Jump to content

පූජාවලිය-ද්වීතීය ජාතිභෙද පූජා කථා

Wikibooks වෙතින්

පූජාවලිය


සවන පරිච්ඡෙදය


තව ද: අප බුදුන් ලද ද්වීතීය ජාතිභෙද පූජා නම් කවර යත්:

මෙසේ සංසාරග ව ඇවිදිනාවූ මේ මාගේ බොධිසත්ත්වයෝ කට්ඨහාරී ජාතකයෙහි බරණැස් රජුට දා ව දිළිඳු වූ ස්ත්රියයක කුසින් ඉපැද කට්ඨහාරී නම් කුමරා ව තමන් වහන්සේ බිළිඳි කල වඩා ගෙන ගොස් ඇමතිගණයා පිරිවරා හුන් රජු පෙරට ව සිට “මහරජ !තොපට දා මේ තොප පුතණුවන් පාවා ගෙන වඩා ගන්ව; මාගේ ගෙය නැත; දෙ‍ාර නැත; හෝනා හිඳිනා තැන් නැත; මම ද අනුන් හිමියෙමි; තොප පුතණුවෝ කමි බොමි යි හඬති” යි ඒ මෑණියන් රන්රුවක් වන් හුන් පුතණුවන් පැ පෑ “කෙල්ල !තෝ කුමක් කිය යි ද මපුතෙක් නො වෙ” යි කීහ. එ බසට මෑණියෝ කිපි “ ත පුතෙක් නො වේ නම් අද බිම හී යේවා; ත පුතෙක් වී නම් අහස් කුසම රඳා හිඳව” යි කියා බෝසතුන් දෙ කකුලග ගෙන සපුමල් දමක් සේ අහසට දැමුව. එ කෙණෙහි ආකාශායහි පලග් බැඳ හිඳ මතු ශුද්ධොදන රජ වන පින් ඇති ඒ පියරජහු මුහණ ප්රෙුමයෙන් බලා කුරවීක නාදයක් සේ ප්රිපය වූ නාදයෙන් :

පුත්තොත්ය හං මහාරාජ - තං මං පොස ජනධිප,

අඤ්ඤෙපි දෙවො පොසෙති- කිඤ්ච දෙවො සකං පජං-යි.

යන මේ ගයින් රජහු පෙම් වඩා බුද්ධ ලීලායෙන් බණ කී දෑ ය. එ කෙණෙහි සතුටු වූ දහසක් ඇමතියන් දෙදහසක් අත් නඟා වැඳ වැඳ තමන් තමන් අතට බස්නට ආරාධනා කළ කල පිය රජහු පෑ අතට ම බැස ඇක ය පිට හිඳ පෙම් වැඩූ සේක. සතුටු වූ රජ එ ම විට ම දොළොස් යොදුන් බරණැස් නුවර හා රජ සැපත පූජා කෙළේය.

තව ද: සුසීම ජාතකයෙහි හස්ති‍ෙව්ද දන්නා පුරොහිත බ්රාහහ්මණ කුලෙහි ඉපැද තමන් පියාණන් ආයාමෙහි හස්තිමංගල කාලයෙහි දී අපවත් වන ධනශොකයෙන් වලප්නා මෑණියන් දැක උපන් ලජ්ජාවෙන් සත් හැවිරිදි වයස එක්සිය විසි යොදුනක් මඟ ගෙවා එ දා ම තක්සලා නුවරට වැද දිසාපාමොක් ආචාය්ය් ර්ය් න දැක ගුරුපූජා කොට එක දා රාත්රි යෙහි ම ලක්ෂයක් ග්ර න්ථයෙන් පිරුණා වූ හස්ශිල්ප ය නිමවා ධරාගෙන ආචාය්ය්රර්යරන්ට ත් ගැට තැන් සැක හැර උගන්වාලා දෙවන දා නැවත බරණැස් නුවර අවුත් වැද මෑණියන් අස්වසාලා තුන්වන දවස “ මම ඇත් මඟුල් කෙරෙමි” යි රජු පිරිවරා සිටගත් දහස් ගණන් බමුණුගණා මැද ඇත්මුලක් මැදට වන් කෙශරසිංහ පැටවකු සේ කිසි කෙනෙකුන් කෙරෙහි ත් භය නැති ව “‍මේ දඹදිව් තෙලෙහි මා විනා හස්තිශිල්ප ය නිමවා දන්නා අන් කවර සතෙක් ඇද්දැ” යි ගර්ජනා කොට හැම බමුණන් පරදවා රජු බල බලා සිටිය දි දක්ෂ ව ඒ හස්තිමංගල ය කළසේක. එ කෙණෙහි සතුටු වූ ඒ සුසීම නම් රජු හා අගමැතියෝ නවකෙළක් පමණ මහත් ධන රාශියෙකින් බෝසකුන්ට පූජා කළහ.

තව ද: සම්භව ජාතකයෙහි බැරණැස බ්රහහ්මදත්ත නම් නර පතිහුගේ විධුර නම් පණ්ඩිතයන්ට පුත්රණ ව සත්හැවිරිදි සම්භව නම් කුමාර කල වැලි කෙළනා වූ මාගේ ඒ බුද්ධාංකුරය‍ාණෝ කොරව්ය නම් රජහු‍ෙග් සුචිරථ නම් පු‍ෙරාහිත බ්රා හ්මණයා අවුත් සිට ධර්මයාග නම් පැනය විචාළ දා බුද්ධලීලායෙන් ප්රරශ්න ව්යා්කරණය කොට එ කෙණෙහි සතුටු වූ රජ යුවරජ මහ ඇමතියන් විසින් දමනලද සියක් ලක්ෂයක් ධනරාශියෙකින් පූජා ලත් සේක.

තව ද: දෙව ධර්ම ජාතකයෙහි බරණැස බ්රේහ්මදත්ත රජහුගේ අගබිසොවුන් කුසින් බිහිව අහිංසක නම් රාජපුත්රි වූ ම‍ාගේ බොධිසත්ත්වයෝ චන්ද්රඅ සූර්ය නම් වූ මල් කුමරුවන් දෙන්නා හා සමඟ තපසට වලට යන දා කමි යි අල්වා ගත් උදක රාක්ෂයාට දෙව ධර්ම නම් වූ ධර්මදෙශනාව කොට ඔුහ විසින් ම මවා දෙනලද පන්සැල් පූජා ද නිත්ය යෙන් කරනලද අත්පා මෙහෙ පූජා දැයි එක් ජාතියෙහි ම තුන් පූජාවක් ලත්සේක.

තව ද: න්යජග්රොාධමෘග ජාතකයෙහි මෘගරාජන් වූ බෝසතාණෝ වදන මුවදෙනක‍ිෙග් මරණ භය දැක උපන් මහා කරුණාවෙන් “ තී මාරුවෙහි මාගේ ජීවිතය දෙමි” යි ඈ අස්වසා දං ගෙඩියෙහි හිස තබා ජීවිතදාන ය දී ඔත්සේක. ඒ ආශ්චය්ය්ංර්යස අසා අවුත් දැක සතුටු වූ බ්රීහ්මදත්ත රජහට‍ බුදුතු‍ඬෙකින් බණ කියන්නා සේ මුවතුඬින් දශරාජ ධර්මයෙන් බණ වදාළසේක. ඒ සද්ධර්ම ප්රීධතීන් මත් වූ රජ බෝසතුන්ගේ ජීවිතය ද පූජා කෙළේ ය. සියලු අපාද ද්විපාද චතුෂ්පාදා දී සතුන්ගේ ජීවිත පූජා ද කළේ ය.

තව ද: පඤචායුධ ජාතකයෙහි බ්රීහ්මදත්ත රජහට පුත් ව දුනු මුගුරු කඩු සිරි අඩයටි යන පඤ්චායුධ නිමවා දත් හෙයින් පඤ්චායුධ නම් කුමාර ව සොළොස් හැවිරිද්දෙහි තක්සලා නුවර ගොස් සූසැට කලා ශිල්පයන් ද නිමවා නැවත බරණැස් නුවර වඩනා වූ මාගේ බොධිසත්ත්වයෝ සුචිලොම නම් යක්ෂයාට අසු ව වීය්ය් ර්පාසරමිතාවෙන් ඔුහ ජය ගෙන, ප්ර ඥ පාරමිතාවෙන් බණ කියා ඔහු සන්තොෂ කැරවූ දෑ ය. ප්ර සන්න වූ ඒ චණ්ඩය යක්ෂයා පවා මා‍ගේ බොධිසත්ත්වයන්ගේ ජීවිත ය පූජා ‍කෙළේ ය.

තව ද: වානරින්ද ජාතකයෙහි කපි රාජන් වූ මාගේ බොධිසත්තවයෝ තමන් කමි යි කට දල්වා සැඟවී ගලතළ වැද හොත් දෙවිදත් කිඹුලා දැක දානපාරමිතාවෙන් ඔහු වඤ්චා කොට ඒ කිඹුලා ‍ෙග් ම කටට පැනපියා ඕහට අසු නොව අභිමතස්ථාන ගත වූ දෑ ය, ඒ වික්රපම ය දැක සතුටු වූ කිඹුලා:

යස්සෙතෙ චතුරො ධම්මා- වානරින්ද යථා තව,

සච්චං ධම්මො ධිති චාගො-දිට්ඨං සො අතිවත්තති-යි .


යන මේ ගාථා‍ව අඬගා කියා බෝසතුන්ට ස්තුති පූජා කෙළේ ‍ය. තව ද: මච්ඡ ජාතකයෙහි මස් රජ ව උපන්නා වූ මාගේ බොධිසත්ත්වයෝ ඝර්හකාලයෙහි දිය සිඳී කර්මබලයෙන් මිය යන්නාවූ බොහෝ නෑයන් දැක ඉඳුනිල් මිණි සඟලක් සේ ඉතා ප්ර සන්න වූ තමන්දෑගේ ඇස්දෙක දල්වා ආකාශය බලා:

අභිතථනය පජ්ජුන්න- නිධිං කාකස්ස නාසය, කාකං සොකාය රන්ධෙහි- මච්ච සොකා පමොචය-යි.

යන මේ විසිතුරු ගයින් සත්යික්රි යා කළසේක. ඒ සත්යේක්රිියා වෙහි සතුටු වූ වස්සවල‍යාහක දිව්ය පුත්රරයා ඝන මහා වර්ෂාවක් වස්සවා පූජා කෙළේ ය. තව ද: ගුත්තිල ජාතකයෙහි ගුත්තිල ගන්ධර්ව නම් මා‍ෙග් බොධිසත්ත්වයෝ මනුෂ්යාතත්මයෙහි සිට ම ශක්රාදෙවෙන්ද්ර්යා‍ගේ විජයොත් නම් දිව්ය රථයෙන් ශක්ර භවනයට ගොස් දෙ කෙළ පනස් ලක්ෂයක් දිව්යාං්ගනාවන් මධ්ය යෙහි වීණා ගායනාකොට දිව්යසයන් සන්තොෂ කැරවූ දෑ ය. ඒ ආශ්චය්ය් ර්යෙනහි ප්රූසන්න වූ සක්දෙවු රජ සත් දවසක් මුළුල්ලෙහි තමාගේ ශක්‍රසම්පත් දී පූජා කෙළේ ය.

තව ද: කණ්හ ජාතකයෙහි අසූ කෙළක් පමණ ධන ඇති බ්රා:හ්මණ මහාසාර සැපත් හැර ව්ල ගොස් අටවිධ වූ තපස් අතු රෙන් දන්තලුය්යතක නම් වූ සවන තපස් කොට මුද්ධගසක් මුල හිඳ වාසය කරන දෑ ය.

අට විධ වූ තපස් නම් කවර යත්: සපුත්ත දාරකය, උවරීකය, සම්පත්තකාලක ය, අනග්ගිපක්කික ය, අසම්මුට්ඨික ය, දන්තලුය්ය ක ය, පවත්තඵලක ය, වණ්ටමුත්තක යයි ‍යන මේ අ‍ට තපස් නම.

එහි විභාග මෙසේයි: සමහර කෙනෙක් අඹූ දරුවන් කෙරෙහි ලොභ ය ඇති ව ඔවුන් හැරපිය නොහී අඹුදරුවන් හා සමඟ ඉසි වෙස් ගෙන කෘෂි වණික් ආදි නිරවද්යඉ කර්මාන්තයෙන් දවස් යවන්නාහු ය. ඔහු සපුත්තදාරක නම් වෙති.

සමහර කෙනෙක් වල‍ට ‍නො ගොසින් නුවර දොර පන්සැල් කරවා ගෙන එහි රජ බමුණු වෙළෙඳ සිටු දරුවන් අකුරු කරවා රන් රිදී මසු කහවණු නො ‍පිළිගෙන උඳු මුං තල‍තෙල් සහල් ආදි කප්පිය භාණ්ඩයන් රැස් කොට වාසය කෙරෙති. ඔහු උචරිකයෝ නම් වෙති. ඒ තපස පළමු වන තපසට‍ වඩා උග්රඋ ය.

සමහර කෙනේක කිසි පළිරොධයක් නැති ව ඉසිවෙස් ගෙන වෙලාවට ගම් වැද භික්ෂාටනය කොට ලද දෙයෙකින් යැපී තලස් කෙරෙති.ඔහු සම්පත්තකාලක නම් වෙති, ඔවුන්ගේ තපස දෙ වන තපසට වඩා උග්ර ය.

සමහර කෙනෙක් ගිනි නොවන් වන මුල් ඵලාඵල ශාඛාදීන් අනුභව කොට තපස් කෙරෙති. ඔහු අනග්ගිපක්කිකයෝ නම් වෙති. ඔවුන්ගේ තපස තුන් වන තපසට වඩා උග්රෝය.

සමහර වීර පුරුෂ කෙනෙක් මිටි වාණක් හෝ තෙසු සැතක් හෝ අතින් ගෙන වෙනෙහි ඇවිද දුටු යම් ගසෙකින් පොතු මුල් ආදිය බ්ර හ්මවිහාර භාවනාවන් කොට වාසය ‍ෙකරෙති. ඔහු අසම්මුට්ඨිකයෝ න්ම වෙති. ඔවුන්ගේ තපස හතර වන තපසට වඩා උග්රඔ ය.

සමහර වීරපුරුෂ කෙනෙක් ඒ මිටි වාණාදිය ත් නො ගෙන දුටු යම් ගසෙකින් පොතු මුල් ආදිය දතින් උපුරා ගෙන අනුභව කොට දවසින් දවස පෞෂථාංග ය ඉටා බ්රිහ්මවිහාර භාවනා කෙරෙති. ඔහු දන්තලුය්ය ක නම් වෙති. ඔවුන්ගේ තපස් පස් වන තපසට වඩා උග්රු යෙ.

සමහර කෙනෙක් එක් විලක් හෝ එක් වන ලැහැබක් හෝ ගොදුරුගම් කොට සිත හිඳගෙන අනික් තෙනක‍ට නො ගොසින් ඒ විලෙහි ම නෙළුඹල නෙළුඹු දැලි ඕලු ආදි ය හෝ එ ම වෙනෙහි මල් සමයෙහි මල්, ඵල සමයෙහි ඵල, කොළ සමයෙහි කොල අනුභව කෙරෙති. යටත් වසයෙන් සෙසු සමයෙහි ගැටසුඹුලු ආදිය අනුභව කෙරෙති. ‍ෙගාදුරු නිසා අනික් කිසි තැනකට ත් නො ගොස් නිත්යි ශීලය රක්ෂා කොට බ්රනහ්මචය්ය්ැර්වො රක්ෂා කෙරෙති. ඔහු පවත්තඵල කයෝ නම් වෙති. ඔවුන්ගේ තපස සවන තපසට වඩා උග්රක ය.

සමහර වීර පුරුෂ කෙනෙක් ඍෂීප්ර ජව්ර ජ්යා්වෙන් පැවිදි ව ගෙන වල් ගොස් එක රුකක් මුල හිඳගෙන මල් ඵල ‍ෙකාළ නටුයෙන් ගිලිහී සමීපයෙහි වැගිර ගිය කල අත පොවන මාන‍යෙහි තුබූ දෙය ඇරගෙන අනුභව කෙරෙති. ස්වහස්තයෙන් බිඳගෙන අනුභව නො කෙ‍රෙති. ඔහු වණ්ටමුත්තකයෝ නම් වෙති. ඔවුන්ගේ තපස සත් වන තපස‍ට වඩා උග්රභ ය.

මොහු අ‍ටදෙන ම පඤ්චශීලය රක්ෂා කොට පඤ්චාභිඥ අෂ්ට සමාපත්තිලාභී වෙත් ම ය. ගුණයෙන් වනාහි ක්රඅම ක්රලමටයෙන් ම උත්තමහ යි දතයුතු.

මේ අට තපසින් එ කල දන්තලුය්යරක නම් වූ සවන තපස කොට ශීල බෙලෙන් ශක්රලදෙවෙන්ද්ර යා‍ෙග් : දිග සැට යොදුන් පුළුල පනස් යොදුන්, බොල පසළොස් යොදුන්, බඳුවද පෙත්තක් හා සමාන පැහැ ඇති, ඔහු උන් කල නාභිමණ්ඩලය දක්වා ගැලී යන්නාවූ , නැඟි කල භෙරි තලයක් සේ තැනී යන්නාවූ, හුණූ කැමැති කල හුණු ව පවත්නාවූ , සිහිල් කැමති කල සිහිල් ව පවත්නා වූ , පාණුඩුකම්බල නම් ශෛලාසන ය ශීල තෙජසින් ඕහ‍ට ධර්මය දෙශනා කළ සේක. ඒ දෙශනාවෙහි සන්තොෂ වූ සක්දෙවු රජ ඒ වැඩහුන් ගස සහ මල්පල්ලෙන් මවා ධ්රැෙවඵලයෙන් පූජා කොට ගියහ.

තව ද: අකීර්ති ජාතකයෙහි අසූ කෙළක් සැපත් හැර බරණැස් නුවරින් පිටත් ව ක්රතමයෙන් කාර දිවයින් වැඩ එකලා ව කරගසක්මුල වැඩහිඳ කරපෙළා වළඳා පවත්තඵලක නම් වූ සත්වන උග්රා තපස කොට ඔහු වැඩඋන් තැනට ගෙන්වා ඔහු ම විචාරනලද පැන ය කියා බුද්ධලීලියෙන් ධර්ම දෙශනා කළ දෑය. එ දා ද සන්තොෂ වූ සක්දෙවුරජ අසාධාරණවූ වර අටෙකින් පූජා කොට ගියහ.

තව ද: සංඛ ජාතකයෙහි සංඛ නම් බ්රාටහ්මණ ව දන්දෙනු සඳහා ධන සොයමින් මුහුදු නැඟී ගොස් මුහුදු මැදදී නැව නැසීගිය කල සත් සත් දවසක් මුළුල්ලෙහි නිරාහාර ව මහත් වූ වීය්ය්කර්යෙකන් තෙරක් දකිමි යි මුහුදු පිහිනන්නා වූ මාගේ බොධිසත්ත්වයෝ සම්පූර්ණ වූ චන්ද්රමයා දැක “ මියෙතත් පෞෂථාංග ශීල ය නොවරදවමි” යි අටඟසිල් සමාදන් ව ශීල බලයෙන් මණිමෙඛලා නම් දෙවුදුව ගෙන්වා ප්රිදය කථාවෙන් ඈ සන්තොෂ කැරවූ සේක. එදා සතුටු වූ ඒ මණිමෙඛලා නම් දෙවුදුව: දිග අ‍ටසියක් රියන්, පුළුල සාරසියක් රියන්, ගැඹුර සියක් රියන් පමණ ඇති, ඉනිද්රෙනීල මාණික්යයමය වූ කුඹ ඇත, සත්රුවන්මය වූ කඹ ඇති,රිදීමය වූ රුවල් ඇති, ඝනරන්මය වූ රිටි හා පත් ඇති, සත්රුවන් නැවක් හා එහි පිරූ සත්රුවන් සමූහයකින් පූජා කොට බෝසතුන් මෝළිනී නම් නුවර පිහිටුවා ගියාය. කීයේ මැනෝ:

සාතත්ථ චිත්තා සුමන‍ාපතීතා-නාවංසුචින්තං අභිනිම්මිණිත්වා,

ආදය සංඛං පුරිසෙන සද්ධිං - උපානයි නගරං සාධුරම්මං-යි.


තව ද: ඛදිරංගාර ජාතකයෙහි ධනසිටු ව උපන්නා වූ මාගේ බො‍ධිසත්ත්වයෝ පිඬු සිඟා වැඩ සිටි ප‍ෙස් බුදුන් දැක පස්වනක් ප්රීධතීන් පිනා ලක්ෂයක් අගනා බත් තලියක් ගෙන ගොස් පසේ බුදුන් ඉදිරි‍ෙයහි සිටි දෑ ය. එ කෙණෙහි වසවත් මර බෝසතුන්ගේ දනාන්තරා ය හා පසේ බුදුන්ගේ ජීවිතාන්තරාය කෙරෙමියි අතුරෙහි නරක ගිනි වළක් මවා ලී ‍ය. ඒ ගිණිවළ දැක:

කාමං පතාමි නිරයං-උද්ධංපාදො අවසිරො,

නානාරියං කරිස්සාමි- භන්ද පිණ්ඩං පටිග්ගහ-යි.

යන මේ ගාථ‍ාව කියා ඒ ගිනිමැදට පිනූ දෑ ය. එ කෙණෙහි ඒ ගිනි අන්තර්ධාන ව පොළොව පළා මහ ගැල් සකක් සා පියූ‍මෙක් පැනැනඟී බෝසතුන්ගේ ශ්රීසපාද ය පිළිගෙන සුවඳ මුවරද ගඳින් පූජා කෙළේ ය.


තව ද: ශශ ජාතකයෙහි ශශ රාජන්ව පෙහෙවස් රක්ෂා කරන්නාවූ මාගේ ශ්රී් මහා බොධිසත්ත්වයෝ තමන්ගේ ශ්රුද්ධා බල බලමි ඉයි සිතා දිළිඳු වෙසක් මවා බඩසා ය යි අවුත් සිටි ශක්ර බ්රාසහ්මණයා දැක සන්තොෂ උපදවා “ අද මා‍ගේ ඇඟ මස් පළහා කවා තාගේ සාදුක් නිවමි යි , ගිනි ගෙනැ” යි කී කල ඒ ශක්රසයා මවා පෑලූ නරක ගින්නක් සේ ඉභයංකර වූ ගිනිරස් දැක තුන් විටක් කිළි පොළා ගිනි ගොඩ මැද‍ට පැන ගිනි පැනනැඟි පියුම්ගබ රාජහංස ලීලායෙන් වැඩහිඳ “ බමුණ! ත‍ාගේ ගිනි ඉතා සිහිල් වනැ” යි ඕහට ආශ්චය්ය්ණර්‍ තෙපුල් කී දෑ ය. එ කෙණෙහි ප්රාසන්නවූ සක්දෙවුරජ බෝසතුන් වඩ‍ාගෙන මුදුනෙන් පුදා “හිමි! මම බමුණෙක් නොවෙමී; දෙ දෙවුලොවට අධීපති, වූ සක්දෙව්රජ නම් මම් ම යැ” ය කියා ස්තුති පූජා කොට, පර්වතයක් පෙළා යුස ගෙන එකුන් පනස් යොදුන් සඳමඬලෙහි බෝසතුන්ගේ ශශ රූප ය හැඳ කල්පාන්ත පූජා කොට ගියේය.

තව ද: තුණ්ඩිල සූකර ජාතකයෙහි සූකර රාජන් වූ මා‍ෙග් බොධිසත්ත්වයෝ ‘ තමන් මරා ඇඟ මස් කම්හ’ යි ‍පොලු මුගුරු ගෙන වටා සිටගත් රා සොඬුන් *තිස්දෙනා මැද තුණ්ඩිලොවාදය කරන වේලෙහි ඒ ආශ්චය්ය්ෙර්‍ ය ඇසූ රජ යුවරජ මහ ඇමතියන්දොර කියන බණක් සේ බුද්ධලීලායෙන් වැඩාහිඳ:

ධම්මො රහදො අකද්දමො - පාපං සෙදමලන්ති වුච්චති,

සීලං න වණ්ණ විලෙපනං තස්ස- ගන්ධො න කදාවි ඡිඡ්ජති-යි.

යනාදීන් බණකියා එ කෙණෙහි බරණැස් රජුගෙන් මුළු දඹදිව රාජ්යණ ය පුදවාගෙන මහත් වූ සත්කාර ලත්සේත. එ දා දෙසූ ධර්මයෙන් හික්මුණා වූ සත්ත්වයෝ සැටදහසක් හවුරුදු මුළුල්ලෙහි බෝසතුන්ට ප්රැතිපත්ති පූජා කළාහු ය.

තව ද: තෙසකුණ ජාතකයෙහි ජම්බුක නම් ගිරාපණ්ඩිත ව බ්රතහ්මදත්ත රජහුගේ සිංහාසන මස්තකයෙහි වැඩහිඳ පඤ්චබල ප්රසශ්න‍ ය එ රජු විචාළ වේලෙහි:


බලං පඤ්චවිධ ලොකෙ- පුරිසස්මිං මහග්ඝතෙ

තත්ථ බාහුබලං නාම- චරිමං වුච්චතෙ බලං

දෙතිස් දෙනා - ඇතැම්.



භොගබලං ච දීඝායු - දුතියං වුච්චතෙ බලං,

අමච්චබලං ච දීඝායු- තතියං වුචච්තෙ බලං;

පඤ්චබලෙනු ‘ පත්ථද්ධො-අත්ථං වින්දති පණ්ඩිතො-යි

යනාදීන් පඤ්චබල ප්රෙශ්න‍ය හා දශරාජ ධර්මයෙන් ජම්බුකො වාද නම් ධර්මශනාවක් ගාරාතුඬින් කළ දෑ ය. ඒ දෙශනාාවහි සන්තොෂ වූ රජු හා අමාත්ය යෝ සෙනාධිපති ධුරය දී අප්රොමාණ වූ ධනයෙන් පූජා කළ හ.

තව ද: සාලිකෙදාර ජාතකයෙහි ගිරා රජ ව ජීර්ණ වූ මවුපියන්ට මෙහෙ කරන්නා වූ මා‍ෙග් බොධිසත්ත්වයෝ තමන් බදා ගෙන්වා ගත් සාලින්දිය නම් බ්රාාහ්මණයාගේ ඇකයේ සැකයක් නැති ව වැඩහිඳ:

මාතා පිතා ච මෙ වුද්ධා -ජිණ්ණකා ගතයොබ්බනා,

තෙසං තුණ්ඩෙන ආදාය- මුඤ්චෙ පුබ්බෙකතං ඉණං-යි.

යනාදීන් බණ කියා ඔහු ද සන්තොෂ කළ දෑය. එදා ඒ සාලින්දිය බ්රා හ්මණයා පැසුණු පිටින් බිජු අට අටකිරි හැල් කෙතක් පූජා කෙළේ ය.

තව ද: සුතනු ජාතකයෙහි සුතනු නම් කුමාර ව දිළිඳු වූ කුලයෙක ඉපැද වැන්දඹු වූ මෑණියන්ට මෙහෙ‍ කොට පින් පුරන්නා වූ මා‍ගේ බෝධිසත්ත්වයෝ දුක්පත් මෑණියන්ට මසු දහසක් දෙවා බත් තලියෙක් ගෙන යක්ෂයකුට බිලියමට ගොස් බණ කියා ඔහු දමාගෙන ආලවකයා සේ ම ඉතා තද වූ ඒ යක්ෂයා අතින් ගැළවී අභයදාන පූජා ලත්සේක. ඒ ආශ්චය්ය්ෂර්යව දුටු රජ යුවරජ මහ ඇමතියෝ එදා අප්රආමාණ වූ ධන සමූහයෙකින් පූජා කළහ.

තව ද: අසදිස ජාතකයෙහි අසදිස නම් රාජකුමාරව ධනුර්වෙදය නිමවා දැන වෙස් වළා නුවරින් ගොස් පසල් රජකුට සේවක ව දවස දහසක් වැටුප් ලදින් වැස අඹකැන විද ධනුශිල්ප පානා දා පළමු ව විදි ශරයෙන් නටුව භාගයක් කපා දෙසාලිස් දහසක් යොදුන් නැඟී දෙවුලොව වන් කල,දෙවනුව විදි ශරයෙන් ඒ ශර පුංඛ යව පැහැර බිම හෙන ශරයෙන් අඹකැන ගෙන සිට රජ පිරිස විස්ම ය පත් කළ දෑය. එ කෙණෙහි කුල්මත් වූ රජ යුවරජ මහ ඇමතියෝ කෙළක් පමණ ධන රාශියෙක් පූජා කළහ.


තව ද: මාතුපොසක ජාතකයෙහි ඇත්රජ ව උපන්නාවූ මාගේ බෙ‍ාධිසත්ත්වයෝ අන්ධ වූ මෑණියන්ට අත් පා මෙහෙ කරන ලොභයෙන් ම හස්තිරාජ්යඅ හැරපියා චණ්ඩොාරණ නම් පර්වතයට ගොස් මෑණියන්ට අත් පා මෙහෙ කරන දෑය. එකල ඒ ආශ්චය්ය්ෑර්ය දුටු බ්රචහ්මදත්ත රජු හා දඹදිවු වැසියන් හා බෝසතුන්ට සිවි පමණින් වැටුප් තබා දී ඔබ ඇවෑමෙහි එ තැන බෝසතුන් වැනි හස්ති රූපයක් කරවා හස්තිමහ නම් වූ පූජාවක් දීර්ඝ කාලයක් මුළුල්ලෙහි දවස් පතා‍ කළාහු ය.

තවද: චුල්ලහංස ජාතකයෙහි ශ්වෙතහංස රාජන් ව උපන්නා වූ මාගේ ශ්රී් මහා බොධිසත්ත්වයෝ බ්ර්හ්මදත්ත නම් රජහු ‍ෙග් සිංහාසන නැඟී වැඩහිඳ හංසතුඩින් විසිතුරු වූ බණ කියා ලොව විස්ම ය පත් කැරවූසේක. එ දවස් සද්ධර්ම ප්රිනතින් මත්වූ රජ දළපුඩු සේසත හා සමග බරණැස් රාජ්යායෙන් පූජා කළේය.

තව ද: විධුර ජාතකයෙහි විධුර නම් මහා පණ්ඩිත වූ මාගේ බොධිසත්ත්වයන් වහන්සේ චතුපොසථ නම් පැන ය කියා ශක්රස- ගරුඩ-නාග- මනුෂ්ය් යයි යන රජදරුවන් සතරදෙනා‍ෙග් ශීල විවාදය දුරු කළ සේක. ඒ බණ අසා ශක්රෙදෙවෙ‍න්ද්රදයා ප්ර සන්නව දොළොස් යොදුන් දිව ස්ළුකවක් පූජා කෙළේය. වරුණ නම් දිව්යා නාග රාජයා කණ්ඨමාණික්ය්යෙන් පූජා කෙළේය. ධනඤ්ජය කොරව්යම රජ හස්තිරාජයෙකු හා ගවයන් දහසක් හා අසුක් යෙදූ රථ දහසක් හා ගම්වර සොළොසකික් හා පූජා කෙළේ ය.

තව ද: එම ජාතකයෙහි තමන් මරා හදවත ගනිමි යි සැට යොදුන් කාළාගිරි පර්වතයට පැන නැඟී පූර්ණක නම් යක්ෂ සෙනාධිපතියාට සාදුතර ධර්මදෙශනවෙන් බණ වදාළ සේක. එ දා ප්රවසන්න වූ ඒ පූර්ණක නම් යක්ෂයා බෝසතුන්ගේ ජීවිතය හා අනර්ඝ වූ චින්තාමාණික්යර රත්නයෙන් පූජා කෙළේ ය.

තව ද: මහා උම්මග්ග ජාතකයෙහි වෙදෙහ රජහුගේ මිථිලා නම් නුවරට පූර්වදිග්භාගයෙහි යව මැදුම්ගම සිරිවඩ්ඪ නම් ගෘහ පතිහුගේ සුමනා නම් සිටුදුව කුස පිළිසිඳ දසමස් පුරා ශක්රෘදෙවෙන්ද්ර්යා දෙ‍නලද දිවසඳුන් ගැටක් මිටින් ගෙන මවුකුසින් බිහි ව උපන් කෙණෙහි ම “ අම්ම! මහෞෂධයෙකැ” යි මෑණියන් හි සමඟ ප්රි ය කථා කොට ඒ ආශ්චය්ය්ැර්යි දැක මහෞෂධ කුමාර යයි යනනමින් ප්ර සිද්ධ වූ මා‍ගේ ශ්රීය මහා බොධිසත්ත්ව‍යෝ දහසක් සිටුකුමරුවන් හා සමඟ තරුමැද සඳ සේ වැඩී දඹදිවුතෙලෙහි පැන දන්නවුන්ට අග්රඩව විශ්වකර්ම නිර්මිතයක් සේ විචිත්රහ වූ පැන් තොටින් හා දහසක් වකින් විසිතුරු වූ පැන් පොකුණ්ක හා නඳුන් උයන සේ උයනකුදු කරවා සත් හැවිරිදි ව කුමාර ක්රීඳඩාවෙන් වැස දඹදිව බුද්ධොත්පාද කාලයක් සේ ප්ර ශ්න ව්යාෙකරණයෙන් බබුළුවා මෙසේ වසන කල, ලිහිණිය ගෙන යන මස් කැටිය උඩ නො බලා බිම හෙළවා ගත් පැනය ය, ගොන්ගෙය බැඳගෙන ‍යන සොරු අසු කොට දී ලූ පැනය ය, ගැට හූ පලඳනාව සඟවා ගත් සෙර අසු කොට‍ දුන් පැනය ය, හූවැටිය හිමියන් හිමි කොට ලූ පැනය ය, යකින්න තමාවෝ යයි අල්වා ගෙන ගොස් කමි යි සිතූ දා එ කුමරු රැක දී ලූ පැනය ය, ගොළ කාළයා හා දික් පිටියා හි දික්තල හා තුන් දෙනා‍ෙග් ස්ත්රීන වාදය සිඳ ලූ පැනය ය, ශක්ර යා ක ළ රථවාදය බිඳ දි ලූ පැනය ය, කිහිරි හරෙහි අග මුල තෝරා ලූ පැනය ය, නයි හා සැපින්නගේ වෙනස දක්වා ලූ පැනය ය, කුකුළකු එවන්නේ යයි වෘෂභ වඤ්චාවෙන් කියා රවූ පැනය ය, අෂ්ටවංක මාණික්යූයෙහි හූ ලාලූ පැනය ය, මංගල වෘෂභයා දරුවන් වදවන්න‍නේ යයි කියා එවූ පැනය ය, අෂ්ටාංගයෙන් යුක්ත වූ පැසිබත් පිස එවන්නේ යයි කී පැනය ය, පස් පියුමෙන් පිරි පොකුණක් එවන්නේ යයි කී පැනය ය, විසිතුරු උයනක් එවන්නේ යයි කියා එවූ පැනය ය, වැලි කඹයක් එවන්නේ යයි කියා එවූ පැනය ය, යන මේ සතළොස් පැන ය සත් හැවිරිදි අවස්ථාවෙහි බුදුකෙනෙකුන් ‍ෙස් කියා මුළු දඹදිව ප්රිසිද්ධ ව ගද්රෙභ නම් පැන ය රජු දුටු දා කියා එ තැන් පටන් සිටුපුත්රඅ භාවය හැර රාජපුත්රය ව රජු‍ෙග් ගෙයි වැඩී තල්ගස තුබූ මිණිරුවන නුවණින් පෑ ලූ දා සතුටු වූ ඒ වෙදෙහ රජහු විසින් දෙනලද දහස්ක මුතුවැල් හා ලක්ෂයක් වටනා මුතුහරකින් මේ උම්මග්ග ජාතනයෙහි පළමු වන පූජාව ලත්සේක.

තව ද: කණ්ටක නම් පැන‍ ය කී දා එ නුවරට නිමන සතර සුංගමෙහි අයින් දෙවන පූජාන ලත්සේක.

තව ද: සිරිකාළකණ්ණි නම් ප්ර‍ශ්න ව්යාාකරණය කළ දා ලක්ෂ යක් ධනයෙන් තුන්වන පූජාව ලත්සේක.

මිත්රඡකම් කළ එළුවා සහ බල්ලා‍ෙග් ප්ර ශ්නයෙන් ජය ගත් දා අසුන් යෙදූ රථ දහසක් හා ලක්ෂයක් නිමවන ගම්වරකින් සතර වන පූජාව ලත්සේක.

බුදුකෙනෙ‍කුන් සේ සිරිමන්ද නම් ප්රනශ්නය කියා සේනකයා දිනූ දා හස්ත්යසලංකාරයෙන් හෙබි හස්තිරාජයකු හා ගවයන් දහසක් හා අසුන් යෙදූ රථ දහසක් හා සමෘද්ධි වූ ගම්වර සොළොසකින් හා පස්වන පූජාව ලත්සේක.

ඡත්තපථ නම් පැනයෙන් අමරංගනා නම්වූ උත්තමාංගනාවක ලදින් ඛජ්ජොපණක නම් පැනය කියා භූරි නම් පැනයෙන් ධර්මදෙශනා කළ දා රජහුගේ දළපුඩු සේසත අරක් ගත් දේවතා දුව විසින් සතුටුව පුදන ලද දිව රන්කරඬු සත‍රෙකින් දිව මල් සුවඳ සතර කරඬුවක් හා සතර වාරයෙක පාසමූලයෙහි පුදවා ඈ ලවා සාධු කාර දෙවා මෙම ජාතකයෙහි ම සවන පූජාව ලත්සේක.

තව ද: එම දාම ප්රකසන්න වූ ඒ රජුන් විසින් දෙනලද සෙනාධිපති දූරයෙන් සත්වන පූජාව ලත්සේක.

තව ද: පඤ්චපණ්ඩිත ප්රලශ්නයෙහි දී සේනකාදී පණ්ඩිතවරුන් ජයගෙන එ තැන් පටන් රජුහට අනුශාසනා කොට එක මන්ත්රිගධුර යේන වාසය කරන කල බරණැස උත්තරපඤ්චාල නම් නුවර චූලනී බ්ර හ්මදත්ත රජු හා කේවට්ට නම් පුරොහිත බ්රා‍හ්මණයා චතුෂ්කර්ණ නම් මන්ත්රීණයක් කොට එක්සියයක් රාජධානීන් සාධා, එක්සියයක් රජුන් ගෙන, එක්සියයක් සිටුන් ගෙන, එක් සියයක් අගබමුණන් ගෙන එක්ලක්ෂ දෙසැට දහසක් මතැතුන් හා එක්කෙළ දෙසැට ලක්ෂයක් රථ හා එක්සිය දෙසැට කෙළක් අස් සෙනඟ හා සොළොස් දහස් දෙසිය කෙළක් බළ සෙනඟ හා එකුන් සතලිස් දහසක් මහ‍ථා යොධයන් හා අ‍ට‍ළොස් අක්ෂෞ හිණී පමණ මහසෙනඟ ගෙන, තමන් හුන් සත් යොදුන් මියුලු නුවර තුන් වළල්ලකින් වටලා ගත් කල මාගේ ශ්රී් මහා බොධිසත්ත්වයාණෝ ඇත්මුලක් මැදට වන් සිංහපොව්වකු සේ තමන් ඇඟ ලෝමයෙකත් භයක් නැති ව සතුන් දැක මරණ භයින් වෙවුලන වෙදෙ‍හ රජු කරා ගොස් සිට:

පාදෙ දෙව පසාරෙහි- භුඤ්ජ කාමෙ රමස්සු ව,

භිත්වා චඤ්චාලියං සෙනං- බ්රාහ්මදත්තො පලායති-යි

යන මේ අභීත වූ ගාථා නාදයෙන් ඒ රජහු අස්වසාලා තමන්ගේ දහසක් පමණ යෝධයන් හැරගෙන වික්රාම කරන සේක් සාරමසක් මුළුල්ලෙහි නුවර සිසාරා හිඳගෙන බ්රතහ්මදත්ත නම් රජු හා කෙවටට නම් පුරොහාතයා හා කරනලද මාරයාගේ යුද්ධය සේ අප්ර මාණ වූ යුද්ධයෙහි තමන්ගේ නුවණ බලයෙන් ජයගෙන එක් දවසෙක ධර්මයුද්ධයෙන් ජයගනිමි යි තමන් කරා අවුත් සිටි කෙවට්ට නම් බ්රාධහ්මණයා මැණික් මායමකින් වඤ්චා කොට තමන් පාදමූලයට‍ හිස නම්වා “ ඕ හෝ නො වඳුව! අචාය්ය් ර්යෙනනි” යි සෙනඟට ඇසෙන සේ කිය කියා වැඳුම් වළකන ආකාරයෙන් රත් වදමලක් ගල්තළෙක උළන්නා සේ ඔහු නළල බිම උළා ලේ මුහුණු කොට එ දවස් ඒ ධර්මයුද්ධයෙහි ජය ගෙන ඒ සා මහත් සෙනඟක් මිනියක් නො මරා, සතකු ඇඟින් ලේ බින්දුවකුත් නො සොල්වා කැටක් ගසා ලුහුබඳවන කපුටු සෙනඟක් සේ තමන්ගේ නුවණ නමැති කැට ගසා හැම ලුහුබඳවා ජය ගෙන එක්සියයක් රාජධානියෙහි රජසෙන් හැරපියා ගිය අප්ර මාණ වූ මහත් ධන රාශීන් ලදින් එ දවස් ද මේ අට වන පූජාව ලත්සේක.

තව ද: විවාහ මන්ත්ර ණයෙන් ජය ගනුම්හ යි කෙවට්ටයා කළ චතුෂ්කර්ණ නම් මන්ත්රයණය, ෂට්කර්ණ මන්ත්රමණය කොට අසා‍ ඒ මන්ත්රෂණයත් ජයගනිමි යි අටලොස් වර්ගයෙක කුලපිරිස් ගෙන මඟුලට පළමු බ්රොහ්මදත්ත රජුකරා යෙමි යි මියුලු නුවරින් ගොස් සොපාන කර්මාන්තයෙන් ගිය දා ම රජු වඤ්චා කොට එම දාම මන්ත්ර්ණබෙලෙන් නවකෙළක් ධන උපදවා උපකාරී නම නුවරක් කරවා තුන්සියයක් යොධයන් ලවා රජදුව ගෙනෙන සුළු උමඟ ගවුවක් තැන් බිඳුවා සත්සියයක් යොධයන් ලවා තම රජහු ගලවන මහ උමඟ දෙගවුවක් තැන් බිඳුවා, විසිතුරු වූ සිතියවම් කරවා, අටළොස් රියන් මහදොර අසූවක් හා සුළුදොර සූසැටක් හා එක්සියයක් ශ්රී යහන් ගබඩා හමා ඉර සඳ සදෙවුලෝ ආදි වූ අප්රසමාණ කර්මාන්ත කිසිවක්හටත් නොකියා නිමවා වෙ‍දෙහ රජු ගෙන්වා, එ දා මඟුල් පාසාරයෙන් අටළොස් අක්ෂෞහිණි සෙනඟ ගෙන එක්සියයක් රජුන් සමඟ චූළනී බ්රෙහ්මදත්ත රජහු උපකාරී නුවර පිරිවරා අවුත් සිටගෙන

“තෙල වේදේහයා ලා ගොවියා පිත් මහෞෂධයා ගනු ව, මරව, නො යා දෙව” යි යනාදීන් කර්කශ වූ බස් කිය කියා සිටගත් වේලෙහි ද මාගේ බොධිසත්ත්වයෝ තුන්සියයක් යොධයන් සුළු උමඟින් යවා පඤ්චාලචණ්ඩි නම් රජදුව හා අග මෙහෙසින් වූ නන්දා දේවීන් හා පඤ්චාලචණ්ඩි නම් රජකුමරුවා හා තලතා දේවීන් ඇතුළු වූ සතර දෙනා සොරා ගෙන්වා ගෙන තමන්ගේ වෙදෙහ රජහට පඤ්චාලචණඩීන් ඒ නකත ම පාවා දී රාහුමුඛයට හසු වූ සඳදෙවු පුතු ගැලවූවු සේ, බ්ර හ්මදත්ත රජුට හසු ව ගියා වූ වෙදෙහරජු හ‍ා සමඟ ඇමුතියන් එම දා මහ උමඟින් මියුලු නුවර යවා පාන් වූ කල බ්රුහ්මදත්ත රජු පිය කථාවෙන් සන්හිඳුවා උමං පානා මායමින් එක්සියයක් රජුන් හා සමඟින් උමඟින් හසුකොට එදා තමන්ගේ නුවණ බලපරාක්රනම දක්වා, ඒ බ්රලහ්මදත්ත රජු ද ප්ර්සන්න කරවා, ලක්ෂ වටනා ගම්වර අසූවක් හා කෙල්ලන් සාරසියයක් ඇතුළු වූ අප්රාමාණ ධනයෙන් නව වන පූජාව ලත්සේක.

පසු ව වෙදෙහ රජු ස්වර්ගස්ථ වූ කල එම බ්ර හ්මදත්ත රජු කරා ගොස් දියරකුසු නම් පැනයෙහි දී ප්ර සන්න වූ රජහු විසින් දෙනලද දඹදිවට අග්රී වූ සෙනෙවිරත්දූරයෙන් දසවන පූජාව ලත්සේක.

තව ද: බුදු වන්ට තුන් වන ජාතී වූ මහා වෙස්සන්තර ජාතකයෙහි ජයතුරා නම් නුවර සඳ මහා රජු‍ෙග් පුසතී නම් අග බිසොවවුන් කුස පිළිසිඳ දසමස් පුරා වෛශ්යනයන්ගේ වීථී අන්තර යෙහි දී පියුම් ගබින් බස්නා රන් බමරකු ‍ෙස් බිහි ව උපන් කෙණෙහි මඉඳුනිල්මිණි වන් ඇස් සුං දෙක දල්වා මෑණියන් මූණ බලා “ මෑණියනි! මා දන් දෙන වතක් දෙව” යි මියුරු බස් කියා රත ‘ තුල් සුං දිගුකොට මෑණියන් විසින් දෙනලද දහසින් බඳ පියලි ගෙන එ කෙණෙහි ම කිරිමවුන්ට දන් දී, එ තැන් පටන් වෙස්සන්තර නම් වූ මාගේ ශ්රීඳ මහා බෝධිසත්ත්වයෝ සැට දහසක් ඇමැති දරුවන් පිරිවරා පෙරඩමස සඳ සේ වැඩී නව වාරයෙක නව ලක්ෂයක් අගනා පලඳනා ගලවා, කිරිමවුන්ට ම දන් දී, අට හැවිරිදි කල පලක් බැඳ වඩහිඳ සරස වූ සිතින් :

හදයං දද්යෙංහ චක්ඛුම්පි- මංසම්පි රුධිරම්පි ච,

දදෙය්යං් කායං සාවයිත්වාන -යදි කොචි යාචකො මම- යි

‍ යනාදීන් “ යමකු ඉල්වූ යම් වස්තුවක් දන් දෙම් ම ය” යි සිතූ වේලෙහි මෙරගල හ‍ා හිමාලය පර්වත නමැති මුදුන් මල්කඩින්

සැරහී මහී නමැති කාන්තාව ගර්ජනා නමැති භෙරිනාද පවත්වා සතොසින් නටා කරණ ලද මේ වෙස්සන්තර ජාතකයෙහි මහී ගර්ජනා නම් වූ පළමු වන පූජාව ලත්සේක.

තව ද: සොළොස් හැවිරිදි වයස මද්රිම නම් අගබිසෝ රුවන හා සමඟ රාජ්යොශ්රීි ලදින් ජාලිය- ක්ර ෂ්ණජිනා නම් දරු දෙදෙනා ලැබ දශ රාජ ධර්මයෙන් රාජ්ය ය කො‍ට සදන්හල් කරවා දවස දවස සලක්ෂයක් ධනයෙන් දන් දී වසන කල කලිඟුරටින් ආ බමුණන් අටදෙනා ඇතු ඉල්ලූකල අනර්ඝ වස්තු සතරක් හා සූවිසිලක්ෂයක් රන් සැදුම් ලදින් රිදී පර්වතයක් සේ දිලියෙන පාණ්ඩව නම් හස්ති රාජයා ඒ බමුණන් අත පැන් එව දන් දී එ කෙ‍ණෙහි කරන ලද මහීගර්ජනා නම් වූ දෙවන පූජාව ලත් සේක.

තව ද: ඇතු දුන්හ යි කිපී නුවරුන් නුවරින් නෙරනා සමයෙහි තපසට වලට යෙමි යි සත්තසතක නම් වූ මහා දාන ය දී එ කෙණෙහි ද පූජාව ලත් සේක.

තව ද: මද්රිදදේවීන් හා දරුදෙදෙනා හා සමඟ එක මඟ නික්ම අටළොස් ගැලක් ධන මඟදී ම යාචකයන්ට දන් දී රථයානින් නුවරින් පිටත් ව නැවත රජගෙය දිසාව බලා:

ඉංඝ මද්දී නිසාමෙහි -රම්මරූපංච දිස්සති

පාසාදො සිවිසෙට්ඨස්ස-පෙත්තිකං භවං මම -යි

යන මේ ගය කියා මද්රිපදේවීන් හා කථා කරන වේලෙහි ස්වාමි දරුවකුගේ ආපදායෙක මුරගා අඬන මිඬියක ‍ෙස් වන පූජාව ලත් සේක.

තව ද: මෙසේ නුවරින් නික්ම පස්සෙහි දිවූ බමුණන් සතර දෙනාට මඟුලසුන් සතරදෙනා දන් දී පසු ව ආ බමුණ දැක මඟුල්රථය දන් දී දෙ දරුවන්ගේ දුක දැක ඇකයෙන් වඩාගෙන ඔවුනොවුන් හා සමඟ ප්රිුය කථා‍වෙන් සන්හිදී යන මද්රඟ දේවීන් හා වෙස්සන්තර නම් ඒ බෝසතාණෝ ජයතුරා නුවර පටන් විසි ගවුවක් ගොස් ස්වර්ණගිරිතල නම් පර්ව තයට නැඟී එතැන් පටන් විසි ගවුවක් ගොස් කොන්තිමාරා නම් ගංගාවෙන් එ තෙර ව, තව ද විසි ගවුවක් ගොස් ආරඤ්ජරගිරි නම් පර්වතයට පැමිණ, තව ද විිසි ගවුවක් ගොස් දුනුමිටි නම් බමුණූ ගමට වැද, එයින් සතලිස් ගවුවක් ගෙවා සෑ රට ගොස් මෙසේ දෙවියන්ගේ ආනුභාවයෙන් එක්සිය විසි ගවු මඟ ගෙවා එම දා සවස ලැග්මට මාතුල නම් නුවරට වැද, එහි රජුන් කළ රාජ්යවපූජාව නො යිවසා එ දා රාත්රි ය එහි යවා, දෙවන දා එ නුවර සැට දහසක් සෑ රජුන් පිරිවරා සැට ගවුවක් තැන් ගොස් වන දොරකඩ දැක වල් දුටු වනයට නැඟී ගිය දා රාත්රි්යෙහි ගන්ධමාදන නම් පර්වතකූටයෙහි ලැග හිරු උදයෙහි නික්ම උතුරු දිග බලා ගොස් විපුල නම් ගඟට බැස නහා පැන් එහි ඉසාන කොනින් ගොස් කෙතුමතී නම් ගඟට බැස නහා පැන් බී අඹුදරු වන්ගේ ගමන් විඩා නිවා වල්වැද්දකු දුන් මී හා මුවමස් මේ නිමවා ඕහට මුහුළ දුන් රන් ඉද්ද ප්රීසාදයට දී එයින්ගොස් ස්වානු පර්වතය මුදුනෙහි පිහිටි නුගගස ඵල හා මධුර වූ රස ඇති නුග පරඬලා අනුභව කොට තුරුමුල සැතපී , එයින් ගොස් නාලික නම් පර්වතයට වැද, තව ද උත්තරාපථයෙන් ම ගොස් මිදෙල්ල නම් විලක් දැක එයින් ගොස් පියවර සටහන් මඟින් ගොස් පොකුණට වැඩ එ තෙනට ඉසාන කන එක් පියවර සටහන් දැක “ ශක්ර යා මා ආ බවු දත් වනැ” යි සන්තොෂ උපදවා විශෙෂ වූ තවුස්වෙස් ගෙන අඹුදරුවන් තවුස් වෙස් ගන්වා වන මුල් වන ඵලාහාරයෙන් ජීවත් සපුත්තදාරක නම් වූ පළමු වන තපසින් ඒ වංකගිරි පර්වතයෙහි සත්මසක් වාසය කොට මෛත්රිඒ බෙලෙන් ඒවෙනෙහි සියලු සතුන්ද ඔවුනොවුන් කෙරෙහි මෛත්රිල කරවා දවස් යවන සේක.

එ කල කලිගු රට දුනුමිටි නම් බමුණුගම පූජක නම් බමුණෙක් අමිත්තාපනා නම් බැමිණියගේ නියොගයෙන් දරු දන් ඉල්වා යනුයේ වනදොරකඩ, රකවල සෑ රජුන් විසින් සිටුවන ලද වැදිපුත්රඩයාගේ බල්ලන් දැක ගසකට නැඟී වැද්දවූ අවුත් භය ගන්වා “දැන් දන් තා විද හෙළමි. කොයි යෙයි ද බමුණැ” යි කී කල “ වෙස්සන්තර රජ්ජුරුවන් කරා සඳමහ රජ්ජුවන් ගෙන් දූත මෙහෙවර යෙමි” යි බොරු කියා ගැළවී ඒ වැද්දා කී සලකුණෙන් ගොස් සුළුවනය ගෙවා අච්චුත නම් තාපසයන්ගේ පන්සැලට වැද “වෙස්සන්තරයන්ට බාල කල ශිල්ප දිනිමි, උන් බලන්නට යෙමි” යි බොරු කීමෙන් අච්චුත තාපසයන් පහදවා ගෙන එදා රෑ ඒ පන්සල ලැග දෙවන දි උදෑසන “හිමි! මට මඟ කියව”යි කී කල තාපසයෝ දකුණත ඔසවා කියන්නාහු “ බමුණ! තෙල පෙනෙන්නේ ගඳමහන් පවුව ය; තා එගල් පාවිටින් ගිය කල දෑව ය, අසූ ය, බුබුළු ය, මුරුත ය, කිහිරි ය, සල කොහොඹ ය, වල් දමුණු ය, මාලුවා , ලිය ය, අඹ ය, ගිවුළු ය, කොස ය, දඹ ය, බුළු ය, අරළු ය, ඇඹුලු ය, ඇසතු ය, රන්වන් තිඹිරි ය, නුග ය, හෙලකිඳි ඇසතු ය, මිගස ය, දිඹූල ය, වල්පලු ය, කිරිපලු ය, හෙල ගෙඳ ය, මිදි ය, ඉඳිය, ගල ය, පොල ය, යනා‍දි මෙකී රුක්හු පලිස් ගෙන සිටිනාහ. එයින් මිහිරි වූ පකාපැකින් කකා ඒ වෙසතුරු රජහු ම තකා තා ගිය කල, .තව ද සුළු කෙලිඳ ය, මහ කෙලිඳ ය, උපුල් කොළ ය, තුවරලා ය, පළලු ය, කීණ දොඹ ය, මහ දොඹ ය, කොබලීල ය, එරහැන්ද ය,හෝම ගසය, කොහෙම් ගසය, කළු වැල ය, බඳුළු ය, අවරි ගස ය, ලකවැලි ය, සුළු කුඹුක ය, මහ කුඹුක ය, පියා ගස ය, සලල ය,බක්මී ය, කොහෙ‍ාඹ ය, දෙල්දැව ය යනා දි මෙ කී රුක්හු මල් පිපී බමරුන් විසින් ගැවසිගෙන සිටිනාහ.

එයින් සුවඳ මල් බිඳ බිඳ සිහිල් සෙවන සැතපි, සැතපී, මිහිරි දිය කඳුරු වලින් පැන් බි බී, බමුණ! තා ගිය කල සිවුරැස් පො‍කුණ දක්නෙහි ය. ඒ පොකුණෙහි ද වාණසේ සුදු වූ කැලබ‍ැඳ ඇවිදුනා මස්කැලන් විසින් ගැවසී ගත්තේ ය. මහවිල කටු ය; කුදුහැල, හූරහැල, බිම් වගළහැල යන තුන් ජාතියෙහි හැල් ය. උපුල, හෙළපියුම, හෙළඹුල, හෙල්මැලි ය, පිල ය, දියකූර ය යනාදි දිය කෙලවර නානා රුක්හු මල් පිපී බමරුන් විසින් ගැවසි ගෙන සිටිනාහ. ඔහු කිනම්හ යත්:- කොලොම්, පළුලු, කො‍බලීල, අඟුණු, වැල් කිණිහිරි, කලුසු ,ඇසතු, කරඳ, එරබදු, නා, ඇට්ටර මහරි, හෙළ කොබලීල, පියුම්ගස්, මහ නමුඩ, සිහින් නමුඩ, රත් නික, හෙළනික, මහනික, සුළුනික, පියා‍ගස, පඟුරු මුහුලු, සල්මල්, මුරුඟා, දුනුකේ, වැටකේ, කරාකේ, කිණිහිරි, කනේරු, කුඹුක්, පතුක්, කසකෑල, ඇත්දෙමට, රුක්අත්තන, කදුරු, ඩහූඹු, දුනුවලා, තිටඟ, හිරමසු, වරණ, අසු සිවල්, හීන්සලු, හෙළවසු, මැසි කලු වරණ යනා දි මෙකී රුක්හු මල් පිපී බමරුන් විසින් ගැවසී ගෙන පිදූ මලසුන් මෙන් පෙනෙති. තව ද: බමුණ! ඒ විලට නුදුරු තෙන දියෙහි ගො‍ෙඩහි පිපෙන්නාවූ කිසියම් මල් ජාතියකින් ගැවසී ඉ ගත් මිදෙල්ල නම් විලෙකුදු ඇත. එ විල්හා දිය කෙළ වර ද බොහෝ ව හටගත්තා වූ දමුණු ය, සිහින්මුග ය, සිහින්මුග ය, සිහින් මෑ ය, කටු සෙවෙල ය,ගෝසී සඳුන ය, හිඟුරු යෙ, රත්කරවු ය, සුළු අන්ගෙන්ද ය, මහ අන්ගෙන්ද ය, හුරු කළන්ද ය, තල් කළන්ද ය, දුනුකේ ය, වැටකේ ය, ගිරිකොළවල ය, ඉන්දීවර ය, නිල්මල දිය මෙරලිය ය, මුඩුමුරු කැප්පෙට්ටි ය, කවේරු ය, කළුතලා ය, හෝතලා ය, සුවඳ තලා ය, තුන් ජාතියෙහි කැකිරි ය, සෑළූනු ය, තල් උස ඉඳි ය, මිටි තෙන සිට මිටපුරා තා බිඳ කෑ හැකි එරහැන්ද ය, ගැවසී සම ව සිටි සිරි වැඩි ය, කෑලිය ය, මීගෙන්ද ය, හෝපලු ය, නිවිති ය, ලබු ය, කොමඩු ය, හිඟිණි ‍ය, දෙ කටු කරඬු ය, තිත්මල නාලිය ය, බුලත් වැල ය, හිරමසු ය, කිරිවැල ය, වා‍ගස ය, වෑකොඳ ය, සීනිද්ද ය, බෝලිද්ද ය, දෑසමන් ය, ගස් සමන් ය, රත්සඳුන ය, විල්පලා ය, යනාදි මෙකි රුක්හු ද මල් පිපී බමරුන් ගැවසී ගෙන සිටිනාඑ.

තව ද: බමුණු! එදෙවිල් තෙර ඉසාන කන එක් පියවර සටහන් මඟින් තා ගිය කල මල් සුවඳ ය, රොන් සුවඳ ය, ඵල සුවඳ ය, කොළ සුවඳ ය, කඳ සුවඳ ය, මද සුවඳ ය, ගැට සුවඳ ය, මැලි සුවඳ ය, පොතු සුවඳ ය, මුල් සුවඳ ය යි යන දශවිධ වු සුවඳින් ගැවසී ගත් නිමැසි මී, වැල්මී, තලිස් පතුරු, පුවඟු, කළු නිරිය, වංමුතුය, ඕපලුය, ලොත්සුඹුළුය, සුවඳගඳ ඇති රන්වන් සඳුන, තුවරලා, ටුංගහොල්, කටුපියුම්ගස්, නාරිගෙන්ද, උපුල් කළුවැල්, දැහැලිය ගඳ, රැහැණිය ගඳ, ‍ෙදකසා, රත්සිරියෙල් ,හිරිවේරිය, ගුගුල්, ලමඟ,සොරමඬුලු, කපුරු ,කිරිපලු යනාදි මෙකි සුවඳ රුක්හු බෙහව.

තව ද: බමුණුු! ඒ වෙ‍නෙහි සිවුපා සතුන් හා ලිහිණියෝ බෙහෙව, ඔහු කිනම්හයත්: සිංහයෝය, ව්යාෙඝ්රියෝය, වෙළඹුමුව පක්ෂිය, ඇත්තුය, එළුමුවෝය, පසදමුවෝය, රොහිතමුවෝය, සරබ මුවෝය, විසිතුරු මුවෝය, කෙහෙල් මුවෝය, දිවන මුවෝය, පනන මුවෝය, කැනහි මුවෝ‍ය, කොක්නහමුවෝය, ගිජුඈයෝය, පියාබළල්ලුය, රුක්නහමුවෝය, සෙමරුය, මහදළ ගිරාතුඩුවෝය, වඳුරෝය, මහාකාල වඳුරෝය, ගෝණෝ ය, අඟබෙරලියයෝය, වලස්සු ය, දඩගෝණු ය, කගසවෙසණුවෝ ය, හූරෝය, මුගටියෝය, ලෙහෙනෝය, කළ වැද්දෝය, වල්මීවුය, බල්ලෝය, සුළු හුන පුපුළුවෝය, මහ හුන පුපුළුවෝය,ගොයිය, මහ ගජකුඹුවෝය, කකරංග යන ලිහිණියෝ ය, දිවියෝ ය, සහවු ය, සුළු සිඹිල්ලෝය, මහ සිඹිල්ලෝය, බාසුරු සිංහයෝ ය, අටපාකෙවිල්ලෝ ය, රන්වන් මොනරු ය, හෙළපා අස්සු ය, සුවර ලිහිණියෝ ය, වලිකුකුළෝ ය, කණකොක්කු ය, හෙළ කොක්කු ය, බකුස්සෝ ය, කිරළු ය, කොස්වාලිහිණියෝ ය, දියකාවෝ ය, දියවවුලෝ ය, රත්කොරළුවෝ ය, ජීවං ජීවකයෝ ය, අඟහැළි ලිහහිණියෝ ය, පුරවි කෙවිල්ලෝ ය, ගුරුළු ය, බක මුහු‍ණෝ ය, ඇටි කුකුළෝ ය, කළු කෙවිල්ලෝය, කුකුළු උකුස්සෝය, ‍ගෝ ලිහිණියෝය, මහ වෙල්ලුය, කෙවිල්ලෝය, කළු උකුස්සෝය, කබරැස් සෝය, පියොවි හංසයෝ ය, ජවන හංසයෝය,දාතුඩුවෝය, පරවියෝය, හැල්බොයියෝය, සක්වා ලිහිණියෝ යයි යනාදි මෙකී සතුන් සතුටු ව බල බල‍ා, බමුණූ තා ගිය කල්හි සක්දෙවුරජහු විසින් මවා දෙන ලද දෙවුලොවින් බට භාගයක් සේ රම්ය වූ වෙස්සන්තර රජ්ජුරුවන් වසන ලද ඒ අසපුයෙහි ශ්රීය දක්නෙහිය” යි මෙසේ අච්චුත තාපසයන් කියන ලද්දා වූ මාර්ගසංඥවෙන් මඟ නො වරදවා ගොස් මද්රි දේවීන් වනමුල් වනඵලාඵල සොයා වල‍ට ගිය මඟ බලා වැඩහුන් බෝසතුන් දැක පෙරට සිට:

යථාවාරී වහො පූරො- සබ්බකාලං න ඛීයති,

එවං තං යා‍චිකාගඤ්ඡං- පුත්තෙ මෙ දෙහි යාචිතො- යි


යනාදීන් ස්තුති කොට ඒ පූජක නම් බමුණා දරුවන් ඉල්ලූ වේලෙහි මසුරු සිතක් නො සිතා ප්රිරය දරුවන් දෙදෙනා ලඟට කැඳවා ජාලිය කුමාරයන් දකුණත හා ක්රිුෂ්ණජිනාවන් වමත හා අතින් අල්ව‍ා ගෙන, කමඬලායෙන් බමුණා අත පැන් වත්කොට ප්රිවය වූ බුදුබව පතා දිළිඳු වූ ඒ බමුණාට දරුවන් දන් දුන් වේලෙහි ඒ ආශ්චය්ය්දර්‍ ය දැක ඩ දෙලක්ෂ සතලිස් දහසක් යොදුන් ඝනකඩ බොල් මහා පොළොව ගුගුරුවා මහී කාන්තාව කළ මහි ගර්ජනා නම් වූ පූජාව හා මහමෙර හා සත්කුලපවුවන් නළුවන් සේ නට නටා කළා වූ නෘත්යත පූජා හා සදෙවුලෝ දෙවියන් කළා වූ සාධුකාර පූජා හා මෙසේ පස් වන වාරයෙහි අනන්ත වූ පූජා ලත් සේක.

තව ද ඒ බමුණා දරුවන් දන් ගෙන ගිය දෙවන දා‍ උදෑසන ශක්රුයා‍ බමුණු වෙසක් මවාගෙන අවුත් සිට” භවත! නිවහල්ලෙමි; හැල් කා විඩාව ගියෙමි. තෙපි බුදුසිරි කත පතා නම්, මේ මද්රි දේවීන් දැන් මට දන්දෙව” යි ඉය්යේ දරුදෙදෙනා දන් දුන්නෙම් වේද, අද මද්රින දේවි ය දිනිම් නම් මම එකලාව මේ වෙනෙහි අසරණයෙමි” යි නො සිතා දනෙහි පසුබැස්මක් නැති ව ඒ බමුණා සන්තොෂ යෙන් මූණ බලා මද්රිකදේවීන් අත අල්වා ඒ බමුණා අත තබාපු වේලෙහි මහීකතාන්තාව හා ශක්රා දි දෙවියන් විසින් කරනලද මහීගර්ජනා සවන වාරයෙහි පූජා ලත් සේක. ‍ තව ද බමුණා ගෙන ගිය දරුවන් දැක ගළාවා දොළොස් අක්ෂෞහිණි මහ සෙනග ගෙන මුනුබුරන් හා සමග වංකගිරි පර්වතයෙහි බෝසතුන්ගේ පන්සැලට පියරජහු ගියකල ඔවුනොවුන් දුටු සතුටින් සඳමහ රජ්ජුරුවෝ ය, පුසැ ‘ ති නම් බිසොවුය, මද්රි දේවී ය, වෙස්සන්තර රජ්ුජුරුවෝ ය, ජාලිය කුමාරයෝ ය, ක්රිසෂ්ණජිනාවෝ යයි යන මේ රජ සදෙන‍ලා ඔවුනොවුන් පිට මහත් වූ ශොකයෙන් හඬා හී මුසපත් වූ වේලෙහි මුළු පොළොව ගුගුරුවා මීකත කරන ලද සත්වනු වූ මහීගර්ජනා නම් වූ පූජාව ලත් සේක.

තව ද එම වේලෙහි සක්දෙවුරජහු විසින් කරනලද අටවනු වූ පුෂ්පකර වර්ෂා නම් වූ පූජාව ලත් සේක.

තව දපිය රජහුගේ ආරාධවනාවෙන් එම දා ඉසිවෙස් හැර රජවෙස් ගෙන සත් දවසක් වනකෙළි කෙළ මහ පෙරහරින් සිය නුවරට වැඩ රජගෙට වන්දා දෙවිය්න විසින් වස්වනලද වන වනු වූ සත්රුවන් වර්ෂාවකින් පූජා ලත්සේක.

මෙසේ මාගේ බුදුහු දහස්ගණන් ජාතිභෙදවල ඇවිද පාරමිතා බෙලෙන් නොඑක් පූජා ලදින් මේ එක ම වෙස්සන්තර ජාතියෙහි මහී ගර්ජනා නම් වූ පූජා සතෙක පුෂ්කර වර්ෂ නම් වූ පූජා වෙක, රුවන් වර්ෂා නම් වූ පූජාවෙකැ යි නව මහා පූජාවක් ලත් හෙයිනුත් මෙසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදුයේ මැයි:

පූජා විසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො

අත්ථානුරූපං “අරහං” ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං -යි


මේ පූජාවලි‍යෙහි අප බුදුන් සංසාර ගත ව ලද ද්වීතීය ජාතිභෙද පූජා කථා නම් වූ සවන පරිච්ඡෙද‍ය නිමි.