුරුපං “අරහං” ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං-යි


මේ පුජාවලියෙහි ජිවිකාරාමයෙහිදි අප බුදුන්ට අජාසත් රජහු කළා වු ජිවිතාදි පුජා කථා නම් වු තිස් වන පරිචෙජදය නිමි.