Jump to content

පූජාවලිය-මහා බ්‍රහ්මයාගෙන් ලද සාධුනාද පූජා කථා

Wikibooks වෙතින්

පූජාවලිය


දොළොස් වන පරිච්ඡෙදය


තවද අප බුදුන් ධර්මාරාධනාවෙහි මහාබ්රලහ්මයාගෙන් ලද සාධුනාද පූජා නම් කවර යත්:


මෙසේ දීපංකර පාද මූලයෙහි පටන් අනුක්රලමයෙන් වැඩ බෝමැඩ හරා වැඩහිඳ මරසෙන් බිඳ බුදුවැ, උදන් පවත්වා, එම වජ්රාබසනයෙහි මැ ලෝවැඩ වඩා වැඩහුන්නාවූ මාගේ සවාමිදරුවෝමෙසේ සිතා වදාළසේක. සාරාසංඛ්යූ කප් ලක්ෂයක් මුළුල්ලෙහි ඉස් දී මස් දී ඇස් දී ලේ දී අඹුදරුවන් දී බොහෝ දුක්ඛ සම්භාරයෙන් බොධිසම්භාර පූරා මේ වජ්රාීසනය හා ශ්රීඛමහාබොධිය ලදිමි, මේ පය්ය්ාර්‍ංක ය නම් මාගේ ජය පය්ය් ර්‍ංකය ය, මේ බොධිය නම් මාගේ ජය මහා බොධි ය ය, මරහු මවාලූ කල්පාන්ත වාතයක් සේ පර්වත ඔසවා දිවන ඒසා මහත් සැඬ පවනෙහි පත්රාංපකුරයකුත් සැලී නොනැංගේම ය, මෙම ආසනයෙහි මෙම බෝකඳ පිටලා වැඩහිඳ කෙලෙසුන් ගෙවා බුදුව මුළුලෝ මුදුන් පත්විමි, මේ මේ කාරණයෙන් මේ විදුරස්න මට මහා වැඩ වැඩූ ය, ඒ හැර නො නැ‍ඟෙමි යි සිතා; කෙළ ලක්ෂ ගණන් සමවත් සමවැද සත්දවසක් මුළුල්ලෙහි ම නොසැලි වඅඩහිඳ එම වජ්රාසසනයෙහි ම දවස් යැවුසේක.

එසේ වැඩ හිඳිනාකල සමහර දෙවියෝ සිතන්නාහු: සිද්ධාර්ථ කුමාරයෝ වජ්රාිසන ය හැර තව දක්වා නො නැඟෙති, තව බුදු නුවුවාහු වන, තව බුද්ධකෘත්යි නොනිමියේ වනැ යි විතක සිතුවා හු ය. ඉක්බිත්තෙන් ස්වාමිදරුවෝ මෙසේ පළමුවන සතියෙහි වජ්රාදසනයෙහි ඵලසමාපත්තීන් වැඩහිඳ දෙවියන්ගේ සැක දුරු කෙරෙමි යි දෙවන සතියෙහි වජ්රාඳසනයෙන් ආකාශයට පැනනැඟී මොහොතක් කල් යමාමහපෙළහර දක්වා දෙවියන්ගේ සැක දුරු කොට ශ්රීො මහා බොධියට ඉසාන කන ආකාශයෙන් බැස ‘මට උපකාරී වූ මේ වජ්රාසසනයට හා ශ්රී මහාබොධියට ප්රිීය වස්තුවක් පුදමි’යි සිතා. ඇසිපිය නො සොල්වා අනිමිස ලොචනයෙන් බෝ කඳ බලා සිට ඉන්ද්ර නිල මාණික්ය සඟලක් පුදන්නාසේ තමන් වහන්සේගේ පස්පෑයෙන් දිලියෙන ඇස් සඟලින් අනිමිස ලොචන නම් පූජාවක් කොට සද් දවසක් ධ්යානන සුවයෙන් වැඩ සිටිසේක. ඒ වැඩ සිටි තැන දැන් අනිමිස ලොචන නම් චෛත්යියෙක් වි ය.

මෙසේ වැඩසිටි තැනට හා වජ්රා සනයට හා අතුරෙහි පූර්ව සක් වළැ මුඛවාටයෙහි පටන් පශ්චිම සක්වළ මුඛවාට ය දක්වා දෙවියෝ රුවන් සක්මන් මැවූහ. මාගේ සවාමිදරුවෝ මෙසේ දෙවන සතියෙහි අනිමිසලොචන පූජාවෙන් දවස් යවා තුන්වන සතියෙහි දෙවියන් මැවූ රුවන් සක්මනැ සක්මන් කළසේක. ඒ සථානය දැන් රත්නචංක්ර්මණ චෛත්ය ය නම් වි ය.

ඉක්බිත්තෙන් දෙවියෝ ඒ ශ්රීම මහා බොධියට වායඛ්යා් කෝණ යෙහි රුවන් ගෙයක් බුදුන්ට මැවූහ. එකල සවාමිදරුවෝ තුන්වන සතියෙහි රුවන් සක්මනැ මෙසේ දවස් යවා සතරවන සතියෙහි දෙවියන් මැවූ රුවන් ගෙට සක්මනින් බැස පලක් බැඳ වැඩ හිඳ රජයක් ලද්දාවූ සක්විති රජකු නොයෙක් රුවනින් පිරූ භාණ්ඩාගාරවල දොර හරවා සිත්සේ වෙන වෙන නන් විසිතුරු රුවන් බලා අගයකොට ලේකම් බලා සතුටුවන්නා සේ, මාගේ ඒ සද්ධර්ම චක්ර වර්තීන් වහන්සේ ද බුද්ධරාජ්යතය ලදින් සද්ධර්ම නමැති රත්න සමූහයන් සද්දවසක් මුළුල්ලෙහි විශෙෂයෙන් වෙන වෙන බලා වදාළ සේක.

කෙසේ බැපූ සේක් ද යත්:- මම බුද්ධරාජ්ය ය ලදින් පන්සාලිස් හවුරුද්දක් හිඳ බුද්ධ ශ්රීා විදිමි යි, මාගේ ශසනයෙහි ශාරිපුත්රද සථවිර ප්රාධාන අසීති මහා ශ්රාුවකාදි කෝටිගණන්භික්ෂුගණයා චන්ද්ර සූය්ය්‍ර්‍ දිව්යා පුත්රලයන් සේ ශොභාමත් ව සසුන් බබුළුවති යි, මාගේ මේ ශාසනය මෙයින් මතු පන්දහසක් හවුරුදු පවත්ති, මාගේ භික්ෂූන්ට අනුශාසනා පිණිස වින ය පිටකය දේශනා කෙරෙමි යි, විනෙයජනයන් නිසා සූත්රප පිටක ය දේශනා කෙරෙමි යි, මාගේ ප්රනඥවගේ සාර ය දක්වා දිව්යශ බ්රභහ්මයන්ට විජම්පිටක ය දේශනා කෙරෙමි යි, මෙසේ සංෂෙපයෙන් තුන්පිටකය කල්පනාකොට බලා වෙන වෙන පරික්ෂාකරන්නා වූ මාගේ සවාමිදරුවෝ:

තවද: විනය පරිජි නම් මේ ය, වින ය පවිති නම් මේ ය, විනය මහ වග නමි මේ ය, විනය සුළුවග නම් මේ ය, විනය පරිවාර නම් මේ ය, ඊට සමන්තපාසාදිකා නම් වූ විනය අටුවා නම් මේ ය, සාරාර්ථදීපනි නම් වූ විනයටීකා නම් මේ ය යි මෙසේ ඒ විනය පිටකය ශ්රීරමුඛ පාළි හා අටුවා ටීකා වසයෙන් නවඅනූදහස් දෙසිය පනස් ග්ර‍න්ථසඬ්ඛ්යාටවෙකැයි බලා දැක්ක.

තව ද සූත්ර්පිටකයට වැද එහි පඤ්චමහාසඟියක් දැක්ක, පළමු වන දික්සඟියෙහි ශිලස්කන්ධවර්ග ය නම් මේ ය, මහාවර්ගය නම් මේය, පාළිවර්ගය නම් මේ යි තුන්වර්ගයක් දැක්ක. තව ද දෙවන මධ්යළම සඟියෙහි මූලපණ්ණාස නම් මේ ය, මජ්ක්ධිම පණ්ණාස නම් මේ ය උපරිම පණ්ණාස නම් මේ ය යි තුන්පණ්ණාසයක් දැක්ක. තව ද තුන් වන සංයුත්සඟියෙහි සගාථවර්ග ය නම් මේ ය, නිදාන වර්ගය නම් මේ ය, ස්කන්ධ වර්ග ය නම් මේ ය, සළායතන වර්ගය නම් මේ ය, මහා වර්ගය නම් මේ ය යි පඤ්චමහා වර්ගයක් දැක්ක. තවද සතරවනවු අංගුත්තර සඟියෙහි එක-ද්වික තිකනිපාත නම් මේ ය, චතුක්ක නිපාත නම් මේ ය, පඤ්චකනිපාත නම් මේ ය, ඡ-සත්තක නිපාත නම් මේ ය, අට්ඨ-නවක නිපාත නම් මේ ය, දසෙකාදස නිපාත නම් මේ ය යි ෂට්ප්රනකාරයක් දැක්ක. තවද පස්වන ක්ධුද්ර ග්රටන්ථනම් සංගිතියෙහි චූලනිර්දෙශ නම් මේ ය, මහානිර්දෙශ නම් මේ ය, ප්රනතිසම්භිදා නම් මේ ය, මහාවර්ග නම් මේ ය, ජාතකපාඨ නම් මේ ය, නෙත්පවුරුණු නම් මේ ය යි ෂට්ප්රගකාරයක් දැක්ක. තව ද සුවඬ්ගල විලාසිනි නම්වූ සූත්‍ර අටුවා මේ ය. ප්ර්පඤ්චසූදනී නම්වූ සූත්රි අට්වා මේ ය, සාරාර්ථප්රතකාශනි නම් වූ සූත්ර‍ අටුවා මේය, මනොරථ පූර්ණි නම් වූ සූත්රා අටුවා මේ ය. සද්ධර්ම ජොතිකා නම් වූ සූත්රම අටුවා මේ ය, ප්රටතිසම්හිදා නම් වූ සූත්රස අටුවා මේ ය, පරමාර්ථ ජොතිකා නම් වූ සත අටුවා මේ ය, උදාන නම්වූ සූත්රා අටුවා මේ ය, විමානවස්තු නම් වූ සූත්රස අටුවා මේ ය, ප්රෙරතවස්තු නම් වූ සූත්රඅ අටුවා මේ ය, ථෙරගාථා නම් වූ සූත්රර අටුවා මේ ය, චය්ය්ෙර්‍ාපිටක නම්වූ සූත්රේ අටුවා මේ ය, බුද්ධ වංශ නම් වූ සූත්රර අටුවා මේ ය, ධම්පියා නම් වූ සූත්රව අටූවා මේ ය, පන්සිය පනස් ජාතක නම් වූ සූත්රය අටුවා මේ ය, විශුද්ධිමාර්ග නම් වූ සූත්ර අටුවා මේ ය, නෙත් පවුරුණු නම් වූ සූත්රර අටුවා මේ ය යි මෙසේ සූත්ර් පිටකයට වැද වෙන වෙන බලා තමන් වහන්සේගේ ශ්රීා මුඛයෙන් වදාරන පාළි හා අටුවා කථා සාරලක්ෂ එකොළොස් දහස් පන්සියයක් ග්ර න්තයෙන් සම්පූර්ණ වී යයි මෙසේ සූත්ර පිටක ය දැක්ක.

තව ද අභිධර්මපිටකයට වැද ධම්සඟුණු නම් වූ විජම් පාළි මේ ය. විහඬ්ග නම්වූ විජම් පිළි මේ ය. ධාතුකථා නම් වූ විජම් පාළි මේ ය. පුද්ගලප්ර්ඥප්ති නම් වූ විජම් පාළි මේ ය. කථාවස්තු නම් වූ විජම් පාළි මේ ය. යමක නම් වූ විජම් පාළි මේ ය, පට්ඨාන නම් වූ විජම් පාළි මේ ය, අර්ථසාලිනි නම් වූ විජම් අටුවා මේ ය, සම්මොහවිනොදනී නම් වූ විජම් අටුවා මේ ය, පඤ්චක නම්වූ විජම් අටුවා මේ ය යි මෙසේ විජම් පිටකයෙහි ශ්රීේමුඛ පාළි හා අටුවා කථා එක්ලක්ෂවිසිදහස් දෙසිය පනස් ග්ර න්ථ සඬ්ඛ්යාපවෙකැ යි දැක්ක.

මෙසේ තුන්පිටකය මුල්පටන් අගදක්වා ය. අගපටන් මුල දක්වා ය, දෙනෙළවර පටන් මැද දක්ව‍ා ය, මැද පටන් දෙකෙළවර දක්වායයි මෙසේ අනුලොම ප්රපතිලොමාදි වසයෙන් සකසා පරික්ෂා කොට බලා වදාරා. තව ද ඒ මාගේ ධර්මසංඛාව විශෙෂයෙන් බලම් නම්; රසවසයෙන් එකෙක් වෙයි, පිටක වසයෙන් තුනෙක් වෙ යි, නිකාය වසයෙන් පසෙක් වෙ යි, අඩ්ග වසයෙන් නවයෙක් වෙ යි, ස්කන්ධ වසයෙන් සවාසු දහසක් පමණ වෙ යි. ශ්රීස මුඛ පාළි වසයෙන් මාම කරන්නා වූ දෙශනාවෝ දෙලක්ෂ පන් සැත්තෑදහස් දෙසිය පනසක් පමණ ග්රෙන්ථ වෙති. මතු ශ්රී‍ ලංකාද්වීපයෙහි දි කප්ලක්ෂයක් පැරුම් පුරා ආ බුද්ධඝොෂ නම් ආචය්ය්ථර්‍ සථවිරයන් විසින් මාගේ අභිප්රාොය දැන ලියන ලද අටුවා කථා වසයෙන් තුන්ලක්ෂ එක් සැට දහස් සත්සිය පනස් ග්රෙන්ථසඬ්ඛ්යා වෝ පමණ වෙති. ඒ මාගේ ආගම කථාවෝ හැමදෙනම ග්රලන්ත සඬ්ඛ්යා වෙන් සලක්ෂ සත්තිස් දහසක් පමණ වෙති. හාණවාර සඬ්ඛ්යාව වෙන් පස්විසි ලක්ෂ අටසාලිස් දහසක් බණවර වෙති. අක්ෂර ගණනාවෙන් දෙකෙළ තුන්ලක්ෂ සූවාසූ දහසක් අක්ෂරයෙන් පිරුණේ යැ. නය වසයෙන් අසඬ්ඛ්යව ගණන් නය යැ. ඒ මාගේ සියලු ධර්ම සමූහයෝ මැ අවිනෂ්ටවැ පන්දහසක් අවූරුදු පවත්නාහු ය යි මෙසේ මාගේ සවාමිදරුවෝ “අනෙකජාති සංසාරං”කියා පළමු ඔසවාගත් ශබ්දයෙහි පටන් ගෙන කෙළවර යමහල වැදයෙවැ “අප්පමාදෙන සම්ප‍ාදෙථ”යි යන මේ ශබ්ද ය අත්තකොට ඇති සියලු ධර්ම සමූහයන් ඒ දෙවියන් මැවූ රුවන් ගෙයි වැඩහිඳ ඒ සතරවන සතිය මුළුල්ලෙහි මෙනෙහි කොට නිමවා වදාළසේක. ඒ සද්ධර්ම රත්නය වැඩහිඳ සම්මර්ශනය කළාව සථාන ය උන් රත්නඝරචෙතිය නම් වි ය.

මෙසේ මාගේ සවාමිදරුවෝ සද්ධර්ම සම්මර්ශනයෙන් සතර වන සතිය යවා පස්වන සතියෙහි අජපාල නම් නිග්රොෙධ මූලයට වැඩැ පූර්වදිග් බලා වැඩහිඳ විමුක්ති සුවවිඳ දවස් යවන සේක!

එසමයෙහි මාරදිව්යහ පුත්රවයා පැරද ගොස් යහන් මතුයෙහි මුහුණින් හෙව බොහෝ දෙවියන් තමාට කරන නින්දා ඉවසාගත නොහි තමාගේ ඒ දිව්යදභවනයෙන් සැඟවී ගොස් දඹදිව මාවතක් මැද මහී වෙසක් ගෙන දෙපා දිගුකොට ලා එක් අතක් නිකටැ දිලා කරබා හිඳ සිතනුයේ “සිද්ධාර්ථ කුමාරයා මා නො කැමති කරවා ම මහභිනික්මන් කෙළේය, සාවුරුද්දක් මුළුල්ලෙහි මට අවකාශයකුත් නොපෑයේ ය, දැන් මට මේ සා පරිභවයක් කොට බුදුව ගියේ ය, ඉතිකින් මාගේ විෂ ය ඉක්ම ගිය, මාගේ ඒ සතුරා බුදු ව සතර සතියෙක් පලා ගිය, ඒ සතුරා නොබෝ දවසකින් බොහෝ බණ කියා සියලු සතුන් නිවන් පුරයෙහි ඇදලා පිය යි, බොහෝ කලක් අඩුවක් නැති ව තුබූ ම‍ාගේ නරකවල් අවකාශ කරවයි, මතු තබා තමා මවුකුස උපන් වේලෙහි ද, බිහිවූ වේලෙහි ද, මහභිනික්මන් කළ වේලෙහි ද, බුදුවූ වේලෙහි ද, මාගේ නරකවල ඇවිලෙන ගිනිකඳ නිවා හැල් කරවා මා මුහුණ දැලිගා පිය, ඒ සතුරා කෙසේ පිටු දකිම් දෝ හෝ”යි සිත සිතා ශෝක කරනුයේ සොළොස් කාරණයක් සිත සිතා සොළොස් හිරක් මඟ අවුරා ඇඟිල්ලෙන් ඇන්දේ ය.


කෙසේ ද යත්?


මම සිද්ධාර්ථයාට දාන පාරමිතාවෙනු ත් අඩුවෙම් ම ය, ශීල පාරමිතාවෙනු ත් අඩුවෙම් ම ය, නෛෂ්ක්රහම්යහ පාරමිතාවෙනු ත් අඩුවෙම්ම ය, ප්රමඥපාරම්තාවෙනු ත් අඩුවෙම් ම ය, වීය්ය් ර්‍ පාරමිතා වෙනු ත් අඩුවෙම් ම ය, ක්ෂාන්ති පාරමිතාවෙනු ත් අඩුවෙම් ම ය, සත්ය‍ පාරමිතාවෙනු ත් අඩුවෙම් ම ය, අධිෂ්ඨාන පාරමිතාවෙනු ත් අඩුවෙම් ම ය, සත්යෙ පාරමිතාවෙනු ත් අඩුවෙම් ම ය, අධිෂ්ඨාන පාරමිතාවෙනු ත් අඩුවෙම් ම ය, මෛත්රිඩ පාමිතාවෙනු ත් අඩුවෙම් ම ය, උපෙක්ෂා පාරමිතාවෙනුකත් අඩුවෙම්මය, තව ද ඉන්ද්රිමය පාරවරඥනයෙනුත් අඩුවෙම් ම ය, ආශ්රුවක්ෂ ය කරඥනයෙන් අඩුවෙම් ම ය, මහා කරුණා සමාපත්තිඥනයෙනු හා අඩුවෙම් ම ය, යමක ප්රාතතිහාය්ය්ෙර්ඥාඥනයෙනු ත් අඩුවෙම් ම ය, අනාවරණඥනයෙනුත් අඩු වෙම්ම ය, සර්වඥතාඥනයෙනුත් අඩුවෙම්ම යයි මේ සොළොස් කාරණයෙන් ඒ සිද්ධාර්ථයා මට ශත ගුණයෙන් සහස්රො ගුණයෙන් වඩනේ ම ය, ශතසහස්ර ගුණයෙන් මම ඕහට අඩුවෙම් ම ය යි මඟ අවුරා මෙසේ සොළොස් හිරක් ඇඳ ඒ බල බලා සුසුම් ලලා කර බාගෙන හුන්නේ ය.

එ කල ඒ මාරයාගේ තණ්හා ය, රති ය, රගා ය යි යන දුන් තුන්දෙන පියාණන්ගේ දිව්යග ප්රාෙසාදයට වැද, යහනේ වැදහොත් පියාණන් නො දැක අපගේ පියාණන් වහන්සේ කොයි ගියසේක් දෝ හෝ යි දිවසින් බලා මාවත් මැදෙක බිම ඇඟිලි ගසා සුසුම් ල ලා හුන්නවුන් දැක අසුරුසනක් කලින් එතනට දිව ‘පියාණන් වහන්ස! මේ කෙසේවූ දුක්පත් කමෙක්ද? නුඹ සුසුම් ලන්නේ කුමන ශොක‍යකින් දැ’යි විචාලහ. වසවත්මර කියනුයේ “දරු-වෙනි! තෙපි නො දනු ද, මහණ භවත් ගෞතමයා දශදහසක් සක්වළ දෙවියන් බලා සිටියදී මා මරා ලුහුබඳවා මා මුහුණ දැලි ගාපී ය, දැන් මාගේ සතුරා බුදුව ගියේය, මට වූ ලජ්ජා නොදනු ද, මාගේ ආත්ම රක්ෂාවට තුබූ චක්රාුයුධය දක්වා දරුවෙනි! උදුරා ගත්තේවේදැ”යි කීය. එබසට දූ තුන්දෙන කියන්නාහු. “ස්වාමීනි! අපට නො කියා ඒ සා පිරිසක් ගෙන ගොස් කුමට විඩා වූ සේක් ද, අපට කිවහොත් එක බළ පිරිසකුත් නැති ව අපි තුන් දෙන ගොස් ඔහු කාම නමැති මලින් බදාගෙන මුවපොල්ලකු සේ පෑලම්හ, දැනු දු ශොක නො ලෙන නුඹවහන්සේ දිව්යෑශ්රීතන්ම හුන මැනව, ඇසිල්ලකින් ගොස් අප ඔහු නුඹ පාපිටට ගෙනෙන ලෙස් බලා වැඩහුන මැනවැ”යි කිහ. එ කල මරදෙවි පිත් කියනුයේ; “දරුවෙනි! කුමන බස් කියවු ද, සිද්ධාර්ථ කුමාරයා ඉතාමහත් වූ ආනුභාව හා මහත් වූ තේජස් ඇතියේ ය, ඔහු කා විසිනු ත් ජයගත නො හැක්ක, සොලවාලිය හැකි සතෙක් නො වෙ යි, මහා ධෛය්ය්්ර්‍ සම්පන්න පුරුෂයෙකැ”යි කී ය.


එ බසට දූ කියන්නාහු “ස්වාමීනි, අපගේ වසවර්තිදිව්යඑලොකයට වඩා කාමභූමියක් නැතිබැවු නො දන්නා සේක් ද, ජිවිතයක් ඇති පුරුෂයෙක් ඉදිරියෙහි ඇසිල්ලෙක පෙනිගියමෝ නම් ඔහු කාමයෙන් පො‍ළඹා ගැන්මෙහි අපට වඩා දක්ෂ වූ කාමාඬ්ගනාවෝ කාමලොකයෙහි නැත් ම ය”යි මෙසේ පියාණන් ඉදිරියෙහි සිට වහසිබැණ පියා පියාණන් දෙවුලොවට යවාලා තුමූ එතනින් අන්තර්ධාන ව දික්කළ අතක් වක් නොකරනතුරු ඇසිල්ලෙක බුදුන් වැඬහුන් අජපාල මූලයට ආසන්නව නො පෙනී සිට තුන් දෙන ඔවුනොවුන් හා මනුත්රවණ බණන්නාහු: “නඟිනි, පුරුෂයන් ගේ සිත් නම් නොයෙක් ආකාරය, සමහර කෙනෙක් බාල ස්ත්රී න් කැමති වෙති, සමහර කෙනෙක් යෞවන ස්ත්රීසන් කැමැති වෙති, සමහර කෙනෙක් මද්ධ්ය්ම ස්ත්රී්න් කැමැති වෙති, සමහර කෙනෙක් වෘද්ධ ස්ත්රී‍න් කැමැති වෙති, ඒ සිද්ධාර්ථ කුමාරයාගේ අදහස් නො වරදවා බලා ගනුම්හ”යි මන්ත්ර්ණ කොට ලා.


දොළොස් හැවිරිදිඅ කුඩා කෙලිරූ සියයෙක, සොළොස් හැවිරිදි පළමුවන යෞවනයෙහි සිටි ස්ත්රීූ රූ සියයෙක, එක දරුවන් ලද ස්ත්රීත රූ සියයෙක, දෙදරුවන් ලද උත්තම ස්ත්රී, රූ සියයෙක, එක දෙ නර දුටු ස්ත්රීස රූ සියයෙක, විලිකුන් කෙස් ඇති මැහැලි රූ සියයෙකැ යි මෙසේ සසියයක් වෙස් මවාගෙන “සිද්ධාර්ථයා අප පියාණන් මුහුණ ගෑ දැලි අද පිස හරිමෝ ම ය, ඔහුගේ සිල් බිදු මෝ ම ය”යි කිය කියා, නන්විසිතුරු මලින් සරහන ලද නිල් වරලසින් හා කන් නමැති මධු ගුහාවට ගමන්ගත් කිල හ්රැ ඬ්ග යුග්මයක්සේ ඉදුමිණි නිල්වන් දිඟු පුළුල් වූ ඇසින් හා ගන නිල් වරල් නමැති මහ මේ කළින් පැනනැඟි දෙව්දුනුවන් දිලියෙන බැම සඟලින් හා දුටුදුටුවන් දෙපා මසන රන් හැකිලි සේ සක් පතින් දිලියෙන කනින් හා කෙම්වැල වන් තඹුරු තොලින් හා කොඳකැකුළුවන් දත්පෙළින් දිවන සුදුරැසින් සඳරැස් පරදවමින් මුව පියුම් බල බලා කර ඔසවා සිටිනාවූ රන්වන් හංස පැටවුන් සේ ලීලෝපෙත ව සිටිනා පිරුණු තන සඟළින් හා නැඹ පියුමට මුවරද ලොලින් බස්නා හෘඩ්ගාවලින් සේ දුටුදුටුවන් සිත් උමතු කරවන නිල් වසාරොදින් හා රන්තැඹිලි කඳවන් අසුරෙන්ගන්නා සිඟු වලඟින් හා කාම පුරුෂයන් මනදොළ විශාරද කරන්නා වූ රන්වන් වූ පුළුලුකුලෙන් හා පුරුෂයන්ගේ ධ්යෛන්ර්‍ මඩනා තිරිඟි කඳ සේ රන්කෙහෙල් කඳට නිගාදුන් මට සිලුටුවූ කලවා සඟළෙන් හා, නිවවන්පුරට වදනවුන් බදා හෙළන මල සේ කර පුරා හෙළනලද මුතුහර පැලඳ “කාම පුරුෂයෙනි! පිනැති එකෙක් වල නො‍ෙගාස් අපකරා එව යි හඬගා කැඳවන්නා සේ රන්ලියවන් අතෙහි පිරූ මිණි වළලු රැවුදෙමින් සියලු සතුන් ඇසට ලූ ඉන්ද්රූ ජාලා බඳුවූ නන් පැහැයෙන් විසිතුරු උතුරුසළු ලා, රතියට ආකර සේ, මඳ මඳ සිනායෙන් පිරුණු මුඛ නමැති සඳ පෙළින් දිවන දසනගරසින් සල්ලාල නමැති කෞමදයන් සතුටු කරවමින්, මෙසේවූ දුටුවන් ඇසුවන් සිතුවන් සිත් සොලවා පියන සසියයක් වෙස් මවා ගෙන ඔවුනොවුන්ගේ රූසිරි බල බලා ‘නගිනි, අද අපට එක පුරුෂයෙක් නම් සරු කිම්දැ’යි වහසි කිය කියා; ඒ මාගේ ස්වාමි දරුවන්ගේ අභිමුඛයට අහසින් වගුළ සපුමල්දම් පෙළක් සේ, රන්ලිය සමූහයක් සේ, බුද්ධපූජාවට දමාලූ සසියයක් රන්පියුම්සේ, සසියයක් සඳ මඬුලු සේ, සසියයක් රන්කැටපත් සේ, දෙදෙනෙක් රකසැටියක නො සැරහී, දෙදෙනෙක් එක්වන් සළු නො හැඳ, මෙසේ වෙන වෙන නොයෙක් ස්ත්රීෙ ලීලාවෙන් බුදුන් පෙරටවැ සිටවගන මෙසේ කියති:

“යහළු සිද්ධාර්ථ නම් කුමාරයෙනි! තෙපි වසන්තයා බඳු කාන්ති ඇති කෙනෙකු ව, පන්තිස් හැවිරිදි හෙයින් නව යෞවන යෙහි පිහිටි ය ව, රන්වන්වූ ශරීර ඇති කෙනෙකු ව, සියලූ ස්ත්රීහන් ගේ ප්රෙරම තොපකරා හයා ගන්නා කෙනෙකු ව, රසයෙන් සම්පූර්ණ කෙනෙකු ව, ස්නෙහයෙන් ආර්ද්ර කෙනෙකු ව එසේ වූ තෙපි රන්පවුලකින් රන්වන් වූ තෙල කය වසාගෙන කාම ස්ත්රී න් ගේ ශොක නමැති ළැව වනයෙහි ගිනිලන්නා සේ එකලාව, මේ නුගගස මුල කරබාගෙන හිඳුව, ස්වාමිනි! නො වලා කියව, තොප අඹුවෝ ඇද්ද නැද්ද, නොහොත් තොප හා ඩබරකොට ගියෝ ද, නොහොත් උත්තම ස්ත්රි යක කල්යවා නො එන හෙයින් ඈ බල බලා හිඳු ද, ආ හා සිද්ධාර්ථ කුමාරයෙනි! මේ අපට කියව යි නො සඟ ව යි විචාළහ. එකල මාගේ, ස්වාමිදරුවාණෝ වෙස්සන්තර ජාතකයෙහි කෘෂ්ණාජිනා නම් දියණියන් කියන ළද බොළඳ සුරතල් කොට සිනා මුවෙන් නො බැණ, හුදු කරුණායෙන් අඹාලූ රුවක් සේ, හුදු මුදිතායෙන් මවාලූ රුවක් සේ, හුදු උපෙක්ෂායෙන් මවාලූ රුවක් සේ නො සෙල්වී මහපොළොව සේ වැඩහුන්සේක.

ඉක්බිත්තෙන් මැහැලි වෙස්ගත් තණ්හා නම් දේවතාදු “මේ පුරුෂයා එසේ මෙසේ සොලවාලිය නො හැක්ක, අප හැම දෙනා තමාගේ නුවන් කෙළවරිනු ත් නො බල යි, පුරුෂයෝ නම් තමන් රූ වර්ණනා කළ කල මඳනැඟි ඇතුන් සේ උමතු වෙති, මොහුගේ රූපය ඉදිරියෙහි සිට වණා මා කරා නමා ගනිමි”යි සිතා ‘ස්වාමිනි සිද්ධාර්ථ කුමාරයෙනි! තොපගේ සිද්ධාර්ථ නම් නම සියලු ස්ත්රීින්ගේ කාමාර්ථයන් සිද්ධකරන හෙයින්ම ලදහ යි සිතමි. තොපගේ මේ රන්වන්වූ ශරීර ය ලෝකවාසීහු කරුණා මෛත්රීමන් සම්පූර්ණ වී ය යි කියති,මම වනාහි පඤ්චකාමයෙන් පිරුණාහ යි කියමි. තොපගේ තෙලෙ රන්කඳක් වන් පස්කඳ රන්මුහුදින් පැනනැඟි ස්වර්ණාංකුරයක් වන්නැ යි නො කියමි. කාම ස්ත්රීින් තොපගේ තුනුවිලට බැස කෙළනා පස් මහ තොටකැ”යි කියමි. තව ද තොපගේ රන්මෙරක් බඳුවූ බුද්ධකාලයෙහි දිලියෙන ඉඳුමිණි නිල්වන් සිරස රන්මුහුදින් පැන නැඟි ඉදුමිණි නිල් පර්වතයක්හුගේ ශ්රීර විභූතියක් වැන්නැ යි නො කියමි, කාමස්ත්රි න් නමැති බකාඬ්ගනාවන්ට ගබ්දෙන්නාවූ මහ මේකුළක් දෝ හෝ යි කියා සිතමි.

තව ද තොපගේ තෙලෙ රන්තලාවක් වන් නළල් තල මැද දිලියෙන ඌර්ණණාරොම ය රන් බිතෙක්හි දුන් මකුල් තිලකයක් වැන්නැ යි කියා ත් නො කියමි, “ස්වර්ණ සාගරයෙන් පැන නැඟි දක්ෂිණ සඬ්ඛ්ය යක් වැන්නැ යි කියා ත් නො කියමි. නො හොත් එම රන් මුහුදින් පැනනැඟි දරණ ලා හොත් හැළි නාග රාජයකු වැන්නැයි කියා ත් නො කියමි, නොහොත් තොපගේ රූ මුහුදින් පැනනැඟි අමා දධියක් වැන්නැ යි කියා ත් නො කියමි. නොහොත් තොපගේ යශෝලතාවෙන් ප්ර බොධවූ යශමල් කැනක් වැන්නැ යි කියා ත්නො කියමි. නොහොත් නාසිකා නමැති පුඩු ඇති, බැම නමැති ඉදුමිණි නිල්වන් සතෙහි මුදුන් දුන් රිදී කොතක් වැන්නැ යි කියා ත් නො කියමි, නොහොත් තොපගේ මුඛ නැමැති මහපියුමට බැස මුව පුරා රොන් ගෙන නළල් නමැති රන්පෙත්තෙහි හිඳ රැවු නඟා මත් ව ගුවන් බලා හුන් ශ්වේත හංස පෝතකයකු වැන්නැ යි කියා ත් නො කියමි, ඒකාන්තයෙන්ම කාම ස්ත්රීකන් නමැති කෞමදයෙන් ප්ර බොධ කරන්නාවූ පුන්සඳක් වැන්නැ යි කියාම සිතමි. නොහොත් තොප කරා පැමිණි යෞවන ස්ත්රීාන්ගේ කාම ඩාහ නිර්වාපණ ය පිණිස මවාලූ රිදී තල් වැටෙක් දෝ හෝ යි කියාම සිතමි. තව ද තොපගේ තෙලෙ වෙන වෙන පස් වනක් පැහැයෙන් දිලියෙන්නාවූ ඇස්සඟල මුඛ පද්මයට බට නිල හාංගරාජ යුගලයක් වැන්නැ යි කියා ද නීලොත්පල යුගලයක් වැන්නැ යි කියා ද, ඉන්ද්රපනිල යුගලයක් වැන්නැ යි කියා ද, නො කියමි, පඤ්චකාමයන්ගේ ජයගැන්මට වෙන වෙන ම මව‍ා ලූ පඤ්චවර්ණයෙක් දෝ හෝ යි කියා ම සිතමි.

තව ද තොපගේ තෙලෙ උත්තුංග වූ නාසිකාව මුව පියුම බලා කර නඟා උන් රන්වන් වූ හංස රාජයකු වැන්නැ යි කියා ත් නො කියමි, තොප කරා පැමිණි ප්රෙ ම කාන්තා නැමැති කෙණෙ-රඟනන් අනුන් කරා නො යාදි හයා ගන්නාවූ ස්වර්ණාංකුශයෙක් දෝ හෝ යි කියා ම සිතමි. තව ද තොපගේ තෙලෙ බිම්බඵල සමාන වර්ණ වූ අධරයුග්ම ය මුඛ නමැති පද්මයෙහි හටගත්තා වූ රත් පියුම්පෙති සඟළක් වැන්නැ යි කියා ත් නො කියමි, තොපගේ රූප නමැති ක්රී ඩා ශාලායෙහි කාම ස්ත්රිින්ට මවා තුබු ප්රමවාලමය වූ රා ඔඩම් සඟලක් වැන්නැ යි කියා ම සිතමි.තව ද යහළු සිද්ධාර්ථ නම් රූසයුරාණෙනි, තොපගේ තෙලෙ රන්කුළු සඟලක් වන් උරසඟළේ පැහැර සිටිනා කන්පට සඟළ රත්ගල් මුදුනෙක නටන ස්වර්ණමයුර රාජ යුග්මයක් වැන්නැ යි කියා ත් නො කියමි, තොපකරා බැමිණි යෞවන ස්ත්රීනන් අනුන් කරා නො යාදී දෙපා මනස රන්පමුදම් දෙකෙකැ යි සිතමි. තොපගේ තෙලෙ රන්වන් වූ ග්රීුව ය රන් මිහිඟක් වැන්නැ යි නො කියමි, කාමාඩ්ගනාවන් උමතුකරවන ඖෂධ ඝටිකායෙක් ම ය යි සිතමි. තොපගේ තෙලෙ රත් සිවුරුගබින් නිකුත් බාහු යුග්ම ය රත්වලා ගබින් නිකුත් විදුලිය දෙකක් වැන්නැ යි නො කියමි, තොපගේ රූ නමැති අමාගඬ්ගාවට බැස කාම ස්ත්රීමන් සිත් සේ කෙළනාවූ රන් පලු වැන්නැ යි සිතමි.

මෙසේ වූ රූපයකින් මේසා වන මැදෙක කාමස්ත්රීින් නැති ව තොප වැනි කෙනකුන් උදකලාව වසනු ඉතා නො යෙදෙ යි, මේ ලෝකයෙහි ස්ත්රිත නම් තොප වැනියන් පහස් ලත් ස්ත්රි ම ය, බැවින් වරෝ හිමි, එකලාව මේ වෙනෙහි නො වසව, අද දක්වා පුරුෂයන්ගේ පහස් නො ලත් මාගේ මේ දොළොස් හැවිරිදි කුඩා නඟුන් සිය ය හෝ රක්ෂාකරව, නොහොත් නව යෞවනයෙහි පිහිටි සොළොස් හැවිරිදි නඟුන් සිය ය හෝ රක්ෂා කරව, නො හොත් එක් දරු වැදු මේ රන්ලිය වන් නඟුන් සියය හෝ රක්ෂා කරව, දෙ දරු වැදු මේ රන්ලිය වන් නඟුන් සියය හෝ රක්ෂා කරව, දෙ දරු වැදු මේ විදුලිය වන් නඟුන් සියය හෝ රක්ෂා කරව, පුරුෂයන් පොලඹා ගැන්මෙහි අප මුත් නැතැයි ධවජ නැඟුවා සේ එක දෙ නර නැඟි නඟුන් සිය ය හෝ රක්ෂාකරව, නොහොත් කපු පිසමන් දී ගඳලගයෙන් පුරුෂයන් පොලඹා ගැන්මෙහි දක්ෂවූ අප මැහැල්ලන් සිය ය හෝ රක්ෂා කරව, හිමි! තොප සිත ඇත්තක් නො වළා කියව, අප මුත් මෙතෙන අනික් කිසි කෙනකුන් නැති බැවින් කිසි විළියහ නො කරව” යනාදින් මෙසේ ළඳ බොළඳවූ නොයෙක් විරහ තෙපුල් කිව.

එ විගස හැම මාරස්ත්රි් ඔවුනොවුන් පරදවා අපි ම ලෝභ කරවා ගනුම්හ, අපි ම ලෝභ කරවා ගනුම්හ යි සිත සිතා සමහරු නටති, සමහරු ගී කියති, සමහරු අත්තල හෙළති, සමහරු අසුරු සන් දෙති, සමහරු නරු නතති, සමහරු බමති. සමහරු පුසුඹු ලති, සමහරු ලිලා දක්වති, යනාදින් නොයෙක් ප්රරකාරයෙන් අකට විකට පෑ පොලඹන්නාහු මාගේ ස්වාමිදරුවාණන්ගේ නුවන් කෙළවරින් බැලුම් පමණකුත් නො ලද්දාහු ය. මෙසේ බොහෝ උත්සාහ කොට අවකාශයක් නො ලදින් වෙහෙසන්නාහු; “ස්වාමිනි සිද්ධාර්ථ කුමාරයෙනි, මේ ලොකයෙහි තොප මහා ශ්ර්ද්ධාවන්ත ය යි කියති, කාමාඩාහයෙන් තොප කරා ආ අප තොපගේ තුනුවිල ගලා සන්හිඳුවා නුලූ නම් තොපගේ තෙලෙ ශ්රීගපාද නමැති පියුම් දෙකින් අප අපගේ නළල් මැද තිලකාහරණ දෙව, තව ද එසේ ත් ලෝභී වූ නම් ස්වාමි සශ්රීික වූ සුවඳ ගඳින් පිරුණා වූ තොපගේ මුඛ නමැති කරඩුව හැර මධුර වචනයක් දන් දී අප අපගේ කන් පූරව, එසේ ත් ලෝභි වූ නම් තොපගේ තෙලෙ පස් වනක් පැහැයෙන් දිලියෙන බැලූම් පමණකින් ලෝවැඩ කරන්නා වූ ඇස් සඟලින් අර්ධ බැලුම් දී ඒ ආශ්වාදයෙන් තොප නිසා ම සැලෙන අප කම්කිලියන් කම්ගිනි නිව්ව; අද තොපගේ ශ්රලද්ධාබල, බලම්හ”යි නොයෙක් ලෙස යාච්ඥකළ කල ද මාගේ ස්වාමිදරුවාණන් ඒ දිව්යල ස්ත්රි න්ගේ භාවනාව ලිලාජරාපත් වැඳිරියන් පානා වූ විකාර සේ, වෙස් බැඳ පානා විකාර සේ, සිතා අශුභ ලකුණු උපදවා මෛත්රි න් පින පිනා මහමෙර සේ නිශ්චලව වැඩහුන්සේක් ම ය.

එ කල මාරස්ත්රික තමන් දිව්යාංිගනාවන් හෙයින් මොහුගේ පූර්ව චරිතයෙන් මෝහට නින්දාකොට පොලඹා ගනුම්හ යි සිතා කියන්නාහු: “සිද්ධාර්ථ කුමාරයෙනි! දැන් අපට තොප තදවන්නේ ඇයි ද, තොප පෙර කුසරජ ව උපන් කළ ප්ර භාවතින් තොප හැර පලාගිය කල එදා තොප ඒ සා රාජ්යොයක් හැරපියා උන් පසුපස්සෙහි එකදා සියයක් යොදුන් දිවු දවස් සඳහන් නැද්ද, තව ද වළන් කද කර තබාගෙන හිණිපාමුල හී මළහොත් වෙස් ගෙන ඇස පෙරළාලා එදා තොප වැදහොත් ලෙස් මෙදා සඳහන් නැද්ද, තව ද තොප හුණු හඬ අසා ප්ර්භාවතීන් දිව අවුදින් කර දිගුකොට මේ මළදෝ හෝ නොමළ දෝ හෝ යි සිතා නාසයට අත පෑ බලන වේලෙහි ඒ ස්ත්රිදය දැක ප්රේසම ධරාගත නොහී කටපුර කෙළ ගෙනා ඇගේ මුව පියුමට දැමු ලෙස් සඳහන් නැද්ද, තව ද එම ස්ත්රිවය නිසා විය්ය්හර්යප කරන තොප එදා කැසපට ගොතාගෙන කළල්මැද සිට බඳුන් සේදු ලෙස් සඳහන් නැද්ද, පෙර සසර මෙසේ ගෑනුන් කෙරෙහි ලොහි තැනැත්තන් දැන් අප වැනි ස්ත්රීසන් කෙරෙහි මඳකුත් ලොභ නොකරන තොප වරද නො වෙයි; අප කළාවූ අකුසල් බල ම ය. තව ද පෙර තොප රජ වූ ජාතියෙක පඤ්චකාම ය මා මුත් අනිත් සතකු අනුභව කළ නො හැක්කැ යි කියා කාමයෙහි ගිජු ව කිලෙ යි සිටි බල්ලන් දක්වා කඩුවෙන් පොලුගෙන කාමොන්මන්ක ව එදා ඇවිදි ලෙස් මෙදා තොප සඳහන් නැද්ද.

තව ද එක් කාලෙක චුල්ලපදුම ජාතකයෙහි ප්රිාය වූ කාන්තාවක නිසා රජ ය හැර ගොස් ඈ පය බිම ගෑ නොදෙමි යි කර හිඳුවා ගෙන දුරුමඟ ගෙවා යනදා ඈ පැන් බෙමි යි කි වේලෙහි පැන් නැත්තෙන් තොපගේ තෙලෙ පුළුන් උරමඩල පළා ලේදිය පොවා ඈ පිපාසා නිවා ඇවිදි ලෙස් මෙදා තොප සඳහන් නැද්ද, තව ද තොප සුභලක්ෂණ ජාතකයෙහි සුභලක්ෂණා නම් බිසවුන් කර හිඳුවාගෙන රාජවීථී මද්ධ්යෂයෙහි වනමද්ධ්ය යෙහි යන්නා සේ කාමයෙන් අන්ධ ව එදා තොප ගියසැටි මෙදා දැන් සඳහන් නැද්ද, තව ද සංකප්ප ජාතකයෙහි තොප බරණැස් රජුගේ අග මෙහෙසුන් බිසවුන් දැක ලෝභකොට එකෙණෙහිම පත් සිඳපු පක්ෂියකු සේ ආකාශයෙන් බිම හී එ බඳු වූ ධ්යාානසුව ය හැර ෑයනට ගොස් සද්දා මුළුල්ලෙහි නොකා නොබි එසමයෙහි තොප කළ ස්ත්රිද ශෙක ය මෙ සමයෙහි දැන් සිහි මඳව ගියේද. තව ද පෙර තොප තක්ක ජාතකයෙහි ග බඩ පන්සලක් කොට ධ්යා නසුවයෙන් වසන කල දියෙන් යන කාන්තාවක් දැක ඈ දියෙන් ගෙිඩ නඟා ඈ කෙරේ කළ ලොභයෙන් ධ්යාඈනසුව ය හැර ගොස් ඈ හා සමඟින් වැස තොප මෝරු වෙළෙදාම් කොට එදා ජීවත් වූ සැටි මෙදා දැන් සඳහන් නැද්ද. තව ද පෙර තොප විනීල ජාතකයෙහි ස්වර්ණ හංසරාජ ව ඉපද පක්ෂින් කෙරෙහි හීන වූ කපුටු ධෙනුවක හා සමඟ සංවාස කොට විනීල නම් පුතකු ලදින් ඒ කපුටුවා හා කපුටුධෙනුව නිසා එකාවනු ව ඇවිද එදා ජීවත් ව තොප ගත් දුක් දැන් සඳහන් නැද්ද.

තව ද පෙර තොප උම්මාදන්තී ජාතකයෙහි රජව නුවර පැදකුණු කොට යන දා උම්මාදන්තී නම් ස්ත්රියයක දැක ඈ කෙරෙහි කළ ලෝභයෙන් කාමොන්මාදව ආ පස්සෙහි රජගෙට ගොස් නොයෙක් විලාපයෙන් ඈ මත්තේ නොයෙක් ගි කියා එදා තොප ඇඬුලෙස් මෙදා දැන් සඳහන් නැද්ද. තව ද පෙර තොප වන මැදෙක ධ්යා න ලදින් වසන කල එක් දවසෙක රෑ ස්ත්රිදයක වැඳහොත් ගේකට ගොස් දොර හරවා ඈ දොර නො හරන හෙයින් මුඩක් දී පල ය ඔසවා බළල්ලායෙන් ගෙට වදනා වේලෙහි පය ගැසි මුඬ ය ගැලවි පලභාරය තොප පිට හී ඔබාගත් කල එදා තොප ගත් දුක් මෙදා සඳහන් නැද්ද. පෙර මෙසේ එකී එකී ස්ත්රිායක් නිසා දුක් ගත්තා වූ තොල දැන් අප සසියයක් ප්රිකය කාන්තාවන් දැක තද වන්නේ නො යෙදෙයි, හිමි’ අපට දැන් කාමාස්වාද කරව”යි නොයෙක් ලෙස යාච්ඤාකළාහු ය.

එ වේලෙහි ස්වාමිදරුවෝ නිශ්චලව කරුණා පිඬක් සේ වැඩ හිඳ සිතා වදාරනසේක්: “මා රාගාදි කෙලෙසුන් නසා ලොවුතුරා බුදුව තුන්ලෝ මුදුන් වූ පරිදි මේ ස්ත්රිරහු නො දන්නාහු ය, ටමවෙුන්ට මා අරාගි අවෙශි අමොහි පරිදි හඟවාලමි”යි සිතාලා තමන් වහන්සේගේ මුඛ නමැති පද්මයෙන් සුවඳ ගඳ විහිදුවා අශ්ටාංගසමුපෙත වූ මධුර නාදයෙන් වදාරනසේක්: “නඟිනි, කුමක් කියා වෙහෙසෙවු ද, තොපගේ තෙලෙ ස්ත්රිට ලීලාව අවිතරාගි වූ, පුරුෂයන්ට ම සුදුසු බව මුත් මාසේ විතරාගි වූ, වීතද්වේෂ වූ, වීතමොහී වූ, නික්ලෙශි වූ, ශාන්ත වූ, දන්තවූ, අමාමහනිවන් දුටුවානට සුදුස්සෙක් නොවෙයි” වදාරා:-


යස්ස ජිතං නාවජීයති-ජීතමස්ස නො යාති කොචි ලොකෙ,

තං බුද්ධමනන්තගොචරං-අපදං කෙන පදෙන නෙස්සථ.

යස්ස ජාලිනි විසත්තිකා-තණ්හා නන්ථී කුහිණවි නෙතවෙ,

තං බුද්ධමනන්තගොචරං-අපදං කෙන පදෙන නෙස්සථ.


යන මේ ගාථාදේවයෙන් තමන්වහන්සේ වීතරාගී බැව් හඟවා බණ වදාළසේක. මාර ස්ත්රින ඒ බණ අසා තබා සදෙවුලොව දෙවඟනෝ අවුදිනු ත් මොහු කාමපාශයෙන් බදාගත නො හෙත්ම ය යි හැම කලකිරි බුදුන් වටාසිටි ගෙන තමන් සසියයක් දෙනා ගේ එක් දහස් දෙසියයක් පමණ අත් බුදුන් දසාවට පොව පොවා “කොල සිද්ධාර්ථ ය! එකායෙන් තෝ මනුෂ්යායෙක්නො වේ ම ය, ළෙයි ගුණ රස නැති යක්ෂයෙක්හි ද, නොහොත් උන්මත්ත පුරුෂයෙක්හි ද, නොහොත් තාගේ රුව මතුපිට රන්පොත්තකින් වසා ඇතුලත ගලකින් නිමියේ ද, නොහොත් තාගේ තෙල ශරීර ය යකඳින් නිමවා රන්වන් කෙළේ ද, ඒකාන්තයෙන් තාගේ තෙල පස්කඳ මුත් සිතෙක් එහි දුරින් දුරු ම ය, ඉදින් අපි අවීතරාගි වූ යම් පිරිමියකු ඇසිල්ලකුත් දුටුමෝ නම් ඔහු අප වසඟ කොට ගනුමෝ ම ය, තා සේ වූ රූක්ෂ සිත් ගුණ නැති, අශ්රගද්ධා පුරුෂයකු කරා අප ආසේ ම නො යෙදෙයි, තා සේ වූ ගුණ නැතියන් කෙරේ ඉදින් තා කැමැත්තෝතිනු ත් හිඳිනෝ කවුරුදැ”යි නින්දා බැණ, “අපගේ පියාණන් වහන්සේ ඔශු කාවිසිනු ත් ජයගත නො හැක්කැ යි කියව කියවා අප ආ සේ නො යෙදෙයි, අපට වූ පරිභව ඉතා මහත, යම්හ නඟිනි”කියා එතෙකින් අන්තර්ධාන ව පැරද පලා ගියහ.


මෙසේ මාගේ ස්වාමිදරුවෝ මාරස්ත්රියන් ජයගෙන ඒ අජපාල නුග්රොමධ මූලයෙහි පස්වන සතියෙහි වැඩහිඳ සවන සතියෙහි මුවලින්ද නම් විලට වැඩ එ විල්තෙර මහමිදෙල්ල ගසක්මුල වැඩහුන් සේක. එදා පටන් බුදුන් හා සක්විති රජුන් ලොව උපන් කල සත් දවසක් වස්නා චාතුර්ද්වීපික මහාමෙඝ නම් මහාමෙඝයක් නඟා සත් දවසක් ධාරානිපාත වි ය. එ විල වසන මුචලින්ද නම් දිව්යද නාගරාජයෙක් විලින් නැඟි දසදෙස වසාසිටි මහත් වූ වැසිඅඳුරු දැක බුදුන්ගේ ශරීරයට වැසි සුළං සිත මැසිමදුරුවන් වළකා මේ සද්දා පින් රැස්කෙරෙමි යි සිතාලා අවුදින් බුදුන් වටා ලා සත් දරණ පටක් එව මහත් වූ පණගබින් මුදුන වසා බුදුන් පුදා සිටි ගත. එ කල මාගේ බුදුහු දැවාණ කරඬුවෙක වඩාලු ප්ර්තිබිම්බයක් සේ මුචලින්ද නම් නාගරාජයාගේ දරණගබ සවන සතියෙහි ධ්යාතන සුවයෙන් වැඩහිඳ, එ තෙනින් පැනපැඟි සත්වන සතියෙහි මහ කිරිපලු වනයකට වැඩ කිරිපලු ගසක්මුල ගලස්නක් පිට නිල් වලා ගබක් පිට දිලියෙන පුන්සඳක් සේ දිලිහි දිලිහී ධ්යා නසුවයෙන් වැඩහුන්සේක. මෙසේ මේ සත්වන සතියෙහි බුදුවු එකුන් පනස් දා මුළුල්ලෙහි ආහාර කෘත්ය යක් නැති ව නාවන්සුව වළදා දවස් යවු කල බුදු වූ පනස්වන ද‍ා උදාසන අරුණු නැඟි වේලෙහි ශක්ර දේවේන්ද්රවයා අමා අරළු සුණුකඩක් ශ්රීු හස්තයට වි ය, එ කෙණෙහි මාගේ ස්වාමිදරුවෝ පන්සියයක් යෙදුන් උස හිමාලයෙහි සමපනස් යොදුන් අනවතප්ත විලට වැඩ අනන්තාපය්ය්මර්න්්තවූ බුදුන්ට ම නියත ව තුබූ සුගත් නම් තොටට බැස මුඛ ධොවනය කොට එම ශක්ර යා පිළිගැන් වූ මෘදු වූ සිනිදු වූ නාලියෙන් දැවටු වළඳා නැවත වැඩ එම කිරිපලු ගස මුල වැඩහුන් සේක.

එ කල බුදුකෙනකුන්ට අග්ර භෝජන ය දන්දෙමි යි කප් ලක්ෂයක් පතා ආ තපස්සු-භල්ලුක නම් වෙළඳ දෙබෑ කෙනෙක් අඋතුරු දනව්වෙහි සිට පන්සියයක් ගැලින් බඩු පුරාගෙන මද්ධ්යද මණ්ඩලයට යන්නාහු ඒ කිරිපලු වනයට පැමිණියාහ. පෙර ඔවුන්ට නෑ දේවතා දුවක් ඒ වෙනෙහි වසන්නී වෙළඳ දෙබෑයන් යන්නවුන් දැක උන් ලවා අද බුදුන්ට දන් දෙවා උන්ට වැඩක් කෙරෙමි යි සිතා උන් ගෙනයන පන්සියයක් ගැල් නාභිය දක්වා පොළෝ ගල්වා පුව, අදනා ගොන් දණ බිම ඇන රඳාගියහ. එවේලෙහි වෙළඳ දෙබෑයෝ භයපත් ව මේ වෙනෙහි දෙවිකෙනකුන් කළ දෙයෙකැ යි දැන ගඳ දුම් මල් පහන් පුදා දෙවියන්ට ආරාධනා කළහ. එ කල දේවතා දු දෙව්පිරිස් පිරිවරා ආකාශයෙහි සිට ඔවුන්ට පෙනි භය හරවා ‘මාගේ බුදුහු බුදුවූ දා පටන් එකුන් පනස් දවසක් මුළුල්ලෙහි තව දක්වා නිරාහාරයෙන් ම සත් සතියක් යවා දැන් මාගේ මේ වෙනෙහි පින්නෙක් ව වැඩහුන්සේක, තොපට ත් මට ත් පින් පුරා පරලෝ වැඩ නිසා බුදුන්ට අග්රනභොජන ය දෙවාලනු කැමැත්තෙමි යි මෙසේ බුදුන්ගේ ගුණ කියා බුදුන්ට දනක් දෙන සේ ඔවුන් සමාදන්කරවාගෙන ඒ පන්සියක් ගැල් ම හැරපූහ. එ කෙණෙහි ඔහු දෙදෙන පැහැද මීපිඩු ගෙන ගොස් බුදුන් පෙරටුව සිට ආරාධනා කළහ.

මහාප්රආහ්මයා පිළිගැන්වූ පාත්රප ය කිරිපිඩු පිළිගත්විට ම අන්තර්ධාන ව ගියේ ය, කිරිපිඩු පිළිගැන්වූ තලි ය නාගභවනයට ගියේ ය. එසේ හෙයින් “බුදුහු නම් පාණි පාත්රනයෙන් නො පිළි ගණිති, කවර පාත්රලයකින් පිළිගනිම් දෝහෝ”යි සිතා වදාළසේක.

එකෙණෙහි මාගේ ස්වාමිදරුවාණන් සසර ජාති ජාතියෙහි දන් දුන් චතුමධුර පූර්ණපාත්ර යන්ගේ ආනුභාවයෙන් වරම් රජදරුවෝ සතරදෙන ඉන්ද්රසනිල මාණික්යවමය වූ පාත්ර[ සතරක් ගෙනාහ. බුදුහු පූර්ව බුද්ධවරයන්ගේ චාරිත්රය බලා ඒ පාත්රළ නො ඉවසා වදාළසේක, නැවත මුංවන් පැහැ ඇති ශෛල පාත්රස සතරක් ගෙනවුත් ‘මාගේ පාත්රතය ම ගත මැනව, මාගේ පාත්රසයම ගත මැනවැ’යි කියා බුදුන්ගේ ශ්රීය හස්ත නමැති පියුමට බස්නා නිලභංගරාජයන් සතර දෙනකු සේ මතු මත්තේ තබාපීහ. බුදුහු වරමුන් සතරදෙනාට ම අනුග්රමහ සඳහා සතර මඑකපාත්ර යක් වේව යි අධිෂ්ඨානකොට වදාළසේක. එකෙණෙහි සතර පාත්රධය ම එක්ව ඇලී සතර මෝවිට තෝරා රේඛා පෙනි එක පාත්රතයක් වි ය, එ කල බුදුහු ඒ පාත්රෝයෙන් මිපිඬු පිළිගෙන පළමුවන භොජන ය වළදා ඒ වෙළඳ දෙබෑයන්ට අනුමෙවෙනි බණ වදාරා බුත්සරණ-දහම්සරණ පිහිටුවා ඔවුන් බුදුසස්නෙහි ද්වෙවාවික නම් උපාසක කළ සේක. ඒ වෙළඳ දෙබෑයෝ ‘ස්වාමිනි! නිති අප වඅඳපුදාගන්නා නියායෙන් වස්තුවක් දුනමැනවැ’යි කිහ. ස්වාමිදරුවෝ ශ්රීා හස්තයෙන් සිරස පිරිමැද කෙශධාතු මිටක් ඔවුන්ට දුන් සේක. ඔහු රුවන් කරඬුවකින් ඒ කෙශ ධාතු පිළිගෙන රථයෙහි තබා සියනුවර ගෙන ගොස් පූජා කරන්නාහු කලෙක ජලයාත්රානවෙහි ඇවිද ශ්රී් ලංකාද්වීපයට පැමිණ දර පැන් සොයා ගිරිහඬු බැස දාරකඬුව ගලපිට තබා බත් පිස කා යන කල දාකරඬුව තුබූ පළින් සොලවා ගත නො හී මේ උත්තම ස්ථානයෙක් වනැ යි දැන පාෂාණගොඩකින් වසා ගඳ දුම් මල් පුදා ගායහ, පසුව ගිරිහඬු නම් වෙහෙරෙක් විය.

ඉක්බිත්තෙන් මාගේ ස්වාමිදරුවාණෝ කිරිපලු ගසමුලින් නැඟී අටවන සතියෙහි අජපාල නම් නඅග ගසමුල වැඬහිඳ අනන්තා පරිමෙය වූ බුදුන්ගේ සිතිවිලි වූ ක්රැමයෙන් “මාගේ දහම් ගැඹුරු ය, සතුන්ගේ නුවණ ලා ය, ක්ලේශයෝ ඉතා උත්සන්නයෝ ය, මා බුදු වූ බව මුත් දහම් දෙසිමට කල් නො වෙයි” ධර්මගම්භීරත්වයෙන් පසුබට සේක.

එ කෙණෙහි සහම්පති මහාබ්රමහ්මයා “නස්සති වත හො ලොකො විනස්සති වත හො ලොකො”යි කියා දසදහසක් සක්-වළ දිව්යල-බ්ර හ්මනාග-සුපර්ණ-ගරුඬ-ගන්ධර්ව-යක්ෂ-රාක්ෂස-උෂ්ණ- වලාහක - අග්ර-වලාහක - සීතවලාහක - වාතවලාහක - වස්සවලාහක - සිද්ධ - විද්යාලධරාදි දිව්යී සෙනා වෙවුලවා මහහඩින් ගුගුරුවා දසදහසක් සක්වළ දෙවියන් රැස්කොට, එක්ලක්ෂ පනස් දහසක් බ්රකහ්ම රාජයන් පිරිවරා,දසදහසක් සක්වළ අනූදහසක් දිව්යකරාජයන් හා සමඟ මේ මඟුල්සක්වළට රැස් ව බ්රදහ්මරාජතෙම අටසාලිස් ගවු උසින්, සත්ගවු සමාර දිග පතුල් හා දොළොස් ගවු දිග රියන් හා සගවු දිග වියත් හා අඬගවු තැන් වසා ලන ඇඟිලි හා ඇති ව, සොළොස් යොදුන් දිව ‍සළු හැඳ, දොළොස් යොදුන් සළු එකාංශ කොට, සොළොස් ගවු මිණිඔටුනු පැලඳ, තමාගේ දසඇගුල්ලෙන් දිවු දස රස්කදින් දසදහසක් සක්වළ හිරු දහස් සඳු දහස් නැංගා සේ ඒකාලොක කෙරෙමින්, ඒ දසදහසක් සක්වළ හැම දෙවියන් බඹුන් ගෙන මාගේ ස්වාමිදරු වූ, ධර්මම රාජ වූ ධර්මම චක්රුවර්ති වූ, බුදුරජාණන් කරා ඒ අජපාල මූලයට දිවි තමාගේ දොළොස් ගවු උස දකුණු දණමඬල නමා උක්කුටිකයෙන් හිඳ තමාගේ සගවු පමණ විශාරද වූ, දොහොත් මුදුනෙහි තබාගෙන: “ස්වාමිනි! බුදු කෙනකුන් ඉපදීම කප්අසංඛ්ය යකිනුත් ඉතා දුර්ලභ වන්නේ ය, නුඹ වහන්සේ මේ සාරාසංඛ්යග කප්ලක්ෂයක් මුළුල්ලෙහි පාරමිතාවන් පුරා දුක් ගත්තේ ධම්සක් පවත්වා සියලු සතුන් සංසාරසාගරයෙන් ගොඩනඟමි යි සිතා වේ ද, එසේ වූ නුඹවහන්සේ දැන් සද්ධර්මචක්රිවර්ති ව ධර්මචක්රස ය නො පවත්වමි යි සිතු සේ නො යෙදෙයි, නුඹවහන්සේගේ දෙශනා නමැති රස්මින් ප්රේබුද්ධාකාරව හිඳිනා විනෙයජන පද්මයෝ අසංඛ්යරගණන, නුඹවහන්සේගේ ධර්මචක්රජ ය ඉක්ම පවත්නේවී නම් මම මාගේ ආඥචක්රනයෙන් හික්මවා දෙමි”යි “දෙසථ මුනින්දො ධම්මං, දෙසෙථ හගවා ධම්මං” යනාදීන් කියා ධැ්ම දෙශනාවට ආරාධනා කෙළේ ය. කියේ මැනෝ:


බ්රාහ්ම විලොකාධිපති සහම්පති

කතඤ්ජලී අනධිවරං අයාචථ,


සන්තීධ සත්තා අප්පරජක්ඛජාතිකා

දෙසස්සු ධම්මං අනුකම්පිමං පජං-යි.


එ කුල මහාබ්රහහ්මයාගේ ආරාධනාව අසා ධර්මදෙශනා කෙරෙමි යි බ්ර හ්මයාට ප්රමතිඥ දුන් සේක.

එ කෙණෙහි ඒ සහම්පති මහා බ්ර්හ්මයා සන්තොෂවූයේ මුළු ලොවට ඇසෙන සේ තුන්යළක් සාධුකාර පූජා කෙළේය. ඔහුගේ ඒ ශබ්ද ඝොෂාව හා සමඟ ම දොහොත් මුදුන් දී දෙලක්ෂ සතලිස් දහසක් සාධුකාර පූජාකොට ගියහ.


මෙසේ තමන්වහන්සේ බුදුව ලා ධර්මදෙශනා කෙරෙමි යි ප්ර තිඥා දුන් පමණෙකින් දස දහසක් සක්වළ දිව්ය බ්ර[හ්මයන් කළා වූ මේසා මහත් වූ පූජා ලත්හෙයිනු ත්, මෙසේ වූ පූජා විදීමට සුදුසු හෙයිනු ත්, මුළුලොවට ගුැු වූ, මුළුලොවට මවු වූ, මුළුලොවට පිය වූ, මුළුලොවට පිහිට වූ, මුළුලොවට ආධාර වූ, මුළුලොවට කල්යා ණ මිත්රො වූ, මුළුලොවට එකබන්ධු වූ, මුළුලොවට තිලක වූ, මුළුලොවට රසාඤ්ජන වූ, මුළුලොවට අමා වූ, මුළුලොවට වින්තාමාණික්යව වූ, මුළුලොවට නිධාන වූ, මාගේ ස්වාමිදරු වූ බුදුරජාණෝ මේ මේ කාරණයෙන් අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියනලදි:


පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො,

අත්ථානුරූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං-යි.


මේ පූජාවලියෙහි අප බුදුන් සද්ධර්මාරාධනාවෙහි අජපාල නිග්රොාධ මූලයෙහි දි මහාබ්රරහ්මයාගෙන් ලද සාධුනාද පූජා කථා නම් වූ දොළොස් වන පරිච්ජෙදය නිමි.