Jump to content

පූජාවලිය-බොධි සම්භාර පූජා කථා

Wikibooks වෙතින්

පූජාවලිය


සිවුවන පරිච්ඡෙදය


තව ද අප බුදුන් පාරමිතා බලයෙන් සුව විඳ ලද බෙ‍ධිසම්භාර පූජා කථා නම් කවර යත්?

අප බුදුහු පවා බුදු ව දහම් දෙසමි යි සමතිස් පෙරුම් පුරා ලොවුතුරා බුදුවූ සේක. සසම්පති මහාබ්රමහ්මයාගේ ආරාධනායෙන් ම දහම් දෙසූ සේක. ඇවැත් අනඳමහතෙරුන්වහන්සේ වැනි ධරුමභාණ්ඩාගාරිකයෝපව‍ා මහසුප් ස්ථවිරයන් හා පන්සියයක් මහරහතුන්ගේ ආයාචනායෙන්ම ධර්මඬ්ගායනා කළහ. යස නම් මහාස්ථවිරයන් වැනියෝ පවා කාලාශොක නම් වූ මහ රජහුගේ ආරාධනයෙන් ම දෙවන ධර්මසඬ්ගායනාව කළහ. බ්රරහ්ම ලොකගෙත මොග්ගලීපුත්තිස්ස මහා ස්ථවිරයන් වැනියෝ පවා ධර්මාශෝක රජහුගේ ආරාධනයෙන් ම තෘතීය සඬ්ගායනා-ධර්මසඬ්ගණිකාදීන් ධර්මසංග්රමහ කළහ, විසුද්ධ වූ බුද්ධීන් ප්රමසිද්ධ වූ බුද්ධදත්ත නම් මහා අර්ථකාථාචාරීන් වැනියෝ පවා වනවිනිස, බුදධවංශ, අභිධර්මාර්ථ සංග්රනහ අර්ථ කථා සඬ්ඛ්යාිත වූ ධර්මකථා උපදවන්නාහු සුමති නම් මහතෙර‍කෙණෙකුන් හා කණ්හදාසම් අමාත්යමය‍ොග් ආරාධනයෙන් ම බුද්ඝොෂාචාරීන් වැනි විශුද්ධඥන ලදුවෝ පවා සමන්තපාසාදිකා, අර්ථසාලිනි, සම්මොහවිදනොදනි, මනොරථපූරණී, සද්ධර්මජොතිකා යනාදී නොයෙක් අර්ථකථාවන් උපදවන්නාහු- ශ්රීරනිවාස නම් රජහු හා මහානිගම නම් ආමාත්යනයණන්ගේ ආරාධනයෙන් ම කළහ. වජ්ර ඥන ඇති හෙයින් විදුරු නම් ලද සැරියුත් මාහිමියන් වැනි එකශ්රැමති බුද්ධපුත්රවයෝ පවා ස‍ාරාර්ථසාදීපනී නම්වූ විනයටීකාර්ථකථාව ලක්ෂයනක් ග්රින්ථසඬ්ඛ්යාාවෙකින් යුක්ත වූ ධර්මසඬ්ග්රනහ කථා උපදවන්නාහු මහලු පරාක්රාමබාහු නම් නරපතිහුගේ ආරාධනයෙන් ම කළහ. ‍

මේ ආදී පූර්වාචාය්ය්හර්‍ වරයන්ගේ සද්ධර්මානුශාසනාව ආයාචන මූලිකව ම වූ හෙයින් මෙතැන්හි වනාහි ශ්රීා ලඬ්කා ද්වීපයෙහි වාතගිරිපර්වතයෙහි වැස සද්ධර්මසාගරයෙහි වැරපමණින් පිනා සාරය දැක සුගතොවාද නමැති ජීවිත රක්ෂාකිරීමෙහි ඉතා අප්රාමාදව බොහෝ සතුන් බෝධිසත්ත්ව පාරමිතාවෙහි වීය්ය්රර්වමඩා බණකීමෙහි අගපැමිණ, තමන් කරා පැමිණ බොහෝ සතුපුරුෂයන් බුදුබැව්ප්රා ර්ථනාකරවූ මයුරපාදපරිවෙණාධිපතිවූ බුද්ධපුත්රරය්න විසින් ද්වීතීය පරාක්රදමබාහු නම් නරපතිහට ම අනුශාසනා පිණිස ද, සිංහල භාෂාව දන්නා සත්පුරුෂයන්ට ලෝ වැඩ පිණිස ද, එම රජහු‍ගේ අග්රාුමාත්ය වූ බුද්ධාභිලාෂි වූ දෙවප්රිතිරාජ නම් ශ්රරද්ධා පුරුෂයානන්ගේ ආරාධනායන් ඔහුගේ ම නමින් කළ ආරාමයෙහි දී උපදවන ලද මේ පූජාවලී නම් වූ ධර්මව්යා ඛ්යාමන කථාවෙහි ඇසූ ඇසූවන් බුදුබැව්හි ලොභකරවා පියන තරම් වූ මේ සතරවන බොධිසම්භාර පූජා කථාව ද සත්පුරුෂයන් විසින් සාවධානව ඇසිය යුතු.


ඒ ම‍ාගේ ස්වාමිදරුවෝ යටකී ක්රාමයෙන් පළමුව තමන් ඒ දිවකුරු බුදුන් දුටුද‍යා ම චතුෂ්පදික ගාථාවක් අසා අමාමහනිවන් පැමිණ එකෙනෙහිම පැවිදි ව සි‍ාරලක්ෂයක් රහතන් හා සමග සඬ්ඝනවක ව වඩනා මහපින් ඇති ව ද සංසාරයෙහි ගොඩ නොදන්නා අපමණ සතුන් දැක උපන් මහාකරුණාවෙන් අමාපාත්ර යක් ගෙණ අනුන්ට නොදී වීය්ය්ණර්පුතරුෂයකු උදකළාව හිඳ කන්නා සේ, මම අද අමාමහනිවන් එකලාව නො වළඳමි, බොහෝ සතුන් හා සමග වළඳමි යි සිතා හස්තගත වූ සක්විති රජයක් හරණා සේ සම්ප්රායප්ත වූ නිවන් රජය හැර පියා සත්වයන් පිණිස තමන් වහන්සේ විඳිනා සංසාර ව්ය්සන ය නිවන් සුවයක් සේ සිතා සංසාර සාගරයට වැද-එතැන් පටන් සාරාසඬ්ඛ්යු කප්ලක්ෂයක් මුළුල්ලෙහි පාරමිතා සාගරයට වැද අලළන්නා වූ ඒ මාගේ ස්වාමිදරුවාණන් වහන්සේ නොයෙක් ජාතිශතසහශ්ර්යෙහි නොයෙක් සතුන් දිලිඳු වෙසින් අවුත් සිට කුස අල්ව‍ා පෑ “මහා බුද්ධාංකුරය! ඉතා බඩදළයම්හ, අපගේ සාධුක් නිවව” යි බැගෑ තෙපුල් කී කල “සාධු! මතු මුළුලොව දුකින් මුදමි” යි පත සසජාතකාදියෙහි දන් දුන් ඇඟ සේ මස් කියම් නම්, දෙලක්ෂ සතළිස්දහසක් යොදුන ඝනකඩ බොල් මහපෙ‍ාළොවෙහි පස් මද ම ය, මස් බොහෝ ම ය, තව ද ජාතිකොටියෙහි යක්ෂරාක්ෂසාදීන් දිළිඳු වෙස් වමා අවුත් සිට ස්වාමීනි! පිපාසිතයම්හ, මතු තෙපි බුදුව දහම් වැසි වස්වා සසර ගිම් නිවා නම් දැනු දු තොප ඇඟලේ පොවා අපගේ පවස්ගිම් නිවව, නරලේ බොනු කැමැත්තයම්හ යි ය‍ාච්ඤකළ කල ඔවුන් මුහුණු සතුටින් බලා සියලඟපට ‍හෙව සිරුර ගස්වා දරු කිරිදෙන මවකසේ ඒ දිළිඳුන්ට දුන් ලේ කියම් නම්, සතරමහා සාගරයෙහි දිය මදම ය, ලෙහෙ බොහෝ ම ය, තව ද නො එක් වාරයෙහි අන්ධයන් අවුත් සිට භවත! අපි ජාත්යාන්ධම්හ. ලෝකාලෝකයක් දුරුකරා නම් අපගේ ද අඳුරු දුරුකරව යි කියා ඇස් ඉල්වූ කල තම‍ා‍ වැදූ දරුවන්ගේ ආපදාවනහි කම්පිත වන මවක සේ ඒ අන්ධයන්ගේ දුක් ඉවසාගත නොහී සිවි ජාතකාදියෙහි උපුටා දුන් ඇස් කියම් නම් ආකාශයෙහි තරු මද ම ය, බුදුඇස් පතා දුන් ඇස් බොහෝ ම ය, තව ද අසඩ්ඛ්යය ගණන් ජාතියෙහි ඒ ඒ සත්වයන් අවුත් සිට “භවත! මතු බුදු ව මුළුලොවට ඊශ්වර වෙහි නම් අද තාගේ තෙලෙ ඉස අපට දන් දී පියව”යි නින්දිත වූ බස් කී වේලෙහි අතන්දිත ව ඔවුන් මුහුණ බලා සුරතල් කියන ප්රිඉය පුත්රලය්න සේ සිතා එකෙණෙහි ම මඟුල් කඩුව ගෙණ බුදුවෙම්මැයි පත පතා කප‍ා දීපු මිණිඔටුණුපලන් රජහිස් ගොඩ කියම් නම් එක් ලක්ෂ අ‍ට‍ සැටදහසක් යොදුන් උස මෙරගල් මිටි ම ය, ඉස්ගොඩ උස් ම ය, තව ද අපමණ ජාතියෙහි දී දිළිඳුන් අවුත් සිට “භවත! එකලාවම්හ. අතින් මෙහෙකොට ගත නො හෙම්හ, තෙපි මතු ලොවුතුරා බුදු ව මුළුලොව තොප දර‍ැ කරා නම්,දැන් තොපගේ තෙලෙ දරුවන් අපට ගැතිකොට දෙව” යි කියා යාච්ඤ කළ කල දෙබසක් නොකියා වෙස්සන්තර ජාතකාදියෙහි ප්රියය දරුවන් බැඳ දුන් වැල්ගොඩ කියම් නම් මෙරගල් මිටි ම ය, වැල්ගොඩ උස් ම ය. තව ද ජාති කොටියෙහි යාචකයන් අවුත් සිට “හිමි තෙපි මතු බුදුවන දා මිහිකත ලවා දෙස් කියවා නම් , බුදු සිරිකත ප‍තා නම් කරුණා මෛත්රීහ නමැති කාවන්තාවන් දෙදෙනාහ‍ට වල්ලභ වේ නම්, දැන් තොපගේ සිරිකත වන් තෙලෙ‍ රජකත අපට දෙව” යි ඉල්වූ කල දෙබසක් නො කියා තමන්ගේ ප්රි ය කාන්තාවන් බුදුබව පත පතා බැඳ දීපු වැල්ගොඩ කියම් නම් එම මෙරගල් මිටි ම ය, වැල්ගොඩ උස් ම ය.


මෙසේ මාගේ ස්වාමිදරුවානන් පිරූ පාරමිතා අපමණ ම ය. ප්රරමාණ වස්තු ගෙණ උපමාකරන්නෙ නම්, දිය පොළොවට ගැඹුරු අනික් පස් ගොඩක් නැති හෙයිනු ත්, පස්පොළොවට බොල් අනික් පස් ගොඩක් නැති හෙයිනු ත්, තරුවට බෙ‍ාහෝ අනික් ගහණ වස්තුවක් නැති හෙයිනු ත්, මෙරගල උස් අනික් පරුවකයක්නැතිහෙයිනුත්, මේවස්තු සතර බුදුන්ගේ පාරමිතාවට උපමා කළ බවක්මු්ත පාරමිතාවෝ වනාහි උපමානැත්තාහ. ඒ විශෙෂයෙන් දැන ද මෙරගල හා සමුද්රමය හා පොළොව හා ආකාශයෙහි තරු හා බුදුන්ගේ පාරමිතාවට මි උපමා කළ පරිදි යෙළ සියයක් යොදුන් ගරුඬරාජයා වටුවාට මහතැයි කියන්නේ සැබෑවැයි කියා ගරුඬරාජයාගේ මහතසඟවා ලිය නුහුනුයේ මැ යි.

එසේ හෙයින් මම ද බුදුන්ගේ පාරමිතාවන් සංෂේපයෙන් හඟවා කීමි. ඒ පාරමිතාවන් බොහෝ ලෙස මෙ විතරකින් අසන්නවුන්ට තව හඟවාලිය නුහුයේ මැයි.

එහි විස්තර කෙසේද යත්?

යම් සේ සත්වකෙණෙක් දිවසින් නොදැක ත් නුවනැස් ලා ඝනතරඥන නැමති පහන නඟා, දහම් නමැති ඇස දල්වා, විශෙෂයෙන් බැලූ නම් දැනු ත් මාගේ බුදුවන්ගේ ඒ පාරමිතාවෝ හස්තාමලකයක් සේ විශෙෂයෙන් පෙනෙන්නාහු මැ යි. හේ මෙසේයි-

කපෙක් නම් බොහෝ කාලයෙක,යොදනක් උස කොටුවෙක අබ පුරාලා හවුරුදු ලක්ෂයක් ගියකල අබ ඇටයක් බැගින් හරිතොත් කලකින් අබ ගෙවී යේල, කපෙක අවුරුදු නෙ‍ා ගෙවේ මැ යි, තව ද යොදනක් උස ගල්මුදුනෙකින් දහස්ක හවුරුද්දෙන් නැගි යන්නා වූ සිද්ධයෙකුගේ දිවසළු කණ ගැහැවීමෙන් ඒ පර්වත ය, කලෙකින් ගෙවී උඳැට්ක සා ව යේ නමුත් කපෙක හවුරුදු නොගෙවේමැයි. මෙසේ වූ කපෙක් නම් බොහෝ වූ කාලයෙක, මාගේ බුදුහු එසේ වූ කපින් සරාසඩ්ඛ්යිකප්ලක්ෂයක් කල් පාරමිතාවන් පිරූ සේක, තව ද අසඬ්ඛ්‍්ය්ය්ක නමුදු ලුහුඬු බවක් මිස තෙමේ ඉතා දිග ය. හේ මෙසේයි-

දස දහයෙක් නම් සියයෙක, දස සියයේක නම් දහසෙක, සියක් දහසෙක් නම් ලක්ෂයෙක, සියක් ලක්ෂයෙක නම් කෝටියෙක. කෝටියෙක් නම් ප්රෂකෝටියෙක, ප්රෙකෝටියෙක් නම් කෝටිප්රකකෝටියෙක, කෝටිප්ර්කෝටි කෝටියෙක් නම් නහුතයෙක, නහුත කෝටියෙක් නම් නින්නහුතයෙක, නින්නහුත කෝටි‍ෙයක් නම් හුත නහුතයෙක, හුත නහුත කෝටියෙක් නම් කම්භයෙක, කම්භ කෝටියෙක් නම් විස්කම්භයෙක, විස්කම්භ කෝටියෙක් නම් අහහයෙක, අහහ කෝටියෙක් නම් අබබයෙක, අබබ කෝටියක් නම් අටටයෙක, අටට කෝ‍ටියෙක් නම් සොගන්ධියෙක,සොගන්ධික කෝටියෙක් නම් උප්පලයෙක, උප්පල කෝටියක් නම් කුමුදයෙක, කුමුදකෝටියෙක් නම්, පුණ්ඩරීකයෙක. පුණ්ඩරීක කෝටියෙක්නම් පදුමයෙක, පදුම කෝටි‍ෙයක් නම් කථානයෙක, කථාන කෝටියෙක් නම් මහා කථානයෙක, මහා කථාන කෝටියෙක් නම් අසඬ්ඛ්යියක් නමි.


තව ද මේ ගණන කල්යවා කී හෙයින් බොහෝ දෙයෙකැයි සිතන බව මුත් අසඬ්ඛ්යියෙක් නම් බෙ‍ාහෝනියාව ගණන් විශෙෂ ය නොදත්තාහට විශෙෂයෙන් නො දැනේ ම ය. මේ මිනිස්ලොව අසඬ්ඛ්යභය‍ට ලත් තබන වස්තුවකින් කිසිතෙනකත් නැත. සතර මහා සාගරයෙහි දිය අසඬ්ඛ්යේක උලක්කුවටත් මද ම ය. මහපොළොව පස් පුවක් කඩ සා කොට කඩ කඩ කරතොත් අසඬ්ඛ්යියක් කැටියට මද ම ය. ආකාශයෙහි පෙණෙන තරු අසඬ්ඛ්‍ය මද මය, මෙර ගල අබ ඇට සා බිඳුකර තොත් අසඬ්ඛ්යියක් බින්දුවට මද ම ය, එසේ හෙයින් අසඬ්ඛ්ය්ට පුඩුවක් දක්න‍ා ගණනෙක් කිසිතැනෙකත් නැත්මය, සාගරයෙහි ගැඹුර ඇති හෙයින්ද , ප්රහමාණ ඇති හෙයින් ද ඝන රියන් පමණ අවකාශයෙහි පැන් සතරමුණක් ගන්නා හෙයින් ද, සාගර‍ෙයහි දිය අසඬ්ඛ්‍යයක් උලක්කුවට මද යයි යනු ගණිත බුද්ධිමතුන්ට විෂයම ය. පොළොව ද ප්රෝමාණවත් හෙයින්ද, ඝනරියන් වළ පස් දසපෑළක් ගන්නා හෙයින් මහ පොළොවෙහි පසුත් ගණිත ඤාණයට විෂය ම ය, තව ද රියනක් සා තැන අබ දෑමුණෙක් පමණ හෙයිනු ත් මෙරගල ැද ප්රතමාණවත් හෙයිනු ත් මේ නයින් මෙරගල අබ ඇට සා කර තුන් ඤාණයට විෂ ය ම ය, අසඬ්ඛ්යි වනාහි ඉතා බෙහෙව, මේ කාරණයෙන් අසඬ්ඛ්යු නම් බොහෝ සංඛ්යාහවෙකැයි දතයුතු.


මාගේ ස්වාමිදරු වූ බුදුරජානෝ මෙසේ බොහෝසතර අසඬ්ඛ්යින්ක හා කප්ලක්ෂයක් කල් සසර ඇවි ද පාරමිතා පිරූ සේක. මේ දෑතුරෙහි එක් කපෙකට එක් වාරයෙක, එක් ලේ උලක්කුවක් ම ඉදින් දන් දුන් සේක් වී නමුත් සතර අසඬ්ඛ්යණයක් හා ලක්ෂයක් ලේ උලක්කු ය, එසේ දුන් ලේ සුඟ මෙසේවූ සාගර දසයෙක දියටත් බෙහෙව, තවද ම‍ාගේ ස්ව‍ාමිදරුවානෝ කපෙකට එක පුවතක් සා මස්කැටි වෙයි, එසේ දුන් මස් සුඟ ම නුවනැසින් බැලූකල මෙසේවූ පොළෝ දසයෙක පසටත් බෙහෙව, තව ද මාගේ බුදුහු කපකට එක්වාරයෙක, එක්ඇසක් බැගින් උදුරා දන් දුන් සේක්වී නමුත් ඒ සතර අසඬ්ඛ්යියක් හා ලක්ෂයක් ඇස්ය, එසේ දුන් ඇස් ම මෙසේවූ චක්ෂුපත ආකාශ දසයෙක තරුවට ත් බෙහෙව, තව ද මාගේ බුදුහු කපෙකට එක් වාරයෙක, එක් ඉසක් බැගින් කපා දන් දුන් සේකි වී නමුත්ඒ අසඩ්ඛ්යෙයක් හා ලක්ෂයක් ඉස, ඒ ඉස්ගණන ම ඉදින් ගොඩකරතොත් හෙසේවූ මෙරගල් දසයක‍ට ත් උස් ම ය.


තව ද මා‍ගේ ස්වාමි දරුවානෝ කපකට එකවාරයෙක ම අඹු දරුවන් බැඳ දුන් සේක ව නමුත් සතර අසඬ්ඛ්යයයක් හා ලක්ෂයක් ඒ වැල්ගණන ම සිතා පි කල මෙසේවූ මෙරගල් දසයකට ත් උස් ම ය, එසේ හෙයින් මාගේ ස්වාමිදරුවානෝ කපකට එක් ලේ උලක්කුවක් බැගින් ම දන් දුන්සේක්ද, කපකට එක් පුවකක් සා මස් කැටියක් බැගින් ම දන් දුන්සේක් ද, කපකට එක් ඇසක් බැගින් ම දන්දුන් සේක් ද, කපකට එක් ඉස් බැගින් ම දන්දුන් සේක් ද, කපකට එක් වාරයෙක ම අඹු දරුවන් බැඳ දන් දුන් සේක් ද, එසේ නැත කපකට අපමණ වාරයෙක අපමණ කොට දන් දුන්සේක් ම ය, මේ මේ කාරණයෙන් සමුද්ර්ය හා පෙ‍ාළොව හා තරු හා මෙර ගල් හා මහා වස්තුවෙක් නො වෙයි, මාගේ ස්වාමි බුදුන්ගේ පාරමිතාවෝ කලි නුවනැසින් දක්නාහට ඉතා මහත් වන්නාහු මැයි, මාගේ බුදුන් දන් දුන් ලේ මස් හා ඇස් හා කපා දුන් ඉස් හා පතා දුන් අඹු දරුවන් බැඳි වැල්ගොඩ හා හැම රැස් කොට නුවනැසින් විශෙෂයෙන් බැළුවහොත් බඹලොව උස් තැනෙකැයි නො සිතමි, මාගේ බුදුන්ගේ පාරමිතා ගොඩ ම උසැයි සිතමි, මේ පාරමිතාවන්ගේ ගරුභාවයෙහි කථා ඇසූ කල ඤාණවන්තයෝ කාරණ ගිවිස පාරමිතා ගරුත්වයෙහි පැහැද බුදුවෘමෙහි වීය්ය්්ර්විත් වෙති. හීන වූ වීය්ය්ාර්‍ ඇති මන්දබුද්ධීන්ගේ සිත් කිහිරි දණ්ඩෙන් සැසි හුල ගලපිට හෙලූ කල ඊම තබා මොට වන්නා සේ බුදුවීමෙහි වීය්ය්යර්‍ පසුබස්සි, කෙසේ ද යත් ? මුහුදු දැය පරයා ඇඟ ලේ දුන මනාල, පොළොව පස් පරයා ඇඟ මස් දුන් මනාල, මෙර පරයා‍ සිය ඉස් දුන මනාල, තරු පරයා සිය ඇස් දුන මනාල, එම මෙර පරයා ප්රියයවූ අඹු දරුවන් බැඳ දුන් වැල්ගොඩ සිටී ල යි. මෙතෙක් කල් දම් අසා බුදුවීම නම් බැරි දෙයෙනැ යි භීරුක වෙති. දැන් ඒසමුද්රායෙහි දිය මද ල, පොළොව පස් මද ල, අහස තරු මද ල, මෙරගල් උස් නොවේ ල, පාරමිතාවෝ බෙ‍ාහෝ ල, මස් ගොඩ ලේ ගොඩ ඉස් ගොඩ ඇස් ගොඩ වැල්ගොඩ ඉතා උස් ල බඹලොව පරය‍ා සිටී ල, එතෙක් ලේ මස් ඇස් ඉස් දරුවන් අපි දන් දිය නොහේ ම ය, එසේ හෙයින් ඒ බුදුවීම නම් අප‍ට බැරි ය යි හීන වීය්ය්‍ර්‍ වෙති, එයින් ඒ සත්වයා ගේ අඥන භාව මැ යි.

කාරණා කිම යත් ?

එසේ සිතූ සත්වයා තම තමා සසර ඇවිදින සෙසුකල් හැර බුදුන් පෙරුම් පිරූ මේ දෑතුරෙහි ම තමා ත් අනුන්ට දුන් ලේ, බුදුනු දන් දුන් ලෙයට බෙහෝ ම ය, තමා දීපු ඇඟ මස් ගොඩ බුදුන් දන් දුන් ඇඟ මසට බෙහෝ ම ය, බුදුන් දන් දුන් ඉස් ගොඩට ඒ සත්වයාතමාදීපු ඉස්ගොඩ බොහෝමය. බුදුන් දන් දුන් ඇසට ඒ සත්වයා තමාදුන් ඇස් බොහෝමය, බුදුන් දන් දුන් අඹු දරුවන්ට වඩා ඒ සත්වය‍ා තමා දුන් අඹු දරුවන් බොහෝ ම ය, ඒ කෙ‍සේ දිනී ද? පාරමිතා පිරී ද යත්? එ‍සේ නැති: මාගේ ස්වාමිදරුවානෝ සාධු බුදුවෙම්ව යි පත පතා ඇස් ඉස් මස් ලේ අඹුදරුවන් දන් දුන්සේක. ඒ සත්වයා අනුන්ට අන්යාසයෙන් ඇස් ඇස් ඉස් මස් ලේ අඹුදරුවන් බොහෝකොට දිනි.


කෙසේ දිනි ද යත් ?

මාගේ බුදුන් සාධූ ! සාධු !! බුදුවෙම්වා යි පත පතා ඇඟ ලෙි දන් දෙන අතුරෙහි , නිකම් සසර ඇවිදිනාවූ ඒ සත්වය‍ා ජාති ජාති වල දී යක්ෂ රාක්ෂසාදී හු ඔහු අල්වාලෙණ හුරා බීපු ලේ ද. තව ද ඔහු ගේ ම ජාති ජාතියෙහි දී ම ගණ්ඩ පිළිකාදීන හැරපී ලේ ද ,තව ද සැත් සිරු ආදීන් හැරපී ලේ ද, නුවනැසින් බැලූකල ඔහු අන්‍යොයෙක් මෙසේ දීපු ලේ බොහෝමය, මාගේ බුදුන් දුන් ලේ මද ම ය, මෙසේ වූ අන්ය,යෙ‍න් බෙහෝ ලේ දී සසර ඇවිදිනා සත්වයා සාධු! බුදුවෙමි යි සිත් පහදවා මද ලෙයකුත් දන් දී බුදුවෙමි යි නොසිතී ම හ් සත්වයාගේ අඥනභාවය ම ය. තව ද බුදුන් ගේ පාරමිතා කා‍ලයෙහි ම සසර ඇවිදිනා එක් සත්වයෙකු ඒ ඒ ජාතියෙහි දී යක්ෂයන් - රාක්ෂයන් - සිංහයන් - දිවියන් - වලසුන් - කිඹුළුන් විසින් ඔහු අල්වාගෙණ වධකයන් ඔහු ඇඟින් කපා ඔහුට ම කවාපු මස් ද, නුවනැසින් බැල්වහොත් බුදුන් දුන් ඇඟමස් මද ම ය, මෙසේඔහු අන්යා්යෙන් දුන ඇඟ මස් බොහෝමැ යි - මෙසේ සසර අන්‍ා්ායෙන් බෙ‍ාහෝ කොට ඇඟ මස්දී ඇවිදිනා සත්වයා මද ඇඟ මසක් දන් දී සසර ඇවිද බුදු වෙම්මැයි නො සිතීම ඔහුගේ ම අඥනභාවය මැ යි, තව ද එක් සත්වයෙකු නො එක් ජාති ජාතියෙහි, ඒ ඒ වරදෙහි අල්වාගෙණ ඔහු හඬවහඩවා කපා හුල ඇනපු ඉස් ද , නොයෙක් යාගයෙහි අකුසල්බෙලෙන් බිලිපුද දුන්* ඉස් ද, යුද්ධාදියෙහි දී ඛඬ්ගප්රසහහාරයෙන් කැපුන් ලද ඉස් ද, රැස් වී නම් මා‍ෙග් බුදුන් දුන් ඉස් ගොඩ මද ම ය, මෙසේ ඔහු අන්යාායෙන් දුන් ඉස් ගොඩ බොහෝ ය, සසර අන්‍යිායෙන් මෙසේ බොහෝ ඉස් කපා කපා දී ඇවිදිනා ඒ සත්වයා බුදුවන්ට දෙන ඉස් බොහෝ ය යි සිතීම ඔහු‍ගේම නුවණ නැති බව ය, තව ද මේ සසර ජාති ජාතියෙහිදීම එක් සත්වයෙකු අල්වාගෙණ ඔහු හඬ ව හඬ වා උදුරාපු ඇස් නුවනැසින් රැස්කොට බැලුවහොත් බුදුන් දන් දුන් ඇස් මද ම ය

නැඹුතල දුන් -   ඇතැම්.


මෙසේ ඔහු අන්යා යෙන්දුන් ඇස් බොහෝය, මෙසේ අන්යාඔයෙන් බොහෝ ඇස් දී සසර ඇවිදිනා සත්වයා මද ව ඇස් දෙන්නා වූ බුදු බැව්හි උපෙක්ෂාවීම ඔහුගේම නුනුවනෙහි මුල්බැස්ම ය, තව ද මේ අක් මුල් නැති සසර එක් සත්වයෙකුගේ අඹුදරුවන් ජාති ජාතියෙහි දී ඔහු හඬ හඬා සිටිය දී සතුරන් අල්වා බැඳගෙණ ගිය වැල්ගොඩ බැලූ කල මාගේ බුදුහු අඹු දරුවන් බැඳ දුන් ගොඩ උස් ම ය, මෙසේ සසර පිනක් නොකොට තමාගේ අඹු දරුවන් සතුන්ට ‍බොහෝකොටදී ඇවිදිනා සත්වයා අඹුදරුවන් දන් දිය නෙ‍ාහෙමි යි බුදුවීමෙහි උපෙක්ෂා වීම ඔහුගේ ම නුනුවනෙහි මුල් බැස්ම ය, මේ ධර්මකථාවෙහි දී ත් සමහරු වීය්ය්ෙර්වසත්ව බුදුවීමෙහි ලොභය කෙරෙති, තව ද සමහර කෙනෙක් කපෙක් නම් බෙ‍හෝ කලෙක් ද, අසඬ්ඛ්යතයක් නමුත් බෙහෝ සඬ්ඛ්යා‍වෙක්ල, බුදවීමට යටත් වශයෙන් සාරාසඬ්ඛ්ය කප්ලක්ෂයක් පෙරුම් පිරුවමනා ග, ඒ ගෙවන්නේ කවර කලෙක ද? පෙරුම් පුරන්නේ කවර කලෙක ද? බුදුවෙන්නේ කවර කලෙක දැ? යි දීර්ඝේ කාල වශයෙන් විතර්ක ව හීන වීය්ය්කර්‍ වෙති, ඒ සිතිවිල්ලත් සත්වයාගේ නුනුවන මැයි.


හේ මෙසේ යි.


බුදුහු අසුරු සනක් කලින් අසඬ්ඛ්ය් ගණන් කප්වල ජාති දැක පියන සේක, එසේ සූක්ෂම වූ ඤාණගති ඇති බුදුහු එක් සත්වයෙකගේ ජාතිකෙළවර පරිනිර්වාන ය වනතෙක් බලාත් දැකපිම නො භෙන සේක් ම ය, තවද එම සත්වයා අක් මුල් නැති සසර සුව දුකින් යෙදී පෙර සසර ඇවිදි කල් බලන සේක් වීනම් බුදුකෙනෙකුන්ගේ ආයු ගෙවී යෙයි, සසර ඔහු ඇවිදිනා කාලයෙහි මුලෙක් නො පැණෙයි මෙසේ අසුරුසනක් කල්හි අසඬ්ඛ්ය ගණන් කප්වල ජාති දැක පියන බුදුන් තමන්ගේ ජීවිතාන්තය දක්වා බලා ත් නිමවාගත නොහැකි ජාති ජාති සසර පෙර ඇවිද දුක්ගත් සත්වයා අසුරු සනෙකින් බුදුන් දක්නා සාරාසඬ්ඛ්යු කප්ලක්ෂයක් බෙ‍ාහෝ කලෙකැ ‘යි සිතා බොධිසත්ව පාරමිතාවෙහි හීන වීය්ය්්ර්‍ ව උපෙක්ෂාවීම වැසි බා පිහිළී වන්නා සේ සත්වයාගේ නුනුවනෙහි මුල්බැස්ම මැයි, තව ද සංසාරයෙහි ඒ බුදුහු අෂ්ට ලෝක ධර්මයෙහි යෙදී ඇවිදින්නාසේක් වී ද, ඔබත් අන්යාියෙන් ඇස් ඉස් මස් ලේ අඹු දරුවන් දන් දුන්සේක්ම වේද, බුදුවෙමියි පතා දුන්සේක් ම වේද; එසේ වන්නාවූ බුදුනුදුන් ඇස් ඉස් මස් ලේ අඹුදරුවෝ බොහෝ වෙත් දැයි යමෙක් ඉතින් සිතන්නාහු වූ නමුත් ඒ සිතිවිල්ල ත් අඥනභාවය මැ යි, මා‍ගේ බුදුහු පාරමිතා භූමියේ දී අන්යායයෙන් ඉස කුත් ඇස කුත් මසකුත් ලෙය කුත් අඹුදරු කෙණෙකුත් තම්න වහන්සේ නො කැමතිව එක් කලෙක ත් නුදුන් සේක් ම ය, එහි කාරණ මණිචොර ජාතක, සංඛපාල ජාතක, වාරින්ද ජාතක, කුම්භිල ජාතක, ලඤ්චායුධ ජාතක, නි‍ෙග්රාොධ මෘග ජාතක, කර්කටක ජාතක, තුඬිල ජාතක, සුචිලෝම ජාතක, පුන්නක ජාතකාදියෙහි සෙයින් බලා දතයුතු.


තව ද සමහර සත්වකෙණෙක් බුදුහු ඉතා තද සේක, තමා අතින් තමා හිස් කපා දී පිය හැකිද? තමා ඇඟ මස් තමා කපා දී පිය හැකිද? තමා ඇඟ ලේ තමා දී පිය හැකිද? තමා ඇස් තමා උදුරා දී පිය හැකිද? තමා ගේ ප්රි ය වූ අඹු දරුවන් අනුන්ට හඬව හඬවා ගැතිකොට බැඳ දී පිය හැකිද? බෝධිසත්ව වූ කල ඉතා තදවුව මැනවැයි එසේ අපට බැරිය යි සිතන්නාහුවූ නම්, එයිත් ඒ සත්වය‍ාගේ නුනුවන මැයි,මේ මුළුලොව මාගේ බුදුන්ට වඩා ඉස‍ට ලොභී ඇති කෙනෙ‍කුත් නැත, ! බුදුන්ට වඩා ඇඟ පෙයට ප්රිගය කෙනෙකුත් නැත, බොධිසත්වවරයන්ට වඩා අඹු දරුවන් කෙරෙහි දයාබර කෙනෙකු ත් අනික් කිසිකෙනෙකුත් නැත් ම ය.

කාරණා කිම යත්?

සෙසු සත්වයෝ ‍මේ වස්තු පසට ලොභ කරන්නාහු තමන් අස්ථිර බැව් ‍නො දැන මෝහයෙන් ප්රේභම කෙරෙති; බොධිසත්ව වරයෝ වීදුරු සේ නුවනැත්තෙන් නුවනින් ම ප්රේසම කෙරෙති.


කෙසේ ද යත් ?

මේ සසර අවුල් හූවැටියක් සේ අක් මුල් නැත; ගුල නම් ලිහිණියන්ගේ කසල්ලක් සේ අවුල; පිදුරු කැරැල්ලක් සේ පිළිවෙලක් නැත්තේමය: වගුන් ඇති වනයක් සේ භයඬ්කරය, කිඹුළුන් ඇති ගඟක් සේ ශඬ්කා පරය; සොරුන් ඇති මගක් සේ ලඟ විය නො හැක්ක; නයින් ඔත් තුඹසක් ‍සේ සැක කර ය; මෙසේ සසර ඇවිද මතු බුදු ව සසරින් මා‍ගේ ‍ෙම් ඉස ද;‍ මා‍ගේ ‍ෙම් ඇස ද; මා‍ගේ ‍ෙම් ඇඟ මස් ද මා‍ගේ ‍ෙම් ඇඟ ලේ ද; මා‍ගේ ‍ෙම් ප්රිකය වූ අඹු දරුවන් ද අනිත් සත්වයෙක්හට අන්යාඇ යෙන් නොදෙමි, තුණුරුවන් වැඳි අතින් අන්යය සත්වයකු නො වඳිනා සේක් සාධු! බුදුවෙමි යි පතා එක් වාරයෙක දීපු ඉසෙහි පිණින් මතු අන්යා යෙන් අනුන් කපාගත නොහැක්කැයි ඉසෙහි කළ ප්රේමයෙන් ම ඉස් දන් දුන සේක. මෙසේ ම දන් දුන් ඇසට ජාතිසහශ්රමයෙන් රෝග ත් නැත. උදුරාගන්නා සත්වයකුත් නැතැ යි ඇසෙහි කළ ප්රෙනමයෙන් ම ඇස් දන් දුන් සේක. තව ද ඇඟ මසු ත් ප්රෙෙමයෙන් ම දන් දුන් සේක, ලේ ත් එසේම අනුන්ට අන්යා යෙන් නොදෙමියි සිතාම ‍ෙප්මෙයෙන්ම දුන් සේක. මාගේ ප්රිමය වූ අඹුදරුවන් එක් වාරයෙක මා සිත් පහදවා දන් දුනිම් නම් අසඬ්ඛ්යම ගණන් ජාතිවල මා නො නැමති කරවා බැඳගෙණගොස් මෙහහෙ ගතහෙන එකද සත්ව කෙණෙක් නැත. එසේ වූ කල උන්ට සුව වෙයි, සාන්ති වෙයි, නිර්භය වෙයි සිතා ප්රෙජමයෙන් ම අඹුදරුවනුත් දන් දුන් සේක; එසේ හෙයින් ම ‍මේ මුළුලොව බොධිසත්ව වරයන්ට වඩා ආත්ම ප්රෙිම ඇත්තෝ් නැත, ලොව ඔවුන්ට වඩා අඹු දරුවන් කෙරෙහි ත් ප්රෙැම ඇති කෙනෙකුත් නැත්මයි, තව සසර බුදුන් දන් දුන් ඇස් ඉස් මස් ආදිය මදනියාවටත්; සසර ඇවිදිනා සත්වයා අන්යාසයෙන් දුන් ඇස් ඉසු මස් ‍ෙල් අඹු දරුවන් බෙහෝ නියාවට ත් කාරණා කිම යත්? දැන් මේ කාලයෙහි අසවල් පුරුෂයා බුදු වෙමි යි පතා ඉස් දී පී ය, ඇස් දී පී ය, මස් දී පී ය, ලෙහෙ දී පී ය, අඹුදරුවන් දී පී යයි ඇසීමෙක් දුර්ලභය. දීර්ඝිකාල වශයෙන් රාශිභූත අවස්ථාවෙහි බොහෝ බව මුත් මේ ඉතා අරුමය. දැන් අසවල් යුද්ධයෙහි දහස්ගණන් හිස් කපාපූහ, අසවල්හු ඇඟ මස් කිඹුල්ලු කෑපූ ය. අසවල්ලු ඇ ලේ යක්ෂ රාක්ෂයෝ බීපු ය, අසවල්හු හඬව හඩවා ඇස් උදුරා පූ ය. අසවල්හු‍ෙග් අඹු දරුවන් සතුරෝ බැඳගෙණ ගියෝ ය යි කිය ඇසෙනදෑත් බොහෝමය. දක්නාදෑත් බොහෝමය. අන්යාසෙන යෙන් දෙන දේ දැන් බෙහෝවූ වා සේ ම සසර ඇවිදින සතුවයා අන්යා යෙන් දුන් ඉස් ඇස් මස් ලේ අඹූදරු‍වෝබොහෝම යයි දතයුතු. දැන් මද වූවා සේම පින් නිසා දුන් ඉස් ඇස්ම් ලේ අඹුදරුවෝ බොහෝනොවෙත්ම යයි දතයුතු. තව ද මේ ලෝකයෙහි සමහර සත්ව කෙණෙක් බුදුවන්නේ බොහෝ දුක් ගෙණය, සසර ගත් දුක් බොහෝ යයි භීරුක වෙත්. එයිත් අඥන භාවයමය. මාගේබුදුහු සසරපාරමිතාභූමියෙහි පෙරුම් බලයෙන් දුකක් නො ගත්සේක. සසර සුවයෙන් ම හුන් සේන. සියලු සතුන්ට ත් සුව ම දුන්සේක, තමන් වහන්සේත් කෙළවර නිවන් සුව ම ලත් සේක. එසේ හෙයින් මම් වනාහි මා‍ෙග් බුදුන් සසර පාරමිතා සුවෙන් සුවවිඳම බුදුයූහ යි කියමි. අධික වූ වීය්ය්වර්‍ මුත් බොධිසත්වවරයන්ට සසර අධික වූ දුක් නැත්තේ මැයි.


කාරණා කිම යත්?

කෘතාධීකාර වූ බෝධිසත්යවවරයන් සසර ලබන පූජා සුව තෙ‍ෙළ‍ෙසක් ඇත, සෙසු සත්වයන්ට ඒ සුවවිඳීම් තෙළෙස නැ; බෝධිසත්වවරයන්ගේපාරමිතාබලයෙන් ලබන පූජා සුව තෙළෙස නම් කවරහ යත්?

සංජීව ය, කාලසූත්රර ය, සඬ්ඝාත ය, රෞරව ය, මහාරෞරව ය, තාප ය, ප්රනතා‍ප ය, අවීචි ය, යන අටමහානරකයෙක් ඇත; ඒ අටම දසදහසදක් යොදුන්දිග හා පුළුල හා උස ඇත්තේය; නවයෙදුන් බොල, යකබලය ගිනිරයින් සියක් යොදුනෙහි සිටියවුන් ඇස් පිපිරෙයි , නලෙක පුරාලූ තුඹුසුණු සේ අතුරු නැතිව පැසෙන්නාවූ පව්කළ සත්වයෝ බොහෝහ; ඔවුන්ගේ ආයු කෙතෙක් ද යත් ? මේ මිනිස්ලොවින් පණස් අවුරුදදෙක් නම්:චාතුර්මහාරාජික දිව්ය ලෝකයට එකදවසෙක; එසේ වූ තිස් දවස් මස් කොට දෙ‍ාළොස්මස් අවුරුදු කොට, එහි උපන් දෙවියන් පන්සියයක් අවුරුද්දට ආයු ය, ඒ දෙවියන්ගේ පරමායූ වූ පන්සියයක් අවුරුදු නම් පළමු වන නරකයෙන් එක් දවසෙක. ඒ නියා දවසින් තිස් දවස් මස් කොට, දොළොස්මස් අවුරුදුකොට, පන්සියයක් අවුරුද්දට ආයු ය, මේ ආදී වූ දිව්ය, ආයුක්ර මයෙන් වඩ වඩා පරික්ෂාකළ කල ඒපළමුවන සංජීව නරකයෙහි හුනුව‍ාවූ සත්වයෝ මනුෂ්යෙ ගණනායෙන් එක්ලක්ෂ දෙසැට දහසක් කෙළ වර්ෂ කාලයක් දුක් ගණිකි. දෙවන නරකයෙහි හුනු සත්වකෙණෙක් දොළොස් ලක්ෂ සයානූදහසක් කෝටි වර්ෂ කාලයක් දුක් ගණිති, තුන්වන නරකයෙහි හුනු කෙණෙක් ඒක කෝටි විසිනව ලක්ෂ සුසාළිස් දහස් කෝටි වර්ෂ කාලයක් දුක් ගණිති. සතරවන නරකයෙහි වැටී ගිය සත්වකෙණෙක් අෂ්ට කෝටි විසිනව ලක්ෂ සුසාලිස් දහස් කෝටි ප්රකමාණ වර්ෂකාලයක් දුක්ගණිති. පස්වන ලක්ෂ දෙපණස් කෝටි ප්රරමාණ වර්ෂකාලයක් දුක්ගණිති. සවන නරකයෙහි හුනු වාහු පන්සිය තිස්කෝටි සුවාසූ ලක්ෂ සොළොස්දහස් කෝටි ප්රනමාණ වර්ෂාකාලයක් දුකගණිති. සත්වන නරකයෙහි හුනුවාහු අර්ධකල්පයක් දුක්ගණිති. පඤ්චානන්තරිය කර්ම ආදීවූ පව්කොට අ‍ටවන නරකයෙහි හුනුකෙණක් කල්පයක් කල්දුක් ගණිති. මෙසේ බෙ‍ාහෝ ආයු ඇති ඝොර වූ අටමහානරකයට බෝධිසත්වවරයෝ නො වදනාහු ය. “බුදුවීම් නම් දුකැ” යි යන සත්වයෝ ‍ෙම් නරකවල දුග්ගෙණ ඇවිදිනාහු ය, මේ බුදුධාංකුරයන්ගේ පළමුවන සුව විඳීම ය.


තව ද තුන්සක්වළක් එක්වූ තෙන ලෝකාන්තරික නම් නරකයෙක් ඇති. එහි උඩින් හිරු සඳු ුආලෝකයෙකු ත් නැත, යට අති සිහිල් වූ ක්ෂාරෝදකයවේ. එහි උපදනා‍ෙප්ර තයන් උස තුන් ගවුය, ඉතා මහත් වූ නියා ය, පරඬලාපත් සේ ශරීර ය, ඉස්මුදුනෙහි පිහිටි හිඳිකටුමල සා මුඛ ය ය, කපක් කල් දුක් ගන්නා ආයු ය, මේ නරක ය නම් අළුගා මෙලෝපරලෝ නැතැයි මිත්යා දෘෂ්ටිගත් තා වූ සත්වයන්ට ම නියත ව තිබී ආ නරකයෙක. මේ නරකයෙහි වැටි කපක් කල් දුක් නො ගත්තාවූඑකද ස්ත්රීිපුරුෂ කෙණෙනුත් නැති. මාගේ බුදුහු පාරමිතා බලයෙන් ම එක් කලෙකත් එහි නෙ‍කා වන්සේක. එසේ හෙයින් මේ ලෝකාන්තරික නම් නරකයට නො වැදීම බුද්ධඬ්කුරයන්ගේ දෙවන සුවවිඳීම ය.


තව ද මේ ලෝකයෙහි නිජ්ක්ධමතණ්මා නම් මහාප්රෙ තයොනියෙක් ඇත; ඔහු ගසක ගත් ගිනි සේ දිලිසෙන ශරීර ඇත්තාහ. අසුරුසනකු ත් නො‍ රඳා ඒ ඒ තන්හි ඇවි ද කපුකුදු බත් නො ඉපද දුක් නො ගත්තාවූ එකද සත්වකෙණෙක් නැත. මාගේ බුදුහු පාරමිතා භුමියෙහි එක් කලෙක ත් ඒ ප්රෙිත‍යෝනියෙහි නූපන්සේක. එ‍ෙස් හෙයින් බුද්ධාංකුරයෙන්ගේ මේ තුන්වන සුවවිඳීමය. තව ද මේ ලෝකයෙහි ඛුප්පිපාස නම් ප්රෙීතයෝනිය කු දු ඇත. ඔහු නවයොදුන් පමණ ඉස් ඇත්තාහ, විසිගවු දිග වූ දිවූ ඇත්තාහ; ඉතා උස් වූ ශරීර ඇත්තාහ; කේ ලොම් සා බඳ ඇත්තාහ; බුද්ධාන්තරයක් දක්වා බත් නො ලබන්නාහ; පැන්‍ නො ලබන්නාහ; පැන්‍ බොම්හ යි සාගරයට වන්කල දිය සිඳීගියා සේ පෙනී යෙයි. ඉදින් ඍඬ්වන්ත කෙනෙක් පඤ්චසමහාගඬ්ගායෙහි දිය ඉන්එක් ප්රෙ තයෙකුගේ මුඛයෙහි එන්විට ව්ත කෙරෙත් නමුත් රසදිව නො තෙමෙන තෙක් කයින් නැගි ගින්නෙන් දා භස්ම ව යෙයි, ඒ ප්රේතයොවනියෙහි ඉපද දුක් නො ගත්තා වූ එක ද සත්ව කෙනෙක් නැත; පාරමිතාබලයෙන් මා‍ෙග් බදුහු එක්කලෙක ත් මේ බුද්ධාකුරයන්ගේ මේ සතවන සුව විඳීම ය.


තව ද ගිණිගෙණ දිලියෙන් ආයුධ ගෙන ඔවුනො ‘වුන් පැහැර මරා දුක්ගන්නා කාලකඤ්ඤජක නම් ප්රෙ‘ත අසුරයෙනිය කු දු ඇත, එහි ඉපිද දුක් නො ගත්තාවූ එක ද සත්වකෙනෙක් නැත. පාරමිතා බලයෙන් මාගේ බුදුහු එක්කලෙකත් එහි නූපන්සේක. එ‍ෙස් හෙයින් බුද්ධාඬ්කුරයන්ගේ ‍ෙම් පස්වන සුව විඳීම ය.

තව ද සකල සත්වයෝ ම උකුණු ව-ඉනිකුණු ව -මකුනු ව- කුරු ව-කුහුඹු ව-සිනි ව-පැණි ව-පණුව- ගැඩඋල් ව-ගොඩපණු ව- වඩපණු ව-මැසිව - මදුරු ව - යනාදි වූ ක්ෂූද්රලප්රාුණී ව උපදනා හ. සසර මාගේ බුදුහු වටුකුරුල්ලන්ට කුඩා වූ ක්ෂූද්‍ර ප්රානණී ව නූපන්සේක. තව ද දාර පිඹුරු ආදී වූ ලාමක ප්රා ණීන් ව ත් නූපන්සේක. එ හෙයින් මේ බුද්ධාඬ්කුරයන්ගේ සවන සුව විඳීම ය.

තව ද සංසාරගත වූ සත්වයෝ ජාතියෙන් අන්ධ ව ඉපද බොහෝ දුක් විඳිති, සමහරු ජාතියෙන් ගොළු ව ඉපද දුක් ගනිති, සමහරු ජාතියෙන් ම බිහිරි ව ඉපද කර්ණරසායනනො ලබති, සමහරු ජාතියෙන් ම කොර පිළුව ඉපද වනුගා ඇවිද නිගා විඳිති. සමහරු ජාතියෙන්ම සේවත්කුෂ්ට ආදී පාප රොග ඇතිව උපදිති; මාගේ බුදුහු එක් කලෙකත් ‍මෙසේ වූ පඤ්චෙන්ද්රිෙය වෛකල්යුයෙන් ඉපද දුක් නො ගත් සේක. එසේ හෙයින් බුද්ධාකුරයන්ගේ මේ සත්වන සුව විඳීම ය.

තව ද මේ සසර සමහර පුරුෂයෝ පරදාරාදී වූ අකුසල් බෙලෙන් ගෑණුව ඉපිද පියා සිය දහස් ගණන් වාරයෙහි නරක දුක්වැනි වූ ස්ත්රීි කර්මයෙන් දුක්විඳිති, මාගේබුදුහු එක් කලෙකත් ස්ත්රීි ව නූපන් සේක. එසේ හෙයින් බුද්ධාංකුරයන්ගේ මේ අටවන සුව විඳීම ය.

තව ද සමහර සත්වයෝ පරදාරාදි වූ අකුසල් බෙලෙන් නපුං සක ය- ඔපක්කමික ය- උභාතොඛ්යපඤ්ජනකය යි යනා දී පණ්ඩක ව සිය දහස් ගණන් ආත්මභාවයෙහි ඉප ද ගෙයක් නැති ව, දොරක් නැති ව, අඹූ කෙනෙකුත් නැති ව, දරු කෙණෙකුත් නැති ව, ගැහැණිත් නොව - පිරිමිත් නොව බොහෝ දුක් ගන්නාහ , මාගේ බුදුහු එක් කලෙකත් එසේ වූ හීනාත්මභාවයෙක නූපන් සේක. එසේ හෙයින් බුද්ධාංකුරයන්ගේ මේ නවවන සුව විඳීම ය.

තව ද මේ ලෝකවෙහි සමහරු මාතෘඝාතක ය, පිතෘඝාතක ය, අරහන්තඝාතක ය, ලොභිපපාදක ය, සඬ්ඝ භෙදක ය යි යන පඤ්චානන්තරිය කර්මයක් කොට කපක් මුළුල්ලෙහි නරක දුක් ගණිති, මාගේ බුදුහු එක් කලෙක ත් එසේ ආනන්තරිය කර්මයන් නො කළ සේක. එසේ හෙයින් මේ බුද්ධාංකුරයන්ගේ මේ දස වන සුව විඳීම ය.

තව ද සමහර සත්වයෝ අරූතල අසඥතලයෙහි ඉපද, ඒ ඒ කල උපන් බුදුන්ගේ ශ්රීව නොලබන්නාහ, මා‍ෙග් බුදුහු වනාහි එක් කලෙකත් අරූතල අසඥතලයෙහි නො උපන්සේක. එසේ හෙයින් බුද්ධාංකුරයන්ගේ මේ එකොළොස් වන සුව විඳීම ය. තව ද බුද්ධාංකුරයන්ගේ සසර බුදුන් දුටත් මාර්ගඵල නෙ‍ාගන්නා හෙයින් අනාගාමින් උපදනා සුද්ධවාස බ්රකහ්මලෝකයෙහි ත් ඉපැදීමක් නැත, රජකුලෙහි ගොවිකුලෙහි ඇත්තවුන්ගේ වාසයට නො දන්නා සේ තමන්ට සේවක වූ සුද්ධවාසා බ්රතහ්ම ලෝකයෙහි බඹුන්හ‍ා එක්ව නොඉපදීම බුද්ධාංකුරයන්ගේ සොළොස්වන සුව විඳීම ය.


තව දසමඑර සත්වයෝ අකුසල් බෙලෙන් මෙලෝ පරලෝ නැතැ යි ගන්නා නියත මිථ්යා දෘෂ්ටි කුලයෙහි ඉපද සත්පුරුෂ මාර්ලගයන් පානවුන් නැත්තෙන්, මෙලෝ පරලෝ නැතැ යි දෘෂ්ටි ගෙණ කාලාන්ධකාරයෙක ගමන් ගත්තවුන් සේ අකුසලමාර්ගයෙහි ගොස් අපාගත වෙති. මාගේ බුදුහු දීපඬ්කර පාදමූලයෙහිදී තරයෙහි ඒකජාතියෙකත් එසේ හෙයින් බුද්ධාංකුරයන්ගේ තෙළෙස්වන සුව විඳීම ය. මෙසේ මාගේ බුදුහු මේ නරකාදි ‍ෙත්රස අභව්යමස්ථානයෙහි නූපන් හෙයින් ත් එහි දුක් නො ගත් හෙයිනු ත් සසර අන්යාෙය යෙන් ඇස් ඉස් මස් ලේ අඹු දරුවන් කිසි කෙණෙකුන්ට ත් නො කැමති කරවා නුදුන් හෙයිනු ත් කිසියම් තෙනක වුල්ලනන්දිය ජාතකයෙහි සේ පීඩාවක් ජීවිතහරණයක් වූ තෙනෙක් ඇති නමුත්, ඒ සියල්ලද පාරමිතා කොට්ඨාසයෙක අන්තර්තග වූ හෙයිනු ත් ඒ සියල්ලම පරිත්යායගයෙන් සිත පහදවා ත්රි්විධ වූ සන්තොෂ නො වරදවා ම නොමඳ කොට දුන් හෙයිනු ත් දුන් දනෙහි නිස්සොකි වූ හෙයිනුත් සසර ත් මෙසේ සුඛයෙන් ම හුක්සේක. බුදු ව සියලු සතුන්ටත් සුව ම දුන්සේක. තමන් වහන්සේ ත් කෙළවර අමාමහ නිවන් සුව ම විඳිසේක.


තව ද දීපඬ්කර ප්ර්ණිධියෙහි දී විවරණ ලත්දා ම කරුණා මෛත්රි නමැති අඬ්ගනාවන් දෙදෙනා තමන් වහන්සේ‍ෙග් සිත් නමැති ගෘහයෙහි වස්වාගෙණ දවසෙක ත් දෙදෙනා අත් නොහළ සේක. එ දවස් ම මෙ තෙමේ ‍ෙබාහෝ දවස් අත් නො හැර ආවා වූ මා දැන් අත්වුනා පිය කරුණා මෛත්රි දෙ අඹුවන් කෙරෙහි අභිනවයෙන් පෙම් කෙරෙයි කිය සපත්නිරොෂයෙන් දිලිහි ඔහු වසන ආසන්නයෙහි දු නොවෙසෙමියි දුරුව ගියා සේ වස්තුතෘෂ්ණා නමැති පාපීවූ ස්ත්රිමය එක් කලෙකත් ඔබ කරා නොපැමිණි හෙයිනු ත් ඔබ ඈට ස්නෙහයක් නො කළ හෙයිනු ත් අසාධාරණ සුවයෙන් ම හුන්සේක.


එයින් කීහ:


දෙභීති වත්ථූමසුකං ගදිතොත්ථිකෙහි

නාලං කථෙතුමිහ නත්ථි න දෙමි චාති,,

චිත්තෙ මහාකරුණයා පහටාචකාසා

දූරංජගාම විය තස්සහි වත්ථු තණ්හා’ යි


තව ද අවශෙෂ වූ සත්වයෝ දුංඛ සහගත චිත්තයාගෙන් මහත් වූ දුක් විඳිනාහු ය, මාගේ බුදුහු වනාහි දුක්ඛයාට ම දුක් දුන් බවක් මිස ඔහුගේ පීඩාවක් නොවුන්සේක, කෙසේ නොවුන් සේක් ද? ලොක‍යෙහි සතුරන් ඇති සතුන් ගෙයක් දොරක් නැති ව ඔබිනොබ වල ‍ෙකාල ඇවිදිමින් හිඳිනාකල තමහට ඔවුන් විසින් පීඩාවක් කොට ලිය නො හැක්කා ‍ෙස් මා‍ෙග් බුදුහු සසර නො එක් ජාතිවල ඉස් දෙන කල ඇස් දෙන කල මස් දෙන කල ඉතා මහත් වූ දුක්ඛ වේදනාවන් උපදවන්න‍ට පටන් ගත් කල්හි දානයෙන් පැන නැංග‍ාවූ මහත් ප්රීහති නමැති ඔබගේ මහා යොධයා ඔහු ලුහුබැඳ දුර ස්ථානයෙහි ලයි, නැවත ඔහු ආකල්හි නැවත ද දුරු කෙරෙයි, මෙසේ මේ සාරාසඬ්ඛ්යු කප් ලක්ෂයක් මුලුල්ලෙහි තම්න වහන්සේ කම සේ නැති ව ඔබ මොබ යාමෙන් ඊමෙන් දුක් ගන්නා වූ දුක්ඛයා ඔබට දුක්ඛයක් දී ලි ය නුහුනු යේ ම ය යි දතයුතු.

එයින් කීහ:

ආනීයතෙ නිසිත සත්ත නිපාතෙන

නික්කඩ්ඨතෙව මුහුදාන භවාය රත්යාු,

එවං පුනප්පුන ගතා ගත වෙගඛීන්නං

දුක්ඛං න තස්ස භදයං වත පීළයිත්ථ, යි


මේආදී කාරණයෙන් මා‍ගේ බුදුහු සුවවිඳ ම බුදුවූවාහු නම් වනසේක. තවද සංවර්තස ය, සංවර්තස්ථායී ය, විවර්තං ය, විවතිස්ථායී යයි මහා කල්පයාගේ සතර භාගයෙන් සියලු සත්වයෝ පළමුවම කී තුන්භාගයෙහි අපරාපය්ය් ර්වෙංදකර්මයාගේ බලයෙන් ඒකාන්ත සුබ විඳිනාහ, විවර්තස්ථායි නම්වූ අ‍ට‍ගෙණ සිටිනා අසඬ්ඛ්යස කල්ප යෙහි සුවදුක් දෙක විඳිනාහු සුගතියට වඩා දුගතියෙහි ආයු බොහෝ වන බැවින් දුක්ඛ කොට්ඨාස ය ම බොහෝ කොට විඳිනාහ, එසේ හෙයින් සංසාරගත සත්වය‍ාට මහා කල්පයාගේ අ‍ටවන භාගයෙන් සත් භාගයෙක් ඒකාන්ත සුව විඳීම වෙයි, සුරු වූ එක් භාගයෙක ඒකාන්ත දුක් විඳීම වෙයි; බොධිසත්වවරයෝ ඒ අටභාගයෙහි ම අවශෙෂවූ සත්වයන්ට නැතැ යි දතයුතු. තව ද මෙසේ වූ සුව විඳීම ද අවශෙෂ වූ සත්වයන්ට නැතැ යි දතයුතු. තව ද තුන් තොටක් ඇතිමහත්වූ ග‍ඟෙක බැස දියකපා පිහිනන්නාවූ පුරුෂයෙක් මත්තෙහි තොටින් නැගෙමි යි වීය්ය්හර්‍ කොට පිහිනනුයේ වී නම් එම තොටින් හෝ නැගෙයි එ තොට වරදවාපු යේ වී නම් දෙවන තොටින් හෝ නැගෙයි. එතොටත් වරදවාපු යේ නම් තුන්වැනි තොටින් නැගේ ම ය, මුහුදු බත් නොවේ මැයි‍. ඔහු සෙයින් ම බුදු වෙම් ව යි ප්රාරර්ථනා කළාවූ සත්වයෝ ච අධික වූ වීය්ය්ුර්‍ ඇත්තාහු ලොව්තුරා බුදුබව සාදා ගණිත‍ි. මධ්යවම වූ වීය්ය්‍ර්‍ ඇත්තාහු පසේ බුදුබව සාදා ගණිති. කනිෂ්ට වූ වීය්ය්ුර්‍ ඇත්තාහුශ්රා‍වක බෝධිය සාදාගණිත් ම ය. සංසාර සාගර යට බත් නොවෙත් මැ යි, එසේ හෙයින් මේ ලොකයෙහි සියලු ප්රා ර්ථනාවෙන් ම බුදුවෙම්වයි කරන්නා වූ ප්රාෙර්ථනාව නම්, සියලු ප්රානර්ථනා ම එහි අන්තර්ගත වන බැවින් බුදුවීමෙහි වීය්ය්ාර්‍ ඇත්තා හට ද නැත්තා හටද උතුම් වූ ප්රාබර්ථනාවෙක් ම ය, එසේ හෙයින් බුදුබැව් ප්රාාර්ථන‍ා කරන්නා වූ සත්වයෝ සිතූ යම් ශාඛාවකටපැණ සිත්සේ පල්ලව ඵලානුභව කළ හැකි සෙයින් රුක් මුදුන් අත්තට නැගෙන ශාඛා මෘගරාජයන් වැනියාහ. තව ද ඔහු එක් බන්ධනය කළා නම් වන හෙයින් ග්රි වාබන්ධනය සාදන්නා වූ ඤාණමල්ලයන් වැනියහ.තව ද සිතු සිතූ කාලයෙක ඉච්ඡා‍නුරූප සම්පත්තිදායක හෙයින් චින්තාමාණික්යු රත්නයට ම අත දිගුකරන්නන් වැනි ය හ. තව ද බුදුවෙම්වායි පතනුවෝ ඉච්ඡා‍නුරූප වස්ත්රාැභරණයන් දෙන හෙයින් කල්ප ද්රැ‍මයට නැගෙන්නවුන් වැනි ය හ. තව ද ඉච්ඡානුරූපවූ දියෙහි ගොඩෙහි නන් සුවඳ මල් පැළඳීම පිලුවන් සේ දැන මංජුසක නම් දිව්යො වෘක්ෂයට නැගෙන්නා වූ දිව්යේ පුත්රවයන් වැනියහ. තව ද එක් ශරීරයෙන් තමන් කැමති වර්ණයෙකින් සුව විඳින්නාවූ අනන්ත වර්ණ දිව්ය රාජයන්ගේ සම්පත් ප්රාතර්ථනා කරන්නවුන් වැනිය හ. තව ද කැමති සම්පත් එක් මුඛයකින් දෙන හෙයින් සුරභිධෙහි මුඛයට දොහොත් දිගු කරණ ධනාර්ථින් වැනියහ. මේ ආදී නොයෙක් කාරණයෙන් සත්පුරුෂවූ ජනයන් විසින් බුද්ධ ප්රාදර්ථනාව උත්තම ප්ර ර්ථනාවෙකැයි දැන, බුදු බැව් පත‍ා‍ තුන්තරා බොධියෙන් එක්තරා බොධියක් සාදා සංසාර සාගරයෙන් ගොඩනැංග යුතු.


මෙසේ මාගේ ස්වාමිදරුවෝ සසර ඇවිදිනාසේක් තමන්වහන්සේ ‍ෙග් පාරමිතා බලයෙන් ම මෙසේ වූ බොධිසම්භාර පූජාවන් තෙළෙස් දෙනෙකු ලත් හෙයිනු ත්; එසේවූ පූජාවිඳීමට සුදුසු හෙයිනුත් මාගේ බුදුහු අර්හත් නම් වනසේක.


එසේ හෙයින් කියන ලදී.


"ජූජා විසෙසං සහ පච්චයෙහි

‍යස්මා අයං අරහති ලොක නාථො,

අත්ථානුරූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාම මෙතං” යි


මෙතෙකින් මේ පූජාවලියෙහි අප බුදුන් පාරමිතා බෙලෙන් ලද බොධිසම්භාර පූජාකථානම් වූ සතරවන පරිච්ඡෙදය නිමි.