Jump to content

පූජාවලිය-ප්‍රතිපත්ති පූජා කථා

Wikibooks වෙතින්

පූජාවලිය


සවිසි වන පරිච්ජේදය


තව ද: අප බුදුන් මහාප්‍රජාපත්‍යාදි භික්ෂූණිගෙන් ලද ප්‍රතිපත්ති පූජා...

[සංස්කරණය]

තව ද: අප බුදුන් මහාප්‍රජාපත්‍යාදි භික්ෂූණිගෙන් ලද ප්‍රතිපත්ති පූජා නම් කවර යත්? ඒ මහා ප්රාජාපති ගොතමින් වහන්සේගේ දැන් මා විසින් කියන පිළිවෙළ කථාව සත්පුරුෂ වූ ස්ත්රිේ-පුරුෂයන් විසින් සාවදාන ව අසා බුදුබල දතයුතු. උන්වහන්සේ නම් දෙවුදැහැ නම්වූ කොළිය නුවර මහා සුප්රනබුද්ධ නම් වූ අඤ්ජන ශාක්යව රජ්ජුරුවන්ගේ දියණියන්ගේ දියනියන් වහන්සේ ය, කිඹුල්වත්පුර සිංහහනු රජ්ජුරුවන්ට නං වූ සු‍ඬොදන රජ්ජුරුවන්නැන්දනියන් සුහලක්නනා නම්වූ මහා යහොදරා දෙවින් කුසින් උපන්හ. ඔවුන්ට නම් තබන දඟුලෙහි රුස් වූ නක්ෂත්රර පාඨකයෝ ඔවුන්ගේ පඤ්චකල්යාඔණ ආදි වූ නො එක් ස්ත්රීක මඟුල් ලකුණු බලා ‘මේ කුමාරිකාවෝ මතු පුතු වැඳු නම් එ පුතු සක්විති රජ වෙයි. දුවක වැදු නම් එ දු සක්විති රජක් හට අග බිසෝ වෙයි, තව ද අනික් උත්තම ස්ත්රි යක කුසින් උපන් පුතුදු මොවුන්ගේ ම එර වැඩි එ පුත් දෙවියනුදු අතින් වැදුම් “ගන්නා තරම් මහත් වූ පින් බල ඇති වෙයි. මේ මේ කාරනයෙන් මොහු ඉතා මහත් වූ පුත්රඇ ප්ර ජාවට පති වන පින්වත් කෙනෙකැ යි ඔවුන්ට ‍සෙසු නමෙකින් කම් නැතැ යි මහා ප්රනජාපති ය යි නම් තබා ගියහ. මේ කාරණෙයෙන් ගොත්රා නාම ය හා සමඟ මහා ප්රාජාපති ගොතමි යයි මෙ නමින් ප්රරසිඬ වූහ.ඔහු මහාමායා දේවින් නැඟණියහ.

ඔහු දෙදෙන ම ඔවුනොවුන් පරයනි ගුණ හ‍ා පඤ්චකලයාණෙ රූසිරි ඇතියහ. දෙදෙන ම එකපස්මයෙන්හි වාසය කරන ශ්රීසකාන්තාවන් දෙදෙනකු සේ එකපද්මයෙක්හි වාසය කරන ශ්රීසාන්තාවන් දෙදෙනෙකු සේ සුද්ධොදන රජ්ජුරුවන් කෙරෙහි අග මෙහෙසිනි ව වැස මහාමායා දෙවී අප බුදුන් වදා , ඔබ උපන් සත්වන දවසින් මියතුසි පුරෙහි මාතෘ නම් පුරුෂ දිවයරාජන් ව ඉපැද සියලු දිවය ඵෙහ්වය්ර්‍ බලා බුදුන් වැදු පිනින් ලද්දා වූ දිව්ය ඓශ්චය්ය්්ර්‍ නියාව දැන පුතණුවන් වහන්සේ කෙරෙහි උපන් මහත් වූ ප්රේ‍මයෙන් එ කෙණෙහි ම දෙවුලොවින් දිව අවුදින් දිව්ය්සේනාව හා සමඟ ශ්රීහ යහන් ගබඩාවෙහි අරක් ගත්හ.එ කල බුදුන් උපන් පස්වන දවසින් මහා ප්ර ජාපති ගොතමි නන්ද මහ තෙරුන් වදා,එ පුතණුවන් කිරිමවුන්ට පාවා දී බුදුන් ම මහ පෙම් කොට වැඩුහ. එසේ හෙයින් ඔහුතුමූ ස්වල්ප කෙනෙක් නො වෙති, බුදුන්ගේ කුඩා මැණිමහ, මහ පින්බල ඇතියහ; එසේ හෙයින් ඔවුන්ගේ විසිතුරු වූ කථා සත්පුරුෂයන්ගේ මුකපද්මයන් ප්ර බොද කරවයි, සිත් නමැති කෞමදයන් පුබුදුවයි, කුසල් නමැති මහලිය ය මල් ගන්වයි, කර්නයට රසායන කරවයි, එසේ හෙයින් සත් පුරුෂයන් විසින් සාවධාන විසින් සාවධාන ව ම ඇසිය යුතු.

මාගේ ස්වාමිදරු වූ ශාක්යමසිංහෙන්ද්රෂ වූ තිලෝගුරු බුදුරජානන් යට කී ක්රකමයෙන් ලොවුතුරා බුදු ව බන්ධුසංග්රුහ නිසා පළමු වන ගමනෙහි කිඹුල්වත් නුවර වැඩි දා සවස යමා මහ පෙලහර දක්වා බුද්ධ වංශ -අනාගත වංශ චය්ය්මර්‍ පිටක-වෙස්සන්තර ජාතකාදි නො එක් දෙශනායෙන් ධර්මමප්රසවාහ කොට දෙවන දා උදාසන යටිකි ක්රමමයෙන් සිඟා වැඩවීථියෙහි දි වදාළ බණින් සුද්ධෝදනරජ්ජුරුවන් සෝවාන් -සෙදගැමි කොට රජගෙයි දී වදාළ අනුමෙවුනි බණින් මහා ප්රයජාපති ගොතමින් සෝවාන් කොට පස්වරු යශොධරා දෙවින්ගේ රජගෙයි දි වදාළ චන්දින්නර ජාතක දෙශනාවෙන් ඔවුන්ගේ ශොක සන්හිඳුවා,තුන් වන දවස් නන්ද කුමාරයන් මහණකොට,මහා ධර්මදපාල ජාතක දෙශනාවෙන් සුද්ධොදන රජ්ජුරුවන් අනාගාමි කොට, යට කී ක්රනමයෙන් ගම් නියම්ගම් රාජධානිවල ලෝවැඩ වඩා වැඩ දෙවුරම් වෙහෙර වාසය කරන කල්හි ශාක්ය - කොළිය දෙ නුවර රජුන්ගේ රොහිණි නම් ගංගාවෙහි දී දිය ඩබරක් නිසා මහා සංග්රා මයෙක් වි ය. කෙසේ වූ සංග්රාීමයෙක් ද යත්? ශාක්යව - කෝළිය දෙනුවර වාසිහු එක් ව රෝහිණි නම් ගංග‍ාව අවුරා බැඳ දෙභාගයට දිය නඟා ගොයම් කොට පැසවන්නාහු ය, පොසොන් මස පහරන සැඬ මහ නිය‍ඟෙහි ගඟ දිය මඳ ව දෙබාග යෙහිම කරල්නඟන ගොයම් මියන්නට පටන් ගත. එ කල දෙනුවර වාසීන්ගේ ක්ෂෙත්ර පාලයෝ එක් ව කථා කරන්නාහු “ගඟ දිය දෙභාගයට ම යේ නම් ඒ භාගයෙහි ගොයම් පැසෙයි, දෙභාගයට දිය හළහොත් දෙබාගයෙහි ම ගොයම් මියෙයි, අපගේ භාගයට ම දිය හැරපියව, අපගේ භාගයට ම දිය හැරපියව”යි ඔවුනොවුන් අතින් දිය ඉල්වුහ.

එ කල කෝළිය නුවර ගොවි කියන්නාහු, “තොපගේ නුවර බඩසල් පිරි ගියේ නම් තොප හා තොපගේ රජුන්ට දුව, එදා අප හැම බඩ පිරි නො යෙයි, අපි දිය නො දෙම්හ”යි කීහ. ශාක්යම නුවර ගොවි ද “තොගේ නුවර බඩසල් පිරී ගියේ නම් තොප හා තොපගේ රජුන්ට සුව ය, එදා අප හැම බඩ පිරි නො යෙයි, අප නො වෙහෙසව, අපි දූ දිය නො දෙම්හ”යි කියා දිය බැන්දහ. එ කල කෝළිය නුවර ගොවීහු එ දිය කැපුහ. එ කල කලහ වඩාගෙන යත් යත් එකෙක් එකකු පහළ, දෙන්නෙක් දෙන්නකු පහළහ, සතර දෙනෙක් සතර දෙනෙකු පහළහ, අටදෙනෙක් අට දෙනෙකු පහළහ. සොළොස් දෙනෙක, දෙතිස් දෙනෙක, යනාදි වසයෙන් දෙනුවර ගොවීහු ඔවුනොවුන් පැහැර දෙබාගයෙහි ම බල සම හෙයින් එක් භාගයෙක ගොවීන් පරදවා දිය උදුරා ගත නොහී දියදරාන්ඩ දෙභාතයෙහි වෙන් වෙන් ව ඔවුනොවුන්ට උදලු මිටි අමෝරා ගෙන සිටි කල්හි ඔවුනොවුන්ට ප්රොහාර දීගත නො හී වාක් පරුෂයෙන් ජය ගනුම්හ යි ජාති ඝටනයෙන් බැණ ලජ්ජා කරම්හයි කෝළිය නුවර ගොවිහු කියන්නාහු “කොල! තෙපි ශොණ ශෘගාලයන් සේ ඔවුනොවුන් කෙරෙහි කෙරෙහි ලජ්ජා නැති ව කුශ හොත් නගුන් පවා කලත්රන කොට ඥතිසම්භෙද කරන ශාක්ය යන් ගේ ගැති ‍කොල්ලෙනි’ තෙපි අපට දිය නො දෙවුම දැ”යි බිණුහ. ශාක්යෙ නුවර ගොවීහු එ බසට කිපි “සර්වාුජගයෙහි ශ්වෙතකුෂ්ට ඇතිව වල් වන් ගැහැණියක කුසින් කු්ට ඇති ව වල්වන් මිනිසක් හට දා ව කොළොම් සිදුරෙහි දී උපන් ග් ඔඩැල්ලෙහි වවුලන් සේ අශරණ. ව වැඩුණු කෝලියයන්ගේ ගැති කොල්ලෙනි! අපට දිය නො දෙවුම දැ”යි මෙසේ ඔවුනොවුන්ගේ රජදරුවන්ට කුල ඝටා බිණුහ. එ වේලෙහි සමහරු තමන් තමන්ගේ නුවරට දිව දිව ගොස් තමන් තමන් තමන්ගේ නුවරට දිව දිව ගොස් තමන් තමන්ගේ ධුර මුදලිවරුන්ට කලහ ඩබර හා දිව බිණු බිණුම් එකක් දෙකක් කොට කියෙක් කියා ඉදවූහ.ඔහු දිව දිව ගොස් ඒ දසයක් කොට කියා මහ ඇමැතියන් ඉද වූහ. ඔහු කිපි කිපී ගොස් දසයක් විස්සක් කොට කියා හුවරජුන් සිත් කැලඹූහ. ඔහු ගොස් විස්සක් තිසක් කොට කියා හුවරජුන් සිත් කැලඹුහ. ඔහු ගොස් විස්සක් තිසක් කොට කියා සේනාධි පතීන් කලකිරවූහ. එහු කිපි දිව දිව ගොස් සියක් දහසක් කොට කියා නිය පිට ගල් ගැසූ මතැතුන් සේ රජුන් කෝපයෙන් මත් කරවාපීහ.

එ කල අසූ දහසක් ශාක්යි රජදරුවෝ සුලං දුටු ගිනිකඳන් සේ කෝගින්නෙන් දිලිහි දිලිහි තමන් තමන්ගේ ඇත්-අස්-රථ-පාබල සෙතග ගෙන “නඟුන් හා ඥති සම්භෙද කරන ශාක්යසයන් ගේ කඩුවල මුවහත් ඇති නියාව කෝළියන්ට පෑ බලම්හ. කෙහෙල්කඳන් සේ අද ‍කෝළිය රජුන් පොලු ගනුම්හයි වාසි කියා දිව දිව අවුදින් විදුලිය සේ දුනුදිය සේ කඩුවක් බම බමා සියදහස් ගණන් සෙනහඬ සේ දුනුදිය වල අත් පොළ පොළා ගංගාවෙහි එක් භාගයෙක ඇනිලා සිටගත්හ. එ තෙපුල් ඇසූ අසූදහසක් පමණ කෝළිය රජදරුවෝ ද ගිනි දුටු ගුණු සේ කිපි තමන් තමන්ගේ සිවුරඟ සෙනග ගෙන “කොළොම් සිදුරෙහි උපන් අශරණයන්ගේ කඩුශරණ ඇති බව ත් මුවහත් ඇති බවත්, ශාක්යුයන්ට හඟවා අලමඳන් සේ ඇසිල්ලෙකින් පොලු ගන්නා බලව”යි වාසි කිය කියා දිව දිව අවුදින් ගඟ අනික් භාගයෙහි වැසි ගිගුම් දුටු මහ මුහුදක් සේ ගර්ජනා කෙරෙමින් කඩුපත් බම බමා සිටගත්හ.

එ කල ශාක්යජනුවර උපන් බිසෝවරු...

[සංස්කරණය]

එ කල ශාක්යජනුවර උපන් බිසෝවරු කෝළිය රජුන් කෙරෙහිම වෙසෙති, කෝළිය නුවර උපන් බිසෝවරු ශාක්යක රජුන් කෙරෙහි ම වෙසෙති, එසේ යෙහින් තමන් තමන්ගේ මල්බෑයන් මරම්හ යි කිය කියා තමන් තමන්ගේ පිරිවර හා සමඟ අවුත් අසූ දහසක් ශාක්යි බිසෝවුරුන් හා අසූදහසක් කෝළිය බිසෝවුරුන් හා අසූදහසක් කෝළිය බිසෝවරුන් හා දෙභාගයෙහි ම සාහසික ව බන්ධුප්රේයමයෙන් ස්වාමිප්රේහමයෙන් “අදකවුරුන්ට කුමක් වේ දෝ හෝ “යි කියමින් දෙ සෙනගෙහි ම සම වූ කරුණාවෙන් වැලප වැලප සිටියහ. ඒ සා දෙ නුවර ගේ බලන්නෝ පමණකුත් නො රදා දෙ නුවර ම සිස් කොට අවශෙෂ වූ සත්ත්යයෝ අවුත් වන්හ. එ කල මාගේ ස්වාමි දරුවූ බුදුරජාණන් වහන්සේ එ දා අරුණෝද්ගමන වේලායෙහි “අද කෙසේ වූ ලෝවැඩක් කෙරෙම් දෝ හෝ”යි ලෝකය බලා වදාරන සේක් එ දවස් තමන් වහන්සේගේ බන්ධුසමූහයා බොහෝ දෙන න්නා සේ දැක. තමන් වහන්සේ එ තෙනට වැඩියහොත් එ දවස් වන බොහෝ වැඩදැක, තමන් වහන්සේ එ තෙනට වැඩියහොත් එ දවස් වන බොහෝ වැඩදැක. පාත්ර සිවුරු තමන් වහන්සේ ම ගෙන උපස්ථායක වූ අනඳ මහ තෙරුන් වහන්සේ පමණකුත් නො කැඳවා , එකචාරි සිංහරාජයකු සේ සවස් වේලෙහි දෙවුරම් වෙහෙරින් නික්ම එ තෙනට වැඩ, දෙ සෙනඟ මධ්යවයෙහි ගං මුදුනෙහි ආකාශයට පැනනැඟි “මාගේ නෑයෝ දෙදෙනෙක් ඔවුනොවුන්ට නො පෙනෙත්ව යි, මාගේ මෛත්රීො පාරමිතා නමැති මහ දියවතුරෙන් ඔවුන්ගේ කෝගිනි සන් හි‍ඳේව”යි අධිෂ්ඨාන කළ සේක. එ වේලෙහි ඔවුන්ගේ ඒ සා මහත් සෙනග දෙදෙනෙක් ඔවුනොවුන්ට නො පෙනෙති, ඔවුනොවුන්ගේ කටහඬ ත් නො අසති, තමන් තමන් අත තුබූ ආයුධ නො දකිති. එ කල දෙ සෙනග ම ලෝඇදිරි නරයට වන්නවුන් සේ සටන් තබා අන්ධාරයෙන් මුර්ජා වූහ. එ කල බුදුහු ඒ අඳුර අන්තර්ධාන ‍කොට ආකාශයෙහි සරාහිරි මඬලක් සේ පෙනි වඳාල ‍සේක.

එ වේලෙහි මරසෙනග් සේ දෙගං භිත්තියෙහි සිටි මහ සෙනග”කොල! මේ සබා අඳුරෙක් නො වෙයි, අප බුදුන්ගේ පෙළහරෙක, අප බුදුහු අපගේ මේ කලහ දැක අප බුදුන්ගේ පෙළහරෙක, අප බුදුහු අපගේ මේ කලහ දැක අප සන්හිඳුවන නිසා වැඩියහ, අප බුදුහු අපගේ මේ කලහ දැක අප සන්හිදුවන නිසා වැඩියහ, අප බුදුන් දුටු නෑයන් තබා උන් මරම්හ යි ආ මරසෙනඟ පවා ඒ ඒ දිග්හි පලා ගියහ, උන් මරම්හ යි ගිය දුනුවායෝ පවා උන්ට කුලගැති වූහ, උන් විදුම්හ යි දුනු හයා ගත් කුක්කුටමිත්රා දි දරුණු වූ වැද්දෝ පවා උන්ට කුලගැති වූහ.එ බඳු වූ අපගේ නෑ උතුමා‍ණන් දැක දැක අපි සටන් නොකරම්හ, අපි කලහ නො කරම්හ”යි කිය කියා අත තුබූ ආයුධ බිමට දමා දෙනුවර එක්ලක්ෂ සැටදහසක් රජදරුවෝ ඔවුනොවුන් වැළඳ සිඹ සනහා ඔවුනෙ‍ාවුන් වැළඳ සිඹ සනහා ඔවුනොවුන් අත්වැල් බැඳ සිනා සිසි ගොස් බුදුන් පිරිවරා උන්හ. දෙනුවර එක්ලක්ෂ සැටදහසක් බි‍සෝවුරු ද බුදුන් දුටු සන්තෝෂ හා මල් බැයන් දිවි ලද සන්තෝෂ හා පුරුෂයන්ගේ කෝගිනි නිවි ගිය සන්තෝෂ හා, පුරුෂයන්ගේ කෝගිනි නිවි ගිය සන්තෝෂ හා මල් බෑයන් දිවි ලද සන්තොෂ හා පුරුෂයන්ගේ කෝගිනි නිවි ගිය සන්තොෂ හා. තමන් තමන් වැන්දඹු නොවූ සන්තෝෂයෙන් හා , පින පිනා ගොස් බුදුන් වැඳ හිරු දුටු පියුම් වනයක් සේ බුදුන් සිසාරා උන්හ.

එ කල බුදුහු තුන්ලක්ෂ විසිදහසක් පමණ තමන් වහන්සේගේ බන්ධුසේනාව මධ්ය්යෙහි තරුමැද සඳක් සේ දිලිහි දිලිහි වැඬහිද “ශාකය -කෝළිය රජිනි! තොපගේ මේ කුමන උත්සවයෙක් ද, ගඟ දියකෙලියට අවුනැ”යි විචාල සේක. එ වේලෙහි රජ දරුවෝ ඔවුනොවුන් මුහුණ බලා මඳක් සී “ස්වාමිනි! කෙලියනට නො ආම්හ, ඩබරකට ආම්හ’යි කිහ. බුදුහු “කුමන කලහයෙක්දැ”යි කී සේක. රජදරුවෝ කියන්නාහු “ස්වාමිනි! අපි කිපී යුද්ධයට ආ බවක් මිස කුමක් නිසා වූ කලහයක් බව ත් නො දනුම්හ.සේනාධිපතිවරු දනිති”යි කීහ. ඔවුන් විචාළහ. සේනාධිපති වරු “අපි නෙි දනුමුහ, හුවරජුන් අතින් ඇසුම්හ”යි කීහ. යුව රජහු “මහ ඇමතියන් අතින් විචාළ මැනැවැ”යි කීහ. මහ ඇමැතියෝ “ක්ෂෙත්රා්ධිපතින් අතින් විචාළ මැනැවැ’යි කිහ. ක්ෂෙත්රාතධිපති “ක්ෂෙත්රාපාලයන් අතින් විචාළ මැනැවැ”යි කිහ.ක්ෂෙත්රිපාලයෝ දියඩබර වූ වූ නියායෙන් කීහ.

එ වේලෙහි බුදුහු “රජිනි! දිය කෙතේ අගි දැ’යි විචාල සේක. ස්වාමිනි! දියෙහි අගයෙක් නැත. ස්වල්පදෙයකැයි කිහ. මහ පොලොව කෙතෙක් අගී දැයි විචාල සේක. ්වාමිනි! රජාහු ත් අනැගියෝ ය යි කිහ. බිසෝවුරු කෙතෙක් අගිද්දැ යි විචාල සේක. ඔහුද අනැගියෝ ය යි කීහ. තොප හැමගේ බන්ධුත්වය කෙතෙක් අගිදැයි විචාළහ. ස්වාමිනි! බන්ධුත්වය නම් මහමෙරසේ උතුම් දෙයක් ම වේදැයි කීහ. එ බැවින් තොප හැම දෙනා ස්වලප වූ මුහුදට යන දියක් නිසා මහ පොළොව සේ අනැගි වූ. රජුන් හා අනැගිවූ , රාජ මහිසිකාවන් හා අනැගි වූ, බන්ධුසමුබන්ධය හා නසම්හ යි සිතූ ‍ේ ඉතා නොයෙදෙයි , වදාරා! “තොප වංශයෙහි උපනි බුදුහු පඤ්ද වේරයන් දුරු කොට සුවෙන් වෙසෙති, තොප පඤ්ද වේරයන් පිරිවරා වසන සේ නො යෙදෙයි” යනාදින් වදාරන සේක්:-


සුසුඛං වත ජීවාම-වෙරිනෙසු අවෙරිනො

වෙරිනෙසු මනුස්සෙසු- විහරාම අවෙරිනො-යි.


යනාදි ධර්මනපද ගාථාවෙන් බණ වදාරා නැවත් ඵන්දන ජාතක තිත්තරු ජාතක-රඅක්ඛධර්මද ජාතකාදි තමන් වහන්සේගේ නොඑක් ජාතිභේද කථාවෙනු දු විසිතුරු වූ බණ වදාරා අත්ත දණ්ඩ සූත්රභයෙන් දෙශනාව කුළු ගන්වා දෙ නුවර රජුන් ක්ෂමා කරවා බිසෝවුරුනුදු වල්ලබයන් -මල්බෑයන් හා ක්ෂමා කරවා ගඬ්ගො දකය හා යමුනොදක ය සේ නො වෙනස් කොට වදාළ සේක.


එ වේලෙහි දෙනුවර රජුන් හා බිසෝවුරු...

[සංස්කරණය]

එ වේලෙහි දෙනුවර රජුන් හා බිසෝවුරු “අප බුදුන් අද මෙ තෙනට වැඩ වදාළහෙයින් මිස අපට ඉතාමත් වූ හානි වෙයි, අප බුදුහු අප මෙ ලොව ත් රකිති, පරලොව ත් රකිති, අපගේ නෑ උතුමාණෝ බුදුවූයෙන් මිස සක්විතිරජ වූ නම් අප හැමතබා සතර මහ දිවයින රජහු ම ඔවුන් පිරිවරති, එසේ වූ උතුමාණන් අපගේ රජකුලයෙන් බුදු ව සෙසු මහණුන් පිරිවරා ඇවිදිනා සේ නො යෙදෙයි. මෙයින් මත්තෙයි රජ මහණුන් ම පිරිවරා ඇවිද්ද මැනැවැ”යි ඔවුනොවුන් හා මන්ත්ර ණය කොට ශාක්යැරජකුමරු වන් දෙසිය පනසක් හා, කෝළිය රජ කුමරුවන් දෙසිය පන සක් හා, පන්සියක් රජකුමරුවන් එ තැනදී ම මහණ කොට ගෙන මිණි පිරිවැරූ සිතුමිණි රුවනක් සේ රජ මහණුන් ම පිරිවරා දෙවුරම් වෙහෙරට ම වැඩි සේක. එ කල ඒ පන්සියයක් රාජුකුමාරවරුන්ගේ රූප නන්දාවෝය ථුල්ලනන්දාවෝ ‍ය. සුන්දරී නන්දාවෝය, කලයානි නන්දාවෝය, ශ්රී. නන්දාවෝය, ලක්ණනන්දාවෝ ය, පදුම නන්දාවෝ ය,චන්ද මුඛී ය. පදුමමුඛීය, ආදාසමුඛීය, සුන්දරීමුඛිය, යනාදි පන්සියයක් බිසෝවුරු පුරු වියෝගයෙන් පෙළෙන්නාහු පුරුෂයන්ට සොර පත් යවා සොරපඬුරු යවා ඔවුන් හා පෙර තමන් කළ ප්රි යකථා හා ලකුණු කියා යවා ඔවුන් යවා පුරුෂයව්ට සංවේග උපදවා මහණධම් පිරිමෙහි උත්සාහ මඳකොට සස්නෙහි උකටලි කරවති. එ කල ස්වාමිදරුවෝ මේ කාරන දැක එ පන්සියයක් රජ මහණුන් සෘධිබලයෙන් හිමාලය වනයට ගෙනගොස් එහි කුණාල නම් විල දී කුණාල ජාතය දෙසා සෝවාන් කොට කිඹුල්වත් පුරෙහි මහ වෙනෙහි දී මහාසමය සූත්රටය දො අමාමහනිවන් පුරෙහි සංසාර සාගරයෙන් ගොඩනඟා ගෘහවාසයෙහි ලොභය හා ස්ත්රීාන් කෙරෙහි කාම තෘෂ්නාව අහසට ලොලොව සේ දුරු කරවා වදාළ සේක.

පසුව ද එ බිසෝවුරු ඔබ රහත් වූ බවෟ නො දැන පෙරසේ ම සරුප කියා යවති. එ කල ඒ භික්ෂූන් වහන්සේ “ගිහිවාසය ය මේ ජාතියෙහි තබා මතු ජාතියෙහි ද දුරු කළම්හ, නිවන් සුව විඳිමින් සිටියම්හ, නිවන්සුවයෙහි රස දත්තවන්ට කාමසුව නම් ගැරවිල් කුණක් සේ පිලිකුල , එසේ හෙයින් තෙපි තෙපි අප හඅම ත්රාටර්ථනා නො කරව, රහතුන් පැතීම නම් සුලං බදන්නා වැන්න, සඳට අත දිගු කරන්නා වැන්න, අප නො පතා තෙපි තෙපි දූ තපස් කොට සසරින් ගැලවී ගන්ව”යි කියා යවන සේක. එ කල පන්සියක් බිසෝවුරු “වැන්දඹු වාසයට වඩා අපි දු තපස් නරමෝ නම් යෙහෙකැ “යි කියා ඔවුනොවුන් හා මන්ත්රරණය කොට හැමදෙන ම මහා ප්රයජාපති ගොතමි නම් බුදුන් වැඩූ පුඩාමෑණියන් වහන්සේ කරා ගොස් “ස්වාමිනි! අප හැමදෙනා ත් කැඳවා ගෙන බුදුන් රා ගොස් “ස්වාමිනි! අප හැමදෙනා ත් කැඳවා ගෙන බුදුන් කරා ගොස් මෙහෙණි සස්න අනුදන්වා ගෙන මහණ වුව මැනවැ”යි යාච්ඤා කළහ.එ සමය නම් ශුස්ධොදන රජ්ජුරුවන් දළපුඬුසේසතින් හුක්ත වූ ශ්රි යානේ වැදහෙව අමාමහ නිවන් දැක පිරිනිවන් පෑසමය ය. එ කල බුදුහු පිය මහරජ්ජුරුවන්ගේ ආදාහන පූජාවට වැඩ බන්ධුසංග්රුහ නිසා නිග්රො ධාරාමයෙහි වසන සේක. එසේ හෙයින් මහා ප්රයජාපති ගොතමින් වහන්සේ ද ඒ බිසෝවුරුන් කී බස් ගිවිස බුදුන් කරා ගොස් බුදුන් වැඳ “ස්වාමිනි! නන්ද කුමාරයන් -රාහුල කුමාරයන් වැනියන් ගිහිගෙය හැර ගොස් නුධවහන්සේ කෙරෙහි මහණ ව වසන කල, රජ්ජුරුවනු දු නිවන්පුර ගිය කල, එලා වූ මා වැනියන් ගිහි ගෙයි විසීමෙන් කම් නැත, මම මහණවනු කැමැත්තෙමි, භික්ෂුණි ශාසන ය අනුදැන වදාළ මැනැවැ”යි ආරාධනා කළහ.

එ වේලෙහි බුදුහු ඔබ ම උදෙසා භික්ෂුණි හාසනය මතු ඇති වන නියාවත් ස්ත්රීබලෝකයහට බෝ හෝ වැඩවන නියාවත් ස්ත්රීාන් ගේ පැවිදිවීම නිසා මතු ශාසනයට බොහෝ අභ්යාීඛයාන උපදින නියාව ත්, එ කල බොහෝ අඥන සත්ත්වයන් ශාසනයෙහි සිත් කල ිරුවා අලායගත වන නියාව ත්. දැක ස්ත්රීින්ගේ බහුල වූ යාච්ඤා වෙන් ම උන්ගේ ම නො එක් උත්සාහයෙන් ම පැවිදි දුන් කල ප්රොව්රෙජයාව ගරු වන නියාවත් , පෙවූ අතට දීපු වස්තුවක් අසාර කොට සිතන්නා සේ එ වාරයෙහි කළ යාච්ඤාවට මෙහෙණිසස්න අනු දතිම් නම් ගරු නො වන්නේ ය, මතු අභ්යාගඛ්යාගනයක් උපන් කල සත්ත්වයෝ “බුදුහු මේ මේ කාරණ දැන ආදිම මැලි වූ සේක, ස්ත්රීයන්ගේ ම මහත් වූ යාච්ඤා නිසා මහා කරුනාවෙන් මෙහෙණි සස්න අනුදත් සේ, බුදුන්ගේ වරද නැතැ”යි බුදුන්ගේ ගුණ ගෙන සිත් පහදවා සත්ත්වයෝ සගමොක් දෙකට පැමිණෙන්නාහුය යි නො ඒ කාරණ පරීක්ෂා කොට මේ වාරයෙහි අවසර නොදෙමි යි සිතා “අලං තෙ ගොතමි මා තෙරුච්චි මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරමස්මා අනගාරියං පබ්බජ්ජා” යි වදාරා “මාගේ නිර්මේලවූ ශාසනයෙහි ස්ත්රිින්ගේ පැවිදි වීමට ගොතමීනි! උත්සාහ නො කරව”යි ප්ර තික්ෂෙප කළ සේක.

දෙවන වාරයෙහි යාච්ඤා කලහ. දෙවන වාරයෙහි ත් බුදුහු ප්රනතික්සෙප කළ සේක. තුන්වනුව යාච්ඤා කළහ.තුන්වනුව යාච්ඤා කොටගත නොහී බුද්ධානුභායෙන් තැතිගෙන බුදුන් වැඳ පැවිදි ත් වෙම් ම ය”යි සිත සිතා රජගෙට ගියහ.

එ කල ස්වාමිදරුවෝ එ නුවරින් වැඩ විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහි .......

[සංස්කරණය]

එ කල ස්වාමිදරුවෝ එ නුවරින් වැඩ විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහි ලෝ වැඩ වඩා වාසය වාසය කරන සේක.පසුව මහා ප්රවජාපති ගොතමින් වහන්සේ එ පන්සියක් බිසෝවරුන් ැඳවා “දරුවෙනි! බුදුහු ස්ත්රීපන්ට පැවිදි නො දෙන සේක, තුන්වාරයක් යාච්ඤා කොට පවා මා වැනියන්ට පැවිදි නුදුන් සේක, එසේ හෙයින් බුදුන් අනු දන්වා ගත නො හැක්ක , අපි හැමදෙනම මහණ ව ගොසින් බුදුන් දුම්හ, එසේ කළ බුදුහු අප හැම කෙරේ ළ අනුකම්පාවෙන් භික්ෂුණී ශාසන ය අනුදන්නා ‍සේක්මය”යි කියා හැමදෙනා ම ගිවිස්වා කෙස්වැටි කපා හැර සිවුරු පෙරව මැටි පාත්රහ ගෙන ඒ පන්සියක් දෙනා හා සමඟ විශාගා මහනුවර බලා නික්මුණු දෑ ය. එ කල ශාක්ය -කෝළිය දෙ නුවර රජදරුවෝ උන්වහන්සේ මහණ ව නික්මුණු බවු අසා උපන් රජදරුවෝ උන්වහන්සේ මහණ ව නික්මුණු බවු අසා උපන් මහත් වූ කම්පා ඇතිව කිඹුල් වතින් දෙසිය පනසක් හා දෙවුදැහැ නුවරින් දෙසිය පනසක් හා පන්සියක් රන් රථ පෙරමඟට ගෙනහැර ‘ස්වාමිනි! මේ රඝ යෙන් වැඩිය මැනැව, මේ රථයෙන් වැඩිය මැනැවැ”යි ආරාධනා ළහ. එකල “අපි දැන් රථ නැඟි අලංකාරයෙන් බුදුන් දක්නට ගියමෝ නම් ඒ බුදුන්ට ආදර ත් නො වෙයි, තපසට අඬ්ග ත් නොවෙයි, අප හැම මහත් වූ කායබ්යා්සනයෙන් ගිය කල එම රුණෙන් රුණා උපදවා පැවිදි ත් දෙන සේක, පයින් යාමෙන් දරුවෙනි! අප හැමට මහත් වූ වැඩ වෙයි, රථ නො නැඟෙම්හ”යි කියා එ පන්සියක් රථ ආ පස්සේ ම යවා පයින් ම නික්මුණු සේක.

ඇති වූ දවස් පටන් මතුමහලින් යටිමහලට බස්නා කල පවා මහත් වූ වැසනයෙන් බස්නා වූ , හොප නැඟු දර්පණ ර්භ්මියෙහි සක්මන් කරන කල පවා රන්රුවන් මරවැඩියෙන් සක්මන් කරන්නාවූ ගිනි තපිනා කල පවා ‘මලදන්ඩෙහි ගිනි ඉතා දැඩිය. ඳුන් දඬෙහි ගිනිදුම මඳක් දැඬියැයි සළුපිලි පටපිළි තෙල්ගලා ගන්නෙන් ගිනි තපිනා වූ, රහස්ගෙට -පැන්ගෙට පිටත් වන වේගෙහි පවා බුමුතුරුනු අහස් වියන් හා සමඟ ම ඇවිදුනාවූ, කුලයෙහි උපන් අතිසුඛුමාල වූ ශ්රිලවන්ත වූ කුලදුන් හෙයින් මොළොක් වූ, පතුල් ඉදිම ඉඟිනි ඇට සේ බිබිලි නැගි සමහර බිබිලි ගැසි මහත් වූ කාය ව්යිසන වි ය.

එ කල “මහාප්රිජාපතින් වහන්සේ හා පන්සියක් බිසෝවුරු මහණ වූල. බුදුන් දක්නට නික්මුණා හු ල, මහත් වූ විඩායෙන් පයින් යෙත් ලැ”යි දඹදිවබොහෝ තැන සැලව ගිය. එ කල ඒ ඒ දනව්වෙහි ශ්ර”වන්ත වූ චාතුර්වවර්ණ,යෝ පෙර තමන් එනුවර බිසෝවරුන්ගේ රූපසම්පත් විශෙෂයෙන් අසා දන්නා හෙයින්.’ඔවුන්ගේ රූපසම්පත් බලම්හ’යි ඒ ඒ දිගින් දිව අවුත් මඟ ගලාගෙන උන්නාහු උන්වහන්සේ පන්සියක් රජ දුන් පිරිවරා සන් හුන් ගමනින් දසදිග් නො බලා තවුස් වෙසින් වඩනා ලෙස් දඅක වැඳ පෙරළෙන්නාහුය. නොඑක් දානෝපකරණයන් ගෙනවුත් , පෙරමඟ ඒ ඒ තන්හි සිට ‘ස්වාමිනි! අපට අනුග්රහහ කළ මැනැව, අපට අනුග්රනහ කළ මැනැව, නුඹ පුතණුවන් වහන්සේ ද මේ මඟ වඩනාසේක් අපගෙන් වැළදු සේක, අපට බණ දෙසූ සේක, නුඹ ද අපගෙන් වැළදුව මැනැවැ”යි ආරාධනා කෙරෙති. සමහරු ඉදිම ගිය පතුල් දැක, පැනනැගි බිබිලි දැක. ගැසි ගැසි ගිය බිබිලෙන් වහන ය වන ලේ දැක, උපන් මහා කරුණාවෙන් මහහඬින් හඬමින් වැලපෙමින් ඇත්වාහන - අස්වාහන -රථවාහන ඉදොලු කෑනම් ගෙන අවුත් “මෙයින් වැඩිය මැනැව, මෙයින් වැඩිය මැනැව. පතුල් වලට දුක් නුදුන මැනැව” යනාදින් කිය කියා ඒ ඒ තැන්හි මුළු බැඳ බැඳ සිටිනා වූ ස්ත්රී් පුරුෂයෝ මෙ තෙකැයි පමණ නැත.

එ කල එක වාහනයකටත් නො නැඟි. දුටු දුටුවන්ට පින් දිදී, පතුල් රෙදව රෙදවා, දණ අත් ඔබ ඔබා, ඒ ඒ තැන සැතපි සැතපී, එක් පනස් යොදුන් මඟ ගෙවා විශාලා මහනුවර වැඳ බුදුන් වසන කූටාගාර ශාලාවේ දොරටුයෙන් පිටත සවස් වේලෙහි මලානික ව ගිය රත්පියුම් කැලයක් සේ මෙහෙණිනි පෙළ පිරිවරා වෙහෙර දිශාව බල බලා සිටිදෑ ය. කුමක් නිසා ඇතුළු වෙහෙරට නො වැඳ සිටි දෑ ද යත්?

පෙර මම තුන් වාරයෙක මාගේ බුදුන් අතින් පැවිදි ඉල්වා නො ලදිමි, දැනුදු පැවිදි ලැබීමෙහි නියම නැත, මා ආ නියාව දඹදිව බොහෝ තැන සැලව ගිය. මඟදීද බොහෝදෙන දුටහ. ‘බුදුන් කරා ගොස් බුදුන්ගේ චුල්ලමාතාවෝ පැවිදි නොලද්දාහුල, බුදුහු පැවැදි නුදුන්නාහු ලැ”යි සැලව ගියේ නම් බුදුන්ට ත් නින්දා වෙයි, මට ත් නිනුදා වෙයි, බුදුන් නො දැක මෙ තෙන සිට පැවිදි ඉල්වා යවමි, පැවිදි ලදිම් නම් ඇතුළට වැද බුදුන් දකිමි, නො ලදිම් නම් බුදුන් නො දැක ආ පස්සෙහි ම යෙමි, එසේ කල බුදුන්ට නින්දා නො වෙයි, මටත් නින්දා නො වෙයි. සිතා වෙහෙරට නො වැද දොරටුයෙන් පිටත සිටි දැය.

එ කල අනඳ මහතෙරුන් වහන්‍ේ ඇතුලෙහි බුදුන්ට කළ මනා චෙය්යාහවත් කොට කිසියම් ලද අවකාශයෙක පිටත කළ මනා අඩුවැඩි වත් පිලිවෙත් බලා ඇවිදිනා සේක් දොරටුයෙන් පිටත සිටියාවූ මහා ප්රාජාපති ගොතමින් වහන්සේ හා පන්සිය් බිසෝවුරුන් දැක එ තෙනට වහ වහා ගොස් ඉදිම ගිය පතුල්වල බිබිලි හා සමහරුන් පයින් වැගිරෙන ලේ හා , රජසින් පිරුණු ශරීර හා, තවුස්වෙස් හා මලානික ව ගිය ශරීර දැක, ළපිරුණු හොකයෙන් ඇස් පිරුණු කඳුලෙන් “මේ කිමෙක්ද මා මැහැණියෙනි, තෙලේ කෙසේ වූ වෙස්ද රජදුනි, ශාක්යැ කුලයට පරිහානි යෙක් වී ද, රාජ්යසයෙන් නෙරපු කෙනෙක් ඇද්ද, මේ කෙසේ වූ අශරණගමනෙක්ද, මේ සා කතරෙක කැදවාගෙන ආවෝ කවුරු ද, එසේ අවුදිනු ත් මාගේ බුදුන් වැනි නුඹ පුතණු කෙනෙකුන් වහන්සේ වැඩහුන් වෙහෙරට නො වැද පිටත සිටියේ කුමක් නිසාදැ”යි විචාළ සේක.

එ වේලෙහි ඔබ කියන සේක් “මපුතණුවන් වහන්ස! නුඹ වහන්සේගේ ශාක්යයකුලයට ද පරිහානියෙක් නො වී ය, අප හැම නෙරපු කෙනෙකුන් නැත, මම පෙර තුන්වාරයෙක ම ම පුතණුවන් වහන්සේ අතින් පැවදි ඉල්වා නො ලදින් දැන් මම් ම මහණ ව අවුත් තව ද: පැවිදි නො ලැබෙම් දෝ හෝ යි යන සැයෙන් ඇතුලට වදිමි යි, නැත ආපස්සෙහි යෙමි”යි කී දෑ ය.

එකළ අනඳ මහතෙරුන් වහන්සේ “එ බැවින් මැහැණියෙනි! මා පළමුව ඇතුළට වැදගොස් බුදුනට නුඹ ආ බවු දන්වා බුදුන්ගේ අදහස් දැන මා එන තෙක් මඳක් මෙ තෙන සැතපි සිටිය මැනැවැ”යි කියාලා ඇතුළු වෙහෙරට ගොස් බුදුන් දැක වැඳ, “ස්වාමිනි! මහා ප්ර ජාපති ගොතමි පන්සියක් බිසෝවරුන් හා සමඟ කේවැටි කපා මහණ වෙස්ගෙන පාත්ර් පරලා මහත් වූ වයසන ගෙන දුරු මඟ ගෙවා පයින් ම අවුදින් දැන් දොරටුව සමීපයෙහි ‘පැවිදි දෙන සේක් දෝ නො දෙන සේක් දෝ හෝ’ යි හඬ හඬා සිටියහ. පැවිදි ලදිම් නම් ඇතුලට වැද බුදුන් දක්මි යි නො ලදිම් නම් ආපස්සෙහි ම යෙමි යි කිහ. ඔහු බුදුන්ගේ ශාසනයෙහි අනගාරිය වූ පැවිදි ලද්දාහු වූ නම් යෙහෙකැයි දැන්වූහ.

එ වේලෙහි ස්වාමිදරුවෝ එ තෙපුල් අසා...

[සංස්කරණය]

එ වේලෙහි ස්වාමිදරුවෝ එ තෙපුල් අසා මතුවන දෙය තමන් වහන්සේ විශෙෂයෙන් ම දන්නා හෙයින් තව ද ස්ථිර කරවනු ම නිසා “ආනන්ද ය! ස්ත්රී න්ගේ පැවිදි වීමට උත්සාහ නො කරව”යි වදාළ සේක. නැවත අනඳ මහතෙරුන් වහන්සේ “ස්වාමිනි! මහා ප්රතජාපති ගොතමී පැවිදි ලැබ්බ යුත්තාහු ම ය”යි දැන්වූ කළසේක.අනඳ මහ තෙරුන් වහන්සේ තවත් නො පසුබැස “ස්වාමිනි! මහා ප්රහජාපති ගොතමි පැවිද්ද ලැබ්බ යුත්තාහු ම ය”යි දැන්වූ සේක. නැවත බුදුහු “ආනන්දය! එසේ උත්සාහ නො කරව”යි ප්රතතික්ෂේප ළ සේක.

එකල අනඳ මහ තෙරුන් වහන්සේ බුදුන් කෙරෙහි ඉතා වල්ලභ හෙයින් , බුදුන් තුන් වාරබක් ප්රලතික්ෂේප කළ හෙයින්; සතර වන වාරයෙහි ද දන්වාගත නොහී ප්රතශ්නයක් විචාරන පසාරයෙන් තව ද; එම කටයුත්ත බුදුන්ට දන්වන සේක් “ස්වාමිනි! පැනයක් විචාරනු කැමැත්තෙමි”යි ී සේක. ස්වාමිදරුවෝ තෙරුන් වහන්සේ නො පසුබැස කථාකරන ආකාරයෙන් සිතින් සමාධි ඇතිව “කැමැති පැනයක් විචාරව”යි වදාළ සේක. එ වේලෙහි අනඳ මහ තෙරුන් වහන්සේ “ස්වාමිනි! ස්ත්රීව බුදුන්ගේ ශාසනයෙහි ඉදින් පැවිදි ලදුවාහු වූ නම් අධිගමයට” භව්යයයෝ ද, අභව්යනයෝ දැ”යි විචාළ සේක. බුදුහු “ස්ත්රිදභවයයහ යි වදාළ සේක. එ බසට අනඳ මහ තෙරුන් වහන්සේ සිතින් කුල්මත්ව “එසේ කල ස්වාමිනි! ලොවුතුරා බුදුන් ලෝකයෙහි උපදිනේ ස්ත්රී“ ලෝයා හැර පුරුෂ ලෝකයා ම සංසාර සාගරයෙන් ගොඩ නඟන නිසා ම දැ”යි දැන්වූ සේක.

එ වේලෙහි බුදුහු අනඳ මහ තෙරුන් වහන්සේගේ තර්කයෙහි තව ද: ප්රිමය ඇති සේක් “එසේ නැත ආනන්ද ය, සර්වඥයෝ උහය ලෝකයා නිසා ම ඇතිවූහ, දිව්ය්නිකායෙහි බොහෝ ස්ත්රීක ලෝයා ගැළවෙන්නාහුම වේ ද, මනුෂ්යෙ ලොකයෙහි ස්ත්රීර බොහෝ දෙනෙක් රජගහා නුවරදී මා තිරොකුඩ්ඩ සූත්රය ය දෙසූ දවස් නිවන් දුටුවාහු සුවාසු දහසක් දන්මිඬියෝ නො වෙද්ද, තවුතිසා භවනයෙහි දී මාගේ අභිධර්ම දේශනාවෙහි සසරින් ගැළවුනාවූ දිව්යා සුත්රීා මෙ තෙැ යි පමණ ඇ ද්ද,මාගේ අසංඛ්ය මණ්ඩලවල දේවදේවතින්ගේ අභිසම ය ද සම සමයේ විය, මනුෂ්යමලෝකයෙහි ස්ත්රීඅන් පැවිදි නො ලදත් සෝවාන් ආදි වූ මාර්ගඵල ලැබේම ය, එක දවස් විහාඛාවන් හ‍ා පන්සියක් කුලදූවරු සෝවාන් වූහ; තව ද; උත්තරාවන් හා පන්සියක් බිසෝවුරු සෝවාන් වූහ. සාමාවතීන් හා පන්සියක් බිසෝවුරු මා කී බණ අනුන් අතින් අසා අනාගාමි වූහ; පන්සියක් කළ මිඬියෝ දවසෙක සෝවාන් වූහ, සුමනාව හා පන්සියක් ළදැරියෝ සෝවාන් වූහ. මෙසේ මෙසේ ම එකී එකී දවස් මාර්ග ඵල ලදුවා වූ ස්ත්රීෙ ලෝකයා පමණ ඇද්ද; ආනන්ද ය! බුදුහු උභය ලෝකයා ම ගළවත් ය”යි වදාරා තව ද අනඳ මහ තෙරුන් වහන්සේගේ ප්ර තිවචනය අසන නිසා තුස්ණිම්භූත ව නො ගිවිස්සා සේ වැඩඋන් සේක.

එ වේලෙහි බුදුන් මේ කථාව වදාළ කල දෙවියෙක් -බඹෙක් වී නමුත් එ බසට උත්තරයක් දැක්ක නො හේ ම ය. එසේ ද වුවත් අනඳ මහතෙරුන් වහන්සේ තමන් වහන්සේ බුදුන් අදහස් දන්නා නුවණ ඇති හෙයිනුත් , හෙතුසම්පත් ඇති හෙයිනු ත් පසුබැස්මක් නැති ව “ස්වාමිනි! නුඹවහන්සේගේ ශාසනයෙහි භික්ෂූණි ශාසනයක් ඇත මනා කාරණ ඇත්තා ම වුව”යි දැන් වූ සේක. බුදුහු “කාරණ කියා බලගැ”යි වදාල සේක. ස්වාමිනි! ස්වාමිදරුවන් ම වදාල බුද්ධවංශ දෙශනාවෙහි සූවිසි බුදුකෙනෙක් “ඛෙමා උප්පලවන්නා ච --අග්ගා හෙස්සන්ති සාවිකා”යි යන මේ ගාථා පදය කුමක් නිසා සූවිසි වාරයක් කී සේක් දැ යි දැන්වූ සේක.

එ වේලෙහි ස්වාමිදරුවෝ තමන් වහන්සේගේ අදයස් නොවරදවා ම ඔබ කීවාවූ විශෙෂ වූ උත්තර ය අසා අතිශයෙන් සන්තෝෂ වූ සේක්, තව ද මෑනියන් වහන්සේගේ ගුණ කථනය ඔබ ලවාම කියවනු නිසා ඔබට ප්රතතිකථාවට අවසර දී වැඩහුන් සේක. එකල අනඳ මහ තෙරුන් වහන්සේ “ස්වාමිදරුවන් තුෂ්ණිම්භූත වනු නො හෙදෙයි’ ස්වාමිදරුවන්ගේ ශාසනයෙහි භික්ෂුණී ශාසන හ වන නියාව ූවිසි බුදුකෙනෙකුනු ත් වදාළ කල. පැවිදි ලද්දා වූ ස්ත්රිදන් මාර්ගාධිගමයට භව්යු වන කල, ස්වාමිනි! මහාප්රනජාපති ගොතමි කුමක් නිසා පැවිදි නො ලැබෙද්ද; ඔහු බුදුන්ට කෙසේ වූ අපරාධයක් කළෝද, අපරාධයක් කළ කෙනෙක් නොවෙති, බුදුන්ට බෙ‍ාහෝ වූ උපකාර කළ කෙනෙක ඔවුන් බුදුන්ට කළා වූ උපකාර සිහි කළ කල දැන් බුදුන් විසින් කරන්නා වූ සියලු ලෝවැඩ ඔවුන් ම කළහ යි සිතමි. කෙසේ ද යත්:

බුදුන්ගේ කුඩා මෑණියහ, ඉනුදු සෙසු කුඩා මවුන් හා සම කල නො හැක්ක, එවුන් කුස බුදුන් නො උපන් බවක් මිස ස්වාමිදරුවන් උපන් සත්වන දවසින් මවු දේවීන් දෙවුලෝ ගිය කල්හි කිරිමවක බුදුන්ගේ ශ්රීම ශරීරයෙහි අතක් වකාපිය නො දී තමන් ස්වහස්තයෙන් ම වැඩූහ. බුදුන්ගේ හස්තපාදයන් ලද බිලිදිව ඉතාම කෙ‍ාමළ කල්හි බුදුන්ගේ හස්තපාදයෙන් සම්පාදන ය කලහ. ඒ කෙසේ ද යත්:

බුදුන් පයින් ගමන් නො යාහෙන සමයෙහි ඔහු තමන් ඇකයෙන් වඩාගෙන ඨාන-නිසජ්ජා -චංක්රයමණාදියෙන් ස්වාමි දරුවන්ට පාද කෘත්යනයන් සාධා දුන්හ. තව ද බුදුන්ගේ ශ්රීම හස්ත යුග්මයෙන් හස්ත තාත්යායන් සාධාගත නො හෙන සමයෙහි ඔවුන් හස්තයෙන් හස්ත කෘත්ය්යන් සාධා දෙන ලද එසේ හෙයින් උන්ගේ හස්තපාදයන් බුදුන්ගේ හස්තපාදයන් නො වෙති යි නො සිතමි. තවද, මේ ලෝකයෙහි අන්යෙස්ත්රි්යකට අවිෂ ය වූ අද්භූත වූ ගුණයකු දු බුදුන්ට කළහ. ඒ කෙසේ ද යත්:

බුදුන්ට කිරිමවුන් තෝරන සමයෙහි බුදුන්ගේ අසදෘශ වූ රූපශ්රීව බලා උදාර වූ පෙම් බැඳ තමන් පුතනුවන් නන්ද කුමාරයන් කිරිමවුන්ට පාවා දී තුබූ බුදුන් වඩන්නාහු ඔවුන් දවසෙක ත් තමන් තමන් ඉඳුල් කොටා මුව පාරවා පිය නොදී , නො ඉදුල් වූ පිරිසිදු තමන් තනයෙහි කිරි පොවා බුදුන් වැඩූ හ. මේ මේ කාරනයෙන් මහා ප්රතජාපති ගොතමි බුදුන්ට අපාරයහ, පැවිදි ලැබීමට යෝග්යියාහු ය”යි දැන් වූ සේක.

එ වේලෙහි බුදුහු “එතෙකින් භික්ෂූනණී හාසන........

[සංස්කරණය]

එ වේලෙහි බුදුහු “එතෙකින් භික්ෂූනණී හාසන ප්රාතිෂ්ඨාවට කල මා විසින් ආයාචන ය ස්ථිර කරන ලදැ”යි සිතා අනඳ මහතෙරුන් වහන්සේගේ වාදයෙහි ප්රි ය ඇතිව “එ බැවින් ආනන්ද ය, මහාප්රපජාපතී ගොගමී මහණවනු කැමැතියා නම් අනන්තා පය්ය්,ර්න්පත වූ බුදුන්ගේ ඔ්රාකවිකාවන් පූරණය කොට ආවා වූ ගරු වූ ධර්මවයෝ අට දෙනෙක් ඇත, ඒ අටදෙනා පිලිගත්හු නම් ඒ කෙණෙහි ම ඔවුන්ට ,පැවිද්ද ද, උපසම්පදාව ද වන්නේ වේ දැ’යි වදාල සේක. එ බසට අනඳ මහතෙරුන් වහන්සේ “ස්වාමිනි! ඒ ධර්මරයෝ අටදෙන නම් දවුරුදැ”යි විචාළ සේක.

ආනන්ද ය! ස්ත්රින ජාතිහු නම් ඉතා උත්සන්නයහ. ක්රොආධීයහ, කලහ කමැටියහ, පුරුෂයන් හෙලා ම දක්නාහ, මාගේ හාසනය නමැති උත්තම ස්ථානයට පැමිණි කල පෙර කලට වඩා උත්සන්න වෙති. මාගේ හාසනයෙහි ශ්රාඉවකයන් හෙලා දකිති, එසේ කල ඔවුන්ගේ මහණධර්මශ අර්ථසිද්ධියට නො පැමිණෙයි, මාර්ගාවරණය වෙයි, එසේ හෙයින් ස්ත්රීර ලෝක ය නමැති මහා වාපිකාවට මහ මියරක් බැන්දා සේ ස්ත්රිනන්ගේ අභිමාන ශ්රින්යා වන්නා වූ ඔවුන්ට වූ ඔවුන්ට ම වැඩ වන ධර්ම යෝ අටදෙනක. ඔහු කවරහ යත්:-


1.සියක් වස් ව ගියා වූ මෙහෙණින්නක් වී නමුත් මාගේ සස්නෙහි අද උපසම්පදා වූ සත්හැවිරිදි ළදරුවූ මහණකෙනෙකුන්ට ත් දුර දැක ම හුනස්නෙන් නැඳී පෙර ගමන්කොට වැඳ පුදා ආදර කළමැනැව, මේ එක් ධර්මකයෙක

2.තව ද: භික්ෂූණින් විසින් ස්වච්ජන්දික ව ගිය ගිය තැන්හි වාසය කළ නො හැක්ක. මාගේ භික්ෂූන් වසන්නාවූ ජනපදයෙක එක්වරු ගොසින් වැඳපුදා අවවාද ඉගෙන නැවත එන්නට තරම් සමීප වූ මෙහෙණවරෙක ම වාසය කළ මැනැව, මේ එක් ධර්මෙයෙක .

3.තවද:දෙපෝයෙන් දෙපෝය කඩ නොකොට භික්ර්ෂූේන් කරා එළඹ,ස්වාමිනි! පෞෂථ දින ය කවරේ ද? භික්ර්ෂූ ණීන්ට අවවාද දුන මැනැවැ;යි ආරාධනා කළ මැනැව, මෙයි දු භික්ෂූණීන්ගේ එක් ධර්ම යෙක.

4.තව ද: වස් අන්තයෙහි උභතො සංඝයා කෙරෙහි ම වස් පැවරුව මනා ම ය, මෙයිදු එක් ධර්මමයෙක.

5.තව ද: ගරුධර්මදයෙන් නැගෙන්නා වූ භික්ෂූණීන් විසින් දෙපෝයක් උභතො සංඝයා කෙරෙහි මානත් පුරා නැංග මනාමය.

6.තව ද: උපසම්පදාපෙක්ෂකවූ මෙහෙණින්නන් විසින් දෑවුරුද්දක් සික්ඛමාන ධර්මකයන් පුරා උභතො සංගයා කෙරෙහිම උපසම්පදාව ලද මැනැව, මෙයි දු එක් ධර්මායෙක.

7. තව ද: කිසියම් කාරණයෙකිනුත් මාගේ භික්ෂුන්ට ආත්රොකෂ පරිබවයක් නොකළ මනා මය, මෙයිදු එක් ධර්මමයෙක.

8. තවද: භික්ෂූණීන් විසින් මාගේ භික්ෂූන්ට අවවාද කිය නොහැක්කේ මය, භික්ෂූන් විසින් භික්ෂූණීන්ට අවවාද කළ මනා මය, ඒ අවවාද ඔවුන් විසින් පිලිගත මනා මය, එයිදු එක් ධර්ම යෙක.මේ ගරු වූ ධර්මවයෝ අජදෙන නම් මාගේ සසුන් වන් මාතුගාමයන් විසින් දිවි පමණින් එකාන්ත කොට රක්ෂාකළ මනා වූ ගුණධර්මි කෙනෙකැයි වදාල සේක.


එ වේලෙහි අනඳ මහ තෙරුන් වහන්සේ හුනස්නෙන් පැන නැඟි බුදුන් අතින් සමු ගෙන මහා ප්රනජාපති ගොතමින් වහන්සේ වැඩ සිටි තෙනට ගොස් තුන් වාරයක් කොට තමන් වහන්සේ ඔබගේ ස්වරූප බුදුන්ට දැන්වූ නියාවත් තුන් වාරයෙහි ම බුදුන් ප්රුතික්ෂේප කළ නියාවත්, තමන් වහන්සේ නො පසු බැස බුදුන් හා ප්ර‍ශ්නව්යානජයෙන් නො එක් කථා කළ නියාවත් , පසුව මෙහෙණි සස්න අනුදන්වා ගත් නියාවත් , ගරු ධර්මමයන් අටක් වදාළ නියාවත්, විස්තර කොට කියා ඒ ධර්මබයන් අටදෙනා වෙන වෙන දක්වා ඔවුනට ත් බුදුන් වදාළ පරිද්දෙන් ම කියාලා “මැහැණියෙනි! මේ ධර්මනයන් අටදෙනා දැන් මා අතින් පිළිගතුයේ වී නම් නුඹට ද දැන් ම පැවිදි ලැබෙයි, භික්ෂුණි ශාසනය ද ඇතිවෙයි. ඒ අෂ්ට ගරු ධර්ම යන් පුරාගත හෙනුයේ දැ”යි විචාළ සේක.

එ කෙනෙහි පැවිදි ලැබෙයි කි බසට...

[සංස්කරණය]

එ කෙනෙහි පැවිදි ලැබෙයි කි බසට කෙශාන්තය පටන් පාදාන්තය දක්වා ලොමු දහ ගන්වමින්, පස්වනක් ප්රී තින් පිනා බුදුන් දිශාවට දොහොත් මුදුන් දී සිට “යම් සේ ශිරස්නාන ය කොට සිටියා වූ යෞවන පුරුෂ ස්ත්රී කෙනෙක් සමන් සමන් මල් දමක් හෝ මහනෙල් මල් දමක් හෝ යොහොඹු මල් දමක් හෝ ලදින් දොහොතින් පිලිගෙන සන්තෝෂයෙන් තමන්ගේ උත්තමාංගයෙහි පිහිටුවා ගනිත්ද, එ සෙයින් මම ද මාගේ බුදුන් වදාළා වූ ඒ නිහතමාන වූ ධර්මයයන් අටදෙනා පිළිගතිමි යි පිළිගතිමි”යි පිළිගතිමි”යි තුන්යලක් කියා ඒ නිහතමාන වූ ධර්ම යන් අටදෙනා පිළිගත් සේක. ඒ වචනය හා සමඟ උන්වහන්සේට ශාසන ප්රඅව්රගජ්යානව ද, නව කෙළ දහස් අසූ සියක් කෙළ පනස් ලක්ෂ සතිස් සංවර ශීලයෙකින් යුක්ත වූ උපසමුපදා ශීලය ද පහළ විය. සෙසු පන්සියක් බිසෝවුරු ද එ කෙනෙහි ම පැවිදිව අෂ්ටගරු ධර්මියන් පිළිගෙන උභතො සංඝයා කෙරෙහි ම උපසම්පදා ශීල ය ලදහ. එ කල ප්රනජාපති ගෝතමීන් වමන්සේ පන්සියක් බිසෝවුරුන් හා සමඝ මෙසේ පැවිදි හා උපසමුපදා ශිල ය ලදින් , උපන් මහා ප්රීඋතින් පින පිනා වෙහෙරට වැද බුදුන් දැක වැඳ එකත් පස්ව සිටි දෑය.

එ වේලෙහි බුදුහු ඔබට අනුරූප වූ ධර්මපදේශනාවෙන් සමාධි කරවා අනුශාසනා කොට “මෙයින් මත්තෙහි බුද්ධමාතාවෙනි! අප්රමමාද වව, ස්ත්රි ලොකයාට තොප නිසාම මහත් වූ වැඩෙක් වෙයි, මාගේ භික්ෂුණී ශාසනයට තෙපි ම ප්ර්ධානයහ, තෙපි ම රාත්රීඥය “ය හි ස්ථානාන්තර හා මෙහෙණි සස්න පාවාදි චය්ය්,ර්‍ානුකූල වූ කර්මමස්ථාන ඉගැන් වූ සේක. එ කල නොබෝ දවසෙකින් භාවනා කොට විදර්ශනා වඩා පඤ්චාභිඥ අෂ්ට සමාපත්ති උපදවා ත්රිවවිද්යාා සමඟ සිවුපිළිසිමියා පත් රහත් වූ සේක. සෙසු පන්සියක් මෙහෙණින්නෝ බුදුන් නන්දකොවාද නම් සූත්ර දේහනාවෙන් නන්ද මහතෙරුන් වහන්සේට ධර්මනදෙශනා කරන දවස් ඒ බණ අසා හැම දෙන ම අමා මහ නිවන් දුටුහ.

එ තැන් පටන් උන්වහන්සේ ම මුල් කොට බුදු සසුන් වැඳ මහණ ව අමාමහ නිවන් දුටුවා වූ ශ්රා විකාවෝ සියයෙක, දහසෙක, ලක්ෂයෙක. කෝටියෙකැ යි යනාදිනු දු මෙ තෙකැ යි පමණ නැතියහ. භික්ෂු ශාසනායට භික්ෂුණි ශාසන ය ම බොහෝ වූ වා සේම දැනෙයි. භික්ෂුණි ශාසනයට භික්ෂු ශාසන ය ද බොහෝ ව ගියා සේ දැනෙයි. එක සරසියෙක පිපී වැනි ගියාවූ පද්මෝත්පල රාසියක් සේ උභය ශාසනය ම ඉතා ගහන විය.

මෙසේ මාගේ බුදුන්ගේ ශාසන ය රුවනින් පිරුණු මහා සමුද්රාය සේ, මලින් ගැවසී ගත් පරසතු රුක සේ, ශ්වර්ණාංකුර යෙන් ගැවසී ගත් මහදඹගස සේ, තරු පිපි වැනි ගිය අහස සේ, ඉතා ගහන විය, ඉතා සමෘද්ධ විය, ඉතා නිෂ්කලංක විය.ඉතා සශ්රී ක විය. මුව දඹදිව අහස්කුස බැලු බැලූ දිශාවෙහි රන්වන් හංස රාජයන් පෙල පෙළ යන්නා සේ ඇවිදුනා වූ ශ්රානවකයන් හා ශ්රානවිකාවන්ගෙන් අතුරු නැතියේය. ඒ සා දඹදිව ධ්යා න සුවෙන් වැඩ හිඳිනා තරම් විවෙක භූමි මඳ හෙයින් , දෙවුලෝ නැඟි දිව්යොකද්යාෙන වල ඒ ඒ රුක්මුල’දෙවියන්ගේ ප්රාවසාධවල වැඩහිඳ ධ්යාජනසුව විඳිනා ශ්‍නකාවක ශ්රායවිකාවෝ තෙකෙතෙක් දෙන ද--දිව්යඳප්රාාසාධවල, කූටාගාරවල, හිඳිනා රහන් වහන්සේ කෙතෙක් දෙන දබඹලොවට පැන නැඟි මහබඹුන්ගේ ප්රා සාදවල වැඩහිඳ ධ්යාොන සුව විඳිනා හ්රා වක ශ්රාලවිකාවෝ කෙතෙක් දෙන ද-නාගහභවනවලට ගොස් පෙර ඒ ඒ ජාතියෙහි බොහෝ දවසක් දිව්යග සුව අනුබව කළා වූ රම්ය ස්ථාන වල වැඩහිඳ දිව්ය නාගපූජා විදිනා වූ ක්ෂිණාශ්රමව ශ්රාථවකයෝ කෙතෙක් දෙන ද-ගරුඩ භවනවලට පැන නැඳී ගරුඬයන්ගේ පක්ෂ නැමැති විතාන පූජා ලදින් නිවන් සුව විඳිනා වූ මහණමෙහෙණින්නෝ කෙතෙක් දෙනද-හිමවු කුළට නැඳී සුවාූදහසක් රන්කුළු මුදුනෙහි සතර ඉරියවුවෙන් දවස් යවන්නා වූ ශ්රාකවක ශ්රාතවිකාවෝ කෙතෙක් දෙන ද අසුරයන්ගේ බවනයට වැදඒ ඒ තැන්හි සිත් සේ වාස ය කරන්නා වූ රහත් හු කෙතෙක් දෙන ද. තත් තත් රාජ්යිවල පෙර තමන් රජසුව විදි උදයානවල සිත් අලවා ගොස් වැඩ හිඳිනා රජමහනුන් හා රජමෙහෙනින්නෝ කෙතෙක් දෙන ද. සත්හැවිරිදි වයස බුදුසසන් වැද මහණ ව අමාමහ නිවන් දැක එ කෙණෙහි ආකාශයට පැන නැගි හිරි මඬුලු ආසන කොට ශාසන බල දක්වමින්, සඳමඬුලු පිටාටු කෙරෙමින්, මෙරගල් ලාලිවට කෙරෙමින්,මහලොලෝ පත්කුඩ කෙරෙමින්, විසඝොර දිව්යිනාග රාජයන්ගේ ඵණගබ් මතුයෙහි සක්මන් කෙරෙමින්. දෙවිබඹුන් ලවා සාධුකාර දෙවමින්, කලෙක තමන් භාවනා කරන ගෙවල සක්දෙවු රජුන් ලවා අසුර යුද්ධයෙහි රවල් ගන්වමින්, තමන් වැළඳීමට වේලා ආසන්න වූ කල්හි හිරි දෙවියන් සඳ දෙවියන් ආකාශයෙන් ගමන් යා නො දී සෘද්ධබන්ධනයෙන් බැඳ රඳවමින් , සිටි පොල සිට මෙර පත්ලෙහි වැදහොත් සියදහස් යොදුන් දිව්යතනාගරාජයන්ගේ කුසට අත ලා දාරකඩු ගන්වමින්, එකවිට හඬ ගෑ හඬින් දදහස් සක්වළ දෙවියන් බණට අඬගාවමින්, නො එක් පෙලහර දක්වමින්, දරු ලද්දවුන් සතුටු කදුලෙන් තෙමවමින්, තුඩුතුඩ සාධුකාර දෙවමින්, ඇවිදුනා වූ මහන-මෙහෙණිනි ළදරුවෝ කෙතෙක් දෙන ද.

මෙසේ මාගේ බුදුන්ගේ හාසන ය සමෘද්ධ වූ නියාවත්, තන් ලෝවාසින් ඇස්හි පල ලද නියාවත්, සිත්හි පල ලද නියාවත් , කන්හි පල ලද නියාවත් , දිවිඵල ලද නියාවත්. ලොව බුද්ද අසුරොද්දෙහි-ඇතැම් මය ව ගිය නියාවත්, ධර්මවයෙන් ඉතිර ගිය නියාවත්, සංඝයා ගෙන් රත්නමය ව ගිය නියාවත්, මගේ සියක් දහසක් ලක්සයක් මුක නැති හෙයින් මා සිතට විහෙසයන් දැනී ගියා සේ අසන්නවයුන්ට හගවාලිම මෙ පමණෙකින් බාරක මය. මට සේ ම සියලු සත්ත්වයන්ට ම මාගේ බුදුන්ගේ මහිමය විශෙසයෙන් ම දැනි ගියේ වී නම් ලොකයෙහි තුනුරුනෙහි පෙම් නොකරන්නෝ කවුරු ද, සතර අපාය හදුනන්නෝ කවුරු ද, දෙවුලෝ නො හඳුනන්නෝ කවුරු ද, සග සුව මොක් සුවයෙන් නො පිනන්නෝ කවුරු ද.

මේ ජාතියෙහි පටන් මා ත් බුදුවන ජාති දක්වා මට උපන් මේ තුනුරුවන් කෙරෙහි සන්තෝෂ ය මාගේ සිතින් නො මිදේව යි. මතු එක පදික ගාථාවක් පමන අසා සියලු සද්දර්මටයන් ධරා ගන්නා ඥන සම්පත්තින් පිනම්ව යි,උපනුපන් බුදුන්ගේ හාසන වල ද හිරු සේ, සඳු සේ . ප්රේසිද්ධ ව සසුන් බබුළුවම්වයි මට මේ සා වැඩක් කළ මවුන්-පියනි -ගුරුන් ආදි වූ සියලු සතුනු දූ සසර සයුරෙන් ගොඩ නඟා ලෝවැඩ කෙරෙම්ව යි.

මෙසේ මාගේ ස්වාමිදරු වූ ගෞතම නම් බුදුරජාණන්...

[සංස්කරණය]

මෙසේ මාගේ ස්වාමිදරු වූ ගෞතම නම් බුදුරජාණන් යථොක්ත වූ හාසනශ්රී්න් දිලියෙන් කල්හි දවසෙක දෙවුරම් වෙහෙර බ්ර හ්මාමර--නර-නාග -නයන රසායන වූ ධර්මරමන්ඩලයෙහි ධර්මා-සන පැන නැඟි සවනක් රසින් දිලිහි දිලිහි කසුන් මෙරක් සේ සද්ධර්ම- ලීලාවෙන් වැඩහුන් සේක. එ දවස් අශිති මහා ශ්රා වකයෝ ම අර්‍ූන වූ පන්සිය ය පන්සිය සඟපිරිස් ගෙන අවුත් ජද්දන්ත විල සිසාරා පිපී වැනි ගියා වූ රත්පියුම් වනයක් සේ ධර්ම්මණ්ඩලය සිසාරා අතුරු නො දී උන්හ. ඒ සගපෙළ සිසාරා රක්තෝත්පල වනයක් සේ මහාප්රුජාපතින් වහන්සේ ආදි වූ ශ්රාලවිකාවෝ පෙලක් අතුරු නො දී උන්හ. ඒ මෙහෙණිනි පෙළ සිසාරා මංජුෂ්ක වෘක්ස්ක වෘක්ෂ සේ සර්වාබරනයෙන් සැරහී නා නා වර්න වස්ත්රසයෙන් අලංකෘතව රජ -බමුනු -වෙළඳ- ගොවි සිවු සෙනෙඟක් මිශ්රයක වූ පියුම් වනයක් සේ හිඳගත්හ. ඒ පිරිස සිසාරා ශක්ර්පුරයෙහි දෙවඟනන් එ පුරෙන් අවුත් මිහිමඬළට බැසපි කලක් සේ, දහසක් අගනා කසී සළු හැඳ දෙදහස් අගනා උතුරු සළු කරලා. ලක්ෂ අගනා කසී සව හැඳ දෙදහස් අගනා උතුරු සව කරලා. ලක්ෂ අගනා ගෙල මුත්දම් පැලඳ. අනැගි වූ සිරිකනින් ශ්රීරකාන්තාවන් සේ සැදි ස්ත්රීප සේනාවෙක් දිව අවුදින් මුඛ නමැති පියුමෙක් හා ඇස් නමැති නිලිපුලයෙන් හා දත් නමැති කොඳකැකුලෙන් හා බුදුන් පූජා කරන්නවුන් සේ දොහොත් මුදුන් දී බසින් බසට සාදු කාර දිදී අතුරු නො දි වතුරක් සේ උන්හ. මෙසේ සිවුවනක් මහ පිරිස මිහිමඬල ගලා හුන් කල්හි ඒ බවු දත් චාතුර්මහාරාජික -තාවතිංස-වශවර්ති-බ්රසහ්ම ය යි යන චාතුර් වර්ණ දිව්යකසේනාව දිව දිව අවුදින් සියලු ගුවන්කුස සක්වළ ගල් සිසාරා සිතියම් කඩක් ඇද්දා සේ. අහස්කුස් පුරා සාධු නාදයෙන් තුන්ලෝ පුරා සිට ගත්හ.

මෙසේ මේ අට මහ පිරිස ආකාහය හා පොලොවෙහි බුදුන් පිරිවරා සිටි කල්හි ස්වාමිදරුවෝ සියලු සතුන් සිත් බලා, ආකාර බලා, ආකාර පලා. චන්ද්රො පමාවෙන් දසදිත් බලා, වැඩහිඳ ලීලොපෙත අෂ්ටාංග සමුපෙත දෙශනාවෙන් ධර්මනාද නමැති මේඝනාදයෙන් හා දන්තදාතු නමැති බලාකා පංක්තින් හා කන්වැල් නමැති විදුලියෙන් හා බැම නමැති දෙවුදුන්නෙන් හා මස්තක නමැති මෙග කූටයෙන් හා විරාජමාන වූ සද්ධර්ම නමැති මහා වර්ෂාව වස්වා දිව්යෙ මනුස්යා නමැති චෛනෙය ජන සත්ත්වයන් අමෘතාභිෂෙක ය කරන්නට පටන් ගත් සේක.

එ වේලෙහි බුදුන්ගේ සද්ධර්ම්ලිලා හා ශ්රී් විභූති ය දැක. මහා ප්රේජාපති ගොතමින් වහන්සේ පෙර තමන් වහන්සේ ජුල්ලධර්මත පාල ජාතක-ජුල්ලනන්දිය ජාතකාදි නො එක් ජාතිකොටියෙහි මවුත් ත් අවුදන් කෙළවර බුදු වු ජාතියෙහි දු මහපෙම් කලාවූ පුත්රත ස්නෙහ ය-බුද්ධස්නෙහ ය-ධර්මස්නෙහ යයි ත්රිරවිද වූ ප්රේදම නමැති මහ වතුරෙන් සොලවන පදුව ඉපිල නැංගා සේ හුනස්නෙන් පැනනැඟි දොහොත් මුදුන් දී සිට මෙසේ මහ පිරිට ඇසෙන සේ ස්තුති කරන සේක:.

බහුන්නං වත අත්ථාය- මායා ජනයි ගොතමං.

බ්යාසධිමරණ තුන්නානං -දුක්ඛක්ඛන්ධංබ්යනපානුදි-යි.


යන මේ ගය කිය කියා “සාධු සාධු ම පුතණුවෙනි,ශ්රියමත් වූ ගෞතමයෙනි, මෙ බඳු වූ ශ්රිායෙන් තවත් නුමට ම වඩ වඩා වේව යි, නුඹ නිසා මුළු ලෝවාසින්ට මේ සාැ මහත් වූ වැඩෙක් විය, මා බුනැණියෝ මහමායා දේවි එකාන්තයෙන් මුළුලොවට වැඩ නිසා ම මෙතෙක් සත්ත්වයන් අතුරෙන් නුඹ වැනි පුත් රුවනක් ම වදාලු දෑය, එසේ හෙයින් මේ නුඹ කරන ලෝවැඩෙකැ යි නොසිතමි, මා බූහුනැණියන්ගේ ගුණව්යාැජයෙන් බුදුන්ට ස්තුතිකොට පියා නැවත බුදුන්ට ආ වැඩුව මනා කාරණයක් දැක:


විරං ජිව මහාවීර-කප්පං තිට්ඨ මහාමුනෙ!

සබ්බලොකස්ස අත්ථාය-භවස්සු අජරාමරො-යි.


යන මේ ගාථාව කියා ‘මහත් වූ වීය්ය්වර්‍ ඇති බුදුරජානෙනි! විරාත් කාලයක් ජීවත් වුව මැනැව, මුළු ලොවට වැඩ පිණිස කපක් මුළුල්ලෙහි වැඩහිඳිනේ මැනැව,අජරාමර වුව මැනැව’යි කියා බුදුන්ට ආ වැඩූ දෑ ය. එ බස හා සමඟ තුන්ලෝ පුරා ිටි මහ පිරිස ද “චිරං ජීව! මහාවීර!’යි කියා එකපැහැර බුදුන්ට ආ වඩන්නාහු බඹලොව දක්වා කෝලහාල කළහ.


එ වේලෙහි බුදුහු මහ පිරි සන්හුන් කල “මහාප්රනජාපති ගොතමිනි! සර්වඥවරයන්ට ආ වඩන්නේ නම් තෙල සේ නො වෙ”යි වදාළ සේක. කෙසේ ද ස්වාමිනි යි විචාළදෑ ය. බුදුහු වදාරන සේක්. “සර්වඥවරයෝ නම් ශ්රාිවකයන් ම ආභරන කොට ඇතියහ, වල්ලබයන්ගෙන් ශොභාමත් වන්නා වූ සක්විති රජුන් වැනියහ, තාරකාවන්ගෙන් හොබාමත් වන්නා වූ සඳ දෙවුපුත් වැනියහ, බුදුහු සමඟ වූ ශ්රාමවකයන් ම දකිනා කැමැතියහ. එසේ හෙයින්:


ආරද්ධවිරයෙ පහිතත්තෙ-නිච්චං දළ්හ පරක්කමෙ,

සමග්ගෙ සාවකෙ පස්සෙ-එසං බුද්ධාන වන්දනා-යි.


යන මේ ගාථාව උගන්වා “අනූන වූ ශ්රානවකසංඝයා බල බලා වැඩහුන මැනැවැ යි කියව, එසේ වූ වචන ය බුදුන්ට ආ වැඩුම් නමැ”යි වදාරා එ තෙනට අනුරූප වූ දෙශනාවෙන් බණ සමහර කොට මහපිරිසට සමු දී යවා වදාල සේක. එ වේලෙහි සතර මඟ සතර පලයට පැමිනියා වූ භික්ෂු-භික්ෂුණී -උපාසක-උපාසිකාදි දිව්ය -බ්රීහ්ම -බ්රුහ්ම -ගරුඬ -නාග සංඛ්යාාත වූ අෂ්ටප්රදකාර වූ මහ පිරිස බුදුන්ට අප්ර මාණ වූ පූජා කොට ගියහ.


මෙසේ කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයිනු දු, කෙලෙස් නමැති සතුරන් නැසූ හෙයිනු දු, සංසාර චක්රුයාගේ අර බුද්ධ ඤන නමැති සතුරන් නැසූ හෙයිනුදු, කෙලෙස් නමැති සතුරන් නැසූ හෙයිනු දු, සංසාර චක්රතයාගේ අර බුද්ධ ඥන නමැති කෙටේරියෙන් පලා සුනු විසුනු කොට. මුලොච්ජින්න කොට, නැසූ හෙයිනු දු තමන් රහස ත් පවු නො කරන හෙයිනුදු, මෙසේ මෙසේ වූ ආමිශ -ප්රරතිපත්ති සංඛ්යාමත වූ අසාදාරණ වූ, පූජා ලැබීමට සුදුසු හෙයිනු දු දැයි යනාදි වූ, අනෙකප්ර කාර වූ, අර්ථයෙන් මාගේ බුදුහු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදි.


පූජාවිසෙසං සහ පච්චයෙහි

ය්මා අයං අරහති ලොකනාථො,

අත්ථානුරූපං “අරහං” ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං-යි.


මේ පූජාවලියෙහි අප බුදුන් මහා ප්රපජාපතයාදි පන්සියයක් ශාක්යි මෙහෙණින්නන්ගෙන් ලද භික්ෂුණි ශාසනොත්පත්ති -ප්රලතිපත්ති පූජා කථා නම් වූ සවිසි වන පරිච්ජේදය නිමි.