ප රෙ වි ස න්දෙශ-දෙව පුර වර්ණනා
දෙවපුර වර්ණ නා.
151. ක්රිණ: කා: ප: ස:- සකිසඳ තා අතට පත්කර.
[සංස්කරණය]අදහස:- දෙව්පුර වැණුම්.
ශ්රීු වත්ස නාම ලක්‍ෂණයෙන් රඤ්ජමාන වූ වාරාවතීතාම පුරප්ර්වරය විලස ශොභාමත් ඒ සුරිඳුගෙ පුරය වැණුම නමැති අභිනව වූ ත්යාඞගයන් යුෂ්මතුන්ගෙ අතට පත්කර ගණුව.
152. ක්රිර: කා: ප: ස:- සිසි අවර රිවි වෙස් ගත් එව්.
[සංස්කරණය]අදහස:- කාන්තාවන් ගේ මුහුණු.
පුරය තුලේ ප්රාටසාදයන් ගේ මස්තකයෙහි ශත කුම්භ නමින් යුත් ස්වර්ණුයෙන් සැදි ශෘඞගයන්ගෙ මස්තකයෙහි පිහිටියා වූ පද්මරාග මාණික්යයයන් ගෙන් නිකුත් වූ කාන්ති භාරයන් කරණ කොට ගෙන රක්තවර්ණණ ප්රයභාවයට පත් චන්ද්රියා ඒ පුරයෙහි කාන්තාවන් ගේ චක්ත්රවයට පැරදීලා සන්ධ්යාන සූය්ය්යට යාගේ වෙශය ගත්තාක් මෙන් වීය.
153. ක්රිය: කා: ප: ස:- එ පුරඹ සුරන් රැස රවටන මෙනි.
[සංස්කරණය]අදහස:- නගරෛශ්වය්ය්: ය.
ඒ නගර නමැති අඞගනාව කම්මැලි ගති සිතට නොගෙන ධ්වජ නමැති හස්තයෙන් සංඥා කරමින ධ්වජයන්හි බඳනා ලද කිඞකිණිවල නාද නමැති ජය ප්රනකාශිත වාක්ය්යන් ඇසෙනා ලෙසට කථනයකොට “තොපට ඕනෑ නම් කැමති දෙයක් අපෙන් ගණිව” දිවපුර වසනුන් වෙත අඞගසමින් සැම කල්හි රවටන මෙනි.
154. ක්රි : කා: ප: ස:- මල් දුනු රැස් පිරිහිනි
[සංස්කරණය]මියුල සේයා සැරහිණ
අදහස:- ගජරළ.
ප්රාලසාදවල මැණික් භික්ති ඇතුළෙහි මත්තහස්තීන් ගේ ඡායාවට පැමිණියා වූ භෘඞගයන් නොම තැළී සිටීම නම් කෙසේ වේ ද අනඞගයාගෙ දුනු රැහැන්හි රැස් පරිහානියට පත්වීමත් ඒ හේතුවෙන් කාන්තා සමූහය තෙම නෙත්රරයෙහි නිද්‍රාවට සැරසීමත් විය.
155. ක්රිද: කා: ප: ස:- අස්පොළ දියසක් තුරඟ වැසු‘යුර.
[සංස්කරණය]අදහස:- අස් පෙළ.
(155) ආකාශයෙන් ගමන් කරන තරම් වූ එකම විශේෂයක් රැගෙන අප ගේ ඇස් ඉදිරියෙහි ම නිරන්තරව අප ගේ හිස් වලට ඉහළින් තොපි යව් දැ යි සාහසික වෙමින් ඒ නගරයෙහි අස් පඞක්තිය කුරවලින් රොන් පැහැර සූය්ය්් ඒයා ගේ අශ්වයන් නො පෙනෙනා ලෙස වසාලුවක් වැනි වේ.
156. ක්රිර: කා: ප: ස:- සමරවිද ඇවිදී.
[සංස්කරණය]අදහස:- පුරඟනන් හා සලෙලුන්.
ඒ නගරයෙහි අඟනන් ගේ දික් වූ නිල් වරල් නමැති වචනයෙහි වූ තාමරස නමැති මුහුනෙහි මනොහර මද සිනා නමැති පර්ණනයන් ඇදීමෙන් සලෙලුන් ගේ සිත් නමැති මෘග සමූහයා අනඞග තෙමේ තමන් සැර පසින් සැම වේලෙහි අත් නොම හැර විඳිමින් ඇවිදී.
157. ක්රිැ: කා: ප: ස:- ගජකුඹු පියයුරු විලස් ගති
[සංස්කරණය]” දූතහු අකුසු පහර දෙති. ” සැප කොතන ඇති.
අදහස:- පියයුරන්ට සැපයෙක් නම් කොතනත් නැත.
ගජන් ගේ කුම්භයෝ අකුසු පහරට බියෙන් මෙන් ඒ පුරයෙහි රූපශ්රීරන් යුත් කතුන් ගේ උස්ව වැඩුණු පයොධර යන්ගේ විලාසය ගත්තාහු ය. ඒ පයොධරයන්ට ද ධූර්තඩයෝ තියුණු තිය අකුසු පහර දෙතී. උඩඟු වූ අකාරුණික ඇතියවුන් හට සැපයෙක් නම් කොතනත් නැත.
158. ක්රින: කා: ප: ස:- මෙර රද ගුජර පටසළු සිරි ඇරපැයි.
[සංස්කරණය]අදහස:- ආපණ ශාලාවල රත්ත ජාති.
සිත් තුට වඩනා එ පුරයෙහි වේ මැද තැන තැන සුසැදී ගියා වූ සල්පිල්හි නවරත්නයන් ගේ කාන්තිය ඒ අසලට පැමිණියා වූ දනන් ඇඳි බැඳි සුදු වස්ත්‍යනයන්ට වැදී ඒවා නෙක පාටින් යුත් වූ සුන්‍දර ගුර්ජර දෙශයෙහි වූ.
159. ක්රිය: කා: ප: ස:- නිසඳුරු පබඳ දිවන වැනි විය.
[සංස්කරණය]අදහස:- දුම්කඳ හා ප්රඒදීපාලොකය.
අනෙක ඉසුරෙන් එ පුර දෙපසෙහි මනා විලසට සැදීගිය නිවෙස්ස්ථානයෙන් ගෙන් පිටත් වූ සුවඳ දුම්කඳ සවස්ති නගන ලද ප්ර්දීප ආලෝකයන් ගේ තෙජසින් බිය වැදී වහා රෑ අඳුරු කඳ හා වැදී ධාවනය කරන්නාක් මෙන් වී. (156)
160. ක්රි.: කා: ප: ස:- එ නුවර වණත අන්තය.
[සංස්කරණය]අදහස:- නගරය වැණුමට සූරයා.
ඉතා උස්ව සාදනු ලද වාසල් හා බහිවාරයන් ගෙන් උපලක්‍ෂිත වූ දිව්යසරාජයාගේ ප්‍රාසාදයෙහි මාණික්යල රශ්මියෙන් අන්‍ධකාරයට පත් වී නො පෙණුනා වූ මුත් සුන්‍දර භාවයට පැමිණියා වූ දෙව් පුර යන නාමයෙන් පසිඳු ව ගිය ඒ නගරය අන්‍ධකාරව තිබෙනා විට වර්ණනා කිරීමට දහසක් මුඛයන් ගෙන් යුත් අනන්ත නම් නා රජා ම සූර වන්නේ වෙයි.
161. ක්රින: කා: ප: ස:- තොප නොම බනු.
[සංස්කරණය]” ම මිතුර දෙව් රජ ගෙට වැඩම කර.
අදහස:- පරෙවි දූතයා ගේ පරිචිත ගති.
මුනීන්‍ද්ර යන්ගේ හා නරවරයන්ගේ ද නිවෙස් හි නිබඳ වැස පරිචිතය ඇති හෙයින් යුෂ්මතා පසඟ තුරු ගොසට භයක් නොම වන්නෙහි ය. නගරය බැලුමට දිවාභාගය ගතකරලා අහසෙහි තරු පෙනෙන කලේ මා මිතුරේ සතුටින් දෙව් රජ ගෙට වැඩම කර.
162. ක්රිව: කා: ප: ස:- පරෙවිඳු සඳ රඟ මඩල බල.
[සංස්කරණය]අදහස:- රඟ මඩුලු වල විලාසය.
පුෂ්පයන් ගෙන් ආකුලකොට කෙශ කලාපයන් බැඳලා විලෙපන විශේෂයෙන් ශරීරාඞගයන් සරසා ශෘඞකාර මල් වැල් සහ මිණි බරණ ද පැළඳියා වූ යන මේ විලසට සැරසී නැටුමෙන් යුත් නාටකයින් පමණක් නොව නාටිකාඞගනා සමූහයන් ගෙන් සර්ජිත රඟ මඬලු පැහැසර සිරුරකින් යුක්ත පරෙවිඳු සඳ බලාගනුව.
163. ක්රිග: කා: ප: ස:- බිම පෙණ සිරි ඉසිලී.
[සංස්කරණය]අදහස:- දේවස්ථානයාගේ බිම.
ඊශ්වර නම් දෙවියා රඟ කරනා දිනයන් හි අහස් ගඟට පුද කළ‘යුරු මැණික් වලින් බඳනා ලද භූමිය ඉසිනා ලද පිපී ගිය කුසුමයෙන් යමුනා නම් නදියෙහි වූ පෙණ මාලා සිරි ඉසිලී.
164. ක්රිස: කා: ප: ස:- තන යුග හස වැල වැනි
[සංස්කරණය]” යුග පතුලා රත කමලා වැනි.
(157) අදහස:- නලඟන්ගේ පියයුරු හා පතුල්. එහි නටනා කාන්තාවන් ගේ මුතු වැලින් මනා ලෙස ලකල් කළ පයොධර යුග්මය නිමල් වූ පද්මාකුරයන් රැගත් හස වැල වැනි වේ.
නිල්වන් මැණිකින් යුත් නුපුරාවලියෙන් බැබලී යුග පතුලා බිඟු වැල වට කළ රත් පියුමක් හා සම වේ.
165. ක්රිප: කා: ප: ස:- (තවසුන්) දම් නො තිබේ.
[සංස්කරණය]අදහස:- කතුන් ගේ ශරීරාඞගවල විලාසය.
කිණිහිරි මල් කැකුලක සටහනින් යුක්ත පයොධරයන් ගෙන් යුත් ගෙළෙහි වූ දැසමන් මල් දම් වල විලසින් යුත් දන්නාග්රු රශ්මියෙන් යුක්ත රන් දම් වන් ලෙලවන කොමල වූ අත් වලින් යුක්ත කාන්තාවන් දැක්කෝතින් තාපසයින්ගේ කෙලෙස් තවන තාපස ධර්ම්ය භභ්න වෙලා යේ.
166. ක්රිේ: කා: ප: ස:- සිත් තුටු වෙයි.
[සංස්කරණය]අදහස:- කතුන්ගේ නැටුම්.සිත් ඇදලා ගන්නා විලසින සෙමින් සෙමින් ගමන් කරනා සෙවනැල්ලෙන් යුත් තැන්වල වැඩිලා ගිය මොනරුන් වන් අඹ දලු වල පැහැයෙන් යුත් ශරීර වර්ණ යකින් බබලන අඟනුන්ගේ නැටුම් දැකීමෙන් සිත් හි තොෂ ගෙන දෙනුමය.
167. ක්රි.: කා: ප: ස:- සිතු පැදේ.
[සංස්කරණය]අදහස:- අගනුන් ගේ අඟ
ලීලාවන් ගෙන දුන්නා වූ අභිනව තාම්රය දලු හා සමාන මද්දල බෙර හඬ තාලෙට එක්ගව නිවැරදි ලෙස පා තබමින් ගීයෙන් කියනා ලද දෙය වැයුමෙන් ගෙන පානා අගනුන්ගේ රඟනා සැටි දුටුවන් ගේ සිත නම් පැහැදී යන්නේ වෙයි.
168. ක්රිා: කා: ප: ස:- (ත සිත) තොසේයා නො පටු වේ.
[සංස්කරණය]අදහස:- ගී කීමෙහි දක්‍ෂ ගතිය.
බැබලි බැබලි ලෙල දෙන්නා වූ විදුලි ලතාවන් විලසින් පෙනෙන්නා වූ කාන්තාවන් විසිනා උත්සාහයක් කිසිත් නැතුව විසිතුරු ලෙස කියන්නා වූ ගීතිකා රසයෙහි යුෂ්මතාගේ සිතේ උපදනා සතුට නම් සුළු පටු නොම වන්නේ වේ.
(158)
169. ක්රි : කා: ප: ස:- “නරඟ අවෙස වූවයි” සිතේ.
[සංස්කරණය]අදහස:- වරඟනන් ගේ රඟ
තරඞගාකාරයෙන් යුක්ත වූ මෘදු වූ හස්තයන් ගෙන් යුක්ත නාගාඞගනාවන් විලස් වූ රූ සිරිත් බබලවා රඟ කරන දිලිසෙනා වරාඞගනාවන් හට කාම දෙවයා ආවේශ වූයේ ය යි සිත් වේ.
170. ක්රිම: කා: ප: ස:- (සකි සඳ) සොඳ අඟනන් දකු.
[සංස්කරණය]අදහස:- අඟපසගින් රඟ කළ අගනන්.
හිස දෙ බැම දික්නෙත් ගෙළ පස දෙ අත රත් ඇඟිලි උරතල මැද දෙස වටොර පුළුලු‘කුල දන යුවල පතුල සහ අත යන මේ සිරුරෙහි වූ ඒ ඒ අඟපසඟින් දක්වන ලද නැටුමෙන් යුත් සුන්‍දර අඟනන් සතුටින් බල.
171. ක්රින: කා: ප: ස:- අඟනන් සලෙලෙකු මෙන් තෙවුනේ.
[සංස්කරණය]අදහස:- නළඟනක විලාශය.
කිඳුරන් ගේ බස කොවුලන් ගේ නද මිහිරි හඬින් පසු කරමින් එකිනෙක අඟනක් අනිකෙකු පසුබා ගීකියමින් සහ රඟ කරමින් සිටිනතරේ සරතැස වැඩි වී ලිහිලා ගිය වත හා කෙස් කලඹින් යුතුව ම ඉඳගන පිට වූ ඩාදිය බින්දූන් ගෙන් යුත් සිරුරෙන් හා රත් වන් දෙ ඇසින් යන මේ කී හැම ලෙසිනා සලෙලෙකු ගේ විලාසයෙන් විරාජිත වූවාය.
172. ක්රිෙ: කා: ප: ස:- උරුවෙස් රඟගත් විලසේ.
[සංස්කරණය]අදහස:- නළඟනන් ගේ නැටුම් රඟ.
බමරුන් පියුමෙන් රේණුන් ඇරගෙන යන මෙන් වෙසෙසින් ගීතය කියමින් ගියේ පදයෙන් පදයට අනුව ම දෙපතුල හරිහැටි තබමින් වහවහා කිංකිණි නාදය උපදවා නටනා අඟනන් අතරෙන් අඟනක් බලනුන් වසඟය කර කර නටනට වන් හැටි කෙ ලෙසද කිවහොත් දෙව් රැස මැද උන් සක්දෙව් රජුගේ අබිසෙස් මගුලෙහි උරුවිසි නම් වූ දෙවගන නටනට පටන් ගත්ත කල ඒ ආකාරය හා සම වේ.
173. ක්රිම: කා: ප: ස:- කැලුම් කැන් පෙනෙන්නේ
[සංස්කරණය]” ගත් සකක් මෙන් බමන්නේ. ” එ තැන්නේ ගුවන් වන්.
අදහස:- නෘත්යල ස්ථානය ගේ දර්ශටනය.
(159) අනෙක වූ කාන්තාවන් විසින හඳිනා ලද නො යෙකු පැහැයෙනා යුත වස්ත්රූ ඡිද්රියන් ගෙන් මැණික් බඳනා ලැබු මෙඛලාදාම යන්ගේ කාන්තීන් සමූහය දෘශ්ය්මාන වන්නේ වේ. ඒ කතුන් නටන්නා වූ වෙගයෙන් ශරීරය චක්රබයක් විලස්නෙන් කරකැවෙන්නේ වේ. මෙ සේ සලකනා කළ ඒ රැඟුම් මණ්ඩලය ආකාශය හා සමානව තිබෙන්නේ වේ.
174. ක්රි.: කා: ප: ස:- රඟ සැලසේ ය.
[සංස්කරණය]අදහස:- බැලූවන්ගේ නලල හා ඇස්වලට වන දෙයක්.
නිල් උපුල්වන් දිගු නෙත් නටවන්නා වූ සුලිඟින ලෙලදුනු රන ලිය විලසින නො මැලිව නටනා කතුන් බලාලා නලලත හා නෙතෙහි ද නැටුම් සැදේය.
175. ක්රි : කා: ප: ස:- තොප නළඟන දකු.
[සංස්කරණය]අදහස:- වැයුම හා ගැයුමක්.
වත් වත් පුට ආදි තාල විධි ඉගෙනගෙනා වීණා සත් තත නිවැරැදි විලසින යොදලා මිහිරි ලෙසින වයනු ලබන වීනා නාදයත් අනෙක දෙවඟනන් විසින් දෙ ඇසින ගෙනහැර දක්වා වීනා ගෑමෙහි වෙශයත් විදු දැනගත් නටන‘ගනන් සිතු පැහැදීමෙන් යුක්තව දර්ශ නය කරව.
176. ක්රිග: කා: ප: ස:- මම වියතුන් නො දනිමි.
[සංස්කරණය]අදහස:- නළඟනන්ගේ විලාසයක්.
නෙත් අගින් බැල්ම ලා අතින් කරන ලීලාවට බැල්ම ගොසින් වැටුනේ යම් කෙනෙකු වෙත ද ඔහුගේ සිත ඇදිලා එනු නියතව සිදු කරවන්නට සමත් කතුන් ගෙන් ශොභිත වූ ඒ රඟ මඩලට පැමිණ සිටින යෞවන අවයවයන් ගෙන් යුත් කතුන් වැණීමට පොහොසත් අය මම නො දනිමි.
177. ක්රිු: කා: ප: ස:- ලය තොස වේ.
[සංස්කරණය]අදහස:- කංසු ගසා නටන ලඳුන්.
තාලය නොම වරදවමින් කංසු තාලයන් ගසනා කිසිම දොසක් ඇතැ යි කියා කිසිවෙකු හට කිය නොම හැකි එකම තාලයෙන් රඟ දෙන නාටික අඟනන් දුටහොත් පරෙවි සඳුනි එකාන්තයෙන් හද තොස ජනනය වන්නේම ය.
178. ක්රිස: කා: ප: ස:- (සකි සඳ) සිරිපා පියුම් වඳු.
[සංස්කරණය]අදහස:- උපුල්වන් සුරිඳු වැණුමක්.
(160) ලෝකය තුළ පිරිසිදු ලෙස පැතිරී ගිය කීර්තණති ඝොෂායෙන් යුක්තව ගිය කපොලය තෙක් ම එල්බී ගිය රත්නමය තාඩඞකයෙන් සැදුම් ලද කර්ණ යන් ගෙන් උපලක්‍ෂිතව ගියා වූ උත්පල වර්ණ ය හා සමගිය යුත් රසාඤ්ජනයක් හා සමානව ගියා වූ රූප ශ්රීගයෙන් බබලනා උත්පල දිව්යා රාජයාගේ ශ්රී පාද පද්මය නමස්කාරය කර.
179. ක්රි.: කා: ප: ස:- අත දුන් අයුරු (වේ.)
[සංස්කරණය]අදහස:- හිස මත කිරුළෙහි විලාසය.
ඒ සුරිඳු හිස මත අලඞකෘකත වූ ක්රීවටය වූ කලී අඤ්ජන කූටය නමිනා පරසිදු පර්වසත මුදුනෙහි සිටි ස්වර්ණා සිංහ රාජයෙකුට සමකළහොත් මහත් ජල පහරින් ඉතිරී ගිය ගංගා අතුරට පැමිණී සිටියා වූ යම් සතෙක් වේ ද ඔහු සැඩ ගතියෙන යුත් ජල පහරකට භුමි කාන්තාව ය යි සිතා ගොඩ වීමට අත් දුන් විලසක් හා සම වේ.
180. ක්රි.: කා: ප: ස:- අදෝ කදෝ සරිකළ වැනි.
[සංස්කරණය]අදහස:- දෙ බැම සහිත නාසය.
උසස් ලෙසින් බැබලෙන්නා වූ දෙ බැම සහිත වූ නාසය ඉන්‍ද්රන නීල මැණික් රිටෙක අගෙහි බඳිනා ලද මත් මොනර යුගලයෙකු ඒ නැතොත් කැලෑ රොදක වැඩිලා ගිය ලපටි භාවයෙන් යුක්ත වූ රඹ පැලයක පත්රන යුග්මයෙක සණ්ඨාණය හා සමය යි උපමාකොට කියනු ලබත හොත ඒ උපමා කෙසේ වේ ද ඉරු මඩලට කලාමැදිරියෙකු උපමාකොට දැක්වීමක් හා සම වේ.
181. ක්රි : කා: ප: ස:- මත් ගජ රදුට නගුලිය සදිසි කළ මෙන
[සංස්කරණය]අදහස:- කර්ණ යුග්මයාගේ විලස.
ඒ දේවස්වාමීහු ගේ ශ්රාවණාන්තයා ගේ අග බබලන්නා වූ රක්ත මාණික්යවයෙන් සැදූ කර්ණාරභරණයන් යුගලය සැමදාට ම මුහුන නමැති පද්මයා පුබුදුවනා අයුරෙන් පත් රිවි යුගයක් හා වැනිය යි කියතහොතින් මත්ත හස්තිරාජයා හට නගුලියක් සමාන කළ විලසක් පළ වේ.
182. ක්රිග: කා: ප: ස:- මුව සලකුණු මුව ලප දරණෙය ඒ පේරග කියලී.
[සංස්කරණය]අදහස:- මුඛ චන්රාිාන ලඞකාරය.
(161) ලෝ වැසියන් නද කරනා නිමල වූ අමෘත රශ්මියෙන් යුත් වූ මුව සලකුණකින් සැදිලා ඇති එ සඳ මඬල සකල මෘගාඞකය ධාරයෙන් යුක්ත විය.
අප හිමි ගේ මුව සඳ තෙම සස විසිනා ගන්නා ලද නෙත් යුග පමණක් ධාරණයෙන් යුක්තවීය යි කියත හොතින් ඉසුරු දෙවිගෙ අභිමුඛයෙ හි ප්රෙයතයෙකු ගෙ ආකාරය ප්රගකාශය කළාක් මෙන් සිදු වේ.
183. ක්රිග: කා: ප: ස:- තෙපලත (ඒ) වෙද මතුරු තුල වේ.
[සංස්කරණය]අදහස:- ඔෂ්ඨාලඞකාරය.
දත් නමැති සොඳ කුසුම් රොන්වලින් සැදී ගිය සර සවිය කත විසින් නිතොරව රඳනුව ලබනා ඔෂඨ තෙම් අම පිරුණු දිලිසෙනා පියුම්රා මැණිකකින් සැදී ගිය විතෙක වේ ය යි තෙපලත ඒ බමුණෙකු ම කිය යුතු වෙද මිතුරක් ගොවියෙකු විසින් කියන ලද අයුරකට සම වේ.
184. ක්රි : කා: ප: ස:- වියත ඒ පහනැ යි යෙති.
[සංස්කරණය]අදහස:- ලම්බ හස්ත වර්ණදනා.
වක්‍ෂසථලය නමැති භක්තියෙහි අනන්ත වූ කුළුණු බරින් යුක්ත හෙයින් ඒ උසුලා සිහින්ව ගිය මැද පෙදෙසට වෙහෙසක් වන්නේ වේ දැ යි මහ බඹාණන් විසින් එල්බෙනා දෙ අතට පිටිවහල පිණිස දුන් ඉන්‍ද්රයනීල මාණික්යුමය වූ සත්මහ යුගලයකැ යි කියතහොත් ඒ රිවිගෙ අබිමුවේ හි දල්වනා ලද පහනකැ යි කී අයුරකට සමාන වේ ය යි වියත්හු පිළිගතිත්.
185. ක්රිී: කා: ප: ස:- දද බරණැස මිළ කළෙමි.
[සංස්කරණය]අදහස:- වසාරාජිය ගේ විලස.
හදතල නමැති වූ නීල වර්ණ ජලස්ථානයෙන් ගලා වැටුණු ගඞගාවක ලීලාව ද නාභි නමැති පියුම කරා ගමන් ගත්තු මත් වූ බිඟු වලිය ද එ සුර රජුගෙ සුන්‍දර වූ වසාරොදට සමාන කළහොත් ඉසුරෙන් පිරි බරණැස් පුර මුග්ධ දදෙකු විසිනා සහල් නැළියකට මිළ කළ විලසක් හා සමාන වන්නේ වේ.
186. ක්රිු: කා: ප: ස:- කඩොල් මලී සරිකළ (වැනි වේ).
[සංස්කරණය]අදහස:- ඌරු යුගලය.
(162) කලිඳු ගගේ විලාසයට ප්රරභාමත් වූ කල්හාකාර සිනිඳු ගතියෙන් යුත් වූ අමෘතයාකාර ලෙසින් මොලොක් බැවින් සැදීමන්දමාරුත අයුරට සිහිල් ගුණෙන් යුත් ඒ දෙව් රජු ගේ වටාකාරයට සැදී ගියා වූ කලවා සඟලට ඇත් සොඬ සමකර බලතොත් ශ්රීව වන්ත වූ කඩුපුල් නම් කුසුමයකට කණ්ඩුල පුෂ්පය සමානකළ අයුරට සම වේ.
187. ක්රිඅ: කා: ප: ස:- (ඒ) හෝවැළු උවමකළ (වැනි වේ).
[සංස්කරණය]අදහස:- ජඞඝා යුගලයාගෙ විලාසය.
මේ ලොවට මුල් වූ ඒ දෙව රාජයාගෙ බැබලී ගියා වූ ජානු යුග්මයට නො පිපුනා වූ තැඹිලි මලය, හී කොෂය, පහන් සිලය, මොනර කරය, රොහිත නම් මාලුවාය, දුනුකේ මල් කැකුලය යන මේ වස්තූන් උපමාකර දක්වතහොත් ඒ කිරි මුහුදට දිය පහරක් උපමාකොට දැක්වීමක් හා සමාන වේ.
188. ක්රිු: කා: ප: ස:- තෙපුල මොහොරෙකි.
[සංස්කරණය]අදහස:- සිරි පතල වැණුම්.
සූය්ය්-ිර රශ්මි සමූහය වැදිලා අභිනවයෙන් පිපිලා ගිය රක්ත පද්මය ද ශ්රීො සාර දෙව් රුක අග බබලන ලා තාම්රව පත්ර්ය ද ඒ සුරිඳුගෙ නිර්මපල වූ පාද තලයට සමාන කළහොත් ඒ කියනා තෙපලය නම් ක්‍ෂීරයාගෙ ඇති මිහිරට මොහොරක් සම කරනා මෙනි.
189. ක්රිත: කා: ප: ස:- දෙව් තුරු මරාතුරු එක ලෙස කළ වැන්න.
[සංස්කරණය]අදහස:- නබ පඤ්ජරයාගෙ වැණුම.
හිමීහු ගේ උතුම් පා නමදිනා සෙසු සුරන් ගේ හිස් හි පළඳිනා ලද ඔටුනු අග මුතුවැල්වල ඉගිලී ගිය විලාසය රශ්මියෙන් යුක්ත වූ නිය පඳුරට උවම් කොට ප්ර කාශය කරතහොත් ඒ දිව්යය වෘක්‍ෂය හා සමාන කොට මාරා ගස එකාකාර සලකුනු ලද වැනි වේ ම ය.
190. ක්රිි: කා: ප: ස:- පිල් අතල (මෙනි).
[සංස්කරණය]” විකුමන් වණනු කිම?
අදහස:- ඒ දෙව් රජාණන් නමැති ඉතාමත් නිල්වණින් යුත් වැසි වලාවෙක් හි දිලිසෙමින් පවතිනා විදුලිය වැල් හා සමාන කොමල වූ අසුරාම්බිකාවන් ගේ භ්රෑප රෙඛා නමැති මයුර (163)
සමූහයන් විසින් කෙශ කලාපයා නමැති පිල් කලඹවල් නලල් තලයා නමැති ස්වර්ණ3 පර්වසත තලයෙන් අතුරුවනු ලද්දාහු වැනි වෙත්. නිමල් වු ඒ හා සම වික්රරමයන් යලින් වැනීමෙන් ඇතිවන ඵලය කිම?
191. ක්රි : කා: ප: ස:- ඉසුරු යස පළඳින.
[සංස්කරණය]” මිණෙක සිරිපැයි. ” සැපත දෙත.
අදහස:- කීර්ත ති තෙප්සාලඞකාරය.
ඒ දෙව් රජාණන් ගේ කීර්තතිය හා තෙජස තුන් ලෝ තූලේහි ඊශ්වරයෝ තුමු පළඳිත් ය. දීප්තිමත් තෙජය පාතාල ලොකයට ප්ර ධාන අනන්ත නම් නාග රාජයා ගේ ග්රීතවයෙහි බඳනා ලද මාණික්යත රත්නයා ගේ ශොභාව ගෙනහැර දැක්වූයේ වී. ඒ මාණික්ය්ය පැතූ දේ දානය කරනා විලසට සම්පත්තිය ගෙනදෙන්නේ වේ.
192. ක්රිබ: කා: ප: ස:- මිතුරිඳුනි අස්න තතු සැලකරන්.
[සංස්කරණය]අදහස:- නැණ නුවණ පිහිටුවාගන්නා හැටි.
මිතුරු තුමනි කියනා වචනයන් ගේ අදහස් නි වැරදි ලෙස දැනගන සිට සැලකරන්ට ඕනෑ හැටි සංලක්‍ෂ්යන රුවක් මෙන් තබාගෙන නුවණ ද සිහිය ද නි වැරදි විලසින් උපදවාගෙන රනින් කළ අබරණින් විරාජිත සිත්කලව සැදී සිටි සුරෙන්‍ද්රෙයාණන් හට රැගෙන ගිය අස්නෙ තතු නිවේදනයකර සිටිනු මැන.
193. ක්රිද: කා: ප: ස:- (සකි සඳ) මිතුරු වෙති යනු (දහමේ පවතී)
[සංස්කරණය]අදහස:- සසර පුරුද්දක්.
පෙර ජාතියෙ ඥාති මිත්රසයන් වී සමගිව විසුමකින් හෝ මේ ලොකෙහි තමන් කැමති වූ අයුරෙන් වැඩි දියුණු ව සලසාලා දීමෙන් හෝ ජලය අතරෙ පැමිණීමෙන් වැඩීම ඇති නෙළුම් අලය මෙන් සසර වසන දනන් අතර මිතුරු දහම් පැවතේ ය යි දහමේ පවතිනා පුවති.
නිර්දෙැශාදිය.
මේ ලෝකයෙහි වසන මිනිසුන් අතර සමහරු අනිකෙකු දුටු විගසම වාගේ ඔවුනොවුනතරේ සතුටට පත්වෙති. සමහරු
(164)
එක ලඟ බොහෝ කල් ඔවුනොවුන් සිටියමුත් ඔවුනොවුනතරේ සතුටක් නොම උපදවති. මේ වනාහි සසර සැරිසරණ කල පවත්වාගන ආ පුරුද්දකැ යි බුදු දහමෙහි සඳහන්වී පවත්නා නියමයකි.
පෙ ර දැ සමග විසුමෙන් නෑසියව ති තී
අ ර තර මෙලොව වැඩ යෙදුමෙන් හෝ කැම තී
යනාදි කවෙන් දක්වන ලද්දේ සසර වසන සතුන් අතර පවතින ඒ දහම් විලස මිතුරු දහම අප අතරේ පවතින බව දැක්වීම පිණිස විය.
ඒ බව,
“පුබ්බේව සන්නිවාසෙන පච්චුපන්නහි නෙනවා
එවං තං ජායතීපෙමො උප්පලංව යථොදකෙ”
යනාදි දෙශනාවන්ගෙන් ප්රංකාශ වේ.
194. ක්රි්: කා: ප: ස:- සුරිඳුනි අස්න තොරතුරු අසන්.
[සංස්කරණය]අදහස:- සන්දෙයශයා ගේ උද්දේශය.
එසේ හෙයින් සුන්දර වූ පෙර පුරුදු ලෙස පරිචිත්තව ගෙන එන පුණ්යය මහිමයෙන් වර්ධනනයට පැමිණියා වූ උතුමෙකු වූ යතීන්‍ද්රහයෙකු සමගින මිත්රු වූ හෙයින්, උන්වහන්සේ වෙත දැනුම් දී සිටින ලෙසට කියනාලද සන්දෙතශයා ගේ ප්රවවෘත්ති විශේෂය ලොකේශ්වර වූ සුරෙන්‍ද්ර රාජයාණනි දෙකන් නමා ශ්රවවණය කරනු මැන.
195. ක්රිු: කා: ප: ස:- ම කියන සුදුසු තෙපලෙක.
[සංස්කරණය]” - ම මිතුර “රකිවයි” අයැදින්.
අදහස:- ආයාචනා.
ගිරි හෙළ පුර නමින් පැවති දෙව නගරයෙහි කිගිරිදාරු මුහුතීයෙන් මේ ලකට අවතීර්ණර වූ උතුම් මුනිඳුගෙ වදන් මුදුනෙන් රැගත් සක්දෙව් රජාණන් වහන්සේ මෙ සිරිලක්දිව රජුන් හා සොඳ බුදු සසුන් රකිනට උපුල්වන් යන නමින් ශොභිත ඔව වහන්සේ හට වරප්ර සාදයක් දුන්නෙන් මෙමා කියනේ සුදුසු වූ තෙපලක් ම වෙයි.
ඒ තෙපුල වනාහි ඉරුගොත් පරපුරෙහි ජයවඩනා පුරවරයෙහි රාජාභිෂෙකයට පැමිණ බුජබල නැණබල සහ තරසර
(165)
ගුණයෙන් මනනඳ වූ රුසිරෙන් කර්මත දෙවි හට සම වූ මේ පැරකුම්බා නම් වූ නිරිඳුට දමනය කරනට දුෂ්කර සතුරන්ගේ ලය තාපනයට පමුණුවා එ රජුගේ යටත් බවට පමුණුවමින මෙ සිරි ලක්දිව අවලම්බනයට පමුණුවා මනා ලෙසින් සංරක්‍ෂණය කෙරේවා යි මාගේ මිතුරෙනි රසවත් වූ වදනින් ආයාචනය කර සිටිනු මනා වේ.
නිර්දෙ ශාදිය.
යථොක්ත දසපද සැහැල්ලෙහි වූ “කිහිරැළි උපුල්වන් දෙව් රජුනි ගිරිහෙළ පුර” යනාදියෙන් “කිහිරැළි උපුල්වන් දෙව් රජුනි” යන්නෙන් “ඛදිර රූප මූර්තෙතයෙන් මේ ලකට අවතීර්ණ වූ උත්පලවර්ණ් දිව්යර රාජයා ණෙනි” ය යි ප්රතකාශ වේ. ගිරි හෙළ පුර යන්නෙන් දෙව රූපයාගේ අවතීර්ණරයට පූර්වරයෙහි දෙව පුරයට හෙවත් මේ කළ ව්ය්වහාරයේ හැටියට දෙවුන්දර යන ස්ථානයට ව්යවවහාරව පැවති නාමය බව ප්ර කාශ වේ.
ඒ අතර “උපුල්වන් දෙව්රජුනි” යන්නෙන් ප්රාකාශිත ප්රවවෘත්තිය ආශ්‍ර යකොට මෙහි සතර වන කවියට ලියන ලද නිර්දේශයෙහි ද සඳහන් බව ප්රකාශ කරනලද බව කියන අතර එම කාරණය ම ආශ්ර්යකොට ගෙන පැරකුම්බා සිරිත නම් ග්රබන්ථයෙහි මෙ සේ ද සඳහන් බව කියයුතුව තිබේ.
ය ම ල් හල මුනි ලෙසින් වදහල
මෙකල රකිනුව මෙත් සි තී න්
උ පු ල් වන් දෙව් රජුන් පිළිරුව
වඩිනු දැක මහ සයුර තී න්
වි ම ල් ගුණයුත් නමින් දාපුලුසෙන්
රජෙක් ආ එ මොහො තී න්
වි පු ල් සිරි දෙව්පුරය කරවා
පිහිට කරවී යහප තී න්
මෙහි අදහස වනාහි සක්රජු ගේ නියමය ලෙස සසුන් රැකීමට පිළිගත් ඛදිර රූප මුහුර්තසයෙන් ගිරිහෙල් නම් පුර වරයට සාගරයෙන් වඩින පිළිරුව දකිමින දාපුලුසෙන් නමැති රජෙක් දෙව් නුවර පිහිටුවා එහි අලඞකාර ප්රාිසාදයෙක්හි දෙව රූපය ප්රහතිෂ්ඨාපනය කොට ලක්දිවට ඉෂ්ටාතර්ථයක් සිදු කෙළේය යනුයි.
මෙහි සඳහන් දාපුළුසෙන් රජ වනාහි ක්රිූ. ව. 809 දී පොළොන්නරු පුර රාජ්යසයට පත් දල්පුල යන නමින් ද ව්යිවහාර රාජයා වියයුතු බව පෙනී යේ.
(166)
196. ක්රිද: කා: ප: ස:- මෙ නිරිඳු දිනි දිනී.
[සංස්කරණය]අදහස:- ත්යාග ධර්මයයා ගේ උත්කෘෂ්ඨතාවය.
ශ්රී1 ලඞකා නමැති තවුතිසා භවනයෙහි සුරතුරෙක විලස්නෙන් පසිදු වූ හෘදයාභ්යන්තර නමැති මන්දිරයෙහි සදනා ලද අභිනව වූ මාණික්ය ප්රයදීපයාකාර වූ රුපුන් නමැති කෙසරුන්ගේ විකුම් දප දුරහැරිය සරහ සිංහයකු වැනි වූ.
ත්රියවිධ ශක්තිය වතුර්විධ උපාය ෂඩ්විධ ගුණය යන මේ රාජාඞගයන් ගෙන් ශුක්රන දිව්යය රාජයා හට සමාන වු සිරිකත ගෙ පියයුරන්හි වූ කොකුම් රැස බුජ තුරෙහි අලෙව් දුන් පරාක්රයමබාහු නරනිඳු හට වංශකුල වික්රයමාදියෙන් සමානාකාර වූ සියල් ලෝ වාසීන් බැබල වූ දනීසුරු විලසින තද වූ තෙදිනි යුත් දිනකර විලසට අතිශයින් ලකර වූ පරාක්රදමයෙන් රඤ්ජිත වූ මේ පැරකුම්බා රජ තෙමේ මහත් වූ ත්යා ග ධර්මදයෙන් රන්ය වහල්ය අනගි වූ පට සළුය යන දානමය වස්ත්රතන් යාචක දනහට දානය කෙළේය.
නිර්දෙනශාදිය.
මෙම දස පද සැහැල්ලෙහි
“පැරකුම්බා නරනිඳු සඳුට සහයුරු”
යන්නෙන් කවර නම් පරාක්රඳමබාහු නරෙෙන්‍ද්රාිත්තමයෙකු හට ජයවද්දන පුර සිරි පැරකුම් රජු සමානකර තිබේදැ යි සලකා බලනා කල ඒ වනාහී සහස්ස වල්ල ක්ෂිුත්රිරයායා ගේ මුනුපුරු කාලිඞග විජයබාහු නිරිඳු ගේ පුත්ර දඹදෙණිපුර කලි කාල සාහිත්යේ සර්වාඥ පණ්ඩිත පරාක්රුමබාහු නරෙන්‍ද්රුයා හට සමකරනා ලද බව දත යුතුයි.
ඒ දඹදෙණි පුර පරාක්රයමබාහු රාජයා වනාහි ජයවද්දන පුර සිරි පැරකුම් රජු ගේ පරපුරට අයත් අති ශ්රේ ෂ්ට රාජයා විය. ඒ රාජයා වනාහි මේ රාජයාගේ සීයා වූ විකුම්බා නමින් කුමාර කාලයෙහි විසුවා වූ ක්‍ෂත්රී ය පුත්රගයාගේ සීයා වූ සවුළු විජයබා නිරිඳුගේ පියා විය.
තවද ජයවද්දන පුර සිරි පැරකුම් රජතුමා දඹදෙණිපුරයෙහි කලි කාල සාහිත්ය මහ රජුන් විසින් ඉපද වූ සවුළු ප්ර තිපත්තිය අලඞකාර කිරීමෙහි සහභාගිව සිටින්නෙකු බව දක්වනු සඳහා පැරකුම්බා සිරිතෙහි මෙහි පහත පෙනෙන කව යොදා තිබේ.
(167)
කි රු ළු සමග දෙවිඳු විලස සැදි සූසැට බරණ ර ත් න
නැ බු ළු මෙ සිරිලක නුබ ගබ බබලන නව නබෝ ර ත් න
ස වු ළු ලකල දඹදෙණි පුර පැරකුම්බා බුජ රාජ ර ත් න
මෙමු ළු ලොවට පුවතර විය වීර රාජ සිරෝ ර ත් න
197. ක්රි : කා: ප: ස:- මිතුර රකිනුව අයදින්.
[සංස්කරණය]අදහස:- යුව රජ රැකුමට අයැදීම.
කීර්ති නමැති චන්ද්රායලොකයෙන් දශ දිශාන්තරයන් ප්රෙසාදයට පැහැද වූ රූ සිරින් කුවෙර පුත් නලකුබර රාජයා හට සමානව ප්ර්භාවයෙන් සපිරුනා වූ මහය්ය්පුත ව ජනිත වූ නගරයෙහි විසුම් ගත් උතුම් වූ යුව රජු ද සැපතින් සිටිනා විලසට රැකදෙනු මැනවැයි මිතුරාණනි ආයාචනය කර සිටින්න.
නිර්දෙරශාදිය.
මෙහි මහයාදුනු නුවර යන්නෙන් මහය්ය්නත ව හෙවත් මහ දෙවිය උපන් නගරය යනු ප්රුකාශ වේ. “මහයාදුනු” යන්නෙහි වූ මහයා ශබ්දය දුටුගැමුණු මහ රජු ගේ මව් උපන් නගරය යනාතර්ථ යෙන් යුක්ත වේ. යම් සේ ලක්දිව පිහිටි රට නමින් පැවති භූමිභාගය කල් යත් යත් රජුන් ගේ වාසයට හිමි ව පැවතීමෙන් රජ රට ය යි ව්යමවහාරයට පැමිණියේ ද විහාරමහ දෙවියවිසින් සිය දිවි පුදලා බේරාගත් ගල්වල් නමිනා පෙර කල පැවතීගන ආ භූමිභාගය මහයා හෙවත් මායාරට ය යි ව්යවවහාරයට පැමිණ තිබෙන බව ද ඉතිහාසයට නයින් පෙනී යේ.
198. ක්රිය: කා: ප: ස:- යහළු “පුත් රුවනක් දෙන ලෙස” අයැදින්.
[සංස්කරණය]අදහස:- ලක රකිනට පුත් රුවක් ලැබ ගැණුමට අයැදීමක්.
පැරකුම්බා රාජ නමැති අහස් කුසෙහි පහළවගිය අභිනව චන්‍ද්රි රෙඛාවක් වන් සිරි ලක්දිව වඩන්නා වූ රාජ බීජ අටගැනුමට සාර කෙතක් මෙන් පෙනෙනා. ශ්රී පුණ්යද ලක්‍ෂණ නමැති වූ මිණි වෙසෙසින් පිරිලා ගිය නිධානයක් හා සමාන චන්‍ද්රයවතී නමින පසිඳු සිරිබර රජ දූ කතු හට නො ලසා කඳකුමරුට සම දෙව් සෙන් තුට වැඩුම් කරන රූ සැපතින් ගා පින් ලකුණෙන් සපිරීගිය සැමියෙකු සම කුලයෙන සලසා.
(168)
ශරීර රූපශ්රි)යෙන් දිව්යැ කුමාරයෙකු ගෙ විලස බැබලෙනා ගුණනැණයෙන් යුත් මෙත් කරුණා හා ගුණ වෙසෙසින් පමණක් නොව ප්රඥාවෙන් ද යුක්ත කාව්යණ නාටකාදීන් ගෙ ජානනයෙන් අගතැන් පත් පුත් රුවනක් ලක්වැසියන් වෙතේහි මෙත් උපදවා දෙනු මැනවැ’යි මිතුරාණනී අයැදිනු මැන.
199. ක්රි : කා: ප: ස:- මිතුර “සෙනඟ රකින ලෙසට” අයැදින්.
[සංස්කරණය]අදහස:- පිරිවර සෙන් රකිනට ආයාචන කර සිටීම.
පැරකුම්බා නිරිඳුන් වෙත නිරන්තර ව රාජ සෙවයෙහි නියුතුව සිටිනා මහ පරිවර දනන් රැස ද රටට අභිවෘද්ධිය රැක ගණිමින් වසන්නා වූ සියලුම මැතිවර මඬල ද ඇතුන් අසුන් රිය පාබල යන මේ සිව් රඟ සෙනඟ ද රැක දෙනු මැනවැයි දන්වා මනහර වූ මා මිතුරේ ආයාචන කර සිටින්න.
200. ක්රින: කා: ප: ස:- “සකි සඳ” මෙ පවත කියව.
[සංස්කරණය]අදහස:- දෙව මෙහෙසිය හට ද ආ කරුණ දැන්වීම.
සිත් අයුරට කිත් රැසයෙන් සියල් ලෝ වැසියන ආලොකය කළා වූ ශොභාවෙන් චන්‍ද්රාසයමානව සිට ජනයන් ගේ සිත් නමැති කුමුදු වන පුබුදු කළ උපුල් වන් දෙව් රජු ගෙ රන් කරඬුව තුළට පැමිණ සිටි ප්රිකය වූ ශරීරයෙන් යුක්ත වූ චන්‍දන කල්කායමාන වූ උත්තම ප්රසභාවයෙන් යුක්ත වූ මහෙෂිකා උත්තමාවට වැඳලා මෙම ප්ර වෘත්තිය ගැණ දන්වා සිටිනු මැනව.
201. ක්රිල: කා: ප: ස:- සකි සඳ මෙ තෙපුල් සැල කරව.
[සංස්කරණය]අදහස:- ජනක දෙව රාජයා.
රාම රාජයා විලසට ධනුර් විද්යාරවෙන් ලොව ප්රනකට භාවයට පත්ව ගත රන් දුනු සහ දුනු සැර යැවීමෙහි නිපුණව ඉඳ පරසුරාමයා ජයගත් උත්පල වර්ණ දෙව රාජ පරම්පරා ගතව උපන් ජනක දෙව රාජයා හට ද මෙ පුවත ගැන දන්වා සිටුව.
202. ක්රි.: කා: ප: ස:- පරෙවිඳු සඳ හස රද මෙන් පවතු.
[සංස්කරණය]අදහස:- කාය්ය්ක දව‘සානා‘ශීර්වාහදය.
පෙරදිග ඈ සතර දෙසද ඉසාන ඈ සිව් අනු දිගවල් සහිතව ඉහල පහළ යන දශ දිශාවෙහි පැතිරී ගිය බබලන කිත් රැසකින් යුත් උපුල්වන් දෙව් රජාණන් හටා අභිනව වූ මේ මධුර භායෙන් යුක්ත වූ සන්දේශය මේ ලෙසට සැලකරලා
(169)
යුෂ්මතාණනි මේ තොප විල් කෙලියෙහි නියුතු තිසර රාජයෙකු යුෂ්මතාණනි මේ තොප විල් කෙලියෙහි නියුතු තිසර රාජයෙකු විලසින සිය නෑයින් හා සමගින ප්රීලතියෙනා යුතුව ජීවත් වෙහිවා.
203. ක්රිල: කා: ප: ස:- රහල් වැඩි තැන් කළ රැව් සදෙහි.
[සංස්කරණය]අදහස:- ග්රකන්‍ථ කර්තෘවගේ ගිහි පරපුරාදිය.
සකන්‍ධාවර පරම්පරාවෙහි ජනීතව තොටගමුව නමින යුත් පසිඳු ගම වැඩ වෙසෙන සිංහලය, මාගධය, සංස්කෘතය යන භාෂාවන් පිළිබඳ පැවති සකල ගද්යන පද්යම බන්‍ධන වහාම දැනගන තම කුල පරපුර පැවතෙන විලසට කතරගම දෙවිඳු ගෙන් වරප්රාසාදය ලැබූ පසළොස්වන වස්හි දී රචනා කරන ලද පරෙවි සන්දෙෙශය නමින යුත් පද්යැ ග්රහන්‍ථය මේ වේ.
නිර්දෙවශාදිය
කඳවුරු කුල.
“කඳවුරු කුල උපන් රැඳි තොටගමු පියස” යන්නෙහි “කඳවුරු කුල” යනු ස්කන්‍ධ කුමාරයාගෙන් වරප්ර සාදය ලැබගන දුෂ්ට සොළින්ගෙන් රට සහ සිංහළ ජාතිය පමණක් නොව සම්බුදු සස්න ද රැකගත් රාජ පරම්පරාවකට ව්ය වහාරයකි. මෙම කඳවුරු කුලයට අයත් රජ පරපුරයෙහි මුල් උපත රුහුණු රට මානාවුළු පුරය බව ඉතිහාස නයින් පෙනී යේ. පසුකල පොළොන්නරු පුරයෙහි ප්රනධානත්‍වය මෙම රාජ පවුලේ ක්‍ෂත්රිසය කුමාරවරුන් ගේ ප්ර වෙණියක් මෙන් ද විය.
පොළොන්නරු පුරයට කඳවුරු පුර, කඳවුරු බෑ පුර යන නාම ඇති වීමට හේතුව ද මෙම ස්කන්‍ධ කුමාර වරප්රුසාදය ලැබ පොළොන්නරුවෙහි සොළී බලෙන් මුදවා ගත් රාජ ...............දත යුතු වේ. ඒ රජ පවුල ....... .... ස්කන්‍ධ කුමාර වරප්ර.සාදයෙන් ලැබ ගත් ප්රයධාන කුමරා වනාහි කීර්තුති නාමයෙන් බාල කාලයෙහි පසිඳුව සිටි මහ විජයබාහු රාජයා විය.
මහ වංශයෙහි කඳ කුමරුන් වර ලැබගන රාජ බලය පැවැත් වූ ප්රවවෘත්තිය විජයබාහු මහ රජු ගේ උත්පත්ති කථාව මුල්ව පවතිතත් එම ප්රවවෘත්තිය එහි ආකුල ව්යාජකූල ගතියකින් යුතුව සඳහන්ව තිබේය යි කිය යුතු යි. ඒ සම්බන්ධආ ප්රූවෘත්තිය මුද්රිුත මහා වංශයෙහි 56, 57 යන පරිච්ඡේදය එක් කොටසකට ද 57 වන පරිච්ඡේදය නැවත 57, 58 වශයෙන්
(170)
තවත් කොසටකට ද ඇතුළත් කිරීමට සිදුවීමෙන් පෙනී යේ. ආකුල භාවයට ප්ර්ධාන හේතුව කඳ කුමරුන්ගෙන් අයැද සිටිය වරප්රයසාදය කවරක් ද වරප්රකසාදයේ ප්ර කාරය සිදු වූ ප්රටතිඵලය කවරක් ද යන පුවත මනා සේ එහි සඳහන්ව නො තිබීම වෙයි. නමුත් එම රජ පවුලට අයත් රජ කුමරුවන් අතුරෙන්
සසිරි මානාවුලු පුරෙයි ඉඳු පරපුරෙන් ආ පිරිසි දු
සොළීන් වසඟව තුබූ රටගෙන සයානූවක් අවුරු දු
මුනිසසුන් රට වවා අමුතුව මනුරජෙව් පිළිවෙළ සැ දු
එසිරි සඟබෝ විජයබා රජ විසී පස්වන සවුරු දු
මෙහි “ඉඳු සැව්” යනු දෙවිදුනු ය යි ව්ය්වහාර වන්නාක් මෙන් “ඉඳු පරපුර” යන්නෙන් කතරගම දෙවිඳු ගෙන් වර ලබා ගත් පරම්පරාවය යන අදහසින් යොදනා ලද්දක් බව ප්රගකාශ වේ. මෙහි වර්ණ නා කරන ලද විජයබා රජ වනාහි රුහුණු රට මානාවුලු පුරයෙහි මුගලන් නම් ක්‍ෂත්රිරයයා ගේ පුත්රායෙක් විය. මුගලන් කුමර තෙමේ කසුබ් නම් රජු ගේ පුත්රකයෙකි. කසුබ් කුමර තෙමේ කඳ කුමරුන් වර ලැබගන හෙවත් කඳවුරු පවුලට අයත් පළමු රාජ ගේ වැඩිමහල් පුතා විය. කඳ කුමරුන් වර ලැබගන ඒ බලයෙන් රජයට පත් පළමු රජා මාණ නමින් යුත් කුමරෙකි. “සිංහළ ජාතිය හා ඔවුන් ගෙ ශිෂ්ටාචාරය දහසක් අවුරුදු රැකගන ආ බුදුන් ගෙ සසුන ද වනසාගන යන දුෂ්ට සොළින් ගෙන් අප රැකගන්නට සමතර්ථු පින් ඇති පුත් රුවනක් අප ගේ පරපුරයට ලැබ දෙනු මැනවැ”යි කතරගම් සුරිඳු ගෙන් වරප්ර සාදයක් අයැද සිටියේ යයි පෙනී. .... කුමාර වනාහි ඒ කඳ කුමරුන් ගෙන් වරයනුර විද්යා වෙන් ලොව ප්ර.කට භාවයට මාණ නම් රජය දුන වැඩිමහල් සහෝදරයා ගේ නිපුණව ඉඳ නාමය ද මාණවම්ම නම් වූයේ විය. කඳ කුමරු ගෙන් වර ලැබ ගන්නට යාමේ දී කරන ලද මනොත්රායපවාරයේදී වූ වැරදීමක් හේතුකොට ගෙන එතුමා ගේ එක් ඇසක් අන්‍ධවී රජ සැපත හැර දමා මලයාට තමා නමින් රජ වෙන්නට නියම කොට තෙමේ මහණ වෙසට පැමිණි යේ විය.
මුද්රි ත මහ වංශයෙහි ඒ සම්බන්‍ධ ප්රපවෘත්තිය මෙහි පහත පෙනෙන‘යුරු සටහන් වී තිබේ.
“එකල මහ බලැති කීර්තයති නම් රජ කුමරෙක් විය. උහු වංශාදි සම්පත් තොම පිළිවෙළින් කියනු ලැබේ.
(171)
කසුබ් රජහු පිත් මාණ නමින් ප්රජසිද්ධ වූ සත්පුරුෂාවාරයෙන් හෙබියා වූ ධීර වූ ඈපානකෙනෙක් විය. තවද උහු දෙටු බෑ මහ පැණැති මාණවමම තෙමේ ගොකන් සමුදුර වෙත හෝ ඉවුර ඉඳ විධි වූ පරිද්දෙන් අශේෂයෙන් කරන ලද මනේත්රාදපවාර ඇත්තේ අක්‍ෂමාලාව ගෙන මතුරු දපන්ට පටන් ගත.
වාහන සහිත කඳ කුමර තෙමේ උග්රඇ පෙරට පහළ විල. මොනර තෙමේ මුව තුඩින් බිලි තටුව බිඳ සිදුරු සහිත පොල් කබල දිය ගොස් වියලුනෙහි දිය නො දකිමින් මතුරණ උහු ඉදිරියට ආය.
එ කල හෙතෙමේ භාවිනී සිද්ධි දක්නේ සිය නෙත උහුට එලවී. ඒ මොනර ද ඇස බිඳ වහා බියේ ය. සතුටු වූ කඳ කුමර ඒ කුමරහු පැතූ වරය දී බබලමින් ඉන් නැගී අහසින් ගියේය. ඇමැත්තෝ බුන් එක් ඇස් ඇති උහු දැක බැගෑව ඇඬූහ. හේ තෙමේ වර ලාභ පවසා ජනයා අස් වැසීය. ඉක්බිති ඇමතියෝ ඊට සතුටු වූවෝ අනුරාපුරයට පැමිණ අභිෂෙක කටයුතු ය යි උහු ආරාධනා කළහ. අඞග විකල වූ මට දැන් රජයෙන් කවර ඵලයෙක් ද මම පැවිදි බවට පැමින තපස් කම් කරන්නෙමි. කනිටුමාන තෙමේ ක්රකමාගත ලක් රජය රකීවයි, හෙතෙමේ තමහට පත් රජය ප්රනතික්ෂෙරප කළේ.”
මේ වනාහි කඳවුරු කුලයා ගේ උපත පළමු වරට සිදු වූ පුවතෙහි ආකාරය ඉතිහාසයෙහි සටහන් වී තිබෙනා විධියයි.
තොටගමුවේ ශ්රීෙ රාහුල ස්වාමීන් වහන්සේ ද ඒ කඳ කුමරුන් ගෙන් වර ලැබගන තමන් ගෙ අදහස් මුදුන්පත් .................... පරම්පරාවෙන් පැවතෙන ................ බව දැක්වීමට “................. කුල උපන්” යන්න යථොක්ත පද්ය.යෙහි යොදන ලද බව ද “කඳ කුමරුන් වර ලැබ පසළොස් වයස” යන්නෙන් අප ගේ නිගමනය වඩාත් සත්ය වන බව ද කිය යුතු වේ.