මහාවංශය - vi
අතීතකාලයෙහි වගුරට වගුනුවර වගුරජෙක් විය. කලිඟුරජු දුවක් එ රජහට මෙහෙසි වුවා. ඒ රජතෙමෙ එම දේවිය ගෙන් එක් දුවක් ලැබි. නෛමිත්තිකයෝ සිංහරාජයෙකු හා ඇයගේ සංවාසය කිවුය. ඉතා රුමත්වු අතීශයෙන් කාමි යෙන් ගිජුවු (ඕ තොමෝ) රජය දේවිය යන දෙදෙනා විසින් ලජ්ජාවෙන් පිළිකුල් කරණලද්දිය.ඕතොමෝ ස්චච්ඡන්ද්වෘත්ති සුවකැමැත්ති හුදකලාව අප්රරසිඬ වෙශයෙන් පිටත්ව මගධරට බලා යන වෙළඳසමුහයක් කැටිවගියාය. ලාටරට අටවියෙහිදි සිංහයෙක්තෙමේ වෙළඳ සමුහයා වෙත දිව ආය. (ඉස් ලු ලු අත දුවන්නාහු) සෙස්සෝ අනික් දිගකට දිවුහ. ඒ කුමාරිකා සිංහයා ආ දිගට දිව්වාය. සිංහතෙමේ ගොදුරු ගෙණ (පෙරලා) යන්නේ දුරදිම් ඇය දැක සිත් ඇලවුයේ කන්හෙලාගෙන නගුට සලමින් සමිපටය ආය.ඕතොමෝ උහු දැක අසනලද නෛමිත්තික වචනය සිහිකොට බිය නුවුවා ආසා වඩවමින් ඒ සිංහයාගේ අවයවයන් පරාමශිනය කළා හෝ අත ගෑය. සිංහතෙමේ ඇයගේ පහසින් ඉතා ඇළුනේ පිට නගාගෙණවහා සියගුහාවට ගෙණගොස් ඇය හ, සහවාසයෙහිහැසුරුණේය. ඒ රජදූතොමෝ උහු හා සංවාසය කරන කොටගෙන සුදුසුකාලයෙහි පුතෙකු දුවකැයි කියා නිඹුල් දරුදෙදෙනෙක් වැදුවා පුත්රුයාගේ හස්තපාදයෝ සිංහාකර වුහ. එහෙයින් ඔහු සිංහබාහුයයි නම්කළාය. දුව සිංහසීවලි යයි නම් කළාය, සොළොස්විය පැමිණි ඒ පිත්තෙමේ “මෑනියෙනි, නුඹ හා අප පියාත් කවර හෙයින් අසමානයෝදැ”යි සිත සැකය මෑනියන් විචාළේය. ඒ මවුතොමෝ ඔහුට සියල්ල කීවා. ඒතෙමේ “කුමක් හෙයින් මිනිස් පියසට නොයමෝ දැ”යි කිය. ඕතොමෝ තාගේ පියා ගලෙකින් ගුහාව වසයි.(එහෙයින් යානො හම්භයි)”යි කිවාය. ඒකුමාරමහ ගුහාදොරවසන ගල කර නගාගෙණ එක්දවසින්ම පණස් යොත්තක් යාම ඊට කෙළේය. සිංහයා ගොදුරු පිණිස ගියකල දකුණු කර මෑණියන්ද වම්කර නැගණියන්ද තබාගෙණ වහා ඒ ගුහාවෙන් පළාගියේය. ඔව්හු කොළ හැඳගෙණ පසල්ගමකට අවුය. එකල ඒ පසල්ගම රජදුව මයිලුහු පිත් වගුරජු සෙනෙවියා. සිටියේ විය. ඒ තෙමේ කර්මාවන්ත විධාන කෙරෙමින් නුගරුකක් මුල හුන්නේය. උන් දැක “තෙපි කවුරුදැ” යි විචාළේය. ඔව්හු “අපි වෙනෙහි වසන්නමෝය”යි කිවුය. ඒ සෙනෙවි තෙමේ ඔහුන්ට වස්ත්රෙ දෙවිය. ඒ වස්ත්ර.යෝ මහඟු වුහ. පණියන්හි බත්දෙවිය, ඔවුන් පිනින් ඒ පර්ණ්යෝ රන්බඳුන් වුහ එයින් විස්මිත් සෙනෙවි තෙමේ “තෙපි කවුරුදැ”යි (නැවතද) විචාළේය. ඒ රජදුතොමෝ (තමා) ජාති ගොත්රනයන් ඔහුට දැක්වුය. ඒ සෙනෙවි තෙමේ ඇවැස්ස නැන්දනියන් දියනිවු ඇය ගෙණ වගුනුවර ගොස් ඇය සමඟ වාසය කෙළේය. සිංහතෙමේ වහා ගුහාවට ගොස් ඒ තුන්දෙනා නොදැක පුත්ර ශොකයෙන් පෙළුණේ නොම කෑයේය, නොම බියේය. ඒ දරුවන් සොයමින් ප්රුත්ය න්ත ග්රාිමයන්ට ගියේය. ඒ සිංහතෙමේ යම් යම් ගමකට වදනේනම් ඒ ඒ කම සිස්වෙයි. පසල් දනට වැස්සෝ ගොස් රජහට “දෙවයෙනි සිංහයෙක් තෙමේ ඔබගේ රට පෙළයි, ඔහු වැලැක්කුව මැනව”යි එපවත් රජහට දැන්වුහ ඒ තෙමේ සිංහයා නසන්නකු නොලබමින් දහසින් බැඳි පියල්ලක් ඇත්කඳ තබා “සිංහයා දෙන තැනැත්තේ ගණිව”යි නුවර (බෙර) හැසිරවි, නරෙශ්වරතෙමේ දෙදහසෙක තුන් දහසෙකැයි එසේම (බෙර) පියවි කරවි. මවු තොමෝ දෙවරෙක ඒ සිංහබා කුමර වැළකුවා තුන් වන වර ඒ සිංහබා කුමර මවු නොවවාරම සිය පියහු මරන්ට ඒ (රන්) තුන්දහස ගත්තේය. රජහට කුමරු දැක්වුහ. රජතෙමේ ඔහුට “ඉඳින් තාවිසින් සිංහතෙමේ ගන්නාලැබේනම් එම රට තට දෙමැ”යි මෙසේ කීයේය. කුමරතෙමේ ඒ ලෙණ දොරට ගොස් පුත්රම ප්රෙ මයෙන් එන ඒ සිංහයා දුරදි දැක විඳිනට හියක් යැවිය. හී්යතෙම නළලවැද උහු මෙත් සිතින් පෙරලා අවුත් කුමරහු පාමුල්හි බිම හිණි. තුන්යල දක්වා එසේම විය. පසුව මෘග රාජතෙම කිපියේය. ඉක්බිත් යවනලද හියතෙමේ උහු සිරුර විනිවිද නික්මිණි, කුමරතෙමේ කෙශර සහිත සිංහ ශිර්ෂ ය ගෙණ පුරයට ගියේය. එකල වගුරජු මළ සත්දවසක් විය. රජ තමා අපුත්රරක බැවිනුත් මොහුගේ කර්මරයෙන් ප්රරසිඬ බැවිනුත්
රජහු මුනුබුරු බැව් අසාත් මවුකුමරියද හැදිනත් සියලු ඇමැතියෝ රැස්ව එක්සිත්ව සිංහබා කුමරයට “රජවව්” යි කීවෝය හෙතෙමේ රජය පිළිගෙණ මෑණියන් වල්ලභයාට එය පාවාදි සිංහසීවලිය ගෙණ තෙමේ ජාතභුමියට ගියේ එහි නුවරක් ඉදිකෙළේය, ඒ සිංහපුර නම් වේ. සියක් යොදුන් වෙනෙහි ගම්ද පිහිට වි. ලාටරට ඒ නුවර සිංහබා රජතෙමේ සිංහසීවලිය මහෙසිකාකොට ගෙණ රජය කෙළේය. ඒ මෙහෙසි තොමෝ සොළොස් වරෙක පුතුන් දෙදෙනෙක් දෙදෙනෙක් බැගින් සුදුසු කාලයෙහි වැදුවා, දෙටුපිත් තෙමේ විජයනම්, දෙවැන්නා සුමිත්රා නම්, රජතෙමේ විජයකුමර සුදුසු කල උපරජයෙහි අභිෂෙක කෙළේයි.
විජයතෙමේ විසම ආචාර ඇතිවිය. ඔහු පිරිස්ද එසේවුහ. ඔව්හු ඉවසිය නොහෙන නොයෙක් බලාත්කාරකම් කළෝය. කිපි මහජනතෙමේ රජහට එබවත් දැන්විය. රජතෙමේ ඔවුන් කටයුත හඟවා පුතුට මනාකොට අවවාද කෙළේය. දෙවෙනි වරද සියල්ල ඒ සේ විය. තුන්වන වර වනාහි කිපි මහජනතෙමේ “ඔබ පුතු මැරුව මැනවැ”යි රජහට කිය.ඉක්බිත රඡතෙමේ ඵ් විඡයකුමරද ඔහුගේ ඵ් පිරිසද (යන)සත්සියයක් මිනිසුන් අඩක් (ඉස්) මුඬු කරවා නැවක දම්මවා සමුදුර යැවිය; එසේම ඔවුන්ගේ භාය්යා ඵ වන්ද එසේම කුමරුන්ද (මුහුද යැවිය) වෙන වෙනම දමනලද්දාවු ඒ පුරුෂ ස්ත්රීක කුමරුවෝ වෙන් වෙන් දිවයින්හි බැස්සෝය. (එසේම) වාසය කළෝය. කුමරුවන් පිහිටි දිවයින “නග්නවීප”යයි ප්රමසිඬවිය. භාය්යාළෝ වන් පිහිටි දිවයින “මහීන්‍දවිප” යයි වි විජයතෙමේ සුප්පාරක නම් පටුන බැසගත්තේය. මෙහි පිරිසගේ බලාත්කාර ක්රිීයායෙන් භයවුයේ නැවතත් නැව් නැංගේය. ස්ථිරබුඩිඇති විජය නම් කුමර ලඞ්කායෙහි හෝ තම්රනපර්ණභණි විපයෙහි යමකාශාලාන්තරයෙහි හෙවත් සල්රුක් දෙදෙනා අතුරෙහි තථාගතයන් පිරිනිවන් පිණිස සැතපුණු දවස බටුයේය.
මෙතෙකින් හුදිජනයා පහන් සංවේග පිණිස කළ මහවස විජයාගමන නම් සවෙනි අදියර නිමි.