බුදු ගුණ අලංකාරය-11-12
බුදු ගුණ අලංකාරය-11-12
11. අසූ අනූවියදුන්
[සංස්කරණය]305 නෙතැති වැ උපන් ජන කරවන මනෝරංජන මුනිඳු ගෙ නිරංජන අසුවෙකැ ඇගෙහි අනුවැංජන
12. බුදු පෙළහර
[සංස්කරණය]306 තම වත දෙස නැමි ඉස කෙනකුන්නේ දෙස වදිනා ලෙස නො නැමියැ දෙන්නේ තම යස තුති කළ වතට දනන්නේ කලෙකැත් පිරිදෙව් වැද්දැ නොදෙන්නේ
307 ත ම නම සිහි කළ සිතට සතුන්නේ
හැ ම දොම්නස් දුක් වැද්දැ නොදෙන්නේ
හැ ම ලෙඩ සුව වන ලෙසට දනන්නේ
ත ම උපත මැ බෙහෙදක් කොටැ දුන්නේ
308 තම වෙතැ දික් කළ අත පෑදේ යා
සිඟමනකට දික් කරණු නො දේ යා
තම වෙතැ යෙමි එසැවු පාදේ යා
නිරයට වැදැ දුක් විඳිනු නො දේ යා
309 සි හි ලැ ල් පවනින් ගිම් මඬවාලියැ
මෙ සියල් ලොවැ පිය බස් දොඩවාලියැ
වියවුල් සත සිතැ තොස් වඩවාලියැ
ගත බොල් බිම මහඬින් හඬවාලියැ
310 මුහුදැ ද පුප් රත් පනෙඬර ගැවැස්වියැ
නුබ තල පිපි මල් වියනින් වැස්වියැ
මුළු ලොවැ සුවඳැති මල් වැසි වැස්වියැ
සතර අපා සත සුව සේ වැස්වියැ
311 අ ට තුරු සිය සුබ ලකුණෙන් සිරිමත්
ය ට කැරැ බව දුක් එ බුදුන් බුදු වත්
ව ට සිය යොදුනෙකැ ගන ගිනි දැල් ගත්
අ ට මහ නරකය විය ‘වුල් සියපත්
312 ගෝත ම නම් එ බුදුන් බුදු වන සඳ
පේ ත ලොවේ සා ගිනි දුක් මුල් සිඳ
බී ත කරන ලෝ දිය උන් මුව වැද
සී ත අමා මියුරස වියැ එ මැ සඳ
313 අ වි ග ත් යමපල් කෙළි නන්දනවන
බ ල ව ත් කම් කටුලින් නන්දනවන
අ සි ප ත් වන බිය පත් නන්දනවන
සි රි ග ත් සුර සෙන් තෙළි නන්දනවන
314. ස ත් වග වෙත් මහ මෙතට අමාවට ප ත් වත උන් බුදු බවට අමාවට ප ත් වත නිරි සත් මුවට අමාවට ප ත් විය දිලි රත් යවට අමාවට
315. බි ය ක රු ගිනි දැල් විසිරැ තුමුල් වන
නි ර තු රු කටු සොළසගුලින් තුල් වන
නි ර තු රු ඔසුපත් පිහිටි ඉඹුල් වන
සු ර තු රු වියැ සත සතොස උපුල් වන
316 ක ර වැ ල් අවුලින් තිරිසන් වන දඟ
ය ම ප ල් බිළියෙන් අදනා ළගැ ළඟ
ඇ ම ක ල් දලවුල් වේතරණී ගඟ
සිහිලැල් දිය විය විලසින් සුර ගඟ
317 ගත බොල් යකබල් නිති ගිනි ගෙනැ රත්
ඇ ම ක ල් සිලිලොත් මෙත් සිහිලැල් වත්
ගි නි දැ ල් ලෝ දිය ලෝකුඹු නිරයත්
ම න ක ල් මලවුල් පිරි කුඹු සිරි ගත්
318 ද රු ණු වැ දස දහසක් සක්වළ තුර
දු රු නො වැ සිටි එක රඟට මැ ඇම වර
දු රු වියැ ලොවැඳිරි නිරයේ ගත’ඳර
ගුරු සඳු සුවහස් වන් මෙන් එක වර
319 හි ම වනැ මෙර ගිරි කුල ගිරි සිරසේ
හැ ම දිවයිනැ සක්වළැ දස දහසේ
බි ම සිටැ තුරු සිරට මැ එකබඳ සේ
හැම තැනැ හැම මල් පිපුෙණ යැ එ මැ සේ
320 උ ර ගු න් ගේ ගත දුහුලින් රැස්වු
මො න රු න් ගේ පිල් කලබින් පිස්වු
දි වි ය න් ගේ කෙළි මඬලෙහි රැස්වු
වෙ හෙ ලු න් අං දළුයෙන් කර කැස්වු
321 උ ර ගු න් සතපා මුගටින් අරෙණ්
මැඬියන් නිදි ගැන්වු උන් දරණේ
සිවලුන් කෙළිමින් සිටි තුරු සෙවණේ
සහවුන් පෙම් කෙළි කෙළැවු එ කෙණේ
322 උ ර ගු න් ගේ පෙණ මඬලට වණ වු
ගු රු ළු න් පිය තෙපුලෙන් ඔසු ඇණවු
න ර ය න් මෙන් සෙනෙහස එක පණ’වු
තු ර ඟු න් මිහිවුන් පිය බස් බැණවු
323 බළලුන් ගේ වෙතැ නිති අරතර වු
මිහියන් ගේ සිතැ ඇති බිය ඇරවු
දිව ඳුන් ගේ වෙතැ පෙරැ තර වෙරවු
කපුටන් ගේ සිත සෙනෙහස කැරවු
324 කෙසරුන් ගෙනැ ඇරු දුන් නිය පඳුරින්
ගි ජි ඳු න් සනහා - ලු රස ගොදුරින්
ගි ජි ඳු න් ගෙනැ වත් කළ කර පොකුරින්
කෙසරුන් ගිම් දුරැ ලු දිය දහරින්
325 ගොළුවන් කී මියුරස ගී ලෙසටා
බිහිරන් දෙන අත් තල තාළමටා
දැය’ඳුන් ඇසැ දුන් රස’ඳුන් ලෙසටා
පිළුනන් දන රඟ කැරැවු රුවටා
326 මි නි ස ත් බව තිරිසන් අත් බව ලද
හැ ම ස ත් වග විඳිනා හැම දුක් තද
බැ ලු ව ත් දස දහසක් සක්වළැ වැද
ම ඳ කුත් නැත එ බුදුන් බුදු වන සඳ
327 ද ස දෙස මැදැ හළ මෙන් නිකසළි වී
නි ස ල වැ සිවු සයුර ‘ම රසැ’තිළි වී
තොස කැරැ මුළු ලොව ගත් පුද කෙළිවී
දස දහසක් සක්වළ එක හෙළි වී
328 මුළු තුන් ලොව ගෙයැ ගෙයැ හළ දොර වී
දන කැන් වද බන්දනයෙන් තොර වී
හැම තැන් දිව සුවඳින් මනහර වී
මෙ ලෙසින් මුළු ලොවැ මහ පෙළහර වී
329 එ බසින් බසට මැ කරවා තුති නද
වෙෙස සින් තම නැණ පමණින් පිරිසිඳ
අහ සින් බානා මෙන් එක පිනි බිඳ
මෙ ෙලසින් එ මැතිඳු බුදු ගුණ කී සඳ