පූජාවලිය-භික්ෂාටනාදී අද්භූත පූජා කථා

Wikibooks වෙතින්

පූජාවලිය


සොළොස් වන පරිඡෙදය


තව ද අප බුදුන් මෙම කිඹුල්වත් නුවරදී ම ලද හික්ෂාටනාදි අද්භූත පූජා නම් කවර ද යත්:[සංස්කරණය]

මෙසේ මාගේ බුදුරජාණන් වහන්සේ එ දා බන්ධුසමාගමයෙහි මුදුන් පැමිණ සද්ධම්ර්‍ාමෘතයෙන් අභ‍ිෂෙක දුන් කල ඒ ශාක්යම රජ දරුවෝ බණ අසා සන්තොෂයෙන් නුවරට යන්නාහු සද්ධම්ර්‍ ප්රිබතීන් සිහි මඳව එක රජෙක් වේවයි එක බිසෝ කෙනෙක් වේවයි බුදුන් සෙට දවසට පවරා ගිය කෙනෙක් නැත්තාහු ය.

සවාමිදරුවෝ එ දා රෑ ඒ නි‍ග්රොපධ නම් ආරාමයෙහි දවස් යවා අරුණොද්ගමන වේලෙහි මහා කරුණා සමාපත්තීන් නැඟී දස දහසක් සක්වළ මුළුල්ලෙහි තමන්වහන්සේගේ නුවණනමැති දැල දමා බලා හිරුරැසින් ප්ර්බොධවන පද්මයන් සේ, දෙශනා රශ්මින් ප්රොභොධවන්නාවූ ආය්ය්හර්‍ භූමියට අවක්රාෙන්ත වන්නට නිසිවූ විනෙය ජන පුද්ගලයන් බලා වදාරා අරුණෝද්ගමන වේලාවෙහි සමාපත්තීන් නැඟී උපසථායකයන්ටඅනුග්රලහ සඳහා ද, ශරීරයට සුව සදහා ද, දැවටි කිස නිමවා, හික්ෂාටන වේලාව දක්වා විවික්ත වූ ආසනයෙහි වැඩහිඳ සමවත් සුවයෙන් දවස් යවා, හික්ෂාචාර වේලාවෙහි ලාක්ෂාසරයෙන් තෙත්වූ අභිනව ප්රවබුද්ධ රත් කොබළීල මල්පැහැ ඇති සුරක්ත වූ දෙපට හඳනා සිවුර රන් කතුරෙන් රත්පියුම් පෙති කලබක් කපන්නා සේ දෙදණ ය නාභිය යන තුන් මඩුල්ල වසා සකසා හැඳ, රත්පියුම් කලබක් රන්පටෙකින් වෙළන්නා සේ විදුලිය පතක් සේ දිලියෙන්නා වූ පටිධාතුව බැඳ අටළොස් රියන් රුවන් ඇගෑයෙන් රත්පලස් කඩෙකින් වසන්නා සේ, රත්ගල් මුදුනෙක ලාක්ෂාරස වත්කරන්නාසේ, අටළොස් රියන් ගජකුම්භයක් ප්රරවාල කලාපයෙකින් වසන්නා සේ, රන් දාගබක් ඉඟුල්පතෙකින් වසන්නා සේ, චිත්රගකූට පර්වතයක් බඳු වද මල් රැසෙකින් වසන්නා සේ, ගමන් ගත් පූර්ණචන්ද්රරයා සන්ධ්යාාවලාපටලයකින් වසන්නා සේ, නිග්රොාධ ඵල සමාන වර්ණ සුගත් මහ පවුල් සඟළ පෙරව, පාත්රාා ධාතුව බලා වදාළ සේක.

එ කෙණෙහි පාත්රාධ ධාතූන් වහන්සේ වහන්සේ පාත්ර සථවිකාවෙන් ආකාශයට පැනනැඟී රත් පියුම් ගබෙකින් රත් පියුම් ගබකට වදනා ඉන්ද්රශනීල මාණික්යය භෘංගරාජයකු සේ සුරක්ත වූ ශ්රීද හස්තයෙහි පෙනීගිය සේක. අනන්තාපය්ය්ූර්න්නතවූ සසර ලක්ෂගණන් කෝටි ගණන් පාත්රා් බුදුන් රහතන්ට පිළිගන්වාපු මාගේ ස්වාමි දරුවාණන් අතට එක පාත්ර යක් ආකාශයෙන් අවුත් පෙනී යාම නම් කවර ආශ්චය්ය්පර්යෙකකැයි කියම් ද, මෙසේ පාත්ර ය ධරා වැඩ සිට ගන්ධකුටි ද්වාර ය බලා වදාළසේක.

එ කෙණෙහි බොහෝ සත්ත්වයන්ට නිවන්පුර සොර හැරපු කුශලයෙන් ඒ ගඳකිළියෙහි දොර තෙමේ ම ‘හැරී වැඩි ය මිනව ස්වාමිනි’යි කියන්නකු ාස් එකාංගණ විය. එ කෙණෙහි ස්වාමි දරුවෝ සුවර්ණ සුරහි පුෂ්පොපහාර සමලංකෘත භූමිභාග ඇති සුගන්ධ ගන්ධයෙන් පිරුණා වූ ගන්ධකුටි මුඛයෙන් මෙඝ මුඛයෙකින් නික්මුණු පූර්ණ චන්ද්රටයා සේ, රත්ගල් ගුහායෙකින්නික්සුණු කෙශර සිජහ රාජයක්හු සේ,පිටත් ව ගන්ධකුටි ද්වාරයෙහි වැඩසිටි සේක.

එ කෙණෙහි සුවිනිත වූ-සුප්රායවුත වූ-ශාන්ත වූ ඉඳුරන් ඇති-ශාන්ත වූ සිත් ඇති-අල්පේච්ඡ වූ-සන්තුෂ්ට වූ-ප්රූව්ව්ක්ත වූ-අසං ශෘෂ්ට වූ-වොදක වූ-පාපගර්භි වූ ආරබ්ධවිය්ය්තර්‍ වචනක්ෂම වූ ශිල සම්පන්න වූ සමාධි සම්පන්න වූ ප්රූඥ සම්පන්න වූ වීය්ය් ර්‍ සම්පන්න වූ විසිදහසක් රහතන්වහන්සේ මැණික් සන්නාහබහාලු අලංකෘත වූ ගන්ධහස්ති රාජයන් සේ බුදුන් පිරිවරා සිටගත් සේක.

එ කෙණෙහි මාගේ ස්වාමිදරුවෝ පූර්ව බුද්ධවරයෝ කුලගමට වැඩිදා කෙසේ පිඬු සිඟු දෝ හෝයි පූර්ව බුද්ධචරිතයන් බලා ප්රාඬතිහාය්ය්ූර්‍ දක්ව දක්වා ගෙ පිළිවෙළින් සිඟුහ යි දැක අද මම ද එසේ ම ප්රාිතිහාය්ය්රර්යෙින් සිඟමියි සිතාලා දකුණු ශ්රීම පාදය ඔසවා වදාළ සේක. එ කෙණෙහි මහ ගැල් සකස් සා පියුමෙක් පැන නැඟි ඒ ශ්රීවපාදය පිළිගත: නැවත වාම ශ්රීප පාද යද ඔසවා වදාළ සේක, එසේම අනෙක් මහ පියුමෙක් පැනනැඟී ඒ ශ්රී පාදයද පිළිගත; එ කෙණෙහි ස්වාමිදරුවෝ පියුමක් පිට පියුමක් තබන්නා සේ ඒ පැන නැඟි පියුම් පිට සිරිපා පියුම් තබ තබා නික්මුණුසේක; නැඟු නැඟු පත්ලෙහි පියුම් පෙනේ ම ය, එසවූ එසවූ පත්ලෙහි පියුම් අන්තර්ධාන වේ ම ය.

එතැන් පටන් නුවර දක්වා මඟ උස් තැන් හෙරිතලයක් සේ තැනි ගිය, මිටි තැන් සුළං පිරූ කඹුරු සමක් සේ පිරී ගිය. තව ද එ කෙණෙහි එක් සුළ‍ඟෙක් බුදුන් පෙරට ව දිවගෙන ගොස් මාර්ගයෙහි කැටදඬු පරඬලා ඇම නො තබා පිසහැර තලිපිටක් සේ තනාලී ය. එක් වැස්සෙක් දිවගෙන ගොස් මඟ රජස් සන්හිඳුවා පොද බින්දුයෙන් තෙමා ගිය. එක් පවනෙක් වනකුසුමයන් ගෙන හැර පුරා මඟ මලස්නක් සේ තනා ලීය. වලාකඩෙන් දිව අවුදින් බුදුන් සිරසට පස් පෑ දිස්නා අහස් වියනක් සේ මැවී ආතප නිවා- රණය කෙරෙමින් යෙයි. මෙසේ නැඟු නැඟු පත්ලෙහි පියුම් දක්ව දක්වා වඩනාකල පියුම් ගබෙහි සුරක්ත වූ සුගන්ධ මකරන්දයෝ අනවලෝ මුදුන් දක්වා අහසට පැන නැඟී රන් පර්වතයෙක රුවන්සුණු ඉස්නා සේ, ලාක්ෂාරස ඉස්නා සේ, බුදුන්ගේ රන් වන් වූ ශ්රීැ ශරීර ය හොබවමින් යෙති.


ඉක්බිත්තෙන්: බාහිර වූ පද්මයෙහි උපන් මකරන්දයෙනි....[සංස්කරණය]

ඉක්බිත්තෙන්: බාහිර වූ පද්මයෙහි උපන් මකරන්දයෙනි, අප සදෙනා ඉන්ද දී අප බුදුන්ගේ ශ්රීී ශරීරය තෙපි හොබවා සරහවූ දැයි ඒ මකරන්දයන්ට නින්දා කරන්නවුන්සේ, බුදුන්ගේ ශ්රීන ශරීර- යෙහි සවනක්ඝන බුදුරස් යන්ත්රු නලෙකින් මඩනා ස්වර්ණ රසාධා- රාවන් සේ, බලසම්පන්න වූ පුරුෂයන් මහසම් වඬනා වේලෙහිය මුදුනෙන් නැ‍ඟෙන රශ්මිජාලාවන් සේ, ස්වර්ණ සාගරයෙන් නැගෙන මහ රළපතර සේ, චිත්රවකූට පර්වසතයෙන් නැඟී දිවන ස්වර්ණම හංසරාජ සමූහයන් සේ, එම ස්වර්ණ සාගරයෙන් ඉස් නඟා ඒ ඒ දිග්හි දිවන රන්වන්වූ දිව්යනනාග රාජයන්සේ, සුපුෂ්පිත චම්පක වෘක්ෂරාජයෙක්හි සසුළං පහරින් පැනනැඟී ආකාශයෙහි බම බමා දිවන සපුමල් කඳු සේ ඒ ඒ දිග්හි නික්මිණ.

කෙසේද යත්? දක්ෂිණ භාගයෙන් නාඹ තල්කඳක් සා බුදුරස් ක‍ඳෙක් දිව බුදන් සිසාරා තුන්යළක් පැදකුණුකොට දකුණු දිගින් අසූ රියනක් පමණ තැන් දිව එ දිග වෙහාබා සිටගත. වාම භාග- යෙන් ද නාඹතල්කඳක් සා බුදුරස් ක‍ඳෙක් දිව එ ද බුදුන් සිසාරා තුන්යළක් පැදකුණුකොට අසූරියනක් පමණ තැන් දිව එ දිගද හොබවා සිට ගත. ශ්රී මුඛයෙන් ද නාඹතල්කඳක් සා බුදුරස් ක‍ඳෙක් දිව මුඛ ය තුන්යළක් පැදකුණුකොට සඳමඩුල්ලක්හුගේ ආකාර දක්ව දක්වා අභිමුඛයෙන් අසූරියනක් පමණ තැන් දිව: කොල ! බුදුහු වඩනාසේක, මඟ හරුවයි කිය කියා දිවන පක්ෂපාත අභියුක්තයකු සේ පෙරමඟ හොබවා සිටගත. පශ්චිමභාගයෙන්ද නාඹ තල් කඳක් සා බුදුරස් කදෙක් දිව තුන්යළක් පැදකුණුකොට අසූරියනක් පමණ තැන් දිව පශ්චිම භාගයද හොබවා සිට ගත. ශිරොධාතුවෙන් නාඹතල්කඳක් සා බුදුරස් ක‍ඳෙක් දිව ශිරස තුන් යළක් පැදකුණුකොට දෙවිබඹුන් කැඳවා දෙවුලොව දිවන දූතයකු සේ අසූරියනක් තැන් ආකාශ ය හොබවා සිට ගත.

එ කල මාගේ ස්වාමිදරුවෝ සත්රුවන් ගොනැස් උරවාලු රුවන් කැණිමඬුල්ලෙක ශොභාවෙක් ඇත්නම් තමන් වහන්සේ කරාම හය හයා; තව ද: සඳැස් පිල් විදහා ලීලාපෙත ව රත්ගල් තලා මුදුනෙකින් නික්මුණු රන්වන් මයුර රාජයක්හුගේ ශොභා පැහැරගෙන දහසක් රැස් දහසක් දිග විහිදුව විහිදුවා උදයගිරිතලා මුදුනෙහි ගමන්ගත් ළහිරු මඬලක්හුගේ රශ්මි ප්රාභාව නිෂ්ප්ර භා කෙරෙමින්; තව ද: සත්රුවන් කුඩයෙක උරවා ලූ සත්රුවන් ගොනැස් පෙළක් සේ පෙළ පෙළ බුදුරස්කඳු විහිදුව විහිදුවා තව ද; ප්ර්වාලමය වූ සිරි පතින් සූක්ෂ්ම වූ රන්කොඳු අදනා සේ සුරක්ත වූ සිිවුරෙහි අසු අස්සෙන් සූක්ෂ්ම වූ බුදුරස් කොඳු පිටතට හයව හයවා මෙසේ වඩනා සේක. එ වේලෙහි උභය භාගයෙහි නිල් තණ රන්පට තැනුවා සේ බුදුරස් ගැසි රන්වන්ව ගිය. නො එක් වෘක්ෂලතාවෝ ද බුදුරස් බලයෙන් තුමු තුමූ ද රන්වන් ව නිලපත්රක පෙරළා බුද්ධපූජාවට රන්කැටපත්ගෙන සිටිනා සේ රන්වන් පතින් සැදී සිට ගත්හ.

මෙසේ මාගේ ස්වාමිදරුවන් එදා විසිදහසක් රහතන් පිරිවරා .....[සංස්කරණය]

මෙසේ මාගේ ස්වාමිදරුවන් එදා විසිදහසක් රහතන් පිරිවරා මෙ බඳු වූ බුඬශ්රීාන් දිලිහි දිලිහි වඩනා පරිදි ‘රත්පියුම් සාගරයක් මැදින් ගමන් ගත්තා වූ ස්වර්ණ නෞකාවක් වැනි සේකැ’ යි කියම් නම්; ඒ රන් නම් , මල්වඩා ඔබගේ ශ්රීයපාදමූලයෙහි පිදූකල අපමණ වූ චක්රේවර්ති සම්පත් ශක්රේ සම්පත් ආදි වූ බොහෝ සම්පත් ලැබේ මය; එසේ හෙයින් ඔබගේ ශ්රීිපාද පූජාවට ම සුදුසුවූ; ඔබගේ ගුණ ගෙන වසන සවුවන් පවා කුණපයක් කොට සිතා තමන් පාපිස්නා බිස්සට ත් ගන්නාවූ; ඒ රත් රනින් නිමියාවූ ඒ ස්්වර්ණ නෞකාව ඔබ වැනි ය යි උපමා කොට කියම් නම් අනාදර වේදෝ හෝ යි යන භයින් ඒ උපමාාවත් හැර පියමි.

තව ද ; මාගේ බුදුන් එදා වඩනා ශ්රී විභූතිය “වෛපුල්ය නම් පර්වතයෙන් පැනනැඟී සතර ගවුවක් තැන් එකාලොක කොට සුවාසූ දහසක් මැණික් පිරිවරා චක්ර වර්ති රජක්හුගේ දොරට ගමන් ගත් චින්තාමාණික්යර රත්නයෙහි ශ්රීර වැනි සේකැ” යි කියම් නම්; එසේවූ චින්තාමාණික්ය යෝ‍ දෙදෙනෙක් ඔබගේ ශ්රී පාදයුග්මයෙහි පිරිවර සමඟින් පෙනෙන්නාහු ය; එසේ හෙයින් ඔබගේ ශ්රීරපාද- යෙහි සැඟවී තිබෙන ‘චින්තාමාණික්යෙ රත්න ය වැනි සේකැ’ යි උපමා කියා ඔබට නින්දා නො කෙරෙමි.

තව ; ද මාගේ බුදුන් වඩනා ශ්රීත විභූති ය දොළොස් යොදනෙක පැතිර සිටිනා තූය්ය්ුර්සේීනාවක් හා පස්විසි යොදනෙක පැතිර සිටිනා බ්රාරහ්මණ මණ්ඩලයක් හා අට‍සාලිස් යොදනෙක පැතිර සිටිනා අමාත්ය් මණ්ඩලයක් හා අනූ යොදනෙක් රන් කැති ගෙන පැතිර සිටිිනා යෙ‍ාධ මණ්ඩලයක් හා පන්සියයක් යොදනෙක පැතිර සිටිනා මහා පර්ෂද් මණ්ඩලයක් හා මේ සා මහත් පර්ෂදෙකින් දිලිහි දිලිහි චක්රලවාට ය වට කෙරෙමින් අහසින් නික්මුණාවූ සප්ත රත්න චක්රලවර්ති රජකු වැනි සේකැ යි කියම් නම්; ඒ චක්රනවර්ති රජ නම් බුදුන්ගේ සේවක ය බුදුන්ගේ උපාසක ය, බුදුන්ගේ කුල ගැති ය; එසේ හෙයින් ඒ මාගේ ස්වාමිදරුවාණන්ට නින්දාම වේදෝ හෝ යි යන භයින් ඒ උපමාවත් හැර පියමි.

තව ද; අනූදහසක් ස්වර්ණ හංසයන් පිරිවරා ගගන තලයෙහි ගමන් ගත් ධෘතරාෂ්ට්ර් නම් හංසරාජයා වැනි සේකැයි කියම් නම්; ඒ හංසරාජයා නම් බුදුන් ධර්මකදෙශනා කරන වේලෙහි මහ පියුමක් තුඩින් ගෙන බුදුන්ට පුද පුදා ආකාශයෙහි රන් පැදුරක් අතුළා සේ, පියාපත් විදහා තබා සිතියම ඇඳපු රුවක් සේ, හෙව බණ අසන්නාවූ හංසරාජ‍ෙැයක; මෙසේ ඔබට පූජාවට අවුත් සිටිනාවූ ඒ හංස රාජයා ගෙන ඔබට උපමා කීමෙන් මාගේ බුදුන්ට ම නින්දා වෙති යි ඒ උපමාවත් හරිමි.

තව ද; කෙළලක්ෂයක් පමණ සිංහසේනාව පිරිවරා සැට යොදුන් රත්ගල්තලා මුදුනෙහි ගමන් ගත් කෙශරසිංහරාජයකු වැනි සේකැ යි කියම් නම්; එසේ වූ සිංහරාජයෝ දෙදෙනෙක් බුදුන්ගේ ශ්රී්පාද යුග්මයෙහි සපිරිවරින් පෙනෙති, ඔබගේ ශ්රී්පාද යෙහි සැඟවී වසන්නාවූ ඒ සිංහරාජයා ගෙන ඔබට උපමා කීමෙන් ඔබට ම නින්දා වෙති යි ඒ උපමාව ත් හරිමි.

තව ද; අයමින් විතරින් උනුපනස් යො‍දුන් පමණ ඇති වටින් එක්සිය සත්සාලිස් යොදුන් පමණ ඇති, එකදා ඇතුලත සවිසිලත්ෂ දසදහසක් යොදුන් පලායන ගමන් ඇති, එක්පැයක් ඇතුලත තෙසාලිස් දහස් පන්සියයක් යොදුන් පලා යන ගමන් ඇති, එක විනාඩිකාවක් ඇතුලත සත්සිය පන්විසි යොදුන් පලා යන ගමන් ඇති, එක සුස්මක් ඔසවා එළාලන ඇසිල්ලෙහි එකිසිය විසි යොදුන් සවිසි ඉසබූ ‍ෙතරෙළස් යට එක් රියන් එක් වියත් සතරඟලක් පලායන තරම් ශිඝ්ර‍ වූ ගමන් හා ආනුභාව ඇත්, රාශි ග්රනහයන් දො‍ළොස් දෙනා හා නකත් ග්රආහයන් සත්විසිදෙනා හා පාදයන් එක්සිය අටදෙනා හා පිරිවරා විමාන ග්රවහයන් දහස් ගණන් හා සමඟ දෙලක්ෂ පස්විසි දහසක් යොදුන් දිග ඇත්, මෙෂ නම් මහා වීථියට බැස අභ්රද ය මහීක ය ධුම ය රජස් ය රාහුය යන පඤ්චොපක්ලේශයෙන් විරහිත ව මේ නකත් තරු පිරිවරා සොළොස් කලාවෙන් සම්පූර්ණ ව මැදි පොහෝ දා ගුවන් මුදුනෙහි ගමන් ගත් පූර්ණ චන්ද්ර යා වැනි සේකැයි කියම් නම්; ඒ චන්ද්රපයා නම් රාහු අසුරෙන්ද්රකයා දැකබා බුදුන් කරා දිවගොස් වැඳ බුදුන්ගේ ශ්රීූ පාදමූලයට වැද ගැලවුණාවූ දෙවියෙක, සතුරන්ට බා ඔබ කරා වැද ගැලවෙන තැනැත්තවූ ඔබ හා සමකොට උපමා කියා මාගේ ස්වාමිදරුවන්ට අනාදරයක් නො කෙරෙමි.

තව ද; මාගේ ස්වාමිදරුවන් බුදුරස් කඳින් දිලිහි දිලිහී වඩනා පරිදි සමපනස් යොදුන් අයම් විතර ඇති යෙළ සියයක් යොදුන් වටඇති, දවසෙකින් සත්විසි ලක්ෂයක් යොදුන් පලායන දවඇති, පැයෙකින් පන්සාලිස් දහසක් යොදුන් පලායන තරම් ගමන් ඇති විනාඩිකාවෙකින් සත්සිය පනස් යොදුන් තැන් දිවන, සුස්මක් නඟාලන ඇසිල්ලෙහි එක්සිය පස්විසි යොදුන් දිවන් නාවූ ගමන් හා ආනුභාව ඇති, නවලක්ෂයක් යොදුන් තැන් පැතිර සිටිනා ප්රාභාමණ්ඩල ඇති, ප්රකවාලසාගර ය මුදුනෙහි දසදිග අඳුරු විදහා ගමන්ගත් ළහිරුමඬල වැනි සේකැ යි කියම් නම් ඒ ළහිරු මඬල නම් රාහු අස්රිඳු දුටුදා ඔහුගේ මුඛයට පැමිණ නයකු මුඛ යෙන් ගැලවුණා වූ මැඩියකු සේ මාගේ ස්වාමිදරුවන්ගේ කරුණා මන්ත්රා බලයෙන් ගැලවී, එතැන් පටන් ඒ මාගේ ස්වාමිදරුවන්ට ශීත නිවාරණ ය කළමනා වේලෙහි සමපණස් යොදුන් මිණි පෝරුවක් සේ තෙමේ බුදුන් පිටට පිටා’ ටුවක් ව පූජාකොටෙ ශීත නිවාරණය කෙරෙයි, එසේ වූ ඔබට අත් පා මෙහෙ කරන ඒ ළහිරු මඬල ගෙන ඔබට ම උපමා කිියා ඔබට නින්දා නො කෙරෙමි.

තව ද; තුන් ගවු පමණ උස ඇති. ගවු පමණ මිණි වොටුනු ඇති, දසදහසක් රියන් පමණ දිග අත් ඇති, තුන් දහසක් රියන් දිග වියත් ඇති, දෙසිය පනස් රියන් දිග අතුල් ඇති, තුන්දහස් සත්සිය පනස් රියන් දිග පතුල් ඇති, යහළක් පමණ සුවඳ ව්ලවුන් ගෙන, සැට ගැලක් පුරාලන දිව්යාගභරණ පැලඳ, දෙදෙවුලොව දෙවියන් පිරිවරා; පුළුල සැටයොදුන්, දිග දහසක් යොදුන්, සුදර්ශපන නම් රන් වීථීයට බැස දිව්යැශ්රීින් නික්මුණාවූ ශක්ර්දෙවෙන්ද්රපයා වැනි සේකැ යි ඉදින් කියම් නම්; ඒ දිව්යොරාජයා නම් මාගේ බුදුන්ට සක් පිඹිනා එක්තරා උදියෙක; එසේ හෙයින් ඒ උපමාව ත් හරිමි.

තව ද; සුයාම නම් දිව්යරලොකයෙහි දෙවියන් පිරිවරා නික්මුණා- වූ සුයාම නම් දිව්යදරාජයා වැනි සේකැ යි කියම් නම් ඒ දිව්යශ රාජයා නම් බුදුන් ඇඟට චාමර සලන්නාවූ බුදුන්ගේ ම අතවැස් සෙක; එසේ හෙයින් ඒ උපමාවත් හරිමි.

තව ද; සන්තුෂිතයන් පිරිවරා නික්මුණාවූ සන්තුෂිත නම් දිව්ය රාජයා වැනි සේකැ යි කියම් නම් ඒ මාගේ බුදුන් ඇඟට මිණිතල් වැට සලන්නාවූ එක් අභියුක්තයෙක; එසේ හෙයින් ඒ උපමාවත් හරිමි.

තව ද; සුනිර්මිත දිව්යයරාජයා වැනි සේකැ යි කියම් නම් ඒ තමාගේ මකුට මාණ්ක්යත රශ්මීන් මාගේ බුදුන්ගේ ශ්රීඒපාදයට පූජා කෙරෙයි, එසේ හෙයින් ඒ උපමාව ත් හරිමි.

තව ද; ඔවුන් හැමදෙනාට ම වඩනාවූ ආනුභාව හා තෙජස් ඇති පරනිර්මිත නම් දිව්යටරාජයා වැනි සේකැ යි කියම් නම් ඒ මාගේ බුදුන්ට කුලගැති වූ සේවකයෙක; එසේ හෙයින් ඒ උපමාව ත් බුදුන් කෙරෙහි ගත් ආදරයෙන් ම හරිමි.

තව ද; මාගේ ස්වාමිදරුවාණන් විසිදහසක් රහතන් පිරිවරා එදා වඩනා ශ්රීස විභූති ය “අටසාලිස් ගවුවක් පමණ උස ඇති දොළොස්ගවු දිග රියන් ඇති, සගවූ දිග වියත් ඇති, අඩ ගවු පමණ ඇඟිලි ඇති, සත්ගවු සමාරක් දිග පතුල් ඇති, දොළොස් යොදුන් දිවසළු ඇඳ, සොළොස් ගවු මිණි වොටුනු පැලඳ, එක ඇඟිල්ලෙන් දිවුරසින් දහසක්සක්වළ අලුකෙරෙමින්, දස ඇඟිල්- ලෙන් දිවු රසින් දස දහසක් සක්වළ ඒකා ලොක කෙරෙමින්, ලක්ෂ ගණන් බ්රදහ්මසෙනාව පිරිවරා සහම්පති මහාබ්රලහ්මරාජයා මිනිස් ලොවට නික්මුණු වැනි සේකැ” යි කියම් නම් ඒ බ්රොහ්මරාජයා නම් මාගේ ස්වාමිදරුවන්ගේ ශිරසට කුඩ ලන්නා වූ සරසෙක; එසේ හෙයින් ඔබට මෙහෙතැන් ධූරයකොට සිටි ඒ බ්රකහ්මරාජයා ඔබ හා සමකොට මාගේ මුඛයෙන් උපමා නො කෙරෙමි.

වැළි කා වැනි සේක් ද, කෙසේ වූ උපමා ඇති සේක් ද යත් තමන් වහන්සේ සේ ම ලොවුතුරා බුදුකෙනකුන් ශ්රා්වකගණයා පිරිවරා කුලගමට වඩනා ශොභා වැන්නැ යි මේ උපමාව භය නැති ව ම හරිගස්වා කියමි.


මෙසේ මාගේ ස්වාමිදරුවෝ කිඹුල්වත් පුරයට මෙසේ මහත් වූ.....[සංස්කරණය]

මෙසේ මාගේ ස්වාමිදරුවෝ කිඹුල්වත් පුරයට මෙසේ මහත් වූ ප්රාරතිහාය්ය්රර්‍ දක්ව දක්වා තුන් ලොවට ම කියා ගිවිස්වාලිය නො හැකි, කියා දිව හයාගත නො හැකි, කියා උත්තරයක් කළ නො හැකි, අනුපමෙය වූ අසදෘශ වූ අචින්ත්යත වූ අද්භූත වූ අසාධාරණ වූ බුද්ධහ්රීවන් දිලිහි දිලිහී වැඩ දකුණු ශ්රීූපාද ය එ නුවර මහවාසල ඉන්ද්රලඛීල ය මුදනෙහි පළමුකොට තබා වදාළසේක.

එ කෙණෙහි ඒ ශ්රීය පාද ය ඇතුළට දිගු කිරීම හා සමඟ ම ඒ පය පඤ්චාංගුලියෙහි පඤ්චනඛාග්රදයෙන් බුදුරස්කඳ පසෙක් පඤ්ච මහා ගංගාව දිවුවා සේ ඇතුළු නුවරට දිව නුවර වට තුන්යළක් සිස‍ාරා පවුරු අටලුවල ගැසි ගැසි රැළි දිදී දිව ඇම නු‍වරෙහි ව්යදප්ත ව; තොරන ය, වාසල ය, කවුළු ය, වළඳ ය, යනාදි ය රන්පට රිදිපට පොරවන්නා සේ, රන්දිය වක්කරන්නා සේ, රන්රසයෙන් පුරන්නා සේ, ඒ ඒ දිග්හි දිව එ නුවර දිව්යව පුරයක් සේ වසනක් රසින් අලුකෙළේ ය.

ඒ ආශ්චය්ය්්ර්යෙපහි බන්ධනාගාරයෙහි වසන හස්ති අශ්ව මයුර ශාරිකාදීහු එකනින් නාාද කළහ. බෙර සක් තිඹිලි තන්ත්රි වීණා ආදී තූය්ය්නර්‍ භාණ්ඩයෝ තුමු ම ලූජාවට පටන්ගත්හ. කොල! බුදුහු වැඩියහ, ආභරණ ගලවව, සසුන් වැද මහණ වව යි කියා පොබයන්නා සේ ඇම මිනිසුන් පලන් කනක කටකා දි ආභරණයෝ එ කෙණෙහි ඉපිළ රැවූ දිනහ. මේ මේ කාරණයෙන් මුළු නුවර සත්වයෝ සමුද්ර් ය සේ, ඇළල රළපතර දිවන්නා සේ, පෙර මඟට දිවන්ට පටන්ගත්හ.

ඉක්බිත්තෙන් මාගේ ස්වාමිදරුවෝ මෙ බඳු වූ ප්රාිතිහාය්ය්ිර්‍- යෙන් වාසල් එලියේ වැඩසිට; පූර්ව බුදුවරයෝ කුලනුවරට වන්දා සුඛිතයන් ගෙදොර ම සිඟු දෝ හෝ නො වරදවා ගෙපිළිවෙළින්ම සිඟු දෝ හෝ යි පූර්ව චරිත බල‍ා ගෙපිළිවෙළින් ම සිඟුහ යි දැක; දැන් මම ද මාගේ බුද්ධවංශ දාරිත්රෙය නො වරදවා ම සිඟමින් සිතා වදාරා අපවිත්රු පවිත්ර ස්ථානයෙහි වෙනසක් නැති ව පවත්නා වූ චන්ද්රවකාන්තිය සේ, හීන- මධ්ය ම- උත්කෘෂ්ට වූ සකල සත්ත්වයන් කෙරෙහි ම තමන් වහන්සේ සම ව පවත්නා මහා කරුණා ඇති බවට දොස් කියවන්නා සේ, වාසල් දොර ගෙයි පටන් ගෙන ගෙයක් පන්වා ගෙයකට නො ගොසින් සපදාන චාරිකාව නො වරදවා ඒ විසි දහසක් රහතන් පිරිවරා එදා ගෙපිළිවෙළින් ම සිඟන්ට පටන් ගත් සේක.

ආරාධනා කිරීම පාත්රා් ගැනීම යනාදි ව්යනවහාර දන්නන් තව නැති හෙයින් කිරි ඉතිර වැගිරෙන කල උපන් සන්සලයෙන් තෙන් බල තෙන් බලැ යි කියන බසක් මුත් දර හයා පියන්නවුන් නැත්තා සේ ඇම මනුෂ්යදයෝ ම බුදුන් දැක විස්මය පත් ව බල බලා ම සිටිති; බත් සැන්දක් ගෙනෙන සේ ත් නො දනිත් ම ය; පාත්රාෂ ගන්නා සේ .් නො දනිත් ම ය.

එ වේලෙහි දෙමහල්- තුන්මහල්- පස්මහල්- සත්මහල්- පාවල උඩුමහලින් යටිමහල නො හැඳින වසන්නාවූ බිසෝවරුන් හා කුල සුත්රීන සමූහයෝ සිවුමැදුරු කවුළුවල දොර හැර දිගු පුළුලැ ‘ස් නමැති නිලිපුලින් හා, දත් නමැති කොඳ කැකුළින් හා, මුඛ නමැති පද්මයෙන් හා, බුදුන්ට පූජා කරන්නාහු සඳමඬුලු රන්කැටපත් බඳු වූ මුඛ මණ්ඩලයන් පිටත්කොට බුද්ධ ශ්රීු විඳ විඳ බලන්නට පටන්ගත්හ.

එ කෙණෙහි රාහුල කුමාරයන් වහන්සේට මවු වූ යශොධරා දෙවි....[සංස්කරණය]

එ කෙණෙහි රාහුල කුමාරයන් වහන්සේට මවු වූ යශොධරා දෙවි බුදුහු දොර දොර පිඬුසිඟතියි අසා: “සිද්ධාර්ථ කුමාරයෝ පෙර මෙම නුවර රන් රථයකට පැන නැඟී සුසැටක් ආභරණ පැලඳ ගෙන රුවන් රසින් දිලියෙන අනර්ඝ වූ ඔටුන්නක් පැලඳ ගෙන, ලක්ෂයක් අගනා වූ මුත්හරෙකින් උරමඬල පුරා ගෙන, ලක්ෂ ගණන් ඇමති යොධනළුපිරිස් පිරිවරාගෙන, ශක්රලදෙවෙන්ද්රකලීලා- යෙන්රාජ්යිශ්රීෙ විඳඇවිද්දාහුය, ඒ මාගේ ස්වාමියාණෝ දැන් කෙස් වැටි දැළි රවුලු කපාහැර ඒ ශරීරය වසා රත් පවුලක් පෙරව මැටි පාත්රරයක් අතින් ගෙන, මෙම නුවර පෙරලා මෙම ජාතියෙහි දොර දොර සිඟමින් සිටියෝල, උන් මහණවන්ට ගිය දා ම මා දිවි තුබූ ආදින‍වයෙන් ළාමකවූ, කණටඅමධුරවූ, සිතට අමනොඥවූ, හද වත හුණුකරන්නාවූ මෙසේවූතෙපලක් ඇසීමි, කිමෙක් දෝ හෝ, ඒ සිද්ධාර්ථ කුමාරයන් දුටු යම්ම කෙනෙක් උන්ගේ මහත් වූ ආනුභාව ම කියති; උන්ගේ සිඟමනුත් ඉතාම රිසි යෙයි යෙති; ඒ වෙස උන්ට හොබිදෝ, නො හොබි දෝ, අද මා බැලුව මැන වැ”යි සිතාලා සත්බුමු මහපායෙහි සිංහපඤ්ජරයෙහි දොර අළහ.

එ කෙඛෙහි ප්රි ය වල්ලභයකු දුරට ගොස් අවුදින් තමාගේ ප්රි්ය කානිතාව වසන ගෙට දොර හරවා වැද, ප්රේේමයෙන් ඇය තින් පැහැර, ගෙට වන් පුරුෂ කවරේදැ යි කියා ගේ කුස බලා ඇවිදුනා සේ, ඇය හළ සිංහපඤ්ජර ය හා සමඟ මාගේ ස්වාමි දරුවන්ගේ රන්වන් ශරීරය පැහැර ගේ කුස සිසාරා තුන්යළක් දිව සියලු ගර්භාන්තරය ඒකාලොක කොට යන්ත්ර නළින් දිවන ස්වර්ණ රස ධාරා සේ, බබුළුවා වා කන්කුළු අසු අස්සෙන් පිටත දිවන්නට පටන් ගත.

එ කෙණෙහි ඒ යශෝධරා දෙවි ස්වර්ණ සාගරයෙන් ඉස් දිගු කළ ශ්රීා කාන්තාව සේ, ස්ංහපඤ්ජරයෙන් පිටතට කර දිගුකොට බලන්නි, තමන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හා, අසූ අනූ ව්යදඤ්ජනයෙන්හා, සියලභින් ද්වනබුදුරස් කඳින් හා, ළහිරු මඬ- ලක් සේ දිලිහි දිලිහී විසිදහසක් මහරහතන් පිරිවරා සන් හුන් ලෙසින් සිරිපතුල් ඉදිරියට වඩ වඩා සිිඟන්නාවූ බුදුරජාණන් වහන්සේ දැක, දොහොත් මුදුනෙහි තබාගෙන තුන් යළක් සාධුකාර දී අමාවළෙක ගලා නඟාලූ කනකරූපයක් සේ, සියලඟ ලොමු දහ ගන්වමින් පස්වනක් ප්රීයතින් පින පිනා මත් ව ‘අහෝ සිද්ධාර්ථ කුමාරයෙනි! එ දා මැදයම් රෑ මා වැනි පක්ෂපාත වූ ස්ත්රිරයකටත් නො කියා, රාහුලයන් වැනි එක්වැනි පුතණු කෙනකුන් දැක දැක උන් ඇඟ අතගා සිඹ සනා ත් නො පියා, සොරා ම එකලාව පැලෑ යේ මෙසේ වූ ආශ්චය්ය්ිර්ය ක් ඇති ගමනකට ද, මෙසේ වූ ශරීර ප්ර්භාවක් සොයා ගිය දෑ ද, මෙසේ වූ පර්ෂදක් සොයා ගිය දෑ ද, මෙ නුවර හැරනුඹ ගිය සේ යහපත් ම ය, නුඹ රජසිරි ඇර මහණවූ සේ යහපත් ම ය; නුඹ ලද සැපත නුඹටම හොබීම ය; පෙර නුඹගේ ඓශ්වය්ය්;ර්‍ රාජ්යදයට වඩා දැන් නුඹගේ සිඟන රාජ්යුය ම මට ඉතා ම රිසි යෙයි කිය කියා:


“සිනිද්ධ නීල මුදු කුකඤ්චිත කෙසො

සූරිය නිම්මල තලාහලළාටො,

යුත්ත තුඬ්ග මුදුකායත නාසො

රංසි ජාල විතතො නරසීහො”යි.


යනාදීන් නරසීහ ගාථා අටක් කියා බුදුන්ට ස්තුති කෙරෙමින් කෙශාග්රථය පටන් නඛාග්ර්ය දක්වා රූපවර්ණනාව කොට පියා එ විගස ම මයිලණුවන් ශුද්ධොදන රජ්ජුරුවන්ගේ ගෙට දිව වැද “ස්වාමීනි, මයිලණුවන් වහන්ස! නුඹ පුතණුවන් සිද්ධාර්ථ කුමාර යන් දැන් සත් හවුරුද්දෙකින් තමන්ගේ ම නුවරට ආ තෙනැත්- තවුන්ට එක දවසකුත් නො සිිඟවා බත්දී ලිය නො හෙන්නෙහි ද; නුඹ සිඟාකෑ කෙනෙක් ද, දැන් ඔහු දොරින් දොර පිඬු සිඟමින් සිටියෙ‍ේ ය, නුඹ සේ වූ දරුවන්ට දැඩි කෙනෙක් නැත, නුඹ ගෙයි හිඳ කුමක් කරන දෑ ද” යනාදීන් මයිල් රජහට දෙඩූහ.

රජ්ජුරුවෝ බුදුන් හා විසිදහසක් මහරහතන්ට පැන් නො වකා....[සංස්කරණය]

රජ්ජුරුවෝ බුදුන් හා විසිදහසක් මහරහතන්ට පැන් නො වකා චතුමධුරයෙන් කිරිපිඬු පිසවන්නාහු යෙහළිණියන් අතින් පුතණුවන් වහන්සේ සිඟිති, යන බස් අසා කඳුළු පිරුණු ඇස් ඇති ව, ඉතා මහත් ලජ්ජා ඇතිව,එකතින් සළු පට රඳව රඳවා දිව ස්වර්ණ සාගරයෙහි දිය පිහිරා දිවන අනන්ත නම් දිව්යඡ නාගරාජයා සේ බුදුරස් පිහිර පිහිරා බුදුන් කරා දිව ක්ෂිර සාගර- යෙහි ගැලෙන්නකු සේ පුතණුවන්වහන්සේගේ චරණ නඛමයුඛ යෙහි ගැලි ගැලී වැඳ “ස්වාමිනි, මාගේ ප්රි ය පුතණුවන් වහන්ස, මට මේ සා මහත් පරිභවයක් කුමක් නිසා කොට වදාළසේක් ද, අද මේ මුළු දඹදිව තෙසැට දහසක් රාජධානියෙහි ‍ෙතසැට දහසක් රජුන් හා මහ සෙනග අවු නමුත් පැන් නො වකා සුවඳ හැල්සාලේ කිරි බත් දෙත් පොහොසත්මි, මෙතෙක් රහතන් හා නුඹවහන්සේට මා බත් දී ලිය නො හෙති යි සිතූ සේක් ද, කුමක් නිසා ස්වාමිනි! මට පරිභව කොට දොරින් දොර සිඟා වදාරන සේක් දැ’යි කීහ.

එ වේලෙහි ස්වාමිදරුවෝ වදාරණ සේක් “මහරජ, මේ මාගේ වංශයෙහි සිරිතක්ම ය”යි වදාළසේක, රජ්ජුරුවෝ එ බසට “පුතණුවන් වහන්ස, කුමක් වදාරන සේක් ද, නුඹවහන්සේගේ වංශය නම් මහාසම්මතාදිරාජවංශයය; ඒ මාගේ වංශයෙහි සිඟා කෑ එක රජෙකුත් නැත. නුඹවහන්සේගේ ඒ වංශයෙහි එක මුතුන් රජකු සෙසු සම්පත් තබා බැණ නැඟි බස හා සමඟ මහ නෙල්මල් සුවඳමුඛයෙන් සතරගවුවක්තැන්දිවෙයි. එක්මුතුන් රජකු අහස බලා අත් පොළපී කල එ කෙණෙහි දෙවුලොව වෙවුල්වා සතිස් යොදනක් මානයෙහිදණ පමණ කටි පමණ සත් රුවන්වැසි වැස පියයි. එක් මුතුන් රජකු අමාත්ය යන්ට ප්ර්සාද දෙමි යි කියා පතුල් දෙකඉන් ඊ ගාලු වේලෙහි චින්තාමාණික්යසය සේ කැමැති කැමැති සම්පත් වැගිරෙයි. මෙසේ මෙසේවූ නුඹගේ වංශයෙහි තුන්ලක්ෂ සූතිස්දහස් පන්සියඑකානුවක් මා ඇතුළු වූ රජුන් අතුරෙන් නුඹ සේ සිඟා කෑ එක රජෙකුත් නැත; වංශ චාරිත්ර්යෙකැයි මාගේ වංශයට හෙළා වදාළසේක් නැ” යි කීහ.

එ කෙණෙහි ස්වාමිදරුවෝ “මහරජ, තාගේ මේ මහාසම්මත වංශය ය, මාගේ දීපඬ්කරාදි බුද්ධවංශය, ඒ මාගේ වංශයෙහි එක බුදු කෙනෙකුන් මවුකුස වසන කල පවා අසූරියන් ගෙයි පහන් නැඟුව මැනවැ යි නැත. එක බුදුකෙනෙකුන්ගේ ඇඟින් නික්මුණු රසින් දසදහසක් සක්වළ බබළා හිරු සඳු කදෝකිමියන් සේ නිෂ්- ප්රශභා කොට පීය. එක බුදුකෙනෙකුන්ගේ ඇඟින් නික්මුණු රශ්මි මණ්ඩලයෙන් පස්විසි යොදුන් තැන් දිවාරාත්රිණයෙහි වෙනසෙක් නැත. මෙසේ මෙසේ ආනුභාව සම්පන්න වූ මාගේ වංශයෙහි හැම බුදුහුම කුල ගම ගෙ පිළිවෙළින් සිඟුවාහුමය, එසේහෙයින් තාගේ රාජ වංශයය, මාගේසිඟනවංශය”යි බුද්ධවංශය සංකේෂ- පයෙන් වදාරා පියරජ්ජුරුවන් මුහුණ බලා අනර්ඝ වූ නිධානයක් ලත් පුතණුකෙනකුන් ඉන් අනර්ඝ වූ රුවනක් තෝරාගෙන පියාණන් දැක පළමුව දුටු සතුටු පඬුරට දෙන්නා සේ, තමන් වහන්සේගේ සද්ධර්ම නමැති නිධානයෙහි පිධානය හැර ගාථා නමැති රුවනක් දෙනු කැමැති ව:


උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්යා- ධම්මං සුචරිතං චරෙ.

ධම්මචාරි සුඛං සෙති- අස්මිං ලොකෙ පරම්හිච.

යන මේ ගාථාවෙන් බණ වදාළ සේක. ඒ ගාථාව අසා රජ්ජුරුවෝ යෙළ දහසක් කෙලෙසුන් ගෙවා දහසක් නයින් සම්පූර්ණ වූ සෝවාන් ඵලයට පැමිණියාහු ය. නැවත බුදුහු:


ධම්මං චරෙ සුචරිිතං - න නං දුච්චරිතං චරෙ,

ධම්මචාරී සුඛං සෙති - අස්මිං ලොකෙ පරම්හි ච- යි.

යනමේගාථාව වදාළසේක, ඒ ගාථාවගේ කෙළවර අන්තාක්ෂරය හා සමඟ රජ්ජුරුවෝ සෙදගැමි මාර්ගයයට පැමිණියාහුය.

ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ රාජවීථි මධ්යියෙහි දී ම මෙසේ බුදුන් අතින් බණ අසා, සෝවාන් සෙදගැමිව බුදුන් අතින් පාත්ර ය ගෙන විසි දහසක් රහතන් හා සමග බුදුන් රජගෙට වඩාගෙන ගොස් මධුර වූ ආහාරයෙන් දන් වැළඳ වූහ. වළඳා අන්තයෙහි සතළිස් දහසක් නාටකස්ත්රිු දිව අවුදින් බුදුන්වැඳ එකත්පස්ව සිටියාහ. එ වේලෙහි ශුද්ධෝදන රජ්ජුරුවෝ යේළණියන්ට “පුතණ්ඩ, අවුදින් තෙපි ත් බුදුන් දැක වැඳ ශොක සන්හිඳුවා ගන්ව”යි කියා යැවුවාහුය. එපවත් අසා යශොධරාදෙවී “තමන් පුතණුවෝ සිද්ධාර්ථ කුමාරයෝ ඉතාමදැඩියහ, තපසට යන්නාහු මට නො කියා, පලා ගියහ,මම උන්ට පක්ෂපාතව විසීම් නම්, උන්කරේ සබා ගුණ රසයක් ඇති යෙම් නම්, ඔහු මාගේ ගෙට එති, ආ කල වඳිනෙම් වේ දැ” යි කියා නො ගියහ. ශුද්ධෝදන රජ්ජුරුවෝ මෙ පවත් බුදුන්ට සැල කළහ.


එ වෙලෙහි බුදුහු “ ඒ යශොධරා දේවීන් පෙර සසර බොහෝ කලක්....[සංස්කරණය]

එ වෙලෙහි බුදුහු “ ඒ යශොධරා දේවීන් පෙර සසර බොහෝ කලක් පක්ෂපාතවම ආ නියාවත්, ඒ යශොධරා දේවින් මුල්කොට පාරමිතාවන්කුළුගත් නියාවත්, උන්ගේම සහායයෙන් පුත්ර භාය්ය්ුර්‍ාදි පරිත්යාසගකොට දැන් ලොවුතුරා බුදුව මුළුලොවට වැඩ කෙරෙමින් සිටියෙමි’ මා විසින් නෘතොපකාරයෙහි මුදුන් පැමිණිය මනාවේ දැ” යිත් සිතාලා බුද්ධාසනයෙන් පැන නැඟි “මහරජ! එබැවින් යශොධරාවන්ගේ ගෙට යම්හ. පාත්රිය තෙපි ම ගනුව”යි පාත්රාග ධාතූන් වහන්සේදීලා රජ්ජුරුවන් පළමුකොට ලා තමන් වහන්සේ පස්සෙහි වඩනාසේක් සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ළඟට කැඳවා වදාරණසේක් “මහණෙන්, මම රාගාදි කෙළෙස් මුහුදු පිනා ගොඩදැකසිටියෙමි, ඒ යශොධරා දේවි තව කෙලෙස් මුහුද ඇවිදිනී, මා නැඟියාවූ තොටටපැනනැංග නුහුණුව, එෟ මට සසර බොහෝදුක් ගත, මා කෙරෙහි දීර්ඝකාලයක් නො නැසී පැවැත්තා වූ මහත් වූ ප්රෙඟම සමූහයන් ඇත්තී ය, ඇය සසරින් ගොඩ නඟාගන්නා තෙක් ඇගේ ම චරිතයෙන් ඇය ම සන්තොෂ කරවනු කැමැත්තෙමි, අද ඕ තමා සිත් සේ අඬා මොරගා පියන ආසවාදයක් නො ලද්දි නම් මා කෙරෙහි ශෝකයෙන් ළය පැළී මියෙයි, ආසවාදයක් ලත්නම් මාගේ සසුන් වැද මහණව දාසක් බිසෝවරුන් හා සමඟ අමා මහ නිවන් දක්කී, එසේ හෙයින් ඇය තමා සිත් සේ අඬා වැලප ශොක නිවාගන්නා තෙක් කවුරුත් නො වළකව”යි වචාරා ලා දෙවීන්ගේ ශ්රීක යහන් ගබඩාවට වැඩ පනවන ලද බුද්ධාසනයෙහි වැඩ හුන් සේක.

යශොඅධරා දෙවී එදා බුදුන් තමන්ගේ ගෙට වඩනා බවු දැන පන්සියයක් පරිවාර ස්ත්රීාන් හා සමඟ කෙස්වැටි කපාහැර කෂා පිළි පෙර ව බල බලා සිටියාහු, බුදුන් අවුදින් වැඩහුන් වේලෙහි සාරාසඩ්ඛ්යබකප්ලක්ෂයක් මුළුල්ලෙහි ආවරණයක් නැතිව සමඟින් දිවුවා වූ පෙම් වතුරු රඳවාගත නොහි ප්රෙැමයෙන් ම උමතුව “මම ස්ත්රිනයකිම් වේ ද, මුන්වහන්සේ ලොවුතුරු බුදු වේ ද් දැ” යි සිහි එළවාගත නො හී බුදුන්ගේ ශ්රී පාදමූලයට ගොස් මුලින් සිඳ හෙළූ රන්ලියයක් සේ ශ්රීරපාදමූලයෙහි වැටී බුදුන්ගේ දෙපය ගොප්මස අලිවාගෙන, ශ්රීයපාද ය තමන් හිස්මුදුනෙහි තබාගෙන හඬ හඬ‍ා වැඳ ශොක සන්හිඳුවා සිහි එළවාගෙන නැවත බුදුන් කෙරේ හා මයිලණුවන් කෙරේ හා උපන් මහ ලජ්ජාවෙන් විළි ඇති ව මා කෙළේ කිම් දෝ හෝ යි භය ඇති ව එකත් පස් ව හුන්නාහුය.

ඒ වේලෙහි ශුද්ධොදන රජ්ජුරුවෝ “ මේ කිමෙක් දෝ හෝ, මේ ලෝකයෙහි දෙවියෙක් - බඹෙක් - මරෙක් - රජෙක් - සිටෙක්- බමුණෙක් බුදුන් ඇඟ අතගාන්ට පොහොසත් වූ එකද සතෙක් නැත, ම යේළී ස්ත්රීුව සිට බුදුන්ගේ පය අල්වාපුව, එසේ හෙයින් බුදුන්ට අනාදරකළාය, බුදුන් සිත කලකිරී ගියේ දෝ හෝ, ම යේළියට පවුපිරී ගියේදෝ හෝ”යි සිතා “ඈ ක්ෂමා කරවමි” යි කියන්නාහු “ ස්වාමීනි! මාගේ යේළණියෝ මේ යශෝධරාවෝ නුඹ වහන්සේ කෙරෙහි අධිකවූ ප්රේාම ඇතියාහු ය, නුඹවහන්සේට ඉතා පක්ෂපාත යාහුය, නුඹවහන්සේ මහභිනික්මන් කළදා නුඹ වහන්සේ ස්වහස්තයෙන් ඉසකේවැටිය කපාපිිහ යි අසා තුමූ ද ළෙහි අත් ගසා හඬා ගෙන මේ ශ්රීපයහන් ගබඩාවට ම දිව අවුදින් උනාපී කළ විළුඹ පැහැර තුන්පටෙකින් රැළි දි දී උඩ බලා සිට ගන්නාවූ අඳුන්රැසක්වන් හිසකේවැටිය කරයක් බලා‍ තමා සිය අතින්ම කපා දමාපුව. තව ද: නුඹවහන්සේ කෂාකඩක්පෙරව ගත්හ යි අසා තොමෝ ද කශිසළු නො හැඳ මේ සත්හවුරුද්ද මුළුල්ලෙහි අද දක්වා තෙලෙ කෂාපිළි ම හැඳි ය.

තව ද: නුඹවහන්සේ එක් වේලේ වළඳති අසා තොමෝ ද මේ සත්හවුරුද්ද මුළුල්ලෙහි අදදක්වා රෑ බතෙක රස නො දන්නීය. තව ද: නුඹවහන්සේ මැටිපාත්රකයක්ගෙන සිඟතියි අසා තොමෝද මේ සත්හවුරුද්ද මුළුල්ලෙහි රන් වළඳින්නොකා මැටිපාත්ර යෙකින් ම කැව. තව ද: නුඹවහන්සේ උසසුන් මහසුන්වල නො සැතපෙති යි අසා තොමෝ ද මේ සත්හවුරුද්ද මුළුල්ලෙහි මහා යනාවෙක වැද නො හොත්තිය. තවන ද: නුඹවහන්සේ මල් සුවඳ නොපලඳිතියි අසා මේ සත්හවුරුද්ද මුළුල්ලෙහි තොමෝ ද මල් සුවඳ නො පැලන්දීය. තව ද: තමාගේ බොහෝ වූ නෑ රජදරුවන් අපි රකුම්හ, අපි රකුම්හ යි කියා වෙන වෙන ම බොහෝ පඬුරු එවූකල ගිවිස්නා තබා ඔවුන්ටතෙපුල් පමණකුත් නො දී නුඹවහන්සේට ම මහත් වූ ගුණ ඇතියහ, ඉතා ශික්ෂිත යහ, ඇය නො දැන කළ වරද ක්ෂමා කොට වදාළ මැනවැ යි” කීහ.


ස්වාමිදරුවෝ වනාහි වෙස්සන්තර ජාතියෙහි බමුණාට බැඳ දෙන වේලෙහි...[සංස්කරණය]

ස්වාමිදරුවෝ වනාහි වෙස්සන්තර ජාතියෙහි බමුණාට බැඳ දෙන වේලෙහි ක්රිරෂ්ණජිනා නම් ප්රි ය දියණියන් තමන් වහන්සේ ගේ පය අල්වාගෙන හඬන වේලෙහි උපන් මහා කරුණා සේම දේවීන් කෙරෙහි ද පියකු පය අල්වාගෙන අඬන දුවක කොට සිතා උපන් මහා කරුණාවෙන් වැඩහුන් සේක් ම ය. කාරණ කිමය යත්:-

පෙර සාරාසඩ්ඛ්යු කප් ලක්ෂයෙකින් යට මාගේ බුදුන්ට බළමු වන විවරණ දුන්නා වූ දීපඩ්කර නම් බුදුන් සමයෙහි එම රම්යනවතී නම් නුවර බහුධන කුලයෙක සුමිත්රා් නම් කුල ස්ත්රියයක් ඒ බුදුන් ගිහිකල අග මෙහෙසුන් වූ පදුමා නම් බිසවුන්ගේ අසූරියන් ගෙයි පාන් නො ලවන ශරීර ප්රදභා හා රූපශ්රීස දැක “මම ද මෙසේ වූ රූසිරි ලදිම් නම් මැනවැ” යි සිතා රූ ලබන පින් දනුමැතියන් අතින් විචාරා සිල් රක්ෂාකළ ස්ත්රී රූපයෙන් අග්ර වෙතියි අසා තොමෝ ද බොහෝ ධන හැර තවුස් වෙස් ගෙන පරිබ්රාතජිකව සිල් රක්ෂා කරන්නී “මෙ පිනින් මම මතු රූපයෙන් අග්රබව එක්තරා එක් බුදු කෙනෙකුන් බුදුවන ජාතියෙහි මේ පදුමා නම් අගබිසවුන් සේම දහස්ගණන් ස්ත්රීහන්පිරිවරා අගමෙහෙසින් වෙම්ව”යි පත පතා නොයෙක් කුසල්රැස්කරන්නාවූ ඒ පරිබ්රාෙජිකාවෝ එ දවස් මාගේ බෝධිසත්වයන් විවරණ ලබන කාලයෙහි බුදුන් පෙර මඟට මල් ඇගෑ, පාන් ඇගෑ, බුලත් ඇගෑ, මල් තොරන, පාන් තොරන, බුලත් තොරන, මල්මිටි, මල්කඳු, සුවඳකඳු, ගෙනපින් ලෝභයෙන් ඔවුනො ‘වුන් පරයා දිවන මිනිසුන් දැක තුමූ ද මහ නෛල් මල් අට කබලක් මුදුනෙහි තබාගෙන බුදුන්පෙරමගට දිව, ඒ බුදුන්ගේ අසූරියන් බුදුබඳින් දිවන සවනක් රසුන් හා, බුදුන් ගේ රූපශ්රීන හා, දෙතිස් අසූ ලකුණු දැත පිනා “ මේ ලෝකයෙහි පින්වත් වූ ස්ත්රී‍ නම් මෙ බඳු වූ ස්වාමියක්හට පක්ෂපාත වූ ස්ත්රිියක් මය”යි කියකියා බලන තෙනැත්තිපස්සෙහි වඩනා උසභක්ඛන්ධ නම් වූ පුත් මහතෙරුන් සඳුට වූ නකත් තරුවක් සේ දිලි යෙන්නවුන් දැක බුදුන්ගේ ශ්රී මුඛ ය හා පුතණුවන් වහන්සේගේ ශ්රී මුඛ ය හා එක්වැනි සේ බලා බුදුකෙනකුන් හා එක්වැනි වූ මෙ වැනි පුත්රුවනක් වදාපී ම බුදු කෙනකුන් ම වැදුවා වැන්න, මෙ සිරි මට ත් වාසනා වේ ව”යි සිතූහ.

සෙසු ස්ත්රීවන්ගේ රූප ශ්රීස බලා මේ රූප ශ්රී මට ත් වේව යි සිතීම ද, පුරුෂයන්ගේ වික්රලම බලා මේ පුරුෂයා මට වල්ලභ වේව යි සිතීම ද, අනුන් දරුවන්ගේ සුරතල් බලා මෙ වැනි දරුසිරි මටත් වේව යි සිතීම ද, සියලු ස්්ත්රී න්ගේ ස්වභාව ධර්මයෙක් ම ය.

ඒ කාරණයෙන් යටකී සේ සිත සිතා බුදුන්ගේ ශ්රීව බල බලා පුත් මහතෙරුන් එන ලීලා බල බලා පදුමා නම් බිසවුන් ලද දරු සිරි සිත සිතා දෝත් මුදුන් දී බුදුන්වැඳ වැඳ එන්නාවූ ඒ පරිබ්රාරජිකාවෝ සුවන් මේ කඳුරෙහි දී දිවි දී වැදහොත් බොධිසත්ත්වයන් දැක “ මේ සුමෙධ තාපසයෝ මහණෙනි! මතු ගෞතම නම් බුදු- වෙති”යි කියා පෙරකී සේ බුදුන් වදාළ විවරණ කථා අසා “මාගේ ප්රාණර්ථනාව අද මේ වීර පුරුෂයා නිසා ඒකානිතයෙන් සිද්ධ වේ මය” යි එම විිට ම බෝසතුන් කෙරෙහි ප්රේතම බැඳ තමා ගෙනයන මහ නෙල්මල් අටක ලබින් පස්කලබක්ගෙන; ගෙල පිනින් පස්මරුන් බින්ද මැනවැයි කියන්නා සේ, බෝසතුන් නමට පුදා; මතු තුන් පායෙහි එක් ව සුව විඳීමට කාරණ පානා සේ, තුන් කලබක් තමන් නමට පුදා; “මේ ස්වාමීහු මතු බුදුවන ජාතියෙහි මේ බුදුන් දැන් විවරණකථාවෙහි වදාළ යශොධරා නම් අගබිසෝ තනතුරු මටම ලැබ්ව යි, තව ද මෙම බුදුන් වසාළ රාහුල නම් පුත්රුවන මාගේ කුසින් ම වදා දෙම්ව”යි මෙසේ තුන්යළක් පැදකුණු කොට ප්රාසරිථනා කළාහුය. මුයෙන් නොබැණ ඉවසුයෙන් මා කළාවූ ප්රා රිථනාව ඒකාන්තයෙන් සිද්ධවේමය යි අතිශයින් සතුටු වූ ඒ පරිබ්රානජිකාවෝ නම් දැන් මේ යශෝධරා දේවීම ය, සෙසු අසුමහ සවු- අගසවු ආදිවූ මහා ශ්රා වකයෝ පවා කප් ලක්ෂයක් හෝ එකා සඩ්ඛ්ය- කප් ලක්ෂයක් හෝ පැරුම් පුරා ආවාහු ය.

මේ යශෝධරා දේවී දුරෙනිදානයෙහි දී ම ප්රා ර්ථනා කොට මේ සාරාස‍ීඬේඛ්යහය කප්ලක්ෂය මුළුල්ලෙහි බුදුන් හා සමග බුදුන් අත් නො හැර බුදුන්ට පක්ෂපාතවම ආවාහුය. මේ බුද්ධශාසනයෙහි මේ යශෝධරා දේවීන්ට බඩා හෙතුසම්පත් ඇතිව බුදුන් හා එක්ව පින්කළ කෙනෙක් අනෙක් කිසිකෙනෙකුන් නැත්මය. මේ මේ කාරණයෙන් මාගේ ස්වාමිදරුවෝ ඒ පන්සාලිස් හවුරුද්ද මුළුල්ලෙහි දෙවියකු- බබඹකු අතගාපිය නුහුණුවාවූ ඒ ශ්රීෙපාද නමැති පියුම් දෙක ස්ත්රීදව සිට ඒ යශොධරා දේවීන් අල්වාගත් වේලෙහි ත් මේ පූර්ව චරිත පරීක්ෂා කොට උදාර වූ කරුණාවෙන් ම වැඩහුන් සේක් ම ය.

තව ද; සසර ඇවිද.....[සංස්කරණය]

තව ද; සසර ඇවිද අසඬ්ඛ්ය. ගණන් කල් හැර මාගේ බුදුන් බුදුවන මෙම කප උදයභද්ද ජාතකයෙහි ලොකාලොක දිවා කර වූ මාගේ බෝසතාණන් වහන්සේ උදය නම් රජ ව දශ රාජ ධර්මයන් පූර්ණය කළ සමයෙහි කනක රූපයක් වැනි වූ ස්ත්රීන රූපයෙන් සත්සියයක් හවුරුදු එකයානේ සැතපී එක දවසෙකත් බ්ර හ්මචය්ය්්ර්‍ාවට අන්තරායක් නො කොට අප දෙදෙනා අතුරෙන් පළමු ව මිය පරරලොව ගිය කෙනෙක් අවුදින් උපන් තැන කියම්හ යි ප්රලතිඥා කොට පළමු ව බෝසතාණන් වහන්සේ මිය ශක්රොදෙවෙන්ද්රපව ඉපද පෙරකල ප්ර තිඥාවෙන් මිදෙමි යි තමන් වහන්සේගේ සිල්වත් කම ත් පරීක්ෂා කෙරෙමි යි ලක්ෂයක් අගනා රන් තලියක් අනර්ඝ වූ ඝනරනින් පුරා අත්ලෙහි තබාගෙන මධ්යඅම රාත්රිපයෙහි සඳල්ලට බැස:


“එකා නිසින්නා සුචි සඤ්ඤතුරු

පාසාදමාරුය්හ අනින්දිතංගි

යාචාමි තං කින්නරනෙත්තචක්ඛු

ඉමෙ “කරන්තිං උභයො වසෙම” යි.

නාදීන් කියා ඔවුන්ගේ සිවුසැටක් පමණ ස්ත්රී” ලක්ෂණයන් වර්ණනා කොට කියන්නාහු, තොපගේ දිගු පුළුලැ ‘ස් නමැති නිලි පුලින් හා, දත් නමැති කොඳ කැකුළින් හා, මුඛ නමැති පද්මයෙන් මාගේ කාමනමැති භාඬ්ගයන් ප්රුබොධකරව, සොඳුර, දෙදෙවු ලොව දෙවියන්ට අධිපති වූ සක්දෙවු රජ නම් මම ය, මාගේ අඩු තුන් කෙළක් පුරඟනක් හැර තොපම කෙරේ ලොභයෙන් අයිමි, තොපගේ සමණන් මළහෙයින් තෙ‍ාපට පරදාර ය ද නැත, මේ ලක්ෂයක් අගනා ඝනරන් තලි ය තොපට පණයම් නිසා දෙමි, අද මේ එක රැයට මට ැවසරයක් දෙවයි කී වේලෙහි “දිව්යදරාජයකු වේව යි මනුෂ්යව රාජයකු වේව යි මාගේ ස්වාමීන් උදය නම් රජ්ජුරුවන් හැර අන්යා සත්ත්වයකු ප්රා්ර්ථනා නො කෙරෙමි, ශක්රුය! තෝ අනෙක් දවසෙක මේ දිශාවෙහි නො අවුත් මා කෙරෙහි ආලය හරැ”යි සිංහ ගර්ජනා කොට ශක්රියා යවා, දසදහසක් හවුරුදු මුළුල්ලෙහි පතිව්රරත්රා් ධර්මය මළ සමණන් වහන්සේ නමට රක්ෂා කළා වූ ඒ උදයභද්ද ඉදෙවි නමු දු දැන් මේ යශොධරා දෙවී මය.

තව ද: දශරථ ජාතකයෙහි ත්රි භුවන චූඩාමාණික්යළ වූ අපගේ මහබෝසතාණන් රාමනම් රජව දිව්යහලොකයට නැඟි අසුරයන් පවා යුද්ධයෙන් ජයගෙන මහත් වූ වික්රලම දක්වා මිනිස්ලොවට බැස දඹදිව දශරාජධර්මයෙන් රාඩ්යරයකොට ශෝක කිරීමෙහි ආදීනව ලෝවැසියන්ට දක්වා ලෝවැඩකළ සමයෙහි සොළොස් දහසක් හවුරුදු මුළුල්ලෙහි අඛණ්ඩ වූ පතිව්ර තා ධර්මය රක්ෂා කළ ඒ සීතා‍ නම් දෙවී නමුදු දැන් මේ යශොධරා දෙවී ම ය.

තව ද: චම්පෙය්ය් ජාතකයෙහි කරුණා නිධාන වූ අප මහ බෝසතාණන් චම්පෙය්යෙ නම් දිව්යෙ නාගරාජන් ව නාග භවනයෙහි දී සිල් රක්ෂා කළ නො හැකි හෙයින් මනුෂ්යණ ලොකයට එකලා ව අවුදින් පෙහෙවස් ඉටා නෛෂ්ක්රෂම්යක පාරමිතාව ය, අධිෂ්ඨාන පාරමිතාව ය, ක්ෂාන්ති පාරමිතාව ය, ශීලපාරමිතාවය යන පාරමිතාවන් සතර දෙනාගේ මුදුන් දුටුවා වූ සමයෙහි අභිතුණ්ඩිකයා අතට සම්ප්රාරප්තව තිස් දවසක් මුළුල්ලෙහි ගොදුරු නො ලදින් නිරාහාරයෙන් මහ දුක්ගන්නාදා තුමූ සොළොස් දහසක් නාගාංගනාවන්ට නායක ව, නාග භවනයෙහි සමණන් වහන්සේ නො දැක උපන් මහා ශෝකයෙන් එකලාව ම නික්ම ඉස අත තබාගෙන හඬ හඬා නම් සලකුණු බල බලා සමණන් වහන්සේ ගෙන ගිය මග නො වරදවා ගොස් රජ පිරිස් මැද කෙළවන්නා දැක, රජහු බල බලා සිටිය දී මහ හඬින් හඬ හඬා වැලප ඒසා රජපිරිස විස්ම ය පත් කරවා සමණන් වහන්සේ වූ පරිදි ත්, තමන් වූ පරිදි ත්, රජහට කියා රජු පහදවා ගෙන බෝසතුන් ගලවා නාග භවනයට ම ගෙන ගොස් මෙසේ බොහෝ කලක් ඔවුනොවුන් කෙරෙහි කරුණා ඇතිව එක්වම දිව්යුශ්රීෙ හුන්නාවූ එසමයෙහි ඒ සුමනා නම් අගදේවී නමුදු දැන් මේ යශොධරා දෙවී ම ය.

තව ද: ජයද්දිස ජාතකයෙහි කරුණා ප්රාවාහ වූ අප මහ ඩබෝසතාණන් අලීනසත්තුනම් රාජකුමාර ව පියමහ රජ්ජුරුවන් මාරුවෙහි ජීවිතය පූජා කොට, පිතුපට්ඨාන ධර්මයෙහි කෙළ පැමිණියා වූ සමයෙහි, පෝරිසාද නම් මිනිස් යකුට බිලියමට ගිය දා මම මාගේ ස්වාමීන්ට ඒකාන්තයෙන් පක්ෂපාතවීම් නම් පතිව්රේතා ධර්ම ය රක්ෂා කෙළෙම් නහ් ඒ සබවස හෙතුකොට ගෙන සමණන් වහන්සේට ඒ යක්ෂයාගෙන් අද කිසි උපද්ර්වයෙක් නො වේව යි සත්ය ක්රිදයා කොට තමන් කළ සත්යොක්රි යා බලයෙන් ම එදා එක්ව රාජ්යයය කළා වූ ඒ අගමෙහෙසින් දෙවී නමුදු දැන් මේ යෂොධරා දෙවී ම ය.

තව ද: චුල්ලසොතසොම ජාතකයෙහි කරුණා ගංගා වූ අපමහ බෝසතාණන් සුතසොම නම් රජව සුවාසූ දහසක් හවුරුදු රාජ ධර්මයන් පුරා පළමුවන නරය දැක මරණය දිව අවුදින් පෙරට ව සිටියා සේ භය ඇති ව, අනිත් ලකුණු උපදවා සියලු සතුන් අනිත්යියෙහි පිහිටුවා රාජ්යඅහැර ගොස් මහණ ව නෛෂ්ක්රතම්ය‍ පාරමිතාව හා ශීලපාරමිතාව හා දෙක අළලාපු සමයෙහි සමණන් වහන්සේ නැති රාජ්යමය මට ඇයි දැයි දැරි ඇති බඩින් අමාත්යවයන් රඳව රඳවා සෙ‍ාළොස් දහස් සත් සියයක් බිසෝවරුන් හා සමඟ වල් ගොස් මහණ ව මහණ වූ පසු දරුවන් වදා, එ දරුවන් දෙවනු ව රාජ්යොයට එවා, බොහෝ කලක් බෝසතාණන් වහන්සේ ම සිල් රක්ෂාකළ ඒ චන්ද්රා දෙවී නමු දැන් මේ යශොධරා දෙවී ම ය.

තව ද මහාජනක ජාතකයෙහි කරුණා ආකර වූ අප මහ බෝසතාණන්....[සංස්කරණය]

තව ද මහාජනක ජාතකයෙහි කරුණා ආකර වූ අප මහ බෝසතාණන් මහාජනක නම් රජ ව මුළු දඹදිව රාජ්ය ය හැර තපසට නික්මුණු සමයෙහි, සිවුරඟ සෙන් සමඟ පසුපස්සෙහි ගොසින් නො යෙක් ලෙස යාච්ඤාකොට රඳවා ගත නොහී මඟ අවුරා වැඳගෙන හෙව හඬා, ශ්රාපන්ත ව, මුසපත් ව, වැදහොත් අවස්ථාවෙහි බෝසතුන් සොරා පලාගිය කල ආගිය අතක් නො දැන බෝසතුන් හා සමග තමන් කථාකළ කළ තෙන, නැවතුණු නැවතුණු තෙන, බෝසතුන් සිටි සිටි තෙන, දාගැබ් බඳවා, නැවත නුවරට අවුදින් පුතණුවන්ට රාජ්යදය පාවා දී තුමූ ඉසකේ කපා මහණ ව සමණන් දකිම්ව යි පතමි යි කිය කියා බොහෝ දවසක් සිල් රක්ෂාකළ වූ ඒ සීවලී නම් දේවී නමු දු දැන් මේ යශොධරා දෙවී ම ය.

තව ද: ඛණ්ඩහාල ඩාතකයෙහි ලොකාධිපති වූ අප මහ බෝසතාණන් චන්ද්ර් නම් රාජකුමාර ව ඛණ්ඩහා‍ල නම් දෙවදත්තයාගේ ප්රදයෝගයෙන් යාගාවාටයෙහි බැඳගෙන මරා යාග කරම්හ යි අල්වාගත් දා, තමන් කළ සත්ය්ක්රි්යා බලයෙන් ශක්ර භවනය කම්පා කොට ශක්ර,දෙවෙන්ද්ර්යා ගෙන්වා, ඔහුගේ අනුබලයෙන් සමණන් වහන්සේ ගලවා ගත්තා වූ එෟ චන්ද්රා නම් දෙවී නමු දු දැන් මේ යශොධරා දෙවී ම ය.

තව ද: මණිචොර ජාතකයෙහි ලෝකලෝක දිවාකර වූඅප මහ බෝසතාණන් සිටුකුලයෙහි ඉපද දැහැමෙන් වැස දවසෙක රථාලංකාරයකට පැන නැඟී දෙමහල්ලන් රාජවීථි මධ්යකයෙන් යන වේලෙහි ස්ත්රීනලොභයෙන් චූඩාමාණික්ය ය රථයෙහි සඟවා බොසතුන් සොරවා ඔහු මරවා මැය අගමෙහෙසින් කෙරෙමි යි සිතා බරණැස් රජහු බෝසතුන්ට වධයොදාපු වේලෙහි තමන්කළ සත්යරක්රිතයා බලයෙන් දෙවුලොව වෙවුල්වා දෙවියන් එතෙනට ගෙන්වා, දෙවියන් ලවා බෝසතුන්ට පැමිණි වධ රජහට පමුණුවා, රජහට පැමිණි රාජ්ය ය බෝසතුන්ට පමුණුවා, තුමූ ද අගමෙහෙසුන් ව බොහෝ කලක් ප්රි‍ය වාසයෙන් විසූ ඒ පතිව්රජතා දෙවී නමු දු දැන් මේ යශොධරා දෙවී ම ය.

තව ද: අතනුසොචිය ජාතකයෙහි ලෝකාලෝක නිශාකර වූ අප මහ බෝසතාණන් බමුණු මහසල් කුලෙහි ඉපද නිධාන කොට තුබූ අසූකෙළක් ධන ය හැර තපසට ගිය සමයෙහි තුමූ ද අසා මහත් සැපත් හැර බෝසත් හා එක්ව ම ගොස් එක්ව ම මහණ ව ඔවුනොවුන් සානුරාගයෙන් ඇස් දල්වා ත් බලා නො පියා එක පන්සලෙහි වැස බොහෝ කලක් පරිශුද්ධ ශීලය රක්ෂා කළාවූ ඒ පරිබ්රාහජිකාවෝ නමු දු දැන් මේ යශොධරා දෙවී ම ය.

තව ද: විසය්ය ජාතකයෙහි ත්රෛකලොක්ය් චින්තාමාණික්ය වූ අප මහ බෝසතාණන් විසය්ය නම් ධන සිටු ව දඹදිව සියලු යාචකයන් රැස්කොට මහදන් වතුරු දී නැතැ යි යන බසක් දිවග නො වකා දාන පාරමිතාවෙහි කුළුගත්තා වූ සමයෙහි, සියලු සැපත් දන් දී ක්ෂය ව ගිය කල කඳක් හා දායක් ගෙණ තණ දා ගෙනවුත් තණ වෙළෙඳාම් කොට ලද දෙයෙකින් තුමූ ද රැකි යාචකයන්ටද නැතැයි නො කියා දන්දී, පස්දා සදා දන් නිසා ම සයින් හිඳ දනෙහි ම නො පසුබැස දුක් ගන්නා කල පවා එක දවසෙක ත් කුසීකමක් නැති ව බෝසතුන් හා එක් සිත් ව බොහෝ කලක් පින් රැස්කළාවූ ඒ සිටුදේවී නමු දු දැන් මේ යශොධරා දේවී ම ය.

තව ද: ජාතකයෙහි ප්රුඥාසාගර වූ අප මහ බෝසතාණන් ස්වර්ණකාර ව ඉපිද සූක්ෂ්ම වූ කර්මාන්තයෙන් ලෝක ය විස්මය පත්කොට “කුඹුරු බොරුවෙහි ඉදිකටු වික්කා සේ” යයි යන මේ බැවහාරය ද ලොවට උපදවා ප්රුඥාපාරමිතාව කුළුගෙනපු සමයෙහි ස්වර්ණාකාර ජ්යෙ ෂ්ඨයක්හට දු ව දවසෙක බෝසතුන් දැක ප්රි්ය කථා කොට පියාණන් හාද කරවා බෝසතුන්ගේ වික්රරම දක්වා ඒ වික්රිමයෙහි ප්ර්සන්නවූ පියාණන් තමන් ශරණ පාවාදුන්කල බොහෝ කලක් ප්රිියවාසයට කොට එ කල ඒ සා සැපතක් ගෙන දී ලුවාවූ ඒ ස්වර්ණකාර කුමාරිකාවෝ නමුදු දැන් මේ යශොධරා දෙවී ම ය.

තව ද: මනොජ ජාතකයෙහි ශාක්ය සිංහ වූ අප මහ බෝසතාණන් සිංහරාජව ඉපිද ස්වර්ණ ගුහාවෙහි වාසය කරන කල පවා බෝසතුන්ට දරු දෙදෙනකු ලදින් ප්රෙයම සහිත ව විසූ ඒ සිිංහධෙනු නමු දු සැන් මේ යශොධරා දෙවී ම ය.

තව ද: මහාසුසීම ජාතකයෙහි සංසාර සෙතු වූ අප මහා බෝසතාණන් සුසීම නම් පුරොහිත බ්රාංහ්මණ ව පුරොහිත ධර්මයන් පූරණය කොට රජහට අනුශාසනා කරන සමයෙහි දවසෙක මහ පෙරහරින් වීථි මධ්යශයෙහි යන බොධිසත්ත්වයන් ඒ ර්ජ්ජුරුවන් මෑණියෝ සිංහපඤ්ජරයෙන් දැක බෝසතුන් කෙරෙහි ප්රේුම බැඳ අනුන්ට කියන්නට ලජ්ජා ව මෙ වැනි පුරුෂයක්හු නො ලදිමි නම් මට ජීවිතයෙන් කම් නැතැ යි යහන් මතුයෙහි නො කා නො බී හොත්හ; පුතණුවෝ මෑණියන් ලෙඩහ යි අසා ඇතුළට වැද මෑණියන් දැක විචාරා තමන්ට නො කියන හෙයින් නැවත අවුදින් පරිවාර ස්ත්රීතන් ලවා මායමින් විචාරවා තත්ත්වය දැන පුරෝහිතයන් ගෙන්වා “ආචාරිනි! මා කෙරෙහි ප්රේතම ඇතියා නම් අනෙක් බසක් නො කියව” යි බෝසතුන් නො කැමැති කරවා ම වොටුනු පලඳවා රාජ්යාය පාවාදී මෑණියන් ද අගමෙහෙසින් කොට තුමූ යුුවරජ වූහ.

එකල බොධිසත්ත්වයෝ රාජ්ය ය කෙරෙති, රජ්ජුරුවන් මෑණියෝ සොළොස් දහසක්....[සංස්කරණය]

එකල බොධිසත්ත්වයෝ රාජ්ය ය කෙරෙති, රජ්ජුරුවන් මෑණියෝ සොළොස් දහසක් ස්ත්‍රීන්ට නායක ව බෝසතුන් කෙරෙහි බහුමානයෙන් වෙසෙති; බෝසතුන්ට නර නැත, බාලයහ, බිසවු මැහැල්ලහ, නර ඇත, එක් දවසෙක බිසවු බෝසතුන් ඉස බලන පසාරයෙන් ඉස බල බලා හුන්නාහු ‘ මෙ රජ තමා බාල හෙයින් මා මැහැලි හෙයින් කරුණා මඳ වීනම් නපුර, මොහුගේ කරුණාව වඩවා ගනිමි’යි සිතා තමන් ඉසින් නරයක් කඩාගෙන බෝසතුන් අල්ලෙහි ලා ‘ස්වාමිනි, තොප ඉස නර බලව, තොප ඉසත් නර ය, මා ඉස ත් නර ය, තෙපිත් මහල්ලව, මම ත් මැහැල්ලෙමි; මෙ තැන් පටන් මා මැහැල්ලෙහි යි නො සිතව, හිමි මට ම ප්රේ්ම කරව’යි කීහ. එ වේලෙහි බොධිසත්ත්වයෝ නරකෙස දැක අනිත් ලකුණු උපදවා “මරනය මා කරා දූතයකු එවී ය, මා උපෙක්ෂා වනු නො යෙදෙයි, තපසට වලට දැන් ම යෙමි”යි නික්මුණු දෑ ය.

එ වේලෙහි බිසවු මා කළ සොරකම මට ම සහය ගසාපීය යි වියෝදුකින් වෙවුලා ‘හිමි තොප ඉස නරයෙක් නො වෙයි. මා ඉසින් කඩා ගත් නරය ය, තොප කෙරෙහි ප්රේෙමයෙන් බොරු කීමි, තෙපි තව බාලයව, ඉත‍ා ළදරුවැ, තපසට නො යව’යි බෝසතුන් වැඳ දෙපය ගත්හ. එ වේලෙහි බෝසතාණෝ ‘ තොප කියන්නේ බොරු ය, මා ඉස නර ම ය යි කියා නො ගිවිස රාජ්යකය හැර එ ම දා ම වලට ගොස් මහණ ව බොහෝ කලක් ශීලපාරමිතාව පිරූ දෑය. දෙවී ද මහත් වූ ශොක කොට බෝසතුන් ගියතැන් පටන් බෝසතුන් නමට ම පතිව්රකතා ධර්ම ය රක්ෂා කළාහුම ය. එ කල ඒ රාජමාතාවූ අගමෙහෙසින් දේවී නමු දු දැන් මේ යශොධරා දෙවී ම ය.

තව ද: කුම්මාසපිණ්ඩ ජාතකයෙහි අනත්ත ගුණ සාගර වූ අප මහ බෝසතාණන් කොමුපිඩක් දන් දුන් කුශලයෙන් ක1ුම්මා සපිණ්ඩ නම් රජ ව ජාති දන්නා නුවණ ලදින් මහත් වූ දානපරිත්යාාග කොට ලෝවැඩ කරන සමයෙහි තුමූ ද එ ම පින් බලයෙන් ජාතිස්මරණ ඥානලදින් කිරි වත්කළ සක ඔවුනොවුන් ගේ ප්ර භාවයෙන් ‍ෙජ්යාවතිෂමත් වූවා සේ බෝසතුන් හා සම වූ සැදෑ සිත් ඇති ව, ‘ස්වාමීනි, එක බත් පිඩකු ත් යාචකයන්ට නෛා දී නොකම්හ’යි ඔවුනොවුන්ට ප්රකතිඥා කොට පින් රැස්කළා වූ ඒ අගමෙහෙසින් සේවී නමුදු දැන් මේ යශොධරා දෙවී ම ය.

තව ද: ගංගමාල ජාතනයෙහි අරිධ පෝය පමණකුත් සිල් රක්ෂා කිරීමෙහි ආනිසංස දැක්වූ සකලලෝක කිරීට වූ අප මහ බෝසතාණන් බරණැස් රජය කොට මහත් පින් රැස්කළ සමයෙහි සොළොස් දහසක් ස්ත්රී්න්ට නායක වූ අගමෙහෙසින් බිසෝ ව ක්ෂර සාගර ය හා චන්ද්රනකාන්ති ය එක්ව ප්රනභා සම්පන්න වූනා සේ බෝසතුන් හා එක් සිත් ව පින් රැස් කළා වූ ඒ දේවී නමුදු දැන් මේ යශොධරා දෙවී ම ය.

තව ද: ආදිත්යී ජාතකයෙහි සමන්ත භද්ර වූ අප මහ බෝසතාණන් භරත නම් නරෙන්ද්රම ව සමන් මල් දූතයන් උතුරු හිමාලයට යවා පසේබුදුන් වඩා ගෙන්වා මහත් වූ දාන පරිත්යාිග කොට කුශල නිධානයන් රැස්කළ සමයෙහි සොළොස් දහසක් ස්ත්රී න්ට නායක වූ අගමෙහෙසින් බිසෝව කිරිමුහුද පෙනිගිය රිදී පවුවක් එක වර්ණයෙන් දිලියෙන්නා සේ, බෝසතුන් හා එක්වැනි සැදෑ සිත් ඇති ව පින් රැස්කළා වූ ඒ සමුද්රෙ විජයා නම් දේවී නමුදු දැන් මේ යශොධරා දෙවි ම ය.

තව ද: චුල්ලබොධි ජාතකයෙහි ලොකාචාය්ය්නර්‍ වූ අප මහ බෝසතාණන් බ්රලහ්මණ මහාසාර සැපත් හැර වල් ගොස් මහණව ක්ෂාන්ති පාරමිතාවෙහි කුළුගත් සමයෙහි තුමූ ද සමඟ ව වල් ගොස් මහණ ව එකච්ඡන්දික ව තපස් කොට, බරණැස් රජහු තමන්ගේ රූප ශ්රීස දැක ලොභයෙන් බෝසතුන් බල බලා හින්ද දී බලාත්කාරයෙන් රජගෙට ගෙන ගොස් නොයෙක් ප්රදකාරයෙන් ශීලභේදයක් කොට ගත නො හී තමන් කෙරෙහි ප්ර්සන්න ව නැවත බෝසතුන්ට පාවාදී ගිය කල ද එතැන් පටන් දස හවුරුද්දක් මුළුල්ලෙහි රජත භාජනයෙක කිරින් පිරූ කල නිර්මල වූ වා සේ බෝසතුන් හා සමග නිර්මල හීල ය එක ස්ථානයෙහි වැස අඛන්ඩ කොට රක්ෂා කළා වූ ඒ සම්මිල්ල භාසිනී නම් පරිබ්රා ජිකාවෝ නමු දු දැන මේ යශොධරා දෙවී ම ය.

තව ද සුපත්ත ජාතකයෙහි පරඃදුඛ දු”ඛිත වූ අප මහ බෝසතාණන් සුපත්ත නම් රිටු රාජන් ව බරණැස වාස ය කරන සමයෙහි බරණැස් රජුගේ අග්රන භොජනයට දොළමි යි කි කල කපුටුව ඉපද පවා එ දොළ පසිඳ බෝසතුන්ගෙන් උපකාර ලදින් එකල ප්රොමයෙන් විසූ පුළුස්සා නම් රිටුධෙනු නමුදු දැන් මේ යශොධරා දෙවී ම ය.

තව ද: චන්දකින්නර ජාතකයෙහි ලෝකධාරා වූ අප මහ බෝසතාණන්....[සංස්කරණය]

තව ද: චන්දකින්නර ජාතකයෙහි ලෝකධාරා වූ අප මහ බෝසතාණන් හිමාලය වනෙහි සදකිඳුරුව ඉපද නන් වැලිතලා වල සැතපි සැතපී, නන් මල් පැලඳ පැලඳ දොළවල කෙළ කෙළ මිහිරි දිය කඳුරු වලින් පැන් බිබී ඇවිදිනා සමයෙහි බරණැස් රජු කින්නරාංගනාවන් කෙරෙහි කළ ලෝභයෙන් බෝසතුන් විද හෙළාපියා සොඳුර! බරණැස් නුවර පිළියක් රජු නම් මම ය, තී කෙරෙහි කළ ලොභයෙන් තෙලෙ සඳකිඳුරා මරාපිමි, තෙලෙ තිරිසනු තිට කුමට ද, මා හාා සමඟ වර, සොළොස් දහසක් පුර ස්ත්රීටන්ට ති ම අගමෙහෙසින් කෙරෙමි’යි කියා රජු කැඳවාලූ වේලෙහි ඔහු කියන ප්රේම බසු තමන් කන යහුල් බානා සේ සිතා එතෙනින් දිව පසුව, රජහු පලා ගියකල මළ සමණන්වඩාගෙන පර්වතයක් මුදුනටනැඟී කොළඇතිරියක් අතුට සෙමෙන්සෙමෙන් එහි සතපා බෝසතුන් හිස තමා ඔර තබාගෙන දෙපය දිගු කොටලා පවන ‘ඹල ලියයක් සේ වැනි වැනි වන දෙවියන් අයද තමා ළෙන්පැනනැඟි ශෝකාග්නියෙන් ශක්රයයාගේ භවන ය හුණුකොට එ තෙනට ඔහු ගෙන්වා ඒ ශක්රයයාගේ ආනුභාවයෙන් බෝසතුන්ගේ ජීවිතය රක්ෂාකොට එ තැන් පටන් එ සඳ නම් පර්වතයට පැනනැඟී බොහෝකලක් ප්රි්ය වාස ය කළා වූ ඒ සඳ නම් කින්නරංගනාවෝ නමුදු දැන් මේ යශොධරා දේවී ම ය.

තව ද: උම්මග්ග ජාතකයෙහි පැණසර වූ අප මහ බෝසතාණන් මහෞෂධ මහපඬිව නුවණපාරමිතා නමැති ලිය යශමල්ගන්වාපු සමයෙහි ඒසා සැපත් ඉපදවීමෙහි අනුබල ව පතිව්රපතා ධර්ම ය රක්ෂා කළාවූ, සේනකාදි පණ්ඩිතවරුන් සකර දෙනා අනඝ වූ රුවන් ගෙන තමන් කරා ගිය දා ද, ශීලභෙදයක් නොකොට තමන්ගේ නුවණබලපරාක්ර,ම පෑවාවූ, රකිෂා කරන දා තමන් පරීක්ෂා කෙරෙමියි දහසින්බඳ පියලිදී චරපුරුෂයන් යවූ වේලෙහි “ මේ මසු දහස නම් මාගේ ස්වාමිහුගේ පාදරජසකුත් නො වටනේ ය”යි කියා සිංහනාද කොටපතිව්ර තාව නොබින්දාවූ,

උළුකැන් බත් කැවුම් බිමට සමා තුන එක්කොට පයින් මිරිකා තමන් හිස පටන් සර්වාංගයෙහි ගල්වා අව්වේ සිටුව යි කියා තමාගේ ක්ෂමා පරීක්ෂා කළ වේලෙහි පවා දොම්නස් සිතකින් බෝ සතුන් මුහුණ බලා නො පුවාවූ, එ කල ඒ අමරාදේවී නමුදු දැන් මේ යශොධරා දේවී ම ය.

තව ද: මහා වෙස්සන්තර ජාතකයෙහි ලෝකාධාර වූ, දාන ප්රයවාහ වූ අප මහබෝසතාණන් වෙස්සන්තර නම් රජ ව දාන පාරමිතා නමැති මහා ප්රා‍සාදයෙහි කොත් පලඳවාපු සමයෙහි රජ ය හැර තපසට වංකගිරි පර්වතයට නික්මුණු වේලෙහි ක්රි ෂ්ණ ජිනාවන් වඩාගෙන ඩාලිය කුමාරයන් ඇඟිල්ල අල්වාගෙන තුමූ පළමු ව නික්ම රථයට පැනනැඟී ‘වහා වැඩි ය මැනව! ස්වාමීනි’ කියලා ආපස්ස බල බලා සිටියාවූ, රාජසුඛුමාලයෙන් වැඩී තිස් යොදුන් මඟ ගෙවා බෝසතුන් හා සමඟ නූ කුසීව ම ගියාවූ; තවද වංකගිරි පර්වතයෙහි දී සත් මසක් මුළුල්ලෙහි බෝසතුන් පන්සලින් පිටතට යා නො දී ස්ත්රී ව සිට වෙනෙහි ඇවිද අල මුල් කලන් සාරා ඵලාඵල පැස් පුරා තමන් ඉසින් ඇද පක්ෂ පාතව ම අත්පා මෙහෙ කළාවූ;

නැවත ජූජක නම් බමුණාට දරුදෙදෙනා බැඳ දන් දුන් දා තුන්යම් රාත්රිර ය මුළුල්ලෙහි ඒ සා වන ය තුන්යලක් සිසාරා ඇවිද දරුදෙදෙනා නොදැක දණ්ඩෙන් ගැසූ කිකිළියක සේ දිව අවුදින් පාපිට වැටී හී මුසපත් වූ වේලෙහි ‘මද්රිසදෙවී එකලාව මෙ වන මැද මිය ගියෝ දෝ හෝ’යි යන ශොකයෙන් හුනස්නෙන් පැනනැඟී කමඬලායෙන් පැන් මුහුණට ඉස ඔර ඉස තබාගෙන බෝසතුන් තමන් හදවත අලිවාපු වේලෙහි බෝසතුන්ගෙන් මේ ආශ්වාදය ලදින් ගිනිකඳෙක ඇල්පැන් නැමුවා සේ සෝගිනි නිවාගෙන එ කෙණෙහි මම තපස්වීම් වේ දැ යි සිතා පැන නැඟී “හිමි ම දරුවෝ කොයි දැ”යි කී කල සෛාඳුර දිළින්දක්හට දන් දිනිමි, පින් අඅනු මෝව යි කී බස හා සමඟ මේර මන්දරාදීන් එක්විට වෙවුල්වා තුන්යළක් සාධුකාර දුන්නාවූ; නැවත එම වේලෙහි ම සක්දෙවු රජහු බමුණු වෙස් ගෙන අවුදින් ‘හිමි තෙල මුහුණ බැලූ බැල්ම හා සමඟ ම හිරිරස් දුටු පද්මයක් සේ සන්තොෂයෙන් පිරුණාවූ තමන් මුහුණින් බෝසතුන් මුහුණ බලා සිනාසී:


කොමාරිකස්සාහං හරියා- සාමිකො මම ඉස්සරො,

යස්සිච්ඡෙ තස්ස මං දජ්ජා- වික්කිණාතු භනාතු වා- යි.


යන මේ ගාථාවෙන් ප්රීජති සිංහනාද කොට ‘ස්වාමීනි, නුඹ වහන්සේට වැඩෙක් වේ නම් කැමැැත්තක්හට මා ත් දන් දී වදාළ මැනවැ’යි කියා එම ශක්රමයා ලවා සාධුකාර දෙවාපු එ කල ඒ මද්රිවදෙවි නමු දු දැන් මේ යශොධරා දෙවී ම ය.

මේ මේ කාරණයෙන් මාගේ ස්වාමිදරුවෝ තමන් වහන්සේ කෙළෙහි ගුණ දන්නවුන් කෙරෙහි....[සංස්කරණය]

මේ මේ කාරණයෙන් මාගේ ස්වාමිදරුවෝ තමන් වහන්සේ කෙළෙහි ගුණ දන්නවුන් කෙරෙහි අග්රහ වූ හෙයින් මේ මේ පූර්ව චරිත පරීක්ෂාකොට ඒ යශොධරා දෙවීන් ශ්රීසපාදයෙහි අතගා වලප්නා වේලෙහි හුදු කරුණාවෙන් හඹාලූ රුවක් සේ, හුදු මුදිතා වෙන් හඹාලූ රුවක් සේ , හුදු උපෙක්ෂාවෙන් හඹාලූ රුවක් සේ, සිත නොකලඹා නිශ්චල ව වැඩහිඳ ‘ස්වාමීනි! ම යේළි නුඹවහන්සේට පක්ෂපාත ය, ඈට ක්ෂමා කොට වදාළ මැනවැ’යි පිය මහ රජ්ජුරුවන් දැන්වූ වේලෙහි ස්වාමිදරුවෝ බැණ නැඟි බසින් නිකුත් දසනග රසින් සියලු ගර්භාන්තර ය ඒකාලෝක කෙරෙමින්, ශ්රී මුඛයෙන් නිකුත් සුවඳින් සියලු ගර්භාන්තරය එක සුවඳ පිඬක් සේ කෙරෙමින්, බණ වදාරණ සේක් “මහරජ! මා බුදුවන ජාතියෙහි මැය රහත්වන ජාතියෙහි තොප වැනි මයිල් රජක්හු විසින් කරන ලද ආරක්ෂා ඇති ව මෑ මට පක්ෂපාතවම විසූයේ ආශ්චය්‍්ය්තර්‍ නො වෙයි, පෙර නුමුහු කළාවූ නුවණ ඇති සමයෙහි මා සඳකිඳුරු කල බරණැස් රජහු තමා කෙරෙහි කළ ලොභයෙන් මා විදහෙළා පියා ‘සොළොස් දහසක් පුර ස්ත්රීදන්ට නායක කොට තී ම අගමෙහෙසින් කෙරෙමි යි මා හා සමඟ වරැ’යි රජු කැඳවූ වේලෙහි එ බසට කන් නො දී මා කෙරෙහි ප්රෙවමයෙන් ම මාගේ ජීවිතය රක්ෂා කළා වා දැ”යි යනාදීන් යශොධරා දෙවීන්ගේ බොහෝ ගුණයෙන් මෙම චන්දකින්නර ජාතකයෙන් බණ වදාළ සේක.

එ වේලෙහි යශොධරා දේවීන්ගේ ශොක සුළං දුටු වලාකඩක් සේ දුරු වි ය, පස්වනක් ප්රීනතීන් පිනා ගියහ; බුදුන්ට අනාදර වී දෝහෝ යි රජ්ජුරුවන්ට උපන්නාවූ භය ද සන්හිණ.

ඉක්බිත්තෙන් ස්වාමිදරුවෝ බුද්ධාසනයෙන් පැන නැඟී ඒ යශොධරා දේවීන්ගේ ගෙයි සිට නිග්රොැධාරාමයට වැඩ එදා රාත්රිද භාගයෙහි දවස් යවූසේක; දෙවන දා උද‍ාසන තමන් වහන්සේ වැඩූ කුඩාමවූ මහාප්රදජාපතී දේවීන් විසින් වදනලද ශුද්ධොදන රජ්ජුරුවන්ට ම දා නන්දා නම් කුමාරයන්ගේ සිරිබඳනා මඟුල ගෙවදනා මඟුල, ජනපදකල්යා ණි නම් රාජකුමාරිකාව ශරණ රක්ෂා කරණ මඟුල යන මෙතුන් මඟුල ම එම දා මපැමිණියේ ය, එ කල බුදුරජාණන් වහන්සේ එ පවත් දැන ‘මාගේ මල් නන්දා කුමරුවා කාමබන්ධනයෙහි බැඳී ගියේ නම් සසරින් මුදාගත නො හැක්ක, දැන් ම ගොස් ඔහු මහණ කරවාගනිමි’යි සිතාලා විසිදහසක් රහතන් ගෙන දෙවන දා උදාසන ම මහත් වූ බුද්ධශ්රී න් ඒ නන්ද කුමාරයන්ගේ මඟුල් මාලිගාවට වැඩ පනවන ලද බුද්ධාසනයෙහි වැඩහිඳ:


තපො ච බ්රවහ්මචරියං ච - අරියසච්චාන දස්සනං,

නිබ්බාන සච්ජි කිරියා ච - එතං මංගල මුත්තමං,

යනාදීන් මඟුල්බණ වදාරා මලණුවන් පැවිදි කරවා ගන්නා කැමැති ව පාත්රා ධාතුව නන්ද කුමාරයන් කරා දිගුකො‍ට වදාළ සේක.


එ කෙණෙහි නන්ද කුමාරයෝ සරිවාභරණයෙන් මංගල විධානයෙන් සැරහී සිටියාහු.....[සංස්කරණය]

එ කෙණෙහි නන්ද කුමාරයෝ සරිවාභරණයෙන් මංගල විධානයෙන් සැරහී සිටියාහු ම බුදුන් දිගුකළ පාත්රරය ආදරයෙන් දෙඅත්ලෙහි තබාගත්තාහු ය. එ කෙණෙහි බුදුහු බුද්ධාසනයෙන් පැන නැඟී වෙහෙර බලා නික්මුණු සේක. නන්ද කුමාරයෝ හිණිමුල දී ‍දොරකඩ දී, පාත්රනය හැරගන්නා සේක් දෝ හෝ යි සිත සිතා බුදුන් පසු පස්සෙහි නික්මුණාහු ය. බුදුහු පසු නො බලා වඩනා සේක් ම ය.

එ වේලෙහි ජනපදකල්යා ණි නන්ද කුමාරයන් යන්නා දැක, තමා වසන පාදයෙහි මතුමාල්තෙලෙහි සිවුමැදිරියෙහි දොර හැර, තමාගේ සඳමඩලක් වන් මුවමඬල දක්වාලා වලාගබෙකින් නිකුත් විදුලියක් සේ ලීලොපෙත වූ මොළොක’ත දිගුකොට ලා දිගු පුළුල් වූ ඇසින් නන්ද කුමරුන් මුහුණ බලා “ හිමියා පුත, ඔබ නො රඳා , වහා දිව එව”යි කිව. එ තෙපුල් අසා නන්ද කුමාරයන් ළය කම්පිත වි ය. එසේ ද වුව ත් පාතුු ය ගෙන වාසල දී ඇරගන්නා සේක් දෝ හෝ යි සිතා ගොස් පසු නො බලා ම වඩනා හෙයින් බුදුන් කෙරෙහි ආදරයෙන් පාත්රල ය ගත මැනවැ යි කියා නො හි නොසිතින් ම වෙහෙරට ගියහ.

ඉක්බිත්තෙන් බුදුහු නන්ද කුමාරයන් ළඟට කැඳවා “නන්ද ය, චක්රරවර්ති රාජ්ය ය හැර මා වැනියන් මහණ වූ කල තාවැනියන්ට ගිහිගෙය ඇයි ද, දැන් ම මහණව”යි වදාළසේක. නන්ද- කුමාරයෝ බුදුන් වදාළ බසට අනෙකක් කිියා නො හී ජනපද කල්යාදණින් සිත සිත‍ා කරබා සිටියහ. බුදුහු “නන්දයා මුවෙන් නොබැණ ඉවසිය”යි සැරියුත් - මුගලන් දෙදෙනා වහන්සේට වදාරා එම විට ම ඔහු ඉසකේ කපා මහණ කළසේක. නන්ද කුමාරයෝ මහණ වූ දා පටන් ජනපද කල්යා්ණින්ගේ රුව සිත සිතා, ඇය දිගුකළ අත සිත සිත‍ා, නුවන් කෙළවරින් බැලු බැලුම් සිත සිතා, එදා කී බස් සිත සිතා, කඳුළු ගෙන ගෙන මහණධම් නැති ව ජනපද කල්යාිණින් කරෙහි ම ශොක කෙරෙති, වහරති. භික්ෂූන් වහන්සේ ඒ කාරණ ය දැක “ඇවැත්නි! තෙපි බුදුන්ගේ මලණුවහ, රජකුලයෙන් පැවිදි වූවහ, ඉතා තෙපි සුඛිතයහ, තොපට දුක් කිම් ද, දවසින් දවස දුර්වල වවු නැ”යි විචාරණ සේක. නන්ද සාමණෙරයෝ සබ්ර ම්සරුන්ගේ බස් අසා ස්වාමිනි, මට කිසිදෙයකින් දුක් නැත, ජනපදකල්යාචණියට ඉතා මා බඩ කකිය යි, එසේ හෙයින් දුර්වල වෙමි”යි කීහ. භික්ෂූන් වහන්සේ එ තෙපුල් අසා බුදුන් කරා ගොස් දැන් වූ සේක. බුදුහු නන්ද සාමණෙරයන් කැඳවා “ සැබෑ ද නන්ද ය, තෝ මා වැනි බුදුකෙනෙකුන් කෙරේ මහණව ස්ත්රි යක කෙරේ කළ ලොභයෙන් ශොක කෙරෙයි දැ”යි විචාළ සේක.

නන්ද සාමණේරයන් වහන්සේ “එසේ ය! ස්වාමීනි, ජනපද කල්යාරණි එ දවස් මා පාත්රය ය අතින් ගෙන නුඹවහන්සේ පස්සෙහි එන වේලේ ‘හිමියා පුත, නො ලස්සා වරැ’යි කියා රන් කලස් කරක් වන් තමාගේ කර දිගු කොට බැලුව, ඇය සිතූ කල ඉතා ම මට ශොක මහත් ම ය”යි වදාළසේක. බුදුහු නන්ද ය තාගේ ජනපද කල්යාගණියගේ රුව යහපත් ම දැ යි වදාළසේක. නන්ද සාමණේරයන් වහන්සේ ජනපදකල්යාැණින්ගේ රුව බුදුන් ඉදිරියෙහි සිට වර්ණනා කළ සේක.

එ කල නන්ද සාමණේරයන් වහන්සේට උපන්නා වූ කාම නමැති පරිඩාහ නිවන් නමැති අමාගඟින් නිවමි යි සිතා වදාරා නිදන් බලා බෙහෙත් කොට ව්යානධි සන්හිඳුවන වෛද්යානචාය්ය්බර්යයකු සේ මාගේ මලුගේ ස්ත්රී‍ශොක නමැති සල්ල ය කෙසේ හැර පියම් දෝ හෝ යි සිතා වදාරා උපදෙසක් දැක “නන්ද ය ජනපද කල්යාදණියට වඩනා ස්ත්රීරහු නැත් ම දැ”යි වදාළ සේක‍. සාමණේරයන් වහන්සේ “එසේ ය, ස්වාමීනි! උන්ට වඩනා කෙනෙක් මුළු දඹදිව නැතැ දැ’යි වදාළ සේක. උන්ට වඩනෝ තව ත් ඇද් දැ යි නො ගිවිස උන්ගේ රූප වර්ණනා කරන සේක්: නන් විසිතුරු මලින් සැරහු නිල් වරලසින් හා; කන් නමැති මධුගුහාවට ගමන් ගත් නීලභෘංග යුග්මයක් සේ ඉඳු මිණි නිල්වන් දිගුපුළුල් වූ ඇසින් හා, ගන නිල් වරල් නමැති මහ මේ කුළින් පැන නැඟි දෙවුදුනුවන් දිලියෙන බැම සඟළෙකින් හා දුටු දුටුවන් දෙපා මැසි යන තරම් රන්හැකිළි සේ සක් පතින් දිලියෙන කන්වැල් සඟළෙකින් හා, කෙම්ඵල වන් තඹුරු තොල් සඟලෙකින් හා, කොඳ කැකුළු වන් දිවන සුදු රසින් සඳ රස් පරදවමින් සිටි දත්පෙළින් හා, මුව පියුම් බල බලා කර ඔසවා සිටිනා වූ රන්වන් හංස පැටවුන් දෙදෙනකු සේ ලීලාපෙත ව සිටිනා පිරුණු තන සඟළෙකින් හා, නැබ පියුමට මුවරද ලොලින් බස්නා භෘංගාවලියක් සේ දුටු දුටුවන් සිත් උමතු කරවන නිල් වසාරොදෙකින් හා, රන්තිඹිලි කඳක් වන් අසුරෙන් ගන්නා සිඟු වළහෙකින් හා, කාමී පුරුෂයන් මනදොළ විශාරද කරවන්නා වූ රන්වන් පුළුලුලෙකින් හා, පුරුෂයන්ගේ ධෛය්ය්පර්‍ මඬනා තිරිඟිකඳ සේ රන් කෙහෙල්කඳට නිගාදුන් මට සිලුටු වූ කළවා සඟළෙකින් හා, යුක්ත වූ මෙ බඳු ස්ත්රිළයක් මේ මුළු දඹදිව මා දන්නේ නැතැ යි කී සේක. බුදුහු ‘ඇත නන්ද ය’යි වදාළ සේක. එසේ වී නම් මට උන් පැව මැනවැ යි කීහ.

එ කෙණෙහි ස්වාමිදරුවෝ ළඳ බොලඳ වූ ඒ නන්ද සාමණෙරයන් වහන්සේ සෘධියෙන් අත අල්වාගෙන ශක්රණ පුරයට වඩනාසේක් මහා වනමධ්ය යෙක නව දැලි සේනක් මවාලා ගින්නෙන් දෑ කණුවෙක දා මියගිය කන් නසා නගුටු නැති වැඳිරි මැහැල්ලක දත් නියාගෙන ඉතා විරූපී ව උන්නාසේ දක්වාලා ‘නන්ද ය, තෙල දා මියගිය වැඳිරි මැහැල්ල දිටි දැ’යි වදාළ සේක. ‘දිටිිමි, ස්වාමීනි’යි කියා කම්පා වූ සේක.

ඉක්බිත්තෙන් බුදුහු ශක්ර්යාගේ නන්දනොද්යා‘නයට වැඩ ඔහුගේ දිව්යුස්ත්රී හු මෙ තෙනට රැස්වෙත්ව යි සිතා වදාළා සේක. එ කෙණෙහි ශක්රයයාගේ මෙහෙසියන් වූ කකුටපාදිනී නම් දිව්යාංකගනාවෝ පන් සියයෙක් අවුත් බුදුන් පිරිවරාවැඳ එකත්පස් ව සිටියාහු ය. බුදුහු ඔවුන්ට බණ වදාරා නන්ද සාමණෙරයන් වහන්සේට දිව්යවස්ත්රීුන් පෑලා ශක්රාපුරයෙන් වැඩ ‘නන්ද ය, මෙේදිව්යාං ගනාවෝ වඩිද්ද, ජනපදකල්යාදණි වඩීදැ’යි වදාළසේක. සාමණෙරයන් වහන්සේ “ස්වාමීනි, දිව්යාංසගනාවන් දුටු ඇසට ජනපදකල්යාදණින්ගේ රුව අර සේනේ දා මිය හොත් වැඳිරි මැහැල්ල සේ ම සිතෙයි” කීහ. බුදුහු ‘නන්දය! එසේ වූ දිව්යාංමගනාවන් ලදොත් කැමතියෙහි දැ’යි වදාළ සේක. සාමණේරයන් වහන්සේ වදාරනසේක් ‘ස්වාමීනි, එ වැනි දිව්යාංනගනාවන් කෙසේ ලැබෙම් දැ’යි කී සේක. බුදුහු ‘දෙවඟනන් ලබන උපදෙස් මම දනිම්’යි වදාළ සේක. බුදුහු ‘දෙවඟනන් ලබන උපදෙස් මම දනිමි’යි කී සේක. සාමණෙරයන් වහන්සේ ‘ඒ උපදෙස් මා උගන්වා වදාළ මැනවැ’යි කී සේක. බුදුහු ‘නන්ද ය, දිව්යාංණගනාවන් කැමැතියෙහි නම් මාගේ සස්නෙහි නිර්මල කොට සිල් රක්ෂා කර : රක්ෂා කළාහු දිව්යාංකගනාවන් ලැබෙති , සිල් රක්ෂාකරනුවන් කරා දිව්යාං ගනාවෝ තුමූ ත් එති, ඒ දෙවඟනන් මා ‍කරා අවුදින් පිරිවරා සිටි ලෙස් තෝ ම දුටුයෙහි වේදැ’යි වදාරා කර්මස්ථාන උගන්වා වදාළ සේක. නන්ද සාමණේරයන් වහන්සේ දිව්ංා කගනාවන් ලබමි යි යන ලොභයෙන් නිර්මලවූ ශීලය රක්ෂා කොට නොබෝ කලෙකින් විදර්ශනා වඩා රහත් ව නන්ද නම් මහ තෙර ව බුදුසසුන් නමැති ආකාශයෙහි පුන් සඳ සේ ප්ර සිද්ධ වූ සේක. ‍ මෙසේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩි තුන්වන දා නන්දමහතෙරුන් මහණකරවා, සත්වනදා විසිදහසක් රහතන් පිරිවරා සවනක රසින් දිලිහි දිලිහී පියරජහුගේ ගෙට වළඳන්ට වඩනා සේක.

එ කල යශොධරා දේවී තම පුතණුවන් සත්හැවිරිදි රාහුල කුමාරයන් කැඳවා.....[සංස්කරණය]

එ කල යශොධරා දේවී තම පුතණුවන් සත්හැවිරිදි රාහුල කුමාරයන් කැඳවා ඇකය පිට හිඳුවාගෙන සිඹ සනහා “පුතණ්ඩ! රාහුලයෙනි! තොපගේ පියාණන් වහන්සේගේ සතර මහා නිධානයෙක් ඇත, ඒ නිධාන සතර: ගවු, දෙගවු,තුන්ගවු, සතරගවු පමණ වටින් ඇති යේය. ගැඹුර මෙතෙකැයි පමණ දන්නෝ නැත, උන් වහන්සේ මහණ වූ තැන් පටන් ඒ සතර මහා නිධාන ය කොතැනෙක බව ත් දන්නෝ නැත; තව ද ඔබගේ චක්රකවර්ති රාජ්යූ ය හා සත්රුවනෙකුත් ඇත. ‘පියන්ගේ සැපත් දරුවන්ට හිමි වේදැ’යි කියාලා තොප පියාණන් වහන්සේ කරා ගොස් ඒ සතර මහා නිධානය හා සත්රුවන් සක්විතිරජ ය ඉල්වා ගනුව”යි කීහ. රාහුල කුමාරයෝ මුතුන් රජ්ජුරුවන් අඳුනන බව මුත් පියන් කවුරුන් බව ත් නොදනිත්. එසේ හෙයින් ‘අම්ම ම පියාණෝනම් කවුරුදැ’යි කීහ. ‍යශොධරා දේවී පුතණුවන් වඩාගෙන සිවුමැදිරියෙහි දොරහැර රාජවීථියෙහි දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හා අසූ අනූ ව්යයඤ්ජන ක්ෂණයෙන් දිලිහි දිලිහී කසුන් කඳක් ‍සේ සවනක් රස් විහිද විහිදා වඩනා බුදුන් පුතණුවන්ට අත දිගුකොට පෑලා:


“චක්ක වරංකිත රත්ත සුපාදො

ලක්ඛණ මණ්ඩිත ආයත පණ්හි,

චාමර ඡත්ත විභූසිත පාදො

එස හි තුය්හ පිතා නරසීහො


සක්යි කුමාර වරො සුඛුමාලො

ලක්ඛණ විත්තිය පුණ්ණ සරීරො,

ලොක හිතාය ගතො නරවීරො

එස හි තුය්හ පිතා නරසීහො


පුණ්ණ සසංක නිහො මුඛවණ්ණො

දෙව නරාන පියො නර නාගො,

මත්ත ගජින්ද විලාසිත ගාමි

එස හි තුය්හ පිතා නරසීහො


ඛත්තිය සම්භව අග්ග කුලීනො

දෙව මනුස්ස නමස්සිත පාදො,

සීල සමාධි පතිට්ඨිත චිත්තො

එස හි තුය්හ පිතා නරසීහො


ආයත යුත්ත සුසණ්ඨිත නාසො

ගොපමුඛුමො අභිනීල සුනෙත්තො,

ඉන්දධනූ අභිනීල හමුකො

එස හි තුය්හ පිතා නරසීහො


වට්ට සුමට්ට සුසණ්ඨිත ගීවො

සීහ හනු මිගරාජ සරීරො,

කඤ්වන සුච්ඡවි උත්තම වණ්ණො

එස හි තුය්හ පිතා නරසීහො


ස්නිද්ධ සුගම්භිර මඤ්ජු සුඝොසො

හිංගුල බද්ධ සුරත්ත සුජිව්හො,

වීසති වීසති සෛත සුදන්තො

එස හි තුය්හ පිතා නරසීහො


අඤ්ජන වණ්ණ සුනීල සුකෙසො

කඤ්චන පට්ට විසුද්ධ ලලාටො,

ඔසධි පණ්ඩර සුද්ධ සුඋණ්ණො

එස හි තුය්හ පිතා නරසීහො


ගච්ඡති නීලපථෙ විය චන්දො

තාරගණා පරිවෙඨිත රූපො,

සාවක මජ්ක්ධ ගතො සමණින්දො

එස හි තුය්හ පිතා නරසීහො”


යන මේ පෙර තසන් බුදුන්ගේ වියෝදග කාලයෙහි බැඳගෙන එකාවනු ව ගායනා කොට කොට මිඳිනාවූ නරසීහ ගාථා පුතණුවන්ට උගන්වාලා ‘පුතණ්ඩ, තොප පියා‍ණන් වහන්සේ නම් එසේ මෙසේ වූ ස්වල්ප කෙනෙකුන් වහන්සේ නො වෙති, දෙපතුල් පුරා සිටි දෙසිය සොළොසක් මගුල් ලකුණෙන් හා, රන්තෙලි තුඩු බඳු ව සිනිඳු වූ ඇඟිලි පෙළින් හා, ක්රවමොනන්ත ව රන්වන් වූ ජංඝායුග්මයකින් හා, රන්කඳක් බඳු වූ බුදුබ‍ඳෙකින් හා කල්පදෘම ශාඛා යුග්මයක් බඳු වූ ශ්රී හස්ත යුග්මයෙකින් හා, පුන්සඳක් බඳු වූ ශ්රී, මුඛයකින් හා, විදුලිය දෙකක් බඳුවූ කන්වැල් සඟලෙකින් හා කනකාංගුශයක් බඳු වූ උත්තුංග නාසිකාවෙකින් හා, පස්වනක් පෑයෙන් දිලියෙන ඉඳුමිණි නිල්වන් ඇස්සඟලෙකින් හා, දෙවුදුනු දෙකක් බඳු වූ ශ්රීලමත් වූ බැමසඟලෙකින් හා, රන්මිහිඟක් බඳු වූ ශ්රීශවාන්තයෙකින් හා, රන්කුළු දෙකක් බඳු වූ උරසඟළෙකින් හා, සිංහ හනු බඳු වූ හනු භාග දෙකෙකින් හා, රත්පියුම් පෙත්තක් බඳු වූ සුරක්ත වූ නාස දෙසිදුර ලලා ට දෙකන්සිලු පිරිමදනා තරම් දිගුපුළුල් වූ තුනු වූ ජිව්හායෙකින් හා, නකත් තරු පෙලක් සේ දිලියෙන සම සතලිස් දන්තපංක්තින් හා මිණිඔඩම් දෙකක් සේ සුරක්ත වූ අධරයුග්මයකින් හා, සඳවලා ගබින් නිකුත් සඳරස් පරදවමින් ශ්රීි මුඛයෙන් නිකුත් සුදු බුදුර්ස් කලඹෙකින් හා, ජාම්බෝනද කනක පට්ටයක් බඳු වූ කළල් තලයෙකින් හා, රන්ගිරි මුදුනෙහි දිලියෙන පුන්සඳක් බඳු වූ උර්ණා ‍රොමයකින් හා, නිල් වලාකුළක් බඳු වූ ඉඳුමිණි නිල්වන් සිරසෙකින් හා, වඩුරියන් උස් ඉස්මුදුනෙන් පැනනැඟී දිලියෙන කේතුමාලා නම් රශ්මි කදම්බයකින් හා, හිරිරස් කලඹක් වන් සියලඟින් නිකුත් සවනක් රසින් හා,

උතුම් වූ හස්තිරාජයක්හුගේ ලීලා පරයන මනොහාර වූ ගමනින් යුක්ත වූ; හුදු කරුණාවෙන් මවා ලූ රුවක් සේ, හුදු මුදිතාවෙන් මාව ලූ රුවක් සේ, හුදු උපෙක්ෂාවෙන් මවා ලූ රුවක් සේ, හුදු දානයෙන් මවා ලූ රුවක් සේ, හුදු ශීලයෙන් මවා ලූ රුවක් සේ, හුදු ප්ර ඥාවෙන් මවා ලූ රුවක් සේ, හුදු විශ්මයෙන් මවා ලූ රුවක් සේ, හුදු පෙළහරයෙන් මවා ලූ රුවක් සේ, පෙර තමන් පහස් ලත් අප වැැනි කම්කිලියන්ගේ වියෝග දුඃඛ නමැති ළැව්ගින්න දල්වන්නා සේ, බඳු වදමල් රැසෙකින් වැසූ දිත්ර්කූටපර්වත රාජයා සේ, සුරක්ත වූ පාංශුකූල චීවර සඟළෙකින් තමන් වහන්සේගේ රන්වන් වූ ශ්රීු ශරීරය වසාගෙන හිරු පැරයූ තෙජසින් හා, සඳහු මන් බුන් සොමි ගුණෙන් හා, බැලු බැලුවන් ඇස් නිවමින්, කන් නිවමින්, සිත් නිවමින්, පිදු පිදුවන්ට දෙවි - බඹ සැපත් දෙව මින්, තුඩ තුඩ සාධුකාර දෙවමින්, දෙවි - බඹ කැලන්ගේ කිරුළු කුළු මිණිරස් නමැති අමාදියෙන් තමන් පතුල් පිරිසුදු කෙරෙමින් පුතණ්ඩ! තෙලෙ සිටගත් බ්යා මප්රුභා මණ්ඩල ය මැද මහබඹු සේ ගමන් ගත් සේක් තොප පියාණන් වහන්සේ ය.

ඔබ ඇඳින ගන්ව යි පුතණුවන්ට බුදුන් දක්වාලා බුදුන්ගේ රූපවර්ණනාව තමන් මුව නොපොහොනා සේ කියා පුතණුවන් මත්කොට ලා “පුතණ්ඩ තොපගේ අතුල් පතුල් හා එකිවැනි වූ යම් මහ‍ණරූපයක් දුටු නම් ඔබ තොපගේ පියාණන් වහන්සේ මය, නො බා ම තොප පියාණන් වහන්සේ ළඟට ගොස් සිවුරු කන අලිවාගෙන තොපගේ මෙ පතුල් සුං ඔබගේ ශ්රීග පාද ළඟ තබාලා එක්වැනි ලෙස් දක්වාලව, තොප උපන් දවස් එලිපතින් පිටත සිට දුරදී ම තොප බලා ගිය බව මුත් තව දක්වා තොප නුදුටු සේක; එසේ හෙයින් තොප තමන් වහන්සේලා එක්වැනි රූ ඇති බවත් නො දන්නා සේක, එසේ හෙයින් තොප එක්වැනි ලෙසත් දක්වාලා සුරතල් වූ ප්රිඑය තෙපුල් කියා දරු දායද්ද ඉල්වා ගෙන පුතණ්ඩ! සතර මහ දිවයිනට අධිපති ව ඒ චක්රාවර්ති රාජ්යපය කරන්නැ”යි පුතණුවන් උගන්වාලා නැවත පුතණුවන් වඩා ගෙන ම සත්බුමු මහ පායෙහි යටි මහලට බැස මහ පඬිකඳ පිට සිටුවා මෙසේ පුතණුවන් යවා නැවත තුමූ මතු මහලට නාඟී සිංහලඤ්ජරයෙන් බල බලා නො පැනී සිටියහ.


එ කල රාහුල කුමාරයෝ සර්වාභරණයෙන් සැරහී කුමාර පිරිස් පිරිවරා......[සංස්කරණය]

එ කල රාහුල කුමාරයෝ සර්වාභරණයෙන් සැරහී කුමාර පිරිස් පිරිවරා බුදුන් පියාණනැයි අසා සතුටු සතුටුව බුදුන් කරා නො බා ගොස් බුදුන්ගේ සිවුරුකන අල්වාගෙන බුදුන්ගේ අටතුරාසියක් මඟුල් ලකුණෙන් ශ්රී මත් වූ දෙවි - බඹුන්ගෙන් පූජා ලබන ශ්රීුපාදයට නුදුරු තෙන පියාණන් වහන්සේ ය යි යන ප්රේාමයෙන් භය නැති ව තමන් ගේ රන්පෙති දෙකක් වන් පතුල්සුං දෙක සම කොට තබාගෙන බුදුන්ගේ ශ්රීා මුඛය බල බලා “මහණ! මට තාගේ දායද්ද දේ, මහණ! මටතාගේ සතර මහනිධානය දේ, මහණ! මට තාගේ සත්රුවන් සක්විති රජ ය දේ. මම තාගේ දරුවෙම් ලා, තෝ මාගේ පියෙහි ල, තෝ මා උපන් දවස් දුරදී දැකලා මා කරා නො වැද සොරා ම ගියෙහි ල, එසේ දැඩි වූව ත් මහණ! තාගේ සෙවණ ඉතා ම මට සිහිල, තාගේ රූපශ්රීවය ඉතාම මට ප්රිතයකර ය, තාගේ ඇඟින් දිවන රස් මා ඇඟට ඉතා ම සුවපහස් දෙයි; එසේ හෙයින් තෝ මාගේ පියෙහි ම ය යි කියා කියා බුදුන් මුහුණ බල බලා ළද බොළඳ තෙපුල් කීහ.

එ කල බුදුහු කුමරුවා ඇඟිල්ල ශ්රීම හස්තයෙන් අල්වාගෙන “වරෝ, දරුව! දායද්ද දෙන්නමෝ වේ දැ’යි කිය කියා රජගෛට නික්මුණු සේක. රාහුල කුමාරයෝ ද සිංහරාජයකු පසුපස්සේ ගමන් ගත් කෙශර සිංහ පැටවකු සේ, සඳ පසුපස්සෙහි ගමන් ගත් වෘහස්පති තරුව ‍ෙස්, නැවු තරුවට අනු වූ අරුන්ධතී තරුව සේ, සත් රුවන් මහ නැවෙක රන් පමුදමින් බැඳ පසුපස්සෙහි රජ ගෙට ගියාහු ය.

එ දවස් ශාක්ය කොලිය දෙනුවරින් රැස් වූ රජදරුවන්ට හා සියලු සත්ත්වයන්ට බුදුන් යමාමහපෙළහර පානාවේලෙහි උපන් සන්තොෂසේ ම ඉතාමහත් වූ සන්තොෂ උපණ, සාධුකාර නුදුන් එක ද සත්ත්වකෙනෙක් නැත; සතුටු කඳුළෙන් නුවන් නොතෙමූ එක ද දරු ලත් කෙනෙක් නැත. සියලු සත්ත්වයෝ ම මෙවැනි පෙළහරෙක්, මෙ වැනි ආශ්චය්ය්.ර්යෙසක්, මෙ වැනි වික්ර මයෙක්, මෙ වැනි බුහුටිකමෙක්, මෙ වැනි නිර්භීතකමෙක් ම දරුවන්ට ත් වේව යි ම දරුවන්ට ත් වේව යි කිය කියා ම සිටිනාහු ය.

එ කල බුදුහු රජගෙට වැඩ වළඳා වදාළ සේක, රාහුල කුමාර යෝ දායද්ද ඉල්ව ඉල්වා බුදුන් ලඟ සිවුර අල්ව අල්වා සිටිත් ම ය. බුදුහු වළඳා අන්තයෙහි බුද්ධාසනයෙන් පැනනැඟී තරුණ රිවිකිරණ යෙන් දිලියෙන කනක ගිරිශිඛරයක් සේ නික්මුණු සේක. රාහුල කුමාරයෝද බුදුන්ගේ සිවුරු කන ගෑවි ගෑවීම දායද්දලොභයෙන් නික්මුණාහ. බුදුහු ත් රාහුල ය තෝන සිට යි කියා ත් නො වදාරන සේක. රාහුල කුමාරයන් රඳවාලන කිසි කෙනෙකු ත් නැත්තාහු ම ය.

එ කල යශොධරා දේවී බුදුන් හා කැටිව යන පුතණුවන් සිංහ පඤ්ජරයෙන් බලා දැක “කිමෙක් දෝ හෝ නන්ද කුමරුවා සේ ම ම පුතුනු ත් ගෙන ගොස් මහණ කරවා ගන්නා උපායෙක් දෝ, දායද්ද තබා ම පුතුන් ලදිම් නම් මැනැවැ”යි සිත සිතා කඳුළෙන් නුවන් තෙම තෙමා සිටියාහු ය.

බුදුහු රාහුල කුමාරයන් වෙහෙරට ගෙන ගොස් සැරියුත් මහ තෙරුන වහන්සේ කැඳවා.....[සංස්කරණය]

බුදුහු රාහුල කුමාරයන් වෙහෙරට ගෙන ගොස් සැරියුත් මහ තෙරුන වහන්සේ කැඳවා “ශාරිපුත්රහ ය! මේ රාහුලයා මා අතින් සතිරුවන් දායද්ද සම්පත් ඉල්ව යි, මොහු මට දරු බවත් සබා මය, මා මෝහට පිය බවත් සබාමය, එසේ හෙයින් මෝ හට නො නස්නා ධනයක් දෙනු කැමැත්තෙමි, දෙන ධනය ත් මාගෙන් ම දී ලනු කැමැත්තෙමි, මා බෝමැඬ දී ලද්දා වූ සප්තවිධ වූ ආය්ය්එර්ධේන ය මෝහට දුනමැනව, එසේ හෙයින් දැන් ම මොහු මහණ කරව යි වදාළ සේක.

ඒ රාහුල කුමාරයන් වහන්සේ පෙර තමන් වහන්සේ කෘතාධිකාර ව ආ හෙයිනු ත් බොහෝ කලක් බුදුන්ට දරුව කීකරුව ආ හෙයිනු ත් තුලු මහණකරව යි කී බස් අසා මපියාණන් වහන්සේ අද මට උතුම් ධනයක් දෙනසේක් වනැයි සිතා හේතුසම්පත් බලයෙන් ම සතුටු සතුටු ව සිටි සේක. ඒ කෙසේ ද යත්?

පෙර පියමතුරා නම් බුදුන් සමයෙහි මේ රාහුල ස්වාමි සඬ්ඛ නම් දිව්යමනාගරාජව ඉපද ඒ බුදුන්ගේ උතුරු නම් පුත් මහතෙරුන් වහන්සේගේ බුදුන හා එක්වැනි වූ රූපලීලා හා මෑණියන්ගේ නියෝගයෙන් දායද්ද සම්පත් සොයා ගිය දා මහණ ව අමාමහ නිවන් දැක බුදුසසුන් හොබවනනා දැක “මම ද බුදුකෙනකුනට දරුව මෙසේ වූ ශ්රීා විභූතියක් ලදිම් නම් යෙහෙකැ”යි සිතා නෙ සිවහස් නා නළුවන් පිරිවරා නාලොවින් මිනිස්ලොවට අවුදින් මහත්වූ දිව්ය මණ්ඩපයක් මවා එහි බුදුපාමොක් සඟපිරිස් වඩා හිඳුවා සති දවසක් දිව්යප ආහාර වළඳවා සත්වන දා “මම ද මෙ පිනින් මතු නුඹ වහන්සේ ම බුදුකෙනෙකුන්ට දරුව මේ උතුරු නම් වහතෙරුන් සේම බුදුසසුන් හොබවම්ව”යි ප්රානර්ථනා කළ සේක. බුදුහු “ තෝ මතු ගෞතම නම් බුදුන් පුත් රාහුල නම් මහාස්වීර වනනෙහි ය”යි විවර්ණපතුල් දුන් සේක. මේ මුන්වහන්සේ ගේ හේතු සම්පත් නම. එ තැන් පටන් මේ කප් ලක්ෂය මුළුල්ලෙහි පැරුම් පුුරා ආසේක් ම ය.

තව ද: සසර දහස් ගණන් කප්වල බුදුන්ට ම දරුව අවුදින් තෙසු කල් තබා අප බුදුන් බුදු වූ මේ මහා භද්රිකල්පයෙහි දද්දර

ජාතකයෙහි මාගේ ශාක්ය්සිංහයාණන්වහන්සේ භාස්කර කුලෙහි සිංහරාජන්ව ඉපද හිමාලයවනයෙහි රිදී ගුහායෙක රිදීසුන්නෙහි නිත්යඉ වාස ය කරන සමයෙහි සිංහ පොතක ව ඉපද පියාණන් වහන්සේට සුවව වැ වැස පසුව සිංහ රාජ්ය ය ලදින් සහජාත පුත්රේ වූ සේකු ත් මෙ ම රාහුල නම් පුතණුවන් වහන්සේ මය .

තව ද: මක්කටක ජාාතකයෙහි ශාක්යෙකුල තිලක වූ මෙම බුදු රජාණන් වහන්සේම බමුණු මහසල් කුලෙහි ඉපද කෙළ ගණන් ධන හැර වල්ගොස් මහණ ව ශීලපාරමිතාව පූරණය කළ සම යෙහි තුන් හැවිරිදි බිළිඳ වයස පියාණන් වහන්සේ පසුපස්සේ ගොස් එකදාම මහණව දීර්ඝ කාලයක් බ්ර්හ්මදය්ය්එර්‍ාව අඛණ්ඩකොට රක්ෂා කළසේකුත් මෙම රාහුල නම් පුතණුවන් වහන්සේ ම ය.

තව ද: බන්ධනාගාර ජාතකයෙහි ශාක්ය කුල චින්තාමාණික්යන වූ මෙම බුදුරජාණන් වහන්සේ අප්රලසිද්ධවූ කුලයෙක ඉපද මාතු පට්ඨාන ධර්මයන් පූරණය කොට පසුව තපසට යෙමි යි නික්මුුණු දා ස්වාමිනි! මා බඩ දරුගබෙකැයි ස්ත්රිමය අවුත් කී වේලෙහි පුත්රාප්රේැමයෙන් මපුතුන් උපන් කල යෙමි යි සිතා රඳා උපන් පුතණුවන් දැක උපන්නා වූ මහා ප්රේලමයෙන් මපුතුන් හිරු වන්දවා පී කල තපසට යෙමි යි, රඳා පසු ව ම පුතුන් බත් කැවුකල යෙමි යි රඳා පසුව ම පුතුන් කෙස් බෑ කල යෙමි යි රඳා, මෙසේ පුතණුවන් කෙරෙහි කළ ලෝභයෙන් ප්රෙමම නමැති මලෙහි බැඳි තපසට යා නො හී පසු ව පුතණුවන් කෙස් බෑ කල සොරා තනිකොට ගෙන පුතණුවන් සිඹ සනහා “පුත දැන් මා බැඳුනු මලෙහි තෙපි මතු බැඳී නො යව”යි පැනයක් උගන්වාලා සොරා තපසට පලා ගිය දෑ ය. පියාණන් වහන්සේ තපසට ගියපසු වැඩි විය පැමිණ පියාණන් වහන්සේ උගන්වාලූ අවවාදය නො වරදවාම කාමබන්ධනය යෙහි නො බැඳී වල් ගොස් තපස් කළ සේකු ත් මෙ ම රාහුල නම් පුතණුවන් වහන්සේ ම ය.

තව ද: අද්ධික ජාතකයෙහි ශාක්යසකුල කල්පද්රනම වූ මෙම බුදුරජාණන් වහන්සේ බ්රාකහ්මණ මහාසාර සැපත් හැර අඹුදරුවන් හඬ හඬා සිටිය දී තපසට වලට නික්මුණු දා සත් හැවිරිදි වයස නෑයන් රඳව රඳවා සිටියදීත් පියාණන් වහන්සේ හා සදඟ පලා ගොස් එක්ව මහණ ව වැසි සුළං සීත පීඩා ඉවසා ඒ ඒ රුක්මුල් වල භාවනාකොට හිඳ අභිඥා ලදින් ධ්යාඒන කෙළි කෙළ එක් ව ම ගොස් බඹලොව උපන් සේකු ත් මෙම රාහුල නම් පුතණුවන් වහන්සේ ම ය.

තව ද: උරග ජාතකයෙහි ශාක්ය්කුල කෙතුවූ මෙම බුදුරජාණන් වහන්සේ බ්රහහ්මචාරි ව ඉපද අනිත් ලකුණෙන් ලොව හික්මවා ශ්ර ක්ර‍යාගෙන් ධන පූජා ලත් සමයෙහි එක්සිත්ව දැහැමෙන් වැස පියාණන් වැනි ගුණ රක්ෂා කොට ගුණ ඇති ව සර්පයකු විසින් දෂටකරන ලදු ව මිය පවා පියාණන් වහන්සේට ශොක දුක් නුදුන් සේකුත් මෙම රාහුල නම් පුතණුවන් වහන්සේ ම ය.

තව ද: කුම්භකාර ජාතකයෙහි ශාක්යමකුල ධ්වජ වූ මෙම බුදු රජාණන් වහන්සේ ජාතිභෙද දක්වනු සඳහා කුම්භකාර ජ්යෙනෂඨව ඉපද රජකුලෙන් බුදු වූ පසේ බුදුන් සතර දෙනකු වහන්සේ අතින් බණ අසා ගිහිගෙයි උකටලී ව මහණවනු කැමැති ව මෙම පුතණුවන් වහන්සේ ඒ ජාතියෙහි පස් මැසි කල ඒ ජාතියෙහි භාය්ය්ජර්වේවූ මෙම යශොධරා දේවීන් ළඟට කැඳවා ‘සොඳුර ගිහිගෙයි උකටලියෙමි, මහණ වන්නට දැන් ම වලට යෙමි’යි කී දෑය, යශොධරාවෝ ‘ස්වාමිනි! තොප පුතණුව්න අප දෙදෙනාගේ බලයෙන් ම වඩාගෙන පසුව අපි තුන් දෙනම එක්ව ගොස් තපස් කරම්හ’යි කියා යාච්ඤාකොට බෝසතුන් දැන්ම යෙමියි කිය නො ගිවිස්නා හෙයින් ‘එ බැවින් ස්වාමිනි තොපගේ බිළිඳි පුතණුවන් මඳ ඇසිල්ලක් වඩාගෙන හිඳුවා, මා පැන් කළයක් ගෙනාකල ගිය මැනවැ’යි මායම් කියා බෝසතුන් අතට පුතණුවන් වඩාලා තුමූ කළයක් අතට ගෙන දොර මිදුලට බැසලා නැවත ආපස්ස බලා ‘ස්වාමිනි! මා ආ විටෙක මුත් නුඹ පුතණුවන් හැර පලා නො යන්නැ’යි තරකොට ම කියලා තුමූ පලාගොස් “අප දෙදෙනා සමයේ බැඳී ගිය මෙ දරුමල එකලා මා කරට නඟාලා මේ පුරුෂයා තෙමේ ගාලවී තපසට යනු කැමැති වන, සසර දුක් නම් ස්ත්රී න්ට ත් දැඩි ම ය, පුරුෂන්ට ත් දැඩි ම ය, නිවන් නම් ස්ත්රීටන්ට ත් මිහිර, පුරුෂන්ට ත් මිහිර:

තව ද: පින්කළ ප්රුෂයෝ ශක්ර වෙත් ම ය, මාර වෙත් ම ය, චක්රකවර්ති වෙත් මය.....[සංස්කරණය]

තව ද: පින්කළ ප්රුෂයෝ ශක්ර වෙත් ම ය, මාර වෙත් ම ය, චක්රකවර්ති වෙත් මය, පසේබුදු වෙත්මය, ලොවුතුරා බුදුවෙත්මය; ස්ත්රීරන් කෙතෙක් පින් කළ ත් ඒ සම්පත් නො ලාබෙත් ම ය, එසේ හෙයින් ස්ත්රීකන්ට ලැබෙන්නේ එක නිවන් සම්පත් ම ය; මේ මේ කාරණයෙන් සසර ගැලවීම ස්ත්රීසනට දුර්ලභ ම ය, පුරුෂයන්ට සසර ගැලවීම ආශ්චය්ය්්ර්‍ නො වේ ම ය, එසේ හෙයින් මොහු මා කරට දමමි යි සිතූ මල මම මොහු කරට දමාලා තපසට යෙමි”යි කළය බැද්දෙක ලා පියා පරිබ්රාසජිකා වෙහෙරට ගොස් පැවිදිව සිල් රක්ෂා කළාහු ය. බොධිසත්ත්වයෝ මඟ බල බලා භාය්ය්දර්වපන් නො එන හෙයින් තපසට ගියහ යි දැන ‘මා වැනි වීර පුරුෂයකු ස්ත්රි යකට බැඳීගිය සේ ඉතා නො යෙදෙයි’ කිය කියා පුතණුවන් කෙරෙහි කළ ප්රේිමයෙන් දමින් මසාලූ ඇතකු සේ පය ඔසවා පලා යා නො හී ස්වහස්තයෙන් පෑර පියා දර පැන් ඇද පුතණුවන් මහත් වූ ප්රේෙම ඇති ව වඩා පුතණුවන් ලුණු අඹුලේ රස දැනගත් අවස්ථා වෙහි “ම පිත් නුවණැත්තේ ය, මා නැතිව ත්රක්ෂා විය හෙයි” දැන පුතණුවන් සිඹ සනහා කුල නෑයන් කැඳවා නෑයන්ට පාවාදී තමන් වහන්සේ වලට ගොස් පැවිදි ව ධ්යාෑන උපදවා බඹලෝ ගොස් උපන් සේක. මෙසේ මහණ සුවයත් හැරපියා ගිහිගෙයි වැස මේ සා මහත් දුකක් ගෙන ප්රේේම කොට වැඩුයෙ ත් මෙම රාහුල නම් පුතණුවන් වහන්සේ ම ය.

තව ද: මඛාදෙව ජාතකයෙහි ශාක්යොකුල රත්නාකර වු මෙම බුදුරජාණන් වහන්සේ මඛාදෙව නම් රජ ව බොහෝ දවසක් රාජ්යණය කොට පළමුවන නරකෙස දැක රාජ්යරය හැර ගොස් මහණ ව ධ්යාවන සුවයෙන් දවස්යවූ සමයෙහි මඛාදෙව නම් පුත්රවව එම රාජ්යය පරිපාලනය කොට සුවාසූදහසක් හවුරුදු මුළුල්ලෙහි පියාණන් වහන්සේට සිවුපසයෙන් උපස්ථාන කළාවූ ඒ මඛාදෙව නම් පුතණුවන් වහන්සේ ද මෙම රාහුල නම් පුතණුවන් වහන්සේම ය.

තව ද: මහා සුදස්සන ජාතකයෙහි ශාක්යාකුල චක්රුවර්ති වූ මෙම බුදුරජාණන් වහන්සේ සප්තරත්නාධිපතිවූ මහාසුදර්ශන නම් චක්ර වර්ගි රජව සතර මහ දිවයිනින් හා දෙදසහක් කොදිවුවලින් පිරුණාවූ මේ සක්වළ ගබ මුළුල්ලෙහි එකතපත්ර්යෙන් රාජ්යවය කොට චන්ද්රන - සූය්ය්වර්‍ දිව්ය්පුත්ර්පයන් සේ සියලු සතුන් මට පෙනි පෙනී සියලු සතුන් පඤ්චශීලය රක්ෂාකරවා ඉදින් ඒ පඤ්චශීලයතමා රහසත් බිඳපු සත්ත්වයෙක් ඇත් නම් ඔහුගේ ඉස සත් කඩක්ව පැළි යන තරම් උග්රය වූ ආඥා තෙජස් ඇති ව දශවිධ වූ චක්රෙවර්ති ධර්මයෙන් පුරාරාජ්යතය කළ සමයෙහි අවටින් පන්සියයක් යොදා නෙහි හිවිගැවසී සිටිනා ඒ සා චක්ර වර්තිසේනාවෙහි මේ සත්ත්වයා සුදු පිලී කැමැැත්තේ ය, මේ රන්වන් පිළී කැමැත්තේ ය; මේ මෙසේ මෙසේවූ ආභරණ කැමැත්තේ ය, මේ මෙසේ මෙසේ වූ සුවඳ විලවුන් කැමැත්තේ ය, මේ මෙසේ මෙසේවූ ඛාද්යු භොජ්යම කැමැත්තේය, යනාදි වසයෙන් සියලු සතුන් කැමැති දෙයින් සියලු සත්ත්වයන් සන්තොෂ කළා වූ පරිණායක රත්න ව දහසක් පුතුන් ට ජ්යෙතෂ්ඨ වූ පුතණුවන් වහන්සේ ද මෙම රාහුල නම් පුතණුවන් වහන්සේ ම ය.

තව ද: කෙළවර වෙස්සන්තර ජාතකයෙහි ජූජක නම් බමුණා වංකගිරි පර්වතයට ගොස් ‘ස්වාමිනි! තොප පුතු මට ගැතිකොට දන් දෙව’යි කී බස් අසා බා දිව ගොස් සිවුරැස් පොකුණෙහි සැඟවී සිට “පුතණ්ඩ! ජාලිය කුමාරයෙනි”යි පියාණන් වහන්සේ එකවිට ම බැණ නැඟි බස අසා “බමුණා මා ගැති කෙරේවයි මම ද බමුණාට ගැතිවෙම්ව යි මා වැනි දරුවොත් මපියාණන් වහන්සේ දෙවිටක් අඬගාවද්දැ”යි නෙලුම්පත් ඉසින් පිහිරා දිවගෙන අවුදින් “ ස්වාමිනි! මා කැමැත්තක් කළ මැනවැැ”යි පියාණන් වහන්සේට දකුණත පෑලූ කීකරු වූ ජාලිය කුමාරයෝ නමු දු මෙම රාහුල නම් පුතණුවන් වහන්සේ ම ය.

මෙසේ පෙර බුදුන් කෙරෙහි කරන ලද ප්රා ර්ථනාඇති හෙයිනුත් ජාති කෝටියෙහි දරුවම ආ හෙයිනුත් ඔවුනොවුන්ට උපකාරව ආ හෙයිනුත් සසර ත් බුදුන්ට කීකරුව ම ආ හෙයිනුත් “රාහුලයා ඉසකේ කපා මහණකරව”යි වදාරණ වේලෙහි උත්තරරයක් නො කියා වනැ”යි සිත සිත‍ා හතුටු ව සිටි සේක.

එ වේලෙහි ධම්සෙනෙවි සැරියුත් මහතෙරුන්වහන්සේ රාහුල කුමාරයන් ඉසකේ කපා මහණ කරවා වදාළ සේක.

ශුද්ධෝදන රජ්ජුරුවෝ මුනුබුරාණන් මහණ කළහ යි අසා මහත් වූ ශොක ඇතිවූවාහු ය. කාරණ කිම ය යත්:-[සංස්කරණය]

ශුද්ධෝදන රජ්ජුරුවෝ මුනුබුරාණන් මහණ කළහ යි අසා මහත් වූ ශොක ඇතිවූවාහු ය. කාරණ කිම ය යත්:- රාහුලකුමැරයන් උපන්දාම පුුතණුවන් වහන්සේ මහභිනික්මන් කොට නො කිියා ම පලා ගිය හෙයින් පුතණුවන් වහන්සේ කෙරේ මහත්වූ ශොක ඇති වත් මුනුබුරාණන්ගේ අතුල් පතුල් කන් නාසා පුතණුවන් මහන්සේ හා එක්වැනි ය යි කිය කියා මුනුබුරාණන් සන සනා උන්ගේ සුරතල් බල බලා පුතණුවන් වහන්සේ කෙරෙහි උපදනා ශොක තුනු තුනු කොට විසූහ. එසේ හෙයින් එ දා රජ්ජුරුවන්ට මහමෙර සේ ශොක විය. රජ ශොක රඳවාගත නො හෙනුයේ කිපි බුදුන් කරා දිවගොස් මහ හඬින් හඬ හඬා “සර්වඥයන් වහන්සේ! නුඹවහන්සේගේ සස්න අවිචාර වත් සස්නෙක් ද, මවුපියන් කෙරෙහි සරු නො කරන ශාසනයෙක් ද, නුඹවහන්සේ ත් මට නො කියා ම සොර ම ගොස් මහණවූ සේක, මාගේ කුඩා පුතණුවන් නන්ද කුමාරයනුත් උදුරා ගෙන මහණකොටගත් සේක, මාම වඩාගත් මාගේ මුණුබුරාණන් රාහුල කුමාරයන් මට නොකියා ම මහණකළ සේ නො යෙදෙයි”යනාදින් බුදුන්ට මැසිවිලි කීහ.

එ කල ගිනිමැලයක ඇල් පැන් සළන්නා සේ පියරජ හට බණ වද‍ාරා ශොක සන්හිඳුවා වදාළ සේක. රජ්ජුරුවෝ බණ අසා ශොක සන්හුන් කල “ම පුතණුවන් වහන්ස, අද මට උපන්නාවූ දරු ශොක ය දරුවන් වැදූ සියලු දෙමවුපියන්ට නො වනු කැමැත්තෙමි, මට ම අනුග්ර හ නිසා නුඹවහන්සේගේ ශාස‍නයෙහි මවුපියන් අනු නො දන්නා මහණකැර විය නො හැක්කේ ය යි යන ශික්ෂාපදයෙකින් වරයක් මට දුනමැනවැ”යි ආරාධනා කළහ, බුදුරජාණන් වහන්සේ පියරජහුගේ බස් අසා “මහරජ මෙ තැන් පටන් මාගේ ශාසනයෙහි මා ඇති කල වේව යි නැති කල වේව යි දරු කෙනකුන් මවුපියන්ට නො කියා මහණ කළ නො හැක්කේ ය.”යි ශික්ෂාපද පනවා පිය රජහු සතුටුකොට සමු දී රජගෙට ම යවා වදාළ සේක.

මෙසේ බ්දුරජාණන් වහන්සේ කිඹුල්වතට වැඩි සත්වන දා රාහුල කුමාරයන් මහණ කරවා, අටවන දා උදාසන භික්ෂුගණයා පිරිවරා පියරජහුගේ ගෙට වැඩ කැඳ අවුළුපත් වළඳා බත් වළඳන වේලා එනතෙක් රජ්ජුරුවන් හා සාකච්ඡා කොට කොට වැඩහුන් සේක. එ කල ශුද්ධොදන රජ්ජුරුවෝ “ස්වාමිනි! නුඹවහනසේ දුෂ්කරක්රිදයා පුරන සමයෙහි දේවතා දුවක් එක් දවසක් රාත්රින භාග යෙහි අවුදින: මට කියනනි: රජ්ජුරුවෙනි! තොප පුතණුවෝ සිද්ධාර්ථ කුමාරයෝ බත් නැතිව වියලි සක්මන් කෙළවර වැටී මළ හ යි කිව; ඇය කී බස් අසා මම මාගේ පුතනුවෝ ලොවුතුරා බුදු ව මුත් නො මියති යි කිමි; දෙවනු ව කිව, තුන්වනුව කිව; එසේ කීව ත් නො ගිවිස්සෙම් ම වේදැ”යි කීහ.

බුදුහු එ තෙපුල් අසා “මහරජ දැන් මා බුදුවන ජාතියෙහි, තොප රහත්වන ජාතියෙහි, මා මළහ යි කී බස් නො ගිවිසිසේ ආශ්චය්ය්තර්‍ නො වෙයි, පෙරත් නො ගිවිස්සා මස වේදැ”යි වදාරා තුෂ්ණීම්භූත ව වැඩහුන් සේක.

එ වේලෙහි රජ්ජුරුවෝ හුනස්නෙන් නැඟි බුදුන් වැඳ “ම පුතණුවන් වහන්ස! පෙර නුඹ මළහ යා කී බස් මා නො ගිවිස්සේ කෙසේ දැ”යි විචාළහ.

එ කල බුදුරජාණන් වහන්සේ පිරජාණන්ට සැඟවී තුබු මහා නිධානයක් පිධාන ය ගලවා දක්වන්නා සේ භවයෙන් ප්රාතිච්ඡන්න වූ භාවාන්තරගත වූ තමන් වහන්සේ හා පියාණන් වහන්සේගේ පූර්ව චරිත සඬ්ඛ්යා ත වූ ඉකුත්වත් දක්ව‍ා වදාළ සේක. ඒ කෙසේද යත්?


ගිය දවස කසීරට ධර්මපාල නම් ගමෙක මහා ධර්මපාල නම්.....[සංස්කරණය]

ගිය දවස කසීරට ධර්මපාල නම් ගමෙක මහා ධර්මපාල නම් ජ්යේෂ්ඨයාණ කෙනෙක් වූහ. උන්ගේ කුලයෙහියටත් වසයෙන් කෙලි කොල්ලන් දක්වා ත් ඇම දෙනම රා නො බොති, බොරු නො කියති, සොරකම් නො කෙරෙති, ප්රාකණඝාත නො කෙරෙති, කේළාම් නො කියති, වාක්පරුෂ නො කියති, මහණ බමුණන් කෙරෙහි ආදර ඇතියාහ, කුලදෙටුවන් පුදන්නාහ, වැඩිමහල්ලන් දැක උසෙක නො යිඳිනාහ; පන්සිල් රකිති, පේවස් රකිති, නොයෙක් ප්රඳකාරයෙන්ම කුශල ධර්මපාල පාලනය කෙරෙති, එසේ හෙයින් ඒ කුලය ධර්මපාල කුලයයි ප්රාසිද්ධ වී ය. තව ද: ඒ කුල ගෙහි සත්මුත්තෙක පටන් මෙසේ ම අවිනෂ්ටව පවත්නාවූ කුශල ධර්මය‍ාගේ බලයෙන් ඒ කුලෙහි උපන් යම් කෙනෙක් පිළිසඳ පටන් මවුකුස දී ත් නො මියති, ප්ර සවකාලයෙහි ත් නො මියති, මවුන්ට දුක් නොදී අන්තරායක් නැතිවම උපදිති, කිසිකෙනෙකුත් කොර නො වෙති, පිළු නො වෙති, කන නො වෙති, ගොළු නො වෙති, බිහිරි නො වෙති, කිබිස පියන පමණකුත් රොගී නොවෙති, මෙසේ නීරෝගි බැවින් මහලු ව මුත් අන්තරා මරණෙක් සත් මුත්තක් පරම්පරායෙහි කිසි කෙනෙකුන්ගේ ත් නැත. ‍ එ කල අපගේ අනන්ය සාධාරණොත්තම් සුරගණමණි රත්නා ලඬ්කෘත විශුද්ධ ශුද්ධ බුඬාඬ්කුර ශ්රී මහා බොධිසත්ත්වයෝ ඒ මහා ධර්මපාල නම ජ්යෙශෂ්ඨයාණන් හට පුත්ර්ව ඉප ද ධර්මපාල නම් කුමාරව සොළොස් හාවිරිදි කල දහසින් බැඳි පියලි ගෙන තක්සලා නුවරට ලොස් දිසාපාමොක් ආචාය්ය්ලර්යලන් දැක ගුරුපූජා කොට නොයෙක් ශිල්පයට පටන්ගෙන පන්සියයක් අතවැසියන් හා සමඟ ශිල්ප හදාරන්නාහ. එකල දිසාපාමොක් ආදාය්ය්ජර්යකන්ගේ කුඩා පුතණු කෙනෙක් එක්තරා එක් ව්යාොධියෙකින් මළහ. ඔවුන් දවා අළු හස් කොට හැම නෑයන් හා අතවැසියෝ හඬති, වලපිත,ධර්මපාලයෝ නො හඬති; තොප නො හඬන කාරණ කිම්දැයි විචාළහෙයින් අපගේ කුලෙහි බාලව මියන්නෝ නැත; හැමදෙන ම මාලුව මියෙති, එසේ හෙයින් හැඬීමැ යි යන ව්ය;වහාර නො දනුම්හ යි කීහ.

ආචාය්ය්දර්‍ එ තෙපුල් අසා ආශ්චය්ය්2ර්‍ වූ සිත් ඇති ව ඒ ෂර්මපාල යනගේ කුලයට ගෙ‍ාස් ආයු බොහෝ වන ධර්මයන් මම උගන්මියි සිතාලා පරීක්ෂාකරන්නාහු එළුවකු මළ තෙනින්ඇට සුඟක් ඇරගෙන ශොධාපියා සුවඳ කවා ලා පයියේ ලා ගෙන අතවැස්සනට සොරා එක්තරා අතවැස්සකු හා සමඟ පත් කුඩයක් ගෙන ඒ ධර්මපාලයන්ගේ ගමට ගියහ. ඒ ධර්මපාලයන් ගේ පරිවාර ජනයෝ ආචාය්ය් ර්‍ පෙරමගට ගොස් වැඩිමාලු කෙනෙකැ යි ආදර කොට අතින් පත්කුඩ ය ගත්හ. ආචාය්ය්ආර්‍ ධර්මපාලයන්ගේ දොරකඩට ගොස් “තමන් පුතණුවන් ධර්මපාල කුමාරයන් අකුරු කැර වූ ආචාය්ය්යර්‍ අවු ය”යි කියා යවූහ. මහා ධර්මපාලයෝ එතෙපුල් අසා පෙරමඟට අවුදින් ආචාය්ය්ධර්යාන් තමන්ගේ ඇතුළු ගෙට ගෙන ගොස් හස්නෙක හිඳුවා පයශොධවා උපව‍ාර ‍කොට බත් පැන් විචාරා සාද කළහ.

ඉක්බිත්තෙන් දිසාපාමොක් ආචාය්ය් ර්‍ මහා ධර්මපාලයන් තමන් ළඟට කැඳවා “තොපට මළකෙනකුන්ගේ අස්නක් කියා අයිමි, සියලු සත්ත්වයෝ ම මරණෙන් මැකෙන්නාහු ම ය, එසේ හෙයින් ධර්මපාලයෙනි! මා කියන බසට ශොක නොකරව, තොප පුතණුවන් ධර්මපාලකුමාරයන් මා කරා ගියවුන් දැක අෂ්ටාදශ ශිල්ප හා සූසැට කලා ශිල්පයන් උගන්වා නිමවාලීම්, තොප දරුවෝ ඉතා නුවණැතියහ, ඉතා ගුණ ඇතියහ, ඉතා යෙදී ගියහ; මොබ එන අවදියේ ලෙඩක් වලා මිය ගියාහු ය, දැන් උන් දවාපියා අයිමි, යහළු මහා ධර්මපාලයෙනි! ශොක නො ගනුව”යි කීහ.

ධර්මපාලයෝ එ තෙපුල් අසා සැක නැති ව ඇකයේ අත් ගසාා අඬගා සුනභ. ආචාය්ය්අර්‍ ඔහු නො ලිවිසි සේ දැක පසුඹියෙහි තුබූ එළු ඇට මෑත්කොට ලා “බොරු කීමි යි සිතූ ද, තොප පුතණ්වන් මළ තෙන තුබූ මේ ඇට බලව”යි කියා පෑහ. ධර්මපාලයෝ “මේ පලු ඇට හෝ එළු ඇට ය, ම පුතණුවන්ගේ ඇට නො වෙයි, මාගේ කුලෙහි සත් මුත්තෙක පටන් මාලු ව මුත් බාල ව මළ කෙනෙක් නැත, එසේ හෙයින් නො ගිවිසිමි”යි කියා නැවත සුනහ. ඉක්බිත්තෙන් ආචාය්ය්නර්‍ නො ගිවිස්නා සේ දැක සතුටුව “මම තොප පරීක්ෂා කරනු පිණිස කීමි. තොප පුතණ්වෝ සුවෙන් උන්හ, යාළු තොපගේ කුලෙහි ආයු බොහෝ වන ධර්මයන් මා උගන්ව”යි කීහ. එ කල ධර්මපාලයෝ තමන්ගේ කුලධර්මයන් කියන්නාහු:-

පුබ්බෙව දානා සුමනා භවාම

දදම්පි චෙ අත්තමනා හවාම,

දත්වාපි චෙ නානුතප්පා ම පච්ඡා

ස්මා හි අම්හං දහරා න මීයරෙ-යි.

යනාදි වසයෙන් තමන්ගේ කුලයෙහි ධර්මයන් කීවාහුය.දිසාපාමොක් ආචාය්ය්්ර්‍ ඒ ධර්මයන් ඉගෙන තක්සලා නුවරට ගියාහු ය. මහරජ! එ කල මහාධර්මපාලයෝ නම් තෙපි ය, පුතණුවෝ නම් මම් ම ය, පෙරත් මා මළහයි කී බොරු බස් අසා නො ගිවිස්සා ම වේදැ යි වදාරා මේ මහාධර්මපාල ජාතකය පූර්වාරසන්ධි ගළපා නිමවා වදාළ සේක.

එ කෙණෙහි ශුද්ධෝදන රජ්ජුරුවෝ ම පුතණුවන් වහන්සේ දැන් මතු නො වෙයි, පෙර ත් මට දරු වූ සේක් ම ය යි උපන් සන්තොෂයෙන් අනාගාමි මාර්ගඵලයට පැමිණියාහු ය.

මෙසේ බුදුන් පළමු ව සිඟාවැඩි දා වීථියෙහි දී ගාථා දෙක අසා ....[සංස්කරණය]

මෙසේ බුදුන් පළමු ව සිඟාවැඩි දා වීථියෙහි දී ගාථා දෙක අසා සෝව‍ාන් - බසෙදගැමි වූහ; මේ ධර්මපාල ජාතකය අසා අනගැමි වූහ. පසු ව පිරිනිවන් පානා දා දළපුඩුසේසතින් යුක්ත වූ යහනේ වැදභෙව අමාමහනිවනින් දුටුවාහුය යි දතයුතු.

මෙසේ මාගේ ස්වාමිදරුවෝ පළමුවන ගමනෙහි කිඹුල්වත් පුරයට වැඩ දෙවන දා මහා ප්රාකතිහාය්ය්පර්යෙ න් සිඟා වැඩ ඒ පෙළහරෙහි විස්මයපත්වූ බොහෝ සත්ත්වයන් විසින් කරන ලද අප්රෙමාණවූ සාධුනාද ස්තුතිමඩ්ගල පූජා ය, තුන්වනදා එසේ ම පෙළහරින් සිඟා වැඩ ඒ මඟුලෙහි නන්දමහතෙරුන් මහණකොට එ තැන් පටන් ඔවුන් විසින් කරනලද ජීවිතාන්තප්රටතිපතින් පූජා ය, සත්වන දවස දු එම පෙළහරින් සිඟා වැඩ රහල්තෙරුන් මහණ කොට ඔවුන්විසින් කරන ලද මනොහරවූ ප්රරතිපත්ති පූජාය, පිය මහ රජ්ජුරුවන් තුන්මඟ තුන්ඵලයෙහි පිහිටුවා ඔවුන් විසිනු දු කරන ලද අප්රතමාණවූ චතුර්විධ ප්රිත්යසයදාන පූජා ය, නමස්කාර පූජා ය, ප්රණතිපත්ති පූජා ය යි යනාදි වසයෙන් සංඛ්යාදපථයට අවිෂය වූ බොහෝ වූ අද්භූතවූ පූජාවන් ලත් හෙයිනුත් එසේවූ පූජා විඳීමට සුදුසු හෙයිනු ත් “අර්හ පූජායං” යනු හෙයිනු ත් මාගේ බුදුහු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදුයේ මැ යි:

පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො

අත්ථානුරූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං- යි.


මේ පූජාවලියෙහි අප බුදුන් කිඹුල්වත් නුවර දී ලද අද්භූත පූජා කථා නම් වූ සොළොස් වන පරිිච්ඡේදය නිමි.