Jump to content

පූජාවලිය-සාධුනාද පූජා කථා

Wikibooks වෙතින්

පූජාවලිය


සත්වන පරිච්ඡෙදය


තව ද: අප බුදුන් පඤ්ච මහා විලොකනාවසානයෙහි දී ලද සාධුනාද පූජා නම් කවර යත්: මෙසේ මාගේ ස්වාමිදරු වූ ශ්රීන මහ‍ුා බොධිසත්ත්වයෝ ධන පරිත්යාශගය, පුත්ර පුත්රය පරිත්යාතගය, භාය්ය් ර්‍ පරිත්යායගය, අංග පරිත්යායගය, ජීවිත පරිත්යාතගය යන පඤ්ච මහා පරිත්යාුගයෙහි කො‍ටිප්රා්ප්තව ලොකාර්ථචය්ය්යර්යර, ඥත්ය‍ර්ථය්ය්ාර්ය්, බුද්ධි චය්ය්‍ර්‍ාය යන ත්රිරවිධවූ චය්ය් ර්‍ායෙහිකෙළ පැමිණ, දානය ,ශීලය, නෛෂ්ක්ර්ම්යිය, ප්රයඥය, වීය්ය්‍ර්‍ ය, ක්ෂාන්ති ය, සත්ය‍ ය, අධිෂ්ඨාන ය, මෛත්රිූ ය, උපෙක්ෂා ය යන දශවිධ වෟූ පාරමිතාවන් හා දශවිධ වූ උප පාරමිතාවන් හා දශවිධ වූ පරමාර්ථ පාරමිතාවන් හා යන මේ සමත්රිංථශත් පාරමිතා නමැති සාගරයෙන් ගොඩ නැඟී විශ්වන්තරාත්ම භාවයෙන් චුත ව සියලු බුදුන්ට දෙවන ආත්මභාවයෙහි විසීපුර වූ තුසීපුරයට නැඟී, තුන්ගවු උස දිව්යිශරීර ඇති ව, ගවු උස මිණි වොටුනු ඇති ව, සැට ගැලක් පිරූ දිව්යිභරණයෙන් ධරා, යෙළ යාළක් සුවඳ විලෙවුන් ගෙන, අහස් ගඟ සේ මුතුහරක් ධරා, අප්රවමාණ වූ දිව්යෙශොභාවෙන් ශොබාවත් ව , කෙළගණන් දිව්යීස්ත්රීරන් පිරිවරා, මුළු ලොව‍ට නැඟු ජය කේකුවක් ‍ෙස්, තුන්ලෝ නමැති වොටුන්නෙහි සිළුමිණිරුවනක් සේ, තුන්ලෝ තිලකයක් සේ, නේ සුවහස් දිව්යිරාජයන්ගේ කිරුළු කුළු මිණි රසින් තමන්ගේ ශ්‍රීපාදයන් බබුළුවා ,සද්ධර්ම‍දෙශනාවෙන් දිව්ය්බ්රකහ්මයන් ප්රීයති කරවා, සත් පනස් කෙළ සැට ලක්ෂයක් හවුරුදු ආයුඃ ශ්රීර වළඳා සන්තුසිත නම් දිව්යුරාජන් ව ඒ තුසී පුරයෙහි වැඩ වසන සේක. ලොකයෙහි: කල්ප කොලාහල ය. චක්ර වර්ති කොලාහල ය, බුද්ධ කොලාහල ය, මංගල කොලාහල ය, මොනෙළය්ය් කොල‍ාහල යයි පස් කොලාහලයෙක් ඇත. හේ කෙසේ ද යත්: ගින්නෙන් හෝ දියෙන් හෝ සුළඟින් හෝ කල්ප විනා‍ශයට පූර්වභාගයෙහි ලක්ෂයක් හවුරුදු තිබිය දී ලොවට ඉෂ්ට වූ කාමාවචර දේවතා කෙනෙක් රතක් හැඳ රතක් එකාංශ කොට ලා එක් කනෙක පත් තබා, ඉසකේ විදා පිට හෙළා, කඳුළු වැගිරෙන ඇස් ඇති ව මෙසේ අවමඟුල් වූ වෙසක් ගෙන කෙළ ලක්ෂයක් සක්වළ ඇවිද “පින්වත් වූ සත්ත්වයෙනි! හවුරුදු ලක්ෂයක් ගියකල කපනස්සී ; කෙළ ලක්ෂයක් සක්වළගල් නස්සි කෙළලක්ෂයක් මහ පොළෝ නස්සී; කෙළලක්ෂයක් මෙරගල් නස්සී; කෙළ ලක්ෂයක් හිමවූ කුළු නස්සී; සත් කෙළ ලක්ෂයක් කුලපවුවෝ නස්සී; ස කෙළ ලකෂයක් දෙවුලෝ නස්සී; දෙ කෙළ ලක්ෂයක් හිර සඳ නස්සී; ඒ සමහර බඹලෝ පවා නස්සී; ඒ කල්පාන්ත විනාශයෙන් ගැළවෙනු කැමතියා නම් මවුන්ට මෙහෙ කරව; පියන්ට කීකරු වව; කුලදෙටුවන් පුදව; පස් පව් නො කරව; පන්සිල් රකව” යනාදීන් ඔවා තෙපුලෙන් අනුශ‍ාසනා කොට ඇවිදිති. එ කල කෙළලක්ෂයක් සක්වළ වසන හැම සත්ත්වයෝ ම ලක්ෂයක් හවුරුද්දෙන් කප නසී ල යි භතිමත් ව “ අහො දුක්ඛං, අහො දුඛං” යි යනාදීන් මහත් වූ කොලාහල කෙරෙති. මේ කොලා‍හ ල ය ‍ෙකළ ලක්ෂයක් සක්වළ මුළුල් ලෙහි බඹලොව ගසා පැතිර සිට්ටී මේ කල්ප කොලාහල නම. චක්රලවර්තී කොලාහල නම් කවර යත්:

චක්රලවර්තී රජකු උපදනාට පූර්වභාගයෙහි හවුරුදු සියයක් තිබියදී කාමාවචර දේවතා කෙනෙක් රන්වන් වූ සළුවක් හැඳ,රන්වන් වූ සළුවක් ඒකාංශ කොට ලා රන්වන් වූ සුවඳ විලෙවුන් ගෙන රන්වන් පලඳනා හා මිණි වොටුණු ධරා මෙසේ රජමඟුල් වෙසක් ගෙන චක්ර්වර්තීන් උපදනා මේ මඟුල් සක්වළ ම සතර මහා ද්වීප‍ය වටා ඇවිද “පින්වත් වූ ජනයෙනි! සියක් හවුරුදු ගිය කල සක්විති රජෙ‍ක් මේ සක්වළ උපද්දී; ඔහු උපන් කල රා පිය නො හැක්ක ; බොරු කිය නො හැක්ක; සොරකම් කළ නො හැක්ක; යමෙක් තමා රහසත් ‍ෙම් පස් පවින් නො කිරීමට දැන් පටන් අභ්යාොස කරව, පන්සිල් රකුව’ යනාදීන් ඔවා‍ තෙපුල් කිය කියා මුළු සකවළ වටා ඇවිදිති’

එ කල මේ මුළු සක්වළ වැසියෝ “ සියක් හවුරුදු ගිය සක් විති රජෙක් උපදී ල; සක් රුවනෙක් නැ‍ෙඟ් ල; චින්තාමාණික්ය රත්නය ද ආකාශයෙන් ඒ රජහුගේ දොරට තෙමේ ඒ ල; උපොසථ කුලයෙන් අස් රුවනකුත් ඒ ල; උතුරුකුරු දිවයින් අග බිසෝරුවනක් දෙවියෝ ගෙන දෙත් ල; ඒ පුත්රගයා සතිස් යොදනෙක ගැවසී සිටි රජහුගේ මහා සෙනාවෙහි හැම දෙනා රුචි රුචි වූ ඛාද්ය ‍ෙභාජ්යන හැමදෙනා කැමති කැමති වස්ත්ර හා ආභරණයන් දී මහ පිරිස සන්තොෂ වඩා ල; යො‍දනක් තැන නිධාන දක්නා දිවස් ඇති සිටු රුවනෙකුත් උපදී ල; ඒ සක්විති රජ හිරු සඳු සේ වූ ගමන් ඇත්තේ ල; සතර මහා ඍද්ධි ආදි වූ මහ පින් ඇත්තේ ල; යි මේ මුළු සක්වළ වැසියෝ සාධුකාර නාද පවත්වා මහත් වූ කොලා‍හල කෙරෙති . මේ චක්ර වර්තී කොලහාල නම. බුද්ධ කොලාහල නම් කවර යත්:

බුදු කෙනෙකුන් උපදනාට දහසක් හවුරුදු තිබියදී ශුද්ධාවස වූ දේවතා කෙනෙක් සුදු පිළියක් හැඳ සුදු පිලියක් එකාංශ කොට ලා සුදුමල් පැලඳ සුදු විලෙවුන් ගෙන ශුභ මඟුල් වෙසක් ගෙන “පිනිවත් වූ සත්ත්වයෙනි! මේ තැන් පටන් දහසක් හවුරුදු ගිය කල ලොවුතුරා බුදුකෙනෙක් ලොව ඉපැද දහම්වැසි වස්වා සසර ගිම් නිවා නිවන් පුරයෙහි දොර හරිති; ඒ බුදුන්ගේ බුදුරූ හා බුදු සිරි දක්නා සත්පුරුෂ කෙනෙක් පඤ්චානන්තය්ය්ුර්‍ කර්මසයන් නො කරව; මවුපියන්ට ආක්රොිශ පරිභව නො කරව; නියත මිත්යාබ දෘෂ්ටි නො ගනුව; පඤ්චශීල ව රක්ෂා කරව; අට මහ නරකයෙහි උපදනා පවු නො කරව; අරූතල අසංඥ තලයෙහි උපදනා ව්රනතයන් නො ගනුව; මෙ කී තැන උපන්නාහු බුදුන් නො දකිති; පන්සිල් පුරව; අ‍ට‍සිල් පුරව; ත්රිළවිධ වූ සුචරිත ධර්මයන් පුරව; ඒ බුදුන් දක්නා සේ පතව” යි යනාදීන් කන මී ඕනා සේ ප්රිඒය වූ තෙපුල් කිය කියා දසද දහසක් සක්වළ මනුෂ්යායෝ ද, දෙවියෝ ද, බඹුහු ද,මේ තෙපුල් අසා” දහසක් හවුරුද්දෙන් බුද්ධදිවාකරයෙක් නැ‍ඟේ ල; ලොව මොහාන්දකාර දුරු වේ ල; බොහෝ කලක් එළිව තුබූ අපාය මාර්ගයෙහි අකුල් හේල; බුද්ධාන්තර කාලයක් මුළුල්ලෙහි වල් ව පියා තුබූ නිවන් මාර්ග ය එකහෙළි ‍ෙව් ල” යි කිය කියා සන්තොෂ වූවාහු අත්පොළ සන් දී ඔල්වර සන් දී අසුරුසන් දී සාධනාද පවත්වා ඒ මා‍ගේ ස්වාමිදරුවාණන් දහසක් හවුරුද්දෙන් උපදිති යි යන බස් අසා දස දහසක් සක්වළ පාතාල ය පටන් බ්රඅහ්මාණ්ඩ ය ගසා එකඝොෂා කොට බුද්ධකොලාහල නම් වූ මහා පූජාවක් කෙරෙති. එසේ හෙයින් අර්හත් නම් වන සේක. මේ බුද්ධ කොලාහල නම.


මඬ්ගල කොල‍රාහල නම් කවර යත්:

බුදුන් මඬ්ගල සූත්රන ය දෙශනා කරන්නාට පූර්ව භාගයෙහි දොළොස් හවුරුද්දක් තිබිය දී එසේම කාමාවචර දෙවි කෙනෙක් ශුභ මඟුල් වෙසක් ගෙන මනුෂ්යරපථයෙහි ඇවිද “ පින්වත්නි! මෙයින් දොළොස් හවුරුද්දක් ගිය කල බුදුන් මඟුල් වදාරති! එ කල අසඬ්ඛ්යදයක් ප්‍ා් ණීහු අමාමහ නිවන් දකිති; තෙපි තෙපි ද මගුල් අසා නිවන් දැක සසරින් ගැළවෙව”යි ප්රිාය තෙපුල් කියති.

එ කල සත්ත්වයෝ “ දෙ‍ාළොස් හවුරුද්දක් ගිය කල මඟුල් අසා සසරින් ගැළවෙම්හ “ යි සාධූනාදයෙන් කොලාහල කෙරෙති. මේ මඬ්ගල කොලාහල නම. මොනෙය්යක කොලාහල නම් කවර යත්:

එසේ ම කාමාවචර දෙවි කෙනෙක් මනුෂ්යමපථයෙහි ඇවිද “ පින්වත්නි! මෙයින් සත් හවුරුද්දක් ගිය කල එක්තරා එක් මහණ කෙනෙක් බුදුන් කරා එක තැනට පැමිණ මොනෙය්ය් පිළිවෙත් නම් වූ බුද්ධකාරක ධර්මයන් විචාරති. එ කල බුදුහු මොනෙය්යම පිළිවෙතින් ධර්මදෙශනා කොට අසඬ්ඛයක් ප්රා්ණීන් සසරින් ගළවති. තෙපි තෙපි ද එදා සසරින් ගැළවෙවා” යි ඔවා‍ තෙපුල් කියති. එ කල සත්ත්වයෝ සාධුනාදයෙන් කෙලාහල කෙරෙති. ‍ෙම් මොනෙය්යෝ කොලාහල නම.

මේ පස් කොලාහලයන් අතුරෙන් බුද්ධ කොලාහල ය පහළවූ කල දස දහසක් සක්වල දිව්යහ බ්රපහ්මයෝ “ බුදු වන්නා වූ වීරපුරුෂයාණෝ කවරෙක් දෝ හෝ” යි සොයන්නාහු පාරමිතා ස‍ාගරයෙන් නැඟී තුසී පුරයෙහි ආයුඃ ශ්රීප වළඳා සද්ධර්මමශ්රී න් වැසපඤ්ච මහා පූර්ව නිමිත්යන් පහළවූ ලොකමතා වන් ඒ මාගේ බොධිසත්ත්වයන් දැක දසදහසක් සක්වළ දස දහසක් ශක්රසයෝ ‍ය. දස දහසක් සූයාමයෝය, දද දහසක් සන්තුෂිත දිව්යතයෝ ය, දස දහසක් පරනිර්මිත නම් දිව්ය රාජයෝ ය දද දහසක් සහම්පති මහා බ්රහහ්මයෝ ය, තෙසුහැම බ්රකහ්මරාජයෝ ය යි යනාදි මෙ කි දිව්යතරාජයෝ තමන් තමන්ගේ දිව්යහ පර්ෂද් සා සමඟ මේ මඟල් සක්වළ තුසිතපුරයෙහි රැස්ව මාගේ ස්වාමිදරු වූ සන්තුෂිත නම් වූ බුද්ධාඬ්කුරය‍ණන් වටා දෙ‍ාහොත් මුදුන් දී සිට:


කාලොයං තෙ මහ වීර -උප්ප‍ජ්ජ මාතුතුච්ඡියං

සදෙවකං තාරායන්තෝ -ඛුජ්ක්ධස්සු අමතං පදං-යි


යන මේ ගය කියා” ස්වාමීනි, බුද්ධාඬ්කුරයාණෙනි! සමතිස් පැරුම් පුරා සාරාසඬ්ඛ්ය කප ලක්ෂයක් ‍මුළුල්ලෙහි සංසාර යෙහි ‍ඇවිද පින් රැස් කළා වූ තොප විසින් ශක්ර් සම්පතක්, මාර සම්පතක්, බ්රකහ්ම සම්පතක්, චක්ර්වර්තී සම්පතක්, ප්ර ත්යෙ ක බොධි සම්පතක්, ශ්රාරවක බොධි සම්පතක්, එක කලෙක ත් ප්රාතර්ථනා නො කරනලද ඇස් මස් ලේ අඹු දරුවන් දන් දුන් නුඹ විසින් බුදුබව ම ප්රාමර්ථනා කරනලද; එසේ හෙයින් දැන් නුඹගේ පාරමිතාවෝ කුළු ගත්හ. පස් බුදු කෙනෙකුන්ගෙන් උතුම් වන ‍ෙම් මහා භද්ර කල්පයෙහි කකුසඳ ය, කොණාගමන ය, කාශ්යභප යයි තුන් බුද්ධාන්තරයක් ගොසින් දැන් මේ නුඹ බුදු වන්න‍ා වූ කාලය ය. බුදුන්ගේ චාරිත්රන වූ මවුකුසෙක පිළිසිඳ දෙවුමිනිසුන් සසරින් ගොඩ නඟා ලොවුතුරා බුදු ව නිවන්පුරව” යි මෙසේ ඒ දස දහසක් සක්වළ දෙවියෝ ආරාධනා කළහ.

එ කල මාගේ බෝධිසත්ත්වයෝ දෙවුබඹුන්ගේ ආරාධනා නො පිළිගෙන ම: කාලය , දීපය, දෙශ ය, කුලය, ජනෙත්ති ය, ආයුෂ ය, යන ‍ෙම් පඤ්ච මහා විලොකනයන් කළසේක.

පඤ්ච මහා විලොකනය නම් කවර යත්:


යම් කාලයෙක මනුෂ්ය යන්ගේ ආයු ලක්ෂයක් හවුරුද්දට බොහෝ වී නම් එ කල ජරා මරණ මඳ හෙයිනු ත්, රොගාන්තරා ය, බොහෝ නො වන හෙයිනු ත්, මනුෂ්යඑයන්ට දුක් මඳ වීමෙන් කුසල් සිත් මඳ වෙයි. තිලකුණු සලකුණු කරවා හැක්කන් සත්ත්වයාට ඩ මාර්ගඵල දී ලිය නො හැක්ක. මේ කාරණයෙන් ලක්ෂයක් හවුරුද්දට වඩනා ආයු කාලයෙහි බුදුන් නූපදනා හෙයින් ඒ බුදු වන්නට කාල නම් නො වෙයි.

තව ද යම් කාලයෙක මිනිස් ලොව ආයු සියක් හවුරුද්දට මඳ වී නම් ඒ හීන ආයු කාලයෙහි අකුශලයෝ බෙහෙව; කුසල ධර්මයෝ මඳ වෙති. හීනායුකාලයෙහි උපන් සත්ත්වයෝ කුසල් කරම්හ යි වරදවා අකුසල් කෙරෙති. කුසල් සිත සිතා අමායෙහි සිරිඟි ඕනාවුන් සේ අකුසල් කෙරෙති. කුසල් අස අසා‍ අකුසල් අසති. ඔවා තෙපුල් නො ගිවිසති. බණ කථා අසන කල දියෙහි ඇඳ ලූ රෙඛාව පසු පස්සේ මැකී යන්නා සේ ඇසු ඇසූ බණ සිතින් මැකීගෙන‍ෙයයි. මෙසේෙසත්ත්වයන්ගේ සිත්විකල හෙයින් මාර්ග ඵල දි ලිය නො හැක්ක. මේ මේ කාරණයෙන් සියක් හවුරුද්දට හීනායු කාලය ද බුදුන් ඉපැදීමට කල් නො වෙයි, බලන්නා වූ බොධිසත්ත්වයෝ එ කල මිනිස්ලොව එක්සිය විසි හවුරුද්දට ආයු දැක බුදුන් උපදනා කාල ය මේ යයි දුටුසේක. ‍ෙම් පළමු වනකල් බැලුම නම.


දීප විලොකන නම් කවර යත්:


මේ මෙඟුල් සක්වළ සත් දහසක් යොදුන් අපරගොයාන ද්වීප ය හා පන්සියයක් කොදෙවු දැක, අ‍ට දහසක් යොදුන් උත්තරකුරු ද්වීපය හා පන්සියයක් කොදෙවු දැක, සත් දහසක් යොදුන් පූර්ව විදෙහ දිවයින හා පන්සියයක් ක්ෂුද්ර ද්වීප දැක, දස දහසක් යොදුන් ජම්බුද්වීපය හා පන්සියයක් ක්ෂුද්රීද්වීප දැක, මෙසේ සතර මහාද්වීප හා දෙ දහසක් කොදෙවු දැක “මා බුදුවන ජාතියෙහි උප්පත්තිය‍ට කවර ද්වීපයක් උතුම් දෝ හෝ” යි පරීක්ෂා කොට අනන්තා පර්යන්ත වූ බුදුන්ගේ උප්පත්තිස්ථානය වූ ඒ ජම්බුද්වීපයෙහි උපදිමි” යි දුටුසේක. මේ දෙ වන දීප වි‍ලොකන නම. දෙස විලොකන නම් කවර යත්:

තව ද: ඒ ජම්බුද්වීප ය නම් දස දහසක් යොදුන; එයින් තුන් දහසක් යොදුන් තැන් සාගරයෙන් ගිලිණ. තුබූ තුන් දහසක් යොදුන් තැන් දඹදිව නම. මේ දඹදිව නම් සයානූකෙළක් පටුන් ගමින් හා නවානූලක්ෂයක් ද්රොණණ මුඛයෙන් හා ස පනසක් රුවන් ආකරයෙන් හා සමෘද්ධ වි ය. තව ද උත්තම කාලයෙහි එක්ලක්ෂ නවානූදහසක් පමණ රාජධානි ඇතියේ ය. මධ්යකම කාලයෙහි සුවාසූදහසක් හෝ තෙසැටදහසක් ශ්රීද නගරයෙන් හෙ‍ාබනේය. පශ්චිම කාලයෙහි එක්සියයක් පමණ රාජධානි ඇති ව මෙසේ සැදී එක මඟුල්ගෙයක් සේ ශොභ‍ාමත.

ජය ශ්රී් මහා‍ බොධි ය පිහිටි බොධිමණ්ඩලය නම් දඹදිවට නාභිමණ්ඩලයක් සේ මැද පිහිටියේ ය. එසේ වූ බොධිමණ්ඩල යට පූර්ව දිග්භා‍ගයෙහි සසියයක් ගවු ගිය කල කජංගල නම් නියම් ගමෙක් ඇත. එ ගමට නැ‍ඟෙනහිර ඉතා මහත් වූ ශාලාද්රැ‍මයක් ඇත. තව ද ඒ බොධිමණ්ඩලයට අග්නි දිග්භාගයෙහි සලලවතී නම් ගඬ්ගාවෙක් ඇත. තව ද ඒ බොධිමණ්ඩල යට දක්ෂිණ දිග්භාගායහි පන්සියයක් ගවු ගිය කල ශෙවත කර්ණාකා නම් නියම් ගමෙක් ඇත. තව ද ඒ බොධි මණ්ඩයට පශ්චිම දිග්භාගයෙහි ස සියයක් ගවු ගිය කල ථූන නම් මහබමුණුගමෙක් ඇත. තව ද ඒ බොධි මණ්ඩල යට උත්තර දිග්භාගයෙහි පන්සියයක් ගවු ගිය කල උශීරධ්වජ නම් පර්වතයෙක් ඇත. නැඟෙනහිර කි සල්ගස පටන් බටහිර කී බමුණු ගමට එක්දහස් දෙසියයක් ගවු ය. දකුණුදිග කී ශ්වෙත කර්ණිකාව පටන් උතුරුදිග කී පර්වතයට දහසක් පමණ ගවු ය. මෙසේ අයමින් තුන්සියයක් යොදුන් හා විතරින් දෙසිය පනසක් යොදුන් හා වටින් හා නව සියයක් යොදුන් තැන මධ්යන මණ්ඩල නම.

තව ද මේ බොධිමණ්ඩලයට පූර්ව දිග්භාගයෙහි හස්තිපුරය, මාතඬ්ග ය, සෞවී ර ය, සෞරාෂ්ට්ර ය, කාලිඬ්ග ය, සුප්ප‍ාරක යයි යන රුවන් ආකාර උපන්නා වූ උතුම් වූ මේ මහ නුවර සත් පිටියේ ය. තව ද මේ බොධිමණ්ඩලයට අග්නි දිග්භාගයෙහි සැවැත් නුවර ය, ජයතුරා නුවර ය, සාගල නුවර ය, කුසාවතී නුවර ය, රජහග නුවර ය, මියුලු නුවර ය, යන මේ මහ නුවර සය සලලවතී නම් ගඬ්ගාව දිශාවෙහි පිහිටියේ ය. තව ද මේ බොධිමණ්ඩලයට දක්ෂිණ දිග්භාගයෙහි අශ්ව පුර ය කුල සවුව ය, අයොද්ධ්යාන පුර ය, ඉඳිපත් නුවර ය, කුරුරට ය, බරණැස ය, කිඹුල්වත ය, යන මේ මහම නුවර සත් පිහිටියේ ය. තව ද මේ බොධිමණ්ඩලයට පශ්චිම දිග්භාගයෙහි සිංහපුර ය, අරිෂ්ට පුර ය, විශාලා මහා නුවර ය, කොසඹෑ නුවර ය, පැළලුප් නුවර ය, කර්ණණ ගෞඩ ය, දද්දර පුර ය යන මේ උතුම් සත් නුවර ථූන නම් බමුණුගම දිශාවෙහි පිහිටියේය. තව ද මේ බොධිමණ්ඩලයට උතුරු දිග්භාගයෙහි උත්තර පඤ්චාල නුවර ය, රොජය, වස්සාන ය, තක්සලා නුවර ය, කුසිනාරා නුවර ය, තාම්බ්රතපර්ණි නුවර ය, ගෞඩ දෙශ ය, ගන්ධාර දෙශ ය යි යන මේ අට මහ නුවර පිහිටියේ ය.

ෙම් පන්තිස් මහ නුවර මධ්ය මණ්ඩලයට, ඇතුළත් ම ය. ‍ෙම් මහ නුවර නම් චක්ර‍වර්ති රජුන් හා මහ ධන සිටුවරුන් හා මහෙශාඛ්ය් දෙවියන් හා අසූ මහසවුවන් පසේබුදුන් හා ලොවුතුරා බුදුන් හා මෙකී උත්තමයන්ගේ ම උත්පත්තිස්ථානයක.


මෙයින් පිටත් බංගාලය, අරමණ ය, වඟුරට ය, කොඬ්කණ ය, කඬ්ගුදෙස ය, සින්ධු ය, ඕහළ ය, නෙපාල ය, ගුර්ජ ය, තිංගුර ය, දොළුවර ය, කර්ණාට ය, ලාටා ය, පර ලාට ය, තිමිරදෙශ ය, කාකා ය, යවන ය, තුරඟ ය, අඳු ය, මඳු ය, කාම්බොජය, පූප්පොලය, කුරුකය, ඡත්තීශය, කර්ණාභාරය, චූඩය, වල්ලූරය මලයූර ය, පංඩූර ය, චීන ය, මහා චීන ය, කාශ්මිර ය, යොනක ය, බර්බර් ය, ශවර ය, වඩිගර ය, වීර ය, කල්යා ණ ය, පූරණ ය, චෝඩ ය, පාණ්ඩ ය, යනාදි මෙ කී දෙශ මධ්යයමණ්ඩලයෙන් පිටත් වූ ප්ර ත්යඩන්ත දෙශ නම. මේ දෙශවල බුද්ධාදීහු නූපදනාහුය.


එ‍ෙස් හෙයින් බුදුන් උපදනා වූ මේ මධ්ය මණ්ඩල ය නම් අනන්තාපය්ය්නර්න්දත වූ සක්වළට ද, මෙම සක්වළ නොකියන ලද සෙසු දිවයින්වලට ද, දෙවුලොවට ද, බඹලොවට ද වඩා මෙ ම මධ්යවමණ්ඩලය ම උතුම.

එසේ හෙයින් මාගේ ශ්රී මහා බෝධිසත්ත්වයෝ “උතුම් ළුූ මේ මධ්යවදෙශයෙහි ම උපදිමි’ යි දුටුසේක. මේ තුන් වන දෙස විලොකන නම.


කුල විලොකන නම් කවර යත්;


හැම සර්වඥවරයෝ ම ගොවි කුලෙහි හෝ වෙළඳ කුලෙහි නූපදනාහු ය. බ්‍රාහ්මණකුලෙහි හෝ ර‍ජකුලෙහි හෝ රජකුලෙහි උපදනාහු ය. යම් කලෙක රජදරුවෝ බමුණන්ට වඳිත් නම් එ කල බුදුහු බමුණු කුලෙහි උපදනාහු ය. යම් කලෙක බමුණෝ රජ දරුවන්ට වඳිත් නම් එ කල බුදුහු රජකුලෙහි උපදනාහු ය. එ‍ෙස් හෙයින් “බමුණූ කුලය උතුම් දෝ හෝ රජකුලෙහි උපදනාහු ය. එසේ හෙයින් “බමුණු කුලය උතුම් දෝ හෝ රජකුලය උතුම් දෝ හෝ’ යි මිනිස් ලොව බලා “දැන් රජ කුලය උතුමැ” යි දැක මෙ සමයෙහි දඹදිවු තෙලෙහි තෙසැට දහසක් රාජධානිවල තෙසැට දහසක් රජුන් අතුරෙන් කවර නම් රජෙක් “ බුදුකෙනෙකුන්ට පිතෘස්ථානයෙහි සිටිමි” යි කරනලද ප්‍රාර්ථනා ඇතිව කප් ලකෂයක් පැරුම් පුරා සිටියේ දෝ හෝ “ යි බලන්නා වූ මාගේබොධිසත්ත්වයෝ කපිලවස්තු නම් පුරයෙහි ශාක්‍යවංශ නමැති ප්‍රාසාදයෙහි නැඟු ජ‍යකෙතුවක් වැනි වූ උභයකුල පරිශුද්ධ ශුද්ධෝදන නම් නරපතිහු දුටුසේක.


එ රජ කෙසේ උභයකුල පරිශුද්ධ වී ද යත්? එහි පිළිවෙළ කථාව මෙසේ දතයුතු:

ප්රිථම අන්තඃකල්පයෙහි සූය්ය්:ර්‍ පුත්රි මහාසම්මත නම් ඔපපාතික රජෙක් වී ය. ඒ රජ මහාජනයාගේ සම්මතයෙන් පළමු වන අභිෂෙකතයට පැමිණ හෙයින් මහාසම්මත නම් වී ය. ඒ රජ තෙම හිරුරස් කලබක් බඳු වූ සියලඟ ආලොක ඇතියේ ය. ආකාශයෙහි පලක් බැඳ වැඩහිඳ සියලු ජනයන්ට අනුශාසනා කරන මහත්වූ ඍද්ධි ඇතියේය. විද්යා ධරයෝ සතරදෙනෙක් කඩුගෙන රජුට සතර දිග රකවල් ගෙන සිටිනාහ. ඔහු සියලඟින් නිකුත් දිවසඳුන් සුවඳ හාත්පිසින් සතර ගවුවක් තැන් පැතිර සිටි නේ ය. ඔහු බැණ නැඟි බස හා සමඟ මුඛයෙන් නිකුත් මහනෙල් මල් සුවඳ යොදනක් තැන් දිවෙ යි. මෙසේ වූ සතර මහා ඍද්ධීන් රාජ්යක ය කරන්නා වූ ඒ රජ ජරා විලිපිපලියක් නැති ව රොගාදි ව්යයයනයකුත් නැති ව පුත්රපදාරාදි සොකයකුත් නැති ව අසඬ්ඛ්යෙදයක් හවුරුදු මුළු දඹදිව රාජ්යුය කළේ ය. එ සමය නම් සියලු සතුන්ට ම අසඬ්ඛ්යෙ‍යායු සමය ය.

එ කල අකුශල ධර්මයෝ තමා ම නැත.එසේ හෙයින් කුශල ධර්මයන්ගේ නිෂ්කලඬ්ක භාවයෙන් සත්ත්වයෝ උපන්කල් නො දනිති. මියෙන කල් නො දනිති. ජරා විලිපිලි නැත. අජරාමරයන් වැනියහ. දෙවුලොව දෙවියන්ට පවා ආයු මඳ ය යි අපහාස කරන්න‍ාහ. එ‍ෙස් හෙයින් එකල මිනිස්ලොව දෙවුලොවටත්වඩා අ‍ායු සම්පත්තීන් වඩනේ ය. එ සමයෙහි සිවුපාවෝ, සිංහයන් රජ කළහ. පක්ෂීහු හංසයන් රජ කළහ. දියෙහි මස්හු, ආනන්ද නම් මත්සයා රජ කළහ. යටත් වසයෙන් කුරුකුහුඹූවෝ දක්වා තමන් තමන්ට රජුන් ඇත්ි කළහ. එහි විභාග ඒ ඒ ජාතක සූත්රාකදී පූර්වකථාවලින් බලා දතයුතු.

පසු ව ඒ මහාසම්මත රජහුගේ පිත් රොජ නම් රජ ද, එසේම අසඬ්ඛ්යෙපයයක් හවුරුදු ම රාජ්යුය කෙළේය. ඔහු පිත් වරරොජ නම් රජ ද, අසඬ්ඛ්යෙවයයක් හවුරුදු ම රාජ්යභය කෙළේය. ඔහු පිත් කල්යාරණ නම් රජ ද, අසඬ්ඛ්යෙ‍යයක් හවුරුදු ම රාජ්යරය කෙළේය. ඔහු පිත් උපොසථ නම් රජ ද, අසඬ්ඛ්යෙ‍යයක් හවුරුදු ම රාජ්යතය කෙ‍ළේය. ඔහු පිත් මහාමන්ධාතු නම් චක්රෙවර්ති රජ මහත් වූ ආඥ තෙජස් ඇති විය. ඔහු වමත හකුළුවා දකුණතින් අත් පොළසන් දී ආකාශ ය බලා‍ “දෙවියනි! මට මිනිස්ලොව සම්පත් නො කැමැත්තේය. මාගේ ආඥවක් ඇත්නම් මට දිව්යි සම්පත් දෙව’ යි හඬගා කීකල සියලු දෙවියෝ සුළං ගත් මහ වන යක්‍ ‍ෙස් වෙවුලා වෙන වෙන සත් රුවන් වැසි වස්වා වට සතිස් යොදනක් මානයෙහි දණ පමණ කටි පමණ රුවන් ගොඩ වල් පුරන්නාහුය. එ රජ මෙසේ මිනිස්ලොව බොහෝ කලක් සුව විඳ එම ආත්මභාවයෙන් දෙවුලොව නැඟී සතිස් ශක්ර කෙනෙකුනුගේ ආ‍යු පමණින් එක්සිය විසිනවකෙළ සැටසලක්ෂයක් හවුරුදු දිව්යමසම්පත් විඳ නැවත එ ම ආත්මභාවයෙන් මිනිස්ලොවට බැස ඒ ඇතුළු ව අසඬ්ඛ්යෙ යයක් හවුරුදු ම රාජ්ය ය කෙළේ ය.

ඔහු පිත් වරමන්ධාතු නම් රජ‍ ද, අසඬ්ඛ්යෙ.යයක් හවුරුදු ම රාජ්යාය කෙළේය. ඒ රජහු ඇමතියන්ට කැමති ව ප්රරසාද දෙමියි පාද ඝර්ෂණය කළ කල කැමති කැමති සම්පත් පයින් වැගිරෙයි. ඔහු පිත් වර නම් රජ ද, අසඬ්ඛ්යෙවයයක් හවුරුදු ම රාජ්යදය කෙළේ ය. ඔහු පිත් උපචර නම් රජ ද අසඬ්ඛ්යෙමයයක් හවුරුදු ම රාජ්ය ය කෙළේ ය. ඔහු පිත් චෙතිය නම් රජ ද, අසඬ්ඛ්යෙජයයක් අවුරුදු මස රාජ්ය ය කෙළේ ය. එ රජ පෙර තමා හා කැටිව එක ගුරුන් කෙරෙහි ශිල්ප උගත් කොරකළම්බක නම් බමුණ‍ාණන්ට අග්ර් පුරොහිත ස්ථානාන්තර දෙමි යි ඔවුන් බෑ කපිල නම් පුරොහිතයයන් බොරුවක් කියා බාල කොට, කොරකළම්බකයන් මහලු කොට ස්ථානාන්තර දෙමි යි නුවර සැළකළ කල, ඒ ඇසූ රාජ්යයයවාසීන් “බොරු නම් සුදු දෝ කළු දෝ හෝ රත් දෝ හෝ නිල් දෝ හෝ අද ඒ බලම්හ” යි රැස්වූ කල්හි කපිල නම් ම‍හාඍෂින් වළක්ව වළක්වා නො වැළක ලොවට බොරු උපදවා එ කෙණෙහිම මහ පොළොව ගැල ඡන්දයෙන් දුගතියට ගියේ ය. වදාළේ මැනෝ:

සා රාජා ඉසිනා සන්තො- අන්තලික්ඛෙ චරො පුරෙ,

පාවෙක්ඛි පඨවිං චණ්ඩො- හීනන්තො පත්තපරියායං - යි


බොරු ඉපැද වූ රජ ද නට. ඔහු විසූ නුවර ද නට. ඔහුගේ පුත්රූයෝ පස් දෙනෙක් වූහ. ඔහු කපිල නම් ඍෂීන්ගේ අනුශාසනා වූ පරිද්දෙටන් එක්කෙනෙක් බරණැසට පූර්වභාගයෙහි හස්ති පුරය කරවා විසූහ. එක්කෙනෙක් දක්ෂිණ දිග්භාගයෙහි අශ්ව පුරය කරවා විසූහ. එක්කෙනෙක් පශ්චිම දිග්භාගයෙහි සිංහ පුරය කරවා විසූහ. එක්කෙනෙක් පශ්චිමොත්තර දිග්භාගයෙහි දද්දර පුරය කරවා විසූහ. එක්කෙනෙක් උත්තර දිග්භාගයෙහි පඤ්ච‍ාල නුවර කරවා විසූහ. එහි විභාග චෙතිය ජාතකයෙහි බලා දතයුතු.

එ කල පළමු ව සියලු දුශ්චරිතයෙන් මෙසේ මුසා‍වාදය ලොව පහළ වී යයි දතයුතු. එතැන් පටන් දෙවියෝ රජුන්ට අරග් ගෙන නො සිටිනාහ. එ කල ඇමතියෝ උත්පත්ති දෙවියන් නො ලදින්, සංවෘති දෙවියන් අරක් ගන්වම්හ යි මල් රජ කුමරුවන් සතර දෙනකු කඩු දී අරක් ගෙන සිටුවා මුචලයෙන් අභිෂෙක කළහ. ඔවුන් සතර දෙනාගේ දරුමුණුබුරෝ සුවහස් ගණන් ඇතිව මහා ගණී ව වැස උපනූපන් රජුන් ආත්මරක්ෂාවෙහි නියුක්ත ව ගණවාසී රජහ යි පැවැත්තැ යි දතයුතු.


ඒ චේතිය රජු මහලු පිත් මුවල නම් රජ පිය රජහු පොළොව ගිලූ භයින් රාජධර්මයන් නො වරදවා අසංඛ්යෙියයක් හවුරුදු ම රා‍ජ්යවය කෙළේය. ඔහු පිත් මුචලින්ද නම් රජ ද අසංඛ්යෙුයයක් හවුරුදු රාජ්යයය කෙළේය. ඔහු පිත් සගර නම් රජ ද අසංඛ්යෙයයයක් හවුරුදු රාජ්ය්්ද ය කෙළේය. ඔහුගේ සැටදහසක් පමණ පුත්රියෝ මුළු දඹදිව වෙන වෙනම සැටදහසක් රාජධානි උපදවා වෙන වෙන ම චක්රමවර්තී ප්ර තිරූපයෙන් රාජ්යමය කොට මහාසම්මත වංශ නමැති මහලියයෙහි මල් පිපී වැනී ගියා ‍සේ රාජවංශ ය අසංඛ්යෙ ය ගණන් වර්ග කළහ. ඔවුන්ගේ වෙන වෙන වර්ග පරම්පරායෙහි දරුමුනුබුරු හා‍ රජහු කාලයක් ගිය කල ඔවුනොවුන්ගේ වර්ග විභාග නො දැක වෙන වෙන රාජවංශ ව්යනවහාර කළහ. මුලින් වූ කලී සියලු රජහු ම මහාසම්මත වංශයෝ යයි දතයුතු.

ඒ සැටදහසක් රජුන් අතුරෙන් සාගර නම් මහලු පිත් අසං ඛේයකයක් හවුරුදුම රාජ්යමය කෙළේය. ඔහු පිත් භරත නම් රජද අසංඛ්යේයයක් හවුරුදුම රාජ්යිය කෙළේය. ඔහු පිත් හගීරථ නම් රජ ද අසංඛ්යෙහයයක් හවුරුදුම රාජ්යළය කෙළේය. ඔහු පිත් රුචි නම් රජද අසංඛ්යෙමයයක් හවුරුදුම රාජ්යහය කෙළේය. ඔහු පිත් සුරුචි නම් රජද අසංඛ්යෙුයයක් හවුරුදුම රාජ්ය ය කෙළේය. ඔහු පිත් ප්රුතාප නම් රජද අසංඛ්යෙමයයක් හවුරුදුම රාජ්යහය කෙළේය. ඒ රජ බිසොව තමා දැක්ක දී සත්මැසි දම්පල් නම් පුත් කුමරුහු වඩාගෙන උස උන්හයි කිපි කුමරහට අසිමාල නම් වධ කරවා ලොවට ප්රානණඝාත ඉපැද වීය. එ කෙණෙහි ඔහු ද මහ පො‍ළොව ගැල අවීචි මහනරකයෙහි හෙළී ය. එ කල ප්රා ණඝාත ය පහළ වී යයි දතයුතු.

උපන් උපන් අකුශල ධර්මයන් නැවත නැවත අන්තර්ධාන වන ‍හෙයින් නැවත නැවත රජුන් ධර්මයෙන් ම වසන හෙයින් රජුන්ගේ ආයු වූ කලී අඩු නො වේ ම ය. ක්ර මක්රගමයෙන් රජහු වර්ණයෙන් අඩු වූවාහු ය යි දතයුතු.

ඒ මහ‍ො ප්රුතාප නම් රජහු පිත් පනාද නම් රජ ද, අසංඛ්යෙපයයක් හවුරුදු ම රාජ්ය ය කෙළේය. ඔහු පිත් මහා පනාද නම් රජද සත්දෙවු රජහුගේ නියෝගයෙන් අවුත් මිනිස්ලොව ඉපැද සත්රුවන්මය පායෙක සදහසක් නළුවන් හා සමඟ අසංඛ්යෙදයයක් හවුරුදු ම රාජ්යුය කෙළේ ය. වදාළේ මැනෝ.

පනාදො නාම සො රාජා - යස්සයූපො සුවණ්ණයො, තිරියං සොළස උබ්බෙධො- උච්චමාහු සහස්සධා.

සහස්සඛණ්ඩො සතභෙද‍ා- ධජාලූ භරිතා යූතො, අනච්චුං තත්ථ ගන්ධබ්බා - ඡ සහස්සානි සත්තධා-යි


ඒ මහා පනාද නම් රජහු පිත් සුදරුශන නම රජ ද, අසඬ්ඛ්යෙුය යක් හවුරුදු ම රාජ්යසය කෙ‍ෙළ්ය. ඔහු පිත් සුදර්ශන නම් චක්රඛවර්තී රජ ද, සත්රුවන්මය වූ දොළොස් යොදුන් මහ නුවරේ ක දි අසංඛ්යෙතයක් හවුරුදු ම රාජ්යයය කෙළේය. ඔහු පිත් නෙරු නම් රජ ද අසංඛෙයක් හවුරුදු ම රාජ්ය්ය කෙළේය. ඔහු පිත් මහානේරු නම් රජ ද අසංඛ්යෙමයක් හවුරුදු ම රාජ්යුය කෙළේය. ඔහු අච්චිමන්ත නම් රජ ද අසංඛ්යේයක් හවුරුදු ම රාජ්යළය කෙළේ ය.

මෙසේ මහාසම්මත ය,රොජ ය, වර ‍රොජ ය, කල්යා ණ ය, වර කල්යා‍ණ ය, උපොසථ ය, මුචලින්ද ය, සගර ය, සාගර ය, භරත ය, භගී රථ ය, රුවි ය, සුරුචි ය, ප්රයතාප ය, මහා ප්ර්තාප ය, පනාද ය, මහා පනාද ය, සුදර්ශන ය, මහා සුදර්ශන ය, නෙරු ය, මහා නෙරු ය, අච්චිමන්ත ය යි අසංඛ්යෙදයක් හවුරුදු ම රාජ්යරය කළා වූ මේ රජහු අටවිසි දෙන ම කුසාවති නුවර ය, රජහගා නුවර ය, මියුලු නුවර ය යි මේ උතුම් තුන් නුවර ම රාජ්ය්ය කළහ. කි‍ෙය් මැනෝ:

අසංඛියායුක‍ා එතෙ- අට්ඨවීසති ඛන්තියා,

කුසාවතිං රාජහං- මිථීතඤ්චාපි ආචසුං- යි

එ තැන් පටන් රජහු වර්ණණයෙන් ද, ආ‍යුෂයෙන් ද අඩු වූහ යි දත යුතු.

කෙළවර කි අච්චිමන්ත රජහු‍ෙග් දරුමුණුබුරෝ අසංඛ්යෙියායු නො ලදින් කෙළනණන් හවුරුදු අ‍ායු වළඳා ලක්ෂයක් රජහු ම පරම්පරාවෙන් රාජ්යණය කළහ. ඔවුන් කෙළවර සගර නම් රජහු පිත් මඛාදෙව නම් රජෙක් විය. ඒ රජ දෙ ලක්ෂ දෙ පනස් දහසක් හවුරුදු ආ‍යු වළඳා මියුල් නුවර හිඳ රාජ්ය ය කරන කල පළමු වන නරකෙස ඕහට පහළ විය. එ රජ නර කෙස දැක අනිත් ලකුණු උපදවා නරකෙස පෑ කපුවාට ගම් වර දී, තමා‍ෙග් මඛාදෙව නම් පුතුට රාජ්යපය දී , මහණ ව මඛාදෙව නම් උයනදී සුවාසූදහසක් හවුරුදු තපස් කොට බ්රහහ්ම ලොකයෙහි උපණ, වදාළේ මැනෝ;


උත්තමංගරුහා මය්හං - ඉමෙ ජාතා වයොභරා,

පාතුභූතා දෙවදූතා- පබ්ඛජ්ජා සමයො මම- යි


එ රජුහු පටන් මහ‍ ාසම්මතවංශ නම් පෙරළී මඛාදෙව වංශ නම් වී ය. ඒ වංශයෙහි දරුමුනුබුරු පරම්රාවෙහි සූවාසූදහසක් මඛාදෙව රජහු ම පළමු නරකෙස දැක පෙර රජුන් කළ සිරිත් නො වරදවා මස රාජ්යුය හැර ගොස් තපස් කොට බ්රසහ්ම ලොකයෙහි උපන්හ. තුන් ලක්ෂ සතිස් දහසක් හවුරුදු බැගින් ආයු ත් වැළඳූහ. පසු ව රජහු ජරා විලි පිලි බොහෝ සේ දැක්මෙන් තපසට නො ගියහ. එ‍ෙස් හෙයින් ඒ මඛාදෙව වංශ නම් පෙරළී කෙළවර කාළාර ජනක රජහු පිත් අශොක නම් රජෙක් වී ය. ඔහු පිත් ප්රාථම ඔක්කාක නම් රජෙක් වී ය. එ තැන් පටන් මඛදෙව වංශ පෙරළී ඔක්කාක වංශ නම් විය. ඒ වංශයෙහි කුස රජ ය, දිලීප ය, රඝු ය, අජ ය, දශරථ ය, රාම ය යනාදී ලක්ෂයක් ඔක්කාක රජදරු වෝ ම පනස් දහසක් හවුරුදු ය, සමහරු සතළිස් දහසක් හවුරුදු ය, සමහරු තිස් දහසක් හවුරුදු ය, සමහරු විසි දහසක් සමහරු සො‍ෙළාස් දහසක්, පසළොස් දහසක්, දස දහසක්, පන් දහසක් යනාදි වශයෙන් බැස බැස ආයු වැළඳූහ.දශරථ ජාතකයෙහි වදාළේ මැනෝ:

දසවස්ස සහස්සානි - සට්ඨිංවස්සසකතානි ච,

කම්බුගීවො මහාබාහු- රාමො රජ්ජමකාරයි -යි


තව ද ඒ ලක්ෂයක් රජුන්ගෙන් කෙළවර ද්වීතීය ඔක්කාක නම් රජෙක් විය. ඔහු‍ෙග් පරම්පරාවෙහි උදය, භද්ද ය, ධනඤ්ජ ය, කොරව්ය ය, වෙදෙහ ය, සඤ්ජය ය, වෙස්සන්තර ය, ජාලිය ය, සිංහ වාහනය ය යනාදි වූ ලක්ෂයක් රජුහු රාජ්ය ය කරන්නාහු දස දහසක් හවුරුදු පටන් මෑත කණිෂ්ඨ වූ ආයු වළඳා රාජ්යුය කළහ. ඒ වංශයට කෙළවර සුජාතා නම් රජහු පිත් අම්බට්ඨ නම් වූ තෘතීය ඔක්කාක නම් රජෙක් වි ය. ඒ රජහුගේ හස්තා ය, චිත්රාජ ය, ජන්තු ය, ජාලිනී විශාඛා යයි යන පන්සිය පුරස්ත්රිකන්ට නායක වූ අගමෙහෙසුන් බිසෝවරු පස්දෙනෙක් වූහ. උන් පස්දෙනා කෙරෙන් හස්තා නම් බිසොවු උල්කාමුඛ ය, කලකණ්ඩුක ය, හස්තිනීක ය, සිරිනිපුර ය යන පුතුන් සතරදෙනකු හා ප්රිකයා ය, සුප්රිමයා ය, න්නදා ය, විජිත‍ා ය, විජිතසෙනා යයි දූවරු පස්දෙනෙකු හා සමඟ රජු හා එක්වැනි වූ දරුවන් නවදෙනෙකු වදා මෙසේ ඒ රජ අනික් යෞවන ස්ත්‍ි දයක අගමෙසින් කෙළේ ය.


එ බිසෝ ද රජුට ජන්තු නම් පුතකු වදා එ කුමර උපන් පස් දවසින් නාවා මලින් සරහා මල්දමක් සේ කුමරු දෑතින් ගෙන “හිමි! තොප පුතු රූසිරි බලව” යි රජු අතට වඩාලුව. රජ තමා ගිය යොවුන්

කල ලත් පුත්ර“යා හෙයින්මහත් වූ ප්රෙූමයෙන් සිඹ සනසා පෙම්වතුරු රඳවාගත නො හෙනුයේ බිසොවුන් මූණ බලා “ මෙ වැනි පුත්රුවනක් වදා දුන් තිට සිත්කලු වූ වරයක් දෙමි; දැන් ම හැරගනැ” යි කී ය. එ කෙණෙහි බිසෝ සතුටු ව “මා කැමති විටෙක ඉල්වා ගන්මි”යි එ විට නො ගෙන පසුව පුතු වැඩුනු කල්හි “හිමි! මට අන් වරයෙකින් කම් නැත, තොප මට නුදුන් රුවනෙනක් නැත; මපු තුට රජය දෙව” යි කිව. එ බසට රජ කිපී “කෙල, චණ්ඩාල දුව!කප්රුක් සේ ම ඉ පුතුන් සතර දෙනෙකු දිලියෙමින් සිටිය දී තී පුතුට රජය ඉල්වයි ද මපුතුන් මරනු කැමතියෙහිදැ” යි බණ නුයේ සිරියහන් ගෙට වන.

තව ද: මෙයින් කීප දවසක් ගිය කළ රජු හා සමඟ ප්රියයකථා වේලෙහි “රජදරුවන් නම් බොරු කිය නො හැක්ක. පෙර බොරු කී රජකු පොළොව ගිලී යයි නො ඇසූ විරූ ද, තොප වැනි ධර්මිෂ්ඨ වූ රජුන් බොරුබස් කියනු ඉතා නො යෙදෙ යි. කැමති වරයක් දෙමි යි පළමු කියාලා දැන් මා කැමති ව ඉල්වූ වරය නො‍දෙති” යි රජහ‍ට නො එක් වර නින්දා බැණ රජ ය ඉල්ව යි. එ කල බොරු කීව යි යන බසට පිළිකුල් කරනුයේ තමාගේ මාලු පුතුන් සතර බෑයන් ගෙන්වා “දරුවෙනි! තොපගේ මේ ජන්තු නම් මල් කුමරුවාට නො සලකා රජය දිනිමි, මා ඇති සමයේ ඒ ජන්තුවා ම රජය කෙරෙයි. මා නැති කල තොපගේ රජ ය තොපට ම දිනිමි. ස්ත්රී නම් මායම් දනිති. තෙපි මෙ නුවර නො රඳා මාගේ වල්විදුනාව හා නළල්පට හා මඟුල් කඩුව හා රන් මරවැඩි හා දළපුඩු සේලසත හා මේ පඤ්ච කකුධ භාණ්ඩයන් පමණක් තිබියදී තොප කැමති කැමති සෙනග හා කැමති කැමති පමණ රුවන් ගෙන මෙයින් ගොස් අනික් තෙනක වසව” යි කියා පුතුන් සතරදෙනා සිඹ සනහා වැලප රජු සමු දින.

එ කල ඒ රජකුමරුවෝ සතරදෙන පියරජහු වැඳ සමුගෙන කැමති කැමති පමණ රුවන් ‍ෙගන කැමති කැමති පිරි්ස ගෙන නුවරින් නික්මුණාහ. රජුහුගේ දූ පස්දෙන ද එ පවත් අසා “අප මල් කුමරුවන් රටින් යන කල අපි කවුරුත් බලා රඳමෝ දැ” යි තමන් තමන් කැමති පිරිවර හා සැපත් ගෙන නික්මුණා හ.


එ කල මුළු නුවර අසුරයන් වන් ශක්ර පුර ය සේ ඇළලී ගි ය. අපගේ රජහුගේ දරුවෝ රටින් යෙත් ල; මතු අවුදින් රජය ගනිත් ල; උන් හා කැටිව දැන් අපි නො ගිය‍මෝ නම් මතු රාජවල්ලභ විය නො ඩ හැක්කැ යි සුවහස් ගණන් මහ ඇමැතියෝ නික්මුණහ. බ්රා හ්මණ සාරයන් හි ධන සිටුවරු සියගණන් නික්මුණාහ. මහ වෙළඳනා වරුන් හා මාලේනාවරු දහස් ගණන් නික්මුණාහ. පළමු වන දවස‍ට සතර ගවුවක් තැන් පිරී සිට ගත්හ. දෙවන දවසට අට ගවුවක් තැන් ගලා ගත්හ. තුන් වන දවසට දෙ‍ාළොස් ගවුවක් තැන් අවකාශ නැති ව පිරි සිට ගත්තා වූ මහ පිරිස් වි ය. ඉක්බිත්තෙන් රජකුමරුවෝ මේ සා මහත් පිරිස් හා සමඟ නුවරින් නික්ම බරණැසට අග්නි දිග්භාගයෙහි යොදුන් ගණනක් ගොස් ඔවුනොවුන් හා සමඟ කතා කරන්නාහු: “අපගේ බළ සෙනග මහත, මේ දඹදිවින් කැමති රජයක් උදුරාගෙන එහි රජ කරමෝ නම් ඉතා බැරි නො වෙයි. අනික් රජකු අනුභව කළ රාජ්ය යෙක් නම් අපගේ ඔක්කාක වංශයට සුදුසු නො වෙයි. අනුන් සතු දෙය උදුරා ගැන්මත් රාජධර්මයක් නෙ‍ා වෙයි. මිනිසුන් නැති මහා වන මධ්යරයෙක නුවරක් කරවා වැවු අමුණූ බඳව‍ා කෙත්වත් තනවා ධර්මිෂ්ඨ වූ යෙම් වාසය කරම්හ” යි මෙසේ වූ මන්ත්රුණය කොට එලක් බිමෙක මහ සෙනඟ රඳවා ඇමැතියන් හා සමඟ නුවරකට සුදුසු බිම් බලන්නාහු ය. එ කල මාගේ ශ්රීම මහා බොධිසත්ත්වයෝ කපිල නම් තාපස ව එක් විලකට නුදුරු තැන බොහෝ ශාඛාද්රැපමයෙන් යුක්ත වූ වන මධ්ය යෙක පන්ලක් කරවා ඝොර වූ තපස් කරන දෑ ය. වල ඇවිදුනා රාජකුමාරයෝ බෝධිසත්ත්වයන් දැක වැඳ එකත්පස්ව සිටියාහු ය. එ කල බෝසතාණෝ මොහු ඔක්කාක රජ දරුවෝ යයි හැඳින ගෙන “දරුවෙනි! මේ කෙසේ වූ අසරණ ගමනෙක් ද: කමක් සොයා වල ඇවිදු දැ’ යි විචාල දෑ ය. රජ කුමරුවෝ තමන් රටින් ආ පවතු ත් නුවරක් කරවාගන්නට සුදුසු බිම් බලන පරිදි ත් බෝසතුන්ට කීහ. ‍ඒ ජාතියෙහි බොධිසත්ත්වයෝ භූමිවිජය නම් ශිල්පයක් දැන ආකාශයෙහි අසූ රියනෙක හා පොළොවෙන් අසූ රියනෙක හා ලක්ෂණ දන්නා දෑ ය. ඒ වෙනෙහි එක් බිමෙක තෘණ ලතාවෝදක්ෂිණාවර්ත ව නැමී සිටිවනාහු ය. කැණවිලන් බා දිවන්නා වූ සාවුන් හා මීවින්නෝ එ බිමට අවුත් වැද පෙරළී නැමි කැණවිලන් ලුහුබඳවා ගනිති. නයින් දැක දිවන්නා වූ මීයන් හා මැඩියෝ එ තැනට වැද භය නැති ව ගොස් පෙරලී නයින් ලුහුබඳවා ගනිති. දිවියන් දැක මුව පොල්ලෝ එ තැනට වැද පෙරලා දිවියන් ලුහුබඳවා ගනිති. චක්රමවර්ති රජුන් හෝ ලොවුතුරා බුදුන්හෝ උපදනා බිමෙක, මතු අපවත් නුඋව මැනැවැ”යි සිතා එ බිම පන්සලක් කොට වාස ය කරන සේක. එ දා ඒ රජකුමරුවන් කී බස් අසා “දරු වෙනි! නුවරක් කැමතියා නම් මාගේ මේ පන්සල් භූමිය ගනුව. මෙ බිම වසන චණ්ඩාලයෙක් වී නමුත් චක්රුවර්ති පිරිසක් පරදවා පියන ආඥ ඇත්තේය . මතු මේ භුමියෙහි උපදනා වූ පුරුෂයෙක් මුළු ලෝ වැසියන් විසින් සත්කාර ලබයි” කියා භූමිය වර්ණණා කොට පන්සල් බිම දීලා ‘තොප මට කරන උපකාර නම් මෙ නුවර නිමි කල මාගේ කපිල නම් තබව” යි කී දෑ ය. ඉක්බිත්තෙන් රජකුමරුවෝ එ තැනට නුදුරු තෙනක පන්සලක් නිමවා බෝසතුන්ට පිළිගන්වා ඒ මහ වනය මුල්සිඳුවා ඒ පන්සල් බිම මහත් වූ මාලිගාවක් කරවා පවුරු පදනම් දොරටු වීථී අ‍කටලු ආදියෙන් එ නුවර නිමවා කපිලවස්තු නමැයි තාපසයන් නමින් නුවර‍ට නම් තබා ඔවුනොවුන් හි සමඟ කථා කරන්නාහු: “අපි ඉදින් කියා යවුමෝ නම් මෙ දඹදිවු තෙලෙහි අපට සරණක් නො එවන රජෙක් නැත. එ‍ෙස් ජාතිසම්භෙදයක් වී නම් අපගේ ඔක්කාක වංශයට කිලුටු ය. අපගේ නඟුන් පවා දෙන්ට සුදුසු අනිත් රජෙකුත් නැත. ඥති සම්භෙදයට වඩා ජාතිසම්භෙදයක් නො වීම ම උත්තම යැ” යි හැමදෙනාට වැඩිමාලු වූ ප්රිතයා නම් බුහුනැණියන් මවු තනතුරෙහි තබා සතර බෑයෝ තමන් තමන්ට කුඩා‍ නගුන් අගමෙහෙසියන් කොට රක්ෂා කළහ. ඒ බිසෝවරු සතරදෙනා ම දුන් අට අට දෙනා හා පුතුන් අට අට දෙනා හා බැගින් සුසැටක් දරුවන් වැදූහ. එ කල පිය මහා රජ්ජුරුවෝ ‍මෙ පවත් අසා “ ම දරුවෝ රටින් ගොසිනුත් ජාතිසම්භෙදයක් නො නොකළාහු යැ”යි සාධුනාද පවත්වා “සක්යෙ‍ වත භො රාජකුමාරා; පරම සක්යස වත භො රාජ කුමරා”යි ප්රීකතීන් තුන් යළක් උදාන ගායනා කළහ.


අම්බට්ඨ නම් ඔක්කාක රජු කළා වූ ප්රී්ති උදානය ගෙන එතැන් පටන් වංශය නම් පෙරළී අම්බට්ඨ ශාක්යය වංශ යයි මේ නමින් ප්රීසිද්ධ විය.


මෙසේ ඒ ශාක්ය වංශයෙහි රජුන් එ ම කිඹුල්වත් නුවර දෙලක්ෂ තෙවිස් සත්සිය එකුන් සැත්තෑවක් රාජපරම්පරා ගිය කල කෙළවර බුදුකෙනෙකුන්ට මුතුන් වන පින් ඇති ජයසේන නම් රජහු පිත් සිංහබාහු නම් රජෙක් වි ය. ඔහුගේ කසයින් නම් අගමෙහෙසින් බිසොවුන් වැදූ දරුවෝ ශුද්ධොදනය අමිතොදන ය, ධොතොදන ය, සුක්කොදන ය, ඝටිතොදන ය යි පුතුන් පස්දෙනෙකු හා අමිතාවෝ ය, පාරලී ය යි යන දූන් දෙදෙනෙකු හා මෙසේ දරුවෝ සත් දෙනෙක් වූ හ. එයින් ශුද්ධෝදන නම් කුමරු වැඩී පියරජහු අයාමෙන් කපිලවස්තු පුරයෙහි දශරාජ ධර්මයෙන් රාජ්යර ය කෙරෙයි.

එ කල මාගේ බොධිසත්ත්වයෝ තුසීතපුරෙහි වැඩහිඳ දෙවියන් කළ ආරාධනාවෙන් මිනිස්ලොව බලා මහ‍ාහසම්ම්ත රජහු පටන් ශුද්ධෝදන රජහු දක්වා ක්රහමයෙන් රාජ්යු ය කළා වූ සත්ලක්ෂ සත් දහස් සත්සිය සතානූවක් මහාසම්මත වංශයෙහි වූ හිරු ගොත් රජුන් දැක “මේ රාජවංශ ය මාගේ උත්පත්තියට උතුම් වෙයි. කාරණා කිම යත්:— මේ රාජවංශයෙහි පාරමිතා පුරා සංස‍ාරයෙහි ඇවිදුනා වූ මම් ම පළමුවන මහාසම්මත නම් රජ ව උපන්නෙමි; මහාමන්ධාතු න්ම චක්රනවර්ති රජ ව උපන්මි; මහා සුදර්ශන නම් චක්රමවර්තී රජ ව උපන්මි; මඛාදෙව නම් රජ ව උපන්මි; නිමි රජ ව උපන්මි; කුස රජ ව උපන්මි; රාම රජ ව උපන්මි; උදය භද්ද රජ ව උපන්මි; මහිංසක නම් රජ ව උපන්මි; කට්ඨාරි නම් රජ ව උපන්මි; මහාසීලව නම් රජ ව උපන්මි; චූලජනක නම් රජ ව උපන්මි; මහා ජකන නම් රජ ව උපන්මි; චුල්ලපදුම නම් රජ ව උපන්මි; මහාපදුම නම් රජ ව උපන්මි; චුල්ලසුතසොම නම් රජ ව උපන්මි; මහා සුතසොම නම් රජ ව උපන්මි; පඤ්චායුධ නම් රජ ව උපන්මි; ධර්ම නම්රජ ව උපන්මි; සතභාතුක නම් රජ ව උපන්මි; සහස්සභාතු නම් රජ ව උපන්මි; ධර්මිෂ්ඨ නම් රජ ව උපන්මි; භාගිනෙය්ය නම් රජ ව උපන්මි; රාජොවාද නම් රජ ව උපන්මි; අලීනචිත්ත නම් රජ ව උපන්මි; වේදෙහ නම් රජ ව උපන්මි; අසදෘශ නම් රජ ව උපන්මි; සක්කදත්තිය නම් රජ ව උපන්මි.

තව ද ගන්ධාර නම් රජ ව උපන්මි; මහා‍ ගන්ධාර නම් රජ ව උපන්මි; ආසදාමුඛ නම් රජ ව උපන්මි; සුද්ධභොජන නම් රජ ව උපන්මි; අනිත්ථිගන්ධ නම් රජ ව උපන්මි; කුරුධර්ම නම් රජ ව උපන්මි; ඝත නම් රජ ව උපන්මි; ධර්මපාල නම් රජ ව උපන්මි; දීඝායු නම් රජ ව උපන්මි;


මහාදීඝායු නම් රජ ව උපන්මි; තව ද: සුසිම නම් රජ ව උපන්මි; කුම්මාසපිණ්ඩ නම් රජ ව උපන්මි; පරන්තප නම් රජ ව උපන්මි; උදය නම් රජ ව උපන්මි; භරත නම් රජ ව උපන්මි; තව ද සාද්ධී න නම් රජ ව උපන්මි; සිවි නම් රජ ව උපන්මි; මහාසිවි නම් රජ ව උපන්මි; සොමනස්ස නම් රජ ව උපන්මි; අයොඝර නම් රජ ව උපන්මි; තව ද අලීනසන්තු නම් රජ ව උපන්මි; අරින්ද නම් රජ ව උපන්මි; තෙමිය නම් රජ ව උපන්මි; චන්ද්රි නම් රජ ව උපන්මි; එකුන්විසි වාරයක් නම් රජ ව උපන්මි; කෙළවර මහා වෙස්සන්තර නම් රජ ව ඉපැද සත්වාරයක් මහපොළොව ගුගුරුවා මහදන් වතුරු කොට පැරුම් කුළු ගෙන අවුත් මේ තුසිත පුරයෙහි සන්තුෂිත නම් දිව්ය්රාජයන් ව උපන්මි; මේ මේ කාරණයෙන් මාගෙන් ම අලඬ්කෘත වූ, මාගෙන් ම ශ්රී මත් වූ, මාගේ ම මේ මහා සම්මත වංශයෙහි කෙළවර උපන්නා වූ යට කී උභය කුල පරිශුද්ධ ශුද්ධෝදන නම් රජතෙම බුදුකෙනෙකුන්ට පිතාස්ථානයෙහි සිටිමි යි පින්කොට කප්ලක්ෂයක් පිරූ පාරමිතා ඇත්තේ ය යි බල‍ා සනිටුහන් කළ සේක. මේ සතර වන කුල විලොකන නම.


තව ද: බුදු කෙනෙකුන් මව කප් ලක්ෂයක් පැරුමු පුරා කරන ලද ප්රාබර්ථනා ඇත මැනව. උභය කුල පරිශුද්ධ වුව මැනව. උපන් තැන් පටන් පස්පවු නො කළ මැනව. එක රජක් හට ම පතිව්ර්තා ධර්මයෙන් රක්ෂා කළ මැනව. මේ ආදී ගුණගණාඬ්ගයෙන් පිරුණා වූ මට මවුන්ට සුදුසු වූ උත්තම ස්ත්රිගයක් කවරදෝ හෝ යි මිනිස් ලොව බලා පරීක්ෂා කරන්නා වූ මාගේ බෝධිසත්ත්වයෝ කොළය නම් නුවර මහා සුප්ර බුද්ධ නම් අනුශාක්යො රජුට දූ ව, එම මහාමායා නම් දේවී බුදු කෙනෙකුන් වදමි යි ප්රාොර්ථනා කොට අව; ඕ තොමෝ මට දැන් මවු වන්නිය යි දුටුසේක.

ඒ මහාමායා දේවීන් උභය කුල පරිශුද්ධ වූ පරිදි කෙසේ ද යත්:— යට‍ කී මහාහම්මත ය, මඛාදෙව ය,ඔක්කාක ය යන තුන් පරම්පරාව ගොස් ශාක්යීවංශයට උත්පත්තිස්ථාන වූ කපිල නම් පුරෙහි තුන්වන ඔක්කාක රජුගේ දරු වූ සිවුබෑ රජුන් නඟුන් රක්ෂා කොට ජාතිසම්භෙදයක් නො කොට රජ ය කරන කල හැමදෙනාටම බූන් වූ බිසොවුන්ට ස්වේතකුෂ්ඨ නම් රෝගයක් ඇති ව සකල ශරීර ය සුදු ව කොබලීල මල්පෙත්තක් සේ වී ය. එ කල රජ දරුවෝ ඔවුනොවුන් හා සමඟ මන්ත්රණ ය කරන්නා හු “මොවුන්ට ඇතිවූයේ පාපරොගයෙක. මේ රෝගය නම් කැටි ව කෑවන් කරා යෙයි. දුටුවන් කරාත් යෙ යි. එක ගෙයි වසනනුවන් කරා ත් යෙ යි. මතු අප ඇමදෙනාට ත් මේ රොගය බෙදී යෙ යි” කියා තමන් තමන් කෙරේ භය ඇති ව දවසක් උයන් කෙළියට යම්හ යි කියා බූනැණියන් රථයක‍ට නංවා කඩතුරාවෙකින් වසා ගඟ ඔස්සේ ගොසින් එක් වන මධ්යටයෙක මහත්කොට වළක් බිඳුවා, වළ යට ය‍ානක් අතුරුවා, දිය දර ලුණූ ඇඹුල් වළන් සාල් ගිනි ආදි ය වළ යට පටවා, බූනැණියන් ඒ ලවා, වළ මතුයෙහි පුවරු අතුරුවා‍ පස්මේ කරවා කඳුළු මුසු මුහුණින් ගියහ. එ කල දේවී වළ යට දී ම පිස කා ජීවිත ය රකියි.

මෙසේ වසන කල දඹදිව රාම නම් රජකුට ද ඒ කුෂ්ඨ රොගය ඇති වි ය. බිසෝවරු ද නාටකස්ත්රීරහු ද ඔහු ලඟට පිළිකුල් ඇති ව නො වදිති. ඒ රජ මහත් වූ ලජ්ජා ඇති ව තිලකුණු මෙනෙහි කොට පුත් කුමරුවාට රජය දී තෙමේ “වළ හෙව එ කලාව මිය යෙමි”යි ඒ වලට වැද ඒ ඒ තැන්හි ඇවිදුනේ ක්ෂුධාව ඉවසා ගත නො හීය දුටු යම් ම ගසෙක පොතු ය, මුල් ය, මල් ය, කොළ ය, ඵල ය යනාදීන් අනුභව කෙළේ ය. එකල ඒ ‍ඖෂධ බලයෙන් කුෂ්ඨ රෝග ය සන්සිඳී රජුගේ සර්වාංගය ම රන්කඳක් සේ වි ය.


ඉක්බිත්තෙන් ඒ රජ වාසයට සුදුසු තැනක් බලනුයේ එක් තෙනක මහ සිදුරු ඇති කොළොම් ගසක් දැක මෙහි යට වෙසෙම් නම් වගුන්ගෙන් භය නැතැයි සිතා ඉණක් ලාගෙන ගස උඩට සොළළොස් රියනක් නැඟී කවුළුදොරක් කපාගෙන එතැන උඩ මැස්සක් බැඳ ගිනිකබලක් තබාගෙන ඒ ගස්බිලයේ වාසය කොට නො එක් සතුන් කෑ තැනින් මස් ගෙනවුත් පළහා කා ජීවත් ව රාත්රිනයෙහි සිංහ ව්යාෙඝ්රාඇදීන්ගේ නාද ද, සෙසු සතුක්ගේ රැවුපිළිරැවු ද අස අසා වාසය කෙරෙයි. එ කල එක් දවසක් පාන්වර ව්යා ඝ්රෙයෙක් ගොදුරු ‍ෙසායා ඇවිදුනේ එ බිසොවුන් වසන වළ මුදුනට පැමිණ මනුෂ්යඑගන්ධයෙකැයි ආඝ්රා ණයකොට දෙ පයින් පස් පීරා පුවරු ඔසවා ඒ බිසෙ‍ාවුන් දැක භයංකාර කොට නාද කෙළේ ය. එ සඳ බි‍ෙසාවු උඩ බලා ව්යාකඝ්ර යා දැක භයින් වෙවුලා බැගෑපත් ව මහත්කොට හඬක් ගැසු ව. මනුෂ්ය් ශබ්දයෙහි සියලු සතුන් ම භය ගන්නා සෙයින් ව්යාුඝ්රකයා ම බා දීව පි ය. ඉරු නැඟී කල ඒ රාම රජ්ජුරුවෝ සිතන්නාහු “අසුවල් දිග ව්යා්ඝ්රැයෙක් හැඬී ය. ස්ත්රිායක ත් හැඬූ හ‍ඬෙක කාරණ කිම්දෝ හො යි” ගසින් බැස ගොසින් බලන්නාහු ව්යා ඝ්රියා ඔසවාපු පෝරු දැක වළයට බලා බිසොවුන් දැක තෙපි කවුරු දැ යි විචාළේය. බිසොවු මම ගැහැණියෙකිමි යි කීහ. තෙපි ගැහැණියක් වූ නම් මම පිරිමියෙක්මි; ගොඩ නැ‍ඟෙව යි කීහ. එ බසට බිසොවු “ඔක්කාක රජ්ජුරුවන් ගේ මහලු දූ වූ ප්රිවයාවෝ නම් මම ය.ජීවිතයට හානිවේ නමුත් රාජ වංශයට කිලුටක් නො කෙරෙමි” යි කිවු ය.

එ බසට රජ කියනුයේ “ බරණැස රාම රජ නම් මම ය. වැසි දිය හා ගං දිය හා සම වූවා වැන්න. වහා ගොඩ නැ‍ඟෙව” යි කී ය. බිසොවු කියන්නාහු “ ස්වාමීනි! මිනිසුන් බැලිය නො හැක්කා වූ ශ්වේතකුෂ්ඨ රොගයෙකින් මාගේ සර්වාංගයෙහි ඇත. එසේ හෙයින් ගොඩ නො නැ‍ිඟෙමි” යි කී හ. එ බස‍ට රජ කියනුයේ “ මම ද එ බඳු වූ පාප රොගයක් ඇති ව රජය හැර වල ඇවිද ඖෂධ බලයෙන් දැන් සන්හිඳුවා ගතිමි. එම බෙහෙදින් තොපගේ රොගය ත් කලකින් යවාපියමි. වහා ගොඩ නැඟෙව යි හිණක් බැඳ වළට බා බිසො‍වුන් ගොඩ නඟා‍ ගෙන තමන්ගේ වාසස්ථානයෙහි ම ‍ගෙන ගොස් ලා ලා තමන් ඇඟ‍ට කළ බෙහෙත් බිසො‍වුන්ට කොට කීප දවසකින් කුස්ට රොගය සන්හිඳවා පී ය. බිසොවුන්ගේ සියලඟ කිණිහිරි මල් පෙත්තක් සේ ඉතා රන්වන් වී ය. කල දෙදෙනා ප්රිියවාසයෙන් ලොකස්ව‍ාදය කළාහු ය. ප්රීථම වාසයෙහි ම දරුගබක් පිළිසිඳ දස මසක් ගිය කළ රන් රූ දෙකක් සේ පුත්රූ දෙකක් එකවිට ම වැදූහ. මෙසේ ම හවුරුදු පතා සම වූ පුතුන් දෙදෙනා බැගින් සොළොස් හවුරුද්දක් ඇතුළත පුතුන් දෙදෙනා බගින් දෙතිසක් වැදූහ. එ කල රාම රජ්ජුරුවෝ දරුවන් වඩා නොඑක් ශිල්ප ඉගැන්වූහ.


මෙසේ වසන කල ඒ රාම රජ්ජුරුවන්ගේ බරණැස වසන දනවුවැසි පුරුෂයෙක් දඩසොයා වෙනෙහි ඇවිදුනේ රජහු දැක ඇඳින වැඳ සිට “ස්වාමීනි! මා හඳුනා දැ” යි විචාළේ ය. රජහු “තා මම නො හඳුනමි”යි කීකල “නුඹගේ රාජ්යේයෙහි අසුවල් ගම අසුවලා නම් මම යැ” යි කී ය. එ කල පුතණුවන්ගේ පවත් හා තමන්ගේ රාජ්යෙයෙහි ප්රදවෘත්ති ඒ පුරුෂයා අතින්විචාරමින් සිටිය දී පුත්තු දෙතිස ම අවුත් පියරජහු පිරිවරා සිටගත්හ. ඒ පුරුෂයා‍ විශ්මය පත් ව රජකුමරුවන් බල‍ා “මු කාගේ දරුවෝ දැ” යි විචාළේ ය. රාමරජ ම දරුවෝ යැයි කී ය. මෙතෙක් දරු සිරි ඇති ව හිමි නුඹ වල වසනු නො යෙදෙයි, රජයට වැඩිය මැනැවැ යි කීය. එබස් අසා “රජු රජ ය මට නො කැමැත්තේ යැ”යි කී කල ඒ පුරුෂයා එ කෙ‍ෙණහි අවසර ඉල්වාගෙන බරණැස් නුවරට දිව පිය රජු පවත් පුත් හට කී ය. පුත් රජ එ පවත් අසා සිවුරඟසෙන් ගෙන පිය රජහු වසන මහ වනයට වැද පියාණන් දැක වැඳ රජයට මා හා කැටිව වැඩිය මැනවැ යි ආරාධනා කොට පියරජහු නො ගිවිස්නෙන් තමාගේ යෝධයන් ලවා ඒ මහ වනය මුල්සිඳුවා නුවරක් කරවා පවුරු ආදීන් සුරක්ෂිත කොට පියරජහු විසූ කොළොම් ගස මුලින් උදුරවා එ බිම මහපායක් කරවා වැවු අමුණු බඳවා, සරක් බත් බිජුවට සී වැස්සන් ලවා අමපණ රුවන් දී, පියරජහු ඒ නුවර පිහිටුවා, තැන තැන නුවර වටා රකවල් ලවා, බරණැස් නුවර ම ගියේ ය.


එ නුවර කොළිය වෘක්ෂ ය පිහිටි තැන කළ හෙයින් කොළිය නුවර නම් වි ය. ව්යා ඝ්ර්යා විසින් දක්නා ලද බිසොවුන්ගේ පරම්පරාගත නුවර හෙයින් ද, ව්යාඝඝ්රයපථයෙහි ජාත හෙයින් ද, ව්යායඝ්ර පුර යයි කියා ත් කියනු ලැබෙයි. දෙවුදෑ නුවර නමුත් වි ය. කොළොම් ගස දී උපන් රජරුවන්ගේ වංශය හෙයින් ඒ රාජවංශය කොළිය වංශ නම් වි ය. මෙසේ ඒ නුවර වසන් කල ඒප්රිගයා නම් බිසොවු පුතුන් දෙතිස් බෑයන් කැඳවා: “දරුවෙනි! කපිලපුරයෙහි රජකරන සිවුබෑ රජහු මාගේ මල්බෑයෝ ය. ඒ කාරණයෙන් තොප මයිලෝ ය. උන් සතරදෙනාගේ දූ දෙතිස් දෙනෙක් ඇත. ඌ තොපගේ බැදෑවු ය. තෙපි සැම සුරු නම් තොප බැදෑවුන් රක්ෂා කර වයි කිවු ය. රජකුමරුවෝ මෑණියන් කී බස් අසා මයිල්න් කරා පඬුරු දී අපට සරණක් එවන්නේ යැයි වෙන වෙන ම දූතයන් යවති. මයිලෝ එ බස් අසා “ඒ කොල්ල න්ගේ පියවංශ අනිකෙක, උපන්නේ කොළොම් ගස් බිලයෙක දී ය. කුමන නෑ කම් ද උන්ලා” යයි කුලඝට්ටනයෙන් බැණ දුන් පාවා නොදෙති. රජකුමරුවෝ බැදෑවුන්ට සොර පත් යවා සොර පඬරු දෙවා පෙම් වඩාගෙන අසුවල්දා අසුවල් වේලෙහි අසුවල් තෙන අසුවල් ගංතොටට ගොසින් සිටිමි යි, එ තැනට එන්නේ ය යි අවධි කොට යවාලති. රජකුමරියෝ එ දවස් ගඟදිය කෙළියට යම්හ යි පිය රජුන්ට කියා අවසර ගෙන තමන් පිරිවර ගෙන හස්තසාර වූ රුවන් හා පලඳනා ගෙන ගංතොටට යෙති. රජකුමරුවෝ පෙර මන්ත්රරණය කළ කළ බැදෑවුන් අත් අල්වාගෙන “මම ය බරණැස් රජු ට දා කොළොම් සිදුරෙන් උපන් කෝළියා” ය යි වෙන වෙන තමන් නම් හඬගා කිය “දිවි කැමැති කෙනෙකුන් අප අඹා නො එන්නේ යැ” යි වාසි කිය කෝළිය නුවර යෙති.


මයිල රජහු එ පවත් අසා සිනා පහළකොට “අප බෑනෝ සූර යහ. නිර්භීත යහ. තමන් බැදෑවුන් තුමු ම හැරගෙන ගියහ. ඉන් අපට ජාති සම්භෙදයක් නැතැ” යි සතුටු ව පසු පස්සෙහි පිරිස් නොයවා දායාද සම්පත් දී යවති. මෙසේ දෙතිස් බෑයෝ දෙතිස් බැදෑකුමරියන් බලයේන ගෙන ගොස් රක්ෂා කළහ. එ තැන් පටන් කපිලවස්තු පුරය හා කෝළිය නුවර හා දෙනුවර රජදරුවන්ගේ ආවාහ විවාහ සම්බන්ධ ය නො නසී පැවැත්ත. මෙසේ දෙතිස් බෑයෝ දෙතිස් පායක් නංවා, දෙතිස් පවුරු, දෙතිස් දොරටු, දෙතිස් ‍උයන්, දෙතිස් පොකුණු නිමවා කෝළිය නුවර සමෘද්ධ ‍කොට වාසය කරන්නාහු එකි එකී දෙන ‍දෙතිස් දෙතිස් ම දරුවන් වැදූහ.

එ තැන් පටන් කෝළිය වංශයෙහි නො එක් දහස් ගණන් රාජපරම්පරා ගිය කල කෙළවර බුදුකෙනෙකුන්ට මුතුන් වන පින් ඩ ඇති දෙවුදහ රජහු පිත් අනුශාක්යත නම් නරෙන්ද්රනයෙක් වි ය. සිංහහනු රජහු නං මහා ‍යශොධරා දේවී ඒ අනුශාක්යප රජහට අගමෙහෙසින් ව සුප්රිබුද්ධ ය, දණ්ඩපාණි ය යි යන රජකුමරුවන් දෙදෙනා හා මහ‍ා මායා දේවි ය, මහා ප්රදජාපතී යයි යන දූන් දෙදෙනා හා දරුව සතරදෙනෙකු වැදූහ. ඔවුන් අතුරෙන් මහා මායා ප්රදජාපතී නම් ඒ දූ දෙදෙන ම දෙවඟනන් බඳු වූ රූ ඇතියහ. උපන් හිමින් රා බොන්නවුන් ත් නො දකිති. කෙළි පිනිසත් බොරු නො කියති. අනුන් සතු වස්තුවක් ලොභයෙන් නො ලබති. ලේඩිත්ත්කගෙත් ප්රාුණයක් නොනසති. අපට තරම් ස්වාමි පුරුෂයෙකු දක්නා තුරු පර පුරුෂයකු නො දකුම්හ යි කියති. එ කල නකත් දන්නා බමුණෝ “මේ කුමරියන් දෙදෙන මතු පුතුන් දෙදෙනෙකු ලබති. එකෙක් චකුවර්තී රජ වෙයි. එකෙක් මතු බුදු වෙයි” කීහ.

එ බස් අසා දඹදිව තෙ සැට දහසක් රාජධානියෙහි රජුන් ගෙන් වෙන වෙන එවන රුවනින් අතුරු නො වී ය. ශුද්ධෝදන රජ්ජුරුවෝ එ පවත් අසා “බැදෑ රජ දුන් දෙදෙනා බිහින්නන් ගෙන ගොස් අගමෙහෙසි කළහ.

එ කල මහාමායා නම් වූ බිසොවු අඛණ්ඩ කොට පඤ්චශීලය රක්ෂා කෙරෙති. රජහට පතිව්රඩතා ධර්මය රක්ෂා කෙරෙති. උතුම් වූ ආචාර ගුණයෙන් යුක්තහ. පෙර මහා විපස්සී නම් බුදුන් සමයෙහි අනර්ඝ වූ රතු සඳුනක් සුණූ කොට බුදුන්ට පුදා “මමද නුඹ සේ ම බුදුකෙනෙකුන්ට මවු වෙම්ව” යි කරන ලද ප්රාදර්ථනා ඇත්තිය.


එ කල මාගේ ශ්රී මහා බොධිසත්ත්වයන් වහන්සේ ඒ තුෂිත පුරයෙහි දී දසදසහක් සක්වල දෙවියන් කළ ආරාධනයෙන් සිටිය දී ම මිනිස්ලොව බලා මේ මහා මායා දොවී නම් වූු ශුද්ධෝදන රජ්ජුරුවන් අගමෙහෙසින් කළා වූ උත්තමාඬ්ගනාවන් දැක “ඕ මට මවුන්ට පින් ඇත්තී ය. ඈගේ පරිශුද්ධ වූ කුසයෙහි ප්රමතිසන්ධිය කෙරෙමි”යි බලා සනිටුහන් කළසේක.

තව ද බුදුන් උපන් කුස නම් ධාතුකරඬුවක් සෙයින් අනික් සත්ත්වකෙනෙකුන්ට වාසස්ථාන නො වෙයි. මලමුත්රතයන් අටගත නොහැක්ක. කෙලෙස් මල ද නූපදනේ ය. බුදුන් මව්කුස පිළිසිඳි දා පටන් ඒ ආත්ම භාවයෙහි මෑණියන්ගේ මෛථූන සංවාසයක් නො ම ඇත මැනව. මේ මේ කාරණයෙන් බුදු කෙනෙකුන් වැදූ මෑණිකෙනෙකුන් ඔබ උපන් සත් දවසින් මිය දෙවුලොව ගිය මැනවත එසේ හෙයින් ඒ මහා මායා දේවීන්ගේ ආයු කෙතෙක් කල් දෝහෝ යි පරීක්ෂාකොට තුන්සියයක් සත් දවසකට ආයු දැක මවුකුස පිළිසිඳිනා කාලය මේ යයි දුටුසේක. මේ පස්වන මාතු විලොකන නමි.

මෙසේ මාගේ බොධිසත්ත්වයෝ මහ බැලුම් පසක් මහ ශබ්දයෙන්උපන් සූක්ෂම බැලුම් ලක්ෂගණන් බලා “මිනිස්ලොව ඉපැද මා බුදුවීමට ඒකාන්ත කාල යැ” යි දැන, එතැනට රැස්ව ආරාධනා කළ දසදහසක් සක්වල දිව්ය බ්රනහ්මසෙනාවට “බුදුවන්ට ලොකයට යෙමි”යි ප්ර තිඥ දී “තෙපි හැම තොප තොපගේ දෙවුලෝ යව” යි සමු දුන්සේක.

එ කල දිව්යවබ්ර හ්මරාජයෝ “සාධු සාධු බුද්ධාන්තරයක් මුළුල්ලෙහි මොහාන්ධකාරයෙන් ඒකාන්ධකාරව තුබූ නිවන් පුරයෙහි මේ වීරපුරුෂයා අගුලු නැති කෙරෙයි. දෙශනා රශ්මීන් එකාලලොක කෙරෙයි” කියා බුදුන් බුද් වූ දා සේ ම බුදු වෙමි යිකී බස අසා සතුටු වූ දස දහසක් සක්වල මුළුල්ලෙහි දිවබ්රයහ්මරාජයෝ දොහොත් මුදුන් දී දෙලක්ෂ සතළිස් දහසක් සාධුකාරපූජා කොට ගියහ.

මෙසේ බුදු නොව බුදු වෙමි යි දුන් ප්රසතිඥවෙන් දිව්යබබ්රදහ්මයන් සන්තොෂ කරවා බොහෝ වූ සාධුකාර පූජා ලත් හෙයිනු ත්, මෙසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත් සමන්ත භද්ර වූ, පරදුඃඛ දුඃඛිත වූ, කරුණානිධාන වූ, ලොක දිවාකර වූ, ත්රෛ,ලොක්යද චූඩාමාණික්යර වූ මාගේ බුදුහු අර්හත් නම් වනසේක. එ‍ෙස් හෙයින් කියන ලදුයේ මැයි.


පූජා විසෙසං සහ පච්චයෙහි

යස්මා අයං අරහති ලොකනාථො, ‍ අත්ථානුරූපං “අරහං” ති ලොකෙ

තස්මා ජිනො අරහති නාමමෙතං— යි.


මේ පූජාවලියෙහි අප බුදුන් මහා පඤ්ච මහ‍ා විලොකන‍ාවසානයෙහි දී ලද සාධු නාද පූජා කථා නම් වූ සත් වන පරිච්ඡෙදය නිමි