Jump to content

ප රෙ වි ස න්දෙශ කාව්ය වර්ණනා-සන්දෙශ භාරක වර්ණනා

Wikibooks වෙතින්

2. අදහස.

[සංස්කරණය]

සන්දෙ ශභාරක වර්ණ්නා.

[සංස්කරණය]

මිතුරන් නමැති වූ ගස් සරසන්නා වු ආරම්භිත වසන්ත නම් සෘතුවකට සමාන වූ මාගේ මිත්රසයාණනි, ප්රි්ය ජනක මද මද වූ සුලගින ලෙල දෙමිනා අහසින් පියාසර කරගන එන කල්හි පිපී ගිය කුමුදු මෙලෙකැයි සිතා දෙවඟනෝ අතින් හැර නොගත්තුද ? සුර ගහින් හරිනු ලද නෙළුම් අංකුරයකැ යි සිත සැකව හංසයෝ තොප වෙතට ලඟා නොම වූවාහු ද?

සුඬ බුඬ නිවාසයෙන් එන්නා වූ සේවත බුඬ රශ්මි පිණිඩය කැයි සිතා පූජා නොම කරනු ලද්ද ? සක් දෙවිඳුගෙ නඳුන් උයන කෙරෙන් ගමන් ගත්තා වූ මලක් වෙන්ට ඇතැයි සිතා දෙව් අගනෝ ලොබ උපදවා ඉඹලා නොම හැරියාහුද ? මිතුරු තුමනි, අහසින් නුබ පැමිණෙන විට එවන් ආපදාවයකට නො පැමිණ සැපසේ මෙහි පැමිණියෙහිද ? ඉතින් දැන් මේ අප හට සැපය නම් මෙ තොපගේ දැක්ම වෙයි.


නිර්දෙයශාදිය.

[සංස්කරණය]

යථොක්ත දස පද සැහැල්ලෙහි:-

“තුරු සරහන නව වසත යුරු” යන්නෙන් ගස් වැල් ආදියේ දලු පල මල් හටගැනිම වසන්ත නම් සෘතු කාලය තුලදී සිදුවන බව ප්ර්කාශ වේ. ලක්දිව ආදි ක්රා්න්තිවලයෙහි පිහිටි රටවලට සෘතු සයක් ඇති වේ. මෙහි සඳහන් වසන්ත නම් සෘතු කාලයට බක්ය වෙසක්ය යන දෙ මස අයත් වේ. ඒ බව අප ගම්වාසින් අතර දැනට ද ව්යයවහාර වන මෙහි පහත පෙනෙන පද්ය යෙන් පෙනී යේ.


(102)

උඳුවප් දුරුතුද හිමන් කලට වනු

නවම් මැදින් සිසිරට ව න් නේ

බක්ද වෙසක් මස වසන්ත වේ මැයි

පොසොන් ඇසළ ගිම්කල ව න්‍ නේ

නිකිනි බිනර වස්සාන ඉරුතුවේ

සරත් කලට වප් ඉල් ව න්‍ නේ

සය ඉරුතුව වෙන වෙන වියතුන් කී

ලෙස මෙලෙසින් සත දැන ග න්‍ නේ


ගැමින් අතර වහර වූවද මෙයින් සෘතු සය පළවෙයි.

සෘතු සය මාස

හෙමනත උඳුවප්, දුරුතු

සිසිර නවම්, මැදින්

වසන්ත බක්, වෙසක්

ග්රීතෂ්ම පොසොන්, ඇසල

වස්සාන නිකිණි, බිනර

ශරත් වප්, ඉල්



3 ක්රින: කා: ප: ස:- පෙමා කන් ලකර කර.

[සංස්කරණය]

අදහස:- (තියම මිතුරන්ගේ ගති.)


තමන්ගේ ඉෂ්ට මිත්රියන් හට ඉටු කරලා දියයුතු වූ කටයුත්තක් පැමිණි කලට පිටු නොම පා මෙත වඩලා එය ඉටුකරලා දීම වනාහි නියම මිනිස් ගතියෙන් යුත් සත් පිරිසන්ගේ සිරිතකි. එ හෙයිනා පෙම්වතාණෙනි, උපමාවන් නමැති වූ මාණික්ය් රත්නයන්ගෙන් සදනු ලද මා වදන් ‍නමැති වූ කර්ණා්භරණ යන්ගෙන් යුෂ්මතාගේ කන් සරසා ගැනුම යෙහෙ.

(අ) මේ මාගේ සිත් නමැති මැදුරට පහනක් වන් උතුම් මිතුර දැනට කවර නම් කාය්ය්සිතයෙක් අප හමුවෙහි පවත්නේද ?


4 ක්රිම: කා: ප: ස:- ‘මිතුරු සඳ’ මේ අස්න දෙවු.

[සංස්කරණය]

අදහස:- (උත්පලවර්ණද දිව්ය් රාජයා හා ලඞකා බුඬ ශාසනය)


ඒ හෙයිනා මහත් වූ කරුණා මෙත් ගුණයෙන් ලොකවාසීන් රකිනා ඊශ්වර නම් දෙවිඳුන්ගෙ නෙතින් පිටව යන තෙජස් රශ්මීන් විලස තෙද බලයෙන් යුත් සක් දෙවිඳුන් බස් පිළිගෙන ලෝක ශාසනය රකිනා උපුල්වන් දෙවි තුමන් දැක මෙම සන්දෙ ශය දෙනුව.


(103)


නිර්දෙ3ශාදිය.


යථොක්ත පද්ය යෙහි වූ

“තෙ පු ල් ගෙන සුරිඳු රකිනා ලෙව් සස් න

උ පු ල් වන් සුරිඳු දැක දෙව් මේ හස් න”


යන්න ලඞකා බුඬ ශාසනය පිළිබඳ පුවතක් හා ආශ්රසයව පවත්නේ වෙයි. ස්කන්‍ධ පරිතීර්වා ණය සඳහා සැතපී වැඩ සිටි ලෝ තුමාණන් වහන්සේ එතැන්හි රැස්ව සිටි දෙව් පිරිස අතු රෙන් සක් සුරිඳුන් අමතා එම දවස්හිදී ම සිංහබාහු නිරිඳුන් පුත් විජය නමැති කුමාරයෙකු අපගේ මේ ලඞකාවට ගොඩ බසිනා බව සහ ලක්දිව එකලට විසුම් රැගෙන හුන් සිව්සස් දැනුමට හැකි නැණයක් නැති යක් යන නමකින් පසුකළ පළමු මිනිසුන් දුරැකර ලක්දිව රජයට පැමිණෙන බව සහ බුදු සසුන මේ රටෙහි මතු කල්හි බෝහෝ කලක් පිහිටනා බවද දැක


පතිටර්ධක සස්ති දෙවින්දස - ලඞකාය මම සාසනං

තස්මා සපරිවාරං තං - රක්ඛ ලඞකඤව සාධුකං


යනාදීන් දේශනාකොට ලඞකා ශාසන රක්‍ෂණය සක්දෙවිඳුන් හට භාරකර වදාළ වූ කල්හිදී සක්දෙව් සුරිඳු ද ඒ මුදුනෙන් පිළිගෙන එකල ලක්දිවට අධිගෘහිතව වැඩසිටි උපුල්වන් දෙව් රජුන් හට සසුන් වඩනා උතුම් වූ නරනිඳුන් හා ලක රකීවා යි පැවරුයේ විය.


එහෙයින් යථොක්ත කාව්යීර්ධයය මෙම ප්රහවෘත්තිය හා ආශ්ර යව පවත්නා බව දත යුතුයි.