මහාවංශය - viii
ඒ විජහ ම්හ රජතෙමේ අන්තිම වස්හි සිටියේ “මම වෘඬයෙමි මාගේ පුතෙක් නැත්තේය, දුකසේ පිහිට්වනලද මේ රට මා ඈවැමෙන් නස්නේය, එහෙයින් රජය පිණිස මා මල් සුමිත් කුමරහු ගෙන්වන්නෙමැ”යි මෙසේ සිතූයේය. ඉක්බිති ඇමැති යන් හා මන්ත්ර ණය කොට එහි හසුන්පත් ය වුයේය. විජහ තෙමේ හසුන්දි නොබෝ කලකින් දෙව්ලෝ ගියේය.
ඔහු මළකල ඒ ඇමතියෝ රජකුමරෙක් එනු බලන්නාහු උපතිස්ස ගම වෙසෙමින් රට අනුශාසනා කළෝය. විජහ රජු මළකල රජකුමරුවන් ඊමෙන් පළමුකොට එක් අවුරුද්දක් මේ ලක්දිව අරාජකවි. ඒ සිංහපුයෙහි සිංහබා රජහු ඈවෑමෙන් ඔහු පිත් සුමිත් කුමර රජවි, මිදුරජු දු මෙහෙසියයෙන් ඒ සුමිත් රජු පුතුන් තුන්දෙනෙක් වුහ. ලක්දිවින් ගිය දූතයෝ සිංහපුරයට ගොස් රජහට පත්හසුන් දුන්නෝය. ඒ රජ හසුන් අසා පුතුන් තුන්දෙනාට “දරුවෙනි! මම මහලු යෙමි. තොප අතුරෙන් එකෙක් මා බෑයා සතු නොයෙක් ගුණ ඇති සිත්කලුවු ලඞ්කාවට යේවා. තවද ඔහුගේ ඈවෑමෙන්එහිම රජකරන්ටවත් හොබනේය’ය කීයේය. කිස්දොවුන් මල් පඬුවස්දෙව්යයි නම් රජකුමරතෙමේ යන්නෙමැයි සිතා සැපසේ ගමනද දැන පියහු විසින් අනුදන්නාලද්දේ පරිබ්රාමජක වෙස් ඇත්තේ දෙතිස් ඇමැති දරුකෙනෙකුදු ගෙණ නැව් නැංගේය මාකඳුරුගොස හෝ මාඔය මොයෙහි (කම්මල් තොට) ඔව්හු ගොඩ බටහ . ජනතෙමෙ ඒ පරිබ්රාිජනකයන් දැක මොනවට සත්කාර කෙළේය.
මෙහි නුවර විචාරා ක්‍රබමයෙන් යන්නාවු ඔව්හු දෙවියන් විසින් රක්නාලද්දෝ උපතිස් ගමට පැමිණියේය. ඇමැතියන් විසින් අනුමතකරණලද්දාවු ඇමැතියෙක් තෙමේ බැහැර නිමින්ත පාඨකයෙකු අතින් ක්ෂදත්රියයයන්ගේ ඊම විචාළේය. ඒ නිමිත්ත පාඨකතෙමේ විචාළාවු ඇමතියාට අනිකකුදු (විසඳමින්) “සත්වන දවස්හි කැත්කුමරෙක් එන්නේය, මොහුවස උපන් නෙක්ම බුදුසස්න පිහිටුවන්නේය”යිද කියාත් විසඳුයේය. ඒ ඇමැතියෝ සත්වන දවස්හිම එහි පැමිණ, පරිබ්රා ජකයන්දැක විචාරා දැන, ඒ පඬුවස් රජහු ලක්රජයෙහි පිහිටවුහ. මෙහෙසියක් නැති බැවින් ඒ කුමර ඒතාක් අභාෂෙක නොකෙළේයි. අමිතොදන ශාක්ය්රජහට පණඩුශාක්යය නම් පුත්රතයෙක් විය. ඒතෙමේ ශාක්ය යන්ගේ පරිහානි දැන සියජනයා හැරගෙණ අප්‍රසිඬ ශෙයෙන් ගංගා සනම් ගඟින් එතර ගොස් එහි නුවරක් ඉදිකොට රජය කරන්නේ දරුවන් සත්දෙනෙක් ලද්දේය. භද්දකච්චායනා නම් වු සියලු ස්ත්රීරලක්ෂනණයෙන් යුක්තවු ජනයා විසින් අභිප්රෙදතවු මනා රූ ඇති කිස්දොවුන් දුවකුලු වුවා. ඇය පිණිස ස්තරජදරුකෙනෙක් මාහැගි පඬුරු ඒ රජහට එවුය. ඒ පණ්ඬුශාක්යසතෙමේ වනාහි රජුන්ගෙන් භයවුයේ, සුවගමන් ද අභිෂෙක ඵලද දැන දෙතිසක් ගැහැණුන් හා ඇය වහා නැව් නංවා “පොහොසතෙක් මාදුව අල්වා ගණිව”යි කියා ගංගානම් ගඟ බැහුයේය. ඒ රජදරුවෝ ගන්ට නොහැකි වුහ. ශිඝ්රංකාමිණි ඒ නෞකාතොමෝ දෙවෙනි දවස්හිම ගොණගම පටුනු පැමිණියාය පැවිදිවෙස් ගත් ඒ සියල්ලෝඑහි ගොඩබටහ. මෙහි නුවර විචාරා ක්රයමයෙන් එළඹෙන්නාවු ඔවුහු දෙවියන් විසින් රක්නාලද්දාහු උපතිස් කමට වන්නුය. නිමිත්තශාස්ත්ර් හදාළහු බස් අසා එහි පැමිණියවුන් දැක උන් හැදින ඇමැතිතෙමේ රජහට භාරකෙළේය. මනා නුවණැති ඒ ඇමැතියෝ පිරුණු සියලු මනොරථ ඇති ඒ පඬුවස්දෙව් කුමරහු රාජ්යුයෙහි අභිෂෙක කළෝය.
පඬුවස් රජ අලාමකරූ ඇති යාපත් භද්රයකාත්යායයන කුමරිය තමාගේ මෙහෙසිබැවිහි අභාෂෙකකොට ඒ බිසව් සමඟ ආවුත් තමා හා ආවුන්ට පාවාදි සුවසේ විසූයේය.
මෙතෙකින් හුදිජනයා පහන් සංවේග පිණිස කළ මහවස පණ්ඩුවාසදෙව්භාෂෙක නම්වු අටවන අදියර නිමි.