බුදු ගුණ අලංකාරය-විවරණය-239-304

Wikibooks වෙතින්

පැරුම් බිම්[සංස්කරණය]

239. අර්ථ  : දීපංකර බුදුන් ගේ කාලයෙහි පටන් දශබල (බුදු) වන තෙක් මැ මේ සකර අසඞිඛ්ය (කල්ප ලක්ෂයක්) කාලයෙහි එක උත්පත්තියකුත් නිෂ්ඵල නො කෙ‍ෙළ් යැ. පාරමී ධර්මු පූරණයෙන් සියලු ජන්මයන් මැ සඵල කෙළේ යැ.


241. අර්ථර : (ඔහු) යදිනට දුන් ඇඟැ මස් පොළොව පස් පරයයි (පරදවයි.) ඔහු දානයට දුන් ඉස් මහා මේරු පර්ව තයා ගේ මුඳුනට (වඩා) උස් වේ යැ.


242. ටිප්පණී : අතරේ -- අතර කාලයෙහි. මෙ සිවු සයුරේ - මේ සතර සාගරයෙහි.


243. ටිප්පණී : සස කලේ - ශශ (සා වැ උපන් කාලයෙහි. සසල නොවැ - වඤවල නො වී. පැකිලීමක් නැති වැ. සසලේ - ශශ ලෙඛාව. සස ලපය. සිසි මඬලේ - චන්ද්ර මණ්ඩලයෙහි. සිසි වූයේ සස ඇති හෙයිනි.


244. ටිප්පණී : මෙ කපැ - මේ කල්පයෙහි.


245. ටිප්පණී : දස බල - දශ බලයා. සර්ව‍ඥයා. අදිටනින් - අධිෂ්ඨානයෙන්. උන් උන් වල - උන් (බෝධිසත්ත්වයන්) උන්නා වූ වනයෙහි.


246. ටිප්පණී : වනැතැ - වනයෙහි. වළින් - තරකාවාටයෙන් එ මැ එකා - ඒ එකා මැ. තම මරත - තමා මරන කල්හි ද. (මෙහි මැරීම නම් පහර දීම යි.) මඟ පෑ - මාර්ගරය දක්වා. මෙත - මෛත්රිමය.


247. අර්ථ. : පිය රජ්ජුරුවන් නියම කළා වූ වධය කර්මී කාරයා (වධකයා) හිස සිඳැ කරන කල්හි, මව තමා) වැලැඳැ ගෙනැ වලපින කල්හි, සත් මස් වයස් ඇති) වැ ද (පියාටත්, වධකයාටත්, මවටත්) සමාන මෛත්රි ය මැ කෙළේ යැ.


248. අර්ථම : (හේ) සිවි රජ වැ උපන්නේ ඇස් උදුරා දුන්නේ (ද,) සිතෙහි (වනාහි) පිරුණා වූ සන්තෝෂය මැ දුන්නේ යැ. මේ වනාහි බුදුන් ගේ ගුණයෙකි.


249. අර්ථ. : ඒ සුගතයා විධුර පණ්ඩිත කල්හි පූර්ණජක (නම්) යක්ෂයා (තමන්) ගෙනැ (ගලින්) දමන කල්හි, ගල සැට යොදුන් උස ඇතැ යි වැටෙන අතරෙහි දී ගණන් දැනැ - ගත්තේ යැ.


250. අර්ථ  : ශාන්තිය එළැවූ (පැමිණිවූ) සර්ව ඥයා ගජේන්ද්රක වැ, වළෙහි සිටැ (තමා) විද්දා වූ වැද්දාට, ෂඩ්වර්ණූ ප්රරභායෙන් ජ්වලිත වූ දළ සිය අතිත් කපා සතොසින් දුන්නේ යැ.


251. අන්වය : දිව නයි වැ ද. නොමඳ වද කැරැ ගත විදැ රැගත, දිව විස ‍ෙතද ඇත ද, රැහැණි නො වැ සිල් රැක්කේ මැ වේ ද?

අර්ථ2 : දිව්යැ නාග වැ ද, බොහෝ වධ කොටැ ශරීරය විදැ ඇරැ - ගත් කල්හි. දිව්යන විෂ තේජස් ඇති නමුදු කෝප නො වී. ශීලය මැ රැක්කේ වේද?


252. අර්ථ  : ප්ර වර වූ මහජනක (රාජ) වැ නැසුණා වූ ඵල භරිත වෘකෂය දැකැ සම්පූර්ණථ රාජ ශ්රී්ය හැරැ ගොසින්, වනයට වැදැ තපශ්වර්යකය (තපස් රැකීම) කෙළේ යැ.


253. අර්ථ  : මුනි වීරයා මෘග රාජ වැ (මුවන්) විදැ විදැ දිවෙන්න‍ා වූ නර වීරයා (රජහු) ගැඹුරු ව‍ෙළහි වැටුණා බලා (ඔහු) ගොඩැ ලා භය දුරු කෙළේ යැ.


254. අන්වය : වඳුරු වැ වේ වැලක් ඉඟැ බැඳැ ගඟ එ තෙ‍ර පැනැ වානර සෙන් සමඟ ගඟින් එ තෙර වැ යන්ට මඟ කෙළේ.


255. ටිප්පණී : වෙරැ - ශරීරයෙහි.


256. ටිප්පණී : සීලව. රද වරැ දු - ශිලව රජ (වූ) වාරයෙහි ද ගෙනැ - අයිති කොටැ - ගෙනැ. කරතු ඳු - කරන කල්හි ද. සිල් මැ පිරිසුදු කෙළේ - (කෝප නො කිරීමෙන්) ශීලය මැ පරිශුද්ධ කෙළේ යැ.


257. අන්වය : සත සිත රඟ බලා පැවසූ මනරඟ දහම්, ස සගැ සැප සිදු කැරැ පස් වා දහස් එක රඟ සිටී.

අර්ථ  : (ආශය අනුශය ආදීන්) සත්ත්වයා ගේ චිත්තයෙහි ආකාරය බලා දේශනා කළා වූ මහාඝර්‍ වූ ධර්ම)ය, පන් දහස් වර්ෂලයක් (හවුරුද්දක්) ඒකාකාරයෙන් පවතී.


258. ටිප්පණී : නොමඳිනි - බෙහෙවින්. සඳිනි - සිතින්. දිනි - දුන්නේ යැ. ‘දුනි’ යනු වියරණ නො-දන්නන් ගේ යෙදුම්. මෙහි අගැ එළි දෙ පෙළිනුදු ඒ පෙනේ.


259. අර්ථක : මාර්ගි ඵලයන් නියම කොටැ ඔහු (ඒ සර්වහඥයා) කීවා වූ ධර්මදයට පැහැදී මෝක්ෂ පුරයට (නිවනට) වන්නා වූ සත්ත්වයන් විසි සතර අසඞඛ්යමයකට කියත්.


260. අර්ථඛ : ඒ (ඒ සර්ව්ඥ තෙමේ) ඇසින් රළු බැල්මක් [හෝ] සිත ඇතුළතින් මඳ වූ දොම්නසක් [හෝ] අතින් කිසි ආයුධයක් [හෝ] නො ගෙනැ; මෛත්රිහයෙන් මාර සේනාව දිනී යැ.


261. අර්ථම : ගණිතඥයන් ගේ [ගණිත ‍දන්නන් ගේ] අතෙකින් [හෝ] පොතෙකින් [හෝ යම් කිසි] දෙයක් නො ඉගෙනැ බැහැර කෙනෙකු ගෙන් [යම් කිසි දෙයක්] නො අසා මේ ලෝකය [මතෙකින්] එක මතයෙන් [තමා ගේ මැ නුවණින්] දැනැ නිමවී යැ.

ස්වයම්භූඥානයෙන් සියල්ල දත් බව මෙයික් කී හ.


නව ගුණ[සංස්කරණය]

262. ටිප්පණී : රහසත් - රහසෙහි ද. රහසින් පවා. කෙලෙස් අරයනුත් - (සංසාර නමැති රථ චක්රමයෙහි) ක්ලේශ නමැති අරයන් (දැවී) ද. දුරු කොට - නැති කෙ‍ටැ. පුදට නිසි වුයෙන් - පූජාවට සුදුසු වූ හෙයින්.


263. ටිප්පණී : තුන් කල්හි මැ - අතීත, අනාගත, වර්ත මාන යන කාලත්ර යයෙහි මැ. අතැ ඇඹුල සේ - හස්තාමාලකයන් සේ අතෙහි වූ නෙල්ලි (දැනැ - ගන්නා) සේ. සම්මා සම්බුදුනැ යෙති- සම්මා සම්බුදුන් යැ යි කියති.


264. ටිප්පණී : විද්දැ නැණ අට ද - විද්යාසඥාන අටත්. පසළොස් සරණ ගුණය ද - පසළොස් වරණ ධර්ම්යත්. පිරුණු විජ්ජා චරණ නම් - ‘විජ්ජාචරණ සම්පන්නෝ’ යන නාමය


265. ටිප්පණී : යහපත් කොටැ - යහපත් සේ. යෙතැයි - යති යි යන හෙයින්. සුන්දර - යහපත්. සැපතැ යි - සම්ප්රාමප්ත වූ හ යි. පැමිණිය හ යි.


266. ටිප්පණී : තුන් ලොව - කාම, රූප, අරූප වශයෙනුදු සත්ත්ව සංස්කාර අවකාශ වශයෙනුදු ත්රි5විධ වූ ලෝකය. තතු ලෙසට - තත්ත්වාකාරයෙන් ඇති සැටි. නො ගත් - නො දැනැ - ගත්.


267. ටිප්පණී : නඳා - සන්තොෂකර වූ. හැම ගුණයෙන් - සියලු ගුණයෙන්. යම වැඩි සතකු - සම වූ’හෝ වැඩි හෝ සත්ත්වයකු. දියතෙහි - ලෝකයෙහි. හැම දා නැති සඳා - සියලු කල්හි නැති හෙයින්. මෙ සේ කී කලැ සමහර දා ඇති සේ හැ‍ෙඟන හෙයින් ‘හැම දා’ යන තන්හි ‘හැම’ යනු නුසුදුසු යැ. මෙ බඳු තන්හි සුදුසු නම් ‘කිසි’ යනු යි.


268. ටිප්පණී : දමන කැරැ - හික්මවා. තමන් ලද සෙත් දී - තමන් ලැබූ ශාන්තිය (නිර්වා ණය) දී. (දීම හේතු කොටැ - ගෙනැ) පුරිස දම් සාරති - (පුරිස දම්ම සාරථී) දමනය කළ යුතු පුරුෂයන් දමනය කරන්නේ යනු අර්ථි යි.


269. ටිප්පණී : බව කතරින් - සංසාර නමැති කාන්තාරයෙන්. සත්තා - සත්ථා. ශාස්තෘ. අනුශාසනය කරන්නේ යනු අර්ථෙ යි. පුවතර වී යැ - ප්රිසිද්ධ වී යැ.


270. අර්ථ  : (ඒ සර්ව‍ඥ තෙමේ) චතුස්සත්යෙය සවකීය ඥානයෙන් දැනැ, කරුණායෙන් (අනුනුදු) දැන්වී යැ. අවිද්යා්යෙන් (නොදැන්මෙන්) ඈතැ ලයි. ඒ (මේ කියන ලද) ගුණ ප්රෙමාණයෙන් බුදු නම් වී යැ.


271. ටිප්පණී : දහම් කඳ - ධර්මමස්කන්ධය. ධර්ම‍ සමූහය. බෙදුයෙන් - බෙදූ හෙයින්. බජනය - සේවනය.

බග දහමින් සසඳ බැවින් - භග ධර්මයයෙන් යුක්ත හෙයින්. භග ධර්මෙ නම් ඓශ්වර්යස, පූණ්යහ, යශස්, ශ්රී., සංකල්ප සිද්ධි, ප්රුයත්ත යන මේ සය යි.


272. ටිප්පණී : මිරිවැඩි - වහන්. වළ ගොඩ - මිටි (හෝ) උස් (හෝ) මිහි පිටැ එක විටැ වැදැ නැ‍සෙඟනෙ - පොළෝ මතු පිට එක් වරැ මැ වැදී (එක් වරැ මැ) නැ‍ෙඟන්නා වූ. සියලු පතුල එක් වරැ භූමිය ස්පර්ශ) කෙරෙති යි කී සේ යැ. (මේ ‘සුප්ර්තිසිත පාද’ [මනා වැ පිහිටි පා] නම් ලකෂණය යි.)


දෙතිස් මහ පුරිස් ලකුණු[සංස්කරණය]

273. ටිප්පණී: දෙ පතුලැ - පාද තල දෙකෙහි. නැබ නිම් නිමල දිසි - (චක්ර.) නාභිය ද නිම් (වළලු) ද පිරිසුදු ලෙස දෘශ්යනමාව වූ. අර - දැවි. ගරාදි. මනකල - මනඃකල්ය්. සිත් කලු. සිය අටක් - එක් සිය අටක්. රුවින් - මඞගල ලකෂණ රූපයෙන්. මඟුල් ලකුණිතැ යූ සේ යි. ‍(මේ වක්රන නම් ලක්ෂණය යි.)


274. අර්ථ් : පතුල සතර කොටසක් කොටැ (ඉන්) එකක් විළුඹට බෙදීමෙන් (බෙදීම හේතු කොටැ - ගෙනැ) අප ගේ මුනීන්ද්රියාට දිළියෙන්න‍ා වූ රතු කම්බිලි වට (පන්දු) මෙන් දීර්ඝන වූ විළුඹු යැ. (ආයත පාෂිණි ලක්ෂණය යැ මේ.)


275. අර්ථ  : මුනිවරයා ගේ (ඇඟිලි වනාහි) ප්ර මාණය අඩු වැඩි නුවූ හිඟුල් (සාදිලිංගම්) කරල් සේ ප්ර්භාස්වර (බබළන්නා) වූ මොළොක් වූ දික් වූ අග සිහින් වූ මනොහර වූ රත් ඇඟිලි යැ. (මේ දීර්ඝාබඞගුලී ලක්ෂණ යි).


276. අර්ථ  : පිටි පසැ (හෝ) ඉදිරි පිටැ හෝ දැත්වරැ (දෙ අත් පසෙහි හෝ) සිටැ බැලුව ද යටි පතුල් පෙනෙන සේ උස් වී සිටියා වූ බොලට මුනීන්ද්රරයාට වෙයි. (මේ උත්සඞඛ පාද යි.)


277. අන්වය : මුලින් දළ, අග සිහින්, මස් එකරඟ වට වැ සිටි, සොඳුරු හැල් ගප් රඟ මුනිඳු යුග දඟ මන දඟ කෙරෙයි.

අර්ථ  : මුලින් මහත් (වූ) අග සිහින් (වු) මස් ඒකාකාරයෙන් වට වැ සිටියා වූ, යහපත් ඇල් වී (කරල්) ගප් වැනි වූ මුනීන්ද්රියා ‍ෙග් උභය ජඞඝාව (කෙංඩා දෙක) සිත හිර කෙරෙයි (සිත බඳී.) (මේ එණිජඞඝ ලකෂණ යි.)


278. අන්වය : දිව නෙතින් දිළි මුනි, ගතින් නියතින් කුදු මිටි නො වී නො නැමී සිටැ, දෙ අතින් දෙ දණ පිරිමදිනේ යැ.

ටිප්පණී : දිව නෙතින් - දිව ඇසින්. ගතින් - ශරීරයෙන්. නියතින් - ඒකාන්තයෙන්. (දීර්ඝද හස්ත ලකෂණයි.)


279. අන්වය : මුනි අතැ පයැ ලකළ පැහැදුළ ඇඟිලි, ඇදුරකු විසින් කළ නිකසළ දැල් කවුළු සේ, සම අතුරු වෙයි.

අර්ථි : මුනිහු ගේ අත්හි ද පයෙහි ද අලඞකෘත වූ ප්රිභා ජ්වලිත (පැහැයෙන් බබළන්නා) වූ ඇඟිලි, ආචාර්ය යකු විසින් කරන ලද නිවැරැදි වූ ජාල කවුළු මෙන්, සම අතර ඇත්තේ යැ. (ජාල හස්ත පාද යි.)


280. අර්ථ  : අප ගේ මුනීන්ද්රයයාට (ඇත්තේ) සියක් වරැ පොළා, ප්ර සන්න වූ (පැහැදුණා වූ) ගිතෙලෙකැ යටැ බැහූ කපු පුලුනක් සේ මොළොක් අත් පා යැ. (මෘදු තරුණ හස්ත පාද ලක්ෂණ යි.)


281. අර්ථ. : නෙළුම් (මල්) පෙති ඇතුළතට වැදී සිටින්නා වූ කෙමිය මෙන් ශරීරය ඇතුළට වැදී සිටින්නා වූ පුරුෂ ලක්ෂණය මුනීන්ද්රයයාට ඇත්තේ යැ. (කොෂාවහිත වසත්රීග්රරභ්යව ලක්ෂණ යි.)


282. අර්ථක: මුනීන්ද්රසයා ගේ රූපය (ළ) අලුත් වූ සාදිලිංගමින් මැදැ, කොටි දත් ලා ඔප නඟා ගුරු ගෑමෙන් අලඞකෘත වූ නොකිලිටි වූ රන් රුව වැන්නැ.


283. අර්ථ.: ජලය අල පතෙහි (නොරඳන) ලෙසින්, සියලු කල්හි දැලි තෙල් ධූලී ශරීරයෙහි නොරඳන්නා වූ ආකාරයට සියුම් වූ ඡවිය (සම) මුනීන්ද්ර්යාට ඇත්තේ යැ. (මේ සූකෂමචඡ්වි ලකෂණ යි.)


284. අර්ථම: දුටුව හොත් ප්රේූමය වෙයි. දැකැ දැකැ (ද දැක්මට ඇති) රුචිය නො යේ මැ යැ. මුනීන්ද්රුයා ගේ ශරීරයෙහි රෝම දෙකෙක් එක් තන්හි නොසිටින්නේ මැ යි. (එකෛකරොම ලකෂණ යි.)


285. අර්ථ්: මුනීන්ද්රකයා ගේ ශරීරයෙහි, නීලමණි රශ්මි තරඞගයන් (නිල් මිණි රස් රළ) විහිදුවා සිටියා වූ මනොරම්යා වූ සියලු රෝමයන් වළලු වැටී අග්රනය උඩු බලා සිටී. (ඌධර්වාවග්රම රොම් ලකෂණ යි.)


286. අර්ථ : මුනිහු ගේ රූපය, නෙත්රමයක් නෙත්රමයක් පාසා ප්රිකයකර වැ, සථීර වූ සාර ගුණයෙන් වජ්රස (සමාන) වැ මහා බ්රෙහ්මයා ගේ රූපය මෙන් මෘදු වැ සෘජු වැ සිටී.

ටිප්පණී: තිරසර ගුණ - සථීර වූ සාර ගුණය නම් ශකතිය යි. (බ්රනහමර්ජු ගාත්ර ලකෂණ යි.)


287. ටිප්පණී: නහරැට - නහර ද ඇට. උසට පිරුණු මස් - උස් වැ පිරුණා වූ මාංස, මෙ සේ සත් තැනෙකැ මස් උස් වැ සිටී. (සපෙතාත්යද ලකෂණය යි.)


288. අර්ථද: හිමාලය වනයෙහි සිංහ රාජයා ගේ ශරීරයෙහි පූර්ව් භාගය පිරුණුවන් වේ. ලෝකයාට වැඩ (සලසන්නා) වූ මුනීන්ද්ර‍යා ගේ පූර්වු භාගය ද පසු භාගය ද පිරුණේ වේ. (සිංහ පූර්වාරර්‍ධකාය ලකෂණ යි.)


289. අන්වය: කටියෙන් පටන් කොට කඳට දක්වා. රන් පලගක් ලෙසට සම කොටැ පිරුණු මස් මුනිඳුට ඇත්තේ යැ.

ටිප්පණී : කටියෙන් පටන් කොටැ - ඉගෙහි පටන් ගෙනැ. කඳට - ග්රී වාව. බෙල්ල (කන්ධරය). රන් පලගක් ‍ෙලසට - ස්වර්ණ ඵලකයක් (පලිහක්) සේ. සම කොටැ පිරුණු මස් - වළ තැන් ගොඩ තැන් නො දක්වා පිරුණා වූ මාංසය. (විතාන්තරාංශ ලකෂණය යි)

‘රත් පලසක් ලෙසට’ යි ඇතැමුන් අතින් ලා - ගන්නා පාඨය හාස්යතජනක යැ.


290. අන්වය: මුළු තුන් ලෝ වියත් දනයන් නොවියත් කරන මුනිඳුන් ගේ, කයත් බඹයක් දිගින් එක පමණ වෙයි.

අර්ථඳ: සකල ලෝකත්‍ඹයයයෙහි ව්යනක්ත (පණ්ඩිත) ජනයන් අව්ය කත කරන්නා වූ බුදුන් ගේ ශරීරයත් බඹයක් දිගින් එක ප්රහමාණ වෙයි. (න්යවග්රොරධ පරිමණ්ඩල ලකෂණ යි.)

බුදුනට සමාන කරන කලැ අන් සියලු වියත්තු නොවියතුන් සේ පෙනෙති.


291. අර්ථ : සද්ධර්මුය ‍ෙද්ශනා කරන කාලයෙහි (ද) නහර නොඉපිලියා වූ (මතු නූණා වූ) ප්ර භාසාර වූ බුදධ ග්රී‍වාව සවර්ණො මෘදඞග භෙරියක් (රන් මිහිඟු බෙරයක්) මෙන් මනා සේ වට වැ සිටී.

ටිප්පණී: ඉපිලි - ‘උපුල්’ ධාතු යි. උපුලී - උපුලිති - ඉපිලි - ඉපිලි ඈ විසින් ද ඉපිලේ - ඉපිලෙති - ඉපිලිණි - ඉපිලුණු - ඈ විසින් ද වරනැගේ. (සමවෘත්තස්කන්ධ ලක්ෂණ යි.)


292. අර්ථ : මුනීනොද්රාුත්තමයා ගේ උගුරෙහි සත් දහස් රස නහර අග (තුඩු) පුරා (ගෙනැ) සිටි හෙයින්, ශරීරය ස්වලප ආහාරයෙකින් පෝෂණය වෙයි. (රසග්රානසාග්රධ ලකෂණ යි.)


293. අර්ථ : මුනිනොද්රාතතමයා ගේ (වනාහි) දොළොස් වක් චන්ද්ර යා ගේ මණ්ඩලය [ද] සිංහ රාජයා ගේ හනු [ද] පරදවා, එක සේ පිරුණා වූ හනු දෙක යැ. දොළොස් වක් සඳට ද සිංහ හනුවට ද වඩා බුදු හනුව පිරුණු බව කී සේ යැ. (සිංහ හනු ලකෂණ යි.)


294. අර්ථර: (අවශේෂ) ජනයාට දෙ ඇන්දෙහි පිහිටියා වූ දත් තිස් දෙකෙක් ‍ෙව් යැ. මුනීන්ද්රඇයාට උස් (නො වැ) මිටි නො වැ මනා සේ පිහිටියා වූ දත් සතළිසෙකි.

ටිප්පණී: රුවට - මනා සේ. දර්ශරනීය පරිදි. (වත්වාරිංශද්දනන ලක්ෂණ යි.)


295. ටිප්පණී: ගා - සණ ගල් ආදියෙහි ගා. සක් පත් විලසින් - ශඞඛ පත්රප (හක් පෙති) මෙන්. (සමදන්ත ලකෂණ යි.)


296. අන්වය: මුනි විරු දත්. සොඳුරු තෙලි තුඩෙකින් ඇඳි හිරි ලෙසින් අතුරු මඳකුත් සිදුරු නො වැ විඳුරු සේ සිටී යැ.

ටිප්පණී: තෙලි - තුලිකා. සායම් කොස්ස. හිරි - රේඛා. අතුරු පෑ - (දෙ දත්) අතර දක්වා. බෙදුම් දක්වා. විදුරු - වජ්රර. ලොවෙහි ඉතා තද දැය ‘විදුරු’ (වජ්රබ) යැ. (අවිවර දන්ත ලක්ෂණ යි)


297. අර්ථව: මුනීන්ද්රජයා ගේ (වනාහි), දිව්ය නදියෙහි (අහස් ග‍ගෙහි) රළ පරිද්දෙන් මනොඥ වූ සුදු රශ්මිය දස දිගෙහි විහිදින්නා වූ සතර දංෂ්ට්රාද ධාතු (දළ දා) යැ. (සුශුක්ල දංෂ්ට්රාව ලකෂණ යි.)

ටිප්පණී: සුර ගඟ තරඟ - අහස් ගගෙහි දිය සුදු යැ. දළ - සතර මහ දත් ‘දළ’ නම් වේ.


298. අර්ථස: මුනීනොද්ර ත්තමයා ගේ (වනාහි,) දෙ කන් සිදුරෙහි දී දීඝීත්වය පෙන්වා, නාසය තුළෙහි දී මොළොක් බව දක්වා, පළල කරණ කොටැ - ගෙනැ මුඛ මණඩලප (සම්පූර්ණ මුහුණ) වසන්නා වූ ප්ර භා‍යෙන් ජ්වලිත (පැහැයෙන් දිලන්නා) වූ ජිහ්වාව (දිව) යැ.

දිව ඉතා දික් වන බැවින් දෙ කන් සිදුර පිරිමැදියැ හැකි යැ; ඉතා මෙළොක් වන බැවින් නාසා තුළට පිවිසි යැ හැකි යැ; ඉතා පළල් වන බැවින් මුහුණ වැසියැ හැකි යැ (ප්ර භූත ජිහවා ලකෂණ යි)


299. ටිප්පණී: මියුරැ යි - මධුර යැ යි. බස මැඬැ - වචනය මර්ද‍නය කොටැ (නැති කොටැ.) තුඬැ තුඬැ තුති දෙවා - කටින් කටැ ස්තුති වචන කියවා. බුදුන් ගේ මියුරු කට හඬ ඇසූ සියල්ලෝ එයට තුති කෙරෙත්. (බ්රහහ්මස්වර ලක්ෂණ යි.)


300. ටිප්පණී: රස - රශ්මිය. සරි කොටැ - සමාන කොටැ. සමාන කොටැ නො කියැ හැක්කේ මෙය එයට වඩනා හෙයිනි. පහන් - ප්රැසන්න වූ (අභිනීල නෙත්ර- ලකෂණ යි)


301. ටිප්පණී: එ කෙණෙහි උපන් - උපන් විගසැ මැ. මනරගේ රතු වස්සකු ගේ - මනොඥ වූ රතු වස්සකුගේ ඇසි පිය ගුළි ර‍ෙඟ් - ඇස් ගුළි මෙන්. (ගොපක්ෂම ලක්ෂණ යි.)


302. අර්ථ.: අප ගේ මුනින්ද්රයයාට (වනාහි,) රියනක් දිගට ඇදැ හැරිය කල්හි චන්ද්ර( මණඩලය මෙන් වට (වන්නා) වූ, (දෙ) බැම මැද්දෙහි නළල මතුයෙහි දිලන්නා වූ ඌර්ණාවරොමය යැ

ඇදි කලැ රියනක් දික් වෙයි. හළ කල්හි දරණු ගැසී වට වෙයි. (ඌර්ණාිරොම ලක්ෂණ යි.)


303. අර්ථණ: අප ගේ මුනීන්ද්රොුත්තමයා ගේ (වනාහි,) දිය බුබුළක් මෙන් මනා වැ වට වැ ‍ගෙනැ සිටියා වූ, නීල මණි රශ්මි ආකාරයෙන් බැබැළියා වූ ශීෂීය යැ. (උෂ්ණීෂ ශීර්ෂර ලක්ෂණ යි.)


304. ටිප්පණී: බඳ - ශරීරයෙහි. පහන් තුරු සේ - ප්ර දීප වෘකෂයක් මෙන්. පාන් ගසක් සේ.