Jump to content

මන්දාරම් පුර පුවත-ප්රවෘත්ති සාරය ii

Wikibooks වෙතින්
              2- 2. දෙවැනි අදියර.

විජයරාජසිංහ රජ. (ක්රි2: 1739- 1747)

     514- 527 වීරපරාක්ර ම නරේන්ද්රවසිංහ රජු කලුරිය කළ කල්හි (ක්රිළ: 1739) ඇමැතිවරුන් හා අදිකාරම්වරු රැස්ව ඒ බව සරණංකර හෙරණිඳුට දැන්වූහ. එකල ඒ යතිහු සව්බරණින් සැරසුණු යට කී වඩිග කුමරු ලක්දිව රාජ්යණය සඳහා ඇමැති ගණයාට බාර දුන්හ. ඒ හිමියන් ගේ වදන් පිළිගත් මහ ඇමතිහු කිසි කළෙක විජාතිකයකුට නුදුන් සිංහල කිරීටය ලක්දිව පැවැති සිරිත් පරිදි කුමරු සව් බරණින් සරසා සිරි දළදාමැඳුරට පමුණුවා ගිවිසුම් ගත්තේය. කුමර තෙමේ ඇමතිවරුන් පහදා දැකුම් ගත් කල්හි සක් බෙර ආදී තූර්යඝෝෂා පවත්නා කල්හි සඟල කහබහනින් සැරසුණු මහසඟන දෙපස හිඳ ජයමංගල ගාථා දෙසන කල්හි හළුවඩන - දියවඩන ඇමතිවරු දෙදෙන සුබමොහොතින් කිරුළ කුමරුන් හිස පැළඳ වුහ. යළි පෙරහරින් නාන දේවාලයට ගොස් “ ශ්රීු විජයරාජසිංහ’ යන නාම පත්රාය ලබා දී පසඟතුරු ගොසින් සිංහාසනයට පමුණුවා ලක් රජුගේ නම ඇස්වූහ. එකල්හි මහමැති , දිශාපති , අනුදිශාපති, රටපති , නානාපති ආදි සියල්ලෝ අභිනව රජුට ආදර බුහුරන් දැක්වූහ. යළි නරෙන්ද්රගසිංහ රජතුමා ස්වර්ගස්ථ වූ බව අණබෙර ගොසින් පවසා තුන්වැනි දින බුහුමන් සහිතව ආදාහන කිස නිමවන ලද්දේය.

රාජකීය උත්සව.

  528- 531 අභිනව රජු රජසිරි පැමිණි සොළොස් වැනි දිනයෙහි දළදාමැදුර විහාර ‍ දෙක හා රජමැදුර ද නුවර- රට- දනව් - ගම් හා මාවත් ද ‍යන සියලු තැන්හි පහන් දල්වා සියලු ජනයා රසබොජුනෙන් පිනවන ලදහ. එසේම රණකෙළි -ඔට්ටු - මල්ලවපොර - ගුවන්කෙළි - අංකෙළි - රැගුම්- බෙර - මද්දල- පහන්කෙළි- දුනුකෙළි- ඩැක්කි- පන්තේරු- පොල්කෙළි- ගිනිකෙළි- සරඹ- තාලම්- බුම්මැඩි - ලීකෙළි- සිංකෙළි- නළා - හොරණෑ- සක් - වස්කුළල්- වැදිකෙළි- බහුරූ- ගැටබෙර- තම්මැට- දවුල්- යොන්කෙළි- නාගසිත්තම්- තම්බොරු- පටලි- යන මෙයින් ලක්වැස්සෝ සැණකෙළි කළහ.







                       මන්දාරම් පුර පුවත                                133

රාජකීය තනතුරු.

      532- 538 මෙසේ සැණකෙළි නරඹා සතුටු වූ රජ සොළොස් දිනක් ඉක්මවා මහපෙරහරින් වැලිවිට හෙරණුන් වෙත පැමිණ පියබස් තෙපලා පාවැඳ ගම්වර සලසා දී ‘රාජගුරු’ යන නමින් පළමුවන තනතුර ඔබට දුන්නේය. අදිකාරම් -ඇමති- දිසාපති දියවඩන ආදී තනතුරුද , ඒ ඒ රටවල පැවැති නොයෙක් තනතුරුද පෙර තිබු ලෙසින් ඒ ඒ අයට දුන්නේය. අනතුරුව ලක්දිව සියලු තන්හි කෙත්වතු වගාව කරවමින් ඒ ඒ රට වලට පැමිණ සමතුන් හැඳින කරුණා සම්පත් දෙමින් මන්දාරම් පුරයට පැමිණිවර දෙවියත් දිග වීකරල් දැක්වු මඩුවේ මැතිට රන්සළුවක්ද, විසිතුරු කෙසෙල් - පොල් උයන් කරවූ අඹලියද්දේ ආදීන්ට පිළිකට්ටු පෙරැස් ආදියද, සරු කෙතක්කළ ගන්නාවේ මැතිට රන්මාලයක් ද දුන්නේය. එසේම වීරජනයන්ට සුදුසු නිලතල ද සැලැසීය. මෙපරිද්දෙන් රටතොට බලමින් සමෘධ කරවමින් තුන්හවුරුද්දක් ඉක්මවීය. 

රජ්යවයේ ආරක්ෂාව.

539- 558. ඉක්බිති සිංහල රාජ්ය්යට පිවිසෙන මාවත් සලකා බලකොටු සතක් බඳවා සතුරන් මැඩීම සඳහා හේවාගම් වලින් තෙළෙස් දහසක් සූර වූ ‍ෙසබළුන් රැස්කොට රට සියලු තැන්හි අරක් තැබීය. එයින් ඌවදෙසින් පැන සෙංකඩගලට එන සතුරන් වැළැකීම සඳහා ගෝණාපතනෙහි වඩුසරියන් ගන වූ බලකොටුවක් බඳවා මහතුවක්කු සවිකරවීය. එහි මුරජාම සඳහා තුන්සියයක් බටයෝ වූහ. කොඩිතුවක්කු සෙබලෝ නවසියයක් වූහ. කදමලුබර උසුලනුවන් දෙසියයක් හා කඩුදුනු අතවරට සසියක් පිරිස ද විය. හේවායින්ගේ නඩත්තුව සඳහා ගම් හා කුඹුරු දී කුදුමහත් නිලධාරීහුද යොදනු ලැබූහ. (544- 558, බලන්න) මේ ලෙස සියලු තැන්හි උවදුරු නොවන ලෙස මුරජාම යෙදවීය.


උපසම්පදාව සෙවීය.

559- 571 රජ තෙමේ මෙසේ රට වැසියා ගේ සතුට දියුණු කරමින් එක් දි‍ෙනක සරණංකර හිමියන් සමීපයෙහි සිට “හිමියනි, ශිල්ප- අවවාද නැණගුණ හා සියලු ඉසුරු සමග





134 මන්දාරම් පුර පුවත

ලක්දිව රජයද ගෙන දුන් නුඹ වහන්සේ මා වෙතින් කුමන දෙයක් ලබනු කැමැත්තහුදැ” යි “ගුණවත් රජතුමනි, ඉසුරු කිසිවකින් අපට කම් නැත, උපසපන ලබාදී බික්සඟුන් ඇති කොට සසුන රකිනු මැනැවැ” යි කීහ. “දළදාහිමි මහබෝ ඇතුළු සියලු වෙහෙර විහාර දියුණුවද බික්සඟනට සිවුපසයද මහවාසලින් සැලසීම අරුමයක් නොවෙයි. උපසම්පදා ලැබීමේ පිළිවෙළ දෙසනු මැනැවැ” යි රජු කී කල්හි “ මහරජ , සිදුහත් කුමරු උපන් තැන බුදු වු කැන හා දම්සක් දෙසු තැන ද වැඳ පුදා ගෙන මධ්යමමණ්ඩලය ආදී සියලු තැන්හි විමසා පිරිසිදු උපසම්පදාව ලොව ඇති තැනකින් ලබාගෙන එනු සඳහා අප එහි යවනු මැනැයි” යි දැන්වුහ.එකල රජ “හිමියනි, සමුදුරු තරණය ඉතා බිහිසුණුය,ඔබ හැර මේ ලක්දිවට පිළිසරණෙක් නැත. එහෙයින් අන් යතිවරුන් පරතෙර යවනු මැනැවැ” යි කීය. එකල සරංණකර හිමියෝ “මහරජ, පෙර නොයෙක් වර පරසමය හා බුදුවදන් මුසු කොට දෙසූ නොයෙක් දෙන ලක්දිවින් නෙරපන ලදුව පරතෙර ගිය බව ප්රමසිද්ධය.අප හැර එය නිසි ලෙස දැනෙන කෙනෙක් නැත. සැරියුත් ඈ මහසඟපෙළින් නොසිඳුණු නොකිලිටි පිළිවෙත් හා සසුන්දම් ඇති සුපිළිපන් පරපුරම නොලද හොත් එයින් පල නැත, සසුනද නොරැකෙයි, නොයෙක් ඇදුරු පරපුරෙන් වියවුල් ගහණ වූ මරම්ම රක්ඛාඞග යන රටවල පිළිවෙත් නොනිසි වෙයි. මොංගොලි- කොරි- චීන රටවල බුදුසමය දෙව්සමය හා මුසුව ඇත. එරටින් උපසපන ලැබුවද වැඩෙක් නැතැ” යි කීහ.

 ලක්දිවට කප්තුරක් බඳු හිමිසඳුනි, බුදුදහම් පිළිවෙත් දන්නා මැතිවරුන් හා පිරිවර ජනයා සමග වෙනත් යතිවරුන් යවමි. ඒ ඒ රට විමසා බුදුසසුන හා පිරිසිදු මහසඟපෙළින් පැවැතෙන උපසපන ඇති යම් දෙසක් දැනගෙන ආ කල්හි එදෙසින් උපසපන ගෙනදෙවමි. හිමිසඳිනි, සිත්තැවුල් නැතිවැ වැඩහිඳුනු මැනැවැ” යි කීය. එවිට ද ඒ හිමියෝ “සසුන් දියුණුව පතන නිරිඳුනි, මොංගෙ‍ාලි කොරි සහ දීන රටවල සෙවීම කම් නැත, දඹදිව මැදමඞුලු සහ අරමන දෙසටද මරම්රට හා සියම් දෙසට දූතයන් යවනු  මැනැවැ” යි කීහ. 

572- 586 එකල්හි රජ තෙමේ සියලු කටයුත්තෙහි නිපුණ වූ මැතිවරුන්ද , සසුන්දහම් දන්නා යතිවරයන්ද , පිරිවර සහිතව ඹ්ලන්ද නැවියන් සමග නැව් දෙකක් පරතෙර යැවීය. හිප්පොල







                       මන්දාරම් පුර පුවත                          135   


බෝගමුව, පුස්සලමංකඩ, උඩුව, ගංතලේ, අන්දරවැව, යන මැතිවරුන් සදෙනාද, උරුලෑවත්ත, මැද‍ගම යන යතිවරුන්ද, හේවාවසම් මෙහෙකරුවන් දෙපනසක්ද, ඕලන්ද නැවියන් සමග නැව් දෙක දඹදිව හ‍ා අරමන දෙසටද, මරම්මරටට හා සියම්දෙසටද යැවීය. ඔවුතනතුරෙන් දඹදිවට ගිය පිරිස එහි තොරතුරු විමසා එක් හවුරුදු දෙමසකින් ‍ පෙ‍රළා ආහ. අරමනමරම් හා සියම්දෙසට ගිය නැව එහි සියලු තතු දැන ආපසු පැමිණියේ දෙවසකිනි.

දඹදිව බුදුසසුන මිසදිටුගිමින් මැලවී අනියම් ලෙසින් දෙතැනක පවත්නා බවද එහි සඟන උපසපන් හැර හෙරණව වසන බවද සැලතළහ. රකඟ- මරම් - අරමන දෙස බික්සඟහු නානා පරපුර ඇතිව නෙක විලස සැරැසුම් හා පිළිවෙත් ඇතිව වරින් වර උපසපන් ලැබ සැකය දුරලන බවද, එක එක පරපුරෙහි දොස් කියමින් අවුල් ඇතිකර සික හා ඇවැත් නෙිතකන බවද, නොසන්සුන් දළගති ඇතිව සමගිය නොවඩන බවද, තතු ලෙස රජගුරු හිමිඳුන්ට දැන්වුහ. යළි සියම්රට හැම පෙදෙස්හි ම ලක්දිව අනුරපුර මහවෙහෙර සඟපරපුර හා මරම්පරපුරෙන් පැවැතෙන දෙපිසඟපිරිස ඇති බවද, සඟල බැඳුම ඈ සැම වත් සමව පවත්නා බවද දන්වා සිටියහ.

ඒ සියලු බස් විමසු රජගුරු හිමියෝ සියම් පවතින පිළිවෙත් සරු වු මහවෙහෙර පරපුරෙන් උපසපන ලැබීමට පිළිගත්හ. එකල රජ තෙමේ එරටට ඇමති දූතයන් යැවීය.දූත පිරිස ගිය නැව සැඩපවනට අසුවී කොදිව් රැසක් ඇති අන් දෙසටකට ගොස් කල් ඉක්මවා සියම්රටට ගියාය. ඒ මැතිවරු අනගි පඞුරු හා සන්නස් පිරිනමා සියම් රජු සිත් ගෙන මඳ කලක් වසන සඳ විජයරජසිහ නිරිඳුන් මළ හසුන සැල විය. එසඳ සියම් අගරජ සිහල දූතයන් කැඳවා “ලකිසුරු මළහසුන පළ වූ බැවින් ගරු මැතිවරු පෙරළා ගොස් එහි රජපැමිණි අයගේ අදහස් දැන යළි මෙහි පැමිණි පසු උතුම් උපසපන ලැබීමට සියලු විදි සලසා දෙමි” කිය. එබස් පිළිගත් ඇමැතියෝ පෙරළා ආහ. ඔවුන් ලක්දිවට පැමිණෙන කල්හි කිත්සිරි රජසිහ නිරිඳුතුමාණෝ සිංහල සිංහාසනයෙහි වැජඹුණහ.



     දෙවැනි භාගයේ දෙවැනි අදියර නිමි.



136 මන්දාරම් පුර පුවත

2-3 තුන්වන අදියර

     කීර්ති ශ්රීර රාජසිංහ රජ   (ක්රික‍: 1747-1780)
           557-595 කීර්ති ශ්රීල රාජසිංහ  රජු පිළිබඳ පුවත මතු කියමි   

තිරසර වූ විකුම් -තෙද නැණ යන සියලු ගුණ කැටි කර සුරවරයන් මෙලකට එවූ රුවෙකැ’යි කියනු හැර එරජුගේ ගුණ විස්තර කොට ඉවර කළ නො හැක.

          විජය රාජසිංහ රජු ගේ අගමෙහෙසිය සෙ‍ාහොයුරු වූ නායක්කාර්  වශයෙහි උපන් කුමාරයෙක් විය  එක් දිනක් විජයරජසිහ රජු ඇමතිගණ පිරිවරා මහවැලි ගඟින් එතෙර යන කල්හි සැඩ සුළඟක් හමා කුමරු ගේ හිස් වැසුම නගා පෙවනන මානයේ ගෙන ගෙ‍ාස් යළි ඒ පවතින් ම එය තුබූ තැනම තැබීය.

රජ තෙමේ ඇමතියන්ට ඒ අරුමය පෙන්වා “මොහුගේ හිස් වැසුම හැරගන්නට මහාමේගය හෝ අන් කිසි සමතෙක් නැත.එබැවින් මතු ලක්රජය පිළිබඳ මොහුගේ සුදුසු කමට ලක්වැසි ඇමතිවරුන් උරණ නොවිය යුතුය” යි පවසා ඔහු රජය‍ට සුදුසු පැවතුම් නිපුණ කරවන ලෙස සියලු විදි පනවා රජගුරු සරණඞකර හෙරණිඳු හට බාර කළේය. කුමා‍ර තෙමේ රජගුරු හිමියන් වෙත අක්ෂටර-ශිල්ප -ශාස්ර්නෙප ඡන්රෙළේය ලඞකාර හ‍ා අටුවා සහිත ත්රි පිටකයද වේද නිඝණ්ඩු-නීති හා සඳලකුණු ද ඉගෙන නිම කළේය. යළි යුඩශිල්ප මන්ත්රට සරඹ ඉඟි ආදී සියල්ල කෙ‍ාට්ටව ඇමති වෙත පුහුණු විය. එයින් කලකට පසු විජය රාජසිංහ රජ මරු වසඟ විය.


රජකු සම්මත කිරීම.

     596-616 මහ අධිකාරම්  තුමා රජකම පිළිබඳ ව වියවුල් ඇති වේ යයි සලකා රජු මළ පුවත සඟවා සියලු රටවල මැතිවරුන් රැස් කිරීමට නියම කළේය. සිව්කෝුරළය සත්කෝරළය මාතලය,ඌව යන මහදිසාපතිවරුන් සතර දෙනද , වෙල්ලස්ස වලපන බින්තැන්න සපරලමුව තුන්කෝළය නුවර කලාවිය තමන්කඩු‍ව උඩපළාත යන අනු දිසාපතිවරුන් අටසදනද ,සාරසියපත්තුව හේවාහැට තුම්පන දුම්බර කොත්මලය උඩුනුවර යටිනුවර යන රටපනින් සත්දෙන දැයි එකුන්විසි මැතිවරුන් රජ පනතින් රැස් කරවා සිරිත් පරිදි මහ අධිකාරම් තුමා විසින් බුලත් දැගුම් දී ගරු කොට පිළිගන්නා ලදහ. 
                                             
                                              මන්දාරම් පුර පුවත 
 

යළි රාජ්ය ය පිළිබඳ සාකච්චා ආරම්බ කොට අප මහරජ තුමා දරුණු රෝගයකින් පෙළෙන බැවින් මැතිවරුන් සමඟ බිණීමට රුචි නැත. රෝගය දිනෙන් දින බලවත් වන හෙයින් මතු ලක් රජය පිළිබඳ වියවුල් නොවන පරිදි ඇමතිවරුන්ගේ අදහස් පවසන ලෙස නියම කරන ලදැ’යි ද එබැවින් රටපති දිසාපති මහදිසාපතීන් ඒකමතික ව නැණගුණැති රජකමට හිිමි වූවකු සම්මත කොට ලක්දිව දියුනුව සලසනු යහපතැ’යි ද මහ අදිකාරම්තුමා දන්වා සිටි කල්හි , ඇමති පිරිස ලක්දිව රජසිරිත දැනගත් ගජකමට හිමි පිනැතියෙක් ඇත්නම් අදිකාරම් තුමා ඔහු ගැන පැවසූ කල්හි අපගේ අදහස් ද ඊට සමවනු ඇතැයි කීහ එකල අදික‍ාරම් තුමා අපට පෙරම රජ තුමා විසින් දන්වන ලද ලක් රජයට සුදුසු ගුණවත් කුමරක් ඇත, ඔහු මැනවැ’ යි අපටද සිතේ යයි කීය. මෙ පුවත අසා එහි රැස්ව සිටි අදිපතීහු ද නොයෙක් රටවැසියෝද අදිකාරම් තුමා මතු රජයට පක්ෂස ව සිටියහ. ඇමති පිරිසද ඊට එකඟ වූහ. එකල අදිකාරම් තුමා මතු රජයට පක්ෂටව සිටින ලෙස ඔවුන් ‍හැම ගිවිස්වා ගෙන කුමරු ඇමතියන්ට දක්වා යළි සුදුසළුවෙන් විදි ලෙස සරසා රජගුරු හිමියන් හා මහසඟුන් දක්වා අවසර ගෙන හළුවඩන -දියවඩන ඇමතිවරුන් විසින් සුබ මොහොතින් සිවුසැට බරණ පළඳවනු ලැබීය.(608-611 බලන්න.)


   ඉක්බිති පෙරහරින් නාන දෙව්මැදුරට පමුණුවා මඟුල් බෙර ‍තේව කොට දැහිගුලෙන් පතෙක ලියා “කීර්ති ශ්රී  රාජසිංහ” නාමය නාතදෙව්රුව අත තබා ගරු ලෙසින් ගෙන දෙවොල දොරටුවෙහි සිට එකෙනෙහි අණ‍ෙබර ලැවී ය.

”නාතදෙව් රජුන් විසින් අප නරදෙව්හිමියන් වෙත ‘කීර්ති ශ්රීය රාජසිංහ නාමය ශ්රීෙ හස්නයෙන් දෙන ලද මෙදින සිට සිරිලක ඔබ අණ පවත්නේය’යි අණ‍ෙබර ලා පෙරහරින් වීනි පැදකුණු කොට දළදාමැදුරට පිවිසි අභිනව රජතුමා පුදසිරිත් පවත්ව‍ා එහි දෙපස වැඩහුන් රජගුරුහිමි පාමොක් දෙවෙහෙර හෙරණගණ‍යා වැඳ තෙරුවන් සරණ ගෙන ‘අගති නොවැ රට රකිනා ලෙස ගිවිසුම් දී මඟුල් පිරිතින් ආසිරි ලබා ගෙන නොයෙක් පසයෙන් සඟූන් පුදා ඇමැතිගණ පිරිවරා රජමැදුරට පිවිසියේය.



විජය රාජසිංහ රජුගේ ආදාහනය


     617-626  අනතුරුව විජය රාජසිංහ රජ ස්විගීස්ථආ  වී යයි නුවර අණබෙර ලවා පෙර සිරිත් පරිදි ආදාහනය ‍කළේය. පළමු කොට රජසිරුර දුහුලින් හා පටවතින් සත්වටක් වෙළා








138 මන්දාරම් පුර පුවත

අනගි දෙණක තැබීය. යළි එය කළු නිල් දද අතුළ කළු අස් යුවළක් යෙදූ රියක තබන ලද්දේය. අවමඞගල තූය්ර්ීය ‍ ඝෝෂා කොට දද හා කොඩි ගත් නොයෙක් රටවැසි ජනයා පෙරමුණෙහි ගමන් ගත. කඩු හා දුනු ගත් දෙදහසක් පමණ බටපොළ සරඹ පාමින්අනතුරුව විය. සන්නාහ ලා සැරසුණු ඇත්-අස්- බල -පතීන් හා කඩු -දුනුබලපතීහු සොළොස් දෙන‍ා බැගින් පෙළ සැදී ගියාහ. විධාන පරිදි රණ ගී රැඟුම් කර ගිවුලුම් පෙරත් බල සෙනඟ ඊළඟට විය.යළ ව්දේශතානාපතීහු ගමන් ගත්හ. අනතුරුව ඩැක්කි- පන්තේරු-ලීසරඹ -කස- සක්-නළ-කුලල් කිංකිණිර‍ාවයන් චාමර පළිහ තේවා ගත් පිරිස විය. උඩුවියන් සෙමෙර තල්වැට තේවයෙන්පනසක් පමණ බික්සහන ඉක්බිති වූහ. දෙසදුන්දේවදාරු මිලිල අදී දර හා කපුරු-සුවඳ තෙල් පිරූ ගැල් ඊළඟට ගමන් ගත. දෙපස සිට අවමගුල් පෙළ ගයන කල්හි දෙණ තැබූ රිය අනතුරුව විය. පසු පස අවමඟුල් වෙස් ගෙන සොළොසක් බැගින් පෙළ පෙළ සිට අවමඟුල් රැඟුම් දෙන නළු පිරිස විය. ඉක්බිති දෙපස කසපෙළින් හා යුදබල පිර්වරින් කිත්සිරි රජසිරිරජාණෝ ගමන් ගත්හ. ඉන්පසුව නො‍ෙයක් ඇමතියන් හා කෝරළපතීහු ගියහ. අවසානයෙහි මුහුද ගොඩ ගමන් ගත් කලක් මෙන් මහසෙනඟ වූහ.

   මෙලෙසින් අවමඟුල් විදි දක්වා දෙසදුන් ආදී  දරින් සොළෙ‍ාස්රියන් සෑය බැඳ එහි තුළ දෙණ තබා සුවඳ තෙල් ඉසින  ලද්දේය, යළි බික්සඟුන්  පුදා සතර තැන අවමඟුල් කොට සෑය ගිනි ලැවීය. රිය හා අසුන් දෙදෙනා ගිහින් එතෙර හැරැපි‍යා සෑ බැඳුම් අළු හරන‍ා අයුරු ද විධාන කොට ගඟට බැස කිලුටු සෝදා හැර රජ තෙමේ පිරිවර සමඟ නුවරට පිවිසියේය. 

රාජ්යි උත්සවය

      කුඩ කොඩි පුන්කලසාදියෙන් නුවර හා රට දනව් සරස‍ා රජතුමා සුබමොහොතින් කහ බැද හිරුබවන මෙන් රුවනින් විසිතුරු කළ සිහසුන් අරා ‍වැඩ උන්නේය. එසඳ ඇමතිවරු සිරිත් පරිදි  පිළිවෙළින් රජු බැහැ දැක්ක‍ාහ. පළමුව මහ අදිකාරම් මහනිළමේ රජු බැහැ දැක සිටියේය. දෙවනුව දෙනුවර අදිපතිහුද ,තෙවැනිව හේවාහැට හා හේවාවසමේ අදිපතීහු  ද , සි‍වු වැනිව දුම්බර අදිපතිහුද ,පස්වැනිව හාරිස්පත්තුව මාතල හා උඩපළාත මැතිවරුද , සවැනිව සිවු -සත්කෝරළ මැතිවරුද සත්වැනිව තුන්කෝරළ පතීහුද ,අට‍වැනිව සපරගමුව හා තුන්පන මැතිහුද ,  නවවැනිව කොත්මල වලපන මැතිහුද , දසවැනිව ඌව බදූලු බිම්තැනි ගිරිවා නුවරකලාවිය මැතිහුද, රජු බැහැදැක සිටියහ. යළි හේවා -මුරජාම ආදී වෙනත් නොයෙක් නිළදරුවෝද ,අවසානයෙහි ඕලන්දය වෙනුවෙන් පැමිණි මැතිහුද රජු බැහැ දැක්කාහ. අනතුරුව සමපනසක් දෙවෙහෙර සඟහු සඟළපටි බැඳ දෙපස 

වැඩහඳ තුන්සූත හා මඟුල්ගය දෙස පිරිත් කළහ. රජතෙමේ පිරිත් අසනු සඳහා සිහසුන ඉදිරියෙහි ලූ රන් පළසක හුන්නේය. යළි පාවාඩ සහිත පෙරහරින් බික්සඟුන් වෙහෙරට වැඩමවූහ.

ර‍ජුට උපන් විතකි


   634-646   රජ සිරි ලබා ටික දිනක් ඉක්මගිය පසු රජුට මෙබදු සිතක් පහළ විය.  “තම සුවය තකා මෙරමා හට දුක්  දෙන අනුවන ජන තෙමේ ඒ සුවයෙ ‍න් පිරිහෙයි. එබැවින් අනුන් දුක දැක සුව විදිතොත් මා ලැබූ රජ ඉසුරෙන් කුමන පල‍යක්ද? සඳ තමා ගේ සිහිල්ගුණය පෙ‍ාළෝතෙලෙහි සියල්ලන්ට අත්කර දෙයි. එලෙසින් මා ලද සුවය ද සියලු ජනයා‍ට දුන මැනව, විය උඩ බැඳ සියලු ප්රලත්යදය දුන් නමුත් අහස දැමූ කැ‍ටයක් ලෙස එය නොතිර වෙයි. රට වැසි‍ය‍ාට ඥානාලෝකය බෙදා දුන හොත් මුල් බැසගත් රුකක් මෙන් සුස්ථිරව පවතින්නේ ය ‘යි  මෙසේ සිතා සිය ඇදුරු වූ සරණඞකර යතිඳුන් වෙත ගොස් වැසියන් සුවපත් කිරීමෙහි උපදෙස් පිළිවිසීය.එකල ඒ හිමියෝ “ලක්වැසිය‍ා සුවපත් කරනු කැමති රජතුමනි, පළමු සීතාවක රජු හ‍ා ප්ර තිකා‍ලුන් විසින් ලක්වැසිය‍ා මිසදිටු අඳුරු හැර සඳහම් හා සිප්සතර දීමෙන් නැණපහන දල්වනු මැනව, එකල ඔවුහු සුසරිත හ‍ා වෙර වඩ‍ ා මෙලොව හා පරලොව ද සුඛිත වෙති. මා දුකසේ ලබාගත් ශාස්ත්රෝය හා සදහම් ද මා කැ‍ටිව ම සැඟැවෙයි.එබැවින් මහරජුනි, පළමු කොට ම වැසියන්ට සදහම් හා සිප්-සතර බෙදා දීම‍ට පිළිවෙළ සලසනු මැනවැ”යි කීහ. 
       

140 මන්දාරම් පුර පුවත

සාස්ත්ර ශාලා.

එකල රජ තෙමේ “ලක්වැසි සියලු ජනයාගේ රජගුරු හිමියන් වෙත තුන්බස හා වියරණ සමග පෙළදහම ද සියලු සිප්සතර ද ඉගනීමට සියලු විදි සලසා පෙළ දහම් ආදිය උගතුන් සොයා විහාර දෙක්හිද, සුදුහුම්පොල ,අම්පිටිය,තිත්තවෙල හා ගඞගාරාමය යන නුවර සතර වාසල් විහාරයන්හි ද ශාස්ත්ර ශාලා කරවා ගම්වර දී ශිල්පශාලා ව්යුවස්ථානිලය ද පත් කෙළේ ය. යළි රුහුණු මුහුදුකර පටන් සියලු රටෙහි මිසදිටු අඳුර හැර ධර්මිශාස්ත්රතය දෙවී ය. මෙසේ ලක සියලුතැන්හි දියුණු මග සලසා රට රැකීම සඳහා නිලතල ද දුන්නේය .

සියම‍ට දුතයන් යැවීම.

  647-662  ඊට පසු දිනක් රජ තෙමේ රජගුරු හිමියන් වෙත පැමිණ වැද පිළිසඳරෙහි යෙදී- “සමිඳුනි, මවිසින් සියලු සදහම්සතර හා ලක්දිව රජසිරි ද සමිඳුන් නිසා ලබන ලද්දේ ය.

ගුණවත් සමිදූනි,මහවාසලින් කුමක් ලැබිය යුතු දැ’යි කුහුල් නැතිව වදාළ මැනවැ’යි කීය. එවිට “රජඳුනි,මෙකල සියම් රටෙහි රජ ඇමති ආදීන් විසින් පුදන මහ වෙහෙර පරපුරෙන් පැවතඑන උපසම්පද‍ා ඇත. ඒ නොකිලිටි උපසම්පදාව ලක්දිවට ගෙන්වා දුන මැනව. එයම අපට පමණ වෙයි. අන් කිසිදු ඉසුරක් අපට කම් නැතැ’යි කීහ. එකල රජ “හිමිදුනි, ලක්දිවට උපසපන ගෙන දෙවමි” පිළින කොට නොයෙක් රටවල මැතිවරුන්ට ද එපවත් දන්වා වටනා පුද පඬුරුද පිළියෙළ කරැවීය. යළි ඊරියගම විල්බාගෙදර පට්ට‍ිපොළ ඇල්ලෙපෙ‍ාළ අයිත්තාලියද්දේ යන පස් ඇමතිවයන් හා වෙලගෙදර මැති සමඟ ක‍ටයුතු නිපුණ වූ මෙහෙකරු බලන් තෙවිසි දෙනෙකුන් ද ඕලන්ද නියමුවන් සමඟ සුබ මොහොතින් ගමනට යෙදීය.


     දූත පිරිස බුදුවසින් දෙදහස් දෙසිය තෙය‍ානු වැන්නෙහි (ක්රිට:1750) දී නැගනහිර මුහුදු (තිරිකුණාමල ) තොටින් නැව් නැගී සියම් රටට ගොස් සියම් අගරජුට හා සඟරජුට ද වෙන වෙනම අනගි  පඩුරු දී කිත්සිරරජසිහ නිරිදුන් ගේ හසුන පිරිනැමූ ය. රජතුමා පියබසින් හැමදෙන‍ා සතුටු කර විසීමට සුව පහසු සලස‍ා ගරුතර උප‍ාලී මහතෙරුන්ට මෙපවත් සැල කෙළේය.‍


   “පින්වත් හිමිසඳුනි, දාකුසක් මෙන් ලොවැ පසිඳු ලක්දිවැ ජනයෝ නිරතුරු සියම්රට උපසම්පදාව පතා සිටිති. අපරට උපසපන සිදීගිය කල මෙරට අයදුම පිළිගෙන අනුරපුර මහ 
                     
  මන්දාරම් පුර පුවත                               141

වෙහෙර උපසම්පදාව හා පඩුරු ද පුදකර දුන්නේය. එබැවින් හිමිසඳිනි ,ඔබ ලකිසුරුතුමා සැදැහැ පෙරදැරිව කරන අයදුම පිළිගෙන සියලු විනයකර්මිහි පුරුදු තෙරවරුන් සමඟ ලක්දිවට වඩිනු මැනවැ”යි දන්වා සිටියේ ය. උපාලි තෙරණූවෝ එබස් පිළිගෙන ත්රිිපිටක ධර්මුයෙහි නිපුණ වූ ‘අරියමුනි’ මහතෙරුන් හා විනයාචාර්ය වු ‘මහානාම’ මහතෙරුන් හා සමග අතිරේක දසවග්ගික මහ‍ාසඞඝයා ද, පුරුදු වූ කැපකරු පිරිවර ද,විසිතුරු රන්කම් කළ වින‍ය පොතද ,අගනා පුද-පුඬුරු ද,ගෙන ලක්දිවට පැමිණියහ.


සියම්මහසහන තිරිකුණාමලයේ දී පිළිගැනීම.


  663-671 තෙරුවන් ලක්දිවට වැඩි හසුන කිත්සිරි රජසිහ නිරිදුන්ට දැන් වූ සඳ  රජතුමා සක්විතිරුවනක් ලද කලක් මෙන් සතුටුව පිරිස පිළිගෙන කටයුතු සැලසීමට මැතිවරුන් ‍යැවීය. ගජනායක- ඇසළපෙ‍ාල- වන්නිමැති-කොබ්බෑකඩුව -රත්වත්තේ -දඹගම- පිළිමතළ‍ාව -ගොලහැල-රඹපන -දිඹුලන -පලිපාන-පිලපිටිය-ගලගොඩ-කිවුලේගෙදර-උඩුකිඳ-අංගම්මන-කපුලියද්දේ-අත්තරගම-මැදවෙල-නුගවෙල-දුල්ලෑව- දුනුවිල-උඩුවේ -හුලුගල්ල- ගන්තලේ-දිවුලාගල-කප්පාගොඩ-යටවර-ගොඩමුන්නේ-‍බෝගමුව-ඇකිරිය-මහවැලිමඩ- කොට්ටාව යන මැතිවරු මහසෙන් පිරිවරාගෙන ඇත්ව‍ාහන පෙරටු කොට සුරකුමරුවන් ලෙස සැරසී ඒ ඒ රටෙහි නළුවන් සමඟ මහපෙරහරින් නැවිතොටට ගියහ. සියම් රටින් පැමිණි මහසගන හ‍ා මැතිගණය‍ා පිළිගෙන කීපදිනක් සතපා සුබ මොහොතින් තිරිකුණාමලයෙන් පිටත් වූහ. නොයෙක් තාලම්-බෙර-පන්තේරු -වීණා- දවුල්- නළා-කොම්බු හඬින් නිනද කොට මහසඟුන් වැඩමවීමට දෝලා සරසා ඇත්වාහන හා රන්සිවියෙන් පුද-පඬුරු  සමඟ සියම් මැතිවරුන් පෙරමු‍ෙණහි යැවූහ. ඇත් වාහන නැඟි ලක්දිව මැතිවරු පිරිවර සමඟ පසුපස වූහ. මාවත සැමතැන සුදුවැලි අතුරා රඹ තොරණ හ‍ා උඬුවියන් සරසන ලදී. කෙමෙන් මහවැලි ගංතොටට පැමිණි ඒ පෙරහැරෙහි ලක්දිව පෙර   නොඇසූවරූ අරුම විසිතුරු විය. මුවදහසක‍ිනුත් එහි සිරිසර කිය‍ා නිමවිය නොහැක . සියලු සෙංකඩගල පුරය සක්පුරය මෙන් පෙනුනේය.





මන්දාරම්පුර පුවත දෙවැනි භාගයේ තුන්වන අදියර නිමි.

142 මන්දාරම් පුර පුවත


                    2 - 4. සිවුවැනි අදියර

මහ සඟන පිළිගැනීමට නුවර සැරසීම .


      672-681 කිත්සිරි රජසිහ රජතුමාණෝ සමන් ඇමතිවරුන් සත්දෙනෙකුන්ට විධ‍ාන කොට සියම් මහසඟුන් පිළිගනීම සඳහා  නුවර  සැමතැනම දෙව්පුර මෙන් සැරසවූහ. එසඳ ලක්දිව පැවති පුදසිරිසර මතු ලක්වැසි ජනයාගේ සතුට වඩනු සඳහා විස්තර ‍ෙකරෙමි. මඩුගල්ලේ රාජපක්ෂක, වලස්මුල්ලේ සෙනරත් දම්දජපඬි, පුවක්ගොල්ලේ වීරසූරිය,මුල්ලේගම ඒකනායක, උඩගම දිසානායක, දෙහිගම නවරත්න, ආරාවේ, යන ඇමතිවරු සත්දෙන රජුගේ පණිවුඩය ගෙන,නුවර හා ගඟ අතර ද ගඟදෙගොඩ  අඩයොදුන් පමණ තැනද සරසා ලූහ.මහවැලිගං තොටෙහි සොළෙ‍ ාස්පෙළ බැගින් මහටැම් සිටුවා එක්සිය සොළොස් රියන් කොට වහළ සේසත් මිණිදැල් හා රන්කොතින් යුත් සුරපහයක් බඳු පහයක් නිමවූහ. විමන තුළ දෙපසෙහි මල්පහන් ගබඩා පසළොස බැගින් විය. විමන තුළින් වූ විශාල මග සුදු  මල් ඉස තරුණ ජනයෝ දෙපසෙහි සිට මිණිවැට සේසත් වල්විදුනා වැඩූහ. හකුළුවාගත් සෙ‍ාඬ ඇති සිතුයම් කළ ඇත් පෙළ විය.මහත් වූ විමන තුළ සැරැසී  සිට මහසෙනඟ තුති ගී නාද කෙරෙති. ඒ විමන්කුස දජ-පතාකා- කිංකිණි - රැළිපාලම් -මුතු ලැලින්  හොබනේ විය. දෙගම්  දොරටුද රඹතොරණ පුන්කුඹු පුන්කලසින් දිලිණ. ගඟින් එතෙර ද සත් තැනක මිණි කිකිණි රන් කොත්පෙළින් දිලෙන‍ා සත් පහයෙක් විය. මග අඩ ගව්වක්  තැන උඩුවියන් හා දද බ‍ැඳ සැම තැන්හි සපු නා පුවක් තැඹිලි ඉද්ද සමන් මහනෙල් මලින් සරසන්  ලද‍ී. දෙපස මහත් වෙළඳසැළින් මඞගලවීතිය අලංකාර විය. එදින සිරි වඩන පුරය අලකාපුරයෙහි සිරි ඉසිලීය.



රජුගේ පිළිගැනීම හා මහ පෙරහැර.



  628- 694 නැණවත් කිත්සිරි රජසිහ නරනිදහු ම‍ාවත් නුවර හා දෙවෙහෙර සරසා සළුබරණින් සැරසුණු මෙහෙසිය හ‍ා රජමැඳුරෙහි පිරිවර   සමඟ සුදු සළු අබරණ  පැළැඳ ඇමතියන් හා නළුගණ පිරිවරා ඉදිරියට පැමිණ ගංතෙර කරවූ සුරපහය  තුළදී සියම් මහසඟන පිළිගත්හ. යළි පෙරහර පෙරමුණෙහි දවල සළු-ණින්  සැදුණු කුඩ-කෙ‍ාඩි- පහන්වැට- පුන්කළස දරන ජනයා විය. අනතුරුව පළිහ- මුතුනුඩ සේසත් රැගෙන මග දෙපස සැදී සුරැකිව මහසඟුන් වැඩමවූහ.යළි තාලම් 

මන්දාරම් පුර පුවත 143



නළා බෙර දවල් තම්බෝරු ද, අලි-ඇත්-අසුන් හා පුද ගත් ජනයාද විය. යළි දහස් ගණන් ගී-නැටුම්- නළු-පන්තේරු ද,පිළියෙන් කළ බඹරුව ද, පුද ගත් මහසෙනඟද විය.ඊළඟට සිය පිරිවර සමඟ කිත්සිරිරජසිහ රජතුමා විය.කොඩිතුවක්කු ලේකම් ඈ දුර දරන මැතිහු විදිලෙස ඊළඟ වූහ.රාවණකොඩිය රැගෙන හේවාහැට සේනාව හ‍ා සිහසුන් කොඩිය රැගෙන දුම්බර සේනාව සමඟ වූහ.යළි සිහරෑ කොඩිය ගෙන සත්කෝරලේ මහසෙනඟ ද,සුදු පට කොඩිය ගත් මාතල දිසාවේ සෙනඟ ද,බේරුඩකොඩිය පෙරමුණු කළ කෝරළතුනේ සෙනඟද පාළා‍ෙවළින් ගමන්කළහ. ඉක්බිති මයුරාකොඩිය ගත් වලපන සෙනඟ අඩසඳකොඩිය ඇති නුවර කලාවිය සේන‍ාව ද පිළිවෙළ‍ින් ගමන් කළහ.



   නෙක පද-පඩුරු රැගෙන ත්රිි සිංහලයෙහි නොයෙක් රටින් පැමිණි මහසෙනඟ මුහුද ගොඩ ගමන් ගත් කලක් මෙන් සෙංකඩචුරට පෙරහරින් පිවිසියහ. හැම තැන සාදු නදින් පැතිරැ ගියේය. එදින සෙංකඩ නුවර සතුටු කදුලින් තෙත් විය, විසිතුරු සැරසූ විදී‍ෙපසෙපුකර ගමන් ගත් පෙරහර විසල්මළුව මැදින් ගොස්  මහමළුවට වන.ලක්දිව හෙරණගණයා සහිත සියම් මහසඟන එහි නිමවා තුබූ පහයෙහි වඩා හිඳුවා ගිලන්පස පුදා විඩා සන්හිදූවන ලද්දේය. අනතුරුව ඉතා විසිතුරු කොට සැරැසූ පන්සල් පෙළින් සැදි මල්වතු පොහොයමළුවට මහසඟුන් වැඩමවා එහි වඩාහිදුවා රජ තෙමේ එදින නොයෙක් ප්රතත්ය යෙන් සඟුන් පුදා වෙසතුරු රජු සෙයින් පින් රැස් කේ‍ෙළ් ය.


උපසම්පදාව පටන් ගැනීම.



       695-706 උපාලි තෙරුන් ඇතුළු  මහසඟන වෙත පැහැදුණු රජතෙමේ සිවුපසය සියතින්ම පුදමින් තෙරුවන්සතපා ටික දිනක් ඉක්ම ගිය කල අප බුදුන් පිරිනිවි දෙදහස් දෙසිය සයානු වැන්නෙහි (ක්රික:1753)හරු කටකරවියට පැමිණ ි ඇසළ මස පුර තුදුස්වක් තිනිය ලත් කිවි දින සවස ඇමතියන් සමඟ ගිලන්පසද රැගෙන පෙරහරින් මල්වතු වෙහෙරට පිවිසියේයය. යළි සියතින්ම මහසඟන පුදා උපාලි මහතෙරුන් වෙත පැමිණ විසිතුරු වටාපත පිළිගන්වා ‍වැඳ උපසම්පදාව කරනු සඳහා අයැද සිටියේය. එකල්හි 



144 මන්දාරම් පුර පුවත



මල්වතු වෙහෙර ග්රා ම සීමාව ශුද්ධන කොට සියම් රටින් පැමිණි උපාලි තෙරුන්ගේ අතවැසි වූ වත්සපන් හෙරණ එදින පළමු කකාට උපසම්පදා කළේය. සිරිලක බොහෝ කලක් නොපැවති උපසම්පදා ප්රමදීපය යළි දැල්වූ බැවින් රජ- ඇමතියන් සහිත සියළු ජනයා තුටු කඳුළු වගුරවා එදින නොයෙක් උත්සව ක්රීිඩා පැවැත් වූහ.


       පසු දින සියම් මහසඟන සමඟ ලක්දිව හෙරණගණයා ද, රජ-ඇමතියන් සහිත රටවැසියාද මල්වතු වෙහෙරට පැමිණ මෙලෙස උපසපන් විදි සැලැසූහ: මහ‍ා විහාර -ස්ථවිර පරම්පරා -වෙන් අවිච්චින්න වූ මල්වතු වෙහෙර නායක ධූරය උසුලන කොබ්බෑකඩුවේ හෙරණ පළමු කොට උපසපන් කරවිය. අස්ගිරි වෙහෙර නායක පෙළදම්හි නිපුණ ගණපාමොක් වූ නාවිත්තේ දම්දැසි හෙරණ දෙවැනිව උපසපන් කරවිය . අනතුරුව පෙළ දම් -සදසතර හ‍ා පස්බස දැනෙන සිල්දුතඟ ඈ ගුණ යුතු වැලිවිට සරණංකර හෙරණුන් උපසපන් කිරීමට යෙදූහ.යළි සිල්වත් හුළංගමුවේ හෙරණ දුතගුණ යුත් බඹරදෙනියේ හෙරණ පෙළදම් නිපුණ තිබ්බටුවාවේ හෙරණ යන තුන්නම පිළිවෙළින් උපසපන් කරනු ලැබූහ. කටකරැස තෙවැනි දින වූ ඇසළ පුණුපොහෝ දවස් මල්වතු වෙහෙර ග්රා්මසීමායෙහි දී නෙ‍ාහළ ඇදුරු පරපුර ඇති මේ හෙරණුන් සතම මහාසේනාව දෙපස හිඳ බලා‍ සිටියදී උපසපන් කරනු ලැබූ කල්හි වෙඩි-සක්-බෙර -ගොස පතුරවා මහත් පුද පෙරහර කරන ලද්දේය.


මන්දාරම්පුර පුවත දෙවැනි භ‍ාගයේ සිවුවැනි අදියර නිමි.




2-5.පස්වැනි අදියර.

උභය විහාරය.

                  707-712 රජ ‍ෙතමේ එම ඇසළ මස අවපෑළවිය දින පස්වරුයෙහි වෙහෙරට පිවිස  පෙරවස්  එළැඹෙන  ලෙස මහසඟන‍ට අයැද ,නිරතුරු  සිවුපසයෙන්  පුද කළේය.  යළිදු එම කටකරැස සුබ දිනයෙක්හි උභයමහාවිහාරයෙහි සුස්ථියර ලෙස  පොහොය මැදුරු     කරවා දෙවෙහෙර ම උපසපන් සලසා ලක්දිව සුගතශාසනය ප්රිකෘති කෙළේය.   එකල ත්රි   සිංහලයෙහි     පිහිටි  සාරසදහස්    අටසියයක් මහාවිහාර    උභයවිහ‍ාරයට   භාර   කරවා  පෙර  පැවති    ලෙස 
                                   මන්දාරම් පුර පුවත                            145     

සියලු පුදසිරි ව්ය වස්ථා කොට හැම කල්හි මැ තුන් ලක දෙවෙහෙරට කැප කෙළේය. යළි උභයවිහාරය වෙන් වෙන්ව ස්ථිර ව රකිනා ලෙස කතික‍ාවතක් කරවා ඒ ඒ දෙස විහාර හ‍ා තුන්ලක බුදුසසුන දෙ වෙහෙරට බ‍ාර කෙළේය. මෙලෙස සසූන තිර කොට පන්දහසක් හවුරුදු සඟපරපුර ද සසුන් පිළිවෙතද නොසිඳී පවත්නා ලෙස පනත් නියම කොට තනතුරු නියම කොට තනතුරු දුන්නේය.


තනතුරු පත් කිරීම.


          713-723. ඉක්බිති කිත්සිරි රජසිහ නිරිඳු දෙවෙහෙර සඟනද තුන්ලක ඇමතිවරුන් හා සෙ‍නඟ ද දළදා මැදුරට රැස් කරවා,විසිතුරු වටාපත‍ ගෙන,ලක්දිව සසුන් දියුණුව සැලසූ  ලක් ජනයාගේ මුදුන්මල්කඩ වන වැලිවිට සරණංකරබිදන් යති උතුමන් සුරත තබමින් “හිමිඳුනි, දෙවෙහෙර සමඟ ලක්දිව සි‍මයලු තැන හා ලක්දිව සියලු තැන හා තුන්ලක බුදුසසුන ඔබ සතුය, කුළුනින් සඟරාජ තනතුර කරනු මැනව”යි මෙසේබ සඟරාජ තනතුර පත් කෙලේය. එසේම තිබ්බටුවාවේ යතිදුන් හට ‍වටාපත පුදා “උපසඟරාජ තනතුර සමඟ දෙදහස් සාරසියයක් මහා විහාර සහිත මල්වතු වෙහෙරෙහි මහ නායක ධූරය පිළිගෙන ලක්දිව බුදුසසුන රකිනු මැනවැ’යි ද, යළි උරුලෑවත්තේ යතිඳුන් වෙත පැමිණ පිවිතුරු වටාපත් පුදා “උපසඟරාජ තනතුර සමඟ‍‍ දෙදහස් ස‍ාරසියයක් මහවිහාර හා අස්ගිරි මහවෙහෙරෙහි මහනායක ධුරය පිළි‍ෙගන තුන්ලක බුදුසසුන බ‍ාර කළේය. යළි දෙවෙහෙර සඟුන් බේද නොවන ලෙස කතිකා නියම කොට ,ලක්දිව සැම වෙහෙර වසන බික්සඟන‍ට උනු නැතිව සිවුපසය ලබන අයුරු ද සසුන් පිළිවෙත් වඩන ලෙස ද සියලු විදි සැලසීය. 



අගබිසව කලුරිය කිරීම.


     724-727. මඳ කලකට පසු රජු ගේ  අගබිසව කලුරිය කළ‍ාය. එකල්හි රජ ඈට පින් පතා මන්දාරම්පුරයෙහි වෑගම බුදුපිළිමගෙය  කරවා එහි තේව සඳහා සේවකයන් සොළොස්දෙනෙකුන් දී සතමුණු කෙතෙක් පිදීය. යළි එහි මහා විහ‍ාර හ‍ා සුඟුරන්කෙත දෙව්මැදුර  ද නවකම් කරවීය. සෝලිකෝට්ටේ හ‍ා පහණඇල්ලේ රජමැඳුර ද නවකම් කරවීය. පත්තිනි දෙවොල පියවි කරවා පෙර පැවති ලෙස පුද සිරිත් නියම කළේය.                                                       10



146 මන්දාරම් පුර පුවත

ලන්දේසීන් හා සටන් කිරීම .

      728-742. මේ අතර ලක්දිව විසූ ලන්දේසීහු මුහුදුකරයෙහි අවනඩු ඇති කළහ. එ පවත්ඇසූ රජ තෙමේ ඇමතියන් සමඟ සංවිධාන කොට ඔවුන් ලක්දිවින් නෙරප‍ා හරිනු සඳහා බලසෙන් යෙදීය.ඌව -බදුලු කොත්මලය හ‍ා වලපනේ මැතිවරු මහසෙන් පිරිවරා ගෙ‍ාස් බිබිල-පස්සර-රුහුණු-හම්බන්තොට හා මඩකලපුවෙහි විසූ සතුරන් වනස‍ා  බලකොටු බිඳ දැමූහ.හාරිස්පත්තුව-මාතල- තුම්පනේ හා නුවරකලාවියෙහි මහමැතිවරු කොට්ටියාර හා යාපනයෙහි බලකොටු බිඳ අවිපන්න සමඟ සැටක් පමණ සතුරන්ද අල්ලාගත්හ. දුම්බ‍ර - හේවාහැට හා දෙනුවර මැතිවරු පුත්තලම හා මන්නාරම කොටු සිඳ මහතුවක්කු - අවිපන්න සමඟ සැටක් සතුරන් ගත්හ. නැවතත් මාතර -ගාලු  පෙදෙසෙහි විසූ ඕලන්ද ආණ්ඩුකාරය‍ා රුහුණු-ඌව - වෙල්ලස්ස -හා කතරගම ගම් සතියක් දවා විනාශ කරමින් දෙදහසක් සෙනඟ සමඟ ඌවේ සිටින බව රජු‍ට සැල විය. එවිට රජ සාරසියපත්තුව දෙනුවර ,හේව‍ාහැට,දුම්බර පෙදෙසින් රැස්කළ සාරදහසකින් යුත් බලසෙනඟක් ඌවට යැවීය. ඒ සෙ‍නග සතුරන් නවසියයක් නසා ඔවුන්ගේ ‍බොහෝ උපකරණද අත්කරගෙන සතුරන් ලුහුබැන්දේය. යළි කතරගමදී සතුරන් වට කොට ලන්දේසි සෙනෙවිය‍ා සමඟ බොහෝ සතුරන් නසා පනසක් සිරබාරයට ‍ෙගන යුද අවිපන්න ද අත්කරගත්තේය. ඉක්බිති රජු ‍මේ සටනින් ජයසිරි ලබ‍ා දුන් ය‍ටවත්තේ -මඩුගල්ලේ -ගොඩමුනේ - රඹුක්වැල්ලේ -මාවැලිමඩ යන මැතිවරුන්ට සම්පත් දුන්නේය. 


   743-. ඊට පසු (ක්රි්:1765?) කෙ‍ාළඹ විසූ ලන්දේසිපති ‍ෙතමේ නෙ‍ුනායෙක් දෙසින් දහස්ගණන් සේන‍ාව ගෙන්වා ගෙන සතරකෝරළය හා සත් කෝරළය අත්කරගෙන රට -ගම් ගනිල‍ා දනන් නසමින් මහවැලිගංතෙරට පැමිණියේය.

රජු නුවර හැරදැමීම.

   එ පුවත දැනගත් රජ දළදා හිමියන් හා දෙවෙහෙර සගුන් ද සතර  දේවාල‍ෙයහි හ‍ා වාසල ද යන සියලු තැන්හි සාර දෑ ගෙන්ව‍ා ගෙන පිරිවර සමඟ හේවාහැටට පිවිසියේය. මැදපිටියේ දළදා මැදුරෙහි දළදා හිමි වඩා හිදුවා පුද සිරිත්ආදී හැම කරන ලෙස කොට්ටාව ඇමති හට නියම කොට රජ පිරිවර පහණඇල්ලේ වාසලට යැවීය. යළි සෙංකඩනුවර සතරදිග මුර හරවා ඇත්-අස් -ගව- මහිසාදී සතුන් ද ඉවත් කොට කඩපිල් ආදී සියල්ල ගිනි 





                   මන්දාරම් පුර පුවත                                       147

ලා නුවර සතුරන්ට හැරියේය. එවර සතුරු සේනාව නුවරට ඇතුලුවි රජවාසල -දළද‍ා මැදුර-සතරදේවාලය ආදී තැන්හි ලැගුම් ගෙන සගසුව ලත් සේ කා-බී-නටා කකුළුඋදුනෙහි මෙන්කෙළනට වූහ.


        එකල රජ තෙමේ සඟුරන් කෙත නුවර දළදා පෙරහර හා උත්සව කොට දම්හලක් කරවා,බණ ක‍ියවා පින්කම් කරවා,බණ කියවා පින්කර්මත කරමින් පසළොස් දිනක් ඉක්මවිය. අනතුරුව පිරිවර සදෙනෙකු සමඟ සපුවින්න-නිලාවතුර-බෝගමුව යන මැතිවරුන් පණිවුඩ පනත් කොට යැවීය. “පෙර ගිවිසුම් සිහි නොකොට ඕලන්ද සේනාව මෙනුවට පැමිණි කරුණු කිම් දැ’යි විචාළ කල්හි ලන්දේසි සෙනෙවියා එඩිතරව මෙසේ කීය: “උඩරට සියලු වෙළඳ බඩු ද ඌව හා රත්නපුරය ද අපට ගිවිසුම් කර පවරා නුදුන හොත් සියලු  ලක්දිව එක්සත් කොට ඕලන්ද රජු යට‍ෙත් පාලනය කරන බව” කීය. එකල මැතිවරු  ‘සියල්ල ලැබේ ය” යි කියා පෙරළා ගොස් රජුට විස්තර දැන්වූහ.


       රජ තෙමේ ඇමැතිවරුන් මන්දාරම් පුරයට කැඳවා ඔවුන්ට සන්නස් ගම්වර දී සතුටු කොට ලන්දේසීන් ලක්දිවින් පලවා හැරීම සඳහා කටයුතු විධ‍ාන කෙළේය. ඇමතිවරු ඒ ඒ රටවල සෙනඟ රැස් කර සතුරන්ට අහසින්මිස නොය‍ාහැකි ලෙස මාවත් රැක සතුරන් වට කළහ. මෙසේ දෙමසක් ගිය පසු ආහාර හිඟවී කදවුරෙහි රෝබිය පැතිරෙන්නට විය. අල-මුල් හා පලතුරු බුදිමින් සාරමසක් වට කළහ. මෙසේ දෙ මසක් ගිය පසු ‍ආහාර ද ගෙන‍ කොළඹින් පිටත්ව සීතාවක මැදින් දඹදෙණිය පසු කොට ගොස් මාකඩවරට පැමිණ ගිමන් හැර පසු දින ගමනට පිටත් විය. සතරකෝරළයේ හ‍ා සාරසි‍යපත්තුවේ සේනාව අතර  මග රැක එයින් සසියක් දෙන මරා  සෙස්සන් සිරබ‍ාරයට ගත්හ. යළි තිරිකුණාමලයෙන් පිටත් වූ සේනාවක් රට මැදින් ගොස් ම‍ාතලයට පැමිණි කල්හි උන්ටද පහර දී‍ අල්ලා රජුට දැක්වූහ. මෙසේ සමසක් ඉක්මගිය කල්හි රජතුම‍ා හේව‍ටාහැ‍ට -වලපන -දුම්බර -යන රටවල සේනාව ගෙන උඩුවට පැමිණ නුවරට ළංවී සටන් ඇරඹීය . ලන්දේසීහු රජු සේනාවෙහි සිටි බව දැන පෙරමුණට පැමිණියහ.



          රජ‍ෙතමේ දෙතුන් පැයක සටනින් පසු පෑරැදිබව හඟවා මඳක් පසුබැස්සේය.  කල සතුරු සේන‍ාව නොබ‍ා ඉදිරියට ආහ. සිංහල සේනාව මදින් මඳ පසු බැස ඔවුන් රවටා කඳවුර



148 මන්දාරම් පුර පුවත


දෙසට ගියහ. දෙදහසක් පමණ වූ සතුරු සේන‍ාව ‍ මාරස්සනදී දෙපසින් සිංහල කඳවුරට අසුවූහ. මේ සටනේදී ද ලන්දේසීන් පරදවා ජයගත් සෙනෙවි ආදීන්ට සිරිත්පරිදි ගම්බිම් තනතුරු ආදියෙන් සංග්රේහ කරන ලද්දේය. (800-811 බලන්න)

   812-822 රජතෙමේ ලක්රජයෙහි සතුරු බිය නැති කොට යළිත් සසුන් වැඩීම අරඹා සියලු තැන්හි පොත්ගුල් විහාර දියුණු කරැවී ය. අස්ගිරි-මල්වතු උභය වෙහෙරද කැලණි-දඹුලු ගඞගාරාම විහාරද පිළිසකර කරවා බුදු සසුන්හි අපමණ දනය වපුර‍ා දහස් ගණන් විහාර කරවී ය. 


සිංහල භික්ෂූ‍න් කළ ප්රාථම උපසම්පදාව


  යළිත් උපසම්පදාව කරනු සදහා සෙංකඩ නුවර  දෙව්පුරයක් මෙන් සරසා දෙවෙහෙර හෙරණුන් රැස්කරවා සකවසින් එක් දහස්සසිය සයාසූ (ක්රිෙ:1764) ‍‍වැනෙනහි ඉල්මස අවදියවක් ලත් ගුරු දින ලක්බුදු සසුන පන්දහසක් හවුරුදු පවත්නා සේ උපසපන් විදි යොදනු ලැබීය. ඉල්මස පසළොස්වක් දින කීර්ති ශ්රීව රාජසිංහ රජ රාජගුරු සඟරජ හිමියන් සමඟ දෙවෙහෙරට පිවිස උපසම්පදාපෙක්ෂජක ව පැමිණි හෙරණුන් සඟල පටි බැඳ හිඳුවා එදින දම්පියා-සතරකමටහන් පිරිත් සතරබනවර ආදිය වන

පොත් ගෙන නිමවීය. මෙසේ දෙවෙහෙරින් සමපනසක් ව්ය්ක්තදවූ හෙරණුන් ගෙන එයින් තුන්වැනි දින ඔවුන් රජබරණින් සරසා පෙරහරින් ගොස් දළදා හිමියන් දැක්වීය. යළි ඔවුහු මගුලැත් යානයෙන් සිවුමහවීදි මැද මහපෙරහර කරවා නැවත දළදා මැඳුරට පමුණුවන ලද්දාහු. රජු හා ලක සියලු ඇමතියන් අතින් පිරිකර පුදනු ලැබූහ. ඉක්බිති ඔවුන් කුඩ-කොඩි තුරුගොස හා නළුරැඟුම් යුත් පුදපෙරහරින් දෙවෙහෙරට පමුණුවා ලක්දිව සඟුන් මුල්කොට සඟුන් මුල්කොට උබය වෙහෙරෙහි පළමු උපසම්පදාව කරනු ලැබීය.එය නිමිති කොට ලක්දිව සියලු තැන නොයෙක් උත්සව විය. මෙසේ තුන් දිනක් උපසම්පදා‍ව සිදුකෙ‍ාට නව උපසපන් පනසක් සඟුන් සමඟ බික්සඟන දළදා මැඳුරෙහි වඩා හිඳුවා බොහෝ දෙන සසුන් වැඳ බුදුදහම වැඩූහ.


අපට ලැබුණු පි‍ටපත්වල 780 පටන් පත්තිරුවක අඩුවක් පෙනෙන හෙයින් මාරස්සන වටවූ සතුරු සේනාවට කුමක් කරන ලදදැයි දැක්විය නොහැකි.එහෙත් සෙබළුන්ට සංග්රතහ කළ සැටියෙන්ඔවුන් සමූලඝාතකය වූ බව නිසැක ය.



                                මන්දාරම් පුර පුවත                                     149


රජු‍ෙග් පැමිණිල්ලක්.

   823-31 එසඳ පැවදි ලැබ සිටි ලක හීනජනයෝ දිසාපති 

ඈ ඉසුරුමත් ජනයන් දැක බියපත් ව සිවුර හිත වෙළ‍ා පා ‍වැඳ ආවඩති. එයින් නොසතුටු වූ ඉසුරුමත් ජනයෝ එපුවත රජුට සැලකලහ. එයින් තැවුලට පත් රජ සියලු දෙස සඟුන් හා මැතියන් ‍ෙගන්වා සඟරජ හිමියන් හා මැතියන් ගෙන්වා සඟරජ හිමියන් හා දෙවෙහෙර සඟනද සියලු දික්පතීන් ද දළදා මැඳුරට රැස් කර දෙපස හිඳුවා රජ මැදහත්ව සිට මෙසේ පැවසීය. “ පන්දහසක් හවුරුදු සසුන පැවතිය යුතුය. අප හමුයෙහි ම නොරිසි දේ ඇසෙයි, ලොවැ නියතයෙන් උසස් වූ මුනිපුත් මහසඟන ගිහි ජනයන් වැදීම නුසුදුස්සේය” යි කරුණ දන්වා නැවතත් “යම් පැවදි කෙනෙකුන් මෙරට මැතිවරුන් දැක පා වැඳ ආවැඩූ එපුවත සැබෑදැ”යි ඇසීය. එබස් ඇසූ හිත ගොත් ඇති ඒ සඟහු හුනස්නෙන් නැගිට දොහෙ‍ාත් මුදුනත තබා රජුට වැද “උතුම් හිමිසඳිනි, අප හිමිවරුන් දු‍ටු කල පස්ව‍ා දහස් දිනේ‍ව’යි අදරින් ප‍ා වැඳි එපුවත සැබවැ”යි කීහ. එදැක සංවේගය‍ට පැමිණි රජතුමා හා සඟරජ හිමියෝද කර නමා බියපත් වූ විලස දක්වා ගැඹුරු සිතුවිල්ලට බ‍ටහ.

  832-36. තවද නළුසතර දත් රුහුණු- ගිරිව‍ා වැසි සඟුන් දවුල් බැඳ  නටන පුවතක් ද එදින පැවැසිණ. එ ද විචාළ කල ‘සිසු දරුවනට සිප්සත පුහුණු කරවනු සඳහා දවුල් ගැසූබව සැබවැ’යි කීහ.යළි පැවදි වුවකු විසින් කඳක් ගෙන ගිය පුවතක් ද අසන්නට ලැබිණ, එ ද ඇසූ කල්හි ‘ගමේ උරුමය සඳහා කළයුතු රාජකාරිය අත් නෙ‍ාහැර කඳක් ඇදිබව සැබවැ’යි කීය. රජු හ‍ා සඟරජහු ද මතු එලෙස නොකරන ලෙස සැම දෙනාට ‍ෙබාහෝ අ‍වවාද දී හැරියාහ.
  837-62 යළිඳු ලක්දිව නොයෙක් තැන එබඳු නො පනත් වූයෙන් ඒඒ රටවල ඇමතියන් හා සැම තැන වසන සඟුන් රැස්කරවා විච‍ාළ කල්හි ‘ඒ සියලු දේ සැබෑව,සැබෑවැ’යි පැවසූහ. එදින ද රජතුමා බොහෝ අවවාද දී තද අණපනත් පැවසීය. පසු දිනෙක රජු කතරගම්පුරයට ‍යන කල්හි අතරමඟ සිටි දුරකුලයට‍ අයත් බෙ‍ාහෝ සඟහු රජු  බැහැදැක ‘සාමිනී,මියගුණු වෙහෙර  ගමින් අඩක් අපට ලැබෙනු මැනවැ’යි ඉල්ලා සිටියහ. එයින් නොසතුටු වූ රජ සෙංකඩපුරයට පිවිස දෙවෙහෙර මහසඟන හා සඟරජු ද සියලු ඇමතියන් ද විදිලෙස දළදා මැඳුරට රැස් කරවා විස්තරයෙන් මෙසේ පැවසීය:


 “නොයෙක් ධනසාරය පරිත්යාපග කොට ලක්දිව ව‍ටනා මැතිවරුන් මුහුදුබත් කොට හැර ලක්සසුන පිහිටුවා දුනිමි.මිසදිටු 



150 මන්දාරම් පුර පුවත

අඳුරු දුරු කොට සඳහම් වඩනු සඳහා ස්ථිර ලෙසින් සියලු විදි සලසා දුනිමි. මහසඟනට සියලු ප්රඳත්යහය නොඅඩු කොට පුදා මොක්මඟ වඩන ලෙස සියලු දේ සැලැසුයෙමි. එහෙත් පැවදිලද කිසි කෙනෙක් බෙ‍ාහෝ සේ නොමනා අනිටු දේ කෙරෙති:සසුන්හි පැවදිව ගිහිජනයන් වදින-කඳමලු අඳින-පිළී අපුලා දෙවන -බෙරගසා නටන-තොවිල් ඇනවුම් කරන සඟහු වෙති. අප ඉදිරියෙහි මෙලෙස නම් පසුව කෙ‍සේ වේද? ගැහැටින් කළ කටයුතු සමඟ දහමද නසනු නියතය.,පෙරත් නොයෙක් කුලගොන් දරන මහණුන් ‍ෙග් වියවුලෙන් සසුන නැසූ බව අසනු ලැබෙයි. අප විසින් පියවි කළ බුදු සසුන නොනස්නා ලෙස වැඩිය යුතු වෙයි. එහෙයින් අනුන් මෙහෙ කරන පහත්කම්හි යෙදුණු ජනයා ලක්දිව බුදුසසුන්හි ප‍ැවදි නොකළ මැනවැ’යි නියම කළේය.


 උතුම් ගෙ‍ාත්රළ ඇති කරුණා ගුණ ඇති පින්කම්හි බැතිමත් වූ පින්ලකුණු  දරන දනන් පමණක් පැවදි කොට සසුන රකිනා ලෙස අණ දුන්නේය,සියල්ලන් කෙරෙහි කුළුණැති අදික මන් නැති මෙලෙක හිමි ගහපතීන් සසුන රකිනු සඳහා යොදනු මැනවැ’යි ද අන් දත දන් පින් වඩා සසුන් දම් වඩනා ලෙස ද අණ කලේ ය. රජු මෙසේ පැවැසූ කල්හි සඟරජහිමියෝ “බුදුසසුන්හි පැහැද ඒ ඒ  තැන පැවදි ලත් නොයෙක් ගොත්රම ඇතියන්  කෙරෙහි පවතින විදි කෙසේදැ’යි පුළුවුත්හ. “පැවදි ගෙන සිටිත් නම්  උන් උපසපන් නොකළ මැන ,මෙම උබය වෙහෙර ඇති තෙක් මේ විදි අත් නොහැර මුනිසසුන් වඩනු මැනවැ’යි සඟරජුන් හා මහසඟනට ද ඇමැතිගණයාට ද පැ‍වැරීය. 


නොමඟ ගිය සතුන් පිටුවහල් කිරීම.


          863-866.එකල සඟරජුට රුචි නො කළ කිසි පැවිදි කෙනෙක් බුදුවදන් පෙරළා නොයෙක් තැන පවසමින් බොහෝ සෙනඟ නොමඟ යැවූහ.රජ තෙමේ ඔවුන් ගෙන්ව‍ා විනිශදෝ සය කොට  සීතාවක මොරවක දෙසෙහි විසූ ඒ දෙතිස් පැවැද්දන් යාපනය‍ට පිටුවහල් කෙ‍ාට එම සසුන් පිළිලය ද පලවා හැරියේය. යළිදු රජතෙමේ ලක්දිව හැම ගම්- රටවල දහම්හල් කර‍වා දහම්පඬුරුත්දී පෙළදම් කියවා සියලු ජනයා හට දහම්මඟ හෙළි කළේ යි.


මන්දාරම්පුරපුවත දෙවනි භාගයේ පස්වන අදියර නිමි.