බුදු ගුණ අලංකාරය-හඟවුව
හඟවුව (දෙ වැනි සැකැස්ම)
මේ කාව්යැයට කවීන් මැ දුන් නම යැ ‘බුදු ගුණ අලංකාරය’ යනු, ‘කය නම් අසාර යැ, බව (සංසාරයි) නම් බයංකාර යැ. [එ හෙයින්] දිවා රැයැ කියනු’ පිණිස මේ කාව්යංය ලියන බව ද කවීහු කියති:
‘කය නම් අසාරය - බව නම් බයංකාරය
කියනුව දිවා රය - කියම් බුදු ගුණ අලංකාරය’
පොත අගැ ඇති තුන් පැදියෙන් කාව්යෙය කැරුණු කාලය ද කවීන් ගේ නම ද සඳහන් කැරෙයි :
‘ස ම තැ ස් මුනිඳු පිරිනිවි වස පටන් ලද
දෙ ද හ ස් පසළොසක් හවුරුදු පිරුණු සඳ
දි ය ගො ස් පැතිරි බුවනෙක බුජ නිරිඳු සඳ
පි රි ව ස් තුනෙහි සිරි ලකැ රජ බිසෙව් ලද
‘දි න දි න නොඅඩු දින පුද පැවැති මනහර
ද න ම න රඳන සැදි ගෙ-උයන් සිරින් සර
වැ ජැ ඹෙ න පසිඳු මහ රයිගම් පුර අතර
බ බ ළ න සොඳුරු විදාගම මහ වෙහෙර
‘කි ත් යස කොත් දස දිගු දිගු යටගැ බඳ
මෙ ත් මහ මෙත් පා මුළැ මහතෙරිඳු සඳ
සෙ ත් කළ මුනිඳු සඳු ගුණ කව් පෙදෙන් බැඳ
ස ත් වැඩ පිණිස මෙ ද කෙළෙ මෙත් සිතින් නද’
මෙහි සඳහන් වන බුවනෙක බුජ (බුවනෙක බා) නම් කෝට්ටේ රජය කළ සවැනි පැරැකුම්බා රජු ගේ පුත් තනතුරෙහි වැඩුණු සපුමල් කුමාරයා යැ.
ස වැනි පැරැකුම්බා රජු ගේ ඇවෑමෙන් ඔහු ගේ දු වු උලකුඩය දේවිය ගේ පුත් කුමරා ජයබාහු නමින් කෝට්ටේ රජ වීයැ. රාජාවලියහි සඳහන් පරිදි, සපුමල් කුමරා මෙ පවත් අසා, යාපා පටුනේ සිටැ අවුත් ජයබාහු රජ මරා VI බුවනෙක බා නමින් කෝට්ටේ රජ වියැ. ඇතැම් ඉතිහාස පොතෙකැ මෙ පුවත වෙනස් ලෙසකින් ද දැක්වේ. එහෙත් ඒ පිළිබඳ සැසැඳිල්ලකට මේ නොතැනි.
බුදු ගුණ අලංකාරය කැරුණේ ‘බුදුන් පිරිනිවී දෙ දහස් පසළොසක් හවුරුදු ගෙවුණු සඳ’ එ සේ මැ ‘බුවනෙක බුජ නිරිඳු සඳ සිරි ලකැ රජ බිසෙව් ලද පිරිවස් තුනෙහි’යැ. මෙසේ මේ පැදියෙන් ෙහළි වන පරිදි මෙ පොත ලියැවුණේ බු. ව. 2015 (කි. ව. 1472) දී යැ. ස වැනි බුවනෙක බා රජ පැමිණියේ එයට තුන් හවුරුද්දකට පෙරැ, එ නම් බු. ව. 2012 (කි. ව. 1469) දී යැ.
මෙය කැරුණේ ‘මහනෙත් පා මුළෙහි (මහා නේත්රක ප්රාළසාද මූලයෙහි) මෙත් (මෛත්රෙහය) මහ තෙරිඳුන්’ විසිනි. උන් වහන්සේ වැඩැ සිටියේ රයිගම් පුරයෙහි වීදාගම මහ වෙහෙරෙහි යැ. මහනෙත් පා’ මුළ (මහා නේත්ර ප්රා සාද මූලය) නම් එ වකට පැවැති සංඝ ගණයෙකැ නම යැ. උතුරුමුළ, විල්ගම්මුළ යන ආදිය ද මෙ බඳු මැ සංඝ ආයතන වියැ. මේ හිමියන් ගේ තැනැති නම යැ, මෙත් යනු, විදාගම වෙහෙරෙහි වැඩැ වුසු හෙයින් ඔවුන් පළ වුයේ විදාගම මෙත් (මෛත්රෙ ය) හිමි නමිනි.
ලෝ වැඩ සඟරාව හා කව් ලකුණු මිණි මල (කාව්යඝ ලක්ෂැණ දක්වන පොතෙකි) මෙ තුමන් විසින් කැරුණු අනෙක් පොත් යැ. හංස සෙන්දෙශය ද මෙ තුමන්ගේ කෘතියෙකැ යි ඇතැම්මු සලකති.
ලෝවැඩ සඟරාව කරන කාලයේ දී මෙ තුමන් මහ තෙර පදවියක් නො දැරූ බව පෙනේ:
‘වීදා ගම වෙහෙරෙහි මෙත් තෙරිඳු සඳ
සාදා රණ වැ පැවැසු මෙත් සිතින් නඳ
බාදා නො වී මොක් දැකුමට බැඳි මෙ පද
පාදා සතුන් සිත පවතී වා නිබඳ’
(ලෝ වැඩ සඟරාව)
එහෙත් කව් ලකුණු මිණි මල කරද්දී එ තුමෝ මහ තෙර වූහූ :
‘නොයෙක් කව් නළු සද - වියරන ලකර ලකරින්
වියතුන් සැරූ මෙත් මහ - නෙත් පා මුළැ මහ තෙරිඳු
‘මෙ ලක එක සත් කළ - සිරි පැරැකුම් නිරිඳු හට
පනස් සිවු වසැ කෙළ මේ - කව් ලකුණු මිණි මල් නම්’
(කව් ලකුණු මිණී මල)
ලෝ වැඩ සඟරාව කැරුණේ මහ තෙර පදවි ලබන්නට පෙරැ යැ. කව් ලකුණු මිණි මල, පැරැකුම්බා (VI වැනි) රජු කලැ යැ, බුදු ගුණ අලංකාරය, බුවනෙකබා (VI වැනි) රජු කලැ යැ. එ හෙයින් මේ පොත් තුන මෙහි දැක්වුණු පිළිවෙළින් මැ කැරුණු බව පැහැදිලි යැ.
හංස සෙන්දණශයෙහි කර්තෘව ය මෙ සේ සඳහන් වෙයි :
ස ත් වෙ ත මෙ ත් පතළ නිරතුරු මැ එක ලෙසින්
ද ත් නෙ ක ස ත් හෙළු සකු මගද ඈ නිසින්
කි ත් ය ස කො ත් බඳ දිගු යටග සහ තොසින්
මෙ ත් ම හ නෙ ත් පා මුළ තෙරිඳු සඳ විසින්
එය ද මහ තෙර වන්නට පළමු කැරුණු සේ පෙනේ.
බුදු ගුණ අලංකාරය කැරුණු කාලයේ දී එ නම් ස වැනි බුවනෙක බා රජු ගේ රාජ්යක සමයේ දී රාජ සම්මානය ලැබුණේ විදාගම මෙත් මහ තෙරිඳුන් ගේ පසට බව කල්යායණි ශිලා ලිපියෙන් හෙළි වෙයි. එ රජු කලැ රාමඤඤ රටින් උපසම්පදාව සඳහා මෙහි පැමිණි භික්ෂූඑන් උපසම්පදා කැරැවී ෙමි උලෙෙළහි අධිපති බව දැරැෙවා වීදාගම මෙත් මහ තෙරණුවොයැ ස වැනි පැරකුම්බා රජු දවසැ රාජ සම්මානය ලැබ සිටි තොටග මුවේ සිරි රහල් මා හිමියන් ගේ නම පමණ වත් ඒ උපසම්පද්රධ පුවතේ සඳහන් නො වෙයි. ජයබාහු රජු ගේ අභාවයත් සමඟ මැ සිරි රහල් පසෙහි බලය පිරිහුණු බවත් බුවනෙකබා, රජ වු පසු වීද්රසගම මෙත් මහ තෙරිඳුන් බලයට පත් වු සැටිත් මෙයින් පැහැදිලි යැ.
බොහෝ දෙනකුට වැඩි ආයාසයක් නැති වැ වටහා ගත හැකි බසින් බුදු ගුණ ගයන හෙයින් මෙය පෙරැ සිටැ බොහෝ දෙනා ප්රි ය කරන කාව්යගයක් වැ පැවැත්තේ යැ. බෞද්ධයන් ගේ අබෞද්ධ ඇදැහීම් නිසා කලකිරුණු වීද්රපගම හිමියෝ ඒ ඇදැහිම්වලට පහර දී එ හැම දෙවියනට වඩා බුදුන් උසස් බව මේ කාව්යියෙන් විසිතුරු කොටැ කියති. මේ දෙ අරමුණ මැ සලකා ඔහු විසාලා නුවරැ පුවත සිය කාව්යයයට වස්තු කොටැ ගත් හ. එ පුවත සැකෙවින් මෙ සේ යැ:
සැපතින් අඩුවක් නුවූ විසාලා නුවරැ ලිච්චවි රජහු (ගණනින් සත් දහස් සත් සිය දෙනෙක්) රද නීති අනුවැ දැහැමින් රජ කළ හ. මෙ සේ එ රජුන් රජ කරන කලැ එ නුවරට දුර්භික්ෂා, රෝග, යක්ෂට යන තුන් බිය පැමිණියේ යැ. නුවර වැස්සෝ ඇතුළු නුවරට වැදැ පැමිණි විපත් රජු මැති පිරිසට දන්වා පිහිටක් වන ලෙස ඇයැදිය හ. රජහු එ අසා, ‘ලොවැ නිරිඳුන් අදහමට පැමිණි විටැ යැ මෙ බඳු විපත් වන්නේ. එ බැවින් පෙරැ රජ සිරිත් වෙන් කොටැ අප කළ කී දැයක් තොප දනිතොත් කියව’ යි කී හ. නුවරෝ ‘රජුන් වරද නැතැ’ යි පිළිතුරු දුන් හ. එ විටැ රජුහු දුක් පහ වන කරුණු විමසා දන්වන ලෙස මැතිනට කී හ.
ඒ ඒ මැතිවරු තමන් තමන් ගේ ඇදැහීම් අනුවැ කළ යුතු දැ සැලැකැවු හ. එතෙක් පූරණ කාශ්ය ප ආදී නිගණ්ඨයන් පිදුව හොත් සෙත ලැබේ යැ යි කී යැ. බමුණන් ගෙන්වා ‘ගහ කැන් වළඳවා ගිනි දෙවියාට පුද කොටැ යාග කළ හොත්’ උවදුරු දුරු වෙතී යි තවෙකෙක් දැන්වී යැ. ඊශ්වරයාට පුජා පැවැත්වීම මැනැවැ යි තවෙකකු ගේ මතය වියැ. විෂ්ණුහු පිදීමෙන් සෙත ලැබේ යැ යි අනෙක් මැතිෙඳක් කියැ. එ විටැ ‘පෙරැ බුදු බණ අසා බුදු ගුණ උගත් මැතිෙඳක්’ සබ මැදැ උවිඳු පුද ගරහා බුදු ගුණ විසිතුරු ලෙස වැනී යැ. එ මැතිඳු ගේ බස් ඇසු රජවරු බුදුනට විසාලාවට වඩනා ලෙසට අයදිනු සඳහා බිම්සර රජු ගේ නුවරට (රජගහාවට) මහාලි නම් රජ යැවු හ. මහාලි රජ ගෙනැ ගිය පඬුරු බිම්සර රජුට පිළිගන්වා රජු ගේ අනුමැතිය ලැබැ-ගෙනැ වේළුවන වෙහෙරට ගොස් විසාලාවට වඩනා ලෙස බුදුනට ආරාදනා කෙළේ යැ.
බුදුන් ඒ ඇරියුම පිළිගෙනැ සඟ ගණ ද කැටි වැ වැඩැ විසල් පුරයට යනුව ගඟින් එ තෙර වත් මැ වැසි වැසැ මහත් සෙත් වියැ; යක් සෙන් ද දස අත දිවුහ; රෝ දුක් ද නැති වියැ. පුර ද්රෙ රට පැමිණි බුදුහු, අනඳ තෙරුන් අමතා, රතන සුත්රිය කියා, ‘මිණි පය දිය පුරා මෙ පිරිත සපුරා දෙසා, එ දිය ඉසැ පිරිත් කරව’ යි දැන්වු හ. අවසනැ බුදුහු නුවර මැදැ මහ පායෙහි රහත් සඟ ගණ හා වැඩැ-හිඳැ රැස් වු දෙව් බඹ මිනිස් පිරිසට සත් දිනක් රතන සුත්ර ය දෙසුහ.
වීදාගම හිමියෝ, බුත් සරණෙහි එන විසාලා නුවර පුවත තම කව කිරීමට බෙහෙවින් මැ වහල් කොටැ ගත්හ. බුත් සරණින් බුදු ගුණ අලංකාරයට කො තරම් දුරට අරුත් උපමා ආදිය ගැනිණි ද යනු මේ සංස්කරණයෙහි පෙළට ඉක්බිති වැ දැක්වෙන ‘බුදු ගුණ අලංකාර සාරය’ නම් කොටසින් දත හැකි යැ. එහි අංශයෙහි දැක්වෙන්නේ
බුත් සරණ පාඨයෙන් අරුත් ගෙනැ තැනුණු බුදු ගුණ අලංකාර පද්යන අංක යැ. නිදසුනක් දෙකක් මෙහි දු දැක්වේ :
‘හිරු නැංග ද ගුහාවට වන්නා වු අන්කාරය නො නස්නා සේ, ලොවැ චණ්ඩ වු බලවතුන් බොහෝ වුව ද මොවුන් ආශ්ර ය කළා වු අනාථයෝ නො නැසී මැ සිටියහ.’ (බුත් සරණ)
හිරු නැංග ද කෙ සේ
රකින‘ඳුරු ගිරි ලෙන සේ
සැඬ දනැතත් කෙ සේ
දුගී සත රැකැ සිටිති සිත සේ’
(බුදු ගුණ අලංකාරය)
‘දිව්යග ස්ත්රී’න් හා සමාන වු ස්ත්රී න් ගේ ශරීරයෙහි ලේ මස් නැති වැ ඇට සම් මාත්රියක් තුබු හෙයින් ඔහු හැම ගෙයි ගෙයි යකින්නන් වැන්නහ.’
(බුත් සරණ)
පෙර සුරඟනන් වැනි
අඟනෝ සොඳුරු රුසිරිනි
මස් ලේ නැති බැවිනි
උදක් ගෙයි ගෙයි යකින්නන් වැනි’
(බුදු ගුණ අලංකාරය)
මෙ බඳු තැනැ සිදු වී ඇත්තේ බුත්සරණ පාඨය ඉඳුරා පද්ය ට නැඟීම පමණෙකි.
විසල් පුර වැනුම, රද වැනුම, තුන් බිය, බුදු පෙළහර යන ආදියෙහි දී බුත් සරණින් ඉඳුරා පිහිට ලද ද බුමුණු ගහ-ගිනි දෙවි පුද, ඉසුරු පුද, උවිඳු පුද යන ආදියෙහි දී කවීහු යම් පමණෙකැ සියත් බවක් දක්වති. ඔවුන් ගේ සිතුම් පිළිවෙළ හෙළි වනුයේ ද මේ කොටසිනි. මේ කවීන් බමුණන් ගරහන්නේ මෙ සේ යැ :
‘බොරු වේ මතුරු බැඳ වළහන ලෙවන් හැම සඳ බමුණන් ගෙන් දුලද වැඩක් වුයේ ලොවට කිකල ද’ (137)
‘ගැනුමට අන් ඉසුරු
උපමා යොද්ර විසිතුරු
කෙරෙතී යාග බොරු
කෙ සේ දුරු වේ ද ලොවැ උවදුරු’ (144)
බමුණකු ගිනි දෙවි පුද කළ සැටි කියන පුවත (146-154) ද බමුණු මතවලට විහිළුවට ලක් කැරෙයි. දෙවි පුද විවේචනය කරන 138-143 තෙක් පැදි ද සලකා බලන්නැ. ඉසුරු පුදට හා උවිද්රක පුදට සරදම් කරන සැටිද (164-173; 177-183) විමසන්නැ.
මෙ සේ මේ කවීන්ගේ අදහස වුයේ අබෞද්ධ වු ඇදැහීම් හරහා බුදුන්ගේ බල මහිමයෙන් බුදුන් දෙසු රතන සුත්ර යේ අනුභාවයත් දක්වා-ලීම යැ.
මෙයට තිස් වසකට පමණ පෙරැ බුදු ගුණ අලංකාර විවරණය පළමු වරට පළ වියැ. එ වකට පළ වැ පැවති බුදු ගුණ අලංකාර සංස්කරණවලැ බලවත් ලෙස අශුද්ධ වැ තුබුණූ පද්යැ ගණනෙක් මැ එයින් පිරිසුදු වියැ. නිදසුනක් දෙකක් මෙ සේ දැක්වියැ හැකි යැ :
පැවති සංස්කරණවලැ :
‘රොන් ඇරැ ගෙනැ සෙමින්
යන බිඟු ලෙසින් කුසුමින්
... ... ... ... ... ... ... ... ...
... ... ... ... ... ... ... ... ...’ (47)
‘සෙමින්’ යනන්ට අරුත් දෙන ලද්දේ ‘සෙමෙන්’ (හෙමිහිට) යනුවෙනි.
විවරණයෙහි :
රොන් ඇරැ ගෙනැ පෙමින් යන බිඟු ලෙසින් කුසුමින්
(පෙමින් - ප්රේ මයෙන්)
පැවති සංසකරණවලැ :
සවනින් අසන බස නුවණීන් අසව යන ලෙස’ (50)
අරුත : කනින් අසන වචනය ඥානයෙන් අසව යි කියන්නාක් මෙන්.
විවරණයෙහි :
සවනින් අසන බස නුවනින් අසව යන ලෙස
අරුත : කනින් අසන බස ඇසින් අසව යි කියන්නාක් මෙන්.
මෙ සේ වෙසෙසින් පිරිසුදු වු පෙළ හා අරුත් ඇති පද්යියන්හි අංක, මෙහි පළමු වන සංඥාපනයට ලියන ලද විඥාපනයෙහි සඳහන් වෙයි.
දහම්සිරි කුමාරතුංග
2504 බක් අව 3.