මහාවංශය - vii
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සමිබුද්ධස්ස!
7 වෙනි පරිචේජ්දය
සියලු ලෝවැස්සාට වැඩකොට පරම ශාන්තිකාලයට පැමිණ පිරිනිවන් මඤචකයෙහි හොත්තාවු ලෝහිමිවුවාදින් අතුරෙන් ශ්රෙපෂ්සඨවු මහාමුනිතෙමේ මහත්වු දෙවසමාගමයෙහිදි එහි සමිපව සිටි ශක්රියාහට වදාරණසේක් “සිංහබා රජු පිත් තෙල විජයකුරම අනුගත සත්සියයක් පිරිවර ඇතිව ලාටරටින් (අවුත්) ලක්දිව බැස්සේය. “දෙවෙන්දයය! මාගේ සස්න ලද්දිව්හි පිහින්නේය, එහෙයින් පිරිවර සහිත් උහුද ලඞ්කාවිද මොන වට රකුව්” වදාළසේක. දෙවෙන්ද තෙමේ තථාගතයන් බස ගෞරවයෙන් ඇසුයේම උපුල්වන් දෙව්රජහට ලඞ්කාරක්ෂාවව භාරකෙළේයි. ඒ තෙමේ ශක්රයයි විසින් කිපමණින් එකොණහි ලක්දිව් අවුත් පරිබ්රාවජක වෙශයෙන් රුක්මුලෙක හුන්නේය. විජවකුමාරයා ප්රරධාන කොට ඇති සියල්ලෝ උහුවෙත අවුත් “පින්වත්නි! මෙතෙමේ කවර දිවයිනෙක්දැ”යි විචාළෝය හේතෙමේ ලක්දිවයයි කියා මිනිස්සු මෙහි නැත්තාහුයයිද තොපට භයෙක් නොවන්නේයයිද කිය. මෙසේ කියා කෙණ්ඬ්කායෙන් ඒ මිනිසුන් (පිරිත්) පැන් ඉස, උන් අත්හා (පිරිත්) හුද බැද අහසින් ගියේය. පිරිවර යකින්නක් බැලිරුවින් තමා දැක්විය. උන් අතුරෙන් එකෙක් රජපිත්හු විසින් නවතනු ලදුයේත් “ගම් ඇතිකල බල්ලෝ ඇත්වන්නාහ”යි ඇය පසුපස්සෙහි ගියේය. ඇයගේ ස්වාමිදුවු කුවේණි නම් යකිනිතොමෝ (කපු) කටනා තවුසියක් සෙයින් එහි රුක්මුලෙක හුන්නාය. එ්ේ තෙමේ පොකුණද හුන් තවුසියද දැක එහි නහා පැන්බි නෙලුඹලද පොකුරුපතින් දියද ගෙණ ගොඩනැංගේය. ඕතොමෝ ඔහුට “මාගේ ගොදුරුවුයෙහි සිටුව”යි කිවාය ඒ මිනිස්තේමේ බදනා ලද්දෙකුසේ සිටියේය. ඕතොමෝ පිරිත් හුයෙහි තේජසින් (මිනිසා) කන්නට අසමත්ථියවි. යකිනිය විසින් ඉල්ලනු ලබන්නා වුද මිනිස් තෙමේ ඒ හුය නුදුන්නේය. යකිනිතොමෝ හඬමින් සිටි උහු ගෙණ උමගෙක බැහිය, මෙසේ එකඑකා බැසින් සත් සියයම ඒ උමග බහ ලිය. සියල්ලන් නේනකළ හසෙකැයි සැකකළාවු විජයකුමර තෙමේ සැරහුණු පසවි ඇත්තේ ගොස් මනා පොකුණ දැක ගොඩනැගි පියවර සටහන් දිවි ඒ තවුසියද දුටුයේය. “කිමෙක්ද මැය විසින් මගේ භටයෝ ගන්නා ලදුවෝදෝ”යි සිතා “කිමෙක්ද පිනැත්තිය මාගේ භවයන් නුදුටුයෙහිදැ”යි ඇයට කීයේය. ඕතොමෝ “රාජකුමාරයානෙනි! භටයන් ගෙන් කාරිය කිම, පැන් පුවමැනව නැහැව මැනව’යි කීවා. “යකිනිතොමෝ නිශ්චයෙන්ම මාගේ ජාතිය දන්නීය”යි නිසැකවු ඒ තෙමේ සියනම අස්වා වහාම දුන්න සරසාගෙණවෙත එළඹියේ නාරාවචලයෙන් බලේලෙහි යකින්න ගෙණ වමතින් කෙස්වැටිය ගෙණ දකුණතින් කඩුව අමෝරා “කෙල්ල මාගේමිනිසුන් දෙව ති මරමි” කියේය. ඒ යකිනිතොම බියෙන් බැගෑවුව, “ස්වාමිනි මා දිවි දුනමැනව, මම ඔබට රජය දෙන්නෙමි ස්ත්රීන කෘත්ය,යත් අනික් කිසිවකුත් කැමැති පරිද්දෙකින්කරන්නෙමැ”යි කියා දිවි ඉල්විය. ඒ කුමර අද්රොවහ පිණිස යකිනිය සපථකරවි වහා මිනිසුන් ගෙණෙවයි”යි කී පමණින්ම ඕතොමෝ ගෙණාවා “මොව්හු බඩසා ඇත්තාහ”යි කියනලද්දාවු ඕතොමෝ කනලද වෙළඳුන්ගේ නැව්හිවු නානාවිධවු බොහෝවු සහල් ආදිය දැක්විය. ඒ මිනිස්සු බත් හා සුපයන් හුයා රජකුමරහු බත් කවා සියල්ලෝද කෑවෝය. විජයකුමරහු විසින් දෙවනලද අග්රෝභාගය කා පිනාගියාවු යකිනිතොමෝ සොළොස් හැවිරිදි සිත්ගන්නා රවක් මවා ගෙන සව්බරණින් සැරහුණි රජකුමරු වෙත එළඹියාය. රුක්මුලෙක තිරයෙන් මොනවට හාත්පස අවුරණලද්දාවු වියනින් මනාව අලඞ්කෘතවු මාහැඟි යහනක්ද මැවිය. රජකුමර ඒ දැක අනාගත අභිවෘඬීය බලන්නේ ඈ හා සමඟ වාසයකොට යහනෙහි සැපසේ හොත්තේය පිරිවර සියලු මිනිස්සු තිරට සිසාරා හොත්තෝය.
රාත්‍රි භාගයෙහි ඒ කුමර ත්ර ය්ය් මිනාද සහිත ගිහඬක් අසා “කවර ශබ්දයෙක්දැ”යි එක්ව නිදන යකිනිය විචාළේය.“සියලු යකුනුදු මරවා රජ්ජයත් ස්වාමියාහට දියයුත්තේය. අවශ්යියෙන්ම මනුෂ්යාවවාස හේතුයෙන් යක්ෂියෝ මා මරන්නා”හ මෙසේ සිතා ඒ යකිනිනොම රජකුමරහට (කියන්නී) “සවමිනි, මෙහි මේ යක්ෂවපුරය ශිරෂවස්තු නම, එහි දෙටු යකු පිණිස බඞ්කා නගරවාසි වු කුමරියක් මෙහි ගෙණෙන ලද්දිය. ඇයගේ මවුද ආවා, ඒ කැඳවා එන මගුල්හි මෙහිද හෙත් උත්සව පවති. මේ එහි ශබ්දයයි, මේ සමාගමය මහත්මැයි.අදම යකුන් මැරුව මැනව, මින් මත්තෙහි නොහැක්කැ”යි කීවාය. කුමර “අදෘශ්යමමාන ඒ යකුන් මම කෙසේ මරම්දැ” යි කීයේය. “යම් තැනෙක ශබ්දකෙරෙමින්ම ඒ හඬින් ගැසුව මැනව, අයුධය තෙමේ මාගේ ආනුභාවයෙන් උන්ගේ කයෙහි හෙන්නේය”යි ඇගේ බස අසා එසේ කොට සියලු යකුන් මැරිය. තෙමේද ලබනලද ජය ඇත්තේ යක්ෂේරාජ යාගේ ආභරණ පැලැන්දේය. සෙසු ආභරණයෙන් ඒ ඒ භටයක්ද පැලදවිය කීපදවසක් මෙහි වැස නාම්රඅපර්ණෙණයටඑළඹියේය. විජයකුමතෙමේ නාම්ර පර්ණෙණ නගරය ඉදාකොට ඇමැතියන් විසින් පිරිවරණලදුයේ යකිනිය හා විසිය.
එකල්හි නැවින් ගොඩබටුවාවු විජයකුමර ආදිහු කලංන්ත වුවෝ අනිත් භුමියෙහි ස්පර්ශොකොට හිඳගත්තෝය. යම්හෙයකින් තඹවන් අත්ල ඇතිවිද, එහෙයින් ඒ දෙශයද දිවයිනදඒ නම් ඇත්තේ හෝ “තාම්රයපර්ණඅණි” නම් විය. ඒ සිංහබාහු නරෙන්ර්වය සිංහයා ගත්තේය. ඒහෙයින් සිංහල නම්වි; ඔහු හා සම්බන්ධා ඇති මේ සියල්ලෝද සිංහලයෝයි. ඔහුගේ ඇමැතියෝ ඒ ඒ තැන ගම් පිහිටිවුහ. අනුරාධනම් ඇමැතිතෙමේ කොලොම්හෝ ඉවුරෙහි අනුරාධ නම් ගම පිහිටි විය. පෙරවි උපතිස්තෙමේ අනුරාධ පුරයෙන් උතුරු දින ගමහිරනදි තිරයෙහි උපතිස්ස ග්රාසමය ඉදිකෙළේය. අනික් ඒ ඇමැතියෝ තුන්දෙනෙක් උදේනිය, උරුවෙලාය එසේම විජිත නගරයයි යන වෙන වෙන ගම් ඉදිකළෝය. ජනපදය පිහිටුවා සියලු ඇමැතියෝ රැස්ව ඒ කුමරහට “ස්වාමිනි! රාජ්ජයෙහි අභිෂෙක කරව”යි කිහ. මෙසේ කියනලද රජකුමර තෙමේ ක්ෂ්ත්රිකය කන්යාහමෙහෙසියයගේ අභිෂෙකයක් නැතිව අභිෂෙකය නොකමැතිවිය. වැලි ඒ ඇමැතියෝ ස්වාමිහුගේ අභාෂෙකයෙහි කරණලද ආදර ඇත්තෝ දුකසේ කටහැකි කතීවසයෙහිද ඒ අත්ථිෙසිඩියෙහි බයබව ඉක්මවුවෝ ස්වාමියා කෙරෙහි භක්ති ඇත්තාහු ස්වාමිවු විජයකුමරහට පඩිරජු දඅයනියන් පිණිසත් ඇමැති වර්ගතයාහට සෙස්සත් දුන් පිණිස්ත මිණිමුතු ආදි මහාසාර බොහෝ පඬුරු ගන්වා මදුරාපුරයට දුතයන් යැවුහ. ඒ රාජදුතයෝ වහා නැවින් මදුරාපුර ගොස් පඬුරුද ලියුම්ද ඒ රජහට දැක්වුය. පසුව රජතෙමේ ඇමතියන් හා මන්රමතුණය කොට සිය දියනියන් හා අනික් ඇමැතියන්ගේ දුනුත් එවනු කැමැතිවුයේ එකුන් සියයක් කන්යාිවක් ලැබ නැවත “ලඞකාවට දුන් යවනු කැමැත්තාවු මේ මධුරා වැසි මිනිස්සු දුන් දෙගුණයක් සරසා ගාහචාරයන්හි හිඳුවත්වා! ඒ ලකුණෙන් උන් ඇරගන්නෙමැ”යි බෙරපියවි කරවි.
මෙසේම බොහෝ කන්යා වන් ලැබ ඒ කුලයන් සතපපාසැපයු සර්වා ලඞ්කාර ඇති පිරිස්සහිත දියනියක් හා සුදුසු පරිද්දෙන් ලබනලද සත්කාර ඇති ඒ සියලු කන්යා වන්ද රාජාර්හුවු හසත්යදශ්ව රථප්රෙලෂ්යි කාරකයන්ද අටළොස් ශිල්පි සමුහයන් ගෙන් කුලි දහසක්ද සතුරන් දිනු විජයරජහට ලියමන්දි එවුයේය. ඒ සියලු මහාජනතොමේ නැවින් (අවුත්) මහතොට ගොඩ බටුයේය. එහෙයින්ම ඒ පටුන “මහතොට” යයි (මාන් තෝට්ටම්) කියනු ලැබේ.
විජයකුමරහට දා ඒ යකිනියගේ පුතෙක්ද දුවක්ද වුහ. විජහ කුමාරතෙමේ රාජකන්යාාව ආ බැව් අසා යකිනියට “සොඳුර! දරුවන් දෙදෙනා තබා ති දැන් ය, මනුෂ්‍බැයෝ සැමකල්මඅමනුෂ්යහයන්ට බානහ”යි කිය ඒ අසා යක්ෂ භයින් භයවු ඒ යකින්නට “තිව් දහසකින් බලිදානය කරවමි, ශොකනොකරව”යි කීයේය. භයවුද ඕතොමෝ නැවත නැවත ඔහු යාච්ඤ කොට දරු දෙදෙනා ගෙණ යා යුතු අතක්ක නැති බැවින් ලඞ්කාපුරයට ගියාය. පුතුන් බැහැර හිඳුවා තොමෝ නුවරට වන්නාය. ඒ යකින්න හැඳින සෙරයයි (සතුරු පක්ෂැ) සංඥ ඇති භයවු ලඞ්කාපුරයෙහි යක්ෂැයෝ කැළඹුණෝය. එක් රෞද්රහ යක්ෂුයෙක් වුකලි එක් අතුල්පහරකින්ම යක්ෂුණිය මැරුයේය. ඇයගේ මයිල් යක්ෂයතෙමේ නුවරින් බැහැර නික්මුණේ ඒ දරුදෙදෙනා දැක “තෙපි කවුරුන්ගේ දරුවෝද”යි පිළිවිසියේය කුවේණියගේයයි අසා “මෙහිදි තොපගේ මවු මරණ ලද්දිය, තොපත් දැක මරන්නාහ, වහා පලායෙත්ව”යි කීයේය. ඔව්හු එයින් වහා පලාගොස් සමන්කුළට ගියෝය. ඒ දෙටු තෙමේ තරුණවයේ ඒ නැගණියන් සමඟ වැසය කෙළේය.ඔව්හු දු පුතුන්ගෙන් වැඩි ඒ කඳුරටම විසුහ. මෙතෙමේ වැද්දන්ගේ උත්පත්තියි. පඬිරජහුගේ ඒ දූතයෝ (ගෙණා) පඬුරුද ඒ රජදූත් ආදියද විජයකුමරහට පැමිණවුහ විජයකුමර තෙමේ දූතයන්ට සත්කාර සම්මාන කොට ඇමැති සමුහයාට සුදුසු පරිද්දෙන් කන්යාටවන් පාවාදුන්නේය. තවද සියලු ඇමැතියෝ රැස්ව විධිවු පරිද්දෙන් විජයකුමරු රාජ්ජයෙහි අභිෂෙක කළෝය. මහ සැණකෙළිද කෙළියහ. ඉක්බිති විජයරජතෙමේ පඬිරජු දියනියන් මහපෙරහරින් මෙහෙසි බැවිහි අභිෂෙක කෙළේයි.ඇමැතියන්ට වස්තු දුන්නේය. එසේම මයිල් (රජ) හට වනාහි අවුරුදුපතා දෙලක්ෂයයක් වටහා සක්මුතු දුන්නේය.
ඒ විජය නරශෙර දුෂ්ඨ තෙමේ පළමු විසම හැසිරිම් හැර දැහැමෙන් සෙමෙන් මුළු ලක්දිව අනුශාසනා කෙරෙමින් පුරා අටතිස් හවුරුද්දක් තාම්ර්පර්ණවණි නගරයෙහි රජකම් කෙළේය. ¬¬ මෙතෙකින් හුදිජනයා පහන් සංවෙග පිණිස කළ මහවස විජයාභාෂෙක නම්වු සත්වන අදියර නිමි.