පූජාවලිය-යමක ප්‍රාතිහාර්යය පූජා කථා

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

පූජාවලිය


තෙවිසි වන පරිච්ජේදය


පටුන

තව ද: අප බුදුන් ගණ්ඩම්බ නම් වෘක්ෂමූලයෙහි දී...[සංස්කරණය]

තව ද: අප බුදුන් ගණ්ඩම්බ නම් වෘක්ෂමූලයෙහි දී ලද යමක ප්රාසතිහාර්ය පූජා නම් කවර යත්? එහි මේ පිළිවෙළ කථාව සත් පුරුෂයන් විසින් මෙසේ අසා දතයුතු. මාගේ ස්වාමිදරු වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මුළු ලෙ‍ාවට අමාවැසි වස්වන්නා සේ , දහම් වහරේ වස්වමින් රජගහා නුවර වේළුවනාරාමයෙහි වැඩවසන සමයෙහි එ නුවර ධනසිටාණෝ පරිවාර ජවයන් ඇරගෙන ගංගායෙහි ජලක්රීනඩා කරන්නාහු දියෙහි යන මහ දියකළයක් සා රත්සඳුන් ගැටක් දැක, එයින් පාත්රළයක් ලියවා සහල්ලෙක තම්බා දොර මිදුලෙහි හුණඳඩු හිඳුවා එහි උඩ සැටරියනෙක පාත්ර ය එල්වා “මේ ලොකයෙහි හිඳුවා එහි උඩ සැටරියනෙක පාත්ර ය පිළිගනිත්ව යි එසේ පිළිගනිත් නම් ඔවුන්ගේ සරණ යෙමි, ඔවුන් වදිමි, පුදමි, සත්කාර කෙරෙමි, ඔහු ම මට දෙවියෝ ය’යි මුළු නුවර අසූ දහසක් නියම් ගම් වල හා තුන්සියක් යොදුන් අඟු-මගධ දෙරට සැල කළහ.

එ කල දඹදිව පූරණ කාශ්ය්ප ය, මක්ඛලි ගෝශාල ය, අජිත කෙශකම්බලය, කකුධ කාත්යායයනය, සඤ්ජය බෙල්ලට්ඨිපුත්රණය, නිගණ්ඨනාථපුත්රළ ය යි පන්සිය පන්ිය පිරිස් ගෙන අපි බුදුම් හ, අපි බුදුම්හ යි ප්ර්තිඥා කොට තමන් තමන් පෙර “බුදුන් නො දකුමෝ ව”යි බොරු දිවුට පුවා වූ අකුශලයෙන් බුදුන් දැ්ක නො හී ලොව ගසා කා අඥාන වූ සත්ත්වයන් බදාගෙන ඇවිදුනා වූ සොරහු සදෙනේ වූහ. ඔවුන් සොර වූ පරිදි කවර යත්?

ඒ පුරාණ කාශ්යපපයා නම් දඹදිව එක්තරා එක් නවානූවක් මෙල්ලාකරුවන් ඇති කෙළෙඹි පුත්රදයාණ කෙනෙකුන්ගේ කෙල්ලක කුසින් කොල්ලක්හට දාව උපණ. සිටාණෝ “නුඹගේ අස්වල් මිඬි පුතකු ලදහ” යි කී බස් අසා සතුටු ව “මාගේ නවානූව් මෙල්ලාකවරුන් ඇති කුලයෙහි සියය පුරා උපන් හෙයින පූරණය “යි ීය. එ බස ගෙන හේතෙම පූරණ නම් වි ය, තබන ලද නමින් කාශ්යෙප නම් වී ය, එසේ හෙයින් පූරණ කාශ්ය ප ය යි මෙ නමින් ප්ර්සිද්ධ වී ය යි දතයුතු.

ඔහු බුදු වූ පරිදි වර යත්? ස්වාමිදරුවෝ ඔහු සියය පුරා උපන් හෙයිනු ත්, මඟුල්වහල මෙල්ලාකියා පුතු හෙයිනුත් ඔහු වෙහෙසා මෙහෙ නො ගන්නාහ. හේතෙම කර්මාන්තයක් නැතිව ස්වච්ජනදිකව වැඩී වර්ධනය වූ කාලයෙහි දු ස්වාමි දරුවන්ට වැඩක් නො කෙරෙයි. දයසෙක ඒ ස්වාමිදරුව‍ාණෝ මොහු ගෙන්වා මෝහට ගැසිනි මෙහෙයක් නැති ව සුවලන මෙහෙයක් යොදමි යි සිතා “ තෝ මාගේ මේ වහසල්දොරකඩ රකුව “යි නියෝග කළහ. හේතෙම කීප දවසක් වහසල් දොරකඩ හිඳ ඔබි නොබ පෙර සේ ඇවිඳ පියන්නට කෙළි මොළ කම් කොට ස්වච්ජනදික ව දවස් යවා පියන්නට බැරිබව දැන “මොවුනට වැඩක් ම නො කෙරෙමි යි දුරු රටකට මා පලාගිය මැනැවැ “යි සිතා දවසෙක දෙස් පලා ගිය.

එ කල ඔහු මහ වනමැදකට පැමිණි ල වල්සොරු ඔහු කඩ උදුරා ගෙන මරන්නට අල්වා ගත්හ. හේතෙම තමා ඇඟ බල ඇති හෙයින් අත ගළවා ගෙන සෙලුව ම ගැළවී දිව මහවනය පීරා ගෙන එක්තරා එක් දනවුවකට ගොස් ගම්මැදෙක කර බාගෙන සිටියේය. ගම්වැසියෝ ඔහු දැක තෙපි කවුරු දැ යි විචාළහ. මෙතෙන මම අනික ක් කීම් නම් මට රක්ෂා නැතැ යි සිතා මාගේ බඩ සියලු ශාස්ත්රඅයෙන් සම්පූර්ණ වූ හෙයින් මට පූරණ යයි කියති, ගොත්ර වශයෙන් බ්රා හ්මණ වංශයෙහි උපන් හෙයින් කාශ්යිප නමි. දැන් මම රහත්වීමි, පූරණ කාශ්යතප බුද්දු නම් මම වේ දැ”යි කී ය. එ වේලෙහි ගම්වැසියෝ ඔහු සෙලු බවු දැක අනෙකප්රානර වූ වස්ත්ර ඔහු කරා ගෙන ගොස් “හිමි මේ හදුව “යි කියති හේතෙම “පිළි හැන්දෙම් නම් සත්ත්වයෝ මා කෙරේ සරු නො කෙරෙති”යි සිතා සත්ත්වයෙනි! පිළි හැඳිම නම් ලජ්ජා වැසීමය. ලජ්ජා නම් පාප ධර්මයෙක, ඒ පාපධර්මය සැඟවීම රහතන්ට සුදුසු නොවෙයි, එසේහෙයින් අපි පිළි නොහදුම්හ” යි කියා පිළී ගෙන නො හඳනේ ය, එ කල මනුෂ්යපයෝ ඔහු කෙරේ ඉතා පැහැද වඳිති. පුදති, සත්කාර කෙරෙති, බොහෝ වූ ඛාද්ය භොජය ගෙනෙති. එ කල පන්සියක් දෙන ඔහු හා එක් ව ලාභය නිසා පිළී ගළවා හැර ඔහු කරා තපට වන්හ. එතැන් පටන් හේතෙම පූරණ කාශ්යැප නම් බුදු කෙනෙකැයි දඹදිව ප්ර්සිද්ධ විය.

තව ද: මක්ඛලි ගෝශාලයාගේ ද උප්පත්ති ය කවර යත්? එයිදු දඹදිව එක්තරා එක් කෙළෙඹි පුත්ර යාණකෙනෙකුන්ගේගෙයි දාසයෙක, හේ තෙම නමින් මක්ඛලි නම් වි ය. මව ස්වාමිදරුවන්ගෙන් උදහස් අසා ගොස් අනුන්ගේ ගෝශාලයෙක, ව දහොත් දවස් ඔහු වැදු හෙයින් ගෝශාල නම් ලද. හේ තෙම එක් දවසෙක ස්වාමිදරුවාණන් පස්සෙහි තෙල් කළයක් හිස තබාගෙන යෙයි, එ කල ස්වාමිදරුවා දිමඬ මිශ්රන වූ කලල්බිමක් දැක “දරුව! සිහි ඇති වව, තෙල්ළ ය රකුව”යි කිය කියා යන ල්හි හේතෙම අලස ව ඔබිනොබ බලා බලා යනුයේ කණුයෙ පැකිළ අනික් පය ඉදිරියට දමා එ පය ම‍ඬෙහි පලා ගොස් උඩබලා හී තෙල් කළ ය බිඳ ස්වාමිදරුවා ආපස්ස බලන ඇසිල්ලෙහි පැන නැඟි මරති යන භයින් වලට දිවපි ය. එ වේලෙහි ස්වාමිදරුවෝ ඔහුදිවන්නවුදැ පසුපස්සෙහි ලුහුබදවා දිව පිටිම්ල ගත, හේතෙම පිළි ය ගළවා ස්වාමිදරුවා අතට හැර උපන් වන්ම ගැළවී දිව වල් පිහිරා දුර දනව්වකට ගොස් එසේම වඤ්චා කොට මක්ඛලි ගෝශාල නම් රහතුම්හ යි බොහෝ අඥනයෙන් පහදවා පන්සිය් පිරිස් ඇති කොට ඒ ඒ තැන්හි ප්රනසිද්ධ වි ය.

අජිත කෙශම්බලයා ගේ ද උප්පත්තිය....[සංස්කරණය]

අජිත කෙශම්බලයා ගේ ද උප්පත්තිය වර යත්? හේ තෙම කුලදරුය, බොහෝදෙනා ණය එලවන හෙයින් පසිඳගත නොහී තමාගේරට හැර පසල් දනව්වකට ගොස් රක්ෂාවක් නැති හෙයින් තපස් රෛමි යි සිතා සියලු වස්ත්රඳජාතියෙන් කෙස්මුවා පළස් නම් හීන වූ වස්ත්රිජාතියෙක, හීනයන්ට ම තිබී ආ දෙයක, හේතෙම කෙස්මුවා පලසක් ධරා ඉසමුඩුකොට අත කර වළලුලා අජිත කෙශකම්බල නම් රහතුම්හ යි ප්රරතිඥ කොට “මත්ස්යහ මාංස මැරුවානට ත් පවු සරි ය, ෑවානට ත් පවු සරි ය, ගසකැපුවාහු, වැල කැපුවාහු නම් වෙති” යනාදි දෘෂ්ටිගෙන බොහෝ අඥනයන් පහඳවා පන්සියක් නිවටුන් ඇති කොට එයි දු ඒ ඒ තන්හි ප්රිසද්ධ විය.

කකුධ කාතයායනයාගේ ද උප්පත්තිය කවර යත්? එයි දු කුලපුත්රය ය, පියන් නැති ව වැන්දඹු එකකු කුසින් උපණ. මව දුඃඛිත හෙයින් ගෙයක් දොරක් නැති හෙයින් ඔහු ුඹුක්ගසක් මුල වදා හෙළා යන ලදු වි ය. එක්තරා එක් බ්රා්හ්මණයෙක් ඔහු දැක ගෙන ගොස් කුබුකමුල දී උපන් හෙයින් කුකුධ නම් ලා ව්යඔවහාර නාම ය හා සමඟ කකුධ කාත්යා යන ය යි නම් තබා වැඩිය. හේතෙම බමුණා මළ කල අනික් රක්ෂාවක් නැති හෙයින් තෙමේම තපසට වැදමිථ්යාකදෘෂ්ටි ගෙන “හැල්දියනම් ප්රායණයයි , හැල්පැන් පූවාපු බින්දුගණනාවෙන් ප්රානණඝාත කලාහු නම් වෙති” යි දාෂ්ටි ගෙන හැල්පැනින් අතපය ත් නො ශෝදයි. හුණුදියෙන් හෝ හුළුකැනින් හෝ අත ශෝධයි, ඇළක් - දිය වළක් - හොයක් - ගගක් - පැන පය පැන් ගා ගෙන, එතෙර ගියේ නම් “ බොහෝ ප්රාතණින් නසාපීමි, බොහෝ දෙනාට ගැහැට කොට පිමි, මාගේ සිල් බි ඳි ගියේ ය”යි හඬ හඬා “සඬුවම් රෛමි”යි එ තෙන වැලි ගොඩ් රැස්කොට එ තෙන දී නැවත සිල් ඉටාගෙන යෙයි. ඒ දුටු මනුෂ්යසයෝ ද ඔහු කෙරේ පැහැද රහත්හ යි බොහෝ සත්කාර කෙරෙති. එසේ හෙයින් එයි දු පන්සියක් දෙනා ඇති ‍කොට දඹදිව ප්රසසිද්ධ විය.

සඤ්ජය බෙල්ලට්ඨිපුත්ර යාගේ ද උත්පත්තිය කවර යත්? එයිදු නමන් සඤ්ජය නම් විය, බෙල් ඇට් බඳුවූ ඉසක් ඇති හෙයන් බෙල්ලට්ඨි නම් වූ අනුන්ගේ දාසියක්හුගේ ම පුත්රවයෙක. එයිදු ස්වාමිදරුවන් විසින් නිදහස් කරන ලදුව නො එක් ශාස්ත්රන ඉගෙන මහනුවණ ඇති ව තර්වාද දැන තපසට වැද “මෙලෝ නැත, පරලෝ නැත, කම් නැත, ම්පල නැත,මවු නැත, පියෝ නැතැ “යි දාෂ්ටි ගෙන අපාදුකයෝ මළ ල අපාදුක ව ම උපදිති. ද්විපාදකයෝ ද්විපාදකයෝ උපදිති, චතුෂ්පාදකයෝ චතුෂ්පාදව ම උපදිති,බහුප්පාදකයෝ බහුප්පාදක ව ම උපදිති, හීනයෝ හීන ව ම උපදිති, උත්තමයෝ උත්තමව ම උපදිති, දිව්ය යෝ දිව්යප ව ම උඅපදිති, මනුෂ්යපයෝ මනුෂ්යය ව ම උපදිති, යනාදි වසයෙන් ලෝක වාසින්ට මිථ්යා3දෘෂ්ටි කියයි. ඒ අසා සමහර කෙනෙක් ගිවිස ඕහට ද සත්කාර කෙරෙති. හේ ද පන්සියක් රහතුනැ යි නිවටුන් ඇති කොට රහතිමි යි කිය‍ා වඤ්චාවෙන් ඇවිද්දි.

නිගණ්ඨ නාථපුත්රදයාගේ ද උත්පත්තිය....[සංස්කරණය]

නිගණ්ඨ නාථපුත්රදයාගේ ද උත්පත්තිය කවර යත්? එයිදු එක්තරා එක් නාථ නම් ගොවියකුගේ පුත්ර්යෙක , එසේ හෙයින් නාථපුත්රන නම් වි ය. හේ ද කෛරාටි ඥන ලදින් නක්ෂත්රන -ගණිත නෛමිත්තිකාදි නොයේ පරශාස්ත්රඥ ඉගෙන පන්සිය් අතවැස්සන් රැස්කොට මම ද රහතිමි යි තමා කෙරෙයි නැති ගුණ ියා මාගේ ළෙහි කෙලෙස් ගැටේ නැත, මට නො දැනෙන ශාස්ත්ර ගැටයෙකු දු නැත, එසේ හෙයින් නිගණ්ඨ්මිෙන යි කියයි. එ කල ඔහුට නිගණ්ඨනාතපුත්රන නම් බුද්දු යයි අඥනයෝ පැහැදියහ. යම් සැකයක් ඇති කෙනේ තමා කරා ගොසින් විචාළෝ නම් හේතෙම තමාට නො දැනෙන හෙයින් ියාගත නො හී පළමු ‍ොට ඔවුන් හා වාදාරොපන ය කොට සැක විචාරා ගැන්මට අවකාශ නො දෙනුහේ චඤ්චිත වූ ඥවයෙන් දඹදිව ප්රකසිද්ධ වි ය.

ඉක්බිත්තෙන් ඒ රජගහා නුවර සිටාණන්ගේ පවත් අසා “අපි බුදුම්හ, අපි බුදුම්හ” යි ප්රොතිඥ කොට ලෝවැස්සන් වඤ්චා කෙ‍ාට ඇවිදුනා වූ ඔහු සදෙන ම එ නුවරට අවුත් , පස් දවසක් මුළුල්ලෙහි සිටාණන් පිරිවරා ගෙන “සිටාණෙනි! මේ පාත්ර ය අපට දෙව, අපට දෙව, අපි බුදුම්හ, රහතුම්හ, මේ පාත්ර යට අපි අපි ම සුදුස්සම්හ” යි ඉල්වුවාහු ය. සිටාණෝ ද එ පස්දා මුළුල්ලෙහි ම කැමැති ැමැති කෙනෙුන් ආකාශයෙන් අවුත් ගත මැනැව, නිකම් ආ කෙනෙකුන්ට නො දෙම් ම යි නො දෙම් ම යි නොගිවිස්සහ.

එ කල නිගණ්ඨ නාථපුත්ර නො ඒ උත්සාහ කොට පාත්රනය ලැබගත නො හී තමා අතුරෙහි “ිමෙක් දෝ මෙ තෙක් දවස් මායම් බලයෙන් භවත් ගෞතමයන් හා සරිගස්වා ඇවිද්දෙමි” ඔවුන්ගේ ශ්රාගවකයෝ ආාශයෙන් අවුත් තෙලෙ පාත්රද ය ගනිති, එ ල අප හැම ඩරපත් ශෟගාලයන් කොට ත් මනුෂ්යෙයෝ නො සිතති, මෙ තෙන පැමිණියේ අපට ඉතාම හානියෙක,බුදුකම් ‍ොට ගැන්ම එන දවස බතා ම උගහට වන සැටි ය, අපගේ සෘධියෙන් -ප්රා තිහාර්යෙක් -ආකාශයෙන් ගමනෙක් -රහත්බවෙක් -බුදුබවෙක් -අහසට පොළොව සේ දුර , එසේ ද වුවත් සිටාණන් මූණ වැලි ගැස්වා සේ මායම් පෙළහරෙකින් සඳුන් පාත්රව ය ගනිමි”යි සිතා තමා ගේ අතවැසියන් කැඳවා “යව, සිටාණන් කරා ගොස් ‘අපගේ බුද්දු ලාභයක් නිසා තමන්ගේ සැඟවී තුබූ සෘධිගුණ ය දක්වන්නාහු ය, සැබැවින් සැදෑ ඇතියා නම් මේ පාත්රුය අපගේ බුදුන්ට ම දෙව”යි කියා පත්ර ය සිටාණන් අතින් ගෙනෙව” යි යවී ය.

එ කල ඒ අතවැසියෝ ද සිටාණන් කරා ගොස් ඔහු කී පරිද්දෙන් ම කියා පාත්රණ ය ඉල්වූහ. සිටාණෝ ද “තොපගේ බුදුන් සුරු වුව හොතින් ආකාශයෙන් ම අවුත් පාත්ර් ය ගෙන යන්ට කියව”යි කියා නුදුන්නාහු ම ය. එ කල නිගණ්ඨනාථ පුත්රක එ පවත් අසා අතවැසියන්ට “එසේ වී නම් දැන් මා ගොස් ආකාශයට නැඟි දැන් දන් පාත්රතය ගනිමි’යි අභියෝගයක් කළ කල තෙපි හැමදෙන මා වළක්වා”යි උගන්වාගෙන සිටාණන්ගේ ගෙට ගොස් “සිටාණෙනි! අප වැනි බුදුන්ගේ පෙළහර බලා තොප වැනියන් සත්කාර කරනු විස්ම ය නො වෙයි, මේ පාත්ර් ය අපට ම තරම . අපට ම දෙව”යි ඉල්වි ය.

එ වේලෙහි දු සිටාණෝ “නුඹ සබා බුදුකෙනෙකුන් වූවෝතින් අහසට නැඟි පාත්ර“යක් ගත මැනැව, මා ත් උපාසක කොට ගත මැනැව, මායමකින් මා නො වෙහෙසුව මැනැව, එසේ නො දෙමි”යි කීහ. එ වේලෙහි නිගණ්ඨනාථපුත්රප තෙම අතවැසියන් මුහුණ බලා සොර ඉඟියක් ලා “වැළි සිටාණෙනි, අහසට නැ‍ඟෙම්දැ”යි කීය. නැංග මනා මය යි කීහ. බුදුවූ දවස් පටන් මාගේ රහත් ගුණ ය කිසිවක්හට නො පෑයෙමි, නැගෙම් ම දැ යි තුන්වනුව ද කි ය. බුදුවන්නේ නම් බොහෝ දෙනාට පෙළහර පැ, බොහෝ දෙනාට වැඩ කරන නිසා ම ය, දැනුදු මට වැඩ නිසා පෙළහර පෑැව මැනැවැයි සිටාණෝ තුන්වනුව ත් කීහ.

එ වේලෙහි නිගණ්ඨ නාථපුත්රහ එක් අතක් එක් පයක් අහසට නඟා අහසට නැ‍ඟෙන අභියොගයක් ශුනකයකු කිලි පෙළුවා සේ කෙළේ ය. එ වේලෙහි ඔහුගේ අතවැසියෝ “හිමි! නුඹ වැනි බුදු කෙනෙකුන් ලාභයක් නිසා පෙළහර කරනු නො යෙදෙයි, අහසට නො නැංග මැනැව, නො නැංග මැනැව, පෙළහර නො පැව මැනැව,නො පැව මැනැව, අනිස , ඒ පාත්ර ය නො කැමැත්තේ ය, නො කැමැත්තේ ය’යි කියා ඔහු අත පය ඇද බිම හෙළු හ.හෙතෙම බිම හී අත පය වැලි පිස “කමක් බල ව සිටාණෙනි! මේ අත වැසියෝ මා අහසට නැංග නොදෙති, ඔවුන් කියන්නෙත් කාරණ ම ය අප වැනි රහතුන්ට වෙහෙස නො දී පාත්රන ය දී පියව”යි කී ය. එ වේලෙහි දූ සිටාණෝ “තෙල මායමින් මට කම් නැත. අහසට නැඟි පාත්රපය ගත නො හෙතෝතින් මට ද වෙහෙස නො දී ආපස්සෙහි ගිය මැනැවැ” යි කීහ. එ කල නිගණ්ඨ නාථපුත්රත ඒ මායමිනු ත් පාත්රැ ය නො ලදින් සුසුම් ලලා ආපස්සේ ගියේ ය.

මෙසේ තීර්ථකයන් ඒ පාත්රන ය නිසා සිටාණන් හා බල පොර ගන්නා සේ කරන්නා වූ උත්සාහයෙන් සදවසෙක් පලා ගිය සත්වන දවස් මාගේ ස්වාමිදරු වූ තිලොගුරු වූ ගෞතම ගොත්ර යෙහි උපන්නා වූ බුදුරජාණන්ගේ ඖරසපුත්රර වූ පිණ්ඩොල භාරද්වාජ මහතෙරුන් වහන්සේ හා දෙදෙනා වහන්සේ ිංහසමූහයෙකින් පිටත් වූ සිංහපොවුවන් දෙදෙනකු සේ බුදුන් වසන වෙළුවනාරාමයෙන් පිටත් ව රජගහා නුවරට සිඟා වඩනා සේක් එක්තරා එක් ගල්තලක් පිට වැඩසිට සිවුරු වළඳනා සේක. එ වේලෙහි මඟ දර පැන් සොයා ඇවිදුනා වූ ස්ත්රීල පුරුෂයෝ “පෙර මෙ නුවර ‘අපි රහතුම්හ, අපි රහතුම්හ” යි කියා ඇවිදුනෝ බෙහෙව, ලොව රහතන් නැති බවු සැක නැතිවම දතුම්හ, අසුවල් සිටාණන්ගේ දොර සඳුන් පාත්රුයක් ආකාශයෙහි තිබෙන්නේ අදට සත් දවස ය, අහසින් ගොස් ගත හෙන්නා වූ එකෙකු ත් නැත”යි කිය කියා සාමාන්යනයෙන් තපස්කරන්නවුන්ට දොඩ දොඩා බැණ බැණ යන්නාහු ය.

එ වේලෙහි මුගලන් තෙරුන් වහන්සේ...[සංස්කරණය]

එ වේලෙහි මුගලන් තෙරුන් වහන්සේ ඔවුන් කියන බස් අසා පිණ්ඩොල භාරද්වාජ මහතෙරුන් වහන්සේ ගේ මුහුණ බලා “ඇවැත්නි! තෙලෙ සත්ත්වයන් දොඩාගෙන යන බස් ඇසූ ද, ඔහු බුදුසස්නට දඟ ලාලා බැණ‍ගෙන යන්නාහ, අපි වැනියන් තොප වැනියන් ඇසිය දී අපගේ බුදුන්ගේ ශාසනයට සත්ත්වයන් අනාදර බිණීම ද අප වැනියන් තොප වැනියන් අසා බවසීම ද සුදුස්සෙක් නො වෙයි, යව, තෙපි ආකාශයෙන් ගොස් සිටානන්ට පෙලහරපෑ ඒ පාත්රි ය ගෙන අප බුදුන්ගේ හා ඔබ දරුවන්ගේ හා බල ලෙ‍ාක වාසීන්ට දක්වා පන්දහස් හවුරුදු මුවල්ලෙහි පවත්නා බුදුසස්නෙහි ත්‍ුඩ තුඩ ස්තුති කරවාපියන පරිද්දෙන් ශාසනබලයක් පෑ බලව”යි වදාළ සේක.

එ බසට පිණ්ඩොල භාරවාජ මහතෙරුන් වහන්සේ “ස්වාමිනි! නුඹ වහන්සේ බුදුන් විසින් සියලු ශ්රාබවකසංඝයා මධ්යසයෙහි “එතදග්ගං භික්ඛාව මම සාවකානං භික්ඛුනං ඉද්ධිමන්තානං යදිදං මොග්ගල්ලානො “යි වදාරා මේ සා බුදුසස්නෙහි සෘධිමතුන් කෙරෙහි ම අග්ර කොට සිටුවනලද සේක. එසේ හෙයින් මේ ප්රා‍තිහාය්යිසයක් නිසා ලෝකවාසින් බුද්ධාශාසනයට කියන්නා වූ අනාදර ය නුඹවහන්සේට ම බණන්නා නො වැනිද, අප සිටිනා ස්ථානාන්තරයක් නො වන හෙයින් ඒ පෙළහරින් අපට කිම් කිම් ද, නුඹවහන්සේ ම ගොස් ඒ පාත්රප ය ගෙන බුදුසස්නෙහි බල දැක් වුව මැනැවැ”යි කී සේක.

එ බසට මුගලන් මහතෙරුන්වහන්සේ “නන්දොපනන්ද නම් දිව්ය නාගරාජයා අප බුදුන්ට කිපි එක් ලක්ෂ ටසැටදහසක් යොදුන් මහමෙර සත් දරණපටකින් වෙළා ගෙන එණගබින් දෙවුලෝ වසා වැදහොත් දවස් අප තුදුස් දරණපටකින් ඔහු වෙළා ඒ සා ඵණගබ් මත්තෙහි අපගේ බල නුදුටු කෙනෙක් නැත. අහිච්ජත්ත නම් නාගරාජයා දැමූ දවසු දූ සබ්ර‍ම්සරහු අපගේ පෙළහර දුටුහ. සක්දෙවු රජහු වැනියන්ගේ දහසක් යොදුන් විජයත් නම් මහපාය අත් බමරක් සේ භ්රැමණ ය කරවා සක්දෙවු රජහු දමා පෙළහර පෑ දවස් දෙවියන්ගෙන් අප බල නුදුටුවෝ නැත. තව ද: සෘධිමතුන් කෙරෙහි අග්ර වූ ස්ථානාන්තර ලද හෙයින් සුවහස් නැඟු මුහුණ ජයගෙන සිටි යෝධයකු මතු තමා බල දැක්වීමෙහි විස්ම ය නැත්තා සේ. අප වැනියන් පෙළහර පෑ සිටාණන් දමා අප බුදුන් දරුවන්ගේ බල පාව”යි වදාළ සේක.

එ වේලෙහි භාරද්වාජ මහතෙරුන් වහන්සේ “මහතෙරුන් වදාළේ කාරණ ම ය, වැළි අපි ම පෙළහරක් පෑ ඒ පාත්රේය පනුම්හ”යි සිතා මුගලන් ස්වාමින් යවා තමන් වහන්සේ සිටියා වූ එ ම ගලතල අයමින් විතරින් තුන්ගවු සිසාරා නව ගවු පමණ මහත් කොට මවා ඒ සා ගලතල අයමින් විතරින් තුන්ගවු සිසාරා නව ගවු පමණ මහත් කොට මවා ඒ සා ගලතල ශ්රීි පාදයෙහි ඇඟිලි අගින් අවුළාගෙන ආකාශයට පැනනැගි මරවැඩි පෙත්තක් සේ ගෙන ගොස් ඒ සා මහත් රජගහ නුවර සිසාරා යුගන්ධර සාගර ය සිසාරා ධාවන ය රන මහාජවනහංස රාජයක් හූ සේ සත් අසුරසනක් ඇතුළත සත්වාරයක් ආවර්තන නම් පෙළහරක් පෑ අන්තවාරයෙහි නාගරාම්බරයෙහි සැළක් පැන් පියනකින් වැසුවා සේ තුන්ගවු පමණ ඒ සා මුළු නුවර වාසින් සැඩපවන් ගත් මහවනයක් සේ වෙවුලා නැඟි උපන් මරණ භයින් සිහි එළවා ගත නො යී අතුල් ඉසට පාමින් , කුලු ආදියෙන් මුවාවෙමින් , ශංකිතවූ කල්හි වලාගබෙින් පෙණුනු පුන්දක් සේ තමන් වහන්සේ පෙනි වදාළ ‍සේක.

එ වේලෙහි සත්ත්වයෝ මහ තෙරුන් වහන්සේ දැක “කොල! මේ අපට උපන්නේ සබාවූ භයෙක් නො වෙයි, අප මහ තෙරුන් කළා වූ පෙළහරක් වන, මෙ විට දිවි ලදුම්හ”යි කිය කියා දොහොත් මුදුන්දී සිට “මුළු ලොවට අභ ය දුන් බුදුරජාණන්ගේ අනුජාත වූ පුතණුවන් වහන්ස! අපට නුඹවහන්සේ ද අභයදාන දුන මැනැව, තෙල ගල නුඹවහන්සේගේ පයින් ගැළවී ගියේ නම් අප හැමදෙනාගේ දිවි තිබෙතියි නො සිතුව මැනැව. තෙලෙ ගල අහසින් ඉවත්කොට වදාළ මැනැවැ”යි යාච්ඤා කළ කල ගල පයින් පහකොට පෙරතුබූ ස්ථානයෙහිම අහස්කුස සාරාහිරි මඬලක් සේ දිලිහි දිලිහි වැඩසිටි සේක.

එ වේලෙහි සිටාණෝ මහ තෙරුන් වහන්සේ දැක අඹුදරුවන් හා සමඟ මිදුල් මැද වැඳ පෙරළි “එසේ ද ස්වාමිදරුවාණෙනි! මේ පෙළහර ගැත්තවු නිසා ම කොට වදාළ පෙළහරෙක් ද, ගැති මේ ලෝකයෙහි වඤ්චාවෙන් ඇවිදිනා සොර බුදුන් සසෙනාගේ තරමු ත් දත, නුඹ බුදුන්ගේ ත් ඔබ දරුවන්ගේ ත් විශෙෂය ත් දත, ගැත්තවුගේ මිදුල නුඹගේ ශ්රීුපාද නමැති පියුම් දෙකින් සරහා වදාළ මැනැව, අහසින් බිමට බැස වදාළ මැනැවැ”යි ආරාධනා ළහ. එ වේලෙහි මහ තෙරුන් වහන්සේ ආකාශයෙන් බැස සිටාණන්ගේ මිදුල් මැද කප්රුකක් සේ වැඩසිටි සේක.

එ වේලෙහි සිටාණෝ මහතෙරුන් වැඳගෙට වඩාගෙන ගොස් උතුම්වූ ආසනයෙක හිඳුවා මහ තෙරුන් පා දෙව සුවඳ තෙල් ගල්වා ආකාශයෙහි තුබූ සඳුන් පාත්ර ය බාගෙන පාත්ර් ය ශොධා සුවඳතෙලින් පිරිමැද ගිතෙල් මී වෙඬරු ශර්කබරායෙන් පුරා පාත්රෙය මහ තෙරුන් වහන්සේට පිළිගන්වා “ස්වාමිනි! අදපටන් තුනුරුවන්ට කුලගැති වීමි, මම ද නුඹ පියානන් වහන්සේගේ ශාසනයෙහි එක්තරා එක් ශ්රනද්ධාවන්තයෙකිමි, යමෙක් නිශිත වූ කඩුවක් ගෙන මා ශීර්ෂච්ජේද ය කරනුයේ වී නමුත් බුද්න් නු බුදුනැ යි නො කියමි, දහම් නො දහමැ යි නො කියමි, සඟුන් නො සඟුනැයි නො කියමි” යනාදි නො එක් තෙපුල් කියා තුනුරුවන් ශරණ පිහිටියහ. එවේලෙහි මහ තෙරුන් වහන්සේ සිටාණන් ආදිවූ මුළු නුවරවාසීන්ට අනුරූප වූ බණ වදාරා ඇත්හලින් නික්මුණු හස්තිරාජයකුසේ සිටාණන්ගේ ගෙන් නික්ම පාත්රකය අත්ලේ තබාගෙන නුවරින් පිටත් වලා බුදුන් වසන වෙහෙර බලා නික්මුණු සේක.

එ කල නුවර දර පලා සොයා වලට ගිය සත්ත්වයෝ....[සංස්කරණය]

එ කල නුවර දර පලා සොයා වලට ගිය සත්ත්වයෝ ද නො එක් කෘෂිකර්මායන්තාදියට බැහැර මහ තෙරුන් වහන්සේ මුළු නුවරට පෙළහරක් පෑ සේක. සිටානන්ගේ සඳුන් පා.්ර ය පිලිගත් සේකැ”යි යන බස් අසා “අපි අපි ද එ පෙළහර බලම්හ” උපන් සන්නලයෙන් තමන් තමන් හෙදුණා වූ ඒ ඒ කර්මාන්ත හැර ඔවුනො වුන් පරයා නුවර බලා දිවන්නාහු පාත්රන ය අත්ලෙහි තබාගෙන වෙහෙරට වඩනා තෙරුන් වහන්සේ දැක වැඳ පෙරළි “ස්වාමිදරුවාණෙනි! මහත් වූ කරුණා ඇති බුදුරජානන් වහන්සේගේ පුතණුවන් වහන්ස! නුඹගේ පෙළහරෙහි මහිම අප පින්මඳ හෙයින් සිත් සේ බලාපිය නු හුණුමුහ. නුඹ පියාණන් වහන්සේ වෙසතුරු මහරජ ව සත සතු මහදන් දී මුළු නුවර ක්ෂුභිත කොට තපසට වලට යනදා දනට පසුව පසුපස්සෙහි ගොස් දන් ඉල්වූ බමුනන්ට පවා නැතැ යි නො කියා අසුන් දුන් සේක, රථය දුන් සේක, රථ ය දුන් සේක,එසේ හෙයින් නුඹවහන්සේ ද පියාණන් වහන්සේ සේ ම පෙළහර දැක්වීමට පසුව ගියා වූ අප හැම ද කිසියම් පෙළහරෙකින් සන්තෝෂ කැරවුව මැනැවැ”යි කිය කියා මහ තෙරුන් වහන්සේ සිසාරා වැඳ පෙරළෙති.

එ වේලෙහි මහ තෙරුන් වහන්සේ ඔවුනුදු කෙරේ උපන් මහත් වූ කරුණාවෙන් සමහර විටෙක ආාශයෙන් වඩමින් සමහර විටෙක දුමමින් , සමහර විටෙක දිලියෙමින් , සමහර විටෙක අහසින් බැස සන්හුන් ගමනින් වඩිමින් , සමහර විටෙක අත්ලෙහි තුබූ පාත්රග ය අහසට හැර ආකාශයෙන් ගෙන යෙමින් නොයෙක් පෙළහර දක්ව දක්වා ගොස් විහාරයට වන්සේක. එ කල දහස් සුවහස් ගණන් සත්ත්වයෝ මහ තෙරුන්ගේ පෙළහර දැක දැක දොහොත් මුදුන් දිදී මහත් වූ සාධුනාද පූජා ය. එල්වරසන් අසුරුසන් පිළි ඉස සිසාරා නැටීමැයි යනාදි වූ අප්ර මාණ වූ උත්සව පූජා කළහ.

වෙල හස් වන් කල,ගඟ හස්වනැ යි කියන්නා සේ, රජක් හුගේ සේනාව ගොස් එක් රටක් ජය ගත් කල අසුවල් රට ජය ගතැයි ඒ කීර්ති ය කළවුන් තිබිය දී රජහට කීර්ති කියවන්නා සේ , බුදුන්ගේ ශ්රා වකයන් කළා වූ පෙළහර ද. පදුවා වූ අද්භූත පුජා ද බුදුන් ම ලදුවා නම් වන බැවින් මෙසේ මෙ‍සේ වූ සත්කාර පූජාවන් ලත් හෙයිනුත් එසේ වූ පූජා විඳිමට නම් වන සේකැ යි දත යුතු.

එ කල ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේ එ පවත් අසා භික්ෂුසංඝයා රැස් කොට රැස් කොට “මයණෙනි ! අනන්තාපය්යී න්ත වූ බුදුන් ගේ ශාසනාවල දඬු පාත්ර!යත් පිළිගත් කෙනෙත් නැත.එසේ හෙයින් මාගේ ශාසනයෙහි ද දඬු පාත්රෙයන් පිළිගත නො හැක්ක ප්රාත්යයයක් නිසා ශ්රාපවකයනුදු ප්රාතතිහාය්යීේ පෑ නො හැක්කේ ය”යි ශික්ෂාපද පනවා වදාළ සේක. එ තැන් පටන් භික්ෂූන් වහන්සේ පෙළහර නො පානා සේක.

එ කල තීර්ථකයෝ රැස්ව ඔවුනොවුන් හා මන්ත්ර්ණ ය කරන්නාහු “මහණ භවත් ගෞතමයෝ තමන්ගේ ශ්රානවකයන්ට ප්රා තියාය්යීහ නො පානා පරිද්දෙන් ශික්කාපද පැනවූ ල, උන්ගේ ශ්රා වකයෝ නම් තමන් දිවියේ නමුත් උන් කී බසක් නො වරදවන්නාහුය. ශ්රාීවකයන්ට පෙළහර පෑ නො හැක්කැ යි ශික්ෂාපද පැන වූ බැවින් මහණ භවත් ගෞතමයෝ තුමු ද පෙළයර නො පානාහු ය, අපට වූයේ අනුබලයෙක, එ තෙකින් අපි අපි දූ ඔවුන් හා සරිගස්වා පෙළහර පාම්හ යි ගර්ජනා ‍ොට ඇවිදුම්හ”යි මන්ත්ර ණය කොට නුවර ඒ ඒ තැන්හි සිට බොහෝ අඤනයන් රැස්කොට “මහණ භවත් ගෞතමයන්ගේ ශ්රාෝවකයන් සේ අපි අපි දූ ලාභ නිසා පෙළහර නො දක්වම්හ, ඔහු පෙළහරක් පෑවු නම් අපි දශ පෙළහරක් දක්වම්හ, භවත් ගෞතමයෝ දශ පෙළහරක් පෑවු නම් අපි විි පෙළහරක් දක්වම්හ”යි යනාදි වසයෙන් තමන් මුඛප්රා ප්ත වූ බොහෝ නන් දොඩන්නාහු ය.

එ කල බිම්බිසාර රජ්ජුරුවෝ එ පවත් අසා....[සංස්කරණය]

එ කල බිම්බිසාර රජ්ජුරුවෝ එ පවත් අසා බුදුන් කරා ගොස් බුදුන් වැද එත්පස්ව හිඳ “ස්වාමිනි! නුඹවහන්සේගේ ශ්රානවකයන් වහන්සේ පෙලහර නොපානා පරිද්දෙන් ශික්ෂාපදයක් පනවා වදාළ සේක් දැ”යි විචාළහ. “එසේ ය! මහරජ” යි වදාළ සේක. එ බසට රජ්ජුරුවෝ කියන්න‍ාහු ‘එසේ වී නම් ස්වාමිනි! තීර්ථකයෝ නුඹවහන්සේ ලා ස්පර්ධා කොට තුමූ තුමූ ත් පෙළහර පාම්හ යි දොඩා ඇවිදුනාහු ය, ඊට කළමනා කිම් දැ”යි විචාළහ. ස්වාමි දරුවෝ සිනා පහළකොට “මහරජ! ශක්රර දෙවෙන්ද්රදයා හා ්පර්ධා කරන පාංශුපිශාචකයන් සේ කිසි ගුණලවයක් නැති තීර්ථකයන් ලොවුතුරා බුදුන් හා සම සමයෙහි පෙළහර පානා කල බුදුහු ිසියම් පෙළහරක් ද්වන්නෝ වේ දැ”යි වදාළ ‍ේක.

එ බසට රජ්ජුරුවෝ “ස්වාමිනි! පෙළහර පෑ නො හැක්කැ යි ශික්ෂාපද පැනවූ කල දැන් පෙළහර පානේ කෙසේ දැ”යි විචාළහ. මහරජ ශ්රාපවකයන්ට ශික්ෂාපද පන වූ බවක් මිස මට නො පැන වූයෙම් වේ දැ යි වදාළ සේක. එ වේලෙහි රජ්ජුරුවෝ “නුඹ වහන්සේගේ ශික්ෂාපද ශ්රාවවයන්ට ඇද්ද, නුම වහන්සේට නැද් දැ”යි කීහ. එ බසට ස්වාමිදරුවෝ වදාරන සේක් “මහරජ! සමුද්රටය පවාතප්ත කොට පියන තරම් සූය්යි දිවයපුත්රේයන්ගේ මුළුසක්වල පවත්නා වූ තෙජස ඔවුන්ගේ සුඛුමාල වූ දිව්යකකායෙන් ලොමකු ත් හුණු කළ නො හෙන්නේ ය, සියලු සතුන් හිස්මුදුන් පලාපියන තරම් ආඥ ඇති සිංහරාජයන්ගේ නාදය ඔවුන් තමන්ගේ හිස් මුදුනට නැත. මේ මේ කාරණයෙන් “සර්වඥ රාජයන්ගේ කෙළලක්සයක් සක්වළ පවත්නා වූ ආව සර්වඥවරයන් තමන් තමන්ට නැති යේ ම ය. ඊට කාරණ තොප අතින් ම විචාරමි: මහරජ! තොපගේ උයනෙහි අඹ අනෙක්හු නො කන්නේ ය යි තොපගේ ආඥවෙන් බෙර ලැවු කල අනෙකක් කෑ නම් ඕහට කුමක් කරා දැ”යි විචාළ සේක. ඔහු අතන් දඩගනිමි යි කීහ. ඒ අඹ තොප කෑ කල තොපට දඩ ඇද්ද නැද්ද යි විචාළ සේක. මා අතින් දඩ ගන්නෝ වුරු දැයි කීහ. එ බැවින් මහරජ තොපගේ තුනසියයක් යොදුන් අගු මගධ දෙරට පවත්නා වූ බුදුන්ගේ ශි්ෂාපද සංඛ්යාඅ වූ ආඤව බුදුන්ට නැත්තේ ම ය.

කාරණ කිම යත්? බුදුහු ස්වයම්භූත හ, අනාචරිය හ, අප්ර ති පුද්ගලය හ. එසේ හෙයින් තුමූ ම තමන්ට මහන වූහ. ශ්රාගවකයන් අනුන් රෛ් මහණ වන සේ හික්මවති. බුදුහු තුමූ රන්තලියෙන් අනුන් රෛ් මහණ වන සේ හික්මවති. බුදුහු තුමූ රන්තලියෙන් කිරිපිඬු වැළදුහ, ශ්රාමවකයන් රන්පාත්රර නො පිළි ගන්නා සේ හික්මවති, බුදුහු තුමූ ග්රා මාන්තසෙනාසනයෙහි වෙසෙති, ශ්රා‍වයන් ආරණ්යන වෘත්ෂමල ශමශානාදියෙහි රමනය රන සේ හි්මවති. මේ මේ කාරණයෙන් ශ්රාතවයන් කෙරෙහි පවත්නා වූ ආඥව බුදුන් තකෙරෙහි නො පවත්නේ වේ දැ යි වදාළ සේක.

එ වේලෙහි රජ්ජුරුවෝ කාරණ ගිවිස “ස්වාමිනි! ‍කොහි දි ද ප්රාවතිහාය්යීෙ පානේ ය”යි විාළහ. මහරජ! අනන්තාපය්යීින්ත වූ බුදුන් යමාමහ පෙළහර පෑවා වූ සැවැත් නුවර දි වේ දැ යි වදාළ සේක. කෙසේ වූ තැනෙක දී ද ස්වාමිනි යි විචාළහ. මහරජ! ගණ්ඩම්බ නම් වෘක්ෂමූලයෙක දී ය යි වදාළ සේක. කවර කල ද පෙළහර පානේ ය යි විචාළහ. මෙයින් සාරමසක් ගිය කල ඇසළ මැදිපොහෝ ලද උත්ර සල නකතිනැ යි වදාළ ‍සේක.

එ වේලෙහි රජ්ජුරුවෝ “ස්වාමිනි! මා විසින් කළමනා කිම්දැ”යි විචාළහ. මහරජ! මනුෂ්යකයන් විසින් කළමනා දෙයක් නැත, මාගේ පාරමිතා බලයෙන් අඹගසෙකු ත් වැවෙයි. ශක්ර දෙවෙන්ද්රගයා දොළොස් යොදුන් නිලුපුලමණ්ඩපයකු ත් මවා දෙයි, තොප විසින් කළමනා දෙයක් නැත, බුදුධොත්පාදයෙහි උපන් පින්වතුන් ලබන්නා බුද්ධ ශ්රිඩ මහිමය සිත් සේ ලැබ ගනුව යි වදාළ සේක. එ වේලෙහි රජ්ජුරුවෝ බුදුන් වැඳ රජගෙට ගියහ.

බුදුන් “පෙළහර පාමි” යි වදාළ බස් ....[සංස්කරණය]

බුදුන් “පෙළහර පාමි” යි වදාළ බස් මුළුනුවර සැලව ගිය එ කල සමළ්යජග් දෘෂ්ටි ගතුවෝ උත්සවයට පටන් ගත්හ, තීර්ථකයෝ එ තෙපුල් අසා ළෙන් නැඟි ගින්නෙන් සුසුම් ලලා ඔවුනොවුන් මුහුණ බලා “කොල! එතෙකින් අපි නටම්හ, මහණ භවත් ගෞතමයෝ පෙළහර නො පවති යි සිතා බොහෝ බස් දොඩාපීම්හ, දැන් ඔහු පෙළහර පවිත් ල, ඔවුන්ගේ ශික්ෂාපද ශ්රාහවකයන්ට මුත් ඔවුන්ට නැත් ල, මේ සාරමස වී නමුත් අඩුව් නො පෑ රැකීයම්හ, සොරහු පවා උලට නඟන තෙක් එක බස ම සිටිනාහු ය යි යන ව්ය්වහාර සේ ම හැමදෙන ම තව අඩුවක් නො හඟවම්හ”යි මන්ත්රොණය කොට නුවර මැඳ සිට “මහණ භවත් ගෞතමයෝ මායම් දන්නා කෙනෙක, තුමූ මෙ නුවරදී පෙළහර නො පවිත් ල, අනික් නුවරක දී පෙළහර පවිත් ල, උන් කියන්නේ මායම් ම ය, අප හැම බා අනික් අතෙක සැඟවී පලායන මායමක් කරන සැමි ය, එසේ උන් පලා යා නො දෙම්හ, මේ සාර මස අපි දූ උන් පිට රකවල් කරම්හ”යි කිය කියා වෙහෙර දොරකඩ රැස් වූහ.

එ කල ස්වාමිදරුවෝ තරු පිරිවැරූ සඳක් සේ වෙහෙරින් පිටත්ව සැවැත් නුවර බලා නික් ම, දනවු සැරිසරා ලෝවැඩ කොට ‍ොට ගමින් ගමින් ගම සැතපී සැතපී ගමින් ගම වළඳ වළඳා ගමින් ගම දහම් වහරේ වස්ව වස්ව වඩනට පටන් ගත් සේක.

එ කල බුදුහු පෙළහර පානට සැවැත් නුවරට නි්මුණු සේකැ යි මුඛපරම්පරාවෙන් දෙවියන්ගේ ආනුභාවයෙන් අසා දඹදිව ශ්රමද්ධාවන්ත වූ ස්ත්රීභ පුරුෂයෝ “අපි අපි දූ එ පෙළහර බලම්හ”යි උපන් සන්තෝෂයෙන් ගව මහිසාදි සියලු සම්පත් තියෙහි ලොභ නො කොට කිරි බොන දරුවන් දක්වා වඩාගෙන සම්පත්තීන් පිරුණා වූ ගෙවල දොර පතු හයා බැඳ, නො එක් නො එක් ගම් හිස් කොට ධ්වජ පතාකාදි නො එක් පූජාභාණ්ඩ ගෙන ස්වාමිදරුවන් ලැගි ගමින් ගමට හඹ හඹ ලුහුබැඳ රළපෙළ දිවන්නා සේ දවසින් දවස බුදුන්ට මහ පූජා කෙරෙමින් නික්මුණාහ.

එ කල දඹදිව තීර්ථකයන් කෙරේ පැහැද උන්ට මහත් වූ සත්කාර කරන්නා වූ නාලන්දා නුවර උපාලි නම් සිටාණන් හා විශාලා නුවර සිංහ නම් සිටාණන් හා කිඹුල්වත් නුවර වප්ප නම් ශාක්ය යන් හා ශ්රීහ වන්තයෝ තුන්දෙනෙක් වූහ. එ කල තීර්කයෝ ද මේ ආදි තමන් තමන්ගේ දෘෂ්ටිගතුවන් කරා ගොස් “භවත් ගෞතමයෝ සැඟවී පලායන්නට ිතති, අපට සහාය වව, ඔවුන් හා ත් නො දෙම්හ, අපගේ පෙළහර බලන්ට ත් එව යි කියා තමන් තමන්ගේ දෘෂ්ටි ගත් බොහෝ අඥන වූ මහපිරිස් ගෙන බුදුන් පසු පස්සෙහි සිංහ සේනාවක් පසුපස්සෙහි ගමන් ගත් ශාගාල පිිරිසක් සේ නික්ම බුදුන් දහවල් වැළදු තෙන තුමූ රෑ ලගිමින් , බුදුන් රෑ ලැගි තෙන තුමු දහවල් බා ගනිමින් , මෙ‍සේ සාරමස මුළුල්ලෙහි බුදුන් පසුපස්සෙහි ම ගිය හ.

එ කල ස්වාමිදරුවෝ ද සියලු ජනයන් විසින් රන ලද පූජා සත්කාර විද විඳ අපමණ වූ මහ පිරි් ගෙන ඇසළ මස පුරඅටවක සැවැත් නුවර ගොස් වන් සේක. තීර්ථකයෝ ද “මහණ භවත් ගෞතමයෝ ඉවතෙක නො ගොසින් සැවැත් නුවර බලා ම යන්නාහ, පෙළහර පානා බවු සබාම සැටි ය, එ තෙකින් කුමක් කරමෝ ද , දුටුවක් දකුම්හ”යි සිත සිතා තමන්ගේ මිථ්යාමදෘෂ්ටි ගත් පිරිස් ගෙන සැවැත් නුවර වැද තමන් තමන්ගේ ලබ්ධි ගත්තා වූ ජනයන්නළවා මසු ලක්යක් ලැබගෙන, ඒ ලක්ෂය වියදම් කොට අපි දූ උන් සේ ම මණ්ඩපයෙක දී පෙළහර පාම්හ යි කිය කියා කිහිරි පාදයන් හිඳුවා මනොහර වූ මණ්ඩපයක් කොට හුදු නිලපුලමලින් සොයා නො එක් සැරහුම් කළහ.

කොසොල් රජ්ජුරුවෝ ද බුදුන් වැඩි දවස්....[සංස්කරණය]

කොසොල් රජ්ජුරුවෝ ද බුදුන් වැඩි දවස් අනාථපිණ්ඩිකාදි ශ්රොද්ධාවන්ත සත් කෙළක් පමණ මනුෂ්යියන් ගෙන මහත් වූ පූජාවෙන් බුදුන්ට පෙරගමන් කොට බුදුන් දෙවුරම් වෙහෙර ලා බුදුන් වැඳ එකත්පස් ව හිද “ස්වාමිනි! මේ මහ පිරිස නුඹ පසු පස්සෙහි කුමක් නිසා එද් දැ”යි විචාළහ. මහරජ! මා විසින් දක්වන්නා වූ යමාමහ පෙළහර බලන්නට රැස් වන්නාහ යි වදාළ සේක. ස්වාමිනි! කොතෙනෙක දී පෙළහර පානා සේක් දැ යි විචාළහ.මහරජ! තාගේ නුවර වාසල් දොරට නුදුරු තෙන අඹ ගසක් මුල දී ය යි වදාළ සේක. එසේ වී නම් ස්වාමිනි! තීර්ථකයෝ තුමූ ද පෙළහර පාම්හ යි මණ්ඩපයක් කෙරෙති. ස්වාමිදරුවන්ට ද අනගි වූ මණ්ඩපයක් කරවාලනු කැමැත්තෙමි යි දැන්වූහ.

එ වේලෙහි ස්වාමිදරුවෝ “මහරජ! තොපට බැරි ය, අපට මණ්ඩපයක් කරන කෙනෙක් ඇතැ”යි වදාළ සේක. එ වේලෙහි කොසොල් රජ්ජුරුවෝ “ස්වාමිනි! මේ මුළු දඹදිවු තෙලෙහි මා ඇර නුඹවහන්සේට මණ්ඩපයක් කරවන තරම් මටත් වඩන‍ා නෛක් ඇද් දැ”යි කීහ. ස්වාමිදරුවෝ “මහරජ මනුෂ්යඹයන් කරවන මණ්ඩපයෙක් නම් තොපි ම කරවන්නා වා ද සක්දෙවු රජ දොළොස් යොදුන් නිලුපුල මණ්ඩපයක් මට කොට දෙයි. මේසා මුළු දඹදිව සත්ත්වයන් හැමදෙනා අවුත් සිටිනේ ඒ මණ්ඩපය ඇතුළෙහි මය, තෙපි මුසුප්පු නොව පෙළහර පානේ වර ගියකල ඇසළ මැදි පොහෝ ලද උත්ර සල නකතිනැ යි වදාළ සේක. එ වේලෙහි රජ්ජුරුවෝ ඉත‍ා විස්මය පත්ව තමන් පෘථග්ජන හෙයින් තව ද: මඳක් සැක ඇති ව”ස්වාමිනි! මේ පවත් බොහෝ සත්ත්වයන්ට සැලරවම් දැ”යි විචාළහ. මහරජ! සැක නැති ව ම පොහොසතු නම් මුළු දඹදිව සත්ත්වයන්ට ත් සැලකරව යි වදාළ සේක.

එ වේලෙහි රජ්ජ්රුවෝ සැක නැති ව නුවරට වැද මගුලැතු සරහා අමාථ්ය්යන් ඇතුපිට හිදුවා “අප බුදුහු මෙයින් සත්දවසක් ගිය කල යමිමහ පෙළහර බලන කෙනෙක් රැස් වව”යි කියා නුවර මුළුල්ලෙහි රන් බෙර ලවා සැලකළාහු ය. එ වේලෙහි දෙවියන්ගේ ආනුභාවයෙන් ඒ කනක භෙරිනාදය දසදහසක් යොදුන් දඹදිව මුළුල්ලෙහි දොර දොර ලවන බෙර සේ දොර දොර සිට හඬගානා සේ විශෙසයෙන් ඇසී ගිය. දෙවන දවසු දු එසේම බෙර ලැවූහ. තුන්වන දවසුදු සතරවන දවසුදු පස්වන දවසුදු, සවන දවසු දු එසේම බෙර ලැවුවාහු ය. එසේ එසේ ම මුළු දඹදිව මනුෂ්ය යන් අතුරෙන් යම් යම් කෙනෙක් එ පෙළහර බලම්හ යි සිතූ නම් ඒ සිත හා සමඟ සැවැත් නුවර අවුතු පෙනී ගියාහු ය. මිථ්යාැදෘෂ්ටි ගතුවා වූ සත්ත්වයෝ ද ගැළවුණ මනා කෙනෙක් අවුත් පෙනී ගියාහු ම ය.

එ කල තීර්ථකයෝ “මහණ භවත් ගෞතමයෝ අඹගසක් මුල දි පෙළහර පවිමි යි නො සලකා දෝ හෝ පළමු ‍ොට ම කියා දමාපු ය, කොල! උපදෙසක් ඇත, උන්ගේ බස බොරු කරම්හ, මෙ නුවර අඹගස් නැති රම්හ”යි මන්ත්ර ණය කොට තමන් තමන්ගේ ලබ්ධි ගත් සිටුවරුන්ගෙන් බොහෝ සම්පත් ඇරගෙන නුවර අඹගස් ඇති ඇතියන්ට සියයක් වටනා ගසට දෙසියක් දී, දෙසියක් වටනා ගසට සාරසියක් දී, මෙසේ ම අඹගස් කපන්නාහු නුවර සිසාරා යොදනක් මානයෙහි තමන්ට විෂය වූ යම් තැනෙක එක් පෙති දෙපෙති අඹපැළ දක්වා උදුරා හැර තමන් තමන් අඹ අඹා ම විනාශයට පැමිනෙන නියාවට පළමු ‍ොට ම කාරණ පානා සේ, එ නුවර අඹගස් අඹ අඹා ම පාළු කළහ.

ඉක්බිත්තෙන් ඇසළ මැදි පොහෝ දිනයෙහි...[සංස්කරණය]

ඉක්බිත්තෙන් ඇසළ මැදි පොහෝ දිනයෙහි ස්වාමිදරුවෝ උදය කළමනා සියලු බුද්ධකෘත්යද නිමවා පාත්ර සිවුරු ධරා මහසඟ පිරිස් පිරිවරා සිඟා වඩනා සේක් නුවර වාසල් දොරට පැමිණි සේක. එ ල රජ්ජ්රුවන්ගේ ගණ්ඩ නම් උයන් ගොවුවා උයන බලා ඇවිදිනේ දිමිකසල්ලෙ සැගවී මුහුකුරා විලික්ෂව තුබු ‍ොමඩු පුසුලක් සා ඇති මී අඹප් දැක කඩාගෙන මේ අකාල පල ය රජහට දෙමි යි සතුටු සතුටු ව රජගෙට යනුයේ සිගා වඩිනා බුදුන් දැ උපන් පස්වනක් ප්රීටතින් පිනා “මේ අඹපක රජ්ජ්රුවන්ට දිනිම් නම් රජ්ජුරුවෝ ඉතා සන්තෝෂ වූ නම් මට අට මස්සක් හෝ දෙති, සොළොස් මස්සක් හෝ දෙති, තවත් පැහැද ගියෝ නම් මේ ජාතියෙහි රැකෙන පමණක් සැපත් දෙති. බුදුන්ට පිළිගැන්වීම් නම් ජාතිසහස්ර්යෙක මට මහත් වූ සම්පත් ලැබෙයි, සසරින් ගැළවිමට කාරණ වෙයි.අද මේ බුදුන්ට ම පිළිගන්වමි”යි සිතා මී අඹපක දෑතින් ගෙන නැමුරු නැමුරුව බුදුන් සමීපයට ගොස් “ස්වාමිනි! මේ අ මපක පිළිගෙන ගැත්තවුට අනුග්රටහ කොට වදාළ මැනැවැ”යි කියා බුදුන්ගේ ශ්රීු හස්තයට පිළිගැන් විය.

එ වේලෙහි ස්වාමිදරුවෝ අනඳ මහ තෙරුන් වහන්සේ මුහුන බලා අඹපක ඔබ අතට දුන්සේක. ඔබ ද තමන් වහන්සේ බුදුන්ගේ අදහස් දන්නා මහනුවණ ඇති හෙයින් ස්වාමිදරුවන් බැලූ බැල්ම හා සමඟ ම”බුදුහු අඹපක මෙතෙන දී වළදනු අභිප්රාමය ඇතිසේකැ”යි දැන එ කෙණෙහි ම අඹපක පොතු ගළවා බුදුන්ගේ පාත්ර යට පැන මැඩ පිළිගන්වා එ තැන්හි ම බුද්දාසනයක් පනවා “ස්වාමිනි! මෝහට අනුග්ර හ පිනිස මොහු බල බල‍ා සිටිය දි ම මේ අඹපැන වළදා වදාළ මැනැව”යි ආරාධනා කල සේක.

එ වේලෙහි ස්වාමිදරුවෝ පනවන ලද බුද්ධාසනයෙහි වැඩ හිඳ වලදන්නට පටන්ගත් සේක. එ කෙණෙහි දෙවියෝ උයන් ගොවුවා හැර සෙසු කෙනෙකුන්ට නො පෙ‍නෙන සේ බුදුන් සිසාරා මුවා කළහ. එ වේලෙහි ස්වාමිදරුවෝ ද ඒ අඹපැන වළදා “ආනන්ද ය! තෙලෙ අඹ ඇට ය තුලු ලවා මෙ තෙන රොපණ ය කරව, එයින් දැන්දක් අඹගසෙක් නැඟෙ”යි වදාළ සේක. එ වේලෙහි අනඳ මහ තෙරුන් වහන්සේගේ නියොගයෙන් හේ තෙම ස්වාමිදරුවන් අබිමුඛයෙහි පස් පීරා අඹ ඇටය රෝපණ ය ළෛ්ය.

එ වේලෙහි ස්වාමිදරුවෝ ශ්රී හස්තය ශොධා ශ්රී. මුඛයෙහි පැන් එතෙන වත්කොට වදාළ සේක. එ කෙණෙහි “ස්වාමිනි! නුඹ පෙළහර පානා බවට මම් ම දෙස් කියමි”යි මිහිකත මුව විවර කළා සේ පොළොව දෙසිදු කොට ගෙන ස්වාමිදරුවන්ගේ තේජෝ නමැති සෙවකයා තුන්ලෙවුහි ඇවිද ඔබ හා සමයක්හු නො දැක, නැවත ඔබ කරා පැමිණ ඔබ පාදමූලයෙන් පැනනැංගා සේ නගුලිසක් ප්රපමාන ඇති සුරක්ත වූ අංකුරයේ මහා යන්ත්රැ නළෙකින් ලාක්ෂාරස හැල්ලක් විද්දා සේ ඇසිපිය නගා නො ලන ඇසිල්ලෙහි පනස් රියන් කඳ ඇති ව පනස් රියන් පඤ්චමහා ශාඛා ඇති ව එකී එකී ශාඛාවෙහි සුවහස් ප්රචශාඛාවෙන් විරාජමාන වෙමින් සුරක්ත වූ පල්ලවයෝ පෙරළි නීලවර්ණ වෙමින් ඉඳුමිණිනිල් පර්වතයක් සේ මුළුනුවර හොබවා වනස්පති මහ මී අඹ රුකේ මැවීගිය. ඒ රුක පූර්ව ශාඛාග්ර යෙහි පටන් පශ්චිම ශාඛාග්රායට සියක් රියන උත්තර හාඛාග්රරයෙහි පටන් දක්ෂිණ ශාඛාග්රඛයට සියක් රියන, ශාඛාමණ්ඩල ය සිසාරා තුන්සියක් රියන , රිදීඳක් බඳු වූ මට සිලුටු වූ කඳවට පසළොස් රියන . කඳ බොල පස්රියන. එ කෙණෙහි ම සුවහස් ගණන් මල්කැන් කඳ පළා අතු පළා පැන නැහී එ කෙනෙහි ම මල් පර ව මලැසි ගෙන එ ණෛහි ම මුහුකුරා විලික්ෂ ව සුවහස් අඹකැන් බුරා එලෙන්නට පටන්ගත. මන්දමාරුතයෙන් විලිකුන් අඹ නටුයෙන් ගිලිහී ගනරන්පිඩු සේ ඒ ඒ තෙන හී වැගිර රුක සිසාරා සෑදි සිටගත. ඒ රුක ගණ්ඩ නම් උද්යා නපාලයා රොපණ ය කල හෙයින් ගණ්ඩම්බ නම් වි ය.

මාගේ ස්වාමිදරුවාණන් සංසාරයෙහි ඇවිද තපස් රන කල පවා දෙවියන් ඔබට තුන්ගවු පමණ ඇති දිව්යසමය වූ අඹ උයන් දෙන කල. ඔබ ගිරාව උපන් කල පවා, ඔබ වැඩහුන් රුක සක්දෙවු රජහු සහ මල්පල්ලෙන් මවා ධෘවඵලයෙන් පූජාරන ල. ඔබ කර කෙ‍ාළ වැළදූ රුක පවා එසේම දිව්යනපත්රසයෙන් අලංකෘත වූ කල. මහෞෂධ පණ්ඩිත වූ ල පවා, හිදුවාලු අලයෙන් එක දා රැයින් සැටරියන් ඇමුලගස් පැන නැගෙන කල-දැන් ලොවුතුරා බුදු ව තුන්ලෝ මුදුන් වූ සමයක් වුව පැරුම් සයුරු හළලාපු සමයක් වුව, බුදුකෙ‍නකුන්ගේ සෘධියක් හා ත්රීකවිධ වූ සාද්ධින් විරාජමාන වූ සමයෙහි ඔබට එක අඹගසක් පොළොව පලා පැන පැන නැඟි සහමල් පල්ලෙන් විරාජමාන වූ නියාව ඔබගේ මහිම විශෙෂයෙන් දත්තා වූ මාගේ සිතට කවර නම් පෙළහරෙක් ද, එසේ ද වුවත් එබඳු වූ අද්භූතයෙක් , එ බදු වූ පෙළහරෙක් මාගේ බුදුන්ට ම හොබනේ ය. එ බදු වූ පෙළහරට ඔබ හොබනා සේක් ම ය .මට ද සියලු සතුන්ට ද විස්මය ම ය. එ කල පස්සෙහි වඩනා නො එක් භික්ෂූන් වහන්සේ විලිකුන් අඹ වළදා වළදා වඩනා ‍සේක.

ඉක්බිත්තෙන් මුළු නුවර සත්ත්වයෝ එ තෙනට රැස් ව ඔවුනොවුන් පරයා විලිකුන් අඹ සිත් සේ තලු ගස ගසා කා දිව්යවපානයෙන් මත් වූ අසුරයන් සේ දිව අඹරසයෙන් මත් වූවාහු අඹ කකා ඒ ඒ දිග්හි දිව කෑ කෑ අඹ ඇට මිථ්යා දෘෂ්ටින් ඇගට ගස ගසා. ඒ ඒ තැන්හි ගඩු නංව නංවා “ කොල! අප බුදුන්ට අඹගස් නැති කරම්හ යි දෙපෙති අඹපැල දක්වා උඳුරා ඇවිද්දා වා ද, ගණ්ඩ නම් උද්යා නපාලයා ඉඳු වූ හෙයින් එ ගස ගණ්ඩම්බ ය යි බුදුන් වදාළ බවක් මිස අපි වනාහි අඹ ඇට ගැස්මෙන් තොප හැමගේ ඇළපිට , පතුපිට, නළල්පිට, අඹ ඇට ගසා ම ගඩු නැංවූ හෙයින් ගණ්ඩම්බය යි ියම්හ”යි යනාදින් මිථ්යා දෘෂ්ටින් වෙහෙසා ඒ ඒ දිග්හි ලුහුබැඳ වූහ.

එ වේලෙහි කොසොල් රජ්ජුරුවෝ ද සඳල්ලෙහි සිටියාහු...[සංස්කරණය]

එ වේලෙහි කොසොල් රජ්ජුරුවෝ ද සඳල්ලෙහි සිටියාහු නිල් මහමේකුළක් සේ නුවර දොර දිලියෙන මී අඹ ගස දැක “කොල! තෙලේ කිම් දැ”යි විචාරා “බුදුන්ගේ පෙළහරින් පැන නැඟි අඹ ගසෙකැ”යි අසා අනේපිඬු මහසිටාණන් ආදිවූ මුවනුවර සත්ත්වයන් ගෙන එතෙනට දිව අවුදින් අඹගස දැක “ස්වාමිනි, ශාක්යි සිංහ වූ බුදුරජාණෙනි! මෙ වැනි පෙලහරක් පානා කල අපට නො කියා පෑ වදාළේ ඇයිද, නුඹ පානා යමාමහ පෙළහර තුබුයේය, ඉක්මන් නො වව’යි වදාළ සේක. එ වේලෙහි රජ්ජ්රුවෝ අති සන්තොෂ වූවාහු මිථ්යාපදෘෂ්ටි ගතුවන්ගෙන් මේ ගසට කිසි උපද්රාවයෙක් වී නම් නපුරු යි ියා ගස සිාරා ඇත් - අස් -රථ - දුනුවායන් - සිටුවා,න්නාහයෙකින් වැසුවා සේ අඹගසට රකවල් ලවා ,සම්ය ග්දෘෂ්ටි ගතුවන් මුත් මිථ්යාරදෘෂ්ටි ගතුවන් ගස මුලට වැද්ද නො දෙන ‍සේ නියෝග කළහ.

එ වේලෙහි ක්දෙවුරජ වාතාවලාහක- වස්සවලාහක -සූය්යී් දිව්යෙ පුත්රා ය යි යන මොවුන් තුන්දෙනා කැදවා “දැන්දක් අප බුදුහු මහ පෙළහරක් පවිති. දසදහසක් සක්වළ දෙවියෝ රැස්වෙති, ඔවුන් හැමට පළමුකොට මා විසින් බුදුන්ට දිව්යෙමණ්ඩපයෙකින් පූජාවක් කළ මැනව, මා එන තෙක් තෙපි තුන්දෙන පළමුව ගොස් තීර්ථකයන් පෙළහර පෑමට රිසි පලවව”යි නියෝග කළහ.

එ වේලෙහි ඒ නියෝග අසා වාතාවලාහක දිව්ය පුත්රපතෙම පළමුව අවුදින් තමාගේ මහාවෙරම්බවාතයෙහි අඟලක්සා තෙනින් සුළං කඳක් සැවැත් නුවර බලා මෙහෙහාපී ය. එ කෙණෙහි දිවු ඒ සැඩ මහ පවන සම්යබග්දෘෂ්ටිගතවන් ඇඟට සුවපහස් දෙමින් මිථ්යාපදෘෂ්ටිගතුවන්ට මහසල්වනයක්සේ පැහැර බිම වගුරුවමින් ඔවුන්ගේ ලක්ෂයක් වියදම් කොට කැරවූ නිලුපුලු මණ්ඩප ය පැහැර පෙයා පතක් ‍සේ වෙවුල්වා, කන්කුළු ගොනැස් දැව පේකඩ මුරුවට පතක් සේ සුණු විසුණු කෙරෙමින් කිහිරිපා කිහිරි බණවාකලන් පිල්සේමුලිනු පුරා ‍ හෙළමින් , නිලුපුලමල්පිසඹුරු සේ වෙන් වෙන් කෙරෙමින් අහසට නඟාගෙන ගොසින් අශුචි භූමියට දැමීය. එවෙලෙහි පෙළහර කරම්හයි මණ්ඩපයට රැස්ව තමන් තමන්ගේ ලබ්ධි ගතුවන් පිරිවරා ඒ ඒ තැන්හි කැල බැඳ හුන්නාවූ තීර්ථකයෝ මණ්ඩපය සුළගින් කඩා අහසට නඟන වේලෙහි “අපට වූයේ කුමන මුළාවෙක් ද, අප කළකළ දෙයෙක්ම නපුරට යෙයි, ලක්ෂය් වියදම් කොට කළාවූ මණ්ඩපය දැන්දක් නැත, ලක්ෂය ත් නැත, ඇසිල්ලෙකින් අප වදිනා තැනු ත් නැත. තෙලෙ තෙන ගන, මෙතෙන ගන, තරයේ ගනැ”යි යනාදින් කිය කියා මණ්ඩපයෙහි වවුලන් සේ එලිගෙන මඩුව රදවාගත නොහී සමහර නෛක් අත් ගැළ වී එ තෙන ම හුණහ, සමහරු දිවියේ නමුත් අප මඩුව නො හරුම්හ යි සාහසික ව මඩුව හා සමඟ වවුලන් සේ පෙළහර පැ පෑ ගොස් අශුචි භූමියෙහි ම හුණහ.

ඉක්බිත්තෙන් සූය්යී දෙවතාවා තමාගෙන් ස්තබ්ධ වූ රස් කඳක් මෙහෙයා ඔවුන් කකියා ගිය වැල්ලෙහි ලූ මසුන් සේ හුණුකොට සර්වාංගයෙන් ඩා සෙලවි ය. එ කල වාතාවලාහක දිව්යය පුත්ර යාද නැවත පවනක් මෙහෙයා නුවර මුළුල්ලෙහි සියලු රජස් ඔවුන් කරා පමුණුවා සෙවද ගත් ශරීර රජසින් පුරා තඹසුඹක් සේ කෙළේ ය. නැවත වස්සවලාහක දිව්ය්පුත්ර් ද මුදුන් වලාකඩක් මෙහෙයා තීර්ථකයන්ගේ රජසින් වැකුණු ශරීරවල පන්ව පන්වා පොදබිංදු හෙළා සමහරුන් තිත්මුවන් ‍ේ කෙළේය. සමහරු කුඹුරුගොන් සේ වූහ. සමහරු දිවිබාවන් සේ වූහ.

එ කල රුස්වූ මහපිරිස ජනයෝ තීර්ථකයන් කරා ගොස් ඔවුන්ගේ නා නා වෙස් දැක “තොපගේ නිලුපුල මණ්ඩප ය කොයි ද, බුදුන්ට පළමු කොට තෙපි ම පෙළහර පෑපියව. සනිකේවච,සනි‍කේවච , තෙපි තිත්මුව නම් පෙළහර පානා රහතාණ කෙණෙක් ද, රා පූවන් ගේ ගුණ තොප කෙරේ ඇති හෙයින් තොපගේ රහත් බවු සබාම ය” යනාදි වසයෙන් ඔවුන් ඉස බොල්කෙළ ‍හෝනා සේ නොයෙක් වෙහෙසුම් බස් කිය කියා තීර්ථකයන් ඒ ඒ තැන්හි මරා ලුහුබැඳ වූහ.

එ කල තීර්ථකයන් මෙසේ සැඟවුණු කල්හි..[සංස්කරණය]

එ කල තීර්ථකයන් මෙසේ සැඟවුණු කල්හි ඔවුන්ගේ උපාසක වරු වටකොට ගෙන “කිමෙක් ද තොපගේ බුදුන්ගේ මණ්ඩපය පවා පෙළහර පානා කල අපගේ සිත් ඇති බුදුන් පානා පෙළහර තොපට කුමන විස්මයෙක් ද , අපගේ බුදුහු පැරුද්දහ, තොපගේ බුදුවරු දිනා ගියහ, බුදුන් ලදුවෝ නම් තෙපි හැම ම ය, මනා දෘෂ්ටි ගතුවෝ කම් තෙපි හැම මය” යන‍ාදි වසයෙන් වෙහෙසන්නට පටන් ගත්හ, එ කල ඔහු ඒ ඒ තැන්හි සැගවුණාහ.

එ කල පූරණ කාශ්යසප තෙම ගිය ගිය තැන ම මරා ලුහුබඳවන හෙයින් කිසි තෙනෙක ත් රඳාලිය නොහී “මේ මුළා විදිනා බලාත් දිවි නසා ගන්නේම යෙහෙකැ “යි පිටතට දිවිබාවකුසේම දිවෙයි .එ කල ඔහුගේ එක්කරා එක් උපාසක වූ ගොවියෙක් උදාසන ම ගොස් සී සෑ කල් තබා ගොන්ගේ මුදා සී රැන්දෙක හා අඹුගෙන ගිය කල ය හා ගෙන “මාගේ මේ පූරණ කාශ්යෙප බුදුන්ගේ පෙළහර බලන්නට කල්තබා යෙමි”යි සිත සිතා දිව නුයේ ඔහු දැක “ඉක්මන් ඉක්මන් ව කොයි දිවන සේක් ද, ස්වාමින්, මා යන්නේ නුඹගේ පෙළහර බලන්නට වේ ද, සිටිය මැනැව, සිටීම මැනැවැ”යි කී ය. එ වේලෙහි පූරණ කාශ්යැපයා “තාගේ වලහම් පෙළහර තබා තෙලේ මට දීපිය”යි කියා කළය හා බාන ඔහු අතින් උදුරාගෙන වහ වහා ගඟට දිව “ගහදි මට පානා පෙළහරේ වනැ”යි තමා පසු පස්සේ දිව ඔහු බල බල‍ා සිටිය දී තෙමේ ගංභිත්තියෙහි සිට සී රෑනෙහි එක් කෙළවරක් කළ කට හා, එක් කෙළෙවරක් තමා උගුරෙහි බැඳගංමැදට දෑතින් කළය ගෙන පැන වැටී එක්විටක් කළ ය උල්පවා, එක්විටක් තෙමේ ඉල්ප කලකටින් නැගෙන දිය බුබුලෙන් හා තමා කටින් බොන පැනින් හා තමාගේ ගොවියාට පෙළහර පැ පෑ දිය බී මිය අවීචි මහ නරකයෙහි ඉපැද ගිය.

මෙසේ තීර්ථකයන් පරාජය වූ කල්හි ස්වාමිදරු වූ බුදුරජාණෝ එ දා පස්වරු අනන්තාපය්යීාත වූ බුදුන් යමාමහ පෙළහර දැක්වූ සත් පෑ සමාරක් ගිය සත්ත්වයන්ට සුවපහස් දෙන අත්සවයට හොබනා වේලෙහි බුද්ධශය්යාග වූ සිංහශය්යායවෙන් පැනනැඟි සශ්රී‍ක වූ සුගත් පාංශුකූලචීවර ය ධරා නැඟු නැඟු පත්ලෙහි පියුම් දක්ව දක්වා , තෙමේ ම විවෘත වූ ද්වාර ඇති ගන්ධකුටියෙන් රන්ගල්ගුහාවෙන් නිකුත් අභීත කෙශරසිංහ රාජයක්හුගේ වික්රෙම අවික්රිම කෙරෙමින් කිසි ශජකාවක් නැති ව පිටත් ව ගඳකිළි නිසවත්තෙහි වැඩසිටි සේක.

එ කෙණෙහි උදයගිරි පර්වතයෙන් පැනනැඟි...[සංස්කරණය]

එ කෙණෙහි උදයගිරි පර්වතයෙන් පැනනැඟි ළහිරි විමනින් නිකුත් සුවහස් රස් සේ, ස්වාමිදරුවන්ගේ ශ්රීක ශරීරයෙන් නිකුත් බුදුරස් කඳු බුදුන් තුන් යලක් සිසාරා ආවර්තනය කොට එයින්ගොස් ඒ අසා සැවැත් නුවර රන්පටක් අතුරන්නා ‍ේ, රන්වන් කොට - එයින් ගොස් මුළු දඹදිව ව්යානප්ත ව රන්කැටපතක් සේ බබුළුවා - එයින් ගොස් සක්වළගල සිසාරා තුන්වාරයක් ඇවිද මුව සක්වල රන්මුහුදු කෙරෙමින් - එයින් අහස්කුසට පැනනැගි සදෙවුලොව - සොලොස් බඹලොව දෙවියන්ගේ ශරීර හා නොයෙක් රන්විමන් හිරු දුටු කදෝපැණියන් සේ නිෂ්ප්රයභා කෙරෙමින් - එයින් උඩ නැඟි අජටාකාශයෙහි ගැසි ගැසි සිටගත.

ශ්රී පාදයෙන් නිකුත් බුදුරස්කඳ ද, දෙලක්ෂ සතලිස් දහසක් යොදුන් මේ සා ඝනකඩ බොල් මහපොළොව විසුරුවාපු රන් පිඩැල්ලක් සේ කෙරෙමින් , යට සාරලක්ෂ අසූදහසක් යොදුන් දිය පොළොවට වැද. එයි දු රන්රසයක් සේ කෙරෙමින් එයින් යට නවලක්ෂ සැටදහසක් යොදුන් වාතමණ්ඩලයට බැස එයි දු රන්වන් කෙරෙමින් එයින් යට අජටාකාහයෙහි ගැසිගැසි සිටගත.මෙසේ මාගේ ස්වාමිදරුවන්ගේ සකල ශරීරයෙන් නිකුත් බුදුරස් කඳින් මේසා මුවතුන්ලොව සුවහස් පනස් දැල්වූ පහන්රුකක්සේ දිලිහී ඉතා ශ්රීසවන්තවූ නියාවට, දෙවිබඹ කැලන් බුදුරසින් රැදි සැදී ගිය නියාවට , කාළපර්වතයන් රන් පර්වතයන්සේ රන්වන් වූ නියාවට නානාවර්ණවූ සත්ත්වයන් රන්වන්ව එකවර්ණවූනියාවට, අනික් උපමාවක් දැක්ක නො හෙමි, මුළුතුන්ලොව සියලු සත්ත්වයන් තමන් වහන්සේගේ අර්හත් ධ්වජයෙන් එ දවස් ම සරහාගත්තාක් සේ වැන්නැයි කියා ම සිතමි.

එ වේලෙහි මෙසේ ගන්ධකුටිද්වාරයෙහි සදරැ් ලබක් සේ, හිරිරස් කලබක් සේ, අමාපිඬක් සේ, නිවන් පිඬක් සේ, ස්වාමි දරුවන් වැඩසිටි වේලෙහි අයමින් විතරින් දොලොස් යොදුනක් මානයෙහි හා සිසාරා සතිස් යොදනක් මානයෙහි තලමිටක් අහසට දැමූ කල ඇටකුත් බිම හී යා නො හැක්කා සේ, ගහනව සිටියා වූ ඒ සා මහපිරිස් අනිකක් බැලුවෝ නැත, අනිකක් සිතුවෝ නැත, අහෝ බුඬො - අහො බුද්ධො යනාදින් එකපැහැර දොහොත් මුදුන් දී සාදුනාද පුජා කළහ.

එ වේලෙහි සියලු සත්ත්වයන්ට උපන් සන්තෝෂ හා උපන් විස්මය හා ස්වාමිදරුවන් වැඩසිටි බුද්ධලීලා හා විශෙෂයෙන්බලා නුවණැසින් දැක, මා සිතට උපන් බුද්ධාලබ්බන ප්රීණති සේ ම සියලු සතුන්ට ම පෙනි ගියේ, සිතී ගියේ, දැනි ගියේ, වී නම් සතර අපාය හදුනන්නෝ කවුරු ද, දෙවුලොව නො හඳුනන්නෝකවුරු ද, මා වැනියන් වදා ළද බිළිඳි වූ පස් ඇවිරිද්දෙහි බුදු සස්නෙහි ලා මෙවැනි දහම් අමාවිලෙක සිත්සේ ගැලි සැනහී ඇවිදිනා සේ මට මේ සා වැබක් සාධා දි මෝහයෙන් ප්රේහම නො කොට නුවනින් ප්රේ මකළා වූ මාගේ මවුපිය දෙදෙනා ආදිවූ සියලු සතුන්ට ම මෙ වෙනි සන්තෝෂයක් උපදවා දිලිය හෙම්වයි, සියලු සතුන් සංසාරසාගරයෙන් ගොඩ නඟම්වයි. මෙසේ මාගේ ස්වාමිදරුවාණන් මට ම සන්තෝෂ කෙරෙමි යි වැඩසිටිහා සේ, තුන්ලෝ තිලකයක් සේ , වැඩසිටි වේලෙහි බුදුන්ගේ අදහස් දත් කෝටිගණන් ශ්රාිවකයෝ පෙල පෙළදි අවුත් බුදුන් සිසාරා රත්පළස් කඩතුරාවක් ඇද්දාසේ සැදි සිටගත්සේක. එ වේලෙහි දෙවියෝ ආකාශයෙන් පරසතුමල් වැසි වැස්වූහ. දස දහසක් සක්වළ දෙවියෝ ආකාශයෙහි සිතියම් කඩක් ඇද්දා සේ පෙනි පෙනි දොහොත් මුදුන් දී සිට ගත්හ.

එ වේලෙහි ස්වාමිදරුවන්ගේ ශාසනයෙහි අනාගාමි වූ සෘධිමත් ඝරණි නම් කුලස්ත්රිසයක් අවුත් බුදුන් වැඳ ‘ස්වාමිනි! මා බඳුවූ නුඹ දුවක විද්ය්මාන කල්හි නුඹ පෙලහර පෑ විඩාවනු නො යෙදෙයි, මම පෙළහර පවීමි”යි කීහ. එ බසට බුදුහු උන්ලවා සිංහ නාද කරවනු කැමැති ව තෝ කෙසේ පෙළහර පවු දැ”යි වදාළ සේක. ස්වාමිනි! මම මේ පොළොව දියපොලොවක් කොට සියදහස් යොදුන් මහ දියකා වෙසක් මවාගෙන එහි පූර්වසක්වලින් ගැලි පැළසක්වලින් නැ‍ඟෙමි , එයින් ගැලි උතුරු ක්වලින් නැගෙමි. එයින් ගැලි දකුණුසක්වළින් නැගෙමි. සක්වළගබ සිසාරා කර නඟ නඟා සියදහස් ගණන් වාරයෙහි ඇවිදිමි, එසේ ඇවිද ඇවිද සුවහස්ගණන් වෙස් මවා ඒ ඒ තැනින් ඉස් නඟා පවිමි. තෙපි කවුරු දැ යි විචාළ දෙවි බඹ කෙනෙක් ඇත් නම් තිලොගුරු බුදුන්ගේ පාද රජස් ඉස්මුදුනින් පිළිගත් ඔබගේ අතවැසි දුවකිමි යි කියමි”යි කීහ. එ වේලෙහි ස්වාමි දරුවෝ “ තෝ එබදු වූ සෘධිබල ඇතියෙහි ය, මේ බුදුන් ම පැවමනා පෙළහරෙක ඒ තිට බැරිය, තෝ සිටැ”යි වදාළ සේක.

ඉක්බිත්තෙන් සුළු අනේපිඬු සිටාණෝ අවුත්....[සංස්කරණය]

ඉක්බිත්තෙන් සුළු අනේපිඬු සිටාණෝ අවුත් බුදුන් වැඳ “ස්වාමිනි! එසේ වී නම් මම පෙළහර කියා බලලැ යි වදාළ සේක. ස්වාමිනි! මම ඇසිපියක් හෙළා නොලන ඇසිල්ලෙහි අහස් කුසට පැනනැගි මහ පිරිස බල බලාසිටියදී මාගේ මේ වෙස අන්තර්ධානකොට සත්ගවු සමාරක් දිග පතුල් ඇති, දෙ‍ාළොස් ගවු රියන් ඇති, සගවු වියත් ඇති, සොළොස් ගවු මිණිඔවුනු ඇති, දොළොහ් යොදුන් මහ බඹවෙසක් මවාගෙන එක් ඇඟිල්ලක් ඔසවා දහසක් සක්වල අලුකෙරෙමින්, තුන් ලොවට ඇසෙන සේ අත්පොළසන් දී දිව්යරමනුෂ්යඇ සේනාව වෙවුල්වා “සත්ත්වයෙනි ! මම අනිකෙකිම් නො වෙමි.තිලෝගුරු බුදුන්ගේ එක්තරා එක් උවටා වෙකිමි”යි නුඹබල කියමි යි කිහ. කොයි දු සිටැ යි වදාළ සේක.

ඉක්බිත්තෙන් සත්ඇවිරිදි වයස් ඇතිචීරා වම් රහත් සාමනේරි කෙනෙක් සුවහසු ගණන් බික්ෂුණි සේනාව පිහිරා රත්පියුමි වනයෙකින් පැනනැගි රක්තොත්පල රාජයක් සේ අවුත් බුදුන් වැඳ, අතුල් සුංදෙක හිස්මුදුන් තබාගෙන “ස්වාමිනි! ස්වාමි දරුවාණනගේ හාසනයෙහි ළදබිළිඳි කාලයෙහි රහත්වූ මා වැනි දුවක සිටිය දී ස්වාමිදරුවන් ප්රාහතිහාය්යීු පාන සේ නො යෙදෙයි. ශ්රා වකයන් ප්රා‍තිහාය්යීව පානෙන් නො යෙදෙයි, මම් ම තීර්ථයන් ජයගතිමි. එ කල තීර්ථකයන්ගේ ලබ්ධි ගත් නොයෙක් ස්ත්රී සදූහයෝ දථ නො යෙක් ළදැරියෝ ද මාගෙන් ම පරාජය වන්නාහු”ය යි කීහ. එ වේලෙහි ස්වාමිදරුවෝ වෙස්සන්තර ජාතියෙහි කෘෂ්ණජිනා නම් ලද බිළිදි වූ දියණියන් කියන්නාවූ සුරතල් සේ, කරුණා සිත් ඇති සේක්” තී වයස් ඇති අවශෙස වූ කුඩා කෙල්ලන් මවුන්ගේ තනයෙන් තව දක්වා තුඩු නොහැර කිරි බොන්නා සේ වුව, තෝ කුමන පෙළහරක් පවි ද, වැළි බලගැ”යි වදාළ සේක.

එ වේලෙහි සාමණේරී දන්වන්නාහු “ස්වාමින්! මිඩියගේ බල ස්වාමිදරුවන්ට දැනේ ම ය, එසේද වුවත් මම සක්වළ ගල හා මෙරගල හා හිමවුකුළ හා තුන ලාලිවට තුනක් සේ මෙතෙන ම සිට හයාගෙන සිවාමිදරුවන් අභිමුඛයෙහි තබාලා මම රාජ හංස ධෙනුවකගේ වෙසක්ගෙන එක් පර්වතයෙකින් කිමිද, එක්පර්වත යෙකින් නැ‍ඟෙමි, ඒ පර්වතයෙන් කිමිද අනික් පර්වතයෙන් නැ‍ඟෙමි. නැවත ඒ තුන් පර්වත යම ලාලිවට තුනක් සේ අහසට දම දමා බිම හි යා නො දි ලාලිකෙළි නම් පෙළහරක් පවිමි”යි දැන්වූදෑය.එ වේලෙහි ඒ සා මහ පිරිසින් සාධුකාර නුදුන් එක ද සත්ත්ව කෙනෙක් නැත, සතුටු කඳුලෙන් නුවන් නොතෙමු කෙනෙක් නැත, දරු ලද්දාවූ සුවහස් ගණන් කුලස්ත්රීුන්ගෙන් නිකුත් සතුටු කඳුළු වතුරෙන් දිවන්නාවූ දඬුපරණලා සේ මිථ්යාීදෘෂ්ටි ගත්තා වූ සුවහස් ගණන් ස්ත්රී් පුරුෂයෝ ඒ ඒ දිග්හි පැරද දිවන්නට පටන් ගත්හ. ස්වාමිදරුවෝ “තී එ බඳු වූ පෙලහරක් පානා බවු සබාම ය, මා පානා පෙළහර තිට බැරි ය, තොයි දූ සිටැ”යි වදාළ සේක.

ඉක්බිත්තෙන් පිළිසිඹියා පත් රහත් වූ සත්හැවිරිදි චුන්ද නම් සාමණේරයන් වහන්සේ සඟපිරිස් පිහිරා ගෙන මහත් පියුම් වනයෙින් පැනනැංඟා වූ පිහුම් කැකුලක් සේ පැනනැගි අවුත් සිට “ස්වාමින්! මම පෙළහර පවිමි”යි කසේක. තා කරන පෙළහර ද කියා බලගැ යි වදාළ සේක. ස්වාමිනි! මම පන්සියයක් යොදුන් උස හිමාලය පර්වතයෙහි සිටි සියක් යොදුන් මහදඹගස ඇතකු පිල අත්තක් සලන්නා සේ සලා මහදිය ල සා දඹ ගෙනවුත් මේ සතිස් යොදනෙහි සිටි මහපිරිස දඹ කවා නුඹ අඹ කැවුවා සේ ම මම ද සතුටු කරවා පියමි, තව ද: ශක්ර දෙවෙන්ද්රමයාගේ සියක් යොදුන් පරසතුගස කොබළීල අත්තක් සේ සලා ගවු දෙගවු සා මහත ඇති පරසතු මල්වැස්සක් වස්වා මහපිරිස විස්මයපත් කරවමි යි කී සේක. බුදුහු “තොයි දු එ බදු ආනුභාව ඇතියෙහි ම ය, මා පානා පෙළහර තට බැරි ය, තොයි දූ සිටැ “යි වදාළ සේක.

ඉක්බිත්තෙන් බුද්ධශාසන නමැති මහාසරසියෙන් පැනනැගි නිලොත්පල රාජයන් බදුවූ සෘධිමත් ශ්රාමවිකාවන් කෙරෙහි අගතැන් පත් වූ උපුල්වන් මහාස්ථවිරින් වහන්සේ පන්සියයක් මෙහෙණින්නන් පිරිවරා අවුත් බුදුන් වැඳසිට ජද්දන්ත නම් හස්ති රාජයා අභිමුඛයෙහි වූ සුභද්රාඳ නම් කණෙරුකාව සේ, කිසි භයක් නැති ව “ස්වාමිනි! අප වැනියන් සිටියදී නුම වැනියන් පෙළහර පෑ දුක් ගන්නා කල අප සෘධිමතුන් කෙරෙහි අගපැමිණිමෙහි ප්ර යෝජන කිමිද. මේ දසදහසක් සක්වළ රැස්වූ දෙවියන් පමණ කට මම පෙළහර පවිමි”යි කී දැය. බුදුහු “තී රන පෙළහර ත් කියා බලගැ”යි වදාළ සේක. “ස්වාමින්! මම මේ මහපිරිස බල බලා සිටියදි ආකාශයට පැන නැගීලා ‘මා කරන පෙලහරක් බලව’යි තුන්ලෝ පුරා සිටි පිරිසට හඬගා කියාලා මාගේ මේ මෙහෙණිනි වෙස අන්තර්ධාන කොට මේ බිම පුරා සතිස් යොදනෙහි සිටි මනුෂ්යධ සේනාව සේ ම මම ද සතිස් යොදනෙක සිටි සක්විති පිරිසක් මවා ගෙන ආකාශයෙහි සිට සත් රුවන පිළිවෙළින් නුඹවහන්සේ අභිමුඛයට මෙහෙය මෙහෙයා සත් පූජාවක් කොට අටවනු ව මම මහපිරිස හා සමඟ ආකාශයෙන් බැස නුඹවහන්සේ වැඳ වැඳ සිට මහත් වූ සක්විති රාජ නම් පූජාවක් කොට පෙළහර කෙරෙමි”යි ‍කී සේක.

නැවත සෘද්ධිමතුන් කෙරෙහි අග්ර‍ වූ මුගලන් මහ තෙරුන් වහන්සේ....[සංස්කරණය]

නැවත සෘද්ධිමතුන් කෙරෙහි අග්ර‍ වූ මුගලන් මහ තෙරුන් වහන්සේ ද පන්සියයක් සගපිරිස් ගෙන අවුත් බුදුන් වැඳ සිට “ස්වාමිනි! මම පෙළහර කෙරෙමි, මා පෙළහර කළ හෙන නියාව සියලු දෙවිමිනිස්සු දනිත් ම ය, ස්වාමිදරුවන් වැඩ සිටිනේ යහපතැ”යි වදාළ ‍සේක. එ වේලෙහි “ස්වාමිනි! මම එක් ලක්ෂ අටසැට දහසක් යොදුන් මහමෙර අතින් මැඩ උඳැටක් සා ‍කොට දත් හස්සෙන් සඟවා ලන්මි, දසදහසක් සක්වළ දසදහසක් මෙරගලු ත් එසේ ම හයාගෙන වෙන වෙන ම දත්හස්සෙන් සඟවා ගන්මි”යි කී සේක. අනික් කුමක් කෙරෙයි දැයි වදාළ සේක. මේ සා මහපොළොව පෝතාසි කළාලක් සේ හකුළා ඇඟිලි හස්සේ තබා ගන්මියි වදාළ සේක. අනික් කුමක් කෙරෙයි දැ යි වදාළ සේක. නැවත මෙම මහ පොළොව කුඹල්සකක් සේ පෙරළා යටතුබූ අමාතය සියලු සතුන්ට බෙදා දිලමි යි කි සෙ. අනි් කුමක් රෛයි දැයි වදාළ සේක. මේ සක්වළ -මහපොලොව -සක්වළ ලග - මෙරගල හිමවු කුල -සත්ුලපවුවන් හා සමඟ එක අතෙකින් ඔසවා ගෙන අනික් සක්වලෙ ලාලමි, ඒ සක්වළ අනික් අතෙකින් ඔසවාගෙන මේ සක්වළ ලාලමි යි කී සේක.

නැවත කුමක් කෙරෙ යි දැ යි වදාළ කල “මේ මහපොළොව පරණලා පතක් සේ ඔසවාගෙන මෙර මත්තෙහි තබාලා මහ මෙර කුඩදන්ඩක් සේ කොට පත්කුඩයක් ගෙන සක්මන් කරන මහණ කෙනෙකුන්ගේ ලීලා දක්වමි යි කී සේක. එ වේලෙහි ස්වාමි දරුවෝ සිංහසේනාවකගේ ගර්ජන‍ා අසන සිංහරාජයා සේ ශ්රාංවකයන්ගේ පෙලහර සිංහනාද අසා “මුගලන් මහා ස්ථවිරය! මෙතෙන ශ්රාංවකයන් නිසා බඳනා මල්පුටයෙක් නොවෙයි, මෙතෙන බුදුන් කරන පෙළහර ධූර ය අනික් උසුළාලිය හෙන කෙනෙක් නඅත, මා ලොවුතුරා බුදු වූ කල් තබා අහෙතුක වූ ආජානිය වූ-වෘෂභරාජන් වඋපන් ල පවා මා අදිනා ගැල් ඇදලු පෙනෙක් නැතැ යි වදාරන සේක්:-


යතො යතො ගරුධුරං -යතො ගම්භිරවත්තතිං,

තදස්සු කණ්හං හුඤ්ජන්ති -ස්වාස්සුදං වහතෙ ධුරං.

මනාපමෙව හාසෙය්යඤ - නාමනාප කුදාචනං,

මනාපං භාසමානස්ස - ගරුං භාරං උදද්ධරි,

ධනං ච නං අලබ්භෙසි - තෙන චත්තමනො අහු-යි


යන මේ ගාථාද්වයෙන් කණ්හජාතක -නන්දිවිශාල ජාතක බණ වදාරා “මහණෙනි! තොප තොප පොහොසත් වුවත් තෙපි හැම දෙන සිටුව බුදුන්ගේ සමත්රිං ශත් බුද්ධකාරක ධම්ය්හැමන්ගෙන් අද මසළොස් වන ධර්මදය ිද්ධවන දවස ය, අද මා පානා වූ පෙළහර මා සේ ම අනික් බුදුනෛකුන් මුත් අන්යා සත්ත්වයක්හට බැරි වූ පෙළහරෙක, අද මහත් වූ ලෝවැඩෙක් වෙයි. බුදුන්ගේ පාරමිතා නමැති මහ කප්රුක අමාඵලයෙන් දෙන දවසෙකැ”යි වදාරා ගඳකිළිනිසවත්තෙන් ගන්ධමණ්ඩලමාළයකට බැස ආකාශ ය බලා වදාළ සේක.

එ කෙනෙහි සක්දෙවුරජ “මාගේ ස්වාමිදරුවන්ගේ පෙලහරට රැස්වූ ජනයන් හැමදෙන ම ආතපාදියෙන් පීඩා නැති ව සිත් සේ පෙලහර බැලුව මැනැවැ”යි සිතා දිගින් පුඵලෙන් දොළොස් යොදුන් අවටින් සතිස් යොදුන් පමණ දිවයමය වූ නිලුපුල මන්ඩපයක් මැවී ය. ඒ මන්ඩපයෙහි සියලු දිව්යිකර්මා න්ත අහස සඳමඩල පෙනෙන්නා සේ සත්ත්වයන්ට විශෙසයෙන් ම පෙනෙයි, දසදහසක් රන්මෙර රන්පා සේ තැනි ඒ දතුයෙහි එක්දහස් දෙසිය තුන්කෙළ පන්සාලිස් ලක්ෂයක් යොදුන් දිග ඇති මහ රුවන් සක්මනෙන් මැවි ගිය. රයිදු සකල සත්ත්වයන්ට ඉනුද්රනජාලයක් සේ අහස නැඟු දේදුනු රූපයක් සේ විශෙෂයෙන් පෙනේ ම ය. එ වේලෙහි මහපිරිස එක පැහැර සාධුකාර දෙමින් ඔල්වරසන් දෙමින් , අසුරුසන් දෙමින් උතුරු ඉස සිසාරමින් “කොල! මේ කිමෙක් ද, මේ කුමන පෙලහරෙක් ද, පෙර මෙ වැන්නක් දුටු විරුවෝ කවුරු දැ’යි කියමින් අනිකක් බැලුවෝ නැත, අනිකක් සිතුවෝ නැත, අහෝ සාධු අහෝ සාධු යි යන සාධු නාදයෙන් උත්සවයට පටන් ගත්හ.

එ වේලෙහි ස්වාමිදරුවෝ උදය ගිරිතලාවට පැනනැගි........[සංස්කරණය]

එ වේලෙහි ස්වාමිදරුවෝ උදය ගිරිතලාවට පැනනැගි සරාහිර මඦල සේ සත්ත්වයන් ඇසිපිය මරා නො ලන ඇසිල්ලෙහි රුවන් සක්මනට පැනනැඟිසේක. එ වේලෙහි දූ අවිචියෙහි පටන් භවාග්රටය දක්වා ලෝකුස් පුරා සිටි සියලු දිව්යය මනුෂ්යර සේනාව එක පැහැර සාධුනාර දී දොහොත් මුද්න් දුන්හ. එ කෙණෙහි දසදහසක් විජයතුරා සක් තුඩ තබාගෙන එකවිට ම දසදහස් ශංඛධ්වනි පූජාවට පටන් ගත්හ. දසදහස් සුයම් රජහු දසදහසක් දිව්ය චාමර පවනින් බුදුන්ට සුවපහස් දෙමින් එක් පෙළෙක සිටගත්හ. දසදහසක් සන්තුෂිත රජහු හිරිමඬුලු සේ දිලියෙන දසදහසක් මිනිතල් වැට ගෙන එක් පෙලෙක සිටගත්හ. දසදහසක් සුනිර්මිත රජහු රන් කැටපත් රිදි කැටපත් මිණි කැටපත් පූජා නොයෙක් පෙරහැර ගෙන එක් පෙළෙක සිටගත්හ. දසදහසක් පරනිර්මිත රජහු රන් කරඬු රිදී කරඬු රිදී කරඬු රුවන් කරඬු අ‍ාදි නොයෙක් මඟුල් පෙරහැර ගෙන එක් පෙළක සිටගත්හ. දසදහසක් සක්වළ සතළිස් දහසක් වරම් රජ්ජුරුවෝ තමන් තමන්ගේ සතලිස් දහසක් දිව්යළ සේනාව හා සමඟ නොයෙක් පූජා පෙරහැරයෙන් අවුත් පෙළ පෙළ දී සිට ගත්හ. දසදහසක් සක්වළ දසදහසක් සහම්පති මහාබ්ර්හ්මරාජයෝ සඳමඬුලු සේ දසදහසක් සේසත් ගෙන අවුත් පෙළ පෙළ දී සිට ගත්හ. සෙසු දිව්යනබ්ර‍හ්මරාජයෝ ද දිවමල් දිවසුවඳ ආඳින් බුදුන් පුද පුදා තුන්ලෝපුරා ිටගත්හ. දෙතිස් මහා පූර්වනිමිත්ත නම් වූ බුදුන්ගේ අද්භූත පූජාවෝ ද බුදු වූ දවස් ‍ේ ම එ කෙණෙහි ම පහළවූහ.

එ කෙණෙහි ස්වාමිදරුවෝ පිත කසීන සමාපත්තියට සමවැද සියලඟින් රස් කඳු හැර දසදහසක් සක්වළ අවීචිය පටන් භවාග්රන ය දක්වා පහන් ගබඩාවෙන් සේ ඒකාලෝක කෙරෙමින් “සියලු සත්හු දැන් සිත් සේ මා බලවත්ව යි, ඔවුනොවු නු දු විශෙෂයෙන් දකිත්ව”යි අදිෂ්ඨාන කළ සේක.

එ කෙණෙහි දෙවියෝ මනුෂ්ය්යන්ට පෙනෙති, මනුෂ්ය යෝ දෙවියන්ට පෙනෙති, කුරුකුහුඹුවෝ මහබඹුන් දක්ති. මහබඹු කුරුකුහුමුවන් දක්ති. බුදුහු සියලු සතුන්ට ම පෙනෙන සේක. සියලු දසදහසක් සක්වළ දශලක්ෂ සතිස්දහසක් නරකවල ගිනි නිවී පියුම් පිපී සිහිල් දියවිල් සේ විය. දසදහසක් සක්වළ සතලිස් දහසක් සමුද්රදයෙහි සියලු ල්රා්ණීහු ම සිතියම ඇඳි මසුන් සේ කන්පත් වරල්පත් නො සොල්වා වැදහෙව බුදුසිරි බලන්නට පටන් ගත්හ.

එ කෙණෙහි ස්වාමිදරුවෝ එක චිත්තක්ෂණයෙහි ම තෙජො ආපො කසිණ සමාපත්තිද්වයට සමවන් සේක. එ කෙනෙහි නාභි යෙන් මත්තෙහි තුන්ලෝ බබුළුවා මහ ගිනික‍ඳෙක් පැනනැංග, අධඃකායෙන් ආකාශගංගාව නික්මුණාසේ මහා ජලස්කන්ධයෙක් නික්මිණ. නැවත ගිනිකඳ නැඟි පූර්වනකායෙන් දියකඳ හෙයි. දියකඳ හුණු අධඃකායෙන් ගිනිකඳෙක් නැඳෙයි. ශ්රීන මුඛයෙන් දියක‍ඳෙක් හෙයි. දකුණැසින් නාඹතල්කඳක් සා ගිනික‍ඳෙක් නැගෙයි, වම් ඇසින් නාඹතල්කඳක් සා දිය‍ඳෙක් හෙයි; නැවත වම් ඇසින් නාඹතල් කදක් සා ගිනි කදෙක් නැගෙයි, දකුණැසින් නාඹතල්කඳක් සා දියක‍ඳෙක් හෙයි. දකුණු කන්සිදුරෙන් නාඹතල්කඳක් සා ගිනි කඳෙක් නැ‍ඟෙයි, වම් කන්සිඳුරෙන් නාඹතල්කඳක්සා දියකඳෙක් හෙයි; නැවත ගිලි කඳ නැගි තැනින් දියකඳ බස්සි , දියකඳ හුණු තෙනින් ගිනිකඳ නැ‍්ඟෙයි, වම් දසරුවෙන් දිය කඳ හෙයි, දිහකඳ හුණු අතින් ගිනිකඳ නැ‍ඟෙයි.

නැවත දකුණු ශ්රීි හස්තයෙන් නාඹතල්කඳක් සා ගිනික‍ඳෙක් නැ‍ඟෙයි, වම් ශ්රීල හස්තයෙන් නාඹතල්කඳක් සා දියඳෙක් හෙයි: ගිලිකඳ නැඟි අතින් දියකඳ හෙයි, ගිනිතඳ නැහි දසරුවෙන් දිය තඳ හෙයි, දියකඳ හුණු අතින් ගිනිකඳ නැඟෙයි. නැවත දකුණු ශ්රීක පාදයෙන් නාඹතල්කඳක් සා දියකඳ හෙයි; නැවත ගිනිකඳ නැඟි පයින් දියකඳ හෙයි, දියකඳ හෙයි, දියකඳ හුණු පයින් ගිනිකඳ නැ‍ඟෙයි. නැවත එකි එකි ඇඟිලි අගින් නාඹ තල්කඳ සා විසි ගිනිකඳ නැඟෙයි, නැවත එම ඇගිලි අගින් නාඹ තල්කඳ සා දියකඳ බස්සි. ඇඟිලි අසු අස්සෙනුදු වෙන වෙනම නාඹතල්කඳ සා ගිනිකඳ නැඟෙයි, නාඹතල්කඳ සා දිකඳබස්සි. නවානූදහසක් ලොමකූපයෙන් නවානූදහසක් ගිනිකඳ නැඟෙයි. නවානූ දහසක් දියකඳ නැ‍ඟෙයි , දියකඳ බස්සි . නැවත හසුහස්සෙනු දු එසේ එසේ ම ගිනිකඳ නැ‍ඟෙයි, දියකඳ බස්සී. මෙසේ නැ‍ඟෙන්නාවූ ගිනිකඳ දියකඳ දියකඳ හසුහස්සෙන් සවනක් බුදුරස් නික්ම ඉන් ඊ වළඳමින් , ඉන් ඊ රැළි දෙවමින් කරකැවෙමින් මුළු සක්වළ මැඩ භවඅග දක්වා නැගෙයි, ගිනිකඳ දියකඳ භවඅග ගැසි ගැසි නැවත අවුත් සක්වළ ගල් මුවවිට ගැසි පරසක්වළ මැඩගෙන දිවෙයි. මෙසේම පැන නැගි සවනක් රසුදු භවඅග ගැසි ගැසි නැවත බැස සක්වළ ගල් මුවවිට හී මුළු සක්වළ පුරාගෙන යන්ත්රසනළින් මඩනා ස්වර්ණරසධාරා සේ මුළු සක්වළ පුරා උතුරුවා දිවන්නේ ය. මෙසේ සත් රුවන් ගොනැස් උරවාලු රුවන් කැණිමඩුල්ලක් සේ එක රුවන් මඬුවක් සේ මුළු සක්වළ හෙබවූ‍සේක.

වෙන වෙන ම නීලපීතාදි සමවතට දසවදනා ‍ේක. එක ක්ෂණයෙහි සමවත් දෙකකට සමවැදිමෙක් අවශෙෂවූ සෘඬිවන්ත යන්ට අවිෂයම ය. බුදුන්ගේ වනාහි බොහෝ දවසක් වශිභූත කොට ආ හෙයින් භවාංගචිත්තය ඉතා සියුම් වන හෙයින් බුදුහු මවත් දෙකක් සමවදිනා සේක. ක්ෂණක්ෂණයෙහි නොයෙක් සමවත් සමවදිනා සේක. එසේ හෙයින් මේ පෙලහර යමක යමක ව සමාපත්ති සමවැදීමෙන් බුදුන්ට ම පතිනියක වූ යමා මහ පෙළහර නම් විය. තුඩ නො හැර බණ ත් වදාරන සේක.වදාරන බණ තුන්ලෝ පුරා සිටි ඒ සා දිව්යව මනුෂය සේනාවෙහි එකක් එකක් හුගේ සොළොස් ආකාරයක් බැගින් වෙන වෙන ම සිත් පරික්ෂා කොට වදාරන සේක.

මෙසේ තමන්වහන්සේගේ එක බුදුමහිමයට...[සංස්කරණය]

මෙසේ තමන්වහන්සේගේ එක බුදුමහිමයට ම තුන්ලොව හක කෙරෙමින්, පෙළහර පාමින් සිට එක ඇතකු නැංඟා වූ නැවකට ඇතුන් දෙන්නකු නැඟුවා සේ අනික් බුදුකෙනෙකුන් මවා වදාළ සේක. දෙදෙනා වහන්සේ ම එක්වැනි වූ රූ ඇති සේක. එක් වැනි වූ කටහඬ ඇතිසේක. එක්වැනි වූ පෙලහර ඇති සේක. එක් බුදුකෙනෙකුන් සක්මන් කරන කල එක් බුදුකෙනෙකුන් හිඳිනා සේක් හෝ ය, සිටිනා සේක් හෝ ය. එක් බුදුකෙනකුන් විචාළ පැනයට එක් බුදුකෙනෙක් විසදන සේක, එක් බුදුනෛකුන් ව්සදු පැනයට එක් බුදුකෙනෙක් සාධුකාර දෙන සේක. මෙසේ ලොවට අද්භූත වූ යමා මහ පෙළහර දක්වා වදාරා දහම්වැසි වැස්වූ වේලෙහි විසිකෝටියක් සත්ත්වයෝ අමාමහ නිවන් දැක සංසාර සාගරයෙන් ගොඩනැඟි නිවන් පුර වැද පිනා ගියහ.

මෙසේ මාගේ ස්වාමිදරු වූ බුදුරජාණෝ මේ එක යමා මහ පෙළහර පූජාවෙහි ම මා විසින් දක්වන ලද්දාවූ චන්දනපාත්ර ප්රාරතිහාය්යි ියෙහි ලදුවාවූ නොයෙක් පෙළහර පූජා ය. එම පිණ්ඩොල භාරද්වාජ මහ තෙරුන්ගෙන් ලද සම්යික් ප්ර්තිපත්ති පූජා ය, රජගහා නුවර සිට සැවැත් නුවරට වජනා දෑතුරෙහි සාරමසක් මුළුල්ලෙහි දවසින් දවස ලදුවාවූ සියලු සත්ත්වයන් විසින් කරන ලද එක්සිය විස්සක් පමණ දවස් පූජා ය, කොසොල් රජහු සත්දවසක් මුළුල්ලෙහි දවසින් දවස කළාවූ ධර්මනබෙරිමංගල්යව පූජා ය, ගණ්ඩ නම් උද්යාළනපාලයා තමාගේ බල පරිද්දෙන් කළ අම්බඵල දාන පූජා ය, අඹරුක පොළොව පළා පැනනැඟි වේලෙහි ලදුවාවූ අද්භූත වූ මගුල් පූජා ය. පෙළහර කරන වේලෙහි සෘද්ධිමත් වූ ශ්රාවවක ශ්රායවිකාවන් සදෙනාගේ ලද අසාධාරණ වූ සිංහ නා ප්රා්තිහාය්යීර ප්රවතිපත්ති සංක්යාදත වූ අෂ්ටාශ ප්රනතිපත්ති පූජා ය, සක්වෙු රජහුගෙන් ලද දිව්ය‍මණ්ඩප පූජා ය, දෙතිස් පූර්ව නිමිත්ත පූජා ය, දසදහසක් සක්වළ අනුදහසක් දිව්යදරාජයන් ළ අනූදහසක් දිව්යලරාජ පූජා ය, දසදහසක් සක්වළ අරූතල අසංඥ තලයන් හැර එක්ලක්ෂ පනස් දහසක් බ්රඅහ්මරාජයන් කළ එම තෙක් බ්රපහ්මරාජ පූජා ය යි දෙලක්ෂ සතලිස් දහස් එක්සිය දෙයාසූවක් පමණ මහා පූජාවන් ලත් හෙයිනුත් සංඛ්යාවපථයට අවිෂය වූ අප්රයමාණ වූ පූජා ලත් හෙයිනුත් එසේ වූ පූජා විදීමට සුදුසු හෙයිනු ත්, මේ මේ කාරණයෙනු දු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදි:


පූජාවිසෙසං සහපච්චයෙහි

යස්මා අයං අරහති ලොක නාථො

අත්ථානු රූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාම මෙතං-යි


මේ පූජාවලියෙහි අප බුදුන් ගණ්ඩම්බ නම් රුක් මුලදි ලද යමක ප්රාලතිහාය්යීණ පූජා කථා නම් වූ තෙවිසි වන පරිච්ජේදය නිමි.