Jump to content

පූජාවලිය-දේවෝරෝණ පූජා කථා

Wikibooks වෙතින්

පූජාවලිය


පස් විසිවන පරිච්ජේදය


තව ද: අප බුදුන් සකස්පුර දොරදි ලද දෙවොරොහණ පූජා.......

[සංස්කරණය]

තව ද: අප බුදුන් සකස්පුර දොරදි ලද දෙවොරොහණ පූජා නම් කවර යත්? මෙසේ මාගේ ස්වාමිදරු වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත්නුවරදි යමාමහපෙළහර දක්වා එයින් නැඟි ශක්රතදෙවෙන්ද්රරයාගේ පාණ්ඩුපම්බලශෛලාසනයෙහිසත්වන වස, වසා දෙවියන්ට අභිධර්මණ දෙසනාකොට ඒ වස් අන්තයෙහි මහාපවාරණ දිනයට සත් දවසක්තුබූ කල්හි බුදුන්වඩනා තුරු සතිස් යොද‍නෙහි කදවුරු බැද සැවැත් නුවර හුන් මහපිරිස වප්මස පුරඅටවක් ලද පොහෝ දිනයෙහි මුගලන් මහතෙරුන් වහන්සේ කරා පැමිණ “ස්වාමිනි! අප බුදුන් නොදැක්මෙන් දැන් අප හැමදෙන‍ාට තෙයාසු දවසෙක් අතික්රාෙන්තවිය, අප බුදුන් කවර දවසෙක දකුමෝද. අප බුදුහු කවර මැනැවැ”යි කීහ. එ වේලෙහි මුගලන් මහ තෙරුන් වහන්සේ “එ බැවින් මම බුදුන් කරා තවුතිසා භවනයට නැගෙමි යි ම නැගෙන්නා බලා සිටුව”යි මහ පිරිසට කියාලා තමන් වහන්සේ සිටි තෙනින්ම දෙලක්ෂ කලිස් දහසක් යොදුන් ඝනකඩ බොල් මහ පොළොව කිමිද ගොස් මෙර පත්ලෙහි දසදහසක් යොදුන් ත්රිවකූටයක් ධරාසිටි මහසල පොලොවින් පැනනැගි ඉන්ද්රුනීල සාගරයෙහි දිලියෙන්නාවූ ප්රනවාලාංකුරයක් සේ දිලිහි දිලිහි වැඩසිට “මෙතැන් පටන් මා නැගෙන්නා සියලු සත්ත්වයෝ ම විශෙෂයෙන් දකිත්ව”යි අධිෂ්ඨාන කොටලා එක් ලක්ෂ අටසැට දහස් යොදුන් උස මහමෙර මහවිදුරු තොරපණ යෙකින් සිඳරුකොට විඳ නගන්නා සේ කිමිද කිමිද නැගෙන්නට පටන්ගත් සේක.

එවේලෙහි ජම්බුද්වීපවාසිහු සියලු සත්ත්වයන්ට ඉන්ද්රිනීලයක් රත්හුයකින් අවුණා‍ නඟන්නාසේ පෙනෙනසේක. අපරගොයාන ද්වීපවාසි සත්ත්වයන්ට ලොහිතංක මාණික්යලයක් රත් පළස් හුයකින් අවුණා නගන්නාසේ. උතුරුකුරු වීපවාසි සත්ත්වයන්ට රත් මැණිකක් රත්හුයකින් අවුණා නඟන්නා සේ පෙනෙන සේක. පූවර්වි දෙහ ද්වීපවාසි සත්ත්වයන්ට ස්ඵටික මානික්යැයක් රත් පළස් හුයකින් අවූනා නඟන්නා සේ පෙනෙන සේක. මෙසේ සතර මහාද්වීපවාසී සත්ත්වයන්ට සතරමඟ පෙළහරක් දක්ව දක්වා අහස්කුසින් නැ‍ඟෙන විදුලියයක් සේ, විශෙෂයෙන්ම සියලු සතුන්ට ම පෙනි පෙනි මහමෙර පළාගෙන නැගෙන සේක.

එ කල සත්ත්වයෝ “අප මහ තෙරුන්ගේ පෙළහරක් බලව, අප මහ තෙරහු අප බුදුන්ගේ අනුජාත වූ පුත්රරය, අනුබුද්ධ යහ, අනු ප්රාරතිහාය්යීු ඇති යහ, අප මහ තෙරහු පන්සියක් යොදුන් උස ඇති පළමු වන උරගාලින්දයට පැනනැංගාහ, දෙවන ගරුඬාලින්දයට පැනනැංගාහ, තුන් වන දානවාලින්දයට පැනනැංගහ, සතර වන යක්ෂාලින්දයට පැනනැංගාහ, යොදනක් නැංගහ, දෙ යොදනක් නැංගහ. සියක් යොදනක් නැංගහ, දහසක් නැංගය, යුගදුරු මුදුන ගෙවූහ, සවුමහරජය ගෙවූහ, මෙර මුදුනට ආසන්න වූහ” යනාදි වසයෙන් කිය කියා දොහොත් මුදුන් දිදි සාධුකාර දිදී දැල්වූඇසිපිය හෙළාලිය නොහී, දැල්වූ කට පියාලිය නො හී, නැගූ සුස්ම හෙළාලිය නො හී, මහත් වූ සන්තෝෂයෙන්, මහත් වූ විස්මයෙන් අසුරුසන්දෙමින්, සාධුකාර දෙමින්, දොහොත් මුදුන් දෙමින්, කොල! මේ කිමෙක්දැයි කියමින්, පෙළහරින් මත් ව සිටිනාහු ය.

එ වේලෙහි මුගලන් මහ තෙරුන් වහන්සේ මෙසේ වූ සතර මහ පෙළහරක් දක්වමින්, මුවලෝ විස්මයපත් කරවමින් , මහමෙර කිමිද, පාණ්ඩුකම්බලාසන ය කිමිද, බුදුන්ගේ ශ්රීරපාදයෙහි තමන් වහන්සේගේ සිරස ස්පර්ශ කෙරෙමින් මහා ජම්බුවෘක්ෂ මූලයෙන් පැනනැගි ස්වර්ණාංකුරයක් සේ දෙවිපිරිස් බබුළුවා බුදුන් සමීප යෙහි වැඩසිටි සේක. එ වේලෙහි ඒ දිවයසේනාව මහ තෙරුන් වහන්සේ බුදුන් පෙරට ඉන්ද්ර ජාලයක් සේ පෙනිගිය පෙලහරදැක “අප මහ තෙරහු, මේ සා දිවයසේනාවක් මද්යනයෙහි බුදුන් ළඟ කෙසේ ඇවිත් පෙනි ගියාහුදැ”යි තුන්ලෝ පුරා සාධුකාර දුන්හ.

එ වේලෙහි මහතෙරුන් වහන්සේ බුදුන් වැඳ නැවූ තරුවට අනු වූ අරුන්ධති තරුවක්සේ බුදුන්ට අනුව සිට “ස්වාමිනි! තුන් ලොවට ගුරු වූ බුදුරජාණෙනි! නුමවහන්සේගේ අසාධාරනවූ මහ පෙළහර හා මනොහර වූ දෙශනාවෙහි මත් වූ මුළු දඹදිව සත්ත්වයෝ හස්තිකාන්ති වීණාවෙහි හත් වූ හස්තිසේනාවවක් සේ මේ තුන්මස මුවල්ලෙහි ‘අප බුදුන් අප දකුම්හ, සෙට දකුම්හ”යි විඩා වූහ; බුද්ධ දර්ශනයෙහි සත්ත්වයෝ අතිලොභී වූහ. මිනිස් ලොවට වඩිනේ කවර දවස් ද, කෙසේ වූ ස්ථානයට වඩිනා ‍සේක්”යි විචාළ සේක.

එ වේලෙහි ස්වාමිදරුවෝ “මුගලන් මහාස්ථවිරය!...

[සංස්කරණය]

එ වේලෙහි ස්වාමිදරුවෝ “මුගලන් මහාස්ථවිරය! මෙයින් සත්දවස් ගිය කල වප්මස මැදි පොහෝ දවස් සකස්පුර දොරට බස්මි, තොපගේ බෑනෝ ශාරිපුත්රද ස්ථවිර‍යෝ ද එහිම වස් විසූහ, තෙපි මාගේ ආනුබාවයෙන් ඒ මහ පිරිස ගෙන ක් පුර දොර රැස්කරව”යි වදාළ සේක. එ වේලෙහි මුගලන් මහතෙරුන් වහන්සේ නැවත් බුදුන් වැද සමු ගෙන එම මෙර මුදුනෙන් කිමිද පෙර ‍ේම මෙර පත්ලට බැස සලපොලොව ද, කිමිද ගොස් මහ පිරිස මධ්යපයෙන් සරාහිරි මඬලක් සේ පැන නැඟි සේක.

එ වේලෙහි මහ තෙරුන් වහන්සේට සාධුකාර පූජා කොට “ස්වාමිනි! අප බුදුන් කවර දවස් දකුමෝ ද, කුමක් වදාළ සේක් දැ යි විචාළහ. එල මහතෙරුන් වහන්සේ “උපාසක ජනයෙනි! බුදුහු සත්වන දවස් සකස්පුර දොරට බස්නා සේක. බුදුන් දක්නා කැමැති කෙනෙක් එතෙනට රැස්වව’යි වදාලසේක. ස්වාමිනි! ඒ සකස් පුර දොර නම් මේ සැවැත් නුවරට කෙතෙක් තැන් දැ යි විචාළහ. අපාසක පනයෙනි! මේ නුවරට තිස් යොදනෙකැ යි වදාළ සේක. එ වේලෙහි මනුෂයයෝ “ස්වාමිනි! මෙ තැනට රැස්වූ බාලදරුවෝ බෙහෙව, ජරා දුර්වදලයෝ බෙහෙව, පයින් යා නොහෙන ශ්රීක වන්තයෝ බෙහෙව, ඔහු එ තෙක් තැන් කෙසේ පලා යෙද්දැයි විචාළහ. එවේලෙහි මහතෙරුන්වහන්සේ “කිසිකෙනෙකුන්ටත් කිසිපීඩාවකුත් නොවෙයි, දුරෙකැයි නො සිතා මාගේ බුදුන්ගේ හා මාගේ ආනුභාවයෙන් හැම දෙනම නික්මෙව”යි වදාල සේක. එ බස හා සමග ම මියර සුන් මහ වතුරක් සේ මහ පිරිස එකවිට ම සෙලවී නික්මුනහ.

එ කෙණෙහි බුදුන්ගේ ආනුබාවයෙන් හඑ පිරිස ආාහයෙන් යන සක්විති පිරිසක් සේ ඉක්බිති ගෙයක මගුල් බලන්නට යන්නාසේ , කිසි පීඩාවකුත් නැතිව පතුල් බොලැට ගැහැටුමකුත් නැති ව යන්නාහු, සමහරු මුකයෙහි තුබූ බුලතට සුණු වත තිස් යොදුන් මඟ ගෙවා ගොස් සකස්පුරදොරදී කෑහ. සමහරු ඉසකේ බැඳ බැඳ යන්නාහු ඔබවන් කලම බැඳ නිමවූහ. එක් කනෙක කර්නාබරන සැවැත් නුවරදී පැලද අනික් කන සකස්පුර දොර දී පැලැන්දහ. ඔවුනොවුන් පරයා නික්මුනාහු එක් අතෙක හස්තාභරණ පැලඳ අනික් අත හ්තාබරණ සකස්පුර දොරදී ලූහ. ඔවුනොවුන් පරයා නික්මෙන සන්සලයෙහි සුවහස් අගනා මුත්හර කරට දමා කර බදිනා පමුයෙහි යතුරු ගන්ව ගන්වා ගොස් වැදගිය උත්තමාංගනාවෝ කෙතෙක් දෙනෙක්ද. දත්මැද මුහුණ තෙල් ලා එක් ඇසෙක අදුන් ගා අනික් ඇස අදුන් ගානා දෑ තුරෙහි ගොස් වැද ගියා වූ යෞවන ස්ත්රී කෙ‍තෙක් දෙනෙද. රන් කැටපත් වමතින් ගෙන තමන් මුහුන වටට කැටපත් වට නපුරුයි විසුළු ගන්වන්නා සේ කැටපත් බල බලා සුවෙන් ගොස් වැද ගියා වූ දෙවගනන් බදු වරගනෝ කෙතෙක් දෙන ද.

අපි පසු වමෝ දෝ හෝ අපි පසු වමෝ දෝ හෝයි ඔවුනොවුන් පරයා නික්මුනු කල්හි එක් කනෙක සක් පත් තබා අනික් න සක්පත තන තනා ගොස් එ තැනට වැද ගියාවූ තැන සිටි යොවුන් සිටියෝ කෙතෙක් දෙනද. එක මලක් හිස ගන්වා අනික් මල මුකුලිත කොට හිසට දිගුකරන දෑතුරෙහි දිගුමග ගෙවා ගොස් වැඳ ගිය සල්ලාල ස්ත්‍රී පුරුසයෝ කෙතෙක් දෙනද කිරි බොන දරුවන් වඩාගෙන නික්ම ‘තොපට දුක, දරුවන් මා අතට වඩාපියව’යි පුරුසයන් දරුවන් කරා දෑත් දිගුකල කල්හි පියන් අතට දරුවන් වඩාලන දෑතුරෙහි ගොස් එ නුවර වැද ගියා වූ ජයම්පතිකාවරු කෙතෙක් දෙනද. දහසක් අගනා කසීසළු හැඳ දෙදහසක් අගනා කසීසළු කරට දම දමා හෙහෙන් ගොස් වැඳ ගියාවූ මත් බමුණෝ කෙතෙක් දෙනද. පේරැනි පැන පැන කිප පිම්මකින් සකස්පුර දොරට ගොස් ‘කොල! මේ කිමෙක් දැ’යි ඔවුනොවුන් මුහුණ බලා විස්මයපත්ව නැවත පේරැනිම පනින්නාවූ ලංඝිකයෝ කෙතේ දෙනද. නරු තන තනා පිළි හැඳ ඒ වල්ලක් හමා ගන්නා දෑ තුරෙහි හමා ම ගොස් එ නුවර ගියාවූ නවවෝ කෙතෙක් දෙනද. සක් සින්නම් තුඩ තබා එක් දෙයලක් පිඹ තුන්වන ධ්වනිය නො නඟන තෙක් ලොස් වැද ගියාවූ ධ්වනිකයෝ කෙතෙක් දෙනද. රන් කොතලා ,රන් ධ්වජ,රිදී ධ්වජ එක් අතකින් ඔසවා ගෙන අනික් අතට මාරු නොකොට එක අත නො එලෙන තෙක් නොයෙක් පූජා භාණ්ඩ ගෙන ළෙ කෙළ ගොස් වැදගියාවූ පින් සොඬවූ සත්ත්වයෝ කෙතෙක් දෙනද. සතිස් යොදනෙහි අතුරු නොදී හුන් ඒ සා මහ පිරිස ඒ සැවැත්නුවර සිට තිස් යොදුන් මඟ ගෙවා පැනක්බි නො පියන ඇසිල්ලෙහි බුලතක් යොදා නො ගන්නා ඇසිල්ලෙහි ිසි පිඩා ව් නැතිව ස්වප්නයෙන් ගිය ගමන් සේ ඒ සකස් පුර දොරට ගියා වූ ඒ ගමන් පෙළහර මාගේ ස්වාමිදරුවූ තිලෝගුරු බුදුරජානන්ගේ මහත්වූ බුද්ධානුබාවයෙන් ම වි ය. එ කල ඒ මහ කෙල එ තැන්හිදු කඳවුරු බැද උන්හ.

එ කල බුදුරජාණන් වහන්සේ වප්මස මැදි පොහෝ දිනයෙහි...

[සංස්කරණය]

එ කල බුදුරජාණන් වහන්සේ වප්මස මැදි පොහෝ දිනයෙහි පාණ්ඩුකම්බලාසනයෙහිදි ම වස් පවරා එ දවස් සක්දෙවු රජහු කැදවා “සක්දෙවුරජ! අප මිනිස්ලොවට ගියමනා කලැ”යි වදාළ සේක. එ වේලෙහි ශක්රමදෙවේන්ද්ර්යෝ “ගැත්තකුගේ ගෙයි ලැග ස්වාමිදරුවක්හු වන කල ගැත්තහු විසින් කිසියම් සත්කාරයක් කොට පසුගමන් කලමනාමය. එසේහෙයින් මමද මාගේ බුදුන්ට මාශක්ති පමණ පූජාවක්කොට පසුගමනක් කෙරෙමි. බුදුහු මාගේ පුරයට වඩනා දව් තුන් පියවරකින් බුද්ධානුබායෙන් වැඩිසේක.

දෙවනුව මාගේ පුරයෙහි සිට වඩනා ගමන දිවයානුභාවයෙන් වැඩිය මනා ම ය, බුදුහු දෙවුලොවට සත්ත්වයන් සිත්සේ නැගෙන සේ සද්ධර්ම නමැති සොපානයක් ඉපැද වූ සේක. එසේ වූ බුදුන්ට මමදෙවුලොව සිට මිනිස් ලොවට වඩිනා පරිද්දෙන් දිව්‍ය සොපාන යෙකින් පූජාවක්කෙරෙමි”යි සිතා මෙරමුදුනෙහි පටන් සක්පුර දොරද්වා බුදුන් බස්නාසේ සත්රුවන් හිනක්මවා . දකුනැ’ස ලයෙහි රන්හිනක් දෙවියන් පූජා බාණ්ඩ ගෙන බස්නා ‍ේ මවා වමැපයෙහි රිදීහිනක් බ්රාහ්මයන් සේසත් ගෙන බස්නා සේ මවාලිය.

ඒ තුන් හිනම සූවාසූදහසක් යොදුන් පමනට ත් වඩා බොහෝ වූ උස ඇත්තේ ය. හිනිඉස් මෙරමුදුනෙහි වී ය, හිනිපා මුල් සකස්පුර දොර වී ය. බුදුන්ට මැවූ සත්රුවන් හිනෙහි එක් පෙත්තෙක් රත්රන්මය ය, එක් පෙත්තෙක් රිදිම ය, එක් පෙත්තෙක් ප්ර වාලමය ය, එක් පෙත්තෙක් මසාරගල්ලමයය, එක් පෙත්තෙක් ඉන්ද්රයනිලමය ය, එක් පෙත්තෙක් සත් රුවන්මය යයි වෙන වෙන ම නිර්මිත වූ දිව්යෙර්මා න්තයෙන් හොබනේ ය. ඒ අසාදාරණවූ දිව්යරසොපාන තුනම ඉන්ද්ර්චාපසේ සත්ත්වයන්ට විහෙසයෙන් පෙනේ ම ය. එ කල මනුසයයෝ “කොල! මේ කුමන පෙළහරෙක් ද, පෙර මෙසේ වූ පෙළහරෙක් දුටුවෝ ඇසුවෝ කවුරු දැ”යි කිය කියා දොහොත් මුදුයෙහි තබා ගෙන තුන් ඉනෙහි කර්මා න්ත තමන් ඉණෙහි තුබූ දෙයක් ‍ේ සිත් සේ බල බලා සාධුකාර දි දී සිටිනාහු ය.

එ වේලෙහි ස්වාමිදරුවෝ පාන්ඩුකම්බලශෛලාසනයෙන් බැස බණ අසා සිටි දිව්යපසේනාවට පින් දී, එම දිවයසේනාව පිරිවරා මෙර මුදුනෙන් වැඩ, සත්රුවන්මය වූ දිව්යාසොපාන මස්තකයෙහි රුවන් ඇගෑයක් මුදුනෙහි වැටි අගෙක දල්වාලු දිවපහනක් සේ වැඩසිට, “සියලු ලොකධාතුයෙහි සත්ත්වයෝම මා දකිත්ව”යි අධිෂ්ඨාන කළ ‍ේක. එ වේලෙහි අවීචියෙහිපටන් භවාග්රකය දක්වා, භවාග්රමයෙහි පටන් අවිචි ය දක්වා,දස දහසක් ලොකධාතු එකාංගණවිය, දෙතිස්මහා පූර්වි නිමිත්ත නම් පූජාවෝ ද පහළවූහ. සියලුසත්ත්වයෝම ආකාශයෙහිසඳ දක්නවුන්සේ බුදුරජාණන්ගේ දෙතිස්මහා පුරුෂලක්ෂණ හා අසු අනුව්යාඤ්ජන ලක්ෂණයන් හා අල්ලෙක තුබූ ම්ස්සෙක අකුරු දක්නවුන් සේ සිත් සේ බලන්නට පටන්ගත්හ. දෙවියෝ මිනිසුන්ට පෙනෙති. මිනිස්සු දෙවියන්ට පෙනෙති, මහබඹු කුරුකුහුමුවන්ට පෙනෙති. කුරුකුහුඹුවෝ මහබඹුන්ට පෙනෙති, සුවහස් පහන් දැල්වූපහන් ගබඩාවක් උඩින් යටින් බැලුවානට සකසා ලෙනෙන්නා ‍ේ දසසහශ්රීග ලොකධාතුයෙහි සියලු සත්ත්වයෝ ඔවුනොවුන් සිත්සේ බලන්න්ට පටන් ගත්හ. එ වේලෙහි ස්වාමිදරුවෝ මධ්යකයෙහි මැවූ රුවන්හින රුවන් පෙත්තෙහි ශ්රීෙපාදයෙන් ශ්රීයපාදය තබ තබා ශ්රීනපාදයෙහි අටතුරාසියක් මගුල්ලකුනු සියලු සත්ත්වයන්ට දක්ව දක්වා බස්නට පටන් ගත් සේක.

එ කල සියලු සත්ත්වයෝ ම මිනිකැටපත් පෙනෙන්නා සේ දිලියෙන බුදුන්ගේ ශ්රී ප‍ාද දැක බුදුන් බස්නා ලීලා දැක ‘බුදුරජාණෝ රන්පෙතට බටසේක, රදී පෙත්තට බටසේක, සුරක්ත වූ ශ්රීටපාදය දෑවාණපෙත්තෙහි තබා වදාළ සේක. අනික් ශ්රීා පාදය ඉදුනිල්මිණි පෙත්තෙහි තබා වදාල සේක, ලොහිතඬ්ක පෙත්තට බටසේක, මසාරගල්ල පෙත්තට බටසේක, සත්රුවන් හිනිපෙත්තට බට සේක, බුදුන් දකුණුපත්ල ඔසවන්නා බලව,වම්පත්ල එසවන්නා බලව, බුදුන්ගේ ශ්රීනපාදයෙහි සක්ලකුනු බලව, සුවහස් දැවි පෙනෙන්නා බලව,ජිද්රයමුඛ පෙනෙන්නා බලව, ස්වස්තික පෙනෙන්නාය, සිරිවස පෙනෙන්නාය යනාදි වසයෙන් කිය කියා දෙවියන්ගේ රුවන් ගෙතිවල මහිම ත් අප බුදුන්ගේ ශ්රී පාදවල මහිමත් බල, අපට ම හොබනේ ය’යි කිය කියා මුව නො පොහොනා ‍සේ සාධුනාද කෙරෙමින් සිටිනාහු ය.

එ කල ශක්ර දෙවේන්ද්රදයා...

[සංස්කරණය]

එ කල ශක්ර දෙවේන්ද්රදයා පක්ෂපාත වූ හුදිසකු සේ ස්වාමිදරු වන්ගේ සුගත් සගළ හා පාත්රනය තමා ඉස්මුදුනෙහි තබාගෙන දෑතකින් ඒ පාත්ර සිවුරු ඔහාගෙන අනික් දෑතින් තමාගේ විජය තුරා නම් සක තුඩ තබා ගෙන පිඹ තුන්ලොවට ඇසෙන සේ මහත් වූ ශංඛනාදයෙන් බුදුන් පුද පුදා බුදුන්ට පළමුව ලා බස්නේ ය. දසදහස් ශතක්රටදෙවේන්ද්රවයෝ දදහසක් විජයතුරාසක් පිමිමින් දකුනැළයෙහි රන්හිත පෙති පෙත්තෙහි සිටගත්හ, දසදහසක් සුයම් රජහු ද, දසදහසක් මිනි චාමරගෙන දදහසක් මිණිපෙතිවල සිටගත්හ. දසදහසක් සන්තුෂිත රජහුද දසදහසක් මිනිතල්වැට ගෙන, දදහසක් රන්පෙත්තෙහි සිටගත්හ. දස දහසක් සුනිර්මිත රජහු ද එසේ ම පූජාභාණ්ඩ ගෙන දසදහසක් පෙත්තෙන් බසිති. දසදහසක් පරනිර්මිත රජහුද මහත් වූ උත්සවයෙන් බුදුන් පුදා පුදා බස්නට වන්හ. චාමබාගයෙහි රිදී හිනින් දසදහසක් සහමුපති මහාබ්රනහ්මරාජයෝ ද සදමඬුලු සේ සේසත් ගෙන බුදුන් පුද පුදා බස්නට වන්හ. අවශෙෂ වූ බ්රේහ්ම රාජයෝ ද පෙතිපෙත්තෙහි සිට ගත්හ. මෙසේ දකුණැළයෙහි රන්හින සකස්පුර දොර පටන් මෙර මුදුන දක්වා පෙතිපෙත්තෙහි අතුරු නො දී සිටගත්තා වූ දිවයසේනාව ඇගෑයෙ පහන් පෙලක් දිලියෙන්නා සේ එකාකාරයෙන් සිටගත්හ. වමැ’ළයෙහි රිදිහිනද, පෙතිපෙත්තෙහි ිටගත්තා වූ බ්රනහ්ම‍ේනාව සකස්පුර දොර පටන් මෙරමුදුන් ද්වා ම එසේ ම එකාාරයෙන් සිටියහ. ස්වාමිදරුවන් බස්නාවු රුවන් හිනෙහි පය ගානාවු එක ද දෙවියේ බඹෙක් නැත, සත්ත්වයන්ට එයි දු එක් පෙලහරෙක එ කල ස්වාමිදරුවෝ ඒ දිව්යනබ්ර්හ්ම සේනාව මධ්ය යෙන් මුවලොව සාධුකාර දෙවමින් මෙසේ බස්නා සේක.

එ කල රන්හිනින් බස්නට තමන්ට අවකාශ නැති හෙයින් දසදහසක් පඤ්චශිඛදිව්ය පුත්රැයෝ තුන්ගවු පමණ ඇති දසදහසක් බෙලුවපාන්ඩු නම් දිව්යපවීණාගෙන, සුවහස්ගණන් තනින් සරහා ගවු පමණ දසදහසක් වීනා පංක්තින් එකපැහැර බුදුගුණ ගායනා කෙරෙමින්, පනස් පනස් යොදනෙහි රඟමඬුලු බැඳ පෙළ පෙළදි බස්නට පටන් ගත්හ. දසදහසක් මාතලි නම් දිව්ය රථාචාරීහු. දසදහසක් දිව්යකඅහ්වයන් යෙදූ දසදහසක් වෛජයන්ත රථ ගෙන, නො එක් ධ්වජපතාකාදි පූජා පෙරහරින් අලංකෘත ‍ොට තමන් තමන්ගේ සුවහස්ගණන් දිවයසේනාව ගෙන, පෙළ පෙළ දි බස්වට බටන් ගත්හ. දසදහසක් ඵෙරාවණ නම් දිව්යදරාජයෝ තෙතිස් කුඹෙහි මවන ලද දළ හා දලෙහි මැවූ පොකුණු හා පොකුණෙහි මැවූ පියුම් හා පියුම්පෙතිවල නටන දෙවඟනන් හා සමඟ , තුන්ලක්ස තිස් දහසක් සොඬ නඟා තුන්ලක්ෂ තිස්දහස් සේසත් බුදුන්සිරසට කෙරෙමින් ආකාහයෙන් පෙළ පෙළ දී බස්නට පටන් ගත්හ. සෙසු නට නටා, දිව ගි කිය කියා. දිවවීනා ග ගා, දිවකුලල් පිම පිඹ. බුදුන් පුද පුදා, බස්නා දෙවගනන් හා දිවනළුවෝ මෙ තෙකැ යි පමණ නැත.

මෙසේ නොඑක් පූජා පෙරහරින් අහස්කුස මුවල්ලෙහි දෙවියන් මැවූ දිවමඬු, දිවතොරන, රුවන් ඇගෑ, පහන් ඇගෑ,ධ්වජ, පුන් ලස මෙ තෙකැයි පමණ නැත. බුදුන්ගේ දහස්ගණන් ජය කාහල කිය කියා, ජයකාලම් පිඹ පිඹ, බස්නා දෙවියෝමෙතෙැයි ගනන් නැත. දහවල් ආකාශයෙහි තරු පිපි ගිය මහ පොළොවෙහි සත්රුවන් ඉපිල ගිය, මහ මුහුද සිය දහස් යොදුන් දිග මත්ස්යවරාජයෝ ඉපිලපැනනැගි බුද්ධ ශ්රීද විද බලනට පටන් ගත්හ. සියලු සතුන් ඇස් නිවි ගිය, සිත් නිවි ගිය, කන් නිවි ගිය. එ වේලෙහි මාගේ ස්වාමිදරුවන්ගේ ඒ බුද්ධ ශ්රීස හා බුද්ධමහිම හා බුද්ධානුබාව හා බුද්ධ පූජා දැක: අවස්ථා නො දැන, පිරූ පාරමිතාවක් නැති ව,අවිෂය දෙයක් බව නො දැන, මම බුදු වෙම්වයි මමබුදු වෙම්වයි නො පැතුවාවූ එකද සත්ත්වකෙනෙක් නැත. සියලු සත්ත්වයෝ ම මම බුදුවෙම් ව යි කිය කියා වෙන වෙනම ප්රාසර්ථනා කළහ. එදවස් තබා මෙදවස් වී නමුත් ඒ මාගේ බුදුන්ගේ ඒ පෙලහරපූජාව හා එ දවස් ඔබගේ බුද්දානුභාව හා මා සිතට විහෙෂයෙන් දැන් දැනි ගියා සේ සියලු සත්ත්වයන්ට විශෙසයෙන් දැන් දැනී ගියා නම් දැනු දු බුදුබැව්හි ලොභ නො කරනුවෝ කවුරුද.එ බදු වූ පුරුෂබල පරාක්ර්මයෙන් කවර නම් සත්පුරුෂකෙනෙකුන්ට මිහිරි නො වේ ද, එසේ හෙයින් ස්වාමිදරුවන් එ දවස් ලද්දා වූ පූජා මහිම ය නු බුදු ව කවර නම් සත්ත්වකෙනෙක් සියක්දහසක් ලක්ෂයක් මුක මවාගෙනත් කියා නිමවාලන්ට පොහොසත් වෙද්ද. මෙසේ අපරිමෙය වූ බුද්ද ලිලායෙන් රුවන් හිනින් බැස පළමු වන ශ්රිමපාදය පිහිටුවා වැඩ සිටිනා අවිජහිත භූුමියට බැස, සරාහිරි මඬල් සේ දිලිහි දිලිහි වැඩසිටි සේක.

අනන්තාපය්යීින්ත වූ බුදුන් ම යමා මහ පෙලහර පෑම ද , එයින් ගොස් තවුතිසා භවනයෙහි වස් විසීම ද, එහි දී දෙවියන්ට විජම් දෙිම ද, දෙසූ බණ පළමු ‍ොට අග්රෙශ්රාරවක වූ මහතෙර කෙනෙකුන් දැරීම ද. වස් අන්තයෙහි එම පූජාවෙන් දෙවුලොවින් සස්පුර දොරට බැස මෙම භූමියෙහි වැඩසිටීම ද, එ කෙණෙහි මහපිරිසට පළමු‍ිකොට එ ම අග්රිශ්රා වක වූ මහතෙරුන් ගොස් බුදුන් වැද දොහොත් මුදුන් දී සිට බුදුන්ගේ ගුන කිය කියා සිජහ නාද කිරිම ද, එකාන්ත වූ ධර්මුයේ ම ය. සෙසු බුදුන් තබා දීපංකර නම් බුදුන් මෙසේ ම මහ පූජා වෙන් දෙවුලොවින් බැස අසූරියන් බුද්ධකායෙකින් මෙම භූමියෙහි දිලිහි දිලිහි වැඩසිටි දවස් මහපිරිසට පළමුකොට ගොස් සුමංගල නම් අග්රහශ්රාසවකවූ මහතෙරකෙනෙක් ඔබ ශ්රී පාද වැඳ සිටියහ.

කොණ්ඩඤ්ඤ නම් බුදුන් දෙවුලොවින් බැස...

[සංස්කරණය]

කොණ්ඩඤ්ඤ නම් බුදුන් දෙවුලොවින් බැස අට අසුරියන් බුද්ධ කායෙකින් වැඩ සිටිදවස් භද්ර් නම් මහතෙරහු පළමුව ඔබ ශ්රීාපාද වැද සිටියහ. මංගල නම් බුදුනුදු අට අසුරියන් බුදුබදින් වැඩසිටි දවස් සුදෙවු නම් මහතෙරහු ඔබ ශ්රීබපාද වැඳ සිටියහ. සුමන නම් බුදුන් එසේම රුවන් හිනින් බැස අනූරියන් බුදුබදින් රන් මෙරක් සේ වැඩසිටි දවස් සරණ නම් මහතෙරහු ඔබ සරන වැඳ සිටියහ. රෙවත නම් බුදුන් එසේ ම දෙවුපිරිස් පිරිවරා පැස අසූරියන් බුදුබදින්තුන්ලෝ තිලකයන් ‍ේ වැඩසිටි දවස් වරුණ නම් මහතෙරහු පළමු ව දිව ගොස් ඔබ ශ්රීවපාද වැඳ සිටියහ. ‍ොබිත නම් බුදුන් අටපනස්රියන් බුද්ධකායෙකින් එම භූමියට බැස සිටි දවස් අම නම් මහතෙරහු එ සමයෙහි වැඳ සිටියහ. අනොම දස්සී නම බුදුන් අටපනස් රියන් බුදුබඳින් කප් රුකක් සේ වැඩසිටි දවස් නිසඟ නම් මහතෙර කෙනෙක් පළමුව ගොස් වැද සිටියහ. පදුම නම් බුදුන් අට පනස් රියන් සුගතායෙකින් වැඩසිටි දවස් හාලා නම් මහතෙර කෙනෙක් ඔබගේ විශාල වූ ශ්රීවපාද වැඳ ිටියහ. නාරද නම් බුදුන් අටාසූරියන් බුදුබදෙකින් සරච්චන්ද්ර යා සේ වැඩසිටි දවස් භද්රනහාලානම් මහතෙර කෙනෙක් ඔබ ශ්රීපපාද වැඳ සිටියහ.

පියුමතුරා නම් බුදුන් අට පනස් රියන් උසින් තේජෝ කදක් සේ දිලිහි දිලිහී දෙවුලොවින් බැස වැඩසිටි දවස් දෙවල නම් මහතෙර කෙනෙක් ඔබගේ පතුල් වැඳ සිටියහ. සුමෙද නම් බුදුන් එසේම මහාපූජාවෙන් වැඩ තුන්ලොවට රසාඤ්ජනයක් සේ අට අූරියන් උසින් වැඩසිටි දවස් දෙරන සේ ගුණ ඇති ශරණ නම් මහතෙර කෙනෙක් පලමු ව අවුත් ඔබගේ පා වැඳ සිටියහ. සුජාත නම් බුදුන් පනස් රියන් උසින් හිරිවිමනක් සේ වැඩසිටි දවස් සුදස්සි නම් මහතෙර කෙනෙක් ඒ බුදුන් පා වැද සිටියහ. පිදස්සි නම් බුදුන් අසුරියන් බුදුබඳින් රන්දක් සේ වැඩසිටි දව් පාලිත නම් මහතෙර කෙනෙක් ඔබ පා වැඳ සිටියහ. අත්ථ දස්සි නම් බුදුන් එසේ ම රුවන් හිනින් බැස අසූරියන් උසින් තුන්ලෝ පහනක් සේ වැඩසිටිදා ශාන්ත නම් මහතෙර කෙනෙක් ඔබගේ ශ්රීපපාද වැඳ ලෝකශාන්තියක් ‍ේ වැඩසිටි‍ේක. ධම්ම දස්සි නම් බුදුන් අසූරියන් කයින් දිව්ය්ද්රැ මයක් සේ වැඳ ස්තුති සිංහ නාද කළහ. සිද්ධාර්ථ නම් බුදුන් සැටරියන් බුදුබඳින් බැස එම එම භූමියෙහි වැඩසිටි දවස් සම්බහුල නම් මහ තෙර කෙනෙක් ඔබ ශ්රීෙපාද වැද ප්රි යබාහුල්යතයෙන් සිටියහ.

තිස්ස නම් බුදුන් දෙවුලොවින් බැස සැටරියන් බුද්ධ කායෙකින් වැඩසිටි දවස් සන්තෝෂයෙන් මත්වූ බ්රුහ්ම දෙව නම් මහතෙර කෙනෙක් ඒ බුදුන් වැඳ සිටියහ. ඵුස්ස් නම් බුදුන් විජම් බණ වදාරා මෙම දෙවොරොහණ පූජා ලදින් අට පන් රියන් ශ්රීණ ඔරීරයකින් දිලිහි දිලිහි වැඩසිටි දවස් සුරක්ෂිත නම් මහ තෙර කෙනෙක් ඔබ ශ්රීීපාද වැඳ සිටියහ. විපස්සි නම් බුදුන් අසූරියන් බුද්ධකායෙන් අසූ අනුබ්යවඤ්ජනයෙන් දිලිහි දිලිහි වැඩසිටි දව් ඛන්ධ නම් මහතෙර කෙනෙක් පළමුව ව ඔබ ශ්රීවපාද වැඳ සිටියහ. සිඛී නම් බුදුන් තුන්ලෝ සඛී කෙරෙමින් රුවන් හිනින් බැස සැත්තෑරියන් බුද්ධකායෙකින් වැඩසිටි දව් අභිභූ නම් මහ තෙර කෙනෙක් සියලු පිරිස් අභිභවමින් අවුත් ඔබ ශ්රීහපාද වැඳ සිටියහ. වෙස්සභු නම් බුදුන් එසේම බැස සැට රියන් උසින් තුන්ලෝ ප්ර්දීපයක් සේ දිලියෙමින් වැඩිසිටි දවස් සොණ නම් මහතෙර කෙනෙක් ඒ ශ්රිදපාද වැඳ සිටියහ. කකුසඳ නම් බුදුන් සතලිස් රියන් බුද්ධකායෙන් දෙවි බඹ පිරිස් මැදින් බැස සිටි දවස් විධුර නම් මහ තෙර කෙනෙක් ඔබ ශ්රී්පාද වැඳ ස්තුති පූජා කොට සිටියහ. කොණාගමන නම් බුදුන් තිස් රියන් බුද්ධකායකින් ශ්රී මත් ව වැඩ සිටි වේලෙහි සභිය නම් මහ තෙර කෙනෙක් ඔබ ශ්රීනපාද වැඳ වැඳ පළමුව කථාකළහ. කාශ්යෙප නම් මහ තෙර කෙනෙක් මහපිරිසට පළමුව අවුත් බුදුන්ගේ ශ්රීපපාද වැඳ බුදුන් හා ප්රිමයකථා කළහ.

මෙසේ ප්‍ූර්වරයෙහි වූ අග්ර්ශ්රාිවකයන් කොටා ආවා වූ ිරිතක් ම හෙයින් , මාගේ බුදුරජාණන් වහන්සේ ද දෙවොරොහණ පූජා වෙන් දෙවුලොවින් බැස රුවන් හිනිපාමුල පූර්වෙ බුද්ධ භූමියෙහි අෂ්ටාදශ හස්ත වූ බුද්ධකායෙකින් ශ්රීරමත් ව වැඩසිටි වේලෙහි,ධම්සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ ද මහ පිරිසට පළමුව බුදුන් පෙරට ගොස් සිට බුදුන්ගේ ශ්රීිපාදමූලයෙහි හිස තබා වැඳ නැඟි සිට දොහොත් මුදුනෙහි තබා ගෙන:


නමෙ දිට්ඨො ඉතො පුබ්බෙ-න’ස්සතො කස්සවි,

එවං චග්ගුවදො සත්තා-තුසිතා ගණිමා’ ගතො-යි.


යනාදින් බුදුන්ට ස්තුති කොට “තුන්ලෝ මුදුන් වූ බුදුරජාණෙනි ! නුඹ වැනි වූ නිවන් මැහැණි කෙනෙකුන් ලදිමි, නුඹ සේ ගුරුකෙනෙකුන් ලදිමි, නුඹ සේ වූ කල්යා ණ මිත්ර කෙනෙකුන් පදිමි, නුම සේ වූ දිව්ය නෙත්රේයක් ලදිමි, නුඹසේ වූ තිලකාභරයක් ලදිමි, නුඹ‍සේ වූ මුදුන් මල්කඩක් ලදිමි. නුඹ සේ වූ චූඩාමාණික්යකයක් ලදිමි. නුඹ සේ වූ ලයක් ලදිමි, නුඹ සේ වූ ලයක් ලදිමි, නුඹ සේ වූ ර්ෂාස්ථානයක් ලදිමි, නුඹ සේ වූ චින්තා මාණික්යයයක් පදිමි, නුමසේ වූ භද්රලගටයක් ලදිමි, නුම සේ වූ කල්පද්රැකමයක්ලදිමි, නුඹසේ වූ නෙත්රොිත්සවයක් ලදිමි, මේ මේ කාරනයෙන් මා සේ වූ බාගයවන්තයෝ නැත. ස්වාමිනි! අද නුඹවහන්සේගේ මේ බුද්ධ ශ්රීත බලා බුදුවම්හ යි නො පැතූ එක ද දිව්යඹ -මනුෂ්යි කෙනෙක් නැත, මේ දසදහසක් සක්වල රැස්වුවන් අතුරෙන් සියලු දිව්යර ‍සේනාව හා සතිස් යොදනෙහි සිටි මහපිරිස නුමවහන්සේ කෙරෙහි අතිප්රබන්න වූ ය, බොහෝ දෙන ම බුදුබැවූ පැතු ය. ස්වාමිනි ! ඔහු හැමදෙන ම මතු බුදුවෙත්දැ”යි විචාළ ‍සේක.

එ වේලෙහි බුදුහු ශාරිපුත්රචය ! ....

[සංස්කරණය]

එ වේලෙහි බුදුහු ශාරිපුත්රචය ! බුදු වම්හ යි පැතූ සියල්ලවුන්ටම බුදුබැවූ සිද්දවන්නේ ම වේ දැ’යි වදාල සේක. එ ල සැරියුත් මහ තෙරුන් වහන්සේ “ස්වාමිනි! පාරමිතා නුපුරා පූර්වස හෙතුවක් නැතිව, මෙ පමණ සන්තෝසයෙකින් කළා වූ ප්රා‍ර්ථනාව ගෙන බුදුවන්නේ කෙසේ දැ”යි විචාල සේක. එහි විභාග මෙසේ දතයුතු: මේ ලෝකයෙහි කල මනා සියලු ප්රා‍ර්තනාවෙන් බුදු වෙම් ව යි ප්රාෙර්ථ නා කිරිම නම් වීය්යීෙ ඇත්තාහට ත්, නැත්තාහට ත් උතුම් වූ ප්රාාර්ථනනාවෙක් ම ය. බුදුවම්හ යි ප්රා.ර්ථතනා ‍ොට පින් රැස්ළ කල අදි වු වීය්යීර ඇත්තාහු ලොවුතුරා බුදුබවු ම සාදා ගනිති, මධ්යයම වූ වීය්යීො ඇත්තාහු ප්ර ත්යෙ කබොදි ය සාදා ගනිති.සාදාරණ වූ වීය්යිව හෙයින් ඇත්තාහු අසාධාරන වූ හ්රාිවක බොදි ය සාදා ගනිති, එසේ හෙයින් බුදුබව ප්රාිර්ථබනාළාහට මේ තුන්බොධියෙන් එක් බොදියෙක් සිද්ධ වේ ම ය. යම් සේ තුන් ‍ොට් ඇති මහත්වු ගංගාවකට බැස දියකපා පිහිනන්නා වූ පුරුෂයෙක් මත්තෙහි තොටින් නැගෙමි යි සිතා වීය්යීු කොට පිහිනන කල සුරු වූයේ වී නම් එම තොටින් නැගෙයි. එ තොට වරදවාපුයේ වි නම් තුන්වන තොටින් ගොඩනැගේමය. බුදුවන්ට ප්රාුර්ථුනා කලකල මත්තෙහි තොටින් නැ‍ඟෙමි යි පිහිනුවා වැන්න. ඕහට තුන් තොටින් එක් තොටින් නැඟිම එකාන්ත වන්නා සේ ම බුද්වන්ට පැතුවාහටද තුන් බොදියෙන් එක් බොධියෙන් එකාන්ත වේම ය මේ මේ කාර්ණයෙන් බුදුහු “ශාරිපුත්ර ය! මේ සියලු සත්ත්වයන්ටම අද උන් කලා වූ ප්රානර්ථ නාව තුන් බොථියෙන් එක් බොධියේ සිද්ධ කොට දෙන හෙයින් සාර්ථාක වූ ප්රාබර්ථකනාවෙක් ම ය. එ‍සේ හෙයින් බුද්ධාදි විරපුරුෂයෝ දිව්යළ-මනුෂයයන්ට ප්රිොයවන්නාහු ම ය”යි වදාරන සේක්:-


යෙ ක්දානපසුතා ධීරා-නෙක්ඛම්මුපසෙමෙ රතා,

දෙවාපි තෙසං පිහයන්ති- සම්බුද්ධානං සතීමතං-යි.


යන මේ ගාතාව වදාරා නැවත එම විටම සිතන සේ් “මාගේ ශානයෙහි මුගලන් මහතෙරහු සෘධිමතුන් කෙරෙහි අග්ර“ වූ තනතුරු පදහ, අවශෙෂ වූ ශ්රාහවයෝ ද වෙන වෙන ම තමන් තමන්ට සුදුසු වූ ස්ථානාන්තර ලදහ. මාගේ ශාසනයෙහි සැරියුත් මහා ස්ථවිරයන්ට වඩා ප්රූඥවන්ත කෙනෙක් අද මේ මුව තුන්ලෙවුහි ම නැත, බුද්දඥනයට අනු ව පවත්නා වූ ඥනගති ඇතියහ. ඔහුගේ ඥනයට ලක් තබත් වොත් පඤ්චමහා ගංගා වෙහි වැලි මඳ: මුහුදු දිය බිඳු මඳ, පොළොව පස්බිඳු මඳ. ඔහුගේ නුවණ බෙහෙව, බුද්ධඥනයෙන් මා විසින් දෙසුවා වූ අභිධමර්යණ එක ශ්රැගතියෙන් විශෙෂයෙන් ධරාගත, අද මේ මහ පිරිස මධ්යබ යෙහි මොහුගේ නුවණ බල පරාක්ර ම ද්වා මහපිරිස විස්ම ය පත් කරවා, මෝහට නුවණැතියන් කෙරෙහි අග්ර වූ ස්ථනාත්තර දැන් ම දෙමි”යි සිතා මොළොක් වූ උත්තාන පැනය් වදාල ‍සේක. එ පැනය පෘථග්ජනයෝ තුෂ්ණිම් භූත වූහ, එ පැන ය සෝවාන් මාර්ගජඵල ලදුවෝ කිහ: අනික් පැනයක් වදාළ සේක. එ පැනයට සෝවාන්හු තුෂ්ණීම්භුත වුහ. සෙදගැමි මඟ ලදුවෝ කීහ; අනික් පැනයක් වදාළ සේක.

එ පැනය සෙදගැමි මඟ ලදුවන්ට නො දැනෙයි, අනාගාමි කීහ; අනික් පැනයක් වදාළ සේක.එ පැනයට සෝවාන්හු තුෂ්ණිම්භූත වූහ. සෙදගැමි මඟ ලදුවෝ කීහ; අනික් පැනයක් වදාල සේක.එ පැනය අනාගාමින්ට නො දැනෙයි, ක්ෂනාශ්රභවයෝ කිහ; අනික් පැනයක් වදාළ සේක. එ පැනය නිකම් ක්ෂිනාශ්රමවයන්ට නො දැනෙයි, ත්රිකවිද්යානප්රාදප්ත වූ මධ්ය්ම ක්ෂීණාශ්රරවයෝ කිහ; අනික් පැනයක් වදාළ සේක. එ පැන ය මධ්යනම ක්ෂීණාශ්ර‍වයන්ට නො දැනෙයි, ෂට් අභිඥප්රා්ප්ත වූ ක්ෂිනාශ්රයවයෝ කිහ; අනික් පැනයක් වදාළ ‍ේක. එ පැනයෙහි අර්ථය සිපලු සතුන්ට ම නො දැනෙයි, දෑලයෙහි සිටි සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ඔවුනොවුන් පරයා කී සේක; අනික් පැනයක් වදාළ සේක. එ පැනයමුගලන් මහතෙරුන් වහන්සේට ත් නො දැනිණ. ධම්සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ සියුම් කරයකින් ඇඹුල දන්ඩක් නො පැකිළ පා හවවා සේ පැකිල්ලක් නැතිව ම කියාපු සේක.

එ ල බුදුහු බුඬඥනය අතිගම්භීර නියාව මෝහට ද, සියලු සතුන්ට ද, හගවා මොහුගේ දනය දන්නා නුවණ ප්රලසිද්ධ කෙරෙමි යි ිතා බුදුකෙනෙකුන් මුත් අනික් සත්ත්වයක්හට අවිෂ ය වූ අති ගම්භිර වූ ප්රමශ්නයක් වදා සේක. එ වේලෙහි සැරියුත් මහ තෙරුන් වහන්සේ බුදුන් වදාල පැන ය අතිගම්භිර හෙයින් විශෙෂයෙන් අර්ථ් නො දැක මුහුදු පීනා ගොඩ් නො දැක ඔබිනොබ දිවන්නාවූ ශුරපුරුෂයකු සේ සඬර්මාොසාගරයට වැද හළලා නො ඒ නය කල්පනා කොට තෙරක් දැක්ක නොහෙන සේක. එ වේලෙහි ස්වාමිදරුවෝ “භූතමි’දං සාරිපුත්ත”යි යන මේ අකුරු සතරින් කිසියම් නයක් දීලු සේ. ඒ ශ්රානවකපිරිසෙන් බුදුන් වදාළ නය කුමක් බව ත් දතුවෝ නැත; එ කල සැරියුත් මහ තෙරුන් වහන්සේ එ පමණ නයෙකින් බුදුන් වදාළ නය විශෙෂ යෙන් අර්ථ් දැක සිය දහස් ලක්ෂ කෝටියක් නය ගෙනහැර දක්ව දක්වා ප්ර ශ්නව්යා්කරණ ය කරන්ට පටන්ගත් සේක.

එ වේලෙහි ස්වාමිදරුවෝ මහතෙරුන් වහන්සේ ප්රටශ්න වයාකරණ රත් කරත් ප්රි යපුත්ර යකුගේ ශිල්ප බලන්නා වූ පෙම්බර පියාණකෙනෙකුන් සේ “සාදු සාධු ශාරිපුත්රශ ය! තෝ ඉතා නය දන්නා සූක්ෂම ඥන ඇතියෙහිය, බුදුන් අදහස් නො වරදවා කියන්නෙහිය, බුදුන්ට අනු වූ ඤනසම්පත් ඇතියෙහි ය” යනාදීන් මහ තෙරුන් වහන්සේට ස්තුති කොට වදාරා තෝ මාගේ ශාසතයෙහි ඥනවන්තයන් කෙරෙහි අගපැමිණියහිය යි නුවනැත්තවුන් කෙරෙහි අග්රණවූ ස්තානාන්තර නමැති මහා ප්‍රසාද දුන් සේක. එ ල සියලු දිවය -මනුසයයෝ මහ තෙරුන් වහන්සේගේ නුවණ බලවික්ර්ම දැක අතිප්ර සන්න වූවාහු ආතත විතතාදි පඤ්චාජගි තූය්යීර එක පැහැර අතෙව භවඅග දක්වා ඇසෙන සේ මහා පූජා කළහ.

මෙසේ වු ප්රනඥබලයක්..

[සංස්කරණය]

මෙසේ වු ප්රනඥබලයක් කෙසේවූ පින්බලයෙකින් ලද සේක් ද යත්? මේ සැරියුත් මහ තෙරුන් වහන්සේ ගිය ජාතියෙහි පුස්පත් ගෙඩිය් හා පන්හිඳ් පමණ බණක් ලියන්නට දන් දුන් සේක. එ පමණ වු කුශලයෙකින් මෙ පමණ වූ ඥන බලපරාක්ර.මයක් ලද සේකැ යි දතයුතු. එ වේලෙහි ස්වාමිදරුවෝ මෙසේ සැරියුත් මහ තෙරුන් වහන්සේගේ ප්රේඥව මුළුලෝ වාසීන්ට දක්වා ඒ පර්ෂදට තරම් වූ ධර්මේදෙශනා කොට වදාළසේක. එවේලෙහි තිස් කෙලක් ප්රා නිහු අමාමහ නිවන් දුටහ.

මෙසේ මේ දෙවොරොහන පූජාවෙහි ම සක්දෙවු රජහු විසින් මවන ලද ත්රිොවිධ වූ දිවයසොපාන පූජාය. දෙතිස් පූර්ව.නිමිත්ත පූජාය. වරම් -ශක්රා - සුයාම -සන්තුසිත -සුනිර්මිත -පරනිර්මිත -පඤ්චශිඛ -මාතලි -ඵෙරාවණා දි දස දහසක් සක්වළ දිව්යඤරාජයන් ගෙන් දැක් වූ එක්ලක්ෂ විසිදහසක් දිව්යසරාජ පූජා ය, අරූතල-අසංඥතලයන් හැර දස දසහක් සක්වළ බ්රාහ්මරාජයන් කළ එක්ල්ෂ පනස් දහසක් බ්ර හ්මරාජ පූජා ය යි දෙලක්ෂ සැත්තෑදහස් පන්තිස් මහා පූජාව් ලත් හෙයිනු ත්; සංඛ්යාකපථයට අවිෂය වූ නො කියන ලද අසංඛ්ය්ගනන් පූජා ලත් හෙයිනු ත්, එසේවූ පූජා විඳිමට සුදුසු හෙයිනුත් , මාගේ ම ස්වාමිදරු වූ, තුන්ලොට මේ සා බුදුමහිමයක් දක්වා නිවන් අමා බෙදා දීලු බුදුරජානෝ මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක. එසේ හෙයින් ම කියන ලදි:-


පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො

අත්ථානුරූපං “අරහං” ති ලොකෙ

ලස්මා ජිනො අරහති නාමමෙතං-යි.


මේ පූජාවලියෙහි අප බුදුන් සකස්පුර දොර දී ලද දෙවොරොහණ පූජා කථා නම් වූ පස් විසි වන පරි්ජේදය නිමි.