බොධ්‍යාහාරකුලය හෙවත් දෙව වංශය - ii

Wikibooks වෙතින්

බොධ්‍යාහාරකුලය හෙවත් දෙ ව වං ශ ය.

නමඃ සර්‍ව විදෙ.

ශ්‍රිමනතං තං සුගතමතුලං ධර්‍මම’මර්‍ගය විචිත්‍රං සඞ්ඝඤ්චා’ ය්ය්වර් ප්‍රණිහිතධියා සර්‍වවිඝ්න ප්‍රහානෛත්‍ය, නත්‍වා බොධ්‍යා’හෘතකුල පරා’ර්‍හාහවයං දෙවවංශං ජිඥසූනාං තම්හ විධිවත් කීර්‍තතයිෂ්‍යෙ හිතාන්‍ථමි.

මේ මාහභද්‍රකලපය හටගන්නට පළමුව කෙළ ලක්‍ෂයක් සක්වළ එකපැහැර යට අජටාකාශය දක්වා මහාපෘර්‍ථවි මෙරූ පර්‍වතාදිය ගින්නෙන් දා එක කුහරව නොසදු බෙරක් සේ නැසි සිටි කලැ ඉක්බිත් සකල සත්‍වයන්ගේ පිණින් සම්පත්තිකර වහාමේඝයක් වසින්නට පටන්ගනි, හේ වැස ආභස්සර බඹ ලොව දක්වා ජලයෙන් පිරී සිටිනේය. මෙසේ පිරි සිටි ජලය වාත වේගයෙන් අනිත් සක්වළකට දිය බිඳක් පමණකුදු යා නොදි පන්‍දුවක් සේ වාතබන්‍ධනයෙන් පෙරළිපෙරළි දිය රඳවා ක්‍රමක්‍රමයෙන් වියලිවියලි දියවර බොල් කෙරෙමින් පහත් බැස පළමු ශක්‍රභවනය පිහිටි තැනට ලං වු කල්හි පළමු බඹලෝ පිහිටි තන්හි බ්‍රහ්මලොකද මතු දෙව්ලෝ සතර පිහටි තන්හි දිව්‍ය ලෝකද පහළවෙත. එකල ආභස්සරාදි මතු බඹතලවල වසන බරව්හ්මරාජයන් අතුරෙන් ඇතැම් කෙනෙක්, ආයුක්‍ෂයවිමෙන් හෝ පුණ්‍යක්‍ෂය විමෙන් එයින් චුතව මහාබ්‍රහ්මය, බ්‍රහමපුරොහිතය, බ්‍රහමපාරාදස්‍යය යන තුන් නලයෙහි උපදිත්, ඇතැම් කෙනෙක් සදිව්‍ය ලෝකයන්හි උපදිත්. නැවත ජලය ක්‍රමයෙන් අඩුවි ගොස් මිනිස්ලොව පිහිටන තැනට බටකල්හි බලවත් වාතයෝ හටගෙණ ඒ ජලය නික්මිමට දොරටුවක් නැතිසේ අවුරා සිටිති. ඒ මධුර රසවත් ජලය මදින් මද සිඳිමට යන කල්හි ඒ ජලය මතුපිට රස පෘර්‍ථවිය උපදවයි. ඒ රස පෘර්‍ථවි තොමො දිය නුමුසු


( 2 ) කිරෙන් පිසූ ක්‍ෂිර පායාසය මත්තෙහි හටගන්නා තෙල් පටලයක් (කිරියොදයක්) මෙන් වි වර්‍ණ ගන්‍ධ පරිපූර්‍ණව අඬුවැලැබෑ මියක රසයමෙන් ඉතා මධුර රසයෙන් යුක්ත වන්නීය. එකල කෙළ ලක්‍ෂයක් සක්වළ ලොව ඇඳිරිව මහා නරකයක් මෙන් ඒක්න්‍ධකාරව පවත්නේය. ඉක්බිත් බඹලොවින් බඹහු චුතව මිනිස්ලොව ඔපපාතිකව ඉපිද තමන්ගේ ශරිරා‍ෙලාකයෙන් එකාලොක කොට ප්‍රිති සැප අනුභව කරමින් අහස්හිම හැසිරෙන්නාහුය. එකල ඔවුන් අතුරෙන් එක් ලොභ සිත් ඇති මිනිසෙන් කැකෑරු පැණිමෙන් තිබෙන පොළවෙහි පස්කලල් ඇඟිල්ලෙන් මඳක් ගෙණ දිව ගා බලා ඉතා මධුර සේ දැක ඒ මිනිසා කුල්මත්ව පෘථිවි රසය තෙමේම කන්ට වන. මෙසේ මනුෂ්‍යයෝ ඔවුනොවුන් හො සමව නොවෙනස්ව පෘථිවි රසයම අනුභව කරන්නාහු සැටදහසක් අවුරුදු ඉක්ම ගියාහුය. මෙසේ අනුභව කරනකල ඔවුහු ලොභ සිත් උපදවා පෘථිවි රසය මේ තොපටය මේ අපටය කිය කියා දැතින් පතින් තමන් දිසාවට නතුකොට ගොඩ ගොඩ කරගනිති. එවිට ඔවු‍න්ගේ බලවත් ලොභයෙන් ශරීරාලොකය අන්තර්‍ඪානව ඝනාන්‍ධකාර විය. ශරිරාලොකය නැති හෙයින් ඝනාන්‍ධකාරයෙන් දුකට පැමිණ හැමදෙනම එක්සිත්ව කියන්නාහු. ඇයි සත්පුරුෂ යෙනි! මෙතෙක් කල් අපගේ ශරිරාලොකයෙන් මුළු ලොව ඒකාලොක කොට ඇවිද්දම්හ. එහි ප්‍රිති සැපය ආහාරකොට විසුම්හ. රිසි තැනට අහසින් යම්හ. දැන් එක අත්බැවම අපගේ සිතෙහි උපන් ලොභ ද්වෙෂ මොහයෙන් පෙර ඇතිවු ශරිරාලොකය අන්තර්‍ඬාන වුයේය. සෙසු දැ තබා දනැ අන්‍ධ කාරායහි වසම්හයි කියා හැමදෙනම එක්සිත්ව සිතුහ. එකල ඔවුන්ගේ පිණින් සිත් හා සමග ඝනාන්‍ධකාරය විධ්වංසනය කරමින් දෙසාළිස් දහසක් යොදුන් මත්තෙහි අයමින් පණස් යොදුන් හා විතරින් පණස් යොදුන් පමණවු හිරුවිමන පහළ විය. එකල හැම දෙනම එක්ව හිරුවිමන දැක සතුටු වැ අප හැම දෙනම දැන් ඝනාන්‍ධකාරයෙන් මිදුනම්හයි කියා සූය්යාපණස් ලොකයෙන් හිරුවිමන බලා නෙයියාඩම් කෙළිති. ඒ සූය්ය්යින විරහයෙන් සිටියවුනට සූරභාවය උපදවමින් හිරුවිමන පහළ වු හෙයින් ඒ ආලොක මණ්ඩලයට සූය්ය්සිටයයි නම් තිබුහ. මෙසේ පළමුව සූය්ය් ම විමානය ඉතා අඳුරුව ගිය කල්හි පෙර සෙයින්ම අඳුරට පැමිණ හිරුමඬල සෙයින් තවත් ආලොකයක් පහළවුයේ නම් ඉතා යහපතැයි සිතූහ. ඔවුන්ගේ සිත



( 3 )

හා සමග සඳවිමන පහළවිය. ඒ දැක අපගේ ජන්‍දය ලෙසට පහළ වුයේ සඳයයි නම තිබුහ. මෙසේ ඉර සඳ පහළවු දවස්හිම ඉදිරිපසු නොවි මහාමෙරු චක්‍රවාට හිමවත් පර්‍වත ආදිය හා දිවයින් කොදෙව් සමුද්‍ර දෙදෙව් ලෝ යනාදි සියල්ලම මැදින් මස පසළොස්වක් පොහෝ දවස්හිම පහළවුහ. මෙසේ ලොක ධාතුවෙහි සඳ හිරු පෘථිවි පර්‍වත සමුද්‍රාදි අවයවයන්ගේ පහළවිමෙන් පසු ඒ පෘථිවි රසය අනුභව කරන්නාවු සත්‍වයන්ගේ අතිමානප්‍රතයයෙන් පෘථිවි රසය අනන්තර්‍ධන විය. දෙවනුව ඔවුන්ගේ කුසල බලයෙන් භූමිසප්පට (රත්කැවිලා) නම්වු සතු වර්‍ගයක් පහළවිය. එයින් පසළොස් දහසක්ද, තුන්වෙනුව භද්‍රා ලතා පහළවැ එයින් පන්තිස් දහසක් ද, සතරවැනිව කප්රුක් පහළවැ එයින් දෙවිසිලක්‍ෂයක්ද, අවුරුදු රැකි අධික ලොබය කරණකොට‍ෙගණ මේ සියල්ල අතුරුදහන්ව පස්වැනිවැ පිරිසුදු මුතුසේ සවයඤ්ජාත හල් පහළ වුහ. ඒ හැල් ගෙණ මැනික් බදුන්හි ලා මැණික් උදුන තබා පිලියෙළවු දිවබොජුන් වැනි වු සුවඳ බත අනුභවකරණ කල්හි අහසින් යන සෘඞි නැතිවුහ. භූමියෙහි ඇවිදිනාසුළුවූහ. එකල මිනිස්සු තිස්දහසක අවුරුදු කිසි වෙනසක් නොවනසේ ස්වයං ජාත රත්හැල්සාලේ බත් අනුභව කළාහුය. එතැන් පටන් ලොභ වසභව මේ තොපටය මේ අපටය කියා ක්‍ෂත්ර්වල් සීමා කළාහුය. ඒ නියමකළ සිමා ඉක්මවා ඒ ඒ තැනින් සොරා ගෙණ කන්ට වන්හි. එසේ කනවුන් දැක ඔවුන් කෙරෙහි වෛරීව සොරාකනවුන්ට කැටපහණ මුගුරු ආදියෙන් තලා මරා පියා විරුඞ කෙරෙමින් ඔවුනොවුන් කෙරෙහි වෙනස්වුහ. එහෙයින් කුඩු දහයියා වලින් යුක්ත සහල් පලගන්ට පටන් ගත්හ. මෙසේ සත්‍වයන් ආහාර අනුභ කෙරෙමින් වසන කල්හි ශරිරයෙහි ඕජස බහුල‍විමෙන් ජලමල උපන. ඒ ජල මල නික්මෙනු සඳහා කලට හටගන්නා එලමුකුළුසෙයින් ජල මලමාර්‍ග බිඳි ස්ත්‍රි පුරුෂ ලක්‍ෂනවය හටගත්හ. ඇතැමුන්ට නපුංසක ලිඟුවද හටගත්තේය. එතැන් පටන් ස්‍ත්‍රි පුරුෂයයි ව්‍යවහාර විය. ඉක්බිත් අධිමනා ප්‍රත්‍යය කාම තෘෂ්ණා ප්‍රත්‍යයාදියෙන් අකුසල ධර්‍ම පහළවු කල්හි එක්තැනකට රැස්ව පින්වත්නි! අප අතරෙන් අපරාධ කාරින්ට දඬුවම් දිම පිණිස අධිපතියෙක් තොරාගත යුතුයයි සාකච්ඡාකොට සම්මත කළාහුය. බුදුවන්නට පෙරුම් පිරු කකුසන්‍ධාදී



( 4 ) පස බුදුවරයන් වහන්සේලාගේ බුධත්‍වකාලය වනාහි මහාභද්‍රකල්ප නමි. පූර්‍වොක්ත සූය්ය්ගේාදිව්‍යරාජයාගේ සමුදභව දිනයේම මහාසම්මතාන්‍නයෙහි ආදි කර්‍තෘභූත සූය්ය්ගේා කුමාරයාගේ ඔපපාතික සම්භවයද මේ මහාභද්‍රකල්පයෙහිම වියයි දතයුතුයි. “ක‍ෙලපාතපතති සතථානත්‍ර - සිදධානි ච සමාසතඃ ප්‍රථමෙ තු පරි‍චෙඡදෙ - නිදිෂටානි යථාවිධි” ක‍ෙලපාතපතති ප්‍රවෘතති ප්‍රකාශක ප්‍රථම පරිච්ඡෙදය නිමි.

දෙවෙනි පරිච්ඡේදය. මහාමුනි නම්වු ශාක්‍ය මුනීන්‍ද්‍රයන් වහන්සේ මහාසම්මත රජහුගේ වංශයෙහි උපන්සේක. මහාභද්‍රකල්පාරම්භයෙහි මහජනයා විසින් සම්මතකරනලද බැවින් මහාසම්මත නම් මනු ජෙන්‍ද්‍රයෙක් විය. රොජය, වරරොජය යන දෙදෙනෙක එසේම කල්‍යාණය. වර කල්‍යාණය, යන දෙදෙනෙක. උපොස්ථය මන්‍ධාතුය යන දෙදෙනෙක. චරය, උපචරය, යන දෙදෙනෙක. වෙති. යය, මුචලය, මහා මුවලය, යන නම් ඇත්තෝය. මුචලින්‍දය, සගරය, සාගරදෙවය යන නම ඇත්තොය. හරතය. හගීරථය, රුචුය, සුරුචිය, ප්‍රතාපය, මහාප්‍රතාපය, පනාදය මහාපනාදය, යන දෙදෙන දෙදෙනෙක. එසේම සුදර්‍ශනය, මහාසුදර්‍ශනය, නෙරුය, මහානෙරුය, යන අන්තිම දෙදෙන දෙදෙනාද යන මොව්හු මහාසම්මත නරෙන්‍ද්‍රයන්ගේ දරු මුනුබුරු රජදරු‍වෝ වුහ. අසඞ්ඛ්‍යායුෂ වැළදුවාවු මේ අටවිසි මහි පාලයෝම කුසාවතිය, රජගහය, මිර්‍ථලාය, යන නගරයනහි වාසය කළාහයු. ඉක්බිත්තෙන් ඒ රජුන්ගේ පරම්පරානුයාත සියයෙක සපණසක සැටදෙනෙක අසූසැරදහසෙක ඉන් මැත භාගයෙහි සතිස්දෙනෙක දෙතිස්‍ දෙනෙක විසි අට දෙනෙක ඉන් මෑතභාගයෙහි දෙවිසිදෙනෙක අටළොස්දෙනෙක සතළොස් දෙනෙක පසළොස් දෙනෙක තුදුස් දෙනෙක නව දෙනෙක සත්දෙනෙක ඔවුන් කෙළවර සාගරදෙව නම් රජහු පිත් මඛාදෙවනම් රජෙක් විය. එතැන් පටන් මහා සම්මතවංශය නම් පෙරළි (මහාදෙව) මඛාදෙවවංශ නම් විය. මඛාදෙව රජහු ආදි අසූසාර දහසෙක එයින් මඛාදෙව වංශය


( 5 ) නම් පෙරළි කෙළවර කලාරජනකපිත් අසෝක නම් රජෙක් විය. ඔහු පිත් ප්‍රථම ඔක්කාක නම් රජෙක් විය. එතැන් පටන් ඔක්කාකවංශය විය. ඔවුන්ගේ දරු මුනුබුරන් අසූසාරදහසෙක එතැන් පටන් ඔක්කාක රජු දකවා සොළොස්දෙනෙක මේ මුනුබුරු රජදරුවෝ වෙන් වෙන්වු නගර‍යන්හි තම තමන් අභිමත පරිද්දෙන් රාජ්‍යානුශාසන් කළාහුය. ඔක්කාකපෘථිවි ශවරයාණන්ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රවු උක්කාමුඛ නම් රජෙක් විය. නිපුරය, චන්‍දිමන්තුය, සිරිසඦයය, වෙස්සන්තර මහ රජය, චාමිය, සිංහවාහනය. සිංහස්වරය, යන මොව්හු ඔහුගේ දරු මුනුපුරෝය. සිහස්වර මහරජහුගේ දරු මුනුපුරෝ අසූ දෙදහසක් වුහ. ඔහුන් කෙළවර තෘතිය ඔක්කාකරජු කළ ප්‍රිති උදන් හේතුකොටගෙණ එතැන් පටන් ඔක්කාක වංශය නම් පෙරළි ශාක්‍යවංශය විය. ඔවුන්ගේ අන්තිම රජතෙමේ ජය සේන නම් විය. කිඹුල්වත්පුරයෙහි විසූ මොව්හු ශාක්‍යරජහු යයි ප්‍රකටවුවාහුය. එම කිඹුල්වත්පුර නුවර දෙලක්‍ෂ දෙවිස් දහස් සත්සිය එකුන් සැත්තැවක් රාජ පරම්පරා ගියකල කෙළ වර බුදුකෙනෙකුන්ට මුත්තනුවන් වන්ට පින් ඇති සිංහහනු නම් රජෙක් විය. මෙහු ජයසේන රජහුගේ පුතනුවෝය. ජයසේන රජහුගේ දුහිතෘ තොමෝද යසෝධරා නැමැත්ති විය. දෙවදහ නම නගරයෙහි දෙවදහශාක්‍ය නැමැති භූපාලයෙක් විය. ඕහට අඦන නම් පුත්‍රයෙක. කච්චානා නම් දියනි කෙනෙකැයි දරු දෙදෙනෙක් වුහ. ඒ කච්චානා කුමාරිකා තොමෝ සිංහහනු නම් රජහට මහේසිකාවිය. ඒ යසෝධරා නම් කුමාරිතොමේ අඦන නම් ශාක්‍ය රජහුගේ මෙහෙසි විය.අඦන නම් රජහට මයාය ප්‍රජාපති යයි දුවරු දෙදෙනෙක් හා දණ්ඩපාණිශාක්‍යය සුප්‍රබුඞශාක්‍ය යයි පුත්‍රයෝ දෙදෙනෙක්ද වුවාහුය. සිංහහනු නම් රජහට වනාහි සුධොඳනයධොනොදනය සක්කාදනය සුකෙකාදනය අමිතොදනයයි පුත්‍රයන් පස්දෙනෙක් හා අමිතාය ප්‍රමිතායයි දුවරු දෙදෙනෙක්ද ඇතිවුහ. එයින් අමීතා තොමෝ සුප්‍රබුඞ නම් ශාක්‍ය රජහට අග්‍රමහේ සිකා වුවාය. ඒ මෙහෙසියට භද්දකච්චානා (යසොධරා) නම් දියනියක්ද දෙවදත්ත නම් පුත්‍රයෙක්ද වුහ. මායාය ප්‍රජාපතිය යන කුමාරිකාවෝ සුදෙවුන් රජහට මෙහෙසියෝ වුවාහුය. මේ මහාසම්මත රජහු පටන් සු‍ෙඞදෙන රජහු දක්වා ක්‍රමයෙන් රජ කළා වු සත්ලක්‍ෂ සත්දහස් සත්සිය අනූවක් මහාසම්මත වංශයෙහි වු යථොක්ත හිරුගොත් රජුන් දැක එම වංශයෙහි


( 6 ) කෙළවර උපන්නාවු යට කී උභයකුල පරිශුඬ සුඬෝදන රජ හට දා ඒ මහාමායා රැජාණින්ගේ පුත්‍රතෙම පඤ්චමාරයන් නැසිමෙන් සර්‍වඥ වුයේක. එකල කපිලවස්තු නුවර විසූ ශාක්‍ය රජදරුවන්ට විරුද්ධව විඬුඩභ කුමරුන් සුඬාරම්භ කළ බව “පාටලිපුතතනො පඤ්ඤාසයොජනමන්‍ථකෙ විඩුඞහ භයාගතානං සාකියානමා වාසං වෙටිසංනාම නගරං පත්‍වා” යනාදින් සාරත්‍ථදිපනියෙහි කියනලදි. මෙසේ අප බුදුන් ධරමාන කාලයෙහි කොසොල් මහරජහුගේ පුත්‍රවු වික්‍රමවත් විඩුඬභ කුමරුන් විසින් ශාක්‍ය රජදරුවන්ට විරුඬව යුඬාරම්භකළ හෙයින් ස්වවංශයෙහි පරිහාණිය දුටු ශාක්‍යයෝ විඩුඩභ කුමරුන්ට බියෙන් පැණ ගොස් ගඟා නම් ගඟින් එතර නගරයන් ඉදිකොට විසූහ. එයින් අමිතොදන ශාක්‍ය රජහුගේ පුත්‍ර පණ්ඩුශාක්‍ය කුමාරයා පරිවාර ජනයනුත් කැටිව ගොස් මෝරිය නම නුවරක් කරවා විසිමඳ, දෙව ශාක්‍ය රජහුගේ පුත්‍ර පණ්ඩුශාක්‍ය කුමාරයා පරිවාර ජනයනුත් කැටිව ගොස් මෝරිය නම් නුවරක් කරවා විසිමද, දෙව ශාක්‍ය සිටුතුමා එසේ ම වෙදිස නුවර කරවා විසිමද කළේය. මෙ ආදි තවත් බොහෝ ශාක්‍යයෝ පැණ ගොස් තන්හි තන්හිනගර නිර්‍මමාණය කොටගෙණ විසුවෝය. මෝරිය නම ගඟ අසබඩහෙයින්ද, මයුරාකාර හෘහ පඞ්කතින්ගෙන් විරාජ මාන බැවින්ද, ඊට මෝරියයයි නම් විය. එහි වසන ශාක්‍ය පරම්පරාවට එ තැන් පටන් “මෞර්‍ය්‍ය” නම් ශාක්‍ය යයි ව්‍යවහාරය විය. අප බුදුන් පිරිනිවි ශතවර්‍ෂයක් ඉක්මගිය කල්හි පැළලුප් නුවර රජ පැමිණි “කලාශොක” රජහට දස වැන්නවිය. භද්‍රසෙන ආදි දසබෑ රජුන්ගෙන් පසු පැවති උගනසේන නන්‍ද ආදි නවනන්‍ද රජුන්ගේ නන්‍දරාජ වංශය උන්මුලනය කොට රාජ්‍යශ්‍රියට පත්වුයේ චන්‍ද්‍රගුප්ත මෞය්ය්උන් නම් තරුණ රජතෙමේය. මේ තෙමේ චාණක්‍ය නම් විජහුගේ අනුශාසන් පූර්‍වක උපකාරයෙන් අන්තිමවරට රජයකළ ධනනන්‍ද රජු සිහසුනෙන් පහකොට නසාදමා පැළලුප් නුවර අග්‍ර රාජධානියෙහි සිංහාසනාරෑඪව රාජ්‍යය කෙළේය. චන්‍ද්‍රගුප්ත මෞය්ය්ෙහි රජහුගේ පුත්‍ර බින්‍දුසර නම් රජතෙමේත් ඔහු පුත් ධර්‍මාශොක් නම් මහරජ තෙමේත යන මොව්හු මෞය්ය්‍හක නම් ශාක්ය් වංශිකයෝ වුහ. “ මහාජනෛඃ සමමතත්‍වා - නම්භාසම්මතවිශ්‍රැතඃ වංශොභ්‍යසමිත්පරිචෙඡදෙ - විතියෙතු ප්‍රකීර්‍තතිතඃ මහාසම්මත රාජවංශප්‍රකාශක විතිය පරිච්ඡේදය නිමි.


( 7 ) තුන්වෙනි පරිච්ඡේදය. මහාවංශයෙහි : - “ ලඞ්කායං විජයසනාමකො කුමාරො ඔතිණෙණ ථිරමති තම්බපණ්ණි දිපෙ සාලානං යමක ගුණනමන්තරස්මි නිබ්බාතුං සයිත‍දිනෙ තථාගතස්ස” යනු දැක්වු බැවින් බුදුරජානන් වහන්සේ පිරිනිවන් පානා පිණිස ශයනයකර වඳාළ දිනයෙහි විජය කුමාරතෙම ලක්දිවට සපිරිවරින් සම්ප්‍රාප්ත ව ලක්දිව මනුෂ්‍යාවාසයකෙළේය. මෙසේ ලක්දිවට ගොඩබැස තාමුපර්‍ණණි නගරය ඉඳිකොට ඇමතියන් විසින් පිරිවරණ ලද්දේ කුවේනි නම් යකිනි සමග වාසය කෙළේය. ඔහුගේ ඇමතියෝ ඒ ඒ තැන ග්රා ම පිහිට වුහ. අනුරාධ, උපතිස්ස, උදේනි, උරුවේල, විජිත යනාදි ඇමතියෝ තුමු ඒ ඒ නමින් ගම් ඉදිකළාහුය. ඊටපසු ඇමතියන්ගේ ආයාචනයෙන් අභිෂෙකය පිණිස පඬිරජ දියනියන් හා පරිවාරක ස්ත්‍රින්ද ගෙන්වාගනු පිණිස මදුරා පුරයෙහි පඩි රජු වෙත දූතයන් යැවුහ. එවිට පඬිරජ, නුවර බෙර පියවි කරවා බොහෝ කන්‍යාවන් ලැබ ඒ කුල‍යන් තර්‍පණයකොට සර්‍වාලඞකාර සම්පත්ත වු පිරිස් සහිත දියනියන්ද යොග්‍ය ආකාරයෙන් ලබනලද සත්කාර ඇති ඒ සියලු කන්‍යාවන්ද රජුන්ට සුදුසුවු සිව්රග සෙනග හා කුලයන්ද විජය රජහට ලියමන් දි එවුයේය. ඒ සියලු පිරිස් මහානින්‍නියට ගොඩ බටුවා හුය. ඒ කුමරියන්ගේ ආගමනය අසා යකිනට යාමට අණ කෙළේය. ඊට පසු ඈ ලඞකාපුරටය ගියයා. තචනනතරවැ පඬිරජ එවු පඬුරු සහිත රා දුහිතෘව හා සෙසු කන්‍යාදින්ද විඩය කුමරුහට පැමිණවුහ. ඉක්බිති ඇමති ගණයා රැස්ව මනරම් දිනෙක විජය කුමරු රාජයයෙහි අභිෂෙකකොට පඩි රජ දිත්තිකාවන්ද මෙහෙසි බැව්හි අභිෂේක කළහ. ඇමැතියෝද සෙසු පරිවාර ස්ත්‍රින් පාවාගෙණ දැහැමින් රාජ්‍යය විචාරමින් විසුවෝය. මෙසේ පුරාඅටතිස් වසක් තාමුපර්‍ණණි නගරයෙහි රජකරවි, ඒ විජය මහරජතෙමේ ස්වකිය රාජ්‍ය වර්‍ෂයෙන් අන්තිම අවුරුදුදෙහි හෙවත් (38) වෙනි වස්හී සිටියේ මම වෘඞ වයසට පැමිණියෙමි පිතෙක්ද නොමැත්තේය. දුකසේ පිහිටුවාගනුලැබු මෙරට මා අයාමෙන් නෂ්ටප්‍රාප්ත වන්නේය. එබැවින් රජය පිණිස මා මල්වු සුමිත්‍ර කුමරුන්



( 8 ) කැඳවන්නෙමැයි මෙසේ චිනතනයකොට ඉක්බිත් ඇමැතියන් හා මන්ත්‍රණය කොට සිංහපුරයට හස්නක් යැවුයේය. විජය නරෙන්‍ද්‍රතෙමේ හසුන් දි ස්වල්ප කලකින්ම මරණප්‍රාප්ත විය. ඔහු මළකල්හි ඒ ඇමැතියෝ ක්‍ෂත්‍රියයෙකුගේ ආගමනය බලන්නේ උපතිස්ස ඇමැති තෙමේ ඒ ගම වෙසෙමින් රාජ්‍යානුශාසන් කෙළේය. විජය රජු අභාවප්‍රාප්ත වු කලැ රාජ කුමරා ගමනයෙන් පෙර එක්වර්‍ෂයක් මේ ලඞ්කාතොමෝ අරාජකවුවා ය. සිංහබාහු රජුගේ ඇවෑමෙන් ඔහු පිත් සුමිත්‍ර කුමර තෙමේ ඒ සිංහපුරයෙහි රාජ්‍යය කෙළේය. මදුරදහුගේ දූ වු මෙහෙසියගෙන් ඒ සුමිත්‍ර රජතෙම පුත්‍රයන් තිදෙනෙකු ලැබුයේය. ලක්දිවින් ගිය දූතයෝ සිංහපුර‍යට ගොස් ඒ රජහට හසුන්පත් දුන්නාහුය. ඒ රජතෙම හසුන් අසා පුත්‍රයන් තිදෙනා කැඳවා දරුවෙනි! මම මහලු වුයෙමි. එබැවින් තොප අතුරෙන් එකෙක් මා බෑයා. සතු අනෙක ගුණාන්‍නිත රම්‍යවු ලක්දිවට යේවා. තවද ඔහුගේ ඇවෑමෙහි රාජ්‍යය විචාරිමටද සුදුසු වන්නේයයි කී සේක. කනිෂ්ඨ වු පණ්ඩුවාසුදෙව නම් කුමාරතෙමේ යන්නෙමැයි සිතා තමන් ගමනෙහි යහපත දැන පියහු විසින් කැමැතිවනලද්දේ අමාත්‍ය දාරකයන් දෙතිස් දෙනෙකුද ගෙන පරිබ්‍රාජක වෙස් ඇත්තේ නැවු නැංගේය. “මාකදුරුහොය” කම්මල් තොටට ඔවුහු ගොඩබැස්සාහ. ජනතෙමේ ඒ පරිබ්‍රාජකයන් දැක මනාකොට සත්කාර කෙළේය. මෙහි නුවර විචාරා ක්‍රමයෙන් යන්නාවු එවුහු දෙවියන් විසින් පාලනය කරණ ලද්දහ උපතිස්සග්‍රාමයට පැමිණියා හුය. ඇමැතියන් විසින් කැමැතිවන ලද්දා වු එක් ඇමැතියෙක් තෙමේ බැහැර තිමිතිහදාරන්නෙකු අතින් ක්‍ෂත්‍රියයන්ගේ ඊම විචාළේය. ඒ නෛමිත්තික තෙමේ විචාළාවු ඇමැතියාට අනිකකුදු විසදමින් සත්වන දවස්හි කැත් කුමරෙක් එන්නේය. මොහුගේ වංශයෙහි උපන්නෙක්ම “බුඬශාසනය” පිහිටුවන්නේ යයි ද විසඳිය. ඒ ඇමතියෝ සත්වන දවස්හිම එහි පැමිණ ඒ පරිබ්‍රාජකයන් දැක විචාරා දැන ඔව්හු පණ්ඩුවාසුදෙව කුමරුන් ලඞ්කාරාජ්‍යයෙහි පිහිටවුහ මෙහෙසියක් නොමැත්තෙන් ඒ කුමරුන් එතාක් අභිෂේක නොකරවුහ. “ විජයා’ගමනාදෙර්‍යා - වාර්‍තතා ග්‍රන්‍ථා’ගතා පුරා සාතෘතියෙ පරිච්ඡෙදෙ - සංක්‍ෂපාඳු දිතාමයා”

විජයාගමනාදිපරනාකාශක තෘතිය පරි‍චෙඡදය නිමි.


( 9 ) හතරවෙනි පරිච්ඡේදය. තවද ශු‍ඬොදන මහරජතුමාගේ සහෝදරවු අමිතොදන ශාක්‍යරජුගේ පුත්‍රයන් අතුරෙන් ශුඬ සූය්ය්තිෙවංශොදභූත පණ්ඩුශාක්‍ය නම් රාජකුමාරයෙක් වුයේය. ඒ පින්වත් කුමාරතෙම වනාහි විඪුඩහ සංග්‍රාමයේදි ශාක්‍ය රජුන්ගේ පරිහානිය දැක ස්වකිය පරිවාර ජනයන් හා කපිලවස්තුපුරයෙන් නික්ම ගොස් ගඞ්ගා නම් ගඟින් එතර මෝරිය නම් නුවරක් මුල්පිස කරවා සව්ඉසුරෙන් යුක්තවැ එහි රාජ්‍යය කෙළේයි. එ රජහට ධන්‍ය පුණ්‍ය ලක්‍ෂණදියෙන් යුත් සූසැට කලා ශිල්පාදියෙහි කෙළ පැමිණි පුත්‍රයන් සත්දෙනෙක් හා සකල ස්ත්‍රි ලක්‍ෂණදියෙන් හෙබියාවු “භද්දකච්චානා” නම් මනා රූ ඇති දියණියක් ද වුවාය. යොවුනගපත් ඒ රාජ කුමාරයගේ උත්තම රූපශ්‍රි ආදි ගුණඞ්ගයන් ඇසු රජවරු සත්දෙනෙක් විවාහ මඟුල් පිණිස පඬුරු එවුහ. එකල පණ්ඬුශාක්‍ය රජතෙමේ මාගේ දුවනිය නිසා රජුන් සත්දෙනෙකුන් විසින් පඬුරු එවන ලද්දාහුය. ඉදින් එක්කෙනෙකුට දියනිය පාවා දුන්නේ නම් අන් සදෙනම කිපෙත්යයි සනිටුහන්කොට කුඩා නැවක් සාදවා භද්දකච්චානා කුමරිය දෙතිස් පිරිවර කුමරියන් සමග එහි නංවා කන බොන දැ ආදි උපකරණ එහි තබා ගඞගා නම් නිදයෙහි පාකොට හැර පොහොසත් කෙනෙක් මා දුව ගනිත්වායි සත් රජුන්හට දැන්විය. ශිඝ්‍රලෙස යාත්‍රාකළාවු ඒ නැව කිසිවෙකුට අසුනෙවි දෙවානුභාවයෙන් දෙවෙනි දවස මෙම ලක්දිව “ගෝන” නම පටුනට පැමිණියාය එසේ නැව පැමිණි පසු රාජකුමාරිය ප්‍රධාන පිරිස නැවින් ගොඩබැස එකල ලක්දිව අගනුවර වු උපතිස්ස නුවර බලා නික්මුණය. එකල වනාහි ලක්දිව රජ වු ශුඞරාජ වංශොදභූත පඬුවස්දෙව් රජහට අබිෂෙක කිරිම පිණිස සුදුසු රාජකන්‍යාවකු පරික්‍ෂා කරණ කාලය හෙයින් ජ්‍යෙතිශශාස්ත්‍රයේ කොටිප්‍රාපත වු “කාබෙලදෙව” නම් නක්‍ෂත්‍රාවාය්ය්කත් තෙමේ රජු ඉදිරියට ගොස් දෙවයන් වහන්ස! උත්තම රූපශ්‍රිධාරිවු පඤ්චකල්‍යාණ යන් යුත් ශාක්‍ය රාජකන්‍යාවක් අද මෙහි පැමිණෙන්නිය ශාස්ත්‍රඥනයේ බලයෙන් රජහට දැන්වුයේය. පඬුවස්දෙව් මහරජ නක්‍ෂත්‍රාචාය්ය් වසයාගේ බස් අසා බලාපොරොත්තු සහිතවැ සිටිනාතර තාපස වේසධාරිව උපතිස්ස නුවර කරා ගමනය කරන්නා වු



( 10 )

රජකන්‍යාව ප්‍රධාන පිරිස දැක තුටුපහටු සිත් ඇතිවු ඇමති ජනයෝ කුමාරිකාවන්ගේ පැමිණිම රජහට දන්වා “භද්දකච්චානා” යන කුමරිය ප්‍රධාන පිරිස රජහට දැක්වුවෝය. රූපලාවණ්‍ය ගුණොපෙත පඤ්චකල්‍යාණයෙන් යුත් රජකුමරිය දැකිමෙන් ප්‍රිතිප්‍රමොද්‍යට පත් පෘථිවිශ්වර තෙමේ මනා රූ ඇති ඒ කුමාරිය අගමෙහෙසි තනතුරෙහි තබා අබිෂෙක මඞ්ගල්‍යය පැවැත්වුයේය. අවශෙෂ පරිවාරක ස්ත්‍රින් ඇමතියන්ට පාවාදින ඉක්බිති “භද්දකච්චානා” බිසව්තොමෝ ස්වකිය මව් බිසව වෙත සියලු තොරතුරු දන්වා දූතයන් හැරියාය. ඈ විසින් දන්වා හරිණලද ස‍ෙන්දිශානුසාරයෙන් තම දියනිය සුවසේ ලක්දිවට පැමිණ ලඬ්කාධිපති “පඬුවස්දෙව්” රජහට අගමෙහෙසුන්ව ප්‍රිතියෙන් වසන බැව මව් බිසව්තොමේ ස්වකිය පුත්‍රයන්ට දැන්වුවායු. එබස් ඇසූ කුමාරවරු ප්‍රමුදිතවැ පියරජ විසින් ගඟාවෙහි පාකර හරිණලද ආදරණිය සහෝදරිය ලක්රජුගේ අගබිසව් වි සුවසේ සිටිනු අසා සහෝදර කුමරුන් සදෙනෙක් එක්සිත්ව නැගනිය දක්නා පිණිස ලක්වට අවුත් “පණ්ඩුවාසුදෙව” රජු හා සිය නැගණියද දැක සමගි සතුටුව සාරාණියකථාවෙන් ප්‍රමුදිතවැ ලඞ්කාධිපති ඒ රජු විසින් මොනවට කරණලද ආදර සත්කාර ඇත්තාහු ලක්දිව මුළුල්ලෙහි සැරිසරා තම තමනට යොග්‍යයයි වැටහුනාවු සාරවත් ප්‍රදෙශවල නුවරවල් ගොඩනගා ඒ ඒ ප්‍රදෙශ වැඩිවර්‍ධනය කළාහුය. රා ම කු මා ර යා රාමනාමයෙන් උ රු වෙ ල, අනුරාධ, විජිත, දිර්‍ඝායු. රොහණ, යන මොව්හු ඔවුනොවුන්ගේ නාමයන්ගෙන්ද ග්‍රාම නිෂ්පාදනය කොට ගෙණ විසූහ. ඒ භද්දච්චානා මෙහෙසි තොමෝ “ පණ්ඩුවාසුදෙව” (පඩුවස් දෙව්) රජහට දාකොට පුතුන් දසදෙනෙකු හා එක් දුවකුදු වැදු වාය. ඉන් හැමට වැඩිමහල් කුමාර තෙමේ අභය නම් වි, කනිට්ඨිකා තොමෝ චිත්‍රා නම් වුවාය. වේදපාරගත බ්‍රාහ්මණයෝ ඇ දැක මැගේ පුත්‍රයෙක් රාජ්‍යය නිසා මයිලන් මරන්නේ යයි ප්‍රකාශකළාහුය. ඒ අසා නැගණියන් මරන්නෙමුයි සනිටුහන් කළාවු සොහොයුරන් වැඩිමහල් “අභය” කුමාරතෙම වළක්වාලීය. ඒ කුමරිය බොහෝ කලක් එකසතමභ ගෘහයක වාසය කරවුහ. “පඬුවස්දෙව්” මහ රජ තෙමේ ස්වකිය ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වන ‘අභය’ කුමාරයා සුදුසුකල උප රාජ්‍යයෙහි අභිෂෙකකෙළේය. “භද්දකච්චානා” බිසවගේ සොහොයුරෙක්වන “දිර්‍ඝායු” නම් ශාක්‍ය කුමාරයාගේ පුත්‍රවු “දීඝගාමිණි” කුමර

( 11 )

තෙම ඒ “උනමාදචිත්‍රාව” ගේ සුරුපය පිළිබඳ ප්‍රවෘත්තිය අසා හටගත් කුතුහල ඇත්තේ උපතිස්ස ග්‍රාමයට ගොස් රජහු දුටුයේය. ඒ රජතෙම යුවරජ සමග රජහට උවටැන් කිරිම මේ කුමරුහට දුන්නේය. එකස්මතම්හ ගෘහයේ උන් ඒ “චිත්‍රා” තොමෝ “ගාමිණි” කුමරු දැක ඇලළි ගිය සිත් ඇත්ති මෙහු පිළිබඳ තතු දැසගෙන් විචාරා සකල ප්‍රවෘත්ති දැන ඔහු කෙරෙහි සිත් ඇලවි. රහසිගතව එක් උපායකින් කුමරු ආශ්‍රයකරණ කාලයෙහි ඕතොමෝ ගැබ් ගත්තිය. ඒ පුවත් මව් බිසව දැන රජහට දන්වා ගාමිණි කුමරුහටම පාවාදිනි. ඈ නොබෝ කලකින් කුමරෙකු ප්‍රසව කළාය. ඒ කුමරහුගේ මයිලන්ගෙන් වන්නාවු උවදුරෙන් විනිර්මුක්ත කරණු සදහා දාසියට භාර කොට දොරමඩලාවට යවා ක්‍රමයෙන් “පණ්ඩුකාභය” නම් වු ඒ කුමරු වැඩෙමින්, සිටින කාලයෙහි “පණ්ඩුල” නම් බ්‍රාහ්මණයා වෙතින් ශාස්ත්‍රාදිය හදාරා උග්‍ර තේජසින් වැඩි මයිලන් සමග සටන්කොට ඔවුන් පරාජයට පත්තොට “ස්වර්‍ණපාලි” නම් කුමරියද මෙහෙසි බැව්හි අභිෂෙක කෙළේය. මෙසේ අභිෂේක කොට “චන්‍ද්‍ර” කුමාරයාහට විධිවු පරිද්දෙන් පුරෝහිත තනතුර දුන්නේය. එ ජ්‍යෙෂ්ඨ මාතුලවු “අභය” රාජ කුමරහු නොමැරවි. ඔහුට රෑ රජය දුන්නේය. සෙසු මයිලන් සමග කළ බිහිසුණු සටනින් ඔවුන් මැරිය. “පණ්ඩුකාභය” රජහු පටන් විජයරාජ පරපුර ඛණ්ඩවි ශාක්‍යවංශයට ලක්රජය බලසම්පන්නව හිමිවුබව පෙණේ, මෙසේ පණ්ඩුකාභය කුමරහු සැත්තැ අවුරුද්දක් රාජ්‍යය විචා‍ළහ. ඒ පණ්ඩුකාභය රජහුගේ ඇවැමෙන් ඔහු පිත් “මුටසීව” යයි ප්‍රසිඞ කුමර අනාකුලවු රාජ්‍යයට පැමිනියේය. ඒ රජතෙමේ “මහමෙවුනා උයන” කරවිය සැටවසක් යාපත්සේ රාජ්‍යයද කෙළේය. ඒ රජහට අන්‍යෙන්‍යයන් කෙරෙහි බඳනාලද ප්‍රෙමය ඇති පුතුන් දසදෙනෙක්ද කුලානුරුප කීකරු දූන් දෙදෙනෙක්ද වුහ.

“සශාක්‍යවංශස්තු පුරා පුරීමිමාං සමාගතො භාරත් වෂිතො යදා යථාක්‍රමං තස්‍ය ච විස්තරොලපශඃ සමිරිතො’සමින්තු චතුන්‍ථිකෙ මයා”

( පණ්ඩුවාසුදෙව ප්‍රවෘතති ප්‍රකාශක චතුත්‍වි පරිචෙඡදය නිමි.)


( 12 ) පස්වෙනි පරිචෙඡදය තවද ඉක්බිත්තෙන් මෞය්ය්්දාවංශයෙහි ශ්‍රිධර චන්‍ද්‍රගුප්ත රජුගේ පුත්‍රවු “බින්‍දුසාර” නරෙශ්වරයන්ගේ හා ධම්මා දේවියගේද පුත්‍රවු ධර්‍මාශොක නම් ලද කුමාරතෙම පුණ්‍ය තේජෝබල සමෘඬි සම්පන්න වුයේය. හෙතෙම හින්නමාතෘකවු හෙවත් එක් පියන් දාවු අන් මවුන් දරුවු එකුන් සියයක් සොහොයුරන් මරවා සකල ජම්බුවිපයෙහි එකාතපත්‍රකොට ජර වුයේය ඒ රජහුගේ අභිෂෙකයෙන් පෙර බුදුන් පිරිනිවි දෙසිය අටළොස් වර්‍ෂයක් විය. මේ කාලයෙහි ධර්‍මාශොක මහ රජානන්ගේ අබිෂෙකයෙන් පසු තමාගේ බාල සොහොයුරු වු “තිස්ස” නම් වු කුමාරයා උප රාජ්‍යයෙහි අභිෂෙක කෙළේය. මෙකලම ලක්දිව රජ වු මුටසිව රජහුගේ පුත්‍රයන් අතුරෙන් “දෙවානම්පියතිස්ස” නම් වු වීතිය පුත්‍රතෙම සෙසු කුමරුන්ට වඩා පුණ්‍ය ප්‍රඥා ගුණයෙන් අධික වුයේය. මෙතුමාගේ අභිෂෙකය සමගම බොහෝ අසිරිමත් දැ පහළ වුහ. එ මෙ අනර්‍ඝ වස්තූනු තම මිත්‍රවු ධර්‍මාශොක රජහට සුදුසු වන්නාහයි කියා බෙහෙවින් පඬුරුකොට කුසුම පුරයට යැවිය. ධර්‍මාශොක දෙවානම්පියතිස්ස යන රජුන් දෙදෙනා විරකාලයක පටන් නොදිටු විරු මිත්‍රයෝ වුහ. ධර්‍මාශොක රජතෙමේ “නිග්‍රොධසාමණෙර” දර්‍ශනයෙන් ප්‍රසාදජනකව ජටිලයන් කෙරෙහි කලකිරි ගියේය. ඒ සාමණෙරයන් වහන්සේ ඒ රජහට අප්‍රමාදවර්‍ගය වදාළේය. ඒ රජතෙමේ ධර්‍මය අසා ජිනශාසනයෙහි ප්‍රසන්නවුයේ, නිති දන් දෙමැයි සනිටුහන්කොට ගත්තේය. එසේ කොට විතිය දිනයෙහි රාජ මන්‍දිරයට ප්‍රවිෂ්ට දෙතිස්දෙනෙකුන් වහන්සේට ස්වහස්තයෙන්ම තර්ථාණය කෙළේ. ඉක්බිති ඒ තෙරුන් වහන්සේලාට්ග ධර්‍මමදෙශනාවශානයේහ මහ ජනයා ඇතුළුවු ඒ රජහු තිසරණ පන්සිල්හි පිහිටිගේ ඉක්බිත්තෙන් සතුටට පැමිණියාවු ඒ රජතෙම සැටදහසක් තිථිකයන් බැහැර කොටදිනක් දිනක්පාසා පිළිවෙළින් විගුනයෙන් සැටදහසක් භික්ෂුන් නිරන්තරයෙන් රජගෙහි වළදවා මොග්ගලිපුත්තතිස්ස ස්ථවිරයන් වහ්නසේගෙන් දහම් අසා අසූසාර දහසක් වෙහෙර විහාර කරවිමට පටන් ගෙණ තෙමේම අශොකාරාමය කරවන්ට ආරම්භ කෙළේය. මෙසේ රතනත්‍රය කෙරෙහි මමත්‍වයෙන් විවිධ පුණ්‍යක්‍රියා කෙළේය. ඒ දහම්සෝ රජතුමා විසින් ලක්දිවින් හරිනලද


( 13 )

අමාත්‍යයන්ට බොහෝ සඞ්ග්‍රහකොට බොහෝ පඬුරු සහිත මතු දක්වන සදහම් පඬුරුද ලක්පති රජතුමාට සුදුසු කාලයෙහි එවනු ලැබහ. හේ මෙසේයි: - “ මම බුඬ ධර්‍ම, සඞ්ඝ, සරණගත වුයෙමි. ශාක්‍යපුත්‍රයාගේ ශාසනයෙහි උපාසකභාවය ගිවිස්සෙමි. නරොත්තමය! තෙපිද ශ්‍රඞාවෙන් චිත්තප්‍රදය උපදවාගෙණ උතුම්වු තුනුරුවන් සරණගත වෙව! නැවතද මාගේ යහළුවාට අබිෂෙක කළයුතුයි” කියායි. ඇමැතියෝද තාමලිත්ති නම් තොටින් නැවු නැඟි දඹකොළ පටනෙන් බැස මේ සියළු තොරතුරු සහිතව දඹදිවින් ගෙණෙන ලද පුදපඬුරු දෙවානම්පියතිස්ස රජතුමාට ඔප්පු කළහ ඉක්බිත් ශාසනයෙහි දායාද බැව් පතන්නාවු මිහිපති තෙම දෙදරුවන් අමතා තෙපි ශාසනගතවිමට කැමැත්තහු දැයි විචාරා සතුටු ඇති බැව් දැන දෙදරුවන් ශාසනගත කෙළේය. මහින්‍ද කුමාරතෙමේ සුළුපිය රජහු පැවිදිවු තැන් පටන්ද සම්මිත් කුමරි තොමෝ තම ස්වාමිවු අගගිබ්‍රහ්ම කුමරයාගේ පැවිදි‍විමේ කල් පටන්ද ප්‍රව්‍රජ්‍යාව පිණිස කරණලද නිශ්චය ඇත්තෝ වූහ. “මොග්ගලිපුත්තතිස්ස” නම් ස්ථවිරයන් වහන්සේ “මහේන්‍ද්‍ර” කුමාරයාහට උපාධ්‍යාය විය. “මහාදෙව” නම් ස්ථවිරයන් වහන්සේ ප්‍රව්‍රජ්‍යාචාය්ය්කල් විය. මජ්ඣනතික නම් තෙරුන් වහන්සේ කර්‍මවාක්‍යය කථනය කෙළේය. ඒ උප සම්පදා මාළකයෙහිදිම ඒ මිහිඳු භික්‍ෂුතෙමේ රහත් වුයේය. ධම්මපාලි සථවිරින් වහන්සේ සඬ්ඝම්ත්තා නම් කුමාරිකාවට උපාධ්‍යාය වුවාය. ආයුපාලි නම් සථවිරිතොමෝ ආචාය්ය් ්් වුවාය. ඒ සම්මිත් මෙහෙණි තොමෝ සුදුසු කාලයෙහි රහත් වුවාය. ලඩ්කාවිපයට උපකාරිවු මහෙන්‍ද්‍ර, සඬඝමිත්‍රා නම් වු ඒ දෙදෙන දම්සෝ රජහුගේ සවෙනි වසෙහි පැවිදි වුහ. මිහිදු තෙරණුවෝ උපාධ්‍යායයන්ගේ සමිපයෙහි තුන්’ වසකින් තෙවළා දහම් උගත්හ. බුඞශාසනය බබුළුවන්නාවු ඒ මොග්ගලිපුත්තතිස්ස ස්ථවිරතෙමේ තුන්වෙනි සඬගිතිය නිෂ්ඨාකොට අනාගතය බලනසේක් ප්‍රත්‍යන්ත ජනපදයන්හි සසුන් පිහිටින් බව දැක කාර්‍තතික මාසයේදි ඒ ඒ තෙරුන්වහන්සේලා ඒ ඒ ජනපදයන්ට යැවුසේක. මහාමහෙන්‍ද්‍ර ස්ථවිරයන් වහන්සේ අමතා සඬිවිහාරකයන් සමග තෙපි ගොස් ප්‍රිය වඩන්නාවු ලඞකාවිපයෙහි මනොඥවු බුඬශාසනය පිහිටුවයි කියා ඇණවිය. ඉක්බිති මහෙන්‍ද්‍ර ස්ථවිරයන් වහන්සේ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන මේ තෙරුන් ද සුමනසාමණේ


( 14 )

රයන්ද කැටිව දක්‍ෂිණගිරි ජනපදයට වැඩිසේක. ඉක්බිති එහි හැසිරෙන් උන්වහන්සේට සමසක් ඉක්මුනාහ. ක්‍රමයෙන් මව්බිසව වසන වේදිසගිරිනගරයට අවුත් මෑණියන් දුටුසේක. දේවි තොමෝ ප්‍රිය පුතු දැක පිරිවර සහිත උන්වහන්සේලා වලඳවා තමා විසින් කරවනලද වේදිසගිරිවිහාරයට පැමිණවූවාය. ඒ අශොක රජතෙමේ කුමාර කාලයෙහි ස්වකිය පියාණන් විසින් තමහට දෙනලද අවනතිරට අනුභව කෙරෙමින් පෙර උදේනි නුවරට යන කල වේදිස නම් නුවර “දෙවශාක්‍යසිටු” තුමාගේ ප්‍රාසාදයෙහි නවාතැන් ගත්තේය. එහිදි යාපත් රු ඇති සිටු දුවක් “දෙවශාක්‍යසිටු” තුමාගේ ප්‍රාසාදයෙහි නවාතැන් ගත්තේය. එහිදි යාපත් රු ඇති සිටු දුවක්වු “දෙවි” නම්කුමරියක ලැබ ඈ හා විසිමෙන් ඕතොමෝඑයින් ගැබ්ගෙණ උදේනි නුවරදි “මිහිඳු” කුමාරයා ප්‍රසවකළා ය. ඉන් දෙවසක්ඉක්ම “සම්මිත්” නම් දියනිය වැදුවාය. එ කලා යෙහි ඒ බිසව වේදිස නගරයෙහි වසන්නිය කල් දන්නාවු මහේන්‍ද්‍ර ස්ථවිරයන් වහන්සේ එහි වැඩහිඳ පොසොන් මස පුර‍ පොහෝ දිනයෙහි ඉට්ඨියාදි තෙරුන් වහන්සේලාද සුමණ සාමණෙරයන් වහන්සේද භණ්ඩුක නම් අනාගාමි කුමාරයාද කැටිව මිශ්‍රක පර්‍වතයෙහි අම්බස්ථලයට වැඩිසේක. එදවස්හි දේවානම්පියතිස්ස රජතෙමේ නගරවාසින්ට දියකෙළි නියම කොට තෙමේ මුවදඞකෙළයට ගියේ සතළිස් දහසක් මිනිසුන් පිරිවරණලදුව පයින්ම දුවමින් මිශ්‍රක පර්‍වතයට ගියේය. ඒ පර්‍වතයෙහි වසන දෙව් තෙමේ රජහට තෙරුන් දක්නා ලද්දක් කොට අතුරුදහන් විය. තෙරුන්ද රජහට තමන් පමණක් දකිනසේ අධිෂ්ඨානකොට වැඩහුන් කල්හි මිහිපතිතුමා තෙරුන් දුටුකල බියපත් වි. එවිට තෙරුන් වහන්සේ රජ හට “තිස්ස” යයි කියා ඇමතුසේක. එවිට වැඩියක්ම බියපත් විය. මහරාජානෙනි! අපි ධර්‍මරාජයන්ගේ ශ්‍රමණයෝ වම්හ. තොපට අනුකමපාවෙන් දඹදිව සිට ආම්හයි වදාළසේක. ඒ අසා රජ තෙමේ පහවු බිය ඇතිව යහළුවාගේ හසුන් සිහිකොට ශ්‍රමණයෝයයි නිශ්චය පැමිණ දුනුහි දමා තෙරුන් වෙත එළඹ ඒ තෙරුන් හා සතුටු වනුයේ උන්වහන්සේ සමීපයෙහි හිඳ ගත. එකල්හි මහරජුගේ පිරිස අවුත් පරිවරා සිටගත්තාය. එවිට අන්‍ය තෙරුන් වහන්සේලා ආදින් රජහට දක්වා ප්‍රශ්න විසර්‍ජනයෙන් ප්‍රඥසම්පන්න බව දැන “ චූලහසතිපදෝම සූත්‍රය” වදාළසේක. දෙශනාවසානයෙහි රජතුමා සතළස් දහසක් පරිවාර ජනයන් සමග සරණයෙහි පිහිටියේය. අනාගාමි කුමාරයාගෙන් සියළු තතු රජතුමා අසා දත් පසු ඔහු පැවිඳි


( 15 )

කෙළේය. තෙරුන් වහන්සේ දේව සමාගමෙහිදි “සමචිත්ත” සූත්‍රය දෙශනා කළසේක. නගරයට තෙරුන් ප්‍රථම කොට බට ස්ථානය “පඨමකචෙතිය” යි ප්‍රසිඞ විය. එස් වැඩමවු ඉක්බිති දන් වළඳවා ප්‍රෙතවස්තුවද විමානවස්තුව හා සච්චසං යුත්තකයද දෙශනා කළසේක. අනුලාදේවිතොමෝ පන්සියයක් ස්ත්‍රීන් සහ සෝවාන් ඵලයට පැමිණියාය. මහජනයාට “දෙවදූත සූත්‍රය” වදාරා ඔවුන් පැහැදවු සේක, මෙසේ දෙතැන්හිඳි වීපභාෂාවෙන් දහම් දෙසූසේක. මෙසේ තෙරුන්වහන්සේලා නගර ප්‍රවේශයට ඉක්බිති නන්‍දන නම් රාජාවනොද්‍යානයෙහි තෙරුන් වහන්සේලාට අසුන් පැණවුහ. දක්‍ෂිණවාරයෙන් නික්ම තෙරුන් වහන්සේලා එහි වැඩහුන්සේක. එහිදි “බාලපණ්ඩිත සූත්‍රය” දෙසූකල බොහෝ ස්ත්‍රි පුරුෂයෝ ප්‍රථම ඵලයට පැමිණි‍යාහුය. මෙහමෙවුනා උයන්හි එදින් නැවතු නාහ. ඉන්පසු රජතෙමේ වහන්ස! ආරාමය සඟනට කැපැ දැයි කියා ඇසීය. එසේය කියා ස්ථවිරයන් වහන්සේ පිළිවදන් දුන්සේක. තෙරුන් වඳනා පිණිස පැමිණි අනුලාදේවින් ප්‍රධාන පිරිස දෙවෙනි ඵලයට පැමිණ පැවිදිවි‍ම පිණිස රජ හට දැනුම් දුන්කල ඒ බව මහාස්ථවිරයන් වහන්සේට රජතුමා සැලකළ කල්හි මහරජානෙනි! අපට මාගමුන් පැවිදිකිරිම කැප නොවෙයි පාටලිපුත්‍රනගරයෙහි මාගේ නැගැනිවු සඞ්ඝ මාත්‍රා නමින් ප්‍රකට මෙහෙණින්නක් තොමෝ ඇත්තිය ඕ තොමෝ බහුශ්‍රැතය ඒ තෙරණියන් සමග මහාබෝධිද්‍රැ මෙන්‍ද්‍රයාගෙන් දක්‍ෂිණ ශාඛාවද වඩනා සේක්වායි අප පියමහ රජහට හසුන් යවව. ඒ ස්ථවිරීතොමෝ මෙහි අවුත් ස්ත්‍රින් පැවිදිකරන්නියි මිහිපල් හට වදාළසේක. යහපතැයි ගිවිස මේ මහමෙවුනා උයන සඟනට දෙමැයි කියා ස්වර්‍ණභිඞ්කාරය ගෙණ මහාමහෙන්‍ද්‍රස්ථවිරයන් වහන්සේගේ අතලෙහි දක්‍ෂිණෙදකය වැගිරවුයේය. ජලය මිහිපිට පතිතවු කල්හිම මහාපෘථිවි තොමෝ කම්ප්‍යමානවිය. එකල්හි සතර බුදුවරයන් වදාළසේක. ඉක්බිත් නන්‍දන වනයෙහි වැඩසිට. “අග්ගික්ඛ න්ධාහපම සූත්‍රය” ජනයාට දෙශනාකොට අධිගමලාභටය පමුණුවා නැවතද “ආර්‍ශර්‍වෂොපම” සුතුර දේශනා කළසේක. එයින්ද දහසක් පුරුෂයන් මාර්‍ග ඵලයට පමුණුවා එතැනින් තිස්සාරාමයට වැඩිසේක. මෙසේ තෙරුන් වහන්සේගේ අණින් මහාඝිමාබන්‍ධනාදිය හා චෙතියගිරිවිහාර ප්‍රතිග්‍රහණයද කරවා



(16)

ලක්දිවට සර්‍වඥ ධාතුන් වහන්සේලා ගෙන්වා ථූපාරාමාදියෙහි ප්‍රතිෂ්ඨා කරවා බො‍හෝ වෙහෙර විහාර කරවා ලෝ සසුන් වැඩ වඩමින් අනෙක පුණ්‍යක්‍රියා කරමින් සිටින කාලයෙහි දිනක් තෙරුන් වහන්සේ සමීපයෙහිදි නම බෑණවු අරිෂ්ඨ නම් අමාත්‍යයා සමග මන්ත්‍රණය කොට මහාබොධි ආභරණය පිණිස පුෂ්පපුරයට යන ලෙස නියොගකොට පඬුරු සහිත හසුන්පත් දි ඒ ඇමැති තුමා ප්‍රධාන පිරිස පිටත්කොට හැරියේය. “ශ්‍රි ලඞ්කා ජන ශාසනං සුවිපුලං සංසථපනාද්‍යෛඃ ක්‍රමාද් “දෙ වානාමප්‍රියතිෂය” නාමක නෘ‍පො’පා‍ෙතතාපකාරාච්ච යඃ , තසථාවත්‍ර සමසත සාධුජනතා සෞඛ්‍යාය කුර්‍වනක්‍රියා - සතස්‍යා’හි තසථවිරස්‍ය පඤචම පරි‍චෙඡදෙ ප්‍රවෘතත්‍යාදයඃ” මහාමහින්‍ද්‍රාගමණ ප්‍රකාශක පඤචම පරිච්ඡේදය නිමි. : හයවෙනි පරිචෙඡදය. ඉක්බිති “අරිට්ඨ” නම් කුමාරතෙමේ රජතුමාගේ හා තෙරුන්වහන්සේගේ හසුන් ගෙණවැඳ සමුගෙණ වප් මස පුර දියවක්දා පිරිවර හා දඹුළුතොටට ගොස් නැව් නැඟි සමුද්‍රයෙන් එතරව මහාමහීන්‍ද්‍ර ස්ථවිරයන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් නුවරින් නික්මුණු දවස්හිම පාටලිපුත්ත නගරයට ගියේය. අනුලා දේවිද දහසක් ස්ත්‍රින් සමග දසසිල් සමාදන්ව කාෂායවස්ත්‍රධාරිව මහණවනු කැමතිව ස්ථවිරීන්ගේ ඊම අපෙක්‍ෂා කරමින් සිටියාය “අරිට්ඨ” නම් අමාත්‍යයාද ධර්‍මශොක රජතුමාට කැඩපත් දී සිටියේය. මහරජතුමා එය නිරික්‍ෂණය කොට සඞ්ඝමිත්තා සථවිරින්ටද මෙපවත් සැලකෙළේය. දරු මුනුබුරන්ගේ විප්‍රයොග දුක්ඛයද සැලකොට එය නවතාලිය නොහැකිව මහාබොධි ශාඛාව ශස්ත්‍රදානයෙන් තොරව කෙසේ ගනිම්දැයි සිතීය. එසේ සිතා මහාදේව නම් අමාත්‍යයාගේ වචනයෙන් මහ තෙරුන් වහන්සේලා වළඳවා නේතයෙහි මෙපුවත් සැලකොට මොග්ගලිපුත්‍ර ස්ථවිරයන් විසින් සර්‍වඥයන් වහන්සේගේ අධිෂ්ඨාන පඤ්චකය වදාළ කල්හි ඒ අසා සන්තුෂ්ටවු රජතුමා විසින් පැළලුප් නුවර පටන් ශ්‍රි මහා බෝධිය දක්වා සත් යොදුන් මාර්‍ගය කුනුකලස හරවා අනෙකා ලඞ්කාරයෙන් සරසවා ස්වර්‍ණකටාහ‍යක් කරණු පිණිස රන්


( 17 )

බැහැරකර ඉක්බිති ස්වර්‍ණකරුවෙකුගේ වෙස් ගත් විශ්වකර්‍ම දිව්‍යපුත්‍රයා මනරම්වු කටාහයක් එකෙණෙහිම නිර්‍මත කරවී. ඉක්බිති රජතුමා සර්‍වාභරණයෙන් සැරසි අලඞ්කෘත මහාමාර්‍ගයෙන් දහසක් මහාස්ථවිරයන් වහන්සේලා ද දහසක් අභිෂෙක ලත් රජුන්ද කැටිව මහාබෝධින්වහන්සේ සමීපයට එළඹියේය. එසේ එළඹ ඒ පැමිණියාවු සියල්ලෝ වන්‍දනාභිවාදනය කොට මහාබෝධිය අවලොකනය කළහ එකල්හි මහ බෝකඳ හා දක්‍ෂිණ මහාසාඛාවෙහි සතර රියන් පමණ තැන් හැර සෙසු තැන් නොපෙනී ගියහ. ධර්‍මශොක රජතුමා ඒ ප්‍රාතිහාය්ය්තැන දැක හටගත්තාවු ප්‍රිති සොම්නස් ඇතිව අභිෂෙක ජලය වත් කෙළේය. ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ සර්‍වාලඞ්කාරයෙන් ප්‍රතිමණ්ඩිතවැ රාජාලඞකාරයෙන් සරසුනාවු රජදරුවන් දහසක් දෙනා විසින් පිරිවරණ ලදුව නන් අයුරින් පුදා සත්‍ය ක්‍රියාවෙන් බොධින්වහන්සේ ගන්නා කැමැතිය යම්තාක් බොධි ශාඛාවහන්සේද ඒතාක් උස්කොට තබනලද පිඨයක් මස්තකයෙහි ස්වර්‍ණණකටාහය තබ්බවා තෙමේ නැගෙණහිර දිගට අභිමුඛවැ රන්හිණින් රුවන් පුටුවට නැගී රන්තෙල්ල ගෙණ දකුණු මහාශාඛායෙහ් රන් සිරියෙලින් හිරක් ඇඳ සත්‍යක්‍රියා. කෙළේය. සත්‍යක්‍රියාව සමගම ස්වර්‍ණකටාහයෙහි පිහිටි සේක. එකෙණෙහි මලු ඇදිම් ආදි ප්‍රාතිහාය්ර් ‍ය දක්වා සිටිකල මහාපෘථිවිය කම්ප්‍යමාන විය. නිර්‍මලවු අහස්තලයෙහි වැඩහුන් පසු චන්‍දගුත්ත නම් කුමාරයෙකු කෙශරසිංහ සම් පලඳනා ලද රත්සඳුන් බෙරය වැයු කල්හි මහාජනයා කුල්මත් කරවා සකස්පුර දොරට බස්නා බුදුන් මෙන් භූමියට බටසේක. ධර්‍මාශොක රජතුමා ඒ ප්‍රාතිහාය්ය්න්න දැක උපන්නාවු ප්‍රිතියෙන් සියලු රජ ඉසුරු හරිමින් කාශිකොශලාදා සොළොස් මහාප්‍රදෙශයෙන් අලඞකෘතවු ජම්බුවීපරාජ්‍යයෙන් පිදුයේය. මෙසේ මිණි ඔටුණු දහසකින් පිදුම්ලද මහාබෝධිශාඛාවහන්සේ ලඞ්කාවට හරිණු කැමැති රජතුමානෝ ෂඩභිඥ ඇති තමන්ගේ දූ වූ සඞඝ මිත්‍රා නම් ස්ථවිරීන්වහන්සේ කැඳවා ආචාය්ය් ්යවන්වහන්ස! දැන් මහාබෝධින් වහන්සේ ගෙණ ලඞ්කාවීපටය වැඩිය මැනැවයි කියා “විධුරින්‍ද” නම් උරග රාජයන් කැඳවා තෙපි සපිරිවරින් මහාබොධිය ආරක්‍ෂා කරව්යයි කියා එසේම කුලවාසින් දි (18-24) ඔවුනතුරෙන් සූය්ය් ැන වංශයෙහි උපන්නාවුද වේදිස දේවින්ගේ සොහොයුරන් වුද දේවනාමොපලක්‍ෂිත ශාක්‍ය සිටු දේවින්ගේ සොහොයුරන් වුද දේවනාමොපලක්‍ෂිත ශාක්‍ය සිටු කුමාරයාගේ පුත්‍රයන්වුද රාජ කුමාරයන් අට දෙනා අතුරෙන් ප්‍රධානවු සුම්ත්ත, බොධිගුතත යන නම් ඇති ශාක්‍ය පුත්‍රයන්


( 18 ) දෙදෙනා තමන් පැලඳි තාක් ආභරණ පලඳවා ඔවුන්ට කළමනා සියලු පෙරහර කරවා තමා හා සමනා තනතුරෙහි තබා බාලවු සුමිත්ත නම් කුමාරයන්ට කුලවාසින් පාවාදි බොධිගුතත නම් කුමාරයන්ට මහාබොධින් වහන්සේ පාවාදා බොධින් වහන්සේට නිරතුරු පැන් වඩනා සඳහා රාජ වංශයෙන් බිසෝවරුන් සතර දෙනකු පාවාදි මහාබෝධින් වහන්සේ ගංගා නම් නදියෙහි සරසනලද නැවට වඩා මහා ගම් සඟුන් එකොළොස්නමක් සමග සඞඝමිත්‍රා නම්වු ස්ථවිරින්ද අමාත්‍යරන්ත වු අරිට්ඨ කුමාරයන්ද බොධිගුත්ත කුමාරයන් ප්‍රධානකොට ජාතිසම්පන්න කුල අටක්ද එම නැවට නංවා අවශෙෂ කුල වැස්සන් සෙසු නැව්වලට නංවා එවුහ. එසේම අටලොස් කුලයක දෙවියන්ද නාගයන්ද යක්‍ෂයන්ද එවුහ. ඔව්හු පූර්‍ව සමුද්‍රවේලාන්තය හා අපර සමුද්‍රවේලාන්තයෙහි පැහැර සිටියාවු වින්‍ධ්‍ය නම් වනය ඉක්ම ක්‍රමයෙන් සත් දවසින් තැඹිලි නම් තොටට පැමිණියෝය. එසමයෙහි රජ්ජුරුවෝද එහි පැමිණ මහාබොධියට අභිෂෙක ජලය වත්කරවා උඳුවප් මස පැළවිය දිනයෙහි රජකුල අටෙක බමුණුකුල අටෙකැයි සොළොස් ජාති සම්පන්න කුලයන් සමග බෝධිය ඔසවා තමන්ගේ මස්තකයෙහි පිහිටුවා කරවටක් පමණ සමුද්‍ර ජලයට බැස සරහන ලද රන් පුටුව මස්තකයෙහි තබා පිරිවර සහිතවු සම්මිත් තෙරණයන් නැවට නංවා නොයෙක් කුල වැසියන් සෙසු නැව්වලට නංවා බොධිගුත්ත, සුමිත්ත, යන දෙදෙනාට අනුශාසනාකොට අරිට්ඨ කුමාර නම් අමාත්‍ය රත්නය සමීපටය කැඳවා “දරුව! මම මහාබොධින් වහන්සේට තුන්වරෙක් සියලු ජම්බුවීප රාජ්‍යයෙන් පූජා කොට කර වටක් පමණ සාගර ජලයට බැස මා යහළුවු දෙවානම් පියතිස්ස රජතුමාට ලොව්තුරා පඬුරු යවමි රජතෙමේද එපරිද්දෙන්ම මහාබෝධින් පුදාවාය” කියා ලඞ්කාධිපත් රජතුමාට හසුන්ද දි සමුද්‍රතීරයෙහි සිට මහාසාගරයට වඩනාවු බොධීන් දැක දො‍හොත් මුදුනෙහි බැඳ කඳුලු වගුරුවා හඬා වැලප නැවතුනාහ. මෙසේ ඒ මහාබෝධින් වහන්සේ වඩනාවු නැව පල මත්තෙහි දිවගත්තීය. එකෙණෙහි පස්වණක් මලින් සැදිම් රැළ සන්සිඳිම් ආදි අසිරිමත් දේ සිදුකරමින්ද දෙව් බඹනා ගුරුළු අදින්ගෙන් පිදුම් ලබමින්ද නානා ප්‍රාතිහාය්ය්කරම පාමින්ද ලඞකාවට වඩනේය. එකල්හි දෙවානම්පියතිස්ස මහ රජතුමා සුමන සාමණෙඑයන් වහන්සේගේ වචනයෙන් උදු



( 19 )

වප් මස පුර පැළවිය දිනයෙහි පටන් නුවර උතුරු දොරටුවෙහි සිට දඹුළුතොට දක්වා මග කසල හරවා එහි නිර්‍මලවු වැලි අතුරුවා පස්වණක් පැහැ ඇති මලින් විසුරුවා අලඞ්කෘත කරවී. එදවස්හිම මහාසාගරයෙහි වඩනාවු නැව මිහිදු මහ තෙරුන් වහන්සේගේ ආනුබාවයෙන් දැක සතුටුවු සිත් ඇතිව අලඞකෘත මාර්‍ගයෙන් නුවරින් නික්ම එක දවසින්ම දඹුළු තොටට ගොස් එම්බල කොට දසබලධාරින් වහන්සේගේ සිනිදුවු ඕජාවත්වු රශ්මිමාලා විහිදුවන්නාවු මහාබෝධින් වහන්සේ වැඩිසේක් වේදැයි ප්‍රසන්නවු සිත් ඇතිව මහාබෝධින් වහන්සේ ඔසවා මුදුන් මස්තකයෙහි පිහිටුවා මිනිසත් බව ලැබිම සඵලයයි සිතමින් බෝධිගුතත කුමාරයන් ප්‍රධාන‍කොට ඇති සොළොස්ජාති සම්පන්න කුලයන් සමග ඉසින් ගෙණ වුත් සමුද්‍රයෙන් ගොඩනැගි සමුද්‍රතීරයෙහි සිත්කළුවු මණ්ඩලයට වඩා ලඞකාවීප රාජ්‍යයෙන් මහාබෝධින් වහන්සේ පුදා සොළොස් කුලයන්ගේ අතට රාජ්‍යය හැර තෙමේ‍ දොරටුපාල තනතුරෙහි සිට තෙදිනක් මුළුල්ලෙහි අනෙකප්‍රකාර පූජා කරවුසේක. ඊට අනතුරුව සරහා පිලියෙල කරණලද රථයකින් පුද පෙළහරින් යුක්තව දිනෙන් දින තන්හි තන්හි තබා නුවර මධ්‍යයෙන් මඟුල් මහාවිථියෙන් ගෙණ හැර දකුණු දොරින් පිටත්කොට මහමෙවුනා උයනට වැඩුසේක. ඒ බොධි ගුතත කුමාරයන් ප්‍රධානකොට ඇති සොළොස්ජාතිසම්පන්න කුලයෝ, සර්‍වාභරණයෙන් සරහි රජවෙස් ගත්තාහුය. රජ්ජුරු‍‍වෝ දොරටුපාල වෙස් ගත්තාහය සොළොස්ජාතිසම්පන්න කුලයන් බෝධින්වහන්සේ රථයෙන් නගා පිහිටුවනු පිණිස එතැන්හි ඇරලූය. මහාබෝධින් වහන්සේ ඔවුන් අතින් මිදුන ඇසිල්ලෙහිම අසූරියන් පමණ ආකාශයට නැඟි ෂඩ්වර්‍ණවු රශ්මිමාලාවන් විහිදූසේක. හිරු හස්තයට යන තෙක් සවණක් රැස් විහිදුවමින් ආකාශයෙහි සිටිසේක. හිරු හස්තයට ගියපසු අහසින් බැස රෙහෙණේ නැකතින් භූමියෙහි පිහිටිසේක. එසේ ප්‍රති‍ෂ්ඨාවීම සමග දිය පොළොව අවසන් කොට මහත්වු භූමිකම්පාවෙක් විය. එමවිට දෙව් බඹ නා ගුරුළු නාර නාරි ගණයා මහත්කොට පුද පෙළහැර පැවැත්විය. පඤචශාඛාවන් හා පඤචමහාඵල‍‍යෝ එකෙණෙහි පෙනුනාහ. මහින්‍ද්‍ර ස්ථවිරයන් වහන්සේය. සඞඝමිත්‍රා ස්ථවිරින් වහන්සේය, රජතුමාය. යන මේ සියල්ලෝ සහපිරිවරන් බොධින් වහන්සේ පිහිටි තෙනට ගියාහුය. රෝහණ, කතරගම, සඳුන්නරුව,


( 20 )

යන ගම්හි රජදරුවෝද, තිවකක නම් බ්‍රාහ්මණයාද, සියලු විපවාසීහුද ප්‍රාතිහාය්ය්පිත දැක ඔද වැඩි සිත් ඇතිව අභිෂෙක ජලය වත්කොට පූජාකළොය. අෂ්ඨමහාඵල යනාදිය පැණ නැඟිම් ආදි නානා ප්‍රාතිහාය්ය්, ළ පාමින්ද සදික් ඔරැජමින්ද වැඩ සිටිසේක. මහාමහීන්‍ද්‍ර ස්ථවිරයන් වහන්සේ සමිපයෙහි බොහෝ පුරුෂයෝ පැවිදිව රහත්වූහ. එසේම සම්මිත් තෙරණිය සමිපයෙහි අනුලාදේවි ප්‍රධානකොට ඇති ස්ත්‍රීහු පැවිදිව රහත්වි හත්‍ථාලහක නම් මෙහෙණවර විසුවාහ. ලක්දිවට චන්‍ද්‍ර සූය්ය් දියන් බඳුවු මිහිඳු සම්මිත් දෙදෙනා වහන්සේලා පය්ය්ද්ඩප්ති ප්‍රතිපත්තා ප්‍රතිවෙධ යන ත්‍රිවිධ ජිනශාසනය බබුළුවා ලූහ. යම් සිටු කුලයක ජනයෝ, මහාබොධින් වහන්සේ, සමග පැමිණියාහුඳ ඒ ශාක්‍ය කුමරුන් හා පඬුවස්දෙව් රජ කල පැමිණි ශාක්‍ය කුමරුන්ද සමනා ගොත්‍රවත් කුමරුන් හෙයින්ද ඔවුනොවුන් එකම ඥතිපුරෙන් ආ හෙයින්ද මෙහිදිද එසේම ඤතිත්‍වයෙන් ලඞ්කාරාජයය පරිපාලනය කළාහුය. මහබෝ වඩා පැමිණි ශාක්‍ය රාජකුමරුන් හට බොධාහාර කුල යයි ව්‍යයහාර කෙරෙති. ඔව්හු අවිච්ඡින්නනව ලකතුළ පැවැතෙත්. “ජම්බුවීපාදිහසුරුචිරා “ශ්‍රි මහාබොධිශාඛා” තෛ සෛතඃ ශසෛතබහුවිධකුලෛශවාපිසදභික්‍ෂුණිභිඃ නෛ කෛරන්‍යෛරජිච සුධියා ප්‍රෙෂිතායෙන සම්‍යග් වාර්‍තතා ෂෂෙඨක්‍රමත උදිතා සා පරිචෙඡදකෙ’සමින් බොධ්‍යාගමන ප්‍රවෘතති ප්‍රකාශක ෂෂ්ඨ පරිචෙඡදය නිමි. : හත්වෙනි පරිචෙඡදය. ඉක්බිත් මෙහෙණවර, ලම්බකර්‍ණ, ඝණවැසි, ස්කන්‍ධාවාර, ගිරිවංශ, යනාදි කුලයන් සම්බන්‍ධව කරුණු ක්‍රමයෙන් දක්වනු ලැබත්. ඔහු කවරහුදයත් :- තෘතිය ධර්‍මසඞ්ගායනාවට අනතුරුව ලක්දිවට පැමිණ මහමහින්‍ද්‍ර ස්ථවරියානන් වහන්සේ දෙවානම්පියතිස්ස මහරජහු ප්‍රමුඛ සිංහල දෙශවාසින් රත්නත්‍රයෙහි පහදවා මේ ද්වි‍පයෙහි සම්බුඬ්ශාසනය පිහිටෙව් පසු ධර්‍මාශොක මහරජාණන් විසින් සඞ්ඝමාත්‍රා ස්ථවිරින් වහන්සේ සමග එවනලද ශ්‍රි මහාබොධින් වහන්සේ කැටිව පැමිණි කුලයන් පිළිබඳ මෞය්ය්එවනවංශික ශාක්‍ය කුමාරයන් අටදෙනා


( 21 )

අතුරෙන් බොධිගුතත කුමාරයාට ලක්මහලේනා තනතුරද සුමිත්‍ර කුමාරයාහට ජයමහලේනා තනතුරද මහත් පිරිවර සම්පත්ද දෙවා මහාබොධිරක්‍ෂණයෙහි නියුක්තකළ පරිදි මහාබොධි වංශාදියෙහි දක්වනලදි, එයින් බොධිගුපත කුමාරයෝ සඞඝමිත්‍රා ස්ථවිරින් වහන්සේ සමග හත්‍ථාල්ඟකාරාමයෙහි විසූ මෞර්‍ය්‍ය නම් ශාක්‍යවංශයෙහි උපන්නාවු සුනන්‍දා සාමණෙරින් රාජ සම්මතයෙන් සිවුරු හරවා පාවාගත්හ. ඔවුන්ගෙන් පැවතා පරම්පරාතොමේ විශෙෂයෙන් මෙහෙණ වරවංශ යයිද සාමාන්‍යයෙන් ඝණවැසි ලම්භකර්‍ණදා නාමයෙන්ද ප්‍රකට වුවාය. සුමිත්‍රා කුමාරයෝ සඞ්ඝමිත්‍රා ස්ථවිරින් වහන්සේ සමග අවුත් යථොක්ත ආරාමයෙහි විසු සුමනා නම් ස්වවංශයටම අයත් කුමරිය පාවාගත්හ. ඔවුන්ගේ දරු මුනුබුරු පරම්පරාවෙන් පැවත ආවෝද විශෙෂයෙන් මෙහෙණවර නාමයෙන් හා සාමාන්‍යයෙන් ඝණවැසි (ලැමැණි) ලම්බකර්‍ණ යනාදා නාමයනගෙන් ප්‍රසිද්ධවුහ. ලක්දිව්තලය ඒකාලොක කොට රාජ්‍යශ්‍රිපදප්‍රාප්ත සව්ළු‍විජයබා, ජයබා, වික්‍රමබාහු යනාදි කීර්‍තතිමත්මනුජෙන්‍ද්‍රයන් සහ සමග “ගල්සන්නසෙහි” දෘශ්‍යමාන වන්නාවු අලකෙශ්වර, දෙවමන්ත්‍රීශ්වර දෙබෑයෝද සෙනාලංකාධිකාර මහාමන්ත්‍රිශ්වරයාද යනාදින් පිතෘ පක්‍ෂයෙන් මෙහෙණවර වංශිකයන් බැව් හා මාතෘ පක්‍ෂයෙන් ගණවැසි වංශිකයන් බැව්ද දක්වා තිබේ, තවද විල්ගම්මුල සංඝරාජ මාහිමියන්ගේ ශිෂ්‍යවු ලඞ්කාසෙනෙවිරත් පිරුවන් හිමිවුද ලඞ්කාතිලක විහාරවාසිවුද මෙහෙණවරවංශික ස්ථවිර නමක් විසින් “විමුක්තිසඞ්‍ග්‍රහ” නම් ධර්‍මප්‍රකරණය වික්‍රමබාහු රජුගේ රාජ වර්‍ෂයෙන් අට‍ළොස් වැන්නෙහි කළ බැව් තදග්‍රන්‍ථාවශානයෙහි :-

“කුලේ මෙ‍ණවරෙජාත - ලඞකාතිලක වාසිනා වීනයාචාර යු‍ෙතතන - ථෙරෙන ථිරසිලිනා අට්ඨාරසහි වසෙසහි - රඤේඤ විකකමබාහු‍නො විමුතතිසඞ්ගහං සෙට්ඨං - කතං ලොකාභිවුඩිදං” යන ගාථාවන්ගෙන් නිදර්‍ශතයි. මේ ආදි කරුණු වලින් මෙහෙණවර වංශිකයන් ලක්දිව් තලයෙහි අවිච්ඡින්නව පැවත ආ බව පෙ‍ණේ. තවද යට දක්වනලද ලම්බකර්‍ණවංශික රාජ රාජමහා මාත්‍යාදින් ලක්පතුළ අවිච්ඡින්නාව පැවතවිත් තිබෙන බව ( 22 )

මෙහි පහත දක්වනු ලබන කරුණුවලින් පෙණේ. හේ මෙසේයි:- ශ්‍රි.බු.ව. 581 වැන්න පමණේදි රාජ්‍යශ්‍රිප්‍රාප්ත ඉළනාග නම් රජහු‍ගේ කාලයෙහි ලම්බකර්‍ණ‍යෝ දාමරිකව රජු රටින් පලවා හැර තුන් අවුරුද්දක් රාජ්‍යය විචාළෝය. ඒ රජහුගේ පුත්‍රවු යසලාලකතිස්ස නම් රජු මරා සිංහාසනාරූඪවු ශුභ නම් බලතා පහකොට රාජ්‍යශ්‍රියට පත් වසභ නම් රජද ලම්බකර්‍ණ වංශයට අයත් කුමාරයෙකි. ඉක්බිති ශ්‍රි.බු.ව. 790,794,796, පමණේදි පිළිවෙළින් රාජ්‍යශ්‍රිප්‍රාතපත සඞ්ගතිස්ස සඞ්ඝ‍බොධි, ‍ගඨාභය, යන රජවරු තුන්දෙනද ලම්බකර්‍ණ වංශික බැව්:- “ලම්බකණණතයො ආසුං සහායා මහියඞගණෙ සඞ්ඝතිස්සේ සඞඝබොධි තතියෝ ගොඨකාභයො”. යන මහාවංශිය ගාථාවෙන් පෙණේ. තවද ලැමැණිසිහානා රජද ලම්බකණි වංශිකයෙකි. ශ්‍රි පරාක්‍රමබාහු මහරජානන්ගේ පරම්පරා දක්වන තැන “ක්‍රමයෙන් සමූහව ඝනවු හෙයින් ගණවැසි වංශ‍යයි කියාද උභයකුල පරිශුඞ වංශ ගුණඥාන ආචාර ශිල යසස් තේජසින් මහත්ව අලාමකව ලම්බකර්‍ණව පැවත ආ හෙයින් ලැමැණි වංශයයි කියාද බොධිවඩා ආ ශාක්‍යවංශයෙන්ම ශ්‍රි ලඞකාද්විපයෙහි රජ බිජුවට පහළව ලඞ්කාව හිමිවු හෙයින් ඒ වංශ පරම්පරානුගතවු මෙකල දැහැ‍ෙමන් රාජ්‍යශ්‍රිප්‍රාප්ත වු ශ්‍රි පරාක්‍රම බාහු නම් රජතෙමේ” යනාදින් ලම්බකර්‍ණ වංශික බැව් හා ගණවැසි වංශික බැව් සද්ධර්‍මරත්නාකරයෙහි දක්වා තිබේ. තවද බුද්ධදාස. කුමාරදාස, අග්‍රබොධි, මහාවිජයබාහු, ආදි කිර්‍තතිමත් මහ රජවරුන් මේ වංශයට අයත් බැව් පැරැකුම්බා සිරිතෙන් හා කාව්‍යශෙඛරයෙන් පැණේ. මහාවංශයෙහි 69 වෙනි පරිච්ඡේදයෙහි:- “තතොලඞකාමහාලානො සිඞානායක නාමකො තථා ජයමහාලානො සෙට්ඨිනායක සවහයෝ මහින්‍දවේහාති පඤෙච්තෙ ලම්බකණණකමාගතා තදා මොරිය රට්ඨමහි නිවසනති මහායසා” යන 12,13 වෙනි ගාථා‍වයෙන් ලම්බකර්‍ණ ක්‍ෂත්‍රිය වංශයෙන් පැවත ආ ලඞ්කාමහාලානය, ජයමහාලානය, ශ්‍රෙෂ්ඨිනායකය, සිබානායකය, මහින්‍දය යන මේ පස්දෙන එකල්හි


( 23 ) මෝරිය රටෙහි මහායසස් ඇත්තෝව වායස කෙරෙත්යයි කියා තිබේ. මහාපරාත්‍රමබාහු රාජානන්ගේ යුද්ධසේනාව දක්වන තැන, ලම්බකර්‍ණ ක්‍ෂත්‍රිය සේනාව දහසයි. මහින්‍දකුමරු යටතේ පඬිරටින් ගෙන්වු සෙනඟ දෙදෙහසයි. යනාදින් දක්වා තිබෙත්, පුරාණ ලැමැණි ගම් 700 ක් තිබු බැව් “ලෝකවිසතරය” නම් පොතෙහි කියන ලදි. මහා පරාක්‍රමබාහු මහරජානන්ගේ අග්‍රසේනාධිපති “දෙවලඞකාපුර” ප්‍රභූරාජයෝත් ලම්බකර්‍ණ වංශික යහ කියාම පැරණි පුස්කොල තල්පතක: “සෙ‍ෙටඨමාතුල රටඨමහි ගාමෙලගගල නාමකෙ කුලෙසංජාතභූතෙන ලම්බකණෙණ’තිවිසසුතෙ දෙවලඞකාපුරොනාම මහාමචෙචනධිමතා තත්‍ථ තත්‍ථ සුසඞගාමං පවතෙතත්‍වා සුහිංසනාං” යනාදින් නිදිෂ්ටයි. ආචාර්ය්ප ශ්රී රාමචනර්ෙ භාරතී විරචිත වෘතතරත්නාකර පර්‍වකායෙහිද, සවුළු පරාක්‍රමබාහු රජහු‍ගේ මාතෘ පිතෘ දෙදෙන පිළිබඳව “කාලිඞගාදෙශ සඤජාත භූමිපාල කුලොදහවා සුනෙත්‍රා නාම දෙවි සා පරාක්‍රමභූජං ප්‍රසූඃ” ධර්‍මාශොක නෘපාන්‍නයෙ ජයමාලො මහිපති” තස්‍යපුත්‍ර” ප්‍රජාශ්‍රියෙ පරාක්‍රමභූජො’භවත. යනාදින් වර්‍ණණාතයි. පැරැකුම්බා සිරිතෙහිදු:- 9. “අතුරු කප පෙර උපන් බඹ පුත් වස් වත්මනු රජ කුලෙන් ප ත ඔකාවස් පුතු බානුමන්දතු පසේනදි සුදසුන් බගිර ත නහුස සංකති රගු දිලීපති සංකුනලනා බාග දසර ත රාම ලක්මණ කුසලවාදි පසිදු සක්විති රජුන්ගෙන් යු ත

10. දහම්සොරජ සසිරිමාබෝ දකුණු සාකා එවත මෙකල ට උතුම් තමකුලෙ නෙවී සුමිතුරු කුමරු සමගන් කුලන් දස අ ට දකිමින් උන් දෙවනපෑතිස් ලකිසුරා සෙදැ පෙර ගමන් කො ට වැඩුම් කැර ඒ දුමිදු අනුරාපුර වෙතෙයි පුද පෙර හරින් තු ට



( 24 ) 11. එ ක ල එනිරිඳ සුමිත් කුමරුන් පළදවා මිණි ඔටුණු පිවි තුරු උ දු ල සත් මඟුලැතු පිටින් පුර වැඩම කරවා පුදෙන් විසි තුරු නි ම ල කුල පරපුරෙන් එන ලෙස දෙමින් ජය මහ ලැන තන තුරු වි පු ල අදරන් සැලසි දුමිඳුන් පුද සිරිත් කර වනුය නිර තුරු

27. මෙලෙස තෙදබල මහත් අණසක ඇති රජුන් කුලැ පිවිතු රු සවුළු විජෙබා නිරිඳු පිත් පැරැකුම් රජුන් හට මුනුබු රු ලැමැණි ජයමහ ලෑන හිමි සුර තුර වෙළූ රන්ලිය යු රු සුනෙත් මහ දෙවි බිසෝ හිමලත් රජරුවක් සොඳ බුදුකු රු

28. උතුම් ගුණයුත් මෙ පැරැකුම්බා නිරිඳු රයිගම් නම් පු රා බරණ සූසැට සිද්ද ඔටුනුත් පැළඳ විලසින් පුරඳ රා වෙළඳ ගොවිකුල වන්නි නිරිඳුන් නොදැන කළ නොසිරිත් ව රා බබුළුවා ලෝ සසුන හෙබවි සරසමින් කුල දිව යු රා

80. ගු ණ කරුණ කර සරණ ගත සත සිවි රාජ දේව ර ණ අසුරන් මැඩ ජයගත් කුලයෙන් ආ බාහු දේව අ ණ සක්විති වාසල මේ වන් පැරැකුම් බාහු දේව නැණ බල පෑ සැපසේ ඉඳු විලසින් මින් රාජ දේවී” යනාදින් කියන ලදිව. හංස සන්දේශයෙහි:- 183. හි ම ව න සිඟානා සුදසුන් මහ ලේ න වැ ජ ඹෙ න ලැමැණි කුලයෙන් සිරි ලැබ යෙහෙ න සි සි ව න ලොව යසස් පරසිඳු කුලෙන් එ න නි සි ව න ඔහුට මුනුබුරු වන මනනද න යන්නෙන්ද සගම ගල් සන්නසෙහි:- “නවරත්නාධිපති ශ්‍රි බුවනෙකබාහු රාජොත්තමයාණන් වහන්සේ.ශ්‍රි බොධි වඩා පැමිණි ගණවැසි කුල මාතෘ වංශ පිතෘ වංශ මෙහෙණවර කුල අල කෙශවර දෙවතත්‍රිශ්වර දෙබෑයන්ද,” යන්නෙන්ද,තවද, ජයවර්‍ධන කෝට්ටේ රාජ්‍යශ්‍රිපදප්‍රාප්ත ශ්‍රි සංඝ බොධි පරාක්‍රම බාහු මහරජතුමාද, එතුමාගේ අමාත්‍ය රත්නයක්වු අසාග්‍රා



( 25 ) හක සුදර්‍ශනාභිධාන මහාලේඛක අමාත්‍යතුමාද භුවනෙකබාහු රජුට සහ දොන් ජුවන් ධර්‍මපාල රජුටත් අතරතුර ශ්‍රි වර්‍ධනපුර (මහනුවර) රාජ්‍යශ්‍රි ප්‍රාප්ත වීරවික්‍රම නම් රජද, මැද මහලේ ආදි බිසෝවරුන්ද ලම්බකර්‍ණ වංශිකයන්ම බැව් මහා වංශ රාජාවලි ආදි පොතපතින් පැණෙත්. සකන්‍ධාවාරවංශය:- මෙනමින් හඳුන්වනු ලබන්නේ මෞය්ය්පැණවංශ පරම්පරානුයාත ඉහත සඳහන් ශ්‍රෙෂ්ඨ වංශයම වේ. මේ ලෙසින් ප්‍රකටවීමට හේතුවුයේ ඒ ඒ රජකාලවල යුද්ධ කඳවුරු බැද සිටි ප්‍රධාන කුමාරසේනාපතීන්ගේ පරපුරක් බැවිනි. එ බැවින් පොළොන්නරුපුර මහාපරාක්‍රමබාහු නර නාථයන්ගේ ආරක්‍ෂක කඳවුරු දක්වන තැන, විල්ගම්තොට පටන් ගොළුමුහුද දක්වා මහා ගඞගාව දෙගොඩ පිහිටි බලකොටුවල ප්‍රධානින් වශයෙන් - විල්ගමතොට, රක්ඛ නම් කෙශධාතු නායක සෙනෙවි තෙමේද, පුණ්‍ය නම් තොට බුද්ධ නම් සෙනෙවි තෙමේද, යක් ඌරාතොට කීර්‍තති අධිකාරි‍ සෙනෙවි තෙමේද, යැදිගම ලඞකාපුර සෙනෙවි තෙමේද, බෙඳිලිකඩ දේව සෙනෙවි ද, මල්ගමු තොට, ගොළබාහ තොට, දිපාලය තොට, මාගම් තොට, දහස් තොට, අස්මඬලා තොටව. බිල්ලනම් තොට, දේව සේනානායක මහ සෙනෙවි වරුද, වැල්ලතොට, ගංතොට, දේවසේනානායක සෙනෙවි වරුද, දක්නා ලැබෙත්, විජයබාහු පරිවෙනාධිපති ෂඩ්භාෂා පර මෙශ්වර තොටගමුවේ ශ්‍රි රාහුල සඞ්ඝරාජ මාහිමි තුමන්ද, මෞය්‍ර්යෙවංශ සඞ්ඛ්‍යාත සක්න්‍ධාවාර වංශයට අයත් බැව් එතුමන් විසින් විරචිත සැළලිහිණි සන්දේශයෙහි:- “ ක ඳ වු රු කුල මැදුර මිණි පහනෙව් සුසැ ඳි නැනගුරු සබස සමයද දුනුමෙන් වොරැ ඳි ර ජ ගු රු විජයබා පිරිවන් හිමි පැහැ ඳි මෙමියුරු පදැති සැළලිහිණිය අස්න යෙ ඳි” යන්නෙන්ද, කාව්‍යශෙඛරයෙහි:- “ කු ල ග මි ණි පිවිතු රු දෙ ම ටාන ගම කඳවු රු තොට ගමු වැසි සොඳු රු උ තු රු මුල මහ තෙරිඳු මුනුබු රු යනුවෙන්ද, ආචාය්ය් ශෙ ශ්‍රි චන්‍ද්‍රභාරති විරචිත වෘත්තරත්නාකර පඤ්චිකායෙහි:-



( 26 ) “ රාහුල නාමා මුනිරති විදවාන් සඳගුණභාරි ත්‍රිපිටකධාරි මෞය්ය් ති කුලාබ්ධි ප්‍රභව සුධාංශු ජිනමනිජන්මන්‍යපි මම මිත්‍රම්” යන්නෙන්ද පෙනේ. ගිරිවංශය:- පුර්‍වොක්ත වංශිකයන් කඳුවල ගල් ගුහා යනාදියෙහි වාසය කළ හෙයින් ඔවුන්ගේ වංශය ගිරිවංශය හෙවත් කඳුවංශයයි ව්‍යවහෘතවී, එහෙයින් ඔවුන්ට කන්‍දයෝයයි ද කියත්.මයුර ස‍න්‍දශයෙහි ප්‍රකාශිත අලගක් කෝනාර (අලකෙශ්වර මැතිහුගේ නාමයෙහි) (අකාර ලෝපාදියෙන් මෑත කාලයෙහි ලකෙශ්වරවීයයි සිතිමට ඉඩ තිබේ.) මොහුට විරබාහු සහ දෙවස්වාමි යන නම්වලින් සොහොයුරෝ දෙදෙනෙකි. නිකාය සඞ්ග්‍රහය, රාජරත්නාකරය, සඞර්‍මරත්නාකරය, මයුර ස‍න්‍දශය යනාදි ග්‍රන්‍ථයන්හි මොවුන් ගැන කරුණු පැණෙත්. එකි ග්‍රන්‍ථයන් හිද සගම ගල් සන්නසෙහිද මොව්හු මෙහෙණවර වංශ ගණවැසිවංශ ගිරිවංශ ඇත්තෝයයි දක්වත්. 56. “ ජයසක් බෝවාර ගොස තුඟු නාදක ර රුපුසක් නා පෑර ගත් ගජ කෙසර යු ර මුලුසක් වළ නෑර යස තෙද පිරි ඉති ර අලගක් කෝනාර හිමිසඳ දින මෙපු ර යනු මයුර සන්‍දශාගතයි. පස්වෙනි විජයබාහු නමින් රජවු මෙතුමා හෙවත් අලගක්කෝනාර තෙමේ ජයවර්‍ධන කෝට්ටේ නුවර කරවා රාජ්‍ය ශ්‍රි පදප්‍රාප්ත විය. මෙව්හු සේනාලඞ්කාර සෙනෙවි රත්හු‍ගේ පුත්‍රවු මෞය්ය්ශ්රවංශොද්භව මෙහෙ‍ණවරවංශ ගණවැසිවංශ ගිරිවංශ යනාදි වංශහිමියෝ වෙත්. කුමාරයොඃ පූජිතබොධිගුපත සුමිත්‍ර නාමේනාස්තු ස ශාක්‍යවංශඃ යතො වරිෂෛඨඃ කිල ලම්බකර්‍ණණා - ද්‍යෛර්‍නාමභිසෛත වීකෘතිම්ප්‍රපෙදෙ විස්තර සත්ත්‍ය සං‍‍ෙක්‍ෂපා - ලලිඛිස්තු යථා විධි සප්තමෙ ස්මින් පරිචේඡදෙ - භුයාත්ස විදුෂාම්මුදෙ ලම්බකර්‍ණණාදිවංශ ප්‍රකාශක සප්තම පරි‍ච්ඡේදය නිමි.

( 27 ) 8 වෙනි පරිච්ඡේදය.

සවස්ති ශ්‍රි ප්‍රවර ලඞකා මහිමණ්ඩලය සරත් පුන්සඳ ලෙසින් එකාලොක කොට විරාජමානවූධ මෙහෙණවර ලම්බකර්‍ණණ ආදි නාමයන් ආවෙඨනය කළාවූධ ජයමහලෑන නැමැති කල්පවෘක්‍ෂයකින් සමන්‍නිත කීර්‍තතිධර බොධාහාර කුලය හෙවත් දේවවංශය ලක්දිව පැවත ආ පිලිවෙළ කථාව හා එය වරින්වර නොයෙක් නාමවලට පරිවර්‍තනය වීමෙන් අද දක්වාත් නොනැසී පවත්නා ස්වභාවය සං‍‍ෙක්‍ෂපයෙන් මෙහි සඳහන් කරණු ලැබේ. ශ්‍රි ශාක්‍ය මුනීන්‍ද්‍ර ජිනොරස සම්මා සම්බුදු රජානන් වහන්සේ ජිවමාන කාලයෙහි කෝසල රාජාධි රාජෙශ්වරයන්ගේ පුත්‍ර විඩූඪභ කුමරු ශාක්‍ය රජවරුන්ට විරුඬව යුද්ධාරම්භ කළ හෙයින් ස්වවංශයෙහි පරිහානිය දුටු ශාක්‍යයෝ විඩුඞභ කුමරුන්ට භයින් පැනවුත් දඹදිව් වේදිස පුර ආදියෙහි පදිංචි වුහ. එහෙයින් මහාබොධි වංශයෙහි:- “පාටලිපුතතතො පඤ්ඤාසයෝජන මත්‍ථකෙ වීඩූඩභ භයා ගතානං, සිකායාන මාවාසං වෙදිසං නාම නගරං පත්‍ව” යනාදිය ප්‍රකාශිතයි. බින්‍දුසාර නරෙශ්වර තෙමේ පාටලි පුත්‍ර නුවර රාජ්යනය කරන සමයෙහි යථොක්ත නගරයෙහි ඒ ශාක්‍ය පරම්පරාවෙන් පැවත ආ වේදිසයයි ප්‍රසිද්ධ නුවරෙහි පරම්පරා ගත නාම වශයෙන් “දේව” නම් සිටු කුමාරයෙක් විසුයේය තත් කාලයෙහි මෞය්ය්පරා වංශජවු බින්‍දුසර නරපති තුමන්ගේ සහ ධම්මා දේවියගේ පුත්‍රවු අශොකය තිස්සය යන දෙදෙනා අතුරෙන් වැඩිමහල් පුත්‍ර අශොක කුමාර තෙමේ පිතෘ රාජයා විසින් අවනතිරට පාලනය කරවයි යවන ලද්දේ පාටලීපුත්‍ර නගරයට පණස් යොදුනකින් මත්තෙහිවු වේදිස නගරයට පැමිණ “දේව” නම් ශාක්‍යසිටුතුමා‍ගේ දුහිතෘ වු වෙදිස “දේවි” නම් ශාක්‍ය සිටු කුමරිය ගෙණ උදේනි නුවරට ගොස් රාජ්‍යය කෙළේය. එහෙයින් සමන්තපාසාදිකා සාරත්‍ථදිපනි නම් විනය ග්‍රන්‍ථයන්හි :- “උජේජනිං ගච්ඡනෙතා වෙදිසං නගරං පත්‍වා දෙවනාමකස්ස සෙට්ඨිස්ස ධිතරං අග්ගහෙසි” යනාදින් ප්‍රකාශිතයි. එහිදි මහින්‍ද කුමරු සහ සඞ්ඝමිත්තා කුමරියද ලැබ වසන සඳ පිය රජුගේ ගිලන් බැව් අසා පැළලුප් නුවරට වුත් එතුමාගේ අභාවයෙන් පසු අභිෂිකතවිය. එහෙයින් බොධි වංශයෙහි:- මොරියවංශජාය ධම්මාය දෙවියා අසොක තිසසා


( 28 ) භිධානානං ද්විනතං පුත්තානං ම‍‍ජ්ඣ ජෙට්ඨා අසොක කුමාරො අවනන්රට්ඨං භුඤ්ජාති පිතරා පෙසි‍තො පාටලිපුත්ත‍තො පඤ්ඤාස යොජන මත්‍ථකෙ විඩූඪභ භායාගතානං සිකායාන මාවාසං වෙදිසං නාම නගරං පත්‍වා තත්‍ථ සුරයුවති නිබ්බිසෙ සා සක්ක කුමාරකං ආදාය” යනාදින් ප්‍රකාශිතයි. මහින්‍ද කුමරු හා සඞගමිත්තා කුමරියද බුදුසසුන් වැද සියලු කෙලෙස් නසා අභිත්‍වයට පැමිණිසේක. මොග්ගලිපුත්තතිස්ස මහ රහත්න් වහන්සේගේ මෙහෙයිමෙන් මහින්‍ද්‍ර ස්ථවිරයන් වහන්සේ ලඞකාවට වැඩමවා දෙවානම්පියතිස්ස නරෙන්‍ද්‍රයන්ගේ සහායෙන් ලක්දිව බුදුසසුන් පිහිටෙව්සේක. ඉන් ටික කලකට පසු සඞඝමිත්තා ස්ථවිරීන් වහන්සේ විසින්ද ජයශ්‍රිමහා බෝධින් වහන්සේගේ දක්‍ෂිණ ශාඛා තො‍මෝ වැඩමවාගෙණ එන ලදුව අනුරාධපුරයෙහි රොපනය කළසේක. එම ශාඛා බෝධින් වහන්සේ වැඩමවනකල සඞඝමිත්තා ස්ථවිරින් සමග පැමිණි දේව සිටානන්ගේ පුත්‍රයන්වුද ධර්‍මාශොක නරෙශ්වරයන්ගේ ඇමැතියන්වුද සූර්‍ය්‍යවංශාභිජාත මහා මහින්‍ද රහතන් වහන්සේගේ මෑණිවු වේදිස දේවින්‍‍ගේ සහෝදරයන්වුද දේව කුමාරවරුන්ට බොධාහාර කුලයයි ව්‍යවහාර කරණු ලබති.එහෙයින් මහාවංශයෙහි කියන ලදි:- “යානි සෙට්ඨි කුලානට්ඨ මාහබොධි මිධාහරුං බොධාහාරකුලානිති තානි තෙන පවුච්චරෙ” යි. ඒ බෝධාහාර දේව සිටුකුමාරයේ කවරහුද යත්:- 1 බෝධිගුතත (දේව) 5 ධම්මගුතත (දේව) 2 සුමිතත (දේව) 6 සුරියගුතත (දේව) 3 චන්‍දගුතත (දේව) 7 ගෝතම (දේව) 4 දෙවගුතත (දේව) 8 ජුතින්ධර (දේව) යන මොව්හු වෙත්. මොවුන් වේදිස දේවියගේ සහෝදරයන් බව හා ශාක්‍යයන් බව මහාබොධි වංශයෙහි :- “තෙසු දිවසකර වංසජාතං වෙදිස දෙවියා ස‍හෝදරානං අට්ඨනනං බත්තියකුරාරකාන මග්ගං සුමිත්තබොධිගුත්තාභිධානං සක්කපුත්තයුගං අත්තනා සමට්ඨානෙ ඨපෙන්‍නා කනිට්ඨස්ස රාජකුමාරස්ස සුම්ත්තාභි ධානසස් කුලවාසි‍නො දත්‍වා ජෙට්ඨන බෝධිගුත්ත කුමාරෙන මහාබෝධිං සම්පට්ඡඡාපෙත්‍වා“ යනාදියෙන් හා “බොධිගුත්ත පමුඛානං අට්ඨසක්ක පුත්තානං නාම‍ගොත්තං සාමෙත්‍වා” යනාදියෙන්ද පෙනේ. එසේම මිහිඳු මාහිමියන්‍‍ගේ


( 29 ) මාමවරුන් බව බොධිවංසයෙහි:- රාජා තෙ දිස්ව එතෙ අම්හාකං මහින්‍ද ‍ෙත්ථ‍රසස මාතුලාති තුස්සිත්‍වා, යනාදියෙන් පෙනේ. දේවානම්පියතිස්ස රජ තෙමේ ඔවුන් දැක අපගේ මහින්‍ද්‍ර ස්ථවිරයන් වහන්සේගේ “දේව” මාමාවරුයයි සතුටුව බොධිගුතත කුමාරාදින් රජගෙට කැඳවාගෙණ ගොස් ජාතිවාදයෙන් අක්‍ෂිප්ත අනුපකලිෂ්ට වු නිර්‍මල වංශ පරම්පරායෙන් පැවතෙන ලෙසට “ත්‍වං අසමහිතන වංසොහුත්‍වා මහාබොධිං පරිපාලෙහි” “වංසං වො පරිපාලෙථ” නුඹ නොබිඳුනු වංශ ඇත්තෙක්ව හෙවත් වංශ පූරකයෙක්ව මහාබෝධිය පරිපාලනය කරව, නුඹලාගේ වංශය නොකිලිටුව පරිපාලනය කරව් යයි ඔවුන්හට අවවාද කොට දේව සිටානන්ගේ පුත්‍රයන් බව නිශ්චය වසයෙන්ම දැන(“ලඞකාජයමහාබෝධිංලාතා ආදාදාති පරිපාලෙතීති ලඞකාජයමහාලානො, ලඞකාජයමහාලානස්සඨානං ලඞකාජයමහාලානට්ඨානං”) යනු නිර්‍වචන හෙයින් “ලඞකාජයමහාබොධිංලාතා” යන වාක්‍යයෙහි ප්‍රකාශවු ලක් ජයමහ බෝ රැකගන්නා තැනැත්තේ යන අත්‍ථි ඇති ලඞකාජය මහාලාන යන උපාධිය ප්‍රධානකොට ඇති පහත සඳහන් තනතුරු හා නගර ග්‍රාමාදිය බොධිගුත්තාදි කුමාරවරුන්ට ප්‍රදානය කෙළේය. එනම් :- 1. ලඞකා ජයමහාලාන ස්ථානය, (ලක්ජය) මහ ලැන තනතුර) 2. ජයමහාලාන ස්ථානය (ජයමහලෑන තනතුර) 3. මලයරාජ ස්ථානය (මලයරට රජ තනතුර) 4. ලඞකාජයමහාලාන සථානය, (ලක්මහරැටි තනතුර) 5. මොරිය ශ්‍රෙෂ්ඨිසථානය (මෝරිය රට සිටු තනතුර) 6. භිංකාරග්‍රාහක ස්ථානය (රංකෙණ්ඩිය ගැණිමේ තනතුර) 7.ඡත්‍රග්‍රාහකස්ථානය (මහා බෝධියට ඡත්‍රය ඇතිවිමේ තනතුර) 8.ආරක්ෂාග පරිචය්යතසථානය (මුරකිරිම පිණිස හැසිරිමේ තනතුර) යන මේ තනතුරු සහිත 1. මහබෝ පාලනය, 2. සෙස්සන් සමග මහ බෝ පෙළහැර පැවැත්විම, 3. මහ බෝ මඟුලෙහි රන්බෙරය ගැසීමව, 4. මහ බෝ මඟුලෙහි රන් කෙණ්ඩියෙන් පිරිත් පැන් මඟුලැතු පිට තබා නුවර පැදකුණු කොට ගෙණ ඒම, 5. මහ බෝ මඟුලෙහි සක් පිඹිම, 6. මහ බෝ මඟුලෙහි පිරිත් පැන් ඉසිම, 7. මහ බෝ මතුයෙහි ඡත්‍රය ඇල්විම, 8. මහ බෝ මඟුලෙහි ආරක්‍ෂා පිණිස හැසිරිම, යන මේ බෝධි කාර්‍යයන් හා


( 30 ) 1. මහ බෝ වෙතප්‍රාසාදයක්ද 2. අනුරාධපුර තුළ ප්‍රාසාදයක්ද 3. වීරබාහු ජනපදයද 4. සතරැස් භූමියක්ද 5. මෝරිය ජනපදය ද 6. බටුවත්තද (සුරියගුතතට) 7. වැළි‍කොළද (එම) රයිගම්කොරළේ බද) 8. කුරුගමද (එම) මායාදුන්නේ බද 9. ගොඩගමද (එම) කුරුණැගාල බද 10.රංමුං ගොඩද (එම) සිදුරුවානය යටි නුවර බද යන මේ ගම්වර පරත්‍යාගයෝයි. එයින් සුරියගුතත දේව කුමාරයන්හට දේවානම්පියතිස්ස මහ රජානන්ගේ දූ කුමරිය වන මයුරාවති දේවිය සරණකර දෙනලද මගුලෙහිදි (6 වෙනි අඞකයේ සිට 10 දක්වා) සඳහන්වු ගම්වර සහිත හිරණ්‍යස්වර්‍ණ දාසිදාස ගවමහිෂාදි බො‍හෝ ධන පරිත්‍යාග කෙළේය. එම රාජ කුමාරි‍ෙගන් පැවතෙන රාජ කුමාරියන් බො‍හෝ කලක් විසුගම සෙබල (හවුළුව කුරුණැගල) නම්විය. “මහා භික්ඛු සඞඝං පිචුමාලකෙ සන්නිපාතෙත්‍වා බොධිගුත්තං තත්‍ථ ආනෙත්‍වා තස්ස ඨානන්තරං විනිවෙදෙත්‍වා - පෙ - සුමිතෙතන - පෙ - ලඞකාජගති මහා‍ලානො දෙවං වන්‍දතීති තික්ඛ තතුං වාචා පෙත්‍වා” යනාදින් තනතුරු ඇ දුන් පිළිවෙළ මහාබොධි වංශයෙහි ප්‍රකාශ‍කොට තිබේ. මේ ගැණ කාව්‍යශෙඛරයෙහිදු:- 1. නිවන් පුරවන් මු නි 3. නමින් ජයමහ ලේ අවුරුදු දෙසිය සතසි නි තනතුරු දෙවනමඟු ලේ මහබෝගෙ ණයෙහෙ නි විජයිඳ රජ ක ලේ පැමිණි සිරිලක කුලන් සමගි නි දෙවන පෑතිස් නිරිඳු එක ලේ

2. දම්සෝ නිරිඳු පු ත් 4. ගත සව් බරණ සැ දී මිහිඳු මාහිම් දිය‍කො ත් බලමින් ඉස සෙවෙළුබැ ඳි මයිල්වන රිවි ගො ත් කිරුළඳ තම පැල ඳි සුමිත් කුමරුට මහත් ගුණයු ත් තබා ඔහු මුදුනතෙහි සිරිරැ ඳි



( 31 ) 5. මඟුලැතුට නං වා 8. සිරි සඟ‍බෝ නිරි ඳු සේසත්තුනම නං වා විකුම් වැඩි මහසෙන් ර දු මහත්යස පෙන් වා කිත් සිරි මෙ නිරි ඳු නමදවාබෝ වෙතාට ගෙන් වා බුජස් මහනම් කුමර දස් ර ඳු

6. යලි මගද රටි නා 8. අග්බෝ විජය බා සම්මිත් තෙරිනිවස නා මහළු පැරකුම් මහ බා වෙහෙර උන් සුම නා කුලයෙන් ආ සු බා යෙහෙලි මොහුගේ මොටට සවුළු විජබා රජු‍ගේ දෙමි නා සසො බා 7. මහ‍බෝ රකිනලෙ ස 10. ලැමැණි කුලපිවිතු රු සැලසු බෝකලක්වැ ස ජයමහලාන මනපි රු එමහ බෝ අබියෙ ස ගුණගණ මිනිසයු රු විසූකුලයෙන් මෙකල මුල්බැ ස සියල් නිරිඳුන් මුදුන් මල්යු රු යනාදිය දක්වන ලදි. ඉහත සඳහන් කුමරුන් අටදෙනා පිළිබඳව කිසිතැනෙක්හි ශාක්‍ය කුල අටයයි ද, ඇමැති කුල අටයයිද, සිටුකුල අට යයි ද කියා ති‍බේ. ඊට හෙතු නම්:- ඒ කුමරුන් අට දෙනා ශාක්‍යරාජ වංශොද්භූත භාවයද, දේව සිටානන්ගේ පුත්‍රයන් බවද, ධර්‍මශොක නරෙශ්වරයන්ගේ අමාත්‍යයන් බවද යන කරුණු වෙත්. මෙම බොධිගතේතාදි කුමාර පරම්පරාවට තම පිය සිටු තුමාගේ දේව නාමය හිමි බව නිසැකව සැලකිය යුතුයි. කුමක් හෙයින් යත්? ප්‍රසිද්ධාතිපසිද්ධ පියවරුන්ගේ නාමයන්ද දරු පරම්පරාවට හිමිවන හෙයිනි. එය තෙකල්හි පවත් නා කරුණකි. මඛාදේව නාමයෙන් දරු පරම්පරා අසූසාර දහසක් සිටියා මෙනි. යම්සේ පිසතු ධනය දරු පරම්පරාවට හිමිවන්නේද එමෙනි. එබැවින් පොත්පත්වල බොධිගුත්ත දේව වසයෙන් හෝ දේව බොධිගුත්තාදා වසයෙන් හෝ නාමාන්තයෙහි හෝ නාමයට ආදියෙහි හෝ දේව නාමය යෙදිය යුත්තේය. එසේ යොදා ව්‍යවහාර කළ බව මහා වංශයෙහි “බොධි නාථ මහාලන දෙව සෙනාධිනායකෙ” යනාදියෙන් පෙණේ. බොධිගුත්ත කුමරහු‍ගේ සහ සුනන්‍ද දේවයගේ පුත්‍රයෝ නම්:- (චුල්ලජය මහාලාන ස්ථානය) හෙවත් (සුළු ජයමහ ලෑන තනතුර සහ ගම්වර) ලක් මහින්‍ද



( 32 ) දෙව’ද (ලඞාක පරිශුඞ නායක ස්ථානය) හෙවත් (ලක් පිරිසිදු නා තනතුර සහ ගම්වර) ලක් විධුරින්‍ද දෙව’ද යන මොව්හු වෙත් සුම්ත්ත කුමරහු‍ගේ සහ සුමනා දේවියගේ පුත්‍රයෝ නම්:- (පරිහාර මහා ශ්‍රෙෂ්ඨිස්ථානය හෙවත් පෙළහර මහ සිටු තනතුර සහ ගම්වර ලත්) කස්සප දේව’ද (ක්‍ෂුල්ල ශ්‍රෙෂ්ඨිස්ථානය හෙවත් සුළු සිටු තනතුර සහ ගම්වර ලත්) සඞඝමිත්ත දේව’ද යන මොව්හුවෙත්. තව ද යථොක්ත දේවපද මුලක දාරක පරම්පරාවෙහිවු සිරිදේව නම් අමාත්‍යයා ගැණද, බලදේව නම් භාණ්ඩාගාරික ඇමැති ගැණද, ඛඤ්ජදේව නම් ඇමැති ගැණද, තමන්ගේ වංශානුගතවු ධනුශශිල්පයෙහි කොටිප්‍රාප්ත වු ඵුස්සදෙව නම් අමාත්‍යයා ගැනද, මහාවංශයෙහි හා ථුපවංශයෙහිද කරුණු කියා තිබෙත්. තවද දුටු ගැමුණු මහරජතුමාගේ යුද්ධ සේනාවෙහි අග්‍ර සේනාධිපත් ධුරයට පත් එකි ඵුස්ස දෙව නම් ඇමති තුමා ගැණ පුරාණ පුස් කොල ලිපියක මෙසේ කියා තිබේ:- “මාගේ කල්‍යාණ මිත්‍රවු දේව සේනාධිපත් නම් අමාත්‍ය‍යානෝ ඇන්තොට දනම් වෙහි රිදි පහලවු ලෙණ කරවුදැය. මම එහි යනු කැමැත්තෙමියි වඳාළ කල්හි ඒ බව අමාත්‍යයන් විසින් දේව සේනාධි පති නම් ඇමැති හට කියා යැවිය. -පෙ-රජු සමග ආ සෙනගට ඉඩම් මඩම්දි සැපදුක් විචාරා අවුත් ඒ දෙව සේනාධිපති මහ ඇම්ති හට විසිතුරු කොට කරවන ලද මණ්ඩපයේදි සැලකරන්නේ අප‍ගේ අභිප්ප්‍රාය නියාවට පැවැත්තේ දැන් මතු නොවෙයි. දෙතිස් කඳවුරෙක් වුන් දෙමළ සෙනග හා සටන්කරණ දාත් දෙතිස් බලකොටු බිඳුවන දාත් මාගේ කීර්‍තකිය ලොවට ප්‍රකාශ කරන දාත් මේ අග්‍ර ඇමැතිම මේදැයි කියා සියලු අමාත්‍ය මණ්ඩලට මධ්‍යයෙහි ප්‍රකාශ කොට තුනුරුවන්ට කළමනා පූජාසත්කාර කරවිමත් සියලු භාණ්ඩාගාරවලත් සාලිය රාජකුමාරයන් ඇතුළුවු රාජ කුමාරවරු පස්දෙනත්. සෙනෙවි රදුන්ට භාරදි -පෙ -තමන්ගේ කලණමිත් ඇමැතියාගේ නමින් දේවගිරි විහාරයද, තවත් බො‍හෝ විහාරද කරවා ලෝ සසුන් වැඩ කොට කම්වු පරිදි දිව්‍ය රථයෙන් තුසි පුර යට වන්හ. (වැඩි විස්තර රජතලෙන් අස්නෙන් බලා දතයුතු) තවද ලඞකාවෙහි පශ්චිම පාර්‍ශවයෙහි මල්වැස්සා නම් රමණියතර වාහරසන්තයෙහි දේව නම් ග්‍රාමයෙහි විසූ “දේව” අමාත්‍යයන් ගැණ රසවාහානායේ අභය ස්ථවිර වස්තු වෙහි:- “ලඞකායං පච්ඡිම පසෙස පුප්ඵවාසං නාම රමණියං


( 33 ) විහාරං අහොසි. තසසා ස‍ෙනත දෙවගාමෙ දෙවො නාම අමචේචා තස්ස ඉස්සරං ප‍ෙතතති” එසේම, මහාධනදේව නම් අධිපතියා ගැණද එහිම, අරියගාලතිස්ස කථා වස්තුවෙහි:- “ත‍තො තුතො තස්මිං යෙව රොහණෙ මහාගාමෙ මඞගලමහා විථියා “මාහධනදෙවං” නාම ඉස්සරං පටිච්ච තස්ස භරියාය කුච්ඡිමහි පටිසන්‍ධි ගණහි” යනාදින් දර්‍ශතයි. වළගම්බා රජතුමන් කාලයෙහි විසු රණසිංහවංශ පුර්‍ණදෙව අමාත්‍යතුමන්ද වීරපරාක්‍රමබාහු රජතුමන් කාලයෙහි විසූ විරසිංහවංශ පූර්‍ණ දේව අමාත්‍යතුමන් ගැණද, අනුරාධපුර මහාවිහාරයෙහි විසූ බුඞරක්‍ෂිත ස්ථවිරයන් වහන්සේ විසින් ප්‍රතිපාදිත ජනවංශයෙහි තරුණු කියා තිබෙත් ශ්‍රි ලඞකා කඩයිම් පොතෙහි ඒ හස්ති පුර නුවරට බස්නාහර, බමුණු විදියද, නැගෙණහිරට වැලිවිදියද, දකුණු දිගට දේව විදියද, උතුරුදිගට මහවිදියද, එහිම ඈපා මාපා ඇමැතින්ගේ නමින් යාපා නුවරට පරාක්‍රමබාහු මනුජෙන්‍ද්‍රයා විසින් දේව නම් තබා පර්‍වතයට සුන්‍දරගිරියයි” නම් තැබු බව දර්‍ශතයි. (මාහවංශයෙහි 36 වන පරිච්ඡේදයෙහි) 45 ත‍‍ෙත්‍ථච නාවං ආරුයහ පරතීරමගාසයං සුභදෙවො මාතු‍ලොතු උපගම්මමහීපතිං 29 තම්බුගගාමකවාසිසස දෙවත්‍ථරස්ස සනතිකෙ ධම්මං සුත්‍වා පටිකම්මං, පඤචාවාසෙ අකාරයි. 68 තං මහාදෙව ථෙරෙන දාමගල්ලකවාසිනා දෙසිතං බන්‍ධකෙ සුත්තං, යාගානිසංසදිපනං මහාවංශයෙහි 50 වෙනි පරිච්ඡේදයෙහි 80 ආර‍ඞාදපපුළවහසස කාලෙ රාජසස ධිමතො මහාදෙවෙ න සො ආසි රමෙමා දපපුළපබ්බතො මහාදේව නම් ඇමැතියා විසින් රම්‍ය වු දපපුළ පර්‍වත නම් වෙහෙර පටන්ගන්නා ලද්දේය. කියාද, (එහිම, 57 වන පරිච්ඡේදයෙහි) 59 මකඛකුද්‍රෑස වාසිසස සචිවසසාථ කිතතිනො සුතො මහබ්බලො දෙවමලෙලාති විදි‍තො තදා ඉක්බිති මකුහමුව වැසි කීර්‍තති ඇමැතිහුගේ පුත්‍රවු මහත් බන ඇති, දෙවමල්ල, යයි ප්‍රසිද්ධයෙක් තෙම කියාද,


( 34 ) (එහිම 58 වන පරිචෙඡදයෙහි) 16 රඤේඤ පච්චත්‍ථි කා හුත්‍වා රවිදෙව චලව්හයා උහො දමිළ සෙනින්‍දං වසංයාතා මහබබලා රවිදෙව, චල නම් ඇත්තාවු මහත් බල ඇත්තෝ දෙදෙනා රජහට සතුරුව දෙමල සෙනෙවියා හට වසඟ වුහ කියාද 55 මහාරඤේඤ මහාවීරා මහාසූරා මහබ්බලා මහාහටා මහාමානා රවිදෙව චලා‍දයො. මහරජහුගේ මහත්වු විය්ය් රා ඇති මහාසූරවු බහාබල ඇත්තාවු රවිදෙව චල ආඳිවු සිංහල මහා යෝධයෝ කියාද. ගජබා රජකාලයෙහි:- (එහාම 66 වෙනි පරිචෙඡදයෙහි) 66 අධිකාරායුගං සෙන මහාන්‍දව්හය විසසුතං මහාලානං තථාදෙව පදමූලක දාරකං දෙවපදය මුල්කොට ඇත්තවුන්ගේ දරුවු දෙවමහාලාන නම් මහා අමාත්‍යයයි කියාද,(එහිම 67 වන පරිචෙඡදයෙහි.) 82 තහිංනිව සතාදෙව සෙනාධිපතිනා සහ, සඞ්ඛනාථත්‍ථලංගනත්‍වා පිතුරඤේඤ පදස්සයි. එහි වසන දෙවසෙනෙවියා සමග සක්නාතල් නුවරට ගොස් පියරජහට බැහැදැකිවි කියාද,(එහිම 70 වන පරිචෙඡදයෙහි) 376 කිත්ති ලඞකාධිකාරිච දෙවසෙනාපති තතො, මහාබලං ගහෙත්‍වාන ගනන්‍නා තනනරුගාමකං ඉක්බිත්තෙන් කීර්‍තති ලඞකාධිකාරි තෙමේද දෙව නම් සේනාපති තෙමේද මහසෙන් ගෙන තනනරු නම් ගමට ගොස් කියාද, (එහිම 72 වන පරිචෙඡදයෙහි.) 45 භෙදිල්ල ඛණ්ඩ ගාමම්හි ඨිතො දෙව චමූපති මහතා බල කායෙන සඬිං යුජ්ඣිත මාගතෙ. ඉක්බිති හෙදිලකඩ නම් ගම සිටියාවු දේව සේනාධිපති තෙමේ සන්නඞවු සේනා වාහන ඇතිව මහා සමූහයා සමග කියාද, (එහිම 72 වන පරිචෙඡදයෙහි.) 75 රක්ඛාධිකාරාං පෙසෙසි සොපනත්තනිවෙරානා දෙවසෙනාධිනාථෙන පවත්තිත මහා‍ හවෙ ඒ රක්ඛාධිකාරි අමාත්‍යතෙම තමා කෙරෙහි වෛරිවු දේව සේනානායකයන් විසින් පවත්වන මහා යුද්ධයෙක්හි කියාද, 82 වල්ලිතිතෙථ මහින්‍දවෙහා කුමාරොථ සමාගතො, දෙවසෙනාධිනාථස්ස සාමනේතහි අකාරණං



( 35 ) ඉක්බිත්තෙන් පැමිණි මහින්‍ද නම් කුමාර තෙම දේව සේනානායකයන්ගේ සාමාන්තයන් සමග වැල්තොටදි යුද කෙළේය කියාද, 172 බුද්ධනාථ මහාලාන දෙව සෙනාධිනායකෙ දිනෙස්වට්ඨසු සඞගාමං පවතෙතත්‍වා සුහිංසනං කාළවාපියෙහි විසූ බුද්ධනාථ(බෝධිනාථ) මහාලාන දේව සේනාපතියා සමග අට දිනක් හිංසනක යුද්ධ කළේය කියාද, (එහිම 75 වෙනි පරිච්ඡේදයෙහි.) 133 දෙවලඞකාපුරද්වාපි අඤේඤවාපි බහු භටෙ පෙසෙසි සමරන්‍ථාය තෙච ගනන්‍නා රණඞගනං දේවාලඞකාපුර නම් සෙනවියාද අන්‍ය බොහෝ භටයන්ද යුද පිණිස යැවීය කියාද, (එහිම 70 වන පරිච්ඡේදයෙහි.) 153 තම්පවත්තිං සුණිත්‍වාන දෙව සෙනාපති තදා පුරොපරුඬමේමාචෙතුං දඞ්නාථං ලහුංවජං එකල්හි දේව සේනාපති තෙමේ එපවත් අසා නුවර සිර කරණ ලද්දා වු දණ්ඩනාථයන් මුදනු පිණිස වහා යන්නේ කියාද, 249 සෙනාගාමෙ ඨිතං දෙව සෙනානාථං මහාමතිං ආනාපෙත්‍වා තතො තස්ස ඉදංවචනම බ්‍රැවි. සේනාග්‍රාමයෙහි සිටි මහ පැනැති දේව සේනාපතියා කැඳවා ඔහුට මේ වචනය කීයේය කියාද, 285 සුළත්‍ථි නගරෙ රුඬං දෙවසෙනාපතිං තදා පෙසයිත්‍වා සකෙ චොරෙ ආනාපියස භූමිපො. පොළොන්නරුවෙහි සිරකරණලද දේව නම් සෙනෙවියා ගෙන්වා දේව සේනාවක් සමානවු මහ සේනාවක් දි ගජතලාවට යැවීය කියාද, (එහිම 86 වන පරිච්ඡේදයෙහි) 74 “එසො මච්චාපිමෙ දේවප්පතිරාජවහයො ධුනා බුද්ධෙ ධම්මෙච සඞඝෙච සුප්පස‍න්‍නා පවත්තති” කියාද



( 36 ) (‘දෙවප්පතිරාජ’ හෙවත් ‘ප්‍රතිරාජදෙව’ මහා මන්ත්‍රිශ්වර යානෝ නම් බුද්ධ වර්‍ෂ 1791 වැන්නෙහිදි, හෙවත් මීට අවුරුදු 684කට පමණ පෙර ලඞකාරාජ්‍යශ්‍රි පද ප්‍රාප්තව දඹදෙනි නුවර අග්‍ර රාජධානියකොට විසූ ශ්‍රි සඞඝ බොධි වංශානුයාතවු හෙවත් බොධිගුත්තාදි කුමාර පරම්පරානුයාතවු “ශ්‍රිමත් කලි කාල සාහිත්‍ය සර්‍වඥ පණ්ඩිතපරාක්‍රබාහු” මහරජානන්ගේ අග්‍ර අමාත්‍යවුද,

සඳවන සිඳු කියකුඹුයොන නම සත රා කිවී සෙවෙත තොද වැලිනී යල තො ගො රා අරුණු කිහෙනි වී කෙරළන් ලැබ හුරි රා පැටිව නෙදෙස යුද පතිරජ දිය ඉසු රා” යී

සිදත් සඟරාවේ කී උභය භාෂාලඞ්කාරයෙහි පෙණෙන ලෙස, එම රජතුමන්ගේ අණින් කේරළශත්‍රැ මථනයකොට ජයගත්තාවුද සමන්තකූට පර්‍වතයට යාම පිණිස කදෝහොය මුවදොර පන්තිස් රියන් දිග හෙයක්ද, එසේම එම හොය තිස් රියන් දිග හෙයක්ද, උලපනේ සතිස්රියන් දිග හෙයක්ද, අඹගමුවෙහි සුතිස්රියන් දිග හෙයක්ද, එසේම සෙසු තන්හිත් පාලම් අම්බලම්ද යනාදියෙන් යුත් මහා මාර්‍ගයක් තනවා ශ්‍රිපාද චෛත්‍යඞගන භූමියෙහි හාත්පස පව්ර බඳවා සමන් දෙව්රුව පිහිටුවා ශ්‍රිපාද මණ්ඩපය කෙරෙව්වාවුද, අත්තනගලු විහාර භුමියෙහි තුන්මහල් ප්‍රාස්දයෙක්ද, බෙම්තොට කාළිගං මුවදොර අසුරියන් මහ හෙයක්ද, කෙහෙල්හේන ගම්හි යෂ්ටි සියයක් හෙවත් රියන් 700 ක් දිග මහ හෙයක්ද, සල්ගමු ගඟ සතළිස් යෂ්ටියක් හෙවත් 280 රියන් හෙයක්ද, සල් රුක් හෙබ 150 රියන් හෙයක්ද, යනාදි පාලම් හා ආරාම ධර්‍ම ශාලාදියද, එසේම බෙම්තොට යොදුනක් පුලුල් පොල් උයනක්ද, එක් දවසින්ම කපු කැටිම් විවිම් ආදිය කරවා කඨින පුජා සවිස්සක්ද නැවතත් කඨින පූජා 66 ක්ද, මාදෙල්ගස් නම් මහවනයෙහි ගම්වරයක් සාදවා එහි ප්‍රතිමා ගෘහයක්ද, බොධියක්ද, චෛත්‍යයක්ද, ප්‍රාකාරයක්ද ඒ අසල මහා කොස් වනයක්ද, යන මෙකී සියලල් සිද්ධකළාවූද, ස්වකිය පුත්‍ර දාර‍වන් හා සකල සම්පත්තින් දිළිනදෙකුට පරිත්‍යාගකොට බුද බව ප්‍රාත්‍ථිනා කළාවුද, තවත් බො‍හෝ පින්කම් කළාවුද උත්තමයෙකි.


( 37 ) එතුමාගේ වංශය දුනුකේ වතු වංශ‍යයි අත්තනගලු වංශයෙහි සඳහන් කර තිබේ. මහාවංශයෙහි:- “එව මෙව මහාපුඤ්ඤං කත්‍වා රජඤ්ඤ නාමකො තං සබ්බං පුනරාගනත්‍වා තස්සරඤ්ඤා නිවෙදයි” යන්නෙන් ක්‍ෂත්‍රිය නම් වු බව සඳහන් කර තිබේ. සිදත් සඟරාවෙහි :- දකන ලක සියල්, බුජමහ වුරෙන් රක්නා, දෙදෙව් රදළගම් විමනග, පතිරජ දෙව් සැරදෙනේ” යන්නෙන් “රදළගම් විමනග” යනු දක්වා තිබේ. දුනුකේවතු වංශය වනාහි ඉතිහාසානුකූලව බලනකල දුනුකේගස් තුබු වත්තක් නිමිතිකොට නොව ධනුර්‍මානයෙන් ලත් වත්තක් නිමිතිකොට ව්‍යවහෘත වංශයකැයි හැ‍ගේ. ඊට හේතු කවරේද යත්;- පුරාණ කාලයෙහි ධනුර්‍මන ක්‍රමයක් තිබුනු බව ඉලනාග රජු විසින් දුනු දියෙන් මුක්ත දුනු සියයක් කොට නාගමහාවිහාරය විශාලකළ බැව් දැක්වු:- “නාග මහා විහාරං සො ජියාමුත්ත ධනුස්සතං කත්‍වා” යනාදියෙන්ද, “ධනුපද්වසතං කොසො” යන්නෙන්දළු, “හසෛතර්‍චතුර්‍භභිවතීහ දණ්ඩඃ ක්‍රොශඃ සහශ්‍රවිතයෙන තෙෂාම්” යනාදියෙන්ද පැනේ, දෙවගුත්ත කුමාරයා හට දෙවනපෑතිස් මහරජතුමන් විසින් ලක්මහරැටි තනතුර හා සිව්රැසි භූමියක් පරිත්‍යාග කරණ ලදි. එ භූමිය ධනුර්‍මානයෙන් මැන සතරැස් කළයුතු බවද, එහෙයින් එය ධනුක වස්තු, හෙවත් දුනුකවත්තයයි ව්‍යවහාර විය හැකි බවද, එසේම එම භූමය ලත් කුමාරයා හට එම වත්තේ නම වියහැකි බවවද, එම ව්‍යවහාරයෙන් එම කුමාර පාරම්පරිකයෝ දුනුකවතු වංශිකයෝයයි ප්‍රසිද්ධ ආ හෙයින් ප්‍රතාරාජ දෙව මන්ත්‍රිතුමාටද දුනුකවතුවංශ ව්‍යවහාරය ලැබුනේයයි සැලකිය යුතුයි. “ශ්‍යාල පත්තීභ්‍රාතරි” යනු ශ බද්සෙතාම මහානිඞ්‍යුක්ති හෙයින්ද, “රාජශ්‍යාලස්තුරාෂ්ටියා” යනු අමර කොශොකති හෙයින්ද, රාජශ්‍යාල යනු රජසුහුරා හෙවත් රජුගේ මස්සිනා යන අත්‍ථිග්‍රාමඃ, ශබ්දග්‍රාම යනාදියෙහි මෙන් සමූහාත්‍ථි ග්‍රාම ශබ්දයෙන් තචහවවවු ගම් ශබ්දයෙන් සමූහාත්‍ථිය ප්‍රකාශවේ. එහෙයින් රදළගම් විමනග පතිරජදෙව් යන්නෙන් වංශයක් ප්‍රකාශ කළා නොව රදළ සමුහ නැමැති



( 38 ) විමානාග්‍රයෙහි ධ්වජයක් වැනිවු ප්‍රතිරාජදෙව තෙමේ යන අත්‍ථිය ප්‍රකාශිත බව දතයුතුයි. යථොක්ත හෙත්‍වාදියෙන් හා ලකතුළ වංශපුර හෙවත් වසුමපුර‍ වංශිකයන්ට පරම්පරා වශයෙන් හිමිවු දෙව නාමයෙන් යුත් සිංහලයෙක් බැවින් එතුමා වසුම්පුර වංශික නියම රදල කුමාරයෙකු බවද නිසැකව සැලකිය යුතුයි.) කල්‍යාණවති බිසව කලැ:- 38 දෙවාධිකාරිං පෙසෙත්‍වා වල්ලිග්ගාමං මනොහරං විහාරං තත්‍ථ කාරෙත්‍වා මහාසඞඝස්ස දාපයි. දේව නම් අධිකාරීන් වල්ලිග්‍රාමයට යවා එහි මනහර විහාරයක් කරවා මහා සඟනට දෙවී කියාද, යනාදි කරුණු දේව පදමුලක දාරකයන් සම්බන්‍ධව දක්නා ලැබෙත්. ඩබ්ලිව්. ගෙයිගර් පි.එච්.ඩී පඬිතුමා විසින් ලියනලද ඉංග්‍රිසි මහාවංශයෙහිදු:-