පූජාවලිය-පූර්වාරාම පූජා කථා

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

පූජාවලිය


අටළොස් වන පරිච්ඡේදය


පටුන

තව ද: අප බුදුන් විශාඛා මහා උපාසිකාවන්ගෙන් ලද පූර්වාරාම පූජා නම් කවරයන්:[සංස්කරණය]

තව ද: අප බුදුන් විශාඛා මහා උපාසිකාවන්ගෙන් ලද පූර්වාරාම පූජා නම් කවරයන්: මේ ඒ විශාඛාවන්ගේ පිළිවෙළ කථාවය අප මහා ගෞතම බුදුන් සමයෙහි තුන්සියයක් යොදුන් අඟු මගධ දෙරට ට නායක වූ රජගහා නුවර බිම්බිසාර රජහුගේ විජිතයෙහි මැඬ මහා සිටාණෝ ය, ජොතිය මහාසිටාණෝ ය ජටිල මහාසිටාණෝ ය, කාකවලිය මහාසිටාණෝ ය, පූර්ණක නම් මහසිටාණෝ ය යි මහ පොළොව සේ උනු නො වන සම්පත් ඇති හෙයින් අමිත හොගී ය යි මෙ නමින් ප්රපසිද්ධ වූම හ සිටුවරු පස්දෙනෙක් වූහ. එයින් මැඬ මහසිටාණන්ගේ ගෙයි ඇතුළු වූ මහපින්වත්හු පස්දෙනෙක් වෙති. සිටාණෝු ය, චන්ද්ර පදුමා නම් සිටු දියනියෝ ය, ධනඤ්ජය නම් පුතණුවෝ ය, සුමනා නම් යෙහෙලණියෝ ය, පුණ්ණක නම් මෙල්ලාකියා යයි මොහු පස්දෙනෙක් පෙර කළ පිණින් එක ගෙයි මෙණ්ඩක නම් සිටාණන්ගේ පුතණුවන් ධනඤ්ජන සිටාණන් ගේ ජ්යෙ ෂඨ භාය්ය්ුර්‍ වූ සුමනා නම් සිටුදියණියන් කුස පිිළිසිඳ ඒ අඟුරට භද්දිය නම් නුවර වසන කල මවුකුසින් උපණ. එම විශාඛාවන් සත්හැවිරිිදි අවස්ථාවෙහි මාගේ කරුණා නිධාන වූ, ස්වාමිදරු වූ, බුදුරජාණන් වහන්සේ සෙල නම් මහබමුණානන් ආදී වූ මහණගණා පිරිවරා ඒ භද්දිය නුවරට පැමිණි සේක.

එ කල මැඬ මහ සිටාණෝ ස්වාමිදරුවන් තමන්ගේ නුවරට වඩනා බව අසා ම පුතණුයන්ගේ දු විශාඛා නඹ වූ තමන්ගේ මිණිබිරියන් ළඟට කැඳවා “පුත තොපට ත් මඟුල, අපටත් මඟුල, තෙපි තොප හා සම සත් හැවිරිදි වයස් ඇති පන් සියයක් සිටුකුමරියන් පිරිවරාගෙන පන්සියයක රථ නැඟි මහ පෙරහරින් බුදුන් පෙරමඟට යව”යි කීහ. එ වේලෙහි ඒ කුමාරිකාවෝ තමන් බුදුසස්නෙහි සැදෑ ඇති ස්ත්රී න් කෙරෙහි: අග්රෑ වූ තනතුරු ලබන පින් ඇති හෙයිනු ත් පූර්ව හේතුසම්පත් ඇති හෙයිනුත් බුදුහු ය යි යන නම අසා ම සන්තොෂ ව මුතුන් සිටුහු කී පරිද්දෙන් මහපෙරහරින් බුදුන් පෙරමඟට ගොස් තමන් බාලවුව ද මහනුවණ ඇති හෙයින් උත්තමයන් පෙර මඟට යානා නැඟී යාම ආදර නො වන්නේය යි සිතා පයින් ගොස් බුදුන් දැක වැඳ එකත්පස්ව සිටියහ.

එ වේලෙහි ස්වාමිදරුවෝ මෙ කුමාරිකා කෙසේ වූ පිනැති එකක් දෝ හෝ පරීක්ෂා කොට මාගේ බුදුසස්නෙහි සියලු ශ්රාලවකයන්ට මවු තනතුරු ලදින් ශ්ර්ද්ධාවන්තයන් කෙරෙහි අග්රල ව මහත් වූ දානපරිත්යාිගයෙන් බුදුසසුන් හොබවන උත්තම ස්ත්රිරයකැ’යි දැක එ කෙණෙහි ධර්මදෙශනා කළසේක.

ඒ වේලෙහි විශාඛාවෝ පන්සියයක් කුමරියන් හා සමඟ සෝවාන් වූහ. ඉක්බිත්තෙන් මැඬ මහසිටාණෝ එම දා බුදුන් කරා ගොස් බණ අසා එමස දා ම සෝවාන් ව සෙට දවසට බුදුන් පවරාා අනෙකප්රසකාරවූ ඛාද්ය භොජ්යදයෙන් බුදුන් වළඳව‍ා මෙසේ ම දෙපෝයක් මහදන් දුන්හ. බුදුහු ඒ භද්දිය නුවර අභිප්රානය කාලයක් වැස නැවත ජෙතවනාරාමයට වැඩිසේක.

එ සමයෙහි සැවැත් නුවර පසේනදි කෝසල රජ්ජුරුවන් නැඟණියෝ රජගහා නුවර බිම්බිසාර රජ්ජුරුවන්ට අග මෙහෙසින් ව වෙසෙති. බිම්බිසාර රජ්ජුරුවන්ගේ නැඟණියෝ පසේනදි කෝසල රජ්ජුරුවන්ට අගමෙහෙසින් ව වෙසෙති. එසේ හෙයින් ඔහු දෙදෙන ඔවුනොවුන් භගිනිපතිකා නම් වූ සුහුරුබඩු වූහ.


දවසෙක කෝසල රජ්ජුරුවෝ සිතන්නාහු බිම්බිසාර රජ්ජුරුවන්ගේ නුවර....[සංස්කරණය]

දවසෙක කෝසල රජ්ජුරුවෝ සිතන්නාහු බිම්බිසාර රජ්ජුරුවන්ගේ නුවරඅමිතභොගී සිටුවරුන් හා මහපින් ඇතියෝ බෙහෙව. උන්ගේ නුවරට ගොස් අමිතභොගී සිටාණ කෙනෙකුන් ඉල්වාගෙන මාගේ නුවරට එමි යි සිතා මහ පෙරහරින් රජගහා නුවරට ගොස් බිම්බිසාර රජ්ජුරුවන් හා ප්රිරයකථා කොට “ යහළු, තොපගේ නුවරින් අමිතභොගී මහ සිටාණකෙනකුන් මට දෙව”යි කීහ. රජ්ජුරුවෝ “මේ මහ පොළොව සොල්වාලිය හැකි වී නමුත් ඒ සිටුවරුන් පස්දෙන සොල්වාලිය නොහැක්කේ ය”යි කීහ. එ බසට කෝසල රජ්ජුරුවෝ “එක් සිටාණකෙනෙකුන් මට නුදුන්නා නම් මම මේ නුවරින් නො යෙමි, තොප හා මා හා විස්වාසත් නැතැ”යි කීහ. එ වේලෙහි බිම්බිසාර රජ්ජුරුවෝ අමාත්යොයන් හා සමඟ කථා කොට “මහසිටුවරුන් යවාලීම බැරිවුව ත් එක් තරම් සම්පත් ඇති සිටුකෙනකුන් දෙම්හ”යි කියා මැඬඩ මහ සිටාණන් පුත් යට කී ධනඤ්ජය සිටාණන් කැඳවා කොසොල් රජ්ජුරුවන් කී පවත් ඔවුන්ට කියා “සැවැත් නුවර උන් හා කැටි ව යව”යි කීහ. ධනඤ්ජය සිටාණෝ “නුඹවහන්සේ මා යවනසේක් වී නම් යෙමි”යි කියා ගිවිස්සහ. එ කල බිම්බිසාර රජ්ජුරුවෝ ඒ ධනඤ්ජය සිටාණන් ගිවිස්වා මහත් වූ සත්කාර කොට කොසොල් රජ්ජුරුවන්ට පාවා දී යවුවාහු ය.

ඉක්බිත්තෙන් කෝසල රජ්ජුරුවෝ සිටාණන් ලත් සමාධියෙන් සැවැත් නුවරට යන්නාහු අතුරුමඟ ලැග්මට ඵාසු තෙනෙක මහසෙනඟ රඳවා ලැගුම් ගත්හ. එදා ධනඤ්ජය සිටාණෝ කොසොල් රජ්ජුරුවන් කරා ගොස් “ස්වාමිනි! මේ කවුරුන් හිමි රට” දැයි විචාළහ. රජ්ජුරුවෝ මාගේ විජිත ය යි කීහ. නුඹ වහන්සේගේ නුවර මෙ තෙනට කෙතෙක් තැන්දැ යි විචාරා සත් යොදනෙකැයි කීකල සිටාණෝ “මාගේ පරිවාරජනයෝ බොහව, ඇතුළු නුවර වාසයට සම්බාධය, මෙතෙන ම වසනු කැමැත්තෙමි”යි කීහ. එ බසට රජ්ජුරුවෝ සමාධී ව මහ සෙනග ලවා කීප දවසක් ඇතුළත එ ම තෙන නුවරක් නිමවා සවස ලැග්මට වන් තෙන හෙයින් සාකෙත නුවර ය යි නම් තබා සිටාණන් එ නුවර පිහිටුවා තමන්ගේ සැවැත් නුවරර ම ගියාහු ය.

එ කල ඒ සැවැත් නුවර මිගාර නඹ සිටාණන් පුතණුවෝ පූර්ණ වර්ධන නම් කුමාරයෝ වැඩිවිය පැමිණියහ. එ කල මවුපියෝ පුතණුවන් කැඳවා තොප කැමැති ශරණක් කියව යි කීහ. පූර්ණ වර්ධනයෝ නම රූ ඇත්තෙමි යි මන් ඇතියහ. එසේ හෙයින් “ස්ත්රි යක පාවා දෙතෝතින් පඤ්චකල්යායණයෙන් යුක්ත වූ උත්තම ස්ත්රි්යක පාවා දුන මැනැව, නැතහොත් මම ශරණ නො කැමැත්තෙමි”යි කීහ. පඤ්චකල්යාතණ නම් දැ යි විචාළහ.

ඒ පඤ්චකල්යානණ නම්: කෙශකල්යාකණ ය, මාංසකල්යායණ, අස්ථිකල්යායණය, ඡවිකල්යාකණය, වයොකල්යාාණය යි මෙසේ වූ පසෙක. මෙහි විභාග ය: මහ පින් ඇති ස්ත්රි්යගේ කෙස් මොනර පිල්කලබක් සේ ඡවිවර්ණ ඇති ව මුදා හෙළපිකල ගොප්මස ගැසී තුන් දරණක් ගසා අග් මුදුන් බලා සිටගනති, මේ කෙශකල්යා්ණ නම. අධරයුග්ම ය කෙම්ඵල කෙක්සේ පබළුපත් කෙක් සේ බුලත් කෑ වේලෙහිත් නො කෑ වේලෙහිත් හැම වේලෙහි ම ඉතා සුරක්ත ව ඡවිපහස් ඇති ව රත්පැහැ විහිද විහිද තිබෙයි. මේ ලක්ෂණ ය මාංස කල්යාතණ නම. දන්තයෝ කොඳ කැකුළුසේ සුදුව අතුරතුරෙහි සිදුරු නො දී එක් දතක් එක් දතකට උස් නො ව සමකොට ගා යොදාලු සක්පත් දෙකක් සේ ප්රවභාසම්පන්න ව සිටිති. මේ ලක්ෂණය අස්ථිකල්යාකණ නම. කැළි වූ ස්ත්රිායගේ සර්වාඬ්ගය අනික් වර්ණයක් නැතිව ගොත‍ා හෙළාලු නිලුපුල් මල් දමක් සේ තිබෙයි. එළිලි වූ ස්ත්රිූයගේ සකල ශරීරය තලකැලලාදි දොෂයක් නැති ව කිනිහිරිමල් පෙත්තක් සේ තිබෙයි. මේ ලක්ෂණය ඡවිකල්යාමණ නම. දසවිසිවාරයෙක දරු ලද ත් යොබ්බනය දරු නො ලත් සොළොස් හැවිරිදි ස්ත්රි4යක සේ තිබෙයි. සියක් හවුරුදු පිරුණු කල ත් හිස නරකෙන්දකු ත් නො නැ‍ඟෙයි. මේ ලක්ෂණය වයොකල්යා ණ නම. මෙසේ වූ ස්ත්රියයක මට පාවා දුන මැනැවැ යි කීහ.

ඉක්බිත්තෙන් මවුපියෝ වෙද දන්නා බමුණන් එක්සිය අටදෙනකු ගෙන්වා නිරුදක වූ කිරිබත් කවා සන්තොෂ කරවා පඤ්චකල්යා ණයෙන් යුක්ත වූ ස්ත්රීක දැන් ලොව ඇද්දැ යි විචාරා ඇතැ යි කියා බමුණන් කී කල ඉනු ත් අටදෙනකු තෝරාගෙන ඔවුන්ට ප්ර සාද දි “මුළු දඹදිව ඇවිද පඤ්ච කල්යාරණයෙන් යුක්ත වූ කුමාරිකාවක ම පුතනුවන්ට සොයව, ඉදින් දුටු වූ නම් මේ ලක්ෂයක් අගනා ස්වර්ණ මාලාව ඒ කුමාරිකාවන් පලඳවාල‍ා වහා එව”යි යවුවාහු ය. ඒ පමුණෝ අටදෙන තෙසැට දහසක් රාජධානිවල ඇවිද පඤ්ච කල්යා ණයෙන් යුක්ත වූ ස්ත්රි්යක නො දැක නැවත සැවැත් නුවරට එන්නාහු ඒ ධනඤ්ජය සිටාණන් වසන සාකෙත නුවරට පාමිණියහ.

එ කල එ නුවර අවුරුදු පතා ‍කෙළනා වූ නකත්කෙළි නම් උතුසවයෙක් විය....[සංස්කරණය]

එ කල එ නුවර අවුරුදු පතා ‍කෙළනා වූ නකත්කෙළි නම් උතුසවයෙක් විය. එ දා මතුමාලෙන් යටිමාලට නො බස්නා, යටිමාලෙන් එළිපත පැන පිටතට නො යන, කුල ස්ත්රීුහු තමන් තමනගේ ගෙවලින් නික් ම පිරිවර හා සමඟ සියලු සතුන්ට ම පෙනි පෙනී උයන් පොකුණු ගංතොට ආදියෙහි සිත් සේ කෙළිමින් සෙමින් ඇවිදිනාහු ය. එ දවස් රජ - බමුණු - වෙළෙඳ - ගොවි සිවුකුලයෙහි ශ්රීීමත් වූ සල්ලාල පුරුෂයෝ “අද අප හා සමාන කුල ඇති උත්තම ස්ත්රී න් සිත් සේ බලම්හ” සුවඳ මල්කඳු ගෙන ඒ ඒ සන්ධියෙහි සිට ගෙන කැමැති කැමැති කුලස්ත්රි න් කරට මල්දම් දම දමා සිත් සේ කෙළනාහු ය.

එ දා ඒ බමුණෝ අටදෙන ද “අද මෙ නුවර කුලස්ත්රිුහු හැමදෙන ම උත්සවයට පිටත්වෙති, අද එකාන්තයෙන් පඤ්චකල්යා ණයෙන් යුක්ත වූ උත්තම ස්ත්රියයක දකුම්හ” යි සිත සිතා ගංතොට එක් ශාලාවෙක යන එන්නන් බල බලා සිටියහ.

එ වේලෙහි විශාඛාවෝ පසළොස් සොළොස් හැවිරිදි වයසින් සර්වාභරණයෙන් දෙවඟනක සේ සැරහී පන්සියයක් පරිවාර ස්ත්රීණන් පිරිවරා ගඟදිිය කෙළියට යන්නාාහු ඒ ශාලාව කරා පැමිණියහ: එ කෙණෙහි මහා මෙඝයක් නඟා වැස්සෙක් දිව ආය, පන්සියයක් කුමාරිකාවරු ඔවුනොවුන් පරදවා දිව අවුදින් ශාලාවට වන්හ. බමුණෝ ඔවුන් පන්සියයක් දෙනා බලා පඤ්චකල්යාටණයෙන් යුක්ත වූ එක ස්ත්රි්යකත් නුදුටුවාහු ය. විශාල වූ ශාලාවට එන වි‍ශාඛාවෝ වැසි ගුගුරා දිවතු ත් පසු ව අවුදින් ශාලාවට වන්හ; පලන් ආභරණ හා ඉණ තිබූ සළුව එකපැහැර තෙමී ගිය.

එ වේලෙහි ඒ බමුණෝ දෙවඟනක සේ එන විශාඛාවන් දැක දිව දිව සන්සලයෙන් නො එන නියාවත් නිශ්ඵල ව ඇත් ගමනින් ඇඟ නො සොල්වා ස්ත්රීි ලීලායෙන් එන ඉතා පිනැතිදරුකෙනෙකැ”යි කිය කියා සිටියහ.

එ වේලෙහි ඒ ශාලාවට අවුත් වන් විශාල වූ ගුණ රූ ඇති විශාඛා නම් කුමාරිකාවන් දැක පරීක්ෂා කරන්නාහු සතර මහා කල්යා්ණ ලක්ෂණ දැක දන්තකල්යාාණ ලක්ෂණ ය නොදැක “මෑ හා කථාවක් කරවා මෑගේ දන්තකල්යාාණ ය හා ශබ්ද මාධුර්ය ය බලම්හ”යි කියා ඔවුනොවුන්ට ඇස් මරා මහත්කොට සිනාසී “මේ කිඩින් රක්ෂාකළ සමණ කෙනෙක් ඇත් නම් කාඩි හා නිමුඩු සාලේ බත් පමණ කුත් ලද්දු නම් යෙහෙක. සමණන් බත් ගෙලෙයි ගත් කල ඉදින් පැන් සොයා ළිඳට උදාසනක් සේ ගියෝ නම් පැන් ගෙන ගෙට එන කලට ඉර ගල වැටී යෙයි. එ සමණෝ ඇස් පෙරළාලා අඹුවන් පැන් ගෙණෙන තුරු සුව සේ වැදහෝනෝ වෛ්දැ”යි යනාදින් වෙහෙසුම් කළහ.

එ බසට විශාඛාවෝ: බමුණෙනි! කා වෙහෙසා දැ යි විචාළහ. එ බස හා සමඟ ඒ විශාල වූ ශාලාව මිණියක් ගසාලූ හඬක් සේ මධුර නාදයෙන් සැදී සිටගත. බමුණෝ ඒ මධුර වූ කටහඬ අසා සතුටු ව තව ද උන් හා කථා කරනු කැමැති ව: නැඟණියෙනි! නුඹගේ සුරුකම් කියම්හ, නුඹගේ මෙ තෙක් පරිවාර ස්ත්රී හැමදෙන ම නො තෙමී මේ ශාලාවට දිවපීහ, නුඹ උන් හැමදෙනාට පළමු ව අවුදින් වස්ත්රාාභරණ තෙමාගෙන පසු ව පියා ආයේ නඟ, නුඹ අත පය සිහින් දැ යි විචාළහ.

එ බසට විශාඛාවෝ කියන්නාහු “ආචාර්යවරිනි! එසේ නො කියව. මම කායබල නැත්තෙම් නො වෙමි. කාරණාකරණ දනිම්. දිවීමෙහි ආදීනවයක් නිසා සෙමෙන් සිට අයිමි”යි කීහ. නැඟණියනි! ආදීනව නම් කිම් දැ යි බමුණෝ විචාළහ.

එ වේලෙහි විශාඛාවෝ කියන්නාහු “මේ ලෝකයෙහි සතරදෙනෙක් දිවන අවස්ථාවෙහි ඉතා නො සිරියෙති. ඔහු කවරහ යත්: වොටුනු පලන් ලොවට අධිපති රජු කැැසපට ගොතා ගෙන කඩු පලඟ අතින් ගෙන රාජාඬ්ගණයෙහි බොහෝ දෙන‍ා දැක්ක දී දිවේ නම් බැලු බැලූ සත්ත්වයෝ “රජකු ලජ්ජා නැති නියා ය, තෙමේ ගොවියකු සේ දිවෙයි” කියා නින්දාබෙණෙති, එසේහෙයින් රජු දිවන වේලෙහි ඉතා නො හොබනේය. ස්වභාව වූ ගමනින් රාජලීලායෙන් යේ නම් බැලු බැලූවන් ඇසට ඉතා හොබනේම ය. තව ද රජහුගේ මඟුලැත් සියලු හස්ත්ය ලඬ්කාරයෙන් සැරරහී මහ වේ මැද දිවේ නම් ඉතා නො හොබනේය. ඇත් ගමනින් එ පයින් එ පය තබා යේ නම් ඉත‍ා හෛාබනේ ම ය. තව ද යම් තාපස කෙනෙක් සේවායකු සේ දිව දිව යෙත් නම් ඉතා නොහොබනාහු ය, බොහෙ‍ේ දෛනා අතින් “මේ මහණ සේවායකු සේ දිවන්නේය”යි නින්දා ම ලබන්නාහු ය, විය දඬු පමණින් දුර නො බල‍ා සන්්හුන් ගමනින්න් නැවකට වඩාලූ ප්රිතිම‍ාවක් සේ ඇඟ නො සලා යෙත් නම් ඉතා හොබනාහු ම ය.

තව ද යම් ස්ත්රිතයක් පුරුෂයකු සේ දිවේ නම් ඉත‍ා නො හොබනීය, බෙහෝදෙනා අතින් “මෝතොමෝ ගැහැණීියක් නො වෙයි, පිරිමියෙකැයි” කියාා නින්දා ම අසනනීය. ස්ත්රීන රූපය මඳ මඳ ගමනින් යන කල ඉතා හොබනේ ම ය. එසේ හෙයින් මේ මේ කාරණයෙන් රජු ය- මඟුලැතු ය- තපස්වි ය- ස්ත්රිා ය -යි යන මොහු සතර දෙන නො දිවිය යුත්තාහ. මම ද ඒ සතරදෙනා අතුරෙරහි අන්තර්ගතයෙමි, මේ මේ කාරණයෙන් දිව දිව නො ආයෙමි. තව ද අනිත් කාරණයෙකුදු ඇත. මවුපියෝ නම් දූ දරුවන් අතුල් පතුල් කන් නාසා තෙල් ගා හඹාා මල්දම් පිරිමසන්නා සේ සකස් කොට වඩනනාහු ය, එසේ හෙයින් ඇපි විකිණි බඩුවක් වැන්නම්හ. විකිණි බඩුව නම්, මඳක් සිඳී බිඳී ගියේ නම් මඳක් මිරිකී ගියේ නම්, මිල බොහෝ නො වෙයි. එසේ හෙයින් අප දුවන වේලෙහි කුරුඟුලා පටිින් හෝ කැටකින් හෝ, මුලකින් හෝ, පැකිළ හී අතපය රෙදවී ගියේ නම් දෙමවුපියන්ට ම භාර වම්හ ඈ කෙරකෙල්ල, අපට ඇයි දැ යි පුරුෂයෝ රක්ෂා නො කෙරෙති, එසේ හෙයින් දෙමවුපියන්ට ත් වැඩ නැත, අපට ත් වැඩ නැත, මේ මේ කාරණ සලකා ත් නො දිව ම සෙමින් සෙමින් අයිමි, වස්ත්රාසභරණ තෙමී ගියේ වී නම් ඒ දෙවනුව වියලා ගත හැක්ක, අත පය රෙදී ගියේ වී නම් ඒ දෙවනුව සන්ධි ගළපාා ගත නො හැක්කේ වේ දැ”යි කීහ.

එ වේලෙහි බමුණෝ විශාඛාවන් මධුර වූ කථා කරන වේලෙහි දන්තකල්යාාණය ත් දැක ඉතා සතුටුව ප්රිවය කථාවෙහි පැහැද සාධුකාර දී “ අපගේ සිටුකුමාරයන්ට තෙපි ම තරමු ව”යි කියා ලක්ෂයක් අගනා රන් මාලාව විශාඛ‍ාවන් නර පලඳවා ලූහ. එඑ වේලෙහි විශාඛාවෝ බමුණන් ආ නුවර නම හා නැඳිමයිලන්ගේ නම් විචාරා අපට සුදුසු වූ කුලයෙක් ම ය යි සන්තොෂ ව ඒ රන්මාලාව ඉවසා තනතුර ලත් කල පයින් යාම සුදුසු නො වන්නේ වේ දැැයි සිතා පියාණන්ට කියා යවා පන්සියයක් රථ ගෙන්වා මහපෙරහරින් රථ නැඟී නැවත ගෙට ගියහ.

බ්රාරහ්මණයෝ ද විශාඛාවන් සමඟ ගොස් සිටාණන් දැක තමන් ආ නුවර හා සිටු කුලයෙහි නම් තමන් ආ කාරණ හා ධනඤ්ජය සිටාණන්ට කීහ. ධනඤ්ජය සිටාණෝ තොපගේ සිටු කුලෙහි සම්පත් කොපමණක් ඇද්දැයි විචාරා සතලිස් කෙළක් ධනය ඇතැ යි අසා “ඒ සම්පත් අපගෛ් දරුවන්ට කසා නාන මිලට ත් මඳ, එසේ හෙයින් ඒ සම්පත් අපගේ සම්පත් බැලූ කල අපට ඒ දෙවියට සමාරක් සේ ත් නො සිතෙයි. එසේ ද වී නමුත් කුල සම කුල බැවින් මාගේ දියණියන්ට ආරක්ෂා පමණකු ත් ඇත මනා වේ ද, මැනැවැ”යි ගිවිස එ බමුණන්ට සත්කාර කොට යවුවාහු ය.

බමුණෝ ගොස් විශාඛාවන්ගේ පවතු ත් ධනඤ්ජය සිටාණන් කී පවතු ත්....[සංස්කරණය]

බමුණෝ ගොස් විශාඛාවන්ගේ පවතු ත් ධනඤ්ජය සිටාණන් කී පවතු ත් මිගාර සිටාණන්ට කීහ. මිගාර සිටාණෝ එ පවත් අසා සතුටු ව බොහෝ වූ ධන ඇති කුලයෙහි කුමාරිකාවක ලද සේ මැනැවැ යි කල් නේ යව‍ා ගෙන්වමි යි සිතා ගොසින් එ පවත් කොසොල් රජ්ජුරුවන්ට කීහ.

රජ්ජුරුවෝ ඒ පවත් අසා “මාගේ නුවර මා ම නිසා අන උතුම් ධන ක්ලෙහි ඇත්තෝ ය, ඒ සම්බන්ධය ද වල නො ගොස් මාගේ නුවර සිටු කුලයට වන සේ මැනැවැ”යි සතුටුව ඒ මඟුලට මම ද එමි”යි කීහ. මිගාර සිටා‍ණෝ එ බස් අසා ධනඤ්ජය සිටාණන්ට කියා යවන්නාහු “අපගේ මඟුලට අපගේ රජ්ජුරුවන්වහන්සේ ත් එමි යි කීසේක, උන්වහන්සේ ගේ සත් කෙළක් පමණ මහසෙනඟ ය, උන්වහන්සේ එන කල ඒ සා සෙනඟ හැම ම එති, කළමනා කිමෙක් ද, බත් බුලත් නවාතැන් දී ලිය නො හැක්කේ වේ ද, සොරා ම මඟුල් කරවාපියමෝ දැ”යි කියා යවුවාහු ය. ධනඤ්ජය සිටාණෝ එ බසට සිනා සී “එසේ වූ එක රජ සෙනඟක් තබා දස රජකු හා දස සෙනඟක් ගෙන සැක නැති ව පලා එව; සියල්ල ම පසිඳිනෙම් මම් වේ දැ”යි කියා යවුවාහු ය.

එකල මිගාර සිටාණෝ එ බස් අසා ඔහුගේ වාසි බලම්හ යි රජ්ජුරුවන් හා මන්ත්රුණ කොට මුළු නුවර වැස්සන්ට කියාලා ඒ සා සැවැත් නුවර ගෙ බලනනන් හැර සත්කෙළක් පමණ සෙනඟ හා කොසොල් රජ්ජුරුවන් හා කැඳවා ගෙන ගොස් දෙ ගවුවක් තෙන මහ පිරිස රඳවා විවාහමඟුලට ආම්හයි කියායවූහ. ධනඤ්ජය සිටාණෝ රජ්ජුරුවන් ආදී වූ සියලු ඇමැති සිටුවරුන්ට සුදුසු සුදුසු පඬ්රු පෛරමඟට යවා අඅද රෑ ම ලැග්මට අවමැනැවැ”යි නියොග කොට දියණියන් ළඟට නැඳවා දියණියන්ගේ නුවණ පරික්ෂා කරනු පිණිස හා දියනියන්ගේ නුවණ බල බොහෝ දෙනාට දක්වනු පිනිස හා “පුත! රජ්ජුරුවන් හා තොපගේ නැඳිමලයින් හා සියලු රජසෙනඟ ම මඟුලට ආවාහු ය, රජ යුවරජ ආදීන්ට කවර කවර ගෙයි නවාතැන් ලවමෝ දැ”යි විචාරා මේ මඟුල් නිමන තුරු සියලු සංවිධාන ය තෙපි ම කරව යි කියා නුවර දියණියන්ට පාවා දුනහ.

ඒ විශාඛාවෝ තමන් සෝවාන් හෙයිනු ත්, හේතුසම්පත් ඇති හෙයිනුත්, විදුරු සමාන තීක්ෂණවූ නුවණ ඇති හෙයිනුත්, යහපතැයි ගිවිස සියලු තමන්ගේ පරිවාරර ජනයින් කැඳවාලා “මේ ගෙය රජ්ජුරුවන්ට සරහව, මේ ගෙය යුවරජ්ජුරුවන්ට සරහව, මේ ගෙය මහඇමැතියන්ට සරහව, මේ ගෙය මාගේ නැඳිමයිලන්ට සරහව, මේ ගෙය සිටුවරුන්ට සරහව යි” යනාදීන් සියලු සංවිධාන කොට “මෙ තෙක් දෙන ඇතුන්ට කළමනා දෙය කරරව, මෙ ‍තෙක් අසුනට කළමනා දෙය කරව, මේ මඟුල් නිමන තුරු යටත් වශයෙන් රජ්ජුරුවන් ගේ පන්නයක් දකිවා ත් තණ දා නො ඇවිද මඟුල් කෛළි ම කෙළිත් ව”යි කියා මෙසේ සියලු සංවිධාන කළාහු ය. එ දවස් විශාඛාවන් පියාණෝ පන්සියයක් බඩාලුන් රැස්කොට මාගේ දියණියන්ට මේල පළඳනාවක් කරව යි පසළොස්දාසක් ඝනරන් හා සතර නැළියක් විදුරු හා එකොළොස් නැළියක් උතුම් වූ මුතු දෙවිසි නැළියක් පබලු හා තෙතිස් නැළියක් මැණික් හා මෙසේ මගධ නැළියෙන් සැත්තෑ නැළියක් අනගි වූ විදුරු මුතු පබළු මැණික් හා අවශෙෂ වූ සත්රුවන් පාවා දී මේල පලඳනාව පටන් ගැන්වූහ.

එ වේලෙහි රජ්ජුරුවෝ මහ පෙරහරින් නුවරට වැද නවාතැන් ගෙන කීපදවසක් සුව සේ දවස් යවා ධනඤ්ජය සිටාණන්ට කියා යවන්නාහු “කිමෙක් ද සිටාණෙනි! මේ සා රජසෙනඟක් හැර ගෙන අප තොපගේ ගම කල් යවා උන් කල තොපට දුක් මහත, තොපගේ දියණියන් මහා සරණපාවා දී පියව”යි කියා යවූහ. සිටාණෝ කියා හෙයින් මාගේ දියණියන්ට සාර මසක් නකත් නැත. නුඹ වහන්සේගේ සේනාවට උවමනා සියල්ලක් මට භාර ය, නුඹ වහන්සේ මේ සාරමස සුවසේ ම වැඩහුන මැනැවැ”යි කියා යවුවාහු ය.

එ තැන් පටන් ගෙන ඒ සාකෙත නම් නුවර ඒ සාරමස මුළුල්ලෙහි ම එක මඟුල් ගෙයක් සේ විය......[සංස්කරණය]

එ තැන් පටන් ගෙන ඒ සාකෙත නම් නුවර ඒ සාරමස මුළුල්ලෙහි ම එක මඟුල් ගෙයක් සේ විය. රජ්ජුරුවන් ආදී වූ සියලු ඇමති සෙනඟට මල් සුවඳ වස්ත්රාවභරණ බත් බුලත් කන බොන දෑ හෝනා හිඳිනා තැන් සියල්ල ම ධනඤ්ජය සිටාණන්ගේ ම අඩුවක් නැති ව පසිඳිත් ම ය. සියලු සත්ත්වයෝ ම “‍සිටාණෝ අපට ම අඩු නො කොට පසිඳිති, අපට ම සුව දෙති”යි සිත සිතා වසන්නාහු ය. මෛ සේ මඟුල් කරන කල තුන් මසෙක් පුරා ගිය. මේල පලඳනාවේ කර්මාන්තය තව ද නො නිමියේ ය. සිටාණන්ගේ සේවකයෝ අවුදින් කියන්නාහු “ස්වාමිනි! බතින් බුලතින් වස්තාභරණයෙන් කිසි අඩුවෙක් නැත. එක් බඩසැලෙක වී සමභාගත් නු වූයේය, දවසෙක පන්සියයක් ගැල් පිරූ දර නිම යි. එසේ හෙයින් දර සපයාගත නො හැක්කැ”යි කීහ. සිටාණෝ “මාලු ගෙවල් හා මාලු ඇත්හල් අස්හල් විදා පියා බත් පිසව”යි නියොග කළහ. මෙසේ මාලුගෙවල් විදාදරගෙන දෙපෝයක් බත් පිසු කල තව ද සිටාණන් කරා ගොස් දරනැත්මයයි කීහ. එ වේලෙහි සිටාණෝ “වර්ෂා කාලයෙහි දර සොයා යා නොහැක්ක, මාගේ දියණියන්ට බොහෝ දවසක් කීර්ති පතල මැැනැව”යි සිතා පිළිගබඩා ගණනෙක දොරහරවා දළ දළ පිළිගෙන අත්කර සා වැටි කොට අඹරා තෙල් සැළවල ගලගලා ලිප්වල උදඋදාබත් පිසව, දළ පිළී නිමාගියේ නම් පට පිළියෛන් පිසව, එයි ත් නිමා ගියේ න්ම සඳුන් දරින් පිසව, දර සොයා නො යව”යි නියොග කළහ. මෙසේ එ කල දළ පිළියෙන් ම බත් පිස ඒ සා මහත් සෙනගට දෙපෝයක් බත් දුන්හ. මෙසේ සාරමසක් වර්ෂාකාලය ගියකලමේල පළඳනාවත් නිමා ගිය.

ඒ මේල පලඳනාවෙහි හුයකින් අවුණන ඇවිණිල්ලෙක් නැත, හුයින් කළමනා මේ රිදී කෙන්දෙන් කරන ලද ඒ පලඳනාව හිස්මුදුනෙන් හෙළාපීකල සර්වාඬ්ගය හොබවාගෙන දෙපිටිපත්ලින් පිටත්වසිටගන්ති. ඒ ඒ ස්ථානයෙහි ඇණයතුරෙන් සන්ධි කරන ලද, එහි ගැට ඝනරන් ම ය ය, මල රිදී ම ය ය, මුදුනෙහි එක් සන්ධියෙක, දෙකනට දෙසනිදියෛක, දෙවුරයට දෙසනිධියෙක, දෙවැලමිටට දෙසන්ධියෙක, දෙඋකුලට දෙසන්ධියෙක, දෙදණට දෙසන්ධියෙකැ යි මෙසේ සියලු ශරීර ය ඒ ඒ තැන් හොබවා සිටිනාවූ ඒ ආභරණයෙහි ඒ පළඳනාවෙහි ඉස්මුදුනෛහි එක් මයුර රූපයක් කරනලද. ඒ මොනරාගේ දකුණැළයෙහි ඝනරන් ම ය වූ පන්සියයක් පියාපත, වමැළයෙහි එසේම පන්සියයක් පියාපත, තුඩ ප්රගවාලමය ව නිමනලද, ඇස් ඉන්ද්රයනීල මාණික්යපමයය, ග්රීිව ය හා පිල් ද ඉන්ද්රහනීලයෙන් ම නිමන ලද, තඹපත් ඝන රනින් ම නිමන ලද, කකුල් ද ඝනරනින් ම නිමන ලද, ඒ පලඳනාව පැලඳගත්වේලෙහි විශාඛාවන් ඉස්මුදුනෙහි පර්වතයක් මුදුනෙහි නටන මොනරකුසේ ශොභමාන ය, දහසක් රන්පත් සුළං ගත්කල පඤ්චාඬ්ගික තූය්ය් ර්නාකද සේ මධුර වූ නාද ඇසෙයි, දුර සිටියන්ට ජීවමාන වූ මයුරෙකැ යි සිතෙයි, ළඟ දුටු කෙනෙක් ම පලඳනා ය යි දනිති, ඒ මේල පලඳනාාව නව කෙළක් රන් පමණ අගනේ ය, කළ මිල ලක්ෂයක් දෙනලද.

මෙසේ නවකෙළ ලකුෂයක් අගනා මේ මේල පලඳනාව කෙසේ වූ පිනෙකින් ලද්දාහු ද යත්: මේ මේල පලඳනාව නම් ධන ඇති කුලෙහි උපන් හැම ස්ත්රී:න්ට ලැබෙන්නා වූ පලඳනාවෙක් නො වෛයි. කාරරණ කිම යත්?

මේ මේල පලඳනාව ධරන්නා වූ ස්ත්රිහය ඇතුන් පස්දෙනකුට බල ඇත මැනැව, ඒ පලඳනාව කැඬුවෙක ලාලා අල්ලේ තබාගෙන ඇවිදිනා වූ කෙල්ල ද ඇතුන් පස්දෙනකුට ම බල ඇත මැනැව. තෙසැට දහසක් රජනුවර ඇත්තා වූ මේ සා දඹදිවු තෙලෙහි මේ මේල පලඳනාව ලද්දාවූ ස්ත්රී හු නම් බන්ධුලමල්ල සෙනාධිපතීන්ගේ භාය්ය්හර්‍ා වූ බන්ධුල-මල්ලිකාවෝය, බරණැස සෙන‍ානී නම් සිටාණන් දූ යස නම් මහ තෙරුන්ගේ මවු වූ අප බුදුන් බුදුවන දා කිරිපිඩු දන් දුන් සුජාතා නම් සිටුදියණියෝ ය, ධනඤ්ජය සිටාණන් දූ වූ මේ විශාඛාවෝ ය’යි යන තුන්දෙන ම ලද්දාහු ය. එසේ හෙයින් පින් කළාවූ ස්ත්රියයකට මුත් මේ මේල පලඳනාව නො ලැබේම ය.

මේ විශාඛාවෝ පෙර කාශ්ය්ප නම් බුදුන් සමයෙහි ......[සංස්කරණය]

මේ විශාඛාවෝ පෙර කාශ්ය්ප නම් බුදුන් සමයෙහි කිකී නම් රජ්ජුරුවන්ගේ සංඝදාසී නම් දුව ‍බොහෝ පින් කරන්නාහු බුදුපාමොක් මහසඟනට අටපිරිකර දී යටත් වසයෛන් ගෙත්තම් මිල හූ ඉදිකටු රඳන්නට දක්වා ත් සියල්ල ම තමන් නමින් ම නිමවා අටපිරිකර දුන්නාහ. යම් පුරුෂයෙක් දිනි නම් ඒ කුශලයෙන් ලක්ෂ ගණන් කප් සුව විඳ යම් දවසෙක බුදු කෙනෙකුන් දැක බණ අසා රහත් ව සෘඬි ම ය වූ පාත්රා සිවුරු ලත් වේලෙහි නිමායෙයි, යම් ස්ත්රි යක් අටපිරිකර දිනි නම් නොයෙක් කල් සසර සුව විඳ මේ මේල පලඳනාව ලදින් නිවන් දුටු කල නිමා යෙයි, එසේ හෙයින් මේ විශාඛාවෝ ද පෙරර තමන් දුන් අටපිරිකර දානයෙහි පිනින් මේ මේල පලඳනාව ලදහ යි දතයුතු.

එ දා විශාඛා නම් දියණියන්ට දායාද සම්පත් දෙන්නා වූ ඒ ධනඤ්ජය සිටාණෝ ගැල් පන්සියයක් මසුරනින් පුරා දුන්හ, තව ද පන්සියයක් ගැල් රන්වළඳින් පුරා දුන්හ. පන්සියයක් ගැල් රිදී වළඳින් පුරා දුන්හ, පන්සියයක් ගැල් ලෝ වළඳින් පුරා දුන්හ, පන්සියයක් ගැල් පටකඩ පිළියෙන් පුරා දුන්හ, පන්සියයක් ගැල් ගිතෙල් බඳනින් පුරා දුන්හ. පන්සියයක් ගැල් තලතෙල් බඳනින් පුරා දුන්හ, පන්සියයක් ගැල් සුුවඳ හැල් සාලින් පුරා දුන්හ. තව ද පන්සියයක් ගැල් නඟුල් වියදඬු සීවල් කැති උදලු දාකැති ආදිවු ගොවියා සැදින් පුරා දුන්හ, එකි එකී රථයෛහි සර්වාභරණයෙන් සැරහුණු ස්ත්රීනන් තුන් තුන් දෙනා සිටුවා “මාගේ දියණියන් කව ව, පොව ව, ඇඟ උළ ව, ඉස් සෝධ ව, නා ව ව, මල්සුවඳ පළඳව”යි කියා පන්සියයක් රථ නංවා යෙළදාසක් යෞවන ස්ත්රී න් පාවා දුන්හ.

තව ද “මිගේ දියණියන්ට කිරිකන්ට සරක් බානකුත් දුන මනා වේ දැ”යි අඹුවන් හා කථාකොට පියා මුවා පසකට ගෛාස් “කොල! මහ ගාල්වල ඉදි නො හැර කුඩා පසකට ගොස් “‍කොල! මහ ගාල් වල ඉදි නො හැර කුඩා ගාලෙක ඉදි හරු ව”යි කියා කුඩා ගාලෙක ඉදි හැරවූහ.

එ වේලෙහි නික්මුණා වූ ගවයෝ පුඵලින් ඉස්බක් හා දිගින් තුන්ගවුවක් තෙන ඔවුනොවුන් වල් පත්වල තොලු තබා අවකාශයක් නැති ව මහ මුහුදින් දිවු මහ මස් රළක් සේ ගවරළ සිටගත්හ, එවේලෙහි සිටාණෝ “ මෙ තෙක් ගවයෝ මදරුවන්ට ඇතැ”යි කියා ගාල්කඳ ඉදි ලවාපීහ. එ වේලෙහි විශාඛාවන්ගේ පින් බලයෙන් නවත් ව නවත්වා ත් ගාල් නඳ පැන සැට දහසක් ගොන් හා සැට දහසක් දෙනුන් හා පිටත වැගිර වල්පත් උඩට නඟා ගෙන අස්පෙළක් සේ දිවගෙන තුන්ගවුවෙහි සිටි සරක් රළ පසුකොට පියා පෙර නෙත්තියෙහි දිවන්නට පටන්ගත්හ, ඒ වේලෙහි ඒ ආශ්චය්ය්හර්ය දුටු සිටාණන් ඇතුළුවූ සියලු සතුන්ගේ සාධුකාර නුදුන් එක ද සතෙක් නැත. ඒ කෙසේ වූ පින්බලයෙක් ද යත්?

පෙර මේ විශාඛාවෝ සංඝයාවහන්සේ තමන් ස්වහස්තයෙන් ම වළඳවන්නාහු වළඳා අනිතයෙහි සාමණෙර භික්ෂූන් කරා පලාගොස් “ස්වාමිනි! මේ ආහාර මධුර ය, මේ ප්ර්ණීත ය, උතුම, මේ ඛාද්යම භොජ්යර මැනැවැ”යි කිය කියා නැවත නැවත වඩ වඩා ම වැළඳවූවා හු ය. ඒ කුශල බලයෙන් දායාද දී අන්තයෙහි එක් ලක්ෂ විසිදහසක් ගවයෝ ගාල්කඳ පැනගෙන දිවුවාහු ය යි දතයුතු. ඉක්බිත්තෙන් ඒ සිටාණන්ගේ බිරින්ද කියන්නාහු “නුඹ මාගේ දියණියන්ට මේ සා සැපතක් දෙනදෑ උන්ට මෙහෙ කරන කෙලිකොලලන් තෙපි‍ තෙපි යව යි විභාගයක් නො කෛළෙනැ”යි විචාළහ. සිටාණෝ කියන්නාහු “නොකැමැති වහලක් කර අල්වා දමා නො යවමි, මාගේ දියණියන් කෙරෙහි ප්රේ්ම ඇති කෙනෙක් යෙති, නැති කෙනෙක් නො යෙති” කියා මෙසේ සෙට දවසට ගමනැ යි ගම බෛර ලවාලා එදා රෑ දියණියන් තමන්ගේ ඇතුළු ගබඩාවට කැඳවා දියනියන් සමීපයෙහි සිටුවාගෙන “පුතණ්ඩ! කුලගෙයි වසන්නා වූ ස්ත්රීි නම් ශික්ෂිත ව වාසය කළ මැනැව, නැදිමයිලෝ නම් මඳ අවකාශයක් දුටු කල ත් අපට ම නින්දා කෙරෙති, එසේ හෙයින්; ඇතුළෙන් ගිනි පිටතට නො යව ව, පිටතින් ගිනි ඇතුළට නොගනු ව, දෙන්නන්ට ත් දෙව, නො දෙන්නන්ට ත් නො දෙව, දෙන්නන්ට ත් නො දෙන්නන්ට ත් දෙව, සුවයෙන් හිඳුව, සු‍වයෙන් සැතපෙව, සුවයෙන් ම හිඳ කව, ගිනි පිරිමසව, ඇතුළු ගෙයි දෛවියන් පුදව”යි යන මේ අවවාද දශය සඟවා මහ නුවණැති දියණියන් හෙයින් ඉගැන්වූවාහු ය. විශාඛාවෝද පියාණන් කී අවවාද තමන්ට විශෙෂයෙන් ම දැනෙන හෙයින් විභාග වෙන වෙන ම නො විචාරා සිත තබා ගත්හ. මිගාර සිටාණෝ එ ගබඩාවට දෙවන ගබඩාවෙහි සැතපුණාහු මේ අවවාද කථා අසා අඳුරු ගේකට වන්නා සේ කිසි අර්ථයක් නො දැන “මේ කෛසේ වූ බස්කමෙක් දෝ හෝ”යි සැක කළහ.

ඉක්බිත්තෙන් සිටාණෝ දෙවන දා උදාසන සියලු රජසෙනග රැස්කරවා .....[සංස්කරණය]

ඉක්බිත්තෙන් සිටාණෝ දෙවන දා උදාසන සියලු රජසෙනග රැස්කරවා හැමදෙනා මධ්යසයෙහි මෙල්ලාක සිටුවරුන් අටදෙනෙකු කැඳවාලා “මාගේ දියණියන් ගියතෙන නුගුණයෙක් උපන්නේ වී නමුත් තෙපි අටදෙන ඒ පිරිමසාලව”යි කියාලා නව කෙළ ලක්ෂයක් අගනා මේල පලඳනාව දියණියන් පලඳවාලා “පුතණ්ඩ මේ තොප කසා නාාන මිල යැ”යි කියා සිවු පනස් කෙළක් මසුරන් ගැල්පුරා පාවා දී දියණියන් නික්මෙන වේලෙහි “මාගේ දරුවන් කෙරෙහි ප්රේණම ඇති කෙනෙක් උන් හා කැටි ව යව, මා කෙරේ ප්රේරම ඇති කෙනෙක් රඳව”යි කියා බත්ගම්වල බෙරර ලැවූහ. එ කෙණෙහි සියලු පරිවාර ජනයෝ “අපි අපගේ නැඟණියන් හා කැටිව යම්හ, අපි අපගේ ස්වාමි දියණියන් හා කැටි ව යම්හ”යි යනාදීන් ප්රි ය තෙපුල් කිය කියා අනුරාධපුර නුවර සා බත්ගම් තුදුසෙක එක කෙනෙකුත් නො රඳා අමුණු කැඩූ මහ වතුරක් සේ නමාගත්හ. විශාඛාවන් පියාණෝ පියාණෝ රජ්ජුරුවන් මිගාරසිටාණන් යුවරරජ සෙනෙවිරත් ආදිහැමදෙනට මහත්වූ සත්කාර කොට නොබෝ තෙනක් ගමන් පසුකොට ගොසින් දියණියන් මහත් වූ මඟුලෙන් යවා නැවත ආවාහු ය.

මිගාර සිටාණෝ හැමදෙනාට පසුව රථයෙක නැඟී යන්නාහු ආපස්ස බලා මැදින්දින මස මහ පවන් වේගයෙන් මහ සියඹරා ගසෙක පත් එකපෙළ දිවන්නා සේ ඔවුනෛාවුන් පරයා දිවන විශාඛාවන්ගේ පරිවාර දැක “කොල! තෙල දිවන්නෝ බුලත් උදුරා කම්හ යි ඩබරරට දිවන මහ පිරිසෙක් ද, නොහොත් සතුරු පිරිසෙක් දැ”යි විචාළහ. සිටියෝ කියන්නාහු “නුඹගේ යේලණියන්ගේ දායාද පරිවාර ජනයෝ ය”යි කීහ. සිටාණෝ “මෙ තෙක් මිනිසුන්ට නවාතැන් කොයි ද, මෙ තෙක් දෙනාට බත් පිළී දෙන්නෝ කවුරු ද, මරා ලුහුබඳුව”යි කීහ. විශාඛාවෝ කියන්නාහු “ස්වාමිනි! එසේ නො වදාළ මැනැව, එන කෙනකුන් ඉඩ දුන මැනැව, තුමු තුමූ ම තම තමන්ට බත් උපයා ගනිති”යි කීහ. මිගාර සිටාණෝ “මෙ තෙක් සත්ත්වයන්ගෙන් අපට ජනයන් රඳවා මහත් වූ උත්සවයෙන් යෙහෙලණියන් කැඳවාගෛන සැවැත්නුවරට වන්හ.

විශාඛාවෝ “පටිච්ඡන්න යානාවෙන් යෙම් නම් මාගේ රූප සම්පත්තිය හා මේල පලඳනාව බොහෝදෙන දැක්ක නොහෙති, බොහෝ දෙනාසිත්සේ බැලුව මැනැවැ”යි සිතාලා අලඬ්කෘතවූ රථයානාවක හිඳගෙන බොහෝ දෙනා ඇස් තමන් කරා හය හයා මහ පෙරහරින් ගොස් ගෙට වන්හ. රජ්ජුරුවන් ආදිවූ මුළු නුවර වාසී “ධනඤ්ජය සිටාණෝ සාරමසක් මුළුල්ලෙහි අප අපට බොහෝ සත්කාර කළාහු ය”යි ගුණ කිය කිියා විශාඛාවන්ගේ ගෙට බොහෝ පඬුරු යවුවාහු ය. විශාඛාවෝ ද “මේ පඬුරෙන් මට කම් නැත, උන් දුන් පඬුරෙන් උන් ඇම දෙනාම සිත් ගන්මි”යි සිතාලා “මේ මාගේ නැඟණියන්ට දෙව, මේ මාගේ බූනණියන්ට දෙව, මේ මාගේ මලණුවන්ට දෙව, මේ මාගේ බැහැණන්ට දෙව, මේ මා‍ගේ ම්යිලණුවන්ට දෛව, බෑනණුවන්ට දෛවයි” යනාදීන් වයස් බල බලා සුදුසු සුදුසු වූ නෑකම් කිය කියා උන් ගෙන් යවුවා අනික් ගෙයකට යවා, එ ගෙන් යවුවා අන‍ික් ගෙයකට යවා, හැමදෙනා ම සිත්ගෙන නෑයන් සේ තබාගත්හ.

ඒ මිගාර සිටාණෝ නම් මිථ්යාුදෘෂ්ටි ගත් කෙනෙක. ලොවුතුරා බුදුන් එම නුවර ජෛතවනාරාමයෙහි වැඩසිටියදී ම; රුවන් ආකාරයක් බල බලා අඟුරු පැස් උකන්නා සේ, හැල් කෙතක් මැද හිඳ කටුසර කන්නකු සේ, හඳුන් රුකක් බල බලා සුවඳ නිසා රැන්ද දඬු කපන්නකු සේ, මී අඹගසෙක ඉඳ කොසඹ පක් කන්නකු සේ, ඉරිරස් බල බලා ආලෝක සොයන්නකු සේ, මහගඟ පැන් බල බලා මඩවළෙහි ගැලෙන්නකු සේ, මාගේ ස්වාමිදරුවන් වැනි දෙවුලෝ නැඟෙන රුවන් හීණක් හැරපිය‍ා, නිවන්පුරයට යන රජමාවතක් හැරපියා, දහම් නමැති තන තුඩ තබා අමාමහ නිවන් නමැති කිරි පොවා සියලු සතුන් නමැති දරුවන් සසර දුකින් ගලවන මෙ බඳු වූ නිවන් රස දෙන මැහැණිකෙනෙකුන් හැරපියා ඒ සිටා‍ණෝ ද නිගණ්ඨයන්ගේ දෘෂ්ටි ගෙන ඔවුන් රහතුනැ යි කියා පැහැද වාස ය කෙරෙති.

ඒ සිටාණෝ පුතණුවන්ගේ ආවාහ මඟුල් කරන්නාහු පැන් නො වකා කිරිබත් පිසවා පන්සියයක්පමණ නිගණ්ඨයන් පවරා තමන්ගේ ගෙයි දී කිරිබත් කවන්නාහු “මාගේ යෙහෙලණියෝ මාගේ රහතන් වහන්සේ දැක වැඳ පව් ගෙවා ගනිත්ව”යි කියා යවුවාහු ය. විශාඛාවෝ තමන් සෝවාන් මාර්ගයට පැමිණි ආය්ය්කර්‍ ශ්රා“විකාවන් හෙයින් රහතුනැ යි අසා සබා රහත් කමක් දෝ හෝයි සතුටු ව සර්වාභරණයෙන් සැරහී නිගණ්ඨයන් බත් කන තැනට ගොසින් බලා උපන් වනම ඉඳ බත් කන නිගණ්ඨයන් දැක නො සතුටු ව “මෙසේ අලජ්ජ වූ හිරිඔතප් නැති, කොල්ලන්ට රහතුනැ යි කියාලා නුඹවහන්සේ මා මෙ තෙනට කැඳවූ සේ නො යෙදෙයි” කියා මයිලණුවන්ට දොඩා අනිස අනිස යි කිය කියා නිගණ්ඨයන්ට බැණ බැණ ආපස්සේ පලාගියහ. එවේලෙහි පන්සියයක් නිගණ්ඨයෝ “අනිස අනිස, සිටාණෙනි! තොපගේ පුතණුවන්ට තරම් ශරණක් ගෙන්වා නො දී මහණ භවත් ගෞතමයන් ශ්රාරවිකා වූ, මහා කාළකණ්ණි වූ, මේ කෙල්ල කුමක් නිසා පාවාදුනු ද, තොපගේ ගෙයි සියලු සැපත තෙලැගේ පයට වහා අන්තර්ධාන වෙයි, වහා තොපගේ ගෙන් ඈ නෙරුව” යි කටින් කටින් බැණ දෙඩුවාහු ය. සිටාණෝ මුන් කී බසට මහා ධන ඇති කුලයෙන් ගෙනා කුමාරිකාව යවාපීම සුදුසු නො වන්නේය”යි සිතා “ස්වාමිනි බාල දරුවෝ නම් දැන ත් කියති, නො දැන ත් කියති, ක්ෂමාා කළ මැනැවැ”යි නිගණ්ඨයන් සන්හිඳුවා යවා තුමු උතුම් වූ යානෙක හිඳගෙන නිරුදක වූ කිරිබත් රන් තලියකින් කන්නාහු ය.


එ වේලෙහි රහත් කෙනෙකුන් වහන්සේ සන්හුන් ගුණෙන් වැඩ....[සංස්කරණය]

එ වේලෙහි රහත් කෙනෙකුන් වහන්සේ සන්හුන් ගුණෙන් වැඩ මිදුලේ සිඟා සිටි සේක. විශාඛාවෝ මයිලණුවන් ඇඟට තල්වැටක් සල සලා සිටියාවූ දොර වැඩ සිටි රහතන් වහන්සේ දැක තුමු පෙනිලා “ස්වාමිනි! අනික් දොරකට වැඩවදාළ මැනැව, මාගේ මයිලණුවෝ පුරාණයක් කති”යි කීහ. එ බසට රහතන් වහන්සේ වැඩපි සේක. සිටාණෝ “පුරාණයක් කති”යි කී බසට කිපී අත තුබූ බත් පිඩ දමා ඉදිරියෙහි තුබූ බත් ඉවත් කරවා “මේ කෙල්ල මාගේ ගෙන් වහා නෙරුව. මේ සා මඟුලෙක උතුම් වූ අග්ර් භොජනයක් කන්නා වූ මට අශුචි කති යි කිව, මාගේ රහතන් වහන්සේත් මෑගේ තරම් කීසේක් ම ය, මහා නො ශික්ෂිත එකකැ”යි කිපී “තෙල ඈත ලව”යි කීහ. සිටාණන් එසේ කීව ත් සියලු පරිවාර ජනයෝ ම විශාඛාවන්ගේ ම හෙයිින් කිසිකෙනෙකුත් මුයෙන් නො බැණ සිටියහ.

එකෙණෙහි විශාඛාවෝ කිසි භයකු ත් නැති ව “මයිලණුවන් වහන්ස! නුඹ එන්ට කීකල එන්ට ත් යන්ට කීකල යන්ට යන්ට ත් මා කළමිඬියක නො ව ත්, මාගේ මවුපියන් ඇති වුව, මවුපියන් ඇති දූදරුවෝ තෙලෙ සේ වූ බසට පලා නො යෙත් ම ය, මා එවන දවස් මපියාණන් වහන්සේ සියලු පිරිස් හා නුඹවහන්සේ දැක්ක දී කෙළඹියන් අටදෙනකු මට පාවා දීලා “ම දරුවන් ගිය තෙන කිසියම් වරදෙක් උපන් නම් තෙපි අටදෙන ඒ පිරිමසව”යි කියාලා එවා වදාළා සේක් වේ ද, දැනුදු උන් අටදෙනාම කැඳවාලා මා කළ වරදක් උන් මැදයෙහි ගිවිස්සාලුව මැනැව, එකල නිහඬ දන්නෙම් වේ දැ”යි කීහ. එ බසට සිටාණෝ “ඈ කීයේ කාරණ ම ය”යි සිතාලා කෙළඹියන් අටදෙනා එ තෙනට කැඳවාලා “මේ කෙළි මා නිරුදක වූ කිරිබත් කමින් ඉන්ද දි අශුචි කතියි මට බිණුව, ඈ හැරගෙන තොපගේ ගමට යව”යි කීහ. කෙළඹියෝ එ බස් අසා විශාඛාවන් මුහුණ බලා “සබා ද නැඟණියනි, එසේ ම කියාපු දෑ දැ”යි විචාළහ.

විශාඛාවෝ කියන්නාහු “මම “අශුචි කති”යි නො කියෙමි. බල එකෙක් ඇත. පිඬු සිඟා මෙ දොරට තෙර කෙනෙකුන් වහන්සේ වැඩි සේක, මුන්වහන්සේ ඔබ දැක දැක ම මුයෙන් නො බැණ කරබා ගෙන හිඳ බත් කන දෑ ය, එ වේලෙහි මම උන්වහන්සේට “ස්වාමිනි! අනික් දොරකඩ වැඩපුව මැනැව, මාගේ මයිලණුවන් වහන්සේ පුරාණයේ කළ පින් ම අනුභව කරන දෑ ය, දැන් පින් නො කරන දෑය’යි සිතාලා “පුරාණයක් කන දෑ ය’ කීමි, සෙසු මා කී දෙයෙක් නැතැ”යි කීහ. එ වේලෙහි කෙළඹියෝ “එසේ කල නුඹවහන්සේ කිපුණේ ඇයි ද, අපගේ නැඟණියන් කී වරදෙක් නැතැ”යි කියා සිටාණන් අතින් විචාළහ.

සිටාණෝ එ බසෙහි අර්ථ දැන එ බසට ක්ෂමා කොට “තව ද එක් දා මඬ්යටම රාත්රි යෙහි මේ කෙළි දඬුවැට පහන් ගෙන්වාගෙන ගෙන් පිටතට ගියා ය, ඒ ගිය කාරණ විචාරව”යි කීහ. කෙළඹියෝ “සබා ද නැඟණියනි”යි කීහ. විශාඛාවෝ “අනික් කටයුත්තක් නිසා නො ගියෙමි. මේ ගෙයි වෙළඹක් දරුවන් වදාපුව, මම ඒ අසා එම වේලෙහිම දඬුවැට පහන් ගෙන්වාගෙන ඒ අශ්වශාලාවට ගොස් හුණු පැණින් නාවා සර්වාඬ්ගයෙහි තෙල් ගල්වා කළමනා සත්කාර ඈට කරවා අවුත් වැදහොත්තෙමි. අනික් සැකයෙක් නැතැ”යි කීහ. කෙළඹියෝ එ බස් ැසා “අපගේ නැඟණියන් වහන්සේ නුඹගේ ගෙයි වහලු ත් නො කළමනා දෙය කරන දෑ ය, එයි ත් වරදෙක් දැ”යි කීහ.

සිටාණෝ එ වරද ත් ක්ෂමා කොට “තව ද මුන් ශරණ එවන දා රෑ මුන්ගේ පියාණෝ අවවාදපසාරයෙන් දස මායමක් කීහ, මහත, අර්ථ මට නො දැනෙයි, එසේ හෙයින් මා මුන්කෙරේ සැක මහත, එහි අර්ථ විචාරනු කැමැත්තෙමි, මුන්ගේ පියාණෝ: පුතණ්ඩ! ගෙන් ගිනි පිටත නො දෙව යි කීහ, ඒ කිමෙක් ද, ඉක්බිති ගෙට ගිනි පමණකු ත් නො දී මුන් අපගේ පුතණුවන්ට දීග ගෙන බොහෝ දෙනාට වැඩ කරන්නේ කෙසේ දැ”යි විචාළහ. එ බසට කෙළඹියෝ “සබා ද නැඟණියනි”යි කීහ. විශාඛාවෝ එ බසට කියන්නාහු “අපගේ කුලෙහි ගිනිතබා සියලු රන්රුවන් ආදිය ත් ඉල්වා ආ කෙනෙකුන්ට නැතැ යි යන බසක් කියන කෙනෙක් නැත,දරදඬු කඩකට ලොභයෙන් ගිනි නො දෙවයි කී නියා නො වෙයි, පුත ‍තොපගේ නැඳිමලයින්ගේ වේව යි සමණන්ගේ වේව යි මඳ මඳ වරදක් දුටු නමුත් බැහැර කිසි කෙනකුන්ට ත් නො කියව, ඊට වඩන‍ා ගින්නෙක් අනික් නැත, එසේ හෙයින් කේළාම් නො කියව යි කි නියාය”යි කීහ.

සිටාණෝ එ බසට සතුටුව “තව ද තොප ගේ පියාණෝ ‘බැහැරින් ගිනි ගෙට නො ගෙනෙව’යි කීවාහු ය, තමාගේ ගෙයි ගිනි නිවී ගිය කල බැහැරින් ගිනි ගෙන නො අවුත් බත් පිස කන්නේ කෙසේ දැ”යි විචාළහ. එ බසට විශාඛාවෝ කියන්නාහු “ගිනි නො ගෙනෙව යි කී නියා නො වෙයි, බැහැර යම් යම් කෙනෙක් පුත තොපගේ නැඳිමලයින් හා සමණන්ගේ යම් යම් නුගුණයක් කියාලු නමුත් තෙපි දෙවනු ව ගෙට අවුදින් අසවල්ලු අසවල්ලු නුඹට මෙසේ මෙසේ බිණු ය යි කියා ගිනි සේ කප්පා ගතු නො කියව යි බගැන් වූ වියා ය”යි කීහ.

එ වේලෙහිදසිටාණෝ සතුටුව සෙසු පැන ද පිළිවෙළින් ම...[සංස්කරණය]

එ වේලෙහිදසිටාණෝ සතුටුව සෙසු පැන ද පිළිවෙළින් ම යෙහෙලණියන් විචාළහත යෙහෙළණියෝ ද පිළිවෙළින් ද පැන විසඳන්නාහු “නො දෙන්නට ත් නො දෙව යි කීයේ නම් යමෙක් පිරුළක් ඉල්වා ගන්නා කල මිහිරි තෙපුල් කිය කියා ඇසිල්ලෙකින් දී ලමි යි බොරුයෙන් වඤ්චාකොට පියා හැරගෛන පලාගොස් *නිපිසිවකක් සේ මුයෙන් නො බැණ වැද හිඳිනේ ද, නොයෙක් වාරයෙහි ගොස් ඉල්ලු කල ත් අද දෙමි සෙට දෙමි යි කිය කියා කල්යවා නො දන්නේ ද එසේ වූ සත්ත්වයාට පුත පිරුළු නො දෙව යි ඉගැන් වූ නියා ය. දෙන්නන්ට ත් දෙව යි කීයේ නම් යම් සත්ත්වකෙනෙක් මෙතෙක් කලින් පාවා දෙමි යි කියාලා ණය හෝ පිරුළු හෝ ඉල්වා ගෙන ගොස් ඉන් තමන් වුන මනා ප්ර යෝජනත් විඳ ගෙන කී අවධියට හෝ පළමු ව හෝ නො නසා ම ගෙන අවුත් පාවා දීලද් ද, එසේ සබා වූ සත්ත්වයන්ට ණයත් පිරුළු ත් ඉල්ලු යම් පමණක් ම දෙව යි ඉගැන්වූ නියා ය. දෙන්නන්ට ත් නො දෙන්නන්ට ත් දෙව යි කීයේ නම් දුඃඛිත වූ නෑසිය කෙනෙක් වේව යි දිළිඳු වූ යාචකයෝ වේව යි තමා ම ඇසුරු කළෝ වේ දැ යි-

නපීසිකාවක් - ඇතැම්

-අවුදින් යම් යම් සම්පතක් ඉල්ලු කෙනෙක් ඇත්නම් දෙවනු ව දීලිය හෙත් නමුත් නො හෙත් නමුත් පරීක්ෂා නො කොට උනිට දිය යුතු ය යි කී නියා ය. සුවයෙන් හිඳුව යි කීයේ නම් කාලා බීලා අටල්ලට නැඟීලා ගෙයි ගිනි ගෙන යේ නමුත් නො බැණ දෙවියන්සේ නො සැලී හිඳුව යි කී නියා නො වෙයි, පුත තොපගේ නැඳිමලයින් හා සමණන් දැක නැඟී සිටිනා තරම් උස පුටුවේ නො යිඳ සැක නැති ව හිඳිනා තරම් අස්නෙක සුවයෙන් ඉඳුව යි කී නියා ය.

සුවයෙන් කව යි කීයේ නම් හැම දෙනා ම සයින් ඉන්ද දී තෙපි පළමු ව සුව සේ කා පුරා පියව යි කී නියා නො වෙයි.තොපගේ නැඳිමයිලන් හා ස්වාමීහු හා සියලු කැවිය යුත්තන් කවාලා කෑවන් නො කෑවන් පරීක්ෂා කොට සියල්ලවුන් ම සන්හිඳුවා පසුව වික්ෂෙප නැති ව සුවයෙන් හිඳ කව යි කී නියා ය. සුවයෙන් ම වැද හොව යි කීයේ නම් රෑවන්නාට පළමුව බඩ පුරා කාලා ඇඳට නැඟීලා වක ගසාගෙන වැදහොව යි කී නියා නො වෙයි, නැඳිමයිලන් හා ස්වාමීහු කා බී සැතපුනු කල ඔවුුන්ට කළමනා උපවාර කරවාලා පසුව පුත තෙපි සුවසේ ම සැතපෙවයි කි නියා ය. ගිනි පිරිමසව යි කීයේ නම් ලිප් මුල කෙළිල්ලෙන් වැද හිඳ රෑ ත් දවාලූ ත් කම සේ නැතිව ම ගිනි පිඹ පිඹ හිඳුව යි කී නියා නො වෙයි, නැඳිමයිලන් හා ස්වාමීහු නයින් කොට ගිනි කොට සිතව යි කී නියා ය. ඇතුළු ගෙයි දෙවියන් වඳුව යි කීයේ නම් ගෙමැද ගිනි දෙවියන් හෝ පුදව, නුඹගේ ශිවලිංදෙවියන් හෝ තබාගන නිරන්තරයෙන් වඳුව යි කී නියා නො වෙයි. එක ගෙයි වසන නැඳිමයිලන් හා ස්වාමිහු දෙවියන් දුටුවා සේ වඳුව, පුදව, ආදරර කරව’යි කි නියා ය. යනාදීන් මෙසේ මේ දශ අවවාදයෙහි අර්ථ විශාඛාවෝ චිත්රනකථික වූ පණ්ඩිත කෙනෙකුන් සේ මයිලණුවන්ට විශෙෂයෙන් කීහ. සිටාණෝ මේ වවාද කථා අසා ගොදුරක් ගිලූ පිඹුරකු සේ, ඖෂධයක් දුටු නයකු සේ, මුයෙන් නො බැණ ආශ්චය්ය්.ර්යෂට පැමිණ උත්තරයක් කිය නො හී කර බාගෙන උන්හ.

එ වේලෙහි කෙළඹියෝ අටදෙන “කිමෙක් ද, සිටාණන් වහන්ස! අපගේ නැඟණියන්ගේ තව ත් වරදෙක් ඇද්දැ”යි විචාරා “කිසි වරදෙක් නැත”යි සිටාණන් කී කල “අපගේ නිවරද නැඟණියන් කුමක් නිසා ගෙන් නෙරනා සේක් දැ”යි කීහ. එ වේලෙහි විශාඛාවෝ “මා නිවරද බවට තෙපි අට දෙනාම දෙස් වව, දැන් ම මම ගමට යමි, කෙලි කොල්ලන් රැස් වන්නේ ය, දායාද සම්පත් වහා සොලවව”යි නියොග කළහ.

එ වේලෙහි මිගාර සිටාණෝ ළය ඉපිළ හි හුනස්නෙන් පැනනැඟී සිටුවරුන් අටදෙනා ම අත් අල්වාගෙන විශාඛාවන් ක්ෂමා කරවන්නාහු “යෙහෙලි! මා නො දැන කියාපි වරද ක්ෂමා කරව, නො යව”යි කීහ. එ වේලෙහි විශාණාවෝ “මම ක්ෂමා කෙළෙම් ම ය, එසේ ද වුව ත් බුදුසස්නේ අචල වූ ශුද්ධා ඇති කලදුවකිමි, නුඹ මිථ්යාචදෘෂ්ටි ගත් දෑ ය, මා සිත් සේ තුනුරුවන් වැඳපුදා දන් දී බණ අසා ගන්නා වරයක් ලදිම් නම් මෙ ගෙයි රඳමි, නැත නො රඳමි”යි කීහ. එ බසට මයිලණුවෝ කියන්නාහු “තොපගේ බුදුන් සඟුන් සිත් සේ ගෙනවුත් දන් දෙව, බණ අසව”යි වර දුන්හ. එ වේලෙහි විශාඛාවෝ රඳා දෙවන දා බුදුන් ප්රතධාන වූ පන්සීයක් රහතන් පවරා එම විට ම ගෙනවුත් අලංකෘත කොට ගෙය සරහා උතුම් වූ බුද්ධාසනයක් පනවා බුදු පාමොක් සංඝයාහට නිරුදකවූ කිරිබත් පිසවා‍ බුදුන් වළඳවන්නාහු “මයිලණුවන් වහන්ස! මිගේ බුදුන් හා සංඝයා වහන්සේ වළඳවන්ට අව මැනැවැ”යි කියා යවූහ.

එ වේලෙහි නිගණ්ඨයෝ බුදුන් සිටාණන්ගේ ගෙයි දී වළඳන්ට වැඩිය යි අසා “අද අපගේ බත් කෙත අපවත් වෙයි, ඉතිකින් අප කටලා පස් හෙයි, මහණ භවත් ගෞතමයෝ ආවර්තන මායම් දනිති, උන්ගේ මධුර වූ නාදයෙන් කියන බණ කථා ඇසුව නම් අපගේ බස් කැණහිලන්ගේ අඬ කොට ත් සිතති, පළමු ව පලාගොස් ඒ සිටාණන් උන් දැක්ක නො දෙන ලෙසක් කරම්හ”යි පන්සියයක් නිඝන්ඨයෝ පළමුව දිව අවුදින් සිටාණන් සිසාරා හිඳගෙන “අපි තොපට නේවාසිකයම්හ, මහණ භවත් ගෞතමයෝ තොපට ආගන්තුනයෝ ය, උන් වළඳන තැනට ගියා නම් නිවන් මඟ අකුල් ලූවා හා සම ය, නො යව”යි යා නුදුන්නාහු ය.

බුදුන් වළඳා අන්තයෙහි වතාවත් කොට කුමු....[සංස්කරණය]

බුදුන් වළඳා අන්තයෙහි වතාවත් කොට කුමු අනුමෝදිනී බණ අසන්නාහු “මාගේ මයිලණුවන් වහන්සේ මා කෙරෙහි සබා වූ කරුණාවක් ඇත් නම් මාගේ බුදුන් අතින් අද එක බණ පදයක්වත් ඇසුව මැනැවැ”යි කියා යවූහ. එ වේලෙහි සිටාණෝ “මයේලි මහනුවණ ඇත්තී ය. ඒකාන්තයෙන් මට අවැඩක් වන දෙයක් නො කියති, ඈ කීවා ම කෙරෙමි”යි සිතා නික්මුණාහ.එ වේලෙහි නිගණ්ඨයෝ සිටාණන් රඳවාගත නොහී “සිටාණෙනි! තොප යන බැවින් මහණ භවත් ගෞතමයන් මුහුණු දුටු නම් තොපට බොහෝ පවු රැස් වෙයි, උන් මුහුණ නො බලා කඩතුරාවක් මුවායෙහි අසෙක කරබාගෙන හිඳ බණ අසව”යි කියා තුමු පළමුව පලාගොස් සිටාණන්ට බුදුන් නො පෙනෙන සේ මහ තිරයක් ඇද බුදුන් මුවා කළහ. සිටාණෝ තිර ය මුවායෙන් ගොස් බුදුන් නො පැනී බණ අසමියි හිඳගත්හ.

එ වේලෙහි මාගේ ස්වාමිදරුවෝ ඒ සිටාණන්ගේ හෙතු සම්පත් ඇති සේ දැක උන්ගේ චරිත පරීක්ෂා කොට පියා “මිගාර සිට! තා තිරයෙන් පිටත උන මැනැව, පවුරෙන් පිටත උන මැනැව, ගඟින් එ තෙර උන මැනැව, මුහුදින් එතෙර උන මැනැව, හිමවුගලින් එපිට උන මැනැව, මෙගරලින් එපිට උන මැනැව, සක්වළ ගලින් එපිට උන මැනැව, පරසක්වළ උන මැනැව, සියක් වන සක්වළ උන මැනැව, දාසක් ලක්ෂයක් වන සක්වළ උන මැනැව, අද තා මාගේ නුවණ නමැති හස්තයෙන් දහම් නමැති මහ දැල දමා ාබදා ගෛන මා පා විටට භයා ගනිම් ම ය, දැන් තට සෝවාන් මඟ අලු කොට නිවන් පුර ය පවිම් ම ය, අද පටන් තා මාගේ බුදුසස්නෙහි දයාපරයන් කෙරෙහි ඇතුළත් කෙරෙම් ම ය, අද පටන් තාගේ මේ සිටුසැපත මාගේ සසුන් කෙත වපුරුවා හරිම් ම ය” යනාදීන් සිත සිතා සතර මහදිවයින එක පැහැර වස්නා ඝන මහා වරිෂාවක් එක දිවයිනකට වස්වන්නා සේ, සක්වළ ගබ පුරා සිටගත් දිව්යය මනුෂ්යක සෙනාව ට දෙශනා කරන්නාවූ තමන් වහන්සේගේ සද්ධර්මස වර්ෂාව එක මේ සිටාණන් කරා මෙහෙයාලා බණ වදාරන්ට පටන්ගත් සේක.

මාගේ ස්වාමිදරුවන් අෂ්ටාංගසමුපෙත වූ, නා නා නය නිපුණ වූ, අනෙකාර්ථ ප්රපතිවෙධ ගම්භීර වූ, ලීලාපෙත වූ, මධුරස්වරයෙන් ධර්මන දෙශනා කරත් කරත් නිර්මීල වූ කැටපතකින් ප්රධතිබිම්බයක් පෙනෙන්නා සේ සිටාණන්ට “මෙලෝ මේ ය, අමාර්ග මේ ය, බුදුවරුන් මේ ය, ධමුරුවන් මේ ය, සඟුරුවන් මේ ය, තුනුරුවන් මේ ය”යි යනාදීන් විශෙෂයෙන් පෙනෙ ත් එ කෙණෙහි උපන් බුද්ධාලම්බන ප්රීෂතීන් එම තැන ම ඉඳ උතුම් වූ සෝවාන් ඵලයට පැමිණ “මේ ස්වාමිහුගේ දහම්සර මෙසේ මධුර කල උන්වහන්සේගේ ශ්රීේ මුඛ ය කලි උතුම් වන්නේ ම වෛ් දැ යි එ කෙබඳු දෝ හෝ යි සිතා නිගණ්ඨයන් කවත් ව නවත්වා තිරය දෑතින් ඔසවා බලා ස්වාමිදරුවන් ගේ සඳමඬලක් වන් මුව මඬල හා දෙතිස් අසූ ලකුණු හා කසුන් කඳක් වන් බුද්ධ රූප ය දැක අමා වළෙක ගැලුවා සේ පස්වනක් ප්රී තීන් මත් ව “මට මේ සා වැඩෙක් අනික් කෙනෙකුන් නිසා වූයේ නො වෙයි, මාගේ යේලණියන් විශාඛාවන් නිසා ම වී ය”යි මවක කරා දිවන පුතකු සේ පළමුකොට යෙහෙලිණියන් සිටි තැනට ගොස් යෙහෙලණියන්ගේ තන ය තමන් මුණයේ ලාගෙන “අද පටන් නුඹ මාගේ යේලණි කෙනෙක් නො වෙයි, මා වැදු මෑණියෝ නම් නුඹ ම ය, යෙහෙලිණි මම නුඹගේ පුතණු වෙම් ම ය”යි කියා යෙහෙලිණියන් මවු තනතුරෙහි තබා දෙවනුව බුදුන්ගේ ශ්රීි පාද මූලයට ගොස් ශ්රීබ පාද ය වැඳ හෙව ශ්රීු පාද ය තමන් හිසින් පිස පිස “ස්වාමිනි! මාගේ බුදුරජාණෙන්! මිගාරසිටු නම් වූ නුඹගේ ගැති නම් මම ය, මෙ තෙක් දවස් මම නුඹ නොදත්තෙමි, නො හැඳින්නෛමි, අද නුඹ ගුණ සකසා දතිමි, අද නුඹගේ දහම් නමැති එලියට බැස මිථ්යාසදෘෂ්ටි නමැති මහ වේබැද්දෙහි නුගුණ නමැති කටු කර්කශ බව දතිමි, ගැත්තවු නිසා ම බුදුවූහ යි සිතමි, ගැත්තවු නිසා ම දෙවුරම් වෙහෙර පිළිගත්හ යි සිතමි, ගැත්තවු නිසා ම මෙ නුවර වැඩ හුන්හ යි සිතමි, අද පළමුකොට ලොව බලන වේ‍ලෙහි ගැත්තවු ම දැක වදාළහ යි සිතමි, ගැත්තවු නිසා ම අද මෙ ගෙට වැඩවදාළහ යි සිතමි, අඅද පටන් මෙ මාගේ සතලිස් කෙළක් පමණ ධන ය පිරුණු පැන් කළයක් මුහුණින් නැමුවා සේ කිසි දෙයකුත් නො තබා නුඹගේ සසුන් නමැති කුඹුරෙහි වපුරෙමි; අප පටන් ගැති ත් සැදෑ ඇත්තන් කෙරෙහි අන්තර්ගත වූ එක්තරා එක් උපාසකයෙක් ම ය”යි යනාදීන් කිය කියා බුදුන් වැඳ නැඟී සිට:


සොහං අජ්ජ පජානාමි - යත්ථ දින්නං මහප්ඵලං,

අත්ථාය වත මෙ භද්දා - සුණිසා ඝරමා ‘ගතා - යි


යන මේ ගාථාව කියා යෙහෙලණියන්ට ස්තුති කෛාට පියා “මාගේ යේලණියන්ගේ මේ මේල පලඳනාව ඉතා බර හෙයින් අලංකාර දවසෙක මුත් හැම වේලෙහි ම පැලැන්ද නො හැක්ක, හැම වේලෙහි ම පැලැන්ද නො හැක්ක, හැම වේලෙහි ම පලඳනා පරිද්දෙන් මම ද උන්ට ලඝු වූ පලඳනාවක් කරවමි”යි කියාලා ලක්ෂයක් වටනා ඝනමට්ට නම් පලඳනාවක් කරවා බුදුන් ආදි වූ රහතන් පන්සියයක් පවරා සත් දවසක් මහ දන්දී සත්වන දා යොහලිණියන් සොළොස් කළයක් සුවඳ පැනින් නාවා ාදවඟනක සේ සරහා ඒ පලඳනාව පලඳවා බුදුන් වැන්ද වූවාහු ය.

එ තැන් පටන් ඒ මිගාරසිටාණන් ගේ.....[සංස්කරණය]

එ තැන් පටන් ඒ මිගාරසිටාණන් ගේ නම් මිථ්යා දෘෂ්ටි ගතුවන්ට පියවි දොර වී ය, බුදුන් දරුවන්ට අළ දොර වී ය. මෙසේ ඒ විශාඛාවෝ මිථ්යායදෘෂ්ටි වූ ඒ සිටුකුල ය තමන්ගේ නුවණ බෙලෙන් සම්ය ග්දෘෂ්ටියෙහි පිහිටුවාගෙන තිර්ථෘක වූ මයිල්සිටාණන් බුදුන් දක්වා බණ අස්වා සෝවාන් කරවා ඔහු විසින් මවු තනතුරෙහි තබන ලද හෙයින් එ තැන් පටන් මිගාර මාතාවෝය යි කියාත් ප්රහසිද්ධ ව බුදුසස්නෙහි ශ්රාද්ධාවන්ත උපාසිකාවරුන් කෙරෙහි අග්රස වූහ. සියලු සංඝයා වහන්සේට ම මවු තනතුරු ලද්දාහු ය. දවස තුන් වාරයෙක විහාරයට එළඹෙන්නාහු ය. පෙරවරු භාගයෙහි එනකල වැළඳවිය යුතු දෙයක් නො ගෙන ම නො එන්නාහු ය, පස්වරු භාගයෙහි එන කල පානවර්ගාදි පස්වරු වැළඳවිය යුතු දෙයක් නො ගෙන ම නො එන්නාහු ය, සවස් වේලෙහි එන කල මල් සුවඳ පාන් තෙල් බෙහෙත් සත් ආදිය ගෙන්වා ගෙන ම එන්නාහු ය.

එ කල විශාඛාවෝ ස්ත්රී.ව සිටු බුදුන් අතින් එක් දවසක් “ස්වාමිනි! මට වර අටක් දුන මැනැවැ”යි කීහ. ස්වාමිදරුවෝ “විශාඛාව! බුදුහු නම් ස්ත්රිකන්ට දිය යුතු වර අතික්රාරන්ත කළාහු වේ දැ”යි වදාළ සේක. එ කල විශාඛාවෝබුදුන් කෙරෙහි තමන් ‘වල්ලභ හෙයින් භය නැති ව “ස්වාමිනි ස්ත්රීදන් ඉල්ලුව මනා වරයක් නො බල්වමි, ශාසනයට උපකාර වූ සැදෑ ඇතියන්ට සම්පත්ති දායක වූ උතුම් වූ වර අටක් ඉල්වමි” යි කීහ. බුදුහු “කියග, විශාඛාව” යි වදාළසේක.

මෙ තැන් පටන් මාගේ ජීවිතාන්ත ය දක්වා නුඹවහන්සේ කරා ආගන්තුක ව යම් පමණක් භික්ෂූහු වැඩියාහු වූ නම් “ප”පළමු දා අනික් දොරකට නො ගොසින් විශාඛාවන්ගේ දොරට හැම දෙනා ම අද සිඟා යව”යි වදාරන වරයෙක. තව ද: මා දිවි පමණින් පන් සියයක් භික්ෂූන්ට නිති දන් දෙනු කැමැත්තෙමි, එසේ වූ වරයෙක. තව ද: මේ බුදුසස්නෙහි ගිලන් වූ යම් කෙනකුන් වහන්සේ ගිලන් පස සිඟා මගේ දොරට ම යවා වදාරන වරයෙක. ගිලනුන් බලන්නාවූ යම් කෙනකුන් වහන්සේට ද මාගෙන් ම දන් දෙවාවදාරන වරයෙක. තව ද; හැම දවස් ම මාගෙන් ම පන්සියයක් භික්ෂූන් හා සමඟ කැඳ අවුළුපත් වළඳා වදාරන වරයෙක. තව ද; වස් අන්තයෙහි හවුරුදු පතා වස්සාවාසික ලාභකොට පන්සියයක් අටපිරිකර පිළිගන්නා වූ වරයෙක. තව ද: හැමදා ම බෙහෙත් සත් බෙහෙත් බඩු හැම දෙනා වහන්සේ ම මාගෙන් ම පිළිගන්නා වූ වරයෙක. තව ද: බුදුසස්නෙහි හැම දෙනා වහන්සේ ම හවුරුදු පතා කස්පිළිසන් දන්දෙනු කැමැත්තෙමි, එසේ වූ වරයෙක. මෙසේ වූ අට වරයක් මට දුක මැනැවැ”යි ආරාධනා කළහ.

එ කල බුදුහු “සාධු විශාඛා‍ව” යි තුන් යළක් වදාරා මේ අට වරය ම දුන් සේක. මෙසේ වූ අටවරයක් ලදින් බුදුසස්නෙහි ශ්ර ද්ධාවන්ත ස්ත්රීමන් කෙරෙහි අග්රද ව පින් කළාහු ය.

තව ද: ඒ විශාඛාවන් වැදු නිරෝගී ම පුත්තු දස දෙනෙක....[සංස්කරණය]

තව ද: ඒ විශාඛාවන් වැදු නිරෝගී ම පුත්තු දස දෙනෙක, නිරෝගී අන් වැනි ම දූවරු දසදෙනෙකැ යි මෙසේ දුන් - පුතුන් විසිදෙනෙකු විසි හවුරුුද්දක් ඇතුළත ම වැදූහ. එ දරුවෝ විසිදෙන ද එසේ ම විසි විසි දරුවන් ලදහ, තව ද ඒ මුණුබුරෝ ද විසි විසි දෛනා ම ලදහ. මෙසේ ඒ විශාඛාවන්ගේ ම කුසින් වැදූ දරුවෝ ම විස්සෙක, මුණුබුරෝ ම සාරසියයෙක, මී මුණුබුරෝ ම අට දාසෙක, මොහු හැමදෛනා ම නිරොගීහ, අකාල මරණයකට පැමිණියාවූ එක දරුමුණුබුරු කෙනෙකුත් නැත.

තව ද: එක්සිය විසි ඇවිරිදි වයස් දක්වා ඒ විශාඛාවන් ඉස එක නරකෙන්දකු ත් නො නැංගේ ය, දන්ත චලනයෙක් වේව යි ඇඟ රැළි වැළඳීමෙක් වේව යි ජරාවට කාරණයෙක් නො පෙනුණේම ය, හැම දවස් ම දිවිසළින් ඔප්නැඟු කනක රූපයක් වැනියහ, සොළොස් හැවිරිදි යොවුන් ඇති කුමාරිකාවක ම වැනියහ. මෙතෙක් දරුමුණුබුරන් පිරිවරාා විහාරාදියට ඒ විශාඛාවන් නික්මුණු කල නො හඳුනන්නෝ දරුමුණුබුරරන් කා හොයි විශාඛාවන් කා හොයි දැනගත නො හෙන්නාහු ය.

තව ද; ඒ විශාඛාවන් ගමන් යන කල දුටුවෝ ගමන් යන කල ම හොබනා දෑ ය යි කිය කියා සිටිති, සිටි වේලෙහි සිටිනා රිසියෙයි කියති, උන් වේලෙහි වැද උන් රුව ම රිසියෙයි කියති, මෙසේ සතර ඊෂ්ය් ර්‍ා පථයෙහි ම ප්රියයකරු වූ රූපශ්රීි ඇතියහ.

තව ද: ඇතුන් පස්දෙනකුගේ බල ඇතියහ. කො‍සොල් රජ්ජුරුවෝ එ පවත් අසා ස්ත්රි.යකට ත් ඇතුන් පස්දෙනකුගේ බල ඇද්දැ”යි කියා නො ගිවිස එක් දවසෙක “අද ඇගේ බල බලමි”යි කියාලා දවසෙක පන්සියයක් ස්ත්රී“න් පිරිවරාගෙන උන් වීථිමධ්යුයෙන් එන්නා දැක මද නැඟි ඇතකු කොහොලින් ඇන කුප්පා ඉදිරියට ලුහුබඳවාලූහ. එ වේලෙහි විශාඛාවෝ ගුගුරා දිවන ඇතු දැක “මෙ නුවර මා කෙරෙහි වෛරයක් ඇති කෙනෙක් නැත, මේ රාජ වීථියෙහි කිසි කෙනෙකු ත් නැත, රජුගේ සඳල්ලේ ත් ඇරලා තිබෙයි, මේ අනිත් කාරණයෙක් නො වෙයි, එකාන්තයෙන් මාගේ බල බලමි යි රජු කළ දෙයක් ම ය” යි නුවණින් දැන ඒ ස්ත්රීේන් ඇතු දැක බා දිවපි වේලෙහි තුමූ ඇතකු දුටු සිංහධෙනුවක සේ කිසි ම භයක් නැති ව වැද සිටි සොඬ හකුලා කට ලාගෙන පෙණ කඳු ගස ගසා ළඟට අවුත් වැද ගිය ඇතු දැක “මොහු තරවා අල්වා ගතිම් නම් රජුගේ ඇත් මිය ගියේ නම් නපුරැ”යි සිතා දෑඟිලි හස්නෙහි සොඬ ලාගෙන මඳක් මිරිකාලූහ. එ වේලෙහි මහ අඬුවෙකින් කෙහෙල්කඳක් මැඩලූවා සේ ඇතුගේ සොඬට මහත් වූ වෙදනා වි ය. එ කෙණෙහි ඇත් දිය සලා ඉලත්ති ලා මරණභයින් හඬ හඬා ආපස්සේ දිවපී ය, ඒ ආශ්චය්ය් ර්‍ දුටු රජ පිරිස සාධුකාර දුන්හ, රජ්ජුරුවෝ ද සමාධි ව විශාඛාවන්ට සතුටු පඬුරු යවුවාහු ය, මොස් ඒ විශාඛාවෝඇත්බල ඇතියහ.

තව ද: ඔහු අභිමංගල සම්මතයහ. සත් කෙළක් පමණ මනුෂ්යුයන් වසන ඒසා සැවැත් නුවර සත්ත්වයෝ තමන් තමන් ගේ ගෙන ගොස් කවා පොවා සත්කාර නරන්නාහුම ය.

මෙසේ බුදු සස්නෙහි පැහැද බුදුන්ගෙන් බණ අහන විශාකවෝ....[සංස්කරණය]

මෙසේ බුදු සස්නෙහි පැහැද බුදුන්ගෙන් බණ අහන විශාකවෝ දවසෙක තමන්ගේ නව කෙළලක්ෂයක් අගනා මේල පලඳනාව බණ අසා යන වේලෙහි සඳහන් නැති ව ධර්මපශාලාවෙහි තබා ගොස් බුදුන් කෙරේ ආදරයෙන් ඒ මේලපලඳනාව බුදුන්ට ම පුදාපියා “ආවාස කරවා දන් දීමෙහි විපාක මහතැ”යි අසා “බුදුන්ට විහාරයක් කරවා දන් දෙමි”යි සිතා ඒ මේල පලඳනාව රථයෙක තබා විකිණි ව මුළු නුවර ඇවිදුවා මිල දී හැර ගන්නා තරම් අනික් ස්ත්රිවයක නැතිහෙයින් තුමූ ම නව කෙලලක්සයක් දී හැරගෙන ඒ මිල දී බිමක් ගෙන සැවැත් නුවරට නැ‍ඟෙනහිර දිග්භාගයෙහි පූර්වාරාම ය කරවන්නාහු යෙළ දහසක් පා පිහිටුවා දෙමාල් මාලිගාවක් කොට කරවා යටිමාලයෙහි පන්සියයක් ගබඩා ය, මතුමාලෙහි සියක් ගබඩාය’යි විසිතුරු වූ දාසක් ගබඩා නිමවා රන්කොත් පලඳවා සැට කළයක් පැන් ගන්නා මහත ඇති ඝනරන්ම ය පාදෙනි ලවා සැට සැටකළ ය පැන් ගන්නා ඝනරන් ම ය වූ මහ දිය කළ සැටක් ලවා තෙසු රන් කොතලා රන්කෙණ්ඩිකා රන් වළන් රිදී වළන් සාංඝික කොට ම ලවා “මැටියෙන් කළ වළඳක් මාගේ විහාර සීමාවයගෙන වැද්ද නො හැක්කැ”යි නියො‍ග කොට මේ සියල්ලට තමන්ගෙන් ම රකවල් ලවා පවුරු දොරටු පැන් පොකුණු උයන් මණ්ඩප ආදි සියලු කර්මාරන්ත ම නවමසෙකින් නිමවා අසූ මහසවුවන් ඇතුළු වූ සතලිස් දහස් පන්සිය ඒකාසූවක් බුදුපාමොක් සඟපිරිස් පවරා මුළුනුවර අළලා කරන ලද මහා පූජාවෙන් බුදුන් වඩා ගෛනවුත් දාසක් ගබඩා වෙන වෙන ම දිව්ය්විමාන සේ අලංකෘත කොට සාධා දාසක් යහන් දාසක් දාසක් බුද්ධාසන පනවා දාසක් ආසන මුදුනෙහි රුවන් කර්මා න්තයෙන් දිලියෙන දාසක් සේසත් නංවා ඇතුළෙහි මළු කෙළවර දක්වා බුමුතුරුණින් බිම වසා වෙනම ගබඩා බුදුන් ට ම සුදුසු කොට බුදුන් අත පැන් වත්කොට ඒ පූර්වාරාම ය පිළීගැන්වූවාාහු ය.

එ කල බුදුරජාණන් වහන්සේ විශාඛාවන්ගේ පින් ලොභ ය ඉතා මහත් සේ දැන විහාර දාන ය උතුම් සේ දැක ඇගේ බුද්ධාලම්බන ප්රීනති ය අද වඩවමි යි සිතා ඒ මාලිිගාව පිළිගෙන මැද ගබඩාවෛහි පනවන ලද බුද්ධාසනයෙහි වැඩහිඳ “මා සේ ම දහසක් බුදුහු දහසක් ගබඩාවල හිඳිත්ව”යි අධිෂ්ඨාන කොට වදාළසේක. එ කෙණෙහි දහසක් ගෙවල නිර්මිත බුදුහු පෙනී සවනක් රසින් දිලිහි දිලිහී වැඩඋන් සේක. එ කල විශාඛාවෝ බුදුහු කවර ගෙයි වැඩහුන් සේක් දෝ හෝ යි දහසක් ගබඩාවල දහසක් ගෞතම බුදුන් දැක මහත් වූ ප්රීගතීන් පිනා මත් ව උදාන ගායනා පතුරුවා ඇම ගෙවල ම බුදුන් හෙයින් එක තෙනක ත් සිටගත නොහී, නැවත මහපාය දොරකඩ සිටිය‍ාහු ය.

එ වේලෙහි විශාඛාවන් යෙහෙළි වූ එක් කුල ස්ත්රිකයක් මේ පිනෙහි මම ත් සමාදන් වෙමි යි සිතා දාසක් අගනා පළසක් ගෙන විශාඛාවන් පෙරට ව සිට “ස්වාමිනි! නුඹගේ ගෙයි මාගේ පිළිය බුමුතුරුණු කොට අතුරණු කැමැත්තෙමි. අවසරයක් දුන මැනැවැ”යි කිව. විශාඛාවෝ පිළිය බලා “මේ පිළිය නපුරැ යි කීම් නම් මෑ සිත කලකිරෙ”යි සිතා තමන් මහනුවණැ ‘ති හෙයින් ඒ පිළිය නපුරු නියාව ඈට ම හඟවමි යි “බුහුනණියනි! තෙපි ම මේ පායෙහි දහසක් ගබඩා බලා තෙල පිළියට අඩු පිළියක් දුටුවූ නම් ඒ පිළිය ඉවත් කොට තොපගේ මේ පිළිය අතුට පින්පුරා ගනුව”යි කීහ. ඒ කුල ස්ත්රු දාසක් ගෙවල ඇවිද අනගි බුමුතුරුණු බගා තමාගේ පිළිය අඩුසේ දැක නැවත අවුදින් “මේ සා පිනෙහි එක්විය නුහුණුයෙමි”යි මහ හඬින් හඬ හඬා මළුයෙහි සිටියා ය.

අප අනඳ මහ තෙරුන් වහන්සේ මෑ හඬන්නා දැක “මේ සා පූජාවෙහි කුමට හඬා ද, නැඟණියෙන්!”යි විචාරා අඬන කාරණ අසා “තොපගේ පළස අතුරන තෙනක් මම දනිමි”යි වදාරා විශාඛාවන් නො සැලකූ තෙනක් දැක සඳකඩ පහණ හා පාදෙනිය අතුරෙහි පාපිස්න කොට ලවා වදාළ සේක. මෙසේ මාහැඟිවූ පූර්වාල රාම පූජාව සාරමසක් මුළුල්ලෙහි කළාහු ය. විහාර බිම ගත්තා වූ නව කෙළක් ධන ය, විහාරකර්මාරන්තයට නව කෙළක් ධන ය, දානපූජාවට නව කෙළක් ධනය යි මෙසේ සත්විසි කෙළක් ධන ඒ එක පූර්වාරාම විහාරයට ම තුනුරුවන් උදෙසා ම පූජා කළාහු ය.


මේ විශාඛාවෝ මෙසේ වූ.....[සංස්කරණය]

මේ විශාඛාවෝ මෙසේ වූ ඓශ්චය්ය් ර්‍ කුශලයන් පෙර කෙසේ වූ පිනක් කොට ලද්දාහු ද යත්?

ගිය දවස අටපිරිකර දුන් පිනින් මේල පලඳනාව ලදහ. කාශ්ය ප බුදුන් සමයෙහි කිකී නම් රජ්ජුරුවන් කුඩා දූ සංඝදාසී ව පන්සිල් රක්ෂා කළාවූ පිනින් පඤ්චකල්යා ණයෙන් යුක්ත වූ උතුම් රූපශ්රීි ලදහ. පෙර බොරුවක් නොකී කුශලයෙන් සම වූ දුන් පුතුන් ලදහ. බෙහෙත් ගිලනුන්ට දන් දුන්නා වූ කුශලයෙන් තුමු ද නිරොගිව නිරොගීවූ දරුමුණුබුරරන් ලදහ. බුදුන් සඟුන්ට පෙර නිරිපිඬු දන් දුන් කුශලයෙන් ස්ත්රිද ව සිට ඇතුන් පස්දෙනකට බල ඇතිවූහ. තව ද ගිය දවස භික්ෂූන් පවරා ස්වහස්තයෙන් වළඳවන කල වළඳා අන්තයෙහි එක බත් ආලෝපයක් වළඳවාලූ කුශලයෙන් දායාද සරක් දෙන දවස් එක්ලක්ෂ විසිදහසක් ගවයෝ ගාල් කඳ පැන වැගිර ගියහ. ඒ මේ කුශලයෙන් උනු නො වන සම්පත් ලද්දාහුය. පියමතුරා බුදුන් සමයෙහි කළා වූ ප්රාපර්ථනාව හේතුකොට ගෙන කප් ලක්ෂයක් මුළුල්ලෙහි දිව්යාලොක මනුෂ්යතලොක සම්පත් සුව විඳ දැන් අප මහා ගෞතම බුදුන් සමයෙහි සත්හැවිරිද්දෙහි බණ සෝවාන් ව බුදුසස්නෙහි සැදැහැ ඇති ස්ත්රී න් කෙරෙහි අග්‍ර වූ තනතුරු ලදින් දානාදි පින් රැස්කොට සංසාර සාගරයෙන් ගොඩ නැංගාහු ය යි දතයුතු.

මෙසේ තමන් වහන්සේගේ සස්නෙහි සැදෑ ඇති ස්ත්රීමන් කෙරෙහි අග්රැ වූ තනතුරු ලදින් විශාඛා මහා උපාසිකාවන් සත් විසි කෙළක් ධන වියදම් කොට පූර්වාරාම ය කරවා පිළිගන්වා, එදා පටන් සාරමසක් මුළුල්ලෙහි දවස් පතා කරන ලද එක්සිය විසි මහ පූජාවක් ලත් හෙයිනුත් එසේ වූපූජා විඳීමට සුදුසු හෙයිනු ත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක.


එසේ හෙයින් කියන ලදුයේ මැයි:

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො,

අත්ථානුරූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං - යි.



මේ පූජාවලියෙහි

අප බුදුන් විශාඛා මහා උපාසිකාවන්ගන් ලද

පූර්වාරාම පූජා කථා නම් වූ

අටළොස් වන පරිච්ඡෙදය නිමි.