මන්දාරම් පුර පුවත-ප්රවෘත්ති සාරය

Wikibooks වෙතින්
                    මන්දාරම් පුවත ප්රඅවෘත්ති සාරය
                        

නමො බුද්ධාය

1-1 පළමු අදියර

1-2. ගුරුදෙගුරුන් හා තෙරුවන් වැඳ බුදුවසින් 2190 වැන්නෙහි බක්මස පුර දියවකින් (පටන් ගෙන) හළු වඩන නිලය ලත් විකුම් ඇදුරු නම් මම මන්දාරම් පුවත සැකෙවින් පළ කරමි.

ත්රිව සංහලය

   3- 4 සොළීරට හා බෙංගාල සහිත දඹදිවින් දකුණෙහි සිවුදිගින් මුහුද හිමි ‍ෙකාට ඇති මෙ ලක්දිවැ මායාරට දැදුරුඹය කළුගඟ හා සයුර ඉම් කොට ඇත්තේය. මහවැලිගඟ කළුගඟ හා මුහුදුවෙළින් ඉම් කළ රට රුහුණු  යැ දැදුරුඹය මහවැලිගඟ කරදිය වෙරළින් හිමිවුයේ පිහිටි රජරට යයි මේ තුන් ලක වේ.
      5- 7 තම්මැන්නා, අනුරපුර, සීගිරි, විජිතපුර, කපුගල, පොළොන්නරුව, යන නගර ඇති පිහිටිරටෙහි කෙත් වත් උයනින් සාර වු ගම් 4,95,000 කි. දඹදෙණිය,‍ ‍ ‍ , සීතාවක , ඇතුගල, යාපව්ව, ගම්පල යන නගරයන් පිහිටි මායා රටෙහි කෙත් හා පමුණුවලින් විසිතුරු ගම් 2,50,000 කි. මාගම,බදුල්ල, සෙංකඩගල, කතරගම, මියුගුණු යන නගරයන් පිහිටි රුහුණුරටෙහි දනයෙන් සරු වූ ගම් 7,95,000 ක් වේ.

ලක්දිව ගම් ආදිය.

     8- 15 මේ තුන්ලකෙහි වෙදගම් - 1000.  කිරිගම් - 500 තටුපත්ගම් - 100. දියගම් - 300 මුතුගම් -1000 කුළුගම් - 300. රිදිගම් - 16. මැණික්ලම් - 100. රන් (උපදනා) ගම් 1000. වෙළඳ ගම් -9000. ගොන්කර (රියකරු) ගම් - 108. උයන් ගම් -100 බමුණු ගම්-9000. උදෙවි ගම් -500. පැණිසකුරු ගම් -2000  බුලත්ගම්- 500. වැවස්තා (රාජකාරී) ගම් -2262. උක්සකුරු ගම් 8020. පටුණු සහිත වූ නියම්ගම් - 4,00,000. සූරජනයන් වසන පසල්ගම් -260. අරමුදලේ ගබඩාගම් -20544. ගත්තර ගම් -1432. විහාරගම් - 2662. දේවාලගම් -960. කෙවුල්ගම් - 600 වැදිගම් -300. කඹුරු නැකැති ආදීන් ගේ ගම් -1000. පට්ටල් -64  



110 මන්දාරම් පුර පුවත

කම්මල් - 2000. සිත්නරගම් - 1000. හීවඩු ගම් - 500 ගණිත ගම් -600 හේවාදුරගම් - 900. (වෙනත්) සිල්ප කරන ගම් 970. සළු වියන ගම් -960. කලාල් වියන ගම් - 1000. කුළු විවන ගම් - 730 ලීවඩු ගම් -1000 දුම්මල ගම් -600. තෙල් සිඳින ගම්- 710 ක් ද ඇත. තුන් ලකෙහි වැව් 6650 කි ඇළවල් - 14,00,064 කි. කුඹුරු - 52,70,000 කි. මුල්බිජු - 92,20,00,000 ක් පමණ ඇත්තේය.

හේවා හැට

16- 22 රුහුණුරට උතුරෙහි මහවැලිගඟ, බෙලිහුල්ඹය , යටි නුවර, විල්කඩ , විමන්පව්ව, ඌරාකෙටුකඳුර යන හිමි තුළ හේවා හැට පිහිටියේ ය. එය රටමැදින් ගලායන මාඹයෙන් ගම් තිස තිස බැගින් (උඩහේවා හැට පාත හේවහැට යයි ) දෙකට බෙදුණේය. එයින් මෙගොඩ තිසෙහි දියතිලක, ගන්නාව, ‍ෙකාහොක, යයි කෝරළ තුනෙකි. එයින් මාඹය, ඉදලකන්ද, දියතලපව්ව, යන හිමි තුළ දියතිළක කෝරළය ද, මාඹය ඉදල කන්ද, රහතුන්ගල, පේරකන්ද, යන ඇතුළත ගන්නා කෝරළයද, ඉදලකන්ද, දියතලාගල, බෙගිහුල්ඹය පහණ ඇල්ල යන සීමා තුළ කොහොක කෝරළයද පිහිටියේය. මෙකී කෝරළ තුනෙන් යුත් මෙගොඩතිස නම් පෙදෙසෙහි හේවා ගබඩා සහිත වූ නොයෙක් කම්කරුවන් වසන ගම් දහසක් සමග සතළිස (40) කින් යුක්ත වේ. හෝලියබණ්ඩා, ලබුතල, කොට්ටව,මහව, නිලාවතුර, පුස්සලමංකඩ, ගලගොඩ, බෝගමුව, බජ්ජල, පිළපිටිය, යන මොහු මෙගෙ‍ාඩ තිසෙහි රදල වරු වෙන්.

පත්තිනි දෙවොල.

23- 29 එසේ ම මෙගොඩතිස පස්මහබොධියකින් හා මහා විහාර තුනකින් ද පෙරසිට ප්ර සිඞ විය. පැරකුම්බා ii (ක්රි,: 1251) රජුගේ කාලයෙහි පත්තිනි සළඹ රැගෙන සොළීරටින් පැමිණි කපුවෝ මෙගොඩතිසෙහි පඞුරු ලබාගෙන ඌවට යනු පිණිස අත්තනගොල්ල නම් තැන නවාතැන් ගත්හ. ගමනට පිටත් වූ ඔවුහු නයින් අරග්ගත් හෙයින් සළඹ එතැනින් ගත නොහැකිව කීප දවසක් සිට සියරටට පෙරළා ගියහ. දෙරට වැසියෝ පැරකුම්බා රජුගේ උපකාරය ද ලැබ එතැන පත්තිනි දෙවොල ගොඩනගා ඌවපෙදෙසින් කපුවන් ගෙන්වා එහි තේව ආදිය පැවැත්වුහ. රජ්ජුරුවෝ ද අත්තනකුඹුර මුංවත්ත දෙගමින් කුඹුරු පුදා එහි පෙරහර තේව කිරීමට විධාන කළහ.






                මන්දාරම් පුර පුවත                             111  

කඩදොර හා මොරපාය.

    30- 36 දඹ දෙණියෙහි බුවනෙකබා i (ක්රි1:1287) රජු විසින් කඩදොර මොරපාය යන විහාර දෙක කරවන ලදී බුදුන්ගේ රන් දෙණෙහි රනින්කළ බුදු පිළිම සතර මලියදේව තෙරුන් විසින් ලක්දිවට ගෙනෙන ලදුයේ එයින් තුනක් රුහුණෙහි විහාර තුනක පිහිටුවා පුදපෙරහර තැබිණ. එක් පිළිමයක් රජගෙයි සෙසු ධාතුන් සමග තබන ලද්දේ ‍විය. බුවෙනකබා i රජ ඒ පිළිමය සතුරන් ගෙන් ආරක්ෂා කරනු සඳහා මන්දාරම් පුර සමීපයෙහි බෙලිහුල් ඹය ඉවුරෙහි වූ යට කී මොරපා විහාරයෙහි පිහිටුවා පූජා සහිත මුරජාම විධාන කළේය.
       යළි දහස් ගණන් අගනා එබදුම රන්පිළිමයක් කරවා පත්තිනි දෙවොල සමීපයෙහි වු කඩදොර විහාරයෙහි පිහිටුවා කෙත්වතු ආදිය පූජා කොට මුරජාම තැබ්බ විය. මෙසේ පැවැති හේවාහැට සහ උඩුනුවර, යටිනුවර, කොත්මලය, ඌව, වලපනය, මන්දාරම්පුරය, යන සියලු තැන්හි අයබදු ගැනීම සඳහා රාජසිංහ i රජ ගිරි නම් (ශිවභකතික) තවුසට පවරා දුන්නේයි.

1- 2. දෙවැනි අදියර.

බණ්ඩාරවලිය

37- 39 සූර්යවංශයෙහි වූ සිංහල රාජපරම්පරාව නිම්ල ව පැවත අවුත් පසුව එයින් බණ්ඩාරවලිය ඇති විය. සූර්ය වංශයෙහි රජුන් හා බමුණු - ගහපති මහාසාර කුලයන් මිශ්රල වී හටගත් බණ්ඩාරවලිය ද අපමණ තේජසින් හා බලයෙන් යුක්ත විය. ඒ බණ්ඩාරවලියෙන් පැවැත එන මායාදුනු රජ ලක්දිව සතුරන් නසා සීතාවක නුවර රාජ්ය්යට පැමිණියේය.

ටිකිරිබණ්ඩාර රාජසිංහ i (ක්රි්:ව: 1581- 1592)

            40- 50 ඒ මායාදුනු රජුට ටිකිරිබණ්ඩාර නම් පුතෙක් උපන.තෙදින් යගසින් හා බලයෙන් යුත් හෙතෙම රාජධර්මය හා යුඞ ශිල්ප ඉගෙන සතුරන් මඞිමින් රටවැසියන් ‍ ‍ගේ සිත් ගෙන වසනුයේ රජකමට කළ ලෝභයෙන් සියතින් පියරජු මැරීය. පියා සතු වස්තුවද රාජ්යනයට අයත් සියල්ල ද බලයෙන් අත්පත් කොටගත් හෙතෙම රාජසිංහ යන නමින් ලක්දිව රජ බවට පත් විය. යළි ඉසුරුමත් වු හෙතෙම පියා නැසු පුවත සිහිපත්ව 



112 මන්දාරම් පුර පුවත

නිරාදුකින් බියපත් වූයේ මහසඟුන් ගෙන්වා සිවුපසයෙන් පුදා වැඳ “පියා නැසූ අකුසල් දුරු කොට මතු සැප ලැබීමට සුදුසු පින්කම් වදාළ මැනැවැ”යි දැන්විය. එ බස් ඇසූ භික්ෂූහු “මහරජ , පියා නැසු පවින් මිදීමෙක් නැත, එහෙත් පින්දම් කළ මැනැවැ, දෙවැනි අත්බැවින් මතුයෙහි ඒ පින් පල දේ යැ” යි කිහ

      51- 61 එයින් නො සතුටු වූ රජ පරසමය සෙවීය. එකල ශිවභතික පූජකයෙක් ඹහුට මෙසේ දැන්වී: “ නරනිඳුනි, නොබියවනු මැන, සිවදෙවියන් යැදීම  හා යාග හෝම ද ඊට පිළිවෙතය. පව්දුක් නසා සැප ලැබීමට සිව දෙවියන් පුදනු මැනවැ” යි කීය. එයින් සතුටු වු රජ මෙවැනි දේනො දැන කුමන මහණ කිමෙක්දැ,යි භික්ෂූන් බණපොත් හා විහාර නසමින් නළල අලුගා මිසදිටු විය. එකල ලක්වැසියන් මිසදිටු හරනා ලෙස රජුට අයැද සිටි නමුදු රජු එය නොපිළිගන්නා බව දැන ඹවුහු ලඬකා රාජ්යටය සඳහා රහසින් අන් කුමරකු යෙදුහ. එබව දැනගත් රජ සොළී ආදී රටවලින් ශිවපූජකයන් ගෙන්වා එයින් සත්දෙනෙකු බලය පවරා ලක්දිව ඒ ඒ තැන නැවැත්වීය. ඹවුතනතුරෙන් බල සම්පන්න වූ ගිරි  නම් තවුසා මන්දාරම්පුරයට පැමිණියේය.

ගිරි තවුසා.

  62- 65 රාජසිහ රජු ගේ අණ ලැබු ගිරි තවුසා 6000ක් බලසෙන් සමග පැමිණ මන්දාරම්පුරය අත්පත් කොට යළි උඩහේවාහැට ගම් සතිසක් ද අත්තනකුඹුර මුංවත්ත හා ඌව වලපනය යන රටවල් ද පැහැරගත්තේය. හෙතෙම බුදුසසුන නසා මිනිසුන් මිසදිටු ගැන්වීය, ශිවසමය නො ගතුවන් ගිරියේ වැලි ලවා මැරවීය. සඟුන් නසා බුදුපිළිම බිඳ දැමීය. පොත් ගිනි ලවා අගනා විසිතුරු දේ නැසීය. වැසියන් පෙළා ඹවුන්ගේ වස්තුව පැහැරගත්තේය. 

සුන්දර බණ්ඩාර

  66- 71. එකල උඩු- යටි දෙනුවර, දුම්බර , ගම්පල, තුම්පනය, සාරසියපත්තුව, හේවාහැට, වලපනය, කොත්මලය, ඌව, මාතලය, සිවු- සත් කෝරළ, වන්නිය, අනුරපුර, ආදී රටවල උසස් තනතුරු දරන ජනයෝ ගම්පලට රැස්ව රජසිහ රකුසා පලවා හැර ලක්දිව රජය සුන්දර බණ්ඩාරට දෙන්නට යෙදුහ. එබව දත් රජසිහරජ සුන්දරබණ්ඩාර මරවාපීය. එකල රටවැසිවයෝ ඹහුගේ ළදරු පුත්රසයා (කොනප්පුබණ්ඩාර) සඟුරන්කෙත සඟවාගෙන වැඩූහ. එද




                        මන්දාරම් පුර පුවත                                   113

රජුට සැලව ගියෙන් සඟුරන්කෙත වටලා “කොනප්පුබණ්ඩාර නුදුන හොත් මෙනුවර වසන්නෙමැ”යි තර්ජ න කෙළේය. හේවාහැට වැසියෝ එබඳු වූ ම දුබල කුමරකු පාවා දී රජු රැවටූහ. එවිට රජ එකුමරු මුරකරවා සැටඈදුතු ඹංඩුවක්(181) සඟුන් මරවා විහාර ගිනිලා පාලු කර කුමරු හික්මවීමේ වරදට පලි ගත්තේය.

කොනප්පු බණ්ඩාර.

72- 78 මෙසේ රජසිහ රජු රැවැටී ගිය කල්හි කොළඹ ප්රඹතිකාල් ආණ්ඩුකාරයා වෙත පඞුරුත් සමග “ කොනපුපුබණ්ඩාර බාර කොට හැරියෝ ය. එහි කුමරු වැඩුණු කල්හි කොනප්පුබණ්ඩාර උඩරට රජු කොට මුහුදුකරය ප්රොතිකාලුන්ට පවරා මතු වියවුල් නොවන ලෙසද, ප්රුතිකාලුන් ලක්දිව රකින ලෙසද” ගිවිසුමක් කරගත්හ. එහෙත් වංචා සිත් ඇති ප්රුතිකාල් ආණ්ඩුකාරයා ලක්වැසියන් බිඳුවීමට කරුණු යොදා, රාජසිංහට බියෙන් පලාගොස් කතෝලික ආගම වැළඳගෙන සිටි දොන් පිලිප් නම් කුමරකු සමග කොනප්පුබණ්ඩාර සෙංකඩගලට යවා, පිලිප් කුමරුට රජකම ද කොනප්පුබණ්ඩාරට සෙ‍නවිදුරයද දෙවීය එයින් නො සතුටු වූ කුමාර තෙමේ සිහලුන් සමග තථා කොට, පිලිප් කුමරුනසා ප්ර්තිකාල් සේනාව ද පලවාහැර සෙංකඩගල නුවර සරසා විමලධර්ම‍සූර්ය යන නමින් රජබවට ‍පත් විය.

      79- 83. සීතාවක රාජසිංහ රජ එපවත් අසා, පුරුදු අභිමානය උපදවා, නොයෙක් බලසෙන් ගෙන සෙංකඩගල නුවර බලා පිටත් විය. විමලදහම් රජ ද සිහලසෙන් පිරිවරා ගෙන ඉදිරියට ගියේ, බ‍ලන සමීපයෙහිදි රාජසිංහ ගේ සේනාව දැක වටලා යුද කරන්නට  විය. එකල රාජසිංහ රජ “අහංකාරයෙන් ලැපුණු තනතුර අතහැර රජකමට ලෝභ කොට නුඹ ගේ පියාට වූ  දෙය සිහි කර බලනු” යයි විමලධර්ම සූර්ය රජ “ ම පිය සුන්දරබණ්ඩාරට කළ දැයෙහි පලිය ගෙන මිස මෙවර නො නවත්මි” පෙරළා පණිවුඩ හැර, සුදු අසකු පිට නැගී බොහෝ සතුරුසෙන් මරවා රජසිහ රජු ද පලවා හැර ලක්දිව දිනාගත්තේය. 

රාජසිංහ ගේ අවස‍ානය.

84- 88 රජසිහ රජු දිරි උපදවා යුද කළ නමුත් සටන් බිම බොහෝ ඇමැතියන් හා සෙනඟ ද මරුමුවට පැමිණියේය. එකල හෙතෙම පුරුදු අසුපිට නැගී මඩවගුරු මැදින් පලා


                                                                                                     8



114 මන්දාරම් පුර පුවත

ගියේය. සෙනඟ ද ඒ ඒ අත පලා ගියේය. අසු පිටින් වැටුණු රජුගේ පයෙහි මිරිවැඩිය ද සිල් කරගෙන උණ කටුවක් ඇණින එයින් කරුම බලය ‍ෙහ්තුකොට නයි විෂ මෙන් වේදනා උපන. රාජසිංහ රජ “ සියතින් කඩුපහර දී පියරජු මැරීය, මිසදිටු ගෙන බොහෝ සිල්වත් සගුන් දරුණු වද දී මැරීය, විහාර වනසා සඟසතු ගම්බිම් අන්සතු කෙළේය, බණපොත් කඳු මෙන් ගොඩ ගසා ගිනි දී සසුන නැසීය, ලක්දිව ගරු කටයුතු බොහෝ උතුම් ජනයන්” මේ ආදී කරුණු සිතමින් වරින් වර සුසුම් ලා හඞන්නට විය. සියතින් ගල් පෙරළා අවසානයෙහි බුදුන් සරණ ගිය දෙව්දත් තෙර මෙන් රජසිහ රජ ද තෙරුවන් ගුණ සිහි කොට සඟුන් ගෙන්වා පිරිකර පුද කරවා මිසදිටු හැරපීය. හේ ලක්දිව රජ ඉසුරු සමග මිනිස්කය ද හැරපියා මරු වසඟයට ගියේයි.

                         දෙවැනි අදියර නිමි. 
                

1- 3 තුන්වැනි අදියර

විමලධර්ම3 සූර්ය රජ iක්රිද: ව: 1592 - 1604

89- 96 ඉක්බිති බුදුවසින් 2135 වැන්නෙහි සිංහල රාජවංශයෙහි ජයකොඩියක් බඳු විමලධර්ම3සූර්ය රජ ලක් අහසෙහි දිනකර ලෙසින් උදා විය. හෙතෙම රජ්යඩයට පැමිණ රාජසිංහ රජු විසින් නැසූ ශාසනය දියුණු කිරීමට පටන් ‍ගත. පළමු කොටම නැවැතී තුබූ උපසම්පදාව කරවිය. ලක්වැසියන් ගේ බිය සන්හිඳුවා, නටබුන් වූ මහබෝ විහාර පොත්ගුල් ආදිය දියුණු කරවීය. බොහෝ දහම් පොත්පත් ද ලියැවීය. දේවාල පුද හා දළදා පුද පෙරසෙයින්ම සැලැසිය. සමනොළ ආදී සිවු තවුසන් අත්කරගෙන තුබු තැන් සඟනට ගෙන දුන්නේය. එකල ලක් වැසියෝ යට කී සිව කඳවුරුවලට වදිමින් නිතර නොයෙක් කඳවුරුවලට වදිමින් නිතර නොයෙක් කලබල කරන්නට වූහ. සිවයෝ ද සොළී රටින් දෙමළ බලසෙන්‍ ගෙන්වාගෙන ප්රටබල වූහ විමලදහම්සූරිය රජ එපවත් අසා සිහල රට හැර යන ලෙස ඹවුන්ට අණ කළේය. එ සඳ (ගිරි නම් ) සිවුතවුසා පරදෙසින්  බලය ලැබී සිහලුන් ද සමගි කරවා ගෙන ශිවපූජා දෙගුණ කොට කරමින් රජ අණ නොතකා වාසය කළේය. 

මන්දාරම් පුර සටන.

97- 108 ශෛවයෝ එකළ සමනොළ - සීගිරි - දියතලාපව්- ගින්තොට- ගල්මඩු-මන්දාරම්පුර සහ මුතුගම යන සත්තැන්හි බලසෙන් සමග කඳවුරු බැඳ විසූහ. රජ මේ කඳවුරු සතටම



                     මන්දාරම් පුර පුවත                                 115  

එක් විට පහර දීමට සුදුසු බලසෙන් සහිත ඇමැතියන්ට විධාන කෙළේය. එක් එක් කඳවුරට ඇමැතියන් තිදෙනෙකු බැගින් සේනා සහිත ඇමැතියන් විසිඑක් දෙනකුත් යැවීය. එයින් .ගිරි නම් ප්රතධාන තවුසා වාසය කළ මන්දාරම් පුරයෙහි සතළොස්දහසක් (17000) පමණ දෙමළ සෙනඟ විය. ඹහු ඇල්ලීම සඳහා සත්කෝරලය යටිනුවර දුම්බර යන රටවල දිසාපතිවරුන් වූ වීරසුරිය, දිවාරත්න, හළුවඩන යන මැතිවරුන් ද මඩුවඹ, අරාවේ, ආදී සෙනෙවියන් දොළොස් දෙනෙකුන් ද සමග රණශූර වූ පසළොස් දහසක් (15000) බල සෙනඟ හා රැස් කෙළේය. සෙංකඩගල නුවරට රැස් වු සෙනඟ හා සෙනෙවියන් අමතා විමලදහම්සුරිය රජ “ රට දැය සසුන හා සුසිරිත ද නැසූ දුදන තවුසා ගනිවු අප ද බලසෙන් සමග පැමිණෙනු ඇතැ”යි විධාන කෙළේය. යළි මාවේ, පුස්සල බජ්ජල, යන මැතිවරු තිදෙන ද හේවාහැටින් නව දහසක් බලසෙන් සමග අවුත් ඒ සෙනඟට එක් වූහ. මෙසේ සූවිසිදහසක් ( 24000) සෙනඟ බෙලිහුල්ඹය සමීපයට ගියේය.

        109- 120 ඉක්බිති කඩු දුනු පලිහ ලා සතනාභසනන්ඞ වු සෙනඟ මන්දාරම් පුරය වට කොට බෙලිහුල සෙකතර කඳුමුදුන්හි සිට රණබෙර නාද කරවා වෙඩි සැර යැවීය. ගිරි තවුසා ද සනනාභ ලාගෙන සිවසෙනඟ හා සිඑල සෙනඟ ද පිරිවරා යුද වැදුණේය. එඩිතර වූ සිංහල සේනාව හාත්පසින් මංමාවත් අවුරා සතුරාට ළං වී ඊ සැර යවමින් ඹවුන් වනසන්නට විය. රජතුමා ද සුදු අසකු පිට නැගී ඇමැතියන් පිරිවරා සපුවින්න බැලුම්ගොඩ නම් තැන යුද කෙළි බලමින් සිටියේය. සිවබල කොටු අටලු බිඳ අලඞකාර වූ මන්දිරම් පුරය ගිනිලා සමතලා කළේය. බොහෝ සිව සෙනඟ නසා ගිරි තවුසා ජීවග්රාදහයෙන් ගත්තේය. සැඟවී සිටි සෙනඟ ද අල්වා ඹවුන් හැඳි වතින් ම පිටි අත් හයා බැඳ රජු සමීපයට පැමිණවී ය. රජ තෙමේ ගිරි තවුසා සමග සතුරු සෙනඟ ගිරියේ වැලි බොරළු ලා නැසූහ.

සේනාසඞග්ර හය.

121- 148 රජතුමා මන්දාරම්පුර කඳවුරෙහි ම සිට සෙනෙවියන්ට හා බලසෙනඟට ජයපඞුරු පිණිස ගම්බිම් සන්නස් හා රාජකාරී ද දෙවීය. (121- 141කවි බලන්න) දිවාරත්න වීරසූරිය යන







116 මන්දාරම් පුර පුවත

ඇමැතියන්ට හා හළුවඩන නිලමේට ද “තෙපි මතුරට රකිවු” යයි කියා ගිරිතවුසා අයත් කරගෙ‍න තුබූ මන්දාරම්පුර ප්රපදේශය පැවැරී ය එතැන් සිට එදෙස “මතුරට” නමින් ම ප්රාසිඞ විය. ඒ මැතිවරුන් තිදෙනට රාවණකොඩිය, තොප්පිය හා රන්සළු ද හේවාවසමේ වාසලදුරය හා හළුවඩන නිලය ද දුන්නේ ය. උඩුවල යටිවල යන ඇමැතියන්ට මතුරට දෙකෝරළනිළය ද හීන්කෙන් ද පුස්සල දෙදෙනාට වාසලආරච්චි තනතුර ද, මඩුවේ අරාවේවලහේන තිදෙනාට ආදායම්ලේකන අතපත්තුවද, දරහඞකුඹුර බජුජල දොදනාට දුග්ගන්නා වාසලතනතුර ද , ගුණමා වලඹුවා යන හීවඩුන් දෙදෙනාට මහරාබද්ද හා කොටිකාබද්ද , ඩිංගා පැටා පිංචා යන තිදෙනාට හේවාඅතවරෙහි පණිවුඩපනත ද , දුන්නේ ය. යළි රණබෙර රැඟුම් කළ නැකැති ජනයාට පොරගල නම් ගමදී , අත්තනකුඹුර මුංවත්ත ගම් දෙක පෙර ලෙසම දේව මෙහෙයට පැවැරී ය. මෙසේ විමලදහම්සූරිය රජ වැසියන් සතුටු කරවා බලසෙන් පිරවරා මහත් පෙරහරින් සෙංකඩපුරයට පිවිසියේ ය.

විමලදහම්සූරිය රජු රට සමෘද්ධ කිරීම.

149- 166. විමලදහම්සූරිය iරජ තෙමේ ලක්දිව සත්තැනෙක කඳවුරු බැඳ සිටි සිවසෙනඟ පලවාහැර නුවර හා නුවර හා රට සැම තැන්හි කොඩි නඟා උත්සව‍ඝෝෂාවෙන් පෙරහර කරවීය නිරතුරු දළඳාපුද කරමින් ජනයා පින්කම්හි යෙදීය. බුදුසසුන වඩමින් වැසියන් නොයෙක් ශිල්ප- කර්මාන්තයන්හි යොදවා ලක්දිව උතුරුකුරුදිව සෙයින් සමපත්තියෙන් පිරැවීය. සතුරන් පලවාහැර යාපනය ආදී දිවයින්ද අත්පත් කළේය. රන් මිණි මුතු ආදී සමපත් ඇතිකොට‍ දහස් ගණන් සිප්හල් කම්හල් කරවීය. ජනයාට සම්මාන දෙවමින් කර්මාන්තවල යෙදවීය. “අසවල් දෙය නැතැයි නොකියන සේ ලක්දිව සියලු දෙයම සෑදවී”ය

      හම්බන්තොට, ගිරිවාව,ඌව,දෙ-දුම්බර, සපරගමුව, සත්කෝරලය, මන්නාරම, යන තැන්වල දහස්ගණන් ජනයා වැඩ කරන යකඩ- ලෝහ කම්හල් එකසියසැත්තෑවක් පමණ කරවීය. රත්නපුරය, තුන්කෝරළය, නවකෝරළය, බුලත්ගම,හිනිදුම, වෙල්ලස්ස, කිවුලගෙදර, දියවාන, විල්ගම මන්දාරම්පුරයෙහි, විල්කඩ, මැණික්ගඟ , රත්ගම , යන තැන්හි සිවු සැත්තෑවක් මැණික් හා රන් ආකර කරවීය . තුන්කෝරළය, සතරකෝරළය, සත්කෝරළය, අනුරාධපුරය, රුහුණු කතරගම





                 මන්දාරම් පුර පුවත                                117 

ගිරිවාව, සාරසියපත්තුව , ඌව, උඩුනුවර, යටිනුවර, හේවාහැට,බදුල්ල, දෙදුම්බර, මාතලය, වෙල්ලස්ස, කොත්මලය, හේවාගම, වලපනය, යන තැන්වල කෙත් දෙදහසක් ද, කපු හා පලතුරු වැවෙන නොයෙක් උයන්වතු ද සාදවා සියලු දෙනම නිකරුණේ කල් නොයවන පරිද්දෙන් සැලසීය. කැටයමින් නිමි නොයෙක් භාණ්ඩ ගබඩා ද කර‍වා ලක්දිවදනයෙන් උතුරුවා ජනයා පිණවී ය.

   ඒ සියලු කෙත්වතු නෙනැසී පවත්නා සේ නොයෙක් කම්ර්‍ාන්ත දන්නා පඞිවරුන් තනතුරු දී යෙදවීය. යළි ඒ ඒ දිශාවල ගොවිතැන් හා කර්මාාන්ත කරවන පරිද්දෙන් මහඇමැතියන් සොළාස්දෙනෙකුට ‍පත්කොට යැවීය. ඹහු නම්: කිවුලේ, ඇරැවුවාවල, රඹපන,අඹතැන්න, මහන්තේ, එල්ලාවල, දුනුවිල, කප්පාගොඩ,ඉද්දාමල, රත්නායක, සේරත්,මල්ගම්මන, කාරියවසම්, රාජපක්ෂ, අඹගස්පිටිය, සූරියවසම්, යන මොහුය. ශිල්පශාස්ත්රඑයෙහි නිපුණ වූ මේ මහඇමැතියන් අතුරෙන් රත්නායක, අඹගස්පිටිය යන දෙදෙන උතුරු ඌව මන්දාරම්පුර හා හේවාහැට යන පළාත් බාර කොට යවනු ලැබුහ, ඹවුහු මතුරටට පැමිණ වැසියන් සමග එකවිට ම ගොවිතැන හා ශිල්පශාස්ත්රල දියුණු කළහ. ඹවුන් දෙදෙනා අතුරෙන් රත්නායක ඇමැති තෙම හෙනහුන, දියබුබුළ, ඈගල්පව්ව ඌව විල්කඩ යන තැන්වල ආකාර සතලිසකින් සාරමසක් තුළ බොහෝ රත්නජාතී  ඉපදවීය. එහෙයින් රත්නායක මැතිඳුට උතුරෙන් දිවිගල්ඹය , බටහිරින් විල්කඩ, දකුණෙන් මන්දාරම්පුරය, නැගෙනහිරින් බෙලිහුල්ඹය, සීමා වූ පෙදෙස මානයට දුන්නේය. අඹගහපිටියේ ඇමැති තෙම මන්දාරම්පුරය. මැදවෙල, පහළවෙල, සුවදැල් අරම, මැදිලියවෙල, ආදී කෙත් අසූසතක් ද, වතු එකසියසතක් ද, කරවා වැව් අමුණු විසිහතක් බැන්දවීය. උතුරු ඌව හේවාහැට සමග මන්දාරම්පුරය දක්වා හැම  තැන්හි වැසියන් යොදා තුන් අවුරුද්දක් තුළ රට සමෘද්ධ කරවීය. ඹහුට මානයට උතුරෙන් කොහොක,බටහිරින් දොරගල්කන්ද, දකුණෙන් පුවක්ගහකඳුර, හිම්කොට, මීගස්අරම පවරා දුන්නේය. 

රජදැකුම් හා සම්මාන

165- 175 ඉක්බිති රටතොට සිරිබලනු සඳහා චාරිකාවෙහි යෙදුණු රජ තෙමේ ඒ ඒ සමතුන්ට සුදුසු පරිදි මාන හා පඞුරු ද දුන්නේය. දෙතිස් ඇවරියක් ඇති රඹකැනක් දක්වා ලු මඞුවේ මැතිඳුට නළල්පට බැන්දේය. එකල සීතාකඳුමුදුනෙහි කුරිරු දිවියෙක් ගවයන් නසමින් මිනිසුන් බියගන්වා වෙසෙතී අසා එහි ගිය රජ දිවියා දැක වෙඩිසැරයක් යැවීය. වෙඩිපහර ලත් දිවියා





118 මන්දාරම් පුර පුවත

කෝපයෙන් රජු වෙතට පනිනු දුටු මඳුවඹ මැතිඳු වහා ඉදිරියට පැන දිවියා ගේ හනුව ඉරා නසාදැමීය. එයින් සතුටු වූ රජ ඹහුට මාන සඳහා අංසායුදය හා පේරැස්මුද්ද දුන්නේය. පුදුම එළවන අමුණක් බැඳ සතමුණුකෙත කරවූ අරාවේ මැතිඳුට නොයෙක් ආභරණ පස් ආයුද සහ ඇතකු ද පඞුරු කොට දාන. කතරගම් පුරයට යන ගමනක දී චණ්ඩ වූ වලසකු මරා වික්රඞමය දැක් වූ මතුරට කෝරළය කරවන යටිවල මැතිඳුට ඇත්වාහනයක් දුන්නේය. ඒ ගමනෙහි රෝගාතුර වු රජුට දක්ෂ ලෙස පිළියම් කළ බජ්ජල ඇමැති හට සතරවේද යන නම පට බැන්දේය. මෙලෙසින්ම ලක්දිව හැම තැන්හි ඒ ඒ කටයුතුවල සමතුන් විමසා මාන හා සම්පත් දෙවීය. වැසියන් කුසල්දහම්හි යොදවමින් සසුන වැඩීය. රට හැම තන්හි කෙත්වතුවලින් ගවසා ලක්දි‍ව සැපතින් දෙව්ලොවක් වැනි කෙළේය. රට හා සසුන වැඩූ විමලදහම්සූරිය iරජ ජන‍යා දුකෙහි ගල්වා (ක්‍රි: ව: 1604 දී) මරු වසඟ විය.

                                        තුන්වැනි අදියර නිමි.
                     4 සතරවැනි අදියර.

සෙනරත් රජ (ක්රි :ව: 1604- 1627)

   176- 191 ඉක්බිති එරජු ගේ සොහොයුර සේනාරත්න කුමර රජ බවට පත් විය. සෙනරත් රජ සහෝදර භක්තියෙන් විමලදහම්සූරිය රජු ගේ බිසව හා පුත් කුමරුද රක්ෂා කළේය. පෙර රජු දවස ඇති කළ නව දියුණුව ද විදි ලෙස පැවැත්විය. බෙංගාලයෙන් තුන්සියසැටක් සෙනඟ ගෙන්වා අත්තනකුඹුර මුංවතු දෙගම්හි නැවැත්වීය. වරක් උඩරට සතුරු වියවුල් පැමිණි කල්හි රජුට සහායව සිටි පුස්සලමංකඩ ඇමතියාට ගම්වරයක් සමග රත්නායක යන නම ද දුන්නේ ය.එකල සාරසියපත්තුවේ සෙනරත් දිසාපති තෙම රජුට උරණව “රජු හා මම ද එක නම් ඇත්තෙමි සමබල ඇත්තෙමැ” යි වහයි කියා රට කලඹන්නට විය. 

හේරත් දිසාපති. ඒ බව දැනගත් රජ ගජනායක සෙනෙවියා හා නිලාවතුර පුස්සලමංකඩ වන මැතිවරුන් එහි යවා හේරත්දිසාව අල්ව‍ා මරදමන ලෙස අණ දුන්නේය. ඒ මැතිවරු පිරිස් සහිත වූ ඹහු






                           මන්දාරම් පුර පුවත                            119   

අල්වා පෙර නීතිය ලෙස ඇතුන් ලවා පාගා මුරැවුහ. ඹහු‍ෙග් නින්දගම මාරු කෙළේය. එතැන් සිට එගම “මාරුද්දන” නම් විය ඹහුගේ අඹුදරුවන් ගේ ජීවිකාව සඳහා පෙර සිරිත් පරිදි සතමුණුකෙතින් අමුණක් ඉතිරි කෙළේ ය. ඒ වියවුල සන්හිඳ වූ ගජනායක සෙ‍නවියාට ඌවේ දිසාපති පදවිය හා ආදායම් නිලය ද නිලාවතුර මැතිට හේවාවසම සහ හේවාවසම සහ හේවාහැට ආදායම් නිලය ද දුන්නේය. සෙනරත් රජ රට බැලීමට ගිය වරෙක පහණඇල්ලේ මාවත සමීපයෙහි හොබනා මඩමක් ද කරවීය.

සොලී බමුණෙක් 192- 197 එකල මෙරට තොරතුරු නොදත් සෙ‍ාලීබමුණෙක් සියයක් පමණ මිනිසුන් පිරිවරාගෙන අවුත් නිසැක ‍වරට මෙළන්නට විය රජ තෙම සෙනඟ යවා ඹවුන් අල්වා මතුරටට ගෙනවුත්‍ බෙලිහුල්තෙර සොලීකොටුව බඳවා එහි සිර කෙළේය. පසුව ඹවුන් ලවා අම්බලමේ කුඹුර නම් කෙත කරවා ඹවුන් මංමාවත් සෑදීමේ වහල් මෙහෙවරෙහි යෙදැවීය.

    විමලදහම්සුරිය රජු පෙරතුන් ඇමැතියන්ට දුන් මාරුතුපනත, අත්තනකුඹුර, යන ගම්වලින් කොටසක් දෙවොල්ගම් කොට සාරමසින් සාරමස දර- දියමුරය කෙත් වත්මෙහෙය හා පන්දම් පනත  සඳහා “මාරුතුකුඹුර” යයි නම් කොට දුරයන් ‍සදෙනෙකුට බෙදා දුන්නේය. තෙවැනි වර මතුරට බැලීමට ගිය සෙනරත් රජ කඩදොර මොරපාය විහාර වැඳ ඊට කෙත්වතු පුදා තේවය කරන ජනයන් ද පත් කෙළේය. 

ගොණගම් කෝරළය 198- 209 හේවාහැට වල්බිහි වූ සිරවත් පෙදෙස් දැක බංගලි ආදි දේශවලින් පවුල් සුසැටක් ගෙන්වා එහි වාසය කරවා, උඩගල , ඉලුක්ගොල්ල ආදී ගම් දහසකින් යුත් ගොනගම් කෝරළය කරවිය. සතර දේවාලයෙහි මෙහෙය සඳහා සියක් අමුණු කෙත් කරවා දින සතරවැනි වර රට බැලීමට ගිය රජ වැව් අමුණු කටුකොහොල් හරවා නිලතල දුන්නේය: කොට්ටව රාළට ආකරපනත හා ගබඩාලේකම් ද , මාකෙම්පේ- උඩගම- බෝගමුව යන තිදෙනට ඇළඅමුණු සමග කෙත්නිලය හා කෝරළපනත ද බෝගමුවේ පණ්ඩිත වික්රඅමසිංහට කෝරළේ නිලය ද , වෙදකම දත් පල්ලේවෙල රාළට ආදායම් නිලය ද පත් කෙළේය. වනාරක්ෂක නිලය සඳහා දියතිලක කෝරළයට ගල්කැටියා ද , ‍ කෙ‍ාහොක දෙසට වත්කුඹුරා ද,




120 මන්දාරම් පුර පුවත

ගන්නාව බඹරගම සමරා ද , මහවත් රැකවලට මහරාවැද්දා ද , පත්කොට , බමරබද්දේ නිලය කොටිකා වැද්දාට ද මාවත් මෙහෙවර නයිමා වැද්දාට ද , පැවැරිය. ඇතුන් අසුන්ගේ මෙහෙයට ද, කඩවත් රැකවලටද , ඇත්කඹ පාසම්කඩ පණිවුඩයට ද ගම්වර දී මෙහෙකරුවන් යෙදීය. ඉහළ හේවාහැටෙන් ගම් සතිසක් හේවාවසම සඳහා නිලතල සමග දුන්නේය.

210- 256 සෙනරත් රජ මෙසේ ලක්දිව දියුණු කරමින් වැසියාට සෙත සලසමින් ශ්රි වර්ධන පුරයෙහි වාසය කරන කල්හි පෙර රජුන් දවස ලක්දිවට පැමිණ කොළොම්පුර වසන ප්රධතිකාල් ජනයා මුළුලක්දිව අත්කර ගනු සඳහා සටනට පැමාණියේය. (ක්රිර; 1628) එකල රජතුමා පිරිවර සමග මියුගුණට පලාගොස් නිලාවතුරේ මැතිඳුන් ඹවුන් වෙත එවීය. හෙතෙම ප්ර තිකාලුන් උපායකින් රවටා උඩරටින් පලවාහැරියේය.

රන්දෙණිවෙළේ සටන.

  නැවත වරක් (ක්රිය: 1630) ප්රිතිකාලිහු කුස්නන්තිනුසා නම් සෙනෙවියා ප්රවධාන කොට සිංහල හා ප්ර තිකාල් බලසෙනඟ සමග උඩරටට එවූහ. ඹවුන් ගංවතුරක් මෙන් රට නසමින් සෙංකඩගලට පැමිණි කල්හි සෙනරත්රජ ඌව - මාතලයෙන් බලසෙන් රැස් කොට , එකවර පෙරමුණට නොගොස් බියවැදුණු බව අඟවා නුවර අතහැර ගියේය. ප්ර තිකාල්හු රජු ගේ සෙනඟ ලුහුබැන්දහ. රජ බලසෙන් පිරිවරා කඳුමුදුන් පසු කරමින් ඌව දෙසට ගියේය. තැන් තැන් වලදී වෙඩිසැර යවා සතුරන් කිපදෙනෙකුත් නසමින් පසුබසින අයුරු හැඟවීය. ප්රනතිකාලුන් ඌව ජනපදයට පැමිණි කල්හි, රජ තෙමේ ජයබිම බලා දෙපසින් රහසිව සෙනඟ සිටුවා ඉදිරියෙන් අවුත් වෙඩිසැර කීපයක් යවා, පැරදි ලෙස අඟවන්නට පසුබැස්සේය. පෘතුගීසීහු ජය පිට ජය ලැබ මද දුරක් සිහලුන් ලුහුබැඳ, හිරු බැසයන කල්හි අහර පිසන්නට පටන්ගත්හ.    
      එකල සෙනරත් රජ ඇමැතියන් සමග හාත්පසින් සෙනඟ සිටුවා ගාලට අසු වූ ඇත්රළක් සෙයින් සතුරන් වට කෙළේය. යළි සක්- දවුල්- තම්මැට ආදී නොයෙක් යුදබෙර නාද කරවීය. පෘතුගීසිහු තමන් නොයා හැකි ලෙස සියල උගුලෙහි අසුවූ බව දැන කූඩාරම් අකුළා බඩුපෙ‍ාදි ඹසවාගෙන තැන තැන රකවර සෙවුහ. රජ තෙමේ කුස්තන්තීනු ද සා  වෙත -“සිහලුන් බව නොදැන අපවෙත ආ බැවින් තොපට නියතින් දඞුවම් ලැබෙයි, එහෙයින් තොපගේ ඉටු දෙවියා සිහිකර උදෑසන මරණයට සැරසිය යුතුය” යි දන්වා හසුනක් යැවිය. එ හසුන් අසා බියපත් වූ සතුරු






                               මන්දාරම් පුර පුවත                                 121

සෙනඟ ඉතා දුක සේ රෑ ගෙවුහ. සිංහලයෝ කවි - ගී කියමින් පසඟතුරු ගොස කරමින් රෑ පහන්ව ගිය කල්හි සතරදිගින් සතුරන් වට කොට හීවැසි වස්වමින් වෙඩිසැර යවන්නට වුහ. පෙරවරුයෙහි ම බොහෝ දෙනෙකුන් නැසුණු කල්හි, ප්රිතිකාලුන් සමග සිටී (දොන් කොස්මෝ විජේසේකර ප්රුධාන) සිංහල සෙනෙවියන් තිදෙන රජු වෙත පැමිණ අවි සමග තම බලසෙනඟ රජුට භාර දුන්හ. කුස්තන්තීහු සිහල සෙනඟ සතුරු පසට ගිය බව දැන ඉතිරි ප්රුතාකාලුන් සමග පෙරමුණට වැඳ යුද කරන්නට පටන් ගති.

    එදින රෑවන තුරු බිහිසුණු යුද විය. ප්රනතිකාල් සෙනඟ කටයුතු නොදැන කන බොන පමණකුදු නැතිවැ සිටියේය. සිංහලයෝ අවට වනය බබුළුවමින් දහස් ගණන් ගිනිමැල ගසා ප්රීිතිඝෝෂා කරමින් සිටියහ. එහි අයෙක් ගී සින්දු කියමින් නටති, සක්- සින්නම්-‍ කොම්බු- නළා පිඹිති, ‍ෙබර- දවුල් - තම්මැට වයති, සමහරු මන්ත්ර  ජප කරති, බණ කියති, මෙසේ ඒ වනය දෙව්පුරයක් මෙන් විසිතුරු විය. දෙවන දවස් උදෑසනම රජ සේනාව සතුටු කොට අදම සතුරන් නැසිය යුතු යයි අණ දුන්නේය. එදින ද අහස ගිගුම්  ගන්වමින් මහයුද පැවැතිණ හිරු මුදුනට පැමිණෙන කල ප්රනතිකාල් පෙරමුණ නිහඞ විය. සිංහලයෝ ප්රරතිකාල් කඳවුරට බියෙන් වැතිර සිටියවුන් සිරබාරයට ගෙන රජුට පාවා දුන්හ. අවිසරම පාමින් කුඩ- කෙ‍ාඩි- සේසත් ගෙන රජු පිරිවරා ඒ ඒ රටින් පැමිණි ජනයන් හඳුන්වා දුන්හ. අනතුරුව සත් රට වැසි දිසාපතිවරුන් හා රටපතිහු ඒ ඒ රටට අයත් කොඩි නඟා නොකයක් තූර්යඝෝෂාවෙන් යුක්ත වැ මහපෙරහරින් සෙංකඩගල පුරයට වැන්හ. ගිමන් හැර මිහිරි බොදුනෙත් සෙනඟ සතපා රජ තෙමේ සෙබළුන්ට හා මැතිවරුන්ට තිලින හා මානද දෙවීය (විස්තරය 243-56 කවි) විශේෂයෙන් රණ බිම වැටුණු සෙබළුන් ගේ වැන්දඹුවන්ට ගම්වර දිනි. 

රාජකීය චාරිකා.

  257- 308. මෙසේ සෙනරත් රජු රාජ්යායෙහි වියවුල් දුරු කොට රටතොට බැලීම සඳහා මඩකලපුවට යන ගමනෙක් විය. රජතුමා කුමරුන් බිසෝවරුන් හා සමග කූණම්වල නැඟී ඇත්-අස්- බලසෙනඟ සහිත ඇමැතිවරුන් පෙරටු කොට සුබ මොහොතකින් පිටත් විය. රජුට සුබ පකනු සඳහා දෙනුවර දුම්බර මාතලේ සතර - සත්කෝරළ තුම්පන ආදී රටවල වැසියෝ සෙංකඩගලට රැස්වැ සිටියහ. එදින සඟුරන්කෙත වාසලට







122 මන්දාරම් පුර පුවත

පිවිසි රජතුමා එහි සතියක් විසීය. ඒ සතිය තුළ ඒ පෙදෙසෙහි නිලධාරින් විසින් සම්මාන සහිතවැ රාජකීය සත්කාරය පිළියෙළ කරන ලදි. අනතුරුව දිසාපතිවරුන් පෙරටුකොට මහපෙරහරින් පහණඇල්ල රජ මැදුරට පිවිසියේය. එහි සදිනක් විසූ රජතුමා ඇතුළු පිරිසට සියලු සත්කාර කරන ලද්දේ එරට නිලදැරියන් විසිනි.(එහි කටයුතු සංවිධ‍ාන කළ අයුරු 263- 302. කවි බලන්න) අනතුරුව ඒ පෙදෙසෙහි සියලු විසිතුරු බලමින් මතුරට සීමාව දක්වා නික්මගිය කල්හි ඌවපෙදසෙහි නිලධාරින් සමග වැසියෝ රජු පිළිගැනීමට පැමිණ සිටියහ. ඌවවැසියන් රජු පිළිගත් කල්හි මතුරට වැසියෝ ආපසු ගියහ. ඌව රජමැදුරෙහිද ටික දිනක් වැස පිළිවෙළින් මඩකලපුවට පැමිණි රජතුමා එහි කටයුතු විධාන කොට නැරඹිය යුතු තැන් බලා එතැනින් කතරගමට පිවිසියේය. මෙසේ ඒ ඒ පෙදෙස්වල සුදුසු පරිදි වාසය කරමින් පළිවෙලින් වැල්ලවාය, බුත්තල , බදුල්ල, මියගුණ ද බලා දුම්බරට පැමිණියේය . එහි ද සිරිසර බලා තුන් මස් පසළොස් දිනකින් සෙංකඩපුරයට පිවිසියේය.

සෙනරත් රජතුමා පමුණු - මාන දෙමින් මැතිවරුන් සතුටු කරවිය. ජනයා සදහම් මඟ යොදා ලක්දිව නොයෙක් සැපතින් අනූන කළේය. බුදුසසුන රකිමින් මනු නීතිය පරිදි රට රැක වැසියන් තුටු කළේය. සතුරු බිය නොවදනාසේ හේවාවසම් නිල දී සදහසක් සෙන් සමග ඇමැතියන් තුන් රටෙහි යෙදීය. දහස් ගණන් උයන් කෙත් වතුද කරවීය. මෙසේ එ රජ සසුන හා දනන් රැක අනිසදම් ලෙස මරුමුවට පිවිසියේයි. 
                                  
                                 සිව්වැනි අදියර නිමි.  
                   1-5 පස්වැනි අදියර

309- 313 ඉක්බිති බුදුන් පිරිනිව් 2170 වසක් පිරුණු සඳ රජසිංහ iiනිරිඳු රජ විය. එ රජ පින් බරින් දෙව් ලොවින් ගිලිහී ලක්බිමට වැටුණ වැන්න. ඹයුගේ තෙද යස වනනු හැකියෙක් නැත. හේ තෙදින් දිනිඳිය. තිළිනෙන් සුරතුරෙකි. නුවණින් ගණිඳුය. කුළුණින් මවු කෙනෙකි. රුවින් අණඟ ය . වැරසරින් සීරදෙකි.

    පෙර විකුම් ඇදුරු පඞිවරයා විසින් සතර අදියරකින් විස්තර කළ මන්දාරම් පුවත ලක්දිව තොරතුරු දැනීමට පහනක් වැනි විය. යළිත් ලක රජ සිරි පැමිණි රජුන්ගේ වතගොත පවසනු






                             මන්දාරම් පුර පුවත                                 123

සඳහා ගලගොඩ දිසාවේ මැතිඳුන් කළ අයදුම ලෙස බුදුවසින් (2245) දෙදහස් දෙසිය පන්සාලිය පිරි දුරුතු මස උනම්බුවේ යතිඳුන් විසින් කව් බසින් මන්දාරම් පුවත පවසනු ලැබේ.

දෙවන රජසිහ රජතුමා (ක්රිස: ව: 1627- 1679)

314- 319 දෙවන රජසිහ රජ ලක්දිව රජ බවට පැමිණ. ඌව සහ මාතලය දෙරට සොහෙ‍ායුරු කුමරුන් දෙදෙනාට දුන්නේය. රජු රට හා සසුන ද රකිමින් ශ්රීලවර්ධන පුරයෙහි වසන කල්හි ලක්දිව යක්සෙනඟක් ලෙසින්සිටි පරංගීහු වෙහෙර විහාර පොත් ගුල් මහබෝ ඈ සියල්ල වනසා විහාරගම් අත්කරගෙන ජනයා මිසදිටු ගන්වා දඞුවමින් පෙළා නොයෙක් තැන කලබල කළහ. කිතුසමය නොගත් පහතරට වැසියන් අඹුදරුවන් සමග සිරකොට ගිනිලා මැරූහ. හිමියන් අහිමි කොට වැසියන් සතු දේ පැහැර ගත්හ. රජසිහ රජ එපවත් දැන දෙසෝයුරන් හා ඇමැතියන් ද සෙනෙවියන් ද කැඳවා “ලක්දිව වැසියන් හා බුදුසසුන වනසන අධර්මිෂ්ඨ පරංගීන්ගේ බලය බිදින ලෙස අප විසින් යුඞයට යා යුතුය” යි විධාන කළේය.

ගන්නෝරු සටන

320- 345 එකල ලක්දිව නොයෙක් දෙස සිටි මැතිවරු සූර වීර බලසෙන් සමග ශ්රීෝවර්ධන පුරයට පැමිණ රජු බැහැදැක්කාහ. රුහුණු ඌව වෙල්ලස්ස බදුල්ල කතරගම බුත්තල වියලුව වැල්ලවාය බිම්තැන්න උඩුකිඳ යටකිඳ සපුතලය දික්වැල්ල නාගොල්ල වැලිමඩ කොස්ලන්ද පස්සර කොත්මලය වලපනය පුස්සැල්ල අගරපතන හග්ගල දිඹුල ලිඳුල තලාගල උලපනය ගම්පල නිලඹ අටබාගය බුලත්ගම මාතලේ දඹුලුල සීගිරිය වෑඋඩ නාලන්ද ගල්වෙල වන්නිය දේවමැද්ද හිරියාල කුරුණෑගල කැකිරාව මරසන්කඩවර තිරප්පනේ හබරන අනුපුර ගලගෙදර උඩුනුවර යටිනුවර තුම්පනේ සාරසියපත්තුව දුම්බර හේවාහැට යන රටවල සැත්තෑදහසක් සෙනඟ කඩු දුනු තුවක්කු පලිහ ආදි නොයෙක් අවි ගෙන තම තමන් ගේ රටෙහි සලකුණ දක්වන කොඩිය පෙරටු කොට ගෙන රැස්වූහ. (මතුරට ගොණගම හේවාහැට යන පෙදෙස් වලින් පැමිණි සෙනෙවි ආදින්ගේ නම් ගම් ආදිය 325- 341 බලන්න)

 රජ තෙමේ එයින් තිස් දහසක් සෙනඟ උඩරටට පිවිසෙන මාවත් රකවලට යවා සතලිස් දහසක් සෙනඟ ගෙන අඹතැනි ගන්නොරුව වෙතට පැමිණියේය. එහිදී රජුගේ සෙනඟ 






124 මන්දාරම් පුර පුවත


ප්ර තිකාලුන් අහසිනුදු නො යා හැකි සේ වට කොට සතුරු බලය සුන්බුන් කළහ. මේ අතර තොටමුණු වෙතට පැමිණි සිංහල සේනාවෝ තැන් තැන්වල සිටි සතුරන් ගන්නොරුව දෙසට ලුහුබැඳ ගියහ. රැකවලෙහි සිටි සෙනඟ ඹවුන් අල්වා හෙල්පත්වල ලා මඩ කවමින් ද , දුර තිබෙන ගස් ළං කොට දෙකකුල් බැඳ රැහැන් කපා හැර දෙපලු කිරීමෙන් ද කිසිවකු ගස් බැඳ මීමුන් ලවා ඇන්වීමෙන් ද , බල්ලන් ලා කැවීමෙන් ද, කරවට පමණ වළලා පිදුරුගිනි දීමෙන් ද , ඇතැමකු අත් පා බැඳ ළමුන් ලවා ගැස්වීමෙන් ද , පාලු ගෙවල ලා දුම් දීමෙන් ද, මුණින් හොවා ගල් පැටැවීමෙන් ද, මෙසේ නොයෙක්වධ දීමෙන් මරා දැමූහ.

       මෙසේ තොටමුණුවල සිටි ප්රවතිකාල් හා සිංහල සතුරන් නසා ඒ සෙනඟ ගන්නොරුවට විත්රජු දැක සිටි කල්හි ගන්නොරු කඳු මුදුනෙහි වාඩිලා සිටි ප්රසතිකාල් සෙනෙවියා ඇල්ලීමට අණ දුන්නේය. අණ ලත් රජුගේ සේනාව ගන්නොරු කන්ද හාත් පසින් වට කොට වෙඩි සැර යවමින් සතුරු සෙනඟ බිඳුවාලිය. දෙ‍දිනක සටනින් පසු එහි සතුරු බලය නසා අඹතැනි ආදී නොයෙක් තැන්වල සිටි සතුරන් සමග ද යුද කරමින් අඩමසක් ඇතුළත උඩරට සිටි සතුරු සෙනඟ වැනසීය. යළි මුහුදු යුදට ලන්දේසි සෙනඟ යොදා දිය ගොඩ දෙක්හිම එකවිට යුද කරමින් මුහුදුබඩ පිහිටි පරංගකඳවුර වනසාලීය. ඉතිරිව සිටි සතුරන් කොළඹ දෙසට පලවා හැර ‍කොළඹ ද හාත්පසින් වට ‍කොට සියලු පරංගි බලය වනසාලීය. සිංහල සෙනඟ ට අනුබල දුන් ලන්දේසින්ට ඇත් අස් මිණි මුතු ඈ නො‍ෙයකපෙඞුරු හා මුහුදු වෙරළින් බොහෝ ප්රදදෙශ භාර දී ලන්දේසි සෙනෙවියාට “රණශූර” යන නාමය රන්පටින් හිස බැන්දේය. මතු ලක්දිවට පක්ෂව සිටින ලෙසද ඹවුන් ගිවිසුම් කර ගත්තේය. 

ජයපෙරහර.

346- 352 පහතරට පරංගින් විසින් අහිමි කළ ගම්බිම් ආදිය ඒ ඒ අයට සලසා සතුරන් නැසු වෙහෙර විහාර පොත්ගුල් දියුණුව ද උන් උන් සතු නම් ගම් ආදියද නිසිලෙස සලසා දී රජසිහ රජ උත්සවවෙශයෙන් ශ්රි වර්ධ න පුරයට පිවිසියේය. නොයෙක් තූර්යනාදයෙන් හා වෙඩි හඩින් ද යුත් කුඩ කොඩි‍ සේසත් ආදියෙන් සැරසුණු මහා ජය පෙරහර කොළොන්නාවෙන් පිටත් ව සීතාවක පසු කොට යාපව්ව දක්ව‍ා ගොස් දඹදෙණිය සපරගමුව සතරකෝරළය මැදින් කප්පාගෙ‍ාඩ කඩුගන්නාව ගම්පල උඩුනුවර





                                     මන්දාරම් පුර පුවත                             125

යටිනුවර පසුකොට මසකින් පමණ සෙංකඩගලට පිවිසි‍යේය. වෙසක් දෙපෝය පැමිණි වර පළමු ව දළදා මැදුරට ගෙවදී රජ තෙමේ සතරදේවාල පුද පවත්වා රජමැඳුරට පිවිසියේය. යළි නුවර දෙව්පුර මෙන් සරසා මහත් උත්සව කොට යුදබිම්වල දස්කම් පෑ සෙබළුන්ට ගම්වර හා ගරුනම් පට බැඳ දුන්නේය. ( 353 පටන් 380 වැනි කවි දක්වා බලන්න)


381 – 389 රජසිහ රජ මාන තිලින දෙවමින් රටවැසියන් සතුට‍ු කොට දළදාමැදුරෙහි හා සතර දේවාලයෙහි පුදපෙරහර විදි ලෙස පවත්වා සඟුරන්කෙත දෙවොල නිලඹේපුර කතරගම මියුගුණ හා මන්දාරම් පුරය ද දියුණු කරවිය. නුවරකලාවිය ගිරිවා වන්නි පෙදෙස්වල වල්බිහි කටුකොහොල් හරවා දෙතිසක් වැව් ද, තැන් තැන්වල කෙත්වතු උයන් සතලිසක් ද කරවීය. මැණික් රුවන් ආකර හා යකඩ උපදනා තැන් ද ඇති කෙළේය. කම්හල් පට්ටල් හා ශිල්පශාලා ද කරවීය. යළි වෙදහල් කරවා වෙදැදුරන්ට ද සමත් කවීන්ටද ,ශිල්පකම්මාන්ත කරන ජනයාට ද අගනා ගමිවර සලසා දින. තුන්ලක මංමාවත් කරවා කන්කානම් නිල හා මුරජාම ව්යාවස්ථා කෙළේය. රජු රට බැලීමට ගිය ගමනෙහිදී යුදබිම්වල මළ සෙබළුන්ගේ වැන්ඳඹුවන්ට සරුසාර වූ කෙත් දෙවීය. පහණඇල්ල ආදි තැන්වල රජමැඳුර නවකම්ද, කුරුඳුඹයේ දියඇළ සමග ඇළවල් තුදුසක් ද, බෝදිවෙල ආදියෙහි ගබඩාවල් ද, තුන්මල්සාලාවල්ද කරවීය. සෙංකඩගල දෙව්මැදුර හා විහාර දෙකෙහිද රජමැදුරෙහිද නවකම් කරවීය පෙර සිරිත් පරිදි ඇසළපෙරහර හා නොයෙක් පුද සිරිත් ද පැවැත්විය. රටවැසියන් සමග වසරක් පාසා වෙසක්පූජා ද පැවැත්විය. මෙසේ තුන්ලක වැසියන් ප්ර බෝධ කරවා නොයෙක් තැන කෙත්වත් උයන් පුදමින් පන්දහස්හවුරුදු පවත්නා සේ බුදුසසුන වඩාලු රජසිහරජ නමැති පහන මරුපවන් වැද නිවීගියේයි.

                                      පස්වැනි අදියර නිමි.


1- 6. සවැනි අදියර.

විමලධර්මසූර්ය රජ ii(ක්රි ; ව: 1679- 1706)

     390-393 බුදුන් පිරිනිවි දෙදහස්දෙසිය දෙවිසිවැන්නෙහි (ක්රි): ව: 1679) දෙවැනි විමලදහම්සූරිය රජ රජසිරි පැමිණියේය. එකලකොළොම්තොට විසු ඹ්ලන්ද ජනයා කොට්ටියාර , තම්මැන්න,
   



126 මන්දාරම් පුර පුවත


මඩකලපුව, කතරගම, හම්බන්තොට, යන ප්රුදේශ වලින් අයපඞුරු දෙමින් රජු සමග එකගව විසීය. යළි පමාවරදෙහි උත්තර දීමට දක්ෂ වූ මිනිසුන් සදෙනකු රජු සමීපයෙහි නැවැත්විය. රජ තෙමේ ඹවුන්ට බටහිරි - දකුණු වෙරළබඩ පෙදෙස්වලින් අයබදු පමණක් ගැනීමට බාර කෙළේය.

උපම්පදා කරවීම

394- 399 මෙසේ එරජ ලක්දිව සතුරු අඳුරු දුරු කොට සසුන හා සුසිරිත් දියුණු කරමින් එකල උපසම්පදාව නොපවත්නා බව දැන රක්ධාධ්ග දේශයට ඇමැතියන් සමග පඞුරු යවා සිල්වත් භික්ෂූන් තෙතිස් නමක් ගෙන්වා උපසම්පදාව පිහිටුවා සසුන හා විහාර දෙකද දියුණු කෙළේය. භික්ෂූහු පිඞුසිඟා හැසිරෙමින් දහම් දෙසා මිනිසුන් සුසිරිතෙහි යෙදුහ. වෙසක් ඇසළ පුද හා දේවාලපූජා ද බක්මස පැවැති චාරිත්ර් ද පවත්වමින් රජ තෙමේ වැසියන් සිත් ගත්තේය. තුන්රටෙහි වැව් අමුණු බැඳ කෙත් වතු දියුණු කෙළේය.

ලන්දේසි සොරමුලක්.

 400- 406 එකල ලක්දිව ධනය පැයැරගැනිම සඳහා ලන්දේසි සොර ජානකු විසින් මහවැලි ගඟ දෙපස වෙහෙර බිදිනා පුවතක් ප්ර්කට විය. සසියක් පමණ වූ ඒ සොරු දාගැබ් සැටක් බිඳ සාර වු ධනය පැහැරගෙන මියුගුණු වෙහෙරට පැමිණ සිටිහහ. රජ ඒ සොරුන් අල්ලනු සඳහා ගලගොඩ , මඩුල්ල , බෝගමුව, බජ්ජල, යටිවැල්ල , අඹගහපිටිය, යන සෙනෙවියන් සදෙනාට නියම කළේය. ඹවුහු දුම්බර හා හේවාහැටින් දෙදහසක් සෙනඟ ගෙන ගොස් ඹවුන් අල්වා රජුට දැක්වූහ. බඩු සහිත සොරුන් දුටු රජ උදහස්ව සොරුන්ගෙන් දොළොස්දෙනා බැගින් දර- දිය මේවර සඳහා ඒ මැතිවරුන් සදෙනාට බාර දී සෙස්සන් විහාරවල මෙහෙවර කිරිම සඳහා යෙදවිය. යළි කොළඹ ලන්දේසි අධිපතියාට ද මේ බව ලියා යැවීයග රජුගේ උදහස දත් ලන්දේසිහු පඞුරු සමඟ සෙනවියකු එවා රජු කමා කරවූහ. මතු මෙබඳු වරදක් නොවන ලෙස සමාදාන ගිවිසුමක් ද කරමින් රජුට නතුව විසූහ. 

රහස් ගබඩා.

407- 418 මෙලෙස සතුරු බිය නසා තුන්රට වැව් අමුණු සකස් කරවා ලක්දිව ඉසුරුමත් කළ රජ තෙමේ අමුතු ගම් හා මංමාවත් ද කරවීය. හැම කල්හි ලක්දිව අගනා වස්තුසාරය




                                  මන්දාරම් පුර පුවත                               127


පරසතුරන් විසින් පැහැරගත් බව සැලකු රජ සතුරන් නොද ත හැකි ගබඩා කරවා වස්තුව රහසිවැ තැබීමට සිතා රාජපාක්ෂ වූ හළුවඩන , දිඹුලන , මඩුගල්ල, මෙහොට්ටාරච්චි , ඇරව්වාවල, කොට්ටව යන මැතියන් සදෙනාටබ ගබඩා කරවීමට නියම කෙළේය. එකල මැදමහනුවර ගබඩා සතක් කරවා මියුඟුණුවෙහෙර රන්කොත සමග වෙහෙර පසළොසක රන්කොත් තබා මොහොට්ටාරච්චිට පැවැරීය. වලපනේ රහස්මිගොල්ල නම් පෙදෙසෙහි ඇතුන් සදෙනෙකු බර නොයෙක් රුවන් හා හේවා වසමට අයත් දේපොල නිදන් කොට “දිඹුලන” ඇමැතියාට බාර දින. මහපැරකුම් රජුගේ මිණිකිරුල සමග දෙතිසක් වොටුනු ඇතුළු නොයෙක් රුවනින් යුත් ඹ්කඳගලෙහි පිහිටුවන ලද නිදන් සත “හළුවඩන” මැතිඳුට බාර කෙළේය. සඟුරන්කෙත දියතලා පව්වෙහි අඩගව් දිගැති දෙතිස් රියන් පුළුල් වු රහස්ගබඩාවක් විය. එය දැක සතුටු වූ රජ තෙමේ ඇතුන් සූසැටක් බර රුවන් සමග සදහසක් තුවක්කු ද මහතුවක්කු, පලිහ, කඩු, සන්නාහ, හෙල්ල, දුනු, තොප්පි, ඊයම් , වෙඩිබෙහෙත්, කූඩාරම්, ආදි උපකරණ හා යුදබරණ පුරවා උඩවෙල පහළවෙල ආදි ගම් හේවාවසම් කෙත් ලෙස නියම කොට මහගබඩා ව්යආවස්ථාව ද ඇති කොට ඒ ගබඩා කොට්ටව මැතිඳුට බාර දුන්නේය.

  419- 422 යළි රට බැලීමට ‍ෙගාස් සඟුරන්කෙත වාසල හා දේවාලය ද පහණඇල්ල මාලිගය ද සකස් කරවා සියලු රටවල දනය ඇති කොට ලක්දිව කුවෙරපුරය වැනි කෙළේය. මෙසේ වැසියන්ට සුව පහසු සලසා තුනුරුවනට කැප අයුරු කෙත් වතු පුදා මනුනීතිය ලෙස රජසිරි විඳ ඒ විමලදහම්සුරිය රජ සියලු ජනයා සෝ දුක් සයුරෙහි ගලා මරුවසඟයට ගියේයි. 



                                සවැනි අදියර නිමි.  


                            මන්දාරම් පුර පුවත 
                         
                          ප්ර්ථමභාගය නිමියේයි. 



                  2- 1 දෙවැනි භාගයේ මුල් අදියර.


නරේන්ද්ර සිංහ රජ (ක්රි1: 1706- 1789)

     423- 441 ඉක්බිති වීරපරාක්රමම නරේන්ද්රනසිංහ රජ පියරජු ඇවෑමෙන් ලක්දිව රාජ්ය ශ්රිසයට පත්විය. එරජු තෙදින් සියලු තැන සතුරන් නැති විය.  පෙර නොයෙක් පනත්කම් කළ ඹ්ලන්ද ජනයා රජුට ආදයෙන් මිතුරුව විසීය. රජ තෙමේ රටවැසියා දරුවන් ලෙස සැලකීය. සියලු උවදුරු නැති විය. කලටවැසි ලැබීමෙන් රට සමෘධ විය. මෙසේ කලක් ඉක්මගිය පසු ලක්දිව බණ්ඩාරවලිය බලවත් විය. ඹවුහු රජබව පතා තැන තැන කැරලි ඇති කළහ. ලෝසසුන් වැඩිම හා ගොවිතැන ශිල්පශාස්ත්රත දියුණුව ද නොසලකා හැරීමෙන් දහස් ගණන් ගම් පාලු විය. පරදේසිහුද ලක්දිව නැසීමට ඹවුනොවුන් බේදකොට අදිපතින් නැසූහ. මේ සියලු පුවත් රජුට විස්තර කළ ඇමතියෝ රටේ දියුණුව සඳහා බණ්ඩාරවලියට රජයේ උරුමය නැති කොට අමිශ්රට වු රාජපරම්පරාවක් ඇති කළ මැනැවැයි රජුට දන්වා සිටියහ. එබස් ඇසු රජ මදුරාපුරයෙන් රජදුවක ගෙන්වා අගමෙහෙසුන් තනතුරෙහි තැබීය. එහෙත් ඒ රජ බිසව දරුවන් නොලැබ මදකලකින් (ක්රිත: 1721) මරුවසඟ වුය. රජ තෙමේ සෝදුක් ඉවසා පවින් වැළක ලෝසසුන් වැඩීමට පටන් ගත්තේය.  
   දළදාමැදුර සමනොළ හා මියුඟුණු වෙහෙර නවකම් කොට පුදපිළිවෙත් පැවැත්තීය, මහවැලිනදියෙහි පාලමක් ද කරවීය. ලෙඩුන්ට බෙහෙත් හා නොයෙක් තැ මංමාවත්වල මගියන්ට කිරි - උත්සකුරු ද සඟනට සිවුපසය ද දෙවීය. බණපොත් ලියවා සදහම් කියැවිය. රජ තෙමේ සියතින් ම මනරම් කෙතක් කොට දළදා හිමියන්ට හා බික්සඟනට පිදී ගෙවතු සමග නව ගම් දෙසැටක් සාදවා දිළිඳුජනයාට දුන්නේය. සමනොළ සිරිපා  වැදීමට ගොස් ලක්සපාන සිට සිරිපා දක්වා මඟ සරසා දෙපස තලතෙල් තැඹිලිතෙල් පහන් නව ලක්ෂයක් පිදීය.

දාමරිකපිරිසක්.

442- 445. එකල තම්මැන්න අනුරපුර පෙදෙසට පිවිසි කාපිරි දාමරික පිරිසක් වැසියන්ගේ වස්තුව පැහැරගනිමින් ගෙවල් ගිනිලා ගම් වනසන්නට විය. එපුවත අසා උදහස් වු රජ මැතිවරුන් තිදෙනෙකු යවා සුපයි දනන් සමග කාපිරියන් සුසැටක් ඇල්ලවිය. ඹවුන් ගහළගම්හි සිර කරවා





                       මන්දාරම් පුර පුවත                                129


කසළසෝධක, මෙහෙවරෙහි යෙදවීය. උන් ඇල්ලු දරහඞකුඹුර, පුස්සල , වලහේන, මැතිවරුවරුන්ට කස්තාන- ඇත්අස්වාහන හා මැදවෙල කෙතේ ආදායමද දින.

  446- 465. යළි පිරිවර සමග සමනොළ ගොස් රෑ ලක්සපාන නැවැතී සිටි තැනට මතැතෙක් පැමිණියේය. සෙනඟ බියපත් වී වල් වැදුනාහ. කොට්ටව මැතිඳු ඇතු ඉදිරියට පැන මතුරා ඌ පලවා හැරියේය. එයින් සතුටු වූ රජ ඹහුට මුදලි දිසානායක පදවි දී කස්තාන පැළඳ විය. ඇමැතියන් සමග මහවැලිග‍ඟෙහි දිය කෙළියට ගිය වරෙක සැඞදිය පහරින් යටිගං බලා ගෙන යනු ලැබු රජ දෙණියේ හළුවඩන මැතිඳුන් විසින් ගළවාගනු ලැබීය. ඹහුට පඞුරු සහිත ගම්වරක් හා වලපනේ ආදායම් නිලය දුන්නේය. රජ තෙමේ මියුඟුණු වන්දනාව සඳහා මහසෙන් පිරිවරා යමින් මහවැලිගඟ රන්ටැඹ තොටට පැමිණ ගලමුදුනෙහි සිට එහි සැඞ වතුරු පිහිනා යන ලෙස සමතුන්ට විධාන කළේය. එහෙත් සියල්ලන් හිස නමා සිටි කල්හි බජ්ජල නම් මැතිඳු නොබා ගඟ පිහිනා යටි ගඟින් ගොඩ වී රජු බැහැදැක්කේය. රජ අදරින් ඹහුගේ හිස අතගා ගලින් නොබැස ඹහුට ගම්වරයක්ද වලපන දිසාව හා දෙදුම්බර සෙන්පති පදවියද දුන්නේය. යළි රජ තෙමේ පෙර රජුන් මෙන් රට බැලීමට ගිය පළමු ගමනින් මැ වෙහෙර විහාර පිළිසකර කරවා සුදුසු පරිදි ඒ ඒ නිලතල ද දුන්නේය. (455- 465 කවි බලන්න.)

හේවාහැට කැරැල්ල.

466- 477 දෙවන විමලදම්සූරිය රජු විසින් පිහිටුවන ලද යට කී දනනින් හා මහගබඩා රැකවලට සිංහල ඇමැතියෝ පත් කරන ලද්දාහ. එහෙත් මේ රජු විසින් මහදන බාර මහමැති පදවිය දී සියලු ගබඩා බාර කරමින් වඩිගපෙලපතෙහි දෙමළෙක් එවන ලද්දේය. එයින් රජු හා නොසතුටු වූ රටවැසියෝ දෙමළ ඇමැතියා හා ඹහුගේ පිරිවරද මරාදමා කැරලි උපදවා රට අවුල් කළහ. එයින් කිපුණු රජ අන් රට වලින් යුද සෙන් යැවූ නමුත් එය සන්සිඳුවන්නට නොහැකි වුයේ ලන්දේසි හමුදාවක් ගෙන්වා එහි යැවීය. ඹවුහු හේවාහැට හා මතුරට ගිනිලා කැරලිනායකයන් බැඳගත්හ. දෙ‍දහසක් පමණ අදිපතීන් නැසුහ. මේ අරගලයෙන් හේවාහැට දුම්බර දෙනුවර වලපන කොත්මලය බින්තැන්න මතුරට යන පෙදෙස්වල ඉසුරුමත් ජනයන් ද නැසූහ. එසේම නිලාවතුර 



                                                                                                                9  




130 මන්දාරම් පුර පුවත

කොට්ටව, අඹලියද්ද, පිලපිටිය, උඩගම, දැලිවෙල, ලබුතල, බෝගමුව, පල්ලේවෙල, ඇකිරිය, ඇසළමල්පේ, බජ්ජල, පුවක්ගොල්ල, රතමක, යටිවැල්ල, දරහඞකුඹුර, මඩුවේ,වලහේන, මීගස්වත්ත, දෙණියේ , සපුවින්න, අරාවේ, පුස්සලමංකඩ, යන අදිපතින්ට මරන වද දී උන් සතු දේපල හා නිලතලද උන්ගේ පෙලපතට අහිමි කොට අන් රටවල ජනයන්ට පත් කරන ලද්දේය. ඇතැම් වරදකරුවන් අන් රටවලට යවා ඹවුන්ගේ දේපල මහවාසලට එක් කරන ලද්දේය. සියලු වැසියෝ දුක්සයුරෙහි ගිල්වන ලද්දහ.

478- 496 කල්ගත වී රජුගේ උදහස නිවීගිය කල්හි මාතල සපරගමුව ආදි රටවල මැතිවරුද අදිකාරම් සත්කට්ටුවද රැස්ව රජුට මෙසේ පැවසූහ: “ ලක්දිව පෙර කිසි කලෙක පරජනයනට ඇමැති පදවි දුන් විරූ නැත.රජය පිළිබඳ සියලු දේ දිවි මෙන් රකිනා පරපුරෙන් ආ සූර වූ මැතිවරුන් ඇති කල්හි පරදනන් හට ඇමතිපදවි පැවරීම නොවටනේය. මේ අනදරයද එයින් සිදු විය. සිය ජනයන්ට වද යෙදීම හිරුගොත් රජුන්ට නොවටනේය” යි දැන්වුහ. මෙපවත් ඇසු රජ පළමු ඒ ඒ ජනයා ‍ෙගන් උදුරාගත් තනතුරු හා සම්පත් උන් උන් වෙතම පැවරීය. නසනු ලැබුවන්ගේ තනතුරු වතගොත විචාරා උන්ගේ පරපුරටම දුන්නේය. දැවු ගෙවතු වලට සරිලන සේ මහගබඩා අරමුදලින් සියලු වන්දි දුන්නේය. යළි රජ තෙමේ හේවාහැටට පැමිණි තුන් වැනි ගමනෙහි දී ද තනතුරු අයබදු ආදි සියල්ල පෙර සේ ව්යෙවස්ථා කළේය. (484-495 බලන්න) මෙසේ ලක්දිව සියලු රටවල දියුණුව සලසා සිවුදේවාල පුද හා දළදා පුදද විදිලෙස පැවැත්විය.


සරණංකර හෙරණුන්ට වස දීමට තැත් කිරීම.

497- 509. බුදුසමය නසමින් කොළොම්පුර වසන නායක දේව ගැති තෙමේ පහතරට මෙන් උඩරට දනන් ද මිසදිටු ගැන්වීමට දිරි දැරීය. බික්සඟුන්ගේ බසින් සත්උඩරට වසන කිසි නකනෙක් ඹවුන්ට අවනත නොවූහ. මිසදිටුවෝ සිය අදහස් මුදුන් පමුණුවනු සඳහා නොයෙක් තැන සිල්වත් සඟුන් විස දී නැසුහ. උඩරට රජ - යුවරජ - ඇමැතියන් සිය නෙත මෙන් අදරින් රකින සරණංකර හෙරණිඳුන් ද වස දි නසනු සඳහා අල්ලස් දී කාපිරියන් යෙදුහ. කාපිරියෝ තිදෙනෙක් ඌව පසු කොට සීතාකඳුමුනෙහි කඩවතට පැමිණ ගොළුවන් බව ලියු වු පතක් දක්වා සිඟමනට අවසර පැතූහ. උන්ගේ සැටියෙන් පරසතුරන් යෙදු චරපුරුෂයනැ’යි සැක කළ
                           



                 මන්දාරම් පුර පුවත                              131


මුරකරුවෝ උන් මතුරට මැතිවරුන් වෙත යැවුහ. සොලීකොටුවේ සිරකරනු ලැබු ඹවුහු බැට දී විචාළ නමුත් ගොළුවන් ලෙසම උන්හ. එසේම අන් තිදෙනෙක්ද මියුගුණු මැදින් දුම්බරට පැමිණියහ. මඩුගල්ලේ මැතිඳු උන් ද අල්ලා විමසන ලෙස මතු රටට යැවීය. කිහිප දිනක් විමසු නමුත් ඌතුමු ගොළු- බිහිරි වෙස් ගෙන කිසිවක් නොබිණුහ. එහෙත් උන් කෙරෙහි තදින් සැක කළ මැතිවරු කාපිරි බස් දැනෙන මිනිසකු කැඳවා උන් සමග එක් තැන සිර කළහ. මඳ කලක් ඉක්මගිය පසු රෑ රහසින් උනුන් ආ කරුණු කොඳුරා පැවසූහ. පසුදින ඇමැතිවරුන් බැට දී කරුණු විචාල කල්හි දෙව්ගැති ගෙන් මහත් අල්ලස් ගෙන සරණංකර හෙරණුන් විස දී මරන්නට ආ බව කීහ. මේ සියලු පුවත් දන්වා උන් සදෙන රජ්ජුරුවන් වෙත යවාපූහ.

රජතුමා උන් සිර කොට ලන්දේසි ආණ්ඩුකාරයා වෙත සියලු පුවත් ලියා යැවීය. හෙකෙම කරුණු විමසා ඒ රුදුරු දෙව් ගැතියා රටින් පිටුවහල් කළේය. යළි එබඳු අනදර නොවන ලෙස ගිවිසුම් පතක් ලියා රජු වෙත එවීය. රජ එයින් තුටු වූ නමුත් කාපිරියන් රුදුරු වද දී මැරවීය. එසඳ මිසදිටුවන්ගේ අදහස් දත් හෙයින් සරණංකර හෙරණිඳු වෙත රෑ දවල් මුරකරුවන් සොළෙ‍ාස් දෙනෙකු තබා සිවුපසයෙන් පුදමින් ආරක්ෂා කෙළේය.


වඩිග කුමරු රාජ්යෙයට පුහුණු කිරීම.

510- 513. රජ තෙමේ තමහට මතු රජසිරි ලැබීමට සුදුසු දු දරු කෙනෙකුන් නැති බැවින් සරණංකර සාමණේරයන්ගේ හා ඇමැතිවරුන්ගේද අදහස් ලෙස මදුරාපුරයෙහි වඩිගරාජකුලයෙන් පැවැත එන සිය බිසවුන්ගේ සොහොයුරු වු රජ කුමරු කැඳවා, කුමරුගේ දකුණත සරණංකර හෙරණිඳුගේ අතෙහි තබා “ හිමියනි, මෙ කුමර හට  දහම් හා සිප් සතරද දී මතු සසුන හා රජයද රක්වනු මැනැවැ” යි කියා පැවැරීය. කුමර තෙමේ ඒ යතිඳුන් ඇසුරු කොට නොයෙක් සිප් සතර හා බුදු දහම ද ඉගෙන බුදුසසුන්හි සැදැහැති විය. වීරපරාක්ර ම නරේන්ද්රාසිංහ රජ මෙසේ ලක්රජය මතු පවතින ලෙස  තහවුරු කොට, නිරතුරු තුන් දොරින් කුසල් රැස්කොට අනිසදම් පළ කරමින් මරුවසඟ වී.
                           මන්දාරම්පුර පුවත දෙවැනි භාගයේ 
                                මුල් අදියර නිමි.