Jump to content

පූජාවලිය-ප්‍රතිසන්ධි පූජා කථා

Wikibooks වෙතින්

පූජාවලිය


අට වන පරිච්ඡෙදය


තව ද: අප බුදුන් ලද ප්රූතිසන්ධි පූජා නම් කවරයත්:

මෙසේ අප මහා බෝධිසත්ත්වයෝ ආරාධනා කළ දිව්යත බ්රයහ්මයන්ට අවසර දී යවා හුනස්නෙන් නැඟී ඒ තුසිත පුරයෙහි දෙවියන් පිරිවරා එ පුරයෙහි ම නඳුන් උයන් වැඩිසේක. එ කෙණෙහි සියලු දෙවතාවුන් චුත වන කාලයෙහි ම පෙනෙන්නා වූ පඤ්ච මහා පූර්වනිමිත්ත පෙණින. හේ කෙසේ ද යත්:

ඒ බෝසතුන් සත් පනස් කෙළ සැටලක්ෂයක් හවුරුදු හැඳි දි හැඳිවත, නො කෙලෙසී තුබූ සළුව, එ දවස් කෙළෙසී ගියේ ය. එ තෙක් කල් මුළුල්ලෙහි නො මළා වූ තුබූ පැළිඳි මල් පර ව ගියේ ය. හිරරස් කලබක් වන් ශරීරප්ර භා ව නිස්ප්රිභා ව ගියේ ය, දිව්ය් වූ මාළිතාවෙහි වාසයට රිසි නැති විය, තුන්ගවු උස දිව්යු ශරීරයෙන් පිනි ගත් රුකක් සේ වඩා සෙල් විණි. තුසීපුර දෙවියෝ බෝසතුන්ලේ චුත වන මේ පඤ්ච කාරණා දැක, “ඉතො චුතො සුගතිං ගච්ඡ මාරිස; ඉතො චුතො සුගතිං ගච්ඡ මාරසි” යනාදීන් පිරිවරා සිට මඟුල් තෙපුල් කීහ. එ කෙණෙහි බෝසතාණෝ ද පවනින් පැහැර නිවූ පානක් සේ ඒ තුසී පුරයෙන් අන්තර්ධානව එ දා ඇසළ මස මැදිපොහෝ ලද උතුරුසළ නකතින් අලුයම් රාත්රිියෙහි ඒ මහාමායා දේවීන් කුස පිළිසිඳ වදාළසේක. එහි විස්තර මෙසේ දතයුතු:


ඒ කපිලවස්තු නම් නුවර ඇසළකෙළි නම් වූ මහත් වූ උත්සව කෙළියෙන් පළමු සත් වනදා පටන් වීය. සියලු ජනයෝ ඉස්‍ ශෝධා ඉහමින් සුවඳමල් පළඳිමින් සුවඳ ඇග ගල්වමින් කෑමෙන් පීමෙන් නැටීමෙන් ගී කීමෙන් කෙළියෙන් සිනායෙන් දවස් යවා ශක්ර පුර‍ ව සේ එ නුවර සරහමින් සත් දවසක් උත්සව කෙළි කෙළිති. එ කල ශුද්ධෝදන රජ්ජුරුවෝ සෙ‍ාළොස් කළයක් සුවඳ පැනින් නහා ලක්ෂයක් අගනා සළුවක් හැඳ සූසැටක් ආභරණයෙන් සැරහී ශක්ර්දෙවෙන්ද්රඳ ලීලායෙන් සිංහාසන නැඟී හිඳ ඇමැති ගණා පිරිවරා සිණකෙළි සිරි විඳිති.

එ කල මහාමායා දේවී දිව්යා ස්ත්රිායක් සේ සැරහී පන්සියයක් ස්ත්රී න් පිරිවරා මඟුල් පොකුණු වැද ජලක්රීරඩා කොට නඳුන් පොකුණුවන් නන්දාඬ්ගනාවක සේ ක්රීරඩා කොට ලක්ෂයක් අගනා කසී සළුවක් හැඳ සුපිපි සපුමල් රුකක් සේ රන් පලඳනාවෙන් සැරහී රජගෙට ගොස් රන්වන් පායෙහි මතුමාලට නැඟී තමන්ගේ ශ්රීනයාන්ගබඩායෙහි සරඟ මල්පිරූ යානක් මතුයෙහි එ දා රෑ නිද්රාගවට පටන්ගත්හ.

එ දවස් රෑ මා‍ගේ බුදුන්ගේ ප්ර්තිසන්ධි වේලායෙහි මහාමායා දේවි මෙ බඳු ස්වප්නයක් දුටහ. ඒ කලී: වරම් රජදරුවෝ සතරදෙන තුන්ගවු උස දිව්යදශරීරයෙන් රන් ශොභා විහිදුවා විහිදුවා දේවීන් ඔත් යහන් ගබඩාවට වැද සපුමල්දමක් සේ දේවීන් වඩාගෙන පන්සියයක් යොදුන් හිමාල ය පර්වත ය මුදුනෙහි පසේබුදු සිවුරු වළඳනා සැටයොදුන් සිරියෙල් ගල් තලාාවහි කෙළවර පිහිටි සත්යොදුන් සල්රුක මුල යොදනක් උස මල්ගොඩ පිට වඩාලූ නම එ සඳ වරම් රජුන්ගේ අඹූවෝ සතර දෙන සපිරි වරින් අවුත් බිසොවුන් ඔසවාගෙන පනස් යොදුන් අනවතප්තවිල දෙව්දූන් දිය කෙළිනා පැන්තොට දී මිනිස්ගඳ හැර දේවීන් නාවා දිවසළු හඳවා දිවපළඳනාවෙන් සරසා දෙසියයක් ගවු උස රිදීමය වූ කෛලාසකූට පර්වත මුදුනෙහි පිහිටි රන්පායට ගෙනගොස් දිවයානක් පනවා පශ්චිම දිග්භාගයට සිරස ලා දක්ෂිණ දිග්භාගයෙන් ජම්බුද්වීපයට ඇතුළත් කොට සතපා දේවීන් පිරිවරා සිටියෝ නම.

ඒ පර්වකයට නුදුරු තෙන ඝන රන්මය වූ දෙසියයක් ගවු උස චිත්රදකූටපර්වත ය මුදුනෙහි සිට ඇළි ඇත්පැටවෙක් රිදී දමක් වන් සොඬින් සුදු පියුමක් ගෙන ඒ පර්වතයෙන් බැස බිසොවුන් බල බලා ඔත් දී ම ඒ රිදීපර්වතයටය නැඟී රන්පායට වැද බිසොවුන් සැතපුණු දිව යහන වටා තුන් යළක් ඇවිද දක්ෂිණභාගයෙන් බිසොවුන් කුසට වැද ගියේ නම.

එ කෙණෙහි බිසොවු පිබිද නැගි යාන පිට උන්හ. දේවීන් බඩ විදුරු පුරා ලූ භාජනයක් සේ බර විය. බිසොවු නොනිදාම පාන්වූ කල ගොස් රජහට දැන්වූහ.

රජ වේදයෙහි නිපුණ බ්රාාහ්මණයෙන් සූසැටදෙනෙකු ගෙන්වා චතුමධුරයෙන් පැන් නො වකා පිසූ කිරිබත් ලක්ෂ වටනා‍ රන්තලි සූසැටක් පුරා ලක්ෂ වටනා රන්තලි සූසැටකින් වසා ඒ බමුණන් පෙරට තබා කිරිබත් කවා රන්තලි සමඟින් බමුණන්ට දන් දී අත් ශෝධ ව කපුරු ය, තකුල් ය, නාරඟ ය, ලමඟ ය, හිඟුරු ය යන මේ පස් පල වතින් බුලත් දී බමුණන් සතුටු කරවා බිසොවුන් දුටු ස්වප්නය කියා විචාළහ.

ඒ බමුණු ස්වප්න ය පරීක්ෂා කොට කියන්නාහු’ දේවයෙනි! දේවීන් දුටුයේ දරු සීනයෙක, සුදු ඇත්පැටවෙක් නම් බුදු වන පුත් පැටවෙකැ” යි යන අර්ථ ය. ශුද්ධ පද්මයෙක් නම් බුද්ධ පද්මයෙකැ යි යන අර්ථ ය. එ‍ෙස් හෙයින් ප්ර්ඥ නමැති හස්තයෙන් වෛනෙ ය ජන නමැති පද්මයන් ධරා දේශනා නමැති රශ්මීන් ප්රතබ්රාද්ධ කරන්නා වූ බුද්ධ පුත්රධයෙක් ම ය. චක්ර වර්ති හෝ වන පුතෙක් උපණ. ඒකාන්තයෙන් ඒ ද්වීපයන්ට උත්තම තුන්ලෝ වැසියන් විසින් පූජා ලැබෙන පුතෙක් ම ය. දරුගබ් මඟුල් කරව” යි බමුණෝ රජු සන්තෝෂ කරවා සමු ගෙන ගියහ.

මෙසේ මාගේ ශ්රී මහා බෝධිසත්ත්වයන් මවුකුස පිළිසිඳගත් ඇසිලිලෙහි පාරමිතා‍ බෙලෙන් ජනිත වූ උන්වහන්සේ ම පුණ්යධප්රබභාවයෙන් ලොවට අද්භූත වූ ආශ්චය්ය් ර්‍ පූජා දෙතිසෙක් පහළ වී ය. ඒ දෙතිස් පූජා නම් කවර යත්.

එ දා මහී නමැති කාන්තාව දීපඬ්කර පාදමූලයෙහි පටන් තමා බඳූ වූ අචල ගුණයෙන් සාරාසඬ්ඛ්යො කප්ලක්ෂයක් මුළුල්ලෙහි පුරා ආ හෙයින් “ මා සේ ම අචල වූ ගුණ ඇති සේකැ” යි සන්තුෂ්ටව දසසදහසක් සක්වළ දසදහසක් මහ පො‍ළෝ නැමැති භෙරීන් නාද පවත්වා මහීගර්ජනා නම් වූ පළමු වන ප්රනතිසන්ධි පූජාව කළ දෑය. තව ද සුවහස් පහන් දැල්වූ එක මඟුල් ගෙයක් ‍ෙස් දසදහසක් සක්වළ මුළුල්ලෙහි පැවැත්වා වූ මහත් ආලෝක ය මාගේ බුදුන් ලද දෙවන ප්ර තිසන්ධි පූජා නම. තව ද ජාතියෙන් අන්ධ වූ මිනිසුන් උපන් තැන් පටන් නුදූටූ විරූ දෑ අනෙකප්ර කාර වර්ණණ දැක “ මේ කෙසේ වූ ආශ්චය්ය්‍ර්‍ යෙක් දැයි අහෝ සාධු අහෝ සාධු” යි කිය කියා ලෝකාලෝක දැක කළා වූ සන්තොෂ ය ම‍ාගේ බුදුන් ලද තුන් වන ප්ර තිසන්ධී පූජා නම. තව ද දසදහසක් සක්වළ මුළුල්ලෙහි උපන්නා වූ ජාති ගොළුවන් කුරවීක නාද පරදවා එ කෙණෙහි ලීලාපෙත කොට ති කීම මාගේ බුදුන් ලද සතරවන ප්රපතිසන්ධි පූජා නම.

තව ද උපන් තැන් පටන් ජාතියෙන් බිහිරන් බෙර හඬ සක් හඬ පමණකුත් ‍ෙනා අසා එ කෙණෙහි ගොළුවන් කියන ගිතිකා ශබ්දයෙන් පිබිද ඒ ගායනා අස අසා සාධුකාර දීම මාගේ බුදුන් ලද පස්වන ප්රනතිසන්ධි පූජා නම. තව ද උපන් දා පටන් පයින් නො ගිය විරූ වනුගා නිගා විඳ ඇවිදුනා පිළුන් දෙපය සොල්වා යොදුන් ගණන් දිවපියා නළුවන් සේ නට නටා අත්පොලළසන් දි දී අහෝ සාධු, අහෝ සාධු යි , හඬනඟා ශබ්ද ඝොෂාව මාගේ බුදුන් බුදුන් ලද සවන ප්ර්තිසන්ධි පූජා නම. තවද කුරු කුදු ව උපන් සත්ත්වයන් විශෙෂ වූ ගාත්රා ලදින් ඉතා උස්තෙනක තුබූ පකාපැනින් බිඳ කකා තලු ගසා රස විඳ ඔල්වරසන් දි දී සාධුකාර දීම ම‍ා‍ෙග් බුදුන් ලද සත්වන ප්රනතිසන්ධි පූජා නම. තව ද ඒ ඒ තන්හි බන්ධනාගාරයන්හි වසන හස්ති අශ්ව මයුර ශාරිකාදීන් හා අන්ධුඝරා‍දියෙහි ඇකිලි බඳ සත්ත්වයන් තමන් තමන්ගේ බැඳුම් සිඳී ගිය ස්වකීය වූ ස්ථානයට පැමිණ සන්තොෂයෙන් කරන්නා වූ රැවු පිළිරැවු දහස්ගණන් මාගේ බුදුන් ලද අටවන ප්ර තිසන්ධි පූජා නමි. තව ද දසදහසක් සක්වළ තෙළෙස් ලක්ෂ සැටදහසක් නරකවල ගිනි නිවී හිමපිඬක් සේ සිහිල් ව ගිය වේලෙහි ඔවුනොවුන් දැක මේ කෙසේ වූ විශ්මයෙක් ද; කොළ, මේ නරක දුකින් අද මිදී ගියම්හ යි කිය කියා දසදහසක් සක්වළ මුළුල්ලෙහි නරකවල සත්ත්වයන් කීවා වූ සාධූකාර ශබ්ද ඝොෂාව මාගේ බුදුන් ලද නව වන ප්ර තිසන්ධි පූජා නම.

තව ද: කපක් මුළුල්ලේ බත් නො ලද්දා වූ පෙතයන්ගේ සා පිපාසා නිමි බක් ලදින් පැන් ලදින් අහෝ සුඛං අහෝ සුඛං කීවා වූ ශබ්ද ඝොෂාව මාගේ බුදුන් ලද දසවන ප්රෝතිසන්ධි පූජා නම. තව ද උපන් තැන් පටන් මරණයෙහි භයින් ඇවිදුනා වූ තිරිසන් අප‍ායෙහි සත්තවයන් ඔවුනොවුන් කෙරෙහි භයනැතිව සිත් ‍ෙස් ඇවිදීම මාගේ බුදුන් ලද එකොළොස් වන ප්ර තිසන්ධි පූජා නම. තවද දසදහසක්සක්වල සියලු සතුන්ගේ උපන්දා උපන් අසාද්ධ්යද වූ රොග සන්සිඳී අහෝ සුඛං අහෝ සුඛං යන සන්තොෂ වචනයක් කිම මාගේ බුදුන්ලද දොළොස්වන ප්රඅතිසන්යි පූජා නම.තව ද සියලු සත්ත්වයන් ම ඔවුනොවුන්ට අප්රිජය වචනයක් නො කියා ප්රියය වචන ම කිම මාගේ බුදුන් ලද තෙළෙස් වන ප්රාතිසන්ධිපූජා නම. තව ද එ දා අශ්වරාජයන් එ කෙණෙහි ම මධුර නාදයෙන් හෙෂාරව කිරිම මාගේ බුදුන් ලද තුදුස් වන ප්රදතිසන්ධි පූජා නම. තව ද එ දා දස කුලෙහි ඇතුන් සන්තොෂයෙන් කුඤ්චනාද කිරීම මාගේ බුදුන් ලද පසළොස්වන ප්රයතිසන්ධි පූජා නම.

තව ද එ දා සිංහරාජයන් නොඑක් ගල් මුදුනට නැඟී “සත්ත්වයෙනි! බුදුහු මවුකුස පිළිසිඳි සේකැ”යි ලොවට හඬ ගාන්නා සේ කරනලද මහත්වූ සිංහගර්ජනාව මාගේ බුදුන් ලද සොළොස් වන ප්රමතිසන්ධි පූජා නම. තව ද එ දා මහිෂ ගවර සෙමරාදි සියලු සිවුපා වන් තමන් තමන්ගේ නාදයෙන් ඝොෂා කිරීම මාගේ බුදුන් ලද සතළොස්වන ප්රමතිසන්ධි පූජා නම තව ද එ දා දසදහසක් සක්වළ දෙවුමිනිසුන් පලඳනාලද කනක කටකාදි ආභරණයන් සැලී ප්රාෙණ ඇතියන් සේ රවණ ය කිරීම මාගේ බුදුන් ලද අටළොස් වන ප්රරතිසන්ධි පූජා නම. තව ද එ දා දශවිධ වූ දිගන්තරයෙහි ප්රයහාස් කන්ධයක් විහිද බුදුරස් කඳු සේ දිවීම මාගේ බුදුන් ලද එකුන් විසි වන ප්රුතිසන්ධි පූජා නම. තව ද එ දා වාතවලාහක දිව්යනපුත්ර යන් සැඬ පවන් දුරුකොට වනසුවඳින් යෙදුණා වූ මඳ මඳ පවන් පැවැත්වීම මාගේ බුදුන් ලද විසි වන ප්ර තිසන්ධි පූජා නම. තව ද එ දා වස්ස වලාහක දිව්ය පුත්ර යන් අකාල මෙඝ නඟා දසදහසක් සක්වළ එ කෙණෙහි වැසි වස්වා පීමා මාගේ බුදුන් ලද එක්විසි වන ප්රැතිසන්ධි පූජා නම. තව ද මහපොළොව පළා නාඹ තල් කඳ සා ජලධාරාවන් රිදී කඳන් සේ නැඟී ඒ ඒ දිග්හි දිවීම මාගේ බුදුන් ලද දෙවිසි වන ප්රනතිසන්ධි පූජා නම. තව ද එ දා සියලු පක්ෂින් ම එ වේලෙහි ආකාශයෙන් නො ගොස් තුරු අග නො හිඳ මිහිමඬලට බැස තමන් තමන්ගේ ධ්වනියෙන් මධුරනාද කිරීම ම‍ාගේ බුදුන් ලද තෙවිසි වන ප්රිතිසන්ධි පූජා නම.

තව ද එ දා දසදහසක් සක්වළ නේ සුවහස් ගඬ්ගාවන් යටිගං බලා යන ගමන් හැර බුදුහු උපන් හ යි සතුටු ව බලා සිටිනා සේ නො ගොසින් රදාපීම මාගේ බුදුන් ලද සූවිසි වන ප්රබතිසන්ධි පූජා නම. තව ද එ දා දසදහසක් සක්වළ මුළුල්ලෙහි සතලිස් දහසක් සමූද්රමයන්ගේ මහ රළ සන්හිඳ ලුණුදිය අන්තර්ධානව මධුර ජලයෙන් පිරී ප්ර්සන්න ව නිවී සැනහී තිබීම මාගේ බුදුන් ලද පස්විසි වන ප්රේතිසන්ධි පූජා නම. තව ද එ දා දසලිස් දහසක් සාගරයෙහි පස් පියුම් පිපී විසිතුරු මලසුන් සේ විම මාගේ බුදුන් ලද සවිසි වන ප්ර තිසන්ධි පූජා නම. තව ද එ දා දියෙහි ගොඩෙහි පිපෙන හැම මල් සමූහයන් එ කෙණෙහි ප්රිබුද්ධ ව දසදිග සුවඳ පතුරුවා රොන් සළා දීම මාගේ බුදුන් ලද සත්විසි වන ප්ර තිසන්ධි පූජා නම. තව ද දසදහසක් සක්වළ මුළුල්ලෙහි ගල්වල ද මුල් වල ද මුල පටන් අග දක්වා මලින් වැසී යාම මාගේ බුදුන් ලද අටවිසි වන ප්ර තිසන්ධි පූජා නම. තව ද දසදහසක් සක්වළ පොළෝවල ද, දසදහසක් සක්වළ පර්වත මුදුනේ ද, බිම් පළා ගල් පළා සත්බුමු දඬු පියුම් පැන නැඟි ඒ ඒ තැන සිටීම මාගේ බුදුන් ලද විසිනව වන ප්රිතිසන්ධි පූජා නම.

තව ද සියලු ආකාශ ය මුළුල්ලෙහි පියුමෙන් අතුරු නැතු ව උඩු බලා නටු තිබී යටි බලා කෙමි තිබී මල් වියනක් සේ මැවී යාම මාගේ බුදුන් ලද තිස් වන ප්‍රතිසන්ධි පූජා නම. තව ද දස දහසක් සක්වළ මුළුල්ලෙහි එ කෙණෙහි මල්වැසි වැස පියා මුළුලොව එක මලස්නක් සේ, එක මල් වටක් සේ, වීම මාගේ බුදුන් ලද එක් තිස් වන ප්ර තිසන්ධි පූජා නම. තව ද එදා මතු අර්හත් ධ්වජයට පූර්ව නිමිත්ත පානා සේ එ දා නැඟු ධ්වජමාලායෙන්, බඹලෝ වසා ගැන්ම මාගේ බුදුන් ලද දෙතිස් වන ප්රාතිසන්ධි පූජා නම.

මෙසේ බුදුහු බුදු වන ජාතියෙහි මවු කුස පිළිසිඳගත් කුසල් පමණකින් මෙසේ ලොවට ඉතා අද්භූත වූ, ඉතා ආශ්චය්ය්ණර්‍ වූ, ඉතා විස්මය වූ, ප්රේතිසන ධි පූජාවන් සෙතිස් දෙනකු එක විගස ම ලත් හෙයිනු ත්, මෙසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනු ත්, ශාක්යෙකුල සිංහ වූ ශාක්යසකුල නායක වූ, ශාක්ය කුල කෙතු වූ, ශාක්යෙකුල ප්රහසාධනීය වූ, ශාක්යපකුල ලොචන වූ, ශාක්යුකුල චිනමාණික්ය වූ, ශාක්යනකුල භද්රපඝට වූ, ශාක්යවකුල කල්පද්රැුම වූ, ශාක්ය කුල තිලක වූ, ශාක්යපකුල ප්ර්දීප වූ, මාගේ ස්වාමිදරු වූ බුදුරජාණෝ මේ මේ කාරණයෙනුදු අරහත් නම්වන සේක. එසේ හෙයින් කියන ලදුයේ මැයි:


පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො,

අත්ථානුරූපං “අරහං”ති ලොකෙ

තස්මා ජිනො අරහති නාම මෙතං-යි.


මේ පූජාවලියෙහි අප බුදුන් පශ්චිමාත්ම භාවයෙහි ලද ප්රපතිසන්දි පූජා කථා නම් වූ අට වන පරිච්ජෙදය නිමි