Jump to content

පූජාවලිය-බෝධිමණ්ඩල පූජා කථා

Wikibooks වෙතින්

පූජාවලිය


එකොළොස් වන පරිච්ඡෙදය


තව ද: අප බුදුන් බුදු වන දා ලද බොධිමණ්ඩල පූජා නම් කවර යත්:


මෙසේ මාගේ බොධිසත්ත්වයෝ එ දා රෑ නුවරින් නික්ම මහත්වූ පූජා ලදින් වැඩ එ ගංතෙර අසු රඳවාලා “මේ කිනම් ග‍ඟෙක් ද”යි විචාළ දෑ ය. අමාත්යමයා “ස්වාමීණි! මේ ගඟ අනෝමා නමැ”යි කී ය. “මාගේ පැවිද්දත් අනෝමය, අලාමක යැ”යි ගඟ නම අසා සතුටු ව අශ්වයාට “ගඟ පැන”යි විළුඹෙන් සන් කළදෑ ය. අශ්වරාජයා වාලධිය ගත් ඡන්න නම් අමාත්යවයා හා සමඟ අටසියයක් රියන් පළල ඇති ගඟ පැන රිදී පටක් වන් වැලිතලායෙහි රිදී පිඬක් සේ සිටියේය. බොධිසත්ත්වයෝ අසුපිටින් බැස මුතුරැසක් වන් ඒ වැලිතලායෙහි සිට ඡන්න වම් අමාත්යෝයා ලඟට කැඳවාලා: “යහළු ඡන්න ය! තෝ මා පලන් ආභරණ හා මේ අශ්වයා ත් නුවරට ගෙන යා. මම් මහණ වෙමි”යි කීදෑ ය. ඇමති “ස්වාමීනි! මම ද මහණ වෙමි”යි කී ය. බෝසතාණෝ කියන්නාහු: තට දැන් පැවිදි නො ලැබෙයි. තා මහණ වූවෝතින් මේ ආභරණත් නස්සී. අශ්වයා ත් එකලා වෙ යි. මපියාණන් හා කුඩා මෑණියන් හා යශෝධරා දේවීන් හා මා පැවිදිවූ ලෙස් නො දනිති. එසේහෙයින් දැනට තෝ යා. පසුව තා මහණ කරවා ගණිමි”යි තුන්විටක් කියා වැළකූදෑ ය.


මේ ඡන්න නම් අමාත්ය යා නම් “බුදුකෙනකුන් කාමබන්ධනයෙන් ගැළවීමෙහි අනුබල වෙමි”යි කප් ලක්ෂයක් කරන ලද ප්රාෙර්ථනා ඇතියේ ය. තෙසු කප් තබා මෙම කප මාගේ බුදුන් ස්වර්ණමෘග ජාතනයෙහි රන්වන් මුවරජව ඉපැද මල බැඳි ගිය දා දැක ප්රෙනම උපදවා ඒ මලින් ද ගළවා හැර සිත් සේ වල ඇවිදුනාවන් කෙළේය. තව ද: මේ ම ඡන්න නම් අමාත්යවයා මාගේ බුදුන් රොහන්ත නම් මෘගජාතකයෙහි රොහන්ත නම් මුවරජ ව ඉපැද මල බැඳි ගිය දා දැක ප්රෙනම උපදවා ඒ මලින් ද ගළවා හැර සිත් සේ වල ඇවිදුනාවන් කෙළේය. තව ද: මෙ ම ඡන්න නම් අමාත්යදයා සාලිකෙදාර ජාතකයෙහි මාගේ බුදුන් ගිරා රජ ව උපන් සමයෙහි හැල්කෙත දී බැඳි ගිය දා දැක ප්රෙුම උපදවා ඒ මලින් ද ගළවා පීඩාවක් නො කොට සාලින්දි ය නම් බමුණා අතට හැර මහත් වූ උපකාර කැරවී ය.


තව ද: මෙ ම ඡන්න නම් අමාත්යායා ස්වර්ණමයුර ජාතකයෙහි රන්වන් මොනර ව දණ්ඩකීහිරඤ්ඤ නම් පර්වතයෙහි වාසය කොට සසියයක් හවුරුදු ගිය කල මලෙහි බැඳි ගිය දා දැක ප්රෙසම උපදවා කිසි පීඩාවක් නො කොට ඒ මලින් ද ගලවා හැර සිත් සේ ඇවිදුනාවන් කෙළේය. තවද: මෙම ඡන්න නම් අමාත්යතයා චුල්ලහංස ජාතකයෙහි මාගේ බුදුන් ඕවේත හංස රාජ ව උපන් සමයෙහි මලෙහි බැඳුණු දා පීඩාවක් නො කොට ඒ මලින් ද ගලවා ලී ය. තවද: මෙ ම ඡන්න නම් අමාත්යඒයා මහාහංස ජාතකයෙහි මාගේ බුදුන් හංසරාජන් ව ඉපැද මලෙහි බැඳි ගිය දා ඒ මලින් ද ගළවා හළ. මෙසේ සසර ජාති සහස්ර යෙහි නොඑක් බන්ධනයෙන් බුදුන් ගළවා උපකාරි ව අවුදින් දැන් මේ බුදුවන ජාතියෙහි කාමබන්ධනයෙන් අනුබල ව ගළවා සිත් සේ ධ්යාමන භූමියෙහි ඇවිදුනාවන් කෙළේ ය.


මෙසේ මෙසේ ඔහු උපකාරි ව ආ හෙයින් බෝසතාණෝ ඔහු අස්වසා “තා පස් ව මහණ කරවා ගනිමි”යි කියා සන්හිදුවාලා පලඳනා හා අශ්වයා ඕහට පාවා දී මෙසේ සිතූසේක. “මේ මාගේ හිසකෙස් වැටි ය තපසට සරුප් නො වෙයි. කෙසේ හරිම් දෝ හෝ”යි සිතා බොධිසත්ත්වයන් හිස අල්වා කෙස් කැපිමට අනිත් සුදුසු කෙනකුන් නැති හෙයිනු ත් සිය අතින් ම කෙස්වැටි ය කැපි ම හැම බුදුන්ගේ සිරිත් හෙයිනු ත් කොපුවෙහි තිබූ මඟුල් කඩු ව වලාකඩකින් හළ විදුලිය පතක් සේ හයා, දකුණතින් කඩුමිට ගෙන, වමතින් කෙස්වැටිය ගෙන, නිලුපුල් කලබක් සේ කපා හළ කල සිටි කෙස් දෑඟුල් පමණ ව දක්ෂිණාවර්තව නැමී සිරස හා සම ව හැලී ගිය. දැළි රැවුළු ද එසේ ම වි ය. නැවත ජීවිතාන්ත ය දක්වා කෙස් බෑව මැනවැ යි නැති ව එසේ ම පැවැත්ත.

ඉක්බිත්තෙන් බොධිසත්ත්වයෝ අඳුන් රැසක් සේ කෙස් වැටිය අතින් ගෙන “ඉඳින් එකාන්තයෙන් මම බුදුවෙම් නම් මේ කෙස්වැටි ආකාශයෙහි රඳාවයි, බුදු නො වෙම් නම් බිම වැටේව”යි අධිෂ්ඨාන කොට අහසට දැමුදෑ ය. එ කෙස් වැටිය සතර ගවුවක් අහසට පැන නැඟී කාළහංස රාජයකු සේ ලීලොපෙත ව සිටියේ ය. එ කෙණෙහි ශක්රාදෙවෙන්ද්රියා දිවසින් බලා දැක සතර ගවුවක් උස ඇති රුවන් කරඬුවකින් ඒ කෙශ ධාතු පිළිගෙන තමාගේ ශක්රු භවනයට ගෙන ගොස් සිළුමිණි සෑ නම් දාගබක් මවා දෙ දෙවු ලෝ වැසියන් ගෙන දැන දක්වා පූජා කෙරෙයි. එසේ හෙයින් කියන ලදී:


ඡෙත්වාන මොලිං වරගන්ධ වාසිතං

වෙහාසයං උක්ඛීපි අග්ග පුග්ගලො,

සහස්ස නෙත්තො සිරසා පටිග්ගහී

සුවණ්ණචංගොට වරෙන වාසවො-යි.


මෙසේ මාගේ බුදුන් කපා හළ කෙස්වැටි ය පමණක් පවා ශක්රගදෙවේන්ද්රනයා තමා මුදුනෙන් පිළිගෙන ශක්ති පමණින් පූජා කළ හෙයිනු ත්, එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනු ති, මාගේ බුදුහු අර්හත් නම් වන සේක.


ඉක්බිත්තෙන් කෙස්වැටිය මෙසේ කපා බොධිසත්ත්වයෝ “මේ මා හිණ තුබු කසී සළුව තපසට සුදුසු නො වෙ”යි සිතුදෑ ය. එ කෙණෙහි කාශ්යුප බුදුන් සමයෙහි බෝසතුන්ට යහළු වූ ශුද්ධාවාස බ්රතහ්මලොකයෙහි මසන ඝටීකාර නම් මහාබ්රධහ්ම රජ්ජුරුවෝ බුද්ධාන්තරයක් මුළුල්ලෙහි නො නැසී පැවැත්තා වූ මිත්රජධර්වයෙන් යෙදුනාහු “අද මාගේ යහළුණුවෝ මහණ වෙමි යි සිතූ ය. උන්ට මහණ පිරිකර ගෙන යෙමි”යි කල්පොත්පත්තියෙහි දී පියුම් පෙත්තෙහි මැවී තුබූ සතර වන අටපිරිකර ගෙනවුත් ශ්රීප හස්තයෙහි තබාලූහ. එ කෙණෙහි බොධිසත්ත්වයෝ බ්ර්හ්මයා දුන් සිවුරු පෙරව, උතුම් වූ තවුස්වෙස් ගෙන, ඉණ තුබූ ශාටක යුග්ම ය අතින් ගෙන පෙර සේ ම ඉටා ආකාශයට දැමූදෑ ය. එ ද සතර ගවුවක් ආකාශයට පැන නැඟී ශ්වේත හංසරාජ යුග්මයක් සේ ලීලොපෙත ව සිටි කල මහාබ්ර හ්මයා දොළොස් යොදුන් රුවන් කරඬුවකින් ඒ සළු ව ස, පිළිගෙන බඹලෝ ගෙන ගොස් සිළුමිණි සෑ වඩා දැන් දක්වා මහත් වූ පූජා කෙරෙයි.

මෙසේ තමන් වහන්සේ මහණ වන දා ඇඳි සළුව දක්වා මහා බ්රළහ්මයාට මුදුන් මල්කඩ වූ හෙයිනු ත්, ඔහු තමා ශක්ති පමණින් පූජා කළ හෙයිනූ ත්, එසේ වූ පූජා විඳිමට සුදුසු හෙයිනු ත්, මාගේ බුදුහු අර්හත් නම් වන සේක.

මෙසේ මහණ වූ ඉක්බිත්තෙන් බෝසතාණෝ ඡන්නයා ලඟට කැඳවා “යහළු! තෝ ‍ශොක නො කොට මාගේ කීමෙන් ගොස් මපියාණන් වහන්සේට හා මෑණියන් වහන්සේට හා යශොධරා දේවීන්ට හා මා නිදුක් පරිදි ත්, ඉසකේ කපා මහණ වූ පරිදිත්, මා කෙරෙහි ශොක නො කරන්ට ත් මපියාණන් වහන්සේ මපුතු රහල් කුමරුවා බලා මා කෙරෙහි ශොක නො කරන්ට ත් මෙ පරිද්දෙන් කිය”යි සමු දුන්සේක. ඡන්නයා බොධිසත්ත්වයන් වැඳ ප්රයදක්ෂිණා කොට ලා හඬ හඬා නික්මිණ.

කන්ථක නම් අශ්වයා බෝසතුන් මහණ වූ පරිදි ත්, ඡන්නයා හා සමඟ කරන කථා ත් දැන “නැවත මාගේ ස්වාමීහු දැක්මෙක් මට නැතැ”යි සිතා ාශික කරනුයේ චක්ෂුපථ ය ඉක්මෙත් ඉක්මෙත් ශොකාග්නින් ලය පැළී මිය රිදි කඳක් වැනි අස්කඳ බිම හෙළා එ කෙණෙහි ම තවුතිසා භවනයෙහි කන්ථක නම් දිව්යම පුත්රම ව තුන් ගවු උස දිව්යා ශරිර ඇති ව දිව්යථ පර්ෂදින් සැදී දොළොස් යොදුන් දිව්යව ප්රාවසාදයෙක පෙනී ගි ය.

ඒ ඡන්න නම් අමාත්යයයාට ආදි එක ශොකයෙක. අසු මළ පසු දෙවන ශොකයෙන් පෙළෙන්නේ හඬා ගෙන වැලප වැලප නුවරට ගොස් මෙ පවත් සැලකළේ ය.

ඉක්බිත්තෙන් මාගේ ස්වාමිදරුවෝ මහණ වලා “අමාත්ය යා ගිය පසු නුවරින් ආ කෙනෙක් මා දැක පියති”යි එ තැනින් වැඩ එම ගංබඩ අනුපිය නම් අඹවනයට වැඳලා ඒ වනෙහි පැවිදි සුවෙන් සත් දවසක් නිරාහාරයෙන් වැඩහිඳ අටවන දා එ තැනට තිස් යොදුන් මඟ ගෙවා රජගහා නුවරට ගොස් පූර්වද්වාරයෙන් වඅද ගෙපිඵිවෙඵින් සිඟන්නට පටන්ගත් සේක.


එ නුවර පළමු සත් දවසෙක පටන් ඇසළ කෙළි නම් වූ නකත් කෙළියෙක් විය. මනුෂ්ය යෝ තමන් තමන් ගේ කර්මාන්ත හැර නුවරට වැද උත්සව කෙළි කෙළනාහු ය. එ දා ඒ මනුෂ්යරයෝ බෝසතුන්ගේ රූපදර්ශනි ය නිසා නාලාගිරිහු වන් එ ම රජගහ නුවර සේ, අසුරයන් වන් ශක්රුපුර ය සේ, හැළල අටළොස් කෙළක් මනුෂ්යුයෝ දිව අවුදින් බෝසතුන් වට කොට ගත්හ. එ වේලෙහි බෝසතාණෝ ගෙයක් පන්වා ගෙයකට නො ගොස්, වියදඬු පමණකින් වඩා දුර නො බලා, සන්හුන් ගමනින් පිඬු සිඟනසේක. එ දා රැස් වූ මිනිසුන් අතුරෙන් සමහර කෙනෙක් “කොල”මේ රාහුගේ භයින් මිනිස්ලොවට දිව වෙස්වලා ඇවිදිනේ පූර්ණ චන්ද්ර යා දෝ”යි යෙති. සමහර කෙනෙක් “කොල, කුමක් කියවු ද පූර්ණ චන්ද්රොයා මනුෂ්යි ලෝකයෙහි කවර කලෙක ඇවිදි විරි ද. ඒ සකලංක ය. මේ අකලංක ය. එසේ හෙයින් මේ පූර්ණ චන්ද්රනයා නොවෙ යි. අපගේ රජුගේ හා නුවර වැසියන්ගේ ක්රීරඩා විභූති ය අසා කෙළනා නිසා වෙස් වළා ආයේ මේ කාම දෙවයා දෝ”යි යෙති.

සමහර කෙනෙක් එ බසට සිනාසී “කොල, තොපි නන්දොඩවූ ද, ඒ අනංගයා නම් ඊශ්වරයා විසින් දවාපියන ලද අර්ධාංග ඇත්තේ ය. මේ සුරුෂයා ඉතා සම්පූර්ණ වූ ගාත්ර ඇත්තේ ය. එසේ හෙයින් මේ කාම දේවයා නො වෙයි. තමාගේ දිව්යඇ පුර ය දෝ හෝයි යන සංඥාවෙන් ඇවිදිනේ ශක්රි දෙවෙන්ද්ර යා දෝ”යි යෙති. සමහරු එ බසට සිනා පහළ කොට “තොප කියන බස් පූර්වාපර විරොධ ය. ඒ තොපගේ ශක්රකයාගේ දහසක් ඇස් කොයි ද, ඓරාවණ නම් හස්ති රාජයා කොයි ද, එසේ හෙයින් මේ ශක්රාදෙවෙන්ද්රහයෙක් නො වේ ම ය. මෙ නුවර බ්රානහ්මණ තපස්වි වරුන් වෙද වෙදාංගයෙහි ප්රාමාද ය යි වැඩ පිණිස ආයේ මේ මහා බ්රාහ්මයා දෝ”යි යෙති. ඔවුන් ඇමට නින්දා කොට සමහර කෙනෙක් “මේ ස‍ඳෙකුත් නො වෙ යි. කාමදේවයෙකුත් නො වෙ යි. බ්රදහ්මයෙකුත් නො වෙ යි. එකාන්තයෙන් ම මේ ලොකයට ඉෂ්ටකාමී වූ තපස්වියෙක් ම ය”යි කීහ.

එ කල රාජ පුරුෂයෝ රජු කරා දිව ගොස් “ස්වාමීනි, දෙවියකු බව ත් නො දනුම්හ. බ්රවහ්මයකු බව ත් නො දනුම්හ. යක්ෂයකු බව ත් නො දනුම්හ. නාගයකු බව ත් නො දනුම්හ. ගරුඩයකු බව ත් නො දනුම්හ. අපගේ මේ නුවර දොරින්දොර පිඬු සිඟ යි. ඉතා ආශ්චය්ය්මර්‍ පුරුෂයෙකැ”යි කිහ. එ පවත් රජ අසා සිංහ පඤ්ජරයෙහි දොර හැර වීථීය බලනුයේ, බෝසතුන්ගේ රූපශ්රීප දැක ඉතා ආශ්චය්ය්නර්‍ වූයේ “කොල, වහා යව. ඉදින් අමනුෂ්යායෙක් වී නම් නුවරින් පිටත් වලා අන්තර්ධාන වෙ යි. ඉදින් දෙවියෙක් වී නම් ආකාශයෙන් නැඟී යෙ යි. දිව්යදනාගයෙක් වී නම් පොළොව කිමිද යෙ යි. ඉදින් මිනිස් තවුසෙක් වී නම් ලද ආහාරයක් සැප තෙනෙක හිඳ වළඳ යි. දුටු පවත් මට කියව”යි නියොග කෙළේ ය.

ඉක්බිත්තෙන් බොධිසත්ත්වයෝ තමන්ගේ රූප ශොභාවෙන් සියලු සතුන් ගේ නුවන් තමන් කරා හයමින් යුගමාත්ර දර්ශී ව යැපෙන පමණක් සැඳි බත් ලදින් වන්වාසලින් ම නුවරින් පිටත් වලා පාණ්ඩව නම් පර්වත සෙවණෙක පූර්ව දිග් බලා වැඩහිඳ වළඳන්නට පටන් ගත් සේක. උපන් දා පටන් එසේ වූ බැගෑපත් ආහාරයක් ඇසිනු ත් නුදුටුවිරූ හෙයිනු ත්, සුවඳ ඇල්සාලේ අග්රක භොජන ය ම අනුභව කොට වැඩි හෙයිනු ත්, ඒ බත මුඛයට පෑලු වේලෙහි මාගේ ස්වාමිදරුවෝ සිතා වදාරනසේක් “එසේ ද සිද්ධාර්ථ ය! තෝ පෙර සුවඳ කවා තුබූ හැල්සාලේ අත්රස භොජන ය ම අනුභව කොට බත් කන කලෙහි ඉපැද රජ සුව විඳිනා සමයෙහි කවර දවසෙක සිවුරක් පෙරව ඇගින් ඩාදිය වගුර වගුරා දොර දොර පිඬු සිඟා පාංශුකූල වූ ආහාරයක් එකලා ව වැදහිඳ අනුභව කෙරෙම් දෝ හෝ, කවර දවසෙක ලැබෙම් දෝ හෝයි සිතා ඇවිද්දෙහි ය.

දැන් තෝ ඒ පාංශුකූල වූ ආහාර ය ලදින් පිළිකුල් සිතයි ද, සුභොජන ය ම වළඳා බුදු වතොත් කැමැත්තෙහි ද. තා සේ වූ අලජ්ජියෙක් තවත් ඇද්ද. තාගේ ශරිරයට සුව කැමැත්තෙහි වී නම් මුළු ලෝ වැසියන්ට කෙසේ නම් නිවන් සුව දී ලයි ද, තෝ ලජ්ජා ඇතියෙහි වී නම් මේ වේලෙහි පටන් බුදු වන දවස් දක්වා ලද යම් භොජනයක් අමා කොට සිතාලා ලද දෙයකින් යැපී ඉන්ද්රිලය සංවර ශීල ය අඛන්ඩ කොට රක්ෂා කරැ”යි මෙසේ තමන් වහන්සේ ම තමන් වහන්සේට ගුරුව ඉන්ද්රිිය සංවර ශීලය ඉටා ගෙන “එම්බල සිද්ධාර්ථ කුමාර ය! තාගේ මේ ඔරිර ය ඝන රනින් නිමවා ඔප් නඟන ලදුයේ නො වෙ යි. දෙකෙළ පනස් ලක්ෂයක් ඉසකේයෙන, නවානූදහසක් ලෝමයෙන, විසි නිය පොත්තෙන, දෙතිස් දතින, මස් වසා සිටි සමින, නවසියයක් මස් පිඬින, නවසියයක්නහරවැලෙන, තුන්සියයක්ඇටසඟුළෙන, පුරාතිබෙන ඇටමිදුලෙන, වකුගඩුයෙන, හදමසින, අක්මායෙන, දලබුයෙන, බඩදිවින, පපුකැනින, දෙතිස් රියන් බඩ වැලෙන, දෙතිස් රියන් අතුණු බහනින, උදරයෙන, අහර මලයෙන, ඉස්මුලින, ලය පුරා තිබෙන පිතින, උගුරු පිරුණු සෙමින, පූයායෙන, පැතිර සිටිනා ලෙහෙයන, සෝදියෙන, මේදස් තෙලින, ඇස් පුරන කඳුළෙන, විරී පවත්නා තෙලින, මුව පුරන කෙලින, නාසා පුරන සොටුයෙන, සඳමිදුලෙන, විත් පලා පිරුණු වටන් දියෙනැ යි යන මේ දෙතිස් පිළිකුල් කුණප කොට්ඨාශයෙන් ම පිරුණේය.

තව ද මේ පවිත්රැ වූ ආහාර ය තාගේ ශරීර නමැති ගෘහයෙහි, මුඛ නමැති වනට බහා දත් නමැති මොහොලින් කොටා, දිව නමැති කුල්ලෙන් පොළා, කෙළ නමැති දියෙන් ගරා, උදර නමැති සැළියේ ලා පඨවී නමැති උදුනට නඟා, ආපො නමැති දියවර ගෙන තෙජො නමැති ගිනි උපදවා, ව‍ායො නමැති පත් සලා, මෙසේ මහ කුස ගින්නෙන් දිවා රාත්රිැයක් කකියවා සැටපැය ගිය කල දිය වටන් මල වටන් උගතො මාර්ගයෙන් ඉතිරි පිළිකුල් බවට පැමිණෙ යි. තාගේ මේ ශරීර කුණප ය බල ත් මේ ආහාර ය ම ඉතා පිරිසිදු ය. ඉතා පවිත්රණය. ඉතා උතුමැ”යි සිතත් සිතත් බෝසතුන්ට ඒ ආහාර ය ම සුභොජන වී ය. එකල “සිද්ධාර්ථ කුමාර ය! තාගේ මේ ශරීරයද එක් ධතුයෙක. මේ ආමාර ය ද එක් ධාතුයෙක. එසේ හෙයින් ධාතු සමූහයෙක් ධාතු සමූහයක් වළඳ යි” යනාදීන් මෙසේ ප්රසත්යුවෙක්ෂා කොට පිළිකුල් නැති ව ම ඒ ආමාරය ම වැළදුසේක.

ඉක්බිති රාජසුරුෂයෝ බත් වළදන්නා දැක ගොස් රජහටසැලකළහ. රජ්ජුරුවෝ දුතයන් කි බස් අසා වහා නුවරින් නික්ම බෝසතුන් කරා ගොස් වැඩහුන් ලීලා දැක පැහැද නම් සලකුණු විචාරා බෝසතුන් ඇඳින, “කිමෙක, යහළු සිද්ධාර්ථ කුමාරයෙනි! තොපගේ වංශයෙහි සිඟා කෑ එක ද රජෙකු ත් නැත. මහත් වූ රාජ්ය ශ්රීි ම විඳිති. තොපගේ රජකුලයට පරිභව නොකරවා යහළු, මාගේ මේ රජගහානුවර නම් අසූ දහසක් නියම් ගමින් හා අටලොස් කෙළක් මනුෂ්ය්යන් විසින් හා ගැවසී ගත්තේය. තුන් සියයක් යොදුන් අඟු මගධ දෙරටින් නිමන අයින් අතුරු නැත්තේ ය. ඉසිගිලි, වේහාර, වේපුල්ල, පාණ්ඩව, ගිජ්ක්කූට යන පඤ්චමහා පර්වතයන්ගෙන් පරික්ෂිප්ත විය. පූර්වයෙහි චක්රමවර්ති රජුන්ගේ ම වාසස්ථාන ය. අමිත හොගී වූ පඤ්ච මහා ධන සිටු වරුන්ගෙන් ශොභමාන ය.

යහළු, මෙ නුවර මා හා එක් ව රජ ය කරව”යි කියා සියලු තමාගේ රජ ඉසුරු දින. බෝධිසත්ත්වයෝ “සත් දවසකින් ලැබෙන චක්රසවර්තිරාජ්යහ ය හැරපියා අවුදින් දැන් තොප හා සමඟ අර්ධරාජ්යු ය ගතිම් නම් ඒ චින්තාමාණික්යව රත්නය හැරපියා විදුරුගල් ගත්තා වැන්න රජ සැපතින් මට කම් නැත. සම්ය්ක්සම්බොධි ය පතා මහණ විමි”යි කී සේක. රජ්ජුරුවෝ නො එක් ප්ර්කාරයෙන් රජයට යාච්ඥා කොට නො ගිවිස්නා හෙයින් “එසේ වී නම් නුඹ වහන්සේ යම් දවසෙක බුදු වූ සේක් වෟ නම් පළමුව මා ගේ නුවරට වැඩ මිනිසුන්ට දෙසන පළමු වන ධර්මදෙශනාව මට ම දෙසුව මැනවැ”යි ප්රුතිඥා ගෙන අවසර ලදින් නැවත ඒ බිම්සර රජ්රුරුවෝ තමන්ගේ රජගහා නුවරට ම වන්හ. එසේ යෙහින් කියන ලදී:-


අථ රාජගහං වර රාජගහං

නර රාජවරෙ නගරත්තු ගතො,

ගිරිරාජවරො මුනිරාජවරො

මිගරාජගතො සුගතොපි ගතො-යි.


ඉක්බිත්තෙන් බෝසතාණන් වහනිසේ “බුදු ව පළමු වන ධර්මදෙශනා ව මහරජ තොපට ම දෙශනා කෙරෙමි”යි රජහට ප්රෙතිඥා දීලා මිණි ගුහාවෙන් නිකුත් සිංහරාජයකු සේ ඒ පාණ්ඩව නම් පර්වත ගුහාවෙන් නික්ම, අනුක්රුමයෙන් දනව් සැරිසරා ඇවිදිනා සේක් ආලාර ය උද්දක ය යි යන තාපස වරුන් දෙදෙනා කරා ගොස් කිප දවසක් එහි වාස ය කොට අෂ්ටසමාපත්තින් උපදවා ගෙන “මේ ධ්යාසන මාත්රෂයකින් බුදු ව ලෝවැඩ කළ නොහැක්කැ”යි එහි ත් ලොභ නො කොට ඒ තපස්වීවරුන්ගේ සමයෙහි නිවන් නැතැ යි හැර එ තැනින් වැඩ සියලු දිව්යව මනුෂ්ය”යන්ට තමන් වහන්සේ ගේ විය්ය්නර්බුල දක්වා මහත් වූ දුෂ්කර ක්රිටයා කෙරෙමි යි සිතා උරුවෙලා නම් දනවුවට වැඩ ඒ රමණිය වූ වැලිතලාව දැක මේ තපසට රම්යට සථානයෙකැ යි පැහැද එ තැන වාසයට පටන් ගත් සේක. ඒ උරුවෙපායෙහි වැලිතලාව නම් කෙසේ වි ය යත්?

පෙර ධ්යා නලාභි දසදහදක් තාපසහරුන් පොහෝ කලක් විසූ පන්සල ය. එ කල ඔහු ඇම දෙනා ම “අප ඇමදෙනා අතුරෙන් යම් යම් කෙනෙක් තමන් තමන් රහස ත් කාමවිතර්කාදි පාපයක් සිතු නම් හිරු උදයේ ගොස් මේ ගඬ්ගාවේ කට පමණක් දියට බැස ගංපල්ලෙන් වැලි ගෙනවුත්මේ මලු මධ්ය යෙහි ලාලා ආරොචනය කළ මැනව ඔහට මේ දඬුවම් නමැ”යි කතිකා කළහ. එකල ඒ තාපසවරු අකුශල විතර්කයක් සිතූ කල එ ම ත්රිමයෙන් වැලි ගොටුවක් ලා ඇවැත් දෙසුහ. දීර්ඝ කාලයකින් යොදුන් පමණ වැලිතලාවෙක් විය. පසු ව තාපසවරුන්ගේ අයාමෙහි උපන් රජදරුවෝ “මේ පෙර උත්තමයන් විසූ තෙන ය”යි සිල්වතුන් ඇදි වැලිය”යි සිසාරා පවුරු බඳවා උපචාර කළහ. මෙසේ ඒ උරුවෙලා නම් වැලිතලාව රම්ය සේ දැක දුෂ්කර ක්රි.යාවෙන් එහි වාසයට පටන් ගත් සේක.


ඉක්බිත්තෙන් අඤ්ඤාකොණ්ඩඤ්ඤ ය, භද්දි ය, වප්පය, මහානාම ය, අස්සජි ය යිපෙර කී පඤ්ච වර්ගයෙහි භික්ෂුහු ගම් නියම් ගම් රාජධානියෙහි සැරිසරා ඇවිදුනාහු ඒ උරුවෙලාවට වැද බෝසතුන් දුටුහ. එ තැන් පටන් එක් ව වාසය කොට සාවුරුද්දක් මුළුල්ලෙහි ස්වාමිදරුවන් දුෂ්කර ක්රි යා පුරන කල “මේ සිද්ධාර්ථ කුමාරයෝ අද බුදු වෙති. සෙට බුදු වෙති”යි මලු ඇමද නහන බොන පැන් දී වත් පිළිවෙත් කොට දුක් ගෙන සමීපයෙහි වාසය කළාහු ය. බෝසතාණෝ “මේ ශරීරයට පාසුවක් කොට බුදු විය නො හැක. ඉතා මහත් වූ දුක් දී දුෂ්කර ක්රිනයායෙන් මුදුන් පැමිණෙමි”යි දවසෙක තල ඇටක් සා භොජනයකිනු ත් යපී දවස් යවන සේක. හැම පරිද්දෙන්ම ආහාර වර්ජිත කොට මිරිස් කනක් ලද ත්, තිබිබටු කනක් ලද ත්, දවස් යවන සේක. සමහර දවසෙක බත් හුලකින් වුව ත් දවස් යවන සේක. සමහර දවසෙක සුන් බතු ත් වන සේක. දෙවතාවෝ ආහාර වර්ජිතයෙන් නො නසිත්ව යි සිතා මුඛයෙන් අනුභව නො කරන හෙයින් නවානුදහසක් ලොමකූපයෙන් දිව්ය ඕජස් බහා ජීවිතය රක්ෂා කෙරෙති. ඉක්බිත්තෙන් මෙසේ ආහාර වර්ජිත කිරී‍ෙමනදෙුර්වල වත් වත් රන් කඳක් වන් ශරීර ය කාළවර්ණ ව ගි ය. දෙතිස් මහා සුරුෂ ලක්ධණයෝද ශරීරයෙහි ම සැඟවී ගියහ. එක් දවසක් තුන්යම් රාත්රිී ය මුළුල්ලෙහි මෙසේ නිරාහාරයෙන් සක්මන් කොට භවනා කරන්නාහු දසකෙළ දහසක් සුරුෂයන්ට බල ඇති මාගේ ස්වාමිදරුවෝ ආහාර වර්ජිතයෙන් පස්කඳ ධරාගත නොහී සක්මන් කෙළවර ගසකින් හුණු පුරාණ පත්රරයක් සේ බිම වැටී විසංඥ වූ සේක. එ වේලෙහි සමහර දේවතාවෝ “අහෝ, ඛෙදය, ලොවට හානි විය. මහණ භවත් ගෞතමයෝ බුදු වෙමි යි උත්සාහ කොට බුදු වි ය නොහී බලව, දැන් මිය ගියාහු ය”යි සිසාරා සිට හඩති. සමහර දේවතාකෙනෙක් “තව නො මළාහු ය. ඇසිල්ලකින් උපදිති බුදු නො ව ඕහට අන්තරායෙක් නැතැ”යි කියති.


ඉක්බිත්තෙන් එක් දෙවතා දුවක් බෝසතුන් විසංඥව බිම හුණු විට ම කිඹුල්වතට දිව ශුද්ධොදන රජ්ජුරුවන්ගේ ශ්රී යහන් ගබඩාවෙහි ආකාශයෙහි සිට ආලොක පතුරුවා රජ්ජුරුවන් පුබුදුවා “කිමෙක් ද, ශුද්ධොදන රජ්ජුරුවනි! තොප පුතණුවෙන් සිද්ධාර්ථ කුමාරයෝ දැන් පරලොව ගියාහු ය”යි කිව. එ බස් අසා රජ්ජුරුවෝ “මපුතණුවෝ බුදු ව මළාහු ද, නුබුදු ව මළාහු දැ”යි විචාළහ. “බුදු වි ය නො හි දුෂ්කර ක්රිනයා භූමියෙහි මළාහ ය”යි කිව. එ බස් අසා රජ්ජුරුවෝ “මම ති කි බස් නො ගිවිසිමි. මා පුතණුවන් ලොවුතුරාබුදු නො වී මිය යාමෙක් නම් අහසට පොළොව සේ දුරැ”යි කියා නො ගිවිස්සාහ. මෙසේ තර ව රජ්ජුරුවන් නොගිවිස්නට කාරණ කිම යත්:-එදා කාළදේවල නම් තාපසයන්ගේ ජටාන්තරයෙහි ශ්රී් පාදය පෙනී ගිය ප්රායතිහාය්ය්ශර්‍, දඹගස මුලදි දුටු ප්රා්තිහාය්ය්ෂර්‍ ය යි යන මේ දෙකාරණයෙන් ප්රතත්ය‍ක්ෂව රජ්ජුරුවෝ නො අදහා “තී සේ වූ දෙවතාදුන් සියයක් දහසක් කිව ත් මම නො ගිවිසිම් ම ය. මපුතණුවෝ බුදු ව ධර්ම දෙසා මුත් නො මියෙත් ම යැ”යි ප්රතතික්ෂෙප කළාහු ය.

ඉක්බිත්තෙන් දෙවතා දු නැවත ගොස් බෝසතුන් පැනනැගී සිටියවුන් දැක සතුටු ව නැවත දිවගොස් “රජ්ජුරුවෙනි! තොප පුතණුවෝ නො මළාහු ය. ශොක නො කරව”යි කිව. මෙසේ ම දෙවතාවෝ නො එක් වාරයෙහි අවුදින් බෝසතුන් මළහ යි යෙති. නො එක් වර ම රජ්ජුරුවෝ නො ගිවිසිත් මය. ඉක්බිත්තෙන් මාගේ බොධිසත්වයන් කරන්නා වූ වීය්ය්.ර්‍ අහස හ‍ා පොළොව ගැට ලන්නා සේ, මහ මුහුද පැන් ඉස්නා සේ, මහමෙර සොලවන්නා සේ, ඉතා උගහට වී ය.

මෙසේ දුක් ගෙන බුදුවිය නොහී “මේ බුදු ව යා හැකි මඟෙක් නො වෙයි. දුක් හැරපියා ආහාර පර්යෙෂණය කොට කායබල ෑපදවාගෙන වීය්ය් ර්‍ කොට බුදු වෙමි”යි සිතා නානා සථානයෙහි ඇවිද හික්ෂාටනය කොට මධුර වූ ආහාරය අනුභව කරන්නට පටන් ගත් සේක. නැවත ශරීර ය රන්කඳක් සේ ව සැඟවී ගිය දෙතිස් අසූ ලකුණු පහළ වී ය. එ කල පස්වග මහණු “මේ සිද්ධාර්ථ කුමාරයෝ සාවුරුද්දක් දුෂ්කර ක්රිණයා පුරා බුදුවිය නුහුණුවෝ ය. දැන් නානා සථානයෙහි පිඬු සිභා මධුර වූ ආහාරය අනුභව කොට කවර කලෙක නම් බුදු වෙද්දැ යි, ඉස් ශොධා නහනු කැමැති ව පිනිබිදු එක්කරන්නා සේ මෝහට දුක් ගෙන කවර දා වැඩක් විඳිමෝ දැ”යි තමන් තමන්ගේ පා සිවුරු ගෙන අටළොස් යොදුන් මඟ ගෙවා ගොස් බරණැස ඉසිපතනයට වැද වාසය කෙරෙති.

එ සමයෙහි එ ම උරුවෙලා නම් දනවුවෙහි සෙනානි නම් නියම් ගම සෙනානි නම් සිටකුගේ සුජාත නම් දුවක් වැඩිවිය පැමිණ අජපාල නම් න්ය ග්රො ධ වෘක්ෂය කරා ගොස් “මේ වෘක්ෂයෙහි දෙවතාවාණෙනි, මම් මතු සම වූ ජාති හ‍ා ධන රුව ඇති සිටකු කෙරේ සරණ රැකි කුළුඳුලෙහි පුතකු ලදිම් නම් එ තැන් පටන් හවුරුදු පතා ලක්ෂයක් අගනා කිරිබතකින් තොපට පූජා කෙරෙමි”යි යාදිනි කළා ය. පසු ව ඕතොමෝ බරණැස සිටාණන් කෙරේ වැස කුළුදුලෙහි යස නම් පුතකු ලදින් හවුරුදු පතා ඒ නුගගස දෙවතානට බිලියම් දෙ යි. එ කල මාගේ බුදුන් දුෂ්කර ක්රිතයා පුරා සාවුරුද්දක් ගියකල බුදු වන වෙසඟ මැදි පොහෝදා දෙවපූජා කෙරෙමි යි ඒ සුජාතාවෝ පළමු ව දහසක් දෙනුන් වැල්මී වෙනෙහි කවා උන්ගේ දහසක් කිරි බඳුන් දෙව, ඒ කිරි කකාරා පන්සියයක් දෙනුන් පොවා, ඒ දෙනුන්ගේ කිරි දෙව කකාරා දෙසාය පනස් දෙනකු පොවා, ඔවුන්ගේ කිරි දෙව කකාරා එකසිය පස්විසි දෙනකු පොවා, උන්ගේ කිරි දෙව කකාරා සූසැට දෙනකු පොවා, උන්ගේ කිරි දෙව කකාරා දෙතිස් දෙනකු පොවා, උන්ගේ කිරි දෙව කකාරා සොළොස් දෙනකු පොවා, උන්ගේ කිරි දෙව කකාරා මඟුල් දෙනුන් අටදෙනකු පොවා, මෙසේ ඒ දහසක් දෙනුන්ගෙන් දෙවි කිරි අට පරම්පරාවෙකින් බොල් ව මියුරු වූ කල එ දා උදාසන ඒ දෙනුන් අටදෙනාගේ කිරි දෝනා සඳහා වස්සන් මුදාලු කල වස්සෝ බුරලුවල තොලු නො ලා සිටිති. එ විගස නවුම් භාජනයෙන් පැලූ වේලෙහි ක්ෂිරධාරාවෝ ඒකධාරා ව තුමූ ම වැගිරි බඳුන් පුරා ඉතිරි සිටගත්හ.

ඒ ආශ්ච්ය්තර්‍ දුටු සුජාතාවෝ තමන් සවස්තයෙන් ම කිරි ගෙන නවමු මහ සැළෙක බහාලා අගුරු දෙවුදුරු කපුරු කළුවැල් සදුන් යනාදි සුවඳ දරින් කිරිබත පැස වන්ට පටන්ගත්හ. එ බත පැසෙත් පැසෙත් මහත් බුබුළු නැඟී දක්ෂිණාවෘත්ත ව සැළ වටා දිවෙයි. එක බින්දුවෙකු ත් පිටත නො යෙයි. ඒ උදුනෙන් පාන්, ශිකාවෙක දුම් පමණකුත් නො නැගෙයි. එ වේලෙහි වරම් රජදරුවෝ සතර දෙන අවුත් උදුන සතරදිග රකවල් ගත්හ. ශක්රෝදෙවෙන්ද්රකයා අවුත් ද දා බට පෙණෙහෙලි උදා ගිනි දල්වා අරක්කැමි කම් කෙරෙ යි. මහා බ්රහහ්මයා උදුන් මුදුනට සේසත් ගෙන සිටගත. දසදහසක් සක්වළ දෙවියෝ දස දහසක් මනුෂ්ය ලොකවල ද සැට දහසක් දිව්යෝ ලොකවල ද ඇති යම් ම රසයක් තමන් තමන්ගේ ආනුභාවයෙන් දඬුවැල්බෑ මීයක් පෙළා මධුරස ගන්නවුන් සේ හැම රස ම ගෙන ඒ බඳනේ බහාලූහ. සුජාතාවෝ මේ ආශ්ච්ය් ර්යක දැක තමන්ගේ පූර්ණා නම් දාසි ය කැඳවා “බුහුනැණියෙනි, මෙතෙක් කල් මේ බත් ප්සන කල මෙසේ වූ ප්රා්තිහාය්ය්්ර්යෙතක් නු දුටු විරිමි. අපගේ වෘක්ෂ දේවතාවා අද ඉතා ම මා කෙරෙහි පැහැද ගියේ වන. තෙපි පළමු ව දිව ඒ දෙවාලය සකසා පිස පියව”යි කිව. ඒ පූර්ණා නම් දාසි අජපාල නම් ඒනුගගස කරා ගියා ය.


මාගේ බෝසතාණෝ එ දා රෑ පඤ්ච මහා සවප්නයක් දුටුහ. ඒ කෙසේ ද යත්:-පශ්චිම හවික වු මහා බොධිසත්ත්වවරයන්බුදු වන දවස් චාතුර්දශි දින රාත්රිවයෙහි දක්නා සවප්නයෝ පස්දෙනක එසේ හෙයින් ම මහා සවප්න යයි ව්යවවහාර වි ය. එ දවස් රෑ “සෙට මැදි පොහෝ දින ය. වෛශාඛ යොග ය ත් යෙදිණ, මාගේ උත්පත්ති මහා මඬ්ගල වූ දින ය. දුෂ්කර ක්රිසයායෙන් දැන් හවුරුදු සහකු දු සම්පූර්ණ වි ය. එසේ හෙයින් සෙට මැදි පොහෝ දිනයෙහි ලොවු තුරා බුදු ව මහා බුද්ධ මඬ්ගල ය නු දු ලදිම් නම් යෙහෙකැයි සිතා වැදහෙව නිද්රාදවට පටන්ගත් සේක. එකල එක් වේලක දක්නා සේක් මේ සා මහ පොළොව ශ්රී මහනක් කොට, හිමාල ය පර්වත ය මාවුලාවක් කොට, සතර මහා සාගරයෙහි සතර ගාත ය ගලා, ඇඟිලි අගින් සක්වළ ගල පිරිමදිමින්, උඩු බලා වැඳ හොත් සේක් නම. එ කෙණෙහි බඹලෝ දක්වා සියලු දෙවියන් හා විමාන හා විශේෂයෙන් පෙනෙන්නේ නම. එ කෙණෙහි පිබිද සවප්නයෙහි අර්ථ පරික්ෂා කොට “ඒකාන්තයෙන් මේ මා සිතූ දෙය සිද්ධවන්නා වූ මඟුල් සවප්නයෙක් ම ය. සම්යයක් සම්බොධිය නමැති මහ පොළොව මට ශ්රී් යහන් වන. බුද්ධඥාන ය මට කන්වයිනක් ව ආධාර වන. චක්රහවාට ය මුළුල්ලෙහි ම මාගේ ධර්මචක්රනයෙන් ම සම්පූර්ණ වන. තුන් ලෙවුහි මම ද උත්තානි ව සියලු සතුනු දු උන්මුඛ කර වන් මි. තුන් ලොව එකාඩ්ගණ ව පෙනිගියා සේ ම අනන්තාප‍ය්ය්.ර්න්කත නූ ලොකධාතු විශෙෂයෙන් දක්නා තරම් අසිධාරණ වූ දිවැසුත් ලබන වන්මි. තුන්ලොව එකාලොක ව ගියා සේ ම මා සිත ද අනාවරණ ඥනයෙන් එකා ලොක වන එකාන්තයෙන් ම මම සෙට බුදුවෙම් යැ”යි පළමු වන සවප්නයෙන් ම දත්සේක.

තව ද එක්් වේලෙක සුරක්ත වූ හීතණ ගසෙක් තමන් වහන්සේගේ නාභිමණ්ඩලයෙන් පැනනැගී නඟුපිසක් සා ව සියක් යොදුන් ව, දහසක් යොදුන් ව වැඩි වැඩී සදෙවුලොව ගෙවා ගොස් සොළොස් බඹලොව ගෙවා ගොස්, පත් සෙවෙනි පෙළක් සේ මුළු සක්වළ වසාගෙන ඉඳුනිල් මිණි සතක් සේ සිටගත් නම. එ වේලෙහිදු පිබිද ඉතා විස්ම ය පත් ව “මෙයි දු අනික් කාරණයෙක් නො වෙයි. බුදු මඟුලට ම කාරණ ව සවප්නයෙක් ම ය. තණ නම් තෘෂ්ණාවය. තෘෂ්නාව නම් මාගේ බුදු වන තෘෂ්ණාව ම ය. හීතණ වෘක්ෂ ය නම් ශාන්ති වෘක්ෂ ය ය. තුන්ලෙිව පුරාගත් හෙයින් තුන්ලෝ ශාන්තියෙන් පිරුණා මැනව. ඒ ශාන්ත වෘක්ෂය ද මාගේ ම නාභියෙන් නැඟී හෙයින් ඒ ශාන්තිය ද ලොවට මා විසින් මවුව මැනව. අමා මහ නිවන් ශාන්තියෙන් මුළුලොව පුරවන්නෙමි”යි සිතා දෙවන සවප්න යෙහිදු අර්ථ දුටුසේක.තව ද එක් වේලෙක එක්තරා එක් පණුවෝ ජාතියෙක් ඉතා ධවලයෝ නම. කළු වූ ඉස් ඇත්තෝ නම. මෙසේ වූ ලක්ෂ සුවහස් ගණන් පණුවෝ ඒ ඒ දිගින් අවුත් තමන් වහන්සේ සිසාරා අතුරු නොදි ගලා ගෙන දෙ පත්ලෙහි පටන් දෙ දණමඬල දක්වා පැනනැංගෝ නම. එ වේලෙහි දු පිබිද ඇති ප්රී්ති උපදවා ‘අති නීල වූ කෙස්වැටි ඇති, ශුද්ධ වූ වස්ත්ර ඇති, බොහෝ වූ වෛනෙය ජනයො මා කරා රැස් ව මාගේ පාද මූලයෙහි පිරෙනු වන්හ. බොහෝ දෙන මා සරණ ගන්නා වන් හ”යි තුන් වන සවප්නයෙහිදු අර්ථ දැක සෙට බුදු වෙම් ම ය යි සනිටුහන් කළසේක.


තව ද එක් වේලක අනෙක වර්ණ වූ පැහැ ඇති, ඉතා මනොහර වූ රූ ඇති, ලිහිණියෝ සතර දෙනෙක් සතර දිගින් දිව අවුත් බෝසතුන් පාදමූලයෙහි හිඳ ඇසිල්ලකින් තමන්ගේ පළමු වර්ණ හැර ඉතා සර්වාඬ්ග ධවල ව ගොස් එක වර්ණ ව ගියෝ නම. එවේලෙහි දු පිබිද ප්රීවති එළවා “ලිහිණියෝ සතර දෙන නම් රජ-බමුණු-වෙළද-ගොවි යයි යන චාතුර්වර්ණයහ. ඔවුන් නන් පැහැ ඇති වුයේ නම් නානා වර්ණ-නානා ජාති- නානාච්ඡන්ද-නානාදෘෂ්ටි ඇති නියාවට කාරණ ය. ඔවුන් මා කරා පැමිණිම නම් ඒ චාතුර්වර්ණයන් මාගේ පාද මූලයට රැස් වන්නට කාරණ ය. ඒ ලිහිණියන් තමන් තමන්ගේ වර්ණ හැර මා කරා පැමිණ ඉතා ශ්වෙත වර්ණ ව ගියේ නම් ඒ චාතුව්ර්ර් ණයන් මා කරා පැමිණ තමන් තමන්ගේ නානා ජාති ගොත්ර් හැර මාගේ සසුන් වැද මහණ ව ශාක්ය්පුත්රගයෝ ය යි එක වර්ණ ලදින් අමා මහ නිවන් දැක පරිශුද්ධ වූ ශරිර ලැබීමට කාරණ ය”යි මෙසේ සතර වන සවප්නයෙහි දු අර්ථ දැක සෙට බුදු වෙම් ම යයි සනිටුහන් කළ සේක. තව ද එක් වේලෙක යෝජන ප්රෙමාණ වූ අමෙධ්යළ පර්වතයක් මුදුනට පැනනැඟී ඔබමොබ සකමන් කොට ඇවිදිනා සේක් වී නම. එ කල කිසි අමෙධ්යමයෙකුත් ඔබගේ ශ්රීමපාදයේ නො වැකේ නම. එ වේලෙහි දු පිබිද ඉතා විස්මය ව මෙහි දු අර්ථ කිමෙක් දෝ හෝ යි පරීක්ෂාකොට “මෙයි දු මා බුදු වන්නා වූ සවප්නයෙක් ම ය. බුදුහු නම් මුළුලෝ වාසීන් කරන ලද අප්රවමාණ වූ ප්රාත්යහ දාන ය ලද ත් එහි කිසි ඇල්මකු ත් නො කරන්නාහ. එසේ හෙයින් මෙයි දු මට ද මාගේ ශ්රාකවකයන් ට ද මතු චතුර්විධ ප්ර ත්යල ය දාන ය පොහෝ කොට ලැබිමට කාරණය. එසේ හෙයින් අමෙධ්ය්යෙක් මා පය නො ඇලුණා සේ ම, මතු මා ද මාගේ ශ්රා වකයන් ද ලාභ සත්කාරයෙහි ලොභ නො කොට නො ඇලීමට කාරණය”යි පස්වන සවප්නයෙහි දු අර්ථ දැක අලුයම් වේලෙහි පැනනැඟි මේ ආදි කාරණයෙන් අද බුදු වෙම් ම ය යි අධිෂ්ඨාන කොට එ දා උදය දැවිටු කා මුඛ ශොධන ය කොට, පාත්ර සිවුරු ගෙන, එකචාරී වූ ගඳැත් පොවුවකු සේ බරණැස සෙනානී වම් ගමට වැඩ, අජපාල නම් බ්රාුහ්මණයා එ තැන දී කළා වූ යාග ය ගෙන අජපාල නම් නුග යයි ප්රමසිද්ධ වූ ඒ මහ නුග ගස මුල පූර්ව දිග් බලා වැඩහුන් සේක.

එ වේලෙහි ඔබ ඇඟින් නැ‍ඟෙන ප්රදභාවෙන් නුග ගස සියලු පත්රුයෝ රන් කැටපත් සේ බබළා පැන නැ‍ඟෙති. මෙසේ බාලාර්ක මණ්ඩලය සේ වැඩහුන් බෝසතාණන්ගේ ශරීර ප්රාභාව ඒ පූර්ණා නම් දාසි ය දැක ඉතා විස්මය පත් ව “අද අපගේ වෘක්ෂ දෙවතාවාණන් වහන්සේ විමාණයෙන් බැස පියා සවහසතයෙන් ම බත් පිළිගනිමි යි සමානයක් නැති ව ම වැඩහුන් සේකැ”යි සතුටු වූ සිත් ඇති ව ආපස්සේ දිවගෙන ගොස් “නඟන්ඩ! සුජාතාව, තිගේ දේවතාවා අද සදාශයෙන් ම ගසමුල වැඩහුන්නේ ය. තමද තිට අභිවෘද්ධියක් කෙරෙයි. මහා ගොසින් කිරිබත් පුදව”යි කිව. සුජාතාවෝ ඈ කි බස් අසා ඉතා සතුටින් පිනා “මෙ බඳු වූ සතුටු අසුන් මට කි තොපි අද පටන් මාගේ මහලු දු ය”යි කියා දු තනතුරෙහි තබා දුවකට දෙන තනතුරු හා දායාද හා ආභරණ සැපත් දුන්හ.

හැම බුදුන් බුදු වන දා ලකුෂයක් වටනා රන් තලියෙක් ම කිරිබත් පිළිගැන් ම ඒකාන්ත ධර්මයක් ම හෙයින් එ දා සුජාතාවෝ ද බුදුන්ගේ පිනින් “රන්තලියකින් අද කිරිබත් පුදවි”යි සිතාලා ලක්ෂයක් වටනා රන් තලියක් ගෙන්වා ගෙන සකස් කොට මැද පියා බත්සැළ ඔසවාගෙන රන්තලි ය මුදුනෙහි මුණින් නමාලුව. එ කෙණෙහි එක බත් හුළකුත් සැළි පල්ලෙහි නො ගෑවී නෙළුම් පතෙක පැඳ ලූ දියත්තක් සේ තලියෙහි වැගිර අගලක් සා තැනුත්අඩු නො ව තලි ය පුරා සම ව සිටගත. ඉක්බිත්තෙන් ඒ බත් තලි ය ලක්ෂයක් වටනා අනික් රන් තලියකින් වසාගෙන ඒ මත්තෙහි සුදු වස්නකින් වසා, තොමෝ ද ඉස් සොධා නහා දෙවඟනක සේ සර්වාභරණයෙන් සැරහී බත් තලි ය ඉස් මුදුනෙහි තබාගෙන බෙර සක් තිඹිලි ද්වජ පතාකාදි මහත් වූ පූජා පෙරහරින් නුග ගස කරා ගොස් බෝසතුන් දැක ඉතා සන්තොෂ වූ සිත් ඇත්තී, රුක් දෙවියා යි යන සිතින් දුටු තෙත පටන් ආදරයෙන් නැමි නැමී ගොස් මුදුනෙහි තුබූ තලි ය බහාගෙන ලිධාන ය හැරපියා පෙරට තබාලා ස්වර්ණාභිංකාරයෙන් සුවඳ පැන් ගෙන සමීප ව සිටියාය.

මහා බ්රනහ්මයා දුන් මැටි පාත්ර් ය මේ සාවුරුද්ද මුළුල්ලෙහි ප්ර යෝජනවත් ව දුතියක භාජනයක් බුදුන් නො පිළිගන්නා හෙයින් එ කෙණෙහි අන්තර්ධාන වි ය. බෝසතාණෝ සමීපයෙහි තුබූ මැටි පාත්රනය නො දැක දක්ෂිනොදක ය ඉවසුසේක. එ කෙණෙහි සුජාතා තමා ආයාසයෙන් පුසු පායාස ය රන්තලියෙන් ම බුදුන් අතට පිළිගන්වාලුව. බෝසතාණන් වහන්සේ තලි ය මා හැඟි සේ දැක සුජාතාවන් මුහුණ බැලූසේක. සුජාතාවෝ අභිප්රාාව දැන සවාමිනි! තෙල බත් තලි ය හාසමඟ ම නුඹවහන්සේට දිනිමි. සිත් සේ පිළිගෙන වැඩ කැමති තෙනෙක දී වැළඳුව මැනැවැ”යි ආරාධනා කොට පසඟ පිහිටුවා වැඳලා “යම් සේ නුඹ වහන්සේ නිසා මාගේ අභිප්රා“ව සිද්ධ වී ද, එසේ ම නුඹ වහන්සේගේ අභිප්රාසව ද සිද්ධ වේව”යි කියාලා ගියා ය.

මේ සුජාතාවෝ නම් පියමතුරා බුදුන් සමයෙහි බුදුකෙනකුන් බුදු වන දා කිරිපිඬු දන් දෙමි යි ප්රාුර්ථනා කොට, එ කල දනාදි පින් කොට කප් ලක්ෂයක් නරකාදි දුක් නො දැක සසර ඇවිද, අප බුදුන් සමයෙහි බරණැස සිටුදුව ඉපැද ඒ ප්රාඇර්ථනා බලයෙන් මේ කිරිපිඬු දාන ය බෝසතුන් ට දී, උපන් සන්තොෂයෙන් ලක්ෂයක් අගනා රන් තලිය පුරාණ පාත්රඒයක් කොට ත් නො සිතා තමන්ගේ ගෙට ම ගියාහු ය.

ඉක්බිත්තෙන් බෝසතාණන් වහන්සේ හුනස්නෙන් පැන නැඟී නුග ගස පැදකුණු කොට ලා බත් තලි ය අත්ලේ තබාගෙන නෙරඤ්ජරා නම් ගංතෙරට ගොස් නොඑක් දහස් ගණන් බුදුන් බුදු වන දා බැස නඟනා සුප්ර තිෂ්ඨීත නම් තොටට බැස ගං‍තෙර බත් තලිය තබා ලා, ගඟට බැස පැන් සනහා, නොඑක් ලක්ෂ ගණන් සව්ර්ඥාවරයන් හඳනා පොරෝනා අර්හද්වජ ය ධරා ගෙන අනන්තාපය්ය්දර්න් ත වූ බුදුන් වැඩහිඳ වැළඳු සථානයෙහි පූර්වදිග් බලා වැඩහිඳ “අද බුදු විම් නම් එකුන් පනස් දවසකට මෙ ම බල යැ”යි එකැටි තල් පක් සා එකුන් පනස් පිඬක් ‘එකුන් පනස් දවසකට යැ”යි ඉටාගෙන ඒ මධුර වූ කිරිබත නිරවශෙෂ කොට ම වැළඳුසේක. බත් වළඳා ඉක්බිත්තෙන් “මේ රන් තලියෙන් මටකම් නැත. බුදු වීමට කාරණයක් පරීක්ෂා කෙරෙමි”යි ඒ තලි ය අත්ලෙහි තබාගෙන ගංතොට සිට “එකාන්තයෙන් අද බුදු වෙම් නම් මේ රන් තලිය උඩුගං බලා යේව යි. ඉදින් බුදුවිය නො හෙම් නම් යටිගං බලා යේව යි. අධිෂ්ඨාන කොට තලි ය ගඟට දමාපිසේක. එ කෙණෙහි දිය කපාගෙන නැවක් දිවුවා සේ ගං මැදට දිව, නැවත උඩුගං බලා අසකු දිවුවා සේ අසු රියනක් තැන් දිව, එක් සළාවක ගැලී කාළ නම් දිව්යු නාගරාජයාගේ භවනයට වැද කකුසඳ, කොණාගමන, කාශ්යජප යයි යන තුන් බුදුන් බුදු වන දා වළදා හළ රන් තලි තුන කරා පැමිණ එහි ගැසී රාවක් පවත්වා තුන් තලි ය යටට වැදලා තැනී තුබුයේ ය.

ඉක්බිත්තෙන් කාළ නම් නා රජ්ජුරුවෝ තලි ය හුණු හඬ අසා තමන් කපක් මුළුල්ලෙහි හිදිනා ආයු ඇති හෙයින් ආදි තුන් තලියත් හුණු හඬ ඇසු හෙයින් මේ තලියෙ ත් හඩ අසා “කොල, මින් පෙරවිදාත් එක් බුදුකෙනෙක් බුදු වූ ය. පෙරවිදා ත් එක් බුදුකෙනෙක් බුදු වූ ය. ඊය්යෙ ත් එක් බුදු කෙනෙක් බුදු වූ ය.අද ත් එක් බුදුකෙනෙක් බුදු වෙති. කොල, බුදු මඟුලට යම්හ”යි නා නළුවන් රැස් කොට පූජා සරහා සිටගත. බුද්ධාන් තරයෙක් නම් දහසක් හවුරුද්දෙන් ඝන අඟලක් වඩනා පොළොව සත් ගවුවක් උස වැඩී ගිය කල. මෙ සේ වූ දීර්ඝ කාල ය ඔහුගේ ආයු බොහෝ හෙයින් ඉය්යේ පෙරවිදා සේ සිතිණ.

ඉක්බිත්තෙන් බෝසතාණන්වහන්සේ තලි ය දිය පිට හැර පියා එ ගඟ සවීපයෙහි සුපිපි සල් වනයකට වැඩ, සල් ගසක් මුල වැඩහිඳ පඤ්ච අභිඥ අෂ්ට සමාපත්ති උපදවාගෙන දිවාභාග ය එ තැන යවා සවස් වේලෙහි සියලු වන කුසුමයන් නටුයෙන් ගිලිහී හෙන කාලයෙහි සියලූ දේවතාවන් විසින් සරහා, බෝ මැඬ දක්වා මලින් තනනලද පූළුල අට සියක් රියන්, හෙරි තල යක් සේ තැනූ මාර්ගපයට සැමිණ අභීත කෙශර සිංහරිජයකුසේ, එකචාරී ගන්ධ හස්තිරාජයකු සේ, බොධිමණ්ඩලයට අභිමුඛ ව නික්මූණුසේක.


එ කෙණෙහි ඒ කාළ නම් නාගරාජයා සැට දහසක් නා නළු වස් ගෙන ස්තුති ගි කිය කියා නට නටා පෙරටු ව නික්මිණ. තෙසු නාග යක්ෂ ගරුඩ ගන්ධර්වාදි දෙවියෝ දිව මල් සුවදින් පුදමින් යෙති. ඔහු මතු නොවෙති. දසදහසක් සක්වළ දෙවියන් කරන පූජාවෙන් සුවඳින් මලාන් සාධුකාරයෙන් සම්පූර්නව මෙසේ මාගේ ස්වාමිදරුවන් වඩනා වේලෙහි සොතුථීය නම් බමුණෙක් තණ කදක් ගෙන බුදුන් පෙරමඟට එනුයේ සවාමිදරු වන්ගේ අදහස් දඅන මෙයින් ප්රයයෝජනයක් ඇති වනැ යි සිතා එයින් තණ අට මිට ගෙන බොහෝ මරුන්ගේ මාන නමැති මඩ වියලන්නාවූ බෝමැඩ කරා මහා බ්රේහ්මයා ලූ කුඩ ය යටින් වැඩ, සිරිමාබෝ කඳට දකුණු දිගැ උතුරු දිග බලා වැඩසිටිසේක. එ කෙණෙහි දකුණු සකුවළ පාතාලයෙහි ගැලී උතුරු සක්වළ බඹලොව ගැසී පැන නැංගා සේ වැටහිණ. එයින් පශ්ච්ම දිග්භාගයෙහි පූර්ව දිග් බලා වැඩසිටිසේක. උතුරු සක්වළ ගැලී දකුණු සක්වළ එසවී උඩ අජටාකාශයෙහි ගැසීගියා සේ වැටහිණ. “මේ තුන් දිසාව ම අචල භූමියෙක් නො වේ”යි හැර නැඟනහිරි දිසාවෙහි වජ්රා සන භුමියෙහි පශ්ච්ම දිග් බලා වැඩසිටිසේක. ඒ සථාන ය අචල සථාන ය හෙයින් නො සැලී සිටි ය.


මේ කාරණයෙන් ම “මෙ තැන නො එක් බුදුන් ම මාර විජ ය කොට කෙලෙස් පඳුරු කපා හරින උත්තම සථානයෙක් ම යඅ”යි සිතාලා තණ අට මිට අගින් අල්වාගෙන සලාලුසේක. තීර්ථක නමැති හස්ති සෙනාව මුදුනට දමාලූ අංකුශයක් සේ, ඒ කුසතණ පොළොවට දමාලීම හා සමඟ ම සවාමිදරුවන්ගේ පාර මීතානුභාවයෙන්, මහ පොළොව පළාගෙන තුදුස් රියන් වජ්රාමසනයක් පැනනැඟී හැම කුසතණ චිත්ර කර්මාන්තයක් සේ මුල් සැඟවී අග් පිටතට ව සෙවෙනි පෙළක් සේ ශොභාමත් ව සිටගත. එ කෙණෙහි මාගේ සවාමිදරුවෝ වජ්රාාසනය දැක එකාන්තයෙන් අද බුදු වෙම් ම ය යි කුල්මත් ව ඒ විදුරස්නට පැනනැඟී බෝකඳට පිටලා නැ‍ඟෙනහිර බලාගෙන “මේ මාගේ ශරීරයෙහි ඇට සම් මස් නහර ලේ වියලී සුණුවිසුණු වේ නමුත් සාරාසංඛ්යෙරය කප් ලක්ෂයක් මුළුල්ලෙහි වීය්ය්ංර්‍ කොට මා ලැබගත්තා වූ මේ වජ්රා]සනය හැරපියා බුදුනොව නැඟී නො සිටිම් ම යැ”යි චතුරංග සමන්වාගත වීය්ය්ුර්‍ාධිෂ්ඨානකොට ගෙන රන්ගල් මුදුනක් දුටු සිංහ පොවුවකු සේ වැඩහුන්සේක.

ඒ කෙණෙහි දසදහසක් සක්වළ ශක්රකබ්රසහ්මාදි දෙවියෝ “උතුමා අද බුදු වෙ යි. ඔහුගේ බුදුමඟුලට යම්හ”යි කියා අවුදින් රැස් ව බෝ මැඬ පටන් සක්වළ වටා සිටගෙන නොඑක් පූජාවට පටන් ගත්හ. එ කෙණෙහි වශවර්ති මාරයා දැක බා සැඟවුණාසේ පළමු කොට හුරු අස්ත පර්වතයෙන් සැඟවී ගි ය. පුන් සඳ සවාමිදරුවන් අභිමුඛයට පුදාලූ රිදි කැටපතක් සේ උදයගිරි පර්වතයෙන් බබළා පැනනැංග. එ කෙණෙහි වශවර්ති මාරයා ‘සිද්ධාර්ථ කුමාරයා මහණ වන්නට යන දා ත් මා නො යව යි කියව කියවා පලා ගිය. ගිය සාවුරුද්දෙ ත් මට අවකාශයක් නො පෑයේය. දැන් බුදු වෙමි යි වජ්රාෙසන නැඟී හිඳගත. දැන් ඇසිල්ලක් පමා වීම් බුදු ව මට බොහෝ පරිහානි කෙරෙ යි. අද ඔහු බුදු විය නො දෙමි”යි සිතා තමාගේ මර සෙනග රැස්කොට මෙ පවත් කියාලා තමාගේ වශවර්තිඝොෂා නම් වූ මහ බෙරගස්වාලීය. ඒ හෙරිඝොෂාව බ්රවහ්මාණ්ඩ ය ගසා ඇසී ගිය. හැම දිව්ය් බ්රෙහ්මයෝ වෙවුලා ගියහ. හැමදෙවියන් ඇස් පිහී ගිය. සියලූ සතුන් සිත් ඉපිල ගිය. එ වේලෙහි මාගේ සවාමිදරුවෝ ඒ හෙරිඝොශාව අසා තමන්වහන්සේගේ බුදුමඟුලට ගැසූ තිඹිලි බෙරක් සේ කොට සිතා “වශවර්ති මාරයා මා කරා එන වනැ”යි සිතා “අද මාගේ වික්ර ම මුළු ලෝ වැසියෝ දක්නා වන්හ”යි සිතා උපන් සන්තොෂයෙන් නිශ්චල ව වැඩහුන්සේක් ම ය.

ඉක්බිත්තෙන් ඒ හෙරිඝොශාව අසා ඔහුගේ මාර සෙනාව “අපගේ මර දෙවිපිත් අද මහා සංග්රාමමයක් කරන වනැ”යි නන් අවිගෙන දිව අවුදින් ඔහු පිරිවරා සිටගත්හ. එ කල වශවර්ති මාරයා යෙළ සියයක් යොදුන් ගිරිමෙඛලා නම් ඇත්රජකු පැන නැඟී සිද්ධාර්ථ කුමාරයාට අද එක ආයුධයක් ගනිම් දැයි සිතා ලා පනුසියයක් හිස් මවාලා ගිනිවට සේ දහසක් රතැ’ස් මවා, දෙකපෝලයෙන් නික්ම තිබෙන භයංකර වූ දහසක් දළ මවා, දහසක් අත් මවාගෙන චක්රත තෝමර හෙණ්ඩිවාල අසි කණ ය කම්පණාදි වෙන වෙන දහසක් ආයුධ ගෙන, දසදහසක් නඛසැත් හා සමඟ රතැස් බමා පිටිතොල් කකා “මට හිමි සෙනගෙක් ඇත්නම් මාගේ සතුරා සාධා දෙව”යි කිය කියා නික්මිණ. එ කෙණෙහි ඔහුගේ වශවර්ති සේනාව ද ඉගිල ගියහ. තෙමේ තමාගේ මහ සෙනග බලා “මා යන බව මුත් සිද්ධාර්ථකුමාරයා ජය ගෙනලිය නො හැක්ක. මහත් වූ මායම් දන්තී. මහත් වූ තේජස් ඇතිසේ ය. ඉදිරියෙන් ගියෙම් නම් දුරදිම දැක නො සැලීම හින්දි, දසදිග් නො බලමි යි අධිෂ්ඨාන කොට හිඳගත. පිටිපසින් ගිය කල මාගේ මාර ඝොශාව අසා පිටිපස බලා තමා කර සොල්වා තමාගේ චතුරංග අධිෂ්ඨානය බිඳපිය යි. ඒ අවකාශයෙහිදි ඔහු පිටිපසින් ගොස් අල්වා ගනිමි”යි පශ්චිම චක්රඔවාට මුවවිටට බැස මර සෙනග මෙහෙයා නික්මිණ, එ කෙණෙහි ඔහුගේ යක්ෂ සෙනාව නෙත්ති පිටින් අටසාලිස් ගවුවෙක දිවෙති, දකුණැළයෙන් අටසාලිස් ගවුවෙක දිවෙති. වමැළයෙන් අටසාලිස් ගවුවෙක දිවෙති. ආකාශයෙහි බොලින් සතිස් ගවුවෙක හිවී ගැවසී දිවෙති. පිටිපසින් සක්වළ ගල පටන් මාර සෙනාව මුහුද රළ පෙළක් සේ දිවෙත් ම ය. ඒ මර සෙනගගේ ඝොශාව ඉදිරියෙන් සාරසියයක් ගවුවෙහි පොළොව පෙරළන හඬ සේ ඇසෙ යි.

මේ සා මාර සෙනගෙහි දෙදෙනෙක් එක් වෙසක් නො ගත්හ. දෙදෙනෙක් එක්වැනි ආයුධයක් නොගත්තහ. සමහරු ඇත්වෙස් මවා දිවෙති. සමහරු මහිෂ වෙස් මවා දිවෙති. සමහරු වෘෂභ වෙස් මවා දිවෙති. සමහරු සුනක වෙස් මවා දිවෙති. සමහරු ගුරුළු වෙස් මවා දාවෙති. සමහරු කපුටු වෙස් මවා දිවෙති. සමහරු ලිහිණි වෙස් මවා දිවෙති. සමහරු නා වෙස් මවා දිවෙති. සමහරු පොළොං වෙස්මවා දිවෙති. සමහරු පිඹුරු වෙස් මවා දිවෙති. සමහරු රාක්ෂස වෙස් මවා දිවෙති. සමහරු යක්හඬ ගසා දිවෙති. සමහරු පර්වත ගසා දිවෙති. සමහරු සර්පායුධ ගෙන දිවෙති. සමහරු මහරුක් උපුරා ඉස සිසාරා දිවෙති. සමහරු ගිනිවට ගස ගසා දිවෙති. මෙසේ නොඑක් වෙස් ගෙන දිවූ නෙත්ති පිරිස සක්වල ගල පටන් අතුරු නො දී බෝමැඩ සිසාරා සිටගත්හ. එකෙණෙහි මර සෙනග බෝමැඬ කරා එත් එත් මාර ඝොශාව ඇසෙත් ඇසෙත් පිරිවරා සිටි දසදහසක් සක්වළ දෙවියන් අතුරෙන් එක දෙවියෙකු ත් සිට පිය නුහුණුයේ ය. කාළ නම් නා රජ්ජුරුවෝ සැට දහසක් නා නළුවන් ගෙන දහස් ගණන් ස්තුති ගි කිය කියා නටමින් සිටියාහු එ කෙණෙහි පොළොව කිම්දගෙන තමන්ගේ පන්සියයක් යොදුන් මාඤ්ජෙරික නම් නාග භවනයට වැද දෑතින් මූණ වසාගෙන “අහෝ සිද්ධාර්ථකුමාරයන්ගේ රූසිරි අද නටැ”යි කිය කියා යහන් මතුයෙහි මුහුණින් වැටී ශත්තාහු ය.

ඉක්බිත්තෙන් දසදහසක් සක්වළ සෙසු ශක්රඅයෝ තමන් තමන් අත තුබූ දස දහසක් ජය සක් අතින් දම දමා පියා තමන් තමන් සිටි සිටි පොළින් දිවපීය. අපගේ මේ මඟුල් සක්වළ උපන් හෙයිනු ත් මහ පින් බල ඇති හෙයිනු ත්, මහා ධෛය්ය්උර්‍ ඇති හෙයිනු ත් තමන්ගේ ජයසක බිම හෙළා නො පියා පිට වතුරුවාගෙන දිවන්නාහු තමන්ගේ ශක්ර පුරය බලා නොගොස් සක්වළ ගල මුදුනට නැඟී කර නඟා බෝමැඩ දිසාව බලබලා සිටියහ. මෙසේ ම දස දහසක් සක්වළ සුයාම සන්තුෂිතාදි දෙවියෝ තමන් තමන් අත තුබූ තල් වැට චාමරාදි පූජා භාණ්ඩයන් දම දමා සිටි පොළින් පැලහ. දස දහසක් සක්වළ සහම්පති මහා බ්රාහ්මයෝ දස දහසක් සේසත් සඳමඩුලු සේ සක්වළ මුවවිටියෙන් තබ තබාලා‍ දිවපූහ. එතෙක් දෙවියන් අතුරෙන් එක දෙවතාවෙකු ත් සිටපිය නුහුණුයේම ය. මාගේ සවිමිදරුවෝ ඒ දෙවියන් ඇම පැල කල ඇත් සෙනගක් දුටු සිංහපොවුවකු සේ ලෝමයක ත් භය නැති ව මහ මෙර සේ නො සෙල්වීම වැඩහුන් සේක් ම ය. එසේ හෙයින් කියන ලදි.


විහංගමානං ගරුළොව මජ්ඣෙ

මජ්ඣෙ මිගානං පරමො’ව සීහො.

මහායසො මාරබලස්ස මජ්ඣෙ

විසාරදො වීතභයො නිසීදි-යි.


එ වේලෙහි උතුරු දිගින් දිව වන් මරසෙනග දැක ‘මෙ තෙක් සත්ත්වයෝ එකලාවූ මට ම යුද්ධයට ආවාහුය. මෙතැන මාගේ මවු පිය කෙනෙක් වේවයි. මල් බෑ කෙනෙක් වේව යි, අනික් කිසි කෙනෙක් වේව යි, නැත, ඒ බැවින් මේ සාරාසංඛ්යෙෙය කප් ලක්ෂයක් මුළුල්ලෙහි අත් නොහැර ආවා වූ මාගේ සත්යෙ පාරමිතාව ම මෑණියෝ නම. ගැඹුරු වූ ම‍ාගේ ප්රකඥ පාරමිතාවම පියාණෝ නම. මා දත්ත‍ා වූ ධර්මය ම අනුබල වූ මල්බෑයෝ නම. මාගේ මෛත්රි පාරමිතාව ම කල්යාවණමිත්රතයා නම. මාගේ අචල වූ ශ්ර්ඬා තොමෝ ම ප්රිලය වූ කාන්තා නම. මාගේ ක්ෂාන්ති පාරමිතාව ම අනුබල වූ පුත්රරයා නම. මේ මාගේ නෑයන් සදෙනාට මා මෙ තවක් කල් මුළුල්ලෙහි එක දවසකුත් එක පැයකුත් කිසිම හානියක් නො කොට රක්ෂා කෙළෙම් ම ය. එසේ හෙයින් මාගේ මෙ තැන ජීවිත සමාන නෑයො ත් ඇත. තව ද මෙ තුවක් කල් මුළුල්ලෙහි මා අත් නො හැර විසුවා වූ මා විසින් රක්ෂාකරන ලද්දා වූ මාගේ සමත්රිං ශත් පාරමිතා නමැති මහා යෝධයෝ තිස් දෙන අද මා රක්ෂා කෙරෙත් ම ය. එසේ හෙයින් බග යොධයනු ත් මම ඇත්තෙමි. තව ද මාගේ සත්තිස් බොධිපාක්ෂික ධර්මයෝ මාගේ මහා මන්ත්රිම නම.

තව ද මාගේ නව දහස් අසූකෙළ පනස් ලක්ෂ සතිස් මහා සංවරශිල සමූහයෝ ම මහ බල සෙනග නම. එසේ හෙයින් මාගේ ශිල බල සේනාව අද මෙ තැන මා අත්හැර නො යෙත් ම ය. තව ද මාගේ ගම්භීර වූ ගුණ සමූහය ම ගැඹුරු වූ මහ අගල නම. මාගේ ප්ර සන්න වූ මෛත්රිව සමූහය ම එහි පුරා තිබූ දිය සමූහ ය නම. එසේ හෙයින් මාගේ මේ මහ අගල මා කරා අද සතුරන් වැද්ද නො දෙත් ම ය. තව ද මාගේ පාරමිතා නමැති හුළින් බැඳ නඟන ලද තෙජො මහ පවුර බ්රමහ්මාණ්ඩ ය ගසා උස් ව සිටියේ ම ය. එසේ හෙයින් ඒ ප්රා කාර ය පැන මර සතුරා වැද්ද නොහේ ම ය. මේ මාගේ විශෙෂයෙන් රක්ෂාකරන ලද චතුපාරිසුද්ධි සීලයෝ සතර දෙන ම සතර මහ වාසල් නම. මේ මාගේ ඉන්ද්රිතය සංවර ශිලය ම පක්ෂපාත වූ ද්වාරපාලයා නම. එසේ හෙයින් ඒ මාගේ ද්වාරපාලයා අද සතුරන්ට වාසල් නො හැර මා රක්ෂා කෙරේ ම ය. මාගේ මේ වජ්රානසන ය ම හස්ති වාහන නම. මාගේ මේ ජයශ්රීා මහා බොධිය ම සතුරන් පරදවන ජය සේසත නම. එසේ හෙයින් මා නිසා උපන් මොහු දෙදෙන ත් අද මා හැර නොයෙත් ම යැ”යි යනාදීන් මෙසේ මාගේ සවාමිදරුවෝ තමන් වහන්සේගේ පාරමිතා නමැති සේම වූ මහ නුවර මවා ශීල නමැති සෙනගින් කඳවුරු බැඳ සුදර්ශන මහනුවර මහ පිරිස් පිරිවරා හුන් සුදර්ශන නම් චක්රශවර්ති රජහු සේ මාගේ ඒ ධර්ම චක්රාවර්තීන් වහවන්සේ ත් නිර්භීත ව වැඩහුන් සේක්’ම ය.

මෙසේ වැඩහුන් කල ඒ වශවර්තිමාරයා පිටිපසින් බෝමැඩ කරා දිව අවුදිත් බුදුන්ගේ තෙජසින් ලංවිය නොහී “මහ පවනක් මෙහෙයා පවන් පහරින් ගසා පරසක්වළ හෙළමි”යි සිතාලා ප්රවචණ්ඩ වූ පවනක් මෙහෙයා ලී ය, දිවන මහ සුළං යොදුන් දෙ යොදුන් පමණ ගල්කුළු උපුරාගෙන මහරුක් බිදගෙන කල්පාන්ත වාතයක් සේ දිව අවුදින් මාගේ සවාමිදරුවාණන්ගේ මෛත්රි් පුණ්ය] ප්රොභාවයෙන් බොධිද්රැ මයෙන් පත්රම ශාඛාවකු ත් සොලව ලි ය නොහී, සිවුරු කනක් ලොමයකු ත් කම්පිත කොට ගත් නොහී, මිහිරි වූ සුවඳ මඳ පවනක් සේ ශරීරයට සුව පහස් දෟපූජා කොට ගියේ ය.

ඉක්බිත්තෙන් වසවත් මර දිව අවුදින් ‘සිද්ධාර්ථ කුමාරයා සුළං පහරින් ගොස් කවර සක්වළෙක නැටි ගියේ දෝ හෝ”යි බලනුයේ සවාමි දරුවන්ගේ උදයගිරි පර්වතයෙන් පැනනැඟි ළහිරු මඬලක් සේ දිලියෙන ශ්රීෙ ශරීරය දැක නැවත දණ්ඩෙන් ගැසූ නයක් සේ කිපී “ඝන වර්ෂාවක් වස්වා සැඬ වතුරෙන් මොහු පලවා මුහුදු බත් කොට මරමි”යි සිතාලා කල්පාන්ත වර්ෂාවක් සේ මහත් වූ මෙඝයක් මවා ලී ය. එ කෙණෙහි ඔහුගේ දිව්යාවනුභාවයෙන් ශතපටල සහඝ්රය පටල නඟාලා දස දිගින් මෙඝ නාද පතුරුවා සිය ගණන් අකුණු සෙණ විදුලිය ගස ගසා, තල් කඳ සා ජලධාරාවෝ මහ පොළොව සාරාගෙන දිවන්නාහු එ මහ සැඬවතුර නොඑක් තැරු දහස් ගලාගෙන බෝමැඩ කරා වැද මාගේ සවාමිදරුවාණන්ගේ සිවුරු කනක් පමණ ත් තෙමා ලිය නොහී උන්වහන්සේ ගේ විඩා නිවා බුදු මඟුලට පොකුරු වැසි පූජා කොට ගියේය.

ඉක්බිත්තෙන් “ශ්රරමණ භවත් ගෞතමයෝ අද බුදුවන්නට රිසි පැලෑ දෝ හෝ සැඬ වතුරෙන් ගොස් කවර මුහුදෙක වැටී ගියේ දෝ හෝ”යි බලනුයේ මාගේස්වාමි දරුවාණන්ගේ අඟ්රයය, මහික ය, ධූම ය, රජස ය, රාහු යයි යන පඤ්චොපක්ලෙශයෙන් විරහිත වූ පූර්ණ වන්ද්රහයා සේ දිලියෙන්නාවූ ශ්රී් මුඛය දැක ප්ර්හාරලත් මතැතකු සේ කිපී “මෙහු අද මිරිකා සුණු විසිණු කෙරෙමි”යි මහත් වූ පර්වත වර්ෂාවක් වස්වා ලී ය. එ කෙණෙහි යොදුන් දෙ යොදුන් සා ගිනි ගෙන දිලියෙන ලක්ෂ ගණන් පර්වත ආකාශයෙන් බෝමඬ කරා දිව අවුත් මාගේ සවාමිදරු වන්ගේ ශීල තෙජසින් ඒ පර්වතයෝ පෙරළී සුවඳ මල් වට ව බුදුන් වටා පෙළ මල් පූජාවක් සේ සිටගත.

එ කල වසවත් මර “කිමෙක් දෝ හෝ, ගොයුම් මහණ සුණු විසිණුව ගියේ දෝ හෝ බෝමඬ හිඳිනට රිසි පැලෑ දෝ හෝ”යි බලනුයේ මාගේ සවාමිදරුවන්ගේ රන් කැටපතක් සේ දිපියෙන ශ්රීබ මුඛ ය දැක.

තව ද නියපිට ගල් ගැසූ මතැතකු සේ කිපී “මොහුගේ රන් වන් වූ ශරීර ය හා තෙල කන් නාසා ලිය හරවමි”යි අවි වැස්සක් වස්වාලී ය. එ කෙණෙහි ඒක ධාරා ය, ද්විධාරා ය කඩු කොන්ත ශර තෝමරාදී ඒ සූක්ෂ්ම වූ ආයුධ වර්ෂාවෝ ආකාශයෙන් බැස මාගේ බුදුන්ගේ සූක්ෂ්ම වූ ප්ර්ඥ පාරමිතා බලයෙන් ඒ නන් නන් පෑ ඇති ආයුධයෝ ද පෙරළි පෙළ මල් පූජාවක් මෙන් සිට ගත්හ. ඉක්බිත්තෙන් ‘මහණ භවත් ගෞතමයෝ අවි පහරින් කැපී ගියේ දෝ හෝ”යි ඉලනුයේ මාගේ සවාමිදරුවන්ගේ රන් පියුමක් සේ බබළවන මුව පුයුම දැක ගින්නට පිදුරු දැමුවා සේ කිපී “අද මොහු දවා හළු කෙරෙමි”යි අඟුරු වැස්සක් මවා‍ ලී ය. ඒ සහළභුරු ධාරාවෝ දිව මාගේ සවාමිදරුවන්ගේ පාරමිතා තෙජසින් පෙරළි පද්මරාග මාණික්යද පූජාවක් සේ ශ්රී පාද මූලයෙහි වගුළහ. ඉක්බිත්තෙන් ඒ මර දෙවිපිත් “සිදුහත් කුමර ගින්නෙන් දා මළේ දෝ හෝ, වජ්රාපසනයට ලොබ පැලෑ ගියේ දෝ හෝ”යි සතුටු ව බලනුයේ අඳුරු බිඳ පර්වත මුදුනෙක ඝන රන් කඳක් සේ දිලියෙන මාගේ සවාමිදරුවන්ගේ ශ්රී් ශරීරය දැක ගිනි දුටු ලුණු සේ තට තටයා දත් කකා කිපි ගිනිගෙන දිලියෙන අළු වැස්සක් බුදුන් මුදුනේ වස්වා ලී ය. ඒ අළු වර්ෂාව අන්තර්ධාන ව මාගේ සවාමිදරුවන් ගේ බුදු මඟුලට සඳුන් සුණු පූජාවක් සේ වි ය.

තව ද “ගොයුම් මහණ හුණු අළුයෙන් මෙළේ දෝ හෝ”යි බලනුයේ මාගේ සවාමිදරුවන් සඳුන් රුකක් සේ සිහිල් වූ ශ්රී ශරීරයෙන් වැඩහුන්නවුන් දැක තව ද අප්රලසාද ව තෙල් දුටු ගිනි සේ කිපී වැලි වර්ෂාවක් වස්වා ලී ය. ගිනිගෙන දිලියෙන්නා වූ සියුම් වූ ඒ වැලි සමූහයෝ බුදුන් කරා පැමිණ බුදු මඟුලට පිදු දිමුතු මුතු තලාවක් සේ පූජා කොට සිටගත්හ. තව ද බලනුයේ සුපුෂ්පිත වූ ශලද්රැවමයක් සේ ශොභාමත් ව වැඩහුන් බුදුන් දැක සුළං දුටු ගිනි කඳක් සේ කිපී තව ද ගිනිගෙන දිලියෙන කළල් වැස්සක් වස්වා ලී ය. ඒ වර්ෂාව මාගේ බුදුන් කරා පැමිණ බුදු මඟුලට ගෙනා ගඳ කළල් සමූහයක් සේ පූජා වෙමින් සිටගත. තව ද “කිමෙක් දෝ හෝ”යි බලනුයේ දෑරඟ මිණි රුවනක් සේ ලිදියෙන බුදුන් දැක චතුරංගයෙන් යෙදුණා වූ ඝන අඳුරක් මවා ලී ය. තව ද ඔහු මැවූ ඒ ඝනාන්ධකාරය බුදුන් කරා පැමිණ හිරු දුටු අඳුරක් සේ අන්තර්ධාන ව ආලොකයෙන් පූජා කෙළේය. “කිමෙක් දෝ හෝ ගොයුම් මහණ අන්ධකාරයෙන් මූර්ච්ජා වී දෝ හෝ තවත් විදුරස්නේ ම උන්නේ දෝ හෝ”යි බලනුයේ පර ව නටුයෙන් ගිළිහුණු කනක තාල ඵලයක් සේ මාගේස්වාමිදරුවන්ගේ මෛත්රිින් පිරුනා වූ ශ්රීක මුඛ ය දැක තව ද සිංහයකු දුටු ඇත් පොවුවකු සේ බුදුන්ට කිපි කිපි මෙසේ වාත යුඬ ය,වර්ෂා යුඬ ය, පර්වත යුඬ ය, ආයුධ යුඬ ය, අංගාර යුඬ ය, භෂ්ම යුඬ ය, වාලුකා යුඬ ය, කලල් යුඬය, අන්ධකාර යුඬ ය යි යන නව මහා යුඬයකින් මාගේ සවාම්දරුවන්ට කිසි හිංසාවක් කළ නුහුණුයේ තමා කළ කළ යුඬ ය ම උන්වහන්සේට පූජා වන සේ දැක බුදුන්ට ළංවිය නොහී දුරු ව සිටිනා තමාගේ මර සෙනඟ බලා කිලි “කොල! හැම සිටුන. තෙල සිද්ධාර්තයා වහා ගනුව, අනුව, සිඳුව, බිඳුව, විදුව, බඳුව, ගෙනව, සුණු විසුණු කරව, බුදු විමට රිසි පලවව, ඔහු නො යා දෙව”යි කිය කියා තමාගේ ගිරිමෙඛලා නම් ඇතු මෙහෙය මෙහෙයා චක්රාදයුධ ය ඔසවාගෙන සවාමිදරුවන්ගේ අභිමුඛයට අවුත් සිට සිසාරා බුදු බඳට දමා ලී ය.

ඒ චක්රාඅයුධය ඉදින් දමාලුව හොත් එක් ලක්ෂ අට සැට දහසක් යෙදුන් මහමෙර හුණු කිළිලක් සේ පොලු ගසා දෙකඩ කොට පියා හිස පළා යේ ම ය. අහසට දැමුව හොත් දොළොස් හවුරුද්දක් වැසි නැති කෙරෙම ය. මෙසේ ආනුභාසම්පන්න ඒ චක්රාැයුධය මාගේ සවාමිදරුවන්ගේ බඳට ගැසුවා ළං විය නොහි ආකාශයට දැමු අහස්පතක් සේ, වෙවුල වෙවුලා පැන නැඟී ඔබගේ මහත් වූ පුණ්යා නුභාවයෙන් මල් වියනක් පිදුවා සේ, සිරසට පූජා කෙරෙමින් දිලිහි දිලිහී සිටගත. ඒ චක්රා යුධ ය මරහු දමන්නා දුටු මර සෙනඟ “කොල! එතෙකින් සිද්ධාර්ථ කුමාරයා බලනු කිමෙක් ද. එතෙකින් නට ම ය. අපගේ මාර5 දිව්යල පුත්රකයා තමාගේ ආත්මා රක්ෂාවට තුබූ ඇතිදා පටන් කිසි තැනකට නො හළ චක්රාමයුධය සිසාරා එකපැහැර දමාලූය. ඒ ලක්ෂ ගණන් පර්වතයෝ බුදුන් කරා පැමිණ සුවඳ මල්වට සේ පූජාවෙමින් සිට ගත්හ. එ කෙණෙහි සෙසු දෙවතාවෝ සක්වළගල වටා සැඟවි සැඟවී සිට කර ඔසවා බල බලා “අද සිද්ධාර්ථ කුමාරයන්ගේ රූපශ්රීර ගිය. වසවත් මර චක්රාවයුධ ාය දැමි යයි” කිය කියා භයගෙන සිටිති.

එ කෙණෙහි වසවත් මර චක්රාගයුධයෙනු ත් බුදුන් සොලවා ලිය නොහි ඉදිරියෙහි සිට කප් ගින්නක් සේ කොපාග්නින් දිලිහි දිලිහි පිටිතොල් දත් කකා රතැස් බම බමා දහසක්අතින් ගත් දහසක් අවි බුදුන් අභිමුඛයට අමෝරා “දන් දැන් තා දෙ කකුල ගෙන පර සක්වළ ගසමි. මාගේ තෙල වජ්රා්සන යෙන් වහා නැඟී සිටැ”යි කි ය.

සෙසු සර්වඥවරයන් බුදු වන දා මාරයෝ මෙසේ ම දිව පර සක්වළ මුවවිට සිට හෝ යොදුන් සිය ගණනෙක සිට හෝ ඒ ඒ බුදුන්ගේ පුණ්යි ප්ර භවයෙන් දිලියෙන ශ්රීේ මුඛ ය දැක බුද්ධ තෙජසින් වෙවුලා පැරද පලා යන්නාහුම ය. මාගේ සවාමිදරුවෝ වෙස්සන්තර ජාතියෙහි ජාලිය කුමාර-කෘෂ්ණාජිනා නම් දරු දෙදෙනා පූජක බමුණාට දන් දී ඔහු දරුවන් මර මරා පිටින් ලේ වගුර වගුරා බැඳගෙන යන වේලෙහි කෘෂ්ණාජිනා නම් දියණියෝ තමන්ගේ රන් පියුමක් වන් මුඛ ය පියාණන් අභිමුඛ යට දක්වාලා:


යං තං කණ්හාජිනාවොව-අයං මං තාත බ්රායහ්මණො,

ලට්ඨීයා පතිකොටෙති-ඝරෙ ජාකංච දාසියා-යි


යන මේ ගය කිය කියා ඇඬුවාහු ය. එ වේලෙහි මාගේ සවාමිදරුවාණන් වහන්සේ දියණියන් කෙරෙහි උපන් මහා කරුණාවෙන් මහත් වූ ශොක කොට “දරු දීම් තබා බුදු වීම් තබා ලෝ වැඩ තබා දිවගෙන ගොස් බමුණාහු වැටියක් සේ බැඳ පෙරළා පියා මාගේ දරුවන් හැරගෙන එම් දෝ හෝ”යි හීන විය්ය්පර්‍ ව විතර්කයක් සිතු සේක. ඒ අඩු ව හෙතු කොට ගෙන අවුදිත් ඒ වසවත් මර බෝමැඩට වැද “තෙල හස්නෙන් බැසපිය”යි භයංකර වූ බස් කි ය. එසේ ද වුවත් මාගේ සවාමිදරුවාණෝ නිර්භීත ව වැඩහිඳ සිනාවක් පහළ කොට තමන්වහන්සේගේ මුඛ නමැති පද්මය විවෘත කොට කුරවික නාදයක් සේ ලීලපෙත වූ ශබ්දයෙන් වදාරන සේක් “පාපී වූ වශවර්ති මාර ය! මේ වජ්රාේසන ය නිසා සාරාසංඛ්යෙවය කප් ලක්ෂයක් මුළුල්ලෙහි පාරමිතා පුරා මහ පොළොව පරයා ඇඟ මස් ලියා දිනිමි. මුහුදු පරයා ලේ දිනිමි. මෙර පහයා ඉස් දිනිමි. තරුපරයා ඇස් දිනිමි. මේ වජ්රාසසනය ම පත පතා ජීවිතය සමාන වූ අඹු දරුවන් බැඳ දුන් වැල් ගොඩ ම මෙසේ වූ මෙරගල් දහසකට ත් උස් ම ය. සමතිස් පැරුම් පිරිමි. රාජ්යරය දන් දිනිමි. මඟුලැතුන් දන් දිනිමි. සත සතු මහ දන් දිනිමි. එසේහෙයින් මේ වජ්රාුසනය මට ම හිමි ය. එක කලෙක ත් පෝකක් සා මස් කැටියකුත් දන් නො දි, ඇඟින් ලේ බිනුදුවකු ත් දන් නො දී, ඇසකුත් දන් නො දී, ඉසකු ත් දන්නො දී, අඹු දරු කෙනකුනු ත් දන් නොදි, පාරමිතාවකු ත් නුපුරා, මේ අස්න තට කෙසේ හිමි වී ද, මට කෙසේ නොහිමි වී ද, තාගේ කල තාගේ වශවර්ති භවනයෙහි නො නැඟී මාගේ මේ බෝමැඩ පැන නැංගෙනැ”යි වදාළ සේක.

එ බසට වසවත් මර කිපි කිපී මම් තට වඩා පෑරුම් පිරිමි. ඉස් ඇස් මස් ලේ අඹු දරුවන් තට වඩා මම දිනිමි. එසේ හෙයින් මේ වාජ්රාඉසනය මට ම නැංග. නො දොඩා වහා පැන නැ‍ඟෙව”යි කි ය. එ කල මාගේ සවාමිදරුවෝ “පාපී වූ වශවර්ති මාරය, මම ත් “පැරුම් පිරිමි”තොයිත් “පැරුම් පිරිමි”යි කියයි. තට දෙස්සු කවුරු”යි වදාළසේක. එ කෙණෙහි වශවර්ති මාරයා මර සෙනගට දහසක් අත් දිගු කොට “මාගේ මර සෙනග දෙසැ”යි කි ය. එ කෙණෙහි යක්ෂ සෙනාව “අපි දෙසැ”යි “අපි දෙසැ”යි අත් නඟා කියන ශබ්ද ඝොෂාව පොළොව පැළෙන අඬක් සේ, සමුද්රි ඝොෂාවක් සේ, බඹලොව ගසා සිට ගත. ඉක්බිත්තෙන් වසවත් මර කියනුයේ “සිද්ධාර්ථ කුමාරයෙනි, මා පැරුම් පිරූ නියාවට මේ සා මර සෙනඟක් ලවා දෙස් කියවාලිමි. තොප පැරුම් පිරූ නියාවට එක දෙසක් කියවා බලගැ”යි කි යැ. එ බසට සවාමිදරුවෝ ‘තෝ පණ ඇති නොමැදහතුන් ලවා දෙස් කිය වූයෙහි ය. මම සිත් පෙවෙත් නැති මැදහත් කෙනකුන් ලවා දෙස් කියවාලමි”යි කියාලා රත් වලා ගබෙකින් නිකුත් විදුලියක් සේ රත් සිවුරු ගබින් රන්වන් වූ දක්ෂිණ, ශ්රී හස්තය දිගුකොට ලා මහීකාන්තාවට “මීකත! දිපංකර පාද මූලයෙහිදි විවරණ ලදීන් මා සමතිස් පැරුම් සිහි කළ වේලෙහි දසදහසක් මහී කාන්තාවන් හා සමඟ ගුගුරා තෝ සාධුකාර දුන්නෙහි වේදැ”යි වදාරා “සෙසු ජාති හැර එක වෙස්සන්තර ජාතියෙහි මා අට හැවිරිදි කල දානයක් ආවර්ජනා කළ ය.

ඇළි ඇතු දන් දුන් දා ය, සත සතු මහ දන් දුන් දා ය, නුවරින් වංකගිරි පර්වතයට නික්මුණු දා ය, දරුවන් දන් දුන් දා ය, මද්රිය දෙවීන් දන්දුන් දා ය, පොකුරු වැසි වට දා ය, යන මේ සත් වාරයෙහි තෝ මහ හඬින් ගුගුරා ගර්ජනා කෙළෙහි වේ ද දැන් මේ වසවත් මරහුගේ බොරු දෙස් අසා මහීකාන්තාව බැණ නො නැ‍ඟෙනැ”යි කියාලා ඒ ශ්රීප හස්තය පොළොවට දිගුකොට ලූ සේක. එ කෙණෙහි මහීකාන්තා ශත ඝොෂාය, සහඝ්ර ඝොෂා ය යි එකවිට පවත්වා සක්වළක් සා ලෝ බෙරක් ගෙන මෙර ගලක් සා ලෝ ද‍ඬෙකින් ගැසුවා සේ දස දහසක් සක්වළ දස දහසක් මහ පොළෝ හා සමඟ මහ හඩින් ගුගුරා පැන නැඟිය. එකෙණෙහි ම මහපොළොව පැළි එක් සිය සතිස් නරකවල ගිනි කඳු බුරා පැන නැංග. එ කෙණෙහි සියලු මර සෙනග පොළොව මහ හඬින් වෙවුල්වා මහ සුළඟින් දිවන පරඩලාපත් සේ දෙ දෙනෙක් එක මඟ නො ගොස් ශිර්ෂාභරණ ග්රි වා භරණ උතුරු සළු වගුරුවා ගෙන හැම ආයුධ සලාගෙන දෑතින් මුහුණු වසාගෙන මරු නො බලා වෙවුල වෙවුලා පලා ගියහ. ඉකුබිත්තෙන් ඒ ගිරිමෙඛලා නම් යෙල සියයක් යොදුන් මතැන් දෙ දණ බිම ඔබා මරණ භයින් වෙවුලා පිට හුන් මරු සලා හෙලා සොඬ හකුලා කට ලාගෙන වාලධි ය අමුඬු හස්සෙන් සඟවා ගෙන මහ හඬින් ගගුර ගගුරා මරු නොබලා පැන පලා ගිය. වසවත් මර ඇතු පිටින් බිම හී දාසක් අවි සලා “සිද්ධාර්ථ කුමාරයෙනි! තොප බල ඇති බව දනිම් ම ය තොප තෙද ඇති බව දනිම් ම ය. තොප පින් ඇති බව දනිම් ම ය. තොප සමතිස් පැරුම් පිරූ බව දනිම්ම ය. තොපගේ වීරත්ව ය මුළු ලොවට හඟවමි යි තොපගේ බල දක්වන්නටඅයිමි. ක්ෂමා කරව. ක්ෂමා කරව”යි තුන් යලක් කියා තමාගේ වශවර්ති දිව්ය ලොකයට දිව ලජ්ජාවෙන් තමාගේ සෙනග මුහුණ බැලිය නො හෙනුයේ යහණෙහි මුණින් සුසුම් ලලා වැද හොත්තේ ය.

එ කෙණෙහි සක්වලගල වටා නො ගොසින් සිටි මේ සක්වල දිව්යහ සෙනාව පැරද දිවන්නා වූ වසවත් මරු හා සෙනග දැක “වසවත් මරු පැරද ගියේය. අපගේ සිද්ධාර්ථ කුමාරයෝ ජය ගෙනපු යැ”යි මේ සක්වල නයි පරසක්වල නයින්ට කියා ගියහ. මේ සක්වල ගරුඩයෝ පරසක්වල ගරුඬයන්ට කියා ගියහ. මේ සක්වල දෙවියෝ පරසක්වල දෙවියන්ට කියා යැවූහ. මේ සක්වල බ්රපහ්මයෝ පරසක්වල බ්රිහ්මයන්ට කියා යවූහ. එ බස් අසා දස දහසක් සක්වල ශක්රර බ්රිහ්ම නාග සුපර්ණ ගරුඩ ගන්ධර්වාදි දෙවියෝ දිවමල් දිව සුවද ආදීන් ගෙනවුත් සවාමිදරුවන් වටා සිට දොහොත් මුදුන් දි ජය පූජා කළහ. කියනලදුයේ මැයි.


ජයො හි බුද්ධස්ස සිරිමතො අයං

මාරස්ස ච ප පිමතො පරාජයො,

උග්ඝොසයුං බොධිමණ්ඩෙ පමොදිතා

ජයං තදා දෙවගණා මහෙසිනො යි.


මෙසේ මාගේ බුදුහු එදා රෑ හිරු අස්තයට නො යන තුැු මර සෙනග බිඳපියා බෝමැඬ හරා වැඩහිඳ දසපෑ ගිය වේලෙහි අනන්තාපර්යන්ත වූ ලොකධාතුයෙහි සතුන්ගේ පෙර විසූ කඳ පිළිවෙල දන්නා නුවණ ලදින්, විසිපෑ ගිය වේලෙහි අංසඛ්යෙවය ගණන් සක්වල පය්ය්,ර්න් තයෙහිත් තුබූ වස්තුවක් කරතලාමලක යක් සේ පෙනෙන්නා වූ දිවස් ලදින්, තුබූ දස පැයෙහි ප්රකතිත්යන සමුත්පාදයෙහි ප්ර ඥව බහාලූසේක. එ වේලෙහි මාගේ සවාමිදරුවන් අනුලොම ප්රහතිලොමයෙන් ප්රෙතීත්යි සමුත්පාදයෙහි ධර්මයන් සම්මර්ශනය කරත් කරත් දස දහසක් සක්වල මහපොලෝ දොලොස් දොලොස් වාර ය බැගින් මෙසේ එක් ලක්ෂ විසි දහසක් වාරයෙහි ගර්ජනා පතුරුවා සාධුකාර දෙන්නා සේ මහීගර්ජනා නම් වූ පූජාවක් කෙළේය.

මෙසේ දස දහසක් සක්වල එක පැහැර ගර්ජනා කරවා අනුක්රුමයෙන් සෝවාන් මාර්ගයට පැමිණ, සෝවාන් ඵලයට පැමිණ, ඹකෘදාගිමි මාර්ගයට පැමිණ, ශකෘදාගාමි ඵලයට පැමිණ, අනාගාමි මාර්ගයට පැමිණ, අනාගාමි ඵලයට පැමිණ, අර්හත් මාර්ගයට පැමිණ, අර්හත් ඵලයට පැමිණ, ඉක්බිත්තෙන් මෙසේ අරුණු නැඟෙන වේලෙහි සවාසනා කෙලෙසුන් නසා ලොවුතුරා බුදු ව, අනන්තාපය්ය් ර්න්ඵත වූ සක්වල බුදුන් නො දක්නා සත්ත්වයන් දැක උපන් මහා කරුණාවෙන් පෙර බුදුන් කල චාරිත්ර නො වරදවා සවනක් බුදු රස් ඒ ඒ දිග විහිදුවා හල සේක. ඒ බුදු රස් සමූහයෝ එක තෙනෙක අසුරු සනක් නො රඳා සක්වල ගලින් සක්වල ගල ගැසී නිල් වලාපටල සේ, රත් වලාපටල සේ, කිණිහිරි සපු මල්කැන් සේ, සුදු පිළි හඳනා සේ, මඳට දම් වලලු සේ, පබසර කඳන් සේ, අද දක්වා දිව දිව සත්ත්වයන්ගේ ප්රෙමම වඩ වඩා මනොඥ ව දිවන්නාහු ම ය. ඒ බුදු රස් දුටු දුටු සත්ත්වයෝ විශෙෂ වූ වර්ණණයක් බලව යි එහි සිත් අලවා ඒ කුශල මූලයෙන් ම මේ මඟුල් සක්වල ඉපැද බුදුන් දැක සසරින් ගැලවෙන්නාහු ම ය.

මෙසේ මාගේ සවාමිදරුවන් ලොවුතුරා බුදු වූ වේලෙහි දස දහසක් සක්වල මඟුල් ගෙයක් සේ සැරහි ගිය. එ දා දිවූ දෙවියන් පූර්ව සක්වල මෝවිට සිට නැඟු ධ්වජයේ කකුල් පැල සක්වල මෝවිට ගැසෙ යි. පැල සක්වල මෝවිට නැඟු ධ්වජයේ කකුල් පූර්ව සක්වල මෝවිට ගැසෙයි. උතුරු සක්වල මුදුනෙහි සිට නැඟු ධ්වජයේ කකුල් දකුණු සක්වල මුදුනෙහි ගසෙයි. දකුණු සක්වල මුදුනෙහි සිට නැඟු ධ්වජයේ කකුල් උතුරු සක්වල මුදුනෙහි ගැසෙ යි. පොලෝ තෙලෙහි සිට නැඟු ධ්වජ බඹලෝ ගසා සිටගත, බඹලෝ බැඳි ධ්වජයෙහි කකුල් පොලෝ තෙලෙහි ගැසෙ යි. දසදහසක් සක්වල මුළුල්ලෙහි මහපොලෝ ගුගුරාපිය. සියලු ලෝ එකාලොකව ගි ය.ජාත්යපන්ධයෝ ඇස් ලද්දාහුය. ගොළුවෝ කටහඩ ලද්දාහුය. බධිරයෝ කර්ණ්ණ රසායන ලද්දාහුය. හැම බැඳුම් සිඳී ගිය. නරක ගිනි නිවි ගි ය. ප්රෙබතයන්ගේ සා දුක් නිවී ගි ය. තිරිසනුන්ගේ භය සන්හිදිගිය. අසාද්ධ්යබවුව්යා ධි සන්හිදී ගි ය. ප්රි්ය වචනයෙන් ලොව සැදි ගි ය. අශ්වයෝ හෙෂාරව කළහ. ඇත්තු කුඤ්චනාද කළහ. සිංහයෝ සිංහනාද කළහ. සියලු තිරශ්චීනයෝ මධුර නාද ම කළාහු ය. සියලු ආභරණයෝ රාව කළාහුය. දස දිග ප්රනහාස්කන්ධයෝ දිවගත්තාහු ය, සුවඳ මඳ පවන් හැමී ගි ය. අකාලයෙහි වර්ෂා වී ය. මහපොළොව පළා දිය කඳු පැන නැංග. සියලු පක්ෂීහු ආකාශයෙන් ගමන් නැතිව පොළොවට ම බටුවාහුය. ගංහෝවල යන දිය නැවති ගි ය. මහ මුහුද ලුණුදිය නැති ව ගි ය. මුහුද පස්පියුමෙන් සැදී පිරි ගි ය. දියෙහි ගොඩෙහි සියලු මල් පිපී ගි ය. නන් තුරු ලිය මල් භාරයෙන් ගැවසී ගත. බිම් පළා ගල් පළා දඬු පියුම් පෙනී ගි ය. ආකාශ ය මල් වියනින් වැසී ගි ය. මුළු ලොවැ මල්වැසි ධාරා වැසපීය. මුළුලොවැ ධ්වජ මාලාවෙන් පිරි ගි ය. යන මේ දෙ තිස් පූර්ව නිමිත්ත නම් වූ ආශ්චය්ය්ිර්‍ පූජා වෝ ද පහළවූහ. එ දා දෙවියන් කරන පූජා හා මාගේ සවාමිදරුවන්ගේ ඒ ආශ්චය්ය්ූර්‍ හා බුදු මඟුල් වෙන වෙන වර්ණනා කෙරෙම් නම් මාගේ එක මුඛයක් තබා සියක් දහසක් ලක්ෂයක් මුඛයෙනු ත් කියා නිමවනු බැරිම ය.


මෙසේ මාගේ සවාමිදරුවෝ ලොවුතුරා බුදු වලා ‘සියලු ධර්මස්කන්ධයන් මෙනෙහි කොට මීයෙන් පිරි ගිය භාජනයක් යට අවකාශ නැත්තනේ ඉතිරි වැගිරෙන්නා සේ දහම් අමායෙන් පිරුණා වූ ශරීර භාජනයෙන් සඬම්ර්‍ාමෘතය උතුරුවා සුවසු දහසක් ධර්මස්කන්ධයන්ට පළමු වනු වූ:-


අනෙකජාති සංසාරං-සන්ධාවිස්සං අනිබ්බිසං

ගහකාරකං ගවෙසන්තො-දුක්ඛා ජාති පුනප්පුනං

ගහකාරක දිට්ඨොසි-පුන ගෙහං නා කාහසි,

සබ්බා තෙ ඵාසුකා හග්ගා-ගඑකූටං විසංඛිතං,

විසංඛාර ගතං චිත්තං-තණ්හාණං-ඛයමජ්ක්ධගායි


උදන් වසයෙන් මේ මංගල ගාථාවන් දෙදෙනා වදාළසේක.


මෙසේ මාගේ සවාමිදරු වූ බුදුරජාණන් වහන්සේ බෝමැඩ අරා බුදු වූවේලෙහි කාළ නම් දිව්ය් නාගරාජයා නා නළුවන් හා සමඟ කළාවූ සැටදහසක් දිව්යන නාගාදි පූජාය, මාරයුඩයෙහි දි ලද වාතවස්සාදි එකොළොස්මහා යුද්ධ පූජා ය, බුදු වන වේලෙහි මහීකාන්තාවන් කළ එක්ලක්ෂ විසිදහසක් පූජා ය, දෙ තිස් මහා පූර්ව නිමිත්ත නම් වූ ආශ්වය්ය්්ර්‍ පූජා ය, තව ද දසදහසක් සක්වළ වරම් ශක්රි සුයාම සන්තුෂිත සුනිර්මිත පරනිර්මිත කාමාවචර දිව්යම රාජයන් කළ අනූදහසක් පූජා ය, තව ද දස දහසක් සක්වළ රූපාවචර බ්රනහ්මරාජයන් කළ එක් ලක්ෂ පනස් දහසක් බ්ර්හ්ම පූජා ය, යන මේ සාරලක්ෂ විසිදහස් කෙසාලිස් මහා පූජාවක් ලත් හෙයිනු ත්, අවශෙෂ වු අසංඛ්යෙසය පූජා ලත් හෙයිනු ත්, මෙසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනු ත්, ස්වයම්භූ වූ, දශබලධාරි වූ සර්ව ශාස්තෲ වූ, සර්වඥ වූ, දීපදොත්තම වූ මුනීන්ද්රව වූ, භාග්ය්වත් වූ, ලොකනාථ වූ, විනායක වූ, සුගතෙන්ද්රූ වූ, මාගේ සවාමිදරු වූ, මාගේ චින්තා මාණික්යර වූ, මාගේ ම කල්පද්රැනම වූ, මාගේම නිධාන වූ, මාගේ ම සවාමිදරුවෝ මේ මේ කාරණයෙනු දු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදුයේ මැයි:


පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො;

අත්ථානුරූපං “අරහං”ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙ


මේ පූජාවලියෙහිඅප බුදුන් බුදු වන දා ලද බෝධිමණ්ඩල පූජා කථා නම් වූ එකොළොස් වන පරිච්ජෙදය නිමි