Jump to content

පූජාවලිය-නමස්කාරාදි පූජා කථා

Wikibooks වෙතින්

පූජාවලිය


එකුන්විසි වන පරිච්ඡෙදය


තව ද; බුදුන් එම පූර්වාරාමයෙහි දී රාහු අසුරෙන්ද්ර සුමන සාමණෙරාදීන්ගෙන් ලද නමස්කාර....

[සංස්කරණය]

තව ද; බුදුන් එම පූර්වාරාමයෙහි දී රාහු අසුරෙන්ද්ර සුමන සාමණෙරාදීන්ගෙන් ලද නමස්කාර දහර භික්ෂු ප්රුතිපත්ති පූජා නම් කවර යත්?- මේ එහි පිළිවෙළ කථාව ය:

ඒ රාහු අසුරිඳු නම් මෙර පත්ලෙහි දසදහස් යොදුන් අසුර භවනයෙහි වෙසෙයි, එ තෙමේ සාරදහස් අටසියයක් යොදුන් උස ඇත්තේ ය, පත්ලෙහි පටන් දණසන්ධියට එක් දහස් දෙසියයක් යොදුන් උස ය, දණ පටන් නාභියට එක්දහස් දෙසියයක් යොදුන් උස ය, නාභියෙහි පටන් ගලසරට එක්දාස්දෙසියයක් යොදුන් උස ය, ගලසර පටන් ඉස් මුදුනට එක්දහස් දෙසියයක් යොදුන් උස ය. දකුණු උරවට පටන් වම් උරවටට එක්දහස් දෙසියයක් යොදුන, ඉසවට නවසියයක් යොදුන් පමණය, නළල තුන්සියයක් යොදුන් පමණ ය, බැමතුර පනස් යොදුන් පමණ ය, මුඛ ය දෙසියයක් යොදුන් පමණය, ගැඹුර තුන්සියයක් යොදුන් පමණය, අතුල් පතුල් පළල දෙසියයක් යොදුන් පමණය, ඇඟිලි පුරුක් පනස් පනස් යොදුන් ්පමණ ය, එකි එකී පියවර සත් සිය පනස් යොදුන් දිග ය, රියන එක්දහස් දෙසියයක් යොදුන් දිග ය, වියත සසියයක් යොදුන් දිග ය, එක ඇඟිල්ලෛන් හිරිමඬල සඳමඬල වසාගන්ති, මෙසේ වූ උස මහත ඇති හෙයින් “මෙ තුන්ලොව ම මට වඩා උස් මහත් කෙනෙක් නැතැ”යි අභිමාන ව බුදුන් කරා නො එළඹෙයි.

එක් කලෙක බණ අසා ගිය දෙවියෝ බුදුන්ගේ මහිම මෝ හට කියා බුදුන් කරා ගොස් බණඅසව යි කීහ. එ කල රාහු අසුරිඳු “තොපගේ බුදුහු කො සා කෙනෙක් දැ”යි විචාළේ ය. අපගේ බුදුහු දොළොස් රියන් උස ඇති සේක. සරියන් බැමමඬුලු ඇති සේක, මෙසේ අටළොස්රියන් බුද්ධකායක් ඇතිසේක්වේදැයි කීහ. එ බසට රාහු අසුරිඳු සිනාසී “දොළොස් යොදුන් උස ඇති මහා බ්රටහ්මයා පවා මාගේ දණ අත්ගාපියන තරම් උස නැත්තේ ය, සදෙවු ලොව තුන්ගවු උස දෙවියෝ මාගේ අංගුලි පර්වයක් පමණ ත් උස නැතියහ, තොපගේ දොළොස් රියන් උස ඇති බුදුන් කරා ගොස් උන් වඳිම් දැ”යි කීය. එ වේලෙහි දෙවියෝ “අසුර ය! තා සේ වූ අසුරයෝ සියෙක් දහසෙකු ත් උනුන් පිට සිට බගා ත් අපගේ බුසුන්ගේ අ‍නවලෝ මුදුන් දැක්ක නො හෙති”යි යනාදීන් බුදුගුණ කීහ. රාහු නම් අසුරිඳු එ බසට කිපී “මහණ භවත් ගෞතමයන් හා උස මහතට වාද කෙරෙමි”යි වාසි කියා බුදුන් කර ආ ය.

එ දවස් මාගේ ස්වාමිදරුවෝ අරුණොද්ගමන වේලෙහි මහා කරුණා සමාපත්තියෙන් නැඟී ලොවට නුවණ නමැති දැල දමා වදාරා මේ රාහු අසුරිඳු එ දා එ දැල බැඳෙන සේ දැක ඔහු උදෙසා බොහෝ සත්ත්වයන්ට අධිගම ය වෙයි දැන අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා “ආනන්දය! රාහු නම් අසුරිදු උස මහතට මා හා වාදයට එමින් සිටියේ ය. සත්ත්වයන් වැදහොත් කල සියලු ඉරියවුවෙන් කුුඩාව පෙනෙයි, එසේ හෙයින් ඔහු පෙරට වැදහෝනා කැැමැත්තෙමි, තෙලෙ උස් වූ යහනත් ඔසවා පියා බිම බුද්ධාසනයෙන් පනවාලව”යි වදාළ සේක. අනඳ මහතෙරුන් වහන්සේ එ කෙණෙහි එ යහන ඔසවා බුදුන්ට භූමිගත වූ යහනක් අතුළ සේක. ඉක්බිත්තෙන් ස්වාමිදරුවෝ දකුණුදිගට සිරස ලා, පැළදිගට පිට ලා, පූර්වදිගට ශ්රී මුඛය ලා, උතුරු දිගට දෙපය ලා, ශ්රීෙපාද දෙක මතු මතුයෙහි තබාගෙන දක්ෂිණ ශ්‍රී හස්තය හිසට ලා ගෙන වාම හස්ත ය ශ්රීෙ ශරීර ය මතුයෙහි ප්රහවාල සාගරයෙහි ගමන් ගත් රන්වන් වූ දිව්යන නාගරාජයකු සේ සුරක්ත වූ සිවුර මතුයෙහි ලබාගෙන මෙසේ සිංහශය්යානවෙන් සැතපී වැදහොත් සේක.

එ වේලෙහි රාහු අසුරිඳු බුදුන්ගේ ශ්රීදපාදමූලයට අවුදින් සිට සිරිපතුල් දෙක දැක සක්ලකුණු දෙකින් හා දෙදහසක් දැවිපෙළින් හා දෙසිය සොළොස් මඟුල් ලකුණෙන් විසිතුරු වූ, එ සිරිපතුල් දෙකින් මහ පවුරක් අස සිටිනා කුඩා කොල්ලකු සේ සැඟවී සිට, “මේ මහණ භවත් ගෞතමයන් කුඩා ය යි කියති; දැන් උන්ගේ පත්ලේ කෙළවරෙක් මට නො පෙනෙයි, මේ කෙසේ වූ විස්මයෙක් දෝ හෝ”යි සිත සිතා බල බලා සිටියේ ය. එ වේලෙහි ස්වාමිදරුවෝ මහ මේ ගබක් බැනනැංගා සේ බ්රාහ්මනාදයෙන් “රාහු අසුරින්ද! එසෙවි එසෙවි කුමක් බල යි දැ”යි වදාළ සේක.ඒ ශබ්ද ය අසා ‘මහණ භවත් ගෞතමයෙනි! තොපගේ පත්ලෙහි කෙළවරෙක් බලමි”යි කී ය. බුදුහු වදාරණ සේක් “රාහු අසුරින්ද! තා මෙ තැන් පටන් භවාග්රන ම ය” වදාළ සේක.

රාහු අසරිඳු බුදුන්ගේ ශබ්ද ය ඇසී කඩතුරාවක් මුවායෙහි සිට කථා කරන්නකු සේ බුදුන්ගේ ශ්රී පාදයෙන් මුවාව ගොස් ශ්රීා මුඛ ය තව ද නොදක්නේ ම ය, එසේ හෙයින් ආහු අසුරිඳු “මෙ බඳු වූ සිරි පතුල් දෙකක් හා මෙ බඳු වූ මධුර නාද ඇති භවත් ගෞතමයන්ගේ ශ්රීි මුඛ ය කලී ඉතා හොබනේ ය යි මුහුණ බලමි”යි සිතාලා සාරදහස් අටසියක් යොදුන් පමණ ඒ සා මහත් උස ඇති ඒ අසුර රාජයා අහස් මුදුනෙහි තුබු සඳක් බලන කුඩා කොල්ලකු සේ අග්පත්ලෙන් එසෙවි එසෙවී සැරහි සැරහී කරනඟා බලනුයේ බුදුන්ගේ ශ්රීඑ මුඛ ය දැක්ක නොහී එ වේලෙහි උස් මහතිමි යි යන අභිමානයෙක් ඇත්නම් මහමෙර ළඟට පැමිණි උදුන් කැටක් සේ අභිමාන ශූන්යම ව “ස්වාමිනි! බුදුරජාණෙනි! නුඹගේ මහිම නොදැන නුඹ ම උස්මහත් බව නො දැන නුඹ ම ලෝකස්වාමි බව නො දැන මෙතෙක් කල් නුඹ වැනි උතුමකු කරා නො ආයෙමි, අද පටන් නුඹගේ ගැත්තෙමි, නුඹගේ ම පා වඳිමි, නුඹගේ ම ශරණ යෙමි. ගැති ශ්රී මුඛ ය දැක පවු ගෙවා ගන්නා කැමැති ය”යි ආරාධනා කෙළේ ය. එ වේලෙහි ස්වාමිදරුවෝ මහ මේගබක් පලා සඳමඬලක් පානා සේ තමන් වහන්සේගේ ශ්රීබ මුඛ ය ඕ හට දක්වාලා බණ වදාළසේක, එ වේලෙහි සුවාසූ දහසක් දෙවියෝ අමාමහ නිවන් දුටහ, අසුරයන් හා පරනිර්මිත වශවර්තීන් හා අච්ඡන්දික - අභව්යන වන බැවින් ඔවුන් අධිගමයට නොපැමිණෙන හෙයින් ඒ රාහු අසුරිඳු මාර්ගඵලයක් නො ලද ත් ශැණ ශීලයෙහි පිහිටා සද්ධර්මම ප්රීලතින් මත් ව තමාගේ සසියයක් යොදුන් දිග ඇති අතුල් දෙක ඉස්මුදුනෙහි තබාගෙන බුදුන්ට තුන්යලක් නමස්කාර පූජා කොට තමාගේ භවනයට ම ගියේ ය.

මෙසේ උසමහතට අභිමාන ගත් අසුරෙන්ද්රූයන් පවා තමන් වහන්සේගේ බුද්ධ මහිමයෙන් ම අභිමාන ශූන්යවකොට ඔවුන් විසින් කරන ලද මෙසේ වූ නමස්කාර පූජා ලැබීමට සුදුසු හෙයිනු ත් දේවා’ තිදේව වූ, ශක්රාේ’ තිශක්රග වූ, බ්රහහ්මා’ තිබ්ර හ්ම වූ, මාගේ ස්වාමිදරුවෝ අර්හත් නම් වන සේක.


තව ද: මෙ ම පූර්වාරාමයෙහි දී සත් හැවිරිදි සුමන සාමණේර යන්ගෙන් ලද...

[සංස්කරණය]

තව ද: මෙ ම පූර්වාරාමයෙහි දී සත් හැවිරිදි සුමන සාමණේර යන්ගෙන් ලද ප්රපතිපත්ති පූජා නම් කවරයත්? මේ එහි පිළිවෙළ කථාව ය:

කපිල වස්තු පුරයෙහි ශුද්ධෝදන රජ්ජුරුවන් මල් අමිතොදන නම් ශාක්යි රජ්ජුරුවන්ගේ අගමෙහෙසින් බිසෝ වූ සඳනම් දේවීන් වැදු දරුවෝ මහානාම ය අනුරුද්ධය යි පුතුන් දෙදෙනකු හා රොහිණි නම් දියණි කෙනකුන් හා තුන්දෙනෙක් වූහ. එයින් අඅනුරුද්ධ නම් කුමාරයෝ ඉතා මහත් වූ පින් ඇති කෙනෙක, ඔවුන් සත් අට හැවිරිදි කල රජකුමරුවන් තුන්දෙනකු හා සමඟ “කැවුම් තලි, පැරදි කෙනෙක් දෙම්හ”යි ගිවිස ගුළ කෙළිණාහුය. එ කල අනුරුද්ධ කුමාරයෝ පැරද ගියහ. සෙසු රජකුමරුවෝ “කැවුම්තලි දුනො ත් මු ත් නො කෙළුම්හ”යි කීහ.

එ වේලෙහි අනුරුද්ධ කුමාරයෝ තමන් පැරදි බව මෑණියන්ට කියා යවා කැවුම් තලියක් ගෙන්වා දී, මෙසේ ම තුන් වාරයෙක පැරද “කැවුම් තලියක් එවන්නේ ය”යි මෑණියන්ට කියා යවූහ. බිසොවු තුන්වාරයෙක කැව්ම් යවා කුසී ව “දරුවන් පැරදි පැරදි සේ මම කැවුම් තලි යවාගත නොහෙමි, ඉතිකින් ගෙයි කැවුම් නැතැ”යි කියා යවුවාහු ය. අනුරුද්ධ කුමාරයෝ කැවුම් නැතැ යි කියා යවු බස් අසා තමන් උපන් තැන් පටන් නැතැ යි යන බසක් නො ඇසූ විරූ හෙයින් නැතැ යි යන බසෙහි අර්ථ නො දැන “නැති පූ ය යි කියන පූ ජාතියෙක් ඇතිවනැ”යි සිතා ‘එ නැති පූ වහා එවන්නේය”යි කියා යවුවාහු ය.

මෑණියෝ එ බස් අසා තමන් අතුරෙහි සිනාසී “මාගේපුතණුවෝ තමන් ශ්රීර මත් කුලෙහි උපන් හෙයිනු ත් මහපින් ඇති හෙයිනු ත් නැතැ යි යන බසෙහි අර්ථ නො දනිත්, මපුතණුවන් මතු රාජ්යර ය කරන කල නැතැ යි යන බසක් නො කියා “රාජ්යු ය කළ නො හැක්කේ ම වේ ද, ම පුතණුවන් නැතැ යිි යන බසෙහි අර්ථය උගන්වමි”යි සිතාලා රන්තලියක් ශුද්ධකරවා පියා දෙව”යි කියා නිකම් තලිය යවුවාහු ය. එ කෙණෙහි එ නුවර අරක් ගත් දේවතාවා “මාගේ අනුරුද්ධ කුමාරයෝ මවුකුසින් උපන්දා පටන් නැතැ යි යන බසෙහි අර්ථ නොදත්තාහුය, අද එ බසෙහි අර්ථ දැන පූ නම් උන්ගේ පින් බලයෙන් මා හිස සත්කඩක් ව පැළී යෙයි” කියා මරණභයින් වෙවුලා එ ගෙන යන්නාහු තලියෛහි දිව්යම වූ සුවඳ නැවුම් මවාලී ය. එ වේලෙහි ගෙන ගොස් තලිය අනුරුද්ධ කුමාරයන් ඉදිරියෙහි තබාලා ගෙන ගිය පුරුෂයා අක් කොළින් මඳක් සිනාසී “ස්වාමිනි! තෙල නැති පූ කැව මැනැවැ”යි කියාලා මත්තෙහි තුබු රන්තලිය ඔසවාපීය. එකෙණෙහි ඒ දිව්යලකැවුමෙහි සුවඳ ඒ සා මුළු නුවර මුළුල්ලෙහි හම‍ා බස්නට පටන්ගත, එයින් එක කැවුමක් හැරගෙන දිව අග තබාලූ වේලෙහි අනුරුද්ධ කුමාරයන්ගේ සකල ශරීර ය පිනවාගෙන සත්දහසක් රස නහර රසයෙන් පුරා සිටගත. එ කැවුම් තුමූ ත් කාලා සෙස්සවුන්ට ත් බෙදා දී ලා කෙළනා කෙළි තබාපියා සතුටු සතුටු ව රජගෙට පලා ගොස් මෑණියන් ඔරපිට වැදහිඳ දෑතින් කර වැළඳගෙන මෑණියන්ගේ මුහුණ හා දෙතන ය සනා පියා “මෑණියන් වහන්ස! මෙතෙක් දා නුඹ මට නො සනා ඇත්තේ ඇයි ද, අද ම‍ ට සනා ාඇති ව ගියෙ නැ”යි විචාළහ.

එ වේලෙහි මෑණියො’ පුතණුවන් කෙරෙහි ප්රේලමයෙන් සතුටු කඳුළු ගෙන “පුතණුවෙනි! කුමක් කියන්නෙහිද, මාගේ ඇස් දෙක ත් මාගේ හදවත ත් නුඹ ත් මෙ සතර ම මට සම ම ය, ඒ ඇස් දෙකට ත් හදවතටත් නුඹ ම මට ප්රිමය දෑ ම ය”යි කීහ. අනුරුද්ධ කුමාරයෝ කියන්නාහු “එසේ නුඹවහන්සේ මට සනා ඇතිකල මෙ තෙක් දවස් මෙ බඳු වූ රස ඇති නැති පූ මට පිස නුදුන්නෙ නැ”යි කීහ. බිසොවු තලිය ගෙන ගිය පුරුෂයා අතින් විචාරා මෙ පවත් දැන මාගේ පුතණුවන්ගේ පින් බලයෙන් දිව කැවුම් දෙවියෝ මවා දුන්හ යි දැැන ඉතා විස්මයට පැමිණියහ.එ වේලෙහි අනුරුද්ධ කුමාරයෝ “මෑණියන් වහන්සේ ! මා කෙරෙහි සනා ඇතිසේක් වීඅ නම් අද පටන් ගෙන සෙසු කැවුමක් නො කම් ම ය, නැතිපු ම මට පිස එවාලන්නැ”යි කියාලා කෙළිනට දිව පීහ. එ දා පටන් කැවුම් කමි යි කියා පුතණුවන් එවාලූ කල මෑණියෝ පෙර සේ ම රන්තලියක් ශෝධා, රන්තලියකින් වසා යව යවාලති, පෙර සේ ම දෙවතාවෝ දිව්යූ වූ කැවුම් මව මවාලති, අනුරුද්ධ කුමාරයෝ සෙසු කැව්මක් නො කා දෙවියන් මැවූ කැවුම් ම කා නැතැ යි යන බසෙහි අර්ථ නො දැන ගිහිගෙයි වැඩුණාහු ය. මේ කෙසේ වූ පින් බලයෙක් ද යත්?

පෙර මේ අනුරුද්ධ කුමාරයෝ එක් ජාතියෙක දිළිඳු වූ එක් කුලයක ඉපැද....

[සංස්කරණය]

පෙර මේ අනුරුද්ධ කුමාරයෝ එක් ජාතියෙක දිළිඳු වූ එක් කුලයක ඉපැද අසුන්ට තණ දා කත් ඇද ජීවත් වෙති. එ සමයෙහි උපරිට්ඨ නම් පසේ බුදුන් වහන්සේ දැක තමන් බැල මෙහෙකොට ලත් බත් කොට්ඨාශ ය උන් වහන්සේගේ පාත්රෙයට පිළිගන්වාලා “මෙපිනින් මතු මෙසේවූ දිළිඳුකුලයක නූපදිම්වයි, උතුම් වූ රජ කුලෙහි උපදිම්ව යි, එසේ ඉපැදත් නැතැ යි යන බසෙහි අර්ථ නො දනිම්ව”යි කියා ප්රාවර්ථන‍ා කළාහු ය. එ පින් බලයෙන් මෙ සමයෙහි ශාක්ය් කුලයෙහි ඉපැද නැතැ යි යන බසෙහි අර්ථ නොදැන දිව්යමවූ කැවුම් කා ම වැඩුණාහු යයි දතයුතු.

තව ද; මේ අනුරුද්ධ කුමාරයෝය, භද්දියකුමාරයෝය, කිම්බිල කුමාරයෝ ය යන මේ රජකුමරුවෝ තුන්දෙන පසළොස් සොළොස් හැවිරිදි අවස්ථාවෙහි ඔවුනොවුන් හා සමඟ කෙළ කෙළ හිඳ “බත් උපදිනේ කොයින් දැ”යි සැක කළහ. එයින් කිම්බිල කුමාරයෝ එක්දවසෙක කෙළ ගෙනයන්නාහු බඩසලින් වී බානා දැක එ සලකුණෙන් “බත් උපදිනේ බඬසලිනැ”යි කීහ. භද්දියකුමාරයෝ දවසෙක සැළියෙන් බත් රන් තලියේ ලන්නා දැක එ සලකුණෙන් “බත් උපදිනේ බඩසලින් නොවෙ යි, සැළියෙනැ”යි කීහ. අනුරුද්ධ කුමාරයෝ කොටුවෙන් වී බානාත් නුදුටු විරෑහ, සැළියෙන් බත් ගන්නා ත් නුදුටු විරූහ, සැළියෙන් බත් ගන්නා ත් නුදුටු විරූහ, ඉදිරියෙහි කන්නට තබාලූ බත්ම දුටු විරූහ. එසේ හෙයින් “තොප දෙන්නා ම කියන්නේ නො දැන ය, බත් උපදිනා තැන් මම දනිමි, වඩුරියන් උස රන් කැකුළු ඇති මහ රන් තලියෙකින් බත් උපදින්නේ”ය යි කීහ. මෙසේ එම පින් බලයෙන් බත් උපදිනා තැනූ ත් නොදැන ගිහිගෙයි සුඛිත ව වාසය කෙරෙති.

එකල අප බුදුන් සමීපයෙහි කුලයෙකින් එක් දරු කෙනකුන් බැගින් මහණ කරවන සමයෙහි මහානාම නම් ශාක්යනයෝ තමන් මලණුවන් මෙකී අනුරුද්ධකුමාරයන් ළඟට කැඳවාලා “මලණ්ඩ! බුදුන් කරා ගොස් අප දෙබෑයන් අතුරෙන් එක් කෙනකුන් මහණ වුව මැනැව, මම් මහණ වෙම් ද, තෙපි මහණ වවු දැ”යි විචාළහ. එබසට අනුරුද්ධ කුමාරයෝ කියන්නාහු “බෑණන් වහන්ස! බුදුන් කෙරේ මහණ වූ කල එක් වේලේ කැව මනාල, එසේ වූ බත ත් දොර දොර සිඟා ඇවිද ලද මනාල,බඩසා ය යි කිය නො හැකිල, අඹුල් ලුණු බෝ ය, මඳ ය යි කියා නො හැකිලථ හුණු කැමැති සිහිල් ලැබේ ල, සිහිල් කැමැති හුණු ලාබේ ල, දිවිහිමියෙන් එකලා ව ම හොත මනා ල, රුක්මුල් සුසාන භූමිවල භාවනා කොට ඇවිද්ද මනා ල, එසේ වූ දුක් මම විඳගත නොහෙමි”යි කීහ. එ වේලෙහි මහානාමයෝ සිතන්නාහු “මාගේ මලණුවෝ තමන් සිවුමැළි හෙයින් මහණ වන්නට මැලියාහු ය, මම මහණවීම් නම් ශාක්යනකුලයට රක්ෂාව නැත, මාගේ මලණුවන් මහණ වුව මැනැව, මහණ වෙමි යි උන් ලවා ම උපදෙසකින් කියවා ගනිමි”යි සිතාලා “එසේ වී නම් මලණ්ඩ! මම් ගොස් බුදුන් කෙරේ මහණ වෙමි, තෙපි ගිහිගෙයි වසා නම් උපයා කන ගෙස් මා අතින් ඉගෙන ගනුව, කර්මා න්ත නො දන්නවුන්ට ගිහිගෙයි වාස ය බැරි ය”යි කීහ.

එ බසට අනුරුද්ධ කුමාරයෝ “උපයා කෑම් නම් කර්මා න්ත නම් කෙසේ වූ දෙයෙක් දැ”යි විචාළහ. බත් ඉපදවීම යයි බෑණෝ කීහ. බත් උපදිනේ රන් තලියෙහි නොවේ දැයි කීහ. මලණ්ඩ! රන්තලියෙන් නො වෙයි, බත් උපදිනේ නම් කුඹුරෙනැ යි කීහ. කුඹුරෙන් කෙසේ උපදී දැයි විචාළහ. ‍

එ වේලෙහි මහානාමයෝ මලණුවන්ට ගිහිගෙයි කරන අනුශාසනා වසයෙන්....

[සංස්කරණය]

එ වේලෙහි මහානාමයෝ මලණුවන්ට ගිහිගෙයි කරන අනුශාසනා වසයෙන් ඇදීනව දක්වන්නාහු “මලණ්ඩ! බත් උපදිනා ලෙස් මා අතින් අසව, සී සෑම් නම් සුළං බදන්නාා සේ ඉතා උගහට දෙයෙක, නඟුලෙක, වියද‍ඬෙක, පිට වකෙන, බඩ වකෙන, නිමුනෙක, කෙවිල්ලෙක, අව කැටෙක, සී වැලෙක, පෙර ගිලියෙක, පසු ගිලියෙක, වියමෑයෙක, සීරෑන දෙකක, අමුදු බානෙක, කැවිටෙක, ගොන් ගෙයෙක, ගොවියෙකැ යි යන මේ අටළොස්දෙනාගේ එක්වීමෙන් යන්නාවූ ගමන සිසෑම් නම් වෙයි, මෙසේ සී සානා ගොවියක්හු විසින් පළමු ව පලාගොස් කුමුරෙහි වන අත් ගසා ඇළ මං පායාගෙන දෙවනුව ශුභ වූ නකතකින් ගේ වඩා බිම් නඟා දෙසී තුන්සී සා මියර කපා කැට තළා පෝරු ගා බිජුවට වඩා විධි වූ පරිද්දෙන් කුඹුරෙහි වපුට ගත මැනැව, එ වපුළාවූ කුඹුරෙහි සතා සතුන් සතියක් රැක්ක මැනැව, වැට බැඳ ඉස්නන් නමා එ ගොයම් නිලන අවස්ථාවෙහි කුමුර මැද රකවල් පැලක් තබාගෙන මැසි දඬක් ලා ගෙන ගෙයි දී කන බතෙක රස නොදැන ඇ‍ඳෙක පිටක් නො තබා රාත්රි න්දිවාභාගයෙහි එ මැසි ද‍ඬෙ වැද හෙව රාත්රිරන්දිවාභාගයෙහි එක දවසෙක ත් නින්දේ නින්දක් නිඳා නො පියා ගෙරින් මීමුන් ඌරන් මුවන් ආදිවූ සතා සතුන් සාරමසක් රක්ක මැනැව, කරලක් නැඟු තෙන පටන් ගෙන පියන්වා ආදි වූ නො එක් රොගයට කෙම් පන්කම් සේ නැති ව කළ මැනැව, දවසින් දවසට කුඹුරු සිසාරා අතු තබාලු ව මැනැව, පන් ඇද්ද මැනැව, මෙසේ දුක් ගෙන ගොයම් රකිනා කල සීටින කුඹුරෙක් වී නම් තුන්සාරමසක් රක්ක මැනැව, මාවී කුඹුරෙක් වී නම් සමසක් සත්මසක් රක්ක මැනව,මෙ දෑතුරෙහි ඇළ අමුණු පුවටා ආදි වු බොහෝ කර්මාමන්ත අත්කම සේ නැතිව කළ මැනව, පැසෙන මස මුළුල්ලෙහි බස බරළ* වන තුරු හඬග හඬගා කුඹුරෙහි ඒ මුල්ලෙන් ඒ මුල්ලට දිව දිව නම් සේ නැති ව කුරුලු - කොබෝ - ගිරා ආදි වූ වී කන සතුන් බිණුව මැනැව, ගෛායම් පැසුණු කල දා මැඩ අඳ වීනම් අඳයෙන් එකක් දුන මැනැව තුනිනෙ ‘ක වී නම් තුනිනෙ ‘කක් දුන මැනැව, බලාපු වී නම් හැම වී ම වී හිමියන්ට දුන මැනැව.

බස බස රළ වනතුරු - ඇතැම්

මෙසේ එ වී ලත් කල වළසන ය පැල්දොර ය බොල්පස ලාසය, කටුමානයකු ය කඳුකඩ ය යනාදි ව්ය්වහාර නො වරදවා දුන මැනැව, තව ද: රදවුන් - බෙරවායන් - මෙහෙකරුවන්ට දුන මනා කුලී නො වරරදවා දුන මැනැව, සිඟන්නවුන්ට දුන මැනැව, ත්‍දුාගය යි කියා දෙති, පෙර කැ ණය යි කියා දෙති, පෙර කෑ අත පැන් දිය යි කියා දෙති, මෙසේ මෙසේ නොඑක් ප්රයකාරයෙන් එක කුඹුරෙහි වී වියදම් කොට ඉතිරි දෙයක් ගෙනවුත් කොටුවෙක පටවා ගෙන බිජුවට ය යි එක් භාගයක් තබාගත මැනැව, ඇස් ය යි 3 එක් භාගයක් වෙන්කොට තබාගත මැනැව, බිජුවට භාග ය නො කා ඇස් භාග ය කැව මැනැව, එසේ කන කල පමණ නො දැන නො කා අදට මෙ තෙක් ගත මැනැව, සෙටට මෙ තෙක් ගත මැනැවැ යි පමණ දැන කැව මැනැැවැ, මතු මෙ තෙක් දවස් ගිය කල ගොයම් පැසෙයි, එ වක දක්වා රැකුණ මනා වේ දැ යි සිත සිතා සුඟින් සුඟ කැව මැනැව, මෙසේ එක් සමයෙක දුක් ගෙන උපායගත් කල අනිත් සමයෙහි ත් පෙර නො කළා සේ ම මෙසේ වීය්ය්අර්‍ කළමනා ම ය, මෙසේ දිවිහිමියෙන් ම යල ත් මාස ත් අප්රඅමාද ව මෙහෙ කළ මැනැව, පරීක්ෂා කළ කල ගොවීහු නිකම් හිඳිනා දවසෙක් නම් නැත, ලෙඩ ව හොත් කල ත් උපයා කෑ නො හැක්ක, සේවා කම් ආදි වූ නො එක් කට යුත්තෙහි නියුක්ත ව ගිය කලත් ගම හිඳ උපයා කෑම් නම් නැත් ම ය, මහලු ව ජරාවට පැම්ණි කල ත් මෙකී කර්මාැන්ත ‍කොට ගත නො හැකි හෙයින් උපයා කෑ නො හැක්ක.

එ කල දෑතින් දෙදඬු ගෙන විලි පිලියෛන් විරූප ව කුද ගසා ගෙන පෙර තමා උපයා කෑ රට ම වෙස් බැඳ පානා විකාර රූපයක් සේ දොරින් දොර සිඟා කෑ ඇවිද්ද මනා ම ය, එසේ හෙයින් මලණ්ඩ! නුවණැසින් බැලුවානට මෙ සසර සුව විඳීමෙක් නො වෙයි, දුක් විඳීමෙක් ම ය, කලෙක නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයට පැනනැඟී භවයෙන් අග පැමිණියාවූ සුව විඳියෝ පවා. කලෙක සතර අපායට පැමිණ දුක් විඳිනාහු ය, කලෙක බ්රයහ්ම රාජන් ව ඉපැද කලෙක කදෝකිමි ව ත් උපදනාහුු ය, කලෙක ශක්රට - සුයාම -සන්තුෂිතාදි දිව්යන රාජන් ව සුව විඳියාහු පවා කලෙක ප්රේසතලොකයෙහි ඉපැද ප්රෙජත දුක් විඳිනාහු ම ය, කලෙක දිවඋයන්වල දිවකෙළි කෙළ ඇවිද්දාහු කලෙක අසිපත්වෙනෙහි කැපි කැපී ඇවිදිනාහු ම ය, කලෙක දිව්යම ප්රාතසාදවල සුව විඳ ඇවිද්දාහු කලෙක නරකවහ්නි ජාලාභ්යෙන්තරයට පැමිණෙන්නාහු ම ය, කලෙක දිව්යපම ය භොජන ය අනුභව කළාහු කලෙක ලෝගුළි අනුභවයෙනු ත් දවස් යවන්නාහු ම ය, කලෙක දිව්යිපානීය වර්ග අනුභව කළාහු කලෙක ලෙභෙ පානයෙන් අනුභව කොට නරකවල ඇවිදිනාහු ම ය, කලෙක දිව්යෙමය වූ යහන් වල සැතපුණාහු කලෙක තප්ත වූ යපොළෝවල ශයනය කරන්නාහු ම ය, කලෙක දෙවඟනක් පහස් විඳ ඇවිද්දාහු කලෙක කටු ඉඹුල් ටවටනහි ඇවිණ ඇවිණ ත් ඇවිදුනාහු ම ය, කලෙක දිව්යි ගංගාවල ස්නානයකොට ඇවිද්දාහු කලෙක වෙතරණී නම් ක්ෂාරොදක ගංගාවල ත් ඇවිදුනාහු ම ය, කලෙක දිව්ය පුෂ්කරණී වල බැස ජල ක්රීුඩාවෙන් මත් වූනාහු කලෙක ලෝකුඹුවල ඉපැද නිරා දුකින් උමතුව ත් ඇවිදුනාහු ම ය, කලෙක රන්රුවන් කුළු මුදුනෙහි දිවකෙළි කෙළ ඇවිද්දාහු කලෙක අඬ්ගාර පර්වත මස්තකවල ත් ඇවිදුනාහු ම ය.

කලෙක පාණ්ඩුකම්බල ශෛලාසනාදි දිව්යාෙසනවල නැඟී....

[සංස්කරණය]

කලෙක පාණ්ඩුකම්බල ශෛලාසනාදි දිව්යාෙසනවල නැඟී දෙවු පිරිස් පිරිවරා උන්නාහු කලෙක දිවසහුල නැඟී කවුඩු බලු පිරිස් පිරිවරා ත් හිඳුනාහු මය. කලෙක දිව්ය රථවලින් ඇවිද්දාහු කලෙක තප්ත වූ අයෝ රථ නැඟීත් ඇවිදුනාහු ම ය, කලෙක දිව්යක සම‍ාන හස්ති වාහණ නැඟී ඇවිද්දාහු කලෙක තුමු අනුන්ට වාහන ව ත් ඇවිදුනාහු ම ය, කලෙක සක්විතිරජ ව ඇවිද්දාාහු කලෙක චණ්ඩාල ව ත් ඇවිදුනාහු ම ය, කලෙක මිණි ඔටුණු ධරා ඇවිද ඉසින් කලෙක දරමිටි උසුළා ත් ඇවිදුනාහු ම ය, කලෙක දිව්යස සමාන සිලුටු වූ සළුවෙන් සරහා ඇවිදි උකුළු කලවේ කලෙක කුණු රෙදි පියලින් සරහා ත් ඇවිදුනාහු ම ය, කලෙක අනගි වූ දළමුතු හරින් උරමඬල සරහා ඇවිද්දාහු කලෙක කප්පට හිරා ලා දුටු දුටුවන් අරභයාත් ඇවිදුනාහු ම ය, කලෙක බෘහස්පතී සමාන නුවණැති ව සකල සත්ත්වයන්ට ආචාරි ව ඇවිද්දාහු කලෙක අඥාන ව අව්යලක්ත ව තුමු තමන්ට ආචාරිවරුන් සොයා ත් ඇවිදුනාහු ම ය, කලෙක මිහිරි වූ කටහඬින් චිත්රය කතික ව ඇවිද්දාහු කලෙක මූගබධිර ව ඉඟි ලා ත් ඇවිදුනාහු ම ය, කලෙක පුරුෂ ව ඉපැද ස්ත්රීතන් පිරිවරා ඇවිද්දාහු කලෙක ස්ත්රී ව ඉපැද පුරුෂයන්ට පතිනි ව ත් උපදවාහු ම ය, කලෙක ඍවුනො’වුන් කෙරෙහි ජීවිත සමාන ප්රේාමයෙන් ඇද්දාහු කලෙක ඔවුනො’වුන් ගෝචරකොට ත් ඇවිදුනාහු ම ය, අහස බලා අත්පොළොසන් දී සත් රුවන් වැසි වස්වා ගන්නා තරම් මහාමන්ධාතු සක්විත් රජහු පවා කලෙක මිනී ඉස්කබල් ගෙන දොරින් දොර භින්ෂාටන ය කොට ගොනටුකඳ වැද හෙව දේහ නික්ෂෙපය කළාහුම ය.

මේ ආදි කාරණයෙන් මණ්ඩල! මෙ සසර නම් නුවණැසින් බැලුවානට විඩම්බනාවක් වැන්න, පිදුරු කැරැල්ලක් සේ අග් මුල් නැති යේ ය, ගුළ නම් ලිහිණියන්ගේ කසල්ලක් සේ පිළිවෙළක් නැති යේ ය, අවුල් හූ වැටියක් වැන්න, සුළං කඩක් නැඟි දිය බුබුලක් වැන්න, දියෙහි යන රළ පතරක් වැන්න, දියෙහි ඇඳි රේඛ‍ාවක් වැන්න, විදුලියයක් වැන්න, සුළං කඩක් වැන්න, දෝලා කෙළියක් වැන්න, ඉන්ද්රඩජාලාවක් වැන්න, දර්පණ රූපයක් වැන්න, සිහිනෙන් දුුටු රූපයක් වැන්න, ඉතා‍ නිස්සාර දෙයෙක, තපස් කොට නිවන් දුටුවානට ජරා නැත, මරණ නැත, දුක් නැත, ශෝක නැත, දුගති නැත, ඉතා ශාන්තය දාන්ත ය, මලණ්ඩ! මෙ සියල්ලම මා නුඹට කියාලූ බැවින් පිළිවන් වී නම් මා කී සැටියේ උපාය කා තෙපි ගිහි ගෙයි වසව, මාගේ ලක්ෂ ගණන් නළු පිරිස් හා තුන් පාය හා රජ සැපත ත් පාවා ගනුව, මම මාගේ බුදුරජාණන් කරා ගොස් මහණ ව සුව සේ වෙසෙමි යි කීහ.

එ වේලෙහි අනුරුද්ධ කුමාරයෝ බෑණන් විසින් කියන ලද උපාය කෑමෙහි දුක් හා සංසාරයෙහි ආදීනව අසා තුන් භවය ගිනි ගත් ගෙයක් සේ කොට සිතා, සසර භය ගෙන වෙවුලා බෑණන්ගේ සම්පත් තබා තමාගේ ලක්ෂ ගණන් නළුපිරිස් හා‍ තුන් සෘතුවට කළ තුන් පාය හා සියලු රජ සැපත අලුයම දැමූ කෙළ පිඩක් සේ සිතා සැපත් ලොභ ය හැර “බෑණන් වහන්ස! උපාය කෑම නම් සසර නම් මෙසේ වූ දුකෙක් වනැ යි මෙතෙක් දවස් නො දත්තෙමි, රන්තලිවලින් ම බත් උපදිති යි සිතීමි, මෙසේ වූ දුක් ඇති ගිහි වාසය මට නොකැමැත්තේ ය, මට සනා ඇතියේ න්ම් නුඹ මහණ වන්නට නො ගොස් මා ම පළමු කොට බුදුන් කරා යවාපුව මැනැ වැ”යි කියාලා බෑණන් අනුදන්වාගෙන එ කලට පියාණන් නැති හෙයින් මෑණියන් වසන රජගෙට ගොස් මෑණියන් දැක “මෑණියන් වහන්ස! බුදුන් කරා ගොස් මහණ වනු කැමැතියෙමි, මට අවසර දුන මැනැවැ”යි කීහ.

මවු බිසොවු පුතණුවන් කී බස් අසා ළ පිරුණ ශොක ඇති ව මාගේ ප්රිුය පුතණුවෙනි! නුඹ පියාණන් වහන්සේත් නැත, මාගේ හදවත හා දෑස නුඹ හ‍ා සම වුව, එසේ හෙයින් මට සැප ත් නම් නුඹ හා නුම‍ගේ බෑණන් වහන්සේගේ දර්ශනය වුව, එසේ වූ දුකකට නුම යවාලා වැද හිඳීම මට බැරි ය, මා දිවි තිබිය දී අනු නො‍දන්නෙමි”යි කීහ. එ වේලෙහි අනුරුද්ධ කුමාරයෝ “මෑණියන් වහන්ස! කුමක් කියන සේක් ද, ගංගාවෙහි නිකුත් මහ දියවතුර මහමුහුද මුත් අතුරෙක නො රඳන්නා ‍සේ ම මාගේ ශ්ර ද්ධා නමැති මහවතුර සුගත් මහමුහුද වැද මුත් නො රඳා ම ය, සමු දුන මැනැවැ”යි කීහ. එ වේලෙහි දු මවු බිසොවු “බැරිය පුතණ්ඩැ”යි කීහ. තව ද: අනුරුද්ධ කුමාරයෝ නො පසු බැස “මෑණියන් වහන්ස! ආකාශයෙහි නැඟු වැසි මහපොළොව මු ත් අනික් තෛනෙක නො රඳන්නා සේ මාගේ තෘෂ්ණා නමැති වර්ෂාව සුගත් භූමියෙහි පතිත ව මුත් නො රඳා ම ය, සමු දුන මැනැවැ”යි තීහ. තුන්වනුව ද මවු බිසොවු “පුතණ්ඩ! එසේ වූ බසක් මා ‍කන නො වකව”යි කීහ. තවද: අනුරුද්ධ කුමාරයෝ “මෑණියන් වහන්ස! ආකාශයෙන් පර්වතාග්රතයෙකින් නිකුත් දියහැල්ලක් පර්වත ප්රා න්තයෙහි රඳන්නා සේ මාගේ තෘෂ්නා නමැති දියහැල්ල සර්වඥ නමැති තියග්ගල යෙහි ගැලී මුත් නෙරඳා ම ය, අවසර දුන මැනැවැ”යි කීහ.

එ වේලෙහි මෑණියෝ කම්පිත වූ සිත් ඇති ව ළ පිරුණු ශෝක යෙන් අනිකක් කියාගත නොහී මායමින් දරුවන් තපසට යා නො දෙමි යි සිතා එ වක නම් භද්දිය රජ්ජුරුවන් රාජ්යො ය කරන කාල ය ‍හෙයින් “පුත! තොපගේ කල්යාරණමිත්ර‍ වූ එක කෙළි මඬලෙහි වැඩියා වූ ඒක ප්රා ණී වූ භද්දිය නම් රජ්ජුරුවන්ට කියාලා ඔහු මහණ වෙත් නම් උන් හා සමඟ ගොස් බුදුන් කෙරෙහි මහණ වව”යි කීඅහ. එ වේලෙහි අනුරුද්ධ කුමාරයෝ “යහපත මෑණීයෙනි! උන් යතොත් යන්නෙම් වේදැ”යි කීහ. බිසොවු “රජෙක් නම් රාජ්ය ශ්රීද හැර කවර කලෙක නම් මහණ වේ දැ”යි සිතා “යහපත, යව පුතණුවෙනි!” යි කීහ.

එ වේලෙහි අනුරුද්ධ කුමාරයෝ රජගෙට නික්ම මඟදී සිතන්නාහු....

[සංස්කරණය]

එ වේලෙහි අනුරුද්ධ කුමාරයෝ රජගෙට නික්ම මඟදී සිතන්නාහු “මාගේ මෑණියන් වහන්සේ රජ්ජුරුවෝ නම් මහණ වන්නට නො යෙති, උන් කරා යවු කල ඔහු මුන් රඳවා ගනිති”යි මායමින් සමු දුන් සේක, රජ්ජුරුවන් මහණ නො වන්නේ ත් සැබැව, මම උපාදසකින් උනු ත් එක්කොට ගෙන මහණ වෙම්මය”යි සිතා අපගේ ශාක්ය්කුලයෙහි රජදරුවෝ නම් දිවි යේ නමුත් බොරු නේ කියති, උපදෙසකින් මහණ වෙමි යි කියවා ගෙන එ බස මුල් කොට රජහට චෝදනා කොට ලජ්ජා කරවා මහණ වන සේ ගිවිස්වා ගනිමි යි සිතාලා රජගෙට ගොස් භද්දිය රජ්ජුරුවන් දැක රජහු වැළඳ සිඹ සනහා “දේවයෙනි! මා නුඹ කෙරෙහි ඇති ප්රේ ම මෙ තෙකැ යි පමණ නෙ දන්මි, නුඹ මා කෙරෙහි ඇති ප්රේ ම මා තරමට අඩු ය යි සිතමි. ඉදින් නුඹ වහන්සේ මේ රාජ්ය ශ්රීට හැර මහණ වන සේක් වී නම් මම ද මාගේ තුන් සෘතුවට කළ තුන් පාය ඇතුළු වූ සුවහස් නළුපිරිස් ආදි වූ සියලු සම්පත් අලුයම දැමු කෙළපිඩක් සේ නො සිතා නුඹ හා එක්ව ගොස් මහණ වෙම් ම ය, එසේ හෙයින් මාගේ තපස් පවා නුඹගේ තපස් අනුව පවත්නේ ය, ඉදින් පළමු ව තපසට යතෝතින් නුඹගේ තපස් මා හා අනු වේ දැ”යි කීහ.

එ වේලෙහි භද්දිය රජ්ජුරුවෝ වැලිකෙළියෙහි පටන් එක් ව ම සුව විඳ ඇවිද්දා වූ ජීවිතය සමාන යහළුවා කෙරෙහි වූ උදාර වූ ප්රේුම යෙන් උමතු වූවාහු සිහි ඔළවාගත නොහීඅ මොහුගේ මේ සා සැපතක් හැර මහණ වීමෙක් නම් කවර කලෙක වේ දැ යි සිත‍ා “යහළු තෙපි මහණ වූවාහු නම් මම ත් රාජ්යය ශ්රීම හැරර තොප හා සමඟ මහණ වෙමි”යි කීහ. එ බසට අනුරුද්ධ කුමාරයෝ අමාදියක‍ඳෙකින් අභිෂෙකයන් ලදුවා සේ ඉතා සන්තුෂ්ට වූවාහු මා සිතු සිත එකාන්තයෙන් සෑධෙන වනැ යි සිතා “දේවයිනි! එසේ වීනම් නො ඇසූදෑ ද, අද ම මහණ වන්නට යෙමි, මා හා කැටි ව අව මැනැවැ”යි කීහ. එ වේලෙහි භද්දිය රජ්ජුරුවෝ පර්වතයෙකින් ගැහැටුනු කලක් සේ රාජ්යනය ලොභයෙන් කම්පිත වූ සිත් ඇති ව නො සලකා වරදවා කියාපීමි, මා කීයේ කිමෙක් දෝ හෝ යි යහළු1 අපි දෙදෙන ම තව නවයෞවනයෙහි පිහිටි යම්හ, දැනට කාමසුව අනුභව කොට මතු මහලු ව ගියකල සමඟ ව ගොස් මහණ වම්හ”යි කීහ.

එ බසට අනුරුද්ධ කුමාරයෝ “යහළු! ජරා මරණ දෙදෙනාගේ පසු පළමු වීමෙහි විභාගයෙක් නැත, සමහර කලෙක ජරාව පළමුව යෙයි, සමහර කලෙක ජරාවට මරණ පළමුව යෙයි, තෙලෙ,නුවණෙක් නොවෙයි, අප බුදුහු එකුන්තිස් ඇවිරිද්දෙහි කාමසුව හැර සත් දවසකින් ලැබෙන සක්විති රජ ය හැර මහණ වූහ, උදායින් ආදි වූ මෙම නුවර මහ ඇමතියෝ ද නව යෞවනයෙහි මහණ ව අමා මහ නිවන් දැක දැන් අප ඉස පිය පස් වගුරුවා ගෙන ආකාශයෙහි ඇවිදිති, අපි ඔවුන් වඳුම්හ, පුදම්හ,සත්කාර කරම්හ, මෙයි දු ලජ්ජාවකට ඇත, කාමසුව විඳීම නම් නුවණැසින් බැලු කල සුව විඳීමෙක් නො වෙයි, දුක් විඳීමෙක, එකලා ව වලට ගොස් තපස් කිරීම නම් විශෙෂයෙන් බැලු කල දුක් විඳීමෙක් නො වෙයි, එකාන්ත සුව විඳීමෙක, යහළු දෛබසක් නො කියව, මහණ වන්නට යම්හ”යි කීහ.

එ වේලෙහි භද්දිය රජ්ජුරුවෝ තමන් මහා සත්යුවාදී හෙයින් උත්තරයක් කිය නොහී “එ බැවින් යහළු සත් අවුරුද්දක් රාජ්යක ය කොට පියා දෙදෙන ම එක්ව ගොස් මහණවම්හ”යි කීහ. අනුරුද්ධ කුමාරයෝ “එසේ නො ගිවිසිමි”යි කීහ. “සහවුරුද්දක් බලව”යි කී කල එසේ ත් නො ගිවිසිමි යි කීහ. “පස් හවුරුද්දක් - සතර හවුරුද්දක් - තුන් හවුරුද්දක් - දැහවුරුද්දක් - හවුරුද්දක් බලව”යි කී කල එසේ ත් නො ගිවිසිමි යි කීහ. නැවත සමසක් බලව - පස්මසක් බලව - සැරමසක් බලව - තුන් මසක් බලව - දෙමසක් බලව - මසක් බලව - දෙපෝයක් බලව”යි කී කල එසේ ත් නො ගිවිස්සහ. “එසේ වී නම් යහලු! මාගේ පුත්ර්දාරාවන්ට අනුශාසනා කොට රාජ්යව ය තන්කොට ලන තෙක් එක සත්දවසක් බලව, මට සනා ඇතියා නම් උත්තරයක් නො කියව”යි කීහ. එ වේලෙහි අනුරුද්ධ කුමාරයෝ “සත් දවසකට ගිවිසීමි යහපතැ”යි කීහ.

ඉක්බිත්තෙන් සත්දවසක් මුළුල්ලෙහි කළමනා සියලු කෘත්ය යන් නිමවූ කල සත්වන දවස් ඒ අනුරුද්ධ කුමාරයෝ ය, භද්දිය කුමාරයෝ ය, කිම්බිල නම් රාජකුමාරයෝ ය, භගු නම් රාජකුමාරයෝ ය, සුප්රාබුද්ධයන් දරු යසෝධරාදේවීන් බැහැ දෙවිදත් නම් රාජකුමාරයෝ ය යි රජකුමරුවෝ සදෙන තමන් තමන්ගේ සුවහස් ගණන් ඇත් අස් රථ බල පිරිස් ගෙන ශක්රනපුරයෙන් බට දිව්ය් භටයන් සදෙනකු සේ උයන් කෙළියට යම්හ යි නුවරින් පිටත් ව ක්රී ඩා පසාරයෙන් යොදුන් ගණනක් පලා ගොස් එක් බිමෙක මහ සෙනඟ රඳවා ඔවුනො’වුන්ට හිඟිලා උපාලි නම් කපුවාණන් හා සමඟ සත් දෙන මහ සෙනඟට සොරා වල් වැද වල් හිරා ගොස් පසල් දනවුවකට බැස ඔවුනේ’වුන් හා කථා කොට එක් ව ම මහණවම්හ යි ඔවුනොවුන් ගිවිස්වාගෙන තමන් තමන් පලන් සත්රුවන් ආභරණ ගලවා උතුරු සළුවෙක පොදිබැඳ උපාලි නම් කපුවාණන්ට දී “මේ සියලු ආභරණ තොප සේ වූ එකක්හු එක් ජාතියක් මුළුල්ලෙහි සුඛිත ව ම ජීවිත රක්ෂා කොට ගැන්මට පමණ වන්නේ ය”යි කියා “තෙල සම්පත් තොපට ම දුනුම්හථ අපි බුදුන් කෙරේ මහණ වන්නට යම්හ”යි කියා රජකුමරුවෝ සදෙන නික්මුණාහ.

එ වේලෙහි රජකුමරුවන් යත් යත් උපාලි ආභරණ පොදිය අතින් අල්වාගෙන බල බලා සිට අනගි වූ සම්පතෙහි ඉතා භය ඇතිව “ශාක්යබයෝ නම් ඉතා ගුණ නපුරුහ, මේ සම්පත් හැරගෙන රාජ්යියට ගොස් මා මෙපවත් කීඅ කල ‘සම්පත්ති ලොභයෙන් රජ දරුවන් උගන්වා ගෙන යවාපුයේ මේ කපුවා ය”යි මට කිපි මරා දමාපු නම් නපුර, සම්පත් තබා දිවි ගලවා ගතෝතින් යෙහෙක, මේ මට සැපතෙක් නො වෙයි, විපතට කාරණ ය, මෙ වැනි රජුන් සැපත් හැර මහණ වන කල මා වැනියන්ට සැපතින් කම් නැත, මම ද ඔවුන් හා සමඟ ගොස් මහණ වෙමි”යි සිතා අභරණ පොදිය පිටින් ගසෙක එල්වා “පළමු ව දුටු කෙ‍නකුන් තෙලෙ හැරගන්නේ ය”යි අත් ගසා රජදරුවන් ගිය පද සලකුණෙන් දිව ගොස් රජකුමරුවන් හඹා ගියහ. එ කල ‘අවුනැ’යි රජකුමරුවන් විචාළ කල තමන් ආ පවත් කියා “මම ද මහණ වෙමි”යි කීඅහ. රජකුමරුවෝ “තොප ආ සේ ම යෙහෙක, වරෝය”යි කියා උනුදු කැඳවා ගෙන ගොස් එ කලට බුදුන් මල්ල රජුන්ගේ අනුපිය නම් නියම්ගම, අනුපිය නම් වෙනෙහි වසන තෙනට ගොසින් බුදුන් දැක වැඳ එකත්පස් ව උන්හ.

එ කල ස්වාමිදරුවෝ ඔවුන් ්ආ කාරණ විචාරා මහණ වන්නට ආ බවු අසා........

[සංස්කරණය]

එ කල ස්වාමිදරුවෝ ඔවුන් ්ආ කාරණ විචාරා මහණ වන්නට ආ බවු අසා අවසර දුන්සේක. එ වේලෙහි රජදරුවෝ සදෙන කියන්නාහු “ස්වාමිනි! අපගේ කුලයෙහි ශාක්යවයෝ නම් ඉතා මානියහ, ම‍ානයෙන් ම වඩනා ලදහ, නුඹවහන්සේ වැනියන් පවා නො වැඳුම්හ යි මන් කළ කුලයෙක උපනුම්හ, අප ද මහණ වූ කල එ බඳු වූ මානයෙන් උපනි නම් එ කල මහණධර්ම මුදුන් පැමිණි යා නොහෙයි, මේ අපගේ උපාලි නම් කපුවාණන් පළමුව මහණ - කොට, අප පසුව මහණ කොට වදාළ මැනැව, එසේ කල ඔවුන් අපි වඳුම්හ - පුදම්හ - සත්කාර කරම්හ, එසේ කල අපගේ අභිමාන ත් සි‍ඳෙයි, මහණධර්මක ත් මුදුන් පැමිණෙයි, ඉදින් මතු රාජ්යනශ්රී යෙහි ලොභයකු දු වී නම් ‘තෙපගේ කපුවාණන් වැඳ පුදා නිචක්රි යා කොට නැවත රාජ්ය ය කරන්නට අවු දැ’යි ශාක්යනයන් අපට පරිභව බෙණෙති යි කියා දෙවනුව රාජ්යනලොභ ය ද දුරු වෙයි, මේ මේ කාරණයෙන් උන් පළමු ව මහණ කරවා අප පසුව මහණ කළ මැනවැ”යි කීහ. ස්වාමිදරුවෝ “තොප කීයේ කාරණ ම ය, ඥානවන්තයන් සිතුවමනා සිතිවිල්ලෙක් ම ය”යි වදාරා උපාලිත් පළමු ව මහණ කොට, රජ සදෙනා දෙවනුව මහණ කොට උපසම්පදා කරවා කර්මසස්ථානයන් ඉගැන්වූ සේක.

එ කල විදර්හනා වඩා ඒ වස්සාන ය ඇතුලත භද්දිය තෙරුන් වහන්සේ රහත් ව භද්දිය නම් මහතෙර ව බුද්ධශාසන නමැති මහ සරසියෙහි සුපිපි මහා පද්මයක් සේ ශීල සුගන්ධයෙන් තුන්ලෝ හෙබවූ සේක. අනඳ මහ තෙරුන් වහන්සේද එසේ ම සෝවාන් ව බුද්ධොපස්ථායකයන් කෙරෙහි අග්ර්වූ ස්ථානාන්තර ලදින් බුද්ධශාසන නමැති ආකාශයෙහි නැඟු ජයකේතුවක් සේ ඉතා ප්ර්සිද්ධ වූ සේක. කිම්බිලය - භගුය යි යන දෙදෙනා වහන්සේ ද එසේ ම රහත් ව පන්සිය පිරිස් ගෙන බුද්ධශාසන නමැති දිව්ය්රූපයෙහි දිව්යථනෙත්රණයුග්මයක් සේ ඉතා ශොභාසම්පන්න වූ සේක. දෙවදත්තයෝ ද තිස්ස නම් මහ තෛර ව ධ්යානනලාභී වූහ. ඔවුන්ගේ කථාව මතු කියන ඔවුන්ගේ චරිතයෙන් ම දතයුතු. උපාලි මහ තෙරුන් වහන්සේ ද එසේ ම රහත් ව විනයධාරීන් කෙරෙහි අග්රඋවූ ස්ථානාන්තර ලදින් පන්සියයක් පර්ෂද් ඇතිකොට බුද්ධශාසන නමැති මහ ගෘහයෙහි ප්රනදීපයක් සේ සසුන් බැබළ වූ‍ සේක.

ඉක්බිත්තෙන් අනුරුද්ධ මහතෙරුන් වහන්සේ ද විදර්ශනා වඩා රහත් ව ත්රිෙවිද්යාිවෙහි කෙළ පැමිණ පෙර තමන් වහන්සේ පියුමතුරා නම් බුදුන් සමයෙහි පාන් පූජා කළාවූ කුශලයාගේ බලයෙන් වැදහුන් එ ම අස්නේ හිඳ ලක්ෂයක් සක්වළ තුබූ තල ඇටක් සා වස්තුවකු ත් අත්ලෙහි තුබුවා සේ දක්නා තරම් ද්වැස් ලදින් එ තැන් පටන් ශාසනාම්බරයෙහි පුන්සඳ සේ සසුන් හොබවා බුදුසස්නෙහි දිවැස් ඇතියන් කෙරෙහි අග්රසවූ තනතුරු ලදින් බුදුන් මල් අනුරුද්ධ මහතෙරුන් වහන්සේ ය යි මෙ නමින් දිය්යද මනුෂ්ය්යන් කෙරෙහි ඉතා ප්රනසිද්ධ වූ සේක.

මේ අනුරුද්ධ මහතෛරුන් වහන්සේ එක් සමයෙක දනවු සැරිසරා ඇවිදිනාසේක්.....

[සංස්කරණය]

මේ අනුරුද්ධ මහතෛරුන් වහන්සේ එක් සමයෙක දනවු සැරිසරා ඇවිදිනාසේක් මුණ්ඩ නම් නියම් ගමට සිඟා වැඩිසේක. එහි මහාමුණ්ඩ නම් සිටාණ කෙනෙක් වූහ. ඔහු තෙරුන් වහන්සේ පවරා ගෙන වස් තුන්මසක් දන් දී වස් අන්තයෙහි පිළිතෙල් සහල් උක්සකුරු ආදිය ගෙනවුත් “ස්වාමිනි! මේ වස්වාසික ලාභ ය පිළිගත මැනැවැ”යි කීහ. තෛරුන් වහන්සේ උන්ගේ පුතණුවන් මහණ කරවා ගන්නා කැමැති ව “උපාසකයෙනි! මා සමීපයෙහි කැප පිළිගන්වාලන සාමණේර කෛනෙක් නැත, එසේ හෙයින් තිල්න් මට කම් නැත”යි නො පිළිගත් සේක. සිටාණන්ගේ මහා සුමන ය - කුඩා සුමන ය යි පුත් කුමරුවෝ දෙදෙනෙක් වූහ; එසේ හෙයින් සිටාණෝ “එසේ වී නම් ස්වාමිනි! මාගේ මේ මහා සුමන නම් පුතණුවන් මහණ කරවා ගත මැනැවැ”යි කීහ. තෙරුන් වහන්සේ ඔහුගේ හෙතුසම්පත් නැති සේ දැක “මහාසුමනයාගෙන් මට නම් නැතැ”යි වදාළසේක.

සිටාණෝ “එසේ වී නම් ස්වාමිනි! මාගේ මේ සත් හැවිරිදි කුඩා සුමන නම් පුතණුවන් මහණ කරවා ගත මැනැවැ”යි කියාලා පාවා දුන්හ. තෙරුන් වහන්සේ තමන් වහන්සේ එ ගමට උන් උදෙසා ම වැඩි හෙයින් “යහපතැ”යි ගිවිස එ ම දා ම උන් මහණ කරවමි”යි සිතා කරයක් ගෙන්වා ගෙන කුමාරයන් ළඟට කැඳවා ඉසකේ කපන සේක් පළමුකොට කුඩුම්බිය කපා එ කෙස්වැටිය කුමාරයන් අතට දීලා “දරුව! තෙලෙ බල බලා සිටුව”යි කියාලා තමන් වහන්සේ උන් ඉසකේ කපන සේක. සුමණ කුමාරයෝ එ කෙස්වැටි සුඟ බල බලා “මේ මාගේ ආදි ඉස් මුදුනෙහි තුබුයේ ය, මින් එක ලොමකු ත් කන බොන භොජනයෙක වැටී ගියේ නම් බඩඩ අඹර යි, පිළිකුල් කෙරෙ යි, මිනිස් ආත්ම ය පිළිකුල් නියා ය”යි අශුභ ලකුණු උපදවා භාවනා කරන්නාහු ඉසකේ කපා නිම ම් වීම හා සමඟ ම පිළිසිමියා පත් රහත් වූ සේක.

එ වේලෙහි තෙරුන් වහන්සේ සත් හැවිරිදි ඒ සුමන කුමාරයන් රහත් වූ පසු මහණ කරවා ගෙන එදා පටන් දෙපෝයක් මුළුල්ලෙහි දෙමවුපියන් විසින් කරනලද මහා පූජා විඳ පසුව දා බුදුන් දක්නට යම්හ යි කියා උන්වහන්සේගේ දෙමවුපියන්ට කියාලා සාමණේරයන් වහන්සේ කැඳවාගෙන සැවැත් නුවර දිසාවට ආකාශයෙන් වඩනා සේක් හිමාල ය වනයෙහි රමණීය වූ එක් ගල්ගුහාවෙක සැතපුණු සේක. එදා රාත්රිෙභාගයෙහි තෙරුන් වහන්සේ අවකාශයක් නැති ව සක්මන් කරන ලද උදරවාතයක් ඇතිව මහත් වූ පීඩා වි ය; සුමන සාමණේරයන් වහන්සේ ගුරුන් වහස්සේට දුක් මහත් සේ දැක කම්පිත වූ සිත් ඇති ව “ස්වාමිනි! පෙර මේ රුජාව ගත් කල කුමන බෙහෙත් වැළඳූ කල ගුණ වේ දැ”යි විචාළ සේක. එ බසට තෙරුන් වහන්සේ “සාම‍ණේරයෙනි! හිමාලය පර්වතයෙහි අනවතප්ත නම් විලෙක් ඇත, එයින් පැන් වැළඳූකල ගුණ වේ ම ය”යි වදාළ සේක. ඉන් පැන් ගෙනෙම් දැ යි සුමන ය යි ගුරුන් වහන්සේ වදාළ කල “ඒ මට බැරි නො වෙයි ස්වාමිනි”යි කියා සිටි සේක.

එ වේලෙහි ගුරුන් වහන්සේ “සුමන ය! පැන් ගෙනෙන්නට පොහොසත් වී නම් අනවතප්තවිල පන්නක නම් දිව්යප නාග රාජයෙක් අරක් ගෙන වෙසෙ යි, මහත් වූ ආනුභාව ඇතියේ ය, ඔහුගේ ආනුභායෙන් එ විල කල් නො වරදවා ම වැසි වස්නේ ය, එ මා හා පුරුදු ය. මා ලෙඩ බව ඕහට කියාලා මට බෙහෙත් පිණිස පැන් කළයක් වහා ගෙනෙව”යි වදාළ සේක. එ කෙණෙහි සුමන සාමණේරයන් වහන්සේ ‘යහපතැ’යි ගිවිස කළයක් එක අතකින් ගෙන ආකාශයට පැනනැඟී පන්සියයක් යොදුන් පමණ තැන් වැඩ ඒ අනවතප්ත විලට පැමිණි සේක. එ දවස් වනාහි ඒ පන්නක නම් නාගරාජයා ලක්ෂගණන් දිවනයින් පිරිවරා ඒ අනවතප්තයෛහි ජලක්රීණඩා කෙරෙමින් සිටියේ ය. සාමණේරයන් වහන්සේ ආකාශයෙන් වඩනා දැක කිපී “මෙ මුඩු මහණු තෙමේ ඉතා ළදරු ය, තෙමේ තමා බවු නො දැන මා ඉස පියපස් වගුරුවන්නා සේ ආකාශයෙන් එයි, කළයකුත් අතින් එල්වාගෙන එයි; මාගේ විලින් පැනක් සොයා එන සැටි ය. මෝහට පැන් අද නො දෙමි”යි දියකෙළ ඇරපියා මහත් වූ නාවෙසක් මවාගෙන යෙළසියයක් යොදුන් වට ඇති අනවතප්තවිල සිසාරා දරණ ලාගෙන ඌරා ළි‍ඳෙක මතු මතුයෙහි ඌරා කබල් සිටගත්තා සේ, වට මහපවුරක් ලූවා සේ, නොයෛක් පටින් දරණ ලාගෙන කළයෙක පැන් පියනකින් වැස්වා සේ, ඵණ ගබින් ඒ සා විල පැන් වසාගෙන අතක් පොවාලන අවකාශයක් නො පා කිපි කිපී රතැ’ස් බමව බමවා කඹුරු සම් මඬනා සේ හුස්ම සුස්මා වැද හොත්තේ ය. ඉක්බිති සුමන සාමණේරයන් වහන්සේ නාගරාජයාගේ ආකාරය දැක “මොහු මට කිපී අහංකාර කොට හොත් සැටි ය”යි දැන ආකාශයෙහි සිට:


සුණොහි මෙ නාගරාජ! - උග්ග තෙජ මහබ්බල,

දෙහි මෙ පානීයඝටකං - හෙසජ්ජත්ථම්හි ආගතො -යි


යන මේ ගාථාව වදාරා පැන් ඉල්වූ සේක. නාගරාජයා එ බසට සාමණෙරයන්ට කිපී “බල මහණ පැටව! මෙ තෙනට නැ‍ඟෙනහිරි දිග්භාගයෙහි ගංගා නම් ගංගාවෙක් ඇත, එහි සියලු ජල ය ගොස් මහමුහුද ම වැගිර යෙයි, උවමනා වී නම්, තට කාය්ය්ුර්‍ වී නම්, එ ගඟින් පැන් ඇරගෙන යා, මාගේ විලින් තට පැන් බින්දුවකු ත් නො දෙම්මය”යි කී ය. එ බසට සාමණෙරයන් වහන්සේ “මේ නාගරාජයා අද මට ගුණයෙන් පැන් නො දේ ම ය. මොහු නො කැමැති කරවා වී නමුත් බලයෙන් ම අද පැන් ගෙන යෙමි”යි සිතාලා නාගරාජ ය! ශාක්යනසිංහ වූ අප මහා ගෞතම බුදුන්ගේ දෙබෑයන් දරු මල් දිවැස් ඇත්තන් කෙරෙහි අග්රග වූ, දෙවුලොව මිනිස්ලොව ඉතා ප්ර සිද්ධ වූ, තමන් වහන්සේට එක බත් කණෙස්සක් පමණ ලාලූ සිඟන්නන් පවා දෙවුලොව උපදවා ශක්ර්යා හා‍ සම වූ, සම්පත් දී ඉන්දක නම් දිව්යධපුත්රියාය යි ප්රරසිද්ධ කරවා පියන තරම් මහත් වූ ආනුභාව ඇති ඒ අනුරුද්ධ නම් මහතෙරුන් වහන්සේ මාගේ ගුරුන් වහන්සේ ය, මම උන් වහන්සේගෙන් කාරණා ලදින් ඔබ කෙරෙහි වසන එක්තරා එක් සත් හැවිරිදි සාමණෙර ළදරුයෙකිමි, වැළිදු මා බාලයැ යි නො සිත, තා සේ වූ නයින් ලක්ෂයකු ත් මාගේ මිටි සඟවා ගෙන පරරසක්වළ ගසා පියන තරම් ආනුභාව ඇතියෙමි, හිරි මඬල -සඳමඬල ම පාපිස්නා බිසිකඩ සේ මා පාවිටට ගෙන්වා ගනු ත් පොහොසත්මි. මේ මහපොළොව පරඬලා පතක් සේ ඔසවා ගෙන මෙරගල, මත්තෙහි තබාලා වමතින් ඔසවා ගෙන පත්කුඩයක් සේ අතින් ගෙන සක්මන් කරන භික්ෂු කෙනෙකුන් සේ සක්මන් කර ත් පොහොසත්මි, තාගෛ් මේ පනස් යොදුන් මහවිලෙහි පැන් මාගේ එක අල්ලෙන් උකාගෙන තට පැන්පෙතකු ත් නො තබා හැරරගෙන යත් පොහොසත්මි, තට ත් නායක වූ තාගේ ශක්ර්දෙවෙන්ද්රවයා එවාලා මෙම විලින් පැන් ගෙන්වා ගනිත ත් පොහොසත්මි.

අද තෝ මට අහංකාරයක් කෙළෙහි නම් බුදුසසුන් වන් සත් හැවිරිදි බාලදරුවන්ගේ පවා මෙසේ වූ මහිම ඇතැ’යි කියා මතු පස්වාදහසක් කල් මුළුල්ලෙහි ධර්මසකථිකයන් ලවා තුඩ තුඩ ස්තුති කරවා බොහෝ දෙනා විස්මය පත් කරවම් ම ය; ගිනි, මට ගිනි නොවෙයි, දිය, මට දිය නො වෙයි, ගල්, මට ගල් නො වෙයි, යක්කු, මට යක්කු නො වෙති, දැඩියෝ, මට දැඩියෝ නො වෙති, නයි, මට නයි නො වෙති, තට ත් දැඩියන් අඳුනෙම් ම ය, තට ත් වඩා ආනුභාව ඇති තව ද සිය දහස් ගණන් නයින් අඳුනෙම් ම ය, තෝ මට අහංකාර නො කර, මාගේ ගුරුන් වහන්සේ අද මා ලවා ම පැන් ගෙන්වන සේක් ම ය, මම ද පැන් කළයක් ගෙනයෙම් ම ය, පසුව හිඳ ලං්ංා නොව දැන් පැන් කළයක් දීපි ය”යි දෙවනු ව වදාළ සේක. එ බසට නාගරාජයා දණ්ඩෙන් ගැසුවා සේ කිපී “මහණ! අද තාගේ බග බගම් ම ය, මම ද පැන් නො දෙම් ම ය, සුරයෙහි වී නම් පැැන් ගෙනගොස් බලගැ”යි කී ය. “එසේ වී නම් තෙලෙ! බස තා සිත තබ”යි මෙසේ ම තුන්විටක් ප්රනතිඥා හැරගෙන “මම එකලාව පැන් ඇරගෙන ගියෙම් නම් අදුරු ගෙයි නැටුවා සේ අප්රවසිද්ධ වෙයි, බුදුන් දරුවන්ගේ බල බොහෝ දෙනාට දක්වාලා, සියලු සතුන් තුනුරුවන් කෙරෙහි පහදවාලා, මොහුගේ මාන භඬ්ග කොට පැන් ගෙන යෙමි”යි සිතාලා එ කෙණෙහි ආකාශස්ථ දෙවියන් කරා ය, සතර වරම් දෙවිරජුන් කරා ය යි මකුළු හුයක් දා නො යන ඇසිල්ලෙහි වැඩ ඔවුන් හැම දෙනාට කියාලා.

එයින් අසුරුසනකින් ශක්රයභවනයට වැඩ....

[සංස්කරණය]

එයින් අසුරුසනකින් ශක්රයභවනයට වැඩ ශක්රලයන් ආදි වූ දෛවියන්ට කියාලා. එයින් සුස්මක් එළා නො ලන ඇසිල්ාලහි වැඩ සුයම් වැසි දෙවියන්ට කියාලා. එයින් ඇසිපියක් එළා නොලන ඇසිල්ලෙහි වැඩ සන්ත්ර ෂිතයෙහි දෙවියන්ට කියාලා. එයින් පැනක් බී නො පියන ඇසිල්ලෙහි වැඩ නිර්මාණ රතියෙහි දෙවියන්ට කියාලා. එයින් විදුලියක් ගසා අන්තර්ධාන නො වන ඇසිල්ලෙහි වැඩ පරනිර්මිතවශවර්තියෙහි දෙවියන්ට කියාලා. එයින් දික් කළ අතක් වක් නො කරන තුරු බඹලොවට වැඩ අරූතල අසංඥතලයන් හැර පසළොස් බඹලොව බඹුන් කරා වැඩ මේ සියලු දෙවියන් තමන් වහන්සේ දැක “ඇයි ස්වාමිනි! වැඩි සේක් නැ”යි කී කල “අනවතප්ත විල පන්නක නම් නාගරාජයා හා මා හා දැන් යුද්ධයෙක් වෙයි, තෙපි තෙපි එ තෙනටට අවුදින් බුදුසසුන් වැද මහණ වූ සත් හැවිරිදි බාල දරුවෝ ජ ජ‍යගනිද් දෝ හෝ යි නෙ‍ාහොත් කර්කශ වූ විෂඝොර නයි ජය ගනිද්‍ දෝ හෝ යි එතෙන බලා සිටුව”යි කියාලා ඇසිල්ලෙකින් නැවත එම තෙනට වැඩ ආකාශයෙහි නිශ්චල ව වැඩ සිටිසේක.

එ වේලෙහි දිව්යිබ්ර.හ්මසෙනාව ඔවුනොවුන් පරයා දිවගෙන අවුදින් ඒ සා තුන්දහසක් යොදුන් අයම් විතර ඇති හිමාලය වනයෙහි අවකාශ මඳහෙයින් සූ ක්ෂ්ම වූ වෙස් මවාගෙන නළෙක පුරාලූ රන්සුණු සමූහයක් සේ අවකාශයක් නැති ව අහස්කුස පුරා සිට ගත්හ. මෙ මහත් දිව්යතසෙනාව මධ්ය යෙහි නාගරාජ යා අතින් පෛර සේ ම පැන් ඉල්වා වදාළ සේක. පෙර කීවා සේ ම නාගරාජය‍ා ත්, “සුරු නම් පැන් හැරගනුව”යි කී ය. මෙසේ තුන්යලක් කියවාගෙන දොළොස් යොදුන් මහ බඹ වෙසක් මවාගෙන ඔහුගේ පනස්යොදුන් ඵණගබ පිටට බැසලා සත්ගවු සමාරක දිග ඇති පතුල් දෙකින් ඉක්මන් නොවන සක්මන් කරන සේක්. සක්මන් කොට කොට දෙවිළුමෙන් සැරහි සැරහී මැඩ මැඩ ලන සේක. එ කෙණෙහි නයි සුස්මන හඬ ත් අහස් ගිගුම් හා‍ මුහුදු රළගිගුම් හා එක එල්ලයට පැමිණ ගියා සේ ඉතා මහත් වූ ඝොෂා වි ය. එ කෙණෙහි නාග රාජයාගේ ඵණය මඩු ත් මඩු ත් අසුඅස්සෙන් ජලධාරාවෝ තල්කඳ සා පොල්කඳ සා ව ආකාශයට ගවු දෙගවු උස නා‍ඟෙන්නට පටන් ගත්තාහු ය; සක්මන් කරමින් සිට ම ජලධාරාවට කළය අත්ලෙහි තබාගෛන පෑලා පැන් කළයක් පුරාගෙන “අප ආ කම් නිපන, නාගරාජ ය! අපි යම්හ, මොහුගෙන් දුන් පැන ම අප ගත් නියාව, තෙපි තෙපි ත් දෙස් වව”යි දෙවියන්ට ත් කියාලා බ්ර8හ්මාත්මභාව ය අන්තර්ධාන කොට මහණ වෙසින් ම නික්මුණු සේක. එ කෙණෙහි දිව්යටබ්ර හ්මසේනාව මහත් වූ සාධුකාර පූජා කළාහු ය.

එ කෙණෙහි නාගරාජයා මහත් වූ ලජ්ජා ඇතකි ව දෙවියන් තමාට කරන වෙහෙසුම් ඉවසාගත නොහී “මෙ මුඬුමහණ තනි ව පැන් ඇරගෙන නො ගොසින් මේ සා වූ ද්ව්යහසේනාව මධ්යනයෙහි මට නින්දා කෙළේ ය”යි කිපී අද ඔහු කටට අත ලා ලා හදවත හෝ කඩා දමමි, දෙකකුල අලිවාගෙන පරගඟට හෝ ගසමි”යි කිය කියා සැරයක් විදපුවා සේ සාමණේරයන් වහන්සේ පසු පස්සෙහි ලුහුබඳවා දිව, සන්හුන් ගමනින් නිශ්චල ව පසු නො බලා වඩනා ස්වාමින් හඹාගත නොහේ ම ය.

මෙසේ පැන් ගෙන ගොස් වැඩ ගුරුන් වහන්සේ අතට පැන් පිළිගන්වාලා “වළඳා මැනව, ස්වාමිනි”යි ආරාධනා කළ සේක. එ කෙණෙහි ඒ නාගරාජයා දිව දිව අවුදින් “ස්වාමිනි! අනුරුද්ධ මහ තෛරුන් වහන්ස! තෙලෙ පැන් නො වැළඳුව මැනව, නො වැළඳුව මැනව;මහණුන් නම් නුදුන් දෙයක් උදුරා ගත නො හැක්කේ වේ ද මේ සාමණෙරයෝ මාගෙන් නුදුන් පැන් උදුරා ගෙන ගෙනාවාහු ය”යි කී ය. තෙරුන් වහන්සේ සාමණෙරයන් වහන්සේ මුහුණ බලා “සබා ද සුමනය” යි වදාළ සේක. සාමණෙරයන් වහන්සේ “මොහු මට දුන් පැන් ම ගෙනාමි, පැන් කැප ය, වළඳා වදාළ මැනැවැ”යි කී සේක. මහ තෙරුන් වහන්සේ “රහත් සාමණෙරයෝ බොරු නො කියන්නාහු ම ය”යි දැන පැන් වළඳා වදාළ සේක. එ කෙණෙහි රුජාව අන්තර්ධාන වි ය.

ඉක්බිත්තෙන් නාගරාජයා “මේ සාමණෙරයෝ බොහෝ දෙවියන් මධ්යජයෙහි මට බොහෝ නින්දා කළාහු ය, මුන්ගේ හදවත හෝ කඩා දමමි, දෙකකුල ගෙන පරගඟට හෝ ගසමි”යි කීය. මහතෙරුන් වහන්සේ “නාගරාජ ය! තා සේ වූ නයි ලක්ෂයකු ත් කෝටියකු ත් සාමණෙරයන්ට හානියක් කළ නො හෙති, ඔහු මහත් වූ ආනුභාව ඇතියාහ, නො දොඩා උන් වැඳ ක්ෂමා කරවා ගනැ”යි වදාළ සේක. දෙවියන් වෙහෙසන ලජ්ජාවෙන් සිටගත නොහී ආ බව මුත් නාගරාජයා ත් සාමණෙරයන් වහන්සේගේ බල දත් ම ය, එසේ හෙයින් වැඳ ක්ෂමා කරවා ගෙන “මෙයින් මතු පැනක් උවමනා විට ගැත්තවුට කියා එවා වදාළ මැනැව, ගැති ම ගොස් පැන් පිළිගන්වාලා එයි” කියා සාමණෙරයන් වහන්සේට ආරාධනා කොටලා නාගරාජයා පලා ගි ය.ඉක්බිත්තෙන් මහ තෙරුන් වහන්සේ බුදුන් වැඩහුන් ඒ පූර්වාරාමයට වැඩි සේක.

තෙරුන් වහන්සේ වඩනා බල බලා බුදුහු විහාඛාවන් කැරවූ ඒ මිගාරමාතු නම් මහ පායෙහි මතු මාල්තෙලෙහි වැඩහුන් සේක. එ වේලෙහි සමහර භික්ෂූන් වහන්සේ පෙරමඟට ගොස් මහතෙරුන් වහන්සේ අතින් පාසිවුරු ගෙන වඩා හිඳුවා පය ශෝධා ඇඟට පත් සලා ආගන්තුක සත්කාර කරන සේක. පෘථග්ජන සමහර වහන්දෑ සුමන සාමණෙරයන් වහන්සේ කරා ගොස් කන්රොඹුව ඇද ඇද හිසකේ අල්වාගෙන සල සලා කිමෙක් ද සඟ පැටවාණෙනි! කවර දා මහණ වූ ද, රෑ රෑ සයින් වැදහොත හෙවු ද, ගමට බඩ නො කකියා ද, තොපගේ ගම දී මෑණියන් තනතුරට වැැදලා වක ගසාගෙන නිඳන කල සුව ද දැන් උදකලා ව වැදහෝනා කල සුව ද”යනාදීන් කෙළියට නිසි වෙහෙසුම් බස් කිය කියා රහත් බවු නේ දැන භය නැති ව ම කෙළිනා සේක. බුදුහු මේ කාරණය දැක “මේ භික්ෂූහු නයකුගේ ග්රිබව ය අල්වාගෙන කෙළිනා සත්ත්වයන් සේ, මතැ ‘තකුගේ දළ අල්වාගෙන කෙළින්නන් සේ, මේ ස‍ාමණෙරයන් බල නො දැන ප්රා තිහාය්ය්්ර්‍ නො දැන උන් හා කෙළිනාහු ය, අද ඔහුගේ බල දෙවියෝ ඇම දුටහ, භික්ෂූගණයාහට ද ඔහුගේ ආනුභාව අද දක්වමි”යි සිතා වදාළ සේක.

එ කල මහතෙරුන් වහන්සේ බුදුන් කරා ගොස් දැක වැඳ.....

[සංස්කරණය]

එ කල මහතෙරුන් වහන්සේ බුදුන් කරා ගොස් දැක වැඳ එකත්පස් ව හුන් සේක. බුදුහු උන්වහන්සේ හා කැටිව පිළිසඳර කථා කොට ලා අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා “ආනන්ද ය! අද අනවතප්ත විල ජලයෙන් දැන් පාද ධොවන ය කරනු කැමැත්තෛමි, සාමණේරයකු යවා පැන් ගෙන්වව”යි වදාළ සේක. එ වේලෙහි අනඳ මහ තෙරුන් වහන්සේ පන්සියයක් සාමණෙරයන් රැස්කොට පාළියෙන් සිටුවාලා “ඇවැත්නි! බුදුහු අනවතප්ත දියෙන් පාද ධොවන ය කරන සේක, පැන් ගෙනෙන්ට පොහොසත් කෙනෙක් කවුරු දැ”යි විචාරා හැමදෙනා ම “අපට බැරි ය”යි කී කල කෙළවර සිටි සුමන සාමණෙරයන් ළඳට ගොස් “අනවතප්ත විලින් පැන් ගෙය ඉය හෙවු දැ”යි විචාළ සේක. සාමණේරයන් වහන්සේ “බුදුහු මා හා පැන් ගෙන්වන සේක් වී නම් ගෙනෙමි”යි කියාලා බුදුන් කරා ගොස් ස්වාමිනි! අනවතප්ත විලින් මා හා පැන් ගෙන්වන සේක් දැ”යි විචාරා “බල ඇත්තෙහි නම් සුමන ය පැන් ගෙනෙව”යි බුදුන් වදාළ කල බුදුන් වැඳ සමු ඉල්වාගෙන දෙවනු ව ගුරුන් වහන්සේ වැඳලා එ වෙහෙර විශාඛාවන් සාංඝිකකොට කරවා ලැවූ සැට සැට කළය පැන් ගන්නා මහදිය කළ සැටින් එක් කළයක් මුව විටින් අල්වා වියලී ගිය ලබ්බක් එල්වා ගත්තා සේ එක් අතකින් එල්වාගෙන පක්ෂප්රිහාර කොට ගුවන් කුසට පැන නැඟි හංසපොතකයකු සේ සියලු භික්ෂූගණයා බල බලා සිටිය දී ආකාශයට පැන නැඟී අනවතප්තවිල දිශාවට නික්මුණු සේක.

නාගරාජයා සාමණේරයන් වහන්සේ දුරදී ම වඩනා දැක චක්ර වර්තියක්හු දුටු චණ්ඩාලයකු සේ භය ඇඅති ව පෙර මඟට දිව දිව අවුදින් ඔබ අතින් කළ ය දෑතින් ඇරගෙන පැන් කළයක් පුරා තමා කරපිට තබාගෙන “ස්වාමිනි! වැඩවදාළ මැනැව, ගැති ම කැටි ව ගොස් පැන් හැර දීලා එයි” කියාලා නික්මිණ. සාමණේරයන් වහන්සේ “නාගරාජ ය! මාගේ බුදුහු මා ලවා ම පැන් ගෙන්වනු කැමැති සේක, තෝ සිටැ”යි ඔහු රඳවා පියා පැැන්කළය අත්ලෙහි තබාගෙන ආකාශයෙන් වඩනා සේක. බුදුහු දුර එන සාමණේරයන් දැක පෙර කෙළි හැම භික්ෂූන් ළඟට කැඳවා “මහණෙනි! රාජහංස ලීලාවෙන් සුමන සාමණේරයා එන ලීලාවක් බලව”යි කිය කියා වැඩඋන් සේක.

ඉක්බිත්තෙන් සාමණේරයන් වහන්සේ වැඩ පැන් කළ ය එකත්පස්කොට තබාලා බුදුන් වැඳ සිටිසේක. එ වේලෙහි බුදුහු ඔබ පැනින් පය ශොධා සාමණේරයන් වහන්සේ මුහුණ බලා “සුමන ය! දැන් තෝ කී හැවිරිද්දෙහි දැ”යි විචාරා “ස්වාමිනි! සත් හැවිරිදියෙමි”යි කී කල “රජකුට දස්කම් කළාවූ ළදරුවකුට ත් ගරු තනතුරු ලැබේ ම ය, මා වැනි සද්ධර්ම වර චක්රතවර්තියක්හුගේ ශාසනයෙහි බාල ව සිට දිව්යස බ්රවහ්මයන් මධ්යරයෙහි මේ සා වික්රලමයෙකින් සසුන් බල පෑ ලොව විස්මයපත් කළා වූ තට ගරු වූ තනතුරක් දෙමි, මාගේ සස්නෙහි විසිහැවිරිදි වූ කල ම උපසම්පදා කෝටියක් සංවර ශීලය ලැබෙයි, තෝ දැන් සත් හැවිරිද්දෙහි ම උපසම්පදා ව”යි වදාරා එම විට ම ඔබ උපසම්පදා කොට වදාළ සේක්.

තව ද මේ බුදු සස්නෛහි අනික් සොපාක නම් සාමණේර කෙනකුන් වහන්සේ......

[සංස්කරණය]

තව ද මේ බුදු සස්නෛහි අනික් සොපාක නම් සාමණේර කෙනකුන් වහන්සේ හා මේ සුමන සාමණේරයන් වහන්සේ විනා සත් හැවිරිදි වයස උපසම්පදා වූ අනික් එකද භික්ෂූ කෙනෙක් නැත්තාහු ම ය. මෙසේ මේ සුමන සාමණේරයන් වහන්සේ එ තැන් පටන් සසුන් නමැති ආකාශයෙහි දිලියෙන අභිනව පූර්ණ චන්ද්ර යා සේ ප්රශසිද්ධ ව අසාධාරණ වූ උත්තම ප්රනතිපත්තීන් ජීවිතාන්තය දක්වා බුදුන්ට පූජා කළ සේක.

මෙසේ රාහු අසුරෙන්ද්ර්යා විසින් කරන ලද මහා නමස්කාර පූජා ය, සුමන සාමණේරයන් විසින් කරන ලද ප්රා්තිහාය්ය්යර්‍ ප්රාතිපත්ති පූජා ය, ආදි ශබ්දයෙන් දක්වන ලද සොපාක නම් සාමණේරයන් වහන්සේ ය, පණ්ඩිත නම් සාමණේරයන් වහන්සේ ය, රෙවත නම් සාමණේරයන් වහන්සේ ය, සංකිච්ච නම් සාමණේරයන් වහන්සේ ය, සුඛ නම් සාමණේරයන් වහන්සේ ය යි යනාදි වූ ක්ෂීණාශ්රනව ශ්රාණවක වූ සත් හැවිරිදි - දොළොස් හැවිරිදි හෙරණුන් විසින් කරන ලද අසාධාරණ වූ ප්රසතිපත්ති පූජා ලත් හෙයිනු ත් එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනු ත්, මහ පොළොව සේ විශාරද වූ ගුණ ඇති, මහ මුහුද සේ ගැඹුරු වූ ගුණ ඇති. මහමෙර සේ ස්ථිරසාර වූ ගුණ අති, ආකාශය සේ අනන්ත වූ ගුණ ඇති, අකනිටා බඹලොව සේ ඉතා උස් වූ ගුණ ඇති, සක්වළ සේ අපය්ය් ර්න්ාත වූ ගුණ ඇති, සත්ත්වලොක ය සේ අචින්ත්ය් වූ ගුණ ඇති, සංස්කාර ලොක ය සේ කල්පනාවට අවිෂය වූ ගුණ ඇති, සෘද්ධීවිෂය සේ සූක්ෂ්ම වූ ගුණ ඇති, බුද්ධවිෂය සේ අනුන් විසින් නො සිතිය හැක්කා වූ ගුණ ඇති, යුගන්ධර සාගරය සේ වනුවන්නවුන් ගුණ මුහුද ම ගලා ගන්නා වූ, සියුම් ගුන ඇති, හිරුට වඩා තෙජො ගුණ ඇති, සඳුට වඩා සෞම්ය් ගුණ ඇති, මාගේ ස්වාමිදරු වූ, මාගේ ම ගුරු වූ, මාගේ දෙවි වූ, මාගේ ම කල්යාිණ මිත්ර වූ, මට ම ශරණ වූ, මට ම පිහිට වූ, මා ම නිසා බුදු වූ, මා ම නිසා මේ සද්ධර්ම දෙශනා කොට තබා ලූ, මාගේ ම තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මේ මේ කාරණයෙනු දු අර්හත් නම් වන සේක.

එසේ හෙයින් කියන ලදුයේ මැයි: ‍

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො,

අත්ථානුරූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං යි.


මේ පූජාවලියෙහි අප බුදුන් සුමන සාමණෙරාදි හෙරණුන්ගෙන් ලද දහරභික්ෂු ප්ර තිපත්ති පූජා කථා නම් වූ ‍ එකුන්විසි වන පරිච්ඡෙදය නිමි.