බුදු ගුණ අලංකාරය-8-10
බුදු ගුණ අලංකාරය-8-10
8. පැරුම් බිම්
[සංස්කරණය]239. දිවකුරු බුදුන් කල පටන් වන තෙක් දසබල මෙ සතර අසෙකි කල නො කෙළෙ එක උපතකුත් තිස්පල
240. දිසි ඇම තැන අහස
පමණ කළ හැකි තුරු රැස
මුනි සඳු පෙර දවස
පමණ නැත යදියනට දුන් ඇස
241. පරයා පොළොව පස්
දුන් යදියනට ඇඟ මස්
ඔහු දනට දුන් ඉස්
වේ යැ මහ මෙර ගිරි සිරට උස්
242. දිවකුරු මුනි කෙරේ
පටන් බුදු වන අතරේ
දුන් ලෙයට සිරුරේ
මඳ යැ දිය කඳ මෙ සිවු සයුරේ
243. අප මුනි සස කලේ
දුන් දනට නො වැ සසලේ
දෙවිඳු ඇඳි සස ලේ
දැනුත් පවතී යැ සිසි මඩලේ
244. බුදු බල මින් දැනේ
නො කීවත් බොහෝ මෙ තැනේ
වටු වැ ද උන් තැනේ
මෙ කපැ ගිනි නො ගනී යැ එ වනේ
245. වඳුරු වැ උපන් කල
කළ අදිටනින් දසබල
පුරුක් බට දඬුවල
දැනුත් නැත්තේ යැ උන් උන් වල
246. වඳුරු වැ මහ වනත
මිනිසකු වළින් ගොඩැ ලත
එමෙකා තම මරත
ඔහුට මඟ පෑ කෙළේ මහ මෙත
247. පිය රද යෙදු වද
කම්කරු කරත ඉස් සිඳ
මව වලපුන් වැලැඳ
කෙළේ සම මෙත මැ සත්මැසි වැ ද
248. ගුණයෙකැ බුදුන්ගේ
සිව් නිරිඳු වැ උපන්නේ
ඇස් උපුට දුන්නේ
සිතෙහි පිරි සන්තොස මැ දුන්නේ
249. පුණූ යකු ගෙනැ දමත
විදුරු පඬි කලැ එ සුගත
ගල සැට යොදුනුසැත
වැටෙන අතුරෙහි ගණන් දැන-ගත
250. ගිජිඳු වැ මුනි සෙතළ
විදි වැද්දවුට සිටැ වළ
සියතින් කපා දළ
දුන්නෙ සතොසින් සවන් පැහැදුළ
251. දිව නයි වැද නොමඳ
වද කැරැ රැගන ගත විද
ඇත ද දිව විස තෙද
රැහිණි නොවැ සිල් මැ රැක්කේ වෙද
252. මහජනක වැ පවර
නැසුණු තුරු දැකැ පල බර
සපිරි රජ සිරි හැර
ගොසින් වන වැද කෙළේ තවසර
253. මුව රද වැ මුනි විරු
විද විද දුවන නරවිරු
වැටුණා වළ ගැඹුරු
බලා ගොඩ ලා කෙළේ පිය දුරු
254. වඳුරු වැ එ තෙර ගඟ
පැනැ වේ වැලක් බැදැ ඉඟ
වානර සෙන් සමඟ
ගඟින් එ තෙර වැ යන්ට කෙළෙ මඟ
255. මැස්සකු බොන විතර
ලෙහෙයක් නො සොල්වා වෙර
මහඔසු පඬි වැ පෙර
දීති යැ දඹ දිවැ රජුන් එක වර
256. සීලව රද වරැ දු
නුවර ගෙනැ රුපු නරනිඳු
මහත් වද කරතු දු
කෙළේ තම සිත සිල් මැ පිරිසුදු
257. බලා සත සිතැ රඟ
පැවැසු දහම් මනරඟ
සිදු කුරැ සැප ස ස ඟ
සිටී පස් වා දහස් එක රඟ
258. බව දුක් විඳැ තදිනි
සිටින සත දැකැ නොමඳිනි
ගොඩ ලමි යන සදිනි
දනට අඹු-දරුවන් ද බැඳ දිනි
259. මග පල නියම කොට පැහැදැ ඔහු කී දහමට වන් සත මොක් පුරට කියත් සුවිසි අසංකයකට
260. දැඩි බැල්මක් නෙතින්
මඳ ෙදාම්නසක් සිතතින්
කිසි අවියක් අතින්
නො ගෙනැ මර සෙන් දිනි යැ එ මෙතින්
261. ගණිත දත් අතෙකින්
නො ඉගෙනැ දෙයක් පොතෙකින්
නො අසා ඉවතෙකින්
මෙ ලොව දැනැ නිමැවී යැ මතෙකින්
9. නව ගුණ
[සංස්කරණය]262. රහසත් පව් නොකොට
කෙලෙසර යනුත් දුරු කොට
නිසි වූයෙන් පුදට
‘අරහ’ යැ යි නම කියති මුනිඳුට
263. තුන් කල්හි මැ පැවැති
පදරුත් සියල් ලොවැ ඇති
අතැඹුල සෙ දැනගති
එයින් ‘සම්මා සම්බුදුනැ’ යෙති
264. විද්දෑ නැණ අට ද
පසළොස් සරණ ගුණය ද
ඇතියෙන් එ මුනි සඳ
පිරුණු විජ්ජා චරණ’ නම් ලද
265. යහපත් කොටැ යෙතැයි
සුන්දර තැනට සැපතැයි
සොඳුරු බස් කියතැයි
කියති ඒ මුනි රජුට ‘සුගතැ’යි
266 තුන් ලොව තතු ලෙසට
දැනැ - ගෙනැ නොදත් මෙ ලොවට
දෙසුයෙන් නියම කොට
‘ලෝකවිදු’ යැයි කියති මුනිඳුට
267 හැම ගුණයෙන් නඳා
සම වැඩි සතකු ඇම ඳා
දියතෙහි නැති සඳා
‘අනුත්තර’ යැයි කියති මුනිඳා
268 බඹ සුර යකුන් තද
දමනය කැරැ තමන් ලද
සෙත් දී මුනිඳු සඳ
‘පුරිස දම් සාරති’ නම් ලද
269 බව කතරින් එතෙර
ලනුයෙන් “සතන්” හැම වර
තිලෝ ගුරු මුනි වර
වීයැ “සත්තා” නමින් පුවතර
270 සිවු සස් සිය නැණින්
දැනැ දැන්වී යැ කුලුණින්
දුරැලයි අනුවණින්
එ “බුදු” නම් වී යැ නැණ පමණින්
271 බෙදුයෙන් දහම් කඳ
බජනය කෙළෙන් ගුණ කඳ
බග දහමින් සසඳ
බැවින් “බගවත්” වී යැ මුනි සඳ
10. දෙතිස් මහ පුරිස් ලකුණු
[සංස්කරණය]272 රන් මිරිවැඩි ලෙසට වළ ගොඩ නො වී එක විට වැදැ නැහෙන මිහි පිට මෙ වැනි දෙ පතුල් යැ අප මුනිඳුට
273 නැබ නිම් දිසි නිමල
අර දහසෙකින් මනකල
සියටක් රුවිනිදුල
මෙ වැනි රිය සක් දෙකෙකි දෙ පතුල
274 පතුල සතරක් කොට
බෙදුමෙන් එකක් විළුඹට
දිලි රත් පලස් වට
ලෙසින් දිගු විළුඹැ අප මුනිඳුට
275 අඩු වැඩි නූ විතර
ඉඟුල් පලු සේ පැහැසර
රතැඟිලි යැ මුනි වර
මොළොක් දික් අක් සිහින් මනහර
276 පිටි පසැ ඉදිරිපිට
බැලුවත් දෙ අත්වරැ සිට
යටි පතුල පෙනෙනට
උස් වැ සිටි බොලට වෙයි මුනිඳුට
277 මුලින් දළ සිහිනග
වට වැ සිටි මස් එක රඟ
සොඳුරු ඇල් ගප් රඟ
කෙරෙයි මන දඟ මුනිඳු යුග දඟ
278 දිලි මුනි දිව නෙතින්
කුදු මිටි නො වී නියතින්
නො නැමී සිටැ ගතින්
දෙ දණ පිරිමදිනේ යැ දෙ අතින්
279 ඇදුරකු විසින් කළ
දැල් කවුළු සේ නිකසළ
අතපය මුනි ලකළ
ඇඟිලි සම අතුරු වෙයි පැහැදුළ
280 පොළමින් සියක් වට
පහන් ගිතෙලෙහි ලු යට
කපු පුලුනක් ලෙසට
මොළොක් අත්පා යැ අප මුනිඳුට
281 පියුම් පෙති ඇතුළට
වැදැ සිටින කෙමි විලසට
වැදැ සිටි කය තුළට
පුරිස් ලකුණැත්තේ යැ මුනිඳුට
282 දැ හිඟුලින් මැද’ළ
ඔප් ලා බහා දිවි දළ
ගුරු පිරියම් ලක’ළ
මුනිඳු රුව රන් රුවෙ ‘ව් නිකසල
283 අල පතැ දිය ලෙසට දැලි තෙල් රජස් හැම විට ගත නොරඳන ලෙසට සියුම් සිටි ඇත්තේ යැ මුනිඳුට
284 දුට වෙයි පෙරේමය
දැකැ දැකැ රිසි නො යේමය
මුනිඳු ඇඟ රෝමය
දෙකෙක් එක තැනැ නො සිටිනේ මය
285 නිල් මිණි රස් තරඟ
විහිදුවා සිටි මනරඟ
හැම ලොම් මුනිදු ඇඟ
වළලු හී උඩ බලා සිටි අඟ
286 නෙතැ තෙතැ පියකරු ව
තිරසර ගුණෙන් විදුරු ව
ලෙසින් මහ බඹ රු ව
මුදු වැ ඉරිදු වැ සිටී මුනි රු ව
287 දෙ අත් පිටැ පා පිට දෙ උෙරගි කෙඳහි නහරැට නොපැනෙත ලෙස උසට පිරුණු මස් ඇත්තේ යැ මුනිඳුට
288 සී රදු ගෙ හිම දඩ
පිරුණු වන් වෙයි පෙර කඩ
පෙර කඩ ද පසු කඩ
පිරුණු වන මුනිඳු ගේ දිය වැඩ
289 කටියෙහි පටන් කොට
කඳට දක්වා සම කොට
රන් පලඟක් ලෙසට
පිහිටි මස් ඇත්තේ යැ මුනිඳුට
290 මුළු තුන් ලෝ වියත්
දනයන් කරන නොවියත්
මුනිඳුන් ගේ කයත්
දිගින් එක පමණ වෙයි බඹයක්
291 සදහම් දෙසත වර
නොඉපිලි නහර පැහැසර
මෙන් රත මිහිඟු බෙර
වට වැ මොනොවට සිටී මුනි කර
292 මුනි සඳු ගෙ උගුරා
සත් සියක් රස නහරා
සිටියෙන් තුඬු පුරා
යැපෙයි මඳ අහරෙකින් සිරුරා
293 දොළොස් වකැ සඳු ගේ
මඬල හනු සී රජු ගේ
පරයා එක රෙඟ්
පිරුණු හනු දෙක යැ මුනි සඳු ගේ
294 පිහිටි දත් දෙ නිකට
දෙ තිසෙක් ෙව් යැ දන හට
උස් මිටි නො වැ රුවට
පිහිටි දත් සතළිසෙ කැ මුනිඳුට
295 ගා ඇතුළත් පිටත්
සම කොටැ තුබු සක් පත්
විලසින් මුනිඳු දත්
සිටි යැ උස් මිටි නො වී මදකුත්
296 තෙලි තුඩෙකින් සොඳුරු
ඇඳි හිරි ලෙසින් පෑ’තුරු
මඳකුත් නො වැ සිදුරු
විදුරු සේ සිටි යැ දත් මුනි විරු
297 සුදු රස් මනරගේ
ලෙසින් සුර ගඟැ තරෙඟ්
විහිදින දස දිගේ
සතර දළ දා යැ මුනි සඳු ගේ
298 දිග පෑ දෙ කන් සිල
මොළක දක්වා නැහැ තුළ
පළලින් මුළු නළල
වසන දිවැ මුනි සඳු ගෙ පැහැදුළ
299 කුරුවී කෙවිලි හඬ
මියුරැ යි කියන බස මැඬ
දෙවා තුති තුඩැ තුඩ
පවතිනෙයැ මුනි සඳු ගෙ කට හඬ
300 ඉඳුනිල් මැණික් රස
සරි කොටැ නො කියැ හැකි ලෙස
වඩවන සත සතොස
පහන් නිල් පැහැ යැ මුනි යුවළැස
301 එ කෙණෙහි මනරෙඟ් උපන් රතු වස්සකු ගේ ඇසි පිය ගුළි රෙඟ් පහන් ඇස් ගුළි යැ මුනි සඳු ගේ
302 ඇදැ රියනක් දිගට
හළ සඳ මඩල සේ වට
බැම මැදැ නළල් පිට
දිලෙන උණු ලොම් යැ අප මුනිඳුට
303 දිය බුබුළක් ලෙසේ
වට වැ ගෙනැ සිටැ සොඳ සේ
නිල් මිණි රස් ලෙසේ
බැබැළි අප මුනි සඳු ගෙ සිරසේ
304 මෙ ලෙසින් බුදුන් බඳ
දෙ තිසෙකැ ලකුණු මනනඳ
එ බැවින් මුනිඳු සඳ
පහන් තුරැ සේ දිලෙයි හැම සඳ