Jump to content

ප රෙ වි ස න්දෙශ-ජයවර්ධන පුර වර්ණනා

Wikibooks වෙතින්

ජයවර්ධන පුර වර්ණ නා


5. ක්රි : කා: ප: ස:- ම මිතුර ජයවද්දන පුර පවර දනු.

[සංස්කරණය]

අදහස:- වැසියන් පුරනගරාඞග හා රජ.

බුද්ධ, ධර්මව, සංඝය යන තුන් රුවනෙහි ස්ථිර වූ බැති පෙම් යුතු ජනයන්ගෙන් තොර නොම වූ ප්රානසාදයන්ගෙන් සහ බහිවාරයන් ගෙන් පැතිරී ගිය විලාශයක් දරන්නා වූ මනුරාජ වංශයට මුදුන් පත් පැරකුම්බා නරනිඳුන් හැමවර වසනා ජයවද්දන නම් පුරවර මාගේ මිත්ර්ය දැනගනුව.


නිර්දෙනශාදිය.

“මනු කුල මුදුන් නිරිඳුන් රඳන හැම වර

දනු මමිතුර ජය වද්දන පුර ප වර”

යන්නෙන් විශේෂ වශයෙන් මනුරාජ වංශයට අයත් වූ සිරි පැරකුම්බා මහ රජු සහ ජයවර්ධශන පුරය ගැන ප්රජකාශ වේ.


මනු කුල

මනු කුල යනු ලෝකයෙහි පළමුව ඇතිවූ රාජ පරම්පරාවට ව්ය වහාරයකි. මනුරාජ වංශයේ මුල් රජා සිටි කාලය මෙය යි වර්ෂ නියමයක් කරමින් දැක්වීමට නොහැකි වෙතත් යම් කලෙක ලෝකය මැවිලා එහි පළමුව මනුෂ්යීයන් පහළ වූ කාලයෙහි දී බව නම් පෙනී යයි.


“සත්ත සන්තිග්ගිනාවාර - අට්ඨ මේ අට්ඨ මේදකා

චතුස්ටර්ඨස යදා පුණ්ණා - එකොවායු වරොසියා”


යදිනා සප්ත සූ‍ෙය්යාාලය ද්ගමන සූත්රයයෙහි දක්වන ලද පරිදි සත් වරකෙ ගින්නෙන් ලොව වැනසී ගිය පසු එක් වරෙක ජලයෙන් ලෝ නැසීලා ‍යෙයි. මෙසේ අට වරක් හෙවත් සිව්සැට වරෙක ලොව නැසී ගිය පසුව එක් වරෙක වායුවෙන් ලෝ නසී. මෙසේ ලෝකය යම් කලෙක වැනසේද නැවතත් මේ ලෝ මැවෙන්නේ වෙයි. මැවුණු ලෝකයෙහි පළමුව බඹුන් පහළ වී කලක්හුගේ ඇවෑමෙන් ‍ඔවුන් නැති වී මිනිස්සු පහළ වෙත්. පළමු පහළවන මිනිස්සු ස්වභාවික උතුම් ගුණ දහම් හා සිරිත් විරිත් වලින් යුත් අය වෙති. රජෙකු ඔවුන් හට නැතුවත් සිය පණ ලෙස තම තම රැකි ගුණ දහමේ පිහිටීමත් සමග පැති සිරිත් විරිත්වල බලයෙන් ලෝ වැසියෝ හොඳින් රැකෙති. උන්ගේ ගුණ දහම් බෙලෙන් තිරුත්සාහයෙන් පහළ වනා පප්පටකය භද්ර.ලතාය යන උතුම් අහර ඔවුහු ‍ලබති.


මෙසේ කලේ ඔවුන් හට “තොපි අපට පහත්හුය. මේ අපි තොප හට ඉහළ අය වෙමු” ආදී වශයෙන් මාන සමාදන් වන්නට පටන් ගනිති.


ඊට ඔවුන් හට මේ ලොවදීම ලැබෙනා කම්පලයක ලෙස අකට්ඨ නම් සාල වගෙක් පහළ වෙන්ට වෙයි. මේ පිටිමය අහර වගය ගන්ට ගන්ට ඔවුන් සිරුරු ගනවන්ටත් විවණි ගති ඇති වන්ටත් පටන් ගන්ට වන. ඒ ආහාර ගන්ට ගන්ට මාන ගතිය වැඩිවන්ටත් ස්ත්රී පුරිස නම්‍ භෙදය ඉපදී පළමු තිබුණු


(105)


පිරිසිදු සිත හඞග වෙවී දුරු‍වන්ටත් ඒ අතරට රාගය නම් දැවිල්ලකුත් ඉපදීමෙන් කාම සෙවනාදියෙහි හැසිරෙන්ටත් මාන කාම දෙකේ බෙලෙන් ඉබේ ලැබුනු අකට්ඨනම් සහල් වගද නැතිවී ගොස් කුඹුරු කොටාලා වී වපුරන්ටත් ගෙවල් සදන්ටත් සිදුවිය. කල් යත් යත් ඔවුන් අතර වී සොරකම් සිදුවන්ටත් බොරු බස් කියනාවුන් බෝ‍වන්ටත් ඔවුනතරේ ඉසි සිත ඉපදී වැඩි වැඩියේ තිබෙනා තොප භඞගවෙලා ගොසින් ඒවා අපගේ වෙතේහි පහළ වන්ටත් සිදු වේවා ය යි කියමින් හැසිරෙන්ට පටන් ගත.

මේ හේතුකොට ගෙන අටගන්නා වියවුල් හා අසාධාරණයන් නැතිකොට ඔවුනතර සාමය හා නිදහස ඇති කිරීමේ උපක්රනමයක් වශයෙන් සියල්ලන් කෙරෙහි පැතිරවූ මෙතින් යුත් උතුම් වූ ශ්රේ්ෂ්ඨයෙකු ප්රලධානත්වයෙහි සම්මත කරගත යුතුවිය.

එසේ පළමු වරට “නුබ වහන්සේ අපගේ ශ්රේිෂ්ඨයා වී අපට අනුශාසනා කරනු මැනවැ” යි සියල් මහජනතාවය විසින් යම් උත්තමයෙක් අග්ර ස්ථානයෙහි පිහිටුවා ගනු ලැබීද ඒ උත්තමයා වනාහි මහා සම්මත රාජ නම් වී. එ තුමා ම මනුරාජ නමුදුවී.

ඔහුගෙන් පැවතෙන රජකුල පරපුර මනුකුල නිරිඳුන් පරපුර නම් විය. ජයවද්දන පුර බුදු වසින් 1958 වන වස්හි සිහසුන් පත් පැරකුම් රජතුමාද ඒ මනු කුල පරපුර නොම සිඳ පැවතා උතුමෙක්වේය යි “මනුකුල මුදුන් නිරිඳුන් රදන හැමවර” යනාදියෙන් ප්ර්කාශ වේ.


ජයවද්දන නම් පුරවර


බුදු වසින් 1828 පමණේදී යාපව්හි රජයට පත් සවුළු විජයබ නමින් ජයවඩනා පුර කල වහරට පත් රජුගේ මල්වූ බුවනෙකබා නම් රජුගේ කල්හිදී කුලසේකර නම් රජා විසින් මෙ රටට එව් ආරිය සක්විති නම් සෙන්පතියා විසින් ලක්දිව වැඩසිටි දාඨා වහන්සේ පඬි රටට ගෙනගියාවූ කල්හි සිට යාපා පටුනෙහි ආරිය සක්විති නම් රජු සිංහළ රට දෙස බැල්ම හෙළා ගෙන “කවදා හරි මාගේ බලයද සිංහළ රට තුළ පතුරුවාලනු යුත”ය යි අදිටන් කරගන සිටිය බවක් ඉතිහස මගිනා පෙනිලා යෙයි. ඒ වූ නමුත් තම අදහස ඉටුකරගත නොහැකිව සිටිනා කල්හි යාපව් බුවනෙකබා රජු මුනුපුරු පැරකුම්බා නම් වූ රජුගෙ ඇවෑමෙන් මහත් රාජ්ය විපය්ය්”ධාසයක් සිදුවූ බව නම් හොඳට පෙනෙයි. සුදොවුන් මහරජු හට මල් අමිතොදන රජුගෙන් පැවතා


(106)


ශාක්ය0වංශ රජ පෙළපත වැනසී ගිය පසු මෙලක රජය හිමිකරගන ආ ලමැණි මෝරිය දෙවංශයට අයත් කුමරුවන් හට සිංහළ රට අගරජ පදවිය නිරතුරු වාගේ අයත්ව පැවතුන මුත් වන්නි කුමාරයෙකු හට නම් ලක්දිව අගරජකම ලැබුනු බවක් කිසිම කලක සිදු ‍නුවූවකි. එසේම සිංහළ රට අගරජු සිටියදි යාපා පටුනෙහි වූ දෙමළ රජෙකු හට අයබදු ගෙවූ බවකුත් කිසිම කලක සිදුනොම වූවකි. මේ හැර ලමැණි ද මෝරිය රාජ කුමරුවන් වල් වැදිලා ගිය විලසට පැමිණීමද ලක තුල එහෙමට වු දෙයක් ද නොම‍ වේ. මෙසේ මෙරට පෙරළීගන යන කල්හිදී ලක්දිව රජ කරමින් උන් මහජන දෙටුවන් ඇතුලග හැරලා දඹ දෙණියට ගොස් එතනින් ගම්පලටද ගොස් රජකරනා කල අතරතුරේ දැදිගම රයිගම යන තවත් රාජධානීන්හි රජුන්ගෙ වාසය වීමද ලක්දිව හායන පක්‍ෂය බලාගන ගමන්ගෙන තිබුනාවූ කලෙක්හි ජයවද්දන නම් පුරෙහි මනුරාජ නිරිඳුන්ගේ පෙළපතින් පැවත එන සිරි පැරකුම්බා නිරිදා බුදු වසින්. 1958 වන වස්හිදී සිහසු‍න් අරා රාජ්ය ය සමූර්ධයත්වයෙන් බැබලවූයේ විය. මෙම නගරය ගොඩ නගනා ලද්දේ රාජ ලීලාවෙන් විසූ අලකෙශ්වර නමැති ප්රගභූරාජයා විසින් ගම්පල විකුම්බා නම් රජුගේ කාලයෙහිය. ගොඩ නැගීමට හේතුව පහත රටින් ආරිය සක්විති රජුගෙ බලය සුන්කරලා දමන පිණිස ආරම්භ කළයුතු ‍යම් සටනක් වේද එම සටනෙදි තමන්ගෙ ආරක්‍ෂාව සලස්වා ගැනීමට සුදුසු බල කෙටුවක් පිණිස විය. එම යුද්ධය සිදු වූයේ ක්රිැ: ව: 1375 ට ආසන්න කලෙක්හි විය යුතුය. එම යුඬයෙන් පසුව ආරිය සක්විති රජුහට අයබදු ගෙවීම් කෙ‍ළවර වූයේ විය. පැරකුම්බා රජු රජයට පත්වූ පසු යාපා පටු‍නත් ජයවද්දන පුර සිරි පැරකුම්බා මහරජුගේ අණසකට යටත් විය.


6 ක්රිට: කා: ප: ස:- පවුර තරඟ වැල පළ කෙළෙ.

[සංස්කරණය]

අදහස:- ප්රා කාරාලඞකාරය


සුදු පාටින් අලඞකාර කරනාලද උස්වූ මහත් වූ ලෙල දෙන ජලයෙන් පිරිලා ගියා වූ අගල සමීපයෙහි පිටිටි උසස් ලෙසින් බැබලී ගිය මහ පවුරෙහි ආකාරය විෂ්ණු දෙවිඳු මහ මෙරගෙන එයින් කිරිමුහුද කළඹනා වාරයෙහි එහි දියෙන් සැදීගිය රළ එලල්ලේ විලාශය ගෙන‍හැර පාලා දැක්වූ මෙන් විය.


නිර්දෙයගාදිය.

පුරාතනයෝ පෘථීවියේ මස්තකය බෙර ඇසක් මෙන් පැතලි වූ උතුරු පැත්ත ය යි සලකාගන එන්ට වූහ. පර්වුත වලලු සතකින් හා ඒ හතේ එකිනෙක කොටසක් ඒ නමින්ම යුත් සාගරයකින්ද


(107)

වැසිලා ගොස් සැදී තිබෙන මුළු පොළොව පාත්රපයක හැඩහුරුකමින් යුක්ත වටකුරු වස්තුවක් බවද ඒ උතුරු දෙසට හැරී පිහිටි ඒ පොළව හරි මැද්දෙන් දොඩමක මැද නාරටියක් ලෙසට, දකුණු දෙසේ පතුලේ යට සිට උතුරු දෙසේ මතුපිට තෙක් 84000 ක් යොදුන්ද ඒ මතුපිට සිටලා උතුරු දෙසට තවත් 84000 ක් යොදුන් තැන්ද නැගිලා ගිය මහමෙර යන නමින් යුත් වස්තුවක් පවතී යයි සැලකුවෝය. ඒ වස්තුවේ බලය ‍හාත් පසින් 168000 ක් යොදුන් තැන් විසිර පවතී යයි ද ඒ බලයෙන් ලෝ තුල ඉඳිනා සියල් සතුන් සහිත සියලුම වස්තූන්ගේ ස්ථිරලෙස පැවතීමද ඇතිවේය යි සලකාගන ආවාහුය. මහමෙර යන නමින් වහර එම වස්තුව පෘථිවියේ උතුරු කොණෙන් උතුරු දෙසට නිකුත්ව යන තැන ඒ හාත්පස්හි කිරිමුහුද පිහිටියේ විය. විෂ්ණු දිව්ය රාජයා කිරි මුහුද මැද පිහිටි ඒ මහමෙර මන්ථයක් මෙන් රැගෙන කළඹනා කල්හිදී ඉන් නැගුණු තරඟ පෙළට ජයවර්ධුන පුර හාත්පස්හි බඳනා ලද ප්රාඹකාරය සමානය යි යථොක්ත පද්යර යෙහි “අලලනවර කිරණව මත් පහර බල පළ ‍කළෙ සළාදි නැගිවට තරඟ වැල” යනාදියෙන් ප්රබකාශ වේ.



7. ක්රි : කා: ප: ස:- මිතුර දනකැන් තොරතුරු දනිති.

[සංස්කරණය]

අදහස:- පුරඟනන්ගේ අඟපසඟ

මෙම පද්යරයෙන් ජයවද්දන පුර අඟනුන්ගේ චක්ත්ර හෙවත් මුහුණු ස්වර්ණර පද්මයන්ටද පියයුරු හංසයන් හටද ඇසි බැම භෘඞගයන්ගේ විලාශයටද උපමෙය්ය් කොට දක්වනා ලද විය.


===8. ක්රි්: කා: ප: ස:- හිරු ලහිරු රඟ===


අදහස:- ශෘඞගාග්ර රත් මිණි රැස්.

ලෙල දෙන මුතු‍වැල් හා එක්වී සැදි කිංකිණික ජාලාවෙන් ගැවසී ගත් අලංකාර වූ උස්වූ ප්රාවසාදවල මුදුන්හි සවිකළ කොත් කැරළිවල අග සැරසූ රත්මැණික් වල රශ්මිය කෙලෙසද කීවොත් ජයවද්දන පුරවර මැද ආකාශයට පැමිණ සූර්ය් යා පෙරදිග ක්ෂිතිජයෙන් නැගී සිටිය සූර්ය්්මරයාගේ විලාශයෙන් පිටියේ විය.


9. ක්රි : කා: ප: ස:- සිකි තැනේ පිල් නොම හඹත්.

[සංස්කරණය]

අදහස:- පුරවර තුර තූය්ය්කාර ඝොෂයාගෙ විලාසය.

නීලවර්ණන ප්රුභාවෙන් යුක්ත වූ උස් වූ ප්රා‍සාදයන්හි මිහිඟු බෙර නාදයට මෙඝ ගර්ජනාව ය යි රැවටී ගිය මයුරයෝ ඒ පුරුද්දකට ගොස් උදෑසන්හි සූය්ය්ගර්යාට මිස පිල් දිග නොම හරිත්.


(118)


10. ක්රිර: කා: ප: ස:- සකි සලෙලුන් බල.

[සංස්කරණය]

අදහස:- පුරස්ත්රීින්ගේ කටි ප්රිදේශාලංකාරය.

ජයවර්ධ8න පුරයෙහි හැර අවශේෂ ප්රකදේශයන්හි ස්ත්රී.න්ගේ පයොධරයන් හා උකුල් ප්රධදේශයන් දෙස බලන විට මහ බ්ර හ්මයා සියුම් දේවල් මැවීමට හරිහැටියට පුරුදු වී නොමැති කෙනෙකැයි ප්ර කාශ වේ.‍නමුත් ජයවර්ධයන පුර උත්තමාංගනාවන්ගේ කටී ප්රශදේශයන් දුටු කෙනෙකුට මහ බ්රසහ්මයා ලොකු ලොකු දේවල් පමණක් නොව ඕනෑ තැනදී සියුම් වූ දේවලුන් මවන්නට ඉගෙණ ගත් කෙනෙකු බව ප්රීකාශ ‍වන්නේ වේ.


11. ක්රික: කා: ප: ස:- තනපිඩු යොවුනිතිරි වැනි

[සංස්කරණය]

“ නද හඬනෙව්

ක්රින: කා: ප: ස:- මිණි නුපුර ගිරිරි කියන වැනි ‍(වේ.)

අදහස:- පුරඟනන්ගෙ පයොධර හා ජඞඝා වර්ණනනා.

ජයවද්දන පුර අඟනන්ගේ පයොධරයෝ යෞවන භාවයෙන් ඉතිරිලා ගියාක් වන් ලක්‍ෂණයෙන් යුක්ත වෙත්. මෙඛලාවෝ පයොධරයන්ගේ බර උසුලාගත නොම හැකිවී අඬන්නාක් වන් තත්වයක් ප්රවකාශ කෙරෙත්. පාදාහරණයෝ මොනර කර ජඞඝා දෙකට සමාන නොවන්නේ ය යි “ගිගිරි ගිගිරි” යන අනුකරණ නාදයෙන් වහසි බස් කියන්නාහු වැන්නෝ වෙත්.


12. ක්රිය: කා: ප: ස:- ලිය කප්ලිය වෙති.

[සංස්කරණය]

අදහස:- ස්ත්රීකහු කල්ප ලතාවන් හට උපමෙ‍ය්ය් වෙත්.

මේ පුරයෙහි සිටින ලියන්ගේ අතුල් තල හා පතුල් තල ලා පත්රාමකාර වේ. දත් මල් හා සමාන වේ. පයොධර මහත් වු ඵලයන් හා සමාන වේ. ඒ පුරයෙහි කාමුක ජනයෝ ‍යාචක‍යන් හා සමාන වෙත්. අලංකාර වූ මෙ පුර ලියෝ යාචක ජනයා සිතූ පැතූ දෙය සිදුකරලා දෙන කල්පලතාවන් හා සමාන වෙත්.


13. ක්රි : කා: ප: ස:- දිගැසිය තුටු ‍උරණ වෙති.

[සංස්කරණය]

අදහස:- මේ නගරයෙහි දොරක් දොරක් පාසා ඉන්ද්රමනීල මාණික්යෙමය වූ ද ‍ස්වර්ණරමය වූ ද තොරන් වලින් යුක්තව පවතී. ඉන්ද්රණනීල මාණික්යත තොරන් වලින් නිකුත්ව ගිය රැස් පැතිරී ගිය විට අඳුරු ගතියකුත් ස්වර්ණයමය තොරන්වල රැස් නිකුත්ව ගිය විට ආලොකයකුත් පහළ වේ. ඒ පුර රෑ මුළුල්ලේ

(109)

සැරිසරණ අභිචාරිකාවෝ අඳුරු ගතිය වැටුණු වරේ “ඉතින් අපට යසයි, යසයි” ය යි සිතුමින් තුටුවෙති. ආලොකය වැටුණු වරේ “මොකක්ද මේ ඉලව් හටනේ” ය යි සිතමින් උරණ වෙත්ය.


14. ක්රිඅ: කා: ප: ස:- “සකි සඳ” කෙළිති සිතේයා.

[සංස්කරණය]

අදහස:-කොත් සහ දද වැණුම්

ප්රාලසාදාග්රසයන්හි ‍ලකල් වූ රජතමය කෙතුන්ගේ රශ්මිය කෛලාස පර්වලතය මස්තකයෙන් ගලා වැටුණු අහස් ගඟ විසිර ගිය ආකාරයක් දක්වත්. එහි වහල වල නිරතුරුව ලෙල දෙනා ‍කොඩිවලින් දෙවඟනෝ එ සුරගන බැස නටන් ය යි සිතීමට හේතු‍ වේ.


15. ක්රි : කා: ප: ස:- යහළු ගජමුළු බල.

[සංස්කරණය]

අදහස:- පුරයෙහි හස්ති සේනාව.

ගිනිදලු හා සමාන වූ කැකුළු දළ නමැති කොක් පෙළින් බැබුළුනාවූ, ශරීර නමැති කාලවර්ණි මද ජලයෙන් වැසිලා ගිය මීමැසි සමූහයා විසින් තාඩනය කරනා ලද කන්තල නමැති දිය පහරින් යුත් සතුරන් නමැති රළු වූ ග්රීයෂ්මය දුරුකර හැරියා වූ වැසි වළාකුල් හා සමාන වූ සියල් අඞගයන්ගෙන් මනා සේ අලඞකාර වූ මහත් වූ හස්ති සමූහයා මිත්රහය බලව.


16. ක්රිඞ: කා: ප: ස:- සකි හයපෙළ බල.

[සංස්කරණය]

අදහස:- අශ්ව සේනාව.

සුදුපාට ඇත් සමූහය නමැති පර්වාත‍යන්ගෙන් යුත් අති චණ්ඩ සතුරන් නමැති කසල රැස දුර හැරිය නගර නමැති සයුර තුල්හි ලෙල දෙනා ධවල වර්ණි දිය දහරින් යුත් රළ පෙළක්වන් කිකිණි දැලින් බැබලී ගිය අලඞකාර අශ්ව සමූහයා මිතුරාණනි බලව.


17. ක්රිත: කා: ප: ස:- මේ පුරවර පුරදර පුර අයුරු ‍(වේ.)

[සංස්කරණය]

අදහස:- නගරොත්කෘෂ්ඨ තාවය.

රාජ මිත්රයය, මහා සේනාවය, උපායාචාය්ය්සලඞයන්ය, කාව්යි වාය්ය්‍තු යන මේ නර දෙටුවන්ගෙන් රැඳි නැතහොත් චන්‍ද්රහ සූය්ය්: ීයන්ද, මහසෙන දිව්යට පුත්රතයාද, උපෙන්‍ද්ර්යාද, කිවි ගුරු දෙදෙනාද යන මේ දෙව් ‍දෙටුවන්ගෙන් යුත් අති නිමල් සිරි


(110)


කතය, රතී ස්වාමීන්ය, වෙසවුණුය යන මේ ශ්රේයෂ්ටයන්ගෙන් යුත් හරි සඳුන මහත් වූ විජයොත්පාය අනෙක සැප‍ත්ය යන මේ අඞගයන් ගැන ද සලකා බලනා කල්හි මේ පුරය ශක්රන පුරය හා සමාන විය.


18. ක්රික: කා: ප: ස:- මිතුර සිතු ඇදගත නොහැකි ‍(වේ.)

[සංස්කරණය]

අදහස:- ගෙවුයන්.

රත් හඳුන්, සුදු හඳුන්, සපු, මූනමල්, මී අඹ, යන වෘක්‍ෂයන්ගේ විටපයන්ගෙ මස්තකයන්හි නද කරනා ගිරාය සැළ ලිහිණිය භෘඞගයන්ය යන මොවුන්ගෙන් යුක්ත වූ දිලිසෙන නානා පුෂ්ප‍ රේණුයෙන් ආකුල වූ වාලුකා තලයෙන් දීප්තිමත් වූ සියගණන් ‍ගෘහොද්යායනයන් හෙවත් ගෙවල් පිහිටි වතු දුටු විට සිත ඇදගත නොම හැක්කේ වෙයි.


19. ක්රිස: කා: ප: ස:- මෙ පුර දෙරණට බට වැනි ‍(වේ.)

[සංස්කරණය]

අදහස:- නරරෛශ්වය්ය්: ේයාලංකාරය.

මහ බඹාණන් විසින් සුරපුර හා මේ පුරද තටු දෙකට ‍දමාලා මහමෙර තුලා දණ්ඩක් හෙවත් තරාදි කඳට රැගෙන සදනා ලද තරාදියෙන් කිරා බලන විට දෙවපුරය ඉසුරු බරින් අඩු හෙයින් ‍මහමෙරට ඉහළිනුත් මනොහර මේ පුරය ඉසුරු බරින් අඩු හෙයින් මහරෙට ඉහළිනුත් මනොහර මේ පුර‍ය ඉසුරු බරින් දෙවිපුරට අධික හෙයින් පොළෝතලයට බැස්සාක් ‍වැනි වේ.


20. ක්රිහ: කා: ප: ස:- (මම්) සිරි කෙසේ ‍වණම්.

[සංස්කරණය]

අදහස:- නගරෛශ්වය්ය්සාකය.

ප්රනචාලය, රන්ය, රිදීය, මුතුය, මැණික්ය යනාදීන් උපදනා ආකාරයන් වැනි වූ පසඟ තුරු ගොසින් හා සිව්රඟ සේනාවගේ ඝොෂාවෙන් විශේෂත්වයට පැමිණියා වූ ඓශ්වය්ය්නාවයෙන් ආලක නන්‍දා නම් වූ පුරවර පරාජිත කළා වූ මේ ජයවර්ධඓන පුරයෙහි වූ ඉසුරු රැස් එකම වූ මුඛයකින් කෙසේ නම් වර්ණ නා කෙරෙම්ද?



නිර්දෙමශාදිය.

පසඟතුරු ගොස.


පසඟතුරු ගොස යනු ක්රී ඩා භාණ්ඩයන් පසක් එක්කොට සලකන කල්හි ඊට ව්යයවහාරයකි. ඒ වනාහි අතතය, චිත්තය, ආතත චිත්තය, ඝනය, ශුෂිරය සන පසයි. මෙහි ආතතය, යනු

(111)

රබන් ආදී එකැස් මුහුනින් යුත් සියල් තූය්ය්න ප භාණ්ඩයන්ට නාමයකි. විතතය යනු යක් බෙර, මිහිඟු බෙර; දවුල් බෙර ආදී දෙ මුහුනින් යුත් තූය්ය්චිත විශේෂයන්ට නාමයකි. ආතත විතතය යනු තම්මැට්ටම් ආදී සර්ව හායෙන් වෙලනා ලද තුය්ය්. ් භාණ්ඩයන්ට නාමයකි. ඝනය යනු කයිතාලම් ලෝ තැටි ආදී එකින් එක තට්ටු කිරීමෙන් හඬ නාවන තූය්ර්භ‍ය විශේෂයන්ට නාමයකි. ශුෂිරය හොරණෑ නලා සඞඛ ආදී මුවෙන් පිඹින සියල් තූය්ය්‍මු භාණ්ඩයන්ට නාමයකි.


සිව් රඟ සෙන්.


ඇත් සේනාවය, අස් සේනාවය, රථ සේනාවය, පාබල සේනාවය යන සතරවිධ සෙනාව එකක්කොට සලකන කල්හි ඊට ව්යවවහාරයකි.


අදහස:- පැරකුම්බා රජ.


(උ) මේ හැර මේ ජයවර්ධඊන නම් පුරවරයට අධිපති වූ මෙ සිරිලකට පිහිට පිණිස යෙදී සිටින්නා වූ රාජයාගෙ ක්රීනට රත්නයන්ගෙන් බබලන්නා වූ පාද නමැති පද්මයෙන් වෙසෙසින් බබලන්නා වූ මහ රාජයින්ට අධිපති වූ රාජ ශ්රෙිෂ්ඨයාගෙ ගුණ වර්ණානාවෙක් ද වේ. ඒ වර්ණානාවෙන් ද යුෂ්මතාගේ දෙකණ ලැබූ ඵලය ලබව.