මයුර සන්දේශය-ii

Wikibooks වෙතින්

අඟනක රඟ බැස

17.දිය කෙළි වැනුම්[සංස්කරණය]

85. මා නැවියා පොකුණැ

යෝනන් සිලිල් සනහා

කෙළනන් දුට ගමන්

කළ මං ගියන් සනහා


86. තැ වු ලි නොලි රි‍වි අනොතත් විලැ ‍ ලෙසිනි

සි ලි ලි බ ලි සිලස රළ රැළි දෙමිනි

ඉ පි ලි ගැ ලි පීනත4 යෝනන් සෙදිනි

වි දු ලි දි ලී5 ගන ගන ගබැ පෙනෙන වැනි


87. සයුරු බොමිනි6 කුඹුයොන් දුටුයෙ7 මිණි පබා

පොකුණු බොනුව අපටත් සැලැසි නම් බඹා

මෙ දිය කෙළනවුන් ඉණැ මිණි ‍මෙවුල් සුබා

දැකුමැ එ කැනැ8 සලෙළුවො කියති සිතු ලොබා


88. වත නෙත කමලුපුල සරි වි කි‍වි වදන

බොරැ යැ යි කියති මෙ උවම් නො දැකැ එක තැන

දිය කෙළනවුන් දැකැ පොකුණේ පුල් මලින

කිවි බසැ සැබැව නුඹය බැ පෙනෙනු යැ එ තැන


1.සොඳ 2.සුනිල් ම ය සැප ම ය පැමිණි(ගු); සුනිල් සැප වන පැ‍මි‍ණියන් 3.මේසන් 4.පිනන 5.දුලි 6.බොමින් 7.දුටු සෙ 8.දැකුම් වෙති(දි)


18. මඟ වැනුම් -5[සංස්කරණය]

89. නි ද නා දනන් හට නිදනා මෙන් පිහිට

ස ද නා රවන් නොවරසන‍ා වැළ1 දිගට

සොබනා විදියෙන් වඩනා පුර ඇමට

ව ඩ නා මැනැවි මන නඳනා වැලි ගමට


90. අ ය ත් න යෙ න් ළද ලිය නො මැ දතුවමානි3

අ ය ත් නු ව න් ඔත් කැලුමෙන්4 යොත් ලමිනි

ප ය ත් එ යි න් තට5 කීකරු නොවනු වැනි

ප ය ත් ක යෙ න් මුත් යා නොහැකි එ6 පුරෙනි


91. අ ති න් කොමළ බැවිනළ තද යැ රන්දමා7

නෙතින් බලන සිරි කො ද ඉඳුවරන්දමා

ග ති න් නොසරි වනුයෙන් සුර’සරන්දමා

ඉ ති න් මෙ ලොවැ උවමට කියනු කින්දමා


92. ඔ ද ම න් යොවුන් මද මතඟන පෙලැඹුමට8

ස ල ම න් සලඹැ සන් කොලහල යනෙන විට

සොබමන් තමන් දඟ සරි යැ යි තොප කරට

අ ව ම න් කරන වැනි ඉන් යා ගන් නො සිට


93. මි ල දි යැ තු න් වටනා රජ කුලේ දුලේ

තු ල9 දි ගැ තු න් උසුලන මි තලේ බලේ

ග ල10 ම දැ තු න් ලොබිනෙන මි ලොලේ අලේ

බ ල ම දැ තු න් මා තොටැ ඇත් හලේ නිලේ


94. තු ල් ව ලා සෙද දිවෙන දිසි දි යා තර11

ලොල් ව ලා පනන මෙන්12 විදු සි යා කැර

නි ල් ව ලා සිඳු පිය’ටි13 බිමැ ගි යා යුර

නි ල් ව ලා ගගිනෙ තෙර කර පියා සර


1රුවන් නව රඳනා වැලි(ගු);...වළ2.වරට .3ලද ලිය පත්ත දකිමිනි)ගු); ලද ලද ලිය ත දකිමිනි(දි)4.මෙන කැලුමන් (ගු);කැලැ කැලුමන්(දි) 5.තොපය ඉන් 6.මෙ(ගු) 7.බැවිනලු තදය රන් දමා;බැවිනුදු තදය රන් දමා; බැවිනුදු තද සරන්දමා 8.පැලැඹුමට 9.සරි 10.ගිලි 11.කර 12.මින් 13.පියට


95. අවු ලේ වන් පෙනෙත

එන හිසැ සවසැ තැවුලේ

අවු ලේ නො ලා සිතු

යන්නැ උග්ගල් නැමැති බැවුලේ


19. සැදෑ නිස උදය වැනුම්[සංස්කරණය]

96. නුඹ සිය නිති රෑ ලැගුමට එ තැනැ එති

ඉන් කුල පති සෙබඩක වෙතැ ලෙසේ රුති

සැක නො පැවැති ගන සා තුරු වදුරු1 ඇති

තුගු වන පති තුරගෙනැ ලගුතු යාපති


97. දමස පුරා දිව වහළෙව් උදය වරා

අවර ඹරා පත් වර තරඟ’තින්2 දරා

සරත දුරා කැර නහවනුව සමුදුරා

සහස කරා කර ඇදි වැන්න තම කරා


98. පියයුරු අඳුරු තුරු සළු පටිනි වසමිනි

නිස කත එ සඳැ එත සිය කර හකුළමිනි

පරදර වරද වරමින් වර ගුණ සිතිනි

සිය කුල සිරිත රිවි මුළු ලොවට පෑ වැනි


99. ස දා නැගෙන බලනෙව් තුරු කොළ’තුරිනි

එ දා නිසඹු තොමො4 තම හට සැක වෙමිනි

ස දා සිතින් බොරු තතු හිමිට පාමිනි

ස දා වෙල සහල’ගුරු මාඩැ නිවු වැනි


100. කුඹුයොන් සයුරු බොත එහි මිණි සේ අනත

නුබ කැට තෙලෙහි දිසි මෙන් තුරු පහන් වත

සැදැ සඳුට සදමින්5 මඟ නිසා කත

ඉසි වැනි නිමල් මලිගිය මල් සිය දිමුත


1මැඳුරු 2. මහ දෙව්(ගු); මහ ලෙව්(දි) 3.වරතර ගතින් දරා 4.නිසඹ ඉන් 5.උදා වෙමින් එන සඳු(ගු).


101. අ මා ර සි න් රිසියෙන් හිමි සඳුන් සොඳ

බ මා ඔ දි න් පත් වරැ නුබ යහන් මැඳ

ද මා සෙයින් වන සෝ ගන අඳුරු කඳ1

ය මා ග මි න් වූ නිස කත් පහන් සඳ2


102. ග සා කරන් සක්වා වෙන් කළ පවින

නි සා පියඹ සහ තුරු පිරිවර ගියෙන

ස සා වෙසින් දුමුරස3 වෙමිනි එ මැ දින

ස සා දරහු බල පල ලද උදාසන


103. මුළු රෑ නො පා4 උදයෙහි5 බසිමින් ගසිනි

පියවන සදෙහි සළු අදවති6 රති මතිනි

නොපනත් පනත් කළ සැවුලක් නරඹමිනි

විල් කත් සිනා ගත් වැනි සියපත් වතිනි


104. ත ර ව පැහැරැ පිය පිය ඉන්ව වෙමින් නඳ7

බ ර ව රඳන පිනි පියමින් පිලින් සෙඳ

ත ර ව නො කැරැ8 කර නඟමින් කෙකා නද

ක ර ව මියුර රිවි දෙවි හට රැඟුම් පුද


105. යො දා තෙ දා කර9 කෙරෙමින් දෙසනුදෙස

ස දා10 උ දා රිවි දිළියෙන ගුවන් කුස

වි දා න දා පිය පිය මන්11 නො වී ලස

එ දා උ දා සනැ යා ගන් ගසින් බැස


20 . වන වැනුම[සංස්කරණය]

106. රැඳි සුලබා පල පලු මල් කැන් පොලඹා12

සැදි සසොබා නඳුනුයනු යි සැකි වැ සුබා

වන් සුර’ඹා වන් යන එන කලුන් සුබා

නුඹ නරඹා යන් මඟ දෙ පසැ වන ගබා


1.තමා ලෙදින සෝ දුර ලමින් සෙද(ගු) දමා සෙදින්...2.අද 3.දුමුරස්(ගු); දුම රැස(දි) 4.හිඳ 5.උදහැන(ගු) උදයෙන්(දි) 6.අදවන (දි) 7.මන් වෙමින් ඔඳ(ගු); පිය වෙමින් හද(දි) 8. හැර 9.අලු(ගු) 10.සොදා 11.රඳ නදා හද වඩමින් 12.කැල පලඹා.


107. සා මු වා ‘ඟන සමඟ වන කෙළි ලොලින

සා මු වා කැරැ ළ පලු කවමින්1 කවින2

සා මු වා වෙමින් විටෙකෙළි වෙනී3 පැන

සා මු වා බල එ කලැ වන හිසැ කෙළන4


108. ම දැ තු න් සදැ තුන් පහරින් සරතා

සියොතුන්6 ගන ගන සැකයෙන් ලැලෙතා

ද තු ව න් රැවු කරතත් නො මැ පවතා7

නොකරන් රඟ දැනැ8 නියවත නියතා8


109. තුරු හිමියෝ10 ලිය ලිය වලඳිමිනි

ස‍ා මුව දරු වඩමින් සා අතිනි

බිඟු සන් සුරතල් බස් මල් මුවිනි

කියම්න් නළවන වැනි ලෙළවමිනි


110. ගඟුලැලි ලා සි ලි ල ස ලා පුලින තලා

සෙවණ’ලු ලා එන නලැ ලා රොන ද සලා11

රත් පියලා රතිපිය ලා පියා12 නිලා

එ වන බලා රිසිනොබලා මැ තෝ පලා


111. එන වේලා දැනැ වේලා බුදින ලොළා

කඳුළු දුලා පිනි මැනලා සුසුමුදු ළා

ළය16 වෙවුලා එව් සසලා ළ පලු වැළා

එදුළු වලා නව මිදෙලා17 තුරු දු දුළා


112. ගු ව න් රු ව න් කැලුවන් ගෑ මෙන් ඔපට

නු ව න් වු ව ත් තුනු දිළි දිවමන් ලෙසට

ස ව න් වි ම න් වන සිරි සඳ වන මකුට18

නි ව න් එ යින් තොප සැතති සිතේ මට


1. කඩමින්(ගු) 2.තුවන;කම්ත(ගු) 3.පිනි 4.සොබන(ගු) 5.නා (සිවු පෙළෙහි මැ) 6.සියගුන් 7.ඉන් තුටු රැව් කරතන් නො ව පමතා(ගු) තුටු ඉන් රැව් කරතන් නො ව පමනා 8.දනු 9.නියෙනා 10.හිමියන්(ගු)11.තුරු සසලා හමන නලා රො නිනවලා(ගු); සෙවන දුලා හමන නලා රොනැ ද සලා(දි) 12.පියලි 13.වලා 14.තොපට බලා;මෙ තොප බලා 15.සුසුම තුලා(දි) පිනිනවලා වේ සුසුළා (ගු) 16.ලිය 17.ලොදු එ බලා වහ මිලිල(ගු);ලොදු දුදුලා නව මිලා(දි) 18.යුත් සිරි සර එ වන දුට(ගු); මන් රිසි ලෙදව.


113. එ දා මුනිදු පුද කළ නිසල නෙත් යොදා

ර දා ගියෙව් රතු නිල් සුදු කැලුම් කදා

වි දා දිගන පලු දල කඳු පතර සදා

ස දා උදුළ දුම රදු වඳු නිවන් සදා


114. ස ත පා සයුර නඳ පිනි පා කම් අසර1

ස ර පා සෙයින් මල් සරපා කරන දුර

ර න පා කෙසර තෙල් මුනි පා දහම් දර

ය ති පා තඹර වර2 පිනි පා කර මොනර


21. දෙව් නුවර වැනුම්[සංස්කරණය]

115. පෑ ප ත් සුදම් සබයේ සිරි3 පහළ කොට

යා ප ත් විලස පානා මෙන්4 නර ලොවට

මා ව ත් පතනුවන් වන් විටැ වන පිහිට

මා ව ත් මඬුව දැකැ යා ගන් පුර වරට


116. ලෙ ව් රකිනුව ලකැ සක කළ න‍ියෝ මෙනේ5

දෙ ව් රජ හිමි දෙවි නුවරට වඩින දිනේ

දෙ ව් පුරයෙන් පහ බෑ යොත් තුබු මෙනේ

ස ව මිණා කොත් කැන් දිළි ගුවන ගටමිනේ6


117. ව් සි තු රු පුරඹ වටොරට පැරැදැ විළියෙන

නි ර තු රු යනෙන ලද ගමනයැ නරඹමින7

පි වි තු රු සුතන් හැරැ යනු බැරි වැ තැන තැන

ර ඹ තු රු නමා8 සිටිනෙව්9 මුව කුඩා10 වන


118. ළ ඳු න් කැකුළු තන පට බැම්මේකින් යුතේ

එ ව න් දගේ සිටැ දුටුවන් ද බැඳැ ලතේ

වෙයන් මිදිමෙන්11 පැලැඹුම් ලැබු‍ණ හෝතේ

සෙදින් මෙ මුළු ලොව වුව බැඳැ-ලති සිතේ


1.කැන් අයුර;සතන් සිදු නො තපා කැන් අයුර(ගු) 2.සරණ සර (ගු) 3.සබ සිරි සර(දි) 4.පැමෙන් දිසි(දි) 5.සත් මති තියෝවිනේ(ගු) දෙව් රඳ ලක රකිනුව කළ නියෝවිනේ(දි)6. ගැටෙමිනේ(ගු) 7.කල හස ගමන රවමින(ගු)8.නැමි 9.සිටි වැනි 10.කඩා 11මිදි මුන්


119. සි සී වතට කිව කිවි ‍දන කියති සිසී

නොසී කරනු ඉන්1 නිලිපුලු නෙතට නිසී

ලැ සී ගමන් වත2 හස ගමන පසු බසී

ප සී පසින් වැඩි පැර ලති3 ලියෝ නිසී


22. රඟ වැනුම්[සංස්කරණය]

120. පුරඳර පුර අයුරු

පුර සිරි බලා මෙ ලෙසින්

වැඩම කර රජ ගෙට

වැඩ ම කරවත4 මිතුර ‍සතොසින්


121. ස රා සි රි න් රැකැ සිටැ ර දොරා දොරා5

ව රා ස ඳි න් දුකඳුරු ද‍ිවයුරා යුරා

නි රා කුලෙන් සත රැකි වැ මසුරා8 සුරා

පු රා බැතින් නැමෙමින් නමකරා කරා


122. නි ලව රන් ලිය වදලැ කෙවිලි7 රැවු සමා

ලෙල‍ව8 කියන ලිය ලිය ගියට කන් නමා

ලොලව මෙ සෙවු රූ නො මැ දුටු විරූ තමා

බ ලව නළ’ඹ වන්9 රඟ මඬලැ නෙත් යොමා


123. රත කමලේ පෙති සිරි ඇති ඇඟිලී10

ලෙළ එ කලේ කල11 කරතලිනුදුලී

රඟ මඩලේ ඉසි පුල් මප් ඇඳිලී

පැහැන වලේ12 තුරු දිළි නුබ කියෙලී


124. ස සො බා ලෙළ පද පද’නුවැ මෑ තබා13

නොතබා රැවු දුන් සන්සල සලඹා

න ර ඹා සුර’ඟන වන් රඟ නරඹා

ඔ ල ඹා ලනු බැරි සිතු නො මැ කලඹා


1.දුල්(දි) 2.වෙත(ගු);වන 3.යුති(ගු); සැරසි යෙනි.(දි) 4.කර සෙක (ගු) 5.දුරා 6.නිරිකුලෙන් නිති සත රැකි සුරා(දි) 7.රන් ලිය වදල කෙ‍විලි(ගු) දුලව රන් ලියෙව් දුල කෙවිලි(දි)8.ලලව (ගු)9.නළඟනන්(දි) 10.ලිය[සිවු පෙළෙහි යැ](ගු) 11.නල එකලේ කළ(ගු) 12.ලෙළ විදුලේ 13.නරඹා 14.නලඹා(දි)


125. ර ළ ලා උ පු ලා1 ලෙළුම තුලායා

නෙතු ලා2 බැ ම ලා බම‍වා ලායා3

ර ඟ ලා එ ක ලා බැලුම’ස ලායා4

නෙතැලා සි තැ ලා ඇදැ5 බැඳැ ලායා


126. ලකළ රුවන් රන් බන්දී

ලෙළෙන අතැ මැ සිතු බැන්දී

කියු6 ලිය ගී සුරු සන්දී

අසන රිසි යැ7 එ මැ කන්දී


127. යුග කොපුලා බිතැ උලුලා

මිණි කොඬොලා කැරැ සසලා

එ මනකලා රඟන කලා

වත මැ බලා රිසි නො පලා8


128. ව ය න් නන් පෙදෙයි ලා9 තබා ගී තමන්නේ10

අ ඟි න් නන් රගන්නන් සුරන් යැයි සිතෙන්න්11

මෙවන් රූ නුවන් වන් ලෙවන් කුම් කියන්නේ

ම ලි න් දුන්න ගත්තේ ද ගැත්තේ යැ උන්නේ


129. කුහුල් වන් මියුල් දෙන් නෙතෙ’ම් නෙත් බැලුම්ලා

කමල් වන් වතුන්12 ගී මතින් රැවු නැගුම්ලා

ළ හෝ පත් නො පෑ තුල් පතුල්13 පෑ නෙළුමලා

නිවාමේ දනන් වන්14 නිවායේ රැගුම්ලා


130. මත් වැ මනමත් සරිනි ගී රස හිවානෝ15

අත් තලට ගත් ලෙසිනි විදු ලිය සමානෝ16

රත් පබළ පත් අයුරු පත්ල බිමැ17 පානෝ

සත් සතුටු වත්18 නොපටු සිත් වඩති යෝනෝ


1උඳුලා(දි) 2.නෙතලා 3.බැම බමලායා 4.බැලුව සලායා 5.බැඳැ(ගු) 6.කිය(ගු) 7.රිසි ද(ගු) 8.වලා 9.පා(ගු) 10.රවන්නේ(ගු);බමන්නේ(දි) 11.ළඳුන් වන් සුරන්නේ 12.වතින් 13.නො පත් තුල් අතුල් 14. මන් 15.වත් වෙමිනි මන් සරි ව ගි රසෙහි වානේ ‘නේ’(සතර පෙළෙහි මැ) 16.ලෙසිනි විදුලිය සමානේ(ගු) ලෙලෙන විදුලි සමානේ (දි)17.අත් අබින(ගු) අත් බියස (දි) 18.වෙත්


131. අඟනත රඟ බැසැ පැණ අතරායා

තනනා1 තන නම් රන් තිසරායා

විලසින් ද නුයෙන් දෙව් අසරායා

දුන්2 ගී මන මත් කරවන3 රායා


132. බැලුම් ඇලුම් කරන ලොලේ

කතක4 එ රඟැ රඟන කලේ

පැළැඳි සවනැ නිල් උපු‍ලේ

නෙතට පැරැදි සෙයින් සැලේ


133. පෑ තුනු පෑ තුනු5 සුර අඟනන්නේ6

ලෝ වටනා රඟනා නළ’ඹුන්නේ7

සිලස රූ රසයින් නෙතැ ලන්නේ9

වේ තුට මේ තුට9 මේ දුටු වැන්නේ10


23. උපුල්වන් දෙව් රද වැනුම්[සංස්කරණය]

134. සැ දූ සඳෙව් යස සිරි11 පිරිසුදු සු දු

මු දු කුලුණු සිලිලින් සිලිලඳු බ ඳු

මි දූ ගිමන් වන් නව මේ රදූ රු දූ

ව ඳු සුරිඳු සඳ දිය12 සෙත යෙදූ උ දූ


135. සිරි ලත පැවැරු11 හැගි පුරඳර දැරැ14 මුඳුනි

සැදු තෙද දළ උදුළ සියපා15 සිය සෙයිනි

එ සුරිඳු පැළැදි රන් මිණි ගිහිණි කිරුළිනි

සෙලඳුන් සුනිල් මතැ සිහ රද රඳන16 වැනි


136. ගති නුපුලේ පැහැ ගත හිමි නළල් තෙලේ

රැඳැ17 නිමලේ රන් පට වොරඳනෙකතුසේ18

උදු සුනිලේ ගන පැහැන’වල ගන වෙලේ

කිව විදුලේ කිම දිළියෙනු ද ඇම කලේ


1.තනවන(ගු) 2.උන් 3.කරවත 4.කතුන්(ගු) 5.පැතුරුණු 6.අඹුවන්නේ(ගු) 7.නළුවන්නේ(ගු); ලේවට රගන නෙක නළුවන්නේ (දි) 8.රූ රැය සීලස කැනතෙන වන්නේ(ගු); සීලසයෙන් තෙත ලන්නේ(ද)9.පව්තුට 10.දුටුවන්නේ11.දිය 12.පද ලොව(ගු) 13.පවර 14.ගෙන 15.සිය පත 16.සුදුල් වර සිහ රද රැඳුණු(දි) 17.රැද 18.රදන ඇම කලේ


137. සුර’ඹ නෙතා මින් ඇදි බිළි පෙළ වැ1 ගතා

දෙ බැම ‍ලතා2 සිරි දැකැ උලෙළ කැලුමැතා

සහස නෙතා සැවු සරි නො වත විළි සිතා

පෙනෙන ඉතා කලෙකිනි නො දිසැ ගිය අතා


138. අ න ත යු රේ රිසි යැදි යැදි සතන් කෙරේ

ඉ සු රු ත රේ දෙන බැලු මතිනි3 නොවිතරේ

ව න ත තු රේ පුරනුව නෙතට4 එක’යුරේ

ක ව ර ව රේ මේ සිරි දිසි ද ඉඳුවරේ


139. දිලි රත්5 තෝඩු යුග රිවි මඬලෙකි වෙතළ6

හිමි මුව තඹරැ ඉන් ඇම කල් සිරි දිසිළ

එත එක රිවි දුරිනි පුබුදින සිනැ දි කෙළ7

සියපත් නේ පත් ගඳ ගුණ සිය8 අසිතසළ9


140. අ ත ළ10 කුලුණු දිය පිරි උර විලැ11 වතළ

ල ක ළ දිමුතු මුතු වැළ වම් තරඟ වැළ

අ ස ළ නුර’ඹ නරඹන ලොළ නුවන් පෙළ

එ ර ළ12 ඇතුළැ පැයි පැනැ කෙළන මින් රළ12


141. යු ග බා සොඳුරු විසිතුරු සිරි සුලබාය

සු ර ‘ඹා ගෙලෙහි පළදන මන පොලඹාය

ස සොබා සිනිඳු ඉඳුවර දම් පසු බාය

නොතබා වනත හොත් අනත ද කර බාය


142. සිරි කමලේ වන්14 රඳනුයෙනි නිති නෙළේ

වත විපුලේ දෙත15 උර බිතැ බියෙනැලැළේ16

ඉති අතුලේ නම් පද’රුතනුරූ17 කළේ

හිමි අතුලේ සිරි සරි කෝ ද මේ ලේ තුළේ18


1.පෙළෙව්(ගු) බැඳි වන් නිලිපුලෙයි(දි) 2තදෙ මළ කතා 3.බැලුමකිනි (ගු) 4.වනන්තුරේ සර නුවනතට 5.රන් 6.රිවි යුග ‍මඩලෙන් වතුල(ගු) රිවි යුග මඩලෙකි වෙතළ 7.එක රිවි දුරින් යන පුබුසුන දින සියල(ගු) එක රිවි දුරිනි යන පුබුදන නෙක කමල(දි) 8.තුන්සිය සැට(ගු)නඳ නිති සිය(දි) 9.ගුණෙන සල(දි) 10.අතුල 11.උර බිතැ 12.එ දල(ගු) 13.ලකල ම්න් රැලය පැයි කෙළෙන රල වැල(දි) 14.මෙන් 15.වැණ(ගු) 16.රුතින් ඇලේ(ගු) සතත් ඇලේ(දි)බියෙන් ඇලේ17.නන් සදරුත් දැරු කලේ(ගු)18 මෙ තුන් කලේ(ගු).


143. ළ ක ල් කලුන්1 නරඹන නෙත් කැලුම් බර

සි ලි ල් වමන තුනු යටියට නැඟි පවර

සුනි ල් වසා ලිය යට වටැ රැඳි නිතොර

වි ම ල් සොඳුරු තෝ තැන්නෙකි නැබ ගැඹර


144. දිය සෙත නියුත හිමි උර බිතතුරුල්පත2

නිරතුරු උතුරුවනුතුරු කුලුණු බර’නත3

උසුලන බැවින් ලෙළ සිතු වලහින්4 සතත

ගත5 රැළි සෙයන් තුන් විලි දිසිනේ එ මත6


145. පසිඳු සිඳුරු කර සිදුරැ යි දුරැ ම තමා

සොඳුරු සිනිඳු රසුදුළ යුවළ දඟ7 තමා

උසස පෙදෙස සිහිනැ යි යනු අඩුව8 තමා

මොනර කර යැ සරි නම්9 යම්තමත් තමා


146. සිරි කත මතිනි මුත10 මලිගිය මල’යුරිනි11

පැහැ රළ පැහැරැ නැඟි තුනු යිඳු මුතු ලෙසිනි

දැඩියෙන් අසුර සෙන් යස ඇලුණා සෙයිනි

තෙවුනේ යැ සතත සරණත නිය කැන් සිරිනි


147. වි ‍ ස් මය කැරැ දුටු සඳැ නො මැ ඇරෙන ලොබා

තොස් වඩවන රූ රස සමුදුරෙයි පබා

ඇ ස් පිල් පෙළ දිටු තට නො කළ කලැ බඹා

ඇ ස් දෙකෙකින් නැරැඹියැ හැකි ද ඇති සුබා


148. සුරනිඳු කුලුණු සඳ යදි සිඳු වැන්නේ යැ

සිහි කළ සඳැ යැ ඇම සිරි පමුණන්නේ යැ

සිහි‍නෙන් දුටෙව්13 පිරිපත දුරු ලන්නේ යැ

යස තෙද සුව නුවණ14 ආ සිරි දෙන්නේ යැ


1.වරඹ(ගු() 2.බිත රතුරු පත(ගු) බිත තුරේ පත(දි) 3.වත කුළුණේ බර අනත(ගු) 4.වලඟෙහි(දි) 5.ගණ(ගු) ගන(දි) 6.දිමුත 7.දග යුගට 8.වෙසෙස (ගු) 9.කර ද සරි වත(ගු) කර ම සරි වෙය(දි) 10.මත ද්රපමුත 11.මල් සෙයිනි 12.සතක දිය සෙත මුල් වන්නේය(ගු) සෙත දෙන්නේය(දි) 13.දුට ද (ගු) 14. නැණ සැපත්.


149. සිතු මණි සුරබි ළඟ

නෙ වත කිව කිවි කෙ ලෙසේ

සිතු යුරු සුර ඉසුරු හිමි1

සිරි දෙනු වනනු කුම් සේ2


150. කු ළි න් කුළැ තුඟු සුනෙර හිය ගිරි මුඳුන

මු ලි න් මුලැ නඳුනුයන කප් රුක් සදන3

තෙරි න් තෙරෙහි සුර ගඟැ සුර’ඟන රඟන4

තෙනෙන් තෙන5 ඉති කියති යස ගී නදින6


151. සෙත යදි සක් හට දෙන දිගු බිතැ ඉසිරි7

පිරි මුලු සක් වළැ පුල් සුරිඳු යස සිරි

ලෙස වෙසෙසක් කැරැ8 නත නා හටත් සරි

වත දහසක් තව ලදුවත් වනත9 බැරි


24. අස්න[සංස්කරණය]

152. ද න් ව‍ා රදුන් කිරුළගැ මිණි කැන් ‍ සෙයිනි

පෙන්වා10 පැවැත් නිති තෙද දුළ එදුළ මෙනි11

ග න් වා12 දහම් ලක රැකි සුරුඳුට බැතිනි

ද න් වා ලන්නැ ගිය කටයුතු තතු ලෙසිනි


153. සේ කිරණ රත්13 සිඳු - දේ කැරැ කිරණ රත්13 සිඳු

යද තෙද බා තුරු නො තබා ලොවැ දිමුත

අප මහ බා බු ව නෙ ක බා නිරිඳු වෙත


ලො වැඩ අදහසින් - සාසන රැකුම් මුල් කැර‍ැ


සා ර හිවි බෙලෙන් දිය රැක්ම කිස කොට

බා ර හෙයාන් හිමි සිරි ලක් දිව ඔබට15


1සිත යුරු අයුරු කිම දින්(ගු)...අයැදි සත සිරි (දි) 2.හිමි ඔබ ගුණැම එ ම සේ(ගු) සැප සෙත එකසේ (දි) 3.‍සවන(ගු) සඳන 4.රඟන-තෙරින් තෙර සුර කිළිණි සුරඟන රදන(ගු) 5.තෙතින් තෙත(ගු) 6.ඔවුන(ගු) නඳන(දි) 7.බිතෙයි සැරි 8.ගෙන(ගු) 9.වණනු(දි) 10.දන්වා(ගු-දි) 11.තෙද නිති දියත දලමිනි(ගු) නිස තෙදිනුදු දලමිනි(දි) 12.දන්වා 13.රන්(ගු) 14.රක් සකස්(ගු) 15.හිමි ඔබ ලක් වෙ සෙස් කොට(ගු)


යොමා ගුලුණු මෙත් සව් දිගැ රුපුන්දමා

නි මා කැරැ දුසිරි සිරි ලකැ දුරින්දමා

ස මා1 දෙමින් රකිනුව පද’රුතන්දමා2

ඇ මා බල දෙන සි අයදින් සකින්දමා


154. රිවි කුලැ කිරි මුහුද - නඳ දෙන පුන් සඳෙකයුරු3


අ ල් ප සිතා නො සිතා වත දෙමින් ඉතා

කල් ප ලතා ස ර තා වන්4 ලෙවන් වෙතා


ප‍ිරි සිරි සඳ ලෙසින්-ඇම සඳැ පිය සිරින් සොඳ


සැ දූ සඳුන් වැනි යස දිගඟනන් ගතා

ර දූ සඳුන් ගුල රූ ගුණ මුඳුන් පතා


දි ය කොත් සියත් නඟමින් කුල හොබවන්ට

පි ය පු ත් රුවන් වඩමින් ලෝ රැකැ දෙන්ට

ලි ය ම ත් මුහුළු5 මෙන් රකුව යි6 බබළන්ට

දි ය යු ත් වදන් වැඳැ වැඳැ සිටැ සුරිඳුන්ට


155. රිවි සඳ සෙ තෙද යස7 - සැදි අවටැ රන් ගිරි සර8

සයුරෙක් සේ නෑර තියු ගී නදින් රැඳි

අ ල කේ කෝනාර හිමි සිරි සඳ වැලැඳි


සතපා උපා ගුරු - ඈපා හිමි දපින්9 සරු


දෙ ව් තුරු මෙන් ලෙව් රුති දුන් නුදුන්10 යුත

දෙ ව් හිමි සද සව් සැ ප තින් මුඳුන් පත


පි නා නා ලකැ මෙ තුන් බෑ හිමින් වෙත

ම නා නා ලොමිනිසුරු11 දෙවමින් සතත

දි නා නා ලෙසින් තෙද දියුණා දිඟත

අ නා නා විකුම් දුන මැනැවි දිය සෙත


1.සෙමා(ගු) 2.පදරුතින් දමා(ගු) 3.පුන් සද කිරි මුහුද වෙන් ඔද වහන රිවි කුල(ගු) 4.සරණය වන(දි) 5.මෙවුල්(ගු) 6.රකිවයි(ගු) 7.යස තෙද(ගු) 8.දෙ පස රන් ගිරි යුරු(ගු) රැඳි දිරිනි රන් ගිරි සරු(දි) 9.දු පින් 10.කඳුන් 11.ලොපියුරු(ගු) 12.දිනනා(ගු)


156. වි කු ම් දැඩි ඉකුම්වා1 රුදු රුපුන් පතා2

ත ර ම් වැඩි පදවි නම්3 තියු සිරින් යුතා

අ ද ම් එ ඩි නො කළ පළ5 අණ සකින් ගතා

අ ග ම් ප ඩි සෙනඟ වෙතැ යළි සිතක් සෙතා


157. අ ත් තල උ දු ල අවි රුපු කැල කළ7 සසල

ග ත් නිල අ ස ල කැරැ8 විකුමන් පෑ අතුල

ව ත් තල මෙ බල වෙතැ සලසැ ජය මඟුල

සෙත් බල සි හ ල සිරි දුන මැනැවි සුවිපුල


158. දි ලී කග’වි සකු හට කරත රණ බලි9

ඇ ලී සිරිතැ10 සිරි සඳ ඉඳින ඇදැහිලි

ලොලී වෙමින් නිති නම් රැකි11 ඇසිරැ කලි

කු ලී සෙනඟ ළඟැ12 කළ මැනැවි ජය බලි


159. ජ ය ර ම් පුරය මෙන් කැරැ රජ පුර12 සකස

ම න ර ම් සිරින් සිරි කත වන්14 පියුම් රැස

කොතරම්15 ඉසුරු වුව දෙන යදි ඇයැදි ලෙස

න ග ර ම්16 සිටු තුමන් සිදු කරනු මන්17 තොස


160. පි නා දෙ නා නානා සිරි සර වතිනා18

ද නා ම නා නා සොමිනසිනි19 වොරඳනා

ම නා මෙනා නායක මැති සඳුන්20 මනා

ම නා දි නා නා බල නැබළ දුන මනා21


161. වෙන් හස් ක ර න විකුමන්22 මන්වමින් කිරා23

ම න් හස් ද ර න25 රජ දම් මිණි නිදන් වරා

ර න් හස් ස ර න සිරි ලක් සර සිරින් සරා26

ස න් හස් ක ර න කැමිඳුන් මන් රිසින්17 පුරා


1.දැකුම් එඩි(ගු) දපය බිඳ 2.ගනා 3.නන් 4.‍අද 5.කළ ලක(දි) 6.පොඩි(ගු) 7.කර 8.කළ 9.වියන් වන කර’ක රණ කලි(ගු) අවියතුය කරන රණ කෙළි(දි) 10.සිතින්(ගු) සිරිත් 11.රැකි සතතැම(ගු) නම නිති රැකි(දි) 12.ළං 13.පුර සෙ රඳවා රජ පුර(ගු) පුරය වන් පු රඳනා(දි) 14.වස්(ගු) 15.කෙ තරම් 16.තගරම්(දි) 17.හට යදුව වන්(ගු) දුටුවන් කරන(දි) 18.මනා නා කිර සර දිරි දපිනා(ගු) විනා නො වි නානා සිරි සර වනිතා (දි)19.රදවමිනි (ගු)මේ සිරිනි(දි)20.මෙ සේනා නායක මැතින්(දි) 21.මෙනා දෙනා නා සිරි සැප යදින් මෙනා(ගු)මෙනා සානා නා බල දුක මැනැවි වනා(දි)22.විකුවෙන් 23.වෙමින් තිරා(ගු) තරා (දි) 24.මෙන්(ගු) 25.කිරණ(ගු) කරන(දි) 26.වරණ වැනි සිරි කල නඳුන්(ගු)වරණ වැනි සිරි ලක සරහි 27.සිරින්


162. සුසැදු බුදු සාසන - සිරින් සුලකළ ඇම සඳැ1


පැහැ සර ද හම් කොත් දිය කොත් කළ දියත2

පැන සර ද හ ම් කි ත් මා හිමි සඳු සමිත3


මහගුණ4 මහ තෙර - සුළු තෙර පවර හිමිනුදු5


උබය ලොවට සරු පින් කෙත් කළ දැන්ම6

උබය වාසයේ මහ සඟ ඇම තැන්ම


තු ස් වා7 ගුණ නුවණ ආ සිරි දී දිගට

ව ස් වා වත් වැ කිරඹෙව් ලෙව් සතුටු කොට

ප ස් වා දහස් දම් රකිනු යැ8 දෙව් රදුට

අ ස් වා කියන් මෙ වදන් අසිනැ9 නම කොට


25. ආසී[සංස්කරණය]

163. සත මිත් අම්ත් රැකි - වෙත් සිලිල පිරි සයුරෙව්10


විසි තුරු මිතුරු අ න තුරු නි ස යු රු සෙයින

ලකතුරු අතුරු නො වතුරු ‘ඳුරු දුරු11 කරන


ලෝ සෙත් කැරැ බැබැළි - කිහිරැල් පුල් සුරිඳු12 වෙතැ


මෙ තා හිත අතින් වැඩි දළ බැතින් ඉතා

මෙ තා හිත සිතින්13 පතමින් සතන් සෙතා


වේ වා14 සෙමෙන් සැළ කෙරෙමින් අද නන්ද

ගා වා ත යස ගී ලොවැ සැම එක බන්ද

නා වා ලෙවන් අදරින් නෑ මිතුරන්ද

බෝ වා පවතු සිරි විදැ විදැ මොනරින්ද


1.පිවිතුරු(ගු) 2.ජය කොත් කළ දිගන(දි)3.සහිත(දි) 4. මහගු ගුණ 5.හිමිහු ද 6.කළ සරු පින් කෙත් තැන්ම(දි) 7.තොස්වා 8.රකිනුව 9.යළි දු -(ගු) 10.මේත් සිත් පිරි සයුර මෙන(ගු) 11. නො ව දුකඳුරු (ගු) 12. දෙවිඳු 13.සිතින් (ගු) 14. මෙ වා (ගු)


26. කතු නිදෙස[සංස්කරණය]

164. කි වි සු රු මතැ කිරුළු යුරු රැඳි නැණිති සරූ

ග ණිසු රු ගු රු ළු දැමි2 ඇදුරිඳුට මුනුබුරූ

කි වි සු රු කිවි පුවළ කිවි රස බස මඟැරූ2

මෙ මසුරු4 මියුරු සඳෙස යැ කළ රස’සැ පිරූ5

"https://si.wikibooks.org/w/index.php?title=මයුර_සන්දේශය-ii&oldid=19262" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි