Jump to content

මන්දාරම් පුර පුවත-මන්දාරම් පුර පුවත v

Wikibooks වෙතින්

පස්වැනි අදියර

[සංස්කරණය]

309 ඉක්බිති නිරිඳුසඳ සෙනරත් ඇවෑ මෙන

              මුනිසඳ  සුගත සෑසී පිරිනිවන්                                                          වන     
          දෙදහස  පිරි එක්සිය සැත්තෑ ව                                                        සින
              ලකඹර දිලිණි රජසිහ දින මිණිරු                                                     වන


310 පින් බර බැවින් තම ගිලිහී සුරපු රෙන

              ලක් පුර පැමිණි යයි පවසනු මිසක්                                                 වෙන
              ග ම් බිර තෙද-මහිම රජසිහ හිමි දෙ                                                  වන
              කොයිවර මෙලොව වණනැකියෙක් වෙද  කො                               තැන


311 තෙ දි න් දිනිඳු තිළිණෙන් සුරතුරෙක් මය

              නැ ණි න් ගණිඳු කුළුණෙන් මවුකෙනෙක්                                         මය
              රු වි න් අනඟ වැරසැර සීරදෙක්                                                       මය
              වෙ නි න් කෙනෙක් කිසි කල සම නො වෙත්                                    මය


312 විකුම් ඇදුරු පඞිවර හෙළු බසින් පෙර

              විස්තර සතර අදියරකින් කළ  ඉ                                                       වර
              මන්දාරම්පුවත මතු මෙ ලක තොර                                                   තුර
              දැනගන්නට පහන විය හැමට තිර                                                     සර


313 යළිත් ලක්සිරි ලැබුව උතුමන් පබඳ වතගොත පවස නා

              ලෙසින් අයැදුම් කළ බැවින් ගලගොඩ දිසාවේ මැතිඳු                    විසිනා
              පිරී දෙදහස්  දෙසිය පන්සාලිස් බුදුවස දුරුතු                                පුරෙනා
              ගොතා කව්බස උනම්බුවෙ යති මතුව   තොරතුරු                       පවසනා


314 වි ම ල යසැති රජසිරි නරනිඳු දෙවනා

              එ ක ල   ඉසුරු ලැබ ලක්දිව සියලු                                                  තැන
              ප හ ළ    ඌව සහ මාතල ද වෙන                                                  වෙන
              වි පු ල    බලැති සොහොයුරු  දෙදෙන හට                                        දුන


315 නොමිනා ඉසුරු සලසා දී දෙ කුම රුන

              ස සු නා    සමග ලක දන රකිමින් යෙ                                            හෙන
              ව ස නා     සඳ තිදස යුරු පුර සිරි ව                                                  ඩන
              ලෙසිනා    යක්  සෙනඟ ලක සිටි පරඟි                                             දන


316 ලක්දිව වෙහෙර පොත්ගුල් මහබෝ සියල

              වනසා වෙහෙරගම් ඈ අත්කර                                                        විපුල
              මිසදිටු දෙවා දඞුවම් කරමින්                                                          පබල
              දන පෙළමින් නෙක තැන කළෝ කල                                              බල



317.දෙව්සමයම් නොගත් නෙක දන පහන රට

      ගිනි ලා මැරූ අඹු -දරු සමඟ සිර                                                                කොට  
      අණපණතින් අනිටු දඩවම් දෙවා                                                                   බැට
      වැසියන් සතු දේ ගත හිමි අහිමි                                                                  කොට 


318. දැනගෙන එබව රජසිහ දෙව් හිමි පවර

       ගුණයුතු දෙසෝයුරු සමගින  ඇමති                                                              වර 
       කතිකා වඩා රුදු පහරින් නසන                                                                     යුර
       නෙක රටවල ,ඇමති බල හැම එකතු                                                            කර 


319. රජපස ඇමතියනි! අදමිටු පරහි දන

       වැසියන් සහ වනසති ලක බුදුස                                                                     සුන  
       එබැවින අප ගොස්  උන් බල    බිදින                                                          මෙන
       යුදයට යායුතුය යි  පණිවුඩය                                                                         දුන


320. එකලා ලක නෙක තැන් වල -බල ලැබ සිට‍ි මැති වරු සෙද

       විපුලා තමතම පෙදෙසෙහි -පරසිඳු සුරවිරු සෙබ                                            ළුද
       නුමුලා සි වැ රණබෙර ගෙ‍ාස -කරමින බැණ වහසි                                නො මඳ
       තුමුලා සිරිවඩනා පුර- පැමිණ දුටුහ රජහිමි                                                    සඳ


321. රුහුණු ඌව වෙල්ලස්ස ද -බදුලු කතරපුර බුත් තල

       වියලු වැල්ලවාය ද බිම් -තැනි  උඩු-යටි කිඳ සපු                                           තල 
       දික්වැලි නාගොලු  ව‍ැලිමඩ -කොස්ලඳු පස්සර කොත්                                  මල 
       වලපන පුස්සැල්ල අගර-පතන ද සමඟින හක්                                              ගල 


323. කැකිරා මරදන්කඩවර-තිරිප්පනේ සහ හබ රන

       අනුරා පුර ගල‍ෙගදදෙ - උඩු -යටි දෙනුවර     තුම්                                          පන 
       පවරා සිවුසියපත්තුව- දුම්බර  හේවාහැට                                                       යන
       නොහැරා  සැම රටවල සෙන්- සැත්තෑ දහසක්  විග                                       සින 


324. රැස්විය කඩු-දුනු -තුවක්කු -පලිහ සමඟ නෙක අවි ගෙන

       දක්වන තම රට සලකුණු- කොඩි ද පෙරටු කොට                                    නගමින  
       ඉක්බිති මතුරට ගොණගම- හේවාහැට තුන් පෙදෙ                                        සින
       දක්වමි සෙන් ආ පිළිවෙළ - විස්තර කොට අසනු  සු                                      දන:


325. එකල මෙ ලක පසිඳු වීර- සූරිය සහ පුස්සල මැති

       විමල යසැති    දි‍ව‍ාරත්න - හළුවඩනා මැතිඳු  බ                                         ලැති 
       පබල මැතිඳු රත්නායක-අඹහගතැන්නේ විකු                                             මැති 
       රවුළු දදය නඟා ගියහ -පන්සැත්තෑ  බලසෙන්                                            යුති 


326. පත්තිනි පරපුර අත්තනකුඹුරේ -මැතිසඳ විය දෙවැනිව ගමනා

       තෙවැනිව  මීගස් වතතේ මැති විය -
                                             මදුවඹ මැති සමඟින                                    නොසිතා

අනතුරු බජ්ජල හීන්කෙන්දෙ සහ - ඉළුක්

                                              තැන්න විය                                                පිරිවරනා 

පස්වැනි උඩ-යටි කෝරළ නායේ -දරහඬ

                                               කුඹුරේ   මැතිඳු                                                වනා 


328. තුන්සැත්තෑ මහසෙන් ගෙන මුංවතු -

                                                    ලියන්වල  ද  ඊළඟට                                 ගියේ
        කෝල්මුරයෙන් වේගොඩ වැදි සුපනස් - දුර සහ 
                                                              පසු පෙරමුණ                                රැඳියේ 
        සසිය සසැත්තෑ බලසෙන් මතුරට -සොළොසක් 
                                                           අසරුන්  සමඟ                                   වියේ 
        රණබෙර ගොස කර කොහොක පෙදෙස දන -
                                                  නන් අවියෙන් සැරසී                                සිටියේ 


329. ගලගොඩ බෝගමු පල්ලේවෙල සහ -ඇසළමල් පෙ

                                                               මැතිඳුන්                                       සමඟා
       පන්සිය සැත්තෑවක් කොහෙ‍ාකින් යළි - ගන්නාවෙන් 
                                                                නවසිය                                      සෙ‍නඟා
       සත්සියසැට දියතිලකය දෙදහස් - නවසියයක් 
                                                            යළි මහසෙන                                         ඟා
       සඟුරන්කෙත නුවරින් විත් රජසිහ - නරනිඳු 
                                                             බැහැදැක  විය                                    ළඟා


330.එගොඩ හේවාහැටෙන් තුන්දහසක් ද සිවුසිය

                                                             පත්තුවෙන් සො                                      ඳ
      පබල දෙදහස් සෙනඟ සහ මාතලෙන්පසළොස්  දහස්                            සෙනඟඳ  
      දුම්බරින් එකොළොස් දහස්  සහ දෙනුවරින්සදහසක්                              සෙනඟඳ
      මෙලෙස සතලිස් දහස්  සුරුවිරු මහබලසෙන් පිරිවරා                            මන   නඳ
        



331. අනිත් රටවල සෙනඟ තොටමුණ යනෙන

                                                       මාවත් මුරකරන                           ලෙද
       සලස්සා සැම දෙසින් උඩරට අවට රකවල් පිහිටුවා                         සෙඳ
       මහත් විකුමෙන් පසිඳු මැතිගණ සතුරුරඹවන         මත් ගිජිඳු            බඳ
       වෙසෙස් බලැති ව පිරිවරාගෙන අප උතුම් රජසිහ නිරිඳු                    සඳ


332.පැමිණ අඹතැනි ගන්නොරුව වෙත

                                       මහත් බලසෙන් පිරිවරා                               ගෙන
      නොයන ලෙස අහසිනුදු  ප්ර තිකල් 
                                        සතුරුසෙන් අවටින                               සැදීගෙන 
      සොඳින හේවා පන්ති සිටුවා පසිඳු  
                                         නෙක මැතිවරුන්                                  සමගින  
      නොමින වෙඩිසැර යැවී පිටපට වසින 
                                            සැඩ වරුසාව                                     විලසින 


333. නොම ඳැන හසරක් පරංගි දෙටුහු ද

                                        දැලින් බැදුණු මසු මෙන්                     වැනෙමින් 
       වෙඩිසැර එවමින් යළි බියපත් වී  ‍
                                         දණ ඇනගෙන දෙවියන් ‍                       යදිමින්
       වැරසර කළ මුත් සිංහල බලසෙන් 
                                          තැනතැන පැන අවිපහර                        දෙමින් 
       එඩිතර වී පෙරමුණ සිට වැනසී ප්ර තිකල්බල 
                                            සුන්බුන් කරමි                                           න් 


334. බලමින සිංහලයන් ගේ විකුමන් අත්පොළොසන් දෙවමි න්

       මුව නො පෙ‍ාහොන තුති- සින‍ාවදන් 
                                              සහ සතුටු තෙපුල් බෙණෙ                      මින්  
       සුරු සෙබළුන් ඇඟ අතගාමින්  තුටු පහටු වදන්                         කියමින්
       රජසිහ හිමිසඳ අසලම වැඩහුන් තම ජයසිරි  බල                             මින් 


335. එකලා තොටමුණු වෙත වන් මහසෙන්

                                            ඒ ඒ තැන සතුරන්  මර                             මින් 
      පන්නාගෙනවුන් සැණෙකින ගන්නොරු 
                                             පෙදෙසට ළංකොට ලූ නිය                      මින් 
      එහි රැකලා සිටි මහබලසෙන් උන් 
                                             අල්ලාගෙන කටුවැල් බදි                        මින් 
      හෙල්පත් වල නඟුලෙන් සාවා සැම 
                                             අමුයෙන් මැරුයේ          මඩ කව             මින් 



336. දුර තිබෙනා ගස් ළංකො‍ට කිසිවෙකු

                                       දෙකකුල් සිර කරලා බඳි                                         මින් 
       රැහැන කපාහැර කවුඩුමුලුවෙන් ගත් 
                                       මැඩියන් ලෙස දෙපලුව ඉර                                     මින්  
      ගස් බැඳ කිසිවෙකු සැඬ මීමුන් හැර 
                                        කිසිවකු බල්ලන් ලා කව                                        මින් 
      කරවට පමණින්  වල ලා කිසිවෙකු 
                                         ගිනි දී පරඩල් පිදුරු ල                                           මින් 


337.කිසිවකු අතපය බැඳ බිම පෙරලා

                                         ගල් ගස්සාලා ගම් දරු                                           වන් 
     පාළුගෙවල්වල ලවමින් කිසිසෙකු 
                                          නෙක කුළුබඩු හෙව දුම් ගස                                 මින් 
     තවකක සෙල්පිට මුණින් අතට ලා  
                                 ගල් පටවාලා අමු අමු                                         වෙන්
     මංමාවත් ළඟ සිටුවා කිසිවෙකු  යන එන්නන්  ලා ගුටි        දෙව                  මින් 


338.මේ ලෙස ප්ර තිකල්- සිංහල සතුරන්

                                         තොටමුණුවල සිටි තැනින්                                  තැනා
      මුල්සිඳ නසමින් ගන්නොරුවට විත් 
                                          සිටි කල නිරිදුන් දැක                                         සිටින‍ ා
      එකලා ගන්නොරු කඳු මුදුනත සිටි 
                                         පතිකල් දෙටු අල්ලන                                      ලෙසිනා
     අණදුන් බලසෙනඟට රජසිහ රජ සතුටු  වහසි බස්                               පවසමිනා 


339.එකලා ගොඩ ගමනොත මහසමුදුර දියකඳ ලෙස සිංහලසේනා

      පිවිසී ගන්නොරුකඳු වෙත අවටින් 
                                            වෙඩිසැර හැර සෙනහඩලෙ                                සිනා
      බඳිනා ලෙස මහ පොළොව ද සැම තැන 
                                            අහස ගිඟුම් ලෙස කරව                                       මිනා 
      බිඳුවාලිය විගසින් රුපුබලසෙන් ජයසිරි තම වෙත                              කැඳවමිනා


340.එසඳ සතුරු සෙන් සමඟ පැමිණ හුන්

                                     කොළඹ සිහල මැතිපද                                               දරනා
      පවිටු දුදන එහි රජසිහ දෙවිඳුට 
                                      කියන පරුස බස’සා         නො                                  මිනා 
      සෙනඟ බණවමින මෙලෙස යෙඳුණි 
                                      අණ රුපුන් මැදට වී කට                                            පාන‍ා


341. අසමින් ඒ අණ සමතෙක් එහි හුන් 
                                    පරංගි ලෙසට සැරසී                                  සොඳිනා 
         දරමින් නෙක අවි සෙමෙන් පැමිණ රුපු 
                                    සෙන් මැද වැර සැරයෙන්                             සිටිනා 
         කපමින් විදුලිය ලෙස සරසඹින්  පැන
                                    හිසත්  රුගෙන ඒ දෙ‍ා‍  ටු                                 දුදන 
         තබමින් පාමුල නිරිඳුන්  වැඳ සිටි  ඔහුට කුළුණු  යස දුන            එයිනා 
        

342. තවද නිරිඳු වෙත වෙඩි‍සැර එවමින්

                                   නොඑන නිසරු බස් තෙපල                              මින‍ා 
      උසුළු විසුළු  පෑ කාපිරියෙකු දැක 
                                   රජසිහ නරනිඳු සඳ රො                                    සිනා
      හෙළමින ඔහු හිස ගෙන දුන් කෙනෙකුට  
                                    තිලිණ දෙවන ලෙස කී                                බැවිනා
      එකෙනෙහි සමතෙක්  පැන ඔහු හිස 
                                     සිඳ ගෙන දුන් විකුමන්                 දක්ව            මිනා 
      

343. මෙලෙසට දෙදිනක් ගෙ‍ාරතර යුද කොට

                                     සතුරු බලය   එහි බිඳ හෙළ                             මන් 
       අඹ තැනි ඈ නෙක තැන සේසව සිටි 
                                      සතුරන් අල්ලා සිර කර                                   මින් 
       උඩරට ජයගෙන අඩ මසකින් යළි 
                                      පහත රටද කඳවුරු බදි                                    මින් 
       නෙක තැන්වල කොටු  බැඳසිටි සතුරන්  
                                      ඒ ඒ  තැන  යුද කොට        මර                        මින් 


344. ඉතිරිව සි‍ටි සෙන් බැට දී ලුහු බැඳ

                                     කොළඹට පන්නා හරි                                      මින් 
       කොළඹ  ද අවටින් බලසෙන් සිටුවා 
                                      වට කොට බිහිසුණු යුද  කර                            මින් 
        මුහුදුයුදට ඕලන්ද දෙසින් නෙක 
                                       නැව් සෙන් ගෙන්වා වට කර                          මින් 
       දිය-ගොඩ සැම තැන රණබිම     කරමින් 
                                        පරංගි බල වැනසී නිය                                   මින් 


345.සිංහල බල සෙන් අනුබල දුන් එම ඕලන්දා සෙනඟට තුටිනා

      ඇත්  අස් මිණි මුතු රුවන් තිලිණ හා 
                                        ලක් සමුදුරු වෙරළින්                            සොබනා 
       නොයෙක් පෙදෙස් දී  රණසුරු නාමය හිස 
                                         බැඳ මනහර රත් පටි                                    නා 
      මතු ලක්පුර වෙත පසව පවතින විලසින්  ගිවිසුම්  කර                 එමෙනා 


346. පහතරට ද හිමි අහිමිව සිටි තැන්

                                       සලසා උන් උන් පෙර                   ලෙසිනා 
        සතුරන් වැනසු පොත්ගුල් වෙහෙර ද  
                           දියුණුව සලසා නිසි                        ‍ ලෙසිනා

සියලු සිරිත් හා සැම තැන උන් සතු

                          නම්  ගම්  ඈ  සලසා                        ‍දෙමිනා

ජයසිරියෙන් සිරි වඩනා පුර වැඩි

                         රජසිහ  හිමි  උත්සව                         වෙසිනා    
          

347. හිරුගොන් සිංහල රජකුල අගරජ වු

                                           අප   රජසිහ  හිමි                     ‍ එකලා 
        නෙ  දහස්  සක්බෙර  කොම්බුනාද   හා
                                        වල්විදුනා  මුතු  මිණි                   ම‍ාලා
        එකලෙස් අත් පොළසන්  ඔල්වරහඩ
                              වෙඩි  හඩ  සමුදුරු   ගොස                    ලීලා
        සුවහස්  කුඩ  කොඩි  සේසත්  නගමින් 
                                       පෙරහර විය  බලසෙන්                තුමුලා


348, සුන් කර රුපුනොද එක්සත් කොට ලක

                                         නෙක්  දෙස  සිංහල  බල            පෑල‍ා
        තන්   සුරුවිරු  බටයන්  හට  තුති
                                කොට  ගම්වර  තෙක  සම්පත්             දිලා
        සුන්  දර ර‍ජසිහ රජු ජයසිරි  ලැබ 
                                සෙංකඩගලපුර  වඩිනා                        ලීලා
       තන්   සුරසෙන්  පිරිවරමිත නන්දන
                                           වනයට   යන  සක්දෙව්             ලීලා


349. ජයපෙරහර කොළෙ‍ාන්නාව සීතාවක යාපව් පුර

        දඹදෙණිපුර සපරගමුව සිවුකොරළ මැදින එ                    වර
        කප්පගොඩ කඩුගන්නාව ද ගම්පල සහ දෙනු                   වර
        මේ හැම පසුකර නරනිදු පැමිණීණී සෙංකඩගල               පුර


350, මසක් පමණ කල් ගතකර ජයසිරි මේ ලෙස විදිමින

        වෙසක් පොහෝ දින පත්වර   තුදුස්වක  ද  ගෙවී         	    යමිත 
        විසිතුරු ද  ළ දා ම න්  දි  ර      ගෙවදි තෙක  පුද              කරමින
        එම   ලෙස  දේවාල සතර       පුද කොට රජමැදුරත              වන 


351, බි ය ව ද් ද න ලෙස රණකෙළියෙන් ඇසු දුටු ලොව හැමසත

        රි පු ම ද් ද න  කර  තිර  ලෙස  ජයසිරි  කැදවා  තම           වෙත
        නො වරද්ද න සබවස  කිසි  විට   රජසිහ   නිරිදු               දිමුත
        සිරි  ව ර ද් ද න පුරවර සැමතැන කරවා  උලෙළ             මහත


352, යුදබිම්වල දස්කම් පෑ සුරු විරු සෙබළුන් සමගින්

         සැම රටවල සෙන්පතිනට  රන්මිණිමුතු සුඩුල්	දෙමින්
         ගම්වර සහ නෙ ගරුනම් පටබැද දුන විද 	විලසින
         මින්මතු එහි තෙ‍ාරතුරු පවසම් සුදනෙනි අසනු	සොබන


353, තුන්කෝරළ කරවන ඇසැළියගොඩ දිගුනා මැති දුන

         ගම්වර සලසා රණසිං මුදලි නාම පටබැද	දුන
         උඩපළාත වසන තෙන්නකෝන් උනම්බුවෙ මැති	දුන
         විජයරත්න යන නම පට බැද දුන ගම්වර සම	ගින


354, මඩුගල්ලේ රජපස කරුණාතිලකබිදන් ම‍ැති ඳ්රුන

         නායක මුදලිද පටබැඳ ‘ජයසුන්දර’ නාමය	දුන
	පසිඳු අත්තනායනක බමුණුවෙ දම්දජපඬි නම්	වන

‘විජයරත්න’ නම පටබැඳ ගම්වරයක් සමගින් දුන

‍ 355. වාසලමුදලිඳුට මොල්ලිගොඩ රජකරුණා නම් වන ගම්වර සමගින ‘සේනාරත්’ යන නම පටබැඳ දුන මාම්පිටියෙ සේරත් මැති ‘අමෘතහස්ත’ පට දෙව මින මහදන මැතිඳට දොඹගම ‘මහන්තෙ’ නම පටබැඳ දුන


356. යළිඳු දම්කිත් නමැතිපණ්ඩිත - රාජකරුණා මැතිට දුනු විල ‘ඒකනායක’ නාම පටබැඳ - දුන්නු ගම්වර සමග මන කල රාජ කරුණා විජයකෝන් මුද - ලිඳුට රන්කොත් දිවෙල තෙ දබ සමග ගම්වර ‘දිවාකර’ යන - නාම පටබැඳ දුන්නු සුවි පුල


357. අබයකෝන් හේරත් දවුණ්ඩය -විකුම්සිහ යන නමිනි පළ වන ඒකනායක නමැති මැතිඳුට - මුල්ලෙගම වලපනේ නිව සත අනගි තිළිණ ද සමග ‘රජපස’ - නාම පටබැඳ දෙමින් එලෙ සිත පසිඳු අතපත්තුවේ දෙහිගම - මැතිඳු හට ‘නවරත්න’ නම දුන


358. දුල්ලැවේ නවරත්න වික්ර ම - සිංහ මැතිඳුට සමරකෝන් වන ‘විජයතිලක’ බිදාන සමගින - මාතලේ දිගුපති පදවි දුන විජයරාජබිදාන පරසිදු - ගෝණිගොඩමැති සඳුට කුළු ණින ‘විජයකෝන්’ යන නාම පටබැඳ - තිලිණ දුනගම්වරද සම ගින


359. තවද සත්කෝරළේ කරවන - පසිඳු අතපත්තුවේ හේරත් වීරවික්ර.ම මැතිඳු හට ‘සිරි - මාන’ පටබැඳ දෙමින සම්පත් විජයකෝන් මැතිසඳුට තුමිපනෙ - ‘සූරසේන’ බිදාන සිරිමත් අනගි ගම්වර සමග පටබැඳ - පිදී එලෙසින ලියා රන්පත්




360. අමෘත දිවාකර වීරසේනා - රත්න මැතිඳුට ඌවපුර වර ‘රුවන්කොඩි’ යන නාම පටබැඳ - දෙමින සලසා සොඳුරු ගම් වර චන්ර් සෙන් වෙල්ස්සෙ මැතිඳුට - ‘විජයසිරි සේරත්’ ය නම් කර දහම්සෙන් බිංතැන්නෙ සේරත් - මැතිට ‘විජයකොඩි’ නම ය පුවත ර


361. කොත්මලේ වැසි මොහොට්ටි ‍ මැතිදුට - රජපස යන නාමය දෙමිනා විජයවේද නම බදුලු අරංගල - මොහොට්ටි ‍යාපාහටදුන්නා

         රජපස නාමය පස්සර මහවත් - නි‍යෙ
                                          මැතිදුන් හට දී	එ මෙ තා 
	කුර‍ැප්පු රණසිං වැල්ලව මැතිදුට- සේරත්
                                                  නාමය දුන	සො බ නා


362, වඩිගපේරු සිරි වේගනාරයන - රාම චන්ර්මය යයි පසිදු ව නා

       සුරධනුර්ධර වේග ගමන් රූසි-රාජවල්ලි යන නම් කි ය  නා
       පසිදුමෙ ලක්දිව කතරපුරෙහි වැසි වත්නිවංස මැතිදුන්ටමනා
       සුරදිවාකර නාමය  රනපත - ලියා  දුන්නුසමගින   ති   ලි   තා


363, ඇරච්චාවල ම‍ැතිදුට සේනා - නායක වාසල බහුනා රායන පණ්ඩිත රජගුරු නාමය පටබැද - මාත ද නෙක ගරු

                                                       තනතුරු   සම  	ගින 

වික්ර මසිං කොතල‍ාවල ගරුතර - තෙන්නකෝන්

                                                  යන   නමින්  පසිදු 	වන 
 	සපරගමුව වසනා මැතිදුන්  හට  -ජයසුන්ද ර  යයි 
                                                           පටබැදි  එ  ලෙ 	සිත


364, කුරුප්පු මුදලිදු හට ගොලහැල වැසි - සමරදිවාක‍ර

                                                                   යයි    කීය 	නා

සදසේකරයන නාමය පටබ -දුන්නේ ගම්වර සලසමි නා රජගුරු මුදලිදු හට එම ලෙස තල්- ගහගොඩ

                                                          පුරවරයෙහි  සොබා 	නා

විජයතිලක යන නාමය පටබැද - නෙක කරුණා

                                                            සම්පත්           දුන්                     නා


365, ලක සිව්දිග සහ සත් උඩ-රට වැසි සෙනගට මෙ ලෙසි න පඩුරු මාන දෙවන අතර-හේවාහැට පුර සසො බත අරාෂව මැතිදුට අදිකා- රම් තනතුර දී කූළු ණි ත හේවාහැට දිසාපදවි - ගලගොඩ ගරු මැතිදුට දු න


366. උඩුවේ මැතිට ආදායම්-තනතුර සහ කස්තා න ද

       ලේකම් සහ අතපත්තුව - කපුලියද්දෙ  මැතිදු  හ	න ට
       බටගල්ලේ වෙදැදුරු හට - මුහන්දිරම් පදවිය 	සො ද
       හේවවසිම්  දුර  බෝවල - මැතිදුට  දුන  කස්තා	ත ද


367, මැතිවරයින් සමග මෙ ලෙස - යුද ජයගත්

                                                        නෙක සෙබ 	එ න
        තිලිණ  මාන තනතුරු සිරි සම්පත් දි තුටු කර	මි න
        ඉහළ  හේවාහැට  මතුරට - වසන   සමත්  දනත්  හැ 	දි න
        කරුණාසිරි  දුන්  විදි  මෙහි - පවසමි මතු අසනු    සු	ද න


368, නීලාවතුරේ සහ ලබුතල යන -

                                       මැතිදුන්  හට  වෙදැදුරු ප	ද වී
        කොට්ටව  සහ  හෝලියබණඩර   මැති  -
        පුස්සලමංකඩ  ඉලංගතිලකි  ද -
                                    උඩගම  මැති  සමතුන්  මැ	න වී
       පලිහ  ද  ඊ  ගස  කස්තාතය   කරු-‍
                                    ණාපනතින්  වෙන වෙන  ම	දෙ වී


369, උඩහේවාහැට දිසාපදවිය ද -

                                 ගලගොඩ  මැතිදුට  පිරිණෑ 	මු වේ
       ගන්න‍ාවේ  කෝරළපදවිය    යළි-
                                    මැතිදුන්  හ‍ට  දු‍න   බෝග	මු වේ 
       එදා  රැගෙන  දුන්  කාපිරිහ‍ිස  රජ -
                                   අණ  ලෙස  ‍පැන  සතුරන් හ	මු වේ
       යොදා  මුදලි  පදවියකින්  දරහඩ-
                                        කුඹුරේ  ගරු  මැතිදුන්  පි	දු වේ


370. හළුවඩනා මැතිදා හට දෙණ් යේ -

                                         ගම්වරයන්  සොද  ලෙස ස	ලසා
       කස්තානය   සහ  ඇත්වාහනයක්-
                                            කරුණාපනතින්  දුනි  ස	කසා
      බජ්ජල සහ  පුස්සල  මැතිදුන්  හට-
                                             ඇත්  අස්  වාහන  දී   එ	ලෙසා
     දිවාරත්න  මැතිදා  හට  වාසල-
                                          මුදලි  නාම  පට  බැන්දෙ	තොසා


371. යුදබිම්වල ඒ එ තැන - වෙඩිසැර නො තකා විග සිත

       සිදිමින්   රුපුදෙටුවන් හිස්- විකුමන් දැක්වු  තොල	සිත
       මැතිදුන්  සමගින  අරාවෙ- වලහේනේ ගරු  මැති 	දුන
       දුනි  ගම්වර  සමරදිවා - කර  රණසුර   නම   සම	ගින


372.   සිද   ලු  සෙ‍ාළසක්  දෙටුවන් - හිස්  පනිමින  සතුරන්	මැද
                  ගිනිලා  උන්  කූඩාරම් - වනසා - දැමු  මතුරට 	සොද
          මැතිදා  හට විරසුරිය - රණසුන්දර නම පට 	බැද
          පවර‍ා  කෝරළ නිල සහ - දුනි දෙණිකේ  ගම්වර 	යද
          

373. ගෙ‍ාර යුද වැද ලෙහෙදිය පිහි- නා අඔතැනි සතුරන් ස‍ිද

          ප ර     සිදු වු මදුවඔ මී-ගස්තැන්නේ මැති  දෙදෙ	නද
          වැ ර    සර මඩුවේ  මැතිදු ද- සන්හස්පත් සමගිත	සොද
          ති  ර    කොට  ගම්වර  සලසා - කුළුණින් දුන්නේ එම	සද


374. හීන්කෙන්ද සහ පුස්සල - මංකඩ යන මැතිදුන් ට ද

         ගම්වර  සලසා  කරුණා - පනතින්  දුනි තිළිණ තො	ම ද
         වීරස‍ිංහ  මැතිදුන්‍ හට- වැටකේපතනේ  එම 	ලෙ ද 
         මෙහෙවර  දැසිදසුන්  සමග - ගම්වර  සැලසී  මත	නද 

375. ර ත් නායක නම් මැතිදුන් - හට කපුකොටුවේ සො බ නා

         තෙක්  අබරණ  සමග  පලිහ- කස්තානය  දුනි එ 	මෙ නා
         ප   ත් වු  මතුරට - කෝරළ  යටිවල මැතිදුන්ට 	ම නා
         ඇ  ත් වාහන  සමගින  ගම්-  වරයක්  දුන්නේ අ	ග නා


376. කැළණියෙ මහයුදයේදී -සතුරන් බාදලූ වැර සර

       අඹගහපිටියේ මැතිදුන් -හට දුනි ගලබඩ ගම්                              වර
        උඩුවල මැතිඳුට සැරසි -මඩ පළ නම් ගම මොර                         තුර 
        දුනි අච්චිල හෝතැන්නට -මාවත් කංකානම්                               දුර	


377. කොළොම්පුරහි යුදයේදී -කොටු පැන සතුරන් නස මින

       අසුන්ද කූඩාරම් සහ -ගත් සොළොසක් සිරකරු                           ව න
       යටිවල මැති පුත් හට අස් වාහන - සහ පටිස්                                තාන 
      උඩගම්පහ නිල පවරා - සතමුණු ගම සන්නස්                               දුන


378.පැරද පලා යන පරංගි බල සෙන්- දෙ‍වන ගලට නාවල මිනා

       සිරකරුවා දුන් අඹගහපිටියේ  -මැතිඳුන් මුණුපුරු හට එ                මෙනා 
       හේවාවසමේ  නායක දුරයද -ගන්නාවේ පත්කර ල                         මිනා 
       සරු ගම් වරයක් පවරා අතවර -අස් වාහන සම ඟින දු                      න්නා


379. උඩගම මැතිහට ගොනගම් කෝරළ -

                                               පිළපිටියෙ  මැතිඳුට         එ                   මෙනා
       දියතිලකය සහ ලේකම් දුරයක් - 
                                               අඹලියද්දෙ මැති හට දු                            න්නා 
       බෝදන්ඩේ හට ආදායම් දුර -      
                                                 දැලිවෙල අතපත්තුව දෙ                         මිනා 
        පල්ලේවෙල මැති හට  අතපත්තුව -
                                                 සහ දුනි තනතුරු දුක් ග                         න්නා         


380. හේවාවසමේ කංකානම් නිල-

                                        දෙණියේ මැතිඳුට‍ පවර                                    මිනා 
       කාරියවසමේ පංගාරතුර නිල -
                                         ඇසළමල්පෙ මැතිඳුන්ට                                  මනා
       වදවල දෙහිපේ යන මැතිඳුන් හට - 
                                          ගබඩා බාරය දී එ                                         මෙනා 
       ගන්නාවේ ගබඩා බාරය යළි-වෑගම මැතිඳුන් හට දු                            න් න‍ ා


381.මුංවතු අත්තන කුඹුරේ දෙගමට- මාරුපංගු සතමුණු දෙවමින්

      සඟරන්කෙත සහ අත්තන කුඹුරේ- 
                                               පත්තිනි මැදුරෙහි නිල                         සමඟින්
     මහදෙව්මැදුරේ අතවර කරනා -
                                                මාරුපංගු වෙන සලස                            වමින්
     ගොණගම සමඟින උනන්තැන්න සහ -
                                                බඹරගම ත්  කැප කරවා                           දුන්


382.මෙලෙස මාන සහ තිලිණ ද දෙවමින්-

                                                 රට‍්වැසියන් සැම තුටු                           කරවා  
      දළදාමැදුර ද සිවිදේව‍ාලය- 
                                        පුද පෙරහරින් විදි ලෙස                                කරවා
      සඟුරන්කෙත දෙව්මැදුර ද නිල‍ෙඕ- 
                                         පුරවර දියුණුව ඇති                                      කරවා 
      කතරපුරය මියුගුණ මන්දාරම් -
                                           පුරද එලෙස දියුණුව                                   කරවා 


383.නුවරකලාවිය ගිරිවා වන්නිය -

                                        වල්බිහි කටුකොහොලුත්                                හරවා
      දෙතිසක් වැව් සහ සතලිස් කෙත්වතු -
                                        උයන් ද  තැන තැන ඇති                                 කරවා 
       මැණික් රුවන් ආකර සහ  යකඩ ද-
                                         උපදින ඇති තැන්                                           කරවා 


384.වෙදහල් කරවා යළි ඇදුරන්ටද - සමත් කිවින්ට ද එම ලෙසිනා

      නෙක සිප්කම් කරනා ජනයන්ට ද -ගම්වර සලසා දී       අඟනා
      රුහුණු පිහිටි මායා යන ලක -මංමාවත් කරවා            සොබනා
      කංකානම් නිල සහ මුරජාමද -කළේ වැවස්තා නියම      යෙනා  


385.ලක්දිව සිරි බලනට නරනිඳු සඳ -වැඩිගමනේ පෙර යුදබිම දී

      මළ සෙබළුන් ගේ වැන්දඹුවන් දැක -ඔවුනට කරුණා සම්පත්     දී
      උඩවෙල මැදවෙල උඩකන්දේ යන -මේ කෙත්සරුසාරව සුසැ    දී
      වාහලකෙත සහ  මැටිබේ‍ඹියකෙත -
                                                  එලෙස ම වැන්දඹුවන්ට           යෙදී 


386.පහණඇල්ල සහ මොරපතනෙහි වූ- රජමැදුරේ නවකම් කරාවී

      සීතාමුරපොළ සමඟින විල්කඩ -මුරජාමය නියමින්              කරාවී
       කුරුදුඔයේ දියඇලි සමඟින එහි -තුදුසක් වෙන ඇළවල්       කරවී
        බෝදිවෙල ද බොරහින්න සමඟින- උනන්තැන්න ගබඩා    කරාවී


387.පහණ ඇල්ල දෙණියේ සඟුරන්කෙත -තුන්මංසාලවල් කරාවි

       සෙංකඩපුර දෙව්මැදුරද දෙවෙහෙර -රජමැදුරද නවකම්         කරවි
       ඇසළමඟුල් සහ නෙක පුද පෙරහර -පෙරසිරිතට  අනුවම     කරවී
       රටවැසියන් සමඟින හැම වසරෙහි -මහරු වෙසින් පුදය ද     කරාවී


388. තුන්ලක දනන් සිත් පොබයා මේ විල සේ

       සම්බුදුසසුන් පවතින යුරු පන්දඟ                                           සේ
       කෙත්වන් උයන් පුදකර නෙකදෙස සතො                              සේ 
       සෙත් කළ අයුරු විදහා කියනෙම්  කෙලෙ                               සේ 


389.නිම’ල සුසිරිත ද සදහම් හිසින් දැරූ

      සකල ඉසුරු ලක්දිව වැඩුව නිර                                               තුරූ 
      විමල  රාජසිහ රජපහන  අති                                                   ගරූ
      පබල මරුපවන වැද ලක  විය අ                                              ඳුරූ    



මෙතෙකින් මන්දාරම්පුරපුවත පස්වැනි අදියර නිමි.