Jump to content

මය්යන්ගන විස්තරය

Wikibooks වෙතින්

මය්යන්ගන විස්තරය


ප්රා—රම්භය. ——



1 ස ත් වෙත පතළ කුළුණෙන් අත පත් නිව න අ ත් හැර පිවිස සසරට දුක් විඳ නොමි න ප ත් මර සෙනග බිඳහැර බුදුවු නද න අ ත් මත තබා නමදිමි දසබල සර ණ

2 ඇ සු ප ම ණ කි න් ගෙන දෙන සග සැප සා ර දෙ වි බ ඹ සු ර න් තුටු කර අප මුනි වී ර දෙ සු සි රි මු වි න් තෙවලා දම් මන හා ර ම ම සි ත බැ ති න් නමදිමි නිති දින නෑ ර

3 මු නි සි ත් ලෙසින් දෙසු තෙවලා දම් සුරැ ක නි ති සි ත් බැතින් කරණා ලෝවැඩ නොයෙ ක මු නි පු ත් වරුන් වන මහ සඟගන නිසැ ක ම ම අ ත් මු දු න් දී නමදිම් නැතුව සැ ක

4 ති ස් සෙම රමලක් සත රකිමින් ‍වැඩ සිටි න වි ස් ණුද, කතරගම, එ සුමන, විබීස න උ ස් ගුණ දරණ මෙම දෙවිවරු සියලු දෙ න ව ස් දොස් දුරැර රකිවා අප දින නිති න

5 ව ඳි මි න් මෙලෙස තිසරණ පළමුව බැ ති නී ය දි මි න් සුරන හට එම පින් දී සො ඳි නී සු ප ස න් එ “මය්යන්ගන විසිතර” ර ම නී ක වි යෙ න් කියමි අසනුය සැමදෙන තු ටි නී


බුදුරජාණන් වහන්සේ යක්ෂය දමනය සඳහා මය්යන්ගනයට වැඩීම.


6 ය කු න් සහ නාගයින් අදහන මිනිස් කොටසක් පෙර දි නා උ තු න් සිරිලක් දිවේ සැමතැන වාසෙ කෙරුවයි යහති නා එ ව න් කාලෙදි අපෙ ගව්තම මුනිඳු බුදුබව ලබමි නා යෙහෙ න් දඹදිව එවැඩ සිටියයි දහම් දෙසමින් බැතියෙ නා

7 ස ස් න ඇතිකර එ දඹදිව තුළ විසුව අප මුනි රජු ම නා ස ස් න ලක්දිව පන්දහස් කල් පවතිනා බව දකිමි නා දි ස් න දෙන ලක්දිව යකුන් සැම එ දුරු කරනට සිතමි නා මෙ න් න මේ ලෙස අසනු මු නිරජ කරපු කරුණක් සැමදෙ නා



( 2 )


8 නො මි න් සුවිසල් එ “මාවැලි” නම් එ ගං ඉවුරෙහි අසලි නා දි ගි න් ගව් දෙළෙසකින් හා නව සතර ගව්වක් පළලි නා උ ය න් පෙදෙසක් “මහනාගවන” නමින් තිබුනයි බබල නා ය කු න් රැස්වෙන දිනක් ඇතිවිය මෙවන් උයනට පෙරදි නා

9 සො ඳි න් තම නැණ ඇසට ඒ බව පෙනී මුනිඳුට සකිය නේ ත ම න් බුදුවු එ නවවෙනි මස දුරුතු මස මැදි පේ දි නේ නු බි න් දඹදිව සිටින් මෙ ලකට වැඩම කරලා යහති නේ උ තු න් “මියුඟුනු වෙහෙර” පිහිටන තැනට වැඩ සිත විලසි නේ

10 ය කු න් රැස්වි සිටින අන්දම දැකල සතුටට පත්වෙ ලා ඔ වු න් ගේ හිස්මත්තෙ ගුවනෙහි එවැඩ සිට ගෙන නොපැකි ලා ත දි න් වැස්සක් මවා එ සුලං සහිත ගනඳුර පතුර ලා ය කු න් බියකර බලා සිටියයි ගුවන් ගැබ තුළ නැවති ලා


යක්ෂකයන් බුදුරජාණන් වහන්සේගෙන් අභය ඉල්ලීම සහ බුදුරජාණන් වහන්සේ ඔවුන් අභයදී ගිරි දිවයිනට නංවා හැර යක්ෂ් භයින් ලක්දිව මිදීම.


11 එ ව න් වැසි හා සුළං ගනඳුර දැකල යක්සෙන් බියවු නේ සු පු න් සඳසේ එ වැඩ හුන් මුනි දැකල උන් සිත තුටුවු නේ උ තු න් සාමිනි අපට නිදහස එ දුන මැනවයි කී තැ නේ බු දු න් එමවිට යක්ස පිරිසට වදාළයි මේ විලසි නේ

12 ස ම ගි වී තොපි ‍සියලු දෙන දැන් මෙ මට ඉඳිනට සිත මෙ නා ය හ ති නී යම් තැනක් දුන්නොත් තොපේ අදහස විලසි නා සැ බැ වි නී මම තොපට නිදහස දෙමිය වඳහළ විගසි නා මෙ ලෙ සි නී එම යකුන් කීවෙය බසක් මුනිඳුට බියගෙ නා

13 සා මි නේ අපි සියලු දෙන දැන් එක්ව ඔබ කි විලසි නා යා ති නේ මෙම සියලු සිරිලක ඔබට දෙන්නෙමි එකගි නා මේ වි නේ දැන් දුරැර නිදහස අපට ලැබ දෙන් කී තැ නා ඒ සැ නේ මුනි යකුන් බිය දුරුකළයි අදිටන් බලයෙ නා

14 එ යි න් සතුටට පත්ව යක්සයො බැතින් මුනිඳුට වඳිමි නේ උ තු න් එම බිම් කොටස මුනිඳුට වහා දුනි හිමිකරමි නේ බැ ති න් අප මුනි තුමා පත්කඩ එ බිම අතුරා නො ලසි නේ එ ව න් පත්කඩ මත්තේ වැඩ සිට කෙසර සිහරද විලසි නේ

15 ව හා තේජෝකසිණ සම්පත්තියට සමවැද සිත‍ ලෙසි න් ය හා පත් ලෙස මෙ පත්කඩ සැම දෙයින් ගිනි දැල් විහිදෙමි න් ම හා යක්සෙන් දෙසට නික්මෙව කියා අදිටන් කළ සැනෙ න් ම හා ගිනිදැල් බුරබුරා පැන නැගුනි සැම තැන එක ලෙසි න්


( 3 )


16 එ ව න් ගිනිවැල් විහිද විහිඳි සතරවට පැතිරෙන තැ නේ ත ම න් හට අත්වේය මරණය සිතා යක්සයො බිය ගෙ නේ ඔ වු න් සිටි සිටි තැනින් නැගිටී පස්ස නොබලා දුවමි නේ සො ඳි න් ගොස් රැස්වුනයි එම දින මුහුදු වෙරළට සැමදෙ නේ

17 එ යි න් පසු තුන්ලෝක නායක අපේ සිදුහත් මුනි ම නා ත ම න් අදිටන් බලෙන් “ගිරි” නම් දිවයිනක් යස මවමි නා එ ව න් දිවයින ගෙන්ව එතනට සිතේ අදහස විලසි නා ය කු න් සේරම ඊට නංවා පෙර තිබූ තැන තබමි නා

18 ය කු න් දුරුකර මෙ ලංකාවෙන් එ බිය පහකර යහති නේ ත ම න් පත්කඩ අකුළුවා සිරි හස්තයට ගත් විගසි ‍ නේ තු ටි න් එය දුටු සියලු දෙවියෝ රැස්ව එතනට සිටිතැ නේ ඔ වු න් හට බණ වදාළයි මුනිතුමා අමරස විලසි නේ

19 එ දි න බණ සා කෝටි ගණනක් දේවතාවෝ පැහැදි ලා සො බ න මගපල ලබා ගත්තණයි මුනිඳු පා වැඳ සැනසි ලා ග ණ න කියනට නොහැකි තරමට තවත් දෙවිවරු බණ’ස ලා ස ර ණ සීලෙහි පිහිටියාහුය එවන් තැනදිම එක‍ හෙ ලා


සෝවාන් ඵලයට පැමි‍ණි මහ සුමන දෙවියන් විසින් බුදුරජාණන් වහන්සේගෙන් කෙශ ධාතු මිටක් ඉල්ලා‍ ගෙන ඒ ධාතු තබා පළමු වරට සත්රියන් උසට සත් රුවන් තබා මැණික් වලින් මය්යන්ගන දාගැබ බැඳීම


20 ස ම න් කුළු මහ පව්වෙ වැඩ සිටි මහ එ “සුමන” දෙවිර දා බු දු න් ගෙන් බණ අසා සෝවන් පලට සපැමිණ සිතලෙ දා බැ ති න් මුනිඳුගෙ එ සිරිපා වැඳ තමන් හට මෙහි හැමස දා ව ඳි න් නට සහ පුදන්නට නිසි දෙයක් ඉල්විය මනන දා

21 එ වි ට මුනිසඳ ඔහුගෙ ඉල්ලුම වහා මුදුනෙත් පිළිගෙ නා සො ඳ ට පිරිමැද තමන්ගේ හිස දකුණු හස්තෙන් නොලසි නා අ ත ට අරගෙන මිටක් පමණැති කේස දාතුන් යහති නා දෙ වි ට “එ සුමන” සමන් පව්වේ එදුන් සේකය බැතියෙ නා

22 ම හ ත් සතුටට පත්ව එමවිට “සුමන දෙව්රද” නොලසි නේ එ ර ත් රන් කරඬුවක් අර‍ගන එවන් කෙස් දා පිලිගෙ නේ දි මු ත් මුනිඳුන් එ වැඩහුන් තැන එ දා කරඬුව තබමි නේ එ ස ත් රියනක් උසට පුදලා එ සත්රුවනින් සතුටි නේ

23 එ ව න් කෙස්දා නිදන් කරමින් තමන් අදහස විලසි නා උ තු න් ඉඳුනිල් මැණික් අරගෙන සත්රුවන් සැම වසමි නා උ සි න් හරියට එ සත් රියනක් උසද තබලා සතුටි නා සො ඳි න් “මියුඟනු සෑය” බැන්දයි පන්දහස් කල් පවති නා


( 4 )

24 එ තැ න් සිට දෙව් බඹුන් පමණක් රැස්ව එතනට සැමදි නේ බු දු න් ගේ ගුණ මෙනෙහි කරමින් සුවඳ මල් දුම් පුදමි නේ උ තු න් “මය්යන්ගන” එ මහ සෑ පුදා වඳිමින් එනතැ නේ අ ස න් ඉන්පසු දෙවෙනි වාරෙට එසෑ බැඳි සැටි මෙලෙසි නේ


දම් දෙනෙවි සැරියුත් මහා ස්ථවිරයන් වහන්සේ‍ගේ ශිෂ්ය සරඟු මහ රහතන් වහන්සේ දෙවෙනි වරට බුදුන් වහන්සේගේ ශ්රි වා ධාතුව නිධන් කර මය්යන්ගන චෛත්යර දොළොස් රියන් උසට රන්ගඩොලින් බැඳීම.


25 උ තු න් දෙවි, බඹ, නා, නරන් හට දෙස දෙසා දම් බැතියෙ නා ඔ වු න් ‍හට අම නිවන් සම්පත් ලඟාකර දි යහති නේ තැ නි න් තැන වැඩ එ පන්සාලිස් වසක් ලෝ වැඩ වඩමි නේ බු දු න් අපගේ පිරිනිවන් පෑ සේක මල්ලව සල් ව නේ

26 එ යි න් පසු රජවරුන් රැස්වී සුඳුන් සෑයක් කරමි නා බු දු න් ගේ යස සිරී දේහය එ ආදාහන කළ තැ නා නි වෙ න් නට පෙර සෑයේ ගින්දර බුදුන් දකුණත් සව් ව නා උ තු න් “සැරියුත් මහා තෙරිඳුගෙ” ගෝලයෙක් වන සසෙබ නා

27 නි ති න් ලෝවඩ වඩන “සරඟු මහා තෙරනිඳු” සකය නේ බු දු න් ගේ යස උගුර ඇට දා සමිඳු අරගන සොහොනි නේ නෙ මි න් මහ සඟ පිරිවරාගෙන නුබින් මෙ ලකට වඩිමි නේ ස ම න් දෙවි බැඳි එ “මය්යන්ගන” සෑය වෙතැ විත් බසමි නේ

28 ඉ තා බැතියෙන් උගුර ඇට දා සමිඳු නිදහන් කරමි නා සි තා ලෙස සත්රියන් දාගැබ වසා රත්රන් ගඩොලි නා ඉ තා විසිතුරු ලෙසට එ දොළොස් රියනකින් උස තබමි නා සෙ තා දෙන තුම් “එ මය්යන්ගන සෑය” බැන්දයි යහති නා

29 මෙ ‍ ලෙ ස “සඟුර තෙරිඳු” මේවන් ගලින් එම සෑ බඳිමි නා ස තො ස යෙන් මහ සඟුන් සමගින් එ සෑ නමකර පුදමි නා නො ල ස එතනින් නැගී අහසට වැඩියෙ දඹදිව බලමි නා මෙ ‍ ලෙ ස අස ඉන්පස්සෙ එම සෑ බැන්ද අන්දම සැමදෙ නා


ඉක්බිති දෙවෙනිපෑතිස්ස මහ රජතුමාගේ මළනුවන් වන චූලාභය කුමරුන් විසින් මෙම මය්යන්ගන චෛත්යරය තුන්වෙනි වරට තිස් රියන් උසට ‍ගඩොලින් බැඳිම.


30 මි නි ස් වාසය නොමැති කාලෙහි බැන්ඳ මෙම මහ සෑ ර දා ස තො ස් නෙත් දෙවි බඹුන් රහතුන් රැස්ව වඳිමින් එන ස දා වෙසෙස් බලදරු එ “සිහබා” නම රජුගෙ පුත් වන මනන දා උ ස ස් ගුණ ඇති “විජය කුමරා” එ සත්සිය සෙන් ගෙන සොදා



( 5 )

31 බු දු න් අපගේ එ පිරිනිවනට වැඩිය දවසේ යහති නේ උ තු න් වෙසගේ එ මැදි පෝ දින ඇවිත් මෙ ලකට බසිමි නේ තැ නි න් තැන සිටි යකුන් වනසා මෙ ලක අත්කර ගනිමි නේ එ “ත ම් මැන්නා” පුරේ විසුවයි “කුවේණි යකිනිය” සමගි නේ

32 එ තැ න් සිට ගම් නියම්ගම් ලක්දිවේ සැම තැන ඇතිවු නා ය කු න් දුරුවි මිනිස් වාසය තැනින් තැන මෙහි ඇතිවු නා ද න න් එකතුව “විජය කුමරුට” ඔටුණු පළඳා යහති නා තෙ සි න් හලයේ එ අග රජකම අයිති කෙරුවයි පින පි නා

33 ද ස ද මි න් එම “විජය නරනිඳු” සතන් රකිමින් එන තැ නා කි තු ව සි න් යට එ පන්සිය පස් වසෙහි මරුමුව පත්වු නා එ නි රි ඳ න් හට පසුව “උපතිස්” එ “පඬුවස්දෙව්” සහ ම නා “අ භ ය” ‘ ප න් ඩුක අභය’ “මුටසිව” යන රජුන් මෙහි රජවු නා

34 එ යි න් “මුටසිව රජුටෟ පුත්වරු දසදෙනේක සහ එ ලෙසි නා රු වි න් බබලන දූරු දෙදෙනෙක් ලැබුනි පෙර ‍කළ පිනකි නා එ යි න් වැඩිමල් පුතුගෙ නාමය “දෙවෙනි පෑතිස්” වෙයි ම නා එ තු න් වෙනි පුත් කුමරුගේ නම “චුලාභය” වෙයි සැබැවි නා

35 එ “මුටසිව” නම් පිය රජුන්ගේ ඇවෑමෙන් පසු සකිය නේ මෙ ලක රජකම රැගෙන “දෙව් පෑතිස්ස” කුමාර යහති නේ “අනුර පුරයෙහි” වසන කාලේ සතන් රකිමින් දැහැමි නේ එ “දඹදිව” විසු දහම්සෝ රජු” මිතුරු විය මොහු සමගි නේ

36 නොදුටු මිතුරුව දෙන්න මෙ ලෙස වසන සඳ අප විඳිමි නා එ “දම්සෝ” මහ රජුගෙ පුත් වන “මිහිඳු මාහිමි” සසොබ නා මෙ ලංකාවේ “මිහින්තලයට” පිරිස සමගින් වඩිමි නා උතුම් “දෙව් පෑතිස්ස” නිරිඳුට දහම් දෙසුවයි බැතියෙ නා

37 මු ව න් දඩයම් කරන්නට ගිය එ “පෑතිස් රජු” එම දි නේ ද හ ම් අසලා “මිහිඳු මාහිමි තුමාණන්” දෙසු සුරසි‍ නේ බු දු න් දම්, සඟ, නිරන්තය වෙත වඩා බැති පෙම් නොදි නේ උ තු න් තිසරණ සහිත පන්සිල් සමාදන් විය සතුටි නේ

38 එ දා සිට බුදු සමය පිළිගෙන “දෙවෙනි පෑතිස්” මහර දා හ දා බැතියෙන් එ මහ තෙරිඳුන් පුරට වඩමා නොවර දා නි දා නය වැනි එ “මහ මෙවුනා” උයන සඟ සතු කොට පු දා පු දා වඳිමින් එවන් තෙරිඳුට කලයි පින්කම් නෙක ලෙ දා

39 ඔ වා පිලිගෙන “මිහිඳු සමිඳුගෙ” “තූපරාමය” සමගි නා ලොවා සින් හට වැඳ පුදන්නට “ඉසුරුමුණිය” ත් කරමි නා දෙ වා මහ දන් මහා සඟනට රකින සඳ සත දැහැමි නා සැ මා වැසියොත් එ බුද්දාගම සුපිළිගත්තයි බැතියෙ නා

( 6 )

40 මෙ ව න් කාලේ එ “දෙව් පෑතිස්” රජුගෙ මල් වන ගුණ ඇ තී උ තු න් “චූලාභය” නමින් යුත් රාජ කුමරා පින් ඇ තී සො ඳි න් පිළිගෙන එ බුද්දාගම කරන සඳ පින් නෙක යු තී ග ම න් කරනට සිතී දවසක් එ “බිම්තැන්නට” පැහැ ඇ තී

41 ත ම න් පිරිවර සමග “අනුරාපුරෙන්” නික්මී යනවි ටා ගො සි න් වැටුනයි එ “මාවැලිගඟෙ” වේරගංතොට අසල ටා ගි ඟි න් ගොඩවී එගොඩ පැත්තට මඳක් දුර ඉන් යන කො ටා සො ඳි න් පෙනුනයි එ ‘මයියන්ගන” නමැති මහ සෑ දෙනෙත ටා

42 බු දු න් ගේ කෙස් දාතු සමගින් ශීව දාතුව තබමි නේ “ ස ම න් දෙවි සහ “සරභු මහ සමි” බැන්ද දාගැබ දුටු තැ නේ උ තු න් කුමරා එ “චූලාභය” පත්ව සතුටට නොමදි නේ බැ ති න් වැඳලා එවන් දාගැබ සුවඳු දුම් මල් පුදමි නේ

43 ම හ ත් උත්තම මෙ සැ ම විසින් බන්දවන්නෙමි සිතමි නා ම හ ත් පිරිසක් කැන්දවාගෙන තමන් අදහස විලසි නා දි මු ත් එ දොළොස් රියන් උස තිබු සෑය මැදිකර යහති නා එ ති ස් රියනක් උසට බැන්දයි තෙවෙනි වරටත් ‍ගඩොලි නා


එදින පටන් මය්යන්ගන චෛත්යකයට වැඳීමට සිංහලයින්ගේ පැමිණිමෙ සහ අනුරාධපුර රාජ්යීය එළල නම් ද්ර විඩ රජෙකු විසින් පැහැර ගැනිම.


44 එ තැ න් සිට ලක් රජුන් සමගින් මහ සෙත් විත් මෙතන ටා බැ ති න් උත්තම මෙ “මය්යන්ගන” සෑය වඳිනා අතර ටා ර ජු න් ගෙන් පසු “දෙවෙනි පෑතිස්” එ රජු මල්වන සහතු ටා වි කු න් බල දරු එ “උත්තිය” නම් කුමරු රජවිය මෙ ලක ටා

45 එ ව න් “උත්තිය” ඇවෑමෙන් පසු ඔවුන් මල්වන ‍සසොබ නා න මි න් පරසිදු “මහාසිව” නම් කුමරු මෙ ලකට රජවු නා එ ව න් නිරිඳුව පසුව ඔහු මල් එ “සුරතිස්” රජු යහති නා තෙ සි න් හලයම රකින අතරේ යෙදුනි විපතක් මෙලෙසි නා

46 එ ස ඳ මෙ රජුගෙ අස්හලේ සිටි “සේන, ගුත්තික” නම් ඇ තී කි සි ද ගුණයක් හදේ නොතිබුන දෙමලු දෙන්නෙක් තෙද ඇ තී නොම ද ගුණ ඇති එ “සුරතතිස්” රජු මරා රජකම ගෙන රු තී නි බ ඳ දුක් දි සිංහලුන් හට කළයි රජකම් සිතයු තී

47 එ ව න් අතරේ “දෙවෙනි පෑතිස්” මහා නිරිඳුගෙ මල්ව නා වි කු න් බල දැරු “අසේල” ය නම් කුමරු කෝපව අපම නා ත ම න් අයියා මරා රජකම ග්තත දෙමළුන් මරමි නා සො ඳි න් නැවතත් මෙ ලක රජකම අයිතිකරගති යහති නා


( 7 )

48 එ ක ල “ඉන්දිය දෙසේ” සිටලා මහත් සෙනගක් අරග නා ද මි ල කුමරෙක් “එළාළ” ය නමි අවුත් මෙ ලකට සරොසි නා “අසෙල” නම් අප සියල නිරිඳුන් මරා රජකම ලැබගෙ නා කි රු ල පළඳා “අනුර පුරයේ” විසී සැප විඳ අපම නා

49 බු ද් ද සාසනෙ නසා ලන්නට වෙහෙර දාගැප් බිඳිමි නා සු ද් ද බූමිය කිළිටි කරමින් තමන් අදහස විලසි නා යු ද් ද කරනට අවොත් සිහලුන් දප් බිඳින්නට සිතමි නා යු ද් ද පිරිවර තැනින් තැන තැබුවේය මේ ලෙස අපම නා

50 උ තු න් “මය්යන්ගනේ” සිට මග “අනුරපුරයට” එනතු රා තැ නි න් තැන තිස් දෙක්ක බලකොටු සදා එ දෙමළ නරව රා වි කු න් බල ඇති සේනපතියන් සමග පිරිවර නෙකයු රා එ කි න් නෙක බලකොටුව ගානේ තබා රැකවල් ලන යු රා

51 උ සි න් අටළොස් රියන් පමණැති ලෝහ පවුරක් බඳිමි නා නො මින් එ පළල් වාසලින් යුත් යකඩ දොරවල් ලවමි නා ව ට් න් එ අගල් තුනක් කනවා “විජිත පුර” වර රැකගෙ නා ද න න් පෙළමින් කළයි රජකම් දෙමළ නරනිඳු තෙදනි නා


එකල මාගම් පුර විසු කාවන්තිස්ස රජතුමාගේ දෙටු පුත් දුටුගැමුණු කුමාරයා අනුරාධපුර විසූ එළාල නම් දෙමළ රජු හා සමග යුද කරනු සඳහා මාගමින් නික්ම ඒම.


52 එ ව න් කාලේ “රුහුනු මහ රට එ “මාගම් පුර” විසු ම නා උ තු න් “කාවන්තිස්” රජු හා “වෙහෙර දේවි” ගෙ පුත් ව නා වි කු න් බල ඇති “ගාමිණි” නම් එ කුමරාණෝ ස‍සොබ නා ස සු න් වනසන දෙමළ රජු ගැන සිතී කරුණක් මෙලෙසි නා

53 ය ට ත් කරගන “අනුරපුරවර” නොයෙක් බල පා දෙවිය නේ ර ට ත් ජාතිය ආගමත් අපෙ නසති දෙමළුන් සැබැවි නේ දු නො ත් ඉඩ මේ ලෙසට උන්හට නැසෙයි අප රට නියමි නේ ම හ ත් යුද කර ඔවුන් වැනසමු මෙ මට යුතුමය සිතමි නේ

54 ත ම න් පිය රජු ඇවෑමේන පසු “ගැමුණු කුමරා” සසො‍බ නා සො ඳි න් යුදසෙන් සකස්කරගන එදස යෝදයො සමගි නා ත ම න් මල්වන “තිස්ස කුමරුට” සිතේ අදහස කියමි නා ස ගි න් හා තම මවුන් කැඳවා යුදට යන්නට සැරසු නා


55 යු ද් ද පිරිසට උවමනා සැමදේම අරගන යහමි නා සු ද් ද කඩොලැත් රජා පිට නැග එසක් දෙවිරජ විලසි නා සු ද් ද නුවරට ගමන් කරනට සිතා මෙකුමරු යහති නා ස ද් ද ගෝසා තදින් යුක්තව පුරෙන් “මාගම්” නික්මු නා

( 8 )

56 උ ත් න් “කලුවළ” එ “හල” හා “ගීකිත්ත” “ගුත්තිල” නැවති ලා එ මෙ න් “කීරිගම” ද ඒ “නියමුල්ලෙ” නැවතී සිත්ලො ලා “ උ ය න් තොට මැද ගම්”ද “තුන්ගම් කහවටියෙන්” නැවති ලා සො ඳි න් ආවයි එ “මය්යන්ගන” ගමට මෙකුමරු සුනිම ලා

57 ස ත ර ගව්වක් ‍මානයේ සැදි යුද්ද පිරිවර සමගි නා ප ව ර සක්රජ ලෙසට “ගාමිණි” කුමරු එනසැටි දකිමි නා එ ව ර “මියුඟුනු” එබල කොටුවේ නිතර රැක සිටි බලමි නා වි ත ර බල ඇති “ඡත්රක” නම්යුත් දෙමළ සෙන්පති රුදුව නා

58 ඈ ත එන “ගාමිණි” කුමරුගෙ යුද්ද පිරිවර දකිමි නා බී ත වැද ‍උගෙ සිතට ඒ ගනැ පත්ව කෝපෙට අපම නා නා ත දෙවියනි “එළාල” ය නම් දෙමළ රජ කී විලසි නා බූ ත යෙක් ලෙස යුධ කරන්නට බලා සිටියයි අවි ගෙ නා


එළාල රජුගේ පළමුවැනි බලකොටව වූ මය්යන්ගනයේ දි ඒ රැක සිටි ඡත්රල නමැති දමිල සෙන්පතියා සහ දමිළ සේනා සමග දුටුගැමුණු කුමාරයා සහ පිරිස කල භායානක යුද්ධය.


59 මෙ සේ “ඡත්රද” නම් සෙන්පති පිරිසත් සමගි න රො සේ සිතින් බලා ඉන්න සඳ මුර කරග න ය සේ ලෙසට “ගැමුනු කුමරු” පිරිසත් සමගි න වි ‍ සේ සයෙන් ආවයි බලකොටුව බලාගෙ න

60 එ වි ට “ඡත්රල” සෙන්පතියා කඩුව අතට ගෙ න මු ර ට සිටිය සියලු දමිළ සෙන් කැඳවා ගෙ න අ ත ‍ට හෙල්ල, කඩු, තෝමර, පලිස්, දෙවා ගෙ න යු ද ‍ට යැවී සිහල සෙනග සමග එදා දි න

61 සි හ ල සෙනඟ කපව්, කොටව්, මරව්, කියාගෙ න ද මි ළ සෙනග අපි යුදට වහසි දොඩා ගෙ න නි ම ල ගුණැති “ගැමුනු කුමරු” ඒ බව දකිමි න සි හ ල සෙනග හැරියෙ යුදට මේලෙස කියමි න

62 මෙ හැ ඩි දෙමළු ඇවිත් අපේ සිරි ලංකාව ට එ දැ ඩි ගතිය පලා අප සිංහල රජු හ ට එ ත ඩ බබා අප සිංහල දනන් මරා සෙ ට ගෙ මි ඩි තියන් ලෙස මුන් දැන් ඉඳිති නිගා කො ට

63 අ පේ සිජහල රජුන් මරා අත් කරගන ර ට ඔ ‍ පේ ඇතුව තිබුණු වෙහෙර දාගැප් සුන් කොට ට ලො පේ කරති ආගම සහ ජිතිය අප ර ට අ පේ අයිති කම රකිණට යමව් ඉදිරිය ට


( 9 )

64 වැ සි ය නි සමුබුදු සාසනෙ මතු රැකගන්න ට පු ළු ව නි මට හැඩි දෙමලුන් පන්නා ගත් වි ට එ බැ වි නි තොපි බියක් නැතුව ගොසින් ඉදිරිය ට ක ප මි නි මුන් පෙති ගසනුය කීවයි යුදකො ට

65 කී ක ල එම “ගැමුණු කුමරු” මේ ලෙස පිරිස ට සී හ ල යුද පිරිස එවිට කග ගෙන සුරත ට ඒ ඔ ල මොල දෙමලුන් බල බිඳිනා විලස ට කා හ ල නදකර ආවයි දෙමලු ඉදිරිය ට

66 ගු ව න් කුසට නැග සමහරු කරණම් ගසමි න අ ති න් රැගත් කඩු ලෙලවා විදුලිය විලසි න මෙ ල න් කාව නසන දමිළ සතුරන් වෙත පැ න ම ර න් ට විය පෙති ගසමින් රඹ ගස් විලසි න

67 එ කෙ ක් පලිහ ගෙන වමතින් දෙමලු ලඟට පැ න බි ය ක් නැතුව වළකා කග පහර දෙමලු දො න සැ ක ක් නැතුව හෙල්ලෙන් ඇණ දෙමලු මරාග න ම ද ක් ඉදිරියට පැන්නයි සිහ රජ විලසි න

68 ත ව ත් කෙනෙක් කඩුවක් ගෙන සුරතින් බබල න කි සි ත් බියක් නැතුව එදා දෙමලු වෙතට පැ න වි ප ත් දෙවන හැඩි දෙමලුන් පෙති කපනා තැ න හි ස ත් නොමැති එ මළකඳන් පිරුණි තැනින් තැ න

69 අ ල් ලා දෙමලුන්ගෙ කකුල් දෙනෙක් ඇතැම් අ ය සොල් ලා හිස වටේ දෙතුන් විට කරකවති ය බ ල ලා වගෙ පොළොවෙ ගසා ඇටකටු බිඳිති ය බෙ ල් ලා කැ‍ඩෙමින් එ දෙමලු තැන තැන මැරෙති ය

70 කි පු න සිහලු දෙමළ එ මළ කඳන් උඩින් පැ න ග ල න රුදිර ගංගාවෙන් පීනා යහති න ස ට න කරන සඳ දෙමලුන් සමගින් නොම දි න ව ටි න පිටින විත් දෙමලුන් කළෙ යුද සරොසි න

71 මෙ ලෙ ස දෙපස සෙන් එක්වී යුද්දකරණ වි ට නො ල ස වැදුනි කඩු පාරක් “ඡත්තර” දෙමළ ට ඉ ව ස ගන්ට බැරුව අහෝ එ පහර ඕ හ ට වි ග ස දමිළ සෙනෙවි මැරි වැටුනයි දෙරණ ට

72 නෙ ති න් එ බව දුටු දමලුන් පත්වි නෙ බිය ට දු ව න් ට වනි සී සි කඩ යුද නවතා දු ට ඔ වු න් පස්සෙ ලුහුබැඳ ගොස් සිහල සෙනග සෙ ට ම ර න් ට වනි පෙති පිටි පෙති කපමින් කදිම ට

( 10 )

73 අ හ න් කාර ගති පාමින් යුද කළ එ‍ඩියෙ න න මි න් “ඡත්රග” නම් දෙමළා ‍යුදයෙන් මළ තැ න අ ර න් උගේ මළකඳ අප පිරිස ඉදිරි පැ න රො සි න් දැමිය “මහවැලි” නම් ගඟට ගලා ය න

74 මෙ ලෙ ස එ “මය්යන්ගන” යුද පිටිය සිට ම නා ‍ මෙ හෙ ස ඇතුව එතුන් මසක් යුද්දකර මි නා පි වි ස දෙමලු බැඳ තිබු බලකොටුව බිඳි මි නා දො හො ස නැතුව අල්ලාගන එ මියුඟුන පි නා

45 ගැ මු ණු කුමරු තම පිරිසට තුතිකර අපම න දෙ ව නු දෙවා නෙක සම්පත් තම සිත විලසි න ති බු නු එ “මය්යන්ගන” නම් මහ සෑ සසොබ න පි රු ණු බැතින් වැඳ කළදේ අසනුය මෙලෙසි න


මියුඟුනු යුධයෙන් දිනූ ගැමුණු කුමාරයා යුද්ධය මුල්අවස්ථාවෙහිදීම තිස්රියක් උසට තිබූ මය්යන්ගන චෛත්යුය අසූ රියනක් උසට බැඳීම.

76 එ යි න් පසු “ගාමිණි කුමරා” පත්ව සතුටට අපම නා සො දි න් එතිසක් රිය්න උස ඇති සෑය මැදිකර බබල නා බැ ති න් එ අසු රියන් උස්කොට එ මියුඟුනු සෑ බඳිමි නා එ ව න් සෑ රන් තහඬු අල්වා නිමාකර සැම වැඩ ම නා

77 ස ඟු න් පන්සිය ඇතුලු පිරිවර සමග අදහස විලසි නේ උ තු න් මියුගුනු සෑය වැඳලා නෙපින් රැස්කර ගනි මි නේ එ යි න් නික්මී නැවත කුමරා තමන් පිරිවර සමගි නේ ග ම න් කෙරුවයි “අනුර පුර” දෙස බලාගන මග හසරි නේ

78 මෙ ‍ ලෙ ස යන එම “ගැමුණු කුමරා” අතර මගදී සකිය‍ නේ දො හො ස කරනට දෙමළු බැඳ තිබු තිස්දෙක්ක කොටු බිඳිමි නේ ස රො ස යෙන් එම දෙමලු සමගින් තිස්දෙකක් යුද කරමි නේ පි වි ස උත්තම “අනුර පුරයට” කෙසර සිහරද විලසි නේ

79 එ පු ර වර විසු “එළාල” ය නම් ‍දමිළ රජු හා සමගි නා ප ත ර ලෙස මහ යුදුද කරලා මරා එම රජ යහති නා “අ නු ර පුරයට” ‍ඇතුල්වී තම පිරිස සමගින් සිතමෙ නා ප ව ර සිරිලක තෙසිංහලයම අයිතිකරගන නොලසි නා

80 උ තු න් ලක්දිව කිරුළ පලඳා තෙසිංහලයට රජවෙ ලා රු ව න් වැලියද ලොහෝපායත් මිරිසවැටියත් බන්ද ලා ස ත න් රකිමින් එදසදහමින් දියුණුකර රට එකහෙ ලා නොමි න් දන් පින් කරන්නට වනි “ගැමුනු නරනිඳු” හැමක ලා



( 11 )

81 ර ට ත් ජාතිය ආගමත් අපෙ දියුනු කර මේ විලසි නේ දි මු ත් “ගාමිණි නිරිඳු” අවුරුදු එ විසිහතරක් යහති නේ කි සි ත් වරදක් නැතිව රජකර ආයු පිරිහී සකිය නේ උ ප ත් විය මින් චූතව ගොස් “තව්තිසා දෙව්ලොව” සැපති නේ


එතැන් පටන් ලක්දිව රජ පැමිණි රජවරුන් හා වාසියන් මය්යන්ගන චෛත්ය ය වන්දුනාමාන කිරීම සහ ක්රිි: ව: 215 පටන් ක්රිි: ව: 237 දක්වා ලක් රජය කළ වො‍හාරතිස්ස මහ රජතුමා විසින් මෙම සෑය ප්රවතිසංකරණය කිරීම.


82 උ තු ම් “ගාමිණි” මහ රජුන්ගේ ඇවෑමෙන් පසු සකිය නේ මෙ ව න් සිරිලක්දිවේ රජකළ සියලු රජවරු සතුටි නේ ත ම න් පිරිවර සමග විත් මෙම සෑය වඳිමින් එන තැ නේ න මි න් පරසිඳු “වොහරතිස් රජු” මෙලක්දීපයෙ රජ උ නේ

83 කි තු ව සි න් යස දෙසිය පහළොවෙ පටන් තිස්හත වනතු රා ද ස ද මි න් ලක් දනන් රැක විසු “වොහරතිස් රජ” මනහ රා මෙ ම උ තු න් මහ සෑය ජරපත් වෙලා තිබු සැටි දැක ස රා ය ස ලෙ සි න් පිලිසකර කෙරුවයි පතා මොක් සැප සිතයු රා

84 එ තැ න් සිට බෝ කලක් යකුතරු නැතුව උවදුරු සෑය ටා ද න න් සපැමිණ පුදා වඳිමින් පසුවෙනා සඳ කදිම ටා ටි කි න් ටික එම සෑයෙ නමකම් දිරාපත්වි යනවි ටා අ ස න් ඉන්පසු එහිදි සිදුවූ දෙයක් සකියනි මෙලෙස ටා

ඒ අතර මේ මහියංගන චෛත්ය අසල වැඩහිඳින බෝධිවෘක්ෂාය මූලයෙහිදී සේලාභය නම් කුමාරයා තම පුත් සඟබෝ කුමාරයින් නන්දෙමහා ස්ථවිරය්න වහන්සේට

85 උ තු න් එම “වෝහාරතිස් රජ” රකින සඳ රට දැහැමි නා ප ස න් ගුණවත් “නන්ද” නම් මහ තෙරකෙනෙක් යසවිලසි නා අ ල න් කාරැති එ සැ රැකගන සොඳින් සිල්දම් රකිමි නා සැ පෙ න් වැඩසිටිසේක මියුඟුනු සෑයෙ පන්සලෙ නිතිදි නා

86 එ ව න් කාලේ එ සෑ නුදුරුව විසූ ගුණ යුත් නෙක යු තී උ තු න් “සේලාභය” නමින් යුත් රාජ කුමරෙක් සිත යු ‍තී ත ම න් පුත්වන එ “සඟබෝ” නම් කුමරු සමගින් පින් ඇ තී බැ ති න් විත් එක්දිනක් පන්සල තුලට ගෙවමින් මග අ තී

87 එ ත න ‍බෝරුක් මුලේ වැඩසිටි “නන්දඅ මහතෙර” දකිමි නා බැ ති න නමකර එවන් තෙරිඳුට එකත්පස්වී සිට ග නා දි ලෙ න බෝරුක් මුලිද තම පුත් කුමරු “සඟබෝ” සසොබ නා ර කි න ලෙස එම “නන්දර තෙරිඳුට” බාර දුන්නයි යහති නා

( 12 )

88 එ ව න් කුමරා සුපිළිගෙන එම “නන්ද” මහතෙර” සතුටි නා එ තැ න් සිට නනදම් සතර කුමරුට ඉගැන්නුවෙ යස විලසි නා උ තු න් කුමරුත් දතමනා දේ සියල් දැන ගෙන නුවණි නා ගො සි න් “අනුරාපුරේ” රජවිය “සංගතිස්සට” පසු ම නා

89 ව සි න් කිතු දෙපනසේ යුගසිය තෙසිංහලට රජ වෙ ලා සො දි න් අවුරුදු දෙක් “අනුරාපුරේ” රජකර සුනිම ලා එ ව න් රජකම අතැර “අනුරාපුරෙන්” පිටවී හුදක ලා ග ම න් කර ගොස් එ “මය්යන්ගන” සැය අසලට සිත පු ලා

90 ස ස ර සයුරෙන් එතර වෙන්නට සිතා මෙතුමා එමදි නා ප ව ර මියුඟුනු එබෝමුලදී තවුස් වෙස් ගෙන යහති නා අ ත ර මහ වන කතර ගෙලා “අතනගල්ලට” සපැමි නා ප ව ර හිස දන් දිල බුදු බව පතා මෙතිනින් චුතවු නා


ඉන්පසු ක්රිේ: ව, 433 දි ලක්දිව රජ පැමිණි මිත්සෙන් මහ රජතුමා විසින් මය්යන්ගන චෛත්යියේ ආරක්ෂාවව සඳහා ඒ දැගැබ වටේ ප්රා කාරයක් බැඳීම.


91 එ තැ න් සිට ලක්දිවේ රජ කළ කිසිම නිරිඳෙක් සකීය නේ නෙ ති න් වත් නොබලමින් මෙම සෑ වනෙන් ගැවසී ගිය තැ නේ ව සි න් කිතුයස හාරසිය තිස්තුනේ වරුසයලත් තැ නේ උ ත් න් “මිත්සෙන්” මහා නරනිඳු තෙසිංහලයට රජවු නේ

92 ‍ෙම ‍ ව න් නරනිඳ දිනක් “මය්යන්ගනය” අසලට ගිය තැ නා නෙ ති න් දැක මෙම සෑය වැසිලා තිබෙන අන්දම කැලයෙ නා සො ඳි න් හෙළිකර මලුව සැම තැන තමන් අදහස විලසි නා උ තු න් මියුඟුනු සෑය වටකර බැන්දෙ පවුරක් බබල නා


ඉක්බිති ක්රින: ව: 1410 පටන් 1462 දක්වා ලක්දිව රජ කළ සවන පැරකුම්බාහු රජු විසින් නැවතත් මය්යන්ගන චෛත්ය:ය කටුකොහොල් හරවා කපලාරුවෙන් අළුත්වැඩියා කොට ඔප් නැංවීම.


93 එ දා සිට එක්දහස් සිව්සිය දහයෙ කිතු වස වනතු රා මෙ දා ගැබ ගැන කිසි රජෙක් වැඩ නොකර සිටියයි නිසියු ‍රා එ දා ගැබ ඉන් පස්සේ ටික ටික වනෙන් වැසිලා යනවා රා නි දා ගන සිටි රජුන් පිබිඳී කරපු දේ අස මේ යු රා

94 කි තු ව සි න් එක්දහස් සිවිසිය දහයෙ රජසිරි ලත් ම නා න ර නි ඳු න් අප “සවන පැරකුම්බාහු” මෙම සෑ දකිමි නා නෙ ක ලෙ සි න් සන්තෝසයට හා දුකට පත්වී ඒ ගැ නා ම ම ඉ ති න් කටුකොහොල් හරවමි සිතා සෑයේ මියුඟු නා



( 13 )

95 මහා වස්තුව එවියදම්කර තමා අදහස විලසි නේ මහා සෑයේ කටුකොහොල් හැර එකපලාරුව සමගි නේ වහා විසිතුරු ලෙසට එව සෑ අලුත්වැඩියා කරමි නේ යහා පත් ලෙස එ ඔප් නැංවිය ඉතා ලක්සණ විලසි නේ


එතැන් සිට රජවරුන්ගේ සහ මහ ජනයා‍ගේ නො සැලකිල්ලෙන් මය්යන්ගන චෛත්යගය වනෙන් වැසී දිරාපත්ව ගරාවැටි අද තිබෙන තත්වනයට පත්වීම.


96 “ස ව න පැරකුම බාහු” මහ රජු මෙලෙස සෑ වැඩ කරමි නා සො ඳි න ලක්සත රකින අතරේ එදස රජ දම් විලසි නා ව සි න කිතු එක් දහස් සිව් සිය එසැට දෙක වස ලත් තැ නා මෙ යි න චුතවී ගොසින් උපනිය එදිව ලෝකෙක යහති නා

97 එ තැ න් සිට ලක් දිවේ රජවරු කොතෙක් විසුවත් රජ වෙ ලා මෙ ව න් මියුගුනු සෑය ගැන නැත කළේ සැලකිලි කිසික ලා කැ ලෙන් එ අතර සැය වැහිලා මුල්වලින් ගැබ පුපුර ලා උ තු න් එම සෑ ගරා වැටුනයි අටලොදම් සක පෙරලි ලා


98 ග රා වැටුනත් සෑය මියුගුනු මෙලෙස සකියනි එමදි නේ ප රා ජිතවී ඉන්න මුත් අප සිහල බොදුදන අදදි නේ වි රා ජිත මෙම සෑය වඳිනට යතිය නෙක දුක් විඳිමි නේ හැ රා නෙත් දෙක සිතව් සිහලුනි යලිත් බඳිනට සෑ අ නේ


දැනට ගරාවැටී තිබෙන මෙම මය්යල්ගන චෛත්යබය බලසම්පන්න බෞද්ධ සමිතියක් මගිල් ලක්ෂම විස්සක් වියදම් කොට නැවතත් බන්දපවන්ට සැරසීම.


99 දැ න ට ලක්දිව වසන වැදගත් මහත්වරු ටික රැස් වෙ ලා සො ද ට රුපියල් ලක්ස විස්සක් එවියදම්කර සිත් ලො ලා ලො ව ට පරසිදු “මෙ මය්යන්ගන සෑය” බඳිනට සුනිම ලා ර ට ට දන්වා තිබේ සකියනි උදව් කරනට එකහෙ ලා

100 ඉ න් නිසා සැමදෙන එක්වී එකාලෙස සිත් දිරි ගෙ නා බ න් ද වන්නට මෙ සෑ සැරසෙන පබුවරුන්හට සසොබ නා දෙ න් ට හැකි සැම උදව් දීලා පහදගන තුන් සිත ම නා න ං ගලන්නට සඳව් අපගේ යලිත් කිත්දද මෙගුව නා

101 මෙ යි න් පෙර මෙම සෑය කළ අය සුවෙන් සුවයට පැමිනෙ වා බ ඳි න් නට මෙම සෑය සැරසෙන උතුමො දෙවියන් රැකදෙ වා උ තු න් මියුඟුනු සෑය මෙම පන්දහස් වස්කල් බැබලෙ වා මෙ පි න් බලයෙන් සියලු සතහට නිවන් සිි සැප අත්වෙ වා



( 14 )


මය්යන්ගන චෛත්ය ය වන්දුනාව.


සෑයට වඳින ගථාව


ලඞ්කාය සත්වථ පඨමං සුගතො නිසජ්ජ

යක්ඛෙ දමෙසී නිජ සාසන පාලනාය

ඨානෙ තහිං නිහිත කුන්නල ගිව ධාතුං

වන්දාතමි සුධා මහියඞ්ගන ථුප රාජං.


102 ය කු න් යුද්ද කරනට රැසවු දි න බු දු න් වැඩල යක් දමනය කරමි න සො දි න් එවැඩවුන් තැන බැඳි සසොබ න බැ ති න් වඳිමු අපි සෑ මය්යන්ග න

103 ද රු නු යකුන් දුරු කළ සැටි දකිමි න පි රු නු සඳෙහි දෙවියන් විත් අපම න ක රු නු මෙතින් මුනි වැ‍ඩ බණ දෙසූ තැ න කෙ රු නු සෑය නමදිමු මය්යන්ග න

104 ස ම න් දෙවිඳු මුනි කෙස් දා පිළිගෙ න රු ව න් ගොඩක් මැද නිදහන් කරමි න රි ය න් සතක් උස්කොට බැඳි මැණිකෙ න තු ටි න් වඳිමු මහ සැ මය්යන්ග න

105 සු ම න සමන් දෙවියන් සහ අපම න සු ර න ඇවිත් වැඳ පුදකළ සැමදි න සො බ න එමාවැලි ගංතොට සුදිලෙ න බැ ති න වඳිමු අපි සෑ මය්යන්ග න

106 පි රි නිවණට මුනි වැඩි පසු යහති න සි රි දේහය ගෙන සොහොනෙහි දැව් තැ න ගි රි වා දාතුන් ගෙන බැඳි සසොබ න සි රි මත් සැ නමදිමු මය්යන්ග න

107 උ තු න් “සරභු” මහ තෙරනිඳු ගුණ ග න බු දු න් ගෙ උගුරැ’ ට දාතුන් තබ මි න ර නි න් බැන්ද උස එ‍දොළොස් රියනි න බැ ති න් වඳිමු මහ සෑ මයයන්ග න

108 බැ ති න “සරභූ” තෙරිඳුන් සහ අපම න ස ග න රහත් වැඩ අහසින් දින දි න ම ලි න සුවඳ පුදකර වැඳි සසොබ න තු ටි න වඳිමු අපි සැ මය්යන්ග න

109 “දෙ වෙ නි එ පෑතිස්” නිරිඳගෙ මල් ව න නො මි නි ගුණැති “චූලාභය” කුමරු න ග ලෙ නි බැන්ද තිසරියනක් කරමි න බැ ති න් වඳිමු අපි සෑ මය්යන්ග න


( 15 )


110 දෙ ම ළ යුදට සැරසී සිත විලසි න නි ම ල “ගැමුනු කිමරා” විත් සසොබ න ද මි ල සෙනඟ පැරදු තැන දිස් වෙ න උ දු ල සෑය නමදිමු මය්යන්ග න

111 යු ද ක ර මියුඟුනු බලකොටු බිඳිම න වැ ර සැ ර දෙමලුන් මරලා ජය ගෙ න න ර ව ර “ගාමිණි” බැඳි සිරි බබල න සි ත යු ර නමදිමු සෑ මය්යන්ග න

112 ර ජු න් එ “ගාමිණි” සිත බෝ කුළුනි න උ සි න් අසූ රියනක් කොට බඳිමි න එ ර න් තහඩු අලවා කළ ලක්ස න තු ටි න් වඳිමු මහ සෑ මය්යන්ග න

113 උ තු න් “වොහාරක තිස්” රජු සසොබ න ම ලි න් පුදා වැඳ සිය සෙන් සමගි න සො දි න් සකර පිලි කළ යස විලසි න ව ඳි ම් අනගි මහ සෑ මය්යන්ග න

114 ඇ වි ත් එ “මින්සෙන්” රජු පිරිවර ගෙ න ම හ ත් එ පව්රක් බැඳ වට කරමි න සි රි ත් ලෙසට වැඳ පුද කළ සසොබ න අ පි ත් වඳිමු මහ සෑ මය්යන්ග න

115 “ස ව න එ පැරකුම්බා” රජු සපැමි න බැ ති න හරව කටු එකොහොල් සැම්තැ න සො ඳි න එ කපලා රුව කළ ලක්ස න තු ටි න වඳිමු මහ සෑ මය්යන්ග න

116 ව ට පි ට නොබලා “පැරුක්ම” එ නර න දොහොත ට සපු මල් දම් ගෙන පුදමි න නි ව ණ ට යන්නට වැඳි සිත බැතියෙ න අ ට වි ට නමිදිමු සෑ මය්යන්ග න

117 උ තු න් මුනිඳු කෙසේ දා ඇති චේ ති ය සු ර න් බඹුන් නිති පුදකල චේ ති ය ය කු න් දමනෙ කළ තැන දිළි චේ ති ය බැ ති න් වඳිමු මය්යල්කල චේ ති ය.

118 බු දු න් ගීව දාතුන් රැදී චේ ති ය බු දු න් එ වැඩ සිටි තැන බැඳි චේ ති ය මෙ ල න් කාවෙ පළමුව බැඳි චේ ති ය ව ඳි ම් මේ අපි මය්යන්ග චේ ති ය


( 16 )


119 ර හ ත් “සරභු සමි” නම කළ චේ ති ය ර හ ත් සඟුන් වැඳ පුදකළ චේ ති ය දි මු ත් නිවන් දොර ඇර දෙන චේ ති ය අ පි ත් වඳිමු මය්යන්ගන ‍ ‍ චේ ති ය

120 කු ම රු “චූලාභය” නමකල චේ ති ය කු ම රු “සංගතිස්” වැඳ පිදු චේ ති ය කු ම රු එ “සඟබෝ” පුදකල චේ ති ය සු ග රු වඳිමු මය්යන්ගන චේ ති ය.

121 සි ත ලෙ ස් “ගොලුඅබ” වැන්ද මේ චේ ති ය ග ඟ ඉ ස් මත්තෙහි බබලන චේ ති ය සැ ම දෙ ස් ලක්දිව සු පතල චේ ති ය නො ව දො ස් වඳු මය්යන්ගන ‍ චේ තිය

122 ර ජු න් “ගැමුණු” වැඳ පුදකළ චේ ති ය උ තු න් “වෙහෙර දේවිය” පිදු චේ ති ය බැ ති න් “සැදෑතිස්” වැද පිදු චේ ති ය ව ඳි ම් අනගි මය්යන්ගන චේ ති ය

123 නි ම ල අ දස යෝදයෝ පිදු චේ ති ය බු ප ල එ “මිත්සෙන්” නමකළ ‍ චේ ති ය ස ක ල මරුන් මන් බිඳ හළ චේ ති ය මෙ ක ල වඳිමු මය්යන්ගන චේ ති ය

124 සි රි ල ක් දිව මැද බබලන චේ ති ය කො ඩි ය ක් ලෙස ලක හස බැඳි චේ ති ය දෙ න ස ක් සිරි සැප සතහට චේ ති ය නො ව සැ ක් වඳු මය්යන්ගන චේ ති ය

125 “පැ ර කු ම් බා” රජු නිති රැකි චේ ති ය නො ම දි න් වස්තුව පුද ලැබු චේ ති ය ම හ බි ම් තැන්නේ බබලන චේ ති ය න ම දි ම් දැන් මය්යන්ගන චේ ති ය

126 ස ම න් සුරිඳුන් නිති රකිනා චේ ති ය තු ටි න් එ වැද්දන් පුදනා චේ ති ය සු ල න් සැරේ වැද බබලන චේ ති ය ව ඳි ම් අනගි මය්යන්ගන චේ ති ය

127 ම හා සෙනග විත් වඳිනා චේ ති ය ම හා ‍සුමණ දෙවි වඳිනා චේ ති ය ම හා නිවන් මග ලැබ දෙන චේ ති ය ව හා වඳිමු මය්යන්ගන ‍ චේ ති ය

128 සැ මා රජුන් ගෙන් පුද ලැබු චේ ති ය අ මා රුවට පිහිටන යස චේ ති ය සැ මා දෝස පහකරවන ‍ චේ ති ය න මා වඳිමු මය්යන්ගන චේ ති ය


සිද්ධි රස්තු.

"https://si.wikibooks.org/w/index.php?title=මය්යන්ගන_විස්තරය&oldid=5916" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි