Jump to content

බුදු ගුණ අලංකාරය-6-7

Wikibooks වෙතින්

බුදු ගුණ අලංකාරය-6-7


6. සෙත් මඟ

[සංස්කරණය]

120. නිරි‍ෙඳා් එ බස’සා මැතින් වෙතැ නෙත් සලසා කියව කිවු නොලසා එ දුක් පහ වන කරුණු විමසා


(1) නිවට බුදු පුද

[සංස්කරණය]

121 නිවටුන් බස් නිවට දැවටී පිවිටු සසරට නට ගුණ ගත් ගුණට එ විටැ මැති‍ෙඳක් සෙබෙන් නැගැ සිට


122. නිරිඳු පද තඹරට නම කැරැ සෙමෙන් නැහැ සිට දළැ බඳැඳිලි වැ සිට මෙ සේ දන්වයි තෙපුල් සබයට


123. ‘සිත කෙලෙසුන් පැසිඳ සැනැහුණූ නිවන් පුර වැද බුදු කෙනෙකැත මෙ සඳ පවර පූරණ කසුප් නම් ලද


124. ‘කළ සතත පිරිසිදු තපෝ ගුණ‍ෙයන් පිරිසිදු ඇත බුදු කෙනෙක් සිදු කකුද කසයින් නමින් පරිසිදු


125. ‘දුසිරී සිත නැවැති තපෝ ගුණයෙන් ලද තුති බුදු කෙනෙකැත නොදති අජිත් කෙස් කම්බලී නම් ඇති


126. ‘තුටු කළ සත සතන දිලි නව තෙදින් ඇම තැන බුදු ‍ෙකනෙකැත සොබන නිගට නතපුත් නමින් බබළන


127. ‘සඳ ‍ෙස තරු වැළැ මැද බබළන තවුස් ගණ මැද බුදු කෙනෙකැත මෙ සඳ සඦය බේලට්ටි පුත් නම් ලද


128. ‘ලොවැ නරයන් කරන මහ පුද ලබන නිතියෙන බුදු කෙනෙකැත නමින පසිදු මක්කලි ගෝසාල යන


129. ‘මෙ කියන බුදුන් වැඳ කළ හොත් මහත් නිති පුද හිමි සඳ ‍මෙ පුර බඳ’ කී යැ ‘උවදුරු දුරු වෙතී සෙද’


130. ජඩ නිවටුන් නිසා බුදුනැ යි නමක් සලසා ඔහු කී එ බස‘සා කියයි මැති‍ෙඳක් සෙබෙහි මෙ ලෙසා


131. ‘පව් පින් නැතැයි යන නිවටෝ යැ මු හැම දෙන ලොවට මුන් ගෙන් වන සෙතැත සිහිල‘ස ලැබෙයි ගින්නෙන


132. ‘පව් පින් දෙක මැ නැත රකිනා තපස් කම් නැත ඔවුන් බුදුනැ යි යෙත මෙ සේ අනුවණ කමෙක් නම් නැත


133. ‘මුන් ගෙන් වෙතී සෙත කරන පුද මේ ලෙව් සත වැලි මලු ලා සතත මඬින වැනි තෙල් පතා තෙලියත


(2) බමුණු ගහ ගිනි දෙවි පුද

[සංස්කරණය]

134. ‘බොරුවෙන් වඩන බඩ එ බැවින් දුරැරැ මුන් ජඩ දත් සිවු වේ නොකඩ ගෙනැරැ බමුණන් කරව ලෝ වැඩ


135. ‘ගහ කැන් වළදවා වළඳවා ගිනි දෙවියා ද පුදවා යාග කළ සොඳවා ඒ යැ සෙත දුක් මුලින් මුදවා’


136. එ මැතිඳු කී බසට මැති‍ෙඳක් කියයි මෙ ලෙසට ලෙඩ දුක් පත් අයට තවත් උවදුරු දෙයි ද පිටැ පිට


137. ‘බොරු වේ මතුරු බැඳ වළහන ලෙවන් හැම සඳ බමුණන් ගෙන් දුලද වැඩක් වුයේ ලොවට කිකල ද?


138. ‘ගහයෝ නම් අඹර දෙවියෝ යැ ඌ සුර පුර නො ගනිති අන් අහර උදක් අම රස මිසක් මනහර


139. ‘එයිත් උන් පෙරැ කළ කුසලින් නිපන නිකසළ අනෙක් කෙනකුන් කළ දෙයක් උදෙසා නො වෙයි එ පහළ


140. ‘සිඳු දිය ලෙස නිසඟ පමණ නොකළැකි සැප සග නර ලොවැ සැප එ රඟ රැඳුණු පිනි බිඳු වැන්නැ තණ අග


141. ‘සිවු සිය ගවු අසල වු නම් තරෝ යම් කල දෙවියෝ තමන් ගෙල දැවැටි කුණු සේ කෙරෙති පිළිකුල


142. ‘එ බඳු සුර ලොවැ සිට දෙවියන් අවුත් මෙ ලොවට තමන් දුන් අහරට තුටු වැ සෙත කෙරෙති යෙති රැකැ සිට


143. ‘නර ලොවැ දෙන පුදට රිසි වත දොරින් දොරැ සිට සුරතැයි යනු කුමට දුගී යාචකයනට එ නිවට


144. ‘ගැනුමට අන් ඉසුරු උපමා යොදා විසිතුරු කෙරෙතී යාග බොරු කෙසේ දුරු වේ ද ලොවැ උවදුරු


145. ‘නොයෙක් දෙය රැස් කොට කළ පුද ගිනි දෙවිය හට සෙත වෙයි යනු ලොවට පැවැති බොරු මායමෙකි පෙර සිට


146. ‘බරණැසැ පෙර කලෙක බමුණු මහසල් කුලයෙක ගුණ නැණ යුත් නිසැක උපන් පින් සර බමුණූ උතුමෙක


147. ‘සව් සතර සමුදුර දැකැ නැණ නැවින් පර තෙර පසිදු වැ ලොවැ පතර තමා බිහි වන දිනෙහි ගුරුවර


148. ‘නො නිවා තබා රැක දුන් ගිනි රැගෙනැ වනයෙක වැසැ අවුරුදු නොයෙක පුදත ගිනි දෙවියාට දවසෙක


149. ‘සිඟා ගිය තැනැ ලද ගොනකු ගෙන‘වුත් ගසැ බැඳ කෙරෙමි මසින් පුද සිතා ගිනි දෙවිය හට මහ පුද


150. ‘ලුණු නැති මස් පුදට නපුරැ” යි සිතා ගමකට යා දී ඔහු ලුණට අවුත් වලැ වැදි දනන් එ තැනට


151. ‘එ ගොන‍ා මරා මස් පලහා කමින් නොසරස් උන් ගිය සඳැ ඒ ගොස් බලා ගොන් නඟුට කුර ඇට රැස්


152. ‘‘අප රකිනා ත බා තොප සතු ගොන‍ා නො ත බා කන තෙක් වෙතැ ත බා බලා උන් කෙනෙකි තෙපි අත බා


153. ‘‘ එයින් ගිනි දෙවි නැත උන් නැත පුදෙන් පල නැත බොරු බස් ලොව පැවැත කරන පුදයෙකැ නුවණ නැති සත


154. ‘‘ගොන් මස් නොලදිනී මෙ පමණ කව යි ඉතිනී” කියමින් වල‘ගිනී ගසා දියවර නිවි යැ එ ගිනී


155. ‘උපන් - බමුණන් කුල නුවණැතියවුන් පෙර කල නිසරු කොටැ හැරි කල එ වැනි ගිනි පුද කළැ යි කිම පල


156. ‘ගිනි දෙවියා කැමැති ගෙයි ගෙයි තබා කැරැ රුති නො නිවා රකින නිති මෙ ලොවැ ගෑනු දු දැනුදු ලෙඩ වෙති


157. ‘කලෙකින් බමුණු දන උදෙස‍ා තම ලබන දන ගිනි දෙවියා පුදන පුදෙන් පල කිම ලොවට සිදු වන


158. ‘ගෙනැ බමුණන් කතා කරවන යාග මෙ සතා සුවදැල් වී පතා අකුරු වපුරන වැන්නැ නියතා


(3) ඉසුරු පුද

[සංස්කරණය]

159. ‘තිසුලවි ගත් කරින් කළු පැහැ රැගත් උගුරින් හන් සළු ගත‘ඹරින් අඩක් උමයඟන ගත් සිරුරින්


160. ‘දළැ අඩ සඳ බඳින ගොර සප් හරක් පලඳින රහ කරන දිනැ දින මහලු ගොන් වාහනෙන් ඇවිදින


161. ‘ලත් මහ පදවියා සිර සුර ගගින් දෙවියා අනඟ රුව දැවියා යෙහෙකැ පුද කරන මහ දෙවියා


162. ‘එ මැ මහ දෙවිඳු හෝ නොහොත් සිව ලිංගය හෝ වැඳැ පිදුවොත් බොහෝ එතී කී ‘ලොවට සෙත ඇම හෝ


163. එ මැතිඳු බස් අසා මැති‍ෙඳක් කියයි මෙ ලෙසා ඇති දුක් මඳ නිසා තවත් දුක් ගෙනැ ලයි ද එ වසා


164. ‘දෙවියෝ නම් සඟය පැලැඹෙන අයෙකි ස සඟය උන් රූ මනරඟය විසුළු වෙස් ඇති නො වෙයි මේ රඟය


165. ‘උතුමෝ ලියන් වෙත නො ඉඳිති විළින් දැකැ සත මෙහෙසුරු උමා කත තබා රකිතී කියයි සිය ගත


166. ‘පවතින මෙ ලොව රැක නැති කලැ හිරි ඔතප් දෙක ඔහු වැඳැ පුද නොයෙක කළෙ යි වැඩ සිදු වේ ද කිකලෙක


167. ‘අවි අන් වැනැසුමට නැත වෙයි තමා රැකුමට එයින් තිසුලවි හට ඇතැ යි රා දොස් දැනෙයි මොනොවට


168. රා දොස් පව් මිදී නිසි උතුමනට නොබැඳී සිටි බවයෙන් බැඳී ඔහුට පුද කොටැ කිම් ද පැහැදී


169. ‘සසරෙහි සබව දත් සිල්වත් දනෝ නැණවත් තුමූ රඟ නො කෙරෙත් අනුන් රඟන රඟකුත් නො බලත්


170. ‘නළු වෙස් ගෙනැ එ සේ නටන කලැ හැම දවසේ උන් පිදුව යි කෙසේ වැඩක් සිදු වෙද ලොවට සිත සේ


171. ‘දද දන බස් අසා කරන පුද ඔහු උදෙසා දිඹුලෙහි මල් නිසා දියැදැ දුක් විඳින වැනි නොලසා


172. ‘අයකු පිළිකුල් වන අයකු සිත රා වඩවන ලිඟු සටහන් රැගෙන කළැ යි පුද පල කිම් ද ඉන් වන


173. ‘සිත දුසිරී කිලුට පින් කෙත් නොවන මෙ ලොවට පුද කරනු ඉසුරුට ගලෙක වපුරන වැන්නැ බිජුවට


(4) උවිඳු පුද

[සංස්කරණය]

174. ‘ගත් යගදා අතට පත් දිව ගුරුළු යානට වැදැ සමුදුර දියට සැතැපි නත නා දරණ වැළ පිට


175. ‘‍ෙත දියතැ උවිඳු මය නැත වෙන කෙනෙක් එ සමය පුදයට නිසි එ මය කී යැ පුද කරන ලෙස මහිමය


176. උවිඳුන් ගුණ වෙසෙස පළ කැරැ කියන මේ බස සිටැ නිරිඳු අබියෙස කියයි මැති‍ෙඳක් සෙබෙහි මේ ලෙස


177. ‘ඇති හට පැන් පවස ලුණු දිය ගෙනැ පොවන ලෙස විඳිනා මේ වෙහෙස මඳ වැ තව සලසයි ද දුක් රැස


178. ‘නො බා ලොව නින්දා ත කීවත් අන්ද මන්දා පුද කැරැ උවින්දා ඇද්ද ඇසුවා වැඩක් වින්දා


179. ‘ඇම තැනැ උවිඳු ඇත සීතාව වෙන් වනු නැත එ නිසා යුදත් ඇත කුමට පැවැසී ද මේ බොරු මත


180. ‘වඳුරකු පිනූ මුහුද එ තෙර වැ යා නො හී ඉඳ ගියෙ ල රම් හේ බැඳ මෙ සේ වෙද මෙ ලොවැ දෙවියන් තෙද


181. ‘අස ම-බස සත්තේ නො දනී මෙ තෝ තත්තේ ඔහුට බිය ඇත්තේ එයිනැ යගදා යුදය ගත්තේ


182. ‘සක් බෙල්ලකු පිඹිය රා දොස් සිතින් නො තිබිය ඔහුට ඇති කලැ බිය කෙසේ දුරැ ලයි ද නරයන් බිය


183. ‘ලබම් සෙත ඉදිරි ඔහුට කරනා පුද සිරි ලබනුව තෙල් මිහිරි තබා අලළන වැන්නැ ඔටු කිරි’



7. බුදු බල

[සංස්කරණය]

184. පෙරැ බුදු බණ අසා බුදු ගුණ උගත් සකසා මැති‍ෙඳක් එ විගසා එ රද සබ මැදැ මෙසේ පවසා


185. අප මුනි තිලෝනා හැරැ කියන බස් ‍මෙ දනා හැරැ කිරි පිරි තනා වැන්නැ අඟ රැගෙන කිරි දෝනා


186. ලැබැ දිවැස නිකසළ බැලුවත් සියලු සක්වළ මුනිඳුන් මිස උදුළ කෙනෙක් නැත සත් ලොවට සෙත් කළ


187. මෙර ගිරි සරි ගිරෙක් රිවි සඳ සදිසි පහනෙක් නැත සිඳු සරි සරෙක් එ මෙන් නැත මුනිඳු සරි උතුමෙක්


188. ඔහු නොවැඩි දෙස් දෙස් ඔහු දෙස නොනැමි ඉස් ඉස් ඔහු නුදුටු ඇස් ඇස් නො වෙයි ඔහු ගුණ නොවැකි බස් බස්


189. සිහි නොකළ සිත සිත ඔහු ගුණ නොකී වත වත ඔහු නොවැඳි අත අත නො වෙයි එ සරණ නොගත් සත සත


190. සිහි නොකළ දින දින ඔහු බස් නොවන් කන කන නොදත් ගුණ පැන පැන නො වෙයි ඔහු මුල් නොකළ පින පින


191. මුනිඳුන් නුදුටුවෝ වෙති බව දුකට බටුවෝ එ මුනි සඳ දුටුවෝ ඔහු මැ වෙති මොක් සැපත දුටුවෝ


192. මුනි බණ නොඇසුවෝ වෙති සසර බැසැ විසුවෝ ඔහු ගෙ බස් ඇසුවෝ ඔහු මැ වෙති සසර දුක් නැසුවෝ


193. ඔහු මැ යැ නොදන්නෝ මුනි බසැ රස නොදන්නෝ ඔවුන් ගුණ දන්නෝ උ මැ යැ සග ‘පවග සැප දන්නෝ


194. කිමෙකින් කුමන්දෝ නො දිනිති අන්ද මන්දෝ මුනි සරණ වැන්දෝ උ මැ යැ මොක් සිඳු වැදැ කිමින්දෝ


195. බඹ සුර නිරින්දෝ මුනි පද තඹර වැන්දෝ මුඳුනැඳිලි බැන්දෝ උ මැ යැ අත් බැවෙහි පල වින්දෝ


196. දිටු කිලුටු වන්නෝ වෙති පසුතැවිලි වන්නෝ ඔහු සරණ වන්නෝ උ මැ යැ බව පර තෙරට වන්නෝ


197. තම බස වන් සවන් සතපා රුවන් දෙ නුවන් සැදැහෙන් වන් ලෙවන් බහයි මහ සැපත වන එ නිවන්


198. බව දුක් ගිනි නිවන සත මගපෙලෙන් පිනවන නැත සරි වන දෙ වන කෙනෙක් මුනිඳුට තිලෝ ගුරු වන


199. සග මොක් සැප දෙවති අවා බිය දුක් නවතති පිරි මෙත් කුලුණු ඇති ලොවට උතුමෝ ඔවුන් මුත් නැති


200. උන් උන් තැන් පුදා උන් වන දෙසට නැමැදා යෙති බව දුක් මුදා කියනු කිම උන් මහිම පහදා


201. උන් වැළැඳූපය ද උන් පද ල සැති පහණ ද උන් පිට දුන් රුක ද පුදා මොක් සැප ලබති දුක් සිඳ


202. එ මොක් පුර වන්දැ යි සෙත දෙන්ට පිළි‍වන්දැ යි නො කියව කුමන්දැ යි තමා පද ගිරි තුරුදු වන්දැ යි


203. තම රුව දුටු නෙතට තම ගුණ සිතු සතතට දුක් නොවදින ලෙසට දෙසියැ නිසි මඟ දහම් ‍මෙ ලොවට


204. මිස දිටු මුලුපුළේ අටඟ මඟ බිජු වපුළේ දහම් ගඟ දිය‘ළේ ඔවුන් ගෙනැ සෙත දියත පතළේ


205. දියැ සේ බිම ගිලෙත බිමැ සේ දියෙහි ඇවිදිත අහසැත් එ මැ කරත සමත ඒ මුනි මිසක් වෙන නැත


206. දිනැ දිනැ දිනිඳු මෙන් කර රස නොවන සිඳු මෙන් නොතැසි විදු කිඳු මෙන් වැජැඹි අඩු නොවන පුන් සඳු මෙන්


207. ලෙඩට දිව ඔසු සේ මරු කතරැ පුල් විල සේ දුකෙහි පිහිටෙක සේ පිහිටි දෙ‍ාර දොරෙහි කප්තුරු සේ


208. ළං වැ සිටැ මරණට වැඳැ හොත් එ සක් දෙවිඳුට ‍තෙ කෙළ සුවහස් සැට ආයු දිති එක බසින් එ මැ විට


209. තබා තුන් පියවර වැඩි කලැ තිදස පුර වර මුනි සඳු ගේ පවර කෙසේ පැවැසියැ හැකි ද සිරිසර


210. දසට රියනක් ගත රැගෙනැ අබ ළුව ඇතුළත යත සැතැපෙන ඉඳිත සමත ඒ මුනි මිසක් වෙන නැත


211. සවනක් රසිනුදුළ තිල බිජු පමණ ගතිතළ ඇම තැන එකෙළි කළ අනත‘පිරියත් සියලු සක්වළ


212. දෙසත බණ එක විට එක මගද බසිනෙළි කොට සිය බස ලෙස කනට ඇසෙයි මුළු ලොවැ සියලු සත හට


213. ඔහු බණ දෙසන විට වන් සද දහම් මඬලට මිසැ පිරිස විතරට නො යෙයි එක අහලකුත් බැහැරට


214. වඩිමි යි සිතු විට දොර ‘ගුළු ඇරෙයි එක විට දිගු කළ කළ පයට පිපෙයි සත්බුමු පියුම් මුනිඳුට


215. වළ ගොඩ එ විගසේ සම වේ යැ බෙර ඇස සේ දිව මල් වැසි වැසේ සැදෙයි මුනි වඩන මග දෙ පසේ


216. මුනි සඳ යත උසේ වුවත් මෙර ගිරි සිරසේ හිවු වේ බඩ‘ග සේ නැමී පිළිගනි යැ පද එ මැ සේ


217. බඹ ලොවැ ගොස් ඉඳිති කප් සිය දහස් නරඹති රිවි සඳ පිරිමදිති සෙ සේ ඔහු සඟ ගණ ද වැජැඹෙති


218. සක්වළ ගිරි සුනෙර දෙරණ සොල්වා එක වර කරන මහ පෙළහර පවර සඟ ගණ යැ මුනි පිරිවර


219. මෙ සසරැ පෙර දවස නොයෙක් කප් කෙළ සුවහස කඳ පිළිවෙළ වෙසෙස දකින සඟ පිරිවර යැ නිසි ලෙස


220. ලක් තබතත් දෙරණ පස් මඳ යැ යන අපමණ ලැබැ-ගෙනැ මහ නුවණ එ මුනි වෙතැ සිටිති මහ සඟ ගණ


221. මුළු ලොවැ ඇම දෙසේ දකින සත සිත සිත සේ ලැබැ-ගෙනැ දිව ඇසේ සිටිති මහ සඟහු ඔහු දෙ පසේ


222. සුර බඹ ලොවැ සතන කියන බස් හැම තැනැ තැන දිව කන් ලැබැ අසන එ මුනි වෙතැ සඟ ගණ යැ වැජැඹෙන


223. කෙලෙසුන් දුරැරැ සිත විදසුන් මඟින් ලැබැ සෙත පින් කෙත් වන දියත පසිදු සඟ ගණ යැ මුනි සඳු වෙත


224. පහදා තමන් සිත මුඳුනැඳිලි බැඳැ වැඳි සත ලන සග මොක් සැපත එ මුනි වෙතැ මෙ වැනි සඟ ගණ ඇත


225. මහ බඹහු මුනිඳුට සේ සත් නගති මුඳුනට එ මුනි සඳු පුදයට පිඹිති සත් සක් දෙවින්දෝ සිට


226. ගම්නොත මුනිඳුනා සුරිඳු රජ සිරි විඳුනා සිහිල් තල විදුනා සලති සුදු සිනිඳු වල් විදුනා


227. මුනි සඳු වඩින තැන දිව මල් දිව පහන් ගෙන පුද කෙරෙති වෙන වෙන දහස් සුවහස් පමණ සුරඟන


228. සිතු මිණි මෙන් ලොවට සැපැමිණි මෙ අප මුනිඳුට සුර සෙන් සිටැ දෙ පිට සලති පැහැ විහිදි මිණි තල් වැට


229. දෙවියෝ දිව මලින් අසුර සෙන් සිත් පළොලින් දිව නයි කඩුපුලින් පුදති ගිරිතුරු දු පුල් කමලින්


230. සවනක් රස් දිගත පැතිරෙයි බුදුන් ගේ ගත බඹ ලොවැ සිටැ බලත අතෝලෝකිත යැ උන් මුඳුනත


231. සැදි මුළු තුන් දියත විසිතුරු පෙනෙයි සරණත රූ සිරි සර සුගත බලත අම රස වැන්නැ නෙතැ නෙත


232. එළි පත මිටි වැ යෙයි උඩෙළි පත හෝ උඩ යෙයි සත සිත තුටු වැ යෙයි මුනිඳු නොනැමී මැ ගෙට වැදැ යෙයි


233. නරඹා එක් දිගත මුනිඳුන් දහම් පවසත සිටි අය දස දිගත දකිත් අප මුනි සඳුන් වුවනත


234. සඳහම් දෙසන සඳ නිකුත් කට හඬ මුනි සඳ කුරවි වෙණ නදට ද වඩා දසසක් ගු‍ෙණන වෙයි නඳ


235. සක්වළ නුබ දෙරණ පිරුණු දිය කඳ සතර ‘ණ කියැ හැකි දැනැ පමණ පමණ නො කළැකි එ මුනි සඳු ගුණ


236. මෙ තැනට මේ වටී කියන උතුරක් නො දිටී එ ගනිති වැඳැ වැටී එ මුනි මැ යැ මුළු ලොවට බුහුටී


237. සේ නො සේ කම් පල ඈ ඇම තන්හි ඇම කල පවතී නුවණ බල එ මුනි දසබල යැ ඉන් එම්බල


238. කිසිවකුට ලොව ඇති දුකක් නොකරනු මිසැ නිති එ මුනි සඳ රුව ඇති ඇතුන් කෙළ දහසකට බල ඇති

"https://si.wikibooks.org/w/index.php?title=බුදු_ගුණ_අලංකාරය-6-7&oldid=4637" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි