බලකොටුවක් ආලකමන්දාවක් සහ නාගරික සංකීර්ණයක් වූ සීගිරිය

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

ශ්‍රී ලංකාවේ පැවති ඉතාමත් වැදගත් රාජධානියක් වන සීගිරිය සතුරන්ගෙන් ආරක්ෂාවීමට තැනූ බලකොටුවක්,කුවේරයා මෙන් විසිමට තැනු දෙවන ආලකමන්දාවක් ලෙසද නාගරික සංකීර්ණයක් ලෙසද විචාරයන්ට බදුන් වී ඇත.
            ධාතුසේනව මරුමුවට පත් කළ කාශ්‍යප ඉන්දියාවට පැනගිය තම සහෝදර මුගලන් තමාට විරුද්ධව සටනට ඒ යැයි බියෙන් සීගිරිය නම් ශේෂ කන්ද තම රාජ්‍ය මධ්‍යස්ථානය ලෙස තෝරාගත් බව සදහන්වේ. එනම් ඒ අදිමිතු රජු මිනිසුන්ට පහසුවෙන් තරණය කළ නොහැකි වූ සිංහගිරිය තම වාසභවනය කරගනු ලැබීය යනුවෙන් සදහන්ව තිබී‍මෙන් පැහැදිලිය. සිංහගිරිය පසු කාලීනව සීගිරිය බවට පරිවර්තනය වී ඇත.සීගිරි ගල්පර්වතය නැගෙනහිර දෙසින් සිංහයකුගේ පූර්ව ස්වරූපයෙන් යුතු අතර සීගිරියේ ඉහළ මාළයට පිවිසීමට ඇත්තේ සිංහ කටකිනි.එමෙන්ම සිංහ ස්වරූපයෙන් කළ ආරක්ෂක කුටිද හමුව තිබේ.ඒ අනුව සීගිරිය හැදින්වීමට සිංහගිරිය යන නම් භාවිතා කළ බව පැහැදිළිය. 
            කාශ්‍යප රජු සිගිරි රාජධානිය ගොඩනගා ගැනීමේදී එම ප්‍රදේශයේ සිටි භික්ෂූන්ට පිදුරන්ගල විහාරය පූජා කර සීගිරිය තම රාජ්‍ය මධ්‍යස්ථානය ලෙස යොදා ගත්බව සදහන්ය. නමුත් භික්ෂූන් ඉවත් කිරීම තිසා කාශ්‍යප රජු සමග භික්ෂූන් උරනව සිටි බව සදහන්ය. කශ්‍යප මරුමුවට පත්කළ මුගලන් කුමරු ලෞකික සැප සම්පත්වලින් පිරුණු සීගිරිය තම රාජධානිය ලෙස තෝරානොගෙන භික්ෂූන් වහන්සේලාට පූජාකොට නැවත අනුරාධපුරය සිය රාජ්‍ය මධ්‍යස්ථානය ලෙස තෝරාගත් බව සදහන්ය.
            සීගිරිකැටපත් පවුරේ ලියවී ඇති කුරුටු ගී වැඩි ප්‍රමාණයක් ක්‍රි.ව.8,9 කාලයේ ලියවී ඇත. එනම් අනුරාධපුර යුගයේ අගභාගයේ ලිය වී ඇත. එමෙන්ම ක්‍රි.ව. 10,12 ශත වර්ෂවල එනම් පොළොන්නරු යුගයේ ලියවුණු සීගිරි කුරුටු ගී ද කැටපත් පවුරෙන් හමුවී තිබේ. ඒ අනුව අනුරාධපුර හා පො‍ළොන්නරු යුගවල සීගිරිය ජනප්‍රිය නැරඹී‍මේ මධ්‍යස්ථානයක්ව පැවත ඇත. 
            වර්තමානයේ සීගිරිය පිළිබද ගවේෂණ කටයුතු සිදුකරනුයේ සංස්කෘතික ත්‍රිකෝණය මගිනි. සීගිරිය එම සංස්කෘතික ත්‍රිකෝණයට අයත් වඩා වැදගත් පුරා භූමියක් වන අතර සීගිරිය ලො‍්කයේ අටවන පුදුමය බවට පත්විය හැකිබවට වර්තමානයේ විචාරයට බදුන්වී ඇත.ළුමෙන්ම සිගිරිය සතූරන්ගෙන් ආරක්ෂාවීමට තනන ලද බලකොටුවක් ලෙසද කූවෙරයා මෙන් විසීමට කාශ්‍යප රජු විසින් තැනූ දෙවන ආලකමන්දාවක් ලෙසද කලා නිකේතනයක් ලෙසද නාගරික සංකීරණයක් ලෙසද විචාරයට බදුන් වී ඇත.

සීගිරිය බලකොටුවක්ය යන්න දැක්වී‍‍මෙදී ලක්දිව දක්නට ලැබෙන අනෙක් බලකොටුවල මෙන්ම සීගිරියද දියඅගල් පවුරෑ පදනම් ආදියෙන් ආරක්ෂිතය.පාලකයාගේ මාලිගය ආරක්ෂිත ඉහළ මාලයේ පිහිටා ඇත.සීගිරියේ ජල අගලට පිටතින් ගලින් හා ග‍ඩොලින් කළ විශාල පවුරක් හමුවන අතර ඊට ඇතූළතින් ජල අගල දක්නට ලැබේ.ජල පවුර අඩි 80ක් පමණ පළලය.ඵමෙන්ම ඵහි හමුවතිබෙන නටඹුන්වලට අනුව අවශ්‍යවිට පමණක් යොදවාගතහැකි පරිදි ලී වලින් සකස්කළ ඇතූළත පාලම යොදා තිබූ බව සදහන්ය.ඊට ඇතුළතින් ගලින් හා ගඩොලින් කළ පවුරක් හමුවේ.

            සීගිරි පුරාභූමිය ජල උද්‍යානය(සමමිතික සැලැස්ම),ශිලා උද්‍යානය(ස්වභාවික සැලැස්ම),මාලක උද්‍යානය ලෙස කොටස් තූනකට බෙදා තිබෙ.ජල පවුරෙන් අනතුරුව හමුවන පවු‍රෙන් පසුව බටහිරින් සීගිරියට පිවිසෙන විට පළමුව ජල උද්‍යානයට පිවිසේ.එහි වැඩි වශයෙන් පොකූණු දක්නට ලැබෙන ‍හෙයින් එම කොටස මාලක උද්‍යානය ලෙස හැදින් වේ.එහි ගස් ගල් ආදී භූගෝලීය බාධක ඉවත් කොට මාර්ගය දෙපස ක්‍රමානුකූල සැලැස්මකට අනුව සමාන්තර ලෙස ගොඩනැගිලි හා පොකූණු ඉදිකර තිබෙන බැවින් එම ‍කොටස සමමිතිකානුකූල සැලැස්ම ලෙස හැදින්වේ.
            ඉන් අනතූරූව පිවිසෙනුයේ ශිලා උද්‍යානයටයි.එම කොටස ශිලා උද්‍යානය ලෙස හදුන්වා ඇත්තේ වැඩි වශයෙන් ගල් පර්වත වලින් යුතු බැවිනි.එමෙන්ම එම කොටසේ පැවති ගස් ගල් පර්වත ආදී කිසිවක් ඉවත් නොකොට ඒවා පරිසරයේ අලංකාරයක් ලෙස යොදාගනිමින් විවිධ නිර්මාණ කොට තිබෙන බැවින් එම කොටස ස්වභාවික සැලැස්ම ලෙස හැදින්වේ.
            අනතූරුව පිවිසෙන ඉහළ කොටස මාලක උද්‍යානය ‍ලෙස හැදින්වේ.එහි දක්නට ලැබෙන ප්‍රධාන පුරාවිද්‍යාත්මක නටඹුන් අතර සීගිරි විත්‍ර, කැටපත් පවුර,සිංහ පාද,ප්‍රධාන මාලිගය සහ ගල මුදුනේ දක්නට ලැබෙන පොකුණු දෙක සහ ගල් ආසනයද වැදගත් වේ.සීගිරියට පිවිසීමට බටහිර දිග දොරටුව හැරුනුවිට නැගෙනහිර දකුණු උතුරු දෙසින්ද දොරටු පිහිටා තිබූ බවට සාධක තිබේ.

ගෘහ නිර්මාණ

              ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබදව අධ්‍යනයේදී සීගිරිය වඩා වැදගත්ය. එනම් අනුරාධපුර,පොළොන්නරුව වැනි ස්ථාන වලින් පුරාවිද්‍යාත්මක නටඹුන් රාශියක් හමුවුවත් ඒවා පාලකයන් රාශියක් යටතේ දීර්ඝ කාල පරිච්ඡේදයක් තුල සංවර්ධනය වූ ඒවා නමුත් සීගිරිය ධාතුසේනව මැරු කාශ්‍යප ක්ෂණිකව තම රාජධානිය ලෙස තෝරාගත් අතර වසර 18ක් වැනි කෙටි කාලපරිච්ඡේදයක් තුලගොඩනංවා භික්ෂූන්ට පූජා කිරීමෙන් පසු කිසිම පාලකයෙක් යටතේ රාජ්‍ය මධ්‍යස්ථානය ලෙස යොදා නොගැනීම නිසා පාලකයන් රාශියක් යට‍තේ සංවර්ධනයට පත් නොවිණි.ඒ අනුව ලාංකීය නිර්මාණකරුවන් තුළ පැවති සැලසුම්කරණය ගෘහනිර්මාණ තාක්ෂණය,වාස්තුවිද්‍යාව,ජල තාක්ෂණය ආදිය අධ්‍යයනය කිරිමේදී වඩාත් වැදගත්ය.එමෙන්ම ඉහත අනුරාධපුරයෙන් හා පොළොන්නරුවෙන් හමුවන නටඹුන් බොහොමයක් ආගමික නටඹුන් වන අතර සීගිරියෙන් හමුවන නටඹුන් ලෞකික නටඹුන් වීම නිසා ලංකාවේ ලෞකික ගෘහ නිර්මාණ ශිල්පය පිළිබදව අධ්‍යයනයේදී  සීගිරිය ප්‍රධාන වේ.සීගිරියෙන් හමුවන නටඹුන් අතර බලකොටුවකට අවශ්‍ය නොවන ලෞකික නටඹුන් අතර සීතල මාලිගා,විනෝද උද්‍යාන,ජල තටාක ආදිය වැදගත්ය.ජල උද්‍යානය ආසන්නයෙන්ද සීතල මාලිගයක නටඹුන් හමුව තිබේ.පොකුණේ සිට පැමිණි භුගත ජල මාර්ගයක් සීතල මාලිගයෙහි අත්තිවාරම වටා ගමන් කර නැවත පොකුණට වැටී තිබෙන අතර කුමන තාක්ෂණයක් පැවතියේද යන්න ස්ථිරව කිව නොහැක. පොදුවේ සීතල මාලිගයක් යැයි විශ්වාස කෙරේ.
             එසේම ජල උද්‍යානය ඉතාම වැදගත් වන අතර එහි අද පවා වර්ෂා කාලයේදී භූගතව ජලය පැමිණ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ජල මලක් හමුව තිබේ.

සීගිරි චිත්‍ර

             ආලකමන්දාවක් යයි කීමේදී සීගිරි චිත්‍ර ඉතාමත් වැදගත්ය.ක්‍රි.ව.8දී චිත්‍ර 502ක් පැවති බව සදහන් වුවද අද දක්නට ඇත්තේ චිත්‍ර 22ක් පමණි.මෙම චිත්‍ර ප්‍රධාන ලෙස බටහිර ගල් පර්වතය දිගේ දක්නට ලැබේ.තවද නයිපෙන ගුහාව,වතුරබක්කිගල ගුහාව,දැරණියගල ගුහාව හා ශිලා උද්‍යානයේ ගුහාවන්හි දක්නට ලැබේ.චිත්‍ර ඇදීමේදී තලය සදහා මී පැණි,හුඹස් මැටි,දහයියා මිශ්‍රණයක් යොදාගන තිබේ.වර්ණ සැකසීම සදහා ගොකටු කිරි,මකුළු මැටි,රණවරා ආදී දේශීය අමුද්‍රව්‍ය යොදාගන ඇත.

සීගිරි චිත්‍ර වල දැකියහැකි විශේෂ ලක්ෂණයක් වනුයේ උඩුකය සහිත කාන්තා රූප පමණක් පැවතීමයි.චිත්‍ර නිර්මාණයේදී ශරීර ප්‍රමාණයන්,ඇදුම් පැළදුම්,ආභරණ,මල් හා මල් වට්ටි නිසි පරිමාණකූලව දක්වා තිබීම කලා කරුගේ නිර්මාණ කුසලතාව පෙන්වයි.

              සීගිරි චිත්‍ර පිළිබදව උගතුන් අතර විවිධ මත ඇත.ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් H.C.P.බෙල් මහතාගේ මතය වූයේ සීගිරිය ආසන්නයේ පිදුරංගල විහාර වන්දනයට යන අන්ත:පුර කතුන් හා සේවිකාවන් බවයි.එහි සිටින කහපාට වර්ණවත් කතුන් අන්ත:පුර කතුන් බවද අදුරු පැහැ කතුන් සේවිකාවන් බවද දක්වයි.උඩුකය පමණක් තිබීමත් වළාකුළෙන් මතුවන සේ තිබීමත් නිසා ඒ දිව්‍ය ස්ත්‍රීන් බව ආනන්ද කුමාරස්වාමි මහතාගේ අදහසයි.මාටින් වික්‍රමසිංහ මහතාගේ අදහස එය දිය කෙළියක් බවයි.
        "රජුගෙ ඇතොරෙන් අපි නොයෙමුයි
          ඔවුහු හගුමින් සිටිති"

යන කුරැටු ගීයට අනුව සිය වල්ලභයාගේ මරණයෙන් ශෝක වන අන්ත:පුර කතන් බව නන්දදේව විජේසේකර මහතා පවසයි.සෙනරත් පරණවිතාන මහතා පවසනුයේ රන්වන් කතුන් තුලින් විජ්ජුලතා හෙවත් විදුලියද නිලිවන් කතුන් තුළින් මේඝලතා හෙවත් මේඝයද නිරූපණය වන බවයි.ඒ අනුව සීගිරියේ ඉතාමත් විචිත්‍රවත් අංගයක් ලෙස සීගිරිචිත්‍ර වැදගත්ය.

කැටපත් පවුර හා කුරුටු ගී

                  සීගිරි කුරුටු ගී මිල කළ නොහැකි ජාතික දායාදයක් වන අතර සීගිරිය නැරඹූ භික්ෂූන්,කරණවෑමියන්,මැති ඇමතිවරු,සාමාන්‍ය ජනතාව ආදී සමාජයේ විවිධ තරාතිරමේ පුද්ගලයන් විසින් ලියන ලද කුරුටු ගී සීගිරි කැටපත් පවුරින් හමුව තිබේ.ඔවුහු සීගිරි කතුන්ගේ රූසපුව වර්ණනා කළහ.ඔවුන්ගේ ආදරය පැතූහ.එසේම දෝෂාරෝපණය කළ කාව්‍ය සංකල්පද හමුවේ.
     "පුන් පියවුරු බල දරණ  ලී ලෝජන මෙවුල් දමින් සැරසුන
      මේ මනරම් ලලනාවෝ කවරහුද?"
    "නිල් කට්රොල් මලක ඇවුණු වැට්කොල් මල් සෙයි"

ලෙස කතුන්ව උපමා කළහ.තවද කොමඩු ගෙඩියක එන අංගෝපංගයන්ට සීගිරි කතුන් සමාන කළහ. ඒ අනුව බලන විට සීගිරිය සතුරන්ගෙන් ආරක්ෂාවීමට තැනූ බලකොටුවක්,කුවේරයා මෙන් විසීමට තැනූ දෙවන ආලකමන්දාවක් මෙන්ම නාගරික සංකීර්ණයක් ලෙසද වැදගත් වන බව පැහැදිලිය.


‍‍පේමරත්න ජේ.ඒ.එල්.එස්.

 AF/04/3184
 සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය
 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය