පූජාවලිය-වේළුවනාරාම පූජා කථා

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

පූජාවලිය


තුදුස් වන පරිච්ජෙදය


පටුන

තව ද අප බුදුන් රජගහා නුවර දී ලද වේළුවනාරාම පූජා නම් කවරහ යත්:[සංස්කරණය]

මෙසේ මාගේ බුදුරජාණන් වහන්සේ බ්රරහ්මයාගේ ආරාධනා යෙන් ඇසළ මස මැදි පොහෝ ලද උත්ර්සළ නකතින් ධම්සක් පතුරුවා දෙව් බඹුන්ට සමු දි යවා එදා රෑ පස්තරුවෙන් පිරිවැරුණු සඳමඩලක් සේ පස්වග මහණුන්් හා සමඟ එම ඉසිපතනෙහි පළමුවන වස වැස. දෙවන දා උදාසන සතර දෙනා වහන්සේ සිඟායාදී, භද්දිය නම් මහතෙරුන් වහන්සේට බණ වදාරා සෝවාන් කොට තුන්වන දා උදාසන ඔබ ඇතුළු වූ සතරදෙනා වහන්සේ සිඟා යවා වප්පා නම් මහ තෙරුන් වහන්සේට බණ වදාරා සෝවාන් කොට, පස්වන දා උදාසන ඔබ ඇතුළු වූ සතරදෙනා වහන්සේ සිඟා යවා අස්සජි නම් මහතෙරුන් වහන්සේට බණ වදාරා සෝවාන් කොට, අස්සජි නම් මහතෙරුන් වහන්සේට බණ වදාරා සෝවාන් කොට,සවන දා උදාසන පස්දෙනා වහන්සේට අනිත් ලකුණු නම් සූත්රන දෙශනාවක් කොට එකවිට ම රහත්කොට, එ තැන් පටන් පඤ්ච මහා ශාඛයෙන් දිලියෙන්නා වූ කප්රුකක් සේ පස් මහා රහතන් හා සමඟ එම වෙහෙරැ වාසය කරන සේක.


ඒ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහතෙරුන් වහන්සේ නෙබඳු වූපිනක්කොට මෙබඳු වූ බුදුකෙනෙකුන්ගේ සියලු මහ සව්වන්ට පළම්ව අග්රූ වූ නිවන් දුට් සේක් ද යත්? පෙර මහා විපස්සි නම් බුදුන් සමයෙහි බන්ධුමතී නම් නුවර චුළකාළ නම් සිටුව හැල්කුඹුරෙක බඩ තළවා පැන් නො වකා කිරිපිඬු පිසවා බුදුපාමොක් මහ සඟපිරිස වළඳවා මෙසේ ම ඒ එක කෙතැ ගොයමින් නව වාරයක් අග්ර භෝජන ය දී මතු බුදුකෙනෙකුන්ගේ සස්නෙහි මම පළමුවන අග දෙසව් අසා වූ නිවන් රස ලද්දවුන් කෙරෙහි අග්ර වෙම්වයි ප්රා ර්ථනාකොට ඒ පිනිත් එකානුකපක් මුළුල්ලෙහි අපායට නො ගොස් දිව්යිලොකයෙහි සුව විඳ ඇවිද දැන් අප බුදුන් සමයෙහි පළමුව අග දෙසුම් අසා පළමුව ම අමාමහ නිවන් දුටුසේකැ යි දතයුතු.

මෙසේ බුදුන් එහි වසන කල සුජාතා නම් සිටු දුව වැදු බරණැස යස නම් සිටු පුත්ර යාණෝ තුන් සෘතුවට කළ තුන්පායෙහි නළුවන් පිරිවරා උඩුමාලෙන් යටිමාලට නො බැස මහත් වූ ශ්රී විදිනාහු.


එක් දවසෙක නිදා පිබිද නාටක ස්ත්රීාන්ගේ විකාර දැක...[සංස්කරණය]

එක් දවසෙක නිදා පිබිද නාටක ස්ත්රීාන්ගේ විකාර දැක අනිත් ලකුණු උපදවා සසර කලකිරි එ විගස ම යහනින් නැඟි රුවන් මිරිවැඩි පයින් ගෙන පායෙන් බැස නුවරින් නික්ම ගොස් මැදියම් රෑ බුදුන් වසන පසිපතන වෙහෙර සමීපයෙන් යෙති. එ වේලෙහි මාගේ ස්වාමිදරුවෝ ඔහු යන්නවු දවසින් දැක කතරගොස් එන පුතකු පෙරමඟට දිවන මවක සේ ඔහු පෙරමඟට මහත් වූ කරුණායෙන් වැඩ අඳුරට මහත් වූ, පානක් නඟා පෑවා සේ බුදුරස් කඳක් ඔහුකරා හැර මඟ අලුකොට ලා ‘මෙසේ මා කරා එයි යසැ’ යි වදාළ සේක. ඒ සිටු පුත් බුදුන්ගේ ශබ්දය කහහුණු වේලෙහි බුදුන් දිසාව බලා, තමාගේ රසින් දිලිහී පෙනෙන හිරු මඬලක් සේ බුදු රසින් දිලියෙන බුදුන් දැක, ආකාශ ගංගාව දුටු පිපාසිතයක්හු සේ, මහා නිධානයක් පෙනිගිය දුගියකු සේ සූධා භෝජනයක් දුටු දිව්ය යකු සේ, මහපියුම් විලක් දුටු ඇතකු සේ, හිරුරස් දුටු මහා පද්මයක් සේ, සන්තොෂ ව පස්වනක් ප්රීයතින් පිනා දෙනක කරා දිවන වසුපුත් පැටවකු සේ බුදුන් කරා දිව පසඟ පිහිටුවා වඅඳ එකත්පස්ව සිට බණ අසා එ කෙණෙහි ම සෝවාන් ව ඒහි භික්ෂුභාවයෙන් මහණ වූහ.


දෙවන දා උදාසන ඒ සිටාණන් පිය වූ බරණැස් සිටානෝ පුතණුවන් මතුමාලේ නො දැක රෑ පලා ගියහ යි අසා මහත් වූ ශොකයෙන් හඬ හඬා පුතණුවන් පලාගිය මඟ දැක රන්මිරිවැඩිසලකුණෙන් මඟ නොවරදවා ගොස් මහණ ව සිටි පුතණුවන් හා ලොවුතුරා බුදුන් දැක පුතණුවන් කෙරෙහි ශොකයෙන් වලප්නට පටන් ගත්හ.

එ වේලෙහි බුදුරජාණන් වහන්සේ ගිනි ක‍ඳෙක හැල්පැන් නමන්නා සේ දෙශනා නමැති අමාදියෙන් සිටාණන්ගේ ශොක නමැති මහ ගිනි නිවා වදාළ සේක. එ කෙණෙහි සිටාණෝ සෝවාන් වූහ. ඒ බණ වදාරණ වේලෙහි පුතණුවන් වහන්සේ රහත් ව ගියසේක.

ඉක්බිත්තෙන් සිටාණන් ගිය කල්හි ඒ යස නම් ස්වාමීන්ගේ ගිහි යහළුවෝ සූපණස් දෙනෙක් යහළුවාණන් මහණ වූ බව් අසා ‘අප යහළුවා අප කිවක් කෙරෙයි, ඔහු සිවුරු හරවාගෙන කෙළියට ගෙන එම්හ’යි වාසි කියා සුදු පිළි ගෙන ගොස් සන්හුන් ගුණෙන් සිටි තෙරුන් වහන්සේගේ උපසම ය හා බුදුන්ගේ රූසිරි දැක ‘අප යහළුවා ගිහිගෙයි වසන කලට වඩා දැන් ඔහුගේ මහණ වෙස ම ඉතා හොබනේ ය. සඳුට අනු වූ ගුරු තරුව සේ ඉතා හොබනේ ය. උතුමකු කෙරේ මහණ වි ය. අප යහළුවා ලද සිරි අපට ත් වී නම් යෙහෙකැ’යි සිත සිතා බුදුන් වැඳ එකත්පස්ව සිටියහ.

බුදුහු ඔවුන්ගේ චරිත බලා බණ වදාරා අමාමහ නිවන් දක්වා දක්ෂිණ ශ්රීග හස්තය දිගුකොට “එථ භික්ඛු” යනාදින් වදිරි සෘද්ධිමය වූ පාත්රී සිවුරු දි ඒ සූපනස් දෙනා මහණ කළ සේක.

මේ යසාදි පස් පනස් යහළුවෝ ද පෙර කෙසේ වූ පිනක් කොට මෙසේ වූ බුදු උතුමාණ කෙනකුන් දැක සසරින් ගොඩ නැංගාහු ද යත්? පෙර එක් කලෙක මේ පනස්පස් දෙන දැන් සේම යහළු ව ඇවිදිනාහු දැරි ඇති ගැහැනියක අනාථ ව මිය වන මැදෙක වැදහොත්තිය දැක ඈ කෙරෙහි කරුණා උපදවා පින් නිසා දරසෑයක් බැඳ ඈ දවන්නාහු මිනියදන වේලෙහි ඈ ඇඟින් දදා නැ‍ඟෙන බුබුලු දැක බුබුලු ගැසුණු වේලෙහි පොතු ගැලවුණු කුකුලලයක් සේ සර්වාංගය සුදුවන සේ දැක අනිත් ලකුණු උපදවා මේ සියලු සතුන්ගේම ධර්මයෙකැ යි තිලකුණු මෙනෙහි කළහ. මෙසේ ඒ ජාතියෙහි මිනිය දවාපු පිනින් දිව්යි මනුෂ්යග ලොකයෙහි අපමණ සුව සැපත් විඳ සැරිසරා ඇවිද එක් ව කළ පිනින් අප බුදුන්සමයෙහි පස්පනස් යහළු ව බරණැස ඉපද අප බුදුන් දැක සෘද්ධිමය වූ පාත්රළ සිවුරු ලදින් මේ පස්පනස් දෙන ම අමාමහ නිවන් දැක සසරින් එතෙර වූහ යි දතයුතු.


මෙසේ ලොකයෙහි බුදුන් හා සමඟ එක් සැටක් මහ රහතන් පහළ වූ කල....[සංස්කරණය]

මෙසේ ලොකයෙහි බුදුන් හා සමඟ එක් සැටක් මහ රහතන් පහළ වූ කල ස්වාමිදරුවෝ වප් සම මැදි පොහෝ දා වස් පවරා සැට මහ රහතන් ළඟට කැඳවාලා:


පරත්ථඤ්චත්තනො අත්ථං-කරොන්තා පඨවිං ඉමං

බ්යාථහරන්තා මනුස්සානං-ධම්මං චරථ භික්ඛවො


යනාදින් අවවාද දී “මහණෙනි, මේ ලොකයෙහි සත්ත්වයෝ බුදුරුවන් ලොව පහළ වූ බව නොදනිති, තෙපි හැම දෙදෙනෙක් එක මඟ නො යව, සැට දෙන වෙන වෙන සැට මාර්ගයෙකින් ගොසින් ගිය ගිය දෙස දුටු දුටු සත්ත්වයන්ට මා උපන් පරිදි කියා ලෝකාර්ථචය්ය්ටර්‍ කරව, සත්ත්වයෙනි, සර්වඥ නමැති මහ පියුමෙක් නැඟි සදහම් නමැති රොන් සළා දෙමින් සිටියේය, සර්වඥ නමැති ආකාශයෙහි සද්ධර්ම නමැති ආකාශ ගංගාව ධාරානිපාත වෙමින් සිටියේ ය, සර්වඥ නමැති මහා නිධානයෙක් පෙනී සදහම් නමැති නවරුවනින් දිලියෙමින් සිටියේය. සර්වඥ නමැති කපුරුකෙක් පැනනැඟී සදහම් නමැති මහ සැපත් දෙමින් සිටියේ ය. සර්වඥ නමැති මහා නිධානයෙක් පෙනී සදහම් නමැති නවරුවනින් දිලියෙමින් සිටියේ ය. සරුවඥ නමැති කප්රුකෙන් පැනනැගී සදහම් නමැති මහ සැපත් දෙමින් සිටියේ ය. සරුවඥ නමැති දිවාකාරයෙක් පැනනැඟී මොහ නමැති අන්ධකාරයන් දුරී කරණය කොට සද්ධර්ම නමැති මහ රස්කඳ විහිදුවමින් සිටියේ ය’යි වදාරා, සැටදෙනාවහන්සේ සැට මාර්ගයෙකින් යවා තමන් වහන්සේ එකලා ව නික්මුණු අමා ගඟක් සේ උරුවෙලා නම් දනව්වට වඩනා සේක් අතුරු මඟ එක්තරා මඟ එක්තරා එක් රුකක් මුල සවනක් රසින් දිලිහි දිලිහී ජම්බුනදියෙහි ජාත ස්වර්ණාංකුරයක් සේ ලීලාසම්පන්නව වැඩහුන් සේක.


එ කල කොසොල් රට රජකුමරුවෝ තිස්දෙනෙක්....[සංස්කරණය]

එ කල කොසොල් රට රජකුමරුවෝ තිස්දෙනෙක් උතුම් වූ රූ හා උතුම්වූ ගුණ ඇති ව සම වූ සිත් ඇතිහෙයින් භද්දවග්ගියයි කියා මෙ නමින් ප්ර සිද්ධ ව කොසොල් රජහුගෙන් දුන් දනව්වෙක සමඟ ව රජකරන්නාහු කප්පාසික නම් වනයක් ඉතා රම්යව ය යි අසා එහි කෙළනට යන්නාහු එක් කෙනකුන්ට ප්ර්ජාපතීන් නැති හෙයින් උන් නිසා වෙශ්යානවක ගෙන ගියහ. රජකුමරුවන් ක්රීසඩාවෙන් ඇවිදිනා කල්හි ඕ ප්රටමාදයක් දැක ඒ රාජකුමාරයන්ගේආභරණ සඟවාගෙන වල්වැද ගියා ය. එ වේලෙහි ඔබමොබ බලා ආභරණත් වෙශ්යාැවත් නො දැක තිස්දෙන ම එක් ව ගෙන ඈ ගිය පද සලකුණෙන් වල් සොයා ඇවිදිනාහු ඒ රුක්මුල සවනක් රසින් දිලියෙන බුදුන් දැක වැඳ එකත්පස්ව සිට මෙසේ ආ වෙශ්යාිවක දුටු සේක් දැ යිවිචාළහ. බුදුහු කුමක් නිසා ඈ සෙ8ායවු දැ යි විචාළසේක, තමන් උයන්කෙළියට ආ නියාව ත් ඈ සොරා සම්පත් ගෙන ගිය නියාව ත් බුදුන්ට දැන්වූහ. බුදුහු තමන් සෙවීම උතුම් ද, අනුන් සෙවිම උතුම් දැ යි විචාළසේක. ඔහු තමන් හෙතු සම්පත් ඇති හෙයින් බුදුන් වදිළ පැනයෙහි අර්ථ දැන අනුන් සෙවිමට වඩා තමන් සොයාගතහෙතෝතින් ඒ සෙවිල්ල ම උතුම් වේ දැ යි කීහ.

එ වේලෙහි ස්වාමිදරුවෝ එ බැවින් තෙපි තොප සොයනු කැමතියා නම් තෙල සේ ඉඳුව යි වදාරා ඔවුන් එකත්පස්ව උන් කල්හි අනුරූප වූ බණ වදාරා ඒ කුමාරවරුන් තිස්දෙනා ම සතර මඟ සතර ඵලයෙහි පිහිටුවා ඒහි භික්ෂුභාවයෙන් මහණකොට ඒ භික්ෂූන්ට ද ආමන්ත්රඒණය කොට:


විහරථ විවිත්තෙසු-පබ්බතෙසු වනෙසු ව,

පාකසයන්තා සද්ධම්මං-ලොකස්ස සතතං මම-යි.


යනාදීන් අවවාද දී “මහණෙනි, තෙපි තිස්දෙන ද තිස්මාර්ගයක ගොසින් දුටු දුටු සත්ත්වයන්ට “සත්ත්වයෙනි, ගොව බුදුරුවන් දමුරුවන් සඟුරුවන් පහළ වි ය, ඒ සර්වඥ නමැති මහා මෙඝ ය පැන නැඟී සදහම් නමැති අමා වැසි වස්වා විනෙය ජන නමැති මහඇල්කෙත සතුටුකරවමින් සිටියේය, අපායමාර්ගායහි අකුල් එළමින් සිටියේ ය, නිවන්මඟ එක එලිවෙමින් සිටියේ ය, යනාදින් බුදු ගුණ කියා ලෝවැඩ කරව”යි වදාරා ඒ තිස්දෙනා වහන්සේ තිස් මාර්ගයෙක යවු සේක.

ඒ රාජකුමරුවෝ තිස්දෙන කෙසේ වූ පිනක් කොට මෙසේ වූ බුදුකෙනකුන් දැක නිවන්රස වැළඳු ද යත්? පෙර මාගේ බුදුන් තඅණ්ඩිල නම් සූකර රාජන් ව ඉපද බරණැස් රජුට බණ වදාරන දා බෝසතුන් බදා අල්වාගෙන මරා ඇඟ මස් කම්හ යි පොලු මල ගෙන සිසාරා සිටගත් රා සොඬුන් තිස්දෙන තුණ්ඩිලොවාද නම් වූ ඒ දෙශනාව දොළොස් යොදනක් තැන් ඇසෙන සේ කරත් කරත් අත තුබූ පොලු මල හෙළා සාධුකාර දි දී බණ අසා එදා ලත් අවවාදයෙන් සැටදහසක් හවුරුදු මුළුල්ලෙහි පන්සිල් රක්ෂාකොට එතැන් පටන් සදෙවුලොව සැරිසරා ඇවිද සුව විඳ එ කල උතුම් වූ රජකුලයෙහි ඉපද ඒ පන්සිල් රක්ෂාපළ පිනින් අසාධාරණ වූ රූ සිරි ලදින් මොහොතක් පමණ කල් බණ ඇසූ පිනින් අප බුදුන් දැක අමා මහ නිවන් දුටුහ යි දතයුතු.


මෙසේ ලොකයෙහි එකානුවක් රහත් සඟුන් ඇතිවූ කල...[සංස්කරණය]

මෙසේ ලොකයෙහි එකානුවක් රහත් සඟුන් ඇතිවූ කල මාගේ සවාමිදරුවෝ උරුවේලා නම් දනවුවට වැඩිසේක. එහි නිල්තලා නම් ගං තෙර උරුවෙලා කාශ්ය ප ය, නදී කාශ්යනප ය, ගයා කාශ්යරපය, යන ජටිලයෝ තුන්බෑ කෙනෙක් රහතුම්හයි කියා මිත්ථ්යාාදෘෂ්ටි ගෙන ලෝවැස්සන් වඤ්චාවෙන් පහදවා ලාභයෙහි යශසෙහි අග්ර ව වෙසෙති. එයින් උරුවෙල කාශ්යභපයන්ගේ පන්සියයක් අතැවැසියෝය, නදී කාශ්යවපයන්ගේ තුන්සියයක් අතැවැසියෝය, ගයා කදාශ්යශපයන්ගේ දෙසියයක් අතැවැසියෝ ය, මෙසේ මේ දහසක් දෙන ම මිත්ථ්යාදදෘෂ්ටි ගෙන වෙසෙති. බුදුහු මොවුන් දහසක් දෙනා හෙතුසම්පත් ඇති සේ දැක ‘අපාගත වූවන් නිවන් පුරයෙහි ලමි’යි උපන් මහා කරුණා ඇති ව එදා ඒ උරුවෙල කාශ්යමපයන්ගේ පන්සලට වැඩ “කාශ්යමපයෙනි! කොපගෙන් අවසර ලදුමෝ නම් තොපගේ මේ ගිනිහල් ගෙයි අද එක රෑ සැතපෙනු කැමැත්තම්හ”යි වදාළ සේක.

එ කල උරුවෙල කාශ්යමපයෝ කියන්න‍ාහු ‘මහණ භවත් ගෞතමයෙනි! ගපස්වී වරයන්ට අවසර දීම අප සේ වූ තපස්වී වරනයට සුදුසු ම ය, එසේ ද වී නමුත් ගිනිහල් ගෙයි විෂඝොර වූ නාග රාජයෙක් වෙසෙයි, ඒ අප රහත් යෙහින් අපට කිසිවකු ත් නො කෙරෙයි, නො රහත් වූ තොප වැනි සොඳ රුවක් ඇති මහණ කෙනකුන්ට උපද්ර,වයක් කෙළේ නම් අලාභ වේදැ’යි කීහ. බුදුහු එ බස නො ඇසූ කන් ව ‘තොපගෙන් අවසර ලඳුමෝ නම් මේ ගිනිහල් ගෙයි ම සැතපෙනුකැමැත්තම්හ’යි දෙවනුවත් වදාළසේක. තව ද උරුවෙල කාශ්යඅපයෝ ‘භවත් ගෞතමයෙනි! ඒ ගිනිහල් ගෙයි ලැඟීමෙන් අපට කිසිවෙක් නැත, ඒ නාගරාජයා ඉතා දරුණු වූ විෂ ඇත්තේ ම ය’යි කීහ. එබසට සවාමිදරුවෝ තුන්වනු ව වදාරන සේක්: ‘නයිගේ දැඩිකම් නො කියා අද එක රැයට ගිනිහල් ගෙය අපට අවකාශ කරව’යි වදාළසේක. බුදුනට තුන්වන වාරයෙහි උත්තරයක් කී සතකු ඉස සත් කඩක් ව පැළෙන යෙහින් කාශ්යතපයෝ අනිකක් කියාගත නොහී නයාගේ දැඩි කම් ම කීහ. ඉක්බිත්තෙන් බුදුහු 'නයිගේ බල නොකියා තොපගේ ගිනිහල්ගෙය අපට අවසර දෙව’යි වදාරා උන්ගේන් අනුදන්වා ගෙන නා විමනකට වදනා ගරුඬරාජයක්හු සේ, නිර්භීත ව ඒ ගිනිහල්ගෙට වැද බුද්ධාසන පනවා පලක් බැඳ වැඩ උන්සේක.

ඉක්බිති නාගරාජතෙම ගිනිහල්ගෙයි වැඩ හුන් බුදුන් දැක ‘ඇතකු කරා පැමිණ උන්මන්තකයකු සේ මාගේ භවනයට අවුදින් තමාගේ ගෙයක සේ හිඳ ගත් මොහු කවරෙක්දැ’යි කිපී බුදුන්කරා විෂධුම හරනට වන, සවාමිදරුවෝ ‘මම ද එක විෂ ධූමයක් හළිමි නම් එක නයකු තබා මුළු ලොව මකුළු හුයක් සේ දායෙයි, එසේ ද වුව ත් මොහුගේ අභිමාන මැඩ දැමු ව මනා වේදැ’යි සිතාලා ‘මාගේ ශරිරයෙන් නික්මුණාවූ දුමින් මුළුලොව කිසි සතකුටත් මේ ගෙයි වසන මැසි මදුරු කුරු කුහුඹු ආදි සියලු සතුන්ටත් උපද්රිවයෙක් නොවේව’යි අධිෂ්ඨාන කොටලා පිදුරු කලවිටෙක ගිනි ලූ කලක් සේ ශරීරයෙන් දුම්කඳු හරනට පටන් ගත් සේක. ඒ දුම් කඳු නයිගේ විසදුම් ඔබා ඔහුගේ ඡව්මාංසයට හානියක් නො කොට පෙළන්නට පටන්ගත.

ඉක්බිත්තෙන් නාග රාජයා මුඬුමහණහු ගින්නෙන් දවාපියමියි සිතා බුදුන් කරා ගිනිකඳ හරනට පටන්ගත, එ කල බුදුහු තෙජො කසිණ සමාපත්තියට සමවැද ලා ඕහට වඩාශතසහස්රත ගුණයෙන් ශ්රී ශරීරයෙන් ගිනිකදු නඟන්නට පටන්ගත් සේක. එ වේලෙහි සියලු ගිනිහල් ගෙය ගිනිගෙන දිලියෙන සේනක් සේ පෙනී සියලු ආශ්ර ම ය ඒකාලොක වි ය. ඒ ගිනි දුටු උරුවෙලකාශ්ය පාදි ජටිලයෝ ‘තෙලෙ නාගරාජයා හළ ගිනිකඳ ය, මහණභවත් ගෞතමයන්ගේ රන්කඳක් වන් ශරීරය අද දා නස්සි, අප කියමන් නො ගත්හ, ඉතා ගත්හැඟි කෙනෙකැ’යි කිය කියා සිටියහ.

මෙසේ සවාමිදරුවෝ තමන් වහන්සේගේ ගින්නෙන් නයි හික්මවා අභිමාන ශුන්යමකොට ශ්රීස හස්තය දිගුකොට, දළ මුත්හරක් හයා ගන්නා සේ, සමන් මල් දමක් හයා ගන්නා සේ, නාග රාජයා හයාගෙන ඉඳුනිල් මිණි කරඬුවෙක රිදී සවඩියක් ලන්න‍ා සේ, පාත්රමධාතුව ඇතුලෙහි දරණ ලා විෂ නැතිකොට හොවා ලා උදාසන උරුවෙල කාශ්යකපයන් කැඳවා ලා ‘ඊයේ තොප ආනුභාව කි නාගරාජයා වැදහොත් ලෙස් බලව’යිදක්වා වදාළසේක. එ කල නාගරාජයා බුදුන්ගේ ශ්රීැ මුඛය ප්රෙවමයෙන් බල බලා ඇකිළි ඇකිළි හොත්තේ ය, ඒ ප්රායතිභාය්ය්මර්යා දැක උරුවෙල කාශ්ය2පයෝ ‘මේ මහණ භළුත් ගෞතමයෝ අප සේ සවසත්තාන දමනය කොට රහතන් සේ නො දන්නා බව මුත් නයින් දමන්නාවූ ආනුභාව ඇතියහ’යි කියා රහත්ගුණ තමන් කෙරේ ම තබා දුටුහ.

තව ද බුදුහු ඔහුගේ ළය මොළොක් නො වූ සේ දැක තව ද ප්රා තිහාය්ය්ුර්‍ දක්වනු කැමැති ව ඔහුගේ ම පන්සල අනික් නයකු දු එසේ ම දමා පාත්රාළ ධාතුවෙහි ලා පෑසේක. එ දවසු දු ඒ ප්රාඑතිහාය්ය්ළර්‍ ය දැක උරුවෙල කාශ්ය පයෝ ‘රහත් ගුණය මා කෙරෙහි ම පිහිටියේ ය, නයින් දමන්නාවූ සෘඬි භවත් ගෞතමයන් කෙරෙහි පිහිටියේ ය’යි කීහ.


තව ද එක් දවසෙක බුදුහු කාශ්ය්පයන්ගේ පන්සලට නුදුරු වූ...[සංස්කරණය]

තව ද එක් දවසෙක බුදුහු කාශ්ය්පයන්ගේ පන්සලට නුදුරු වූ එක් ලෙනෙක රාත්රි යෙහි වැඩහුන්සේක, එ කල වරම් රජදරුවෝ සතරදෙන තුන්ගවු උස දිව්‍ය ශරීරයෙන් දිලිහි දිලිහී අවුදින් බුදුන්ට සතරදිග රකවල් ගෙන සිට ගත්හ: බුදුහු පාන් ඇගෑ සතරක් මැද දිලියෙන රන් දාගබක් සේ ශ්රීහමත්ව වැඬහිඳ ඔවුන්ට බණ වදාළ සේක. ඉක්බිත්තෙන් පාන්වූ කල උරුවෙල කාශ්යහපයෝ බුදුනු කරා අවුදින් ‘මහණ භවත් ගෞතමයෙනි! වළදන්නට අවමැනව, ඊයේ රෑ රන්වන් රස්විහිදුව විහිදුවා තමන් කරා අවුදින් සතර දිග සිට බණ ඇසුවෝ කවුරුදැ’යි විචාළහ. එ බසට බුදුහු ‘කාශ්යනපයෙනි, වරම් රජදරුවෝ සතරදෙනය’යි වදාළ සේක. ඒ ප්රා තිහාය්ය් ර්‍ ය දැක ද උරුවෙල කාශ්යරපයෝ ‘තොපගේ වරම් රජ දරුවෝ අප කරා නො එත් ම ය, අපගේ එහත් ගුණ තොප කරා නො එත් ම ය’යි කිහ.

තව ද එක් දවසෙක ශක්ර්යෝ දෙදෙව්ලොව දෙවියන් පිරිවරා අවුදින් බුදුන් වැඳ බණ අසා ගියහ; එදා ද උරුවෙල කාශ්යරපයෝ විචාරා දැන ‘මහණ භමත් ගෞතමයෙනි! තොප ශක්ර‍ බ්රරහ්මයන් අතිනු ත් වැඳුම් ගන්නා තැනැත්තක් අප සේ රහත් නො වන්නේ නො යෙදෙ’යි කිහ.

තව ද එක් දවසෙක අඟු මගධ දෙරට වාසීහු පූජාසත්කාර ගෙන උරුවෙල කාශ්යෙප‍යන් කරා අවුත් වනහ, උරුවෙල කාශ්යෙපයෝ එ දා සිතනනාහු ‘මහණ භවත් ගෞතමයෝ මහත් වූ ආනුභාව ඇතියහ, මනොඑර වූ රූ ඇතියහ. මේ මනුෂ්යයයන් මඬ්යනයෙහි ආනුභාවයක් දක්වාලූ නම් අප හැම තවුස් වෙස් ගත් වඳුරන් කොටත් නො තකති, භවත් ගෞතමයෝ අද මෙ තැනට නො අවුනම් යෙහෙකැ’යි සිතූහ. සවාමිදරුවෝ ඔහු සිතූ සිත් දැන ඔහු දමා ගන්නා තෙක් ඔහු කැමැති කැමැති දෙයක් ම කෙරෙමි යි සිතා එ දවස් උදාසන උතුරුකුරු දිවූ වැඩ අහර පඅළිගෙන අනවතප්ත නම් විලට වැඩ එහි දී වළදා මෙසේ තුන් දවසකින් ඔහුගේ පූජාව නිමකල නඅවත ඒ පන්සලට ම වැඩිසේක. බක්බිත්තෙන් උරුවෙල කාශ්යාපයෝ උදාසන බුදුන් කරා ගොස් ‘භවත් ගෞතමයෙන්! අද වළදන්ට අව මැනව ඊයේ පෙරෙවිදා අභු මගධ දෙරට වාසීහු අපට මහා පූජාවක් කොට මහා දානයක් දුන්නාහු ය, අපි එ කල තමන් සඳහන් කළම්හ; ඊයේ පෙරෙවිදා කොයි ගිය නිසා දැ යි කීහ. මාගේ බුදුරජාණන් වහන්සේ එ බසට සිනා පහළ කොට ‘උරුවෙල කාශ්යමපයෙනි! සෙසු ලෝ වැස්සන්ට කියන වඤ්චා මට නො කියහ. මම තොප තබා සියලු සත්ත්වලොකයෙහි කුහුඹුවා පටන් මහා බ්රතහ්මයා දක්වා සියලු සතුන් සිතූ සිත් දනිමි, තොපගේ ම අදහස් දැන ය මා නො ආයේ’යි වදාළසේක. ඒ ප්රාමතිහාය්ය් ර්‍ ය දැක ද උරුවෙල කාශ්ය’පයෝ ‘භවත් ගෞතමයෝ පරසිත් දන්නා බව මුත් අප සේ රහත් මඟ නො දනති’යි කීහ.


තව ද එසමයෙහි බුදුන්ට පාංශුකූල විවරයෙක් උපන...[සංස්කරණය]

තව ද එසමයෙහි බුදුන්ට පාංශුකූල විවරයෙක් උපන, එ කල බුදුහු මේ සිවුර කොයිදෟ සෝධම් දෝ හෝ යි සිතා වදාළසේක. ඒ සිත හා සමඟ ශක්රදදෙවෙන්ද්රවයා අවුදින්, නඳුන් පොක්රාණ සේ හනොහර වූ පොකුණක් හා මවාලිය: ඒ වෙනෙහි වන දෙවතාවා බුදුන් පොක්‍ුණට බස්නා කල එල්බගන්නා පරිද්දෙන් පොකුණුතෙර ගසෙක අත්තක් නමා පෑලි ය. බුදුහු ඒ පොකුණෙහි දි සිවුර සෝධා වදාළසේක. ඉක්බිත්තෙන් උදාසන උරුවෙල කාශ්යහපයෝ තමන් ගේ අසපුවෙහි ඉන්ද්රස ජාලයක් සේ මැවී තුබූ පොකුණ හා පාණ හා ගලතල හා ගසින් නැමීගිය අත්ත දැක මහා ආශ්චය්ය්බර්මාත් ව බුදුන් අතින් විචාරා ශක්ර්යා මැවු බව් අසා මහණ භවත් ගෞතමයන්ගේ අසාධාරණ වූ සෘඬි දවසින් දවස වඩ වඩා දකුම්හ, අප සේ රහත් ගුණයක් නුදුටු විරඅමෝ මය’යි කිහ.

තව ද එක් දවසෙක උරුවෙල කාශ්යුපයෝ බුදුන් වැඩහුන් තැනට ගොසින් ‘භවත් ගෞතමයනි! වළදන්නට අව මැනව’යි කීහ, බුදුහු ‘අපි එම්හ, තෙපි යව’යි කියා කාශ්යනපයන් පළමුකොට යවා සරසනක් පමණ තෙන තුබූ ‍භොජන ශාලාවට උන් නො යනතුරු තමන්වහන්සේ අසුරුසනකින් හිමාලය වනයට වැඩ දඹදිවට සලකුණු වූ සියක් යොදුන් උස මහ දඹගසින් දඹපාත්රසයක් ගෙන උරුවෙල කිශ්යඹපයන්ට පළමුකොට ගොස් ශාලාවෙහි වැඩ හුන්සේක. එ කල කාශ්ය්පයෝ ‘මහණ භවත් ගෞතමයෝ එද්දෝ හෝ නො එද්දෝ හෝ”යි සිත සිතා ශාලාවට ගොස් පළමුව ගොස් වැඩහුන් බුදුන් දැක ආශ්චය්ය්ාර්මළත්ව ‘භවත් ගෞතමයෙනි! මටපසුව අවුත් කරව ඇසිල්ලෙක පළමු ව අවුත් වැඩහුන්නේදැ’යි විචාලහ. එවිට බුදුහු වදාරනසේක් ‘කාශ්යනපයෙනි! ‍ෙතාප එවාලා අපි මහදඹ ගසට ගොස් දඹ ගෙන අවුදින් උනුම්හ, තව ද මේ ආශ්චය්ය් ර්‍ නො වෙයි, තොප මෙතනට එන අතුරෙහි සිතුමෝ නම් සතිලක්ෂ දසදහස් තුන්සිය පනස් යොදුන් වට ඇති සක්වළ ගල වටා ලක්ෂ ගණන් වාරයෙහි සිසාරා ඇවිදපියා මෙ තෙනට එන්ට පොහොසතුම්හ’යි වදාළසේක. එ බසට උරුවෙල කාශ්යනපයෝ ‘අප සේ නිවන් මඟ දිවන සේ නොදන්නා බව මුත් නිකම් ගමන් යාමෙහි ඉතා දක්ෂයෝය’යි කිහ.

තව ද මෙසේ ම මොහු අද දමා ගනිමි යි සෙට දමා ගනිමි යි සිත සිතා දවසෙක එ ම හිමාලයෙහි අඹතුරුයෙන් අඹ ගෙනවුත් පෑ සේක, එහි ම දිව්යඹවු ඇඹුලගසින් ඇඹුල ගෙනවුත් පෑ සේක, තව ද දවසෙක දිව්ය‍වූ අරළු ගසින් අරළු ගෙනවුත් පෑ සේක, දවසෙක තවුතිසා භළුනයට වැඩ ශක්රුයාගේ පරසතුගසින් මඳාරා මල් ගෙනවුත් පෑසේක, ඒ ඒ ප්රාුතිහාය්ය්ුර්යෙඳහි උරුවෙල කාශ්යුපයෝ ‘භවත් ගෞතමයෝ අපසේ රහත් ගුණ නැති බව මුත් ශීඝ්රය ගමන් දන්නා සෘඬි ඇත්තෝය’යි කීහ.


තව ද එක් දවසෙක ගිනිදෙවියාට පූජාවක් කරම්හ යි...[සංස්කරණය]

තව ද එක් දවසෙක ගිනිදෙවියාට පූජාවක් කරම්හ යි සිතාලා උරුවෙල කාශ්ය්පයන්ගේ පන්සියයක් ජටිලයෝ පන්සියයක් පොරෝ ගෙන එක විට ම දර පළන්නට පටන් ගත්හ, එදා බුදුහු ‘මෙ දර එකෙකු ත් නො පැළේව යි අධිෂ්ඨානකොට වදාළසේක. ඒ අධිෂ්ඨානය හා සමඟ ම සමහරු එළා ලූ පොරෝ තුඹපත් සේ වක් ව ගිය, සමහරෙක් කීල ගැසුවා සේ දරදණ්ඩේ ම ඇලී ගිය, ඔසවා ගත් පොරෝ එළා ලිය නො හී සමහරෙක් සිතියම්කළ රූ සේ ම සිටියහ, එක ද‍ඬෙකුත් නො පැළෙයි, ජටාධරයෝ ‘මේ මහණ භවත් ගෞතමයන් කළ අධිෂ්ඨානයෙක් උවමැනවැ’යි සිතූහ. එ කල බුදුහු කාශ්ය්පයන් මුහුණ බලා ‘කිමෙක් ද කාශ්යදපයෙනි, දර පැළුණ මනාදැ යි වදාරා ‘එසේය! භවත් ගෞතමයෙනි! දර පැළුණ මනා ය’යි කී කල දර පැළේව යි අධිෂ්ඨාන කොට වදාළසේක. එකෙණෙහි ඔසවා ගත් අපොරෝ නො එළන තෙක් පන්සියයක් දඬු තෙමේ ම පැළී ගියේය, ඒ ආශ්චය්ය්ුර්‍ ය දැක උරුවෙල කාශ්යේපයෝ කියන්නාහු ‘මහණ භවත් ගෞතමයෝ අප සේ කෙලෙස් පළා රහත්වන සේ නො දන්නා බව මුත් පළා ප්රාසතිහාය්ය්දර්‍ පානා සේ ඉතා දක්ෂයෝ ම ය’යි කීහ.

තව ද එක් දවසෙක පන්සියයක් ජටිලයෝ යාගයට ගිනි දල්වන්නාහු ය, බුදුහු ‘ගිනි නො දැලිවේව’යි අධිෂ්ඨාන කොට බවදාළ සේක. එ කල දියෙහි ගැලූ පුදුරු කැරැලිලෙක ගිනි නො ඇවිළෙන්නා සේ ගිනි නො දැලිවේ ම ය. දුම් කඳු නැ‍ඟේ ම ය, පන්සියයක් දෙන ඇඟ ඩා වගුරුව වගුරුවා පත් සලා ගිනි දල්වා ගත නො හී ‘මේ භවත් ගෞතමයන්ගේ අධිෂ්ඨානයෙකැ’යි විචාරා ‘එසේ ය භවත් ගෞතමයෙනි! ඇවිළෙනු කැමැත්තෙමි’යි කි කල බුදුහු ගිනි ඇවිළේව යි අධිෂ්ඨාන කොට වදාළසේක. එ කෙණෙහි තෙල් කළ නමා ලුවා සේ ගිනි තෙමේ ම ඇවිළ පැනනැංග. ඒ ප්‍රාතිහාය්ය්ුර්‍ ම දැක කාශ්යිපයෝ කියන්නාහු ‘රහත්ගුණ අප කෙරේ ඇත්තා සේය භවත් ගෞතමයන් කෙරෙහි ගිනි දල්වන්නාවූ ආනුභාව විශේෂයෙන් ම ඇතැ’යි කීහ.

තව ද එම දා යාගකොට නිමිකල පන්සියයක් ජටිලයෝ ගිනි නිවන්ට පටන්ගත්හ, බුදුහු ‘ගිනි නො නිවේව’යි අධිෂ්ඨාන කොට වදාළසේක. ජටිලයන් ගඟින් පැන් කළ සළ ත් සළ ත් තෙල් කළ සළන්නා සේ, ගිනි බුර බුරා නැ‍ඟේම ය, එ වේලෙහි ද බුචුහු ‘කාශ්ය්පයෙනි! ගිනි නිවමෝදැ’යි වදාරා යහපතැ යි කී කල ගිනි නිවේව යි අධිෂ්ඨානකොට වදාළසේක, එ කෙණෙහි ගිනි ‍ෙ.මේ ම අන්තර්ධාන වි ය. ඒ ප්රාකතිහාය්ය් ර්‍ ය දැක උරුවෙල කාශ්ය්පයෝ මේ මහණ භවත් ගෞතමයෝ ‘අප සේ රහත් ව කෙලෙස් ගිනි නිවන සේ නොදන්නා බව මුත් නිකම් ගිනි නිරායාසයෙන් නිවන සේ දනිති’යි කීහ.

තව ද එක් දවසෙක පන්සියයක් ජටිලයන් ඒ නිල්තලා හොයට බැස නහා ශීතයෙන් වෙවුල වෙවුලා සිටි වේලෙහි බුදුහු පන්සියයක් ගිනිකබල් මවා පන්සියයක් දෙනා පෙරට ඉන්ද්ර ජාලයක් සේ දක්වා වදාළ සේක. ඒ ආශ්චය්ය් ර්‍ ය දැක උරුවෙල කාශ්ය පයෝ. ‘අනුන්ගේ ශීත දුක් නසා ගිනිකබල් තබන්නා දන්නා බව මුත් තමන්ගේ සසරදුක් නසා රහත්වනසේ නොදනිති’යි කීහ.


තව ද එක් දවසෙක අකාල මේඝයක් නඟාලා...[සංස්කරණය]

තව ද එක් දවසෙක අකාල මේඝයක් නඟාලා ඒ ගඟ මහ වතුරෙක් දිව හැම වල් ගලාගෙන නික්මිණ, බුදුන් වැඩඋන් ළැහැබ ත් ගලා දිවෙයි; එ වේලෙහි සවාමිදරුවෝ ‘දියවතුරු මාගේ ළඟට නො වැද සිසාරා රිදී පවුරක් සේ සිටී ව’යි අධිෂ්ඨාන කොට වදාළ සේක. එ කල වතුර බුදුන්ගේ සක්මන හැරලා සතර අත සතර මහ පවුරක් සේ සිටගත; බුචුහු පූර්වසාගර පල්ලට බැස රුවන් වැල්ලෙහි සිටගත්තාවූ චක්රහවර්තිරජක්හු සේ දියෙහි නො ගෑවී දසදිග් නොබලා සක්මන්කොට වදාළ සේක. එ වේලෛහි උරුවෙල කාශ්ය්පයෝ ‘මහණ භවත් ගෞතමයෝ වතුරෙන් ගියෝ නම් නපුරු’යි කියා ලා ඔරුවක් පැදගෙන වහ වහා දිවගෙනගොස් රිදී ගුහාවෙක සිටිනා සිංහපොවුවකු සේ දිය මධ්යෙයෙහි වැඩ සිට සවනක් රසින් දිලියෙන බුදුන් දැක ‘මහණ භවත් ගෞතමයෝ අප සේ රහත් ව තෘෂ්ණා වතුරු රඳවන සේ නො දන්නා බව මුත් දියවතුරු රැදවිමට උන් හා සමාන කෙනෙක් නැතැ’යි කීහ.

ඒ සා දියවතුරු මාගේ සවාමිදරුවන්ගේ ශ්රීස ශරීර ය තෙක් කළ නුහුණු වා සේ ම මේ සා පෙළහරක් දැක ද උරුවෙල කාශ්යඒපයන්ගේ ළය ත් තෙත්කළ නුහුණුයේ ම ය. එ කල ‘භවත් ගෞතමයෙනි! මේ ඔරුවට පැනනැංග මැනවැයි කී බස හා සමඟ බුදුහු ඔරුවේ පෙනී ගොස් ගොඩට වැඩ බුද්ධාසනයෙක වැඩහිද සිතා වදිරනසේක්: කිමෙක්දෝ මේ උරුවෙල කාශ්යගපයා මෙතෙක් දා මුළුල්ලෙහි මා විසින් පානාලද දර නොපැළීමෙන් පන්සියයෙක. දරපැළීමෙන් පන්සියයෙක. ගිනිනොදැල්වීමෙන් පන්සි‍යයෙක, ගිනිනොනිවිමෙන් පන්සියයෙක, ගිනි නිවිමෙන් පන්සියයෙක; ගිනි කබල් මැවීමෙන් පන්සියයෙක, ප්රනථම නාග දමනයෙන, වීතිය නාගදමනයෙන, වරමුන්ගෙන,ශක්ර‍යාගෙන, බ්රෙහ්මයන්ගෙන, පරසිත් දැන්මෙන, පොකුණෙන, ගතළ ගලින, ශාඛායෙන, අඹයෙන, දඹයෙන, ඇඹුලයෙන, අරළුයෙන, මඳාරා මලින, දියවතුරෙනැ යි තුන්දහස් පනුසිය සොළොසක් ප්රාකතිහාය්ය්නර්‍ දැක ත් තමා රහතිමි යි යන මිත්ථ්යාළදෘෂ්ටිය නො හරනේ ම ය; මොහුගේ මිත්ථ්යා්දෘෂ්ටි නමැති ව්යාොධියට තෙසු පිළියමින් කම් නැත, මාගේ සද්ධර්ම නමැති දිව්යො ඖෂධ ය කොට මොහු ගොඩ නඟමි යි සිතාලා මුඛ නමැති කරඬුයෙන් නික්මුණාවූ සුවඳ ඩගඳින් වනළැහැබ අද ද කෙරෙමින් මධුර සවර විහිදුවා ධර්මදෙශනාවට පටන්ගත් සේක.

එ කෙණෙහි මාගේ සවාමිදරුවන් ආකාශ ගඬ්ගාව ගෙනහැර දක්වන්නා සේ, මහා නිධාන වස්තුවක් ගෙනහැර දක්වන්නා සේ, තමන්ගේ චරිතානුකූලවූ පරිද්දෙන් දෙශනා කර ත් කර ත් යෙළ දහසක් පමණ කෙලෙසුන් නසා දහසක් නයින් ප්රතතිමණ්ඩිත වූ සෝවාන් ඵලයෙහි පිහිටා අන්ධකාරයෙක පානක් නැඟුවා සේ, මෙලොව මෙ ය, රහතුන් නම් මූ ය, නො රහත්තු නම් මූ යයි විශෙෂයෙන් දැන බුදුන්ගේ ශ්රීන පාද ය තමන් හිස්මුදුනේහි තබාගෙන, දතිමි සවාමිනි! හැදින්නෙමි සවාමිනි! ශුද්ධෝදන රජ්ජුරුවන් පුතණුවෝ සිද්ධාර්ථ කුමාරයෝ නම් නුඹ ද, එ දා මහාමායා දෙවින් කුසින් බිහිවූ සේක් මහාබ්රඹහ්මයා අත රන්දැලට වැඩිසේක් නුඹ වහන්සේ ද, කාළදෙවලයන්ගේ ජටාන්තරයෙහි එ දවස් පෙනී ගියේ මේ ශ්රී‍පාදය ද, වසවත් මරහු පැරද පලා ගියේ නුඹ බුදුවූ දා ද, මහපොළොව ගිගුරුයේ නුඹ සව්නේ දත් වේලෙහි ද, බුදුව පළමු කොට ගැත්තවු ම දැක වදාළසේක් ද නුඹ බුදුකෙනෙක් නොවෙයි, බුදු වෙසින් මා කරා ආ දෑ මට මෑණි කෙනෙක, පියාණ කෙනෙක, ගුරුකෙනෙක, කල්යාෙණ මිත්රව කෙනෙක, මෙ තෙක් දවස් නුඹ බුදුවු බවු නො දත්තෙමි, නො හැඳින්නෙමි, ගැත්තවු නො දැන කළ වරද ක්ෂමාකොට වදාළ මැනව සවාමිණි”යි යනාදීන් බුදුනට ස්තුති කිය කියා ‘දැන් ම සවාමිණි! ගැති මහණවනු කැමැත්තේ ය”යි ආරාධනා කළහ. එ බසට බුදුහු ‘කාශ්ය්පයෙනි! තොපගේ පර්ෂදෙහි හා අදහස් දනුව’යි වදාළ සේක.

උරුවෙල කාශ්යඑපයෝ එ වේලෙහි පන්සියයක් ජටිලයන් කරා ගොසින් ‘දරුවෙනි! අපගේ ආශ්රටම පදයෙහි මෙතෙක් දවස් වෙස්වලා හුන් සේක් ලොවුතුරා බුදුහු ය. දැන් මම දනිමි, හැඳිනනෙමි, බණ ඇසිමි, බුදුන් තෙරෙහි මහණ වෙමි, තෙපි කුමක්කරාදැ’යි විචාළහ. පන්සියයක් දෙන ම නුඹ මහණවතොත් අපි දු අපි දු මහණවම්හයි කියා ජටාමඬුලු හා පන්සියයක් තවුස් පිරිකර ගඟ දියට දමා බුදුන් කරා දිව අවුදින් බුදුන් පිරිවරා සිටියහ. එ වේලෙහි සවාමිදරුවෝ පන්සියයක් දෙනාගේ චරිත බලා බණ වදාරා සෝවාන් කොට හැමදෙනම එහි භික්ෂභාවයෙන් මහණ කළසේක.

ගඟදියෙහි යන ජටාමඬුලු හා තවුස් පිරිකර යටි ගඟ වසන නදීකාශ්ය ප-ගයාකාශ්යතප දෙබෑයෝ දැක පන්සියයක් ජටිලයන් හා සමඟ අවුදින් මෙ පවත් දැන තුමූ ද ජටාමඬුලු කපාදමා බුදුන් දැක බණ අසා සෝවාන් ව එහි භික්ෂුභාවයෙන් ම පැවිදිවූහ. මෙසේ බුදුරජාණන් වහන්සේ ගයා නම් ගං හිස ගයා නම් පර්වත ය මුදුනට ගෙන ගොස් එහි දි ආදිත්යස පර්යායනම් වූ සූත්රන දෙශනාව කොට දහසක් දෙනා වහන්සේ ම රහත් කළ සේක


ඒ කාශ්යකප තුන් බෑ ආදිවූ දහසක් දෙනා වහන්සේ පෙර කෙසේ වූ පිනක් කොට....[සංස්කරණය]

ඒ කාශ්යකප තුන් බෑ ආදිවූ දහසක් දෙනා වහන්සේ පෙර කෙසේ වූ පිනක් කොට මෙසේ වූ බුදුසස්නෙක මහණවැ සසරින් ගැලවී නිවන් දුටුසේක් ද යත්:

සෙ තෙනට දෙයානු කපකින් යට උපන් ඵුස්ස නම් බුදුන් සමයෙහි මේ තුන් බෑයන් වහන්සේ ඒ බුදුන් සුළු මවුන්ට දරු ව මල්වූ තුන්බෑ රජ කුමරු ව තුන්මසක් බුදුන් පවරා මෙම පන්සියය, තුන්සියය, දෙසියය, මහා අමාත්යරයන් දහස හා සමඟ මහදන්දෙනිනාහු ඒ දහස හා සමඟ ම ඒ තුන්මස මුළුල්ලෙහි සිල් රක්ෂාකළාහුය. ඒ පිනින් ඒකානුකපක් මුළුල්ලෙහි දිව්ය් ලොක මනුෂ්යහලොක සුවවිඳ එක්ව ම ඇවිද මෙ කල අප බුදුන්ගේ ශාසනයෙහි මහණ ව අමා මහ නිවන් දැක සසරින් ගැලවුණු සේකැ යි දතයුතු.

ඉක්බිත්තෙන් බුදුහු ඒ උරුවෙල කාශ්ය්පාදි දහසක් රහතන් පිරිවරා, බිම්සර රජහට දුන් ප්ර තිඥාවෙන් මිදෙනු සඳහා දුරුතු මස මැදි පොහෝදා ප්ර දීප සහස්රායෙන් දිලියෙන පහන් ඇගෑයක් සේ රජගහා නුවරට තුන්ගවු පමණ තෙත වැල්මි වැල් වැළදි හෙයින් යෂ්ටිවන නම් තල්උයනට වැඩ එක් රුකක් මුල සවනක් රසින් දිලිහි දිලිහී දහසක් රසින් දිලියෙන හිරුමඬලක් සේ දහසක් තරු මැද දිලියෙන සඳමඬලක් සේ, දහසක් අකුරෙන් දිලියෙන සවර්ණාඬ්කුරයක් සේ, දහසක් මහරහතන් පිරිවරා වැඩහුන් සේක.

එ කල බිම්සර රජ්ජුරුවන් බුදුන් තමන්ගේ උයනැ වැඩහුන් පරිදි උයන්ගොවුවා අතින් අසා එක් ලක්ෂ විසිදහසක් ඇමැති බමුණු සිටු සෙනඟ ගෙන දිව අවුදින් සඳ සිසාරා සිටි සඳමඬුල්ල සේ ශ්රීෙ මුඛය සිසාරා වටින් සරියන් පමණ තෙන රැළි දිදි නොයෙක් පෑයෙක් සිටගත් බ්යා මප්රනභා මණ්ඩල ය මැද දිලියෙන ශ්රී ශරීර ය ඇති ව වැඩහුන් මාගේ සවාමිදරු වූ බුදුරජාණන් දැක පස්වනක් ප්රීපතින් පිනා පියුම් ගබකට බස්නා රාජහංසයකු සේ ශ්රීනපාදපද්මයට නැමී පසඟ පිහිටුවා වැඳ එකත්පස් ව හිඳගත්හ.

උරුවෙල කාශ්යනපයෝ නම් එ නුවර නැඳු ධ්වජයක් සේ ඉතා ප්ර සිද්ධයහ, ඒ කාරණයෙන් ඉන් සමහර පිරිසෙක් සිතන්නාහු ‘කිමෙක් දෝ හෝ මහණ භවත් ගෞතමයෝ උරුවෙල කාශ්යාපයන් නිසා වෙසෙද් දෝ හෝ, උරුවෙල කාශ්යලපයෝ මහණ භවත් ගෞතමයන් නිසා වෙසෙද් දෝ හෝ’යි සැක සිතුවාහු ය. බුදුරජාණන්වහන්සේ ඔවුන් සිතූ සිත් දැන මහතෙරුන් මුහුණ බලා:


කිමෙව දිසවා උරුවෙලවාසි-පහාසි අග්ගිං කිසකො ‘වදානො,

පුච්ඡාමි තං කස්සප එතමත්ථං-කථං පහීනං තව අග්ගිහුත්තං-යි


යන මේ ගාථාවවදාරා ‘උරුවෙල කාශ්ය-ප ය, තාගේ පර්ෂදෙහි සැක තෝම හර’යි වදාළසේක.


එ කෙණෙහි උරුවෙල කාශ්යාප නම් මහතෙරුන් වහන්සේ...[සංස්කරණය]

එ කෙණෙහි උරුවෙල කාශ්යාප නම් මහතෙරුන් වහන්සේ හුනස්නෙන් පැන නැඟී බුදුන් කරා ගොස් ශ්රී පාදය වැඳ අවසර ඉල්වා ගෙන චතුර්ථධ්යාරනයට සම වැද ආකාශයට මහ තලක් පමණ පැනනැඟී නොයෙක් වාරයෙහි දුමා දිලිහි අන්තර්ධාන ව සක්මන් කොට නොයෙක් වාරයෙහි නොයෙක් ප්රාාතිහාය්ය් ර්‍ දක්වාලා, තවද බුදුන් වැඳ මෙසේ ම දෙවරෙක-තුන්වරෙක-සතර වරෙක-පස්වරෙක-සවරෙක-සත්වරෙක-බුදුන් වැඳ, වැඳ, දෙතලෙක-තුන් තලෙක-සතර තලෙක-පස් තලෙක-ස තලෙක-සත් තලෙක පමණ ය යි ආකාශයට පැන නැඟී පෙර සේ ම පෙළහර දක්ව දක්වා ආකාශයෙන් බැස බුදුන් වැඳ සිංහරාජයකු පෙරට වැ සිටි ඇත්පැටවකු සේ ආදරයෙන් නැබුරුව සිට ‘අඥාන වූ සත්ත්වයෙනි! මාගේ සවාමිදරුවාණන් හා මා හා සමකොට නොසිතව; බුදුහු මහමෙර සේ ඉතා උස්වූ නුවණ ඇතිසේක, මම ලිප්කැටක් සේ මිටි නුවණ ඇත්තෙමි, බුදුහු මහමුහුද සේ ගැඹුරු වූ නුවණ ඇතිසේක. මම ගෝකුර පැන් සේ සවල්ප වූ නුවණ ඇත්තෙමි, බුදුහු මහ පොළොව සේ විපුල වූ නුවණ ඇතිසේක, මම තණපතක් සේ ලඝුවූ නුවණ ඇත්තෙමි, බුදුහු ආකාශය සේ ඉතා විශාරද වූ නුවණ ඇතිසේක,මම අංගුලි පර්වතයක් සේ ඉතා අක වූ නුවණ ඇත්තෙමි: බුදුහු සමපනස් යොදුන් හිරුමඬල වැනි සේක, මම කදෝකිමියකු වැන්නෙමි: බුදුහු උනු පනස් යොදුන් සඳමඬල වැනිසේක. මම දර්පණයක් වැන්නෙමි; බුදුහු සියක් යොදුන් උස ඇති පරසතුරුක වැනිසේක, මම කොබලීල පැළයක් වැන්නෙමි; බුදුහු යෙළ සියයක් යොදුන් ගරුඬරාජයා වැනි සේක. මම කැට කිරිල්ලක් වැනියෙමි; චක්ර.වර්ති රජකු හා චන්ඩාලයකු හා සම කරන්නා සේ, බුදුන් හා මා හා සම නො කරව, මාගේ සවාමිදරුවන් නිසා සංසාර සාගරයෙන් ගොඩනැංගෙමි, බුදුහු මට මවු සේක, පිය සේක, ගුරු සේක, සවාමිදරු සේක” යනාදින් අප්රපමාණ වූ බුදුගුණ එක්ලක්ෂ විසිදහසක් පමණ ඒ මහා සේනාවට ඇසෙන සේ කියා බුදුන් වැඳ එකත්පස්ව වැඩහුන් සේක.

එ වේලෙහි ඒ මහපිරිස මහතෙරුන් වහන්සේ කළ ප්රා තිහාය්ය් ර්‍ දැක ඉතා මහත් වූ සාධුකාර කොට කුල්මත් වූවාහු “බුදුහු මහානුභාව ඇතිසේක, මෙසේවූ මිත්ත්යා දෘෂ්ටි ගෙන රහතුම්හයි බොහෝ කලක් ඇවිද්දා වූ උරුවෙල කාශ්යහපයන්ගේ දෘෂ්ටි බිද විශෙෂයෙන් ම දමනලදැ”යි ස්තුති කළහ.

එ කල මාගේ සවාමිදරුවෝ ඒකථා අසා ‘අද මේ මහ පිරිසට මේ අර්ථොත්්පත්තියෙහි දී පන්සියපනස් ජාතකයට පළමුවන ජාතක දේශනාව වූ මහානාරද කාශ්යනප ජාතකයෙන් බණ කියා මේ පර්ෂද දැන් ම සසරින් ගලවමි’යි සිතා වදාරා ‘උපාසකවරිනි! මොහු දැන් මතු දැමුයෙමි නො වෙමි, පෙර ත් මොහු දමා අපාය මුඛයෙන් ගැලවිමි’යි වදාරා මහ මේගබක් පළා සඳමඬලක් පානා සේ අතීත කථාව ගෙනහැර දක්වා වදාළසේක. ඒ කෙසේ ද යත්?

යට ගිය දවස මියුලු නුවර අඬ්ගාති නම් රජෙක් විය.....[සංස්කරණය]

යට ගිය දවස මියුලු නුවර අඬ්ගාති නම් රජෙක් විය, ඔහුගේ රුජා නම් වූ ප්රි යවූ සුවක් ඇත, ඕ මනොඥවූ රූ ඇත්තී ය, සූක්ෂම වූ නුවණ ඇත්තී ය, අචල වූ ශ්රමධා ඇත්තී ය, තුදුස් ජාතියක් දන්නා ජාතිස්මරණ ඥන ඇත්තී ය, ඒ රජ දවස් පතා පස්විසි කරඬුවක් සුවඳ මල් හා සුවඳ පලඳනා දුවට දෙයි, මැදි පොහොයෙන් පොහොයට දන් දෙනු සඳහා දහසින් බඳ පියලි ද දෙයි, තෙමේ ද දැහැමෙන් සෙමෙන් රජකෙරෙයි.

මෙසේ වසන කල පොහෝ දවසෙක බණ කියන්නවුන් සොයා උයනට ගොස් මෙලෝ පරලෝ නැතැ යි මිත්ථ්යාසදෘෂ්ටි ගෙන වසන ගුණ නම් නුගුණ ඇති නිවටකු දැක චක්ර්වර්ති රජකු අතින් ම ඉල්විය යුතු චින්තාමාණික්යයයක් දුගියකු අතින් ඉල්වන්නා සේ බුදු කෙනකුන් අතින් විවාළයුතු වූ බණ ඒ නිවටා අතින් විචාරනුයේ ‘හිමි මෙලෝ පරලෝ පවු පින් විපාක විභාග ය විශෙෂයෙන් ම මට වදාළ මැනවැ’යි කී ය. ඒ නිවටා රජුගේ බස් අසා කන බත වැලි උකා ලන්නකු සේ, දකුණත කපන්නකු සේ, කියනුයේ ‘මහරජ කුමක් කියවු ද, මෙලොවෙක් පරලොවෙක් නැත, පින් නැත, පින් පල නැත, පවු නැත, පවු පල නැත, සුගති නම් නැත, දුගති නම් නැත, සත්ත්වයා මියගිය කල පඨවිපොළොවට වැද යෙයි, අපො දියට වැද යෙයි, තෙජො ගිනි හා එක්ව යෙයි, වායෝ සුළං හා එක් ව යෙයි, ජීවිතයෙක් නම් කිම්දැ’යි යනාදීන් තමාගේ මිත්ථ්යායදෘෂ්ටියෙන් බණ කියමි යි නො බණ කියා නොයෙක් ප්රථකාරයෙන් රජහු ගිවිස්සා මිත්යානදෘෂ්ටි නමැති මහ වනයේ ඇදලා පි ය.

එ වේලෙහි මහරජ ඔහුගේ දෘෂ්ටි ය ගෙන පින්පල නැති පසු වැඳිමෙන් කම් නැත්තේ වේදැ යි පළමු වැඳලා උන් රජ ඔහු කී බණෙහි අනුසසින් ඕහට ම අත්නඟා නො ලා මතු දුටුවක් දක්න මෝ වේ දැ යි කියා උයනින් ගොස් ඇතුලු නුවර තමාගේ දන්හල් බිඳ හෙළවා සියලු රාජධර්මයන් හැරපියා අධිකරණ අමාත්ය යන්ට පාවා දි පරලෝ නැති පසු මෙ ලොව ම සුවවිඳිමින් සිතා තමාගේ සඳහම් මහපායට පැනනැඟි පුර ස්ත්රිනන් රැස්කොට පඤ්චකාම අනුභවයට පටන්ගත.

මෙසේ කාමයෙන් ප්ර මාද වූ රජුට තුදුස් දවසක් ගියකල රුජා නම් ඒ දුවනියෝ මෙ පවත් අසා මපියාණන් ගත් දෘෂ්ටි ය අද බිදිමි යි සිතා ලා පන්සියයක් කුමරියන් හා කිරිමවුන් පිරිවරා තමන්ගේ මාලිගයෙන් බැස මහ පෙරහරින් ගොස් සඳවිමනකට වදනා සඳ දෙවු දුවක සේ පිය රජහුගේ සඳ නම් මහපායට වැද පියරජහු දැක වැඳ තමන්ට ලූ ‍රන්පුටුවෙහි එකත්පස්ව උන්හ.

රජ දුවගේ රූප ශ්රීන දැක මහත් වූ ප්රේ ම ඇතිව ‘කිමෙක් ද මාගේ ප්රිඋය දුවණියන්! තොපට සළු පළඳනා මල් සුවඳ බඩු දවස් පතා ලැබේ ද, කෙළිවළන් ලැබේ ද, සිතට සුවඳැ’යි විචාළේය. දුවණියෝ කියන්නාහු ‘සවාමිනි මට කිසි සැපතකින් අඩුවෙක් නැත, ශක්රුයාගේ දුවට අඩුවෙන් වී නමුත් මට කිසිවෙකින් අඩුවෙක් නැත; බල, දන්වන්නෙක් ඇත; සෙට මැදිපොහෝදින ය, මා දන් දෙන මසු දහස මට අද දුන මැනවැ’යි කිහ. රජ එ බස් අසා සිනාසී ‘පුතණ්ඩ! පෙර තෙපි දන් පින් කෙරෙමි යි කියා බොහෝ රන් වල දැමූව, පේවස් රකිමි යි රෑ රෑ සයින් හෙව මලා ගිය මල් දමක් සේ වැහැර ගිය, ශරීරයට බොහෝ දුක් දුනුව, පිනෙහි පල තැන් ල, පවෙහි ත් පල තැන් ල, හ බැවින් පුතණ්ඩ! අද පටන් පින් නිසා දුක් නො ගනුව, දන් නිසා මස්සකුත් වියදම් නො කරව, මෙ ලොව ම සුව විඳ ගනුව’යි කීය.

ඒ රුජා නම් දුවණියෝ නම් සවල්ප වූ කෙනෙක් නොවෙති ....[සංස්කරණය]

ඒ රුජා නම් දුවණියෝ නම් සවල්ප වූ කෙනෙක් නොවෙති අකුශල බලයෙන් ස්ත්රිණ ව උපන් බව මුත් පෙර කප්ලක්ෂයක් කල් පැරුම් පුරා බුදුකෙනකුන්ට අත් පා මෙහෙකොට සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් දිවග ලෙලවා මහ නුවණ ඇති වෙම්ව යි පඤ්ච සථානයකින් අග්රි වෙම්ව යි ප්රාුර්ථනාකොට ආ අප බුදුන්ට සසර ගෝ ව ඉපැද පිට දුන්, කකුළු ව ඉපැද දිවි පිදු, නොයෙක් ජාති සහස්ර යෙහි බුදුන්ට උපකාර කොට ආ, ජුණ්භාජාතක නානාච්ඡන්දත ජාතකාදි ජාති සහස්ර යෙහි බුදුන් අතින් ද උපකාර විඳ ආ, දැන් බුදු වූ ජාතියෙහි පවා ගිරි මෙඛලා නම් ඇතු දක්වා දණ බිම අන්වා ලුහුබඳවාපු තෙජස් ඇති, අභීරු වූ, අච්ඡම්භි වූ, අනුත්රාළසි වූ, අපලායී වූ, මාගේ සවාමිදරුවාණන් ඉදිරිහට දෙවදත්තයා මෙහෙයනලද නාලාගිරි නම් ඇතු දිවු දා තමන් වහන්සේ ලොවුතුරා බුදුන්කෙරෙහි කළ ප්රෙතමයෙන් බුදුන් පසුකොට පියා ඇතු පෙරටව සිට ඇත් මා මරා නමුත් මාගේ බුදුන නොමරව යි කියා ජීවිත පූජාකළාවූ අපගේ ආයුෂ්මත් අනඳ මහ තෙරුන් වහන්සේ ම ය. මෙ වැනි මහාත්මයන් බවා ස්ත්රීත ජාතියෙහි උපදවාපියන තරම් මේ අග් මුල් නැති සසරෙක් ම ය; නුවණැති ජනයන් විසින් මේ සසර හසරක් නො කළමනා ම ය.

එසේ හෙයින් ඒ රුජා නම් දුවණියෝ නම් තුදුස් ජාතියක් දක්නා නුවණ ඇතියහ, එයින් කියන්නාහු ‘සවාමිනි මෙලෝ පරලෝ නැතැයි නො වළදා මැනව, ඒගුණ නම් නුගුණයාගේ මිත්ථ්යාැදෘෂ්ටියහැරවදාළ මැනව, මෙලොවක් ඇත, පර ලොව ත් ඇත, මා බාල කෙල්ල යයි නොසිතුව මැනව, පෙරවිසූ කඳපිළි වෙළ දනිමි, කුසල් අකුසල් දෙදෙනාගේ වෙසෙස මා කියන්නෙන් ඇසුව මැනව: පූර්වයෙහි මම පුරුෂයෙකිමි, දැන් මා ස්ත්රිො වූයේ අකුශල බලයෙකින, නුඹ වැනි රජක්හට දු වූයේ කුශලබලයෙන, මම පෙර මෙ තෙනට තුදුස්වන ජාතියෙහි සවර්ණාකාර ව ඉපද අසත්පුරුෂ වූ පාපමිත්රවයන්ගේ සමවායෙන් පවෙකැයි නො දැන එක වාරයෙක පරස්ත්රිය සේවනයක් කෙළෙමි, ඒ අකුශල ය අලුයට ගිනිපුපුරක් සේ තිබියදී ඒ ජාතියෙන් ගොස් අනික් කුසලයකින් කොසබෑ නුවර ධනසිටක් ව ඉපද දන් පින් සමූහය පිධානයකින් වැසූ නිධානයක් සේ තිබිය දී ඒ සිටුකුලයෙන් මිය පෙරකළ පරදාරයෙහි පවින් රෞරව නම් නරකයෙහි වැටී දෙ දහස් අටසිය අසූකෙළක් හවුරුදු මුළුල්ලෙහි නරක දුක් විඳ කර්ම ශෙෂයෙන් අවුදින් හෙණ්ණුක නම් රට බලසම්පන්නවූ බැටළුපෝතකයෙක් ව ඉපද ගියෙමි. එ කල එළුපාලයෝ මොහු මතු බලසම්පන්න වුව මැනවැ යි කියා මාගේ සතරපය බැඳ සිටුවා ලා ස්ත්රීව ධූර් තකර්ම කළා වූ අකුශල බලයෙන් මා හඩ ව හඬ වා තිරිඟිපොලු ලාලා මැඬ බිජොද්ධරණ ය කළහ. ඒ ජාතියෙන් මිය මහවන මැදෙක වානර ව වදුරු රජක් හට පුත් ව උපන්මි, මවු වැදිරි මා උපන් වේලෙහි වඩාගෙන ‘හිමි තා පුතු බලගැ’යි කියාලා පියවඳුරා ඔරට වඩාලුව; වඳුරු මාගේ ම අකුශලබලයෙන් සනාමි යි කියා පළමුකොට ම බීජය කට ලාගෙන කඩා කාපී ය. තව ද ඒ ජාතියෙන් මිය සවර්ණ නම් රට ගෝ යෝනියෙහි අදනා ගොන් ව උපන්මි, එ සමයෙහිද එ ම අකුශල බලයෙන් පොලු ලාලා මැඩ බීජෝද්ධරණ ය කළහ. තව ද ඒ ජාතියෙන් මිය වැද්දන්ගේ රට ගෑනුන් නො ව පිරිමිත් නො ව නපුංසක පණ්ඩක ව උපන්මි. තව ද ඒ ජාතියෙන් මිය ශක්ර දෙවෙන්දුයාට පිට පිටම තුන්ජාතියෙක අගමෙහෙසුන් ව බපැද සිටුව කළ බොහෝ කුශල බලයෙන් දිව සැපත් ලදිමි. තව ද ඒ ජාතියෙන් මිය ගොස් ජවන නම් දිව්යැපුත්රසයක්හට අගමෙහෙසුන්ව තුන්ජාතියෙක ඉපද දිව්ය් ශ්රීඹ වූනිම්. එයින් සැව අවුදින් දැන් නුඹවහන්සේට දු ව රජ කුලෙහි උපන්මි. ‍ මෙසේ මා එක ජාතියෙක කළ පරදාර පවින් මේ ජාතිය දක්වා පුරුෂ ව්ය ඤ්ජනයක් නො ලදිමි, මෙයින් ගොස් ශක්රයපුර යෙහි මහෙශාක්යත දිව්ය්රජක් ව ඉපද ඒ පරදාර පවින් ගැලවෙමි, බොහෝ වූ සැපත් ලදිමි, මේ මේ කාරණයෙන් පවෙහි විපාකත් ඇත් ම ය, පිනෙහි විපාක ත් ඇ ත් ම ය, දැන් නුඹ මෙසේ වූ පරදාරාදි උදාරවූ පවු කොට නරකාදිවූ දුකින් මිදී කවරක‍ෙලක නම් ඉසක් නඟන සේක් දැ යි බුදු කෙනකුන් සේ නිර්මලකොට අසාධාරණ ව එ රුජාවෝ පියරජහට මෙ ලෝ පර ලෝ ඇති බව් කියා බණ කීවාහු ය.

නුවර වැසියෝ ඒ බණ අසා සතුටුව හැමදෙන ම සාධුකාර දී ස්තුතී පූජා කළහ, රජ වනාහි දුවණියන්ගේ ළඳ බොලඳ වූ ප්රේමනීය වූ තෙපුල් අසා මහා සන්තොෂ වි ය; දරුවන් කියන බස් මවුපියන්ට ලඝුවන හෙයින් රජ තමාගේ මිත්ථ්යා දෘෂ්ටි ය නො හළුයේම ය.

ඉක්බිත්තෙන් රුජාවෝ මෙසේ ත් පිය රජහු ගිවිස්වා ගත නොහී ගව ද නො පසුබැස මපියාණන් නරකයට යා නො දී ගලවා ගොඩ නඟම්ම ය යි සිතා වීය්ය් ර්‍ වඩා මහත් වූ කරුණායෙන් ඉතමන් හුන් රන්පුටුයෙන් පැන නැඟී සඳල්ලට බැස පියාණන් බල බලා හින්දදී ම මහ සෙනඟ ඇණිලාගෙන තවද කුමක් කෙ‍රේ දෝ හෝ යි විස්ම ය වෙමින් සිටියදී ම, රත ‘තුල්දෙක නළල්තල මැද තබාගෙන රන්පියුමක් වන් මුවපියුමට බට නිල් බමරුන් සගළක් වැනි ශ්රීි දිගුපුල්වන ඇස්සඟළින් ආකාශය බලා “ලොකපාල දෙවියනි! මහාබ්රඇහ්ම‍ෙඉනි! මේ ලොවෙක් පර ලොවෙක් ඇත් නම්, ශ්රබඬාගුණයෙක් මාගේ ළෙහි පිහිටියේ නම්, උපන් තැන් පටන් මේ ජාතියෙහි සිහිනෙනු ත් බොරු නො කියෙම් නම්, පන්සිල් නො කඩකොට රැකීම් නම්, පොහොයෙන් පොහොයට පෙහෙවස් අඛණ්ඩකොට රක්ෂාකළෙමි නම්, කුලෙන් මහල්ලන් දැක්කදී පුටුවෙක වැද නුහුන්නේ නම්, මහණ බමුණන් දුටු කළ පෙර ගමන් කොට පෙර මඟදිම වැඳ ආ කරුණු විචාරා මහත් වූ ආද‍රයෙන් දන් පින් කෙළෙම් නම්, බඩසා කෙනකුන් දැක දැක බත් නො ලා නො කෑයෙම් නම්, කෙළි පිණිස ත් පස් පවු නො කෙළෙම් නම්, මපියාණන් වහන්සේගේ මේ රාජභවනයෙහි යමෙක් රාජද්රොනහයක් කොට වී නමුත් ආපදායෙක සිටියේ නම් ඔහු දැක ගලවා නො පියා බත් කන්නට රජගෙට නො ගියෙම් නම්, මේ ආදි ගුණ මා කෙරේ පිහිටියේ වී නම්, මේ ආදි ගුණයෙහි මම ද පිහිටියෙම් වීම් ‘නම්, ඒකාන්තයෙන් මේ ලොව ධර්මය මුල් වී නම්, ධර්මය ම පළමු ව ලොව අටගත්තේ වී නම්, ධර්මය ම වැඩි මහලු වී නම්, මෙ ලොවෙක් පර ලොවෙක් දෙව්බඹ කෙනෙක් ඇත්නම්, මේ මා කළාවූ සත්යල ක්රිඹයා බලයෙන් දැන් මා ඉදිරියෙහි පෙනීමට සහාය ව මට අනුබලව, මපියාණන් මේ මිත්යාාදෘෂ්ටි නමැති කටුබැද්දෙන් ඇද එළියෙහි ලා පියත්ව”යි කිය කියා යද යද දෙවුලොව දිසාවට වැඳ වැඳ සිටියහ.


එ කල අප මහා බෝධිසත්ත්වයෝ නාරද කාශ්යපප...[සංස්කරණය]

එ කල අප මහා බෝධිසත්ත්වයෝ නාරද කාශ්යපප නම් බ්ර හ්ම රාජන් ව බපද ලොකාර්ථචය්ය්්ර්‍ායෙහි යෙදී මිනිස්ලොව බලා මේ රුජා නම් රාජ කන්යාථවන්ගේ ආරාධනා හා සත්යමක්රි යා දැක ඇගේ ගුණ බල දක්වමින් ඒ රජහු ගත් මිථ්යාේදෘෂ්ටි ය ද බුඳ හැර ලෝවැඩ කෙරෙමි යි සිතා බ්ර හ්මාත්මභාව ය අන්තර්ධානකොට ඝන රන් කඳක් සේ ප්ර්භා විහිදුනා පුරුෂ තාපස වෙසක් මවාගෙන නීල මෙඝකූටයක් වැනි වූ ජටාමඩුල්ලක් හා එහි පහළ විදුලියක් වන් ජටාන්තරයෙහි දිලියෙන රන් ඉද්දකින් හා සකසා සංවිධාන කොට හඳනාලද ප්රනචාලයමවූ වාක චීවරයකින් හා රුවන්මය වූ තරුපෙළින් විසිතුරු වූ, තිප් ඇති රජකමය වූ එකාංශකොට බහාලු දිවිමසකින් හා රන්මය වූ කදෙක දෙකෙළවර දිලියෙන මුතුසාළු දෙකකින් හා එහි තිබනලද ප්රෙවාලමය වූ පාත්රකයකින් හා රන්මය වූ පැන් කෙණ්ඩිකාවකින් හා දිලියෙන ඒ තවුස් පිරිකර කරට සතරගුලෙක කර නො ගෑවෙන සේ කර තබාගෙන මෙසේ මනොඥ වූ තවුස් වෙසින් චක්රරවර්තී. රජක්හු ගේ දොරටඑන සක්රුවනක් සේ සියක් යොදුනෙහි පටන් සියලු සතුන්ට පෙනි පෙනි දිලිහි දිලිහී දෙවන සඳක් සේ අවුදින් ඒ සඳ නම් පාය මුදුනෙහි ආකාශයෙහි සක්මන් කොට කොට සිටින්නාහුය.

එ කෙණෙහි ඒ රුජා නම් කුමාරිකාවෝ තාපසයන් දැක “ඒකාන්තයෙන් මූ තාපස කෙනෙක් නොවෙත් ම ය, සියලු සතුන් තවුස් වෙසෙහි පහදනා හෙයින් තවුස් වෙස් ගෙන මිනිස්ලොවට බටුවෝ ආනුභාව සම්පන්න එක්තරා දිව්යිරාජයාණ කනෙක් ම ය”යි සිතා සතුටුව මුලින් සිඳ හෙළූ රන්ලියක් සේ තාපසයන් වැඳ පෙරළි ගියහ. එ කෙණෙහ සත් යොදුන් මියුලුනුවර ඇළලී ගොස් හැම මනුෂ්ය යෝ දිව අවුදින් තාපසයන් පිරිවරා සිටගත්හ.

රජ ද බ්රවහ්මතෙජසින් වෙවුලා සිංහාසනයෙන් බැස එකත්පස්ව සිට කියනුයේ “තාපසයෙනි! තොපගේ ශරීරාලොකයෙන් මෙ නුවර හිරු උදයක් සේ එකාලොක ය. තොපගේ තපො ලීලාව බලා සතුටු වීමි, මා පෙර ඇසූ දුටුවිරූ ලීලාවෙක් නො වෙයි, තෙපි කොයි සිට අවු දැ”යි විචාළේ ය. බ්රාහ්මරාජයාණෝ සිතන්නාහු “මේ රජ පරලෝ නැතැ යි දෘෂ්ටි ගත, පරලෝ ඇති බැව් මෝහට කියා වාද උපදවමි”යි සිතා ‘රජ්ජුරුවෙනි පරලොව සිට අයිමි’යි කිහ.


රජ පරලොව ය යි කී බසට සිනාසී තපස් වී නම් ඒකාන්තයෙන් බොරු නො කියති, තාපසයෙනි! නො වළහා කියව, පරලොවකුත් ඇද්ද, මවු නම් පියෝ නම් ඇද්ද, පවු නම් පින් නම් ඇද්දැ යි විචාළේ ය. බ්ර හ්ම තාපසයෝ එ බස් අසා “බොලඳ වූ රජ මෙ ලොව ත් ඇත පරලොව ත් ඇත, මවු ත් ඇත, පියො ත් ඇත, සුගති ත් ඇත, දුගතිත් ඇතැ”යි කිය “තාගේ මේ බිලිඳි වූ දුව දන්නා කටයුතු ත් තෝ නො දනී ද, තෝ තිරිසනෙක්හි දැ යි කිහ.

එ රජ තව ද තමාගේ දෘෂ්ටි ය නො හැර එ බසට ත් සිනාසී මේ තාපසයා අද වෙහෙසෙමි යි සිතාලා “පරලොව ඇති බැවින්, තෝ පරලොව සිට ආ බැවින්, දැන් ම මසු පන්සියයක් මට ණය දීපියව, මම මතු තොපගේ පරලොවට ගියකල පොළී හ‍ා සමඟ මසු දහසක් දෙමි”යි කියලා තාපසයන් දිසාවට අත දිගු කළේය. එ බස් අසා බ්රසහ්මතාපසයෝ “නුවණ ඇති රජ! මම් තා සේ නො වෙමි, ණය දිමෙහි ඉතා තන්වැස්සෙමි, දිය යුත්තන් දනිමි, නො දියයුත්තන් දනිමි, සුඛිතයන්ට ණය දුන් කල දියුණු දක්වා දියයුත්තන් දනිමි, සුඛිතයන්ට ණය දුන් කල උන්ගේ බෑගෑපත් කම් දුටු කල ණය එළවා ගන්නා තබා තව ද තමා අතින් දී උන් රකිනා රිසි කෙරෙයි, එසේ හෙයින් දුඃඛිතයන්ට දී ලූ ණය හඳයක් නැතිවම වඳව යෙයි, එසේ හෙයින් තා දුඃඛිත තැනැත්තවුට දැන් මසු පන්සියයක් දීලා මතු දහසක් කෙසේ එළවාගනිම් දැ’යි කිහ.

රජ දුඃඛිත ය යි කී බසට කිපී එසේ ද මම දුඃඛිතයෙම් ද මාගේ මේ සත් යොදුන් මියුලු නුවර මහත් වූ සිරිසැපත් බල, මාගේ සිවුරඟ සෙනඟ බල, සොළොස් දහසක් පුරඟනන් බල, සඳ නම් පායා බල, මාගේ මේ භාණ්ඩාගාරවල උනු නොවන සැපත් බල, යනාදීන් මේ ආදි තමාගේ රජසිරි සැපත් පෑ, තපස්වී ව සිට තා බොරු කී සේ නො යෙදෙයි, අප වැනියොත් දුඃඛිතයෝ දැ යි’කියා බිණි ය.


තාපසයෝ එ බස් අසා...[සංස්කරණය]

තාපසයෝ එ බස් අසා “තාසේ වූ දුඃඛිතයෙක් නම් රජ! මේ ලෝකයෙහි නැත, තාගේ මේ රජසිරි සැපත් තාගේ නො වෙයි, පින් නො කොට තබා ලා යන හෙයින් මේ හැම ම අනුන් සතු ය, රුවන් කෙතකට වැද අඟුරු උකාගෙන යන්නා සේ මෙසේ වූ පින් කෙත් වූ මිනිස් ලොව නමැති පින් රුවන් කෙතට වැද අකුසල් නමැති අඟුරු උකාගෙන තා යන්නේ නිකම් ම ය, දැන් තා කරත පවින් සංජීව-කාළ සූත්රා දි එක්සිය සතිස් නරකයෙහි වැටී පැසි පැසී දදා වියකි වියකි බොහෝ කාපයක් ගොඩක් නො දැක දුක් ගන්නා කල ඒ දුක් ඉවසාගත නොහී:


සචෙ ලහෙය්යංන සුගතිඤ්ච සම්පදං

කරොමි පුඤ්ඤං සහසා නිරන්තරං,

මුනින්දු රාජෙ ඟුවෙන විරිජිතෙ

නිබ්බාණ නිණ්ණොව රමාමි සාසනෙ-යි


කිය කියා හඬා ඇවිදිනෙහි ය, එ දා ඒ නරක මැදට ගොසින් මාගේ මසු දහස ඉල්වා ගන්ට යොදුන් සියයෙක සිටියවුන් ඇස් පිපිර යන ගිනි හෙයින් ණය ඉල්වා තා කරා වැද්ද නො හෙමි. ඉදින් එ දා වැද්ද හුණිම් නමුත් තාගේ කඩෙක් නැත, පිඩෙක් නැත, මස්සෙක් නැත, තෝ නරක දුක් ගනිත් දී මට නය දෙයි ද, තා හඬන හඬින් මා ණය දෙව යි කියන හඬ තට නො ඇසෙත් වුව, තාගේ බැගෑපත් හඬ ඇසූ කල අතින් මිළදී ත් තා ගලවා ගන්නා කරුණා උපද්දි, එසේ හෙයින් දැන් තට මා දුන් මසු පන්සියයෙන් එක් මස්සකු ත් මතු මට නො ලැබෙයි, මේ මේ කාරණයෙන් තා සේ වූ දුඃඛිතයෙක් නැතැ යි යනාදින් බණ කිය කියා නරක භයින් රජු වෙවුල්වා එක්සිය සතිස් නරක ය රජු පෙරට තබා ලූවා සේ, රජු එම විට ම නරකයට වැද ගියා සේ, භයගන්වා තැති ගන්වාපු දෑ ය.


රජුගේ මිත්යා දෘෂ්ටි ය ගිනි දුටු ළැව්ගින්නක් සේ, සුළං දුටු වලා කඩක් සේ, දිය දුටු කුණපයක් සේ, රජු කෙරෙන් අන්තර්ධාන වි ය, රජු තාපසයන් වැඳ ‘හිමි නුඹවහන්සේ මට මවුදෑ ය, පිය දෑ ය, ගරු දෑ ය, දෙව් දෑ ය, බඹ දෑ ය’යි කිය කියා නුඹ මා ම ගලවන නිසා වැඩි දෑ ය, නරක දුකින් මා ගොඩනැඟු දෑ ය, මෙ වේලෙහි පටන් මෙලොව දතිමි, මවුන් දතිමි, පියන් දතිමි, මිථ්යාකදෘෂ්ටි නමැති මහ වේ බැද්දෙන් සම්යවක්දෘෂ්ටි නමැති රජ මා වතට බැස සුවසේ ගමන් ගතිමි; මාගේ මේ රජ සැපත හැම නො තබා පින්කෙත වපුට හරිමි යි කියා සම්යේයක් මාරගයෙහි ගලා හිඳුවු ඉන්ද්ර ඛීලයක් සේ ස්ථීර ව රජ පිහිටා ගිය, බ්ර හ්මරාජයාණෝ ද මෙසේ ලොකාර්ථසාධන ය කොට තමන්ගේ බ්ර හ්මලොකයට ම ගියාහු ය.


මෙසේ මාගේ සවාමිදරු වූ බුදුරජාණන් වහන්සේ මේ නාරද කාශ්යසප ජාතක ය පූර්වාපරසන්ධි ගළපා චතුරාර්යසත්ය‍ දෙශනාවෙන් නිම වා වදාරා “උපාසක ජනයෙනි! මේ උරුවෙල කාශ්ය පයා දැන් මතු දැමුයෙම් නො වෙමි, පෙරත් දැමීම් ම ය, ඒ අඬ්ගාති රජ නම් මේ උරුවෙල කාශ්යිපයෝ ය, බුහ්මඑරාජයාණෝ නම් බුදු වූ මම් ම වේදැ” වදාළසේක.

ඒ දෙශනාවගේ කෙළවර බිම්බිසාර රජ්ජුරුවෝ එකොළොස් නහුතයක් ඇමැතියන් හා සමඟ සෝව‍ාන් ඵලයෙහි පිහිටා ගියහ, මෙසේ බුද්ධ වචනයෙහි නහුත ශබ්දය දශදහසක් සංඛ්යාිවෙහි වැටෙන හෙයින් එදා බණ අසන්නට ආ දොළොස් නහුතයෙකැ යි කියන ලද එක් ලක්ෂ විසිදහසක් මනුෂ්යකයෝ ම පළමුවන ඉමේ ජාතක ධර්ම ය අසා සංසාර සාගරයෙන් ගොඩනැංගාහු ය යි දතයුතු.


මේ බිම්බිසාර රජ්ජුරුවන් හා අමාත්යමයෝ පෙර කෙසේ වූ.....[සංස්කරණය]

මේ බිම්බිසාර රජ්ජුරුවන් හා අමාත්යමයෝ පෙර කෙසේ වූ පිනක් කොට මෙසේ වූ බුදුරජාණ කෙනකුන් දැක චක්රිවර්ති රජක් හට පිසූ අග්ර් භොජනයක් ලබන්නා සේ අග්රෙ වූ ජාතක ධර්මය ලදින් අග්රකවූ නිවන් රස ලද්දාහු ද යත්:

මෙයට දෙයානු වන කප ඵුස්සා නම් බුදුන්ට මල්බෑ වූ තුන්බෑ රජුන් තුන් මසක් පවරා දන් දෙන සමයෙහි මේ බිම්සර රජ්ජුරුවෝ එසමයෙහි එක්ලක්ෂ විසිදහසක් පමණ අයකාමියන් ගෙන තුමූ ඔවුන්ට නායක වූ අයකැමි ව එ තුන්මස මුළුල්ලෙහි අප්රනමාද ව දන් විධානය කරවා අනුන් දෙනැ යි නො සිතා කමන්තෙන්ම දෙන දානයක් සේ ම සිතා ශ්රැද්ධාවෙන් ම දන් විධානය කළාහු ය. ඒ කුශල මූලයෙන් ම එකානුකපක් මුළුල්ලෙහි දිව්යදලොක මනුෂ්යාලොකයෙහි සම්පත් විඳ මේ ජාතියට අටවන ජාතියෙහි චාතුම්හා රාජික දිව්ය්ලොකයෙහි දිව්යජරාජ ව ඉපද අනූලක්ෂයක් හවුරුදු දිව්ය්ශ්රීෙන් දවස් යවා එයින් අවුදින් පිට පිට සත්වාරයෙක මෙසේ දඹදිව රාජ්‍ය ය කළහ. දැන් මේ ජාතියෙහි තුන්සියයක් යොදුන් අඟු-මගධ දෙරටින් හා අසූදහසක් මහ නියම්ගමින් හා සැදියා වූ මේ රජගහානුවර සොළොස් හැවිරිදි ව ඔටුනු පැලඳ එකුන්තිස් හවුරුද්දෙහි අප මහා ගෞතම බුදුන් දැක බණ අසා එ ම පර්ෂද් හා සමඟ එක් ව කළ පිනින් එකවිට ම සෝවාන් ව, එ තැන් පටන් සත්තිස් හවුරුද්දක් මුළුල්ලෙහි බුදුන්ට උපාසක ව මෙසේ සසැට හවුරුද්දක් ජීවත් ව අනුන්ගේ දන් සමසිත් ව විවාරලූ පිනින් අමාමහ නිවන් දැක සසරින් ගොඩනැංගාහු ය යි දතයුතු.

ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ බුදුන් සෙට දවසට පවරා බුදුන් ප්රමදක්ෂිණා කොට නුවරට ගියහ. දෙවනදා උදාසන ඇතුලුනුවර පිටි නුවර වසන අටළොස් කෙළක් පමණ මනුෂ්යුයෝ ම “ඊයේ බුදු කෙනෙක් අපගේ නුවරට අවුල’ අපගේ රජ්ජුරුවෝ බණ ය යි කියන දෙයක් ඇසූල නිවනැ යි කියන රසයක් බුදුහු බෙදා දුන්නුල, ඒ බුදුහු කෙසේ වූ කෙනෙක් දෝ හෝ, සුදු දෙයක් දෝ හෝ, නිවන් රස නම් කෙබදුවු රසයක් දෝ හෝ” යි එ නුවර ඇළල අලුයම් වේලෙහි පටන් මහ සෙනඟ නික්ම බුදුන් වැඩඋන් උයනට තුන්ගවු පමණ මඟ සිදුරෙක් නැති වි ය; උයන අවසරයෙක් නැති වි ය; මනුෂ්යතයෝ බුදුන්ගේ රූසිරි බල බලා ඇස් හයාගත නො හෙති, සිත් හයාගත නො හෙති, පා භයානක නො හෙති, බුදුන් සිඟා වඩනට මඟෙහි අවකාශයෙක් නැත, බුදුහු ජනයන් කෙරෙහි කරුණාවෙන් රූසිරි දිදී වැඩහිඳිනා සේක් ම ය.

එ දා බුදුන් සුන්බත් වන හෙයින් බුදුන්ගේ පුණ්යා නුභාවයෙන් සක්දෙවු රජහුගේ පාණ්ඩුකම්බල ශෛලාසන ය රත්කොට පූ යවටක් සේ කකියා ගිනි අළලින් ශක්රයයාගේ තුන්ගවු උස දිව්ය ශරීර ය සූවය්ය්‍ර්පාගකයෙන් තැවු ඉටිකඳක් සෙයින් කකියා පැනනැංග. එකෙණෙහි ශක්රඳදෙවෙන්ද්රැයා මරණ භයින් වෙවුලා ආසනයෙන් බිමට පැන කිමෙක් දෝ හෝ යි පරික්ෂාකරනුයේ තමා උපෙක්ෂා උවහොත් එ දා බුදුන් සුන්බත් වෙති යි දැන තරුණ වූ අභියුක්ත වෙසක් මවාගෙන සෝළු ලීයක් අතින් ගෙන තුරුනුවන් ගුණ අරහයා ස්තුති කොට කොට බුදුන් ඉදිරියෙහි සිටගෙන තමාගේ ශක්රාගනුභවෙයෙන් තුන්ගවු පමණ තැන සිටගත් ඒ සා මහපිරිස මුහුදු දිය දෙබේ කළ ගරුඬ රාජයා සේ දෙබේ කොට පියා දකුණ’ත ඔසවාගෙන හඬ ගා ඒ පිරිසට ඇසෙන සේ


දසවාසො දසබලො-දසධම්සවිදු දසහි වූ ‘පෙතො,

සො දස සත පරිවාරො-රාජගහං පාවිසි භගවා-යි.


මේ ආදින් බුදුන් ගුණ කිය කියා පිරිස් දෙබේ කොට බුදුන් පෙරට ව ලා පර්වත පළා දිවෙන කගවෙසන පෝතකයකු සේ පිරිස් පළා නික්මිණ.


එ කල මනුෂ්යපයෝ මේ තරුණ පුරුෂයාගේ....[සංස්කරණය]

එ කල මනුෂ්යපයෝ මේ තරුණ පුරුෂයාගේ වික්ර ම හා රූප ශ්රී දැක “මේ දැරු ඉතා රිසියෙන, ඉතා බුහුටි කෙනෙක, මෙ වැනි තරුණ පුරුෂයකු මෙතෙක් දවස් මෙනුවර නුදුටු විරූම්හ, තෙපි කොයි සිට ආ කෙනෙක්දැ”යි විචාරති. එ කල ශක්රමයා:


යො ධීරො සබ්බධී දන්තො-බුද්ධො අප්පටිපුග්ගලො

අරහං සුගතො ලොක-තස්ස හං පරිවාරකො-යි.


මේ ගාථාවෙන් “මම තුන්ලෝ මුදුන් වූ බුදුන්ගේ දක්ෂවූ පක්ෂපාත එක් අභියුක්තයෙක්මි’යි කී ය.

එ කල බුදුරජාණන් වහන්සේ ශක්රලයා විසින් අවකාශ කොට දුන් ඒ මාර්ගයට දහසක් පමණ රහත් ගණයා පිරිවරා මුහුදු මැද රළ පෙළ දෙබේ කොට ගමන් ගත් සක්රුවනක් සේ ඒ පිරිස් මුහුදු මැදින් බැලු බැලූ සතුන්ගේ ඇස් නිවමින්, සිත් නිවමින්, ළය සනහමින්, රූ සිරින් දිලිහි දිලිහී වැඩ ඒ රජගහා නුවරට වන්සේක.

රජ්ජුරුවෝ වැඳ පෙරමඟට දිව බුදුන් වඩාගෙන ගොස් බුද්ධාසන පනවා වඩාහිඳුවා බුදුපාමොක් සඟපිරිසට මහදන් දී වළඳා අන්තයෙහි එකත් පස් ව හිඳ “සවාමීනි මෙතැන් පටන් ජීවිතාන්තය දක්වා තුනුරුවන් හැර වාසයකළ නො හෙමි, සිතූ යම් විටෙක ම දැක වැඳගන්නා කැමැත්තෙමි, යටිවන උයන ඉතා උර, මේ වේළුවන ය-කලන්දක නිවාප ය යි කියන ලද නම් දෙකෙකින් අලඬ්කාර වූ උයන ඉතා ළඟ; සිසාරා සිට ගත් නිල්වලා රැසක්වන් හුණවනයකින් පරික්ෂිප්තව ඉතා ක්ෂෙම වූ හෙයින් මේ වේළුවන ය යි කායනු ලැබෙ යි. කලන්දක නම් ලෙහෙනන්ට දෙන ලද නිවාප ඇතිහෙයින් කලන්දක නිවාප නම් වි ය.


ඒ කෙසේ ද යත්:

ගිය දවස එ නුවර ම රජකරන එක් රජෙක්.....[සංස්කරණය]

ගිය දවස එ නුවර ම රජකරන එක් රජෙක් දවසෙක උයන් කෙළියට ගොස් සොළොස් දහසක් පුරඟනන් හා සමඟ උයන් කෙළිකෙළ රාබීමත්ව සලවට හෙව සවස නිදන්නට පටන්ගත. පුර ස්ත්රි හු රජු නින්දෙන් ප්ර ම ද වූ සේ දැක අපි දු කෙළිනි! දැන් කෙළුම්හ යි රජු හැරපියා මල්පලු බිඳ සවච්ඡනකදිව කෙළ හැවිදිනා හුය, රජහු නිදන වේලෙහි ගස් බිලියෙක වසන නයෙක් රජුගේ කටින් නික්මුණු සුරාපාන ගන්ධයෙන් කිපී බිලයෙන් පිටත් ව රජ දෂ්ට කෙරෙමි යි ළඟ ළඟා එයි; එ වේලෙහි මඟුල්සලවට අරග්ගත් වෘක්ෂ දෙවතාව‍ා රජමෙළේනම් මාගේ උයන පාළු වෙයි සිතා ලේන වෙසක් ගෙන රජු කරා දිවගෙන අවුදින් කන්මුලට කොඳුරා රජු පුබුදුවා පී ය; එ කෙණෙහි නයා ආපස්සේ නමාගත, රජ තමා ළඟ සිට යන්නා වූ නයි දැක අද මේ ලේනා නිසා මුත් මාගේ ජීවිතය නැතැ යි ලේනා කෙරෙහි කළ ප්රෙ මයෙන් ‘මාගේ මේ රාජ්යැයෙහි ලෙහෙනකු මැරු සතෙක් ඇත්නම් දහස් ගණන් දඩ ගන්මි යි-වර්ග නසමි’යි කියා රට බෙර ලවා ඒ උයනෙහි ලෙහෙනන් හැම දෙනාට ම දවස් පතා වැටුප් තබා දින. එ තැන් පටන් ඒ උයන කලන්දකයන්ට නිවාප දෙන හෙයින් කලන්දක නිවාප නමුදු වි ය.

එසේ හෙයින් බිම්සර රජ්ජුරුවෝ ඒ උයන ඉතා රම්යි ය යි කියා පිළිගත මැනවැ යි ආරාධනා කොට ඒ ආරාමය නන්දනොද්යාපන ය සේ සරහා උයන පටන් රජගෙට ධ්වප පුන්කලස් අහස් වියන් ලද පස්මලින් සදා, බිම සුදු වැල්ලෙන් තවරා, බුදුන් වඩා ගෙන ගොස් සවර්ණභිංකාරයෙන් බුදුන් ශ්රීල හස්තයෙන් පැන් වත්කොට වේළුවනාරාම ය පිළිගැන්වූහ.

එ කෙණෙහි බුදුසස්න මුල් බටැ යි සතුටු ව රජුගේ අග්ර් වූ මර වැඩි දෙක තමා ඉස්මුදුනෙහි තබාලූ වේලෙහි මාගේ සවාමි මට ම හිතසේකැ යි සන්තොෂයෙන් සාධුකාර දෙන පක්ෂපාත වූ මිඬියක සේ මාගේ සවාමිදරුවන්ගේ පළමුවන වූ අග්ර විහාර ය මා මුදුනෙන් පිළිගතිමි යි ඉතා සතුටු ව මිකත් ගුගුරා පැනනැඟිය.

දඹදිවු තෙලෙහි පොළොව ගුගුරුවා පිළිගත්තා වූ විහාරයෙක්, මේ වේළුවනාරාමය හා මච්ජිකාසණ්ඩ නම් නුවර චිත්රන නම් සිටාණන් මහානාම නම් මහා සථාවිරයන්ට පිළිගැන්වූ අම්බාටක නම් උද්යා්නය හා මේ දෙක විනා අනික් තෙනෙක තැන් ම ය. තව ද ශ්රීා ලඬ්කාද්විපයෙහි මහමෙවුනා උයන හැර ලොළොව ගුගුරුවා පිළිගත් අනිත් විහාරයෙක් නැත් ම ය.

මෙසේ බුදුහු රජගහා නුවර වැඩි දෙවන දා වේළුවනාරාම ය පිළිගෙන වමිනෙය ජනයන් බල බලා වසනසේක. කියේ මැනෝ,


අකිලනෙ වේළුවනෙ විහාරෙ

තථාගතො තත්ථ මනොහිරාමෙ

නානා විහාරෙහි විහාසි ධීරො

වෙනෙය්යහ කාලං සමුදික්ඛමානො-යි


බුදුන් වේළුවනාරාම ය පිළිගෙන වසන කළ තුන් බුද්ධාන්තරයක් බත් පැන් නො ලත් සූවාසූදහසක් ප්රෙකතයෝ අවුදින් බුදුන් දැක බත් බැන් ලදින් සුඛිත වූහ. හේ කෙසේ ද යත්:


පෙර දෙයානු වන කප යට කී ඵුස්ස නම් බුදුන්ට.....[සංස්කරණය]

පෙර දෙයානු වන කප යට කී ඵුස්ස නම් බුදුන්ට තුන්බෑ රජුන් තින් මසක් පවරා දන් දෙන සමයෙහි ඒ දන් පිසුවෝ සූවාසූදහසක් සත්ත්වයෝ ය. ඔහු දන් පිසනකල ආදිමුඛයෙහි දවස් ගණනෙක භය ඇති ව දන පිසුවාහු ය. පසුව ත් පසුව ත් දරුවන් අඬන වේලෙහි බාල සරුවනට දුන්නෙන් වරද නැතැ යි කිය කියා අග්රබ භොජන ය දරුවන් කවති; වළඳවා ඉතිරි පස ය වරදනැතැ යි කිය කියා තැමූ ද කති, මෙසේ කකා පසු ව පසු ව සරු නැති ව දුග් ගනනන කන්නෙන් වරද නැතැ යි කිය කියා දන්වැට අග්ර භොජනයත් කෑවාහු ය.

ඒ දන්වැට කෑ පවින් ඒ සුවාසූ දහසක් දන් පිසූ පරිවාර ජනයෝ ඒකානු කපක් මුළුල්ලෙහි නරක දුක් විඳ මේ භද්ර කල්පයෙහි ප්රෙ ත ලොකයෙහි ඉපද බත් නොලදින් පැන් නො ලදින් ඇවිදිනාහු, පළමුව බුදුහු කකුසඳ නම් බුදුන් බුදුවූ දා මොහොතක් කල් බුද්ධානුභාවයෙන් සා දුකින් මිදී නැවත ක්ෂුධාව ඩවැද ගත් වේලෙහි ‘මේ උතුමා බුදු වූ පමණෙකින් මොහොතක් කල් අප සා දුක් යපී ය, ඔහු කරා ගියමෝ නම් බත් ලැබ ප්රෙඅතදුකින් මිදෙම්හ’යි කියා සුවාසූදහසක් ප්රෙලතයෝ බෝමැඩට දිව දිව ගොසින් පෙනී “සවාමිනි! මෙ කප අටගත් දා පටන් බත් උළක් ඇසිනු ත් නු දුටුම්හ, පැන් බිඳක් නො ලදුම්හ, සා පිපාසායෙන් වෙවුලම්හ, අපගේ සා දුක් නිවුව මැනවැ”යි යාච්ඥා කළහ.

එ කල බුදුහු ඔවුන්ට බතක් තමන් වහන්සේ සමයෙහි නො ලැබෙන සේ දැක, කළ කම් බොහෝ සේ දැක, උපන් මහා කරුණා ඇති ව “ප්රෙකතයෙනි! තොපට දැන් බතෙක් නො ලැබෙයි” කිම් නම් ගින්නට ගිනි දැමුවා සේ මොවුන්ට දුක් බොහෝ ම ය යි සිතා ‘මතු කොණාගමන නම් බුදුකෙනෙක් උපදිති, උන් කරා යව, උන් අතින් විචාරව, ඔහු කියන්නාහු වෙද්දැ’යි වදාළසේක.

එ කල පෙුතයෝ ඒ බුද්ධාන්තර ය මුළුල්ලෙහි බත් නො ලදින් පසු ව ඒ කොණාගමන නම් බුදුන් බුදු වූ දා ද එ සෙයින් ම ගොස් බත් ඉල්ලුවාහු ය. උන්වහන්සේ ද ‘මතු කාශ්ය්ප නම් බුදුකෙනෙක් උපදිති, ඔවුන් කරා ගොස් විචාරව’යි වදාළසේක.


ඒ දෙවන බුද්ධාන්තරයෙහි ද බත් නො ලදින් කාශ්ය්ප නම් බුදුන් බුදු වූ දා ද එ සෙයින් ම ගොස් දැක බතට යාච්ඥා කළහ. ඔබ වදාරණ සේක්: දහසක් අවුරුද්දෙන් අඟලක් වඩනා පොළොව මෙයින් ආකාශයටත් සත් ගවුවක් වැඩී ගිය කල මතු ගෞතම නම් බුදුකෙනෙක් උපදිති, උන් සමයෙහි තොපගේ නෑ බිම්සර නම් රජෙක් රජගහා නම් නුවරෙක දි ඒ ගෞතම බුදුන්ට දන් දෙයි, එ කල ඔහුගෙන් තොපට බත් ලැබෙ යි වලදාළ සේක.

ප්රෙකතයෝ ඒ එන බුද්ධාන්තරයෙහි බත් ලැබෙයි, වදාළ බස් අසා සෙට ලබන බතක් සේ සිතා සතුටු ව ඒ බුදුහු අද බුදුවෙති යි සට බුදුවෙති යි කිය කියා මෙඝකාල ය ප්රාුර්ථනා කරන හැල් ලොවියන් සේ බුදුන් බුදුවනකල් බල බලා වැස බුදුන් බුදුවූ දා අවුදින් පෙනී රජගහානුවරට කවර දා වඩනා සේක් දෝ හෝ යි පරික්ෂා කරන්නාහු ඒ රජ්ජුරුවන් බුදුන්ට පළමුවන දාන ය දුන් දා සමාදන් වි ය නො හී, වෙළුවන ය බුදුන්ට පිළිගැන්වූ දා රෑ මධ්යීමරාත්රිවයෙහි ඒ සූවාසූ දහසක් ප්රෙ තයෝ බඩ පතු අල්වා සෙලුව සිට මහ හඬින් ගුගුරා රජුට හැම දෙන ම පෙනී ගියහ.

රජ්ජුරුවෝ උදාසනක් සේ බුදුන්කරා අවුදින් “සවාමිනි! ඊයේ රෑ මෙසේ වූ භයානක වූ සත්ත්වසමූහයක් මහ හඩින් හඩන්නා දිටිමි”යිකීහ. බුදුහු වදාරණසේක්: මහරජ ඔහු පෙර තාගේ නෑ සමූහයෙක, ඔහු දැන් ප්රෙුත යොනියෙහි උපන්නහ’යි උන් පෙර කළ පව් හා, නරකවල විදි දුක් හා, මේ බුද්ධාන්තරයෙහි බත් නොලත් බව හා, පෙර තුන් බුදුන් කී සවරූප හා, මේ පූර්ව කථාව දක්වාලා ‘තාගේ ප්රෙ ත නෑයන්ට අද පින් පෙත් දෙව’යි වදාළසේක.

එ දා බිම්සර රජ්ජුරුවෝ ඒ ප්රෙ’තයන් නමට බුදුන් ප්ර ධාන වූ දහසක් මහ රහතන්ට මහ දන් දුන්හ, එ දා ප්රෙ තයෝ සූවාසූදහසක් දෙන තුන් බුද්ධාන්අතරයක් මුළුල්ලෙහි බත් උළක් නො ගෑවුණාවූ කුස්පුර දිව්යනභොජන ලදින් පිනා එ දා රෑ ගොස් රජ්ජුරුවන්ට පිළ් නැතු ව පෙනුණාහ. රජ්ජුරුවෝ අනිද්දා උදාසන බුදුන් කරා ගොස් ‘සවාමිනි ප්රෙරතයෝ හැමදෙන ම බත් ලද්දාහු ය, නග්නයෙන් රෑ සිටියා දිටිමි’යි කීහ. බුදුහු ‘මහරජ ප්රෙෙතයන් ලබන්නේ දුන් දෙයක, නුදුන් දෙයක් නො ලැබෙත් ම ය; ඔවුන් නමට වස්ත්රි දන් දෙව’යි වදාළසේක.


එ දා රජ්ජුරුවෝ හැමදෙනා වහන්සේට ම පිළි සමගින් දන් දී පින්පෙත් දුන්හ. එ වේලෙහි ප්රෙසතයෝ සිව්යන වූ වස්ත්රෙ හා දිව්යි වූ සුවඳ විලවුන් හා දිව්යෙ වූ සම්පත් ලදින් සතුටු ව එදා රෑ රජ්ජුරුවන්ට දිව්යඳශරීරයෙන් පෙනී පසු දා බුදුන්ට ද එ සෙයින් ම පෙනුණාහ. බුදුහු සූවාසූදහසක් ඒ ප්රෙ තයන් ප්රෙනතලොකයෙන් ගලවා තිරොගුඩ්ඩ සූත්රස දෙශනාව කොට ඒ සූවාසූ දහසක් දෙනා ම අමා මහ නිවන් දක්වා සසරින් ගලවා වදාළ සේක.

මොහු හැමදෙන බුදුන්සතු දෙය කෑ පවින් මේ සා ප්රෙ තදුක් ගත්හ, දන් පිසූ පිනින් සසරින් ගොඩනැගී අමා මහ නිවන් දුටුවා හු ය යා දැන නුවණැත්තා වූ සත්පුරුෂ ජනයන් විසින් පවු පින් දෙදෙනාගේ විභාගය මෙසේ දැන විසිය යුතු.


තව ද ඒ රජගහා නුවරට නුදුරු තෙන කොලිත ය උපතිස්ස ය යි බමුණුගම් දෙකෙක්......[සංස්කරණය]

තව ද ඒ රජගහා නුවරට නුදුරු තෙන කොලිත ය උපතිස්ස ය යි බමුණුගම් දෙකෙක් වි ය, ඒ දෙගම සත්මුත්තක් පරම්මරායෙහි ඔවුනොවුන්ට මිත්රෙ ව අවා වූ බ්රාුහ්මණසාර දෙකුලයෙක කොලිත උපතිස්ස නම් වූ පින්වත් බ්රාරහ්මණ කුමාරවරු දෙදෙනෙක් ඇත්තාහු ය. ඒ කොලිත නම් කුමාරයන් උයන් කෙළියට දිය කෙළියට නික්මෙන වේලෙහි අසුන් යෙදු රථ පන්සියයක් පමණ රන්සිව් ගෙවල් යෙයි, දෙදෙන ම පන්සියයක් පන්සියයක් පිරිවර ඇත්තා හු ය; දෙදෙන ම නොයෙක් ශිල්පයෙහි දක්ෂයෝ ය: කෙළිනළු බලන කල දෙදෙන ම සමඟ ම හිඳ බලන්නාහු ය, එකවිට ම සන්තේෂ වුවමනා සථානයෙහි සනතොෂ වෙත් ම ය; ස්තුති කළමනාවිට ම ස්තුති කෙරෙති; ප්ර්සාද දුනමනා කාලයෙහි එකවිටම ප්රතසාදත් දෙති.

මෙසේ මිත්ර ව වාසයකොට දෙදෙනාගේ ම නුවණ පිරි හුන් කල දවසෙක ක්රිිඩාමණ්ඩලයෙහි හිඳ දෙදෙන ම සංසාරයෙහි කල කිරි සන්තොෂ නුති ව ‘මේ කෙළි නම් සසරින් ගැලවී යන උපායෙක් නොවෙ යි, මෙ තැන් පටන් කෙළිනළු නො සොයා නිවන් සොයම්හ’යි මන්ත්රෙණය කොට කවුරුන් ගුරුකොට තපස්කරමෝදෝහෝයි පරීක්ෂකෛාට එ සමයෙහි රජගහා නුවර ලාභයෙන් යසසින් අග්රාව වසන සඤ්ජය නම් වූ පරි‍බ්රායජකයන්ගේ සවරූප අසා පන්සියයක් රථ හා පන්සියයක් සිවිගෙවල් හා පන්සියයක් දෙනා අත ගමට යවා පන්සියයක් අතැවැස්සන් හැරගෙන ගොස් ඒ සඤ්ජය නම් පරිබ්රා ජකයන්කෙරේ තවුස් වෙස් ගෙන කීප දවසක් උන් කෙරේ වැස තමන් මහනුවණැ’ති හෙයින් උන්ගේ සමයෙහි නිවන් ම‍ඟෙක් නැතැයි දෙැන මුළු දඹදිව ඇවිද නිවන් මඟ පානාතරම් ගුරු කෙනෙකුන් සොයන්නාහු දෙදෙනම එක්ව ගොස් යම් යම් කෙනකුන් අතින් පැන විචාරති, ඔවුන් විචාළ පැන කියහෙන්නෝ නැත; තෙසු ඇම දෙන විචාළ පැන මොහු දෙදෙන කියත්ම ය. මෙසේ දඹදිව තෙසැට දහසක් රාජධානිවල ඇවිද නිවන් මඟ පානා තරම් ගුරු කෙනකුන් නො ලදින් නැවත රජගහා නුවරට අවුදින් ‘අප දෙදෙනා අතුරෙන් යමෙක් පළමුව නිවන් මඟ දුටුමෝ නම් ඔවුනොවුන්ට කියම්හ’යි මන්ත්රමණය කොට වාසය කෙරෙති.

එ කල මාගේ සවාමිදරුවෝ පෙර කී ක්ර මයෙන් වැඩ වේළුවනාරාමයෙහි වසනසේක, පස්වග මහණුන් වහන්සේ අතුරෙහි අස්සජි නම් මහතෙරුන් වහන්සේ මුළු දඹදිව ඇවිද බුදුන් උපන් බරිදි බොහෝ සතුන්ට කියා ලෝවැඩ කොට නැවත බුදුන් කරා රජගහා නුවරට වැඩ වේළුවනාරාමයෙහි දී බුදුන් දැක එදා රෑ එහි ලැග අනික් දා උදාසන නුවරට වැඩ ගෙපිළිවෙළින් පිඬු සිඟන සේක.

එ කල පෙර කී දෙයාළුවන් අතුරෙන් උපතිස්ස නම් පරිබ්රා ජකයෝ උන්වහන්සේ සිඟන්නා දැක ‘මේ උපසමය ඉතා සන්හුන් වෙසෙකැ’යි දැක පැහැද පසුපස්සේ ගොස් ඔබ වළඳන වේලෙහි තමන්ගේ පරිබ්රාිජක පුටුව පිට වාඩිහිඳුවා වළදා අන්තයෙහි කෙණ්ඩිකායෙන් පැන් අතට ගෙන ලා මෙසේ පළමුකොට ඇදුරුවතින් ආදර දක්වා ‘සවාමිනි නුඹගේ ඉනද්රිුයයෝ ඉතාප්ර‘සන්නයහ, නුඹගේ කායවාක්සමාවාරයෝද මට ඉතා ප්රි‍යයහ, එසේ හෙයින් නුඹ නිවන්මග දුටුහ යි සිතමි, හිමි! නුඹගේ ගුරු කවුරුදැ’යි විචාළහ. එ බසට තෙරුන් වහන්සේ ‘භවත! මාගේ ගුරු සවුනේ ගෙවා දත් බුදුරජය’යි වදාළසේක. පරිබ්රාකජකයෝ කියන්නාහු ‘සවාමිනි! එසේ වී නම් නුඹගේ ගුරුන් වදාළෙන් අවවාද පදයක් මට ද වදාළ මැනවැ’යි කීහ. අස්සජි මහතෙරුන් වහන්සේ ‘මේ පරිබ්රාදජකවරු නම් බුදුසස්නට ප්රෙතිපක්ෂයහ, එසේ හෙයින් මෝහට බුදුන්ගේ ධර්මය ගරු බව හඟවා භය ගන්වමි’යි සිතාලා ‘මම අභිනව යෙමි, භවත! දහම් ඉතා ගරු ය, විශෙෂයෙන් කියා තට හඟවාලීම මට පිළිවන්දැ’යි වදාළසේක. උපතිස්ස පරිබ්රාිජකයෝ එ බසට කියන්නාහු: සවාමිනි, මට බොහෝකොට වදාරා දුක් නො ගත මැනව, එක නයකින්සංක්ෂෙප කොට කිව මැනව, නුඹවහන්සේ එක නයින් කිවා මම සියක් දහසක් දසදහසක් ලක්ෂයක් නයින් විස්තරයෙන් සිතාගන්නා නුවණ ඇතියෙමි යි කීහ. එ කල මහතෙරුන් වහන්සේ:-


යෙ ධම්මා හෙතුප්පභවා-තෙසං හේතුං තථාගතො ආහ,

තෙසඤ්ච යො නිරොධො-එවං වාදී වහාසමණො-යි


චතුෂ්පදික මේ ගාථාවෙන් බණ වදාළසේක. එ කල උපතිස්ස නම් පරිබ්රාෂජකයෝ ඒ එක ගාථාවෙන් පළමුවන දෙපදයෙහි සොළොස්වන අක්ෂරයට වදාළ වේලෙහි ශතසහස්රො නයින් සද්ධර්මය කරතලාමලකයක් සේ දැන සෝවාන් පෙලෙහි පිහිටා ගියහ; අත්ත දෙපද ය සෝවාන් ව සිට අසා සාධුකාර දුන්හ.

මේ ගාථාවගේ කෙළවර: සවාමිනි, මට නුඹවහන්සේ ගේ ගුණ ත් දනී ගිය, බුදුනගේ ගුණත් දනී ගිය, සියලු සද්ධර්ම සාගරය ත් පෙනී ගිය, එ තෙකින් මට බණ වදාරා ආයාස නො ගත මැනව, මාගේ බුදුහු දැන් කොයි දැ යි විචාරා ඒ වෙළුවනාරාමයෙහි වැඩඋන් සේකැ යි අසා තෙරුන් වහන්සේ පසඟ පිහිටුවා වැදලා සමු ගෙන කොලිත පරිබ්රාවජකයෝ බුදුහු ය යි යන බස හා නිවනැ යි කි බසට ලොමු දැහැ ගන්වා සතුටු ව තොප ඇසූ බණ මට ත් කියව යි කීහ. උපතිස්සයෝ තමන් ඇස ගාථාව නො වරදවා කීහ; කොලිත පරිබ්රාවජකයෝ ඒ ගාථාව අසා නිමි වේලෙහි අන්තාක්ෂරය හා සමඟ සෝවාන් ව බුදුහු දැන් කොයිදැ යි විචාරා වේළුවනයෙහි යයි අසා ‘අපගේ ගුරුන් සඤ්ජය පරිබ්රාවජකයන්ට ත් අප ලද නිව න්රස දෙම්හ’යි ඔවුන්ගේ ආරාමයට ගොස් බුදුන් උපන් පරිදි කියා ‘අපි දැන් බුදුන් කෙරේ මහණවන්ට යම්හ, අප හා සමඟ අවුදින් බුදුන් කෙරේ මහණ වුව මැනවැ’යි කැඳවූහ. සඤ්ජය පරිබ්රා්ජකයෝ: ‘පෙර බොහෝ කලක් මම් බොහෝ දෙනාට ගුරුකම්කොට ඇවිද්දෙමි, පසු ව දැන් භවත් ගෞතමයන් කරා ගොස් උන් කෙරේ මහණ ව උන් කෙරේ මහණ ව උන්ට අතවැසි විම් නම් සැළක් ව පසු ව සාළුවක් වූවා වැන්නෙමි. එසේ හෙයින් මම් ඔවුන් කරා නො යෙමි, මෙලොව අඥානයෝ බෙහෙව, නුවණැතියෝ මඳහ, අඥානයෝ අඥාන වූ මා කරා එති, නුවණැතියෝ නුවණැත්තාවූ භවත් ගෞතමයන් කරා යෙති, එසේ හෙයින් මාගේ පර්ෂදම බොහෝ වෙති, මම් නො යෙමි’යි කියා නො ගිවිස්සාහු ය.


ඉක්බිත්තෙන් කොලිත - උපතිස්ස දෙදෙන ආචාය්ය් ර්යෝන් නො එක් ලෙස කැඳවා නො ගිවිස්නා හෙයින් ‘බුදුන් කරා අපි යම්හ’යි කියා නික්මුණෝ ය. ඒ කෙණෙහි සඤ්ජය පරිබ්රාහජකයන්ගේ පන්සියයක් පර්ෂද් එකකුත් නො රදා ආරාමය සිස් කොට දෙදෙනා හා කැටිව නික්මුණාහු ය. සඤ්ජය පරිබ්රාටජකයෝ සිස් වූ ආරාම ය දැක ළෙන් පැන නැඟී ශොක හැල්ලෙන් හුණු ලේ හැල්ලක් ‍ඟො පීහ. එ වේලෙහි ඒ පන්සියයක් පර්ෂදින් දෙසියපනස් දෙනෙක් ගුරුන් කෙරෙහි කරුණායෙන් රඳාපිහ; අනික් දෙසිය පස්දෙනා හැරගෙන දෙනෙ ම වේළුවනාරාමහට නික්මුණාහ.


එ දා බුදුරජාණන් වහන්සේ සිවුවනක් මහ පිරිස් පිරිවරා...[සංස්කරණය]

එ දා බුදුරජාණන් වහන්සේ සිවුවනක් මහ පිරිස් පිරිවරා බුද්ධාසන මුදුනෙහි රන්කඳක් සේ දිලිහි දිලිහී වැඩහිඳ බණවදාරණසේක් දුර එන්නාවූ ඒ කොලිත-උපතිස්ස දෙයාළුවන් දැක බණ අසන්නාවූ සඟපිරිසට ආමන්ත්රිණය කොට ‘මහණෙනි මා කරා එන තෙල පරිබ්රා්ජකවරු දෙදෙන මාගේ ශාසන ය නමැති දිව්යරරථ ය අලඬ්කාර කරන්නාවූ දිව්යශචක්ර යුග්මයක් සේ මාගේ අගසවුදෙදෙන වේ දැ’යි වද්රඑරා වැඩඋන්සේක. එ කලපරිබ්රායජක දෙදෙන බුදුන් කරා අවුදින් පසඟ පිහිටුවා වැඳ එකත්පස් ව හිඳ ‘සවාමිනි! නුඹ වහන්සේගේ ශාසනයෙහි පැවිද්ද ලබමෝදැ’යි විචාළහ. එ කෙණෙහි බුදුහු දක්ෂිණ ශ්රී හස්තය දිගුකොට:- “එථ හික්ඛවෙ සවාක්ඛාතො ධම්මො, චරත බ්රගහ්මචාරියං සම්මා දුක්ඛස්ස අත්තකිරියාය” යි වදාළසේක. එ කෙණෙහි හැම දෙන ම සෘධිමය වූ පාත්රාො සිවුරු ලදින් වර්ෂ ශතයන් ගුණධර්ම පිරූ මහතෙර පෙළක් සේ වැඩහුන්සේක.

ඉක්බිත්තෙන් බුදුහු ධර්මදෙශනා කළසේක,-අගසවු දෙදෙනා වහනසේ හැර අනශෙෂ වූ දෙසියපනස් දෙනා වහන්සේ ම රහත් වූ සේක. මුගලන් මහතෙරුන් වහනසේ මහණ වූ සත් දවසින් මගධරට කල්ලවාල නම් ගමදි බුදුන විසින් දුනනාවු ධාතුකර්මසථාන ය අසා සෙදගැමි-අනගැමි-අරහත් යන තුන් මාර්ගඵලයට පැමිණ ශ්රාසවක පාරමිතා ඥනය මස්තකප්ප්රානති කළසේක. සැරියුත් මහ තෙරුන් වහන්සේ ද මහණ වූ පසළොස් දවසින් බුදුන් හා සමඟ එම රජගහා නුවරට නුදුරු තෙන හුරකළ නම් ලෙන වසනසේක් දීඝනඛ නම් පර්බ්රාුජකයන් එ ම ධර්මනෙසෙවි සාමීන්ගේර ම බෑනණුවන්ට වෙදසා පරිග්ර්හ නම් සූත්රා දෙශනාව බුදුන් දෙශනා කරන දා ඒ දෙශනාව අසාඅනිකක්හට ලන බතක් උදුරා ගෙන කන්නා සේ තමන් වහන්සේ ද සෙදගැමි - අන ගැමි - අරහත් යන තුන් මාර්ගඵලයට පැමිණ අග්රඅ ශ්රාහවක ඥනයෙහි මුදුන් පැමිණිසේක.

ඉක්බිත්තෙන් එම දා සවස වේළුවයනාරාමයෙහි දී ශ්රා වක ගණයා රැස්කොට සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේට අගසවු තනතුරු දී එම දා නවම් මස මැදිපොහොයෙහි ඵුස්ස නම් යොගයෙන් මෙසේ මැදිපොහොයක් හා හැම සවුවන් නො කැඳවා රැස්වීමක් හා හැම සවුවන් එහි භික්ෂුභාවයෙන් ම පැවිදි වූ බවක් හා හැම සවුවන්ම රහත් වූ බවක් හා මෙසේ වූ චතුරඬ්ගයෙන් යුක්ත ව වැඩහිඳ එක්දහස් දෙසියපනස් මහරහතන් හා සමඟ අනන්තාපය්ය්්ර්න්පත වූ රජ පිරිස් පලඳනා ලද මුක්තාහාරයක් බඳු වූ අනන්තාපය්ය්රර්න්තත වූ බුදුන් විසින් මුඛාලඩ්කාර කරනලද:


සබ්බපාපස්ස අකරණං-කුසලස්ස උපසම්පදා,

සචිත්ත පරියොදපනං-එතං බුද්ධාන සාසනං.


යන මේ ගාථාරත්නයෙන් අලඬ්කාර කොට පොමොක් දෙසා වදාළසේක:

එ තැන් පටන් ඒ සැරියුත් මුගලන් අගසවු දෙදෙනා වහන්සේ බුදුසසුන් නමැති ආකාශ ය හොබවා ඇවිදිනා හිරු සඳු දෙදෙනා සේ බුදුන්ට අනුව බුදුසසුන් හොබවා වදාළසේක.


මේ අගසවු දෙදෙනා වහන්සේ පෙර කෙසේ වූ පින් කොට මෙසේවූ බුදුකෙනකුන් වහන්සේට අග්රපශ්රානවක වූ සේක් ද යත්:

මෙයට එකාසඬ්ඛ්යෙසය කප් ලක්ෂයකින් යට අනොම දස්සි බුදුන් සමයෙහි....[සංස්කරණය]

මෙයට එකාසඬ්ඛ්යෙසය කප් ලක්ෂයකින් යට අනොම දස්සි බුදුන් සමයෙහි සැරියුත් සවාමි සරද නම් තාපස ව සූසැත්තෑ දහසක් තපස්වින් පිරිවරා හිමාලය වනයෙහි පන්සලෙක වැස ලක්ෂයක් රහතන් හා සමඟ තමන්වහන්සේගේ පන්සලට වැඩි බුදුන් දැක පැහැද වන මුල් වන ඵලාහාර වළඳවා ලක්ෂයක් මල් ආසන පනවා සතර ගවුවක් උස මලස්නෙක බුදුන් වඩා හිඳුවා තුන් ගවු උස මලසුන්වල සෙසු ලක්ෂයක් රහතන් වඩා හිඳුවා බුදුන් සිරසට මහත් මල්කුඩයක් මවා ඒ කුඩ ය අතින් අල්වාගෙන සත්දවසක් නිරාහාරයෙන් බුද්ධාලම්බන ප්රීාතීන් සිට ධ්යාවනසුවයෙන් වැඩඋන් බුදුන්ට මෙසේ පූජාකොට සිට සත්වනදා අගසවු දෙදෙනාබුදුන් අභිමුඛයේ හිඳ වදාරණ බණ අසා “මම ද බුදුකෙනකුන්ට අගසවු ව මුන් වහන්සේ සේ ම නුවණැති ව බණ නිමවා දැන කියන්නවුන් කෙරෙහි අග්රිවෙම්ව’යි කියා ප්රාකර්ථනා කළසේක. බුදුහු ද විවරණ පතුල් දුන්සේක.

තව ද මුගලන් මහතෙරුන් වහන්සේ ද එ ම සමයෙහි ඒ සරද තාපසයන්ගේ ගිහි යහළු වූ සිරිවඩ්ඨන නම් සිටු ව මෙ පවත් අසා මම ද මාගේ යහළුවාණන් වහන්සේ කළ ප්රාවර්ථනාව කෙරෙමි යි සිතා නිලුපුල් මලින් මණ්ඩපයක් තිමවා ඒ බුදුන් ප්රාධාන වූ එක්ලක්ෂ සූසැත්තෑ දහසක් රහතන් පවරා වඩා හිදුවා සත්දවසක් මහ දන් දී ‘මම ද මතු බුදුවන කෙනකුන්ට ද්විතිය ශ්රාසවක වෙම්ව’යි ප්රාදර්ථනා කළසේක. මෙසේ ඒ දෙදෙනා වහන්සේ එ කල පටන් එකාසඩ්ඛ්යෙූය කප් ලක්ෂයක් මුළුල්ලෙහි ම ඔවුනොවුන් හා මනුෂ්ය්ලොකයෙහි සම්පතුත් එක් ව ම විඳ මේ බුද්ධොත්පාද කාලයෙහි කොලිත-උපතිස්ස නම් උතුම් වූ බමුණු කුලයන්හි ඉපද එ සමයෙහි එක් ව කළ කුශල බලයෙන් ම අප මහාගෞතම කම් බුදුරජානන්ට අග්රකශ්රා වක ව ශාසන නමැති දිව්යත රූබයෙහි නිර්මිත වූ දිව ඇස් දෙකක් සේ ශොහමාන වූ සේකැ යි දතයුතු.

තව ද ඒ මතු නො වෙයි.මේ දෙදෙනා වහන්සේ මාගේ සවාමිදරුවන් පාරමිතා භූමියෙහි ඇවිදිනා කල ද පාරමිතා නමැති රථය සුවසේ ගෙන යන රථ සක් දෙකක් සේ ම බුදුන්ට ද උූපකාර ව බුදුන්ගෙන් ද උපකාර ලදින් අනුබලව ම වාසයකළ හෙයිනු ත් බුදුහු ඔබ ම අගසවු කලසේක් ම ය. කෙසේ ද යත්:-

සරහඬ්ග ජාතකයෙහි ස්වාමිදරුවන් සරහඩ්ග නම් ශස්ත්රැ ව ලොව බුද්ධොත්පාද කාලයක් සේ කරන සමයෙහි සාලිස්සර ය කිසවච්ජ ය යි යන අතවැසි මහ තවුස් ව බෝසතුන්ගේ සිත් සේ වාසය කළ සේකු ත් මේ සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ම ය.

තව ද චුල්ලසුතසොම ජාතකයෙහි මාගේ සවාමිදරුවන් සුතසොම නම් රජ ව රාජධර්මයන් හා සත්යිපාරමිතාව පුරණය කරන සමයෙහි ද ජ්යොෂ්ඨ වූ පුත්රා ව, ජ්යෙමෂ්ඨ වූ සෙනාපති ව, අනුබල ව, පක්ෂපාතව, කීකරුව, විසූ සේ කු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.


තව ද විනීල ජාතකයෙහි මාගේ සවාමීදරුවන් හංසරාජ ව ඉපද හීන ජාතියෙහි ඇත්තවුන් මනා උපකාරයක් ලත් කල උත්සන්න වන පරිදි හින ස්ත්රී න් හා සමඟ ත් උත්තමයන් ගේ සංවාස ය වෙ යි කියා කාමයෙහි ආදීනව දක්වන්නාවූ සමයෙහි ද ප්රි ය පුත්රී වූ හංසපොතක ව ඉපද පියාණන් වහන්සේ මිනිස්ලොව ඇවිද්ද නො දී ප්රෙකම සහිතව විසූසේකුත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද කූරුඬ්ගමිග ජාතකයෙහි සවාමිදරුවන් කූරුඩ්ග නම් මුවරජ ව ඉපද හීන වූ මිත්රියාගේ ත් විශවාසය උතුම් ම ය යා මිත්රජධර්මයෙහි බල දක්වා වදාරන සමයෙහි ද කෑරල ව ඉදිබු ව ඉපද බෝසතුන් මල බැදි ගිය දා ජීවත ය රක්ෂාකොට වදාළසේකුත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද මාගේ බුදුරජාණන් වහන්සේ ව්යාටඝ්රය ජාතකයෙහි වෘක්ෂ දෙවතාව ඉපද පාරමිතා ධර්මයන් පූරණය කරන සමයෙහි ද සිංහ ව ව්යාපඝ්ර් ව ඉපද ඔබ වසන ඒ මහවනයෙහි කිසිකෙනකුන් අත්තක් කපාලිය නො දී මිත්ර්කම් කළසේකු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද කුරුධර්ම ජාතකයෙහි සවාමිදරුවන් දාන පාරමිතාව හා ශීල පාරමිතාව පරිශුද්ධ කොට රක්ෂා කරන සමයෙහි ද සිටු පුත්රර ව ද්රොදණමාණවක නම් ඇමැති ව බෝසතුන්සේ ම පඤ්ච ශීල ය රක්ෂා කොට ධර්මයෙන් විසූ සේකු ත් මේ දෙදෙනා වහන්සේම ය.

තව ද ශශජාතකයෙහි මාගේ බුදුරජාණන් වහන්සේ ශශරාජ ව ඉපද ශීලපාරමිතාවෙහි කෙළ පැමිණ සඳමඬලේ බැබැලුණු සමයෙහි වානර ව ශෘගාල ව එක් ව සිල්රක්ෂා කොට බෝසතුන් ගේ අවවාද නො ඉක්ම මිත්රඑ ධර්මමය රක්ෂා කොට කිකරු ව විසුසේ කු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද කක්කාරි ජාතකයෙහි දශබලධාරි වූ තිලෝගුරු මාගේ බුදුරජාණන් තවුතිසා දිව්යයභවනයෙහි දිව්යගරාජ ව ලොකාර්ථචය්ය්ණර්‍ාව පූරණ ය කොට මෘෂාවාදයෙහි ආදිනව පෑ ලොව භයගැන් වූ සමයෙහි යහළු වූ දිව්යයරාජයන් ව ඉප ද බෝසතුන් හා සමඟ ලෝවැඩ කොට ඇවිදි සේකු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද සත්තුභත්ත ජාතකයෙහි මෙම භාග්යථවත් වූ බුදුරජාණන් වහන්සේ සේනක නම් පණ්ඩිත ව ප්රුඥපාරමිතාවේ බල දක්වන සමයෙහි ආයුරක ය පුක්කුස ය යි යන අතැවැසි පණ්ඩිත ව ඔබ ම ගුරුකොට කීකරුව විසූ සේකු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද තිත්තිර ජාතකයෙහි ද්විපදොත්තම වූ මාගේ සවාමිදරුවන් වටු ව ඉපද පවා වෙදත්රක ය නිමවා දැන දඹදිව වේද දන්නන් කෙරෙහි අග්රදව දිසාපාමොක් ආචාය්ය්ිර්වෑ මහ වන මැද පන්සලෙක වාසය කොට බොහෝ ඇතැවැසියන්ට ශිල්ප දී ප්රෙඥපාරමිතාවෙහි සාර ය මැඩගන්නා සමයෙහි එ වෙනෙහි සිංහ ව්යා‍ඝ්රව දෙ යාළුව ඉපද වටු වූ බොධිසත්ව ආචාය්ය්සර්යසන් කරා අවුත් අවවාද ඉගෙන ගෙන එකාවනුව සෙවන ය කළ සේකු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද බිළාල කොසිය ජාතකයෙහි සවාමිදරුවන් ශක්රක දෙවෙන්ද්ර ව ඉපද අශ්රයඬා සතුන් දමා ලොභ හරවා දන්සොඬ කරවා ලොකාර්ථචය්ය්වර්‍ාව පූරණය කළ සමයෙහි චන්ද්ර්-සූය්ය්ොර්‍ සිව්යයපුත්රළව ඉපද උන්වහන්සේට අනුබල සහායව මිනිස්ලොවට ආ සේකු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද චතුප‍ට්ඨාන ජාතකයෙහි සවාමිදරුවන් එක්තරා එක් ගසෙක රුක්දෙවි ව ඉපද සිව්ය්ධර්මයන් පූරණය කරන සමයෙහි ද ඤිත්රෙකූට පර්වතයෙහි දෙබෑවූ රන්වන් හංසව ඉපද ගොදුර සොයා යන එන කල බෝසතුන් වසන ගස සැතපි සැතපි ගොස් මිත්ර ධර්මය නො නසා කථා කොට ප්රිංයයෙන් අවවාද ලදින් ඇවිදිනසේකු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද හස්තිපාල ජාතකයෙහි මාගේ ශාක්ය සිංහයාණන් වහන්සේ හස්තිපාල නම් කුමාර ව ධන හැර ගොස් පැවිදි ව ශීල පාරමිතාවෙහි මුදුන් දැක ධ්යා න කෙළි කෙළනා සමයෙහි අශ්වපාල නම් ගවපාල නම් කුමාරව බෝසතුන් හා සමඟ ම රජය හැර ගොස් මහණ ව ධ්යාරන කෙළි කෙළි සේකු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද ජවන හංස ජාතකයෙහි මාගේ ශිරොමාණික්ය වූ බුදුරජාණන් වහන්සේ ජවන හංසරාජව ඉපද ඉරු හා ශීඝ්රි ජවයෙන් යුද්ධකොට ඉරු පරදවා ඉතා මහත් වූ වික්රඝම දක්වා සතුන්ගේ ආයුසංස්කාරය ඉතා ශීඝ්රල ව ගෙවෙන පරිදි නොයෙක් උපමාවෙන් දක්වා ලෝවැසියන් මරණයෙහි භයගන්වා කුශල මාර්ගයෙහි පිහිටුවා ලූ සමයෙහි මල්බෑ වූ හංසපොතකව ඉපද හිරුගේ තෙජො ගින්නෙන් දා මියන වේලෙහි බෝසතුන් නිසා ම ජීවිතය ලදින් ජීවිතාන්තය දක්වා ඔවුනො’වුන්ට උපකාර ව විසූ සේකු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද ඛන්ඩහාල ජාතකයෙහි මාගේ ලොකාධිපතිවූ බුදුන් ඤන්ද්රව නම් කුමාර ව ඛණ්ඩහාල නම් දෙවදත්තයාගේ බන්ධනයට පැමිණ මරණ ප්රානප්ත වූ සමයෙහිද සූය්ය්්ර්ගෝ ත්රන නම් චන්ද්රමගෝත්රන නම් සහොදර කුමාර ව ශක්ර‍යාගේ බලයෙන් එක් ව ම ජීවිත ය ගලවා ගෙන බොහෝ කලක් එක් ව ම රාජ්ය ය කළ සේකු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද මහාජනක ජාතකයෙහි මාගේ බුදුරජාණන් වහන්සේ පඤ්චකාමයෙහි ආදීනව දැක කාමබන්ධනය මුදාහැර තපසට වලට යනදා නාරද නම් මිගාජින නම් දෙදෙන ව මහා තාපස ව බෝසතුන් පෙරමඟ දී දැක වීය්ය්ෙර්‍ වඩා බණ කියා කල්යාවණ මිත්රද ධර්මය පිරූ සේකුත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද දුතිය ජාතකයෙහි ම‍ාගේ ධර්මකරාජයාණන් වහන්සේ වටුජාතියෙහි ම ඉපද හිමාල ය වනයෙහි මහ නුග රුකක් අස වැස බොහෝ ආයු ඇතිව ජ්යෙයෂ්ඨාපචායන ධර්මයන් පුරන සමයෙහි ද වඳුරුව ඇත්ව ඉපද බාලයන් මහල්ලන් තෝරා දැක බොහෝ කලක් බෝසතුන් ගුරු තනතුරෙහි තබා සහවාස ය කළ සේකු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද සම්භව ජාතකයෙහි මාගේම ප්ර ඥා ගඬ්ගාවු බුදුරජාණන් වහන්සේම සත්හැවිරිදි සම්භව නම් කුමාර ව මුළු දඹදිව උපන් පැන කියා ලොව බුද්ධොත්පාද කොට ප්රුඥාපාරමිතාවෙහි කුළුගන්නා සමයෙහි භද්රදකාර ය සඤ්ජය ය යන මහලු දෙබෑ කුමාර ව කුඩා මල් වූ බෝසතුන් ගුරු කොට තබා ආදරයෙන් සහොදර ව විසූ සේකු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.

තව ද සංකිව්ව ජාතකයෙහි ලොකිචාය්ය්නර්‍ වූ මාගේ සවාමිදරුවාණන් බරණැස රජය කොට දශරාජධර්මයන් පුරන සමයෙහි ඔවුනොවුන්ට සතුරුවූ නාග මූෂික ජාතියෙහි ඉපද පවා දෙදෙන ඔවුනොවුන් දැක ඔවුනොවුන් හා මිත්ර ව තමන් දෙදෙනාගේ මිත්ර් ධර්ම බලයෙන් ම බෝසතුන්ට ඒ සා රාජ්යායක් ගෙන දී උපකාර කළාහු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.

මෙසේ මෙසේ නො එක් ජාති කෝටියෙහි ද සසර බුදුන් හා සමඟ ම විසූ හෙයිනුත් ඔවුනොවුන්ට උපකාරව විසූ හෙයිනුත් බුදුහු තමන් වහන්සේ කෙළෙහි ගුණ දන්නවුන් කෙරෙහි අග්රද හෙයිනු ත් මෙම දෙදෙනා වහන්සේ අග්රනශ්රායවක කළසේක් ම ය. මේ දෙදෙනා වහන්සේත් උතුම් වූ අග්ර‍ශ්රාූවක තනතුරු ලදින් බුද්ධශාසන නමැති සවර්ණ නෞකාවෙහි රන් පළුපත් සඟළක් සේ බුදුසස්න හොබවා වදාළසේක් ම ය.

මෙසේ මේ අග්ර ශ්රාකවක දෙදෙනා වහන්සේගේ විභාග සංක්ෂෙපයෙන් දතයුතු.


මෙසේ මාගේ සවාමිදරුවෝ පස්වග මහණුන් විසින් කරන ලද ....[සංස්කරණය]

මෙසේ මාගේ සවාමිදරුවෝ පස්වග මහණුන් විසින් කරන ලද අසාධාරණ වූ ප්රවතිපත්ති පූජා ය, යස නම් මහතෙරුන් ආදි පස්පනස්රහතන් විසින් කැනලද විශෙෂ වූ ප්ර්තිපත්ති පූජා ය, භද්ර වර්ගයෙහි තිස්මහ රහතන්විසින් කරන ලද උතුම් වූ ප්ර්තිපත්ති පූජාය, උරුවෙල කාශ්යගපාදි දමසක් මහරහතන් විසින් කරන ලද අනොපම වූ ප්රාතිපත්ති පූජා ය, අගසවු දෙදෙනා හා දෙසිය-පනස් මහ රහතන් කළාවූ උත්තුඩ්ග වූ ප්රෙතිපත්ති පූජා ය, සූවාසූ දහසක් ප්රෙූතයන් ප්රෙ තාත්මභාවයෙන් මිදි දිව්යාහත්මභාව ලදින් බණ අසා නිවන් දුටු වේලෙහි සන්තොෂයෙන් කළාවූ සාධුක‍ාර පූජා ය, බිම්බිසාර රජ්ජුරුවන් හා සමඟ එක් ලක්ෂ දස දහසක් අමාත්ය,යන් සෝවාන් ආදි මාර්ග ඵලයට පැමිණ එ කෙණෙහි උපන් සන්තොෂයෙන්කළාවූ සාධුකාර පූජා ය, තව ද දසදහසක් මනුෂ්යෙයන් ශරණ ශීලයෙහි පිහිටා දිවි පමණින් කළා වූ බහුමාන පූජා ය, ඒ බිම්සර රජ්ජුරුවන් වේළුවනාරාමය පිළිතැන්වූ පූජාය, එ වේලෙහි මහීකාන්තාව කළාවූ මහිගර්ජනා නම් වූ පූජා ය යි මෙසේ දෙලක්ෂ පන්දහස් තුන්සිය සත් සාලිසක් පමණ මහ පූජා ලත් හෙයිනු ත්, මෙසේවූ පූජා විඳීමට සුදුසු හෙයිනු ත්, සංසාර සේතු වූ, සංසාර නෞකාවූ, සංසාරප්රිතිෂ්ඨාවූ සංසාර පාරවූ සංසාර වාහන වූ සංසාර ගජ වූ. සංසාර තුරඩ්ග වූ, සංසාර සාගර ඵලක වූ, සංසාර සාගර ඵගක වූ, සංසාර සාගර ටීපවූ, මාගේ සවාමිදරුවූ, මාගේ ම ශිරොමාණික්ය වූ, මාගේම මුදුන්මල්කඩ වූ, බුදුරජාණෝ මේ මේ කාරණයෙනුත් අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදුයේ මැයි:


පූජාවිසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො,

අත්ථානුරූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාම මෙතං-යි


මේ පූජාවලියෙහි අප බුදුන් රජගහා නුවරදි ලද වේළුවනාරාම පූජා කථා නම් වූ තුදුස් වන පරිච්ජේදය නිමි.