මාලවිකා
මාලවිකා
(කාලිදාසගේ “මාලවිකාග්නිමිත්ර ” දෘශ්ය කාව්ය යෙහි ඡායානුවාදයෙකි.)
ප්‍රස්තාවනා
[සංස්කරණය]භාරතිය දෘශ්යර කාව්ය් ාල. නාට්යෘවෙද නමින් හැඳින්වෙන භාරත් නාට්ය ශාස්ත්රදයට ම අයත් වුවකි, භාරත නාට්යට ශාස්ත්රනයේ උත්පත්තිය පිළිබඳව භක්තිමත් හින්දුන්ගේ අදහස් විවිධ ය. නාට්යන වේදයේ උත්පත්තිය පිළිබඳව සඳහන්වන, දැනට අපට දක්නට ලැබෙන පුරාණතම ග්රන්ථය ශතසාහශ්රිඳ නමැති කුඩා ප්රඅකරණයයි. එහි සඳහන් වන ප්රසවෘතිතය ඉතා ලුහුඬින් මෙසේය.”
“ ලෝකය නිර්මා ණය කිරිමේන පසු. ශුද්ර යින්ට වෙදය ඉගෙන ගත නො හැකි වු නිසා, හැමවර්ණකයකට ම පොදුවේ ප්රුයෝජන ගත හැකි පස්වැනි වේදයක් සම්පාදනය කරන ලෙස ඉන්ද්රර බ්රයහ්මගෙන් ඉල්ලා සිටියේය. එවිට බ්රලහ්ම ප්රරකාශනය, සංගීතය චලනය හා භාවය යන කරුණු ඇතුළත් කොට නාට්යම වේදය පිළියෙළ කෙළේය. ඉන්පසු ඉන්ද්රං, භරත හා ඔහුගේ ශිෂ්යයින් සියය කැඳවා එය ප්‍රයොග කරන ලෙස කීය. ඔවුහු ද, දෙවියන් විසින් දානවයන් විනාශ කිරිමේ ප්රකවෘත්තිය කථා සාරය වශයෙන් ගෙන වේදිකාව මත රඟ පෑහ.” මෙසේ නාට්යයයෙහි නිප්පත්තිය ද භාරතියන්ගේ හැම සංස්ථාවක මෙන් ම දිව්යේත්වයට අය්ත කර තිබිම පුදුමයක් නොවේ.
දෘශ්යය කාව්යථය යනු ඇසින් දැක්ක හැකි කලාත්මක නිරූපණයෙකි. එය පැරණි ආචාය්ය්ව්යවරුන්ගේ විග්රිහයේ හැටියට, නාට්ය ය. නෘත්යඳ හා නෘත්ත යන කොටස් තුනකින් යුක්ත වේ. ගන්ධර්ව යින් හා අප්සරාවන් විසින් මේ ක්ර්ම පළමුකොට ම දෙවියන් ඉදිරියේ රඟපාන ලද බැව් කියැවේ. එහෙයින් ගාන්ධර්වන ශාස්ත්රදය යි ද, මිනිස් ලොව ප්ර්ථම වරට භරත හා ඔහුගේ ශිෂ්යකයින් විසින් නිරූපණය කරන ලද හෙයින් භරත ශාස්ත්රඔය යි ද කියනු ලැබේ. තාණ්ඩව හා ලාස්යත යනුවෙන් තවත් ක්ර ම දෙකක් මෙයට ශිව විසින් එකතු කරන ලදැයි කියැවේ. මේ ක්රලම කිහිපයෙන් අඞ්ග සම්පුර්ණ දෘශ්යනකාව්යේ හැටියට ගිණිය හැක්කේ ‘නාට්ය ’ ය යි. අඞ්ගචලනය හා කථාව යන දෙක ම එයට උපයෝගි වන හෙයිනි.
8
‘නෘත්ය ’ යට අයත්වන්නේ අඞ්ගචලනය පමණි. සාමාන්යප නැටිම නෘත්යා වශයෙන් හැඳින්වේ. තාණ්ඩව නෘතයය ඇතිවුයේ ශිවගේ සේවකයකු වු තණ්ඩු නැමැත්තාගෙනි, ලාස්යව ක්රුමය පාර්වුති විසින් උෂාට උගැන්වුවෙකැ යි සඳහන් වේ.
සංස්කෘත් දෘශ්ය් කාව්ය්යෙහි ප්රශධාන අඞ්ග හතරකැයි ගිණිය හැකිය. සංගිතය, කථා සම්භාෂණය. අංගචලනය හා අනුකරණය යනු ඒ හතරයි, මෙයින් ප්රතධාන අඞ්ගයක් හැටියට සැලකෙනුයේ අඞ්ගචලන ය යි, ඒය අභිනය යන නමින් හැදින්වේ. ඇත්ත වශයෙන්ම අභිනයයට මුලික තැනක් ලැබෙනුයේ එය සහජයක් වශයෙන් ගිණිය යුතු හෙයිනි. හැම මනුෂ්යල වර්ගසයකටම ඔවුන්ගේ උත්පත්තියේ පටන් මනොගත භාවයන් ප්රෂකාශ කිරිම පිණිස අඟපසඟ සෙලවිමෙන් ඉබේ ඇතිකරගත් ක්රනමයක් තිබේ. නාට්යමයක් වශයෙන් දියුනුණුවුයේ මෙයම යයි කිව යුතුය. ඇරිස්ටෝටල් ද ඔහුගේ කාව්යස ශාස්ත්රශයෙහි මෙසේ සඳහන් කරයි.
“ මහා කාව්යව, සුඛාන්ත කාව්ය , දුඃඛාන්ත කාව්යයය මෙන්ම නළාවෙන් හා විණාවෙන් නිකුත්වෙන සංගිතාත්මක ස්වරය ද අනුකරණයේ එක්තරා අවස්ථාවන් වේ. මේවා එකිනෙකට වෙනස් වන්නේ මාද්යවය, වස්තුව හා අනුකරණ විලාසය යන කරුණු තුන අනුවයි. කාව්ය ය වු කලි ස්වභාව ධර්මේයාගේ ගැඹුරු පත්ලෙන් පැන නැගුණු අනුකරණයකි. මේ අනුකරණ ගතිය මිනිහා තුළ පවත්නේ ඔහුගේ ළදරු අවස්ථාවේ සිටය. ඇත්ත වශයෙන් ම මෙය මිනිහා අනෙක් සතුන් ගෙන් වෙන් කර තබන සහජයකි.”
සංස්කෘත දෘශ්යහ කාව්යරයෙහි නිෂ්පත්තිය ගැන කථා කරන ඇතැම් අවරදිග ශාස්ත්රියඥයින් එය රූකඩ නැටුමේන හෝ ඡායා නැටුමෙන් ඇරඹුණ එකකැයි කියති. ඡායා නාටක නමින් සංස්කෘත සාහිත්යවයෙහි ඇතැම් තැන දක්නට ලැබෙන්නේ මෙයයි සිතිය හැකිය. ඍග් වෙදයෙහි දැක්වෙන යම-යමී, එනි-සරමා, උර්වර්ශ්-පුරුරවස් ආදින්ගේ සාංවාද මේ දෘෂ්යෙ කාව්යට කරණයට මුල් වි යිය ඇතැමකු කියන අතර, ග්රීවක සාහිත්යකයෙහි බලපෑමෙන් ඇති වු ප්රවතිඵලයෙකැයි විබර් ආදිහු කියති. පෙරදිග හෝ අපරදිග හෝ වේවා. මානව සත්යුත්වයේ අරුණාලෝකය ඇති වු දා සිට - සෞන්දිය්ය්ානව රසයට මිනිහාගේ අවධානය යොමුවු දා සිට නාට්යුයේ මූල බිජයන් ඇතිවු බැව් සහෙතුක තර්කයෙකැයි කිව යුතුය.
9
දෘශ්යු කාව්ය ය, හැම සාහිත්යතයෙක ම දැක්වෙන හැටියට සුඛාන්ත (comedy) දුඃඛාන්ත (tragedy) වශයෙන් දෙවැදැරුම්වේ. දුඃඛාන්ත කාව්යdය අවරදිග වැඩි වශයෙන් දියුණු වු අතර සුඛාන්ත කාව්යව භාරතයෙහි දියුණු වු බැව් පෙනේ. ඒ ඒ පරිසරයන් යටතේ වැඩුණු මිනිහාගේ ආවේණික චෛතසිකයන් වු, ප්රිපතිය, සංවේගය. කරුණාව, කුතුහලය, සමාධිය, ආදි ආධ්යා තිමික ගතිගුණ අනුව මේ සම්ප්රවදායයන් වෙනස් වු බැව් සිතිය හැකිය. මේ දුඃඛාන්ත වාදය භාරතියයා නො දැනිමේන අමතක කළා නොව, ශාස්ත්රි ය රිතියකට එකඟවිමක් වශෙයන් කර තිබෙන බැව් පෙනේ. නායකයාගේ හෝ නායිකාවගේ මරණය මෙන් ම දාවසානික වියෝගයක් කිසි කලෙකත් වෙදිකාව මත පෙන්විය යුතු නොවේ යනු ඔවුන් ගේ රිතිය විය. එහෙත් සංවේගය හෝ විරත්වය ගැඹුරු අන්දමින් විදහා පාන ජවනිකා ඇතුළත් කිරිමට අවකාශ ලැබිණ. මාරණාන්තික සටන්, දරුණු වධබන්ධන, විප්ර වාස, ජාතික විනාශයන් ආදි අවස්ථා ඇතැම් දෘශ්ය කාව්යණවල දක්නට ලැබෙන්නේ එහෙයිනි. ශෲඞ්ගාරාත්මක ජවනිකා ඇතුළත් කිරිමට විශෙෂ උනන්දුවක් දැක්වු බැව් පෙනේ. කවට කම්, වැළඳ ගැනිම්, සිපගැනිම්, කෑම් පීම්. නිදාගැනිම්, විවාහ මෙන්ම විප්රකලම්භ හා සම්භොග ශෘඞ්ගාර අවස්ථවාන් දක්නට ලැබෙන්නේ එහෙයිනි, මෙවැනි අවස්ථාවන් කෙතෙක් පෙන්වුව ද ඔවුන්ගේ ආචාරින හැඟිම කිසිවිටෙකත් අමතක නො කර තිබිම ඇත්ත වශයෙන් ම භාරිතිය දෘශ්ය කාව්යමයෙහි ගෞරවය හා අදර්ශඇව්ත බව රැකිමට ඉවහල් විය. ඇතැම් නුතන දෘශ්යව කාව්යන රචකයින් මේ නිතිය බොහෝ දුරට අමතක කරන බැව් පෙනේ. සංස්කෘත දෘශ්යය කාව්යේ කොතෙක් දික් වුව ද වේදිකා ගත කරන විට එය නරඹන පිරිසට වෙහෙසක් ඇති නොවන්නේ මේ නිසා යයි සිතමි.
සංස්කෘත කාව්යි සාහිත්යි ඉතා විස්තිණි වුවකි. එයින් දෘශ්යග කාව්යම සාහිත්ය ය අන් සියල්ලට ම වඩා සමාජයේ එදිනෙදා ජිවිතය පිළිබිඹු කිරිම පුදුමයක් නො වේ. එහෙත් මේ සමාජය ඉහළ පන්තියට ම සිමාවි තිබිම මා ඉහත සඳහන් කළ සම්ප්රඅදායයටම අයත් වුවක් දැයි නිශ්චය කොට කිම උගහටය. රජතුමා හා අන්තඃපුරයත්, සිටුවරයා හෝ ඇමැතියා හා කුමාරිකාවත් අතර පමණක්
10
මේ සමාජය වැඩි වශයෙන් සිමා වි තිබේ. පැරණි ආය්ය්ඉ යා අතර පැවති සෞන්දාය්ය්ෙන් රසය හා ආචාර ක්රයමය මැනැවින් පිළිබිඹු කර ඇත්තේ මේ දාශ්යා කාව්ය්යෙහි ය.
දෘශ්යා කාව්යම රචනයෙහි දි හෝ ප්ර්යෝගයෙහි දි හැම දෙනකුම වාගේ පොදුවේ පිළිගත් සම්ප්රෙදායයන් කිහිපයක් දක්නට ලැබේ. ආරම්භයෙහිදි කර්තෘා හා ඔහුගේ කෘතිය ලුහුඩින් සභාවට හඳුන්වා දෙති. ප්ර ස්තාවනාවෙහිදි සුත්රාධාරියා හා ඔහුගේ පිරිසෙන් එක්කෙනෙකු පමණක් වේදිකාවට පැමිණ ආශිර්වාද කරති. විෂිකම්භයෙහි දි දෙදෙනෙකු පමණක් පැමිණ පසු වු සිද්ධිය හා ඉදිරියට තිබෙන සිද්ධිය ලුහුඩින් පිරිසට අඳුන්වා දෙති. කාව්යියෙහි මුල් කොටය පුර්වරඬග නමින් හැදින් වේ. ඉෂ්ට දෙවතා නමස්කාරය කරන ‘නාන්දි’ නමැති අවස්ථාව ද මෙයට ඇතුළති. කාව්යයය අවසාන කරන්නෙ ආශිර්වාදයකිනි.
මේ ‘මාලවිකාව’ කාලිදාස ගේ මාලවිකාග්නිමිත්රට නමැති දෘශ්යා කාව්ය යෙහි අනුවාදයෙකි. මුලික කෘතියෙහි දැක්වෙන රසය නැති නොවන සේ පෙරළිමට අනුවාදක බොහෝ ප්රිවේසම් වි තිබෙන බැව් පෙනේ. මෙය, ශුඞ්ග රාජ පරම්පරාවට අයිති විදිශා දෙශාධිපති වු අග්නිමිත්ර රජතුමාගේ අන්තඃපුරය සම්බන්ධ කොට ලියා තිබෙන දෘශ්යව කාව්යනයෙකි. අග්නිමිත්රය රජතුමා හා ඔහුගේ ප්ර ධනා බිසොව වු ධාරිණි ගේ සේවිකාවක වු මාලවිකා අතර ඇති වු ආලය මෙයින් ප්රරකාශ කෙරේ. මාලවිකාගේ කාන්තිමත් රූප සෞන්දතය්ය්යිනය නිසාත්, රජතුමාගේ සිතේ ස්වභාවය දන්න නිසාත් ධාරිණි බිසොව මාලවිකා හිරකර තබයි. රජුට ඇය දැක ගැනිමට හා කථාබස් කර ගැනිමට අවස්ථාව සැල සිම් වශයෙන් නොයෙක් කුට උපායයන් එකිනෙකට එළිදරව් නොවන සේ කදිමට යොදා තිබේ. මේ හැම අවස්ථාවකදි රජතුමා ප්රශධාන බිසොවට පක්ෂපාත ව ඇගෙ හිත නොරිදවා අදහස් ඉටුකර ගත්තා මිස, ස්වකිය දාමරික බලයක් යොදා නැත. අන්තිමේදි මාලවිකා රජපරපුරකට අයත් බව දැනගත්තා පමණක් නොව, ධාරිණි බිසව විසින් ම රජුට විවාහ කර දෙයි. මෙසේ සියල්ලම වාසනාවෙන් හා ප්රි්තියෙන් අවසාන කර තිබේ.
11
කාලිදාසගේ උසස් ම කෘතිය අභිඥන ශාකුන්තලයයි. මාලවිකාග්නි මිත්රාය එතරම් උසස් කෘතියක් හැටියට නො ගැණෙතු දු රසායෙන් හින වුවකැයි කිව නො හැකිය. මෙහි මුලික රසය වශයෙන් ගිණිය හැක්කේ ශෘඞ්ගාර යයි. ඒ අතරම, කරුණාව, සංවේගය, හාස්ය ය, ප්රි,තිය ආදි රසභාවයන් කරා ද ඇතැම් තැනදි කියවන්නා හෝ නරඹන්නා ගෙන යයි. පැරැණි සමාජයේ ස්වභාවික පරිසරයේ හැදුණු වැඩුණු බොලඳ යුවතියකගෙ අව්යා්ජ නාරි ලාලිත්යඩය හාර්දික චිත්ර යකට නගා තිබෙන මෙය පැරණි ආය්ය්ව යාගේ සෞන්දයය්ය්ර්ද විලාසයේ මුර්තියකැ යි කිවයුතු ය. ජිවිතයේ දහසක් කම් කටොළු අතර සිය පෙම්වතියගේ අකෘත්රිම ආචාරයෙන් හෝ අව්යා්ජ විලාසිතාවෙන් සැනසිම ලබන පෙම්වතා ලෞකික ජිවිතයේ උසස් ම පරමාර්ථය නො වේ නම්, අවශ්යම අඞ්ගයක් සම්පුර්ණවකර ගන්නා බැව් මෙහි දැක්වෙන අග්නිමිත්ර් - මාලවිකා දෙදෙනාගේ චරිතවලින් පෙනේ. නව යෞවිනියකගේ සියුමැලි පයින් අසෝක ගහකට ගැසිමේන මල් හට ගැනවිමත් ඉන්ද්රි ය රසයට යොමු කොට නැවත වෙන්කර තබා, ඇය ලවා විරහ වේදනාවන් ප්රලකාශ කරවිමත් අසෝක දළුවක මී අඹ මලක කොවුලකුගේ රවායෙක, චන්ද්රාපලෝකයෙන් නැහැවුණු ගංඉවුරෙක ප්රෙහමියකට පමණක් පෙනෙන ඊනියා රස විඳිමත් අපේ පෙරදිග කවියා දියුණු කළ සෞන්දයය්ය්ෙන ඉතිහාසයේ බොලඳ අවස්ථා යැයි කිව යුතුය. එහෙත් මෙහි අලාමක ඉන්ද්රි ය ලාලනයක් විද්යා මාන වේදැයි පරික්ෂාකර බැලිම කලා කාරයා සතු වුවකි. ස්ත්රිතයගේ බොලඳ බව කිළිටි නොකර දියුණු කරමින් තබා ගැනිම පැරණියාගේ අස්වාදයට මුල් වු අතර නුතනයා ඇගේ දින විලාසිතාවය ප්රැගල්භ භාවය ව්යාුජ ආචාරය උසස් ගති හැටියට සලකයි. මේ පැහැදිලි වෙනස පැරැණි සමාජයේ සරල කමත් වර්තමාන සමාජයේ සංකීර්ණ තමක්, අනුව ඇති වු ජිවිතයේ දර්ශජන ක්ර්ම දෙකකැ යි සිතමි.
සිංහල සාහිත්යැයෙහි දුගි බවක් ගැන මෙකල හැම පැත්තකින්ම ඇසෙන කන්දොස් කිරියාවෙකි. ඒ ඒ අංශවලට අයත් කියවා රස විඳිමට තරම් සෑහෙන් පොත පත සිංහලයෙන් ලියවි නැතැයි බොහෝ දෙන කියති. එහෙයින් ම නොයෙක් භාෂාවන්ගෙන් ලියැවි තිබෙන පොත පත සිංහලට පෙරළිම මෙකල යුහුසුලුව කැරේ.
12
එහෙයින් මෙය පරිවර්තන යුගයෙකැයි කිවයුතුය. අවරදිග සාහිත්ය යෙන් මෙන් ම පෙරදිග සාහිත්යයයෙන් ද සිංහලට පෙරළා සිංහල කියවන්නන් අතට දිය හැකි, දිය යුතු පොත පත තවමත් එමට තිබේ. දෘශ්යං කාව්යකය එයින් එකකි. සිංහල සාහිත්යපයෙහි ඉතා දුර්වල තැනක පවත්නා නාටක අංශය දියුණු කර පාඨකයාගේ රුචිය එහි ලා දියුණු කරවිම අපගේ ලේඛකයන් සතු කාය්ය්චි යකි. එය ස්වාධින කෘතිගෙන් මෙන් ම පරිවර්තන කෘතින්ගෙන් ද කළ හැක්කකි. මාලවිකා මේ පරිශ්ර මයෙහි ලා තැබු උසස් පියවරක් හැටියට සිතමි. මෙවැනි කෘතියක් කිරිමට සම්පූර්ණර සුදුසු කම් ලබා ඇති කර්තෘ්ගේ මේ අනුවාදය සිංහල පාඨකයාගේ ගෞරවයට භාජන විය යුතු බැව් අවධානයෙන් කියනු කැමැත්තෙමි.
ජි. එස්. බි. සේනානායක
‘ග්රි.න්ස්තොප්’
නුවර එළිය.
16. 11. 55
නළු නිළි පරිස
[සංස්කරණය]සූත්රිධාරි මෞද්ගල්යම (ආරක්ෂයා) ඔහුගේ සහායකයා හරදත්ත රජතුමා ගායකයා ධාරිණි (ප්ර්ධාන බිසව) සමාහිතිකා මාලවිකා මධුකරිකා(උධ්යාබනපාලාකාව) ඉරාවතී නිපුණිකා කෞශිකී (තවුසිය) ජයසේනා (ද්වාරපාලිකාව) බකුලාවලිකා සාරසක කෞමුදිකා රජනිකා විදුෂක ජ්යොකත්ස්නිකා වාහතව (ඇමැතියා) නාගරිකා
මාලවිකා
ආරම්භය.
[සංස්කරණය]ඉතා උසස් පදවියෙක සිටියත් තමා කෙරෙහි ගැති ඇත්තවුන්ට උසස් ප්ර තිඵල දෙන්නා වු, ඇත් සම් අඳින්නා වු, ස්වකිය ප්රිමයාව හා ඒකාබද්ධ ශරිරයක් ඇති නමුත් තපස්වින්ටත් වඩා උතුම් මනසක් ඇත්තා වු, අෂ්ටාඞ්ගයකින් මුළු ලෝ උසුලන නමුත් නිරාඩම්බර වු ඒ ශිව, යහපත් මාර්ගපය දැකිම පිණිස ඔබ ගේ මොහාන්ධකාරය දුරු කෙරේවා.
(ආශිර්වාදයෙන් පසු)
සූත්රශධාරි. ඇඳුම් අඳින කාමරය දෙස බලා) මිත්රුය, මෙහි එන්න.
(ඇතුල්වි)
සහායකාය. ආය්ය්ිණිය, මම මෙහි සිටිමි.
සූත්රාධාරි. කාලිදාසගේ රචනයක් වු මාලවිකාග්නිමිත්රි නාටකය මේ වසන්ත උත්සවයේදි රඟපෑමට මේ උගත් පිරිස මට ආරාධනය කරයි. එහෙයින් සංගිතය ආරම්භ කරන්න.
සහායකයා. නෑ, නෑ. විරි ප්ර සිද්ධ හාස, සෞමිල්ලක, කවිපුත්රබ ආදි මාන්යයතම කවීන්ගේ රචනා තිබෙද්දී වර්තමාන කවියකු වු කාලිදාස ගේ රචනාවලට කවුරු සලකත් ද?
සූත්රනධාරි. අහා! ඔබ කතා කරන්නේ වෙනස නො දැනයි. බලන්න. පරණ වු තරමින් හැම කාව්යකයක් ම හොඳ නැත. අළුත් නිසා වරද සහිත යයි ද කිව නො හැකිය. උගතා මේ දෙකම පරික්ෂා කොට බලා සුදුස්සක් ගනියි. අනුන්ගේ තීරණවලින් සතුටු වි නිශ්චයකට බැස ගන්නා තැනැත්තා මෝඩයෙකි.
සහායකයා. මෙහි රැස් වි සිටින පිරිස වැදගත් විනිශ්චය කාරයින් ගෙන් සමන්විත වුවකි.
16 මාලවිකා
සුත්රිධාරි. එහෙයින් ඉක්මන් කරන්න.
ධාරිණි බිසොවට ඉතා ඕනැ කමින් සේවය කරන මේ සේවකයා මෙන් මම ද මේ පිරිස විසින් කරන ලද. ආඥව මුදුනින් පිළි ගෙන ඉටුකරනු කැමැත්තෙමි.
(සියල්ලෝ ම නික්මෙති.)
ආරම්භයයි.
1අඞ්කය
[සංස්කරණය](නෘත්යාෝචාර්ය වරයකු වු ගණදාස නැමැත්තා යටතේ නැටුම් ඉගෙන ගැනිමට යවනු ලැබු මාලවිකා කුමරියගේ තොරතුරු දැන ගැනිමට ධාරිණි බිසොව ඛකුලා වලිකා නැමැති දාසිය යවයි. ඇය එහි යන විට කෞමුදිකා නැමැති තවත් දාසියක හමුවි කථා සල්ලාපයට පටන් ගනි, මෙහිදි, අග්නිමිත්රා රජතුමාට මාලවිකා ගේ චිත්රගයක් දක්නට ලැබි ඈ කෙරෙහි තදින් ආලය කරන බවත්. මෙයට ඊෂ්යාම කරන බිසොව විසින් රජතුමාට ඇයගේ දැකිම වළක්වන බවත් අනාවරණය වෙයි. ඉන්පසු ඛකුලාවලිකාට ගණදාස හමුවි තමාගේ ශිෂ්යායව ඉතා දක්ෂ අන්දමින් ඉගෙන ගන්නා බව කියයි. ගණදාස හා ඛකුලාවලිකාගේ කථා සංවාදයේදි මාලවිකා විරසේන නැමැතිතකුගේ සහෝදරියක බවත්, බිසොවට ත්යාමගයක් වශයෙන් එවා සිටින බවත් කියැ වෙයි. ඕ තොමෝ උසස් පරම්පරාවකට අයිති තැනැත්තියක හැටියට ගණාදස කල්පනා කරයි. (විෂ්කම්භය) විදර්භ රජතුමා ගේ යටත් රජකු විසින් සිරිභාරයට ගනු ලැබු. මාධවසේන, ඔහුගේ භාය්යායට ව හා ඇගේ සහෝදරිය නිදහස් කර හරින ලෙස අග්නිමිත්රය රජතුමා විසින් විදර්හ රජුට යැවු ලිපියකට ඔහුගෙන් ලැබුණු පිළිතුරු ලිපිය අමාත්යතයකු විසින් රජු ඉදිරිපිට කියවයි. මේ ලිපියෙන්, අග්නිමිත්රමට ඔවුන්ගේ නිදහස ගැන තමා මැදහත්ව ක්රිඇයා නො කරන ලෙස දන්වයි.ඒ ගැන බලකර සිටින්නේ නම්, අග්නිමිත්රි විසින් සිරබාරයේ තබා ගෙන සිටින විදර්භ රජතුමාගේ මිස්සිනා කෙනකු වු මෞය්ය්යේ නැමැති ඇමැතියා නිදහස් කර හැරියොත් තාම ද මාධවසේන නිදහස් කරන බව වැඩි දුරටත්කියයි. මේ පිලිතුරින් කෝපයට පත් අග්නිමිත්ර විදර්භ රජුට විරුද්ධව යුදධ ප්රපකාශ කරයි. මේ අතර, මාලිකා කෙරෙහි ප්රෙබමයෙන් බැඳි සිටින රජතුමා (අග්නිමිත්ර ) කෙසේ හෝ ඇය දැක ගැනිමට උපක්රරමයත් යොදන ලසෙ විදුෂකට කියයි. මෙහිදි භරදත්ත නැමැති තවත් නෘත්යාමචාය්ය්ින වරයෙක් ගණදාස හා තරඟයක් කර රජු ඉදිරියේ ඔවුනොවුන්ගේ දක්ෂතාවන් පෙන්විමට රජුෙගෙන් අවසරයක් ලබා දෙන හැටියට විදුෂකයට කියයි. රජුගේන් මෙයට අවසරය ලැබුණු පසු
18 මාලවිකා
තරගය සංවිධාන කොට, එය බැලිමට රජතුමා, බිසොව හා තවුසියක් ද පැමිණෙති. මේ දෙදෙනාගේ ශිල්ප නිපුණතාවය ඔවුන්ගේ ශිෂ්යියන්ගේ මාර්ගයෙන් තිරණය කළ යුතු යයි තවුසිය කියයි. මේ තිරණය පිළිබඳ මතභෙදයකින් පසු බිසොවද එහි ලා එකඟවෙයි. තවුසිය පරික්ෂකවරිය හැටියට පත්කරනු ලැබුවායින් පසු ‘ඡලිත’ නැමැති නෘත්යර විශෙෂය රඟ පෑමට නියම කරයි. ආචාය්ය්එ වරු දෙදෙන තරඟය සඳහා ශිෂ්යාිවන් පිළියෙළ කරති.)
(දාසිය පැමණෙයි)
දාසිය. ධාරනි බිසොව මට නියම කළා ගණදාස ආචාර්යවර්යාගෙන් දැනගන්නට මාලවිකාට අළුතෙන් ඉගැන්වු ඡලිත නාට්යාය ගැන ඈ කොහොම ද කියා. ඒ නිසා සංගිත සාලාවට යන්නට ඕනෑ,
(දෙවැනි දාසිය ආභරණ කිහිපයකුත් රැගෙන පැමිණෙයි.)
1 වැනි දාසිය. (දෙවැනි දාසිය දැක) අපොයි, කෞමුදිකා, මොකද ඔතරම් උජාරු මෙච්චර ළඟින් යද්දිත් මා දිහා බලන්නෙවත් නෑ නෙ?
2 වැනි දාසිය. ඕ ඛකුලාවලිකා, බිසොව අළුතෙන් හදවපු මේ ලස්සණ මුද්දෙ කොටල තියෙන සර්පලකුණ බල බලා ආපු නිසා තමයි ඔයාගෙ මේ අවලාද ඇහුවෙ.
බකුලාවලිකා. (මුද්ද බලමින්) ඇත්තෙන් ම ඔයා බලන්නෙ බැලිය යුත්තක්ම යි. මේ මුද්දෙන් විහිදෙන ලා දළු වැන දිස්නෙන් ඔයා ගෙ අතෙත් මල් පිපිලා වගෙයි.
කෞමුදිකා. යාළු, කොහාට ද යන්නෙ?
බකුලාවලිකා. ගුණදාස ගුරුන්නාන්සෙ හම්බවෙන්ට බිසොව කිව්ව මාලවිකා ගෙ නැටුම් ඉගෙනිම ගැන තොරතුරු දැන ගෙන එන්ඩ කිය ල.
කෞමුදිකා. යාළු, ඈ වෙන්කර තියලයි ඉන්නෙ, ඒ වුනත්. රජ්ජුරුවො කොහොම හරි ඇව දැක්කද?
මාලවිකා 19
බකුලාවලාකා. ඔව්. බිසොවත් සමග එකට ඇඳලා තියන ඇගේ පින්තුරයෙන් ඈව දැක්කා.
කෞමුදිකා. ඒ කොහොම ද?
බකුලාවලිකා. මෙන්න අහපන්කො, ප්ර දර්ශ න ශාලාවට ගිය බිසොවට අළුතෙන් පාට කළ පින්තූරයක් දිහා බලාගෙන හිටිය. එතකොට ම රජ්ජුරුවොත් ආව.
කෞමුදිකා. ඉතින්, ඉතින්,
බකුලාවලිකා. බිසොව ආදරයෙන් පිළිගත් පසු රජතුමාත් ඒ ආසනයේ ම ඉඳගත්තා. ඊට පස්සේ බිසොව ළඟ ම දාසියන් සමුහයක් විසින් පිරිවරාගෙන ඉන්න තරුණියකගේ චිත්රසයක් දැකල රජ්ජුරුවො ඒක කාගෙද කියල බිසොවගෙන් ඇහුව.
කෞමුදිකා. කොහොමද ඇහුවෙ?
බකුලාවලිකා. දේවිය මේ අළුත් දැරියක් ඈ ඔබ ළඟමයි ඉන්නෙ. මොකක්ද ඇගේ නම?
කෞමුදිකා. ඔව්, ඒක එහෙම තමයි, කාගෙත් සැලකිල්ල ඇතිවෙන්නෙ අමුතු දෙයක් ගැන මත තමයි. ඉතින්, ඉතින්.
බකුලාවලිකා. රජ්ජුරුවො අහපු වචන බිසොව ගණනකටවත් ගන්නෙ නැතුව ඉන්න කොට, රජ්ජුරුවන්ට සැක ඇති වි නැවත නැවත බලකළා. එහෙත් බිසොව නිශ්ශබ්දව ම සිටින අතර වසු ලක්ෂ්මි කුමාරිය කිව්ව, අයියෙ, † ඈ මාලවිකා කියල.
කෞමුදිකා. (මද සිනහ සහිතව) පොඩිකමට බොහොම හොඳයි ඉතින් ඊට පස්සෙ මොකද වුනේ?
බකුලාවලිකා. ඊට පස්සෙ? දැන් මාලවිකා රජ්ජුරුවො දකියි කියල බොහොම රැකවල් තියල.
† ආවුත්ත. සහෝදරියගේ ස්වාමිපුරුෂයා “හගිනිපතිරාවුත්තඃ”
20 මාලවිකා
කෞමුදිකා. යාළු, ඔයාගේ වැඩේට ඔයා යන්න. මමත් මේ මුද්ද බිසොවට ගිහින් දෙන්නම්.
බකුලාවලිකා. ( මඳ දුරක් ගොස් ගණදාස දැක) මේ එන්නෙ ගණදාස ගුරුන්නාන්සෙ සංගිත සාලාවෙ ඉඳල. දැන්ම ම කතා කරන්ට යන්ට ඕනෑ. (නික්ම යයි)
(ගණදාස පැමිණෙයි)
ගණදාස. කිසිම සැකයක් නෑ. හැමදෙනා ම තම තමාගේ පාරම්පරික නීති බොහෝ උසස් කොට සලකනවා. නමුත් නෘත්ය් කලාව පිළිබඳව නම් අපේ කිසිම බොරු ආඩම්බරයක් නෑ. ඇයි?
නැටුම වු කලි දෙවියන් උදෙසා කරන මිහිරිවු, දර්ශානීය වු යාගයක් හැටියට ඍෂිවරු කල්පනා කරති. ඊශ්වර ද මෙය පාර්වති හා සම්බන්ධ වි දෙයාකාරයකින් පෙන්වයි. මෙයින්, ගුණත්ර යයෙන් හටගන්නා වු ලොකය පිළිබඳ යථාර්ථප පදාර්ථ.යන් නොයෙක් රසයෙන් පුරවා පෙන්වයි. එහෙයින් නෘත්යඳය වුකලී රසයෙහි වෙනස් කම් අනුව ඒ ඒ ක්රයමවලින් ප්රිනතිය ලබාදිමේ එකම මාර්ගකය යි.
බකුලාවලිකා. (ළංවෙමින්) ආය්ය්් පය. ඔබට වඳිනවා
ගණදාස. ආයුබෝවන් සොඳුර.
බකුලාවලිකා. ආය්ය්රවෙය, බිසොව අහනවා, ඔබේ ශිෂ්යානව ඔබේ ශිල්ප ඉගෙනිමෙදි ඔබට වෙහෙස කරනවා ද?කියා.
ගණදාස. බිසොවට දන්වන්න, ඈ අවබෝධයෙහි ඉතාම දක්ෂයි. ඉතාම ඉක්මන යි,’ මොකට ද වැඩිපුර කියන්නෙ? මොනම විධියේ හෝ නාට්ය යක් මො ඇයට ඉගැන්වුවා නම් වේදිකාව මත රඟ පෑමට,’ ඈ එය රඟ පෑමේදි මටත් ඉගැන්විමට තරම් පහසුෙවන් කරයි.
බකුලාවලිකා. (යටිහිතින්) මට පේන හැටියට ඈ ඉරාවතී පරදවයි වගෙ. (ඇහෙන ලෙස) ඔබේ ශිෂ්යාිව වාසනාවන්ත යි. ගුරුවරයා ඔතරම් පැහැදි තිබෙන නිස යි.
මාලවිකා 21
ගණදාස. සොඳුර, එවැනි අයගේ දුර්ලභ කම නිසා ම මම ඔබෙන් දැනගන්ට කැමැතියි, මේ පින්වන්ත දැරිය ආවේ කොහෙන්ද?’ , කියා.
බකුලාවලිකා. නර්මමදා නදිතිරයෙහි බල කොටුවක අපේ රජ තුමා විසින් නවත්වා සිටින. අපේ දේවින්නාන්සේගේ කුලහීන සහෝදරයකු වු වීරසේන නම් ඇත්තෙක් ඉන්නවා. මෙ දැරිය හොඳ ශිල්පිකාවක වේ යැයි සිතා ඔහු විසින් තම සහෝදරිය වු බිසොවට එවා තිබෙනවා.
ගණදාස. (යටිහිතින්) ඇගෙ විලාසයෙන් හා හිකිමිමෙන් ඈ උසස් කුලයකින් පැවතෙන බව මට ඒකාන්ත විශ්වාසය. (ඇසෙන ලෙස) පිනවත් දැරිය. මට ද මෙයින් ප්රලසිද්ධ විය හැකිය. මේ බලන්න.
ගුරුවරයාගේ ශාස්ත්ර ය සුදුසු ශිෂ්යියාට දිමෙන් ගුරුවරයා ද වැදගත් බවට පැමිණේ. වළාකුලෙහි වතුර බින්දුව මුහුදෙහි බෙලි කටුව තුළට වැටිමේන් මුතු බවට පැමිණෙන්නාක් මෙනි.
බකුලාවලිකා. ඉතින් කෝ ඔබේ ශිෂ්යාිව?
ගණදාස. මේ දැන් පඤ්චාඞ්ගාභිනය† නාට්යගය උගන්වල ඉවරවුනා විතර යි. ඇයට ටිකක් විවේක ගන්ට කිවු නිසා ඈ පොකුන පැත්තෙ ජනේලය ඇරගෙන මඳ පවන් විඳිනවා ඇති.
බකුලාවලිකා. එහෙනම් ආර්ය ය, ඈ ළඟට ගිහින් ඇයටත් ඔබේ ප්ර සාදය දන්වා ඇගේ උනන්දුවත් වැඩිකරවන්ට මට යන්ට අවසර දෙන්න.
ගණදාස. ඔබේ හෙහෙළිය බැලිමට ඔබ යන්න. මමත් විවේක ගෙන ගෙදර යන්නම්. (නික්ම යයි)
(මිශ්රම විෂ්කම්භය යි)
(රජතුමා පසෙක සිටි. ඇමැතියා ලිපියකුත් රැගෙන රජු පිටිපස වාඩි වි සිටියි. රජ පිරිස ඇතින් සිටි.)
දෙ අත, දෙ පය හා හිස ක්රිියා කරවිමේන් කරන නාට්යියකි.
22 මාලවිකා
රජතුමා. (ලියමන කියවු ඇමතියා දෙස බලා ) වාහතව, විදර්භ රජු යොජනා කරන්නෙ මොකක් ද?
ඇමැතියා. ඔහුෙග් ම විනාශය. ස්වාමිනි.
රජතුමා. මම ඔහුගේ අවසාන තීරණය අහන්ට කැමැතියි
ඇමතියා. මේ ඔහුගේ පිළිතුරයි. “මහරජ තුමන් වහන්සේ විසින් මට මෙසේ නියම කර තිබේ. තමුන්නාන්සේගේ මාමාගේ පුතෙක් වු මාධවසේන කුමාරයා මා සමග මිත්රත සන්ධානයක් ඇති කර මා කරා එන කල්හි තමුන්නාන්සේගේ දෙශ සීමා රක්නකු විසින් පහර දී අල්වාගෙන තිබේ. මා උදෙසා, ඔහුත් ඔහුගේ භාර්යාව හා සොහොයුරියත් නිදහස් කර හරින්න” යනුවෙනි. රජවරුන්ගේ සම්බන්ධය තම තමා හා සමානවුවන් අතර පමණක් බැව් තමුන්නාන්සේ නො දන්නවා නො වේ. එහෙයින් තමුන්නාන්සේ මේ කාරණයේදි මධ්යොස්ථ විය යුතුයි. නමුත් මේ කලබලයේදි ඔහුගේ නැගණිය නැති වු බැව් දැනගතිමි. එහෙත් මම ඇය සෙවිමට හැකි තරම් උත්සාහ දරමි. නො එසේ නම්. තමුන්නාන්සේ මාධවසේන සෙවිමට බලකර සිටීන්නෙහි නම්. මා එහි ලා ඉදිරිපත් කරන කොන්දේසිය අසනු මැනවි.
මාධවසේන මා විසින් වහාම නිදහස් කළ යුතුනම්, තමුන්නාන්සේගේ සිරභාරයේ සිටින, මගේ මස්සිනා වු මෞර්ය ඇමැතියා වහාම නිදහස් කර හරින්න.
රජතුමා. (කෝපයෙන්) මේ අඥානයා මට ගණුදෙනුවක් යෝජනා කර එවයි. අපොයි වාහතව, මේ විදර්භ රජු මගේ පරම සතුරෙකි; විනාශකාරි පුද්ගලයෙකි. එහෙයින් මොහු විනාශකර දැමිමට යුද්ධයක් ආරම්භ කළ යුතු නිසා වීරසේනගේ ප්රිධනාත්වයේන සේනාවන් පිළියෙළ කිරිමට වහාම අණ දෙන්න.
ඇමතියා. තමුන්නාන්සේගේ ආඥාව පරිදි කරන්නමි.
රජතුමා. නො එසේ නම්. ඔබ හිතන්නේ මොකක් ද?
ඇමැතියා. තමුන්නාන්සේ රාජ්ය පාලන ක්ර මයට එකඟව කථා කරයි. ඇයි?
මාලවිකා 23
ළඟදි රාජ්යවයක් පිහිටුවා ගත්, රටවැසියාගේ හිත්වල ස්ථිරව පදිංචි නො වු රජෙකු. අළුත රොපණය කළ ගහක් මේන ලෙහෙසියෙන් උදුරා දමත හැකිය.
රජතුමා. එය එසේම නම්, නිතිඥයින්ගේ ප්රදකාශ කිසි කලෙකත් නො වරදින සුලුය. මේ ප්ර්කාශය ම ප්රදමාණවත් කොට සලකා වහාම යුද්ධ හමුදාව මෙහෙයවන්න.
ඇමැතියා. එසේය ස්වාමිනි. (පිටවෙයි)
(මාලිගාව: නිලතල අනුව රජුපිරිවරා ගත් සේවක සමූහයකි. විදුෂක පැමිණෙයි.)
විදුෂක. දෙවයන් වහන්සේ මට මෙසේ අණ කර වදාළ. “ගෞතම, මා චිත්රකයෙන් දුටු මාලවිකා හැබවින් ම දැකි ගැනිමට උපක්රූමයක් යොදාපන්”. මාත් ඒක ඒ විදියට ම යෙදුව, දැන් ඉතින් දැනුම් දෙන්ට යන්ට ඕනෑ. (ටිකක් දුර යයි)
රජතුමා. (විදුෂක දැක) මේ ඉන්නේ වෙනම ම දෙපාර්තමේන්තුවක් භාරව සිටින තවත් ඇමතියෙක්.
විදුෂක. (ළඟා වෙමින්) තමුන්නාන්සේට ජයවේවා.
රජතුමා. (හිස වනමින්) වාඩි වෙන්න. (විදුෂක වාඩිවෙයි)
රජතුමා. කොහොමද යාළුවා. ඔබේ බුද්ධියට ගොදුරුවුනා ද කිසි උපක්රාමයක් අපේ අදහස ගැන?
විදුෂක. උපක්රසමය සාර්ථ ක වන හැටි අසනු මැනවි.
රජතුමා. කොහොමද ?
විදුෂක. (කණට කොඳුර) ඒක ඒ විදියටම යි.
රජතුමා. හොඳයි මිත්රුය, දක්ෂ අන්දමින් යෙදුවකි. අමාරු වුනත් මෙය සාර්ථක වේයයි සිතමු. ඇයි?
කොතෙක් දුෂ්කරතා ඇතත් යමක් කර ගැනිමට යමකුට අවශ්යද ආධාරය ලැබේ නම් එය කර ගත හැකිය. ඇස් ඇති පමණින් එළියක් නැත් නම් අන්ධකාරයේ කිසිවක් නො පෙනෙයි.
(ජවනිකාවට පිටිපසින්)
24 මාලිවකා
ආත්ම වර්ණානාව ඇති ඇති. රජු ඉදිරිපිට අපේ උස් පහත් කම් මැන ගත හැකිය.
රජතුමා. (අහුම්කන්දි) මේ ඔබ සිටවු ප්ර්යොග ගසෙහි පිපෙන මලයි.
විදුෂක. තමුන්නාන්සේට එහි ඵල ද දැක්ක හැකිය.
(ඇතොවුර පාලකයා පැමිණෙයි)
පාලකයා. දෙවයන් වහන්ස, තමුන්නාන්සේගේ ආඥාව කරන ලදැයි ඇමති තුමා දන්වයි. නමුත්, හරදත්ත - ගුණදාස යන සංගිතාචාය්ය්ය වරු දෙදෙන තරඟයට සුදානම් වි තමුන්නාන්සේගේ දකිනු කැමැත්තෙන් සිටිති.
රජතුමා. ඔවුන්ට එන්ඩ කියන්න.
පාලකයා. එසේය, දෙවයන් වහන්ස.
(පිට වි ගොස් ඔවුන් දෙදෙනොත් සමග පැමිණෙයි.) මෙහෙන්, මෙහෙන් එන්ඩ අචාය්ය්න වරුනි.
හරදත්ත. (රජතුමා දෙස බලා) රජතුමාගේ ළංවිය නොහැකි මහන්තත්වයකට හැටි!
නුපුරුදු බවක් හෝ අමිහිරි බවක් මුන්වහන්සේ කෙරෙහි නැත. නමුත් මා ළංවන්නේ ඉතා භයෙනි. මගේ ඇස්වලට මුන් වහන්සේ නිතර ම මහ මුහුද මේන අළුත් ව පෙනේ.
ගණදාස. මෙවැනි පුරුෂයින්ගේ මහාත්ම ගතිය ඉතා විශාල ය. එ ඇයි?
ගේට්ටුව භාර මුරකාරයාගේ අවසරය ලබාගෙන, මේ සිංහාසනය ළඟ සිටින පාලකයාත් සමග පැමිණි මා, මුන්වහන්සේ වචනයක් වත් කථා නොකළත් ඇස්වල කාන්තියෙන් ඉවතට තල්ලු කළාක් මෙන් ඇඟේ.
පාලකයා. මේ අපේ දේවයන් වහන්සේය. ඔබ දෙපොලම ළඟට යන්න.
දෙදෙනම. (ළඟට ගොස්) සැරදේ මහරජ.
මාලවිකා 25
රජතුමා. ඔබ දෙපොළට ම ආයුබෝවන්. (සේවකයා දෙස බලා) මේ ෙදපොළට වාඩිවෙන්ට ආසන.
(සේවකයා ආසන පිළියෙළ කළ පසු දෙදෙන ම වාඩිවෙති.)
රජතුමා. ශිෂ්යළයින්ට ඉගැන්විමට තිබෙන මේ වෙලාවේදි ඔබ දෙපොළ ම එකවර පැමිණිමේ තේරුම මොක ද?
ගණදාස. දෙවයන් වහන්ස අසනු මැනවි. මම ඉතා උසස් ආචාර්ය වරයකුගෙන් නාට්යන කලාව උගත් කෙනෙක් මි. එසේ ම මම තමුන්නාන්සේ විසින් පිළිගනු ලැබුවෙක් ද, බිසොවුන් වහන්සේ විසින් ආරක්ෂිත කෙනෙක් ද වෙමි.
රජතුමා. එය ඇත්තයි, මම ද දනිමි, ඉතින් මොක ද?
ගණදාස. කරුණු එසේ තිබියදිත්, ගරු කටයුත්තන් ඉදිරි පිටදි මට මේ හරදත්ත අවනම්බු කරමින් මෙසේ කිවා: “ මේ මිනිහා මගේ පයේ ගෑවෙන දූවිල්ලකටවත් සමාන වන්නේ නෑ” කියා.
හරදත්ත. දෙවයන් වහන්ස, පළමුවෙන් මට අවඥ කෙළේ මේ මිනිහ ය. ඔහුගේ හා මගේ වෙනස මහ මුහුද හා පොකුණක් වැනි යයි කීවා. ඒ නිසා දෙවයන් වහන්සේ අප දෙදෙනාගේ නියම තත්වය අපේ ශිල්පයන්හි සිද්ධන්තයෙන් හා ප්රදයෝගයෙන් පරික්ෂා කර බලනු මැනවි. අපේ සම විසම ගති ගුණතීරණය කිරිමේ එකම විනිශ්චය කාරයා තමුන්නාන්සේ ය.
විදුෂක. කදිම අභියෝගයක්.
ගණදාස. බොහොම හොඳයි. දෙවයන් වහන්සේ අවධානයෙන් ඇසීමට සුදුස්සෙකි.
රජතුමා. එය එසේ වේවා. මේ කාරණයෙහිදි බිසොව පක්ෂයක් ගනියි. ඒ නිසා ඇය ද ඉදිරිපිට කෞශිකීගේ ප්රිධානත්වයෙන් මෙය පැවැත්විය යුතුය.
විදුෂක. තමන්නාන්සේගේ අදහස සුදුසු යි.
ආචාය්ව්ි රු දෙදෙන. තමුන්නාන්සේ කැමති විදියකට.
රජතුමා. මෞද්ගල්යද. මේ ප්රේවෘත්තිය බිසොවට දන්වා පණ්ඩිත කෞශිකිත් සමග ඇය කැඳවාගෙන එන්න.
26 මාලවිකා
පාලකයා. තමුන්නාන්සේගේ අණ පරිදි
(පිටවි ගොස් නැවත බිසොව හා තවුසියත් සමඟ පැමිණෙයි.) ස්වාමි දියණිවරුනි, මෙහෙන් මෙහෙන් එන්න.
බිසොව. (තවුසී දෙස බලා) පින්වතිය, හරදත්ත - ගණදාස දෙදෙනාගෙ තරඟයෙන් ඔබ හිතන හැටියට කවුරු ජයගනි ද?
තවුසී. ඔබේ පක්ෂය පැරදේය යන බියෙන් වැඩක් නැ. ගණදාස ඔහුගේ සතුරා පිටු පසින් යන්නෙක් නොවේ.
බිසොව. කෙසේ හෝ වේවා, රජතුමා ගේ සම්භාවනයෙන් ඔහුට වැදගත් කමක් ලැබේ.
තවුසි. ඔබ ද රජ බිසොවක් බැව් අමතක කළ යුතු නො වේ. මේ බලන්න.
සූර්ය රශ්මියෙන් ගින්න වැඩිපුර බබලයි. රාත්රිේය විසින් සංග්රිහ කරනු ලබන චන්ද්රියා ද බැබලිමට පත්වේ.
විදුෂක. ඕ, මේ සහකාරිය වු පණ්ඩිත කෞශිකිත් සමග බිසවුන් වහන්සේත් ඇවිත් ඉන්නේ.
රජතුමා. ඇය මටත් පේනවා -
ඉෂ්ටදායක ඇඳුමින් සැරසී, තවුස් වෙසින් සැරසුණා වු කෞශිකීත් සමග ඕතොමෝ ත්රිනගුණයේ හා අධ්යාතත්ම විද්යාරවේ මුර්තියක් මෙන් බබලයි.
තවුසී. (ළංවෙමින්) මහරජ තුමා දිනේවා.
රජතුමා. පින්වතිය. ඔබට වඳිමි.
තවුසි. ඔබතුමා, ඉවසීමෙන් එක හා සමාන වු තේජවන්ත දූ දරුවන් ලබා දෙන ධාරිණියගේත්, බෙහෙවින් ශෂ්යෙඵල ලබා දෙන පෘථිවිය ගේත් ස්වාමියා වශයෙන් ශරත් සෘතුන් සිය ගණනක් වැජඹේවා.
ධාරිණි. මගේ ස්වාමියාට ජයවේවා.
රජතුමා. බිසොවට ආයුබෝවන්. (තවුසිය දෙස බලා) පින්වතිය වාඩිවෙන්න.
මාලවිකා 27
රජතුමා. පින්වතිය, මේ හරදත්ත හා ගණදාය යන ආචාර්ය වරුන් දෙදෙන අතර ඉගෙනිම පිළිබඳ තරඟයක් ඇතිවි තිබේ. එහෙයින් පින්වතිය මෙහි විනිශ්චය කරු හැටියට ක්රි යා කරන්න.
තවුසි. හා සමච්චලයෙන් කමන් නැහැ. නගරය තිබියදි ගමෙහි දි මැණික් පරික්ෂා කරන හැටි!
රජතුමා. නෑ, නෑ, එහෙම නො වෙයි, පින්වතිය ඇත්ත වශයෙන්ම පණ්ඩිත කෞශිකි ය. මාත් දේවියත් පක්ෂපාත විය හැකියයි සිතන නිසාය.
ආචාර්යවරු දෙදෙන. තමුන්නාන්සේගේ කියමන හරි. පුජ්ය කෞශිකී අපක්ෂපාත බැවින් අපේ ගුණ දොෂ විසඳිමට සුදුසුය.
රජතුමා. එහෙනම් තරඟය ආරම්භ කරන්න.
තවුසි. මහරජ තුමනි. නාට්යම කලාවේ සාරය වු කලි අභ්යා සය යි. මෙහි ලා වචන හුවමාරුවෙන් ඇති ඵලය කුමක් ද? බිසොව මේ ගැන හිතන්නේ මොක ද?
බිසොව. ඔබ මෙගන් අහනවා නම්, මම කියනන් කැමැතිය, මේ දෙදෙනා අතර කිසිම තරඟයකට මම කැමති නැති බව.
ගණදාස. බිසොවුන් වහන්ස, මේ කලා ප්රනදර්ශනයේ දි මොහුලවා මට අගුණ කියවිමට ඉඩ නො තබන්න.
විදුෂක. දේවින් වහන්ස. අපට මේ බැටළු පොරය බලන්ට ඉඩ හරින්න. ඇයි නිකම් මුදල් ගෙවන්නෙ?
බිසොව. ඇත්තෙන් ම ඔබ සණ්ඩුවලට කැමැතිය.
විදුෂක. එහෙම නොවෙයි. මද කිපුණු ඇතුන් දෙදෙනකු පොර බැදිමට සුදානම්වන අතර එකෙකුට පැරදෙන්ට ඉඩ නොදි සමාදනයක් ඇති කළ හැකි ද?
රජතුමා. මම හිතනවා, පින්වතිය මේ දෙදෙනාගේ අත්පා සුදුසු දැ යි පරික්ෂා කර බල්නට ඇතැයි කියා
28 මාලවිකා
තවුසි. ඔව්.
රජතුමා. එහෙනම් මෙහි ලා තව කුමක් විශ්වාස කටයුතු ද?
තවුසි. (සිනාසෙමින්) මමත මේ ලෑස්තිවුෙණ් ඒක කියන්ට මයි.
‘එකකු කෙරෙහි කලාවෙහි ප්රමයෝගය ශ්රෙශෂ්ඨවිය හැකියි, අනෙකකු කෙරෙහි සිද්ධාන්තය ශ්රෙිෂ්ඨ විය හැකියි. මේ දෙකම එකසේ පවතින තැනැත්තා පමණක් උසස් තත්වයෙහි ලා ගිණිය යුතු වේ.
විදුෂක. ඔබ දෙපොළ ම මේ පින්වතිය විසින් කිවු දෙය අහන්ට ඇති. ඔබලා ශාස්ත්ර.ය උගන්වා තිබෙන ආකාරය බැලිමෙන් ම ජය පරාජය තීරණය කළ යුතු බවයි.
හරදත්ත. එයට අපි ඉතාමත් කැමැතියි.
ගණදාස. දේවින් වහන්ස. එය එහෙම හොඳ ද?
බිසොව. මෝඩ ශිෂ්යනයකු තමාට ඉගැන්වු ශාස්ත්රහය වරදවා පාවිච්චි කරයි නම් එය ගුරුවරයාගේ වරද ද?
රජතුමා. බිසොව, එහි අදහස මෙයයි. යම් ගුරුවරයකු නරක ශිෂ්යකයකු තෝරා ගනි නම් එය ඔහුගේ නුවණ මඳ කමේ වරද යි.
බිසොව. (යටිහිතින්) දැන් කොහොම ද? (ගණදාස දෙස බලා) (ඇසෙන සේ) මගේ ස්වාමියා උනන්දු වි සිටින කාර්යය කිරිමෙන් වැඩක් නෑ. ඔබේ මේ නිරර්ථක ව්යා යාමය නවත්වන්න.
විදුෂක. සංගීත ශාස්ත්ර්ය උගත් දින සිට, සරස්වතිට පුදනු ලබන රසකැවිලි ආසවාදය කරමින් සිටින ඔබ මෙ වැනි විවාදයකට එළඹි පරාජය වන්නේ ඇයි?
ගණදාස. ඇත්ත යි. බිසොවුන් වහන්සේ ගේ වචනයේ තේරුමත් ඒකයි. මා විසින් කිවයුතු වැදගත් දෙය දැන් අහන්න -
මාලවිකා 29
ජිවන නඩත්තුව හොඳින් ඇති වි තිබෙන නිසා හෝ අනෙකකු ගෙන් ලැබෙන නින්දාවට බියෙන් හෝ යමෙක් තරඟය අත්හරි නම්. එසේම යමකුගේ උගත්කම ජිවත්විම පිණිස පමණක් ම වේ නම් හෙතෙම ශාස්ත්රස - වෙළෙන්දකු හැටියට හඳුන්වනු ලැබේ.
බිසොව. ඔබේ ශිෂ්යාලව ළඟදි ඉගෙනිමට පටන් ගත් තැනැත්තියක එහෙයින් ඇය. ඉගෙනිමත් අවසන් නැතිව. පරික්ෂණය සඳහා තැබිය යුතු නොවේ.
ගණදාස. එයමයි මාත් බලකර සිටින්නේ.
බිසොව. එහෙනම්, ඔබ දෙපොළගේ ඉගෙනිම පමණක් පුජ්යේ තවුසියට පෙන්වන්න.
තවුසි. බිසොව. මෙය සුදුසු නොවේ. සර්ව ඥ වුවත් ඒක පුද්ගලයකුගේ පමණක් තිරණය වැරදි විය හැකිය.
බිසොව. (තමාටම) මේ මොන මෝඩ තවුසියක් ද? ඔබ අවදි වී සිටි මා නිදි කරවයි.
(බිසොව ඊෂ්යා වෙන් අහක බාල ගනියි. රජතුමා තවුසියට බිසොව පෙන්වයි.)
තවුසිය. (ඈ දෙස බලමින්)
සඳ වැනි මුහුණු ඇති දේවිය, කිසි කරුණක් නො මැතිව ඇයි මේ රජතුමා කෙරෙන් මුහුණ ඉවතට ගත්තේ? ගෘහණින් තම ස්වාමින් හා තරහ වන්නේ සෑහෙන හේතුවක් ඇතිවය.
විදුෂක. ඇත්තෙන් ම එය හේතුවක් ඇතිවය. කෙනක් තමාගේ පක්ෂය ආරක්ෂා කර ගන්නට ඕනෑ. (ගණදාස දෙස බලා) වාසනාවකට මෙන් ඔබ බිසොවගේ කෝපයෙන් ආරක්ෂා කර ගත්තා. හැම දක්ෂයකුට ම තමාගේ ඉගෙනිම පරික්ෂණයට යොමු කරන්නට බෑ.
ගණදාස. බිසොව. කරුණාකර මෙය අහන්න. මේ මිනිසුන් තේරුම් ගන්නා හැටියි. එහෙයින් -
මා ශිල්පය උගන්වා තිබෙන ආකාරය තරඟයට ඉදිරිපත් කිරිමට ඉඩ නො දේ නම් ඔබ මා අමතක කරන්නෙහි ය.
(ඔහුගේ අසුනෙන් නැගිටින්නට කැමැති වෙයි.)
30 මාලවිකා
බිසොව. (ඇයම ම ) මොනවා කරන්නට ද? (අනික් අයට ) ගුරුවරයා ඔහුගේ ශිෂ්යහයා ගේ ස්වාමියා ය.
ගණදාස. අසථානයේ මා කෙරෙහි සැකකොට තිබේ. (රජුදෙස බලා) දේවින් වහන්සේ අවසර දි තිබේ. මා කුමන විෂයයකින් මගේ ඉගැන්විම පෙන්වන්ට දැයි අණ කරනු මැනවි.
රජතුමා. මේ පුජ්යෙ බිසොව නියම කරන මාතෘකාවකින්.
තවුසිය. මොකක් හෝ දේවියගේ සිතෙහි සැඟවි පවතියි. එහෙයින් මට මෙහි ලා සැකයක් තිබේ.
බිසොව. නිර්භිතව කියන්න. ඇත්තෙන් ම මම මගේ සේවකයාගේ ස්වාමියෙක් මි.
රජතුමා. ‘මගේත්’ යි එකතු කරන්න.
බිසොව. පින්වතිය, දැන් පැහැදිලිව කියන්න.
තවුසිය. දේවිය, චතුෂ්පාදයෙන් යුක්ත වු ඡලිත නැමැති නාට්ය විශෙෂය රඟ පෑමට අමාරු යයි මිනිස්සු කියති. ඒ නිසා දෙදෙනා ගේ ම සාමර්ත්යතය මේ ශිර්ෂඅයෙන් පරික්ෂා කර බලමු. මෙයින් මේ දෙදෙනාගේ ඉගැන්විම්වල වෙනස් කම මැනැවින් පැහැදිලි වේ.
ආචාය්ව්ම රු දෙදෙනම. පින්වතිය නියම කරන හැටියකට.
විදුෂක. එහෙනම් දෙ පක්ෂය ම නැටුම් හලෙහි සංගිතය පිළියෙළ කොට බිසොවට පණිවුඩ කාරයකු එවන්න. නෑ. රබානෙහි ශබ්දයෙන් ම අපට දැනගන්ට පුළුවනි.
හරදත්ත. හොඳයි. (අසුනෙන් නැගිටියි.)
(ගණදාස බිසොව දෙස බලයි.)
බිසොව. (ගුණදාස දෙස බලා) ඔබ ජය ගැනිමකින් වැළැක්විමට මම කිසිසේත් උත්සාහ නො කරමි. ඔබට ජය වේවා.
(ආචාර්යවරු දෙදෙනම පිටත් වෙති)
තවුසිය. ආචාර්යවරුනි. මෙහෙන්, මෙහෙන් එන්න.
මාලවිකා 31
ආචාය්ය්ර වරු දෙදෙන. (ආපසු හැරෙමින්) මේ අපි එනවා.
තවුසිය. මම පරික්ෂකයකු හැටියට කියමි.නළුවන්ගේ රූපලාවණ්යනය පෙනිමට හැකිවන සේ අතිරේක ඇඳුම් නැතිව රඟ පෑ යුතුය.
ආචාය්ය්හ වරු දෙදෙන. එය අපට කිවයුත්තක්නො වේ.
(පිටත්වි යති.)
බිසොව. ස්වාමිය, ඔබ ඔබේ රාජකාර්යයෙහි මෙ තරම් උනන්දුවක් දැක්වුයෙහි නම් මෙයට වඩා අගේය.
රජතුමා. අපොයි, දේවිය,
මා වරදාව තේරුම් නො ගන්න. උසස් හිතක් ඇති දේවිය, මේ මගේ වැඩක් නො වේ. එකම ශාස්ත්රයය උගත් මිනිසුන් කීර්තිය පිළිබඳව ඔවුනොවුන් කෙරෙහි ඊෂ්‍රුා කිරිම සිරිතකි.
(ජවනිකාවට පිටුපසින් රබානෙහි හඩ ඇසෙයි.)
(සියල්ලොම සාවධානව ඇහුම්කන් දෙති)
තවුසිය. හෝ, සංගිතය පටන්ගෙන තිබේ. මායුරි නැමැති තූය්ය්යල භාණ්ඩයෙන්, මධ්යිම ස්වරයෙන් හඩවන නාදය නැවත නැවත ඇසෙය. මෙඝ ගර්ජනාවකට සාමන වු මේ නාදය ඇසිමෙන් මොනරුන් ද ඔවුන්ගේ ග්රිරවය අහසට දිගුකොට කරන කෙකාරවය හා මිශ්රු වු මේ වාදනය අප ප්රේබෝධමත් කරවයි.
රජතුමා. දේවිය, අපිත් බලමු.
බිසොව. (ඇයමට) අපොයි, මගේ ස්වාමියාගේ නොහික්මිමක මහත,
(සියල්ලෝම නැගිටිති)
විදුෂක. (රහසින්) යහළුව. නිර්භිතව යන්න, නැත්නම් ධාරිණි දේවියට සැක උපදියි.
රජතුමා. මගේ හිතෙහි ස්ථිරබව තබා ගැනිමට මා කොතෙක් උත්සාහ කළත් මේ තූර්යවාදනය මා පොළඹව යි. එය මගේ හෘදයෙහි ආශාව ඉටුවිමේ දෝංකාරයක් හැටියට වැටහේ.
(සියල්ලෝම නික්ම යෙති)
2 අඞ්කය
[සංස්කරණය](නෘත්යාෝචාය්ය්ිිතවරු දෙදෙනාගෙන් පණමුකොට ගණදාසට වාරය දුන් හෙයින්, මාලවිකා වේදිකාවට පැමිණ ඡලිත නැමැති නෘත්යප විලාසය රඟ දක්වයි. මාලවිකාගේ නැටුම් දැකීමේන් හා සංගිතය ඇසිමෙන් රජතුමා ගේ ඈ කෙරෙහි පැවැති ආලය දියුණු වෙයි. රඟපෑමෙන් පසු ඕ තොමෝ නික්ම යයි. ඉන්පසු රජතුමා තදින් පෙළෙයි. මේ අතර ජවනිකාවට පිටුපිසන් ප්ර කාශකයා දවල් වි තිබෙන බව දන්වා රජතුමාට ආහාර ගැනිමට යාමට ආරාධනා කරයි. හරදත්ත ඔහුගේ නැටුම් පසුදින පෙන්වන බවට පොරොන්දු වෙයි.)
(රජතුමා ඔහුගේ යහළුවා සමග පිවිසෙයි. ධාරිණි බිසොව. තවුසිය හා සුදුසු පිරිසකුත් එහි සිටිති. සාලාව දිගුම් දෙමින් සංගිතය ඇසෙයි.)
රජතුමා. පින්වතිය, මේ ආචාර්වරු දෙදෙනාගෙන් කවරෙකු ගේ නැටුම් පළමුව බැලිය යුතු ද?
තවුසි. ශිල්පයෙන් සමාන විය හැකිවුවත්. වයසින් වැඩිමහළු නිසා ගණදාසය මුල් අවස්ථාව දිය යුතු ය.
රජතුමා. මෞද්ගල්ය , ආචාර්වරුන් දෙදෙනාට මේ බව සැල කරන්න.
පාලකාය. දේවයන් වහන්සේ අණ කරන හැටිය (නික්ම යයි)
(ගණදාස පිවිසෙයි)
ගණදාස. දේවයන් වහනස්, ශර්මිෂ්ඨා විසින් පිළියෙළ කර තිබෙන පාද හතරකින් හා මධ්ය් ලයෙන් යුත් ගීත විලාසයක් තිබේ. එයට අනුව කෙරෙන ඡලිත ප්රයයෝගය තමුන්නාන්සේ සාවධානයෙන් අසනු මැනවි.
රජතුමා. ගුරුවරයා කෙරෙහි ඇති භක්තිය නිසා මම සම්පුර්ණ අවධානය සහිතව අසමි.
(ගණදාස නික්ම යයි)
මාලවිකා 33
රජතුමා. (රහසින්) යාළුව,
ජවනිකාවට පිටුපසින් සිටින ඇය දැකිමෙහි මගේ ඇහේ ඇති උනන්දුව කොතරම්දැයි කිවෙහාත් නො ඉවසිල්ල නිසා තිරය විනිවිද ගෙන යාමට තරම් වේගව්ත ය.
විදුෂක. (රහසින්) ඔබේ ඇහැට වුවමනා මි පැණි අත ළඟ ම තිබේ. එහෙත් එය ඇත්තේ මි මැස්සන් අතරේ ය. එහි රසය. ප්ර වේසමින් උරන්න.
(ආචාර්යයා විසින් මැනැවින් පිළෙයෙළ කරන ලද ගාත්රහ ඇති මාලවිකා පිවිසෙ යි)
විදුෂක. (රහසින්) බලන්න ඇගේ රූපලාවණ්යකය අර චිත්රවයට කොතරම් සමානද කියා.
රජතුමා. (රහසින්) යහළුව,
මා චිත්රියේ ඈ දුටු අවස්ථාවේදි කල්පනා කෙළේ එය සෞන්දාය්ය් චියේ අතිශයොක්තියක් කියා ය. නමුත් දැන් වැටහෙන්නේ එය අඳින ලද මිනිහාට ප්රකමාණවත් සමාධියක් නොමැති බවයි.
ගණදාස. දරුව. චකිත බව දුරලා ස්ථිරවෙන්න.
රජතුමා. (තමාට ම) අපොයි, ඇගේ රූප ලාවණ්යනය කොතරම් සම්පුර්ණට ද?
ඇගේ ඇස් දිග ය. මුහුණ ශරත් චන්ද්රුයාගේ ශොභාව උසුලයි. උරහිසෙන් පහතට නැමි තිබෙන අත් ය. එකිෙනකට ගැටෙන පියයුරුවලින් ඇගේ පපුව පිරි තිබේ. දෙ ඇලය පිරිමැද මොළොක් කළාක් මෙනි. ඉඟටිය අතින් ගැනිමට තරම් සිහින්ය. උකුල පළල් ය, දෙපා ඇඟිලි මඳක් වක්ය. මුළු ශරිරයම තනා තිබෙන්නේ ඇගේ ආචාර්යවරයාගේ සිතේ බල පෑ ආකෘතියට සමනවම ය.
මාලවිකා. (ආරම්භකගිය ගැයිමෙන් පසු. චතුෂ්පදිප ගිත්ය ගයයි.)
මගේ ප්රි යයා ලබා ගනිම අතිශය දුෂ්කරය. හෘදය, එහි ලා ඇති සියලු ම ආසාවන් දුරලන්න. ඔහො, මගේ වම් ඇස මදක් සැලෙයි. මෙහිදි ඔහු බොහෝ කලකට පසු දිටිමි. නැවත
34 මාලවිකා
මම කෙසේ ඔහු හමුවෙම් ද? ස්වාමිනි, මා යටත්වැසියක බවත් ඔබට පෙම්කරන එකියක බවත් දැන ගන්න.
(ඕ තොමෝ ආවේගයට සරිලන අඞ්ගචලන දක්වයි)
විදුෂක. (රහසින්) යහළුව. මේ චතුෂ්පදීය ගීතයෙන් ඈ අවනත වුවක හැටියට දැනේ.
රජතුමා. (රහසින්) යහළුව, මගේ අදහසත් එයම යි.
‘ස්වාමිනි, මා ඔබට පෙම් කරන බවත්’ යන මෙය ගැයිමේදි අඞ්ගචලන මාර්ග්යෙන් ඇගේ ශරිරය පෙන්වමින් එය ඇඟවුවා ය. මා ඇයට ආලය කරන බව නො දැන ඈ මට ම කථා කළා විය හැකිය. ධාරිණි ඉදිරිපිට සිටින නිසා මෙවැනි ව්යාශජයකින් අදහස කී හැටි!
(ගිය අවසාන වු පසු මාලවිකා යන්ට සුදානම් වෙයි)
විදුෂක. පිනැතිය. ටිකක් නවතින්න, ඔබ එක කරුණක් අමතක කළා.
ගණදාස. දරුව, ඔබේ ඉගෙනිම පිළිබඳ සියලුම අපවාදවලින් මිදුණායින් පසු යන්න.
(මාලවිකා ආපිට හැරි සිටියි.)
රජතුමා. (තමාට ම) ඇගේ හැම ඉරියව්වක් ම ඇගේ සෞන්දාය්ය්්නකයට අමුතු ලක්ෂණයක් එකතු කරයි.
මැණික්කටුවෙහි නිශ්චලව බැබලෙන වළලු ඇති වම් අත උකුලෙහි තබාගෙන, අනිත් අත ශ්යාවමා වැලක් මෙන් එල්ලා ගෙන, ඇගේ මාපටැඟිල්ලෙන් පොඩි වු මල්වැලින් වැසුණු වේදිකාව දෙස නෙත් යොමා ගෙන, ඇගේ සිහින් උඩු කය කෙළින් තබාගෙන සිටින ආකාරය ඇගේ නැටුමට වඩා දර්ශිනිය ය.
බිසොව. ඔබ ගෞතමගේ වචනයත් වැදග්ත සේ සලකනවා ද?
ගණදාස. දේවින් වහන්ස, එසේ නොකියන්න. දේවයන් වහන්සේ ඔහු විශ්වාස කරන නිසා ඔහුගේ මතයෙහිත් කිසි වටිනා කමක් තිබිය හැකියි.
මාලවිකා 35
පණ්ඩිතයකුගේ ආශ් ඔෙයන් මෝඩයකු වුවත් බුද්ධිමත් විය හැකිය. ජලය පිරිසිදු කරන ගෙඩියකින් කිළුටුවුත් වතුර පිරිසිදු කළ හැක්කාක් මෙනි.
(විදුෂ දෙස බලා) පින්වත, ඔබට කියනනට තිබෙන දෙය කියන්න.
විදුෂක. (ගණදාස දෙස බලා) පළමුකොට විනිශ්චයකාරියගෙන් අහන්න. පසුව, අතපසු වු දේ මම කියන්නම්.
ගණදාස. පින්වතිය. ඔබ දුටු දේ කියන්න - හොඳද? නරක ද?
තවුසි. අප දුටු හැම දෙයක් ම නිවැරැදිය, ඇයි?
ගිතයෙහි අර්ථ ය සුදුසු අඞ්ගචලනයන් ගෙන් ප්රයකාශ කළාය. ඇගේ පා තැබිම තාලයට අනුව විය; ලයට අනුවම චරිතයෙහි භාවය දැක්වුවාය. විලාසය ක්රිටයාවෙන් හා මාධුය්ර්යෙඅන් යුක්ත විය; නෘත්ය ය නොයෙක් අවස්ථාවන්ට පැමිණෙන විට. එයින් ප්රගකාශ කළ භාවය හෘදය බාහිර වස්තුන්ගෙන් වෙන්කර තැබුවාය. ඇගේ මුහුණෙහි ප්ර කාශනය ද ප්රවකාටව පෙනිණ.
රජතුමා. අපේ පක්ෂපාත කම දෙදරුම් කෑවාය.
ගණදාස. අද මම නෘත්යාපචාය්ව්ම් රයෙක් මි.
ගුරුවරයකුගේ ඉගැන්විම නිවැරැදි යයි උගතා කල්පනා කරයි. ඇත්තෙන් ම ඔබ වැන්නවුන් ඉදිරිපිට දි එය අපට ලැබෙන එක්තරා ප්රතතිඵලයකි. ගිනි ඉදිරි පිට රත්තරන් මෙනි.
බිසොව. වාසනාවකටමෙන් ගුරුතුමනි. විනිශ්චය කරුවන් සතුටු කිරිමනේ ඔබ ජය ගත්තෙහි ය.
ගණදාස. දේවින් වහන්සේ මට දුන් ධෛර්ය ම මගේ ජය ගැනිමට එකම හේතුව යි. (විදුෂක දෙස බලා) ගෞතම, ඔබේ අදහස මොකක් දැ යි ඉතින් කියන්න.
විදුෂක. මිනිහකුගේ ඉගැන්විම පළමුවරට පෙන්වන විට, පළමු කොට කළ යුත්තේ බ්රාහහ්මණයාට වැඳිම යි. ඔබ එය අමතක කළා.
36 මාලවිකා
තවුසි. අහෝ, කාරණය කොතරම් ගැළැපෙන ප්රළශ්නයක් ද? (සියල්ලෝම සිනාසෙති. මාලවිකා මඳ සිනහ දක්වයි)
රජතුමා. (රහසින්) මෙය දැකිමෙන් මගේ ඇස් උසස්ම සතුටට පැමිණ තිබේ. ඇයි -
පිපෙන නෙළුම් මලක දක්නට ලැබෙන රේණුමෙන් මඳක් විවෘතව පෙනෙන දත්වලින් අලංකාර වු. දිගු ඇස් ඇති මේ යුවතිය ගේ මුහුණ එය දැක තිබෙන හෙයිනි.
ගණදාස. මහා බ්රා හ්මණිය, මේ අප වේදිකාවක රඟ පැ පළමුවන අවස්ථාව නො වේ. අනිත් අතින්, ඔබ වැනි ගරුකටයුතු පුද්ගලයකු සතුටු නො කර අපට සිටිය හැකි ද?
තවුසි. ඒක නම් ඇත්තයි.
විදුෂක. පින්වතිය, නුගතා උගතාගේ වැඩවලින් නිකම්ම සතුටු වේ. පින්වතිය ඈ ගැන කිවු දේ ඇත්ත නම් මම ඇයට මේ තෑග්ග දෙමි.
(මෙසේ කියමින් රජතුමාගේ අතෙන් වළල්ලක් ගනියි.)
බිසොව. ටිකක් නවතින්න. දක්ෂකමෙහි වෙනස නො දැන ඇයි ඔබ මේ ආභරණ මුදා දෙන්නෙ?
විදුෂක. එය වෙන කෙනකුගේ නිසා.
බිසොව. (ගුරුවරයා දෙස බලා) පින්වත් ගණදාස, මම හිතනවා ඔබේ ශිෂ්යාවව දැන් ඇගේ අභ්යාවසයෙහි තත්වය පැහැදිලිකර දෙන්ට ඇතැයි කියා.
ගණදාස. දරුව, දැන් යන්න.
(මාලවිකා ඇගේ ගුරුවරයාත් සමග පිටත්ව යයි.)
විදුෂක. (රජතුමා දෙස බලා, රහසින්) තමුන්නාන්සේට සේවය කිරිමට තිබෙන මගේ බුද්ධියේ හැටි ඔහොම යි.
රජතුමා. ඇති, ඇති. එහි සිමාව හොඳට ම ප්රතමාණයි - ඇයි? ඇගේ නික්මයාම මගේ ඇස්වල ප්රිේතියේ අවසානය යි සිතමි. මගේ හෘදයේ සංවේගයත්,ධෛය්ය්ති යේ විනාශයත් එයමය.
මාලවිකා 37
විදුෂක. (රහසින්) බොහොම හොඳයි. අසරණ රෝගියා වෙදරාළ ලවා බෙහෙත් පොවා ගැනිමට තතනන්නාක් මෙන් ඔබ ද මා ලවාම බෙහෙත් පොවා ගැනිමට බලා පොරොත්තු වෙයි?
(හරදත්ත පිවිසෙයි.)
හරදත්ත. දේවයන් වහන්ස, තමුන්නාන්සේ මගේ නැටුම් බැලිමට දැන් සතුටු ද?
රජතුමා. (තමාට ම) නැටුම් බැලිමේ මගේ බාලපොරෝත්තුව දැන් අවසානයි. (යුතුකම සලකා බලා, ඔහුට ඇහෙන්ට) ඇත්තෙන් ම අපි එයට සුදානම් ය.
හරදත්ත. මම එහිලා කෘතඥවෙමි.
(ජවනිකාවට පිටුපසින)
ගායකයෙක්. දිනේවා. දිනේවා මහරජ දැන් මද්දහනයි - මේ පොකුණෙහි හංසයෝ ඇස් පියාගෙන නෙළුම් කොළ යටට වි සිටිති. මතුමහලෙහි පරෙවියෝ අධික සූය්තාෙ පයට නො කැමැත්තෙන් සිටිති. මොනරු වතුර බිමෝ ආසාවෙන් ගලායන උල්පත් කරා යෙති. තමුන්නාන්සේ රාජ තෙජසින් බබලන්නාක් මෙන් සූය්ය්ය යා ද අධික ආලෝකයෙන් බබලයි.
විදුෂක. අයියෝ, දේවයන් වහන්සේට මෙන්න අපටත් කෑම වේලාව ළංවි තිබේ. වේලවට ආහාර නො ගන්න නිසා වෙදවරු බණිති. හරදත්ත, ඔබ දැන් කියන්නේ මොක ද?
හරදත්ත. දැන් වෙන සාකච්ඡාවකට අවස්ථාවක් නො වේ.
රජතුමා. එහෙනම් අපි ඔබේ නැටුම් හෙට බලන්නෙමු. ඔබ ද විවේක ගන්න.
හරදත්ත. දේවයන් වහන්සේගේ අණපරිදි. (නික්ම යයි)
බිසොව. ස්වාමිය, නාන්නට යන්න
විදුෂක. දේවින් වහන්ස විශෙෂයෙන් කෑම ගන්නට යන ලෙස බල කරන්න
38 මාලවිකා
තවුසි. දේවයන් වහන්සේ සුවපත් වේවා. (පිරිස හා බිසොව සමග නික්ම යයි )
විදුෂක. මාලවිකා රූපයෙන් පමණක් නොව, කලාවෙන්ද අසමය.
රජතුමා. යහළුව.
අතිශයින් රූප සම්පන්න වු මේ යුවතිය ලලිත කලාවෙහි හසළ බැවින් තවත් පියකරු ය. භාග්යතය විෂපෙවු ප්රෙවම- හියක් පිළියෙළ කොට තිබේ. කොටින් ම, මින් මතු මා ඔබට බාරයි.
විදුෂක. මාත් ඔබට බාරයි. කඩයක බොයිලේරුවක් මෙන් මගේ බඩ ගිනි ගෙන දැවෙයි.
රජතුමා. ඒ වගේම ඔබ ඔබේ මිත්රයයාගේ දූත මෙහෙවර කිරිමට ද යුහුසුළු වෙන්න.
විදුෂක. එයට මා කැමැතිය. නමුත් වලාකුළෙන් සැඟවුණු සඳ එලිය මෙන් මාලවිකාව රිසිසේ හැසිරිමට නිදහසක් නෑ. අනිත් අතින් තමුන්නාන්සේ මස් ලෝභයෙන් මස් මඩුව වටා කැරකෙන රාජාලියකු මෙන් එය ලබා ගැනිමට ද බයය. ඒ නිසා තමුන්නාන්සේ ඒ ගැන බලාපොරොත්තු වෙමින් ගණනකට වත් නොගෙන ඉනන.
රජතුමා. යහළුව, ඒ කොහොම ද?
අන්තඃපුරයෙහි සියුලම බිසවුන්ගෙන් ඉවතට හැරුණු මගේ හෘදය සම්පුර්ණයයෙන් ම යොමු වි තිබෙන්නේ ඒ මිහිරි ඇස් ඇති සොඳුරිය වෙතය.
(සියල්ලෝ ම නික්ම යෙති)
3 අඞ්කය
[සංස්කරණය](ප්රඅවේශකයෙහි දාසින් දෙදෙන කරන කථාවන්, නැටුම් තරඟය පැවැත් වු බවත්, මාලවිකාගේ දක්ෂකම නිසා ගණදාසට බෙහෙවින් ප්රැශංසා කළ බවත් කියවේ. රජුගේ ප්රේමය උත්සන්න වි විදුෂකත් සමග ඉරාවති හමුවිමට උයනට යයි. එහිදි හදිසියෙන්ම, බිසොවගේ අණින් අසෝක ගහකට දෝහදය දිමට පැමිණ සිටි මාලවිකා දකිය. රජු හා විදුෂක පඳුරක් අස්සට වි සැඟව් මාලවිකා හා ඛකුලාවලිකා අතර ඇතිවන කථාව අසාගෙන සිටිති. එහිදි, ඛකුලාවලිකා රජතුමාට ස්ථිරව ප්රොම කරන හැටියට මාලවිකාට කියයි. මාලවිකා, දෝහදයෙහි දි අසෝක ගහට පයින් ගසයි. මෙහිදි රජු හා විදුෂක පැමිණෙති. විදුෂක, රජතුමාගේ ප්රිෙයතම වස්තුවක් වු අසොක ගහට පයින් ගැසියයි මාලවකාට බොරුවට චෝදනා කරයි. ඒ අතර රජතුමා ඇයට ඔහුගේ ආලය ප්රවකාශ කරයි. මේ සියල්ල ම බලා සිටි ඉරාවතී හදිසියෙන් ම මෙහි පැමිණිම නිසා සියල්ලොම කලබල වෙති. ඉරාවතිගෙන් සමාව අයැදිමෙන් පසු මාලවිකා හා සේවිකාව පිටත් ව යති. එවිට ඉරාවති ඇගේ ආදරවන්තයා ගේ චපලකමට දෙස් නගයි. රජු මේ සියල්ලම විස්තර කරමින් ඇගේ පා මුල වැටෙන අතර ඕ කේන්තියෙන් පිටත්ව යයි. ඉරාවතිගේ යාම නිසා සිදුවිය හැකි කලබලයෙකින් තමා ගැලවුණු බව විදුෂක කියයි)
(තවුසියගේ සේවිකාවක් වු සමාහිතිකා ඇතුල් වෙයි.)
සමාහිතිකා. පුජ්ය තවුසිය මට මෙසේ අණ කළා. “දේවින් වහන්සේට තෑගි කිරිමට දෙළුම් ගෙඩියක් ගෙනෙන්” කිය. ඒ නිසා උයනේ පාලිකාව වු මධුරිකා හොයා ගන්ට ඕනෑ. (ඉදිරියට යන අතර ඈ හමුවි) බලාගෙන. මේ ඉන්නෙ ඈ අසෝක ගහ දිහා බලා ගෙන. ළඟට ම යන්ට ඕනෑ.
(උද්යාුනපාලිකාව ඇතුල් වෙයි)
සමාහිතිකා. (ළංවෙමින්) මධුරිකා. කොහොම ද ඔයාගේ උයනේ වැඩ හෙම පහසු ද?
40 මාලවිකා
මධුරිකා. ඔහෝ, සාමහිතිකා නොවැ ආයුබෝවන් යාළුවේ.
සමාහිතිකා. පුජ්ය තවුසිය මට මෙහෙම කීවා. ‘අද දෙවින් වහන්සේ හමුවන්ට යන්ට තියනවා. නමුත් අප වැනි අය නිකම් හිස් අතින් යනට හොඳ නෑ, ඒ නිසා දෙළුම් ගෙඩියක් අරගෙන යන්ට හිතයි” කියා.
මධුරිකා. අපොයි. දෙළුම් නම් මේ අත ළඟම තියෙන්නෙ. සේරට ම ඉස්සරවෙලා කියාපන් මට, අර වයසක ගුරුවරුන් දෙදෙන ගෙ තරඟයෙන් තවුසිය ප්රකශංසා කෙළේ කාට ද?
සමාහිතිකා. ඇත්තෙන්ම දෙන්නම ඉගෙනීමෙනුත් නැටිමෙනුත් එක සමානයි. නමුත් ගණදාස ගේ ශිෂ්යානවගේ උසස්කම විසා ගණදාසට වැඩියෙන් ප්ර.ශංසා කළා.
මධුරික. එහෙනම්. මාලවිකා ගැන ආරංචිහෙම කොහොමද?
සමාහිතිකා. ඇත්තෙන්ම රජ්ජුරුවො නම් ඈට හරිම ආදරෙයි. නමුත් ධාරිණි දේවින්නාන්සේට තියන ගෞරවය නිසා කිසිම බලයක් පාවිච්චි නො කර ඉන්නවා. මාලවිකාත් මේ දවස්වල මැලවුණු දෑසමන් මල් දමක් වගෙ කෙට්ටුවේගෙන යනවා. ඊට වැඩියෙ දෙයක් මම දන්නෙ නැහැ. මට යන්ඩ ඉඩ දෙන්න.
මධුරිකා. අත්ත නමල මේ දෙළුම් ගෙඩිය කඩාගන්න.
සමාහිතිකා. යාළුවේ, සිල්වතියකට කළ මේ සේවයෙන් ඔයාට මෙයට වඩා හොඳ තැනක් ලැබෙනවා ඇති. (නික්මෙයි)
මධුරිකා. යාළුවෙ. අපි දෙන්නම යමු. මමත් බිසොවුන් වහන්සේට, මල් හටගැනිමට පමාවු මේ අසොක ගහට දොහදය දුන් බව සැලකරන්ට යනවා.
සමාහිතිකා. හරි තමයි, ඒක ඔබේ යුතුකමක් තමයි. (පිටත් වෙති)
(ප්රටවේශකයයි)
(ආලයෙන් පිඩිත රජු විදුෂක සමග පැමිනෙයි.)
රජතුමා. (තමා දෙස බලා)
මාලවිකා 41
ආදරවන්තිය වැළඳ ගැනිමේ ප්රිාතිය නො ලැබිමෙන් ශරිරය කෙට්ටු වේ. මොහොතකටවත් ඈ දක්නට නො ලැබිම නිසා ඇස් කඳුළුවලින් පිරි තිබේ. නමුත්, හෘදය, ඔබ කිසි දිනෙකත් ඒ මියුලැසියගෙන් වෙන් නො වුවෙහිය සම්පුර්ණ් ප්රීදතිය ලබා ගැනිම පිණිස කරුණු තිබෙදිද් ඇයි වැලපෙන්නෙ?
විදුෂක. පසුතැවිමෙන් හා වැලපිමෙන් කමක් නෑ මාලවිකාගේ හිතවත් මිතුරිය වු බකුලාවලිකා අද මම දුටුවෙමි. ඇයට මම තමුන්නාන්සේගේ පණිවුඩය ද කිවා.
රජතුමා. ඉතින් ඈ කිවේ මොකද?
විදුෂක. මහරජතුමාට දන්වන්න. ‘මා මේ කාරණය ගැන ඉතාම කැමැතියි. නමුත් බිසොව විසින් තදින් ආරක්ෂා කරන ඒ අවාසනාවන්ත කෙල්ල ළඟට යාම නයකු ආරක්ෂා කරන මැණික් ගලක් ළඟට යාමටත් වඩා අමාරුයි. ෙකාහොම හරි මම ඒ ගැන බලන්නම්.
රජතුමා. අනඞ්ගය. දුෂ්කර කරුණු කෙරෙහි උනන්දුව ඇති කිරිමෙන් ඔබ මේ පුද්ගලයාට නො ඉසිය හැකි ලෙස පහර දි තිබේ. (පුදුමයෙන්)
හෘදය පැලිය හැකි වේදනාව කොහි ද? පෙනෙන විදියෙන් නම් අහිංසක වු ඔබේ ආයුධය කොහි ද? අපොයි, ප්රෙ මය, සියුම් වුවත් දරුණු වු හැම දෙයක් ම ඔබ කෙරෙහි දක්නා ලැබේ.
විදුෂක. මොකට ද මා කියන්නේ? ඒ අදහස ඉෂ්ට කර ගැනිමට මම උපායක් යොදා තියෙනවා. ඒ නිසා ධෛර්ය ඇති කරගන්න.
රජතුමා. පුරුදු දේවලින් හිත නිදහස් කරගෙන දවසේ ඉතිරි කොටස කොහි ගත කරම් ද?
විදුෂක. අද වසන්තොත්සවය පටන්ගන්නා දිනයයි. මෙහි ඇඟවිමක් වශයෙන් නිපුණිකා අතේ රතු අසොක දළු එවු ඉරාවති මෙසේ දන්වයි. ස්වාමිය, ඔබ හා උන්විල්ලාවෙහි එකට වාඩිවි සිටිමට කැමැතියි’ තමුන්නාන්සේ ද එය පොරොන්දු වි තිබෙ. ඒ නිසා දෙදෙනම උයනට යමු.
42 මාලවිකා
රජතුමා. ඒක කරන්ට බැ.
විදුෂක. ඇයි?
රජතුමා. ගෑණු ස්වභාවයෙන් ම තීක්ෂණය මා කොතෙක් ආචාරවත් වුවත්, මගේ හිත වෙනතක පවත්නා හෙයින් ඇයට එය නොතේරෙයි ද? ඒ නිසා මගේ තිරණය මෙයයි.
ගෑණුන් කියන දේ නො සලකා හැරිම හොඳය. ඉල්ලිමක් නො සලකා හැරිමට ඉවහල් වන කරුණු බෙහෙවි. නමුත් ඔවුන්ට හිතේ අවංක කමක් නැතිව බෙහෙවින් ආචාරවත් විය යුතු නො වේ.
විදුෂක. තමුන්නාන්සේ අන්තඃපුරයෙහි සියලුදෙනා කෙරෙහිම දක්වන ප්රුතිපත්තිය එක පහරින්ම පැහැර හැරිය යුතු නො වේ.
රජතුමා. එහෙනම් උයනට පාර පෙන්වන්න.
විදුෂක. මෙහෙන්, මෙහෙන් සැපත්වන්න.
(දෙදෙන ම ඇවිදිත්)
විදුෂක. වසන්තයා, පවනින් සැලෙන ලා දළු නැමැති ඇඟිලි වලින් තමුන්නාන්සේ උයනට කැඳවන්නාක් මෙනි.
රජතුමා. (ස්පර්ශන සුඛය දැනි) වසන්තය ඇත්තෙන්ම මිහිරියි. යහළුව, බලන්න -
දකුණු දිගින් එන මඳ පවන අඹමල් සුවඳ පිසගනිමින් මගේ ඇහේ වැදෙයි, එය වසන්තයා ඔහුගේ අතින් මා ස්පර්ශඅ කරන්නාක් වැනිය. මත් වු කෝකිලයින්ගේ මිහිරි නාදය, මගේ ප්රෙකමය නැමැති උණෙන් හටගත් හුදෙකලා බව ගැන තොරතුරු විමසන්නාක් මෙනි.
විදුෂක. ප්රීුතිවිමට උයනට ඇතුල් වෙන්න.
(දෙදෙන ම ඇතුල් වෙති)
විදූෂක. මිත්ර ය, හොඳින් බලන්න. වසන්ත සිරිය විසින් පැළඳ ගෙන සිටින්නාවු. තරුණ ස්ත්රිින්ගේ ඇඳුම් වලට නින්දා කරන්නා වු වසන්ත මලින් තැනු වස්ත්ර ය මෙය යි.
මාලවිකා 43
රජතුමා. ඇත්තෙන්ම ඔව් මටත් එය පුදුමයි -
මේ රතු අසොකවල පාට, බිඹුඵල වැනි යටිතොලේ පාට පරදවයි. නිල්, කහ, රතු පාටවලින් යුත් හින්නාරන් මල් අමුකොළ වලින් තැනූ ආභරණ වල ශොභාව පරදවයි. අඳුන්වන් මි මැස්සන්ගෙන් හෙබි තලමල් නළලත තැබු තිලකවලට වඩා දර්ශ නීය ය. වසන්තයා ගේ ශොබාව, ස්ත්රිටන්ගේ මුහුණෙහි ශොභාව හා සසඳ බලන විට පිළිකුල් උපදවන සුළුය.
(දෙදෙන ම උයනේ අලඞ්කාරය බලති)
(මාලවිකා කනස්සලු වු මුහුණකින් ඇතුල් වෙයි.)
මාලවිකා. මා නො දන්නා ස්වාමිපුරුෂයෙකු ගැන ආලය කිරිමෙන් මට ඉතාම ලැජ්ජයි. මගේ ඉතාම කිට්ටු මිත්රගයාට පවා මෙය එළදරව් කිරිමට මට ධෛය්ය්ජයි කොයින් ද? අනඞ්ගයා මට කොතෙක් කල් මේ වේදනාව ගෙන දේදැයි නො දනිමි. (අඩි කිහිපයක ඉදිරියට යමින්) මා යන්නේ කොහි ද? (යම්කිසි දෙයක් සිහිවි) ඕ, බිසොව මට මෙසේ ආඥ කළා, “ගෞතමගේ විහිළුකින් මා උන්චිල්ලාවෙන් වැටි කකුලක් තුවාල විය. ඒ නිසා ඔබ ගොස් අසෝක ගහට දෙහදය දෙන්න. දින පහකට පෙර එහි මල් හට ගත්තොත් මම ඔබේ (මෙහිදි දිග සුසුමක් හෙළා) සිත සතුටු කරවන තෑග්ගක් දෙන්නම්” ඒ නිසා පළමු කොට ම මම එහි යන්ට ඕනෑ. බකුලාවලිකා මගේ පයේ බැඳිමට මිණිගෙඩිය ගෙනෙනතුරු ටිකක් අළුත් වාතය අස්වාදය කරමි. (ඉදිරියට යයි)
විදුෂක. හෝ, හෝ, මි බිමෙන් කල කිරුණු අයට මේ තියෙන්නේ සුකිරි.
රජතුමා. ඈ. ඒ මොකක් ද?
විදුෂක. මේ ඉන්නෙ මාලවිකා තනියම චාම් ඇඳුම් ඇඳගෙන කනස්සලු ගතියකින්.
රජතුමා. (ප්රි තියෙන්) ඒ මාලවිකා ද?
විදුෂක. ඔව්.
44 මාලවිකා
රජතුමා. දැන් මට ජිවත්වෙන්ට පුලුවන.
මගේ ප්රිමයාව මා ළඟම සිටින බව ඔබෙන් දැන ගත් පසු මගේ හෘදය ප්රීපතිමත් විය. හරියට ම පිපාසයෙන් පෙළෙන මගියකු සිහිල් සෙවණැති, හංසයින්ගෙන් ගැවැසුණු විලකට පැමිණියාක් මෙනි. ඉතින් කොහිද ඒ කාන්තාව?
විදුෂක. ඈ අර ඈත ගස්වැටිය අතරින් මතු වි මෙහො එනවා දැක්කා.
රජතුමා. (ඈ දැක ප්රිිතියෙන්) යහළුව, මටත් පේනවා - කටියෙන් මහත් වු, ඉඟින් සිහින් වු, පියවුරු උස්ව පෙනෙන. දිගු ඇස් ඇති මගේ ප්රා්ණෙශ්වරිය මේ එයි.
සගය. ඈ කලින් දැක්කාටත් වඩා දැන් ලක්ෂණයි - මේ බට දඩු මෙන් සුදු පාට වු දෙ කපොල් හා ආභරරණ ස්වල්පයක් පැළඳ ගෙන ඈ වසන්තයේ පැසුණු කොළ ඇති, පිපුණු මල් ඇති දෑ සමන් වැලක් මෙන් බබලයි.
විදුෂක. ඕ තොමෝ ද තමුන්නාන්සේ මෙන් ම ආලයේ දුකින් පෙළෙන්නීය.
රජතුමා. යහළුකමට පෙනෙන්නේ ඒ විදියටයි.
මාලවිකා. මල් ඇඳුමෙන් නො බබලන, දෙහදය බලාපොරොත්තුවෙන් සිටින මේ අසෝක ගහ මා මෙන්ම කනස්සල්ලෙන් තැවෙයි. මෙ තැන ගල් වේදිකාව මත වාඩිවි සිහිල් සැප පහසින් විඩාව හරිමි.
විදුෂක. ඔබට එය ඇහුණා ද? ඈ ද ඔබ මෙන්ම කණස්සල්ලෙන් තැවෙන බව අඟවයි.
රජතුමා. මෙයින් පමණක් ඔබේ තර්කය නිවැරදි යැයි මම නො සිතමි. ඇයි? කෙළිඳ මල් රොන් හැරගෙන, නෙළුම් කැකුළු වලින් වෑහෙන දියබිඳු හා මිශ්රි වී මලය පර්වතයෙන් හමන මේ මඳ සුළඟ කිසිම හේතුවක් නැතිව මා උත්සුක කරවයි.
(මාලවිකා වාඩිවෙයි)
මාලවිකා 45
රජතුමා. යහළුව මෙහි එන්න. අපි මේ පැලෑටි අතර සැඟවි සිටිමු.
විදුෂක. ඉරාවති නම් වැඩි ඈත නො වෙයි.
රජතුමා. නෙළුම් පොකුණක් දුටු ඇතෙක් එහි සිටින කිඹුලකුට භය වෙයි ද?
(බලාගෙන සිටියි)
මාලවිකා. හදවත, නිශ්ඵළ බාලපොරොත්තු අත් හරින්න. ඇයි ඔබ මා පෙළෙන්නෙ?
(විදුෂක රජතුමා දෙස බලයි)
රජතුමා. ප්රියයේ, බලන්න ආලයේ මහ.
ඔබ ඔබේ කණස්සල්ලට හේතුව නො කියයි. තර්කයෙහි එකම ඵලය තත්ත්වය අවබෝධකර ගැනිම පමණක් නොවේ. එහෙත් සොඳුරිය, ඔබේ තැවිමට එකම හේතුව මා යයි සිතමි.
විදුෂක. තමුන්නාන්සේ ඉක්මනට සැකය දුරු කර ගන්න. ඔබේ පණිවුඩය දැනුම් දුන් මේ බකුලාවලිකා ඈ කරා තනිව ම යයි.
රජතුමා. ඈ අපේ අදහස දන්වයි ද?
විදුෂක. මොකද? ඒ වරත්තු කෙල්ල ඔබේ ඒ උතුම් අදහස අමතක කරයි ද? මටවත් එය අමතක නොවේ.
ඕ මිණිගෙඩියකුත් රැගෙණ ඇතුල් වෙයි)
බකුලාවලිකා. යාළු සැපසේ ඉන්නව ද?
මාලවිකා. අපෝ, බකුලාවලිකා නො වැ! යාළුව, ආයුබෝවන් වාඩිවෙන්න.
බකුලාවලිකා. (වාඩිවෙමින්) යාළුව, ඔබ වාසනාවන්තියක් නිසා බිසව විසින් ඔබ ඈ වෙනුවට ඉදිරිපත් කරවයි. එහෙයින්, ඔබේ පය දිගු කරන්න, එය රතු කර නුපුර බඳින්න.
46 මාලවිකා
මාලවිකා. (ඇයමට) මේ අවස්ථාවෙන් ඔබට සම්පත්තියක් ලැබුණායයි නො සිතන්න. දැන් මා මෙයින් ගැළවෙන්නේ කොහොම ද? නැතහාත්, මෙය ම මගේ ආදාහන ආභරණය වේවා.
බකුලාවලිකා. මොනවද ඔබ කල්පනා කරන්නෙ? බිසොව මේ රන් අසෝක ගහ දළු ලනවා දකින්ට බොහොම ආසයි.
රජතුමා. මොකද්ද? අසෝක ගහට දෝහදය දිමට ද ලෑස්ති ය?
විදුෂක. ඇයි තමුන්නාන්සේ දන්නේ නැද්ද. කාරණයක් නැතිව බිසව ඇයට අන්තඃපුරයේ ඇඳුම් නො දෙන බව?
මාලවිකා. යාළුව, මට සමාවෙන්න. (ඈ පය දික් කරයි)
බකුලාවලිකා. අයියෝ, ඔබ මගේ ශරිරය මැයි.
(පාදය සැරසිමට පටන් ගත් බව අඟවයි)
රජතුමා. යාළුව, බලන්න. මගේ ප්රියයාවගේ පයෙහි ගා තිබෙන ලාරත, ඊශ්වරයා විසින් පිළිස්සු අනඞ්ග නැමැති ගසෙහි පළමුවෙන් හටගත් ලා දළුවක් වගෙයි.
විදුෂක. ඇත්තෙන් ම මාලවිකාගේ පයට කළයුතු නියම යුතුකම බිසව අණකර තිබේ.
රජතුමා. කී හැටි හරි.
නිය කාන්තියෙන් බබලන, අළුත් ලා දළුවැනි මේ පා අගින් වස්තු දෙකකට මෝ පහර දෙයි - දෝහදය දිම් වශයෙන් මල් නැති අසෝක ගහටත්, හිස නමාගෙන සිටින වරදෙහි බැඳුණු ප්රි යායටත් යන වස්තු දෙකටයි.
විදුෂක. ඔබ ඇයට භක්තිය නැති බව දැනගතහොත් ඇත්තෙන්ම ඈ පයින් ගසයි.
රජතුමා. අනාගතය දන්නා බ්රාිහ්මණයාගේ වචනය මුදුනින් පිළිගතිමි.
(මඳක් වෙරි වු ඉරාවති ඇගේ දාසියත් සමග ඇතුල් වෙයි.)
මාලවිකා 47
ඉරාවති. නිපුණිකා, බීමත්කම ගෑණුන්ට ආභරණයක් වන බව මා බොහෝ විට අසා තිබේ. මේ කථාව ඇත්තක් ද?
නිපුණිකා. මුලදි එය සාමාන්යක කථාවක් පමණි. දැන් නම් ඇත්තක් බවට පෙරළි තිබේ.
ඉරාවති. ඇති, ඇති ඔබේ ආදරය, ඔබ කොහොමද දැනගත්තෙ රජතුමා ඉස්සරවෙ ලා ම උන්චිල්ලා ගෙට ගියයි කියල?
නිපුණිකා. ඔබේ නො වෙනස් ආලය නිසා.
ඉරාවති. ප්ර ශංසාවෙන් කමක් නෑ, අපක්ෂපාතව කථා කරන්න.
නිපුණිකා. වසන්ත පුජාවකට සැරසෙන ගෞතම යි මට ඕක කීවේ. ඉක්මන් කරන්න ස්වාමි දියණියනි.
ඉරාවති. (ඇගේ අවස්ථාවට ගැළපෙන අයුරු ටික දුරක් ගොස්) කෙල්ලෙ මදයෙන් මත් වු මගේ හිත මගේ ස්වාමියා දැක ගැනිමට යුහුසුළු කරවයි. නමුත් මගේ දෙපා වුවමනා විධියට නො යයි.
නිපුණිකා. අපි උන්චිල්ලා ගෙට ආ නොවැ.
ඉරාවති. ඈ නිපුණිකා. ස්වාමිපුත්රියා මෙහි නෑ නොවැ.
නිපුණිකා. හොඳට බලන්න. ස්වාමි දියණියනි, රජ්ජුරුවො කොහේ හරි විහිළුවට හැංගිලා ඇති, අර අසෝක ගහ මුල ප්රිියඩ්ගු වැල්වලින් වැසුණු ගල් තලාව දිහාට යමු.
(ඉරාවති එසේ කරයි)
නිපුණිකා. (ගොස් බලා) මේ බලන්න ස්වාමි දියණිය, අඹ දළු හොයන කොට කුඹියො කාපු හැටි,
ඉරාවති. ඒ මොකද?
නිපුණිකා. මේ, අසෝක ගහ යට බකුලාවලිකා මාලවිකාගේ පාදය සරසනව නොවැ.
ඉරාවති. (සැකයක් අඟවමින්) මෙය මාලවිකාට නියම තැන නො වෙයි. මොක ද ඔබ හිතන්නෙ?
48 මාලවිකා
නිපුණිකා. මම හිතනවා. උන්චිල්ලාවෙන් වැටි බිසවගේ කකුලක් තුවාල වු නිසා අසෝක ගහට දෝහදය දිමට ඈ මාලවිකාට නියම කරන්ට ඇත කියා. එහෙම නැත්නම් බිසොව පළඳින මිණිගෙඩි දෙක දාසියකට දෙන්නෙ කොහොම ද?
ඉරාවති. ඇත්තෙන්ම මේ ගෑණිට ලොකු ගෞරවයක් කරලයි තියෙන්නෙ.
නිපුණිකා. ඇයි ඔබ ස්වාමිපුත්රලයා හොයන්නෙ නැද්ද?
ඉරාවති. වෙන කොහෙවත් යෑමට මගේ දෙපා නො නැමෙයි. මගේ හිත මා නො ඉවසිලිමත් කරයි. පළමුකොට සැකය දුරුකර ගන්ට ඕනෑ. (මාලවිකා දෙස බලා, තමාට ම) මගේ හිත බිය සුළු වන්නේ කරුණු සහිතවම යි.
බකුලාවලිකා. (මාලවිකාට දෙපා පෙන්වමින්) ඔබ, පාට කර තිබෙන මේ ලකුණට කැමති ද?
මාලවිකා. එය මගේ කකුල නිසා ප්රාශංසා කිරිමට මම කැමති නෑ, ආභරණ පැළඳවිමේ ශාස්ත්ර ය ඔබ ඉගෙන ගත්තේ කොහෙන් ද?
බකුලාවලිකා. මහ රජාණන් වහන්සෙගෙ ශිෂ්යාශවක් මම,
විදුෂක. දැන් තමුන්නාන්සෙගේ ස්කොල කාසි ඉල්ලගන්න.
මාලවිකා. ඔබේ නිහතමානිකම ගැන මම සතුටු වෙමි.
බකුලාවලිකා. මගේ අභ්යාමසයට ගැළපෙන පා දෙකක් ලැබිම මගේ ආඩම්බරයට කරුණකි. (ඇයට ම) මගේ වැඩය දැන් ඉවරයි. (රතු චිත්රරය දෙස බලා, තදින්) යාළුව, එක පයක් පාට කරව ඉවරයි. එයට කටින් පිඹින්ට ඕනෑ නෑත මෙ තැන හුළඟ හොඳට තියෙනවා.
රජතුමා. යාළුවෙ. බලාපන්, බලාපන්.
ලාකඩ සායමින් තෙත් වි තිබෙන ඇගේ පාදය කටින් පිඹ වේලිමට මට අවස්ථාව පැමිණ තිබේ.
විදුෂක. එතරම් උනන්දු වෙන්ට එපා. නියම අවස්ථාවේදි ඔබට එය බොහෝ කාලයක් කරන්ට ලැබෙයි.
මාලවිකා 49
බකුලාවලිකා. ඔබේ පාදය රතු නෙළුම් මලක් වගෙයි බබලන්නෙ. ඔබ නම් රජ්ජුරුවන්ගෙ උකුල උඩ ඉඳගන්නව ම යි.
(ඉරාවති නිපුණිකාගේ මුහුණ දෙස බලයි)
රජතුමා. මෙය මට ආශිර්වාදයෙකි.
මාලවිකා. යාළුවෙ, ඔබ හිතන්ට බැරි දේවල් හිතනව.
බකුලාවලිකා. මම හිතන්ට පුළුවන් දේය හිතන්නෙ.
මාලවිකා. ඔබ එහෙම හිතන්නෙ මා ඔබට ඉතාම ප්රිෙය නිසයි.
බකුලාවලිකා. මට විතරක් නො වෙයි.
මාලවිකා. එහෙනම් වෙන කාට ද?
බකුලාවලිකා. ගුණ ගරු කරන රජතුමා ටත්.
මාලවිකා. ඔබ වැරදියට යි හිතන්නෙ. එවැනි කිසි දෙයක් මා තුළ නෑ,
බකුලාවලිකා. ඇත්තයි, ඔබ තුළ නම් එවැනි කිසිවත් නෑ. ඒවා දක්නට ලැබෙන්නේ රජතුමාගේ වැහැරි යන සුදුමැලි අත් පා වල
නිපුණිකා. මේ කාලකණ්ණි කෙල්ලගේ කථාවෙන් පෙනෙන්නේ බලාපොරොත්තුවෙන් සුදානම් වි ඉන්න බවකු යි.
බකුලාවලිකා. ආලය ආලයෙන්ම පරික්ෂා කළ යුතුය යන පණ්ඩිතයන්ගේ වචනය අදහන්න.
මාලවිකා. ඔබ ඔබේ ම කැමැත්තෙන් මොනවා හිතනවා ද?
බකුලාවලිකා. නෑ. නෑ. මේවා වෙනම මාර්ගයයෙකින් ප්රනකාශ කර තිබෙන රජතුමාගේ ම ප්රේ ම වදන්.
මාලවිකා. බිසවට ඇති ගෞරවය නිසා මට එවැනි දෙයකට සිත යෙදවිය නො හැකි ය.
බකුලාවලිකා. මෝඩ කෙල්ල, වසන්තයේ ආභරණයක් වු මී අඹ මල, මි මැස්සන්ට බයෙන් කවරෙක් නො පළඳියි ද?
50 මාලවිකා
මාලවිකා. මේ අවාසනාවන්ත අවස්ථාවෙහි ඔබ මට සහාය වන්න.
බකුලාවලිකා. ඇත්තෙන් ම මම බකුලාවලිකා යි. පොඩි කරන්ට, පොඩිකරන්ට වැඩියෙන් සුවඳ හමන බකුල මල් දමක් ය.
රජතුමා. හොඳයි. බකුලාවලිකා, හොඳයි.
ඇගේ නියම අදහස දැනගත්තායින් පසු ඔබ කළ කථාවෙන් ද, අද දැක්වු විරුද්ධකමට ඔබ දුන් පිළිතුරුවලින් ද, ඈ තිරණාත්මක නිගමනයකට බැස ගෙන සිටි, ප්රෙුම ප්රෙ,මින්ගේ ජිවිතය දුත ස්ත්රි න් උඩ රඳා පවත්නා බැව් ඇත්තකි.
ඉරාවති. කෙල්ලෙ, බලාපන් මේ බකුලාවලිකා තමයි මාලවිකා තීරණයකට බැසෙව්වෙ.
නිපුණිකා. ස්වාමි දියණියනි, කො තරම් අහිංසකයෙකු වුව ද නරක් කරවන අවවාදයක්.
ඉරාවති. මගේ හිත නම් දැන් හොඳට ම සැකයි. පළමු කොට කරුණු සොයා බලා පසුව ඒ ගැන සිතිය යුතුය.
බකුලාවලිකා. මෙන්න ඔබේ අනිත් පයත් පාට කළා දැන් ඉතින් එහි මිණි කිකිණි බඳින්නම් (ඇගේ දෙ පයෙහි කිකිණි දෙකක් බඳින ආකාරයක් පෙන්වයි) නැගිටින්න යාළුව, අසෝක ගහේ මල්ගැන්විමට බිසොවගේ අණ පිළිපදින්න. (දෙදෙනම නැගිටිති)
ඉරාවති. ඔබට ඇහුණද? එය බිසොව ගේ ආඥවක්, එය සිද්ධ වුනාවෙ.
බකුලාවලිකා. මේ තියෙන්නෙ (ඉන්නෙ) ඔබට ප්රිඑතිවිය හැකි අතිශයින් රතුපාට (රාගවත්) වු වස්තුව.
මාලවිකා. (ප්රිසතියෙන්) ඒ රජතුමා ද?
බකුලාවලිකා. (සිනාසෙමින්) නෑ, රජතුමා නො වෙයි. අසෝක ගහේ පහළට එල්ලෙන ලා දළු, පළමු කොට එය පැළඳ ගන්න.
විදුෂක. තමුන්නාන්සේට ඇහුණ ද?
රජතුමා. ප්රේමවන්තයින්ට මෙය ම ප්රවමාණයි
මාලවිකා 51
එකෙකුගේ කැමැත්තෙන් හා අනිකාගේ නො කැමැත්තෙන් දෙදෙනකු එකතු වුවත් එහි ලා මට කිසිම ප්රිතතියක් නැත සමක ප්රෙයමයෙන් බැඳි සිටින දෙදෙනාගේ විනාශය ද උතුමැයි සිතමි.
(මාලවිකා අසෝක දළු පැළඳ ගැනිමෙන් පසු ගස දෙසට පා යොමු කරයි.)
රජතුමා. යාළුව.
ඇගේ අරුංගලය සඳහා අසෝක දළුවක් ගෙන ඒ වෙනුවට අසෝක ගහට ඇගේ පාදය දෙයි. මේ කදිම හුවමාරුව දැකිමෙන් මා රැවටුණාක් මෙන් දැනෙයි.
මාලවිකා. දෙහදය දිමෙන් පසු ද මල් හට නොගන්නා මේ අසෝක ගහ හරියට මුරණ්ඩුයි. අපේ බලාපොරොත්තුව ඉෂ්ට වේද?
බකුලාවලිකා. යාළුව, ඔබේ වරදක් නෑ, ඔබේ පාදය හා ගැටිමේ ගෞරවය ලබාගත් මේ අසෝක ගහ මල් නො දරා නම් එය ගහේ නො වටිනා කමයි.
රජතුමා. කිංකිණි හඬින් නින්නාද වු, අළුත් නෙළුම මලක් මෙන් බබලන, සියුමැලි සිහිනිඟින් මනහර වු මේ සොඳුරිය විසින් ගෞරව කරනු ලැබු අසෝක ගහ, ඔබ ප්රෙනමින්ට පොදු දෙහදය අපතේ හැරියෙහි ය.
යාළුව, කථා කිරිමට අවස්ථවක් ලබා ගැනිමට මට එතැනට යන්ට හිතයි.
විදුෂක. එන්න. මම ඇයට විහිළුවක් කරන්නම්.
(දෙදෙනම පිවිසෙති)
නිපුණිකා. ස්වාමිදියණියෙනි. රජතුමා යන්නෙ එතෙන්ට මයි
ඉරාවති. මෙය මා කලින් බලාපොරොත්තු වුවකි.
විදුෂක. (ළඟාවෙමින්) පින්වතිය, මගේ හිතවත් මිත්ර යාගේ ප්රිරය මිත්රඑයෙකු වු මේ අසෝක ගහට වම් පයින් ගැසිම සුදුසු නැ.
52 මාලවිකා
දෙදෙනාම. ඔහෝ, රජතුමා නො වැ!
විදුෂක. බකුලාවලිකා, ඔබ ඔතරම් හොඳට දැනගෙනත් ඇයි මැයට එතරම් අපරාධයක් කිරිමට ඉඩ දුන්නෙ?
(මාලවිකා බියෙන් බලා සිටියි)
නිපුණිකා. ස්වාමි දියණියෙනි. බලන්න මේ ගෞතම උතුමා විසින් කර තිබන දෙය?
ඉරාවති. එහෙම නැත්නම් මේ බ්රා.හ්මණ නිවටයා ජිවත්වන්නේ කොහොමද?
බකුලාවලිකා. ආය්ය්නම්, ඈ කරන්නේ බිසොවගේ ආඥවයි. මේ වැරදි ක්රිකයාව නමුත් ඇයට වෙන කිසිවක් කළ නො හැකියි.තමුන්නාන්සේගෙන් අපි සමාව ඉල්ලනවා.
(මාලවිකා හා තමාත් වඳිති.)
රජතුමා. එය එසේනම් ඔබට වරදක් නෑ, නැඟිටින්න සොඳුරිය
(අතින් අල්වා අය නැගිටුවයි)
විදුෂක. බොහොම හොඳයි. මෙයට බිසොවට අපි කළගුණ සලකන්න ඕනෑ,
රජතුමා. ලක්ෂණ සොඳුරිය, ලා දළුවක් මෙන් සියුමැළි වු ඔබෙ මේ වම්පය මේ ගහේ ගොරෝසු කඳ හා ගැටිමෙන් වේදනාව නැද්ද?
(මාලවිකා ලජ්ජාවට පැමිණෙයි)
ඉරාවති. මගේ ස්වාමියාගේ හෘදය ගිතෙල් මෙන් කොතරම් මෘදු ද?
මාලවිකා. බකුලාවලිකා, එන්න, බිසොවට කියන්ඩ ඇඟේ ආඥාව කළ බව.
බකුලාවලිකා. එහෙනම් දේවයන් වහන්සේට මෙතනින් යහපත් වෙන්ට යයි කියන්න.
මාලවිකා 53
රජතුමා. සොඳුරිය, ඔබ යන්ට ද කැමැත්ත? කරුණා කර පැමිණි අවස්ථාවේදි මා කියන මේ ඉල්ලිමට ඇහුම් කන් දෙන්න. බකුලාවලිකා. ඕනෑ කමින් අහන්න. දේවයන් වහන්සේ ඔබට අණකරන්ට කැමැති ඇති.
රජතුමා. කලෙක සිටි මේ තැනැත්තාට ද ධෛය්ය්ැ නැමැති මල් හට නො ගනි. ඔබේ ආලිඞ්ගනය නැමැති අමෘතයෙන් අනිකකුට ආලය නො කරන මේ තැනැත්තාට ද දෙහදය දි ඵල ලබා දෙන්න.
ඉරාවති. (වහා ළඟට පැමිණ ) ඵල ලබා දෙන්න. ඵල ලබා දෙන්න. අසෝක ගහ නම් මල් නො දරයි. නමුත් මේ තැනැත්තා මල් පමණක් නොවෙයි, ගෙඩිත් දරයි.
(ඉරාවති දැක සියල්ලොම කලබල වෙති.)
රජතුමා. (රහසින්) යාළුව. දැන් ඉතින් මොකද කරන්නෙ?
විදුෂක. වෙන මොකක්ද? කකුල් දෙකේ වේගය බැලිම යි.
ඉරාවති. ඔබ පටන් ගත් ක්රවමය හරි. මාලවිකා, ඔබ ස්වාමි පුත්රකයාගේ ඉල්ලිම ඉටු කරන්න.
දෙදෙනම. ස්වාමි දියණියනි, අපි දෙදෙනම ඔබෙන් සමාව ඉල්ලනවා. රජතුමාගේ ඉල්ලිම ඉටුකරන්ට අපි කවු ද?
(දෙදෙනම පිටත් වෙති)
ඉරාවති. අපොයි, පිරිමින් නම් කිසි දිනකත් විශ්විස කරන්ට බෑ. වැද්දාගේ ගිතයෙන් රැවටුණ මුව දෙනක මෙන් මාද රැවැට්ටුවා. එය වැටහුණේත් නෑ.
විදුෂක. (රහසින්) මොකක් හෝ මෙයට පිළිතුරක් දෙන්න. “බඩුත්” සමග ඇල්ලු හොරා ද, මම මේ පතල් හැරිමට ඉගෙන ගන්නවා’ යි කියයි.
රජතුමා. සොඳුරිය. මට මාලවිකාගෙන් කිසිම වැඩක් නෑ, ඔබ පමාවන නිසා මම මොකක් හරි කියා විනෝද වුනා.
54 මාලවිකා
ඉරාවති. හොදට ම විශ්වාස කරන්ට පුළුවන්. ස්වාමිය, ඔබ විනෝද විමට එවැනි දෙයක් සොයා ගෙන තිබෙන බව මම දන්නේ නැ. නො එසේනම්. කාලකණ්ණි මා එවැනි දෙයක් කවදාවත් කරන්නේ නැ.
විදුෂක. මගේ මිත්රෙයාගේ ප්රෙ.මය නැති වියයි නොසලකන්න. බිසොවගේ සේවිකාවක සමග අහම්බෙන් කථා කිරිම වරදක් නම් එහි තත්ත්වය මැන ගැනිමට ඔබ ම ප්රමමාණයි
ඉරාවති. එය අහම්බෙන් කරපු කතාවක් වුනාවෙ. මොකට ද මා කරදර වෙන්නෙ? (තරහෙන් යන්ට පිටත් වෙයි.)
රජතුමා. (ඈ පසු යමින්) සමාවෙන්න සොඳුරිය.
(ඉරාවති යයි. ඇගේ මෙවුල්දම කැඩි පයෙහි පැටලෙයි)
රජතුමා. ප්රිඈය සොඳුරිය, ඔබ මේ ඔබේ ආදරවන්තයාට පෙන්වන අවකරුණාව සුදුසු නෑ.
ඉරාවති. ද්රො.හිය, ඔබේ හෘදය අවිශ්වාස දායකයි.
රජතුමා. මා ඔබට හොඳට පුරුදු ය. මා ද්රොාහියෙකැයි හෙළාදැක්ක ද හැකිය. මෙවුල් දම පවා ඔබේ පාමුල වැටි සමාව අයදින නමුත් ඔබ කෝපය දුරු නො කරයි.
ඉරාවති. මේ කාලකණ්ණි පටිය ද ඔබ ම අනුගමනය කරයි (මෙවුල් දම ගෙන රජතුමාට ගැසිමට උත්සාහ කරයි)
රජතුමා. කඳුළු වැසි වස්වන මේ ඉරාවති, හදිසියේ කඩා වැටුණු ඇගේ මෙවුල් දමින් මට ගහයි. විදුලි සහිත කුඩා වලාවෙකින් වින්ධ්යි පර්වතිය වැහිමට උත්සාහ කන්නාික් වැනි ය.
ඉරාවති. ඔබ නැවත මටම දොස් නගනවා (මෙවුල් දම ඇගේ අතින් ගනි යි.)
රජතුමා. සොඳුරිය, ඇයි මට ගහන්ට එසවු පහර වළක්වා ගත්තේ? ඔබට මට තළන්නට තළන්නට ඔබේ මිහිරි බව වැඩි වෙයි. එහෙම නුනොත් කෝපය වැඩිවෙයි.
මාලවිකා 55
(තමාට ම) ඇත්තෙන් ම, දැන් ෙමය කළ යුතුමයි.
(ඇගේ දෙපා ළඟ වැටෙයි)
ඉරාවති. මේ ප්රිතය ජනක දොහදයෙන් ඵල ගන්වන මාලවිකාගේ දෙපා නොවෙයි. (ඇගේ මෙහෙකාරියත් සමග පිටත් වෙයි)
විදුෂක. නැගිටින්න. ඔබට සාමව දුන්න.
රජතුමා. (නැගිට ඉරාවති නො දැක) ඇත්තට ම මගේ ප්රිනයාව ගියාද?
විදුෂක. යාළුව, මේ වරද නිසා නො කැමැති වු ඕ යන්නට ගියා ය. කුජග්රේහයා මෙන් ආපසු කැරකි එන්නට පෙර ඉක්මනට යමු.
රජතුමා. අපොයි, අනඞ්ගයාගේ විසමකමක හැටි!
මගේ ප්රියාව විසින් දිනාගන්නා ලද හෘදයයක් ඇති මගේ වැඳිම ඉරාවති නො පිළිගත්තා. මෙයින් මා ආල කරන ඕතොමෝ කෝපයෙන් සිටි යයි මට අමතක කළ හැකි ද?
(සියල්ලෝ ම පිටත්ව යති)
4 අඞ්කය
[සංස්කරණය](රජතුමා හා මාලවිකා අතර ප්රෙ ම සම්බන්ධයක් තිබෙන බව් ඉරාවතිගෙන් දැනගන්නට ලැබුණු බිසොව මාලවිකා හා බකුලාවලිකා දෙදෙන ම සිරිගෙයක දමා සිටින බවත්, එහි භාරකාරිය වන මාධවිකාට ඔවුන් කිසිසේත් නිදහස් නො කරන ලෙස අණ දි තිබන බවත් විදුෂක රජතුමාට දන්වයි. බිසොවගේ මුද්රානව සහිත ආඥාවත් පැමුණුන හොත් නිදහස් කරන ලෙස නියම කර තිබේ. රජතුමා මෙය ඇසිමේන් තදින් දුක් වෙයි. මෙහි ලා උපක්ර මයක් යෙදිමට, පළමුකොට රජතුමා බිසොව වෙත ගොස් ඇගේ කකුලෙහි අමාරුව ගැන විමසයි. ඊට පසු විදුෂක ද, තමාගේ ඇඟිල්ල සර්පයකු දෂ්ට කෙළේය යි පූන නූලෙන් බැඳ ගෙන තදින් කෑ ගසමින් එහි දුවගෙන යයි. බිසොවට ගෙනත් දිමට මල් කැඩිමට උයනට ගියවිට මෙය සිදු වි යයි ඔහු කියයි. බිසොව මේ ගැන කණගාටු වෙයි. තවුසිය මේ ඇඟිල්ල කැපිය යුතුය යි කිය යි. පසුව විදුෂක ධ්රැයවසිද්ධි වෛද්යා චාර්යයා වෙත ගෙන යයි. මේ තුවාලයට මැතිරිමට සර්පයකුගේ ලකුණ දරන මුද්රාාවක් අවශ්යයය යි දොරටු පාලයා දන්වයි. බිසොව එකෙණෙහි ම තමාගේ මුද්ද ගලවා දොරටු පාලයාට දෙයි. පසුව දොරටුපාලයා ඇවිත් විදුෂකට සම්පුර්ණ සුවය ලැබුණු බැව් දන්වා ඇමතියකු ඔහු හමුවිමට පැමිණ සිටින බැව් කියයි. රජතුමා බිසොවට සිහිල් තැනකට වි ඉන්නට නියම කොට දොරටුපාලයාත් සමග උයනට ගොස් විදුෂක හමුවෙයි. මේ අතර විදුෂක බිසොව ගේ මුද්රාඋව පෙන්වා මාලවිකා හා බකුලාවලිකා නිදහස් කරගෙන ගොස් උයනෙහි ජලයන්ත්රග ගෘහය ළඟ බලාපොරොත්තු ව සිටි. රජතුමා හා විදුෂක හොරෙන් පරික්ෂා කරමින් සිටින අතර, මාලවිකා රජතුමා හා ඉරාවති එකට සිටින චිත්රමයක් දැක ඊර්ෂ්යානවෙන් බලා සිටිනු දකි. මෙහිදි රජතුමා මාලවිකා වෙත් ගොස් ඔවුනොවුන්ගේ ආලය ප්රෙකාශ කරයි. මොවුන්ට ඉඩ දි විදුෂක හා බකුලාවලිකා ඉවත්ව යති. මේ අතර ඉරාවති සහ නිපුණිකා රජතුමා හමුවි, පෙර දිනක තමා කළ කෝපයට රජතුමාගේන් සමාව ඇයදිමට චිත්රුයෙහි එකට ඇඳ තිබෙන රජුගේ රූපය බැලිමට ජලයන්ත්රත ගෘහය දෙස යති. මෙසේ යන විට, විදුෂක ගහක් මුල හිටගෙනම නිදාගෙන
මාලවිකා 57
සිහිනෙන් මාලවිකාගේ නම කියනු ඇසේ. මෙයින් කැළඹුණු නිපුණිකා ඔහු උඩට කෝටුවක් දමයි. විදුෂක කලබල වි, සර්පයෙක්, සර්පයෙක්, යි කියා කෑ ගසයි. මේ අතර ඉරාවති රජතුමා හා මාලවිකා දැක රජතුමාට බැණ වැදි, බකුලාවලිකාට ඇගේ උපාය සාර්ථක වු බැව් කියමින් ව්යාවජයෙන් ප්රිශංසා කරයි. රජතුමා මාලවිකා හමු වු හැටි නිෂ්ඵල ව විස්තර කරයි. මේ සියල්ලම විදුෂකගේ කුමන්ත්රකණයෙන් සිදු වි යයි ඉරාවති දැන ගනි. රජතුමා තැවෙමින් සිටින අතර වසුලක්ෂ්මී කුමරිය පිස්සු වඳුරකු බය වි සිටින බව දැනුම් දිමට දොරටුපාලයා එයි. ඉරාවතිගේ අනුදැනුම පරිදි රජතුමා වසුලක්ෂ්මිය කරා යයි. මේ අවස්ථාවෙන් රජතුමා මුදා ලීම ගැන, විදුෂක වඳුරාට ස්තුතිකරයි. මාලවිකා ඇගේ ඉරණම ගැන දුක්වන අතර, අසෝක ගහේ මල් හටගෙන තිබිමේ ප්රිවතිසහගත පණිවුඩය දැනගන්නට ලැබෙයි.)
(උත්සුක වු රජතුමා ද්වාරපාලිකාවක හා ඇතුල් වෙයි)
රජතුමා. (තමාටම)
ඈ පිළිබඳව ඇසීමෙන් මගේ ප්රොමයේ මුල් හටගත්තා වු, ඈ දැකිමෙන් ලා දළු හටගත්තා වු, ඇගේ ස්පරශයෙන් මල් කැකුළු හටගත්තා වු මගේ ප්රෙ ම්වෘක්ෂයෙහි ඵලවල රසය ද ගෙන දේවා.
(ඇහෙන්ට) යහළුව, ගෞතම,
ද්වාරපාලිකා. සැරදේවා මහරජ, ගෞතම මෙහි නැ,
රජතුමා. (තමාට ම) ඕ, ඔහු මාලවිකාගේ තොරතුරු දැනගෙන ඒමට පිටත් කළා නොවැ.
(පිවිසේයි)
විදුෂක. දිනේවා මහරජ.
රජතුමා. ජයසේනා, ධාරිණි බිසොව කොහි වෙසේ ද, ඇගේ පයේ අමාරුව දැන් කොහොම දැ යි ස්ථිරව ම දැනගෙන එන්න.
ද්වාරපාලිකා. තමුන්නාන්සේ අණ කරන හැටියට (පිටත්ව යයි)
58 මාලවිකා
රජතුමා. ගෞතම, ඔබේ යෙහෙළිය පිළිබඳව තොරතුරු කොහොම ද?
විදුෂක. බළලුකු විසින් ගත් කෙවිලියක් වගෙයි.
රජතුමා. (කණගාටුවෙන්) ඒ කොහොම ද?
විදුෂක. ඒ පිඟුවන් ඇස් ඇති ස්ත්රියය විසින් ඕ පොළොව යට හිරගෙයක, මරුමුවෙහි දමා සිටි.
රජතුමා. මම හිතනවා. මා හා හිටිය බව දැනගත්තායින් පසුවයි.
විදුෂක. ඔව්.
රජතුමා. බිසොව අප හා කේන්ති ගැන්වු ඒ සතුරා කවු ද?
විදුෂක. මේ අහන්න. තවුසිය මට මෙසේ දන්වයි. ඊයේ බිසොවගේ කකුලේ අමාරුව බලන්නට ඉරාවති ගියා.
රජතුමා. ඉතින්?
විදුෂක. එහිදි බිසොව ඇගෙන් මෙසේ ඇසුවා. “ඔබම ඔබේ ආදරවන්තයා හමුවුණේ හෙම නැද්ද”? ඈ මෙසේ කීවා “ඇයි මෙතරම් කරුණාවක්? ඔබ ඔබේ සේවිකාවගේ හැටි හොඳට ම දැනගෙනත් මගෙනුයි අහන්නේ.”
රජතුමා. මෙයට වඩා යමක් නො කිවත් මෙයින් ම මාලවිකා ගැන සැක කිරිමට පුළුවන. ඉතින්, ඊට පස්සෙ?
විදුෂක. නැවත නැවතත් බල කළායින පසු ඈ තමුන්නාසේගේ ක්රි යාව ගැන බිසොවට දැන්නුවා.
රජතුමා. අපොයි, ඇගේ ක්රොතධය කොතෙක් කල් පවති ද? ඉතින් ඊට පස්සෙ?
විදුෂක. ඉතින් ඊට පස්සෙ? මාලවිකා. බකුලාවලිකා දෙදෙනා ගේම පා හැකිලිවලින් බැඳ කිසි දිනෙක සූර්යාලෝකය නො වැටුණු පොළොවයට ගෙයක, නාග කන්යාකවන් මෙන් හිරකර සිටිනවා.
මාලවිකා 59
රජතුමා. අයියෝ! අයියෝ!!
මිහිරි හඬ නගන කෙවිලියත්, මි මැස්සියත් අඹ මලෙහි පැණි උරන අතර කුණාටු සහිත අකාල වැස්සකින් ඛිලයකට තල්ලු කළා.සගය. කෙසේ හෝ ඔවුන් ගළවා ගත හැකි මගක් තිබේ ද?
විදුෂක. මොන මගක් ද? බඩු ගබඩාව භාර මාධවිකාට බිසොව මෙසේ අණ කර තිබේ. මගේ මුද්රාය ලාඤ්ඡනය නො ලැබ කිසි දිනක මේ කාලකණ්ණි මාලවිකාත් බකුලාවලිකාත් නිදහස්කර හරින්න එපා.
රජතුමා. (සුසුම් හෙළමින් කල්පනා කර) යහළුව දැන් කුමක් කරමුද?
විදුෂක. (කල්පනා කරමින්) උපායක් නම් තියනවා.
රජතුමා. මොකක්ද?
විදුෂක. (ඉඟිමරා) කවුරුවත් මෙහි සැඟවි අහගෙන ඇති. මම ඔබෙ කණට ම කියන්නම්. (හොදට ම ළං වි කණට කොදුරයි) ඒක එහෙමයි.
රජතුමා. (ප්රිංතියෙන්) බොහොම අගෙයි. ඒ අනුව ක්රිකයා කරමු.
ද්වාරපාලිකාව. දේවයන් වහන්ස. බිසොවුන් වහන්සේ පයේ රත් සඳුන් ගා ගෙන, සේවිකාවක විසින් පිරිමදිනු ලබමින්. තවුසියගේ කථාන්තරවලට ඇහුම් කන් දිගෙන ගුදිරියක් මත ඉදගෙන් ඉන්නවා.
රජතුමා. මේ අපට එහි යාමට සුදුසු අවස්ථාව යි.
විදුෂක. එහෙනම්. තමුන්නාන්සෙ යන්.......ත් බිසව බැලීමට මොනවා හරි අරගෙ එන්නම්
රජතුමා. පළමුකොට ජයසේනාට දන......යන්න.
විදුෂක. හොඳයි (කණට කොඳුරයි) පින්වතිය, ඒක ඒ විදියටයි.
රජතුමා. ජයසේනා, එහෙනම් මට ඒ කාමරයට පාර පෙන්වන්න.
60 මාලවිකා
ද්වාරපාලිකාව. මෙහෙන්, මෙහෙන් එන්න, දේවයන් වහන්ස (බිසොව ගුදිරියක් මත වාඩිවි සිටියි, තවුසිය හා පිරිසක් ද අවට සිටිති.)
බිසව. පුජ්යි තවුසිය, කථාන්තරය නම් ඉතාමත් ම රසවත් ඉතින් ඊට පස්සේ?
තවුසිය. (ඇහෙන් ඉඟියක් කොට) ඊට පසු සිදුවු දෙය පසුව කියන්නම්. මේ විදිශාධිපති තුමා එන්නෙ.
බිසව. ඕ! ස්වාමිපුත්ර ය,
(ඔහු පිළිගැනිමට නැගිටින්නට උත්සාහ කරයි)
රජතුමා. මට ආශිර්වාද කරන්නට කරදර වෙන්නට එපා.
මිහිරි වදනැති සොඳුරිය, වේදනාව ගෙන දෙන සුළු, මිණි කිකිණිවලින් වෙන්වු. රුවන්මුවා පා පුටුව මත රඳවා තිබෙන මේ ඔබේ පාදයටත්, මටත් පීඩා කිරිම සුදුසු නැත.
බිසව. මගේ ස්වාමියාට ජයවේවා.
රජතුමා. (තවුසියට වැඳ වාඩිවෙයි) දේවිය. දැන් වේදනාව ටිකක් අඩු ද?
බිසව. අද ටිකක් හොඳා.
(විදුෂක, මාපටැඟිල්ල පුනනුලෙන ඔතාගෙන දුවගෙන එයි.)
විදුෂක. මා බේරගන්න. මා බේරගන්න. මට සර්පයෙනක් මාරයෙක් දෂ්ට කළා.
(සියල්ලෝ ම දුක්වෙති)
රජතුමා. ....... අයියෝ, කොහෙද ඔබ ඇවිදින්ට ගියේ?
විදුෂක. බිසවුන් වහන්සේ බලන්නට එන්නට මල් මිටක් කඩා ගන්නට උයනට ගියා
බිසව. අයියෝ. අයියෝ, මේ බ්රා හ්මණයාගේ ජිවිත හානියට හේතුව මම යි.
මාලවිකා 61
විදුෂක. අසෝක මල් පොකුර කඩා ගැනිමට අත දික්කරන විට බෙණයක සිටි මාරයෙක් අතට දෂ්ට කළා මේ දළ දෙක වැදුණු තැන.
(තුවාලය පෙන්වයි)
තවුසිය. දෂ්ට කළ තැන කපා දැමිම ප්රැතමාධාර්ය යි ඒ නිසා එය පළමුවෙන් කරමු.
දෂ්ට කළ කෙනෙහිම කපා දැමිම හෝ, රත් යකඩයකින් පිච්චිම හෝ, වණමුඛයෙන් ලේ යැවිම හෝ කළහෝත ඒකාන්තයෙන් ඔහුට දිර්ෂායුෂ ලැබේ.
රජතුමා. එය විෂ වෛද්ය වරුන්ට අයිති වැඩක් ජයසේනා ඉක්මනට ධ්රැමවසිද්ධි එක්කවරෙන්.
ද්වාරපාලිකාව. දේවයන් වහන්සේ අණ කරන හැටියට. (නික්මෙයි)
විදුෂක. අයියෝ මා මැරෙන්නට එනවා!
රජතුමා. භය වෙන්නට එපා. සමහරවිට විස කොහෙත්ම නැති: වෙන්නට පුළුවන්
විදුෂක. බය වෙන්නෙ නැතුව කොහොම ද? මගේ සවාඬ්ගයම ම කකියනවා.
(විෂ පැතිරෙන් බව අඟවයි)
බිසව. හා! පාටත් වෙනස් වේගෙන යනාවා. මෙයාව ඉක්මනට අල්ලා ගන්න
(සේවකයෝ ඔහු අල්ලා ගනි)
විදුෂක. ( රජ දෙස බලා) මම පුංචි කාලයේ සිට ම තමුන්නාන්සේගේ යාළුවෙක්. මේ නිසාවත් මගේ අම්මා ගේ එකම පුතා නැතිවිමේ පාඩුව ඔබ පිරිමහන්න.
රජතුමා. භය වෙන්නට එපා. වැඩිවෙලා යන්නට පෙර විෂ වෛද්යඩවරායා ඔබ සුව කරයි. සැනසෙන්න.
(පිවිසෙයි)
62 මාලවිකා
ජයසේනා. දේවයන් වහන්ස, ඔබ වහන්සේගේ ආඥාව ලැබු ධ්රැ්වසිද්ධි “ගෞතම එහාට එක්ක යන්ට” යි කිවා.
රජතුමා. එහෙනම් මෙයා වෙදතුමා ළඟට ඉක්මනට එක්ක යන්න.
ජයසේන. හොඳයි.
විදුෂක. (බිසොව දෙස බලා) බිසවුන් වහන්ස, මම ජිවත් වෙන්ටත් පුළුවනි. නො වෙන්ටත් පුළුවනි. මගේ යහළුවාට සේවා කම් කරන අතර මගෙන් යම්කිසි ප්රොමාද දොෂයක් වුනා නම් මට සමා වෙන්න.
බිසව. ඔබට දිර්ඝායුෂ ලැබේවා
(විදුෂක හා ද්වාරපාලිකාව නික්ම යෙති.)
රජතුමා. ස්වභාවයෙන් ම බියගුළු මේ අසරණයා ධ්රැ වසිද්ධි ගැන ද විශ්වාසයක් නො කරයි.
(පිවිසෙයි)
ජයසේනා. දේවයන් වහන්සේ දිනේවා. ධ්රැවසිද්ධි මේ පණිවුඩය එව්වා. මොහුට උදකුම්භ යාගය කළ යුතුය. ඒ නිසා සර්පයකුගේ ලකුණක් දරන මොකකක් හෝ ගෙනෙන්න.
බිසව. මෙන්න. සර්ප ලකුන ඇති මුද්දක් තියනවා. පසුව මෙය මට ම ගෙනත් දියන්.
(මුද්ද ගළවා දෙයි. ද්වාරපාලිකාව එය ගනියි)
රජතුමා. ජයසේනා, ඉක්මනට මට තොරතුරු දන්වාපන්.
ජයසේනා. එසේය, දේවයන් වහන්ස, (පිටත්ව යයි)
තවුසි. දේවයන් වහන්ස, මට හිතෙන හැටියට ගෞතමට විස වේගයක් වැදිල නො වෙයි.
රජතුමා. එය එසේ වේවා.
(පිවිසෙයි)
මාලවිකා 63
ජයසේනා. දේවයන් වහන්ස, විස පිට කළායින් පසු ගෞතමට නියම සනිපය ලැබිල තියනවා.
බිසව. වාසනාවකට මෙන් මම වරදින් බේරුණා
ජයසේනා. දේවයන් වහන්ස. වාහතව ඇමැතියා මෙසේ දන්වයි. “පාලන කටයුතු කිහිපයක් ගැන සාකච්ඡා කරන්නට තියනවා. මට දේවයන් වහන්සේ හම්බවෙන්ට ඕනෑ.”
බිසව. ස්වාමිය, තමාගේ කටයුතු සඳහා යන්න.
රජතුමා. දේවිය, මෙතැන අව්ව සැර වැඩියි. මේ තුවාලයට හිතකර සිතලයි. ඒ නිසා මේ යහන වෙන තැනකට ගන්න.
බිසව. කෙල්ලනේ, මේ ස්වාමි පුත්රඩයා කියන දෙය කරව්.
සේවිකාවෝ. එසේය, බිසවුන් වහන්ස.
(බිසොව, තවුසිය හා පිරිවර ද පිටත් ව යති)
රජතුමා. ජයසේනා, මාව උයනට රහස් පාරකින් එක්ක යන්න.
ජයසේනා. මෙහෙන්, මෙහෙන් එන්ඩ දේවයන් වහන්ස.
රජතුමා. (ගොස් හැරි බාල) ජයසේනා, මම හිතනවා ගෞතම කළයුතු සියල්ල ම කර අවසාන වෙන්ට ඇතැමි කියා.
ජයසේනා. ඔව්
රජතුමා. මගේ අදහස ඉෂ්ටකර ගැනිමට යොදන ලද උපාය සම්පුර්ණරයෙන් ම පරෙස්සම් සහිත වුවත් එහි සාර්ථක විම පිළිබඳව බයක් ද තිබේ.
(පිවිසෙයි)
විදුෂක. දිනේවා මහරජ. මා තමුන්නාන්සේට කරන හැම සුබ කටයුත්තක් ම ඉතා හොඳට සාර්ථක වෙනවා.
රජතුමා. ජයසේනා, ඔබට බාරදුන් කටයුත්ත ගැන පරෙස්සම් වන්න.
64 මාලවිකා
ජයසේනා. එසේය, දේවයන් වහන්ස.
රජතුමා. යාළුව, මාලවිකාට පොඩ්ඩක් වත් මොළය නෑ, මේ ගැන ඈ කිසිවක් කල්පනා කර නැත.
විදුෂක. බිසොවගේ මුද්රා.ව දුටුවායින් පසු ඇයි ඈ ඒ ගැන සිතන්නෙ?
රජතුමා. මා මුද්රා ව ගැන කථා කරනවා නො වෙයි. ඇය විසින් මෙසේ ඇසිය යුතුව තිබුණි. “ මේ දෙදෙනා ම හිරෙන් නිදහස් කරන්නේ ඇයි? බිසොවගේ සේවකයින් සිටිද්දි ඇයි ඔබ ආවේ”
විදුෂක. ඇත්තෙන් ම එය මගෙන් ඇහුවා, නමුත් ම එයට කල්පනාකාරි පිළිතුරක් දුන්නා.
රජතුමා. මට එය කියන්න.
විදුෂක. මම ඇයට මෙහෙම කීවා. “රජ්ජුරුවන්ට නරක නැකැත් යෝගයක් යෙදි තිබෙන බවත්, එහෙයින් සියලු ම සිරකරුවන් නිදහස් කළ යුතුබවත් නැකැත් කාරයෝ කියා තිබෙනවා. මෙය ඇසු බිසොව. ඉරාවතිගේ සිතටත් නො රිදෙන්ට මා මේ කටයුත්තෙහි යෙදුවා මහරජතුමාගේ ආඥවක් නිසා” ඇයද එය සුදුසු යයි අනුමත කොට අපේ අදහස ඒ විදියට ම ඉටු කළා.
රජතුමා. (විදුෂක වැළඳ ගනිමින්) යහළුව, මා ඔබට ඇත්තෙන් ම ප්රි යයි. මිනිසුන්, ඔවුන්ගේ යහළුවන්ගේ අදහස් ඉෂ්ට කරන්නේ බුද්ධියේ බලයෙන් ම නො වෙයි. ඉෂ්ටවිමේ මාර්ග්ය කො තරම් සියුම් වුවත් ආදරය නිසා ම එය සොයා ගත හැකිය.
විදුෂක. ඉක්මන් කරන්න මාලවිකා, ඇගේ යෙහෙළියත් සමග ජලයන්ත්ර ගෘහයන්ත්ර ගෘහයෙහි නවත්වා මම මෙතැනට ආවෙමි.
රජතුමා. මම ඇය පිළිගන්නම්. මට ඉදිරියෙන් ගමන් කරන්න.
විදුෂක. එන්ඩ, එන්ඩ, (ඉදිරියට යයි) මේකයි සමුද්රසගෘහය.
මාලවිකා 65
රජතුමා. (සැකයෙන් ) යහළුව, මෙන්න, ඉරාවතිගේ මෙහෙකාරිය- චන්ද්රි්කා මල් කඩ කඩා එනවා. අපි බිත්තය අස්සේ හැංගෙමු.
(දෙදෙන ම සැඟවෙති)
රජතුමා. ගෞතම, ඔබේ යෙහෙලිය මා ගැන බලාපොරොත්තුව ඉන්නේ කොහොම ද? එන්ඩ, අපි ජනේලය අතරින් බලමු.
විදුෂක. හොඳයි
(දෙදෙන ම බලාගෙන සිටිති)
(මාලවිකා හා බකුලාවලිකා පිවිසෙති)
බකුලාවලිකා. යහළුව, අචාර කරන්න ඔබේ ස්වාමියාට,
මාලවිකා. මම ආචාර කරන්නම්. කොහේද ස්වාමියා ඉන්නෙ?
බකුලාවලිකා. ඔබ දොර ළගට ගියාම එහි පිටිපස සිටිනවා දැක්ක හැකිය.
රජතුමා. මට හිතෙන්නෙ ඈ මගේ පින්තුරය පෙන්වන හැඩයි.
මාලවිකා. (දොර ළඟ බලා කණගාටුනේ) යහළුව, ඔබ මා රවට්ටනවා?
රජතුමා. සගය, මේ යුවතිය ගේ ප්රි තිය හා කණගාටුව මට ප්රිවතියක්ය.
ඉර පායන විටත්, බහින විටත්, නෙළුම් මලට සිදුවන දෙය මේ යුවතියගේ මුහුණෙහි එක මොහොතකින් පැහැදිලිව පෙණුනි.
බකුලාවලිකා. මේ ඔබේ ස්වාමියා චිත්රදයේ ඉන්නෙ.
දෙදෙනම. (දණ ගසමින්) ස්වාමිය, දිනේවා
මාලවිකා. යෙහෙළිය, එදි මට ස්වාමිපුත්ර්ය හදිසියේ මුණ ගැසුණු අවස්ථාවේ කිසිම ප්රිමතියක් ඇතිවුණේ නෑ, හරියට ම දැන් මේ පින්තුරයේ හමුවුණා වගෙයි.
66 මාලවිකා
විදුෂක. ඈ කියන දෙය ඔබට ඇහුණා ද? මේ චිත්රදයේ මෙන් ඔබ එදින එතරම් ප්රිෂය නොවු බව? ඔබ ඔබේ තරුණ බව මැණික් ඇහිරූ පෙට්ටියක් මෙන් නිෂ්ඵල කර ගිනියි.
රජතුමා. යහළුව, ස්ත්රි න්ට කොතරම් උනන්දුව තිබුණත් ස්වභාවයෙන් පිහිටි ලජ්ජාබවකුත් තිබේ. මේ බලන්න -
දිගු ඇස් ඇති මේ ස්ත්රිිහු තමාගේ පෙම්වතා හමු වු මුල් අවස්ථාවේදි ඔහුගේ හැඩහුරු කම සම්පුර්ණයෙන් ම බලති. එහෙත් ඇස් න්ම සම්පුර්‍ණයෙන් ම ඔහු මත නො වැටෙයි.
මාලවිකා. යෙහෙළිය, රජතුමා මේ සම්පුර්ණයෙන් ම හැරි ආදරයෙන් බාල සිටින මේ ගෑ ණිය කවුද?
බකුලාවලිකා. මේ රජතුමා ළඟ ඉන්නෙ ඉරාවති යි.
මාලවිකා. යෙහෙළිය, මට පෙනෙන හැටියට නම් රජතුමා අන්තඃපුරයෙහි සියලු ම බිසෝවරුන් අත්හැර එක්කෙනකුට පමණක් ආලය කිරිම නුසුදුසු යි.
බකුලාවලිකා. (ඇයටම) විත්රහයෙහි දැක්වෙන රජතුමා ජිවමාන පුරුෂයා යයි සලකා ඈ ඊර්ෂ්යාර කරයි. එය එසේ වේවා. මම ඇයට කවට කමක් කරන්ට ඕනෑ. (ඇහෙන්ට ) යෙහෙළිය, මැය රජතුමාගේ ප්රිටයාව යි.
මාලවිකා. එහෙනම් දැන් මා මොකටද කරදර වෙන්නෙ.
(ඊර්ෂ්යාකවෙන් ආපිට හැරෙයි)
රජතුමා. යහළුව. බලන්න-
ක්රොමධයෙන් ඈ ආපිට හැරෙන විට ඇගේ නළලෙහි තිලකය. බැමෙහි රැළිවලින් කැඩි තිබේ. යටිතොල වෙවුලයි. මෙයින්. අද ඇයගේ ගුරුවරයාගෙන් ඉගෙන ගත් පාඩමක්, එනම් වැරදි සහිත වු ආදරවන්තයා කෙරෙහි ඇතිවන නො ඉවසිමේ ගති වේදිකාවක් මත පෙන්වන්නාක් මෙන් නිරූපනය කරයි.
විදුෂක. ඇගෙන් සමාව ඉල්ලන්ට සුදානම් වන්න.
මාලවිකා. පුජ්ය ගෞතම පවා මෙහිදි ඔහුට උදව් වෙයි. (ඕ නැවතත් යන්ට උත්සාහ කරයි)
මාලවිකා 67
බකුලාවලිකා. මාලවිකා නවත්වමින්) මා හිතනවා ඔබට කේනිති ගියේ නැතෙයි කියල.
මාලවිකා. ඔබ මා කෝප වු තැනැත්තියක් හැටියට හිතනවා නම් මම මගේ කෝපය අත්හරිනවා
රජතුමා. (ළං වෙමින්) නිලුපුල් යුවළක් වැනි ඇස් ඇති සොඳුරිය. මේ චිත්ර යෙහි දැක්වෙන ක්රි.යාවකට ඇයි ඔතරම් කේනිති ගන්නෙ? මේ මම, ඔබේ සේවකයා මෙහි ජිවමානව ම සිටි.
බකුලිවලිකා. මහරජතුමා දිනේවා.
මාලවිකා. (ඇයට ම) මගේ ස්වාමියාගේ ඡායාව චිත්ර යෙක දැක මා කොතරම් ඊර්ෂ්යාි කළා ද? (ලජ්ජා සහිත මුහුණින් දෙ අත් නමා ගෞරව කරයි)
(රජතුමා සරාගි බවක් දක්වයි)
විදුෂක. ඇයි තමුන්නාන්සේ උදාසිනව ඉන්නෙ?
රජතුමා. ඔබේ යෙහෙළියගේ අවිශ්වාස කම නිසා.
විදුෂක. ඇය අවිශ්වාස කරන්ට එපා.
රජතුමා. මේ අහන්න-
ඈ මගේ ඇස් ඉදිරිපිට සිහිනයෙන් පෙනි සිට නැවත වහාම අතුරුදහන් වෙයි. මගේ අත් දෙකට අසුවුවායින් පසු ද වහා පැන දුවයි. මෙසේ ඈ හා සංයෝගය කල්පනාමාත්රේයක් වන අතර කෙසේ ඇය විශ්වාස කළ හැකි ද?
බකුලාවලිකා. යෙහෙළිය, ඔබ නොයෙක් විදියෙන් රජතුමා රැවටුවා. ඒ නිසා දැන් ඔහුගේ විශ්වාසය ඇතිවන පරිදි ක්රියයා කරන්න.
මාලවිකා. යෙහෙළිය, මගේ අවසනාවට, මට සවාමි පුත්රතයා සමග සිහිනෙන්වත් එකතු විමට අවස්ථාව නො ලැබෙයි.
බකුලාවලිකා. තමුන්නාන්සේ මැයට පිළිතුරක් දෙන්න.
68 මාලවිකා
රජතුමා. පිළිතුරු දිමෙන් ඇති වැඩේ මොකක් ද? මා ඇයට අනඞ්ගාය ඉදිරිපිට සම්පුර්ණයෙන් පාවා දි ඇත. මා ඇගේ සේවකයෙකි, එහෙත් ඈ එසේ නොවේ.
බකුලාවලිකා. මම අනුග්රනහ කරන ලද්දේ වෙමි.
විදුෂක. (හදිසියෙන් ඉදිරියට ගොස්) බකුලාවලිකා, මේ මුවා මේ අසෝක පැලෑටියේ ලා දළු කන්ටයි, එන්නෙ, එන්න ඉක්මට එය ආරක්ෂා කරගන්ට යන්ඩ.
බකුලාවලිකා. හොඳයි. (පිටත් වෙයි)
රජතුමා. යහළුව, එසේම ඔබ අපවත් ආරක්ෂා කරගන්න.
විදුෂක. ගෞතමට ඕකත් කියන්ඩ එකක් ද?
බකුලාවලිකා. (මඳක් ගොස්) ආර්ය ගෞතම, මම සැඟවි සිටින්නම්, ඔබ දොරටුව බලා ගනින්.
විදුෂක. බොහොම හොඳයි. (බකුලාවලිකා පිටත්ව යයි.)
විදුෂක. (මඳක් දුර ගොස් බලා) මේ පලිඟු බිමකි ටිකක් ඉඳ ගන්ට ඕනෑ. (ඉඳගෙන) හෝ කොතරම් සැප පහසුද මේ පුදුම ගලෙහි ස්පර්ශිය. (ඔහු නිදාගනියි)
(මාලවිකා බයෙන් සිටගෙන සිටියි.)
රජතුමා. සුන්දරිය, ඔබේ ආලය පතා මෙතෙක් නො ඉවසිල්ලෙන් සිටි මා හා එකතු විමෙහි බිය නො වෙන්න. මා අඹ ගහක් නම් ඔබ දෑ සමන් වැලක් මෙන් එහි පැටලෙන්න.
මාලවිකා. බිසොවට ඇති බිය නිසා මගෙන් ප්ර යෝජන ගැනිමට මටම බය යි.
රජතුමා. අපොයි බය වෙන්ට එපා
මාලවිකා. (උපහාසයට මෙන්) මේ බය නොවෙන තැනැත්තා ගේ ධෛය්ය්ාි යේ හැටි බිසොව ඉදිරියේ මම දැක්කා
මාලවිකා 69
රජතුමා. බිඹුපල වැනි යටි තොල ඇති සොඳුරිය. බිම්බ වංශයෙන් පැවැත එන්නන් සියලු ම භාය්යාපල වවන්ට සාමන ප්රෙුමයක් දැක්විම සිරිතකි. නමුත් දිගැසි ඇති ප්රිභයේ. මගේ මුළු ප්රාටණයම ඔබ කෙරහි පවත්නා බලාපොරොත්තුව උඩ තිබේ.
එහෙයින්, මා වැළඳ ගන්න. මට ඔබ් දයාව පෙන්වන්න.
(වැළඳ ගැනිම අඟවයි)
(මාලවිකා එය වළක්වන බව අඟවයි)
රජතුමා. (තමාට ම) අළුතෙන් බැඳි ප්රිනයාවන් හා සංගමය ඇත්තෙන්ම ප්රිනති ජනක යි.
මා ඇගේ මෙවුල් දම ලිහන අතර ඕ වෙවුලමින් එය වළක්ව යි. බලාත්කාරයෙන් හෝ වැළඳ ගත හොත් ඕ ඇගේ අතින් පියයුරු වසා ගනියි. මුහුණ උඩට හරවා සිඹිමට තනනන අතර ඕ මුහුණ ඉවතිට ගනියි. මෙසෙ නො කැමැති බවක් ව්යාටජයේ වුව ද ඇඟවිම මගේ ප්රිිතිය දියුණු විමට හේතු වේ.
(ඉරාවති හා නිපුණිකා පිවිසෙති.)
ඉරාවති. නිපුණිකා. ගෞතම සමුද්රගගෘහය මිදුලෙහි තනිව ම ඉන්නවා චන්ද්රිෙකා දැක්කි යයි ඔබ කී කථාව ඇත්තක් ද?
නිපුණිකා. බොරු නම් මම තමුන්නාන්සේට දන්වන්නෙ කොහොම ද?
ඉරාවති. එහෙනම් අපි එහාට ම යමු. මගේ ස්වාමියාගේ, අන්තරායෙන් මිදුණු යහළුවා බලන්ට ත් -
නිපුණිකා. ස්වාමි දියණිය, ඔබේ වචනය ඉවර කෙළේ නෑ,
ඉරාවති. නෑ චිත්ර යේ සිටින මගේ ස්වාමියාගෙන් සමාව ඉල්ලිමට ත්
නිපුණිකා. ඇයි? උන්වහන්සේ සම්බවෙන්ට ගිහින් සමාව ඉල්ලන්නෙ නැත්තෙ?
ඉරාවති. මෝඩ කෙල්ල, පින්තුරයේ ඉන්න හැටියට නොවෙ යි. ඔහු අනිත් වෙලාවට ඔහුගෙ අදහස් නිතර ම වෙන අතකයි ගමන් කරන්නෙ. මෙය ද මා කරන්නමෙගේ ආචාරවත් බව පෙන්විමට යි.
70 මාලවිකා
නිපුණිකා. මෙහෙන්, මෙහෙන් එන්ඩ. (දෙදෙනම ගමන් කරති)
(ඇතුල්වි)
සේවිකාවක්. ආයුබෝවන් ස්වාමි දියණිය, බිසොව මේ විදයට දන්වන්ට කිවා. “ මේ ඊර්ෂ්යාණ කිරිමට කාලය නො වේ. ඔබේ අදහස් වලට එකඟ විමක් වශයෙන් පමණක් මම මාලවිකා හා ඇගේ මෙහෙකාරිය හිරේ දැම්මා. ඔබ කැමැති නම්, මගේ ස්වාමිපුත්රනයාගේ ආසාවල් ඉටුවෙනු දැකිමට මා ද කැමැතියි ඔබේ රුචියක් මට දන්වා එවන්න.
ඉරාවති. නාගරිකා,බිසොවට අණ දිමට අපි කවු ද? මා කෙරෙහි ඇගේ ඇති භක්තිය ඒ අයට දඩුවම් දිමෙන් ම පැහැදිලි වුණා ඇගේ අනුග්ර හයෙන් නො වෙද මා ජිවත්වන්නේ?
සේවිකාව. හොඳයි. (පිටවෙයි)
නිපුණිකා. ස්වාමිනිය, මේ ජලයන්ත්රු ගෙය ඉදිරිපිට ආය්ය්ො ව ගෞතම ඉඳගෙන ම නිදි, හරියට කඩයකට ගිය ගොනෙකු වගෙයි.
ඉරාවති. භයානකයි, දැනට ඔහු තුළ කිසිම විසක් නැතැයි කියා හිතෙනවා.
නිපුණිකා. ඔහුගේ මුහුණ දැන් එලිය යි. අනිත් අතින් ඔහු සුව කෙළේ ධ්රැණවසිද්ධි නොවැ. ඒ නිසා දැන් ඔහු ගැන බය වෙන්ට දෙයක් නැ.
විදුෂක. (හීනෙන දොඩවයි) පින්වත් මාලවිකා.
නිපුණිකා. ස්වාමිනිය, ඔබට, එය ඇහුණ ද? මේ කපටි කාලකණ්ණියා මොන වැඩකට ද ජිවත්වන්නේ? යාගවලට පුදන රස කැවිලි වලින් බඩ පුරවා ගේන හීනෙන් මාලවිකා කියා කෑ ගහනවා.
විදුෂක. ඉරාවතිය පරාජය කරන්න.
නිපුණිකා. ඔබට ඇහුණ ද? ඒ කැත කතාව? මම මේ කණුව අස්සේ හැංගි, නයකු වැනි මේ කෝටුව ඔහු උඩට දාමා සර්පයින්ට බය මේ ගින බමුණා බය ගන්වන්ට ඕනෑ .
මාලවිකා 71
ඉරාවති. මේ දුෂ්ටයාට දඬුවම් කරන්ට ඕනෑ.
(නිපුණිකා විදුෂක මත කෝටුවක් දමයි)
විදුෂක. (වහා අවදි වි) අයියෝ, අයියෝ, සර්පයෙක් මා උඩ වැටුණෝ!
රජතුමා. (වහාම පැමිණ) භය වෙන්ට එපා.
මාලවිකා. (අනුව යමින්) ස්වාමිපුත්රාය, හදිසියෙන් යන්ට එපා, ‘සර්පයෙක්’ කියලයි කෑ ගැහුවෙ.
ඉරාවති. අපොයි. අපොයි. නින්දා වේවා. ස්වාමිපුත්රසයා මෙහි දුවගෙන එයි.
විදුෂක. (සිනාසෙමින්) මේක කෝටුවක් ද? මා හිතුවෙ. වැටකේ කටුවකින් මගේ ඇඟිල්ල සූරාගෙන සර්පයෙක් කෑව යයි මා කළ බොරුව ඇත්තක්ම වෙල් කියල යි.
(තිරය අතරින් ඇතුල් වි)
බකුලාවලිකා. ස්වාමිපුත්රවයා, ඇතුල් නො වන්න. සර්පයකු ඇදෙනවා වගෙයි.
ඉරාවති. (හදිසියෙන් ම රජුවෙත පැමිණ) දෙදෙනාගේ දහවල් සංගමය හිතේ හැටියට සම්පුර්ණ වුණා ද?
(සියල්ලෝ ම ඉරාවති දැක කැලඹෙති)
රජතුමා. ප්රි යේ. මේ අපුරු පැමිණිමකි.
ඉරාවති. බකුලිවලිකා. දුතියක් හැටියට ඔබේ පොරොන්දුව වාසනාවකට මෙන් සාර්ථක වුනා?
බකුලාවලිකා. සමාවන්න. ස්වාමිදියණියෙනි. මැඩියන් කෑ ගසන නිසා පොළොවට වැහි වහි ද?
විදුෂක. අපොයි නෑ. මගේ යහළුවා ඔබ දුටු පමණින් ඔහු දණින් වැටි කළ යාච්ඤාව අමතක වි තිබේ. ඔබ තවමත් දයා රහිතය.
ඉරාවති. කුපිත වු මා දැන් මොනවා කරන්ට ද?
72 මාලවිකා
රජතුමා. නිකරුණේ ඔබ කෝප වුවාය යි කිම නුසුදුසුයි. ඇයි? ප්රිපය සොඳුරිය, එක මොහොතකට වත් නිකරුණේ ඔබේ මුහුණෙහි කෝපය රැඳුණා ය යි කෙසේ කිව හැකි ද? පසළොස්වක දවසක හැර, වෙන දිනයක රාත්රි යෙහි ග්රැහණයකින් සම්පුර්ණ චන්ද්රකයා අඳුරු වීය යි ඔබට කිව හැකි ද?
ඉරාවති. ස්වාමිය, ඇත්ත වශයෙන් ම ඔබ “නුසුදුසු” යි කිවේ සුදුසු ලෙසය. මගේ වාසනාව වෙනතකට මාරු වුවායින් පසු මා කෝප වි නම් මම හිනාවට භාජනවිය යුත්තක් වෙමි.
රජතුමා. ඔබ කල්පනා කරන්නේ වෙන විදියකට යි. ඔබේ කෝපයට කරුණක් ඇත්ත වශයෙන් ම මට නො පෙනේ. ඇයි? - වැරදි සහිත වු සේවකයෙකු ද උත්සව දිනයෙහි දඩුවම් ලැබිමට නුසුදුසු . මේ අදහස පිට මම මේ දෙදෙනා මුදා හැරියෙමි. ඔවුහු මට ආචාර කිරිමට පැමිණියහ.
ඉරාවති. නිපුණිකා. ගිහින් බිසොවට දන්වන්න - “ඔබේ පක්ෂපාතිකම අද මා දැක්කා “ කියා.
නිපුණිකා. හොඳයි (පිටත් වෙයි)
විදුෂක. (තමාට ම) අපොයි. අන්තරාවක් කඩා වැටුණා. ඇති කළ පරෙවියා කූඩුවෙන් පිට වි ගොස් බැළලියට අහුවුණා.
(ඇතුල්වි)
නිපුණිකා. (ඉරාවතිට රහසින්) ස්වාමි දියණියනි. මට හදිසියෙන් මාධවිකා හමු වි මෙය සිදු වු හැටි මෙසේ විස්තර කළා
(රහසින් කණට කොඳුරයි)
ඉරාවති. (ඇයට ම) ඇත්තයි. මෙ දුෂ්ට උපාය මේ නිවට බමුණාගේ ම එකක් වෙන්ට ඕනෑ. (විදුෂක දෙස බල, ඇසෙන සේ) මෙය නම්, ප්රෙේම කටයුතු භාර මේ ඇමැතියාගේ නිතියෙකි.
විදුෂක. පින්වතිය, මා නීතියේ අයන්න ආයන්න හෝ ඉගෙණගෙන තිබේ නම් ඇත්තෙන්ම මට මගේ වෙද මන්ත්රිත් අමතක වෙයි.
රජතුමා. (තමාට ම) දැන් මේ උපද්ර වයෙන් මා ගැළවෙන්නේ කොහොම ද?
මාලවිකා 73
(ඇතුල් වි)
ජයසේනා. (කැළැඹිල් සහිතව) දේවයන් වහන්ස, වසුලක්ෂ්මි කුමරිය පන්දුවක් පස්සේ දුවන විට කහපාට වඳුරෙක් බය ගන්වලා තියනවා. බිසොවගේ උකුලෙහි වාඩි වි, සුළිඟින් සෙලවෙන ලා දළුවක් මේන් වෙවුල වෙවුලා ඉන්නවා. තවම හොඳ සිහිය නැ.
රජතුමා. අපොයි. ළදරු ජිවිතය කොතරම් බියසුළු ද?
ඉරාවති. (කලබලෙන්) ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න, බය වැඩිවෙන්නෙ පෙර ඈ සනසන්ට යන්න.
රජතුමා. මම ඉක්මනට ම ඈට ප්රරකෘති සිහිය ලබා දෙන්නම්.
(ඉක්මන් කර යයි)
විදුෂක. (තමාට ම) හොඳයි. පිඟුවන් වානරය. හොඳයි. ඔබේ පක්ෂයේ කෙනකු ඔබ ආරක්ෂා කර ගත්තා.
(රජු, විදුෂක, ඉරාවති, නිපුණිකා හා ද්වාරපාලිකා පිටත්වෙති)
මාලවිකා. යෙහෙළිය, බිසොව මතක්වන විට මගේ හදවත සැලෙයි. මට තව මොනවා වෙන්ට තිබේ දැ යි නො දනිමි.
(ජවනිකාවකට පිටිපස)
පුදුමයි. පුදුමයි, දෙහදයෙන් දවස් පහක් යන්ටත් පෙර රන් අසෝක ගහ මල් දරුවා. බිසොවට දන්වන්ට යන්ට ඕනෑ.
(මෙය අසා දෙදෙන ම සතුටු වෙති)
බකුලාවලිකා. යහළුව, සැනසෙන්න, බිසොව නිතරම පොරොන්දුව ඉටු කරන තැනැත්තියකි.
මාලවිකා. එහෙනම් අපි, මේ උද්යා න පාලිකාව පස්සෙන්ම යමු.
බකුලාවලිකා. හොඳයි.
(සියල්ලෝම නික්මෙති)
5 අඞ්කය
[සංස්කරණය](මේ අඞ්කය පටන් ගන්නේ අග්නිමිත්රවගේ විදර්භ රජ ජය ගැනිමෙනි. ධාරිණි බිසොව. මාලවිකාව රජුට විවාහ කර දිම පිණිස ඇයට ඇඳුම් ඇන්දවිමට තවුසියට නියම කරයි. ඒ ගිවිසුමේ හැටියට, රජතුමා හා විදුෂක ගස් සෙවණැල්ලේදි බිසොව මාලවිකා හා තවුසිය හමුවෙති. මේ සංගමයේදි විදර්භ දෙශයෙන් එවා සිටින ගායිකාවන් දෙදෙන රජතුමාට හඳුන්වති. ඔවුහු මාධවසේන ගේ සොහොයුරිය වු මාලවිකා හැඳින් ගනිති. මාධවසේන සතුරන් අතට පත්වුවායින් පසු සුමති නැමැති ඇමැතියා විසින්. මාලවිකා පිටකරන ලද බැව් රජු ඔවුන්ගෙන් දැනගනි. කෞශිකි සුමති ඇමැතියාගේ සොහොයුරියක බැව් දැන ගනියි. ඇගේ සහෝදරයා විසින් ඇය හා මාලවිකා පිටකළ සැටිත්, අග්නිමිත්රි හමුවිමට විදිශාවට යන වෙළඳ කණ්ඩායමක් ඔවුන්ට එකතු වු සැටිත්, වනයේදි ඔවුනට සොරමුළක් පහර දුන් බවත්, ඒ සටනෙහිදි සුමති මළ බවත් කෞශිකි පරිබ්රා්ජක වෙස් ගෙන විදිශාවට පැමිණ මාලවිකා බිසොවට භාරදුන් බවත් දැනගනි. මෙහිදි මාලවිකාගේ තත්ත්වය සැඟවිමට හේතුව ද කෞශිකි කියයි. විදර්භ රාජ්යාය දෙකට බෙදා එක් කොටසක් යඥසේනටත් අනික් කොටස මාධව සේනටත් දියයුතු බව රජතුමා ඇමතියන්ට දන්වයි. මේ අතර රජතුමාට ඔහුගේ පියා වු පුෂ්පමිත්රුගෙන් ලිපියක් ලැබෙයි. එහි, අග්නිමිත්රට ගේ පුත්රු වු වසුමිත්ර සතුරන් සමුහයක් විනාශ කොට යාගාශවයා ආරක්ෂා කළ බවත්, පියා විසින් පවත්වන්ට යන අශවමෙධයට අග්නිමිත්රි හා බිසොවත් පැමිණිය යුතු බවත් සඳහන් වෙයි. ස්වකිය පුත්රතයාගේ මේ ජයග්රහණය ඇසිමෙන් සතුටු වු බිසොව. එයට ත්යාෙගක් වශයෙන් ‘බිසොව’ හැටියට අභිෂෙක කරනු ලැබු මාලවිකා ගේ අත රජුට දෙයි)
(උද්යා නපාලිකාව ඇතුල් වෙයි)
උද්යාදනපාලිකාව. මම රන් අසෝක ගහ වටා වේදිකාවක් බැඳ එයට සත්කාර කළා. මා මෙය කළ බව බිසොව දන්වන්ට ඕනෑ. (මඳක් තැන් ගොස්) අපොයි, මාලවිකාට දෙවියො අනුකම්පා කරන්ට ඕනෑ. බිසොව ඈ කෙරෙහි කොතරම් කේන්තියෙන් සිටියත් අසෝක ගහේ මල් හටග්ත බව ඇසු කෙණෙහි ප්රිේතිමත් වේවි. බිසොව දැන් කොහි ඇද්ද? (බලා) ඕ! මේ ඉන්නෙ බිසොවගේ කුදු සේවකයා - සාරසක, මුද්රාය තැබු පෙට්ට්යකුත් අරගෙන රජමිදුලෙන් එන්නෙ. මම ඔහුගෙන් අහන්ට ඕනෑ.
(කී පරිදි කුදා පිවිසෙයි)
ද්වාරපාලිකාව. (ළඟට ගොස්) සාරසක. කොහාට ද යන්නෙ?
සාරසක. වෙදය උගත් බ්රාටහ්මණවරුන්ට දිනපතා තෑගිදෙන්ට ඕනෑ. එහෙයින් මම ආය්ය්වෙද පුරොහිතයාට මෙය ගිහින් දෙන්ට යනවා.
මධුරිකා. මොකට ද?
සාරසක. විරසේන සෙනෙවියා විසින් වසුමිත්රි කුමාරයා යාගාශ්වයා ආරක්ෂාකරිමෙහි යොදන ලද පුවත ඇසු දින පටන් බිසොව ඔහුට දිර්ඝායුෂ ප්රායර්ථනා කරමින් දිනපතා කහවනු දහඅටක තෑග්ගක් ප්ර ධන පුරොහිතයාට දෙනවා.
මධුරිකා. බොහොම හොඳ යි. එහෙනම් බිසොව කොහෙද දැන්? ඈ මොකද කරන්නෙ?
සාරසක. මඟුල් මඩුවෙහි ඉඳගෙන, ඇයගේ සහෝදර වු වීරසේන විදර්භයේ සිට එවා තිබන ලියමනකට ඇහුම්කන් දෙනවා.
මධුරිකා. විදර්භ රජතුමා ගැන අළුත් ආරංචි මොනවාද?
සාරසක. විරසේන තුමා ගේ ප්රගධානත්වයෙන් මෙහෙය වු අපේ රජතුමා ගේ සේනාව විදර්භ රජු පැරැද්දුවා. ඔහුගේ නෑයකු වු මාධවසේන නිදහස් කළා. හෙතෙම, වටිනා මැණික්. අශ්වයින් හා ශිලාපිකාවන්ගේන් සැදුණු පිරිවර සේනාවක් රජතුමාට තෑගි වශයෙන් එවා තිබෙනවා. දුතයෙක් හෙට රජතුමා හමුවෙයි.
76 මාලවිකා
මධුරිකා. ඔබේ වැඩේට ඔබ යන්න. මමත් බිසොව දකින්ට යන්නම්.
(පිටත්වෙයි)
ප්රරවේශකයයි.
(ද්වාරපාලිකාව පිවිසෙයි)
ද්වාරපාලිකාව. බිසොවුන් වහන්සේ, අසෝක ගහට ගෞරව කරන් ඕනෑ යයි මට මෙසේ කිවා. “ස්වාමිපුත්රහයාත් සමග අසෝක ගහේ ශොභාව බලන්ට මා කැමැත්තෙන් සිටින බව ස්වාමි පුත්ර්යාට දන්වාපන්” දැන් රාජ සභාවේ සිටින දේවයන් වහන්සේ එනතුරු මම මෙතන ඉන්ඩ ඕනෑ.
(මඳ දුරක් යයි)
(ජවනිකාවට පිටිපසින්)
ගායකයෝ දෙදෙෙනක්. තමුන්නාන්සේගේ යුද්ධ ශක්තිය නිසා සියළු ම සතුරන් පරදවන්ට පුලුවන් වුණා.
පළමුවැනි ගායකයා.
මූර්තිමත් අනඞ්ගයා මෙන් දේවයන් වහන්සේ කෝකිල රාවයේන ප්රිේති වෙමින්, විදිශා ගංඉවුරු බඩ උයන්හි වසන්ත කාලය ගෙවයි. තමුන්නාන්සේගේ සතුරන්, වරදා නදි බඩ තිබෙන තමුන්නාන්සේගේ ඇතුන් බැඳිමට උපකාර වන ගසුත් හා සමග යටපත් කෙළෙමු.
දෙවැනි ගායකයා.
දේවයන් වහන්ස, විදර්භ රජතුමාගේ රාජධානිය අල්වා ගත් බලවත් යුද්ධහමුදාවක් ඇති තමුන්නාන්සේගේ ත්, බලාත්කාරයෙන් රුක්මිණි අල්වා ගත් කෘෂ්ණගේ ත් කිර්තිය, වීරත්වයට ගෞරවයක් වශයෙන් ගායකයන් විසින් ගායනා කරනු ලැබේ. එය ක්රරථකාශිකාවෙහි හැම තැනම පැතිරි තිබේ.
ද්වාරපාලිකාව. ජයඝොෂාවෙන් ප්රේකාශ කරනු ලබන පරිදි මේ එන්නේ අපේ දේවයන් වහන්සේය මම උන්වහන්සේගේ ඉදිරියෙන් ටිකක් පස්සට ගිහින් ආලින්දය කෙළවරේ ඉඳගන්ට ඕනෑ. (පැත්තකට වි හිදියි.)
(රජතුමා යහළුවාත් සමග පැමිණෙයි)
මාලවිකා 77
රජතුමා. මගේ ප්රිණයාව හා සමඟ එකතුවිමේ අමාරුව නිසාත් මගේ බලහමුදාව විසින් විදර්භ රජ යටත් කර ගැනිමේ ප්ර වෘත්තිය ඇසිම නිසාත්, හිම වැස්සෙන් තැවෙන, එහෙත් ඉර අව්වෙන් සැනසෙන නෙළුම් මලකට මෙන් සෝකයක් ප්රි තියත් දෙකම ඇතිවේ.
විදුෂක. මට පෙනෙන විදියට තමුන්නාන්සේට ඒකාන්ත සැපතක් ලැබෙන්ට යන හැඩයි.
රජතුමා. කොහොමද?
විදුෂක. අද ධාරිණි බිසොව පුජ්යන කෞශිකිට මෙහෙම කිවා.
“පින්වතිය, ඔබ ඇඳුම් ඇන්දවිමෙහි දක්ෂියක් නම්, විදර්භ ක්රළමයට අනුව මාලවිකාට විවාහ ඇඳුම් අන්දවා පෙන්වන්න. ඇයද මාලවිකාට ඉතා ම හොඳට අන්දවා තිබේ. බිසොවුන් වහන්සේ සමහරවිට තමුන්නාන්සේගේ අදහස ඉෂ්ට කරාවි.
රජතුමා. යහළුව. පසුගිය දින කිහිපය තුළ ඈ මට දැක්වු ප්ර්තිපත්තියේ හැටියට ධාරිණි මගේ ආශාවට එකඟවිමක් වශයෙන් සමහරවිට දැන් ඇගේ ඊර්ෂ්යාආව අත්හැර තිබෙන්ට පුළුවන.
ද්වාරපාලිකාව. (ළංවෙමින්) දේවයන් වහන්සේ දිනේවා! බිසොවුන් වහන්සේ තමුන්නාන්සේට මෙසේ දන්වයි. “රන් අසෝක ගසෙහි මල් බලමින් මා බාරගත් කටයුත්තෙහි ප්රෙතිඵල බලමු”
රජතුමා. බිසොව එහි ද?
ද්වාරපාලිකාව. ඔව්. සුදුසු පරිදි ඇතොවුරෙහි බිසවුන්ට තෑගිබෝග දිමෙන් පසු බිසොවුන් වහන්සේ මාලවිකා හා පිරිවරත් සමග එහි ගොස් තමුන්නාන්සේගේ පැමිණිම බලාපොරොත්තුවෙන් සිටි.
රජතුමා. (ප්රිලතියෙන් විදුෂක දෙස බලා) ජයසේනා. එහෙනම් යමු.
ද්වාරපාලිකා. මෙහෙන්, මෙහෙන් එන්ඩ ස්වාමිනි.
(සියල්ලෝම පිටත්වෙති)
78 මාලවිකා
විදුෂක. (බලා) මේ මල් උයනෙහි වසන්තය ටිකක් අළුත් වි තිබේ.
රජතුමා. ඒක නම් ඇත්තම යි -
ගෙවිගෙන යන වසන්තයෙහි කුරවීක මල් ඉදිරියෙහි ගැවසි තිබේ. පොකුරුවල බරින් නැමුණු අඹ ගස් සිතෙහි අභිලාෂය දියුණු කරවයි.
විදුෂක. (ඉදිරියට ගොස්) මේ තියෙන්නේ මල් පොකුරු වලින් පිරුනු අසොක ගහ, බලන්න දේවයන් වහන්ස!
රජතුමා. මල් හටගැනිමට මෙය පමාවිම යුක්ති සහගතයි. දැන් එහි අමුතුම ලක්ෂණයක් තිබේ. බලන්න-
වසන්තයේ සියළුම අසෝක මල්වල සෞන්දය්ය්මාව ය, දෝහදය දිමේන් පසු මේ ගහට පැමිණි බැව් පෙනේ.
විදුෂක. සැකය දුරලන්න. අප ළඟ සිටියත් ධාරිණි මාලවිකා ඇය ළඟම තබා ගෙන සිටි,
රජතුමා. (ප්රිලතියෙන්) යහළුව. බලන්න:-
මා පිළිගැනිමට බිසොව නැගි සිටියි. මාලවිකා ඇගේ විනය නිසා අත් බැඳගෙන පසුපස සිටියි. නෙළුම් මලක් අතින් ගෙන රාජ්යය ලක්ෂ්මිය පෘථිවි මාතාව අනුව යන්නාක් මෙනි.
(ධාරිණි, මාලවිකා, තවුසිය හා සුදුසු පිරිවර ඇතුල් වෙති)
මාලවිකා. (ඇයට ම) මගේ මේ අලඞ්කාර පැළඳිමට හේතුව දැන් මම දන්නවා. එ එසේ වුවත්, නෙළුම් කොළයක දියත්තක් මෙන් මගේ හදවත ගැහෙනවා. තවත්, මගේ වම් ඇසත් නැටෙනවා.
විදුෂක. අපොයි, යහළුව. මේ විවාහ ඇඳුමෙන් මාලවිකා වැඩියෙන් බබලන හැටි.
රජතුමා. අබරණ වලින් සැරසුණු ඇය මටත් පේනවා.
ඉතා ලිහිල්ව නො එල්ලෙන සුදුපාට සාරියෙන් බැබලෙන අබරණ රාශියෙකින් සැරසුණ ඇය, හිමෙන් පිරිසුදු වු තාරකා වලියෙන් පිරුවැරු පායන චන්ද්රනයාගේන් බැබලෙන ශරත් රාත්රිකයක් මෙන් ශොභාමත් වේ.
මාලවිකා 79
බිසොව. (ළඟාවෙමින්) දිනේවා ස්වාමිය.
විදුෂක. ආයුබෝවන් ස්වාමි දියණියෙනි.
තවුසිය. වැජඹේවා දේවයන් වහන්ස.
රජතුමා. පින්වතිය, ඔබට නමස්කාර කරමි.
තවුසිය. ඔබේ ප්රානර්ථනාව සමෘද්ධ වේවා.
බිසොව. (මඳ සිනා සහිතව) ස්වාමිය, මේ අසෝක ගහ ඔබතුමාට යුවතියන් හමුවිමට සුදුසු තැන හඳුන්වන සළකුනක් වශයෙන් අපි වෙන්කර ගෙනයි තියෙන්නෙ.
විදුෂක. අපොයි! බිසොවුන් වහන්සේ තමුන්නාන්සේට උපකාර කළා නොවැ.
රජතුමා. (ලජ්ජාවෙන් අසෝක ගහ වටා යමින්)
ඔබ විසින් කරනු ලබන ගෞරවයට මේ අසෝක ගහ නුසුදුසු නොවයි. වසන්ත දෙව්දුවගේආඥව හෙලා දුටු මේ අසෝක ගහ මල් ගැනිමේන් ඔබට ගෞරව කළා වගෙහි.
විදුෂක. බය නැතිව තමුන්නාන්සේ ඇ දෙස බලන්න.
බිසොව. කා දෙස ද?
විදුෂක. රන් අසෝක ගහේ මල් දෙස.
(සියල්ලෝම වාඩිවෙති)
රජතුමා. (මාලවිකා දෙස බලා තමාට ම) සමාගමයෙන් වෙන්විම ඇත්තෙන් ම දුකකි.
මා චක්රලවාක පක්ෂයෙකු මෙනි. මගේ ප්රා යාව චක්රවවාක පක්ෂ ධෙනුවක මෙනි; ධාරිණි අප දෙදෙනාගේ සංගමය වළක්වන රාත්රිාය මෙනි.
(ඇතුල් වි)
80 මාලවිකා
ආරක්ෂකයා. දිනේවා දේවයන් වහන්ස, ඇමතියා මෙසේ දන්වයි. විදර්භ රජතුමා විසින් තෑගි වශයෙන් එවා සිටින ශිල්පිකාවෝ දෙදෙන ගමන් විඩාව නිසා තමුන්නාන්සේ හමු වි මට නො පැමිණියහ. දැන් ඔවුහු තමුන්නාන්සේ දැකිමට සුදුසුය හ. ඒ සඳහා තමුන්නාන්සේ අණ දෙන්න.
රජතුමා. ඔවුන් කැඳවා ගෙන එන්න.
ආරක්ෂකයා. තමුන්නාන්සේගේ අණ පරිදි.
(ඔවුන් දෙදෙන ම කැඳවා ගෙන එති)
පළමුවැන්නි. (රහසින්) ප්රි ය රඤ්ජනිකා; මෙ රජගෙදරට ඇතුල් වන පළමුවන වාරය වුව ද මගේ හෘදය සතුටින් පිරේ.
දෙවැන්නි. ජෙය්යායත්සනිකා. මටත් එහෙම මයි ‘විඳින්ට තිබෙන දුක හෝ සැප කල්තියා ම සිතා ගන්නවා” යන ජන කතාවකුත් තියනව නෙ?
පළමුවැන්නි. දැන් එය ඇත්තක් වුනාවෙ.
ආරක්ෂකයා. මේ ඉන්නෙ දේවයන් වහන්සේ ත්, බිසොවුන් වහන්සේ ත් ඔබ දෙ පොළ ම ළඟට යන්න.
(දෙදෙන ම ළඟට යති. ශිල්පිකාවන් දෙදෙන දැකිමෙන් මාලවිකා හා තවුසිය ඔවුනොවුන් දෙස බාල ගනිති)
දෙදෙනම. (ආචාර කරමින්) මහරජතුමා හා බිසොවුන් වහන්සේ ත්, බිසොවුන් වහන්සේ ත් ඔබ දෙ පොළ ම ළඟට යන්න.
(දෙදෙන ම ළඟට යති. ශිලිපිකාවන් දෙදෙන දැකිමෙන් මාලවිකා. හා තවුසිය ඔවුනොවුන් දෙස බලා ගනිතා.)
දෙදෙනම. (ආචාර කරමින්) මහරජතුමා හා බිසොවුන් වහන්සේ දිනේවා.
රජතුමා. වාඩිවෙන්න. (දෙදෙන ම වාඩිවෙති)
රජතුමා. දැරියෙනි, මොන ශිල්පයක් ද ඔබලා ඉගෙන ගෙන තියෙන්නෙ?
දෙදෙනම. සංගිතයයි. දේවයන් වහන්ස.
රජතුමා. දේවිය, මේ දෙදෙනාගෙන් එක්කෙනකු තෝරාගන්න.
බිසොව. මාලවිකා, මේ බලන්න ඔබ හා සිංදු කියන්ට මේ දෙදෙනා ගෙන් ඔබ තෝරා ගන්නේ කවුද?
මාලවිකා 81
දෙදෙනම. (මාලවිකා දැක) අපොයි, රජකුමිය නොවැ! (ආචාර කරමින්) දිනේවා. දිනේවා රජ කුමරියෙනි.
(මාලවිකාත් සමග දෙදෙන ම කඳුළු වගුරුවති)
(සියල්ලෝ ම පුදුමයෙන් බලා සිටිති)
රජතුමා. කාත්තාවෙනි. ඔබලා කවුද? මැය කවුද?
දෙදෙනම. ස්වාමියෙනි. මේ අපේ රාජ කුමාරිකාව යි.
රජතුමා. ඒ කොහොමද?
දෙදෙනාම. දේවයන් වහන්ස, මේ අහන්න, තමුන්නාන්සේගේ යුද්ධ හමුදාව විසින් විදර්භ රජ පරාජය කළායින් පසු නිදහස් කර හැරිය මාදවසේන කුමාරයාගේ නැගිණිය - මාලවිකා මැය යි
බිසව. මොනවා? ඈ රජකුමරියක් ද? සඳුන් අරටුවක් මම සෙරෙප්පුවක් මෙන් පෑගුවා නොවේ ද?
රජතුමා. ඉතින් මැය මේ තත්ත්වයට පැමුණුණෙ කොහොම ද?
මාලවිකා. (ඇයට ම) ඉරණමේ කැමැත්තෙන්
දෙවැනි යුවතිය. අහන්න දේවයන් වහන්ස. මාධවසේන කුමාරයා සතුරන් අතට පත්වුවායින් පසු ඔහුගේ සුමති නැමැති ඇමතියකු විසින් මැය රහසින් පිට කර ගත්තා. ඉතිරිවුයේ අප වැනි. සේවකයින් පමණ යි.
රජතුමා. ඒ හරිය මම අහල තියනවා. ඉතින් ඊට පස්සේ?
දෙදෙනම. ඊට පස්සේ වුණු දෙවල් අපි දන්නෙ නැ.
තවුසිය. අවාසනාවන්ත මම ඊට පසුව සිදුවු දෙය කියන්නම්
දෙදෙනම. ඒ කටහඩ පුජ්යම කෞශිකිගේ වගෙයි.
මාලවිකා. ඇත්තෙන් ම ඔව්.
දෙදෙනම. පුජ්යන කෞශිකි, ඇගේ පරිබ්රාටජිකා වෙශය නිසා ඇඳින ගත්තේ බොහොම අමාරුවෙන් අපි දෙදෙනම තමුන්නාන්සේට වඳිනවා.
82 මාලවිකා
තවුසිය. ඔබලා දෙදෙනාට දිර්ඝායුෂ ලැබේවා.
රජතුමා. මේ දෙන්නා තමුන්නාන්සේගේ යාළුවෝ ද?
තවුසිය. එහෙමයි. ඒ දෙන්නා මගේ යාළුවන් තමයි.
විදුෂක. ඉතින් මේ පිනැතියගේ කථාන්තරයෙහි ඉතිරි හරිය කියන්න.
තවුසිය. (මඳක් දුර්විල වි) මේ අහන්න මාධවසේනගේ ඇමැතියා වු සුමති මගේ අයියා බව දැන ගන්න.
රජතුමා. මම එය හිතාගත්තා. ඊට පස්සේ?
තවුසිය. ඇගේ සහෝදරයා එසේ ඇසුවායින් පසු ඔහු ඇය බේරාගෙන මාත් සමග තමුන්නාන්සේ වෙතට එව්වා. එසේ එන අතර විදිශාවට යන මගින් කණ්ඩායමකට එකතු වුණා.
රජතුමා. ඉතින්?
තවුසිය. බෝහෝදුර ගමන් කළායින් පසු මේ තවලම කැලයක් ළඟ නැවැත්තුවා.
රජතුමා. ඊට පස්සෙ?
උරහිසෙහි එල්වා ගත් ඊතල මිටි ඇති, විලුඹ දක්වා එල්බෙන මොනර පිහාටු පැළඳ ගත්, දුනු ගත් අත් ඇති භයානක සොර මුළක් හදිසියෙන් ම අප ඉදිරියට පැන්න.
(මාලවිකා භය ගතියක් පෙන්වයි)
විදුෂක. පින්වතිය. භයවෙන්ඩ එපා. පුජ්යය තවුසිය කියන්නේ පසුගිය සිද්ධයක්.
රජතුමා. ඉතින්, ඉතින්?
තවුසිය. ඊට පසු ටික වේලාවක් සටන් කොට සොරුන් විසින් ඒ වෙළඳ භටයෝ පැරැද්දුවා.
රජතුමා. පින්වතිය, මෙය ටත් වඩා අවාසනාවන්ත දේවල් තව අහන්ට තියනව ද?
මාලවිකා 83
තවුසිය. ඉන්පසු මගේ සහෝදරයා
සතුරන්ගේ පහරින් කම්පිතව දින තත්වයකින් සිටි මැට ආරක්ෂාකර ගැනිමේ අභිලාෂයෙන්, ස්වාමියා තමාට ආදරය දක්වුවාක් මේන තමා ද ස්වාමියාට ආදරය දක්වමින් ඔහුගේ ප්රාආණය පුජා කළා.
පළමු යුවතිය. අයියෝ සුමති මැරුවා නොවැ!
දෙවැනි යුවතිය. ඒ නිසා තමයි රජකුමරිය මේ තත්ත්වයට වැටුණේ?
(තවුසිය කඳුළු වගුරුවයි)
රජතුමා. පින්වතිය, සත්වයින්ගේ ජිවිත ගමන ඔයාකාරයි. තමාට උපකාර කළ තැනැත්තා වෙනුවෙන් දිවි පිදු ඔහු ගැන එතරම් වැළපිය යුතු නො වේ. ඉතින් ඊට පස්සේ?
තවුසිය. ඉන්පසු මට සිහි නැති වුණා. නැවත සිහි ලැබි බැලු විට මැය නැති වෙලා.
රජතුමා. පින්වතිය විඳි ගැහැට ඇත්තෙන්ම විශාල යි.
තවුසිය. ඉන්පසු සහෝදරයාගේ මළ සිරුර ආදාහන කොට, අළුත් වු වැන්දඹු බවක් ඇති මම ඔබේ රාජධානියට පැමිණ මේ කහරෙදි පෙරවා ගතිමි.
රජතුමා. සුදුසු යි. එවැනි අවස්ථාවකදි කළයුත්තේ මෙය මයි ඉතින්?
තවුසිය. වනවාසින්ගෙන් මේ දැරිය විරසේන වෙතට පැමිණි යා ය. විරසේනගෙන් බිසොව වෙතට පැමිණියා ය. නැවත මට ඇය හමුවුයේ මා බිසොව වෙතට පැමිණියායින් පසුවය. මේ ඒ කථාවෙ අවසානය යි.
මාලවිකා. (ඇයට ම) දැන් මගේ ස්වාමියා මොනවාද කියයි ද?
රජතුමා. අයියෝ, දුක් කම් කටොලු අපහාසයන් ගෙන දෙයි. ඇයි? ඔටුනු පළන් බිසවක් විමට සුදුසු මේ තැනැත්ති සේවිකාවක ලෙසට සලකනු ලැබුවාය. සුදු පට රෙද්දක් නෑමට පාවිචිච් කරන්නාක් මෙනි.
84 මාලවිකා
බිසොව. පින්වතිය, ඔබ නුසුදුසු අන්දමින් මාලවිකාගේ තත්ත්වය සඟවාගෙන සිටියෙහි ය.
තවුසිය. සමාවන්න. සමාවන්න. මා එය සඟවා ගෙන සිටියේ යම් කිසි කාරණයක් නිසා ය.
බිසොව. මොකක් ද ඒ කාරණය?
තවුසිය. මේ අහන්න, ඇගේ පියා ජිවත්ව සිටියදි එහි පැමිණි යම්කිසි ඍෂිවරයෙක් මා ද ඉදිරිපිට ඇ පිළිබඳ මේ අනාගත වාක්යඑය කිවේය. මෑ අවුරුද්දක් මෙහෙකාර කම් කොට ඉන් පසු සුදුසු ස්වාමියකු ලබන්නි ය”. මේ නො වැළැක් විය හැකි ඉරණම ඔබ පා සේවය කිරිමෙන් ඈ ලබන බව මම දැනගත්තෙමි. සුදුසු අවස්ථාව පැමිණෙන තුරු මගේ බලාපොරොත්තු විම ඇත්තෙන් ම සාධාරණ ය.
රජතුමා. ඔබේ නිශ්ශබ්දතාව ය ඇත්තෙන් ම සුදුසු යි.
(ඇතුල් වි)
ආරක්ෂකයා. දේවයන් වහන්ස, ඇමැතියාට කලින් දැනුම් දිමට අමතක වු පණිවුඩයක් මෙසේ දන්වා එවා තිබේ. විදර්භ රාජ්යැයට කළ යුතු දෙය අපි තීරණය කර ගතිමු. මෙහි ලා දේවයන් වහන්සේගේ අදහස දැනගනු කැමැත්තෙමු’
රජතුමා. මෞද්ගල්යහ, මේ රාජ්යඅය දෙකට බෙදා යඥසේන හා මාධවසේනට භාර දි රාජ්යෞ දෙකක් පිහිටුවිමට මම කැමැත්තෙමි
චන්ද්රනයා හා සුය්ය්ල්යයා දවස, රාත්රිටය හා දවාලට බෙදා පාලනය කරන්නාක් මෙන් මේ දෙදෙන මේ රාජ්යය ද වරදා නදියේ උතුරු දකුණු ඉවුරු සිමා වශයෙන් ගෙන රාජ්යය දෙකක් හැටියට පාලනය කෙරෙත් වා.
ආරක්ෂකයා. දේවයන් වහන්ස, මම ඇමැතිමඩුල්ලට එසේ දන්වමි.
(රජු එයට අනුමතිය ඇඟිල්ලෙන් අඟවයි)
(ආරක්ෂකයා පිට වි යයි)
මාලවිකා 85
පළමුවැනි යුවතිය. (මාලවිකාට රහසින්) කුමරිය, වාසනාවකට මෙන් රාජ්යැයෙන් බාගයක් කුමාරයාට බාර දෙන්ටයි යන්නේ.
මාලවිකා. පළමුව ඔහුගේ ජිවිතය බේරා ගැනිම ගැන ස්තුති වන්ත විය යුතුයි.
(ඇතුල් වි)
ආරක්ෂකයා. දිනේවා මහරජ, රජතුමාගේ අදහස ඉතා අගෙයි ඇමැති මඩුල්ලේ අදහසත් එයම යි. ඇයි?
රථයෙහි වියගහ දෙකට බෙදා එකිනෙකා සමග ඝට්ටනය නො වි බර උසුලන අශ්වයින් දෙදෙනක මෙන්, මේ දෙදෙන රාජ්යදය දෙකකට බෙදා ගෙන ඔබතුමාට යටත් වි පාලනය කරනු ලබන හෙයිනි.
රජතුමා. එසේනම්, ඒ විධියට කරන්ට යයි කියා විරසේනට දන්වා යවන ලෙස ඇමැති මඬුල්ලට දැනුම් දෙන්න.
ආරක්ෂකයා. තමුන්නාන්සේගේ අණ පරිදි,
(පිටවි ගොස්. තෑග්ගක් සහිත ලිපියකුත් රැගෙන නැවත එයි) තමුන්නාන්සේගේ ආඥව එසෙම කළා. පුෂ්පමිත්රක සේනාපති තමා තෑග්ගක් සමග මේ ලියමනකත් එවා තියනවා. දේවයන් වහන්සේ එය කියවන සේක්වා.
(රජතුමා ඉක්මනින් නැගිට, ගෞරවයෙන් පිළිගෙන හිස මත තබා සේවකයකුට දෙයි. ලිපිය විවෘතකර කියවන ආකරයක් හඟවයි)
බිසොව. (ඇයට ම) අපොයි! මගේ හිත නම් එහි යි. ඒ උතුමාණන් ගේ සුවදුක් දැන ගත්තායින් පසු මගේ වසුමිත්ර් පුතාගේ තොරතුරු අහන්ඩ ඕනෑ. සේනාපති තුමා විසින් මගේ පුතා ඉතා බැරෑරුම් කටයුත්තක යි යොදවා තිබෙන්නේ.
රජතුමා. (වාඩි වි ලියමන කියවයි) සියල්ලෝම සුවෙනි. යාග භුමියේ සිට සේනාපති පුෂ්පමිත්රන ඔහුගේ පුත්ර විදිශාවෙහි අග්නි මිත්රෙ ආදරයෙන් වැළඳ ගෙන මෙසේ දන්වයි. අග්නිමිත්රි සැරදේවා. මෙය දැනගනිවා. රජුසුයා ව්රසතය සමාදන් වු මා කුමාරවරුන් සියයක් පිරිවර කොට දි වසුමිත්රව යාගාශවයා
86 මාලවිකා
රැකිමට පත් කොට. හවුරුද්දකදි ආපසු ගෙන එන ලෙසට නියම කර මුදවා හැරිමි. මේ අශ්වයා සින්ධු ගං ඉවුරෙහි හැසිරෙන විට යවනයින් කණ්ඩායමක් විසින් අල්වා ගන්නා ලදි. එහිදි දෙපක්ෂය අතර මහා සටනක් ඇති විය.
(බිසොව කණගාටුව අගවයි)
රජතුමා. ඒක එහෙම වුනේ කොහොම ද? (ඉතිරිහරිය කියවයි) එවිට වසු මිත්රා ඒ අශ්වයා පැහැර ගැනිමට තැත් කළ අය දුන්නෙන් විද පළවා හැර මගේ අශ්ව රත්න ය ආපිට ගෙනාවේය.
බිසොව. මේ ආරංචියෙන් තමයි මගේ හිත සැනසුනේ.
රජතුමා. (ලිපියෙහි ඉතිරි කොටස කියවයි.) සගරගේ අශ්වයා ඔහුගේ මුනුබුරාවු අංශුමාන් විසින් ආරක්ෂා කළාක් මෙන් මගේ අශ්වයා ද මගේ මුනුබුරා විසින් ආරක්ෂා කරන ලදි. මමත් සගර මෙන්ම යාගය පැවැත්විමට කැමැත්තෙමි. එහෙයින් ඔබත් සිත සනසා ගෙන මෙයට සහභාගි විම සඳහා කාලවේලා ඇතුව පැමිණෙන්න.
රජතුමා. මෙය මට ආශිර්වාෙදයෙකි.
තවුසිය. ඔබේ පුත්රියාගේ ජයග්රතහණයෙන් මේ දෙමවුපියන්ගේ වාසනාව දියුණු වේ. ( බිසොව දෙස බලා)
ඔබේ ස්වාමියා විසින් ඔබ ඇතොවුරෙහි බිසොවුන්ගේ ප්රතධාන තනතුරට පත්කරනු ලැබුවෙහිය. ඔබේ පුතාගේ ජයග්ර හණයෙන් ඔබ විර මාතාවක යන නමට සුදුසු වුවෙහි ය.
විදුෂක. පිනැතිය, ඔහු පියාගේ අනුජාත පුතේකැයි මට ද ප්රිඔති යි.
රජතුමා. මෞද්ගල්යෙ, ඇත්රජාගේ පියවර අනුව ඇත්පැටියා ගිහින් තියනවා.
ආරක්ෂකයා. මේ වික්රෙමශාලි ක්රිායාවෙන් කුමාරයා අපේ සිත් නො ගනියි. උරුජන්මන් නැමැති ඍෂිවරයාගෙන් උපන් ගින්න මහමුහුදෙහි සියලුම ජලය විනාශ කර දමන්නාක් මෙන්. ප්රමතාපවත් විරයෙකු වු ඔබගෙන් මේ කුමාරයා උපන් හෙයිනි.
මාලවිකා 87
රජතුමා. මෞද්ගල්යය, යඥසේනගේ භාය්යා් වගේ සහෝදරයා හැර සෙසු සියලු ම සිරකරුවන් මුදා හරින්න.
ආරක්ෂකයා. තමුන්නාන්සේගේ අණ පරිදි. (පිට වි යයි)
බිසොව. ජයසේනා. ඉරාවති සහ ඇතොවුරෙහි සිටින ඇගේ යෙහෙළියන් ඔවුන්ගේ පුතාගේ ජයග්රනහණය දැනුම් දෙන්න.
ද්වාරපාලිකාව. එහෙම යි. (පිටවි යයි)
බිසොව. මෙහෙ වරෙන්.
ද්වාරපාලිකාව. (ආපිට හැරි) මෙහි ඉන්නවා.
බිසොව. (රහසින්) අසෝක ගහට දෝහදය දිමට නියම කර මාලවිකාට මා දුන් පොරොන්දුව දන්වා. ඇය රාජවංශයෙහි උපන් කුමරියක් බවත් දන්වා ඉරාවති සනසන්න. එසේම මා සත්යනයෙන් බැහැර නො කළ යුතු බව ද දන්වන්න.
ද්වාරපාලිකාව. එසේය. දේවින් වහන්ස (පිටවි ගොස් නැවත ඇතුල් වි) දේවින් වහන්ස. කුමාරයාගේ ජයශ්රිඑයෙන් උදම් වු ඇතොවුරෙහි මෙහෙසියන් දුන් ආභරණ වලින් මාව පිරුණ.
බිසොව. පුදුමයක් නො වෙයි. මේ වාසනාව ඔවුන්ට ත් මටත් සාධාරණය.
ද්වාරපාලිකාව. (රහසින්) දේවින් වහන්ස. ඉරාවති මෙසේ දන්වයි. “තමුන්නාන්සේ ගේ අදහස ඉෂ්ටකිරිම පිණිස කලින් දි තිබෙන වචනය වෙනස් කළ යුතු නො වේ”
බිසොව. පින්වතිය, තමුන්නාන්සේගේ අවසරය පරිදි. පුජ්යි සුමති විසිනුදු කලින් අදහස් කළාක් මේමෙන් ම මගේ ස්වාමියාට මාලවිකාගේ අත දිමට මම යෝජනා කරමි.
තවුසිය. දැ නු දු ඔබ ඇයගේ ස්වාමිදියණියයි.
බිසොව. (මාලවිකාගේ අත අල්වා ගෙන) ස්වාමිය. මේ ශුභාරංචි ඇසිමේ ප්රොතිඵලයක් වශයෙන් සුදුසු ත්යාගගයක් වු මේ අත පිළිගන්න.
(රජතුමා ලජ්ජා සහිතව නිශ්ශබ්ද වි සිටියි)
88 මාලවිකා
බිසොව. (මඳ සිනා සහිතව) මගේ ස්වාමිය, ඇයි ඔබ මගේ ඉල්ලිමට බිහිරි වුයේ?
විදුෂක. දේවින් වහන්ස, හැම අළුත් මනමාලයකුට ම ලජ්ජා ඇතිවන බව අපේ පොදු අත්දැකිම යි.
(රජතුමා විදුෂක දෙස බලයි)
විදුෂක. සමහරවිට මගේ යාළුවා. මාලවිකාගේ අත ගැනිමට බලාපොරොත්තු වන්නේ ‘බිසව’ යන විරුදාවලියත් සමග වෙන්ට ඇති. එය බිසොව විසින් ම කරැණා කර දිය යුතුයි.
බිසොව. උත්පත්තියෙන් ම ඈ ‘බිසෝ’ ශබ්දය ලබා තිබේ නැවත දෙන්නේ මොකට ද?
තවුසිය. නෑ. නෑ. එහෙම නො වෙයි.
යහපත් ස්වාමි දියණියෙනි, ආකරයෙන් හටගත්තත්, මැණික් ජාතින්ට අයක් වුවත්, මැණික් ගල ඔප දමා සකස් කෙළේ නැත්තම් රන් හා පෑහිමට නො පැමිණේ.
බිසොව. (යමක් සිහිවි) පින්වතිය. මට සමාවන්න. මේ වැදගත් අවසරයෙහිදි කළයුතු නියම දෙය මට වැරදුණා. ජයසේනා ගිහින් සුදු පාට පට රෙදි දෙකක් අරන් වරෙන්.
ද්වාරපාලිකාව. එහෙමයි, දේවින් වහන්ස, (පිට වි ගොස් නැවත පට රෙදි දෙකක් ගෙන ඇතුල් වි) දේවින් වහන්ස. මෙන්න රෙදි.
බිසොව. (මාලවිකාගේ හිස රෙද්දකින් වසා) මෙන්න ස්වාමිය දැන් ඇගේ අත ගන්න.
රජතුමා. දේවිනි, අපට ඔබේ අණ පැහැර හැරිමට බැරිය.
තවුසිට. හො හෝ! ඇගේ අත පිළිගත්තා.
විදුෂක. අපෝ බිසොවගේ අනුකූල බව.
(බිසොව ඇගේ සේවිකාවන් දෙස බලයි)
සේවිකාවෝ. (මාලවිකාට ළංවෙමින්) දේවින් වහන්ස දිනේවා.
මාලවිකා 89
(බිසොව තවුසිය දෙස බලයි)
තවුසිය. එය ඔබ කෙරෙහි පුදුමයක් නො වේ. ඇයි?
ස්වාමි පුරුෂයින් ආලය කරන පතිව්රදතා භාර්යාවෝ. ස්වාමියාගේ රුචිය අනුව සපත්තින් ගෙන්වා දිමෙන් පවා සේවය කරති. මුහුදට ගලා බස්නා ගංගාවෝ තමන් හා සමග තවත් සිය ගණන් ගංගාවන් රැගෙන පිවිසෙති.
(ඇතුල් වි)
නිපුණිකා. දිනේවා මහරජ; ඉරාවති මෙසේ දන්වා සිටි. “මගේ ස්වාමිය. තමුන්නාන්සේලාගේ ඇවිටිල් ප්රමතික්ෂෙප කිරිමෙන් ම කළ අයුතු ක්රිායාව මගේ කැමැත්තෙන් ම තමුන්නාන්සේ ගේ ම යහපත සඳහා කළ එකකි. දැන් තමුන්නාන්සේගේ අදහස ඉටු වි තිබෙන නිසා මා කෙරෙහි ප්ර.සාදය දක්වන්න.
බිසොව. නිපුණිකා. ස්වාමි පුත්රරයා ඇගේ ඉල්ලිම එමේ ඉටු කරයි.
නිපුණිකා. තමුන්නාන්සේ කියන හැටියට. (පිට වි යයි)
තවුසිය. තමුන්නනාන්සේ මා කෙරෙහි පැහැදි සිටි නම්, එවැනි සමගි සංධානයක් ඇතිකරගත් මාධවසේනට ආශිර්වාද කිරිමට මම කැමැත්තෙමි.
බිසොව. පිනැතිය, ඔබ අප අත් හැර යා යුතු නො වේ.
රජතුමා. පින්වතිය, මගේ යාළුවාට යවන ලියුම් වල ඔබ වෙනුවෙන් ද ආශිර්වාද කර යවන්නම්.
තවුසිය. ඔබ දෙපොල ට ඇති මගේ අචල භක්තිය නිසා ඔබ කියන දෙයකට කැමැත්තෙමි.
බිසොව. මගේ ස්වාමි පුත්රතය. මා විසින් ඔබට කළ යුතු මෙයට වඩා තවත් ප්රිය දෙයක් තිබේ නම් දන්වන්න-
රජතුමා. මෙයට වඩා තමත් ප්රි ය දෙයක් මට තිබේ ද? නමුත් මෙය ද අසන්න -
90 මාලවිකා
මගේ සාහසික ප්රිදයේ. ඔබේ ප්රභසාද ජනක සුන්දරතර මුහුණින් මට ප්රිසතිය ගෙන දෙන්න. ඔබේ සපත්නියක මට ලැබිමේ හේතුව නිසා ම විශෙෂයනේ මෙ පමණක් ඔබෙන් බලාපොරොත්තු වෙමි.
(ආශිර්වාදය)
අග්නිමිත්රා පාලකයා හැටියට වෙසෙන තාක් වසංගත ආදි කිසිම උපද්රමවයකින් රට වැසියා නො පෙළේවා.
(සියල්ලෝ ම නික්ම යති)
පස්වැනි අඞ්කය යි
කාලිදාස ගේ මාලවිකාග්නිමිත්රය දෘශ්යාකාව්යආයෙහි සිංහල
අනුවාදය වු මාලවිකාව මෙතෙකින් නිමි යේ ය.