මයුර සන්දේශ-සඥාපනය
සංඥාපනය
කාව්‍ය නාමය
[සංස්කරණය]මියුරු සඳෙස යනු මේ කාව්යශයට කෘතීන් කාව්යි නාමය විසින් දෙන ලද නාමය බව අවසාන පද්යන කියයි.ගද්යන පද්ය භාෂා විලාසය බිදී යන්නට වූ පසු, සංස්කෘත නාමයන් පමණ සිංහල නාමයන් සිංහලයන් ගේ කටට නුහුරු වූ සේ පෙනේ. එ හෙයින්, ව්‍යවහාරය දානා ගත්තේ, මයුර සෙන්ද ශ යන පරිවර්තිත නාමය මැ යි. සෙන්දසශ හරණයට මයුරයා දූතයකු කොටැ ගත් හෙයින්, නාමය අර්‍ථානුගත යැ.කාව්යන ලොකයෙහි ප්රකථම සෙන්දදශය නිර්මරණය කළ කාලිදාසයෝ ද ‘මේඝ දූත’ නාමසෙන්. මේ නාම කරණ රීතිය අනුදත්තෝයැ.
ලොකයේ ප්‍රථම සන්දේශ කාව්‍ය
[සංස්කරණය]ලොකයේ ප්‍රථම සන්දේශ කාව්‍යය නිපැදැමීමේ ගෞරවය යහා නවි කාලිදාසයනට යෙයි. ඔහු ඒ සෙන්දිශට කථා වස්තුවක් නිර්මවණය කළ හ.
අලකායෙහි කුවෙරයන් ගේ සෙවායෙහි නියුක්ත වූ යක්‍ෂයෙක් වී.ස්‍වාමී සේවායෙහි ප්රකමාදය දැක්වු ඔහුට කුවෙර තෙමේ, “පුරා වර්ෂායක් නගරයෙන් බැහැරැ වෙසේ ව” යි ශාප කළේයයැ. එයින් තමා ගේ අභිතව ප්රි,ය භාර්යා්ව ද හැරැ යන්නට සිදු වූ තරුණ යක්‍ෂයා, රාමගිරි නම් ආශ්රභමයෙහි මාස කීපයක් මහත් දුකින් ව්සීයැ.
දැන් මේඝ කාලය ද ආසන්නයැ.ස්‍ව ප්රි්යාව මේඝ කාලයෙහි ප්රිමය විප්රලයොගය ඉවැසිය නො හී, ජීවිත විප්රේයොගයට ද පැමිෙණති යි යක්‍ෂයාට සිතෙයි. විරශ දුඃඛයෙන් යැ තෙමේ ද උමතු යැ. තමා ජීවත් වැ ඉන්නි බව ද, ශාපාන්තයෙහි වහා පැමිණෙන බව ද, ප්රි යාවට දන්වන්නට වත් ක්ර මයෙක් නැති.මේසේ තැවෙන ඔහුට දිනක් මේඝයෙක් (වැසි වලා කුෙළක්) පෙනීණ. සෙන්දමශයක් ෙගනැ යෑම ප්රා්ණියකු විසින් කළ යුතු බව පවා සිතා ගැනීමට සඳහන් මඳ වැ සිවී යක්‍ෂයා මේඝය මිත්රියෙකු මෙන් අමතා මෙ සේ කී යැ :-
“සන්තප්තානාං ත්‍වමයි ශරණං පයොද ප්රි යායාඃ
සෙන්දනශං මෙ හර ධනපතික්රොපධවිශ්ලේෂිතස්යා
ගන්තව්යාෙ තෙ වසතිරලකා තාම් යෙක්‍ෂගවරාණං
“වාන්යොයද්යාසර්ථතහරශිරශවන්ද්රිංකාධෞතහම්යාේ”
“එම්බා පයොදය (මේඝය,) තෝ සන්තප්තයනට ශරණ වෙහි. එ හෙයින්, ධවපතිහු ගේ ක්රො ධය කරණ කොටැ ගෙනැ වෙන් වූ මා ගේ සනිදෙශය ප්රි,යාවට ගෙනැ යව.බැහැරැ උයනෙහි සිටි මෙහෙසුරුහු ගේ සිරසෙහි සඳ එළියෙන් දෝනා ලද පහා ඇති, අලකා නම් වූ, යෙක්ශ් වරයන් ගේ වසතියට (වාස භූම්යට) තා විසින් ගිය යුත්තේ යැ.”
ඉක්බිති හිමාලය ප්රාභන්තය දක්වා මාර්ග වර්ණතනය පණ පිහිටුවා කරන ලද්දේ යැ. සිංහල සෙන්ද ශ කාරන් ගේ මාර්ග වර්ණනය නම් බොහෝ සෙයින් ස්‍ථාන නාමයට අනුරූප වන එළිය සතර පෙළෙහි පිහිටුවා කැරුණු සිවු පද බැඳුමෙකි.කාලිදාසයන් ගේ එළිය නම් රසයයි, වස්තුව නම් ඒ ඒ ස්ථානයේ පැවැති ස්වභාවයයිග මනුෂ්යන සඤ්චාරයෙන් ඔබැ වූ හිමාලය ප්රානදෙශයනට වන් කල්හි නම් කාලිදාසයෝ ද කපොලකල්පිත මාර්ගයක් වනති. වනති.එය ද ඔවුන් නුදුටු තැනෙකැ යි සිතා ගැනීමට ඉඩක් නො දෙයි. එ තරම් රමණීයාකාරයෙන් කරන ලද්දේ යැ.
යක්‍ෂ ගෘහයට යන මන ගෘහාධිපතියා මැ මුත්, අන් කිසිවකු විසින් නො වැනියැ හැකි තරම් සර්වනසම්පූර්ණත්‍වයෙන් ප්ර කාශිත යැ.යක්‍ෂිණිය වියොගාතී වැ වැදැ හෙවැ නිදන්නීයැ: දූත තෙමෙ කවුළුයෙන් ඇය මැනැ, කෙළවරැ මඳ කොටැ ගිගුම් දී ඇය පුබුදුවා, සැමියා ගේ සෙන්දශය කියන්නේ යැ. අවසානයෙහි දූතශිර්‍වාදය වෙයි.
“එතත්කෘත්‍වා ප්රිවයවනුචිතප්රා ර්ථඇනාවර්තිනො මෙ
සෞභාහාහාර්දාද්වා ව්ධුර ඉති වා මය්යිනුක්රොනශබුද්ධ්යාද
ඉෂ්ටාන් දෙශාන් ජලද ව්වර ප්රාමවාෂා සම්භාතශ්රිොර්
මාභුදෙවං ක්‍ෂණම්පි ච තෙ විද්යුයතා විප්රභයොගා”
“අනුචිත ප්රාජර්ථිනායෙහි වැටෙන්නා වූ මා ගේ මේ ප්රිදයය, සුහද බැවින් හෝ, ‘මහත් දුකෙකැ’යි මා කෙරෙහි අනුකම්පායෙන් හෝ කොටැ, ජලදය (මේඝය,) වැසි කාලයෙන් සංවර්ධික ශ්රිි ඇති වැ, අභිමත දෙශයන්හි හැසිරෙව. තට විදු ලිය හා වියොව කෙණෙක්හි දු නො වේ වා.”
ඒ යැ, කාලිදාසයන් ගේ. සෙන්දිශය අද ද රසිකයන් එන සේ මත් කෙරෙයි. සමානයෙක් මුළු ලෙව්හි නැත්තේ යැ.එය බලා පසු වැ කැරුණු හංස දුතාදිය අසලකට වත් නො වදී. සිංහල සෙන්දරශ කාරයෝ ද සකල ලොකයෙහි කර්ම චක්රයවර්තීනට අනුගමනයෙන් බුහුමන් කරන්නට තැත් කළ හ.ඔහු කාලිදාසයන් මෙන් අභිනව කථා වස්තුවක් නිර්ම ණය නො කෙරෙති; තමන් ගේ මැ සෙන්දනශයක් යවත්.
කාව්‍ය නිමිත්තය
[සංස්කරණය]කුමක් සඳහා මේ කාව්යමය කැරිණි ද යනු කවීහු මැ කියති. භුවමෙනකබාහු රාජයාණන් ද, ඔවුන් ගේ බිසෝවුන් ද, අලගක් කෝනාර, වීරබාහු, ෙදව යන තුන් බෑයන් ද, සෙසු මන්ත්රීවන් ද, සේනාවන් ද, සඞඝයා ද රකින ලෙස උත්පලවර්ණ, දිව්යක රාජයාණනට මෙනින් ආයාචනක් කෙරෙති.(154-162) මේ බැහැරට පෙනෙන නිමිත්තයයි. එහෙත් පරීක්‍ෂණයෙහි දී පෙනි යනුයේ අන්යැ නිමිත්තයෙකි. අලගක්කෝනාර ප්රෙභු රාජයන් කෙරෙහි මේ කවීන් ගේ භක්තිය අප්රෙමාණ යැ. ඔවුන් ආර්යරචක්‍ි්වර්තීන් උතුරට මැ පලවා හැරැ, ජයවර්ධනය තර කොටැ. සිංහල රට සුරක්‍ෂිත කළ අයුරු, මේ කවීන් ගේ පමණක් නො වැ, සකල සිංහලයන් ගේ මැ කෘතඥතාව ඇඳ ගන්නා සුලු යැ. කවීහු ඉතා රමණීයාකාරයෙන් කෙළෙහි ගුණ දක්වති. ඒ බවට කාව්ය්ය සාක්‍ෂ්යවයි. අලගක්කෝනාරයන් ජයවර්ධනය කැරැවු නිසා, මේ කවීනට පෙනෙන සේ නව්- (49)
“පුර සක් වළට ගල් හිම් පවුරු පෑයෙනි
පර සක් වළෙකැ වැනි පර සතුරෝ ඉතිනි.”
ප්රසභූ රාජයන් ගේ වර්ණළනය කරන ලද්දේ පද්ය් අටෙකිනා.ග්රේන්‍ථ අටකට සෑහෙන තරම් කරුණු මේ පද්ය අටෙහි හකුළුන් ලදැ යි කිව, අතිශයොක්තියෙක් නො වේ. මහා රාජයා ගේ වර්ණලයෙන් කැරුණේ පද්ය් තුනෙකිනි. එහි ද, ඔටුනට මෑ විශෙෂ වශයෙන් යෙදෙති යි කියැ හැකා තැනෙක් නැති. කවර රජකු ගැනැ වුව ද කියැ හැකැ දැ පමණෙකි, එහි ලා ගැනුණේ. මෙයින් පෙනෙනුයේ, අලගක්කෝනාර වර්ණිනය මේ කවීන් ගේ ළය පුරා පැවැති බවයි. එ තරමි ආදරයකට අලගක්කෝනාරයන් නුසුදුසු නො වූ බව ද ඉතිහාසඥයනට අප්රවකාශ නො වේ.
කාව්‍ය කතෘ
[සංස්කරණය]මයුර සෙන්දථශ කාරයන් ෙග් නම පළමු වරට ප්රදකාශ වූයේ දිපඬකර සංස්කරණයෙනි. ඒ දක්වා සැහැවී තිබී, දිපඬකර ස්ථඬවිරයන් අතට පැමිණි පැරැණි පිටවත් දෙකෙකැ කතෘ නාම
ප්ර කාශක අවසාන පද්යැ වී ල.
“කි වී සු රු මතැ කිරුළු යුරු රැඳි නැණිනි සරූ
ග ණි සු රු ගුරුළු දැම් ඇදුරිඳුට මුනුබුරූ
කි වි සු රු කිරි පුවළ කිවි රස බස මඟැරූ
මෙ ම සු රු මයුරු සඳෙස යැ කළ රස’සෑ පිරූ
මෙයින් කවීශ්‍වර නමැත්තකුන් විසින් මේ කාව්යූය කරන ලද බව ද, ඔවුන් සුප්ර සිද්ධ ගුරුළු ගෝමි ආචාර්ය වරයනට මුනුබුරු බව ද හෙළි වෙයි. මේ කවින් ගේ මැ කෘතියක් වූ ‘පොළොන්නරු පුර වර්ණ්නා’ නම් කාව්යවයක් ද දීපඬකර ස්ථවිරයන් අතට පත් වූ බව පෙනේ. ඇපි නුදුටුවම්හ.එය මේ තාක් පළ නො කිරිම පිටවත ලද්දවුනට ප්රවශංසා පිණිස නො වැවේ. සම්පූර්ණම ශුද්ධියකට පවුණුවා ගත නො හැකි නම්, කළ මුත්තේ ලැබුණු සේ මැ පිටපත මුද්රිණය කරවා ලීම යි. එ කලැ, ශාස්ත්රිුය පරීක්‍ෂණයට මහ දොර හැරෙන හෙයින්, ප්රිකාශකයෝ මහත් ශාසත්රීුය සඬග්ර්හයක් කළාහු නම් වෙති. ඒ කාව්යිය වළ වුව හොත් මයුර සෙන්දශශ කාරයන් හඳිනැ ගැනිමට ලැබෙන මහත් රුකුල ගැනැ වත් සිතා බැලීය ඉතා කාලොචිත වෙයි.
වාසල වුදලි ගුණවර්ධනයෝ කතෘ නාම ප්ර්කාශක මේ පද්යම නො ඉවසති. දීපඬකර සංස්කරණයෙහි පද්යප එනුයේ
“කි වි සු රු මත කිරුළු යුරු රැඳි නැතිනි සරු
ගුණ සු රු ගුරුළු ගැම් ඇදුරිඳුට මුනුබුරු
කි ව් සු රු කිවි පුවළ කිවි රස බස මහරු
මේ මියුරු මියුරු සඳෙසය කළ රස සපිරු”
යන ලෙස යැ. ගුණවර්ධවයෝ එය එ සේ මැ ගෙනැ සුනු කොටැ ලති.
මේ පද්යය දීපඬකර ස්ථවිරයනට ලැබුණු පිටපත් සොළොසෙකින් දෙකෙකැ පමණක් පෙනී යන්නෙකි. අනෙක් සෙකින් දෙකෙකැ පමණක් පෙනී යන්නෙකි. අනෙක් තුදුසෙහි හෝ පූර්‍ව සංස්කාරකයන් විසින් දක්නා ලද එක් ද පිට පතෙකැ හෝ මේ නො ආයේ යැ. එයින් මැ මෑතෙකැ දී ඇතුළු කරන ලද්දක් බව පෙනෙයි. ‘නැණිනි සරු’ යැ යි කියා යළි ‘ගුණ සරු’ යැ යි කිම කුකවි ලක්‍ෂණයෙකි. “මියුරු මියුරු සදෙස” යැ යි කියා “රස සපිරු” බවකුත් කී හ. පුනරුක්තියි.’සඳෙස’ යනු මැ විභක්ත්ය්න්ත යි. එ හෙයින් ‘සඳෙසය’ යි යළි දු විභක්ති යෙදීම නිරර්ථ’ක දොෂය කැඳවයි. ‘සපිරු’ යන්නෙන් යම් කිසිවකු විසින් පුරවා පූ බවෙක් හැගෙයි. පද්යි රසයෙන් පිරෙනු විනා, කිසිවකු විසින් පුරවනු ලැබීමෙක් නැති.
ගුණවර්ධනයන් කළ විවෙචනෙයහි සාරයයි මේ.
[සංස්කරණය]ගුණවර්ධනයෝ විචක්‍ෂණයෝ යැ. එෙහත් ඔවුන් ගේ එක් වරදෙක් වෙයි. එ නම්, තමන් අතැ ගුණ සේ පෙනෙන්නක් අනුන් අතැ මහ දොස් සේ දැකිම යැ. ඔවුන් ගේ සංස්කරණයෙහි පෙනෙන ඇතැම් පද්ය යත් අපි දු ගතුම්හ. 153, 154 වැන්නෙහි අගැ සතර පෙළ, 163 යන මෙ තුන විශෙෂයෙන් සඳහන් කළ යුතු යැ. තමනට ලැබුණු පිටපත් අතුරින් කියෙකැ මේ තැන් වෙයි ද යනු ගුණවර්ධනයෝ නො කියති.අන්යත සංස්කාරකයනට ලැබුණු එක ද පියපතෙකැ මේ එකෙකුදු නැති.ඉතින් මේ තැන් කවර නාමයෙකින් අපි ගනිමු ද? දීපඩකර ස්ථවිරයන් කළ මහත් යැ පාපය නම් ඇත්ත කීම යි. එය බලය කොටැ ගෙනැ ගුණවර්ධනයෝ දීපඩකර ස්ථවිරයන් ගේ පාඨය මකා ලති.
“නැණිනි සරු-ගුණ සරු” යි එක මැ සම්බන්‍ධයෙහි යෙදිම් නම් කුකවි ලක්ෂනණයෙක් මැ යැ. අනුන් ගේ සංස්කෘතියෙකැ මේ දෝෂය මේ තරම් බලවත් කොටැ දැකැ දැකැ, තමන් ගේ සංස්කෘතියෙහි එය ඉතා සුළු කරුණක් කොටැ ගැන්ම නො මැනැවි. මේ බලත් වා :-
(146) “ සිරි කත මත නුමුත මලිගිය මල් සෙයිනි
පැහැ රළ පැහැර නැගි තුනු යිදු මුතු ලෙසිනි
දැඩියෙන් අසුර සෙන් යස ඇලුණා සෙයිනි
තෙටුණෙය සතත සරණත නිය කැන් සිරිනි”
“සෙයිනි-සෙයිනි” යැයි දෙ පළෙකැ එකාර්ථ”යෙහි යෙදුණෙන් මෙය අත්යසන්ත දුෂණයට පැමිණියේ යැ.
(136) “ග ති නු පු ලේ පැහැ ගත් හිමි නළල් තලේ
රැ ඳි නි ම ලේ රන් පට රඳන ඇම කලේ
උ දු සු නි ලේ ගන පැහැනවල ගත වෙලේ
කි ව වි දු ලේ කිම දිලියෙනු ද ඇම කලේ”
මෙහි “ඇම කලේ” යනු දෙ පෙළෙකැ මැ යොදා, “සෑම කළ්හි” යැ යි දෙ පළට මැ අරුත් කියු සැටි උද්වෙගකර යැ.
“මියුරු මියුරු සඳෙස” යැ යි කී තන්හි, ‘මියුරු’ යනු ශබිද මාධුසීය ද, “රස සපිරු” යන තන්හි අර්ථෙ රසය ද ගැනුණු සේ සලකා, පද්යහ මඳකට ඉවැසියැ හැකි වැ තුබුණේ යැ. එහෙත් ගුණවර්ධනයෝ මකන්නට මැ සැරැසුණාහු යැ. එ බඳු තන්හි කවර ඉවැසීමෙක් ද?
‘සපිරු’ යන්නෙන් යුක්තත්‍වය ද දැක්වියැ නො හැක්කේ නො වෙ. දීපඬකර ස්ථවිරයන් ගේ ව්යා්ඛ්යාධනයට, කව්හු හවුල් නුවුහ. එ හෙයින් ව්යාකඛ්යාථනය පසෙකැ ලා, “රස සපිරූ මියුරු සඳෙස” යැ යි අන්වයයයි ගෙනැ, අරුත් පවසමු. රසය මේ කාව්යාය සපුරා සිටියි. එ හෙයින් මේ “රස සපිරූ මියුරු සඳෙස” යැ.
මේ නයින් බලන කලැ, ගුණවර්ධනයන් කියන දොස් එ තරම් සැලැකියැ යුතු සේ නො පෙනේ.අපට දක්නට ලැබුණු එක ද පිටපටතකැ මේ පද්යක නො ලැබෙන බව සැබෑ යැ.එහෙත් ප්ර ක්‍ෂිප්කයෙකැ යි බැහැරැ කිරීමට ඒ ප්රයමාණ නො වෙයි.ගිරා සන්‍දෙශයෙහි අන්ය සංස්කාරකයනට දක්නට නොලැබුණු පද්යම පසෙක් මැ අපට ලැබිණ.ඒ එකකුදු ප්රමක්‍ෂිප්තයක් නො වන බවට බැහැරින් සාක්ය්පස නුවුව මනා යැ.එක යැ පොතෙහි අත් පිටපත් සියයෙකින් නවානුවෙකැ මැ නැති පාඨයෙක් ඉතිරි එකෙහි මේ නම්, පිටපත් ගණන මැ බලා ඒ පාඨය දුරු කිරිම, විචාර බුද්ධියෙන් යුක්ත වුවකුට තරම් නො වේ. එ හෙයින්, දිපඬකර ස්ථවරයන් ගේ භාග්යො ව්ශෙෂයට ගෞරව කෙරෙමින්, “කිමයුරු” යනිදි පද්යචයට අප ගේ සංස්කරණයෙහි අවකාශ දුනුම්හ. එ සේ දෙමින්, අශුද්ධ යැ යි අපට පෙනුණු තැන් අප ගේ වැටැහීමේ සැටියට ශුද්ධ කොටැ ලුම්හ.
මේ පද්යශයා ගේ අකෘතක භාවය ඔප්පු කරන සාක්‍ෂ්යි පක්‍ෂයට තව ද කරුණක් එක් කළ හැකි වෙයි. දෙ පිටපත් හි මැ එනුයේ ‘ගුරුළු දැමි’ යනු යැ.දීපඬකර ස්ථවිරයෝ එය “අශුද්‍ධ යැ” යි දුරු කොටැ, “ගුරුළු ගැමි” යනු සුපාඨත්‍වයට නඟත්. ‘ගුරුළු ගෝමි’ යන නාමයෙහි ‘ගෝමි’ යනු බලා මෙ සේ කෙරෙතුදු එයට තරම් වන හෙතු නැත්තේ යැ. නිකාය සංග්රනහ ආදි අන්ය’ ග්රකන්ථයන්හි දු ‘දැම්’ යනු එයි. ‘ගෝමින්’ යන්නෙන් ලැබෙන මහොපානකාථය ඉනුදු ලැබෙයි.නවිනයකු ව්සින් කරන ලද පද්යසයෙක් නම්, දීපඬකර ස්ථවිරයන් සිතු සේ මැ සිතා, ඒකාන්ක වශයෙන් යොදනු ලබන්නේ ‘ගුරුළු ගැමි’ යනු මැ යැ.
කාව්‍ය කාලය
[සංස්කරණය]දැන් අප ගේ විචිරය මෙහෙයි යැ යුත්තේ මේ කවීන් ගේ සමයයට යි. මේ කාව්යයය භුවනෛකබාහු නම් රජකුන් ගේ සමයයෙහි කැරුණු බව-
“සිරි සිත බා තරැ පොලඹා රැදි නිතොර
රුපු ගජබා මුල් නො තබා ගත් කෙසර
ලක ඔලඹා සි රි සු ල බා කළ මෙපුර
දින මහබා බු ව නෙ ක බා රජ පවර”
යනුයෙන් පෙනේ. ෙමාහු නම් පස් වැනි භුවනෛකබාහු රාජයාණෝ යැ. මොවුන් ගේ රාජ්ය වර්ෂ යෙක් මහා වංශයෙහි සඳහන් නො වේ. එෙහමත් ශ්රීප බුද්ධ වර්ෂන 1914 පමණේ දී රාජ්ය යට පැමිණිය හ යි සිතියැ හැකි යැ.රාජ්යය හවුරුදු විස්සක් පැවැති බව හැඟෙයි. එ හෙයින් මයුර සෙන්ද ශය කැරුණේ බුද්ධ වර්ෂස 1914 ත් 1934 ත් අතරැ කාලයෙහි යැ.හෙවත් මෙයට හවුරුදු පන්සිය පන්සාලිසකට පූර්ව වූ හවුරුදු විස්ස ඇතුළත යැ.
පූර්වතම සිංහල සංදේශය
[සංස්කරණය]දැන් ලැබෙන සෙන්දයශයන් අතුරින් මේ පූර්වමතමය යි. සිඳත් සඟරායෙහි කිරිය පෙරැළියට නාදර්ශශන කැරුණු-
“මොනරිඳු එ කල්හි පුල් සලගැ නවා ගනි”
යනු මයුර සෙන්දැශයෙන් ගන්නා ලදැ යි සිද්‍ධාන්ත ව්යාකඛ්යාපන කාරයෝ කියති. සිදත් සඟරාව කැරුණේ මේ මයුර සෙන්දසශයට පෙරැ යැ; දෙ වැනි පැරැකුම්බා මහ රජාණන් ගේ සමයයෙහි දී යැ. ව්යා ඛ්යා්න කාරයෝ සැබැවක් කියත් නම්, මෙයට පෙරැ ද මයුර සෙන්දුශයෙක් වී යැ. ඒ කෙබන්දෙක් ද යනු සිතිය ද දුෂ්කර යැ.ගීයෙන් බඳනා ලද්දෙකැ යි ඇතැම්හු හදහති. එකෙක් ඒකාන්ත යැ. එ නම්, එ බන්දක් වුව, මේ මයුර සෙන්දකශ කාරයන් එය නුදුටු බව යි.දුටු නම්, වෙන පක්‍ෂියකු මේ සෙන්දසශය යෙනැ යන්නට යෙදෙන බවට මඳ වු ද සැකයෙක් නැති. අන්ය කාව්යමයෙකින් අර්ථද පැහැරැ ගැනිම පිළිකුල් කොටැ සලකන මෙ තරම් කව් ශ්රෙ ෂ්ඨ කෙනකුන් අන් කෙනකුන් ගේ කාව්ය නාමයක් පැහැරැ ගනිති යි කෙ සේ සිතමු ද? පක්‍ෂින් ගේ හිඟයෙක් වී නම්, එ සේ කළ හ යි සිතියැ හැකි යැ. දැනුදු මෙ බඳු සූත සේවායෙහි නො යෙදුණු පක්ෂි,හු මැ බොහෝ වෙති.එ කලැ කීර හංස කොකිල ශාරිනා පාරාපතිදීහු පවා නො ඉඳුල් වැ උන් හ.
තිසර සංදේශය යටත් පිරිසෙයින් මෙයට හවුරුදු විස්සකට පසු වැ කරන ලද්දදේ යැ. එයට ද පසු වැ පරෙවි, කොවුල්,සැල ළිහිණා, හංස යන සෙන්දශ කැරිණ.තිසරය දැතිගම පුරැ පරාක්රපමබාහූන් ගේ සමයයටද, ඉතිරි පස ජයවර්ධනනයෙහී (සවැනි) පරාක්ර මබාහුන්ගේ සමයයට ද අයත් වෙයි. සීතාවකැ රාජසිංහයන් ගේ සමයයෙහි අලගියවන්න මුඛවෙටි කවීන් විසින් කරන ලද සැවුල් අස්නෙන් පුරාතන සෙන්දඛශවලිය කෙළවර වන්නේ යැ.
ජයතිලක මතය
[සංස්කරණය]“තිසර සංදේශය මයුර සෙන්දශශයට හවුරුදු තිසකට පමණ පෙරැ පස් වැනි පරාක්රිමබාහූන් ගේ සමයයෙහි කරන ලද්දේ යැ” යනු ශ්රිමත් ජයතිලකයන් ගේ මතය යි. මෙය මැනැවින් විමසා බැලියැ යුත්තේ යැ.
ශ්රියමත් ජයතිලකයෝ කවර කවර කරුණු සාධක කොටැ ගෙනැ, තිසර සෙන්දරශ කරණය පස් වැනි පරාක්රණමබාහු සටයයෙහි හෙළත් ද ?
1. බුද්ධ වර්ෂ 1953 රජය ලැබු ස වැනි පැරැකුම්බාවනට පෙරැ පැරැකුම්බා නම්න්රජ වුවෝ පස් වැනි පරාක්රණමබාහූහූ යැ.
2. තිසර සෙන්ද්ශ කාරයන් ගේ නම සඳහන් නුවුව ද, ඒ කාලයෙහි මැ කැරුණු වුත්තමාලා (පාලි) කාව්යශයේ කර්තෲාන් ගේ නම් “විල්ගම් මුළ සඬඝ රාජයන් ගේ ශිෂ්යර වූ ගතාර නම් සළුවීර” යැ යි සඳහනි. විල්ගම් මුළ මා හිමියනුදු එ කලැ මැ දැතිගම් පුරැ විහාරයෙහි විසූ බව වුත්තමාලායෙහි කියවිණ. දෙ පොත්හි මැ දැතිගම් පුරැ පරාක්රාමබාහූන් වැනුණු හෙයින්,තිසර සෙන්දපශය ද වුත්තමාලාව ද එක් සමයයෙකැ කැරුණු බව ඔප්පු වෙයි.
3. පස් වැනි පරාක්රනමබාහුන් ගේ කාලයෙන් වසු මා හිමි පදවිය ඉසිලූ විලිගමි මුළ පරම්පරාවට අයත් මහා ස්ථවිර කෙනකුන් හෝ, ඔවුන් ගේ ඥාති ශිෂ්යැ වු ගතාර පරිවෙණාධිපති සථවිර කෙනකුන් හෝ විසු බවක් පතින් පොතින් පෙන්වීයැ නො හැකි යි.
4. සතර වැනි පරාක්රවමබාහුන් දවසැ සම්භාවනීය ග්ර න්ථ කීපයක් සැපැයු විල්ගමමුළ ස්වාම්හු බු. ව. 1876 දී මහා ස්වාමි පදවිය දැරූහ. (කැළණි ශිලා ලිපිය.) සතර වැනි පරාක්ර මබාහුනට පසු වැ, විලිගම් මුළ මා හිමියන් ගේ ජිවිත කාලයෙහි, පරාක්ර මබාහු නාමයෙන් රජ පැමිණියෝ පස් වැනි පරාක්රාමබාහුහු යැ.
5. මයුර සෙන්දහශහෙහි වැනුණු ජමවර්ධ න පුරය තිසර සෙන්දශශයෙහි ෙනාසඳහන් වූයේ ඒ නගරය තිසර සෙන්දවශයට පසු වැ කැරුණු හෙයිනි.
6. තිසර සෙන්දගශයෙහි වෘදිධතර භාවය සන්‍දහි විසි වාකිප්රයෝගදි අභ්ය.න්තර ලක්‍ෂණයෙන් ද සලකා ගත හැකැවේ.
7. පස් වැනි භුවනෙකබාහූන් ෙග් විසි වැන්න (බු. ව. 1924) පටන් කෝට්ටේ ශ්රිභ පරාක්රසමබාහුන් ගේ රාජ්යොශදයය දක්වා ගත වූ විසි වස් පමණ කාලය තුළා, වීරබාහු
වීර අලකෙශ්ුවර යන දෙ බෑ රජුන් ගෙව් පසු, සේනිලඬකාධිකාර සෙනවි රදුන් මුනුබුරු පරාක්රජමබාහු ඈපාණන් දැවුරුද්දක් පමණ ප්රමාණවත් ආධිපත්යරයක් ඉසිලූ බව සද්ධමර් රත්නාකරයෙන් පෙනෙතත්, ඒ ඈපාණන් දැතිගම් පුරය හෝ යෙන කිසි නුවරක් රාජධානිය කොටැ ගෙනැ රාජ්යාතනුශාසනය කළ බවෙක් කියි පතෙකැ පොතෙකැ නො සඳහනි.
ශ්රිකමත් ජයතිලකයන් ෙග් මේ සප්ත යහා සාධකයන් දැන් විමසමු.
1. පස් වැනි ස වැනි උභය පරාක්ර්මබාහුන් අතරැ පරාක්රනමබාහු නාමයෙන්
ආධිපත්ය ය දැරූ කෙනකුන් වූ බව සද්ධර්මැ රත්නාකර කාරයෝ කියති. (7 වැනි සාධකය බලන්නැ.) ඔවුන් ගණනට නො ගන්නට හෙතු නො පෙනේ.
2. ‘විල්ගම් මුළ’ යනු හෝ ‘ගතාර’ යනු හෝ පුද්ගල නාමයෙක් නොවේ. ඉතිහාසයෙහි ප්රලසිද්‍ධ සඬඝ ගණ අවින් උතුරු මුළ, මහනෙත්පා මුළ යනාදිය මෙන් මැ, විල්ගම් මුළ ද එකෙකි. ඒ ඒ කාලයෙහි ඒ ඒ ගණයට අධිපති වූ ස්ථවිරයෝ ගණ නාමයෙන් මැ ගැණෙති. උතුරු මුළ හිමියෝ නම්, උතුරු මුළට අධිපති ස්ථවිරයෝ යැ. එ මෙන්මැ විල්ගම් මුළ හිමියෝ නම්, විල්ගමි මුළ සඩඝ ගණයට අධිපති වූවෝ යැ. ‘ගතාර’ යනු පිරුවනෙකැ නමෙකි.පිරුවන් අධිපතියනුදු පිරුවන් නමින් මැ ගැනෙන බව සඳහන් කළ වනා නො වෙයි. ‘ගතාර’ පිරුවන යම් තාක් පැවැතියේ ද, ‘ගතාර’ නමින් මැ ගැනුණු පිරුවනි හිමියෝ ද ඒ තාක් මැ වූ හ. කිත් සිරි ෙමවන් කැලණි විහාරයෙහි විල්ගම් මුළ මා හිමියන් විසින් මැ පිහිටුවන ගද ශිලා ලිපිය-
“මතු ඇති වන බන්ධු පරම්පරාවේ ගතාරා පිරිවෙන් සිටි තැනන් විසිනුත්, රජ යුව රජ ඇමැති ආදීන් විසිනුත්, මේ පින් කම් අනුමෝදන් වැ චිරාත් කාලහක් පැවැත්වියැ යුතු.”(පැරැකුම්බා සිරිත් ප්රනස්තෝතාවනා-17.)
යනුයෙන්, ඒ බව ඔප්පු කෙරෙයි. එ හෙයින් විල්ගම් මුළ හිමි කෙනකුන්, ගතාර පිරුවන් කෙනකුන් ලැබීම, අන් කෙනකුන් ලැබීය තරම මැ, පහසු වූ බවට සැක නැති. ගතාර හිමියන්
විල්ගම් මුළ සඬඝ රජයන් ගේ ශිෂ්යි වු බවක් හෝ, විල්ගම් මුළ මා හිමි කෙනකුන් එ කළැ දැනිගම් පුරැ විසු බවක් හෝ, වුත්තමාලාව නො කියයි.
3. පස් වැනි පරාක්රරමබාහුන් ගේ කාලයට පසු වැ මා හි පදවිය ඉසිලු විල්ගම් මුළ හිමි කෙනකුන් නුවු බව ඉදුරා කියැහැක්කේ, සකල මහා ස්වාමි පරම්පරාව පිළිවෙළින් දැක්වීමෙනි. එ සේ නො දක්වා, “එ බන්දකු නුවු හ” යි යම් පමණ වේගයෙන් කියැ හැකි ද, “වූ හ” යි ද එ පමණ මැ වේගයෙන්කියැ හැකි යැ. පතින් පොතින් ඔප්පු කිරිමේ භාරය ද දෙ පක්‍ෂයට මැ සාධාරණ වැ පැමිණේ. එහෙත් කුමට යැ?
තිසරයෙහි වැනෙන පරාක්රනමබාහුන් පස් වැනි පරාක්රවමබාහුන් නො වන බව ඔප්පු කිරිමට විල්ගම් මුළ මා හිමි කෙනකුන් නුවුව මනා යැ. එ කලැ මා හිමියන් විල්ගම් මුළ නම් වු බව කීවෝ කවුරු ද ? කියන්නෝකවුරු ද ? අන් පත පොත කුමක් කියතුදු වුත්තමාලාව එකක් ඉඳුරා කියයි. එ නම්, එ සමයයෙහි විල්ගම් මුළ නම් සඬඝ රාජ කෙනකුන් නුවු බව යැ.
වුත්තමාලා කාරයෝ දැතිගම් පුරය වනති, පැරැකුම්බා රජුන් වනති, ආශ්රතම භූමි පදය වනති, ග්රාවමාන්ත වාසී මහා ස්ථවිරවරුන් වනති, අරණ්යමනාසී මහා ස්ථවිරවරුන් වනති.ඉක්බිති ගාථා සතෙකින් (51-57) සංඝ රාජයාණන් වනති. සංඝ රාජයාණන් කිනම් වුව ද, විල්ගම් මුළ නුවු බවට ඉඳුරා සාක්‍ෂ්යය දෙත්.
ග්රාසමාන්ත වාසීන් අතුරෙහි පළමු කොටැ වැනුණෝ (42) ශෛලාන්තරමූලයෝ යැ. ඉක්බිති (43) සෙන්පති මූල (44) මහානෙත්‍රප්රනසාද මුල යන දෙ තැන ගැනුණාහු යැ. සතර වනු වැ විල්ගම් මුළ හිමියෝ-(45)
“සදාසෙසදෙහිප්පවත්තොරුමෙත්තො
තිසිකඛානුරකඛාතිදකෙඛා සපඤෙඤ
රණානං අවාසො ගුණානං නාවාසො
සරොගාමමුළවහථෙරො විරාජෙ”
යනුයෙන් ඇදෙති. [“සදා අශෙෂ දෙහීන් (සත්‍වයන්) කෙරෙහි ප්රළවෘත්ත උරු (මහත්) මෛත්රීර ඇති ත්රිඅ ශාක්ෂ3නුරක්‍ෂණයෙහි අතිදක්‍ෂ වු, සප්රඥ වූ, රණයනට (පාපියනට) අවාස වූ
ගුණයනට නිවාස වූ, සරොග්රාතමුලාහ්ව්ය (ව්ල්ගම් මුළ නම්) තෙර වොරැඳේ” යනු ගාථාර්ථතයි.] වනරත්න, ධර්මකිර්ති, භුවනෛක භුජ යන අරණ්යඳ වාසීහු මේ පිළිවෙළින් වනන ලද්දෝයැ. ඉක්බිති සංඝ රාජයෝ අන්යුමදාරාකාරයෙන් වර්ණිතයෝ යැ. එ කලැ විල්ගම් මුළ සඟ රජ කෙනකුන් ගැනැ බසකුදු ගැනීමට ඉඩෙක් මෙයින් නො ලැබේ.
“සරසිගාමමූළමහාසාමිනො භාගිනෙය්යෙලන ගතාරාභිධාන
උපතසස්සිනා රචිතං වුත්තමාලසෙන්‍දසසතකං සමතතං”
යන කාව්යසවසාන වාක්යලය, ගතාර උපතපස්වීන් විල්ගම් මුළ මා හිමි කෙනකුන් ගේ බෑන බවක් හඟවා නම්, ඒ මා හිමියෝ මේ කාව්යනයෙහි මැ වැනුණු විල්ගම් මුළ හිමියන් ගෙන් අන්යමයෝ යැ. ශ්රිි බුද්ධ වර්ෂ 1876 දී සඬඝරාජ වැ සිටැ, කිත්සිරි මෙන් කෑලණියෙහි ශිලා ලිපිය පිහිටැවු විල්ගම් මුළ හිමියන් ඊට මෑත භාගයෙහි සඟ රජ තනතුරින් පහ කරනු ලැබැ, නිකම් මැ විල්ගම් මුළ වැ දැතිගම් මුරැ විසු බවක් හෝ, විල්ගම් මුළ සඟ රජ කෙනකුන් සිටියැ දී මැ තව ද විල්ගම් මුළ තෙර කෙනකුන් වූ බවක් හෝ, හදහා නො ගෙනැ, විල්ගම් මුළ මා හිමියන් ද, ගතාර පිරුවන් හිමියන් ද, වුත්තමාලාව ද, තිසර සෙන්දමශය ද, පස් වැනි පරාක්රනමබාහූන් ගේ සමයයට හෙළිමෙක් නො වන්නේ යැ.
විල්ගම් මුළ මහා තෙර ෙකනකුන් විසින් විරචිත වු සඳ කිදුරු දා නම් කාව්යමයෙක් වෙයි. එහි කර්තෘ් නාම සන්‍දශික පද්ය යැ මේ :-
“රන් ගිරි සිරි අසල්
මල් පල’රමින් මන කල්
තුන් බෝ සැදි විසල්
පසිඳු දෙනගමු වෙහෙරැ හැම කල්
“වසන පිළිවෙත් සරු
සඟ ගණ සමඟ පියකරු
සදහම් දැරු මහරු
සියල් සතරෙහි සුර ඇදුරු යුරු
“පරපුරැති නිකසළ
මහ තෙරිඳු විල්ගම් මුළ
පර වැඩ පිණිස කළ
මෙ කව් වඩවා දනන් මන දොළ”
මේ කාව්ය ය කවර කලෙකැ කැරිණි ද යනු නො සදහනි රජෙක් මෙහි නො වැනුණේ යැ. එහෙත් ස වැනි පැරැකුමිබා නිරිඳුනට ඉතා ළං වූ කලෙකැ කැරුණු බවට සන්දැහීය සාක්‍ෂ්යහ දරයි. සිංහල බොධිවංශය කළ විල්ගම් මුළ තෙරණුවෝ මොවුන් ගෙන් අන්යයෝ යැ. ඇතැමුන් සිතන්නා සේ මේ කාව්යවය දෙ වැනි පැරැකුම්බා නිරිඳුනි ගේ සමයයෙහි දී කැරුණ ද යි සිතිමට මඳ වූ ඉඩෙක් නැත්තේ යැ. සිංහල බොධිවංශය කැරුණේ සිවු වැනි පැරැකුම්බා නිරිඳුන් ගේ සමයෙහි දී යැ. මෙය දැතිගම් පුරැ පරාක්ර්මබාහූන් ගේ සමයෙහි කැරුණ ද යි ද, මෙය කළ විල්ගම් මුළ තෙරණුවන් මැ වුත්තමාලායෙහි සඳහන් වු ද යි ද සිතිම ඉඩ තිබේ. සන්‍දභිය විශෙෂ වශයෙන් පිරික්සිමට මේ නො නැති. තිදර සෙන්දසශය, කාව්යම ශෙඛරය යන දෙකට අතරැ කාලයෙකැ මෙය කැරුණු සේ සිතියැ හැකි යැ.
4. එ කියන විල්ගම් මුළ මහා ස්වාමින් ගේ කාලයෙහි පස් වැනි පරාක්රතමබාහුනට පසු වැ, පරාක්රේයබාහු නාමයෙන් රජ වු කෙනකුන් සිටියේ වේ වා, නො සිටියේ හෝ වේ වා. වුත්තමාලාව කරන කාලයෙහි විල්ගම් මුළ නම් සඟ රජ කෙනකුන් නුවු බවට සාක්‍ෂ්ය් දෙන්නෝ වුත්තමාලා කාරයෝ මැ යැ.
5. මයුර සෙන්දවශයට අසු වු ජයවර්ධානය තිසර සෙන්දයශයට අසු නුවුයේ, මොනරා ගිය මඟ මැ තිසර නො ගිය හෙයිනි. තිසර සෙන්දධශයෙහි වැනුණු කොළඹ ද නදී සාගර සඬගම ස්ථානය ද, මයුර සෙන්දශයෙහි නො සඳහනි. මයුර සෙන්දමශයෙහි නො සඳහනි. මයුර සෙන්ද ශය කරන්නට පෙරැ යැ එ දෙක මැකි ගිය හ යි සිතමු ද?
මේ අශාන්ත කාලයෙකි. දැතිගම් පුරැ පරාක්රියබාහුන් ගේ සතුරන් ුෙගන් රට පිරි පැවැත්තේ යැ. ඔවුන් ගේ ජය බිම ජයවර්ධුනය යි. පරාක්ර මබාහුනට අතිශයින් හිතවත් වැ, ඔවුන් රැකැ දෙන ලෙස උත්පලවර්ණායනට ආයාචනය කරන බව දන්වන සන්දේශය සතුරු පුරය මැදින් නො යැවිමෙන්, තිසර සෙන්දරශය කාරයෝ ස්වකිය විචාරවත් භාවය දක්වති.
තිසර, මොනර, කොවුල් යන තුන් දූතන් ගත් මහ මදක් පිරික්සා බලමු. මේ තුන් දෙනාම මැ දකුණින් කළු තොට ද, උතුරින් කැලණිය ද, එක සේ අසු වෙයි. දෙ අතුරැ එක එක දූතයා දුටු තැන් මෙ සේ යැ :-
'තිසරා මොනරා "කොවුලා
කළු තොට - කළු තොට - කළු තොට
පාණදුරේ - බොල් ගොඩ - පොතු පිටිය
මොරටුව - විදා ගම - පාණදුරේ
මාපා පටන - රයි ගම - මොරටුව
පිටු උල් ගමුව - සල් පිට - අත්තිඩිය
කොළඹ - සාගාරම - පැපිළියාන
මුව දොර - - යටියන
- ජයවර්ධරනය - ජයවර්ධ නය
අලුත් පටන - කිත් සිරි මෙ වෙහෙර - කොන්ත ගන්තොට
වත්තල - මස් කෙළිය - මස් කෙළිය
කැලණිය - කැලණිය - කැලණිය
දුතයන් තුන් දෙන තුන් මඟෙකැ ගිය බව මෙයින් පෙනේ. තිසර ගිය මඟට ජයවර්ධනනය නො වැටුණේ හෝ වේ වා, සෙන්දකශ කාරයන් සිතා බලා ජයවර්ධ නයට දුරු මඟෙකින් තිසරා යැවුයේ හෝ වේ වා, ඒ එකෙකුදු එ කලැ ජයවර්ධ නය නුවු බවට ප්රමමාණ වන සාක්‍ෂ්ය යෙක් නො වෙයි.
අනෙක් අතක් බලන කලැ ද, මේ ත්රි විධ මාර්ග්යෙන් පෙනී යනුයේ මයුර සෙන්දලශය පූර්වතතම බවයි. අලගක්කෝනාර සමයෙහි මහා මාර්ග්ය රයිගම සරසැ වැටි තුබුණේ යැ. ආර්ය් චක්රමවර්තීන් හා කැරුණු යුද්ධයෙන් පසු, මුහුදු බඩ ප්රැසිද්ධියට පැමිණෙන්නට වියැ. යොධ සේනාවන් ගේ නිරන්තර සංචාරයෙනි. මයුරයා ගිය මඟ හැරැ තිසරාට අන් මඟෙකින් යන්නට සිදු වුයේ එ හෙයිනැ යි සැලැකීම යුක්ති යුක්ති නො වේ ද ?
6. පසු වැ කරන ලද කාව්යයයන්හි දකිනට නො ලැබෙති යි පෙන්වුණු තැන් සතරෙකි.
(6) “ඉමි පැරැකුම්බා නරනිඳු හට තොස්න
මමි තුර එම්බා දුන මැන මේ අස්න”
යන තන්හි “ඉමි” යනු ප්රනථමය යි.
(81) “නෙකාලයේ ඇසිරූ කළ ලොවැ ස්සන
උ දා ලයේ කුළු දි තොස සල ස්සන”
යන තන්හි “කුළු දී” යනු ද්විතීයය යි.
(124) “සොඳ රු වි නි යුතු ඉති තනිඳු එම මුනි නිවෙස බැබැළේ
වැ ඳ තොසිනි ඕනුදු අසදු කුළු දෙන ලෙස මනදොළේ”
යන තන්හි “කුළු දෙන” යනු තෘතියය යි. එහි මැ “ඕනුදු” යනු චතුර්ථචය යි. විමස මු.
‘ඉමු’ යනු ලෙඛනයක්හු ගේ ප්රෙමාදයෙකි. පිටපත්හි ‘හිම’ යනු දු එන බව අධො ලිපිය කියයි. මෙහි මැ අන් සියලු තන්හි* ‘හිමි’ යනු මැ එයි නම්, එක් තැනෙකැ පමණක් ප්රලමාදයෙන් වැටුණු ‘ඉමි’ යන්නක් ගෙනැ, කාව්යථයා ගේ වයස මිනිම නුසුදුසු යැ. ඒ මතු ද ? පරාක්රතමබාහු, ගුරුළුගෝමි ආදි චිරන්තනයෝ ද ‘හිමි’ යනු මැ යෙඳු ය. ‘ඉම්’ යනු චිරත්තනත්‍වය හගවන ලකුණෙක් මේ නම්, කව් සිළු මිණි, අමා වතුරු ආදියට ද පෙරැ, තිසර සෙන්දමශය කැරැණු සේ පිළිගත යුතු වෙයි.
‘කුළු දී’ – ‘කුළු දෙන’ යන දෙ තැන මැ එකක් සේ ගනිමු. මේ තිසරයෙනි මැ යෙදුණෙක් වේ වා. එ පමණින් මැ පොතේ පැරැණි බව මිනිම යුක්තියෙක් නො වේ.සිරි දම් රම් හිමියො
“මනස පෙරදැරි හ වෙයිනෑ අරූ කඳ” යන තනිහි වෙදනිර්ථනයෙහි ‘වෙයින්’ යනු යෙදු හ. “සිරි රහල් හිමියනට පසු වැ පැමිණි කවින් මෙයට පෙරැ මෙ බඳු යෙදුමක් නො කල හ” යි ඒ සියල්ලනට මැ වඩා දම් රම් හිමියන් පැරැණි කොටැ සිතමු නම්, ඒ නො මානැවි. ආචාර්යර ගුරුළු ගෝමිහු ස්වකිය සමයයට වඩා පැරැණි භාෂා විලාසයෙකින් ග්රනන්‍ථයන් කළහ. දැනුදු ඇතැම්හු තමනට රිසියෙන පරිදි පැරැණි යෙදුම් ඇදැ බහා වැකි සපයති.
‘ඔනුදු’ යනු තැනට කිසි සේත් සුදුසු නො වේ. “තතිඳ්රු බැබැළේ” යැ යි පළමු කොටැ ඉඳුරා එක බසින් කියා, අනතුරු වැ මැ “ඔනුදු (ඔවුනුදු) අයදු”
යි බුහු බසින් කිම අකාරණයේ, අමුඅමුයේ ව්යා කරණය මැරිමෙකි. එ බන්දක් තිසර සෙන්දාශ කාරයන් අතින් වු හ යි සිතිමට ඉඩක් ඔහු සෙසු තන්හි නො තුබු හ.
(163) “කියමින් හිමි නිරිඳුන් සොමි තියු ගී රස බසිනි”
(178) “අසනු තොසේ මැනැවි ය හිමි සවන් යොමා”
තිසරයෙහි වෘද්ධ තර භාවය හගවන විශෙෂ සන්දැහි විධියෙක් නො නැංගිණි. අපට පෙනි ගිය තැනෙකුදු නැති
7. විරබාහු, වීර අලකෙශවර යන දෙ බෑ රජුනට පසු වැ පරාක්රනමබාහු නම් ඈපාණ කෙනකුන්,මඳ කලක් වත්, ප්රිමාණවත් ආධිපත්යියක් ඉයිලු බව, සද්ධර්ම රත්නාකාර කාරයත් වැනි කෙනකුන් ගෙව් වුව ද, දැනැ ගන්නට ලැබිම, මෙහි ලා විනිශ්‍වයයකට පැමිණිමට බලවත් වහෙලකි. පරාක්රනමබාහු ඈපාණන් සද්ධර්ම් රත්නාකර කාරයනට ඇතැ කලෙකැ විසුවාහු නොවෙති. සද්ධර්මබ රත්නාකර කාරයෝ පරාක්රාමබාහු ඈපාණන් සිය ඇසික් දුටුවාහු මැ යැ යි ඉඳුරා නො කියැ හැකි යැ. නො “නුදුටුවාහු මැ යැ” යි කිමට ද තැන් නො වේ. දෙ දෙනා ගේ සමය එ තරම් ළඟ යැ. එ හෙයින් සද්ධර්මක රත්නාකර කාරයෝ පරාක්ර මබාහු ඇපාණන් යන්තම් වත් සඳහන් කරන්නාහු, ජනප්ර වාද මාත්රරයක් නො කියති, සත්යමයක් මැ කියත්.
දැන් මිනියැ යුත්තේ මේ කියන ප්රුමාණවත් ආධිපත්යායේ නියම ප්ර්මානණයයි. සිංහල ඉතිහාසයෙහි මේ කාල පරිෙච්ජ්දය ඉතා අඳුරු බව සියල්ලෝ මැ පිළිගනිති. අප ගේ මහා ඉතිහාසහ වූ මහා වංශය , වීර අලකෙශ්වරයන් නමින් වත් නො ගනි. ස වැනි පරාක්රයමබාහුනට පූවර් කොටැ මහා වංශයෙහි දැක්වෙනුයේ සතර වැනි භුවනෛකබාහු, පස් වැනි පරාක්රකමබාහු, තුන් වැනි වීක්රතමබාහු,පස් වැනි භුවනෙනකබාහු, වීරබාහු යන මොවුන් ගැනැ යන්තම් ජන ප්රිවාද මාත්රවයෙකි. මොවුන් ගේ රජ්යන වර්ෂමයන් වත් නීණිය කැරැ ගැනීමට ඒ ඉතිහාසයෙන් පිහිටෙක් නො ලැබේ. රාජාවලායේ වැඩියෙන් පෙනෙතුදු, ඒ බේරා ගත නො හැකි තරම් අවුලින් ගහන යැ. නිකාය සංග්රහහට වීරබාහුන් සමඟ නවතී. කාව්ය යෙකැ මඳ පුවතක් සඳහන් වුව ද, ළඟැ ළඟැ යැ එක නමින් කිහිප දෙනකුන් වූ බැවින්,එකකු ගෙන් අනෙකකු වෙන් කොටැ හැඳිනිම සුකර නො මෙයි. එ හෙයින්, පරාක්රනමබාහු ඈපාණන් ගේ ප්රිමාණවත් ආධිපත්යෙය සදධර්ම් රතිනාකර කාරයන් ලවා යැ මැන්වියැ යුත්තේ යැ.
“කුමාර අලකෙශ්වර යැ,...වීර අලකෙශ්වර යැ, ඔහු මල්වූ වීරබාහු ඈපාණෝ යැ, ඔහු ගේ පුත්රය විජය ඈපාණෝ යැ, ඔහු ගේ මල් වු තුනයෙය යැ, - ඔහු ගේ මහලු පිතෘ වු පළමු කී වීර අලකෙශවරයන් රයිගම පුරයෙහි දි මල් වූ වීරබාහු ඈපාණන් හා යුද්‍ධයෙන්
පැරැදැ දෙශන්‍තර ගත වැ නැවැතැ අවුත්, මෙහි දොළොස් හවුරුද්දක් රාජ්යරය කුළ ඉකිබිති, පුරාකෘත කර්මැයෙන් වීන මායමට අසු යැ ගය සඳැ - පළමු කි සෙනෙවි රදුන් ගේ මුනුබුරු වු පරාක්රැමබාහු ඈපාණෝ යැ යි, යන මේ ස දෙනා ඇවෑමෙන්, අප බුදුන් පිරිනිවි එක් වා දහස් නව සිය අට පනස් වනු පොසොන් මසට, ලකැ සසුන් පිහිටි එක් දහස් සත් සිය දෙ විසි අවුරුද්දෙක් පිරුණේ යැ. එ කල්හි ශාක්ය කුල පරම්පරානුගත අමිත ශ්රිව වික්රණමාන්විත පරාක්ර මබාහු මහ රජ තෙමේ ශ්රිි ලඬකා ද්විපහෙහි රාජ්යද ශ්රිසයට පැම්ණියේයැ.”
කිසි සේත් මඳ නො වේ. මෙහි ලා පරාක්රතමබාහු ඈපාණන් රජ කම් කළ කෙනකුන් සේ ගත් බවට මඳ වු ද සැකයෙක් නැත්තේ යැ. රජ වුවන් අතරැ නුවුවනුදු දක්වමින්, ඔවුන් ගේ ඇවෑමෙන් තවත් රජකු පැමිණි දේ කිව උමතු නුවුවකුට නො යෙදෙයි. මෙහි වනාහි නිකම් වැ නම සඳහන් කිරිමෙක් නො වේ. නෑ කමුත් සමඟ විස්තර ප්රමකාශ කිරිමෙකි.සම සමයයෙහි විසූ කෙනකුන් විසින් ඉඳුරා දැකැ කියන ලද්දෙකි. පරාක්රහමබාහු ඇපාණන් ගේ යස ගී ගානා පක්‍ෂයෙන් - කියැවුණක් වන හෙයින්, මෙ වඩා ලා මැ සැලැකියැ යුත්තේ යැ.
එ හෙයින් පස් වැනි පරාක්රදමබාහුනට පසු වැ, ස වැනි පරාක්රිමබාහුනට පෙර වැ, පරාක්රිමබාහු නාමයෙන්රජ කෙනෙකු වුවාහු මැ යි.මහා විදාගට ස්ථවිරාදි බලවත් සතුරන් වූ හෙයින්, ඔවුන් ගේ නාමය රජ පෙළට නො වැටිණ. ඔවුන් ගේ රාජධානිය දැති ගම් පුරය යි. ඔවුන් දැති ගම් රාජධානිය කොටැ ගෙනැ රාජ්යාය කළ බවට යැ, තිසරයත් වුත්තමාලාවත් සාක්‍ෂ්යි දරනුයේ. පරාක්රාමබාහු ඈපාණන් දැති ගමි පුරය රජධානි කොයැ ගෙනැ රාජ්යානුශාසන් කළ බවෙක් කිසි සතෙකැ පොතෙකෑ නො සඳහන් වේ නම්, කවුරුන් එ සේ කළ බවෙක් ද සඳහන් වනුයේ?
තිසර සෙන්දතශ කාරයෝ මැ එ කලැ තතත්‍වය කියා දෙත් වා.
“සව් ඉසුරින් සුසැදි - කිහිරැලි පුල් සුරිඳු සඳ
සුරිඳුන් අතිනෙවරැ වර ලදුවත් සුදුසු
නිරිඳුන් ඇතෝතින් ලක රැකුමට පහසු
එ බැවින් දැන් වැජැඹ් - පැරැකුම්බා නිරිඳු සඳු
සත රැකැ ලක එක සත් කරනුව වෙසෙන
වෙත යොමු කැරැ නිති වන තම කුලුණු ඇස
ල ද නො වැ විරිඳු සෙන් මන් බිඳිමින් නැවැන
ය ස තෙද දිගා රූ සිරි දෙවමින් සමන
ලෙස සිතු රකුතු මැනැවැ යි එ සුරිඳු ගෙ වෙත
වැ ද මෙ වැ ලෙසට අයදී දීයුණමින් ගිත”
මේ කුමක් කියා ද ? එ කලැ ලඬකායෙහි නියම මහ රජ කෙනෙක් නුවුහ. “උපුල්වන් සුරිඳුනි, ඔබ වර ලැබැ ලකරක්නා බව සැබෑ යැ. එහෙත් ඒ රැක්ම පහසු වනුයේ නියම රජ කෙනකුන් ඇත හොතිනි.ඒ සඳහා අන් කෙනකුන් නො ගෙනැ, දැන් මේ ඉන්නා පැරැකුම්බා නිරිඳුනට බලය ලා දි, සතුරන් බිඳුවා, ලඬකාව එකචඡත්රි කරවා, රැකැ දුන මැනැවැ” යි ආයාචනා කරන ලෙසක් මේ දය පද සැහැල්ලේන් නො පෙනේ ද ?
මෙ කියන පරාක්ර මබාහු නරෙන්‍ද්රරයනට - සද්ධර්මස රතනාකර කාරයන් කියන පරාක්රාමබාහු ඈපැණනට - එ කලැ පක්‍ෂ බල අඩු යැ. පසු වැ ස වැනි පැරැකුම්බා නම්න් රජ වු කුමාරයනට පක්‍ෂ බල වැඩි යැ. ඈපාණනට හිතවත් වූ තිසර සන්දේශ කාරයෝ ඒ බව ඉඳුරා දනිති.කළ හැකි අනෙකක් නො පෙනෙන හෙයින්, ඔහු, “සතුරන් මැඩැ ලක එක සේසත් කරන්නට පරාක්රෙමබාහුනට. වහල් වුව මැනැවැ” යි උපුල්වන් සුරිඳුන් යදිති.
ආන්තර සාක්‍ෂ්ය් පරික්‍ෂණයෙහි දී ද මයුරය තිසරයට වඩා පැරැණි බව විචාරවතුනට පෙනුණ මනා යැ. මයුර කාරයෝ දෙවි කෙනකුට සෙන්දෙශයක් යැවු හ. වෙශ්යා වන් දෙවාලයයට රැස් වැ රැගුම් දක්වනු සිරිති. මහා කවි කාලිදාසයෝ ද මහාකාල දෙවාලයයහි නටන වෙසඟනන් වනති. මෙ සේ නතින වර්ණිනය මයුර කාරයනට ප්රාවස්තාවිකයැ. තිසර කාරයෝ දැති ගම් පුරැපරාක්රැමබාහු රාජයාණනට අස්නක් යැවුහ.
රාජ සභාව නැටුම් බලන කැනෙත් නො වේ.එහෙත් මයුරයෙහි අනුපම වු නතින වර්ණුනය දුටු තිසර කාරනට, එ බඳු වර්ණුනට අසු නො වී යැ. එ හෙයින් ඔහු රාජ සභාව රඟමඞලකට පෙරළති. ඒ මතු ද ? පසු වැ පැමිණි කොකිල සෙන්දලශ කාරයන් ගේ සිත ද පෙරළා, ඔවුන් ලවා ද, යාපා පටුනෙහි රාජ සභාව නෘත්යප ශාලාවක් කරවති. ගිරා, හංද සෙන්දටශ කාරයෝ නො රැවැටුණය.
මයුර කාරයන් නැටැවු ලෙසට මැ යැ තිසර කාරයනුදු නටවක්කට සැරැසුණු බවෙකුත් පෙනේ. ප්රතථමයා ගේ -
“රඟ මඞලේ ඉසි පුල් මල් ඇඳිලි පැහැනවලේ තුරු දිළි නුබ කියෙලි”
තිසර කාරයන් ගේ-
“නඳනා හිමිඳුට පුද කළ නිමලී මලිගිය මල් සැදි රඟ බිම සුනිලී කිරි සිඳු අළලන සෙමෙ රසිනුදුලී දිය බිඳු රැඳි වෙන් උරැ සිරි කියෙලී”
මයුර කාරයන් නටවන නළඹුන් ගේ -
“සීලස රූ රසයින් නෙතැ ලන්නේ මේ තුව මේතුට මේ දුටු වැන්නේ”
තිසර කාරයන නටවන -
“රඟ දෙති සතුට ලිය මේ ලෙසටා ඒ දුටු නෙතටා රස ඳුන් කුමටා”
මයුර කාරයන් තිසර කාරයන් ගත් මඟට වැටුණ හ යි සිතිම අයුතු ද? අයුතු යි.තිසර කාරයනට අනුන් කී දැ හොඳින් පෙනේ. එ බඳු තන්හි මයුර කාරයෝ ජාත්ය න්‍ථයෝ යැ.කව් සිළු මිණි, සස දා ආදිය එළි මහනේ යැ මිරිකන තිසර කාරයෝ මයුර සෙන්දසශය එතර ම් මැ එළියේ නො මිරිකූහ.හවුරුදු විසිසකට පවණ පෙරැ කළ කාව්යමයෙකැ අර්ථමයන් ඉඳුරා ගැන්මට, කො තරම් වුවකු ගේ ද, සිත පැකිළෙනු ස්වභාවයි.එහෙත් එක් තැනෙකැ සඳහන් මද වු සේ පෙනෙයි.
මයුරෙහි -
(151) “සෙත යදි සක් හට දෙන දිගු බිතැ ඉසිරි
පිරි මුළු සක් වළැ පුල් සුරිඳු යස සිරි
ලෙස වෙසෙසක් කැරැ නත නා හටත් සරි
ව ත ද හ සක් තව ලදුවත් වනනු බැරි”
යනු හා, තිසරෙයෙහි -
“ප ත එ පුරෙහි සිරි සර වෙන වනත් ස ත නතුරින් කිවි පොහොසතැ යෙති අනත ව ත දහසක් තව සිවුවන මැවුව වුත නැත නො සමතැ සිත ඇති මුවිනි පවසත”
යනු හා සසදා බලන්නේ යැ. කොවුල් සෙන්ද ශ කාරයෝ තිසර කාරයනට ද වඩා මඳ දුරක් යෙති.
(133) “ප ත මු ළු ස ක් වළැ සිරි එක තැනෙකැ පිරි
ග ත වි ල ස ක් පානා එ පුර වරැ සිරි
සි ත වෙන ස ක් නො වැ පවසත අනත සරි
ව ත ද හ ස ත් තව ලදුවොත් මිසක් බැරි”
මයුරයෙහි වනාහි එළි වැට බැඳෙන තන්හි නිකම් මැ බැඳෙයි. නො බැඳෙන තන්හි බඳින්නට කළ උත්සාහයෙක් නො පෙනේ.තිසරයෙහි එ සේ නො වේ.උත්සාහයෙක් එළි වැට බදින්නට ගොස් විරූප කළ තැන් කිහිපයෙකි. මේ යැ එකෙක්:-
(141) “වෙ තැ මා රු තු මා එ ඇ මා න හ මා
සැ දි මා නැඇමා ල බ මා බ ඳ මා
ව න මා බැලැ මා ලෙ ස මා නොබ මා
නෙ තැ මා නයොමා ය ව මා ව තැ මා
මයුරයෙහි එළි මේ බදු යැ :-
(121) “ ස රා සි රි න් රැකැ සිටි රජ දොරා දො රා ව රා ස දි න් දු ක ඳු රු දි ව යු රා යු රා නි රා කුලෙන් සත රැකි වැ ම සු රා සු රා පු රා බැතින් නැමෙමින් නම කරා ක රා”
තිසර පද්යාය එළි වැට සතරක් දක්වයි.අර්ථ ය අතිශයින් ගාස යැ, නීරස යැ.මයුර පද්යළය එළි වැට සතරකුදු බදි, පාදාන්තයෙහි යමක ලක්‍ෂණ ද අනුන කෙරෙයි.අර්ථළය සුබොධ යැ, රසවත් යැ.
(21)
(161) “වෙන් හස් ක ර න විකුමන් මන්වමින් කි රා
ම න් හස් ද ර න රජ දම් ම්ණි නිදන ව රා
ර න් හස් ස ර න සිරි ලක් සර සිරින් ස රා
ස න් හස් ක ර න කැමිඳුන් මන් සිරින් පු රා”
හත් පළෙකැ එළි වැට යැ. එහෙත් අථර්ය කො තරම් ව්ය්ක්ත ද? අලඬකාරය කො තරම් ශ්රෙ ෂ්ඨ ද? වර්ණර මාධුර්ධ ය කො තරම් රමර්ණ?ය ද?
මයුරයෙහි කුශල ප්රශ්න පූර්වෙක වූ දූත වණර්නායට ගියේ දස පද සැහැල්ලකත් තවත් පද්ය යකුත් පමණි. තිසරයෙහි මේ සඳහා දස පද සැහැල්ලට තව ද පද්ය් තුනෙක් එකතු වී යැ.බොධිසත්ව චරිතයෙත් ද ඇදැ දක්වන ලද. වැඩි විසිතුරු එකතු වනුටය් පසු වැ පැම්ණෙන බන්‍ධනයනට යි.
(25) “ග හ න් වියතැ වියැනෙත සිටි සිටි තැනිනි
ව හ න් කරත මල් මුවරඳ සල් හිසිනි
ප හ න් සඳෙහි රිවි කැන් උදය’ග උඩිනි
ප හ න් සඳින් වඩු අම්බුලුවාකඩිනි”
මේ යැ, මයුරයා නික්මැවුණු සැටි.පෙර නිමිති පමණකුත් නො දැක්විණි.තිසරයෙහි නිෂ්ක්රාවන්තිය මෙයට වඩා සැලැකිල්ලෙන් කරන ලදදේ යැ.
(25) “සොඳේ තඞින් පිය පිය යුවළ පිරිමැදේ
මැ ඳේ කිවින් පරසිදු මේ අසුන් සදේ
ස ඳේ අම සෙ තබමිනි මතුර මන නදේ
න ෙඳ් වඩන් මේ පුර වරිනි ඉරි උදේ”
(26) “දි ඟා වඩන මෙන් ගුගුරති ගජ තුරඟා
ර ඟා පැ පෑ යෙති එති බොළඳ කොමළඟා
ළ ඟා පවති මඳ නල සුවඳ පෙර මඟා
ම ගා සතොස ලබ සුබ නිමිති මන රඟා”
මයුරයා රජ පුරයෙන් නික්මේ. එ හෙයින් රාජ වර්ණ්නයඑ අවසර ස්වයංසිද්ධ යැ. තිසරා නික්මෙනුයේ රජකු නැති පුරයෙකිනි. රජ නෙනකුන් නැති හෙයින්, කවිහු උපුල්වන් දෙවියන් ඇදැ ගනිති. අස්වභාවික යැ. පෙරැ කෙනකුන් ගිය මඟක් ගෙනැ, අඩුවක් පුරන්නට කළ ලෙසෙක් පෙනේ.
මෙසේ කවර අතින් බැලුවද තිසරය මයුරයට පසු වැ කැරුණු බව දක්වන සාක්‍ෂ්යබ බොහෝ යැ. එ තරම් ශ්රෙබෂ්ඨ වූ ද මයුරයෙහි පිටපත්, තිසරයෙහි පියපත්වලට වඩා, අත්යතන්ත ප්රරමාණයෙන් අශුද්ධ යැ පැවැතිම ද එකක් ලෙස ගණින්නට අවසර යදිමින්, මෙයින් නමතුමි හ.
අප ගේ සංස්කරණයෙහි අවසාන පද්යෝ 164 වැනි තැනට පැමිණියේ යැ.ගද්යා පාඨයනට ද ඒ ඒ තැනට වැටෙන අඞකය දෙන ලදි.ගුණවර්ධන සංස්කෘතියෙහිද ගද්ය පාඨයෝ ස්ථානාංක ලබති. එහෙත් එහා අවසානය පද්යයයත් හැරැ ලිම නිසා,ගුණවර්ධන සංස්කරණයෙහි මේ ඌනත්‍වය වූයේ යැ.ගද්යම පාඨයනට අඞක නො දෙන දිපංකර (ප්රෙථම) සංස්කරණය කෙළවර වනුයේ 162 වැනනෙනි.ද්විතීය සංස්කරණයෙහි ප්ර්ක්‍ෂිප්ත පද්යන රාශියෙකි.
ගුණවර්ධනයන් ප්ර ක්‍ෂිපැත යැ යි බැහැර කරන (91 වැනි) පද්යද, ඔවුන් ගන්නා පරිදි, මෙ සේ යැ :-
“අති න් කොමළ බැවිනුදු තදය රන්දමා
නෙතින් බලන සිරි කො ද ඉඳුවරන්දමා
ග ති න් නො සරි වනුයෙන් සුරසර’න්දමා
ඉ ති න් මෙ ලො වැ උවමට කියනු කින්දමා”
මේ තාක් දක්නා ලද සියලු පිටපත්හි මේ පද්යය ය එයි. එහෙත් ගුණවර්ධනයෝ ප්රයක්‍ෂිප්තය ද යි දුරු කෙරෙති, හේතු ද දක්වත්.
‘කින්ද මා’ යන්නයැ කුකත්‍වය පෙන්වයි.මේ කිම කවරක ගැනැ ද නො හොත් කවුරුන් ගැනැ ද යනු අනිර්දිෂ්ට යැ. ගුණවර්ධනයන් කියන දොස් නම්, මෙ පමණ යැ.කොතරම් න්යාුය විරොධ චොදන්වෙකි ද යනු විවරණය බැලු පමණාන් ප්රපත්යකක්‍ෂ වන්නේ යැ. ගුණවර්ධනයන් ගේ එක්තරා වාදයකට ‘බෙන්තොට’ යනු ’බෙමිතොට’ යන්නෙන් සිදු සේ ගැන්මෙන් පහර වදී.’ත’ කාර පරත්‍වය නිමිති කොයැ ගෙනැ, ‘ම’ කාරයට ‘න’ කාරාදෙශ කිරිම අශාස්ත්රීලය යැ යි ගුණවර්ධනයෝ කියති.’කිම් ද’ යනු ‘කින්ද’ යි සිටි නම්, මේ මතය බිදි යෙයි. ස්ව මතය කෙසේ නමුත් රක්නා සඳහා, ඔහු මේ පද්ය ට පාද ප්ර හාර දෙත් ද?
ගුණවර්ධන සංස්කරණයේ එන කිහිප තැනක් අන්ය එක ද සංස්කරණයෙකැ නො වන බව පෙරැ යැ කිම්හ. අපට ලැබුණු එක ද පිටපතෙකැ ඒ එකෙකුදු නො එයි.එකෙක් නම් අප ගේ සංස්කරණයෙහි 153 වැනනයි. අපේ පිටපත්හි නො එතුදු මේ නම් කාව්යගයට අතිශයින් ගැළැපෙන්නෙකි. එ හෙයින් නිසැක වැ මැ ගතුම්හ. 154 වැන්නේහි අගැ සිවු පදය ද ගුණවර්ධනයනට යැ පෙනුණෙකි. දිපංකර ස්ථවිරයෝ කිසි ද සැකක් නිති වැ, ‘දිලි කගවි’ යනාදි පද්යප (මෙහි 158 වැනන) එ තන්හි යොදා, අභීත වැ අර්ථ ද කියත්.අපි ගුණවර්ධනයන් ගේ පාඨය ගතුම්හ. මෙහි 163 වැන්නට දැක්වුණු දස පද සැහැල්ලෙහි මුල් පෙළ සතර නම්, මඳ මඳ වෙනස් කම් ඇත ද, සියලු පිටපත්හි එයි. දිපංකර සංස්කෘතියෙහි එන-
“මේ හසුන් පඩුර දි සිරි දෙන විපුල් වන
ක ර ම් න් මිතුරු කොඳ නඳ ගුණ ළකල් වන
සියොතුන් සියො වැ සිය නෑ යස විපුල් වන
ය ස සි න් පවතු මෝනරිදු සඳ උපුල් වන
යන්න හැරැ ලුම්ය. මයුර සෙන්දඋශ කාරයන් ගේ මුහුණුවර මඳක් වත් මේ
පද්ය යෙහි නැත් බව බලන්නි හා මැ පෙනී යයි.
සෙන්දයශයන් ගෙනැ ගියවුන් අතුරින් මේ මයුරය ගියාට වැඩි දුර ගමනක් ගියේ කොවුලා පමණ යැ.
දිනක් රිවි උකයෙහි මයුරයා ගඟ සිරි පුරින් නිකුත් වියැ. ඔහුට සුබ මොහොතෙක් නො දෙන ලද්දේ යැ, මනැ සුබ නිමිති නො දක්වන ලද්යදේ යැ.නිකම් මැ රිවි උදයෙහි අම්බුලුවාකඩින් යන්නට සිදු වියැ. හේ මේ තැන් සිටැ බුලත්ගමුව, දික්පිටිය, අලපළාවළ, ගුරුගොඩ අරන්දර, දොරවක, අත්තනගල්ල, ඕපත් ඇල්ල. වෑබඩ යන තැන් පසු කොටැ කැලණියට පැමිණියේ යැ. රෑ වියැ. එහි දී විභිෂණ දෙවියන් වැඳැ, රජ මහ ඇමැති සේනා ආදීනට සෙත් පතා, ප්‍ේ ාසාද මස්තකයෙකැ සැතැපි, උදයැ නැගි, මානඔසින් ගියේ යැ. මස් කෙළිය පසු කොටැ කිත්සිරි මෙවන් කැලැණි විහාරය ද වැඳැ ගිය මයුරයාට ජයවර්ධන පුරය ළං වියැ. එයින් නික්මැ සංගාරය ද සල්පිට ද
බලා මයුර තෙමේ රයිගමට පැමිණියේ යැ. එ කලැ අලශත්කෝනාරයෝ රයිගමැ වු හ. ඔවුන් ද ඔවුන් ගේ සහෝදර දේව ස්වා්මින් ද වැඳැ, මයුරයා ගේ උයනකට වැඳැ සැතැපැණේ යැ. යළි දු උදය ගයනාරම්භය වුයේ යැ.වීදාගම පසු කොටැ ගිය කලැ බොල්ගොඩැ දී කලපුව (දැන් පාණදුරේ ගඟ) ඉදිරියට පැමිණියේ යැ. ඉන් එතෙර වැ, කළුතොට, බේරැවල, බෙනතොට, පරතරකය, වැලිතොට, තොයගමුව, වැලිතුඩුව, ගාල්ල, මිරිපැන්න, ලනුමෝදර, පසු කලැ කල්හි, මානැවියා පොකුණ පෙනිණ. එ නැනින් ගිය කලැ පැමිණියේ වැලිගම යැ. මාතොට දී නිල්වලා ගණින් එතෙර වූ මයුරයා උග්ගල් බැවුලෙහි රෑ ගෙවි යැ. එහි දී සන්‍ධ්යාග රාත්රි උදය අලඩකාරය බලා උදය, පියත් වැ, මහ වනය පසු කොටැ, උග්ගල් බැවුලේ විහාරයේ පිළිම ගෙය ද බලා ස්ථවිරයන් ද වැඳැ, මාවත් මඞුව මැදින් දෙවි නුවරට පැමිණියේ යැ. මෙ සේ මයුරයා ගේ මේ දිග ගමනට සම්පූර්ණෙ දවස් සතරෙක් ද පස් වැනි දවයින් හෝරා කිහිපයෙක් ද ගත වී යැ.
සිංහල කාව්යියන් අතුරින් මෙ තරම් රසවත් අනෙකෙක්
නැත්තේ යැ. ගම්භිර අර්ථ්යන්, ලලිත පදයන්, මනොහර
වර්ණතනයන් දක්වන්නා වූ කාව්යභයෝ වෙති. එ කී එක එක ගුණයෙන් ෙශ්ර්ෂ්ඨ වැ සිටි සියලු කාව්ය යන් පරදවා, මේ තාක් අන් කිසිවතුට ළං කළ නො හැකි වූ අන්යා ගුණයනුදු වවමින් කාව්ය් බන්‍ධනය කළ අයුරු සැබැවින් යැ විස්මයඡනක යැ.
මේ කවින් ගේ ශබ්ද කොෂය අපරිම්ත වූ බවෙත් පෙනෙයි.පද යෙදිමෙහි දී මොවුන් කෙරෙහි පැවැකි අසදෘශ සාමාර්ථය අභිතත්‍වය නිසා ඇති වූයේ යැ. යම් නාමයෙක් පුරාතනයන් විසින් යෙදිණි ද නො යෙදිණි ද යනු මොවුනට එ තරම් කරුණෙක් නො වේ. කරුණු වනුයේ ඒ ගැළැපේ ද නො ගැළැපේ ද යනු යි. එ හෙයින් මොවුනට ‘මේතුට’ (132) යනු මයුර පර්යවය වෙයි, ‘අතළ’ (141) යනු අසීමාර්ථ’ය දෙයි, ‘සරපා’ (114) යනු බ්රඅහ්ම නාමයෙකි, ‘පා සයුර’ නම් කිරි මුහුද යැ, සංස්කෘකයෙහි ‘නිරන්ධ්ර ’ යනු ‘නිරන්දර’ යැ යි නිකම් මැ නැම් එයි, ‘නව රතන දෙරණ’ (62) යනු ලඬකාවට නම් යැ. තව ද ඇදැ පෑ හැකි නිදර්‍ශන බොහෝ යැ.
එක මැ පද්‍රිෙයහි තුන් සතර එළි වැට බඳිමින්,මහ ගැඹූරු අරුත් හතුළුවමින්, ශබිද මාධර්යදය එක සේ පොෂණය කෙරෙමින්, රචනය කරන්නකුට, ව්‍යාකරණය මහත් කරදරයෙකි. එයට උඩින් පනින්නට, යටින් ඇදෙන්නට, එය දෙ පළු කරන්නට, එයට පා පහර දෙන්නට, සිතෙන වාර අනන්ත යැ. එ තරම් විශාරද බන්‍ධනයකට නො බැසැ, සිතෙහි උපදනා ළා අදහස් යන්කම් කියා ගන්නට බැරි වැ, සකල ශාපයන් ව්යාපකරණය පිටැ පටවන්නට සැරැසෙන්නාහු දැන් බොහෝ වෙති. එහෙත් මයුර සෙන්ද්ශ කාරයනට එයින් මඳ වූ ද කරදරයක් වූ සැටියෙක් නො පෙනේ. ව්යාකරණය ඔවුන් අතැ හැනු මෙෙළක් මැටි පිඩෙකි. අඹනු රිසි වුයේ කෙබඳු රෑපයෙක් ද, ව්යා්කරණය ඉඳුරා එයට නැමෙයි.
ව්යා්කරණය සම්පූර්ණට ලෙස දත් හෙයින් මේ කවිනට, ඉතා අමාරු- වෙන කවින් එරෙති යි සිතෙන - තන්හි දි ද මඳ වුත් අපහසුවෙක් නො වී යැ. (15) ‘දෙවි’ ශබ්දයට ‘අන්’ විබත යොදා ‘දෙවන්’ යනු අභිත යැ සිද්ධ කරන්නට මොවුනට පිහිට වූයේ මොවුන් ගේ අනුපම වූ ව්යාඳකරණ ඥනය යි.’ලෙව්’ යන්නෙන් ‘ලෙවන්’ යනු වේ. මෙ ද එ බඳු තැනෙකි. (80) ‘නෙතුවෙන්’ යනු ව්යාෙකරණයෙහි චක්රණවර්කි නුවුවෙක් යොදන්නට නො සිතයි.(129) ‘හිවානෝ’ යනු කවර තරම් ව්යිකරණ ඥනයක් දක්වා ද? (132) ‘මේ දුටු වැන්නේ තුට’ යනු ඉතා පහසු ලෙස යෙදිණ. ව්යා කරණයේ මහිමය යි. (135) ‘දැරැ’ (143) ‘නෙළේ’ (152) ‘දහම් ගන්වා(’ (156) ‘ඉකුම්වා’ යන තැනුදු ව්යාදකරණ ඥනයේ කො ප්රාාප්තියක් දක්වයි.
අලඬකාරය අතින් මේ කවින් ගේ මහත් උත්පාදකත්‍වයෙක් පෙනේ. කාලිදාසයන් මෙන් මොහු උපමාවන් නිපැදැවීමට අතිසමර්ථ්යෝ යැ.
(7) ගඟ සිරි පුරැ දිවෙන අසුන් ගේ කුර ගැසිමෙන් අහසට දූලි නැගී හිරු වසයි. සුළගින් සැලෙන කොඩි අතින් පයින් ගසා දූලි දුරු කොටැ, හිරු රැස් එන මහ හෙළි කරනනා වැන්නැ.(19) බිසොව දෙස බලන මිනිසුන් ගේ නෙත්රා රශ්මි යොත් යැ. බිසොවුන් ගේ ඇස් දෙක ඒ යොත්හි නො බැදුණු මස්සු දෙ දෙනෙකි. (28) නිල් කෙතෙහි රන්වන් ගැහැනු යෙති. නිල් වලා කුළෙහි විදු ලිය ලිය ලුවා වැනනැ. (42) පිත් නම් සුර පුරට යන යානයෙකි. (52) පරිඛා ජලයෙහි ප්රාොකාරච්ඡායාව පෙනෙයි.ස්ථටික මණි ප්රාුකාරයෙහි පරඛා ඡායාව පෙනෙයි. ප්රාජකාරය
පරිඛායෙහි ගැඹුර ද, පරිඛාව ප්රා කාරයෙහි මහත ද බලන්නා වැනනැ.(64) අලගක්කෝනාරයෝ යුද වැදැ කඩුව ලෙළවති. එයින් නැගුණු සුළඟ වැදීමෙන් මෙන් සතුරන් නමැති ගස් සැලෙයි, ඔවුන් ගේ හෘදය ළ පලු පත් මෙන් වෙවුලයි,අත්හි අපි ඉදුණු පත් මෙන් වැටෙයි. (75) ගැහැනුන් දුටු කලැ රසාඤඡන සලකා සෙයින් ඇසෙහි නො ලව. (77) පින් කොටැ, දෙව් ලොවට නො ගොස්, මෙහා දි මැ පැමිණි දෙවි. ලෝ දෙකෙකි. බෙන්තොටැ දෙ ගොඩැ දෙ නුවර. (94) නිල් වලා ගඟෙහි දිය තුළැ වලයින් දිවෙන් කලැ, විද්යුොල්ලතා නිරන්කර කළා වැන්නැ. (97) නිශා කාන්තාව පස්සෙන් එන කලැ, සූර්යදය පරදාර දොෂයට අසු නො වි ගිය බඳු යැ. (98)උදය කුකුළන් ගසින් බැසැ කිකිළියවන් වටා යන කලැ, විල් කත නෙළුව් මල් නමැති මුවින් සිනා සුණා වැනි යැ.(122) රන්වන් ස්ත්රි්න් ගී කියන කලැ, රන් ලිය වදුලෙකින් කොවුල් හඬ නික්මෙන් සේ යැ. රාජයාණන් ගේ යශස් තේජස් දෙක, රතු මුහුද කිරි මුහුද මෙන් කෙරෙයි,කිරි මුහුද රතු මුහුද මෙන් කෙරෙයි. (161) සන්නස් කරන මන්ත්රීිහු වික්රුමය කිරා මන්වා ව්ෂ්ණුහු අස් කෙරෙති. ඔවුන් ගේ සිත රාජ ධර්මම මණි නිධානයෙහි මුද්රාුව යි.
මේ දැක්ේවුණේ කිහිපයෙකි. චමත්කරය නො වන්නා වු උපමාවක් මේ කවින් ගේ අසලකට වත් නො පැමිණියේ යැ. බොහෝ කවිහු අලඩකාරය උත්සාහයෙන් සොයා ඇදැ ගෙනැ බලාත්කාරයෙන් යොදති. මයුර සෙන්දමශ කාරයෝ රස වගුරුවති.අලඞකාරයෝ තුමු මෑ පැමිණැ බලාත්කාරයෙන් ඇතුළු වෙති. කවීන් ගේ කෝපය නො අවුස්සා තමනට සුදුසු තැන් බලා ගැනීම ඒ අලඬකාරයනට මැ භාර යැ. මෙ බඳු කාව්ය්යකට වැදැ ගන්නට ලැබිම අලඬකාරයනට අලඬකාරෙයකි. ඔහු කවින් ගේ රසොත්පාදක ශක්තිය මඩන්නය පොහොසත් නොවෙත්.
කැලණියෙහි ප්රොසාද ඉන්‍ද්රනඛිල මාණික්ය යෙන් කැරුණේ යැ. එහා තුර්යි රවය පවති. ප්රාරසාදය මෙඝ කූටයක් වැනි යැ. මිත්රයයකු ද වැනි යැ. ප්රායසාදයේ මර්ණප දීප්තිය මෙඝ කූටයේ විදුලියැ, ම්ත්රඛය ගේ නෙත්ර ය යැ.මෙ සේ ප්රාුසාදය විදු ලිය ඇති ගෙරැවුම් ඇති මේඝ කූටයකට ද, ඇසින් බලා බසින් සුව සැප පුළුවුස්නා ම්ත්ර යකුට ද,සමනා වේ. මේ බඳු වර්ණුනයකට සිත යැවූ අන්යු කවියකු නො දනිමු.
අනුප්රා්සය මේ කවිනට නිරුත්සාහයෙන් මැ සිදු වන්නෙකි. එළි සමය ද එත්නරා අනුප්රාසස විශෙෂයෙකි. කවින් ගේ ශබිදකොෂය අතිශයින් සමෘද්ධ බැවින් එළි වැටට පද සෙවිම, අන්යමයනට මෙන් ආයාසකර නො වේ. එහෙත් එළි වැට නො බද තන්හි අනුප්රාෙස රසය, බඳ තන්හි රසයට වඩා චමත්කාරජනක කැරැවිමට ද මේ කවිහු පොහොසතුත්තු යැ. එකක් බැලුව පමණි.
(6) “තුඟු සුලකුළු පහ පැහැ සර තර පවර
සැදි දොරැ දොරැ බිහි දොර දද අඹළ ඹර
සෙන් සිවුරඟ මේ මඟ මඟුලින් නිතොර
දනු සිරි පිරි ගඟ සිරි පුර වර මොනර”
මේ නම්, දිග මැනැ, මුළුල බලා, බර කිරා, ගුණ දැනැ, පද තෝරා, අතර නො දක්වා ගැළැවු ලෙසක් දක්වන පද්ය යෙකි. අඟැ මැ මුත් සෙසු තැනෙකැ එළි වැටක් නො බැඳීම මැ මෙහි විශේෂ මාධුර්ධ ය ඇති කළා සේ පෙනෙයි.
(145)”පසිඳු සිඳුරු කර සිඳුරු යි දුර මතමා
සොඳුරු සිනිඳු රසුඳුළ යුවළ දහතමා
උසස පෙදෙස නිහිනැ යැ යනු අඩුව තමා
මොනර කර යැ සරි වම් යම්කමක් තමා”
‘පසිඳු’ යැ යි කියැවෙනු හා සමඟ යැ කවින් ගේ කටට එනුයේ ‘සිඳුරු’ යනු යැ. ඒ එ තැනට මැ ගනු සඳහා ඇති කළ නාමයකි වැනි යැ.ඉක්බික් ‘සිදුරු’ යන්නෙක් පැමිණේ. එ තැනට එ පමණ සුදුසු අන් සදෙක් භාෂායෙහි නැති. මෙ පමණෙකිනිදු නැවැත්මෙක් නො වේ.තව ද ‘දුර’ යන්නෙක් එයි.’පසිඳු නිඳුරු සිදුරු දුර.යනුයෙන් දැනැවෙන අනුප්රාසස රසය වැඩියකට ඉඩ නො තබයි. “පසිඳු-සඳුරු-සිදුරු-දුර-සොදුරු-සිනිදු-රසුදූළ-යුවළ.” එක් වන් පදයෝ තුමු මු එක් වෙති. කවිනට ගෞරයයත් නො වන නියා යැ. “උසස-පෙදෙස-“ “සරි නමි යම්කමක් තමා.”මේ පදයෝ යැ තමන් ගේ ස්වභාවය පවසත්වා. අප ගේ ශක්ති මඳ යැ.
වක්රොවක්තිය කාව්ය යෙහි ජිවිතය බව ආලඬකාරිකයෝ කියති. එ හෙයින් කාව්‍වභෙයකැ වක්රොසක්ති ඇතැ යි කීම, කාව්ය යෙකැ කාව්යඅයක් ඇතැ යැ කිමට නො දෙවෙනි යැ. සාමාන්ය් යැ විශෙෂ යැ යි වක්රොික්තිය බෙදියැ හැකි වේ. විශෙෂ වක්රෝක්තිය පැමිණි තන්හි,චමත්කාරය අසීම වෙයි.මයුර සෙන්දනශ කාරයෝ වක්රොවක්තිය ඇතැම් තන්හි සවිශෙෂ වු විශෙෂත්‍වයට පමුණුවති.
(73) බොල්ගොඩ ළ දැරියෝ මයුරයා ගේ ඇස මයුරායට නො හළුවාහු යැ. මෙයින් කියේ මයුරයාට වෙන අතක් බලන්නට ඉඩ නො දී, ඔහු ගේ ඇස් තමන් කරා යැ ඇදැ ගත් බව යි. කො තරම් ශ්රෙනෂ්ඨ වූ වක්රොනක්තියෙක්ද? (115) මාවත් මඬුව, මාවත් (සඳ මුහුණ) පතන්නවුන් පැමිණි පැමිණි විටැ පිහිට වෙයි. සඳ වැනි සොඳුරු ගැහැනු මුහුණු බලනු කැමැතියන් පැමිණි පැමිණි විටැ, ඔවුන් ගේ මන දොළ පුරා ලන්නට සමත් ගැහැනුන් සියලු කල්හි මාවත් මඩුයෙහි වන බව මේ කී සේ යැ.කො තරම් වක ගසා, කො තරම් හකුළුවා, කො තරම් මනොහරාකාරයෙන් කියු කිමෙක් ද?
මේ කව්හු කව් සමයයෙහි ප්රමසිද්ධ උපමාවන් බෙහෙවින් ගනිති. එහෙත් ඔවුනට අමුතු ප්රා,ණයක් දෙත්. “ගැහැනු මුහුණු සඳ වැනි යැ, පියුම වැනි යැ” යි නො කියන්නෝ කවුරු ද? බැලුව මැනැවි මේ සාම්යගය මයුර සෙන්දිශ කාරයන් එක් තනිහි දක්වන සැටි:-
(8)”සඳ මණි නිල් සැඳැලියැ ලිය වත කමල
දැකැ නො මලව පුල් පියුමැ යැ කැරැ කුහුල දිසි පිළිබිඹු තුරු සෙන් සමඟින් සකල උදුරන ලොබින් බට වැනි බට පියුම් අල”
සාමාන්යඑ වශයෙන් ඇත්තු ගිරි කුළු මෙනැ යි වැනෙති.මයුර කාරයන් ගේ ඇත්තු ද ගිරි කුළු වැනි මෙති.එහෙත් මඳ වෙනසෙකි.
(54)”රු ව න් බඳ පොරොදු බැඳැ කඳු සැරැහුමෙනි
ලෙවන් තුටට යන එන ගජ වේ මැදිනි
ගු ව න් මිණි උවම් මේ හිම් තෙද බෙලෙනි රැ ව න් අකර පැතිරි ගිරි සරන වැනි”
එක් තැනෙකැ දී මොනරාට රජ වැ ලැබෙන සැප එකාන්තයෙන් ලැබෙයි. කෙ සේ ද?
(82)”න ඳ ව සයුරු ලෙළ රළ සළු සලන්නේ
සොඳව සුපිපි තුරු සේ සත් සෙ වන්නේ
ර ද ව ලබන සැප එකතින් ලබන්නේ
ර ඳ ව මියුර සයුරසැ මිරිපැන්නේ”
(83) මල් පිපුණු කිණිහිරි ගසක් මුදුනෙහි මොනරා හුන් කලැ රන් වොටුන්නෙකැ අගැ ඉන්ර්මල්නීල මාණික්යියක් බැන්දා වැනි යැ.(84) හිරු රැස් බිමට වැටෙන්නට නුදුන්නා වූ වනය නිල් ගෙයෙකි.පිපුණු වැටකේ මල් ඒ ගෙයි දැල්වු පහන් යැ.(90) සොඳුරු කතුන් ඇස් අයා බලන කලැ ඇස්හි කාන්ති නමැති යොත්ලා අදින්නා සේ යැ.(91) අතට රන් දම් සමාන නො වේ. අත කොමළ යැ.රන් දම තද යැ.නෙතට නිල් මානෙල සමාන කළ නො හැකි යැ. නෙතට පෙනේ. නිල් මානෙලට නො පෙනේ.(112)මනයෙහි පිළිම ගෙය යන ශ්රි කාන්කාව ගේ මකුටය යි.(113)බොධියෙහි දලු රතු යැ. කොල නිල් යැ.කඳ සුදු යැ. අනිමිෂ ලොවන පූජාව කළ දවස් ඒ බුදු ඇස්හි රතු නිල් සුදු කුලුම් රැඳුණු බඳු යැ.(117)ඇයි කෙසෙල් ගස්වලැ මුව කුඩා? ඇයි ඒ මුව බිමට නැම් සිට්න්නේ? ස්ත්රියන් ගේ වටොරට ගේසේල් ගස් පරදී. ලජ්ජායෙන් මුව කුඩා වෙයි. ලජ්ජාව නිසා මැ බිම බැල්ම වෙයි.
මඳක් කියා රැසක් හඟවා ලීම මහා කවිත්වජයෙකි. ඒ මයුර සෙන්දමශ කාරයන් ගේ උරුමයෙක් නො වේ ද?
(19)”ලෙවන් බැලුම් කිඳු නිල් යොත් ලුව ද
නුවන් යුවළ මන් යුවළෙකි එහි නො බද”
ලොක වාසීහු තමන් ගේ නෙත්රඑ කාන්ති නමැති යොත් ලති බිසොවුන් ගේ ඇස් ඒ යොත්හි නො බැඳුණු මස්සු දෙ දෙනෙකි.කියේ මෙ සේ යැ.එෙහත් හැඟැවූෙය්, සකල ලොකයා විසින් බලවු ලබන්නා වූ අනුපව වූ රූප ශ්රි.න් බිසොව වීරාජමාන බවයි; කො පමණ දෙනා කො තෙක් බැලුව ද, එකකු දෙස ද බිසොව නො බලන බව යි; එ හෙයින් ඔවුන් ඉතා උසස් වු පති වත දහම රක්නි බව යි.
(23) ”රැකුම් තැකුම් ලොව ඔහු බැම ලියෙන් පත”
මෙය කො තරම් පැතුරුණා වු අර්ථමයක් පවසා ද?
(50) සංගාරමෙහි සල් වටෙහි ස්ත්රි?හු රාම ප්රිවයාව මෙන් වැසැ ද, නො තරම් බසක් නො අසති. මෙයින් රාමායණය ඇලැළිණ.ස්ත්රීරන් ගේ වර්ණපනා ව්ෂයාතික්රාොන්ත ගුණොත්කර්මකයෙක් ද හැගැවිණ.
සියලු අතින් මෙ තරම් ශක්තිමත් වූ නියම කවිශ්‍වර කෙනෙකුන් වර්ණුනයෙහි ලා දක්වන පරිමිතත්‍වය ආශ්චර්යාරයහ යැ.සාමාන්යව වශයෙන් කවියකු නගරයක්, වනයක්, සන්‍ධ්යාවක්, උදයයක්, ජල ක්රීශඩාවක්, නෘත්යියක් රජකු,ශ්රෙ,ෂ්ඨකකු, දෙවියකු වනන්නට වන් කල්හි, දක්වන අපරිමිතත්‍වය ඇතැම් විටැ උද්වෙගකර යැ.ඇති රසය ද නැති වී යෑමට මෙ තරමි නො වරදනා ගුරු කමක් නැති බව මයුර කාරයන් ඉඳුරා දත් නියා යැ.
රාජ පුරය (ගම්පළ) වැනීමට ලැනුණේ පද්යර පසෙකි. රාජ ප්රාදසාද වර්ණපනය ද ගත් කලැ සතෙකි. සිරිතක් වශයෙන් වැෙනන ප්රාාකාරය එහි නැත, පරිණාව එහි නැත.කිමෙක් වනුයේ? (6)ප්රා්සාද උස් යැ, කාන්තිමත් යැ.(7) දොරක් දොරක් පාසා තොරණෙකි කොඩි අහස් හි ඇඹැරෙයි.විර්ථා මර්ගපයෙහි චතුරඬග සේනාවෝ මඟුල් කෙළි කෙළිති. (8) දිවෙන අසුන් ගේ කුර රොනින් අහස වැසේ.(9) සඳලු නිල් යැ.බිම ඔප් නැඟු හෙයින් අහස් හි සඳ ද තරු ද එහි පිළිබිඹු යැ පෙනෙයි.(10)එක් එක් ගෘහද්වාරයෙහි බැබැළෙන පහනෙකි. අන්යප ප්ර(සිද්ධ නගරයන්හි මෙන් මෙහි දා අබිසරුවෝ වෙත්.සුදු අබිසරුවෝ සුදු මල් දම් පැලැඳැ, රෑ හැසිරෙති.(11) ප්රාතසාදවලැ ඡදනය රිදීයෙන් ද, කොත රනින් ද,කරන ලද්දේ යැ. රිදී කැලුම් සඳ රැස් මෙන් ද රන් කැලුම් රිවි රැස් මෙන් ද බබළයි. (12) රාජ ප්රාැසාදය සතර දිශායෙහි ගල් ටැම් ද රන් සක් (ස්වර්ණළ චක්රැ) ද පිහිටනි සකස් කරන ලද්දේ යැ.භුම් (මහල් තල) ස්ථිර යැ, විශාල යැ.කුටාගාරය ද චන්‍ද්රිිකා ශාලා ද උස් යැ.(12) එක් එක් මහලෙහි ටැම් කැටයම් නළ පබළුයෙන් නිමවන ලද්දේ යැ. සෙවිලි කරන ලද්දේ රන් පතිනි. බිතු සුනු පිරියමින් බබළයි.
කැලණි පුරය ද පද්යි පසෙකින් වැනුණේ යැ(34-36,40-41.) නගරාඬග වශයෙන් එහි විශෙෂයෙකි නො කියැවිණ. උස් මහත් ප්රා4සාද වෙයි.රමණිය ස්ත්රි හු වෙති. මන්දිරවලැ රුවන් කොත්හි එලියෙන් මාර්ගදය ආලොකවත් යැ.එ හෙයින් අබිසරුවෝ බියෙන් හැසිරෙති.
ජයවර්ධ නය එ කල්හි බල කොටුවෙකි (46-49) එහි ප්රවධාන වශයෙන් වැනියැ යුත්තෝ යෝධයෝ යැ, හස්ති හු යැ. අලුතැ ගලින් බඳනා ලද ප්රායකාරය ඉතා ශකිතිමත් යැ.
උත්කර්මයයෙන් වැනුණේ රයිගම් පුරය යි (51-56). ලොවැ ඇති තික් උත්තම දම්පත්ති එහි නිරතුරු පවති. එහි සේනා
සංවිධානය කැරෙනුයේ තූර්යග නාදයෙනි. ප්රාිකාරය සුදු යැ,මහත් යැ. අගළ ගැඹුර යැ,පහන් දිය ඇත්තේ යැ. සල්පිල් පිහිටුවන ලද්දේ උස් ප්‍ාා සාද්වහලැ යැ. එහි පළිගු භාජනවලැ රන් රුවන්මනා සේ පිළියෙල කොටැ තබා ඇති.රුවන් පොරොදු බඳැ සැරැහූ ඇත්තු විර්ථළයෙහි හැසිරෙති.වාස ගෘහ ඉතා උස් යැ.ස්ත්රිතහු දෙවියන් පවා ප්රැලොභ කරවන තරම් රූප ශ්රිැන් බබළති.
එ කලැ වැලිගම ද විශෙෂ වර්ණතනයකට සුදුසු නගරයෙකි (89-92) එහි මහා ධනවත්හු වෙති. විර්ථ ඉතා හොබනේ යැ.අන් කිසි නගරයෙකැ එ බඳු විර්ථත නැති.එහි ස්ත්රිහන් දැකැ පාධ නගා යා ගත නො හැකි යැ. ඔවුනට උපමා කළ හැක්කෙක් ලොකයෙහි නෙ වේ.
දෙව් නුවරැ දෙවොල ද ස්ත්රින හු ද වැනුණෝ යැ.(116-19) එහි තැනින් තැනැ වැවුණු කෙසෙල් ගස් වෙයි. ස්ත්රිනහු මන පොලඔවන අනුපම රූප ශ්රි න් වොරැඳුණෝ යැ.
මයුරයෙහි වනයකට මැනුණේ උග්ගල් බැවුල යි.(106-111) එහි මවෝ තවන්ගේ බඩ සා නො බලා.කටින් රුක් අතු නමා, ළා දළු වුවඟනන් ගේ වුවට ළං කෙරෙති.ගස් අතුවලට මුවා වෙමින්, පෙනෙමින්, වඳුරෝ කෙළිති. මද ගලන ඇත්තු තන්හි තන්හි වෙති. ගසි වෙළා සිටි වැල් යැ. ගස් අත්තෙහි වඳුරෝ යැ. මල්හි බමරු යැ. ජලාශයයන් අතරැ දිය පහරට අවුත් එකතු වූ සුදු වැලි යැ. බඳු වද, මොර, අත්තන,කෑල, කොලොම් ආදි ගස් ඒ තන්හි සෙවණ හෙළා.සුළඟ හමන කල්හි මල් රොන් ද සලා, නිල් යැ සිටි. තරුණ මිදෙල් ගසින් පිනි සැලෙන කලැ, තමා කන්නය මුවා එන වෙලාව දැනැ කඳුළු සලන්නා වැනි යැ, මඳ සුළඟ හමන කලැ, සුසුම් ලන්නා වැනි යැ, දළු සෙලැවෙන කලැ, ළය වෙවුලනනා වැන්නැ.
මොනරා නිකුත් වුයේ උදයේ යැ. අහසිහි තරු නො මෙනි යන්නට වූ සැට්, ගස්හි මල් පිපෙන්නට වූ සැටි පනණක් කියැවිණ.එ දිනැ කැලණියේ දි සවස් යැ, සඳ රැස් පෙර දිගින් ආ සැටි, කොඳ මලි පිපුණු සැටි, බමරුන් මල් හැරැ ගිය සැටි,අනඩගයාට වාරය පැමිණි සැටි, පැවැසිණ. පසු දිනැ උදය වමින් සඳහන් වියැ. එ දා සවස් වූයේ රයිගමැ දි යැ. වණනයක් වශයෙන් කියැවුණේ හිර අවරට ගිය බව පවනෙකි.උදය හිරු රැස් පැමිණැ අඳුරු බිඳිණ, බමරුන් ගේ මුව මල් 2 පැණියෙහි රැඳිණ, විමානයන් ගෙන් මේඝ නාදය වැනි තුර්යය නාදය එන්නට වියැ. මෙ සේ මේ එක් එක් තන්හි දී විෙශෂ වර්ණරවයක් ලෙස ගැනිමට සුදුස්සෙක් නො වි යැ.
කවින් මෙය සිතා මැ කළ බව පෙනේ.ඔවුන් සන්‍ධ්යා නිශා උදය වර්ණ්නය එක් තැනෙකැ දී අභිරමණීයාකාරයෙන් කරන්නට ඉටා ගත් සේ යැ. මොනරා උග්ගල් බැවුලට පැමිණි කල්හි වන හිසෙහි (95) ලේ වන් අවුව පෙනෙයි.(96) මොනරු එහි රැ ලැගුමට එති, අපේ යහළුවා ද ඔවුනතුරින් කුලපති මොනරඟනක හා යහළු වැ ගස් වදුලකට වෙයි.(97) සූර්යහය පුරුදු පරිදි උදය පටන් ගෙනැ මුළු දවස්හි දිවැ අවරාකශයට පැමිණේ. මුහුද තමා ගේ රළතින් ගෙනැ විඩාව දුරු යන සේ නහවනු පිණිස, ඔහු ගේ (සූර්ය්ය ගේ) කර (රශ්මිය දොහෝ නො හොත් අත) තමා ළඟට අදී.නිශා කාන්තාව පයොධරයන් (වලා කුළු දොහෝ නො හොත් තන) අන්ධකාර නමැති උතුරු සළුයෙන් වසා එයි.සූර්ය ය තමා ගේ කර (රශ්මිය දොහෝ නො හොත් අත) හකුළුවා ගෙනැ, පරදාර දොෂයට අසු නො විම තමා ගේ කුල සිරිත බව ලොකයාට පෙන්වයි. චන්‍ද්රගයා නැගි, ගස්වලැ කොළ අතුරින් බලයි. තමා ගිය සොර ගමන තමා ගේ ස්වාමියා වු චන්‍ද්ර යාට පෙනුණේ දොහොයි, නිශා කාන්කාවට සැක සිතේ. එ හෙයින් චොදනාවක් කරන්නට පෙරැ මැ,සැනිදැ වලා කුළු නමැති ගිනි අඟුරු පයින් මැඬැ නිවා, තමා පිරිසුදු බව දක්වයි.(100) අහස්හි තරු පෙනේ. නිශා කාන්කාව තමා හැදැහූ චන්‍ද්ර ස්‍වාමියා එන මඟ සරසා, සත්පෙති දැ සමන් මල් ඉස්සා වැන්නැ. (101) ඕ ස්වාමියා සමඟ ආකාශ නමැති යහන් මැදැ සමාගමයට පැමිණැ, ඝනාන්ධ්කාර නමැති වාරහ ශොකය දුරු කොටැ, පහන් සඳ (පැහැදුණු සඳ එළිය ඇත්තියක් දොහෝ නො හොත් ප්රකසන්න චිත්තය ඇත්තියක්) වෙයි.(102) චන්‍ද්රහයා පෙරැ සන්‍ධ්යාම සමයයෙහි කරින් (අතින් දොහෝ නො හොත් රශ්මියෙන්)ගසා චක්රකවාක යුගලය වෙන් කළේ යැ. ඒ පාපයේ විපාකය කල් නො යවා මැ පැමිණි හෙයින්, රාත්රිි නමැති ප්රිවය භාර්යෙව ද තාරකා නමැති සේනාව ද යෙති. චන්‍ද්රනයා ගේ ශරීරය ද ශශ ආකාරයෙන් දුඹුරු වෙයි.
සන්‍ධ්යාා නිසා උදය වර්ණ.නය එක් කථා වස්තුවක් කොටැ ගත් මේ බඳු අන් තැනක් කාව්ය් ලොකයෙහි ඇති බවක් නො දනිමු. උසස් පුරුෂයෙක් එක් දෙසෙකැ යිටැ අනෙක් දෙසට
දිවැ යෙයි. ඔහු දුටු ස්ත්රි යක් පස්සේ එයි. පුරුෂයා ඇය දැකැ, “පරදාර සෙවනය අප ගේ කුල සිරිත නො වෙයි” යනු කියමින්,අත් හකුළුවා ගෙනැ පලයි. තමා ගේ පුරුෂයා පඳුරු අතරින් එබී බලනු සුටු ස්ත්රිතය, “මා කරන්නට ගිය නො පනත් කම සැමියාට පෙනුණු සැටි යැ” යි බියට පැමිණැ, තමා ගේ පතිවතට වරදක් නුවු බව හඟවන්නට, ගිනි අඟුරු රැසක් මතට පැනැ පයින් මැඬැ නිවයි. පුරුෂයා ඇය හදහා එයි. ස්ත්රිකය ඔහු එන මඟැ සුදු මල් ඉසි. හේ අවුත් ඇය සිත් පහන් කෙරෙයි. ගිය දිනයෙහි ඒ පුරුෂයා අතින් ගසා අඹු සැමි යුවළක් වෙන් කෙළේ යැ. ඒ පාපය කල් නො යවා මැ පල දීමට පැමිණියෙන් භාර්ය් පිරිවර සමඟ ඔහු හැරැ යෙයි. ඔහු ගේ ශරිරය ද දුඹුරු වෙයි. කො කරම් ස්වභාවානුකුල ද? කො තරම් රමණිය ද? කේ තරමි විස්යජවන ද?
කවීහු මෙයින් නො නැවැත්තෝ යැ. තව ද අතිශයින් චමත්කාරජනක වු වර්ණානයක් ඇදැ බහති. කුකුළෝ ද කිකිළියෝ ද මුළු රැය එක් ගාසෙහි නිඳි ගත්තෝ යැ. ඔවුනොවුන් ගේ ආදරය සම්බාධ රහිත වැ දැක්විමට සකල රාත්රියයෙහි ඉඩ තුබුණේ යැ. එහෙත් කුකුළෝ එ සේ නො කොටැ, උදයෙහි ගසින් බැසැ, කිකිළියනට සළු ඇන්දු හ. මේ නො කටයුත්ත දුටු විල් කතට සිනා පහළ වියැ. පියුම ඇය ගේ මුවයි. පිපිම සිනාව යැ. උදය විලෙහි පියුම් පිපුණු බව කිමට, අහෝ, මේ බඳු අයුරෙක් කෙසේ සිතට නැඟුණේ ද ? විල් කතට පහළ වුයේ සිනා පමණෙකි. මෙය බලන රසිකයනට සිනා සමඟ මැ පහළ වන චමත්කාරය් කවරෙක් වනා ද ?
(105) විල් තක ගේ සිනාව මොනරාය ද ප්රී තිය දුන්නේ යැ. ගේ ලැගි ගසෙහි මැ අත්තක් තර වැ අල්ලා ගෙනැ, පියා පත් ගසා, එහා වු පිනි පහ කේළේ යැ, ගෙල නඟා කෙකාධ්වනි කොටැ, සූර්යහයට නෘත්යු පූජාවක් කෙළේ යැ, (106) ඉක්බිති පියා පත් විදා, රෑ එක් වැ ලැගි ප්රි යාව පිළිබඳ සිතක් විදා (දුරු කොටැ,) ගසින් බැසැ ගියේ යැ.
මානැවියා පොකුණේ ජල ක්රසඩාව වනන්නට ඇරුණේ පද්යි සතරෙකි (85-88). එහි නාමින් කෙළනා ගැහැනුන් දුටු. ගමන් විඩාව ද දුරු වෙයි. පොකුණට අවුව නො වැටේ. එ හෙයින් දිය ඉතා සිහිල් යැ. ගැහැනු දිය යටැ ගොස් ඉපිලි පිහිනති. නිල් දියෙහි රන්වන් ගැහැනුන් පීනන කලැ වැසි වලා කුළෙහි විදු ලිය ගයන්නා වැනි යැ. විල වටා බලා යවුනා තරුණයෝ
මෙ සේ කියති;- “ අගස්ති සෘෂිහු සාගරයෙහි මාණික්යා කාන්තිය දුටුයේ සාගර ජලය බිමෙනි. මහා බ්රාතහ්මයා මේ පොකුණ බොන්නය අපට සැලැසුව හොත්, දිය කෙළනා ගැහැනුන් ගේ ඉනෙහි බැඳි මෙවුල් දමෙහි මාණික්යප ප්ර්භාව දක්නට ලැබෙයි.” කවීන්, “මුහුණ පියුම වැනි යැ. ඇස නිලුපුල වැනි යැ” යැ කී කලැ, අන්ය යෝ, “ ඒ බොරු යැ” යැ කියති. බොරු ද සැබෑ ද යනු හොඳින් මෑ නිශ්චය කැරැ ගන්නට දැන් මොනරාය හැකි වෙයි. ගැහැනුන් ගේ මුහුණු ද විලේ පියුම් ද එක තැනැ පෙනේ දැස් ද නිලුපුල් ද එක තැනැ පෙනේ. එයින් කවීන් ගේ කිම සැබෑ බව වැටැහි යෙයි.
දෙවි නුවරැ දෙව මන්‍දිරයෙහි නළඟනන් ගේ නැටුම පද්ය දොළොසෙකින් විතර කැරුණේ යැ (122-133) පළමු කොටැ ස්ත්රිතහු සුදු මල් දොහොත් පුරා ගෙනැ අවුත් නිල් බිමැ ඉසිති. මෘදඬග මර්ද3ලදි තුර්යම රවය නැඟෙයි. නළඟනෝ පය පදයට අනුකොයි තබා, සලඔ හඬවමින් වටත්, බැම සමඟ ඇස බම්වා බලත්, අතෙහි බන්දි වළලු ලෙළවත්, ඒ සමඟ මැ අසුර ගසමින හෝ සියුරු හඬ නඟමින් හෝ සින්දු කියත් නටන කල්හි ඔවුන් ගේ මිණි කොඩොල් ලෙළ දෙයි. ඔවුන් කියන් ගී, වාදකයන් වයන පදයට අනුකුල යැ. නානා අඬගයෙන් යුත් නැටුම් දක්වති.ඔවුන් ලෙළ දෙන ඇසින් බලා, නඟිනා ස්‍වරයන් ගි කියා, රත් අතුල් පතුල් ලෙළවා පෙන්වා නටනු දක්නා කලැ, එ නාවාත ස්ථානයට පැමිණියෝ නිමෙති. ඔවුනට ග්රිවෂ්මෙයක් නො දැනේ. රස පැතිරෙන ගි කියමින් තාලයට ගන්නා අත් විදුලිය වැනි යැ. ලා රස වැකුණු පතුල තුබු තුබු තන්හි පිය සටහන පෙනෙයි. අත් දේ පසට ඔසොවා ගෙනැ නටන කල්හි, ඔවුන් ගේ පයොධරයෝ ද නැඟි නටති.ගි අසන්නවුන් ගේ සිත්, සුරා පානයෙන් මෙන් වත් වෙයි. දිව්යානඬගනාවනුදු රදවන්න් වු ඒ ස්ත්රි්න් ගේ රූප සෞන්ද ර්ය්ය ඇසට ශිතල රසායනයෙකි, එය දුටු මොනරාටද, වැසි වලා කුළක් දුටු කල්හි මෙන්, සන්තොෂ උපදි.
භුවනෛකබාහු රාජයාණන් වැනිමට පද්යද තුනෙක් පමණ වි යැ(14-16) ශ්රිර ඔවුන් ගේ උරෙහි වෙසේ. ඔහු සතුරන් වැනැසු හ. ලඬකාරයෙහි සම්පත්ති සුලභ කළ හ, බුදු බණ අසති, රට වැසියන් රිසි රිසි දෑ දෙති, සූර්යහ වංශය හොබවති, ශ්රෙ ෂ්ඨ තැනට මුඳුන් විණා වෙති. අතිශයින් ශොබනා රූප ශ්රිතන් යුක්තයෝ යැ, ඓශ්වයියෙන් ද ධර්මිෂ්ඨ භාවයේන් ද අන්යඅ ශක්‍රූයකු වැනැනෝ යැ.
රජ බිසොවු (17-19) සූර්යන වංශයෙහි උපන්නෝ යැ, ලඬකා රජ්යටයට අයිත් කම් ඇති රාජ කුමාරයන් ලද්දෝ යැ, ගුණවත්තු යැ, රටෙහි අභිවෘද්ධිය පිණිස කටයුතු දැ බෙෙහවින් කළාහු යැ.දානයට ඉතා කැමැත්තෝ යැ, අනුපම රූපශ්රිදන් යුක්නයෝ යැ, අන් පුරුෂයකු දෙස ඇස නඟා නො බලති.
යුව රාජයෝ (21-24) තේජස්වි හු යැ. රූප ශොභා සම්පන්නයෝ යැ. මිනිස්සු ඔවුන් ඉතා ආදරයෙන් වඳිති, කුලය, ශ්රිැය,ඥනය,ගුණය,කිර්තිය, තේජස යන මේ සියල්ලෙන් ඔහු අනුන වෙති. ඔවුන් ගේ වික්රැමය ඉතා මහති.ලොකය රැකේ ද නැසේ ද යනු ඔවුන් ගේ ඇස් බැමින් බලා ගත හැකි වෙයි. ඔහු නිරන්තරයෙන් ලෝ වැඩෙහි යෙදෙති, ස්වකිය සේනාවන් පිනවති, සතුරන් දුරු කෙරෙති.
මේ කාව්යුයෙහි නායකයෝ අලගක්කෝනාරයෝ යැ.(58-65) බොහෝ වාරවලැ ඔහු ජය සක් පුම්බා ශත්රැක සෙනාධිපතියන් ගත්හ. ඔවුන් ගේ කිර්තිය ද තේජස ද මුළු ලොව පුරා සිටියේ යැ.කිමෙහි බිණිමෙහි ඔහු ඉතා දක්ෂයෝ යැ. ඔවුන් ගේ මතයක් විස්තර වශයෙන් ගත් කලැ, ලොකවාසිහු මවිත වෙති.සියල්ලෝ ඔවුන්ගේ සතර සඞග්රකහ වසතුයෙන් ප්රීුතී වෙති. දෙශ පාලනයෙහි ඔහු ඉතා සමර්ථේයෝ යැ. තුන් රජයෙහා මැ ඔවුන් ගේ බලය පැවැත්තේයැ. ඒ ඒ අයට සුදුසු දැ දිමෙහි ඔහු සමත්තු යැ.එ හෙයින් කෙතින් මතින් ලැබෙන පල ඉතා බලවත් වෙයි. ඔහු සකල ලඞකාවට වික්ර මය දක්වා, තමන් ගේ කඩුයෙන් පහරත් තන්නට සතුරකු ඉතිරි නොකළ හ. ඔවුන් ගේ තේජසට යැ බිය වැ සතුරෝ කැලැ වැදුණෝ යැ. යුද්‍ධයත් පැමිණාය ද, ඔවුන් ගේ කඩු සරඔ දුැටු පමණින් මැ සතුරෝ අවි හෙළා යටත් වෙති.
දෙව ස්වාමිහු (67-69) තුනුරුවන්හි මහත් භක්ති ඇත්තෝ යැ.මසුරු සිතෙක් ඔවුන් අසලට වත් නො එයි. ඔහු ලෝ වැසියන් තුටු කරවති.කපටයන් ගේ මුහුණට කඩුවක් වැන්නෝ යැ, බොහෝ යහපත් සෙනා පරිවාර ඇත්තෝ යැ, බෝසත් කෙනකුන් බඳු වෙති, රටෙහි අධ්යාෝපනය දියුණු කෙරෙති. සතුරන් නැති කෙරෙති, සිවු සඟරා වතින් රට රකිති. උත්පලවර්ණත දෙවෙන්‍ද්ර යාණන් සෙත යදින තන්හි දු (153) භුවනෛකබාහු රජ, (154) රජ බිසෝ, (155) අලගක්කෝනාර, ආදිපාද, දෙව, යන මොහු යළි දු මඳ වශයෙන්
වැනුන හ. ඉක්බිති (156) අගම් පඬි සෙනඟට ද, (157) වත්තලැ බල සෙනඟට ද, (158) කුලී සෙනඟට ද, (159) නගරම් සිටු,(160) නාග නායක මැති,(161) සන්නස් කරන කැමිඳු (162) ධර්මකීර්ති මහා ස්වාමි ප්ර0මුඛ උභය වාසයේ සංඝයා යන මොවුනට ද, සේත් පතන ලදි.
උපුල්වන් දෙව් රජාණෝ පද්ය් එකුන් විස්සෙකින් (134-152) වැනුණහ. කිරුළ, නළන් පට, බැම, නෙත,තෝඩු,මුව උර, මුතු වැළ, බාහු, අතුල්, නැබ , තුන් විලි, දඟ, නිය, යන තැන් වෙන් වසයෙන් වර්ණරනා කරන් ලදි.කීර්ති, තේජස්, මෛත්රිල, කරුණා,ශාන්කාකරත්ව ,ඓශ්වර්ධය ප්ර දාන ආදිය ද සුදුසු පරිදි සඳහන් වියැ.
එළි සම කවි පැමිණෙත් මැ, අර්ථරයට වඩා පදයට සැලැකිලි දැක්වෙන්නට වු බවත් පෙනෙතුදු, මයුර සෙන්දවශ කාරයන් අර්ථනයට සුදුසු ගෞරවය නො දැක්වු හ යි නො කියැ හැකි. දැනට ලැබෙන එළි සම කාව්ය යන් අතුරින් පූර්ව.තමය මයුරයයි.එ තරම් විසිතුරු එළි වැට දක්වන අන්යද කාව්ය යක් මේ තාක් නො නිපැදැවිය පුදුමයෙක් නො වේ ද? යමු කිසි විද්යානවක් කලාවක්, ක්රයමයෙන් දියුණු වීම යැ ස්වභාවය. මෙහි පෙනෙනුෙය් එළි සම කිරිමට පළමු වැ මැ උසස් වැ බැබැළී, ක්රෙමයෙන් පහත් වු බව යි.ශබ්ද චිත්රමයට එ තරම් අවකාශ, දෙමින් අර්ථ් විත්රෙය එයට වඩා මහත් දිප්තියට පැමිණැවු මයුර කාරයෝ සිංහල කවි පරම්පරායෙහි අද්වීතීය ස්ථානයක් ලබති.
චිත්රුයෙන් ස්වභාවය වැසිමෙක් නො වි යැ. එක් නිදර්ශ නයක් දක්වමු. එ කලැ රජ කෙනකුන් වුයේ නමින් පමණි.නියම බලවත්තු අලගක්කෝනාර ආදි තුන් බෑයෝ යැ. (10) සූර්යියා පඬුරු දෙනුයේ රජුට ෙනා වේ. යුව රජුට යැ. (23) ලොකය රැකේ ද නො රැකේ ද යනු දක්වන්නේ යුව රජු ගේ බැම යි, මහ රජු ගේ නො වේ.
අප ගේ කාර්යොය විචාරණය යි, ගුණ කිතිනයෙක් මැ
නො වෙයි. එ හෙයින් මේ තරම් උත්කෘෂ්ට වූ ද
කාව්යයයෙහා දොෂ පක්‍ෂයට හැරිම යුතු කමි යැ.
ශබ්ද පක්ෂ්යෙන් දොෂයත් ලෙස ගත යුත්තේ 72 වැනි පද්යනයෙහි ‘පූදා’ යනු යැ. පාලි සංස්කෘත දෙක්හි ‘පූජා” යනු එයි. සිංහලයෙහි වනුයේ ‘පුද’ යනු යැ. ‘පූජා’ යනු මැ යෙදිණි
නම් කියැ යුත්තෙක් නැති.’පුදා’ යැ යි කියුව ද දොස් නො කියැ හැකියි. එහෙත් ‘උ’කාරය දික් කිරිම නම් සිත බිඳුවන්නෙකි. පාඨය ‘කැරැ පු දා’ යැ යි ගත හොත්. මේ දොෂය දුරු වන්නේයැ.”(පින්) කැරැ පු දවස්හි මැ ඵල උදා වන” යැ යා අරුත් පැවැසියැ හැකි.
“ලෙවන් රිසිය වන් දෙවනා දෙවන් මිණි”
යැ යා 15 වැනි පද්යියෙහි පවසා අනතුරු වැ මැ
“දෙන මන් රුවන් වන් දන මන නඳුන් වන”
යැ යි කී හ. බලවත් වරදෙකි.
“දෙව් හිමි” යනු හා සමාන කළ හැකි වූ පමණට-
(67) “මැති රුවන් මෙ දෙව් හිමි දෙව් තුරෙව් සැදි”
(68) “දෙව් හිමි දන් දෙව් තුර පුර සරහන්ට”
(155) “දෙව් තුරු මෙන් ලෙව් රුති දුන් නුදුන් යුත”
යැ යි පෙරළපෙරළා කිම රස අඩු කිරිමෙකි.
“එකො හි දොෂා ගුණසන්නිපාතෙ
නිමජ්ජතීෂෙන්දඃර කිරණෙෂිවිවාඬකඃ”
යනුයෙන්,ගුණ සමුදාය මධ්යමයෙහි එත් දොස, චන්‍ද්රහ කිරණයන් මධ්ය”යෙහි ලපය මෙන්, යටට යෙති යි මහා කවි කාලිදාසයෝ කිහ.
“විවරණයන් ගිනි ලුව මනා යැ” යි කියන්නෝ ද වෙති. ඔ
ඔවුන් ගේ නො ඉවැසිල්ලට හෙතු නො පෙනෙනනේ
නො වේ.ජාතියේ ආඩම්බරය, සාහිත්යතයේ උදාරත්‍වය, භාෂායෙහි ඕජස, රැක්මක් ඔවුනට නුවුව මනා යැ. කුවක් වුව මනා ද? තමන් ගේ හිතට නැඟුණු කො තරම් හීක වු ද අදහස්, කටට නැඟුණු කො තරම් හීන වූ ද බසින් කියා ලන්නට, එ බඳු කියුම් මැ ෙඔ ෙශ්රඟෂ්ඨ යැ යි රටට අඟවන්නට අවකාශට වුව මනා යැ. විවරණයන් ගින්නට පුදන කලැ,පුරාණ ග්රදන්‍ථ රත්නනයන් වේයනට මීයනට කාවුනට පුද කළ යුතු වන බව මේ මන්‍දයෝ සිතන්නට නො වෙහෙසෙති. දැන් සිංහල භාෂාව ඝන වනයකි වැනි යැ. වනය මැදින් යාවි වුවෝ තමතමනට පහසු ලෙසක් බලා ගනිති.
කාටත් යා හැකි, සිත් අලවන, නෙත් පිනවන, සුව පහසු දනවන, රාජ මාර්ග යත් තනා ගැනිම හෝ එ බන්දක් තනා ගැනිම පහසු වන කටයුතු කිරිම හෝ, මිනිස් කමට අනුරූප වන බව සලකා ගන්නට ප්රකමාණ වන බුද්ධියක් නැත්තෝ කො කරම් දිනයෝ ද?
“කාටත් යා හැකි” යැ යි කි කලැ ‘කාටත්’ යනුයෙන් ගැනෙන්නෝ යෑමට සුදුසු කම් ඇත්තෝ යැ. පා නැත්තෝ ද, බුන් කොඳු ඇට ඇත්තෝ ද, අන්‍ධයෝ ද, එ බඳු නුසුදුසු කම් ඇති අන්යනයෝ ද නො වෙති. “කාටත් වැහැරැවියැ හැකි භාෂාවක්” යැ යි කියත හොත්, එ තන්හි ‘කාටත්’ යනුයෙන්,”භාෂාවක්” ශිෂට වියැ යුතු යැ, නීත්යනනුකූල වියැ යුතු යැ, ප්රහබල වියැ යුතු යැ”යි සලකා ගත හැකි වැටැහිම් ඇත්තෝ මැ කියවෙති. සෙස්සෝ නො කියැවෙත්. එහෙත් දැන් ඇතැම්හු “අප්රිෝකායෙන් ඊයේ පැමිණි කාපිරියකුට ද පහසුයෙන් තේරුම් ගත හැකි වන සේ සිංහල භාෂාව ළිහිල් කළ යුතු යැ”යි කියත්.
මාර්ගතයක් තැනිමට කණු කටු පහණ දුරු කළ බිමක් වුව මනා යැ. විවරණයන් ගෙන් සැපැයෙනුයේ එය යි.”හෙළි කිරිමක් අපට නුවුව මනා යැ. යන්නට කැමැත්තේ කැමැති ලෙසෙකින් යේ ව” යි යමෙක් කියා නම්, හේ මෙ ලොවට නුසුදුස්සෙකි. විවරණ නුවුව මනා කාලයෙකුදු පැමිණේ මැ යැ. ව්යාොකරණ රීති, සන්‍දභි විධි, සමිප්රයදාය යනාදිය හෙළි වු පසු විවරණ කුමටද? එ බඳු භාග්යු සම්පන්න කාලයක් පැමිණිම විවරණයන් නිසා යන බව මතක නැති කළ යුතු නො වෙයි.
අප ගේ උත්සාහය වුයේ විවරණය ආධුනිකයනට හැකි තරම් ප්රගයෝජනවත් කරන්නය යැ.ව්යානකරණ රීති ආදිය පිළිබද අප ගේ හැගිම් කලින් කලැ වෙනස් වෙයි. අප ඉඳුරා මඟෙකැ යවන්නට තරම් වන වහලක් නො ලැබෙන හෙයිනි. කවුරුන් කුමක් කියා ගැරැහුව ද,අප වරක් ගත් මතය වැරැදි බව පෙනුණු විටැ, එය හැරැ දමා, නිවැරැදි මතයෙහි පිහිටන්නට අප ගේ මඳ වු ද මැළි කමෙක් නැති. මෙහි පැවැසුණු මත ගැනැ ද කියැ යුත්තේ එ මැ යි.
ප්රවථම පද්යමයෙහි ‘මියුරස’ යනු ‘මියුරු රස’ යන්නෙහි ‘රු’ ලොපයෙන් නිපන් හ යි කි නමුදු. එය වැරැදි බව ද ‘මියුරු’ ශබ්දයට ස්ව්ර්ථ‘යෙහි ‘අස්’ යනු යෙදි’මියුරස’ යැ යි වු බව ද පසු වැ පෙනිණ. මියුරු මැ මියුරස.*
විවරණයේ මේ සැකැස්මේ මේ තැන සකස් කොටැ ඇත.
නව වැන්නෙහි ගල මිණි’ යනු ඇතැම් පිටපත් හි ‘හළ මිණි’ යැ යා පෙනේ.”හරනා ලද මාණික්යටයට” යැ යි එයට අරුත් පැවැසියැ හැකියැ.නො යෙදෙන්නේ නො වේ. නාගයා ගොදුරු ගන්නා විටැ, මාණික්යැය මුවින් නිකුත් කොටැ, තැනෙකැ තබති යි ඇතැමුන් හදහන් හෙයිනි.*
අට පනස් වැන්නෙහි”මුළු සක් ලෝ” යන්නට (මුළු ලෝ සක්) “සකල ලොක චකු යැ”යි ද අරුත් දියැ හැකි වේ. එය වඩා මැනැවැ යි හැෙඟ්.*
මෙය බොහෝ කලක් මැ අන්ය න්ත ප්රයමාණ
අන්යබ සංස්කරණ යෙන් අශුද්ධ වැ පැවැත් කාව්යනයෙකි.
මෙ නම් කාව්‍ය යවක් ඇති බව ද දැනැ ගන්නට
ලැබුණේ ඉතා මැතෙකැ දී යැ. ජේමිස් ද අල්විස් ශුරින් මේ පොත නො දත් බව ඔවුන් ගේ සිදත් සඟරා සංඥපනයෙන් පෙනේ.ලුවී ද සොයිසා මහ මුදලි තුමාණන් ගේ පොත් ගුලෙහි තිබි එක මැ පිටපතකි ලැබු බර්තොලමියුස් ගුණසේකර මුදලි තුමාණෝ, “එක පිටපත නෙ වේ දැ” යි අධෛර්යදයට නොපැමිණැ, තුඩාවේ පඬි තුමන්ගේද වහල ලැබැ, මේ කාව්යයය මුද්රහණය කරවා ප්රපකාශ කළහ. එය සිදුවුයේ බු.ව.2427 දී යැ. පොළොන්නරු පුර වර්ණරනා පිටපත ලද්දවුන් විසින් මහත් භක්තියෙන් අනුගමනය කළ යුතු ක්රිීයා මාර්ගවයෙකි. හවුරුදු පස් විස්සකට පසු මේ කාව්යගය දෙවැනි වරට සංස්කරණය කරන ලද්දේ දොඩන්දූවේ ධර්මපසේන ශුරින් විසිනි. ගුණසේකර සංස්කරණයෙහි හෝ ධර්මධසේන සංස්කරනයෙහි හෝ ව්යාසඛ්යාසනෙක් නො වී යැ. තවත් හවුරුදු අටකට පසු සිහල සමය නම් ප්රහවෘත්ති පත්රයට අතිරෙකයක් වශයෙනුදු මේ කාව්යවය පළ වී යැ කාව්යපර්ථා වබොධයට පිහිටෙක් එහි දු නො වී.
“සිහල සමය” සංස්කරණය පළ වු හවුරුද්දේහි මැ, වැලිපටන්විල දිපංකර ස්ථවිරයෝ කාව්යණට යළි දු සකස් කොටැ, ව්යාවඛ්යා්නයක් ද යොදා, පළ කැරැවු හ.හවුරුදු තෙළෙසකට පසු ද්විතිය සංස්කරණයෙක්ද පළ වියැ. ප්රකථම දිපංකර සංස්කරණටෙයහි නුවු පද්යළ රාශියෙක් ද්විතීය සංස්කරණයට වැදැ ගත.
විවරණයේ මේ සැකැස්ංමේ ද මේ තැන් සකස් කොටැ ඇත.
වාසල මුදලි ගුණවර්ධංනයෝ මහත් පරිශ්ර මයෙන් කාව්ය සංස්කරණය කොටැ, අභිනව විස්තර වර්ණනනාවත් කළහ.එය මෙයට සත් හවුරුද්දකට පෙරැ ප්රැකාශ වුයේ යැ.විද්ය දෝය පිරුවනේ අමරමොලි තෙරුන් ගේ මයුර සෙන්දරශ වර්ණයනාවෙක් ද ගිය හවුරුද්දේ පළ වී යැ.ගුණවර්ධ න සංස්කරණයෙන් ඉඳුරා පිහිට ලද්දෙකි. මේ ග්රණන්ථාය පිළිබඳ සියලු හිමි කම් අප අයත් බව සලකත්වා.
මුනිදාස කුමාරණතුංග
2479 වෙසක් අව 6
පාණදුරේ
පල්ලිමුල්ලේ දි යැ.