මයුර සන්දේශ-විවරණයv
101. අ මා රැ සි න් රිසියෙන් හිමි සඳුන් සොඳ බ මා ඔ දි න් පත් වරැ නුබ යහන් මැද ද මා සෙ යි න් වනමෝ ගන අඳුරු මැද ස මා ග මි න් වු නිස කත් පහන් සඳ
අන්න ය: අමා රසින් රිසියෙන සොද හිමි සඳුන් ඔදින් නුබ යහන් මැදැ පත් වරැ, නිස කත්, වන සෙයින්, සෝ ගන අඳුරු කඳ දමා සමාගමින් පහන් සඳ වු.
අර්ථ : අමෘත රශ්මිය දොහෝ නොහොත් අමෘත රසය කරණ කොටැ-ගෙනැ රිසි වන්නා වු සුන්ද ර වු ස්වාමි චන්‍ද්රයයන් උදාර ලීලායෙන් භ්රඳමණය (ගමන්) කොටැ ආකාශ නමැති ශයන මධ්ය්යට පැමිණි කල්හි, නිශා කාන්තා තොමෝ, වරහ ශොකය පරිද්දේන්, ඝනාන්‍ධකාර සමුහය මර්දානය කොටැ, සමාගමයෙන් ප්ර සන්න චිත්තය ඇත්තියක් දොහෝ නොහොත් ප්රයසන්න කාලයක් වුවා යැ. මයුර විවරණය 188 විස්තර : අමෘත රශ්මිය කරණ කොටැ-ගෙනැ ප්රිාය වන්නා වු යහපත් වු චන්‍ද්රැයා උදාර ලීලායෙන් ගමන් කොටැ ආකාශ මධ්ය්යට පැමිණි කල්හි අන්ධනකාරය නැති වැ රාත්රිඋය ඒ (චන්‍ද්රායා ගේ) සමාගමයෙන් ප්ර සන්න කාලයක් වුවා යැ. කෙසේ ද? අමෘතාකාර වූ (ශෘංඞ්ගාර) රසය කරණ කොටැ-ගෙනැ ප්රි ය වන්නා වු ස්වාමියා උදාර ලීලායෙන් ගමනය කොටැ, කාන්තාව ඒ (ස්වාමියා ෙග්) සමාගමයෙන් (සංසර්ගශයෙන්) පහන් සිති වු සේ යැ. සඳ මුඳුනට පැමිණි කලැ අන්‍ධකාරය දුරු වැ රාත්රි(ය අතිප්රෙසන්න වූ බව මෙ සේ පැවැසිණ.
ටිප්පණි : 1. අමා රසින් - චන්‍ද්රටයා ගේ රශ්මිය සිසිල් වන බැවින්, සුව පහස් දෙන බැවින්, අමෘත රශ්මිය නම් වෙයි. ශෘඞ්ගාර රසය ද පරම ප්රිසතිය ගෙනැ දෙන බැවින් ‘අමෘත රස’ නම් වෙයි. රසාර්ථවයෙහි ‘රස’ යනු තුන් වන විබත් ගෙනැ ‘රෙසෙන්’ යැ යි සිටිතුදු ශ්ලෙෂයට ඉඩ දෙනු සඳහා මෙහි මඳ වෙනසෙක් වි යැ.
2. රිසියෙන - ‘රුස්’ ධාතුයෙන් නිපන් ‘රිසි’ යන අතීත කෘදන්ත නාමය ධාතුව වු තැනි. දිලියෙන - ගිලියෙන - සිලියෙන - යනාදි තැන් ද විමසන්නේ යැ.
3. බමා - ‘බම’ ධාතු අකර්මනකයි. උභය පද යි. (පර පද) බමා - බමති - බිමි - බුමු. (අත් පද) බෙමේ - බෙමෙති. අතීත කෘදන්ත නිපාතය බමා - බැමැ යැ යි දෙ ලෙසෙකින් යෙදේ මෙ සේ වරනැගෙන ධාතු ‘බම’ ගණයට අයත් වෙයි.
4. දමා සෙයින් - ඇතැමිහු “තමා ලෙදින් වෙන සෝ දුර ලමින් සෙද” යනු සුපාඨය කොටැ - ගනිති. ‘ලමින්’ යන තන්හි ‘න්’ යනුයෙනුදු. එළි වැටක් පිරෙන බව සැබෑ යැ. එහෙත් අප අතට පැමිණි පිටපත්හි එ බන්දෙක් නො පෙනේ. “තමා ලෙදින් යන්නට “අන්‍ධකාර ව්යා ජයෙන්” යැ යි අරුත් පවසති.
5. වන යෝ - ප්රිනය වියොගයට පැමිණි ස්ත්රිවයට ද ප්රිතය වියොගයට පැමිණි පුරුෂයාට ද ‘වන’ යනු නමි. එ හෙයින් වියොග ශෝකය ‘වන සෝ’ නම් වෙයි. නිශා කාන්තාව ද මේ ශෝකයෙන් පෙළුණි දැන් ප්රිවය සම්ප්රියොගයට පැමිණැ ඒ ශොකය දුරු කළා යැ.
මයුර විවරණය
189
6. සමාගමින් - සමඟ විසිම - සංසගීයට පැමිණිම මෙහි ‘සමාගම’ නමි. සිංහලයෙහි බෙහෙවින් යෙදෙනුයේ ‘සමගම්’ යනු යැ.
102. ස සා කරින් සක්වා වෙන් කළ පවින නි සා පියඹ සහ තුරු පිරිවර ගියෙන ස සා වෙසින් දුඹුරස වෙමිනි එ මැ දින ස සා දරහු බල පල ලද උදාසන
අන්නාය : කරින් ගසා සක්වා වෙන් කළ පවින, තුරු පිරි වර සහ නිසා පිය අඹ ගියෙන, සසා වෙමින් දුමුරස වෙමිනි, එ මැ දිනැ සසාදරහු ලද පද, උදාසනැ, බල.
අර්ථඋ : රශ්මියෙන් දොහෝ නොහොත් අතින් ගසා චක්ර වාකයන් වියොග කළා වු පාපය කරන කොටැ-ගෙනැ තාරකා නමැති පරිවරය සමඟ රාත්රිා නමැති ප්රියයාම්බිකාව ගිය යෙහින්, සාවා ගේ වෙෂයෙන් ධූම්රිත්‍වය (දුඹුරු බව) වී, ඒ දිනයෙහි මැ ශශධරයා (චන්ර්ැතියා) ලැබු ඵල, උදය ආසන්න කාලයෙහි, බලව.
විස්තර : රාත්රිමය පැමිණෙත් මැ චක්රරවාකයා චක්රුවාකිය ගෙන් වෙන් වේ. මේ වෙන් වීම චන්‍ද්රැයා විසින් තමා ගේ කරින් (රශිමියෙන් හෝ අතින්) ගැසිමෙන් කරන ලද්දේ යැ. ඒ පාප කර්ම යා ගේ ඵලය චන්‍ද්රෝ තෙමේ එ දිනැ මැ ලද්දේ යැ. කෙසේ ද? තරකා පරිවාරය සමඟ රාත්රිච නමැති ප්රිඅයාව ද ගියා යැ. ඒ ශොකයෙන් චන්‍ද්රේයා ගේ ශරිරයෙහි සාවකු ගේ ආකාරයෙන් දුඹුරු බව වියැ. උදය රාත්රි්ය ඉකුත් වැ තාරකා නො පෙනා ගොස් චන්ර් යා ද නිෂ්ප්ර භ වු බව සේ වර්ණිත යැ.
ටිප්පණි : 1. සක්වා - කව් සමයයෙහි අතිප්රගසිද්ධ ජලවර පක්ෂිර විශෙෂයෙකි. මේ පක්‍ෂින් ගේ විශෙෂය නම් රාත්රිිය පැමිෙණත් මැ අඹු සැමි දෙ දෙනා වෙන් වීම යැ. එ සේ වෙන් වු දෙ දෙනා ගඟෙකැ දෙ තෙරැ හිඳැ වැලැපි උදය යළි දු එක් වෙත් ල.
2. සසා වෙසින් - චන්‍ද්රා මණ්ඩලයෙහි ශශ (සා) රූපයෙක් වෙයි යනු කවි සමය යි.
3. සසාදරහු - සසා (සාවා) දරනුයේ සසදර යි. දිර්ඝ ය සදස් රකි. මයුර විවරණය 190
103. මුළු රෑ නො විඳැ උදයෙහි බසිමින් ගසිනි පියවන සෙඳහි සළු අදවති රති මතිනි නොපනත් පනත් කළ සැවුලන් නරඹමිනි විල් කත් සිනා ගන් වැනි සිය පත් වතිනි
අන්න ය : මුළු රෑ නො විඳැ උදයෙහි ගසිනි බසිමින්, පියවන සඝෙඳහි රත් මතිනි සළු අදවති. නොපතත් පතත් කළ සැවුලන් නරඹමිනි, විල් කත් සියපත් වතිනි සිනා ගත් වැනි.
අර්ථත : සකල රාත්රි යෙහි (රති සැප) නො විඳැ උදයෙහි ගසින් බැසැ අත් හරවන්නා වු කාලයෙහි කාම මත්ත භාවයෙන් සළු අඳවත්, (මෙ සේ) අනිතිය නීතිය කළා වු කුකුළන් බලමින්, තඩාග නමැති කාන්තාව ශතපත්රල (පියුම්) නමැති මුඛයෙන් සිනා ගත්තා වැන්නැ.
විස්තර : කුකුළෝ රත්රිතය මුළුල්ලේහි ප්රිනයාවන් සමඟ එක මැ ගෙයෙහි නිදි ගත්තෝ යැ. එ හෙයින් සම්භොගයට සකල රාත්රිලයෙහි අවකාශ ලද්දෝ යැ. එහෙත් ඒ සුදුසු කාලයෙහි සම්භොගය නො විඳැ උදයෙහි ගසින් බැසැ ප්රිියාව වටා යෙමින් සළු අඳවති. කාමාශායෙන් එ සේ කළ ද ඒ නම් කාමාශායෙන් දුරු කරවනු ලබන්නා වු වෙලාව යි. උදය කාලයෙහි මෙ සේ හැසිරිම නිතිය නො වේ, අනීතිය යි. එහෙත් කුකුළෝ එ බඳු වු ඒ අනීතිය නීතිය කොටැ-ගත්තෝ යැ. ඇත්ත වශයෙන් ඒ නම් සිතා සියැ යුත්තෙකි මැ යැ. එ හෙයින් විල් අඟනෝ පියුම් නමැති මුවින් සිනා සුණෝ යැ. උදය කුකුළන් ගසින් බැසැ කිකිළියන් වටා ගිය බව ද විල්හි පියුම් පිපුණු බව ද අතිශය රමණීයාකාරයෙන් වැනු පරිදි යි.
ටිප්පණි : 1. විඳැ - ‘විඳැ’ ධාතු ‘බස්’ ආදි පර පද යි. විඳි - විඳිති - විනි - වුනු. මේ ධාතු ‘රක්’ ආදි පර පද ද වන බැවින්, අයුහි දෙ බස්හි ‘විඳි’ යන රූපය ද ලැබේ. 2. පියවන සඳෙහි - උදයෙහි පුරුෂයෝ සම්භොගය පියති, හරිති. එ හෙයින් උදය නම් පුරුෂයන් ලවා සම්භොගය පියවන්නා වු - අත් හරවන්නා වු - කාලය යි. ඇතැමෙකි “පිය වත” යනු පාඨය කොටැ-ගෙනැ “ප්රි ය වන්නා වු” යැ යි අරුත් පවසති. බලවත් වරදෙකි. ‘පිය’ (හැරැමිහි) ධාතු ‘බල’ ආදි පර පද යි. පියා - පියති - පිසී, පී - පියූ, පී පූ. මයුර විවරණය 191 3. සළු අඳවති - මේ සළු ඇඳැවිම නම් කුකුලා පියා දෙක බිම ගෑවෙන තෙක් විදහා-ගෙනැ කිකිළිය වටා යෑම යි. විවා දිනයෙහි පුවරුව මතැ සිටි යුවතියකට සළු ඇඳැවිමක් වැනි හෙයින්, මේ වහර වෙයි. ඇතැමෙක් “සළු අඳවති” යන්නෙන් සම්භොගය මැ ගත් සේ සලකති. වරදෙකි. ‘රති මතිනි’ යනු එ කලැ නුසුදුසු වන බව කවර හෙයින් නො හඟිත් ද?
4. නොපනත් පනත් කළ - ‘පනත්’ (ප්රවඥප්ති) නම් නීතිය යි. ශිෂ්ට සම්මත වු ආකාරයට ඉඳුරා විරුද්ධ වු ආකාරයෙන් සැවුලන් හැසුරුණු හෙයින්, ඒ නොපනත් පනත් කිරිමෙකි.
104. ත ර ව පැහැරැ පිය පිය ඉන් වෙමින් නඳ බ ර ව රඳන පිනි පියමින් පිලින් සෙඳ ත ර ව නො කැරැ කර නඟමින් කෙකා නද ක ර ව මියුර රිවි දෙවි හට රැඟුම් පුද
අන්න ය: මියර , ඉන් නඳ වෙමින්, තර වැ පිය පිය පැහැරැ, බර වැ රඳන පිනි පිලින් සෙද පියමින්, කර නඟමින්, කෙකා නඳ කර වැ නො කැරැ, රිවි දෙවි හට රැගුම් පුද කරව,
අථර් : මයුරය, එයින් (විල් කත සිනායෙන්) සතුටු වැ, ස්ථිර වැ සිටැ පක්‍ෂය (පියායෙන් පියාව) ගසා, ඝන වැ රැදි සිටින්නා වු පිනි පිල්වලින් වහා දුරු කොටැ, ග්රි වාව උස් කොටැ කෙකා නාදය තදින් නො කොටැ, සූර්යි දෙවයා හට කෘත්ය පූජාව කරව.
විස්තර : විල් කත සිනා සෙනු දුටු මොනරා ගේ ද සිත සතුටු වනු නිසැක යැ.දැන් නිදි පියන කාලය යි. එ හෙයින් ගසෙහි ස්ථිර වැ සිටැ පියා පත් දෙක ගසා පිල්හි බර වැ ඇති පිනි දුරු කළ යුත් තේ යැ. ඉකිබිති සූර්යප දෙවයාට නැටුම් පූජාවක් කළ මැනැවි, එ සේ කරන කලැ කර නැගුව මනා යැ. කෙකා නාදය කණිකටුක වන සේ රළු නො කොටැ කළ මනා යැ.
ටිප්පණි : 1. තර වැ පැහැරැ - මෙහි තර වීම නමි ගසෙහි ස්ථිර වැ සිටිම යි. එ සේ සිටි කල්හි පියා පත් හොදින් ගසා පිනි දුරු කළ හැක්කේ යැ.
මයුර විවරණය 192
2. ඉන් වෙමින් නද - “මන් වෙමින් ඔද” යනු ඇතැමි කෙනකුන් ගන්නා පාඨය යි. (ඔද මන් වෙමින්) “ඔජස් සහිත චිත්තයෙන් යුක්ත වෙමින්” යනු එයට පැවැසෙන අර්ථ.ය යි. 3. තර වැ නො කැරැ - මෙහි “තර වැ” යනු ‘තදින්’ යන අර්ථ ය දෙයි. ප්රැථම කෘතිය පාදයන්හි ‘තර වැ’ යන එකාර්ථු යැ යි සිතිමෙන් දෝ ඇතැමෙක් තෘතිය පාදය -
“ තරව නො හැර කර නගිමින් කෙකා නද”
යැ යි ගනිත්. ‘නඟිමින්’ (නින්දෙන් නැඟි) යනු මුලට මැ හැරැ, සෙස්සෙහි අන්න යය, “තර වැ නො හැරැ කෙකා නද කැරැ” යන විසින් සලකා, “තා ගේ (ෂඬ්ජ නම්) රාවය වර්‍ජනය නො කොටැ කෙකා නාදය පවත්වා” යැ යි අරුත් ද පවසත්.
4. රැඟුම පුද - උදය සූර්යනයා දැකැ මොනරා පිල් විදහා කර නගා කෙකා නාද කොටැ නටනු සිරිති.
105. යොදා තෙදා කර කෙරෙමින් දෙසනුදෙස ස දා උ දා රිවි දිළියෙත ගුවන් කුස වි දා න දා පිය පිය මන් නො වි ලස එ දා උ දා සසැ යැ ගන් ගසින් බැස
අන්න ය : තෙද යොදා දෙසනුදෙසැ කර කෙරෙමින් උදා සදා රිවි ගුවන් කුසැ දිළියෙත , නඳ පිය පිය මන් විදා. ලස නො වී, එ දා උදාසනැ ගසින් බැසැ, යා ගන්.
අර්ථ : තේජස යුක්ත කොටැ දිශානුදිශායෙහි රශ්මිය කෙරෙමින් අභාවෘද්ධිය සලසා. සූර්ය්යා ගගන කුක්‍ෂියෙහි බබළත් මැ, ආනන්දැ ජනක වු පක්ෂ (පාය පත්) ද ප්රිටයා චිත්තය ද විදා, එ දා උදයාසන්නයෙහි ගසින් බැසැ ගමන් කරන්නැ.
විස්තර : තේජසින් යුක්ත වු (සූර්යි) රශ්මිය දිශානුදිශාවන්හි පැතිරුණු කල්හි උදයය (අභාවෘද්ධිය) සැලැසේ, අන්ධකාරය දුරු කොටැ, ආලෝකය ඇත් කොටැ රොගොත්පාදක ජිවාණු ආදින් රශ්මි තේජසින් නසා, මිනිසුන් කාර්ය යෙහි යොදා, අනෙකුදු සියකි වැඩ සලසන හෙයිනි. එ බඳු වු රශ්මිය දිශානුදිශාවන්හි පතුරුවමින් ලොවට වැඩ සලසමින් සූර්ය යා අහස්හා බබළන කල්හි ගසින් බැසැ යන්නට මෙයින් මොනරා ඇණැවිණ.
මයුර විවරණය 193 මොනරා යන කලැ නඳ පිය විදා යුතු යැ, පිය මන් විදා යැ යුතු යැ. නඳ පිය විදා යෑම නම් දුටුවන් සතුටු කරන්නා වු පියාපත් විහිදා - ගෙනැ යෑම යි. පිය මන් විදා යෑම නම් ඊයේ රෑ එකි වැ ලැගි ප්රිායාව කෙරෙහි බැඳුණු සිත විධ්වංසනය කොටැ(නැති කොටැ) යෑම යි. රැයක් එක් වැ ලැගි ප්රියයාව ගැනැ නො සිති යන්නට කි නිසා යැ.
ටිප්පණි : 1. කර කෙරෙමින් - ගුණවර්ධින සංස්කෘතියෙහි එන පාඨය “අලු කෙරෙමින්” යනු යි. පිටපත්හි නොඑන්නෙකි. ‘අලු’ යනු ‘කර’ යනු පමණ තැනට සුදුසු ද නො වේ. 2. විදා - මේ අර්ථා දෙකක් දෙයි. (1) (පියා) විදා = විදහා. ‘විදහ’ ධාතු ‘බල’ ආදි පර පද යි. විදහා - විදහති - විදැහි - විදැහු. විදහා = (‘හ’ ලොප සවර්ණ’ දිර්ඝප වීමෙන්) විදා. (2) (පිමයන්) විදා. මෙහි ‘විද’ ධාතු දුරු කිරිමෙහි වැටේ, ‘බල’ ආදි පරපද යි විදා - විදති - විදි - විදු. “ විදා අඳුරු දිසි කිරණේ” යනාදි තන්හි එහි අර්ථ පළ වෙයි.
3. සදා - ‘නඳ’ යි සිටියැ යුතු තැනි. මෙහි දු ‘තෙදා’ යන තන්හි දු දිර්ඝ ය සඳැස රකි. සන්තොෂය ද සන්කොෂය කරනු යේ ද ‘නඳ’ නම් වෙයි. මෙ තන්හි ලැබෙනුයේ දෙ වැනි අරුත යි. 4. පිය මන් - දිනක් වුව ද එක් වැ ලැගි ප්රි්යාව (96 වැනි පද්යමය) කොරහි ප්රේයමයක් ඇති වනු ස්වභාව යි. ඒ සිතට ඉඩ දුන හොත් ගමනට බාධා පැමිණේ. එ හෙයින් ඒ සිත දුරු කළ මනා යැ.
106. රැ ඳි සුලබා පල පලු මල් කැන් පොලඹා සැදිසසොබා නඳුනුයනැ යි සැකි වැ සුබා වන් සුරඹා වන් යන එන කලුන් සුබා නුඹ නරඹා යන් මඟ දෙ පසැ වන ගබා
අන්න ය: රැඳි සුලබ පල පලු මල් කැන් පොලඹා සැඳි, සාසොබ නඳුන් උයනැ යි සැකි සුබා වැ වන් සුර අඹ වන් සුබා කලුන් යන එන, මහ දෙ පසැ වන ගබ නුඹ නරඹා යන්.
මයුර විවරණය
194
අර්ථ : රැඳුණා වු සුලභ වූ ඵලපල්ලව පුෂ්පමඤ්ජරීණ් ප්‍ුඹලොභ කොටැ සැදුණා වු, සශොභ (ශොභා සහිත) නන්‍දනොද්යා්න යැ යි ශඞ්කිත ස්වභාවය (ඇති) වැ පැමිණියා වු දිව්යාසඞගනාවන් වැනි වු මනා (ශරිර) කාන්ති ඇත්තා වු කාන්තාවන් ගමනාගමනය කරන්නා වු, මර්ගනයා ගේ උභය පාර්ශ්‍වයෙහි වන ගභිය, නුඹ බලමින් යන්නැ.
විස්තර : මඟ දෙ පසැ වන ගභිය බලමින් යන්නැ. කෙබදු මඟ දෙ පසැ ද? සුභාස වු (මනා කාන්ති ඇත්තා වු ) කාන්තාවන් යන්නා වු එන්නා වු මඟ දෙ පසැ. කවුරුන් වැනි කාන්තාවන් යන එන මඟ දෙ පසැ ද? ශොභා සහිත වු නන්දකන උද්යාතනය යැ යි ශඞකිත ස්වභාවය ඇති වී පැමිණියා වු දිව්යාුඞගනාවන් වැනි සුභාස කාන්තාවන් යන එන මඟ දෙ පසැ. කෙබඳු වන ගබ ද? වර්ණු සම්පත්ත වු සුලභ වු පල කැන් ද පලු (දළු) කැන්ද මල් කැන් ද ප්‍ගමලොභ වන පරිදි සැදුනා වු වන පරිදි සැදුණා වු වන ගබ.
ඒ වනය නන්දනොද්යාරනය මෙන් රමණිය යැ. එය දක්නා දෙවගනනුදු “මේ නන්දනොද්යා නය මැ යැ” යි රැවැටෙන තරම් යැ. ඒ මඟැ යන එන අගනෝ එ සේ රැවැටි පැමිණි සුරඟනන් වැන්නෝ යැ.
ටිප්පණි: 1. රැඳි - “වර්ණ සම්පන්න වු” යනු මෙහි ලැබෙන අර්ථඟය යි. ඵලපල්ලවපුෂ්පයන් නානාවර්ණ වැ සිටුනා හෙයින් මේ අර්ථැය යෙදෙයි. ‘රඳ’ ධාතු සකර්ම්ක වුයේ වණර්වරත් වීමෙහි ද වැටේ. ‘බල’ ආදි පර පද යි. රඳා - රඳති - රැඳි - රැඳු.
2. පොලඹා - මේ අතීත කෘදන්ත නිපාතය ප්ර කාරාර්ථ්යෙහි වැටේ. ‘පොලඹන පරිද්දෙන්’ යනු අර්ථ් යි.
3. වන් සුරඹා වන් - වන්නා වු (පැමිණියා වු) දිව්යාෙඞ්ගනාවන් වැනි. මෙහි ප්රවථම ‘වන්’ යනු ‘වද’ (පිවිසුම්හි) දයින් සිදු අතීත කෘදන්ත නිපාත යි. මේ අර්ථරයෙහි ‘වද’ ධාතු ‘බස්’ ආදි උභය පද යි. (පර පද) වදී - වදිති - වති - වනු. (අත් පද) වැදේ - වැදෙති - වැදිණි - වැදුණු.
4. කලුන් සුබා - ශොභන වු බා (භසය - කාන්තිය) යමක ගේ ද ඕ සුබා.
මයුර විවරණය 195 107. සා මු වා ‘ඟන සමඟ වන කෙළි ලොලින සා මු වා කැරැ ළ පලු කවමින් කටින සා මු වා වෙමින් විටෙකෙළි පෙනි පැන සා මු වා බල එ කලැ වන හිසැ කෙළන
අන්නුය : කටින සැ මුවැ කැරැ, ළ පලු කවමින් කෙළි. ලොලින අඟන සමඟ වන සා මුවා. විටෙකැ සැ මුවා වෙමින් (විටෙකැ) එළි පැනැ පෙනී, වන හිසැ කෙළන, සා මුවා එ කලැ බල.
අර්ථැ : මුඛයෙන් ශාඛාව මුඛයෙහි කොටැ තරුණ පල්ලවයන් කවමින් ක්රි ඩා ලොභයෙන් (මෘග) අඞ්ගනාව සමග වන්නා වු ක්‍ෂුධිත (බඩැ ගිනි ඇති) මෘගයා ද, වරෙකැ ශාඛාවට මුවහ වෙමින් (වරෙකැ) එළියට පැනැ පෙනෙමින් වන මස්තකයෙහි ක්රිනඩනය කරන්නා වු ශාඛි මෘගයා ද, එ කල්හි බලව.
විස්තර : ඒ වනහෙහි මුවා ද වඳුරා ද බලව. කවර මුවා ද? තමා ගේ කටින් ශාඛාව නමා (මුව දෙන ගේ) කටෙහි කොටැ (කටට ළං කොටැ) ළා දළු කවමින් ක්රි ඩා ආශායෙන් මුව දෙන හා එක් වැ ඉන්නා වු බඩැ සා ඇති මුවා. කවර වඳුරා ද? වරෙකැ ශාඛාවට මුවහ වී ඉක්බිත් එළියට පැනැ පෙනෙමින් මන මුඳුනෙහි ක්රිකඩනය කරන්නා වු වඳුරා.
මුවා බඩැ සැ ඇත්තේ යැ. එහෙත් තෙමේ දළු නො කයි. තමා ගේ මඛයෙන් අත්ත ගෙනැ නමා ළා දළු මුව දෙන ගේ මුඛයට ළං කෙරෙයි. හේ මුව දෙනට එ තරම් ප්රේ ම කරන්නේ යැ.
ටිප්පණි : 1. සා මුවා’ඟන..... - සා මුව අඟන........ක්‍ෂුඛාව සා නමි. “ක්‍ෂුධාව ඇති” යන අරුත්හි දු ‘සා’ යනු යෙදේ. “ දැකැ සා බමුණා” යනැදි තන්හි දු ඒ පෙනේ.
2. සා මුවා කැර - “සා මුවැ කැර” යි සිටියැ යුතු තැනි.
3. සා මුවා - ශාඛා මෘගයා. වඳුරා ජාත්යසපෙක්ෂාපයෙහි එක වචන යි. (වඳුරු ජාතිය මැ ගන්නා පිණිස එක බසින් යෙදිණ) ප්රයථම පාදයෙහි ‘මුවා’ යනු ද මෙ බඳු යැ.
මයුර විවරණය 196
108. ම දැ තු න් මදැ තුන් පහරින් සරතා සි යො තු න් ගන ගන සැකයෙන් සැලෙතා ද තු ව න් රැවු කරතත් නො මැ පවතා නො කරන් රග දැනැ නියවන නියතා
අන්නරය : තුනේ මදැ පහරින් මද ඇතුන් සරත,ගන ගන සැකයෙන් සියොතුන් සැලෙත, පවත නො මැ දතුවන් රැවු කරතත්, නියවත නියත දැනැ, රඟ නො කරන්.
අර්ථත : ත්රි.විධ මදයෙහි ප්රකහාරයෙන් මත් වු ඇතුන් හැසිරෙන කල්හි, “ඝන වු මෙඝ යැ” (යන) ශඞ්කායෙන් වාතකයන් (කැඳැත්තන්) වලිත වන කල්හි, ප්රනවෘත්තිය නො මැ දන්නවුන් රාව (නාද) කරතත්, නුවණැතිය, නියතය දැනැ, නෘත්යව නොකරන්නැ.
විස්තර : තුන් තැනින් මද ගැලීමෙන් මත් වු ඇතුන් යන එන කල්හි ඝන වු වැසි වලා කුළු යැ යි සිතා වාතකයෝ වලිත වෙති, ඒ මේ අත පියා හඹන්නට වෙති. ප්ර වෘත්තාය හෙවත් තත්ත්‍වය නොදත්තාහු නාද කෙරෙති. මොනරා නුවණ ඇත්තෙකි. එ හෙයින් නියම තත්ත්‍වය (සත්ය ප්ර්වෘත්තිය ) දැනැ නැටිමෙන් වළකින ලෙස මෙයින් පැවැසිණ. මොනරා ද නුවණ නැත්තේ වී නම්, ඇතුන් මෙඝයන් කොටැ සින්-ගෙනැ, පිල් විදහා නටනු වෙයි.
ටිප්පණි : 1. පහරින් - මෙහි ‘පහර’ නම් “ දිය පහර” යනාදි තන්හි මෙන් ‘ගැලිම’ යන අර්ථන ඇතිතේ යැ. එ බඳු අර්ථරයක් එයින් නො ලැබෙති සිතා දෝ ඇතැමුන් ‘දහරින්’ යනු සුපාඨය කොටැ-ගනිති.
2. සියොතුන් - වැසි වස්නා කල්හි වාතකයෝ වලිත වෙති. ඔවුනට පැන් පෙවෙනුයේ වැසි වස්නා කල්හි පමණෙකි ල. “ ඔහු එ කලැ ඒ මේ තන්හි පියා හඹමින් වැසි දිය බොති” යනු කවි සමයය යි.
3. ගන ගන සැකයෙන් - ඇත්තු කො තරම් මහත්හු ද යත හොත් සාමාන්යි වලා කුළු මෙන් නො වැ මහත් වලා කුළු, මෙන් පෙනෙති. ඔවුන් ගේ කළු පැහැය වැසි වලා කුළු යැ යි හඟවන එකි ලකුණෙකි. මද දහර ගැලිම තවත් ලකුණෙකි. මයුර විවරණය 197 4. පවතා - ‘පවත’ යි සිටියැ යුතු තැනි සතර පෙළෙහි මැ දිර්ඝනය සඳැස රකිනට ගැනිණ. මෙහි ‘පවත’ නම් ඇති තතු යි - සත්යස ප්ර වෘත්ති යි. ඇතුන් ඇතුන් බව දැනීම පවත දැනීම යැ.
5. නියතා - ‘නියත’ නම් වනුයේ ඒකාන්ත (සත්ය) තත්ත්‍වය යි.
109. තුරු හිමියෝ ලිය ලිය වලදමිනි සා මුව දරු වඩමින් යා අතිනි බිඟු සන් සුරතල් බස් මල් මුවිනි කියමින් නළවන වැනි ලෙළවමිනි
අන්නිය : තුරු හිමියෝ ලිය ලිය වලඳිමනි, සා මුව දරු සා අතිනි වඩමින්, මල් මුවින් බිඟු සන් සුරතල් බස් කියමන් ලෙළවමිනි නළවන වැනි.
අර්ථම : වෘක්ෂ් නමැති ස්වාමිහු ලතා නමැති කාන්තාවන් වැලැඳැ - ගෙනැ ශාඛා මෘග නමැති දරුවා ශාඛා නමැති අතින් මඩා ගෙනැ, පුෂ්ප නමැති මුඛයෙන් භාඞ්ග සවන (නාද) නමැති සුරතල් වචනයන් කියමින්, පදවමින නළවන වැන්නෝ යැ.
විස්තර : අලගියවන්නයෝ මේ අර්ථ ය -
“ එ උයනැ ලිය ලියන් තුරු හිමි වලඳිමින ලෙළ දෙන අතු අතින් සා මුව සුතන් ගෙන සුදිළුණු ලිය ලවන් යුත් කුසුමන් වතින නළවන වැන්නැ බිඟු සන් සුරතල් බසින” යනුයෙන් කී හ. ඇතැමෙක් මෙහි නළවන්නන් ලිය ලියන් කොටැ-ගෙනැ විපරිතාර්ථ යක් දක්වති; ‘තුරු හිමියන්’ යැ යි පාඨය ද පෙරළති. ලිය ලියන් අතු අතින් සා මුව දරුවන් ගත හොත් කිමෙක් වේ දැ යි සැලැකුව මනා යැ.
ටිප්පණි : 1. වඩමින් - මෙහි ‘වඩ’ ධාතු දැරිමෙහි වැටේ. 2. නළවල - නැළැවිම නම් එකි ආකාරයෙකැ රැවැටිමෙකි එ හෙයින් මැ නළවන කල්හි නොයෙක් අන්දමේ සා බස් ගීයට කියනු ඇසේ. මයුර විවරණය 198 ‘නළ’ රැවැටිමෙහි ධාතු ‘බම’ ආදි උභය පද යි. අකර්ම ක යි. (පර පද) නළා - නළති - නිළී- නුළූ (අත් පද) නෙළේ - නෙළෙති.
ප්ර යොජ්‍ය විෂයයෙහි නළවා - නළවති - යනාදිය ලැබේ.
110. ගඟුලැලි ලා සි ලි ල ස ලා පුලින තලා සෙවණ’ ලුලා එන නලැ ලා රොන ද සලා රන් පියලා රතිපිය ලා පියා නිලා එ වන ලා රිසි නො බලා මැ තෝ පලා
අන්නනය : ගඟුලැලි සිලිල් අසලැ පුලින තල ලා. සෙවණලු ලා, එන නලැ ලා රොන ද සලා, රත් පියල් රතිපිය ලා පියා නිලා. තෝ එ වන බලා, රිසි නො බලැ මැ පලා.
අර්ථම : ගඞගා නිරන්‍ධරයෝ ජලාසන්තයෙහි වාලුකා තලයන් ලති. ඡායාව හෙළා, (හඬා) එන්නා වු මැරුතයෙහි දා රේණුව ද වගුරුවා, රක්තක, ප්රිමයාල, මදන, ලාක්‍ෂා, ප්රි,යක (වන වෘක්ෂලයෝ ) නිලති (නිල් වැ සිටිති.) තෝ ඒ වනය බලා රුචිය නො බලා මැ යව.
විස්තර : ගඟුල් හැලි කුමක් කෙරේ ද? ජලය අසලැ වැලි තලා දමයි. රත්, පියල්, රතිපිය, ලා, පියා (යන) ගස් කුමක් කෙරේ ද? සෙවණ ලයි, හමා එන්නා වු සුළගෙහි දී රේණු ද සලයි; එ සේ සෙවණ ද හෙළා, රේණුද සලා, නිල් වැ සිටි, එ බඳු වු ඒ වනය කො තෙක් බැලුව ද රුචිය නො නිමෙයි. වත තව ද බලන්නට මැ රුචිය ඇති වෙයි. එ හෙයින්, රුචිය ගැනැ නො බලැ මැ යන්නට විධානය කරන ලද.
ගුණවර්ධන සංස්කරණයෙහි පද්‍නැය එනුයේ මෙ සේ යැ :-
“ ග ඟු ලැ ලි ලා සි ලි ල ස ලා පුලින ත ලා තු රු ස ස ලා හ ම න න ලා රොනිනව ලා ර ති පි ය ලා ර ති පි ය ලා පියල නි ලා එ ව න බ ලා රිසි නො වලා තොපට බලා”
අරුත් මෙ සේ දැක්විණ : - “නදි නිර්න්දසරයෝ ය, සලිලාසන්ත වු වාලුකා තලයෝ ය, වෘක්‍ෂයන් චඤ්චල කෙරෙමින් වහනය කරන්නා වු පුෂ්ප රේණුන් ගෙන් ආකුල වු මාරුතයෝ ය යන මොවුන් ගෙන් යුක්ත වු රත් ප්රිාය ය ලාක්ෂාආ වෘක්‍ෂ ය (යළා දු) රති ප්රිලය ය (යළි දු)
මයුර විවරණය ලාක්‍ෂා වෘක්ෂ ය පියාල වෘක්‍ෂ ය යන මොනුන් ගේන් නීල වර්ණන වු ඒ වනය අවලොකනය කොට යුෂ්මතුන් හට බලවත් වු රුචිය නො වලක්නි මැ යි.”
ප්ර්ථම ‘රති පිය’ යන්නෙන් අත්තන කුකුරු මුවන් යන දෙක ද, ‘ල’ යන්නෙන් කෑල ද, ද්වතිය ‘රති පිය’ යන්නෙන් මූණ කිහිරි යන දෙක ද, ‘ලා’ යන්නෙන් ලාවල්ලා ද ගැනිණි ල. පාසැසියැ යුතු සම්බන්‍ධයෙන් නො පෙනේ. ‘වළකා’ යන අරුත්හි ‘වලා’ යන්නක් නො යෙදේ. යෙදෙනුයේ ‘වළා’ යනු යැ.
ටිප්පණි : 1. ගඟුලැලි ලා - මෙහි ‘ලා’ යනු වර්තකමාන ආඛ්යාරත යි.’ ගඟුලැලි’ යනු උක්තය යි. 2. අසලා - ‘අසලැ’ යැ යි සිටියැ යුතු තැනි.
3. සෙවණලු ලා - මෙහි ‘ලා’ යනු අතීත කෘදන්ත (පූර්වර ක්රිායා) නිපාත යි.
4. එන නලැ ලා - එන්නා වු සුළගෙහි දී. සුළග හමන කලැ යැ යැ සේ යැ. මෙහි ‘ලා’ යනු ද අතිත කෘදන්ත නිපාත යි. “එහි දී, මෙහි දී” යනාදි තන්හි ලැබෙන ‘දි’ යන්නට සමාන අර්ථකයක් දෙයි.
“ ‘ලා’ සද මුසු සෙමෙහි ඉහි යන අරුත්හි දු වේ”
යනුයෙන් රුවන් මල් කාරයෝ මේ ‘ලා’ යන්න අව්යියයක් කොටැ-ගෙනැ, අථි තුනක් පැවැසු හ. (1) මිශ්ර් යැ (2) සමාන යැ (3) සමඟ යැ යනු ඒ තුන් අර්ථතය යි. ඒ මතයට අනුවැ මෙහි ‘සමඟ’ යන අරුත ලැබේ.
5. රත් - රක්තක. බන්ධුකයට (බඳු වද ගසට) නමි. රතු වු මල් ඇති හෙයින් ඒ ගස ‘රක්තක’ නම් වේ.
6. පියලා - ‘පියල්’ යැ යි සිටියැ යුතු තැනි. ‘ආ’ යනු සඳැස රක්නට ආයේ යැ.
‘ප්රිපයාල’ නම් මධුර ඵල ඇති වෘක්‍ෂ විශෙෂයෙකි. මේ නම ‘පියාල’ යැ යි ද සිටි. ‘රාජාදන’ යනු ද මෙයට නමෙකි. රජුන්
මයුර විවරණය
200
විසින් අදනය (කෑම) කළ යුතු වු මිහිරි ඵල ඇති හෙයන් ඒ නම වී ල. ‘රාජාදන’ යනු කිරි පලු ගසට ද නමෙකි. එහෙත් ඒ ප්‍රියාල නො වේ. ‘ප්රිදයාල’ නාමයෙන් ගැනෙනුයේ මොර ගස යැ යි ඇතැමෙක් කියත්. “රත් පියලා” යනු “රති පිය ලා” යැ යි ගෙනැ ගුණවර්ධානයෝ මදන යැ ලාක්ෂා් වෘක්‍ෂ (කැලැ) යැ යි අරුත් බෙණෙති.
7. රත් පිය - මදන, ‘රති’ නම් අනඞ්ග භාර්යා.ව යි. රතිය ගේ පිය (වල්ලභයා - සැමියා) ‘රති පිය’ (රකි ප්රිය) නම් වේ. රත් ප්රියයාට මදන යනු දු නමෙකි. ‘මදන’ නාමයෙන් අත්තන, කුකුරු මුවන්, මුහුණ මල්, කිහිරි යන සතර වර්ග.ය මැ ගැනේ. ‘මදන’ යන්නට පර්යා්ය වු ‘රති ප්රි)ය’ යනාදි සියලු නම් මේ ගසට යෙදෙයි. මෙහි ලා ‘රති පිය’ යනුයෙන් මේ සියලු ගස් ගත නිවරද යැ.
8. ලා - ලාක්ෂාා වෘක්‍ෂ. කෑල ගස, ලා කිරි - ලා රස - ලා කඩ - යනාදි තන්හි පෙනෙන ‘ලා’ යනු කෑල ගස වැනි ඇතැම් ගසින් ලැබෙන ලහටුවට නම් ලා අධික කොටැ ඇති හෙයින් කෑල ගස ‘ලා’ (ලාක්‍ෂ වෘක්ෂ ) නම් වේ. ‘ලා’ යනුයෙන් ‘ලා වල්ලා’ යන වෘක්‍ෂ විශෙෂය ද ගැනෙති යි. ගුණවර්‍ධනයෝ කියති. මධුර ඵල දෙන ‘ලා වුලු’ නම වෘක්ෂ විශෙෂයෙක් ඇති. එ ඵලයෙහි කිරි ද ඇත. එහෙත් ඒ ‘ලා වල්ලා’ නාමයෙන් ගැනේ දැ යි විමැසියැ යුතු.
9. පියා - ප්රිියක. ප්රි යක නාමයෙන් ගැනෙන්නා වු වෘක්‍ෂ විශේෂ ද කිහිපයෙකි. “ ලේ වන් පුල් කෙසරු රන් වන් මල් පියා තුරු මගි හට මඟ’තුරු පැවැසි ගෙට යන නකත් වැඩ කරු”
යනුයෙන් කාව්යටගෙඛර කාරයෝ එක් ප්රි යක විශෙෂයක් වැනු හ. කොළොම් ගස ද ‘ප්රියයක’ නාමයෙන් ගැනේ. පුවගු ගසට ද ‘ප්රිකයක’ නාමය යෙදේ.
10. නිලා - ‘නිල්’ යන නාමය ධාතුව වී නිපන් ආඛ්යාුත පද යි. “නිල් වැ සිටි” යනු අර්ථ‘ යි. කවිසේකරයෙහි -
මයුර විවරණය
201
“ නිලා සිටින ගඟ සුදු වැලි ඉවුරු තෙලේ”
යන තන්හි ‘නිලා’ යනු අතීත කෘදන්ත නිපාත යි. එහි මැ -
“ නිලන තුස තණ පෙළ” යන තන්හි ‘නිලන’ යනු වර්ත මාන කෘදන්ත නාම යි.
11. රිසි නො බලා මැ - “රුචිය ගැනැ බලා නො සිටැ මැ” යනු අර්ථ යි ඉක්මන් ගමනක් ඇති හෙයින් මොනරා යැ යුතු යැ. එහෙත් ‘රුචිය’ නම් යන්නට නො සැරැසේ. ගමන ඉක්මන් වියැ යුතු හෙයින් මොනරා විසින් කළ යුත්තේ රුචිය ගැනැ නො බලා මැ යෑම යි. දෙ දෙනකු එක් වැ ගිය තැනෙකැ දී, එකෙක් යන්නට මැළි වේ නම්, අෙනකාට නැවැතීම ෙනා කළ හැකි නම් ,කළ යුත්තේ නොයන්නා නො බලා යෑම යි. වනයේ අත්යතනන රමණීයත්වමය මෙ සේ උත්කර්ෂයෙන් වැනිණ.
12. පලා - යව. විධාන යි. ‘පලා’ ධාතු ‘බල’ ආදි පර පද යි. පලා - පලති - පැලෑ. (අයු එක බසැ) පලා + ඊ = (අනම්යකයෙන්) පැලෑ + ඊ = (සවර පූර්වඅ රූපයෙන්) පැලෑ + ඈ = (සවර්ණල දාර්ඝයයෙන්) පැලෑ. (බහු බසැ) පලා + ඌ = පැලෑ + ඌ= පැලෑ + ඈ = පැලෑ. මෙ සේ පද සිද්ධිය කළ යුතු වනුයේ සිංහලයෙහි දිර්ඝූ ස්වරයන් ලොප් නො වන හෙයිනි. ‘ආ’ කාරාන්ත ධාතුන් ගේ වරනැගිම මේ බඳු යැ. කා (කෑමෙහි) - බා (බියෙහි) - දා (ගිනි බත විමෙහි, කැපිමෙහි) - මලා (මැලැවීමෙහි) - යන මේ ධාතුන් ගේ කෑ - බෑ - දැ - මැලෑ - යන රූපයන් ද විමසන්නේ යැ.
111. එන වේල දැනැ වේලා බුදින ලොළා කඳුළු දුලා පිනි මැ නලා සුසුමුදු ළා ළය වෙවුලා එව් සසලා ළ පලු වැළා එදුව වලා නව මිදෙලා තුරු දු දුළා
අන්න ය : බුදින ලොළ වේලා එන වේලා දැනැ, පිනි මැ කඳුළු දු ලා (එව්;) ළා නල සුසුමුදු (ලා එව්;) ළ පලු වැළ සසලා ළය වෙවුලා එවි. වලැ, ළුදුව නව මිදෙල් තුරු දු දුළා.
( ෙලාළා = ලොළ; නලා = නල; වැළා = වැළ; වලා = වලැ; මිදෙලා = මිදෙල්. මේ තන්හි වු වෙනස සලකන්නේ යැ.)
මයුර විවරණය 202
අර්ථ : මිදෙල් ගස් (තමා) කන ආශාව ඇති වෙහෙලා (මුවා) එන්නා වු වේලාව දැනැ, පිනි නමැති කඳුළු ද හෙළන්නා වැන්නැ; මඳ සුළඟ නමැති සුසුම් ද ලන්නා වැන්නැ; ලා දළු පඞ්කතිය වඤ්චල වී, හෘදයය වෙවුලන්නා වැන්නැ. වනයෙහි දළු ලිය ලු තරුණ මිදෙල් ගස් ද බබළයි.
විස්තර : ඒ වනයෙහි අලුතැ වැඩුණු මිදෙල් ගස් ද බබළයි. ඒ දළු දැමු මිදෙල් ගස් යැ. මුවෝ දින පතා එක්තරා වේලාවෙකැ ඒ මිදෙල් ගස් හි කොළ දළු කෑමට එත්. ගසින් පිනි හැළෙන විටැ, ඒ ගස්, මුවන් කෑමට එන වේලාව දැනැ කඳුළු ගෙළන්නා වැන්නැ. මඳ සුළඟ හමන විටැ ඒ ගස්, වන විපත සලකා, සුසුම් හෙළන්නා වැන්නැ, ලා දළු පෙළ සෙලැවෙන විටැ, ඒ ගස්හි ළය භයින් වෙවුලන්නා වැන්නැ. ව්යාිඛ්යාුන කාරයෝ මේ පද්යුයෙහි අථර් නො දැකැ නානා විකාර කෙරෙති. එකෙකුදු විචාරසහ නො වේ.
ටිප්පණි : 1. වේලා - වෙහෙලා = (‘හ’ ලෝපයෙන්) වෙ + ඵලා = (සවර්ණ දිර්ඝියෙන්) වෙලා, මුවාට නම් ජාත්යසපොක්‍ෂායෙහි එක වචන යි. එ හෙයින් මෘග ජාතිය ගැනේ. 2. බුදින - ‘බුදු’ (කෑමෙහි) ධාතු ‘රක්’ ආදි පර පද යි. බුදි - බුදිති - බිදි - බිදි. 3. කඳුළු දු ලා සුසුමුදු (ලා එව්) – “කඳුළු දු ලා” යන තන්හි ‘ලා’ යන ආඛ්යාකතය ‘සුසුම්’ යන්න සමඟ ද සම්බන්‍ධ කළ යුතු යැ. මතු “වෙවුලා එව්” යන තැනින් ගත් “එව්” යනු දෙ තැන මැ හා යෙදේ. ‘දු’ යන නිපාතයෙන් දෙ තන්හි ආඛ්යා තය සම්බන්‍ධ කරනු ලැබේ. කඳුළු ද සලන්නා මෙනි. සුසුම් ද ලන්නා මෙනි. අඛ්යා්තය සමග සමානාර්ථ නිපාතය යෙදිම වර්තඟමාන ව්යැවහාරයෙහි නො ලැබේ. පුරාතන ව්යරවහාරයෙහි ඒ අවිරල වි යැ.
“ පොබයා මෙන් නිරිඳු සඳ” විරී මෙන් සුපුන් සඳ” යනාදිය ද නිදර්ශපන යි.
4. ලා - ලයි. ‘ල’ (ලිමෙහි) ධාතුයෙන් වු වර්තසමාන ආඛ්යායත යි.
මයුර විවරණය 203 5. පිනි මැ කඳුළු - පිනි නමැති කඳුළු. මෙ සේ ‘මැ’ නිපාතයෙන් උපමෙයොපමානයන් බෙදා දැක්විම සිංහලයෙහි සම්ප්රකදායානුකූල යැ. ගුරුළු ගොමිහු -
“ එක්බිති රජ කුමර ඇය සිනිඳු පහන් පැහැ මැ සම වැ මමන සිලිල් ඇති, තුන් කැලැති මැ තරඟ වැද ඇති, නැබ මඬුලු මැ සළා වැටුම් ඇති, සොමි වුවන් මැ නම පුබුදු පියුම් ඇති... නෙත් මැ මහනේල ඇති.......අත් මැ පොකුරු දැළි ඇති....කියඹු වැලු වරළු මැ බිඟු පෙළ ඇති, ඉහිල් වසන් රසන් වැළ මැ හුන් මිදෙල් කුසුම රිණි ඇති, නැහැ අලුත් අඟරා මැ පියුම් රජ තවර ඇති, තනන තන මඬුලු මැ වජඹනා මත් හස් රජුන් ඇති, විළි බර සිනා මැ පුප්නා කුමුදු ඇති,.....වජන් මැ මි බඳු ඇති,....”
යැයි යොදති.
උදය ගසින් පිනි සැලෙනු ස්වභාව යි. මේ කවිහු ඒ පිනි සැලිම, පැමිණෙන විපත්තිය දැනැ සොවින ගස් කඳුළු සැලිම වැනි කොටැ-ගනිති.
6. ළා නලා සුසුමුදු - මඳ සුළඟ නමැති සුසුම් ද. ‘ළ’ යනු තරුණාර්ථළයෙහි වැටේ. එ හෙයින් කියැවිණ, රුවන් මලෙහි -
“ ළ සද සාතැ උරෙහි තුරුණු බැව්හි ද වනුයේ”
යැ යි. තරුණර්ථළයෙහි ‘ළ’ යනු වහරෙහි, ‘ළා’ යැ යි ද සිටි ‘ළ දළු’ ලා දළු’ යන දෙක සමාන යැ. ‘ළා නල’ හෙවත් ‘තරුණ සුළඟ’ නම් මන්‍ද මාරුතය යි. සුළඟ හමන්නට පටන්-ගත් කෙණෙහි (තරුණ අවස්ථායෙහි) ඉති මෘදු යැ. ඒ ක්රඟමයෙන් චණ්ඩ වෙයි. සුසුම් + දු = (‘උ’ ආගමයෙන්) සුසුමුදු.
7. ල පලු වැළා සසලා ළය වෙවුලා එව් - ලා දළු පෙළ වඤ්චල වී, හෘදයය කම්පිත වන්නා වැන්නැ. මහත් අන්තරායයකට පැමිණෙන්නට සිටින්නකු ගේ ලය වෙව්ලීම ස්වභාවය යි. මිදෙල් ගසෙහි දළු පෙළ සැලෙයි. ඒ සැලිම හේතු කොටැ-ගෙනැ හෘදයය කම්පිත වන ආකාරයෙක් පෙනේ. 8. ළය - හෘදයාථර්යෙ හි ‘ළ’ ශබ්ද යි. ළ + අ = ළය. 9. වෙවුලා - වර්තයමාන ආඛ්යාෙත පද යි. ‘වෙවුල’ ධාතු ‘බල’ ආදි පර පද යි. වෙවුලා - වෙවුලති - වෙවිල - වෙවිලු, වෙවුලු -
මයුර විවරණය 204 10. සසලා - අතීත කෘදන්ත (පූර්වෙක්රි යා ) නිපාත යි. හෙන්‍වර්ථආයෙහි වේ. ‘සසල’ ධාතු ‘බම’ ආදි උභහ පද යි. (පර පද) සසලා - සසලති - සිසිලි - සිසිලු, සුසුලු. (අත් පද) සෙසෙලේ - සෙසෙලෙති.
මේ ධාතු ‘රක්’ ආදි අත් පද ද වෙයි. සැසැලේ - සැසැලෙති - සැසැලිණි, සැසැලි - සැසැලුණු, සැසැලි.
11. වැළා - වැළ. ‘අවාලි’ (පඞ්කති) අර්-ියෙහි වේ.
12. එදුඑ - දළු ලු. පල්ලවිත ‘ළුදුර’ (දළු ලිමෙහි) ධාතුයෙන් වු අතීත කෘදන්ත නිපාත යි.
‘එදුර’ ධාතු ‘බස්’ ආදි අත් පද යි. ළිදිරේ - ළිදිරෙති - ළිදිරිණි,ළිදිරි, ළදිළි,ළිදිළ - ළිදරුණු, ළිදිරි, ළුදුළු, ළුදුළ.
13. වලා - ‘වලැ’ යි සිටියැ යුතු තැනි. ‘වනයෙහි’ යනු අර්ථ- යි.
14. නම මිදෙලා තුරු - නව මිදෙල් තුරු. ‘මිදෙල්’ නම් ජලාශ්රදයයෙහි වැඩෙන වෘක්‍ෂ විශෙෂයෙකි. එ හෙයින් ‘අම්බුජ’ යනු ද නාමයෙකි. සංස්කෘතයෙහි ප්රමසිද්ධ නාමය ‘නිවුල’ යනු යැ. ‘නව’ යන විශෙෂණය කවර හෙයින යෙදේ ද? මුවනට කෑ හැකි අලුත් ගසෙකැ කොළ අළු යැ. මහත් වැ වැඩී-ගිය ගසෙකැ නො වේ.
112. ගු ව න් රු ව න් කැලුමන් ගෑ මෙන් ඔපට නු ව න් වු ව න් තුනු දිළි දිවමන් ලෙසට ස ව න් වි ම න් වන සිරි සඳ වන මකුට නි ව න් එ යි න් තොප සිතතී සිතේ මට
අන්න ය : ඔපට ගුවන් රුවන් කැලුමන් ගෑ මෙන්, නුවන් වුවත් තුනු දිවමන් ලෙසට දිලි සවන් විමන්, වන සිරි සඳ මකුට වන. එයින් තොප නිවන් සිතති යි මට සිතේ.
අර්ථි : දීප්තිය පිණිස ගගන රත්නයා ගේ (සුර්යනයා ගේ) කාන්තීන් ආලිප්ත කළා සේ, නමනයන් ද වක්ත්රිය ද (අවශෙෂ) ශරිරය ද ජිවමානාකාරයෙන් බැබැළුණා වු සර්වයඥයා ගේ විමානය තෙමේ, වන ශ්රිි කාන්තාව ගේ කිරිටය වන්නේ යැ. එය කරණ කොටැ-ගෙනැ තොප නිර්වාවණය සිතති යි මට සිතෙයි. මයුර විවරණය 205 විස්තර : ගුරු බැවුලේ වනයෙහි බුදු (පිළිම) ගෙයෙක් වෙයි. ඒ බුදු ගෙහ වන ශ්රිව කාන්තාව ගේ වොටුන්න වන්නේ යැ. වන ශොභාව කාන්තාවක් වේ නම්, බුදු ගෙය ඇය ගේ වොටුන්න යි ඒ බුදු ගෙයි පිළිමයේ ඇස් ද මුහුණ ද (සෙසු) ශරිරය ද ජිවමාන බුදුන් ගේ මෙන් බබළයි. සූර්ය රශ්මිය ආලෙප කළා මෙන් දීප්තිය ඇත්තේ යැ. එ බඳු වූ පිළිම ගෙය නිසා උපන් ශ්ර ද්ධායෙන් මොනරා ද නිර්වාතණය ප්රාිර්ථපනා කෙරෙති යි කවිහු සිතති.
ටිප්පණි : 1. ඔපට - රූපයක් කොටැ වර්ණාපලෙප කළ පසු දිප්තිය ගෙනැ-දිමට ආලෙපයෙක් කරනු ලැබේ. එයට ‘වජ්රාාලෙප’ (වලිත්තිය) යැ යි කියති. මේ පිළියම ඉතා දිප්තාමත් හෙයින් ඔපය පිණිස සූර්යළ රශ්මිය ගෑවා වැනි යැ.
2. සමන් විමන් - සර්වසඥ විමානය. පිළිමයෙකි සඳහන් වී ද? පිළිම නමින් සඳහන් නො වි යැ. “ඔපට ගුවන් රුවන් ගෑමෙන් නුවන් වුවන් තුනු දිවමන් ලෙදට දිළි සවන් විමන් යැ යි. ගත් කලැ, ‘සවන්’ (සර්වමඥ) යනුයෙන් ගැනෙන්නෝ බුදුහු නො වෙති. ඉන් බුද්ධ ප්රනතිමාන ගැවේ. මේ විමානය ඒ ප්රෙතිමාව ගේ යැ.
3. වන සිරි සද මකුට වන - වනයේ ශොභාව ‘වන සිරි’ යැ. ‘සඳ’ යනු උත්තමාර්ථරවාචි යැ. ‘වන සිරි’ යැ යි කි කලැ ‘සිරි’ යනු යෙදුණු හෙයින් මෙහි වන ශොභාව ශ්රි කාන්තාව සේ සැලැකේ වන ශොභාව ශ්රිි කාන්තාව නම්, මේ පිළිම ගෙය ඇය ගේ වොටුන්න යි. ඉතා උත්තම ආභරණය නම් වොටුන්න යැ. ඒ සකල ශරීර ශොභාවට මුඳුන් වැ සිටි, එ මෙන් මැ මේ පිළිම ගෙය ද සකල වන ශොභාවට මුඳුන් වැ සිටුනේ යැ. ‘මකුට’ යනු සංස්කෘකයෙහි ද මෙ සේ මැ එයි.
4. එයින් - ...ය (ඒ පිළිම ගෙය) කරණ කොටැ-ගෙනැ එ ගෙයි පිළිමය ජිවමානාකාරයෙන් බබළනු දුටු කල්හි බලවත් ශ්රිද්ධාව උපදි. එයින් සිත නිවනට යොමු වේ.
5. සිතති - සිතති + යි= සිතති + ඉ = සිතති. සෙන්දෙහාදි අර්ථුයෙහි ආඛ්යාිතය අන්තර්වාතක්ය ගත වැ, සිටුනා පරිදි සලකන්නේ යැ. උක්තය ‘තොප’ යනු යි.
6. මට සිතේ - කර්ම ප්රතයෝග යි.එ හෙයින් ‘මට’ යනු කර්ත්ර්ර්ථ‘යෙහි සිවු වන විබත් යෙසුණු තැනි. කර්තෘ ප්රෝයොගය “මම සිතමි” යනු යි.
මයුර විවරණය 206
113. එ ඳා මුනිඳු පුද කළ නිසල නෙත් යොදා ර ඳා ගියෙව් රතු නිල් සුදු කැලුම් කඳා වි ඳා දිගත පලු දල කඳු පතර සඳා ස ඳා උදුළ දුම රදු වඳු නිවන් සඳා
අන්න ය : එ දා මුනිඳු යොදා පුද කළ නිසල නෙත් රඳා ගිය එව්, රතු නිල් සුදු කැලුම් කඳ විදා දිගන සදා, පලු දල කඳු පතර සදා උදුළ දුම රදු, නිවන් සඳා වඳු.
අථි : ඒ දිනයෙහි මුනින්‍ද්රසයා පිහිටුවා පූජා කළා වු නිශ්චල වු නෙත්ර යන් රැඳි ගියා මෙන්, රක්ත නිල ශෙවත කාන්තා ස්කන්‍දය (සමුහය) විසිදා, දිශාන්තය අලඞකෘත කොටැ, පල්ලව - පත්ර් - ස්කන්‍ධ ප්රාස්තාරයන් සියලු කල්හි උජ්ජවලිත වු ද්රැ,ම රාජයා, නිවන් (ලබනු) පිණිස වඳුව.
විස්තර : එහි බොධි වෘක්ෂකය වෙයි. ඒ වෘක්ෂියෙහි දළු රතු යැ. පත්රක නිල් යැ. මහත් වු කඳ සුදු යැ. එ තුන රතු නිල් සුදු කාන්ති සමුහය විහිදුවා දිශාන්තය හෙවත් හාත්පස අලඞකෘත කොටැ සියලු කල්හි දිලිසෙයි. පලු, දල, කඳු පතර යන තුවෙහි රතුනිල් සුදු කැඳුමි කඳ ගැනැ සිතා බලන කල්හි. ඒ දවස්හි බුදුන් වෙන අතකට නො හරවා යොදා පුජා කළා වු ඇස් එහි ඇලි සිටියා වැන්නැ. ඇස්හි කෙළවර රතු යැ, මැද නිල් යැ (කළු යැ,) ඒ වටා සුදු යැ, පූජා කළ ඇස් එහි මැ රැදුණේ නම්, ඒ ඇස්හි රතින් අළු රත් වැ,නිලින් කොළ නිල් වැ, සුදින් කඳ සුදු වැ ගියා සේ සිතියැ හැකියැ.
ටිප්පණි : 1. එ දා - බුදු වු දෙ වන සතියෙහි බුදුහු බෝ මැඩට ඊසාන දිශායෙහි වැඩැ සිටැ, බොධිය තමනට පිහිට වු බව සලකා, කෘත ගුණ සැලැකිම වසයෙන් තමන් ගේ ඇස් බොධිය දෙසට හරවා, එයින් බොධාය පුදා, වරකුදු ඇසි පිය නො ගියා, මුළු සතිය මැ ගැලැවු හැ. ඒ අනිමිෂ ලොවන පූජා නම් වෙයි.
2. රඳා - මෙහි ‘රඳ’ ධාතු ‘පිහිට’ ආදි උභය පද යි, අකර්ම ක යි. (ප.) රඳා - රදති - රැඳි - රැදි. (ආ.) රැඳේ - රැඳෙති - රැඳිණි - රැඳුණු.
3. ගිය - මේ පද පුරණය පිණිස යෙදුණේ යැ; ගමනිර්ථැයක් නො දෙයි. එ හෙයින් ‘රදා ගිය’ යනු ‘රැඳි’ (රැඳුණු) යන්නට සමාන යැ. කැපි ගියා - කැඩි ගියා - යනාදි විසින් ව්ය වහාරයෙහි දු මේ යෙදිම ලැබෙයි. මයුර විවරණය 207 4. දිගත - දිග මැ දිගත් මෙහි ‘අත්’ යනු ස්වාර්ථ් යි. වුවනත - නුවනත - යනාද තන්හි මෙනි. 5. කඳු පතර - ‘පතර’ යනු මහදර්ථ්හෙහි වැවේ. මහත් වු කඳ ‘කඳු පතර’ නමි. 6. සදා - ‘සද’ ධාතුයෙන් වු අතිත කෘදන්ත නිපාත යි.
7. සදා උදුළ - මෙහි සදා යනු සර්වාකාලාර්ථ වාචි අව්යවය යි.
8. දුම රඳු - ‘දුම්’ යනු වෘක්ෂර පර්යාචයයි . ඒ ‘දුම’ යි ද සිටි ‘රද’ යනු ශ්රෙ.ෂ්ඨාර්වන යි. 9. සදා - සඳහා = සද + ආ = සදා. ‘සදහා’ යනු අතිත කෘදන්ත නිපාත යි. ‘සඳහ’ ධාතු ‘බල’ ආදි පර පද යි. සඳහා - සදහති - සැඳැහැ - සැඳැහු.
114. සත පා සයුර නඳ පිනි පා කම් අසර ස ර පා සෙයින් මල්සර පා කරන දුර රන පා කෙසර තෙල් මුනි පා දහම් දර යත් පා තඹර වර පිනි පා කර මොනර
අන්නපය: සත පා සයුර නඳ පිතිපා, කර්මආ අසරැ සරපා සෙයින් මල්සර දුරැ පා කරන, මනි පා දහම් කෙසර තෙල් දර රත පා, යත් පා තඹර වර, මොනර, පිනිපා කර.
අර්ථප : (ෙලා්ක) සත්ත්ව්යා නමැති ක්ෂි ර සාගරයා ගේ අනන්දය වන චන්‍ද්ර යා වු කාම අශ්‍්කයයෙහි බ්රයහ්මයා මෙන් අනඞ්ගයා දුරට පහ කරන්නා වු, සර්වපඥ පාදයන් ගේ ධර්මුය නමැති සිංහ තෛලය දරන්නා වු ස්වර්ණත පාත්ර් වූ, යතිහු ගේ පාද නමැති පද්ම වරයට (උතුම් පද්මයට) මයුරය, ප්රටණිපාත කරව.
විස්තර : ඒ උග්ගල් බැවුෙල් විහාරයෙහි යති කෙනෙක් වෙති.ඔහු ලෝක සත්‍වයා නමැති කිරි මුහුදට යම් සේ ආනන්‍දයට පැමිණේ ද - ඹද වඩා ද - උතුම් වේ ද, ලෝක සත්‍වයෝ ද එ සේ මැ මේ යති තුමාණන් නිසා මහත් සන්තොෂයට පැමිණෙති. කාම ආශ්රයයෙහි (මේ කාම ලෝකයෙහි) බ්ර හ්මයා පරිද්දෙන්, මේ යති වරයෝ අනඞගයා දුරට පහ කරන්නෝ යැ - කාමයන් මැද්දෙහි වුව ද රාගය සිතින් ඉතා දුරට යවන්නො යැ. සිංහ තෛලයට සවණ්ර්හ පාත්රරය යම් බදු ද බුද්ධාත්තමයාණන් ගේ ධර්මයට මේ යති පාදයාණෝ ද එ බඳු වෙති. ස්වණි පාත්ර යෙහි සිංහ මයුර විවරණය 208
තෛලය සුදුසු තන්හි පිහිටියේ නම් වෙයි. එ මෙන් මැ මේ යතින කෙරෙහි ත්රිය පිටක බුද්ධ වචනය සුදුසු තන්හි පිහිටියේ නම් වෙයි. මේ යතිපාණෝ ත්රිෙ පිටකධරයෝ යැ. එ බඳු වූ ඒ යතින් ගේ පා පියුම වඳුව.
“රන පා කෙසර තෙල් මුනි පා දහමි දර යති.......”
යන්නට, “ සර්වදඥ පාඨ (බුද්ධ වචන) නමැති සිංහ තෛලයට ස්වර්ණණ පාත්රප වු ධර්මටධාර යතිහු ගේ.......”යැ යි අරුත පැවැසියැ හැකි ‘දහමිදර’ යනු එ කලැ ඒ යතින් ගේ නාමය වෙයි. උග්ගල් බැවුලේ වනයෙහි පිළිම ගෙයක් පමණක් නො වැ, ආවාසයක් ද වු බව හා, එහි ධර්මලධර සුශිල ස්ථවිරයාණ කෙනකුන් විසු බව හා මෙයින් හැඟැවිණ
ටිප්පණි : 1. පා සයුර - ක්‍ෂිර සාගරය. ‘පා’ යනු කිරට නමි. සංස්කෘතයෙහි ‘පයස්’ යනු වේ ‘පාල්’ යනු දෙමළ යි. මෙය නිරවුල් කැරැ-ගත නොහැකි වැ, නානා ව්යා්ඛ්යාුන කාරයෝ නානා මත පහළ කළහ, පාඨය ද විකෘත කළ හ. 2. පා සයුර පිනිපා - චන්‍ද්රළයා සාමාන්යව වශයෙන් සාගරයට ද, විශෙෂ වශයෙන් ක්ෂිසර සාගරයටද ආනන්දාරයක යැ යනු කවි සමය යි. මෙයට හේතු නැත්තේ මැ නො වේ. චන්‍ද්රකයා නිසා සාගරයෙහි වඩ දිය ඇති වෙයි. ඒ උදම් විම - පිරි යෑම - සලකා, සාගරය ආනන්‍දයට - මහත් ප්රිහතියට - ඔද වැඩීමට - පැමිණියේ යැ යි කියැ හැකි යි. පුරාණ මතය වු පරිදි චන්‍ද්රයයා කිරි මුහුද කලඹනු ලබන කල්හි පහළ වුවෙකි. කිරි මුහුදින් උපන් චන්‍ද්රහයා නිසා, ඒ කිරි මුහුද උදම් වේ නම් යුක්ති යුකත මැ නු ? පුරාතනයන් විසින් කිරි මුහුද යැ යි ගන්නා ලද්දේ සුළු ආසියායෙහි පෙරැ වු එකි කුඩා මුහුදෙකි.
3. කම් අසර - ‘කම් අසරැ’ යැ යි සිටියැ යුතු තැති. බ්රේහ්මයා කාමාශ්ර යයක් නැත්තා වු බ්රනහ්ම ලෝකයෙහි සිටැ අනඞ්ගයා (රාගය) දුරු කරනු ආශ්වර්ය නො වේ මේ ස්ත්රි්හු කාමාශ්‍්යයෙහි මැ - කාමයන් මැද්දෙහි මැ - සිටැ අනඞ්ගයා දුරු කෙරෙති. සියලු අතින් සිත් අලවන, අදින, බඳින. නොයෙක්
මයුර විවරණය 209 දැ මැද්දේහි සිටැ රාගය දුරු කිරිම. එ බඳු කාමයන් නැත්තා වු තැනෙකැ සිටැ - සැකෙවින් රාහයක් නැති තැනෙකැ සිටැ - “රාගය නැතැ” යි කිමට වඩා උත්කෘෂ්ට වු ක්රි යාවෙකි. ‘(පිනිපා) කැන් අයුර’ යනු දු පාඨ යි. එ කලැ “(සත්ත්ව්යා නමැති ක්ෂි ර සාගරයට ආනන්දපය වු ) චන්‍ද්රප රශ්මිය වැනි” යැ යි. අරුත් ගත යුතු.කවි සමයය හා ගැළැපෙති යි නො සිතේ.
4. සරපා - බ්රිහ්මයා. කමලභවනයා.’ සර’ (සාරස) නම් පියුම යි. එය පය - භවනය - නිවසය - වනුයේ යමක්හු හට ද හේ සරපා, බ්රකහ්ම තෙමේ පියුමෙකැ උපන්නේ යැ. එ හෙයින් අබිජයොනි - පද්මසම්භව - යනාදි නාමයෝ ඔහුට වෙති. හේ පියුමෙහි මැ වෙසෙයි. එ හෙයින් කමලාසන - කමලභවන - යනාදි නාමයනට සුදුසු වෙයි. ස්වරා දෙවිය ගේ පති වන හෙයින් බ්රෙහ්මයා (ස්වරාප) ‘සරපා’ නම් වෙති යි කියමින්, එයට සාධක දක්වන ගුණවධර්නරයෝ බෙහෙවින් වෙහෙසෙති.
5. රන පා කෙසර තෙල් මුන් පා දහම් - සිංහ තෛලයට සුදුසු ස්වර්ණ් පාත්රයයෙකැ යනු ලෝක සම්මත යි. සිංහයා මෘග රාජ වන බැවින් ඔහු ගේ තෛලයට ශ්රෙ ෂඨතම ලොහයෙන් කරන ලද පාත්ර.ය මැ සුදුසු කොටැ-ගත් සේ යැ. ස්වණි පාත්රකයෙහි සිංහ තෛලය අඩු නො වැ වෙනස් නො වැ පවතිති යි ද යෙති. මේ යතින් සිත්හි දරා -ගත් ත්රින පිටක බුද්ධ වචනය අඩු නො වැ වෙනස් නො වැ පවතිනි යි මේ හැඟැවු පරිදි යි.
6. මුනි පා - ඉතා මහත් ගෞරවය දැක්වුව මනා කල්හි නාමයට පර කොටැ ‘පා’ (පද) යනු යොදනු සම්ප්රයදාය යි. ‘පා’ යනුයෙන් නාමය නිත්යී බහුවචන යි. එ හෙයින් බහුවචනාඛ්යා)තයක් මැ පතයි. ‘පාද’ යනු ද මෙ බඳු මැ යැ. එ හෙයින් ‘ස්ථවිර පාදයා’ යනු වැන්නක් ෙයදි යැ හැකි . පුද්ගලයා ඉඳුරා නො ගෙනැ ඔහු ගේ පාදයන් ගැන්ම ගෞරවයට හේතු වන පිරිදි සුව්යනක්ත යැ.
7. තඹර වර - තඹරනට වර (උතුම්) වුයේ තඹර වර යි. ‘ උතුම් පියුම’ යනු අරුති.
115. පෑ ප ත් සුදම් සබයේ සිරි පහළ කොට යා ප ත් විලස පානා මෙන් නර ලොවට මා ව ත් පතනුවන් වන් විටැ වන පිහිට මා ව ත් මඬුව දැකැ යා ගන් පුර වරට
මයුර විවරණය 210
අන්න ය : සුදම් සබයේ සිරි නර ලොවට පහළ කොටැ යාපත් විලස පානා මෙන් පෑ පත්, මාවත් පතනුවන් වන් විටැ පිහිටි වන, මාවත් මඬුව දැකැ, පුර වරට යා ගන්.
අර්ථය : සුධර්මාන සභායේ ශොබාව මනුෂ්ය ලෝකයට ප්රාමදුර්භුත කොටැ (පමුණුවා) මනා ආකාරයෙන් ප්රමකාශ කරන්නා සේ ප්රහභා ප්රාලප්ත වු (කාන්තියට - බැබැළිමට) පැමිණියා වු, චන්‍දුමුණයන් ප්රා්ර්ථානා කරන්නවුන් පැමිණි කල්හි ප්රථතිෂ්ඨා වන්නා වු මාවත් මඬුව දැකැ, පුරවරයට ගමනය කරන්නැ.
විස්තර : දෙව් නුවරට ඇතුළු වන තන්හි වු මාවත් මඬුව ඉතා රමණිය යැ. සුධර්මාණ නමි දිව්ය සභාව වැනි යැ. සුධර්මාියෙහි ශොබාව මනුෂ්ය් ලෝකයට පමුණුවා යහපත් ආකාරයේ පෙන්වන බඳු යැ. ඒ මඬුව එ තරම් මහත් ප්රණභායෙන් යුක්ත යැ. සඳ වැනි මුහුණු දැක්ම පතන්නවුන් පැමිණි පැමිණි විටැ, ඔවුනට මාවත් මඬුව පිහිට වෙයි. දෙවි නුවරට වදින්නා වු ද ඉන් බැහැර වන්නා වු ද සුන්‍දර ස්ත්රි.න් එහි නිතර ගැවැසෙන බැවින්, එ බඳු ස්ත්රි,න් දැකිකවියනට මාවත් මඬුව පිහිට වනු නම් වේ.
ටිප්පණි : 1. සුදම් සබයේ - සුධර්මා් නම් දිව්යා ඞ්ගනාව ගේ පිනින් ශක්රියනට උපන් සභා මණ්ඩපය ද සුධර්මා් නම් වෙයි. එ තරම් සිත් කලු අන් තැනෙක් නැත් ල. ගුත්තිල කාරයෝ එය මෙ සේ වනති :- “ තුන් සියයක් යොදුනි - ඒ සුර සබ දාගුපුළුලිනි පන් සිය යොදුනුසිනි - යොදුන් නව සියයෙක් යැ අවටිනි
“ ටැම් ගන කසුන් ම යැ - බිතු දුළ පිළි මැණික් ම යැ බිම නිල් මැණික් ම යැ - යෙහෙක් නම් ලොවැ එ සබ දැක්මයැ
“ සුසැදි රන් ටැම් උඩ - උදුල පිළි මිණි පේ කඩ රැස් දිළි දිගත් මැඩ - එ සබ දුටු කලැ ගනි නෙත් මැඬ
“ බපළ වග රූ රැස් - සැදි සත් රුවන් ගෝනැස් විහිද පල නන් රැස් - එ බව දුටු එකෙකි ලද්දේ ඇස්
“ කලදෝ කැරැල්ලේන් - ලෙළ දෙන රන් කෙහෙල්ලේන සැදි නේ සැඳැල්ලේන - එ සබ විසිතුරු වී සියල්ලෙන” මයුර විවරණය 211 2. මාවත් පතනුවන් වන් විටැ වන පිහිට - ‘මා’ යනු චන්ර්් ශයාට නමෙකි. චන්‍ද්රවයා වැනි වු රමණිය මුහුණ ‘මාවත්’ නම් වෙයි. මා (සඳ) වැනි වත (මුහුණ) වනුයේ යම් කෙනකුන් හට ද ඔහු ද ‘මාවත්’ නාමයෙන් ගැනෙති. සියල්ලන් පැමිණෙන ස්ථානයක් බැවින් රූමත් තරුණියන් දැකිමෙහි ලොල් වුවනට අභිමතාර්ථප සිද්ධිය කැරැ- ගැනීමට එයට වඩා සුදුසු තැනෙක් නො ලැබේ. තමනට සුදුසු තරුණියක නිල කැරැ - ගැන්මට එ බඳු තැනකට පැමිණෙනුදු පෙරැ සිරිති. මෙහි ‘මාවත්’ (මහා පථය) නමි. නිර්වා ණ මාර්ගතය යැ යි ද මාවත් මඬුයෙහි ධර්මම දෙශනා කැරෙන් හෙයින්, නිවන් මඟ පතනුවන් පැමිණි කල්හි, ඒ මඬුව පිහිට වෙති යි ද ගුණවර්ධනයෝ කියති.
3. මාවත් මඬුව - මේ දෙවි නුවරට ඇතුළු වන තන්හි කැරුණු මඬුව යැ. මාවත මැදි කොටැ කළ හෙයින් ඒ නම වුහ යි හැගේ. රහල් හිමියෝ ඒ මඬුව මෙ සේ වනති :- “ හ ර සු ර පෙතැලි රූ කැටයම් කළ පිඬුව ත ර ස ර ලකළ නිල් මිණි ටැඹිනි සමුඬුව පු ර ඳ ර සබා යුරු දැකැ මහවත් මඬුව පු ර ව ර බලා එන ලෙස පරෙවිඳු වඩුව”
ඒ මඬුයෙහි ටැමිවලැ ඊශ්වර රූප කරන ලද බව මෙහි පැවැසිණ. “ධර්මක ශාලාවෙකැ” යන මතයට මෙයින් පහර වදි. දෙව් නුවර වනත තිසර කොවුල් දෙ සෙඳස් කරුවෝ මාවත් මඬුව ගණනට නො ගත් හ.
116. ලෙ ව් රකිනුව ලකැ සක කළ නියෝ මෙනේ දෙ ව් රජ හිමි දෙවි නුවරට වඩින සිනේ දෙ ව් පුරයෙන් පහ බෑ ෙයාත් තුබු මෙනේ ස ව් මිණි කොත් කැන් දිළි ගුවන් ගටමිනේ
අන්න ය: සක කළ නියෝ මෙන් ලකැ ලෙව් රකිනුව, දෙව් රජ හිමි දෙවි නුවරට වඩින දිනේ, දෙව් පුරයෙන් පහ බැ යොත් තුබු මෙන්, සව් මිණි කොත් කැන්, ගුවන ගටමින්, දිළි.
අර්ථ : ශක්ර යා කළා වු නියෝගය පරිදි ලඬ්කායෙහි ලෝකයා (ජනයා) රකිනු පිණිස, (උත්පලවර්ණප) දෙව රාජ ස්්වාමිහු දෙව් නුවරට පැමිණෙන දවස්හි, දිව්යග පුරයෙන් ප්රා සාදය බෑවා වු මයුර විවරණය 212
රැහැන් (මේ තාක් ඉතිරි වැ) සිටියා සේ, ස්ර්වයමර්ණෙ (මාණික්ය්යෙන් මැ කරන ලද) ශාඞ්ගයන් ගේ කාන්ති ආකාශයට වදිමින් බැබැළුණේ යැ.
විස්තර : දෙව් නුවරැ දිව්ය් මන්‍දිරයේ කොත් මැණිකින් මැ කරන ලද හෙයින් ස්ර්ව:මර්ණගමය වෙයි. ඒ කොතින් නිකුත් වු රශ්මිහු රැහැන් මෙන් විහිදි අහසෙහි වැදි සිටිති. කුම් වැනි ද? ශක්රුයා කළා වු නියොගයට අනුව ලඞ්කා වාසින් රකින්නට උත්පලවර්ණ. දිව්යන රාජයන් දෙව් නුවරට වඩිනා දිනයෙහි, දිව්ය් ලෝකයෙන් ඒ දෙවි රජුන් ගේ මැ ප්රා්සාදය බෑවා වු යොත්රයයන් (රැහැන්) මේ තාක් මැ ඉතිරි වි තුබුවා වැන්නැ. මෙයින් දිව්යත මන්‍දිරයේ ශ්රිය සාරය වැනිණ. එ බඳු පහයෙක් මනු ලොවැ නැති. ඒ දිව්යන ලෝකයෙන් මැ ගෙනෙන ලද්දේකැ යැ හැඟේ.
ටිප්පණි : 1. ලෙව් - මෙහි සතත්‍ව වාචක යි. “ලොකසතු භුවනෙ ජනෙ”
යැ යි ‘ලොක’ ශබ්දය භුවනය යැ, ජනයා යැ, දෙ අරුත්හි වැටෙන බව අමරසිංහයෝ කී හ. ‘ලෝව්’ යනු ප්රයකෘති යි. ලොව් මැ ලෙව්. ස්වාර්ථක තද්ධිත යි.
2. සක කළ නියෝ මෙනේ - පරිනිර්වාෝණ දිනයේ තථාගතයෝ ශක්ර.යන් අමති, අනාගතයෙහි බුද්ධ ශසනය ලක් දිවැ ස්ථිර වැ පිහිටන හෙයින් (එ දින මැ ලක් දිව් බට) විජය කුමරුන් හා පිරිස රක්නට වදාළාහු ල. ශක්රඑයන් ද ලඞ්කා රක්‍ෂණය උත්පලවර්ණනයනට පැවැරූ බව -
“ තථාගතස්ස දෙවිෙන්ර්වර් වචො සුත්‍වාව සාදරො දෙවස්සුප්පලවණ්ණස්ස ලඞ්කාරකඛං සම්ප්පය”
යනුයෙන් මහාවංශයෙහි කියන ලදි. “තථගතයා ගේ වචනය අසා මැ, දෙවෙන්‍ද්රෙ තෙමේ ආදර සහිත වුයේ, උත්පලවර්ණ දෙවයාට ලඞ්කා රක්‍ෂණය සමර්ප්ණය කෙළේ යැ” යනු ගාථා අර්ථ යි. “නියෝ මෙනේ” යනු ඇතැම්හු “නියෝවිනේ” යැ යි ගනිති. ‘නියෝ’ යන්නට ‘ඉන්’ විබත කළ කලැ, ‘නියොවින්’ යනු විනා ‘නියොවින්’ යන්නෙක් නො ලැබේ. මයුර සන්දෙැශ කාරයෝ එ බඳු යෙදුමකට ඉඩ දෙන අසරණ කෙනෙක් නො වෙති.
මයුර විවරණය 213 3. බෑ - ‘බහ’ ධාතු ‘බල’ ආදි පර පද යි. බහා - බහති - බැහි- බැහූ. ‘හ’ කාර ලොප සවර්ණහ දිර්ඝා වීමෙන් මේ ධාතුව ඇතැම් විටැ ‘බා’ යැ යි ද සිටි. එ කලැ වරනැගිම බා - බාති - බෑ - බෑ - යන විසින් වෙයි.
4. තුබු - අතීත කෘදන්ත නාම යි. මෙහි ‘තබ’ ධාතු සිටිමෙහි වෙයි, අකර්මරක යි, ‘රක්’ ආදි අත් පද යි. තිබේ - තිබෙති තිබිණි, තිබි - තුබුණු, තිබි - යන විසින් වරනැඟෙයි. තිබේ - තිබෙති යන දෙ තන්හි යන දෙ තන්හි ‘අ’ කාරය ‘ඉ’ කාර බවට පැමිණිම විශෙෂයෙකි. සකර්මසක ‘තබ’ ධාතු තැන් පත් කිරිමෙහි වැටේ. ‘බල’ ආදි පර පද යි. තබා - තබති - තැබි - තැබු.
5. ගටමිනේ - සකර්මැක ‘ගට’ ධාතු ‘බල’ ආදි පර පද යි. ගටා - ගටති - ගැටි - ගැටු. අකර්මසක ‘ගට’ ධාතු ‘රක්’ ආදි අත පද යි. ගැටේ - ගැටෙති - ගැටිණි, ගැටි - ගැටැණු, ගැටි.
ගුණවර්ධනනයෝ ‘ගැටෙමිනේ’ යනු සුපාඨය කොටැ-ගනිති.
117. වි සි තු රු පුර’ඹ වටොරට පැරැදැ විළියෙන නි ර තු රු යනෙන ලස ගමනැය නරඹමින පි වි තු රු සුතන් හැරැ යනු බැරි වැ තැනැ තැන ර ඹ තු රු නමා සිටිනෙව් මුව කුඩා වන
අන්නතය : රඹ තුරු, විසිතුරු පුර අඹ වටොරට පැරැදැ, නිරතුරු යන මන ඇය ලස ගමන් කරඹමින, පිවිතුරු සුතන් හැරැ යනු බැරි වැ, විළියෙන කුඩා වන මුව නමා, තැන තැන සිටින එව්.
අර්ථන : රම්භා වෘක්ෂයෝ තුමු, විචිත්රර වු පුරාම්බිකාව ගේ (ඒ නගරයෙහි ස්ත්රිාය ගේ) වට වු කලවයට පැරැ දි, නිරන්තර වැ යන්නා වු එන්නා වු ඇය ගේ ආලස්යි ගමනය බලමින්, පවිත්රට වු දාරකයන් (අත්) හැරැ යනු නොහැකි වැ, ලජ්ජායෙන් කුඩා වන්නා වු මුව පහත් කොටැ-ගෙනැ, තන්හා තන්හි සිටින්නවුන් වැන්නෝ යැ.
මයුර විවරණය 214 විස්තර : මුව ඇදුණු කුලැ, කෙසෙල් ගස් නැමෙනු සිරිති. එ සේ නැමි සිටි කෙසෙල් ගස් ගැනැ කවිහු මෙ බඳු තර්කරණයක් කෙරෙති. කෙසෙල් ගස් දෙවි නුවර ස්ත්රිහන් ගේ වට වු කලවා පමණ ශොභන නො වේ එයින් කෙසෙල් ගස් පරදි. එ පමණ මැ නම් ඉවැසියැ හැකි යැ. ඒ ස්ත්රිඑහු කෙසෙල් ගස් ඉදිරියෙහි මැ තමන් ගේ ගමනයෙහි රමණිය ලීලාව දක්වන්නට මෙන් නොකඩ වැ යති, එති. “ආකාරයෙන් පැරැදුණද ගමනයෙන නො පරදුම්හ” යි දක්වන්නට නම් කෙසෙල් ගස් ද ඒ මේ අත ගොස් ගමන් දැක්වියැ යුතු යැ. එ සේ කරන්නට ද සැටියෙක් නැති. අත් හැරැ දැමියැ නොහැකි දරුවෝ වෙති. ඔහු පවිත්රටයෝ යැ. කිසි අපරාධයක් නො කළ බැවින් පිරිසුද්දෝ යැ. එ බන්දන් කෙසේ නම් හැරැ ගිය හැකි ද? මෙ සේ ආකාරයෙන් පැරැදුණු හෙයින් ද, ගමන් බැරි හෙයින් ද, දෙ ලෙසින් මැ තමන් පැරැද්දු ස්ත්රියන් නිරතුරු යනු එනු පෙනෙන හෙයින් ද, කෙසෙල් ගසට බලවත් ලජ්ජා උපදී ලජ්ජායෙන් මුව කුඩා වෙයි. එ බඳු වු මුහුණු දක්වාගෙනැ සිටිනු නොහැකි වැ නමා-ගෙනැ, කෙසෙල් ගස් බිම බලා-ගෙනැ, සිටි සිටි තන්හි මැ සිටින්නා වැනි යැ.
ටිප්පණී : 1. පුර’ඹ - පුර අඹ. පුරයේ ස්ත්රි ය ජාත්යටපෙක්‍ෂායෙහි එක වචන යි.
2. පැරැදැ - ‘පරද’ ධාතු ‘රක්’ ආදි උභය පද යි. (පර පද) පරදී - පරදිති - පැරැදි - පැරැදි. (අත් පද) පැරැදේ - පැරැදෙති - පැරැදිණි - පැරැදුණු.
3. පිවිතුරු - දරුවන් හැරැ -දැමිම නො කළ හැකි බව හඟවන්නට මේ විශෙෂණය යෙදිණ, වරදක් කළවුන් නම් හැරැ - දැමිම එ තරම් බරෙක් නො වේ. මොහු කිසි වරදක් නො කළ - පිරිසුදු - දරුවෝ යැ.කෙසේ නම් හැරැ - දැමියැ හැකි ද?
4. නමා - සකර්මකක ‘නම’ ධාතු ‘බල’ ආදි පර පද යි. නමා - නමති - නැමි - නැමු.
අකර්මශක ‘කම’ ධාතු ‘බස්’ ආදි අත් පද යි. නැමේ - නැමෙති - නැමිණි -, නැමි, නති, නත්, නත - නැමුණු, නැමි,නතු, නත්, නත.
මයුර විවරණය
215
5. මුව කුඩා වන - විළි වැදුණු විටැ මුහුණ හැකිළෙනු ද, සතුටු වු විටැ පිපෙනුද ස්වභාව යි. කෙසෙල් ගස් විළි වැදුණු හෙයින් මුව කුඩා වන බවක් කවීහු හගවති.
කෙසෙල් ගසේ මල ‘මුව’ නම් වේ. ඒ මුඛය වේ නම්, ගසේ පමණට කුඩා යැ.
118. ළ දු න් කැකුළු තන පට බැම්මෙකින් යුතේ එ ව න් දඟේ සිටැ දුටුනේ ද බැඳැ ලතේ මෙ යින් මිදීමෙන් පැලැඹුම් ලැබුණ හොතේ සෙ දි න් මෙ මුළු ලොව වු ව බැඳැ-ලති සිතේ
අන්නිය : ළඳුන් පට බැම්මෙකින් යුත් කැකුළු තන ළු වන් දගේ සිටැ දුටුවන් ද බැඳැ ලත, මෙයින් මිදිමෙන් පැලැඹුම් ලැබුණ හොත්, මෙ මුළු ලොව වුව සෙදින් බැඳැ-ලති යි සිතේ.
අර්ථන : ස්ත්රි්න් ගේ වස්ත්රැ බන්ධකනයෙකින් යුක්ත වු කුඩමල පයොධර, එ බඳු බන්ධනනයෙකැ සිටැ දුටුවන් පවා බන්‍ධනය කොටැ-ලන කල්හි, මෙයින් මුක්ත විමෙන් පැලැඹිමක් ලැබුණ හොත්, මේ සකල ලෝකය වුව ද වහා බන්‍ධවන කොටැ - ලති යි සිතෙයි.
විස්තර : ස්ත්රිලන් ගේ බාල පයොධර වස්ත්රව බන්‍ධනයෙකින් යුක්ත යැ. තන වස්ත්ර යෙන් බැඳැ සිර කැරැ තබන ලද්දේ යැ. එ බඳු වූ සිරෙහි සිටැ ද දුටුවවුන් පවා බඳි - දුටුවවුන් ගේ පවා සිතෙහි ලොභය ඇති කෙරෙයි. වස්ත්රියෙන් බැඳි, සිර වී, වැසි, නො පෙනි සිටැ ද, වැසු වස්ත්රතයෙන් යම්තම් හැඟැවෙන හැඩය දුටු පමණින් මැ ඒ දුටුවවුන් ගේ සිත් බදි නම්, යම් ලෙසෙකින් ඒ බන්ධරනයෙන් මිදීමෙන්. ස්ව වෙෂයෙන් පැලැඹෙන්නට - හැසිරෙන්නට - ඉඩ ලැබුණ හොත්, මේ සකල ලෝකය වුවත්, වහා බැඳැ - ලනු පුදුමයෙක් ද?
ටිප්පණි : 1. පට බැම්මෙකින් - පුරාතනයෙහි ඇතැම් ස්ත්රිසහු වස්ත්ර ඛණ්ඩයෙකින් පියොවුරු වසා බැන්ද හ, ඇතැම්හු කූර්වාෙසකයක් (වෝළියක් - bodice) ඇන්ද හ. පරෙවි අස්නෙහි - “ අසුරු තිසර තන බැඳැ රන් පටින් පිටින්” යනු එයි. “ මනොඥතූර්පා්සකපිඩිතස්තනා.” යනු සෘතුසංහාර පද්යා පාදයෙකි. මයුර විවරණය 216
2. බැම්මෙකින් - බැඳුම + (මධ්ය” ස්වර ලොප අර්ධානු, නාසික වෘද්ධි විමෙන් බැන්දිම + (මධය ව්යතඤ්ජයන ලෝපයෙන්) බැන්ම = (ව්යවඤ්ජන පර රූපයෙන්) බැම්ම. ‘බඳ’ ධාතුවට ‘උම්’ පස වී ‘බැදුම්’ යනු වෙයි. ‘බැඳුම’ යනු වනුයේ ‘අ’ විබත යෙදිමෙනි. අන්තඃ සන්‍ධියහි සාමාන්යෙ වශයෙන් ලොප් වනුයේ එක ස්ථානයෙහි වු ව්යතඤ්ජන තුනින් තුන් වැන්න යි. (සිඳුවා= සින්ද්වා =) ‘සින්දා’, (පුඹුවා = පුම්බ්වා=)’පුම්බා’, (රඟවා=රංග්වා=) ‘රංගා’ යනාදි තන්හි මෙනි.’බැම්ම’ යන තන්හි විශෙෂ විධියෙකි. ‘නංගා’ යැ යි සිටියැ යුතු තන්හි ‘නංවා’ යනු විකල්ප රූපයෙකි.
3. දඟේ - සිරෙගි. ‘සිර ගෙය’ යන අර්ථුයෙහි ‘දඟ ගෙය’ යනු ද යෙදෙයි.
4. ලතේ - ‘ලත’ යි සිටියැ යුතු තැනි. අසම්බාව්ය) කෘදන්ත නිපාත යි. මෙහි හෙත්‍වර්ථ යි. “ (බැඳැ) ලන හෙයින්” යැ යි අරුත් පැවැසියැ යුතු වන හෙයිනි. 5. මිදිමෙන් - ‘මිදි මුන්’ යනු ද පාඨ යි. ‘මුන්’ යනු ස්වෙතනයන් විෂයයෙහි යෙදෙන්නෙකි. අවෙත්නවාචි නාමයක් සවෙතනවාචි නාමයක් මෙන් වරනැඟුණු තන්හි ද සුදුසු වෙයි. එහෙත් මෙහි ‘මුන්’ යනුයෙන් ගත යුතු පයොධර හඟවන ‘තන’ යන නාමය එ සේ නොවරනැගුණෙකි. ඉදින් එ දේ වරනැගුණේ නම් ‘තනෝ’ යනු යෙදියැ යුතු. තිසර සඳෙසහි -
“ තවෙස් පමණ ගත් ලිය පියොවුරුහු පවා
......... .... ...... ...... ..... ........ . ....... සතොස් කෙරෙති තොප දුටු මෙන් මැ අමුතුවා”
යන තන්හි ‘කෙරෙති’ යන ආඛ්යා.තයට සුදුසු වන සේ ‘පියොවුරුහු’ යනු යෙදිණ. ‘පියොවුරු’ යනු නම් ‘කෙරෙති’ යන බහු වචන ආඛ්යා-තය නො ගනී, ’කෙරේ’ යන එක වචන රූපය මැ ගනි. ‘තන’ යන නාමය යොදා ඉක්බිති සර්ව නාමයෙන් ගත යුතු වී නම් සුදුසු වනුයේ ‘මෙය’ යන්න යි.
5. පැලැඹුම - මෙහි ‘පලඹ’ ධාතු හැසුරුම්හි යෙදේ. ‘රක්’ ආදි අත් පද යි. පැලැඹේ - පැලැඹෙති - පැලැඹිණි, පැලැඹි - පැලැඹුණු, පැලැඹි.
මයුර විවරණය 217 7. ලැබුණ - අසම්භාව්යැ කෘදන්ත නිපාත යි. ලබ + අ = ලැබුණු + අ = ලැබුණ. අසම්භාව්යම ‘අ’ ප්රයත්යලයය යෙදුණ කල්හි. ධාතුව අතීත කෘදන්ත නාම රූපය ගනි. කර්මයකාරක වන බැවින් ‘ලැබුණු’ යනු වෙයි. කර්තෘුකාරක වී නම්, ‘ලැබු’ යු සිටී. එ කලැ කෘදන්ත නිපාත රූපය ‘ලැබුව’ යනු යැ. මෙහි ‘ලබ’ ධාතු ‘බල’ ආදි පර පද යි. ලබා - ලබති - ලැබි - ලැබු. (කමිකරු) ලැබේ - ලැබෙති - ලැබිණි - ලැබුණු. ‘ලබ’ ධාතු ‘බස්’ ආදි අත් පද ද වෙයි. ලැබේ - ලැබෙති - ලැබිණි, ලැබි, ලදි- ලැබුණු, ලැබි, ලදු.
8. හොත් - ‘හොත’ යැ යි සිටියැ යුතු තැනි. මේ තු - අ - ප්රිත්ය,යාන්ත අසම්භාව්යො කෘදන්ත නිපාතයට පර වැ යෙදෙන්නෙකි. ‘හොතින්’ යන රූපය ද ලැබෙයි. 9. වුව - අසම්භාව්යප කෘදන්ත නිපාත යි. ව + අ = වු + ද =වුව.
119. සී සී වතට කිව කිවි දන කියති සිසී නොසී කරනු ඉන් නිලුපුල නෙතට නිසී ලැ සි ගමන් වත හස ගමන පසු බසී ප සී පයින් වැඬි යැර ලති ලියෝ නිසි
අන්න ය : කිවි වතට සිසි යි කව දන ‘සී සී’ කියති. ඉන් නිල් උපුල නෙතට නිසි යි සී නො කරනු. ලැසි ගමන් වත හස ගමන පසු බසී. ලියො පසී පයින් වැඩී නිසි සැර ලති.
අථ : කවියා මුහුණට, “චන්‍ද්ර යා යැ” යි කියුව හොත්, ජනයෝ “චී චී’ යැ යි කියති. එ හෙයින් නීලොත්පලය නෙත්ර“යට සුදුසු යැ යි සිහි නො කරන්නැ. ආලස්යය ගමනය වන කල්හි, හංසයන් ගේ ගමන (ලීලාව) පරදී. (එ බඳු වූ) ස්ත්රිතහු පඤ්වශරයා ගේ (අනඞ්ගයා ගේ) පසට වඩා තියුණු වු (මුවහත ඇති ශරයන් බහති (වදිති.)
විස්තර : දෙවි නුවරු ස්ත්රිනහු පරම රමණිය රූප ශ්රිුයෙන් බබළන්නෝ යැ. “ ඔවනු මුහුණ සඳ වැන්නැ” යි කවියකු කියුව හොත්, ජනයෝ “ චී චී”යැ යි කියති. “ එ තරම් ශොභන වු මුහුණට චන්‍ද්ර යා සමාන නො කරව” යි කියන සේ යැ. චන්‍ද්රශයා මතක් කරන් කල්හි එ සේ වේ නම්, “ ඇසට නිල් මානෙල සමාන යැ” යි සිහි කරනු ද නො යෙදෙයි. හංදයෝ මනොහර වු මඳ ලද ගමන් ඇත්තෝ යැ. එහෙත් මේ ස්ත්රිනන් ගේ ගමන ලීලාවට මයුර විවරණය 218 හංසයන් ගේ ගමන ලීලාව ද පරදී. එ බඳු ස්ත්රිෝන් අනඞ්ගයා ගේ ශර පසට වඩා තියුණු හී විදිත්. අනඞ්ගයා ගේ හී පසින් කාර්ය ය ඇතැම් විටැ නො සිදු වියැ හැකි යැ. මේ ස්ත්රිනන් විසින ගීයෙන් නම්, ඒ කාන්තයෙන් සිදු වන්නේ යැ. එ හෙයින් ස්ත්රි න් අනඞ්ග ශරයනට ද වඩා තියුණු ශර ලති යි. යනු යෙදෙයි.
ස්ත්රි න් ශරයන් විදින අයුරු කාලිදාසයෝ මෙ සේ කියත් :-
“මත්වා දෙවං ධනපතිසඛං යත්ර සාක්‍ෂාද්වසන්තං ප්රාමයශ්වාපං න වහති භයාන්මන්මථඃ ෂට්පදජ්යසම් සභ්රෑාභඞ්ගප්ර ගිතනයනෛඃ කාමිලෙක්ය්ම් ෂ්වමොඝෛ” තස්යමරම්භඃ චකුරවනිතාවිභ්රහමෛරෙව සිද්ධඃ”
යත්රම-යම් අලකා පුරයෙක් වේ ද එහි, ධනපති සඛං දෙවං - කුවෙර මිත්රඝ දෙවයා (ඊශ්වරයා,) සාක්‍ෂාත් වසන්තං - ප්රාතයක්‍ෂ වැ වසන්නහු, මත්‍වා - දැනැ, මන්මථඃ - අනඞ්ග තෙමේ, භයාත් - භයින්, ෂට්පදජ්ය්ම් - භෘඞ්ගජයාය (බිගුන් නමැති දුනු දිය) ඇති. වාපං - දුන්න, ප්රා්යඃ - බොහෝ සෙයින්, ව වහති - නො උසුලයි. තස්ය- - ඔහු ගේ (අනඞ්ගයා ගේ, ) ආරම්භඃ - කාර්යිය, සභ්රෑි භඞ්ගප්රුහිත්නයනෛඃ - භ්රෑ.භඞ්ගය (බැම නැමිව) සහිත වැ යොමු කරන ලද ඇස් ඇති, කාමි ල‍්ෙක්ය් තෙෂු අමොඝෛඃ - කාමින් නමැති ලක්හි නොවරදින්නා වූ. චතුර වනිතා විභ්ර්මෛඃ - දක්‍ෂ ස්ත්රින් ගේ වහ්රොමයන් කරණ කොටැ - ගෙනැ, සිද්ධඃ එව - සිදු වුයේ මැ යි. කෛලාසයෙහි වසන ඊශ්වරයාට බියෙන් අනඞග තෙමේ අලකායෙහි බෙහෙවින් දුන්න නො දරයි. ඉතින් අනඞගයා ගේ කාර්යේය වරදී නො? නො වරදි. ස්ත්රිොහු බිඳි බැම යටින් නෙතු සැර ලිමෙන් මැ අනඞග කාර්ය ය සිද්ධ කෙරෙති. ස්ත්රියන් ගේ ඒ නෙත් යැ, “ පසී පයින් වැඩි නිසි සැර.” ඒ ස්ත්රිතන් බැලු පමණෙකින් මැ. ඒ බැල්මට අසු වුවන් ගේ සිත්හි බලවත් ආශාව උපදනා බව මේ කී පරිදි යැ.
ටිප්පණි : 1. සිසි - සිසි + යි = (‘ය’ ලෝපයෙන්) සිසි + ඉ = (සවර්ණන දිර්ඝහයෙන්) සිසි. 2. සී කරනු - සිහි කරනු.
3. නිසි - නිසි + යි = නිසි + ඉ = නිසි.
මයුර විවරණය
219
4. ලැසි - ‘ලැසි’ යැ යි සිටියැ යුතු තැනි.
5. පසි - පසක් ඊ වනුයේ යමක්හු හට ද හේ පසි. අනඞ්ගයා නම් රාගය යි. ඒ රාගයෙන් ඒ ඒ අවස්ථායෙහි ඇති වන විපාක පසෙක් අනඞ්ගයා ගේ හී පස යැ යි ගැනිණ. මේ යැ ඒ පස :-
“ උන්මාදනස්තාපනශ්ව ශොෂණස්ස්තම්භනස්තථා සම්මොහවශ්ව කාමස්යශ ඛාණාඃ පඤව ප්රකකීර්තිනා’’
උන්මාදන (උමතු කිරිම,). තාපන (තැවිම,) ශොෂණ (වියැළිම,) සත්මභන (ස්තබ්ධ විම,) සම්මොහන (මුළා විම) යැ යි කාමයා ගේ ශර පසෙක් කියැවිණ.
කවි සමයයෙහි මේ පසට මල් පසෙක් ගැනිණ.
“ අරවින්ද මශොකඤ්ච චූතඤ්ව නවමල්ලිකා නීලොත්පලඤ්ව පඤෛවතෙ පඤවබාණස්යව සායකාඃ” යනුයෙන් ගැනුණ නෙළුම්, හේ පලු, අඹ. සත්පෙති දැසමන්, නිලුපුල් යන පස යැ ඒ.
6. පසින් - ‘සැර පයින්’ යැ යි ගන්නේ යැ. අනඞ්ගයා ගේ පසට වැඩි තියුණු සැර” යැ යි කි කලැ, “සැර පසය” යනු නිරායාසයෙන් හැගේ.
7. වැඩි - අධික වු. අකර්ම ක ‘වඩ’ දයින් වු අතිත කෘදන්ත නිපාත යි.
8. නිසි - ‘නිසි’ යැ යි සිටියැ යුතු තැනි. නිශිත. මුවහත් කරන ලද. සංස්කෘතයෙහි ‘නි’ පූර්වව ‘ශි’ (නිශි) ධාතු මුවහත් කිරිමෙහි වැටේ.
120. පුරඳර පුර අයුරු පුර සිරි බලා මෙ ලෙසින් වැඩම කළ රජ ගෙට වැඩ ම කරවන මිතුර සතොසින්
අන්න ය: පුරදර පුර අයුරු පුර සිරි මෙ ලෙසින් බලා, මිතුර, වැඩ මැ කරවත, රජ ගෙට සතොසින් වැඩම කර.
අර්ථ : පුරන්‍දරයා ගේ (ශක්රරයා ගේ) පුරය වැනි පු පුරයෙහි ශ්රිැය මේ ආකාරයෙන් බලා, මිත්රකය, අභිවෘද්ධිය මැ කරවත් හොත්, (දිව්යය) රාජ ගෘහයට සන්තොෂයෙන් යෑම කරව.
මයුර විවරණය 220
විස්තර : දෙව් නුවර ශක්රප පුරය වැනි යැ. එහි ශ්රි( සාරය බලා දෙව මන්‍දිරයට යන ලෙස මොනරාට කියන ලද, මේ සන්දෙරශය ගෙනැ යෑමෙන් යහපතක් සිදු වන්නට නම්, ඒ දෙව මන්‍දිරයට සන්තොෂයෙන් යා යුතු යැ.
ටිප්පණි : 1. වැඩම - වැඩිම. යෑම. වැඩුම් + ද = වැඩුම = (මධ්යයයෙහි ‘උ’ ‘අ’ බවට පැමිණිමෙන්) වැඩම. (යැදුම =) යැදම - (යැතුම +) යැතම - (යොදන=) යොදන - (වැජැඹුම - යනාදිය ද විමන්නේ යැ. දැන් අව්ය්ක්තයෝ ‘වැඩම’ යනු ධාතුවක් කොටැ-ගෙනැ ‘වැඩමවා’ යනාදි විකාර යෙදුම් කෙරෙති.
2. වැඩ ම - ‘වැඩ මැ’ යි සිටියැ යුතු තැනි. මෙහි ‘වැඩ’ යනු අභිවෘද්ධි වාචක යි. 3. කරවත - ‘දෙවි රජාණන් ලවා’ යැ යි සම්බන්‍ධ කරන්නේ යැ.
121. ස රා සි රි න් රැකැ සිටැ රජ දොරා දොරා ව රා ස ඳි න් දුකඳුරු දිව යුරා යුරා නි රා කුලෙන් සත රැකි වැ මසුරා සුරා පු රා බැතින් නැමෙමින් නමකරා කරා
අන්නරය : රජ දොරැ අදොර සිරිත් සරා රැකැ සිටැ, දිවයුරා අඳුරු අයුරු සඳින් දුක් වරා, මසුරු වැ සත නිරාකුලෙන් රැකි සුරා බැතින් පුරා, නැමෙමින් නමකර කරා. (දොර = දොරැ. අදොරා = දොර. අයුරා = අයුරු. මසුරා = මසුරු. නමකරා = නමකර. මෙ තැන් විමසන්නේ යැ.)
අර්ථද : රාජ ද්වාරයෙහි අධ්වරය (තමා ගේ) ශොභායෙන් සරසා ආරක්ෂි ත කොටැ සිටැ දිවාකරයා අන්‍ධකාරය (දුරු කරන්නා) සේ චිත්තයෙන් දුන් දුරු කොටැ, මත්සර වැ සත්ත්ව යා නාරාකුලත්‍වයෙන් රැක්කා වු සුරයා (දෙවයා) භක්තියෙන් සම්පූර්ණ් කොටැ, නැමි, නමස්කාරය කරව. විස්තර : දෙව මන්දි්ර ද්වාරය රකිනා වු දෙවි කෙනෙක් වෙති. ඔහු දෙවි මැඳුරෙහි දොර ස්වකිය ශොභායෙන් අලඞ්කෘත කෙරෙමින් අධ්වරය (දෙව පුජාව) රැකැ සිටින්නේ යැ. සූර්ය යා අඳුරු දුරු කරන්නා සේ, සත්‍වයා ගේ සිතින් දුක් දුරු
මයුර විවරණය 221 කරන්නෝ යැ. එ සේ කොටැ සත්වසයා නිරාකුල වැ - ආකු - ලත්‍වකි නැති කොටැ - රකින්නෝ යැ, මසුරු වැ - “මොහු මා ගේ ජනයෝ යැ. මම මැ රකිමි. අනෙකක් හට නො දෙම” යි කියා මෙන් - මහත් ලොභයෙන් රකින්නෝ යැ. එ බඳු වු ඒ දෙවියාණන් භක්තියෙන් පුරව (වසා-ලව.) හැකි තරම් භක්තිය උපදවා නැමි ඒ දෙවයාණනය නමස්කාර කරව. මේ ද්වාරපාලක දෙවියෝ දෙවාලයයෙහි දොර අසලැ කරන්නා වු දෙව පූජාවන් රකිති, දෙව පූජාවට එන්නුන් ගේ සිතෙහි දුක් දුරු කෙරෙති. ඔවුන් මසුරු වැ (ඉතා මහත් ලොභයෙන්)රකිති. ඇතැම් ව්යාිඛ්යාතන කාරයේ මෙය උත්පලවර්ණද දිව්යජ රාජයන් සඳහා මැ කියන ලද සේ ගනිති. හේතු නැත්.
ටිප්පණි : 1. රජ දෙරාදොරා - රජ දොරැ අදොර ‘අදොර’ (අධ්වර) නම් දෙව පූජාව යි. ‘ධ්වර’ නම් කුවිල භාවය යි. ධ්වර නොවනුයෙන් යාගය අධ්වර නමි. ව්යාවඛයාන කාරයෝ අරුත් නො දැකැ, “දොරා දොරා” යනු ‘දොර දුරා’ යැ යි ගෙනැ යමකය දුෂිත කෙරෙති. සෙසු තුන් පාදයෙහා යුරා යුරා - සුරා සුරා - කරා කරා - යැ යි යුගලයන් පිරි සිටිනු නොපෙනුණු සැටි යැ.
2. නිරාකුලෙන් - ‘නිරාකුල භාවයෙන්’ යන්නට සමාන යැ. වාව්යසලිඞ්ග සමාස නාමය මෙ සේ භාවා ර්ථ යෙහි ලා සැලැකිම සිංහල කවිනට හුරු යැ. “ තිසංකයෙන් පුද නන් තුරු ගොසසමින” යනු ශ්රි් රාහුලයන් ගේ යෙදුමි.
3. වැ මසුරා - මසුරු වැ. ඇතැමෙක් “ වැ මැ සුරා” යැ යි පදචෙඡදය කොටැ “ශුර වැ මැ “ යැ යි අරුත් පවසති.
4. සුරා - දෙවයා. ද්විතායාන්ත යි, ‘පුරා’ යන්නට කර්මපයි .’කරා’ යන්නට කර්මරය ‘නමකර’ යනු යු. ‘පුරා යනු නො වි නම් ‘සුරා’ යනු ‘සුරාට’ යැ යි යෙදියැ යුතු යැ.
5. සුරා බැතින් පුරා - දෙවයා භක්තියෙන් පුරණය කොටැ. “සම්පුණි භක්තිය පිහිටුවා” යැ යු සේ යැ.
6. නමකරා - නමස්කාරය. වැඳිම. ‘නමකර’ යි සිටියැ යුතු තැනි.
මයුර විවරණය 222 122. නි ල ව රන් ලිය වදලැ කෙවිල රැවු සමා ලෙල ව කියන ලිය ලිය ගියට කන් නමා ලොල ව මෙ සෙවු රූ ෙනා මැ දුටු විරූ තමා බ ල ව නළ ‘ඹ වන් රඟ මඞලැ නෙත් යොමා
අන්නලය : රන් ලිය වදලැ තිල වැ කෙවිලි රැවු සමා ලෙළ වැ කියන ලිය ලිය ගියට කන් නමා, තමා නො මැ දුටු විරූ මෙ සෙවු රූ, නළ අඹ වන් රඟ මඞලැ වෙති යොමා, ලොල වැ බලව.
අර්ථ : ස්වර්ණ ලත් ආවරණයෙහි තිලීන වැ ( සැඟැවී) කොකිලයන් රාවය කළා සේ ලලිත කොටැ කියන්නා වු ස්ත්රි න් ගේ ලයාන්විත ගීතිකාවට කන් දී, තමා විසින් අදාෂ්ටපූර්වල වූ (පෙරැ නුදුටු) මෙ බඳු වු රූපයන්, නටාඞ්ගනාවන් ප්රතවිෂ්ට වු නෘත්යල මණ්ඩලයෙහා ඇස් යොමු කොටැ, ලුලිත වැ(ආශා ඇති වැ) බලව.
විස්තර : ස්වර්ණිවර්ණල ශරීර ඇත්තා වු ස්ත්රිමහු ලලිත කොටැ ගි කියති. ස්වර සංයොගය නිවැරැදි හෙයින්, ඒ ගි ලයාන්විත යැ. ඒ ස්ත්රිරන් ගී කියන නාදය කොකිල නාදයට අතිශයින් සමාන යැ. එ හෙයින් ගී කියන කලැ ඇසෙනුයේ, කොවුලන් නාද කරන්නා සේ යැ. කොවුලෝ නො පෙනෙති.කොවුල් නද ස්ත්රි්න් කෙරෙන් එයි. ස්ත්රිපහු රන් වැල් වැන්නෝ යැ. රන් වැල් වදුලෙකින් කොවුල් නද එයි. එ යෙහින් කොවුලන් රන් ලිය වදුලෙහි දැගැවි නාද කෙරෙති යි සිතියැ යුතු වෙයි. මෙ සේ වු (මෙ බඳු වු) රූප මොනරා විසින් නො දක්නා ලද්දේ යැ. එ හෙයින් ලොල් වියැ හැකි යැ. දෙව මන්දිරයෙහි නැටිමට පැමිණි ස්ත්රිනන් ස්වර්ණ ලතාවන් සේ ශරිර ප්ර භායෙන් යුක්ත බව ද කොවුලන් සේ ස්වර සම්පත්තියෙන් ආඪ්යද බව ද මෙ සේ පැවැසිණ.
ටිප්පණි : 1. නිලාව - ‘නිල වැ’ යි සිටියැ යුතු. සංස්කෘතයෙහි ‘නිලය’ නම් සැඟැවිම යි. ‘නි’ පූර්වව ‘ලි’ ධාතු සැඟැවිමෙහි වැටේ. සිංහලයෙහි ‘නිල’ යනු සැඟැවිම කියයි. 2. වදලැ - වදුලු + ඇ = වදුලැ = වදලැ. 3. කෙවිලි - කොවුලු මැ කෙවිලි. ස්වාර්ථල තද්ධිත යි. කොවුලා ගේ ස්ත්රිමයද ‘කෙවිලි’ නමු. මයුර විවරණය 223 4. රැවු - රැවු. අතීත කෘදන්ත නාම යි. රමහි ‘රව’ (නාද කිරිමෙහි) ධාතු ‘බල’ ආදි පර පද යි. රවා - රවති - රැවි - රැවු. මේ ධාතු ‘රක්’ ආදි පර පද ද වෙයි. රවි - රවිති - රැවි - රැවි.
5. ලෙල වැ - ලලිත වැ. ලලිත වන සේ. ලලිත කොටැ. ‘වැ’ යනු ප්රධකාරාර්ථ-ය හඟවන අතීත කෘදන්ත නිපාත යි. ‘ලෙලවා’ යනු සාමාන්යි ව්යධවහාරයෙහි එන පරිදි යි.
6. ලිය ගියට - ලයාන්විත (ලය ඇති) ගියට. ගායනයෙහි දි ද්රැදත මධ්ය. විලම්බිත යන කාල මාන තුන නිවැරැදි ලෙද යෙදිම ‘ලය’ නමි. ශිඝ්ර වුයේ ද්රැිත යි. මඳ වුයේ විලම්බිත යි. ශිඝ්ර හෝ මන්ද හෝ නුවුයේ මධය යි.
7. මෙ යෙවු - මෙ සේ වු. ව්යතවහාරයෙහි ‘මෙහෙවු’ යනු එයි.
8. නො වැ දුටු විරූ - “දුටු විරූ” යනු සංස්කෘතයෙහි “දෘෂ්ටපූර්වේ” යන්නට සමාන යැ. පෙරැ දැකැ පුරුදු නම්, ඒ දෘෂ්ට පූර්වං යැ. ‘මැ’ නිපාතය අවධාරණය කෙරේ. “පෙරැ නො දක්නා ලද්දේ මැ” යැ යි ගත් කලැ සම්බන්‍ධය පෙනේ.
123. රත ක ම ලේ පෙති සිරි ඇති ඇගිලි ලෙළ එ කලේ කල කරතලිනුදුලි රඟ ම ඬ ලේ ඉසි මල් ඇඳිලි පැහැන වලේ තුරු දිළි නුභ කියෙලි
අන්නනය : එ කලේ, කල රත කමලේ පෙති සිරි ඇති ඇඟිලි ලෙළ උදුල කරකලින් පුල් මල් ඇදිලි ඉසා රල මඬල, පැහැන් අවල තුරු දිළි නුබ කියෙලි. (සඳැස ද එළිය ද රක්නා සඳහා, ‘ඇඟිලි’ ‘ඇඳිලි’ යන තන්හා අහැ ස්වරය දික් වී යැ. ‘උදුල’ යනු ‘උදුලි’ වි යැ; ‘මඬල’ ‘අවල’ යනු ‘මඬලේ’ ‘අවලේ’ වි යැ.)
අර්ථැ : ඒ කාලයෙහි, කාන්තාවන් රක්ත පද්මයෙහි පත්රැ ශ්රිහය ඇති අඞ්ගුලින් ලලිත වු උජ්ජවල්ත වු හස්ත තලයෙන් ඵුල්ල පුෂ්පාඤ්ජලින් (පිපුණු මල් දොහොත්) ඉස්සා වු නෘත්යල මණ්ඩලය තෙමේ, කාන්තින් ආකුල වු තාරකාවන් බැබැළුණා වු ආකාශය ප්රෘකාය කෙළේ යැ.
මයුර විවරණය 224
විස්තර : ස්ත්රි හු මල් දොහෙත් පුරා-ගෙනැ, රග මඞුල්ලේහි ඉස්සෝ යැ. ඔවුන් ගේ අත්හි රත් පියුම්හි පෙති වැනි යැ. සුදු මල් ඇති රහ බිම කාන්තිමත් තාරකා බැබැළුණා වු ආකාශය වැනි යැ. මෙහි නො කියැවුණ ද රඟ මඬලෙහි බිම නිල් බව සලකා - ගත යුතු වෙයි. තිසර සන්දෙයශ කාරයන් ගේ රඟ බිම මේ බඳු යැ :-
“ නඳනැ හිමිඳුට පුද කළ නිම ලී මල් ගිය මල් රැදි රඟ බිම සුනි ලී කිරි සිඳු අළලන සෙමෙ රසිනුදු ලී දිය බිඳු රැඳි වෙන් උර සිරි කියෙ ලී”
පරෙවි සන්දෙඳශ කාරයෝ -
“ තු රු නා අබරණ දිනයෙහි රඟනා ගු ව නා තලැ හස පුද කළ ලෙසිනා මි ණි නා බඳ බිම ඉසි පුල් මලිනා ය මු නා ගඟැ පෙණැ සිරිසිරි සොබනා” යැ යි රඟ බිම වැනු හ.
ගුණවර්ධඟන සංස්කෘතයෙහි මේ පද්යමය මෙ සේ යැ :- “ ර ත ක ම ලේ පෙති සිරි ඇති ඇඟිලිය න ල එ ක ලේ කළ කර නලිනුදුලිය ර ඟ ම ඬ ලේ ඉසි පුල් මල් ඇඳිලිය ලෙ ළ වි දු ලේ තුරු දිළි නුබ කියලිය”
“රක්ත පද්මේයෙහි දලයන් ගේ ශී සාරය ඇත්තා වු අඞ්ගුලින් ගෙන් හැ (නල එ කලේ කළ =) පද්මය හා සමිකෘත වූ හස්ත තලයන් ගෙන් උජ්ජවලිත වූ, (යළි දු) ඵුල්ලයන් ගෙන් සෙවනය කරන ලද නෘත්යජ මණ්ඩලයෙහි (දෘශ්යලමාන වු) මාලාවන් ප්ර්සාධනය කළා වු (ලිය=) නටාඞගනා තොමෝ, තාරකාවන් ගෙන් විරාජාත වු ආකාශයෙහි ලීලොපෙත වු විද්යුකල්ලතාව ප්රයකාශ කැරැ ලුවා” යනු දෙන ලද අර්ථ යි. “කියා ලී ය” යන්නට “ කිය ලිය” යනු සමාන යැ යි සිතිම බලවත් වරදෙකි. වරදෙක් නො වේ නම්, “බලා ලී යැ” කපා ගී යැ” යනාදිය “බල ලිය” “කප ලිය” යන ඈ විසින් යෙදියැ. හැකි වෙයි. “ලිය කියා ලී ය” යැ යි යෙදු කල්හි, ‘ලිය ‘ යන මයුර විවරණය 225 ස්ත්‍රිලිඞග නාමය උක්ත වු හෙයින්, ‘ලී’ යන එකවචන ආඛ්යාසතය නුසුදුසු වෙයි. “ලිය කියා ලු යැ” යනු නම් මැනැවි. “මල් ඇඳි” (මාලාවන් ඇන්දා වු ) යැ යි කියනු කිසි සේත් නො යෙදෙයි. වස්ත්රු අඳිති. මාලාදිය පළඳිති.
ටිප්පණි : 1. ඇඳිලි - අඤ්ජලි, දොහෙතට නමෙකි.
2. පැහැනවලේ - ‘පැහැ’ ශබ්දය ද්වතිය බහුවචන විභක්තිය ගෙනැ ‘පැහැන්’ සිටි සේ යැ.
3. කියෙලි - අතීත ආඛ්යාුත පද යි. ‘කියොල’ (ප්ර කාශ කිරිමෙහි) ධාතු ‘බල’ ආදි පර පද යි. කියොලා - කියොලති - කියෙලි - කියෙලු. ‘කියොල’ යනු එක් ධාතුවෙකි, “කිය ලා” යන දෙක එක් විමෙන් නිපන්නේ නො වේ.
“ කියොලත අන් අරුත්” යනු සිදත් සඟරා වචන යි.
124. ස සො බා ලෙළ පද පද’නුවැ මැ තබා නො ත බා රැවු දුන් සන්සල සලඹා න ර ඹා සුර’ගන වන් රඟ නරඹා ඹ ල ඹා ලනු බැරි සිතු නො මැ කලඹා
අන්නලය: සසොබා ලෙළ පද පද අනුවැ මැ තබා, සන්සල සලඹ නො තබා රැවු දුන්, සුර අඟන වන් නර අඹ රඟ නරඹා, සිතු නො මැ කලඹ ඔලඹා ලනු බැරි.
අථ්ර්ද : ශොභා සහිත වු ලලිත වු පාදයන් පදයට (තාලයට) අනුකුල ලෙස මැ තබා, වඤ්චල වු නුපුරය නො නවත්වා රාවය දුන්නා වු, සුරාඞගනාවන් වැනි වු නාරාඞගනාවන් ගේ නෘත්ය ය බලා,චිත්තය ව්යාාකුල නො කොටැ ස්ථිර කැරැ-ලියැ නොහැක්කේ යැ.
විස්තර : ඒ ස්ත්රි හු පාදය වාද්යද තාලයට අනුවැ මැ තබති; එ සේ කෙරෙමින් පයෙහි සෙලැවුණු ගිගිරි වළලු නො නවත්වා මැ හඬවති. නාරාඞගනාවන් වුව ද, ඔහු සුරාඞගනාවන් වැන්නෝ යැ. ඔවුන් ගේ රඟ දුටු කලැ, සිත ඒ කාන්තයෙන් අවුල් වෙයි. ස්ථිර කොටැ තබා ගත නොහැක්කේ යැ.
මයුර විවරණය 226
ටිප්පණි : 1. පද’නුවැ මැ තබා - “පද ‘නුව නරඹා” යනු ඇතුමුන් ගන්නා පාඨය යි. ‘නරඹා’ ‘නරඹා’ යැ යි එකාර්ථියෙහි එක මැ පද්ය යෙහි දෙ පළෙකැ යොදන තරම් දිලිඳු වු හු ද මයුර සන්දෙිශ කාරයෝ?
2. ඔලඹා - අවලම්බනය කොටැ. අතිත කෘදන්ත නිපාත යි. අවලම්බනය නම් ස්ථිර වැ සිටින්නට පිහිට විම යි. 3. කලඹා - ‘කලඹ’ ධාතු ‘බල’ ආදි පර පදයි. කලඹා කලඹති - කැලැඹි - කැලැඹු. අකර්ම ක ‘කලඹ’ ධාතු ‘රක්’ ආදි අත් පද යි. කැලැඹේ - කැලැඹෙති - කැලැඹිණි, කැලැඹ - කැලැඹුණු, කැලැඹි.
125. රළ ලා උ පු ලා ලෙළුමතු ලා යා නෙතු’ලා බැ ම ලා බම වා ලා යා රඟ’ ලා එ ක ලා බැලුම’ස ලා යා නෙතැලා සි තැ ලා ඇඳැ බැඳැ ලා යා
අන්නලය : රඟ අලැ එ කල, රළ ලා උපුල ලෙළුම තුල, බැම ලැ උල් නෙත් බමවා ලා බැලුම, අසලා නෙතැ ලා සිතැ ලා. ඇදැ බැඳැ ලා යැ.
( මේ තැන් විමසන්නේ යැ: - උපුල් =උපුලා, තුල= තුලායා, උල්= උලා, බමවාලා= බමවා ලායා, රඟලැ= රඟලා, එ කල= එකලා, අසලා= අසලායා, බැඳැ ලා යැ= බැඳැ ලා යා.)
අර්ථල : නෘත්යා ලයයෙහි (රඟ මඬලෙහි) ඒ කාන්තාවන්, රළ ගසා මානෙල ලෙළ දීම වැනි වූ භ්රෑයව (ඇස් බැම) සමඟ උල් වු ඇස භ්රෙමණය කොටැ-ලැ (කරකවා - ලා) බැලීම, ආසන්නයා ඇසෙහි ලා (ඇදැ) සිතෙහි ලා ඇදැ බැඳැ දමයි.
විස්තර : ඒ නෘත්යහ මණ්ඬලයෙහි ස්ත්රිෙන් ගේ බැලිම කුමක් කෙරේ ද? ආසන්නයා - (සමිපයෙහි සිටියහු) බැඳැ දමයි. කෙසේ බැඳැ දමයි ද? ඔහු ගේ ඇසින් අල්ලා ඇදැ, සිතින් අල්ලා ඇදැ, බැඳැ දමයි. ඒ ස්ත්රිකන් ගේ කෙබඳ බැලිම (මෙ සේ කෙරෙයි ) ද? ඇස් බැම ද සමඟ උල් ඇස් කරකවා බැලිම. අස් බැමත් ඇසත් එක් කොටැ කරකැවිම කෙ වැනි ද? රළ ගසා මානේල් මල ලෙළ දිම වැනි යැ.
දිය රළ නිල් යැ. ඇසි බැම ද නිල් යැ. මානෙල නිල් යැ. ඇස් ද නිල් යැ. සම්බාධයක් පැමිණි තැනි රළ මැදින් නැමි වක් මයුර විවරණය 227 වෙයි. විලෙහි දිය රළ මානෙල් මල අසු වු තන්හි වක් වෙයි. රළත් උපුලත් දෙක ලෙළිම ද, බැමත් ඇසත් දෙක බැමැවිම ද එක සමාන යැ. රූප සෞන්‍දර්යහයෙන් යුත් ලලනාවක මෙ සේ බැමට යටින් ඇස කරකවා විභ්රැමයෙන් බලන කල්හි, අසලැ වුවේ ඒ බැල්මෙන් මැ මත් වෙති. ඔවුන් ගේ අස් එ දෙසට ඇඳි බැඳෙයි, සිත් එ දෙසට ඇදි බැඳෙයි.
“ ඝභ්රෑ් භඞඝප්රිහ්තනයනෙඃ කාමිලක්ය්එ දෂ්වමොඝෛ”
යනුයෙන් කාලිදාසයන් වැනුයේ මෙ බඳු බැල්ම යි (119 බලන්නේ යැ.)
ටිප්පණි : 1. රළ ලා - මෙහි ‘ලා’ යනු අතිත කෘදන්ත නිපාත යි. “රළ ගසා - රළ වැදි” යන්නට සමාන අර්ථි ඇත්තේ යැ. හෙත්වර්ථත යි. 2. නෙතු’ලා - නෙත් උලා. උල් නෙත්. බැහැර කොන ඇතුළු කොනට වඩා සිහින් වැ - උල් මැ - දික් වැ - සිටිම ඇසෙහි විශෙෂ ලක්ෂ ණයෙකි. 3. බැම ලා - මෙහි ‘ලා’ යනු ‘සමඟ’ යන අර්ථෙයෙහි වේ.
“ ලා සද මුසු සෙමෙහි ඉඟි යන අරුත් හේ දු වේ” යැ යි කා හ. රුවන් මල් කාරයෝ.
4. බමවා ලා යා - “බැමැ බැමැ ලා යා “ යනු දු පාඨ යි. ‘බම’ ධාතු අකර්ම ක යැ. එ හෙයින් ‘බමා’ යනු හෝ ‘බැමැ’ යනු හෝ ‘කරකවා’ යන අර්ථමය නො දෙයි. ‘කරකැවි’ යන අර්ථ ය මැ දෙයි.
5. රඟලා - ‘රඟ ‘ලැ’ යැ යි සිටියැ යුතු තැනි. රඟ අලැ. නෘත්යාකලයයෙහි. ‘අල’ (ආලය) යනු මෙහි ගෘහාර්ථරයි.
6. අසලා යැ - ‘යා’ යනු නිරර්ථ ක යි. අසලා. ආසන්නායා. සසලැ සිටියහු.
7. නෙතැ ලැ (ඇදැ) සිතැ ලා ඇදැ - මෙහි ‘ලා’ යනු අතිත කෘදන්ත - නිපාත යි. සිංහල සම්ප්රසදායානුකුල යෙදුමෙකි.
මයුර විවරණය
228
‘ගෙනැ’ යන්නට සමාන අර්ථම ඇත්තේ යැ. “ගෙලින් ඇදැ” යැ යි කියුව මනා තන්හි “ගෙලෙහි ලා ඇදැ” (ගෙලැ ලා ඇදැ) යැ යි ද,”අතින් ඇදැ” යැ යි කියුව මනා තන්හි “අත්හි ලා ඇදැ” (ඇතැ ලා ඇදැ) යැ යි ද කියත්.
8. බැඳැ ලා යැ - බැඳැ ලා යැ. බැඳැ දමයි. ‘යැ’ යනු අවසානයෙහි නිපාත යි. ‘ලා’ යනු වර්ත.මාන අඛ්යාිත යි. විශෙෂ අර්‍නියක් නො දෙයි. එ හෙයින් “බැඳැ ලයි” යනු ද “බඳි” යනු ද සාමානාර්ථයයි.
126. ලකළ රුවන් රන් බන්දි ලෙළෙන අතැ මැ සිතු බැන්දි කියු ලිය ගි සුරු සන්දි අසන රිසි යැ එ මැ කන්දි
අන්නරය : රුවන් ලකළ රන් බන්දි ලෙළෙන අතැ මැ සිතු බැන්දි, එ මැ දී, ලිය අසුරු සන් කියු ගී කන් දී අසන රිසි යැ.
අර්ථඅ : රත්නයන් අලඞකීත කළා වු ස්වර්ණි වලයය (රන් වළල්ල) ලලිත වන්නා වු හස්තයෙහි මැ චිත්තය බඳවන ලදු වැ (ද,) හේ මැ ඒ තැනැත්තේ මැ, කාන්තාවන් අසුරු හඬ දි කිවා වු ගිතය අසනු කැමැත්තේ යැ.
විස්තර : එහි ස්ත්රිගහු අත් හි රන් බන්දි නම් වළලු ලෙළවමින් නටති. එකෙක් මැණික් ඔබා කළ රන් බන්දාය ලෙළ දෙන්නා වු අතෙහි මැ සිත රඳවා-ගෙනැ දිටි. එ සේ සිටිනා ඒ තැනැත්තේ මැ ඒ ස්ත්රිනන් අසුර ගසමින් කියු ගිතිකාව කන් දි අසනු කැමැත්තේ යැ. රන් වළලු ලෙළෙනා අතෙහි මැ සිත බැඳි පවති. එයින් සිත අහක් කරැ-ගත හැකි නො වේ. ගී කියන කලැ. එය ද නො අසා බැරි යැ. එය කන් දි අසන්නට මැ සිත යෙයි. එකෙකැ මැ සිත බැඳි පවතිද්දි, අනෙකකට සිත යොමු කළ හොත්, ප්රහථමය සිතින් පහ වේ. ප්ර ථමයෙහි ස්ත රැඳැවුව හෝත්, ද්ව්තියයට සිත යොමු කළ නොහැකි යැ. එහෙත් එහි රැඟුම් බලමින් උන්නෝ නො කළ හැකි එ දෙක එක් විටැ කළ හ.
ස්ත්රිඑන් ගේ නෘත්ය ය මෙන් මැ ගායනය ද මනොහර භාවයෙන් අග තැන් පැමිණි බව මෙසේ පැවැසිණ.
මයුර විවරණය 229 ටිප්පණි : 1. බන්දි - අතෙහි ලන වළලු වෙසෙසෙකි.
“ බ ඳි මි න් නිල් වරලස ලා කුසුමන් සෙවුව න්දි කි ය මි න් මියුරස ගී නො වරදවා පද සන්දී ක ඟ මි න් අත හෙළමින් සුබ රඟ රඟ බැලුම නිදී ර ඟ මි න් සිටි නළඹුන් බල ලෙළවා රන් බන්දී “
යන තන්හි කොකිල සන්‍දෙශ කාරයෝ ද බන්දි ගත් හ.
2. බැන් දි - බැඳැවි. බඳවන ලදු වැ. කවුරුන් විසින් ද? රඟන ලියන් විසිනි. ‘බඳ’ ධාතුයෙන් සිදු වු ප්ර යොජ්ය් කර්මත කාරක අතිත කෘදන්ත නිපාත යි. බඳ + ව + ඊ = බැඳැවි = (‘ඇ’ ලොප අර්ධ වර්ගාින්ත වෘද්ධි විමෙන්) බැන්ද්වි = (එක් ස්ථානයෙහි ව්යාඤ්ජන තුනින් තුන් වැන්න ලොප් විමෙන්) බැන්දි. මේ අතීත කෘදන්ත නිපාතය අසම්බාව්යහර්ථයය ගෙනැ දෙයි. එ ෙහයින් ෙම තැනට සුදුසු මැ අර්ථතය නම්, “බඳවන ලද කල්හි ද” යනු යි.
3. සුරු සන් - ‘අසුරු සන්’ යැ යි ගෙනැ අරුත් පවසන ලදි. ‘අසුර සන්’ නම් (මැදැගිල්ල ද මහ ඇගිල්ල ද එක් කෙටැ) අසුර ගසා නංවනු ලබන හඬ යි. ‘සන්’ (සවන) යනු නාදය යු යන අර්ථමය දෙයි. ‘සුරු සන් යන්නට වත ද අර්ථ(යක් දියැ හැකි යැ. එ නම් ‘සියුරු හඬ’යනු යි. ‘සියුරුවන්’ යැ යි ග්රාිමිණයෝ කියති දෙ තොල උල් කොටැ මැද සිදුර දක්වා, එයින් පිඹිමෙන් නඟන නළා හඬ සුරු සන් යැ. ‘සුර්’ යන අනුකරණ නාදය ‘සුරු සන්’යැ යි ගුණවර්ධ්නයෝ කියති. සංගීතයෙහි දී තාලයට අනුකූල වන ලෙස අසුර ගැසිම ද සියුරු හඬ ලිම ද සිරිති.
4. එ මැ - හෙමැ. ලෙළෙන අතැ මැ සිතු බැන්දු තැනැත්තේ මැ.
127. යුග කොපුලා බිතැ උදුලා මිණි කොෙඩොලා කැරැ යසලා එ මනකලා රඟව කලා වත මැ බලා රිසි නො පලා
මයුර විවරණය
230
අන්න ය : යුග කොපුල් බිතැ උදුල මිණි කොතෙඬාල් සසල කැරැ. ඒ මනකල් රඟන කලැ, වත මැ බලා රිසි නො පලා.
(කොපුලා = කොපුල් උදුලා = උදුල කොඩොලා = කොඩොල් සසලා = සසල. මනකලා = මනකල් කලා = කලැ.)
අර්ථක : උභය කපොල භිත්තියෙහි උප්පවල වු මණි කුණ්ඩලයන් වඤචල කොටැ, ඒ මනඃකල්යාපවන් නටන්නා වු කාලයෙහි, (උන් ගේ ) මුහුණ මැ බලා රුචිය නො යෙයි.
විස්තර : ඒ මනොඥ ස්ත්රිනහු නටති. උන් ගේ කම්මුල්හි බබලන්නා වු මැණික් කුණ්ඩලාභරණ සෙලැවෙයි. එ සේ උන් නටන කලැ උන් ගේ මුහුණ මැ කො පමණ ගල් බැලුව ද තීප්තිය නො පැමිණෙයි. (“මේ අතැ” යි නො සිතෙයි.) ඒ ස්ත්රිණන් ගේ කම්මුල් කො තරම් දිප්තිමත් ද වත හොත්, කනේ පැළැදි කුණ්ඩලයෙහි ප්රබතිබිම්බය, කැට පතෙක්හි මෙන්, කම්මුලෙහි පෙනෙයි. කනෙහි කුණ්ඩල සෙලැවෙන කලැ කම්මුලෙහි පෙනෙන කුණ්ඩල ප්රපතිබිම්බ ද සෙලැවෙයි.
“ කොපුලැ පිළිබිඹු පත් දියුණු වැ පෙනෙන සිරිමත් රන් තෝඩු සවනත් මදන රිය සක් සතරැ සිරි ගත්” යනුයෙන් කාව්යස ශෙඛර කාරයෝ ද කපොලයෙහි කණාභරණයන් ප්රයතිබිම්බිත ලෙසක් කි හු.
ටිප්පණි : 1. යුග කොපුලා බිතැ - කපොල භිත්ති යුග්මයෙහි. කපොල ප්රිදෙශ දෙක්හි. ‘බිතු’ (භිත්ති) යනු ප්රලදෙහාර්ථ යෙහි ද වැටේ. 2. මනකලා - මනකල් ප්රපකෘතිය මැ ද්විතියා බහු වචනාන්ත රූපය සේ යෙදුණු තැනි. මනට (සිතට) කල් (කල්යව - කාන්ත - ප්රි.ය) මනකල් තුන් ලිගු යි. මෙහි ඉතිරි ලිගු යි. 3. බලා - හින්න කර්තෘ අතීත කෘදන්ත (පුර්වල ක්රිපයා) නිපාත යි. අසම්භාව්යාාර්ථ්යි. 4. පලා - ප්ර්ථම පුරුෂ එක වචන ආඛ්යා්ත යි. (පලා) ‘යෙයි’ යනු අර්ථභ යි. ‘වලා’ යනු පාඨය කොටැ-ගන්නනෝ අර්ථ.ය ද සම්ප්ර දායය ද නො සලකති.
මයුර විවරණය 231 128. ව ය න් නන් පෙදෙයි ලා තමා ගි තමන්නේ අ ගි න් නන් රගන්නන් සුරන් යැ යි සිතෙන්නේ මෙවන් රූ නුවන් වන් ලෙවන් කුම් කියන්නේ ම ලි න් දුන්න ගත්තේ ද ගැත්තේ යැ උන්නේ
අන්න ය : තමන්නේ ගී වයන්නන් පෙදෙයි ලා තබා රගන්නන් නන් අඟින් සුරන් යැ යි සිතෙන්නේ. මෙ වන් රූ නුවන් වන් ලෙවන් කුම් කියන්නේ? “මලින් දුන්න ගත්තේ ද උන්නේ ගැත්තේ “ යැ (කියන්නේ)
අර්ථම : තමන් ගේ ගීතය වාදනය කරන්නවුන් ගේ පදයෙහි ලා තබා නටන්නවුන් ගේ නානා අඞගයන් කරන කොටැ-ගෙනැ “දෙවියන් ගේ යැ” යි සිතෙන්නේ යැ. මෙ වැනි වු රූපය ඇසට වැදුණා වු ලොකවාසින් කුමක් කියන්නේ ද? “පුෂ්පයෙන් වාපය ගත්තේ ද උන් ගේ ගැත්තේ යැ” (යනු කියන්නේ යැ.)
විස්තර : ඒ ස්ත්රිපහු නටති. කෙසේ නටත් ද? තමන් කියන ගිය බෙර වීණා ආදිය වාදනය කරන්නවුන් ගේ පදයෙහි පිහිටුවා- පදයට අනුකූල කොටැ ගි කියමින් - නටති. එ සේ නටන ඔවුන් ගේ නානා ශරීරඞගයන් දුටු කලැ, “මොහු දෙවියන් ගේ කාන්තාවෝ යැ” යනු සිතෙන්නේ යැ. මුහුණ, ඇස්, කන්, ආදි ශරීර කොටස් ඉතා රමණිය යැ. “මෙ බඳු වු රූප ශ්රිසය දුටු ලෝකවාසින් කියන්නේ කිමෙකි දැ? යි ඇසුව හොත්, ඊට ලැබෙන උත්තරය නම්, “අනඬගයා ද ඔවුන් ගේ දාස යැ. යි කියන්නේ යැ” යනු යි.
අනඬගයා ස්ත්රිනපුරුෂයන් තමා ගේ විෂයයෙහි හෙළන්නේ යැ. එහෙත් මේ ස්ත්රිතන් දුටු කලැ, හෙ ද මෙවුන් ගේ විෂයයෙහි වැටෙයි. අනඬගයා පවා ලොභ කරවන තරම් රූමත්තු යැ ඒ ස්ත්රි හු.
ටිප්පණි : 1. වයන්නන් - ‘වය’ ධාතු ‘බල’ ආදි පර පද යි. වයා - වයති - වැසි - වැයු. 2. පෙදෙයි - පෙදෙහි - (‘හි’ ‘යි’ වීමෙන්) පෙදෙයි. 3. ලා තබා - ‘පිහිටුවා’ යැ යනු අර්ථය යි. 4. තමන්නේ - තමන් ගේ
මයුර විවරණය
232
5. ලෙවන් කුමු කියන්නේ - ‘වේ’ යනු ආධ්යායහාර්යප ආඛ්යාෙතය යි. “ලෙවන් කුම් කියන්නේ වේ ද? ලෝකවාසින් විසින් කුමක් කිම වේද?
6. මලින් දුන්න ගත්තේ - අනඬගයා. ‘මල්දුනු’ යැ යි කිව ප්රාමාණ වෙයි. එය විකාස කොටැ, සඳැසට සරි ලන සේ තුන් පදයෙකින් යෙදිණ.. අනඞගයා ගේ දුන්න පුෂ්පමය යෑ යි කියති. එ හෙයින් අනඞග මලින් දුන්න ගත්තේ නමැ.
7. ගැත්තේ - ගැති + ඒ = ගැත්තේ. දාසාර්ථියෙහි ‘ගැති’ යනු වෙයි.
129. කුහුල් වන් මියුල් දෙන් නෙතෙ’ව් නෙත් බැලුම් ලා කමල් වන් වතුන් ගි මතින් රැවු නැගුම් ලා ල හෝ පත් නො පෑ තුල් පතුල් පෑ ලෙළුම් ලා නිවායේ දනන් වන් නිවායේ රැඟුම් ලා
අන්නයය : රැගුම් ලා, උන් කුහුල් වන් මියුල් දෙන් නෙත් එව් නෙත් බැලුම් ලා, කමල් වන් වත් ගී මතින් රැවු නුගුම් ලා,ළ හෝ පත් නො පෑ අතුල් පතුල් ලෙළුම් ලා පෑ, නිවාසේ වන් දනන් නිවා යැ.
අර්ථය : නෘත්යියෙහි දී, උන් ගේ කුතුහලයට පැමිණියා වු මෘග ධෙනුව ගේ ඇස් වැනි ඇස් නිරික්‍ෂණයන් බහා (ද,) පියුම් වැනි මුහුණු ගීත මාත්ර යෙන් රාවය (ධ්වනිය) නැගිම බහා (ද,) තරුණ අශොක පත්ර යන් අප්රමකාශ කළා වු හස්තපාද (අතුල් පතුල්) ලලිත විම් සම කොටැ දක්වා (ද.) නිර්වානතයෙහි (වාතය නැති තැනට) පැමිණියා වු ජනයන් නිවයි.
විස්තර : එ තන්හි නැටිමෙහි දි, ඒ ස්ත්රි්න් ෙග් ඇස් ද මුහුණ ද අතුල් පතුල් ද, ඒ සුළග නැති ස්ථානයට පැමිණියා වු මිනිසුන් නිවය; ඔවුන් ගේ ග්රිගෂ්මය පහ කොටැ සුව පහසු ඇති කෙරෙයි. ඇස් අනන් කෙසේ නිවාද? බැලුම් ලා නිවයි. ඒ ස්ත්රිෙන් බලන සැටි දුටුවකුට ග්රිනෂ්මයෙක් නො දැනේ; කොතරම් ග්රිිෂ්මයක් ඇති වුව ද ඒ වහා දුරු වි සිහිල් බවෙක් දැනෙන්නට වෙයි.
මුහුණු දනන් කෙසේ නිවා ද? ගී මතින් රැවු නැගුම් ලා (ගීත මාත්රා්යෙන් හඬ නැගිම දි) නිවයි. ගිතයෙහි තාලයට කටින් හඩ නැගිම කළ කල්හි එය අසන්නවුන් ගේ ගිමි නිවි යෙයි.
මයුර විවරණය 233
අතුල් පතුල් දනන් කෙසේ නිවා ද? ලෙළුමි ලා පෑ (ලෙළ දිම බහා පෙන්වා) නිවයි. උන් අතුල් පතුල් ලෙළවා දැක්වු කල්හි, එය බලන්නවුනට කො තරම් වු ග්රිතෂ්මයෙක්ද නො දැනෙයි. සියලු ගිම නිබෙවයි. ජනයන් ෙග් සිත ද කන ද අස ද නිවි - ගිය කල්හි, තවත් කිමෙක් නිවෙන්නට ඉතිරි වේ ද? නෙත් බැලුම් ලන විටැ, “මා දෙස බලන නියා යැ, මා කෙරෙහි සිත බැඳුණු නියා යැ.” යි මෙ සේ සිතිමෙන් සිත නිවේ, එ තරම් මිහිරි හඬ ඇසිමෙන් කන නිවේ.එ තරම් මනහර අතුල් පතුල් ලෙළ දෙනු බලා ඇස නිවේ. එ කලැ මුළු සිරුර මැ නිවේ.
ඒ ස්ත්රිින් ගේ ඇස් කුහුලට පැමිණි මුව දෙනුන් ගේ ඇස් වැනි යැ. කුහුලට පැමිණි මුව දෙන ඇස් වේහයෙන් ඒ මේ අත බමවා බලයි. නළඟනෝ ද එ සේ බලති. ඒ මතු ද? මුව දෙන ගේ ඇස් නිල් යැ, දිග යැ. මොවුන් ගේ ද එ බඳු යැ. උන් ගේ මුහුණු නෙළුම් මල් වැනි යැ. උන් ගේ අතුල් පතුල් අශොක දළු අප්රුකාශ කෙරෙයි. අශොක දළු ද රතු යැ, මොළොක් යැ. මේ කියන අතුල් පතුල් ද රතු යැ, මොළොක් යැ. එහෙත් අශෝක දළු ද අතුල් පතුල් ද එක් තන්හි එක් තන්හි තුබුව හොත්, අතුල් පතුල් මැ ප්රතකාශ වැ පෙනෙයි, අශොක දළු නො පෙෙනයි. කවර හෙයින් ද? අශොක දළු ඒ අතුල් පතුල් පමණ රතු හෝ කොමළ හෝ නොවන බැවිනි, මෙ සේ වන හෙයින් අතුල් පතුල් තරුණ අශොක පතු අප්රකාශ කරනු නම් වෙයි.
ටිප්පණි : 1. කුහුල් වන් - කුතුහලටය පැමිණි. ‘කුතුහල’ යනු ආශාවට නමෙකි. යම් කිසිවෙකැ තොරතුරු විශෙෂ විභාග දැනැගැනිමට, සෙවිමට, ඇති වන ආශාවයි, මෙහි ලා ගැනෙනුයේ. 2. වතුන් - වත් උන්. මේ ‘උන්’ යනු යැ, අන්වයයේහි “රැඟුම් ලා උන්” යන තැනට ගැනුණේ. 3. ගී මතින් රැවු නැගුම් ලා - ගීත මාතුයෙන් රැවු නැගිම ලිම නම්, ගීතයේ තාළයට (මුඛයෙන්) යම් කිසි නාදයක් - සිදුරු හන් වැන්නක් - නිකුත් කිරිම යි. 4. නො පෑ ‘තුල් - නො පෑ + අතුල් පර ස්වර ලෝප සන්ධි යි.
මයුර විවරණය 234 5. නිවායේ - සඳැස රක්නට ‘නිවා යැ’ යනු ‘නිවායේ’ වී.
6. නිවායේ - නිර්වරතයෙහි. වාතය නැති තන්හි නිර් + වාත. දෙව් මැඳුර සම්බාධ ස්ථානයෙකි. එහි සුළග සුදුසු පමණ නො වදි. දනන් රැස් වු කලැ, මහත් ග්රියෂ්මය දැනෙනු වෙයි. එ බඳු තන්හි ද ස්ත්රි්න් ගේ නැටුම් බලන්නට ආවෝ ග්රිිෂ්මය නො දත් හ.
7. රැඟුම් ලා - “රැඟුමැ ලා” යැ යි සිටියැ යුතු තැනි “නෘත්ය්යෙහි දි” (නටන කල්හි) යනු අර්ථ“ යි.
130. මත් වැ මනමත් සරිනි ගි රස හිවානෝ අත් තලට ගත්ලෙසිනි විදු ලිය සමානෝ රත් පබළ පත් අයුරු පත්ල බිමැ පානෝ සත් සතුටු වත් නොපටු සිත් වඩති යෝනෝ
අන්නසය : යොනෝ, මනමත් සරිනි මත් වැ, ගි රස හිවානෝ, තලට අත් ගත් ලෙසින් විදු ලිය සමානෝ, පබළ පත් අයුරු රත් පත්ල බිමැ පානෝ, සත් සතුටු වත්, නොපටු සිත් වඩති.
අර්ථු : යුවතිහු මන්මථ ( අනඞග) ශරයෙන් මත් වි, ගිත රසය ව්යා්ප්ත කරන්නාහු (පතුරුවන්නාහු,) තාලයට හස්තයන් ගත්තා වු ආකාරයෙන් විද්යුහල්ලතාවන් හා සමාන වන්නාහු, ප්ර වාල පත්රැ ආකාර වු රක්ත( වර්ණල) වු පාද තලය භූමියෙහි ප්රවකාශ කරන්නා හු, සත්ය වු සන්තුෂ්ටය වත් හෝත්, අනල්ප වු චිත්තය වර්ධලනය කෙරෙති.
විස්තර : බලා ඉන්නවුනට සැබෑ වු සන්තෝෂය උපදින්නට නම් නියමයෙන් මැ ප්ර්මාණ වන චිත්ත ස්වභාවය, (එ තන්හි නටන්නා වු) තරුණියෝ ඇති කෙරෙති. යම් බඳු වු චිත්ත ස්වභාවයක් ඇති වු කලැ , සැබෑ මැ වු සන්තොෂය ඇති වේ නම්, එයට පටු නොවන්නා වු - අඩු නොවන්නා වු - මඳ නොවන්නා වු - චිත්ත ස්වභාවයක් ඇති කෙරෙත් කෙසේ ද? ඒ යුවතිහු අනඞග ශරයෙන් - අනඞගයා ගේ හීයෙන් - රාගයෙන් - මත් වි ගිත රසය පතුරුවති. (රාගයෙන් උමතු වි ගි කියති.) ඔහු තමන් ගේ අත් වාද්‍ය තාලයට අනුවැ ඒ අතට මේ අතට වේගයෙන් ගනිත්. එ කලැ ඒ යුවතීහු විදු ලිය වැන්නෝ යැ. රන්වන් අත් ක්ෂිණයෙන් ක්‍ෂණයෙහි ඒ මේ අත ලෙළෙනු විදුලිය
මයුර විවරණය 235 දිළියෙනු වැනි මැ යි. උන් ගේ පතුල් පබළු පත් මෙන් රතු යැ. උන් නටමින් පතුල් බිමැ තුබු කල්හි පතුලේ ආකාරය බිම පෙනෙයි. පත්ලෙහි ගෑ ලාක්‍ෂා රසය බිමැ වැකෙන හෙයිනි.
ව්යාබඛයායිනන කාරයේ මේ පද්ය ය වනසති. ඔවුන් ගන්නා පාඨය ද, කියන අථ ද, ඔවුනට මැ තෙරේ යනු පැනයෙකි.
ටිප්පණි : 1. මත් වැ - ඒ නටන තරුණියෝ මත් වුවැහු යැ. කිමෙකින්ද? අනඞග ශරයෙනි අනඞගයා ගේ ප්ර ථම ශරය උන්මාදනය (උමතු බව) ඇති කරන්නේ යැ. එ හෙයින් ස්ත්රිරහු උමතු වුවා සේ ගි කියත්.
2. මනමත් සිරිති - මන්මථ ශරයෙන් ‘මන’ යනු වෙතනාමට නමි. ‘මත්’ (මථ) නමි කැලැඹිම යි. සිත කලඹන හෙයින් අනඞග ‘මනමත්’ (මන්මථ) නම් වේ. මතට මත් මනමත් මෙහි ගන්නා ලද මනමත් සරය නම් ප්ර්ථමය යි (අරවින්‍ද ශරය යි.) මන්මථ ශරයෙන් මත් වු හ යි කිමෙන් ඒ ස්ත්රින් බලවත් රාගයෙන් යුක්ත වැ සිටි බව ද, එ හෙයින් මැ උන් ගේ ගිතය ශෘඞගාර රසයෙන් පිරි ඉතිරි ගිය බව ද හැඟැවෙහි.
3. හිවානේ - ව්යාඑප්ත කරන්නාහු ‘හිවන්නෝ’ යනු ද ‘හිවානෝ’ යනු ද සමාන යැ. ‘හිව’ ධාතු පැතිරැවිමෙහි වැටේ, ‘බල’ ආදි පර පද යි. හිවා - හිවති - හිවි - හිවු. “ හිවත් මියුරු යළි පිල්” යනු පරැකුම්බා වචනයි.
4. පත්ල බිමැ පානෝ - පතුල = (මධ්ය ස්වර ලෝපයෙන්) පත්ල ලා (ලාක්‍ෂා - ලාකඩ දිය) ගානා ලද පය බිමැ එබු කලැ, පයේ සටහන වැකේ.
“ සරන සුර’ගන කැල ලා රස වැකි සරණ තල සොඳුරු පිළිමිණි තල තඹුරු පිපි සුර ගගෙව් මනකල යනු කාව්යි ශෙඛරයෙහි එයි.
මයුර විවරණය 236
“ අත් අබින පානේ” යනු ඇතැමුන් ගන්නා පාඨය යි. “හස්තයන් ගෙන් අභිනය පාන්නා වු” යනු එයට පැවැසෙන අර්ථාය යි. “අත් අබින පානෝ” යැ යි ගත් කලැ, “හස්තාභිනය පාන්නාහු” යැ යි අරුත් දියැ හැකි යැ. ප්රෙික්ෂ කයා ගේ සිත අර්ථානවබෝධයට පමුණුවන්නා වු ක්රිායාව අභිනය යි. අතින් කරන්නා වු අබනයය හස්තාභනයය නම් වේ. අර්ථ් මෙ සේ කියැ හැකි වුව ද “තලට ගත් අත් ලෙසිනි” යැ යි ආදපියෙහි මැ කි හෙයින්, මේ මෙ තන්හි නො ගැළැපේ.
5. සතු සතුටු - සත්ය සන්තුෂ්ටිය. නියම සන්තොෂය. හැබෑ සතුට. අනෙකෙකින් ලැබෙන සතුට අසත්ය (අසම්පුණි) බව ද,මෙ යුවතින් ද ඔවුන් ගේ රැගුම් ද බැලිමෙන් ලැබෙන සතුට සත්යා (සම්පුර්ණන) බව ද මෙ සේ කි හ.
6. වත් - අසම්බාව්යස කෘදන්ත නිපාතයි. අනාගතිර්ථෙ යි. ‘වනුව’ යන්නට සමාන හෙයිනි. 7. නොපටු සිත් - ‘පටු’ යනු මෙහි ‘පයු මඟ’ යන තන්හි මෙන් ‘අල්ප’ යන අර්ථ්ය දෙය. ඒ යුවතින් ද ඔවුන් ගේ රැගුම් ද දැක්මෙන් උපදනා සිත එ සේ මෙ සේ අල්ප සිතෙක් නො වේ. සම්පූර්ණය සන්තොෂය ඇති කිරිමට පොහොසත් බලවත් සිතෙකි.
8. යෝනෝ - ‘යෝනෝ’ යනු පාඨය කොටැ -ගන්නා ගුණවර්ධනයෝ එහි යුක්තත්‍වය පිහිටුවන්නට බෙහෙවින් කරුණු දක්වති. එහෙත් ඒ සියල්ලෙන් මැ පෙනි -යන්නේ අයුක්තත්‍වය යි.
181. අගනක රඟ බැසැ පැණ අතරා යා තනනා තන නම් රන් තිසර යා විලසින් අනුයේ දෙව් අසරා යා දුන් ගි මන මත් කරවන රා යා
අන්න ය : අඟනක පැණ අරා රඟ බැසැ, තනනා තන නම් රන් තිසර යැ, විලසින් දනුයෙන් දෙව් අසර යා, දුන් ගි මන මත් කරවන රා යැ.
(අරා = අරා යා. තිසර යැ = තිසරා යා. අසර = අසරා යා. රා යැ= රා යා.)
මයුර විවරණය 237 අර්ථ : ස්ත්රිනයක එණ හස්තය ඔසොවා නෘත්ය යට බැසැ, කම්පිත වන්නා වු පයෝධරයෝ නම් ස්වර්ණව හංසයෝ යැ. (ඇය ගේ) විලාසයෙන් ද ධ්වනියෙන් ද දිව්‍යාප්සරාව යෙයි. (ඇය) දුන්නා වු ගීතය (නම්) සිත මත් කරවන්නා වු සුරාව යැ. විස්තර : එක් ස්ත්රිෝයක් ඇඟිලි විදැහු අත් ඉහලට නඟා නටයි. අත් නැඟු හෙයින්, ඇය ගේ පයෝධරයෝ ද වඩා ලා මැ නැගී සිටැ නටන්නට වෙති. ඒ පයෝධරයෝ රාජ හංසයන් වැන්නෝ යැ. ඒ ස්ත්රි්ය ගේ රූප විලාසය ද ධ්වනිය (කට හඬ) ද කො තරමි රමණිය ද යත හොත්, (එ දෙකින් ලෝකයෙහි අද්විතිය යැ යි ප්ර සිද්ධ) දිව්යා ප්සරාව ද පැරැදි පලා යෙයි. ඒ ස්ත්රි්ය කීවා වු ගීතට ඇසු කලැ, සුරා පූ කලෙක්හි මෙන්. සිත මත් වෙයි. ‘අඟනක්’ යනු ද පාඨ යි. එය ගත් කලැ අන්ව්යය මෙ සේ වෙයි “අඟනක් රඟ බැසැ පැණ අත් අරා (අරයි) “ “ ස්්ත්රි යක් නෘත්ය යට බැසැ පැණ අත් නගයි” අර්ථය යි. සෙස්ස නොවෙනසි.
ටිප්පණි : 1. අඟනක - මෙය තුන් වැනි සතර වැනි පාදයෙහි ද යොදා ගග යුතු වෙයි. “අඟනක විලසින් දනුයෙන්.....” - “අඟනක දුන් ගී....” යනාද විසිනි.
2. රඟ බැසැ - නැටුමට බැසැ. මෙහි ‘බැසැ’ යනු භින්න කර්තෘීක අතීත කෘදන්ත නිපාත යි. හෙත්වර්ථන යි. නත තනන්නේ ඇය පැණ අත් අරා රඟ බට හෙයිනි. 3. පැණ අත් - මෙහි ‘පැණ’ නම් (නා) පෙණය යි. අත්ලෙහි ඇඟිලි විදැහු කලැ පෙණයක් වැනි වන හෙයින්, එ බඳු අත ‘පැණ අත්’ නම් ෙව්. සංස්කෘතයෙහි දු ‘අඞගුලි ඵණ හස්තක’ යනු ඇඟලි පෙණයක් මෙන් විදැහු අත් ඇත්තහුට නමෙකි. පැණ අත් නැගීම ද නැටිමෙහි දි බෙහෙවින් දක්නට ලැබේ.
බුදු ගුණ අලංකාරයෙහි - “ අසුර සෙන් තරමින් තැනැ තැනැ පැණ අතරමින් රුපු මන් උපුරමින් සරන අවි සෙනග අවි සරමින් යන තන්හි “පැණ අත් අරමින්” යනුයෙනුදු ලැබෙනුයේ මේ අර්ථකය යි.
මයුර විවරණය 238 4. අරා යැ - මෙහි ‘යා’ යනු නිකම් මැ සඳැස පුරවයි, කිසි ද අථර්යඇක් නො දේ. ‘අර’ ධාතු නැගීමෙහි ද ‘අසු අරා’ යනාදි තන්හි මෙන් ආරොහණයෙහි ද වැටේ. ‘බල’ ආදි පර පද යි. අරා - අරති - ඇරි - අරූ.
5. තනනා - කම්පිත වන. නටන. තන’ ධාතු ‘බම’ ආදි උභය පද යි. (පර පද) තනා - තනති - තිනී - තිනු, තුනු.(අත් පද) තෙනේ- තෙනෙති. රචනයෙහි ‘තන’ ධාතු මෙයින් අන්ය යි, ‘බල’ ආදි පර පද යි.තනා - තනති - තැනී- තැනු.
6. දෙව් අසරා යා - දෙව් අසර යා. දිව්යාඅප්සරාව රූප විලාසයෙන් ද කට හඬින් ද ඒ ස්ත්රිායට පරදි. ඒ යෙහින් ලජ්ජා ඉපැදි වහා පලා යෙයි. “විලසින් දනුයේන දෙව් අසර යැ” යන විසින් අන්‍වයය ගෙනැ, “විලාසයෙන් ද ධවනියෙන් ද දිව්යාැප්සරාව යැ” යි අරුත් දියැ හැකි වේ. “ දෙවි අසර විලසින් දනුයෙන් දුන් ගී” යන ඈ විසින් සලකා, “දිව්ය ප්සරාවක ගේ විලාසයෙන් ද ධ්වනියෙන් ද දුන්නා වු ගීතය” යන ඈ විසිනුදු අරුත් දෙනු වෙයි.
132. බැලුම් ඇලුම් කරන ලොලේ කතක එ රඟැ රඟන කලේ පැළැඳි සවනැ නිල් උපුලේ නෙතට පැරැදි සෙයින් සැලේ
අන්න ය : ලොලේ බැලුම් ඇලුම් කරන කතක එ රඟැ රඟන කලේ, සවනැ පැළැදි නිල් උපුල, නෙතට පැරැදි සෙයින් සැලේ.
අර්ථද : අශායෙන් බැලිම ඇලිම කරන්නා වු කාන්තාවක ඒ නෘත්යද මණ්ඩලයෙහි නටන කල්හි කනෙහි පැළැන්දා වු නිලොත්පලය (නිල් මානෙල,) ඇසට පැරැදුණු ආකාරයෙන් වඤ්වල වෙයි.
විස්තර : ඒ නෘත්යැ මණ්ඩලයෙහි එක් කාන්තාවක නටන කල්හි, ඇය කනෙහි පැළැදැ-ගත්තා වු නිල් මානෙල් මල වඤ්වල වෙයි. නැටිමේ දී ශරිරය සැලෙන හෙයින් කනෙහි වු නිල්
මයුර විවරණය 239 මනෙල සැලිම ද ස්වභාවය යි. එහෙත් මෙහි දි වෙන කාරණයක් නිසා මානෙල සැලෙන්නා සේ යැ. ඒ ස්ත්රිඑය ගේ ඇස නිල් මානෙලට වඩා ශොභා සම්පන්න යැ. එ හෙයින් මානෙල ඇසට පරදි. පැරැදුණේ ද සැලෙනු ස්වභාවය යි. මෙහි මානෙල ඇසට පැරැදි, ඒ හේතුවෙන් සැලෙන්නා වැන්නැ. ඕ කෙබඳු කතක් ද? ආශායෙන් බැලිම ඇලිම කරන්නා වු කතකි. ප්රෙබක්‍ෂකයෝ ( නැටුම් බලා සිටින්නෝ ) ඒ කාන්තාව දෙස ආශායෙන් බලති. ඇය ගේ රමණියත්වය කොතරම් මහත් ද යත හොත්, වරක් ඇය කෙරෙහි ලූ බැල්ම වෙන අතකට හැරැවියැ නොහැකියැ. ඒ බැල්ම ඇය කෙරෙහි මැ ඇලෙයි. ලහටු ගා අලමා තුබුවා සේ වෙයි. ඇය දෙස මැ බලා සිටින්නට සිදු වෙයි. ඇය අසමාන් රූප ශ්රිට සෞන්දුර්යඒයෙන් යුක්ත බව මේ කි පරිදි යැ.
ටිප්පණි : 1. ඇලුම් - ‘අල’ ධාතු ‘පිහිට’ ආදි අත් පද යි. ඇලේ - ඇලෙති - ඇලිණි - ඇලුණු ප්රනයොජය විෂයයෙහි අලවා - අලවති - ඇලැවි - ඇලැවු - යනාදිය වෙයි.
2. ලෝලේ - කරණාර්ථදයෙහි පස් වැනි විබත් ගත් තැනි. ‘ලොලින්’ යැ යි සිටිය ද යෙදෙයි.
3. සැලේ - මෙහි ‘සල’ ධාතු අකර්ම ක යි. ‘රක්’ ආදි අත් පද යි. සැලේ - සැලෙති - සැලිණි, සැලි - සැලුණු, සැලි.