මහත්මා ගන්ධි

Wikibooks වෙතින්

මහත්මා ගාන්ධි සමස්ත ඉන්දියාවේ නිදහස ගැන කතා කළොත් එහි මුලටම කාගේත් මුවගට නැගෙන නාමය වන්නේ “මහත්මා ගාන්ධි” යන්නයි .භාරතයේ නිදහස් සටන වෙනුවෙන් අහිංසාව අවියක් කරගත් ඉන්දීය ජනතාව වෙනුවෙන් පෙරට ගිය භාරතයේ පියා යන විරුදාවලියෙන් පුදලත් මේ යුග පුරුෂයා මොහන්දාස් කරම්චාන්ද් ගාන්ධියි. සත්‍යවාදි දරුවාමොහන්දාස් කරම්චාන්ද් ගාන්ධි හෙවත් මහත්මා ගාන්ධි උපන්නේ 1869 ඔක්තෝම්බර් 02 වැනිදා ඉන්දියාවේ ගුජරාටයේ පෝබන්දාර් නම් කුඩා ගම්මානයේයි. ඔවුන් ඉතා ඉහළ පංතියට අයත් පවුලක් නොවූණද යමක් කමක් තිබුණූ අය වුණා.පොබන්දාර් වල ඉපැදුණද ගාන්ධි ඇතුළු පවුලට රාජ්කොත් වල පදිංචියට යන්නට සිද්ධ වූයේ ගාන්ධිගේ පියාට රාජ්කොත්හි රාජසභාවට සේවය කිරීමට සිදුවුණූ නිසයි. රාජ්කොත්හි පාසලට ඇතුළු වුණූ ගාන්ධි සිය අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්නට පටන් ගත්තා. කුඩා කල සිටම ලජ්ජාශීලි දරුවෙක් වුණූ ගාන්ධි කිසිදා බොරු නොකී දරුවෙක් ද වුණා. ගාන්ධිගේ සමීපතම මිතුරන් වූයේ පොත් සහ පාඩම්ය. ඔහුගේ ඒ සත්‍යවාදි බව මනාව ප‍්‍රකට කරන සිද්ධියක් ඔහුගේ පාසල් වියෙන් අපට දැන ගන්නට පුළුවනි. එය මෙසේයි.දිනක් ගාන්ධි ඉගෙන ගනිමින් සිටි පාසලට පාසල් පරීක්‍ෂකවරයකු පැමිණියා. ළමයින්ගේ අක්‍ෂර වින්‍යාසය පරීක්ෂා කිරීමට ඔහු වචන 5 ක් ලියන්නට දුන්නා. ඉන් එක් වචනයක් ගාන්ධි ලියා තිබුණේ වැරදියටයි. මෙය දුටු පංතිභාර ගුරුවරයා එය අසල සිටින ළමයාගෙන් කොපි කර ගන්නා ලෙස ගාන්ධිට ඉඟි කළා. එහෙත් ගාන්ධි එසේ කළේ නැහැ. ගාන්ධිගේ හැර අනෙක් ළමයින් සියල්ලම වචන 5 ම නිවැරදිව ලියා තිබුණා. ගාන්ධිගේ සත්‍යවාදි බව විදහා දැක්වෙන එක් උදාහරණයක් පමණයි ඒ. ගාන්ධි චරිතය හැදෑරීමේදී එවැනි බොහෝ යහපත් ගතිගුණයන් රැසක් ගැනම අපට දැන ගන්න පුළුවනි.

--151.77.221.137 14:12, 29 මාර්තු 2015 (යූටීසී) ගාන්ධි ලන්ඩන් යයි ගාන්ධි සොළොස්වන වියේදි ඔහුගේ පියා ඔඩු ගිය තුවාලයකින් ඔත්පලව ඇඳට වැටුණා. පාසල් කාලයෙන් පසු පියාගේ සාත්තු සප්පායමේ යෙදෙන්නට ඔහු වග බලාගත්තා. පියා අවසන් හුස්ම හෙළන විට ගාන්ධිට ඒ අසල සිටීමට නොහැකි වුණූ අතර ඔහු මේ ගැන බොහෝ සේ කම්පාවට පත්වුණු බවයි පැවසෙන්නේ.1887 දී මැටි‍්‍රකියුලේෂන් විභාගය සමත් වීමෙන් අනතුරුව වැඩිහිටියන්ගේ උපදෙස් මත ගාන්ධි අහමදාබාද්වලට ගියේ පවුලෙ ආර්ථික අපහසුකම් නිසායි. එහෙත් එහි අධ්‍යාපනය ගැන කළකිරුණු ගාන්ධි ප‍්‍රථම වාරය අවසානයේ නිවෙසට ගියා. නීතිඥ විභාගය සඳහා ගාන්ධිව එංගලන්තයට යවන ලෙස ඔවුන්ගේ හිතවතකු පවසා සිටියා. ඒ වන විටත් විවාහප‍්‍රාප්තව සිටි ගාන්ධි එංගලන්තයට යාමට අවශ්‍ය මුදල් සොයා ගත්තේ සිය කණකර බඩු විකිණීමෙනි. නිර්මාංශ දිවි පෙවෙතක් ගත කළ ගාන්ධිට එංගලන්තයට ගිය මුල් දිනවල ආහාර පානාදිය ලබා ගැනීමේදී බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නට සිද්ධ වුණු බවයි වාර්තා වෙන්නේ.--151.77.221.137 14:12, 29 මාර්තු 2015 (යූටීසී)

නීතිඥයකු ලෙස දකුණු අපි‍්‍රකාවේඑංගලන්තයට ගොස් නීතිය හැදෑරූ ගාන්ධි 1891 ජුනි 10 වැනිදා නීතිඥයකු ලෙස ලියාපදිංචි වුණා. තම මව් රටට පැමිණි ගාන්ධිට දකුණු අපි‍්‍රකාවට යෑමට සිදු වුණේ නඩුවකට පෙනී සිටීමටයි. ඒ 1893 වසරේදියි. මාස කිහිපයක් සඳහා පමණක් එහි ගිය ගාන්ධිට දකුණු අපි‍්‍රකාවේ වසර 20 ක්ම ගත කරන්නට සිද්ධ වුණා. වර්ණභේද වාදය තදින්ම එහි ව්‍යාප්තව තිබුණු යුගයකි. ඒ මිනිස් සමේ වර්ණය අනුව මිනිසා උස් පහත් යැයි වෙන්කර තිබෙනු ගාන් ධිට දැක ගන්නට ලැබුණා. එහි ජීවත් වූ ඉන්දියානුවන්ට ද සුදු ජාතිකයන්ගෙන් විවිධ කරදර වලට මුහුණ දෙන්නට සිද්ධ වුණා. ඔවුන්ට දුම්රියේ ප‍්‍රථම පංතියේ ගමන් කිරීමට අවසර ලැබුණේ නැහැ. ඒ ඔවුන් සුදු ජාතිකයන් නොවීම හේතුවයි. ගාන්ධිතුමා මේ අවනීතියට එරෙහිව දකුණු අපි‍්‍රකාවේ සිට අරගල මෙහෙව්වා.දකුණූ අපි‍්‍රකානු රජය ඉන්දියානුවන්ට අලුත් නීතියක් පැනෙව්වා. ඔවුන් සියල්ලන්ම ඇඟිලි සළකුණු තබා ලියාපදිංචි විය යුතුයි යන්නයි ඒ නව නීතිය වුණේ. මේ අවමන් සහගත නීතියට එරෙහිව ගාන්ධිතුමා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූවා. ඔහු යටතේ රැස් වුණූ ඉන්දියානුවන් මේ නීතියට තමන් කිසි ලෙසකවත් යටත් නොවන බවට ද ප‍්‍රතිඥා දුන්නා. ඔවුන්ගේ මේ විරෝධතාවය “අකි‍්‍රය විරෝධතාවයක් “ එනම් හිංසනයෙන් තොර එකක් වුණා. ඒ නිසා මේ විරෝධතාවය ‘සත්‍යග‍්‍රහය’ නමින් හැඳින්වූවා. දේශපාලන අරගල වලදී අහිංසාවාදී කි‍්‍රයාමාර්ගයකට ප‍්‍රධාන අඩිතාලම වූයේද මේ සත්‍යග‍්‍රහයයි.දකුණු අපි‍්‍රකාවේ සිටි ඉන්දියානුවන්ට ඔවුන්ගේ අයිතීන් බොහෝමයක් සුරක්ෂිත කරදුන් ගාන්ධි නැවත තම මව්රටට පැමිණියේ වීරයකු ලෙසිනි.

--151.77.221.137 14:12, 29 මාර්තු 2015 (යූටීසී) ඉන්දීය නිදහස් සටනේ ආරම්භයඉන්දියාවට පැමිණි ගාන්ධිතුමා ඉංග්‍රීසින්ගෙන් තම රට නිදහස් කර ගැනීමේ අරගල වලට සම්බන්ධ වුණා. ඉන්දීය ජාතික කොංග‍්‍රසයේ නායකත්වයට පත්වණු හෙතෙම උපවාස සත්‍ය ග‍්‍රහ ආදිය සංවිධානය කරමින් ඉංග්‍රීසින්ව අපහසුතාවයට පත් කරන්නට උත්සාහ ගත්තා.පළමුවැනි ලෝක යුද්ධය අවසානයේදී බි‍්‍රතාන්‍ය ඉදිරිපත් කළ යෝජනාවකට විරුද්ධව සංවිධානය කළ සත්‍යග‍්‍රහයක් නීති විරෝධි බව ප‍්‍රකාශයට පත් කෙරුණා. 1919 අපෙ‍්‍ර්ල් 13 වැනිදා අම්රිට්සර්හි ජලියන්වලා බාග් චතුරස‍්‍රයට විසි දහසක් දෙනා රැස්වූයේ ඉංග්‍රීසින්ගේ තහනම නොතකා එම සත්‍යග‍්‍රහයට සහභාගි වීමටයි. මින් කුපිත වුණු ඉංග්‍රීසි හමුදාව වෙඩි තබන්නට වුණු අතර එහිදි අහිංසක ජනතාව සිය ගණනක් මරුමුවට පත්වුණා.ගාන්ධි මේ ඝාතනයට එරෙහිව අහිංසාවාදී විරෝධතා පෙළපාලි සංවිධානය කෙරුණු අතර බි‍්‍රතාන්‍ය නිෂ්පාදන ඇතුළු බි‍්‍රතාන්‍ය දේවල් ප‍්‍රතික්ෂේප කරන ලෙසින් ගාන්ධි තුමා ඉන්දියානුවන්ගෙන් ඉල්ලා සිටියා. ගාන්ධිතුමාගේ මෙවැනි විරෝධතා ව්‍යාපාර හේතුවෙන් එතුමාව කිහිපවරක්ම ඉංග්‍රීසින් විසින් සිරභාරයට ගනු ලැබුවා. සත්‍යග‍්‍රහයෙන් ලුණුමේ අතරතුරේදි ඉංග්‍රීසින් ලුණු බද්දක් පනවා ලුණු නිපදවීම තහනම් කළා. ලුණු නිෂ්පාදනය හා අලෙවිය බි‍්‍රතාන්‍ය ඒකාධිකාරයක්් වුණා. දුප්පතාට මෙන්ම පොහොසතාටද අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වුණු ලුණු වලට මෙලෙස බද්දක් පැනවීම අධර්මිෂ්ඨ කි‍්‍රයාවක් .මේ නිසා ඊට එරෙහිව දරුණු කි‍්‍රයාමාර්ගයක් ගන්නට ගාන්ධි තීරණය කළා. 1930 මාර්තු 12 දා මෙම ලුණු බද්දට එරෙහිව පාද යාත‍්‍රාව ඇරඹූ අතර එය දින 25 පුරා පවත්වනු ලැබුවා.සබාර්මතී ආශ‍්‍රමයෙන් වෙරළබඩ දන්දි දක්වා සැතපුම් 241 ක් වුණූ මෙම පාගමනට ඉන්දියානුවන් දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගි වුණා. අපෙ‍්‍ර්ල් 5 වැනිදා දන්දි වෙරළේදි ගාන්ධි ලුණූ අහුරක් අතට ගෙන එම ලුණු තහනම් නීතිය කැඩුවා. මෙලෙස තමන් පැනවූ නීති කඩකිරීම නිසා කුපිත වුණූ ඉංගී‍්‍රසින් විසින් ගාන්ධි ඇතුළු පිරිසක්ව අත්අඩංගුවට ගනු ලැබුවා. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ දරදඬු නීති ලිහිල් කරන්නට මේ විරෝධතාව සමත්වුණූ බව පැවසිය යුතුයි.--151.77.221.137 14:12, 29 මාර්තු 2015 (යූටීසී) ගාන්ධි ඝාතනය කිරීමඉන්දියානුවන්ගේ විරෝධතා ක‍්‍රමයෙන් දැඩි වෙත්ම ඉන්දියාවට නිදහස ලබාදීම විනා වෙනත් විකල්පයක් නැති බව ඉංගී‍්‍රසින්ට අවබෝධ වුණා. ඒ අනුව 1947 දී ඉන්දියාවට නිදහස ලැබුණා. ගාන්ධිතුමාගේ උපදෙස් පරිදි නිදහස් ඉන්දියාවේ ප‍්‍රථම අගමැති ලෙසින් ජවහර්ලාල් නේරුතුමාව පත් කරනු ලැබුවා.ගාන්ධිතුමා ඉන්දියාවට නිදහස ලබා දීමට මූලිකත්වය ගෙන කටයුතු කළද එතුමාට විරුද්ධ හින්දු අන්තවාදීන් පිරිසක්ද සිටියා. 1948 ජනවාරි 30 වැනිදා එවැනි හින්දු අන්තවාදියකු වූ ගොඩ්සේගේ වෙඩි ප‍්‍රහාරයකින් ගාන්ධිතුමා ජීවතක්‍ෂයට පත්වූයේ කෝටි සංඛ්‍යාත ජනතාවක් වික්ෂිප්ත කරමිනි.

"https://si.wikibooks.org/w/index.php?title=මහත්මා_ගන්ධි&oldid=9503" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි