මාර්ග වර්ණනා ii

Wikibooks වෙතින්

මාර්ග වර්ණනා II[සංස්කරණය]

70. ස ව න් පුදට සපැමිණි බැලුව කොමළ‍ෙඟ්

නු වන් කැලුම් වැද තුඩ මලින වෙයි තගේ

එ වන් කිළුටු වන තෙක් නොසිට උන් ළ‍ෙඟ්

ප වන් මගට වැද යා - ගන්න මන ර‍ෙඟ්


71. සි ත් එඩියෙන් යුද කර තම හිමි යෙහෙන

ල ත් පඩියෙන් සතුටුව ඉඳ මන මතින

ම ත් වැඩියෙන් ලිය ගී කියන තැන තැන

අ ත් තිඩියෙන් යව ළද ලිය දැක සොබන


72. පළ පළ පොරැ’න යන - ගව මී රළ ගිගිළියෙන්

ගවපල් කෙළින කෙළියෙන් - යව ඉටු මොරටු එළියෙන්


73. ස බ ඳ මඳක් තැන් ගිය මග දකුණු පසේ

වි හි ද තිබෙන වලු බර පොල් උයන් රැසේ

නොමඳ තරඟ පහරට බියව නොකමසේ

මු හු ද කැලුම් රැසු වූ වැන්න වෙරළ’ සේ


74. නීල ‘ඹරේ වැජඹෙන ගන කුළු ලෙසට

මූදු තෙරේ යන එන නැව් පෙනය තට

පෑර තරේ පිය දුක් නොසිතා ගතට

පාණ දුරේ ගඟිනෙ’තෙරව යව එපිට


75. ක න ලා උපුල් මල් ගවසා කෙස් වැටිය

බි ඳ - ලා පොකුරු ‘කුරු කර මුතු හර සැටිය

බැඳ ලා ගවන් වෙත ගවපලු ලිය සිටිය

නොබලා මිතුර යා - ගන් මග පොතුපිටිය


76. දු ල් පටු නළල් තලාය දී තලාය

පුල් රතු උපුල් මලාය සවන ලාය

ගල් කුළු මුදුන් වලාය සිටි කලාය

ඇල් ගෙවි ලියන් බලාය තෝ පලාය


77. වෙනේ මියුරු පල රස විඳ මග දෙපිට

සෙනේ වඩා වැද සිය නෑ සිය වෙතට

මෙනේ ගිමන් දුක් දුරු කර ගිය තොපට

පෙ‍නේ සොඳුරු පලතුරු මෙගොඩ කළුතොට


78. උඳු මුං කල කලත් මාරුතු තණ වීවග

දෝතලු තල් තැඹිලි අඹ රඹ උගු සමග

ඇම කල් සැදි නොයෙක් කෙත් වතු දැක එමග

මඳ තැන් තොසින් තොගොසින් මිතුර මන රඟ


79. ලක කොමළඟ සමනොළ ගිරි හිසින් ගොතා

හළ මන රඟ මලිගිය මල්දමින් යුතා

වරලස රඟ පෙණ වැළ හැලි සියෙන් ඉතා

දිලි කළු ගඟ ළඟ වැද හරු ගිමන් ගතා


80. ගිමන නිමන සිසිලස තරඟ රොන් වැද

බමන බමර රැව් සහ මල් සුවඳ හැද

හමන සිනිඳු මඳ නල පහස විඳ විඳ

තමන නඳන විසිතුරු තුරු සි‍රෙක හිඳ


81. සුර ගඟ දිය කෙළනා සුර පුර’ඹා

තුනු වඟ සිරි සොඳ රුසිරින් පසු-බා

තම රඟ දුටු සත සතනද කල ඹා

බල ගඟ දිය කෙළිනා ලිය සසොබා

"https://si.wikibooks.org/w/index.php?title=මාර්ග_වර්ණනා_ii&oldid=4170" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි