Jump to content

බුත්සරණ - iv

Wikibooks වෙතින්
ඉක්බිති  නාගරාජතෙම බුදුන්වහන්සේ  ශ්රීැ මුඛය 

බලබලා, භක්තීන් හිස හකුලුවහකුලුවා, පාත්ර ධාතුන්වහන්සේ ඇතුලත්හි හොත්තේයැ. ඒ ආශ්චය්ය්ුව ය දුටුවා වු උරුවෙල කාශ්ය්පතෙම “මේ මහාශ්ර මණයෝ ඔහුගේ බුද්ධිය නුමුහුකළබව දැනැ වදාරා, නැවත ඔහුගේ ලය මොළොක් කරණ පිණිස සෘද්ධි ප්රා තිහාය්ර්් ‍ දක්වනු කැමති සේක් ඔහුගේ ආශ්රඒමයෙහි අනික් නයකුදු එසේ මැ දමා වදාරා , ඔවුනුදු පාත්රිධාතුන්වහන්සේ ඇතුළෙහි බහාලා , උරුවෙලකාශ්යනපයාට පෑලා “බල කාශ්යුපය, තාගේ මනුෂ්යදභාව ඇති මේ නාගරාජයා දමන්නෙමු , කිසි මන්ත්රියකුත් නො පිරිවුම්හ. කිසි ඖෂධයකුත් අප ගත් දෑ නැත. අප නයින්ට භය එළවන්නා වු ගරුඬවෙශාදි වු වෙශන්තරයකුත් ගත් දෑ නැත. එතෙකුදු වුවත් අපගේ එකී බුද්ධානුභාවබලයෙන් තාගේ නයි නිර්විෂ වැ හොත් පරිදි බල ” යි දක්වා වදාළ සේක. ඒ ආශ්චය්ර්ිර ‍ දුටුවා වු උරුවෙලකාශ්යදපතෙම “අප සේ නොරහත් බව මුත්, සෘද්ධියට මොවුන්ට කීය හැකි දෙයක් නැතැ” යි කී යැ.

ඉක්බිති සර්වයඥවඥයන්වහන්සේ එම උරුවෙලකාශ්යැපයන්ගේ ආශ්රඉමයට නුදුරු එක් වනලැහැබෙක්හි රාත්රිවභාගයෙහි වැඩැහුන් සෙයැකැ. එසමයෙහි මධ්යහමරාත්‍රියෙහි වරම්රජදරුවෝ සතරදෙන වැඩැ හුන් තැනට අවුත්, පුර්ව්දික්හි ධෘතරාෂ්ට්රද නම් මහරජ සිටැ ගත. දකුණු දිගැ විරූළඟක නම් මහරජ සිටැ ගත. පශ්චිමදිගැ නම් මහරජ සිටැ ගත. ඉක්බිති සර්විඥවඥයන් වහන්සේ පහන් ඇවිළ වු ඇඟැ සතරක් මැදැ දිලියෙන





දමනය බුත්සරණ. 121

සත්රුවන්දහගබක් සේ දිලියෙමින් වැඩැ හිඳැ, ඔවුන් සතර දෙනා ආ ගමන් සඵල කොට, ඔවුන් කන්හි මිහි නමා, සිත්හි අමා නමා බණ වදාළසේක. ඉක්බිති පහන් වු කල්හි උරුවෙල කාශ්යමපතෙම සර්වෙඥවඥයන්වහන්සේ කරා ගොස් “මහාශ්ර මණයෙනි, වළඳන්නට අව මැනව. ඊයේ රෑ තමන්ගේ ශරීරප්ර භායෙන් සියලු සක්වළගබ රන්රස පිරූ තුත්තක් සේ එක පැහැරැ රන් වන් පැහැයෙන් පුරමින්, සතරදිග්භාගයෙන් අවුත් තොපගේ ශ්රීප පාදයෙන් වැඳැ නැඟී සිටැ සතරදිග්භාගයේ සිටියෝ කයුරු දැ”යි විචාළේ යැ. ඒ අසා සර්වඟඥවඥයන්වහන්සේ “කාශ්යැපය, වරම්රජ දරුවෝ බණ අසන්නට ආහ”යි වඳාළසේකැ. ඒ ආශචය්ය්ාර්‍ දුටුවා වු උරුවෙලකාශ්ය පයෝ තොපගේ සතරවරම්රජදරුවෝ අප කරා නො එති. අපගේ රහත්බව තොප කරා නො එ ” යි කීහැ. තවද, ශක්රයයා හා මහා බ්රාහ්මයා හා ආවා වු දෙරිත්රියයෙහි ද ඔවුන් දෙදෙනා ආපවත් ඇසුවා වු උරුවෙලකාශ්යබපතෙම “ශක්රදබ්රසහ්ම දෙදෙනා අතින් පොවා උපස්ථාන ලබන්නට සුදුසු1 වු මේ ශ්රහමණයන්, අපසේ රහත් නො වන බව අලාභ යැ”යි සිතී යැ. ඉක්බිති එක්දවස් උරුවෙලකාශ්ය්පයන්ට මහාපුජාවෙක් එළැබැ සිටියේ යැ. අඟුමගධවාසීහු බොහෝ පුජාසත්කාර ගෙණැ උරුවෙලකාශ්යඋපයන්ගේ ආශ්රසමයට යනු කැමති වැ සිටියා හැ. ඉක්බිති උරුවෙලකාශ්යුප නම් ජටිලතෙම “මෙතැනැ අපට මහපුජාවෙක් එළ‍ඹැ සිටියේ යැ. මහාශ්ර මණයෝත් මෙතන්හි මැ යැ. ඉදින් මේ රැස් වු මහජනයාගේ මධ්යයයෙහි සෘධිප්රා්ති- හාය්ය්පු යක් දැක්වු නම්, මේ කැටි වු මහපිරිස අප තපස්වීවෙශ ගත්තා වු වඳුරන් කොටත් නොසිතා3 මහා ශ්රටමණයන් කෙරෙහි මැ ප්රතසන්න වන්නාහැ. එහෙයින් මහාශ්රාමණයන් මෙයට නාව හොත් යෙහෙකැ” යි සිතීයැ. ඉක්බිති සර්ව‍ඥවඥයන්වහන්සේ නිර්මවල වු ආකාශයෙහි පුරණචන්ද්රනමණ්ඩලය දක්නා සේ, ඔහුගේ සිතැ ඇත් ති වු අදහස් තමන්වහන්සේ සිතින් දැනැ “මොහුගේ මනො රථය පුරණබව මැ වේ ද යහපතැ”යි සිතා වදාරා, දෙවන දවස් උරුවෙලකාශ්යමපයන්ගේ ආශ්රයමයට නෙ‍ා වැඩැ, උතුරුකුරුදිවට වැඩැ ,පිඬු සිඟා ලද ආහාරය අනවතප්තවිලැ දී වළඳැ, එහිම දිවාවිහාර කොට, උරුවෙලකාශ්යපපයන්ගේ පුජාව නිමිකල්හි,


1. තුදුසු - ඇතම් 2. වඳුරන් කොටත් නො සිතතිසි සිතා - සමහර


122 අමෘතාවහ නම් වු ජටිල

නැවත උරුවෙලකාශ්යනපයන්ගේ ආශ්ර මයට වැඩැ වදාළසේක. ඉක්බිති උරුවෙලකාශ්ය පයෝ උදාසනැ සර්වමඥවඥයන්වහන්සේ කරා එළඔැ “මහාශ්රයමණයෙනි, වළඳන්නට අව මැනව. ඊයේ දවස් අඟුමගධ වාසීහු අපට මහාපුජාවක් කළහ. ඒ පුජාවෙහි වළඳන්නට යැ යැ සිහි කොට නො දුටුම්හ.එහෙයින් ඊයේ දවස් එළෙඹියේ කොයට දැ” විචාළේ යැ. ඉක්බිති සර්‍වඥයන්වහන්සේ “කාශ්යොපය, ඉතිරි තපස්වීන් හා බණන පරිද්දෙන් අප හා නො බණ තා එක තැනැත්තාවු සිතුවා තබා, අනන්තාපරිමාණ සක්වළෙහි කිහිඹියන් කෙරෙහි පටන් මහාබ්ර හ්මයන් දක්වා හැම සත්ත්වයන් සිතුසිතු සිත් වෙනවෙන මැ දනුම්හ. අප මෙයට නො ආයේ ශ්රසමණගෞතමයෝ පුජාවට රැස් වු මහජනයා මඬ්යයයෙහි සෘධිප්රා තිහාය්ය්මහ කොළෝ නම්, ඒ මහජනයා අප කෙරේ සරු නැති වැ යන්නාහ”යි සිතූ සිත දැනැ මැ වේ දැ” යි වදාළසේකැ. උරුවෙලකාශ්යවපතෙමේ “මහාශ්රකමණයෝ පරසිත් දන්නාවු බව මුත්, අප සේ රහත්බවට මඟ නො දනිති” යි සිතී යැ.

එසමයෙහි සර්ව.ඥවඥයන්වහන්සේට පංසුකූලචීවරයෙක් උපන. සර්වෙවඥයන්වහන්සේ “මේ සිවුර කොයි දී සෝධම් දෝ හො? යි සිතා වදාළසේකැ. එකෙණෙහි ශක්රිදවෙන්ද්ර්තෙම සර්වණඥයන් වහන්සේගේ සිතූ අදහස් දැනැඅවුත් , එතැන්හි පොකුණක් මවා තමන්සේ නන්ද්රූපුෂ්කරණීය සේ මනොහර කොට සර්ව්ඥයන් වහන්සේගේ අභිප්රා‍ය වු පරිද්දෙන්, ඒ සිවුර ගසා ගන්නා ගලකුත්, සිවුර අතුරන්නට අතළගලකුත් මැ වී යැ. නැවත ඒ පොකුණට බැසැ ගන්නා කැමති සර්වනවඥයන්වහන්සේ එල්බැ ගන්නා පිණිස, ඒ විල්තෙරැ වාක්ෂයෙහි දෙවතාවා එහි අත්තක් නමා ලී යැ. සර්වඒඥයෝ සිවුරු සෝධා වදාළසේක.

මේ ස්වාමිදරුවානන් බොධිසත්ත්වභූමියෙහි සිටි කල්හි පොවා, මොවුන් මරණු කැමති වැ , රජක්හු “සෙට මා දිය කෙළනට පොකුණක් නො මැවුම හොත්, තා දිය නැතැ “යි කී කල්හි; ඒ බව දත් ශක්ර දේවෙන්ද්රැ අවුත් සප්තරත්නමය වු නොයෙක් වේදිකා හා පායගැටපහණින් යුක්ත වු පඤ්චවර්ණදණ පද්මයෙන් ගැවසී ගත් පොකුණක් මවා ගියේ. මෙ සේ බොධිසත්ත්වභූමියෙහි සිටියවුන්ගේ පවා අභිප්රාමය දැනැ පොකුණු මවා ගිය, දැන් සවාසනසර්වගකෙලශයන් නසා බුදුවු දෙවාතිදෙව වැ ශක්රාිතිශක්රද වැ බ්ර‍හ්මාතිබ්රුහ්ම වැ සිටි මහාපුරුෂයානන් වහන්- සේගේ අභිප්රාරය දත්, ශක්රරදේවෙන්ද්ර්යා අවුත් පොකුණක් මවා ල යි යනු කවර නම් ආශ්චය



දමනය බුත්සරණ. 123

නැවත ඒ ස්වාමින්ගේ අභිධර්ම2දෙශනායෙහි වැඩැ හිඳිනට තමාගේ උස පසළොයොදුන් , පළල පණස්යොදුන් , දිග සැට යොදුන් පාණ්ඩුකම්බලශෛලාසනය ධර්මාැසන කොට පුදා, “බුදුන් වැඩහුන් ආසන යැ ” යි තුන්කෙළෙසැටලක්ෂයක් හවුරුදු මුළුල්ලෙහි තමා හිඳිනා තබා , අත පවා නො ලන ශක්රහයා , දැන් මේ සිවුර ඉදි කරණ පහණ පමණක් දී ලීම කවර ආශචය්ය්ො ලයෙක් ද?

තවද මේ මහාපුරුෂයානන් වහන්සේ වදන මෑනියන් වහන්සේ දික් කළ අතට පොවා ලුම්බිනීවනයෙහි සල් අත්ත නැමී ගිය කල්හි, මේ මහාපුරුෂයානන් වහන්සේ දික් කළ අතට මේ අත්ත නැමී යනු කවර ආශ්චය්ය්ේ මයෙක් ද?

ඉක්බිති පහන් වු කල්හි ඉන්ද්ර්ජාලයෙක්හි මැවී ගියා සේ , තමාගේ ආශ්රනමයෙහි මැවී ගිය පොකුණ හා පහණ හා නැමී ගිය අතු හා දැක , එපවත්, සර්වහඥයන්වහන්සේ විචාර දැනැ, “මේ මහාශ්රකමණයන්ගේ නොඑක් සෘධි දවැස දවැස දකුම්භ. උන් කෙරෙහි අප සොයා නො දැක්කේ රහත්බවෙක් මැ යැ”යි කීයැ.

තවද , අනික් දවසක් උරුවෙලකාශ්යමපතෙම සර්වයඥයන් වහන්සේ කරා ගොස් “වළදන්නට අව මැනැවැ” යි ආරාධනා කෙළේ. සර්ව“ඥයන්වහන්සේ “තෝ යා‍. අපි එම්හ”යි කියා ඔහු යවා, තමන්වහන්සේ පසු වැ ගෙණැ සරසනක් පමණ තැනැ තුබු ගිනිගල්ගෙට ඔහු නො යනතුරු, තමන්වහන්සේ ජම්බුධීපයට සලකුණු වැ සිටි මහදඹරුකට වැඩැ, පාත්රධය පුරා මහදඹපක් ගෙණැ, ඔහුට පළමු කොට, ගොස් , ගිනිගල්ගෙයි වැඩහුන් සේක. ඉක්බිති උරුවෙලකාශ්යටතෙම “ ශ්ර්මණගෞතමයෝ මා පළමු කොට එවා ලා තුමු පසු වුවෝ කවරවිටැ එද්දෝ හො” යි සිතා සිතා ගිනිගල්ගෙයි ගොස්, එහි තමාට පළමු කොට ගොස් වැඩහුන් සර්වගඥයන්වහන්සේ දැකැ විසමය පත් වැ, මට පසුව ආදෑ, කෙසේ පළමු වුදෑ දැ”යි විචාළේ යැ. සර්වමඥයන්වහන්සේ “කාශ්ය පය, තා එවාලා, ඇපි මහදඹරුකට ගොස් ඵල ගෙණ අවුත් හුන්නම්හ. මෙපමණක් අප කළ සේ ආශ්චය්ය්පි නො වෙයි. තා මෙතෙක් තැන් එනතුරු, ඇපි භවාග්රසයට ගොස් වේවයි; පරසක්වළට ගොස් වේවයි, සතිස්ලක්ෂ දසදහස් තුන්සිය පණස් යොදුන් සක්වළගල මුවවිට ලක්ෂයක් වරැ කොටියක් වරැ සිසාරා පියා තට පළමු කොට එත්, පොහොසතුම්භ ” යි වදාළසේක. ඒ ඇසු උරුවෙලකාශ්යඑපතෙම “මහාශ්ර මණයෝ අප සේ නිවණට නො යා හෙන බව මුත්, කැමති යම් තෙනකට යා හෙ” යි සිතී යැ.


124			අමෘතාවහ නම් වු 				(ජටිල

තවද , මෙසේ මැ එ මැ මහදඹගස ඇළයේ අඹගසින් අඹ ද, ඇඹුලුගසින් ඇඹුලු ද, අරළුගසින් අරළු ද, තව්තිසැදෙව්ලෝ ගොසින් පරසතුමල් ද ගෙණැ අවුත්, තමහට පළමුකොට ගෙ‍ාස් ගිනිගල්ගෙයි වැඩැහුන් සර්වහඥයන්වහන්සේ දැකැ එසේ මැ කි යැ. ත ව ද, එසමයෙහි උරුවෙලකාශ්යසපයන්ගේ වහ්නිපුජා කරන්නට පන්සියයක් ජටිලයෝ පන්සියයක් දඬු පළන්නට පටන් ගත්හැ. එ සමයෙහි සර්ව ඥයන්වහන්සේ “ ඒ දඬු නො පැළේව” යි අධිෂ්ඨාන කොට වදාළසේකැ. ස්වාමින්ගේ අධිෂ්ඨනෙ බලයෙන් ඒ ද‍ෙඩහි ඇනැලු පොරෝ සමහරෙක් මහනෙල්මල් පෙති සේ වක් වන්නට වනැ. සමහරෙක් හිටිකඩ සේ එහි මැ ඇලෙන්නට වනැ. සමහරෙක් ජලධාරා සේ විරී වැගිරෙන්න‍ට වනැ. තපස්වීහු “ මේ මහාශ්රීමණයන්ගේ අධිෂ්ඨානයෙකැයි”යි සිතූහැ. ඉක්බිති සවාමිදරුවෝ උරුවෙලකාශ්යිපයන්ට “ කාශ්යේ පය, අවශ්යකයෙන් දර පැළුව මනා දැ”යි විචාරා “මහාශ්රකමණයෙනි , පෑළුව මැනැවැ ” යි කීකල්හි “මෙවිටැ පැළේව ” යි අධිෂ්ඨාන කොට වදාළසේකැ. එවිට පන්සියක් දෙනා නගාගත් පොරෝ නො හෙළන තුරු දඬුතෙමේ මැ පැළී ගියේ යැ. මේ ආශ්චය්ය්ැළේ දුටුවා වු උරුවෙලකාශ්යැපතෙම “ මේ මහාශ්ර්මණයෝ අප සේ කෙලශයන් පැළියැ නො හෙනබව මුත්, දර පැළියැ හෙති”යි කී යැ. නැවත එක්දවසක් උරුවෙලකාශ්යමපයන්ගේ ජටිලයෝ පන්සියයක් දෙන යාශයට ගිනි දල්වෙන්නාහු නො එක් යන්නයෙ නුදු ගිනි දල්වා ගත නො හී “මේ ද මහා ශ්රයමණයන්ගේ අධිෂ්ඨාන යෙකැ” යි සිතූහැ. එසමයෙහි සර්වරඥයන්වහන්සේ ‘උරුවෙල කාශ්යගපය , තට ගිනි දල්වුව මනා ද? ” යි විචාරා වදාරා “දල්වුව කොට වදාළසෙයෙකැ. ස්වාමින් සිතා වදාළ සිතිවිල්ල හා සමඟ මැ, ජටිලයන්ගේ ප්රියොගයක් නැති වැ මැ පන්සියයක් ගිනිකඳ තෙමේ මැ තමහට ඇවිළැ පැනැ නැංගේය. මේ ආශ්චය්ය්ෙමේ දැකැ ද කාශ්යොපතෙම “මේ මහාශ්රචමණයෝ මෙසේ ගිනි දල්වන සේ දන්න‍ා බව මුත් කෙලෙසුන් නසන තපස් තෙජස දැල්වීයැ නො හෙති” යි කී යැ.

එසමයෙහි ජටිලයෝ වහ්නි පුජා කොටැ, අන්තයෙහි ගිනි නිවන්නට පටන් ගත්හැ. සර්ව,ඥයන්වහන්සේ “ඒ ගිනි නො නිවේ ව ” අධිෂ්ඨාන කොට වදාළසේක. සර්විඥයන්වහන්සේගේ





දමනය. බුත්සරණ 125 අධිෂ්ඨානබලයෙන් එතෙක් තාපසයත් කැටි වැ වෙන වෙන පෙනෙහෙලි බිමැ ගහතුන්, පැන් නමතුන්, ගිනි නො නිවී ඇවිලෙන්නට වන. ඉක්බිති සර්ව ඥයන්වහන්සේ අධිෂ්ඨාන බලයෙන් ගිනි නෙ‍ා නිවුනුබව ජටිලයන් දත්කල්හි “කාෂ්යිපය, ගිනි නිවමෝ දැ”යි විචාරා “නිවුව මැනව ” යි කී කල්හි ‘ගිනි නිවේව” යි අධිෂ්ඨාන කොට වඳාලසේක. ස්වාමින් සිතූ කෙණෙහි මැ, පන්සියයක් ජටිලයන්ගේ ප්ර යෝශයක් නැති වැ මැ, ගිනි එකවිටැ නිවී ගියේ. ඒ ආශ්චය්ය්ර දුටුවා වු උරුවෙල කාශ්යඑපතෙම “මෙ මහාශ්රචමණයෝ අප සේ ලෙහි කෙලෙස්ගිනි නිවා ගත නො හෙනබව මුත්, නිකම් ගිනි නිවා ගත හෙති”යි කී යැ. තවද , එක් දවසක් මහාශීතසමයෙහි නිල්තලාහොයැ ගැලී නහන්නා වු පන්සියක් ජටිලයන් ශීතයෙන් පීඩිතසමයෙහි ඔවුන් තප්නා පිණිස ඉන්ද්ර ජාලයෙන් පානා සේ ,ඔවුන් අභිමුඛ යෙහි පන්සියක් ගිනිකබල් තබා වදාළසෙයෙකැ ඒ දුටුවා වූ උරුවෙලකාශ්යකප ද “මහාශ්රඒමණයෝ අනුන්ගේ ශීත නසා නිවන් දෙනසේ නො දනිති”යි කී යැ. එසමයෙහි මහත් අකාලමේඝයෙක් වැසැ ගඬගාවෙහි මහ චතුර හෙළී යැ. සර්වහඥයන්වහන්සේ වසන්න‍ා වූ වනලැහැබ එක පැතිර ගලා ගෙණැ යන්නට පටන් ගත. එසමයෙහි ස්වාමී දරුවානෝ “මා සිටිතැන මේ වතුරෙන් නො ගලාව යි, සතර දිශාවෙහි සතරපවුරක් බැඳැ ලූවා සේ මේ ජලස්කන්ධවය මා සිසාරා ගල්පවුරු සතරක් සේ සිටීව”යි අධිෂ්ඨාින කොට වදාළ සේක. ජලය ස්ථීර වැ සිටැ ගත් කල්හි, අළුතැ ගුරු ගැල්වූ භීත්තී ඇති සක්මණෙක්හි සක්මන් කරන්නා සේ මැඩැ ගෙණැ යන මහවතුර මධ්ය්යෙහි සිස්බිමැ වැලි මත්තෙහි සක්මන් කොට කොට වැඩැ සිටිසේක. ඉක්බිති උරුවෙලකාශ්යතපතෙම “මහාශ්ර්මණයෝ වතුරෙන් ගියෝ නම් අලාභ යැ”යි සිතා සර්වහඥයන්වහන්සේ ගලවා ගෙණැ එන්නට හොරුවක් පැදැ ගෙණැ ගියේය. තමන් වහන්සේගේ ශරීරයෙහි රශ්මියෙන් සියලු වතුර රන්වතුරක් සේ රඳලා, එහි මැද සක්මන් කරණ සර්ව ඥයන්වහන්සේ දැකැ විස්මයපත් වැ, මහාශ්ර මණයෝ නිකම් වතුර රඳවාලන බව මුත්, මා සේ තෘෂ්ණාවතුර රඳවා ලියැ නො හෙති”යි කී යැ. ඒ වතුර ස්වාමිදරුවන්ගේ ශ්රීයශරීරය තෙත් නො කළා සේ කාශ්යනපයන්ගේ ලයත් අදද නොකෙළේ.




126 අමෘතාවහ නම් වූ (ජවිල

ඉක්බිති ස්වාමිදරුවෝ කාශ්ය පයන් “මෙසේ වැඩියැ මැනැවැ යි කියන බස හා සමඟ හොරුවෙහි පැණි ගොස්, ගොඩට වැඩැ ආසනයෙහි වැඩැ හිඳැ “මේ තෙම මා මෙතෙක් ප්රා තිහාය්ය් හ කරණ තුරු තමා මැ රහත් කොට සිතනබව මුත්, මා කෙරෙහි ශ්රතඬාවක් නැත්තේ යැ. මෙතැන්හි මොහුගේ මිත්යාත දෘෂ්ටියට සඬර්මතයෙන් මුත් අනික්ලෙසකින් පිළියම් කොට ගත නො හැක්කේ වනැ”යි සිතා වදාරා එකෙණෙහි බණට පටන් ගෙණැ මධුරස්වර විහිදුවා “කාශ්යකපය, තා විසින් නිර්වා්ණයට මාශී යැයි කල්පනා කළ මාගීය අමාගී යැ නිර්වහණය උදයපර්වතතය දිශාවෙහි තිබියැ දී, තෝ අසතපර්විතයට ගියෙහි යැ. තෝ ඒ මඟින් නිර්වෙණය සොයන්නෙහි ආසැ තුබූ සඳට පොළොවැ ලිං කනන් නවුන් වැනියෙහි යැ. ‘වරකා කන්නට යැ’යි ‍ෙකාස්කිරීමත්තෙහි බැසැ හුන් මැස්සා,වරකා තබා පය හයා ගත නො හෙන්නෙහි යැ. උදයපර්වනතයෙහි මුත් වින්ය්කා පර්වනයෙහි හිරුඋදයක් නැත්තා සේ , මාගේ මතයෙහි මුත් තාගේ මතයෙහි නිර්වකණයක් නැත. තා සේ වු ජඩයන්ගේ දුර්බුධිය හරණ පිණිස මා විසින් දුකින් සොයා ගත්තා වු ශාන්ත වු ප්ර ණිත වු නිරවුදෑ වු ධර්ම්යට වැදා තාසේ ලය සංසිඳුවා ගණු. මම තට තපස්වීවෙශයෙන් සිටියා වු මවකිමි. සර්ව ඥමුර්තින් සිටියා වු පියෙකිමි.ධර්මියෙන් ලොව ගලවන්නට ආබව මුත්, වඤවාවෙන් බොරු කියා ලොව වළැ- හෙලන්නට ආ එකෙකිමි නොවෙමි. මා විසිනුත් විඳැ ‘මෙසේ වු මිහිරෙක් වනැ ‘යි දත්බව මුත්, කියා හඟවා ගත නො හැක්කා වු නිර්වාකණරසය මාගේ උපදෙශයෙන් අනුභව කර. තාගේ ගැලවී මෙන්, ලොව ගලවන්නට ආවා වු මාගේ ද මනොරථය පිරේවයි. මේ අත්ටදුෂ්ටක්ෂණයෙන් විනිර්මුක්ත වු නවවන බුද්ධෝත්පාද ක්ෂණය තට සිස් නො වේවයි. සරාග යැ, සවෙෂ යැ, සමොහ යැ යන මේ තුණ මා කෙරෙන් තා ලබනබව මුත්, බැහැරින් ලබන දෙයෙක් නැත. මා කී පිළිවෙළින් නිවන් දැකැ උදන් අනා ඇවිදින ශ්රාාවකයන් හා සමඟ, තෝද සන්තෝෂයෙන් උදන් අන අනා ඇවිදු. මාගේ සව්වන්ට මරහු හැකිලෙන බව මුත් සෙස්සන්ට නො හැකිලෙන බව දනු. නුවණැත්තවුන් විසින්






දමනය. බුත්සරණ 127

බුදුන් කී මාර්ග්ය නො හැරැපියැ හැකිබව දනු. මිත්ථ්යාසදෘස්ටි නැමති සර්වමධෙනුව විසින් දෂ්ට කරණලද තට සද්ධර්මදයෙන් ප්රතතිකාර කරන්නට අයිමි. තමහට තමා මැ සතුරු වු මේ තා ගත් අධර්මවය දුරු කට යුත්තේය. දුල්භ වු මේ බුද්ධෝත්පාදය ලදිමි. මා සේ වු බුදුකෙනකුන් කෙරෙන් සද්ධර්ම යද අසන්නට ලබන්නේයැ. එසේ හෙයින් මාගේ දරු වු ශ්රා වකයන් හා සමඟ තෝ ද අමාතමහානිර්වාේණය දැකැ” යි වදාළසෙයැකැ.

ඉක්බිති ඒ ධර්මහය ඇසු උරුවෙලකාශ්යාපතෙම “රහත්මි” යන අභිමාන නැති වැ, තමහට හිත කැමකි වැ, ස්වාමි දරුවන්ගේ ශ්රීිපාදයෙහි වැතිරැ ගොස් වැඳැ නැඟී සිටැ, දොහොත් මුදුනෙහි තබා භක්තියෙන් නැමී සිටැ “ස්වාමිනි, ස්විමින්ගේ ශ්රී පාදප්ර්සාදයෙන් ගැත්තෙම කෘතකෘත්යි වැ සිටියෙමි. ඒ මාගේ මනොරථය මුදුන්පත් වි යැ. නුඹවහන්සේගේ වචනාමාතය බී මාගේ කන් නිවී ගියේ.රාගවේෂ මෝහ සහිත හෙයින් මා සිතැ ආදි යම් විකාරයෙක් ඇත් නම්, දැන් ස්වාමින්ගේ ශ්රිසපාද වැඳීමෙන් මැ නැති වී ගියේ යැ. එසේ හෙයින් ඒ ක්ෂමා කොට වදාළ මැනවැ. ස්වාමිනි බුදු උරුවෙලකාශ්ය පයා හික්මව’යි සිතා වදාළ විටැ මම් මැ නිවන් දුටුවන් කෙරෙහි ඇතුළතිම් මැ. නො රහත් වැ ‘රහත්මි’ යි ලොවට හඟව‍ා මා පිරූ පව් (ගෙවා) වදාළ මැනැවැ’යි වැඳැ ගෙණැ හොත්තා වු උරුවෙලකාශ්ය පයන්ට “බල තාගේ අතවැස්සන්ගේත් අභිප්රාවය දැනැ එව” යි යවා වදාළසේකැ.

හෙතෙම තමාගේ අතවැස්සන් කරා යුහු ව ගොස් ‘පින්වත්නි , අප කරා වැඩියෝ සර්වසඥයෝ යැ. අපි ඔවුන් නුනුවණින් නො හැදින්නම්හැ. දැන් මම ඔවුන් වු පරිද්දෙන් දත්මි. සසරට ගොදුරු මා ගලවන්නට මැ වැඩිසේකැ. ඔවුන්ගේ ශ්‍රීපාදරෙහෙණු යෙහි ලා මාගේ හිස බොහෝකලෙකින් පවිත්ර කෙළෙමි. නිවන් දක්නා ජාති දක්වා ඔහු මට කුලදේවතා වෙත්වයි. ඔවුන් මා කරා වැඩි හෙයින් මැ මාගේ දෛවය ඵල ගතැයි සිතමි. මෛත්රිමය දෙවෙනි කොට ඇති කරුණත් එතැන්හි ම යැ. සමෘතිය හෙලි කොට “ඇත්තා වු බුද්ධියත් එතැන්හි මැ යැ. නිවණට ඇදුරුකම් දන්නොත් ඔහු මැ යැ. පුරුෂාර්ථිසිඬිය පිණිස සෙවිය යුත්තවුන්





128 අමෘතාවහ නම් වූ (ජටිල

ඔහු මැ යැ. දිව් ලද්දෙහි ඵල ලබනු කැමත්තවුන් විසින් ශක්ති වු පරිද්දෙන් ස්තුති කට යුත්තාහුත් ඔහු මැ යැ. එසේ හෙයින් මම ඔවුන් කෙරෙහි මහණ වන්නා කැමත්තෙමි. තෙපි තොපට හැඟුනක් කරව” යි කීයැ.

ඒ අසා තපස්වීහු “ ඇපි දු තොපට හැඟුනක් කරම්හ” යි එතැන්හි මැ සිටැ ජටාමඬුලු කපා දියෙහි දමාපියා සර්වකඥයන් වහන්සේගේ ශ්රීටපාදමුලයෙහි වැඳැ ගෙණැ හෙවැ එහිභික්ෂුභාවයෙන් මහණ වුහැ.

ඉක්බිති දියෙහි යන්නා වු තවුස්පිරිකර දැකැ, නදිකාශ්යයප යැ ගයාකාශ්යදප යැ යන දෙබෑයෝ ද සහපිරිවරින් අවුත්, එපවත් දැනැ, තුමු ද තමන්ගේ ජටාමඬුලු කපාපියා එහිභික්ෂුභාවයෙන් මහණ වුහැ. ඉක්බිති ස්වාමිදරුවානෝ මේ තුන්බෑජටිල දහසක් භික්ෂුන් ඇරැ ගෙණැ ගයාශීෂියෙහි මිණිපහණපිටැ වැඩැ හිඳැ “චක්ඛුං භික්ඛවෙ, ආදින්තං” යනාදින් ආදිත්තපරියාය සුත්රාය දෙසා වදාරා, එක පැහැරැ හැම දෙන මැ තමන්වහන්සේ වන් අමාමහනිවන්හි ලා වදාළසේක.

එසේ එහෙයින් ස්වාමිදරුවානන්වහන්සේට ඒ යට කී නයින් දෙන්නාගේ විෂ නැති වුවා සේ, අපටත් ඉහලොක පරලොක දෙකින් භය නැති වේව යි, ලොව්ලොවවුතුරාසුව අප හුන්තැන කැටි වේවයි; ඔවුන්වහන්සේ අනුන්ගේ ලාභයට අන්තරාය නො කළා සේ මැ , අපටත් ලාභන්තරාය නොවේවායි; ඔවුන්වහන්සේට පොකුණු ආදී මැවුමා සේ, අපටත් අභිමතාර්ථඅය නිර්මිත වේවයි; ඔවුන්ට ඒ සා මහත් කතර ලුහුඬුවා වුවා සේ, අපටත් සසර කතර ලුහුඬු වේවයි; ඔවුන්ට අචෙතස්ක වු ගසැ අත්ත නැමුනා සේ අපටත් සියලු සත්ත්වයෝ අවනතවෙත්ව යි; ඔවුන් සිතුවිට දරෙහි ගිනි නො ඇවිළුනා සේම, අප සිත ශොකාග්නි නො ඇවිළේවයි; උන් නො කැමති විටැ ගිනි නිවුනා සේ මැ, අප සිතැ ඇති ශොකාග්නි නිවී යේවයි; ඔවුන් ඒ තපස්වීන්ගේ ශීතප්රතතීකාරයට ගිනි දුන්නා සේ, අපටත් සමඟව වු දුකකට ප්රශතිකාර එතැන්හි ලා මැ පැණි යේවයි; ඒ සා මහත් වතුරෙහි ඔවුන් නො ගැලුනා සේ , මහාසංසාරසාගරයෙහි අපිත් නො ගැලෙමෝව යි; ඔවුන් සරණ ගිය ඒ තුන්බෑජටිලයන් හා දහසක් ජටිලයන් නිවන් දැකැ සැනහුනා සේ මැ අපි දු සැනහෙමෝව යි; මෙසේ ඒ ස්වාමි දරුවානන්ගේ ගුණ අනවරතයෙන් මෙනෙහි කොට සත් පුරුෂයන් විසින් බුදුන් සරණ යෙමි යි බුත්සරණ යා යුතු.



දමනය. බුත්සරණ 129

තවද, දහමට බාහැවී1 ගත්, කරුණාවට නියැලීගත්, පර වැඩෙහි සැයැසී2 ගත් , තමහට වැඩෙහි පසු බැසී ගත් , තමන් ලෙහි දා පුත් වු රාහුලකුමාරයන් කෙරෙහි දු , හිසට ගල් පෙරළූ දෙවිදත්හු කෙරෙහි දු, ‘තමන්ට දැරි ඇත්තෙමි” යි සිවුවණක් පර්ෂදද්මධ්යුයෙහි3 වැඩැ හිඳැ බණ වදාරණ තැනට කොහො වු මිටියක් බඩ බැඳැ ගෙණැ ගොස් නොයෙක් පරිභව බිණූ සැති මණොව්දුව කෙරෙහි දු, තමන් සස්නෙහි මහණ වැ තමන් වහන්සේ වදාළ පිළිවෙතින්4 අමාමහනිවන් දුටු උපුල්වන් මහතෙරීන් වහන්සේ කෙරෙහි දු, ‘තමන් වහන්සේ විදිනට යැ’යි හී ගෙණැ සිටි දුනුවායන් කෙරෙහි දු , ‘තමන් වහන්සේ විඳිනට යැ’යි සිටි මහබඹුන් කෙරෙහි දු, කොසොල් රජ්ජුරුවන් දුන් , එක් බුදුකෙනෙකුන්ට එක් ඉඩෙකැ මුත් දෙඉඩෙකැ නො ලැබෙන අසදාශ මහදන්හිදු , බමුණා තමා කන්නට ලා ලු නෙතින් ගෙණැ අවුත් පාත්රහයෙහි පිළිගන්වාලු බත්හි දු, සුපණස්කෙළෙක් ධන වියදම් කොට අනේපිඬුමහසිටානන් කරවා පිළිගන්වා ලු ජෙතවන මහාවිහාරයෙහි දු, පුක්කුසාතිකුලපුත්රජයන් පිණිස එක්සිය විසියොදුන්මග ගෙවා ගොස් වැඩහුන් කුඹල්හල්හි දු සමසිත් වු වියත් සේ කියා නිමවත්, මහත් සේ කියා නිමවත්, කරණා ඇති සේ කියා නිමවත්, නුවණ ඇති සේ කියා නිමවත්, බණ කියැ හෙන සේ කියා නිමවත්,සිත්කලු සේ කියා නිමවත්, පිණැති සේ කියා නිමවත්,යශස් ඇති සේ කියා නිමවත්, තෙජස් ඇති සේ කියා නිමවත්, කෘතාධිකාර සේ කියා නිමවත්, කුලජ සේ කියා නිමවත්, අපිස් සේ කියා නිමවත්, ප්රාතිපක්ෂයන් මන් බුන් සේ කියා නිමවත්, පෙළහර පානට සුරු පරිදි කියා නිමවත්, සරණ වන්නන් ලය සනහන සේ කියා නිමවත්, සියලු ලොවට ශාන්ති කළ පරිදි කියා නිමවත්, රූ ඇති සේ කියා නිමවත්, ඉතිරි ධර්මතකථිකයන් තබා සව්නේ හෙවා දත් තමන් වහන්සේ ද ආයුපමණින් එකෙකි. ගුණ අල්වාගෙණැ වදාරා නිමවත් නො නිමවිය හැකි මහත් ගුණ ඇති බුදුරජානන් වහන්සේ එක් සමයෙක් ජෙතවනමහාවිහාරයෙහි වැඩැ වසන සේකැ.

එසම්යෙහි අලව් නම් රට රාජ්යව කරන්නා වු රජතෙමේ තමාගේ ඇමැත්තන් පිරිවරා මුවදඩ ගොස් “යමක්හු සිටි8 නෙතින් මුවෙක් පලා නම්, ඕහට මෙතෙක් දඩ යැ ” යි 8 ප්රපතිඥ


1. බ හැ ව 3. පිරිස් මැද 5. තමන්ගේක 7. පලාද

2. සැහී 4. පිළිවෙළින් 6. සිටිනා 8. ඕහටමැනැවැයි

9

130 අමෘතාවහ නම් වු ආලවක කොට සහතික කළේ 1 එසමයෙහි මුවා ද අනිකක්හු සිටිතැනින් නොගොස් රජු සිටි තැනින් මැ2 ගියේ යැ. රජ්ජුරුවෝ ද කළ ප්රොතිඥාව සඳහන් කොට මුවා පස්සෙහි හී තුන්ගමුපමණ තැන් ගොස් දිවියැ නො ඟී සිටි මුවා කඩුවෙන් පැහැරැ3 දෙකඩ කොට පියා මුවා මරපියා ආමියි කිවහොත්, අමාත්යමයෝ නො අදහති එහෙයින් මැ කදෙක්හි ලා ගෙණැ බරෙහි ඇරගෙණ4 එන්නේ විඩා වැ ගොස් එක් නුගරුකක් මුලට වනැ.

ඒ නුගරුක ද ආලවකයක්ෂයා සතු නුගසෙකැ. ඒ යක්ෂයා ද “හිරුමධ්යාවනයෙහි සිටි වෙලේ සෙවන පතළ තෙනට වන් කෙනෙක් ඇත් නම් ඔහු තට ගොදුරු වෙති ” යි වෛශ්රනවණයා අතින් වර ලද. ඒ යක්ෂ තෙමේ තමා සතු ගස සෙවන වන්නා වු රජ්ජුරුවන් දැකැ සතුටු වැ, එතැනට අවුත් සැතැපී නික්මැ ගත්තා වු රජ්ජුරුවන් අත අල්ලාගෙණැ “කොයට යෙහිද? මට ගොදුරු වුයෙහි වේ දැ” යි කීයැ. ඒ අසා රජ්ජුරුවෝ ඔහු යක්ෂයා පවත්, වර ලත්බවත් විචාරා දැනැ “මේ මුවා කා මා හර ” යි කී යැ. යක්ෂ තෙමේ “තෝ නුවණැති එකෙක්හිද ? තා කෑකල්හි මුවා අනික් කොයි යේ ද? තොසින් මුවාත් දෙදෙන මැ මා සතු වාදැ” යි කීයැ. ඒ අසා රජතෙමේ “මම අනිකෙකිම නොවෙමි. මේ අලව්රට රජය කරන්නා වු රජෙමි. දවස් පතා තට මිනිසකු හා බත්පයක් හා බලිකර්මාුන්ත කොට දෙමි. නුදුන්දා මා අල්ලා ගෙණැ කතක් තට ගොදුරු වෙමි ’යි කියා යකුට ප්රමතිඥා කොට ඔහු අතින් ගැලමී නුවරට ගොස් නුවර රක්ෂාවෙහි සිටි අමාත්යියා කැඳවා එපවත් කීයැ. ඒ අමාත්යසතෙම “ස්වාමිනී, සැකැ6 නො කළ මැනැ වැ” යි කියා සිරගෙන් මිනිසෙකු ගෙණැ බත්පයක් අතැ තබා නුගගසමුලට යැවී.

එවෙලෙහි ඒ යක්ෂතෙමේ තමාගේ භයඞකර වු යක්ෂවේශයෙන් අවුත් මිනිසා අල්වා ගෙණැ සලවසල්වා හඬවහඬවා කයි. දොෂ කළ ජනයන් යකුට බිලි දෙන බව සියලු නුවර ප්ර්සිඩ වී යැ. යක්ෂයා කෙරෙහි කළ භයින් දුශචරිත කරණ එක ද සත්වයෙක් නැති වී යැ . “මිනිසුන් සොරවා ගණුමිහ යි දාසින් බද පියැලි වීථියෙහි හෙඑෑකලැ ලන්නා තබා පයින් පෙරළා ප බලන්නොත් නැත . මෙසේ සොරුන් නැති වැ යන්නා හා හැම‍දෙන


1. ගස(ගස) සසාවිළ. 3.මරා. 5.පාත්රනය. 2. රඡ්ඡුරුවන් හිස පැන ගෙණ 4. අැදගෙණ 6.සැල.



දමනය) බුත්සරණ 131

සමග බැණ “මැහැලිගැහැණුන් පිරිමින් යවංහ” යි කිහැ- රඡ්ඡුරුවෝ ඒ අසා “අපගේ මෑනිවන් යකුහට බිලි දුන්හැ- අපගේ පියානන් යකුහට බිලි දුන්නයි බොහෝාදන කලකිරෙන්නා. “එසේ ලොවැස්සන් කලකිරෙන්නා බලත් මම මැ ආවක් දක්මි ,යි නො ගිවිස්සාහැ. අමාත්යපයෝ “ඒසේ වුවහෙත් මවුන් පියන් ස්නෙහට 1 නො ගන්නා තුරු අඑතැ වැදු දරුවන් ගෙණැ ගොස් දෙමිහ යි කියා රඡ්ඡුරුවන් ගිවිස්වා බාලකුමාරයන් ගෙණැ ගොස් යක‍ට බිලි දෙති.

මෙසේ දොළොස් අවුරුද්දක් ඉක්මැ ගියේ යැ. ගර්භණි ගැහැණුහු වදනපොහොදන අවස්ථාවවෙහි ඒ රට හැරැ පියා බැහැර නැඟී ගොස් දරුවන් වදති. එසේ හෙයින් සියලු ජනපද යෙහි කුමාරයෝ නැතිව වැ ගියා හැ. අමාත්යයයෝ සියලු ජනපද යෙහි එක ද කුමාරයකුත් සොයා නො දැක ‘ස්වාමිනි, සෙට දවසට මුළුනුවර සොයා එක ද කුමාරයක්හු නුදුටුම්හ ’යි කීහැ. ඒ අසා රජ්ජුරුවෝ “මේ සා මාගේ විජිතයෙහි එකද කුමාරයෙක් නැද්ද ’යි විචාළෝ. නුඹවහන්සේ අන්තාපුරයෙහි නුඹ පුත්ර වු ආලෙවකකුමාරයන් හැරැ අනික් කුමාරයෙක් නැතැ ’යි දැන්වුහ. ඒ අසා රජ ‘සෙට මා මළ හොත් මපිත් සුව සේ දිගා වැ රැකී රජය රක්කි. ඉදින් මම සෙට ඔහු බිලි දිනිමි නම්. මා රැකෙන්නේ සෙට එක දවස් සැපැයට මැ යැ. අනික් දවස් වු කලි බිලි දෙන්නට එක ද කුමාරයකු නැති වන්නා හා යක්ෂ තෙමේ මා කයි ’ සිතා, නැවැතැ සිතන්නේ “එක දවසකටත්‍ මා රැකී මා පුතු බිලි දෙනබව යහපතැ ’යි සිතා “ඔහු බිලි දීත් මා රැකැගන්ව’යි අමාත්යපයන්ට කී. එබස් අසා අමාතයයෝ කුමාරහරණ පලඳවා දුහුල්සුඹුළු මත්තෙහි ඇකයෙහි හොවා‍ හෙණැ මෑනියන් හඬවහඬවා උදුරාගෙණ ගියහැ.

මෙතෙක් උපද්ර ව වන කල්හි “ලොවට උපද්රනවයෙක් ඇත.

එයට   දුරුකරන්නට යැ’යි උපන්නා වු බුදුරජානන් වහන්සේ එයට

තිස්යොදනකින් ඔබ්බෙහි සැවැත්නුවර ජේතවමහාවිහාරයෙහි වැඩැ වසන සෙයෙක් , අලුයම්වේලෙහි මහාකරුණාසමාපන්ති යෙන් නැඟී “අද මාගේ දහම්2 අසා අමාමහනිවන් දක්නෝ ඇද්දෝ හෝ? නැද්දෝ හෝ? යි පරීක්ෂා කොට වදාරණසේක්, ඒ මස්ලේහඩුව මතු අනාගාමී වැ නිවන් දක්නා බව හා , ඒ යක්ෂයා තමා කන මිනිමස් හැරැ තමන්වහන්සේගේ සස්නෙහි අනඳමන


1. අට. 2. දහම් අමා


132 මෘතාවහ නම් වු (ආලවක

තෙරුන් වහන්සේ හා නො වෙනස් වැ සෝවාන් වන බව හා එතැන්හි තමන් වහන්සේ වදාරන බණින් සුවාසුදහසක් දෙනා අමාමහනිවන් දක්නාබව හා නුවණැසින් බලා වදාරා පහන් වු වේලෙහි පටන් වළදනා වේලාව දක්වා පෙරවරු කළ මනා කටයුතු නිමවා වදාරා , පස්වරුවේලෙහි කළුවරදෙපොහොදා හිරු බටසඳ උදකළා වැ තමන්වහන්සේ ගේ පාත්රිචීවර තමන් වහන්සේ මැ හැරැ ගෙණැ ක්ෂණයකින් තිස්යොදුන්දඟ ගෙවා ඒ ආලවකයක්ෂයාගේ විමානයට වැඩැ වදාළසේකැ. එදවස් ඒ ආලවකයක්ෂයා හිමාලයෙහි දෙවසමාගමයට ගියේ යැ. බුදුරජානන්වහන්සේ ඒ ආලවක යක්ෂයාගේ විමාන - යෙහි දොර වැඩැ සිටිසේකැ. එවේලෙහි ආලවක යක්ෂයාගේ චාරරක්ෂාකාවලැ 1 සිටි ගද්රවභ නම් යක්ෂයා අවුත් සර්ව ඥයන් වහන්සේ වැඳැ “ස්වාමිනී , නොවේලෙහි මෙයට වැඩැ වදාළේ කුමකට දෝ හෝ? යි විචාළේ යැ. ඒ අසා ස්වාමිදරුවානන් වහන්සේ “ගද්රසභය, එසේ යැ. නො වේලෙහි තාගේ යක්ෂ විමානයට ආම්හැ. ඉදින් තට නො බැරි වී නම්, අද එකරෑ මේ විමානයෙහි දවස් ගළවම්හ2 තෝ එයට අනුදනැ ’යි වදාළ සේකැ.

ඒ අසා ගද්රිභ නම් යක්ෂ “ස්වාමිනි, මා සතු තෙනැකැ නුඹ වහන්සේ වසත් හොත් , ඒ මට බැරි නො වෙයි. මේ විමානය එකාන්තයෙන් මැ මාගේ විමානයෙක් නො වෙයි. ඉතා දැඩි වු ආලවක යක්ෂයාගේ විමානය යැ. ස්වාමිනි, ඒ ආලවක යක්ෂයා ඉතා ක්රෑෂරය. නුඹවහන්සේ වැනියන්ගේ බස් නො අසයි. මවුන් පියන් නො ද වැඳිරි යැ. මා දන්නා තැනැ සිටැ මේ විමානය එකාන්තයෙන් පිණකට සැරහුවා නුදුටුවිරිමි. මේ විමානයෙහි ආසන්නබිමැ ඌ කොලින් වැගිරැ ගිය ලේ වතුර ගෙණැ පියා තිබෙන නියාව බලා වදාළ මැනවැ. ඒ යක්ෂයා කෑ මිනී බලත් හොත් සියලු මහාරටක් ඊල් ‍ කොට ලියැ හැකි මිනිස්සු යැ. ඉතා චණ්ඩයැ. නුඹවහන්සේ වැනියන්ගේ ගුණ දන්නා එකෙක් නො වෙයි. ඒ දැන් තෙමේ බැහැර ය. ඔහුගේ අඹුවෝ ගෙහියැ. නුඹවහන්සේ බ්ර හ්මචාරීව නො දන්නී. ඉතා මැ චණ්ඩ යැ. මේ විමානයෙහි වසනබව නො කැමැත්තෙමි; ස්වාමිනි’යි කීයැ.

ඒ අසා තිලෝගුරු වු සම්මාසම්බුදුන්වහන්සේ “ගද්ර’භය, මේ අසා තිස්යොදුන් මඟ ගෙවා ආයේ මේ විමානයට මැ යැ.

1. ද්වාරපාලවු , ද්වාරරැකවල 2. හළවම්හ හැම.


2. දමනය) බුත්සරණ 133

මා වසන ජෙතවනවිහාරයෙහි ගඳකිලියෙහි දී අලුයම්වේලෙහි මැ ආලකය සිටිමි. ‘ඔහු නො රළු හ’යි අයෙම් නො වෙමි. ‘‍ඔහුගේ රළුකම හරණට යැ යි, අයිමි. දැඩියන් නො දමා පුරුදු එකෙකිම් නො වෙමි. වශවර්තිමාරය සේ දැඩියන් පොවා මන් බිඳැ පුරුද්දෙමි. තාගේ ආලකයක්ෂයා සේ දැඩි යක්ෂයෝ මා දුටුකලැ යක්ෂයෝ නො වෙති. රාක්ෂසයෝ මට රාක්ෂසයෝ නො වෙති. දැඩියෝ මට දැඩියෝ නො වෙති. ගල් මට ගල් නො වෙයි. ගිනි මට ගිනි නො වෙයි. දිය මට දිය නො වෙයි. නයි මට නයි නො වෙති. ඇත්හු මට ඇත්හු නො වෙති. සිංහයෝ මට සිංහයෝ නො වෙති. ආයුධ මට ආයුධ නො වෙයි. ලොව ඇති තාක් උපද්රයව මට උපද්ර ව ෙනා ෙවයි. ලො‍හො යැ තඹ යැ රිඳී යැ යකඩ යැ කැටකැබිලිති යැ යනාදී සියල්ල රසයෙහි බලයෙන් තමාගේ‍ ගුණ හැරැ පියා රන් වැ යන්නා සේ , මාගේ මෛත්රීයරසයෙන් එකරස වැ ගොස් තමාගේ දැඩිගුණ හැරැ පියා පියකරු වන බව ගභද්රවය, තෝ නො දන්හි ද? සත්ත්වයන් සිත් ගෙණැ රඳවා ගත නො හැක්කෙම් නො වෙමි. ස්වප්තයෙහි රුවක් සේ සිඳැ බිඳැ පියැ හැක්කෙම් නො වෙමි. ඡායාවෙහි රුවක් සේ ස්පර්ශ කොට ගත හැකි එකෙකිම් නො වෙමි. ගැලෙමි නම් බැහැරට නො ගොස් දන්මි.මාගේ ශ්රානවකයෝ පවා නන්දෝපනන්ද නාගරාජයා වැනි එකක්හුගේ කුස තුළට වැද ද උපද්රපව නො වැ සක්මන් කොට යෙහෙන් පිටතට යන සේ දනිති. මම මේ විමානය වැද යෙහෙන් පිටත් වැ යන උපාය නො දන්නෙමි. නො වෙමි, සෙසු උපාය තබා , මෙ සේ බණ කියමි’යි මා තුඩ පොපියවා ලීම් නම් , මාගේ බසට ගැති නො වැ කවුරු වැළහෙද්ද? දැඩියන් හඳනමි. දැඩියන් හා බිණූ1 වීරීමි. දැඩියන් කී ප්රහශ්න කී වීරිමි. දැඩියන් අතින් මෙහෙ ගත් වීරීමි. ආලවකයාගේ දැඩිකම් තෝ මට නො කිය. ආවක් දැක්ක හැක්කැ. තට නො බැරි වී නම් , මේ විමානය වසන්නා කැමැත්තම්හ. යී වදාළසෙයෙකැ.

ඒ අසා ගභද්ර නම් යක්ෂ “ස්වාමිනි , ආලවකයාගේ නම් ගිනි ගත් යකබලක් සේ සිහිල් නොවන ලයක් ඇති එකෙකැ. මෙයට පෙර ආ ශ්ර්මණබ්රාවහ්මණයන්ගේ සිත් ඉතා වියවුල් කොට පියන්නාත් දුටුවීරීමි. තමාගේ නියපඳුරු හෙළා ලය පළා පියන්නාත් දුටුවීරීමි. දෙපය අල්ලා ගෙණැ මුහුදින් එපිට හෙළා පියන්නාත්

1. බිඳු


134 අමෘතාවහ නම් වු (ආලවක දුටුවීරීමි. එසේ දමාලු කලැ සමහර කෙනෙක් පරසක්වළත් සුදුසු නො වෙයි. ස්වාමින් අනික් තැනකට වඩනා බව සුදුසු ය”යි කී යැ. ඒ අසා සඬර්මතචක්රිවර්තනති වු බුදුරජාණන්වහන්සේ “ගද්ර්භය , ඒ ආලවකයාගේ ස්වරූප තට වඩා මම දන්මි. පවන් හැමු කලැ මකුළුහු බි‍කෙඳෙයි. පලුපත් සැලෙයි. ඒ පවනට මෙරගල් කැඩී යන්නේ නො වෙයි. සැලී යන්නේ නො වෙයි. ගෝකුරයෙහි දියත්ත වියලාපියන හිර මහමුහුද දිය වියලා පියැ නො හෙයි. තමහට මොළොක් පිළිවන් තපස්වීන්ට සුරු වන ආලවකයාගේ සුරුකම් මා මැදෙහි නැති වැ යන බව නොදන්හිඳ?. පබළු කන පණූවන් විදුරුගල් කෑ නො හෙන බව නො දන්හිද? ප්රපයෝජනයක් නැත්නම් කෙසගක් තැන් නො යන පයින් තිස් යොදුන් මඟ ගෙවා මේ විමානයට එන්නෙම් කිසිවක් නො තකා එන්නෙම් නො වෙමි. පොල්පක ඉතාදැඩි වුවත් සිහිල් වු සඳ පහනට පැළී යන්නාසේ තාගේ ආලවක කෙසේ දැඩි වුවත් මාගේ ලෙහි සිහිල් වු මෛත්රී්රසය හේතු කොට ගෙණැ ඔහුගේ දැඩි වු මානය පැළී යන බව තෝ නො දන්හි ද? ඒ ආලවකයා බසක් අසන්නා කැමති එකෙක් වී නම් , රුවක් බලන ඇසක් ඇති එකෙක් වී නම් , කිසිවක් සිතන සිතක් ඇති එකෙක් වී නම් මා දැමු සත්වයන් අතුරෙහි ඌත් ගලවා ගන්නා බව නො දන්නෙහි ද? ගද්රැභය, මා ආයේ මේ විමානයට මැ යැ. අනික් තැනකට නො වෙයි. මා මී වසනපරිද්දෙන් අනුදනැ ‘යි වදාළ‍සේකැ. ලොවුතුරාබුදුන්වහන්සේ එසේ වදාරන්නා හා, වදාළ බසක් තුන්වනවට නො ගිවිස්සැ හොත්, යම් දෙවියකු බඹකු ගේ හිස සත් කඩක් වැ පැළී යන හෙයින් , බුදුන්වහන්සේ එසේ තුන්වන විට වදාළ නො ගිවිසැ සිටැ පියන්නට නො පොහොසත් වැ “ ස්වාමිනි , නුඹවහන්සේ මෙහි වැඩහුන් බව ගොසින් ආලවකයා ට කියම් දෝ හෝ ?” යි කී යැ.ඒ අසා තිලෝගුරු සම්යවක් සම්බුඬයන් වහන්සේ “ගද්ර”භය, තා කැමතිපිද්දෙන් ගොස් කිය. ඔහු දක්නා පිණිස වේ ද මා ආයේ යැ?” වදාළසේකැ. ඒ අසා ගද්රසභය තෙමේ විමානයෙහි දොර නො හැර මැ හිමාලය වනයට ආලවකයා කරා ගියේය. සර්වොඥයන් වහන්සේ ඒ විමානයෙහි එලිපතට ශ්රීේ පාදය දික් කළසේකැ. සාරාසඞඛ්ය කප්ලක්ෂයක් මුළුල්ලෙහි තමන්ගේ ගෙයි දොර යාචකයන්ට නො පියා තැබුහෙයින් ඒ සර්ව්ඥයන් වහන්සේගේ ශ්රීහ පාදය එලිපතට නඟන්නා හා ඒ විමානයෙහි දොර තෙමේ මැ හැරී ගියේය.



දමනය ) බුත්සරණ. 135

කන්ථක නම් ඇසු නැඟී ගෙණැ, බලසම්පන්න පිරිමින් දහසක්‍ හැරැලන්නට පියාලන්නට සුදුසු වු දොර ආසන්න වු සඳැ දෙවතා වන් හැරපි1 කල්හි, ඒ දොරින් නික්මැ ගෙණැ බුදු වන්නට ගියා සේ. ඒ විමානයෙහි හැරුණු දොරින් ඇතුළට වන්සේකැ. බුදු වන්නට නික්මුනන්ට ඒ දොර හැරෙණ කලැ, බුදු වැ සිටැ නික්මුනු කලැ දොර හැරෙණු කවර විස්මයෙක් ද? එ‍සේ හැරුණු දොරින් ඇතුළට වැදැ ඒ ආලවකයා හිඳැ ශ්රී් අනුභව කරණ දිවරුවන්මය ආසනයෙහි රන්පියුම්කෙමියක් මත්තෙහි හිඳැ ගත්

කෙශරසිංහරාජයක්හු සේ උදයගිරිපර්වතතය මුදුනෙහි සිටැ ගත් ලාහිරුමඬල සේ බුඬවිලාසයෙන් වැඬැහුන් සේකැ. එවේලෙහි ශ්රී ශරීරයෙන් නැංගා වු රන්වන්පැහැ ඒ විමානය ඇතුළෙහි විදුලිය දහස්සුවහස් පහරණා සේ හිරුදහස් සුවහස් නැංගා සේ දිලිසෙන්නට වන. ඒ පැහැ අතුරෙන් ඒ ශ්රීනශරීරයෙහි සුදුතැනින් නික්මුනු සුදුපැහැ සඳ දහස් සුවහස් නැංගා සේ බමන්නට වන. නිල්තැනින් නික්මුනු නිල්පැහැ නිල්මහනෙල් මල්දම් දහස් සුවහස් ගොතා දමන්නා සේ අතුරෙහි දිවන්නට වන. රත්තැනින් නික්මුනු රත් පැහැ බඳුවදමල්කැන් දහස් සුවහස් කඟා තබන්නා සේ අතුරෙහි කෙළනට වන. සමහර තැනින් නික්මුනු මුසුපැහැ දෙව්දුනු දහස්සුවහස් සේ සිසෑරෙන්නට වන. මෙසේ සර්ව්ඥයන්වහන්සේගේ ශ්රීහශරීරයෙන් නික්මුනු සවණක් ඝන බුදුරුස් දක්මින් ආලවකයාගේ අඹුවෝ මහවිස්මයට පැමිණ දිවෙමින් ඒ සර්විඥයන්වහන්සේ වැඳ පිරිවරා හුන් හැ. බුදුරජානන් වහන්සේ ඒ ස්ත්රිලන්ට මධුර කොට බණ වදාළසේකැ. ඒ ස්ත්රීනහු නුදුටු විරූ විස්මය වු බුදුරුව දැක. නො ඇසුවිරූ මිහිරි සඬර්ම්ය අසා, මුදුනෙහි බඳඇඳිලි හා2 කියන බසැ සාධුකාර හා සිතූ සිතූ සිතැ3 විස්මය හා මඳකුදු තොර නො කොට දහම් නැමති අමාමි බී මත් වන්නට වනහැ. ශද්රකභ නම් යක්ෂයා හිමාලයට ගොස් ආලවකයා දැකැ දෙව්පිරිස් මැද නම් හුන්නහු ලඟට ගොස් කට අතින් වසා ගෙණැ “ මා නො කී වයී මට උදහස් නො වුව‍ මැනවැ. නුඹවහන්සේගේ විමානයෙහි අද සර්වටඥයන්වහන්සේ වැඩැහුන් සේකැ”යි කී යැ. ඒ අසා ආලවකතෙම සිහිල් වු පවතින් දැඩි වැ දිලීහී ගිය ගින්නක් සේ ඊ නියා මිහිරි බස් අසමින් කොපාග්නියෙත් දිලීහී පියා සිටැ පිටිතොල් කමින් බැම බිඳිමින් ඇස් දල්වමින් එබස් කි ශද්රීභයා කොපාග්නීන් දවා භසම කොට පියන්නාක්හු සේ රැහැණි වැ බලමින් “ගද්රීභය, බොහෝ


1 දොර හැරපි. 2 ඇදිලි ඇතිව. 3 නුදුටුවිරු. 136 අමෘතාවහ නම් වු (ආලවක

දෙවතාවන් හුන්තෙනැ ‘තපස්විකෙනෙක් මාගේ විමානයෙහි හුන්හ’යි මහත් කොට කියා මට සරුප හානි1 නො කර. මට‍ පරිභව නො කර. සිංහයන් වසන ලෙනැ ඇත්තු නො හිඳිති. නයින් වසන විමානයෙහි මාඬියෝ නො හිඳිති. මාගේ විමානයට වදනා තපස්වීකෙනෙක් නැත. තෝ උන්මත්ත වැ පියා දොඩයි ද? මේ ආලවකයාගේ විමානය යැ ’ යි තෝඌ හට නො කීයෙහි ද ? මාගේ නම අස අසා වදනා තැන් නො දන්නා මහණෙක් ඇත් නම්, මම මැ ගොස් මා වු නියා ඌට පෑ ලමි” යි කියා, “මාගේ ගෙටවන් තපස්වීන් පෙර දෙපස අල්වා ගෙණැ පරසක්වළත් ගැසු විරීමි. සමහර තපස්වී කෙනකුන් සිත් වියවුල් කොට වියරු හෙළවා පියා උන් නටවා උන්ගේ2 නැටුමුත් බැලී විරීමි. නියපඳුරු3 හෙළා ලය පළාපු සමහර තපස්වීන්ගේ ගණන් නැත. අද ගිය කලැ වන්නා කියටියක් කියමි” යි කියා “ගද්ර.භය, ‘ඌ මගේ විමානයෙහි හුන්හ’ යි මහත් කොට කියා මට පරිභව නො කර ” යි කී යැ. එසමයෙහි5 සාතාගිරි හෙමවත යන යක්ෂසෙනාධිපතිවරුන් දෙදෙන ‘ජෙතවනවිහාරයෙහි වැඩැහුන් බුදුරජානන්වහන්සේ වැදැගෙණැ යක්ෂසමාගමයට යම් හ ‘ යි කියා යන්නෝ ආලවකයා ගේ විමානය මත්තෙහි අහස6 යෙමින් සිටියාහුය. සීනයෙන් ඇතුන් දුටුවන් පය නො නැහෙන්නා7 සේ ඒ විමානය මත්තේ අහස යන්නා වු යක්ෂසෙනාධිපතිවරුන් දෙදෙනාගේ රථය යන්නට නො පොහොසත් වි යැ. එහි වැඩැහුන් සර්ව ඥයන්වහන්සේගේ මුදුනෙන් මත්තෙහි අහසැ ඒ රථය නො යා හී පැකිලැ සිටි‍ෙය් යැ. බුදු වන්නට වැඩැ හුන් ගස මුදුනෙහි අහස පවා භවාග්රියෙහි පහරවා දෙවතාවන්ගේ විමානයෙක් නො වෙයි. ඒ මත්තේ අහසින් දෙවියන් බඹුන් ගේ හසරෙක් නො වෙයි. සක්විත්තන් නැගී යන ඇත්තු පවා. අකුසුපහරින් මියතුන් ඒ බොධිය හටගන්නා තැනැ බිමැ ඉද්දෙහි අහසින් නො යා හී පය නඟා නො ගෙණැ සිටැ මියෙති. බුදු වන්නවුන් පිට දී හිඳිනා ගස හටගන්නා තැනින් මත්තෙහි මෙසේ අනුන්ගේ හසරක් නැති කලැ බුදු වැ වැඩැ හුන්‍ ස්වාමිදරුවානන් මුදුන ඉද්දෙන් මේ යක්ෂසෙනාධිපතිවරුන් දෙදෙනා නො යා හුනු සේ කවර විසමයෙක් ද? එහෙයින් ඔහු නො යා හී ? “ මේ කිමෙක් දෝ හො ” යි පරීක්ෂා කොට


1. ස්වරූප ආනි 3. නියපසුරු 5. ඒ යක්ෂසමාගමයට

2. උන්නට 4. කියට 6. ආකාශසෙන්

7. පය ඇද ගෙණ යා නොහෙන්නා.


දමනය ) බුත්සරණ. 137

බුදුරජානන් වහන්සේ දුටහැ. සොයා යන බෙහෙද පෙරමහැ දුටුවා සේ, තමන් දක්නට යන බුදුරජානන් වහන්සේ වඳැ පැදකුණු කොට බණ අසා සමු ගෙණැ යක්ෂසමාගමයට ගියහැ. ආලවක තෙමේ ඒ යක්ෂ සෙනාධිපතිවරුන් දෙදෙනා දැකැ අවකාශ දිලා හුන්නේයැ. ඒ යක්ෂ සෙනාධිපතිවරු දෙදෙන ආලවකයාට “ආලවකය, තට වුයේ මහාලාභයෙකැ. ලොවුතුරා සම්ය ක්සම්බුඬයන්වහන්සේ තාගේ විමානයෙහි වැඩැ‍ හුන්සේක. විමන් ලද්දන් කෙරෙන් තා සේ විමන් ලද්දේ නැත. බුදුන්වහන්සේ එහි වැඩහුන්සේකැ. ඇපිත් අද ඇතුළේන් තාගේ ගෙය හැඳිනැ ආම්හ. තාගේ විමානය මත්තේ අහසැ අප වැන්නන් නැඟී යන යාන පවා පැකිලැ නො යා හී සිටි හෙයින් තාගේ විමානය මත්තෙහි නො යා හුනුම්හැ. තාගේ විමාන නොයෙක් ලෙසින් මැ ආදර කට යුතු වි යැ. එසේ වු පෙළහරැ. එ මහත් උතුමානන්වහන්සේ තාගේ ගෙයි වැඩැහුන්නන් විඳැ විඳැ නො බලා මේ දෙවසමාගමයෙහි කිම්ද තා ලබන්නේයැ. දොඩන්නත් කට බලබලා හිඳී ද? ආලවකය, ස්වාමිදරුවන් තමාගේ ගෙට වන් කලැ ගැත්තන් කළ මනා දෑ නම් ගොස් උපස්ථ‍ාන කරණ බව වේ ද? එසේ බැවින් වහා ගොස් භගවත් වු ස්වාමිදරුවානන්ට පුජා කර ” යි කීහැ.

ඒ යක්ෂසෙනාධිපතිවරුන් දෙදෙනාගේ බස් අසා, ආලවක තෙමේ ඇවිළෙන ගින්නට පිදුරු දමාලු කලක් සේ, දියුණුවැ දිලිහීගිය කෝප ඇති වැ “තොප කියන භගවත්හු නම් කවුරු ද? මම භගවත් නම් කෙනෙකුන් නො හඳුනෙමි. මාගේ ගෙට නො බා වදනෝ කවුරු ද? කෙසේ වු කෙනෙක් ද? යි කී යැ. ඌ එ‍සේ කියන්නා හට ඒ සාතාගිර හෙමවත නම් දෙදෙන “ආලවකය, සියලු ලොකයෙහි දත යුක්ත අතැඹුල සේ දන්නා වු දෙවාති දෙව වු ශක්රහතිශක්රු වු බ්රවහ්මාතිබ්රතහ්ම වු තුන්ලොවට එකගුරු වු ලොවුතුරාසම්මාසම්බුදුරජානන්වහන්සේ නො හඳුනෙහි ද? ඒ ස්වාමිදරුවානන්වහන්සේ තුසිතපුරයෙන් සැවැ මත්තෙහි දිව්ය? ලොකයට යන්නා, මිනිස්ලොවට වැඩැ බුදු වන පිණිස, දසදහසක් සක්වළැ දෙවිබඹුන් “කාලො’යං තෙ මහාවීර ” යනාදීන් එක පැහැරැ හඬ ගහාලු ගාථාපදය නො ඇසෙන පරිද්දෙන් තාගේ කණ බිහිරි වැ ගියේ ද? ආලවක; නැවැතැ උන්වහන්සේ මවු කුසැ පිළිසිඳ ගත් දවස් උන්වහන්සේ ගුණයෙන් මග පොළොව එකහෙළා මැ සැලී ගිය කලැ1 තාගේ විමානයෙහි බිම


1. දවස්


138 අමෘතාවහ නම් වු (ආලවක

සැලී නො ගියේ ද? කෙළනා කුමාරයකු අත්ලෙහි නටන බමරයක් සේ ඉතා ලඝු වැ මහමෙර සැලී ගියා නො පෙණෙන පරිද්දෙන් තා ඇස කණ වැ ගියේ ද? නැවැතැ ඉපැදැලා සත්පියවරක් ගොස් සියලු දිග් විමසන වේලෙහි දෙවිබඹුන් ‘ මේ දිසාවෙහි තොප හා සමකෙනෙක් නැතැ’ යි වැඩියන් නැති නියාව හඟවන දවස් තා බලවත් නියා කියා නො සිටියෙහි ද? නැවත උපන් මඟුලෙහි ශ්රීතශරීරයෙන් දිවැ ගත් රැසින් ලෝ ඇඳිරිමහනරකයෙහි පවා ඇතුළැ විදුලිය දහස්සුවහස්‍ කෙළනා සේ එකාලොක වැ ගිය කලැ තාගේ විමානය ඇතුළතට නො වන්නේ ද? ‍ ඝොර වු භයානක වු යකෂයන් රාක්ෂසයන් ගේ මුහුණු හිරු රැසින් පිපී ගිය පියුම් සේ මනහර වැ ගිය කලැ තා මුහුණ මඳකුත් සොම්නස් ඇති නො වී ද ? මතැතක්හු සැලු සල්අත්තකින් බොහෝ වැ වැගිරැ ගිය මල්කැළයක් සේ දසදහසක් සක්වළ එකහෙලා වස්නා පරසතුමදාරාමල් තාගේ විමන් දොරැ නො වගුළේ ද? නාගෙත් අප බුදුරජානන්වහන්සේට රැහැණී වැ ගත් කෙනෙක් ඇත් නම්, තුමු මැ සිඳී බීඳී බිමැ ගැසී යෙති. හිරු හමුයෙහි කදෝපැමිණියන් වැනි වෙති. ගුරුළුරජුන් හමුවෙහි වටුවන් සේ වෙති. කෙශරසිංහයන් හමුවෙහි මහලුකැණහිලුන් සේ වෙති. මහමෙරහමුවෙහි සිදුහත් සේ වෙති. මහපොළොව හමුයෙහි ගැඬවුල්තුඩ පස් සේ වෙති කප්රුක් හමුයෙහි වරාගස් සේ වෙති. මහමුහුද හමුයෙහි ගෝකුරෙහි දිය සේ වෙති. සක්විත් තන් හමුයෙහි චණ්ඩාලයන් සේ වෙති. චින්තාමණි හමුයෙහි කිරිවහණ1 සේ වෙති. තා සේ වුවත් විසින් උන්වහන්සේට කැරෙණු නැත. නො තන්හි මෙසේ නො හඬ” යි කී හැ.

ඒ අසා ආසා ආලවක තෙමේ කිපී පියා නැඟී සිටැ “මඳවිගසකින්‍ තොපගේ බුදුන්ගේ සුරුකම් බල”ව කියා මහරග්ගලනට පැන නැඟී දකුණු පයින් සැටයොදුන් කෙලෙස්ගල්කුළු පැහැරපියා බුදුන්ගේ යසස්2 බිජුවට වපුරන්නකු සේ සියලු


1. තිරිවාහනණ 2රසයසස්





දමනය ) බුත්සරණ. 139

හිමාලයෙහි ගඟුල් හැලි සියදහස් ඉසිමින් “මම යැ ආලවකයා’ යි හඬ ගැසී යැ. ඒ හඬ දසදහසක් යොදුන් පමණ දඹදිවිහී පතළේ ය එක ලෙස මැ සියලු දඹදිව පතළ හඬ සතරෙක් ඇති. ඒ කවර හඬ සතරෙක් ද? යත් - විධුර පණ්ඩිතයන් වහන්සේ ගන්නා පිණිස පුණිස පුර්ණ්භද්ර නම් යකෂ කුරුරට බැස ධනඤ්ජය නම් රජහු හා දු කෙ‍ළැ දිනු ක්ෂණයෙහි අත පොළා පියා “මම දිනිමි’ යි ගහාලු හඬ යැ; කසුබ්රැසම්මාසම්බුදුන් වහන්සේගේ ශාසනය පසුබස්නා කල්හි හඬ යැ. ශක්ර;තෙමේ වැදිවෙසක් මවාගෙණැ විශ්වකර්‍මයා බල්ලා ලවා කවමි’ යි ගසාලු හඬ යැ; කුස ජාතකයෙහි, තමන්ට නින්දා කොට හැරැපියා ගිය ප්ර භාවතීන්ද1 පසුපස්සෙහි තමන්ගේ රට හැරැපියා ගොස්, ක්ර්මයෙන් අනෙක දුක් ගෙණැ, තමනුත් ප්රගභාවතීනුත් හුන් නුවර රජදරුවන් සත් දෙනකු තමන් තමන්ගේ මහසෙනග හා සමග අවුත් සිසාරා ගත් කල්හි, අනික් සරණක් නො දැක, ප්ර භාවතිනුත් ප්ර්භාවතීන්ගේ මවුපියනුත්, මුළුතැන්ගෙට ගොස් වැඳැ ගෙණැ හොත්කල්හි “යහපත , යම්හ. ඒ සතුරන් පරදවම්හ යි සැදු ඇතුපිටට පැනැ නැඟී ප්ර භාවතිනුත් තමන්ගේ වික්රතම දක්නා සඳහා තමන් නැඟී ඇතු පිටට නංවා, නුවරින් නික්මැ සතුරන් මැ ඇතු පිටට පැනැ නැඟී ප්ර භාවතිනුත් තමන්ගේ වික්රසම දක්නා සඳහා තමන් නැඟි ඇතු පිටට නංවා , නුවරින් නික්මැ සතුරුසෙ‍නඟ මැදට වැද “මම යැ සිංහස්වර කුසරජ ’ යි හඬ ගසාලු හ‍ඬ යැ; අද මේ “මම යැ ආලවකයා ‘යි හඬ ගෑ. හඬ යැ, යන මේ සතරහඬ දසදහසක් යොදුන් දඹදිවැ දොරැ දොරැ හෙන සෙනදහස් සුවසේ සේ පැතිරැ ගියේ යැ.

ඒ වේලෙහි ඒ හඬ අසා අපගේ සර්වවඥ වු බුදුරජානන් වහන් සේ බණ කියන පණ්ඩිත කෙනෙකුත් ධර්මා‍සනයෙහි හුන් කල්හි “බොහෝදෙන බණ අසන්නට එව ’ යි හඬ ගහාලු හඬක් සේ අසා සතුටු වු සේකැ. විධුරපණ්ඩිත වැ, සැටයොදුන් කාලපර්වදත යට නඟා ගෙණැ පුර්ණනභද්රි නම් යක්ෂයා තමාගේ භයඞකර වු ස්වභාවවෙශය පෑ ගැසුනු ඒ සා හ‍ඬෙහි පවා තැති ගැන්මක් නො හෙනබව කවර විස්මයෙක් ද? ඒ ආලවකතෙමේ ඒ හඬ ගසා, “මෙවිටැ මේ මහණු පුලුන්පෙදක් සේ පරසක්වළැ ගසාපියමි ’යි මහාවතයක් මැවී යැ. ඒ වාතය හැමු කලැ ලොකයෙහි ගලෙ කින් ඊ ඊ ගැසී දුම්කඳ නැහෙන ගල්කුළු ගණක් නැත. මහවලැ


1. ප්රසභාවතීන් වහන්සේ.


140 අමෘතාවහ නම් වු (ආලවක

ගස් මුලින් ඉඳිරි ගොස් අහස නෙ‍ානටු ගසෙක් නැත. නොඑක් ඇත්හල්හි පල තාක් කන්කුළු1 පිටින් මැ අහසට නැඟී බමමින් සිටියේයැ. නෙ‍ාඑක් ගැල්සක් තාක් පරඬලා සේ අහසට නැඟී සිසෑරෙන්නට වනැ. පොළොවින් නැඟී ධුලි අහස්හි මහපොළොව බඳනා2 සේ හැසී ගැවසි නැ‍ඟෙන්නට වනැ. සර්වවඥයන්වහන්සේ වැන්නන් පරසක්වළැ ගසා පියමියි මැවු පවනැ මහන කවරෙක් නම් කියා නිමවා ද? ඒ මහාවාතය එසේ භයානක වැ හමන්නට වන, සර්ව?ඥයන්වහන්සේ “ මේ වාතයෙන් පණුවකු පමණ සතකුටත් උපද්රාවයෙක් නො වේ ව”යි අධිෂ්ඨාන කොට වදාළ සෙයැකැ. එසේ හෙයින් පණුවකුටත් උපද්ර වයෙක් නො වී යැ. අනුන්ට මෙසේ උපද්රරව නැති කරණ ඒ බුදුරජානන්ට උපද්රකව නොවන බව කවර විස්මයක්ද ? ඒ වාතය එසේ හැමුසමයෙහි මඳපවනට මහමෙර නො සෙල්වෙන්නා සේ ඒ සර්වඒඥයන්වහන් සේ ගේ ශ්රීෙ ශරීරයෙහි ලොමකූපමාත්රායකුදු නො සෙල්විනැ.

ආලවකයා නැවැතැ “මේ මහණු වතුරෙන් යවාපියමි’යි මහවැස්සක් වැස්වී. අහස්හි සියදහස් වල‍ාකුළු නඟාගෙණ වැසි නැඟී යැ. ඒ වැස්සෙහි මහාධාරා වු නියා වට3 තල්කඳ පමණැ ධාරා පමණ පොද වි යැ. ඒ වැස්සෙහි මහාධාරායෙහි මහන කවරෙක් නම් කියා නිමවා ද? ඒ වැසිඅතුරෙහි මහත් දාගැබ් සා බුබුළු වී යැ. සැටයොදුන් කෙලෙස්4 කුළු සා පෙනපිඬු වී යැ. නික්මුනු වතුර යොදුන් ගණන් පමණ මහගල්කුළු නො පැකිලැ උදුරාගෙණැ යෙයි. අහසැ නොයෙක් තැනැ බොකු හී පියා තිබෙන දෙව්දුනු දහස්ගණනැ. නොයෙක් දිසාවෙහි පහරණ විදුලිය ද සියදහස්ගණනැ. ඒ වැසිපවනින් ඉදිරී නැඟී ගල්කුළු දහස්ගණන් අහසැ වැසිකුළු දියුණු කෙරෙමින් බමමින් සිටියේ. මෙ සේ දිවන මහවතුරු පොකුරුවැස්සක් සේ පෙරෙවැ වැඩහුන් සිවුරෙහි හු අඟකු දු තෙමා ගත නො හින.

නැවැතැ අඟුරුවැස්සක් වැස්වී යැ. මහත් වු රග්ගල් ඒ අඟුරු වැස්සෙහි පුපුරු සා ඇතැයි යන පරිද්දෙන් මහත්. අඟුරු වැසැ බුදුන් කරා බස්යි. මාරයා මැවු මහගින්නට පොවා ශ්රීඟ පාදය දික් කළ විගස මැ ඒ ශ්රීය පාදය පිළිගෙණැ මහපියුමෙක් නැංගැ. වටු වැ උපන්කලැ පොවා ගාථාපදයෙක අනුසසින් මහත් වු ලැවු ගිනි පවා බසුබස්සි. එතැනට කප්ගිමින් ගින්නෙක් නො වද්දි බොධිසත්වකැල පවා උන්ට ගිනි ගිනි නො වෙයි. බුදු වු කල්හි ගින්නෙන් උපද්රාවයක් නො වනබව කවර විස්මයෙක් ද? සර්විඥ යන් වහන්සේ ශ්රා වකයෝ පවා නරකයට වැදැ ගිනි නිවාපියා


1. තන්කළ 2. වදනා 3. නියා 4. ගල්


දමනය ) බුත්සරණ. 141

ඇසිල්ලක් සත්වයන් සතපා හිඳැ සත්වයන් කළ කම් විචාරා එති: උන් වහන්සේ ශ්රා්වකයන්ට පවා නරකයෙහි ගිනි නිවි යන කලැ බුදුන්වහන්සේට මේ ගිනි නිවී යනබව කවර විස්මය යෙක් ද? ඒ මහඅඟුරු වැස්ස ශ්රීව පාදයෙහි පුජාවට දමාලු1 මල් කැළයක් සේ සෞම්යේ වැ මල් වස්නට වනකල්හි නැවැතැ පාණ වැස්සක් වැස්වී යැ. ගලින් ගල් වැදැ ගන්නා හඬින් අහස් පොළෝ සිදුරු බිහිරි ව ගියේ යැ. ගල් ගැසුනු තැනින් හෙන ගින්නෙන් මුළුලොව පුළුටු ගත් ගිනිකඳක් සේ එකහෙලා කළු වැ ගෙණැ පැතිරැ ගියේ ය. බුදුන් වැඩහුන් තෙනට ඒ එකහෙලා කළු වැ ගෙණැ පැතිරැ ගියේ ය. බුදුන් වැඩහුන් තෙනට ඒ පහණවැසි වට. ඒ පහණවැස්ස ශ්රීන පාදයෙහි පුජා පිණිස දමාලු මල්වටක් සේ‍ හෙත් හෙත් නැවැතැ ආයුධවැස්සක් වැස්වී යැ. එකමුවහන්‍ දෙමුවහන් බොහෝ මුවහන් ඇති නොයෙක් ආයුධ අහසින් වැගිරැ බුදුන් ශ්රීන පාදයෙහි නවහම්මල් පුජාවක් වැ වගුළේ. ආලවක තෙම එයිනු දු උපද්රිවයක් කොට ගත නො හී නැවැතැ හළුවැස්සක් වැස්වී. හෙ ද සඳුන්සුණු සේ වී යැ. නැවැතැ වැලි වැස්සක් වැස්වී. හෙ ද වත්සුණුපුජාවක් සේ වී යැ. නැවැතැ කලල්වැස්සක් වැස්වී. හෙ ද හමුසරගවැසි සේ වී. මෙ සේ තමා වැස්වු වැසි ඒ බුදුන්ගේ ශ්රීප පාදයෙහි නොයෙක් පුජාවස්තු වැ පලන්නට වන් කල්හි , නැවැතැ චතුරඞගසමන්විත වු ඝන අඳුරක් මැවී. ඒ අඳුරු හිරුවිමන් අතුරෙහි සිටි අඳුරක් සේ වැඩැහුන් විමානය ඇතුළෙහි අඳුරක් කට නුහුනුයේ.

මෙසේ උපද්රිව නවයක් කොට බුදුන්ගේ රොමකූපමාත්ර කටත් උපද්රිව කට නුහුනුයේ තමාගේ මහසෙනඟ හැරැගෙණැ තෙමේ මැ නික්මින. ඔහුගේ පරිවාරයෙහි භූතයන්ගෙන්2 ඇස් දල්වා ගෙණැ දළ දල්වා ගෙණැ මහහඬින් හඬා ගෙණැ දිවන භූතයන්ගේ ගණන් නැත. කිසිල්ලෙහි පොලු අවුළුවා ගෙණැ රහ පු බබුරුනැටුම් නටමින් නොයෙක් විකාර පෑ ගෙණැ දිවන භූතයන්ගේ ගණන් නැත. මෙසේ නෙ‍ායෙක් භයංකර වු විසුළු වෙස් දක්වන්නා වු නොයෙක් භූතයන් කෙරෙන් සිතියම් කඩෙකැ ඇඳි නෙ‍ායෙක් විකාරරූප සේ ශ්රීයපාදඇතුළයට වැදැ නිශ්චල වැ ගිය භූතයෝ සියදහස් ගණන.නයින් දැකැ කර බා‍‍ ගෙණැ හුන් වඳුරුපැටවුන් සේ ඒ තෙජස දැකැ ඉවසා ගත නො හී කර නමා ගෙණැ තැති ගෙණැ සිටිනා භූතයෝ දහස්‍ සුවහසැ. උඩුගඟට යන්ට සිතා සැඬවතුරෙන් යට බලා යනු වන් සේ බුදුන්ගේ ශ්රීඋපාදඇතුළයට වැදැ පියැ නො හි හැලිහැලි පසුබස්නා සමහර භූතයෝ කෙළදහස්සුවහසැ. මෙසේ නොයෙක්

1. මවාලු . භූතයොත්.

142 අමෘතාවහ නම් වු (ආලවක

විකාරවෙස් ගෙණැ නොයෙක් විසුළුවෙස් ගෙණැ නොයෙක් බිහිසුණු බස් බණන ඒ භූතයන් කරණ නොයෙක් විකාරයෙන් රෑ දවස් මඳ වැ ගියේ. මෙසේ ආලවකයා නොයෙක් භූතසෙනඟ හැරැගෙණැ ආවවුට හුදකළා වැ වැඩැ හිඳැ , ඌ නවවැස්සක් වස්වන කලැ තමන්වහන්සේ එක මෛත්රිහවැස්ස මැ වස්වවස්වා , ආලවකයා කොපයෙන් දිලිහුනු සේ කරුණාවෙන් ඔහු ලය තෙත් කොට කොට සර්විඥයන්වහන්සේ වැඩැහුන් සේකැ. එතෙකුදු වුවත් ඔබගේ ඌ කෙරෙහි දුර්වසලකමෙක් වත් ඌ කෙරෙහි බලවත්කමෙක් වන් නැත්තේ මැයැ. ඒ භඞකර වු පිරිස් වු පිරිස් මැද ආලවකයා කොපයෙන් දිවන කල්හි තමන්වහන්සේ පිටට යොමු නො වැ බඩට නො නැමී දෙ ඇළ යෙන් එක් ඇළයකට නො නැමී ඉඳුරා වැඩහුන් සේකැ. ඉඳුරා1 නිශ්චල කොට මරා හෙළා ලු ඇස්සඟළෙකැ. සියලු ලොව මිල කරත් හොත් තෙමේ මැ වැඩියෙකැ. රන්වන් පළල් දෙබැමසඟල මැද2 පෙණෙන ඌර්ණාැරොමධාතුවෙක. ඒ රන්වන්පියුමෙකැ බමරවැළ දෙකක් මැද හුන් රාජහංසයකු හා උපමා කරත්හොත් මා හා සුදුසු උපමා නොදන්නෝ නැත. උතුරා සයුරු මත්තෙන් නැහෙන්නට පටන් ගත් පිරුණු සඳමඬල උපමා කෙරෙම් නම් ඒ බැමසඟල වැනි දෙයෙක් එහි නැත. ඒ නිර්මයල වු ඌර්ණානරොම ධාතුවට කවර උපමාවෙක් ඇද්ද? රග්ගල්අතලෙකැ නිල් වු මෙ මැ උපමා නො වෙ යි. මුළාවන් කෙරෙහි අග්රක නියා යැ එක් සබාබසක් කීවන් දෙකඩ ලැබෙති’ කියා යැ? සසරපමණින් බොරුවක් තුඬැ නො පැහැරැ සබා මැ කී පිණින් සකසා ලත් ඒ මනහරතුඩ කාගේ බසින් සැරසී නිමා ද? සියලු .තුන්ලොව මිල කළ බවට , තුන්පිටකය නි:ශෙකයෙන් දත්බවට , ඇඳි සලකුණූ හිරි තුණක් වැනි වු හිරි තුණෙකින් හොබනා සම වැ වට වු කර අප සේ වුවන්ගේ බසට බිම් නො වෙයි. සියලු ලොකයට අභය අත් කරැ දෙන පිණිස සැරසී සිටි දෑතෙක. ඒ දෙ අත කවරෙක් නම් කියා නිමවන්නේද ? පබළුමුහුද මහරළ සිසාළ රන්ගලක් සේ ඉතා රත් වු සිවුරෙන් වසනලද ඒ රන්වන් ශරීරය වර්ණනනා කොටත් සිතිනුත් සිතන්නෙම් ද , උපමා නො දක්මි. වෙන වෙන මැ සියලුලොව සදා ලත් හොත් පොහොසත් වු අනන්ත වු පාරමිතාසමහරයෝ අටළොස් රියන් පමණ ශ්රි් ශරීරය “මම යැ ! මම යැ ! යි කියා සදා ලුහ. එසේ වු රූපකායය කවරෙක් නම් කියා නිමවා ද?


1. ඉඳිවුරා 2. නළල් මැද. 3. සුදු වු ලපලුලියක්



දමනය ) බුත්සරණ. 143

	ඒ භූතයන්ගේ විකාර සිත්තමැ ඇඳී විකාර බලන්නා සේ 

නිසල වැ1 බල බල සර්වඳඥයන්වහන්සේ වැඩහුන් කල්හි එතැනට කැටි වු දෙවතෝ අතින් අත් පැහැරැ සිනා සී “ආලවකය, පවතින් බුදුන් සොල්වාපී සේ ඉතා යහපතැ! වතුරෙන් උපුල්වාපී සේත් ඉතා මැ යහපතැ! පහණින් ගසා භය ගන්වාපී නියාත් ඉතා යහපතැ! ආයුධවැස්සෙන් සිඳැ බිඳැපු නියාත් ඉතා මැ යහපතැ! මඬවැස්සෙන් එරවාපු නියාත් යහපතැ! හළුවැස්සෙන් පහයින් ගන්වාපී නියාත් ඉතා මැ යහපතැ! වැලිවැස්සෙන් සඟවාපු නියාත් ඉතා මැ යහපතැ! අඟුරුවැස්සෙන් ගිනි මඩවාපී නියාත් යහපතැ! ආලනකය, මේ වික්ර්ම කොයින් උගත්හි ද? තා නො හැඳිනැ! බුදුහු තාගේ ගෙහි හුන්නයි සිතී ද? අහා! වැළැකැ යා. අහා! අපගේ පැරත්තයට බුදුන් අදට හැරැපිය !” යි මතැත්හට හුසි ගන් වන කුකුරුබිලිඳක්හු සේ (වෙහෙසෙන්නට වන්හ.) අනවරතයෙන් මෙසේ වෙහෙසන දෙවතාවන් අතුරෙහි අතික් යමක් කොට ගත නො හී ලජ්ජාවට පැමිණ තමාගේ වික්රිමයෙහි නිමාවට තැකු වෙලායුධය ගත.

ඒ ආයුධයෙහි බලවත්කම් කියත් හොත්: අහසට දැමුව දොළොස් අවුරුද්දක් වැසි නැති වැ යෙයි. බිමට ගැසුව හොත් එතෙක් මැ කල් බිමැ තණගැ‍ෙටකනෙක් නැති වැ යෙයි.මුහුදට දැමුව හොත් සියලුමුහුද පැළී වළල් ගැසී වියලි යෙයි. මහමෙර ගැසුව හොත් කිලිල්කඩක්සේ කපා ගෙණැ ආලවකයා සිටියේ යැ. මෙ මැ සැටියේ ලොකයෙහි අනික් ආයුධ තුණෙන් ඇති. ඒ කව‍රේ ද? යත්:- ශක්රධයාගේ වජ්රායයුධ යැ. වෛශ්රටවණය‍ාගෙ ගදායුධ යැ, මාරයාගේ පාරවළල් යැ , මේ වෙලායුධ යැ හා සතර යැ, දසදහසක් සක්වළැ දෙවිබඹහු හැම කැටි වු හ. සියලු ආකාශය දෙවිබඹුන් විසින් මල් පිරූ විසිතුරු මල්කරඬුවක් සේ ගැසී ගැවසී සසුන් වැ3 සිටියේ යැ. ආලවකයා බුදුන් ආසන්නයෙහි අහසැ සිටැ ගෙණැ කීපවිටෙකැ මහා‍ඝොෂයෙන් මහාධවනි කොට පියා බමා ගොස් සිසෑරි ඒ ආයුධය දැමී යැ. සෙන දහස් සුවහස් ගසා පිවා සේ භවාග්රධයෙහි පහරවා සියලුලොව එක හෙළා කොලාහල කෙරෙමින් සියලු අහස දුම්කැළයෙන් ගැවසී ගන්වමින් බුරා බස්නා ගිනිසිළු දශදිශාවෙහි ඉස්මින් ආයුධය හඬාබැසැ බුදුන් ශ්රීා පාදය පිස්නට තබාලු බිසිකඩක්සේ හැකිලී ලා බුදුපාමුල්හි හින4


  1. නිසරු 		2. ආලවකයා		3. සසුන් නැති වැ 	4. වැටී හින

දෙවතාවන්



144 අමෘතාවහ නම් වු (ආලවක

ඒ දක්වමින් දෙවතාවන් දුන් සාධුකාර දසදහසක් සක් වළැ එක හෙළා පැතිරෙන්නට වන ඒ දෙවසමාගමයෙහි මානය බිඳී ගොස් ලජ්ජාවෙන් කර නමා ගෙණැ මහපට ඇඟිල්ලෙන් බිම කැනැ කැනැ සිටියා වු ආලවකයා ආසන්නයෙහි වැඩැ හුන්නා වු සර්වසඥයන්වහන්සේ බුඬවිලාසය මා තුඬින් කියා පවුත් හොත්, හිඳිකටුසිදුරෙන් ආකාශගඞගාව සුව සේ නැඟී යන1 නියා ය. මදුරුවෙකුගේ දළඅගෙහි2 මහමුහුදු සැරහුනු නියා යැ. ගැඬවිල්තුඩැ මහපොළොව සැරසුනු නි යා යැ. එබඳු වු බුඬවිලා සය ඇති ඒ සර්වහඥයන් වහන්සේගේ වික්රශමයට ඒ ලීලාවට ඒ ශාන්තදාන්තවෙශයට කවර උපමාවක් කෙරෙම් ද ? එහෙයින් දොහොත් මුදුනේ තබා ගෙණැ සාධූකාර දෙමින් සියලු දෙවිබඹ දහස් සුවහස් “ස්වාමිනි, නුඹවහන්සේ දැකැ ඇස් නිවී ගියේ. නුඹවහන්සේගේ බුඬශ්රීෙ නැමැති අමා වළඳා අපගේ ලය සැනහී ගිය නියාව බලා වළඳා මැනව. මේ ආලවකයා සේ අපට උපකාර කළෝ නැත. අපගේ සර්ව ඥයන් වහන්සේගේ බුද්ධානුභාව තවත් අපට වඩවඩා දක්නිපරිද්දෙන්, ආලවකයා ; තව ද තාගේ වික්ර මයක් ඇත් නම් දක්වව. කුමකට නිකම් සිටිහි ද? වෙලෙහි වා! වෙලෙහි ව! ” යි මෙ බස් මැ කියකියා සිටියහ.

පසු වැ ආලවකයා සිතන්නේ “මුන්ගේ මෛත්රීිබලයෙන් කිසි උපද්රැවයෙක් නො වෙ යි. ඒ මෛත්රී‍ බිඳැපුව මැනවැ ” යි අවුත් ස්වාමිදරුවානන් ආසන්නට වැ සිටැ “මහණ, නික්මැ යා”යි කියැ. සර්වමඥයන් වහන්සේගේ එබස් අසා “මෙවිටැ මොළොක් වැ මොහු දමා ගන්මි ” යි සිතා වදාරා නැඟී සිටැ , බලවත්කම් පානා කල්හි දුර්වනලයන් කෙරෙහි මැ බැහැ වී සිටැ යනබව නුසුදුසුබව මුත්, තා කරණ වික්රවමයෙහි නිමාවක් කොට පියා දැන් සිටැ ‘මහණ, නික්මැ යා ,යි මොළොකින් කීබැවින් , තා කීවා මෙවිටැ කරම්හ’ යි නික්මුණු සේකැ. ඒ අසා ආලවකතෙම “මේ මහණ කීපී ගියේ දෝ හො ? යි , නො කිපී ගියේ දෝ හො? ” යි කියා විමසන්නේ

“මහණ එ” යි කියා කියැ. නැවැතැ  සර්ව ඥයන් වහන්සේගේ ද

ඒ අසා “ආලවකය , තා ‘යා යි කීහෙයින් ගියම්හැ. ‘එ’ යි කී කලැ එන්නමෝ වේ දැ” යි කියා ගිවිසැ නැවැතැ අවුත් වැඩහුන් සේක. ආලවකයා තුන්විටෙකැ මෙසේ කෙළේ යැ. සර්වුඥයන් වහන්සේ ද තුන්විටැ මැ ඌ කීවා කොට වඳ‍ාළ සේක. ආලවකතෙමේ ස්වාමින් කිකරිබව දැනැ “සියලු රෑ මෙ මැ ලෙස ඇවිදුවා ශ්රාමන්ත කොට පියා පසු වැ දෙපස අල්වා ගෙණැ පරසක්වළැ


1. ආකාශ හැඟවු 2. ඇතුළෙහි.

දමනය ) බුත්සරණ. 145

ගසාපියමි” යි සිතා සතර වන විටත් “යා මහණ “යි කී යැ. බුදුහු ඔහු සිතැ ඇත්ත දැනැ “සියලුලොව සුවසේ දත්තා වු මට තා සිතූ දෙය ඉතාමැ හැ‍ඟෙයි . එසේ බැවින් මම තුන් විටෙකැ තට කීකරු වීමි. මෙවිට පටන් නො යමි. තා කට හැකි දෙයෙක් ඇත් නම් , නැවතත් කර ” යි වදාරා වැඩහුන් සේකැ. මේ ආලවකයා ගේ විමානයෙහි මොහුගේ මවුපියන් කසුප් සම්මාසම්බුදුන් වහන්සේ විචාරා1 උත්තරය හා එක් කොට තිබු පැන සතරෙක් ඇත. කල් යාමෙන් සලකුණු නැති වැ ගිය කලැ පැනැමාත්රරයෙක් රන්පතැ දැහිඟුලෙන් ලියා තිබෙයි. පෙරැ තමාගේ විමානයෙහි ශ්රී් බලන පිණිස වන්, තපස්විවරුන් බුදුන්ට මුත් අනික් කෙනෙකුන්ට විෂය නො වන, පැන විචාරයි. ඒ කියා ගත නුහුනු කලැ පරසක්වළට හෝ සාගරයට හෝ ගසාපියයි. එසේ තෙමේ සෙසු තපස්විවරුන් කොට ආ පරිචයයට බුදුන් ටත් එසේ මැ කට හැකි යැ යි සිතා ‘තොප අතින් පැනයක් විචාරමි. ඒ මා විචාළ පැනය කිවු නම්, තොපට රක්ෂා ඇත. නැත්නම් , තොප පය අල්වා ගෙණැ පරසක්වළැ ගසා පියමි”යි කී යැ.

එබස් අසා . සර්වපඥයන් වහන්සේ වදාරණසේක “ආලවකය, ඉදිරියෙහි තබාලු පහන්කැටපතෙකැ තමාගේ ඡායාව ඉඳුරා පෙණෙන්නා සේ ලොකයෙහි සියලු සත්වයන් මා ඇසින් බැලිය හෙමි. එහෙයින් මට උපද්ර්වයක් කට හෙන සත්වයෙකු අනන්ත පරිමාණසක්වලළ එක ද තැනෙකැ නො දක්මි. අනික් කුමක් කියමි ද? මාගේ ආනුභාව මා පාමුලැ හුනු වෙලායුධයෙන් මැ දැනැ, මට කරණ උපද්රභව තබා තා විචාරණ පැන විචාර “යි වඳාළ සේකැ. බොධිසත්වකලැ විධුරපණ්ඩිත වැ මනුෂ්යාරාජයකු හා දෙව රාජයෙකු හා නාගරාජයකු හා ගරුඬරාජයකු හා එකවිට මැ විචාළ පැන ක්ෂණයෙහි විසඳා, නාගරාජයාගේ කණ්ඨමාණික්යයයෙන් හා ගරුඬරාජයාගේ රන්මාලාවෙන් හා , ශක්රණදිව්යාරාජයාගේ දිවසළු යෙන් හා, මනුෂ්යගරාජයාගේ ගෙරිදහස් ආදින් හා පුජා ලැබෙත් පැන දෙවධර්මයජාතකයෙහි තමන් වහන්සේගේ මලුන් හැරු ගෙණැ දියෙහි ලා පියා ආ රාක්ෂසයා “මා කී පැනයක් කිව හොත් තාගේ මලුන් හැරු පියමි. ” කී කලැ “දෙවධර්මාය කිම් ද? යි කි කල්හි දෙවධර්මැ වු නියා සිටිපියෙහි ම සිට කීකල්හි ඒ රාක්ෂසතෙම මලුන් දෙන්නා පුජා කොට දිනැ . නැවැතැ මහෞෂධ වැ ශ්රිදමන්නප්රෙශ්න ආදී වු පෙළහර වු පැන විසඳා තමන්ගේ නුවණ සියලු ලෝ වැස්


1. විචාල

10 146 අමෘතාවහ නම් වු (ආලවක

සන්ට මුදුන්පත් කළ තියා කවුරු නො දනිත් ද? සම්භවකුමාර කාලයෙහි සියලු දඹදිවැ නුවණ ඇත්තන්ගේ මුදුනෙහි පතුල් ඔබා පැන විසඳු නියාව කොතැනෙකැ ප්රතසිඬ නො වේ ද? මෙසේ වු පැනයක් කියති යනු මෙහිමියානන්ට උකුළුපොර යැ. එහෙයින් “ආලවකයා, තට හැඟුණු යම් පැනයක් කිය. ඒ අපට බැරි නො වෙයි. සුවසේ මැ විසඳිම්හ” යි වඳිළසේකැ. එසේ වදාළකල්හි ආලවක තෙම “ධනයෙන් කවර ධනය උතුම් ද? යි විචාළේ යැ එසේ විචාළ යක්හට ස්වාමිදරුවානෝ අවීචියෙහි සිටැ භවාග්රවය දක්වා, මුළුලොව තමන් වහන්සේගේ සර්වටඥතාඥානයෙන් බලාපියා “ආලවකය, මුළුලොවැ ධනයෙන් තුණුරුවන්හි කරණ සැදෑයට1 වැඩි අනික් කිසි ධනයෙන් නැත. ආලවකය, රන්රන් අමුරන් ආදි වු ධනය බොහෝ සුව එළවයි. සාපිපාසා දුක් දුරු කරන්නේයැ. දිළිදුකම නසන්නේය. මුතුමැණික් ආදී රුවන් ලබීමට කාරණ වන්නේ යැ. ආලවකය, මේ තුණුරුවන්හි කරණ ලද සැදැහැ නමැති ධනය දිවසැපත් නිවන් සැපත් දීමෙන් සුව එළවන්නේයැ. ඉතිරි ධනයෙන් සාපිපාසාවක් නිවෙන්නේ යැ. තුණුරුවන්හි කරණ ලද සැදැහැ නැමති ධ‍නයෙන් සක් වළගල් උස් කොට සත්රුවන් ඉපවුවත් නැති නොවන, ජාති, ජරා, ව්යාිධි ආදි වු දුක් නිවෙන්නේයැ. ආලවකය, තවද රත්රන් අමුරන් ආදී වු ධනය දිළිඳු බව නසන්නේයැ. තුණුරුවන්හි සැදැහැ නැමති ධන ‘ගුණ නැත්තාහ ’ යි යන දිළිඳුබව නසන්නේයැ.‍ ගුණ නැමති රුවන් ලැබීම‍ට කාරණ වන්නේ යැ.

“ සධො සීලෙන සම්පනෙනා - යසොභොගසමපජි තො, යං යං පදෙසං භඩති - තත්ව තතෙථ පුජිතො” යි

මා ඇතුළු වු2 අනන්ත සර්වවඥයන්වහන්සේගේ බස් හෙයින් තුණුරුවන්හි කරණ සැදැහැ නැමති ධනය ඇති තැනැත්තහු තුන්ලෝ වැසියා අතින් නොබලන සම්භාවනායෙක් නැත. ආලවකය, මේ මා කීයේ එක්තරා ගුණයෙකැ. එහි වැඩි ගුණ මා අතින් අස. සෙසු රත්රන් අමුරන් ආදී වු ධන ඉපැදවු තැනැත්තවු මෙලොවින් මිය පරලොව යන කල අඟලකුදු කැටි වැ නො යන්නේ යැ. තුණූරුවන්හි කරණ සැදැහැ නැමති ධනය සිත්හි හටගත් තැන් පටන් ගෙණැ අමාමහනිවන් දක්නා තුරු ජාතියෙන් ජාතිය අත් නො හැරැ පසුපස්සෙහි එන්නේයැ. ආලවකය, තවද සෙසු රත්රන් රමුරන් ආදී වු ධන රැහැණි වු කලැ රජදරුවන් විසිනුදු හැරැ ගත හැක්කැ. වඤ්වායෙන් සොරුන් විසිනුදු


1. සැදැහැධනයට . 2. ඇතුළු වු.



දමනය ) බුත්සරණ. 147

හැර ගත හැක්ක. ගින්නෙන් දා යන්නේයැ. වතුරෙහි නැඟි යන්නේය. තුණූරුවන්හි කරණ සැදැහැ නැමති ධනය උදහස් වු රජුන් විසිනුදු හැර ගත ‍නොහැක්ක. වංචාවෙන් සොරුන් විසිනුදු හැරැ ගත නොහැක්ක. සෙසු උපද්ර වයෙන් නසිති යි සිතතොත් කප්ගින්නෙදු නො දයි. මහමෙර පුළුන් පෙදක් සේ නඟා ගන්නා වු යුගාන්තවායුවෙන් පවා සොල්වා ගත නොහැක්කැ. කල්පාන්තයෙහි වට මහමේවැස්සෙහි සැඬ වතුරෙනු දු නො ගෙණ යා හැක්ක. ආලවකය, තවද , අත් පොළපී විටැ සතිස්යොද තෙකැ පැතිරැ සිටි සෙනඟට සත්රුවන් වැසි වස්වාපියන්නට පොහොසත්මහාමන්ධාතු ආදි සක්විත්තන් වැනි ධන ඇත්තෝද ඇසිපියක් හෙළලනා ඇසිල්ලකුදු තුණූ රුවන්හි උපන් සැදැහැ නැමති ධන ඇති එකක්හු හා හිමාලය පර්ව්තය හා සම නොවන ගබ්බිජුවටක් සේ, සම නො වන්නාහ. ආලවකය, රත්රන් රමුරන් ආදී වු සියලු ධන සියලු දුකට කාරණ වු තෘෂ්නාව වඩනා නියාව ද, තුණූරුවන්හි කරණ සැදැහැ නමැති ධන සියලු දුක් වඩනා තෘෂ්නාව නසනනියාවද , බැලු කලැ සියලු දුකට කාරණ වු සෙසු ධන සියලු දුක් නසන්නා වු තුණූරුවන්හි කරණලද සැදැහැ නැමති ධනය හා සම නො වන් නේයැ. ආලවකය, මෙසේ හෙයින් ශ්ර්ඬාධනය වැඩි අනික් කිසි ධනයකුදු ලොවැ නැත. මේ ප්රෙශ්නය අප විසඳු පරිදි තා සිත් වන්නේ වී නම්, අනික් ප්රෙශ්නයක් විචාර” යි වඳාළ සේක. ඉක්බිති ආලවකෙතෙම “ මෙහිමියානෝ සර්ව තේ ගෙවා දත් කෙනෙකුන් වැන්නහැ. මතුන් විචාළ දෙයක් මේ පරිද්දෙන් මැ විසඳු නම්, යෙහෙකැ ” යි විචාළේ යැ. හෙ ද බුදුරජානන් වහන්සේ විසඳා වදාරණසේක් “ආලවක, “කුමක්හි හසළ කලැ සුව ඵළ වන්නේ ද? ” යි කියා වේ ද තා විචාරන්නේ යැ? ආලවක, දහම්හි හසළ කලැ සුව එළවන්නේ යැ.’ දහම් නම් කුමක් ද?යි සිතන් නෙහි වි නම්, දන් දීම , සිල් රැකීම් ආදිවු සුචරිත යැ. මේ සුචරිත ය සොණ නම් සිටුපුත්රන ය, රටඨපාල නම් සිටුපුත්රුය යන මේ ආදීන්ට මෙන් මිනිස්ලොවැ මිනිස් සම්පත් දෙන්නේ යැ.ශක්රි, සුයාම, සන්තුෂිත යන මේ ආදීන්ට මෙන් මෙ මැ දහම් අන්තයෙහි අමාමහනිවන්සැප දෙන්නේයැ. ආලනකය,

“ධමෙමා භවෙ රක්ඛති ධම්මචාරිං ධමෙමා සුවිණෙණා සුඛමාවහාති, එයා ‘නිසංසො ධමෙම සුවිණෙණා න දුග්ගතිං ගවජති ධම්මචාරී”



148 අමෘතාවහ නම් වු (ආලවක

යනු මා ඇතුළු සියලු බුදුන්ගේ මැ බස් හෙයින් නිරෑදුක් පසු බසුත් , දහමට පසුබස්සි.තිරිසන් දුක් නසුන්, මෙ මැ දහමින් මැ නස්සි. ප්රෙදතයන් කුස සාදුක් නිවෙත්, මෙම ධර්ම ය හෙතු කොට ගෙණැ නිවෙන්නෙයැ. අසුරකාහි දුකින් වැළහෙතත්, මෙ ම දහම් හැරැ අනික් උපායෙක් නැත. ආලවකය, බුදුහු ලෝවැස්සන්ට දිවසැපත් නිවන්සැපත් සාධා දෙත් නම්, මෙ මැ දහම් මැ යැ. එහෙයින් බුදුබව මෙමැ දහමින් මැ සෑධෙත්, පසේ‍ බුදුබව ද මෙමැ දහමින් මැ සෑධෙත්, රහත්බව ද මෙ මැ දහ මින් මැ සෑධෙත්, සියලු සැපතට මෙ මැ නිධාන වත් , සියලු ශ්රී යට මෙ මැ කුලගේ වත්, සියලු මෙම දහමින් ම පහ වත්, සියලු බුදුනට මෙ මැ දහම් හස්තසාර වත්, සසරින් එතෙර වන්නට මෙ මැ දහම් හැරැ අනික් උපායෙක් නැත. එහෙයින් ආලවකය, දහම් හසළ කලැ සුව එළව ” යි වදාරා “මේ අප කී පරිදි නුවණින් පරීක්ෂා කොට පියා තා සිත් ගත්තේ වී නම්, තවද අනික් ප්රපශ්නයකුත් ඇත් නම් , විචාර”යි වදාළ සේකැ. ඒ අසා ආලවකතෙම “සව්නේ ඇතැඹුල සේ පිරිසිඳ දත් කෙනෙකුන්ගේ බස් වන්නැයි” සතුටු වැ “අනික් ප්රනශ්නයකුදු කිවහොත් යහපතැ ” යි සිතා විචාරන්නේ “රසයන් අතුරෙන් ඒකාන්තයෙන් මධුර වු රසයෙක් නම් කිම් ද? යි” විචාළේ. ඒ ද බුදුරජානන්වහන්සේ සියලු ලොව අනුලොම්ප්ර තිලොමයෙන් බලා පියා විසදා වදාරණසේක්, ‘ආලවකය , සියලුලොවැ රසයන් අතුරෙන් උතුම්රසය නම් සත්යුරසය යැ ’ යි වදාළ සේකැ. හේ කෙසේ ද? යත් :- ආලවකය , සබා කියන්නාහට විපත්තියක් වු කල්හි දෙවායෝ වහල් වෙති. මොබැ හිඳැ කී සබවසෙහි බලයෙන් ශක්රියාගේ ආසනය හුණූ වෙයි එසේ හුණූ වු කල්හි ශක්රියා තමාගේ ආසනයෙහි හිඳිය නො හී මොබ මිනිස්ලොවට අවුත් ඒ වු විපත්තියට වහල් වන්නේය. ආලවකය , මේ සත්යැය නම් සියලු බොධිසත්වවරයන්ගේ දශපාරමිතාවට නඟා දුටු එක් පාරමිතා වෙකැ. ආලවකය , තවද, මා සත්යස මත්ස්යම වැ උපන් කලැ, මහගිමින් තැවෙන මාගේ නෑයන් බලා, ඔවුන්ගේ ඒ දුක් හරණ පිණිස වැසි වැස්වුයෙමි මෙ මැ සත්යට බලයෙනැ. ආලවකය , තවද, මා වටු වැ උපන් කලැ ඒ සා මහවෙනෙහි එක පැහැරැ ඇවිළැ ගත් ලැව්ගින්න නිවුයෙමි මේ සබවස බලයෙනැ. ආලවකය , තවද, මා සුතසෝම වැ උපන් කලැ , මාගේ සත්ය්යට හානියෙක් වේදෝ හෝ යි!’ යි යන භයින් පොරිසාදයාට මා ජීවිතය පුදදී මෙ මැ




දමනය ) බුත්සරණ. 149

සත්ය යට පුජා කෙළෙමි. ආලවකය , තව ද ,ආදිකපැ බඹුන් බඹලොවින් මෙලොවට පඬුරු කොට ගෙණයේ මෙ මැ සබවස මැ ය. ආලවකය , තව ද , මේ වරද මම කෙළෙමි ‘යි සබා කියා දොෂ පිළිගෙණැ සිටිකලැ රජදරුවන්ගේ කොප පොවා සන්සි‍දෙයි. ‘තාගේ සබවසට පුජා කෙරෙම්හ’යි ඔහු කළ වරදට කරණ නිග්රයහය අඩුකරන්නාහුයැ. ආලවකය , තවද, යම් ආප්ත ස්ථානයෙක්හි සිටි එතකුදු නොසබාවක් කී කල්හි ඒ නොසබා කීවා ඇසු ඇසිල්ලෙහි මැ එතෙන මැ හෙතෙම නග්න යැ සිටියක්හු මෙන් අනාප්ත වැ පෙණෙන්නේ යැ. ආලවකය , තවද සබා කියන තැනැත්තහු තමා කියන සබවසින් ලොවැ සිත් ගන්නා පරිද්දෙන් බොරු කියන තැනැත්තේ නොසබාබසින් තමා ජීවිතය හැරැ ද එසේ සිත් ගත නො හෙන්නේයැ. ආලවකය , තවද සබා සේ තමාගේ සන්තානයෙහි උපන් අනික් ආභරණයක් නැතැ. ආලවකය , තවද සබවස සේ පස්පලවතින් කළ අනික් මුඛවාස යෙක් නැත. ආලවකය , මම සබවසින් මැ පෙළො බැණවීමි. සැබැවින් ම මරහු දිනිමි. ආලවකය , තවද,

“සච්චං භණෙ න කුජෙකඩය්ය - දජ්ජා අප්පමි1 යාවිතෝ, එතෙහි තීහි ඨානෙහි ගචෙජ දෙවනා සන්තිතෙ”

යනු මා ඇතුළු වු සසලු බුදුන්ගේ මැ බස හෙයින් දෙව්ලොව නැ‍ ෙඟෙත් , සබවස වැනි හි‍ණෙක් නැත. ආලවකය , තවද විධූරපණ්ඩිත වැ රජු හා මා හා වෙනසක් නැතැයි කී කල්හි , පුර්ණපභද්රුයාට , මා ඒ දු කෙළැ දිනු තැනට වඩඩී නොවන බව දැනැ දැනැ ද එක්සියක් රජදරුවන් දවස දවස කරණ පුජා ද නො සලකා , ධර්මයපාල කුමාරයන් ප්රපධාන කොට ඇති දහසක් දරුවන් නො සලකා , එසේම දහසක් අඹුවන් ද නොසිතා තුන්සෘතුවට උචිත විචිත්රමප්රා්සාද තුණ නො සිතා රජහු මුහුණද නො බලා , ඒ සබවස මැ රක්නා පිණිස ‘මම ගැත්තෙමි’යි කියා‍ යකු අතැ හී ඒ සා මහත් දුකක් ගතිමි. ආලවකය , මෙසේ හෙයින් මැ සියලු රසයන් අතුරෙන් සත්ය රසය මැ උත්තම යැ යි කියමි. ආලවකය ,මෙ ද තා සිත් වන්නේ වී නම් , නැවැතැ අනික් ප්ර ශ්නයකුදු විචාර “යි වාදාළසේකැ.

ඒ අසා ආලවකයතෙමේ සිතින් පිණා ගොස් “මේ මාගේ හිමියානන්වහන්සේට මා කළ උපක්‍රමයෙන් 2 නරකට නොඟි යෙමි නම් , යෙහෙකැය”යි ඉනිබ්බේ වඳිනා වැඳුම් සම බැවින්

1. දජ්ජාප්පස්මි6පි 2. වික්රවමයෙන්


150. අමෘතාවහ නමු වූ [ආලවක

ඔබ ද විචාරා පියා වඳිමි යි සිතා විචාරන්නේ “ කෙසේ කරණ ජීවිකාව උත්තම ජීවිකාව දැ?” යි විචාළේ එය ද අසා බුදුරජාන් වහන්සේ “ආලවකය, නුවණින් කරණ ජීවිකාව මැ උත්තම ජීවිකාවයැ. හේ කෙසේ ද? යත්:- මා කියන්නක් අස. ආලවකය, ශාසනයෙහි සිට ද ගිහිගෙයි සිට ද ජීවිකාව කරන්නට නුවණ වැනි අනික් උපායයෙක් නැත . ආලවකය , තව ද, නුවණ නැතිවැ, හේතු පිළිසිඳ නොලද්දේ ලොවු තුරා දහම් තබා පළමුවන ධෑනමාත්රකයකු දු නොලබන්නේ යැ. ආලවකය , නුවණ නම් මෙසේ ලොවට උපකාර දෙයෙකැ. ආලවකය, තව ද නුවණැති තැනැත්තන්ගේ නුවණට නො ඇතුළත් වන්නෝ නැත. ආලවකය තවද, නුවණැති තැනැත්තවුට පිරිවාර නොවන්නෝ නැත. ආලවකය ,තව ද නුවණික් යෙදී කරණ කටයුත්තෙන්පශ්චාත්තාප මාත්ර යකු දු නො වනහෙයින් සත්වයන්ට නුවණ සේ බලවත් හස්තසාරයෙක් නැත.ආලවකය, තව ද, මා පවා ලෝමුදුන්පත් වූයේ මෙ මැ නුවණබලයෙනැ . ආලවකය , තව ද , නුවණ නැති තැනැත්තවුට වන අභිවෘධියට වඩා නුවණැති තැනැත්තහු දිඟන සිඟුම් මැ මිහිරැ. ආලවකය, කට යුතු නො කට යුතු දෙක අනුන්2 නො විචාරා, තමා මැ තමන් අතුරෙහි ‘මේ කට යුතු යැ , මේ නො කට යුතු යැ ,යි සිතා ගන්නා2 නුවණින් මැ වන පරිදි බැලූ කලැ එයට වඩා ලොවට සුව එළවන දෙයෙක් නැත. ආලවකය , තව ද කෙසේ බලවත් වුවත් නැහැයෙහි ලනු බඳ ගොනුන් සේ නුවණැත්තන් ම අනු වන්නාහු යැ. ආලවකය, තව ද , ‘මෙතැනට මේ කට යුතු සුදුසු යැ’යි ස්‍කයානොචිත කට යුතු සොයන තැනැත්තවුට නුවණින් දුටු කට යුත්ත මැ මත්තෙහි විපාකය නො වරදවා දෙනහෙයින් නුවණ මැ ලොවට බලවත් මාහැඟි දෙයැකැ .ආලවකය, තව ද, නුවණ නමැති පහන සේ පහනෙක් නැත. ආලවකය , තව ද, ලොකයෙහි ආත්මදෘෂ්යාේ දිය නුවණින් මැ බි‍ඳෙත්, අනිත්ය යැ, දුඃඛයැ, අනාත්ම යැ යන තිලකුණු නුවණට මැ හමුවත්, ආලවකය , තව ද, සසරගිනි නුවණින් මැ න්වෙත් , ආලවකය තව ද , සියලු සම්පත්ති තාක් නුවණ නැමැති බිම්හි මැ හටකණුත් ආලවකය , තව ද , නුවණින් මැ මරුට වැළහෙත්, ආලවකය , තව ද , නුවණින් මැ සියලුලොව දස් කරත්, මේ නුවණගුණ නැවැත කෙසේ කියා නිමවම් ද? ආලවකය, තව ද, මහෞෂධ අටවක්මැණික කුහුඹුන් ලවා ඇවිණවූයේත් නුවණින් මැ යැ. එ මැ අත්බැවැ තල්ගස උඩ තුබූ මැණික පොකුණේ දියෙහි යැයි පෙළෙන ලෝවැස්සන් දැකැ මැණික සේය පාත්රණයෙහි හෙලා පෑ

1.දන්නවුන් 2.සිතා තැබූවන්ට සිතා ගෙණ සිතාගන්නාහු


දමනය] බුත්සරණ. 151.

ඒ මැණික තල්ගස උඩ තුබුවා පෑයේ මෙ මැ නුවණින් මැ යැ. ආලවකය, තව ද, එ මැ අත්බැවැ අධ්මාතාග සකයක් ප මණ රත්රන් ලදින් කටුසුබොහොඬා රජුට මන් කොට තොරණ අඟ හොත් පරිදි පිරිසිඳැ දත්තෙත් මෙ මැ නුවණින් මැ යැ. තව ද, බමුණකු ගේ පසුඹියට වත් සප්යාමැ ඇසට නො පැණෙතු දු නුවණැසින් බලා දත්තේ මෙ මැ නුවණැසින් මැ ය. ආලවකය, තව ද , වෘක්ෂ දෙවතාවන් තමන් වසන ගස් කපන්නන් වළකා ගත නො ගී හඬන කල්හි කටුසුබොහො‍ඬවෙස් ගෙණැ ගස්සිදුරට වැදැ නැවැතැ වෙළෙප අග සිදුරකින් නික්මුනු සේ පැණි ඒ ගස් සිදුරු ඇත්තා සේ කපන්නට පෑ දෙවතාවන්ගේ විමන් රක්නෝත් නුවණැත් තෝ මැ යැ . ආලවකය , තවද , වඳුරු වැ ඉපිදැ මා බදන්නට ගොඩ හොත් කිඹුලා ලවා කිඹුල්බසින් බස් බණවා ගත්තේ මෙ මැ නුවණින් මැ යැ. ආලවකය, තවද, නුවණ නැති තැනැත්තහු විඳිනා සක්විතිසැපතටත් වඩා නුවණැති වැ ගන්නා වියරුවෙස් මැ හොබනේ ය. ආලවකය , තව ද, අවිද්යාණ නැමැති මහඅඳුරු පවා නුවණ නමැති ආලොකයෙන් මැ බි‍ඳෙන්නේ යැ. ආලවකය, තව ද, අප්ර කාශ නිවන්මග නුවණැත්තවුට රජමහවතෙක් වන්නේය. ආලවකය, තව ද , ප්ර තීත්යඅසමුත්පාද නැමැති ගැඹුරෙකැ පවා පිහිට ලබන්නේ නුවණැති තැනැත්තේ මැ යැ ආලවකය, තව ද, නුවණැස් තැනැත්තාහට ඇස්දහසෙකිනුත් සෑහෙනු නැත. ආලවකය , තව ද , නුවණැත්තේ ඇස් නැත්තේ වී නමුත් , කෙ සා ඇස් ඇත්තන් පොවා නො දක්නා අථ්ය්ඇස දැක්ක හෙයි . ආලවකය, මෙසේ හෙයින් මම ලෝවැස්සන් කරණ ජීවිකාවන් අතුරෙන් නුවණින් කරණ ජීවිකාව මැ උත්තම ජීවිකා යැ යි කියමි. ආලවකය, මෙ ද තා සිත් ගත්තේ වී නම්, මත්තෙහි තා විචාරන්නක් විචාර’ යි වදාළසේක.

ඒ අසා ආලවකයා විස්මය පත් වැ “මත්තෙහි අනික් කා විචාරන්නට කබම් ද ? විචාරණ දෙයක් මොවුන් වහන්සේ මැ විචාරම්”යි සිත‍ා විචාරන්නේ “කාම යැ ,භව යැ, දෘෂ්ටියැ , අවිද්යාප යැ යන මෙ සතර චතුරෙන් සත්වතෙමේ කෙසේ එතෙර වන්නේ දැ” යි විචාළේ . ඉක්බිති සව්ඥ්ර යන් වහන්සේ “ආලවකය ,සත්වතෙමේ මේ තා කී සතර චතුරෙන් එතෙර වන්නේ තුණුරුවන්හි කරණ සැදැහැයෙන් මැ යැ” යි වදා‍ළසේක .

නැවැතැ “සසර නැමැති සයුරෙන් සත්වතෙම කෙසේ එතෙර වන්නේ දැ?” යි විචාළ කල්හි “ ආලවකය , නොපමා වැ කුසල් කරණ තැනැත්තේ එතෙර වේ යැ” යි වදාළසේක.



152. අමෘතාවහ නමු වූ [ආලවක නැවත “සත්වතෙමේ සියලු දුකින් කෙ සේ ගැලවේ දැ?”යි විචාළ කල්හි “ආලවකය, කුසල් කිරීමෙහි විය්ය් දැ ඇති තැනැත්තේ ගැලවේ යැ” යි වදාළසේකැ.

නැවැතැ “සත්වතෙමේ‍ ‍‍ කෙසේ පරිශුද්ධ වේ දැ”යි විචාළ යක්හට “ ආලවකය, සත්වතෙමේ‍ නුවණින් පරිශුඬ වන්නේ යැ” යි වදාළසේක.

නැවත “නුවණ නම් කෙසේ ලැබේදැ” යි විචාළ යක්හට ‘ආලවකයතුණුරුවන්හි හැද හිලි ඇති තමහට වැඩි නුවණැත්තන් කරා එළඹැ උපස්ථාන කරන්නේ ඇති වූ සැකයක් නො පමා වැ විචාරන්නේ නුවණ ලැබෙන්නේ යැ” යි වදාළසේකැ.

“නැවත “ධන කෙසේ ලැබේ දැ” යි විචාළ යක්හට “ආලවකය දිවසැපත් නිවන්සැපත් ලබන්නට සුදුසු කාලදෙශ නො වරදවා ඒ ඒ සුදුසු කට යුතු කරණ කායචිත්තවිය්ය් ඇති තැනැත්තේ දිවසැ පත් නිවන්සැපත් යැයි කියනලද ධන ලබන්නේ යැ”යි වදාළසේක.

නැවත යසස් කුමකින් ලැබේ දැ” යි විචාළ යක්හට “ආලවකය, සබා කීමෙන් “ යශස් ලැබෙ” යි වදාළසේකැ.

නැවැතැ “මිත්ර යන් කෙසේ ලැබේදැ? ” විචාළ යක්හට “ආලවකය, තමාගේ ඇති දෙයක් නො වළහා කැමැති කැමැති දෙයක් දෙන තැනැත්තේ මිත්රේයන් ලබ” යි වදාළසේක .

නැවැතැ “සත්වතෙමේ මෙලොවින් පරලොවට ගොස් කෙසේ ශොක නො කරන්නේ දැ” යි විචාළ යක්හට “ආලවකය, මා සියලු සසරදුකින් මුදා ගලවන්නේ මෙ මැ යැ යි කියා තුණුරුවන්හි හැදහිලි ඇති සබා කියන නුවණැති ධෛය්ය් ඇති ත්යාලගී ගිහිවැසි පුරුෂතෙම මෙලොවින් පරලොවට ගොස් ශොක නො කරන්නේ යැ’ යි වදාළසේක.

මෙසේ අ‍ාලවකයා විචාළ ප්ර ශ්න තාක් විසඳා වදාරා , නැවැතැ වදාරණසේක් “ ආලවකය, අප මේ කීවා වූ ධර්මදයෙන් තටසැක නො හැරේ නම් , “ මේ සතර ධර්මීයට වැඩි ශොක නො කරන්ට කාරණයක් ඇද්දෝහො?’යි සෙසු ශ්රතමණබ්රාූහ්මණයන් කරා ගොස් විචාළ කලැ ඉදින් වැඩියක් කියන කෙනෙක් ඇත් නම් , උනුත් පරීක්ෂා කොට පියා ගත යුතු දෙයක් ගනුව” යි වදාළ සේකැ.

ආලවකතෙම ඒ අසා තමන් බුදුන් වදාරණ බණ අසමින් සිට මැ අපායෙහි අකුල් හෙලා තබා අමාමහනිවන් දැක

දමනය] බුත්සරණ. 153.

සොවාන් වූ හෙයින් පාපිටැ වැටී හී “ අනික් කා විචාරම් ද? ස්වාමීනී, ඉඳුරා1 මැ සැක මැකී ගියේ , සැකයක් තිබෙන නියායෙන් වදාළ බණෙක් ද ? මට වන මේ මහත් වැඩ පිණිස සැවැත්නුවරැ සිටැ, මෙ තෙක් කතර ගෙවා , මාගේ2 විමානයට වැඩිනියාව මට දැන් හැඟුනේ යැ. දන් දෙන්නට සුදුසු පුණ්ය ක්ෂේත්රා ද මට හඟවා වදාළසේකැ. ස්වාමිනී, මම පෙරැ ගමින් ගමට නුවරින් නුවරට මිනී මස් කා, ගොදුරු සොයා, වියරු විකාර ගෙණැ ඇවිද්දෙමි. අද මෙවක් පටන් මා වියරු ගී ඇවිදිතැනැ නුඹවහන්සේගේ ධර්ම.ය දැනැ, වැඳැ වැඳැ , පුද පුදා , මෙනෙහි කොට කොට , ලෙහි ඒ අමාරසයෙන් නිවි සැනහී තුණුරුවන් අරමුණු සොම්නසින් පිණපිණා අදිමි”යි මෙසේ කියමින් ආලවකයා සෝවාන් වැ ගත් සාධුකාර හඬ ද , හිරු නැගුම් ද, අලව්කුමාරයා ගෙණැ යෑම ද එකවිගස3 මැ වී යැ.

ඒ රාජකුමාරයා ආලවකයා කරා ගෙණැ ගිය රාජපුරුෂයෝ ඒ විමානයෙහි සාධුකාරහඬ අසාලා “අනේ! නො ඇසූවිරූ දෙයැකැ. ආලවකයාගේ විමානයෙහි සාධුකාරහඬ ඇසෙන්නේයැ. දියෙන් ගිනි නො නැ‍ඟෙයි . ගිනිකඳින් දියබිඳු නො ඉසෙයි5. යුගාන්තකාලයහි හිරුරැසින් අමා නො වැගිරෙයි. නරකයෙහි දිවවිමන් නො වෙයි. සර්පගයන්ගේ දළැ ඖෂධ නො තිබෙයි. ආලවකයාගේ විමානයෙහි සාධුකාරහ‍ඬෙක් නම් නැත. අද මේ කුමන විස්මයෙක් දෝ හො ! යි. අපගේ සුදෙධාදනරජ්ජුරුවන් වහන්සේගේ පුතනුවන්වහන්සේ යම් සේ මොබ වැඩිසේක් දෝ හො!” යි විමසා බලා , නුගගසැ අතු අතරෙහි නැගෙන සවණක් ඝන බුදුරස් දැකැ , ඇතු වැළකීමෙහි මෙහෙයීමෙහි සමර්ථැ 6 වූ ආරොහකයකු ඇතු පිට හුන් කලැ “මේ ආරොහකයා ඇතු වළකා ගන්නි” යි සිතා ඇතු ළගට නො බා ඇතුළට වන්හ. වැඩහුන් සර්වඇඥයන් වහන්සේ දුටහැ. ඇඳිලි බැඳැ වැඳැ සිටි ආලවකයා දුටුහැ. “තාගේ බිලිය තෝ ගණැ” යි කියා කුමාරයා ආලවකයාට දුන්හැ.

ආලවක තෙමේ ලජ්ජායෙන් කුමාරයා දෙඅතින් පිළිගෙණැ බුදුන්වහන්සේට “ස්වාමීනී, මේ මට බිලියම ගෙණා කුමාරයෙකැ. මාගේ බිලිකැවුම් දැත් නැති කොට වදාළසේක් මේ ද? එසේ බැවින් මේ කුමාරයාට හිතසුව පිණිස පිළිගැන්වී යැ. ඒ කුමාර


1.ඉඳිවුරා 2.මේ 3.යාමදඑකවිට 4.නො වූ විරූ 5.සෙල්වෙයි 6.සාර්ථ


154. අමෘතාවහ නමු වූ [ගඬගාරොහණ

ශ්රී.හස්තයෙන් පිළිගෙණැ වදාරා, “මේ කුමර දිගා වෙව” යි “යක්ෂය, තෝ ද සුවපත් වෙව” යි කියා වදාළසේක. යක්ෂ ද කුමාරයා තෙසරණ ගැන්වී යැ. සර්වයඥයන්වහන්සේ “මූ වඩලා අපට මැ දෙව” යි කියා කුමාරයා ගෙණා රාජපුරුෂයන්ට මැ දෙවා වදාළසේකැ. ඒ කුමාර තෙම රාජපුරුෂයන් අතින් ආලවකයා අතට ගිය හෙයින් හා , ආලවකයා අතින් බුදුන්වහන්සේ අතට ගිය හෙයින් හා, බුදුන්වහන්සේ අතින් නැවැතැ රාජපුරුෂයන් අතට ගිය හෙයින් හා හත්ථාලවක නම් වී යැ. කුමාරයා පිළිගෙණැ බුදුන් වහන්සේ කොට වදාළ ශාන්ති ඇසූ බොහෝ මිනිස්සු තාක් සතුටුවැ, අත් පොළමින් මහත් කොට හඬ ගහමින් යක්ෂයාගේ විමානයට දිවැ ගත්හ . ආලවකයාද සර්ව ඥයන් වහන්සේ සිඟා වඩනා වේලෙහි පාත්ර්චිවර ගෙණැ, පසුපස්සෙහි නික්මිනැ. සර්ව ඥයන්වහන්සේ තමන්වහන්සේගේ පාත්ර,චීවර හැරැ ගෙණ ආලවකයාට සමු දී වදාරා , ඒ අලව්නුවරැ පිඬු සිඟා වළඳා වදාරා , නුවරැ දොරැ පණවන ලද බුද්ධාසනයෙහි වැඩැ හිඳැ සම්ප්රායප්ත වූ පර්ෂරදට ආලවකසූත්ර ය දෙශනා කොට වදාළසේකැ ඒ වදාළ බණ අසා, සුවාසුදහසක් සත්ත්වයෝ අමාමහනිවන් දුටුහැ. මෙසේ තමන් “ දෙපය අල්වා ගෙණැ, පරසක්වළැ ගසාපියම්හ” යි කොපයෙන් දිලීපියා ආ යක්ෂන් පවා තම මිහිරි දහමින් අමාමහනිවන් දැක්වූ බුදුන් සරණ යෙමි යි බුත්සරණ යා යුතු. 101.

තව ද එක්සමයෙහි විශාලාමහනුවර නානාප්ර කාර වූ වෙශ හා භුෂණයෙන් යුක්ත වූ, සමපත්තියෙන් අනුන වූ, යෞවනයෙන් උද්දාම වූ , රෑපයෙන් මනෝහරවු, කුලයෙන් අනින්දිතවූ , විද්යාතයෙන් ප්ර්සිද්ධ වූ, සැරයුම්හි තන්වැසි වූ, කෙළියෙහි විදග්ධවූ, සතයයෙහි ස්ථීර වූ, ප්රෙකමයෙහි නිබොරු වූ, අන්ත- රඞ්ගබහිරඞ්ග කාය්ය් යෙහි ප්රරමාදයක් නැත්තාවූ, ගෑණුන් හා පිරිමින් විසින් ගැවසී ගත්තේයැ.

සියලු දේශයෙහි සමෘද්ධිසාරය තාක් එක් තැන්හි කොට මවාලුවක් සේ2 නානාදේශයෙහි වූ අනෙකප්රයකාරවස්තුයෙන් ‘අසෝ3 වස්තුව මෙහි නැතැ’යි නො කියන පරිදිදෙන් කපුරු , කස්තුරි , සඳුන්, කලුවැල්, ලමඟ, තකුල්, පටප‍ිළි, දේවාහ,4 රත්රන්, රිදී, මුතු, මැණික් ආදී වූ නොයෙක් සාරවස්තුවෙන් සම්පූර්ණ යැ,


1.ගෙණ ගෙණ 2. මුළුවූවාන් 3.අසවල්&අහෝ 4.දොවාහ

කථා ] බුත්සරණ 155. අඤ්ජනකූට පර්වුතය සේ උස් වූ, මහත් වූ , ජාතියෙන් භද්රහ වූ සත්වයෙන් දෙවසත්වාදිඋත්තම සත්ව ඇති, දශාහෙයින් චතුර්ත්ථි1 දශා ඇති , ශොභාවෙන් චතුත්ථශොභාවෙහි. පවත්නා වූ, විනීත කමින් තපස්වීන් වැනි වූ , කොපයෙන් අසනිපාතයක් සේ නොවළකා ගත හැක්කා වූ , ක්රිශයාවෙන් උත්තම වූ සන්තාහ්ය කර්මි ඖපවාහ්යගකර්මියෙහි දක්ෂ වූ , වග්නිදක්ෂ වහ්නිපරාඝාත පාතිපරා ඝාත වෙණුපර‍ාඝාතාදී වූ නානාප්රපකාරපරාඝාතයෙන් හික්මවන ලද්දා වූ, ශාසෙත්රා කතවිධියෙන් ග්රාරම්යි කරණලද, පමණ නැත්තාවූ, හස්තීන්ගේ කුඤ්චනාදයෙන් ගැවැසී ගත්තේ යැ.

තව ද, දෙශ හෙයින් සින්ධුදෙශාදී උත්තම දෙශයෙහි උපන්නා වූ, වර්ණය හෙයින් ජාති හෙයින් සත්ව හෙයින් ප්රලකෘති හෙයින් කිසි දෝෂයක් නැත්තා වූ, පඤ්චධාරායෙහි2 ඉතා ශික්ෂිත වූ ඒ පුරසමපත්නැමැති මහාසාගර මධ්ය යෙහි බි‍ෙඳන්නාවූ රළ සේ අනවරතයෙන් දිවත්නා වූ පතන්නා වූ අශ්වයන්ගේ හෙෂාරවයෙනි එකකොල‍ාහල යැ.

එසේ ම නානාප්රකකාරවර්ණයකම්බලඅතුළා‍ වූ නගනලද ධ්වජ පතාක ඇති, විනීත වූ අශ්වයන් යෙදූ, දෙව රථ යැ පුෂ්යණ රථ යැ සංග්රාරමික යැ පුරපරිඝාතික යැ යනාදී නොයෙක් රථයෙහි චක්රැ නාදයෙන් නිරන්තර යැ.

පිඹිනාවුන්ගේ තුඩින් නික්මුණු , එහි රජ කරණ රජ දරුවන්ගේ මූර්තතතිමත් කීර්තපති බඳු වූ, අති ධවල දක්ෂිණාවෘත්ත සඞ්ඛයන්ගේ නාදයෙන් එකනාද යැ.

සන්තුෂ්ට වූ ස්ත්රීන පුරුෂවන්ගේ නානාප්රබකාරමඞ්ගලයෙහි හා නෘත්යෂ ගීත වාද්යන ප්රනසඞ්ගයෙහි ගයනලද මිහිඟුබෙරෙහි ගම්භීර ධීරනාදයෙන් ශ්ර වණරමණීය යැ. ප්රහවීණ වූ වීණාකාරයන්ගේ සාඩම්බර ය. වීණාස්වරයෙන් දෙශීය මාර්ගර දෙක්හි සුශික්ෂිත වූ වංශකාරයන් විසින් පිඹිනා ලද වංශනාදයෙන් මනොහර යැ. ලයමානයෙහි දක්ෂ වූ තාලධරයන් විසින් ප්ර්යෝග කරණ ලද තාලයෙහි ශබ්දයෙන් දුරු3 කරණලද උත්කණ්ඨා ඇත්තේයැ. තන්හි තන්හි ගෙහි ගෙහි දොරැ දොරැ දෙ වාලයෙන් දෙවාලයෙහි නටන්නා වූ ස්ත්රී න්ගේ නෘත්යඇයෙන් පුරුෂයන් සිත් ගන්නේ යැ. පුරුෂයන් ගේ නෘත්යෙයෙන් ස්ත්රී න් සිත් ගන්න යැ. කාමවෙෂයට මතුරණ මන්ත්ර් බඳු වූ ස්ත්රී‍න්ගේ මධුරගීතයෙන් පුරුෂයන්ගේ කන්හි අමා නමන්නේ යැ. පුරුෂ යන්ගේ ගීතයෙන් ස්ත්රීගන්ගේ කන්හි අමා නමන්නේ යැ.


1.චතුත්ථ 2.පඤ්චභාරයෙහි 3.සුපුරුදු


156. අමෘතාවහ නමු වූ [ග‍ෙඬගාරොහණ

“මේ මධුරාභාර අනුභව කරව. මේ මධුර වූ පානීය බොව’,යි මෙසේ හඬ ගහන වචනයෙන් සාපිපාසා ඇත්තවුන්ගේ කන්හි දාරිද්ය්ගහනය හර‍ණේ යැ.

සුවාසූදහසක් කුළීත් ගැවසීගත් හිමාලයපර්වුතය සේ උස්වූ ධවල වූ අනෙකප්ර කාර වූ ප්රාේසාදශතසහස්ර‍යෙන් හොබනා ලද්දේ යැ. නො එක් හංසචක්ර වාකාදි වූ ජලචරපක්ෂීන් ගේ මනොහරක්රීැඩායෙන් යුක්ත වූ , පියුම්හි මි බී මත්බමරපියරැවින් මධු ර වූ, අනවරතයෙන් පිපි සිටිනා පස්වණක් පියුම් ඇති, මන් ද මාරැතයෙන් සොලොවනලද පද්මෝත්පල‍ෙයන් වගුළ අභිනව රෙණු නමැති කුංකුමයෙන් අංගරාග ගත්, ගිමිට සතුරු වූ, ක්රීුඩාවට නිධාන වූ, දියමැදින් අවුත් වෙළලැ ගැසෙන්නා වූ රළින් මැ බලන්නවුන්ගේ සිත් දොම්නස් තාක් තමා අතින් ගෙණැ ගොඩට ගසන්නාක් වැනි වූ වෙරලෙහි සුදුවැලිතලාවෙන් සංසාරමුඛය1 නිරුපද්රනව වන පිණිස පාත්වලි දුන්නාක් වැනි වූ, තෙරෙහි ලතාමණ්ඩපයෙහි හිඳැ හඬන්නා වූ රාජහංස නැමැති වන්දීත් විසින් අනවරතයෙන් ස්තුති කරණ ලද්දා වූ නෙ‍ාඑක් පොකුණෙන් හා විලින් ගැවසී ගත්තේ යැ.

වසන්තකාලයාගේ අවන්බිම් වැනි වූ , බමරුන්ට කුලපර පුර වූ , මොනරුන්ට නෘත්යකශාලා වූ , කෙවිල්ලන්ට ගීතශාලා වූ, නොඑක් ජාතියෙහි මුවන්ට ක්රීනඩාගොෂයීස්ථාන වූ, ලතායෙන් වෘක්ෂයට යන, වෘක්ෂයෙන් ලතාවට යන, බමරුන්ගේ මධුරවූ, නාදයෙන් අනවරතයෙන් සන්තොෂගායනා පවත්වන්නාක් බඳු වූ, මනුෂ්ය ලොකයෙහි ඇතිතාක් පුෂ්පජාති යැ, ඵලජාතියැ යන මේ එක් කොට සැමනුම් ගන්නා තැන් බඳු වූ , නොඑක් වැලිමළුයෙන් නොඑක් ලියමඬුයෙන් නොඑක් ධාරාගෘහයෙන් නොඑක් හැල්ලන් නොයෙක පතසින් නොඑක් විලින් නොයෙක් ඇළින් හොබනා වූ සියදහස්ගණන් උයනින් ශක්රියාගේ නන්දන වනයට ස්පර්යාො කරන්නේ යැ.

සියලු සත්වයන් දරුවන් කොට සිතන්නා වූ රජදරුවන්

විසින් යුක්ත යැ. “    අපේ  ස්වාමි  මධ්ය ස්ථයහ. අපගේ    ස්වාමි

නෑයන්ට නීෂ්ඨුරයහ. අපගේ ස්වාමි කෙළෙහි ගුණ දනිති. අපගේ ස්වාමි දුෂ්ටතිග්රපහශිෂ්ටපරිපාලන දෙකට මැ සැරහී සිටියහ. අපගේ ස්වාමි සත්යුවාදීහැ. අපගේ ස්වාමි ත්යාටහීහැ. අපගේ ස්වාමි උදාර වූ පරාක්රෂම ඇත්තාහ. අපගේ ස්වාමි ශස්ත්රා


1.සංසාරසුඛය

කථා ] බුත්සරණ. 157. ශාස්ත්රඋ දෙක්හි සමර්ථ යහ. අපගේ ස්වාමි ස්වමණ්ඩලපරමණ්ඩල කාය්ය්රඋ කාය්ය්ඇ යෙහි විභාග දන්නාහ. අපගේ ස්වාමි ඇත්පිටැ අස්පිටැ රථපිටැ ඉතා ශික්ෂිතයහ. කෝපයෙහි යමයා වැන්නහ. ප්රපසාදයෙහි කල්පවෘක්ෂයක් වැන්නහ. තේජසින් හිරු වැන්නහ. කීර්තටතියෙන් සඳු වැන්නහ. ලෝ වැස්සන්ටය සුව දී තුමූ සුව අනුභව කෙරෙතති. මෙසේ අනවරතයෙන් තමන්ගේ ස්වාමීන්ගේ ගුණ කියකියා මත් වැ මත් වැ ඇවිදිනා වූ භය පක්ෂපාත දෙකින් යුක්ත වූ රාජසේවකයන් ඇත්තේය.

සියලු සත්වයින්ගේ අන්යා්ය නිවාරණය පිණිස ස්ථානස්ථාන යෙහි පිහිටුවන ලද, ලොවට මවුපියන් සේ සිටියා වූ, සතර අගතියට නො ගිය සභ්යපයන් විසින් පිහිටි ධර්ම ධිකරණ ඇත්තේයැ. සද්ගුරුන්ගේ උපදෙශයෙන් මනා වැ පවත්නා වූ ක්ෂුද්රහවිද්යාගවන් හා මහාවිද්යානවන්ගේ පැලඹුම් ඇති නෙයෙක් විද්යාණශාලා ඇත්තේ යැ.

එහි වාරයෙන් වාරයෙහි රජ කරණ රජදරුවෝ සත් දහස්සත්සිය සත්දෙනෙකැ. ඔවුන් වසන්නා වූ එතෙක් මැ ප්ර්සාද ඇත්තේ යැ. එතෙක්මැ කූටාගාර ඇත්තේ යැ. එතෙක් මැ පුෂපාරාම එලරාම ඇත්තේ යැ. එතෙක් මැ පොකුණු ඇත්තේ යැ.

මෙසේ සමෘද්ධ වූ දිව්යතපුරය හා ස්පධා කරන්නා වූ මේ විශාලා නම් මහනුවරැ කාලාන්තරයෙකින් දුර්භික්ෂයෙක් ඇති වියැ. නටුවා වූ ශස්ය වශී ඇති වි යැ. මෙසේ දුර්භික්ෂ ඇති වූ , කල්හි ඝර්ම්කාලයෙහි පළමු කොට ගෝකුර වියැලී යන්නා සේ, පළමු කොට අනාථ වූ දිළිඳු වූ ජනයෝ මළහ. ඒ මළා වූ මනුෂ්ය යන්ගේ කුණපගන්ධයෙන් යක්ෂයෝ අවුත් , ඒ නුවරට වන්හ. මෙසේ පළමු ඇති වූ දුර්භික්ෂභය මත්තෙහි යක්ෂභය ද ඇතිවන්නා හා , නැවැතැ බොහෝ සේ මිනිස්සු මියන්නයට වන්හ. මෙසේ කුණපගන්ධයෙන් එනුවර පිරි ගිය කල්හි සත්ත්වයන්ට අහිවාතක නම් රොගයෙක් ඇතිවී යැ. මෙසේ දුර්භික්ෂභය යැ, අමනුෂ්යයභය යැ, රොගභය යැ යන මේ තුණින් එනුවර සර්වා කාරයෙන් උපද්රැෂත වී යැ.

ඉක්බිති මෙ කී තුන් භයින් පීඩිත වූ සියලු නුවර වාසීහු රාජාඞ්ගණයෙහි රැස් වැ මහත් කොට හඬ ගැසූහ. ඒ අසා රජ්ජුරුවෝ ’මේ කිමෙක්ද?" යි විචාළහ. නගරවාසීහුද" ස්වාමිනී මේ නුවර දුර්භික්ෂභය යැ , අමනුෂ්ය භය යැ, රොගභය යැ යන මේ මහත් වූ තුන්භයෙක් ඇති වී යැ. මෙයට පළමු සත්වන රාජපරම්පරාව දක්වා මෙසේ වූ තුන් භයෙක් නො උපන් විරියැ.



158. අමෘතාවහ නමු වූ [ග‍ෙඬගාරොහණ

ක්ෂේත්රපයෙහි ශස්යව නැති වී යැ වැව්අමුණුවලැ දිය නැති වි යැ. අහස්හි වැසි නැති වි යැ. කොටුගෙවලැ පිරූ ධාන්ය සඤ්චය නැති වි ය. බිමැ තණ නැති වි යැ. තලු තෙමන පමණක් පැන් නො ලබන්න‍ා වූ , තොලු ගානා පමණක් තණ නො ලබන්නා වූ සියලු චතුෂ්පාදජාතීහු මියැ වැගිර ගියහ. දොරැ දොරැ මිනී යැ. ගෙයි ගෙයි වළාමැ. ඇසැ ඇසැ කඳුලු යැ සිතැ සිතැ ශොක යැ. තන්හි තන්හි මිනීබෙර හා අවමඞ්ගල්යැකාහල යැ. ගෙහි ගෙහි කණ්ඪගතප්රාිණ වැ හොත්ත‍ා වූ අනාථසත්වයන්ගේ බැගෑ පත් හඬ යැ. පවුරෙන් පිටතැ සියලු භූමිය මිනී මත්තෙහි මිනියෙන් පවුර හා සම වැ උස් වී යැ. ‘ප්රා ණරක්ෂා කොට ගණුම්හ’ යි සියලු ධනධාන්ය හා බන්ධූවර්ගසය හැරැපියා බිත්ති බිඳ ගෙණැ නික්- මෙන්නා වූ ජනයාගේ සංඛ්යාන නැතැ. සියලු ජම්බුද් වීපයෙහි උපද්රාව තාක් හැම හැකිලී මෙනුවරෙහි රැස් වූවාක් වැන්නැ. අපි හැමදෙන සතුටු කඳුළෙහි රස නො දනුම්හ. ශොකයෙන් තොරවූ ලයක් නො ලබම්හ. දිව්යවස්ත්රී න් හා සමාන වූ ස්ත්රී න්ගේ ශරීරයෙහි ලේ මස් නැති වැ ඇටසම්මාත්රවයක් තුබූ හෙයින් ඔහු හැම ගෙයි ගෙයි යකින්නන් වැන්නහ.මේ වූ තුන් උපද්රිවය අසා සියලු දෙශාන්තරවාසීන්ගේ උපසර්ප්ණයක් නැති වැ ගිය හෙයින් දෙශාන්තරයෙන් එන්නා වූ අමුතු පඬුරෙකැ රස නො ද නුම්හ. ‘අද මර යැ’ සෙට මර යැ ’යන භයින් ආතුර වූ චිත්තයෙන්, කාමානුභවතෘෂ්ණාවෙක් නම් දුරින් දුරු වී ය. කාමාස්වාදවිග මනයෙන් අපගේ දරුමුණුබුරුපරම්පරාව පිරිහෙන්නට වනැ. එහෙයින් මැ මේ රජධානියෙහි එසේ ගහන වූ මිනිස්සු දැන් ගැණැ ගත හැක්කා සේ ඉතා විරල වැ ගියහැ. මරතෙමේ විශාලාමහනුවරැ මිනිසක්හු තබාලා, ඔබ්බෙහි මිනිසුන් අල්වම් දැ?” යි ප්රාතිඥා කළාක්හු වැන්නැ. පෙරැ සම්පත්තීන් විශාල වූ මේ නුවර දැන් විපත්තීන් විශාල ය. පෙරැ ධර්මිෂ්ඪ වූ රජදරුවන් දවසැ මෙසේ වූ භයක් මෙසේ වූ විපත්තියක් නුදුටුවිරූම්හ”යි කියා තමන් ආ කටයුත්ත දැන්වූහැ.

එබස් ඇසූ රජුජුරුවෝ සියලු නුවර වැස්සන් සත්ථාගාරයෙහි රැස් කරවා “ලොවට විපත්ති නම් රජ දරුවන්ගේ අධර්මිෂ්ඨකමින් වන්නේ යැ.ඉදින් මෙලෙස විපත්තියට කාරණා වූ කිසි අධර්මිෂ්ඨ කමෙක් ඇත් නම්, තෙපි හැමදෙන මැ පරීක්ෂාකොට කියව” කීහ.

ඉක්බිති නගරවාසීහු හැමදෙන මැ රැස් වැ ගෙණැ “ලොක සම්පත්ති ලොකවිපත්ති දෙක රජ්ජුරුවන්ගේ ධර්මා ධර්මක දෙකින් වන්නේ ය. රජු ධර්මිෂ්ඨ කල්හි උන්ගේ රක්ෂාවෙහි සිටියා වූ,

කථා ] බුත්සරණ. 159.

දෙවතාවන් ආදී සියල්ලෝ මැ ධර්මිෂ්ඨ වන්නාහැ. හිරසඳ දෙදෙන ද රජදරුවන් රාජධර්මධමාර්ගහයෙහි පවත්නා කල්හි තුමූ ද තමන්ගේ මාර්ගු නොයික්ම පවත්නාහු යැ. සියලු කර්මතරූපයන් රක්නා ජීවිතෙන්ද්රිනය ය සේ, සියලු සත්වයන්ගේ රක්ෂාව රජදරුවන් පිළිබඳ යැ. ශුඬාෂටකයෙහි සෙසු රූපයන් ඇත ද, ද්රුවගුණය ආපොධාතුවෙන් මැ පවත්නා සේ සත්වලොකයෙහි අනන්ත සත් වයන්ගේ ලය සැනහී තිබෙන්නේ යැ. මෙසේ ලොවට බොහෝ උපකාර වූ ස්වාමිකුලයෙහි උපන් අපගේ ස්වාමි මේ සා විපත්තියක් වන පරිද්දෙන් කවර දෝෂයක් කළසේක් දෝ හො?යි පරීක්ෂා කරන්නෝ, අපගේ ස්වාමි මහා කුලීන හෙයින් හා, දෛවයැ බුඬි යැ සත්ය යැ යන මෙයින් සම්පන්න හෙයින් හා ඥානවෘඬ්යන් කී පරිද්දෙන් පවත්නා හෙයින් හා ධර්මිෂ්ඪ හෙයින් හා සත්ය වාදී හෙයින් හා , අවිසංවාදක හෙයින් හා, කෙළෙහි ගුණ දන්නා හෙයින් හා බොහෝ අවගුණයන් අතුරෙහි ගුණමාත්රුයක් මැ ගන්නා හෙයින් හා , උත්සාහසම්පන්න හෙයින් හා අභිමත වූ කාය්ය් සාධා ගැන්මෙහි දක්ෂ හෙයින් හා, කීවා කරණ අ මාත්ය යන් ඇති හෙයින් හා, ඉන්ද්රිහයවිජයයෙන් යුක්ත හෙයින් හා, කිසි රජදරුවන්ට සුදුසු වූ ගුණයකින් හීන නො වෙති යි,පානඛ්ය සනය යැ, ස්ත්රීගඛ්ය සන යැ, මෘගයාව්යිසන යැ, ද්යුෙතව්යයසන යැ යනාදී වූ සප්තවිධව්ය සනයෙන් දුරු වැ සිටි යාහ. ත්යා‍ග යැ සත්ය යැ ශෞය්ය්ය හ යැ යන මහාගුණ තුණට ජීවිතය සතරවනු කොට සේ රක්ෂා කරන්නාහ. හිරු නැංග ද ගුහාවට වන්නා වූ අන්ධකාරය නො තස්නා සේ , ලොවැ චණ්ඩ1 වූ බලවතුන් බොහෝ වුව ද, මොවුන් ආශ්රනය කළා වූ අනාථයෝ නො නැසී මැ සිටියහ. ශාලිරක්ෂාව පිණිස කෙත්වත්හි ලවන් නෙළන්නා සේ, ශිෂ්ටයන් ගේ රක්ෂාව පිණිස දුෂ්ටනිග්රආහ කරන්නාහ. වරා අතුරෙහි නැගි හැල්පත උදුරන්නා වූ මලය වැස්සන් සේ , අධර්මහය රක්ෂා කොට ධර්මුයට හිංසාවක් නො කරන් නාහ. වැව්පත්ලෙහි දිය පුරා උඩත් ත ව දිය ගන්නා සේ, සත්වයා සුවපත් කොට තුමූ ද සුවපත් වූහ. මල්පෙති නොබිඳැ මී බොන බමරක්හු සේ , යෙහෙන් ලෝවැස්සන් නො මිරිකා අය ගන්නාහ. දෑ සින් දක්නා රූප කණින් දක්නට නියොග නොකරන්නා සේ සත්වයා සුදුසු කට යුත්තෙකැ මුත් නුසුදුසු කට යුත්තෙකැ




1. වෙලාවට වැඩි




160. අමෘතාවහ නමු වූ [ග‍ෙඬගාරොහණ

යොදන්නාහ. කරයෙන් තැබුව මනා අන්දම් වැයෙන් පොරොවින් නො තබන්නා සේ , ක්ෂුද්ර යන් හා කළ මනා කට යුතු මහතුන් හා නො කරන්නාහ. ඡත්රකයෙන් වැළකෙන්නා වූ වැස්සට අතුල් හිසැ තබන්නවුන් සේ, මහතුන් කළ මනා කට යුතු ක්ෂුද්රහයන් ලවා නො කරවන්නාහ. දවසක් මුළුල්ලෙහි තැවූ යකබල්හි ලු කිසිඹියන් සේ , අඹුවන් දරුවන් නැති යහන්හි මිනිසුන් නො හෙවූ විරූහ. ශරත් සමයෙහි දිලිසෙන්නාවූ සූය්ය්න් මණ්ඩලය ඇස හකුලුවහකුලුවා බලන්නා සේ , ලොකාත්ථයක් තකා ද පරස්ත්රී න් බලත් නම් , ඇස හකුලුවහකුලුවා මැ බලන් නාහ. මවුන්ගේ1 සෞභාග්යනයෙහි රාගොත්පත්තියක් නො වන්නා සේ, පරස්ත්රී1න්ගේ සෞභාග්ය යෙහි රාගොත්පත්තියක් නො කරන්නාහ. දියෙහි ලු නැව දිය නො උකා රැකෙන්නා සේ, ධනීන් කෙරෙහිත් උන්ගේ ධන නො ගෙණැ පැවැත්තාහ . දත් මැද අන්තයෙහි දැවටුදඬ නිරපෙක්ෂ වැ දමන්නා සේ , පුරුෂයා ලවා ප්රටයෝජන කරවා ගෙණැ නිරපේක්ෂ වැ අත් හැරැ නො පියන්නාහ. වෙන වෙන කරලෙහි තුබූ වී එක් කොට ගෙහි රැස් කොට බොහෝ කරන්නා සේ , හැම සත්වයන් සිතැ ඇති ස‍න්තොෂ තමන් ලෙහි බහාලා බොහෝ කළහ. පුත්රඑ ප්රෙ ම ඇති මම ප්රතසවවේදනාව ඉවසන්නා සේ , සත්ත්වයා කෙරෙ‍හි කළ ස්නේහයෙන් තමන් ගන්නා ආයාසය සරු නොකළහ. මහ නැව පස්සෙහි යන ගල්වතක් සේ , පූර්වසරාජධර්ම,ය පෙරදැරි කොට තුමු ඒ අනු වැ පැවැත්තාහ. කුස පිරෙණ පිණිස මුවෙහි ආහාර තබන්නා සේ , ලෝවැස්සන් සමෘද්ධි කරණ පිණිස තුමු මැ ධන සඤ්චය කළහ. විල්හි පියුම් මී බොන රාජහංසයෙකු සේ, ධන ඇති ඇත්තවුන්ගේ ගෙහි මැ තබා තුමූ මැ එයින් ප්රසයෝජන වින්දහ. ඇත්හට ගොයම් පිණිස කුඹුරු ඇත්තවුන් හඬව හඬවා ගොයම් දා ගන්නා සේ , එකකුහට ඉෂ්ට පිණිස එකක්හුගේ ධනය හැරැ එකෙකුහට නො දෙන්නාහ. ආකාශයෙහි තරු වසා වලාකුළු ඉඳුවන පවනක් සේ , අනුන්ගේ ගුණ වසා නො ගුණ නො ලූහ. පිරිමැසූ තැනැත්තවූ මැරූදා යෙහෙන් නිදන මතැතක්හු සේ , තමන්ට දුක් ගත්තවුන් මරා සුව නො වින්දහැ. ‘මේ දස්කම කොටලා , අද මාගේ දරිද්ර යය හැරැ ගණි’ යි ආ තැනැත්තවු හඬව හඬවා ගෙට නො යවන්නාහ. අතුකපා මොරකන්නාසේ ලොවැස්සා නසා ප්ර්යෝජන නො ගන්නාහ. ශුඞ ක රණ පිණිස මල සි‍ඳෙන පමණක් රත්රන් දවන්නා සේ , සත්ත්වයාගේ දෝෂ පමණක් මැ සන්තාප කරන්නාහ . මුහුද වඩදිය නැති විට මැ



1.මොවුන්ගේ


කථා ] බුත්සරණ. 161.

කළපුයෙහි දිය නැති වන්නා සෙ , සත්ත්වයාහට සුව නැති දා මැ තමන් සිතැ සුව නැති කළහ. ගැල යෙහෙන් තබා , තමා බිමැ පෙරළී දුක් ගන්නා ගැල් සක සේ , සත්ත්වයා යෙහෙන් සිටුවා තුමු දුක් ගත්හ. පඤ්චෙන්ද්රිායයන් වෙත වෙත ගත්තා වු ආලම්බන යෙහි රස විඳුනා වූ සිතක් සේ , සත්ත්වයන් වෙන වෙන ලද්දා වූ සම්පත්තියෙන් තුමූ සුව වුන්හැ. දුන්නෙහි දැඩිකමින් ශරය දුරැ හෙන්නා සේ , තමන්ගේ දැඩි කමින් සත්ත්වයන් දුරු නො කළහ. වෘක්ෂයෙහි මූලය ස්ථීර වැ පිහිටි පිහිටි සේ තමූ සලෙල වූහ. නුවර රක්ෂාවට පවුර ස්ථීර කරන්නා සේ , ලොවට රක්ෂා පිණිස තමන් ස්ථීර කළහ . ඇතු සොඬින් ඉකැවූ පැන් මුඛය අනුභව කරන්නා සේ, තමන් සඤ්චය කළ ධනය ලෝවැස්සන් ලවා අනුභව කැරවූහ. මල් තො ගෙණැ පල දෙන්නා වූ2 දිඹුල් රුක් සේ , කාරණනිරපේක්ෂ වැ මැ ලෝවැස්සන්ට සුව දෙන්නා හු යැ වෙහෙල්ල2 තෙමාගෙණැ බස්නා ජලප්ර වාහය සේ , අනාථයන් තෙමා කරුණාවතුර පැවැත්වූහැ. අශූචිභූමියත් පියුම් වනයත් නොහැරැ හමන්නා වූ පවන් සේ , රාජපුත්ර යන් කෙරෙහි දු චණ්ඩාලයන් කෙරෙහි දු සම වැ සිත් පැවැත්වූහ. දවස් පත‍ා උදයරේඛාව නො හැරැ නැ‍ඟෙන හිරු සේ, තමන්ගේ ධර්ම රේඛාව නො හැරැ පැවැත්තාහ. හිරුරැසින් වන්නා වූ තැවුලියට වඩා ප්ර යෝජන මැ බොහෝ වන්නා සේ , තමන්ගේ ආඥායෙන් කරණ සන්තාපයට වඩා ප්ර යෝජන මැ බොහෝ කළහ. විකාරයට ම වඳුරන් වඩන්නා සේ , චපලයන් චපලකමට මැ රක්ෂා කළහැ පැන්පිරුණු කළය නො සොල්වා තබන්නා සේ , ගුණෙන් පිරුණු ධීවරයන් නො සොල්වා මැ රක්ෂා කළහ. මෙසේ හෙයින් අපගේ ස්වාමීන්ගේ කිසි දෝෂයක් නැතැ" යි කියා නිශ්චය කොට ගොස් " ස්වාමිනී, අපි හැම කැටි වැ පරික්ෂා කරන්නනෙමු. මේ සා මහත් විපත්තියට කාරණ වූ කිසි දෝෂයක් නුදුටුම්හ" යි කියා දැන්වූහැ.

ඉක්බිති රජ්ජුරුවෝ ඒ උපද්ර්වයන් සන්හිඳුවන පිණිස නොයෙක් බලිකර්ම යැ, දෙවතාරාධනා යැ යන විධි කොට ද , ඒ උපද්ර වයන් සන්හිඳුවා ගත නුහුතහ. ඉක්බිති සමහර කෙනෙක් කිරි පිරුණු බුරුලු තිබිය දී හඟ ගෙණැ කිරි දෙනා සේ, කරුණාවෙන් පිරුණු සර්ව ඥයන් වහන්සේ වැඩැ හින්ද දී , උන් වහන්සේගේ නම නො කියා " කකුදකාත්යා යන" නම් එක් සර්වසඥ කෙනෙක් ඇත . ඔවුන් අව හොත්, මේ උපද්රමව සන්හි‍ඳෙ " යි කීහ. සමහර කෙනෙක් ඔවුන් වළකා , අඳුරු නිසා4 පහන් අවුළු



1. සලෙ‍ාල. 2.ගන්නා 3.පිහිල්ල 4.හැ

162. අමෘතාවහ නමු වූ [ග‍ෙඬගාරොහණ

වන්නට තෙල් ගත්නා පිණිස වැලිමලු තෙලියත්හි ලුවා සේ “ මේ උපද්රිව සන්හිඳුවන පිණිස අජිතකෙසකම්බලිහු මේට ගෙන්වුව හොත් යහපතැ” යි කීහ. එසේ කියන්නවුන් වළකා සමහර කෙනෙක් වසත්කෙළියට සාවුන් හා පෙරමඟ බලා හින්නා1 සේ, “මක්ඛලිගොසාල නම් බුදුන් මෙයට වැඩිය හොත්, මේ උපද්රනව සන්හි‍ඳෙ” යි කීහ. එසේ කියන්නවුන් වළකා සමහර කෙනෙක් හැල්බත් පතා හකුරු වපුරන්නා සේ , “ නිගන්ඨ නාතපුත්ර නම් සර්ව ඥකෙනෙක් ඇත. ඒ බුදුන් මේට ගෙණාවොත් , මේ උපද්රතව සන්හි‍ඳෙ” යි කීහ. ඔවුනුදු වළකා “ වියතුන්” හඳුනන සමහර කෙනෙක් මල් ගන්නා පිණිස අහසට පැන් දමාලූවා සේ “පූරණකාශප නම් එක් සර්වටඥකෙනෙක් ඇත. උන් මේට ගෙණාව හොත් , මේ උපද්ර ව සන්හි‍ෙඳ” යි කීහැ.

         මෙසේ   අඥානයන් කැටි  වැ තමන්  තමන්  ගේ  මත කියකියා

නිමවූ කල්හි, එවැනි භයක් සන්හුන මනා කල්හි, කෙළලක්ෂයක් සක්වළැ ආඥා පවත්නා වූ එකිඑකී ගාථායෙන් යුක්ත වූ , අද දක්වා නම් සිහි කළ සියලු සත්ත්වයන්ගේ සියලු භය සන්හිඳු වන්නා වූ රත්නසූත්රළයක් වැනි ධර්මරත්නයක් ලෙවැ පහළ වූව මනා කල්හි , පස්වාදහසක් මුළුල්ලෙහි සියලු සත්ත්වයන්ට සියලු උපද්රකව දුරු කරණ ධර්මළ නැමැති ඖෂධමභාවෘක්ෂයක් ලොවැ මුල් බට මනා කල්හි , ශක්රළබ්ර හ්මාදිදෙවතාවන්ගේ පා බිම්හි දු පහළ මනා කල්හි , සුවාසූදහසක් ප්රා්ණීන් එක හෙළා අමාමහ නිවන් දුට මනා කල්හි , එතන්හි හුන් පිරිසින් සමහර කෙනෙක් නැඟි සිටැ “මහරජ, මොවුන් හැම දැන්වූයේ ‘අපට මෙසේ වූ තුන් උපද්රැවය මඳ යැ’ යි කියා , නැවැත මෙ කී සදෙනා විසින් මේ මත්තෙහි උපද්රරව ගණනක් වඩනා පිණිස යැ. ඉදින් ඉඳුරාමැ මේ උපද්ර වයන් සන්හිඳුවනු කැමැත හොත් , අප කියන්නකුදු ඇසුව මැනැවැ” යි ගිම් නිවා බස්නා ආකාශගඞ්ගාප්රතවාහයක් සේ, සියලු සත්ත්වයන්ගේ සන්තාප නිවන්නා වූ සඞර්මන නැමැති ගඞ්ගා ප්රලවාහයට උඩුගං3 වැ සිටියා වූ එක් වියතාන කෙනෙක් ඇත. මේ උපද්රතවය සන්හිඳුවනු පිණිස ගෙන්වුව මැනව” කීහ.

නැවැතැ කියන්නෝ , “මහරජ, මේ කී සදෙනා බුදුබවට උසුළු ගන්වන්නාවූ නිවටුන් බව මුත්, තුමු බුදු නො වෙති. අප දන්වන ස්වාමීදරුවානෝ වූ කලී වොටුන්නෙහි නිමාම් වැ සිටියා වූ අග්රව

1.හිඳින 2.වටු 3.උඩුබ , ඉඩුග.






කථා ] බුත්සරණ. 163. මාණික්යරයක් සේ ශක්යනකුලයට මුදුන්පත් වැ සිටියාහ. තමන් පිළිසිඳගත් මඟුලෙහි සියලු ප්රෙකතලොකය ආලකමන්දා නම් දිව්යිරාජධානිය සේ, සාපිපාසා දුක් නැති කොට ස්වසථ කළහ. දුකින් අතුරු තැනැත්තා වු අටමහනරකය විත්තසුඛය පුරා ලු අටමහනිධානයක් සේ, සුවයෙන් නිරන්තර කළහ. නරකයෙහි සත්ව්ිධාවයන් මුවෙන් ලාලු යවට අමාවට කළහ. ඝොර වූ අසිපත්ර් වනය නන්දයන වනය කළහ. සොළො සඟුල්කටු ඇති හිඹුල්රුක් නරක සතත්ව‍යන්ට කප්රුක් කළහ. කපක් මුළුල්ලෙහි තැවි ගියාවූ ලොහොදියෙන් පිරුණු පවතරර්ණ ගඞ්ගාව පස්වණක් පියුමෙන් ගැවැසී ගන්නා වූ ආකාශගඞගා කළහ. ලොහොදියෙන් පිරුණු ලොහොකුඹුනරකය අභිමතාර්ථ සාධන්නා වූ භද්රහකුම්භ කළහ. නවයොවුන් බොල යක්බ ල පළා ගෙණැ, පිටතැ සියක් යොදුන් තන්හි පවත්නා වු සුවාසුදහසක් යොදුන් තන්හි පවත්නා වූ , සුවාසුදහසක් යොදුන් ගැඹුරු මහාසමුද්රණජලය එක පැහැරැ තමා කරා නමා ලුව හොත්, දුරු දී මැ පිනිබිඳක් සේ වියලවාපියන්ට සමර්ථලවූ , මහගින්නෙහි ආදිකල්පයෙහි පටන් තැවීපියා තුබූ යකබල සියක් දවස් දියෙහි ලා නගා ගත්තා වූ යපල්ලක් සේ සිහිල් කළහ. අවීචිමහානරකයෙහි දණ පමණ වතුරු යන පරිද්දෙන් සත්ත්වයන් සනහා වැසි වැස්වූහ. සියක් යොදුන්හි සිටැ කර දික් කළවුන් අතුණුබහන් පිටත් වැ යන පරිද්දෙන් ඉතා පිළිකුල් වූ දුර්ගන්ධ ඇති අශුවිමහානරකය අඩක් පිපී මුවරදින් පිරී සිටි පරසතුමදාරාමල්ගබක් සේ එක සුගන්ධ කළහ. තුන්ගවු පමණ සත්වයාගේ සම හා මස් හා නහර හා ඇට හා විදැ ඇටමිදුලු කන්නා වූ ගිජුලිහිණියන්ගේ භයඞකර වූ නාද කුරවිකෙවිල්ලන්ගේ හඬ සේ මිහිරි කළහ. යකබලින් පිටතැ සිය‍ක් යොදුනෙහි සිටැ බැලුවන් ඇස් පිපිටැ පළා යන තරම් රළු වූ අවීචිමහානරකයෙහි ගිනිසිළු මැදට වන්නා වූ සත්වයන් රකෙතාත්පලගර්භයට වන් මත්බමරුන් සේ සැනසූහ. සත්වයන් සුණු කරණ පිණිස සංගාතමහානරකයෙහි නැංගා වූ , නැගී මුදුන්හි හෙන්නා වූ ලෝදියධාරා ඇති මහාපර්වකත, හිසින් හෙන්නා වූ ගගුල්හැලි ඇති ක්රී ඩාපර්වමත සේ සිත්කලු කළහ. කපක් මුළුල්ලෙහි ආලෝකයෙක්හි රස නො දන්නා වූ ලෝඇඳිරිමහනරකයෙහි අන්ධකාරවිජයයට දසදහසක් සක්වළැ හිරසඳ එකවිටැ වැද1 ගියා සේ , එහි එක විටැ මැ මහාආලොක පැවැත්වූහ. එ මැ ලොකාන්තරනරකයෙහි චක්රටවාටපර්වකත පාර්ශවයෙන් ගිලිහී ලෝකසන්ධාරකඋදකයෙහි හී , පෙණකඳු සේ, විරි යන සත්ත්වයන් සත්රුවන්අතලෙහි සිටැ නන්දා පුෂ්කරණියට


1.වැදූ



164. අමෘතාවහ නමු වූ [ග‍ෙඬගාරොහණ

පැනැ සැනැහෙන තුසීපුරයෙහි දෙවියන් සේ කළහ. නවදොරින් වැදැ සියලු ශරීරය පුටපාකයක් සේ තවන හළුවෙන් ගැවසී ගත්තාවූ කුක්කුලනරකයෙහි පැසෙන සතුන් ආකාශගඞ්ගාවෙහි ජලකර්ණූකා ඇඟ ගස්වගස්වා , වෙරලැ වැලිතෙලෙහි හෙවැ නිදන්නා වූ රාජහංසයන් සේ මිහිරි නිදි නිදවූහ. නයින් හා ගුරුළුන් යහළුකම් ගැන්වූහ. බළලුන් හා මීයන් එකකෙළි මඬුල්ලෙහි කෙළිරස දැන්වූහ. ඇතුන්ගේ පොකුරගින් ඉස්නා ජලකර්ණිහකාවෙන් සිංහයන් ඇඟැ විඩා දුරු කළහ. සිංහ ධෙනූන්ගේ තනයෙහි කිරි ඇත්පොව්වන් පෙවූහ. ඇතින්නන්ගේ කිරි සිංහපොතකයන් පෙවූහ. නයින්ගේ පෙණගබ් නැමැති සේසත් යට මඬුවන් සතපා හිඳිවූහැ. ස්නේහයෙන් අසුන් හා මීවුන් හා ඔවුනොවුන් ඇඟ ලෙවැවූහ. මූවන්ගේ හඟීන් දිවියන් ගේ කර කැස්වූහ. කවුඩන් හා බකමූණන් හා බොහෝ කලෙකින් ප්රෙ මයෙන් ඔවුනොවුන් මුහුණ බැලවූහැ. සියලු සතුන්ගේ ශරීරයෙහි ඇති වූ අසාධ්යඔ වූ ව්යා ධීන්ට තමන් උපන්මඟුලින් මැ පිළියම් කළහ. තමන් සියලු සංසාරයෙහි වක් හරණට පූර්වතනිමිත්ත පානා සේ, කුදුන්ගේ වක්ර් වූ ශරීරයෙහි හැද මරා ඉදි කළහ. සියලු සත්ත්වලොකයාට දිවඇස් දෙනබවට පූර්ව‍නිමිත්ත පානා සේ, ජාත්ය න්ධයන්ට ඇස් දුන්හැ. එසේ මැ සියලු සත්ත්වයන්ට දිවකන් දෙන්නට පූර්ව්නිමිත්ත පානා සේ, බිහිරන්ට කන් දුන්හැ. සියලු සත්ත්වයන්ට සතරසෘද්ධිපාද දෙන්නට පූර්‍වනිමිත්ත පානා සේ, පිළුන්ට පා දුන්හ ධර්මදයට ගොළු වූ සියලු සත්ත්වයන් ලවා සුවාසූ දහසක් ධර්මනස්කන්ධය හදාරවන්නට පූර්වසනිමිත්ත පානා සේ, ගොළුවන්ට බස් දුන්හ. එක්ලක්ෂඅටසැටදහසක් යොදුන් මහමෙර තමන් පිළිසිඳැ ගත් කිඹුල්වත්පුරය දිශාවට වැඳුම් ගන්වාපූහ. සප්තකුලපර්වළතයන් ලවා සේරඟා1 කෙළවාපූහ, වෙසතුරු අත් බව්හි සත් ඉඩක් හඬා වීඩැ වැ ගියා සේ මයෙන් නො බැණැ හොත්තා වූ මහපොළොව , මතතැක්හු මැඬැ ලූ හුණපඳුරක් සේ, දියපොළොවෙහි පටන් ගෙණැ එක පැහැරැ ගුගුරුවාපූහ. එක පැහැරැ ලුණුකර වු මහාසාගරජලය ශකීරා බහා ලා කකාරා ගත් කිරි ඇතිලියක් සේ මිහිරි කළහ. පස්වණක් පියුම් පිපුනා වූ පර්වවත භිත්ති හා සදත්දහතළා හා වාද කැරැවූහ. මල්හි රස නො දන්නා වූ දිඹුලෙහි පිපිමල් පරසතුමදාරාමල් හා එක් කොට දෙවියන් මුදුනෙහි පැළඳවූහ. වැසි නැති වැ මැ පොළොව බිඳැ ගෙණැ වැගිරැ නැගෙන නාඹතල්කඳ සා ජලධාරාවෙන් සියලු ලොවට ශානතිජලය දුන්හ. බඹලොව හා දෙව්ලොව හා


1.සේලඟා & සේනඟා


කථා ] බුත්සරණ. 165.

මිනිස්ලොව හා යන තුන්තන්හි මැ සම්පත්තියෙන් වෙනසක් නො කළහ. තමන් ගබ් ගත් මඟුලෙහි මැ සියලු සත්ත්වයින් නිවන්සුවයට ගබ් ගැන්වූහ. දසදහසක් සක්වළැ සඳමඬුලු හා හිරමුඬුලු හා තමන්ගේ මඟුලට නැඟූ සේසත් සේ කිඹුල්වත් පුරයෙහි තමන් ගෙදොරැ ආකාශයෙහි රැඳැවූහ. තමන් මතු වස් වන්නා වූ ධර්මාෙමෘතවර්ෂා වට පූර්වසනිමිත්ත පානා සේ , මුළු සක්වළැ පොකුරුවැසි වැස්වූහ. ගුණෙන් සිස් වූ සසර තමන්ගේ කරුණාවෙන් පිහිට ලබන්නා සේ , නිරාලම්බ වූ ආකාශයෙහි මල්වියන් බැඳවූහ. කසුබුසම්මාසම්බුදුවහන්සේ පිරිනිවිතැන් පටන් ගෙණැ, නො පිඹැ තුබූ විජයොත්තරශඞඛය ශක්ර යා ලවා තමන්ගේ ගෙදොරැ පිඹැවූහ. හෙලකුඩ ගත් මහබඹු තමන්ගේ රාජාඞගණයෙහි ඔකඳකෙළි කෙළැවූහ. දෙවියකු වැඳැගෙණැ හොත, ඕහට තුන්කෙළසැටලක්ෂයක් හවුරුද්ද‍ට ආයු දී ලති. මිනිසකු වැඳැ ගෙණැ හොත , එක්සිය විසිහවුරුද්දට ආයු දී ලති. මුහුණ බලා සතුටු වැ හුන් බකමුහුණන්ගේ ප්රයසාදයට පසේබුදුතන් අග කෙරෙති. තමන්ගේ සව්වන් ලවා අවීචිමහනරකයෙහි ගිනි නිවා වැසි වස්වා වතුර හෙළවති. දීපඞකරපාදමූලයෙහි අත්පත් නිවන් හැරැ අපට ශාන්තිර පිණස සංසාරරාක්ෂලසයා කට හුනහ. දැන් බෝමැඩැ වැඩැ හිඳැ සවාසන සර්විකෙලශයන් නසා බුදු වැ නිරුපධිශෙෂනිර්වාවණධාතුයෙන් පිරිනිවන් නො පෑ , දෙතිස්කුණප කොටසින් යුක්ත වූ පඤ්චයසකන්ධනභාරය දෙතිස්මහාපුරුෂලක්ෂිණ යෙන් සාධා, පිළිකුල් පැටි කොට ගෙණැ, එබර උසුලා , ගම්නියම් ගම්රාජධානියෙහි ඇවිදැ සතත්වනයන්ට වැඩ කරන්නාහ. තමන් වසන විහාරය දිශාවට නැගු පය නැවැතැ සතර අපාය දිශාවට නැගී යා නො දෙන්නාහ. තමන් දිශාවට නැගූ අත නැවැතැ අනුන් දිශාවට නැගියැ නො දෙන්නාහ. තමන්ගේ විහාරයෙහි තණගැටක් නෙළාපියන්නට දික් කළ අත නැවැතැ අනුන් දිශාවට සිඟන පිණිස දික් කට නො දෙන්නාහ. තමන්ගේ ශ්රී පාදයට නැමූ හිස නැවැතැ අනිකක්හුගේ පාදමූලයට නැමියැ නො දෙන්නාහ. තමන් දිශාවට නැමූ සිත නිවන්රස පුරා දෙන්නාහ . තමන් බලා සතුටුකඳුළු ගත් ඇසට දුකින් වන කඳුළක් වැද්ද නො දෙන්නාහ. තමන්ගේ ගුණයට සාධුකාර ගත්තවුන්ගේ තුඩට කිසි ශොක විලාපයක් වැද්දැ නො දෙන්නාහැ. තමන්ගේ බස් ඇසූ කණට ’අනුව, බඳුව, ගණුව, මරව යනාදී බස් වැද්ද නො දෙන්නට තුමූ මැ එහි රකවල් ගන්නාහ. තමන්ගේ ගුණ සිහි කිරීමෙන් ලොමුදහ ගත් ශරීරය සසර පමණින් භයින් ලොමුදහ ගත නො දෙන්නාහ. මරහට වඩා බලවත්හ. සසරට වඩා මහත්හ.



166. අමෘතාවහ නමු වූ [ග‍ෙඬගාරොහණ

පසේබුදුනු දු නොවියත් කළ වියත්හ. මේ ආදී වූ අනන්ත ගුණයෙන් සම්පූර්ණි වූ ශාක්ය සිංහ වූ දශබලධාරී වූ අනාවරණ ඥාන ඇති , චතුවෛශාරද්යාවිශාරද වූ, අවීචීයෙහි පටන් ගෙණැ භවාග්රඇය දක්වා , භවාග්ර යෙහි පටන් ගෙණැ අවීචිය දක්වා , සියලු ලෝ වැස්සන් ගත්තා වූ “ඉතාපි සො භගවා අරහං සම්මාසම්බුධො විජ්ජාචරණසම්පතන්නෝ සුගතො ලොකවිදු අනුත්තරො පුරිසදම්මසාරථී සත්ථාන දෙවමනුස්සානං බුධො භගවාති. යො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්ර හ්මකං සසසමණබ්ර හ්මයණ. පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සචජිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකළ්යා ණං මජෙඣකල්යා ණං පරියොසාන කල්යා ණං සාත්ං සව්යයඤජනං කෙවලපරිපුණ්ණං පරිසුඞං බ්රාහ්මචරියං පකාසෙති. සාධු බො පන තථාරූපානං අරහතං දස්සනං හොති" යන කිර්ති ඝොෂායෙන් දශදිග්භාගය එකකොලාහල කැරවූහ. කරුණායෙන් ලොකොත්තර වූ ප්රගඥායෙන් අසාධාරණ වූ මෛත්රියයට කුලදෙවතාවූ ස්වාමි දරුවාන කෙනෙක් ලොකයෙහි ඉපැදැ වදාළසේක. ඒ ස්වාමිදරුවානන්ගේ ශ්රී පාදය මෙනුවරට දික් කළ හොත් ඒ ශ්රිුපාදය පිළිගන්නට නැගෙන්නා වූ ආශ්චය්ය්හ පද්මයෙහි සුගන්ධශයෙන් මැ මේ කුණපගන්ධෙ තාක් පැටි වැ යන්නේ යැ. ඒ ස්වාමිදරුවානන්ගේ හිසට කුඩ‍ ගෙණැ ආ මහාබ්රැහ්මයෝ ය, සක් පිඹැ ගෙණැ දා ශක්රඩයෝ යැ යන මහෙශාඛ්ය දෙවතා- වන්ගේ සන්නිපාතයෙන් මේ මනුෂ්ය මාංසභක්ෂ ණය කරන්නා වූ හීන වූ භූතපිශාචකයෝ තුමූ මැ තමන්ට ප්ර‍ලය වන්නාහැ. උන් පිරිවරා ආ වැසිවලාදෙවියෝ මැ ශතපටලසහස්ර්පටලයෙන් මහවැසි වස්වා මේ මුළු නුවර සෝධා, ශුද්ධකරන්නාහු යැ. එසේ හෙයින් ඒ ධර්මළචක්රසවර්ති ස්වාමීන්වහන්සේ මැ අපගේ දුක් නිවන පිණිස මේට වඩා එන්නා කැමැත්තම්හ"යි දැන්වූහ.

එසේ කියන්නවුන්ගේ බස් හැමදෙන මැ ‘යහපතැ” යි ගිවිසැ

“දැන් ඒ ස්වාමිදරුවානන්වහන්සේ  කොයි වැඩැ වසන  සෙක් දැ”යි 

විචාළහ.

එසමයෙහි සම්ය.ක්සම්බුඞයන්වහන්සේ වස් එළඹෙන කාලය ආසන්න වූ හෙයින් තමන්වහන්සේගේ ප්ර ථමදර්ශීනයෙහි මැ ධර්මනදෙශනා අසා එක්ලක්ෂ දශදහසක් බ්රාිහ්මණගෘහපතීන් හා සමඟ අමාමහනිවන් දුටු බිම්බිසාරරජ්ජුරුවන්ට ප්ර්තිඥා දී රජගහානුවර නිසා වෙළුවනමහාවිහාරයෙහි වැඩවසනසේක. එපවත් ඇසූ විශාලාමහනුවර වසන්නා වූ ලිච්ඡවිරජදරුවෝ


කථා ] බුත්සරණ. 167.

බිම්සරරජ්ජුරුවන් හා සමඟ බණ අසා සෝවාන් වූ මහාලි නම් ලිච්ඡවිකෙනෙකුන් හා පුරෝහිතයන්ගේ පුතනුවන් හා කැඳවා ’තෙපි බොහෝ පඬුරු සරහා ගෙණැ, රජගහානුවරට ගොස්, පඬුරු පෑ දිලා, අපගේ රාජ්ය යට වූ තුන්උපද්ර වයන් කියලා සර්වඥයන් වහන්සේ වැඩියැ හොත් මුත්, ඒ නො සන්සිඳෙන බව කියා, රජ්ජුරුවන් ගිවිස්වා ගෙණැ, සර්වසඥයන් වහන්සේ වඩා එව‍‍ යි යැවූහ. ඔහු ඒ පඬුරු ගෙණැ ක්රවමයෙන් ගොස්, රජගහා නුවරට වැද, රජ්ජුරුවන් දැකැ, ගෙණැ ගිය පඬුරු දී, එපවත් දන්වා ’සර්වයඥයන්වහන්සේ අපගේ නුවරට වඩනා පිණිස ආරාධනා කළ මැනවැ යි දැන්වූහැ.

පෙරැ මේ සර්වනඥයන්වහන්සේ බෝධිසත්ව භූමියෙහි සිටි කලැ පොවා ජම්බුවීපයෙහි එක්සියක් රජදරුවෝ ඔවුන්ගේ ධර්මට දෙශනාවෙහි පෙලෙඹි, පූර්ණක නම් යක්ෂධසෙනාධිපතිහු ඔවුන් හැරැගෙණැ ගිය කල්හි, ඔවුන්ගේ විරහය ක්ෂරමා කොට ගත නොහී ’ සත් දවසක් ඇතුළතැ අපගේ පණ්ඩිතයන් නුදුටුමෝ නම්, ගිනි වැදැ මියයම්හ යි සැරසුනහ. බොධිසත්ව භූමියෙහි විධුරපණ්ඩිත වැ සිටියා වූ ස්වාමිදරුවානන්ගේ ධර්මතයෙහි රස දත් පෘථග්ජන රජදරුවන් පවා ඔවුන් ගේ විරහය ක්ෂ්මා කොට ගත නො හී ’ ගිනි වදුම්හ යි කියන කලැ දැන් සවාසන සකල කෙලශයන් නසා බුදු වූ ස්වාමිදරුවානන්ගේ ධර්මලදෙශනා අසා, අමාමහනිවන්හි රස දත්තා වූ මේ රජ්ජුරුවෝ තමන්ගේ නුවරින් සර්ව ඥයන් වහන්සේ වඩා යන්නට අනුදනිති යනු කවර නම් බසෙක් ද? එසේ හෙයින් තොපට නුගු‍ණෙකැ යි1 කියා තුමූ එබස් නො අනුදත්හ.

ඉක්බිති එබස් ඇසූ මහාලිලිච්ඡවිරජ්ජුරුවෝ බිම්සර රජ්ජුරුවන් උපෙක්ෂ ක වූ බව දැනැ ’ මේ රජ්ජුරුවන් නො අනුදත් හෙයින් කිමු ද? පරදුඃඛයෙහි කම්පා ඇත්තෝ සර්වමඥයන්වහන්සේ මුත් නැත්තෝ වේ දැ? යි සිතා, වැඩැ හුන්නා වූ වෙළුවන විහාරයට ගොස්, ශ්රීඃපාදය වැඳැ සිටි කල්හි, සර්වුඥයන්වහන්සේ ආගන්තුකයන්ට සුදුසු මධුරකථා කොට වදාරා, ’ ආ කම් කිම් දැ? යි විචාරා වදාළ කල්හි, ’ ස්වාමීනි, විශාලාමහනුවරැ දුර්භික්ෂ්භය යැ, යක්ෂකයභය යැ, රොගභය යැ යි තුන්භයෙක් ඇති වී යැ. ඒ භයින් පීඩිත වූ විශාලාමහනුවරැ ලිච්ඡවි රජදරුවන් ප්රසධාන කොට ඇත්තා වූ සියලු පර්ෂශද ‍’ මේ උපද්රමව කෙසේ සන්හිඳුවමෝ දැ?යි මන්ත්ර ණය කොට, නොඑක් පරිද්දෙන්


			1 අගුණෙකැයි.

168. අමෘතාවහ නමු වූ [ග‍ෙඬගාරොහණ

ප්රේතිකාර කොට, නොසන්සි‍ඳෙන හෙයින්, මෙ කී තුන් භයට ස්වාමින් ඇතුළු වූ තුණුරුවන් සරණ කොට දුම්හැ. එහෙයින් පරාත්වනය පිණිස සන්නඬ වූ ස්වාමිදරුවානන් කරුණායෙන් වැඩැ වදාරත් කලැ” යි දැන්වූහ.

ඉත්බිති සර්වකඥවයන්වහන්සේ ඔවුන්ගේ බස් අසා “මා ඔබ ගිය කල්හි කෙසේ වූ අටසිඬියෙක් වේ දෝ හො” යි පරීක්ෂා කොට වදාරණසේක් “ මා විශාලාමහනුවරට ගොස් , ර ත්නසූත්ර්ය දෙසූ කල්හි, ඒ රත්නසූත්රියෙහි එකිඑකි ගාථාවෙන් වන්නා වූ ආරක්ෂා්ව කෙළලක්ෂකයක් සක්වළැ පැතිරැ සිටිනේ යැ, ඒ සූත්රකය දෙශනා කොට අන්තයෙහි සුවාසූදහසක් ප්රාැණීන්ට අමෘතමහානිර්වා ණය සිඬවන්නේ යැ. ඒ ඒ තුන් භය සන්සිඳෙන්නේ යැ” යි දැකැ වදාරා, ඔවුන් ආරාධනා කළ ග මන අනුදැනැ වදාළසේක. එක් සත්ව්යකුටත් වන ඉෂ්ට තකා, දි ක් කළ අතක් වක් නො කරණ තුරු ගොස් බඹලොවැ පැණි යන්නා වූ මහාපුරුෂයානන් වහන්සේ දැත් මෙතෙක් සත්ත්ව යන්ට වන ඉෂ්ට තකා ඒට වැඩම අනුදනිති යනු කවර ආශ්චය්ය්න් යෙක් ද? ඉක්බිති බිම්සර රජ්ජුරුවෝ සර්වනඥයන්වහන්සේ ආරාධනාව ඉවසා වදාළ බව අසා, සර්ව‍ඥයන් වහන්සේ කරා ගොස්, “ ස්වාමීනි, විශාලාවට වැඩම අනුදැනැ වදාළේ ඇද් දැ?”යි විචාරා “ එසේ යැ, මහරජ’යි වදාළ කල්හි, “ස්වාමිනී, එසේ වුව හොත්, මා වඩන‍ා මඟ සරහා ලන තුරු හැම්ම වදාළ යහපතැ” යි දන්වා, රජගහා නුවර හා ගඞගාව හා දෙමැද පස් යොදනක් පමණ මඟ එක පැහැර සම කරවා, යොදනෙහි යොදනෙහි විහාර කරවා “ ස්වාමීනී, ඉතිබ්බ වඩනා කලැ”යි දැන්වූහ.

ඉක්බිති සර්වමඥයන්වහන්සේ ස්වාර්ථ යෙහි කළ නිරපෙක්ෂදතා යෙන්, පරාත්වහයෙහි කළ අභිලාෂයෙන්, පරදුඃඛයෙහි කළ අනුකම්පාවෙන්, පුරුදු වැ ආ ධාර්මිකත්වෙයෙන්, ‘මෙතැන්හි සතරපස සුව සේ ලැබෙ’ යි සිතා එක් තැනෙක්හි නො කළ ආශාවෙන්, හුදු සත්වුයන්ට මැ වැඩැ පිණිස මැ පවත්නා වූ කාය වාඩා මනඃ ප්ර,යෝගයෙන් ‘ විශාලාමහනුවරැ දුඃඛිත වූ සත්ව යන්ගේ සතුටු මුහුණක් බලාපුව’ යන මනදෙ‍ාළින් පන්සියක් භික්ෂූන් වහන්සේ පිරිවරා මහට පිළිපන්සේක.

ඉක්බිති රජ්ජුරුවෝ ඒ ඒ විහාර අතුරෙහි සර්වඥයන් වහන්සේ වඩනා පස් යොදනක් පමණ ම‍ඟෙහි පය ඔබාලූ කල දණ දක්වා එරි යන පමණින් පස්වණක් පියුමෙන් හෙබියා වූ නොයෙක් ජාතියෙහි සුවඳමල් ඉස්වා ධ්වජ, පතාක, කෙහෙල්,



කථා ] බුත්සරණ. 169. තොරණ යැ , පූණ්කලස යැ යනාදීන් මහ සදා , බුදුන්වහන්සේ සේසත් මත්තෙහි සේසත් බැගින් දෙසේසතක් ධරා, එකිඑකී භික්ෂූැන් වහන්සේට එකිඑකි ශෙවතචඡ්ත්ර් බැගින් ලවා, ගඳ දුම් මල් පහන් ආදීන් පූජා කරන්නාහු, දවසින් දවස එකිඑකි විහාරයෙහි වස්වා, පන්සියයක් පරිවාරයෙන් යුක්ත වූ ස්වාමීන්ට දවස් පතා මහදන් දී , පස් දවසෙකින් ගංතෙරට වඩා ගොස් එතැන්හි සිටැ වඩනට සුදුසු වූ හොරුහගුළු ඉදි කරන්නාහු, පූජාසත් කාර ගෙණැ අවුත් තමන්ගේ නුවරට ස්වාමිදරුවානන් වහන්සේ වඩා ගොස්, අභිමතාත්ය්ුව සැධුව මැනවැයි හසුන් දුන්හ.

ඒ අසා විශාලාමහනුවරැ ඇත්තෝ ’ අප‍ගේ උපද්රොව දුරු කරන්නට වඩනා ස්වාමිදරුවන්ට කරණ පූජා අපට මැ අවශ්යම බව මුත්, තමන්ට කවර අවශ්ය කේ ද? අප වුන් දුක් වූ නියාවට ද, එයට සුදුසු වූ වහලක් කවරදා ලබමෝදෝ හො! යි අප ගත් සිතිවිලි වූ නියාවට ද, ’ සර්වදඥයන්වහන්සේ වැඩි‍ාසේක යන බස් අසා අපට වූ සතුටු නියාවට ද සුදුසු කොට, අප ශක්ති පමණින් පූජාකරම්හ යි විශාලාමහනුවරැ හා ගඞගාව හා දෙමැද තුන් යොදනක් පමණ බිම් එක පැහැරැ සම කොට, සර්ව ඥයන්වහන්සේට කුඩමත්තෙහි කුඩ සතරක් හා, තෙසු පරිවාර භික්ෂූන්වහන්සේ කෙරෙන් එකිඑකී වහන්සේ කෙනෙකුන්දැට කුඩමත්තෙහි කුඩ දෙක බැගින් මෙසේ පූජා සරහා ගෙණැ , දවසක් මුළුල්ලෙහි සයින් සිටි වස්සා දුරැ එන මවුදෙන අභිමුඛයට යුහු1 වැ දිවන්නා සේ ද, මීවදයෙක්හි ඉව ඇසූ බමරුන් එතනට වෙගයෙන් ඔවුනොවුන් පරයා දිවැගන්නා 2 සේ ද, ඝර්මදයෙන් සන්තප්ත වූ හස්තීන් ප්රාසන්න වූ මධුර වූ අතිශීතල වූ ජල ඇති වනවිලට මධ්යා ග්නසමයෙහි දිවැගන්නා2 සේ ද, පිපාසිත වූ වැසිලිහිණියන් මෙඝනාදය අසා මේඝ කූටයට උන්මුඛ වැ දිවැ ගන්නා2 සේ ද , මස් 3 ගැසූ තෙනට එක හෙළා දිවැගත් මහමස්කැලයක් සේ ද , පද්මයෙහි සුගන්ධිය අසා පියුම්විලට දිවැ ගත්තා වූ රාජහංසකැලයක් සේ ද, සත් රුවන් පිරුණු බිලයෙහි දොර හැරී ගිය ශබ්දය අසා එදිගට උන් මුඛ වැ දිවැගත්තා වූ දරිදු වූ ධනාර්ථීන් සේ ද, චුම්බකපාෂාණ මුඛයට ගැසි4 යන්නා වූ ලොහධාතු සේ ද, වෙහෙල්ලට දිවැ5 ගත්තා වූ ජලප්ර වාහයක් සේ ද , කිරිබරතනයෙන් යුක්ත වැ එන්නා වූ මවුන් අභිමුඛයට දිවන්නා වූ කුමාරයන් සේ ද, නිධාන තුබූ තැනට බස්නා අරළුවක් සේ ද , මධුර වූ දිව්යෙරූපාදිආලම්බනයට දිවන්නා වූ චක්ෂුරාදිඉන්රිද යයන් සෙ ද, සගෞරව වැ සස්නෙහ වැ


1.නිසරු 2.ගත්තා 3.මත්මස් 4.ගැවැසි 5.බැහිල්ලට & පිහිල්ලට


170. අමෘතාවහ නමු වූ [ග‍ෙඬගාරොහණ

සාභිලාෂි වැ දිවෙමින්, බුදුන් වැඩිබව කියන්නට නික්මුනාක් මෙන් ගඟ පැනැ ගෙණැ මෙතෙරෙහි පැණීගියා වූ සවණක් ඝන බුදුරස් දක්මින් මැ , දුටුදුටුතන්හි මැ වැඳැ පෙරළෙමින් , සොම්නස්හි ගැලෙමින්, ‘අපගේ මනොරථය පිරිණැ’ යි යන භර්ෂ යෙන්1 තුන් යොදනක් පමණ තැන් තුත්පියවරෙකින් නික්මෙන්නා සේ යුහු වැ අවුත් තමන්ගේ සීමායෙහි ගංගාතීරයෙහි රැස් වැ එතෙරැ වැඩැ හුන්ස්වාමිදරුවානන් දිශාවට වැඳ ගෙණැ හොත්හැ.

ඉක්බිති බිම්සරරජ්ජුරුවෝ හොරු දෙකක් එක් කොට බැඳැ, එහි මණ්ඩපයක් කරවා විචිත්ර වූ කුසුමයෙන් ඒ මඬුව සදා , සත්රුවන්මය වූ බුඞාසනයක් පැණැවූහ. ඉක්බිති සර්ව ඥයන් වහන්සේ තමාගේ රශ්මීන් රැඳීගිය යුගන්ධ රපර්ව්තමස්තකයට පැනැ නැගී තරුණසූය්ය් මණ්ඩලය සේ දිලිසෙමින් පැණවූ ආසනයෙහි වැඩැ හුන්සේක. භික්ෂු න්වහන්සේ ද නැවට නැගී සර්වෙඥයන් වහන්සේ පිරිවරා වැඩැ හුන්සේක. ඉක්බිති බිම්බිසාර රජ්ජුරුවෝ ද කරවටක් පමණ දියට බැසැ, දොහොත් මුදුනෙහි තබා ගෙණැ “ස්වාමිනී , යම් තාක් වැඩැ වදාරණ සේක් ද, ඒ තාක් මෙහි මැ වෙසෙමි”යි දන්වා නැව යවා , තුමූ නැවැත්තාහ. ඉක්බිති ‍ සර්ව ඥයන්වහන්සේ ද යොදනක් පමණ තැන් ගංගාවෙන් වැඩැ විශාලාමහනුවරවාසීන්ගේ හිමට පැමිණිසේකැ. ඉක්බිති විශාලා මහනුවරැ ලිච්ඡවිරජදරුවෝ ද “ අපගේ දුක් නැති කරණ පිණිස කරුණායෙන් වැඩියා වූ ස්වාමිදරුවන්ට පෙරගමන් කරම්හ” යි කරවටක් පමණ දි යට ගොස්, නැව ගොඩට ඇද සර්ව ඥයන්වහන්සේ ගොඩට බහා ගත්හැ.

ස්වාමිදරුවන් නැවින් බැසැ ශ්රී පාදය ගොඩ ස්පර්ශම කළ විට මැ, “ තමන්වහන්සේගේ සිතින් රාග නැමැති කුණපයක් වත් වෙෂ නැමැති කුණපයක් වත් මොහ නැමැති කුණපයක් වත් නො ගෙණැ වැඩියා වූ ස්වාමිදරුවන්ගේ එබඳු වූ අටතුරාසියක් මංගල ලක්ෂණයෙන් යුක්ත වූ කුමාරකාලයෙහි පොවා ‘වදන්නට යැ’ යි ගෙණ ගිය කාලදෙවලයන්ගේ මුදුනෙහි සැතැපී ගියා වූ , ඒ ආශ්චය්ය්ිය දුටුවා වූ ශුධොදනැජ්ජුරුවන්ගේ මුදුනට මුදුන්මල් වූ ස්වාමිදරුවන්ගේ ගුණයෙහි ප්රවසන්න වූ කොසලයන් තමන්ගේ මුහුණ තබා සනහා නො විඩා වූ , කිපී දිවැ ගෙණැ ආවා වූ අංගුලිමාලයන් අන්තයෙහි ස්වාමිදරුවන්ගේ ධර්මීය අසා වැඳැ ගෙණැ හොත් කල්හි ඔහුගේ සිතැ පහළ වන්නා වූ ලොකොත්තර ධර්ම නැමැති ච‍ ෙන්රා්නා දයයට උදයසන්යා ආ රාගයක් බඳු වූ රතපැහැ


1.අදහසින්


කථා ] බුත්සරණ. 171.

යෙන් උජ්ජවලිත වූ, මරන්නට මෙහෙයූ තන්හි වැඳැ ගෙණැ හොත්තා වූ ධනපාලයාගේ මුදුන්හි සින්දුතර ගල්වා ඉතිරි කළ සින්දු රමලා දෙකක් බඳු වූ, රාත්රිගයක් මුළුල්ලෙහි උපක්ර ම කොට කිසි උපද්රුවයක් කොට ගත නො හී අන්තයෙහි වැඳැ ගෙණැ හොත්තා වූ ආලවක නැමැති රාජහංසයා විසින් සුඹුනා ලද රක්තපද්මයක් බඳු වූ , කිහිරඟුරුදාඟි ගිනිවළ පළා ගෙණැ නැගී පියු‍ෙමන පිළිගන්නා ලද්දා වූ, මෙරට දික් කළ හෙ‍ාත් එක්ලක්ෂධ අටසැටදහසක් යොදුන් පමණ මහමෙර තමහට නැමී අවුත් පිළිගන්නා වූ, සියක් තල් පමණ ප්රහ පාතයකට දික් කළ හොත් ඒ කඹුරුසමක් සේ පිරී බෙරඇසක් සේ සම වැ පිළිගන්නා වූ, අනවරතයෙන් වඳනා වූ ශක්ර යාගේ පරසතුමදාරාමල්දම්හි රෙහෙණුයෙන් නිරන්තරයෙහි රැඳී තිබෙන්නා වූ, බ්රදහ්මයාගේ මුදුනෙහි පිහිටා එයට ’ උත්තමාංගය’ යන නම සාර්ථක කළා වූ , සාරාසංඛ්යපකප්ලක්ෂ’යක් මුළුල්ලෙහි අසත්පුරුෂයන් කරා යෙමි යි දික් නො කළා වූ, සත්පුරුෂයන් කරා එළඹැ නො විඩා වූ, මුළුලොවට මුදුන්මල් වූ, ඒ ශ්රී පාදය පහරණ බිමැ කුණපයක් තිබෙන බව සුදුසු නො වන්නේ වේ දැ? යි කියා ගර්ජනා කරන්නාක්හු මෙන් ගම්භීර වූ නාද පවත්වන්නා වූ සර්වයඥයන් වහන්සේ වඩුත් මැ විශාලාමහනුවරැ තුන් උපද්ර්ව විදිනට දෙවතාවන් ගත් දුනු බඳු වූ ඉන්ද්ර චාපයෙන් ගැවැසී ගත්තා වූ, විශාලාවාසීන්ගේ සිත්හි ශොකය කඩ කඩ කොට කපා හරණට වැසිවලාදෙවියන් ගත්තා වූ කඩු බඳු වූ අනන්ත වූ විජ්ජුලලතා යෙන් හොබනා වූ , ගොඩෙහි ශ්රීවපාදය තුබූ විටැ මැ සර්වයඥයන්ට වැසිවලාදෙවියන් දැමූ කුසුමාඤ්ජලියක් සේ ආකාශමණ්ඩලයෙහි විසිරැ ගිය කොක් පෙළින් යුක්ත වූ, මහාමේඝයෙක් නහා, තෙමෙනු කැමැත්තන් තෙමා , නො තෙමෙනු කැමැත්තන් නො තෙමා වැසැ, දණක් පමණ උඩුකළවයක් පමණ ගිනිමසක් පමණ වතුරු හෙළා සියලු රාජධානියෙහි කුණප තාක් සෝධා ගඞගායෙහි ලා පීයැ.

ඉක්බිති සියලු විශාලාපුරයෙහි භූමිභාගය පරිශුඬ වියැ. ඉක්බිති ලිච්ඡවි රජදරුවෝ මෙ මැ සලකුණෙන් තමන්ගේ මනො රථය සිද්ධ වනබව දැනැ. නියත කොට උපන් සොම්නසින් ස්වාමීන් වඩා යන්නාහු. යොදනෙහි යොදනෙහිමහාපූජාවෙන් වාසය කරවමින් මහදන් දී, තුන් දවසෙකින් තමන්ගේ නුවරට වඩා ගියහැ. එසමයෙහි ’සියලු භය සන්සිඳුවන්නා වූ රතනසූත්රඑය ලොවට පහළ කරන්නට යැ යි වඩනා වූ ස්වාමිදරුවන්ගේ බුද්ධ විලාසය බලමි යි සැරහී දෙදෙ‍ව්ලොවැ දේවතාවන් හා සමඟ



172. අමෘතාවහ නමු වූ [ග‍ෙඬගාරොහණ

ශක්රසදෙවෙන්ර්මු ද අවුත් වඩනා පෙරමඟැ රැස් වී යැ. ඉක්බිති මහෙ ශාඛ්යයදෙවතාවන් රැස් වත් රැස් වත් ච‍ෙන්රා් ව දයයට බි‍ඳෙන්නා වූ අන්ධයකාරය සේ යක්ෂැයෝ බිඳී පලන්නට පටන් ගත්හැ.

ඉක්බිති ස්වාමිදරුවෝ සවස්වේලෙහි නුවරදොරට පැමිණැ, මුළුලොව සනහමින් වැඩැ සිටැ, හංසජාතියෙහි මලැ බැඳි සිටිය වුන්ට තමන් නො බැඳී සිටැ දිවි දී තමන්වහන්සේට වූ උපද්රඑව දුරු කළා වූ, රන්වන්කකුළු වැ ඉපැද තමන්වහන්සේට උපද්රයව කළා වූ කපුටු වා හා සර්පයා හා නළින් ගෙණැ, ගිය ජීවිතය පෙරළා දෙවා මිත්රකධර්මහය රක්ෂාළ කළා වූ, පූර්ණබභජාතකයෙහි බොහෝ විශ්වාසයක් තබා පියා උරයෙන් උරය ඝැටුනුමාත්රකයට තමන්වහන්සේ අතින් ගම්වර ලසෙකැ, මිඬියෝ සියයෙකැ, ගෙරී සත්සියයෙකැයි යනාදීත් නොයෙක් උපකාර ලද්දා වූ , තමන් වහන්සේ අස් වැ ඉපැදැ සත් රජ්ජුරුකෙනෙකුන් සාධා අන්තයෙහි ප්රාසණ පරිත්යා්ග කොට රාජ්යතදානයෙන් උපකාර කළා වූ, මෙසේ ජාති ජාතියෙහි පුරුදු වූ ගුණ ඇති, දැන් මේ අන්තජාතියේ තමන්වහන්සේට උපස්ථාන කරන්නවුන් කෙරෙහි අග්රය වූ, බහුශ්රැ්තයන් කෙරෙහි අග්රු වූ , තමන්වහන්සේ වදාළ සුවාසූදහසක් ධර්ම්ස්කන්ධ නැමැති භාණ්ඩාගාරය නො නසා රක්ෂා කොට සිටිය‍ාවූ ධර්ම්භාණ්ඩාගාරික වූ, තමන්වහන්සේ මරන්නට හළ ධනපාලයා අභිමුඛයෙහි ප්රාඩණය පරිත්යාභග කොට සිටැ පොළොව පෙරළා පස්සෙහි තබාපියන තුරු පසු නො බටුවා වූ , ස්නේහයෙන් හා පක්ෂෙපාතකමින් යුක්ත වූ අනඳමහතෙරුන් වහන්සේ කැඳවා, මහානුභාව ඇති මහරජක්හු තමා පස්සෙහි සිටි මුඛ්යනයොධයක්හු අතට තමාගේ ආයුධය දී ඔහු ලවා ශත්රැ සේනාව බිඳුවන්නා සේ, තමන්වහන්සේ නුවරින් පිටතැ වැඩැ සිටැ තමන්වහන්සේ වදාළා වූ සඞර්මන නැමැති ආයුධය ඔබට1 දී ඔබ ලවාමැ මේ තුන් උපද්ර වය දුරු කරවා ස්ථානොචිත වූ කටයුතු දන්නා ස්වාමිදරුවෝ තමන්වහන්සේත් නො වැඩැ, අග්රකශ්රා වකයන් දෙදෙනාවහන්සේ

ඇතුළු  වූ   සෙ‍සු ක්ෂීතණාස්ර වයන්වහන්සේවරුන්දැ  කෙරෙන්  ද  එක්

කෙනෙකුනුදු තො යවා , සියලු නිත්ය්පරිවාර පන්සියක් දෙන‍ා වහන්සේ අතුරෙන් ලද ගුණයෙන් හැමදෙනා වහන්සේට අඩු වූ , ගඳකිළිය හැමැදැලා ඟිඳිනා වහන්සේ කෙනෙකුන් ලවා ඒ උපද්රිව යන් සන්සිඳුවා වදාළසේක” යන කීර්තිය කල්පාන්තස්ථායි කරණ පිණිස, “ආනන්ද ය , තෝ මේ රතනසූත්රිය ඉගෙණැ ගෙණැ, ලිච්ඡවවි රාජකුමාරයන් හා සමඟ මේ විශාලාමහනුවරැ තුන්පවුරුවළල්ල ඇතුළෙහි ඇවිදැ පිරිත් බණ” යි වදාළසේක .


1.ඔහුට

කථා ] බුත්සරණ. 173

ඒ අසා සකලලොකයට ආනන්ද7කර වූ ආනන්දැමහාස්ථවිර- යන්වහන්සේ සර්වයඥයන්වහන්සේ විසින් වදෘළ ඒ රතනසූත්ර ය ඉගෙණැ- එ මැ ස්වාමීන්ගේ ශෛලමය වූ , සතරවරම්මහරජ දරුවන් දුන් පාත්රැයෙන් පැන් හැරැ ගෙණැ නුවරදොරකඩැ සිටි සේක්, එ මැ සර්වයඥයන් වහන්සේ සුමෙධතාපසකාලයෙහි කළා වූ ප්ර ණීධානයෙහි පටන් රැස් කළා වූ නොයෙක් ගුණ සම්භාරය සිහි කොට “ මාගේ ස්වාමි දරුවෝ ‘ සමතිස්පැරුම් නැමැති මහාසාගරය පිහිනා ගොඩ දක්මි’ යන මහාපරාක්රාමයෙන් දීපංකරපාදමූලයෙහි දී පීනුවෝ සාරාසංඛ්යාකප්ලක්ෂ්යක් මුළුල් ලෙහි නො හැරැ පීතා , අන්තයෙහි බෝමැඞැ වජ්රාලසන නැමැති සුපුටුත්ගොඩට පැනැ නැගී සසරසයුරෙහි තෙර පත් වැ, අසාධාරණ වූ පාරමිතාවෙහි කුළු ගත්හැ. ආගපරිත්යාලග යැ, ජීවිතපරිත්යාවග යැ යනාදී වු පංචමහාපරිත්යාැග කරන්නෝ ඒ ගන්නවුන් හැරැ ගණුත් මාගේ යැ යන ලොභය බලත් , තමන්ගේ ‘දීපුව මැනැවැ’ යන ලොභය එයටද වඩා බලවතැ. එයට ද වඩා පංචමහාපරිත්‍වැාග කළහැ. ලොකාත්ච්බලවත ය්යා යැ ආදී වූ ත්රි විධ අර්ථ චය්යාවැ වෙන් ශූන්යට වූ ජාතියක් බලු වැ ද වටුවැද කවුඩු වැ ද නොලත්හ. මුහුකළා වූ ඵලය අග අත්තෙන් බිමැ හී බිමැ සිටියවුන්ට ද්රවයෝජන සෑදුවා සේ පශ්චිමභවයෙහි තුෂිතභවන යෙන් ව්යු ත වැ මනුෂ්යාලොකයෙහි ඉපිදැ සියලු සත්ත්ව යන්ට ප්ර්යෝජනවත් වූහ. සඳ නැ‍ෙනෙකලැ සියලු ආකාශමණ්ඩලය ආලොක කොට ගෙණැ නැගෙන්නා සේ , තමන් මවුකුසින් බිහි වන කලැ සියලු දසදහසක් සක්වළැ එක පැහැරැ ආලෝක කොට ගෙණැ උපන්හ. යශෝධරාවන්වහන්සේ ප්ර ධාන කොට ඇති සතළිස්දහසක් අන්තඃපුර ස්ත්රී්න් විසින් හෙබියා වූ කිඹුල්වත්පුරය වැනි පුරයක් හැරැපියා යන්නාහු, මිනිස්වෙස් ගත් යකින්නක් විසින් ගැවැසී ගත්තා වූ යක්ෂනපුරයක් හැරැපියා යන්නා සේ නැඟී ගියහ. සහවුරුද්දක් මුළුල්ලෙහි මහාවිය්ය්ය කරන්නෝ කෙළදහසක් ඇතුන් රඳවාලන්නට සුදුසු වූ ඒ සෘ මහත් කායබලය , තමන්ගේ එක ශරීරය මතු රඳවා ගත නො හෙන පරිද්දෙන් , සියලු කායශක්තිය ගෙවා වීය්ය්ු කළහ. බොධිමණ්ඩලයෙහි වජ්ර පය්ය් ඞකයෙහි වැඩැ හිඳැ , මරහු ලුහුබඳවත්තෝ මරහු දුටු ඉතිරියන් දිවන්නා සේ තමන් දුටු මරහු ලුහුබැඳවූහැ. ඉක්බිති සහස්රනරශ්මින් යුක්ත වූ සූය්ය්ි යාගේ උදය ලත් යුගන්ධ රපර්ව්තය සේ, අනන්තාපරිමාණ ගුණයෙන් විශිෂ්ට වූ සර්වුඥතාඥානය ලදින් මොහාන්ධාකාර විධවංසනය කළහ. නවසත්තාවාසයෙහි දුක් දුරු කරන්නා වූ නවලොකොත්තර ධර්ම්යන් සියලු ලොවට තමන් බෙදා දෙන පරිද්දෙන් පළමු




174. අමෘතාවහ නම් වූ [ග‍ෙඬගාරොහණ

කොට ලදහ” යි මෙසේ සර්විඥයන්වහන්සේගේ අනන්තාපරිම‍ාණ ගුණයන් සිහි කොට , “මෙසේ වූ ගුණ ඇති මහාපුරුෂයානන් වහන්සේගේ ගුණමහිමය1 එල්බැ ගෙණ යැ මා මේ පිරිත් බණන්නේ යැ” යි නුවරට වැද, තුන්පවුරුවළල්ල ඇතුලෙහි රාත්රි ය මුළුල්ලෙහි පිරිත් බිණූහැ.

ඔවුන් පළමුවන ගාථාවෙහි “යං කිඤ්චි” යන පදය සෙල්වූ විටැ මැ යම්කිසි යක්කෙනෙක් නැති වූහැ. යම්කිසි දුඃඛයෙකුත් නැති වී යැ. තුන්වන ගාථායෙහි පටන් රිදී බුබුලු වැති ඉසිනා පිරිත් පැනින් විසුරුණු ජලබින්දු රෝගීන්ගේ ශරීරයෙහි හෙත්තට වනැ. සර්වවඥයන්වහන්සේ වැනි ලොකස්වාමිකෙනෙකුන් ශාන්ති පිණිස වදාළ සූත්රසයක් වූ ව, ඉගෙණැ ගෙණැ පිරිවහන්නන් අනඳ මහතෙරුන්වහන්සේ වැනි වියත් කෙනෙකුන් වුව, පැන් ඉස්නා පන්සාළිස් හවුරුද්දක් ස්වාමීන්ගේ ශ්රීවහස්තයෙන් පිරිමසා අහර වළඳන්නට නිසි වූ පාත්ර්යක්2 වූව, ස්වාමිදරුවානන් ඒ පිරිත් බැණැ, පැන් ඉසුත් ඉසුත් මියන්නට හොත් රොගීහු, අනුන් වෙහෙසෙන්නට මළවෙස් ගෙණැ හොත්තවුන් ක්ෂ්ණක්ෂ ණයෙහි සිසී නැගී සිටිනා සේ , ක්ෂුණයෙහි නැගී සිටැ , තෙරුන්වහන්සේ පිරිවරා ගෙණැ වඳිමින් ස්වාමීනී , සියලු සත්ත්වීයන්ගේ දුක් හරණ ස්වාමිදරුවෝ නුඹ වැඩිදැ ද? ගැත්තවුන් විඳිනා දුක් ස්වාමි- දරුවානත් ඇට පැණිති ද? යනාදී වූ මිහිරි බස් බෙණෙමින්, තමන්ගේ දුක් දුරු කළා වූ ඒ සර්ව ඥයන්වහන්සේ සිහි කොට ’නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස’ යි දොහොත් මුදුනෙහි තබා ගෙණැ වඳිමින් , එ මැ විටැ මැ ඇති වූ කාය බලයෙන් , එ මැ වාටැ මැ ඇති වූ ශරීරපුෂ්ටියෙන් , එමැ විටැ මැ ඇති වූ මුඛ ශොභාවෙන්, එ මැ ශරීරයෙන් නො මියැ මැ දෙවතා වූවන් සේ පිළී හිස සිසාරමින් අපොළමින් කොක්සනි ගසමින් මහතෙරුන්වහන්සේ සිසාරා ගත්හැ.

’යං කිඤ්චි විත්තං’ යන පදෙයහි පටන් ගෙණැ ඉසලු දිය බිඳු ඇඟැ හෙත් හෙත්, පළමු පලනා යකුන් හා කැටි වැ නො පලා සාහසික කොට සිටි යක්ෂ යෝ චෙතරණීගඞගාවෙහි ජල බින්දු ඉසී ගිය නරකයේ සත්ත්වකයන් සේ වෙවුලමින් පස් පස් බලමින් පිට හඬමින් ඔවුනොවුන් ගත නො හී එක හෙළා දිවැ ගත්හ. ඔවුන්ට වාසල්දොර නො සෑහින. එවිට කේලුමක්සා පමණ තැනින් සැත්තෑ අසුදෙනෙකුන් නැඟී යන පමණ සියුම් අත්බව් නො මැවූහ යි නො සිතමි. එසේ වුව ද , තමන් පලන්නට මහදොර නො සෑහෙත්, පවුරු බිඳැ ගෙණැ , පදනම් බිඳැ ගෙණැ,


1.ගුණමහීමාව 2.පාත්රවයකින් කථා ] බුත්සරණ. 175

හිස් ලූලූ දිග පෑලෑහ.සියලු භය ද ඔවුන් හා කැටිවැ ගියේය. එසේ දුක් පත් වූ විශාලාමහනුවර අසුරයන් ජය ගෙණැ වැදැ ගිය ද දෙවතාවන් විසින් ගැවැසී ගත්තා වූ තව්තිසැඟවනය සේ එක පැහැරැ සැදී ගියේ. එවැනි ලොකශාන්තියෙක් නො වේ නම්

ඒ    ස්වාමිදරුව‍ානෝ     වැඩැහුන්    තැනින්     ශ්රීනපාදය   නඟනදැ    ද?

’ යං කිච්චි චිත්තං’ යනාදී වූ එතෙක් ගාථා බැඳැ අනඳමහ තෙරුන්වහන්සේට උගන්වනදැ ද? තමන්වහන්සේ වළඳන්නාවූ පාත්ර්ය උන් වහන්සේ අතට දී වදාරණදැ ද? එසේ හෙයින් ’ ලෝවැස්සන් සුවපත් කරම්හ’ යි දුක් ගත්තවුන් මේතෙක් ශාන්ති නො කරත් අනික් කවුරු කෙරෙද්ද?

මෙසේ උඩ අපොළන දෙවියන් විසින් හා, බිමැ අපොළන මිනිසුන් විසින් හා, කටැ කටැ සාධුකාරයෙන් හා ,ආකාශයෙහි දිව්යුහෙරියෙන් හා භූමියෙන් මනුෂ්යාහෙරියන් හා , ආකාශයෙහි දිව්යුගීතයෙන් හා භූමියෙහි මනුෂ්යයගීතයෙන් හා , ආකාශයෙහි දිව්යුනෘත්යනයෙන් හා, භූමියෙහි මනුෂ්ය නෘත්යායෙන් හා , සියලු අහස්පොළෝ දෙක නිරන්තර වැ ගිය කල්හි , ජයපුරයකට වදනා මහරජක්හු සේ ස්වාමිදරුවෝ ඉන්ර්් ඛීල පැනැ ගෙණැ ඇතුළට වන්හැ. ඉක්බිති ඖෂධතෙල් ඉසැලූ ක්ෂයණයෙහි නිල් වූ මුහුදැ දියකඳ මැඩැ ගෙණැ දිවන්නා වූ මහගිනිකඳක් සේ නිල් වූ බුදුරැස් මත්තෙහි දිවැ ගත්තා වූ රන්වන්පැහැ මිශ්රව වූ රත්පැහැ ක‍ඳෙක් සියලු නුවර පුරා ගෙණැ සක්වළ මුවවිට දක්වා දිවන්නට වනැ. පිරිත් පැනට දිවෙමින් සිට යකුහු, පස්සෙහි දිවන්නා වූ ඒ රස දකිමින් මුහුණින් හිහී දිවෙමින් සක්වළහල පැණැගෙණැ ඈත වැගිරැ ගියහ යි සිතමි. අතරතුරෙන් දිවන්නා වූ නානා ප්ර කාර වූ රශ්මිජවාලායෙන් සියලු නුවර සදමින් ලිච්ඡවිරජ දරුවන් සදා නිමැවූ සත්ථාගාරයෙහි මනොඥ වූ සප්තරත්නමය වූ බුඞාසනමස්තකයෙහි වැඩැ හුන්සේක. ස්වාමිදරුවන් ආසනයෙහි වැඩැ හිඳින්නා හා මැ ශ්රතමණබ්රාාහ්මණරාජාකුමාරාදී නානාප්ර කාර වූ පිරිස් බුදුන් පිරිවරා එහි මැ හුන්හ. ශක්රමෂ්දචේන්ර්ාන යා ද තමන්ගේ දෙදෙව්ලොවැ දෙවතාවන් හැරැ ගෙණැ සුදුසු තැනෙක්හි හිඳැගත. ඉක්බිති තෙරුන්වහන්සේ සියලුනුවර පිරිත් කොට, රොගයෙන් මිදී තමන්වහන්සේ පිරිවරා ගත් මහජනයා ගෙණැ , අවුත් ’ස්වාමීනී , ස්වාමීන්වහන්සේ ඇතුළු වූ රත්නත්රායෙහි බලයෙන් ජීවිත ලද්දා වූ නැත්තෝ ස්වාමීන්වහන්සේ වඳිති’ යි ඒ පිරිස් වඳවා , තමන්වහන්සේ ද ශ්රීත පාදය වැඳැ එක්සත්පස් වැ වැඩැහුන් සේකැ . සර්වවඥයන්වහන්සේ හුන්නා වූ පර්ෂැද බලා ස්ථානොචිත ධර්ම දෙශනාවක් පරීක්ෂා කොට වදාරා, සම්ප්රාතප්ත වූ පර්ෂිදව



176. අමෘතාවහ නම් වූ [ග‍ෙඬගාරොහණ

එ මැ රතනසූත්රෘය දෙසා වදාළසේකැ. දෙශනාපය්ය්රාතවසානයෙහි සුවාසූ දහසක් ප්රාාණීහු එක පැහැරැ අමෘතමහානිර්වාපණයට වන්හ.

මෙසේ නැගුනැගු පියවරින් සිතුසිතු සිතින් කළ කළ දෙයින් වන්වන් තන්හි සිටිසිටි තන්හි හුන්හුන් තන්හි සියලු උපද්ර්ව පහ කොට සියලු ශාන්ති ඇති තාක් නමා , ලොවීලොව්තුරා සැපත් දී , සියලු ලොව සනහන්නා වූ මාගේ මැ ලයක් වැනි මාගේ මැ ඇසක් වැනි , මට මැ පිහිට වූ , මට මැ රක්ෂාීස්ථාන වූ බුදුන් - පෙ- යා යුතු.

102. ඉක්බිති මෙසේ ලොකාන්ථ යෙහි කුළු ගත් ස්වාමිදරුවානෝ තමන්වහන්සේගේ කරුණාබලයෙන් ඒ විශාලාමහනුවර ඇති වූ තුන් උපද්ර ව සන්හිඳුවා වදාරා, පියුම් ඇති තාක් කල් විල්හි කෙළනා රාජහංසයක්හු සේ, කටයුතු වූ ලොකාත්ර්ු ‍ ඇති තාක් කල්හි මැ එක්තැනෙකැ වසන බැවින් ’ විශාලාවෙහි කළ මනා කටයුතු මෙ පමණෙකැ යි නුශ්චය කොට නැවැතැ රජගහා නුවරට වඩනා කැමැති බව ලිච්ඡවිරජදරුවන්ට සැළ කළසේක. ඔවුන් විසින් පූජාවිශෙෂ සැරහූ කල්හි , ප න්සියක්දෙනාවහන්සේ පිරිවරා තුන්යොදුන් මඟට පිළිපන්සේක.

ඒ ස්වාමීන්ගේ ගමන් නැමැති මහමුහුද කියමි. සාවධාන වැ ඇසියැ යුතු. නිල් වූ මුහුදුදිය පිටැ ඖෂධතෛලයෙන් දල්වාපු ගින්නක් සේ, නිල් වූ බුදුරස්මත්තෙහි දිවැගත්තා වූ රත් පැහැයෙන් මිශ්ර වූ රන්වන්පැහැ යැ: ඒ ප්රගභාප්ර්වාහය අතුරෙහි වතුරු මැඩැ ගෙණ දිවන්නා වූ ශෙවත වූ රශ්මිකලාප යැ: සාගරමඞ්යමයෙන් පැනනැංගා වූ පූර්ණචන්ර්කල මණ්ඩලයක් සේ ඒ රශ්මිමතුයෙන් පැණෙන්නා වූ ශ්රී මුඛයෙකැ: ඒ ස‍ඳෙලූ1 මැඬිල්ලක් සේ ඒ මුහුණ සිසාරා සිටියා වූ ඛ්යාපමප්ර භාමණ්ඩල යෙකැ; ඒ මුහුදු මැද පිහිටා සිටි සත්රුවන් මහමෙර සෙයින් විස්මය වූ බුඞරශ්මි නැමැති මහමුහුදැ පිහිටියා වූ අනවලෝ මුදුන් නැමැති මහමෙර යැ; ඇළලී ගිය මුහුදෙහි ගැලෙන මහනැව් සේ ඒ උද්දාම වූ බුඞශ්රී යෙහි ගැලී ගියා වූ ඇසැතිය වුන්ගේ ඇස් යැ; කෙළසුවහස්වළලු හී කෙළනා වූ සක්මස්කැල සෙයින් පිරිළී හී නටන්නා වූ ශෙවතච්ඡත්රහය යැ; සාගරයෙහි රළ වැළ මැඩැ ගෙණැ දිවන ඇත්මසුන් සේ අභිමුඛයෙහි සම්වැට2 දිවන අශ්වසෙනාව දෙබෙහෙ කොට ගෙණැ දිවන්නා වූ මතැන් පෙළ යැ; සමුද්ර ය ඇතුළතැ දියරැළි කපා ගෙණැ දිවන්නා වූ


1‍. ස‍ඳෙහිලු. 2. සම්ය ට හටමැට


කථා ] බුත්සරණ. 177

මහතල්මසුන් සේ බුදුරස්හි ගැලී ගෙණැ දිවන්නා වූ අනන්තා පරිමාණරථපන්ති යැ; දියෙහි ගැලෙමින් නැගෙමින් කෙළනා වූ මිනිස්මසුන් සේ, පවනින් සැලිසැලී අහස නැගී බැසැ කෙළනා වූ දදපෙළ යැ; දිය ඇතුළෙහි බමන්නා වූ සමුද්රකයෙහි වසන නාගරාජයන් සේ මඳපවනින් පෙරැළී බස්නා දදපෙළ යැ; දක්ෂිජණාවතීශඞඛ ශ්රී උසුලන්නා වූ ශෙවතචාමර යැ; ඇතුළුදියෙහි තුබූ රිදියෙන් මත්තෙහි සුදු වැ පෙණෙන්නා වූ දධිමාල නම් සමුද්ර ය සේ , නිරන්තරයෙන් එක්තැනෙක්හි වැටී හුනුවා වූ ඌර්ණාරරොම ධාතුවෙන් දිවැගත්තා වූ සුදු වූ රශ්මිකලාප යැ; රුවන් රැසින් රැඳි රත් වැ ගියා වූ අග්නිමාලි නම් සමුද්රවය සේ; රත් වූ බුදු තුඩින් නික්මැ විදැහී වැනී ගිය රත්රස්කළඹ යැ; පත්ලෙහි තුබූ රශ්මි ඉතිරෙත් රන්වන් වූ හෙමසමුද්රැය සේ, සිවුරෙන් නො වැසී තුබූ ශ්රී ශරීරයෙහි රන්වන්තැනින් නික්මැ අහස්හි වැනී ගිය ඝන වූ රන්වන් පැහැපතර යැ; මුහුදට වැදැ නයින්ගේ හිස් ගෙණැ උඩ නැගි අහසැ බමන්නා වූ ගුරුළුන් සේ නොයෙක් රිදීයටගෙහි රන්දදපෙළ යැ; මෙසේ වූ ඒ බුඬශ්රී නැමැති සමාසාගරය ඒ මුහුදු සේ ලුණුකර නො වැ අමාරසයෙන් එකරස යැ.

මෙසේ මහඇඟි වූ, මෙසේ උදාර වූ, මෙසේ අද්භූත වූ, මෙසේ අචින්ත්ය වූ, මෙසේ අවාච්යේ වූ, මෙසේ අසාධාරණ වූ, මෙසේ මනොහර වූ මෙසේ අසන්නන් කන් හයන්නා වූ , දුටුදුටුවන් ඇස් හයන්නා වූ, ඇසුඇසූවන්ට නිවන් දෙන්නා වූ, විචිත්රු විලාසයෙන් පූජා කෙරෙමින් තුන්දවසෙකින් ගංතෙරට වඩා ගියාහැ.

ඉක්බිති ස්වාමිදරුවන් ගහට වැඩිකල්හි ඒ ගංහි වසන්නා වූ දිව්යතනාගරාජයෝ ’සසරදුක් දැඩි වූයේ මිනිසුන්ට මැ ද? නිවන් මිහිරි වූයේ මිනිසුන්ට මැ ද? බුදුරද 1 ස්වාමිදරු වූයේ මිනිසුන්ට මැ ද ? ඒ දහම් අමා වූයේ මිනිසුන්ට මැ ද? ඒ සඟුරුවන් දුක් දොම්නස් නසන්නේ මිනිසුන්ගේ මැ ද ? ඒ ස්වාමීන්ගේ රූපශ්රී මිහිරි උන් ඇසට මැ ද ? ඒ ස්වාමීන්ගේ ශ්රීනපාදය පහළ පමණින් උපද්රිව පහ වන්නේ උන්ගේ නුවරට මැ ද? අපි සසරෙහි නො සිටිමෝ ද? එහෙයින් අපි ද අපගේ ශක්තිය පමණින් පූජා කරම්හ යි . සැරහී, එක පැහැරැ ස්වණ්ම් ය වූ ද, රත්නමය වූ ද , රජතමය වූ ද, නැව් මවා, ඒ නැව්හිස් හංසමුඛ යැ, මකරමුඛ යැ, හස්තිමුඛ යැ , අශ්වමුඛ යැ යනාදි වූ නානාපුකාර වූ මුඛයෙන් සරහා , නැව්පස්සෙහි සත්රුවන්යටගැ පංචවණ්ර් ‍ වූ දිව්යයවස්ත්රප

1. බුදුන්.


178. අමෘතාවහ නම් වූ [ග‍ෙඬගාරොහණ

පතාක බඳවා, එහි එකි එකී නැවෙහි සත්රුවන්පලඟ පණවා මහානාගවෙශය හැරැ විචිත්රන වූ දිව්යකරූපයෙන් සැරැහී, හොරුකසහි 1 හිඳැ රන්රසුබඳ සත්රුවන්පල්ලෙන් හඬ නගා පදනා න‍ාගමාණික ශසහස්රනයන් විසින් සියලු ගඬ්ගාව එකකොලාහල කෙරෙමින් , නැව්හි නැව්හි වෙන වෙන පූජාවට සිටුවා ගත්තා වූ විශේෂරූප හා නැටුම් ඇති නාගමාණවිකාවන්නේ නෘත්යාගීතවාද්යශයෙන් ගොඩ සිටියා වූ දෙරටෙහි 2 මනුෂ්ය යන්ගේ නෙත්සින් ගයමින් , ස්වාමින්වහන්සේගේ සමීපයට නැව් සියදහස්තණන් ගෙණැ අවුත් එක පැහැරැ ශ්රී්පාදය වැඳැ ගෙණ හෙවැ ‘ස්වාමීනී , මිනිසුන්ගේ දුක් පහකරම්හයි බුදු වූ බව මුත් , නාලොව ඇත්තන්ගේ දුක් පහකරන්නේ නැද්ද? මුළුලොවැ පැතිරැ සිටි කරුණාව අප විෂ ඝොර හෙයින් හැකිලී 3 අප කරා නො වන්නේ ද? ‘බුදු වන්නට යැ’යි වඩනා ස්වාමීන් වළඳා හළ පාත්ර ය වන්නේ අප කුලෙහි එකක්හුගේ භවනයට නො වේ ද ? ප්ර්ථමබොධියෙහි සත්දවසක් වස්නා මහවැස්සෙහි තමාගේ දරණගබ ගඳකිළි කොට වඩා හිඳුවූයේ අප කුලෙහි නයෙක් නොවේ ද? බුදුමඟුලෙහි දහසක් තුඩු මවා ගෙණැ ස්වාමීන්ට ස්තුති කෙළේ අප කුලෙහි ගැත්තම්හ. අපටත් අනුග්රනහ කොට වදාළ මැනවැ’ යි ආරාධනා කළහැ.

මෙසේ නයින් සියලු ගඞ්ගාව පුරා පූජා හැරැ ගෙණැ අවුත් වැඳැ ගිය කල්හි. මනුෂ්ය යන්ගේ හා නාගයන්ගේ පූජා දුටු විමාන දෙවතාවෝ “ ඇපිත් අපගේ ස්වාමිදරුවන්ට පූජා නො කරමෝ දැ ?” යි එක පැහැරැ රුවන්මඬු ධවජ පතාකා ආදීවූ පූජා උපකරණ හැරැ ගෙණැ අවුත් ආකාශයෙහි පැණි ගියහැ. ඔවුන් එත් එත් සදිව්ය ලොකයෙහි දෙවතාවෝ එසේ මැ නොයෙක් පූජා හැරැ ගෙණැ අවුත් , අහස්කුස පුරා ගත්හ. උන් එන් එත් බ්රැහ්මපාරිෂද්ය යෙහි පටන් ගෙණැ , අකනිෂ්ඨබ්ර හ්මලොකය දක්වා එක පැහැරැ පූජා හැරැ ගෙණැ අවුත් ආකාශයෙහි පැණි ගියහැ. ඒ දිව්ය නාගයෝ තමන්ගේ සත්රුවන්නැව්හි යොදුන් පමණ කොට කුඩමත්තෙහි කුඩ නැගූහ. භූමියෙහි ගසගැ කොළ‍ඟෙහි ද, පර්ව තයෙහි ද, ආකාශයෙහි ද, සදිව්යස ලෝකයෙහි ද, බ්රදහ්මලොකයෙහි ද යන මෙතෙක් තන්හි සක්වලගල්මුවවිට පහරවා එක පැහැරැ යොදුන් පමණ වූ කුඩ අතුරු සිදුරු නැති වැ වැනී ගියේ ය. කුඩ අතුරෙහි දද යැ. දදඅතුරෙහි පතාක යැ . පතාකාඅතුරෙහි මල්දම් යැ. මල්දම් අතුරෙහි දිවපහන් යැ. දිවපහන් අතුරෙහි කළුවැල්දුම් යැ.

1. ශරුහිසැ. 2. දෙතෙරෙහි. 3. පැකිල- ථූපවංස.




කථා ] බුත්සරණ. 179

කළුවැල්දුම්අතුරෙහි වත්සුණු යැ. සියලු ආකාශයෙහි ඒ ඒ සියලු දිව්යලබ්රසහ්මයන් ’ අපගේ මඩුවට වඩා එම්හ "යි "අපගේ මඩුවට වඩා එම්හ යි කියා වෙන වෙන මැ බුදුන් වඩනට සුදුසු කොට සරහාලූ සත්රුවන්පඩු යැ. මඩුවෙන් මඩුවෙහි සත්රුවන් ආසන යැ; සත්රුවන් ආසනයෙන් ආසනයෙහි යොදුන් යොදුන් පමණ කුඩ යැ . බිමැ නටන මනුෂ්යිස්ත්රීුන්ට අපහාස කොට දියෙහි නටන නාගමාණවිකාවෝ යැ. ඔවුනට අපහාස කොට ආකාශයෙහි නටන්නා වූ දිව්ය නාටිකාවෝ යැ. උත්සව වෙස් ගෙණැ , ආකාශයෙහි බුදුගුණ කියකියා නටා බස්නා තරුණ දිව්යෙපුත්රායෝ යැ. උතුරුසළු එකස් කොට බහාලා ආකාශයෙහි ඇඳිලි බැඳැ ගෙණැ සිටැ , තමන්ගේ මඩුවට වඩනා පිණිස ආරාධනා කරණ දොළොස් යොදුන් මහාබ්ර හ්මයො යැ මෙසේ සියලු ලොව පූජාමය වැ ගිය අවස්තාවෙහි ස්වාමිදරුවෝ සියලු සත්ත්ව යන්ගේ මැ අභිප්රි්ය දැනැ වදාරා එකක්හට අනුග්රසහය කළ හොත්, ඉතිරියවූන්ට මහදොම්නස් වන්නේ යැ යි සිතා වදාරා සියලු සත්ත්ව්ලෝකයාහට අනුග්ර හය පිණිස , උසමහත හා රූප හා සෘඬිප්රා තිහාය්යාෝක දීයෙන් තමන්වහන්සේ හා මැ සම වූ පන්සියයක් පරිවාරයෙන් හෙබියා වූ, තිර්මිතබුඬයන් මවා වදාරා , එක් නැවකට වැඩැ පල‍ඟෙහි වැඩැ හිඳිනා හා මැ සියලුනැව්හි ද සියලු ආකාශස්ථ වූ මණ්ඩපයන්හි ද සියලු බ්රැහ්මයන් ගෙණා රුවන් මණ්ඩපයන්හි ද එක පැහැරැ පන්සියයක් පන්සියයක් පරිවාර ඇති බුදුවරුන් පැණි ගොසින් සියලු ලොව බුද්ධමය වැ පෙණි ගියේ. සියලු ලොව ධර්මමය වැ ගියේ . සියලු ලොවැ සංඝමය වැ ගියේ. එක්කෙනෙකුන්ට අනුග්ර හය කළ හොත් ඇපි කුමක් කරමෝ දැ යි සිටි සියලු සත්ත්ව යා තමන් තමන්ගේ මණ්ඩප යෙහි නිර්මිතබුදුන් පෙණි යන්නා හා මුන්වහන්සේ සැබෑ බුදුන්වහන්සේ යැ. මුන්වහන්සේ නිර්මිතබුදුන්වහන්සේ යැ යි තෝරා ගත ‍ නො ගී ස්වාමිදරුවෝ අපගේ මඩුවට මැ වැඩි සේකැ. අපගේ මඩුවට මැ වැඩි සේකැ යි එක පැහැරැ සාධුකාර දෙන්නට පටන් ගත්හැ.

මෙසේ නාගලෝකයෙහි එක පැහැරැ බුඬපූජා යැ මනුෂ්ය ලොකයෙහි එක පැහැරැ බුඬපූජා යැ: දිව්ය ලොකයෙහි එක පැහැරැ බුද්ධපූජා යැ. බඹලොව එක හෙළා බුද්ධපූජා යැ. මෙසේ ස්වාමිදරුවානෝ සියලු ලොව රත්නත්රවයමය කෙරෙමින් , නාලොවට වැඩැ , නයින්ට අනුග්ර හ කොට වදාරා, නයින්ට ධර්මවදේශනා කොට පෙරළා නැවින් මැ බිම්බිසාරරජ්ජුරුවන් සිටි ගොඩට වැඩි සේක . බිම්බිසාරරජ්ජුරුවෝ ද කර පමණළක්



180. අමෘතාවහ නම් වූ [ග‍ෙඬගාරොහණ

දියට බැසැ, සර්වවඥයන්වහන්සේට පෙර ගමන් කොට ලිච්ඡවි රජදරුවන් කළ පූජාවට දියුණු කොට , පූජාකොට මහපෙරහරින් වෙළුවනමහාවිහාරයට වඩා ගියහ.

ඉක්බිති මේ මහානුභාව දුටු වහන්සේවරුන්දැ “බුඬානුභාව ඉතා ආශ්චය්ය්ානු නියා යැ” යි කියා කථා කළ කල්හි , ස්වාමිදරුවෝ ලෝවැස්සාට කුසල්හි අනුසස් හඟවන පිණිස “මහණෙනි, මා මෙ තෙක් පූජා ලදුයේ අනික් මාගේ බුඩානුභාවයෙකින් නො වෙයි. පෙරැ මා සඞඛ නම් බ්රානහ්මණ වැ සුසීම නම් පසේබුදුන් වහන්සේගේ දාගැබ්මළුයෙහි තණගැටක් උදුරාලූ කුසලින් වෙළුවනයෙහි පටන් ගෙණැ ලිච්ඡවිරජදරුවන්ගේ සත්ථා ගාරය දක්වා අටයොදනක් පමණ තැන මැසිපියාපතක් සා කසළෙක් නො වී යැ. අස්වලක් සා කණුවෙක් නොවී යැ. කුරුඟුලාකණීන් ගෙණැ අවුත් ඒ මළුවෙහි ලාලූ වැල්ලෙහි අනුසසින් අට යොදනක් පමණ තැනැ මඟැ මුතුසුණු සේ සුදුවැලි අතුළහ. ඒ දාගබට මා මිටින් ගෙණැ , අවුත් පුදාලූ මල්හි කුසලින් නාගලොකයෙහි පටන් ගෙණැ , අකනිටාබඹලෝ දක්වා බිමැ පය ඔබා ලූ කලැ දණක් පමණ කළවෙයක් පමණ උකුලක් පමණ එරී1 යන පමණින් සතිස්ලක්ෂුදසදහස්තුන් සියපණස් යොදුන් සක්වළගබමුළුල්ලෙහි මල්වැසි වැසපි යැ. මා ඒ මළුවෙහි කෙණඩිකාවෙන් හැරැ ගෙණැ මිටින් ඉසැලූ පැනැ අනුසසින් මා පය දික් කරන්නා හා මැ විශාලාමහනුවරැ එතෙක් කුණු සෝධා ශතපටවල සහස්ර පටල නගා ආකාශයෙන් පොකුරුවැසි වැසපී යැ. මාගේ හිණැ තුබූ කඩපටක් ගෙණැ නඟාලුවා වූ , පතාකාවෙහි අනුසසින් සියලු සක්වළගමුළුල්ලෙහි දිව්යවමය වූ පතාකා වැනි ගියේ 2 මා ඒ දාගැබට නහාලූ පත් කුඩයෙහි අනුසසින් නාලොව පටන් ගෙණැ බඹලොව දක්වා යොදුන් පමණ ශෙවතච්ඡත්රනයෙන් සියලු අහස එක හෙළා සැදී ගියේ. මහණෙනි, මෙසේ හෙයින් සත්පුරුෂයන් විසින් ‘කුසල් නම් මඳ දෙයැ’ යි නො සිතියැ යුතු යැ” යි වදාරා කුසලට උත්සාහ වඩවන පිණිස

“මත්තාසුඛපරිච්චාගා -පසෙස වෙ විපුලං සුඛං, චජෙ මත්තාසුඛං ධීරෝ -සමපයසං විපුලං සුඛං” යි

මේ ගාථාව වදාරා දේශනා කෙළවරැ බොහෝදෙනා අමාමහ නිවන්හි ලා වදාළසේක. මෙසේ කුසල්හි අනුසස් දක්වා බණ වදාරන්නා වූ , සියලු ලොකයා අතින් පූජා ලබන්නා වූ , සියලු

1.සැරී. 2.පතාකාවෝ පැණි ගියහ.


බුත්සරණ. 181

සත්ත්වණයා සිතට දුක් නො වදනට ලාලූ වජ්රයප්රා කාරයක් වැනි වූ, සිහිකළවුන්ට සියලුසුව එළවන රාජමාර්ග්යක් වැනි වූ, මට මැ ස්වාමි වූ මට මැ මවු වූ, මට මැ පිය වූ , මට මැ ගුරු වූ, මට මැ ශරණ වූ. මේ වේලෙහි පටන් ගෙණැ අමාමහනිවන් දක්නා ජාතිය දක්වා මාගේ සිතට මාගේ කයට දුකක් වැද්ද නො දී අමාවෙහි ගලාපීවා සේ සනහන්නා වූ බුදුන් -පෙ-යා යුතු.

103 මෙහි මාගේ සර්වසඥයන්වහන්සේ දිව්යදමනුෂ්යනයන් එතෙර කළ පරිදි කියත් ඊට සමයයෙක් 1 නො පෙණෙයි. එසේ හෙයින් ස්වාමිදරුවන් දිව්යමමනුෂ්ය්යන්ට අවවාද කළ තැන් හැරැ මඬුවකුහට අවවාද කළ පරිදි කියමි. හේ කෙසේ ද? යත්:- එක් සමයෙක්හි මාගේ ස්වාමීන්වහන්සේ මුඛයෙන් ඉතිරී පිරී ගිය සත්රුවන් නිධානයක් සේ ධර්මවයෙන් ඉතිරැ පිරීගියැ සිත් ඇති බැවින් , බොහෝ කලක් පුරුදු වැ ආවා වූ , සත්ත්වතකරුණාසමාධීන් මස්තකප්රා ප්ත වූ බැවින් , සත්ත්ව යන් හික්මවීමෙහි දක්ෂ වූ අනික් එක ද සත්ත්වනයක්හු නැති වැ තමන් මැ මුළුලොව හික්මවන්නට පොහොසත් බැවින් , තමන් මුවෙන් නො බිණූ විට මැ මුළුලොව එක පැහැරැ ගිනිගන්නා බැවින් , තමන් වණු තෙප්ලෙන් මුළු ලොව සිත් පිණවා සැනහෙන බැවින් , තමන්ගේ එක අත බලා මුළුලොව පුලපුලා සිටිනා බැවින්, තමන්වහන්සේගේ එක ශ්රීලපාදච්ඡායා මුළුලොව සතප්නා ඡායාවෘක්ෂතයක් වැ සිටි බැවින්, තමන්ගේ එක ඉඟෙන් සියලු සත්ත්ව ලොකයාට නොවන වැඩක් නැති බැවින් , තමන් වහන්සේ බණ වදාරම් යන උත්සාහය මඳ කළ දවස් මැ සියලු බඹලොව හැල්බඩ හෙළහෙළා දිවැ තමන්ගේ ශ්රී පාදමූලයෙහි වැගිරැ බණ වදාරන්නට ආරාධනා කොට මම බණ වදාරමි. තෙපි නො බව යි වදාළසඳැ සැනැහී යන පරිද්දෙන් හු‍දකලා වැ මුළුලොවට සධර්මැයෙන් තැකිවිලි ලත් හෙයින්, තෘෂ්ණාවෙන් ආතුර වූ ලොවට තමන් ඔත් බෙහෙදක් මැ දිවබෙහෙත් වන හෙයින් , අනන්තාපය්ය් න්තසක්වළයන්හි පතළ මුළු පොළොවින් තමන් ශ්රි පාදය එබූ තැනක් මැ පූජාවට සුදුසු වන හෙයින් , සියලු සත්ව සමූහයාට තමන් වහන්සේ වදාළ බස් මැ බස්වන හෙයින් , තෘෂ්ණාවට තැති වූ මේ සත්ත්ව යන් තමන්ගේ බලයෙන් නිදහස් කරණ බැවින්, මේ සත්ත්වතයන් තමන්ට කරන්නා වූ නොයෙක් විකාරයෙහි නො කළකිරී දුක් ගන්නා ධෛය්ර්ූ‍ය තමන්වහන්සේට මුත් අනික්කෙනෙකුන්ට නැති හෙයින් , බුදු වූ ස්වාමිදරුකෙනෙකුනුදු දෙවරෙකැ නොලබන


1. ඒ මස්මයෙක්


182. අමෘතාවහ නම් වූ [ග‍ෙඬගාරොහණ

තරම් අසදිසදාන සරහා මෙහෙයූවන්ට ද, තමන්වහන්සේට ද්රො හ සිතා නාලාගිරි නම් මතැත්හු මෙහෙයූවන්ට ද, සම්සිත් වීමෙහි තමන් මුතු දෙවෙනි සතක්හු මුළුලොව්හි නැති බැවින් , තෘෂ්ණාවට ගැති ව සිටි ලොව නැවැතැ තෘෂ්ණාවට ස්වාමිදරු කොට ලීමෙහි ඇදුරුකම් තමන් මැ දන්නා බැවින්, එක බුදුකෙනෙකුන් උසුලාගෙන නොහෙන පොළොව ‘බුද්දු සදෙනෙක් ඇතැ’ යි කී කලත් ගිවිසැ සිටිනා අන්ධළබාලසත්වබයන්ගේ නොවියත් කම් පසිඳැ නුවණ දෙන තමන්වහන්සේ මුත් අනික් වියත්කෙනෙකුන් නැති හෙයින් , මහමෙර සා සත්රුවන්දම් පුදා හෙළූවන්ට ද, මුදුනට ගල් හෙළූවන්ට ද, සම වැ පවත්නා සිතක් ලද තමන් වහන්සේ සේ වූ අනික් කෙනෙකුන් නැති බැවින් , දවසැ දවසැ අලුයම වේලෙහි මුළු ලොව බලා ධර්මනදෙශනා අසා අමාමහනිවන් දක්නා පාත්රෙයන් 1 පිරිසිඳැ බලා එතැන්හි පැණි දෙශනා කරන්නා වූ ධර්මායට යොග්ය යන් ගණත් තමන් තැමූ2 ඇඟිල්ලට දෙවෙනි ඇඟිල්ලක් තමවාලන්නට සුදුසු සතක්හු තමන්වහන්සේත් සොයා දැක්ක නොගෙන බැවින් , තමන්වහන්සේ එක සිතින් ධරාගත් ධර්ම ය මුළුලොවට බෙදා දෙත් අඩු වැ නො පෙණෙන පරිද්දෙන් තමන්වහන්සේ සේ ධර්මොය උගත් කෙනෙකුන් තමන් සැරැ ‘ඇත, නැතැ’ යි යනු තමන්වහන්සේගේ ලයට මැ හැඟෙන බැවින්, “ මම බණ කියන්නට නො පොහොසත්මි. මම සතුන් කෙරෙහි කරණා නැත්තෙමි. මම සියලු සතුන් සිත් ගෙණැ1 බණ කියා ගන්නා තැනක් නැත්තෙමි. මම ධර්ම ය නො දනිමි. හික්මැවියැ යුත්තන් නො දත්මි ලොවට ල ඇත්තෙම් නො වෙමි. අනුන්ගේ දුක් දන්නා එකෙකීම නො වෙමි. අනුන්ට වැඩ කිරීමෙහි නො හසළයෙමි. මෙලෝ පරලෝ දෙක නො දන්මි. එහෙයින් මම කුමක් කෙරෙම් ද? යි කියා මූයෙන් තො බැණැ හිඳුත් හැම තමන්ට මුසවා වන බැවින් , ගමින් ගමට නියම් ගමින් නියම්ගමට ජනපදයෙන් ජනපදයට දෙව්ලොවින් දෙව් ලොවට බඹලොවින් බඹලොවට නාලොවින් නාලොවට සැඩොල් කුලෙන් සැඩොල් කුලයට රජකුලයෙන් රජකුලයට තවපැලින් වසුපැලට වසුපැලින් කුඹල්හලට කුඹල්හලින් නයින්ගේ දරණ ගබට දරණගැබින් ගඳකිළියට ගඳකිළියෙන් යක්විමනට තමන්ගේ එක තම මැ කියව. කියවා, මෙලෝ පරලෝ දක්වමින්, වදාළ වදාළ බණ සිතට නගමින් , කුසල්හි උත්සාහ වඩමින් , ඇසූඇසූ බණට සතුටු කරවමින් , මරන්නට දුනු ගතුවන් කඩු ගතුවන්, පූජාවට කුඩ ගතුවන් , පා සිවුරු ගතුවන්, හැමඑකනිවන්පුරයෙහි


1.කුලපුත්ර යන් 2.වැඳඹු 3.දැක



පුත්රට කථා ] බුත්සරණ. 183

ලමින් , තමන්වහන්සේගේ ශාසනයෙහි සංඝභේදය කළමුන් පොවා , තමන්වහන්සේගේ ශ්රීශ ශරීරයෙන් ලේ සෙල්වූවන් පොවා , කෙළවරැ බුදුන් සරණ යෙමි යි කී කල්හි පසේබුදුබවට කුසල්මුල් දෙමින්, සදෙවත සමාරකසබ්රකහ්මලොකය ඇතක්හු මැඩගත්තා වූ හුණලැහැබක් සේ එක පැහැරැ ගිගිරි ගන්වමින් වැඩිතැන යැ, නො වැඩිතැන යැ, හුන්තැන යැ, නො හුන්තැන යැ, උපන්තැන යැ, නො උපන්තැන යැ, හැඳින්නෝ යැ, නො හැඳින්නො යැ, සිත් ඇත්තෝ යැ, සිත් නැත්තෝ යැ, යන විවේකයක් නො කොට , හැමැ එක පැහැරැ තමන්ගේ ආශචය්ය් නයට නටවමින් කෙළවමින් , ජෙතවනයෙහි ගඳකිළිය යැ අබඇට ඇතුළ යැ යන හැම තන්හි ඒකාකාරයෙන් සතර ඉරියව්වට ස්ථාන කෙරෙමින් , විස්මය සහිත බුදුගුණ සියලු සත්ත්වඇයන්ගේ සිත් පුරා උතුරුවමින් , මිහිරි වූ බුදුරුව සියලුසතුන් ඇස සරහසරහා පුරා උතුරුවමින්, පාත්රාදපාත්රාසයන් පරීක්ෂාය කොට වඩනාසේක් චම්පා නම් නුවරැ ගගිරා නම් පුෂ්කරිණිතිරයෙහි වැඩ හිඳැ , චම්පා නම් නුවරැ වසන්නා වූ මනුෂ්යරයන්ට දහම් දෙසූසේකැ.

මඩුවකු පවා ල ගත් බණක් වුව, ඒ බණ වදාරණ ශ්රීප මම කෙසේ කියම් ද? ස්වාමිදරුවෝ බණ වදාරති. අසන්නෝ බණ අසති. මිහිරි බණක් වදාරන්නට පටන් ගත්දා වන් ප්රෙ තයන් කණැ හුනු කව, බොව යන හඬක් සේ ඇතුන්ගේ කණැ හුනු හස්තිකාන්තවිණාධව්නියක් සේ, කිරි නො ලදින් තලු වියැලී හොත් වස්සා කණැ හුනු මවුදෙනකගේ හඬක් සේ, රුවන්සකට පෙහෙ වැ හොත් සක්විතිරජ්ජුරුවන් කණැ හුනු සක්රුවන්හි මිහිරිහඬක් සේ, මාගේ ස්වාමීන්ගේ ශබ්දය කණැ හුනු ස‍ඳෙහි කවුරු නම් සැනහී නො යේ ද? කවුරු නම් පිණා නො යෙද් ද? කටු ඇති වැ ද ඇතුන්ට මිහිරි වූ වැටකෙහෙකොළක් සේ , කුළු වැ ද කොටළුවන්ට1 මිහිරි වූ මිරිස්කොළ සේ, කිසිරසයක් නැති වැ ද මුවන්ට මිහි රි වූ කුකුරුමුවන්පක් සේ, හූරන් සාරා සොයා ඇවිදැ ලබන තික්ත රස ඇති කලාඳුරු සේ , වස්සන්ට මිහිරි වූ බෙලසුල්කැලිය කොළ සේ, රළු වැ ද රස නැති වැ ද පරෙවියන්ට සිත්කලු වූ හීන්හකුරු සේ ආස්වාදයට නුසුදුසු වැ ද කොස්ලිහිණියන්ට මිහිරි වූ යශොදුරක් සේ , තික්තරස වැ ද ගුරු වැ ද කවුඩුවන්ට ප්රිරය වූ මි‍ෙතල්පාන්පියැල්ලක් සේ , හුනු වැ ද ඔටුකුකුළන්ට ප්රිරය වූ ගිනිඅකුරක් සේ , ඔවුන්ට මිහිරි වූ කවුකොළ සේ,


1.කනුවන්ට



184. අමෘතාවහ නම් වූ [මණ්ඩුකදිව්යැ

මේ වදාරණ ධම්ය්ෘත යම් දෝෂයක් ඇති වැ කිසි කිසි ගුණයෙකින් සත්ත්රරවයන්ට ප්රිිය වී ද? යත්:- එසේ නැත. ඒ ස්වාමිදරුවන් වදාළ ඒ ධම්ය් සිතක් ඇති කණක් ඇති කා නම් සිත් නො ගන්නී ද? ‘මෙ තෙක් කිව, මොහු සිත් ගන්නී. මෙලෙසින් කිව, මොහු සිත් ගන්නී . මේ වෙශයෙන් කිව, මොහු සිත් ගන්නී. මේ බසින් කිව, මොහු සිත් ගන්නී. මේ විලාසයෙන් කිව, මොහු සිත් ගන්නි” යි අසන්නා වූ සියලුසත්ත්‍න්යන්ගේ සිත්හසර1 බලා වදාරණ ධර්මතයෙක මෙසේ ස්වාමිදරුවෝ බණ වදාරති. ඒ පොකුණුතෙරෙහි හුන් චම්පානුවරවාසීහු වදාරණ බණ සිත් දී කන් දී වැඳැ වැඳැ පුදපුදා සාධුකාර දිදි අසත් ලු.

එසමයෙහි ගගිරා නම් පුෂ්කරිණීතිරයෙහි මඬුවෙක් සම්යෙක්සම්බුද්ධයන් වහන්සේගේ මිහිරි වූ කටහඬ අසා හොත්තේ. ඒ ස්වාමි තමන්වහන්සේගේ ශබ්දය කණැ හුණු කවරක්හුගේ නම් ලය නො සනසා වදාරණ සේක් ද? ඒ මඬු නිශ්චල වැ හොත් ල. ගොපොල්ලෙක් ඔහු හොත්බව නො දැන ඔහු පිටැ තමා අතැ තුබූ දඬක් ඔබාලා සිටැ හිස මැඩැ මැරී ල. දඬ ඔබා මැඬැ ගැන්ම ද, හිස කැඩී මැරී යාම ද , හැම නො දත්තේ යැ. බුදුන් වහන්සේගේ කටහඬ අසා හොත් මාත්ර යෙකින් මියැ තමාගේ මණ්ඩුකආත්මභාවය හැරැ දිව්ය ආත්මභාවය ලදින් ගොස් , දෙව්ලොවැ උපත . දොළොස් යොදුන් පමණ රන්විමනෙක් පහළ වි යැ. ඒ විමානයෙහි මොහු බැලුබැලූ දිශාවෙහි නටන ගී කියන බෙර ගහන දිව්යා ඞ්ගනාවෝ සියදහස්ගණන් වූහ. ඒ මණ්ඩුකදිව්යහපුත්රදතෙම තමාගේ ඒ විශේෂ වූ ශ්රීණ බැලී යැ. තමාගේ රන්කඳක් සේ දිලිසෙන ආත්මභාවයත් බැලී යැ. “ මම පෙරැ කවරෙකිම් දෝ හො !” යි විමසන්නේ ගොපල්ලා ඔබා ගෙණැ සිටි දඬ යට හොත් තමාගේ මණ්ඩුකශරීරය දිට. “ මා මෙසේ වූ මඩු ජාතියෙකැ ඉපැදැ, මෙසේ වූ යහපත් වූ දිව්යා ත්මභාවයක් ලද්දේ කවර කුශලයක් කොට දෝ හො!” යි විමසන්නේ බුදුන් වහන්සේගේ කටහඬ මාත්ර යක් කණැ වැටී සිදු වූ කුසලින් බව දැනැ, ඒ සර්වොඥයන් වහන්සේ ද, ඒ වැඩැ හුන් ආසනයෙහි මැ වැඩැ හිඳැ ඒ වේලාව දක්වා මැ ධර්මවදේශනා කොට වදාරන්නා මැ දිට. එ මැ ක්ෂැණයෙහි “ මා වැනි හීන වූ මඬුවකුට මෙ වැනි සම්පත් දී වද‍ ාළ ඒ ස්වාමිදරුවානන්වහන්සේ ගේ ශ්රීකපාදය වඳිමි” යි කියා තමාගේ මහත් වූ පරිවාර හැරැගෙණැ ඒ විමානයෙන් එ මැ මහිමයෙන් අවුත් සර්ව ඥයන්වහන්සේගේ ශ්රීනපාදය වැන්දේ.


1. සිත්හි රස


කථා	]				බුත්සරණ.					185

සර්වකඥයන්වහන්සේ ඔහු දක්මින් ඔහු මණ්ඩූකආත්ම භාවයෙන් දිව්යයආත්මය ලත්නියාව තමන්වහන්සේට ඇතැඹුලු සේ පැණෙතුත්, දිව්යයපුත්රතයා ලවා මැ ලෝවැස්සන්ට ඔහු වූ නියාව කියවාලන පිණිස ’පෙළහර වූ ශරීරවර්ණ යෙන් සෘධියෙන් පරිවාර හා එක් වැ අවුත් මා වැන්දේ කවරෙක් ද? යි විචාරා වදාළ සේක. සම්ය ක්සම්බුඬයන්වහන්සේ එසේ වදාරන්නා හා මැ මණ්ඩුකදිව්ය පුත්ර්තෙම කියන්නේ මම පෙරැ දියෙහි වසන දිය මැ ගොදුරු කොට ඇති මඬුවෙකිමි. නුඹවහන්සේ බණ වදාරණ මිහිරි වූ කටහඬ අසා හොත්තා වූ මා හිස එක් ගොපල්ලෙක් තමා අතැ තුබූ දඬක් ඔබා ගෙණැ මිරිකා මරාපී යැ. නුඹවහන්සේගේ ආනුභාව නො දැනැ නුඹවහන්සේ බණ වදාරණ මිහිරි වූ ශබ්දය ඇසූ මාත්‍නුෙයකින් මාගේ සෘද්ධි බලා වදාළ මැනවැ. මාගේ යශස් බලා වදාළ මැනව. මාගේ ආනුභාව බලා වදාළ මැනව. මාගේ ශරීර‍ප්ර භාව බලා වදාළ මැනැව. පෙරැ මා මණ්ඩූකසමයෙහි මාගේ මණ්ඩූකශරීරයත් තෙල තුබූ නියාවත් බලා වදාළ මැනැව. වදාළ බණ අසා , දැන් මා ලද මේ දිව්යාශරීරයත් බලා වදාළ මැනැවැ. ස්වාමීනී, මී තියා වූ පෙළහරකෙනෙක් ලොකයෙහි කොයි ඇද්ද? මාගේ තෙල මණ්ඩූකආතමය බලා කැත ඇති වැ වළහා නො යන්නෝ කවුරු ද? දැන් ලත් මේ ආත්මය බලා සොම්නස් වැ ප්රා ත්නාදැ නො කරන්නෝ කවුරු ද? ස්වාමීන්ගේ කටහඬ ඇසූ මාත්ර යකට මේ තියා වූ සම්පත්තියක් දෙවා වදාළසේකැ. මා සේ වූ එකකු ලය මඳක් පහන් කොට ගත් මාත්ර යෙකින් මේ සා සම්පත්තියක් වන කලැ, ස්වාමීන් වූ නියාව දැනැ , ස්වාමීන් වදාරණ බණ වූ නියාව දැනැ , බොහෝ කලක් සිත පහදවා ගෙණැ , බණ ඇසූ සත්ත්ව යකුට අමාමහ නිවන් ලැබෙනබව කවර විස්ම‍ෙයක්දැ? යි කී යැ. සර්වැඥයන්වහන්සේ එසමයෙහි මණ්ඩුකදිව්යරපුත්රෙමාහට බණ වදාළ‍සේක. මණ්ඩුකදිව්යවපුත්රෙතෙම සුවාසූදහසක් ප්රාීණීන් හා සමඟ අමාමහ නිවන් දිට. මෙසේ තමන්වහන්සේගේ බණ අසා හොත් මඬුවන් පවා මළස‍ඳෙහි දිව්යමපුත්ර කොට , දිව්යීපුත්ර වූ ස‍ඳෙහි මැ අමාමහනිවන් දෙන, ලොවට අනුශාසනා කරණ සේ දන්නා බුදුන් -පෙ- යුතු. 104 සියලු ලෝවැස්සන්ගේ මුව නො සෑහෙන ගුණ ඇති, සියලු සත්ත්වනයන් සංසාරයට පිටිවහල් කොට තැකූ, සියලු ලෝවැස්සන්ගේ සිතැ සියලු උකටලී හරණා වූ, සංසාරදුඃඛයෙහි භය ඇත්තා වූ සියලු සත්ත්වරයන්ට නො බව, යි කියා අභය



186. අමෘතාවහ නම් වූ [පරිබ්රා්ජිකා

දුන්නා වූ රාත්රීාන්දිවනයෙහි නුවණැත්තන්ගේ ඇසින් නො තොර වන, සිතින් නො තොර වන, සියලු සත්ත්වොයන් තමන්ගේ ශ්රීනපාදය සිහි කරවා සංසාරයට අහංකාර කරවන , මෙසේ වූ මහතානන් සරණ යෙමි යි බුත්සරණ යා යුතු.

105. තව ද , පෙරැ පන්සියයක් බන්සියයක් වාදස්ථාන දන්නා නිගණ්ඨයකු හා නිගණ්ඨි‍යක හා දෙන්න සියලු ජම්බුවීපයෙහි විවාද පිණිස ඇවිදිනාහු විශාලා නම් රාජධානියට වැද, ලිච්ඡවි රජදරුවන් මඞ්ය යෙහි විවාද කොට , ඔවුනොවුන් පැරැදවියැ නො හී සම සම වුහු ල. පසු වැ ලිච්ඡවිරජදරුවෝ ඔවුනොවුන් දෙපක්ෂයේ ඇත්තවුන් සරි සේ දැනැ , දෙදෙනාට වෘත්ති තබා වසනතැන් කරවා දී තමන්ගේ රාජධානියෙහි හිඳවූ ල ඔහු දෙදෙන ඔවුනොවුන් හා සංවාස කොට , දරුවන් පස්දෙනෙකු ලදහ. එයින් එක්දුවක් සව්වා නම එක් දුවක් ලාලා නම. එක් දුවක් පටාචාරා නම. එක් දුවක් අවාටකා නම. පිත් සච්චක නම්. මොහු පස්දෙන මවුපිය පරම්පරාවෙන් ආ වාදස්ථාන දහස ඉගෙණ සමත්ර්පස් ‍ වූහැ. පසුවැ මවුපියෝ දුන් සතරදෙනාහට “දරුවෙනි, අප කුලෙහි දායාද්යප දී සරණ කොට දුන් දුන්නෝ1 නැත. තොප වාදස්ථාන දහස අප අතින් ඉගෙණ මුදුන් පත් කළ බැවින්, ඉතිබ්බ සියලු ජම්බුවීපයෙහි තපස් වී කෙනෙකුන් දිනුවහොත්, උන්ගේ ශාසනයෙහි මහණ වව. ගෘහස්ථකෙනෙකුන් තොපගේ වාද බුන් හො‍ත් , උන්ට අඹු වව” යි කියා සමු දුන්හ.

පසු වැ ඔහු සතරදෙන පරිබ්රඋජිකා වෙශ ගෙණැ “ මේ දඹදිවට සලකුණු වූයේ දඹගස වේ දැ “යි කියා දඹඅත්තක් ගෙණැ “අප හා වාද කරන්නට සමත්ර් වේ‍ එකෙක් මේ අත්ත මඩවාපියව” යි කියා , වන් වන් ගම්හි ඒ දඹඅත්ත හිඳුවා දඹදිවැ ඇවිදිනාහු ක්රාමයෙන් සැවැත්නුවරට වැද, ගම්දොරැ පෙරැ සේ මැ අතු හිඳුවා සියලු ජම්බුවීපයෙහි අප හා වා ද කරන්නට පොහොසත් කෙනෙකුන් ඇත. හොත් , මේ අත්ත මඩවාපියන්නට කිව” යි ම්නිසුන්ට කියා ගමට වන්හ.

එසමයෙහි මුළු ලොවට නො නස්නා අමා දුන්, කෙලෙස්අරුචි හරණ දහම් නැමැති බෙහෙත් දුන්, කටයුතු නො කටයුතු මංහි‍ නො මුළා කරණ නුවණ නැමැති ඇස් දුන් , දහම් නැමැති දිවි දුන් , සියලු සතුන් ලෙහි කෙලෙස්තැවුලි නිවා ධර්මනදෙශනා නැමැති හෙල්මැලිලිය බහාලූ, සියලු සතුන්ට හිරිඔතප්හි රස


1.එක්සැමි කෙනෙකුන්ට දුන්

දමනය] බුත්සරණ. 187.

දැන්වූ , සව්සතුන් රහත්ඵලයෙහි පහරවා හික්මවන, නිවන්හි පහරවා ගොඩ දක්වන, බඹලොව්හි පහරවා අරුචි උපදවන, පඤ්චකාමයන්ගේ සැඟවී සිටි තිකතරසය ප්ර කාශ කළ , කුසල්හි මිහිර මුවෙහි පහරවා ලොවට දැක්වූ, ශරීරයෙහි පිළිකුල ලෝවැස්සන් සිත්හි ඇඳ වූ බුදුරජානන්වහන්සේ එ මැ සැවැත් නුවර නිසා දෙව්රම්හි1 වැඩැ වසනසේකැ.

එසමයෙහි ධර්මවචක්රඇවත්තීසන ස්වාමීන්වහන්සේගේ අගසවු වූ, මහාමේරුවට මිටි වූ චක්ර‍වාටපර්වතතය සේ බුදුන්ගේ නුවණට මතු අඩු වූ නුවණ ඇති, බුදුන්වහන්සේගේ බණ දෙසමින් වැඩ හිඳැ සැතපෙනු කැමැති කල්හි මෙතෙකින් ඔබ කියව යි කියා වදාළ සමයෙහි , ස්වාමිදරුවන් වදාරා සන්ධිි කළ තැන් පටන් ඔබ්බට බුදුන් වදාළ ධර්ම යට වෙනසක් නො වන පරිද්දෙන් බණ වදාරන්නට පොහොසත් වූ, කපක් දවස් මුළුල්ලෙහි සතරමහාවීපයෙහි දියෙහි ගොඩෙහි වට වැස්සෙහි කුඩා මහත් බිඳු මෙතෙකැයි ගණන්නට පොහොසත් වූ දසදහසක් රුවන්මෙර මුදුනෙහි බඳ සත්රුවන් සක්මන්හි සක්මන් කෙරෙමින් යමාමහපෙළහර කරණ බුදුන් වහන්සේ කරා එළඹැ ප්ර්ශ්න විචාරන්නට පොහොසත් වූ, ’‍මාගේ ශ්රාඹවකයන් අතුරෙන් ප්රටඥාසම්පන්නයන් කෙරෙහි මොහු අග්ර‍ යැ යි බුදුන්වහන්සේ විසින් නුවණැත්තන් කෙරෙහි අග තන්හි තබන ලද, අස්සජිමහතෙරුන්වහන්සේ විසින් කියන ලද ගාථාවෙහි ආදී දෙපදය නො මැ නිමවන තුරු අමාමහනිවන් පසක් කළ , ධර්මොදායාදසූත්රරය යැ සම්පසාදනියසූත්ර ය යැ යනාදී නොයෙක් සූත්රීයෙහි ප්ර සිද්ධ වූ ගුණ ඇති, බුඞශාසනයෙහි නඟාලූ ධ්වජයක් වැනි වූ සැරියුත්මහතෙරුන්වහන්සේ සකස් කොට හැඳැ පෙරවැ සිහිනුවණින් යෙදී , බැලුබැලූවන් ඇසෙහි අමෘත පරිෂෙක කරන්නාක් බඳු වූ සලෙසපන් ගමනින් , දෙව්රම්හි සිටැ, සැවැත්නුවරට සිඟා වඩනා සේක්2 මහවතැ තුබූ දඹඅත්ත දැකැ, මේ කිමෙක් ද? යි විචාරා එතැන්හි සිටියවුන් විසින් ස්වාමීනී, මුළුදඹදිව්හි තමන් හා වාද කරණ කෙනෙකුන් නො දැක දර්මයයෙන් ඇවිදිනා වූ ගෑණුපඬිවරහු සතරදෙනෙකුන් ’අප මධ්යනයෙහි තුඞක් සොලවා ලන්නට පොහොසත් වූ කෙනෙකුන් ඇතහොත් , මේ අත්ත සොලවා පියන්නට කියව ,යි කියා මුළු දඹදිවට සලකුණු වූ දඹඅත්ත හිඳුවා , තුමූ ගමට වන්හ, යනු අසා වදාරා මෙපමණෙක් පිළිවන් වේ දැ, යි සිතා එසේ වුව හොත් , තෙල දඹඅත්ත පයින් මැඩැ සුණුවිසුණු කොට පියව යි වදාරා


1. විශාලාව නිසා මහවනයෙහි 2. මහාවනයෙහි සිට විශාලාවට සිඟා වඩනාසේක්.

188. අමෘතාවහ නම් වූ [පරිබ්රාවජිකා

ගම්දරුවන් “ස්වාමීනී , ඔහු බලවත්හ. අපි ඔවුන් හිඳුවූ දඹ අත්ත මැඩැපියන්නට බම්හ” යි කියා දැන්වූ කල්හි, තෙරුන් වහන්සේ “ අප කී බසින් මඩනා බැවින් මඩුව” යි වදාරා දඹ අත්ත මඩවා සුණුවිසුණු කරවා වදාළසේක.

ඉක්බිති තෙරුන්වහන්සේගේ බසින් ඒ අත්ත සුණුවිසුණු කළ ගම්දරුවෝ “ ස්වාමීනී , උන් අවුත් විචාළ කලැ ‘මේ අත්ත කා මැඩ‍වූහ’ යි කියමෝ දැ?” යි විචාළහ. ඒ අසා තෙරුන් වහන්සේ “ දරුවෙනි , මුළුලෝමුදුන්පත් කළ සර්ව ඥකමින් වියත් කම්හි කුළුගත් ගෞතමගොත්ර යෙහි උපන් ශාක්ය සිංහයානන් වහන්සේගේ මහලුපුතනුවෝ මැඩවූහයි කියා ලව ඒ සවාමීන්ගේ බසහසර දැනැ සිටියවූන්ට මුළුලොව්හි බසැතියන්ගේ බස් නොබස් වන බව කියව යි, සිංහනාදයට පිළිරැව් දුන් ගලෙහි‍ හඞට පවා ඇත්කැල බිඳී යන්නා සේ , මාගේ ස්වාමීන්වහන්සේගේ දහමට පිළිරැව් දෙන්නාක් බඳු වූ මාගේ බසින් සියලු වාදී සමූහයන් බි‍ඳෙන බව කියව. මුහුදුදිය වැද පිරී ගිය කලපුවක් සේ මාගේ ස්වාමීන්ගේ සුභාෂිත නැමැති මහාසාගරය ඔද වැඩි මාගේ සිත් නැමැති කලපුව දහමින් පිරී ඉතිරැ ගිය සේ කියව. සියලු ලොව වාදීන්ගේ දළදජ බිඳුනා වියත්කෙනෙකුන් පාමුල්හි වැඩි කෙනෙකැ යි කියව. ඒ බිණියැහෙන්නවුන් කෙරෙහි අග්ර වූ ස්වාමි දරුවානන් සියලු වාදීන්ගේ මන් බිඳිනා තන්හි ඔවුන් උත්තරප්රූත්යු ත්තර කියන පරිදි අසා පුරුදු පුතනු කෙනෙකැයි කියව. ඒ සඞර්ම විද්යා චාය්ය් අයන්වහන්සේගේ ධර්මාවිද්යා් ශාලායෙහි සියලු ශිෂ්ය යන්ට වැඩිමහලු ශිෂ්යයයාන කෙනෙකැයි කියව. ඒ මහවියතානන් දරුවන් හා අනුන් හා අනුන් හා වාදයක් වූ තන්හි ජයශ්රීමයෙන් දරුවන් මුහුණ බලන බව කියව. නො බණන්නට සුදුසු වූ කල්හි ඔවුන් ගන්නා මෞනව්ර තය උන් හැරැ ප්රටතිවාදීන් කරා යනබව කියව. සෙණ හුණු පරණලා පත් සේ, ඔවුන්ගේ වාදයෙහි ග්රානථිස්ථාන හුනු තන්හි සියලු වාදීන් සුණු විසුණු වැ යන බව කියව . මුහුද මැද නැව් බිඳියවුන් තමන්ගේ ධනය හැරැ පියා තමනු දු එහි මැ හී බමන්නා සේ, අභිමාන නැමැති ධන ගෙණැ අපගේ විහාරයට වන් වාදීන් තමන්ගේ අභිමානය හැරැ තමනු දු අප ගේ විහාරයෙහි ගැලෙන බව කියව අර්ථි වූ නම් මපියානන් වහන්සේ වැඩැ හිඳිනා විහාරයෙහි මා හිඳිනා තැනැ සලකුණු කියා මා කරා එව” යි කියා , තමන්වහන්සේ සිඟා වළඳා විහාරයට වැඩිසේකැ.


1.සහසාසම්බුධ.


දමනය] බුත්සරණ. 189.

පරිබ්රාැජිකාවෝ නැවැතැ අවුදින් එතන්හි සිඳි බිඳී පියා තුබූ දඹඅත්ත දැකැ මේ කුමන විස්මයයෙක් ද? මේ කුමන පෙළහරෙක් ද? පෙරැ මුළු දඹදිවැ ඇවිදිනා කල්හි අප හිඳුවූ දඹ අත්ත සිටි සේ සිටි පරිදි දුරින් මැ බලබලා සැනැහිසැනැහී එම්හ අද ඒ දඹඅත්තෙහි සුණුවිසුණු වැ ගිය පත් තමහට වූ පරිභවය කියන්නට දිවන්නා සේ සුළඟින් අප ඉදිරියට දිවන්නා බලබලා එම්හ. ඒ අත්ත වූ කලී මිනිසෙක් නො මඩවයි. මතැතෙක් ගහටා පී දෝ හො ! යි, වියරුහුනුයෙක් සිඳැ බිඳැ පී දෝ හො!යි ,මුළු දඹදිවැ නැති වාදී කෙනෙක් අළුතැ සැවැත්නුවර කොයින් ඉපැද ගත්හු ද? යි සිතසිතා එතනට ගොස් ගම්දරුවන් විචාළාහ ඔහු එපවත් කීහු - ලාරසයෙහි ගලා නගා ගත් සපුමල්දමක් සේ රත් සිවුරක් පෙරෙම් රන්වන්වහන්සේ කෙනෙක් සිටි සිටි දොරැ දහසින් බැඳි පියැලි හෙළහෙළා වඩනා සේ , තමන්ගේ කරුණා ගෙහි ගෙහි පවත්වමින් ගෙපිළිවෙළින් සිඟා වඩනාසේක්, තොප හිඳුවූ දඹඅත්ත මුලට වැඩැ , තොප කී පවත් ඇසූසේක.වැලිත් මඩුව, යි අප ලවා සුණුවිසුණු කැරවූසේක. උන් අවුත් විචාළ කලැ කා මැඩවූය යි කිසමෝ දැ? යි කී කල්හි , තමන්ගේ ගුණ තබාපියා, තමන්ට ගුරු වූ තිලෝගුරු. බුදුන්වහන්සේගේ මැ ගුණ කියා , උන් පුතෙකිමි. උන්ගේ ගැත්තෙකිමි. උන්ගේ මැ සව්වෙකිමි , යන බස මුත් මම මැ සූරීමි යන බසක් තු‍ඬෙහි නොවැකූ සේක . එතොත් ඔබ එන්නට කියව යි තමන් වහන්සේ වසන තැන සලකුණු කියා වැඩිසේක. පොහොසත් වූ නම් , ඔබයව යි කීහ.

ඔහු එබස් අසා , තමන්ගේ ජයශ්රී ය බලන පිණිස මහණෙක් අප හිඳුවූ අතු බිඳැ ගියේ ල. අප ඔහුගේ මන් බිඳුනා පරිදි බලන්නට එව ,යි බොහෝදෙනා කැඳවා ගෙණැ ගොස් විහාරයට වන්හ. තෙරුන්වහන්සේ ඔවුන් එනබව දැන, සිංහනාද කරණ පිණිස ගුහාවෙන් නික්මැ රක්ගල්තෙලෙහි හුන් කෙසරසිංහයක්හු සේ, තමන්වහන්සේ හුන් සුලුවායෙන් නික්මැ , විහාරමඞ්ය යෙහි වැඩහුන් සේක. ඔහු සතරදෙන ගොස් දුරැ සිට මැ බලා වැඩහුන් තෙජසට මැ සැක ඇති වැ එළෙඹැ අප හිඳුවූ අත්ත මැඩවූ දැ ඇද්දැ ? යි විචාරා , මහතෙරුන්වහන්සේ එසේ ය. කරවු දැ ඇතැ , යි වදාළ කල්හි අතු මඩනා සේ දන්නා බව දනුම්හ. වාදකරණ සේ දන්නේ ඇද්ද? නැද්ද? යි කී කල්හි , වැඩියක් මැ පියානන්වහන්සේ කරා යන බව මුත් , තොප පමණකට දන්මි ,යි වදාළසේක. පරිබ්රාවජිකාවෝ ’ අප විචාළා තෙපි කියවු ද? තොප විචාළා අපි කියමෝ ද? යි කීහ. එකල්හි මහතෙරුන්වහන්සේ ’තොප ගැහැණුන්ගේ නුවණෙක් වේ නම් , වැඩියෙක්


190. අමෘතාවහ නම් වූ [පරිබ්රා ජිකා නොවන්නේ වේ ද ? පළමු අපි මැ තොප විචාළක් කියම්හ, යි වදාළ සේක. ඒ අසා පරිබ්රාපජිකාවෝ සතරදෙන සතර දිශාවෙහි සිටැ ගණැ , සතරදිශාවෙන් නැගූ මෙඝරාජිසතරෙකින් හෙන මහසෙණසේ ව‍ාදස්ථාන දහස පිරුවාපූහ. මහතෙරුන්වහන්සේ ඒ අසා ඉතා බැරි යැයි සිතූසේක් ද ? යත් : අනුන් කීවක් බැරි යැයි සිතන පඳුරෙකැ දඞක් නො වන බැවින් , පෙර රහත් නොවන කලැ පවා මියැ බඹලොවට යන්නා වූ පියානන්වහන්සේ “ නත්ථිව කිඤ්චි” යි කියා ගිය කල්හි “ මාගේ ස්වාමි ආකිඤ්චඤ්ඤායතන ධ්යාචනලාභී වනසේ ය” යි සිතාගන්නට සුදුසු නුවණක් ඇති බැවින් මෙසේ බොධිසත්වනයන් සඟවා කී බස්හි පවා අප දන්නෝ මොවුන් කී බසැ නො පැකිලෙති.

“ ගඞගාය වාලුකා ඛියෙ - උදකං ඛියෙ මහණණවෙ, මහියා මතතිකා ඛියෙ - ලකෙඛන මම බුද්ධියා” යි

තමන් කරණ සිංහනාදයෙහි බල අද නො පෑ කොතනට තබත් ද? තමන් පියානන්වහන්සේ “ඒතදග්ගං භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං පඤ්ඤාවත්තානං යදිදං සාරිපුත්තෝ” යි තමන්ට දුන් තනතුරු තමන් මුහුණ බලා දුන් තනතුරෙකැයි කියවත් ද?

“ ලොකනාථං ඨපෙත්වා න - යෙ චඤ්ඤෙ අත්ථි පාණිනො, පඤ්ඤාය සාරිපුත්තස්ස - කලං නාගඝතති සොළසිං” යි

කියා, මුළුලොවැ පතළ තමන්ගේ යසසට අද කැලලක් කෙරෙත් ද ? එහෙයින් ඔවුන් සතරදෙනා කී දහසක් ප්රදශ්න හැම විසඳා ඔබ කියව යි වදාළහ. ඔහු මහසායෙහි මලු සලා වී කාපියා මියන්නට වක ගැසූවන් සේ තමන් උගත් වාද දහස නිමවාලා , වක ගසා ගෙණැ සිටැ “ වහන්ස, අප දන්නා දැ මෙතෙකැ” යි කීහ. මහතෙරුන්වහන්සේ “අපි තොප සතරදෙනා විචාළ දහසක් ප්රැශ්න හුදෙකළා වැ කීම්හ. තෙපි සතරදෙනා අප හුදකළා වැ විචාළ එක ප්ර ශ්නයක් කියව. එ ද , වැඩියක් නො විචාරම්හ. අපගේ ස්වාමිදරුවානන්වහන්සේගේ සස්නෙහි පැවිදි වන සාමණෙරයන් මහණ වන දා උගන්නා පැනයෙක් ඇත. ඒ කියව” යි කියා “ එකෙක් නම් කිම් දැ ? “යි විචාළසේක.

පරිබ්රාවජිකාවෝ අග දැන ගත නො හී, මුල දැනගත නො හී උනුන් මුහුණු බලා, තෙරුවන්වහන්සේ පාපිටැ වැඳැ ගෙණැ හෙවැ “ නුඹවහන්සේ මැඩවූ අත්ත නුඹවහන්සේට ම සුදුසු යැ. ස්වාමීනී , නුඹවහන්සේගේ වියත්කම් නුඹවහන්සේගේ පියානන් වහන්සේගේ සම්මාසම්බුදුබවට මැ සුදුසු යැ. ස්වාමීනී නුඹ


දමනය] බුත්සරණ. 191.

වහන්සේ මෙසේ කලැ උන්වහන්සේ කොතරම් දෝ? ස්වාමීනී, ගෘහස්ථයකු අපගේ මන් බුන, අපි ඕහට අඹු වම්හ පැවිදි කෙනෙකුන් අපගේ මන් බුන, ඔහුගේ සස්නෙහි මහණ වම්හ. මේ අපගේ ආචාරය යැ. එහෙයින් අප මහණ කළ මැනැවැ යි දන්වා මෙහෙණ සස්නෙහි මහණ වැ නොබෝකලෙකින් රහත් වූහ.

මොවුන්ගේ මල් සච්චකවාදී වූ කලී මොවුන්ට වඩා සිය දහස් ගුණයෙන් වැඩිසේ යැ. බුහුනන් දන්නා වාදදහස ද දන්නී . තමා බොහෝ ඇසූපිරූතැන් ඇති හෙයින් සෙසු සමයාන්තර මුළුල්ල ද දන්නී . මහතෙරුන්වහන්සේටත් බසට බස කියා සිටිනා බව මුත් පසු බසිති යි නො සිතමි. නුවණින් පිරි බඩ පැළීයෙ, යි කියා යහපතෙකින් බඩ වෙළා ගෙණ විශාලායෙහි රාජගුරු වැ වෙසේ. මුළුලොවැ මැ මම එකවියත්මි, යි කියා තෙමේ මැ තමා තැකී යැ. මහජනයා ඔටුන් එසේ මැ තැකූහ. විශාලාවෙහි පිරිස්මැදැ හිඳැ ’ මා බැණැ නැඟි වේලෙහි සැලිවිසැලී නොයන, කිසිල්ලෙන් ඩහ සෙල්වි නොයන සතක්හු නො දකිමි . සිත් ඇති මිනිසුන් තබා ගලකට බැණැ නැනෙමි වීම් නම් , ඒ ගල සොල්වාපියමි යි කියා බොහෝ සේ ගව් බෙණෙයි. හෙතෙම තමා බුදුන්වහන්සේ හා වාද කරන්නට සිතසිතා ඇවිදිනා හෙයින් ඒ බුදුන්ගේ මතය වූ නියා මා දත මැනවැ යි සිතා, එක්දවසක් විශාලාමහනුවරැ සිඟා වඩනා අස්සජිමහතෙරුන්වහන්සේ දැකැ, උන්වහන්සේ කරා එළෙඹැ, ’තොපගේ ගුරු වූ ශ්රවමණගෞතමයෝ සව්වන් කෙසේ හික්ම වද් දැ? යි විචාළේ යැ. ඒ අසා අස්සජි මහතෙරුන්වහන්සේ ’සච්චකය, අපගේ පියානන්වහන්සේ පඤ්චස්කන්ධ ය අනිත්යව යැ, අනාත්ම යැ කියා , අප හික්මවනසේකැ යි වදාළසේක.

ඒ අසා සච්චකයා අතින් අත පැහැරැ පියා දෙඅතින් කණ වසාගෙණැ මහණ, නො ඇසියැ යුත්තක් ඇසූම්හ. නො කන් කලුබසක් ඇසූම්හ. සිතට නො මිහිරක් ඇසූම්හ. තොපගේ ගුරුන්ගේ මිථ්යාතදෘෂ්ටිය ඉතා බැරි ය. ඉදින් යම් දවසක් උන් හා අප හා එකතැනැ හිඳැ බිණීමෙක් වූයේ නම්, උන්ගේ මිථ්යාපදෘෂ්ටිය හරවාපියා සම්ය ක්දෘෂ්ටියෙහි පිහිටුවා හික්මවා ලම්හයි යි කියා සත්ථාගාරයෙහි රැස් වූ ලිච්ඡවිරජජුරුවන් කරා ගොස් අද මිනිසා විනෝදයක් නො ලබා කුමට හිඳු ද ? අද මම ශ්රදමණගෞතමයන් හා බස් බුඳක්2 බැණ බලමි සිතමි. ඉදින් ඒ අස්සජිතෙරුන් කී පරිදදෙන් එ මැ මතයෙහි


1. බුදක්.



192. අමෘතාවහ නම් වූ [සච්චක

ඒ ශ්ර මණගෞතමයෝ සිටියෝ වූ නම් , දික් වූ ලොම් ඇති පිඩාමඑළුවක්හුගේ රෝම අල්ලාගෙණැ ඈතින් ඈතට ඇද කෙළනා බලවත් පුරුෂයක්හු සේ, ඒ ශ්රදමණගෞතමයන් වාදයෙන් වාදයට ඇද සලා විසලා පියමි. මතැතක්හු විලකට වැද ඒ දිය අලළන්නා සේ, මම ද ශ්ර මණගෞතමයන් අලළා පියමි. පෙරැ බොහෝ දෙනාට බිණු තුඩ වැඩි තිබි යන දවසෙක. වියත්කමට බැහැවුම හැරැපියා නොදත් නොදත් දෙය ඉ‍ෙගණැ ගන්නට අප කරා අවුත් අවකා. ඉල්වා ගන්නා නියා බලව . අපගේ බුහුනන්ට උන්ගේ සව්වන් කළ පරිභවයකුදු ඇත. එයින් පසිඳැ ගන්නට සිතන්නේ බොහෝ දවසෙක. මා හා කැටි වැ නික්මෙව” යි කී යැ.

"https://si.wikibooks.org/w/index.php?title=බුත්සරණ_-_iv&oldid=5723" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි